Title stringlengths 9 246 | Content stringlengths 3 62.9k |
|---|---|
"මරදාන ඩීන්ස් පාරේ තොරණ ජනපති අතින් විවෘත කෙරේ" | "මරදානේ විසූ එම්. ඩී. ධර්මදාස (චොප්පේ අයියා) මහතාගේ පුත් එම්. ඩී. කිත්සිරි රාජපක්ෂ මහතා විසින් මරදාන ඩීන්ස් පාර මංසන්ධියේ ඉදි කරන ලද තොරණ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විවෘත කළ අයුරු. ජනපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, ජනරාල් ශවේන්ද්‍ර සිල්වා ඇතුළු පිරිසක්ද ඊට එක්ව සිටියහ." |
"වතු සේවක වැටුප් වැඩි කිරීමට එකඟ නොවන සමාගම්වල ගිවිසුම් අවලංගු වෙයි! – ඇමැති සියඹලාපිටිය කියයි" | "වතු සේවක වැටුප් වැඩිවීමට එකඟ නොවන රජය සමඟ ගිවිසුම්ගත වතු සමාගම්වල ගිවිසුම් අවලංගු කරන බවත්, එම වතු නව ආයෝජකයන්ට ලබාදීමට රජය සූදානම් බවත් මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා පැවැසීය. වතු සේවක වැටුප් වැඩිවීම ස්ථිරවම සිදුවන බවද ඇමැතිවරයා කීවේය. අදාළ ගැසට් පත්‍රය නිකුත් වූ බවත් ඒ අනුව එදින සිටම ක්‍රියාත්මක වන පරිදි... |
"මාධ්‍ය කර්මාන්තයට එන අභියෝග පරදන නව ප්‍රතිපත්ති අවධාරණය කෙරෙයි" | "ශ්‍රම හිඟය හේතුවෙන් ශ්‍රී ලංකාවේ මාධ්‍ය කර්මාන්තය අවදානමට ලක්ව ඇති බවත් එම තත්ත්වය වළක්වා ගැනීමට විධිමත් පියවර සහ ප්‍රතිපත්ති අනුගමනය කිරීමට ශ්‍රී ලංකාව කටයුතු කළ යුතු බවත් ලොව විශාලතම මහජන සබඳතා සංවිධානය වන Public Relations & Communications Association (PRCA) හා දේශීය නියෝජිත Thanzyl Thajudeen මහතා අවධාරණය කරයි. ශ්‍ර... |
"ආර්ථික පරිවර්තන පනත් කෙටුම් පතට මාලිමාවෙන් නඩු" | "පාර්ලිමේන්තුවට පසුගියදා ඉදිරිපත් කළ ආර්ථික පරිවර්තන පිළිබඳ පනත් කෙටුම්පතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පැවරීමට ජාතික ජන බලවේගය තීරණය කර ඇත. ආර්ථිකය පිළිබඳ බරපතළ පනතක් ඉතාම හෑල්ලුවකින් ඉදිරිපත් කර ඇති බවත් පනතින් ආයෝජන මණ්ඩලය අහෝසි කිරීමට යෝජනා කර ඇති බවත් එම පක්ෂය සඳහන් කරයි. මෙම පනත ගෙන ඒමේ අභිලාෂය කුමක්දැයි ආණ්ඩුව පැ... |
"සැමට සෞභාග්‍යය ලැබෙන ආර්ථික මොඩලයක් අවශ්‍යයි – විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස" | "යහපාලන අවදියේදී තර්කානුකූල ලෙස තීන්දු තීරණ ගන්නවා වෙනුවට තාර්කික නොවන ආකාරයට තීන්දු තීරණ ගැනීම සිදුවූ බවත් අප රටේ බහුතරවම ඇත්තේ තාර්කිකභාවයකින් තොර ප්‍රතිපත්ති සම්පාදනය බවත් එම නිසා ප්‍රතිපත්ති සම්පාදනය ක්‍රියාවලිය කාර්යක්ෂම විය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. දැරියන්ගේ ලිංගික ක්‍රියාදාමය සඳහා අවසර ... |
"අපිරිසිදු දන්සල් 20කට නීති ක්‍රියා" | "වෙසක් පුන් පොහෝදා (23 වැනිදා) දිවයින පුරා පවත්වනු ලැබූ දන්සල් 20,000ක් පරීක්ෂාවට ලක්කළ බවත්, එහිදී අපිරිසිදු තත්ත්වයේ පවත්වාගෙන ගිය දන්සැල් 20කට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගත් බවත් ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ විධායක සාමාජික සඳුන් හේමන්ත රත්නායක මහතා “දිවයින”ට ඊයේ (24 වැනිදා) පැවසීය. කොළඹ නගර සීමාවේ දන... |
"රතුපස්වල තීන්දුවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට යන්න – තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය නීතිපතිට ලියයි" | "පිරිසිදු පානීය ජලය ඉල්ලා සිදු කළ උද්ඝෝෂණය නිමාකර යමින් සිටි නිරායුධ රතුපස්වල ප්‍රදේශවාසීන්ට වෙඩි තැබීමේ සිද්ධියේ විශ්‍රාමික යුද හමුදා මේජර් ජනරාල්වරයා ඇතුළු යුද හමුදා සාමාජිකයන් නිදොස් කොට නිදහස් කරමින් ගම්පහ විශේෂ මහාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල ලබාදුන් තීන්දුවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනාවක් ගොනු කරන ලෙස ත... |
"මාර්ග දෙපස ගස් සිටුවීමට ජාතික ප්‍රතිපත්තියක් – ආරක්ෂක රාජ්‍ය ඇමැති ප්‍රමිත බංඩාර තෙන්නකෝන්" | "මාර්ග දෙපස ගස් කඩා වැටීම් බහුලව සිදුවන නිසා මාර්ග දෙපස ගස් සිටුවීම සම්බන්ධයෙන් නිසි අධ්‍යයනයකින් පසුව විශේෂඥ කමිටු උපදෙස් ඇතිව ජාතික ප්‍රතිපත්තියක් සකස් කරන බව ආරක්ෂක රාජ්‍ය ඇමැති ප්‍රමිත බංඩාර තෙන්නකෝන් මහතා ඊයේ (24 දා) පැවසීය. වත්මන් කාලගුණික තත්ත්වය පිළිබඳ ආපදා කළමනාකරණ දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවේදී ඒ මහතා ම... |
"පෑලියගොඩට අද එන එළවළු තොග අඩුවිය හැකිලු" | "අධික වැසි තත්ත්වයත් සමඟ පෑලියගොඩ එළවළු තොග පැමිණීමේ අඩුවක් ඇති විය හැකි නිසා ඇතැම් විට එළවළු මිලෙහි වැඩි වීමක් අද සිදුවිය හැකි බවත් පෑලියගොඩ මැනිං මාර්කට් පොදු වෙළෙඳ සමිතියේ උපසභාපති එච්. ටී. එන්. සමරතුංග මහතා “දිවයින” ට ඊයේ (24දා) පැවැසීය. අයහපත් කාලගුණය නිසා නුවරඑළිය, පුත්තලම, අනුරාධපුර ප්‍රදේශවල එළවළු බෝග වගාවන්ට ද... |
"භාරවූ නාවිකයෝ 1289ක් අස්වෙති" | "පොදු සමා කාලයේදී භාර වූ නාවිකයින් 1289 දෙනකුට නිත්‍යානුකූල ලෙස සේවයෙන් ඉවත්වීමට නාවුක හමුදාව අවසර ලබාදී ඇත. පසුගිය අප්‍රේල් මස 20දා සිට මෙම මස 20දා දක්වා ප්‍රකාශයට පත්කර තිබූ මසක පොදු සමා කාලයේදී නිවාඩු නොමැතිව සේවයට වාර්තා නොකර සිටි නාවිකයින් 1254 දෙනකුට සහ විදේශ ගත නාවිකයින් 35 දෙනකුට මෙලෙස සේවයෙන් ඉවත්වීම සඳහා අවසර... |
"ඊශ්‍රායල් රැකියා සඳහා අවශ්‍ය වන්නේ අභියෝග භාරගත හැකි ශක්තිමත් තරුණයන් මිස පටු දේශපාලනයට කෑගසන අය නොවේ – කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර" | "ඊශ්‍රායලයේ රැකියා සඳහා අවශ්‍ය වන්නේ අභියෝග භාරගත හැකි, තමන්ට ලබාදෙන ඉලක්කය ඉක්මවා යමින් වැඩ කළ හැකි, ලංකාවේ නම රඳවන්න පුළුවන් ශක්තිමත් තරුණ පරපුරක් මිස එක එක පටු දේශපාලනඥයන්ගේ උවමනාව අනුව උද්ඝෝෂණ කරන අය නොවන බව කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පැවසුවේය. ඊශ්‍රායලයේ කෘෂි රැකියා සඳහා ගොස් නැවත පැමිණෙන ... |
"ඉන්දියාවේදී කොටුවූ අයි.එස්. 4 දෙනාගේ පැටිකිරිය සොයන්න අපෙනුත් කමිටුවක්" | "ඉන්දියාවේ අහමදාබාද් ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට පත් ශ්‍රී ලාංකිකයන් සිව්දෙනාගේ මෙරට ක්‍රියාකාරකම් ගැන විමර්ශන පැවැත්වීම සඳහා විශේෂ කමිටුවක් පත් කර ඇත. පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ සහ පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ ප්‍රධානත්වයෙන් මේ කමිටුව පත් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක... |
"කාලගුණය ආකාරුණික වී දින තුනට ලක්‍ෂ තුනකගේ විදුලි ඇනහිටලා – ඇමැති කංචන" | "අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පසුගිය දින තුනේදී පාරිභෝගිකයින් ලක්‍ෂ තුනකට වැඩි පිරිසකගේ විදුලිය ඇනහිට ඇතැයි විදුලිබල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර මහතා සඳහන් කරයි. සිය නිල ‘එක්ස්’ ගිණුමේ සටහනක් තබමින් ඇමැතිවරයා මේ බව සඳහන් කර ඇත. එහි වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ, විදුලිය බිඳවැටීමේ සිදුවීම් තිස් හයදහස් නවසීයක් නිසා පාරි... |
"කරාපිටිය රෝහලත් ජාතික රෝහලක් වෙයි" | "ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහල ජාතික රෝහලක් ලෙස නම් කිරීමට කැබිනට් අනුමැතිය හිමිවී තිබේ. මෙම වසර අවසන් වනවිට එම රෝහලෙහි ඇඳන් ධාරිතාව 2,858ක් දක්වා වැඩි කිරීම සිදුවෙයි. ඒ අනුව කොළඹ, මහනුවරට අමතරව කරාපිටිය රෝහල ද ජාතික රෝහලක් ලෙස කාණ්ඩ ගත කිරීම සිදුවෙයි. මේ අතර රුහුණු විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ හා සම සෞඛ්‍ය විද්‍යා පීඨයේ ... |
"ග්‍රාම නිලධාරි වැටුප් වැඩි කරන්න කැබිනට් අනුමැතිය" | "මෙරට 13,000කට අධික ග්‍රාම නිලධාරීන්ට අනන්‍ය වැටුප් තලයක් ලබාදී වැටුප් සහ දීමනා ඉහළ නැංවීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව ඇතැයි ස්වදේශ කටයුතු රාජ්‍ය ඇමැති අශෝක ප්‍රියන්ත මහතා පවසයි. ඒ අනුව අලුතින් ග්‍රාම නිලධාරී සේවයට එක්වන ග්‍රාම නිලධාරිවරයකුගේ මූලික වැටුප රු. 28,940 සිට රු. 30,140ක් දක්වා ඉහළ යනු ඇත. ග්‍රාම නිලධාරී සේවය... |
"“නිව්යෝර්ක් මෑන්හටන්හී” පළමු වෙසක් දන්සල" | "වෙසක් තෙමගුල් මංගල්‍යය වෙනුවෙන් ඇමරිකා එක්සත් ජනපදයේ නිව්යෝර්ක් නගරයේ පිහිටි එක්සත් ජාතීන්ගේ ශ්‍රීලංකා නිත්‍ය නියෝජිත කාර්යාලය සංවිධානය කල ෆලුඩා දන්සල නිව්යෝර්ක් නගරයේදී පැවැත්වුණු අයුරු , එක්සත් ජාතීන්ගේ ශ්‍රීලංකා නිත්‍ය නියෝජිත මොහාන් පීරිස් මහතාගේ ප්‍රධානත්වයෙන් මෙය සංවිධානය කෙරුණු අතර නිව්යෝර්ක් මෑන්හටන්හි එවැන්නක... |
"මියන්මාර – රුසියා හිරවුණ අය ගේන්න සජබයත් යයි" | "තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ උසස් රැකියා අවස්ථා ලබාදෙන පවසා රවටා මියන්මාරයට ගෙන්වා ගැනීමෙන් පසු මියන්මාරයේ ත්‍රස්ත ග්‍රහණයට නතුව සිටින තරුණයන් සහ වැඩි වැටුපකට රැකියා ලබාදෙන පවසා රවටා රුසියාවට ගෙන ගොස් රුසියානු යුක්රේන යුද්ධයේ ඉදිරි පෙළ සඳහා බලහත්කාරයෙන් යොමු කර සිටින ශ්‍රී ලාංකිකයන් ඉන් මුදා ගෙන ඔවුන් නැවත ශ්‍රී ලංකාවට ග... |
"තද වැසි සුළං අවදානමක්" | "බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ හා දකුණු හා උතුරු පළාත්වල විටින් විට තද වැසි, ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ දෙපාර්තමේන්තුව ඊයේ අනතුරු ඇඟවීමක් කළේය. සබරගමුව, මහනුවර හා නුවරඑළියේ ඇතැම් ප්‍රදේශවල මි.මී. 150 ඉතා තද වැසි හා ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවද බස්නාහිර, වයඹ දකුණු පළාතේ ඇතැම් ස්ථානවල මි.මී. 100ට වැඩ... |
"කාරක සභාවට ආවේ නෑ: වියානි හා ඉලුක්පිටිය පාර්ලිමේන්තු වරප්‍රසාද උල්ලංඝනය කරලා – හර්ෂ මැතිසබයේ දී කියයි" | "ගුවන්තොටුපළේ දී ඔන් අරයිවල් වීසා නිකුත් කිරීමේ ගැටලුව සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා කාරක සභාවට කළ කැඳවීමට අනුව මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් වියානි ගුණතිලක සහ ආගමන විගමන පාලක හර්ෂ ඉලුක්පිටිය ඇතුළු පිරිස නොපැමිණීම පාර්ලිමේන්තු වරප්‍රසාද උල්ලංඝනය කිරීමක් යැයි මුදල් කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා පාර්ලිමේන්තුවේ ... |
"තාක්ෂණය සමග ඉදිරියට යෑමේදී ලෝකය මුහුණ දෙන ගැටලුවලට ථෙරවාද බුදු දහම තුළ විසඳුම් තිබෙනවා – ජනාධිපති රනිල් වික්‍රමසිංහ" | "විද්‍යාව සහ තාක්ෂණය සමග වේගයෙන් ඉදිරියට යන ලෝකයට මුහුණදීමට සිදුවන ගැටලු සඳහා ථෙරවාද බුදු දහම තුළ විසඳුම් පවතින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. එබැවින් ථෙරවාද බුදු දහමේ නියම හරය ආරක්ෂා කර ගනිමින් එය ලෝකය වෙත ගෙන යෑමට කටයුතු කළයුතු බව ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් ... |
"ජනාධිපතිවරණය නෙවෙයි: රනිල්ටම තව වසර 5ක් දෙන්න ජනමතවිචාරණයකට යමු – පාලිත රංගෙ බණ්ඩාර" | "රට පවතින තත්ත්වය හමුවේ ජනාධිපතිවරණයක් පැවැත්වීමට වඩා වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට තව වසර පහක කාලයක් ජනාධිපතිධුරයේ කටයුතු කිරීමට ජනමත විචාරණයක් පැවැත්වීම වඩාත් යෝග්‍ය යැයි එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් පාලිත රංගෙ බණ්ඩාර මහතා (22දා) පැවසීය. “රටේ ඉන්ධන, ගෑස් ඇතුළු පෝලිම් යූගය අවසන් කර රටේ ආර්ථිකය යහමඟට ගනිමින් ජන... |
"කොළඹ කොස්ගස් හන්දියේ තොරණ" | "ඡායාරූප – නිශාන් එස්. ප්‍රියන්ත" |
"දේශීය වෙසක් කූඩු විකිණෙන්නේම නෑ – යන්නෙම චීන ඒවා – වෙළෙන්දෝ කියති" | "“මේ රටේ දේශීය නිර්මාණකරුවන් තනන කලාත්මක වෙසක් පහන් කූඩුවලට අද තැනක් නැහැ. විකිණෙන්නේ අර චීනෙන් ගෙනාපු කූඩු. අපේ කූඩු විකිණෙන්නේ නැහැ. මේ තත්ත්වය තුළ වෙසක් කූඩු අලෙවිකරුවන් හරිම අමාරුවක වැටිලා ඉන්නේ” යැයි පිටකොටුව නගරයේ කූඩු අලෙවි කරන සුගත් කුමාර මහතා “දිවයින” ට පැවැසීය. පවතින වැසි තත්ත්වය ද කූඩු අලෙවිය අඩුවීමට බලපා ඇත... |
"වොෂින්ටනය වෙසක් දිනය පිළිගනී" | "ඇමෙරිකාවේ වොෂින්ටන් නගරාධිපතිනි මියුරියල් බවුලර් මහත්මිය විසින් ප්‍රථම වරට වෙසක් දිනය නිල වශයෙන් පිළිගන්නා බවට වන නිවේදනයක් නිකුත් කර ඇත. ඇමෙරිකාවේ අගනගරය මෙන්ම ලෝක දේශපාලන ආර්ථික හා ආරක්ෂාවට අදාළ තීන්දු ගන්නා මර්මස්ථානය ලෙස සැලකෙන වොෂින්ටන් නගරය තුළ වෙසක් දිනය නිල වශයෙන් පිළිගැනීම එරට වෙසෙන හා ලෝක බෞද්ධ ජනතාව ලැබූ වි... |
"උත්තර නැති නිසා ශ්‍රී ලංකාව වසර දෙකකින් ජිනීවා ගිහින් නෑ – කිරිඇල්ල කියයි" | "ශ්‍රී ලංකාව දැනට වසර දෙකක පටන් ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර පැවැත්වෙන මානව හිමිකම් සමුළුව සඳහා රජයේ නියෝජිතයන් සහභාගී කරවීම නවත්වා ඇතැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේ දී 22දා පැවසීය. එම මානව හිමිකම් සමුළුවේදී අසනු ලබන ප්‍රශ්නවලට පිළිතුරු ලබා දිය නොහැකි නිසා රජය මෙලෙස නියෝජිතයන් නොයවන බ... |
"සතොස භාණ්ඩ 5ක මිල අඩුවෙයි" | "ලංකා සතොස ආයතනය විසින් අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ කිහිපයක මිල (22දා) සිට පහත දමා ඇත. මේ අනුව හාල්මැස්සන් කිලෝවක මිල රු. 950ක් දක්වා ද ඉන්දියානු ලොකු ලූනූ කිලෝවක මිල රු. 250ක් දක්වා ද කඩල කිලෝවක මිල රු. 450ක් දක්වා සහ සුදු සීනි කිලෝවක මිල රු. 275ක් දක්වා ද පහත දමා ඇතැයි ලංකා සතොස අලෙවි ප්‍රධානී සමන් කාරියවසම් මහතා පවසය... |
"ආචාර්ය පන්නිල ශ්‍රී ආනන්ද නාහිමිපාණන්ට ගෞරව උපාධි ප්‍රදානය" | "ඓතිහාසික අත්තනගල්ල රජමහ විහාරාධිපති සීනාදි සවු කෝරලයේ ප්‍රධාන සංඝ නායක ආචාර්ය පන්නිල ශ්‍රී ආනන්ද නාහිමිපාණන්ට බුරුම (මියාන්මාර්) රාජ්‍යයෙන් අග්ගමහා පණ්ඩිත ගෞරව උපාධිය පිරිනැමිණි. ඒ වෙනුවෙන් පැවැති මහෝත්සවය කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පවැත්විණි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ, හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනාය... |
"ශ්‍රී ලංකා පොලිසිය සංවිධානය කළ “පුදමු මුනිඳු බැති ගීයෙන්” භක්ති ගී ප්‍රසංගය නැරඹීමට ජනපති එක්වෙයි" | "2024 රාජ්‍ය වෙසක් උත්සවයට සමගාමීව ශ්‍රී ලංකා පොලිස් බෞද්ධ හා ආගමික කටයුතු සංගමය විසින් සංවිධානය කරනු ලැබූ “පුදමු මුනිඳු බැති ගීයෙන්” වෙසක් බැති ගී ප්‍රසංගය කොළඹ නෙළුම්පොකුණ රඟහලේදී පැවැත්වුණු අතර එය නැරඹීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද එක් විය. ශ්‍රී ලංකා පොලිස් බටහිර තූර්ය වාදන කොට්ඨාසයේ සංගීතයෙන් සහ ශ්‍රී ලංකා ... |
"සිරකරුවන් 278කට ජනපති සමාව" | "මෙවර වෙසක් පොහොය නිමිත්තෙන් බන්ධනාගාරගත සිරකරුවන් 278 දෙනකුට ජනාධිපති විශේෂ රාජ්‍ය සමාව ලබාදී තිබේ. ඔවුන් අතර කාන්තාවෝ 10 දෙනෙක් ද වෙති." |
"බංකොලොත් භාවයෙන් රට ගොඩගන්නා හැටි කරලම පෙන්වනවා – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා" | "අප රටේ ජනතාව එක් එක් කාලවල එක් එක් අයට ඡන්දය හා රටේ නායකකම ලබාදී අත්හදා බැලීම් සිදු කළත් මෙවර ජාති, ආගම්, කුල මල, පන්ති, පක්ෂ භේදයෙන් තොරව, කිසිදු බියකින් තොරව තමා සහ සමගි ජන බලවේගය තෝරා ගන්නා ලෙසට ඉල්ලා සිටින බවත් පොදු ජනතාවගේ සේවකයා ලෙස තමා විපක්ෂයේ සිට මෙරට ඉතිහාසයේ දැවැන්තම වැඩ කොටස ඉටු කර ඇති බවත් විපක්ෂ නායකවරයා... |
"පෝට්සිටියට තවත් වසර දෙකක්" | "කොළඹ වරාය නගරය සංවර්ධන ව්‍යපෘතිය ක්‍රියාත්මක කිරීමේ කාලසීමාව තවත් වසර දෙකකින් දීර්ඝ කිරීමට කැබිනට් අනුමැතිය හිමිව ඇත. මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකා රජය වෙනුවෙන් මහ නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය, නාගරික සංවර්ධන අධිකාරිය සහ චෙක් පෝර්ට් සිට කළම්බු පෞද්ගලික සමාගම (CHEC Port Colombo (Pvt) Ltd) අතර ... |
"පින්බර වෙසක් පුන් පොහොයක් වේවා" | "බියකරු සසර තරණය කරන පිළිවෙතඅටලෝ දහම අස්වද්දවන දිවි කෙතතුන්ලෝ සතට පහදා දුන්න සුව සෙතසම්බුදු පියා සමරමු වෙසක් සිරි මත අනුරාධ හිරිපිටියගේ" |
"මිලියන 70ක මූල්‍ය වංචා චෝදනාව: – තාඹුගල රිමාන්ඩ්" | "මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කළ ප්‍රකට ව්‍යාපාරිකයකු වූ අවුරා ලංකා සමාගමේ සභාපති ආචාර්ය විරන්ජිත් තාඹුගල මහතා ලබන 27 වැනිදා දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් පවිත්‍රා පතිරාජ මහත්මිය ඊයේ (22දා) නියෝග කළාය. සැකකරු රුපියල් මිලියන 70ක මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් අත්අඩංගු... |
"මුලින්ම ජනාධිපතිවරණය – ජනපති රනිල් කැබිනට් එකට කියයි" | "ප්‍රථමයෙන් පවත්වනු ලබන්නේ ජනාධිපති මැතිවරණය බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කැබිනට් මණ්ඩලය හමුවේ ඊයේ (22 දා) ප්‍රකාශ කර ඇත. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව මෙම වසරේ ජනාධිපතිවරණය පැවැත්විය යුතු බවත් එබැවින් නියමිත කාල සීමාවේදීම ජනාධිපතිවරණය පැවැත්වෙන බවත් රනිල් වික්‍රමසිංහ මහතා කැබිනට් මණ්ඩලය හමුවේ සඳහන් කර තිබේ. ඒ සඳහා... |
"මිරිස් කුඩු තුනපහ අස්සේ කෝටි 20ක කොකේන්" | "රුපියල් කෝටි 20කට අධික වටිනාකමෙන් යුත් කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් රැගෙන පැමිණි පිලිපීන ජාතික කාන්තාවක් කටුනායක ගුවන්තොටුපොළේ දී රේගු නිලධාරීන් විසින් පෙරේදා (21 වැනිදා) රාත්‍රි අත්අඩංගුවට ගෙන ඇත. සැකකාර පිලිපීන ජාතික කාන්තාවගේ ගමන් බෑගයේ තිබී සොයාගත් කොකේන් කිලෝග්‍රෑම් 2යි ග්‍රෑම් 800ක බරින් යුක්ත බව රේගු ආරංචි මාර්ග ප... |
"වෙසක් දිනය සිහිපත් කර කෙන්යාවට බුද්ධ ප්‍රතිමාවක්" | "වෙසක් දිනය සිහිපත් කිරීම උදෙසා කෙන්යාවේ එක්සත් ජාතීන්ගේ සංකීර්ණය වෙත බුද්ධ ප්‍රතිමාවක් ප්‍රදානය කිරීම සිදුවිය. බෞද්ධ, ක්‍රිස්තියානි, මුස්ලිම් හා හින්දු ආගම් නියෝජනයට කරන්නන් සමගින් අප්‍රිකානු මහද්වීපයේ හා ටැන්සානියා බෞද්ධ විහාරයේ ප්‍රධාන සංඝනායක ආචාර්ය පූජ්‍ය ඉලුක්පිටියේ පඤ්ඤාසේකර ස්ථවිර, මහ කොමසාරිස් කනනාතන් පින්තූරය... |
"එල්.පී.එල්. පාවාදීමට බංග්ලාදේශ ජාතිකයා 31දා තෙක් රිමාන්ඩ්" | "ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ (එල්.පී.එල්.) තරග පාවාදීමට යෝජනා කිරීම සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍යාංශයේ ක්‍රීඩා වැරදි වැළැක්වීමේ පොලිස් විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කළ බංග්ලාදේශ ජාතික තම්මි රහමන් ලබන 31දා දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා ඊයේ (22දා) නියෝග ක... |
"ප්‍රතිජීවක එන්නතක් අසාත්මිකවී ජාතික රෝහලේ රෝගියෙක් මියයයි" | "ප්‍රශ්න සහගත ප්‍රතිජීවක එන්නතක් අසාත්මික වීමෙන් කොළඹ ජාතික රෝහලේ 17 වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටි තිස් හැවිරිදි රෝගියකු මියගොස් ඇත. පලිස්සුම් තුවාල ලබා සිටි මෙම රෝගියාට Cefu roxද්‍යme නමැති ප්‍රතිජීවක ඖෂධයේ පළමු මාත්‍රාව ලබාදුන් මුල් අවස්ථාවේදීම දැඩි ලෙස අසාත්මික වී මරණයට පත්ව තිබේ. තත්ත්වයෙන් බාල ඖෂධ නැතැයි මාධ්‍ය ඉ... |
"ජලාශ පිරිලා විදුලි බිල අඩු කරන්න – සජිත් කංචනගෙන් ඉල්ලයි" | "දැනට පවතින අධික වර්ෂාපතනයත් සමග ජල විදුලි බලාගාර ආශ්‍රිත ජලාශවල ජල මට්ටම් ඉතා ඉහළ ගොස් ඇති බැවින් විදුලි බිල ඉතා ඉක්මනින් අඩු කිරීමට පියවර ගන්නා ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විදුලිබල ඇමැතිවරයාගෙන් පාර්ලිමේන්තුවේ දී ඊයේ (22 දා) විශේෂ ඉල්ලීමක් කළේය. එහිදී ඔහු මෙසේ කීය. විදුලිබල ඇමැතිවරයා මේ සභාවේ සිටින මේ මොහොතේ... |
""වෙසක් බලන්න කොළඹ එන ජනතාවගේ ආරක්‍ෂාවට පොලිසියේ 20,000ක්"" | "මුළු රටම වෙසක් සිරි අසිරියෙන් ඇළලී ගොස් ඇති අද (23 දා) වෙසක් පුන් පොහෝදා සිට 27 වැනිදා දක්වා කොළඹ නගරය ඇතුළු දිවයිනේ අනෙකුත් නගරවල වෙසක් සිරි නැරඹීමට පැමිනෙන ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් සිවිල් ඇඳුමින් හා නිල ඇඳුමින් සැරසුනු පොලිස් නිලධාරීහු විසිදහසක් (20,000) යොදවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්ද... |
"ආර්ථික පර්වර්තන පනතින් දේශීය ව්‍යවසායකයා බරපතළ අර්බූදයකට ලක්වෙනවා" | "ආර්ථික පර්වර්තන පනත සහ ශ්‍රී ලංකා ආර්ථික කොමිෂන් සභාව පිහිටුවීමේ පනත මගින් පෞද්ගලික අංශයේ කර්මාන්තකරුවන්, ව්‍යාපාරිකයන් ඇතුළු දේශීය ව්‍යවසායකයා බරපතළ අර්බුදයකට ලක්වෙන බව ජාතික ජන බලවේගයේ ආර්ථික කවුන්සිල සාමාජික සුනිල් හඳුන්නෙත්ති මහතා පැවසීය ඊයේ (22 දා) පක්ෂ මුලස්ථානයේ පැවති ජාතික ජන බලවේගයේ ආර්ථික කවුන්සිලයේ මාධ්‍ය හ... |
"රාජ්‍ය වෙසක් උත්සවය මහ සඟරුවනගේ ආශිර්වාදයෙන් හා අගමැතිගේ ප්‍රධානත්වයෙන් මාතලේදී ඇරැඹෙයි" | "රාජ්‍ය වෙසක් උත්සවය මහා සඟරුවනගේ ආශිර්වාදයෙන් හා අගමැති දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන්, තානාපතිවරු ඇතුළු විදේශ නියෝජිතයින්, මැති ඇමතිවරුන් හා රාජ්‍ය නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් මාතලේ ධර්මරාජ පිරිවෙන් විහාරස්ථානයේදී (21 දා) ආරම්භ විය. ශ්‍යාමෝපාලී මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය නියංගොඩ විජිතසි... |
"ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට" | "ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩල පනත ඉවත් කිරීම, ශ්‍රී ලංකා ආයෝජන කලාප, ජාත්‍යන්තර වෙළෙඳාම සඳහා වූ කාර්යාලය පිහිටුවීම අරමුණ ඇතිව ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත නමින් නව පනත් කෙටුම්පතක් ආණ්ඩුව විසින් පාර්ලිමේන්තුවට ඊයේ (22 දා) ඉදිරිපත් කරනු ලැබීය. ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ඇමැති ප්‍රසන්න රණතුංග මහතා විසින් අදාළ පනත සභාවට ඉදිර... |
"ඉරාන ජනාධිපති වෙනුවෙන් මෙරට පාර්ලිමේන්තුවේ විනාඩියක නිහඬතාවක්" | "ඉරාන ජනාධිපති ආචාර්ය ඉබ්‍රහිම් රයිසි මහතා සහ එරට විදේශ කටයුතු ඇමැති ඇතුළු පිරිසගේ හදිසි අභාවය සම්බන්ධයෙන් මෙරට පාර්ලිමේන්තුවේ දී ඊයේ (22 දා) විනාඩියක නිශ්ශබ්දතාවයක් පවත්වා ශෝකය පළ කෙරිණ.අකිත පෙරේරා, රනිල් ධර්මසේන" |
"ඉරාන ජනාධිපති වෙනුවෙන් මෙරට පාර්ලිමේන්තුවේ විනාඩියක නිහඬතාවක්" | "ඉරාන ජනාධිපති ආචාර්ය ඉබ්‍රහිම් රයිසි මහතා සහ එරට විදේශ කටයුතු ඇමැති ඇතුළු පිරිසගේ හදිසි අභාවය සම්බන්ධයෙන් මෙරට පාර්ලිමේන්තුවේ දී ඊයේ (22 දා) විනාඩියක නිශ්ශබ්දතාවයක් පවත්වා ශෝකය පළ කෙරිණ.අකිත පෙරේරා, රනිල් ධර්මසේන" |
"මැදුම් පිළිවෙතට මං පෑදූ වෙසක් පුන් පොහොය අදයි" | "ලොවට බුදුවරයකු පහළවීම මහත් අසිරියකි. එම අසිරිය විවිධාකාරයෙන් අර්ථ විග්‍රහ කළ හැකිය. මිනිසා ඉපදීමත් සමඟය, මරණය රැගෙන එන්නේ. මරණය අතරමඟදී ඇතිවන්නක් නොව, උපතත් සමඟ සිදුවන්නකි. ඉපදීමෙන් හා මරණයෙන් ගැලවෙන්නේ කෙසේද? මේ පැනයට නිසි පිළිතුරු දීමටයි, ලොවට බුදුවරයකු පහළ වන්නේ. අමාමෑණි තථාගත සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ උපත, බුද... |
"විදුලිබල පුද්ගලික සමාගමේ හිටපු සභාපති ඇතුළු 5 දෙනා නිදොස් කොට නිදහස්" | "වෙනත් පාර්ශ්වයක් සමඟ අත්සන් කළ ගිවිසුමක් මගින් රජයට රුපියල් ලක්ෂ 39කට අධික පාඩුවක් සිදුකිරීම ඇතුළු අධිචෝදනා 12ක් යටතේ පවරා තිබූ නඩුවකින් සීමාසහිත ලංකා විදුලිබල පුද්ගලික සමාගමේ හිටපු සභාපති චම්පානි පද්මසේකර ඇතුළු විත්තිකරුවන් පස්දෙනකු නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු ආචාර්ය නාමල් බණ්ඩාර බලල්ලේ මහතා නියෝග... |
"ආර්ථික ප්‍රතිසංස්කරණ පනතේ සැබෑ අරමුණ ලාභ ලබන ආයෝජන කලාප 15ම ගජමිතුරු ජාවාරම්කාරයන්ට දීමයි" | "ශ්‍රී ලංකාවේ දැනට පවතින ආයෝජන කලාප 15ම ලාභ ලබන බවත් ඒවා ගජමිතුරු ජාවාරම්කාරයන්ට දීලා ආදායම් මාර්ග හදන්න ආණ්ඩුව පනතක් ගෙනවිත් ඇති බවත් පෙරටුගාමි සමාජවාදී පක්‍ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පැවසීය. ඊයේ (22 දා) නුගේගොඩ පක්‍ෂ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද කීය. මැයි 22 වැනිදා පාර... |
"පිටරටින් එළවළු ගේනවා කීම පට්ටපල් බොරුවක් – ඇමැති අමරවීර" | "මෙරටට එළවළු පිටරටින් ගේනවා කියන කතාව සම්පූර්ණ අසත්‍යයක් බවත් මෙරට එළවළු විදේශයන් වෙත යවන බවත් කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (22 දා) පැවසීය. මන්ත්‍රී නිමල් පියතිස්ස මහතා දේශීය අර්තාපල් සම්බන්ධයෙන් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමැතිවරයා මේ බව සඳහන් කළේය. එහිදී ඇමැතිවරයා මෙසේද කීය. කතාවක් ය... |
"කොළඹ වෙසක් බලන්න යන්න රෑට බස් 200ක්" | "කොළඹ නගරයේ වෙසක් සිරි නැරුඹීමට පැමිණෙන මගී ජනතාවගේ පහසුව උදෙසා රාත්‍රී කාලයේ අමතර පෞද්ගලික බස්රථ 200ක් අද (23 වැනිදා) සිට ලබන 27 වැනිදා දක්වා යොදවන බව බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපති ඕ.ඩබ්. ප්‍රසන්න සංජීව මහතා “දිවයින”ට ඊයේ (22 වැනිදා) පැවැසීය.ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්" |
"පාර්ලිමේන්තු රැස්වීම මග හිටී" | "ගණපූරණය නොමැති වීම හේතුවෙන් පාර්ලිමේන්තු රැස්වීම ඊයේ (22 දා) අතරමග නවතා ලබන මස (ජුනි) 04 දක්වා කල් තබනු ලැබීය. විපක්ෂය විසින් ගෙන එනු ලැබූ කල් තැබීමේ විවාදය පැවැත්වෙන අතරතුර ආණ්ඩු පක්ෂ මන්ත්‍රී මධුර විතානගේ මහතා සභාවේ ගණපූරණය (මන්ත්‍රීවරු 20ක් නොමැති වීම) නොමැති බවට යෝජනා කළේය. පසුව මූලාසනය විසින් ගණපූරණ සීනුව නාද කළ ... |
"චෝදනාවලට ලක්ව ඇති සෞඛ්‍ය ලොක්කන්ගේ බැංකු ගිණුම් පිරික්සයි" | "ප්‍රමිතියෙන් තොර ඖෂධ රෝගීන්ට ලබාදී රුපියල් කෝටි ගණනින් මුදල් ඉපැයූ බවට චෝදනා එල්ල වී රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් නව දෙනාගේ වත්කම් සහ දේපළ ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පුළුල් විමර්ශනයක් අරඹා තිබේ. ඒ අනුව හිටපු සෞඛ්‍ය ඇමැති සහ නිලධාරීන්ගේ මෙන... |
"උසාවියට භාරවුණු ඩයනාට ඇප" | "ආගමන විගමන පාලකවරයා වෙත ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කොට විදේශ ගමන් බලපත්‍රයක් ලබාගත්තේ යැයි චෝදනා කරමින් පවරා ඇති නඩුවේ සැකකාරිය වන හිටපු රාජ්‍ය ඇමැතිනි ඩයනා ගමගේ මහත්මිය රුපියල් ලක්ෂ පහක මුදල් හා රුපියල් මිලියන පහ බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඊයේ (21දා) නියෝග කළේය. එම සැ... |
"රයිසිට අවසන් බුහුමන් දක්වන්නට ඉරාන ජනතාව රොද බඳිති" | "ඉකුත් ඉරිදා (19දා) හෙලිකොප්ටර් යානා අනතුරකින් මියගිය ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසිට අවසන් ගෞරව දැක්වීම සඳහා ඉරාන ජාතිකයන් දසදහස් ගණනක් ඉරානයට අයත් නැගෙනගිර අසර්බයිජාන් පළාතේ අගනුවර වන ටැබ්රිස් නගරයට ඊයේ (21දා) එක්රොක්ව සිටි බව විදෙස් මාධ්‍ය පවසයි. මියගිය ඉරාන ජනාධිපතිවරයාගේ දේහය හෙට (23දා) දක්වා විශේෂ ආගමික මෙහෙයන් සඳ... |
"සමාජ මාධ්‍ය පුවත බොරු – අද පාසල් නිවාඩු නෑ – අධ්‍යාපන අමාත්‍යාංශය" | "දිවයිනේ සියලුම පාසල්වලට අද (22දා) නිවාඩු දෙන බව සමාජ මාධ්‍ය ජාල හරහා ප්‍රචාරය වන නිවේදනය අසත්‍ය බව අධ්‍යාපන අමාත්‍යාංශය දන්වා සිටියි. එබැවින් අද දිවයිනේ සියලුම පාසල් පැවැත්වෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි. එසේම පවත්නා තත්ත්වය මත අවස්ථානුකූලව තීරණ ගැනීමේ බලය පළාත් අධ්‍යාපන ලේකම්වරුන් සහ පළාත් අධ්‍යාපන අධ්‍යක්‍ෂ... |
"ජනපතිවරණයට තරග කරන බව රනිල් ලබන මාසයේ කියාවී – සජබ මන්ත්‍රීවරුන් රැසක් ජනපති සමග එක්වෙනවා" | "“ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිල වශයෙන් තරග කරන බව ලබන මාසයේ නිල වශයෙන් ප්‍රකාශ කරනවා” යැයි කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා ඊයේ (21දා) පැවසීය. එහිදී ජනාධිපතිවරයා එක්සත් ජාතික පක්ෂය හෝ වෙනත් පක්ෂයක් මූලික කර ගනිමින් නොව සියලු දෙනාටම එකඟ විය හැකි එක්විය හැකි ජාතික අපේක්ෂකයකු ලෙස තරග කරන බව ද ඇමැත... |
"අයහපත් කාලගුණය සහ වෙසක් සතිය නිසා සෞඛ්‍ය වර්ජනය අත්හිටුවයි" | "සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට ආර්ථික යුක්තිය ඉටු කිරීම (ඩැට් දීමනාවට සමාන දීමනාවක්) ප්‍රමාද කිරීමට විරෝධය පළ කරමින් රට පුරා රෝහල්වල පළාත් මට්ටමින් ක්‍රියාත්මක කළ සංකේත වැඩවර්ජනය පවතින අයහපත් කාලගුණික තත්ත්වය සහ වෙසක් සතිය හේතුවෙන් අත්හිටුවීමට තීරණය කළ බව සෞඛ්‍ය වෘත්තීය සමිති 72කින් සමන්විත වෘත්තීය සමිති සන්ධානය පවසයි. ලබන 28දා... |
"ජනරජය බිහිවී අදට වසර 52යි" | "1948 පෙබරවාරි 4 වැනිදා අප රට ලැබූ දේශපාලන නිදහස පරිපූර්ණත්වයට පත් කරමින් අධිරාජ්‍යවාදී වහල් බැම්මෙන් අප රට නිදහස් වෙමින් ශ්‍රී ලංකාව ස්වෛරී ජන රජයක් බවට පත්වී අද (22දා)ට අවුරුදු 52ක් පිරෙයි. 1972 මැයි 22 වැනිදා සෛවරී ශ්‍රී ලංකා ජන රජය ප්‍රතිෂ්ඨාපනය විය. 1970 දී සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ නායකත්වයෙන් බලයට පත්වූ රජය ... |
"ලෝක ජෛව විවිධත්ව දින සැමරුම අද හෝර්ටන්තැන්නේදී" | "ලෝක ජෛව විවිධත්ව දිනය අදට (මැයි 22 ට) යෙදී තිබේ. ‘Be Part Of the Plan’ යන්න මෙවර මෙහි ජාත්‍යන්තර තේමාවයි. එය ‘ජෛවවිවිධත්ව සංරක්ෂණ සැලැස්මේ කොටස්කරුවන් වෙමු’ ලෙස සිංහලට නඟා තිබේ. ජෛව විවිධත්ව දින ජාතික උත්සවය මෙවර ලෝක උරුම හෝර්ටන්තැන්න ජාතික උද්‍යානයේදී පැවැත්වීමට ජෛව විවිධත්ව සම්මුතියේ කේන්ද්‍රීය ආයතනය වන පරිසර අමාත්... |
"දිස්ත්‍රික්ක 7ක හැටහත් දහසක් වැස්සෙන් පීඩාවට" | "පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 7ක පවුල් 17,078කට අයත් පුද්ගලයන් 67591ක් පීඩාවට පත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. ගාල්ල ප්‍රදේශයෙන් එක් මරණයක් වාර්තා වන අතර අයහපත් කාලගුණයෙන් 11ක් තුවාල ලබා ඇත. පීඩාවට පත් පවුල් 27ක පුද්ගලයන් 122ක් ආරක්ෂිත ස්ථාන 3ක රඳවා සිටින බව ද එම මධ්‍යස්ථානය කියයි. ... |
"ආර්ථික පරිවර්තන-රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත් කෙටුම්පත් අද මැතිසබයට" | "ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත හා රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත් කෙටුම්පත අද (22දා) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය. මුදල්, ආර්ථික ස්ථායිකරණ ජාතික ප්‍රතිපත්ති ඇමැතිවරයා ලෙස ජනාධිපතිවරයා විසින් මෙම පනත් කෙටුම්පත් මීට පෙර ඇමැති මණ්ඩලයට ඉදිරිපත් කර අනුමැතිය ලබාගත් අතර පසුව ඉකුත් 14 වැනිදා එය ගැසට් නිවේදනයක් මඟින් ප්‍ර... |
"යතුරුපැදිවලින් පාසල් එන දරුවන්ට ලංකා ඔටෝමොබයිල් හෙල්මට් බෙදා දෙයි" | "යතුරුපැදිය අප රටේ සුලබ ප්‍රවාහන මාධ්‍යයක් බවට මේ වන විට පත්ව තිබෙන බව රහසක් නොවේ. බොහෝ දෙමාපියන් තම ආදරණීය දූ දරුවන් පාසල් වෙත කැඳවාගෙන යෑමටද යතුරුපැදි යොදා ගන්නා බව දැකිය හැකිය. ආරක්‍ෂිත හිස් වැස්මක් (හෙල්මට් එකක්) පැළඳීමෙන් යතුරුපැදියක ගමන් කරන කෙනෙකු අනතුරකට ලක් වුවද ඉන් ආරක්‍ෂාවීමට හැකිය. පාසල් යන වයසේ පසුවන දරුවන... |
"පියුම් පුබුදුවා බැතියෙන්…" | "පියුම් පුබුදුවා බැතියෙන් බුදු ගුණ ගී පුදසුනේ…සවන් නිවා සිත් සැනසූ හදේ උපන් කුලුණිනේ…උතුම් තුනුරුවන් සරණින් ආසිරි ලැබ මතු දිනේ…චිරං ජයතු රඹුකන කිවි යතිඳුනේ අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන හිමි සිහළ ගීත සාහිත්‍යයට විශිෂ්ට ගේය පද රචනා රැසක් තිළිණ කළ රඹුකන සිද්ධාර්ථ හිමියන්ගේ ජන්ම දිනය අද (22දා)ට යෙදී තිබේ. මේ ඒ නිමිත්තෙනි.... |
"බන්ධනාගාර නිලධාරීන්ට දැන් ‘සනීපයි’" | "බන්ධනාගාර නිලධාරීන් විසින් දිවයින පුරා කරන ලද ලෙඩ නිවාඩු දැමීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය ඊයේ (21දා) පස්වරු 2ට අවසන් කළ බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ගාමිණී බී. දිසානායක මහතා ‘දිවයින’ ට පැවැසීය. බන්ධනාගාර නිලධාරීන්ට මාසිකව රුපියල් 15,000ක දීමනාවක් ලබාදීම සඳහා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට ක්‍රියාකරන බවට ඇමැති විජයදාස... |
"අලි මිනිස් ගැටුමට නියමු ව්‍යාපෘති දෙකක්" | "අලි මිනිස් ගැටුම වැඩි වශයෙන් පවතින ගම්මාන හා ගොවිබිම් ආරක්ෂා කිරීම සඳහා තාවකාලිකව කෘෂි විදුලි වැට හා ගම්මාන විදුලි වැට ලෙස නියමු ව්‍යාපෘති දෙකක් ආරම්භ කිරීමට රජය සැලසුම් කර තිබේ. වන අලි මිනිස් ගැටුම් පාලනය සඳහා මෑත කාලීනව ගෙන ඇති ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය ... |
"රජයේ විධායක නිලධාරි වර්ජනයෙන් මාතර සම්බන්ධීකරණ කමිටු රැස්වීම අසාර්ථකයි" | "රජයේ විධායක නිලධාරීන්ගේ වෘත්තීය ක්‍රියාමාර්ග හේතුවෙන් ඊයේ (21දා) පැවැති මාතර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම අසාර්ථක වී ඇතැයි රජයේ විධායක නිලධාරීහු පවසති. මාතර දිස්ත්‍රික් ලේකම්වරයාගේ අත්සනින් කැඳවා තිබූ මෙම රැස්වීමට රජයේ විධායක නිලධාරීන් සහභාගිවීම වර්ජනය කළ බව රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුව පවසයි. ඉංජින... |
"ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි ඇතුළු පිරිසගේ හදිසි වියෝවට ජාජබ නායක අනුර කුමාර දිසානායක ශෝකය පළ කරයි" | "ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි, විදේශ අමාත්‍ය හොසෙයින් අමීර් අබ්දුල්ලාහියන් සහ අනෙකුත් රාජ්‍යතාන්ත්‍රිකයින්ගේ හදිසි වියෝවීම් පිළිබඳව ඊයේ (21දා) පස්වරුවේ ඉරාන තානාපති නිල නිවෙසේදී ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ශ්‍රී ලාංකේය ජනතාව ලෙසත් ජාතික ජන බලවේගය ලෙසත් සිය සාතිශය ශෝකය පළ කර සිටීමට එක්විය. මෙම අවස්ථා... |
""පොදු සමා කාලයේ යුද හමුදාවේ 15,667ක් සේවය හැරයති"" | "නිවාඩු නොලබා සේවයට වාර්තා නොකර සිටි යුද හමුදා සාමාජිකයන්ට ලබා දුන් මාසයක පොදු සමා කාලය තුළදී යුද හමුදා සාමාජිකයන් 15,667කට නීත්‍යනුකූලව සේවයෙන් ඉවත් වීමට අවසර ලබා දුන් බව ශ්‍රී ලංකා යුද හමුදා මූලස්ථානය පවසයි. 2024 අප්‍රේල් 20 වැනිදා සිට 2024 මැයි 20දා දක්වා මෙම පොදු සමා කාලය ප්‍රකාශයට පත්කර තිබිණි. 2023 දෙසැම්බර් 31 ව... |
"23 – 24 සුරාසල් වැසේ" | "වෙසක් පුන් පොහොය නිමිත්තෙන් සුරාසල් 23, 24 දෙදින තුළ වසා දමන බව සුරාබදු කොමසාරිස් ජනරාල් එම්. පී. ගුණසිරි මහතා “දිවයින” ට ඊයේ (21දා) පැවැසීය. වෙසක් තෙමඟුල ප්‍රධාන වශයෙන් පැවැත්වෙන මාතලේ නගරයේ සුරාසල් වෙසක් සතිය පුරාම (21-27) වසා දැමෙන බවද ඒ මහතා කියයි. චමින්ද සිල්වා" |
"මූල්‍ය සාක්ෂරතා සිතියම එළිදකී" | "ශ්‍රී ලංකාවේ ප්‍රථම මූල්‍ය සාක්ෂරතා මාර්ග සිතියම එළිදැක්වීම ඊයේ (21දා) උදේ මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතාගේ සහ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ ශ්‍රී ලංකාවේ නේවාසික නියෝජිත අසූසා කුබෝටා මහත්මියගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණි. ඡායාරූපයෙන් දැක්වෙන්නේ ශ්‍රී ලංකාවේ ප්‍රථම මූල්‍ය සාක්ෂරතා මාර්ග සිතියම මහ බැංකු අ... |
"ගිය මාසයේ වෙළෙඳ භාණ්ඩ අපනයන ආදායම පහළට" | "ඉකුත් අප්‍රේල් මාසයේ මුළු වෙළෙඳ භාණ්ඩ අපනයන ආදායම සියයට 4.1කින් අඩු වී ඇත. මේ අනුව ගිය වසරේ (2023) අප්‍රේල් මාසයේ වාර්තා වූ ඇමෙරිකානු ඩොලර් මිලියන 848.6ක් වූ වෙළෙඳ භාණ්ඩ අපනයන ආදායම මේ වසරේ (2024) අප්‍රේල් මාසයේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 813.81ක් දක්වා අඩු වී ඇතැයි ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය කියයි. මේ අතර ගිය වසරේ... |
"මැද පෙරදිගම කම්පා වෙයි – හෙලිකොප්ටරය කඩාවැටී ඉරාන ජනපති ඇතුළු 9ක් මරුට" | "වයඹ දිග ඉරානයේ කඳුකර කැලෑබද ප්‍රදේශයකට ඉරාන ජනපති ඊබ්‍රාහිම් රයිසි ගමන් කළ බෙල් 212 හෙලිකොප්ටරයක් කඩා වැටීම හේතුවෙන් ජනපතිවරයා ඇතුළු නවදෙනකු මරණයට පත්ව තිබේ. ජනපති රයිසි ඇතුළු පිරිස ඉරාන අසර්බයිජාන් දේශසීමාවේ ඉදිකළ වේලි දෙකක් විවෘත කිරීමෙන් පසුව නැවත පැමිණෙමින් සිටියදී මෙම අනතුර වාර්තා වී ඇත. ජනපති ඇතුළු දූත පිරිස රැග... |
"ඩයනා මිසින් – සීඅයිඩීය උසාවියට දන්වයි" | "ආගමන විගමන පාලකවරයාට ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කොට විදේශ ගමන් බලපත්‍රයක් ලබාගැනීමෙන් ආගමන විගමන පනත යටතේ ගැනෙන වැරදි සිදුකර ඇති හිටපු රාජ්‍ය ඇමතිනි ඩයනා ගමගේ මහත්මිය ඇය පදිංචිව සිටි නිවසින් අතුරුදන් වී ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (20දා) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතාට වාර්තා කළේය. මෙතෙක් සිදුකළ විම... |
"ශ්‍රී ලාංකික අයිසිස් සාමාජිකයන් 4ක් ඉන්දියාවේදී අල්ලයි" | "ශ්‍රී ලාංකික පුරවැසියන් වන අයිසිස් සාමාජිකයන් සිවුදෙනකු ඉන්දීය ආරක්‍ෂක අංශ මඟින් ගුජරාටයේ අහමදාබාද් ගුවන්තොටුපළේදී අත්අඩංගුවට ගෙන තිබේ. මේ සිවුදෙනා ගුජරාට් ත්‍රස්ත මර්දන ඒකය විසින් නම් නොකළ ස්ථානයකට ගෙන ගොස් ප්‍රශ්න කරමින් සිටින බව හින්දුස්ථාන් ටයිම්ස් පුවත්පත වාර්තා කර තිබිණි. අයි. පී. එල්. අවසන් පූර්ව තරග සඳහා ක්‍රි... |
"ශ්‍රී ලාංකික අයිසිස් සාමාජිකයන් 4ක් ඉන්දියාවේදී අල්ලයි" | "ශ්‍රී ලාංකික පුරවැසියන් වන අයිසිස් සාමාජිකයන් සිවුදෙනකු ඉන්දීය ආරක්‍ෂක අංශ මඟින් ගුජරාටයේ අහමදාබාද් ගුවන්තොටුපළේදී අත්අඩංගුවට ගෙන තිබේ. මේ සිවුදෙනා ගුජරාට් ත්‍රස්ත මර්දන ඒකය විසින් නම් නොකළ ස්ථානයකට ගෙන ගොස් ප්‍රශ්න කරමින් සිටින බව හින්දුස්ථාන් ටයිම්ස් පුවත්පත වාර්තා කර තිබිණි. අයි. පී. එල්. අවසන් පූර්ව තරග සඳහා ක්‍රි... |
"දුමින්දලාගේ වැඩවලට බාධා එපා – විජයදාසට කීර්තිට උසාවියෙන් වාරණයක්" | "ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිමල් සිරිපාල ද සිල්වා පාර්ශ්වයේ වැඩබලන ලේකම් දුමින්ද දිසානායක මහතා ඇතුළු එම පාර්ශ්වයේ ක්‍රියාකාරීන්ගේ පක්ෂ කටයුතුවලට බාධා කිරීම හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා හා වැඩබලන ලේකම්වරයා ලෙස කටයුතු කිරීම වළක්වමින් කොළඹ ප්‍රධාන දිසා විනිසුරු සඳුන් විතාන මහතා විජයදාස රාජපක්ෂ මහතාට හා නීතිඥ කීර්... |
"15 වන ජාතික රණවිරු දින සැමරුම් උත්සවයදා…" | "මාතෘ භූමියේ ඒකීයභාවය ආරක්ෂා කිරීමට දිවි පිදූ රණවිරුවන් ඇගයීම සඳහා වන 15 වන ජාතික රණවිරු දින සැමරුම් උත්සවය අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් 19දා ශ්‍රී ජයවර්ධනපුර පාර්ලිමේන්තු ක්‍රීඩාංගණ පරිශ්‍රයේ පිහිටි රණවිරු ස්මාරකය අභියසදී පැවැත්විණි. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, කථානායක මහින්ද යාපා අබේවර්ධන, ආර... |
"පළමු උප ජනපති මොක්බර් ඉරානයේ ජනපති පුටුවට" | "මියගිය ඉරාන ජනාධිපති රයිසිගේ තනතුරට ඉරානයේ පළමු උප ජනාධිපති මොහොමඩ් මොක්බර් පත්වීමට නියමිතව ඇතත් මීළඟ ජනාධිපති ධුරය සඳහා ස්ථිර අයකු තෝරා පත්කර ගැනීම සඳහා ව්‍යවස්ථාවට අනුව ඉදිරි දින 50 තුළ ජනාධිපතිවරණයක් පැවත්වීමට නියමිත බව විදෙස් මාධ්‍ය පවසයි. මේ අතර ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි එරට ජනාධිපති ඒබ්‍රහිම් රයිසි... |
"පොදු ජනතාවගේ සේවකයා ලෙසින් විපක්ෂයේ සිට ඉතිහාසයේ දැවැන්තම වැඩ කොටස ඉටු කළා" | "සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ හම්බන්තොට අම්බලන්තොට බස් නැවතුම්පොළ අසළ පැවැති සමගි ජන බලවේග ජන පවුර වැඩසටහන හා එක්වෙමිනි. අවි අමෝරා ගත් මහා නපුරු පෙනුමක් මවා ගත්තම කයිය නායකයොන්ට බිය විය යුතු යැයි සිතුවත් තමා ඇතුළු පිරිස ඔවුන්ට බය නැති බවත් මේ මොහොතේ රටට අවශ්‍ය පෙනුම හෝ මායම හෝ ඇන්දවිල්ල නොවන බවත් මේ රටේ ජනතාව... |
"ඥානසාර හිමිට ජනාධිපති සමාව ඉල්ලා මහනාහිමිවරුන්ගෙන් ජනපතිට ලිපියක්" | "ජාතීන් අතර අසමගිය ඇතිවන ආකාරයෙන් කටයුතු කරන ලදැයි වරදකරු කොට වසර හතරක සිර දඬුවමකට ලක්ව සිටින ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ජනාධිපති සමාව ලබාදෙන ලෙස ඉල්ලමින් ත්‍රෛනිකායික මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා ජනපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලිපියක් යොමුකර තිබේ. මල්වතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සු... |
"ඉරාන තානාපතිට පහර දුන් ව්‍යාපාරිකයා – හෙට තෙක් යළි රිමාන්ඩ්" | "ඉරාන ශ්‍රී ලංකා තානාපති අලිරේකා ඩෙල්කොස් මහතාට පහරදීම ඇතුළු චෝදනා යටතේ අත්අඩංගුවට ගෙන තිබූ ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයකු වන බුවනෙක මහසෙන් බස්නායක නමැත්තා ලබන 22 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොටුව මහෙස්ත්‍රාත් කෝසල සේනාධීර මහතා ඊයේ (20දා) නියෝග කළේය. සැකකාර ව්‍යාපාරිකයා නූගත් ගැමියකු නොව දැන උගත් ව්‍යාප... |
"යුද මරණ හා විනාශවලට මුදල් දෙන්න කැමැති වුවත් – ගෝලීය උතුරෙන් දේශගුණික විපර්යාසවලින් ඇති වන මරණ හා විනාශ වළක්වා ගැනීමට මුදල් දෙන්න කැමැත්තක් නැහැ" | "යුක්‍රේනයේ මරණ හා විනාශය සඳහා අරමුදල් සැපයීමට ගෝලීය උතුර කැමැත්තෙන් සිටින නමුත් දේශගුණික විපර්යාස නිසා ඇතිවන මරණ හා විනාශය වළක්වා ගැනීමේ ක්‍රියාමාර්ග සඳහා අරමුදල් සැපයීමට අකමැත්තක් දක්වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය. ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ ඉන්දුනීසියාවේ, බාලි ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව... |
"ඉරාන තානාපතිට පහර දුන් ව්‍යාපාරිකයා – හෙට තෙක් යළි රිමාන්ඩ්" | "ඉරාන ශ්‍රී ලංකා තානාපති අලිරේකා ඩෙල්කොස් මහතාට පහරදීම ඇතුළු චෝදනා යටතේ අත්අඩංගුවට ගෙන තිබූ ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයකු වන බුවනෙක මහසෙන් බස්නායක නමැත්තා ලබන 22 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොටුව මහෙස්ත්‍රාත් කෝසල සේනාධීර මහතා ඊයේ (20දා) නියෝග කළේය. සැකකාර ව්‍යාපාරිකයා නූගත් ගැමියකු නොව දැන උගත් ව්‍යාප... |
"දීමනා වැඩි කරන්නැයි ඉල්ලා බන්ධනාගාර නිලධාරීහු ඊයේ ලෙඩ වෙති" | "සිය දීමනා වැඩි කරන ලෙස ඉල්ලා බන්ධනාගාර නිලධාරීන් ඊයේ (20දා) අසනීප නිවාඩු වාර්තා කිරීම නිසා රැඳවියන් අධිකරණය වෙත රැගෙන යෑමට බාධා එල්ලවී තිබූ බවට වාර්තා විය. නිවාඩු වාර්තා කිරීම සම්බන්ධයෙන් අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ඇමැති විජයදාස රාජපක්ෂ මහතා සමග බන්ධනාගාර බලධාරීන් සාකච්ඡා කිරීමෙන් අ... |
"සෞඛ්‍ය වෘත්තීය සමිති වර්ජනයෙන් – බස්නාහිර රෝහල්වල අද පැය 4ක් වැඩ නවතී" | "වෘත්තීය සමිති 72කින් සමන්විත සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය අද (21දා) බස්නාහිර පළාත තුළ රෝහල්වල වැඩවර්ජනයක් ක්‍රියාත්මක කරයි.මේ අනුව බස්නාහිර පළාතේ සෞඛ්‍ය සේවාව තුළ සියලුම රසායනාගාර පරීක්ෂණ සේවා, විකිරණ පරීක්ෂණ, ක්‍ඔල ඵඍඔ පරීක්ෂණ, ඖෂධ නිකුත් කිරීම, ඖෂධ බෙදාහැරීම, සියලු සෞඛ්‍ය සායන කටයුතු සහ එන්නත් කිරීම් කටයුතු අඩාලවිය ... |
"එකඑක්කෙනා මොන මොනවා කිව්වත් මුලින්ම එන්නේ ජනාධිපතිවරණය – සමන් රත්නප්‍රිය" | "මහමැතිවරණය මුලින් පවත්වන බවට ඇතමුන් ප්‍රකාශ කළත් ව්‍යවස්ථාවට අනුව මුලින්ම ජනාධිපතිවරණය පවත්වනවා යැයි එක්සත් ජාතික පක්ෂයේ වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය මහතා ඊයේ (20දා) පැවසීය. පාර්ලිමේන්තුව විසුරුවා හැර මහමැතිවරණයක් පැවැත්වීමට ජනාධිපතිවරයාට හැකියාව තිබුණත්, ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරණය පවත්වන බවට මේ වන... |
"කාලගුණය මැද කැලඹිලි – ඇල්ල – වැල්ලවාය පාර අවදානම් – දිස්ත්‍රික්ක 7කට අනතුරු ඇගවීම්" | "දිවයිනේ ප්‍රදේශ රැසකට බලපා තිබෙන වැසි සහිත කාලගුණික තත්ත්වය ලබන බ්‍රහස්පතින්දා (23දා) තෙක් පවතින බවත් අද (20දා) නිරිත දිග සහ වයඹ පළාත්වලට වර්ෂාපතනයේ වැඩිවීමක් පවතින බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ශ්‍රී ලංකාව අවට මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව පවතින පෙර මෝසම් කාලගුණික ලක්ෂණ හේතුවෙන් පවතින වැසි සහ සුළං තත්ත්වයේ වැඩි... |
"හන්තානේ අක්කර 22ක් අතයට ගනුදෙනුවකින් ජාවාරම්කාරයන්ට දෙන්න හදනවා" | "හන්තාන ඌරාගල ප්‍රදේශයේ අහිංසක ජනතාවගේ ඉඩම් අල්ලාගෙන උසාවියත් නොමග යවමින් වතු පාලකයෝ ජාවාරම්කරුවන් සමග එකතුවෙලා හන්තාන ඌරාගල අක්කර 22ක් අත යට ගනුදෙනුවක් හරහා දෙන්න යනවා’යි පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ වසන්ත යාපා බණ්ඩාර මහතා ඌරාගල ප්‍රදේශයේ ජනතාව සමග පෙරේදා (18දා) පැවති උද්ඝෝෂණයකදී පැවසීය. “හන්තානට අත නොතබව්”, “හන්තානේ ඉ... |
"ජනපති රනිල් ඉන්දුනීසියාවේදී ඊලෝන් මස්ක් හමුවෙයි" | "ඉන්දුනීසියාවේ පැවැත්වෙන 10 වැනි ලෝක ජල සමුළුවේ ඉහළ පෙළේ රැස්වීමක් අතරතුරදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ලොව ප්‍රමුඛතම ධනවතකු වන ටෙස්ලා සමාගමේ ප්‍රධාන විධායක මෙන්ම ට්විටර් සමාගමේ හිමිකරු වන ඊලෝන් මස්ක් ඊයේ (19දා) හමුවී ඇත. එහිදී ශ්‍රී ලංකාව තුළ ස්ටාර් ලින්ක් (Starlink) ක්‍රියාත්මක කිරීම පිළිබඳව ජනාධිපතිවරයා ඊලෝන්... |
"ඉරාන තානාපතිට පහර දුන් සැකකරු රිමාන්ඩ්" | "කොළඹ කොම්පඤ්ඤවීදියේ රථ ගාලක් අසලදී ශ්‍රී ලංකාවේ ඉරාන තානාපතිවරයාට පහර දුන් බව කියන පුද්ගලයකු පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත. ඉරාන තානාපති ඩෙල්කොෂ් මහතා ‘සිටි මධ්‍යස්ථානය’ අසල පිහිටි රථ ගාලයේ සිය වාහනය නතර කළ අවස්ථාවේ එහි සිටි වෙනත් වාහනයක රියැදුරෙකු ඔහුට බැනවැදී පහරදී ඇති අතර මේ බව හෙතෙම පොලිසියට දැනුම්දී ඇත. පොලිසිය... |
"වැල්ලවත්තේ සිහිකිරීම රත්වෙයි" | "යුද්ධයෙන් මියගිය උතුරු නැඟෙනහිර පිරිසක් සිහිකර සිවිල් ක්‍රියාකාරීන් වැල්ලවත්ත මුහුදු තීරයේදී පහන් දල්වා කරන සැමරුම අතර එහි පැමිණි තවත් අතැමකු ත්‍රස්තයන් සිදුකළ ජන සංහාරය මතක් කරමින් රණවිරුවන් කළ මානුෂික මෙහෙවර පවසමින් ඔවුනට විරෝධය දක්වද් දී උණුසුම් තත්ත්වයක් උද්ගතවිය. එහි අවස්ථා දෙකකි මේ. පිංතූරය – නිශාන් එස්. ප්‍රියන... |
"‘දිවයින’ නම විකුණන ව්‍යාජ වට්ස්ඇප් සමූහයට රැවටෙන්න එපා!" | "‘දිවයින’ පුවත්පතේ නාමය අයථා ලෙස සඳහන් කරමින් මේ දිනවල හුවමාරු වන whatsApp සමූහය සඳහා උපාලි සමූහයේ සහ ‘දිවයින’ පුවත්පතේ කිසිදු සම්බන්ධතාවක් නොමැති බවත් ඊට නොරැවටෙන ලෙසත් හිතවත් පාඨකයන්ගෙන් ඉල්ලා සිටිමු. TiKTok වැඩසටහනකට සම්බන්ධ වන ලෙස ඇරැයුම් කරමින් මෙරට ජංගම දුරකථන අංක තුනක් හා විදෙස් දුරකථන අංක හතරක් හඳුන්වාදෙමින් මෙ... |
"ජනපතිට බාලි නුවරදී මහත් හරසර….." | "ඉන්දුනීසියාවේ පැවැත්වෙන 10 වන ලෝක ජල සමුළුවේ ඉහළ පෙළේ සැසියට සහභාගිවීම සඳහා දිවයිනෙන් පිටත්ව ගිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පෙරේදා (18දා) බාලි නගරයේ ගුස්ටි නුරා රායි ජාත්‍යන්තර ගුවන් තොටුපළින් (Gusti Ngurah /Rai International Airport) එරටට ළඟාවිය. ඉන්දුනීසියානු ජනාධිපති ජෝකෝ විඩෝඩෝ (Jiko Widodo) මහතාගේ ආරාධනය පරි... |
"ඉන්දියාවත් එක්ක අපි බද්ධ වෙන්න ඕනෑ: – අදානිල අම්බානිල එන්න ඕනෑ" | "“දැන් ආයෙමත් සමහරු ඉන්දියානු ව්‍යාප්තවාදයක් ගැන කතා කරනවා. ඉන්දියාවත් එක්ක රට බද්ධ කරන්න යනවා කියනවා. ඉතින් මොකද…? ඔව් මම නම් කියන්නේ ඉන්දියාවත් එක්ක බද්ධ වෙන්න ඕන. ඉන්දියානු ආයෝජන එන්න ඕන. අදානි ල එන්න ඕන. අම්බානි ල එන්න ඕන. ඉන්දියාවේ ගුවන්තොටුපළ තියන සෑම නගරයකටම ගුවන් යානය බැගින් යවල සති අන්තයේ ඉන්දියානු ධනපතීන් රටට... |
"රට බේරා ගත් රණවිරුවන්ට හරි හැටි යුතුකම් ඉටු නොකිරීමෙන් විදෙස් යුද්ධයකට මැදිව මියයන්නට සිදු වෙලා" | "තිස් වසරක ත්‍රස්තවාදයේ ගොදුරක් බවට පත්ව තිබූ අප රට දැය බේරා ගත් අප රටේ රණවිරු ප්‍රජාව ආදරයෙන් සිහිපත් කරන බවත් මේ යුද ජයග්‍රහණයෙන් පසු ආදරණීය රණවිරු ප්‍රජාවට නිසි යුතුකම් ඉටු වූයේද කියා නැවත වරක් සිතා බැලිය යුතු බවත් අද වන විට රණවිරුවන් හා එම පවුල් අන්ත අසරණ වී ඇති බවත් දරාගත නොහැකි ආර්ථික සමාජීය පීඩනයකට ලක්ව ඇති බවත්... |
"22-23-24 සුරාසල් මස් මාංශ වෙළෙඳ සල් වැසේ" | "වෙසක් සතිය හෙටින් (21දා) ආරම්භ වේ. රාජ්‍ය වෙසක් මහෝත්සවය වෙනුවෙන් මැයි මස 21 සිට 27 දා දක්වා කාලය වෙසක් සතිය ලෙස ප්‍රකාශයට පත්කර තිබේ. ‘අත්තනො ව අවෙක්ඛ්‍යෙය කතානි අකතානි ච’ (අනුන් කළ දේ ගැන නොව තමන් කළ දේ ගැන විමසිලිමත් වෙමු) යන තේමාවෙන් යුතුව, මාතලේ දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගනිමින් රාජ්‍ය වෙසක් උත්සවය පැවැත්වීමට ද ස... |
"විජයග්‍රහණයේ 15 වැනි සැමරුමට සමගාමීව යුද හමුදාවේ 1509කට උසස්වීම්" | "තිස් වසරක් මෙරට පැවැති කුරිරු ත්‍රස්තවාදය මානුෂීය මෙහෙයුමකින් මුලිනුපුටා දමා විජයග්‍රහණයකින් අවසන් කිරීම සඳහා ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කළ වීරෝදාර රණවිරුවන් අනුස්මරණය කිරීමේ 15 වැනි විජයග්‍රාහී ජාතික සැමරුමට සමගාමීව ශ්‍රී ලංකා යුද හමුදාවේ නිලධාරීන් 1509 දෙනකුට උසස්වීම් ලබාදී ඇතැයි යුද හමුදා මූලස්ථානය පවසයි. ජනාධිපති ... |
"රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත අනිද්දා මැතිසබයට" | "මෙතෙක් රාජ්‍ය මූල්‍ය කළමනාකරණයේ පැවැති අඩුපාඩු සියල්ල සම්පූර්ණ කරමින් නව රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත සම්පාදනය කර ඇතැයි මුදල් රාජ්‍ය ඇමැති රංජත් සියඹලාපිටිය මහතා පවසයි. මේ නව රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත අනිද්දා (22දා) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බව ද රාජ්‍ය ඇමැතිවරයා කියයි. රාජ්‍ය මූල්‍ය කළමනාකරණය විධිමත් කිරීම... |
"බලපත්‍ර කොන්දේසි කඩමින් රිටිගල කඳුවැටිය – ළඟ කළුගල් කැඩීමේ ජාවාරම වටලයි" | "ඓතිහාසික රිටිගල කඳුවැටියට ආසන්න ස්ථානයක දේශපාලන රැකවරණයෙන් බලපත්‍ර කොන්දේසි උල්ලංඝනය කරමින් කළුගල් කැඩීමේ ජාවාරමක නිරත වූ සැකකරුවකු භූවිiා හා පතල් කැණීම් කාර්යාංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් පුපුරන ද්‍රව්‍ය තොගයක් ද සමඟ අත්අඩංගුවට ගෙන ඇත. අනුරාධපුර ප්‍රදේශයේ ව්‍යාපාරිකයකු විසින් කැකිරාව මරදන්කඩවල කොල්ලංකුට්ටිගම ප්‍රද... |
"කොළඹ වෙසක් කලාප 7ක් දන්සල් 300ක් තොරණ 20ක්" | "වෙසක් තෙමඟුල සැමරීමට කොළඹ මහ නගර සභා සීමාවේ ප්‍රධාන වෙසක් කලාප 7ක්, දන්සල් 300කට අධික සංඛ්‍යාවක් සංවිධානය කරමින් තිබෙන බව කොළඹ මහ නගර සභාවේ නාගරික කොමසාරිස් භද්‍රාණි ජයවර්ධන මහත්මිය ‘දිවයින’ට ඊයේ (19දා) පැවසුවාය. ඒවා ලබන 23 වැනිදා (වෙසක් පෝදා) සිට පැවැත්වෙන බවද ඇය කීවාය. එසේම, කොළඹ නගර සභා සීමාව ඇතුළුව ඒ අවට තොරණ 20ක්... |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.