Title stringlengths 9 246 | Content stringlengths 3 62.9k |
|---|---|
"ගෑස් හා ඉන්ධන මිල අඩුවීම හමුවේ ප්ලේන්ටිය බත් පාර්සලය අඩුවට දෙන්න පුළුවන් – අසේල කියයි" | "ගෑස් මිල හා ඉන්ධන මිල අඩු කර තිබෙන මොහොතක බිත්තර කොත්තුවක් රුපියල් 350කට ද ෆ්‍රයිඩ් රයිස් එකක් රුපියල් 300කට ද බිත්තරයක්, සම්බෝලයක්, පරිප්පු, හාල්මැස්සො බැදුමක් සහිත බත් පාර්සලයක් රුපියල් 200කට ද පරාටා එක්ක රුපියල් 30කට ද බිත්තර රොටියක් රුපියල් 100කට ද පාරිභෝගික ජනතාවට ලබාදිය හැකි බව ජාතික පාරිභෝගික පෙරමුණේ නායක අසේල ... |
"ශ්‍රීලනිප එක්වූ නව සන්ධානයේ පළමු රැලිය ඉතාමත්ම සාර්ථකයි – ඉදිරියේදී හොඳ හොඳ සෙල්ලම් බලා ගන්න පුළුවන්" | "මෑත යුගයේ බිහි කළ දැවැන්තම සන්ධානය ශ්‍රී ල.නි.ප.ය ප්‍රධානත්වයෙන් අපි බිහි කරනවා. නව සන්ධාන රැලියට අද අම්බලන්තොටට ආව ජනගඟ අපි ගත්ත තීරණය නිවැරදි බව තහවුරු කර තිබෙනවා. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා අද රටේ ජනතාවට ජීවත් වෙන්න පුළුවන් විදිහට විශාල වෙනසක් කළා. මේ යන ගමන වෙනස් කළොත් නැවත රට යළි ගොඩගන්න බැරි තැනට වැටෙනවා යැය... |
"රැකියා විරහිත උපාධිධාරීන්ගේ විරෝධතාවක්" | "රැකියා ලබාදෙන ලෙස ඉල්ලා ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරි සංගමය ගාල්ල බස් නැවතුම්පළ ඉදිරිපිට ඊයේ (09දා) දහවල් උද්ඝෝෂණයක් පවත්වන ලදි. උද්ඝෝෂණයට එක්ව සිටි උපාධිධාරීන් කියා සිටියේ තමන්ට සාධාරණ විසඳුමක් නොලැබුණහොත් මෙයට වඩා දැඩි ක්‍රියා මාර්ග ගන්නා බවයි. අහංගම – සුගතපාල දීයගහගේ, වංචාවල- ගැමුණු චන්ද්‍රලාල්" |
"වැස්සත් සමග දිනකට ඩෙංගු රෝගීන් 100ක්" | "පවතින වැසි තත්ත්වයත් සමග මේ වනවිට දෛනිකව ඩෙංගු රෝගීන් 100කට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වන බව ජාතික ඩෙංගු මර්දන ඒකකය කියයි. මෙම වසරේ ජනවාරි 01දා සිට ඊයේ (09දා) දක්වා කාලය තුළ දිවයිනෙන්ම ඩෙංගු රෝගීන් 25,619 දෙනකු වාර්තා වී ඇති බවත්, ඩෙංගු රෝගයට ගොදුරුවූ පුද්ගලයන් 9 දෙනකු මරුමුවට පත්ව ඇති බවත් එම ඒකකය පවසයි. ඩෙංගු රෝගීන් වැ... |
"ප්‍රවීණ ගීත රචක ජයතිස්ස බොරලුගොඩ අභාවප්‍රාප්ත වේ" | "ප්‍රකට කලාකරුවකු හා ගීත පද රචකයකු වූ ජයතිස්ස බොරලුගොඩ මහතා ඊයේ (09 දා) අභාවප්‍රාප්ත විය. ඒ මහතා ජාතික රූපවාහිනියේ හිටපු අධ්‍යක්‍ෂවරයකු හා ග්‍රන්ථ කතුවරයකු ද වේ. දේහය මහරගම දඹහේන පාරේ පිහිටි නිවසේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු 12 දා සවස සිදුකිරීමට නියමිතය." |
"මේ වසරේ අයවැය නෑ!" | "මෙම වසර අගදී, ඉදිරි වසර සඳහා අයවැය යෝජනාවලියක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොවනු ඇතැයි මුදල් අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට පැවසීය. ඒ අනුව ලබන වසර (2025) මුල් මාස කිහිපය සඳහා බොහෝ විට අතුරු සම්මත ගිණුමක් ඉදිරිපත් වෙනු ඇතැයි ද හෙතෙම සඳහන් කළේය. මෙම වසර (2024) අගදී ජාතික මැතිවරණයක් පැවැත්වීමට නිය... |
"තෙල් ණයට රජය කර ගහයි" | "ඛනිජ තෙල් සංස්ථාව මහජන බැංකුවට සහ ලංකා බැංකුවට තිබෙන ණය රජය විසින් ගෙවා දැමීමට තීරණය කර තිබේ. ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඉකුත් සතියේ පැවැති සාකච්ඡාවකදී මෙම තීරණයට එළැඹ තිබේ. මෙරට ඉන්ධන ප්‍රශ්නය මතුවන්නට පෙර සිටම ඛනිජ තෙල් සංස්ථාවේ ණය බර ක්‍රම ක්‍රමයෙන් වැඩි වෙමින් තිබූ අතර ඉන්ධන ප... |
"බාල බෙහෙත් හදන්න බැංකුව ලේ විකුණලා" | "තත්ත්වයෙන් බාල ඖෂධ නිපදවීම සඳහා රුධිර බැංකුව මගින් රුධිර ප්ලාස්මා නිසි ක්‍රමවේදයෙන් තොරව මුදලට අලෙවි කර ඇති බව විගණකාධිපතිවරයා විසින් නිකුත් කර ඇති නවතම විගණන වාර්තාවක දැක්වේ. ප්‍රශ්නගත හියුමන් ඉමියුනොග්ලොබියුලින් එන්නත් නිෂ්පාදනය කිරීම සඳහා අදාළ සැපයුම්කරුගේ ඉල්ලීම මත මෙලෙස රුධිර ප්ලාස්මා ලබාදී ඇතැයි ද එම වාර්තාව මගි... |
"බොරදියේ සතුට…" | "පැවති ගංවතුර හේතුවෙන් කඩුවෙල ප්‍රදේශය ජලයෙන් යටවූ අතර එහිදී දරුවන් ඇතුළු පිරිසක් ඔරුවක ආධාරයෙන් ගමන් ගත් අයුරු." |
"තරුණයන්ට ආසන දෙන්න පොහොට්ටු හිත" | "ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පුරප්පාඩු වී ඇති ආසන සංවිධායක ධුර සඳහා අලුත් පත්වීම් ලබාදීමේදී තරුණයන්ට ප්‍රමුඛතාවයක් ලබාදීමට පක්ෂ නායකත්වය විසින් තීරණය කර ඇති බව වාර්තා වේ. තනතුරු දැරූ ඇතැමුන් සමගි ජන බලවේගය ඇතුළු වෙනත් පක්ෂ සමග එක්වීම නිසා පුරප්පාඩු වී ඇති ආසන සඳහා එම පත්කිරීම් සිදුකිරීමට නියමිතය. එමෙන්ම එම පක්ෂය හා අනුබද... |
"ඩීසල් මිල දෙපාරක් අඩුවුවත් බස් ගාස්තු ‘නෝ හෙල්ලුම්’" | "මාස දෙකකදී ඩීසල් මිල රුපියල් 46කින් පහළ දැමුවද ඊට සාපේක්‍ෂව බස් රථ සහ පාසල් වෑන් රථ ගාස්තු පහළ දැමීමට කටයුතු නොකිරීම ගැන මගී ජනතාව දැඩි විරෝධය පළ කර සිටිති. බස් රථ ගාස්තු තීරණය කිරීම ජාතික ගමනාගමන කොමිෂන් සභාව සතු වුවද ඔවුන් මේ වනවිට බස් සංගම්වල රූකඩයක් බවට පත්ව සිටින බවද මඟී ජනතාව පවසති. බස් සංගම්වලට සහ පාසල් බස් රථ ... |
"අනධ්‍යයන වර්ජනයේ ෆුල් බ්‍රයිට් හිරවේ" | "දින තිස්පහක් පුරා පවතින විශ්වවිද්‍යාල අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ වැඩ වර්ජනය හේතුවෙන් ජාත්‍යන්තර විශ්වවිද්‍යාල මගින් මෙරට දරුවන්ට හිමිවූ ශිෂ්‍යත්ව දහස් ගණනක් සඳහා අයැදුම් කිරීමට නොහැකි වූ බවත් ඒ අතර Full Bright ශිෂ්‍යත්ව ලෙස ඇමරිකාවෙන් මෙරට දරුවන් සීමිත පිරිසකට හිමිවන ශිෂ්‍යත්ව ද ඇතුළත් බවත් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන... |
"ඖෂධ බිල්ලා සල්ලි ගිලී" | "ඖෂධ වංචනික අයුරින් සැපයීම හා අවිධිමත් ක්‍රියා හේතුවෙන් රුපියල් විසිහතර කෝටි අසූතුන් ලක්ෂ පනස් හතර දහස් නමසිය හැත්තෑ හතරක (248,354,974) බිල්පත් ගෙවීම අත්හිටුවා තිබූ සැපයුම්කාර සමාගමකට ජාතික ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපතිවරයාගේ නිර්දේශය මත නියමිත ප්‍රසම්පාදන කමිටුවල හා වෙනත් විධිමත් අනුමැතියක් ලබා ගැනීමෙන් තොරව මෙම මුදල ගෙව... |
"රේගු අතිකාල අරමුදලේ ‘බෝක්කු කට’ ඇරේ" | "රේගු නිලධාරීන් සාමාන්‍ය රාජකාරි වෙලාවෙන් පරිබාහිරව සේවයේ යෙදුණා ද, නැද්ද යන්න නොසලකා ශ්‍රී ලංකා රේගුව විසින් රේගු අතිකාල අරමුදලින් සියයට 90ක් එම නිලධාරින්ට අතිකාල වශයෙන් ගෙවා ඇති බව ජාතික විගණන කාර්යාලය පවසයි. මෙකී අරමුදලින් රාජ්‍ය ආදායමට බැරකොට තිබුණේ සියයට 10ක් වැනි ඉතා සුළු මුදලක් බව ද විගණනය මගින් අනාවරණය කොට ඇත. ... |
"කොළොන්නාව වෙන තැනකට" | "කොළොන්නාව නගරය දැනට තිබෙන තැනින් ඉවත් කොට එම ප්‍රදේශයේම උස් බිමක ස්ථාපිත කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර තිබේ. මෙම නව නගර සැලසුම යටතේ දැනට පහත් බිම්වල තිබෙන රෝහල්, පාසල්, නිවාස, වෙළෙඳ සංකීර්ණ ආදී සියල්ල උස් භූමිවල ස්ථාපිත කිරීමට නියමිතය. ඒ සඳහා සුදුසු භූමි ප්‍රදේශ එම ප්‍රදේශයේම තිබෙන බව රජය පවසයි. එමෙන... |
"ඉංජිනේරු සංගමය හොඳටම කලකිරිලා" | "විදුලිබල ක්‍ෂේත්‍රයේ ප්‍රගතිශිලී ප්‍රතිසංස්කරණ සඳහා පූර්ණ නව නීති සම්පාදනයක් සඳහා හෝ පාර්ලිමේන්තුවේදී අනුමත වූ නව විදුලි පනත් කෙටුම්පතට සැලකිය යුතු සංශෝධනයක් සිදු කර ගැනීම වෙනුවෙන් තමන් අඛණ්ඩව තවදුරටත් පෙනී සිටින බව ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමය සඳහන් කරයි. පාර්ශ්වකරුවන්ගේ අදහස් නොසලකා හරිමින් ශ්‍රී ලංකා විදුලිබල... |
"මැතිවරණ උණුසුමේ රතිඤ්ඤා පූදී" | "ඉදිරියේ මැතිවරණ ජය සැමරීමට අවශ්‍ය රතිඤ්ඤා සැපයීම ඉලක්ක කර මේ වනවිට තම ගිනිකෙළි නිෂ්පාදකයන් 50%කට අධික පිරිසක් තම නිෂ්පාදන අරඹා ඇතැයි සමස්ත ලංකා ගිනිකෙළි නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති දිනේෂ් ප්‍රනාන්දු මහතා ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට පැවසීය. මෙම වසරේ ජනාධිපතිවරණය හෝ පාර්ලිමේන්තු මහා මැතිවරණය පැවැත්වුවොත් රතිඤ්ඤා ඇතුළු ගිනි... |
"රාම් දෙවොලෙන් මෝදිට වාසි නෑ" | "අයෝධ්‍යාවේ රාම් දෙවොල ඉදිකිරීම අගමැති නරේන්ද්‍ර මෝදිට දේශපාලන වාසියක්වී නැති පසුබිමක් මැතිවරණ ප්‍රතිඵල අනුව හෙළිව තිබේ. මේ දෙවොල පිහිටි ෆයිසාබාද් ආසනය ද භාරතීය ජනතා පක්ෂය පරාජය විය. එසේම උත්තර් ප්‍රදේශ ප්‍රාන්තය ද භාරතීය ජනතා පක්ෂයට අහිමි විය. 2019 මැතිවරණයේ දී භාරතීය ජනතා පක්ෂය උත්තර් ප්‍රදේශ ප්‍රාන්තයේ ආසන 62ක් දිනා... |
"වැවිලි සමාගම් 07කින් කෝටි 83ක බදු පොල්ලක්" | "ප්‍රාදේශීය වැවිලි සමාගම් 07කින් 2022 වර්ෂයේ දෙසැම්බර් මස 31 වැනිදා වන විට රජයට රුපියල් අසූ තුන්කෝටි අසූලක්ෂ හතළිස්දෙදහස් හත්සිය අනූතුනක (838,042,793) බදු ආදායමක් අය වීමට ඇති බැව් ජාතික විගණන කාර්යාලය පවසයි. මෙකී හිග බදු ආදායම භාණ්ඩාගාරය හා එක්ව අප්‍රමාදව එකතු කර ගැනීමට වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය මගින් කටයුතු කර නොතිබ... |
"පුරප්පාඩු දෙකකින් පොලිස් කොමිසම අවුල් වෙයි" | "ජාතික පොලිස් කොමිසම තුළ ඇති වී තිබෙන පුරප්පාඩු දෙකක් සම්පූර්ණ කිරීමට මේ වනතුරුත් කටයුතු නොකිරීම නිසා එම කොමිසමේ කටයුතු කරගෙන යෑමේ දැඩි අර්බුදයක් නිර්මාණය වී ඇත. ජාතික පොලිස් කොමිසමේ සාමාජික සංඛ්‍යාව 7ක් වුවද මේ වනවිට එහි සිටින්නේ සාමාජිකයන් 05 දෙනකු පමණි. විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ගාමිණී සිල්වා මහතා හදිසි... |
"මාලිමාවෙන් දින 45ක මෙහෙයුමක්" | "ඉදිරි මැතිවරණ ඉලක්ක කර ගනිමින් ගෙයින් ගෙට ගොස් ජනතාව දැනුවත් කිරීමේ අරමුණින් දින 45ක විශේෂ පක්ෂ මෙහෙයුමක් ආරම්භ කර ඇතැයි ජාතික ජන බලවේගයේ දේශපාලන මණ්ඩල සභික, නලින්ද ජයතිස්ස මහතා ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට ප්‍රකාශ කළේය. ඒ අනුව ආසන සංවිධායකවරුන් ඇතුළු ඒ ඒ දිස්ත්‍රික්කවල නායකත්වය ලබාදෙන ජාතික ජන බලවේගයේ නායකයින් නිවෙස් වෙත... |
"“නැඟෙනහිර ඉඩම් මගඩි ගැන විමර්ශන ඇරඹේ” ඉරිදා පුවත ගැන පැහැදිලි කිරීමක්" | "2023 මාර්තු 26 වැනි දින ‘ඉරිදා දිවයින’ පුවත්පතෙහි “නැඟෙනහිර ඉඩම් මගඩි ගැන විමර්ශන ඇරඹේ.” යන සිරස්තලය යටතේ පළවූ ලිපියෙන් තම කීර්ති නාමයට හානි සිදුවූයේ යැයි කියමින් නැඟෙනහිර පළාත් ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභා ප්‍රාදේශීය කාර්යාලයෙහි අධ්‍යක්‍ෂ එන්. විමලරාජ් මහතා පුවත්පත් මණ්ඩලයේ පැමිණිලි අංක පී.සී/ආර්/166/23/659 දරන පැම... |
"දකුණට ගුරු පත්වීම් 3230 ක්: පත්වීම් දෙන්න බැරිවුණු අයටත් ඉදිරි මාසයක් තුළ පත්වීම් – දකුණු පළාත් ආණ්ඩුකාර ලක්ෂ්මන් යාපා අබේවර්ධන" | "රාජ්‍ය සේවය පුළුල් වෙලා ගිහින්. 1600000 ක් රාජ්‍ය සේවකයන් ඉන්න මේ රටේ අද හැම පුරවැසියන් 17 දෙනකුට එක් රාජ්‍ය සේවකයෙක් බිහිකරපු මේ රටේ අද රාජ්‍ය සේවය රජයේ භාණ්ඩාගාරයට බරක් වෙලා තියෙනවා. මොන තරම් රටේ ප්‍රශ්න අර්බුද තිබුණත් රාජ්‍ය සේවකයන්ගේ වැටුප් නැවැත්තුවේ නැතිව දිගටම වැටුප් ගෙව්වා’ යැයි දකුණු පළාත් ආණ්ඩුකාර ලක්ෂ්මන් ය... |
"රේගුවට බොරු කියා සුඛෝපභෝගි වාහන ගෙන්වීම – වසර 25ක දත්ත අල්ලස් කොමිසමට දෙන්න" | "රජයට රුපියල් කෝටි දහස් ගණනක බදු ආදායමක් අහිමි කළ සුඛෝපභෝගි වාහන හා වාහන කොටස් ගෙන්වීම සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන සඳහා ශ්‍රී ලංකා රේගුව භාරයේ තිබෙන “ඇසිකුඩා” නමැති පරිගණක දත්ත පද්ධතියේ (Acycuda Data Backup) පිටපතක් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට භාරදෙන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඊයේ (07දා) ශ්... |
"මිදිගම රුවන්ගේ ජීවිත ආරක්‍ෂාවට උපරිම පියවර ගන්න" | "ඩුබායි රාජ්‍යයේදී අත්අඩංගුවට ගෙන පසුගිය 31 වැනිදා ශ්‍රී ලංකාවට රැගෙන ඒමෙන් අනතුරුව මේ වනවිට ත්‍රස්ත විමර්ශන අංශයේ රඳවා සිටින ජයසේකර විතානගේ රුවන් චාමර හෙවත් මිදිගම රුවන් නමැත්තා උපරිම ආරක්ෂාවක් යටතේ රඳවා තබාගන්නා ලෙසත් ඔහුගේ ජීවිත ආරක්ෂාව වෙනුවෙන් ගත හැකි උපරිම පියවර ගන්නා ලෙසටත් අභියාචනාධිකරණය ඊයේ (07දා) ත්‍රස්ත විමර... |
"මන්ත්‍රීවරුන්ගෙන් අත්සන් අරන්: – මුදල් කාරක සභාවෙන් හර්ෂ පන්නන කුමන්ත්‍රණයක්" | "කිසිදු වරප්‍රසාදයක් නොගෙන පාන්දර 03.00 පමණ වනතුරු වෙහෙසී කටයුතු කරන තමන්ව මන්ත්‍රීවරුන්ගේ අත්සන් ලබාගෙන මුදල් කාරක සභාවේ සභාපති ධුරයෙන් පැන්නීමේ කුමන්ත්‍රණයක් සිදුවන බව විපක්ෂ මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (07දා) පැවසීය. කාරක සභා වාර්තාවක් ඉදිරිපත් කරන අතරතුර විශේෂ ප්‍රකාශයක් කරමින් හෙතෙම මේ ... |
"අගවිනිසුරුගේ හා නීතිපතිගේ ප්‍රකාශ: – මැ.කො.ස ෂුවර්ද සොයන්න ඕනෑ" | "අගවිනිසුරු සහ නීතිපති මැතිවරණ කොමිෂන් සභාව සම්බන්ධයෙන් කර ඇති ප්‍රකාශ නිසා එම කොමිසම පිළිබඳව ඇති විශ්වාසය සම්බන්ධයෙන් සොයා බැලිය යුතු යැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (07 දා) සඳහන් කළේය. එහිදී ඔහු මෙසේද පැවසීය- ශ්‍රේෂ්ඨාධිකරණයේදී නීතිපතිතුමා ප්‍රකාශ කළා මැතිවරණ කොමිෂන් සභාව වෙ... |
"ආර්ථික පරිවර්තන පනත වංචා දූෂණ බලපත්‍රයක්!" | "පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ආර්ථික පරිවර්තන පනත වංචා දූෂණ සිදුකිරීම සඳහා වූ බලපත්‍රයක් ද යන්න මහජනතාව තුළ සාධාරණ සැකයක් මතුවෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පැවැසීය. කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ ඊයේ (07 දා) පැවැති මාධ්‍ය හමුවට සහභාගි වූ අවස්ථාවේදී මහාචාර්ය පීරිස් මහතා මේ බව පැවැසුවේය. වැඩිදු... |
"ගංවතුරෙන් යුවළක් බේරාගත් පාදුක්කේ චරිත්මා වීර දියණියට මැතිසබයෙනුත් හරසර" | "පාදුක්ක වග ඉරිදා පොළ ප්‍රදේශයේ ඇති වූ ගංවතුර තත්ත්වයේ දී ජීවිත අහිමි වීමට ගිය අඹු සැමි යුවළක් බේරා ගැනීමට ක්‍රියා කළ 17 හැවිරිදි පාදුක්කේ චරිත්මා ජිනේන්ද්‍රි දිරිය දියණිය පාර්ලිමේන්තුවේදී ඊයේ (07දා) ඇගයීමට ලක් කෙරිණ. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රථමයෙන් එම සිද්ධිය සිහිපත් කරමින් ඇය වෙනුවෙන් සිය ගෞරවය ප්‍රකාශ කළ... |
"“ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය” පනත් කෙටුම්පත ව්‍යවස්ථාවට පටහැනියි" | "ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක් කරන ලද “ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය” නමැති පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12 වැනි වගන්තියට පටහැනි බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇති අතර එහි වගන්ති රැසක් ව්‍යවස්ථාවට නොගැළපෙන බව ද සමස්තයක් ලෙස පනත් කෙටුම්පත නීතියක් බවට පත් කළ නොහැකි බවටද ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇතැයි කථානායක මහින්... |
"දුම්රිය වර්ජනයෙන් මගීහු අනාථයි" | "දෙවන පෙළ උසස්වීම් ලබාදීම ප්‍රමාදවීම, 2018 සිට බඳවා ගැනීම් ප්‍රමාදවීම ඇතුළු ගැටලු කීපයක් මුල් කර ගනිමින් ලොකොමොටිව් ඔපරේටිව් ඉංජිනේරු සංගමය පෙරේදා (06දා) මධ්‍යම රාත්‍රියේ සිට ආරම්භ කළ දුම්රිය වැඩවර්ජනය හේතුවෙන් ඊයේ (07දා) උදේ හා සවස කාර්යාල සේවකයන්, පාසල් සිසු දරුවන් ඇතුළු දහස් සංඛ්‍යාත පිරිසක් දැඩි අපහසුතාවයන්ට මුහුණ ... |
"ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත මෙරට ආර්ථිකය නිවැරදි මගට ගැනීමේ පළමු පියවරයි- ජනාධිපති රනිල් වික්‍රමසිංහ" | "ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත ඉදිරිපත් කරමින් මෙරට ආර්ථිකය නිවැරදි මගකට ගෙන ඒමේ පළමු පියවර රජය විසින් තබා ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ ඒකල ප්‍රදේශයේ ඉදි කෙරුණු Cephalosporin එන්නත් හා මෙල්ඩෝල් නිෂ්පාදන කර්මාන්තශාලාව විවෘත කිරීමේ අවස්ථාවට (06 දා) එ... |
"සංචාරක කර්මාන්තය ක්‍රියාත්මක නොවන ගම්මානවලටත් මෘදු මත්පැන් බලපත්‍ර දීලා- විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස" | "පසුගිය කාලයේ ශීඝ්‍ර ලෙස මෘදු මත්පැන් බලපත්‍ර ලබා දීම ක්‍රියාත්මක වූ බවත් එය මතින් තොර ප්‍රතිපත්තියට පටහැනි බවත් සංචාරක ක්ෂේත්‍රය කේන්ද්‍ර කර ගෙන එම පහසුකම් ලබා දීම සංචාරක කර්මාන්තයේ කොටසක් ලෙස ක්‍රියාත්මක වුවත් සංචාරක කර්මාන්තය ක්‍රියාත්මක නොවන ගම්මාන ඇතුළේ පවා මෙම බලපත්‍ර ලබා දී ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ම... |
"ඊපීඑෆ් එකේ බිලියන 3912.3ක්" | "සේවක අර්ථ සාධක අරමුදලේ රුපියල් බිලියන 3912.3 ක මුදලක් මෙම වසරේ (2024) පෙබරවාරි මස අවසන් වන විට පැවති බව මුදල් රාජ්‍ය ඇමැති ශෙහාන් සේමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (07දා) පැවසීය. ශ්‍රී ලංකා මහ බැංකුවේ සේවක අර්ථසාධක අරමුදල් දෙපාර්තමේන්තුව විසින් අරමුදලේ මුදල් 1958 අංක 15 දරන පනතේ කාර්යන්ට පමණක් භාවිතා කරන බවත් වෙනත් ව... |
"ඊපීඑෆ් එකේ බිලියන 3912.3ක්" | "සේවක අර්ථ සාධක අරමුදලේ රුපියල් බිලියන 3912.3 ක මුදලක් මෙම වසරේ (2024) පෙබරවාරි මස අවසන් වන විට පැවති බව මුදල් රාජ්‍ය ඇමැති ශෙහාන් සේමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (07දා) පැවසීය. ශ්‍රී ලංකා මහ බැංකුවේ සේවක අර්ථසාධක අරමුදල් දෙපාර්තමේන්තුව විසින් අරමුදලේ මුදල් 1958 අංක 15 දරන පනතේ කාර්යන්ට පමණක් භාවිතා කරන බවත් වෙනත් ව... |
"කරන්නාගොඩගේ පෙත්සමට පංචපුද්ගල විනිසුරු මඬුල්ලක්" | "මෙයට වසර 16කට පමණ පෙර එනම් (2008) වසරේ දී සුදු වෑන් භාවිත කරමින් කොළඹ හා තදාසන්න ප්‍රදේශවල දී තරුණයන් ඇතුළු 11දෙනකු පැහැර ගෙන ගොස් කප්පම් ඉල්ලීම, ඔවුන් ඝාතනය කිරීම හා ඒ සඳහා ආධාර අනුබල දීම ඇතුළු චෝදනා යටතේ නීතිපතිවරයා විසින් කොළඹ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ පවරා ඇති නඩුවේ 14 වන විත්තිකරු ලෙස නම් කොට තිබූ හිටපු න... |
"ඇමැති විජයදාසට විනය ක්‍රියාමාර්ග ගන්න පොහොට්ටුවෙන් තීරණයක්" | "මේ වනවිට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සාමාජිකත්වය ගෙන ඇති අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග ගැනීමට තීරණය කළ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා පැවසීය. පසුගිය 07 වැනිදා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඒකාබද්ධව රැස්වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේ... |
"සංචාරක ව්‍යාපාරයේ ඉපයීම් 91.9%කින් ඉහළට" | "මේ වසරේ (2024) පළමු මාස හතරේ සංචාරක ව්‍යාපාරයෙන් උපයන ලද මුළු මුදල ඇමෙරිකානු ඩොලර් මිලියන 1251.6ක් දක්වා සියයට 91.9කින් වර්ධනය වී ඇත. ගිය වසරේ (2023) පළමු මාස හතරේ උපයන ලද මුළු සංචාරක ඉපයීම ඇමෙරිකානු ඩොලර් මිලියන 652.2ක් පමණක් විය. ගිය වසරේ (2023) පළමු මාස හතරේ දී මෙරටට විදේශ සංචාරකයන් 441,177 දෙනකු පැමිණි අතර මේ වසරේ... |
"වසර 20කින් වෙනස් වෙලා නෑ: – පාරිභෝගික පනතට සති දෙකකදී සංශෝධන" | "පාරිභෝගිකයා සුරක්ෂිත කිරීම සඳහා වන පාරිභෝගික පනත සම්මත කිරීමේ සංශෝධනය ඉදිරි සති දෙකක් ඇතුළත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා ඇමැති නලීන් ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (07දා) පැවසීය. පාරිභෝගික පනත වසර 20 ක් පමණ සංශෝධනය කර නොමැති බවත් දැනට පවතින පනත වෙනස් කර කැබිනට් අනුමැතිය ගෙන නීත... |
"බැඳුම්කර දේපළ වෙන්දේසි කරන්න අවසර දෙනවාද නියෝගය 14 වැනිදා" | "ජාඇළ ප්‍රදේශයේ සුපිරි නිවාස සංකීර්ණයක් ඉදිකර නිවාස ලබාදෙන බවට ගිවිසුම් ගතවී සියයකට අධික පිරිසකගෙන් රුපියල් කෝටි ගණනාවක් ලබාගෙන වංචා කර ඇතැයි කියන කෙල්සි හෝම්ස් නමැති සමාගම ඇප බැඳුම්කර ලෙස භාරදී ඇති දේපළ වෙන්දේසි කිරීමට අවසර ලබාදෙන්නේද නැතිද යන නියෝගය ලබන 14 වැනිදා නිකුත් කිරීමට කොළඹ වාණිජ මහාධිකරණය තීරණය කළේය. ජනතාවගෙ... |
"ජනමත විමසුමකට ජනපති අරඅඳිනවා – තුන වුණොත් තරගෙට නෑ – ගම්මන්පිල" | "ලබන ජුලි මස මුල් සතියේදී ජනමත විමසුමක් පැවැත්වීමට නියමිත බවත් ඉන් ලැබෙන ප්‍රතිඵලය අනුව වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ ද නැද්ද යන්න සම්බන්ධයෙන් තීරණය කිරීමට නියමිත බවත්, පාර්ලිමේන්තු මන්ත්‍රී පිවිතුරු හෙළ උරුමයේ නායක, උදය ගම්මන්පිල මහතා සඳහන් කළේය. අදාළ ජනමත විමසුමේ ප්‍රතිඵලයට අනුව ... |
""පෑලියගොඩ එළවළු, මාළු, කෙසෙල් මිල ගණන්"" | "මේ නිසා වෙළෙඳාමෙන් ලැබෙන ආදායම අඩු වී වෙළඳුන් දැඩි අපහසුතාවයට පත්ව සිටින බවද හෙතෙම කීය. ඊයේ දිනයේ කැරට් තොග කිලෝවක් රුපියල් 200කටද, ගෝවා කිලෝවක් රුපියල් 100කටද, ලීක්ස් කිලෝවක් රුපියල් 500කටද, බෝංචි කිලෝවක් රුපියල් 650කටද, වැටකොළු කිලෝවක් රුපියල් 300කටද, පතෝල කිලෝවක් රුපියල් 300කටද, කරවිල කිලෝවක් රුපියල් 600කටද, වම්බටු... |
"සී.ටී. ස්කෑන් කැඩුණු රෝහල් තුනට ලක්ෂ 70ක අමතර බරක්" | "කළුතර,වවුනියාව සහ කරවනැල්ල රෝහල්වල සී.ටී. ස්කෑන් යන්ත්‍ර සේවා බිඳ වැටීමට ලක්වීම හේතුවෙන් රෝගීන් වෙනත් රෝහල් කරා ප්‍රවාහනය කිරීමට සිදුවීමෙන් මසකට රුපියල් ලක්ෂ 70කට වැඩි මුදලක් නිරපරාදේ වැය කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශයට සිදුව ඇතැයි රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය පවසයි. කළුතර මහ රෝහලේ සී.ටී. ස්කෑන් යන්ත්‍රය වසරකට ... |
"රෝයල් පාක් ඝාතකයාට මෛත්‍රී දුන් ජනපති සමාව අහෝසි කරයි – උසාවිය නියෝග කරයි" | "රාජගිරිය රෝයල් පාක් නිවාස සංකීර්ණයේ දී 19 හැවිරිදි ඉවෝන් ජොන්සන් නමැති තරුණිය අමානුෂික ලෙස ඝාතනය කිරීමේ චෝදනාවට වරදකරු කර අභියාචනාධිකරණය විසින් මරණීය දණ්ඩනය නියම කළ දොන් සාමන්ත ජූඩ් ඇන්තනි ජයමහ නමැති තරුණයා හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් ජනාධිපති පොදු සමාවක් යටතේ මුදාහැරීම බලරහිත කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය ... |
"පක්ෂව 103යි විරුද්ධව 59යි: විදුලි බල පනත වැඩි ඡන්ද 44කින් සම්මත වෙයි" | "දැඩි ආන්දෝලනයට ලක්වූ ශ්‍රී ලංකා විදුලි බල පනත් කෙටුම්පත වැඩි ඡන්ද 44කින් ඊයේ පාර්ලිමේන්තුවේදී සම්මත විණි. ඊයේ (06 දා) සවස දෙවැනි වර කියවීම අවසානයේදී පැවැති ඡන්ද විමසීමේදී සංශෝධන සහිතව මෙසේ සම්මත කරනු ලැබීය. පනතට පක්ෂව ඡන්ද 103ක්ද විපක්ෂව ඡන්ද 59 ක්ද ලැබිණි. පනත පිළිබඳ පාර්ලිමේන්තු විවාදය විදුලි බල හා බලශක්ති ඇමැති කංච... |
"ජූලි 01 සිට විදුලි බිල අඩු වෙන හැටි ඇමැති කංචන කියයි" | "ලබන මස (ජූලි) 01 වැනිදා සිට විදුලි බිල අඩු කිරීමට විදුලි බල මණ්ඩලය මහජන උපයෝගිතා කොමිසම වෙත යෝජනාව ඉදිරිපත් කර ඇති බව විදුලිබල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර මහතා ඊයේ (06දා) පාර්ලිමේන්තුවේදී පැවසීය. ඒ අනුව ගෘහස්ථ කාණ්ඩයේ පාරිභෝගිකයින්ට මෙන්ම ආගමික ස්ථාන සහ කුඩා කර්මාන්ත සඳහා ද මෙම සහනය ලබාදීමට නියමිත බවත් එම යෝජනාව අද... |
"දේශපාලනයට වඩා කලාවට ආදරය කළ රවීන්ද්‍ර විශිෂ්ට රංගධරයෙක් – ජනාධිපති රනිල් වික්‍රමසිංහ" | "රවීන්ද්‍ර රන්දෙණිය මහතා එදා දේශපාලනය කළත් ඔහුගේ කැමැත්ත තිබුණේ දේශපාලනයට වඩා රංගන කලාවටයි. එතුමා ශ්‍රී ලාංකීය සිනමාවට හා වේදිකාවට විශිෂ්ට මෙහෙවරක් කළ රංගධරයෙක් යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ප්‍රවීණ රංගවේදී රවීන්ද්‍ර රන්දෙණිය මහතා දශක 5ක් පුරා ශ්‍රී ලාංකීය සිනමාව උදෙසා සිදුකළ විශිෂ්ට සේවාව අගයමින් කොළඹ බ... |
"පනත හරහා කිසිවිටෙකත් විදුලිබලය පෞද්ගලීකරණය වන්නේ නෑ – විදුලිබල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර" | "මෙම පනත හරහා කිසිවිටෙකත් විදුලිබල ක්‍ෂේත්‍රය පෞද්ගලීකරණය කිරීමක් සිදු නොවන බව විදුලිබල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර මහතා ඊයේ (6 දා) පාර්ලිමේන්තුවේදී පැවසීය. විදුලිබල පනත් කෙටුම්පත දෙවැනි වර කියැවීමේ විවාදයට එක්වෙමින් ඇමැතිවරයා මේ බව පැවසීය. විවාදය ආරම්භ කරමින් කතා කළ ඇමැති කංචන විජේසේකර මහතා : සේවාවන් පවත්වාගෙන යෑමට... |
"කඩදාසිවලට සීමාවුණු පනත්වලින් කාන්තාවන්ගේ ජීවිත සංවර්ධනය වන්නේ නෑ – ආචාර්ය හරිනි අමරසූරිය" | "කඩදාසිවලට සීමාවුණු පනත්වලින් ගැහැනුන්ගේ ජීවිත සංවර්ධනය වෙන්නේ නැහැ යැයි ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය. ජාතික ජන බලවේගයේ පක්ෂ මුලස්ථානයේ පසුගියදා පැවති මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් අදහස් දැක්වූ ආචාර්ය හරිනි අමරසුරිය මෙසේද කීවාය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ පරිසර විශ්වවිද්‍යාලයක් ගැන ... |
"ජනපති රනිල් දේශපාලන කාර්යාලය විවෘත කරයි" | "ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය දේශපාලන කාර්යාලය ඊයේ (06දා) පෙරවරුවේ කොළඹදී සුබ මොහොතින් විවෘත කළේය. නව කාර්යාලය කොළඹ, සර් අර්නස්ට් ද සිල්වා මාවතේ පිහිටා ඇති අතර ඉදිරි දේශපාලන මෙහෙයුම් කටයුතු මෙම කාර්යාලය මගින් සිදු කිරීමට නියමිතය. නාරාහේන්පිට අභයාරාමාධිපති බස්නාහිර පළාත් ප්‍රධාන සංඝනායක කොළඹ විශ්වවිද්‍යාලයේ කුලපත... |
"සිසුවියන් ලක්ෂ 8කට සනීපාරක්ෂාව වෙනුවෙන්…" | "පාසල් සිසුවියන්ගේ සනීපාරක්ෂාව වර්ධනය කිරීම හා සවිබල ගැන්වීමේ වැඩසටහන යටතේ නොමිලයේ සනීපාරක්ෂක තුවා ලබා ගැනීම සඳහා වන තිළිණපත් බෙදාදීමේ සමාරම්භක උළෙල නාවල ජනාධිපති බාලිකා විද්‍යාලයේදී ඊයේ (06දා) සිදුවිය. මේ සඳහා රජය මගින් රුපියල් බිලියනයක මුදලක් වැය කරනු ලබයි. පාසල් සිසුවියන් ලක්ෂ 08ක් සඳහා මෙම තිළිණපත් ප්‍රදානය සිදුකෙර... |
"සහන කෝ… ගංවතුරේ බැහැගෙන විපක්‍ෂය – ප්‍රමිත සටනක" | "ඇති වූ ගංවතුර තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් ජනතාවට සහන සහ වන්දි ලබා දීම් ප්‍රමාදවීම සම්බන්ධයෙන් විපක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිපදෙනකු සහ ආරක්ෂක රාජ්‍ය ඇමැති ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා අතර පාර්ලිමේන්තුවේදී ඊයේ (06) බහින්බස්වීමක් සිදුවිය. එහිදී ඇතිවූ එම තත්ත්වය මෙසේය. හර්ෂණ රාජකරුණා මහතා- ඇතිවූ ගංවතුර නිසා විශාල විනාශයක් ස... |
"ශ්‍රීලනිප නව සන්ධානයේ මංගල රැලිය හෙට හම්බන්තොට" | "ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛව පිහිටුවා ගනු ලැබූ නව සන්ධානයේ මංගල රැලිය හෙට (8දා) සවස 2.00ට හම්බන්තොට නගරයේ දී පැවැත්වේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උපසභාපති හා ඇමැති මහින්ද අමරවීර මහතාගේ පූර්ණ මෙහෙය වීම මත මෙම ජන රැලිය පැවැත්වීමට කටයුතු යොදා ඇත. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ කරගත් නව සන්ධානයට සම්බන්ධ පාර්ලි... |
"ආනයන සීමා කාලේ දේශියව එකලස් කළ වාහන 44430ක් වෙළෙඳපොළට" | "ආනයන සීමා පැනවූ සමයේ දී මෙරට එකලස් කළ රථවාහන 44430ක් වෙළෙඳපොළට නිකුත් කර ඇතැයි මුදල් රාජ්‍ය ඇමැති ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා කියයි. යතුරු පැදි 38144ක් සහ කාර් රථ 6,286ක් ඒ අතර වන බව ඇමැතිවරයා පවසයි. දේශීය රථවාහන නිෂ්පාදකයන් පිරිසක් සමග ඊයේ (06) මුදල් අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාවක දී මෙම තොරතුරු අනාවරණ විය. රථවාහන ... |
"දශක ගණන් පැන්න හැඳුනුම්පත්වලට පාස්පෝට් නෑ" | "දශක කිහිපයකට පෙර නිකුත් කර ඇති වර්තමානයේ පුද්ගලයාගේ අනන්‍යතාව හඳුනාගත නොහැකි ජාතික හැඳුනුම්පත් සැලකිල්ලට ගෙන කිසිදු ආකාරයකින් ගුවන් ගමන් බලපත්‍ර සකස් නොකිරීමට ආගමන විගමන පාලකවරයා තීරණය කර ඇත. මේ අනුව එවැනි හඳුනාගත නොහැකි ඡායාරූප, අංක හා අක්ෂර මැකී ගිය ජාතික හැඳුනුම්පත් හිමි පුද්ගලයන් ගුවන් ගමන් බලපත්‍රය අයැදුම් කිරීමට... |
"මාලදිවයින් විදේශ කටයුතු ඇමැති හා මෙරට මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් අතර හමුවක්" | "මෙරට සංචාරයක නිරතව සිටින මාලදිවයින් විදේශ කටයුතු ඇමැති මූසා සමීර් මහතා සහ මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් මහතා අතර හමුවක් මහජන ආරක්ෂක අමාත්‍යංශයේදී සිදුකෙරිණි. මාලදිවයින් විදේශ කටයුතු රාජ්‍ය ඇමැතිනි ෂෙරීනා අබ්දුල් මහත්මිය ඇතුළු නියෝජිත පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ. ආගමන විගමන කටයුතු පිළිබඳව අමාත්‍යවරුන් දෙපළ අතර දීර... |
"පුංචි ඡන්දය පෙත්සම් විභාගය අවසන් තීන්දුව ඉදිරියේ" | "පසුගිය වසරේ මාර්තු 9 වැනිදා පැවැත්වීමට නියමිතව තිබූ පළාත් පාලන මැතිවරණය නොපැවැත්වීම අභියෝගයට ලක්කරමින් සමගි ජන බලවේගය, ජාතික ජන බලවේගය, විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය සහ පැෆරල් සංවිධානය විසින් ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගය ඊයේ (6දා) අවසන් කළ ශ්‍රේෂ්ඨාධිකරණය සිය අධිකරණයේ තීන්දුව ඉදිරියේ දී නිකුත් කිරීමට ... |
"සංශෝධන කළත් විදුලි පනත භයානකයි – වසන්ත බණ්ඩාර" | "ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිර්දේශ කර ඇති සංශෝධන සියල්ලම සිදුකළත්, යෝජිත විදුලිබල පනතේ ඇති භයානකකමට සහ මූලික හරයට බලපෑමක් සිදුනොවන බව දේශහිතෛෂි ජාතික ව්‍යාපාරයේ මහලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පැවසීය. ඒ මහතා ඒ පිළිබඳව සඳහන් කළේ ඊයේ (6දා) ආචාර්ය ඇන්.ඇම්. පෙරේරා මධ්‍යස්ථානයේදී ජාතික සංවිධාන එකමුතුව විසින් පවත්වන ලද මාධ්‍ය ... |
"සියඹලාපිටියගේ වත්තේ 400 වැනි පැළය හිටුවන්න ජනපති එයි" | "මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය මහතාගේ ගෙවත්තේ වගා කර ඇති ශ්‍රී ලංකාවට ආවේණික පලතුරු වගාවේ 400 වැනි පැළය ලෙස විවිධ පත්‍ර සහිත දෙහි පැළයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පෙරේදා (05දා) රෝපණය කරන ලදී. ඒ අවස්ථාවේදී ගෙවත්තේ රෝපණය කර ඇති දේශීය පලතුරුවල එකතුව ගැන ලියවුණු ග්‍රන්ථයක් ද ඇමැති රංජිත් සියඹලාපිටිය වි... |
"ගෑස් සහනය කොත්තුවෙන් එළියට" | "ගෑස් මිල පහත දැමීමත් සමග කොත්තු, ෆ්‍රයිඩ් රයිස්, බත් පාර්සලය, ෂෝටීස්, ප්ලේන්ටියක මිල පහත දැමීමට තීරණය කළ බව ආපනශාලා හා අවන්හල් හිමියන්ගේ සංගමය පවසයි. ඒ අනුව කොත්තු, ෆ්‍රයිඩ් රයිස්, බත් පාර්සලයක මිල රුපියල් 25කින් ද කෙටි ආහාරවල (රෝල්ස්, පැටිස්, වඩේ ඇතුළු ෂෝටීස්) මිල රුපියල් 10කින් ද ප්ලේන්ටියක මිල රුපියල් 10කින් ද අඩු ... |
"මොන බාධා ආවත් ඡන්දය තියන එක මැ.කො.ස. වගකීමයි – අගවිනිසුරු ජයන්ත ජයසූරිය" | "කොපමණ බාධා කුමන ආකාරයකින් උද්ගත වුව ද නිදහස් හා සාධාරණ මැතිවරණ පැවැත්වීම මැතිවරණ කොමිසමේ වගකීම බව අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඊයේ පැවසීය. ඒ ඉකුත් වසරේ මාර්තු 9 වැනිදා පැවැත්වීමට තිබූ පළාත් පාලන මැතිවරණය නොපැවැත්වීමෙන් මූලික අයිතිවාසිකම් කඩව ඇති බවට නිගමනය කරන ලෙස ඉල්ලා ගොනු කර ඇති පෙත්සම් කීපයක... |
"ඉන්දියාවේ රජුන් තනන්නෝ නීටිෂ් කුමාර් සහ චන්ද්‍රබාබු නායිඳු මෝදි ගමෙන් ප්‍රතික්ෂේප වෙලා" | "භාරතීය ජනතා පක්ෂය සමග එක්ව නව සන්ධාන රජයක් පිහිටු වීම සඳහා කටයුතු කරන බව අන්ද්‍රා තෙලිඟු දේශාම් පක්ෂයේ නායක චන්ද්‍ර බාබු නායිඳු මහතා ප්‍රකාශ කර ඇත. පසුගියදා පැවැති ඉන්දීය මහ මැතිවරණයෙන් අගමැති නරේන්ද්‍ර මෝදිගේ භාරතීය ජනතා පක්ෂයට තනිව දිනා ගැනීමට හැකිව ඇත්තේ ආසන 240ක් පමණි. 2019 වසරේ දී පැවැති ඉන්දීය මහ මැතිවරණයේ දී භා... |
"මෝදිට මැතිසබයේ සුබ පැතුම්" | "තුන්වැනි වරටත් ඉන්දීය අගමැති ධුරයට පත්වූ ශ්‍රී නරේන්ද්‍ර මෝදි මහතාට ශ්‍රී ලංකා රජය වෙනුවෙන් පාර්ලිමේන්තුවේදී ඊයේ (05 දා) දින අගමැති සහ විපක්ෂනායක සුබ පැතුම් එක් කළහ. එහිදී අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා මෙසේ පැවසීය. ඉන්දියාවේ තුන්වැනි වරටත් මහජන ඡන්දයෙන්, පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයෙන් අග්‍රාමාත්‍ය ධුරය සඳහා පත් භාරතී... |
"ජගත් පරිසර දිනය වෙනුවෙන්…." | "පාසල් පරිසර නියමුවන් අටදෙනකු වෙත සංකේතාත්මකව පදක්කම් පැළඳවීම සහ හොඳම හරිත දුම්රියස්ථාන දහයකට සහතික පත්‍ර පිරිනැමීම ඊයේ (05දා) පැවැති ජගත් පරිසර දින සැමරුම් උත්සවයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණි. එහිදී ජනාධිපතිවරයා විසින් සිසුන්ට පදක්කම් පැළඳවූ අයුරු." |
"උ/පෙළ නැවත සමීක්ෂණ අයැදුම් පත් ගැනීම 19දා තෙක්" | "උසස් පෙළ විභාගයේ 2023 (2024) ප්‍රතිඵල නැවත සමීක්ෂණ සඳහා ජුනි 19 වැනිදා දක්වා මාර්ගගත ක්‍රමයට අයැදුම්පත් කැඳවීමට විභාග දෙපාර්තමේන්තුව කටයුතු කරයි. එම දෙපාර්තමේන්තුව සිසුන්ට මෙසේ කියයි. ඔබට දැනට පරිශීලක ගිණුමක් පවතීනම් පද්ධතියට පිවිසීමේදී ඔබ අ.පො.ස. (උ/පෙළ) 2023 (2024) විභාගයට පෙනී සිටි විභාගය අංකය සහ ජාතික හැඳුනුම්පත් ... |
"යෝජිත විදුලි පනතට එරෙහිව ගම්මන්පිලලාත් විරෝධතාවක" | "දේශපාලන පක්ෂ කිහිපයක එකමුතුවෙන් සැදුම් ලත් “සර්වජන බලය”යෝජිත විදුලි පනතට විරෝධය පළ කරමින් ඊයේ (05දා) පාර්ලිමේන්තු වටරවුම අසල දී සාමකාමි විරෝධතාවක නිරත විය. උදය ගම්මන්පිල, ගෙවිඳු කුමාරතුංග, වෛද්‍ය පී. වීරසිංහ, මහාචාර්ය චන්න ජයසුමන, ජයන්ත සමරවීර යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ද ව්‍යවසායක දිලිත් ජයවීර මහතා ඇතුළු පිරිසක් ද ම... |
"රුසියානු හිටපු තානාපති අවුරුදු දෙකක් හැංගිලා හිටියේ ඇයි – ඇමැති සුසිල් ප්‍රේමජයන්ත" | "රුසියානු හිටපු තානාපති අවුරුදු 02ක් තිස්සේ හැංගිලා හිටියේ ඇයි කියලා අහන්න යැයි සභානායක, අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේමජයන්ත පාර්ලිමේන්තුවේ දී ඊයේ (05 වැනිදා) පැවසීය. ඒ මහතා ඒ බව කියා සිටියේ රුසියානු යුද්ධයට ගිය මෙරට සෙබළුන් යළි ගෙන්වා ගැනීමේ වැඩපිළිවෙළ සම්බන්ධයෙන් විපක්ෂය විසින් ආණ්ඩුවෙන් අසනු ලැබූ අවස්ථාවේදීය. එහිදී වි... |
"බුදුමඟට වසර 15යි" | "උපාලි පුවත්පත් සමාගමේ බෞද්ධ පුවත්පත වන, සෑම පුරපසළොස්වක පෝ දිනකම නිකුත් වන ‘බුදුමඟ මාසික ධර්ම සංග්‍රහය’ ජුනි 07දා (හෙට) 15 වැනි වසර සපුරයි. 2009 වසරේ ජුනි 07 වැනි දින බුදුමඟ පුවත්පතෙහි මංගල කලාපය එළිදැක්වුණේ එවකට දිවයින ඉරිදා සංග්‍රහයේ ද කතුවරයා වූ ගාමිණි සුමනසේකරයන්ගේ සංස්කාරකත්වයෙනි. ශ්‍රද්ධාවත් ප්‍රඥාවත් වඩවන සමබර ... |
"හැකියාව සහ විශ්වාසය මත ආර්ථිකය ඉදිරියට ගෙන ඒමට හැකි වුණා – ජනාධිපති රනිල් වික්‍රමසිංහ" | "අනෙක් නායකයන් ධාවන සපත්තු සොයන විට තමන් පාවහන් දමාගෙන ගොස් ආණ්ඩුව භාරගත් බවත් දේශපාලනය අනුව නොව හැකියාව සහ විශ්වාසය මත කටයුතු කිරීම නිසා පසුගිය දෙවසර තුළ මෙරට ආර්ථිකය ඉදිරියට ගෙන ඒමට හැකි වූ බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් ස... |
"ජනතාව අන්දවන්නේ නෑ කරන්න පුළුවන් දේ කොහොම හරි කරනවා – විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස" | "සක්වල හා හුස්ම වැඩසටහන්වලට වැය කරන මුදල් පක්ෂය ශක්තිමත් කරන්න යොදා ගත හැකි බවට ඇතැම් අය කිව්වත් අප සැවොම දේශපාලනයේ සැබෑ අර්ථය කුමක්ද කියා අවබෝධ කර ගත යුතු බවත් දේශපාලනය යනු දේශයට සේවය කිරීම මිස පක්ෂ ප්‍රවර්ධන නොවන බවත් එය පරිනතව කළ යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. විපක්ෂ නායකවරයා සජිත් ප්‍රේමදාස මහතා... |
""247,406 ක් තවමත් පීඩාවට"" | "දිස්ත්‍රික්ක 13කට තවදුරටත් බලපා තිබෙන ආපදා තත්ත්වය හේතුවෙන් පවුල් හැටපන්දහස් හත්සිය හැත්තෑහතක පුද්ගලයන් දෙලක්ෂ හතළිස් හත්දහස් හාරසිය හයදෙනකු ඊයේ (05දා) සවස වනවිටත් පීඩාවට පත්ව සිටි බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. පුද්ගල මියයෑම් 21ක්, පුද්ගල තුවාලවීම් 13ක්, අතුරුදන්වීම් 01ක්, පූර්ණ නිවාස හානි 41ක්, අර්ධ නිවාස හානි ... |
"අපේ රටේ තරුණ පරම්පරාවට දේශපාලනයේ සුක්කානම බාරදිය යුතුයි – අනුර කුමාර දිසානායක (ජාතික ජන බලවේගය)" | "අපේ රටේ තරුණ පරම්පරාවට දේශපාලනයේ සුක්කානම බාරදිය යුතුයැයි ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවසීය. ජාතික ජන බලවේගය සංවිධානය කළ කුරුණෑගල දිස්ත්‍රික් තරුණ සමුළුව අමතමින් ඒ මහතා පසුගියදා මේ බව පැවසීය. වැඩි දුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද කීය. මේ වනවිට අයහපත් කාලගුණික තත්වය හේතුකොටගෙන ආපදා තත්වයක් ඇතිවෙලා ත... |
"මහින්දානන්දගෙන් පහර කෑ ගුණතිලක රාජපක්‍ෂගෙන් පොලිසිය කටඋත්තර ගනී" | "ආණ්ඩු පක්‍ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමෙන් අනතුරුව මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයාගෙන් පහර කෑමට ලක්වූ බව කියන ගුණතිලක රාජපක්‍ෂ මහතාගෙන් ඊයේ (05දා) කොටුව පොලිසිය කටඋත්තර ලබාගත්තේය. මෙම සිදුවීම සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදුකරගෙන යන බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා දැනුවත් කිරීමට ද පොලිසිය ඊයේ (05දා) කටයුතු කර, එම... |
"දරු උපත් ප්‍රමාණය අඩුවෙලා – පළමු ශ්‍රේණියට අයැදුම්පත් ලැබීම අඩුවීම තුළ මානව සම්පත කළමනාකරණය කළ යුතුයි – සභානායක හා අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේමජයන්ත" | "වසරකට 3,30,000ක් වූ දරු උපත් ප්‍රමාණය මේ වනවිට ලක්‍ෂ තුනකට පමණ අඩුවී ඇති නිසා ඉදිරියේ දී පළමු ශ්‍රේණියට අයැදුම්පත් ලැබීම අඩුවන බැවින් මානව සම්පත නිසි ආකාරයට කළමනාකරණ්‍ය කිරීමට සිදුවන බව සභානායක හා අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහතා ඊයේ (5 දා) පාර්ලිමේන්තුවේ දී පැවසීය. අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ ගැටලු සම්බන්ධයෙන් පාර්ලිම... |
"දරු උපත් ප්‍රමාණය අඩුවෙලා – පළමු ශ්‍රේණියට අයැදුම්පත් ලැබීම අඩුවීම තුළ මානව සම්පත කළමනාකරණය කළ යුතුයි – සභානායක හා අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේමජයන්ත" | "වසරකට 3,30,000ක් වූ දරු උපත් ප්‍රමාණය මේ වනවිට ලක්‍ෂ තුනකට පමණ අඩුවී ඇති නිසා ඉදිරියේ දී පළමු ශ්‍රේණියට අයැදුම්පත් ලැබීම අඩුවන බැවින් මානව සම්පත නිසි ආකාරයට කළමනාකරණ්‍ය කිරීමට සිදුවන බව සභානායක හා අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහතා ඊයේ (5 දා) පාර්ලිමේන්තුවේ දී පැවසීය. අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ ගැටලු සම්බන්ධයෙන් පාර්ලිම... |
"වෛද්‍ය චමල් සංජීවට ජයරුවන් බණ්ඩාරට අලුත් තනතුරු" | "කනිෂ්ඨ රෝහල් පරිපාලන අධ්‍යක්‍ෂ තනතුර ලබාදීමේ ලේඛනයට විශේෂඥ වෛද්‍යවරුන් වන චමල් සංජීව හා ජයරුවන් බණ්ඩාර යන මහත්වරුන්ගේ නම් නිර්දේශ කිරීමට සෞඛ්‍ය ලේකම්වරයා පියවර ගෙන ඇත. අදාළ තනතුරු ලබාදීමේ වෛද්‍යවරුන්ගේ නාම ලේඛනයට ඉහත වෛද්‍යවරුන්ගේ නම් ඇතුළත් කර ඔවුන්ගේ ලකුණු අනුපිළිවෙළට ප්‍රකාශයට පත් කිරීමට ද ලේකම්වරයා කටයුතු කර ඇත. ඒ... |
"මෛත්‍රිට උසාවිය සති දෙකක් දෙයි" | "ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම්වරයා ලෙස කටයුතු කළ නීතිඥ දයාසිරි ජයසේකර මහතාගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කරමින් එම පක්ෂයේ හිටපු සභාපති මෛත්‍රිපාල සිරිසේන මහතා නිකුත් කර තිබූ ලිපිය ඉල්ලා අස්කර ගන්නේ ද නැති ද යන තීරණය දැනුම්දීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (05දා) මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රමුඛ වගඋත්තරකරුවන්ට සති දෙකක කාලයක් ... |
"රනිල් වගඋත්තරකරු කර සජබ ශ්‍රේෂ්ඨාධිකරණයට" | "රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට ඇති ආර්ථික ප්‍රතිසංස්කරණ පනත් කෙටුම්පත ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට නිගමනය කරන ලෙස ඉල්ලා, සමගි ජන බලවේගය පක්‍ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා ඊයේ (05දා) ශ්‍රේෂ්ඨාධිකරණයට විශේෂ පෙත්සමක් ගොනු කළේය. නීතිඥ සම්පත් විජේවර්ධන මහතා මගින් ගොනුකර ... |
"ලයිට් කපපු ගෙවල්වලින් වැඩිපුර ගත් කෝටි 30 මාස 3ක් ඇතුළත යළි දෙන්න – මහජන උපයෝගිතා කොමිසම" | "මහජනතාවගේ විදුලි විසන්ධි කර නැවත එම සම්බන්ධතා ලබාදීමේදී වැඩිපුර අයකළ රුපියල් තිස් කෝටි පනස්හය ලක්‍ෂ පනස්තුන් දහසක පමණ මුදල, මාස තුනක් ඇතුළත එක් අයකුට රුපියල් 2200 බැගින් ගෙවන ලෙස මහජන උපයෝගිතා කොමිසම විදුලිබල මණ්ඩලයට ලිඛිතව දැනුම්දී ඇත. විදුලි විසන්ධි කිරීමකදී එය නැවත ලබාදීමට අයකරන ගාස්තුව, පසුගිය මාර්තු 5 වැනිදා සිට ... |
""ඩෙංගු රෝගීහු 25,222ක්"" | "මෙම වසරේ (2024) ගත වූ මාස 5 තුළ දිවයිනෙන්ම ඩෙංගු රෝගීන් විස්පන්දහස් දෙසිය විසිදෙනකු වාර්තා වී ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි. මෙම කාලසීමාවේදී ඩෙංගු මරණ 09ක් වාර්තා වන බවද එම එම ඒකකය කියයි. වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වනුයේ බස්නාහිර පළාතෙන් බවත්, එම සංඛ්‍යාව 9190ක් බවත් එම ඒකකය පවසයි. ඉදිරියේදී මෝසම් වැසි ... |
"උමාඔයට ජවිපෙ බාධා කිරීම් නිසා බිලියන 63ක පාඩුවක් වුණා – ඇමැති කංචන විජේසේකර" | "ජනතා විමුක්ති පෙරමුණේ සමන්ත විද්‍යාරත්න ඇතුළු ක්‍රියාකාරීන් උමා ඔය ව්‍යාපෘතියට එරෙහිව ක්‍රියා කිරීම හේතුවෙන් විදුලි බල මණ්ඩලයට වසරකට බිලියන 09 බැගින් දළ වශයෙන් රුපියල් බිලියන 63ක පමණ පාඩුවක් සිදුව තිබෙනවා යැයි විදුලි බල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (05) පැවසීය. එම පිරිස කඩාකප්පල්කාරී ලෙස වි... |
"චක්‍රලේඛයකින්ම විසඳුම් එනතුරු සරසවි අනධ්‍යයන වර්ජනය දිගටම" | "විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවක ගැටලුවලට විසඳුම් ලබාදෙන බවට චක්‍රලේඛයක් මගින් ලිඛිතව දැනුම් දෙනතුරු වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය තවදුරටත් ක්‍රියාත්මක කරන බව අන්තර් විශ්වවිද්‍යාල වෘත්තීය සමිති මහා සම්මේලනයේ භාණ්ඩාගාරික ටී. ඒ. ඩී. සුරංජීව මහතා ‘දිවයින’ට ඊයේ (05දා) පැවසීය. මෙම වැඩ වර්ජනය ඊයේ 34 වැනි දිනයටත් ක්‍රියාත්මක කෙරුණු... |
"විදුලිබල පනත ව්‍යවස්ථාවට පටහැනියි" | "ආණ්ඩුව විසින් ඉදිරිපත් කර තිබෙන විදුලිබල පනත් කෙටුම්පත සමස්තයක් ලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) ව්‍යවස්ථාවට නොගැළපෙන අතර එය සම්මත කළ යුත්තේ පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයෙන් (තුනෙන් දෙකකින්) පමණක් බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට ඊයේ (06දා) නිවේදනය කළේය. එම පනතේ 48 වැනි වගන්තිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ... |
"විදුලිබල පනත විවාදයට විපක්ෂය දින දෙකක් ඉල්ලයි – ආණ්ඩුව බැහැ කියයි" | "විදුලිබල පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දුන් තීන්දුව පිළිබඳව තවදුරටත් අධ්‍යයනය කිරීමට සහ විවාද කිරීමට දින දෙකක් ලබා දෙන්නැයි විපක්ෂය විසින් කරන ලද ඉල්ලීම් හේතුවෙන් ඊයේ (04දා) පෙරවරුවේ සභාවේ උණුසුම් තත්ත්වයක් ඇති විය. මෙහිදී මතු වූ සංවාදයන් මෙසේය. ලක්ෂ්මන් කිරිඇල්ල මහතා – අද නඩු තීන්දුව ආ පසු ඒක අ... |
"මෝදිට බලය ලැබුණත් පාර්ලිමේන්තුවේ බහුතරය අහිමි වන ලකුණු" | "අදියර හතකින් පැවති ඉන්දීය මහ මැතිවරණයේ ඊයේ (04දා) සවස වන විට නිකුත් වී තිබූ ඡන්ද ප්‍රතිඵලවලට අනුව ඉන්දීය අගමැති නරේන්ද්‍ර සිං මෝදි ගේ නායකත්වයෙන් යුතු භාරතීය ජනතා පක්ෂය තෙවැනි වරටත් බලයට පත් වන ලකුණු පහළ වී ඇතත් වසර 10ක කාලයක් මුළුල්ලේ එම පක්ෂය විසින් රඳවාගෙන සිටි පාර්ලිමේන්තුවේ බහුතර බලය මෙවර අහිමි වන ලකුණු පහළ වී ඇත... |
"ආර්ථික පරිවර්තන පනතට සහාය දීම සියලු දෙනාගේ වගකීමක් – ජනාධිපති රනිල් වික්‍රමසිංහ සින්නක්කර ඔප්පු හා සහල් බෙදා දෙමින් කියයි" | "ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන එකඟතාවන් කඩකළහොත් නැවත රට ආපස්සට යන බවත් එබැවින් එම සියලු එකඟතාවන් නීති ගත කරමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පතට සහාය ලබාදීම සියලුදෙනාගේ වගකීම බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ කරවනැල... |
"කැලඹුණු කාලගුණය ජීවිත 26 ක් බිලි අරන් – රාජ්‍ය ඇමැති ප්‍රමිත බණ්ඩාර කියයි" | "අයහපත් කාලගුණ තත්ත්වයෙන් ඇතිවූ ආපදා හේතුවෙන් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 262ක පවුල් 33,422කට අයත් පුද්ගලයින් 130,021 කට අධික සංඛ්‍යාවක් ආපදාවට ලක්ව ඇති අතර මරණ 26ක් සහ තුවාල ලැබීම් 41ක් වාර්තා වී ඇති බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (4දා) ප්‍රකාශ කළේය. එමෙන්ම ඇතැම් ප්‍රදේශවල දැන... |
"වක්‍රලේඛ නොබලා විපතට පත් ජනතාවට සහන දෙන්න – සජිත් රජයෙන් ඉල්ලයි" | "ජීවන වියදම වැඩි වී ඇති මොහොතක පැරණි චක්‍රලේඛවල සඳහන් මුදල් ප්‍රතිපාදන පාදක කර ගනිමින් ආපදා සහන ලබාදෙනවා වෙනුවට ප්‍රායෝගික ලෙස සහන ලබා දෙන්නැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (04 දා) ඉල්ලීමක් කළේය. ලක්ෂ සංඛ්‍යාත ජනතාව ගංවතුර නිසා ආපදා රැසකට මුහුණ දී ඇති බවත් මේ ජනතාව වෙනුවෙන් දිවා රෑ නොබලා සේවය ක... |
"ගෑස් මිල බස්සයි" | "ලිට්‍රෝ ගෑස් මිල අද (05දා) සිට අඩු කර තිබේ. ඒ අනුව කිලෝ ග්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයක් රුපියල් 150කින් අඩු කර ඇති අතර එහි නව මිල රුපියල් 3790කි. එසේම කිලෝග්‍රෑම් 5ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 60කින් අඩු කර ඇති අතර එහි නව මිල රුපියල් 1525කි. කිලෝග්‍රෑම් 2.3ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 28කින් අඩුකර ඇති අතර ඒ අනුව එහි ... |
"ලෝක පරිසර දිනය අද" | "ලෝක පරිසර දිනය අදට (05දාට) යෙදී තිබේ. ‘Land Restoration, desertification and drought resilience’ යන්න මෙවර පරිසර දින තේමාවයි. එය ‘ඵලදායී භූමි පරිහරණයෙන් සුවදායී දෙරණක්’ ලෙස පරිසර අමාත්‍යාංශය මගින් සිංහලට නගා ඇත. මතු පරපුර වෙනුවෙන් පරිසරය සංරක්ෂණය කිරීම පිළිබඳව ලෝක වාසී ජනතාව දැනුවත් කිරීමට සහ දිනෙන් දින පැනනගින ගෝලීය ... |
"වැස්සත් සමග බෝවන රෝගත් හිස ඔසවයි – විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා" | "පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය සහ ගංවතුර තත්ත්වයත් සමග පාචනය, අතීසාරය, උනසන්නිපාතය, ඉන්ෆ්ලුවෙන්සා වැනි රෝග තත්ත්වයන් දරුවන්ට මෙන්ම වැඩිහිටියන් අතර ද ව්‍යාප්ත වීමේ වැඩි අවදානමක් ඇතැයි බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා “දිවයින” ට ඊයේ (04දා) පැවැසීය. එසේම ජල ගැලීම් තත්ත්වයත් සමග මී උ... |
"කාන්තාවන් උදෙසා ජාතික කොමිෂන් සභාවක් පිහිටුවීම සමස්ත කාන්තා පරපුරම ලැබූ ජයක් – රාජ්‍ය ඇමැතිනී ගීතා කුමාරසිංහ" | "කානත්ාවන්ගේ අයිතිවාසිකම් රැකගැනීම හා අභිවෘද්ධිය උදෙසා මුල්ම වරට ජාතික කොමිෂන් සභාවක් පිහිටුවීමට හැකිවීම සමස්ත කාන්තා පරපුරට ලැබුණු මහත් ශක්තියක් බව කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය ඇමැතිනී ගීතා කුමාරසිංහ මහත්මිය පැවැසුවාය. කාන්තාවන් සවිබල ගැන්වීමේ පනත් කෙටුම්පත පිළිබඳ දෙවන වර කියවීමේ විවාදය ආරම්භ කරමින් රාජ්‍ය ඇමැතිනිය මේ ... |
"ආර්ථික ප්‍රතිසංස්කරණ පනත ව්‍යවස්ථාවට පටහැනි බවට නිගමනය කරන්න – දේශපාලන පක්‍ෂ හා සිවිල් සංවිධානවලින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් 5ක්" | "රජය විසින් ආර්ථික ප්‍රතිසංස්කරණය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට නිගමනය කරනා ලෙස ඉල්ලා ජනමාධ්‍ය සංවිධාන, ප්‍රධාන පෙළේ වෘත්තීය සමිති, සමගි ජන බලවේගය පක්‍ෂයේ සමගි සේවක සංගමය හා දේශපාලන සංවිධාන කිහිපයක් ඊයේ (04දා) ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් 5ක් ඉදිරිපත් කළහ. තරුණ ජනමාධ්‍ය... |
"බාල බෙහෙත් නඩුව: වෛද්‍ය සැපයුම් අංශ අධ්‍යක්ෂගේ රිට් පෙත්සම ගැන තීන්දුව ජූලි 10දා" | "ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් සෞඛ්‍ය අමාත්‍යාංශයට සැපයීම ඇතුළු ඖෂධ වංචාව සම්බන්ධයෙන් පවරා ඇති නඩුවේ දෙවන සැකකාර වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය කපිල වික්‍රමනායක මහතා විසින් ගොනුකර ඇති රිට් ආඥා පෙත්සම සම්බන්ධයෙන් නියෝගය ලබන ජූලි 10 වැනිදා නිකුත් කිරීමට අභියාචනාධිකරණය ඊයේ (04දා) දින නියම කළේය. එම පෙත්සම අභියාචන... |
"ඉඩම් කොමසාරිස් ජනරාල්ගේ පෙත්සම් විභාගය නිම වන තෙක් RMV නි. කොමසාරිස් ජනරාල් ඇතුළු 7කට එරෙහි අල්ලස් නඩුව අත්හිටුවයි" | "පරිගණක දත්ත වෙනස් කොට ත්‍රිරෝද රථයක අංකය යටතේ රුපියල් කෝටි ගණනක් වටිනා මිනිකූපර් වර්ගයේ සුඛෝපභෝගී මෝටර් රථයක් ලියාපදිංචි කිරීම හා ඒ සඳහා ආධාර අනුබල දීම ඇතුළු අධිචෝදනා 60ක් යටතේ මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස් ජනරාල්වරයකු ඇතුළු විත්තිකරුවන් හත්දෙනකුට එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් ... |
"ශ්‍රීලනිපයේ හිටපු සභාපති මෛත්‍රිපාල සිරිසේන අතින් පත්වීම් ලැබූ 122 දෙනකුට නැවත එය තහවුරු කරමින් පත්වීම් දෙයි" | "ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ හිටපු සභාපති මෛත්‍රිපාල සිරිසේන මහතා අතින් පත්වීම් ලැබූ දිස්ත්‍රික් හා ආසන සංවිධායකවරු 122 දෙනකු නැවත එම තනතුර තහවුරු කරමින් වත්මන් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ වැඩ බලන සභාපති ලෙස පත්වූ ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා අතින් පත්වීම් ලබා ගත්හ. මේ වනවිට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ඇතිවී තිබෙන දේශපා... |
"කර්මාන්තය කරගෙන යන්නෙත් අමාරුවෙන් දවසකට 1750ක් ගෙවන්න අමාරුයි – පෞද්ගලික තේ කම්හල් හිමියන්ගේ සංගමයේ සභාපති" | "“මේ වෙලාවේ වතු කම්කරුවකුට දිනකට 1750ක් ගෙවන්න අමාරුයි. ඒක අපිටත් ඔරොත්තු දෙන්නේ නැහැ. දරා ගන්නත් අමාරුයි…” යැයි පෞද්ගලික තේ කර්මාන්තශාලා හිමියන්ගේ සංගමයේ සභාපති ලයනල් හේරත් මහතා “දිවයින” ට ඊයේ (04දා) පැවැසීය. එම සේවකයන් සේවයට පැමිණීම අනුව සාධාරණයක් ඉටු කළ හැකි බව පැවැසූ ඒ මහතා වැඩිදුරටත් මෙසේ ද කීය. “රජය කියන විදිහට අ... |
"මහවැස්සෙන් අසූහතර දහසක් විපතේ – මරණ 16ට නගී" | "දිස්ත්‍රික්ක 20කට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මරණ 16ක් ද පවුල් 21,353ක පුද්ගලයන් 84,749ක්ද පීඩාවට පත්ව ඇතැයි ආරක්ෂක රාජ්‍ය ඇමැති ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා ඊයේ (03දා) පැවසීය. රත්නපුර මරණ 05ක්, කොළඹ මරණ 03ක්, ගාල්ල මරණ 2ක් සහ මාතර මරණ 06ක් වාර්තා වී ඇතැයි ද ඊයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය ... |
"ජාතික පාසල් 4ක විදුහල්පති ධුරවලට ඉහළම ලකුණු ගත් සුදුස්සන් පත් කරන්න" | "ජාතික පාසල් 34ක පැවැති පුරප්පාඩු පිරවීම සඳහා මේ වනවිටත් පවත්වා ඇති සම්මුඛ පරීක්ෂණවලින් ඉහළ ලකුණු ලබාගත් විදුහල්පතිවරුන් සිවුදෙනකු කොළඹ රාජකීය, කොළඹ මහානාම, මොරටුව වේල්ස් කුමර හා කුලියාපිටිය මධ්‍ය මහා විද්‍යාලයට පත් කිරීමට නියෝගයක් කරන්නැයි ඉල්ලා ලංකා ගුරු සංගමය හා එහි මහ ලේකම් ජෝශප් ස්ටාලින් මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලි... |
"විපතට පත් ජනතාවගේ සුවදුක් විමසීමට ජනපති යයි" | "ගං වතුර පාලනය කිරීම සඳහා කැලණි ගං මිටියාවතේ නව ඉදිකිරීම් සඳහා අවසර නොදෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය. එම ප්‍රදේශ ආශ්‍රිතව අනවසර ගොඩකිරීම් ද වහාම නැවැත්වීමට පියවර ගන්නා ලෙසත්, මුල්ලේරියාව සහ IDH රෝහල් වෙනත් ස්ථානයකට ගෙන යෑමටත් ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් දුන්නේය. අයහපත් කාලග... |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.