Title stringlengths 9 246 | Content stringlengths 3 62.9k |
|---|---|
"IMF ඵලදායිතාවයට ජනපති කළ ඇරයුම පිළිගන්න- බදු අඩු කළොත් රට කඩා වැටේවි – එජාප සභාපති වජිර අබේවර්ධන" | "ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබාදී ඇති ඇමෙරිකානු ඩොලර් බිලියන 3 ක විස්තීරණ ණය පහසුකම මාස 48 ක් තුළ නිසිලෙස හසුරුවාගෙන මුළු පාර්ලිමේන්තුවම ආණ්ඩුවක් ලෙස කටයුතු කරන ලෙස ජනාධිපතිවරයා කර ඇති ඉල්ලීම ඉටු වුණොත් අයි. එම්. එෆ් ණය පහසුකම වඩාත් ඵලදායී ලෙස යොදාගත හැකිවනු ඇති බව එජාප සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා කීය... |
"වැඩකරන ජනතාවගේ අයිතීන් උදුරාගත් පාලක කල්ලිය සමස්ත ජනතාවගෙන්ම ප්‍රතික්ෂේප වෙලා – ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා" | "මැයි දිනයේ අපේ අරමුණ ලාංකීය ජනතාව අලුත් සමාජයක් වෙත ගෙනයෑම යැයි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පක්ෂ මූලස්ථානයේ ඊයේ (27 දා) පැවති මාධ්‍ය හමුවේදී පැවසීය. වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද කීය. “ජනතා විමුක්ති පෙරමුණ ජාත්‍යන්තර කම්කරු දිනය වෙනුවෙන් දැවැන්ත රැලියක් සහ පෙළපාළියක් කොළඹ දී පවත්වන්... |
"දරුණුම කඩා වැටීම ගිය වසරේ" | "ශ්‍රී ලංකා ආර්ථිකය නිදහසින් පසු මුහුණ දුන් බරපතළම ආර්ථික අර්බුදය හමුවේ ගිය වසරේ (2022) දී පෙර නොවූ විරූ පරිදි සියයට 7.8 ක පහත වැටීමක් වාර්තා කළ බව ඊයේ (27) නිකුත් වූ නවතම මහ බැංකු වාර්තාවේ (2022) දැක්වේ. ශ්‍යාම් නුවන් ගනේවත්ත" |
"කරන්නාගොඩට පැනවූ ඇමෙරිකානු තහනමට අලි සබ්‍රීගේ විරෝධය" | "යුද අපරාධ සිදුකළ බවට චෝදනා කරමින් හිටපු නාවික හමුදාපති, වත්මන් වයඹ පළාත් ආණ්ඩුකාර අද්මිරාල් ඔෆ් ද ෆීලීට් වසන්ත කරන්නාගොඩ මහතාට එරෙහිව ඇමෙරිකාව ගෙන තිබෙන තීරණය ප්‍රතික්‍ෂේප කළ බව විදේශ කටයුතු ඇමැති අලිසබ්‍රී මහතා ‘දිවයින’ට පැවසීය. හිටපු නාවික හමුදාපතිවරයාට හා ඔහුගේ බිරිඳට ඇමෙරිකා එක්සත් ජනපදයට ඇතුල්වීම තහනම් කර ඇත. මේ ... |
"දූෂණ විරෝධී පනත් කෙටුම්පත මැතිසබයට" | "දූෂණ විරෝධී පනත් කෙටුම්පත අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ මහතා විසින් පාර්ලිමේන්තුවට ඊයේ (27දා) ඉදිරිපත් කරනු ලැබීය. එම කෙටුම්පත පිළිබඳව පාර්ලිමේන්තු මහ ලේකම්වරයා විසින් විස්තරයක් කරනු ලැබීය. ඒ අනුව මෙම පනත් කෙටුම්පත පසු දිනෙක විවාදයට ගනු පිණිස පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට ඇතුළත් කෙරෙනු ඇත. අකිත පෙරේරා, රනිල් ධර්මසේන" |
"වාද විවාද කළාට අයි. එම්. එෆ් ගිවිසුම තාම පාර්ලිමේන්තුවට දී නෑ – කිරිඇල්ල" | "ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය ලබා ගැනීමේ කටයුත්ත සම්බන්ධයෙන් දින තුනක විශේෂ විවාදයක් පැවැත්වුවද එම මූල්‍ය අරමුදල සමග ඇතිකරගත් ගිවිසුම තවමත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර නැතැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (27 දා) කියා සිටියේය. ඊට අමතරට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇතිකරගත් ගිවිස... |
"කල් පැන්න කඳුළු ගෑස් විනාශ කරන්න – කෝපා කමිටුව පොලිසියට දන්වයි" | "සියලු පොලිස් ස්ථානවල ඇති කල් ඉකුත් වූ කඳුළු ගෑස් අපහරණය කිරීමට පියවර ගන්නැයි කෝපා කමිටුව පොලිස් දෙපාර්තමේන්තුවට උපදෙස් දී තිබේ. කෝපා සභාපති ලසන්ත අලගියවන්න මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී එම කමිටුව රැස්වූ අවස්ථාවේදී මෙම උපදෙස් දීම කර තිබේ. පොලිස්පතිවරයාද ඊට කැඳවා තිබිණි." |
"බැංකුවත් නෑ – ගිණුමත් නෑ නැවෙන් අල්ලස් ගත්තේ බූතයෙක්!" | "එක්ස්ප්‍රස් පර්ල් නෞකාවට අදාළව නඩු පැවරීම ප්‍රමාද කිරීම සඳහා ඇමරිකන් ඩොලර් මිලියන 250 ක අල්ලස් මුදලක් ලබාගත් බව කියන චාමර ගුණසේකර නමැති පුද්ගලයා පිළිබඳ කිසිදු තොරතුරක් සොයා ගැනීමට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (26 වැනිදා) වනතුරුත් සමත් වී නැත. එමෙන්ම මෙම මුදල් තැන්පත් කළ බව කියන එංගලන්තයේ බැංකුව පිළිබඳව හෝ එම ගිණු... |
"පොතකට ඇවිත් පොඩි කතාවක්…" | "ළමා අපයෝජනවලට ගොදුරු වූ වින්දිත දරුවන්ගේ සත්‍ය ජීවිත කතා අනුසාරයෙන් ගොඩනැඟුණු “නිසල වී ඉකිබිඳුම මිලින විය සුදු පියුම” පොත් පිංච දොරට වැඩීමේ උත්සවය ඊයේ (26 දා) දින මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. එහිදී ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වූ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය හිටපු කථානායක කරු ජයස... |
"අයිඑම්එෆ් ගිවිසුමේ තොරතුරු විකෘති කරමින් ආණ්ඩුව ජනතාව රවට්ටනවා – විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස" | "ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ආණ්ඩුවේ ගනුදෙනු පිළිබඳව තීරණාත්මක තොරතුරු විකෘති කරමින් ආණ්ඩුව විසින් ජනතාව රවටාලීමට කටයුතු කිරීම ද කණගාටුවට කරුණක් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ පාර්ලිමේන්තුවේදී පැවසීය ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්නයක් විමසමින් වැඩිදුරටත් කරුණු දැක්වූ ඒ මහතා මෙසේද කීය. රජය, ජාත්‍යන්තර මූල්‍ය අරමුද... |
"අලුත් කොවිඩ් ආසාදිතයෝ 4ක්" | "කොවිඩ් ආසාදිතයන් 4 දෙනකු පෙරේදා (25 වැනිදා) දිනයේ හමු වූ බවත්, එබැවින් සෞඛ්‍ය උපදෙස් නිරන්තරයෙන්ම අනුගමනය කිරීම ඉතා වැදගත් බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා ‘දිවයින’ ට ඊයේ (26 වැනිදා) පැවැසීය. කොවිඩ් ආසාදිතයන් 4 දෙනාත් සමඟ මේ වනවිට හමුවී ඇති සමස්ත කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව හයලක්‍ෂ හැත්... |
"පාර්ලිමේන්තුව ම ආණ්ඩුවක් වී අයි.එම්.එෆ් අනුමැති දෙන්න – ජනාධිපති පාර්ලිමේන්තුවේදී ඉල්ලයි" | "පක්ෂ විපක්ෂ සියලු දෙනාම එක්වී සමස්ත පාර්ලිමේන්තුවම ආණ්ඩුවක් බවට පත් වී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය ලබා ගැනීමේ කටයුත්ත සඳහා අනුමැතිය ලබා දෙන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (26දා) පෙරවරුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් ඉල්ලා සිටියේය. එලෙස සියලු දෙනා එක්වී රටට ජාතික ප්‍රතිපත්ති රාමුවක් සකසා 2048... |
"ආර්ථික අර්බුදයෙන් රට ගොඩඑන තුරු – ඇගලුම් අපනයනයේදී ඇමරිකාව දුන් සියයට සියයේ බදු සහනය නැවත ලබා දෙන්න" | "ඇමරිකානු තානාපතිනිය හා නාහිමියන් අතර සාකච්ඡාව සිදු වූ මොහොත ඇඟලුම් අපනයනයේ දී ඇමරිකාව ශ්‍රී ලංකාවට මුලදී ලබාදී තිබූ ඇඟලුම් කෝටාව ආර්ථික අර්බුදයෙන් රට ගොඩඑන තුරු නැවත ලබාදෙන ලෙස රුවන්වැලි චෛත්‍යාරාමාධිකාරී සහ ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ කුලපති ඊතල්වැටුණුවැවේ ඤාණතිලක නාහිමියෝ ඇමරිකානු රජයෙන් ඉල්ලා සිටිති. ශ්‍රී ලංකා... |
"අධික රස්නයෙන් තෙවැනි මරණයත් එප්පාවලින්" | "පවතින අධික උෂ්ණය නිසා තාප කම්පනයට පත්වීමෙන් මියගිය බවට සැකකරන තෙවන මරණයත් එප්පාවලින් ඊයේ (26දා) වාර්තා විය. ඊයේ 26 දා පස්වරුවේ මෙම මරණය සිදුව ඇත. මෙලෙස මරණයට පත්ව ඇත්තේ එප්පාවල, මැඩියාව, යාය 02 ප්‍රදේශයේ පදිංචි යූ. බී. දිසානායක නම් අසූ එක් හැවිරිදි තිදරු පියෙකි. යූ. බී. දිසානායක මහතා ඊයේ (26දා) සුපුරුදු පරිදි තමන් පදි... |
"රාජිතට එරෙහි අධි චෝදනා නැවත සංශෝධනයට" | "රජයට පාඩුවක් සිදුවන බව දැන දැනම මෝදර ධීවර වරාය ඉතා අඩු මුදලකට පෞද්ගලික සමාගමකට බදුදීමට නිලධාරීන් පෙළඹවීම ඇතුළු අධිචෝදනා යටතේ හිටපු ධීවර ඇමැති වෛi රාජිත සේනාරත්න මහතා ඇතුළු විත්තිකරුවන් තිදෙනකුට එරෙහිව පවරා තිබූ නඩුවේ අධිචෝදනා පත‍්‍රය අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව නැවත සංශෝධනය කර ඊයේ (26) සංශෝධිත අධිචෝදනා පත‍්‍රය... |
"නැවේ සිද්ධියට නීතිපති දෙපාර්තමේන්තුවේ අයට අපහාස බෑ" | "ශ්‍රී ලංකා මුහුදු සීමාවේදී ගිනිගැනීමට ලක්වූ එම්. වී. එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ගබඩා කොට තිබූ විෂ රසායනික ද්‍රව්‍ය මුහුදු ජලයට එක්වීමෙන් සිදුවූ පාරිසරික හානියට එකී නෞකාව අයිති සමාගමෙන් වන්දි ලබා ගැනීමට අදාළ නඩු කටයුතු හිතාමතාම ප්‍රමාද කළ බවට චෝදනා නඟමින් නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට අපහාස වන පරිදි හා එම නිලධාරීන්ට... |
"තව සති දෙකක් යනතුරු උත්තරපත්‍ර බලන්න බැහැ" | "තම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය නතර කර උත්තර පත්‍ර පරික්‍ෂණවලට යොමු වුවත් විභාග දෙපාර්තමේන්තු ප්‍රමාදයන් නිසා තව සති දෙකක් ගතවන තුරු උත්තර පත්‍ර පරීක්‍ෂණ කටයුතු පටන් ගැනීමට නොහැකි වනු ඇතැයි විශ්වවිiාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය කියා සිටී. ඇතැම් පාර්ශ්ව විශ්වවිiාල ආචාර්යවරුන් මත වරද පැටවීමට ක්‍රියා කළත් උසස් පෙළ උත්තර... |
"එස්.ඩී.අයි.ජී. ලා මාරු බෑ කීම නරක පූර්වාදර්ශයක්" | "පොලිස් කොමිසමේ සභාපති ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් 07 දෙනකු වෙනුවෙන් ලබාදී ඇති ස්ථාන මාරුවීම් අනීතික බව කියමින් අභියාචනා ඉදිරිපත් කිරීම ඉතාම නරක පූර්වාදර්ශයක් බව ජාතික පොලිස් කොමිසමේ සභාපති හිටපු පොලිස්පති චන්ද්‍රා ප්‍රනාන්දු මහතා ‘දිවයින’ට ඊයේ (26 දා) පැවසීය. මෙම නිලධාරීන්ගේ ස්ථාන මාරුවීම් සඳහා ආවරණ අනුමැතියක් ලබ... |
"එක්ස්ප්‍රස් පර්ල් හානියට සාධාරණයක් ඉටුකරනු" | "එක්ස්ප්‍රස් පර්ල් නැව ගිනිගැනීම නිසා ජාතික හා ජාත්‍යන්තර වශයෙන් ශ්‍රී ලංකාවේ සමුද්‍ර පරිසර පද්ධතියට සිදුවූ හානියට යම්කිසි ආකාරයේ සාධාරණයක් ඉටුකර දෙන මෙන් ඉල්ලමින් සමාජවාදී තරුණ සංගමය හා පරිසර සංවිධාන කිහිපයක් එක්ව කොළඹ අධිකරණ අමාත්‍යාංශය ඉදිරිපිටදී ඊයේ පැවැත්වූ උද්ඝෝෂණයේ අවස්ථාවකි මේ. ඉන් අනතුරුව අධිකරණ ඇමැති විජයදාස ... |
"අලුතින්ම චීන ඉන්ධන සමාගමකින් ‘තෙල්’ ජුනිවල!" | "චීනයේ සිනොපෙක් සමාගම ජුනි මාසයේ සිට මෙරට ඉන්ධන ව්‍යාපාරයට එක්වීමට නියමිතව ඇතැයි බලශක්ති අමාත්‍යාංශය කියා සිටී. එම සමාගමේ විශේෂ නියෝජිතයන් පිරිසක් මෙරටට පැමිණ ඊට අදාළ මූලික කටයුතු සොයා බැලීමෙන් පසු ඇමැති කංචන විජේසේකර මහතා ඇතුළු පිරිසක් හමුවේ මේ පිළිබඳ සාකච්ඡා කර ඇත. ඒ අනුව චීනයේ සිනොපෙක් සමාගමට මෙරට ඉන්ධනහල් යම් ප්‍රම... |
"Intrepid මෙරට ආයෝජන තවදුරටත් පුළුල් කරයි" | "ලොව විශාලතම ත්‍රාසජනක සංචාරක සමාගමක් වන Intrepid Travel ආයතනය සිය කොළඹ කාර්ය මණ්ඩලය වසරක් ඇතුළත දෙගුණයකින් වැඩි කරමින් ශ්‍රී ලංකාවේ තවදුරටත් තම මෙහෙයුම් පුළුල් කිරීමට සැලසුම් කර තිබේ. ශ්‍රී ලංකාවේ මෑතකාලීනව හටගත් දේශපාලනික සහ ආර්ථික අභියෝග හමුවේ ඇතැම් බහුජාතික සමාගම් මෙරටේ තම ආයෝජන හකුළා ගත් පසුබිමක, මෙය ඉතාමත් සාධනීය... |
"හම්බන්තොට මහ රෝහල පණ අදී…විශේෂඥ වෛද්‍යවරු රට හැර යතිි" | "විශේෂඥ වෛද්‍ය සායන සියල්ල ඉදිරි දෙසතියේ නතරවෙන හැඩඅත්‍යවශ්‍ය ඖෂධ හැත්තෑවක් නෑඅධික බදු බර දරාගන්න බෑ– රටහැර යෑමට සූදානම් වන වෛද්‍යවරු කියතිතිස්සමහාරාම – අමිල සම්පත් ශ‍්‍රීමේ වනවිටත් වෛද්‍යවරුන්ගේ හිඟය නිසා දැඩි අවදානමක පවතින හම්බන්තොට මහ රෝහලේ විශේෂඥ වෛද්‍ය සායන ඉදිරි දෙසතිය තුළ වසා දැමීමට සිදුවනු ඇතැයි රෝහල් ආරංචි මාර... |
"සී.ඩී. 6කින් පාස්කු රහස් එළියට" | "මෙතෙක් හෙළි නොවූ කරුණු ද ඇතුළත් පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කිරීමට පත් කරනු ලැබූ ජනාධිපති කොමිසමේ සම්පූර්ණ විමර්ශන වාර්තාව කතෝලික සභාව වෙත භාර දීමට රජය පියවර ගත්තේය. ඒ අනුව කතෝලික සභාව වෙත ලියන ලද ලිපියක්ද සහිතව අදාළ වාර්තාව තමන් විසින් පෙරේදා (24 වැනිදා) කතෝලික සභාවේ රදගුරු මණ්ඩලයේ සභාපති කුරුණෑගල රදගුරු හැරල්ඩ් ... |
"චීන රජයෙන් ලැබුණු ශ්‍රී ලංකා ජාතික රෝහලේ නව බාහිර රෝගී සංකීර්ණය මෙරටට භාර දෙයි." | "චීන මහජන සමූහාණ්ඩුව විසින් මෙරටට පරිත්‍යාගයක් ලෙස පිරිනැමුණු ශ්‍රී ලංකා ජාතික රෝහලේ අටමහල් නව බාහිර රෝගී සංකීර්ණය ඊයේ (25දා) චීන මහජන සමූහාණ්ඩුව විසින් ශ්‍රී ලංකා රජය වෙත නිල වශයෙන් භාර දුණි. ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ෂැන්හොන් මහතා විසින් එය නිල වශයෙන් සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා වෙත එය භාරදීම එම ර... |
"සුමාත්‍රාව සෙළවෙයි – ඉන්දුනීසියාවට පැය 2ක සුනාමි අනතුරු ඇගවීමක්" | "ඉන්දුනීසියාවට අයත් සුමාත්‍රා දූපතේ බටහිර දෙසින් ඊයේ (25දා) අලුයම හටගත් රිච්ටර් මාපකයේ 7.1ක් වශයෙන් සඳහන් වූ භූමිකම්පාවක් හේතුවෙන් සුමාත්‍රා දූපත් වැසියන් සිය නිවෙස්වලින් ඉවත්ව උස් ප්‍රදේශ කරා දිව ගොස් තිබේ. මෙන්ටාවයි දූපත් අසල මුහුදේ ඊයේ ඉන්දුනීසියානු වේලාවෙන් අලුයම 3ට පමණ හටගෙන ඇති මෙම භූමි කම්පාව හේතුවෙන් ජීවිත හානි... |
"මැලේරියා නැගිටියි – මේ වසරේ ලංකාවෙන් මැලේරියා රෝගීන් 10 ක්" | "මේ වසරේ මේ දක්වා මෙරටින් මැලේරියා රෝගීන් දසදෙනකු හඳුනාගෙන ඇතැයි ශ්‍රී ලංකා ප්‍රජා විශේෂඥවරුන්ගේ සංගමය සඳහන් කරයි. මෙලෙස හඳුනාගත් රෝගීන් අතරින් නවදෙනකු ශ්‍රී ලාංකිකයින් බවත්, ඔවුන්ගෙන් බහුතරය කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවලින් වාර්තා වී ඇති බවත් එම සංගමය පවසයි. ශ්‍රී ලංකාව මැලේරියාව තුරන් කළ රටක් වුවද විදේශිකයින් හා විදේශ... |
"පිපාසය දැනෙන තෙක් නොසිට පැයකට වරක්වත් වතුර බොන්න – සෞඛ්‍ය අංශ දන්වයි" | "අධික උණුසුම නිසා පිපාසය දැනෙන තුරු නොසිට පැයකට වරක් හෝ වතුර බොන ලෙස සෞඛ්‍ය අංශ ජනතාවට දැනුම් දෙයි. දිස්ත්‍රික්ක රැසකට උණුසුම් කාලගුණ තත්ත්වය පැවතීම මෙයට හේතුව වී තිබේ. බොහෝ දිස්ත්‍රික්කවල උෂ්ණත්වය සෙල්සියෙස් අංශක 32 – 36 ත් අතර අගයක පැවතියත් මිනිස් සිරුරට ඊට වඩා උෂ්ණත්වයක් දැනෙන බව සෞඛ්‍ය අංශ පවසයි. මේ උණුසුම් කාලගුණය... |
"රිදියගම සතුන් මස් කිරීම ගැන බුද්ධික මැති සබයේදී ප්‍රශ්න කරයි" | "රිදියගම සෆාරි උද්‍යානයේ සතුන් මස් කර විකුණන ජාවාරමක් පිළිබඳව තොරතුරු අනාවරණය වී ඇති බැවින් ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වනවා දැයි සමගි ජන බලවේගය මාතර දිස්ත්‍රික් මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (25දා) ප්‍රශ්න කළේය. සභාවේ කටයුතු ආරම්භයේදී මහින්ද අමරවීර ඇමැතිවරයා වෙත ප්‍රශ්නයක් යොමු කරමින් බුද්ධික පතිරණ... |
"අවුරුදු 2 ට අඩු දරුවන් සිටින අම්මලාට රට රැකියා බෑ – ඇමැති මනුෂගෙන් චක්‍රලේඛයක්" | "අවුරුදු දෙක නොඉක්මවූ දරුවන් සිටින මව්වරුන්ට රැකියා සඳහා විදේශගත වීමට අවසර ලබා නොදෙන බව දන්වමින් විදේශ කටයුතු පිළිබඳ ඇමැති මනුෂ නානායක්කාර මහතා විසින් ඊයේ (25 දා) නව චක්‍රලේඛයක් නිකුත් කර ඇත. එමෙන්ම වයස අවුරුදු 45 නොඉක්මවූ රැකියා සඳහා විදේශගත වන සියලු කාන්තාවන් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචිය ලැබීමට අදාළ වාර... |
"සා.පෙළ නොපවත්වා උ.පෙළට සහතිකයක් දෙන්න – උත්තර පත්‍ර ගැටලුවට ඩලස්ගෙන් විසඳුමක්" | "අපොස. උසස් පෙළ උත්තර පත්‍ර පරීක්ෂාවට පැන නැගී ඇති ගැටලුකාරී තත්ත්වය මත මෙම වසරේ සාමාන්‍ය පෙළ විභාගය නොපවත්වා එම දරුවන්ට ‘උසස් පෙළ විභාගය හැදෑරීම සඳහා සියලු සුදුසුකම් සපුරා ඇත’ යනුවෙන් විභාග දෙපාර්තමේන්තුව මගින් සහතියක් දුනහොත් අසාධාරණයක් නොවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පාර්ලිමේන්තුවේදී ... |
"ශ්‍රීලනිප මැයි රැලිය මහනුවරදී" | "ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෙවර මැයි රැලිය මහනුවර නගරයේදී පැවැත්වීමට තීරණය කර ඇත. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති සහ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රීලනිපයට සම්බන්ධ සියලු වෘත්තීය සමිති නියෝජනය කරමින් පාක්ෂිකයන් මෙම මැයි රැලියට සභාගිවීමට නියමිත බව ශ්‍රීලනිප ප්‍රකාශකයෙක් ‘දිවයින’ට පැවසීය. අරුණ ... |
"ශ්‍රීලනිප මැයි රැලිය මහනුවරදී" | "ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෙවර මැයි රැලිය මහනුවර නගරයේදී පැවැත්වීමට තීරණය කර ඇත. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති සහ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රීලනිපයට සම්බන්ධ සියලු වෘත්තීය සමිති නියෝජනය කරමින් පාක්ෂිකයන් මෙම මැයි රැලියට සභාගිවීමට නියමිත බව ශ්‍රීලනිප ප්‍රකාශකයෙක් ‘දිවයින’ට පැවසීය. අරුණ ... |
"අපේ හිමිනමකගේ ග්‍රන්ථයක් භාෂා 32 කින් ලොව පුරා සැරිසරයි" | "උතුරු ඇමරිකාවේ ප්‍රධාන සංඝනායක, මහාචාර්ය අග්ගමහා පණ්ඩිත හේනේපොල ගුණරතන නාහිමිපාණන් විසින් රචිත ‘Mindfulness in Plain English’ ග්‍රන්ථය මේ වනවිට ලොව පුරා භාෂා 32 කට පරිවර්තනය වූ ග්‍රන්ථයක් ලෙස වාර්තාගත වී ඇත. ශ්‍රී ලාංකික පැවිදි යතිවරයකු විසින් රචිත ග්‍රන්ථයක් මෑත භාගයේ මෙතරම් භාෂා ප්‍රමාණයකට පරිවර්තනය වූ ප්‍රථම අවස්ථා... |
"ටෙලිකොම් විකුණනු එපා යළි සිතා බලන්න – ජනපතිගෙන් ඉල්ලයි" | "ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ රජය සතු 49.5% ක කොටස් විකිණීමට සහ පෞද්ගලීකරණයට එරෙහිව වෘත්තීය ක්‍රියාමාර්ග ගැනීමට ටෙලිකොම් වෘත්තීය සමිති තීරණය කර ඇත. පසුගිය වසරේ රුපියල් මිලියන 10,000 කට ආසන්න ලාභයක් මහා භාණ්ඩාගාරයට ලබාදුන් ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ කොටස් විකිණීමට ගෙන ඇති තීරණය පිළිබඳව නැවත සිතා බලන ලෙස ඉල්ලමින් ටෙලිකොම් ... |
"තලතාගෙන් හිස්වූ පුටුවට ජී. එල්. පාර්ලිමේන්තු කටයුතු කාරක සභාවට" | "මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ සේවය සඳහා පත් කළ බව නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතා විසින් ඊයේ (25දා) නිවේදනය කරනු ලැබීය. සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රිනී නීතිඥ තලතා අතුකෝරල මහත්මිය එම කාරක සභා සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වීම හේතුවෙන් ඇති වූ පුරප්පාඩුවට ජී. එල්. පීරිස් මහතා පත... |
"නුවරඑළියේ තට්ටු හතරට වඩා බැරි වෙයි" | "නාගරික සංවර්ධන අධිකාරි පනතේ රෙගුලාසි ප්‍රකාරව එළැඹෙන මැයි මස 01 වැනිදා සිට නුවරඑළිය ප්‍රදේශයේ මහල් හතරකට වැඩි ගොඩනැගිලි ඉදිකිරීම සීමා කිරීමට කැබිනට් අනුමැතිය හිමිවී ඇත. නුවරඑළිය ප්‍රදේශයේ නව ගොඩනැගිලි ඉදිකිරීමේදී අවශ්‍ය නියාමනයන් සිදු කිරීම සඳහා මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයාගේ ප්‍රධානත්වයෙන් කාර්ය සාධක බළකායක් ස්ථාපිත කිර... |
"පෑලියගොඩ මැනිං පොළේ වාහන ගාස්තු අසාධාරණයි" | "පෑලියගොඩ මැනිං වෙළෙඳපොළෙ රථ ගාලේ රථවාහන ගාල් කිරීමේදී අයකරන ගාස්තුවල නිසි ක්‍රමවේදයක් නැති වීම නිසා වාහන හිමියෝ දැඩි අපහසුතාවට පත්ව සිටිති. වෙනත් රථගාල්වල මෙන් වාහන ගාල් කර තබන කාලයට අනුව මුදල් අය නොකිරීම නිසා මෙසේ වාහන හිමියන් අපහසුතාවට පත්ව ඇත. රථ ගාලේ හිමිකරුවන් එක් දිනකදී අයකරන කුලිය සෑම වාහනයකින්ම ලබා ගැනීම නිසා ... |
"පාස්කු කතාවට දප්පුල කැඳවනු" | "සහරාන් හෂීම් ප්‍රමුඛ මුස්ලිම් අන්තවාදීන් එල්ල කළ මරාගෙන මැරෙන පාස්කු ප්‍රහාර මාලාව මහා කුමන්ත්‍රණයක් බවට එක්තරා විiුත් මාධ්‍යයක් සමග පැවැති සාකච්ඡාවකදී කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ප්‍රකාශ ලබා ගැනීමට හිටපු නීතිපති ජනාධිපති නීතිඥ දප්පුල ද ලිවේරා මහතා, ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට කැඳවීම, ප්‍රශ්න කිරීම, ප්‍රකාශ සටහන් කිරීම හා අ... |
"ගාලුමුවදොර ප්‍රහාරයට දේශබන්දුට නඩු පවරනු බැහැ – අභියාචනාධිකරණයෙන් අතුරු තහනම් නියෝග" | "පසුගිය මැයි 9 වැනිදා කොටුව අරලියගහ මන්දිරයට රැස්වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආධාරකරුවන් පිරිසක් ගාලුමුවදොර පිටියේ රැස්ව සිටි නිරායුධ අරගලකරුවන්ට අමානුෂික ලෙස පහරදීම සම්බන්ධයෙන් පවරා ඇති නඩුවල සැකකරුවකු ලෙස බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා නම්කිරීම, ඔහු සම්බන්ධයෙන් කිසිදු පියවරක් ගැ... |
"එක සැරේම වහල දෙදරලා නිදා සිටි ඇඳ – පාවෙනවා වගේ දැනුණා" | "“නිදාගෙන ඉද්දි එක සැරේම වහල දෙදරලා ගිහින් නිදාගෙන හිටිය ඇඳන් පාවෙනව වගේ දැනුණා” යැයි ඊයේ (24දා) අලුයම සිදුවූ භූ කම්පනයට මුහුණ දුන් හම්බන්තොට ජනතාව පැවසූහ. රික්ටර් මාපක 4.4ක සුළු භූ කම්පන තත්ත්වයක් ඊයේ අලුයම 12.45ට පමණ හම්බන්තොට මුහුදු වෙරළට කිලෝ මීටර් 25.8ක් ඔබ්බෙන් වූ මුහුදු තීරයේ සිදු වූ බව භූ විද්‍යා හා පතල් කැණීම්... |
"වසරේ පළමු කාර්තුවට බදු ආදායම සියයට 216කින් ඉහළට" | "මේ වර්ෂය (2023) පළමු කාර්තුවේදී දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් උපයන ලද මුළු බදු ආදායම රුපියල් මිලියන 316619 ක් දක්වා සියයට 216කින් ඉහළ ගොස් ඇත. ගිය වර්ෂයේ (2022) පළමු කාර්තුවේදී දේශීය ආදායම් දෙපාර්තමේන්තුව උපයන ලද මුළු ආදායම රුපියල් මිලියන 146565 කි. රජයේ නව බදු ප්‍රතිපත්තිය මෙන්ම රටේ ආර්ථික ක්‍රියාකාරිත්වය ක්‍රමය... |
"ශාෆ්ටර්ගේ රියෙන් හමුවූ රුධිරය හඳුනා ගන්න -බ්‍රයන් තෝමස්ගෙන් රුධිර සාම්පලයක් උසාවියෙන් අවසර" | "අභිරහස් ලෙස මරණයට පත්වූ කෝටිපති ව්‍යාපාරික දිනේෂ් ශාෆ්ටර් මහතාගේ රථයේ තිබී හමුවූ ආගන්තුක රුධිර සාම්පලය කාගේදැයි තහවුරු කර ගැනීමට සිදුකරන ඩී.එන්.ඒ. පරීක්‍ෂණය සඳහා ප්‍රකට ක්‍රිකට් විචාරක බ්‍රයන් තෝමස් මහතාගේ රුධිර සාම්පලයක් ලබා ගැනීමට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය ඊයේ (24 දා) අපරාධ පරීක්‍ෂණ දෙපාර්ත... |
"කෙහෙළියගේ දුරකථන නඩුවේ චෙක්පත්වල මුල් පිටපත් නැතැයි අල්ලස් කොමිසම උසාවියට කියයි" | "අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු විත්තිකරුවන් දෙදෙනකුට එරෙහිව පවරා ඇති නඩුවේ පැමිණිල්ලේ සාක්ෂියක් වන චෙක්පත්වල මුල් පිටපත් පැමිණිල්ල භාරයේ නැතැයි අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව ඊයේ (24දා) කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතාට දැනුම් දුන්නේය. විත්තිකාර කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ පෞද්ගලික දුරකථනවල ... |
"චීනය රිළවු ඉල්ලුවේ ඇයි?" | "ශ්‍රී ලංකාවෙන් රිළවුන් ඉල්ලා සිටින්නේ චීනයේ ඇති තම සමාගමට අයත් පෞද්ගලික සත්ත්ව උiානවල ප්‍රදර්ශනය සඳහා පමණක් බව චීනයේ ෂීජියෑන් වූයූ ඇනිමල් බි්‍රඩින් සමාගම කෘෂිකර්ම අමාත්‍යාංශයට ලිපියක් මගින් දැනුම්දී ඇත. තම සමාගම චීනයේ කීර්තිමත් සත්ත්වෝiාන පවත්වාගෙන යන සමාගමක් බවත් ශ්‍රී ලංකවේ විශාල ලෙස සිටින රිළවුන්ගෙන් යම් ප්‍රමාණයක්... |
"චෝදනා සනාථ කළ හැකි සාක්‍ෂි හෙළි වූවොත් ඩයනා උසාවි ගෙනඒම සීඅයිඩී වගකීමක් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත්" | "ආගමන විගමන පනත යටතේ ගැනෙන වැරදි සිදුකර ඇතැයි චෝදනා එල්ලවී ඇති රාජ්‍ය ඇමැතිනි ඩයනා ගමගේ මහත්මිය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා තම අධිකරණය මෙම අවස්ථාවේදී වරෙන්තු නියෝගයක් නිකුත් නොකරන නමුත් විමර්ශනවලදී ඉදිරිපත් වන තොරතුරු අනුව එකී චෝදනා සනාථ කළ හැකි සාක්‍ෂි අනාවරණය වන්නේ නම් ඇයව අධිකරණය හමුවට පැමිණවීම අපරාධ... |
"‘ජී එස් පී සහනය රටට අහිමි වුණොත් වන්දි ගෙවන්න වෙන්නේ ජනතාවටයි’ – ජී. එල්. පීරිස්" | "මේ රජය ජාත්‍යන්තර නීති අමුඅමුවේ කඩකරන බවත්, ජීඑස්පී ප්ලස් සහනය රටට අහිමි වුවහොත් එයට වන්දි ගෙවීමට සිදුවන්නේ රටේ අසරණ ජනතාවට බවත් නිදහස ජනතා සභාවේ සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී ජී. එල්. පීරිස් මහතා ඊයේ (24 දා) පැවසීය. ජල බිල්පත් හා විදුලි බිල්පත් ගෙවීමට නොහැකි තරමට මහජනතාව දිළිඳු බවට පත්ව ඇති බවත් නිදහස ජනතා සභා කාර්යා... |
"සජිත්ගේ නායකත්වයෙන් විපක්‍ෂයේ සන්ධානයක්" | "විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් නව සන්ධානයක් පිහිටුවීමට විපක්‍ෂයේ සියලු පක්‍ෂ එකඟ වූ බව විපක්‍ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය. පාර්ලිමේන්තු පරිශ්‍රයේදී ඊයේ (24 දා) පැවැති සාකච්ඡාවකදී මෙම එකඟතාවට පැමිණි බවත් ඒ අනුව ඉදිරියේදී ආණ්ඩුව විසින් ඉදිරිපත් කරන මර්දනකාරී ප... |
"මිරිහාන පොලිසියෙන් කියා අනුරාධපුරදී මරංචි ජාවාරම්කරුවන් 4ක් පැහැරගෙන" | "මිරිහාන පොලිසියේ විමර්ශන නිලධාරීන් කණ්ඩායමක් ලෙස රංගනයක යෙදෙමින් අනුරාධපුර පානියන්කඩවල ප්‍රදේශයේ පුද්ගලයන් සිව් දෙනකු පැහැර ගෙන ගොස් පහරදී, ලක්ෂ 31කට අධික මුදල් සහ රන් භාණ්ඩ පැහැර ගෙන ගිය සංවිධානාත්මක කොල්ල කල්ලියක තිදෙනකු මුදලින් රුපියල් හැත්තෑ දහසක් සහ මෝටර් රථයක් සමග පෙරේදා (23 දා) අත්අඩංගුවට ගත් බව අනුරාධපුර කොට්ඨ... |
"එක්ස්ප්‍රස් පර්ල් නැවේ රසායනික අපද්‍රව්‍ය තාමත් පමුණුගම තිබෙනවා – මීසම් පාලක සාගර හෙට්ටිආරච්චි පියතුමා කියයි" | "ගිනිගත් එක්ස්ප්‍රස් පර්ල් නැවේ තිබූ රසායනික අපද්‍රව්‍ය පමුණුගම ප්‍රදේශයේ තවමත් ගබඩා කර ඇති බවත් මෙම ද්‍රව්‍ය හැමිල්ටන් ඇළට එක්වීමට බොහෝ දුරට ඉඩ තිබෙන බවත් පමුණුගම මීගමුව කලාපය භාර මීසම් පාලක සාගර හෙට්ටිආරච්චි පියතුමා ‘දිවයින’ට ඊයේ (24දා) පැවසීය. පමුණුගම කැපුන්ගොඩ ඇතැම් පදිංචිකරුවන්ට විවිධ චර්ම රෝග මෙන්ම හඳුනානොගත් රෝග... |
"යාපනයේ හෝටලයකට පහර දුන්නැයි අරුල් සිද්ධාර්ථන් ඇතුළු 5ක් රිමාන්ඩ්" | "යාපනයේ සමාජ ක්‍රියාධරයකු වන අරුල් සිද්ධාර්ථන් සමග පස්දෙනකු මැයි මස 03 දා දක්වා රිමාන්ඩ් භාරයේ තබන ලෙස යාපනය මහෙස්ත්‍රාත්වරයා විසින් නියෝග කොට තිබේ. යාපනයේ ආපන ශාලාවකට පහරදී දේපළ විනාශ කිරීම හා එහි හිමිකරුට ගොම ගසා පහර දීම යන චෝදනා මත යාපනය පොලිසිය විසින් අරුල් සිද්ධාර්ථන් සමග හත්දෙනකු අත්අඩංගුවට ගෙන තිබුණි. එම පිරිසෙන... |
"පොහොට්ටුවේ මැයි දින සැමරුම මෙවර කැම්බල් පිටියේදී" | "‘අභියෝග බිඳ අභිලාශ ජයගනිමු’ යන තේමාව යටතේ මෙවර මැයි දිනය බොරැල්ල කැම්බල් පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා ඇති බව ශිී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා පැවසීය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද පැවසීය. අපි බලය ගන්නකොට කිව්වා පාරිභෝජන ආර්ථිකයෙන් මිදී ආයෝජන ආර්ථිකයකට යායුතු බව. ඒක ලොකු අභියෝගය... |
"අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ ගෙවීම් ජූලි 01දා සිට" | "අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ ගෙවීම් යෝජනා ක්‍රමය 2023 ජූලි 01 දින සිට ක්‍රියාත්මක කෙරේ. මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති ඇමැති ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අත්සනින් යුතුව මේ සඳහා වන අතිවිශේෂ ගැසට් පත්‍රය පසුගිය සිකුරාදා (21දා) නිකුත් කර ඇත. ඒ අනුව අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ ගෙවීමේ යෝජනා ක්‍රමය සඳහා ... |
"ඩෙල්ෆ් ඝාතකයා රත්තරං ගන්න පහක් මරලා" | "යාපනය – ඩෙල්ෆ් දූපතේදී එකම පවුලේ තිදෙනකු ඇතුළු 5 දෙනකු කපාකොටා අමානුෂික ලෙස ඝාතනය කළ ප්‍රධාන සැකකරු යාපනය පොලිසිය මගින් පුන්කුඩුතිව් ප්‍රදේශයේදී පෙරේදා (22දා) අත්අඩංගුවට ගෙන ඇත. සංචාරකයකු ලෙස ඩෙල්ෆ් දූපතට ගොස් දින තුනක් නැවතී සිට සැකකරු මෙම ඝාතන සිදුකර පවුම් 25 ක පමණ රත්තරන් (මාල, වළලු) රැගෙන පලාගොස් සිය නිවසේ සිටියදී... |
"දියවැඩියා රෝගීන්ගෙන් ලංකාව ආසියාවෙන් එකට" | "ආසියාවේ දියවැඩියා රෝගීන්ගේ ඉහළම අනුපාතිකය සටහන් කරන රට බවට ශ්‍රී ලංකාව පත්ව තිබේ. ලංකාවේ සෑම වැඩිහිටියන් හතර දෙනකුගෙන් එක් අයකුට දියවැඩියාව වැළඳී ඇති බව සමීක්ෂණයකින් හෙළිව ඇති අතර එය ප්‍රතිශතයක් ලෙස 23%කි. කොළඹ වෛද්‍ය පර්යේෂණ ආයතනය, සෞඛ්‍ය ප්‍රතිපත්ති පිළිබඳ ආයතනය සහ කොළඹ, රුහුණ, රජරට විශ්වවිද්‍යාල විසින් එම සමීක්ෂණය ... |
"රස්නය ජීවිත දෙකක් බිලිගනී" | "අධික උෂ්ණය නිසා තාප කම්පන තත්ත්වයට පත්වීමෙන් එප්පාවල පදිංචිකරුවන් දෙදෙනකු හෘදයාබාධයට ලක්වී මියගොස් ඇත. ඉන් එක් අයකු අවුරුදු උත්සවයකදී කඹ ඇදීමේ තරගයකට සහභාගිවී තෙහෙට්ටුවට තම හිසට අයිස් වතුර වත්කර ගැනීමෙන් පසුවද අනෙක් පුද්ගලයා තම කුඹුරේ තණකොළ කැපීමට ගොස් දැඩි අව් රශ්මියේ සිට දිය නෑමෙන් පසුවද මියගොස් ඇති බව එප්පාවල හදිසි... |
"අධික උෂ්ණත්වයෙන් මානසික රෝගීන්ටත් බලපෑම් – විශාදය – කාංසාව වැඩිවෙයි!" | "පවතින අධික උෂ්ණත්වය හමුවේ මානසික රෝග ඇති අයගේ ආවේගශීලීතාව සහ ක්‍ෂණික කෝපය වැඩි වන බව ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන් මහතා ‘දිවයින’ ට ඊයේ (23 වැනිදා) පැවසීය. අධික උෂ්ණත්වය හමුවේ මානසික රෝග නැති අය මෙන්ම මානසික රෝග ඇති අයද නිතර ජලය පානය කිරීම තම මානසික තත්ත්වයන් යහපත්ව පවත්වාගෙන යෑමට ඉවහල් වන බව... |
"පොහොට්ටුවේ සභාපති පුටුවෙන් – ජීඑල් විසිවෙයි" | "ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහා සභාව පැවැත්වීම නීති විරෝධී බවත් ඊට එරෙහිව නීතිමය පියවර ගන්නා බවත් මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පවසයි. අප්‍රේල් 22 වැනිදා රැස්වූ මහ සභාවේදී ගත් තීරණ නීත්‍යානුකූල නොවන බව පමණක් නොව සියලු තීරණ ශූන්‍ය හා ක්‍රියා විරහිත වන බව ද එදිහි ගත් තීරණ නීති විරෝධී බව ප්‍රකාශ කිරීම සඳහා සුදුසු අධිකරණ ක්... |
"ශ්‍රී ලංකාව ඉන්දියන් සාගරයේ ප්‍රධාන ගුවන් සහ නාවුක කේන්ද්‍රස්ථානය බවට පත් කරගත යුතුයි" | "ආසියානු කලාපයේ සමස්ත සැපයුම් සහ ප්‍රවාහන වෙනස්කම් සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලංකාව ඉන්දියන් සාගරයේ ප්‍රධාන ගුවන් සහ නාවුක කේන්ද්‍රස්ථානය බවට පත් කිරීමේ වැඩපිළිවෙළ ක්‍රියාවට නැංවිය යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ඊට අදාළ සැලසුම් රජයේ 25 වසරක සංවර්ධන සැලැස්මට ඇතුළත් කර තිබෙන බවද ජනාධිපතිවරයා කියා සිටියේය. ජ... |
"විශේෂඥ මණ්ඩලයක් හරහා ප්‍රතිත්‍රස්ත පනතේ අහිතකර වගන්ති ඉවත් කර යළි සකස් කළ යුතුයි" | "රටේ පවතින ගැටලු සහ මහජන අවශ්‍යතා පිළිබඳ අවධානය යොමු කරමින් පුළුල් සමාජ සංවාදයක් ඇති කොට විශේෂඥ මණ්ඩලයක් හරහා යෝජිත ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතේ නුසුදුසු වගන්ති ඉවත් කොට සකස් කිරීම සුදුසු බව ත්‍රෛනිකායික මහ නාහිමිවරු සිකුරාදා (21දා) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලිඛිතව දැනුම් දුන්හ. අධිකරණ හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ක... |
"ගෝලීය බෞද්ධ සමුළුවේදී මෝදි බුදුන් වඳී…" | "ලොව බෞද්ධ රටවල් වල නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන් පැවැති “ගෝලීය බෞද්ධ සමුළුව” පසුගිය 20 දා හා 21දා ඉන්දියාවේ නවදිල්ලි නුවර දී පැවැත්විණි. සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සහභාගි වූ අතර එහිදී හෙතෙම විශේෂ දේශනයක්ද සිදුකරනු ලැබීය. ටිබෙටයේ ආධ්‍යාත්මික නායක දලෙයි ලාමාතුමාද මෙම සමුළුවට විය." |
"දප්පුල අදත් TID නාවොත් උසාවිය හරහා පියවරක්!" | "පාස්කු ප්‍රහාරය සම්බන්ධව සිදුකළ බව කියන ප්‍රකාශයක් පිළිබඳව ප්‍රකාශයක් ලබාදීමට හිටපු නීතිපති දප්පුල ද ලිවේරා මහතාට දෙවැනි වරටත් අද (24දා) පෙරවරු 9.00ට ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට පැමිණෙන ලෙස දැනුම්දී ඇත. මීට පෙරද පසුගිය 19 දා හිටපු නීතිපතිවරයාට ප්‍රකාශයක් ලබාදීමට පැමිණෙන ලෙස දැනුම් දුන්නත් ඒ මහතා නොපැමිණ කනිෂ්ඨ නීතිඥවරයක... |
"නව සභාපති උතුරාවල ධම්මරතන හිමි" | "ශ්‍රී ලංකා පොදුජන පොරමුණේ නව සභාපතිවරයා ලෙස පාලි හා බෞද්ධ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය උතුරාවල ධම්මරතන හිමියන් පත්කර ඇත. ශ්‍රී ලංකා පොදුජන පොරමුණේ මහ සභා රැස්වීම පසුගිය 22දා එම පක්ෂ මූලස්ථානයේදී පැවති අතර එම රැස්වීමට සහභාගි වන ලෙස හිටපු සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතාට ආරාධනා කර ඇතත් ඒ මහතා ඊට සහභාගි වී නැත. ජී.එල්. ප... |
"එක්ස්ප්‍රස් පර්ල් නැවෙන් වන්දි ඉල්ලා අද සිංගප්පූරු උසාවියේ නඩු පවරයි" | "ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාව තුළදී එම්. වී. එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමෙන් මුහුදු පරිසරයට සිදුවූ හානියට වන්දි ඉල්ලා අද (24 දා) සිංගප්පූරු වාණිජ මහාධිකරණය හමුවේ එම නෞකාව හිමි සමාගමට හා රක්‍ෂණ සමාගමට එරෙහිව නඩු පැවරීමට නීතිපති දෙපාර්තමේන්තුව සැලසුම් කර තිබේ. විෂ රසායනික ද්‍රව්‍ය අඩංගු කන්ටේනර් රැසක් හා තවත් භාණ... |
"එක්ස්ප්‍රස් පර්ල් නැවෙන් වන්දි ඉල්ලා අද සිංගප්පූරු උසාවියේ නඩු පවරයි" | "ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාව තුළදී එම්. වී. එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමෙන් මුහුදු පරිසරයට සිදුවූ හානියට වන්දි ඉල්ලා අද (24 දා) සිංගප්පූරු වාණිජ මහාධිකරණය හමුවේ එම නෞකාව හිමි සමාගමට හා රක්‍ෂණ සමාගමට එරෙහිව නඩු පැවරීමට නීතිපති දෙපාර්තමේන්තුව සැලසුම් කර තිබේ. විෂ රසායනික ද්‍රව්‍ය අඩංගු කන්ටේනර් රැසක් හා තවත් භාණ... |
"පෙරේදා වැඩිම උෂ්ණත්වය පොළොන්නරුවෙන් පළාත් කීපයකට සවස් කාලයේ ගිගුරුම් වැසි" | "දිවයිනේ වැඩිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 35.7 ක් ලෙස පොළොන්නරුව ප්‍රදේශයෙන් පෙරේදා (22 දා) වාර්තාවූ බව කාලගුණ විiා දෙපාර්තමේන්තුව පවසයි. මීට අමතරව මහඉලුප්පල්ලම ප්‍රදේශයෙන් සෙල්යිස් අංශක 35.6 ක් ලෙසද, වව්නියාව ප්‍රදේශයෙන් සෙල්සියස් අංශක 35.5 ක් ලෙසද, කොළඹ ප්‍රදේශයෙන් සෙල්සියස් අංශක32.1 ක් ලෙසද සටහන් වී ඇතැයි එහි ප්‍රකාශකය... |
"අපේ මුහුද අපවිත්‍ර කරන නැව්වලින් ඩොලර් බිලියන 7-8ක් වන්දි ගත හැකියි" | "මෙරටට අයත් මුහුදු සීමාව තුළ වායු දූෂණය කරමින් ගමන් ගන්නා ජාත්‍යන්තර නැව්වලින් වාර්ෂිකව ඩොලර් බිලියන 07 08 ක වන්දි මුදලක් ලබාගැනීමේ හැකියාව පවතින බව ජාතික චින්තන සංසදයේ නිත්‍ය සාමාජික එම්. ඒ. එස්. නිශාන්ත මහතා සඳහන් කරයි. දැනට එම ගමන් මාර්ග සඳහා මුදල් අයකර ගැනීමේ අයිතිවාසිකම්, සිතියම් සකස් කළ එක්සත් රාජධාරිනිය විසින් ල... |
"ඇස් රෝහලේ සැත්කම් අද සිට යළි ඇරැඹේ" | "කොළඹ ජාතික අක්‍ෂි රෝහලේ සැත්කම් අද (24 වැනිදා) සිට යළි ආරම්භ කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. අක්‍ෂි රෝහලේ සැත්කම්වලින් පසු රෝගීන් කීපදෙනකුට සංකූලතා ඇතිවීමේ සිද්ධියක් හේතුවෙන් එහි සැත්කම් කටයුතු තාවකාලිකව පසුගියදා නතර කළ අතර සංකූලතා ඇතිවීමට හේතුවූ ඖෂධය භාවිතයෙන් ඉවත් කර තිබේ. මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය විමර්ශනය... |
"සෙල්ෆියක් ගැසීමට ගොස් දුම්රියෙන් වැටුණු සිසුවාට බරපතළ තුවාල" | "කොළඹ සිට බදුල්ල බලා ධාවනය වූ විශේෂ දුම්රියේ ගමන් කරන අතරතුර පාපුවරුවේ හිඳ සෙල්ෆි ඡායාරූයක් ගැනීමට උත්සාහ ගත් 14 හැවිරිදි පිරිමි දරුවකු එම දුම්රියෙන් ඇද වැටී බරපතළ තුවාල ලබා බදුල්ල මහ රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිසිය පවසයි. මෙම අනතුර පෙරේදා (22 වැනිදා) පස්වරු 2.30 ට පමණ හපුතලේ ඔහිය සහ ඉදල්ගස්හින්න අතරදී සිදුවී තිබේ. මෙලෙස... |
"මිලියන 200ට වැඩි ප්‍රසම්පාදන ක්‍රියාවලි මැයි 1දා සිට විද්‍යුත් ප්‍රසම්පාදන ක්‍රියාවලි හරහා පමණයි" | "මැයි මස 01දා සිට මිලියන 200ට වැඩි ප්‍රසම්පාදන ක්‍රියාවලි විද්‍යුත් ප්‍රසම්පාදන ක්‍රියාවලිය හරහා පමණක් සිදු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. ඒ සඳහා අප්‍රේල් මස 19 වන දින අංක 08/2019 (1) චක්‍රලේඛය මගින් උපදෙස් ලබා දී ඇති බවත්, විනිවිද භාවය වගකීම් සහ කාර්යක්ෂමතාව පදනම් කර ගනිමින් මෙම වැඩසටහන ක්... |
"ඩුබායි බලා ගිය ශ්‍රීලන්කන් යළිත් ලෙඩවේ" | "ඩුබායි බලා පිටත්ව ගිය ශ්‍රී ලන්කන් ගුවන් යානයක් යළිත් කාර්මික දෝෂයකට ලක් වීම නිසා පැයකට අධික ගුවන් ගමනකින් අනතුරුව කටුනායක ගුවන්තොටුපළ වෙත ඉකුත් 21 වැනිදා රාත්‍රී පැමිණ තිබුණි. ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 225 දරන ගුවන් යානය එදින සවස 06.27 ට කටුනායක ගුවන් තොටුපළෙන් ඩුබායි බලා පිටත්ව ගොස් තිබේ. ඒ – 330 එයා බස් වර්... |
"පාසල් වෑන් ගාස්තු මැයි 1 දා සිට සියයට 5 – 8 කින් පහළට" | "පාසල් වෑන් ගාස්තුව මැයි මස 01 වැනිදා සිට පහළ දමන බව සමස්ත ලංකා අන්තර් දිස්ත්‍රික් පාසල් ළමුන් ප්‍රවාහන සංගමයේ සභාපති එන්. එම්. හරිස්චන්ද්‍ර පද්මසිරි මහතා ‘දිවයින’ ට පැවසීය. සියයට 5 ත් 8 ත් අතර අගයකින් ගාස්තු පහළ දැමීමට සැළසුම් කර ඇති බව පැවසූ ඒ මහතා, දිවයන පුරා පාසල් වෑන් සහ බස් රථ 40,000 ක් පමණ මෙම සේවාවේ නිරතවන බවද ... |
"ප්‍රතිත්‍රස්ත පනත විවාදයට ගන්නා දින තුනේ ආණ්ඩු පක්‍ෂයට මැතිසබය අනිවාර්යයි" | "ප්‍රතිත්‍රස්ත පනත විවාදය සිදුවන අප්‍රේල් 26, 27, 28 දිනවල ආණ්ඩු පක්‍ෂයේ සියලු මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවට පැමිණිය යුතු බව ආණ්ඩු පක්‍ෂයේ ප්‍රධාන සංවිධායක කාර්යාලය විසින් දැනුම් දී ඇත. පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද ප්‍රතිත්‍රස්ත පනත් සම්බන්ධයෙන් විවාදය මේ දින තුන තුළ පවත්වන බවත් ඉන්පසු ඡන්ද විමසීමක් සිදු වුවහොත් එයට ස... |
"අකුරණ බිල්ලන් මැවූ මව්ලවි රිමාන්ඩ්" | "අකුරණ නගරයේ මුස්ලිම් දේවස්ථානයකට හා මුස්ලිම් ජනතාව වැඩිවශයෙන් ජීවත්වන ගම්මාන කිහිපයකට බෝම්බ ප්‍රහාර එල්ල කරන බවට මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ‘118’ හදිසි ඇමැතුම් අංකයට ව්‍යාජ තොරතුරු ලබා දුන් මව්ලවිවරයකු අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් පෙරේදා (22 දා) අත්අඩංගුවට ගෙන අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ... |
"අනවශ්‍ය ලෙස පොල්තෙල් ආනයනය කිරීමෙන් දේශීය පොල්තෙල් කර්මාන්තය අවදානමේ" | "දේශීය පරිභෝජනය සඳහා අවශ්‍ය පොල් තෙල් ප්‍රමාණය මෙරටදී නිෂ්පාදනය කරද්දී අනවශ්‍ය ලෙස පොල් තෙල් ආනයනය කිරීම නිසා දේශීය පොල්තෙල් කර්මාන්තය කඩා වැටීමේ අවදානමකට ලක්ව ඇතැයි සමස්ත ලංකා පාරම්පරික පොල් තෙල් නිෂ්පාදකයන්ගේ සංගමය සඳහන් කරයි. එසේම ආනයනය කරන පොල්තෙල්වල ප්‍රමිතිය පිළිබඳවද පවතින ගැටලු නිසා එම තෙල් භාවිතයෙන් ජනතාවගේ සෞඛ... |
"රස්නය වියරු වෙයි ‘කාලගුණය’ අනතුරු අඟවයි" | "දිවයින පුරා පවතින උණුසුම් කාලගුණ තත්ත්වය මිනිස් සිරුරට බලපෑම් ඇතිවිය හැකි මට්ටමට ඉහළ යමින් පවතින බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි. ඒ අනුව බස්නාහිර, වයඹ, උතුර, උතුරු මැද සහ නැගෙනහිර පළාත්වල සහ මොනරාගල, රත්නපුරය සහ හම්බන්තොට යන දිස්ත්‍රික්කවල පවතින උෂ්ණත්වය අනුව එම ප්‍රදේශවල ජීවත් වන ජනතාව දැඩි අවධානයක් යො... |
"පාස්කු සාකච්ඡා යළි සලකා බලා විමර්ශන කළ යුතුයි – කාදිනල්තුමා කියයි" | "පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සියලු සාක්ෂි යළි සලකා බලා පූර්ණ විමර්ශනයක් සිදු කර මෙම මිලේච්ඡ ප්‍රහාරයට වගකිව යුතු සියලු දෙනාට දඬුවම් ලබාදිය යුතු බව කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්තුමා පැවසීය. එතුමා මේ බව කියා සිටියේ පාස්කු ප්‍රහාරයට ලක්වූවන් සිහිකරමින් ඉකුත් 21 වැනිදා කොළඹ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දෙව්මැඳුරේදී පැවැත... |
"ගිනිගත් නැවට සිංගප්පූරුවේදී හා ලන්ඩනයේදී නඩු" | "ඉදිරි සති තුන ඇතුළත සිංගප්පූරු හා ලන්ඩන් අධිකරණවල නඩු ගොනුකර ශ්‍රී ලංකා මුහුදු තීරයේදී ගිනිගෙන විනාශ වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකා සමාගමෙන් ශ්‍රී ලංකාවට ලැබිය යුතුව තිබෙන ඩොලර් බිලියන 6.4ක වන්දි මුදල කෙලෙස හෝ ලබා ගන්නා බව අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ මහතා ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට පැවසීය. මෙම වන්දි මුදල ශ්‍රී ලංකාවට ලබාගත... |
"සීමා නීර්ණ වාර්තාව මසක් ඇතුළත පාර්ලිමේන්තුවට" | "පළාත් පාලන මැතිවරණයට අදාළ සීමා නිර්ණය වාර්තාව මාසයක් ඇතුළත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බව රජයේ ආරංචි මාර්ග පවසයි. සීමා නිර්ණය කොමිසම විසින් අදාළ වාර්තාව මීට සති දෙකකට පමණ පෙර රජයට භාර දුන් අතර එම වාර්තාව පිළිබඳ විරෝධතා හා සංශෝධන ලබාගැනීමට මේ වනවිට වාර්තාව පළාත් පාලන ආයතන හා මහජන නියෝජිතයන්ට භාර දී ඇත. ඒ අනුව... |
"පාස්කු ප්‍රහාරයට 37 දෙනකුට නඩු" | "පාස්කු ඉරිදා ත්‍රස්තවාදී ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පිරිස අතරින් පුද්ගලයන් 37 දෙනකුට අධිචෝදනා භාර දෙමින් නඩු පැවරීමට නීතිපති දෙපාර්තමේන්තුව මේ වනවිට පියවර ගෙන තිබේ. ප්‍රහාරය සම්බන්ධයෙන් මෙතෙක් සිදු කළ විමර්ශනවලදී තහවුරු වූ කරුණු මත පාස්කු ඉරිදා ප්‍රහාරයට ඍජුවම දායක වූ බවට හඳුනාගෙන ඇති සැකකරුවන් පිරිස හතළිහකට ... |
"ප්‍රතිත්‍රස්ත පනත පාර්ලිමේන්තුවට" | "යෝජිත ප්‍රතිත්‍රස්ත පනත ලබන 25 හෝ 26 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය. පනත් කෙටුම්පත පෙරේදා අධිකරණ ඇමැති විජේදාස රාජපක්ෂ මහතා විසින් මල්වතු අස්ගිරි මහානාහිමිවරුන් වෙත පිළිගන්වා ඒ පිළිබඳ කරුණු පැහැදිලි කරනු ලැබීය. මෙම ප්‍රතිත්‍රස්ත පනතට එරෙහිව ජාත්‍යන්තර සංවිධාන හා විදෙස් තානාපති කාර්යාල කිහිපයක් ද විවේචන ඉදි... |
"රෝහල් කඩා වැටීමේ අවදානමක – වෛද්‍යවරු 700ක් රට හැර ගිහින්" | "විශේෂඥ වෛද්‍යවරුන්, ශල්‍ය වෛද්‍යවරුන් ඇතුළු සෑම අංශයකටම අයත් වෛද්‍යවරුන් හත්සියයකට ආසන්න පිරිසක් රට හැර ගොස් ඇති නිසා පර්යන්ත රෝහල් පද්ධතිය කඩාවැටීමෙන් රෝගී ජනතාව දිනෙන් දින දැඩි අපහසුතාවයට පත්වෙමින් සිටින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක, වෛද්‍ය චමිල් විජේසිංහ මහතා ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට කීය. මෙම ත... |
"අයි.එම්.එෆ් ගැන සජබයෙන් වෙනස් මතයක්" | "ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය ලබා ගැනීම සඳහා රටේ ජනතාව වෙත ආණ්ඩුව එල්ල කරන පීඩනය පිළිගත නොහැකි බව විපක්‍ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට පැවසීය. ඒ අනුව එම අරමුදලෙන් ණය ලබා ගැනීම පිළිබඳව ලබන 26,27,28 යන දිනවල පැවැත්වෙන පාර්ලිමේන්තු විවාදයේදී වෙනස් මතයක් ඉදිරිපත් කරන බව ද හෙතෙම සඳහන... |
"රිළවුන් චීනයට යවන වැඩේ අත්හරින්නේ නෑ" | "රිළවුන් සම්බන්ධව විවිධ ප්‍රදේශවලින් ලැබෙන ගැටලු අනුව රිළවු චීනයට යැවීමේ බලාපොරොත්තුව කිසිවිටක අත්හරින්නේ නැතැයි කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර මහතා “දිවයින ඉරිදා සංග්‍රහය”ට පැවසීය. ඇතැම් සංවිධාන රිළවුන් විදේශ ගත කිරීම නතර කිරීමට විවිධ උපක්‍රම සිදුකරන බව ද ශ්‍රී ලංකාවේ රිළවුන් භාර නොගන්නා ලෙස තානාපතිවරුන්ට පවා නොයෙක් ආකා... |
"කොළඹ කන්ටේනර් වරාය අධිකාරියෙන් වැටෙයි" | "කොළඹ වරාය තුළ 2021 වර්ෂය තුළ දී බහාලුම් මෙහෙයවීමේ කාර්යයන්ගෙන් සියයට 69 ක්ම සිදුකොට ඇත්තේ පෞද්ගලික සමාගම් දෙකක් වන අතර මේ වන විට බහාලුම් මෙහෙයවීමේ කාර්යය වරාය අධිකාරියෙන් ක්‍රමානුකූලව ගිලිහී එය පෞද්ගලික අංශය විසින් නතුකර ගනිමින් සිටින බව ජාතික විගණන කාර්යාලය පවසයි. 2021 වර්ෂයේදී කොළඹ වරාය තුළ සමස්ත බහාලුම් හැසිරවීමේ ද... |
"කොළඹ ඉලෙක්ට්‍රික් වාහනවලට ඇමරිකාවෙන් චාජ් එක දෙයි" | "කොළඹ නගරයේ විද්‍යුත් වාහනවලට අවශ්‍ය ආරෝපිත බැටරි ලබාදීම සඳහා මධ්‍යස්ථාන ස්ථාපිත කිරීමට ආධාර කිරීමට පියවර ගෙන ඇතැයි ඇමරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලය ප්‍රකාශ කරයි. මේ යටතේ පළමුව රෝද දෙකේ විද්‍යුත් වාහනවල බැටරි මාරු කරන ස්ථාන දෙකක් ස්ථාපිත කිරීමට ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන එක්සත් ජනපද නියෝජිත ආයතනය සහ Sling Mobility ... |
"ශිෂ්‍යත්ව අභියාචනාවලට මැයි 8 දා තෙක්" | "2022 වර්ෂයේ පැවැත්වූ 05 ශ්‍රේණි ශිෂ්‍යත්ව පරීක්ෂණයේ ප්‍රතිඵල මත 2023 වර්ෂයේ 06 ශ්‍රේණිය සඳහා පාසල්වලට ඇතුළත්වීමේ අභියාචනා ඉදිරිපත් කිරීම මාර්ගගතව සිදු කිරීම සඳහා 2023.04.20 දින දහවල් 12.00 සිට මැයි මස 08 වන දින රාත්‍රී 12.00 දක්වා කාලය වෙන්කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. https://goapplication.moe.gov.lk යන වෙබ් ... |
"OTP ජිල්මාට් පොලිසියට කියන්න" | "මූල්‍ය ගනුදෙනුවලදී තම රහස්‍ය අංක (ඕටීපී) සොරාගැනීමෙන් යම් මූල්‍ය වංචාවකට ගොදුරු වී ඇත්නම් ඒ පිළිබඳව වහාම ළඟම පොලිසියට හෝ ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකයට දැනුම් දෙන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව මහජනතාවට දැනුම් දෙයි. එවැනි වංචාවකට ගොදුරුවීමට අමතරව එවැනි වංචා සම්බන්ධයෙන් තොරතුරු ඇත්නම් ඒ පිළිබඳව ද ළඟම පොලිසියට හෝ ම... |
"ගිය අවුරුද්දේ බිලියන 7928.7 කින් ණය වැඩි වෙලා" | "ගිය වර්ෂයේ (2022) ශ්‍රී ලංකා රජය ලබාගත් සම්පූර්ණ ණය ප්‍රමාණය රු. බිලියන 7928.7 කින් (රු.කෝටි 792,870 කින්) ඉහළ ගොස් ඇත. මේ අනුව 2021 වර්ෂය අගදී වාර්තා වූ රු. බිලියන 17589.4 ක්වූ මුළු රාජ්‍ය ණය ප්‍රමාණය ගිය වර්ෂය (2022) අග වනවිට රු. බිලියන 25518.1 ක් දක්වා ඉහළ ගොස් තිබේ. මුළු ණය තුළ අන්තර්ගත දේශීය ණය ප්‍රමාණය 2021 වසර ... |
"දුම්රිය පීල්ල කැලේ යන්න හදයි" | "දුම්රිය මාර්ග නඩත්තු කටයුතු නිසි පරිදි සිදු නොකිරීම ඇතුළු දෛනික අලුත්වැඩියා අඩපණ වී ඇති නිසා ඉදිරි දිනවල දුම්රිය පීලි පැනීම්, දුම්රිය ප්‍රමාදවීම්, අවලංගු කිරීම් බහුල විය හැකි බව දුම්රිය වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු එස්. පී. විතානගේ මහතා ‘දිවයින’ට පැවසීය. කොටුව දුම්රිය ස්ථානය අසලදී පෙරේදා (19 දා) දුම්රිය පීලි පැනී... |
"පාස්කු ප්‍රහාරය පිටුපස තිබුණු දේශපාලන හස්තය කුමක්ද?" | "පාස්කුදා සිදුකළ අපරාධයට යුක්තිය ඉල්ලා කොළඹ කොච්චිකඩේ දෙව්මැඳුරේදී කාදිනල්තුමෝ අවධාරණය කරති පාස්කු ප්‍රහාරය ඉස්ලාම් අන්තවාදී ප්‍රහාරයක් ලෙස පෙනුනත් එය පිටුපස දේශපාලන කුමන්ත්‍රණයක් තිබූ බවට පාර්ලිමේන්තු තේරීම් කාරක සභා වාර්තාවේ සඳහන් කර තිබෙන බවත් ඊළඟට එළඹි ජනාධිපතිවරණය ඉලක්ක කර රට තුළ බියක්, අවිනිශ්චිතභාවයක් හා කැළඹිල්... |
"ළදරුවන් 11000 ක් යුරෝපයට විකිණීම සොයා මැලේසියා පොලිසියෙන් එයි :" | "ශ්‍රී ලාංකික ළදරුවන් 11,000 ක් යුරෝපා රටවලට විකිණීමේ ජාවාරම ගැන පරීක්‍ෂණ පැවැත්වීම සඳහා මැලේසියානු පොලිසියේ කණ්ඩායමක් ශ්‍රී ලංකාවට පැමිණෙනු ඇත. මැලේසියාවේ ක්වාලාම්පූර් නගරයේ යුවළක් අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී ශ්‍රී ලාංකික ළදරුවන් මැලේසියාවට ගෙනවුත් ගමන් බලපත්‍ර සකසා යුරෝපයට විකුණන බව හෙළිවී තිබේ. මෙම ළදරුවන්ගෙන් ව... |
"ජනපතිගේ තර්ජනවලට අපි සැලෙන්නේ නෑ!" | "විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ සභාපති මහාචාර්ය ශ්‍යාම් බන්නැහැක දරුවන්ගේ දෙමව්පියන් වගේ මාධ්‍යවලට ප්‍රකාශ දෙන්නේ රජයේ හෙංචයියෝ – ආචාර්ය අනුර කරුණාතිලක “ජනාධිපතිවරයාගේ තර්ජන ගර්ජන හමුවේ කිසිවිටෙකත් විශ්වවිද්‍යාල ආචාර්ය මණ්ඩලය ලෙස අප සැලෙන්නේ නැහැ” යැයි විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ සභාපති මහාචාර්ය ශ්‍යාම් ... |
"කොටි කොඩිය පෙන්නුවාට වසර 14 කට පසු නඩු" | "කොටි කොඩිය බර්ලින් නුවර දී ප්‍රදර්ශනය කිරීම සම්බන්ධයෙන් ජර්මානු අධිකරණය වසර 14කට පසු බර්ලින් ඊළාම් කවුන්සිලයට නඩු පවරා ඇත. මෙම ධජය ත්‍රස්තවාදීන්ට සම්බන්ධ ධජයක් බව අධිකරණය පිළිගෙන තිබේ. බර්ලින් හී ටෙප්‍රගන් අධිකරණය හමුවට පැමිණි ඊළාම් නීතිවේදීන් පිරිසක් නඩුව ඉල්ලා අස් කරගන්නා ලෙස අධිකරණයට තුළ ඉල්ලීම ප්‍රතික්‍ෂේප වී තිබේ... |
"බලහත්කාරයෙන් උත්තර පත්‍ර පරීක්ෂාකරවා ගන්නවා කියන්නේ දරුවන්ට කරන ලොකුම අසාධාරණයක්!" | "ජනාධිපතිවරයාට නිසි කාරණාව පෙන්වා දී නෑ “ජනාධිපතිවරයා ප්‍රකාශ කරපු ප්‍රකාශය තදබල ප්‍රකාශයක්. ඒ ප්‍රකාශය තුළ අපි දකින දේ තමයි ජනාධිපතවරයාට වුණත් හරි කාරණය නෙවෙයි පෙන්නලා දීලා තියෙන්නේ. මෙතන එතුමන්ට පෙන්නලා දීලා තියෙන්නේ වෘත්තිය සමිති විසින් කරන බදු පිළිබඳ ප්‍රශ්නයක් කියන එක විතරයි. හැබැයි මෙතන ඊට වඩා එහා ගිය ගැටලුක් තිය... |
"රට කඩාකප්පල් කිරීමට කිසිදු ඉඩක් දෙන්නේ නෑ" | "නව ප්‍රතිත්‍රස්ත පනත ගැන මහ නාහිමියන් දැනුවත් කරන්න අධිකරණ ඇමැති නුවර යයි රට විවිධාකාරයෙන් කඩාකප්පල් කිරීමට විවිධ පාර්ශ්ව උත්සාහ කරමින් සිටින බැවින් ඒ සඳහා කිසිදු ඉඩක් ලබා නොදෙන බව අධිකරණ ඇමති ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පැවසීය. ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා මෙම අදහස් පළ කළේ නව ප්‍රතිත්‍රස්ත පනත් කෙටුම්පත ඇතුළු ඉදිරියේද... |
"මහ බැංකුවේ ලක්‍ෂ 50 ගැන තවම හොඩුවාවක් නෑ" | "ශ්‍රී ලංකා මහ බැංකුවෙන් රු. ලක්‍ෂ 50 ක මුදලක් අතුරුදන් වී මේ වනවිට දින 11 ක් ගතව තිබුණත් එම මුදල් නෝට්ටු මිටිය හෝ ඒ පිළිබඳව කිසිදු හෝඩුවාවක් සොයා ගැනීමට පරීක්‍ෂණ පවත්වන අංශ අසමත් වී ඇතැයි වාර්තා වේ. ශ්‍රී ලංකා මහ බැංකුව පවසන්නේ මෙම සිද්ධිය සම්බන්ධව ශ්‍රී ලංකා මහ බැංකු විමර්ශන කටයුතු දැඩි කිරීමට අභ්‍යන්තර පාලනයක් හා මෙ... |
"මට බලය ලැබුණු වහාම පාස්කු වින්දිතයන්ට යුක්තිය – සජිත් කියයි" | "ප්‍රහාරය පිටුපස රහස් න්‍යාය පත්‍රයක් : පාස්කු ප්‍රහාරයට සම්බන්ධ කිසිවකු නීතියෙන් බේරා ගැනීමට තමනට කිසිදු වුවමනාවක් නැති බවත් පාලන බලය ලැබුණු විගසම පාස්කු වින්දිතයන්ට යුක්තිය ලබා දීමට ක්‍රියා කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියි. හෙතෙම මේ බව කියා සිටියේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් සිදු... |
"රිළවුන් ‘හිට්’ කළේ ජනමාධ්‍යයයි" | "රිළවුන් චීනයට යැවීම පිළිබඳව රටේ විශාල ප්‍රචාරයක් ලබාදී ආන්දෝලනාත්මක තත්ත්වයක් ඇති කරන ලද්දේ මාධ්‍ය විසින් බවත් තමාට හෝ ආණ්ඩුවට එවැනි දෙයක් කිරීමට වුවමනාවක් නොතිබූ බවත් කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර මහතා පැවසීය. රිළවුන් චීනයට යැවීම පිළිබඳව අමාත්‍යාංශයේ සාකච්ඡාවක් පැවැත්වූ නමුත් එය රජයේ අවසන් තීරණය නොවන බව ද අමරවීර මහතා ... |
"මාර්තු උද්ධමනය 49.2% ක් දක්වා පහළට" | "ජාතික පාරිභෝගික මිල දර්ශනය අනුව ගණනය කළ මාර්තු මස උද්ධමනය සියයට 49.2 දක්වා අඩුවී ඇතැයි ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි. ඉකුත් පෙබරවාරි මස පැවැති උද්ධමනය සියයට 53.6 ක් විය. එසේම ඉකුත් පෙබරවාරි මාසයේ සියයට 49 ක් වූ ආහාර කාණ්ඩයේ උද්ධමනය පසුගිය මාර්තු මාසයේදී සියයට 42.3 ක් දක්වා සහ ඉකුත් පෙබරවාරි මස සියයට 57.4 ... |
"මුස්ලිම් පල්ලිවලට අද විශේෂ ආරක්ෂාවක්" | "රාමලාන් උත්සවය මුල් කරගෙන ආගමික වතාවත් පැවැත්වෙන සියලුම මුස්ලිම් පල්ලිවලට අද (22 වැනිදා) දින විශේෂ ආරක්ෂාවක් ලබාදීමට පොලිසිය කටයුතු කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දුව මහතා පැවසීය. මේ සම්බන්ධයෙන් පොලිස්පතිවරයා විසින් සියලුම ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්, නියෝජ්‍ය පොලිස්පතිවර... |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.