Title
stringlengths
9
246
Content
stringlengths
3
62.9k
"ගිය අවුරුද්දේ මාළු පරිභෝජනය වැඩි වෙලා"
"ඉකුත් වර්ෂයේ දී (2023) මෙරට ඒක පුද්ගල මත්ස්‍ය පරිභෝජනය දිනකට ග්‍රෑම් 32.5ක් දක්වා වැඩිවී ඇති බව ධීවර අමාත්‍යාංශය පවසයි. ශ්‍රී ලාංකික ප්‍රජාවගේ පෝෂණ මට්ටම ඉහළ මට්ටමක පවත්වා ගනිමින් මන්දපෝෂණ තත්ත්වය දුරලීම සඳහා ප්‍රධානතම ප්‍රෝටීන් ප්‍රභවයක් ලෙස මත්ස්‍ය පරිභෝජනය සැලකිය හැකි බව ද ධීවර අමාත්‍යාංශය කියයි. මෙම වසරේ දී මත්ස්‍...
"පොදුරාජ්‍ය මණ්ඩලීය නායකත්ව වැඩමුළුව පාර්ලිමේන්තුවේදී"
"පොදුරාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමය සහ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව විසින් සංවිධානය කරනු ලබන පාර්ලිමේන්තු මහ ලේකම්වරුන් සහ නිලධාරීන් වෙනුවෙන් පැවැත්වෙන නායකත්වය සඳහා වන නේවාසික වැඩසටහනේ සමාරම්භක උත්සවය කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයේ පසුගිය 10 දා පාර්ලිමේන්තුවේදී පැවැත්විණි. ඉන්දියාව, පකිස්තානය, එක්සත් ...
"අධිකරණ තීන්දු ගණන් ගෙන නෑලු – පුනර්ජනනීය වැඩ ටෙන්ඩර් නැතිවම ඉන්දියාවට – වෘත්තීය සමිති චෝදනා කරයි"
"පුනර්ජනනීය ව්‍යාපෘති සඳහා ජාතික ප්‍රසම්පාදන ප්‍රතිපත්තියක් යටතේ ටෙන්ඩර් කැඳවිය යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබියදී විදුලිබල ඇමැතිවරයා ඉන්දීය සමාගම් සමග සෘජුව බිලියන ගණනාවක ව්‍යාපෘති සිදුකිරීමට කැබිනට් අනුමැතිය ලබාගෙන ඇතැයි විදුලිබල මණ්ඩලයේ වෘත්තීය සමිති චෝදනා කරයි. අදාළ ව්‍යාපෘති ඉන්දීය රජයෙන් මෙරටට ලැබුණු ව්‍ය...
"ඡන්ද තියන්න අපෙන් බාධාවක් නැහැ – IMF කියයි"
"ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය ඉදිරියට ගෙන යෑම වෙනුවෙන් ප්‍රමාණවත් ප්‍රගතියක් අත්පත් කර ගෙන ඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාව සඳහා ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් මහතා පැවසීය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සිව් අවුරුදු විස්තීර්ණ මූල්‍ය පහසුකම් වැඩසටහනට අදාළ දෙවැනි සමාලෝචනය පසුගියදා නි...
"වාහන ආනයන යෝජනා IMF වෙත"
"මෙරට වාහන ආනයන සීමා ලිහිල් කිරීම සම්බන්ධයෙන් වන සැලසුමක් ශ්‍රී ලංකා බලධාරීන් විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත ඉදිරිපත් කර ඇති බව මුදල් රාජ්‍ය ඇමැති ශෙහාන් සේමසිංහ මහතා පවසයි. ඒ අනුව වාහන ආනයන සීමා ලිහිල් කිරීම, වාහන කාණ්ඩ කිහිපයක් යටතේ මේ වසරේ (2024) තෙවන සහ සිව්වන කාර්තුවලදී සිදු කිරීමට යෝජිතය. 2024 වසරේ තුන්වන කා...
"කෝටි 100කට වඩා වටිනා හොරෙන් ගෙන්වූ සුපිරි රිය 5ක බදු අරගන්න – කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් රේගු අධ්‍යක්‍ෂ ජනරාල්ට නියෝග කරයි"
"ශ්‍රී ලංකා රේගුවේ නිෂ්කාශනය නොවී ව්‍යාජ ක්‍රම මගින් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කර භාවිත කරමින් සිටියදී අල්ලස් කොමිෂන් සභාව භාරයට ගෙන තිබූ රුපියල් කෝටි 100කට ආසන්න වටිනාකමක් සහිත අති සුඛෝපභෝගි ප්‍රාඩෝ වර්ගයේ ජිප් රථ පහක් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් ඊයේ (14 දා) කොළඹ ප්‍රධාන මහෙ...
"නව ආර්ථික පරිවර්තනය වෙනුවෙන් ශ්‍රී ලංකාව ඩිජිටල්කරණය සමග වේගයෙන් ඉදිරියට යායුතුයි – ජනාධිපති රනිල් වික්‍රමසිංහ"
"නව ආර්ථික පරිවර්තනය වෙනුවෙන් ශ්‍රී ලංකාවද ඩිජිටල්කරණය සමග වේගයෙන් ඉදිරියට යා යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ශ්‍රී ලාංකීය තරුණ ප්‍රජාව සඳහා වන පොදු ඉගෙනුම් අධ්‍යාපන වේදිකාව (Public Learn Education Platform) www.publiclearn.lk නිල වශයෙන් එළිදැක්වීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් (13 දා...
"අධ්‍යාපනය-සෞඛ්‍ය- ආගමික අයිතිය මානව අයිතිවාසිකම් පරිච්ඡේදයට එක්කරනවා – විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස"
"කයිවාරුවට පමණක් සීමා නොවී ජනතා වරමින් බිහි වන සමගි ජන බලවේග රජයක් තුළ අධ්‍යාපනය, සෞඛ්‍ය, ආර්ථික, සමාජීය, සංස්කෘතික, ආගමික අයිතිය ආදී අයිතීන් ද මානව අයිතිවාසිකම් පරිච්ඡේදයට ඇතුළත් කර ලක්ෂ 220 ජනතාවගේ අයිතිවාසිකම් සුරක්ෂා කරන යුගය බිහි කරනා බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ම...
"13 සම්පූර්ණයෙන් බලාත්මක කිරීමට අදාළව ජනපති හා විපක්‍ෂ නායක මතය අතර කිසිදු වෙනසක් නෑ – ජාතික සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු ආචාර්ය ගුණදාස අමරසේකර"
"13 වන සංශෝධනය සම්පූර්ණයෙන්ම බලාත්මක කිරීමට අදාළව විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස හා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මතය අතර කිසිදු වෙනසක් හෝ ගැටුමක් නොමැති බව පැහැදිලි යැයි ජාතික සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු ආචාර්ය ගුණදාස අමරසේකර පවසයි. මේ පිළිබඳ අමරසේකර මහතා නිකුත් කර ඇති නිවේදනයේ මෙසේද දැක්වේ. ඔබතුමා විසින් මීට පෙර පු...
"පොළොන්නරුවේ හිටපු පොහොට්ටු-ශ්‍රීලනිප මන්ත්‍රීලා පිරිසක් එජාපයට එක්වෙති"
"පොළොන්නරුව දිස්ත්‍රික්කය නියෝජනය කරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්, ප්‍රාදේශීය සභා අපේක්‍ෂකවරුන් ඇතුළු පනහකට අධික පිරිසක් ඊයේ (14 දා) සිරිකොත එක්සත් ජාතික පක්‍ෂ මූලස්ථානයේදී එක්සත් ජාතික පක්‍ෂයේ සාමාජිකත්වය ලබා ගත්හ. පිටකොට්ටේ පිහිටි සිරිකොත එක්සත් ජාතික පක්‍...
"යූ. ජී. සී ළඟ විරෝධතා…."
"සේවක වැටුප් වහා ලබාදෙන ලෙසටත්, විශ්වවිද්‍යාල අරමුදල් කප්පාදුව නවතන ලෙසටත් රජයට බලකරමින් විශ්වවිද්‍යාලීය වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව කොළඹ බෝධී පෙදෙසේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම් සභාව ඉදිරියේදී ඊයේ (14 දා) දහවල් උද්ඝෝෂණයක යෙදුනහ. ඡායාරූපය – ජූඩ් ඩෙන්සිල් පතිරාජ"
"යුද්ධයට මැදිවෙන්න තාරක රුසියාවට"
"රුසියාවේ යුද්ධයට සම්බන්ධ වී සිටින ශ්‍රී ලාංකිකයන් බේරාගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා විදේශ කටයුතු රාජ්‍ය ඇමැති තාරක බාලසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ කණ්ඩායමක් රුසියාව බලා යෑමට නියමිතය. මෙම කණ්ඩායමට පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර, ගාමිණි වලේබොඩ සහ ආරක්‍ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න යන ම...
"කොවිඩ් දැන් සාමාන්‍ය ලෙඩක් ලොකුවට මෙහෙ චෙක් කරන්නේ නෑ – සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්"
"නිව්මෝනියා උණ රෝගී තත්ත්වයෙන් අසාධ්‍යව රෝහල්ගත වන රෝගියකුට කොවිඩ් වැලඳී ඇත්ද? නැද්ද? යන්න සම්බන්ධයෙන් කොවිඩ් පරීක්ෂණ සිදුකරන මුත් කොවිඩ් රෝගීන් හඳුනාගන්නා කොවිඩ් පරීක්‍ෂණ පෙර පරිදි දැන් සිදුනොකරන බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා ‘දිවයින’ට ඊයේ (14දා) පැවසීය. කෙසේ වෙතත් කොවිඩ් රෝගීන් තවම...
"කෙහෙළිය ඇතුළු හත්දෙනා 28 තෙක් තවදුරටත් රිමාන්ඩ්"
"ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලොබියුලින් එන්නත ආනයනය කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු හත් දෙනා ජුනි 28 දක්වා තවදුරටත් බන්ධනාගාරගත කරන ලෙස මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය ඊයේ නියෝග කර තිබේ."
"අයිඑම්එෆ් තෙවැනි වාරිකය ලැබුණේ ජනපතිගේ මූල්‍ය විනය හා කැපවීම මතයි – එජාප ජාතික මහ ලේකම් රවී කරුණානායක"
"ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ලබාදෙන විස්තීර්ණ ණය පහසුකමේ තෙවැනි වැනි වාරිකය වන ඇමරිකානු ඩොලර් මිලියන 335 නිදහස් කිරීමට එම අරමුදල තීරණය කර ඇත්තේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මුල්‍ය විනය සහ කැප වීම මතය යැයි එක්සත් ජාතික පක්ෂයේ ජාතික මහා ලේකම් සහ හිටපු මුදල් ඇමැති රවී කරුණානායක මහතා විශේෂ ට්විටර් පණිවිඩයක් ...
"අයිඑම්එෆ් එක කියන සියලු දේ කරනවානම් ආණ්ඩුවට ආර්ථික උපදේශකයන් අවශ්‍ය නෑ – මුජිබර් රහුමාන් (සජබ)"
"ආණ්ඩුව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල කියන සියලු දේ සිදුකරනවානම් ආණ්ඩුවට ආර්ථික උපදේශකවරු අවශ්‍ය වන්නේ නැති බවත් ඔවුන්ට වැටුප් ගෙවමින් නඩත්තු කිරීමේ කිසිදු ප්‍රයෝජනයක් නැති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පැවැසීය. කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ (13 දා) පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් ...
"සූර්ය බල බැටරි හුවමාරු කිරීමේ නවමු සංකල්පය සම්මාන ලබයි"
"USAID අරමුදල් යොදා ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා බලශක්ති ව්‍යාපෘතිය (SLEP), ජාත්‍යන්තර සංවර්ධන වෘත්තිකයන් සඳහා වන ප්‍රමුඛතම එක්සත් ජනපද උත්සවය වන ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන සංගමයේ (SID) වාර්ෂික සම්මන්ත්‍රණයේදී ඉහළතම ගරු සම්මාන ලද බව එක්සත් ජනපද තානාපති කාර්යාලය නිවේදනය කර තිබේ. මෙම සම්මානය පිරිනමන ලද්දේ ශ්‍ර...
"සිරිනාල් ද මෙල්ගේ අවසන් කටයුතු අද"
"හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු මෙන්ම, එක්සත් ජාතික පක්ෂයට අනුබද්ධ ජාතික සේවක සංගමයේ ප්‍රධාන ලේකම් වූ කැස්බෑව ආසනයේ සජබ ප්‍රධාන සංවිධායක ගයාන් ද මෙල් මහතාගේ පියාණන් වූ සිරිනාල් ද මෙල් මහතා පෙරේදා (13දා) අභාවප්‍රාප්ත විය. මහජන ගෞරවය සඳහා දේහය පිළියන්දල කොළඹ පාරේ අංක 97 දරන නිවසේ තැන්පත් කර තිබේ. අවසන් කටයුතු අද (15දා)...
"සමාගම්වලට දුන්නට පසු පොලිය තබා මුදලවත් ලැබෙන එකක් නෑ; විදුලි පාරිභෝගිකයන්ට පොලිය ගෙවනු – ශ්‍රේෂ්ඨාධිකරණය සියලු පාර්ශ්වවලට කියයි"
"ලංකා විදුලිබල මණ්ඩලය විසින් විදුලි සැපයුම් ලබාදීමේදී විදුලි පාරිභෝගිකයන්ගෙන් ලබාගෙන ඇති තැන්පතු සඳහා ගෙවීමට එකඟ වී ඇති පොලී මුදල් ඔවුනට කඩිනමින් ගෙවා අවසන් කිරීමට සියලු පාර්ශ්ව වගබලා ගැනීම වඩා උචිත වන්නේ යැයි ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (13දා) පෙන්වා දුන්නේය. මෙම නඩුකරය මහජන උනන්දුවක් සහිත කටයුත්තක් වන බැවින් තම අධිකරණයට විශේ...
"අයි.එම්.එෆ්. ඩො.මි. 336ක් ලැබෙයි – ඒත් ශ්‍රී ලංකා ආර්ථිකය තවමත් අවදානමේ"
"ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට ලබාදෙන ණය මුදලේ තුන්වන ණය වාරිකය වශයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 336ක මුදලක් ශ්‍රී ලංකාවට හිමිවී ඇත. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින් මාස 48ක විස්තීරණ ණය පහසුකම් වැඩසටහන යටතේ දෙවන සමාලෝචනය කරමින් මෙම තුන්වන ණය වාරිකය ලබාදී ඇත. මේ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණ...
"තැපැල් වර්ජනය සාර්ථකයි"
"සේවක හිඟය ඇතුළු තම ඉල්ලීම් කිහිපයකට ලබන 24 වැනිදා වනවිට විසඳුම් නොලැබුණහොත් අඛණ්ඩ දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වන බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ සම කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා ඊයේ (13දා) පැවසීය. තැපැල් දෙපාර්තමේන්තුවේ සේවාවන් අඛණ්ඩව පවත්වාගෙන යෑම සඳහා විසි හය දහසක සේවක සංඛ්‍යාවක් සිටිය යුතු වුවත් මේ වනව...
"පිටසක්වළ ජීවීහු වෙස් වළාගෙන මිනිසුන් අතරම!"
"පිටසක්වල ජීවීන් මිනිසුන් ලෙස වෙස්වළා ගෙන අප අතර ජීවත් විය හැකි බව අමෙරිකානු හාවඩ් විශ්වවිද්‍යාලයේ අධ්‍යයනයක් මගින් හෙළි කර ඇත. හාවඩ් විශ්වවිද්‍යාලයේ මානව සශ්‍රීක වැඩසටහනේ පර්යේෂකයන් විසින් සකස් කරන ලද අධ්‍යයන වාර්තාවේ පැවසෙන්නේ පිටසක්වළ ජීවීන් භූගතව, සඳ මත හෝ මිනිසුන් අතර පවා ජීවත් විය හැකි බවයි. මීට පෙර, හිටපු එක්සත්...
"මහජන මුදලින් 89%ක්ම වෙන්කර තිබු අයවැය පොරොන්දුවල ප්‍රගතිය ගැන කිසිම තොරතුරක් නැහැ – වෙරිටේ රිසර්ච් ආයතනය"
"පසුගිය අයවැයෙන් (2023) බිලියන 43.8ක් වෙන් කළ ව්‍යාපෘතිවල ප්‍රගතිය ගැන තොරතුරු ලබා දීමට රජය අපොහොසත් වී ඇතැයි වෙරිටේ රිසර්ච් සමීක්‍ෂණ ආයතනය කියයි. 2023 අයවැය කතාවට ඇතුළත් කර තිබූ වටිනාකම වැඩිම වියදම් යෝජනා 25ට රුපියල් බිලියන 49.3ක මුදලක් ප්‍රතිපාදන වශයෙන් වෙන් කර තිබිණ. නමුත් එම මුදලින් රුපියල් බිලියන 43.8ක (එනම් 89%) ...
"ක්‍රෙඩිට් කාඩ් පොලිය අඩු කරන්න සාකච්ඡා – ආශු මාරසිංහ"
"ක්‍රෙඩිට් කාඩ්වල පොලිය අඩු කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුව සාකච්ඡා කරමින් සිටිනවා යැයි පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආශු මාරසිංහ මහතා ඊයෙ (13දා) පැවසීය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ තුන්වැනි වාරිකය ලෙස ඇමෙරිකන් ඩොලර් මිලියන 336ක් ලැබී තිබෙන බවත් ඒ මහතා සිරිකොත පක්ෂ මූලස්ථානයේ ඊයේ (13දා) පැවති මාධ්‍ය හමුවකට...
"දැනුමෙන් සන්නද්ධ තරුණ පරපුරක් බිහිකළ යුතුයි: ආර්ථික පරිවර්තන පනත ගෙනාවේ වැඩි වැටුප් ලැබෙන රස්සා හදන්නයි – ජනාධිපති රනිල් වික්‍රමසිංහ"
"අනාගත අභියෝගවලට මුහුණදිය හැකි දැනුමින් හා පුහුණුවෙන් සන්නද්ධ තරුණ පරපුරක් බිහි කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය. රටේ තරුණ තරුණියන්ට ඉහළ ආදායම් මාර්ගයක් ඇති කිරීමට අවශ්‍ය ආර්ථික වැඩපිළිවෙළ මේ වන විට ක්‍රියාත්මක කරමින් සිටින බව ද ජනාධිපතිවරයා පැවසීය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළ...
"ජනපති අයිඑම්එෆ් සමග එකඟ වූ කරුණු නීතිගත කිරීමට පනත් හැදීම ප්‍රජාතන්ත්‍ර විරෝධියි – ස.ජ.බ භාණ්ඩාගාරික ආචාර්ය හර්ෂ ද සිල්වා"
"ජනාධිපති ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග එකඟ වූ කරුණු නීතියක් බවට පත් කිරීමට පනත් ගෙන ඒම ප්‍රජාතන්ත්‍ර විරෝධී කරුණක් බව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවැසීය. විපක්ෂ නායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවට සහභාගි වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ස.ජ.බ භාණ්ඩාගාරික ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා මේ බව කී...
"කොච්චිකඩේ මංගල්‍යයට මහ සෙනඟක්"
"කොච්චිකඩේ ශුද්ධ වූ ශාන්ත අන්තෝනි මුනිඳුන්ගේ දෙව් මැදුරේ 190 වැනි මහා මංගල්‍යය ඊයේ (13දා) අති විශාල බැතිමතුන් පිරිසකගේ සහභාගිත්වයෙන් පැවැත්විණි. එහි අවස්ථා දෙකකි මේ. පිංතූර – නිශාන් එස්. ප්‍රියන්ත"
"ජනතා ද්‍රෝහී පාලනය පැරදවිය හැකි එකම සංධිස්ථානය ජනාධිපතිවරණයයි – විජිත හේරත් (ජාජබ)"
"ජනතා ද්‍රෝහී පාලනය පැරදවිය හැකි එකම සංධිස්ථානය ජනාධිපතිවරණය බව ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික, පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පවසයි. ඊයේ (14 දා) ජාතික ජන බලවේගයේ පුවත්පත් සාකච්ඡාව අමතමින් විජිත හේරත් මහතා මෙසේද කීය. අද මෙම මාධ්‍ය හමුවේදී රජය තවදුරටත් ණය ගනිමින් රට ණය අර්බුදයක ගිල්වා දැමීම පිළිබඳව අදහස් දැක...
"විශ්වවිද්‍යාල ප්‍රවේශයට අයැදුම්පත් අද සිට"
"විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අද (14දා) සිට අයදුම්පත් යොමු කිරීමට අවස්ථාව ලබාදී ඇතැයි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පවසයි. විශ්වවිද්‍යාලයට ප්‍රවේශවීම සඳහා ශිෂ්‍ය අත්පොත මේ වනවිට නිකුත් කර තිබෙන බවත් සිසුන්ට අයදුම් කිරීමට ජූලි මස 05 දක්වා සති තුනක කාලයක් ලබාදී ඇතැයි ද ඒ මහත...
"ඇපල් තවත් වාර්තාවක් තබයි"
"ලොව පළමු වරට ඩොලර් ට්‍රිලියනයක සන්නාම වටිනාකමකට හිමිකම් කීමට සමත් වූ සන්නාමය බවට ඇපල් පත්ව තිබේ. මෙලෙස 2024 වසරේ දී ලොව ඉහළම වටිනාකමට හිමිකම් කියනු ලබන ගෝලීය සන්නාමය බවට ඇපල් පත්ව ඇත්තේ අඛණ්ඩව තෙවන වරට වීම විශේෂත්වයකි. මෙම ලැයිස්තුවේ දෙවන ස්ථානයට ඩොලර් බිලියන 753ක වටිනාකමකට හිමිකම් කියන ගූගල් සන්නාමය සහ තෙවැනි ස්ථානයට...
"සිරිනාල් ද මැල් අභාවප්‍රාප්ත වෙයි"
"ප්‍රබල වෘත්තිය සමිති නායකයකු, දේශපාලනඥයකු වූ මෙන්ම එජාපයට අනුබද්ධ ජාතික සේවක සංගමයේ ලේකම්වරයකු ලෙස දීර්ඝ කාලීන සේවාවක් ඉටුකළ සිරිනාල් ද මැල් මහතා ඊයේ (13 දා) අභාවප්‍රාප්ත විය. 1977 මහා මැතිවරණයේ දී 5/6ක බලයක් හිමිකරගත් ජේ. ආර්. ජයවර්ධන මහතාට එම බලය ලබාගැනීම සඳහා මෙරට වෘත්තිය සමිති සාමාජිකයන් බලමුළු ගන්වමින් විශිෂ්ට සේ...
"දුම්රිය ස්ථානාධිපතිලා අද වෘත්තීය සටනකට!"
"සිය උසස්වීම් ලබාදීමේදී මතුව ඇති ගැටලු විසඳීමට බලධාරීන් මෙතෙක් කටයුතු කර නැති බැවින් අද (14දා) සවස 02ට ක්ෂණික වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වන බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ වෘත්තීය සමිතිය කියාසිටී. දුම්රිය දෙපාර්තමේන්තුවේ අනෙකුත් ශ්‍රේණීන්ගේ ගැටලුවලට පමණක් විසඳුම් ලබාදෙන දුම්රිය පාලකයන් සිය ඉල්ලුම්වලට අද දහවල් වනවිට ...
"සමීක්‍ෂණ ආයතනවල හෙලුව පෙනුණා – ඇමැති ෂෙහාන් සේමසිංහ"
"ඇතැම් පුද්ගලික සමීක්‍ෂණ ආයතන ප්‍රචාරය කරන වැරදි සහගත මතවාද බොරු කරමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකා ආර්ථිකයේ ප්‍රගතිය ඇගැයීමට ලක්කර ඇතැයි මුදල් රාජ්‍ය ඇමැති ෂෙහාන් සේමසිංහ මහතා ඊයේ (13දා) පැවැසීය. මූල්‍ය අරමුදලේ තුන්වන ණයවාරිකය ලැබීම ගැන අදහස් දක්වමින් ඇමැතිවරයා මේ බව කීවේය. මූල්‍ය අරමුදල කියූ සමාජ සුබසාධක වැඩප...
"සියලු මුදල් හුවමාරු මධ්‍යස්ථාන මහ බැංකුවේ ලියාපදිංචිය අනිවාර්ය කරති"
"සියලුම මුදල් හුවමාරු මධ්‍යස්ථානවලට මහ බැංකුවේ ලියාපදිංචි වීම සහ අධීක්‍ෂණය අනිවාර්ය කරමින් ශ්‍රී ලංකා බැංකුව ඊයේ නිවේදනයක් නිකුත් කළේය. 2024 ජුනි 03 වැනි දින සිට බලපැවැත්වෙන පරිදි මේ නියෝග බලපැවැත්වෙන බව මහ බැංකුව කියයි. මෙමගින් දැනට ලියාපදිංචි නොකළ හෝ බලපත්‍ර නොමැති මෙකී සේවා සපයන්නන් හට ඔවුන්ගේ මෙහෙයුම් කටයුතු විධිමත...
"ශ්‍රීලනිපය යළි එක්සත් වුණොත් රට දිනවන්න අසීරු නැහැ"
"එදා රාජපක්ෂවරු කඳවුරු බැන්ද දකුණේ අම්බලන්තොට ඉකුත්දා පැවති ජන රැලියට ගලා ආ ජන ගඟ ශ්‍රීලනිපයට මෙන්ම රටට ඇති ආදරය යළි තහවුරු කළ බවත් බෙදී වෙන්වී ඇති ශ්‍රීලනිපයේ සියලුදෙනා එක්ව කටයුතු කළහොත් මේ රටේ ප්‍රගතිශීලි ජනතාවාදී ආණ්ඩුවක් නැවත බිහි කරලීමට නිසැකවම හැකි වන්නේ යැයි පලස්තීනයේ හිටපු තානාපති ශ්‍රීලනිප මධ්‍යම කාරක සභික කො...
"ඇමරිකාවේ ජනාධිපති තාත්තා පුතාගේ වරද පිළිගනී"
"ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන්ගේ පුත් හන්ටර් බයිඩන් හෙරොයින් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ අයකු බව හෙළිදරව් නොකර නීති විරෝධී අයුරින් ගිනි අවියක හිමිකාරිත්වය ලබා ගැනීම ඇතුළු චෝදනා තුනකට වරදකරු කිරීමට ඇමරිකානු අධිකරණයක් විසින් පෙරේදා (11 දා) පියවර ගෙන තිබේ. බලයේ සිටින ඇමරිකානු ජනාධිපතිවරයකුගේ පුත්‍රයා එල්ල වී ඇති චෝදනාවලට වරදක...
"සාර්ක් මහ ලේකම් හා ජනපති අතර හමුවක්"
"ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ සාර්ක් මහලේකම් ගොලාම් සර්වාර් (Golam sarwar) මහතා අතර හමුවක් ඊයේ (12 දා) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදු විය. සාර්ක් රටවල් අතර ක්‍රියාත්මක වන විවිධ ව්‍යාපෘතිවලට අදාළව මතුව තිබෙන ගැටලු විසඳා ගැනීම පිළිබඳ මෙහිදී අවධානය යොමු වූ අතර ඒ සඳහා අපක්ෂපාතීව මැදිහත් වන ලෙස ජනාධිපතිවරයා සාර්ක්...
"පළාත් සභාවලට අපි එකඟයි – අනුර කුමාර"
"පළාත් සභා යනු බලය බෙදාහැරීමක් බවත් එබැවින් දැනට ක්‍රියාත්මක වන පළාත් සභාවලට තම පක්ෂයේ එකඟත්වය ඇති බව පවසන ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පළාත් සභාවලින් දැනට විසඳුම් ලැබී නොමැති ක්ෂේත්‍ර ගණනාවක වෙනස්කම් සිදුකළ යුතු බව ද කියයි. දෙමළ ජාතික සන්ධානයේ නියෝජිතයන් පිරිසක් සමග යාපනයේදී පැවැති සාකච්ඡාවකින් පසුව ...
"ඉදිරි ජනපතිවරණයේ දී තීරණය වන්නේ රටේ ජයග්‍රහණය හෝ පරාජයයි – ජනාධිපති රනිල් වික්‍රමසිංහ"
"ඉදිරි ජනාධිපතිවරණයේ දී තීරණය වන්නේ තම ජය, පැරදුම නොව රටේ ජයග්‍රහණය හෝ පරාජය බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය. රජයේ වැඩපිළිවෙළ සමග ඉදිරියට යා යුතු බවට ජනතාව සෑහීමකට පත්ව සිටී නම් එම ක්‍රමවේදය සමග ඉදිරියට යා හැකි බවත් එසේ නොමැති වුවහොත් නැවතත් කඩාවැටුණු ආර්ථිකයක් ඇති රටක ඖෂධ, පොහොර සපයා ගත නොහැකිව මෙන්ම ඉ...
"ගුරු විදුහල්පතිවරු ඊයේ විරෝධතාවයේ"
"ගුරු විදුහල්පති වැටුප් විෂමතා විසඳීම හා හිඟ වැටුප් ගැටලුව විසඳන ලෙස ඉල්ලා කැලණි කලාපයේ ගුරු විදුහල්පතිවරුන් කිරිබත්ගොඩ නගරයේදී ඊයේ පැවැත්වූ විරෝධතාවයේ අවස්ථාවකි. කැලණිය – මංගලා මදුරප්පෙරුම"
"පාස්කු ප්‍රහාර තොරතුරු ගැන පොලිසිය වැඩ කළ හැටි සොයන්න ජනපතිගෙන් කමිටුවක්"
"දෙදහස් දහනවයේ අප්‍රේල් 21 දා පාස්කු ඉරිදා සිදු වූ බෝම්බ ප්‍රහාර පිළිබඳ ලැබුණු පූර්ව තොරතුරු/බුද්ධි තොරතුරු සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි සේවය, ජාතික බුද්ධි ප්‍රධානී සහ අනෙකුත් බලධාරීන් ගත් ක්‍රියාමාර්ග පිළිබඳ විමර්ශනය කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් විශ්‍රාමික විනිසුරු ඒ. එන්. ජේ. ද අල්විස් මහත්මියගේ සභා...
"දළ දේශීය නිෂ්පාදිතයට උතුරෙන් ලැබෙන දායකත්වය වැඩි කිරීමට කටයුතු කරනවා – විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස"
"දළ දේශීය නිෂ්පාදිතයට උතුරෙන් ලැබෙන දායකත්වය වැඩි කිරීමට කටයුතු කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. බස්නාහිර පළාත දළ දේශීය නිෂ්පාදිතයට 43.4%ක දායකත්වයක් ලබා දෙන විට වයඹ පළාත 11.2%ක් සහ මධ්‍යම පළාත 10%ක දායකත්වයක් ලබා දෙන විට මන්නාරම, වව්නියා, මුලතිව්, කිලිනොච්චි සහ යාපනය යනාදී පරිපාලන දිස්ත්‍රික්ක 5ක් ඇති උ...
"වතු සේවක වැටුප් ඉහළ දැම්මයි ඇමැති මනුෂට ජාත්‍යන්තර කම්කරු සංවිධානයෙන් පැසසුම්"
"ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ වාර්ෂික ජාත්‍යන්තර කම්කරු සමුළුවට සහභාගි වෙමින් සිටින කම්කරු හා විදේශ රැකියා ඇමැති මනුෂ නානායක්කාර මහතා, ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් Gilbert F. Houngbo සමග විශේෂ සාකච්ඡාවක් පැවැත්වූ අතර වතු කම්කරු වැටුප රුපියල් 1700 දක්වා සියයට 70කින් ඉහළ දැමීම ඔහු අගය කළේය. වතු කම්කරු වැටුප...
"මෛත්‍රිට ඇති වාරණය ජූලි 30දාට දිගු වෙයි"
"ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති මහින්ද අමරවීර, භාණ්ඩාගාරික ලසන්ත අලගියවන්න හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක දුමින්ද දිසානායක යන මහත්වරුන් එම තනතුරුවලින් ඉවත් කිරීම වළක්වමින් තම අධිකරණය විසින් මෛත්‍රිපාල සිරිසේන මහතා ඇතුළු පිරිසකට නිකුත් කර ඇති වාරණය ජූලි 30 වැනිදා දක්වා තවදුරටත් දීර්ඝ කිරීමට කොළඹ...
"නලින් බණ්ඩාරගේ රියේ හැපුණු තරුණයා මියයයි"
"පාර්ලිමේන්තු මන්ත්‍රි නලින් බණ්ඩාර මහතාට අයත් බව කියන ජීප් රථයක ගැටී බරපතළ තුවාල ලබා අසාධ්‍ය තත්ත්වයෙන් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි තරුණයා පෙරේදා (11දා) ජීවිතක්ෂයට පත්වූ බව නිට්ටඹුව මූලස්ථාන පොලිසිය පවසයි. පසුගිය 3 වැනිදා නිට්ටඹුව, කෝන්ගස්දෙනිය හන්දිය ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් මෙලෙස මියගොස් තිබුණේ කළ...
"උත්තර පත්‍ර බලන ගුරු දීමනා වැඩි කරන්න කැබිනට් පත්‍රිකාවක්"
"අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර පරීක්ෂා කරන ගුරුවරුන් සඳහා ගෙවනු ලබන දීමනාව වැඩි කිරීමට අදාළ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහතා විසින් කැබ්නට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇත. ඒ සඳහා පත්කළ කමිටු වාර්තාව හෙට (14දා) ලැබීමට නියමිත අතර, එම වාර්තාව මීළඟ අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමටත්, ඒ ...
"විවාහ පොරොන්දු නඩුවෙන් රංජන් නිදොස්කොට නිදහස්"
"හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා විවාහ පොරොන්දුවක් මත රුපියල් ලක්ෂ දහයක් ලබා ගත් බව කියමින් ඔහුට එරෙහිව වසර 13 ක කාලයක් මහනුවර මහෙස්ත්‍රාත් අධිකරණයේ විභාග වූ නඩුවකින් ඒ මහතා නිදොස්කොට නිදහස් කිරීමට මහනුවර ප්‍රධාන මහෙස්ත්‍රාත් චාමර වික්‍රමනායක මහතා ඊයේ (12 දා) නියෝග කළේය. කටුගස්තොට ප්‍රදේශයේ පාසල් ගුරුවරි...
"ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර යාපනයේ දේශපාලන නියොජිතයන් හා ආගමික නායකයන් හමුවෙයි"
"ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා (11 දා) යාපනයේ සිදු කරන ලද සංචාරයේ දී තමිල් අරසු කච්චි පක්ෂ කාර්යාලයේදී පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන්, පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා මහතා ඇතුළු දේශපාලන නියෝජිතයින් හමුවී සාකච්ඡා කළේය. එසේම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ධර්මලිංගම් සිද්ධාර්ථන් මහතාද හමුවී...
"ටියුෂන් ගාස්තු ඉහළ යෑමෙන් දෙමාපියෝ කබලෙන් ළිපට"
"රුපියල ශක්තිමත් වීම මෙන්ම ඉන්ධන, විදුලිය, ගෑස් ඇතුළු බොහෝ භාණ්ඩ හා සේවා ගාස්තු පහළ ගිය ද අසීමිත ලෙස ඉහළ දැමූ පෞද්ගලික පංති ගාස්තු පහළ දැමීමට, අමතර පංති ගුරුවරුන් කටයුතු නොකිරීම නිසා අහිංසක දරුවන් මෙන්ම දෙමවුපියෝ ද දැඩි අසීරුතාවකට පත්ව සිටිති. මෙරට ආර්ථිකය කඩාවැටී භාණ්ඩ හා සේවා ගාස්තු අසීමිතව ඉහළ ගිය, පසුගිය වසර කීපයේද...
"විදුලි බිල වැඩි කිරීමට එරෙහි ජනකගෙ පෙත්සම 11 දා කැඳවයි"
"මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ නිසි අනුමැතියකින් තොරව ලංකා විදුලිබල මණ්ඩලය විසින් පසුගිය වසරේ දෙවන වරටත් විදුලි බිල ඉහළ දැමීමට ගත් තීරණය මගින් තමන් ඇතුළු රටේ ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට නිගමනය කරන ලෙස ඉල්ලා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ හිටපු සභාපති ජනක රත්නායක මහතා විසින් ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම්...
"බුද්ධිගලනය අවම කරන්න ප්‍රතිපත්ති සම්පාදකයන්ට යෝජනා ගෙන ඒමට ආදි ආනන්දීයයන් සූදානම් – මහාචාර්ය අතුල කලුආරච්චි"
"බුද්ධිගලනය අවම කිරීමට සහ තරුණයන් රට හැරයෑම අවම කිරීමට අවශ්‍ය වටපිටාව රට තුළ නිර්මාණය කර දෙන ලෙස ප්‍රතිපත්ති සම්පාදකයන්ට දැනුම් දීමට කණ්ඩායමක් ලෙස ආදි ආනන්දීයයන් පෙරමුණ ගැනීමට සූදානම් බව, කොළඹ ආනන්ද විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමයේ විධායක සභාපති මහාචාර්ය අතුල කලුආරච්චි මහතා කීය. “ආනන්ද පාගමන 2024” ගැන දැනුවත් කිරීමට පැවැත...
"අන්තර්ජාතික තෙත්බිම් උද්‍යාන එකමුතුවේ පළමු සමුළුව ජුනි 17 සිට 21 දක්වා"
"අන්තර්ජාතික තෙත්බිම් උද්‍යාන එකමුතුවේ ඕස්ටේ්‍රලියානු, නවසීලන්ත හා ආසියානු පළමු සමුළුව ජුනි 17 සිට 21 දක්වා බත්තරමුල්ල දියසරු උද්‍යානය ආශ්‍රිතව පැවැත්වේ. නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය යටතේ ඇති ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව මෙය සංවිධානය කරයි. ලොව පුරා තෙත්බිම් උද්‍යාන 70කටවැඩි සංඛ්‍යාවක රටවල් 15ක නියෝජිතයෝ 100කට ආස...
"මාළු මිලේ රහස එළියට"
"මේ දිනවල පවතින අධික කුණාටුව නිසා ධීවරයන්ගේ මුහුදු යෑම අවම වීමෙන් මාළු මිල අධික ලෙස ඉහළ ගොස් ඇති බව පෑලියගොඩ මාළු වෙළෙඳ මධ්‍යස්ථානයේ සභාපති ජයසිරි වික්‍රමාරච්චි මහතා ‘දිවයින’ට පැවසීය. ඒ අනුව තොග වශයෙන් සාලයා රුපියල් 350, ලින්නා රු. 700, තෝරා 4500, කෙළවල්ලා 2000, අලගොඩුවා 700 වශයෙන් ඊයේ දිනයේ අලෙවි වූ බව ඒ මහතා සඳහන් කළ...
"හොර ලී ලොරිය මුදාගන්න පොලිසියට පාට් දැමූ වැලිගම හිටපු සභාපති රිමාන්ඩ්"
"වැලිගම ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති පුෂ්පකුමාර දයාබැට්ටගේ නමැත්තා ලබන 20 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මාතර ප්‍රධාන මහෙස්ත්‍රාත් අරුණ ඉන්ද්‍රජිත් බුද්ධදාස මහතා ඊයේ (11) නියෝග කළේය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කළ සැකකාර හිටපු සභාපතිවරයා ඊයේ උදෑසන කාර් රථයකින් ගමන් කරමින් සිටියදී කොටවිල පොලිසිය විසින් අත්...
"මේ දිනවල කුකුළු මස් කන්න එපා"
"මේ දිනවල වෙළෙඳපොළෙන් කුකුළු මස් මිලදී ගැනීමේදී වැඩි අවධානයක් යොමු කරන ලෙස පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ජනතාව ගෙන් ඉල්ලා සිටියි. අධික වර්ෂාවත් සමග ජල ගැලීම තත්ත්වය හමුවේ ගංවතුරට හසුවී මිය ගිය කුකුළන් වෙළෙඳපොළ තුළ විකිණීම් කරන බවට තොරතුරු ලැබී ඇතැයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ වැටලීම් සහ විමර්ශන අංශයේ අධ්‍යක්ෂ...
"මේ දිනවල කුකුළු මස් කන්න එපා"
"මේ දිනවල වෙළෙඳපොළෙන් කුකුළු මස් මිලදී ගැනීමේදී වැඩි අවධානයක් යොමු කරන ලෙස පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ජනතාව ගෙන් ඉල්ලා සිටියි. අධික වර්ෂාවත් සමග ජල ගැලීම තත්ත්වය හමුවේ ගංවතුරට හසුවී මිය ගිය කුකුළන් වෙළෙඳපොළ තුළ විකිණීම් කරන බවට තොරතුරු ලැබී ඇතැයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ වැටලීම් සහ විමර්ශන අංශයේ අධ්‍යක්ෂ...
"රටට ආදායම් අහිමි කරමින් – ඔන්ලයින් කැසිනෝ එළිපිටම"
"ඔන්ලයින් කැසිනෝ පවත්වාගෙන යෑමට නීතිමය තත්ත්වයක් නොපවතින විටෙක ඒ පිළිබඳ නොතකා රටට ලැබිය යුතු ආදායම අහිමි කරමින් ඔන්ලයින් කැසිනෝ විවෘතව ක්‍රියාත්මක වන බවට රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී අනාවරණය විය. මේ සම්බන්ධයෙන් කඩිනමින් අවධානය යොමු කරන ලෙස ඉල්ලා මුදල් අමාත්‍යවරයා වෙත ලිපියක් යොමු කිරීමට තමන් කටයුතු කරන බව පසුගිය 06 ද...
"රජයේ වැටුප් විෂමතා විසඳන්න ජනාධිපතිගෙන් කමිටුවක්"
"රාජ්‍ය සේවයේ වැටුප් විෂමතාවන් විසඳීමට කටයුතු කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඊයේ විශේෂඥ කමිටුවක් පත්කර තිබේ. හිටපු ජනාධිපති ලේකම්වරයකු වූ උදය සෙනෙවිරත්න සභාපති ධුරය දරන එම කමිටුවට තවත් සිව්දෙනකු ඇතුළත්වේ."
"සජිත් යාපනයේදී ටීඑන්ඒ නියෝජිතයන් හමු වෙයි"
"දෙමළ ජාතික සන්ධානයේ නියෝජිත පිරිසකගේ විශේෂ ආරාධනයක් මත විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ දෙමළ ජාතික සන්ධානයේ නියෝජිතයන් අතර සුවිශේෂී හමුවක් ඊයේ (11දා) යාපනයේ පිහිටි ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂ කාර්යාලයේදී සිදුවිය. ඒ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් යාපනය සහ කිළිනොච්චි දිස්ත්‍රික්කවල පාසල් කිහිපයකට සක්වල සුහ...
"දිවයින පුවත ගැන ඇස – වල්ලපට්ට මහ මගඩිය ගැන මහ බැංකුවෙන් විමර්ශන"
"‘පිරමීඩ ක්‍රමයට සල්ලි ගරන වල්ලපට්ට මගඩියක්’ මැයෙන් ඊයේ (11දා) ‘දිවයින’ මුල් පිටුවේ පුවතින් හෙළි කළ ජාවාරම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ අවධානය යොමුව ඇති අතර, අදාළ ආයතනය ගැන ඊයේම මහ බැංකුව විසින් විමර්ශන ආරම්භ කර ඇත. මේ අනුව අනවසර තැන්පතු භාර ගැනීම සහ පිරමීඩ යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කිරීම යන කාරණා දෙක සම්බන්ධයෙන්...
"තරුණ තරුණියන්ගේ සිහින යථාර්ථයක් කරගත හැකි ආර්ථිකයක් ගොඩනඟනවා"
"තරුණ තරුණියන්ගේ සිහින යථාර්ථයක් කර ගත හැකි ආර්ථිකයක් ගොඩනඟනබව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවසීය. තංගල්ලේ පැවැති ජාතික ජන බලවේගයේ හම්බන්තොට දිස්ත්‍රික් තරුණ රැලිය අමතමින් වැඩි දුරටත් කතා කළ ඒ මහතා මෙසේද කීය. ඉතිහාසයට ආපසු ගියොත්, ඡන්දවලින් ආණ්ඩු මාරුවී තිබෙනවා. ඡන්දවලින් ආණ්ඩු මාරු වුණාට රටේ ජනතාවගේ...
"පෞද්ගලික අංශයේවත් රැකියා නොලැබෙන රැකියා විරහිත උපාධිධාරීන් 50000ක් රටේ ඉන්නවා"
"තමා යාපනයේ සංචාරය කරන අතරතුර රැකියා නොමැතිව යාපනය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණයක නිරත තරුණයන් පිරිසක් හමුවූ බවත් ඔවුන් සමග සාකච්ඡා කිරීමේ දී උතුරු පළාතේ පමණක් රැකියා විරහිත උපාධිධාරීන් 4000ක් පමණ සිටින බව දැන ගැනීමට ලැබුණු බවත් මේ වන විට රටේම 50000ක් පමණ උපාධිධාරීන්ට රැකියා නොමැති බවත් ආර්ථික අර්බුදය හමු...
"ශ්‍රී ල.නි.ප. තනතුරු වළක්වමින් විජයදාසට පැවරූ වාරණය දික් කරයි"
"විජයදාස රාජපක්‍ෂ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ වැඩබලන සභාපතිවරයා ලෙස කටයුතු කිරීම හා ඔහු එම පක්‍ෂයේ සාමාජිකයකු ලෙස කටයුතු කිරීම වළකාලමින් තම අධිකරණය විසින් නිකුත් කර තිබූ වාරණ නියෝගය ලබන 25 වැනිදා දක්වා දීර්ඝ කිරීමට කොළඹ අතිරේක දිසා විනිසුරු චන්දිම එදිරිමාන්න මහතා ඊයේ (11දා) නියෝග කළේය. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ නිමල...
"රුසියානු හමුදාවට මින් ඉදිරියට ශ්‍රී ලාංකිකයන් නෑ"
"රුසියාවේ හමුදා සේවයට ශ්‍රී ලාංකිකයන් බඳවා ගැනීම මින් ඉදිරියට සිදු නොකරන බවට රුසියානු විදේශ ඇමැති සෙර්ගෙයි ලැච්රොඩ් මහතා මෙරට විදේශ ඇමැති අලි සබ්රි මහතාට පොරොන්දු වී ඇත. බි්‍රක්ස් විදෙස් අමාත්‍ය සැසිවාරයට සහභාගි වීමට රුසියාවට ගොස් සිටින මෙරට විදේශ ඇමැතිවරයා සමග පෙරේදා (10දා) ද්වීපාර්ශ්වික සාකච්ඡාවට එක්වෙමින් රුසියානු ව...
"ශ්‍රී ල.නි.ප. තනතුරු වළක්වමින් විජයදාසට පැවරූ වාරණය දික් කරයි"
"විජයදාස රාජපක්‍ෂ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ වැඩබලන සභාපතිවරයා ලෙස කටයුතු කිරීම හා ඔහු එම පක්‍ෂයේ සාමාජිකයකු ලෙස කටයුතු කිරීම වළකාලමින් තම අධිකරණය විසින් නිකුත් කර තිබූ වාරණ නියෝගය ලබන 25 වැනිදා දක්වා දීර්ඝ කිරීමට කොළඹ අතිරේක දිසා විනිසුරු චන්දිම එදිරිමාන්න මහතා ඊයේ (11දා) නියෝග කළේය. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ නිමල...
"ජාජබ රජයකින් මන්ත්‍රි විශ්‍රාම වැටුප අහෝසි කරනවා"
"පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කිරීමට සිය රජයක් යටතේ පියවර ගන්නා බව ජාතික ජන බලවේගයේ විධායක සභික සුනිල් හඳුන්නෙත්ති මහතා පැවසීය. සිය රජයක ප්‍රථම පියවර ලෙස ආදර්ශ සපයමින් නාස්තිය, දූෂණය වැළැක්වීමට පියවර ගන්නා බවත්, ජනතාවගෙන් සොරකම් කළ ධනය නැවත අත්පත් කර ගැනීමට මුදල් විශුද්ධිකරණ පනත, අල්ලස් හෝ දූෂණ පනත...
"පිටිපන ලෙල්ලමේ දේපළ භාරකරුට බාධා කරනු එපා"
"මීගමුව පිටිපන ලෙල්ලම කළමනාකරණය කිරීම සඳහා, මීගමුව දිසා අධිකරණයේ නියෝගය පරිදි පත් කළ දේපළ භාරකරුගේ රාජකාරි කටයුතු අත්හිටුවන ලෙසට මීගමුව පිටිපන මීසමේ එක්සත් ධීවර සමිතියේ සභාපතිවරයා ඇතුළු පිරිසක් කළ ඉල්ලීමක් මීගමුව සිවිල් අභියාචන මහාධිකරණය ඊයේ (11දා) ප්‍රතික්ෂේප කළේය. කොළඹ අගරදගුරුතුමන් වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ ජනාධිප...
"තල්දූවේ ත්‍රිත්ව ඝාතනයට සම්බන්ධ තවත් 2ක් අල්ලයි"
"පාතාල කල්ලි නායක මන්නා රමේෂ්ගේ නියෝග මත අවිස්සාවේල්ල තල්දූවේදී පුද්ගලයන් තිදෙනකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ තවත් ප්‍රධාන පෙළේ සැකකරුවන් දෙදෙනකු නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය මගින් පෙරේදා (10දා) අත්අඩංගුවට ගෙන ඇත. ඩුබායි රාජ්‍යයේදී අත්අඩංගුවට ගත් මන්නා රමේෂ්, මේ වනවිට නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය...
"පාස්කු ප්‍රහාරය වැනි සිද්ධියක් මිහින්තලා පුදබිමේ සිදුවුණොත් ඊට වගකිවයුත්තන් මෝරුන්ට දැමිය යුතුයි"
"පාස්කු ප්‍රහාරය වැනි යම් සිද්ධියක් පොසොන් උත්සවය ඉලක්ක කර ගනිමින් ඓතිහාසික මිහින්තලා පුදබිම තුළ දී සිදු වුව හොත් ඊට වගකිවයුත්තන් එල්ලා මැරීම නොව මෝරුන්ට කෑමට දැමියයුතු බව ඓතිහාසික මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන හිමිපාණෝ පැවසූහ. උන්වහන්සේ මේ බව පැවසූවේ පෙරේදා (10දා)ඌව සහ මධ්‍යම පළාත් හිටපු ආණ...
"පිරමීඩ ක්‍රමයට සල්ලි ගරන වල්ලපට්ට මගඩියක්"
"කුරුණෑගල ලිපිනයක සිට ක්‍රියාත්මක වන එක්තරා වගා ආයෝජන සමාගමක් විසින් පොරොන්දු වූ ප්‍රතිලාභ තමන්ට ලබා නොදී මුදල් වංචා කොට ඇති බවට, එහි ආයෝජකයන් පිරිසක් විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සහ පොලිස්පතිවරයාට පැමිණිලි කර ඇත. මෙහි ආයෝජකයන් පිරිසක් පවසන්නේ, එම ආයතනය මගින් පුද්ගලයන් 15000කගෙන් පමණ රු. කෝටි 150ක පමණ මුදලක් වල...
"හොර රූපලාවන්‍ය මාරයාට අත වනයි – GMOA කියයි"
"නීති විරෝධී හානිකර රූපලාවන්‍ය ප්‍රතිකාර සහ ආලේපන, කිසිදු නියාමනයකින් තොරව සමාජගත වීම හේතුවෙන් දැඩි මහජන සෞඛ්‍ය ගැටලු මතුව ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඊයේ (10දා) අනාවරණය කළේය. රට තුළ භාවිත වන රූපලාවන්‍ය ආලේපනවල රසායනික සංයුතිය සහ ප්‍රගතිය පරීක්ෂා කිරීම සඳහා අවශ්‍ය රසායනාගාර පහසුකම්, ජාතික ඖෂධ නියාමන අධිකාරිය සත...
"ජනපති රනිල්ගේ ඇරයුමෙන් මෝදි අගෝස්තුවේ ශ්‍රී ලංකාවට"
"ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ලබන අගෝස්තුවේ සිදු කෙරෙනු ඇතැයි පැවසෙන ශ්‍රී ලංකා සංචාරය සම්බන්ධයෙන් ඉන්දීය ජ්‍යෙෂ්ඨ අමාත්‍ය එස්. කේ. ජයශංකර් මහතා ඉන්දියාවේ නවදිල්ලි නුවරදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී සාකච්ඡා කළේය. දිවුරුම් දීමේ උත්සවයෙන් පසු ජනපති රනිල් වික්‍රමසිංහ සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර ම...
"සංවර්ධන නිලධාරීහු ඊයේ කොටුවේ විරෝධතාවක"
"රටපුරා පාසල්වල සේවය කළ සංවර්ධන නිලධාරීන් ගුරු සේවයට අන්තර්ග්‍රහණය කරන ලෙස බල කරමින් සංවර්ධන නිලධාරීන්ගේ සංගමය ඊයේ (10දා) කොටුව දුම්රියපළ ඉදිරිපිට උද්ඝෝෂණයක් පවත්වා උපවාසයක් ආරම්භ කළ අයුරු. ඡායාරූපය – කොළඹ මධ්‍යම – ප්‍රදීප් ජයසේකර"
"අපේ පාලනයක් යටතේ අසාධාරණයට ලක්වූ සියලු නිලධාරීන්ට යුක්තිය ඉටු කරනවා"
"මීට ප්‍රථම අපි ඔබ ලිප්ටන් වටරවුමේදී, කොටුව ස්ටේෂන් එක ඉදිරියේදී හමුවෙන්න ඇති. එදා අපි අත සටන් පාඨ පුවරුවක්. ඔබ අත සමහර විට බැටන් පොලු, කඳුළු ගෑස් තිබෙන්න ඇති. ඒ ඔබගේ රාජකාරිය. අද අපි මේ එකතු වී සිටින්නේ ඒ රාජකාරිය ඉක්මවා යන ලද යුතුකමක් වෙනුවෙනුයි; අපි ඉදිරියේ තිබෙන මේ රට වෙනස් කළ යුතුයි කියන අධිෂ්ඨානයෙන් යුතුවයි. ඔබගේ...
"කලාප කාර්යාල 101ක් ඉදිරිපිට ගුරු – විදුහල්පතිවරු හෙට විරෝධතාවේ"
"ගුරු – විදුහල්පතිවරුන්ගේ වැටුප් විෂමතාවට අදාළ 3/2 ලබාදීම, දෙමාපියන්ට අධ්‍යාපනික බරපැටවීම, විදුහල්පති සේවයට අදාළ ඇමති අනුකමිටු නිර්දේශ ක්‍රියාත්මක කිරීම ඇතුළු ගැටලුවලට මෙතෙක් විසඳුම් ලබා නොදීම නිසා හෙට (12දා) පස්වරු 2.00ට අධ්‍යාපන කලාප කාර්යාල 101ක් ඉදිරිපිට විරෝධතාවක් පවත්වන බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝෂප් ස්ට...
"ගණේමුල්ලේ සංජීව බූස්සට යැවීමට නියෝග"
"දැනට වීරඟුල පොලිසියේ රඳවා සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ගණේමුල්ලේ සංජිව මෙම මස 24දා තෙක් බූස්ස බන්ධනාගාරයේ රඳවා තබන ලෙස ගම්පහ මහෙස්ත්‍රාත් ශීලනි පෙරේරා මහත්මිය ඊයේ (10දා) නියෝග කළාය. ව්‍යාජ විදේශ ගමන් බලපත්‍රයක් උපයෝගි කරගෙන නේපාලයේ කත්මන්දු නුවර සිට මෙරටට පැමිණීමේදී ඉ...
"ආගමික සහජීවනයට හානි කළැයි ජෙරොම්ට එරෙහිව නඩු දැමූ පෙත්සම්කාර පාර්ශ්වයෙන් 3ක් ඉවත් වෙති"
"රටේ පවතින ජාතික හා ආගමික සහජීවනයට හානියක් වන ආකාරයෙන් හා බෞද්ධ ධර්මය ඇතුළු සෙසු ආගම්වලට නින්දා වන ආකාරයෙන් දේශන පවත්වා ඇති ජෙරොම් ප්‍රනාන්දු නමැති දේවගැතිවරයාට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණිලි කළ නිශාන් කුරේ පියතුමා, ආචාර්ය සිවසයි රාමචන්ද්‍ර කුරුක්කල්තුමා හා හජ්ජියාර් සියාද් හෂාන් මවුලවි තුමා ඔවුන්ගේ පැමිණිලි ඉල්ලා අස...
"බාල අක්ෂි දියරය ගැන දැනගන්නා විට ඖෂධ කුප්පි 21510ක් රෝගීන්ට දීලා – විගණකාධිපති කියයි"
"අක්ෂි රෝගීන් සඳහා සිදු කෙරෙන ශල්‍යකර්මයෙන් පසු භාවිත කරන ‘ප්‍රෙඩ්නිසිලෝන්’ ඇස් දියරය තත්ත්වයෙන් බාල බව සොයා ගන්නා විටදී ඉන් කුප්පි 21510ක් රෝගීන්ට ලබාදී ඇති බව විගණකාධිපතිවරයා සඳහන් කරයි. මෙම අක්ෂි දියරය භාවිත කිරීමෙන් ජාතික අක්ෂි රෝහලේ රෝගීන් දෙදෙනකු පූර්ණ අන්ධභාවයට ද නුවරඑළිය මහ රෝහලේ රෝගීන් පහළොස් දෙනකු පමණ අසාත්මි...
"කයිවාරු නායකයන්ගේ සීනි බෝල දේශපාලනයට රැවටෙන්න එපා"
"උතුරු නැඟෙනහිර පළාත්වල ජනතාවත් විවිධ කයිවාරු නායකයන්ගේ සීනි බෝල දේශපාලනයට යටත් වී ඡන්ද කාලෙට ඔවුන් ලබාදෙන සිහින ලෝකවල අතරමං වන බවත් මේ සීනි බෝල ලොසිංජර දේශපාලනයට රැවටුණු කාලය අවසන් වියයුතු බවත් මෙම ප්‍රදේශයේ ජනතාවගේ දේශපාලන හා සිවිල් අයිතිය පමණක් නොව, ආර්ථික, සමාජීය, සංස්කෘතික, අධ්‍යාපනික, සෞඛ්‍ය, ජීවත් වීමේ, හොඳ ආදාය...
"ගණේමුල්ලේ සංජීව බූස්සට යැවීමට නියෝග"
"දැනට වීරඟුල පොලිසියේ රඳවා සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ගණේමුල්ලේ සංජිව මෙම මස 24දා තෙක් බූස්ස බන්ධනාගාරයේ රඳවා තබන ලෙස ගම්පහ මහෙස්ත්‍රාත් ශීලනි පෙරේරා මහත්මිය ඊයේ (10දා) නියෝග කළාය. ව්‍යාජ විදේශ ගමන් බලපත්‍රයක් උපයෝගි කරගෙන නේපාලයේ කත්මන්දු නුවර සිට මෙරටට පැමිණීමේදී ඉ...
"ආගමික සහජීවනයට හානි කළැයි ජෙරොම්ට එරෙහිව නඩු දැමූ පෙත්සම්කාර පාර්ශ්වයෙන් 3ක් ඉවත් වෙති"
"රටේ පවතින ජාතික හා ආගමික සහජීවනයට හානියක් වන ආකාරයෙන් හා බෞද්ධ ධර්මය ඇතුළු සෙසු ආගම්වලට නින්දා වන ආකාරයෙන් දේශන පවත්වා ඇති ජෙරොම් ප්‍රනාන්දු නමැති දේවගැතිවරයාට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණිලි කළ නිශාන් කුරේ පියතුමා, ආචාර්ය සිවසයි රාමචන්ද්‍ර කුරුක්කල්තුමා හා හජ්ජියාර් සියාද් හෂාන් මවුලවි තුමා ඔවුන්ගේ පැමිණිලි ඉල්ලා අස...
"දස්කම් පෙන්වූ පොලිසියේ 207කට දෙකෝටි තිස්පන්ලක්ෂයක් හෙට බෙදාදෙයි"
"විශේෂ දක්ෂතා දැක්වූ පොලිස් නිලධාරීන් 207 දෙනකුට මුදල් තිළිණ පිරිනැමීමේ උත්සවයක් හෙට (12දා) මහජන ආරක්ෂක අමාත්‍යාංශ පරිශ්‍රයේදී පැවැත්වෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව මහතා ‘දිවයින’ට පැවසීය. මෙම පිරිස අතර කාන්තා නිලධාරිනියන්ද සිටින බව කී නිහාල් තල්දූව මහතා මේ වෙනුවෙන් රුපියල් දෙකෝටි තිස්පන්ලක්ෂයක් වෙන්කර ඇතැයි...
"සියලු ආරක්‍ෂක ප්‍රධානීන්ගේ සේවය දෙසැම්බර් අග තෙක් දීර්ඝ කරයි"
"සියලු ආරක්ෂක අංශ ප්‍රධානීන්ගේ සේවා කාලය ලබන දෙසැම්බර් අග දක්වා දීර්ඝ කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර තිබේ. ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාට ද සේවා දිගුවක් ලැබී ඇත්තේ ජනාධිපතිවරයා ගත් මෙම තීරණය පදනම් කරගෙනය. දෙසැම්බර් මාසයට පෙර සේවා කාලය අවසන් වීමට නියමිතව ඇති ත්‍රිවිධ හමුදාපතිවරුන් සහ...
"දුම්රිය වර්ජනය ඉවරයි"
"සිය ගැටලුවලට විසඳුම් ඉල්ලා දින 4ක් තිස්සේ පවත්වාගෙන ගිය දුම්රිය වැඩ වර්ජනය ඊයේ (10දා) පස්වරු 2.00ට පමණ නවතා දැමූ බව ලොකොමෝටිව් ඔපරේටින් ඉංජිනේරු සංගමයේ ලේකම් එච්.ආර්.සී.එම්. සේනානායක මහතා “දිවයින”ට පැවසීය. ප්‍රවාහන අමාත්‍යාශයේදී ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන, ප්‍රවාහන අමාත්‍යාංශ ලේකම් ඇතුළු දුම්රිය බලධාරීන් හා වෘත්...
"එජාපයේ බලගතුම සන්ධානය තව සති දෙකකින් අරඹනවා"
"එජාපය එක්වන බලගතුම සන්ධානය තව සති දෙකකින් අරඹන බව එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලේකම් ධුරයට පත්වූ හිටපු ඇමති රවි කරුණානායක පවසයි. එමෙන්ම නිර්පාක්ෂික, ජාතික සහ පොදු අපේක්ෂකයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරණයේදී ඡන්ද ලක්ෂ 95ක් පමණ හිමි කරගන්නේ යැයිද එක්සත් ජාතික පක්ෂ ජාතික ලේකම් රවි කරුණානායක මහතා විශ්වාසය පළ කරයි. එ...
"දෙමළ ඡන්ද බලාගෙන සජිත් ‘13’අවුස්සනවා"
"දමිළ ජනතාවගේ ඡන්ද ලබාගන්න තියෙන වුවමනා නිසා 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන් බලාත්මක කරන බව කියමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රට උකස් තියන්න හදනවා යැයි නව ජනතා පෙරමුණ නායක සුගීෂ්වර බණ්ඩාර මහතා ඊයේ (10දා) හෝකන්දර ප්‍රදේශයේ පැවැති හමුවක දී සඳහන් කළේය. කිළිනොච්චියේ දී විපක්ෂ නායකවරයා එම ප්‍රකාශය කර ඇති බවත් ...
"අද නාවොත් බලාගෙනයි – දුම්රිය ගමන් වාර 100ක් නවතී"
"දුම්රිය එන්ජින් රියැදුරන් ඊයේ (09දා) තුන්වැනි දිනටත් වැඩ වර්ජනයේ නිරත වීම හේතුවෙන් දුම්රිය ගමන් වාර 100කට අධික සංඛ්‍යාවක් අත්හිටුවීමට සිදුවූ බව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (ගමනාගමන) එන්.ජේ. ඉඳිපොලගේ මහතා ‘දිවයින’ට පැවසීය. මේ හේතුවෙන් දුම්රිය මගීන් විශාල පිරිසක් ඊයේත් අපහසුතාවට පත්වූ බවද හෙතෙම කීය. වහාම සේවයට වාර්...
"ඔක්තෝබරයේ සිට වාහන ගෙන්වීමට අවසර"
"ලබන ඔක්තෝබර් මාසයේ සිට කාර්මික සහ බර වාහන ආනයනයට අවසර දීමට රජය තීරණය කර ඇතැයි වාර්තා වේ. ක්‍රමානුකූලව වාහන ආනයනයට යළි අවසර ලබාදීම යටතේ මේ තීරණය ගෙන ඇත. මේ පියවර ගනු ලබන්නේ ලබන වසර මුලදී වාහන ආනයනයට යළි අවසර ලබාදීමේ එම තීරණය ක්‍රියාත්මක කිරීම සඳහා වූ පූර්ව යෝජනාවක් වශයෙන් බවද ‘දිවයින’ ට වාර්තා වේ. කාර්මික හා බර වාහන ආන...
"ශ්‍රීලනිප – නව සන්ධාන අම්බලන්තොට මංගල ජන රැලියට ජන ගගක්"
"ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා නව සන්ධාන පාර්ශ්වය විසින් ඒකාබද්ධව පවත්වනු ලැබූ මංගල ජල රැලිය පෙරේදා (08දා) පස්වරුවේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ අම්බලන්තොට නගරයේදී අතිවිශාල ජනතාවකගේ සහභාගිත්වයෙන් යුතුව ඇරමිණි. ‘දිනුම රටට – එක්ව පෙරට’ යන තේමාව යටතේ විශාල ජනතා සහභාගිත්වයකින් යුතුව ඇරඹි අම්බලන්තොට ජන රැලිය කෘෂිකර්ම හා වැවිලි කර්...
"නඩු ලක්‍ෂ 11ක් උසාවිවල ගොඩගැහිලා – ලොකුම හේතුව විනිසුරු හිඟය"
"මෙරට අධිකරණවල ඉකුත් වර්ෂය (2023) අවසන් වන විට විසඳීම සඳහා නඩු එකොළොස් ලක්ෂ විසිදෙදහස් එකසිය දහතුනක් (1,122,113) ගොඩගැසී ඇති බැව් අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය විසින් නිකුත් කොට ඇති වාර්ෂික කාර්යසාධන වාර්තාවේ සඳහන් වේ. කාලයක් තිස්සේ විශාල නඩු සංඛ්‍යාවක් විසඳීම සඳහා අධිකරණවල ...
"ශානි ඇතුළු විශ්‍රාමික පොලිස් ලොක්කෝ රැසක් මාලිමා වේදිකාවේ"
"නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න හා අපරාධ පරීක්ෂක දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා ඇතුළු විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීහු රැසක් ඊයේ (09දා) ජාතික ජන බලවේගයේ මහරගම රැලියකට එක්වූහ. ඒ ඊයේ මහරගම නගරයේ පැවැති ජාතික ජන බලවේගය විසින් සංවිධානය කළ ‘ජාතික පොලිස් සාමුහිකය’ ර...
"අද පොහොට්ටුව තමන්ගේ නායකයා අපේක්ෂකයා කවුද කියා ගන්න බැරි නට්ටක් වෙලා"
"අද වනවිට පොහොට්ටුවේ මැති ඇමැතිවරුන්ට තමන්ගේ නායකයා සහ ජනාධිපති ධූර අපේක්ෂකයා කවුද යන්න කියා ගත නොහැකිව ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ පිහිටෙන් ගොඩයෑමට උත්සාහ දරන නට්ටක් බවට පත්ව තිබෙන බව ජාතික ජනබලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනී ආචාර්ය හරිනී අමරසූරිය මහත්මිය පැවසුවාය. කහටගස්දිගිලිය ප්‍රදේශයේ පැවති කාන්තාවන්ගේ හමුවකි...
"IMF තෙවැනි වාරිකය දුන්නත් ශ්‍රී ලංකාව ඉටු නොකළ කැපවීම් 16ක් තිබෙනවා"
"ශ්‍රී ලංකාව සිය ආණ්ඩුකරණයට අදාළ කටයුතුවල තත්ත්වය සංවර්ධනය කර ගැනීමට දිගින් දිගටම අපොහොසත්ව ඇති බවත් අන්තර් ජාතික මූල්‍ය අරමුදලෙන් දෙන තුන්වෙනි ණය වාරිකය මෙම 12 වැනිදා ලබා දුන්න ද ඉටු නොකළ කැපවීම් 16ක් ඇති බවත් වෙරිටේ රිසර්ච් සමීක්‍ෂණ ආයතනය අනාවරණය කර තිබේ. දූෂණ විරෝධී ක්‍රියාමාර්ග ගැනීම, මූල්‍ය විනිවිදභාවය හා මූල්‍ය ක...
"සිනමාවේ මිත්තණියට සුබ උපන්දිනයක්"
"සිංහල සිනමාවේ අග්‍රගන්‍ය ජ්‍යෙෂ්ඨ රංගන ශිල්පිනී අයිරාංගනී සේරසිංහගේ 97 වැනි ජන්ම දිනය ඊයේ (9) ට යෙදී තිබිණි. අපි ඇයට චිර ජීවනය පතමු."
"රතු අලි මල්ලිලා ජනාධිපති එක්ක ඩීල් දමා රජ⁣යේ නාලිකාවට විවාදයට එන්න කියනවා"
"අද රතු පාට විප්ලවවාදීන් රතු අලි මල්ලිලා බවට පත්ව ඇති බවත් මේ රතු අලි මල්ලිලා ජනාධිපති එක්ක ඩීල් දමා රජ⁣යේ නාලිකාවට විවාදයට එන්න කියනා බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. ආර්ථික කමිටු විවාදයට සමගි ජන බලවේගය ආරාධනා කළ විට ආර්ථික කමිටුවක් නොමැති ජනතා විමුක්ති පෙරමුණ ඉන් පලා ගොස් නායකත්ව විවාදයක් ගැන කයිවාරු ගහම...
"ජෙනරාල් ශවේන්ද්‍රට සේවා දිගුවක්"
"ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා වෙත ජනපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් සේවා දිගුවක් ලබා දී ඇත. මේ සම්බන්ධයෙන් නිකුත් කළ අති විශේෂ ගැසට් නිවේදනයෙන් දැක්වෙන්නේ 2024 ජුනි 01 වනදා සිට දෙසැම්බර් 31 වනදා දක්වා මෙම පත්කිරීම වලංගු බවයි. ශවේන්ද්‍ර සිල්වා මහතා 2019 අගෝස්තු 21 වනදා සිට 2022 මැයි 31 වනදා ද...
"‘බිත්තර නැතිව වටලප්පම් කන්න හදන්න එපා’ – පොහාට්ටු මන්ත්‍රී රනිල්ට කියයි"
"‘බිත්තර නොමැතිව වටලප්පම් කෑමට සූදානම් නොවන ලෙස’ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ප්‍රකාශ කර ඇති බව වාර්තා වේ. එම මන්ත්‍රීවරයා විසින් එම ප්‍රකාශය කර ඇත්තේ කොළඹ ප්‍රදේශයේ හෝටලයක ආණ්ඩුවේ කටයුතු පිළිබඳව ජනතාව දැනුවත් කරන්නේ කෙසේද යන්න පිළිබඳව පැවති සාකච්ඡාවක් අතර...
"මෝදිගේ දිවුරුම් දීමට ගිය ජනපති රනිල්ට ඉන්දීය මාධ්‍යයෙන් විශේෂ ප්‍රචාරයක්"
"අඛණ්ඩව තුන්වන වරටත් ඉන්දීය අග්‍රාමාත්‍ය ධුරයට පත් වූ නරේන්ද්‍ර මෝදි මහතාගේ දිවුරුම් දීමේ උත්සවයට සහභාගි වීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දිරා ගාන්ධි ගුවන් තොටුපළින් ඊයේ (9දා) දහවල් ඉන්දියාවට පැමිණියේය. ජනපති රනිල් වික්‍රමසිංහ මහතා පිළිගැනීම සඳහා ඉන්දීය ගුවන් තොටුපළේ ඉන්දීය සංස්කෘතිකාංග පිළිබිඹු වන ආකාරයේ නර...
"ලබන 20 තෙක් දිගටම වැස්ස: 14 – 15 වැඩිවෙයි – කාලගුණේ කියයි"
"දිවයිනේ පවතින වැසි තත්ත්වය ජුනි 20දා දක්වා පවතින බවත්, ලබන 14 හා 15 දෙදින වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් අපේක්ෂා කරන බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ කාර්යයේ නියුතු කාලගුණ විiාඥ ශ්‍රීමාල් හේරත් මහතා “දිවයින” ට ඊයේ (09දා) පැවැසීය. අද (10දා) දිනයේ බස්නාහිර, සබරගමුව මධ්‍යම පළාත්වලත්, ගාල්ල, මාතර දිස්ත්‍රික්කවලත් දවස පුර...
"ශ්‍රී ලංකාව එ.ජා. මහා මණ්ඩලයේ ආර්ථික සහ සමාජ සභාවට"
"එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ ආර්ථික සහ සමාජ සභාවට ශ්‍රී ලංකාව තේරී පත්වී ඇත. ඒ සඳහා පැවති ඡන්ද විමසීමේදී ශ්‍රී ලංකාවට රටවල් 189න් රටවල් 182ක් ඡන්දය ලබාදී ඇතැයි විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි. වසර තුනක කාලයක් සඳහා පත්කරන මෙම සභාවේ ධුර කාලය 2025 ජනවාරි මස 01 වැනිදා සිට ආරම්භ වේ. මෙම ආර්ථික සහ සමාජ සභාවට ශ්‍රී ලංකාව ...