Title stringlengths 9 246 | Content stringlengths 3 62.9k |
|---|---|
"වෙනස 3000%ක් අලාභය මිලියන 17ක්" | "2018 සිට 2020 දක්වා කාලය තුළ විදේශීය පක්‍ෂීන් මිලදී ගැනීමේදී ඇතැම් පක්‍ෂීන් සඳහා ඇස්තමේන්තුගත මුදල රු. 50000 ක් පමණ වුවද මිලදී ගෙන ඇත්තේ රු. මිලියන 1.5 කට පමණ බව පසුගියදා පැවති රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේදී අනාවරණය විය. මේ අනුව ඇස්තමේන්තුගත මුදලට වඩා මිලදීගෙන ඇති මුදල 3000% ක පමණ වැඩිවීමක් බවද මෙහිදී හෙළි විය. මෙම ප... |
"හිරගෙදරම වයසට ගිය රැඳවියන්ට ජනපති සමාව" | "බන්ධනාගාරවලම වයසට ගිය රැඳවියන් ජනාධිපති සමාව යටතේ නිදහස් කර යැවීමේ වැඩපිළිවෙළක් අධිකරණ බන්ධනාගාර සහ පුනරුත්ථාපන ඇමැති විජයදාස රාජපක්‍ෂ මහතා විසින් ආරම්භ කර ඇත. මෙම රැඳවියන් පිළිබඳව සමීක්‍ෂණයක් කර ඔවුන්ගේ ලෙඩ රෝග සහ වයස සොයා බලා අධීක්‍ෂණය කිරීමට වෛද්‍ය මණ්ඩලයක් පත්කර ඇතත් ඔවුන් නිර්දේශ කර ඇත්තේ අසනීපයෙන් පසුවෙන වයස්ගත ... |
"ජාතික අධ්‍යාපන ආයතනයේ නව අධ්‍යක්‍ෂ ජනරාල් මහාචාර්ය ප්‍රසාද් සේතුංග" | "ජාතික අධ්‍යාපන ආයතනයේ නව අධ්‍යක්‍ෂ ජනරාල්වරයා ලෙස මහාචාර්ය ප්‍රසාද් සේතුංග මහතා පත්කර තිබේ. අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහතා විසින් අදාළ පත්වීම් ලිපිය අධ්‍යාපන අමාත්‍යාංශයේදී ඒ මහතාට ලබාදීමෙන් අනතුරුව ඒ මහතා ජාතික අධ්‍යාපන ආයතනයේ සිය ධුරයේ වැඩ ආරම්භ කළේය. මහාචාර්ය ප්‍රසාද් සේතුංග මහතා ජපානයේ ත්සුකුබා (Tsukuba) ව... |
"කොක්කුතුඩුවායි සමූහ මිනී වළේ ඇත්ත එළියට – දෙමළ දේශපාලකයින්ගේ බොරුව අතේ පත්තු වෙයි" | "මුලතිව් කොක්කුතුඩුවායි සමූහ මිනී වලේ වළ දමා ඇත්තේ එල්.ටී.ටී. ඊ. වධකාගාරයකින් මරා දමන ලද කොටි සෙබළියන් පිරිසකගේ මළ සිරුරු බවට තොරතුරු අනාවරණය වී තිබේ. මෙම සමූහ මිනී වලේ කැණීම් කටයුතු සිදු කරගෙන යන පිරිසට සමූහ මිනී වලේ තිබී බෝම්බ හා පතරොම් කීපයක් 8 දා හමු වී ඇත. යුද්ධයේ අවසන් කාලයට ඉතා ආසන්න කාලයේ මෙම සමූහ මිනී වලේ දමා ... |
"මත්තල ගුවන්තොටේ ආදායමට වඩා වියදම විසිහය ගුණයකින් වැඩිවෙලා" | "මත්තල රාජපක්‍ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළේ ඉකුත් වර්ෂයේදී (2022) මෙහෙයුම් වියදම රුපියල් මිලියන 2033ක් වූ අතර එය මෙහෙයුම් ආදායමට වඩා 26 ගුණයක් බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත් කර ඇති විගණන වාර්තාවක සඳහන් වේ. ඉකුත් වර්ෂයේදී (2022) මත්තල ගුවන් තොටුපළ ලබාගෙන ඇති පාඩුව රුපියල් මිලියන 22214කි. මේ සඳහා විදේශ විනිමය අලාභය ප... |
"වසර 100කට වැඩි කුඹුක් ගස් කපා කොළඹට පටවන ජාවාරමක් කොටු" | "දඹාන එබ්බහැර, විළකන්ඩිය රජයේ වනයේ, වසර 100කට අධික වයසැති දැවැන්ත විශාල කුඹුක් ගසක් කපා ලෑලි සඳහා කොළඹට ප්‍රවාහනය සඳහා සූදානම් කරමින් සිටි පිරිසක් වැලි ටිපර් රථයක් සමගින් පසුගිය 05 දින රාත්‍රි අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට මහියංගණ අඩවි වන කාර්යාල නිලධාරින් සමත් විය. ප්‍රවාහනයට සූදානම් කර තිබූ දැවැන්ත කුඹ... |
"දෙගොල්ලො එකතු වෙලා රට විනාශ කරලා දැන් කියනවා රට ගොඩගන්න එකතු වෙන්නලු" | "මේ දිනවල ජනාධිපති රනිල් වික්‍රමසිංහ කියන්නේ රට ගොඩ ගන්න සියලු දෙනාටම එක්වෙන්න කියලයි. සුනාමියකින්, ගංවතුරකින්, කුණාටුවකින් ස්වභාවික ව්‍යසනයකින් මේ රට විනාශ වුණා නම් සැවොම එක් වී රට ගොඩ ගැනීම යුතුකමක්, වගකීමක් වෙනවා. වසර 75ක කාලයක් තට්ටු මාරුවට මේරට පාලනය කළ දූෂිත දේශපාලකයන් කළ සොරකම්, දූෂණ වංචා කොමිස් ගැහීම් නිසා මේ ... |
"කමිස දෙකයි කලිසම් දෙකයි ඉතිරි වුණ රනිල් පසුබැස්සා නම් රට කොතැනක තියේවිද" | "අගමැතිකම දාලා පලායයි කියන හැඟීමෙන් අරගලයේ සිටි පිරිස් එකතුවෙලා ජූලි 09 වැනිදා රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ නිවස ගිනි තිබ්බා. එතුමාට ඉතිරි වුණේ කමිස දෙකක් හා කලිසම් දෙකක් විතරක් වුණත් එදා එතුමා එසේ පසුබැස්සා නම් අද මේ රට කොතැන තියේවිද කියන එක හිතාගන්නවත් නොහැකි බව එක්සත් ජාතික පක්‍ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පැ... |
"ජනපතිගේ පළමු චීන සංචාරය ඔක්තෝබරයේ" | "ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලබන ඔක්තෝබර් මාසයේදී චීනයේ සංචාරයක නිරතවීමට නියමිතය. එය ඔහු ජනපති ධුරයට පත්වීමෙන් පසු කරන පළමු චීන සංචාරය වේ. කොළඹ වරාය මූල්‍ය නගරය සඳහා ආයෝජන කඩිනම් කිරීමත් මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත – මීරිගම කොටස සඳහා අරමුදල් නැවත ලබා ගැනීම කෙරෙහිත් මෙහිදී මූලික අවධානය යොමු කෙරෙනු ඇත. එසේම ඇමෙරිකානු... |
"ජනාධිපති මැඳුරෙන් අතුරුදන් වූ නිල ලාංඡන සොයා ගැනීමට ජනතා සහාය ඉල්ලයි" | "පුරාවිද්‍යාත්මක හා කෞතුක වටිනාකමින් යුතු ශ්‍රී ලංකාවේ හිටපු ආණ්ඩුකාරවරුන්ට හා හිටපු ජනාධිපතිවරුන්ට අයත් නිල ලාංඡන (Coats of Arms) යම් පුද්ගලයකු සතුව පවතින්නේ නම් මෙම ජූලි 31 දිනට පෙර ඒවා ජනාධිපති කාර්යාලය වෙත භාරදෙන ලෙස ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා ඉල්ලා සිටී. 2022-07-09 දින සිට 2022-07-14 දින දක්වා විරෝධතාකරුවන් ව... |
"කතුන්ගේ ඇඳුම් ගලවා ෆේස්බුක් දමන තැනට රට පත්වීම කනගාටුවක් – ඇමැති මනූෂ නානායක්කාර" | "කාන්තාවන්ගේ ඇඳුම් ගලවා වීඩියෝ කර මුහුණු පොතට මුදාහරින තැනට සමාජය විනාශ වීම ඛේදනීය බවත් ශ්‍රමණ වේශධාරියාගේ ක්‍රියාව ගැන තමා කතා නොකරන නමුත් මෙවැනි තත්ත්වයට රට පිරිහීමට වගකිවයුත්තේ ගතවූ කාලයේ රට මෙවැනි තත්ත්වයට පත් කළ අය බවත් කම්කරු හා විදේශ රැකියා ඇමැති මනුෂ නානායක්කාර මහතා පවසයි. කුලියාපිටියේ පැවැති එජාප ජනහමුවකදී අදහ... |
"තවත් කැබිනට් ඇමැති තනතුරු නෑ!" | "කැබිනට් ඇමැති ධුර සංඛ්‍යාව වැඩි කිරීමට ජනාධිපතිවරයාගේ කිසිදු අදහසක් නැතැයි රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට පැවසීය. දැනට කැබිනට් ඇමැති ධුර 20 ක් ඇත. නව කැබිනට් ඇමැති ධුර ලබාදීම සම්බන්ධව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් කැබිනට් ඇමැතිවරුන් කිහිපදෙනකු කළ විමසීමේදී ජනාධිපතිවරයා පවසා ඇත්තේ එය විවිධ පාර... |
"නොරොච්චෝලේ සිව්වැනි අදියරේ කෝටි 16 වතුරේ" | "නොරොච්චෝල ලක්විජය බලාගාරයේ සිව්වැනි අදියර යටතේ මෙගාවොට් 300 ක බලාගාරයක් ඉදිකිරීම සඳහා පිහිටුවූ ව්‍යාපෘති කළමනාකරණ ඒකකය වැයකර තිබෙන රුපියල් කෝටි දාසයක (මිලියන 167) මුදල වතුරේ ගොස් ඇතැයි වාර්තා වෙයි. ඊට හේතු වී ඇත්තේ අදාළ ගල් අඟුරු බලාගාරය ඉදි නොකිරීමට වත්මන් ආණ්ඩුව තීරණය කර ඇති නිසාය. නොරොච්චෝල හතරවැනි බලාගාරය ලෙස මෙගා... |
"බැංකු පොලී අඩුවනවා දැයි නන්දලාල් ඇහැ ගහගෙන" | "මහ බැංකුව විසින් සිදුකළ පොලී අනුපාත අඩු කිරීමට අනුව වානිජ බැංකුද පොලී අනුපාත අඩු කළ යුතු බවත් බැංකු විසින් එසේ නොකළ හොත් ඒ සඳහා නියාමන ක්‍රියාමාර්ග ගන්නා බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි. ශ්‍රී ලංකා මහ බැංකුව මහ බැකුවේ ප්‍රතිපත්තිමය පොලී අනුපාත සියයට 2 කින් ඉකුත් බ්‍රහස්පතින්දා (06දා) අඩු කළේය. මී... |
"රේගු ප්‍රමාදයෙන් කන්ටේනර් පෝලිම්…." | "රේගු නිෂ්කාශන ක්‍රියාවලියේ ප්‍රමාදයක් හේතුවෙන් ඔරුගොඩවත්තේ පිහිටි රේගු පරීක්‍ෂණ අංගනයට පැමිණි කන්ටේනර් රථ විශාල ප්‍රමාණයක් ඉකුත් 04 වැනිදා සිට කැලණිය ගුවන් පාලම අසල සිට පෝලීම්වල රැඳී සිටිමින් අවට මාර්ගවල නවතා තිබුණු අයුරු. කමල් බෝගොඩ" |
"සනත්ට චමරි සමවෙයි" | "ලොවෙහි බලවත්තුපරදලා ජයගත්තුචමරි අතපත්තුදැයට හිමිවුණ සුපිරි වස්තු – (අනුරාධ) ලොව එක්දින කාන්තා ක්‍රිකට් තරග පිතිකරණයේ ශ්‍රේණිගත කිරීම්වල අංක 01 හිමිකර ගැනීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු සමත්වීමත් සමග ඇය ශ්‍රී ලංකාවෙන් බිහිවූ ලොව සුපිරි ක්‍රිකට් ක්‍රීඩක සනත් ජයසූරිය හා සමතැනකට පත්වූවාය. දෙදෙන... |
"පොලිස්පතිගේ අත්සන නැතුව ලියුම් නන්නත්තාරයි" | "සති දෙකක් තිස්සේ නව පොලිස්පතිවරයකු පත් කිරීමට රජය කටයුතු නොකිරීම නිසා පොලිස්පතිවරයාගේ අත්සන ලබාගත යුතු ලිපිගොනුවලින් පොලිස්පති කාර්යාලය පිරීගොස් ඇති බව පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග පවසයි. එමෙන්ම පොලිස්පතිවරයාගේ නියෝග ලබාගැනීමට නොහැකි වීම නිසා පොලිස් දෙපාර්තමේන්තුව තුළ දැඩි පරිපාලනමය ගැටලුවක් උද්ගත වී ඇති බවද එම ආරංචි ම... |
"මත්පැන් සමාගම් 4කින් කෝටි 238ක බදු පොලු" | "මත්පැන් නිෂ්පාදන ආයතන 04ක් විසින් 2022 වර්ෂය අවසානය දක්වා කාලයේ දී හිඟ සුරාබදු හා ප්‍රමාද ගාස්තු වශයෙන් රුපියල් දෙසිය තිස්අට කෝටි අනූහයලක්ෂ අනූදෙදහස් දෙසිය පනස් හතක (2,389,692,257) මුදලක් ගෙවිය යුතු වුවත් එම ගෙවීම් පැහැර හැර ඇති බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත් කර ඇති නවතම විගණන වාර්තාවක සඳහන් වෙයි. මෙම හිඟ සුරාබද... |
"කෝටි 3 1/2ක පොහොර මැෂින් විනාශයි" | "ලංකා පොස්පේට් සමාගම විසින් පොහොර නිෂ්පාදන කටයුතු සඳහා රුපියල් තුන්කෝටි හතළිස් හයලක්ෂ පනස්හතර දහස් එකසිය හෑත්තෑ අටක (34,654,178) මුදලක් වැයකොට මිලදී ගනු ලැබූ ක්‍රෂර් යන්ත්‍ර දෙක දැනට වසර අටක් තිස්සේ කිසිදු නිෂ්පාදන කටයුත්තකට යොදා නොගෙන අනාරක්ෂිතව තැබීම නිසා එම යන්ත්‍ර විනාශ වී ඇති බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්... |
"කිරි නිෂ්පාදනය 1.3%කින් පහළට" | "මෙරට සමස්ත කිරි නිෂ්පාදනය ඉකුත් වර්ෂයේ දී (2022) සියයට 1.3කින් අඩුවී ඇති බැව් මුදල් ආර්ථික ස්ථායිකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය පවසයි. 2021 වර්ෂයේ දී කිරි ලීටර් මිලියන 513ක් නිෂ්පාදනය කර තිබූ අතර එය 2022 වර්ෂයේ දී ලීටර් මිලියන 506 දක්වා අඩුවී ඇති බව මුදල් අමාත්‍යාංශය පෙන්වා දෙයි. සත්ත්ව ආහාර හිඟවීම, මිල අධික වීම... |
"ආණ්ඩුවට ගිය 9 දෙනාටත් මෛත්‍රීගෙන් පෙම් හසුන්" | "ආණ්ඩුවට සහය ලබාදෙන ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මන්ත්‍රීවරුන් නම දෙනාට ලබන 15 වැනිදා පැවැත්වෙන එම පක්‍ෂ විධායක සභාවට සහ සමස්ත ලංකා කාරක සභාවට සහභාගි වන ලෙස ලිඛිතව දැනුම් දී ඇතැයි පක්‍ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි. පක්‍ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ අත්සනින් යුතුව මෙසේ එම මන්ත්‍රීවරුන් නම දෙනාට ල... |
"බංකොලොත් මල්ල ලිහලාම බලන්න සාගර සූදානම්න්" | "රට බංකොලොත් භාවයට පත් කිරීමට ගත් තීරණය නිවැරදි ද එසේත් නැතිනම් හිතාමතා ගත් වැරදි තීරණයක්ද කියා සොයා බලා ඒ පිළිබඳව සත්‍ය තොරතුරු කඩිනමින් රටට හෙළි කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා දිවයින ඉරිදා සංග්‍රහයට පැවසීය. රටේ මූල්‍ය බංකොලොත් භාවය පිළිබඳව සොයා බැලීම සඳහා පත්කළ පාර්ලිමේන්තු ... |
"යාපනය – ඉන්දියාව නැව් සේවය ප්‍රමාද වෙයි" | "ජූලි මස 15 වැනිදා සිට ආරම්භ කිරීමට නියමිතව තිබූ යාපනය හා ඉන්දියාව අතර මගී නැව් සේවාව පමා වන බව යාපනය ජාත්‍යන්තර ගුවන්තොටුපළ නිවේදනය කර ඇත. කෙසේ වෙතත් එදින සිට ඉන්දියාව හා යාපනය අතර ගුවන් ගමන් සතියේ දින හතේම ක්‍රියාත්මක වන බව පැවසෙයි. ඉන්දියාව විසින් කළ දැනුම් දීමක් මත ඉන්දියාව හා යාපනය අතර මගී නැව් සේවය ආරම්භ කිරීම තව... |
"ග්‍රාම නිලධාරීන්ට තවත් තනතුරක්" | "සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකම ස්ථිර හා සක්‍රීය සේවයේ නියුතු සෑම පරිපාලන ග්‍රාම නිලධාරිවරයකුම නිල බලයෙන් සමාදාන විනිශ්චයකාරයකු කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත. අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ඇමැති ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්‍ෂ මහතා විසින් මෙම ගැසට් නිවේදනය නිකුත් කර තිබේ. ... |
"ඇත්ගොව්වන් පුහුණු කරන්න මධ්‍යස්ථානයක් !" | "මුතුරාජ ඇතා මුහුණ පෑ තත්ත්වය අනුව ඇත්ගොව්වන් පුහුණු කිරීමේ මධ්‍යස්ථානයක් ආරම්භ කිරීමට අවධානය යොමුකර ඇතැයි දෙහිවල සත්ත්ව උද්‍යානයේ ප්‍රකාශකයෙක් දිවයින ඉරිදා සංග්‍රහයට පැවසීය. මෙම පුහුණු මධ්‍යස්ථානය ආරම්භ කිරීමේ වැඩපිළිවෙළ පිළිබඳව කැබිනට් මණ්ඩලය වෙත යොමුකර ඇතත් මෙතෙක් නිල වශයෙන් ඊට ප්‍රතිචාරයක් ලැබී නැතැයි එම ආරංචි මාර්... |
"නීති දැඩි කෙරේ -වෘත්තීය සමිති හදන්න හතෙන් බෑ 100ක් ඕනෑ" | "වෘත්තීය සමිතියක් පිහිටුවීම සඳහා දැනට අවශ්‍ය සාමාජික සංඛ්‍යාව හතේ සිට 100 දක්වා වැඩි කිරීමටත්, වෘත්තිය සමිතියක විධායක සභාව සඳහා 25%ක කාන්තා නියෝජනය අනිවාර්ය කිරීමටත් යෝජිත නව කම්කරු නීති පද්ධතියට ඇතුළත් කර තිබේ. නව කම්කරු නීති පද්ධතියක් සකස් කිරීම සඳහා වන දළ කෙටුම්පත කම්කරු උපදේශක සභාවට ඉදිරිපත් කිරීමෙන් පසුව කම්කරු හා... |
"පොලිස්පති නැතිව දුවන පොලිසිය!" | "නව පොලිස්පති පත් කිරීම ඉතා ඉක්මනින් ඉදිරි පැය ගණනාව තුළ සිදු වනු ඇතැයි අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (07දා) සඳහන් කළේය. අගමැතිවරයා මෙම අදහස් පළ කළේ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ ඩලස් අලහප්පෙරුම යන මහත්වරුන් විසින් නව පොලිස්පතිවරයකු මෙතෙක් පත් නොකිරීම සම්බන්ධයෙන් ඊයේ නගන ලද ප්‍රශ්නවලට ප්‍රතිචාර දක... |
"යාපනය – ඉන්දියාව නැව නවතී ගුවන රෙඩී" | "ජුලි මස 15 වැනිදා සිට කලින් සැලසුම් කළ පරිදි යාපනය හා ඉන්දියාව අතර මගී නැව් සේවාව ආරම්භ නොවූවත් එදින සිට ඉන්දියාව හා යාපනය අතර ගුවන් ගමන් සතියේ දින හතේම ක්‍රියාත්මක වන බව යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපළ නිවේදනය කර තිබේ. ඉන්දියාව විසින් කළ දැනුම් දීමක් මත ඉන්දියාව හා යාපනය අතර මගී නැව් සේවය ආරම්භ කිරීම තවත් කෙටි කාලයකට ක... |
"මාස 4ක් බැඳි යදම් බිඳ වාසනා කඳසුරිඳුන් නමදීමට පේවෙයි…" | "මද කිපීම නිසා මාස 04 කාලයක් යදම් දමා සිටි කතරගම මහා දේවාලයේ මඟුල් ඇත්හාමි වන ‘වාසනා’ හස්තිරාජයා දෙවිහාමුදුරුවන් වැඩමවීමේ භාරදූර කර්තව්‍යය ඉටුකිරීමට පෙරාතුව කිරිවෙහෙර චෛත්‍යරාජයාණන් වහන්සේ වන්දනා කළේය. ඓතිහාසික කිරිවෙහෙර චෛත්‍යරාජයාණන් වහන්සේ වෙත ගොස් මල් පුදා ආශිර්වාදය ලබාගත් වාසනා හස්ති රාජයා ජූනි 30 වැනිදා පැවති පෙර... |
"ඉන්ධන මිලත් සංශෝධනයට" | "ජුලි මස 01 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි ඛණිජ තෙල් සංස්ථාව ඉන්ධන මිල සංශෝධනය කර ඇත. ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 10කින් ඉහළ දමා තිබේ. එහි නව මිල රුපියල් 328කි. ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 20කින් අඩු කර ඇත. නව මිල රුපියල් 365කි. සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 06කින් ඉහළ දමා තිබේ. නව මිල රු... |
"ඇතැම් සමෘද්ධි නිලධාරීන් සමෘද්ධිලාභීන්ගේ නමින් ණය අරන් – ඇමැති ප්‍රසන්න රණතුංග" | "ඇතැම් සමෘද්ධි නිලධාරීන් ප්‍රතිලාභීන්ගේ නමට ණය අරගෙන තිබෙනවා යැයි නාගරික සංවර්ධන හා නිවාස ඇමැති ප්‍රසන්න රණතුංග මහතා පෙරේදා (01දා) පැවසීය. අස්වැසුම සුබසාධක වැඩපිළිවෙළ සම්බන්ධයෙන් ඇතිවී තිබෙන ගැටලුකාරී තත්ත්වය පිළිබඳව ගම්පහ දිස්ත්‍රික් කමිටුවේදී අදහස් දක්වමින් ඇමැතිවරයා එසේ කීවේය. අස්වැසුම ගැටලු විසඳීම සඳහා ග්‍රාමීය කමි... |
"රේල් පාරේ ඇණ ගැලවීමෙන් දුම්රිය ගමන අවදානමේ" | "ඇතැම් පුද්ගලයන් දුම්රිය මාර්ගවල ඇණ ඇතුළු උපාංග ගැලවීම හේතුවෙන් දුම්රිය ධාවනය අනාරක්‍ෂිත තත්ත්වයකට මෙන්ම මගීන්ගේ ජීවිත අවදානමකට ලක්ව ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. මත්ද්‍රව්‍ය පානයට ඇබ්බැහි වූ පුද්ගලයන් මෙලෙස දුම්රිය මාර්ගවල ඇණ ඇතුළු උපාංග ගලවාගෙන යෑමට පෙළඹී ඇතැයි දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී වී. එස්. පොල්වත්ත... |
"මීට පස්සේ දේශපාලනඥයින්ට කෝප් කමිටුවේ නඩු අහන්න බෑ" | "කෝප්, කෝපා ඇතුළු පාර්ලිමේන්තු කමිටු වෙත යද්දී රජයේ නිලධාරීන් කටයුතු කළ යුතු ආකාරය සම්බන්ධයෙන් මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කිරීමට ජනාධිපති ලේකම් සමන් ඒකානායක මහතා සැලසුම් කර තිබේ. ජනාධිපති ලේකම්වරයා මෙම තීරණය ගෙන ඇත්තේ පාර්ලිමේන්තුවේ කමිටුවල සභාපතිවරුන්ගෙන් ලද පැමිණිලි හා ඊට අදාළව කළ නිදහසට කරුණු විමසීමේ දී නිලධාරීන් දුන... |
"ණය ප්‍රතිව්‍යුහගතකරණය: බැඳුම්කර හුවමාරුව අනිද්දා ඇරඹෙයි" | "දේශීය ණය ප්‍රශස්ති කිරීමට අදාළ භාණ්ඩාගාර බැඳුම්කර හුවමාරුව අනිද්දා (4 දා) ආරම්භ කිරීමට රජය සහ ශ්‍රී ලංකා මහ බැංකුව සැලසුම්කර ඇත. මේ අනුව දේශීය ණය ප්‍රශස්තිකරණයට ලක්වන භාණ්ඩාගාර බිල්පත් සහ බැඳුම්කර දිගුකාලීන බැඳුම්කර බවට පරිවර්ථනය කෙරෙන අතර මේ ක්‍රියාවලිය ජූලි මාසයේ දී සම්පූර්ණ කිරීමට අපේක්‍ෂා කරන බව මහ බැංකු අධිපති ආච... |
"ගුවන් තලය රකිමින් ආර්ථිකයට ශක්තිය දෙනවා: ගුවන් හමුදාව තවත් තාක්‍ෂණිකව ශක්තිමත් කරනවා -නව ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්‍ෂ" | "ආරක්‍ෂක හමුදාවක් ලෙසින් මව්බිම රැක ගන්නා අතරේ ශ්‍රී ලාංකීය ගුවන් තලය සුරක්‍ෂිත කලාපයක් කරමින් ගුවන් හමුදාව තුළින් රටේ ආර්ථිකයට ද උපරිම ශක්තියක් ගෙන දීම තමන්ගේ ඉලක්කය බව නව ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්‍ෂ පවසයි. ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 19 වැනි ගුවන් හමුදාපතිවරයා ලෙස ඉකුත් 30 වැනිදා නිල වශයෙන් රාජකාරි භාර ග... |
"විදේශ සේවා ගාස්තු වෙනස් වෙයි" | "ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සේවා ගාස්තු සංශෝධනය කර ඇත. ඊයේ (01 වැනිදා) සිට සංශෝධනය කළ මෙම නව ගාස්තු ප්‍රකාශයට පත් කර තිබේ. සංශෝධනය කර ඇති ගාස්තු මෙසේය. විදේශ රැකියා ලාභීන් කාර්යාංශයේ ලියාපදිංචි කිරීමේ ගාස්තුව පැවැති අගය වූ – රුපියල් 17,928.00 (බදු සමග) නව අගය – රුපියල් 21,467.00 (බදු සමග)කි. ලියාපදිංචිය ... |
"ප්‍රාදේශීය සභා සංශෝධන පනතට මාලිමාවෙන් නඩු" | "විසුරුවා ඇති පළාත් පාලන ආයතන යළි බලගැන්වීම සඳහා වන ප්‍රාදේශීය සභා සංශෝධන පනතට එරෙහිව නීතිමය ක්‍රියා මාර්ග ගැනීමට ජාතික ජන බලවේගය තීරණය කර ඇත. ඒ අනුව මෙම සතිය තුළ එකී පනතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ නඩුවක් ගොනු කිරීමට නියමිතය. විසුරුවා ඇති පළාත් සභා යළි පළාත් පාලන ඇමැතිවරයා වෙත පැවරෙන එම සංශෝධන ව්‍යවස්ථා විරෝධී බවත් ... |
"කතරගම අවසන් පෙරහැර හෙට" | "ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ ඇසළ මංගල්‍යයේ අවසන් මහා පෙරහැර හෙට (03 වැනිදා) පැවැත්වේ. පසුදින (04 වැනිදා) මැණික් ගඟේ දිය කැපීමේ චාරිත්‍රය ඉටුකර පෙරහැර නිමාවට පත්වේ. වල්ලි දෙවඟන සහ ස්කන්ධ කුමරුන්ගේ සරණ මංගල්‍යය සනිටුහන් කිරීම මුල් කරගෙන කතරගම ඇසළ මංගල්‍යය පැවැත්වේ. පසුගිය 19 වැනි දින කතරගම දේවාලයේ ඇසළ මංගල්‍යය ආරම්... |
"පොල් කෝටි 20ක් රිලවුන් කාලා" | "පොල් ත්‍රිකෝණය තුළ පසුගිය වසරේදී (2022) පමණක් පොල් ගෙඩි කෝටි 20ක් රිළවුන් විසින් විනාශ කර දමා ඇතැයි හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු ආයතනය කළ පරීක්ෂණවලින් හෙළිදරව් වී තිබේ. එසේම මෙම වසරේ (2023) පළමු කාර්තුවේ දී වනසතුන් විසින් සිදු කරන ලද වගා හානි සම්බන්ධව පැමිණිලි 320ක් ලැබී ඇතැයි ද හෙක්ටර් කොබ්බෑකඩුව ... |
"නව දියකාවෝ හඳුනා ගැනෙති" | "නව දියකාවන් (ජලජ පක්‍ෂි) ගණයක් හඳුනාගෙන නම් කරන්නට ශ්‍රී ලංකානු පක්‍ෂි විද්‍යාඥයන් ඇතුළු පක්‍ෂි විද්‍යා කණ්ඩායමක් සමත්ව සිටිති. මෙම නව ගණනය Afrocarbo ලෙස නම් කර ඇති අතර මෙම නාමකරණය නීති අනුව සිදුකර Zoological Journal of the Linnean Socicty නම් ජර්නලය මගින් පසුගියදා 30 දා එළිදක්වා ඇත. නව පක්‍ෂි ගණය නම් කිරීම සඳහා කටයුත... |
"2021 දී ලාභ ලැබූ මිල්කෝට 2022 දී මිලියන 471ක පාඩුවක්" | "මිල්කෝ සමාගම විසින් 2022 වර්ෂයේ දී රුපියල් මිලියන 471ක පාඩුවක් ලබා ඇති බැව් මුදල් ආර්ථික ස්ථායිකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය පවසයි. මිල්කෝ සමාගම විසින් පසුගිය වර්ෂ තුනේ දී වාර්තාකොට ඇති ඉහළම අලාභය මෙය වන අතර දේශීය කිරි ගොවීන්ගෙන් එකතු කරනු ලබන කිරි ප්‍රමාණය සියයට 29කින් අඩුවීම මීට ප්‍රධාන වශයෙන් හේතුවී ඇති බව ද... |
"දින 5යි වැඩ අරාජිකයි පොලිස්පති තවම හිස්" | "පොලිස් දෙපාර්තමේන්තු ඉතිහාසයේ ප්‍රථම වතාවට පොලිස්පතිවරයකු නොමැතිව දින 05ක් තිස්සේ පොලිසිය අරාජික තත්ත්වයකට පත්ව ඇත. හිටපු පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න මහතා ඉකුත් 25 වැනිදා සිට පොලිස්පති ධුරයෙන් විශ්‍රාම ගියේය. ඒ මහතා විශ්‍රාම යෑමෙන් පසු 36 වැනි පොලිස්පති තනතුර පුරප්පාඩු වූ අතර ඒ සඳහා 30 වැනිදා සවස වනතුරුත් නිලධාරියකු... |
"කොත්මලේටත් ජාත්‍යන්තර විශ්වවිද්‍යාලයක්" | "දේශගුණික විපර්යාස පිළිබඳ අධ්‍යයනය කිරීමේ පහසුකම් සහිත ජාත්‍යන්තර විශ්වවිද්‍යාලයක් කොත්මලේ ප්‍රදේශයේ ඉදිකිරීමට අදාළව ව්‍යාපෘති වාර්තාවක් දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන මහතා විසින් සකස් කර ඇත. කොත්මලේ ප්‍රදේශයේ අක්කර 400ක පමණ ඉඩමක් මේ වෙනුවෙන් තෝරාගෙන ඇති අතර ඒ ගැන සොයා බැලීම සඳහා ජනාධ... |
"සත්තුවත්ත හෙට ළමයින්ට නොමිලේ" | "ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවට වසර 87ක් පිරීම නිමිති කරගෙන හෙට මෙම ඇසළ පුන් පොහෝදා වයස අවුරුදු 12න් පහළ සියලු ළමුන් සඳහා දෙහිවල ජාතික සත්වෝද්‍යානය නොමිලේ නැරඹීමට අවස්ථාව ලබාදෙන බව එහි අධ්‍යක්‍ෂ ජනරාල් තිලක් ප්‍රේමකාන්ත මහතා ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට පැවසීය. එදින ළමුන් සඳහා දැනුම ලබාගත හැකි විනෝදාත්මක වැඩසටහන් රාශියක... |
"නැනෝ පොහොර කෝටි 4ක් සැපයුම්කරුවන්ගේ සාක්කුවේ" | "රජය මගින් නැනෝ නයිට්‍රජන් දියර පොහොර ආනයනයේ දී සැපයුම්කරුට වැඩිපුර ගෙවා ඇති රුපියල් හාරකෝටි, අනූ අටලක්ෂ හතළිස් හයදහස් හාරසිය හයක මුදලක් (49,846,406) මෙම වර්ෂයේ (2023) ජනවාරි මස 30 වැනිදා වන විටත් අය කර ගෙන නොතිබූ බව ජාතික විගණන කාර්යාලය පවසයි. නැනෝ නයිට්‍රජන් දියර පොහොර බෝතල් 100,224ක් 2021 ඔක්තෝබර් මස 18 වැනිදා ආනයනය... |
"විද්‍යුත් මාධ්‍ය කට වහන පනත එපා – ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයන්ගේ සංගමයෙන් ඇමැති බන්දුලට ලිපියක්" | "විද්‍යුත් මාධ්‍ය නියාමන කොමිසමක් ස්ථාපිත කිරීමට අදාළ යෝජිත කෙටුම්පත වහාම හකුළා ගන්නා ලෙස ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයන්ගේ සංගමය ඊයේ (30 දා) ජනමාධ්‍ය හා ප්‍රවාහන ඇමැති බන්දුල ගුණවර්ධන මහතා වෙත ලිපියක් යොමු කරමින් තරයේ ඉල්ලීමක් කර සිටියේය. මෙම විද්‍යුත් නියාමන කොමිසම ස්ථාපිත කිරීම තරයේ ප්‍රතික්ෂේප කරන බවද එම සංගමය ඇමැති... |
"විදුලි ගාස්තු 14.2% කින් පහළට" | "අද (01දා) සිට ක්‍රියාත්මක වනපරිදි විදුලි ගාස්තු සියයට 14.2කින් පහළ දැමීමට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව තීරණය කර තිබේ. නව ගාස්තු සංශෝධනයට අනුව ඒකක 0-30ත් අතර මාසික පරිභෝජනයක් ඇති කාණ්ඩය සඳහා ඒකකයකට පැවති රුපියල් 30ක් වූ ගාස්තුව රුපියල් 10ක් දක්වා අඩු කර ඇත. එමෙන්ම එම කාණ්ඩය සඳහා අය කෙරෙන ස්ථාවර ගාස්තුව ද රුපිය... |
"ණය ප්‍රශස්ත විවාදය අද විතරයි" | "දේශීය ණය ප්‍රශස්තකරණය ක්‍රියාත්මක කිරීම සඳහා වන යෝජනා සම්මතය අද (01දා) පමණක් විවාදයට ගැනීමට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (30දා) පස්වරුවේ පැවැති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය වූ බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂාණි රෝහණදීර මහත්මිය පැවසුවාය. මේ අනුව අද (01) පෙ.ව 9.30 සිට ප.ව 7.30 ද... |
"ණය ප්‍රශස්තකරණයට මුදල් කාරක සභාවේ බහුතර අනුමැතිය" | "දේශීය ණය ප්‍රශස්තකරණය ක්‍රියාත්මක කිරීම සඳහා වන යෝජනා සම්මතය ඊයේ (30 දා) පැවැති රජයේ මුදල් කාරක සභා රැස්වීමේදී සාමාජිකත්වයේ බහුතර කැමැත්ත මත අනුමත විය. පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් දේශීය ණය ප්‍රශස්තකරණය ක්‍රියාත්මක කිරීම සඳහා වන යෝජනා සම්මතය, රජයේ මුදල් කාරක සභා රැස්වීමේදී දෙවැනි දි... |
"සජිත්ලා-අනුරලා-විමල්ලා-ඩලස්ලා අද විරුද්ධව ඡන්දය දෙති" | "දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ආණ්ඩුව අද (01 දා) පාර්ලිමේන්තුවට ගෙන එන යෝජනාවට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කිරීමට විපක්‍ෂයේ දේශපාලන පක්‍ෂ හා කණ්ඩායම් 4 ක් තීරණය කර ඇත. ඒ අනුව මෙම යෝජනාව පිළිබඳ විවාදයෙන් අනතුරුව පැවැත්වෙන ඡන්ද විමසීමේදී සමගි ජනබලවේගය, ජාතික ජනබලවේගය, විමල් වීරවංශ හා ඩලස් අලහප්පෙරුම යන මන්ත්‍රීවරුන්ගේ කණ... |
"දේශීය ණය ප්‍රශස්තකරණයේ ඇත්ත ජනතාවට පහදාදීම ව්‍යාපාරිකයන්ගේ සහ වෘත්තීය සමිතිවල කාර්යභාරයක් – ජනාධිපති රනිල් වික්‍රමසිංහ" | "දේශීය ණය ප්‍රශස්තකරණය පිළිබඳ සත්‍ය තත්ත්වය ජනතාව හමුවේ තැබීමේ සුවිශේෂ කාර්යභාරයක්, ව්‍යාපාරික ප්‍රජාවට සහ වෘත්තීය සමිති නියෝජිතයින් වෙත පැවරී තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. සැබෑ තත්ත්වය පැහැදිලි කිරීමෙන් ණය ප්‍රශස්තකරණය පිළිබඳ මෙරට ශ්‍රම බළකාය මෙන්ම සමස්ත ජනතාව තුළ ඇති අනවබෝධය සහ අනිසි බිය දුරු කළ හැ... |
"බැංකුවලට නිවාඩු දුන්නේ නිලධාරීන්ට මොළේ මැලේරියාව ද – විමල් වීරවංශ" | "දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයට බැංකු අදාළ නැතිනම් බැංකුවලට නිවාඩු ලබා දුන්නේ අදාළ බලධාරීන්ට ‘මොළේ මැලේරියාව’ වැළඳී ඇති නිසා දැයි උත්තර ලංකා සභාගයේ සභාපති, ජානිපෙ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී, විමල් වීරවංශ මහතා ප්‍රශ්න කර සිටියි. කෙසේ වෙතත් දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේදී EPF සහ EPF අරමුදල් ද ස්වෛරී බැඳුම්කරවල ආයෝජනය කළ ... |
"ගුවන් හමුදාව තවත් තාක්‍ෂණිකව ශක්තිමත් කරනවා -නව ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්‍ෂ" | "ආරක්‍ෂක හමුදාවක් ලෙසින් මව්බිම රැකගන්නා අතරේ ශ්‍රී ලාංකීය ගුවන් තලය සුරක්‍ෂිත කලාපයක් කරමින් ගුවන් හමුදාව තුළින් රටේ ආර්ථිකයට ද උපරිම ශක්තියක් ගෙන දීම තමන්ගේ ඉලක්කය බව නව ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්‍ෂ පවසයි. ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 19 වැනි ගුවන් හමුදාපතිවරයා ලෙස ඉකුත් 30 වැනිදා නිල වශයෙන් රාජකාරි භාර ගැ... |
"EPF-EPF පොලිය 9% කළේ ගෝඨාභය – එදා ඇමැතිකම් දැරූ ජී. එල්. ඩලස් අද විරුද්ධ වීම පුදුමයක් -වජිර කියයි" | "EPF සහ EPF එකේ 2020, 2021, 2022 වර්ෂවලට අදාළව සියයට 9 ක පොලිය තීරණය කළේ එදා ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපතිවරයාගේ කාලයේදී බවත් එම රජයේ එදා ඇමැතිවරුන්ව සිටි ජී. එල්. පීරිස්, ඩලස් අලහප්පෙරුම වැනි අය එය වැරදි කියා කීම විමතියට කරුණක් බවත් එක්සත් ජාතික පක්‍ෂයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන පවසයි. තැන්පත්කරුවන්ට නැවත ... |
"අර්ධ සුඛෝපභෝගී බස් 430 ක බලපත්‍ර අහෝසි කිරීම වළක්වමින් අතුරු තහනමක්" | "අන්තර් පළාත් අර්ධ සුඛෝපභෝගී බස් රථ සඳහා නිකුත් කර තිබූ බලපත්‍ර 430 ක් අහෝසි කිරීම වළක්වමින් අභියාචනාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබේ. අන්තර් පළාත් පුද්ගලික බස් රථ සංගමය හා එහි සාමාජිකයන් 28 දෙනකු විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සමකට අදාළව අතුරු නියෝගයක් නිකුත් කරමින් අභියාචනාධිකරණය මෙම නියෝගය ලබාදී තිබේ. අදාළ පෙ... |
"මහින්දට බෑ වාසු කියයි" | "තවදුරටත් දේශපාලන මැද මාවතේ නායකත්වය දැරීමට මහින්ද රාජපක්‍ෂ මහතාට නොහැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා පැවසීය. උත්තර ලංකා සභාගයේ කුරුවිට සමුපකාර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැති සම්මන්ත්‍රණයකට එක්වෙමින් ඔහු එසේ කීය. තවදුරටත් කතා කළ හෙතෙම මෙසේද කියා සිටියේය. මැද මාවතේ නායකයා මහින්ද රාජපක්‍ෂ ඉන්නේ රනිල්ගේ ඔ... |
"මේ වසරේ මාස 6ට රුපියල 17.6% කින් ශක්තිමත්" | "මේ වසරේ (2023) මුල සිට ඉකුත් ජුනි 28 වැනිදා දක්වා කාලයේදී ඇමෙරිකානු ඩොලරයට සාපේක්‍ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය සියයට 17.6 කින් ශක්තිමත් වී ඇත. ඇමෙරිකානු ඩොලරයට අමතරව තවත් ප්‍රධාන විදේශ ව්‍යවහාර මුදල් වර්ග ගණනාවකට සාපේක්‍ෂව රුපියල ශක්තිමත් වී ඇත. ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කර ඇති නවතම වාර්තාවකට අනුව මේ වසරේ (2023) මුල සි... |
"උද්ධමනය 12% දක්වා පහතට" | "කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව ගණනය කළ උද්ධමනය මැයි මාසයේ පැවති සියයට 25.2 සිට ජුනි මාසය අවසානයේ දී සියයට 12 දක්වා සැලකිය යුතු ලෙස පහත වැටී ඇත. මැයි මාසයේ සියයට 21.5 ක්වූ ආහාර කාණ්ඩයේ උද්ධමනය ජුනි මාසයේදී සියයට 4.1 ක් දක්වා කැපී පෙනෙන ලෙස අඩු වී ඇතැයි ජන ලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි. එසේම මැයි මස සියයට 27 ... |
"ට්‍රිලියන 6 න් 3.5 ක් EPF – ETF සහ විශ්‍රාමික අරමුදල්: බැංකු පද්ධතියට මහජන තැන්පතුවලට බලපෑමක් වන්න ඉඩ තබන්නේ නැහැ- ආර්ථික ලොක්කෝ දිවුරති" | "ශ්‍රී ලංකා මහ බැංකුව රජයට යෝජනා කර ඇති පරිදි රු. ට්‍රිලියන හයක පමණ මුදලක් (ඇමෙරිකානු ඩොලර් බිලියන 19.8 ක) දේශීය ණයවලින් ප්‍රශස්තකරණයට ලක් කෙරෙන අතර ඉන් රු. ට්‍රිලියන 3.5 ක පමණ මුදලක් සේවක අර්ථසාධක අරමුදල, සේවක භාරකාර අරමුදල සහ විශ්‍රාමික අරමුදල් විසින් රජයට ලබාදුන් ණය මුදල් වන බව ඊයේ (29දා) උදේ ජනාධිපති මාධ්‍ය කේන්ද්... |
"ටයිටන් ගොඩ ගැනේ – ඇතුළෙන් හමුවුණේ සිරුරු කොටස් ද?" | "ඉකුත් 18 වැනිදා ඓතිහාසික ටයිටැනික් නෞකාවේ නටබුන් නැරඹීම සඳහා පස්දෙනකු සමග මුහුදු පතුලට යමින් සිටියදී අතුරුදන් වී පිපිරී ගොස් තිබූ ‘ටයිටන්’ සබ්මැරීනයේ කොටස් හා ඒ තුළ තිබූ මිය ගිය මගීන්ගේ බවට සැක කෙරෙන සිරුරු කොටස් සොයා ගැනීමට පිපිරී ගිය සබ්මැරීනය සොයා මෙහෙයුම් කටයුතුවල නිරතව සිටි කිම්දුම් කණ්ඩායම්වලට හැකි වී තිබේ. කැනේ... |
"ජීවිත 300ක් බේරාගෙන නියමුවා යානය ආපසු කටුනායකට ගෙන එයි" | "ජපානයේ නරීටා ජාත්‍යන්තර ගුවන් තොටුපළ බලා කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්වූ ශ්‍රී ලන්කන් ගුවන් යානය, කාර්මික දෝෂයකට ලක්වීම නිසා පැය 02 යි විනාඩි 25 ක කාලයක් ගුවන් ගැනීමෙන් අනතුරුව යළිත් කටුනායක ගුවන් තොටුපළ වෙත ගොඩ බැස්සවීමට සිදුවූ බව ඊයේ (29දා) අලුයම ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා පැවැසීය. මෙම ගුවන් යානය ශ්‍රී ලන්ක... |
"EPF – ETF අත තිබ්බොත් බලාගෙනයි සජබ නිකන් ඉන්නේ නෑ-සජිත් කියයි" | "“ආණ්ඩුව ජනතාව මංමුළා කරලා. සේවක අර්ථ සාධක අරමුදලට අත තිබ්බොත් සමගි ජන බලවේගයේ අපි නිකන් ඉන්නේ නැහැ” යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. ජාත්‍යන්තර වශයෙන් කප් ගහපු පුද්ගලයකු රටේ ජනාධිපති වුණත් ඔහුට අයි. එම්. එෆ් එකත් එක්ක කප් එකක් ගහන්න බැරි වූ බවත් ඔහු කප් ගැසුවේ කතාවෙන් සහ කයිවාරුවෙන් බවත් ක්‍රියාව තුළ කප් ... |
"1/3ක් දැනටමත් ප්‍රතිලාභීන්ට අහිමිවෙලා-රාසමානික්කම්" | "දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේදී සේවක අර්ථසාධක අරමුදලට සහ සේවක භාරකාර අරමුදලට බලපෑමක් සිදුවන්නේ නම් තමන් ඊට විරුද්ධවන බව දමිළ ජාතික සන්ධානය පවසයි. ජනාධිපතිවරයා සමග පෙරේදා (28 දා) පැවැති සාකච්ඡාවකින් අනතරුව මාධ්‍යට අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී සානක්‍ය රාසමානික්කම් මහතා, ප්‍රකාශ කළේ අදාළ අරමුදල්වලින් මේ වනවිටත් තු... |
"අස්වැසුමෙන් කිසිවෙකු අතහරින්න එපා – ජනපති උපදෙස් දෙයි" | "කිසිවකු අත්නොහැරෙන ලෙස ‘අස්වැසුම’ ක්‍රියාත්මක කරන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිලධාරීන්ට ඊයේ (29 දා) උපදෙස් දී ඇත. මේ අනුව කිසිවකුට අසාධාරණයක් නොවන පරිදි අස්වැසුම ක්‍රියාත්මක කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දී ඇති අතර රජය නිකුත් කර ඇති තීරණයක් අනුව කටයුතු කරන ලෙස සියලු ප්‍රාදේශීය ලේකම් කාර්යාල ... |
"යාළුවනේ මං දැන් නිදහස්" | "වසර විසිඅටක් සිර කූඩුවක සිට නිදහස ලැබූ පසු යමකුට ඇති විය හැකි සතුට සැනසුම මොන තරම් වනු ඇද්ද? මිනිසකුට නම් එය වචනවලට පෙරළා පැවසිය හැකිය. කඳුළු සලා සතුට දුක බෙදාගත හැකිය. නමුත් චින්පන්සියකු වසර විසිඅටක් කූඩුවක සිට නිදහස ලබා අහස දෙස බලා විමතිය පළ කරන වීඩියෝ දර්ශනයක් ලොව පුරා සමාජ මාධ්‍ය ජාලා හරහා පැතිර යමින් ඇත. මෑත කාලය... |
"සෝලා ගහපු අයට ලංවිම බිලියන 4ක හිඟ ගෙවයි" | "වහල මත සූර්ය පැනල ස්ථාපිත කර ඇති පාරිභෝගිකයන් වෙත මෙතෙක් ගෙවීමට නොහැකිව තිබූ බිලියන 4ක හිඟ මුදලක් ලංකා විදුලිබල මණ්ඩලය ගෙවීමට කටයුතු කළ බව එහි අතිරේක සාමාන්‍යාධිකාරී (ආයතනික ක්‍රමෝපාය) හේමන්ත කේ. රණසිංහ මහතා ‘දිවයින’ට ඊයේ (29 වැනිදා) සඳහන් කළේය. ඒ අනුව 2023 අප්‍රේල් දක්වා ගෙවිය යුතු සියලුම හිඟ මුදල් මේ වන විට පියවා ඇත... |
"ආදායම මත පනවා ඇති බදු වැඩි කරනවා යැයි තර්ජන එපා: දේශීය ණය ප්‍රතිව්‍යුගත කිරීමේදී වැඩ කරන ජනතාවට පහරදීලා – විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල" | "දේශීය ණය ප්‍රතිව්‍යුගත කිරීම ගැන ලොකු වචන පාවිච්චි කරලා සාමාන්‍ය ජනතාවට තේරෙන්නේ නැති විදිහට ඇත්ත වසන් කරලා යැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය. විපක්ෂ නායක කාර්යාලයේ ඊයේ (29දා) පැවති මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ මන්ත්‍රීවරයා වැඩිදුරටත් මෙසේද කියා සිටියේය. දේශීය ණය ප්‍රතිව... |
"ඓතිහාසික බෙල්ලන්විල රජමහා විහාරයේ පෙරහර මංගල්‍යයට පූර්ණ රාජ්‍ය අනුග්‍රහය" | "ඓතිහාසික බෙල්ලන්විල රජමහා විහාරස්ථානයේ 2023 වාර්ෂික ඇසළ පූණ්‍යා්ත්සවය සහ පෙරහර මංගල්‍ය පූර්ණ රාජ්‍ය අනුග්‍රහයෙන් පැවැත්වීමට තීරණය කෙරිණි. බෙල්ලන්විල ඇසළ පුණ්‍යා්ත්සවය සහ පෙරහර මංගල්‍ය 73 වැනි වරටත් අගෝස්තු 02 වැනිදා සිට 20 වැනිදා දක්වා උත්කර්ෂවත්ව පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබේ. මෙහි සංවිධාන කටයුතු පිළිබඳ විශේෂ සාක... |
"වෛද්‍ය සැපයුම් අංශ තොරතුරු පද්ධතියේ මිලියන ගණන් සල්ලන් වෙයි-රවි කුමුදේශ්ගෙන් චෝදනාවක්" | "මිලියන ගණනාවක් වැය කරමින් වෛද්‍ය සැපයුම් අංශයට ස්ථාපිත කර ඇති ‘තොරතුරු පද්ධතිය’ ඉවත් කර තවත් මිලියන සියයකට වැඩි ‘නව තොරතුරු පද්ධතියක්’ ලබා ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු කරන බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය චෝදනා කර සිටී. අදාළ තොරතුරු පද්ධතියේ පවතින දෝෂ නිවැරදි තාක්‍ෂණය යොදා ගනිමින් අලුත්වැඩියාවට ලක්කර යාවත්ක... |
"නියමුවෝ 80ක් අස්වී රට යති – ශ්‍රී ලංකන් අර්බුදයක" | "ගුවන් නියමුවන් අසූදෙනකු පමණ අස්වී විදෙස්ගත වීමට පටන්ගැනීමත් සමග ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ කටයුතු පවත්වාගෙන යෑම අර්බුදයකට ගොස් ඇතැයි එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ‘දිවයින’ට පැවසීය. මේ වනවිට සමාගම සතුව ප්‍රමාණවත් තරම් ගුවන් යානා නොතිබීමත් ගුවන් නියමුවන් හා ඉංජිනේරුවන් ආරම්භ කර තිබූ වෘත්තීය ක්‍රියාමාර්ගයන් නිසා ඉකුත් දිනවලදී ... |
"විජයකලා රිය අනතුරක" | "හිටපු රාජ්‍ය ඇමැතිවරියක සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක වූ විජයකලා මහේෂ්වරී මහත්මිය ගමන්ගත් රථය ඊයේ (29 දා) මුන්දලම මංගල එළිය ප්‍රදේශයේදී අනතුරකට ලක්වීමෙන් මන්ත්‍රීවරිය ඇතුළු කීපදෙනකු තුවාල ලබා හලාවත මූලික රෝහලට ඇතුළත් කර ඇත. අනතුරින් බරපතළ තුවාල ලැබූ මන්ත්‍රීවරිය රෝහල් දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කළ බව රෝහල් ආරංචි මාර්ග ස... |
"වසර 15 කට පසු ලොතරැයි මිලත් තෑගිත් දෙගුණවෙයි – රු.20 රු.40 වෙයි" | "වසර 15 කට පසු ජාතික ලොතරැයි මණ්ඩලය සහ සංවර්ධන ලොතරැයි මණ්ඩලය ජූලි 06 වැනිදා සිට ලොතරැයි මිල සහ ත්‍යාග මුදල් දෙගුණ කර ඇත. දිනකට ලොතරැයි මණ්ඩල දෙක මගින් ලොතරැයි හය බැගින් ලොතරැයි දොළහක් දිනුම් අදිනු ලබයි. මේ අනුව රුපියල් 20 ක්වූ ලොතරැයියක මිල රුපියල් 40 දක්වා වැඩිවන අතර මෙතෙක් ගෙවූ අනෙකුත් ත්‍යාග මුදල් ද දෙගුණ වන බව එම ... |
"අලුත් මැ.කො.ස රත්නායක – මානව හිමිකම් කොමිසමටත් නව සාමාජිකයෝ" | "මැතිවරණ කොමිසමට සහ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් සාමාජිකයන් පත්කර ඇත. මානව හිමිකම් කොමිසමේ සභාපති ලෙස විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරු එල්. ටී. බී. දෙහිදෙණිය මහතා පත් කර ඇති අතර එහි සෙසු සාමාජිකයන් ලෙස නිමලසේන ගාර්දිය පුංචිහේවා, තයියමුත්තු තනරාජ්, මහාචාර්ය ෆාතිමා... |
"විසිරවූ ප්‍රා. සභා යළි බලගන්වන්න ඇමැතිට බලය!" | "විසුරුවා ඇති පළාත් පාලන ආයතන නැවත කැඳවීමට විෂයභාර ඇමැතිවරයාට බලතල ලැබෙන ලෙස පළාත් පාලන පනත සංශෝධනය කිරීම සඳහා පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇත. එම යෝජනාව මේ වනවිට ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත්කර තිබේ. 1987 අංක 05 දරණ ප්‍රාදේශීය සභා පනතේ වගන්ති කිහිපයක් මේ සඳහා වෙනස් කිරීමට මන්ත්‍රී ජයන්ත ක... |
"පොලිසියේ 36 හිස් – මෙහෙම වුණේ මුල් වතාවට" | "පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න මහතා විශ්‍රාම යෑමෙන් පසු දින තුනක් තිස්සේ පොලිස්පතිවරයකු පත් නොකිරීම නිසා පොලිස් දෙපාර්තමේන්තුව තුළ අරාජික තත්ත්වයක් උද්ගතවී ඇත. දින තුනක් තිස්සේ පොලිස්පතිවරයකු නොමැතිවීම පොලිස් ඉතිහාසයේ මුල් වතාවට සිදුවූ බව පොලිස් ආරංචි මාර්ග පැවසීය. පොලිස් දෙපාර්තමේන්තුවේ 36 වැනි පොලිස්පතිවරයා පත් කිරීම... |
"නව ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්‍ෂ" | "ශ්‍රී ලංකා ගුවන් හමුදා වත්මන් මාණ්ඩලික ප්‍රධානි එයාර් වයිස් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා හෙට (30 දා) සිට එයාර් මාර්ෂල් නිලයට උසස් කරමින් 19 වැනි ගුවන් හමුදාපති ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පත් කර ඇත. එයාර් වයිස් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා ගම්පහ බණ්ඩාරවත්ත පරාක්‍රම විද්‍යාලයෙන් ප්‍රථමික අධ්‍යාපනය අරඹා පසුව ... |
"දිනපතාම වහ කැව්වත් හොයන්න බෑ!" | "උග්‍ර රසායන ද්‍රව්‍ය හිඟය හේතුවෙන් දිවයින පුරා පිහිටි රසායනාගාර මගින් පරීක්ෂාව සඳහා ආහාර සාම්පල භාර ගැනීම සීමාකර තිබීම හේතුවෙන් ජනතාව දිනපතා පරිභෝජනය කරන ආහාරවල ප්‍රමිතිය සුරැකීම අසීරු වී ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ භාණ්ඩාගාරික රෝෂාන් කුමාර මහතා පවසයි. කළුතර පිහිටි ආහාර සාම්පල පරීක්ෂා කිරීමේ රස... |
"ගමේ සභාවලට පරණ අයම දැම්මොත් පැෆරල් උසාවියට" | "විසුරුවා ඇති පළාත් පාලන ආයතනවල සභිකයන් නැවත පත්කිරීමට උත්සාහ කළහොත් එයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට යන බව පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා ‘දිවයින’ට ඊයේ (28 දා) පැවසීය. මෙය වැරදි පූර්වාදර්ශයක් විය හැකි බවත්, මෙය ක්‍රියාත්මක වුවහොත් පාර්ලිමේන්තු, පළාත් සභා වැනි මැතිවරණවලටත් ගෙන ඒමට හැකිය යන පුර්... |
"කැලණිවැලිය පීලිපැන්නේ මත්ලෝලීන්ගේ ඇණ ගැලවිල්ලෙන්" | "කැලණිවැලි දුම්රිය මාර්ගයේ බේස්ලයින් පාර හා කෝට්ටේ පාර අතර පෙරේදා (27 දා) පස්වරුවේ දුම්රියක් පීලිපැනීමට ප්‍රධානම හේතුව මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහිවූවන් දුම්රිය මාර්ගයේ පීලිගත කර තිබෙන ඇණ ගලවාගෙන යෑම බව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි පී. එස්. පොල්වත්තගේ මහතා ‘දිවයින’ට ඊයේ (28 දා) පැවසීය. මෙය දුම්රිය මඟී ජීවිතවලට දැඩි ... |
"අදූරදර්ශී වැඩ නිසා ශ්‍රී ලංකන් ගුවන් නියමුවන් 80ක් හිඟයි – ගුවන් නියමුවන්ගේ සංසදය" | "ශ්‍රී ලංකන් කළමනාකාරීත්වයේ අදූර්දර්ශී සහ හිතුවක්කාර තීන්දු තීරණ නිසා ගුවන් නියමුවන් තුන්සිය තිහක් සිටිය යුතු ගුවන් සේවයේ දැනට සිටිනුයේ ගුවන් නියමුවන් 250ක පමණ පිරිසක් යැයි ශ්‍රී ලංකා ගුවන් නියමුවන්ගේ සංසදය සඳහන් කරයි. මෑතක සිට ශ්‍රී ලංකන් ගුවන් ගමන් සම්බන්ධයෙන් ගැටලු මතුවී තිබෙන්නේ කළමනාකාරීත්වයේ එකී අකර්මණ්‍යතාව නිසා... |
"40 පැන්න තට්ටු නිවාස චෙක් කරන්න හදයි" | "වසර 40 ක් ඉක්මවා ඇති සියලුම තට්ටු නිවාසවල නිවැසියන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් වහාම ආරම්භ කරන ලෙස නාගරික සංවර්ධන හා නිවාස ඇමැති ප්‍රසන්න රණතුංග මහතා නිලධාරීන්ට ඊයේ (28 දා) උපදෙස් දී ඇත. ඒ අනුව එවැනි ගොඩනැඟිලි සම්බන්ධයෙන් ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය හෝ වෙනත් රාජ්‍ය ආයතනයක් මගින් පර්යේෂණ වාර්තාව... |
"දේශීය ණය ප්‍රතිව්‍යුහගත කරන්න කැබිනට් අනුමැතිය" | "දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළට ඊයේ (28 දා) ඇමැති මණ්ඩලයේ අනුමැතිය හිමිවී ඇත. හදිසි කැබිනට් මණ්ඩල රැස්වීමක් ජනාධිපතිවරයා විසින් ඊයේ (28දා) කැඳවා තිබුණි. දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ යෝජනාව පිළිබඳ ජනපතිවරයා මෙහිදී දීර්ඝ ලෙස කරුණු දක්වා ඇති අතර බැංකු හා රාජ්‍ය ආයතන කඩාවැටීමක් මේ යටතේ කිසිසේත් සිදු නොවන බව ද... |
"දේශීය ණය ප්‍රතිව්‍යුහගත කරන්න කැබිනට් අනුමැතිය" | "දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළට ඊයේ (28 දා) ඇමැති මණ්ඩලයේ අනුමැතිය හිමිවී ඇත. හදිසි කැබිනට් මණ්ඩල රැස්වීමක් ජනාධිපතිවරයා විසින් ඊයේ (28දා) කැඳවා තිබුණි. දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ යෝජනාව පිළිබඳ ජනපතිවරයා මෙහිදී දීර්ඝ ලෙස කරුණු දක්වා ඇති අතර බැංකු හා රාජ්‍ය ආයතන කඩාවැටීමක් මේ යටතේ කිසිසේත් සිදු නොවන බව ද... |
"ශ්‍රී ලාංකික කාන්තාවකට කැනඩාවේ – නි. ඇමැති ධුරයක්" | "ශ්‍රී ලාංකික සම්භවයක් සහිත කාන්තාවකට කැනඩාවේ රාජ්‍ය අභ්‍යන්තර කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය ධුරය හිමිවී ඇත. තුෂාරා විලියම්ස් නමැති ඇය කුඩා අවධියේදී කොළඹ ප්‍රදේශයේ ජීවත්වී ඇති අතර කොළඹ කාන්තා විද්‍යාලයේ අධ්‍යාපනය හදාරා ඇත. 1991 දී කැනඩාව බලා ගොස් ඇති අය එහිදී කැනඩාවේ ටොරෙන්ටෝහි විශ්වවිද්‍යාලයකින් උසස් අධ්‍යාපනය හදාරා ... |
"යාපනය – කොළඹ දුම්රිය යළි ජුලි 15 දා ඇරැඹෙයි" | "යාපනය සහ කොළඹ කොටුව අතර නවතා තිබූ දුම්රිය ධාවනය යළි ලබන මස (ජූලි) 15 දා සිට ආරම්හ කෙරෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. උතුරු දුම්රිය මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතු නිසා කොළඹ සිට යාපනය දක්වා වූ දුම්රිය ධාවනය පසුගිය ජනවාරි මස 05 වැනිදා සිට අනුරාධපුරයට පමණක් සීමා කර තිබිණි. ඉන්දීය ණය ආධාර මත උතුරු දුම්රිය මාර්ගය ප... |
"හජ් උත්සවය අද" | "සමගියට මුල්තැන දෙමින් මුස්ලිම් ජනතාව අද (29 දා) දින හජ් උත්සවය මහත් අභිමානවත්ව සමරති. හජ් වන්දනාව ඉස්ලාමයේ අනිවාර්ය ආගමික පිළිවෙත්වල අවසාන සිදුවීම සනිටුහන් කරයි. කායික, ආධ්‍යාත්මික හා ආර්ථික වශයෙන් යෝග්‍ය සියලුම පිරිමි සහ ගැහැනුන් විසින් හජ් ආගමික වතාවත් ඉටු කරන අතර ඇදහිල්ල, නිරාහාරව සිටීම, අසරණයන් කෙරෙහි සැලකිල්ල, යා... |
"සෙනසුරාදා පාර්ලිමේන්තු එන්න – මහ ලේකම්ගෙන් මන්ත්‍රීලාට ලියුම්" | "පාර්ලිමේන්තුව ලබන මස (ජූලි) 01 වැනිදා පෙරවරු 09.30 ට රැස්වන බව එහි මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය සියලු මන්ත්‍රීවරුන් වෙත පෙරේදා (27 දා) ලිපියකින් දැනුවත් කර තිබේ. කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ උපදෙස් අනුව මෙසේ සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුවත් කරමින් මහ ලේකම්වරිය අදාළ ලිපිය යවා ඇත. පාර්ලිමේන්තුවේ ස්ථාවර... |
"අපනයන ආදායම 5.59%කින් පහළට" | "ගිය වසරේ (2022) මැයි මාසයට සාපේක්ෂව මේ වසරේ (2023) මැයි මාසයේ අපනයන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 989.7 ක් දක්වා සියයට 5.59 කින් පහත වැටි ඇතැයි අපනයන සංවර්ධන මණ්ඩලය පවසයි. විශේෂයෙන්ම ඇඟලුම් සහ රෙදිපිළි, පොල් සහ පොල් ආශ්‍රිත නිෂ්පාදනවල පෙන්නුම් කරන ඝෘණාත්මක ප්‍රවණතා හේතුවෙන් වෙළෙඳ භාණ්ඩ අපනයනයේ පහත වැටීමේ ප්‍රවණතාව තවදුර... |
"විශේෂඥ වෛද්‍ය විශ්‍රාම වයස 63ට" | "රාජ්‍ය සේවයේ නියුතු විශේෂඥ වෛද්‍යවරුන් විශ්‍රාම ගැන්වීමේ කාලය වයස අවුරුදු 63 දක්වා දීර්ඝ කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා තීරණය කොට ඇතැයි නීතිපතිවරයා ඊයේ (27 දා) අභියාචනාධිකරණයට දැනුම් දුන්නේය. ඉදිරියේදී ඒ සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයේ එකඟතාව ලබා ගැනීමට නියමිත බව ද නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනර... |
"මහාවංශය ලෝක උරුමයක් කෙරේ" | "‘මහාවංශය’ ලෝක මතක ලේඛන උරුමයක් ලෙසින් යුනෙස්කෝ සංවිධානය විසින් ප්‍රකාශයට පත්කර ඇත. මහාවිහාර ඉතිහාසය මුල්කොට අනුරාධපුර රාජධානියේ සිට ඓතිහාසික කරුණු රචනා කර තිබෙන මහා වංශය මහා විහාරික මහානාම හිමියන් විසින් පාලි භාෂාවෙන් රචනා කරන ලද්දකි. ක්‍රිස්තු පූර්ව හයවන සියවසේ සිට ක්‍රිස්තු වර්ෂ 1815 දක්වා කාලය ආවරණය කරමින් මහා වංශය... |
"ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 500ක් ගන්න කැබිනට් අනුමැතිය" | "අයවැය කටයුතු සඳහා අවශ්‍ය අරමුදල් සපයා ගැනීම සඳහා ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන පන්සියයක (500) මුදලක් ලබා ගැනීමට කැබිනට් අනුමැතිය හිමිවී තිබේ. ශ්‍රී ලංකාව සහ ලෝක බැංකුව අතර ඉකුත් මැයි මස 17 වැනිදා පැවැති සාකච්ඡාවක දී ඇතිකර ගත් එකඟතාවකට අනුව අදාළ මුදල මෙරටට හිමිවේ. එම මූල්‍ය පහසුකම ලබාගැනීම සඳහා ලෝක බැංකු සමූහයේ ජාත්‍යන්තර... |
"මහියංගණ රෝහලේ ‘ඩයලයිසර් කිට්’ හිගයි – රුධිර කාන්දුපෙරණය නැවතී – වකුගඩු රෝගීන් ‘මරුවා සමග වාසේ’" | "ඌව පළාතේ වකුගඩු රෝගීන් වැඩි පිරිසක් රුධිර කාන්දුපෙරණය සිදු කර ගන්නා මහියංගණ මූලික රෝහලේ වකුගඩු රුධිර කාන්දුපෙරණ ඒකකයේ කටයුතු ඊයේ (27 දා) සිට සම්පූර්ණයෙන්ම නවතා දමන්නට සිදුව ඇති බව රෝහල් අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරයි. වකුගඩු රෝගීන්ගේ රුධිරය පෙරීම සඳහා රෝගියා හා පෙරුම් යන්ත්‍රය වෙත සම්බන්ධ කර ගන්නා ‘ඩයලයිසර් කිට්’ නමැ... |
"නීතිපති – මහ බැංකු අධිපතිගේ විරෝධතා ඉවතට – පුංචි ඡන්දය කල් දැම්මාට එරෙහි ජාජබ පෙත්සම් විභාගයට අවසර" | "මැතිවරණ කොමිෂන් සභාව විසින් පසුගිය මාර්තු 09 වැනිදා පැවැත්වීමට සැලසුම් කර තිබූ පළාත් පාලන මැතිවරණය නොපැවැත්වීමෙන් තමන් ඇතුළු රටේ ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට නිගමනය කරන ලෙස ඉල්ලා ජාතික ජනබලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ත... |
"ශාෆ්ටර්ගේ මරණයට අදාළ රස පරීක්‍ෂක වාර්තා වහාම දෙන්න" | "කෝටිපති ව්‍යාපාරික දිනේෂ් ශාෆ්ටර් මහතාගේ මරණය සිදු වූ ආකාරය නිශ්චිතව අනාවරණය කර ගැනීම සඳහා තම අධිකරණය විසින් කැඳවා ඇති රුධිර සාම්පල වාර්තා, ජංගම දුරකථන ඇතුළු නඩු භාණ්ඩවල රස පරීක්‍ෂක වාර්තා වහාම අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය රජයේ රස පරීක්‍ෂක දෙපාර්තමේන්තුවට ඊයේ (27 දා) න... |
"රාජ්‍ය ඇමැති සනත් නිශාන්තට එරෙහි නොතිසි නීතිපති උසාවියට භාරදෙයි" | "අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාට එරෙහිව ගොනුකර ඇති නඩුවලට අදාළ නොතිසි ඔහුට භාරදීම සඳහා නීතිපතිවරයා විසින් ඊයේ (27 දා) අභියාචනාධිකරණයට භාරදෙනු ලැබීය. වගඋත්තරකාර රාජ්‍ය අමාත්‍යවරයා විසින් පසුගිය වසරේ අගෝස්තු 28 වැනිදා කොළඹ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවක... |
""ජූලි 1 දා සිට ලංවිමෙන් ඊ – බිලක් – මුල් අදියර දෙහිවල, කැලණිය සහ ශ්‍රී ජයවර්ධනපුර දී"" | "මෙතෙක් කලක් භාවිත කළ මුද්‍රිත කඩදාසි බිල්පත් වෙනුවට පාරිභෝගිකයන් වෙත විද්‍යුත් බිල්පත් හඳුන්වාදීමට ලංකා විදුලිබල මණ්ඩලය තීරණය කර ඇති බව එහි අතිරේක සාමානධිකාරී හේමන්ත කේ. රණසිංහ මහතා (ආයතනික උපාය මාර්ගික) ඊයේ (27 දා) දිවයින ට පැවසීය. ඒ අනුව ජූලි මස 01 වැනිදා සිට ඊ-බිල්පත් ක්‍රමයේ මුල් අදියර දියත් කෙරෙන බව ද නව ක්‍රමවේද... |
""අස්වැසුමට අභියාචනා 188,794ක්: විරෝධතා 3304ක්"" | "රජය යෝජනා කර ඇති අස්වැසුම සමාජ ආරක්‍ෂක වැඩසටහනට මේ වන විට අභියාචනා 188,794 ක් සහ විරෝධතා 3304 ක් ලැබී තිබේ. මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසන්නේ මෙම වැඩසටහන සම්බන්ධයෙන් ලැබෙන පැමිණිලි හෝ තොරතුරු දැනගැනීම සඳහා 1924 ක්‍ෂණික ඇමතුම් අංකය හඳුන්වා දී ඇති බවයි.ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්" |
"ආගමික නිදහස රැකීමට නිර්දේශ ගේන්න විශේෂඥ කමිටුවක්" | "ආගමික නිදහස ආරක්‍ෂා කිරීමට සහ ආගමික ඉගැන්වීම අපහාසයට ලක්කිරීම වැළැක්වීමට නෛතික විධිවිධාන හඳුන්වාදීම පිණිස නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා විශේෂඥ කමිටුවක් පත් කිරීමට රජය තීරණය කර ඇත. එම විශේෂඥ කමිටුව ස්ථාපිත කිරීම පිණිස කැබිනට් මණ්ඩල අනුමැතිය ද හිමිවී තිබේ. අදාළ සියලු කරුණු අධ්‍යයනය කර මේ සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීමට බෞද්ධ... |
"සුදු මැස්සා මර්දනයට පරපෝෂිතයෙක්" | "දිවයින පුරා පොල් වගාවට දැවැන්ත තර්ජනයක් එල්ල කර ඇති සුදු මැස්සාගේ හානිය වැළැක්වීම සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් ජෛව විද්‍යාත්මක විසඳුමක් ලෙස ස්වභාවිකව වර්ධනය වන පරපෝෂිතයකු හඳුන්වාදී ඇත. එන්කාසියා ග්වාඩිලෝපා (Encarsia guadeloupae) නමැති මෙම පරපෝෂිතයා හඳුන්වාදීම කෘෂිකර්ම අමාත්‍යංශයේ දී ඊයේ (27 දා) සිදු විය. 2019 ස... |
"සජබත් සුදුස්සන් තෝරයි" | "රජය විසින් යෝජනා කර තිබෙන ‘අස්වැසුම’ සහනාධාර වැඩසටහනට මේ වනවිට ඇතුළත් වී නොමැති, නමුත් එම සහනාධාරය ලැබීමට සුදුසුකම් ඇති පවුල් තෝරා ලැයිස්තුගත කිරීමට සමගි ජනබලවේගය තීරණය කර ඇත. එම සහනාධාරය ලබා ගැනීමට සුදුසු අසරණ පවුල් සිටියදී නුසුදුස්සන්ට එම සහනාධාරය ලැබීමට නියමිත බවට පැමිණිලි රැසක් ලැබෙන බැවින් ඉහත ලැයිස්තුව සකස් කිරී... |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.