Title
stringlengths
9
246
Content
stringlengths
3
62.9k
"දරුවන්ට ඊ මේල් ගිණුම් සැකසීමේදී මාපියන්ගේ දත්ත ඇතුළත් කරන්න එපා"
"පාසල් දරුවන් වෙනුවෙන් විද්‍යුත් තැපෑල (E- mail) ගිණුම් සැකසීමේදී දෙමව්පියන්ගේ දත්ත ඇතුළත් නොකරන ලෙස ඉල්ලීමක් කරන බව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තු නිලධාරීහු පාර්ලිමේන්තු කාරක සභාවේදී ප්‍රකාශ කළහ. දෙමව්පියන්ගේ දත්ත ඒවාට ලබාදීම නිසා දරුවන්ට ඕනෑම වෙබ් අඩවියකට පිවිසීමට අවස්ථාව සැලසෙන බවද දරුවන්ගේ නිවැරදි වයස ඇතුළු තොරතුරු ල...
"නව ආරක්‍ෂක වැඩ පිළිවෙළත් සමග ජාතික රෝහලේ දූෂිත ක්‍රියා අඩුවෙයි"
"කොළඹ ජාතික රෝහල තුළ පසුගිය කාලයේ සිදු වූ මත්ද්‍රව්‍ය ජාවාරම් සොරකම් ඇතුළු දූෂිත ක්‍රියාවන් මේ වන විට 75% කින් පමණ අඩු වී ඇති බව රෝහල් බලධාරීහු පවසති. ජාතික රෝහල තුළ ක්‍රියාත්මක කළ නව ආරක්‍ෂක වැඩපිළිවෙළ මෙම දූෂිත ක්‍රියා ශීඝ්‍රලෙස පහළ යෑමට හේතු වූ බව එම බලධාරීහු කියා සිටිති. ජාතික රෝහලේ මත්ද්‍රව්‍ය ජාවාරම් සොරකම් ඇතුළු...
"ශ්‍රී ලංකික සිසුන්ගේ පවුල්වල අයට බ්‍රිතාන්‍ය වීසා නෑ!"
"ශ්‍රී ලංකාවේ සිට බ්‍රිතාන්‍යයට එන සිසුන්ගේ පවුල්වල අයට වීසා බලපත් නොදීමට බ්‍රිතාන්‍ය රජය තීරණය කර ඇත. මෙයට හේතු වී ඇත්තේ එම සිසුන්ගේ පවුල්වල අය එරට දිගටම රැඳී සිටීම සහ දේශපාලන රැකවරණ පැතීමත් ය. ශ්‍රී ලාංකික සිසුන්ගේ පවුල්වල සාමාජිකයන් විශාල පිරිසක් බ්‍රිතාන්‍යයේ රැඳී සිටින අතර ඔවුන්ගෙන් වැඩිදෙනා ද්‍රවිඩ ප්‍රජාව වෙති. ...
"රෝහල් රැසක සී. ටී. ස්කෑන් යන්ත්‍ර කොට උඩ"
"කුරුණෑගල, හම්බන්තොට, කරාපිටිය, කළුතර, රත්නපුර ඇතුළු රෝහල් රැසක සී. ටී. ස්කෑන් යන්ත්‍ර ක්‍රියා විරහිත වීම හේතුවෙන් රෝගී ජීවිතවලට දැඩි අවදානමක් මතුව ඇතැයි සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය පවසයි. මීට අමතරව මහරගම අපේක්‍ෂා රෝහලේ පවතින ‘ස්වයක්‍රීය එන්නත්කරණ යන්ත්‍රයද වසරක කාලයක සිට අක්‍රීය වීමෙන් ඊයේ (05දා) සිට භාවිතයෙන...
"යුද – නාවික – ගුවන් බළකා ඒකාබද්ධ බළකායක් කෙරේ"
"යුද – නාවික සහ ගුවන් හමුදා බළකා ඒකාබද්ධ බළකායක් කිරීමට රජය තීරණය කර ඇත. මේ සඳහා 2009 මාණ්ඩලික ආඥා පනත සංශෝධනය කෙරෙන අතර එම බළකා ඒකාබද්ධ කිරීමට අමතරව කරුණු 11 ක් මත ආරක්ෂක ක්ෂේත්‍රය නඟාසිටුවීමට ද පියවර ගැනේ. මෙම බළකා ඒකාබද්ධ කරන්නේ වසර 14 කට පසුවය. මේ සඳහා කටයුතු කරන ලෙස රජය නීතිපති දෙපාර්තමේන්තුවට දැනුම් දී ඇත. රජය මෙ...
"ප්‍රෝඩාකාරී ඡන්ද කල් දැමීමට එරෙහිව තවත් නඩුවක් ගොනු කරනවා – ජවිපෙ ප්‍රචාරක ලේකම් විජිත හේරත්"
"ප්‍රෝඩාකාරී ලෙස ඡන්ද කල් දැමීමට එරෙහිව තවත් නඩුවක් ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනු කරන බව ජවිපෙ ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා පවසයි. බත්තරමුල්ල ජනතා විමුක්ති පෙරමුණ ප්‍රධාන කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් හේරත් මහතා මෙසේද පැවසීය. රටේ ආර්ථිකය බංකොළොත් කළ මේ ආණ්ඩුව ප්‍රජාතන්ත්‍රවාදය හකුලමින් කිසිදු පිළිගත හැකි හේතුවක් න...
"ජීවිත 288ක් බිලි ගත් අනතුරෙන් දින 3කට පසු ඉන්දියාවේ තවත් දුම්රියක් පීලි පනී"
"ජීවිත 288ක් බිලිගත් බාලසෝර් දුම්රිය අනතුරෙන් දින තුනකට පසුව ඉන්දියාවේ ඔඩිෂා ප්‍රාන්තයේ බාර්ගාර්හිදී පෞද්ගලික භාණ්ඩ දුම්රියක් පීලි පැනීමකට ලක් විය. මෙම සිද්ධියෙන් ජීවිත හානි කිසිවක් වාර්තා වී නොමැත. පුද්ගලයන් 275 දෙනකුට මරු කැඳවූ මාරක දුම්රිය අනතුර සම්බන්ධයෙන් ඉන්දියාවේ ඉහළම රහස් පරීක්ෂක ඒජන්සිය වන සීබීඅයි විසින් විමර්...
"ප්‍රෝඩාකාරී ඡන්ද කල් දැමීමට එරෙහිව තවත් නඩුවක් ගොනු කරනවා – ජවිපෙ ප්‍රචාරක ලේකම් විජිත හේරත්"
"ප්‍රෝඩාකාරී ලෙස ඡන්ද කල් දැමීමට එරෙහිව තවත් නඩුවක් ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනු කරන බව ජවිපෙ ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා පවසයි. බත්තරමුල්ල ජනතා විමුක්ති පෙරමුණ ප්‍රධාන කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් හේරත් මහතා මෙසේද පැවසීය. රටේ ආර්ථිකය බංකොළොත් කළ මේ ආණ්ඩුව ප්‍රජාතන්ත්‍රවාදය හකුලමින් කිසිදු පිළිගත හැකි හේතුවක් න...
"සියයට 50 ඇත්තේ කාටදැයි බලාගන්න වහාම ඡන්දයක් තියන්න"
"ජනාධිපතිවරයා කියන පරිදි කිසිඳු දේශපාලන පක්ෂයකට තනියම සියයට පණහක් ලබාගැනීමට නොහැකි නම් වහාම ජනාධිපතිවරණයක් හෝ මහ මැතිවරණයක් පවත්වන ලෙසට අභියෝග කරන බවත් එවිට 50% ඇත්තේ කාටදැයි පෙනෙනු ඇතැයි සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පැවසීය. විපක්ෂ නායක කාර්යාලය ඊයේ (05දා) පැවති මාධ්‍ය හමුවේද...
"සියයට 50 ඇත්තේ කාටදැයි බලාගන්න වහාම ඡන්දයක් තියන්න"
"ජනාධිපතිවරයා කියන පරිදි කිසිඳු දේශපාලන පක්ෂයකට තනියම සියයට පණහක් ලබාගැනීමට නොහැකි නම් වහාම ජනාධිපතිවරණයක් හෝ මහ මැතිවරණයක් පවත්වන ලෙසට අභියෝග කරන බවත් එවිට 50% ඇත්තේ කාටදැයි පෙනෙනු ඇතැයි සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පැවසීය. විපක්ෂ නායක කාර්යාලය ඊයේ (05දා) පැවති මාධ්‍ය හමුවේද...
"දරුවන් මිය ගියේ ජාන විකෘතියකින් නරකම සමූල ඝාතකයා කියා 25 වසරකට හිරේ දැමූ අම්මා නිදහස්"
"සිය ළදරුවන් සිවු දෙනා ඝාතනය කළ බවට චෝදනා කරමින් 2003 වසරේදී අධිකරණය විසින් වසර 25ක සිර දඬුවමක් නියම කළ ඔස්ටේ්‍රලියාවේ නරකම සමූල ඝාතකයා වශයෙන් නම් කර සිටි ඔස්ටේ්‍රලියානු ජාතික කාන්තාවක් වසර 20කට පසු එම දරුවන් ඝාතනය නොකළ බවට විද්‍යාත්මක පරීක්ෂණවලදී තහවුරු වීම නිසා සිරෙන් නිදහස් කිරීමට පියවර ගෙන තිබේ. දැනට 55 වැනි වියෙහි...
"විකාශන අධිකාරි පනත: එරෙහිව මැති සබයේත් උසාවියේත් උපරිම ක්‍රියාමාර්ග ගන්නවා"
"රජය විසින් ගෙන ඒමට නියමිත විකාශන අධිකාරි පනතට විරුද්ධ වීමට සහ එය පරාජය කිරීමට පාර්ලිමේන්තුව තුළත් ඉන් පිටතත් අධිකරණයේත් උපරිම ක්‍රියාමාර්ග ගැනීමට සමගි ජන බලවේගය ප්‍රමුඛ විපක්ෂයේ විධායක සභාව ඒකමතිකව තීරණය කළ විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ (5දා) පැවසීය. ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදය තුළ ...
"ට්‍රයිකෝ මැරිටයිම් පැවරූ නඩුවට – එක්ස්ප්‍රස් පර්ල් නැවේ හිමිකරු ඇතුළු 7 ක් උසාවි කැඳවා නොතිසි"
"ශ්‍රී ලංකා මුහුදු සීමාවේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී. එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ හිමිකරුට, මෙරට දේශීය නියෝජිත හා නැව් කළමනාකරු ඇතුළු වගඋත්තරකරුවන් හත්දෙනකුට ලබන අගෝස්තු 10 වැනිදා අධිකරණය හමුවේ කරුණු දක්වන ලෙස දන්වා නොතිසි යැවීමට කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරු ප්‍රදීප් හෙට්ටිආරච්චි මහතා ඊයේ (05 දා) නියෝග කළේය. විදේශ රටවල ස...
"ඕල්ටන් වතුයායේ හොඳම දලු නෙළන්නිය විග්නේෂ්වරී"
"රන් පවුමක් සමග රු.ලක්‍ෂයක් දිනා ගනී හොරණ වැවිලි සමාගමට අයත් ඕල්ටන් තේ වතුයායේ හොඳම තේ දලු නෙළන්නිය තරගයෙන් ප්‍රථම ස්ථානයට පත් කම්කරු කාන්තාවට එම වැවිලි සමාගමේ කළමනාකාරිත්වය මගින් රුපියල් 178,500 ක් පමණ වටිනා රන් පවුමක් හා මුදලින් රුපියල් ලක්ෂයක් පිරිනැමීම පසුගියදා ඕල්ටන් තේ වතුයායේදී උත්සවශ්‍රීයෙන් සිදු කෙරිණි. ඕල්ටන්...
"සා. පෙළ විභාගය නිමවන තෙක් විරෝධතා එපා!"
"සාමාන්‍ය පෙළ විභාගය පවත්වා අවසන් වන තෙක් සිසුන් අපහසුතාවට පත්වන කිසිදු විරෝධතාවක නිරත නොවන ලෙස විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා සියලු පාර්ශ්වයන්ගෙන් ඊයේ (05 දා) ඉල්ලා සිටියේය. මෙම සිසුන් ඉකුත් වසරේ (2022) දෙසැම්බර් මාසයේදී සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට නියමිතව සිටි අතර මාස 06ක් ප්‍රමාද වී විවිධ දුෂ්කරතා ම...
"ජෙරොම්ගේ පෙත්සමට අතරමැදි පාර්ශ්වකරුවකු වීමට ඇල්ලේ හිමිට අවසර"
"තමා අත්අඩංගුවට ගැනීම වළක්වන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ජෙරොම් ප්‍රනාන්දු දේවගැතිවරයා විසින් ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සමට අතරමැදි පාර්ශ්වකරුවකු ලෙස සම්බන්ධ වී කරුණු දැක්වීමට ඇල්ලේ ගුණවංශ හිමියන්ට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (05 දා) අවසර ලබාදුන්නේය. ඇල්ලේ ගුණවංශ හිමියන් විසින් අතරමැදි පාර්ශ්වකරුවකු ලෙස සම්බන්ධ වී ක...
"විකාශන නියාමන කෙටුම්පත ආවොත් මාධ්‍ය ආයතනවල ආයුෂ ආණ්ඩුව අතේ – ජී. එල්. පීරිස්"
"විකාශන නියාමන කෙටුම්පත ක්‍රියාත්මක කළහොත් ආණ්ඩුවේ ගුණ වර්ණනා කරන තාක්කල් මාධ්‍ය ආයතනවල ආයුෂ කාලය තීරණය වනු ඇතැයි නිදහස ජනතා සභාවේ සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා ඊයේ (05දා) පැවැසීය. මාධ්‍ය නිදහස ජීවමාන ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික අංගයක් බවත්, එය මානව අයිතිවාසිකම්වල උල්පත බවත් නිදහස ජනතා සභා කාර...
"තිළිණි උසාවි නොඑයි: වාහන වංචා නඩුව ලබන මස 7 ට කල්යයි"
"මුදල් නොමැති ගිණුමකින් අගරු චෙක්පත්දී රුපියල් ලක්‍ෂ 80 ක් වටිනා වාහනයක් ලබාගෙන මුදල් නොදී වංචා කිරීමේ චෝදනාව යටතේ නීතිපතිවරයා විසින් පවරා ඇති නඩුවේ විත්තිකාරිය වන තිළිණි පියුමාලි නමැත්තිය ඊයේ (5 දා) අධිකරණය හමුවේ පෙනී නොසිටීම නිසා නඩු විභාගය ලබන මස 7 වැනිදා දක්වා කල්තැබීමට කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා ...
"වයඹ ආණ්ඩුකාර වැඩ අරඹයි: – වඩුවා කෙටූ ගල කැඩීම නවතයි"
"දඹදෙණිය ප්‍රදේශයේ පිහිටි “වඩුවා කෙටූ ගල’ පාදම කොටස ආශ්‍රිතව සිදු කෙරෙන කළුගල් කැඩීම තාවකාලිකව නතර කරවන්නැයි වයඹ පළාත් ආණ්ඩුකාර ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා ආණ්ඩුකාර ලේකම් ඉන්දික ඉලංගකෝන් මහතාට උපදෙස් දී තිබේ. ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකර අවශ්‍ය පියවරයන් ගන්නා තෙක් කළුගල් කැඩීම නතර කරවන ලෙස මෙලෙස උපදෙස් දී ඇත. දඹදෙණි...
"ඇන්. ඇම්. ජන්ම දින සමරුව අද"
"මෙරට වාමාංශික ව්‍යාපාරයේ පුරෝගාමී නායකයකු මෙන්ම රටට විශාල මෙහෙවරක් කළ කෘතහස්ත දේශපාලනඥයකු ද වූ දිවංගත ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා මහතාගේ 118 වැනි ජන්ම දින සමරු උළෙල අද (6 දා) ප.ව. 1.00 ට රාජගිරියේ ඇන්. එම්. පිළිරුව අභියසදී පැවැත්වීමට ආචාර්ය ඇන්. ඇම්. අනුස්මරණ භාරකාර අරමුදල කටයුතු යොදා තිබේ. එදින ප.ව. 2.00 ට බොරැල්ල ඇන්. එ...
"ගිය වසරට වඩා මේ වසරේ ඩෙංගු ඩබල් වෙලා"
"ඉකුත් වසරට (2022) සාපේක්ෂව මෙම වසරේ ගත වූ මාස පහේම දිවයිනෙන් වාර්තා වී ඇති ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාවේ විශාල වැඩිවීමක් ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකයේ දත්ත වාර්තා පෙන්වා දෙමින් වසංගත රෝග විශේෂඥ වෛද්‍යවරු පවසති. මෙම තත්ත්වය මත ජනතාව ඩෙංගු රෝගය ගැන දැනට වඩා වැඩි අවධානයක් හා සැලකිල්ලක් දක්වා අවට පරිසරය ඩෙංගු මදුරුවන්ගෙන් තොරව...
"මේ සියවසේ දරුණුම දුම්රිය අනතුර ඉන්දියාවේ"
"ඉන්දියාවේ නැගෙනහිර ඔඩිෂා ප්‍රාන්තයේ පසුගිය සිකුරාදා (02දා) රාත්‍රියේ දුම්රිය තුනක් එකට ගැටීමෙන් සිදුවූ අනතුරින් මේ වනවිට අවම වශයෙන් පුද්ගලයන් 288 දෙනකු පමණ මියගොස් දහසකට අධික පිරිසක් තුවාල ලබා ඇත. සිකුරාදා රාත්‍රියේ පීලි පැනීමකට ලක්වූ මගී දුම්රියක් යාබද මාර්ගයේ ගමන් කරමින් තිබූ තවත් දුම්රියක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇ...
"උපාලි සමූහ ව්‍යාපාරයේ අනුග්‍රහයෙන් පැවැති සිතුල්පව්ව ආලෝක පූජාව…"
"ඓතිහාසික සිතුල්පව්ව පුදබිමේ පොසොන් උළෙලට සමගාමීව එහි ආලෝක පූජාව විහාරාධිපති පූජ්‍ය මැටරඹ හේමරතන නාහිමිපාණන්ගේ අනුශාසනා මත මෙවරද සිදුකෙරුණේ උපාලි සමූහ ව්‍යාපාරයේ අනුග්‍රහයෙනි. 36 වැනි වතාවටත් මෙවර පැවැති එම ආලෝක පූජාව විවෘත කිරීමේ අවස්ථාවට සිතුල්පව්ව දායක සභාවේ සභාපති හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ, දායක සභාවේ උප සභාපත...
"පරීක්‍ෂණ නොවේ ගුවන්තොටේ එවැනි සිද්ධි යළි වීමට ඉඩ දෙනු එපා – අජාන් බ්‍රහ්මවංශ හිමියෝ පවසති"
"ප්‍රභූවරයකු නිසා තමාට කටුනායක ගුවන්තොටුපළේ පැය 12 ක් රැඳීසිටීමට සිදුවූ සිද්ධිය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා විසින් පරීක්‍ෂණයක් පැවැත්වීමට උපදෙස්දීම නොව මින් ඉදිරියට රටේ එවැනි දෙයක් සිදුනොවීමට වගබලාගත යුතු බව ලෝක ප්‍රකට ථෙරවාදී හිමිනමක් වන අජාන් බ්‍රහ්මවංශ හිමියෝ ප්‍රකාශ කරති. ඔස්ටේ්‍රලියාවේ පර්ත් නුවර පිහිටි සිය ආශ්‍රමයේ ...
"ජය ශ්‍රී මහා බෝ සමිඳුන් වන්දනාවට විශාල පිරිසක්"
"අනුබුදු මිහිඳු මාහිමිපාණන් වහන්සේ ලක්දිවට වැඩම කොට මෙරට සම්බුද්ධ ශාසනය ස්ථාපිත කළ දිනය ලෙස හැඳින්වෙන පොසොන් පුර පසළොස්වක පෝය දිනය යෙදී තිබූ පෙරේදා (03දා) අනුරාධපුර ජය ශ්‍රී මහා බෝසමිඳුන් වන්දනා කිරීමට දිවයිනේ සිව්දෙසින් අති විශාල සැදැහැවතුන් පිරිසක් පැමිණ සිටි අයුරු ඡායාරූපයේ දැක්වේ. ඡායාරූප – අනුරාධපුර විශේෂ – පර්සි ...
"මියගිය අයගේ පවුල්වලට අපේ ජනපති සොව පළ කරයි"
"ඉන්දියාවේ නැගෙනහිර ඔඩීෂා ප්‍රාන්තයේ සිදුවූ ඛේදනීය දුම්රිය අනතුරෙන් මියගිය සියලුදෙනාගේ පවුල්වල සාමාජිකයන් වෙත සහ ඉන්දීය රජය වෙත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය ශෝකය පළකර ඇත. දුම්රිය අනතුර සැලවීමත් සමඟ තමා මහත් කම්පනයට පත්වූ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා වෙත විශේෂ පණිවුඩයක් යොම...
"ගජේන්ද්‍රකුමාර් හා පොලිසිය අතර ගැටුම අද උසාවිය හමුවට"
"දෙමළ ජාතික ජනතා පෙරමුණේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් සහ පොලිස් නිලධාරීන් අතර පසුගිය සිකුරාදා (02දා) ඇතිවූ සිද්ධිය සම්බන්ධයෙන් මහජන ආරක්‍ෂක ඇමැති ටිරාන් අලස් මහතා වාර්තාවක් කැඳවා ඇත. සිදුවීම සම්බන්ධයෙන් අද (05දා) අධිකරණයට කරුණු වාර්තා කරන බව අමාත්‍යාංශය කියයි. ගජේන්ද්‍රකුමාර් මන්ත්‍රීව...
"පාර්ලිමේන්තුවේ පක්ෂ එකට එකතුවත් කාටවත් 50%ක ඡන්ද පදනමක් නෑ"
"දුෂ්කරතා සහ අභියෝගවලට මුහුණදී ඉදිරියට යෑමට උත්සාහ ගැනීම සියලු‍ දෙනාගේ වගකීමක් අත්‍යවශ්‍ය නීති පද්ධතියක් සහ ස්වාධීන අධිකරණයක් රට තුළ තිබීම අත්‍යවශ්‍යයි පාර්ලිමේන්තුවේ සියලු‍ම දේශපාලන පක්ෂ එකට එක් වුවත් මේ මොහොතේ ඒ කිසිවකුට 50%ක ඡන්ද පදනමක් නොමැති බවත් එබැවින් සියලු‍දෙනා එක්විය යුත්තේ මැතිවරණයක් සඳහා නොව ආර්ථික අර්බුදයෙ...
"50 වැනි ලෝක පරිසර දින සැමරුම අද"
"පනස්වැනි (50) ලෝක පරිසර දිනය අදට (ජූනි 5) යෙදී ඇත. “ප්ලාස්ටික් මගින් සිදුවන දූෂණය පිටු දකිමු” :(Solutions To Plastic Pollution) යන්න මෙවර පරිසර දිනයේ තේමාවයි. ලෝක ජනතාව පරිසරය රැකගැනීම සඳහා වැඩිපුර යොමුකරවීමත්, පරිසර සංරක්‍ෂණයේ වැදගත්කම ගෝලීය මට්ටමෙන් සාකච්ඡාවට බදුන් කිරීමත් ලෝක පරිසර දිනය සැමරීමේ අරමුණයි. ලෝකය මුහුණ ...
"කොළඹ නවමහල් ගොඩනැඟිල්ලකට බලෙන් පැන හානි කළ 23 ක් අල්ලයි"
"කොළඹ නවම් මාවතේ පිහිටි මහල් 9 කින් සමන්විත ගොඩනැඟිල්ලකට බලහත්කාරයෙන් ඇතුළු වී එහි දේපළවලට හානිකළ බව කියන පුද්ගලයන් 23 දෙනෙකු ඊයේ (4 දා) අලුයම අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව මහතා ‘දිවයින’ට පැවසීය. මෙම ගොඩනැඟිල්ල නඩු හබ ඇති ගොඩනැඟිල්ලක් බව ද අත්අඩංගුවට ගත් පිරිස කොම්පක්‍ඳ්...
"ෂෙඩ් 121 ක් තෙල් ඇණවුම් කර තිබුණේ නෑ"
"පසුගිය දිනවල ඉන්ධන පෝලිම් නිර්මාණය වී තිබුණේ ඉන්ධන පිරවුම්හල් 121 ක් මැයි 27 සිට 31 වැනිදා දක්වා කාලය තුළ ඉන්ධන ඇණවුම් නොකිරීම සහ අනෙකුත් ඉන්ධන හල් අවම තොග පවත්වාගෙන යෑමට ඉන්ධන ඇණවුම් නොකිරීම නිසා යැයි විදුලිබල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර මහතා පවසයි. ඛනිජ තෙල් සංස්ථාව සමඟ ගිවිසුම් ගතවීමේදී අනුගමනය කළයුතු කොන්දේසි උ...
"ලිට්‍රෝ ගෑස් මිල බස්සයි"
"ලිට්‍රෝ ගෑස් මිල ඊයේ (05දා) මධ්‍යම රාත්‍රියේ සිට අඩුකර ඇත. ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 453 කින් අඩුවී ඇත. ඒ අනුව එහි නව මිල රුපියල් 3,186 කි. කිලෝ ග්‍රෑම් 05 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 181 කින් පහත ගොස් ඇති අතර එහි නව මිල රුපියල් 1,281 කි. කිලෝ ග්‍රෑම් 2.5 ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් ...
"‘සුරකිමු ගංගා’ අරමුණට පිටින් ලක්‍ෂ 20ක් වැය කර විදුලි කාරයක් අරන්"
"මධ්‍යම පරිසර අධිකාරිය විසින් ‘සුරකිමු ගංගා’ වැඩසටහනේ අරමුණුවලට පටහැනිව එහි ප්‍රතිපාදන රුපියල් විසිලක්ෂ තිස්දහසක මුදලක් (2,030,000) වැයකොට විද්‍යුත් මෝටර් රථයක් මිලදී ගැනීමට කටයුතු කර ඇති බැව් ජාතික විගණන කාර්යාලය පවසයි. අරමුණට පටහැනිව මෙම මෝටර් රථය මිලදී ගැනීමට කටයුතු කළ නිලධාරීන්ට විනය ක්‍රියාමාර්ග ගත යුතු බට විගණනය ...
"මීට පස්සේ ජිනීවා යන්නේ නෑ"
"ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර ගැටලු තවදුරටත් ජිනීවා මානව හිමිකම් කොමිසම වෙත රැගෙන නොයෑමට රජය තීරණය කර ඇත. රජය විසින් පිහිටුවා ඇති සත්‍ය සහ සහජීවනය පිළිබඳව කමිටුව මගින් රටේ අභ්‍යන්තර ගැටලු සම්බන්ධව සාකච්ඡා කර ඊට විසඳුම් ලබාදීමට අවධානය යොමුකර තිබේ. කැබිනට් මණ්ඩලයේ අනුමැතිය මත පිහිටුවනු ලැබූ මෙම සත්‍ය සහ සහජීවනය පිළිබඳ කමිටුවේ ...
"කොන්දේසි ලිහිල් කරමින් ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 450ක්"
"ලෝක බැංකුවේ කොන්දේසි ලිහිල් කර ගනිමින් ඩොලර් මිලියන 450 ක ආධාරයක් අනුමත කර ගැනීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට හැකිවී තිබේ. මුදල් අමාත්‍යාංශ නිලධාරීන් මහ බැංකු අධිපති ඇතුළු නිලධාරීන් ලබාදුන් දත්ත මත පදනම්ව සකස් කළ ලේඛනයක් ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා විසින් ජනාධිපතිවරයාගේ උපදෙස් මත ලෝක බැංකුවට ල...
"දූෂණ දර්ශකයෙන් ශ්‍රී ලංකාව 101 වැනි තැන – මහ බැංකුව කියයි"
"දූෂණ සංජානන දර්ශකයේ රටවල් 180 අතුරින් ශ්‍රී ලංකාව (2022) වර්ෂයේ දී 101 වැනි ස්ථානයට පත්ව ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් 2022 වර්ෂයට අදාළව නිකුත් කර ඇති වාර්ෂික වාර්තාවේ සඳහන් වෙයි. ශ්‍රී ලංකාව 101 වැනි ස්ථානයට පත්වීමෙන් රටේ දූෂණය බහුලව සිදුවන බවට පැහැදිලි වන බව ද මහ බැංකු වාර්තාවේ සඳහන් වේ. මෙම තත්ත්වය හමුවේ දූෂණය...
"ලිට්‍රෝ ලොක්කන් 22කට පොලී නැතිව වාහන දීලා"
"ලිට්‍රෝ ගෑස් ලංකා සමාගමේ සභාපතිවරයාට, විකුණුම් අධ්‍යක්ෂවරයාට සහ සමාගමේ නිලධාරීන් විසිදෙනකුට 2020 හා 2021 යන වර්ෂවලදී කිසිදු පොලී මුදලකින් තොරව (ශුන්‍ය පොලී අනුපාතය යටතේ) රුපියල් මිලියන 127.06ක කාර්යමණ්ඩල වාහන ණය මුදලක් ලබා දී ඇති බව විගණනය මගින් අනාවරණය කර ඇත. සභාපතිවරයාට සහ විකුණුම් අධ්‍යක්ෂවරයාට පිළිවෙළින් රුපියල් එ...
"හොර සහතිකවලින් ශ්‍රී ලාංකිකයෝ ලක්ෂයක් බ්‍රිතාන්‍යයට පැනලා"
"ව්‍යාජ උපාධි වෙනත් ව්‍යාජ අධ්‍යාපන සහතික සහ වෘත්තීය නිපුණතා සහතික ඉදිරිපත් කර බ්‍රිතාන්‍ය වෘත්තිය විසා බලපත් ලබාගෙන එරටට ගිය ශ්‍රී ලාංකිකයන් ලක්‍ෂයකට අධික සංඛ්‍යාවක් ගැන බ්‍රිතාන්‍ය රජය පරීක්‍ෂණ අරඹා ඇත. ස්කයි නිව්ස් ප්‍රවෘත්ති සේවාවේ තොරතුරු හෙළිකර තිබේ. එම ව්‍යාජ සහතික රැසක් ද ස්කායි නිව්ස් විමර්ශන කණ්ඩායම විසින් සො...
"ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තයට බිල් ගේට්ස්ගෙන් ඩොලර් මිලියන 250ක්"
"මෙරට කෘෂිකර්මය දියුණු කිරීම සඳහා ලෝක ප්‍රකට මයික්‍රොසොෆ්ට් ආයතනයේ හිමිකරු බිල් ගේට්ස් මහතාගේ බිල්ගේට් පදනම ඉදිරිපත් වී සිටී. කෘෂි ක්‍ෂේත්‍රයේ ඵලදා වැඩි කිරීම හා පෝෂණය වැඩි කිරීමේ කටයුතු වෙනුවෙන් ඩිජිටල් තාක්‍ෂණය යොදා ගැනීමේ මෘදුකාංගයක් හඳුන්වා දෙමින් බිල් ගේට්ස් පදනම මෙරට කෘෂිකර්මය නැංවීමට ඉදිරිපත්ව සිටින අතර ඒ සඳහා ව...
"ඇමරිකානුවන්ට බෙදන හැන්ද ශ්‍රී ලංකාවෙන් ජිනීවා සමුළුවට"
"ශ්‍රී ලංකාව තුළදී දූෂණ ක්‍රියා සිදුකළ ඇමරිකානු පුරවැසියන්ට එරෙහිව ඇමරිකන් විදේශ දූෂණ පනත යටතේ ක්‍රියාකරන බව ඇමරිකානු රජය ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට දන්වා ඇත. මේ බව නව මානව හිමිකම් කොමසාරිස් වොල්කර් ටර්න් විසින් හෙළිකර තිබේ. දූෂණ ක්‍රියා සිදුකළ රාජ්‍ය නිලධාරීන්ට සහ දේශපාලකයන්ට එරෙහිව ද එම පනත යටතේ ක්‍රියා කෙරෙනු ඇත...
"දකුණේ විදුලි ව්‍යාපෘතිය වන්දියක හිරවෙයි"
"දකුණු පළාතට විදුලිය ලබාදීමට ක්‍රියාත්මක යෝධ විදුලි ව්‍යාපෘතියක් රත්නපුර, සිරිපාගම ප්‍රදේශයේ අක්කර දෙසීයක ඉඩමක වන්දි ප්‍රශ්නයක් මත නතර කර දැමීමට ලංකා විදුලිබල මණ්ඩලයට සිදුව තිබේ. මෙනිසා අතිවිශාල මුදලක් වැයකර පෞද්ගලික ඩීසල් බලාගාරවලින් දකුණු පළාතට විදුලිය ලබාදීමට සිදුව තිබෙන බව ලංවිම පාලනාධිකාරිය කියා සිටී. ආසියානු සංවර...
"සමෘද්ධි බැංකු වංචා පෙන්නුවත් ලොක්කන්ට වගේ වගක් නෑ- විගණන කාර්යාලය කියයි"
"සමෘද්ධි බැංකු හා බැංකු සමිතිවල සිදුවී ඇති මූල්‍ය වංචා හා අක්‍රමිකතා විගණන වාර්තා මගින් පෙන්වා දී තිබුණ ද මෙකී වංචා හා අක්‍රමිකතා වළක්වා ගැනීමට ඉහළ කළමනාකරණයේ අවධානය යොමුවී නොතිබූ බව ජාතික විගණන කාර්යාලය පවසයි. සමෘද්ධි බැංකු හා බැංකු සමිතිවල 2014 -2018 කාලයේ සිදුවූ වංචා 135කට අදාළව රුපියල් එකොළොස්කෝටි පනස් හත් ලක්ෂ විස...
"පොලිසියේ 600ක් ඝාතනය කරුණා අම්මාන්ට චෝදනා ගොනුවෙයි"
"වසර 33 කට පෙර තිරුක්කෝවිල් වනයේදී පොලිස් භටයන් 600 දෙනකු ඝාතනය කිරීමට වගකිවයුතු නැඟෙනහිර හිටපු කොටි හමුදා ප්‍රධානියා වූ විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන්ට එරෙහි රජය ස්ථාපිත කළ සත්‍ය සෙවීමේ කොමිසම හමුවේ චෝදනා ගොනු කිරීමට තීරණය කර ඇත. මෙම පොලිස් භටයන් සංහාරය කිරීම කරුණා සිදුකළ බව බැංගලෝරයේ මහාචාර්යවරයෙක් සහ ඝාත...
"පරිසර ලේකම් උදලු ගායි"
"ජගත් පරිසර දිනට සමගාමීව මැයි 30 වැනිදා සිට ජුනි 5 වැනිදා දක්වා සතිය ‘ජාතික පරිසර සතිය’ ලෙස ප්‍රකාශයට පත්කර ඇත. ජාතික පරිසර සතියෙහි 2023 ජුනි 01 දින පරිසර පවිත්‍රතා දිනය ලෙස නම්කර ඇත. එම දිනය මූලික කරගෙන ප්ලාස්ටික් හා පොලිතින් අවිධිමත් ආකාරයෙන් පරිසරයට බැහැර කිරීම හා මේ දිනවල රටේ පවතින ඩෙංගු වසංගත තත්ත්වය ශීඝ්‍ර ව්‍යාප...
"කොන්ත්‍රාත්කරුවන්ගේ හිඟ මුදල් ගෙවයි"
"රජය සමග එක්ව වැඩකරන කොන්ත්‍රාත්කරුවන් සඳහා ගෙවීමට තිබූ හිඟ වාරික සියල්ල ගෙවා අවසන් කළ බව ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා පවසයි. වසර 03 ක කාලයක සිට රජයේ කොන්ත්‍රාත්කරුවන් වෙනුවෙන් ගෙවීමට තිබූ මුදල් රජය විසින් ගෙවා නොතිබූ අතර ඒවා සියල්ල ගෙවීමට කටයුතු කළ බව රත්නායක මහතා පවසයි. විශ්‍රාම ගිය රජයේ සමාගම්වල ස...
"පින්බර පොසොන් පොහොයක් වේවා"
"වැව දාගැබ ගමට මුසු වුණ චින්තනයයිඅඹ පැන ලිහන නැණවත් පාලන විනයයිහදවත් සුපේෂල කළ සදහම් ගුණයයිතෙදවත් පොසොන් සඳ හෙළ ජාතික ධනයයි අනුරාධ හිරිපිටියගේ"
"අද සමරන ලෝක පාපැදි දිනය"
"ඇමරිකා එක්සත් ජනපදයේ සේවය කරන පෝලන්ත සමාජ විද්‍යාඥයකු වන මහාචාර්ය ලෙස්සෙක් සිබිල්ස්කි ලෝක පාපැදි දිනයේ පියා ලෙස හැඳින්වේ. මහාචාර්ය ලෙස්සෙක් සිබිල්ස්කි පෝලන්ත ජාතික පාපැදි කණ්ඩායමේ සාමාජිකයකු මෙන්ම ක්‍රීඩා වාර්තාකරුවෙක් වෙයි. ඔහු ලෝක පාපැදි දිනයක් ඇරඹුම සඳහා එක්සත් ජාතීන්ගේ යෝජනාවක් ප්‍රවර්ධනය කිරීමට ඔහුගේ සමාජ විද්‍යා...
"සිතුල්පව්ව පොසොන් ආලෝක පූජාව අද – උපාලි සමූහ ව්‍යාපාරයේ අනුග්‍රහයෙන්"
"ඓතිහාසික සිතුල්පව්ව රජමහා විහාරයේ වාර්ෂික පොසොන් උත්සවය ජුනි මස 02, 03 සහ 04 වැනි දින පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබේ. පොසොන් දින වාර්ෂික ආලෝක පූජාව 36 වැනි වසරටත් උපාලි සමූහ ව්‍යාපාරයේ අනුග්‍රහයෙන් පැවැත්වීමට සංවිධානය කර ඇත. මෙවර පොසොන් උත්සවය සිතුල්පව්ව රජමහා විහාරයේ විහාරාධිපති ශාස්ත්‍රපති අග්ගමහා පණ්ඩිත මැටරඹ හ...
"මහින්දාගමනය අනුස්මරණය කිරීම සමාජ විඥ්ඥානයේ අක්මුල් සිහිපත් කිරීමක් -මල්වතු මහ නාහිමි"
"වර්තමානය වන විට රටේ උද්ගතව ඇති විවිධ සමාජ, ආර්ථික, දේශපාලනික ප්‍රවණතා හේතුවෙන් අද්‍යතන සමාජයේ තරුණ මෙන් ම වැඩිහිටි පාර්ශ්වය ද බෞද්ධ දාර්ශනික හරපද්ධතීන්ගේ වටිනාකම වටහා ගැනීමට අපොහොසත්ව ඇතැයි සියම් මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහානාහිමියෝ පවසති. මෙවර පොසොන් ප...
"මිහිඳු මහ රහතන්වහන්සේ කළ මෙහෙය සදානුස්මරණීයයි -අස්ගිරි මහ නාහිමියෝ"
"සම්බුද්ධත්වයේ පහස ලද දඹදිව්තලයේ සිට මෙරටට සම්බුදු දහමේ පණිවිඩය රැගෙන වැඩම කළ අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේ ශ්‍රී ලංකාවට කළ ශාසනීය මෙහෙවර සදානුස්මරණීය යැයි සියම් මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඤාණරතන මහ නාහිමියෝ ප්‍රකාශ කරති. පොසොන් පොහෝ දිනය නිමිත්තෙන් පණිවිඩයක් නිකුත් කරමින් උ...
"සිරකරුවන් 440කට අද ජනපතිගෙන් සමාව"
"පොසොන් උත්සවය නිමිත්තෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් බන්ධනාගාර රැඳවියන් 440 දෙනකුට අද (03 දා) පොදු සමාව ලබාදෙයි. මෙහිදී පිරිමි සිරකරුවන් 434 දෙනකු සහ කාන්තා සිරකාරියන් 06 දෙනකු සෑම බන්ධනාගාරයක්ම නියෝජනය වන පරිදි අද නිදහස්වීමට නියමිතය. චමින්ද සිල්වා"
"ජූලි අග වන විට උද්ධමනය තනි ඉලක්කමට-මහ බැංකු අධිපති කියයි"
"ජූලි මස අග වන විට මෙරට උද්ධමනය තනි ඉලක්කමක අගයකට පහත වැටෙනු ඇතැයි අපේක්‍ෂා කරන බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පැවසීය. උද්ධමනය කලින් අපේක්‍ෂා කළාට වැඩි වේගයකින් පහත වැටෙමින් තිබෙන බැවින් මහ බැංකුව මේ පුරෝකථනයට එළඹ ඇති බවද මහ බැංකු අධිපතිවරයා අවධාරණය කළේය. මේ නව පුරෝකථනය අනුව උද්ධමනය කලින් ...
"ඉන්ධන මිල පහළ යන ආරංචියට ඇතැම් ෂෙඩ් කලින්ම වහලා – සමහරක් වැඩ"
"ඉන්ධන මිල පහළ යන බව පසුගිය 31දා ආරංචිවීමත් සමග පාරිභෝගික ජනතාව තම වාහනවලට අඩුවෙන් ඉන්ධන ලබාගත් අතර ලංකාවේ බොහෝ ඉන්ධන පිරවුම් හල් 31 සවස වන විට ඉන්ධන නොමැතිව වසා දමා තිබූ අයුරු දැකගත හැකි විය. නමුත් ඇතැම් සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හල්වල තඩාග හිස්වනතුරුම ඉන්ධන ලබාදීමට කටයුතු කර තම සේවාව නිසි පරිදි ජනතාවට ලබාදී තිබිණි. ඡායාර...
"එක්ස්ප්‍රස් පර්ල් දේශීය නියෝජිතයන්ට එරෙහි නඩුව කල්යයි"
"ශ්‍රී ලංකා මුහුදු සීමාව තුළදී එම්. වී. එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීම සම්බන්ධයෙන් එම නෞකාවේ කපිතාන්වරයා එම නෞකාව හිමි විදේශීය සමාගමේ දේශීය නියෝජිතායතනයේ සාමාන්‍යාධිකාරිවරයා එහි අධ්‍යක්ෂ මණ්ඩලය ඇතුළු අටදෙනකුට නීතිපතිවරයා විසින් සමුද්‍රීය දූෂණ වැළැක්වීමේ පනත යටතේ නඩු පැවරීම හා එම නඩුව ඉදිරියට පවත්වාගෙන යෑම සම්බන්ධයෙ...
"ජාතීන් අතර සාමය සමගිය ඇති කිරීමට ගම් මට්ටමින් සංහිඳියා කමිටු පිහිටුවනවා- අධිකරණ ඇමැති ආචාර්ය විජයදාස රාජපක්ෂ"
"ගමෙහි සාමය සමගිය ආරක්ෂා කිරීම සඳහා ග්‍රාමීය මට්ටමින් සංහිඳියා කමිටු පිහිටුවීම ආරම්භ කර තිබෙනවා යැයි අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි. ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා මෙම අදහස් පළකළේ අධිකරණ අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ ඊයේ (02 දා) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි. එහිදී තවදුරටත් අදහස් පළකළ අමාත්‍යවරයා මෙසේද සඳහන් ක...
"5 ට අඩු සියලුම බබාලාගේ මේ මාසයේදී උස – බර බලයි"
"ජුනි මාසයේදී ශ්‍රී ලංකාවේ වයස අවුරුදු පහට (5) අඩු දරුවන් සියලු දෙනාගේම බර, උස මැන බලා පෝෂණ තත්ත්වය තීරණය කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ පෝෂණ අංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ලක්මිණි මාගොඩරත්න මහත්මිය කියයි. එම දරුවන්ගේ මිටි බව, කෘෂ බව, ස්ථුල බව, බර අඩු වීම ආදිය මේ මාසය තුළ මැන බැලීමට නියමිතය. ශ්‍රී ලංකාවේ ජනතාව අතර සෑම වයස් ක...
"ස්ථාන මාරු ලැබූ ජාතික පාසල් ගුරුවරුන්ට ජුනි 12දාට පෙර යන්න කියයි"
"ජාතික පාසල්වල 2021/12/31 දිනට සේවා කාලය සම්පූර්ණ කළ හා ගුරු ස්ථාන මාරු ලිපි ලැබී ඇති සියලු ගුරුභවතුන් 2023 ජුනි 12 දින වන විට එම සේවා ස්ථානයට වාර්තා කළ යුතු බව අධ්‍යාපන අමාත්‍යාංශය කියයි. යම් ගුරු භවතෙකුට අභියාචනයක් ඉදිරිපත් කිරීමට අවශ්‍ය නම්, සේවයට වාර්තා කිරීමෙන් පසු විදුහල්පති මගින් අභියාචනය ගුරු මාරු අංශයට යොමු කළ...
"දත් රෝහල් ඔත්පළ වෙයි"
"කොළඹ දන්ත රෝහල ඇතුළු දිවයිනේ සියලු රජයේ දන්ත සායනවල දන්ත ශල්‍ය වෛi උපකරණ, දත් පිරවීමට ගන්නා අමුද්‍රව්‍ය ඇතුළු තවත් දෑ වල දැඩි හිඟයක් වසරක පමණ කාලයක සිට පවතින බව රජයේ දන්ත ශල්‍ය වෛද්‍යවරුන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් විශේෂඥ වෛද්‍ය මංජුල ගමගේ මහතා ‘දිවයින’ ට ඊයේ (02දා) පැවසීය. මෙම ගැටලුව ගැන සෞඛ්‍ය අමාත්‍යාංශයට ලිඛිතව හා සා...
"රහීම් මන්ත්‍රී ධුරයෙන් නෙරපන්න -දඩ මුදල් අය කළ හැටිත් ප්‍රශ්නකාරීයි"
"රත්තරන් හා දුරකථන මෙරටට අප්‍රකාශිතව රැගෙන ඒමේ චෝදනාවකට ලක්ව දඩ මුදල ගෙවීමට සිදු වූ පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන අලි සබ්රි රහීම්ගෙන් අය කර ගන්නා ලද දඩ මුදල ප්‍රශ්නකාරී වන්නකැයි මාර්තු 12 ව්‍යාපාරය අවධාරණය කරයි. 1988 රේගු ආඥා පනත ප්‍රකාරව ඔහුගෙන් දඩ මුදල අය කර ගත් අන්දම සැලකීමේදී එම පවතින රෙගුලාසි ව...
"දූෂණය පිටුදැකීමට විශේෂ කාර්ය සාධක බළකායක්- රට ගොඩනඟන ජාතික පරිවර්තන මාර්ග සිතියම රටට ඉදිරිපත් කරමින් ජනපති කියයි"
"ඉදිරි පස් වසර තුළ රටේ ආර්ථිකය පූර්ණ ලෙස ස්ථාවර කර ඊළඟ වසර විසිපහ තුළ ශ්‍රී ලංකාව ඉහළ ආදායම් ලබන දියුණු රටක් බවට පත් කරන බව “ජාතික පරිවර්තන මාර්ග සිතියම” රටට ඉදිරිපත් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජාතිය අමතමින් ඊයේ (01 දා) පැවසීය. මූල්‍ය ප්‍රතිසංස්කරණ, ආයෝජන ප්‍රවර්ධන, සමාජ ආරක්ෂණ ජාලය, රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිස...
"වෛද්‍යවරු – නීතිඥවරු – ඉංජිනේරුවරු – බැංකු ඇතුළු කාණ්ඩ 14ක අයට බදු ගැසට්ටුව එයි"
"වෛද්‍ය, ඉංජිනේරු, නීතිඥ, ගණකාධිකාරී, බැංකු, වාස්තු විද්‍යාඥ යන වෘත්තීන් ඇතුළු කාණ්ඩ දහහතරක (14) නියැළෙන අය ඊයේ (01දා) සිට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වීම අනිවාර්ය කර ඇත. මුදල්, ආර්ථික ස්ථායිකරණ ඇමැතිවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මේ සඳහා වන මෙම ගැසට් නිවේදනය නිකුත් කර තිබේ. මේ අනුව එම ගැසට...
"බැංකු පොලී අනුපාතය අඩු කරයි – සහනය නොපමාව ජනතාවට දෙන්න – මහ බැංකු අධිපති බැංකුවලට කියයි"
"ශ්‍රී ලංකා මහ බැංකුව සිය දැඩි මුදල් ප්‍රතිපත්තිය ලිහිල් කරමින් වහාම ක්‍රියාත්මක වන පරිදි මහ බැංකුවේ ප්‍රතිපත්තිමය පොලී අනුපාත සියයට 2.5 කින් (පදනම් අංක 250 කින්) අඩු කර ඇත. ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ පෙරේදා (31) පැවැති රැස්වීමේ දී මේ තීරණය ගෙන ඇත. මේ අනුව මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සියයට 15.5...
"ලක්දිවට ධර්ම දායාදය ලද පොසොන් පොහොය හෙටයි -ආචාර්ය බණ්ඩාරවෙල විමලධම්ම නාහිමි"
"ශ්‍රී ලංකාවාසීන්ට ගෞතම බුදුරජාණන් වහන්සේගේ උතුම් වූ ධර්ම දායාදය ලැබුණු ඓතිහාසික දිනය හෙටට යෙදෙන පොසොන් පොහෝ දිනයයි. ධර්මාශෝක මහ රජතුමාගේ ධර්මදූත සේවාවේ ප්‍රතිඵලයක් වශයෙන් අප රටට ද බුදුදහමේ ආභාෂය ලැබුණි. ‘තවෙව අනුකම්පාය ජම්බුදීපා ඉධාගතා” යනුවෙන් අනුබුදු මිහිදු මා හිමියන් මිස්සක පව්වට වැඩම කර දන්වා සිටියේ ශ්‍රී ලංකාවාසී...
"බෙහෙත් වර්ග 200ක හිඟයක්"
"සෞඛ්‍ය සේවාව පවත්වා ගෙන යෑමට අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 200 ක බරපතළ හිඟයක් පවතින බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය සඳහන් කරයි. තත්ත්වය මෙසේ තිබිය දී සෞඛ්‍ය අමාත්‍යාංශය එම ඖෂධ හිඟය පියවීමට පියවර ගෙන ඇත්තේ ‘අත්‍යවශ්‍ය ඖෂධ ලිස්ට්’ වෙනස් කරමින් වෙනත් අත්‍යවශ්‍ය නොවන ඖෂධ ගෙන්වීම සඳහා මූලිකත්වය ලබාදෙමින් එම සංගමයේ සභාපති රවී...
"මිල අඩුවෙයි කියා ඇනවුම් කර නෑ: ෂෙඩ් ළඟ පෝලිම්"
"ඉන්ධන මිල සංශෝධනය වීමට නියමිතව තිබුණු පෙරේදා (31 දා) ඉන්ධන හල් හිමියන් ඉන්ධන ඇණවුම් නොකිරීම නිසා රට පුරා බොහොමයක් ඉන්ධන පිරවුම්හල්වල දිගු වාහන පෝලිම් ඊයේ (01 දා) දැකගත හැකි විය. මිල අඩුවන බව අනුමාන කරමින් නිසි පරිදි ඉන්ධන ඇනවුම් කර නැති නිසා මෙසේ පෝලිම් නිර්මාණය වී තිබිණි. ඇතැම් ඉන්ධන හල් අසල පෙරේදා සිට ඉන්ධන නෑ යනුවෙ...
"50%ක් සංචිත තබාගැනීම වගකීමක්- අවම ඉන්ධන තොග පවත්වාගෙන නොගිය ෂෙඩ්වල බලපත්‍ර අහෝසියි"
"අවම ඉන්ධන තොග පවත්වගෙන නොගිය ඉන්ධන පිරවුම්හල්වල බලපත්‍ර සමාලෝචනය කර අත්හිටුවන බව බලශක්ති ඇමැති කංචන විජේසේකර මහතා ට්විටර් පණිවුඩයක් තබමින් ප්‍රකාශ කරයි. මේ අතර දිනකට අලෙවි වන ඉන්ධන ප්‍රමාණයෙන් සියයට පනහක සංචිතයක් නිතැතින් පවත්වාගෙන යෑමට සෑම ඉන්ධන පිරවුම්හලක්ම නීතියෙන් බැඳී සිටින බවත් එසේ නොකළ ඉන්ධනහල් පිළිබඳව සොයා බලා...
"විකාශන නියාමන පනත හරහා මාධ්‍ය මර්දනයකට අරඅඳිනවා- විපක්‍ෂ නායක"
"ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කිරීමේ ගමනට තවත් ව්‍යාපෘතියක් රජය ඉදිරිපත් කර ඇති බවත් ඒ අනුව විකාශන නියාමන පනත හරහා විකාශන නියාමන කොමිසමක් ස්ථාපිත කර රටේ මාධ්‍ය මර්දනය හා ප්‍රජාතන්ත්‍රවාදය මංකොල්ල කෑමට රජය නව පනතක් ගෙන ඒමට කටයුතු කරන බවත් මේ නව පනත ගෙන ඒමෙන් පසු රූපවාහිනී මාධ්‍ය බලපත්‍රය වලංගු වන්නේ මේ පනත සම්මත වී මාස 6කට ප...
"ජනපති ආසියාවටම ආරක්‍ෂාවක්- වජිර කියයි"
"ආසියාව බෙදීමට ඉඩ නොදෙන බවට ලොව ඉදිරියේ ඉකුත්දා අභීතව ප්‍රකාශ කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වර්තමානයේ ශ්‍රී ලංකා ජනාධිපති ලෙස ක්‍රියා කිරීම මුළු ආසියාවටම සුවිශේෂ ආරක්‍ෂාවක් බව එජාප සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන පවසයි. ජපානයේ නික්කි සමුළුවේදීත් එම ස්ථාවරය ජනාධිපතිවරයා දැඩිව ප්‍රකාශ කළ බවද ජනාධිපතිවරයා ...
"බෲනෝ 7දා තෙක් රිමාන්ඩ්"
"පසුගිය අප්‍රේල් 1 වැනිදා කොළඹ ප්‍රධාන පෙළේ විද්‍යාලයක පැවැති වැඩසටහනකදී නතාෂා එදිරිසූරිය නමැත්තිය බුදුන්වහන්සේට හා බෞද්ධ ධර්මයට අපහාස වන අයුරින් කළ ප්‍රකාශයක් සමාජ මාධ්‍ය මගින් ප්‍රචාරය කිරීමේ චෝදනාව යටතේ අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කළ බෲනෝ දිවාකර නමැත්තා ලබන 7 වැනිදා දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කිරීමට කොටුව මහෙස්ත්‍රාත් ත...
"ජෙරොම්ගේ නඩුවට ඇල්ලේ හිමියන්ගෙන් අතරමැදි පෙත්සමක්"
"බොදු දහමට නිගරු වන ආකාරයෙන් ප්‍රසිද්ධ දේශනාවකදී ප්‍රකාශ කළ ජෙරොම් ප්‍රනාන්දු දේවගැතිවරයා අධිකරණයෙන් ඉල්ලා ඇති සහන කිසිවක් ලබා නොදෙන ලෙසත් ඔහුගේ පෙත්සමට අතරමැදි පෙත්සම්කරුවකු ලෙස මැදිහත් වී තමන් වහන්සේ වෙනුවෙන් කරුණු දැක්වීමට අවසර ලබාදෙන ලෙසත් ඉල්ලා ඇල්ලේ ගුණවංශ හිමියන් ඊයේ (01 දා) ශ්‍රේෂ්ඨාධිකරණයට අතරමැදි පෙත්සමක් ගොන...
"ශවේන්ද්‍ර විමල්ගෙන් වන්දි ඉල්ලා එන්තරවාසි යවයි"
"ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාගෙන් වන්දි ඉල්ලා එන්තරවාසියක් යොමු කර තිබේ. මන්ත්‍රීවරයා ඉකුත් දා එළි දක්වනු ලැබූ ‘නවය සැඟවුණ කතාව’ කෘතිය මගින් තමන්ට හා යුද හමුදාවට අපකීර්තියක් වූ බව සඳහන් කරමින් ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී මෙම එන්තරවාසිය යොමු කර ඇත. සමන් ගමගේ"
"වෛද්‍යවරුන් 60න්ම යවන්න කියූ විරෝධතාව ප්‍රතික්‍ෂේප වෙයි"
"වයස අවුරුදු 60 සම්පූර්ණ වූ රාජ්‍ය සේවයේ නියුතු විශේෂඥ වෛද්‍යවරුන් විශ්‍රාම ගැන්වීමට කැබිනට් මණ්ඩලය ගත් තීරණය ක්‍රියාත්මක කිරීම අත්හිටුවමින් තම අධිකරණය විසින් නිකුත් කර තිබූ අතුරු තහනම් නියෝගය දීර්ඝ නොකරන ලෙස ඉල්ලා සිටිමින් නීතිපතිවරයා හා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා ඉදිරිපත් කළ මූලික විරෝධතාවය අභියාචනාධිකරණය විසින් ඊ...
"හෘද රෝගීහු පොරොත්තු ලේඛනවල සිරවෙති"
"රට බංකොලොත් බව ප්‍රකාශයට පත්කිරීමෙන් පසු ඉකුත් වසරක කාලයේදී රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන් තුන්සිය හැත්තෑපහකට අධික පිරිසක් හා අනෙකුත් වෛද්‍යවරුන් දසදහසකට ආසන්න පිරිසක් රටහැර යෑමත්, රෝහල්වලට අවශ්‍ය හෘද කැතිටකරණ, ඖෂධ හා අනෙකුත් වෛද්‍ය උපකරණ හිඟය නිසාත් රෝහල්වල ප්‍රතිකාර කටයුතු මේ වනවිට දැඩි අර්බුදයකට ගොස් ඇතැයි වෛද්‍යවරු පව...
"ආයතන අටක් පිරමීඩ ජාවාරමේ – නඩු පවරන්නැයි මහ බැංකුව නීතිපතිගෙන් ඉල්ලයි"
"ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන ප්‍රධාන ආයතන අටක් (08ක්) තහනම් යෝජනා ක්‍රම පවත්වාගෙන යන බවට හෝ පවත්වාගෙන ගොස් ඇති බවට තීරණය කර ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. මෙසේ නම් කරන ලද පිරමීඩාකාර ව්‍යාපාර සඳහා බැංකු පනතේ 83 (ඇ) වගන්තිය යටතේ අපරාධමය නඩු පැවරීමට සලකා බැලීම සඳහා නීතිපතිවරයා වෙත ඉල්ලීම් ඉදිරිපත් කර ඇතැයි ද මහ බැංකුව ...
"නතාෂාගේ ‘සෙට් එකේ’ බෲනෝ අත්අඩංගුවට"
"නතාෂා එදිරිසූරිය නමැති කාන්තාව විසින් බුදුන්වහන්සේට සහ බෞද්ධාගමට අපහාස වන ආකාරයෙන් සිදුකළ දේශනය සමාජ ජාලා වෙබ් අඩවි ඔස්සේ ප්‍රචාරය කරනු ලැබූ බව කියන බෲතෝ දිවාකර නමැත්තා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් ඊයේ (31දා) සවස අත්අඩංගුවට ගෙන ඇත. මෙම සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශ ලබාගැනීම සඳහා බෲතෝ දිවාකර නමැත්තාට අපරාධ පරීක්‍ෂ...
"අරන්තලාවේ භික්‍ෂූන්ට අද දානෙවත් නෑ – ගම්පහ නාරද හිමි"
"ඛේදවාචකයට හෙටට වසර 36ක් ලංකා ඉතිහාසයේ සිදුවුණු කුරිරුතම සංඝ සංහාරය වන අරන්තලා භික්‍ෂු ඝාතනයට හෙටට (02 දාට) වසර 36ක් පිරෙනවා. ඒත් අද අරන්තලා පිං බිමේ තත්ත්වය ගැන කියන්න කනගාටුයි. අද අපේ පුදබිමේ වැඩසිටින භික්‍ෂූන් වහන්සේලාට දානෙවත් නැහැ යැයි නැගෙනහිර සුරැකීමේ සංවිධානයේ සභාපති අම්පාර ශාසනාරක්‍ෂක බලමණ්ඩලයේ ලේඛකාධිකාරි ගම්...
"මේ ‘බජාර් එකට මල්ලී’ ප්‍රතිනිර්මාණය කර ප්‍රචාරය කිරීම තහනම්"
"ආචාර්ය රෝහණ වීරසිංහ මහතා විසින් තනුව හා සංගීතය නිර්මාණය කළ ගායන ශිල්පි ගයාන් පෙරේරා විසින් ගායනා කරන ලද “ඇඩ්‍රස් නෑ” චිත්‍රපටයේ ඇතුළත් වූ “මේ බජාර් එකට මල්ලී” යන ගීතය නිසි අවසරයකින් තොරව ප්‍රතිනිර්මාණය කර ප්‍රචාරය කිරීම වළක්වමින් කොළඹ වානිජ මහාධිකරණය විසින් කේ. පී. ප්‍රනාන්දු මහතා, ගායන ශිල්පි සංතුස් වීරමන් ඇතුළු පාර්...
"ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය නංවන්න රැජිනිකාන්ත්ගේ සහය ඉල්ලයි"
"ශ්‍රී ලංකාවේ සංචාරක ක්‍ෂේත්‍රය සහ අධ්‍යාත්මික සංචාරක ක්‍ෂේත්‍රය නංවාලීමට සහය වන ලෙස ඉන්දියානු චෙන්නායි නුවර නියෝජ්‍ය ශ්‍රී ලංකා තානාපති ආචාර්ය සී වෙන්කටේස්වරන් සුපිරි නළු රැජිනිකාන්ත් හමුවී ඉල්ලා ඇත. එසේම ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස ද ආචාර්ය වෙන්කටේස්වරන් රැජිනිකාන්ත්ට ඇරයුම් කර තිබේ. මේ අතර නුවරඑළියේ ඇති රාමායනය ගමන් මා...
"ප්‍රතිඵල වෙනස් වූ 146 දෙනා කඩඉමට වැඩිනම් ජනප්‍රිය පාසල්"
"පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නැවත සමීක්‍ෂණයේදී කඩඉම් ලකුණු අබිබවා ඇති සිසුන් 146 දෙනා ජනප්‍රිය පාසල්වලට අවශ්‍ය ලකුණු ප්‍රමාණය සපුරා ඇත්නම් එම සිසුන් බඳවා ගන්නා ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය විදුහල්පතිවරුන්ගෙන් ඉල්ලා සිටී. ශිෂ්‍ය ප්‍රතිඵල නැවත සමීක්‍ෂණය සඳහා සිංහල මාධ්‍ය සිසුන් 20334 දෙනකු, දෙමළ මාධ්‍ය සිසුන් 482...
"60 ට වැඩි විශේෂඥ වෛද්‍යවරුන් විශ්‍රාම යැවීම අත්හිටුවූ නියෝගය දීර්ඝ කරනවාද තීරණය අද"
"වයස අවුරුදු 60 සම්පූර්ණ වූ රාජ්‍ය සේවයේ නියුතු විශේෂඥ වෛද්‍යවරුන් විශ්‍රාම ගැන්වීමට කැබිනට් මණ්ඩලය ගත් තීරණය ක්‍රියාත්මක කිරීම අත්හිටුවමින් තම අධිකරණය විසින් නිකුත් කර ඇති තාවකාලික අතුරු නියෝගය පෙත්සම් විභාගය අවසන් වනතුරු දීර්ඝ කරන්නේ ද නැති ද යන නියෝගය අද (01 දා) නිකුත් කිරීමට අභියාචනාධිකරණය ඊයේ (31 දා) තීරණය කළේය. ව...
"සති තුනකදී ගිණුමේ කෝටි 20ක් කැරකිලා – මත් ජාවාරමක් ගැන සැක හෝටල් හිමියෙක් සහ සුපිරි වාහන සපයන්නෙක් රිමාන්ඩ්"
"සති තුනක් වැනි කෙටි කාලයක් තුළ ගිණුම්වල රුපියල් කෝටි 20 කට අධික මුදලක් සංසරණය වී තිබෙන බව අනාවරණය වීම සහ ඔවුන් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමඟ ගනුදෙනු කර ඇති බවට සැකපිට අත්අඩංගුවට ගෙන මහනුවර මහෙස්ත්‍රාත් අධිකරණයට ඊයේ (31 දා) ඉදිරිපත් කළ හෝටල් හිමියකු සහ සුඛෝපභෝගී වාහන සපයන්නකු ප්‍රධාන මහෙස්ත්‍රාත් ශ්‍රීනිත් විජේසේකර මහත...
"රුපියල තවත් ශක්තිමත් වෙයි"
"ඇමෙරිකානු ඩොලරයට සාපේක්‍ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය ඊයේ (31 දා) දිනයේදී ද සැලකිය යුතු ලෙස ශක්තිමත් වී ඇත. මහ බැංකුව නිකුත් කළ නවතම විනිමය අනුපාත අගයන්ට අනුව පෙරේදා (30 දා) දිනයේ රු.290.67 ක්වූ ඇමෙරිකානු ඩොලරයක ගැනුම් මිල ඊයේ (31 දා) දිනයේදී රු.287.87 ක් දක්වා රු.2.80 කින් අඩුවී ඇත. එසේම ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල පෙර...
"ජනපති අද ජාතිය අමතයි"
"ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (01 දා) සවස ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතව ඇත. මෙරට ආර්ථිකය ප්‍රකෘතිමත් කිරීමට පසුගිය මාස 09 ක කාලයේදී ගත් ක්‍රියාමාර්ග සම්බන්ධව එම ප්‍රකාශයෙන් ජනතාව දැනුවත් කිරීමට නියමිත බව ජනාධිපති ලේකම් කාර්යාලය කියා සිටී."
"අයි. එම්. එෆ්. ප්‍රධානියෙක් ජනපති හමුවෙයි"
"ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්‍ෂ කෙන්ජි ඔකමුරා මහතා අතර හමුවක් ඊයේ (31දා) කොළඹදී පැවැත්විණි. මෙරට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනේ ප්‍රගතිය පිළිබඳව මෙහිදී මූලික වශයෙන් සාකච්ඡා වී ඇති අතර දැනට පවතින ණය ප්‍රතිව්‍යුගත කිරීමේ සාකච්ඡා කෙරෙහි ද විශේෂ අවධානයක් මෙහිදී ...
"අගමැති දිනේෂ් ගුණවර්ධන තායිලන්ත අගමැති සමග ද්විපාර්ශ්වික සබඳතා පිළිබඳ සාකච්ඡා"
"තායිලන්තයේ පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ වෙසක් දින උළෙල හා සමගාමීව තෙදින සංචාරයකට එක්වූ අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා ඊයේ (31දා) තායිලන්ත අගමැති ජෙනරාල් ප්‍රයුත් චාන්-ඕ-චා මහතා සමඟ ද්විපාර්ශ්වික සබඳතා පිළිබඳව පුළුල් සාකච්ඡා පැවැත්වීය. අගමැතිවරයාගේ තායිලන්ත තෙදින සංචාරය අතරතුර බැංකොක් නුවර රජයේ මන්දිරයේදී මෙම හමුව සිදුවිය. එ...
"ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ කෝටි 10.8 යන්ත්‍රය වැඩක් නොගෙනම කල්පනී"
"රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් රුපියල් කෝටි 10.8ක් වැය කර ප්‍රංශයෙන් මිල දී ගත් නෙගටිව් පට සහ පොසිටිව් පට සෝදන යන්ත්‍රය කිසිදු ප්‍රයෝජනයක් නොගෙනම කල් ඉකුත් වී ඇතැයි අනාවරණය වී ඇත. චීනච් චට්ටිවලින් නිපදවා ඇති මෙම යන්ත්‍රය 1999 වර්ෂයේ මිලදී ගෙන ඇති අතර මේ වනවිට එහි තාක්ෂණය යල් පැනගොස් ඇති බැවින් එය යකඩවලට හෝ විකි...
"උ/පෙළ වාණිජ සිසුන් බැංකුවලට යවයි"
"ඉදිරියේදී උසස් පෙළ වාණිජ විෂයය හදාරන සිසුන් බැංකු වෙත ගොස් වාණිජ විෂයය පිළිබඳව තමන් ලැබූ න්‍යායාත්මක දැනුම ප්‍රායෝගිකව සහභාගි වී නිරීක්‍ෂණය කළයුතු යැයි අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවැසීය. රටක ආර්ථිකයට සෘජුවම බලපාන වාණිජ හා ව්‍යාපාර අධ්‍යයන විෂයයන් හදාරන සිසුන්ට බැංකු වැනි ආයතනවලට ගොස් විෂයගෝචර අත්දැකීම් ලබ...
"ආණ්ඩුව විකාශන අධිකාරි පනත සංශෝධනය කර ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදය මර්දනය කිරීමට සැරසෙනවා – ආචාර්ය හර්ෂ ද සිල්වා (සජබ)"
"ආණ්ඩුව විසින් විකාශන අධිකාරී පනත සංශෝධනය කොට ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදය මර්දනය කිරීමට සැරසෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවසීය. විපක්ෂ නායක කාර්යාලයේ ආර්ථිකය පිළිබඳ ඊයේ (31දා) පැවැති මාධ්‍ය හමුවේ දී අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මේ බව කී අතර එහිදී වැඩිදුරටත් මෙසේද කීය. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා...
"කෘෂිකර්ම ක්‍ෂේත්‍රය ඩිජිටල්කරණය කිරීමේ ක්‍රියාවලිය ඉදිරියට ගෙන යන්න"
"මෙරට කෘෂිකර්ම ක්ෂේත්‍රයේ දත්ත ඩිජිටල්කරණය කිරීමේ කටයුතු පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරේදා (30 දා) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි. අදාළ රාජ්‍ය ආයතනවල නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් පැවති මෙම සාකච්ඡාවට බිල් සහ මෙලින්ඩා ගේට්ස් පදනමේ සාමාජිකයන් ද එක්ව සිටියහ. කෘෂිකාර්මික ක්ෂේත...
"පැමිණිලි ඇතත් නැතත් ටික්ටොක් ෆේස්බුක් වුණත් වරද වරදමයි – ආගමික අන්තවාදීන්ට නීතිය තදින් – ඇමැති විජයදාස කියයි"
"මෑතක සිට ක්‍රියාත්මක වන ආගමික අන්තවාදය පැතිරවීමේ රැල්ල මර්දනය කිරීම සඳහා පැමිණිලි ඇතත්, නැතත් ජන සංහිඳියාව විනාශ කිරීමේ දුෂ්ට චේතනාවෙන් කටයුතු කරන ඕනෑම අයකු තරාතිරම නොබලා අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන බව අධිකරණ හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කටයුතු පිළිබඳ ඇමැති ආචාර්ය විජයදාස රාජපක්‍ෂ මහතා ඊයේ (30 දා) එම අමාත්‍යාංශයේ ...
"2017 දී රාජ්‍ය අංශයේ හොඳම තොරතුරු සන්නිවේදන ව්‍යාපෘතිය ලෙස සම්මාන ලැබූ විදේශ අමාත්‍යාංශයේ පරිගණක පද්ධතිය විනාශ වෙලා – ආචාර්ය හර්ෂ ද සිල්වා"
"විදේශ කටයුතු අමාත්‍යාංශයේ පරිගණක පද්ධතිය මේ වන විට විනාශවී ඇතැයි සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසයි. යහපාලන ආණ්ඩුව සමයේ විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතාගේ මාර්ගෝපදේශකත්වයෙන් සහ තම නායකත්වයෙන් මෙම පරිගණක පද්ධතිය ගොඩනැගූ බව පැවසූ ඒ මහතා වැඩිදුරටත් මෙසේද කීවේය. එහි නවීකරණ කටයුතුවලට ...
"උසාවි කැඳවන සිතාසියට එරෙහි දේශබන්දුගේ පෙත්සම ගැන තීන්දුව ජුනි 23 දා"
"තමාව අධිකරණයට කැඳවමින් කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් නිකුත් කර ඇති සිතාසි නියෝගය අභියෝගයට ලක් කරමින් බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් ගොනු කර ඇති පෙත්සම සම්බන්ධයෙන් තීන්දුව ලබන ජුනි මස 23 වැනිදා නිකුත් කිරීමට අභියාචනාධිකරණය ඊයේ (30දා) දින නියම කළේය. කොටුව මහෙස්ත්‍රාත් අධ...
"අත්‍යවශ්‍ය භාණ්ඩ ගැනීමට දුන් ඉන්දීය ණය පහසුකමේ කාලය වසරකින් දික් කරයි"
"ශ්‍රී ලංකා රජයේ ඉල්ලීමට අනුව ඉන්දීය රාජ්‍ය බැංකුව මගින් අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීම සඳහා 2022 මාර්තු මාසයේ ශ්‍රී ලංකා රජයට ලබා දෙන ලද ඇමරිකානු ඩොලර් බිලියන 1ක ණය පහසුකමේ කාල සීමාව තවත් වසරකින් දීර්ඝ කර ඇත. ඒ අනුව 2024 මාර්තු මාසය දක්වා මෙම ණය පහසුකම භාවිත කිරීමට ශ්‍රී ලංකා රජයට අවස්ථාව හිමිවේ. සංශෝධන ගිවිසුම ඊයේ (30 ...
"පාස්පෝට් එක ඔන්ලයින් අයදුම් කිරීමට නව ක්‍රමය ජුනි 15ට පෙර"
"රාජ්‍ය සේවය ඩිජිටල්කරණය කිරීමේ ජනාධිපතිවරයාගේ වැඩපිළිවෙළ යටතේ විදේශ ගමන් බලපත්‍රය අන්තර්ජාලය ඔස්සේ අයැදුම් කිරීමේ නව ක්‍රමවේදයක් ඉදිරියේදී හඳුන්වා දීමට රජය පියවර ගෙන තිබේ. නව ක්‍රමවේදය යටතේ විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම ලබන ජුනි මස පහළොස්වැනිදාට පෙර ආරම්භ කරන බව ආගමන විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය මහතා සඳහන් කළේය...
"අත්‍යවශ්‍ය ආහාර මිල අහසේ: ජනතාව දුකසේ"
"වෙළෙඳපොළ තුළ මස්, මාළු, එළවළු ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක මිල ගණන් දැරිය නොහැකි ලෙස ඉහළ ගොස් ඇතැයි ජනතාව මැසිවිලි නඟති. මේ වනවිට ඩොලරයේ අගය සැලකිය යුතු මට්ටමකින් පහළ ගොස් ඇතත්, ඊට සාපේක්ෂව වෙළෙඳපොළේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිල ගණන් අඩු වී නොමැති බවට ජනතාව චෝදනා කරති. මාළු මිල ගණන් දෙගුණයකට වැඩි මිලකින් ඉහළ ගො...
"අයිඑම්එෆ් නි. කළමනාකරණ අධ්‍යක්‍ෂ ශ්‍රී ලංකාවේ සංචාරයක"
"ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් මණ්ඩලයේ නියෝජ්‍ය කළමනාකරණ අධ්‍යක්ෂ කෙන්ජි ඔකමුරා මහතා දෙදින නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි. අද (31) හා හෙට (ජූනි 01) දෙදින ඒ මහතා මෙරට සංචාරය කරයි. මෙම සංචාරය අතරතුර ශ්‍රී ලංකාවේ ආර්ථික වැඩපිළිවෙළෙහි මෑත කාලීන ප්‍රවණතා, ඉදිරියේ...
"සිසු සැරිය ගාස්තු සංශෝධනයක්"
"පාසල් දරුවන්ට ප්‍රවාහන පහසුකම් සැලසීම සඳහා ක්‍රියාත්මක බස් රථ සේවාවේ ගාස්තු සංශෝධනයක් සිදු කිරීමට රජය තීරණය කර තිබේ. එසේ නොකළහොත් සිසුසැරිය පවත්වාගෙන යෑමට ප්‍රමාණවත් සහනාධාර නියමිත වේලාවට නොලැබෙන තත්ත්වයක් උද්ගතව තිබෙන බැවින් එම සේවය නවතා දැමීමට සිදුවනු ඇතැයි කැබිනට් ප්‍රකාශක ජනමාධ්‍ය, ප්‍රවාහන සහ මහාමාර්ග ඇමැති බන්දු...
"වීසා කාලය ඉක්මවන විදේශිකයන්ගේ අතිවාස කාල දඩය අඩු කරයි"
"වලංගු වීසා කාලය ඉක්මවා ඇති විදේශිකයන්ගෙන් වීසා ගාස්තුවලට අමතරව අතිවාස කාලසීමාව සඳහා අයකරනු ලබන ඇමරිකානු ඩොලර් 500 ක දඩ මුදල සංශෝධනය කිරීම සඳහා ආගමික හා විශ්‍රාමික පනත යටතේ මහජන ආරක්‍ෂක අමාත්‍යවරයා විසින් සාදන ලද නියෝගවලට මහජන ආරක්‍ෂක කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ අනුමැතිය හිමිවිය. මහජන ආරක්‍ෂක කටයුතු ප...
"සංහිඳියාවට හානි වන ප්‍රකාශ කළැයි අත්අඩංගුවට ගත් රාජාංගනේ සද්ධාරතන හිමියෝ රිමාන්ඩ්"
"ජාතික හා ආගමික සංහිඳියාවට හානි වන ආකාරයේ ප්‍රකාශ සිදු කළේ යැයි චෝදනා කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කළ රාජාංගනේ සද්ධාරතන හිමියන් ලබන 7 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඊයේ (29 දා) පස්වරුවේ නියෝග කළේය. උන්වහන්සේ සිදු කර ඇති එකී ප්‍රචණ්ඩ ප්‍රකා...
"‘අයිඑම්එෆ් එකට වඩා ලංකාවට ඉන්දියාව සැලකුවා’ – ඉන්දීය විදේශ ඇමැති සමුළුවකදී කියයි"
"ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට වඩා වැඩි යමක් ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉන්දියාව කර ඇති බව ඉන්දීය විදේශ කටයුතු ඇමැති එස්. ජයිශංකර් මහතා ප්‍රකාශ කර තිබේ. “අද අපි බලගතු සහ අභිලාෂකාමී ඉන්දියාවක් වෙනුවෙන් කටයුතු කරනවා. එහිදී අපේ අසල්වැසි රටවලට විය යුතු දේ කරනවා” …. යනුවෙන් ඉන්දීය විදේශ ඇමැතිවරයා ….. ‘මෝදිගේ ඉන්දියාව: නැගී එන බලය’ මැ...