Title stringlengths 9 246 | Content stringlengths 3 62.9k |
|---|---|
"‘සෞඛ්‍ය’ කට වහන චක්‍රලේඛයක් එයි" | "සෞඛ්‍ය සේවාවට අයත් නිලධාරීන්ට ආණ්ඩුවේ ප්‍රතිපත්ති හෝ පරිපාලන ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් අදහස් ප්‍රකාශ කිරීම හා විවේචනය කිරීම තහනම් කරමින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් එස්. ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත මහතා විසින් දැඩි විධිවිධාන සහිත චක්‍රලේඛයක් ඊයේ (21 වැනිදා) නිකුත් කර ඇත. පොදු චක්‍රලේඛ ලිපි අංක 02-106/2023 යටතේ නිකුත් කර තිබෙන... |
"කෙහෙළියට එරෙහි විශ්වාසභංගයට අත්සන් 45ක්" | "සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහිව සමගි ජන බලවේගය සකස් කළ විශ්වාසභංග යෝජනාව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා වෙත ඊයේ (21 වැනිදා) භාරදෙනු ලැබීය. එම පක්ෂයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන යන මහත්වරු එය භාර දුන්හ. විශ්වාසභංගයට මන්ත්‍රීවරුන් 45 දෙනකු අත්සන් කර ඇත. මේ අනුව ප... |
"පඬුකරඳ ගස වළ දැමූ ප්‍රදේශයට පොලිස් ආරක්ෂාව දෙන්න නියෝග" | "මධ්‍යම අධිවේගී මාර්ගයේ පළවෙනි පියවරේ ඉදිකිරීම් කටයුතු සිදු කරන වේයන්ගොඩ, දාරළුව ප්‍රදේශයේ තිබූ වඳ වී යන දුර්ලභ ගණයේ ශාක විශේෂයකට අයත් පඬු කරඳ (කෲඩියා සෙලනිකා) ගසක් හොරෙන් කපා වළ දමා ඇති බව කියන ප්‍රදේශයට වහාම පොලිස් ආරක්ෂාව සපයන ලෙසට ගම්පහ අතිරේක මහෙස්ත්‍රාත් ෆාතිමා සහානා මහ්ජි මහත්මිය ඊයේ (21) පස්වරුවේ බෙම්මුල්ල පොලි... |
"පළාත් පාලන සංශෝධන පනත ඡන්ද අයිතිය කොල්ලකන එකක් – පෙත්සම්කරුවන්ගේ නීතිඥයෝ ශ්‍රේෂ්ඨාධිකරණයට කියති" | "පළාත් පාලන ආයතනවල හිටපු නියෝජිතයන් නැවත කැඳවීමට විෂය භාර අමාත්‍යවරයාට බලය ලබාදෙන පළාත් පාලන සංශෝධන පනත් කෙටුම්පත මහජනතාවගේ ඡන්ද අයිතිය කොල්ලකන රටේ ප්‍රජාතන්ත්‍රවාදය වළලා දමන පනත් කෙටුම්පතක් වන්නේ යැයි පෙත්සම්කාර පාර්ශ්වයේ නීතිඥවරු ඊයේ (21දා) ශ්‍රේෂ්ඨාධිකරණයට පැවසූහ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පත්කළ පාර්ලිමේන්තු මන්ත්‍ර... |
"නීති විද්‍යාලයේ ප්‍රවේශ ගාස්තු විභාග ගාස්තු වැඩි කරලා – සජිත්" | "නීති විද්‍යාල ප්‍රවේශ ගාස්තුව රුපියල් 15000 දක්වා ද විභාග ගාස්තු රුපියල් 1200 ක් දක්වා ද වැඩි කර ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (21 දා) පැවසීය. එමෙන්ම උසස් පෙළ ප්‍රතිඵල නිකුත් කිරීමටත් පෙර නීති විද්‍යාලයට අයැදුම්පත් කැඳවා ඇතැයි කී විපක්ෂ නායකවරයා මෙම ගැටලු තුන සම්බන්ධයෙන් ආණ්ඩුව විසඳුම් ලබ... |
"සරසවි ඇදුරන් 519ක් සේවය හැර ගිහින් – හරිනි අසයි ඇමැති සුසිල් කියයි" | "ආර්ථික ප්‍රශ්න ඇතුළු විවිධ කාරණා හේතුවෙන් විශ්වවිද්‍යාල ආචාර්යවරුන් 519 දෙනකු පසුගිය 2021 වසරේ සිට මෙම වසරේ මේ දක්වා කාලය තුළ සේවය හැර ගොස් ඇතැයි අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (21 දා) පැවසීය. ඊට අමතරව තවත් ආචාර්යවරුන් 663 දෙනකු එම කාලසීමාවේ දී සේවයෙන් ඉල්ලා අස්වී ඇති බව පැවසූ ඇමැතිවරයා තව... |
"QR නෑ කියා සංස්ථාවට ගත් ෂෙඩ් දෙකක් රූලට පිටින් වැඩ" | "QR කේතයට පිටින් හා අවම ඉන්ධන ධාරිතාවක් තබා නොගැනීමේ වරද මත ලංකා ඛනිජ තෙල් සංස්ථාවට පවරාගත් ඉන්ධන හල් දෙකකින් මේ වන විට QR කේතය නොතකා තෙල් ලබාදෙන බවට තෙල් බෙදුම්කරුවෝ කියති. මෙලෙස QR කේතය නොමැතිව ඉන්ධන ලබාගත හැකි ඉන්ධනහල් දෙක පිහිටා ඇත්තේ රාජගිරියේ සහ අම්බලන්ගොඩ යැයිද ඔවුහු කියති. QR කේතයට පිටින් ඉන්ධන නිකුත් නොකරන ලෙස... |
"නිර්වින්දන හිඟයි – ජාතික රෝහලේ සැත්කම් රැසක් නවතී" | "නිර්වින්දන ඖෂධ හිඟය හේතුවෙන් කොළඹ ජාතික රෝහලේ රෝගීන් විශාල පිරිසකගේ ශල්‍යකර්ම මේ වනවිට ප්‍රමාද වී ඇති බව සමස්ත ලංකා හෙද සංගමය පවසයි. වෛද්‍ය සැපයුම් අංශය විසින් මෙලෙස නිර්වින්දන ඖෂධ ඉවත් කිරීමට හදිසියේ තීරණය කර ඇතැයි ද එම සංගමය කියා සිටියි. ඊයේ (21 දා) කොළඹ පැවැති මාධ්‍ය හමුවක දී කතා කළ සමස්ත ලංකා හෙද සංගමයේ ප්‍රධාන ලේ... |
"අස්වැසුම අවුල් කළේ පලපුරුද්දක් නැති නිලධාරි – එස්.එම්.චන්ද්‍රසේන" | "අස්වැසුම වැඩපිළිවෙලේ සමීක්ෂණ කටයුතුවල විශාල අඩුපාඩු තිබෙන බවත් එම සමීක්ෂණයට සහභාගිකරවාගත යුතු නිලධාරීන් යම් හේතුන් මත ඉවත්වීමෙන්, පළපුරුද්දක් නොමැති නිලධාරීන් සමීක්ෂණ කටයුතුවලට සහභාගි කරගැනීමට යොමුවීම වැඩපිළිවෙල අසාර්ථක වීමට හේතුවූ බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.චන්ද්‍රසේන මහතා පැවසීය. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ශ්... |
"ශ්‍රී ලංකාවේ අර්බුදයට හේතුව වැරදි ආර්ථික කළමනාකරණය -ශ්‍රී ලංකාවට අදාළ ලෝක බැංකු අධ්‍යක්ෂ ෆාරීස් හැඩඩ්" | "ශ්‍රී ලංකාව මුහුණ දී සිටින ආර්ථික අර්බුදය ස්වභාවිකව ඇති වූ අර්බුදයක් නොව වැරදි ආර්ථික කළමනාකරණය නිසා ඇති වූවක් බව නේපාලය, මාලදිවයින සහ ශ්‍රී ලංකාව සඳහා වන ලෝක බැංකුවේ අධ්‍යක්ෂ ෆාරීස් හැඩඩ් සර්වෝස් මහතා පැවසීය. ඒ නිසා මෙය මිනිසා විසින් ඇති කර ගත් අර්බුදයක් (Man made crisis) බව ද ඒ මහතා කීවේය. මේ නිසා විදේශ ණය විශාල වශය... |
"මැතිවරණය නිරීක්‍ෂණයට මෛත්‍රිපාල කාම්බෝජයට" | "ශ්‍රීලනිප සභාපති හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඊයේ (21 දා) උදේ කාම්බෝජය බලා පිටත්ව ගියේය. ලෝක සාම සමුළුවේ ඇරයුමක් පරිදි ලෝක නායකත්ව සමුළුවට සහ කාම්බෝජයේ පැවැත්වෙන මැතිවරණය නිරීක්‍ෂණය සඳහා ජාත්‍යන්තර නියෝජිතයකු ලෙස ඔහු ඊට එක්වීමට නියමිතය. අරුණ බෝගහවත්ත" |
"බෑලු අනේ – ඇමැති නලින් කියයි" | "පාන් පිටි මිල තවදුරටත් අඩුකිරීමට නොහැකි බව අදාළ තිරිඟු පිටි සමාගම් තමාට දැනුම්දුන් බව වෙළෙඳ ඇමැති නලින් ප්‍රනාන්දු මහතා ‘දිවයින’ට පැවසීය. රුපියල් දහයකින් පාන් පිටි මිල අඩු කිරීම ප්‍රමාණවත් නැති බව එම සමාගම් නියෝජිතයන්ට තමා දැනුම් දුන් මොහොතේ ශත පහකින්වත් පාන් පිටි මිල අඩු කිරීමට නොහැකි බව ඔවුන් දැනුම් දුන් බවද ඇමතිවරය... |
"අන්තර් භික්‍ෂු විරෝධයට පුරහලදී ජල ප්‍රහාර" | "අන්තර් විශ්වවිද්‍යාලයීය භික්‍ෂු බල මණ්ඩලයේ විරෝධතාවයක් විසුරුවා හැරීමට කොළඹ පුරහල ආසන්නයේදී පොලිසියෙන් ජල ප්‍රහාරයක් එල්ල කිරීමත් සමඟ උණුසුම් තත්ත්වයක් ඊයේ (21 දා) හට ගැනිණි. පාලි, සංස්කෘත, බෞද්ධ දර්ශනය ඇතුළු විෂයයන් කප්පාදුව නතර කරන ලෙස ඉල්ලමින් සහ කැලණිය, පේරාදෙණිය විශ්වවිද්‍යාල සඳහා සිසුන් බඳවා ගැනීම පුළුල් කරන ලෙස... |
"හෙද හිඟයෙන් ගම්පහ සැත්කම් අවදානමේ" | "ගම්පහ මූලික රෝහලේ පවතින හෙද හෙදියන්ගේ හිඟය නිසා එම රෝහලේ හෘද රෝග දැඩි සත්කාර ඒකකය, සැත්කම් ඒකකය මෙන්ම හදිස්සි සැත්කම් ඒකකය සහ රෝහලේ අත්‍යවශ්‍ය සේවාවන් දැඩි අවදානම් තත්ත්වයක පවතින බව එම රෝහලේ ආරංචි මාර්ග ඊයේ (20දා) අනාවරණය කළේය. මේ පිළිබඳව එම රෝහලේ අධ්‍යක්‍ෂිකා විශේෂඥ වෛද්‍ය හිමාලි විජේගුණරත්න මහත්මියගෙන් ඊයේ (20දා) අප... |
"ථෙරවාදී බුදු දහම සුරක්ෂිත කර ජාත්‍යන්තරයට ව්‍යාප්ත කිරීමේ වගකීම ඉටු කරනවා – රාමඤ්ඤ මහා නිකායේ 73 වැනි ජාතික උපසම්පදා මහා විනයකර්ම මහෝත්සවයේ දී ජනපති කියයි" | "ථෙරවාදී බුදුදහම සුරක්ෂිත කර ජාත්‍යන්තරයේ ව්‍යාප්ත කිරීමේ වගකීම ඉටු කිරීමට කැපවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය. ඒ වෙනුවෙන් කෘතිම බුද්ධිය භාවිතයට ගැනීමේ වැඩපිළිවෙළක් ද ක්‍රියාවට නංවන බවත්, ත්‍රෛනිකායික මහා සංඝරත්නයේ අවවාද අනුශාසනා ලබා ගනිමින් උගත්, වියත් පිරිසකගේ දායකත්වයෙන් එම කටයුතු ක්‍රියාවට නැංවීමට... |
"ලොව ප්‍රථම අගමැතිනිය බිහිවී වසර 63යි" | "ලෝකයේම ඡන්දයෙන් තෝරා ගත් ප්‍රථම අගමැතිනිය වූ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය අගමැති වී අදට (21) වසර 63 ක් සපිරේ. 1960 ජූලි 21 වැනි දින ශ්‍රී ලංකාවේ ප්‍රථම අගමැති ලෙස ඇය පත් විය. 1970 දී නැවත අගමැති ලෙස පත් වූ අතර, 1976 අගෝස්තු 16 – 19 දිනවල කොළඹ පැවැති පස් වන නොබැඳි සමුළුවට සත්කාරත්වය ලබා දෙන ලදි. මහනුවර, බාන්ස් රත්වත්තේ ... |
"උ/පෙළ මෙවර බලන්නේ 40% – ඇමති සුසිල්" | "මෙවර අපොස උසස් පෙළ විභාගයට පෙනී සිටින පාසල් සිසුන්ගේ පැමිණීම සියයට අසූවක් නොව සියයට 40ක් ලෙස සලකා බැලීමට තීරණය කර ඇති බව අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේම්ජයන්ත මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (20 දා) විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් කියා සිටියේය. රටේ පැවැති කොවිඩ් තත්ත්වය සහ කලබලකාරී වාතාවරණය පිළිබඳ අවධානය යොමුකරමින් මෙම පියවර ගත්... |
"තවත් භාණ්ඩ 328ක ආනයන සීමා ලිහිල් වෙයි" | "ආනයන සීමා පනවා තිබූ තවත් භාණ්ඩ 328ක ආනයන සීමා ඊයේ (20දා) මධ්‍යම රාත්‍රියේ සිට ඉවත් කළ බව මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. ඊට අදාළ ගැසට් නිවේදනය ඊයේ රාත්‍රියේ නිකුත්වීමට නියමිතව තිබිණි. කර්මාන්ත අංශවලට අවශ්‍ය භාණ්ඩ සහ අත්‍යාවශ්‍ය භාණ්ඩ බොහොමයක් මේ ලැයිස්තුවට ඇතුළත් වනු ඇතැයි රජයේ ආරංචි මාර්ගවලින් ‘දිවය... |
"ජනාධිපති ඉන්දියාවට – 05ක් වැඩ බලති" | "ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දෙදින නිල සංචාරයක් සඳහා ඊයේ (20 දා) පස්වරුවේ ඉන්දියාව බලා පිටත්ව ගියේය. ජනාධිපතිවරයා රටින් බැහැරව සිටින කාලයේ ජනාධිපතිවරයා යටතේ පවතින අමාත්‍යාංශ අධීක්‍ෂණය කිරීම සඳහා අමාත්‍යවරු කිහිපදෙනකු පත්කර ඇත. ඒ අනුව රාජ්‍ය අමාත්‍යවරුන් වන ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා ආරක්‍ෂක අමාත්‍යවරයා ලෙසත්, ෂෙ... |
"වැඩබලන ජනාධිපති ලේකම් ධුරයට පළමු වරට කාන්තාවක්" | "වැඩබලන ජනාධිපති ලේකම් ලෙස ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරිනියක වන චාන්දනී විජේවර්ධන මහත්මිය පත් කර තිබේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාද ඉන්දියාවේ නිල සංචාරයක නිරතවීම නිසා ඇය එලෙස පත්කර ඇත. වැඩබලන ජනාධිපති ලේකම් ධුරයකට කාන්තාවක පත්වූ මුල්ම අවස්ථාවද එය වේ." |
"මම පෙනී සිටියේ ආයතනය වෙනුවෙන්: ඉවත් කළා කියලා මට කිසිම දුකක් නැහැ – ටෙලිකොම් හිටපු සභාපති රොහාන් ප්‍රනාන්දු" | "ශ්‍රී ලංකා ටෙලිකොම් සභාපති ධුරයෙන් තමා ඉවත් කරනු ලැබුවේ අධ්‍යක්‍ෂ මණ්ඩලය ගත් තීරණයක් අනුව යැයිද රටට කීර්තිය ගෙනා හොඳ ව්‍යවසායකයෙක් වන තමාට එය අහිමිවීම පිළිබඳ කිසිදු ප්‍රශ්නයක් නැතැයිද ශ්‍රී ලංකා ටෙලිකොම් හිටපු සභාපති රොහාන් ප්‍රනාන්දු මහතා පැවසීය. ශ්‍රී ලංකා ටෙලිකොම් සභාපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (20දා) පෙරවරුවේ පැව... |
"ටෙලිකොම් නව සභාපති රියාස් මියුලර්" | "ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ සභාපති ධුරයට එහි අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයකු වන රියාස් මියුලර් මහතා පත්කර තිබේ. නව සභාපතිවරයා පත් කිරීමට ඊයේ (20දා) පෙරවරුවේ රැස්වූ ටෙලිකොම් අධ්‍යක්ෂ මණ්ඩලය තීරණය කර ඇති අතර ශ්‍රී ලංකා ටෙලිකොම් පනතට අනුකූලව අධ්‍යක්ෂ මණ්ඩලය වෙත හදිසියේ ඉදිරිපත් කළ යෝජනාවක් ලෙස එම යෝජනාව සම්මත කරගෙන ඇත. එහිදී ටෙ... |
"ඩිල්මා තේ නිර්මාතෘ අභාවප්‍රාප්ත වෙයි" | "ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙළේ තේ නිෂ්පාදන මෙන්ම තේ අපනයන සමාගමක් ලෙසින් කීර්තිමත් නාමයක් දිනා සිටින ඩිල්මා තේ සමාගමේ නිර්මාතෘ මෙරිල් ජේ. ප්‍රනාන්දු මහතා ඊයේ (20දා) උදෑසන කොළඹ පෞද්ගලික රෝහලකදී අභාවප්‍රාප්ත විය. අභාවප්‍රාප්ත වන විට 93 වැනි වියේ පසුවූ මෙරිල් ජේ. ප්‍රනාන්දු මහතා 1930 වර්ෂයේදී මීගමුව, පල්ලන්සේන ප්‍රදේශයේදී උපත... |
"ජනතාව ගැන සිතා සියලු විපක්‍ෂ මන්ත්‍රීවරුන් විශ්වාස භංගයට ඡන්දය දෙන්න – පාර්ලිමේන්තු මන්ත්‍රී සුජිත් සංජය" | "සෞඛ්‍ය ඇමැතිවරයාට එරෙහි විශ්වාස භංගයේදී ජනතාව ගැන සිතා පක්‍ෂ, පාට භේදයෙන් තොරව ඊට සහාය ලබාදීමට සියලු විපක්‍ෂ මන්ත්‍රීවරුන් පියවර ගත යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී සුජිත් සංජය මහතා පැවසීය. රටේ ආන්දෝලනාත්මක ප්‍රශ්නයක් බවට පත්ව ඇති සෞඛ්‍ය සම්බන්ධ ගැටලුවේදී ජනතාවට දැඩි පීඩාවන් එල්ල වී ඇති මෙවන් තත්ත්වයකදී මන්ත්‍රීවරුන්ට පා... |
"ජී.එස්.පී සහනය තවත් වසර හතරක්" | "ශ්‍රී ලංකාවට ලබාදෙන ජී.එස්.පී ප්ලස් තීරුබදු සහනය 2027 දෙසැම්බර් (31දා) දක්වා තවත් වසර හතරකින් දීර්ඝ කිරීමට යුරෝපා සංගමය තීරණය කර ඇත. එම තීරුබදු සහනය මේ වසරේ (2023) දෙසැම්බර් 31 වැනිදායින් අවසන්වීමට නියමිතව තිබිණි. නව ජී.එස්.පී ප්ලස් ක්‍රමවේදය පිළිබඳ සාකච්ඡා තවදුරටත් පැවැත්වෙන අතරතුර ශ්‍රී ලංකාව වැනි රටවලට දැනට පවතින ප... |
"කොන්දොස්තර නැති හයිවේ බසයේ ආදායම ලක්‍ෂ 5කින් වැඩි වෙලා – ඇමැති බන්දුල කියයි" | "කොන්දොස්තර නොමැතිව මාතර සිට අධිවේගී මාර්ගයේ ධාවනය කරන ලද ලංගම බස් රථයක දිනක ආදායම රුපියල් පන් ලක්ෂ අසූ දහසකින් වැඩි වී ඇති අතර කොන්දොස්තර සහිතව එම බස් රථය ධාවනය කිරීමේ දී එම මුදල අහිමි වී ඇතැයි ද ප්‍රවාහන ඇමැති ආචාර්ය බන්ධුල ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (20 දා) පැවසීය. මේ අතර ප්‍රවේෂ පත්‍ර ලබා නොදී වංචා සිදු කර... |
"ජනපතිගේ අද උත්තර නැත්නම් වෛද්‍ය වෘත්තිය සටන් – සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය" | "රජයේ රෝහල්වලට ගෙවන වාට්ටු ඇති කිරීමට ගෙන ඇති තීරණය හකුළා ගැනීමට සහ සෞඛ්‍ය සේවාව පවත්වාගෙන යෑමට ඇති දුෂ්කරතා විසඳා දීමට අද (21 දා) ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වෙන සාකච්ඡාවේදී සාධනීය විසඳුම් නොලැබෙන්නේ නම් දැඩි වෘත්තීය ක්‍රියා මාර්ගයකට පිවිසීමට තීරණය කර ඇතැයි සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි. මෙරට සෞඛ... |
"මන්දපෝෂණය ගැන මං කිව්වහම රස්සාවෙනුත් දොට්ට දැම්මා – දැන් ඇමැතිම කියනවා – වෛද්‍ය චමල් සංජීව" | "රටේ මන්දපෝෂණ තත්ත්වයේ ශීඝ්‍ර වර්ධනයක් සිදුවෙමින් පවතින බවට පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේදී තමා කළ හෙළිදරව්ව පිළිබඳව පසු විපරම් නොකර රැකියාවද අහිමි කරමින් තමන්ව ගිලටීනයට යවා අද රටේ ජනගහනයෙන් මිලිනයක් මන්දපෝෂණයෙන් පෙළෙන බව සෞඛ්‍ය ඇමැතිවරයාම පාර්ලිමේන්තුවේදී පිළිගැනීම දැඩි සංවේගයට කරුණක් බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් ... |
"දේශීය නිෂ්පාදකයින් සතුව ඇති තරම් ශල්‍යගෝස් තිබියදී රටින් ගෙන්වූයේ ඇයි – ගෝස් නිෂ්පාදකයින්ගේ සංගමය" | "වසර 52 ක සිට රටේ රෝහල් පද්ධතියට අවශ්‍ය ශල්‍ය ගෝස් මෙරට නිෂ්පාදනය කරමින් තිබියදී වෛද්‍ය සැපයුම් අංශය විසින් ඉන්දියාවෙන් ශල්‍ය ගෝස් තොගයක් කඩිමුඩියේ ගෙන්වා ඇත්තේ කුමන අවශ්‍යතාවයකටද යන්න සොයා බලන ලෙස ශල්‍ය ගෝස් නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති අසේල පෙරේරා මහතා ජනාධිපතිවරයාගෙන් ඊයේ (20දා) ඉල්ලීමක් කළේය. ගෙන්වීමට නියමිත ශල්‍ය ... |
"නාගොඩ රෝහලේ සිසේරියන්" | "කළුතර, නාගොඩ ශික්ෂණ රෝහලේ සිසේරියන් සැත්කම් කිරීමට අවශ්‍ය මාර්කේන් නමැති නිර්වින්දන ඖෂධය නොමැතිවීම සම්බන්ධයෙන් ‘දිවයින’ විසින් ඊයේ (20දා) මුල් පිටුවේ පළ කර තිබූ ප්‍රවෘත්තිය පිළිබඳ පාර්ලිමේන්තුවේදී ඊයේ (20දා) විපක්ෂයේ දැඩි අවධානය යොමු විය. එහිදී සිදුවූ සංවාදය මෙසේය. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා – කළුතර ශික්ෂණ රෝහලේ... |
"හිඟයක් නෑ – මම හොරබඩු ගෙනල්ල ශ්‍රේෂ්ඨාධිකරණයෙන් එළියට දාපු මනුස්සයෙක් නෙවෙයි – ඇමැති කෙහෙළිය මැතිසබයේ දී කියයි" | "සිසේරියන් සැත්කම් වෙනුවෙන් භාවිත කරන හෙවි මාකේන් ඖෂධයේ කිසිදු හිඟයක් නොමැති බවත් මේ වන විට එම එන්නත් තිස්දහසකට වැඩි ප්‍රමාණයක් රටේ ඇති බවත් සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (20 දා) ප්‍රකාශ කළේය. “කළුතර රෝහල් අධ්‍යක්ෂවරිය විසින් අභ්‍යන්තර වශයෙන් සිදුකළ දැනුම් දීමක් පදනම් කර ගනිමින් විපක්ෂය මෙව... |
"ලිට්‍රෝ ලාභයෙන් කෝටි 150ක් මහා භාණ්ඩාගාරයට – සභාපති මුදිත පීරිස්" | "ලිට්‍රෝ සමාගම වසර තුනහමාරකට පසු ලැබූ ලාභාංශවලින් රුපිල් කෝට් 150 (බිලියන 1.5) මහා භාණ්ඩාගාරයට ලබාදුන් බව එම සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා පැවසීය. තම සමාගමේ මව් සමාගම වන ශ්‍රී ලංකා රක්‍ෂණ සංස්ථාව හරහා මෙම මුදල් භාණ්ඩාගාරය වෙත යොමුකරන බවද ඒ මහතා කීය. 2019 වසරේ සිට රුපියල් කෝටි 1400 (බිලියන 14) ක පාඩුවක් මෙන්ම තවත් රුප... |
"නාගොඩ සිසේරියන් නවතියි – නිර්වින්දන මාර්කේන් ඉවරයි" | "සිසේරියන් (cesarean) සැත්කම්වලදී අත්‍යවශ්‍ය වන මාර්කේන් (marcaine) නමැති නිර්වින්දන ඖෂධය අවසන් වී තිබෙන නිසා කළුතර නාගොඩ ශික්ෂණ රෝහලේ දැනට සිටින ගැබිනි මවුවරුන් වෙනත් රෝහල් වෙත මාරු කර සිසේරියන් සැත්කම් නතර කර දැමීමට සිදුව තිබේ. රෝහල සන්තකයේම ඇත්තේ මාර්කේන් (marcaine) එන්නත් කුප්පු දාහතක් පමණක් වන අතර හදිසි රෝගීන් සඳහ... |
"මොළය මියගිය ප්‍රේමවතී හතර දෙනකුට ජීවිත දෙයි – උඩුගම රෝහලේ පළමුවරට විශ්මිත සැත්කමක්" | "මොළය මිය ගිය රෝගියකුගේ ඇස් හා වකුගඩු වෙනත් රෝගීන් සිව් දෙනෙකු සඳහා බද්ධ කිරීමට ලබා ගැනීම පෙරේදා (18) දින උඩුගම රෝහලේ දී සිදුකළ බැව් උඩුගම රෝහලේ වෛද්‍ය අධිකාරි විශේෂඥ වෛද්‍ය සුසන්ත ප්‍රනාන්දු මහතා පවසයි. මේ අයුරින් මොළය මියගිය රෝගියකුගෙන් අවයව ලබා ගැනීම සිදුවූයේ උඩුගම රෝහල් ඉතිහාසයේ පළමු වතාවට බවද වෛද්‍ය අධිකාරිවරයා සඳ... |
"සක්විති වරදකරු වෙයි" | "ශ්‍රී ලංකා මහ බැංකුවේ නිසි අවසරයකින් තොරව සක්විති හවුස් ඇන්ඩ් කනස්ට්‍රක්ෂන් නමින් මූල්‍ය ආයතනයක් පිහිටුවා අධික පොලි ලබාදෙන බවට පොළඹවා තැන්පත් කරවා ගත් රුපියල් කෝටි 16 කට අධික මුදලක් වංචා කිරීමේ චෝදනාව එල්ල වී ඇති අභය රණසිංහ මුදියන්සේලාගේ නන්දන වීරකුමාර හෙවත් සක්විති රණසිංහ සහ ඔහුගේ බිරිඳ කුමාරි අනුරාධිනි එකී චෝදනාවට ව... |
"තිරිඟු පිටි මිල අස්සේ ජනාධිපතිවරණය අනුරගෙන් චෝදනාවක්" | "රුපියල් 35ක ලාභයක් ද සහිතව රුපියල් 160කට තිරිඟු පිටි කිලෝවක මිල නියම කළ හැකි වුවද ඉදිරි ජනාධිපතිවරණයට අවශ්‍ය මුදල් සොයා ගැනීම වෙනුවෙන් එම පිටි කිලෝවක් රුපියල් 210කට අලෙවි වන බව ජාතික ජන බලවේගයේ නායක, මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (19 දා) කීවේය. ලෝක වෙළෙඳපොළේ තිරිඟු ඇට සහ තිරිඟු පිටි මිල ගණන් ... |
"ත්‍රිපිටකය අන්තර්ජාලය හරහා මුළු ලෝකයටම" | "අතිගෞරවනීය මහා සංඝරත්නයේ ඉල්ලීම පරිදි ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත්කර ඇති සම්බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලාව ඉංග්‍රීසි අකුරෙන් ලියා අන්තර්ජාලයට මුදාහැරීමටත් පසුව මුද්‍රණය කිරීමටත් ඉදිරියේ දී කටයුතු කරන බව බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු ඇමැති විදුර වික්‍රමනායක මහතා සඳහන් කරයි. මේ සම්බන්ධයෙන් අතිගෞරවනීය මහා... |
"උසස්පෙළ සිසුන්ගේ 80% බලන්න පැහැදිලි වැඩපිළිවෙළක් හදන්න – – ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින්" | "මෙවර උසස් පෙළ විභාගයට පෙනීසිටීමට නියමිත සිසුන් සඳහා අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා නිකුත් කර තිබෙන චක්‍රලේඛයක් නිසා සිසුන් ලක්‍ෂ 03 ක් පමණ දැඩි අසීරුතාවට පත්ව ඇතැයි ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින් මහතා පැවසීය. අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා විසින් 2023 ජූලි 17 දා උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසු සිසුවියන්ග... |
"එන්නත අසාත්මික වී කෑගල්ලේත් මරණයක්" | "රෝහල්වලින් ඉවත් කළ බව කී Cefriaxone නමැති ප්‍රතිජීවක ඖෂධය ලබාදුන් තවත් රෝගියෙකු කෑගල්ල රෝහලේදී පෙරේදා (18වැනිදා) මියගොස් තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ පනස් හත් හැවිරිදි පිරිමි අයෙක් යැයි රෝහල් උසස් නිලධාරියෙක් ‘දිවයින’ ට පැවසුවේය. මෙම රෝගියා කෑගල්ල රෝහලට ඇතුළත් කර අදාළ තහනම් කළ ප්‍රතිජීවක ඖෂධ මාත්‍රා දහතුනක් ලබාගෙන සිටියද... |
"දූෂණ විරෝධී පනත සම්මතයි – සංශෝධන 164ක්" | "දූෂණ විරෝධී පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ දී ඊයේ (19දා) සංශෝධන 164ක් සිදු කිරීමෙන් අනතුරුව සම්මත කෙරිණි. අදාළ සංශෝධන අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ, විපක්ෂයේ අසුන් ගෙන සිටින ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රී චන්දිම වීරක්කොඩි, පසුපෙළ මන්ත්‍රී උදයන කිරිදෙන යන මහත්වරුන් විසින් ද ඉදිරිපත් කරනු ලැබීය. මෙම පනත් කෙටුම්පතට අදාළ විවාදය ... |
"නොවැම්බර් 27දා සිට උසස් පෙළ ඇරැඹෙයි: – ජුලි 28 දායින් අයැදුම්පත් භාරගැනීම අවසන්" | "උසස් පෙළ විභාගය 2022 (2023) නොවැම්බර් 27 දා සිට 2023 දෙසැම්බර් 21 දා දක්වා පැවැත්වෙන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතාා ඊයේ (19 දා) පැවැසීය. මෙම විභාගය සඳහා මාර්ග ගත ක්‍රමය ඔස්සේ අයදුම්පත් කැඳවීම 2023 ජුලි 07 දා ඇරැඹිණි. ජුලි 28 දා මධ්‍යම රාත්‍රියෙන් අවසන් වේ. ඒ අනුව ඉහත සඳහන් කාලසීමාවේදී අයදුම්පත් ඉදිරිපත... |
"අර්ථ සාධකයට අත නොතබනු" | "සේවක අර්ථ සාධක අරමුදලට අත නොතබන ලෙස රජයට බලකරමින් වරාය වෘත්තිය සමිති කිහිපයක් ඒකාබද්ධ විරෝධතා පෙත්සමකට අත්සන් තැබීම ඊයේ (19දා) දහවල් වරාය අධිකාරිය ඉදිරිපිටදී සිදුවූ අයුරු. ඡායාරූපය – කමල් බෝගොඩ" |
"සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ 3ක අතිරික්තයක්" | "2023 වසරේ සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ 03ක අතිරික්තයක් ඇති විය හැකි බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සඳහන් කරයි. මෙම වසරේ දී (2023) මෙරටට සහල්, මුං ඇට, උඳු, කුරක්කන්, කව්පි සහ රටකජු ආනයනය කිරීමේ අවශ්‍යතාවයක් නොමැති බව ද කෘෂිකර්ම දෙපාර්තමේන්තුව කියයි. සහල් සහ අනිකුත් ආහාර භෝග අස්වැන්න සම්බන්ධයෙන් කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර මහත... |
"නොවැම්බර් 27දා සිට උසස් පෙළ ඇරැඹෙයි: – ජුලි 28 දායින් අයැදුම්පත් භාරගැනීම අවසන්" | "උසස් පෙළ විභාගය 2022 (2023) නොවැම්බර් 27 දා සිට 2023 දෙසැම්බර් 21 දා දක්වා පැවැත්වෙන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතාා ඊයේ (19 දා) පැවැසීය. මෙම විභාගය සඳහා මාර්ග ගත ක්‍රමය ඔස්සේ අයදුම්පත් කැඳවීම 2023 ජුලි 07 දා ඇරැඹිණි. ජුලි 28 දා මධ්‍යම රාත්‍රියෙන් අවසන් වේ. ඒ අනුව ඉහත සඳහන් කාලසීමාවේදී අයදුම්පත් ඉදිරිපත... |
"රු.17800000 ලැබුණු හැටි ගෝඨා උසාවියට කියයි" | "පසුගිය වසරේ ජුලි 9 වැනිදා අරගලකරුවන් විසින් ජනාධිපති මැඳුරේ තිබී සොයාගත් රුපියල් එක්කෝටි හැත්තෑ අටලක්‍ෂ පනස්දහසක මුදලක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ව්‍යාපාරික අරමුදලින් තමන් වෙත භාරදුන් ඒවා බවට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා ලබාදුන් දෙවන ප්‍රකාශයක් මගින් අනාවරණය කර ඇතැයි අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව කොටුව මහෙස්ත්... |
""රටට සහ ජනතාවට ඉදිරියට යෑමට ආර්ථික, දේශපාලන, සමාජ දේහයන්හි නව පරිවර්තනයක් අවශ්‍යයි"" | "අපේ රට මේ ආකාරයෙන් තවදුරටත් ගියොත් අපට, අපේ රටට, ජනතාවට ඉදිරියට යෑමට බැහැ. ඒ නිසා අනිවාර්යයෙන් මේ රට වෙනසකට පරිවර්තනය කළ යුතුමය යැයි ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවසීය. පේරාදෙණිය විශ්වවිද්‍යාලයීය විද්‍යාර්ථීන්ගේ සුහද හමුවේ දේශනය පවත්වමින් ඒ මහතා මේ බව කීය. වැඩිදුරටත් කතා කළ දිසානායක මහතා මෙසේද පැවසී... |
"දේශබන්දුට එරෙහි තවත් පෙත්සමක් ඉවතට" | "පසුගිය වසරේ මැයි 9 වැනිදා ගාලුමුවදොර අරගල භූමියේ සිදු වූ අරගලකරුවන්ට පහරදීම ඇතුළු ප්‍රචණ්ඩ ක්‍රියා මැඩපැවැත්වීමට පියවර නොගත් බවට චෝදනා කරමින් බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඇතුළු පිරිසකට එරෙහිව ගොනුකර තිබූ තවත් මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට ගැනීමට අවසර ලබාදීමකින් තොරවම ශ්... |
"ඩොලර් ගේන වතු කම්කරුවන් තවමත් අපා දුකේ" | "වසර ගණනාවක් පුරා වතුකම්කරුවන් මෙරටට විදේශ විනිමය ගෙන ඒමට විශාල වැඩකොටසක් ඉටු කළත් ඔවුන් සිටින්නේ අඩු පහසුකම් යටතේ බවත් නිසි පරිදි ප්‍රවාහන පහසුකම් නොමැති හෙයින් පාසල් වෙත ළඟාවීමට විශාල වෙහෙසක් දැරීමට සිදුවන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (19දා) පැවසීය. ඊට අමතරව අවම සෞඛ්‍ය පහසුකම් පවා අහිමි ... |
"බොරැල්ල පොලිසියේ දෙදෙනා හප්පා පලා ගිය මෝටර් රථ රියැදුරු රිමාන්ඩ්" | "බොරැල්ල පොලිස් ස්ථානයේ පොලිස් නිලධාරීන් දෙදෙනකුව හප්පා අනතුරට ලක්කර බරපතළ තුවාල සිදුකර පලා ගොස් සිටි මෝටර් රථ රියදුරකු පෙරේදා (18දා) අත්අඩංගුවට ගත් බව බම්බලපිටිය පොලිසිය පවසයි. මෙම 32 හැවිරිදි සැකකාර මෝටර් රථ රියදුරු වාහන අලෙවිසල් හිමිකරුවකුගේ පුත්‍රයකු බව හෙළිවිණැයිද පොලිසිය කියයි. අනතුරින් බරපතළ තුවාල ලැබූ පොලිස් කො... |
"වියදම් කරන සෑම රුපියලකටම උපරිම වටිනාකමක් ලබාගත යුතුයි" | "රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව ගෙන යන වැඩපිළිවෙළ මෙරට රාජ්‍ය අංශයේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීමට හේතු වී ඇති බවත් ඒ වෙනුවෙන් කැපවී කටයුතු කරන එහි සභාපති රාජ්‍ය ඇමැති ලසන්ත අලගියවන්න මහතා ඇතුළු සියලුදෙනාට තම කෘතඥතාව පිරිනමන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය. ජනාධිපතිවරයා මේ බව පැවසුවේ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ ... |
"නව කැලණි පාලමේ ඇණ ගලවලා නෑ – අනිත් පාඩුව මිලියන 5.9ක් විතරයි" | "නව කැලණි පාලමේ කොටස් සොරා ගැනීමෙන් වී ඇති මුළු අලාභය රුපියල් මිලියන 5.9ක් බවත් එම පාලමේ කෝටි ගාණක අලාභයක් වී නැති බවත් එහි ඇණ ගලවා නැති බවත් ප්‍රවාහන හා මහාමාර්ග ඇමැති, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (19දා) කීවේය. එසේ නව කැලණි පාලමේ ඇණ ගැලවීමට කිසිවකුට නොහැකි බවත් එසේ ඇණ ගැලවීමට අවශ්‍ය නම් ඒ සඳහා වි... |
"ජනකගේ පෙත්සම් තුන යළි කැඳවීම දෙසැම්බරයේ" | "ලංකා විදුලිබල මණ්ඩලය විසින් පසුගිය පෙබරවාරි 15 වැනිදා විදුලිබිල සියයට 60 කින් ඉහළ දැමීමට ගත් තීරණය මගින් රටේ ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනයවී ඇති බවට නිගමනය කරන ලෙස ඉල්ලා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ හිටපු සභාපති ජනක රත්නායක මහතා ඇතුළු පිරිසක් ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් තුන ලබන දෙසැම්බර් 5 වැනිදා යළි ක... |
"පාර්ලිමේන්තුවේ සියලු පක්ෂ නායකයින් එකඟනම් 13 බලාත්මක කරනවා" | "උතුරු හා නැගෙනහිර ජනතාවගේ ගැටලු විසඳීමට අදාළ හොඳම යෝජනාවලිය තමා මේ වන විටත් ඉදිරිපත් කර ඇති බවත්, එය ඉදිරියට ගෙන යනවාද නැද්ද යන්න ද්‍රවිඩ පක්ෂ නායකයන් තීරණය කළ යුතු බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ උතුරු හා නැගෙනහිර නියෝජනය කරන ද්‍රවිඩ පාර්ලිමේන්තු මන්ත... |
"ජල හා මළාපවහන ගාස්තුත් ඉහළට – කැබිනට් අනුමැතියත් ලැබෙයි" | "විදුලි ගාස්තුව සියයට 66කින් වැඩි කිරීම හේතුවෙන් ජල ගාස්තුව වැඩි කිරීමට සිදුවන බව ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (18දා) පැවසීය. ජනතාවට දැඩි බලපෑමක් නොවන ආකාරයට ජල ගාස්තු වැඩිවීම සිදුවන අතර යෝජිත සැලැස්ම විපක්ෂ නායක කාර්යාලයට ද යවා තිබෙන බව ජාතික සමගි බලවේගය පාර්... |
"ජෙරම්ගේ බැංකු ගිණුම් 9ක් පරික්ෂාවට උසාවියෙන් අවසර" | "බෞද්ධ ධර්මයට අපහාස වන පරිදි ප්‍රසිද්ධ ආගමික දේශනයකදී ප්‍රකාශ කළ බවට චෝදනා එල්ල වී ඇති ජෙරොම් ප්‍රනාන්දු නමැති දේවගැතිවරයා නමින්, පෞද්ගලික බැංකු කිහිපයක පවත්වාගෙන යන ගිණුම් නමයක් (9) පරීක්ෂා කිරීමට කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඊයේ (18 දා) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවසර ලබා දුන්නේය. එකී බැංකු ගිණුම්වලට අදාළ සි... |
""ස්ත්‍රී දූෂණ සහ ළමා අපචාර නඩු කප් ගසයි – මහාධිකරණවල නඩු 29,700න් 9800ක්ම ස්ත්‍රී දූෂණ සහ ළමා අපචාර – ඇමැති විජයදාස රාජපක්‍ෂ"" | "අපේ රටේ මහාධිකරණවල විභාග වෙමින් පවතින නඩු 29700 ක් අතුරින් 9800 ක්ම ස්ත්‍රී දූෂණ සහ ළමා අපචාර සම්බන්ධයෙන් නඩු බව අධිකරණ ඇමැති ආචාර්ය විජයදාස රාජපක්‍ෂ මහතා පවසයි. තිස්තුන් වැනි ජාතික සමථ දිනය ඊයේ (18 දා) ට යෙදී තිබූ අතර ඒ වෙනුවෙන් අධිකරණ අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ පැවැති විශේෂ සැමරුම් උත්සවයක් අමතමින් අමාත්‍යවරයා පෙරේදා (... |
""ඉහළ කාර්ය සාධනයක් පෙන්වූ රාජ්‍ය ආයතන 65 කට රන්, රිදී සම්මාන"" | "රජයේ ගිණුම් කාරක සභාවේ වාර්තාවලට අනුව ඉහළ කාර්ය සාධනයක් පෙන්නුම් කළ රාජ්‍ය ආයතන 65 කට රන් හා රිදී සම්මාන පිරිනැමීම පාර්ලිමේන්තු සංකීර්ණයේදී සිදුවිය. එහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රදානයක් සිදු කළ අයුරු. ගිණුම් කාරක සභාවේ සභාපති ලසන්ත අලගියවන්න, අගමැති දිනේෂ් ගුණවර්ධන, විපක්ෂයේ ප්‍රධාන සංවිධායක, ප.ම. ලක්ෂ්මන්... |
"කෙහෙළියට එරෙහි විශ්වාසභංගය අනිවාර්යයෙන් ගේනවා – විවාදයට දින 3 ක්වත් ඕනෑ – විපක්‍ෂ නායක සජිත් කියයි" | "සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් අනිවාර්යයෙන් ගෙන එන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (18දා) පැවසීය. එම විවාදය දිනයක් නොව දින තුනක්වත් පවත්වන ලෙස ඉල්ලා සිටි හෙතෙම එහිදී අද රජයේ රෝහල්වලින් ලබාදෙන බාල ඖෂධ ආදී සියලු කාරණා පිළිබඳව සත්‍ය තත්ත්වය අනාවරණය කළ හැකි බවත්... |
"පෞද්ගලික අභිලාෂ එපා – ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල" | "තම පෞද්ගලික අභිලාෂයන් ඉටු කර ගැනීම පිණිස නිදහස් සෞඛ්‍ය සේවය පාවා නොදෙන්නැයි සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (18දා) පැවසීය. සෞඛ්‍ය සේවයේ අඩුපාඩු රැසක් තිබෙන බව තමන් පිළිගන්නා නමුත් විවිධ බොරු චෝදනා එල්ල කොට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ නියුතු වූවන්ගේ මානසිකත්වය කඩා නොවට්ටන ලෙසද හෙතෙම විපක්ෂ නායකවරයා විසි... |
"නව කැලණි පාලමේ ඇණ ගැලවීම ගැන ඇත්තම වාර්තාවක් පාර්ලිමේන්තුවට දෙනවා – දයාසිරිගේ ප්‍රශ්නයට ඇමැති බන්දුලගෙන් පිළිතුරු" | "නව කැලණි පාලමේ ඇණ කොපමණ ප්‍රමාණයක් ගලවා තිබේද සහ ඒ සම්බන්ධයෙන් සත්‍ය තොරතුරු වාර්තාවක් ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ප්‍රවාහන ඇමැති බන්දුල ගුණවර්ධන මහතා ඊයේ (18දා) පැවසීය. එම පාලමේ රුපියල් කෝටි 28ක් වටිනා ඇණ ගැලවීම සම්බන්ධයෙන් දයාසිරි ජයසේකර මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කළ අවස්ථාවේ ඇමැතිවරයා මේ බව කීය. මෙම... |
"ජනපති 21 දා ඉන්දියාවට" | "ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ඇරයුමකට අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලබන 20-21 යන දිනවල ඉන්දියාවේ නිල සංචාරයක නිරත වීමට නියමිතය. දෙරට අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා ස්ථාපිත කර වසර 75 ක් සපිරීමේ සංවත්සරය මෙම වසරේදී සමරනු ලබන පසුබිමක මෙම සංචාරය සිදු කෙරේ. ජනාධිපතිවරයා මෙම සංචාරය අතරතුර ඉන්දීය ජනාධිපති ශ්‍ර... |
"ආයුර්වේද පනත 2/3 කින් සම්මත කරන්න – වෛද්‍යවරු 2කගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්" | "රජය විසින් පසුගිය 5 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ආයුර්වේද පනත් කෙටුම්පත ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි, පාරම්පරික ආයුර්වේදය විනාශයට පත් කරනා පනත් කෙටුම්පතක් බැවින් එය පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක හෝ බහුතර ඡන්දයෙන් සම්මත කළ යුතු බවට නිගමනය කරන ලෙස ඉල්ලා ආයුර්වේද වෛද්‍යවරුන් දෙදෙනකු ඊයේ (18 දා) ශ්‍රේෂ්ඨාධික... |
"රට බංකොලොත් වීමට හේතු සොයන කමිටුවේ සභාපති පුටුව විපක්‍ෂයට ඉල්ලති" | "රට බංකොලොත්භාවයට පත් කිරීමට අදාළ හේතු සෙවීමට පත් කළ තේරීම් කාරක සභාවේ සභාපති ධුරය විපක්ෂයට ලබා දෙන ලෙස හර්ෂණ රාජකරුණා සහ අනුර කුමාර දිසානායක මහත්වරු පාර්ලිමේන්තුවේදී ඊයේ (18දා) ඉල්ලා සිටියහ. සභාපති ධුරය විපක්ෂයට ලබා නොදෙන්නේ නම් එම තේරීම් කාරක සභාවෙන් සමගි ජන බලවේගය ඉල්ලා අස්වන බවත් රට බංකොලොත් කිරීමට දායක වූ පක්ෂයේ ල... |
"බාල බෙහෙත්වලින් ඖෂධ නීතිගත සංස්ථාවට රු. මිලියන 1500ක පොල්ලක්" | "වෛද්‍ය සැපයුම් අංශය සඳහා තත්ත්වයෙන් අසමත් සහ හානිවූ ඖෂධ සැපයූ සැපයුම්කරුවන්ගෙන් රුපියල් මිලියන 1,529.83ක මුදලක් අයවීමට ඇතත් එම මුදල 2022 වසරේ දෙසැම්බර් 31 වැනිදා වනවිටත් අයකර ගැනීමට රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව කටයුතු කර නොමැති බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත් කොට ඇති නවතම විගණන වාර්තාවක සඳහන් වේ. එමෙන්ම අසාදු ලේඛන... |
"සෙලෙන්දිවා ඈවර කරයි – එම සමාගම් වෙනුවෙන් පෙනී සිටි නීතිඥයා උසාවියට දැනුම් දෙයි" | "රජයට අයත් වාණිජ වටිනාකමක් සහිත ඉඩම් ගොඩනැඟිලි ඇතුළු දේපළ බාහිර පාර්ශ්ව වෙත අලෙවි කිරීමේ මූලික අරමුණ පෙරදැරිව පසුගිය රාජ්‍ය සමයේ එනම් 2021.03.04 වැනිදා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ඇතිව ආරම්භ කළ සෙලන්දිවා ලෙෂර්ස් ඉන්වෙස්ට්මන්ට්ස් සහ සෙලන්දිවා ඉන්වෙස්මන්ට්ස් ලිමිටඩ් නමැති සමාගම් ස්වෙච්ඡාවෙන්ම ඈවර කිරීමට කැබිනට් මණ්ඩල අනුමැත... |
"අඩු ආදායම් පවුල්වල දරුවන්ට සිසු සැරියෙන් නොමිලේ සීසන්" | "සිසු සැරිය ප්‍රවාහන සේවාවෙන් පාසල් යන අඩු ආදායම් පවුල්වල දරුවන්ට නොමිලේ සීසන් බලපත්‍රයක් ලබා දීමට මේ වන විට කැබිනට් මණ්ඩලයේ අවධානය යොමුව ඇතැයි ප්‍රවාහන ඇමැති බන්දුල ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (18දා) පැවසීය. මේ වන විට ඒ සම්බන්ධයෙන් වැඩ පිළිවෙළක් සැකසීමට විශේෂ කමිටුවක් පත් කර ඇතැයිද දිළිඳු දරුවන් වෙනුවෙන් සම්පූර... |
"රියැදුරන්ගේ අයිස් ගැහිල්ලෙන් රිය අනතුරු වැඩි වෙලා – විශේෂඥ වෛද්‍ය රූමි රූබන්" | "බස් රථ රියැදුරන් බොහෝදෙනකු ‘අයිස්’ වැනි මත්ද්‍රව්‍ය පානය කර බස් රථ ධාවනය කිරීම නිසා ඇතිවන දැඩි මානසික පීඩනය දිනෙන් දින අනතුරු වැඩිවීමට බලපා ඇතැයි කරාපිටිය ශික්‍ෂණ රෝහලේ මනෝවිද්‍යා පිළිබඳ විශේෂඥ වෛද්‍ය රූමි රූබන් මහතා ‘දිවයින’ ට ඊයේ (18 දා) පැවසීය. මත්ද්‍රව්‍ය පානය කර බොහෝ රියැදුරන් බස් රථ පැදවීම ගැන සොයා බලනවා සේම ඔවු... |
"අරගලයේදී ගිනි තැබුණු මැති ඇමැති දේපළවලට වන්දි – දැනටමත් 15කට ගෙවලා" | "ඉකුත් වසරේ මැයි 09 අරගලය දා සංවිධානාත්මක පිරිස් විසින් රටපුරා දේශපාලනඥයන්ට අයත් නිවාස දේපළ ගිනි තබා විනාශ කිරීමට අදාළව වන්දි මුදල් ගෙවීම රජය විසින් ආරම්භ කර ඇත. විනාශ කළ දේපළවලට අදාළ නිශ්චල දේපළ සඳහා මූලික අදියර යටතේ වන්දි මුදල් ගෙවීම් ආරම්භ කර ඇති බව රජයේ ආරංචි මාර්ග පැවැසීය. ඒ අනුව විනාශයට පත්වූ නිශ්චල දේපළ වෙනුවෙන්... |
"බාල ඖෂධ හා ශල්‍ය උපකරණ 64ක් ඉවතට" | "තත්ත්වයෙන් බාල බවට හඳුනාගත් ඩොලර් මිලියන ගණනාවක වටිනාකමින් යුත්, ඖෂධ හා වෛද්‍ය උපකරණ 64 ක් භාවිතයෙන් ඉවත් කිරීමට ඖෂධ නියාමන අධිකාරිය පියවර ගෙන ඇත. සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් ඒකකය ඊයේ (17දා) විශේෂ චක්‍රලේඛයක් නිකුත් කරමින් මේ බව නිවේදනය කර තිබේ. හදිසි වෛද්‍ය ප්‍රතිකාර ඒකකවල සහ රුධිර පීඩන තත්ත්වයන් පවත්වාගෙන යෑම... |
"මහින්දලා රනිල්ලා එක්වුණානම් ඇයි අපට බැරි – ටිල්වින් සිල්වා" | "මහින්ද රාජපක්‍ෂලාට සහ රනිල් වික්‍රමසිංහලාට එක්ව රට පාලනය කළ හැකි නම් ජනතාවාදී පාලනයක් වෙනුවෙන් සියලු දෙනා එක කඳවුරක් වෙත එකතුවිය යුතු යැයි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා සඳහන් කළේය. ජාතිවාදයෙන් තොර මනුෂ්‍යත්වයෙන් එකම කඳවුරක් සියලු දෙනා එක්ව නිර්මාණය කළ යුතු බවත් ඊට නායකත්වය ලබාදීමට ජවිපෙ ප්‍ර... |
"රුසියාවේ පැමිණීම…" | "රුසියානු සංචාරකයන් ලක්ෂයක් පැමිණීම වෙනුවෙන් විශේෂ උත්සවයක් කටුනායක ගුවන් තොටුපළේදී ඊයේ උදෑසන පැවැත්වුණි. එසේ ලක්ෂය වැනි සංචාරකයා රැගත් රුසියාවේ ජාතික ගුවන් සේවය වන එරොෆ්ලොට් ගුවන් සේවයේ එස්. යූ. – 288 දරන ගුවන් යානය රුසියාවේ මොස්කව් නුවර සිට 07/17 දින උදෑසන 10.00 ට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ.මෙම ගුවන් යානය තුළ... |
"එරෝෆ්ලොට් අරඹා මාස 9 ක් තුළ සංචාරකයෝ ලක්‍ෂයක් ලංකාවට" | "රුසියාවේ සිට සෘජු ගුවන් ගමන් ‘එරෝෆ්ලොට් ගුවන් සේවය’ ආරම්භ කර මාස 09 ක් ඇතුළත සංචාරකයන් එක්ලක්‍ෂ දෙසිය අනූඅටක් (100,298) මෙරටට පැමිණ ඇතැයි රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා පවසයි. මෙම සංචාරකයන් මගින් ඩොලර් මිලියන 150 කට වැඩි විදේශ විනිමයක් රටට ලැබී ඇතැයිද වීරතුංග මහතා කියා සිටී. එහිදී එරෝෆ්ලොට්, කොළඹ... |
"විදුලි බිල වැඩි කිරීමට එරෙහි පෙත්සම් 3ක් හෙට කැඳවයි" | "ලංකා විදුලිබල මණ්ඩලය විසින් පසුගිය පෙබරවාරි 15 වැනිදා විදුලි බිල ඉතා අසාධාරණ ලෙස සියයට 60 කින් ඉහළ දැමීමෙන් රටේ ඉතා අඩු ආදායම්ලාභී ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට නිගමනය කරන ලෙස ඉල්ලා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ හිටපු සභාපති ජනක රත්නායක මහතා ඇතුළු පාර්ශ්ව කිහිපයක් ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් ... |
"ලියාපදිංචි නොකර ඖෂධ 500ක් මේ වසරේ ලංකාවට ගෙනත්" | "ලියාපදිංචි නොකර ඖෂධ පන්සියයකට වැඩි ප්‍රමාණයක් මේ වසරේ ශ්‍රී ලංකාවට ගෙන්වා ඇතැයි සෞඛ්‍ය වෘත්තියවේදීන්ගේ විද්වත් සංගමය පවසයි. පසුගිය වසරේදී ද ලියාපදිංචි නොකළ ඖෂධ මෙරටට ගෙන්වීමට ලිපි 764 ක් නිකුත් කර ඇති බවට තොරතුරු වාර්තා ඇති බැවින් මෙම සියලු ඖෂධ නැවත රසායනාගාර පරීක්‍ෂාවට ලක් කළ යුතු බවද එම සංගමය අවධාරණය කරයි. සෞඛ්‍ය සේ... |
"සෞඛ්‍ය ක්ෂේත්‍රයේ බිඳවැටීම රටේ විශාල ඛේදවාචකයක් – ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක" | "කාර්ය මණ්ඩල හිඟය, උපකරණවල හිඟය, බෙහෙත් හිඟය සහ නුසුදුසු බෙහෙත් යොදා ගැනීම නිසා ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ බිඳවැටීම රටේ විශාල ඛේදවාචකයක් බවට පත් වී තිබෙන බව ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා 16 දින මහනුවර පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේය- මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේ ඊළඟට දැන් මතු වෙලා තියෙන සැහැල්ලු... |
"අයිඑම්එෆ් ණය ගන්න දුන් සහායට පාකිස්තානය ජනපති රනිල්ට තුති පුදයි" | "පාකිස්තානයට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඩොලර් බිලියන 3 ක ණය සහනය ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දැක්වූ සහයෝගයට එරට අගමැති ෂෙහ්බාස් ෂරීෆ් මහතා විසින් සිය ස්තුතිය පළ කර ඇත. ශ්‍රී ලංකාව පාකිස්තානයේ සැබෑ මිතුරකු සහ සුබපතන්නකු ලෙස ඉටුකළ කාර්යභාරය අගමැති ෂෙහ්බාස් ෂරීෆ් බෙහෙවින් අගය කර ඇත. එසේම කලා... |
"යතුරුපැදි ආනයනයටත් අවසර දෙන්න" | "රූපවාහිනි, ජංගම දුරකථන වැනි මිල අධික භාණ්ඩ ආනයනය කිරීමට දී තිබෙන අවස්ථාව යතුරුපැදි සඳහාද ලබාදෙන ලෙස දකුණු ආසියාවේ ජ්‍යෙෂ්ඨතම රථ වාහන සංගමය වන සිලෝන් මෝටර් ටේ්‍රඩර්ස් :(CMTA) රජයෙන් ඉල්ලීමක් කරයි. ජනගහනයෙන් සැලකිය යුතු පිරිසක් තම පවුලේ ප්‍රවාහන පහසුකම් සපුරා ගැනීමේදී සහ ව්‍යාපාර වර්ධනය කිරීමේදී දුෂ්කරතාවන්ට මුහුණ දෙන ව... |
"දළදා පෙරහැරට විදුලිය දෙන්න ලක්ෂ 132ක් ඉල්ලා සිටීම සංස්කෘතියට පහර දීමක් – විදුලි පාවිච්චි කරන්නන්ගේ සංගමයේ ලේකම් සංජීව ධම්මික" | "ඉතිහාසයේ පළමු වතාවට විදුලිබල මණ්ඩලය දළදා මාලිගාවේ පෙරහැරට අදාළව ලක්ෂ 132ක ඇස්තමේන්තු විදුලි බිලක් එවීම සංස්කෘතියට පහර දීමක් යැයි විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ ලේකම් සංජීව ධම්මික මහතා ඊයේ (17දා) පැවසීය. නුවර දළදා පෙරහැර වෙනුවෙන් විදුලිය ලබා දීමට අදාළව විදුලිබල මණ්ඩලය විසින් ශ්‍රී දළදා මාලිගාවට ඉදිරිපත් කර ඇති ලක්ෂ ... |
"මේ වසරේ මුල් මාස හයේ බදු ආදායම සියයට 93කින් ඉහළට" | "දේශීය ආදායම් දෙපාර්තමේන්තුව මගින් උපයන ලද මුළු බදු ආදායම ගිය වසරේ (2022) මුල් මාස හයට සාපේක්ෂව මේ වසරේ (2023) මුල් මාස හයේදී සියයට 93 කින් වර්ධනය වී ඇතැයි දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් ඩී. ආර්. එස්. හපුආරච්චි මහතා පවසයි. මේ අනුව ගිය වසරේ මුල් මාස හයේදී උපයන ලද රු. කෝටි 36183.2 ක බදු ආදායම මේ වසරේ (2023) මුල් මාස හයේදී... |
"සෞඛ්‍ය සේවය රැකගන්න මුලින්ම රෝහල්වල විදුලි බිල් ගෙවන්න" | "GMOA රජයෙන් හා ඇමැතිගෙන් ඉල්ලයි ප්‍රමුඛතා හඳුනා ගනිමින් රජයට සෞඛ්‍ය පද්ධතිය රැක ගැනීමේ අවංක චේතනාවක් තිබේ නම් රෝහල්වල විදුලි බිල් නොගෙවීමේ ගැටලුව වහා විසඳිය යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. ඇඹිලිපිටිය ඇතුළු සබරගමුව පළාතේ සහ රට පුරා තවත් රෝහල් රැසක විදුලි බිල් නොගෙවීම නිසා විදුලිය කප්පාදු කිරීමේ අවදානමක් මත... |
"රුසියානු ගුවන් යානයේ ගමන වැළැක්වූ නීතිඥවරයාට එරෙහි පැමිණිල්ල විභාගයට" | "කොළඹ වානිජ මහාධිකරණයෙන් ලබාගත් වාරණ නියෝගයක් වැරදි සහගත ලෙස උපයෝගි කරගනිමින් රුසියානු ගුවන් සමාගමකට අයත් මගී ප්‍රවාහන ගුවන් යානයක් පියාසර කිරීම වැළැක්වීම සහ සිවිල් ගුවන් සේවා සමාගමේ කළමනාකාරීත්වයේ රාජකාරියට බාධා කිරීම සම්බන්ධයෙන් නීතිඥවරයකුට එරෙහිව ගොනුකර ඇති පැමිණිල්ල ප්‍රතික්‍ෂේප කරන ලෙසට ඔහුගේ නීතිඥවරයා කළ ඉල්ලීම ප... |
"ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණය ගැන අමෙරිකානු භාණ්ඩාගාර ලේකම්ගෙන් සහතිකයක්" | "ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණය කඩිනමින් අවසන් කිරීමට හැකිවනු ඇතැයි අමෙරිකානු භාණ්ඩාගාර ලේකම් ජැනට් යෙලන් මහත්මිය පවසයි. එවිට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය වැඩසටහනට සම්බන්ධ සමාලෝචනය නිසි පරිදි ඔවුන්ට කළ හැකිවනු ඇතැයි ද ඇය පැවසුවාය. ඉන්දියාවේ ඇරඹෙන ජී 20 සමුළුවට පෙර පැවති මාධ්‍ය හමුවකදී ඇය ඒ බව පවසා ඇත.ශ්‍යාම් නුවන් ... |
"අජිත් රෝහණගේ පෙත්සම සලකා බැලීම ලබන 03 දා" | "දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස රාජකාරි කළ තමන්ව කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව නැගෙනහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙසට පොලිස්පතිවරයා විසින් ලබාදුන් හදිසි ස්ථාන මාරුව අවලංගු කරන ලෙස ඉල්ලා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා විසින් ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම සල... |
"රු. 37කට රට බිත්තර සතොස හා සුපිරි වෙළෙඳසල්වල විකිණීමට අවසර ඉල්ලුවා" | "රට තුළ පවතින බිත්තර හිඟයට යම් විසඳුමක් ලබාදීම සඳහා සුපිරි වෙළෙඳසල් හා සතොස මගින් බිත්තරයක් රුපියල් 37ක් වැනි මිලකට අලෙවි කිරීමට අනුමැතිය ඉල්ලා ඇතැයි රාජ්‍ය වාණිජ නීතිගත සංස්ථාවේ සභාපති ආසිරි වලිසුන්දර මහතා ‘දිවයින’ ට ඊයේ (17දා) පැවැසීය. රටේ දෛනික බිත්තර අවශ්‍යතාව ලක්‍ෂ 70 ක් බවත්, සතොස සහ සුපිරි වෙළෙඳසල්වලට දෛනිකව ආනය... |
"ආයි ගහන්න ආවොත් පොලියත් එක්ක වන්දි ගෙවන්න වෙයි- ඇමැති ප්‍රසන්න රණතුංග" | "මින් ඉදිරියට අපේ පාක්ෂිකයන්ට හිරිහැර කළොත් අනිවාර්යයෙන්ම පොලියත් සමග වන්දි ගෙවීමට සිදුවනවා යැයි නාගරික සංවර්ධන හා නිවාස ඇමැති ප්‍රසන්න රණතුංග මහතා පැවසීය. ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රී ලංක පොදුජන පෙරමුණේ මිනුවන්ගොඩ ආසන බලමණ්ඩලයට පෙරේදා (16 දා) සහභාගි වෙමිනි. වැඩිදුරටත් අදහස් දැක්වූ රණතුංග මහතා මෙසේ ද කීය. පසුගිය ව... |
"ගුරු අධ්‍යාපනඥ සේවයට හොර පාරෙන් එපා – ගුරු අධ්‍යාපනඥ වෘත්තීය සමිති සංගමය" | "ශ්‍රී ලංකා ගුරු අධ්‍යාපනඥ සේවයට බඳවා ගැනීම සඳහා විවෘත හා සීමිත විභාගවලින් තෝරාගත් පිරිස හැර කැබිනට් පත්‍රිකාවක් මගින් වෙනත් පුද්ගලයන් බඳවා ගැනීමට කටයුතු කළහොත් දැඩි වෘත්තීය ක්‍රියාමාර්ග මෙන්ම නීතිමය ක්‍රියාමාර්ගද ගන්නා බව ශ්‍රී ලංකා ගුරු අධ්‍යාපනඥ සේවා නිලධාරීන්ගේ ඒකාබද්ධ වෘත්තීය සමිති සංගමය අධ්‍යාපන ඇමැතිවරයාට දැනුම්... |
"මැතිවරණ කොමිසමටත් තේරීම් කාරක සභාවක් පත් කරන්න හදන්නෙ හොඳකට නොවෙයි" | "මැතිවරණ කොමිසම සහ එහි සාමාජිකයන් කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් විභාග කිරීමට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කිරීමට යෝජනා ඉදිරිපත් කර ඇති අතර රජය ලහි ලහියේ ඊට යොමුව තිබෙන්නේ අලුතින් පත් වූ මැතිවරණ කොමිසමටත් අධිකරණය ඉදිරියේ තිබෙන්නා වූ නඩු විභාගවලටත් බලපෑම් කිරීමට බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. හෙතෙම ම... |
"කෙහෙළියට එරෙහි විශ්වාසභංගය ආණ්ඩුවට උදව්වක් වෙයි – ගම්මන්පිල කියයි" | "සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහිව මේ මොහොතේ විශ්වාසභංගයක් ගෙන ඒම ආණ්ඩුවට සහාය වීමක් විය හැකි යැයි පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා ඊයේ (17 දා) පැවසීය. එම පක්ෂ කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවේදී සෞඛ්‍ය ඇමැතිවරයාට එරෙහිව විපක්ෂය ගෙන එන බව කියන විශ්වාසභංගය පිළිබඳ ස්ථාවරය කුමක්දැයි මාධ්‍යවේදීන් ඇසූ ප්... |
"දළදා පෙරහැරට ආලෝකය දෙන්න ලංවීමෙන් මාලිගාවට එක්කෝටි තිස් දෙලක්‍ෂයක බිලක්" | "මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යය පැවැත්වෙන කාල සීමාවේ ආලෝකය වෙනුවෙන් එක්කෝටි තිස් දෙලක්ෂ අනූ… නවදහස් දහසක (13299010) මුදලක් වැයවන බව ද එම මුදල ගෙවන ලෙස ද විදුලිබල මණ්ඩලය විසින් දියවඩන නිලමේවරයාට සහ සතර මහා දේවාල නිලමේවරුන්ට දැනුම් දී ඇත. එම ලිපිය විදුලි බල මණ්ඩලයේ ප්‍රධාන ඉංජිනේරු (මහනුවර නගරය) එච්. එස්. බණ්ඩාර මහතා ගේ අත්ස... |
"අනුරාධපුර වෘත්තීය විශ්වවිද්‍යාලයේ – නවක වධය ඔඩු දුවයි සිසුහු අටක් පාඨමාලාව හැර යති" | "අනුරාධපුර විශ්වවිද්‍යාල විද්‍යාතනයේ (වෘත්තීය විශ්වවිද්‍යාලය) තෙවර්ෂ උසස් තාක්ෂණ ඩිප්ලෝමා පාඨමාලාව හැදෑරීමට මීට මාසයකට පමණ පෙර බඳවා ගත් නවක සිසුන්ට එහි ජ්‍යෙෂ්ඨ සිසුන් විසින් ලබා දෙන අමානුෂික නවක වධය දරාගත නොහැකිව මේ වනවිට නවක සිසුන් අට දෙනකු පමණ එම පාඨමාලාව හැදෑරීම හැර ගොස් ඇති බව ආරංචි මාර්ග පවසයි. මේ අතර ජ්‍යෙෂ්ඨ පි... |
"පේරාදෙණියේ තරුණියට මරු කැඳවූ ඖෂධයෙන් – මහනුවර තවත් දෙදෙනකුට අසාධ්‍යයි" | "උදරාබාධයකට ප්‍රතිකාර ලබාගැනීම සඳහා පේරාදෙණිය ශික්‍ෂණ රෝහලට ඇතුළත් කළ 21 හැවිරිදි තරුණියක මියයෑමට හේතු වූ බව කියන සෙෆ්ටි්‍රඇක්සෝන් (Ceftriaxone) නමැති ඖෂධය භාවිතයෙන් ඉවත්කර නොමැති බවට පේරාදෙණිය රෝහලේ පැවැති මාධ්‍ය හමුවකදී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අසේල ගුණවර්ධන මහතා විසින් පවසා පැය කිහිපයක් ගතවීමටත් පෙර එම එන්නත ලබාද... |
"බාල බෙහෙත්වල බරත් දොස්තරලාගේ සහ සෞඛ්‍ය කාර්ය මණ්ඩල හිස මතට" | "සෞඛ්‍ය අමාත්‍යවරයා හෝ වෙනත් ආයතනයක් බාල ඖෂධ සම්බන්ධයෙන් වගකීම භාර නොගන්නා බවත්, ඖෂධ ලබාදීම සෞඛ්‍ය කාර්ය මණ්ඩලය විසින් සිදුකරන නිසා වෛද්‍යවැන් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට ජීවිත තර්ජන එල්ලවෙමින් පවතින බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා ‘දිවයින’ ට ඊයේ (16 දා) පැවැසීය. රෝහල්වල ගැටලු නිසා රෝ... |
"පාස්කු ප්‍රහාරයෙන් පසු තහනම් කළ ඉස්ලාමීය සංවිධාන 5ක තහනම ඉවතට" | "පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු තහනම් කරන ලද ඉස්ලාමීය සංවිධාන 11 න් 05 ක තහනම ඉවත් කර ඇත. මේ අනුව ජමියතුල් අන්සාරි සුන්නතුල් මොහොමදියා, ශ්‍රී ලංකා තවුහිද් ජමාත්, සමස්ත ලංකා තවුහිද් ජමාත්, ලංකා තවුහිද් ජමාත්, එක්සත් තවුහිද් ජමාත් යන ඉස්ලාමීය සංවිධාන පහේ තහනම දැඩි කොන්දේසි මත ආරක්‍ෂක අමාත්‍යාංශය විසින් තවාකාලිකව ඉව... |
"රේල් පීලි පන්නපු හොරු පනිති – ඩක්කුව සුන්" | "නවීකරණය කිරීමෙන් අනතුරුව මගී ජනතාව සඳහා උතුරු මාර්ගයේ දුම්රිය ගමන් ආරම්භ කිරීමට පැය කිහිපයකට පෙර පෙරේදා (15දා) සොරුන් පිරිසක් පැමිණි ඩක්කුවක් ‘යාල් රාණි’ දුම්රියේ ගැටී සිදු වූ අනතුරකින් විශාල අනතුරක් වැළකී ගිය බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. පෙරේදා රාත්‍රී 12.15 ට පමණ සොරුන් පිරිසක් විසින් නිර්මාණය කර ගන්නා ලද ඩක්කුව... |
"දෙනෝදාහක් බලා සිටියදී කතකට පහර දී මාංචු දැමූ පොලිස් සැරයන් අත්අඩංගුවට" | "වත්තල මීගමුව පාරේදී පෙරේදා (15 දා) මහ දවල් දෙනෝදාහක් බලා සිටියදී කාන්තාවකට පහරදී මාංචු දමා වත්තල පොලිසියට රැගෙන ආ ජාඇල පොලිසියේ සැරයන්වරයකු පොලිස් අත්අඩංගුවට ගෙන ඇත. වත්තල පොලිසියේ ප්‍රධාන පොලිස් පරීක්‍ෂක අනුර ගුණවර්ධන මහතා පැවසූ ආකාරයට සිද්ධිය මෙසේය. ජාඇල පොලිසියේ සේවය කරන මෙම සැරයන්වරයා මුදල් ආරවුලක් මත වත්තල ෆිනෑන්... |
"ආනයන තහනම ඉවත් කළත් නිමි පාවහන් ගෙන්වනු එපා" | "රජය ආනයන සීමා ඉවත් කිරීමේදී නිමි සපත්තු ආනයනයට දැඩි සීමාවන් පනවා අමුද්‍රව්‍ය ආනනය කිරීමට වැඩි අවස්ථාවක් ලබාදෙන ලෙස ශ්‍රී ලංකා පාවහන් සහ සම්භාණ්ඩ නිෂ්පාදකයන්ගේ සංගමය ඊයේ (16 දා) ඉල්ලීමක් කළේය. දැනට රට තුළ ත්‍රිවිධ හමුදාව, පොලිසිය, පාසල් ඇතුළු ක්‍ෂේත්‍ර රැසක පාවහන්වල අතිරික්තයක් පවතින නිසා මෙම ඉල්ලීම සිදුකරන බව එම සංගමය... |
"IMF වැඩසටහනේ ඉටුකර නොමැති කැපවීම් දෙගුණයකින් වැඩිවෙලා- වෙරිටේ රිසර්ච් කියයි" | "2023 ජුනි මාසය අවසන් වන විට මෙරට ක්‍රියාත්මක IMF වැඩසටහනේ කැපවීම් 33% ක් ඉටුකර ඇති බවත් තවත් 45% ක් ඉටු කළ යුතුව ඇතැයි ද ඒ අනුව ඉටුකර නොමැති කැපවීම් ගණන දෙගුණයකින් වැඩිවී ඇති බවත් ‘වෙරිටේ රිසර්ච්’ ආරම්භ කළ IMF මීටරයේ අලුත්ම දත්ත පවසයි. ඉකුත් ඉරිදා (16 දා) නිකුත් කළ IMF මීටරයට අනුව ශ්‍රී ලංකාව ප්‍රධාන වශයෙන්, ක්‍ෂේත්‍ර... |
"අධික වේගයෙන් පැමිණි මගී බස් රියක් දෙමෝදර පෙරළෙයි 17කට තුවාල" | "බදුල්ලේ සිට කොළඹ බලා ධාවනය වූ පෞද්ගලික මගී ප්‍රවාහන බස් රථයක් 15 දා පෙ.ව. 10.30 ට පමණ බදුල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ දෙමෝදර ජල සම්පාදන මණ්ඩලය ට නුදුරු ස්ථානයකදී පෙරළී ඇති බව පොලීසිය පවසයි. අනතුරින් තුවාල ලැබූ දෙදෙනෙක් දෙමෝදර ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කළ අතර සෙසු තුවාලකරුවන් බදුල්ල ඌව පළාත් ශික්ෂණ රෝහලටත් ඇතුළත් කර සිටිති. ... |
"කුරුඳුමලේ හින්දු කෝවිලේ සිද්ධිය ගැන මන්ත්‍රී සිද්ධාර්ථන්ගෙන් පොලිස්පතිට ලිපියක්" | "මුලතිව් කුරුදුමලේ විහාරාසන්නයේ ඇති හින්දු කෝවිලේ පොංගල් පූජාවක් පැවැත්වීමට ගිය පිරිසට පසුගිය 14 දා පොලීසිය හා පුරාවිද්‍යා නිලධාරීන් බාධා කළේ දෙමළ ජනතාවට දැඩි අසාධාරණයක් සිදු කරමින් බව ප්ලොට් සංවිධානයේ නායක හා පාර්ලිමේන්තු මන්ත්‍රී ධර්මලිංගම් සිද්ධාර්ථන් මහතා පොලිස්පතිවරයාට 15 දා ලිපියක් යවා තිබේ. පොලීසිය හා පුරාවිද්‍ය... |
"යුද හමුදා නව මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරාල් සංජය වනසිංහ" | "යුද හමුදා මාණ්ඩලික ප්‍රධානි ලෙස මේජර් ජෙනරාල් සංජය වනසිංහ මහතා 15 වැනිදා වැඩ භාරගත්තේය. යුද හමුදා මාණ්ඩලික ප්‍රධානි වශයෙන් කටයුතු කළ මේජර් ජෙනරාල් සී. ඩී. වීරසූරිය මහතා වසර 36 ක සේවා කාලයක් නිමා කරමින් විශ්‍රාම ගැනීම නිසා නව තනතුරට සංජය වනසිංහ මහතා පත්කර තිබේ. 1988 – 1991 වසර දක්වා ශ්‍රී ලංකා යුද හමුදාවේ 11 වැනි හමුදා... |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.