Title
stringlengths
9
246
Content
stringlengths
3
62.9k
""සේවක හිඟයෙන් රස පරීක්‍ෂක වාර්තා 15,000ක් හිරවෙලා""
"රජයේ රස පරීක්‍ෂක කාර්යාලයේ පවතින නිලධාරී හිඟය හේතුවෙන් මාස හතරක් ඇතුළත රස පරීක්‍ෂක වාර්තා පහළොස්දහසක් (15,000 ක්) පමණ ගොඩගැසී තිබෙන බව එම කාර්යාලයේ ප්‍රකාශකයෙක් ‘දිවයින’ට ඊයේ (12 දා) පැවසීය. රජයේ රස පරීක්‍ෂක කාර්යාලයේ පළ පුරුදු නිලධාරීන් විශ්‍රාම යෑම සහ විදේශගත වීම නිසා නිලධාරීන් 25 දෙනකුගේ පමණ හිඟයක් ඇති බවද එම ප්‍රක...
"ජනපතිගේ පළමු ඉන්දීය සංචාරය ජූලි මාසයේ"
"ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලබන මාසයේදී ඉන්දියාවේ නිල සංචාරයක නිරත වීමට නියමිතය. ජනපතිවරයා ජුලි 20 – 30 අතර දිනක ඉන්දියාව බලා පිටව යනු ඇතැයි පැවසේ. මෙය රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයට පත්වීමෙන් අනතුරුව සිදුකෙරෙන පළමු ඉන්දීය නිල සංචාරයයි. එහිදී ජනාධිපතිවරයා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ඇතුළු ආණ්ඩුව...
"කොරියානු රැකියා දීමට මුදල් අය කර සම්මුඛ පරීක්‍ෂණ පැවැත්වූ පේරාදෙණියේ ඒජන්සි හිමිකරු මාට්ටු"
"ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අනුමත වලංගු රැකියා අනුමැතියකින් තොරව දකුණු කොරියාවේ රැකියා ලබාදෙන බව පවසා මුදල් අයකර, අයැදුම්පත් රැස්කර සම්මුඛ පරීක්ෂණ පැවැත්වූ පේරාදෙණිය Upcountry Manpower ආයතනයේ හිමිකරු කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් 10 වැනිදා අත්අඩංගුවට ගෙන තිබේ. පේරාදෙණිය, ගැටඹේ, දංගොල්ල ...
"රෝහල්වලට ගෝස් ගේන්න වසරකට කෝටි 8 ක වියදමක්"
"මෙරට රෝහල්වලට අවශ්‍ය ශල්‍ය ගෝස් විදෙස් සමාගමකින් මිලදී ගැනීම නිසා වසරකට රුපියල් කෝටි අටකට අධික මුදලක් නිකරුණේ වියදම් කිරීමට සිදුවීම සම්බන්ධයෙන් නිසි පරීක්‍ෂණයක් සිදුකරන ලෙස ඉල්ලා දූෂණ විරෝධී පෙරමුණ සහ වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ සංගමය ඊයේ (12 දා) ජනාධිපතිවරයා වෙත ලිපියක් භාර දුන්නේය. ශ්‍රී ලංකාව...
"පේරාදෙණිය සරසවිය අසූවියට පාතබයි – ජූලි 01දා සරසවිය සැමට නැරඹිය හැකියි"
"මහජනතාවට පේරාදෙණිය විශ්වවිද්‍යාල පරිශ්‍රය නැරඹීම සඳහා ජූලි මස පළ වෙනි දිනය වෙන් කර තිබේ. පේරාදෙණිය විශ්වවිද්‍යාලයට වසර අසූවක් පිරීම නිමිත්තෙන් මෙය සංවිධානය කරනු ලබන්නේ විශ්වවිද්‍යාල පරිපාලන ඒකකය විසිනි. ” open day˜ නමින් නම් කොට ඇති මෙම අවස්ථාව විශ්වවිද්‍යාල ඉතිහාසයේ කිසි දිනෙක සිදු නොවූ සිදුවීමක් බව පේරාදෙනිය විශ්ව ව...
"ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති ජුලී චන්ග් උතුරු ඇමරිකාවේ ප්‍රධාන අධිකරණ සංඝනායක හිමියන් බැහැදැක ආශිර්වාදය ලබාගනී"
"ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති (Julie Chung) ජුලී චන්ග් මහත්මිය උතුරු ඇමරිකාවේ ප්‍රධාන අධිකරණ සංඝනායක, මේරිලන්ඩ් ජාත්‍යන්තර බෞද්ධ විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය කටුගස්තොට උපරතන හිමිපාණන් වහන්සේ බැහැ දැක ආශිර්වාදය ලබා ගත්තාය. මේ දිනවල ඇමරිකාවට ගොස් සිටින ජුලී චන්ග් මහත්මිය පසුගිය(10)දා මේරිලන්ඩ් බෞද්ධ විහාරස්ථානයට පැමි...
"ජොනතන් පුතුගේ මරණයට තණකොළ කපන්නා රිමාන්ඩ් – රැකවරණ නොදුන් සීයාට ඇප"
"මුල්ලේරියාව හල්වරාව ප්‍රදේශයේ පිහිටි වැඩබිමක් තුළදී අවුරුදු පහමාරක් පමණ වයසැති ජොනතන් මාර්ක් නමැති පිරිමි දරුවා මරණයට පත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කළ සැකකාර තණකොළ කපන්නා ලබන 15 වැනිදා දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් කේවින්ද පෙරේරා මහතා පසුගිය 10 වැනිදා නියෝග කළේය. තලාහේ...
"තවත් භාණ්ඩ 286ක ආනයන සීමා ඉවතට"
"ආනයන සීමා පනවා තිබූ තවත් භාණ්ඩ වර්ග 286ක ආනයන සීමා මුදල් අමාත්‍යාංශය විසින් ඉවත් කර ඇත. ආහාර ද්‍රව්‍ය සහ විදුලි උපකරණ ඇතුළු භාණ්ඩ වර්ග රැසක ආනයන සීමා ලිහිල් කරමින් මුදල් ඇමැතිවරයා වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මේ ගැසට් නිවේදනය නිකුත් කර ඇත. මේ ආනයන සීමා ලිහිල් කිරීම ඉකුත් ජුනි 09 වැනිදා මධ්‍යම රාත්‍රිය...
"පේරාදෙණියේ නවකයන්ට පිළුණු බත් කැවූ ජ්‍යෙෂ්ඨයන් 11කගේ පන්ති තහනම්"
"පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයේ නවක සිසුන් පිරිසකට පිළුණු බත් කවා හිංසනයට ලක්කළ සිද්ධියක් සම්බන්ධයෙන් එම පීඨයේ දෙවැනි වසරේ සිසුන් 11 දෙනකුගේ පන්ති තහනම් කර ඇත. පන්ති තහනමට ලක්වූ සිසුන්, පීඨයට ඇතුළු වූ නවක සිසුන් කණ්ඩායමක් පසුගිය 5 වැනිදා නේවාසිකාගාරයකට රැගෙන ගොස් ඔවුන්ට නරක් වූ හා පිළුණු වූ බත් කෑමට දී පරුෂ ව...
"අම්බලන්තොට වැලි හොරුන්ට එරෙහි වන හම්බන්තොට භූ විද්‍යා ඉංජිනේරුවා මාරු කරන්න දේශපාලන බළල් අතක්!"
"හම්බන්තොට දිස්ත්‍රික්කයේ අම්බලන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සිදුකෙරෙන නීති විරෝධී වැලි ජාවාරම්වලට විරුද්ධව කටයුතු කරන හම්බන්තොට භූ විද්‍යා හා පතල් කාර්යාංශයේ ප්‍රධාන ඉංජිනේරුවා එම ස්ථානයෙන් ස්ථානමාරු කිරීමට දේශපාලන හස්තයක් ක්‍රියාත්මක වන බව හම්බන්තොට පරිසරය සුරැකීමේ සංවිධානය පවසයි. මේ ගැන ජනාධිපතිවරයාගේ අවධානය යොමු...
"කොච්චිකඩේ දෙව්මැඳුරේ මංගල්‍යය අද සහ හෙට"
"කොළඹ කොච්චිකඩේ සාන්ත අන්තෝනි මුනිඳුන්ගේ දෙව් මැඳුරේ වාර්ෂික මංගල්‍යය අද (12) සහ හෙට (13) පැවැත්වේ. අද සවස 7.00 ට සන්ධ්‍යා දේව මෙහෙය මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ. හෙට මංගල්‍ය දිව්‍ය පූජාවන් පෙ. ව. 4.00 (දමිළ) පෙ. ව. 5.00 ට (සිංහල) පෙ. ව. 6.00 ට (දමිළ) උදේ 7.00 ට (සිංහල) උදේ 8.00 ට...
"නවීන් හෙට සබරගමුව භාර ගනී"
"සබරගමු පළාත් ආණ්ඩුකාරවරයා ලෙස හිටපු ඇමැතිවරයකු වන නවීන් දිසානායක මහතා පත් කිරීමට නියමිතය. සබරගමුව ආණ්ඩුකාරවරයා ලෙස කටයුතු කළ ටිකිරි කොබ්බෑකඩුව මහතා ඉල්ලා අස්වීමෙන් පසු එම ධුරය සඳහා නවීන් දිසානායක මහතා පත්කරනු ලබයි. නවීන් දිසානායක මහතා ආණ්ඩුකාරවරයා ලෙස පත් කිරීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් බොහෝදුරට හෙට (13 ද...
"වන් ගෝල්ෆේස් සිද්ධියට සම්බන්ධ සුරාබදු නිලධාරීන් ක්‍ෂේත්‍ර රාජකාරිවලින් ඉවතට"
"කොළඹ වන් ගෝල්ෆේස් ගොඩනැඟිල්ලේ ආපන ශාලාවක් තුළ සිදුවූ පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් එම සිද්ධියට සම්බන්ධ වූ බවට චෝදනා එල්ලවී ඇති නිලධාරීන්ට ක්‍ෂේත්‍ර රාජකාරිවලින් ඉවත් කිරීමට සුරාබදු දෙපාර්තමේන්තුව කටයුතු කර ඇත. එම සිද්ධිය සම්බන්ධයෙන් සුරාබදු දෙපාර්තමේන්තුව විසින් සිදුකරන ලද මූලික විමර්ශනයකට අදාළව මෙම පියවර ගෙන ඇතැයි සුරා...
"කොටවිල මහ රෝහලේ ආරක්‍ෂකයින්ගේ අමන තීරණයෙන් තරුණ ජීවිතයක් රටට අහිමි වෙයි"
"මූලික ප්‍රතිකාර නොලැබීම හේතුවෙන් විසිඑක් හැවිරිදි තරුණයෙකු මියගිය බවට චෝදනා නගමින් කොටවිල නාවින්න පුවක්වත්ත ප්‍රදේශයේ පදිංචි පිරිසක් නිහඬ විරෝධතාවක නිරත වූහග සිය යතුරු පැදියෙන් නිවස බලා ගමන් කරමින් සිටියදී ගසක අත්තක් කඩා වැටීමෙන් මෙම අනතුරු සිදුව තිබුණේ පසුගිය 07 වැනිදායි. අනතුරින් තුවාල ලැබූ ඔෂාන් සඳරුවන් ප්‍රතිකාර ස...
"ජනපති සූපවේදීන්ගේ ප්‍රදර්ශනයේදී"
"ශ්‍රී ලංකා සූපවේදීන්ගේ සංසදය පැවැත්වූ සූප ශාස්ත්‍ර හා ආහාර ප්‍රදර්ශනය කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවති අවස්ථාවේ එය විවෘත කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රදර්ශනය නැරඹූ අවස්ථාව. සූපවේදීන්ගේ ගැටලුද ජනාධිපතිවරයා මෙහිදී සොයා බැලීය. සූප ශාස්ත්‍ර පාසලක් ඇතිකිරීම සහ සූපවේදීන් ශ්‍රේණිගත කිරීමේ කටයුතු අරඹන බව ද එහ...
"පක්‍ෂ සම්මේලනයක් පවත්වා එජාප ව්‍යවස්ථාව වෙනස් කරනවා – සභාපති වජිර කියයි"
"පවතින තත්ත්වයෙන් ඉදිරියට රට ගෙන යෑමට නම් වෙනසක් අවශ්‍ය බවත්, එහි මුල්ම පියවර ලෙස එක්සත් ජාතික පක්‍ෂ සම්මේලනයක් පවත්වා පක්‍ෂ ව්‍යවස්ථාව වෙනස් කරන්නට තීරණය කර ඇති බවත් එක්සත් ජාතික පක්‍ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පැවසීය. 1978 ජේ. ආර්. ජයවර්ධන මහතා ජනාධිපති වෙලා 1978 දී එක්සත් ජාතික පක්‍ෂ ව්‍යවස්ථාව...
"සා පෙළ නිම වූ පසු පාසල්වලට හානි කළ සිසුන්ට නීතිය තදින්"
"සාමාන්‍ය පෙළ විභාගය අවසන් වීමෙන් පසු පාසල්වල දේපළවලට අලාභහානි සිදුකළ සිසුන් සම්බන්ධයෙන් ගත හැකි උපරිම නීති ක්‍රියාමාර්ග ගන්නා ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය එම පාසල්වල විදුහල්පතිවරුන්ට උපදෙස් දී ඇත. පාසල්වලට සිසුන් පැමිණෙන්නේ අධ්‍යාපනය ලැබීමට බවත් ඉගෙන ගන්නා පාසලේම දේපළවලට හානි සිදුකරනවා නම් එම සිසුන් පාසල්වලින් ඉගෙන ගත් ආක...
"සිසුන් තුළින් එළියට එන්නේ සමාජයේ ප්‍රචණ්ඩකාරී මානසිකත්වයයි – මනෝ වෛද්‍ය විශේෂඥ රූමි රූබන්"
"අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි ඇතැම් සිසුන්ගේ ප්‍රචණ්ඩකාරී හැසිරීමෙන් පිළිබිඹු වන්නේ සමාජය තුළ පවතින ප්‍රචණ්ඩකාරී මානසිකත්වය බව කරාපිටිය ශික්‍ෂණ රෝහලේ විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන් මහතා ‘දිවයින’ට ඊයේ (11 වැනිදා) පැවසීය. මාධ්‍යයෙන් මෙන්ම සමාජ මාධ්‍ය තුළ ද නිතරම ප්‍රචාරය වන කලකෝලහාල, ඝාතන, පහරදීම් වැනි සිද්ධීන් ඇතැම...
"පළමු පාසල් වාරයේ තෙවැනි අදියර අද සිට"
"2023 වර්ෂයේ රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල පළමු පාසල් වාරයේ තෙවන අදියර අදින් (12) ආරම්භ වේ. පාසල් නැවත ආරම්භ කිරීමට පෙර ඩෙංගු මර්දන වැඩසටහන් ක්‍රියාත්මක කරන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය විදුහල්පතිවරුන්ට උපදෙස් දී තිබිණි. ඒ අනුව කොළඹ ඇතුළු තදාසන්න පාසල් රැසකම ඩෙංගු ව්‍යාප්තිය මර්දන කිරීම සඳහා දෙමාපියන්ගේ සහාය ඇත...
"අයිඑම්එෆ් එකඟතා සැප්තැම්බරයට පෙර සම්පූර්ණ කරනවා – රාජ්‍ය ඇමැති සියඹලාපිටිය කියයි"
"ඉදිරි තෙමස තුළ ෂඵත්‍ එකඟතා සම්පූර්ණ කිරීමට කටයුතු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය. ලබන සැප්තැම්බර් මාසයට පෙර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇති කරගත් එකඟතා සියල්ල සම්පූර්ණ කිරීමට කටයුතු කරන බව ද මාධ්‍ය වෙත අදහස් දක්වමින් රංජිත් සියඹලාපිටිය රාජ්‍ය ඇමැතිවරයා ඊයේ (11දා) ප්‍රකාශ කළේය. එහිදී තවදුරට...
"සියලු ෂෙඩ්වලින් අඩුවක් නැතිව තෙල් ගහන්න පුළුවන්"
"දිවයින පුරා පිහිටි සියලු ඉන්ධනහල්වලින් හිඟයකින් තොරව ඉන්ධන ලබාගත හැකි යැයි විදුලිබල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර මහතා පවසයි. මේ වන විට දෛනික ඉන්ධන බෙදාහැරීමේ කටයුතු සාමාන්‍ය පරිදි සිදුවන බවත් දිවයිනේ සියලු ඉන්ධනහල්වල හිඟයකින් තොරව ඉන්ධන තොග පවතින බවත් ට්විටර් සටහනක් තබමින් ඇමැතිවරයා ප්‍රකාශ කර ඇත. පසුගිය දින 10 තුළ ...
"කොළඹ සහ අවට ගංවතුර වළක්වන්න මිලියන 2100 ක තිරසාර විසඳුමක්"
"කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල ගංවතුර ගැලීමෙන් සිදුවන බලපෑම් අවම කර ඒ සඳහා තිරසාර දිගුකාලීන විසඳුමක් ක්‍රියාත්මක කිරීම සඳහා රුපියල් මිලියන 2100 ක ප්‍රතිපාදන ලබා ගැනීමට කැබිනට් පත්‍රිකාවක් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර ඇත. ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ සංස්ථාව විසින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට නියමිතය. මෙම වසරේදීම එම ව්‍යා...
"ඩෙංගු රෝගීන්ගෙන් 25% ක්ම පාසල් දරුවෝ"
"අද පාසල් පටන් ගන්නා දවසේ දරුවන් පාසල් එවනකොට දරුවන්ගේ ශරීරයේ නිරාවරණය වන කොටස්වල සුදුසු මදුරු විකර්ශකයක් ගල්වා පාසලට එවන්න. ඩෙංගු වසංගතය ගැන දෙමාපියන් විශේෂයෙන් අවධානය යොමු කිරීම ඉතා වැදගත් යැයි ජාතික ඩෙංගු මර්දන ඒකකයේ වෛද්‍ය ළහිරු කොඩිතුවක්කු මහතා ‘දිවයින’ ට ඊයේ (11 දා) පැවසීය. පවතින වැසි තත්ත්වයත් සමග ඩෙංගු රෝගීන්ගේ...
"දුම්රිය පෞද්ගලික නොකිරීමට නම් අනිවාර්යයෙන් ම අධිකාරියක් කළ යුතුයි – ඇමැති බන්දුල කියයි"
"දුම්රිය පෞද්ගලීකරණය නොකිරීමට නම් එය අනිවාර්යයෙන් ම අධිකාරියක් කළ යුතු යැයි ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. පසුගිය කාලයේ දුම්රිය දෙපාර්තමේන්තුව තුළ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කළ ඉතා යහපත් ව්‍යාපෘති පවා ඇතැම් නිලධාරීන්ගේ වැරදි උපදෙස් නිසා අහිමි වූ බව ද දුම්රිය රියැදුරු සංගමයේ වාර්ෂික මහ...
"මෙරට විශ්වවිද්‍යාලවල ප්‍රමිතිය සහ කීර්තිනාමය යළි ඇති කළ යුතුයි- ජනාධිපති රනිල් වික්‍රමසිංහ CVCD විශිෂ්ටතා සම්මාන උළෙල අමතමින් කියයි"
"එදා මෙරට විශ්වවිද්‍යාල ආසියානු විශ්වවිද්‍යාල ලැයිස්තුවේ ඉහළින්ම තිබූ බවත්, එම ප්‍රමිතිය සහ කීර්තිනාමය නැවත මෙරට විශ්වවිද්‍යාල පද්ධතිය තුළ ඇති කළ යුතු බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. එමඟින් විදේශීය සිසුන්ද මෙරට විශ්වවිද්‍යාල කෙරෙහි ආකර්ශණය කරගත හැකි අතර එය මෙරට ආර්ථිකය සංවර්ධනයට ඉවහල් වනු ඇති බවද ජනාධිපතිව...
"ජාතික ආරක්‍ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව තදින්: ආරක්ෂාවට තර්ජනයක් ටෙලිකොම් විකුණන්න නිර්දේශ නොලැබෙයි"
"ශ්‍රී ලංකා ටෙලිකොම් පෞද්ගලීකරණය කිරීමට නිර්දේශ නොකරන බව ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව සඳහන් කරයි. පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව ඉකුත් 9 වැනිදා පාර්ලිමේන්තුවේ සභාගත කළ වාර්තාවේ මේ බව සඳහන් කර ඇත. මෙම තීරණය ගෙන ඇත්තේ ශ්‍රී ලංකා ට...
"උ/නැ ඉඩම් – පොලිස් බලය දෙන්න පොහොට්ටුව එකඟවී නෑ – සාගර කාරියවසම්"
"උතුරු සහ නැගෙනහිර පළාත් සභාවලට ඉඩම් සහ පොලිස් බලතල ලබාදීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කිසිදු එකඟතාවයක් දක්වා නැතැයි එහි මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට පැවසීය. මේ සම්බන්ධව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග පැවති සාකච්ඡාවකදී පළාත් සභාවලට ඉඩම් සහ පොලිස් බලතල ලබාදීම ගැන තම ප...
"මහාධිකරණ විනිසුරු පත්වීම් දෙකකට අධිකරණ සේවා සංගමය එරෙහි වෙයි"
"පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් ලෙස කටයුතු කළ ටිකිරි ජයතිලක මහතා සහ නීතිපති දෙපාර්තමේන්තුවේ කනිෂ්ඨ රජයේ අධිනීතිඥවරියක වන නයනා නිර්මලා කස්තුරිආරච්චි මහත්මිය මහාධිකරණ විනිසුරුවරුන් ලෙස පත් කිරීම මහජනතාවට අධිකරණය කෙරෙහි ඇති විශ්වාසය බිඳ දැමීමට හේතුවක් විය හැකි බවත් එමගින් නීතියේ ආධිපත්‍ය බිඳ වැටීමක් සිදුවුවහොත් එය බරපතළ ...
"ශ්‍රීලනිපය දෙකඩවී මෛත්‍රී පිල පෙරට යයි – ආණ්ඩුවට ගිය මන්ත්‍රීන්ටත් අඬ ගසයි"
"ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මෛත්‍රී පිල නමින් කණ්ඩායමක් පිහිටුවාගෙන ඇතැයි එම පක්‍ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි. ඊට අමතරව මෛත්‍රී පිල නමින් සමාජ මාධ්‍ය ජාලා ප්‍රචාරණයක් ද පවත්වාගෙන යෑමට එම පිරිස පියවරගෙන ඇතැයි ද එම ආරංචි මාර්ග පැවසීය. මේ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය දෙකඩවී ඇතැයි පවසන එම ආරංචි මාර්ග ඔවුන් පක්‍ෂයේ සා...
"විදුලිය මිලට ගන්න අලුත් සූත්තරයක් – තාවකාලික පුනර්ජනනීය බලපත්‍ර අහෝසියි"
"පුද්ගලික බලාගාරවලින් විදුලිය මිලදී ගැනීමේදී ඒ සඳහා නව මිල සූත්‍රයක් ක්‍රියාත්මක කිරීමට විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ අවධානය යොමු වී ඇත. ඒ අනුව මේ වනවිටත් එම මිල සූත්‍රය සැකසීමට විදුලිබල මණ්ඩලය පියවර ගෙන තිබේ. ඉකුත් කාලයේදී පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් වෙත නැඹුරු වීමේ අරමුණින් ලබාදී තිබූ තාවකාලික පුනර්ජනනීය බලපත්‍ර ...
"ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා පදක්කම් දිනූවෝ යළි දිවයිනට"
"20 වැනි ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතා තරගාවලියේ දී පදක්කම් දිනූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇතුළු ශ්‍රී ලංකා කණ්ඩායම 08 වැනිදා රාත්‍රී කටුනායක ගුවන්තොටුපළින් යළි දිවයිනට පැමිණියහ. මෙම තරගාවලිය දකුණු කොරියාවේ යේචියොන් නගරයේ දී පැවැත්විණි. එහිදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගි වූ මලල ක්‍රීඩා කණ්ඩායම රන් පදක්කම් 02 ක්, රිද...
"උ/නැ අධිආරක්ෂිත ඉඩම් යළි දෙන්න කමිටුවක් – ප්‍රධානියා බ්‍රිගේඩියර් කෙනෙක්"
"උතුරු නැඟෙනහිර අධිආරක්‍ෂිත කලාපවල ඇති පාරම්පරික ඉඩම් යළි ජනතාවට ලබාදීමේ කටයුතු විධිමත් කිරීම සඳහා යුද හමුදා බි්‍රගේඩියර්වරයකුගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවක් පිහිටුවීමට රජය තීරණය කර ඇත. ජාතික ආරක්‍ෂක උපදේශක ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතාගේ උපදෙස් මත මෙම කාර්යාලය පිහිටුවනු ලබයි. යුද හමුදා බි්‍රගේඩියර්වර...
"එළවළු නිෂ්පාදනය 4.9%කින් පහළට"
"රසායනික පොහොර හා කෘෂිරසායනික ද්‍රව්‍යවල ඇති වූ හිඟය හේතුවෙන් ඉකුත් 2022 වසරේදී මෙරට එළවළු නිෂ්පාදනය සියයට 4.9කින් පහළ ගොස් ඇති බැව් ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. 2021 වර්ෂයේ දී මෙරට සමස්ත එළවළු නිෂ්පාදනය මෙටි්‍රක්ටොන් දාසය ලක්‍ෂ හැට නවදහස් පන්සිය පහළවයකි. එයට සාපේක්ෂව 2022 වර්ෂයේදී මෙරට එළවළු නිෂ්පාදනය මෙටි්‍රක්ටොන් පහළ...
"අරගලය කාලයේ ත්‍රිවිධ හමුදා ගොළුවීම ගැන පරීක්ෂණ"
"අරගලය ක්‍රියාත්මක වූ සමයේ මෙරට යුද ගුවන් හා නාවික හමුදාව අක්‍රියව කටයුතු කිරීම ගැන රහස් පොලිසිය අලුතින් විමර්ශනයක් ආරම්භ කර ඇත. අරගලකරුවන්ට එරෙහිව ක්‍රියාත්මකවී ඇත්තේ විශේෂ කාර්ය බළකාය පමණක් බව රජයට හෙළිවී තිබේ. රජයේ නියෝග මත මෙම අලුත් විමර්ශනය ක්‍රියාත්මක වී ඇත. ගුවන් හමුදාවට, නාවික හමුදාවට සහ යුද හමුදාවට ඒ ඒ ස්ථාන ර...
"විදෙස් ශ්‍රමිකයන්ට හොර රක්‍ෂණයක් දේශපාලකයෝත් හවුල්"
"විදේශගත ශ්‍රමිකයන් සඳහා නීති විරෝධී රක්‍ෂණ, ජාවාරමක් මෙරට ඇතැම් දේශපාලනයන්ගේද සහාය මත ක්‍රියාත්මක වන බවට තොරතුරු අනාවරණය වී ඇතැයි කම්කරු හා විදේශ රැකියා ප්‍රවර්ධන ඇමැති මනුෂ නානායක්කාර මහතා පවසයි. මෙම ජාවාරමට ක්වෙට්හි රැකියාවන්හි නිරත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් විශාල පිරිසක් හසුවී ඇතැයි ද ඇමැතිවරයා සඳහන් කරයි. මෙම තත්ත්ව...
"මන්ත්‍රීලාටත් බදු ෆයිල්"
"පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වන සියලුම අපේක්‍ෂකයන්ට සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා ද විශේෂ බදු ගොනුවක් ආරම්භ කිරීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර ඇත. එම වැඩපිළිවෙළ ලබන වසරේ (2024) සිට ක්‍රියාත්මක කරන බව මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය. ඊට අමතරව අමාත්‍යවරයකුගේ පෞද්ගලික කාර්ය මණ්ඩලය සඳහා එක්වන සියල...
"සුරාබදු ජල්ලියේ වාර්තාව ජනපතිට"
"සුරාබදු නිලධාරීන් විසින් කොළඹ ගාලු මුවදොර පීසා නිෂ්පාදන හෝටලයේ කෝකියාට පහර දීමේ සිද්ධිය පිළිබඳව මූලික පරීක්‍ෂණ අවසන් කර එම පරීක්‍ෂණ වාර්තා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත භාරදීමට ක්‍රියාකර ඇතැයි සුරාබදු කොමසාරිස් ජනරාල් සමන් ජයසිංහ මහතා පැවසීය. මෙම පරීක්‍ෂණ වාර්තා අනුව තමාට පෙනී යන්නේ මෙම සිද්ධියට එම හෝටලයේ පාර්ශ්...
"ත්‍රිවිධ හමුදාවට ඊශ්‍රායල පුහුණුවක්"
"ශ්‍රී ලංකාවේ ත්‍රිවිධ හමුදාවට ප්‍රථම වරට ආරක්‍ෂක පුහුණුවක් ලබාදීමට ඊශ්‍රායල රජය තීරණය කර ඇත. ඊට ශ්‍රී ලංකා රජයේ අනුමැතිය හිමිවී තිබේ. මෙයට මුල්වී ඇත්තේ වන්නි යුද සමයේ කෆීර් යානා සහ ඩෝරා ප්‍රහාරක යාත්‍රා සැපයූ ඊශ්‍රායල් අවි ඒජන්ත සුචි ජෝශප්ය. ආරක්‍ෂක පුහුණුව ලබාදීමේ කටයුතු ගැන සාකච්ඡා කිරීමට නවදිල්ලියේ ඊශ්‍රායල තානාපති...
"බීඩි බද්දේ හිලක්"
"වසරකට බිලියන පහක පමණ ප්‍රමාණයක් ශ්‍රී ලංකාවේ බීඩී නිෂ්පාදනය කළ ද ඉන් සුරාබදු දෙපාර්තමේන්තුවට නිසි ලෙස බදු නොලැබෙන බව අනාවරණයවී ඇත. රටපුරා බීඩී නිෂ්පාදන ආයතන හත්සියයක පමණ ප්‍රමාණයක් ලියාපදිංචි වී ඇතැයි සුරාබදු දෙපාර්තමේනතුව පවසයි. එක බීඩියකින් බදු ලෙස රුපියල් දෙකක මුදලක් අය කරනු ලබයි. නමුත් බොහෝ බීඩි නිෂ්පාදකයන්ගෙන් මෙ...
"වැඩිහිටියෝ කුඹුරට දමා තරුණයෝ මල් කඩති"
"වී වගාවේ නිරතව සිටින ගොවි ජනතාවගෙන් සියයට 80ක් අවුරුදු 50 ඉක්ම වූ වැඩිහිටියන් බවත් ඉහළ ආදායමක් ඉපයිය හැකි එළවළු, පලතුරු හා මල්වගාව ආශ්‍රිතව තරුණ ප්‍රජාවේ ඉහළ නියෝජනයක් දක්නට ලැබෙන බවටත් තොරතුරු අනුව අනාවරණය වී ඇතැයි කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර මහතා පවසයි. ඒ අනුව තරුණ ප්‍රජාව කෘෂිකර්මාන්තයට ආකර්ෂණය කර ගැනීම සඳහා ක්‍රි...
"තෙල් රසායනාගාරය බොල්"
"කාර්මික තාක්ෂණ ආයතනය විසින් ඛනිජතෙල් නිෂ්පාදනයේ පරීක්ෂාවන් සිදුකිරීම සඳහා රුපියල් මිලියන 117.7ක් වැයකොට ස්ථාපනය කරනු ලැබූ ඛනිජතෙල් හා ලිහිසිතෙල් රසායනාගාරයට ඛනිජතෙල් සාම්පල් ලැබීමේ ක්‍රමවේදයක් නිර්මාණය වී නොතිබීම නිසා රසායනාගාරය පිහිටුවීමේ මූලික කාර්ය ඉටුවී නොමැති බව ජාතික විගණන කාර්යාලය පවසයි. අමාත්‍ය මණ්ඩලයේ තීරණයකට...
"මාර්ගෝපදේශවලට පිටින් වැඩ: සතොස කෝටි 3 1/2ක අත්තිකාරම් පත්තුවෙයි"
"ලංකා සතොස සමාගම විසින් ගොඩනැගිලි කුලියට ගැනීමේ මාර්ගෝපදේශවලට පටහැනිව හිස් ඉඩම් සඳහා අනාගතයේ දී වෙළෙඳසල් ඉදිකිරීමේ උපකල්පනය මත පුද්ගලයන් 29 දෙනකුට අත්තිකාරම් මුදල් ලෙස රුපියල් තුන්කෝටි හතළිස් දෙලක්ෂ තිස්හතරදහස් නමසියඅනූහයක (34,234,996) මුදලක් ගෙවා ඇති බව ජාතික විගණන කාර්යාලය පවසයි. ගොඩනැගිලි ඉදිකිරීමට තක්සේරු වාර්තාවක්...
"පුංචි ඡන්දය ඉල්ලූ මාලිමාවේ පෙත්සම් විභාග දින නියමයක් නැතුව කල් දමයි"
"පසුගිය මාර්තු 9 වැනිදා පැවැත්වීමට දින නියම කර තිබූ පළාත් පාලන මැතිවරණය දින නියමයක් නොමැතිව කල් දැමීමෙන් රටේ ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට තීන්දු කරන ප්‍රකාශයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයට ගැනීමට අවසර ලබා දෙන්නේ ද නැතිද යන නියෝගය දින නියමයක් නොමැතිව කල් දැමීමට ශ්‍රේෂ්...
"ජාතික ආරක්‍ෂාවට තර්ජනයක් – ටෙලිකොම් විකුණන්න එපා -අංශික අධීක්‍ෂණ කාරක සභාවෙන් පාර්ලිමේන්තුවට නිර්දේශයක්"
"මෙරට ජාතික ආරක්‍ෂාවට තර්ජනයක් විය හැකි බැවින් ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය පෞද්ගලීකරණයට නිර්දේශ නොකරන බව ජාතික ආරක්‍ෂාව පිළිබඳ අංශික අධීක්‍ෂණ කාරක සභාව පාර්ලිමේන්තුවට ඊයේ (9 දා) දින විශේෂ වාර්තාවක් ඉදිරිපත් කරමින් සඳහන් කර සිටී. ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය පෞද්ගලීකරණය කිරීමෙන් ජාතික ආරක්‍ෂාවට වන බලපෑම් යන මැයෙන් එම විශේෂ ව...
"නිර්දේශ පිළිගන්නේ නෑ -රජය කියයි"
"ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභා වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් ශ්‍රී ලංකා ටෙලිකොම් විකිණීම අනුමත නොකරන බවට කළ නිර්දේශය පිළි නොගැනීමට රජය තීරණය කර තිබේ. ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකර මහතා විසින් ශ්‍රී ලංකා ටෙලිකොම් විකිණීම ජාතික ආරක්ෂාවට ගැටල...
"සංහිඳියා සැලැස්මේ නීති කෙටුම්පත් කඩිනම් කරන්න- ජනපතිගෙන් උපදෙස්"
"සංහිඳියාව සඳහා වන ක්‍රියාකාරී සැලැස්ම ක්‍රියාත්මක කිරීමට අදාළ නීති කෙටුම්පත් කිරීමේ කටයුතු කඩිනම් කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඒ සම්බන්ධව පැවැති සාකච්ඡාවකදී උපදෙස් දුන්නේය. නීති සම්පාදනය, ආයතනික ක්‍රියාකාරකම්, ඉඩම් ගැටලු, සිරකරුවන් නිදහස් කිරීම, බලය විමධ්‍යගත කිරීම යන ක්ෂේත්‍ර යටතේ ක්‍රියාත්මක කරන ලද වැඩසටහ...
"ජාතික ආරක්ෂක ආංශික අධීක්ෂණ කාරක සභාවෙන් සරත් ෆොන්සේකා ඉල්ලා අස්වෙයි"
"ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සාමාජිකයකු වශයෙන් මෙතෙක් සේවය කරනු ලැබූ මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා එම සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වී ඇත. ඒ අනුව ඒ මහතාගේ ඉල්ලා අස්වීමෙන් ඇති වූ පුරප්පාඩුව සඳහා විපක්ෂ මන්ත්‍රී රවුෆ් හකීම් මහතා පත් කළ බව නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (...
"රට විරුවන්ගෙන් මාස පහට ඩොලර් මිලියන 2300ක් -ඇමැති මනූෂ නානායක්කාර"
"විදෙස්ගත ශ්‍රමිකයන් මෙම වසරේ (2023) මුල් මාස පහේදී පමණක් ඇමරිකානු ඩොලර් මිලියන 2300 කට වඩා වැඩි මුදලක් මෙරටට එවා ඇතැයි කම්කරු හා විදේශ රැකියා ඇමැති මනුෂ නානායක්කාර මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (09දා) කීය. ඒ අනුව මෙම වසරේ ජනවාරි මාසයේ දී එම ශ්‍රමිකයන් ඇමරිකානු ඩොලර් මිලියන 437.5ක් ද පෙබරවාරි මාසයේ දී ඩොලර් මිලියන 407.4ක්...
"ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර නාවික හා ගුවන් සේවාවන් පුළුල් කිරීමට සාකච්ඡා"
"ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර නාවික හා ගුවන් සේවාවන් පුළුල් කිරීම පිළිබඳව ඉන්දියානු මහකොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා සහ වරාය නාවික හා ගුවන් සේවා ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා අතර විශේෂ සාකච්ඡාවක් 09 දින පෙරවරුවේ අමාත්‍ය කාර්යාලයේ දී පැවැත්විණි. දෙරට අතර ද්විපාර්ශවීය සබඳතාවන් ගොඩ නැංවීම සඳහා ගත යුතු පියවරයන් රැසක් පිළිබ...
"සැකකරුගේ මරණයට නාකොටික් 7ක් අත්අඩංගුවට- මරණය වූයේ පහරදීමකින් ලේ ගලලා -වෛද්‍ය වාර්තා අනුව උසාවිය තීරණය කරයි"
"පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය භාරයේ සිටි සැකකරුවකු මියයෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව සිදුකළ විමර්ශනයකින් පසුව උප පොලිස් පරීක්‍ෂකවරයකු ඇතුළු පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීහු හත් දෙනෙක් ඊයේ (9 දා) අත්අඩංගුවට ගනු ලැබූහ. ඉකුත් ජනවාරි මස 10 වැනිදා මෙම සැකකරු හෙරොයින් ග්‍රෑම් 15 ක් සමගින...
"ලංවිම විකුණනවාට එරෙහිව සේවකයෝ 27දා ලෙඩ නිවාඩු"
"ලංකා විදුලිබල මණ්ඩලය කොටස්කර විකුණා දැමීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළිවෙළට එරෙහිව ලංවිම සේවකයන් ලබන 27 වැනිදා ලෙඩ නිවාඩු දමා කොළඹ විහාරමහාදේවි උද්‍යානයේ විශේෂ වැඩමුළුවක් පැවැත්වීමට කටයුතු යොදා තිබේ. එදින පෙරවරු 10.00 සිට මෙම වැඩමුළුව සඳහා සියලුම සේවකයන් සහභාගි වන බව ලංවිම ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු රන්ජන් ජයල...
"ඉන්දියාවේ බලපෑම් මත පළමුව පළාත් සභා – හිටපු ඇමැති බැසිල් පොහොට්ටු රැස්වීමේදී කියයි"
"ඉන්දියාවේ බලපැම් මත පළාත් සභා මැතිවරණය පළමුව පැවැත්වීමට ඉඩ ඇති බවට ඊයේ (09 දා) පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සමස්ත ලංකා පළාත් සභා මන්ත්‍රී සංසද රැස්වීමේ දී හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ මහතා විසින් ප්‍රකාශ කොට ඇත. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සමස්ත ලංකා පළාත් සභා මන්ත්‍රී සංසදයේ රැස්වීමක් ඊයේ (09 දා) නෙළුම් මාවතේ පිහිටි ප...
"මෙරට වෙළෙඳාම් සරල කිරීමට ජාතික යෝජනාවලියක් කඩිනමින් සකස් කරන්න -ජනාධිපති ලේකම් සමන් ඒකනායක"
"ශ්‍රී ලංකාව තුළ වෙළෙඳ කටයුතු ආශ්‍රිත ක්‍රියාවලිය සරල කිරීම සහ කඩිනම් කිරීම සඳහා ජාතික යෝජනාවලියක් කඩිනමින් සකස් කර ඉදිරිපත් කරන ලෙස ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නේය. ජනාධිපති ලේකම්වරයා මෙම උපදෙස් ලබා දුන්නේ පසුගිය 07 වනදා ජනාධිපති කාර්යාලයේ පැවති ජාතික වෙළෙඳ පහසුකම් සැපයීම පිළිබඳ කමිටුවේ ප්‍රග...
"කොච්චිකඩේ පල්ලියට රිංගන්න හැදූ සැකකරු ළඟ හැඳුනුම්පත් දෙකක්"
"කොළඹ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දෙව්මැඳුරට පෙරේදා රාත්‍රියේ ඇතුළු වීමට තැත් කළ කිසියම් තැනැත්තකු වෙරළබඩ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන දැන් ප්‍රශ්න කරගෙන යයි. මෙම සැකකරුගෙන් ප්‍රශ්න කරගෙන යද්දී ඔහු හැඳුනුම්පත් දෙකක් ළඟ තබාගෙන පරිහරණය කර තිබෙන බවට තොරතුරු අනාවරණය වී තිබේ. එක් හැඳුනුම්පතක නම ඇන්ටන් ලෙස ද අනිත් හැඳුනුම්පතේ නම...
"ජාතික රෝහල් සායනයේ ඉන්සියුලීන් නෑ"
"කොළඹ ජාතික රෝහලේ දියවැඩියා සායනයට පැමිණෙන රෝගීන්ට අවශ්‍ය ‘ඉන්සියුලීන්’ නොමැති වීමෙන් එම රෝගීන් දැඩි අපහසුතාවයකට පත්ව සිටින බව එම රෝහල් ප්‍රකාශකයෙක් ‘දිවයින’ට පැවසීය. මෙම ගැටලුව මාස කීපයක සිටම පවතින බවත් මේ සම්බන්ධයෙන් ඉහළ සෞඛ්‍ය බලධාරීන්වද දැනුවත් කර ඇති බවත් හෙතෙම කීය. ඉන්සියුලීන් නොමැතිවීම හේතුවෙන් පිටතින් එම ඉන්සිය...
""කොළඹ මහ නගර සභාවට කුළී සහ බදු රු. මිලියන 6,280ක් නොලැබී තිබියදී රථගාල් කොන්ත්‍රාත්කරුවන්ගෙනුත් රු. මිලියන 265ක පොල්ලක් – කෝපා කමිටුවේදී අනාවරණය වෙයි""
"2022 වර්ෂයේ අයවිය යුතු රුපියල් මිලියන 6,280.50 ක් කොළඹ මහ නගර සභාවට ලැබී නැතැයි රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේදී (කෝපා) අනාවරණය විය. මේ පිළිබඳ අනාවරණය වූයේ කොළඹ මහා නගර සභාවේ 2020/2021 වර්ෂවල විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්යසාධනය පිළිබඳ පරීක්ෂා කිරීම සඳහා රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව රාජ්‍ය ඇමැති ලසන්ත අලගියවන්න මහත...
"පෑලියගොඩ මාළු ගිනි ගණන්"
"පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයේ මාළු ඊයේ (09දා) ඉතා අධික මිලකට අලෙවි වූ බව එම මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයේ ව්‍යාපාරිකයන්ගේ සංගමයේ සභාපති ජයසිරි වික්‍රමාරච්චි මහතා ‘දිවයින’ට පැවසීය. මාළු මිල ඉහළ යෑමේ තත්ත්වය මෙම මාසය පුරාම පැවතිය හැකි බවද හෙතෙම කීය. ඊයේ දිනයේ කෙළවල්ලා කිලෝවක් රුපියල් 2200කට ද තලපත් කිලෝවක් රුපියල් 2500කට ද...
"උසාවියට අපහාස කළැයි හිරේ ඉන්න අජිත් ප්‍රසන්නට තවත් මාස 6ක සිර දඬුවමක්"
"අධිකරණ නිලධාරීන් (විනිශ්චයකරුවන්) වැරදි සහගත තීන්දු ලබාදෙන බවට මාධ්‍ය හමුවේ කළ ප්‍රකාශයක් මගින් අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු කරනු ලැබූ විශ්‍රාමික මේජර් නීතිඥ අජිත් ප්‍රසන්න මහතාට මාස හය බැගින් වූ සිරදඬුවම් දෙකක් ලබාදීමට අභියාචනාධිකරණය ඊයේ (08දා) නියෝග කළේය. වගඋත්තරකාර නීතිඥවරයා අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වර...
"රජය සහ පාර්ක්ස් සමාගම තෙල් ගිවිසුමට අත්සන් තබයි"
"ශ්‍රී ලංකාවේ අඛණ්ඩ ඉන්ධන සැපයුමක් සහතික කරමින් ඛනිජ තෙල් නිෂ්පාදන ආනයනය, ගබඩා කිරීම, බෙදා හැරීම සහ විකිණීම සඳහා ශ්‍රී ලංකා රජය සහ ආර්.එම්. පාර්ක්ස් සමාගම (RM Parks Inc) අතර දිගුකාලීන ගිවිසුමකට අත්සන් තැබීම ඊයේ (08දා) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු විය. විදුලිබල හා බ...
"පුංචි ඡන්දය ඉල්ලා ජවිපෙ සටනට"
"පළාත් පාලන මැතිවරණ කල්දමා අදට මාස තුනයි. ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරමින් වහාම මේ පුංචි ඡන්දය පවත්වන ලෙස කියමින් ඉදිරියේදී අධිකරණ ක්‍රියාමාර්ග හා රටපුරා ජනතාව ඒකරාශී කරගෙන ඡන්දය දිනා ගන්නා තෙක් මේ ආරම්භ කළ සටන නතර නොකරන බව ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පැවසීය. ඒ මහතා මේ බව කියා සිටියේ පළාත් පාලන මැති...
"විකාශන පනතට එරෙහි වන අය ත්‍රස්ත පනතෙන් අත්අඩංගුවට ගන්න යනවා -නීතිඥ වසන්ත යාපා බණ්ඩාර"
"විකාශන අධිකාරී පනත හරහා ආණ්ඩුව මාධ්‍ය මර්දනයට සැරසෙන බවත් ඊට එරෙහිව ජනතාව පාරට බසින විට ප්‍රතිත්‍රස්ත පනත හරහා අත්අඩංගුවට ගැනීම් සිදුකිරීමට සැරසෙන බවත් නිදහස ජනතා සභාවේ පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ වසන්ත යාපා බණ්ඩාර මහතා පැවසීය. හෙතෙම මේ බැව් පැවසුවේ නාවල පිහිටි එම පක්ෂ ප්‍රධාන කාර්යාලයේදී ඊයේ (08 දා) පැවැති මාධ්‍ය හමු...
"තාත්තා කළ හැම දෙයක්ම මම අනුගමනය කරන්නේ නෑ- සජිත් මැතිසබයේදී කියයි"
"රණසිංහ ප්‍රේමදාස නම් වූ තම පියා කළ සෑම දෙයක්ම තමා අනුගමනය නොකරන බවත් සිය පියාගේ ගුණාත්මක නිවැරැදි දේවල් පමණක් අනුගමනය කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (08 දා) පැවසීය. තමා පියා කළ වැරදි දේවල් බැහැර කරන බවත් තමන් ස්වාධීන පුද්ගලයකු බවත් පියා කරපු හැම දෙයක්ම අනුගමනය කරන පුතකු නොවන බවත් හොඳ ද...
"අයි.එම්.එෆ්. ණය ගෙවන්න දීර්ඝ කාලයක් ඉල්ලුවා -කිරිඇල්ල මැතිසබයේ දී කියයි"
"ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ලබා දෙනු ලබන ණය ගෙවා දැමීමට දීර්ඝ කාලයක් ලබා දෙන්නයි විපක්ෂය එම අරමුදලේ දේශීය නියෝජිතවරියගෙන් ඉල්ලීමක් කළ බව විපක්ෂ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (07දා) කීය. එහිදී මෙසේද කියා සිටියේය- අයි. එම්. එෆ්. ශ්‍රී ලංකාවේ නියෝජිතවරිය එදා අපිට හමු වුණ වෙලාවේ ෂෙහාන් ...
"සබරගමු ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව ඉල්ලා අස්වෙයි"
"සබරගමුව ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත යොමුකර තිබේ. ඔහු සිය ලිපියෙන් දක්වා ඇත්තේ 2023 ජුනි 10 වැනිදා සිට එම තනතුරෙන් ඉල්ලා අස්වන බවය. හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් 2019 සැප්තැම්බර් 18 වැනිදා ටිකිරි කොබ්බෑකඩුව මහතා සබරගමු පළාතේ ආණ්ඩුකාරවරයා ලෙස පත...
"දූෂණ විරෝධී පනත් කෙටුම්පත 21 වැනිදා විවාදයට"
"ආණ්ඩුව විසින් ඉදිරිපත් කරනු ලබන දූෂණ විරෝධී පනත් කෙටුම්පත ලබන 21 වැනිදා විවාදයට ගැනීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ දී ඊයේ (08) තීරණය කර ඇත. ඊට අමතරව පාර්ලිමේන්තුවේ අයවැය කාර්යාලය පනත් කෙටුම්පත ලබන 20 වැනිදා විවාදයට ගැනීමට ද මෙහිදී තීරණය වී තිබේ. පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව කථානායක මහින්ද යාපා අබේවර්...
"රාජිතට චෝදනා ඇති නඩුවේ පැමිණිල්ලේ පළමු සාක්‍ෂිකරු අත්අඩංගුවට ගන්න නියෝග"
"හිටපු සෞඛ්‍ය ඇමැති වෛද්‍ය රාජිත සේනාරත්න මහතා ඇතුළු විත්තිකරුවන් දෙදෙනකුට එරෙහිව චෝදනා එල්ල වී ඇති සුදු වෑන් නඩුවේ පැමිණිල්ලේ පළමුවැනි සාක්‍ෂිකාර සකලවල්ලි ආරච්චිලාගේ සරත් කුමාර නමැත්තා වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා ඊයේ (08දා) පස්වරුවේ නියෝග කළේය. තමාට ජී...
"අධි ලේඛන පිළිබඳ විශ්ව ප්‍රකාශනයට අත්සන් තැබීම අද"
"ජාතික ලේඛනාගාරය අධි ලේඛන පිළිබඳ විශ්ව ප්‍රකාශනයට අත්සන් තැබීම අද (09) සවස 3.00ට ජාතික ලේඛනාරක්‍ෂක දෙපාර්තමේන්තුවේදී සිදුකරන බව එහි අධ්‍යක්‍ෂ ජනරාල් ආචාර්ය නදීරා රූපසිංහ මහත්මිය පැවසුවාය. යුනෙස්කෝවේ 36 වන සැසිවාරයේ දී මෙම විශ්ව ප්‍රකාශනය සම්මත කර ගෙන ඇති අතර අදට (9) ට යෙදෙන ජාත්‍යන්තර අධි ලේඛන දිනයට සමගාමීව එම කටයුත්ත ...
"මහ බැංකුවේ සංචිත ඉහළට"
"ශ්‍රී ලංකා මහ බැංකුවේ නිල සංචිත වත්කම් වටිනාකම ඉකුත් මැයි මස අගදී ඇමෙරිකානු ඩොලර් මිලියන 3483ක් දක්වා සියයට 26.2කින් වර්ධනය වී ඇත. පසුගිය අප්‍රේල් මස අග දී පැවැති නිල සංචිත වත්කම් වටිනාකම ඇමෙරිකානු ඩොලර් මිලියන 2761ක් විය. මේ අතර මෙම නිල සංචිත වත්කම් තුළ අන්තර්ගත ප්‍රධාන සාධකය වන විදේශ මුදල් සංචිත පසුගිය අප්‍රේල් මාසය...
"ඉන්සියුලින් කුප්පි ලක්‍ෂ 4 1/2ක මගඩියක්"
"ප්‍රශ්න සහගත ප්‍රසම්පාදන ක්‍රියාවලියක් ඔස්සේ ඉන්සියුලින් කුප්පි ලක්‍ෂ හතරහමාරක් හදිසි ඖෂධ මිලදී ගැනීම යටතේ මෙරටට ගෙන්වීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු කරමින් සිටින බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය චෝදනා කර සිටී. මෙම ප්‍රශ්න සහගත හදිසි ටෙන්ඩර් කැඳවීම මගින් රටට අහිමි වන මුදල රුපිය...
"බලපත්‍ර අවලංගු වූ ස්වර්ණමහල් තැන්පත්කරුවන්ට අද සිට වන්දි"
"බලපත්‍රය අවලංගු කරන ලද ස්වර්ණමහල් ෆිනෑන්ෂල් සර්විසස් ආයතනයේ සුදුසුකම් ලත් තැන්පත්කරුවන්ට හෝ ඔවුන්ගේ නීත්‍යානුකූල උරුමකරුවන් වෙත ශ්‍රී ලංකා තැන්පතු රක්‍ෂණ සහ ද්‍රවශීලතා ආධාරක යෝජනා ක්‍රමය යටතේ රක්‍ෂණ වන්දි මුදල් ගෙවීම අද (09දා) සිට නැවත ආරම්භ කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. මේ රක්‍ෂණ වන්දි මුදල් ගෙවීම අද සිට ආරම්භ ක...
"ජරාවක් කන්න ශල්‍ය ගෝස් රටින් ගේන්න හදනවා -වෙන්න යන පාඩුව කෝටි නවයක් – ශල්‍ය වෛද්‍ය නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති අසේල පෙරේරා"
"වසර 52ක් අඛණ්ඩව මෙරට රෝහල් පද්ධතියට ශල්‍ය ගෝස් සැපයූ මෙරට නිෂ්පාදකයන් මගහැර කොමිස් ලබා ගැනීමේ අරමුණින් වැඩි මිලකට ශල්‍ය ගෝස් ලබාගැනීමට වෛද්‍ය සැපයුම් අංශයේ දෙදෙනකු කටයුතු කරමින් සිටින බව ශල්‍ය වෛද්‍ය නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති අසේල පෙරේරා මහතා ඊයේ (08දා) පැවසීය. හිටපු අගමැතිනියක වූ සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මිය සමයේ මෙ...
"වැටලීම් කළ නිලධාරියා රට: පොලිස් නිලධාරියා සාක්‍ෂි දීමට අදිමදි කරයි – කුඩු නඩුවේ විත්තිකරු නිදොස් කොට නිදහස්"
"වැටලීම භාරව සිටි පොලිස් පරීක්‍ෂකවරයා පොලිසියටත් නොදන්වා විදේශගතවී තිබීම හා යාබද මහාධිකරණයේ සිටි අනෙක් සාක්‍ෂිකාර පොලිස් සැරයන්වරයා අධිකරණයට පැමිණ සාක්‍ෂි දීමට මැලිකමක් දැක්වීම නිසා හෙරොයින් ග්‍රෑම් 5.654ක ප්‍රමාණයක් සන්තකයේ තබාගැනීම හා ජාවාරම් කිරීමේ චෝදනා යටතේ පවරා තිබූ නඩුවක විත්තිකරුවකු නිදොස් කොට නිදහස් කිරීමට කොළ...
"අන්තරේ විරෝධතාව ජ’පුරේදීම විසුරුවයි"
"‘අයිඑම්එෆ් කොන්දේසිවලට අධ්‍යාපනය, සෞඛ්‍ය විකුණන ජන අයිතීන් කොල්ලකන රනිල් රාජපක්‍ෂ ජුන්ටාව පන්නමු’ යන මැයෙන් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය මගින් සංවිධානය කරන ලද විරෝධතා පා ගමනට ඊයේ (07 දා) සවස 4.00 ට පමණ පොලිසිය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය ආසන්නයේදී ජල හා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කිරීමත් සමග විජේරාම ප්‍රද...
"ගජේන්ද්‍ර කුමාර් අල්ලයි – ලක්‍ෂ 05ක ඇප මත මුදාහරී"
"පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම, සාපරාධී බලහත්කාරකම් කිරීම ඇතුළු චෝදනා කීපයක් සම්බන්ධයෙන් මරදන්කේනි පොලිසියේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් දෙමළ ජාතික ජනතා පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් ඊයේ (07දා) සවස කිලිනොච්චිය අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් පන්ලක්‍ෂයක ශරීර ඇපයක්...
"ගජේන්ද්‍ර කුමාර් අත්අඩංගුවට ගත්තේ මන්ත්‍රී වරප්‍රසාද උල්ලංඝනය කරලා – විපක්‍ෂ නායක සජිත්"
"පාර්ලිමේන්තු රැස්වීම් සඳහා පැමිණෙමින් සිටි දෙමළ ජාතික ජනතා පෙරමුණේ මන්ත්‍රී ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් මහතා අත්අඩංගුවට ගැනීම ඔහුගේ මන්ත්‍රී වරප්‍රසාද උල්ලංඝනය කිරීමක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු විපක්ෂ මන්ත්‍රීවරු කිහිපදෙනෙක් පාර්ලිමේන්තුවේ දී ඊයේ (07දා) සඳහන් කළහ. කෙසේ වෙතත් කුමාර් පොන්නම්බලම් මන්ත්‍ර...
"නතාෂා – බෲනෝ 21 දා තෙක් රිමාන්ඩ්"
"බුදුන් වහන්සේට හා බොදු දහමට නිගරු වන ආකාරයෙන් ප්‍රකාශ කළේ යැයි චෝදනා එල්ල වී ඇති නාතාෂා එදිරිසූරිය හා එකී ප්‍රකාශ අන්තර්ජාලය ඇතුළු සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කිරීම ඇතුළු චෝදනා එල්ල වී ඇති බෲනෝ දිවාකර ලබන 21 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඊයේ (07 දා) නියෝග කළේය. පළමු ...
"සූරියවැව ප්‍රා.සභා ලේකම් අල්ලස් දැලේ"
"සූරියවැව ප්‍රාදේශීය සභාවේ ලේකම්වරයා රුපියල් 50,000ක අල්ලස් මුදලක් ලබා ගනිමින් සිටියදී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් ඊයේ (07) පෙරවරුවේ සූරියවැව ප්‍රාදේශීය සභාවේදීම අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ සූරියවැව ප්‍රාදේශීය සභාවේ ලේකම්වරයා ලෙස කටයුතු කළ කේ.එච්. අබේනායක නමැති අයයි. ...
"වඳුරු උණ හැදුණු අම්මායි දරුවායි අයි. ඩී. එච්. රෝහලට"
"මීට දින කිහිපයකට පෙරාතුව ඩුබායි සිට මෙරටට පැමිණි අයකුට වැළදී තිබූ චිකන් ෆොක්ස් හෙවත් වඳුරු උණ රෝගය ඔහුගේ බිරිඳට හා කුඩා දරුවෙකුට වැළදීම නිසා ඒ දෙදෙනා මේ වනවිට අයිඩීඑච් රෝහලට යොමු කර ඇතැයි සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා ‘දිවයින’ට පැවසීය. මුලින්ම චිකන් ෆොක්ස් (වඳුරු උණ) රෝගය වැළදී සිටි ඩුබායි සි...
"ගවයින්ගේ සමෙහි ගැටිති රෝගය පාලනයෙන් ගිලිහෙන හැඩක්"
"ගවයින්ගේ සමෙහි මතුපිට ගැටිති ඇතිවීමේ රෝගය මේ දිනවල දිවයින පුරා පැතිර යන නිසා එම රෝගය පාලනය කිරීමට මධ්‍යම පළාත් සත්ව නිෂ්පාදන සහ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ පළාත් අධ්‍යක්ෂවරයා විසින් 2023.05.31 දින නිකුත් කර ඇති චක්‍රලේඛයට පටහැනිව නුවරඑළිය දිස්ත්‍රික්කයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කටයුතු කරන බව පශු වෛද්‍යවරු චෝදනා කර සිටිති. ...
"ආපනශාලාවේ ජල්ලි ඇල්ලූ සුරාබදු නිලධාරීන් 15කට විනය ක්‍රියාමාර්ග"
"වන් ගෝල්ෆේස් ගොඩනැඟිල්ලේ පීසා ආපනශාලාවක දී කලහකාරී ලෙස හැසිරුණ සුරාබදු නිලධාරීන් පහළොස්දෙනා හඳුනාගැනීමෙන් පසු ඔවුන් සම්බන්ධව විනය පියවර ගන්නා බව සුරාබදු කොමසාරිස් හා මාධ්‍ය ප්‍රකාශක කපිල කුමාරසිංහ මහතා පැවැසීය. මොවුන් සුරාබදු දෙපාර්තමේන්තුව අපකීර්තියට පත්වන පරිදි කටයුතු කර තිබේනම් ඇතැම්විට ඒ චෝදනා මත ඔවුන්ගේ වැඩ තහනම්...
"හඳුන්ගොඩගේ ලැප් එක ඉල්ලපු සීඅයඩීය උසාවියට කැඳවයි"
"සමාජ මාධ්‍ය ක්‍රිකාකාරිකයකු වන දර්ශන හඳුන්ගොඩ මහතාගේ ලැප්ටොප් පරිගණකය හා ජංගම දුරකථනය, කැමරා උපකරණ විමර්ශන සඳහා අවශ්‍ය වන බැවින් ඒවා භාරදෙන ලෙසට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව කර ඇති දැනුම් දීම සම්බන්ධයෙන් ලබන ජූලි 19 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිට කරුණු දක්වන ලෙස දක්වා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන අංශයේ...
"විභාග මධ්‍යස්ථානය ඇතුළේදීම නිරීක්ෂකයා ඇදවැටී මියයයි"
"වත්තේගම බාලිකා විදුහලේ විභාග මධ්‍යස්ථානයේ විභාග නිරීක්ෂකයකු විභාග මධ්‍යස්ථානයේ දී හදිසියේ ඇද වැටී රෝහල් ගත කිරීමෙන් පසු මියගොස් ඇත. අපොස සාමාන්‍ය පෙළ විභාගයට අදාළව ප්‍රශ්න පත්‍ර බෙදාහැරීමට සුළු මොහොතකට පෙර ඊයේ (07දා) පෙරවරුවේ මොහු හදිසියේ අසනීප වී ඇදවැටී ඇති බව පොලිසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ කේ.ජේ. සිල්වා නමැති 48...
"ජනාධිපති රනිල්ගෙ යෝජනාවක් – මුදල් කාරක සභාවේ සභාපති පුටුව හර්ෂට"
"රාජ්‍ය මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපති ධුරය සඳහා සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ඊයේ (07) පත් කරනු ලැබීය. හර්ෂ ද සිල්වා මහතා එම තනතුරට පත් කරන්නැයි කමිටුවට යෝජනා කර ඇත්තේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් වන අතර එම යෝජනාවට කාරක සභාවට සහභාගි වූ සියලු මන්ත්‍රීවරුන්ගේ ...
"රට යන අයගේ පොලිස් වාර්තාවට ලිහිල් ප්‍රතිපත්තියක්"
"විදේශ රැකියා සඳහා පිටත්ව යෑමේදී ලබාගත යුතු පොලිස් නිෂ්කාශන වාර්තාවට පෙර වැරදි සහ සුළු වැරදි ඇතුළත් කිරීමේදී ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ. විදේශ රැකියා සඳහා පිටත්ව යෑමට පෙර ලබා ගන්නා පොලිස් වාර්තාවට සුළු වැරදි ඇතුළත් කිරීම නිසා විදේශ රැකියා අවස්ථා ලබා ගැනීමට නොහැකි වී ඇති නිසා මේ සම...
"පොසොන් පෝ දින සහ පසු දින සීගිරිය නැරඹීමට විශාල ජනකායක්"
"සීගිරිය නැරඹීමට පොසොන් පෝ සහ පසු දින දෙස් විදෙස් සංචාරකයින් තිස් පන්දහසක් ඉක්මවා පැමිණි බව මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ගාමිණී රණසිංහ මහතා පැවැසීය. පොසොන් පෝ දා (3) පමණක් දේශීය සංචාරකයින් 17,480ක් විදේශීය සංචාරකයින් 265කු පැමිණ ඇත. ඔවුන්ගෙන් ලක්ෂ තිස් පහක පමණ ආදායමක් උපයාගෙන තිබෙන අතර 04 වැනිදා ලක්ෂ...
"මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ අලි නඩුව කොළඹ යවයි"
"අලි ඇතුන් තිදෙනකු නීතිවිරෝධී ආකාරයෙන් වෙනත් පාර්ශ්වයකට භාරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් තම අධිකරණය හමුවේ පවතින නඩුව වහාම කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය වෙත යොමු කරන ලෙස කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ ගමතා ඊයේ (07දා) නියෝග කළේය. එම නඩුව සම්බන්ධයෙන් අභියාචනාධිකරණය විසින් මේ වනවිට නියෝගයක් ලබාදී ඇති බැවින් පෞද්ගලික හේතූන්...
"මුහුණු පොතෙන් කැනඩාව පෙන්වා විකිරණ ශිල්පියාගේ ලක්ෂ 7කට විදලා"
"කැනඩා රජයේ විශ්වවිද්‍යාලයක උසස් අධ්‍යාපනය හැදෑරීමට අවස්ථාවක් ලබාදෙන බව පවසා මුහුණ පොතේ පළවූ දැන්වීමක් අනුව මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලේ සේවය කරන විකිරණ ශිල්පියකුගෙන් හත්ලක්ෂ දහසය දහසක් ලබාගෙන මුදල් වංචාකිරීමේ සිද්ධියක් පිළිබඳ මොනරාගල කොට්ඨාස විශේෂ අපරාධ විමර්ශන අංශය පරීක්ෂණ පවත්වයි. පැමිණිලිකරු මුහුණු පොතේ දැන්වීමක් අ...
"පොලීසියට පුස්පාට් දැමූ ගජේන්ද්‍ර හැංගිලා"
"පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම ඇතුළු චෝදනා කීපයක් සම්බන්ධයෙන් දෙමළ ජාතික ජනතා පෙරමුණේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ගජේන්‍ද්‍රකුමාර් පොන්නම්බලම් අත්අඩංගුවට ගැනීම සඳහා කිළිනොච්චිය මරදන්කේනි පොලිසිය පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇත. සැකකාර මන්ත්‍රීවරයා රටින් පලායෑම වැළැක්වීම සඳහා මරදන්කේනි පොලිසිය කිළිනොච්චිය...
"කොටස් කළ සුපිරි වාහන 3ක් සමග කෝටි 35 තහනම් බඩු කන්ටේනරයකින් මතුවෙයි"
"භාවිතා කරන ලද වාහන අමතර කොටස් ලෙසින් සඳහන් කර ඩුබායි රාජ්‍යයේ සිට මෙරටට ගෙන්වනු ලැබූ අඩි 40 ක් දිග බහාලුමක සඟවා තිබූ රුපියල් කෝටි තිස්පහක් වටිනා තහනම් භාණ්ඩ තොගයක් අත්අඩංගුවට ගැනීමට ශ්‍රී ලංකා රේගුවේ ආදායම් අධීක්ෂණ අංශයේ නිලධාරීහු ඊයේ (06 වැනිදා) සමත් වූහ. මෙම බහාලුම පරීක්ෂා කිරීමේදී එහි අභ්‍යන්තරයේ සඟවා තිබූ කැබලි කර...
"දූෂණ විරෝධී පනත් කෙටුම්පතේ වගන්ති 28 ක් ව්‍යවස්ථාවට පටහැනියි"
"ආණ්ඩුව විසින් ඉදිරිපත් කර ඇති දූෂණ විරෝධී පනත් කෙටුම්පතේ වගන්ති විසිඅටක් (28ක්) ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර ඇතැයි කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට ඊයේ (06 වැනිදා) දැනුම් දුන්නේය. ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයේ දක්වා ඇති සංශෝධන කළහොත් මෙම අනනුකූලතාවන් නතර වනු ඇති බවද කථානායකවරයා ප...
"විල්පත්තුවේ නැවත වන වගාවට මුදල් නොදුන් රිෂාඩ් බදියුදීන්ට නොතිසි"
"යුද ගැටුම්වලින් විපතට පත් මුස්ලිම් ජනතාව නැවත පදිංචි කිරීමේ මුවාවෙන් සිදුකළ විල්පත්තුව අභය භූමිය ආශ්‍රිත අක්කර සිය ගණනක නැවත වන වගාව සඳහා වැය වන බවට ගණනය කර ඇති රුපියල් මිලියන 1067ක මුදල මේ දක්වා රජයට ගෙවා නොමැති හිටපු අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් මහතාට නොතිසි යැවීමට පියවර ගන්නා ලෙස අභියාචනාධිකරණය ඊයේ (06දා) පෙත්සම්කාර පා...
"ජගත් ආහාර සුරක්‍ෂිතා දිනය අද"
"ලෝක ආහාර සුරක්‍ෂිතතා දිනය අදට (07 දා) යෙදී ඇත. ‘unido’ විසින් මෑතක දී කරන ලද අධ්‍යයනයකින් හෙළිව ඇත්තේ ඩොලර් මිලියන 30ක ආයෝජනයක් සහ මිලියන 09 ක වාර්ෂික ශුද්ධ අයවැය කැපවීමක් හරහා ආහාර සුරක්‍ෂිතතාව දියුණු කිරීමෙන් වාර්ෂිකව අවම වශයෙන් මරණ 113ක් වළක්වා ගත හැකි බවත් අපනයන අගයන් 24% කින් ඉහළ යෑමට කටයුතු කෙරෙන බවත් ය. ශ්‍රී ල...
"ගජේන්ද්‍රකුමාර්ගේ ආධාරකරුවෝ 2ක් අද තෙක් රිමාන්ඩ්"
"දෙමළ ජාතික ජනතා පෙරමුණේ (TNPF) නායක ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් මන්ත්‍රීවරයාගේ කාන්තා දේශපාලන අංශයේ ප්‍රධානියා වන සර්ගුණදේවි ජගතීස්වරන් නමැත්තිය සහ තවත් ආධාරකරුවකු වන පී. උදයසිවම් පොලිසිය විසින් 5 දා අත්අඩංගුවට ගෙන තිබේ. කිළිනොච්චිය මරදන්කේණී පොලිසිය විසින් මේ දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත්තේ මන්ත්‍රීවරයා සමග ගොස් අපොස සාම...
"අලි ඇතුන් 3 ක් නිදහස් කිරීමේ නඩුව – හිටපු වනජීවී අධ්‍යක්‍ෂ ජනරාල් සහ දෙහිවල සත්ත්වෝද්‍යාන අධ්‍යක්‍ෂ ජනරාල් අත්අඩංගුවට ගැනීම වළක්වන නියෝගයක්"
"ජනාධිපති ලේකම්වරයාගේ උපදෙස් මත ශ්‍රී ලංකා රාමක්‍ඳ්ක්‍ඳ නිකායට හා අමරපුර නිකායට කණ්ඩුල, මංගල හා ඇසළ යන අලි ඇතුන් තිදෙනා නිදහස් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පවතින නඩුවක සැකකරුවන් ලෙස හිටපු වනජීවී අධ්‍යක්‍ෂ ජනරාල් දයාවන් රත්නායක හා දෙහිවල ජාතික සත්වෝද්‍යාන හිටපු අධ්‍යක්‍ෂ ජනරාල් අනුර ද සි...
"සියයට 50 කාටද බලාගන්න පුංචි ඡන්දයට බය නම් ජනාධිපතිවරණය පවත්වන්න- සජිත් ජනපතිට කියයි"
"ආණ්ඩුව පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට බිය නම් වහාම ජනාධිපතිවරණයක් පැවැත්වීමට කටයුතු කරන ලෙසත්, ඒ සඳහා අවශ්‍ය සහාය විපක්ෂය ලබා දෙන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (06දා) පැවසීය. එවිට සියයට පනහක් තිබෙන්නේ කුමන දේශපාලන පක්ෂයටදැයි සොයාගත හැකි බවද හෙතෙම කීය. මේ වන විට රටේ කිසිම පක්ෂයකට සියයට පනහක...
"අරගලයෙන් අඩාල වූ වරාය සහ ගුවන් සේවා කටයුතු මේවන විට සුරක්ෂිතව සිදුවෙනවා -ඇමැති නිමල් සිරිපාල ද සිල්වා"
"රට තුළ පැවති අරගලය හේතුවෙන් විදෙස් නැව් 14ක් ආපසු හැරී ගිය අතර ගුවන් කොටුපළ කටයුතුද අඩාල වුවත් මේවන විට මෙරට වරාය සහ ගුවන් තොටුපළ සුරක්ෂිත කිරීමට වගබලා ගෙන ඇති බව වරාය හා සිවිල් ගුවන් සේවා ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (06) පැවසීය. වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා විසින් සෙංකෝලය තැන්පත් කි...
"අජාන් බ්‍රහ්මවංශෝ හිමිගෙන් ඇමැති නිමල් සමාව ඉල්ලයි-මාධ්‍යයටත් දෙහි කපයි"
"විදේශ ගතවීමට ගිය අජාන් බ්‍රහ්මවංශෝ හිමියන්ට පසුගිය දිනෙක කටුනායක ගුවන්තොටුපොළේදී විඳීමට සිදු වූ අපහසුතාව ගැන උන්වහන්සේගෙන් විෂය භාර අමාත්‍යවරයා ලෙස තමන් සමාව අයැද සිටින බව වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (06දා) පැවසීය. තමා යටතේ පවතින ආයතනයකින් යම් වැරැද්දක් සිදුවී ඇත්...
"තිනියාවල හිමිගේ නඩුවට ලලිත් වීරතුංගගෙන් මූලික විරෝධතාවක්"
"තමන්ට හා හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාට එරෙහිව තිනියාවල පාලිත හිමියන් විසින් පෞද්ගලික නඩුවක් ගොනුකර ඇත්තේ නිසි කරුණු අවබෝධ කරගෙන හෝ නිසි පසුවිපරමකින් අනතුරුව නොවන බව පෙන්වා දෙමින් එම නඩුවේ දෙවන සැකකරු ලෙස නම්කර සිටින හිටපු ජනාධිපති ලේකම්වරයකු වන ලලිත් වීරතුංග මහතා ඊයේ (06දා) කොටුව මහෙස්ත්‍රාත් අධිකරණ...
"ඩයනා ගැන තීන්දුව ජූලි 25දා"
"රාජ්‍ය ඇමැතිනි ඩයනා ගමගේ මහත්මිය ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධුරයක් දැරීමට නුසුදුසු අයකු බවට නිගමනය කරන නියෝගයක් ඉල්ලා ගොනුකර ඇති පෙත්සම සම්බන්ධයෙන් තීන්දුව ලබන මස 25 වැනිදා නිකුත් කිරීමට අභියාචනාධිකරණය ඊයේ (06 දා) තීරණය කළේය. ඩයනා ගමගේ මහත්මිය බ්‍රිතාන්‍ය පුරවැසියකු වන බැවින් ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අ...
"වැට් ප්‍රතිසංස්කරණය කරයි -එස් වැට් අහෝසි කරයි- රජයේ තීරණය බන්දුල කියයි"
"දැනට පවතින නිදහස් කිරීම් රැසක් ඉවත් කරමින් එකතු කළ අගය මත (වැට්) බදු ක්‍රමය ප්‍රතිසංස්කරණය කිරීමට සහ සරල කරන ලද එකතු කළ අගය මත බදු ක්‍රමය (එස් වැට්) අහෝසි කිරීමටත් රජය තීරණය කර තිබේ. වැට් බදු නිදහස් කිරීම් නැවත සලකා බලා තාර්කීකකරණය කිරීම තුළින් දළ දේශීය නිෂ්පාදනයෙන් සියයට 1.2 කින් පමණ බදු ආදායම වැඩිකර ගැනීමේ හැකියාවක්...