Title
stringlengths
9
246
Content
stringlengths
3
62.9k
"තුර්කි – ශ්‍රී ලංකා ඒකාබද්ධ මෙහෙයුමකින් ‘ෆෙටෝ’ සුන් කළා"
"ප්‍රජාතන්ත්‍රවාදයේ සහ ජාතික එකමුතු දින සැමරුමේදී තුර්කි තානාපතිනිය කියයි තුර්කිය කේන්ද්‍ර කරගනිමින් මෙරට තුළ ක්‍රියාත්මක වූ ‘ෆෙටෝ’ ත්‍රස්ත සංවිධානය තුර්කි – ශ්‍රී ලංකා ඒකාබද්ධ මෙහෙයුමකින් මුලිනුපුටා දැමූ බව ශ්‍රී ලංකාවේ තුර්කි තානාපතිනි ඩෙමෙට් ශෙකර්ජිඕලූ මහත්මිය පැවසුවාය. පසුගියදා කොළඹ තුර්කි තානාපති කාර්යාලයේ පැවති උ...
"අයි.එම්.එෆ්. කොන්දේසිවලට යටත් වී අලුත් නීති ගෙනැවිත් වැඩකරන ජනතාව වහලු‍න් බවට පත්කිරීම වහාම හකුළා ගන්නැයි ආණ්ඩුවට බල කරනවා"
"වැඩකරන ජනතාව වහලු‍න් බවට පත්කරන අයි.එම්.එෆ්. නියෝග වහාම හකුළා ගන්න ආණ්ඩුවට බල කරන බව ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික, පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පවසයි. ඊයේ පැවැතී ජාතික ජන බලවේගයේ මාධ්‍ය හමුවේදී හේරත් මහතා මෙසේද පැවසීය. ආණ්ඩුව අයි.එම්.එෆ්. කොන්දේසිවලට යටත් වෙලා මේ රටේ වැඩකරන ජනතාවගේ අයිතීන් කප්පාදු කරගෙ...
"අන්තර්ජාලය ඔස්සේ විදේශ ගමන් බලපත්‍ර ලබා ගැනීමට 29578 ක් අයැදුම් කරලා – ඇමැති ටිරාන් අලස්"
"විදේශ ගමන් බලපත්‍ර අන්තර්ජාලය ඔස්සේ ලබාගැනීම සඳහා ඉකුත් මාසයක කාලය තුළ 29578 දෙනකු අයදුම් කර ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් පැවසීය. මෙයින් 5294ක් එක්දින සේවය සදහාද 24285ක් සාමාන්‍ය සේවය සඳහාද අයදුම්පත් ඉදිරිපත් කර ඇත. මාර්ගගත ක්‍රමය ඔස්සේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල මඟින් විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ වැඩපිළිවෙ...
"ලියාපදිංචියක් නොමැතිව මතට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය කළ දෙහිවල මධ්‍යස්ථානයකට පොලිසිය පනී"
"දෙහිවල, මල්වත්ත පාර, අතුරු මාර්ගයක දෙමහල් නිවසක අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ ලියාපදිංචි කිරීමකින් තොරව නීති විරෝධී ලෙස “සහනය ගොඩ වැදීමේ පුනරුත්ථාපන මධ්‍යස්ථානය” නමින් කාලයක සිට පවත්වාගෙන ගිය මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනය කිරීමේ මධ්‍යස්ථානයක් වටලා එහි හිමිකාර පාස්ටර්වරයා සමග සහායකයකු අත්අඩංගුවට ගනු ලැබ...
"ශාන්ත බණ්ඩාර පොහොට්ටුවට එක්වෙයි"
"පසුගිය මහමැතිවරණයට පොහොට්ටුව යටතේ තරගකර පාර්ලිමේන්තුවට තේරීපත්වූ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මන්ත්‍රීවරුන් අතරින් ශාන්ත බණ්ඩාර මහතා එම පක්‍ෂයෙන් ඉවත්වී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා එක්වී ඇත. පසුගිය සිකුරාදා පැවැති ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ විධායක සභාවට ආණ්ඩුවට එක්වී සිටින ශ්‍රීලනිපයේ මැති ඇමැතිවරුන් සහභාගිවුවත් ශාන්ත බණ්...
"ආනයන තහනම ඉවරයි – ඒත් වාහන බෑ!"
"ශ්‍රී ලංකාවට ආනයනය කිරීම තහනම් කර ඇති භාණ්ඩ අතුරින් වාහන හැර ඉතිරි භාණ්ඩ සියල්ල ආනයනය කිරීමට ලබන සැප්තැම්බර් මාසය පළමු සතියේ දී අවසර ලබාදීමට රජය තීන්දු කර තිබේ. රජය මෙම තීන්දුවට එළැඹ ඇත්තේ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක, මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරීන් සමග ඉකුත් සතියේ බද...
"ඉන්දියා යන ජනපති ගිවිසුම් පහකට එළඹෙයි"
"ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉන්දීය නිල සංචාරය අතරතුර දී දෙපාර්ශ්වයටම බලපාන ගිවිසුම් 5ක් අත්සන් කිරීමට නියමිත බව ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග පවසයි. එම ගිවිසුම් සම්බන්ධයෙන් ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා හමුවී කළ සාකච්ඡාවේදී තහවුරු කර ගෙන තිබේ.මෙම ගිවිසුම් සම...
"‘පඬුකරඳ’ යාල් දේවි සමග"
"මේ දිනවල වඩාත් ජනප්‍රිය ශාකය බවට පත්ව ඇත්තේ පඬුකරඳ ශාකයයි. එම ශාකයක් ජනමාධ්‍ය ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය බන්ධුල ගුණවර්ධන මහතා විසින් අනුරාධපුර දුම්රිය ස්ථාන පරිශ්‍රයේදී රෝපණය කළේ අනුරාධපුරය සිට යාපනය දක්වා යළි යාල්දේවි දුම්රිය ධාවනය ආරම්භවීම සනිටුහන් කරමිනි. ඉකුත් 13 වැනිදා දුම්රිය ධාවනය යළි ආරම්භ විය. මෙම පඬුකරඳ ශා...
"සාගර එළියට නොබැස්සොත් සජබයෙනුත් බංකොළොත් කමිටුවක්"
"රට අරාජික වීම සම්බන්ධව සොයා බැලීම සඳහා පත්කළ පාර්ලිමේන්තු කමිටුවේ සභාපති ධුරයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා ඉවත් නොකරන්නේ නම් සමගි ජනබල පක්‍ෂය ද වෙනම එවැනි කමිටුවක් පත්කිරීමට සූදානම් වන බව වාර්තා වේ. මේ සම්බන්ධව අදහස් දක්වමින් එම කමිටුවේ සජබ සාමාජික ගම්පහ දිස්ත්‍රික් පා...
"ආණ්ඩුව වී ගන්නේ 8%ක පොලියට ගත් ණයකින් – ඇමැති අමරවීර"
"වී අලෙවි මණ්ඩලය මේ වන විට වී මිලදී ගැනීම සිදුකරන්නේ සියයට 08ක පොලිය යටතේ රාජ්‍ය බැංකුවකින් ගත් ණය මුදලක් හා ගොවි භාරකාර මණ්ඩලයෙන් ලබා ගත් ණය මුදලක් මත බව කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර මහතා සඳහන් කරයි. මේ හැර ගොවි භාරකාර අරමුදලෙන් ද ණය මුදලක් ලබා ගෙන ඇති අතර දැනට වී මිල දී ගැනීම සඳහා යොදවනු ලබන්නේ එම මුදල් බව ද ඇමැතිවරය...
"ජාතික පාසල් ව්‍යාපෘතිය මිලියන 2285ක් ගිලලා පුස්ස බින්දා වගේ ප්‍රතිඵලත් නෑ"
"සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකම භෞතික හා මානව පහසුකම්වලින් සම්පූර්ණ පාසල් තුන බැගින් පිහිටුවා මෙරට 353ක් වූ ජාතික පාසල් සංඛ්‍යාව දහසක් (1000) දක්වා වැඩි කිරීමේ අරමුණින් ක්‍රියාත්මක කළ ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 2285.2ක මුදලක් වැයකර තිබුණ ද ජාතික පාසල් බවට පත්කර තිබුණේ පාසල් 22ක් පමණක් බැව් ජාතික විගණන කාර්යාලය මගි...
""2021 නොවැම්බර් සිට සහල් මෙට්‍රික්ටොන් 922,620ක් රටින් ගෙන්වලා""
"රාජ්‍ය හා පුද්ගලික අංශයේ ආයතන මගින් ඉකුත් 2021 වර්ෂයේ නොවැම්බර් මස 02 දා සිට 2023 පෙබරවාරි මස 15 වැනිදා දක්වා මාස 15ක කාලයේ දී මෙරටට සහල් මෙටි්‍රක්ටොන් නව ලක්‍ෂ විසිදෙදහස් හයසිය විස්සක් ආනයනය කර ඇති බැව් මුදල් ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය පවසයි. මුළු සහල් ආනයනයෙන් සහල් මෙට්‍රික්ටොන් 80,842ක් ශ්‍රී...
"හොර බීඩි කොළ නිසා කෝටි 525ක බදූ වාෂ්ප වෙලා"
"බීඩි එතුම් කොළ නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒම නිසා රජයට වසරකදී රුපියල් කෝටි 525 කට අධික මුදලක් අහිමි වන බවත් එම මුදල් අයකර ගැනීම සඳහා වහාම මැදිහත් වන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බවත් සමස්ත ලංකා බීඩි සුරුට්ටු නිෂ්පාදකයන්ගේ සහ බීඩි කොළ දුම්කොළ ආනයන කරුවන්ගේ සංගමය ජනාධිපතිවරයා වෙත ලිපියක් යවමින් සඳහන් කරයි. බීඩි එතී...
"සීනි නිෂ්පාදනය 2.1%කින් පහතට"
"මෙරට සීනි නිෂ්පාදනය ඉකුත් වර්ෂයේ දී (2022) සියයට 2.1කින් පහළ ගොස් ඇති බැව් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් 2022 වර්ෂයට අදාළව නිකුත් කර ඇති වාර්ෂික වාර්තාවේ සඳහන් වෙයි. 2021 වර්ෂයේ දී මෙරට සමස්ත සීනි නිෂ්පාදනය මෙට්‍රික්ටොන් 80555කි. එහෙත් 2022 වර්ෂයේ දී මෙරට සීනි නිෂ්පාදනය මෙට්‍රික්ටොන් 78,857ක් දක්වා පහත වැටී ඇති බව මහ බැ...
"ඇමති කෙහෙළියට විශ්වාසභංගයක් – කාවින්ද කියයි"
"සෞඛ්‍ය ඇමැති කෙහෙලිය රඹුක්වැල්ල මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් පාර්ලිමේන්තුවට ගෙන ඒම සම්බන්ධයෙන් සමගි ජනබලවේගයේ අවධානය යොමුව තිබේ. වර්තමානය වන විට ප්‍රමිතියෙන් තොර බාල ඖෂධ සහ ශල්‍ය වෛද්‍ය උපකරණ ගෙන්වා සෞඛ්‍ය ක්‍ෂේත්‍රය දුර්වල කිරීම හා එමගින් මරණ සිදුවීම යන කරුණු ඔස්සේ ඇමැතිවරයාට චෝදනා එල්ල කරන බව සජබ ගම්පහ දිස්ත්‍රි...
"ඉඩම් දේපොළ ගනුදෙනුවලින් කළු සල්ලි සුදු කරන්න එපා – නිශ්චල දේපොළ නියෝජිතයන්ට මහ බැංකුවෙන් උපදෙස්"
"මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ ක්‍රියාමාර්ගයන් දැඩි කරන ලෙස නිශ්චල දේපළ නියෝජිතයන්ට ශ්‍රී ලංකා මහ බැංකුව උපදෙස් ලබාදී ඇත. ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකය විසින් පසුගියදා නිශ්චල දේපළ වෙළෙඳාම් අංශය දැනුවත් කිරීමේ වැඩසටහනක් පවත්වන ලද අතර එහිදී මෙම උපදෙස් ලබාදී ඇත. මෙහිදී මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ ...
"ඉතාලි දැරියක් ඝාතනය කළ අවුරුදු 17 ශ්‍රී ලංකාවේ තරුණයා"
"වතිකානුව පුද බිම පෙනෙන නොපෙණෙන මානයේ එදින පැතිර තිබුණේ දැඩි හිරු රශ්මියකි. රෝම නගරයට ද මේ උණුසුම දැනුනා විය යුතුය. මේ උණුසුම දෙගුණ තෙගුණ කරවන තොරතුරක් පැතිර ගියේ ඒ අතරවාරයේය. ඉතාලි පුරවැසිභාවයට හිමිකම් කියන ශ්‍රී ලාංකීය ලාබාල තරුණයකු අතින් ඉතාලි ජාතික තරුණියක ඝාතනය වී ඇතැයි යන්න ඒ තොරතුරය. ඉතාලි ජාතික තරුණිය නමින් මිෂ...
"ඉන්දියාවේ චන්ද්‍රයන් 3 හඳ අල්ලන්න යයි"
"ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ සංවිධානය (ෂීඍධ) සිය තුන් වන චන්ද්‍ර ගවේෂණ මෙහෙයුම සාර්ථක ලෙස අභ්‍යවකාශගත කිරීමට පසුගිය සිකුරාදා (14දා) සමත් විය. චන්ද්‍රයාන් 3 නම් වූ එය අභ්‍යවකාශගත කරන ලද්දේ සහශ්‍රකෝටාහි පිහිටි සතිෂ් ධාවන් අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිට, ඛඪඵ3 – ඵ4 රොකට්ටුව ආධාරයෙනි. එය එලැඹෙන අගෝස්තු මස 23 හෝ 24 වැනි දා සඳෙහි දක...
"සියලු රාජ්‍ය සේවකයන්ට පඩි නැතිව නිවාඩු"
"සියලුම රජයේ සේවකයන්ට පඩි රහිත නිවාඩු ක්‍රමවේදයක් නිවේදනය කරමින් රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය විසින් පෙරේදා (13 දා) චක්‍රලේඛයක් නිකුත්කර ඇත. රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 14/2022 (111) යන චක්‍රලේඛය අනුව අදාළ නිවාඩු ලබාගන්නා රාජ්‍ය සේවකයන්ට විදේශගත වීමට හෝ මෙරට රැඳී සිටීමට අවස්ථාව උදා වෙයි...
"ශ්‍රී ලංකාවේ ෂෙඩ් හදන්න සිනොපෙක්ස් ගිවිසුමක්"
"ශ්‍රී ලංකාව තුළ ඉන්ධන පිරවුම්හල් ස්ථාපිත කිරීම ක්‍රියාත්මක කිරීම හා ඉන්ධන බෙදාහැරීම සඳහා චීනයේ සිනොපෙක් සමාගම සමඟ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය ගිවිසුමකට එළඹිණි. සිනොපෙක් විසින් ඉන්ධන ආනයනය, ගබඩා කිරීම සහ අලෙවිය ඇතුළත් ව්‍යාපෘතිය සඳහා ඩොලර් මිලියන 100 ක් ආයෝජනය කර ඇත. මෙම ව්‍යාපෘතිය සඳහා දැනට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින්...
"සුපිරි නළු රජිනි කාන්ත් කටුනායකට"
"දකුණු ඉන්දීය සුපිරි නළු රජිනි කාන්ත් මහතා ඉන්දියාවේ චෙන්නායි සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ. එල්.- 122 දරන ගුවන් යානයෙන් ඊයේ (14 දා) පෙරවරු 11.30 ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි. එහිදී රජිනි කාන්ත් මහතා කටුනායක ගුවන් තොටුපළ විශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත කැඳවා විශේෂ පිළිගැනීමකට ලක් කර තිබුණි. කටුනායක – ටී. කේ. ...
"ආර්ථික වර්ධනය උදාකර ගැනීමට අදාළ නීති ප්‍රතිසංස්කරණ කඩිනමින් ගෙන එනවා – ඉන්දීය ව්‍යාපාරික හමුවේදී ජනපති කියයි"
"ආර්ථික වර්ධනය උදාකර ගැනීම සඳහා ශ්‍රී ලංකාව ලෝකයට විවෘත කිරීමට බලාපොරොත්තු වන බවත් ඊට අදාළ නීති ප්‍රතිසංස්කරණ කඩිනමින් ගෙන එන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. දැඩි තරඟකාරී ආර්ථික රටාවකට ශ්‍රී ලංකාව නතු කිරීම තම අපේක්ෂාව බව සඳහන් කළ ජනාධිපතිවරයා හරිත හා ඩිජිටල් ආර්ථිකයක් තුළින් ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැගිය හැ...
""හොරකම, වංචාව හා බාල බෙහෙත් නිසා රටේ සෞඛ්‍ය ක්‍ෂේත්‍රය ත්‍රස්තවාදයක් වෙලා -විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස""
"වසර 30ක් පැවැති එල්ටීටීඊ ත්‍රස්තවාදය මුලින් උපුටා දැමුවද රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රය මේ වන විට ත්‍රස්තවාදයක් වී ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. වංචාව, හොරකම, අක්‍රමිකතාව, ගුණාත්මකභාවයෙන් අඩු සහ බාල බෙහෙත්, වෛද්‍ය උපකරණ ගෙන්වීම මෙන්ම රටට තොරතුරු සැඟවීම, ඇත්ත කතාකරන වෛද්‍ය ක්ෂේත්‍රයේ විවිධ වෘත්තිකයන් දඩයම් කිරී...
"සීඅයිඩීයට බොරු කිව්ව බව ගානියා පිළිගනියි – ලක්‍ෂ විස්සක් රජයට ගෙවන්නත් නියම වෙයි"
"අධිකරණ නීතිමය කටයුත්තකදී භාවිත කිරීමේ අරමුණින් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට අසත්‍ය ප්‍රකාශයක් සිදුකිරීම හා බොරු සාක්‍ෂි සෑදීම යන චෝදනාවලට වරද පිළිගත් කොළඹ ස්විස් තානාපති කාර්යාලයේ නිලධාරිනියක වන ගානියා බැනිස්ටර් ෆ්‍රැන්සිස් නමැත්තියට වසර පහකට අත්හිටවූ වසර දෙකක බරපතළ වැඩ සහිත සිරදඬුවම් හා රුපියල් 5000 ක දඩයක් ගෙවීමට ...
"‘උතුරට කල එළියක්’ ‘ග්ලෝකල් ෆෙයාර්’ තේමාවයි"
"සංහිඳියාවේ පණිවුඩය ජන හදවත් තුළ ඇති කිරීම මෙම 15-16 යන දිනවල ග්ලෝකල් ෆෙයාර් අරමුණ වන බව කම්කරු හා විදේශ රැකියා ඇමැති මනුෂ නානායක්කාර මහතා පවසයි. ‘ග්ලෝකල් ෆෙයාර්’ සාර්ථකත්වය සඳහා උතුරේත් දකුණේත් සියලු දෙනා පක්‍ෂ පාට භේද නොතකා එක්ව සහය දෙන ලෙස ද ඇමැතිවරයා ඉල්ලා සිටී. විදේශ කටයුතු අමාත්‍යාංශය හරහා සිදුකරන සහතික කර ගැනීම්...
"බණ්ඩි පොහොර 1000කින් අඩු වෙයි"
"අද සිට (15 දා) බණ්ඩි පොහොර හෙවත් එම්.ඕ.පි. පොහොර කිලෝග්‍රෑම් 50ක මිටියක මිල රුපියල් 1000කින් අඩු කරන බව කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර මහතා පැවසීය. පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී ඊයේ (14 දා) පැවති දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීම අමතමින් ඇමැතිවරයා මේ බව සඳහන් කළේය. මෙම කන්නය ආරම්භ වනවිට රුපියල් 22,000 ඉක්මවා ...
"අනුරාධපුර – ඕමන්ත දුම්රිය අද ඇරඹෙයි"
"පැයට කිලෝමීටර් 100 ක වේගයෙන් ධාවනය කළ හැකි ලෙස නවීකරණය කරන ලද අනුරාධපුර සහ ඕමන්ත අතර දුම්රිය මාර්ගයේ ධාවන කටයුතු අද (15 වැනිදා) සිට ආරම්භ වේ. මහව සිට ඕමන්ත දක්වා පැයට කිලෝමීටර් 100 ක වේගයෙන් දුම්රිය ධාවනය කළ හැකි වන පරිදි උතුරු දුම්රිය මාර්ගය නවීකරණය කිරීමේ ව්‍යාපෘතිය ආරම්භ කෙරුණේ 2019 වර්ෂයේදී ය. 2022 වසරේ නොවැම්බර් ...
"ඡන්දය කල් දැමීමට එරෙහි හරිනිගේ පෙත්සම යළි කැඳවීම 24 දා"
"පසුගිය මාර්තු 9 වැනිදා පැවැත්වීමට නියමිතව තිබූ පළාත් පාලන මැතිවරණය කල්දැමීම අභියෝගයට ලක්කරමින් ජාතික ජනබලවේගය පක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය විසින් ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම ලබන 24 වැනිදා යළි කැඳවීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (14 දා) නියෝග කළේය. නඩුවට අදාළ තාක්‍ෂණික ගැටලු සලකා බැල...
"ආයෝජන සඳහා එක්වීමටත් පිළිකා සුව කිරීමේ කාර්යයට දායකවීමටත් චීනය කටයුතු කරනවා – චීන නියෝජිතවරිය අගමැති හමුවේ කියයි"
"චීන ව්‍යවසායකයින් විශාල පිරිසක් ක්ෂේත්‍ර රැසක සිදුකළ හැකි ආයෝජන පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා අරලියගහ මන්දිරයේදී අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා හමුවිය. සංචාරක හා හෝටල් කර්මාන්තය, මැණික් හා ස්වර්ණාභරණ, කෘෂිකර්මය, ඖෂධ, ආහාර සැකසුම්, පුනර්ජනනීය බලශක්ති සහ විනෝදාස්වාද කර්මාන්තය ඇතුළු ක්ෂේත්‍ර රැසක ආයෝජන සඳහා විශාල විභවයක් පවතින...
"රුපියල පිරිහෙයි"
"ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය ඊයේ (14දා) දිනයේ සැලකිය යුතු ලෙස පිරිහෙමින් ඇමරිකානු ඩොලරයක විකුණුම් අගය රු. 324.67 දක්වා ඉහළ ගියේය. ඇමරිකානු ඩොලරයක විකුණුම් අගය පෙරේදා (13 දා) දිනයේ රු. 321.87 ක් විය. මේ අනුව ඊයේ දිනයේ ඇමරිකානු ඩොලරයේ විකුණුම් අගය රු. 2.30 කින් ඉහළ ගොස් තිබේ. එසේම ඇමරිකානු ඩොලරයක ගැනු...
"වෛද්‍යවරුන් රට හැර යෑමෙන් සෞඛ්‍ය සේවය වසර 5ක් ආපස්සට ගිහින්"
"රටේ පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් සිදුවෙමින් පවතින බුද්ධිගලනය හමුවේ විශේෂඥ වෛද්‍යවරුන් සහ වෛද්‍යවරුන් රට හැර යෑමෙන් මෙරට සෞඛ්‍ය සේවය වසර පහක් ආපස්සට යෑමක් සිදුව ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි. මෙම තත්ත්වය අවබෝධ කර ගනිමින් රජය, සෞඛ්‍ය අමාත්‍යාංශය හෝ වගකිව යුතු අංශ නිසි පියවර නොගතහොත් ඉදිරි වසර වන විට ම...
"රාජිතට එරෙහි නඩුවේ සාක්‍ෂි විභාගය සැප්තැම්බරයේ"
"රජයට පාඩුවක් සිදුවන බව දැන දැනම මෝදර ධීවර වරාය ඉතා අඩු මුදලකට පෞද්ගලික සමාගමකට බදු පදනම මත ලබාදුන්නේ යැයි කියන චෝදනා යටතේ හිටපු ධීවර අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා ඇතුළු විත්තිකරුවන් තිදෙනකුට එරෙහිව පවරා ඇති නඩුවේ සාක්‍ෂි විභාගය ලබන සැප්තැම්බර් මස 22 වැනිදා ආරම්භ කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා (...
"අරක්කු සමාගම් පොලු තැබූ කෝටි 623 ගන්න හදයි – ඇමැති සියඹලාපිටිය"
"අරක්කු නිෂ්පාදනය කරන සමාගම් කිහිපයකින් රජයට අයවීමට ඇති රු. කෝටි 623 ක මුදල අයකර ගැනීමට කඩිනම් ක්‍රියාමාර්ග ගන්නා බව මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා ඊයේ පැවසීය. මින් තුනෙන් එකක් බදු වශයෙන් ද ඉතුරු ප්‍රමාණය ප්‍රමාද දීමනා වශයෙන්ද අයවීමට ඇතැයි මුදල් රාජ්‍ය ඇමැතිවරයා කීවේය. එම සමාගම් සමග සාකච්ඡා කර අදාළ හිඟ මුදල...
"රෝයල්පාර්ක් චූදිතයාට ජනාධිපති සමාව දුන්නේ මෛත්‍රීගේ තනි කැමැත්තට නෙවෙයි – ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා"
"රෝයල් පාක් ඝාතන නඩුවේ විත්තිකාර ජූඩ් ශ්‍යාමන්ත ජයමහ නමැත්තාට අභියාචනාධිකරණය විසින් නියම කර තිබූ මරණීය දණ්ඩනය ජීවිතාන්තය දක්වා වූ සිරදඬුවමක් ලෙසට ලිහිල් කරමින් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් පොදු සමාවක් ලබාදී ඇත්තේ ඔහුගේ තනි අභිමතයට නොව බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා අධිකරණ අමාත්‍යවරයා මෙන්ම විශේෂ කමිටුව...
"ආදායම උත්පාදනයට සුද්දෙක් එයි – ජනපති කියයි"
"රට ගොඩනැඟීමට නම් මූල්‍ය විනයක් අත්‍යවශ්‍ය බවත්, රාජ්‍ය වියදම් පාලනයට මෙන්ම රාජ්‍ය නව ආදායම් උත්පාදනයට විධිමත් ක්‍රමවේද කඩිනමින් හඳුන්වා දෙන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය. ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ රාජ්‍ය නව ආදායම් මාර්ග උත්පාදනය සඳහා උපාය මාර්ග සෙවීමට මුදල්, ආර්ථික ස්ථායීකරණ හා ජාතික ප්‍රතිප...
"‘එන්නත අප්සට්ද’ තාක්ෂණ කමිටුවකින් තීරණය කරන්න – මාධ්‍ය සංදර්ශන එපා – විශේෂඥ වෛද්‍ය චමල් සංජීව"
"ප්‍රමිතියෙන් තොර එන්නත් හා ඖෂධ නිසා රෝගීන් මියයන්නේද නැද්ද පිළිබඳව තහවුරු කරගත යුත්තේ ‘තාක්ෂණික කමිටුවක්’ පත්කර ඒ ලබාදෙන වාර්තා මත මිස මාධ්‍ය සංදර්ශන හරහා නොවේ යැයි සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍ය වෘත්තීය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා පවසයි. මේ වනවිට මියයා යුතු නැති රෝගීන් සැළකිය යුතු පිරිසක් න...
"ඉතිහාසය වෙනස් කරමින් සජිත්ගෙන් කමිටුවක්"
"ඉතිහාසයේ ප්‍රථම වතාවට පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක පාර්ලිමේන්තු කමිටුවක් ඊයේ (13 දා) විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් ස්ථාපිත කෙරිණි. ඒ පාර්ලිමේන්තුවේ කමිටු කාමර 8දී ය. එම කමිටුව හරහා විවිධ ක්ෂේත්‍රවල ගැටලු පිළිබඳව සාකච්ඡා කරන අතර දූෂණ වංචාවලට වැට බැඳීම, සුසමාදර්ශී පාලනයක් උදෙසා විධිවිධාන සැකසීම මෙන්ම ඒ...
"අලි සබ්රි රහීම් පාර්ලිමේන්තුවෙන් දොට්ටද? තීරණය අද -කථානායක කියයි"
"නීති විරෝධී ලෙස රන් බිස්කට් සහ ජංගම දුරකථන තොගයක් ගුවනින් මෙරටට ගෙනා පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහීම් මහතා මන්ත්‍රී ධුරයෙන් ඉවත් කරනවාද නැද්ද පිළිබඳව අද (14දා) පැවැත්වෙන පක්ෂ නයකයන්ගේ හමුවේදී ස්ථිර නිගමනයකට එළඹෙන බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ‘දිවයින’ ට පැවසීය. අලි සබ්රි රහීම් මහතා සිදු...
"බෙදුම්වාදී මැරයන් වෙනුවෙන් පෙනී සිටීමට පෙර දෙවරක් සිතන්න – සරත් වීරසේකරගෙන් නීතිඥ සංගමයට ලිපියක්"
"සැවොම අධිකරණයට ගරු කරන නමුත් අපේ උරුමයන් විනාශ කරන බෙදුම්වාදී මැරයන් වෙනුවෙන් පෙනී සිටීමට පෙර දෙවරක් සිතන ලෙස නීතිඥවරුන්ගෙන් ඉල්ලා සිටිනවා යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපතිවරයා වෙත යවා ඇති ලිපියක සඳහන් කරයි. තමා අධිකරණයට තර්ජනය කිරීමක් කළ බවට ඇතැමුන් නඟන...
"ජෙරම්ගේ දෙවැනි පෙත්සම ප්‍රතික්ෂේප කරන්න – නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් අභියාචනාධිකරණයෙන් ඉල්ලයි"
"ප්‍රසිද්ධ ආගමික දේශනයකදී පැවැත්වූ කරුණු මුල්කරගෙන තමා අත්අඩංගුවට ගැනීම වළක්වන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා දේවගැති ජෙරම් ප්‍රනාන්දු නැමැත්තා විසින් දෙවන වරටත් ගොනුකර ඇති පෙත්සම විභාගයට ගැනීමට අවසර ලබා නොදී ප්‍රතික්ෂේප කරන ලෙසට නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ශවේන්ද්‍ර වික්‍රම මහතා ඊයේ (13) අභියාචනාධිකරණයෙන් ඉල්ලා සිටියේය....
"සනත් නිශාන්ත උසාවියට අපහාස කළාද – පෙත්සම් තුන සැප්තැම්බරයේ යළි කැඳවයි"
"අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව එල්ලවී ඇති රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත පෙරේරා මහතාට එරෙහිව ගොනු කර ඇති පෙත්සම් තුන ලබන සැප්තැම්බර් 27 වැනිදා යළි කැඳවීමට අභියාචනාධිකරණය ඊයේ (13දා) නියෝග කළේය. අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ එම්. ඒ. ආර්. මරික්කාර් යන මහත්වරුන් හමුවේදී එම පෙත්සම කැඳවිණි. 2022.05....
"සෞඛ්‍ය ඇමැති ඉල්ලා අස්විය යුතුයි විමල් කියයි"
"“ඖෂධ හිඟයක් ඇති වීමට ඉඩහැර, පසුව නිසි ටෙන්ඩර් පටිපාටියකින් තොරව, ‘අත යට ගනුදෙනු සහිත හදිසි මිලදී ගැනීම්’ මගින් බාල ඖෂධ ගෙන්වා අසරණ රෝගීන් මෝචරියට යැවීමට වගකිවයුතු සෞඛ්‍ය ඇමැතිවරයා වහාම ඉල්ලා අස්විය යුතුයි” යැයි උත්තර ලංකා සභාගයේ සභාපති, ජානිපෙ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පැවසීය. ඔහු මෙසේ පැවසුවේ ඊයේ ...
"වියදම ඩොලර් බිලියන 2ක්: සැහැල්ලු දුම්රිය පද්ධතිය අපරාධයක් ද කියා සොයන්න – වසන්ත සමරසිංහ"
"බත්තරමුල්ල සිට කිලෝමීටර් පහළොවක් දක්වා සැහැල්ලු දුම්රිය මාර්ග පද්ධතිය ඉදිකිරීමට පෙර එය රටට ගැළපෙන එකක් දැයි සොයා බැලිය යුතු බවත් ඇමරිකානු ඩොලර් බිලියන දෙකක් (කෝටි 200) වැයකර එය ඉදිකිරීම ජාතික අපරාධයක් විය හැකි බවත් ජාතික ජනබලවේගයේ විධායක සභික වසන්ත සමරසිංහ මහතා පැවසීය. මෙම සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය එක් දිශාවකට පමණක්...
"වී කිලෝව රු. 95 බැගින් ගන්නවා – කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර"
"ගොවියාගේ වී කිලෝවක් රුපියල් 95 බැගින් රජය මිලදී ගැනීමට ලබන සතියේ සිට කටයුතු කරන බව කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර මහතා ඊයේ (13 දා) උදෑසන පොළොන්නරුවේ දී පැවසීය. පොලොන්නරුව, සෙවණපිටිය බොර වැව ප්‍රදේශයේ මිරිස් වගා ව්‍යාපෘතියක් නිරීක්ෂණය කිරීමේ චාරිකාවකට එක්වෙමින් අනතුරුව මාධ්‍යයට අදහස් දැක්වීමේදී ඇමැතිවරයා එසේ කීය. ගොවීන්ග...
"ලෝක සංචාරක රූ රැජින තරග 20 දා සිට"
"ප්‍රථම වරට පවත්වන ලෝක සංචාරක රූ රැජින තරගාවලිය ඵසි උදරකා Miss World Tourism – 2023 මේ මස 20 දා සිට ජූලි 29 දා දක්වා ශ්‍රී ලංකාවේදී පැවැත්වෙයි. සංචාරක අමාත්‍යාංශය යටතේ ඇති ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ සහ පෞද්ගලික අංශයේ අනුග්‍රයද ඇතිව මේ තරගාවලිය සංවිධානය කර ඇත. සංචාරක ක්‍ෂේත්‍රය සම්බන්ධ ප්‍රථම ජාත්‍යන්තර තරගා...
"ප්‍රා. සභා යළි කැඳවන පනත් කෙටුම්පත ව්‍යවස්ථාවට පටහැනියි – සම්මත කරනවා නම් 2/3ත් ජනමත විචාරණයත් ඕනෑ"
"විසුරුවා ඇති පළාත් පාලන ආයතන යළි කැඳවීමේ අරමුණින් ඉදිරිපත් කර ඇති ප්‍රාදේශීය සභා සංශෝධන යන නව සංශෝධන පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවත් එය සම්මත කිරීමට නම් පාර්ලිමේන්තු තුනෙන් දෙකේ විශේෂ බලයක් සහ ජනමත විචාරණයක් අවශ්‍ය බවත් නීතිපති දෙපාර්තමේන්තුව දන්වා සිටී. පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස පත් කළ මන්ත්‍රී ...
"ජනපතිතුමනි අපි ඔක්කොම එක අත්තේ…"
"රුපියල් මිලියන 1500 ක වියදමින් ඉදි කළ රත්නපුර නව අධිකරණ සංකීර්ණය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පෙරේදා (11 දා) විවෘත කළ අවස්ථාවේ හිටපු අධිකරණ අමාත්‍යවරිය මෙන්ම සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරියක වන තලතා අතුකෝරල මහත්මිය ජනාධිපතිවරයාට යමක් පැවසූ අයුරු…. අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්‍ෂ මහතාද අසල ස...
"පිරිමීඩ ක්‍රමයට මුදල් වංචා කළැයි හයදෙනකුගේ විදෙස් ගමන් තහනම්"
"නීති විරෝධී පිරිමීඩ ක්‍රමයට මුදල් වංචා කළැයි ONMAX DT (PVT) LTD සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයේ හයදෙනකුගේ විදෙස් ගමන් තහනම් කිරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා ඊයේ (28 දා) නියෝග කළේය. ඊට අමතරව එම සමාගමේ බැංකු ගිණුම් 58 අත්හිටුවීමට ද මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය හා වාණිජ ...
"ඓතිහාසික රුහුණු රාජධානිය – The Kingdom of Ruhuna ග්‍රන්ථය ඇමෙරිකානු තානාපතිවරියට පිළිගැන්වේ"
"ඇමරිකා – ශ්‍රී ලංකා ඡායාරූප කලා සංගමය (America Sri Lanka photography Art Society) මගින් ඉකුත් අප්‍රේල් මස 22 – 23 යන දිනයන්හි ඇමෙරිකාවේ ලොස්ඇන්ජලීස්හි කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේදී පවත්වන්නට යෙදුණු Sri Lanka in focus නම් ඡායාරූප ප්‍රදර්ශනයට සමගාමීව සංගමය මගින් එළිදක්වන ලද ‘ඓතිහාසික රුහුණු රාජධානිය’ (The Kingdom of Ruhu...
"ජිනීවා නිහඬ ඇයි – කුරාණයට ගිනිතැබීම හෙළාදකිමු – ජනපති කියයි"
"ආගම් ඇදහීමට ඇති අයිතිය උල්ලංඝනය කරමින් ස්වීඩනයේ දී කුරානයට ගිනි තැබීම දැඩිව හෙළා දකින බවත් මෙම සිද්ධියට එරෙහිව ලබන 13 වැනිදා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට පකිස්තානය විසින් ඉදිරිපත් කරනු ලබන යෝජනාවට ශ්‍රී ලංකාව ද සහය පළ කරන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. මෙම ක්‍රියාව ‘නමස්කාරයේ නිදහස’ උල්ලංඝනය කි...
"තවත් භාණ්ඩ 300ක ආනයන සීමා ලිහිල් කෙරේ"
"තවත් අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග 300 ක ආනයන සීමා ලිහිල් කිරීමට පියවර ගන්නා බව මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. මේ අනුව කෘෂිකර්ම, ඇඟලුම්, ඉදිකිරීම්, ධීවර සහ කර්මාන්ත යන ක්‍ෂේත්‍රවලට අදාළ භාණ්ඩ සඳහා පවතින ආනයන සීමා ලිහිල් කිරීමට සාකච්ඡා කරගෙන යන බව ද ‘දිවයින’ ට වාර්තා වේ. මෙම භාණ්ඩවල ආනයන සීමා ලිහිල් කිරීම ලබ...
"පත්වීම දුන්නේ පෙන්ෂන් ගිහින් දින 13කට පස්සේ – සී. ඩී. යළි පොලිස්පති කිරීම නීති විරෝධියි"
"පොලිස්පතිවරයා ලෙස විශ්‍රාම ගිය පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න මහතා නැවත පත්කිරීම නීති විරෝධී ක්‍රියාවක් බව පිවිතුරු හෙළ උරුමය පක්‍ෂයේ නායක උදය ගම්මන්පිල මහතා “දිවයින”ට ඊයේ (12 දා) පැවසීය. ඒ අනුව පොලිස්පතිවරයා විසින් ලබාදෙන නියෝග නීතිය ඉදිරියේ බලරහිත ශූන්‍ය ඒවා බව ද ගම්මන්පිල මහතා කියා සිටියේය. පොලිස්පතිවරයා ලබාදෙන නියෝ...
"හිරුණිකාගේ දේශපාලන ජීවිතය විනාශ කරන්න මට අවශ්‍ය නෑ – මම කිව්වේ මට සිදුවුණු අසාධාරණය ගැනයි"
"නවවන විත්තිකාරිය වන හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියගේ දේශපාලන ජීවිතය විනාශ කිරීමේ අරමුණින් අධිකරණය හමුවේ තමා අසත්‍ය සාක්‍ෂි ලබාදෙන බවට විත්තිය කරන යෝජනාව සම්පූර්ණයෙන්ම ප්‍රතික්‍ෂේප කරන බවත්, තමා සාක්‍ෂි ලබාදෙනු ලැබුවේ තමන් අත්දුටු සිද්ධියක් ගැන මිස අසත්‍යයක් ගැන නොවන බවත් පැහැර ගැනීමට ලක්වූ අමිල ප්‍රියංග අමරසිංහ නමැත්ත...
"අපි ඔක්කොම එනවා: වැඩේ කරනවා – අමරවීර කියයි"
"ආණ්ඩුවට සහාය ලබාදීම නිසා පක්‍ෂ සාමාජිකත්වය අත්හිටවූ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මන්ත්‍රීවරුන්ට කළ ආරාධනය පිළිගනිමින් හෙට (14 වැනිදා) සහ අනිද්දා (15 වැනිදා) පැවැත්වෙන පක්ෂ විධායක සභාවට සහ සමස්ත ලංකා කාරක සභාවට සියලු දෙනා සහභාගී වන බව කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර මහතා “දිවයින”ට පැවසීය. පක්ෂ සභාපති සහ හිටපු ජනාධිපති මෛත්‍ර...
"කවුරු අස් වුණත් බංකොලොත් සොයන කමිටුව අඛණ්ඩව වැඩ"
"රට මූල්‍ය බංකොලොත් භාවයට පත්වීමට බලපෑ හේතු පරීක්ෂා කර පාර්ලිමේන්තුවට වාර්තාවක් කිරීමටත්, ඒ පිළිබඳ සිය යෝජනා හා නිර්දේශ ඉදිරිපත් කිරීමටත් කථානායකවරයා විසින් පත් කරන ලද තේරීම් කාරක සභාවෙන් සමගි ජන බලවේගය සහ ජාතික ජන බලවේගය ඉවත් වුවත්, එම තේරීම් කාරක සභාවේ කටයුතු අඛණ්ඩව සිදු කරන බව එම තේරීම් කාරක සභාවේ සභාපති, පාර්ලිමේන්...
"1 ශ්‍රේණියට සිසුන් ගන්න චක්‍රලේඛය අද එයි"
"2024 වර්ෂයේ පළමු ශ්‍රේණියට පාසල් සිසුන් ඇතුළත් කිරීමට අදාළ උපදෙස් ඇතුළත් චක්‍රලේඛය අද (13 දා) නිකුත් කෙරේ. මෙම අයැදුම්පත හෙට (14 දා) ‘දිවයින’ පත්‍රයේ පළ කෙරේ. ගෘහමූලික ලැයිස්තුවේ සඳහන් ඔප්පුව හිමිකාරත්වය පෙර පරිදිම පවතින අතර ආබාධිත දරුවන් සම්බන්ධයෙන් නව නිර්දේශ ඇතුළු වෙනස්කම් කිහිපයක් නව චක්‍රලේඛයට ඇතුළත්ව ඇත.චමින්ද ස...
"කැටගොඩගේ පනතට එරෙහිව පැෆරල් උසාවි යයි"
"ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ මහතා පාර්ලිමේන්තුවට පෞද්ගලික යෝජනාවක් ලෙස ඉදිරිපත් කොට ඇති නගර සභා සංශෝධන පනත් කෙටුම්පත ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට නිගමනය කරන ලෙස හා එය පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයකින් හෝ ජනමත විචාරණයකින් සම්මත කළ යුතු බවට නිගමනය කළ යුතු බවට නි...
"දිවිපිදූ විරුවන් 21 ක් වෙනුවෙන් උපහාර"
"පුරා තිස්වසරක් තිස්සේ පැවැති කුරිරු යුද්ධය හේතුවෙන් ලක්මවට අහිමි වූ රණවිරුවන් දහස් ගණනකි. යුද, නාවික, ගුවන් හමුදාවල මෙන්ම පොලිසියේ හා සිවිල් ආරක්‍ෂක බළකායේ රණවිරුවෝ ද ඒ අතර වෙති. කෙඩෙට් නිලධාරී පාඨමාලාවේ අංක A SC 5, SC 5A යන පාඨමාලාවන්ට අයත් යුද හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ 30 වන සංවත්සරය වෙනුවෙන් එම පාඨමාලාවන් නියෝජනය ...
"ශ්‍රී ලාංකික පාවහන් සහ සම්භාණ්ඩ නිෂ්පාදකයන්ට චීනයේ වෙන්සු ප්‍රදර්ශනයේදී උණුසුම් පිළිගැනීමක්"
"ශ්‍රී ලාංකික පාවහන් සහ සම්භාණ්ඩ නිෂ්පාදකයන් 23 දෙනකුගෙන් සමන්විත නියෝජිත පිරිසක් පසුගිය 2 වැනි දින සිට 5 වැනි දින දක්වා චීනයේ තාක්ෂණික දැනුම ලබා ගැනීමේ සහ වෙළෙඳපොළ අධ්‍යයනය කිරීමේ වැඩසටහනකට සහභාගි වූහ. ශ්‍රී ලංකා පාවහන් සහ සම්භාණ්ඩ නිෂ්පාදකයන්ගේ සංගමය විසින් මෙම වැඩසටහන සංවිධානය කර තිබිණි. චීනයේ සුප්‍රසිද්ධ ඩෝනර් ප්‍ර...
"මාර්ග සංවර්ධන අධිකාරියට පඬු කරඳ පැළ 25 ක් දුන්නා"
"කෲඩියා සිලනිකා හෙවත් පඬු කරඳ පැළ 25 ක් සිටුවීම සඳහා ඊයේ (12 දා) මාර්ග සංවර්ධන අධිකාරියට ලබාදුන් බව ගම්පහ උද්භිත උද්‍යානයේ අධ්‍යක්‍ෂ රුවිනි ගෝමස් මහත්මිය පැවසුවාය. උද්භිත උද්‍යානය තුළ පැළ තවානේ තවත් එවැනි පැළ 20 ක් පමණ පවතින බවත් ගෝමස් මහත්මිය පැවසුවාය. මේ වනවිට උද්‍යානය තුළ එවැනි විශාල ගස් තුනක් ද පවතින නිසා එවායෙහි බ...
"පඬුකරඳ ගහ විනාශයට එරෙහිව උසාවි යනවා – පරිසරවේදී සජීව චාමිකර"
"පඬුකරඳ ශාකය විනාශ කිරීමට වගකිවයුතු සියලු නිලධාරීන්ට එරෙහිව නීතිමය පියවර ගත යුතු බව ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරයේ සජීව චාමිකර පවසයි. මෙම දුර්ලභ ශාකය මාර්ග සංවර්ධන අධිකාරිය විසින් බැකෝ යන්ත්‍ර 4 ක් භාවිතා කර විනාශ කර දමා ඇති බවත් මධ්‍යම අධිවේගී මාර්ගය ඉදිකිරීම හා ශාකය සංරක්‍ෂණය කිරීම නිසි ක්‍රමවේදයකට තුලිතව ...
"අස්වැසුම සමීක්‍ෂණයට කෝටි 1000 ක් වැය කරලා"
"අස්වැසුම ප්‍රතිලාභීන් හඳුනා ගැනීමේ සමීක්‍ෂණ සඳහා රුපියල් කෝටි දහසකට වැඩි මුදලක් වැය කර ඇතැයි සමෘද්ධි විනාශයට එරෙහි ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු සංජීව ධම්මික මහතා ඊයේ (12 දා) පැවසීය. ප්‍රතිලාභ ලබාදීමට පවුල් ලක්‍ෂ 37 ක් සමීක්‍ෂණයට ගත් බවත් එක් පවුලක් වෙනුවෙන් රුපියල් 300 බැගින් වැය කිරීමට සිදුවීම නිසා මෙම කෝටි දහසකට වැඩි...
"ඉහළ බෝමිරිය සුමනාරාම විහාරයේ විහාරාධිපතිට පහරදීමේ සිද්ධිය"
"ඉහළ බෝමිරිය සුමනාරාම විහාරස්ථානයට අයුතු ලෙස ඇතුළුවී එහි සිටි කාන්තාවන් දෙදෙනකුට සහ විහාරාධිපති පල්ලේගම සුමන හිමියන්ට පහරදුන්නේ යැයි නවගමුව පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකොට සිටි සැකකරුවන් අටදෙනා ඊයේ (12දා) කඩුවෙල අධිකරණයේදී හඳුනා ගැනීමේ පෙරෙට්ටුවකට ඉදිරිපත් කළ අතර එහිදී ස්වාමීන් වහන්සේ විසින් සැකකරුව...
"රාජාංගනේ හිමිට ඇප රට යන්න බෑ"
"ජාතික හා ආගමික සංහිඳියාවට අගතියක් වන පරිදි ප්‍රකාශ සිදු කළේ යැයි චෝදනා එල්ල වී තිබූ රාජාංගනේ සද්ධාතිස්ස හිමියන් රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඊයේ (12 දා) නියෝග කළේය. සැකකාර භික්ෂුන් වහන්සේට එරෙහිව නඟා ඇති චෝදනා සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර ස...
"විරෝධතා නැති අයට අස්වැසුම අතට"
"විරෝධතා හෝ අභියාචනා ඉදිරිපත්ව නොමැති අස්වැසුම සුබසාධන ප්‍රතිලාභ යෝජනා ක්‍රමයේ ප්‍රතිලාභ හිමියන්ට මේ මාසයේ සිට අදාළ දීමනා ගෙවන බව මුදල් රාජ්‍ය ඇමැති ෂෙහාන් සේමසිංහ මහතා පවසයි. වැඩිහිටි, ආබාධිත සහ වකුගඩු දීමනා ගෙවීමේ වෙනසක් සිදු නොවන බව ද ඇමැතිවරයා පවසයි. මේ වනවිට අස්වැසුම වැඩසටහන සඳහා අභියාචනා සහ විරෝධතා දශලක්ෂය ඉක්මවා...
"ස්වීඩනයේ දී කුරාණය ගිනි තැබීම දැඩි ලෙස හෙළා දකිනවා – ජනාධිපති රනිල් වික්‍රමසිංහ"
"ස්වීඩනයේ දී ශුද්ධ වූ කුරාණය ගිනි තැබිමේ සිදුවීම තමා දැඩි ලෙස හෙළා දකින බව පැවසූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගෝලීය දකුණේ හර පද්ධතියට ගරු කරන ලෙසත්, අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස මුවාවෙන් කැළඹීම් ඇති වීමට ඉඩ නොදෙන ලෙසත් බටහිර ජාතීන්ගෙන් ඉල්ලා සිටියේය. ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ රත්නපුර නව අධිකරණ සංකිර්ණය විවෘත ...
"පාස්කු වන්දිය ලක්ෂ 85 බැගින් ගෙවන්න මෛත්‍රී 2033 තෙක් කල් ඉල්ලයි"
"පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට ගෙවන ලෙසට තමන්ට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියම කළ කෝටි දහයක වන්දි මුදලින් ලක්‍ෂ 150 ක් මේ වන විට ගෙවා ඇති බැවින් ඉතිරි රුපියල් ලක්‍ෂ 850 ක හිඟ මුදල වසරකට රුපියල් ලක්‍ෂ 85 බැගින් වූ සමාන වාරික දහයකින් එනම් 2033 ජුනි 30 වැනිදා දක්වා ගෙවීමට කල් ලබාදෙන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ...
"පඬුකරඳ ගහ ඉවත් කළේ කැබිනට් අනුමැතියකින් – ඇමැති බන්දුල කියයි"
"මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම්වලට බාධා වන පරිදි පැවති පඬුකරඳ ගස ඉවත් කරනු ලැබුවේ කැබිනට් මණ්ඩල අනුමැතියකින් බව කැබිනට් ප්‍රකාශක ජනමාධ්‍ය, ප්‍රවාහන හා මහාමාර්ග ඇමැති බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේය. එක් එක් දේශපාලන වුවමනාවන් හා විවිධ හේතූන් මත ක්‍රියාත්මක වූ කණ්ඩායම් එම පඬුකරඳ ගස වසර සියයක් පමණ පැරණි බවත් ඉවත් කිරීමට...
"පඬුකරඳ ශාකය ඉවත් කිරීමට එරෙහිව උසාවි යනවා – සුරකිමු ශ්‍රී ලංකා කියයි"
"රතු දත්ත පොතටද ඇතුළත් වූ ලොවින් වඳවී යෑමේ තර්ජනයට ලක්ව ඇති ඉදිකෙරෙමින් තිබෙන මධ්‍යම අධිවේගී මාර්ගයේ දාරළුව ප්‍රදේශයේ පිහිටි කෲඩියා සිලනිකා (පඬුකරඳ) ශාකය ගළවා ඉවත් කිරීම බලහත්කාරයෙන් සිදුකළ ත්‍රස්තවාදී ක්‍රියාවක් බැවින් එයට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බව සුරකිමු ශ්‍රී ලංකා සංවිධානයේ සභාපති පාහියංගල ආනන්ද සාගර හිමි...
"ඉන්දීය විදේශ ලේකම් ජනපති හමුවෙයි"
"දිවයිනට පැමිණ සිටින ඉන්දීය විදේශ ලේකම් විනේ මෝහන් ක්වාත්‍රා මහතා ඊයේ ආරක්‍ෂක අමාත්‍යාංශයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවූ අවස්ථාව."
"අස්වැසුම අභියාචනා හා විරෝධතා සලකා බැලීම දිස්ත්‍රික් ලේකම් මට්ටමින් – රාජ්‍ය ඇමැති ශෙහාන් සේමසිංහ"
"‘අස්වැසුම’ සුබසාධන දීමනා සම්බන්ධයෙන් ලැබුණු අභියාචනා හා විරෝධතා සම්බන්ධයෙන් සලකා බැලීමේ කටයුතු ඒ ඒ දිස්ත්‍රික් ලේකම්වරුන් විසින් සිදු කරනු ලබන බව මුදල් රාජ්‍ය ඇමැති ශෙහාන් සේමසිංහ මහතා පවසයි. අස්වැසුම සුබසාධන දීමනා සම්බන්ධයෙන් අභියාචනා හා විරෝධතා දැක්වීමේ කාල සීමාව ඉකුත් පෙරේදා (10දා) අවසන් විය. මෙම අස්වැසුම දීමනා සම්...
"අල්ලස් කොමිසම චෝදනා අස්කර ගනී – හිටපු ඇමැති පියංකර සහ ලේකම් නිදහස්"
"අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් චෝදනා ඉල්ලා අස්කර ගැනීම නිසා හිටපු අමාත්‍ය පියංකර ජයරත්න හා ඔහුගේ පෞද්ගලික ලේකම්වරයා ලෙස කටයුතු කළ බාලමානගේ දයාවංශ යන සැකකරුවන් චෝදනාවලින් නිදහස් කර හැරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා ඊයේ (11 දා) නියෝග කළේය. තම අධිකරණය විසින් එලෙස සැකකරුවන් නිදහස් කර හැරීම...
"ශ්‍රී ලංකාවේ මුදල් ප්‍රතිපත්තිය ගැන මහ බැංකුවෙන් ප්‍රකාශන පත්‍රිකාවක්"
"ශ්‍රී ලංකාවේ මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමේදී මහ බැංකුවේ කාර්යභාරය පිළිබඳව සාමාන්‍ය ජනතාව දැනුම්වත් කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ‘ශ්‍රී ලංකාවේ මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම’ පිළිබඳ ප්‍රකාශන පත්‍රිකාවක් භාෂා තුනෙන්ම නිකුත් කර ඇත. මෙම ප්‍රකාශනයෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ පුළුල් සන්නිවේදන උපාය ...
"සතොසත් ඈවරයිද? ප්‍රතිව්‍යුහගතකරණයට සූදානම්"
"සමුපකාර තොග වෙළෙඳ සංස්ථාව හෙවත් සතොස ආයතනය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමට රජය තීරණය කර තිබේ. එම ආයතනය පිහිටුවීමේ අපේක්‍ෂිත අරමුණු ඉටු නොවීම සහ ආර්ථිකයට සතොස මගින් ඵලදායි දායකත්වයක් නොලැබීම යන කරුණු සලකා බලා රජය මෙම තීරණය ගෙන ඇත. මේ අනුව සමුපකාර තොග වෙළෙඳ සංස්ථාව (සතොස) ප්‍රතිව්‍යුහගතකරණය කිරීම සඳහා අවශ්‍ය කටයුතු සිදු කිරීම...
"පෞද්ගලික සරසවිවලින් උපාධිය හදාරන්න සියයට 13 අවම පොලියට ණය"
"රාජ්‍ය නොවන විශ්වවිද්‍යාලවලින් උපාධි හදාරන සිසු සිසුවියන් සඳහා ලබාදුන් පොලී රහිත ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමය සියයට 13 ක අවම පොලියක් යටතේ ක්‍රියාත්මක කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිවී ඇත. මෙම යෝජනා ක්‍රමය යටතේ 7 වැනි කණ්ඩායම බඳවා ගැනීම පිණිස ඉකුත් අප්‍රේල් මස පැවති ඇමැති මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලැබී තිබිණි. ඒ අනුව අදාළ ණ...
"මේ වසරේ මාස 4ට තෙල් සංස්ථාවට කෝටි 4340ක ලාභයක්"
"ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මේ වසරේ (2023) මුල් මාස 04 තුළ රු. කෝටි 4340 ක ලාභයක් වාර්තා කර ඇත. මුදල් අමාත්‍යවරයා විසින් නිකුත් කරන ලද 2023 වසර මැද රාජ්‍ය මූල්‍ය තත්ත්වය දක්වන වාර්තාවේ මේ බව සඳහන් වේ. 2022 දෙසැම්බරයේ දී බැරලයකට ඩොලර් 81 ක්ව පැවති ගෝලීය වෙළෙඳපොළේ බොරතෙල් සාමාන්‍ය ආනයන මිල 2023 මාර්තු මාසය අවසන් වන වි...
"එයාර් වයිස් මාර්ෂල් ආර්.එස්. වික්‍රමරත්න ගුවන් හමුදා මාණ්ඩලික ප්‍රධානි ලෙස පත් කරයි"
"ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් එයාර් වයිස් මාර්ෂල් ආර්.එස්. වික්‍රමරත්න මහතා ශ්‍රී ලංකා ගුවන් හමුදා මාණ්ඩලික ප්‍රධානි ලෙස පත් කිරීමට අනුමැතිය ලබාදී ඇති අතර ඒඅනුව ගුවන් හමුදපති එයාර් මාර්ෂල් උදේනි රාඡපක්ෂ මහතා විසින් එයාර් වයිස් මාර්ෂල් ආර්.එස්. වික්‍රමරත්න මහතා වෙත නිල වශයෙන් පත්වීම් ලිපිය ප්‍රදානය කරන ලදී."
"කෝටි 521ක් ගිල්ලත් ජාතික අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හබක් – රාජ්‍ය අමාත්‍යාංශයත් අහෝසියි"
"නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරිම සඳහා ඉකුත් වසර තුන ඇතුළත (2020, 2021, 2022) අධ්‍යාපන ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍යාංශය විසින් රුපියල් පන්සිය විසිඑක්කෝටි, අනූදෙලක්ෂ, අනූහත්දහස්, තුන්සිය අනූවක (5,219,297,390) වියදමක් දරා තිබුණ ද සැලසුම් කළ පරිදි ජාතික අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සිදුකිරීමට අපොහොසත් වී ඇති බැව් ජාත...
"ඩෙංගු මර්දන විශේෂ මෙහෙයුමක් හෙට සිට දින 3ක් රට පුරාම"
"නිවාස, පාසල්, රාජ්‍ය හා පෞද්ගලික ආයතන සහ ආගමික ස්ථාන පරීක්ෂාවට ලක්කිරීමේ විශේෂ ඩෙංගු මර්දන මෙහෙයුමක් හෙට (13 දා) සිට දින තුනක් දිවයින පුරා ක්‍රියාත්මක කරන බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය නලින් ආරියරත්න මහතා ‘දිවයින’ට පැවසීය මේ සඳහා යුද හමුදාව, පොලිසිය, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සහභාගි වන බව ද හෙතෙම පැ...
"ජන හා නිවාස සංගණනයක් ලබන වසරේ"
"ජනාධිපතිවරයා විසින් ගැසට් පත්‍රයක් මගින් නියෝග කර ඇති ජන හා නිවාස සංගණනය ලබන වසරේ අගෝස්තු මස 05දා සිට සැප්තැම්බර් මස 07 වැනිදා දක්වා ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා එක්සත් ග්‍රාම නිලධාරී සංගමය ඊයේ (11 දා) පැවති මාධ්‍ය හමුවකදී පැවසීය. මේ සඳහා නියමු ව්‍යාපෘතියක් දිස්ත්‍රික්ක තුනක ක්‍රියාත්මක කර අවසන් බවද...
"මේ වසරේ මාස 6ට ෆේස් බුක් ගැන පැමිණිලි 9858 ක්"
"මෙම වසරේ (2023) ගත වූ මුල් මාස 6 තුළ සමාජ මාධ්‍ය (ෆේස් බුක්) සම්බන්ධයෙන් පැමිණිලි 9858 ක් ලැබී ඇතැයි ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ ජ්‍යෙෂ්ඨ තොරතුරු ආරක්‍ෂක ඉංජිනේරු චාරුක දමුණුපොල මහතා ‘දිවයින’ ට ඊයේ (11 වැනිදා) පැවසීය. මින් වැඩිම පැමිණිලි සංඛ්‍යාවක් ලැබී ඇත්තේ මැයි මාසයේ බවත්, එම සංඛ්‍යාව 2330 ක් බවත් හෙතෙ...
"මාස 2ට මහනුවර වකුගඩු ඒකකයෙන් මරණ 7ක් – පෙරේදාත් රෝගියකු මියගිහින්"
"මහනුවර ජාතික රෝහලේ වකුගඩු ඒකකයේ පරිතාන කාන්දුකරණයට ලක්වූ රෝගීන් අතරින් ඉකුත් මාස දෙක තුළ රෝගීන් හතකට ආසන්න පිරිසක් මියගොස් ඇතැයි දැන ගන්නට තිබේ. පරිතාන කාන්දුකරණ ඒකකයෙන් රෝගීන්ට ලබාදී ඇති පරිතාන කාන්දුකරණයට අදාළ උපකරණ කට්ටලයේ දිලීර වර්ධනය වීම මත මෙම මරණ සිදුවන්නට ඇතැයි සැක කෙරේ. නිවසේ සිට පරිතාන කාන්දුකරණයට යොමු කරන ල...
"ශ්‍රී ලංකා පිය-පුතු ඉතාලියේදී දියේ ගිලී මරුට"
"ඉතාලියේ මිලානෝ නගරය ආසන්නයේ පිහිටි ගංගාවක නෑමට ගිය ශ්‍රී ලාංකික පිය-පුතු දෙපළක් පසුගියදා දියේ ගිලී ජීවිතක්‍ෂයට පත්ව තිබේ. මෙලෙස දියේ ගිලී ජීවිතක්‍ෂයට පත්ව ඇති විසිපස් හැවිරිදි පුත්‍රයා බේරා ගැනීම සඳහා ඔහුගේ හැට හැවිරිදි පියා ද ජලයට පැන ඇති අතර ඔහු ද දියේ ගිලී යෑමෙන් මෙම අවාසනාවන්ත මරණ සිදුව ඇතැයි ඉතාලි මාධ්‍ය වාර්තා ස...
"මහනුවර මහ රෝහල පන්සීයේ බෙහෙත පන්දහසකට පිටින් අරන් – ඖෂධ හිඟයෙන් ලොක්කන්ගේ ‘කල්ල මරේ’"
"රුපියල් පන්සියයක් වටිනා ‘මෙරපනම්’ නම් ඉහළ ප්‍රබලතාවකින් යුත් ප්‍රතිජීවක ඖෂධ එන්නත් කුප්පියක් මහනුවර මහ රෝහල විසින් රුපියල් පන්දහස බැගින් ගෙවා බාහිරින් මිලදී ගැනීමෙන් රජයට මිලියන ගණනක පාඩුවක් සිදුව ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශ විමර්ශන ඒකකය කියයි. රට තුළ දැඩි ඖෂධ හිඟයක් පවතින බැවින් බොහෝ රෝහල්වල මෙවැනි හදිසි ඖෂධ මිලදී ගැනීම්...
"ගැටලු රැසකට විසඳුම් ඉල්ලා රසායනාගාර විද්‍යාඥ සංගමය 19 දා වර්ජනයේ"
"දීර්ඝකාලීනව නොවිසිඳුණු වෘත්තීය ගැටලු කිපයක් මුල්කර ගනිමින් ලබන 19 වැනිදා සේවයෙන් ඉවත්වීමට වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ සංගමය තීරණය කර ඇත. සිය ගැටලු සම්බන්ධයෙන් අවස්ථා රැසකදී වගකිවයුත්තන් සමග සාකච්ඡා කළ ද මෙතෙක් විසඳුම් නොලැබිම නිසා මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට යොමුවීමට සිදුව ඇතැයි එම සංගමයේ සභාපති රවි කුමුදේශ් මහතා සෞඛ්‍ය ...
"සරම්ප බවට සැක ළමයි 12ක් රිජ්වේ රෝහලේ"
"සරම්ප රෝගීන් බවට සැක කෙරෙන ළමා රෝගීන් 12 දෙනකු රෝහලට ඇතුළත් කර ඇතැයි බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා ‘දිවයින’ ට පැවසීය. එයින් එදිනම ළමා රෝගීන් 4 දෙනකු හඳුනාගත් බව ද, ඒ සියලු දෙනා ප්‍රතිශක්තිකරණ එන්නත ලබා නොගත් අය බවට හෙළිව ඇතැයි ද හෙතෙම කීය. මේ නිසා දරුවන් අතරේ සරම්ප වැළඳීම වැඩි...
"ගමනාගමන කොමිසමෙන් ධාවන බලපත්‍රයක් අරගෙනත් නෑ"
"පොළොන්නරුව මනම්පිටිය ප්‍රදේශයේදී කොටලීය පාලමෙන් ඔයට පෙරළී අනතුරට ලක්වූ බස් රථය ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ අවසරය සහිත ධාවන බලපත්‍රයක් නොමැතිව ධාවනය කර ඇතැයි හෙළි වී තිබේ. එම බස් රථයට ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ අනුමත බලපත්‍රයක් තිබීම අත්‍යවශ්‍ය වුවත් පළාත් දෙකක් අතර ධාවනය සඳහා එම බස් රථය එක් පළාත් සභාවකින් පමණක් අවසරය...
"අපහාස කිරීමක් ගැන වජිරගෙන් රහස් පොලිසියට පැමිණිලි"
"මැදපෙරදිග ගෘහ සේවිකාවක ලෙස සේවය කොට ඉපයූ මුදලින් පෞද්ගලික පරිහරණයට කාන්තාවක ගෙනා රන් භාණ්ඩ කිහිපයක් රේගුව විසින් නිදහස් කිරීමේ සිද්ධියක් පදනම් කර ගනිමින් සමාජ මාධ්‍යයෙන් අසත්‍ය පුවත් ප්‍රචාරය කිරීම ගැන කඩිනම් පරීක්‍ෂණයක් කරන්නැයි එක්සත් ජාතික පක්‍ෂයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා අපරාධ පරීක්‍ෂණ දෙපාර...
"පුංචි සභා යළි කැඳවීමේ යෝජනාවට එරෙහිව පැෆරල් අද කරුණු කියයි"
"පළාත් පාලන ආයතන යළි කැඳවීම සඳහා පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති කෙටුම්පතට එරෙහිව අද (11 දා) ශ්‍රේෂ්ඨාධිකරණයට කරුණු වාර්තා කරන බව පැෆරල් සංවිධානය පවසයි. මෙම පනත් කෙටුම්පත මගින් පැහැදිලිවම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය වන බව එහි විධායක අධ්‍යක්‍ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා ‘දිවයින’ට පැවසීය. මෙය...
"පුංචි සභා යළි කැඳවීමේ යෝජනාවට එරෙහිව පැෆරල් අද කරුණු කියයි"
"පළාත් පාලන ආයතන යළි කැඳවීම සඳහා පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති කෙටුම්පතට එරෙහිව අද (11 දා) ශ්‍රේෂ්ඨාධිකරණයට කරුණු වාර්තා කරන බව පැෆරල් සංවිධානය පවසයි. මෙම පනත් කෙටුම්පත මගින් පැහැදිලිවම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය වන බව එහි විධායක අධ්‍යක්‍ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා ‘දිවයින’ට පැවසීය. මෙය...
"ශානිගේ පෙත්සමට තොරතුරු දැනගැනීමේ කොමිසමේ සභාපති ඇතුළු 3ක් උසාවි කැඳවයි"
"ලබන සැප්තැම්බර් 11 වැනිදා අධිකරණයට කරුණු දැක්වීම සඳහා පෙනී සිටින ලෙස දන්වා විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ කොමිෂන් සභාවේ සභාපති උපාලි අබේරත්න, විශ්‍රාමික අභියාචනාධිකරණ විනිසුරු දයා චන්‍ද්‍රසිරි ජයතිලක සහ විශ්‍රාමික පොලිස්පති සහ ජාතික පොලිස් කොමිසම් සභාවේ සභාපති චන්‍ද්‍රා ප්‍රනා...
"ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ විෂමතා සමුළුව….."
"ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ විෂමතා ගැන වූ ජාත්‍යන්තර සමුළුව පසුගියදා කොළඹ රාමඩා හෝටලයේදී පැවැත්විණි. එම අවස්ථාවට ප්‍රධාන ආරාධිතයකු ලෙස ජනපති ආර්යා මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය සහභාගි වූ අතර කැලණිය විශ්වවිද්‍යාලයේ උපකුලපතිනි නිලන්ති ද සිල්වා මහත්මිය ද මේ අවස්ථාවට සහභාගි වූවාය. දෙස් විදෙස් නියෝජිතයන් සහභාගි වූ...
"සිරුරේ සඟවාගෙන රත්‍රං පිට කිරීමට තැත් කළ ගුවන්තොටේ සේවිකාවට ඇප"
"නීති විරෝධී ලෙස රැගෙන ආ රත්රන් සහිත ජෙල් ද්‍රාවණයක් අඩංගු කිලෝ ග්‍රෑම් පහක් තම සිරුරේ සඟවා ගෙන කටුනායක ගුවන්තොටුපළෙන් පිට කිරීමට තැත් කිරීමේදී අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට පැමිණවීමෙන් පසු රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටි ගුවන්තොටුපළ තීරු බදු රහිත සාප්පු සංකීර්ණයේ සේවිකාව ලක්‍ෂ 10 බැගින් වු ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට මීගමු...
"පොලිස්පති පත් කිරීමට ආණ්ඩුවේ කඹ ඇදීම ජාතික ආරක්‍ෂාවට තර්ජනයක් – ජී. එල්. පීරිස්"
"පොලිස්පතිවරයා විශ්‍රාම යනවිට නව පොලිස්පතිවරයකු පත් කිරීමට නොහැකි වීම ඛේදජනක තත්ත්වයක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පැවසීය. වැඩබලන පොලිස්පතිවරයා ලෙස සී. ඩී. වික්‍රමරත්න මහතාට සේවා දිගු ලබාදීම විකෘතියක් බවත් පොලිස්පතිවරයා පත් කිරීම සඳහා රජය තුළ කඹ ඇදීම ජාතික ආරක්ෂාවට ද තර්ජනයක් වී ඇති බවත් හෙතෙ...
"අරගලයෙන් එළවපු පාලකයෝ අරගලකරුවන්ට පාඩමක් උගන්වන්න පටන් අරගෙන"
"අරගලය විසින් පාලකයන්ට පාඩමක් ඉගැන්නුවද මේවන විට එම එලවපු පාලකයෝ අරගලකරුවන්ට පාඩමක් උගන්වන්න පටන් අරගෙන යැයි සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා පැවසීය. විපක්ෂ නායක කාර්යාලයේ ඊයේ (10දා) පැවති මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ මන්ත්‍රීවරයා එහිදී වැඩිදුරටත් මෙසේද කීය. අරගලයට වසරක් වන ඓතිහාසික දිනයක් ඊයේ නිමා...
"මුහුණු පොතේ සාදයේ 12 ක් පොලිසියට කොටු"
"මුහුණු පොත ඔස්සේ සංවිධානය කළ මත්ද්‍රව්‍යය සාදයකදී අයිස්, මැන්ඩි, ගංජා හෑෂ් සමඟ පුද්ගලයන් 12 දෙනකු පන්විල,වත්තේගම හා රංගල පොලිස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පන්විල පොලිස් වසමේ මඩොල්කැලේ හෝටලයක මෙම සාදය පවත්වන බවට ලද තොරතුරකට අනුව ගම්පොළ, මාතර, මුරුතලාව, උකුවෙල, පේරාදෙණිය, නුවරඑළිය, නාරම්මල ආදි ප්‍රදේශවල පදිංච...
"මුදල් හුවමාරු ආයතන 15 ක බලපත්‍ර අලුත් නොකරයි"
"ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් මුදල් හුවමාරු කරන්නන් පහළොස්දෙනෙක් වෙත නිකුත් කරන ලද මුදල් හුවමාරු කිරීමේ බලපත්‍ර 2023 වර්ෂය සඳහා අලුත් නොකිරීමට තීරණය කර ඇත. 2022 වර්ෂය සඳහා නිකුත් කරන ලද මුදල් හුවමාරු බලපත්‍රවල කොන්දේසියකට අනුකූල නොවීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇත. මේ බව දැනටමත් එම ආයතන වෙත දැනුම් දී ඇත. මෙම ස...
"පොලිස්පති පත්කිරීම ලැජ්ජයි – පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් පියතිස්ස"
"නිසි ක්‍රමවේදයට පටහැනිව පාලකයන් විසින් ලබාදුන් සේවා දිගු මගින් දිගින් දිගටම පොලිස්පති ධුරයේ රැඳී සිටීමට හිටපු පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න මහතා කටයුතු කිරීම නීති විරෝධී පමණක් නොව සදාචාර විරෝධී මෙන්ම ලැජ්ජා, බිය නොමැති ක්‍රියාවක් බවත් ජාතික නිදහස් පෙරමුණේ නියෝජ්‍ය ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් පියතිස්ස මහතා පෙන්වා...
"රජයේ රෝහල් රැසක ස්කෑන් නවතී"
"කොළඹ ඇතුළු රජයේ රෝහල්වල තිබෙන CT, PET, MRI Engiogram යන්ත්‍ර බොහොමයක් අක්‍රීය වී ඇති නිසා රෝගීන් දැඩි අසීරුතාවකට පත්වී ඇතැයි විකිරණ විiා තාක්ෂණවේදීන්ගේ සංගමයේ සභාපති චානක ධර්මවික්‍රම මහතා ‘දිවයින’ට ඊයේ (09 දා) පැවසීය. රෝහල්වල පවතින සමස්ත CT ස්කෑන් යන්ත්‍ර 44 න් – 12 ක් MRI යන්ත්‍ර 13 න් – 2 ක්, Engiogram යන්ත්‍ර 14 න්...
"හිටපු පොලිස්පතිටම මාස 03ක සේවා දිගුවක්"
"හිටපු පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න මහතාටම තවත් මාස 3 ක සේවා දිගුවක් ලබාදීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (09 වැනිදා) නියෝග කළේය. පොලිස්පති ධුරයට සුදුස්සකු පත්කිරීම දින ගණනක් තිස්සේ මහත් ආන්දෝලනයකට ලක්ව තිබූ අතර ඒ පිළිබඳව ජනාධිපතිවරයා සහ මහජන ආරක්‍ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා අතර විශේෂ සාකච්ඡාවක්ද පැවැත්විණි. එම...