Title stringlengths 9 246 | Content stringlengths 3 62.9k |
|---|---|
"චක්‍රලේඛයට පටහැනිව ලංවීමට දීමනා වැස්සක්" | "ලංකා විදුලිබල මණ්ඩලය විසින් අමාත්‍ය මණ්ඩල තීරණයට සහ කළමනාකරණ සේවා චක්‍රලේඛයට පටහැනිව ඉකුත් වර්ෂයේ දී (2022) ඉංජිනේරු දීමනාව, දිරි දීමනාව, තාවකාලික දීමනාව ආදි දීමනා වෙනුවෙන් රුපියල් මිලියන 418 මුදලක් ගෙවා ඇති බව ජාතික විගණන කාර්යාලය මගින් 2022 වර්ෂයට අදාළව නිකුත්කොට ඇති වාර්ෂික විගණන වාර්තාවේ සඳහන් වෙයි. කළමනාකරණ සේවා ... |
"ආණ්ඩුවේ ඩබල් කිරිල්ලෙන් ත්‍රිපෝෂ කන අය අවදානමක – වෛද්‍ය වසන්ත බණ්ඩාර" | "ඇල්ෆටොක්සින් නමැති පිළිකා කාරකය තිබිය හැකි උපරිම සීමාව දෙගුණයකින් වැඩි කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කිරීම නිසා ත්‍රිපෝෂ පාරිභෝජනය කරන ළදරුවන් සහ මව්වරුන් පිළිකාවලට ගොදුරු වීමේ අවදානම ඉහළ යන බව වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා ‘දිවයින ඉරිදා සංග්‍රහය’ සමග අදහස් දක්වමින් පැවසීය. ඇල්ෆටොක්සින් පිළිකා කාරකය බී1 බී2 ජී1 සහ ජී2 ලෙස වර... |
"අගමැති වියදම් කපා ගනී" | "අග්‍රාමාත්‍ය කාර්යාලයේ වියදම් සියයට 46කින් අඩු කිරීමට කටයුතු කළ බව අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා කියා සිටී. ඒ අනුව 2022 දී සියයට 21කින් සහ 2023 ඔක්තෝබර් වන විට සියයට 46කින් එසේ වියදම් සීමා කර ගෙන ඇතැයි ද හෙතෙම පැවසීය. 2021 වර්ෂයේදී රුපියල් මිලියන 1661.7ක් වූ අගමැති කාර්යාලයේ වියදම 2022 දී මිලියන 1310.4ක් වූ අතර 2023 ඔක්... |
"මහ බැංකු අධිපති නඩු තීන්දුවේ බලපෑම සොයයි" | "ආර්ථික පරිහානිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයත් වගකිව යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇති නිසා ඉදිරියේදී එම නඩු තීන්දුවේ බලපෑම සම්බන්ධයෙන් නීති උපදෙස් ලබාගන්නා බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පැවසීය. රටේ ඉහළ ම අධිකරණය ලබාදුන් තීන්දුවක් ලෙස එම අධිකරණ තීන්දුවට ගරු කරන බවත් ... |
"යහපාලන බදු ප්‍රතිපත්තිය අර්බුදයට හේතුවයි – හිටපු මුදල් ලේකම් සාක්‍ෂි දෙයි" | "රටේ ආර්ථික අර්බුදයක් ඇතිවීමට යහපාලන ආණ්ඩුව විසින් බදු ප්‍රතිශතයන් වැඩි කිරීම ප්‍රධාන හේතුවක් වූ බව මුදල් අමාත්‍යාංශයේ හිටපු ලේකම් එස්. ආර්. ආටිගල මහතා රට මූල්‍ය බංකොලොත් භාවයට පත්වීමට හේතු සෙවීමට සහ නිර්දේශ ඉදිකිරීමත් කිරීමට පත් කළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවේ සාක්ෂි ලබාදෙමින් ප්‍රකාශ කළේය. එහිදී තවදුරටත් අදහස්... |
"හයියෝ.. විදුලි සංදේශ මාධ්‍ය මධ්‍යස්ථානය: කෝටි 71ක් බහිරවයන්ට" | "විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් හම්බන්තොට තොරතුරු තාක්ෂණ උද්‍යානයේ විදුලි සංදේශ මාධ්‍ය මධ්‍යස්ථානය ඉදිකිරීම සඳහා අදාළ කොන්ත්‍රාත්කරු සමග එළඹ තිබූ ගිවිසුම අවසන් කිරීම නිසා මෙකී ව්‍යාපෘතිය සඳහා දරනු ලැබූ රුපියල් හෑත්තෑ එක්කෝටි දාසයලක්ෂ අටදහස් හත්සිය හැටනමයක (711,608,769) මුදල නිශ්කාර්ය වියදමක් බවට පත්ව ඇති බව ජා... |
""තෙල් මිල දර්ශකයේ මිලියන 17,876ක් ගිලිලා"" | "ඛනිජතෙල් නීතිගත සංස්ථාව විසින් ඉකුත් වර්ෂයේ දී (2022) බොරතෙල් මිල දී ගැනීමේ දී මිල තීරණය කිරීම සඳහා වෙනස් මිල දර්ශකයක් යොදා ගැනීම හේතුවෙන් රුපියල් මිලියන 17,876ක අතිරේක පිරිවැයක් ඛනිජතෙල් සංස්ථාවට දැරීමට සිදුවී ඇති බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත් කර ඇති වාර්තාවක සඳහන් වෙයි. ඉකුත් වර්ෂයේ දී ආනයනය කරනු ලැබූ බොරතෙල්... |
"මැතිසබයේ ගෝරි යන වෙලාවට සිසුන් එළියට දාන්න එපා" | "පාර්ලිමේන්තුව තුළ මන්ත්‍රීවරුන් කළහකාරී ලෙස හැසිරෙන අවස්ථාවන්හිදී සභාවේ කටයුතු දැක බලා ගැනීමමට පැමිණ ගැලරියේ අසුන්ගෙන සිටින පාසල් ළමුන් ඉන් ඉවත් නොකරන ලෙස සමගි ජනබලවේගය කථානායකවරයාගෙන් ඉල්ලා සිටියි. රට හදන තැන සහ නීති සම්පාදනය කරන මන්ත්‍රීවරුන්ගේ නොමනා හැසිරීම් පාසල් දරුවන් ද බලා සිටින බැවින් මන්ත්‍රීවරුන් ඒ පිළිබඳව හ... |
"අතවර පැමිණිල්ලට නිලධාරිනිය ලැජ්ජයිලු" | "පොදු ව්‍යාපාර කාරක සභාවේ (කෝප්) සභාපතිවරයකු විසින් ලිංගික බලපෑම් කළ බව කියන පාර්ලිමේන්තු නිලධාරිනිය ඒ සම්බන්ධයෙන් පැමිණිලි කිරීමට මැළිකමක් දක්වන බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ‘දිවයින ඉරිදා’ සංග්‍රහයට කීය. ඒ සම්බන්ධයෙන් පැමිණිලි කිරීමට ඇති ලැජ්ජාශීලීභාවය නිසා එම සිද්ධිය පිළිබඳව ඇය මෙතෙක් නිසි පරිදි පැමිණිල්ලක් ඉ... |
"හරක්කටා මෙල්ල කළ නිලධාරියාට උසස්වීමක්" | "හරක් කටා රහස් පොලිසියෙන් පැනයෑම වැළැක්වීමට ඔහු සමග මාරාන්තික ලෙස පොර බදා ඔහු මෙල්ලකර ගත් පොලිස් විශේෂ කාර්ය බළකායේ උප පොලිස් පරීක්‍ෂකවරයාට උසස් වීමක් ලබාදී ඔහුට මුදල් තිළිණයක් පිරිනැමීම පිළිබඳව පොලිස් මූලස්ථානය මගින් විශේෂ කමිටුවක් පත්කර ඇත. ඒ අනුව මෙම නිලධාරියාගේ මෙම ක්‍රියාව අගය කිරීම සඳහා ගනු ලබන තීන්දු තීරණ ගැන මෙ... |
"කෝපි කෝප්පයේ කුළුබඩු අස්සේ ඩොලර් මිලියන 129ක්" | "කෝපි, තේ, කොකෝවා, කුළුබඩු සහ ඒ ආශ්‍රිත නිෂ්පාදන මෙරටට ආනයනය කිරීම සඳහා මෙම වර්ෂයේ (2023) මුල් මාස නවයේදී ඇමරිකානු ඩොලර් මිලියන 129.7ක මුදලක් වැය කර ඇති බැව් ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. මෙම වර්ෂයේ සැප්තැම්බර් මාසයේ දී පමණක් කෝපි, තේ, කොකෝවා, කුළුබඩු සහ ඒ ආශ්‍රිත නිෂ්පාදන ආනයනය කිරීම සඳහා පමණක් ඩොලර් මිලියන 14.1ක මුදලක්... |
"අහුවෙන්න එපා: ඔන්ලයින් ණය ගුබ්බෑයම් 40ක්" | "ඔන්ලයින් හරහා ණය ලබාදෙන වංචනික ආයතන හතළිහකට වඩා රටේ මහා පරිමාණ ජාවාමරක් සිදු කරන බැවින් ඒවාට හසු නොවන ලෙස දූෂණ විරෝධී හඬ කැඳවුම්කරු වසන්ත සමරසිංහ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටී. සියයට තුන්සීය හැටපහක පොලී අනුපාත මත මෙම ණය ලබාදෙන ආයතන පිළිබඳ මහ බැංකුව සොයා බලා නීතිමය පියවර ගත යුතු බව ද ඒ මහතා කියා සිටී. ඔන්ලයින් හරහා හදිසි ණ... |
"තරුණයන් අතර ඒඩ්ස් වැඩිවීමක් – විශේෂඥ වෛද්‍ය තිලානි රත්නායක" | "තරුණ ප්‍රජාව නැවත වරක් එච්.අයි.වී. ආසාදිතයන් බවට පත්වීමේ වැඩිවීමක් දකින්නට ඇතැයි ලිංගාශ්‍රිත රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය තිලානි රත්නායක මහත්මිය කීවාය. ඒ අනුව 2022 වසරේ හඳුනාගත් එච්.අයි.වී. ආසාදිතයන් 607 දෙනාගෙන් 73 දෙනකු තරුණ ප්‍රජාව බව එම මහත්මිය පැවසුවාය. එම පිරිස අවුරුදු 15ත් 24ත් අතර වයසේ පසුවන්නන් බව ද ඇය කීවාය. දෙස... |
"බෙහෙත් 182ක් ගෙන්වූ කැබැනට් පත්‍රිකාව සී.අයි.ඩී.යට දෙන්න නියෝග" | "ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ශ්‍රී ලංකාවට ඖෂධ වර්ග 182ක් ගෙන්වීම සඳහා සෞඛ්‍ය ලේකම්වරයා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ බව කියන කැබිනට් පත්‍රිකා රහස් පොලිසියට භාර දෙන ලෙස මාලිගාකන්ද මහෙස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම වීරසිංහ මහත්මිය මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාට ඊයේ (24 දා) නියම කළාය. ප්‍රමිතියෙන් තොර බාල ප්‍රතිදේහ එන්... |
"ගෝඨාභය බෑ කියනකොට සාලිය පීරිස් අගමැති වෙන්න සූට් මැහුවා ඕක රහසක් නෙවෙයි – ජනපති මැතිසබයේදී කියයි" | "ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාට ආණ්ඩු කිරීමට නොහැකි අවස්ථාවේදී එවකට නීතිඥ සංගමයේ සභාපති සාලිය පීරිස් මහතා නිර්පාක්ෂික අගමැති වීමට සූට් මසාගෙන සිටියේ යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (24දා) පැවසීය. ඊයේ දිනයේදී ද හදිසියේ පාර්ලිමේන්තුවට පැමිණ ව්‍යවස්ථාදායක සභාව ගැන සහ අරගල පැවැති සමයේදී සිදුවූ... |
"සජිත්ට සහ මද්දුම බණ්ඩාරට තහනමක් ඉල්ලූ ඩයනාගේ පෙත්සම විසි වෙයි" | "සමගි ජන බලවේගය පක්ෂයේ සභාපති සජිත් ප්‍රේමදාස මහතාට හා එම පක්ෂයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතාට එම තනතුරු දැරීම වළක්වමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසට රාජ්‍ය ඇමැතිනි ඩයනා ගමගේ මහත්මිය කළ ඉල්ලීමක් කොළඹ ප්‍රධාන දිසා විනිසුරු සඳුන් විතාන මහතා විසින් ඊයේ (24 දා) ප්‍රතික්ෂේප කරන ලදී. එම දෙදෙනා 2021 වසරෙන් පසු එ... |
"ණය දෙන ආයතන නියාමනයට නව නීති – අතුරුදන් වූ ලක්ෂ 50 තවමත් නෑ" | "අලුත් නීතියක් යටතේ ඉදිරියේ දී සියලු ණය දෙන ආයතන ද නියාමනයට ලක් කෙරෙනු ඇති බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පැවසීය. ණය නියාමන අධිකාරිය යන නීති පද්ධතිය තුළින් ඉදිරියේ දී එය සිදුවනු ඇති බව ද මහ බැංකු අධිපතිවරයා කියා සිටියේය. එම මුදල් අමාත්‍යාංශය යටතේ සිදුවනු ඇති බව ද ඒ අනුව ඉදිරියේ දී ණය දෙනවා නම් එම ආයතනව... |
"අපට තිබෙන අවසාන අවස්ථාව මෙයයි: රටේ අපනයන ආර්ථිකයක් ඇති කිරීමේ දී නව ක්‍ෂේත්‍ර කෙරෙහි අවධානය යොමු කළ යුතුයි – ජනාධිපති රනිල් වික්‍රමසිංහ" | "රට තුළ අපනයන ආර්ථිකයක් ඇති කිරීමේ දී දැනට පවතින අපනයන වැඩිදියුණු කිරීම පමණක් ප්‍රමාණවත් නොවන අතර ඒ සඳහා නව අපනයන ක්ෂේත්‍ර කෙරෙහිද අවධානය යොමු කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය. ඒ සඳහා නව ආයෝජකයන්ට ආරාධනා කළයුතු අතර ඔවුන්ට අවශ්‍ය පහසුකම් සපයා දීමට රජය කටයුතු කරන බවද ජනාධිපතිවරයා පැවසීය. කෘෂි තාක්ෂ... |
"ඉල් පොහොය හෙට" | "බෞද්ධ ඉතිහාසයේ සුවිශේෂ සිදුවීම් රැසකට මුල්වූ ඉල්පුර පසළොස්වක පොහෝ දිනය හෙටට (26 දා) යෙදී තිබේ. මෛත්‍රී බෝධි සත්වයන් ගෞතම බුදුරජාණන් වහන්සේගෙන් විවරණ ලැබීම, ප්‍රථම ධර්ම දූත 60 නම ධර්ම ප්‍රචාරණයෙහි යෙදවීම, බුදුරජාණන් වහන්සේ තුන්බෑ ජටිලයන් දමනය කිරීමට උරුවෙල් දනව්වට වැඩම කිරීම, පසුවස් පවාරණය කළ යුතු දිනය වීම, කඨින චීවර ප... |
"ආර්ථිකය කෑවේ කවුද දින 7ක විවාදයකට එනු! – සජිත්ගෙන් බන්දුලට අභියෝගයක්" | "රටේ ආර්ථික පරිහානිය සම්බන්ධයෙන් දින හතක විශේෂ විවාදයක් පැවැත්වීමට එන්නැයි විපක්ෂ නායන සජිත් ප්‍රේමදාස මහතා ඇමැති බන්දුල ගුණවර්ධන මහතාට පාර්ලිමේන්තුවේදී ඊයේ (24දා) අභියෝග කළේය. බදු ආදායම අඩුකොට රාජ්‍ය ආදායම සියයට 11 සිට සියයට 08 දක්වා අඩු කිරීමට බන්දුල ගුණවර්ධන මහතා ද වගකිවයුත්තකු බවට විපක්ෂ නායක එහිදී චෝදනා කර සිටියේය... |
"පොලිස්පති පුටුව ආයෙත් හිස්" | "පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න මහතාට තුන්වැනි වතාවටත් ලබාදී තිබූ සේවා දීර්ඝ කිරීම ඊයේ (24 වැනිදා) දිනයේ අවසන් වුවද නව පොලිස්පතිවරයකු පත් කිරීමට රජය කටයුතු කර නැත. ව්‍යවස්ථාදායක සභාවේ කීපදෙනකු කඩාකප්පල්කාරී ලෙස කටයුතු කිරීම නිසා නව පොලිස්පතිවරයකු පත් කිරීමට මේවනතුරු හැකි වී නැති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලි... |
"ධනුෂ්කට නඩු ගාස්තු ගන්න සහතිකයක් – සිඩ්නි පොලිසියට උසාවියෙන් නියෝගයක්" | "ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට එරෙහිව ඔස්ට්‍රේලියානු රජයේ පාර්ශ්ව ගොනුකර තිබූ නඩුව සම්බන්ධව සැලකිය යුතු ගැටලු තිබෙන නිසා ධනුෂ්කට වැයවූ සියලු නඩු ගාස්තු ලබාගත හැකි පරිදි සහතිකයක් නිකුත්කරන ලෙස එරට අධිකරණය සිඩ්නි පොලිසියට නියෝග කර තිබේ. ධනුෂ්ක ගුණතිලකට එරෙහිව නඩුව ගොනුකරන විට පොලිසිය වගකීම් විරහිතව ක්‍රියාක... |
"විදේශ මුදල් ව්‍යාපෘති ඉබිගමනේ – ව්‍යාපෘති 179 කින් පණ ගසා ඇත්තේ 31ක් පමණලු" | "ශ්‍රී ලංකාවට ලැබී ඇති විදේශ මුදල්වලින් ක්‍රියාත්මක කර ඇති ව්‍යාපෘතිවලින් අපේක්‍ෂිත අරමුණ ඉටුකර ගැනීමට විවිධ රාජ්‍ය ආයතන දුර්වල ලෙස ක්‍රියා කිරීම නිසා විදේශ ණය සීඝ්‍ර ඉහළ යෑමකට බලපා ඇති බව අනාවරණය වී තිබේ. විදේශ මුදල් ව්‍යාපෘති 179කින් දැනට සාධනීය මට්ටමක පවතින්නේ ව්‍යාපෘති 31ක් පමණ කැයි ජාතික ආර්ථිකය හා භෞතික සැලසුම් ප... |
""අධිකරණ නිලධාරීන් හා නීතිඥයන් අවබෝධයන් ක්‍රියා කිරීමෙන් නීතියේ ආධිපත්‍ය සුරැකිය හැකියි – ඇමැති ජනාධිපති නීතිඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ"" | "යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය කාර්යක්ෂමව ඉටු කිරීමට දැනුමින් පිරිපුන් නීතිඥයන් අවශ්‍ය බවත් අධිකරණ නිලධාරීන් සහ නීතිඥයන් අවබෝධයෙන් ක්‍රියා කිරීම නීතියේ ආධිපත්‍යය සුරක්ෂිත කිරීමට ශක්තියක් බවත් අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ඇමැති ජනාධිපති නීතිඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පැවසීය . ඇමතිවරය... |
"ඉමියුනෝග්ලෝබින් ගනුදෙනුවෙන් කෝටි 100ක් අපයෝජනය කරලා වහාම මේ ගැන සොයන්න – විශේෂඥ වෛද්‍ය චමල් සංජීව ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයට ලියයි" | "ලියාපදිංචියක් නොමැති ඉමියුනෝග්ලොබින් ඖෂධ ගෙන්වීමේ ප්‍රශ්නගත ගනුදෙනුවේදී ශ්‍රී ලංකාවේ භාණ්ඩාගාරයේ මුදල් කෝටි සියයකට ආසන්න ප්‍රමාණයක් අපයෝජනය කිරීම සඳහා සැලසුම් සහගත කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වූ බවට කරුණු අනාවරණය වන බවත් ඒ හෙයින් ඒ සම්බන්ධයෙන් සොයා බලන ලෙසට වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිත... |
"ජනපතිගේ කතාවට කථානායකගෙන් ලියුමක්" | "ව්‍යවස්ථාදායක සභාව සම්බන්ධයෙන් ජනාධිපති විසින් පෙර දින (23දා) පාර්ලිමේන්තුවේදී සිදුකළ ප්‍රකාශයට අදාළව කරුණු විස්තර කරමින් ඔහුට ව්‍යවස්ථාදායක සභාවේ සභාපති ලෙස තමන් ලිපියක් යවන බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඊයේ (24දා) පැවසීය. ව්‍යවස්ථාදායක සභාවේ කටයුතු පිළිබඳව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ විවේචනය කළ අතර එම... |
"පාඨලීට එරෙහි නඩුව අභියාචනාධිකරණයෙන් අත්හිටුවයි" | "කොළඹ රාජගිරිය ප්‍රදේශයේ දී 2016.02.26 වැනිදා අපරීක්ෂාකාරීව රිය පදවා තරුණයකු රිය අනතුරකට පත් කර පොලිසියට වාර්තා නොකොට පලා යෑම ඇතුළු චෝදනා යටතේ හිටපු ඇමැති පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලි චම්පික රණවක මහතාට එරෙහිව නීතිපතිවරයා විසින් කොළඹ අංක තුන මහාධිකරණය හමුවේ ගොනු කර ඇති නඩුව තාවකාලිකව අත්හිටුවමින් අභියාචනාධිකරණය ඊයේ (24 ද... |
"පොලිය තවත් 1%කින් අඩු කරයි" | "වහාම ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රතිපත්තිමය පොලී අනුපාත සියයට 1.0කින් අඩු කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය තීරණය කර ඇත. මේ අනුව ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලයේ ඉකුත් නොවැම්බර් 23 වැනි දින පැවති රැස්වීමේදී මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සියයට 9 දක්වා ස... |
"කොතලාවල රෝහලේ සේවා විධිමත් කරන්න ගිවිසුමක්" | "ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විද්‍යාල රෝහලේ ප්‍රතිකාර සේවාවන් විධිමත්ව පවත්වාගෙන යාම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය එම රෝහල සමග අවබෝධතා ගිවිසුමකට එළැඹීමට තීරණය කර ඇත. සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ, ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් සහ ආරක්‍ෂක ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න යන මහත්වරුන්ගේ සහභාගීත්වයෙ... |
"එච්.අයි.වී. ආසාදිතයන් කොන් කරන්න එපා – ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය ජානකී විදාන පතිරණ" | "“එච්.අයි.වී. ආසාදිත පුද්ගලයන්ව සමාජයෙන් කොන් කරන්න එපා. එහෙම කොන් කළොත් ඒ අය ප්‍රතිකාර සඳහා යොමුවන එකක් නෑ. මේ තත්ත්වය තුළ ඒ අයගෙන් තවත් අයට එච්.අයි.වී. ආසාදනය වෙන්න පුළුවන්” යැයි ශ්‍රී ලංකා ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහන් අධ්‍යක්ෂ ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය ජානකී විදානපතිරණ මහත්මිය පැවසුවාය. දෙසැම්බර් ... |
"සිවිල් ආරක්ෂක බළකාය ගෙදර යවයි" | "යුද සමයේදී මායිම් ගම්මාන ආරක්ෂා කළ සිවිල් ආරක්ෂක බළකාය විසුරුවාහැරීමට ආණ්ඩුව සූදානම් වන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (23 දා) පැවසීය. හතළිස් දහසක් පමණ සිටින එම බළකායේ එක් සෙබළකුට රුපියල් ලක්ෂ තිහක වන්දියක් ලබා දී ගෙදර යැවීමට යෝජනා කර තිබීම අසාධාරණ බව ද හෙතෙම කීය. එම බළකායේ සෙබළුන්ට සාධාරණ ව... |
"ව්‍යවස්ථාදායක සභාව කඩාකප්පල් කරන්න ඇතුළෙන්ම වැඩ – ජනාධිපති මැති සබයේදී කියයි" | "ව්‍යවස්ථාදායක සභාවේ වැඩකටයුතු කඩාකප්පල් කිරීමට එම සභාවේ ඇතුළෙන් ගෙන යන වැඩපිළිවෙළ නිසා අධිකරණයට සහ පොලිසියට වැඩ කර ගැනීමට නොහැකි වී ඇතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (23 දා) කීය. එබැවින් ව්‍යවස්ථාදායක සභාවේ වැඩකටයුතු පිළිබඳ විභාග කිරීම සඳහා තේරීම් කාරක සභාවක් ලබන සතියේ පත්කරන බව ද ජනාධිපති කී... |
"මට වගේම සජිත්ටත් නලින්ටත් දඬුවම් දෙන්න – සනත් නිශාන්ත කථානායකට ලියයි" | "පාර්ලිමේන්තු රැස්වීම්වලට සහභාගි වීම තමාට සති දෙකක කාලයක් සඳහා තහනම් කළ ආකාරයෙන්ම එදින ස්ථාවර නියෝග කඩ කළ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහ නලින් බණ්ඩාර මහතාට ද දඬුවම් ලබා දෙන මෙන් ඉල්ලා රාජ්‍ය ඇමැති සනත් නිශාන්ත මහතා කථානායක වෙත ලිපියක් යොමුකර තිබේ. එම දින පාර්ලිමේන්තු සභාගර්භයේ දී සිදුවූ සිද්ධිය සම්බන්ධයෙන් තමාගේ ... |
"ළමයින් අතර වෛරස් රෝග – විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා" | "පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයත් සමග ළමුන් අතර වෛරස් රෝග කීපයක් ව්‍යාප්ත වෙමින් පවතින බව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා ‘දිවයින’ට ඊයේ (23 දා) සඳහන් කළේය. ළමා හතිය, වෛරස් උණ රෝග, කැස්ස, සෙම්ප්‍රතිෂ්‍යාව, පාචනය සහ ඩෙංගු උණ රෝගය වැළඳුණු දරුවන් රෝහල් ගතවීම ඉකුත් සතියේ සිට ඉහළ ගොස් ඇතැ... |
"රට බංකොළොත් කළ රාජපක්ෂවරුන්ගේ ප්‍රජා අයිතිය අහෝසි කරන්නැයි අත්සන් ව්‍යාපාරයක්" | "රට බංකොළොත් කළ රාජපක්ෂවරුන්ගේ ප්‍රජා අයිතිය අහෝසි කරන ලෙස සහ ඔවුන්ට තවදුරටත් රාජ්‍ය අනුග්‍රහය යටතේ වරප්‍රසාද ලබා නොදෙන ලෙසත් රට බංකොළොත් වීම නිසා අගතියට පත් ලක්ෂ 220ක් වූ ජනතාවට වන්දි ලබා දෙන ලෙසත් ඉල්ලා සමගි ජන බලවේගය විසින් ඊයේ (23) කොළඹ කොටුවේදී අත්සන් ව්‍යාපාරයක් ආරම්භ කළේය. යුක්තිය වෙනුවෙන් ජනමතය අත්සන් වැඩසටහන න... |
"රෝහල් පද්ධතියේ සිලින්ජර් හිඟයක්" | "ඖෂධ එන්නත් කිරීම්, රුධිර පරීක්‍ෂාවන් ඇතුළු රෝගී සත්කාරක සේවාවන් රැසකට අවශ්‍ය සිරින්ජර වර්ග රැසක දැඩි හිඟයක් රෝහල් පද්ධතියේ පවතින බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය පවසයි. මිලි ලීටර් 10 සහ මිලි ලීටර් 20ට අදාළ සිරින්ජර් කිසිවක් වෛද්‍ය සැපයුම් අංශයේ ද නොමැති බවත් මිලි ලීටර් 5 ප්‍රමාණයේ සිරින්ජර් කුඩා ප්‍රමාණයක් පමණක... |
"ඇමැතිගෙන් හොඳ ප්‍රතිචාර පී.එච්.අයි. වර්ජනය අත්හිටුවයි" | "මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ට අදාළව මතුව ඇති වෘත්තීය ගැටලු කිහිපයක් විසඳීම සම්බන්ධව සෞඛ්‍ය අමාත්‍යවරයා යහපත් ප්‍රතිචාර දැක්වීම නිසා ඔවුන් විසින් ආරම්භ කර තිබූ වෘත්තීය ක්‍රියා මාර්ගය අත්හිටුවා ඇත. සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා සහ ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ සංගමයේ නියෝජිතයන් අතර ඉකුත් 22 වැනිදා සෞඛ්‍ය ... |
"අයහපත් කාලගුණයෙන් මරණ 4 ක් 517 ක් පීඩාවට" | "දිස්ත්‍රික්ක අටකට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ඊයේ (23දා) වනවිට මරණ 04 ක් වාර්තා වී ඇති බවත් පවුල් 127 කට අයත් පුද්ගලයන් 517 දෙනකු පීඩාවට පත්ව ඇති බවත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. මෙම මරණ දෙකක් පස්කඳු කඩා වැටීම්, සැඩපහරට ගසාගෙන යෑමෙන් සහ අකුණුසර වැදීමෙන් මරණයක් සිදුව ඇත. පීඩාවට පත්ව ඇත්තේ බදුල්ල, මාතර,... |
"ස්ථිර නිවාස නැති පවුල් 789242ක්" | "රටේ ස්ථිර නිවාස නොමැති පවුල් හත් ලක්ෂ අසූනව දහස් දෙසීය හතළිස් දෙකක් සිටින බව නාගරික සංවර්ධන හා නිවාස රාජ්‍ය ඇමැති තේනුක විදානගමගේ මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (23 දා) පැවසීය. ඊට අමතරව තාවකාලික සෙවිලි සැකසූ නිවාස හාර ලක්ෂ අසූ හය දහස් හාරසිය විසිහයක් තිබෙන බව ද ඒවා වැඩිපුරම ඇත්තේ පුත්තලම, මඩකලපුව, යාපනය, කුරුණෑගල, නුවරඑළි... |
"ගම්පහ ප්‍රා. ලේ. කොට්ඨාස 9කට ගංවතුර අවදානමක්" | "දිවයිනේ ප්‍රදේශ රැසකට ලැබෙන අධික වර්ෂාපතනය හේතුවෙන් ගංගා සහ ජලාශ රැසක් පිරී පවතින බවත් විශේෂයෙන් අත්තනගලු ඔයේ ජල මට්ටම වැඩිවෙමින් පවතින නිසා ගම්පහ දිස්ත්‍රික්කයට අයත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 09කට ගංවතුර ඇතිවීමේ අවදානමක් පවතින බවත් වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ වාරිමාර්ග අධ්‍යක්‍ෂ එස්. පී. සී. සුගීෂ්වර (ජලවිද්‍යා හා ආපදා ... |
"එන්නත් වංචාවේ මහ මොළකරුවන් අත්අඩංගුවට නොගත්තොත් ලබන වසරේ උග්‍ර ඖෂධ හිඟයක් – රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය" | "ප්‍රශ්නගත ඉමියුනෝග්ලොබියුලින් ප්‍රතිදේහ එන්නත් වංචාවට සම්බන්ධ ‘මහ මොළකරුවන්’ අත්අඩංගුවට නොගෙන සිටින්නේ නම් පවතිනවාට වඩා විශාල බරපතළ ඖෂධ හිඟයක් ලබන වසරේදී ඇතිවිය හැකි බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. ඉමියුනෝග්ලොබියුලින් සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට සිදුකර ඇති පරීක්‍ෂණයන්ට අදාළව ඖෂධ සැපයුම් අංශයේ නිලධාරීන් කීපදෙන... |
"පරිසර ඇමැති කෙහෙළියට උඩින් යන්න අවසර" | "පරිසර ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතාට ලබන නොවැම්බර් මස 30 වැනිදා සිට ලබන වසරේ පෙබරවාරි මස 29 වැනිදා දක්වා වූ කාලය සඳහා විදේශගත වීමට කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා ඊයේ (23 දා) අවසර ලබාදුන්නේය. එකී කාල සීමාව සඳහා තාවකාලිකව විදේශ ගමන් තහනම ඉවත් කළ බවට ආගමන විගමන පාලකවරයා ඇතුළු බලධාරීන්ට වහාම දන්වා යැවීමට පියවර... |
"අධිවේගයට හමුදාව – මැෂින් අක්‍රිය නිසා කොළයක ලියා මුදල් අය කරයි" | "ඉල්ලීම් කිහිපයක් මුල්කර ගෙන අධිවේගී මාර්ගවල සේවකයන් සහ මාර්ග සංවර්ධන සේවකයන් එකොළොස්දහසක් පමණ ඊයේ (22දා) ලෙඩ නිවාඩු වාර්තා කර වෘත්තීය ක්‍රියාමාර්ගයක යෙදීම නිසා ඊයේ (22දා) පැය එකහමාරක පමණ කාලයක් රථවාහන රියැදුරන්ට නොමිලේ අධිවේගී මාර්ගවල ගමන් කිරීමේ අවස්ථාව උදාවී තිබිණි. අනතුරුව ත්‍රිවිධ හමුදාව යොදවා ගාස්තු අයකර රථවාහන ධ... |
"සනත් නිශාන්ත සති දෙකක් සබයෙන් දොට්ට" | "ජලසම්පාදන රාජ්‍ය ඇමැති සනත් නිශාන්ත මහතාගේ පාර්ලිමේන්තු සේවය සති දෙකකට ඊයේ (22 දා) සිට අත්හිටුවන බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට ඊයේ නිවේදනය කළේය. පාර්ලිමේන්තුවේ දී පෙරේදා (21 දා) විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා 27/2 යටතේ සිදු කළ ප්‍රකාශය අතරතුර සිදු වූ විනය විරෝධී තත්ත්වය තමන් හෙළා දකින බව ද එම වි... |
"දඬුවම හොඳටම මදි – විපක්‍ෂ නායක සජිත්" | "තමන්ගේ විශේෂ ප්‍රකාශය ඇතුළත් ලිපිගොනුව උදුරාගෙන කළ බාධාවට රාජ්‍ය ඇමැති සනත් නිශාන්ත මහතාට එරෙහිව කථානායක දුන් සති දෙකක තහනම ප්‍රමාණවත් නැතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (22දා) පැවසීය. සනත් නිශාන්ත මහතා සමග ආණ්ඩු පක්ෂයේ සිට සභා ගර්භය මැදින් පැමිණි ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්ට එරෙහිව කථානායක කිසිදු... |
"පාර්ලිමේන්තුව – ජනාධිපතිවරණයත් පාර්ලිමේන්තු මැතිවරණයත් අනිවාර්යයෙන් පවත්වනවා" | "කණ්ඩායම් දෙකක් අතර තිබෙන අරගලයක් හේතුවෙන් ක්‍රිකට් පිරිහුණු බත් අලුත් නීති ගෙනවිත් නිවැරදි කණ්ඩායමක් තෝරාගත යුතු බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (22 දා) පැවසීය. ජනාධිපතිවරණයත් පාර්ලිමේන්තු මැතිවරණයත් ලබන වසරේ දී අනිවාර්යයෙන් පවත්වන බවත් ඊට පසු වසරේ දී පළාත් පාලන මැතිවරණය හා පළාත් සභා මැතිවරණ... |
"ඉදිරි ඡන්දවලට මුහුණ දෙන්න – පක්‍ෂ 18 ක් පොදු න්‍යාය පත්‍රයකට සන්ධානගත වෙයි!" | "සුළු දේශපාලන පක්‍ෂ 18 ක් ඉදිරි ජාතික මැතිවරණවලදී ක්‍රියාකළ යුතු අන්දම පිළිබඳව පොදු න්‍යාය පත්‍රයකට සන්ධානගත වීමට පළමු පියවර පරමාදර්ශී ජාතික ව්‍යාපාරය මගින් පෙරේදා (21 දා) සවස ගනු ලැබීය. පරමාදර්ශී ජාතික ව්‍යාපාරය මගින් මේ සඳහා කැඳවා තිබූ කොළඹ ජාතික පුස්තකාල ශ්‍රවණාගාරයේ පැවැති පළමු සාකච්ඡාවට සුළු දේශපාලන පක්‍ෂ 18 ක නාය... |
"හරක්කටා බේරා ගැනීමේ උත්සාහය:ඩූ ඕ ඩයි මෙහෙයුමේ කමාන්ඩෝ සෙබළා දැලේ" | "මෙරට ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු ලෙස සැලකෙන හරක්කටා අත්අඩංගුවෙන් මුදා ගැනීමේ ‘ඩූ ඕ ඩයි’ මෙහෙයුමට සම්බන්ධ වී සිටි යුද හමුදා කමාන්ඩෝ බළකායේ හිටපු ස්නයිපර් සෙබළෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන ඇත. යුද හමුදා කමාන්ඩෝ බළකායේ හිටපු සෙබළුන් සහ වර්තමාන සෙබළුන් පිරිසක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු... |
"හරක්කටා බේරා ගැනීමේ උත්සාහය:ඩූ ඕ ඩයි මෙහෙයුමේ කමාන්ඩෝ සෙබළා දැලේ" | "මෙරට ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු ලෙස සැලකෙන හරක්කටා අත්අඩංගුවෙන් මුදා ගැනීමේ ‘ඩූ ඕ ඩයි’ මෙහෙයුමට සම්බන්ධ වී සිටි යුද හමුදා කමාන්ඩෝ බළකායේ හිටපු ස්නයිපර් සෙබළෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන ඇත. යුද හමුදා කමාන්ඩෝ බළකායේ හිටපු සෙබළුන් සහ වර්තමාන සෙබළුන් පිරිසක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු... |
"අධිවේගය ඉක්මනින්ම ඩිජිටල් වේවි" | "මාර්ග සංවර්ධන අධිකාරියේ සියලු සේවකයන් ලෙඩ නිවාඩු දමා ආරම්භ කළ වෘත්තීය ක්‍රියාමාර්ගය පිළිබඳ පොලිසියට පැමිණිලි කළ බව මහාමාර්ග ඇමැති බන්දුල ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (22දා) පැවසීය. එම වෘත්තීය ක්‍රියා මාර්ගයේ දී සේවකයන් විසින් අධිකාරියට අයත් සියලු දේපළ ඔවුන්ගේ භාරයට අරගෙන තිබෙන බවත් එය රාජ්‍ය ආදායම අහිමි කිරීමේ බ... |
"දූෂණ වසා ගන්න අධිකරණය යොදා ගන්න දෙන්න එපා" | "ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලියාපදිංචිය අත්හිටුවමින් ක්‍රීඩා ඇමැතිවරයා විසින් නිකුත් කළ ගැසට් නිවේදනය ක්‍රියාත්මක කිරීම වළක්වමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා අධිකරණයෙන් නියෝගයක් ලබාගෙන ඇත්තේ සත්‍ය කරුණු වසන් කිරීමෙන් වන බැවින් එම පෙත්සම්කරු ඉදිරිපත් කර ඇති පෙත්සම ප්‍රතික්ෂේප කරන ලෙස ක්‍රීඩා ඇමැතිවරයා වෙනුවෙන්... |
"සහල් අතිරික්තයක් තිබියදී රටින් ගේන්නෙ කොමිස් ගහන්නද" | "“මේ පාර මහ කන්නෙන් සාර්ථක අස්වැන්නක් ලැබෙමින් තිබියදී සහ රටේ අතිරික්ත වී හා හාල් ප්‍රමාණයක් තියෙද්දී රටින් හාල් ගෙන්නන්නේ කොමිස් ලබාගන්න ද” යැයි සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා පැවසීය. ඒ මහතා මේ බව පැවසූවේ 21 දා පැවති මාධ්‍ය හමුවකදීය. රජය උත්සව සමය වෙනුවෙන් සහල් මෙටි්‍රක් ටොන් ලක්ෂයක් ආ... |
"සා/පෙළ විභාගය 10 ශ්‍රේණියට – ඇමැති සුසිල් මැතිසබයේදී කියයි" | "දරුවන් වයස්ගත වීමට පෙර ඉදිරියේ දී අපොස සාමාන්‍ය පෙළ 10 ශ්‍රේණියේ දී පැවැත්වීමට මේ වන විට තීරණය කර ඇති බවත් එවිට උසස් පෙළ විභාගය සඳහා දරුවකුට වයස අවුරුදු 17 දී පෙනී සිටිය හැකි බවත් අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේම්ජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (22 දා) පැවසීය. ඊට අමතරව වයස අවුරුදු 04 සම්පූර්ණ වූ දරුවන් අනිවාර්යයෙන්ම පෙර ප... |
"සියඹලන්ගමුව වැවේ මාළු අල්ලන්න ගිය දෙදෙනා ගිලී මරුට" | "ගල්ගමුව සියඹලන්ගමුව වැවේ මසුන් අල්ලමින් සිටි තරුණයකු ඇතුළු පුද්ගලයන් දෙදෙනකු ඊයේ (22දා) උදේ 11.00 ට පමණ දියේ ගිලී මරුමුවට පත් වී ඇතැයි ගල්ගමුව පොලිසිය පවසයි. මේ දිනවල පවතින අධික වර්ෂාව හේතුවෙන් සියඹලන්ගමුව වැව වාන් දමමින පවතින අවස්ථාවේ මෙම දෙදෙනා වැවේ පිටවාන ආසන්නයේ මසුන් අල්ලමින් සිට ඇත. ඒ අවස්ථාවේ ඔවුන් සැඩ පහරට හසු... |
"විනිසුරුවරුන් 54කට ස්ථාන මාරු" | "දිවයින පුරා දිසා අධිකරණ සහ මහෙස්ත්‍රාත් අධිකරණවල සේවය කළ දිසා විනිසුරුවරුන් හා මහෙස්ත්‍රාත්වරුන් පනස්හතර දෙනකුට 2024 වර්ෂය සඳහා සේවා ස්ථාන මාරුවීම් ලබාදී ඇතැයි අධිකරණ සේවා කොමිසමේ ආරංචි මාර්ග සඳහන් කරයි. ස්ථාන මාරුවීම් ලබාදී ඇති විනිසුරුවරුන් 2024 වසරේ ජනවාරි මස පළමු වැනිදා සිට නව සේවා ස්ථානවල රාජකාරී කටයුතු ආරම්භ කරන... |
"‘දිවයින’ කාටුන් චිත්‍ර ශිල්පි ජයරත්න වික්‍රමසිංහට විශ්වාභිනන්දන සම්මානය" | "බස්නාහිර පළාත් විශ්වාභිනන්දන කලාකරු උපහාර උළෙල – 2022/2023 කොළඹ 7, මහාචාර්ය ස්ටැන්ලි විජේසුන්දර මාවතේ පිහිටි බස්නාහිර පළාත් සෞන්දර්ය නිකේතනයේ දී බස්නාහිර පළාතේ ආණ්ඩුකාර මාෂල් ඔෆ්ද ශ්‍රී ලංකා එයාර් ෆෝර්ස් රොෂාන් ගුණතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (22 දා) පැවැත්විණි. එහිදී විවිධ ක්‍ෂේත්‍ර ගණනාවක් නියෝජනය කළ ප්‍රවීණ හා සු... |
"‘දිවයින’ කාටුන් චිත්‍ර ශිල්පි ජයරත්න වික්‍රමසිංහට විශ්වාභිනන්දන සම්මානය" | "බස්නාහිර පළාත් විශ්වාභිනන්දන කලාකරු උපහාර උළෙල – 2022/2023 කොළඹ 7, මහාචාර්ය ස්ටැන්ලි විජේසුන්දර මාවතේ පිහිටි බස්නාහිර පළාත් සෞන්දර්ය නිකේතනයේ දී බස්නාහිර පළාතේ ආණ්ඩුකාර මාෂල් ඔෆ්ද ශ්‍රී ලංකා එයාර් ෆෝර්ස් රොෂාන් ගුණතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (22 දා) පැවැත්විණි. එහිදී විවිධ ක්‍ෂේත්‍ර ගණනාවක් නියෝජනය කළ ප්‍රවීණ හා සු... |
"නොරොච්චෝලේ සහ කැලණිතිස්ස ජනනය ඇනහිටීමෙන් මාසික පාඩුව රු.කෝටි 600ක්" | "ලංකා විදුලි බල මණ්ඩලයේ ජල විදුලි ජනන ඇස්තමේන්තු සාවද්‍ය බවට නැවත වරක් තහවුරු වී ඇතැයි ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ හිටපු සභාපති ජනක රත්නායක මහතා අවධාරණය කරයි. පසු ගිය මැයි මාසයේ දී මම පෙන්වා දුන්නා මේ වර්ෂයේ දී ජල විදුලි බලාගාරවලින් ගිගා වොට් පැය 4500කට අධික ප්‍රමාණයක විදුලිය උත්පාදනයවන බව. නමුත් ලංකා විදුලි... |
"මොරටුව රාවතාවත්ත මෙතෝදිස්ත විදුහලට සුහුරු පන්ති කාමර උපකරණ" | "විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සක්වළ වැඩසටහන යටතේ මොරටුව රාවතාවත්ත මෙතෝදිස්ත විදුහලට සුහුරු පන්ති කාමර උපකරණ ලබාදීමක් පසුගියදා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර, මොරටුව රාවතාවත්ත මෙත... |
"ආර්ථික ඝාතකයන් ගැන කියද්දී පොහොට්ටුවට මළ පනී" | "රට බංකොලොත් කළ බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළ රාජපක්ෂ පාලකයන් සහ අදාළ නිලධාරීන්ගේ ප්‍රජා අයිතිය අහෝසි කරන්නේදැයි සහ එසේ කරන දින කවදාදැයි මෙන්ම ඔවුන්ගේ ප්‍රජා අයිතිය අහෝසි කළ යුතු බවට ද යෝජනා කරමින් 27/2 යටතේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් අසන ලද ප්‍රශ්නයක් නිසා ඊයේ (21දා) පාර්ලිමේන්තුවේ දැඩි නොසන්සුන්කාරී තත්ත... |
"ආණ්ඩුවේ කාටවත් බය නෑ… තනියම වුණත් මූණ දෙනවා – සජිත්" | "තමන් ආණ්ඩු පක්ෂයේ කිසිවකුට බය නැති බවත් ඒ ඕනෑම අයකුට තනියෙන් වුවද මුහුණ දීමට සූදානම් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (21දා) පැවසීය. ඊයේ ඔහු කළ විශේෂ ප්‍රකාශය අතරතර ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වයෙන් අනතුරුව සභාව නැවත ආරම්භ කිරීමෙන් පසු සිය ප්‍රකාශය කියවා අවසන් කළ හෙතෙම උස් හඬින් ඒ බව කියා සිටි ... |
"ශ්‍රී ලංකාව හරිත හයිඩ්‍රජන් සැපයීමේ කේන්ද්‍රස්ථානයක් බවට පත්කරනවා – ජනාධිපති" | "දේශගුණික විපර්යාසවලට මුහුණදීමේදී සහ තිරසර සංවර්ධන අරමුණු සාක්ෂාත් කර ගැනීමේදී අතිනවීන හරිත බලශක්තිය උපරිමයෙන් දායක කරගැනීම ශ්‍රී ලංකාවේ අරමුණ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. බලශක්ති ව්‍යාපෘති සම්බන්ධයෙන් තීරණ ගැනීමේදී ආර්ථික සාධක සහ දිගු කාලීන බලපෑම් සැලකිල්ලට ගනිමින් පුළුල් දැක්මකින් යුතුව කටයුතු කිරීමේ වැ... |
"ආර්ථික පරිහානිය පිළිබඳ සියලු චෝදනා ප්‍රතික්‍ෂේප කරනවා – මහින්ද රාජපක්ෂ" | "මෙරට ආර්ථික පරිහානිය සම්බන්ධයෙන් එල්ල කරන සියලු චෝදනා තමන් ප්‍රතික්ෂේප කරන බව හිටපු ජනාධිපති, කුරුණෑගල දිස්ත්‍රික් පොදුජන පෙරමුණ මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා මෙවර අයවැය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඊයේ (21දා) පැවසීය. සිය අයිතීන් නැති කළ යුතු යැයි කියන නායකයන් පසුගිය කාලයේ කළ කී දේවල් තමන්ට මතක ඇති බව කී හිටපු ජනාධිපතිවර... |
"වැඩි ඡන්ද 45කින් අයවැය සම්මතයි" | "ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ලබන වසර (2024) සඳහා ඉදිරිපත් කරන ලද අයවැය යෝජනාවලිය පාර්ලිමේන්තුවේදී ඊයේ (21දා) වැඩි ඡන්ද 45කින් සම්මත විය.එම ඡන්ද විමසීමේදී අයවැයට පක්‍ෂව ඡන්ද 122 ක්ද, විපක්‍ෂව ඡන්ද 77 ක්ද ප්‍රකාශ කෙරිණි. ලබන වසර සඳහා අයවැය යෝජනාවලිය රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය 13දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ... |
"ඇමරිකානු සමාගමක් මෙරට ෂෙඩ් 200ක මෙහෙයුම් භාර ගනී" | "මෙරට ඉන්ධන පිරවුම්හල් 200 ක මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීමට ඇමරිකා එක්සත් ජනපද සමාගමක් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සමග ගිවිසුම් අත්සන් කර ඇත. ඇමරිකා එක්සත්ත ජනපදයේ ආර්. එම්. පාර්ක්ස් ඉන්ක් (RM Parks Inc) නමැති පෙට්‍රෝලියම් නිෂ්පාදන වෙළඳපොළේ නිරත ලොව ප්‍රමුඛතම සමාගම මෙලෙස ගිවිසුම් අත්සන් කර තිබේ. මෙම ගිවිසුමට අනුව එම සමාගම ෂෙ... |
"අයවැයෙන් 1.3% කට වැඩි ආර්ථික වර්ධනයක් ලබාගත හැකියි – රාජ්‍ය ඇමැති ෂෙහාන් සේමසිංහ" | "මෙම අයවැය ක්‍රියාත්මකවීම තුළින් ලබන වසරේදී සියයට 1.3 කට වඩා වැඩි ආර්ථික වර්ධන වේගයක් ලබාගත හැකි බව මුදල් රාජ්‍ය ඇමැති ෂෙහාන් සේමසිංහ මහතා ඊයේ (21දා) පාර්ලිමේන්තුවේදී පැවසීය. ආර්ථික සංකෝචනයවීම ද මේ වසරේ අවසන් කාර්තුවේදී නැති වන බවද ඒ මහතා කියා සිටියේය. අයවැය පිළිබඳව 7 වැනි දිනටත් ඊයේ පැවැති විවාදයට එක්වෙමින් රාජ්‍ය ඇමැ... |
"ජල සම්පාදන මණ්ඩලයේ නව සාමාන්‍යාධිකාරී රුවන් එස්. ලියනගේ වැඩ භාරගනී" | "ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ අභිනව සාමාන්‍යාධිකාරී ලෙස ඉංජිනේරු රුවන් එස්. ලියනගේ මහතා ඊයේ ( 21 වැනිදා ) සිය ධුරයේ වැඩ භාර ගනු ලැබීය. ඔහු එම මණ්ඩලයේ 16 වැනි සාමාන්‍යාධිකාරීවරයා වේ. බණ්ඩාරවෙල මධ්‍ය මහා විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වන ඒ මහතා පේරාදෙණි විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු උපාධිධාරියකු වේ. එසේම ඒ මහතා යුනෙස්කෝ IHE ... |
"ඉන්දියානුවෝ 3 ක් ක්‍රිකට් වෙනුවෙන් දිවි පුදති" | "ක්‍රිකට් ලෝක කුසලාන අවසන් මහා තරගයේදී ඉන්දීය කණ්ඩායම ලද පරාජය දරාගත නොහැකිව ඉන්දීය ජාතිකයන් දෙදෙනකු සිය දිවි හානි කරගෙන ඇති අතර, තවත් පුද්ගලයකු කම්පනයෙන් මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඉකුත් ඉරිදා (19 දා) පැවති ක්‍රිකට් ලෝක කුසලාන අවසන් මහා තරගයේදී එතෙක් අපරාජිතව සිටි ඉන්දීය කණ්ඩායමට ඔස්ට්‍රේලියාව හමුවේ පරාජ... |
"පුංචි ඡන්දය නොපැවැත්වීමට එරෙහි පෙත්සම් විභාගය 29 දා සිට" | "පසුගිය මාර්තු 9 වැනිදා පැවැත්වීමට නියමිතව තිබූ පළාත් පාලන මැතිවරණය නොපැවැත්වීමෙන් සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට නිගමනය කරන ලෙස ඉල්ලා ජාතික ජනබලවේගය පක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනි ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය ඇතුළු පාර්ශ්ව කිහිපයක් ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගය ලබන 29 වැනිදා දක්වා කල් දැම... |
"වැට් සංශෝධන පනත් කෙටුම්පත සාකච්ඡාවට මැති සබය දෙසැ. 10 ඉරිදාත් රැස් වෙයි" | "පාර්ලිමේන්තුව ලබන මස (දෙසැම්බර්) 10 වැනි ඉරිදා රැස්වී එකතු කළ අගය මත බදු (සංශෝධන) පනත් කෙටුම්පත සහ අයවැය විවාදය පැවැත්වීමට නියමිතය. මීට අමතරව ශ්‍රී ලංකා ක්‍රිකට් අක්‍රමිකතා පිළිබඳ විමර්ශනය සඳහා පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත් කිරීම පිළිබඳව ද මෙහිදී අවධානය යොමුව ඇත. ඒ අනුව ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ සම සභාපතීත්වය යටතේ... |
"විහාරමහා දේවි උද්‍යානය යළි කොළඹ මහ නගර සභාවට ගැසට්ටුව නිකුත් වේ" | "සංවර්ධන කටයුතු සඳහා නාගරික සංවර්ධන අධිකාරිය යටතට පවරාගෙන තිබූ කොළඹ විහාර මහාදේවි උද්‍යානය යළි කොළඹ මහ නගර සභාවට පවරාදී ඇත. ඊට අදාළ ගැසට් නිවේදනය නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා විසින් නිකුත් කර තිබේ. කොළඹ නගර සභාව යටතේ පැවති විහාරමහා දේවි උද්‍යානය 2011 සැප්තැම්බර් මස 30 වැනිදා සිට ක්‍රියාත්මක වන ප... |
"කුණු ආහාර බහාලුම් 43ක් වරායෙන් පන්නන්න හදලා" | "ආනයනික ටින්මාළු, කැකුළු සහල් ඇතුළු කොළඹ වරායේ ගබඩා කර ඇති බහාලුම් හතළිස් තුනක තිබෙන මිනිස් පරිභෝජනයට නුසුදුසු වියළි ආහාර විශාල තොගයක් සත්ත්ව ආහාර ලෙස වරායෙන් පිට කිරීමට ගත් උත්සාහයක් රේගු දෙපාර්තමේන්තුවේ මැදිහත්වීමෙන් වළක්වා තිබේ. මෙම ආහාර වර්ග ද්‍රව්‍ය තොගය වරායෙන් පිට වූයේ නම් එළැඹෙන උත්සව සමයේ සාමාන්‍ය වෙළෙඳ පොළට ප... |
"බාල ඖෂධ මගඩියේ සෞඛ්‍ය ලොක්කෝ 4ක් රිමාන්ඩ්" | "ඉමහත් ආන්දෝලනයකට තුඩු දී ඇති ඉමියුනොග්ලොබියුලින් ඖෂධ ගනුදෙනු සිද්ධිය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ සැපයුම් අංශයේ සහකාර අධ්‍යක්‍ෂවරුන් දෙදෙනකු ඇතුළු නිලධාරීන් සිව්දෙනකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ඊයේ (20 දා) අත්අඩංගුවට ගෙන ඇත. ඊයේ පෙරවරුවේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ සැපයුම් අංශය වෙත පැමිණි අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන... |
"ඉමියුනොග්ලොබියුලින් වංචාවට සම්බන්ධ තෝරු මෝරුන් අල්ලන්න" | "ව්‍යාජ ඉමියුනොග්ලොබියුලින් ඖෂධ වංචාවට සම්බන්ධ හාල්මැස්සන් පමණක් නොව, තෝරු මොරුන් ද අත්අඩංගුවට ගත යුතුව ඇතැයි වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා ‘දිවයින’ ට ඊයේ (20 දා) පැවසීය. සීනි බදු වංචාවෙන් සිදු වූ පාඩුවට වඩා වැඩි පාඩුවක් මෙම ඖෂධ වංචාවෙන් ස... |
"අයිසීසීයට යැවූ ඇමැති හෙළිකළ ලිපිතුන නඩුකරය තුළ වසන් කරලා – ජනාධිිපති නීතිඥ සාලිය පීරිස්" | "ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කටයුතු අත්හිටුවමින් ක්‍රීඩා අමාත්‍යවරයා පසුගිය 5 වැනිදා නිකුත් කළ ගැසට් නිවේදනය අනුව ඊයේ (20 දා) දක්වා කටයුතු නොකරන බවට ලබා දී ඇති එකඟතාව අනුව හෙට (22 දා) දක්වා තවදුරටත් කටයුතු කරන බව ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ උදිත ඉගලහේවා මහතා ඊයේ (20 දා) අභියාචනාධ... |
"ශ්‍රී ලංකා ක්‍රිකට් සැමටම උඩින් ක්‍රියා කිරීම පිටුපස අදිසි හස්තයක්?" | "ක්‍රිකට් පරිපාලනය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවත් පාර්ලිමේන්තු වරප්‍රසාදත් උල්ලංඝනය කර ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (18දා) වරප්‍රසාද ප්‍රශ්නයක් මතු කරමින් කියා සිටියේය. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ප්‍රමුඛ කණ්ඩායම ශ්‍රී ලංකාවට ක්‍රිකට් තහනමක් ගෙන එන ආකාරයට කටයුතු කළ බවට මීට පෙර වගකීමෙන් පාර... |
"සමහර අය වගේ අපි මහත්හොරුන් නොවේ: මට ඕනෑ දන්න ක්‍රිකට් ගොඩදාන්න" | "ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව යනු දුප්පත්-පොහොසත්, ලොකු-කුඩා සැමට සතුටක් ලබා දී මුවට සිනාවක් එක්කළ මෙරට ප්‍රධාන ක්‍රීඩාවක් වන බැවින් තවදුරටත් විනාශවීමට ඉඩ නොදී එය මතු පරපුර වෙනුවෙන් ආරක්‍ෂා කිරීම හා ඉහළට ඔසවා තැබීම තම එකම අභිලාශය බව ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ හිටපු විශිෂ්ට නායකයකු වන අර්ජුන රණතුංග මහතා ඊයේ (20 ... |
"රට පුරාම ළමා මව්වරුන් 2287ක් – ඇමැතිනී ගීතා කියයි" | "රට තුළ ළමා මව්වරුන් දෙදහස් දෙසීය අසූ හත් දෙනකු සිටින බව කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබල ගැන්වීම් රාජ්‍ය ඇමැතිනී ගීතා කුමාරසිංහ මහත්මිය පාර්ලිමේන්තුවේදී ඊයේ (20දා) කියා සිටියාය. මව පිටරට රැකියාවලට යොමුවීම, දෙමව්පියන් දෙදෙනාම රැකියාවේ නිරත වීම, දෙමව්පියන් මත්ද්‍රව්‍ය සඳහා අබ්බැහි වීම, නවීන ජංගම දුරකථනවලට ඇබ්බැහි වීම ආද... |
"හේෂාගේ ලිංගික අතවර චෝදනාව රංජිත් තරයේ ප්‍රතික්‍ෂේප කරයි" | "තමන් පාර්ලිමේන්තු නිලධාරිණියකට ලිංගික බලපෑම් කළ බවට විපක්ෂ මන්ත්‍රී හේෂා විතානගේ මහතා සිදු කළ චෝදනාව තරයේ ප්‍රතික්ෂේප කරන බව පොදු ව්‍යාපාර කාරක සභාවේ සභාපති (කෝප්) රංජිත් බණ්ඩාර මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (20) පැවසීය. චෝදනාව සම්බන්ධයෙන් වරප්‍රසාද කමිටුව හමුවට කැඳවා පරීක්ෂණයක් පවත්වන ලෙසත් එම චෝදනාවට වරදකරු වුවහොත් තමන්... |
"මෙරට පවුල් 10කින් 6ක්ම ආහාර අහේනියෙන් – මහාචාර්ය ජී. එල්. පීරිස්" | "ශ්‍රී ලංකාවේ පවුල් දහයක් ගෙන බැලුවහොත් ඉන් පවුල් හයක්ම උග්‍ර ආහාර අර්බුදයකින් පෙළෙන බවත්, එය ඉදිරියේදී පවුල් දහයකට පවුල් අටක් දක්වා ඉහළ යන බව එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන් වාර්තා මගින් පෙන්වා දී ඇති බවත් නිදහස ජනතා සභාවේ සාමාජික මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා ඊයේ (20 දා) පැවසීය. ඉහළ ගිය විදුලිබිල ගෙවාගත නොහැකිවීම හේ... |
"මාර්ග සේවක වෘත්තීය සමිති 27 ක් වැඩවරයි අධිවේගයත් ලෙඩවෙයි" | "මාර්ග සංවර්ධන අධිකාරියේ සේවකයන් මුහුණ පා සිටින ගැටලුවලට විසඳුම් ඉල්ලා සමස්ත ලංකා අධිවේගී මාර්ග සේවක සංගමය ඇතුළු ඊට සම්බන්ධ වෘත්තීය සමිති 27 ක් හෙට (22 දා) වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරතවීමට තීරණය කර ඇත. බඳවා ගැනීමේ පටිපාපටියට අනුව අභ්‍යන්තර උසස්වීම් වසර 12 ක් තිස්සේ නොලැබීම, මෙතෙක් ගෙවීම් සිදුකළ වෛi නිවාඩු සඳහා ගෙවීම් නත... |
"ශම්මි අයිසීසීයට බොරු ලියුම් ඇරලා ශ්‍රී ලංකාවේ ක්‍රිකට් තහනම් කර ගත්තා – මේ දූෂිතයන්ට නඩු පවරන්නැයි නීතිපතිගෙන් ඉල්ලනවා" | "වැරදි කරුණු ඉදිරිපත් කරමින් ශම්මි සිල්වා ශ්‍රී ලංකාවේ ක්‍රිකට් තහනම් කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයට යවන ලද ලිපි තුනක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ මහතා ඊයේ (20දා) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කළේය. “2023-11-11 ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පැවති මාධ්‍ය සාකච්ඡාවකදී මාධ්‍යවේදිය... |
"නව සෞඛ්‍ය ලේකම් වැඩ භාර ගනී…" | "සෞඛ්‍ය අමාත්‍යාංශයේ නව ලේකම් ලෙස විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා ඊයේ (20 දා) පෙරවරුවේ සුබ මොහොතින් වැඩ භාර ගත්තේය. ආගමික වතාවත්වලට මුල් තැන දෙමින් වැඩ භාරගත් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතාට පැමිණි සිටි නිලධාරීන් හා කාර්ය මණ්ඩලය සුබ පැතුම් එක් කළ අතර නව ලේකම්වරයා ඔවුන් සමග සුහද කතාබහක ද නිරත විය. විශේෂඥ වෛද්‍ය පාලිත ම... |
"CID ඉදිරිපිට පොල් ගැසූ ‘මගෙන් රටට’ සභාපති අත්අඩංගුවට" | "ව්‍යාජ ලේඛන ඉදිරිපත් කර ප්‍රමිතියෙන් තොර ඉමියුනෝග්ලොබියුලින් ප්‍රතිදේහ එන්නත් ආනයනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය ඇමැතිවරයා හා එම අමාත්‍යාංශයේ නිලධාරීන් අත්අඩංගුවට ගන්නා ලෙස බලකරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරිපිට පොල් ගසමින් විරෝධතාවක නිරත වූ ‘මගෙන් රටට’ සංවිධානයේ සභාපති සංජය මහවත්ත මහතා ඊයේ (20 දා)... |
"රටපුරා ප්‍රදේශ රැසකට අද සවසත් ගිගුරුම් වැසි" | "දිවයිනේ බොහෝ පළාත්වල තවදුරටත් පස්වරු 1.00 න් පසු තැනින් තැන ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විiා දෙපාර්තමේන්තුව පවසයි. මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ට වැඩි තරමක වැසි ඇතිවිය හැකි බව ද, උතුරු සහ නැඟෙනහිර පළාත්වලත් පුත්තලම දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලත් උදෑසන කාලයේදී වැසි ඇතිවිය හැකි බව ද කා... |
"පාර්ලිමේන්තු කාරක සභා රැස්වීම් බාහිර පුද්ගලයන්ට තහනම්" | "පාර්ලිමේන්තු කාරක සභා රැස්වීම් සඳහා බාහිර පුද්ගලයන් සහභාගි වීම සහ කාරක සභා සභාපතිවරුන් තමන්ගේ විෂය සීමාව ඉක්මවා කාරක සභාවල කටයුතු කිරීමේ ප්‍රවණතාවන් පිළිබඳව තමාට වාර්තා වී ඇතැයි කියමින් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විශේෂ නිවේදනයක් පාර්ලිමේන්තුවට ඊයේ (20දා) ඉදිරිපත් කළේය. පාර්ලිමේන්තුවේ දැනට ක්‍රියාත්මකව පවතින විව... |
"ආචාර්ය ගුණදාස අමරසේකර වියතාණන් සමාජය යහමඟට ගැනීමට සිය කෘතීන් ඉදිරිපත් කළා" | "ගුණදාස අමරසේකර සූරීන් සමාජය හරි මාර්ගයට ගැනීම සඳහා සිය සාහිත්‍ය කෘතීන් ඉදිරිපත් කළ අතර, පi රචනා ද උසස් මට්ටමක පැවැති අතර, සිය නිර්මාණ කෘතීන් නිසා පාසල් ශිෂ්‍ය පිරිස මෙන්ම විශ්වවිiාල සිසුන් ද එතුමා ගැන බොහෝ කරුණු දැනගෙන තිබුණු බවත්, සමහරු අමරසේකර සූරීන් ජීවමානව නොදැක්කත් එතුමන්ගේ සාහිත්‍ය කෘතීන් තුළින් ඔවුන් එතුමා හඳුන... |
"ලක්‍ෂ 600 ක කුෂ් මත්ද්‍රව්‍ය කන්ටේනරයකින් හමුවීම – භාණ්ඩ බෙදාහරින සමාගමේ හිමිකරුවකු ඇතුළු 3 ක් 22 දක්වා රඳවා ගන්න අවසර" | "කැනඩාවේ සිට ශ්‍රී ලාංකිකයකු වෙත එවන ලද රෙදිපිළි අඩංගු කන්ටේනරයක සඟවා රුපියල් ලක්‍ෂ 600 ක් පමණ වටිනා කුෂ් නමැති මත්ද්‍රව්‍ය කිලෝ හයක් එවීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කළ ආනයන භාණ්ඩ බෙදාහැරීමේ සමාගමක හිමිකරුවකු හා ඔහුගේ සේවකයකු ඇතුළු සැකකරුවන් තිදෙනකු ලබන 22 වැනිදා දක්වා රඳවා තබාගෙන විමර්ශන කිරීම... |
"ක්‍රිකට් තහනමක් ඉල්ලීම රට පාවාදීමක්" | "ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින්, ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම් කරන ලෙස ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන් ලිඛිතව ඉල්ලා ඇති බව, ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ මහතා ඊයේ අනාවරණය කළේය. 2023 නොවැම්බර් 7 වැනිදා ක්‍රිකට් ආයතනය ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය වෙත යවා ඇති ලිපියක මේ බව දැක්වෙන බව ද එය දේශද්‍රෝහි ලියවිල්ලක් බව ද ඇමැතිවරයා ... |
""බදු බරට, සම්පත් විකිණීමට එරෙහි ජාජබ විරෝධය"" | "මේ හොර, දුෂිත, විනාශකාරී පාලනයට තිත තබා රටම බේරා ගැනීමට ජාතික ජන බලවේගය සූදානම් බව එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පැවසීය. එසේම ආර්ථිකය කඩාවැටුණු, කොන්වෙච්ච මේ රට මුදා ගැනීමට සූදානම් බව ද හෙතෙම කීය. ජාතික ජන බලවේගය පෙරේදා (18 දා) නුගේගොඩ ආනන්ද සමරකෝන් එළිමහන් රංග පීඨයේ පැවැති දැවැන්ත රැළියේදී එ... |
"පාප් වහන්සේත් සාධාරණය ඉල්ලනවා…. පාස්කු ප්‍රහාරය ගැන ජාත්‍යන්තර පරීක්‍ෂණය කඩිනම් වේවි – කාදිනල්තුමා" | "පාස්කු ප්‍රහාරයෙන් අගතියට පත්වූ ජනතාවට සාධාරණය ඉටුවිය යුතුයි යන මතයේ අතිඋතුම් පාප්තුමන් ද සිටින බවත් ඒ අනුව ජාත්‍යන්තර පරීක්‍ෂණයක් පැවැත්වීම කඩිනමින් ඇරඹෙනු ඇති බවත් මැල්කම් රංජිත් කාදිනල්තුමන් ඊයේ (19 දා) සඳහන් කළේය. මෙම ප්‍රහාරයට යුක්තිය ඉටුනොවුණු නිසා ඡන්දදායකයන් ඉදිරි ඡන්දවලදී ඊට වගකිවයුතු හා ඊට පසුබිම හැදූ අයටත් ... |
"ලිපි තුනෙන් ක්‍රිකට් තහනම් වූ හැටි පැහැදිලියි – සජිත් හෙළි කරයි" | "ලෝක කුසලානයේ අවසන් තරගය පැවැත්වෙන අද (ඊයේ -19දා) මේ රටේ ක්‍රිකට්වලට ආදරය කරන ජනතාවට නව අනාවරණයක් සිදු කිරීමට තමා කටයුතු කරන බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ICC යට තවත් ලිපි 3ක් 2023 නොවැම්බර් 6, 7 හා 9 යවා ඇති බවත් මේ ලිපි පරිශීලනය කරන විට ලංකාවට ක්‍රිකට් තහනම් වූ ආකාරය අවබෝධ කර ගත හැකි බවත් විපක්ෂ නායක සජිත් ප්... |
"මාලේ නව ජනපතිට ශ්‍රී ලංකා ජනපතිගෙන් සුබ පැතුම්…" | "මාලදිවයින් ජන රජයේ නව ජනාධිපති ලෙස පත්වූ ආචාර්ය මොහොමඩ් මයිසු මහතා දිවුරුම් දීමේ මාලේ නුවර පැවති උළෙලට ගිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව මාලදිවයින් ජනාධිපතිවරායට සුබ පැතුම් පළ කළ අයුරු සහ එම උළෙලට එක්වූ ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනයේ පරිපාලක සමන්තා පවර් මහත්මිය හමුවූ අයුරු මෙහි දැක්වේ." |
"පොලිස්පති පුටුවේ අවුල දිගටම! වැ.බ. පොලිස්පතිගේ සේවා දිගුව දෙවන වරටත් ප්‍රතික්‍ෂේප කරයි" | "නිත්‍ය පොලිස්පතිවරයකු පත් කිරීමට රජය මේ වනතුරුත් කටයුතු නොකිරීම නිසා පොලිස් දෙපාර්තමේන්තුව තුළ දැවැන්ත අර්බුදයක් නිර්මාණය වී ඇති බව පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග පවසයි. පොලිස්පති තනතුර මේ වනවිට හෑල්ලුවී ඇති බව පවසන ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීහු, මෙම තත්ත්වය තවදුරටත් පැවතුනහොත් එය පොලිස් දෙපාර්තමේන්තුවේ කඩාවැටීමට හේතුවනු ඇති... |
"දරුණු ආර්ථික අර්බුදයක් මැද ජනතාවගේ ජීවන තත්ත්වය වැඩිදියුණු කිරීමට අයවැයක් ඉදිරිපත් කළා – ජනාධිපති රනිල් වික්‍රමසිංහ “ගෝලීය දකුණේ හඬ” රාජ්‍ය නායක සැසිය මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ අමතමින් කියයි" | "ඉතිහාසයේ දරුණුතම ආර්ථික අර්බුදය මධ්‍යයේ වූවද රටේ ජනතාවගේ ජීවන තත්ත්වය, සහ අවදානමට ලක්විය හැකි ජනතාවගේ ජීවන තත්ත්වය වැඩිදියුණු කිරීම කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින් ඉදිරි වසර සඳහා වන අයවැය රජය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටි... |
"බ්‍රිතාන්‍යයට වැඩිම වෛද්‍යවරුන් පැමිණි රටවල් 5 අතර ශ්‍රී ලංකාවත්" | "බ්‍රිතාන්‍ය සෞඛ්‍ය සේවයට එක්වූ වැඩිම විදෙස් වෛද්‍යවරුන් පැමිණි රටවල් 5 අතරට ශ්‍රී ලංකාවද එක්ව තිබේ. 2021 වසරේදී මෙරටින් වෛද්‍යවරුන් 400ක් බ්‍රිතාන්‍ය සෞඛ්‍ය සේවයට එක්වී ඇති අතර 2022 දී එය 500 ඉක්මවා තිබේ. බ්‍රිතාන්‍ය සෞඛ්‍ය සේවයට වැඩිම වෛද්‍යවරුන් එක්වූ රටවල් අනුපිළිවෙළ වන්නේ ඉන්දියාව, පාකිස්තානය, නයිජීරියාව හා ඊජිප්ත... |
"අසරණ ජනතාව ආර්ථික අර්බුදයෙන් මුදවා ගැනීමට ඉදිරිපත් කළ අයවැයක් – ඇමැති ප්‍රසන්න රණතුංග" | "වත්මන් ආර්ථික අර්බුදයෙන් පීඩා විඳි අසරණ ජනතාව එම පීඩනයෙන් මුදවා ගැනීමට ඉදිරිපත් කළ අයවැයක් ලෙස මෙවර අයවැය ලෙස මා දකින බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, නිවාස හා නාගරික සංවර්ධන ඇමැති ප්‍රසන්න රණතුංග මහතා පාර්ලිමේන්තුවේදී පෙරේදා (18දා) ප්‍රකාශයක් කරමින් පැවසීය. වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා විසින් සෙංකෝලය තැන්පත්... |
"සහල්-සීනි හිඟය තවදුරටත්" | "රට පුරා තවදුරටත් සීනි හා සහල් හිඟයක් පවතින බව පාරිභෝගිකයෝ පවසති. මේ හේතුවෙන් සීනි හා සහල් මිලදී ගැනීමට වෙළෙඳපොළට යෑමේදී දැඩි දුෂ්කරතාවයන්ට මුහුණ දෙන බව ද ඇතැම් වෙළෙඳුන් සහල් හා සීනි සඟවා තබාගෙන අධික මිල ගණන්වලට අලෙවි කරන බවට ද පාරිභෝගිකයෝ චෝදනා කරති. මේ සම්බන්ධයෙන් පාරිභෝගික අධිකාරිය නිසි ලෙස සොයා නොබැලීම පිළිබඳව ජනතා... |
"සා. පෙළ ප්‍රතිඵල මේ මස අග" | "සාමාන්‍ය පෙළ විභාගයේ (2022) ප්‍රතිඵල මේ මස අවසානයේ ලබාදීමට විභාග දෙපාර්තමේන්තුව කටයුතු කරමින් සිටී. උත්තර පත්‍ර පරීක්‍ෂා කිරීමේ කටයුතු අවසන් කර එහි නිරවද්‍යතාව නැවත අධ්‍යයනය කරමින් පවතින බවත් එය අවසන් වූ පසු මේ මස අවසානයේ ප්‍රතිඵල නිකුත්කිරීමට අදහස් කරන බවත් විභාග දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය. ප්‍රතිඵල නිකු... |
"පාර්ලිමේන්තු නිලධාරිනියකට ලිංගික අඩන්තේට්ටම් කර ඇත්තේ වත්මන් කෝප් සභාපති – හේෂා විතානගේ" | "පාර්ලිමේන්තු නිලධාරිනියකට ලිංගික අඩන්තේට්ටම් කර ඇත්තේ පොදු ව්‍යාපාර කාරක සභාවේ (කෝප්) වත්මන් සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා බව විපක්ෂ මන්ත්‍රී හේෂා විතානගේ මහතා පාර්ලිමේන්තුවේදී පෙරේදා (18දා) පැවසීය. හේෂා විතානගේ මන්ත්‍රීවරයා මීට පෙර දිනක කෝප් කමිටුවේ හිටපු සභාපතිවරයකු පාර්ලිමේන්තු නිලධාරිනියකට හිරිහැර කර ඇතැයි සඳ... |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.