Title stringlengths 9 246 | Content stringlengths 3 62.9k |
|---|---|
"ඇමැති සමග කතා ඵල නැති වුණොත් යළිත් දුම්රිය වර්ජනයක් – ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපති" | "සිය ඉල්ලීම් සම්බන්ධයෙන් ප්‍රවාහන ඇමැතිවරයා සමග ලබන අඟහරුවාදා දින පැවැත්වීමට නියමිත සාකච්ඡාවේ දී නිසි විසඳුමක් නොලැබුණහොත් සතියක වැඩවර්ජනයක් ආරම්භ කරන බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපති, සුමේධ සෝමරත්න මහතා ඊයේ (11දා) පැවසීය. කෙසේ වෙතත් ඇමැතිවරයා සමග පැවැත්වෙන එම සාකච්ඡාවේ දී යහපත් පිළිතුරක් ලැබෙනු ඇතැයි තමන් ව... |
"කෝටි 8 1/2ක චීන සිගරැට් රේගු අත්අඩංගුවට" | "රුපියල් අටකෝටි පනස් ලක්ෂයකට අධික වටිනාකමකින් යුත් චීනයේ නිෂ්පාදිත විවිධ වර්ගයේ දුම්වැටි පන්ලක්ෂ පනස්හයදහසක් රේගු ආදායම් අධීක්ෂණ අංශයේ නිලධාරීන් විසින් ඊයේ (11 වැනිදා) අත්අඩංගුවට ගන්නා ලදී. විදේශයක සිට මෙරටට ගෙන්වා තිබූ බහාලුමක තිබී රේගු ආදායම් අධීක්ෂණ අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් මෙම දුම්වැටි තොගය පිටවූයේ නම්... |
"නැවෙන් වන්දි ගන්න සජබත් නීති මාර්ගයට – සජිත් කියයි" | "එක්ස්ප්‍රස් පර්ල් නැවෙන් වන්දි ලබා ගැනීම වෙනුවෙන් සමගි ජනබලවේගය ද නීතිමය ක්‍රියාමාර්ගවලට ප්‍රවේශ වන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (11 දා) ප්‍රකාශ කළේය. ඒ උදෙසා මූලික එන්තරවාසි යැවීමට මේ වන විටත් ක්‍රියා කර ඇතැයි ද හෙතෙම ඊයේ පාර්ලිමේන්තු කටයුතු ආරම්භයේදීම කියා සිටියේය. එහිදී විපක්ෂ නායක මෙසේ... |
"අපනයන ආර්ථිකයක් තුළින් රට යහපත් තැනකට ගෙන යා හැකියි – ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපති සාරංග අලහප්පෙරුම" | "නිෂ්පාදන කේන්ද්‍රීය අපනයන ආර්ථිකයක් කරා රට ගමන් කළ යුතු යැයි ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපති වෛද්‍ය සාරංග අලහප්පෙරුම මහතා පැවසීය. මේ හරහා වසර කිහිපයක් තුළ රට යහපත් ලෙස පරිවර්තනය කර ගත හැකි බව ද අලහප්පෙරුම මහතා කීවේය. ඔහු මේ බව සඳහන් කළේ ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය සහ ලැබ්ලින්ක් පුද්ගලික සමාගම අතර අවබෝධතා ගිවිසුමක්... |
"සමාජ ක්‍රියාකාරී පියත් නිකේෂලත් අත්අඩංගුවට" | "බත්තරමුල්ල කොස්වත්ත සමගි මාවත ප්‍රදේශයේ දී සිදුවූ පහරදීමකින් තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි සමාජ ක්‍රියාකාරී පියත් නිකේෂල මහතා තලංගම පොලිසිය මගින් ඊයේ (11 වැනිදා) අත්අඩංගුවට ගෙන තිබේ. පියත් නිකේෂල මහතා තමන්ට පහර දුන් බවට කඩුවෙල නගර සභාවේ හිටපු උප නගරාධිපති චන්දික අබේරත්න මහතා සිදුකළ පැමිණිල්ලකට අනුව ... |
"ජනක පන්නනවාද විවාදය 22 වැනිදා" | "ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ලෙස කටයුතු කරන ජනක රත්නායක මහතා එම තනතුරෙන් ඉවත්කිරීමට අදාළ යෝජනාව ලබන 24 වැනිදා පාර්ලිමේන්තුවේ විවාදයට ගැනීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී පක්‍ෂ නායකයන් තීරණය කර ඇත. ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිවරයා ඉවත්කිරීමට නම් ඔහුට එරෙහි ගොනු කළ චෝදනා පත්‍රයක් පාර්ලිමේ... |
"නිව් ඩයමන්ඩ් නැව නිදහස් කිරීම ගැන බරපතළ සැකයක් තියෙනවා- ඇමැති ප්‍රසන්න රණතුංග" | "පර්ල් එක්ස්ප්‍රස් මෙන්ම නිව් ඩයමන්ඩ් යන නෞකා දෙකෙන්ම මෙරට පරිසරයට සිදු වූ හානිය පිළිබඳව විමර්ශනය කිරීම සඳහා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කිරීමට කටයුතු කරන්නැයි ආණ්ඩු පක්ෂයේප්‍රධාන සංවිධායක, නාගරික සංවර්ධන සහ ඉදිකිරීම් ඇමැති ප්‍රසන්න රණතුංග මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (11 දා) පැවසීය. වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්ද... |
"ආසියාවේ සමගියට බාධාවන කිසිදු කාර්යයකට ශ්‍රී ලංකාව අනුබල දෙන්නේ නෑ – සාමය හා ස්ථාවරත්වය රැක ගැනීමට කටයුතු කරනවා – ජනාධිපති රනිල් වික්‍රමසිංහ" | "ආසියාවේ සමගියට බාධා වන කිසිඳු කාර්යයක් සඳහා ශ්‍රී ලංකාව අනුබල ලබා නොදෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය. ආසියානු භූ දේශපාලනය සහ පැසිපික් කලාපයේ දේශපාලනය අතර බොහෝ වෙනස්කම් තිබෙන බවත් එම වෙනස්කම් හඳුනා ගනිමින් සාමය හා ස්ථාවරත්වය රැක ගැනීමට කටයුතු කළ යුතු බවත් ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය. ඉදිරි දශක දෙක තු... |
"රුපියල යළිත් ශක්තිමත් වෙයි" | "ඇමරිකානු ඩොලරයට සාපේක්‍ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය ඊයේ (11 දා) දිනයේ සැලකිය යුතු ලෙස ශක්තිමත් වෙමින් ඇමරිකානු ඩොලරයකට ගෙවිය යුතු රුපියල් අගය රු. 2.10 කින් අඩුවිය. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ඊයේ (11 දා) නිකුත් කළ නවම විනිමය අනුපාත අගයක් අනුව පෙරේදා (10 දා) රු. 324.80 ක් වූ ඇමරිකානු ඩොලරයක විකුණුම් අගය ඊයේ (11 දා) දිනයේ ... |
"අරගලකරුවන්ට පහරදීම රටට කළු පැල්ලමක් – නීතිපති අධිකරණයට කියයි" | "පසුගිය වසරේ මැයි 9 වැනිදා කොටුව අරලියගහ මන්දිරයට රැස්වූ පිරිසක් ගාලු මුවදොර පිටියේ ස්ථාපිත කර තිබූ ගෝඨාගෝගම අරගල භූමියට කඩා වැදී නිරායුධ අරගලකරුවන්ට සිදු කළ අමානුෂික පහරදීම් අප රටට ජාත්‍යන්තරය තුළ විශාල කළු පැල්ලමක් එක්කළ සිද්ධියක් වන්නේ යැයි නීතිපතිවරයා ඊයේ (10දා) අභියාචනාධිකරණයට පැවසීය. අප රටේ මානව හිමිකම් උල්ලංඝනය ... |
"නැවේ ගින්න මැති සබයේත් ඇවිළෙයි" | "නඩු කටයුත්තක් පවතින බැවින් මෙරට මුහුදු තීරයේදී අනතුරට පත් එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් සිදු වූ හානිය සහ ඊට අදාළ සිද්ධීන් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විවාදයක් පැවැත්විය නොහැකි බවට අධිකරණ ඇමැති විජේදාස රාජපක්ෂ මහතා දක්වන ලද විරෝධතාව හේතුවෙන් ඊයේ (10) පාර්ලිමේන්තු කටයුතු පැය 01යි විනාඩි 40ක අධික කාලයකට අඩාළ විණි. එම අනතුර සහ ... |
"‘දිවයිනෙන්’ ගමන අරඹා ජගත් සම්මානයකට නිර්දේශ වුණු එරංග" | "ප්‍රවෘත්ති ඡායාරූප වාර්තාකරණයේ පිදෙන ඉහළම අගැයීම් ත්‍යාගය වන පුලිට්සර් ත්‍යාගය – 2023 නිර්දේශිත නම් තුන අතරට එක්වෙමින් ‘බ්‍රේකින් නිවුස්’ නම් වර්ගීකරණය යටතේ එම ත්‍යාගයට ළඟාවූ ශ්‍රී ලංකාවේ ප්‍රථම ඡායාරූප ශිල්පියා ලෙස ඇසෝසියේටඩ් ප්‍රෙස් ආයතනය නියෝජනය කළ එරංග ජයවර්ධන මහතා සමත්වී ඇත. ඇසෝසියේටඩ් ප්‍රෙස් ප්‍රවෘත්ති ඒජන්සිය ... |
"ශ්‍රී ලංකාවේදීම නැවට නඩු දානු" | "එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් ශ්‍රී ලංකාවට වු හානියට එරෙහිව ශ්‍රී ලංකාවේදීම නඩු පවරන ලෙසට රජයට බලකරමින් සමාජවාදී තරුණ සංගමය හා පාරිසරික සිවිල් සංවිධාන එකමුතුව පාර්ලිමේන්තු වටරවුම ඉදිරිපිටදී ඊයේ (10දා) විරෝධතාවකට එක්වූ අයුරු. ඡායාරූප – තුෂාර අතපත්තු" |
"බොරු කිව්ව වෙබ් එකට නීතිමය පියවර ගන්නවා – ගෝලීය ශ්‍රී ලාංකික කොංග්‍රසයේ මංජු නිශ්ශංක" | "ශ්‍රී ලංකා මුහුදු සීමාවේ දී ගිනි ගෙන විනාශ වූ ‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාවේ වන්දි මුදලින් කොමිස් ලබා ගත්තේ තමන් නොවන බවත්, එසේ තමන් කොමිස් ලබාගත් බවට කළ ප්‍රකාශවලට එරෙහිව එංගලන්තයේ සිට ක්‍රියාත්මක වන වෙබ් අඩවියට එරෙහිව එරටට ගොස් නීතිමය පියවර ගැනීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කළ බවත් ගෝලීය ශ්‍රී ලාංකික කොංග්‍රසයේ නායක මංජු නි... |
"රටේ 3% ක් තැලසීමියා වාහකයන් -:සෑම වසරකම තැලසීමියා ළමුන් 2000 ක්" | "ශ්‍රී ලංකාවේ ළමයින් 2000 ක් පමණ වාර්ෂිකව තැලසීමියාව සහිත දරුවන් ලෙස හඳුනා ගන්නා බව කැලණිය විශ්වවිiාලයේ වෛi පීඨයේ ළමා රෝග පිළිබඳ මහාචාර්ය සචින් මෙත්තානන්ද මහතා පවසයි. කොළඹ, සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ ඊයේ (10 දා) පැවති මාධ්‍ය හමුවකදී මෙම කරුණු සඳහන් කළ මහාචාර්ය මෙත්තානන්ද මහතා මෙසේ ද කීවේය. තැලිසීමියාව බහුල රටවල් අතර ශ්... |
"තෝරාගත් රාජ්‍ය ණය ප්‍රතිව්‍යුහගත කිරීම මේ වසරේ දීම" | "රාජ්‍ය ණය අතුරින් තෝරාගත් රාජ්‍ය ණය ප්‍රතිව්‍යුහගත කිරීම මේ වසරේ (2023) දී සම්පූර්ණ කිරීමට අපේක්‍ෂා කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. මේ අනුව ණය තිරසාර ඉලක්ක සපුරා ලිය හැකි සහ නොපියවූ රාජ්‍ය ණය කළමනාකරණය කළ හැකි මට්ටමකට අඩු කිරීමට මේ යටතේ අපේක්‍ෂිතය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් සිදුකරන ලද ණය තිරසාරත්ව විශ්ලේෂණයට ... |
"බෙංගාල බොක්කේ අවපීඩනය ගැන රතු නිවේදනයක්" | "ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින පීඩන අවපාතය සම්බන්ධයෙන් අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් කාලගුණ විiා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇත. එම නිවේදනය ඊයේ (10 වැනිදා) දහවල් 12.00 සිට අද (11 වැනිදා) දහවල් 12.00 දක්වා වලංගු බව එම දෙපාර්තමේන්තුව කියයි. ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය ග... |
"මිලියන 160ක සීනි දඩය භාණ්ඩාගාරයට ලැබුණා" | "රේගු ආඥා පනත සහ ආනයන අපනයන පාලන පනත උල්ලංඝනය කරමින් දුඹුරු සීනි මෙටි්‍රක් ටොන් 607.5ක් ශ්‍රී ලංකාවට ආනයනය කිරීමේ සිද්ධියේ වරදකාර සමාගම ඊට අදාළ දඩ මුදල සම්පූර්ණයෙන් මහා භාණ්ඩාගාරය වෙත බැර කර ඇතැයි මුදල් රාජ්‍ය ඇමැති ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා කියයි. ඇමැතිවරයා කියන්නේ අදාළ දඩ මුදල ලෙස රුපියල් මිලියන 160ක මුදලක් බැර ... |
"ඩෙංගු රෝගීන්ගෙන් 25% ක් පාසල් සිසුන්" | "දිවයිනෙන්ම ඩෙංගු රෝගීන් සංඛ්‍යාව මේ වනවිට තිස් දෙදහස් තුන්සිය හැටහයක් (32,366) දක්වා ඉහළ නැග ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රකාශකයෙක් “දිවයින”ට පැවැසීය. එසේම දිවයිනෙන්ම ඩෙංගු මරණ 18 ක් වාර්තා වන බවද හෙතෙම කීය. වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් වාර්තාවනුයේ බස්නාහිර පළාතෙන් බවත් එහි ප්‍රතිශතය සියයට 50 ක් බවත් හේ සඳහන් කළේ... |
"දප්පුලගෙන් ප්‍රශ්න කිරීම වැළැක්වූ අතුරු තහනම 22 දා තෙක් දීර්ඝ කෙරේ" | "හිටපු නීතිපති ජනාධිපති නීතිඥ දප්පුල ද ලිවේරා මහතා ත්‍රස්ත විමර්ශන අංශයට කැඳවීම, ප්‍රශ්න කිරීම, ප්‍රකාශ සටහන් කිරීම හා අත්අඩංගුවට ගැනීම වළක්වමින් තම අධිකරණය විසින් නිකුත් කොට තිබූ අතුරු තහනම් නියෝගය ලබන මස 22 වැනිදා දක්වා දීර්ඝ කිරීමට අභියාචනාධිකරණය ඊයේ (10දා) නියෝග කළේය. දප්පුල ද ලිවේරා මහතා විසින් තම අධිකරණය හමුවේ ගො... |
"එක්ස්ප්‍රස් පර්ල් කතාව ඔප්පු කරන්න සාක්‍ෂි තියනවා – දර්ශන හපුගොඩගේ නීතිඥයා උසාවියට කියයි" | "එම්. වී. එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමෙන් සිදුවු හානියට වන්දි ඉල්ලා ශ්‍රී ලංකා රජය සිංගප්පුරු අධිකරණයක් හමුවේ නඩු පැවරීමට පියවර ගැනීම සම්බන්ධයෙන් සිය සේවාදායකයා ඔහු පවත්වාගෙන යන යු ටියුබ් නාලිකාව ඔස්සේ හෙළි කළ තොරතුරු සනාථ කිරීමට ප්‍රමාණවත් සාක්‍ෂි ඇතැයි සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයකු වන දර්ශන හඳුන්ගොඩ මහතා ඊයේ (10ද... |
"එක්ස්ප්‍රස් පර්ල් නැව ගිනිගත් අවස්ථාවේ සිට නඩු පැවරීම දක්වා වූ ක්‍රියාවලිය විනිවිදව සිදු කළා – විදේශ ඇමැති අලි සබි්‍ර" | "එක්ස්ප්‍රස් පර්ල් නැව ගිනිගත් අවස්ථාවේ සිට වන්දි ලබා ගැනීමට නඩු පැවරීම දක්වා වූ මෙතෙක් ක්‍රියාවලිය පූර්ණ නීත්‍යානුකූලව හා විනිවිදව සිදු කළ බව විදේශ ඇමැති අලි සබි්‍ර මහතා ඊයේ (10 දා) පාර්ලිමේන්තුවේදී පැවසීය. වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා විසින් සෙංකෝලය තැන්පත් කිරීමෙන් පසුව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්... |
"මාව බ්ලැක්මේල් කරන්න එපා කියමින් ටිහාරා හෝටලයෙන් බිමට පැන්නා – හික්කඩුවේදී කොටු වූ සිද්ධියේ ප්‍රධාන සැකකාර සීසර් පොලිසියට කියයි" | "ටිහාරයි මමයි ඩ්‍රින්ක් එකක් අරන් කාමරේට වෙලා නිදහසේ ඉන්න කොට එයාගේ ෆෝන් එකට කෝල් එකක් ආවා. කෝල් දුන්න කෙනාට එයා බැනගෙන බැනගෙන ගියා. බලු වැඩ කරන්න එපා යකෝ මාව බ්ලැක්මේල් කරන්න එපා කියලා. ඊට පස්සෙ එයා එක පාරටම හෝටල් කාමරේ ජනේලෙන් එළියට පැන්නා යැයි කළුතර පාසල් ශිෂ්‍යාවගේ මරණය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු පොලිසිය හමු... |
"දූෂණ චෝදනා 18කින් එකොළහකට වැරැදිකරු වෙයි- කුරුණෑගල නගරාධිපති ධූරයෙන් පහ කරයි-වසර පහක් ඡන්දය ඉල්ලන්නත් බැහැ" | "විශ්‍රාමික මහාධිකරණ විනිසුරු ලලිත් ඒකනායක මහතා විසින් කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව විතාරණ මහතාට එරෙහිව පවත්වනු ලැබූ ඒක පුද්ගල පරීක්‍ෂණ කොමිසමකදී නගරාධිපතිවරයාට එල්ල වූ දූෂණ චෝදනා 18 කින් චෝදනා එකොළහකට ඔහු වැරදිකරු බවට තීරණය කර තිබේ. ඒ අනුව ඉකුත් දෙසැම්බර් මස 31 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි නගරාධිපතිවරයා එම ධුරයෙන... |
"නිව් ඩයමන්ඩ් සහ එක්ස්ප්‍රස් පර්ල් අනතුරු ගැන සොයන්න විශේෂ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත්කරන්න" | "මෙරට මුහුදු සීමාවේදී ගිනි ගැනීමට ලක්වූ නිව් ඩයමන්ඩ් සහ එක්ස්ප්‍රස් පර්ල් නෞකා අනතුරු පිළිබඳ කරුණු සොයා බලා අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීමට විශේෂ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත්කරන ලෙස ඉල්ලමින් ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු 21 දෙනකුගේ අත්සනින් යුතු ලිපියක් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා වෙත භාර දෙනු ලැබීය. මන්ත්‍රීවරු 1... |
"හිරුණිකාට එරෙහි නඩුවේ සීසීටීවී දර්ශන ජුනි 1 දා උසාවියේ ප්‍රදර්ශනය කරන්නැයි නියෝග" | "තරුණයකු පැහැරගෙන යෑමට ආධාර අනුබලදීම හා සාපරාධී බියගැන්වීම ඇතුළු අධිචෝදනා 19 ක් යටතේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට එරෙහිව පවරා ඇති නඩුවේ පැමිණිල්ලේ නඩු භාණ්ඩ ලෙස නම් කර ඇති එම පැහැර ගැනීමට අදාළ සී. සී. ටී. වී. දර්ශන ලබන 1 වැනිදා තම අධිකරණය හමුවේ ප්‍රදර්ශනය කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසට ... |
"මෝචා යක්ෂයා වෙයිද? ඉන්දියාව සීරුවෙන්" | "බෙංගාල බොක්ක ආශ්‍රිතව නිර්මාණය වෙමින් පවතින මෝචා සුළි කුණාටුව සිකුරාදා (12දා) වන විට ඉතා දරුණු කුණාටුවක් දක්වා තීව්‍ර වීමට ඉඩ ඇති බව ඉන්දීය කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි. ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ සහ දකුණු අන්දමන් මුහුද ආශ්‍රිතව අඩු පීඩන කලාපයක් මේ වන විටත් නිර්මාණය වී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්... |
"මානව අයිතීන් උල්ලංඝනය කරන ප්‍රචණ්ඩත්වය නතර කිරීමට පූර්ණ බලැති ජනාධිපති කොමිසමක් ස්ථාපිත කරන්න – ඇමැති මණ්ඩලය ජනාධිපතිගෙන් විශේෂ ඉල්ලීමක් කරයි" | "මානව අයිතීන් උල්ලංඝනය වන පරිදි සිදු කෙරෙන ප්‍රචණ්ඩත්වයන් නතර කිරීම සඳහා පූර්ණ බලැති ජනාධිපති කොමිසමක් ස්ථාපිත කරන ලෙස අමාත්‍ය මණ්ඩලය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් විශේෂ ඉල්ලීමක් කර තිබේ. ඉකුත් මැයි 09 වැනිදා ඇරඹුණු අරගලයට වසරක් පිරුණු ඊයේ (මැයි 09 වැනිදා) කැබිනට් තීරණ දැනුම් දීමට පැවැති මාධ්‍ය හමුවේදී කැබිනට් ප්... |
"පළාත් සභා ඡන්දය කඩිනම් කළොත් ව්‍යවස්ථා සංශෝධනයට තුනෙන් දෙක දෙනවා – විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල" | "මැතිවරණය කඩිනමින් පැවැත්වීමට ආණ්ඩුව කටයුතු කරන්නේ නම්, රජයට අවශ්‍ය ව්‍යවස්ථා සංශෝධන සිදුකිරීම සඳහා තුනෙන් දෙකේ බලය ලබා දීමට සූදානම් බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (09දා) පැවසීය. පාර්ලිමේන්තු කටයුතු ආරම්භයේදීම හදිසියේම අදහස් දක්වමින් හෙතෙම මේ බව කියා සිටියේය. එහිදී ඒ මහතා මෙසේ... |
"ජනපති සමග කළ සාකච්ඡාවකින් පසු කටාන අල් ඔබේදාන් ඇඟලුම් කර්මාන්ත ශාලාව යළි අරඹන්න හිමිකරු එකඟ වුණා – ආරක්ෂාවත් දෙනවා – රාජ්‍ය ඇමැති දිලුම් අමුණුගම" | "කටාන අල් ඔබේදාන් ඇඟලුම් කර්මාන්ත ශාලාව නැවතත් පවත්වාගෙන යෑමට එහි හිමිකරු එකඟ වූ බව ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පැවසීය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු අදාළ නිලධාරීන් සමග සිදු කළ දීර්ඝ සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගෙන ඇති බව ද හෙතෙම කීය. මැර ප්‍රහාරය අපේ රටේ ආයෝජන ක්ෂේත්‍රයටම එල්ල වූ බලවත... |
"හිටිහැටියේ අයිස් මිල වැඩි කිරීමෙන් පෑලියගොඩ මාළු ව්‍යාපාරිකයෝ නන්නත්තාර වෙති – කෝටි 15 ක් පමණ පාඩුවෙලා" | "අයිස් මිල ගණන් ඊයේ (09 වැනිදා) පෙරවරුවේ හිටි හැටියේ වැඩිකිරීම නිසා පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයේ මාළු වෙළෙඳාම සියයට පනයකින් අඩුවී එහි වෙළෙඳුන්ට රුපියල් කෝටි පහළොවක (මිලියන 150) පමණ පාඩුවක් විඳීමට සිදුවූ බව එම වෙළෙඳ සංගමයේ ලේකම් ජයන්ත කුරේ මහතා ‘දිවයින’ පැවසීය. ධීවර අමාත්‍යාංශය මගින් කැඳවා තිබූ ටෙන්ඩරයකට අනුව... |
"ඩෙංගු ව්‍යාප්තිය පාලනයට කඩිනම් පියවර ගන්න – ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් උපදෙස්" | "ඩෙංගු ව්‍යාප්තිය පාලනය සඳහා සියලු පූර්වාරක්ෂක පියවර කඩිනමින් ගන්නා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා අද (09) සියලු පළාත් ලේකම්වරුන්ට ලිඛිතව දැනුම් දුන්නේය. ඩෙංගු මර්දන වැඩසටහන සඳහා අවශ්‍යතාව අනුව, ප්‍රධාන ලේකම්වරුන්ට උපරිම සහාය ලබා දෙන ලෙස ද ජනාධිපති ලේකම්වරයා ත්‍රිවිධ ... |
"අදත් තද වැසි – රතු නිවේදනත් එයි" | "දිවයිනේ පළාත් රැසකට අදත් (10 දා) වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ඒ අනුව බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, දකුණු පළාත්වලට මෙන්ම උතුරු පළාතේ ස්ථාන කිහිපයකට ද වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව කියා සිටී. දිවයිනේ සෙසු ප්‍රදේශවල ද විශේෂයෙන් සන්ධ්‍යා කාලයේ ද... |
"ආණ්ඩුවේ වංචා දූෂණ ගැන ජනාධිපති කිසි කතාවක් නෑ – හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන්" | "ආණ්ඩුවේ වංචා දූෂණ සම්බන්ධව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිශ්ශබ්ද පිළිවෙතක් අනුගමනය කරමින් සුපුරුදු පරිදි අහක බලාගෙන සිටින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා ඊයේ (09) පැවසීය. විපක්ෂ නායක කාර්යාලයේ ඊයේ පැවති මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ ඒ මහතා මේ බව කී අතර එහිදී මෙසේද කියා සිටියේය. අද මැයි මාසයේ 09දා ... |
"ටෙලිකොම් කොටස් විකිණීම – රජය සතු කොටස් විකුණන්නේ සම්පූර්ණයෙන්ම නීත්‍යනුකූලවයි" | "ලබන මස 15 වැනිදා වන තෙක් ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ රජයට අයත් කිසිදු කොටසක් අලෙවි කිරීම සිදුනොකරන බවට මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා ඊයේ (08 දා) ශ්‍රේෂ්ඨාධිකරණයට ප්‍රතිඥාවක් ලබා දුන්නේය. මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් රජීව අමරසූරිය මහතා, ගාමිණි අමරසේකර, යසන්ත කෝදාගොඩ සහ මහින්ද ... |
"උ.පෙළ පිළිතුරු පත්‍ර පරීක්‍ෂාව සති 6 කට පෙර අවසන් කරනවා – විභාග කොමසාරිස් ජනරාල්" | "උසස් පෙළ පිළිතුරු පත්‍ර පරීක්‍ෂාව සති 06 කට පෙර අවසන් කිරීමට උත්සාහ කරන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා ‘දිවයින’ට ඊයේ (08 දා) පැවැසීය. උසස් පෙළ විෂයයන් කිහිපයකට අදාළව පිළිතුරු පත්‍ර බැලීම ඊයේ (08 දා) සිට ආරම්භ කළ බවත් මැයි 29 වැනිදා සාමාන්‍ය පෙළ විභාගය ආරම්භ වන බැවින් මැයි 26 වැනිදා සිට උසස් පෙළ පිළිතුරු... |
"වසර 5ක් ආදායම් බලපත් නැති වාහන බ්ලැක් ලිස්ට්" | "වසර 05 ක් ආදායම් බලපත්‍ර ලබාගෙන නොමැති වාහන අසාදු ලේඛනගත කර මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු තොරතුරු පද්ධතියෙන් ඉවත් කිරීමට සාකච්ඡා කරමින් තිබෙන බව මෝටර් ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ මහතා පැවැසීය. මෙය සාකච්ඡා මට්ටමින් පවතින බවත්, ඊට අදාළව ක්‍රියාකිරීම සඳහා වසර 05 කට අධික කාලයක් ආදායම් බලපත්‍ර ලබාගෙන නොමැත... |
"තිරිඟු පිටි රු. 10 කින් සුදු සීනි රු.25 කින් මිල ඉහළ දමයි" | "ආනයනික තිරිඟු පිටි කිලෝවක මිල රුපියල් 10 කින් සහ සුදු සීනි කිලෝවක මිල රුපියල් 25 කින් ඊයේ (08 දා) සිට ඉහළ දැමීමට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය පියවර ගෙන ඇත. තිරිඟු පිටි සඳහා පනවා තිබූ රුපියල් 03 ක බදු සහනය රජය විසින් ඉවත් කිරීම සහ ලෝක වෙළෙඳපොළේ සීනි මිල ඉහළ යෑමට සාපේක්‍ෂව මෙසේ තොග මිල ඉහළ දැමූ බව අත්‍යවශ... |
""මහින්ද, බැසිල් ඇතුළු 39 කට එරෙහි පෙත්සම ගැන විවාදය ජූලි 5 දා"" | "රට මෙවන් ආර්ථික අගාධයකට ඇදදැමීමට හේතු වූ තීන්දු ගත් හිටපු මුදල් අමාත්‍යවරයකු මෙන්ම අගමැතිවරයකු ද වූ මහින්ද රාජපක්‍ෂ, හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ, හිටපු මහ බැංකු අධිපති මහාචාර්ය ඩබ්ලිව්. ඩී. ලක්‍ෂ්මන්, මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස්. ආර්. ආටිගල ඇතුළු වගඋත්තරකරුවන් 39 දෙනකුට එරෙහිව නිසි විමර්ශනයක් සිදුකරන ලෙස ඉල්ල... |
"මාස 4 ට ඩොලර් මිලියන 696 ක සංචාරක ආදායමක්" | "මේ වසරේ (2023) පළමු මාස හතරේදී මෙරටට පැමිණි විදෙස් සංචාරකයන්ගෙන් උපයන ලද ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 696.3 ක් දක්වා සියයට 17.8 කින් වර්ධනය වී ඇත. ගිය වසරේ (2022) පළමු මාස හතරේදී උපයන ලද මුළු සංචාරක ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 591 ක් වේ. මෙම මාස හතරක කාලය තුළ මෙරටට පැමිණි විදෙස් සංචාරකයන් ප්‍රමාණය සියයට 26.7 කින් වර්ධන... |
"ආණ්ඩුව EPF එකට අත තිබ්බොත් උසාවි යනවා – ජී. එල්. පීරිස්" | "රජය සේවක අර්ථසාධක අරමුදල අවප්‍රමාණයකට සැලසුම් කළහොත් එයට විරුද්ධව අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බව නිදහස ජනතා සභාවේ සාමාජික පර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා ඊයේ (8 දා) පැවසීය. තව සති දෙකකින් ෂඵත් නියෝජිතයන් ශ්‍රී ලංකාවට පැමිණෙන බවත්, ඔවුන් හමුවී වංචා දූෂණ පිළිබඳව සාකච්ඡා කරන බවත්, ඊයේ නිදහස ජනතා සභාව කා... |
"ෂාෆ්ටර්ගේ මරණය රෝහල් සේවකයන් ඇතුළු 10 කගේ ඩී එන් ඒ වාර්තා කැඳවීමට අවසර ඉල්ලයි" | "කෝටිපති ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර් මහතා භාවිතා කළ මෝටර් රථයේ තිබී සොයාගත් ආගන්තුක රුධිර සාම්පලය කාගේ දැයි නිශ්චිත කර ගැනීම සඳහා සිදුකරන ඩී.එන්.ඒ. පරීක්‍ෂණය සඳහා ඔහු රෝහල් ගතකළ අවස්ථාවේ කොළඹ ජාතික රෝහලේ සේවය කළ රෝහල් කාර්ය මණ්ඩලය ඇතුළු දසදෙනකුගේ රුධිර සාම්පල ලබා ගැනීමට පියවර ගන්නා බව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (0... |
"රාජාභිෂේකයට ගිය ජනපති යළි එයි" | "චාල්ස් රජුගේ රාජාභිෂේක උත්සවයට සහභාගීවීම සඳහා බි්‍රතාන්‍යයට ගොස් සිටි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (08 දා) උදෑසන කටුනායක ගුවන්තොටුපළින් පෙරළා දිවයිනට පැමිණි බව ගුවන්තොටුපළ කාර්ය භාර නිලධාරීවරයා සනාථ කළේය. ජනාධිපතිවරයා සමග එම උත්සවයට ගොස් සිටි දූත පිරිස ද ඊයේ උදෑසන 08.30 ට ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ. ... |
"ඉහළින්ම පොසොන් සමරන්නට ජනපතිගෙන් දිස්ත්‍රික් ලේකම්වරුන්ට උපදෙස්" | "පොසොන් උත්සවය ද ඉතා උත්කර්ෂවත් ලෙස පැවැත්වීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අනුරාධපුර සහ පොලොන්නරුව දිස්ත්‍රික් ලේකම්වරුන්ට උපදෙස් දී ඇත. රට පුරා පොසොන් උත්සව කටයුතු සාර්ථක කර ගැනීමට ජනාධිපති කාර්යාලය මගින් සෘජු මැදිහත්වීම ලබාදෙන ලෙස ද ජනාධිපතිවරයා ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාට උපදෙස් ද... |
"තුන්වන චාල්ස් රජුගේ රාජාභිෂේක මංගල්‍යයට සහභාගි වූ ශ්‍රී ලංකා බාලදක්‍ෂයෝ ජනපති හමුවෙති" | "එක්සත් රාජධානියේ බාලදක්‍ෂ සංගමය විසින් සංවිධානය කරන ලද රාජාභිෂේක කඳවුරට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගි වූ ශ්‍රී ලංකා බාලදක්‍ෂ සංගමයේ ජ්‍යෙෂ්ඨ බාලදක්‍ෂ, බාලදක්‍ෂිකාවන් සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් ලන්ඩන් නුවරදී සිදුවිය. ශලිනි පෙරේරා, අරිතා බණ්ඩාර, අසේල් බණ්ඩාර සහ සරිත් ප්‍රනාන්දු යන බාලදක්‍ෂ, බාලදක්... |
"කළුතර සිසුවිය අවන්හලට රැගෙන ගිය විවාහකයාගේ බිරිඳගෙන් ප්‍රශ්න කරයි" | "කළුතර නගරයේ පස්මහල් අවන්හලට, මියගිය පාසල් සිසුවිය කැඳවාගෙන පැමිණි සැකකරුගේ දෙවැනි බිරිඳගෙන් කළුතර පොලිසිය ඊයේ (08 දා) ප්‍රශ්න කර ඇත. සැකකරුගේ අතේ නිතර මුදල් ගැවසුණු අතර සිද්ධියෙන් පසු ඔහු ගැන කිසිදු තොරතුරක් දැනගැනීමට නැතැයි ඇය පොලිසියට සඳහන් කර තිබේ. මේ අතර මියගිය සිසුවියගේ ඉල්ලීමට ඇයට සිය හැඳුනුම්පත ලබාදුන් යෙහෙළියග... |
"සිසුවිය වැටුණු අවන්හල අනවසර ඉදිකිරීමක් – නගර සභාවට පැමිණිලි" | "කළුතර නගරයේ පස්මහල් අවන්හලක තුන්වැනි මහලෙන් වැටී මියගිය පාසල් සිසුවියගේ මරණය පිළිබඳ සිදු කරන විමර්ශනවලදී එම ගොඩනැඟිල්ල අනවසර ඉදිකිරීමක් ලෙස කළුතර නගර සභාවට පැමිණිලි ලැබෙමින් පවතින බව එම නගර සභාවේ ප්‍රකාශකයෙක් ‘දිවයින’ට පැවසීය. පාසල් සහ ආගමික ස්ථාන ආසන්නයේ පර්චස් 1 1/2 ක පමණ බිම් කොටසක මෙම හෝටලය ඉදිකළේ කෙසේ දැයි ඊයේ වන... |
"නුවරඑළිය රෝහලේ බෙහෙත විෂ වී 10කගේ ඇස් අවුල්!" | "ඉන්දියාවෙන් ගෙන්වූ බෙහෙතක විෂ බීජ තිබීමෙන් නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලේ අක්‍ෂි සැත්කම් කළ දහදෙනකුගේ ඇස් පෙනීම දුර්වලවී ඇතැයි නුවරඑළිය මහ රෝහලේ අධ්‍යක්‍ෂ විශේෂඥ වෛi මහේන්ද්‍ර සෙනෙවිරත්න මහතා පැවසීය. රෝහල් අධ්‍යක්‍ෂවරයා මේ බව කියා සිටියේ රෝහල් ආරංචි මාර්ග ඔස්සේ පැතිර යන තොරතුරක් සම්බන්ධව අප කළ විමසුමකට පිළිතුරු දෙමිනි.... |
"පොලොන්නරුව රෝහලේ ඔක්සිජන් සිලින්ඩර් ඉස්සූ රංචුවම අල්ලයි" | "පොලොන්නරුව මහ රෝහලේ සිදුවී ඇතැයි කියන රුපියල් කෝටියකට අධික වටිනාකමින් යුත් ඔක්සිජන් සිලින්ඩර් සොරකම් කර විකිණීමේ ජාවාරමට සම්බන්ධ බවට සැකපිට එම රෝහලේ සෞඛ්‍ය කාර්ය සහායකයකු ඇතුළු සැකකරුවන් 06 දෙනකු සමග සොරකම් කරන ලද ඔක්සිජන් සිලින්ඩර් 75ක්ද අත්අඩංගුවට ගත් බව පොලොන්නරුව කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි. ඔක්සිජන් සිලින්ඩර... |
"තෙවැනි චාල්ස් රජු රාජාභිෂේක ලබයි" | "තෙවැනි චාල්ස් රජුගේ රාජාභිෂේක මංගල්‍යය සෙනසුරාදා දිනයේ ලන්ඩන් නුවරදී අති උත්කර්ෂවත් ලෙස පැවැත්විය. වසර 70 කට පසු බි්‍රතාන්‍යයේ පැවැත්වෙන පළමු රාජාභිෂේකය වන මෙහිදී වසර 1,000ක පැරැණි චාරිත්‍ර විධි අනුගමනය කිරීම විශේෂත්වයකි. මෙහිදී බි්‍රතාන්‍යයේ නව රැජින ලෙස අභිෂේක ලැබුවේ, ඩයනා කුමරියගේ දික්කසාදයෙන් පසු චාල්ස් කුමරු විවා... |
"ජනපති රනිල්ගෙන් චාල්ස් රජුට සුබ පැතුම්…" | "පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල රාජ්‍ය නායක හමුවක් තෙවන චාල්ස් රජුගේ සහභාගිත්වයෙන් ලන්ඩන් නුවරදී පැවැත්විණි. ඊට එක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තෙවන චාල්ස් රජු වෙත සුබපැතුම් එක්කරමින් සුහද පිළිසඳරක යෙදී සිටි අයුරු. එම අවස්ථාවට මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය ද සහභාගී වූවාය." |
"ගිනිඅවිය ගුවන් යානය ප්‍රමාද කරයි" | "කටුනායක සිට ඉන්දියාවේ චෙන්නායි බලා පෙරේදා (06දා) දහවල් පිටත්ව යෑමට නියමිත ගුවන් යානයේ ආරක්ෂක නිලධාරීවරයා (ky Marshall) සිය උණ්ඩ පිරවූ ගිනි අවිය (පිස්තෝලය) සමග කටුනායක ගුවන් තොටුපළ සංක්‍රමණික ගුවන් මගී පර්යන්තය (Transit Passenger Terminal) වෙත පැමිණ සිටියදී, කටුනායක ගුවන් තොටුපළ ආරක්ෂක නිලධාරීන් භාරයට ගැනීම නිසා එම ගුව... |
"චාල්ස්ගේ රාජාභිෂේකයට විරෝධය දැක්වූ 52ක් අත්අඩංගුවට" | "තුන්වන චාල්ස් රජුගේ රාජාභිෂේකයට එරෙහිව විරෝධතාවේ නිරත වූ පුද්ගලයන් 52 දෙනකු ලන්ඩන් මෙට්‍රෝපොලිටන් පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. ආණ්ඩු විරෝධී කණ්ඩායමක නායකයකු ඇතුළු පිරිසක් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත. තුන්වන චාල්ස් රජුගේ රාජාභිෂේකය පසුගිය සෙනසුරාදා (06දා) පැවති අතර එයට විරෝධය පළ කරමින් රාජාණ්ඩු විරෝධී විරෝධතාකරුවෝ ලන... |
"පරිපාලන දැනුමක් නැති ආණ්ඩුකාරවරුන් නිසා පළාත් සභා අරමුදල් වතුරේ ගිහින්" | "පරිපාලන හා මූල්‍ය කළමනාකරණය පිළිබඳ නිසි අවබෝධයක් නොමැති පිරිසක් ආණ්ඩුකාරවරුන් ලෙස පත්කර තිබීම නිසා පළාත් සභා කිහිපයක පළාත් අරමුදල් විනාශ වී ඇතැයි රාජ්‍ය විගණයේදී පෙනී ගොස් තිබේ. ඇතැම් පළාත් ආණ්ඩුකාරවරුන් සිදුකර තිබෙන නාස්තිකාර වියදම් සහ මූල්‍ය අවභාවිතා සම්බන්ධයෙන් වාර්ෂික විගණන වාර්තා මගින් පෙන්වා දී තිබුණත් ඒවා නතර ක... |
"කෙළින්ම මුදාහැරීමට හැකිද සොයනවා" | "ඉන්දියාවෙන් ආනයනය කෙරෙන බිත්තර පරීක්‍ෂාවකින් තොරව මුදාහැරීමේ හැකියාවද පවතී ද යන්න සොයා බලමින් සිටින බව සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල් ආචාර්ය හේමාලි කොතලාවල මහත්මිය ඊයේ (07දා) පැවැසුවාය. ඉන්දියාවෙන් ගෙන්වන බිත්තර එරටදී පරීක්‍ෂාකර මෙරටට ගෙන්වනු ලැබුවත් මෙරටදීද පරීක්‍ෂා කිරීමෙන් පසු මුදාහරින බ... |
"වැස්සත් සමඟ දරුවන් අතර ඩෙංගු – පාචනය ඉන්ෆ්ලුවෙන්සා පැතිරීම ඉහළට" | "පවතින වැසි තත්ත්වයත් සමඟ ළමුන් අතර ඩෙංගු, පාචනය, ඉන්ෆ්ලුවෙන්සා වැනි රෝග තත්ත්වයන්වල ඉහළ යෑමක් දක්නට ඇතැයි බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍යදීපාල් පෙරේරා මහතා ‘දිවයින’ ට ඊයේ (07 වැනිදා) පැවැසීය. මෙම රෝග වැළඳුණු දරුවන් 30 දෙනකු පමණ ළමා රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බවද වර්ෂාවත් සමඟ මදුරුවන්, මැස්සන් වැ... |
"දිස්ත්‍රික්ක 5කට තවදුරටත් නාය අනතුරු ඇඟවීම්" | "ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය විසින් දිවයිනේ දිස්ත්‍රික්ක 5 ක් සඳහා තවදුරටත් බලපැවැත්වෙන පරිදි නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත්කර තිබේ. ඒ අනුව ගාල්ල, කෑගල්ල, කුරුණෑගල, බදුල්ල, මාතලේ යන දිස්ත්‍රික්ක සඳහා එම නාය අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත්කර ඇත. මෙම අනතුරු ඇඟවීම ගාල්ල දිස්ත්‍රික්කයේ නාගොඩ, ඇල්පිටිය, බද්දේගම, යක්කලමුල්ල ය... |
"පළාත් 5 කට ගාල්ල – මාතරට අදත් ගිගුරුම් වැසි" | "බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ උතුරු පළාත්වලත්,ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවලත් අද (08 දා) දිනයේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විiා දෙපාර්තමේන්තුව පවසයි. නැගෙනහිර සහ ඌව පළාත් වලත්, පොළොන්නරුව දිස්ත්‍රික්කයේත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව ද එ... |
"වසර තුනකට පසු වෙසක් බලන්න කොළඹට ජන ගඟක්" | "බුදුරජාණන් වහන්සේගේ තෙමඟුල සිහිපත් කරමින් කොළඹ නගරයේ පැවැත්වෙන වෙසක් අසිරිය නැරඹීමට වසර තුනකට පසු දිවයිනේ නන්දෙසින් අති විශාල ජනතාවක් වෙසක් පෝදා (5 දා) සිට ඇදීඑමින් පවතී. මෙලෙස පැමිණෙන බැතිමතුන්ගෙන් කොළඹ නගරය පිරී ඉතිරීයෑම නිසා කොළඹ නගරයේ දැඩි රථවාහන තදබදයක් ද හටගෙන තිබිණි. එලෙස පැමිණෙන ජනතාවගේ ආරක්‍ෂාව උදෙසා කොළඹ නගර... |
"තරුණ සහභාගිත්වය දිරිගන්වන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අවශ්‍යයි" | "තරුණ සහභාගිත්වය දිරිමත් කරන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා පොදුරාජ්‍ය මණ්ඩලය වඩා විශාල කාර්යභාරයක් ඉටුකළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පෙරේදා ලන්ඩන් නුවර පැවති පොදුරාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුවේදී අවධාරණය කළේය. පොදුරාජ්‍ය මණ්ඩලීය රටවල රාජ්‍ය නායක හමුවක් තෙවන චාල්ස් රජුගේ සහභාගිත්වයෙන් පෙරේදා ලන්ඩන් නුවර දී පැ... |
"සජබයෙන් ඉවත් කළත් පාර්ලිමේන්තුවෙන් යවන්න බෑ – ෆවුසි කියයි" | "සමගි ජනබලවේගයේ සාමාජිකත්වයෙන් තමා ඉවත් කළ ද පාර්ලිමේන්තු අසුනෙන් ඉවත් කළ නොහැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ. එච්.එම්. ෆවුසි මහතා ‘දිවයින’ට ඊයේ (7 දා) පැවැසීය. පක්‍ෂයට එරෙහිව තමා කළ ප්‍රකාශ අනුව විනයානුකූල පරීක්‍ෂණයන් පවත්වන බවට මාධ්‍යයෙන් දැනගත් නමුත් මේ වෙනතුරුත් සමගි ජනබලවේගයේ නායකත්වය තමාට එවැන්නක් ලිඛිතව දැනුම්දී න... |
"රුපියල් තුනක තිරිඟු පිටි රේගු බදු සහනය ඉවතට" | "තිරිඟු පිටි සඳහා පනවා තිබූ රුපියල් තුනක් වූ රේගු සහනය ඉවත් කළ බවත්, ඒ හේතුවෙන් තිරිඟු පිටි මිලෙහි කිසිදු වෙනසක් සිදු නොවන බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. මාධ්‍ය වෙත ඊයේ (07දා) අදහස් දක්වමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය. අමාත්‍යවරයා තවදුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කළේ සහල් සඳහා වූ ප්‍රධානතම ආදේශනය ව... |
"ගුවන් සේවා අධිකාරිය කෝටි 2000ක් ගිලලා – විගණනයෙන් පෙන්නුවත් හිටපු අධ්‍යක්‍ෂ ජනරාල් පියවර අරගෙන නෑ" | "ශ්‍රී ලංකාවට අයත් ගුවන් කලාපයේ පියාසර කරන විදේශ ගුවන්යානාවලින් අයකරගත් රුපියල් කෝටි දෙදහසකට (බිලියන 20) අධික මුදල් සම්භාරයක් මහා භාණ්ඩාගාරයට ප්‍රතිපූර්ණ නොකර සිවිල් ගුවන් සේවා අධිකාරිය එම මුදල් කාබාසිනියා කර ඇත. රජයේ විගණන කාර්යාලය සිදුකළ විගණනවලදී මේ බැව් දිගින් දිගටම පෙන්වා දී තිබුණත් හිටපු අධ්‍යක්‍ෂ ජනරාල්වරයා ඒ පි... |
"චාල්ස් රජුගේ රාජාභිෂේකයට රාජ්‍ය නායකයන් රැසක්" | "තෙවැනි චාල්ස් රජු සහ කැමිලා බිසවගේ රාජාභිෂේක උත්සවයට රටවල් 5 කට හැර අන් සියලු රටවලට ඇරයුම් කර තිබුණි. එහෙත් රුසියාව, බෙලාරූස්, වෙනිසියුලාව, ඉරානය සහ උතුරු කොරියාවට ඇරයුම් කර නැත. යුක්රේනයට ඇරයුම් කර තිබුණත් එම රට සහභාගී වන බවට වාර්තාවී නැත. මෙම රාජාභිෂේක උත්සවයට 29,000 ක ආරක්‍ෂක බළකායක් යොදවා තිබුණි. ස්ටර්ලින් පවුම් ම... |
"ඉන්දියානු ශ්‍රී ලංකා අලුත්ම ව්‍යාපෘති තුනක් – නවීන හැඳුනුම්පතක් – නැව් සේවයක් හා සූර්ය බල ව්‍යාපෘතියක්" | "නවීන තාක්ෂණයෙන් යුතු හැඳුනුම්පතක් නිකුත් කිරීම, සූර්ය බල විදුලි ව්‍යාපෘතිය හා ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර නෞකා සේවයක් ආරම්භ කිරීම යන ව්‍යාපෘති 3 කඩිනමින් ක්‍රියාත්මක කිරීමට ඉන්දීය රජයේ අවධානය යොමුව ඇත. ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක මහතා හා ඉන්දියානු මහ කොමසාර... |
"රතු වරෙන්තු මත් ජාවාරමුන්ට වැඩ වරදී – 132ක් අල්ලන්න ඉන්ටර්පෝල් සහාය" | "ශ්‍රී ලාංකික මත්ද්‍රව්‍ය ජාවාරම් කල්ලි නායකයන් 132 ක් යුරෝපා රටවල සිටින අතර ඉන්ටර්පෝල් පොලිසිය ඔවුන්ට රතු වරෙන්තු නිකුත්කර තිබේ. මින් වැඩිදෙනා ප්‍රංශය හා ඉතාලියේ සරණාගතයන් ලෙස සිටින බව හෙළිවිය. මොවුන්ට ද්‍රවිඩ ඩයස් පෝරාව රැකවරණ සලසන බව අනාවරණය වී තිබේ. මෝදර ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය කල්ලි නායකයකු ඇතුළු ශ්‍රී ලාංකික ජාවාරම... |
"ඉන්න අයට අස්වෙන්න කියයි – පළාත් හතරකට නව ආණ්ඩුකාරවරු" | "බ්‍රිතාන්‍යෙය් III වැනි චාල්ස් රජුගේ රාජාභිෂේක උත්සවයට සහභාගි වීම සඳහා එරටට ගොස් සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යළි දිවයිනට පැමිණි පසු පළාත් හතරකට නව ආණ්ඩුකාරවරුන් පත්කිරීමට නියමිතව ඇතැයි ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරයි. ඒ අනුව නැගෙනහිර, උතුර, සබරගමුව හා ඌව පළාත් සඳහා මෙලෙස නව ආණ්ඩුකාරවරුන් පත් කිරීමට න... |
"දහම් පාසල් අධ්‍යාපනය අනිවාර්ය කරයි" | "දරුවන්ට දහම් පාසල් අධ්‍යාපනය ලැබීම අනිවාර්යය කිරීමට රජය තීරණය කර තිබේ. ඒ සඳහා අදාළ සංදේශයක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ බව බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පැවසීය. එමෙන්ම වෙසක් පොහොයට සමගාමීව දරුවන්ගේ දහම් පාසල් අධ්‍යාපනය අනිවාර්යය කිරීමට මෙම පියවර ගත් බවත් මෙම වැඩපිළිවෙළ අනුව දහම් ප... |
"දේශීය පොල්තෙල් කර්මාන්තය අවදානමේ – පාරම්පරික පොල්තෙල් නිෂ්පාදකයන්ගේ සංගමය" | "දේශීය පරිභෝජනය සඳහා අවශ්‍ය පොල් තෙල් ප්‍රමාණය මෙරටදී නිෂ්පාදනය කරද්දී අනවශ්‍ය ලෙස පොල් තෙල් ආනයනය කිරීම නිසා දේශීය පොල්තෙල් කර්මාන්තය කඩා වැටීමේ අවදානමකට ලක්ව ඇතැයි සමස්ත ලංකා පාරම්පරික පොල් තෙල් නිෂ්පාදකයන්ගේ සංගමය සඳහන් කරයි. එසේම ආනයනය කරන පොල්තෙල්වල ප්‍රමිතිය පිළිබඳවද පවතින ගැටලු නිසා එම තෙල් භාවිතයෙන් ජනතාවගේ සෞඛ... |
"බිත්තර නිෂ්පාදනය 5.4%කින් පහළට" | "කුකුළු පාලනය සඳහා ප්‍රමාණවත් ලෙස සත්ත්ව ආහාර ද්‍රව්‍ය නොලැබීම හේතුවෙන් ඉකුත් වර්ෂයේ දී (2022) මෙරට බිත්තර නිෂ්පාදනය සියයට 5.4කින් පහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් 2022 වර්ෂයට අදාළව නිකුත් කර ඇති වාර්ෂික වාර්තාවේ සඳහන් වෙයි. 2021 වර්ෂයේ දී මෙරට බිත්තර නිෂ්පාදනය මිලියන 1954කි. එහෙත් 2022 වර්ෂයේ දී මෙරට බිත්තර... |
"තෙල් සංස්ථා කරල පැහෙයි – පාඩුව බිලියන 6.2 දක්වා පහළට – ලාභ ලබන්නත් පටන් ගනී" | "ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ පාඩුව ඉකුත් වර්ෂයේ දී (2022) රුපියල් බිලියන 6.2 දක්වා පහත වැටී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. ඒ 2021 වර්ෂයට සාපේක්‍ෂවය. ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව 2021 වර්ෂයේ දී රුපියල් බිලියන 41.3ක පාඩුවක් වාර්තා කර තිබුණි. ගෝලීය බොරතෙල් මිල ගණන්වල ඉහළ යෑම මැද දේශීයව ඛනිජ තෙල් මිල ඉහළ නැංවීම නිසා... |
"අරගලයෙන් පසු ජනපති කාර්යාලයේ වෙසක්" | "මීට වසරකට පෙර (2022) අරගලකරුවන් විසින් අත්පත් කරගෙන තිබූ ජනාධිපති ලේකම් කාර්යාලය සහ ඒ අවට පරිසරය මෙවර වෙසක් උළෙල වෙනුවෙන් සරසා තිබූ අයුරු. ඡායාරූපය–නිශාන් එස්. ප්‍රියන්ත" |
"ජනපති මට ස්තූති කළා -ෆවුසි" | "ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලැබෙන ණය පිළිබඳව පාර්ලිමේන්තුවේ පැවති ඡන්ද විමසීමේදී විපක්‍ෂයේ සිට ආණ්ඩු පක්‍ෂයට සහය දීම පිළිබඳව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පෞද්ගලිකව තමාට ස්තූති කළ බව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ. එච්. එම්. ෆවුසි මහතා දිවයින ඉරිදා සංග්‍රහයට පැවසීය. තම පක්‍ෂයේ කවුරු තරහ වුණත් ආණ්ඩුව සිදු කරන... |
"ආයුර්වේද සංස්ථා සේවකයන්ට හොර පාරෙන් කෝටි 54ක දිරි දීමනා" | "ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාව විසින් ඉකුත් වසර 07ක කාලයේ දී මහා භාණ්ඩාගාරයේ අනුමැතියකින් තොරව දිරි දීමනා වශයෙන් සංස්ථාවේ සේවකයන්ට රුපියල් පනස්හතර කෝටි, හැට එක් ලක්ෂ, හතළිස් එක්දහස් පන්සිය දාහතරක මුදලක් ගෙවා ඇති බව ජාතික විගණන කාර්යාලය පවසයි. 2021 වර්ෂයේ දී සංස්ථාවේ සේවකයන්ට නිෂ්පාදිත දිරි දීමනා වශයෙන්, පන්කෝටි, විසි... |
"ෆවුසි කොහොමත් ‘බලය පැත්තට හෝයියා’ – මුජිබර් කියයි" | "ෆවුසි මහතා කොහොමත් බලය තිබෙන පැත්තට හෝයි කියන කෙනෙක් යැයි සමගි ජනබලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට පැවසීය. ශ්‍රී ලංකාවේ දේශපාලනය කෙසේ දැයි කියා ඕනෑම අයෙකුට තේරුම් ගත හැකි බවද කී මුජිබර් රහුමාන් මහතා තම පක්‍ෂයේ සමහරු පවා හරි හැටි විශ්වාස කළ නොහැකි යැයි ද කීවේය. කෙසේ වෙතත්... |
"පකිස්ථානයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් ඝාතනයට තැත්කළ අල්කයිඩා නායකයා මරුට" | "පකිස්ථානයේදී ශ්‍රී ලාංකික ක්‍රිකට් ක්‍රීඩකයන් ඝාතනය කිරීමට උත්සාහ කළ අල්කයිඩා ත්‍රස්ත නායකයකු වූ ඉක්බාල් අලියාස් කගසාරා පාකිස්ථාන් පොලිසිය පසුගිය 04 වැනිදා වෙඩි තබා මරා දමා ඇත. මේ බව කයිටර් පොලිස්පති ගයනි කගාන් ප්‍රකාශ කර තිබේ. තිලාන් සමරවීර, කුමාර් සංගක්කාර, අජන්ත මෙන්ඩින්, ඇතුළු ශ්‍රී ලාංකික ක්‍රිකට් ක්‍රීඩකයන් පිරි... |
"පාරිභෝගිකයා වෙනුවෙන් හඬ නගන්නේ මං විතරයි – අසේල සම්පත්" | "දිගින් දිගටම පාරිභෝගික ජනතාව ගසාගෙන කෑම වැළැක්වීම සඳහා හඬක් නගන්නේ තමා පමණක් යැයි ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මහතා ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට පැවසීය. පාරිභෝගික අධිකාරිය නමට පමණක් සීමාවී තිබෙන බවත් ඔවුන් අද සිදුකරන්නේ වැඩි මිලට බිත්තර විකුණන වෙළෙඳුන් සොයන වැටලීම් පමණක් බවත් හෙතෙම කීවේය. පාරිභෝගික අධිකාරිය... |
"අර්බුද කල්මරයි- සරසවි ඇදුරෝ රට හැර යති – විශ්වවිද්‍යාල රැසක පුරප්පාඩු වැඩිවෙයි – සරසවි දරුවන්ගේ අධ්‍යාපනය බරපතළ අවදානමක – විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ සභාපති මහාචාර්ය ශ්‍යාම් බන්නැහැක" | "විශ්වවිද්‍යාල ආචාර්යවරු මුහුණ දී සිටින ගැටලු හමුවේ වෙනදාට වඩා වැඩි වශයෙන් ඔවුන් රට හැරයෑමට පටන් ගෙන ඇති බවත් මේ නිසා විශ්වවිද්‍යාල පද්ධතිය මේ වනවිට බරපතළ අර්බුදයකට මුහුණ දී සිටින බවත් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ සභාපති මහාචාර්ය ශ්‍යාම් බන්නැහැක මහතා ඊයේ (05 දා) ‘දිවයින’ට පැවසීය. පසුගිය වසර පහට සාපේක්ෂව... |
"චාල්ස් කුමරු රාජාභිෂේකය අද" | "බ්‍රිතාන්‍යයේ චාල්ස් රජු සහ කැමිලා බිසවගේ මෞලි මංගල්‍යය අද (06දා) සෙනසුරාදා ඓතිහාසික වෙස්ට්මිනිස්ටර් ඇබේ දෙව්මැඳුරේදී උත්සවශ්‍රීයෙන් පැවැත්වේ. මෙම රාජාභිෂේක උත්සවය ආරම්භ වන්නේ දහවල් 11.00ටය. මෙය ඓතිහාසික චාරිත්‍රයක් ඉටුකිරීමකි. බ්‍රිතාන්‍යයේ දෙවැනි එළිසබෙත් රැජිනගේ මෞලි මංගල්‍යයෙන් පසු වසර 70 කට පසු පැවැත්වෙන 02 වැනි ... |
"බුදුන්ගේ පරමාදර්ශය සැමට ආලෝකයක් – මෝදිගෙන් ට්විටර් පණිවිඩයක්" | "ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා වෙසක් මංගල්‍යය වෙනුවෙන් ට්විටර් පණිවිඩයක් මගින් සිය සුබ පැතුම් එක්කර තිබේ. ‘බුදුරජාණන් වහන්සේගේ පරමාර්දර්ශයන් අප සැමට ආලෝකය සහ ශක්තිය ලබාදෙයි’ යනුවෙන් ඒ මහතා සිය ට්විටර් පණිවිඩයේ සටහන් කර ඇත." |
"වෙසක් වෙනුවෙන් සිරකරුවන් 988කට ජනපති සමාව" | "මෙවර වෙසක් පොහොය නිමිත්තෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් සිරකරුවන් 988 කට ජනාධිපති සමාව ලබා දී තිබේ. අපරාධමය වැරදි නොකළ පිරිමි සිරකරුවන් 982 දෙනකු සහ ගැහැනු සිරකරුවන් 06 දෙනකු දිවයිනේ සෑම බන්ධනාගාරයකින්ම නිදහස් කර තිබේ. චාමින්ද සිල්වා, ලලිත් චාමින්ද, ජවුෆර් කාන්" |
"‘ඩෙංගු ත්‍රී’ රෝගීහු වැඩි වෙති" | "‘ඩෙංගු ත්‍රී’ වෛරස් ප්‍රභේදයේ රෝගීන් වාර්තා වීමේ ශීඝ්‍ර වර්ධනයක් මේ වනවිට දක්නට ඇතැයි ආසාත්මිකතා, ප්‍රතිශක්ති විද්‍යා, සෛල ජෛව විද්‍යා ආයතනයේ මහාචාර්ය චන්දිම ජීවන්දර මහතා ‘දිවයින’ට පැවසීය. ඩෙංගු වළක්වා ගැනීමේ පූර්ව ආරක්ෂක පියවර වෙත යොමුවීම ඉතා වැදගත් බව ද ඒ මහතා කීය. ඩෙංගු වන්, ටු, ත්‍රී සහ ෆෝ යන කාණ්ඩ හතරෙන් මේ වනවිට... |
"බෙංගාල බොක්ක කැලඹෙයි:අදත් පළාත් 4කට වැසි" | "බස්නාහිර, සබරගමුව, වයඹ සහ දකුණු පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට අද (06 දා) දිනයේ ද වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50 ට වැඩි තරමක් තද වැසි ද ඇති වේ. දිවයිනේ සෙසු ප්‍රදේශවල විශේෂයෙන්ම සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති වේ.... |
"ජනාධිපති මන්දිරය සිසුන්ට දොර ආරී" | "කොළඹ ජනාධිපති මන්දිරය නැරඹීමට පාසල් දරුවන්ටත් අවස්ථාවක් සලසාදී තිබේ. ෂැංග්‍රීලා හරිත භූමියේ බෞද්ධාලෝක වෙසක් වැඩසටහනට සමගාමීව මෙම අවස්ථාව සලසා දී තිබිණි." |
"මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් නඩුව කල්යයි" | "මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා පැහැරගෙන යෑම, ඔහුගේ මරණය සිදු කිරීම ඇතුළු අධි චෝදනා 17 ක් යටතේ යුද හමුදා බුද්ධි අංශ නිලධාරීන් ඇතුලු විත්තිකරුවන් නම දෙනකුට එරෙහිව පවරා ඇති නඩුවේ වැඩිදුර විභාගය ලබන මස 26 වැනිදා දක්වා කල්තැබීමට කොළඹ විශේෂ ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල පෙරේදා (04 දා) නියෝග කළේය. එම නඩුව විභාග කළ විනිසුර... |
"ලංගමයෙන් වෙසක් බස්" | "දිවයිනේ සියලු වෙසක් කලාප ආශ්‍රිත ප්‍රදේශ සහ විශේෂ පූජනීය ස්ථාන ආවරණය වන පරිදි විශේෂ බස් රථ සේවාවක් ඊයේ (05දා) සිට ක්‍රියාත්මක බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති ලලිත් ද සිල්වා මහතා ‘දිවයින’ට පැවසීය. වෙසක් සතියේදී පෙරවරු 6.00 සිට මධ්‍යම රාත්‍රි 12.00 දක්වා මෙම ප්‍රවාහන සේවාව ක්‍රියාත්මක බව ද හෙතෙම කීය. එසේම වෙසක් පොහ... |
"බාල පොල්තෙල් කන්ටේනරයට සීල් තබයි" | "ප්‍රමිතියෙන් තොර පොල් තෙල් තොගයක් සහිත කන්ටේනරයක් මුද්‍රා තැබීමට කැකිරාව මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරු පෙරේදා (04 වැනිදා) කටයුතු කළහ. කැකිරාව ප්‍රදේශයේ ව්‍යාපාරිකයකුට අයත් අංගනයක ගබඩා කර තිබියදී මෙලෙස සොයාගෙන ඇති ප්‍රමිතියෙන් තොර පොල්තෙල් ප්‍රමාණය ලීටර් විසිතුන්දහසකි." |
"පාස්කු ප්‍රහාරයේ තවත් මොළකරුවෙක් හෙළි වෙයි!" | "සිව් වසරකට පෙර සිදුවූ පාස්කු ප්‍රහාරයේ මහා මොලකරු ශ්‍රී ලාංකික – ඕස්ටේ්‍රලියානුවකු වූ ලුක්ඛාන් නලිබ් හෙවත් අබු අබ්දුල්ලා නමැති අල්කයිදා ත්‍රස්තයා බව ඕස්ටේ්‍රලියානු ෆෙඩරල් පොලිසිය ඕස්ටේ්‍රලියානු බුද්ධි අංශය සහ එරට වික්ටෝරියා පොලිසිය ශ්‍රී ලංකාවේ පොලිසියට සනාථ කර ඇත. අබු අබ්දුල්ලා යනු අල්කයිදා සංවිධානය ලබාදුන් නමකි. මොහ... |
"කියන ඕනෑම වෙලාවක උත්තර පත්‍ර බලන්න සරසවි ඇදුරෝ සූදානමින්" | "විශ්වවිද්‍යාල ආචාර්යවරුන් සිය ඉල්ලීම් ගැන නොසිතා විභාග දෙපාර්තමේන්තුව දැනුම් දෙන ඕනෑම අවස්ථාවක උසස් පෙළ උත්තර පත්‍ර බැලීමට සූදානම් බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ සභාපති මහාචාර්ය ශ්‍යාම් බන්නැහැක මහතා ‘දිවයින’ට පැවසීය. ඒ සඳහා අවශ්‍ය ගුරුවරුන් සූදානම් කරගෙන උසස් පෙළ උත්තර පත්‍ර බැලීමට විභාග දෙපාර්තමේන්තු... |
"පාස්කු ප්‍රහාරයේ තවත් මොළකරුවෙක් හෙළි වෙයි!" | "සිව් වසරකට පෙර සිදුවූ පාස්කු ප්‍රහාරයේ මහා මොලකරු ශ්‍රී ලාංකික – ඕස්ටේ්‍රලියානුවකු වූ ලුක්ඛාන් නලිබ් හෙවත් අබු අබ්දුල්ලා නමැති අල්කයිදා ත්‍රස්තයා බව ඕස්ටේ්‍රලියානු ෆෙඩරල් පොලිසිය ඕස්ටේ්‍රලියානු බුද්ධි අංශය සහ එරට වික්ටෝරියා පොලිසිය ශ්‍රී ලංකාවේ පොලිසියට සනාථ කර ඇත. අබු අබ්දුල්ලා යනු අල්කයිදා සංවිධානය ලබාදුන් නමකි. මොහ... |
"මහ බැංකු පනත ගැන දෙවැනි වර විවාදය 11 වැනිදා" | "ශ්‍රී ලංකා මහ බැංකු පනත් කෙටුම්පත දෙවැනි වර කියවීමේ විවාදය ලබන 11 වැනිදා බ්‍රහස්පතින්දා පැවැත්වීමට නියමිත බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසනායක මහතා පැවසීය. පසුගිය 28 වැනිදා කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී මේ බව තීරණය වී ඇත. මේ අනුව පාර්ලිමේන්තුව මැය... |
"ඉරානයෙන් ශ්‍රී ලංකාවට පිළිකා ඖෂධ ඇතුළු අත්‍යවශ්‍ය බෙහෙත් රැසක්" | "ඉරාන ජනරජය විසින් ඇමරිකානු ඩොලර් මිලියන 1.8 කට අධික පිළිකා ඖෂධ ඇතුළු අත්‍යවශ්‍ය ඖෂධ තොගයක් ශ්‍රී ලංකා රජය වෙත සෞඛ්‍ය අමාත්‍යාංශයේදී ප්‍රදානය කෙරිණි. ඉරාන තානාපති හෂිම් අෂිද් මහතා විසින් මෙම ඖෂධ තොගය නිල වශයෙන් සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා වෙත එම අමාත්‍යාංශයේදී භාරදීම සිදුවිය. මෙම පරිත්‍යාගය යටතේ මෙරටට... |
"මීළඟ දශක දෙකත් රට පාලනය කරන්නේ පොහොට්ටුවයි – මහාචාර්ය රංජිත් බණ්ඩාර" | "ඉදිරි දශක දෙකේදීත් මේ රට පාලනය කරන්නේ ශ්‍රී ලංකා පොදුජන පොරමුණු ආණ්ඩුවක් විසින් යැයි එම පක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා පැවසීය. මහාචාර්යවරයා එසේ සඳහන් කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මූලස්ථානයේ දී පැවැති මාධ්‍ය හමුවකදීය. ඔහු මෙසේ ද කීවේය. අපිට සිද්ධ වූවා අළු මතින් නැගිටින්න. අපි පළමුවෙන්ම රටේ ආ... |
"ඇමති මැරයන් යකා නැටීම: ආයෝජකයා කම්හල ගලවයි!" | "ගම්පහ දිස්ත්‍රික්කය නියෝජනය කරන රාජ්‍ය ඇමැතිවරයකුගේ මැර පිරිසකගේ ප්‍රහාරයට ලක්වූ කටාන අල් ඔබේදාන් ඇපරල් කර්මාන්ත ශාලාවේ හිමිකරු එම කර්මාන්ත ශාලාව ඉවත්කර ගැනීමේ කාර්ය ඊයේ (4 දා) සිට ආරම්භ කර ඇත. එහි මූලික අධියර යටතේ එම කර්මාන්ත ශාලාවේ තිබූ විශාල රෙදි තොගයක් ගබඩාවලින් ඉවත්කර ඕමානයේ කර්මාන්ත ශාලාවක් වෙත යැවීමට එහි හිමිකර... |
"ආමිස පූජා ප්‍රතිපත්ති පූජා අර්ථවත් ලෙස සිදුකරමු" | "බුදුරජාණන් වහන්සේ නමක් ලොව පහළවීම ඉතාමත් දුර්ලභ කාරණයකි. එබැවින් බුද්ධෝත්පාද කාලයක උත්පත්තිය ලබා ඇති අපි වාසනාවන්ත වෙමු. වෙසක් සමය උදා වනවිට ලොකු කුඩා සිත් සතන් තුළ වෙනදාට වඩා දැහැමි සිතුවිලි පහළ වේ. බුදුරජාණන් වහන්සේගේ තෙමඟුල සමරමින් ලොව පුරා බෞද්ධ ජනතාව වෙසක් සමය තුළ ආමිස පූජා හා ප්‍රතිපත්ති පූජාවන්හි නිරතවන බව දක්න... |
"ධර්මය තුළින් බුදුන් දකින්න – මල්වතු මහ නාහිමියෝ වෙසක් දින පණිවිඩයෙන් කියති" | "පසුගිය කාලයේ සිදුවූ ආර්ථික හා සමාජ බිඳ වැටීම් හේතුවෙන් අප රටේ නව සමාජ සංකීර්ණතා උද්ගතව ඇති බවත් උතුම් ගුණධර්මයන්ගෙන් පෝෂිතව සිය වගකීම් හා යුතුකම් මත පිහිටා කටයුතු කිරීම වත්මන් ගෝලීය මෙන්ම සමාජීය අර්බුද සඳහා එකම විසඳුම බවත් මල්වතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහනාහිමියෝ වෙසක් දිනය නිමි... |
"හොරෙන් රට ගිය දොස්තරලා 50ක් බ්ලැක් ලිස්ට් – 352ක් රට ගිහින්" | "පසුගිය මාස නවය ඇතුළත සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිසි අවසරයකින් තොරව විදෙස්ගත වූ වෛද්‍යවරුන් 352 දෙනකු අතරින් 50 දෙනකුට සේවය අතහැර යෑමේ නියෝග නිකුත් කර අසාදු ලේඛන ගත කර ඇති බවත් එම වෛද්‍යවරුන් පිළිබඳව අදාළ තානාපති කාර්යාල හරහා එම රටවල් දැනුවත් කිරීමට පියවර ගනිමින් සිටින බවත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ තෘතීය සත්කාර සේවා ඒකකයේ අධ්‍යක්... |
"චිත්ත ශක්තියෙන් ජනතාව ඉදිරියෙන් සිටින්නේ බෞද්ධ චින්තනය නිසයි – කාදිනල්තුමා" | "අතලොස්සක් දෙනකුගේ බලකාමි ක්‍රියා නිසා පිරිහෙන දූපතක් බවට අප රට පත්වෙමින් තිබුණත් චිත්ත ශක්තිය හා සමාජ පරිඥානය අතින් බැලු කල අප ජනතාව ඉදිරියෙන් සිටින බවත් ඊට හේතුව වසර දෙදහස් පන්සිය වසරකට වැඩි ඉතිහාසයක් ඇති බෞද්ධ ශිෂ්ටාචාරය හා බෞද්ධ චින්තනයෙන් ලැබී තිබෙන දායකත්වය බවත් මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමා නිකුත් කර ... |
"වෙසක් පොහොය ජාත්‍යන්තර නිවාඩු දිනයක් කරන්නට කැපවූ ලක්‍ෂ්මන් කදිරගාමර්" | "වෙසක් පොහොය ජාත්‍යන්තර නිවාඩු දිනයක් බවට පත් කිරීම සිදු කළේ එවක විදේශ ඇමැතිවරයාව සිටි දිවංගත ලක්‍ෂ්මන් කදිරගාමර් මහතා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයට කළ යෝජනාවක් පරිදිය. බුදුරජාණන් වහන්සේ දෙසූ ශ්‍රී සද්ධර්මය පිළිබඳව අසීමිත ගෞරවයක් තිබූ විශිෂ්ට ශ්‍රී ලාංකික දෙමළ රාජ්‍ය තාන්ත්‍රිකයකු වූ ඔහු 2005 අගෝස්තු 12 වැනිදා ත්‍රස්තවාද... |
"කොළඹ තොරණ තොටළඟ සහ දෙමටගොඩ පමණයි" | "වෙසක් පුන් පොහොය වෙනුවෙන් වෙනත් වර්ෂවල දක්නට ලැබෙන වෙසක් සිරිය කොළඹ නගරයෙන් මෙවර ගිලිහී ගොස් ඇත. පසුගිය වසරවල මෙන් කොළඹ නගරයේ විවිධ ප්‍රදේශවල ඉදිකරන වෙසක් තොරණ මෙවර දක්නට නොලැබෙන අතර තොටළඟ හා දෙමටගොඩ පමණක් තොරණ ඉදිකර ඇත. වෙනදා පෑලියගොඩ, පිටකොටුව, බොරැල්ල, බෞද්ධාලෝක මාවත, ගාළු මුවදොර ආදී ප්‍රදේශවල තොරණ ඉදිකළත් මෙවර එම ... |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.