Title stringlengths 9 246 | Content stringlengths 3 62.9k |
|---|---|
"ජුලි චන්ග් මැ.කො.ස.ට: ඡන්ද ගැන කරුණු අසයි" | "මෙරට ඇමරිකානු තානාපති ජුලි චන්ග් මහත්මිය ඊයේ (29 දා) රාජගිරියේ පිහිටි මැතිවරණ කොමිසම වෙත ගොස් මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා හමුවී සාකච්ඡාවක් පවත්වා ඇත. ඉදිරියේදී පැවැත්වීමට නියමිත මැතිවරණ සම්බන්ධයෙන් තොරතුරු විමසීමට ඇය එහි ගොස් ඇත.මැතිවරණ පැවැත්වීමේදී මතුව ඇති ගැටලුකාරී සිදුවීම් සම්බන්ධයෙන් තානාපත... |
"උසස් පෙළ ප්රතිඵල හෙට" | "2023 උසස් පෙළ විභාගයේ ප්රතිඵල හෙට (31දා) දිනයේදී ලබාදීමට උත්සාහ කරන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පැවසීය. ශිෂ්යත්ව සහ සාමාන්ය පෙළ විභාගයේදී සිසුන් දිවයිනෙන් සහ දිස්ත්රික්කවලින් ලබාගන්නා ස්ථානය ප්රකාශයට පත් නොකෙරුණත් උසස් පෙළ විභාගයේදී සිසුන් දිවයිනෙන් සහ දිස්ත්රික්කයෙන් ලබාගන්නා ස්ථානය ප්රකාශ කෙ... |
"අධ්යාපනය පෞද්ගලීකරණය නොකරනු!" | "අධ්යාපනය පෞද්ගලීකරණයට හා ජාතික සම්පත් විකිණීමට එරෙහිව වෘත්තීය සමිති, බහුජන සංවිධාන හා ශිෂ්ය සංගම් ඒකාබද්ධව ඊයේ (29දා) දහවල් කොළඹ, කොටුව දුම්රියපළ ඉදිරිපිටදී පැවැත්වූ උද්ඝෝෂණයේ අවස්ථාවකි. ඡායාරූපය – කමල් බෝගොඩ" |
"ජනපතිවරණයට ඉදිරිපත්වන කිසිවකු විධායක බලතල අහෝසි කරනවා යැයි ප්රකාශ කර නෑ" | "ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන බව පවසන කිසිදු අපේක්ෂකයෙකු විධායක බලතල අහෝසි කරනවා යැයි මෙතෙක් ප්රකාශ කර නැති බවත් ජනාධිපති ධූරය සතු විධායක බලය නිසා ශ්රී ලංකාවේ ආර්ථිකය ගොඩනැඟීමටත් තිස්වසරක යුද්ධය නිමා කිරීමටත් හැකි වූ බව ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා පැවසීය. මේ බව සඳහන් කර සිටියේ තරුණ නීති වෘත්තිකයන් සමග නීති ප්රත... |
"ජොනීට එරෙහිව අනුර සාක්ෂි දෙයි" | "පාර්ලිමේන්තු මන්ත්රී ජොන්ස්ටන් ප්රනාන්දු මහතාගෙන් රුපියල් මිලියන 500ක වන්දියක් අයකර දෙන ලෙස ඉල්ලා ජාතික ජනබලවේගය පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්රී අනුර කුමාර දිසානායක මහතා විසින් ගොනුකර තිබූ නඩුවේ පැමිණිල්ලේ වැඩිදුර විභාගය ලබන ඔක්තෝබර් 24 වැනිදා දක්වා කල්තැබීමට කොළඹ ප්රධාන දිසා විනිසුරු සඳුන් විතාන මහතා ඊයේ (29දා) ... |
"ලංවිම විකුණන්නේ නැතිව සහන දෙන්න පුළුවන් – ඉංජිනේරු සංගමය කියයි" | "විදුලි ඒකකයක මිල අඩු කර පාරිභෝගිකයාට සහන සැලසීමට විදුලිය පෞද්ගලීකරණයට ලක් කළ යුතු බවට රජය යෝජනා කළත්, බල ශක්ති ක්ෂේත්රය රාජ්ය අංශයේ ම තබා ගනිමින්, රාජ්ය සමාගම් තුළ තරගකාරීත්වයක් ඇති කරමින්, විදුලි පාරිභෝගිකයාට විශාල ලෙස සහන ලබාදීමේ හැකියාව පවතින බව ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමය සඳහන් කළේය. ලංකා විදුලිබල මණ්ඩලය... |
"ශ්රී ලංකාවේ ආගමන විගමන පද්ධතිය වැඩිදියුණු කිරීමට සිංගප්පූරුවේ සහය" | "සිංගප්පූරුවේ ආගමන විගමන පරීක්ෂක අධිකාරියේ හයදෙනෙකුගෙන් යුත් නියෝජිත පිරිසක් සතියක කාලයක් ශ්රී ලංකාවේ සංචාරයක නිරතව සිටී. මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් මහතා සිංගප්පූරුවේ ස්වදේශ කටයුතු හා නීතිය පිළිබඳ ඇමැති කේ. ෂන්මුගම් මහතාගෙන් කරන ලද ඉල්ලීමකට අනුව එම කණ්ඩායම මෙරටට පැමිණ තිබේ. සිංගප්පූරුවට සමාන ප්රමිතීන් සාක්ෂාත් කර ... |
"අමරවීරලාගේ තනතුරු ගැලවීමට එරෙහි වාරණය දීර්ඝ කෙරේ" | "ශ්රී ලංකා නිදහස් පක්ෂයේ ජ්යෙෂ්ඨ උප සභාපති මහින්ද අමරවීර, භාණ්ඩාගාරික ලසන්ත අලගියවන්න හා ජාතික සංවිධායක දුමින්ද දිසානායක යන මහත්වරුන් එම තනතුරුවලින් ඉවත් කිරීම වළක්වමින් තම අධිකරණය විසින් නිකුත් කොට තිබූ වාරණ නියෝගය ලබන 12 වැනිදා දක්වා තවදුරටත් දීර්ඝ කිරීමට කොළඹ ප්රධාන දිසා විනිසුරු සඳුන් විතාන මහතා ඊයේ (29දා) නියෝග... |
"වගකීමක් නැති ප්රකාශවලින් රට කළඹන්න ඉඩ දෙන්නේ නෑ" | "වගකීමක් නැති ප්රකාශවලින් රට කලඹන්න ඉඩ නොදෙන බවත් ආණ්ඩුක්රම ව්යවස්ථාව අනුව ජනාධිපතිවරණය පැවැත්වෙන බව අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය. අගමැතිවරයා මේ බව සඳහන් කළේ කොළඹ, ජාතික පුස්තකාල ප්රලේඛන සේවා මණ්ඩලයේදී මාර්ටින් වික්රමසිංහ ජන ජීවිතය හා ලේඛන කලාගාරය සුවිශේෂ මැදිරිය විවෘත කිරීමේ අවස්ථාවට ඊයේ (29) එක්වෙමිනි. එහි... |
"වයස 55 පිරුණු සියලුම ශ්රමිකයන්ට සමාජ ආරක්ෂණ ප්රතිලාභ ලබාදෙනවා" | "විවිධ කර්මාන්තවල සේවයේ යෙදෙන වයස අවුරුදු 55 සපිරුණු සියලු ශ්රමිකයන්ට සමාජ ආරක්ෂණ ප්රතිලාභයක් ලබාදිය හැකි වන පරිදි සකස් කෙරුණු යෝජනාවට කැබිනට් අනුමැතිය හිමි වී තිබෙන බව කම්කරු සහ විදේශ රැකියා ඇමැති මනූෂ නානායක්කාර මහතා පැවසීය. ‘ගරුසරු’ වැඩසහනට සමගාමීව සකස් කෙරෙන මෙම ක්රියාවලිය සඳහා නීතිමය ප්රතිපාදන සකස් කිරීම ද මේ ... |
"වයස 55 පිරුණු සියලුම ශ්රමිකයන්ට සමාජ ආරක්ෂණ ප්රතිලාභ ලබාදෙනවා" | "විවිධ කර්මාන්තවල සේවයේ යෙදෙන වයස අවුරුදු 55 සපිරුණු සියලු ශ්රමිකයන්ට සමාජ ආරක්ෂණ ප්රතිලාභයක් ලබාදිය හැකි වන පරිදි සකස් කෙරුණු යෝජනාවට කැබිනට් අනුමැතිය හිමි වී තිබෙන බව කම්කරු සහ විදේශ රැකියා ඇමැති මනූෂ නානායක්කාර මහතා පැවසීය. ‘ගරුසරු’ වැඩසහනට සමගාමීව සකස් කෙරෙන මෙම ක්රියාවලිය සඳහා නීතිමය ප්රතිපාදන සකස් කිරීම ද මේ ... |
"225ම කැමති වුණත් ජනාධිපතිවරණය කල් දාන්න බෑ – ජී.එල්. පීරිස්" | "පාර්ලිමේන්තුවේ මන්ත්රීවරුන් 225ම කැමැති වුවත් ජනාධිපතිවරණය කල් දැමීම කිසිවකුට කළ නොහැකි යැයි නිදහස ජනතා සභාවේ සාමාජික පාර්ලිමේන්තු මන්ත්රී මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා ඊයේ (29 දා) පැවසීය. ජනාධිපතිවරයා නොදැනුවත්ව ඔහුගේ පක්ෂයෙන් මෙවැනි ප්රකාශ නිකුත්කිරීම පිළිකුළෙන් හෙළාදකින බවත් ඔහු කීය. මැතිවරණයට ඇති බිය නිසා ආණ්ඩුව... |
"කම්කරුවන්ට රු.1700 නොදෙන වතු රජයට පවරා ගන්නවා" | "රජය මගින් වතු කම්කරුවන්ට වැඩි කළ රු. 1700 වැටුප ගෙවීමට වතු සමාගම් අපොහොසත් වුවහොත් එම වතු සමාගම් යළි රජයට පවරාගෙන වෙනත් සමාගම්වලට එම වතු බදු පදනම මත ලබාදීමට ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා පියවර ගැනීමට කටයුතු කරන බව ලංකා කම්කරු කොන්ග්රසයේ මහ ලේකම් සහ ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන ඇමැති ජීවන් තොණ්ඩමන් මහතා ප... |
"හොරෙන් රන් ගෙන ආ ආයතන පහකට කෝටි 124ක් දඩ" | "මේ වසරේ (2024) මේ දක්වා කාලයේදී මෙරටට නීති විරෝධී ලෙස රන් ආනයනය කළ ආයතන පහක් හඳුනාගෙන ඇති බවත් එම ආයතන පහ සඳහා රු. මිලියන 1243ක (කෝටි 124කට අධික) දඩ නියම කළ බවත් මුදල් රාජ්ය ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. මේ ආයතන පහ අතරින් එක් ආයතනයකට රු.මිලියන 179ක දඩ මුදලක් නියම වූ බව ද ඇමැතිවරයා කියයි. ඉදිරියේදී රත්රන් ආනයනය... |
"රංගෙගේ කතාවට එරෙහිව සිරිකොත ළඟ විරෝධතා" | "ජනාධිපතිවරණය හා මහමැතිවරණය කල් දැමිය යුතු බවට එජාප මහ ලේකම් පාලිත රංගෙ බණ්ඩාර මහතා කර ඇති ප්රකාශයට විරෝධය පළ කරමින් පිටකෝට්ටේ එජාප සිරිකොත මූලස්ථානය ඉදිරිපිට ජන අරගල ව්යාපාරය ඊයේ විරෝධතාවක් පැවැත්විය." |
"යල කන්නයට හෙක්ටයාර් එකකට රු. 15000ක් දෙන්න කැබිනට් පත්රිකාවක්" | "2024 යල කන්නයේ වී වගා කටයුතු කිරීමේ දී ගොවි ජනතාවට ලබාදෙන වගා සහනාධාර වශයෙන් මේ වනවිට රුපියල් බිලියන 2.5ක මුදලක් ගොවි ගිණුම්වලටම යොමු කිරීමට ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇතැයි කෘෂිකර්ම අමාත්යංශය පවසයි. ඒ අනුව ගොවීන් 213,771ක් සඳහා රුපියල් බිලියන 2.5කට අධික මුදලක් මේ වනවිට ගොවි ගිණුම් ගතකර ඇතැයි සඳහන් කරයි.... |
"නොතිබූ තනතුරක් ස්ථාපිත කළාට හිටපු ඇමැති පියංකරට නඩු" | "හිටපු සිවිල් ගුවන් සේවා ඇමැති පියංකර ජයරත්න හා ඔහුගේ පෞද්ගලික ලේකම්වරයා ලෙස කටයුතු කළ බාලමානගේ දයාවංශ යන මහත්වරුන්ට එරෙහිව අධිචෝදනා ගොනු කරමින් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව, කොළඹ මහාධිකරණය හමුවේ නඩු පවරනු ලැබීය. 2011.08.10 වැනිදා හා 2012.12.03 වැනිදා කාලය අතරතුරදී පියංකර ජයරත්න මහතා සිවිල් ගුවන් සේවා ඇමැතිවරයා ... |
"ඩයනා උසාවියෙන් තව දින ඉල්ලයි" | "තමන්ගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීමට සමගි ජන බලවේගය ගත් තීරණය අභියෝගයට ලක්කරමින් හිටපු රාජ්ය ඇමැතිනි ඩයනා ගමගේ මහත්මිය විසින් ගොනු කර ඇති පෙත්සම ඉල්ලා අස්කර ගන්නේ ද නැති ද යන කරුණ අධිකරණයට දැනුම්දීම සඳහා තවදුරටත් දින අවශ්ය බව ඇය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ පයිසර් මුස්තාපා මහතා ඊයේ (29දා) ශ්රේෂ්ඨාධිකරණයට දැනු... |
"නාවික හමුදා රෝහලේ රථ ගාලේ තිබූ කැබ්රිය පන්නා විකිණූ දෙදෙනා වසර 14ක් හිරේ" | "කොළඹ නාවික හමුදා රෝහල් භූමියේ නවතා තිබූ රුපියල් කෝටි එකහමාරකට අධික වටිනාකමක් සහිත කැබ් රථයක් රෝහල් භූමියෙන් පිටතට ගෙන ගොස් අලෙවි කළේ යැයි කියන විත්තිකරුවන් දෙදෙනකුට කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා ඊයේ (28දා) බරපතළ වැඩ සහිත වසර 14 බැගින් සිර දඬුවම් නියම කළේය. එයට අමතරව එකී විත්තිකරුවන් දෙදෙනාට වෙන් වෙන්ව රුපියල... |
"පාස්කු ප්රහාරයෙන් තුවාල ලැබූ තිළිනාත් මියයයි" | "ඉකුත් 2019 අප්රේල් 21දා එල්ල වූ පාස්කු ප්රහාරයෙන් බරපතළ තුවාල ලබා සිටි තිදරු මවක පෙරේදා (27දා) මියගොස් ඇත. ප්රහාරයෙන් බරපතළ තුවාල ලබා වසර 5කට ආසන්න කාලයක් ප්රතිකාර ලබමින් සිටියදී මෙලෙස මියගොස් ඇත්තේ තිළිනා හර්ෂණී අප්පුහාමි නමැති කාන්තාවකි. පාස්කු ත්රස්තයන්ගේ එක් ඉලක්කයක් වූ මීගමුව, කටුවපිටිය දේවස්ථානයට එල්ල වූ ප්... |
"පොහොට්ටු කාර්යාලය ළඟ සිවිල් සංවිධාන නියෝජිතයෝ විරෝධතාවක" | "රට වනසන පනත් ගෙන එමින් හැටනව ලක්ෂයක ජනවරම පාවා දුන් බව කියමින් ඊයේ (28දා) පාර්ලිමේන්තුව අසල සිට නෙළුම් මාවත පොදුජන පෙරමුණ කාර්යාලය දක්වා විරෝධතා පාගමනක පැමිණි සිවිල් සංවිධාන කිහිපයක නියෝජිතයෝ එහිදී පොල් ගසා, විරෝධතා පුවරු ප්රදර්ශනය කරමින් විරෝධතාවක නිරත වූහ. මේ හේතුවෙන් එම ප්රදේශයේ දැඩි උණුසුම්කාරී තත්ත්වයක් ඇති විය... |
"පස් හයදෙනෙක් කෑගැහුවට රටේ බහුතරය ආණ්ඩුව සමගයි – විරෝධතාවට කොටුවූ ඇමැති ප්රසන්නගෙන් ප්රතිචාර" | "උද්ඝෝෂණය කරන ඇතැම් සිවිල් සංවිධාන ක්රියාකාරීන්ට අවශ්ය වී ඇත්තේ රට අරාජික කිරීමට බව නාගරික සංවර්ධන හා නිවාස ඇමැති ප්රසන්න රණතුංග මහතා කියා සිටී. ‘රට වනසන පනත් පරාජය කරමු’ මැයෙන් ඊයේ (28) පෙරවරුවේ පොහොට්ටු කාර්යාලය ඉදිරිපිට සිවිල් සංවිධාන නියෝජිතයන් කිහිප දෙනකු සංවිධානය කර තිබූ උද්ඝෝෂණය අවස්ථාවේදී එම ස්ථානයේ සිටි මාධ... |
"ණය පොලී අඩුවීමේ වාසිය ගැනුම්කරුවන්ට කඩිනමින් ලබා දෙන්න – මහ බැංකු අධිපති" | "බැංකු ණය පොලී අනුපාත අඩු කිරීමට තවදුරටත් හැකියාව තිබෙන බැවින් එම පොලී අනුපාත අඩුවීමේ වාසිය ඉක්මනට ණය ගැනුම්කරුවන්ට ලබාදිය යුතු බවට මහ බැංකුව විසින් බැංකුවලට දැනුම් දෙන බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පැවැසීය. ඒ සම්බන්ධයෙන් දිගින් දිගටම බැංකු ප්රධානීන්ට දැනුම් දී ඇති බවත් ඒ ගැන ඔවුන් සමග සාකච්ඡා කර තොර... |
"වාරණය කඩ කර උසාවියට අපහාස කළාට නිදහසට කරුණු කියන්න – ජනකට සිතාසි" | "තම අධිකරණය විසින් ලබාදී ඇති වාරණ නියෝග උල්ලංඝනය කිරීමෙන් අධිකරණයට කළ අපහාසය සම්බන්ධයෙන් නිදහසට කරුණු දැක්වීම සඳහා ලබන ජුනි 27 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ හිටපු සභාපති ජනක රත්නායක මහතාට සිතාසි නිකුත් කිරීමට කොළඹ ප්රධාන දිසා විනිසුරු සඳුන් විතාන මහතා පෙරේදා (27දා) නියෝග කළේය. ජ... |
"සිරිපාල පිලට බාධා කිරීම වළක්වමින් මෛත්රී පිලට වාරණ නියෝගයක්" | "ශ්රී ලංකා නිදහස් පක්ෂයේ නිමල් සිරිපාල ද සිල්වා පාර්ශ්වයේ පක්ෂ කටයුතුවලට කිසිදු බාධාවක් සිදුකිරීම වළක්වමින් හිටපු ජනාධිපති හා හිටපු ශ්රීි ල.නි.ප. සභාපති මෛත්රීපාල සිරිසේන මහතාට මෙන්ම ඔහු පක්ෂයේ සභාපති ධුරයෙන් ඉවත් වීමෙන් පසුව වැඩබලන සභාපතිවරයා ලෙස පත්කරගත් ආචාර්ය විජයදාස රාජපකක්ෂ, සරත් ඒකනායක හා කීර්ති උඩවත්ත යන... |
"මේ වෙලාවේ සුදුසුම ඡන්ද දෙකම වසර දෙකකින් කල් දැමීමයි – එජාප මහලේකම් පාලිත රංගේ බණ්ඩාර" | "මෙම වසර අවසානයේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය හා මහ මැතිවරණය වසර දෙකකින් කල් දැමීමට අවශ්ය යෝජනාවක් පක්ෂ භේදයකින් තොරව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සුදුසු බව එජාප මහලේකම් පාලිත රංගෙ බණ්ඩාර මහතා ඊයේ (28දා) පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්ය හමුවකදී පැවසීය. මේ රට බංකොලොත් තත්ත්වයෙන් මුදාගෙන ජයග්රහණ රාශියක් දිනා ගන්නට ... |
"රංගෙ බණ්ඩාරගේ මතය රජයේ මතය නොවේ – පාර්ලිමේන්තු මන්ත්රී නිමල් ලාන්සා" | "ආණ්ඩුක්රම ව්යවස්ථාවට අනුව ජනාධිපතිවරණය නියමිත කාල සීමාව තුළ අනිවාර්යයෙන් පැවැත්වෙනු ඇති බවත් එය කල් දැමීමට රජයේ කිසිදු අදහසක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්රී නිමල් ලාන්සා මහතා පැවසීය. මාධ්ය වෙත විශේෂ නිවේදනයක් නිකුත් කරමින් නිමල් ලාන්සා මහතා මෙම අදහස් පළ කළේ ය. ආණ්ඩුක්රම ව්යවස්ථාවට අනුව ප්රජාතන්ත්රවාදය ආරක්ෂා ක... |
"1700 දෛනික වැටුප නොගෙවන වතු සමාගම්වල බදු කාලය නිමකර සුදුසු ආයතනවලට පවරනවා – ඇමැති ජීවන් තොණ්ඩමන්" | "වතු කම්කරුවන්ගේ රුපියල් 1700 වන අවම දෛනික වැටුප නොගෙවන සමාගම්වල බදු කාලය අවසන් කර වඩා හොඳින් කළමනාකරණය කළ හැකි ආයතන වෙත එම වතු පැවරීමට රජය සූදානම් බව ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන ඇමැති ජීවන් තොණ්ඩමන් මහතා ‘දිවයින’ට පැවසීය. පසුගියදා 27 දා කැබිනට් මණ්ඩල රැස්වීමේදී වතු කම්කරුවන්ගේ අවම දෛනික වැටුප රුපියල් 1700 ... |
"වේදිකාවල මතට තිත බලයට ඇති කෑදරකමට මත්පැන් බලපත්ර ලබාදෙන සූදුවක් රට තුළ ක්රියාත්මක වෙනවා – විපක්ෂ නායක සජිත් ප්රේමදාස සේරුවිලදී කියයි" | "තවදුරටත් දේශපාලන සූදුවලට හසු නොවී දැන්වත් දරු පරපුර සහ රටේ අනාගතය සහ වර්තමානය ගැන සිතිය යුතු බවත් මේ දේශපාලන සූදුව නිසා ජන සමාජය සහ සංස්කෘතිය කඩා වැටෙනා බවත් විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා පැවසීය. විවිධ වරදාන වරප්රසාද නිසා මත්පැන් බලපත්ර ලබා දෙන සූදුවක් මේ වන විට රට තුළ ක්රියාත්මක බවත් පාසල්, විහාරස්ථාන ඉදිරිපිට ... |
"ඊලෝන් මස්ක් වැනි ව්යාපාරිකයන් කැඳවාගැනීම ආර්ථීක සංවර්ධනයට විශාල දායකත්වයක් – ජනාධිපති ජ්යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන" | "ටෙස්ලා සහ ස්පේස් එක්ස්හි ප්රධානී ඊලෝන් මස්ක් වැනි ලෝක ප්රසිද්ධ ව්යාපාරිකයන්ගේ ආයෝජන කැඳවා ගැනීමට හැකි වුවහොත් එය මෙරට ආර්ථීකයේ සංවර්ධනයට විශාල දායකත්වයක් වන බව දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන මහතා සඳහන් කළේය. රුවන් විජේවර්ධන මහතා මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැ... |
"එස්ඩීඅයිජී නිලන්ත වෙනුවෙන් නීතිපති පෙනී සිටින්නේ නෑ – අතිරේක සොලිසිටර් ජනරාල් උසාවියට දන්වයි" | "පාස්කු ප්රහාරය වළක්වා නොගැනීම සම්බන්ධයෙන් ජ්යෙෂ්ඨ නියෝජ්ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතාට එරෙහිව අපරාධ නීතිය යටතේ කටයුතු කරන ලෙස ඉල්ලමින් ගොනු කර ඇති රිට් පෙත්සමට තමන් පෙනී සිටින්නේ පොලිස්පති සහ නීතිපතිවරයා වෙනුවෙන් පමණක් බව අතිරේක සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර මහතා අභියාචනාධිකරණයට ඊයේ (28දා) දැනුම් දුන්නේය. නීතිපතිවර... |
"මැතිවරණ කොමිෂන් සභාවේ ලිපිය ක්රියාවට නංවන්නැයි මාලිමාවෙන් පෙත්සමක්" | "පළාත් පාලන ඡන්ද පැවැත්වීම සඳහා නාමයෝජනා භාරදී තිබෙන අපේක්ෂකයන්ට ඔවුන්ගේ මැතිවරණ කටයුතු ප්රවර්ධනය කිරීම සඳහා රාජ්ය සම්පත් වෙන් නොකිරීමට වගබලා ගන්නා ලෙස අදාළ බලධාරීන්ට උපදෙස් දෙන්නැයි මැතිවරණ කොමිෂන් සභාව විසින් පසුගිය මැයි 7 වැනිදා ජනාධිපති ලේකම්වරයා වෙත යවා ඇති ලිපිය අනුව කටයුතු කරන ලෙසට මුදල් අමාත්යාංශයේ ලේකම්වරය... |
"සෞඛ්යයේ විගණන විමසුම් ගැන ලේකම්ගෙන් පිළිතුරු මදි – තාමත් වංචා දූෂණ – විගණකාධිපති කියයි" | "සෞඛ්ය අමාත්යාංශය සම්බන්ධයෙන් ජාතික විගණන කාර්යාලය නිකුත් කරන විගණන විමසුම් සඳහා වත්මන් සෞඛ්ය ලේකම්වරයා සතුටුදායක පිළිතුරු ලබාදී නැතැයි, විගණකාධිපතිවරයා විසින් නිකුත් කළ නවතම විගණන වාර්තාවේ සඳහන් වේ. සෞඛ්ය අමාත්යාංශ නිලධාරීන් රැසකට දූෂණ අක්රමිකතා සම්බන්ධව 2015 වර්ෂයේ සිට විගණන වාර්තා මගින් චෝදනා එල්ල කර ඇතත්, එම ... |
"යෝජිත කම්කරු නීති ගැන ඇමිනෙස්ටි ඉන්ටර්නැෂනල් කනස්සල්ලෙන්" | "යෝජිත කම්කරු නීති ක්රියාත්මක කිරීම නතර කිරීමට පියවර ගන්නා ලෙස ‘ඇමිනෙස්ටි ඉන්ටර්නැෂනල්’ සංවිධානය ශ්රී ලංකා රජයෙන් ඉල්ලීමක් කර තිබේ. මේ පිළිබඳව මෙරට වෘත්තීය සමිති සහ සිවිල් සංවිධානවල ඉල්ලීම් සැලකිල්ලට නොගතහොත් ඉදිරියේදී රට පුරා දැඩි විරෝධතා ඇතිවිය හැකි බවට ද එම සංවිධානය රජයට අනතුරු අඟවා තිබේ. වත්මන් කම්කරු නීතිවල යම් ... |
"අයි. එම්. එෆ්. තුන්වෙනි වාරිකය ජුනි මාසයේදී ලැබෙනවා – මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ" | "ජාත්යන්තර මූල්ය අරමුදලේ තුන්වන ණය වාරිකය ලබන (ජුනි) මාසයේදී ලබාගැනීමට අපේක්ෂා කරන බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පැවසීය. මේ අනුව ජාත්යන්තර මූල්ය අරමුදලේ ණය වැඩසටහන සම්බන්ධයෙන් වන දෙවන සමාලෝචනය ද ලබන මාසයේදී සම්පූර්ණ කිරීමට හැකිවනු ඇතැයි ද මහ බැංකු අධිපතිවරයා සඳහන් කළේය. මහ බැංකු මූලස්ථානයේදී පෙරේ... |
"ඔලිම්පික් කමිටු වංචා දූෂණ: රටින් පනින්න හැදූ ගෝබිනාත් රිමාන්ඩ්" | "විදේශ ගමන් තහනම නොතකා රටින් පලා යෑමට උත්සාහ කරද්දී කටුනායක ගුවන්තොටුපළ ආගමන විගමන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් ශ්රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුවේ මාධ්ය කළමනාකාර ගෝබිනාත් සිවරාජා මහතා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන මස 08 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ ප්රධාන මහෙස්ත්රාත් තිළිණ ගමගේ මහතා ඊයේ (27ද... |
"ශ්රීලනිප වැ.බ. සභාපති ධුරය වළක්වමින් විජයදාසට පැනවූ වාරණය දික් කරයි" | "ශ්රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන සභාපතිවරයා ලෙස විජයදාස රාජපක්ෂ මහතා කටයුතු කිරීම වළක්වාලමින් පනවා තිබෙන වාරණ නියෝගය ජුනි මස 27දා දක්වා තවදුරටත් දීර්ඝ කරන ලෙස කොළඹ දිසා අධිකරණය නියෝග කළේය. මෙම නඩුව ඊයේ (27දා) කොළඹ දිසා විනිසුරු සඳුන් විතාන මහතා ඉදිරියේ කැඳවනු ලැබූ අතර තමා මේ හා සමාන තවත් නඩුකරයක් විභාග කරන බැවින් මෙම න... |
"විල්ලුව ඕඩි ඇළේ මියගිය වනඅලින්ගේ මරණ පරීක්ෂණ සිදු කෙරේ" | "පොළොන්නරුව ජාතික වනෝද්යානයේ හඳපාන්විල විල්ලුව ඕඩි ඇළේ මියගිය වනඅලින් දෙදෙනා ගේ සහ අලි පැටව් පස් දෙනාගේ මරණ සඳහා පශ්චාත් මරණ පරීක්ෂණ ඊයේ (27දා) උදේ ගිරිතලේ පශු වෛද්ය කේ.ඒ කලිඟු ආරච්චි මහතා විසින් පවත්වන ලදී. මරණ පරීක්ෂණ පැවැත් වීම සඳහා පිඹුරත්තෑව වනජීවි කාර්යාලයේ අඩවි සහකාර එස් .ඒ.වික්රමරත්න මහතා ගේ සහාය ද ලැබුණි. හ... |
"මන්ත්රී අලි සබ්රි රහීම්ට එරෙහිව පුත්තලම ප්රා. ලේකම් කාර්යාල සේවකයෝ විරෝධතාවක" | "පුත්තලම් දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රීවරයකු විසින් පුත්තලම ප්රාදේශීය ලේකම්වරයාට තර්ජනය කිරීමේ සිද්ධියට එරෙහිව පුත්තලම ප්රාදේශීය ලේකම් කාර්යාලයේ කාර්ය මණ්ඩලය කෑම පැයේ විරෝධතාවක නිරත වූහ. පුත්තලම පරණ මන්නාරම් මාර්ගයේ රජයට අයත් ඉඩමක් නීති විරෝධි අයුරින් පිරිසක් අල්ලා ගෙන ඇති බවට ලැබුණු පැමිණිල්ලක් පිළිබඳව සොයා බැලී... |
"කෝටි 8700ක් පාඩුලු: සියඹලාණ්ඩුව සෝලා ව්යාපෘතියේ ටෙන්ඩර් පිළිවෙතට එරෙහිව සී.අයි.ඩී.යට පැමිණිල්ලක්" | "සියඹලාණ්ඩුවේ ඉදිකිරීමට යෝජිත මෙගාවොට් සීයක සූර්ය බල (සෝලා) ව්යාපෘතියේ ටෙන්ඩර් ප්රදානය අනීතිකව සිදුවී ඇති බවත් ඒ නිසා රජයට රුපියල් කෝටි අටදහස් හත්සීයක පාඩුවක් සිදුවී ඇති බවත් එබැවින් ඒ පිළිබඳව විධිමත් පරීක්ෂණයක් කරන ලෙසත් ඉල්ලා විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ ලේකම් සංජීව ධම්මික මහතා ඊයේ (27දා) අපරාධ පරීක්ෂණ දෙපාර්ත... |
"ලබන 31 තෙක් පළාත් 5කට වැසි – සුළං දිගටම – දිස්ත්රික්ක 19ක හතළිස් හතර දහසක් පීඩාවට" | "නිරිත දිග මෝසම් තත්ත්වය හේතුවෙන් පළාත් පහකට තවදුරටත් පවතින වැසි හා සුළං තත්ත්වය ලබන 31 වැනිදා තෙක් පවතින බව කාලගුණ විiා දෙපාර්තමේන්තුව පවසයි. 31 වැනිදා අඩු වුවත් නැවත ජුනි 01,02,03 යන දිනවල වර්ෂාව වැඩිවිය හැකි බවද එම දෙපාර්තමේන්තුව පවසයි. මෙම තත්ත්වය බස්නාහිර, සබරගමුව, මධ්යම, වයඹ සහ දකුණ පළාත්වලට බලපාන බවත් බස්නාහිර ... |
"පුංචි ඡන්දයේ අපේක්ෂකයින්ට සංවර්ධන වැඩවලට රාජ්ය සම්පත් දෙනු එපා" | "පළාත් පාලන ඡන්ද විමසීම සඳහා නාමයෝජනා භාරදී තිබෙන අපේක්ෂකයින්ට ඔවුන්ගේ කටයුතු ප්රවර්ධනය කිරීම සඳහා රාජ්ය සම්පත් වෙන් නොකිරීමට වගබලා ගන්නා ලෙස රජයේ ආයතන හා එහි ප්රධානීන්ට උපදෙස් දෙන්නයි ඉල්ලා මැතිවරණ කොමිසම විසින් ජනාධිපති ලේකම්වරයා වෙත යවා තිබෙන ලිපිය අනුව කටයුතු කරන ලෙස මුදල් අමාත්යංශයේ ලේකම්වරයා ඇතුළු පිරිසක් වෙත... |
"පක්ෂ 7ක් එක් වී ‘සර්වජන බලය ’ නව දේශපාලන ව්යාපාරය පිහිටුවා ගනී" | "දේශපාලන පක්ෂ සහ සිවිල් සංවිධාන කිහිපයක් එක්වී ‘සර්වජන බලය’ නමින් නව දේශපාලන ව්යාපාරයක් පිහිටුවීම සඳහා ඊයේ (27දා) පෙරවරුවේ මූලික ප්රතිපත්ති දහයකින් යුත් ප්රතිපත්තිමය සම්මුතියකට අත්සන් තබනු ලැබීය. ජාතික නිදහස් පෙරමුණ, පිවිතුරු හෙළ උරුමය, ප්රජාතන්ත්රවාදී වාමාංශික පෙරමුණ, ශ්රී ලංකා කොමියුනිස්ට් පක්ෂය, මව්බිම ජනතා පක... |
"මහාචාර්ය සුමනපාල ගල්මංගොඩ දැයෙන් සමුගනී" | "නාගානන්ද ජාත්යන්තර බෞද්ධ අධ්යයන ආයතනයේ පශ්චාත් උපාධි අධ්යය න පීඨාධිපති සම්මානිත මහාචාර්ය සුමනපාල ගල්මංගොඩ මහතා ඊයේ (27දා) අභාවප්රාප්ත විය. පාලි හා බෞද්ධ අධ්යයන විෂය ක්ෂේත්රයේ ප්රවීණයකු වන ඒ මහතා තමා සතු දැනුම් සම්භාරය ඉදිරි පරපුරට දායාද කිරීමට නිර්ලෝභීව කටයුතු කළ ප්රාඥයෙකු ලෙස සැලකේ. ශාස්ත්රීය රූපවාහිනි වැඩසට... |
"අභිමානවත් ආත්ම විශ්වාසයකින් හෙබි ජාතියක් ගොඩනැඟීම උදෙසා ප්රතිපත්ති දහයකට පක්ෂ හතක් සම්මුතිගත වෙයි" | "ආත්ම විශ්වාසය බිඳවැටුණු සර්ව අශුභවාදී මානසිකත්වය වෙනුවට අභිමානය සහ ආත්ම විශ්වාස පිරුණු ව්යවසායක මනසකින් යුත් අභිප්රේරිත ජාතියක් ගොඩනැඟීමට පදනම දැමීම ඇතුළු ප්රතිපත්ති 10කින් යුතුව පක්ෂ හතක් ඊයේ (27දා) අත්සන් කළ සර්වජන අදිටන් සම්මුතියට ඇතුළත් වන්නේය. විමල් වීරවංශ (නායක, ජාතික නිදහස් පෙරමුණ), උදය ගම්මන්පිල (නායක, පිවි... |
"වැඩි වැටුප් බැහැ – වැවිලිකරුවන්ගේ සංගමයේ විරෝධය" | "අත්තනෝමතික අන්දමින් සියයට 70කින් වතු කම්කරු වැටුප් වැඩි කිරීමේ තීරණයට දැඩි විරෝධය පළකරන බව වැවිලිකරුවන්ගේ සංගමය පවසයි. වැවිලිකරුවන්ගේ සංගමය විසින් ඊයේ (27දා) සවස කොළඹදී රජයේ තීරණයට විරෝධය පළ කරමින් කියා සිටියේ, මේ නිසා ‘ශ්රී ලංකා තේ’ නාමය විනාශ වනු ඇති බවයි. රජය විසින් වතු සේවක කම්කරු වැටුප් සියයට 70කින් වැඩි කිරීමට ... |
"රට දෙවැනි වතාවටත් බංකොලොත් කරන වැඩකට ආණ්ඩුව ගමන් කරනවා" | "රට දෙවැනි වතාවටත් බංකොලොත් කරන වැඩපිළිවෙළකට ආණ්ඩුව ගමන් කරනවා යැයි සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්රී ඉරාන් වික්රමරත්න මහතා පැවැසීය. විපක්ෂ නායක කාර්යාලයේ ඊයේ (26) පැවැති මාධ්ය හමුවට සහභාගි වූ අවස්ථාවේදී පාර්ලිමේන්තු මන්ත්රී ඉරාන් වික්රමරත්න මහතා මේ බව සඳහන් කළේය. වැඩිදුරටත් අදහස් දැක්වූ ඉරාන් වික්රමරත්න මහතා ම... |
"මියන්මාරයෙන් සහ රුසියානු-යුක්රේන යුද්ධයෙන් ශ්රී ලාංකිකයන් බේරාගන්න" | "මියන්මාරයේ පරිගණක අපරාධකරුවන්ගේ සයිබර් කඳවුර තුළ බලහත්කාරයෙන් රඳවා ගෙන සිටින ශ්රී ලාංකික තරුණ තරුණියන් 49 දෙනා සහ රුසියානු යුක්රේන යුද්ධයට මැදිවී රුසියාවේ සිටින ශ්රී ලාංකික රණවිරුවන් බේරාගෙන යළි ශ්රී ලංකාව වෙත රැගෙන ඒමේ රාජතාන්ත්රික…. මෙහෙයුමක් සඳහා එම රටවල රාජතාන්ත්රික නිලධාරීන් සහ තෙවන පාර්ශවයන් සමග සාකච්ඡා කර... |
"ආර්ථික කමිටු විවාදය කඩිනම් කරන්න සජබයෙන් ජාජබයට ලිපියක්" | "රටේ ආර්ථික ප්රතිපත්තිය කෙසේ විය යුතු දැයි කියා පවත්වන විවාදය කඩිනමින් පැවැත්වීම සඳහා සාකච්ඡාවකට පැමිණෙන ලෙස සමගි ජන බලවේගය විසින් ජාතික ජන බලවේගය වෙත ලිඛිත ආරාධනයක් කර ඇත. එම පක්ෂයේ මෙහෙයුම් ප්රධානී සහ විවාද සම්බන්ධිකාරක පාර්ලිමේන්තු මන්ත්රී නලින් බණ්ඩාර මහතා ජාතික ජන බලවේගය, විධායක සභික, වෛද්ය නලින් ද ජයතිස්ස මහත... |
"සෞඛ්ය සේවක වර්ජනය අත්හිටුවයි" | "සෞඛ්ය කාර්යමණ්ඩලයට ආර්ථික යුක්තිය ඉටු කිරීම (ඩැට් දීමනාව) ප්රමාද කිරීමට එරෙහිව විරෝධය පළ කරමින් අද (28දා) සිට දිවයින පුරා රෝහල්වල ක්රියාත්මක කිරීමට නියමිතව තිබූ වැඩ වර්ජන ක්රියාමාර්ගය අයහපත් කාලගුණික තත්ත්වය නිසා අත්හිටුවීමට තීරණය කළ බව සෞඛ්ය වෘත්තීය සමිති සන්ධානය පවසයි. සෞඛ්ය වෘත්තීය සමිති සන්ධානය ඊයේ (27දා) පැ... |
"පොහොට්ටුව මේ රටේ අනාගත දරුවන්ගේ පක්ෂයයි" | "ශ්රී ලංකා පොදුජන පෙරමුණ කියන්නේ මේ රටේ අනාගත දරුවන්ගේ පක්ෂයයි. ඒ හේතුවෙන් ඉදිරියේදී බුද්ධිමත් තීරණයක් මේ රටේ ජනතාව ගනීවි. විවිධ අය විවිධ කතා කියාවි තව අවුරුදු පහකට දහයකට ඡන්ද තියන්න ඕනේ නෑ කියලා. එහෙම වෙන්නේ නෑ. ඉදිරියේදී අනිවාර්යෙන් මැතිවරණ තියෙනවා.ඉදිරියේදී පැවැත්වෙන ඕනෑම මැතිවරණයක් තම පක්ෂය ජයග්රහණය කරන බව ශ්රී ... |
"කණුවන බැංකු කොල්ලයට සැකපිට අයෙක් දැලේ" | "ජා-ඇල කණුවන ග්රාමීය බැංකුවේ සිදු වූ රන් මුදල් මංකොල්ලය සම්බන්ධයෙන් පෑලියගොඩ උතුර අපරාධ කොට්ඨාසයේ පොලිස් කණ්ඩායමක් විසින් ඊයේ (27දා) සැකපිට එක් අයකු අත්අඩංගුවට ගෙන රඳවාගෙන ප්රශ්න කරගෙන යයි. මෙම සැකකරු මෙවැනි සොරකම් සම්බන්ධයෙන් මීට පෙරද චෝදනා ඇති පිළියන්දල ප්රදේශයේ පදිංචිකරුවකු වන අතර මෙම සොරකමට සම්බන්ධ තවත් සැකකරුවන... |
"පුරවැසි දේපළ විස්තර ලබාදීම නව නීති පැනවීමක් නොවෙයි – රාජ්ය ඇමැති රංජිත් සියඹලාපිටිය පෙන්වා දෙයි" | "මෙරට පුරවැසියන්ගේ චංචල හා නිශ්චල දේපල පිළිබඳ විස්තර ලබන ජුලි පළමු වැනිදා සිට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට අනිවාර්යෙන්ම ලබාදිය යුතු වන බවට ගැසට් පත්රයක් ජනාධිපතිවරයා විසින් නිකුත් කළත් එය නව නීති පැනවීමක් නොවන බව මුදල් රාජ්ය අමාත්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. ආදායම් බදු නීතියේ 123(8) වගන්තිය අනුව ආදායම් බදු දෙපාර... |
"බිඳවැටුණු විදුලිය යථාවත් කිරීමට සේවක හිඟය හරස් වෙයි" | "රට පුරා ප්රදේශ රැසක විදුලිය බිඳවැටී ඇති ලක්ෂ තුනකට අධික විදුලි පාරිභෝගිකයන්ගේ විදුලි සැපයීම යථාවත් කිරීම සේවක හිඟය නිසා තවදුරටත් ප්රමාදවිය හැකි බව ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමය පවසයි. විදුලිය බිඳවැටීම් යථාවත් කිරීමට අවශ්ය අතිරේක සේවක පිරිසක් නොමැති බවත්, ඒ පිළිබඳව විෂයභාර ඇමැතිවරයා කළ ප්රකාශය තමන්ට ගැටලුවක් ... |
"බස්නාහිර මෙන් උතුරේත් සෞඛ්ය සේවාව දියුණු කරනවා" | "බස්නාහිර මෙන් උසස් සෞඛ්ය සේවාවක් සහිත පළාතක් ලෙස උතුරු පළාතේ සෞඛ්ය සේවාවද දියුණු කරන බව ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා පැවසීය. ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ ඉකුත් (26)දා මාන්කුලම් මූලික රෝහලේ වෛද්ය පුනරුත්ථාපන චිකිත්සාව සහ මානසික සෞඛ්ය සංවර්ධන මධ්යස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට එක් වෙමිනි.න... |
"ජනපතිවරණයට බලපෑම් කිරීමට ජනපතිට හෝ පාර්ලිමේන්තුවට බැහැ- ජී. එල්. පීරිස්" | "ජනාධිපතිවරණය පැවැත්වීමට නියමිත කාලරාමුව තුළ අනිවාර්යයෙන් පැවැත්විය යුතු බවත් එයට බලපෑම් කිරීමට ජනාධිපතිවරයාට හෝ පාර්ලිමේන්තුවට නොහැකි බවත් නිදහස ජනතා සභාවේ සාමාජික පාර්ලිමේන්තු මන්ත්රී මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා ඊයේ (27දා) පැවසීය. පාර්ලිමේන්තු මැතිවරණය ද මහා මැතිවරණය ද යන්න ජනතාව තුළ කුතුහලයක් තිබෙන බවත් එය කෙසේ ව... |
"ඇමරිකානු ජනාධිපති මන්දිරයේ වෙසක් උත්සවය" | "ජාත්යන්තර වෙසක් උත්සවය මෙවරත් ඇමරිකානු ජනාධිපති මන්දිරයේ දී සැමරීමට අවස්ථාව උදාවූ බව උතුරු ඇමරිකාවේ ප්රධාන’ අධිකරණ සංඝනායක සහ ඇමරිකාවේ බෞද්ධ සංගමයේ උප සභාපති, මේරිලන්ඩ් ජාත්යන්තර බෞද්ධ විහාරස්ථානයේ විහාරාධිපති, අතිපූජ්ය කටුගස්තොට උපරතන නායක හිමිපාණෝ අවධාරණය කරති. මැයි 23 දින ධවල මන්දිරයේදී පැවැති මෙවර ජාත්යන්තර ව... |
"වෙසක්දාට පසුදා කණුවන බැංකුව බිඳ කෝටි 2ක රන්බඩු මුදල් උස්සයි" | "ජාඇල පොලිස් වසමේ කණුවන පෙදෙසේ පිහිටි සමුපකාර ග්රාමීය බැංකුව ඉකුත්දා (24 දා) මහ රෑ බිඳ එහි තිබූ රුපියල් එක්කෝටි අසූනව ලක්ෂයක් වටිනා පවුම් 262ක රන් භාණ්ඩ සහ රුපියල් ලක්ෂ නවයක මුදලක් කොල්ලකා පලා ගොස් ඇති බව ජාඇල පොලිසිය පවසයි. කොල්ලකෑමට ලක්ව ඇති බැංකු පරිශ්රය අබියස 23 දින දවස පුරා විශාල බත් දන්සලක් ද පවත්වා ඇති අතර එයට... |
"ශ්රී ලාංකික අයි.එස්. ත්රස්තයන් සමග සබඳතා පැවැත්වූ ජෙරාඩ් අල්ලන්න TID දැලක්" | "කිසියම් ප්රහාරයක් එල්ල කිරීම සඳහා ගොස් සිටියදී ඉන්දීය පොලිසිය මගින් අත්අඩංගුවට ගත් අයි.එස්.අයි.එස්. ත්රස්ත සංවිධානයට සම්බන්ධ බව කියන ශ්රී ලාංකික සිව්දෙනා සමග සමීප සම්බන්ධතා පැවැත්වූ ජෙරාඩ් පුෂ්පරාජා ඔස්මන් ජෙරාඩ් නමැත්තා අත්අඩංගුවට ගැනීමට ත්රස්තවාදී විමර්ශන ඒකකය පුළුල් විමර්ශන ආරම්භ කර ඇතැයි මහජන ආරක්ෂක ඇමැති ටිරා... |
"ශ්රීපාද වන්දනා සමය වෙසක් පෝයෙන් අවසන් – පෙරහැර හතරකින් දේවාභරණ රැගෙන යති" | "2023-2024 වර්ෂය සඳහා පැවති ශ්රීපාද වන්දනා වාරය (23) දින වෙසක් පොහෝ දිනයෙන් අවසන් වීමත් සමග ශ්රීපාද උඩ මළුවේ තැන්පත් කර තිබූ සදාතුක කරඬුව, සමන් දේව ප්රතිමාව සහ දේව ආභරණ පැල්මඩුල්ල රජමහා විහාරස්ථානය දක්වා මාර්ග හතරක් ඔස්සේ වැඩම කිරීම (24) දින සිදු කෙරිණ. ඉන් එක් පෙරහැරක් ශ්රීපාද උඩ මළුවේ සිට රත්නපුර පලාබද්දල මාර්ගය ... |
"වවුනියාව හා මුලතිව් උරුම ඔප්පු ප්රදානය…" | "උරුමය ඔප්පු ලබාදීමේ වැඩසටහන යටතේ වවුනියාව හා මුලතිව් දිස්ත්රික් වැඩසටහනට සහභාගිවීමට ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා පැමිණි අවස්ථාව. එහිදී මුලතිව් ප්රා.ලේකම් කොට්ඨාස 5ක් ආවරණය වන පරිදි සින්නක්කර ඔප්පු 600ක් ප්රදානය කෙරිණි. මුලතිව් දිස්ත්රික්කය සඳහා සින්නක්කර ඔප්පු 376ක් ලබා දීමට නියමිතය. පුදුකුඩිඉරිප්පු මධ්ය මහා ව... |
"AR තාක්ෂණයෙන් කොළඹදී අත්විඳි සිදුහත් උපත" | "මෙවර වෙසක් උත්සවය නිමිත්තෙන් දිවයින පුරා දාන, ශීල, භාවනා, තොරණ, දන්සල් ආදී විවිධ කටයුතු සංවිධානය විය. කොළඹ වෙසක් බලන්නට පැමිණි බොහෝ දෙනකුගේ ආකර්ෂණයට ලක්වූ අපූරු අංගයක් ගැන සමාජ මාධ්ය ඇතුළු බොහෝ මාධ්යයන්හි කතා බහට ලක්විය. ඒ AR (Augmented Reality) නම් තාක්ෂණය ඔස්සේ ලංකාවේ ප්රථමවතාවට නිර්මාණය කරන ලද සිදුහත් උපත ත්රිම... |
"රෙමාල් චණ්ඩ සුළි කුණාටුවක් වෙයි – මරණ 10ක්: හතළිස්හතර දහසක් පීඩාවට" | "අධික වැසි හා අධික සුළං තත්ත්වය හේතුවෙන් දිස්ත්රික්ක 19කට අයත් පවුල් එකොළොස් දහස් හත්සිය හැටපහකට (11,765) අයත් පුද්ගලයන් හතළිස්හතර දහස් තුන්සිය අනූඅට දෙනකු (44,398) පීඩාවට පත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්යස්ථානය පවසයි. එසේම ආපදා හේතුවෙන් මේ වනවිට පුද්ගල මරණ 10ක් ද වාර්තාවන බව ද එම මධ්යස්ථානය කියයි. එම මාරණ රත්නපුර, ග... |
"‘යාපනය ගුරු සිරිත’ රටේම ගුරුවරුන්ට ආදර්ශයක්" | "අතීතයේ යාපනයේ පැවති ‘යාපනය ගුරු සිරිත’ රටේම ගුරුවරුන්ට මහඟු ආදර්ශයක් සැපයූ බවත්, එම අධ්යාපන ක්රමය නැවත ඇති කිරීමට කටයුතු කරන බවත් ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා ප්රකාශ කළේය. ගුරු වෘත්තිය ආදර්ශයක් විය යුතු බවත්, සටන්පාඨ කියමින් මහපාරේ උද්ඝෝෂණය කරනවා නම් ගුරුවරුන් සිසුන්ගෙන් ප්රතික්ෂේප වන බවත් පැවසූ ජනාධිපතිවරයා, ව... |
"ඔක්තෝම්බර් 17ට පෙර ජනපතිවරණය පැවැත්විය යුතුයි: – ඇමැති විජයදාස" | "ජනාධිපතිවරණය මේ වසරේ ඔක්තෝම්බර් මස 17 වැනිදාට පෙර පැවැත්වෙන බවත්, එය වෙනස් කිරීමට කිසිවකුට නොහැකි බවත් අධිකරණ අමාත්ය විජයදාස රාජපක්ෂ මහතා පැවසීය. අධිකරණ ඇමැතිවරයා ඒ බැව් කියා සිටියේ ඉකුත් 25 දා කඳුරට ජනතා පෙරමුණේ නායක හා නුවරඑළිය දිස්ත්රික් සමගි ජනබලවේගය පාර්ලිමේන්තු මන්ත්රී වී. රාධාක්රිෂ්ණන් මහතා විසින් හැටන් කුඩ... |
"‘යාපනය ගුරු සිරිත’ රටේම ගුරුවරුන්ට ආදර්ශයක්" | "අතීතයේ යාපනයේ පැවති ‘යාපනය ගුරු සිරිත’ රටේම ගුරුවරුන්ට මහඟු ආදර්ශයක් සැපයූ බවත්, එම අධ්යාපන ක්රමය නැවත ඇති කිරීමට කටයුතු කරන බවත් ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා ප්රකාශ කළේය. ගුරු වෘත්තිය ආදර්ශයක් විය යුතු බවත්, සටන්පාඨ කියමින් මහපාරේ උද්ඝෝෂණය කරනවා නම් ගුරුවරුන් සිසුන්ගෙන් ප්රතික්ෂේප වන බවත් පැවසූ ජනාධිපතිවරයා, ව... |
"ගාමිණී-මහින්ද-වාසු පාර්ලිමේන්තු ඇවිත් අදට වසර 54යි" | "ජ්යෙෂ්ඨතම දේශපාලනඥයින් තිදෙනෙකු පාර්ලිමේන්තුවට පත්වී අදට (මැයි 27ට) වසර 54ක් සපිරේ. හිටපු ජනාධිපති, වත්මන් පාර්ලිමේන්තු මන්ත්රී මහින්ද රාජපක්ෂ, හිටපු අමාත්යවරයකු මෙන්ම වෘත්තීය සමිති නියමුවකු වන පාර්ලිමේන්තු මන්ත්රී වාසුදේව නානායක්කාර හා ප්රබල ඇමැති ධුර ගණනාවක් දැරූ ගාමිණී දිසානායක යන මහත්වරු මෙම දේශපාලනඥයෝ වෙති. ... |
"දෙසැම්බර් 31දායින් පස්සේ මහ ඡන්දයත් ඉවරයි අස්වැසුමත් ඉවරයි රනිල් වික්රමසිංහත් නැහැ" | "ජනාධිපතිවරණය නියමිත පරිදි පවත්වන්න ඕනෑ. නමුත්, රංගේ බණ්ඩාර කියා තිබුණා, ජනාධිපතිවරණය නොතියා තව අවුරුදු පහක් රනිල් වික්රමසිංහට දෙන්න ඕනෑ කියලා. මම අවධාරණයෙන් රංගේ බණ්ඩාරට කියන්නේ, එහෙම කරන්න නම්, ලංකාවේ තවදුරටත් ඉඩ නැහැ කියලා යැයි ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවසීය. හෙතෙම මේ බව පැවසූවේ ඉකුත්(25)දා ප... |
"හිටපු ඇමැති තිස්ස කරල්ලියද්ද සජබට එක් වෙයි" | "මැදවච්චිය ආසනයේ ශ්රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායක ලෙස සිටි හිටපු අමාත්ය තිස්ස කරල්ලියද්ද මහතා එම තනතුරුවලින් ඉවත්ව ඉදිරි මැතිවරණවලදී සමගි ජනබලවේගයේ නායක සජිත් ප්රේමදාස මහතාට සහාය ලබා දීමට තීරණය කර ඇත. ඒ අනුව මැදවච්චිය සමගි ජනබලවේගයේ ආසන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්රී රෝහණ බණ්ඩාර මහතාගේ සම්බන්ධීකරණයෙන් පෙරේදා (25... |
"රට බංකොලොත්භාවයෙන් මුදවා ගත් පසු තරුණ තරුණියන්ට රැකියා ලබාදීම හා නවීන කෘෂිකර්මය ගමට ගෙන යෑම ආරම්භ කරනවා" | "වව්නියාව රෝහල ශික්ෂණ රෝහලක් බවට පත් කර වව්නියාව විශ්වවිද්යාලයට නව වෛද්ය පීඨයක් ලබාදීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා ඊයේ (26දා) පැවැසීය.මාන්කුලම් මූලික රෝහලේ ඉදිකළ වෛද්ය පුනරුත්ථාපන චිකිත්සක සහ මානසික සෞඛ්ය සංවර්ධන මධ්යස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් ජනාධිපතිවරයා එසේ කීය.බස්නාහිර පළාත මෙන්... |
"ආනන්ද පෙරේරා දිවි සැරියට සමුදෙයි" | "ප්රවීණ සංගීතඥ වාදන සහ ගායන ශිල්පී ආනන්ද පෙරේරා මහතා මහනුවර මහ රෝහලේදී ඊයේ අභාවප්රාප්ත විය. මියයන විට 67 වැනි වියෙහි පසුවූ ඒ මහතා සිහ ශක්ති සංගීත කණ්ඩායමේ නායකයාද විය. දේහය කිරිබත්කුඹුර, මොලදන්ඩ මංගලගම පාරේ අංක 10/3ෘ නිවසේ තැන්පත් කෙරෙන අතර අවසන් කටයුතු පසුව දැනුම් දීමට නියමිතය. ආනන්ද පෙරේරා මහතා තම ප්රතිභාව හෙළ ගීත... |
"රේගු පත්වීම් දෙන බව කියා මුදල් ගරන වංචනිකයන්ට අහුවෙන්න එපා" | "ශ්රී ලංකා රේගු දෙපාර්තමේන්තුවට සහකාර රේගු අධිකාරීවරුන් සහ රේගු පරීක්ෂකවරුන් බඳවා ගැනීම සඳහා මේ දිනවල කටයුතු කරගෙන යන බවත්, ඒ සඳහා ශ්රී ලංකා විභාග දෙපාර්තමේන්තුව මගින් තරග විභාගයක් පවත්වා වැඩිම ලකුණු ලබා ගත් අයදුම්කරුවන් සම්මුඛ පරීක්ෂණයකින් අනතුරුව බඳවා ගන්නා බවත්, වංචනික පුද්ගලයන් මෙම අයදුම්කරුවන් සොයා ගොස් ඔවුන්ගෙන... |
"සමහරු කවදාවත් යන්න බැරි මහ පුටුවට ගිහින් රට කාපු හොරු ආරක්ෂා කරනවා" | "සමහරු අමාරු කාලයේ රට බාරගෙන රට හරි පැත්තට හැරෙව්වා කිව්වත් රට විනාශ කළ රට බංකොලොත් කළ විනාශකාරී පවුල් පාලනයේ පිහිටෙන් කවදාවත් යන්න බැරි මහ පුටුවට ගොස් රට කාපු හොරු ටික ආරක්ෂා කරමින් සිටින බවත් මේ රට කාපු රාජපක්ෂලා එක්ක ඩීල් එක්ක නැත්තේ සමගි ජන බලවේගයට සහ සමගි ජන සන්ධානයට බවත් රට විනාශ කළේ කවුද කියා සමගි ජන බලවේගයේ බුද... |
"‘සසුන් කෙත අස්වද්දමු’ වැඩසටහනින් කළුතර බෝධි පරිශ්රයේදී කුලදරුවෝ පැවිදි බිමට" | "ශ්රී ලංකා අමරපුර මහා නිකාය මඟින් “සසුන් කෙත අස්වද්දමු” යන වැඩසටහන යටතේ සංවිධානය කළ කුලදරුවන් පැවිදි කිරීමේ පූජෝත්සවය ඓතිහාසික කළුතර බෝධි පරිශ්රයේදී ඊයේ (26දා) පැවැත්විණි. ශ්රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ සභාපති හා වැඩබලන උත්තරීතර මහා නායක කරගොඩ උයන්ගොඩ මෛත්රීමූර්ති මහා නායක ස්වාමීන් වහන්සේගේ ප්රධානත්වයෙන් මේ පිංකම ... |
"දිලිසෙන කුඩුවලින් සෑදූ උඩුවන පහන්කූඩුව දින නවයක්…" | "හෝමාගම උඩුවන තරුණ කැළ විසින් නමවන වරටත් ඉදිරිපත් කරනු ලබන මහා පහන් කූඩුව මෙවරත් ශ්රී සුපේෂරාරාම විහාරස්ථානය ඉදිරිපිට දී වෙසක් පොහෝදා සිට පුරා දින 9 ක් ප්රදර්ශනය කෙරේ. මෙම කූඩුව දිලිසෙන කුඩු භාවිතයෙන් අලවා ඇත. මෙවැනි දිලිසෙන කුඩු භාවිතා කරමින් ශ්රී ලංකාවේ පහන් කූඩුවක් නිර්මාණය කළ ප්රථම වතාව මෙය බව සංවිධායකයෝ පවසති.... |
"අද සිට විශේෂ ඩෙංගු මර්දන සතියක්" | "විශේෂ ඩෙංගු මර්දන සතියක් අද (27දා) සිට දිස්ත්රික්ක 17කට අයත් සෞඛ්ය වෛi නිලධාරී කාර්යාල 71ක ක්රියාත්මක කරන බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ වෛi ළහිරු කොඩිතුවක්කු මහතා “දිවයින” ට පැවැසීය. මේ අතර මෙම වසරේ (2024) මේ දක්වා කාලය තුළ දිවයිනෙන්ම ඩෙංගු රෝගීන් විසිහතර දහස් තුන්සිය විසිතුන් දෙනකු (24,323) හඳුනාගෙන ඇතැයි ද මෙම කාලය ... |
"ශ්රීලනිපයේ ප්රමුඛත්වයෙන් මෙරට විශාලම සන්ධානය ලබන 8 දා පිහිටුවනවා – ඇමැති අමරවීර කියයි" | "ඉදිරි මැතිවරණ ඉලක්ක කර ගනිමින් ශ්රී ලංකාවේ විශාලම හා ශක්තිමත්ම සන්ධානය ශ්රී ලංකා නිදහස් පක්ෂය ප්රමුඛත්වයෙන් ලබන මස 08 වැනිදා පිහිටුවන බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්ය මහින්ද අමරවීර මහතා පවසයි. එදින විශාල ජන සහභාගිත්වයකින් යුක්තව හම්බන්තොට දිස්ත්රික්කය තුළ ශ්රී ලංකා නිදහස් පක්ෂය ප්රමුඛ සන්ධානයේ මංගල රැළිය ප... |
"මහ ඡන්දයකට බලපෑම් දැඩිවේ" | "ජනාධිපතිවරණයට පෙර පාර්ලිමේන්තු මැතිවරණය පවත්වන ලෙස ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා වෙත එල්ල වන බලපෑම් මේ වනවිට එන්න එන්නම වැඩි වී ඇත. ශ්රී ලංකා පොදුජන පෙරමුණ මෙන්ම එක්සත් ජාතික පක්ෂයේ ඇතැම් පිරිස්ද ප්රථමයෙන් පාර්ලිමේන්තු මැතිවරණය පවත්වන්නේ නම් එය පක්ෂයට වාසි සහගත බවට මේ වනවිට මත පළ කිරීමට පටන් ගෙන තිබේ. පසුගියදා ශ්... |
"මන්ත්රී වාහනේට අලුත් යෝජනාවක්" | "මන්ත්රීවරුන් සඳහා තීරු බදු රහිත වාහන බලපත්ර ලබාදෙන්නේ නම් ඒ පිළිබඳ විශේෂ යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට අනුමැතිය ලබාගැනීම වඩාත් සුදුසු යැයි විපක්ෂයේ අදහස වී ඇත. එවිට වාහන බලපත්ර ලබාදෙන පක්ෂ සහ විපක්ෂ මන්ත්රීවරුන් පිළිබඳ ජනතාවට දැනුවත් විය හැකි බව විපක්ෂයේ ජ්යෙෂ්ඨ මන්ත්රීවරයෙක් ‘දිවයින ඉරිදා සංග්රහය’ට පැවසීය... |
"අර්බුද මැද්දෙන් මෛත්රීලා වෙන තැනකට" | "පවතින දේශපාලන අර්බුදය හමුවේ ශ්රී ලංකා නිදහස් පක්ෂයේ ඉදිරි දේශපාලන කටයුතු කරගෙන යෑම සඳහා තාවකාලික දේශපාලන මධ්යස්ථානයක් ස්ථාපිත කිරීමට ශ්රීලනිප හිටපු සභාපති මෛත්රිපාල සිරිසේන මහතාගේ පාර්ශ්වය තීරණය කර ඇත. ලබන සතිය වන විට එම දේශපාලන මධ්යස්ථානය කොළඹ පිහිටි ගොඩනැඟිල්ලකදී ආරම්භ කිරීමට මේ වනවිට නිදහස් පක්ෂ දේශපාලන මණ්ඩලය... |
"පොහොට්ටුව අද තලාවෙන් වැඩ අල්ලයි" | "‘සටන අරඹමු රජරටින් යන තේමාව’ යටතේ ඉදිරි මැතිවරණ ඉලක්ක කර ශ්රී ලංකා පොදු ජන පෙරමුණ පවත්වන මංගල ආසන සමුළුව අද (26දා) සවස 3.00ට අනුරාධපුර තලාව නගර මධ්යයේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්රධානත්වයෙන් පැවැත්වේ. ශ්රී ලංකා පොදුජන පෙරමුණේ අනුරාධපුර දිස්ත්රික් නායක පාර්ලිමේන්තු මන්ත්රී එස්. එම්. චන්ද්රසේනගේ නායක... |
"ලංවිම ලාභ මල්ලට බිලියන 61ක් වැටෙයි" | "විදුලි ගාස්තු සංශෝධනයත් සමග ලංකා විදුලිබල මණ්ඩලය ඉකුත් (2023) වර්ෂයේ දී රුපියල් බිලියන 61.2ක සැලකිය යුතු ලාභයක් වාර්තා කොට ඇති බැව් ශ්රී ලංකා මහබැංකුව විසින් නිකුත් කොට ඇති වාර්ෂික ආර්ථික විවරණ වාර්තාවේ සඳහන් වේ. 2016 වසරේ සිට වසර හතක පමණ කාලයක් අඛණ්ඩව පාඩු ලබමින් සිටි විදුලි බල මණ්ඩලය විදුලි ගාස්තු සංශෝධනයත් සමග ඉකු... |
"දන්සලට පෙර…" | "වෙසක් මහෝත්සවය වෙනුවෙන් බොහෝ ප්රදේශවල මෙවර දන්සල් හා ඒවා අසල මහා සෙනඟ දැකගත හැකිවිය. සෞඛ්ය නීතිරීතිවලට අනුව දන්සල් පවත්වන්නට නියෝග ලැබී ඇති පසුබිමක් තුළ කොළඹ, මට්ටක්කුලිය මල්වත්ත ප්රදේශයේ දන්සලක ආහාරපාන පිළිබඳව පරීක්ෂා කරන මහජන සෞඛ්ය පරීක්ෂකවරු මෙසේ දැකගත හැකිවිය. ඡායාරූපය – නිශාන් එස්. ප්රියන්ත" |
"ගයාත්රි කේමදාසට එක්සත් රාජධානියෙන් හරසර!" | "ලෝක සම්භාව්ය සංගීතයේ යුග පුරුෂයකු ලෙස හැඳින්වෙන ඔස්ටි්රයානු ජාතික ජෝෂප් හේඩන් ගේ ප්රකට නිර්මාණයකට සංගීතය නිර්මාණය කිරීමේ දුර්ලභ අවස්ථාවක් මහා සංගීතවේදී ප්රේමසිරි කේමදාසයන් ගේ දියණියක වන ගයාත්රි කේමදාසට හිමිවිය. එංගලන්තයේ පොර්ට්ස්මත් විශ්වවිද්යාලයේ සංගීතය පිළිබඳ මහාචාර්ය ජෝර්ජ් බරෝස්ගේ මෙහෙය වීමෙන් “හැවන්ට් සංධ්ව... |
"ග්රාමසේවා ව්යවස්ථාව අවුල් ලු" | "සිය සේවා ව්යවස්ථාවක් සැකසීම සඳහා තම ග්රාම නිලධාරී වෘත්තීය සමිති එකමුතුව අදහස් හා යෝජනා රැසක් ලබා දුන්නද රාජ්ය, පරිපාලන හා ස්වදේශ කටයුතු පිළිබඳ අමාත්යාංශයේ පරිපාලන බලධාරීන් ඒ යෝජනා කිසිවක් ගණන් නොගෙන ඔවුන්ට රිසි අයුරින් වෙනම ග්රාම සේවා ව්යවස්ථාවක් සකසා ඇතැයි ග්රාම නිලධාරි වෘත්තීය සමිති එකමුතුව සඳහන් කරයි. මෙලෙස ... |
"වැසි සුළං අඩුවෙයි" | "පවතින තද වැසි හා තද සුළං තත්ත්වය අදින් (26 දා) පසු ක්රම ක්රමයෙන් අඩු වී යන බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුවේ කාර්යයේ නියුතු කාලගුණ විද්යාඥ නිමල් බණ්ඩාර මහතා ‘දිවයින ඉරිදා සංග්රහය’ට පැවසීය. කෙසේ වෙතත් දිවයිනේ නිරිත දිග කොටසේ සාමාන්ය වැසි තත්ත්වයක් අපේක්ෂා කරන බව හෙතෙම කීය. තද වැසි හා තද සුළං ගතවූ දින කීපය පුරා බස්... |
"උපරිම මිල නැති ඖෂධ 765ක් වෙළෙඳපොළේ" | "ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් ඖෂධවල මිල නියම කිරීමේ කාර්ය නිසිපරිදි ඉටු නොකිරීම හේතුවෙන් උපරිම සිල්ලර මිලක් නියම නොවූ ඖෂධ වර්ග 765ක් වෙළෙඳ පොළේ පවතින බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත් කොට ඇති විගණන වාර්තාවක සඳහන් වේ. මෙකී ඖෂධ වර්ග සඳහා උපරිම සිල්ලර මිලක් නියම නොකිරීම හේතුවෙන් මෙකී ඖෂධ වෙළෙඳපොළේ ඉහළ මිලකට අලෙවිවී... |
""ලියාපදිංචියට දන්සල් 27,000ක්"" | "මෙවර වෙසක් තෙමඟුල වෙනුවෙන් දිවයින පුරා පිහිටි සෞඛ්ය වෛද්ය නිලධාරි කාර්යාල 350කදී දන්සල් විසිහත් දහසකට අධික ප්රමාණයක් ලියාපදිංචි වී තිබූ බව ශ්රී ලංකා මහජන සෞඛ්ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ විධායක සාමාජික මහජන සෞඛ්ය පරීක්ෂක සඳුන් හේමන්ත රත්නායක මහතා ‘දිවයින ඉරිදා සංග්රහය’ට පැවැසීය. ඉන් වැඩියෙන්ම ලියාපදිංචි වී තිබුණේ බත... |
"රේගු දඩ ලිහිලෙන් කෝටි 213ක් ගිලේ" | "ආනයනකරුවන් විසින් අවස්ථා 17ක දී විවිධ රේගු වැරදි සිදුකර බදු මුදල් ගෙවීම පැහැර හැරීම හේතුවෙන් රේගුව මගින් පැනවූ දඩ මුදල පසුව ලිහිල් කිරීම හේතුවෙන් රජයට ඉකුත් වසර හතේදී (2017 වර්ෂයේ සිට 2023 දක්වා) රුපියල් දෙසිය දහතුන් කෝටි අසූනමලක්ෂ අසූහත්දහස් හයසිය විසිනමයක (2,138,987,629) ආදායමක් අහිමි වී ඇති බව ජාතික විගණන කාර්යාලය ... |
"අවදානම් ගස් සහ තාප්පවලට නඩු" | "කොළඹ නගර සීමාවේ ඉතා අනාරක්ෂිත ආකාරයේ තාප්ප, ගොඩනැඟිලි, ගස් තබාගෙන ඒවාට පිළියම් නොයොදන පෞද්ගලික අංශයේ ආයතනවලට හා පදිංචිකරුවන් සම්බන්ධයෙන් ඉදිරියේදී දැඩි නීතිමය ක්රියාමාර්ග ගැනීමට කොළඹ මහ නගර සභාව තීරණය කර ඇත. පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් එම පෞද්ගලික ආයතනවලට, එම පදිංචිකරුවන්ට අයත් සමහර තාප්ප, ගොඩනැඟිලි, විශාල ග... |
"ලංවිම නිහඬයි – තෙවරක් සිහි කැඳවයි" | "ලබන ජුලි මාසයට අදාළ විදුලි බිල සංශෝධනය කිරීමට අවශ්ය යෝජනා ඉදිරිපත් කරන ලෙස මහජන උපයෝගිතා කොමිසම විදුලිබල මණ්ඩලයට මේ වන විට තුන්වැනි සිහි කැඳවීමේ ලිපියත් යවා තිබේ. නිසි වේලාවට එම යෝජනා ඉදිරිපත් නොකළහොත් ජූලි පළමු වැනිදාට විදුලි ගාස්තු සංශෝධන ඉදිරිපත් කිරීම ගැටලු සහගත විය හැකි යැයි ද මහජන උපයෝගිතා කොමිසම සඳහන් කරයි. අප... |
"පර්යටනික කුරුමිණි කුරුල්ලෙක් ශ්රී ලංකාවට ඇවිත්" | "ශ්රී ලංකාවෙන් මෙතෙක් වාර්තා නොවූ පර්යටනික කුරුමිණි කුරුල්ලකු මේ දිනවල ශ්රී ලංකාවට පැමිණ සිටින බව කොළඹ විශ්වවිද්යාලයේ සත්ත්ව විද්යා අංශයේ මහාචාර්ය, ප්රවීණ පක්ෂිවේදී සම්පත් සෙනෙවිරත්න මහතා තහවුරු කළේය. ශ්රී ලංකාවෙන් මෙම කුරුල්ලා වාර්තා වන පළමු අවස්ථාව මෙය වේ. වත නිල් කුරුමිණි කුරුල්ලා (Blue Cheeked Bee-eater) නමින... |
"ජංගම දුරකථනයෙන් සිදුහත් උපත" | "ශ්රී ලංකාවේ ප්රථම වරට AR තාක්ෂණය (Augmented Reality) භාවිත කරමින් නිර්මාණය කරන ලද සිදුහත් උපත ත්රිමාණ සජීවීකරණ අත්දැකීම මෙවර වෙසක් උත්සවය වෙනුවෙන් කොළඹ ගංගාරාම විහාරස්ථානය ආශ්රිත බුද්ධ රශ්මි වෙසක් කලාපයේදී සහ ගාලු මුවදොර බුද්ධ රශ්මි වෙසක් කලාපයේදී අත්විඳගැනීමට අවස්ථාව සලසා තිබේ. සිය ජංගම දුරකථනයේ කැමරාව මගින් නැර... |
"විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතාගේ “හුස්මක් ව්යාපෘතිය’ යටතේ මල්වතු හිරිපිටිය රෝහලට රුපියල් ලක්ෂ 15ක වෛද්ය උපකරණ පරිත්යාගයක්" | "මහර ප්රාදේශීය සභාවේ හිටපු මන්ත්රී අතුල ඉන්දික මහතාගේ ඉල්ලීමකට අනුව විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතාගේ “හුස්මක් ව්යාපෘතිය” යටතේ මල්වතුහිරිපිටිය – රෝහලට රුපියල් ලක්ෂ 15ක වටිනාකමින් යුත් වෛද්ය උපකරණ ප්රදානය කිරීමක්, එම රෝහලේදී විපක්ෂ නායකවරයාගේ අතින් සිදු කෙරිණි. එම වෛද්ය උපකරණ එම රෝහලෙහි ප්රධාන වෛද්ය නිලධාරි උමේ... |
"විමල් වීරවංශයන්ගේ නවතම පර්යේෂණාත්මක කෘතිය “රාම රාවණ සහ විභීෂණ නූතන කතාව” ජනගත කෙරේ!" | "ඉන්දු පැසිෆික් සාගර කලාපයේ සිදුවෙමින් පවතින භූ දේශපාලනික මෙහෙයුම පිළිබඳ ගැඹුරු අධ්යයනයකින් අනතුරුව ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්රී විමල් වීරවංශ මහතා විසින් රචිත පර්යේෂණාත්මක කෘතිය, “රාම රාවණ සහ විභීෂණ නූතන කතාව” ජනගත කිරීම, කොළඹ 07 පිහිටි ලයිට් හවුස් ශ්රවණාගාරයේදී (ලක්ෂ්මන් කදිරගාමර් ජාත්යන්තර සම්බ... |
"ජීවත් වීමට සුදුසු තවත් ග්රහලෝකයක් – Gliese 12 b" | "තාරකා විද්යාඥයින්ගේ ජාත්යන්තර කණ්ඩායම් දෙකක් පෘථිවි සහ සිකුරු ප්රමාණයේ ආලෝක වර්ෂ 40ක් ඈතින් පිහිටි ආකර්ෂණීය ග්රහලෝකයක් සොයාගැනීමට සමත්වී තිබේ. පසුගිය බ්රහස්පතින්දා රාජකීය තාරකා විද්යා සංගමයේ මාසික සඟරාවේ ප්රකාශයට පත් කරන ලද මෙම නව ග්රහලෝකය Gliese 12 b ලෙස නම් කරන ලදි. මෙම අධ්යයනයේ දී විද්යාඥයන් කියා සිටියේ ම... |
"දේශීය ආදායම් කොමසාරිස්ට නිතිපතා තොරතුරු දෙන්න – සියලුම බැංකු මුල්ය ආයතන සහ රජයේ ආයතනවලට මුදල් ඇමැති නියම කරයි" | "සියලුම බැංකු, මූල්ය ආයතන සහ රජයේ ආයතන විසින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වෙත අවශ්ය තොරතුරු නිතිපතා සැපයිය යුතු බවට මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්රතිපත්ති ඇමැතිවරයා නියම කර ඇත. මේ අනුව 2024.03.21 දිනැතිව මුදල් ඇමැතිවරයා විසින් නිකුත් කළ අංක 2376/25 දරන අතිවිශේෂ ගැසට් පත්රය මගින් අවශ්ය තොරතුරු මොනවාද යන්න සඳහන... |
"කොළඹ වෙසක් කලාප හා තොරණ රැසක් ජනපති අතින් විවෘත කෙරේ" | "ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා කොළඹ නගරයේ පැවති වෙසක් වැඩසටහන් රැසකට (23 දා) එක් විය. කොළඹ, හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය වෙසක් උත්සවය වෙනුවෙන් සංවිධානය කරන ‘බුද්ධ රශ්මි’ වෙසක් කලාපය ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාගේ ප්රධානත්වයෙන් පෙරේදා (23 දා) ආරම්භ කෙරිණි. ගංගාරම විහාරස්ථානයේ සීමා මාලකය වෙත පැමිණි ජනාධිපතිවරයා බු... |
"යාපනය රෝහලත් ජාතික රෝහලක් කරනවා – ජනපති කියයි" | "උතුරු පළාත තුළ උසස් මට්ටමේ සෞඛ්ය සේවාවක් සහතික කිරීම සඳහා යාපනය රෝහල නුදුරේදීම ජාතික රෝහලක් බවට පත් කිරීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා පැවසීය. යාපනය සංචාරයක නිරතව සිටින ජනාධිපතිවරයා ඊයේ (24 දා) යාපනය විශ්වවිද්යාලයේ වෛද්ය පීඨයේ සායනික පුහුණු හා පර්යේෂණ අංශය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් මේ බව කිය... |
"අද තද සුළං" | "දිවයින හරහා හමනා නිරිත දිග මෝසම් සුළං ප්රවාහයේ වැඩිවීම හේතුවෙන් දිස්ත්රික්ක රැසකට බලපෑම් ඇතිවිය හැකි බව ඊයේ (24දා) කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව අනතුරු ඇඟවීය. ඒ අනුව මධ්යම කඳුකරයේ බටහිර බෑවුම් ප්රදේශ, උතුරු, උතුරු මැද, බස්නාහිර, දකුණු සහ වයඹ පළාත්වල මෙන්ම ත්රිකුණාමල දිස්ත්රික්කයේත් විටින් විට පැයට කිලෝමීටර් 50-6... |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.