Title
stringlengths
9
246
Content
stringlengths
3
62.9k
"2015 ෂියා මුස්ලිම් පල්ලියේ බෝම්බ ප්‍රහාරය – කුවේටයෙන් ශ්‍රී ලාංකිකයකුටත් මරණ දඬුවම"
"කුවේට් රාජ්‍ය විසින් සිරකරුවන් පස්දෙනකුට මරණ දඬුවම ක්‍රියාත්මක කර තිබේ. එම පිරිස අතර ශ්‍රී ලාංකික මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු ද සිටින බව වාර්තා වෙයි. එසේම පුද්ගලයන් 27 දෙනකුට මරු කැඳවමින් 2015 වසරේ ෂියා මුස්ලිම් පල්ලියකට බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීම සම්බන්ධයෙන් වරදකරු වූ අයෙක් ද ඒ අතර වෙයි. අදාළ ශ්‍රී ලාංකිකයා කළුතර ප්‍ර...
"ජෙරොම්ගේ ගිණුම් 11ක බිලියන 12.5ක් එහෙ මෙහෙ ගිහින්"
"පසුගිය වසර කිහිපයේ ජෙරොම් ප්‍රනාන්දු දේවගැතිවරයාගේ නමින් පවතින බැංකු ගිණුම් 11ක් හරහා රුපියල් බිලියන 12.5ක මුදලක් සංසරණය වී ඇති බවත් එලෙස අති විශාල මුදලක් එකී බැංකු ගිණුම් හරහා සංසරණයවීම සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ ද පුළුල් විමර්ශන සිදුකරන බවත් නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ අතිරේක සොලි...
"අමරකීර්ති ඝාතන නඩුවේ 32කට ඇප – සෑම මසකම අවසාන ඉරිදා පොලිසි එන්නත් නියෝග"
"පොළොන්නරුව දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ මහතා සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අධි චෝදනා ලැබ සිටින විත්තිකරුවෝ තිස්දෙදෙනෙක් ගම්පහ ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල විසින් ඊයේ (28දා) ඇප මත මුදාහරිනු ලැබූහ. මහාධිකරණ විනිසුරුවන් වන සහන් මාපා බණ්ඩාර (සභාපති), රශ්මි සිංගප්පුල...
"පඬුකරඳ කඳ ගොඩ ගැනේ…"
"දාරලුව අධිවේගී මාර්ග පථයේ තිබී හොර රහසේ කපා වළ දැමූ (මීටර් 500 ක් පමණ බෙම්මුල්ල දෙසට අධිවේගී මාර්ගයේ ම පස් කන්දක් තුළ) පඬුකරඳ ශාකයේ මුල් කඳ කොටස අධිකරණ නියෝගයක් මත ඊයේ දින (28) ගොඩගනු ලැබූ අයුරු. එය ගම්පහ උද්භිද උද්‍යානයට ගෙනගොස් සිටුවීමට තීරණය කර ඇත."
"2024 පාසල් පළමු වාරය පෙබරවාරි 21 දා"
"2024 පාසල් අධ්‍යයන වර්ෂයේ පළමු වාරය පෙබරවාරි 21දා ආරම්භ කරන බව අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි. එසේම 2024 වර්ෂයට අදාළ පහේ ශිෂ්‍යත්වය, සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විභාගයන් 2024 වර්ෂය තුළම පවත්වා අවසන් කිරීමට සැලසුම් කර ඇතැයි ද අධ්‍යාපන අමාත්‍යාංශයේ ඊයේ (28 දා) පැවති උත්සව අවස්ථාවට එක්වෙමින් ඇමැතිවරයා පැවසීය. ...
"පළාත් පාලන සීමා නිර්ණ නිර්දේශ මග හිරවෙයි"
"පළාත් පාලන සීමා නිර්ණ කමිටු වාර්තාවට අදාළ නිර්දේශ ක්‍රියාත්මක කිරීම තාවකාලිකව අත්හිටුවූ බව පළාත් පාලන රාජ්‍ය ඇමැති ජානක වක්කුඹුර මහතා පැවසීය. මෙම වාර්තාවේ කරුණු ක්‍රියාත්මක කිරීමේදී පළාත් පාලන ආයතන තවත් ගැටලුකාරී තත්ත්වයකට පත්වනු ඇතැයි ද සංහිඳියා ක්‍රියාදාමයට දැඩි බලපෑමක් එල්ලවනු ඇති බවද රාජ්‍ය ඇමැතිවරයා කීය. මේ අතර ල...
"අස්වැසුම බැංකු ගිණුම් විවෘත කරන්න සෙනසුරාදා සහ ඉරිදාත් බැංකු අරින්න – අගමැති දිනේෂ් ගුණවර්ධනගෙන් ප්‍රාදේශීය ලේකම්වරුන්ට උපදෙස්"
"දුප්පත් ජනතාවට රජය මගින් ලබාදීමට තීරණය කර තිබෙන අස්වැසුම ප්‍රතිලාභ මහජන ආධාරය බැංකු මගින් ලබා ගැනීම සඳහා අදාළ බැංකු ගිණුම් විවෘත කිරීමට සෙනසුරාදා සහ ඉරිදා දිනවල බැංකු විවෘත කිරීමට කටයුතු යොදන ලෙසත්, රස්තියාදු වීමට හෝ ගැහැට විඳීමට අවකාශය ලබා නොදීම සඳහා කාර්යාලයීය නිලධාරිනියන්ගේ සේවාව ලබා ගැනීමට කටයුතු යොදන ලෙසත් අගමැති...
"බිල් නොගෙවූ රෝහල්වල මාස දෙකක් ලයිට් කපන්නේ නෑ – සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක"
"සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් පාලනය වන කිසිදු රෝහලක විදුලිය ඉදිරි මාස දෙකක කාලයක් සඳහා නොකපා සිටීම සඳහා වන සහතිකය විදුලි බල මණ්ඩලය ලබාදුන් බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක මහතා පවසයි. සෞඛ්‍ය ඇමැතිවරයා සහ සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා විදුලි බල මණ්ඩලයේ සභාපතිවරයා සමග ඇති කරගත් එකඟතාවකට අනුව මෙම සහතිකය ව...
"සිවිල් ගුවන් සේවා අධිකාරිය නීතියට පිටින් කෝටි හතක් ගෙවලා"
"ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය විසින් චක්‍රලේඛ විධිවිධානයට පටහැනිව වෘත්තිය දීමනා, කළමනාකරණ දීමනා සහ අතුරු දීමනා වශයෙන් රුපියල් හත්කෝටි හතළිස් තුන් ලක්ෂ අනූ හත්දහස් හාරසිය අසූ තුනක (74,397,483) මුදලක් අධිකාරියේ කාර්ය මණ්ඩලය වෙත ගෙවා ඇති බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත් කර ඇති නවතම විගණන වාර්තාව සඳහන් වෙයි. ක...
"ශ්‍රී ලංකා – ලාඕසේ මූල්‍ය බුද්ධි ඒකක අතර ගිවිසුමක්"
"ශ්‍රී ලංකා මූල්‍ය බුද්ධි ඒකකය සහ ලාඕසයේ මූල්‍ය බුද්ධි ඒකකය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීම කැනඩාවේ වැන්කුවර් නගරයේ දී සිදු විය. මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා සහ ලාඕස බැංකුවේ නියෝජ්‍ය අධිපති වතනා දලලෝයි මහත්මිය අතර එම අවබෝධතා ගිවිසුම හුවමාරු කර ගැනුණි. මහ බැංකු අධිපතිවරයා ඉකුත් ජූලි 11 සිට ජූලි 14 දා ...
"දවස් 27ට විදෙස් සංචාරකයෝ 123503ක් එති"
"මේ මාසයේ මුල සිට 27 දින දක්වා කාලයේදී මෙරටට විදෙස් සංචාරකයන් 123503 දෙනකු පැමිණ ඇත. මේ අතරින් වැඩිම සංචාරකයන් පිරිසක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙන් වන අතර එම ගණන 20779 කි. මේ අනුව මේ වසරේ (2023) මුල සිට ඉකුත් ජුලි 27 දින දක්වා මෙරටට පැමිණ ඇති මුළු සංචාරකයන් ගණන 748,377 කි. ශ්‍යාම් නුවන් ගනේවත්ත"
"ඕඅයිසීලා පත් කරන මාරු කරන බලය පොලිස් කොමිසමට"
"පොලිස් ස්ථානාධිපතිවරුන් පත් කිරීම ඇතුළු පොලිස් දෙපාර්තමේන්තුවේ පරිපාලනමය කාර්යයන් රැසක් සඳහා ජාතික පොලිස් කොමිසම වෙත පූර්ණ බලතල ලබාදී ඇත. පොලිස් ස්ථානාධිපති ධුරයේ සිට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුර සඳහා ඇති සියලුම නිලයන්ගේ මාරු කිරීම්, පත් කිරීම්, බඳවා ගැනීම්, විනය ක්‍රියා මාර්ග ගැනීම්, උසස්වීම් ලබාදීම්, සේවයෙන් පහ...
"ආනන්ද සංගරීගේ පුතාට කැබිනට් ඇමැති ධූරයක්"
"ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආන්නද සංගරී මහතාගේ දෙවැනි පුතණුවන් කැනඩාවේ ආදිවාසී සබඳතා කටයුතු පිළිබඳව වූ කැබිනට් ඇමැතිවරයා ලෙස 25 වැනිදා පත් කර තිබේ. කේරී ආනන්ද සංගරී නමැති ඔහු වයස අවුරුදු 10 දී තම මව සමඟ කැනඩාවට සංක්‍රමණය වූ අයෙකි. ඒ 1983 වර්ෂයේ දී ය. ටොරොන්ටෝ හි ඔස්ගුඩ් හෝල් නීති ව...
"රෝහල් ලොක්කන්ටත් ඇඟිලි සලකුණු එයි"
"වෛද්‍ය පරිපාලන සේවයේ නිලධාරීන් ඇතුළු සෙසු විධායක ශ්‍රේණි නිලධාරීන්ට දෛනික පැමිණීම හා පිටවීම සටහන් කිරීම සඳහා ඇඟිලි සලකුණු තැබීම අනිවාර්ය කර ඇත. ඒ අනුව ලබන අගෝස්තු මස 01 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි මෙලෙස ඇඟිලි සලකුණු යන්ත්‍රය භාවිත කිරීම අනිවාර්ය බව සෞඛ්‍ය අමාත්‍යාංශය කියයි. සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක රාජකාරිවල නිර...
"බෙහෙත් වර්ග 230ක් හිඟයි – දන්ත වෛද්‍ය සේවා කඩා වැටීමේ අවදානමක්"
"අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 230 ක පවතින උග්‍ර හිඟය හේතුවෙන් දන්ත වෛද්‍ය සේවාව පවත්වාගෙන යා නොහැකි තත්ත්වයක් උද්ගතව ඇතැයි ශ්‍රී ලංකා දන්ත වෛද්‍ය සංගමය සඳහන් කරයි. සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් මෙම ඖෂධ සැපයීම තවදුරටත් ප්‍රමාද කරන්නේ නම් ග්‍රාමීය පාසල් දන්ත වෛද්‍ය කටයුතු, මාතෘ හා ළමා දන්ත වෛද්‍ය සේවාවන් මුළුමනින්ම කඩා වැටීමේ අනතුරුද...
"රන්ජන් වන්නිලෑ ඇත්තන්ට ලැප්ටොප් පිරිනමයි"
"රන්ජන් රාමනායක මහතා විසින් දෙවන වරටත් සිදුකරන ලද ලැප්ටොප් පරිගණක යන්ත්‍ර ප්‍රදානය කිරීම මහරගම තරුණ සේවා සභා රඟහලේදී සිදුවිය. එහිදී දහම් පාසල්, විශ්වවිද්‍යාල දරුවන් රාශියකටක ද ලැප්ටොප් පිරි නැමිණි. දෙස් විදෙස් ලැප්ටොප් පරිත්‍යාග කළ පරිත්‍යාගශීලීහු පිරිසක් ද එම අවස්ථාවට එක්වූහ. එහිදී වැදි නායක ඌරුවරිගේ වන්නිලෑ ඇත්තන්ට ආ...
"ප්‍රංශ ජනාධිපති අද දිවයිනට"
"ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් මහතා අද (28) සවස ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය. මෙම සංචාරයේදී ප්‍රංශ ජනාධිපතිවරයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී කලාපීය හා ගෝලීය අභියෝග පිළිබඳ ද්විපාර්ශ්වීය සාකච්ඡා පවත්වයි. ප්‍රංශ ජනාධිපතිවරයකු මෙරට සංචාරයක නිරතවන ප්‍රථම අවස්ථාව මෙය වෙයි. චමින්ද සිල්වා"
"ආයුර්වේද පනත් කෙටුම්පත ගැන විභාගය නිමවෙයි"
"පසුගිය 5 වැනිදා රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද ආයුර්වේද සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් විභාගය ඊයේ (27දා) අවසන් කළ ශ්‍රේෂ්ඨාධිකරණය එකී පනත් කෙටුම්පත සම්බන්ධයෙන් තම අධිකරණයේ නිගමනය කතානායකවරයා වෙත යවන බව නිවේදනය කළේය. එස්. තුරෙයිරාජා, යසන්ත කෝදාගොඩ සහ ජනක් ද සිල්වා යන මහත්වරුන් හමුවේදී එම විභාගය සිවුවන දිනට...
"වසන්ත සමරසිංහගේ පෙත්සම විසි කරන්න – නීතිපති උසාවියෙන් ඉල්ලයි"
"රජය විසින් ක්‍රියාත්මක කරන දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයේදී සේවක අර්ථ සාධක අරමුදලට හා සේවක භාරකාර අරමුදලට බලපෑමක් නොකරන ලෙසට ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා ප්‍රමුඛ බලධාරීන්ට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා අන්තර් සමාගම් සේවක සංගමයේ සභාපති වසන්ත සමරසිංහ මහතා ඇතුළු පිරිසක් ගොනුකර තිබූ පෙත්සම විභාගයට ගැනීමට අවසර ලබාදීමකින්...
"ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන සංශෝධනය පිළිබඳව සියලු පාර්ශ්වයන් සමඟ සාකච්ඡා කර තීන්දුවක් ගැනීම තම අරමුණයි – ජනපති සර්ව පාක්ෂික සමුළුවේ දී කියයි"
"ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන සංශෝධනය පිළිබඳව ද්‍රවිඩ පක්ෂ මන්ත්‍රීවරුන් සමඟ පමණක් සාකච්ඡා කිරීම ප්‍රමාණවත් නොවන බවත් එය සමස්ත රටටම බලපාන කාරණයක් බැවින් සියලු පාර්ශ්ව සමඟ සාකච්ඡා කර තීන්දුවක් ගැනීම තම ස්ථාවරය බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ ඊයේ (26දා) ප...
"කෙහෙළියට එරෙහි විශ්වාසභංගය න්‍යාය පුස්තකයට"
"සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහිව ඉදිරිපත් කරන ලද විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තු න්‍යාය පුස්තකය හා සම්බන්ධ පරිපූරකයට ඇතුළත් කර ඇත. විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු විපක්‍ෂ මන්ත්‍රීවරුන් 44 දෙනකු මේ සඳහා අත්සන් තබා තිබේ. මේ අනුව පක්‍ෂ නායකයන් රැස්වී මෙම යෝජනාව විවාදයට ගන්නා දිනය ඉදිරියේදී තීරණය කරනු ඇ...
"දවසකට මුඛ පිළිකා මරණ 3ක්"
"රටේ පිළිකා රෝගීන් වාර්තා වීමේ වර්ධනයක් දක්නට ලැබෙන බව ජාතික පිළිකා මර්දන වැඩසටහන සඳහන් කරයි. ශ්‍රී ලංකාවේ සිදුවන මරණ අතුරින් දෙවැනියට වැඩිම මරණ සිදුවන්නේ පිළිකා රෝගයෙන් බව එම වැඩසටහනේ අධ්‍යක්‍ෂ ප්‍රජා දත්ත විශේෂඥ වෛද්‍ය ඉෂානී ප්‍රනාන්දු මහත්මිය ඊයේ (27 දා) සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේදී පැවැති මාධ්‍ය හමුවකදී කීවාය. රෙජ...
"පාන් ගෙඩියෙන් ජනපති මැඳුරට ගිය තර්ෂන් අද දිවයිනට"
"ප්‍රංශ ජනතාව අතර ඉතා ජනප්‍රිය පාන් වර්ගයක් වන සාම්ප්‍රදායික බෙගෑට් නිෂ්පාදනය කිරීමේ වාර්ෂික තරගාවලියෙන් ජය ලබා ප්‍රංශ ජනාධිපති මන්දිරයට බෙගෑට් පාන් සැපයීමේ කොන්ත්‍රාත්තුව හිමිකර ගත් ශ්‍රී ලාංකිකයකු වන තර්ෂන් සෙල්වරාජා අද (28 වැනිදා) පෙරවරුවේ ශ්‍රී ලංකාවට පැමිණෙයි. ප්‍රංශ ජනාධිපති එම්මානුවෙන් මැක්රන් මහතා ශ්‍රී ලංකාවේ ...
"වසන්ත මුදලිගේ අත්අඩංගුවට"
"අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ හිටපු කැඳවුම්කරු වසන්ත මුදලිගේ මහතා හා තවත් පුද්ගලයකු ඊයේ (27දා) කුරුඳුවත්ත පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. 2020 සිදුවීමකට අදාළව ඉකුත්දා උසාවියට ඉදිරිපත් නොවීම සම්බන්ධයෙන් අධිකරණය මගින් නිකුත් කර තිබූ වරෙන්තුවකට මොහු අත්අඩංගුවට ගෙන ඇති බව වැඩ බලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතිඥ රු...
"කොටස් වෙළෙඳපොළ වාර්තාගත ලෙස ඉහළට"
"කොළඹ කොටස් වෙළෙඳපොළේ මිල දර්ශක ඊයේ (27 දා) වාර්තාගත ලෙස ඉහළ ගියේය. මේ අනුව කොළඹ කොටස් වෙළෙඳපොළේ සමස්ත මිල දර්ශකය ඊයේ (27දා) ඒකක 272.74 කින් ඉහළ යමින් ඒකක 11257.82ක් දක්වා වර්ධනය විය. එසේම කොටස් වෙළෙඳපොළේ එස්ඇන්ඩ්පී ශ්‍රී ලංකා 20 දර්ශකය ඊයේ ඒකක 106.39 කින් වර්ධනය වෙමින් ඒකක 3273.76ක් දක්වා ඉහළ ගියේය. මෙසේ ඊයේ දිනයේ කොට...
"රට බිත්තර අද සිට සුපිරි වෙළෙඳසල්වලින් රු. 40ට"
"ඉන්දියාවෙන් ආනයනය කළ බිත්තරයක් අද (28දා) සිට රුපියල් 40 බැගින් සුපිරි වෙළෙඳසල්වලින් මිලදී ගැනීමේ අවස්ථාව පාරිභෝගිකයාට ලැබෙන බව රාජ්‍ය වාණිජ නීතිගත සංස්ථාවේ සභාපති ආසිරි වලිසුන්දර මහතා ‘දිවයින’ට ඊයේ (27දා) පැවසීය. ආනයනික බිත්තරයක් රුපියල් 35 බැගින් සතොස මගින් අලෙවි කරන බවත් ඇසුරුම් කරන ලද බිත්තර සුපිරි වෙළෙඳසල්වලින් අල...
"හැටන් අස්වැසුම ප්‍රතිලාභීහු නිදි වරාගෙන බැංකු පෝළිම්වල…"
"හැටන් ප්‍රදේශයේ අස්වැසුම ප්‍රතිලාභීන් 26 වැනිදා රාත්‍රියේ සිටම හැටන් නගරයේ පිහිටි රාජ්‍ය බැංකු 27 වැනිදා විවෘත කරන තෙක්ම නිදි වර්ජිතව පෝළිම්වල රැඳී සිටියහ. පවතින දැඩි අයහපත් කාලගුණය ද නොතකා ඔවුන් පෝළිම්වල රැඳී සිටි අයුරු දැක ගත හැකි විය. අස්වැසුම බැංකු ගිණුම් ආරම්භ කිරීම සඳහා තමන් දින ගණනාවක් මෙසේ බැංකු ඉදිරිපිට නිදි ...
"මැනිං ඇවිළෙයි – කඩකාමර පිටස්තර වෙළෙඳුන්ට දෙන්න යනවා – නිකන් නෙමෙයි අල්ලස්වලට"
" පෑලියගොඩ මැනිං වෙළෙඳ පොළේ කඩකාමර නාගරික සංවර්ධන අධිකාරිය විසින් පිටස්තර පිරිසකට පවරා දීමට යන බව පවසමින් එම වෙළෙඳපොළේ වෙළෙදුන් රැසක් එම භූමි පරිශ්‍රයේ ඊයේ (26 වැනිදා) උදේ විරෝධතාවක නිරත වීමත් සමග එම පරිශ්‍රයේ දැඩි උණුසුම් තත්ත්වයක් ඇතිවිය. මෙම විරෝධතා ව්‍යාපාරය නතර කරන ලෙසට කොළඹ අලුත්කඩේ අංක 5 මහෙස්ත්‍රාත් අධිකරණයෙන් ...
""සර්ව පාක්‍ෂික සමුළුවට සජිත්, මෛත්‍රී ඇතුළු පක්‍ෂ නායකයෝ රැසක් එක්වෙති""
"පොලිස් බලතල හැර පළාත් සභාවලට නිසි බලතල ලබාදී රට සීග්‍ර සංවර්ධනයක් කරා ගෙන යෑමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කළ හැකි බව ජනාධිපතිවරයා ඊයේ (26 දා) ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැති සර්ව පාක්ෂික සමුළුව හමුවේ කියා සිටියේය. මධ්‍යම ආණ්ඩුව කළ යුත්තේ රට වෙනුවෙන් ප්‍රතිපත්ති සම්පාදනය කිරීම බවත් පළාත් සභාව සෑම ක්‍ෂේත්‍රයකම සංවර්ධන කටයුත...
"ඊයේ කොළඹදී අන්තරේට ජල ප්‍රහාර"
"මාස 7 ක් තිස්සේ සිරගත කර සිටින කැලණිය විශ්වවිiාල මහා ශිෂ්‍ය සංගමයේ සභාපති කැලුම් මුදන්නායක සහ එම විශ්වවිiාලයේ 4 වැනි කණ්ඩායම් නායක දිල්ෂාන් හර්ෂණ වහා මුදාහරින්නැයි බල කරමින් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විසින් ඊයේ (26 වැනිදා) සවස සංවිධානය කර තිබූ විරෝධතා පා ගමනට කොළඹ ලිප්ටන් වටරවුම ප්‍රදේශයේදී පොලිසිය ජල ප්‍ර...
"අමාත්‍යාංශයේ නිලධාරීන් මුදල් කාරක සභාව කර ඇරලා කමිටුවේ අප්‍රසාදය"
"රජයේ මුදල් පිළිබඳ කාරක සභාවට මුදල් අමාත්‍යංශයේ වගකිවයුතු නිලධාරීන් නොපැමිණීම ගැන කමිටුවේ අප්‍රසාදය පළ කර තිබේ. ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් යුතු රජයේ මුදල් පිළිබඳ කාරක සභා රැස්වීම පෙරේදා (25දා) රැස්වී තිබේ. ජනාධිපතිවරයා 2048 වන විට ළඟා කර ගැනීමට සැලසුම් කරන තිරසාර සැලසුමට අදාළව සාකච්ඡා පැවතියත් මුදල් අමත්...
"වේරහැර ලයිසන් එක හමුදාවෙන් ගලවයි"
"වේරහැර රියදුරු බලපත්‍ර මුද්‍රණ කිරීමේ අංශයේ කටයුතු කරමින් සිටි යුද හමුදා නිලධාරීන් සැප්තැම්බර් 01 වැනිදා සිට ඉවත් කර එම කාර්යයන් දෙපාර්තමේන්තු නිලධාරීන් යොදවා සිදුකරන බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත වීරසිංහ මහතා පැවැසීය. මේ වනවිටත් දෙපාර්තමේන්තු නිලධාරීන් රියදුරු බලපත්‍ර මුද්‍රණය කිරීම හැර අනෙකුත් කාර්යය...
"කෝටි 600 මාස තුනකින් මත්පැන් නිෂ්පාදකයෝ එකඟ වෙති"
"රජයට රුපියල් කෝටි 600 ක් පමණ බදු ගෙවීම ප්‍රමාද කරමින් සිටි මත්පැන් නිෂ්පාදිත සමාගම් එම බදු මාස තුනක් ඇතුළත ගෙවා නිම කිරීමට සුරාබදු දෙපාර්තමේන්තුවට එකඟ වී ඇත. මෙරට මත්පැන් නිෂ්පාදන ආයතන 07 ක් මෙම බදු ගෙවීම ප්‍රමාද කරමින් තිබූ අතර මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය මහතාද හිඟ බදු දින 14 ක් ඇතුළත ගෙවන ලෙස දැනුම්දී තිබු...
"නාමයෝජනා ප්‍රතික්‍ෂේප කිරීමට එරෙහි පෙත්සම් ගැන විවාදය පෙබරවාරියේ"
"පසුගිය මාර්තු 9 වැනිදා පැවැත්වීමට නියමිතව තිබූ පළාත් පාලන මැතිවරණය සඳහා ඉදිරිපත් කළ නාමයෝජනා පත්‍ර ප්‍රතික්‍ෂේප කිරීම අභියෝගයට ලක්කරමින් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය විසින් ගොනුකර තිබූ පෙත්සම් තුනක් සම්බන්ධයෙන් විවාදය ලබන වසරේ පෙබරවාරි 21 වැනිදා ආරම්භ කිරීමට ශ්‍රේ...
"ඕස්ට්‍රේලියානු පාර්ලිමේන්තුවට තේරීපත්වූ පළමු ශ්‍රී ලාංකික කාන්තාව කැසැන්ඩ්‍රා ඇවිත්"
"ඕස්ට්‍රේලියාවේ පැවැති ෆෙඩරල් මැතිවරණයේදී එරට කම්කරු පක්ෂය නියෝජනය කරමින් ඔස්ට්‍රේලියානු පාර්ලිමේන්තුවට තේරී පත් වූ පළමු ශ්‍රී ලාංකික සම්භවයක් ඇති නියෝජිතයා වන 35 හැවිරිදි කැසැන්ඩ්‍රා ප්‍රනාන්දු ශ්‍රී ලංකාවේ තෙදින සංචාරයක නිරත විණි. කුඩා වියේදී ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වු ඇය උතුරු වික්ටෝරියා ප්‍රාන්තයේ දකුණු දිග මෙල්බර...
"හරක් කටා ඔක්තෝබර් 6 දා උසාවි ගේන්න නියෝග"
"නිවසකට බලහත්කාරයෙන් ඇතුළුවී ගිනි අවියක් පෙන්වා මරණීය තර්ජනය එල්ල කර නිවෙස් හිමියා සන්තකයේ තිබූ රුපියල් විසිදහසක මුදලක් කොල්ලකා කාර් රථයක් පැහැරගෙන යාමේ චෝදනාව යටතේ පවරා තිබූ නඩුවේ විත්තිකාර ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු හා පාතාල කල්ලි නායකයකු යැයි කියන නදුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටා නැමැත්තා ලබන ඔක්ත...
"දේශීය බිත්තරෙත් මිල බහියි"
"දේශීය බිත්තර නිෂ්පාදකයින්ද ඊයේ (26 දා) සිට බිත්තර මිල පහළ දමා ඇත. ඒ අනුව සුදු බිත්තරයක් රුපියල් 49 කටත් රතු බිත්තරයක් රුපියල් 50 කටත් තොගමිලට ලබාදීමට පියවර ගෙන තිබේ. බිත්තර සඳහා පනවා තිබූ පාලන මිල ඉවත් කිරීම නිසා රුපියල් 55 ට මිල නියම කර තිබූ බිත්තර මිල මෙලෙස අඩු කිරීමට හැකි වූ බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගම...
"ජ’පුර උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පත්මලාල් එම් මානගේ"
"ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පත්මලාල් එම් මානගේ මහතා වසර තුනක කාලයක් සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඊයේ (26 දා) පත්කර තිබේ. මෙම පත්වීමට පෙර මහාචාර්ය මානගේ මහතා උපාධි අධ්‍යයන පීඨයේ පීඨාධිපතිවරයා ලෙස කටයුතු කළේය.චමින්ද සිල්වා"
""ජන හා නිවාස සංගණනයට නිලධාරීහු 22,000 ක්""
"ශ්‍රී ලංකාවේ පැවැත්වෙන 15 වැනි ජන හා නිවාස සංගණනය සඳහා රාජ්‍ය නිලධාරීන් විසිදෙදහසක් රටපුරා සහභාගි වන බවත් ඒ සඳහා රු. කෝටි 284 ක මුදලක් වැයවන බවට ඇස්තමේන්තු කර ඇති බවත් ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල් පී. එම්. පී අනුර කුමාර මහතා ඊයේ (26දා) පැවසීය. මෙවර නවීන තාක්ෂණය භාවිතා කරමින් ටැබ්ලට් පරිගණක මග...
"පොලිස් එස්එස්පීලා 12 කට මාරුවීම්"
"ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන් 11 දෙනෙකු හා පොලිස් අධිකාරීවරයෙකු ජාතික පොලිස් කොමිසම මගින් වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරු කර ඇත. එසේ ස්ථාන මාරුවීම් ලැබූ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන් වන්නේ ඊ. එම්. ජී. ජේ. සේරම්, අයි. ඩබ්ලිව්. ජී. ආර්. කන්දෙවත්ත, ජේ. ඒ. චන්ද්‍රසේන, ඩබ්ලිව්. ඒ. ඩබ්ලිව්. සී ප්‍රේමසිරි, එම්. එන්. එස් ම...
"පෑලියගොඩ කඩ දීමේදී කිසිම අක්‍රමිකතාවක් වෙලා නෑ නාගරික සංවර්ධන අධිකාරිය"
"පෑලියගොඩ මැනිං වෙළෙඳපොළේ කඩ ලබාදීමේදී කිසිදු අක්‍රමිකතාවක් සිදුවී නැතැයි නාගරික සංවර්ධන අධිකාරියේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල් (දේපළ හා ඉඩම්) ඊ. ඒ. පී. ප්‍රියශාන්ත මහතා පවසයි. කඩ ලබාදීමේදී යම් අක්‍රමිකතාවක් සිදුවී ඇති බවට යම් අයෙකුට හැඟී යනවා නම් ඒ සඳහා අභියාචනා ඉදිරිපත් කළ හැකි බවද ඔහු කීය. එසේ ලැබෙන අභියාචනා සලකා බැලීම...
"‘පත්තර මල්ලී’ වසර 25ක් සපුරයි"
"දිනපතා පුවත්පත් සිරස්තල විiුත් මාධ්‍යයට ගෙන ඒමේ ප්‍රමුඛයා වන මාධ්‍යවේදී නුවන් ලියනගේ විසින් ඉදිරිපත් කරන ‘පත්තර මල්ලී’ වැඩසටහනට වසර 25ක් පිරීම වෙනුවෙන් විශේෂ සැමරුම් උත්සවයක් පෙරේදා (25 දා) කොළඹ 7, ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි. එහිදී නුවන් ලියනගේ මහතාගේ සේවය අගයමින් නෙත් එෆ්. එම්. නාලිකාවේ...
"ඇමරිකා එක්සත් ජනපද තානාපති සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාපති අතර නිල හමුවක්"
"ඇමරිකා එක්සත් ජනපද තානාපති ජුලි චංග් මහත්මිය හා ශ්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා අතර නිල හමුවක් ගුවන් හමුදා මූලස්ථානයේදී සිදුවිය. මෙහිදී ගුවන් හමුදාධිපතිවරයා සහ ඇමරිකා එක්සත් ජනපද තානාපතිවරිය දෙරටේ ආරක්ෂක සහයෝගිතාවය පිළිබඳ සාකච්ජාවක නිරතවූහ. මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති කා...
"ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක් හමුවේ ඩයනාගේ නඩුව යළි විභාගයට"
"රාජ්‍ය ඇමැතිනි ඩයනා ගමගේ මහත්මිය බි්‍රතාන්‍ය පුරවැසිභාවය ඇති අයකු වන බැවින් ඇය ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධුරයක් දැරීමට නුසුදුසු බවට නිගමනය කරන ලෙස ඉල්ලා සමාජ ක්‍රියාකාරිකයකු වන ඕෂල ලක්මාල් හේරත් මහතා විසින් ගොනුකර තිබු රිට් ආඥා පෙත්සම ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක් හමුවේ නැවත විභාගයට ගැනීමට අභියාචනාධිකරණය ඊයේ ...
"EPF ETF වලට අත නොතබනු – වසන්ත සමරසිංහ"
"දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය ඉදිරියට දමා ගනිමින් සේවක අර්ථසාධක අරමුදල ඇතුළු සේවක අරමුදල් 117 ක මුදල් අවභාවිතා කිරීමට රජය ගනු ලබන උත්සාහය වළක්වන ලෙස බලකර සිටිමින් වැඩ කරන ජනතාව සමග සටන් කරන බව අන්තර් සමාගම් සේවක සංගමයේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ මහතා ඊයේ (25 දා) කොළඹ කොටුව දුම්රියපළ ඉදිරිපිට පැවති උද්ඝෝෂණකදී කීවේය. දේශීය ...
"ජනපති කැඳවූ සර්ව පාක්‍ෂික සමුළුව අද"
"ජාතික සංහිඳියා වැඩපිළිවෙළ පිළිබඳ පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්‍ෂ නායකයන් දැනුවත් කිරීමේ සර්ව පාක්‍ෂික සමුළුවක් අද (26 දා) සවස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ. පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම දේශපාලන පක්‍ෂ හා ස්වාධීන කණ්ඩායම්වල නායකයන්ට මේ සඳහා ඇරයුම් කර තිබෙන බව ජනාධිපති කාර්යාලය නිවේදනය කළේ...
"අද සර්ව පාක්‍ෂික සමුළුව දේශපාලන උප්පරවැට්ටියක් නම් ඒ මොහොතේම සාකච්ඡා මේසයෙන් ඉවත් වෙනවා – විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස"
"ජනාධිපතිවරයා අද පවත්වන සර්ව පාක්ෂික සාකච්ඡාවත් සුපුරුදු දේශපාලන උප්පරවැට්ටියක් බව හැඟී යන්නේ නම් ඒ මොහොතේම සාකච්ඡා මේසයෙන් ඉවත් වන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ ඊයේ (25දා) සක්වළ වැඩසටහන යටතේ බිබිල මැදගම ජාතික පාසලට බස් රථයක් ලබා දීමේ අවස්ථාවට එක්වෙමිනි. එහි දී විපක්...
"දුම්රිය සම්පූර්ණයෙන් ප්‍රතිව්‍යුහගතකරණයට"
"ජනතාවට ඉතා ප්‍රශස්ත මට්ටමේ සේවාවක් ලබාදීම සඳහා දුම්රිය දෙපාර්තමේන්තුව සම්පූර්ණයෙන් ප්‍රතිව්‍යුහගත කිරීමට රජය තීරණය කර තිබේ. මගී ප්‍රවාහනය සහ භාණ්ඩ ප්‍රවාහනය යන සේවාවන් දෙකම සපයන දුම්රිය දෙපාර්තමේන්තුවේ පරිපාලනමය, මූල්‍යමය සහ මෙහෙයුම් කාර්යයන් සම්බන්ධයෙන් මේ වන විට පවතින ගැටලුකාරී තත්ත්වය අවම කර ගැනීම ද රජයේ අරමුණු වී ...
"අස්වැසුමට ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 200ක්"
"දිළිඳු සහ අවදානමට ලක්වූවන්ට ඉලක්කගත ආදායම් සහායක් සහ ජීවනෝපාය අවස්ථා ලබා දෙමින් අස්වැසුම සමාජ ආරක්‍ෂණ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා ලෝක බැංකුව වෙතින් අරමුදල් සපයා ගැනීම පිණිස ගිවිසුම්ගත වීමට කැබිනට් අනුමැතිය ලබාදී තිබේ. මේ සම්බන්ධයෙන් ලෝක බැංකුව සමඟ සාකච්ඡා පැවැත්වීමට ඉකුත් මැයි මස අටවැනිදා පැවති ඇමැති මණ්ඩල රැස්ව...
"තිනියාවල හිමිගේ නඩුවට ලලිත්-කබ්රාල් ගොනු කළ විරෝධතා ගැන නියෝගය අගෝ. 21"
"තිනියාවල පාලිත හිමියන් විසින් ගොනු කරන ලද පෞද්ගලික නඩුවට එරෙහිව හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් හා හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග යන මහත්වරුන් විසින් ගොනු කරන ලද මූලික විරෝධතා සම්බන්ධයෙන් නියෝගය ලබන අගෝස්තු 21 වැනිදා නිකුත් කිරීමට කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඊයේ (25 දා) දින නියම කළේය. තිනියාවල පා...
"බය නැතිව දරුවන්ට ප්‍රතිශක්තිකරණ එන්නත් දෙන්න – විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා"
"බය නැතිව දරුවන්ට ප්‍රතිශක්තිකරණ එන්නත ලබාදෙන ලෙස බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා දෙමාපියන්ගෙන් ඉල්ලා සිටී. එලෙස ප්‍රතිශක්තිකරණ එන්නත ලබා නොගැනීම නිසා සරම්ප වැළඳුණු දරුවන් 20 දෙනකු පමණ ළමා රෝහලට ඇතුළත් කෙරුණු බව ද පැවසූ ඒ මහතා ප්‍රතිශක්තිකරණ එන්නත ලබා නොගත් දරුවන් හට සරම්ප, පෝලිය...
"සැත්කම් සඳහා අවශ්‍ය නිර්වින්දන ඖෂධයක් රෝහල්වල නෑ – රෝගීන්ට අතින් ගෙවා ෆාමසිවලින් අරන් එන්න වෙලා"
"ශල්‍යකර්ම සඳහා බහුලව භාවිත කරන ඕ.එස්.ටී. පොපබි්‍යුවකෝන් නිර්වින්දන ඖෂධය රෝහල් තුළ නොමැතිවීමෙන් සැත්කම් සඳහා දැඩි බාධා මතුව ඇතැයි සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. කොඳුඇට පෙළ අතුරින් සුෂුම්නා තරලයට විදීමෙන් උදරයෙන් පහළ කොටස හිරිවැට්ටවීමට මෙම ඖෂධය භාවිත කරන අතර එම ඖෂධය හිඟවීමෙන් රෝගී ජීවිත දැඩි අවදානමකට ලක්ව ඇත...
"ජීවිතයේ ගැටලුවලට නිසි විසඳුම් නොලැබුණොත් දුප්පතා වුවත් කෝටිපතියා වුවත් දිවි නසා ගැනීමට පෙලඹෙනවා – මනෝ වෛද්‍ය විශේෂඥ රූමි රූබන්"
"තම ජීවිතයේ ගැටලුවලට නිසි විසඳුම් සොයා ගැනීමට නොහැකි වුවහොත් ආර්ථික අපහසුතාවලින් පෙළෙන පුද්ගලයකු, කෝටිපතියකු හෝ බුද්ධිමතකු වුවද සියදිවි නසා ගැනීමට පෙලඹිය හැකි බව කරාපිටිය ශික්ෂණ රෝහලේ මනෝවිද්‍යා පිළිබඳ විශේෂඥ වෛද්‍ය රූමි රූබන් මහතා “දිවයින”ට ඊයේ (25 දා) පැවසීය. ප්‍රශ්න ඇති විට එය දැනගැනීම සඳහා මොළයේ ඇති සාන්ද්‍රණය ක්‍ර...
"හදිසි මිලදී ගැනීම් විශාල මුදල් නාස්තියක්: ලබන වසරේ ඖෂධ හිඟය අදට වඩා දරුණු වෙයි – GMOA කියයි"
"සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ඖෂධ මිලදී ගැනීමේදී සාමාන්‍ය ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය නොකර හදිසි මිලදී ගැනීම් සඳහා යොමුවීමෙන් මහජන මුදල් විනාශවීමෙන් ලබන වසරේ අදට වඩා දරුණු ඖෂධ හිඟයක් ඇතිවීමේ අවදානමක් ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. සිය සංගමය ඉකුත් දෙසැම්බරයේ සෞඛ්‍ය ඇමැතිවරයා සමග පැවැත්වූ සාකච්ඡාවේදී ඖෂධ මිල...
"විනිසුරු වැටුපට බදු පැනවීමට එරෙහි අතුරු තහනම අත්හිටුවයි – පෙත්සම් 3ක් විභාගයට"
"රජය විසින් මෑතකදී පැනවූ නව බදු ප්‍රතිපත්තිය අනුව අධිකරණ විනිසුරුවරුන් හා කම්කරු විනිශ්චය සභා සභාපතිවරුන්ගේ වැටුප් හා දීමනාවලින් බදු අයකර ගැනීම අත්හිටුවමින් තම අධිකරණය විසින් පනවා තිබූ අතුරු තහනම් නියෝගය තවදුරටත් දීර්ඝ නොකිරීමට අභියාචනාධිකරණය ඊයේ (25 දා) තීරණය කළේය. පංචපුද්ගල විනිසුරු මඬුල්ලේ බහුතර එකඟතාවය අනුව එම අතුර...
"ජගත් කඩොලාන පරිසර පද්ධති දිනය අද"
"අන්තර්ජාතික කඩොලාන පරිසර පද්ධති දිනය අද (26දා) ට යෙදී තිබේ. 2015 වර්ෂයේ පැවති යුනෙස්කෝ සමුළුවේදී මෙම දිනය ප්‍රකාශයට පත් කෙරිනි. මේ නිමිත්තෙන් කඩොලාන පරිසර පද්ධති සංරක්ෂණ දින සැමරුම් උළෙල පරිසර අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී ඇමැති නසීර් අහමඩ් මහතාගේ ප්‍රධානත්වයෙන් හා අමාත්‍යාංශ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ මහතාගේ සහභාගිත්වයෙන්...
"යාපනයේ රතුලූනු වගා කෘමියකු නිසා විනාශයි – කිසිම පළිබෝධ නාශකයකට මට්ටු නොවේ"
"යාපනයේ පළාත් කීපයක රතුලූනු වගාවට හානි කරන කෘමියකු නිසා මේ වන විට යාපනයේ ප්‍රදේශ කීපයක රතුලූනු වගාවන් සම්පූර්ණයෙන්ම විනාශ වී ගොස් ඇත. යාපනයේ චුන්නාගම්, තෙල්ලිපලෙයි, මාදගල්, සංගානයි, අච්චුවේලි, කෝපායි සහ වඩමරච්චි යන පළාත්වල මෙම කෘමියා බහුලව ගැවසීම නිසා එම පළාත්වල රතුලූනු වගාවෙන් කිසිදු ආදායමක් ලබා ගැනීමට නොහැකි තත්ත්වයක...
"ශ්‍රීලංගම හදපු බස් ගැන ඇමැතිගෙන් ජනපතිට වාර්තාවක්"
"රටේ පැවති ආනයන සීමා හේතුවෙන් ඇති වූ අමතර කොටස් හිඟය සහ මිලදී ගැනීමේ මූල්‍ය දුෂ්කරතා නිසා ධාවනයෙන් ඉවත් කර තිබූ ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් බස් රථ 175ක් අලු‍ත්වැඩියා කොට නැවත මගී ප්‍රවාහන පද්ධතියට එක් කිරීම පිළිබඳ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත නිල වශයෙන් දැනුම්දීම ඊයේ (24) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදු ...
"බහුතරයක් සහ ජනමත විචාරණයක් ඕනෑ – නීතිපති දැනුම් දෙයි"
"පළාත් පාලන ආයතනවල හිටපු නියෝජිතයන් නැවත කැඳවීම සඳහා විෂය භාර අමාත්‍යවරයාට ඉඩකඩ ලැබෙන පරිදි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ මහතා විසින් ගොනුකර ඇති පළාත් පාලන සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ බහුතර ඡන්දයකින් හා ජනමත විචාරණයකින් සම්මත කළ යුතු බව නීතිපතිවරයා ඊයේ (24දා) ශ්‍රේෂ්ඨාධිකරණයට දැ...
"ණය පොලී කඩිනමින් පහළ දමන්න – මහ බැංකු අධිපති සියලු බැංකුවලින් ඉල්ලයි"
"බැංකුවල ණය පොලී අනුපාත ප්‍රමාණවත් මට්ටමින් පහත හෙළීමට කඩිනම් ක්‍රියාමාර්ග ගන්නා ලෙස මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා සියලුම බැංකුවලින් ඉල්ලා සිටී. ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ සංවිධානය වෙත ලිපියක් යවමින් මහ බැංකු අධිපතිවරයා මේ ඉල්ලීම කර ඇත. බැංකුවල සියලුම ණය වර්ගවලට අදාළව මේ ණය පොලී අනුපාත අඩු කිරීම සිදුකරන ලෙ...
"ශ්‍රී ලංකාවේ නෝර්වේ තානාපති කාර්යාලය වසා දමයි"
"ශ්‍රී ලංකාවේ නෝර්වේ තානාපති කාර්යාලය ලබන ජුලි 31 දා සිට වසා දැමේ. ශ්‍රී ලංකාව සහ මාලදිවයින සමඟ නෝර්වේ රාජ්‍යයේ ද්විපාර්ශ්වික සබඳතාවේ වගකීම අගෝස්තු 01 වැනිදා සිට නවදිල්ලි නුවර පිහිටි නෝර්වේජියානු තානාපති කාර්යාලයට පැවරෙන බව කොළඹ තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ. පසුගිය වසරේ සැප්තැම්බරයේදී නෝර්වේ ව...
"ගමන් වාර 46කට තිත – හිතුවක්කාර දුම්රිය වර්ජනයෙන් ජනතාව නන්නත්තාරයි"
"දුම්රිය රියැදුරු සංගමය විසින් පෙරේදා (23දා) ක්ෂණිකව වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කළ අතර ඒ හේතුවෙන් ඊයේ ද (24දා) කාර්යාල දුම්රිය 11 ක් ඇතුළුව දුම්රිය ගමන් 65 ක් අවලංගු විය. ඒ අනුව ඉරිදා සහ සඳුදා දෙදින අවලංගු වූ දුම්රිය ගමන් වාර ගණන 80කි. පෙර දැනුම් දීමකින් තොරව හදිසියේ ක්‍රියාත්මක කළ මෙම වැඩ වර්ජනය හේතුවෙන් මගීන් දැඩි අසීර...
"රට බිත්තර සතොස සහ සුපිරි වෙළෙඳසල්වලින්"
"ඉන්දියාවේ සිට ආනයනය කරන බිත්තර හෙට (26 දා) සිට සතොස සහ සුපිරි වෙළෙඳ සල්වලින් රු. 37 ක් පමණ මිලකට සාමාන්‍ය ජනතාවට මිලදී ගැනීමට අවස්ථාව ලබාදෙන බව රාජ්‍ය වාණිජ නීතිගත සංස්ථාවේ සභාපති ආසිරි වලිසුන්දර මහතා ‘දිවයින’ට පැවසීය. මෙම බිත්තර අධි ශීතාගාරයක් තුළ දින 90 ක් සාමාන්‍ය ශීතාගාරයක් තුළ දින 30 ක් සහ ශීතාගාරවලින් පිටත දින 0...
"ඇමැතිගේ චක්‍රලේඛයට එරෙහිව සෞඛ්‍ය වෘත්තීය සමිති හෙට සිට වර්ජනයකට"
"වෘත්තීය සමිති අයිතිවාසිකම් මර්දනය කරමින් රෝගීන්ගේ සහ නිදහස් සෞඛ්‍යයේ උන්නතිය වෙනුවෙන් භාෂණයේ හා ප්‍රකාශනයේ ඇති අයිතියද සීමා කරමින් සෞඛ්‍ය ඇමැතිවරයා විසින් නිකුත් කර ඇති චක්‍රලේඛය අද (25දා) ඉවත් කර නොගන්නේ නම් ඊට එරෙහිව හෙට (26දා) සිට සියලු සෞඛ්‍ය වෘත්තීය සමිති වැඩවර්ජනයක නිරතවීමට තීරණය කර ඇත. සෞඛ්‍ය ඇමැතිවරයා විසින් ප...
"ඉන්දීය බිත්තර වෙළෙඳ පොළට නිකුත් කිරීම අවදානම්"
"ඉන්දියාවෙන් ගෙන්වන බිත්තර, හෝටල් සහ බේකරි සඳහා පමණක් භාවිත කිරීමට දුන් කැබිනට් අනුමැතිය උල්ලංඝනය කරමින් දිනපතා එසේ ගෙන්වන බිත්තර මිලියනයක් වෙළෙඳ පොළට නිකුත් කිරීමට රජය ගෙන ඇති තීරණයෙන් රට තුළ කුරුලු උන ව්‍යාප්ත වීම මෙන්ම දේශීය ගොවියා විනාශ වීම ද සිදුවන බවට සමස්ත ලංකා කුකුළු ව්‍යාපාරික සංගමය චෝදනා කරයි. ඉන්දියාවෙන් ගෙන...
"බාල ඖෂධ තොරතුරු ගැන විගණකාධිපති විශේෂ විමර්ශනයක් අරඹයි"
"ප්‍රමිතියෙන් තොර බාල ඖෂධ භාවිතය සම්බන්ධයෙන් දිගින් දිගටම ලැබෙන තොරතුරු පිළිබඳව විශේෂ විමර්ශනයක් ආරම්භ කිරීමට විගණකාධිපති දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ. ජාතික ඖෂධ නියාමන අධිකාරිය සහ සෞඛ්‍ය අමාත්‍යාංශය පිළිබඳව ජාතික විගණන කාර්යාලය සිදුකළ විමර්ශනවලදී ප්‍රමිතියෙන් තොර සහ ලියාපදිංචි නොකළ ඖෂධ භාවිතය සම්බන්ධයෙන් තොරතුරු රැසක්...
"ඉන්දියාවේදී ගිවිසුම් අත්සන් කිරීමට ජනපතිට ඇති ජනවරම කුමක්ද? මහාචාර්ය චරිත හේරත් අසයි"
"ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉන්දීය සංචාරය රට තුළ මෙතෙක් පැවති ප්‍රශ්නවලට අමතරව අනාගතයේ දැවැන්ත ප්‍රශ්න රැසක් නිර්මාණය කිරීමට හේතු වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතා ඊයේ (24 දා) පැවසීය. ජනාධිපතිවරයා මැදිහත්වී ඉන්දියාවේ දී ගිවිසුම් කිහිපයකට අත්සන් කළ බවත් එම ගිවිසුම් අත්සන් කිරීමට ජනාධිපතිවරයාට ත...
"15 වැනි ජන හා නිවාස සංගණනය අගෝස්තුවේ සිට"
"මෙරට 15 වන ජන හා නිවාස සංගණනය ලබන මාසයේ (අගෝස්තු) සිට ආරම්භ කරන බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි. වසර 10 කට වරක් සිදුකරන මෙම සංගණනය මීට පෙර සිදුකර ඇත්තේ 2012 වසරේදී ය. 2022 වර්ෂයේදී මෙම සංගණනය සිදු කිරීමට නියමිතව තිබුණත් රටේ පැවති විවිධ ගැටලු නිසා එය ප්‍රමාද විය. මෙම සංගණනය ඔක්තෝබර් මාසය අවසන් වීමට පෙර සි...
"‘පත්තර මල්ලිට’ 25 යි – විශේෂ සැමරුම් උළෙලක් අද"
"දිනපතා පුවත්පත් සිරස්තල විද්‍යුත් මාධ්‍යයට ගෙන ඒමේ ප්‍රමුඛයා වන මාධ්‍යවේදී නුවන් ලියනගේ ‘පත්තර මල්ලි’ වැඩසටහනට වසර 25 ක් පිරීම නිමිත්තෙන් විශේෂ සැමරුම් වැඩසටහනක් අද (25 දා) සවස 3.00ට කොළඹ ජාතික ලේඛනාරක්‍ෂක දෙපාර්තමේන්තුවේ ශ්‍රවණාගාරයේදී පැවැත්වේ. රූපවාහිනි මාධ්‍යයෙන් පත්තර සිරස්තලකියවීමේ සම්ප්‍රදායට පෙර නුවන් ‘රේඩියෝ’...
"යළි දෑසට නොපෑ යුතු කළු ජූලියට අවුරුදු 40 යි"
"යළි කිසිදු දිනෙක මේ මිහිතලය මත අපි දෑස් අභිමුව නොදැකිය යුතු කළු ජූලියට වසර 40 ක් සම්පූර්ණ වේ. අමිහිරි කළු ජූලිය ඇවිලුණේ 1983 ජූලි මස 23 වැනිදා යාපනයේ සිදු වූ කොටි ත්‍රස්ත ප්‍රහාරයකින් අපේ හමුදා සාමාජිකයන් 13 ක් බෝම්බ ගසා වෙඩි තබා ඝාතනය කිරීමේ විපත්තියත් සමඟිනි. එම කොටි ත්‍රස්ත ප්‍රහාරයෙන් මියගියේ පලාලි හමුදා කඳවුරේ සි...
"වවුනියාවේදී ශීඝ්‍රගාමී දුම්රියේ ගැටුණු ලොරියේ දෙදෙනාට බරපතළයි"
"වවුනියාවේ තිරුවනාව්කුලම් ප්‍රදේශයේදී ගමන් කරමින් තිබූ ශීඝ්‍රගාමී දුම්රියක් මැදට ලොරියක් ගැටීම නිසා ලොරියේ සිටි පුද්ගලයන් දෙදෙනාම බරපතළ ලෙස තුවාල ලබා 23 දා වවුනියාව මහ රෝහලට ඇතුළත් කොට තිබේ. දුම්රිය හරස් මාර්ගයක් නොමැති මෙම ස්ථානයේදී දුම්රිය මාර්ගයේ දුම්රියක් ගමන් කරමින් ඇති බව දැන දැන ලොරි රියැදුරා ලොරිය ඉදිරියට ධාවනය...
"ජනපති සර්ව පාක්‍ෂික සමුළුවක් කැඳවයි"
"ජාතික සංහිඳියා වැඩපිළිවෙළ පිළිබඳ පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්‍ෂ නායකයන් දැනුවත් කිරීමේ සර්ව පාක්‍ෂික සමුළුවක් හෙට (26 දා) සවස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ. පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම දේශපාලන පක්‍ෂ හා ස්වාධීන කණ්ඩායම්වල නායකයන්ට මේ සඳහා ඇරයුම් කර තිබෙන බව ජනාධිපති කාර්යාලය ඊයේ (24 දා...
"විදේශ විනිමය රෙගුලාසි තවත් ලිහිල් වෙයි"
"ලංකාවෙන් බැහැරට විදේශ විනිමය ප්‍රේෂණය කිරීම් මත පනවා ඇති සීමා කිරීම් තවදුරටත් ලිහිල් කිරීමට මහ බැංකුව පියවර ගෙන ඇත. මේ අනුව ප්‍රාග්ධන ගනුදෙනු වෙනුවෙන් ශ්‍රී ලංකාවෙන් බැහැරට විදේශ විනිමය ප්‍රේෂණය කිරීම මත පනවා තිබූ යම් යම් සීමාවන් ලිහිල් කිරීම සහ විගාමිකයන්ගේ වර්තන ගනුදෙනු මත පනවා තිබූ සීමාවන් ඉවත් කර ඇත . පෙර නිකුත් ක...
"පොලිස්පතිට සහ විශේෂ විමර්ශන ඒකකයේ අධ්‍යක්‍ෂට අධිචෝදනා ගොනු කළ හැකිදැයි නීතිපතිගෙන් අසයි"
"ගාල්ල උණවටුන ප්‍රදේශයේ සංචාරක හෝටලයක විදේශිකයන්ගේ මුදල් සොරකම් කිරීමේ සිද්ධියකදී පොලිස් නිලධාරීන්ට සහ සාක්ෂිකරුවන්ට අයුතු බලපෑම් කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් පොලිස්පතිවරයාට සහ විශේෂ විමර්ශන ඒකකයේ අධ්‍යක්ෂවරයාට එරෙහිව අධිචෝදනා ගොනු කළ හැකිද යන්න පිළිබඳව නීතිපතිවරයාගෙන් කරුණු විමසන ලෙස ගාල්ල ප්‍රධාන මහෙස්ත්‍රාත් ඉසුරු නෙත්...
"වව්නියාවේ නිවසක උපන් දින සාදයට මැර ප්‍රහාරයක්"
"වවුනියාවේ තෝනිකල් ප්‍රදේශයේ උපන් දින සාදයක් පැවැත්වෙමින් තිබූ නිවසකට ප්‍රහාරයක් එල්ල කළ මැර පිරිසක් එම නිවසට ගිනි තැබීම නිසා එක් තරුණියක මියගොස් 10 දෙනකු තුවාල ලබා ඊයේ (23දා) අලුයම වවුනියාව මහ රෝහලට ඇතූළත් කොට තිබේ. තුවාල සිදුව ඇත්තේ සියුම් ආයුධවලින් කැපීමෙන් හා පිළිස්සීම නිසාය. මෙහිදී මියගොස් ඇත්තේ වවුනියාව ඕමන්තේ පද...
"ඉන්දියාවෙන් මැලේසියාවෙන් නිමි තේ ගෙන්වා ලේබල් ගසා රට පටවන ජාවාරමක්"
"මහා පරිමාණ ව්‍යාපාරිකයන් විසින් ඉන්දියාව, මැලේසියාව වැනි රටවල්වලින් නිමි තේ ගෙන්වා ලේබල් ගසා අපනයනය කිරීමේ ජාවාරමක් ක්‍රියාත්මක වන බව රුවන්පුර කුඩා තේවතු හිමියෝ පවසති. මෙම ජාවාරම නිසා කුඩා තේ වතු කර්මාන්තය තවදුරටත් කඩා වැටෙන බව ද ඔව්හු පවසති. ඉවතලන කසළ තේ ලෙස අවසර පත්‍රයේ සඳහන් ආනයනික තේ අම්බලන්ගොඩ, වෙල්ලම්බොඩ ප්‍රදේශ...
"දෙවැනි පාසල් වාරයේ පළමු අදියර අද ඇරැඹෙයි"
"2023 වසරේ දෙවන පාසල් වාරයේ පළමු අදියර අදින් (24 දා) ආරම්භ වී අගෝස්තු 17 වැනිදා අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. ඒ අනුව අගෝස්තු 18 සිට 27 දක්වා නිවාඩු ලබාදීමට නියමිතය. දෙවන වාරයේ දෙවන අදියර අගෝස්තු 28 සිට ඔක්තෝබර් 27 දක්වා පැවැත්වේ. තුන්වන වාරයේ පළමු අදියර ඔක්තෝබර් 30 සිට නොවැම්බර් 24 දක්වා පැවැත්වේ. තුන්වන වාරය...
"ව්‍යාපාරිකයාගෙන් කප්පම් ඉල්ලූ ලිපිය ගැන රාජකාරි නොකළ එස්. අයිගේ වැඩ තහනම්"
"අවිස්සාවේල්ල ප්‍රදේශයේ ව්‍යාපාරිකයකුගේ නිවසේ ලියුම් පෙට්ටියට රු. ලක්‍ෂ තුනක කප්පමක් ඉල්ලා දමා තිබූ ලිපියට අදාළ පැමිණිල්ල සම්බන්ධයෙන් නිසි ලෙස රාජකාරී නොකළ අවිස්සාවේල්ල පොලිසියේ උප පොලිස් පරීක්‍ෂකවරයකුගේ වැඩ තහනම් කිරීමට පියවර ගෙන තිබේ. රුපියල් ලක්‍ෂ තුනක කප්පමක් ඉල්ලා එම මුදල අසල්වැසි නිවසක් ඉදිරිපිට තබන ලෙස දැනුම් දී...
"දෙදින නිල සංචාරයකට ජපාන විදේශ ඇමැති 28දා දිවයිනට"
"ජපාන විදේශ ඇමැති යෝශිමාෂා හයාෂි දෙදින නිල සංචාරයක් සඳහා ලබන සිකුරාදා (28දා) මෙරටට පැමිණීමට නියමිතය. ජපාන විදේශ ඇමැතිවරයා සමග 24 දෙනකුගෙන් යුත් දූත පිරිසක් මෙරටට පැමිණෙනු ඇත. මෙරටට පැමිණෙන ජපාන නියෝජිත පිරිස ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා සහ විදේශ අමාත්‍යවරයා සමඟ සාකච්ඡා කිරීමට නියමිතය. ජපාන විදේශ ඇමැතිවරයා ඇමෙරිකාවේ හ...
"ලබන වසරේ ඔක්තෝබර්වලදී අනිවාර්යෙන්ම ජනාධිපතිවරණය පැවැත්විය යුතුයි"
"අපේ රටේ පාලකයින්ට මේ විධායක පුටුව බර වැඩියි. මේ පුටුවේ වාඩි වෙන්න තරම් අපේ රටේ නායකයින්ගේ මනස දියුණු නැහැ යැයිද ලබන වර්ෂයේ ඔක්තෝම්බර් මාසයේදී ජනාධිපතිවරණය අනිවාර්යෙන්ම පැවැත්වීමට සිදුවන බවත් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවසීය. ඒ මහතා මේ අදහස් පල කළේ වැලිමඩදී පැවති විද්වත් වෘත්තිකයින්ගේ සහ ව්‍යා...
"ඉදිරි වසර දෙක තුළ මහා විහාර සංවර්ධන සැලසුම කඩිනම් කරන්න"
"මහා විහාර සංවර්ධන සැලැස්මට ප්‍රමුඛත්වය දෙමින් අනුරාධපුර පුජා භූමි සංවර්ධන සැලැස්ම කඩිනම් කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නේය. මහා විහාර සංවර්ධන සැලැස්ම ක්‍රියාත්මක කිරීම සඳහා භෞතික සැලසුම් දෙපාර්තමේන්තුව, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සහ විශ්වවිද්‍යාලවල විශේෂඥ කණ්ඩායමකගෙන් සමන්විත කමිටුවක් ප...
"කෝටි ගණනක මුදල් වංචා සහ කූට ලේඛන සකස් කිරීම ගැන ව්‍යාපාරිකයකුට චෝදනා"
"කෝටි ගණනින් මුදල් වංචා කළ හා කූට ලේඛන සකස් කළ බවට චෝදනා ලැබූ කෝටිපති ව්‍යාපාරිකයකු සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර ඇත. කොළඹ 06 පදිංචි නඩරාජා කනරාජා නොහොත් ගනේෂ් නමැති ව්‍යාපාරිකයාට එරෙහිව මෙම පරීක්ෂණය පැවැත්වේ. මෙරට ප්‍රධාන පෙළේ සමාගමක ...
"ඔටිසම් ගැන දැනුවත් කිරීමට පා ගමනක්…"
"දරුවන්ගේ ඔටිසම් රෝග තත්ත්වය ගැන දැනුවත් කිරීමේ පා ගමනක් කොළඹ සිට මීගමුව දක්වා කොළඹ රිකනෙක්ෂන් රොටරි සමාජය හා බොරැල්ල ළමා රෝහල එක්ව පවත්වන ලදි. මෙමගින් ලැබෙන ආධාර බොරැල්ල ළමා රෝහලේ ළමා වාට්ටුවක් ඉදිකිරීමට වැය කිරීමට නියමිතය. එම රොටරි සභාපති යොලන්කා ඇල්ලේපොල පා ගමන ඇරඹූ අයුරු. ලේකම් දිලන්කා හේරත්, සංවිධායක හැරල්ඩ් සන්දර...
"ලාදුරුවලට ඖෂධයක් පස් ගුණයක් වැඩි මිලට අරන්"
"ලාදුරු රෝගයට ප්‍රතිකාර කිරීම සහ සමේ රෝගයකට ප්‍රතිකාර ලෙස ලබාදෙන ‘ඩැප්සෝන්’ නමැති ඖෂධය පස් ගුණයක් වැඩි මිලට ගෙන ඇතැයි සෞඛ්‍ය වෘත්තියවේදීන්ගේ සංගමයේ සභාපති රවි කුමුදේශ් මහතා ප්‍රකාශ කරයි. සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහා 2023 වර්ෂයේ සිදුකළ ප්‍රසම්පදනයකදී ඩැප්සෝන් (Dapsone) නමැති ඖෂධයේ මිලි ග්‍රෑම් 50 ක් බරැති පෙති 100 ක පැකට්ටුව...
"රජයේ අනුග්‍රහය යටතේ බාල ඖෂධ ලබාදීම හරිද වැරදිද?"
"මේ වන විට රජයේ අනුග්‍රහය යටතේ බාල ඖෂධ ලක්ෂ 220ක් වූ ජනතාවට ලබා දෙන බවත් පක්ෂ පාට ආගම් ජාති භේද අමතක කොට මෙය හරිද වැරදිද කියා තීරණය කිරීම සිදු කළ යුතු බවත් ගිලන් වී රෝහලට ගිය පසු ජාති ආගම්භේද නොසලකා මේ ඖෂධ මාෆියාවට හසුවන බවත් විපක්ෂ නායකවරයා පැවසීය. මේ වන විට පරීක්ෂණවලින් අසමත් ඖෂධ පවා වෙළෙඳ පොළට නිකුත් කර ඇති බවත් මේ ...
"ශ්‍රී ලංකාව අසල්වැසියාගේ ග්‍රහණයට හසුවෙලා – ගෙවිඳු කුමාරතුංග"
"ලංකාව ග්‍රහණයට ගැනීමේ ඉන්දියාවේ කුමන්ත්‍රණය වේගවත් වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග මහතා ප්‍රකාශ කරයි. ඉන්දියානු රුපියල මෙරට භාවිතයට ගැනීමට යෝජනා වීමත් ඉන්දියාව හා ලංකාව සම්බන්ධ කර පාලමක් ඉදිකිරීමට යෝජනා වීමත් තුළින් මෙය වඩා හොඳින් පැහැදිලි වන බව මන්ත්‍රීවරයා කියයි. උතුරු හා නැගෙනහිර පළාත්වලට ඉන්දියාව ...
"සංහිඳයා ක්‍රියාවලියට එකඟයි! – මෝදි සතුටින්"
"ශ්‍රී ලංකාවේ සංහිඳියා ක්‍රියාවලියට සහ ප්‍රතිසන්ධානය සඳහා කටයුතු කිරීමට වත්මන් රජය ගෙන යන වැඩපිළිවෙළ ඉන්දීය රජයේ ඇගයීමට ලක්ව ඇත. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉකුත් 20 සහ 21 යන දිනවල ඉන්දියාවේ සිදු කළ නිල සංචාරයේ දී එරට අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා නවදිල්ලි නුවර හයිද්‍රාබාද් මන්දිරයේ දී හමුවූ අවස්ථාවේ දී සංහිඳියා...
"කෙහෙළියට එරෙහි විශ්වාසභංගය කථානායකට භාර දෙයි"
"සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහිව සමගි ජන බලවේගය සකස් කළ විශ්වාසභංග යෝජනාව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා වෙත ඉකුත් 21 වැනිදා භාරදෙනු ලැබීය. එම පක්ෂයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන යන මහත්වරු එය භාර දුන්හ. විශ්වාසභංගයට මන්ත්‍රීවරුන් 45 දෙනකු අත්සන් කර ඇත. මේ අනුව ප...
"දොට්ට දාලා ගත්ත අයට ශ්‍රීලනිපයෙන් යළි තනතුරු"
"ආණ්ඩු සමග එක්වීම නිසා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ දැරූ තනතුරුවලින් ඉවත් කළ නිමල් සිරිපාල ද සිල්වා, මහින්ද අමරවීර, දුමින්ද දිසානායක සහ ලසන්ත අලගියවන්න යන මන්ත්‍රීවරුනට යළි එම තනතුරු ලබා දී ඇත. ඉකුත් 15 වැනිදා පැවැති පක්‍ෂයේ මධ්‍යම කාරක සභාව විසින් ගනු ලැබූ තීරණයකට අනුව නැවත එම තනතුරු ලබාදුන් බව ශ්‍රීලනිපය පවසයි. ඒ අනුව ජ...
"ලන්සාගෙන් සන්ධානයක් – පක්‍ෂ කාර්යාලයකට තැනකුත් බලයි"
"පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලන්සා මහතාගේ මූලිකත්වයෙන් සහ දැනට පාර්ලිමේන්තුවේ ස්වාධීනව කටයුතු කරන මන්ත්‍රීවරුන් පිරිසගේ සහභාගිත්වයෙන් ආරම්භ කිරීමට නියමිත නව දේශපාලන ව්‍යාපාරයේ නිල කාර්යාලය ඉදිරි සතියේ රාජගිරිය ප්‍රදේශයේ දී ආරම්භ කිරීමට නියමිත බව වාර්තා වේ. නව දේශපාලන ව්‍යාපාරයක් පිහිටුවීමේ මෙම කටයුත්තට ලන්සා මහතාට අමතර...
"රෝගීන්ට ඇස්ප්‍රීන් දීම අත්හිටුවයි – කැනියුලා වර්ගයකුත් ඉවත් කෙරේ"
"හෘද රෝගීන් සඳහා ලබාදෙන ඇස්ප්‍රින්වල නිසි මාත්‍රාව අඩංගු නොවන නිසා එම ඇස්ප්‍රින් රෝගීන්ට ලබාදීම වහාම නතර කර දමන ලෙස වෛද්‍ය සැපයුම් ඒකකයේ අධ්‍යක්‍ෂ කපිල වික්‍රමනායක මහතා චක්‍රලේඛයක් මගින් දැනුම් දී තිබේ. මීට අමතරව වකුගඩු රෝගීන්ගේ කාන්දු පෙරණ සඳහා භාවිත කරන විශේෂ කැනියුලා වර්ගයක් ද (AV fistula knnula) ප්‍රමිතිය නිසි පරිද...
"ආර්ථික විද්‍යා සරසවි ඇදුරෝ බංකොලොත් කමිටුවට"
"රට බංකොලොත් වීමට බලපෑ හේතු සාධක සොයා බැලීමට පත්කළ විශේෂ පාර්ලිමේන්තු කාරක සභාව හමුවට සියලු විශ්වවිද්‍යාලවල ආර්ථික විද්‍යා අංශ ප්‍රධානින් අගෝස්තු මුල් සතියේ කැඳවන බව එම සභාවේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා ‘දිවයින’ ඉරිදා සංග්‍රහයට පැවසීය. මෙම තීරණය ගෙන ඇත්තේ ඉකුත් සිකුරාදා (21දා) ය. රට බංකොලොත් වීම ස...
"කෙටි කාලයකින් ඡන්ද තියන්න ක්‍රමයක් – ජනාධිපති ලේකම්ගෙන් මැ.කො.ස.ට උපදෙස්"
"නාම යෝජනා භාර ගත් දා සිට ඡන්දය දිනය දක්වා මැතිවරණ වෙනුවෙන් වැය වන කාලය අඩු කර ගැනීම සඳහා ක්‍රමවේද සකසන ලෙස ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා මැතිවරණ කොමිසමට උපදෙස් දී තිබේ. යුරෝපය ඇතුළු දියුණු මැතිවරණ ක්‍රම පවතින රටවල ආදර්ශ ලබා ගනිමින් මෙම ක්‍රමවේදය සකස් කරන ලෙස ජනාධිපති ලේකම්වරයා මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. එල්. ර...
"කළු කඩ ගොළු කරන නව නීති"
"පාරිභෝගික ජනතාව ගසා කන වෙළෙඳ මාෆියාවට එරෙහිව ලබන සතියේ සිට දැඩි නීති රීති ක්‍රියාත්මක කරන බව වෙළෙඳ ඇමැති නලීන් ප්‍රනාන්දු මහතා ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට පැවසීය. දැනට ක්‍රියාත්මක පාරිභෝගික පනත සංශෝධනය කිරීම සඳහා නීතිපතිවරයා වෙත යොමු කර ඇති බවත් එය ලබන සතියේදී ලැබීමට නියමිත බවත් ඔහු සඳහන් කළේය. ඒ අනුව නව පනත අනුව කටයුතු ...
"ගිවිසුම් කඩ කළ රුහුණේ සරසවි ඇදුරෝ කෝටි 15 තවම ගෙවා නෑ – විගණනයෙන් හෙළි වෙයි"
"බැඳුම්කර ගිවිසුම් කඩවීම මත රුහුණ විශ්වවිද්‍යාලයේ ආචාර්යවරුන් 30 දෙනකුගෙන් අයවිය යුතු රුපියල් පහළොස් කෝටි, හෑත්තෑ නම ලක්ෂ, පනස්තුන්දහස්, දෙසිය හැටඑකක (157,953,261) මුදලක් ඉකුත් වර්ෂයේ (2022) දෙසැම්බර් මස 31 වැනිදා වන විටත් අයකර ගැනීමට නොහැකි වී ඇති බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත් කර ඇති නවතම විගණන වාර්තාවක සඳහන්...
"මත්වන පොලීසියට උත්තර නැති කරයි"
"මත්ද්‍රව්‍යවලට යොමු වී සිටින පොලිස් නිලධාරීන් නීතියේ රැහැනට කොටුකර ගැනීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බව ආරක්‍ෂක අංශ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් දිවයින ඉරිදා සංග්‍රහයට පැවසීය. මීට දින කිහිපයකට පෙර මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ පොලිස් නිලධාරීන් දෙදෙනකු අත්අඩංගුවට ගැනීමෙන් පසු තවත් එවැනි පොලිස් නිලධාරීන් සිටිය හැකි බව ආරක්‍...
"දුම්වැටි අලෙවිය 18.6%කින් ඉහළට"
"දුම්වැටි අලෙවිය ඉකුත් වර්ෂයේ දී (2022) දුම්වැටි මිලියන 2,828.7ක් දක්වා සියයට 18.6කින් ඉහළ ගොස් ඇති බැව් මුදල් ආර්ථික ස්ථායිකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය විසින් 2022 වර්ෂයට අදාළව නිකුත් කර ඇති වාර්ෂික වාර්තාවේ සඳහන් වේ. 2021 වර්ෂයේ දී දුම්වැටි මිලියන 2,384.1ක් අලෙවි වූ අතර එයට සාපේක්ෂව 2022 වර්ෂයේ දී දුම්වැටි අල...
"ඇත්ත හංගන්නේ නෑ – සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්"
"නිදහස් අධ්‍යාපනයෙන් පැමිණි පුද්ගලයන් ලෙස මෙරට නිදහස් සෞඛ්‍ය සේවාව රැක ගත යුතු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි. සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පිරිස් නිදහස් සෞඛ්‍ය සේවාව ආරක්ෂා කිරීමට කටයුතු කරන බවත්, සත්‍ය සැඟවීමට කිසිදු වුවමනාවක් නොමැති බවත්, සත්‍ය තොරතුරු නිවැරදිව ලබාදීමට කටයුතු කරන බවත් ඒ මහතා සඳහ...
"වාහන ‘බ්රේක් එකෙන්’ බද්ද පල්ලම් බැහැලා"
"වාහන ආනයනය කිරීම නතර කිරීම හේතුවෙන් මෝටර් වාහන මත පනවනු ලබන නිෂ්පාදන බද්ද මගින් ලද ආදායම ඉකුත් වර්ෂයේ දී (2022) රුපියල් බිලියන 14.5 දක්වා සියයට 19.9කින් අඩුවී ඇති බැව් මුදල් ආර්ථික ස්ථායිකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය පවසයි. 2021 වර්ෂයේ දී මෝටර් වාහන මත පනවනු ලබන නිෂ්පාදන බද්ද මගින් ලද ආදායම රුපියල් බිලියන 18.1ක...
"ඉන්දු – ලංකා මිතුදමේ රනිල් මෝදි හමුව"
"ඉන්දියාවේ නිල සංචාරයක නිරත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නවදිල්ලි නුවරදී ඉන්දීය අගමැති නරේන්‍ද්‍ර මෝදි හමු වූ අවස්ථාව. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දිල්ලි නුවර රාෂ්ට්‍රපතිභවන්හිදී ඉන්දීය ජනාධිපතිනී දෞපදි මුර්මා මහත්මිය ද ඊයේ (21 දා) හමු වී තිබේ."