Title
stringlengths
9
246
Content
stringlengths
3
62.9k
"කුඩු නඩුවෙන් හිටපු කොටියා ඇතුළු 5ක් නිදහස්"
"හෙරොයින් කිලෝ 196 යි ග්‍රෑම් 986 ක ප්‍රමාණයක් ආනයනය කිරීම, ජාවාරම් කිරීම හා සන්තකයේ තබා ගැනීම යන අධිචෝදනා යටතේ පවරා තිබූ නඩුවකින් එල්ටීටීඊ සංවිධානයේ හිටපු සාමාජිකයකු මෙන්ම බෝට්ටු හිමිකරුවකු ද වන විත්තිකරුවකු ඇතුළු විත්තිකරුවන් පස් දෙනකු අධි චෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය ඊයේ (6 දා...
"මිලියන 500ක් වන්දි ඉල්ලා ආරක්‍ෂක ලේකම් චමුදිතට නඩු දමයි"
"තමා ඉලක්ක කර ගනිමින් අපහාසාත්මක කරුණු ප්‍රචාරය කළ බවට චෝදනා කරමින් ආරක්ෂක ලේකම්, විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න මහතා විසින් ප්‍රවීණ මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම, අසේල ධර්මසිරි සහ ජී.පී. නිශ්ශංක අයට එරෙහිව රුපියල් මිලියන 500 බැගින් ඉල්ලා නඩු පවරා ඇත. අසේල ධර්මසිරි යන අයකු විසින් Truth with Chamuditha යන යූ ටියුබ් නාලි...
"යාපනයේ අපරාධ කළ තිදෙනෙක් සරණාගතයන් ලෙස ඉන්දියාවට පැනලා"
"තමිල්නාඩු පොලිස් අත්අඩංගුවේ යාපනයේ අපරාධ රැසකට සම්බන්ධ තරුණයින් තුන්දෙනකු සරණාගතයින් වශයෙන් ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රදේශයට බෝට්ටුවකින් ගොස් ඇති අතර ඔවුන් සම්බන්ධයෙන් කළ විමර්ශනවලදී එම තරුණයින් තුන් දෙනා අපරාධකරුවන් බවට අනාවරණය වීමෙන් පසුව තමිල්නාඩු පොලිසිය ඔවුන් 5 දා අත්අඩංගුවට ගෙන තිබේ. යාපනයේ ගුරුනගර් ප්‍රදේශයේ සිට ධ...
"ඉර හරි කෙළින් – රස්නය වැඩියි"
"සූර්යයා මෙම මස 15 වැනිදා දක්වා ශ්‍රී ලංකාව ආශ්‍රිත අක්ෂාංශවලට සෘජුවම ඉහළින් පැවතීම නිසා දැඩි උණුසුම් කාලගුණයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව දිවා කාලයේදී දැඩි උණුසුමක් දිවයින පුරා පවතී. මෙම උණුසුම් කාලගුණය හමුවේ ඇති වන පීඩාවන් අවම කරගැනීමට සැහැල්ලු ඇඳුම් ඇඳීම සහ දිනකට ජලය ලීටර් 03ක්වත් පානය කිරී...
"සුජිට් බලාගාරය ලංවිම යටතට"
"ජපන් සමාගමක් මගින් මීට වසර විසි දෙකකට පෙරාතුව කැලණිතිස්ස බලාගාර පරිශ්‍රයේ ඉදිකළ සුජිට් විදුලි බලාගාරය (මෙගාවොට් 165) ලංකා විදුලිබල මණ්ඩලය යටතට පවරා ගෙන තිබේ. එලෙස පවරාගෙන ඇත්තේ අදාළ ගිවිසුම් කාලය නිමවී වසර දෙකකට පමණ පසුවය. මෙම ගිවිසුම 2021 අප්‍රේල් මස අවසන් වී තිබිණි. අදාළ ජපන් සමාගම මගින් 2000 වසරේ දී මෙම ද්විත්ව චක්...
"ත්‍රස්ත විරෝධී පනත පස්සට ගන්නේ උසාවි යන අයට පහසු වෙන්න"
"ඇමැති විජයදාස රාජපක්‍ෂ දේශපාලන පක්ෂ සහ සිවිල් සංවිධානවල ඉල්ලීම මත ත්‍රස්ත විරෝධී පනත අප්‍රේල් අග හෝ මැයි මුල පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ඇමැති විජයදාස රාජපක්ෂ මහතා පැවසීය. මෙම පනත ජාත්‍යන්තරය ත්‍රස්ත පනතට විරුද්ධ නැති බවත් පැවසූ ඇමැතිවරයා පොලිසියට බලය අ...
"QR නොතැකූ ෂෙඩ් 40 කට වැඩ වරදියි"
"ඉන්ධන කෝටා ඛේත ක්‍රමයට (QR) පිටින් ඉන්ධන නිකුත් කළ බස්නාහිර ඇතුළු තදාසන්න නගරවල ඉන්ධන පිරවුම්හල් (ෂෙඩ්) හතළිහකට ඉන්ධන සැපයුම තාවකාලිකව අත්හිටුවීමට බලශක්ති අමාත්‍යාංශය පියවර ගෙන තිබේ. තෙල් තොග ගබඩා පර්යන්ත සමාගම (සීපීඑස්ටීඑල්) මගින් එම ඉන්ධනහල්වලට දෛනිකව ඉන්ධන නිකුත් කිරීම හා අලෙවි කිරීමට අදාළ වාර්තා බලශක්ති අමාත්‍යංශය...
"PickMe කිලෝ මීටරයක ගාස්තුව පහළට"
"ටැක්සි සේවා සැපයුම් වෙළඳපොළේ පාරිභෝගික ප්‍රමුඛත්වය තහවුරු කරමින් PickMe සමාගම, තම කුලීරථ කිලෝමීටරයක් සඳහා අය කරන ගාස්තුව රු. 68 දක්වා පහත දැමීමට කටයුතු යොදා ඇති බව නිවේදනය කර ඇත. “ශ්‍රී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් පෙට්‍රල් මිල අඩු කිරීමේ වාසිය නොපමාව මගියා වෙත ලබා දෙනවා මෙන්ම, එහි වටිනාකම රියදුරන්ටත් ලබා දීමට...
"කොටස් වෙළෙඳපොළ පැය 5 ක් කෙරේ"
"කොළඹ කොටස් වෙළෙඳපොළේ දෛනික ගනුදෙනු කාලසීමාව එළඹෙන අප්‍රේල් 10 වැනිදා සිට පැය 5 ක් දක්වා දීර්ඝ කිරීමට තීරණය කර ඇත. ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ මාර්ගෝපදේශවලට අනුව මෙම තීරණය ගෙන ඇති බව කොළඹ කොටස් වෙළෙඳපොළ පවසයි. මේ අනුව එළඹෙන 10 වැනිදා සඳුදා පෙරවරු 9.30 ට කොටස් වෙළෙඳපොළ දෛනික ගනුදෙනු සැසිය ආරම්භ වන අතර...
"හඳුනාගත් ක්‍ෂය රෝගීන්ගෙන් භාගයක්ම ඉන්නේ බස්නාහිර පළාතේ"
"මෙරට සිටින හඳුනාගෙන ඇති ක්‍ෂය රෝගීන් අටදහසක පමණ පිරිසකගෙන් සියයට 46 ක ප්‍රමාණයක් බස්නාහිර පළාතේ සිටින බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සුනිල් ද අල්විස් මහතා පවසයි. එම පිරිසෙන් සියයට 23 ක් කොළඹ දිස්ත්‍රික්කයේ සිටින බවත් ඒ අතරින් දහසක් පමණ කොළඹ මහ නගර සභා සීමාවේ සිටින බව හෙළිවී ඇති බව ද ඔහු කීය. කොළඹ නාගරික ජන...
"දොළවත්තගෙන් පනත් කෙටුම්පත් දෙකක්"
"සිංහලේ ජාතික සංවිධානය සංස්ථාගත කිරීමට හා ඇදහිලිවන්තයන්ගේ නැගෙනහිර සභාව සංස්ථාගත කිරීමට පනත් කෙටුම්පත් දෙක පෞද්ගලික මන්ත්‍රී යෝජනා ලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ප්‍රේමනාත් දොලවත්ත මහතා කටයුතු කර ඇත. මෙයින් ඇදහිලිවන්තයන්ගේ නැගෙනහිර සභාව ස්ථාපනය කිරීමේ අරමුණු ලෙස ඔහු සඳහන...
"දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේදී සියයට 30ක් කපා හැරීම බරපතළ තත්ත්වයක්"
"පා. ම. ආචාර්ය නාලක ගොඩහේවා දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේදී සියයට 30ක් පමණ කපා හැරීමට සිදුවුවහොත් එය බරපතළ තත්වයක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය නාලක ගොඩහේවා මහතා පැවසීය. නිදහස් ජනතා සන්ධානයේ මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද කීය අයිඑම්එෆ් ගිවිසුම ක්‍රියාත්මක කරන්න පාර්ලිමේන්තුවට නීති ගේනවා කියලා ජ...
"දේශපාලනය ගැන අත්දැකීම් නොතිබූ නිසාගෝඨාභයට ජනපතිකම දාලා යන්න වුණා"
"පා. ම. නාමල් රාජපක්‍ෂ අරගලයක් කරල අවුරුද්දක කාලයක් ගතවුණා. එදා ඒ අරගලයේ හිටිය නිර්පාක්‍ෂික යැයි කියාගත්ත හැම කෙනෙක්ට ම අද පක්‍ෂයක් තියෙනවා. පක්‍ෂයක් නැතුව නිර්පාක්‍ෂිකව ඉන්නේ ගෝඨාභය රාජපක්‍ෂ මහත්තයා විතරයි. අපි අදටත් හිතනවා විතරක් නෙමෙයි, කතා වෙනවා, ඇයි ගෝඨාභය රාජපක්‍ෂ මහත්තයා අරගලකරුවන්ට ගහලා එලෙව්වෙ නැත්තේ කියලා. රන...
"අප්‍රේල් උද්ධමනය වේගයෙන් අඩුවෙයි"
"මෙම අප්‍රේල් මාසයේ සිට උද්ධමනය වේගයෙන් අඩුවනු ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. ලෝක වෙළෙඳ භාණ්ඩ මිල ගණන් අඩුවීම වෙළෙඳපොළ වෙත වේගයෙන් සම්ප්‍රේෂණය වීම සහ ශ්‍රී ලංකා රුපියල මෑතකදී ශක්තිමත් වීමත් සමග දේශීය අතවශ්‍ය භාණ්ඩ මිල ගණන් අඩුවීම සහ සංඛ්‍යානමය පදනම් බලපෑම යන හේතු නිසා මෙසේ උද්ධමනය වේගවෙන් අඩුවනු ඇතැයි අපේක්‍ෂා කෙරේ....
"ඇමැති විජයදාස ඩයනා එළියට දමයි"
"මෙම කාරක සභාව පසුගිය 04 වැනිදා පාර්ලිමේන්තුවේ දී රැස්විය. එහිදී හිටපු ඇමැති චන්දිම වීරක්කොඩි මහතා අදහස් දැක්වීමට පටන් ගැනීමත් සමඟ එයට එරෙහිව ඩයනා ගමගේ මහත්මිය ද අදහස් ප්‍රකාශ කිරීමට යෑමේදී උණුසුම් තත්ත්වයක් ඇතිවී තිබේ. එහිදී සභාපතිවරයා විසින් ගමගේ මහත්මිය ඉවත් කිරීමට කටයුතු කර තිබේ. මෙම කාරක සභාවට අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ...
"වසර 14ක් රැඳවුම් භාරයේ සිටි කොටි තිදෙනෙක් මුදා හැරෙති"
"වසර 14 ක් තිස්සේ රැඳවුම්භාරයේ සිටි හිටපු කොටි ක්‍රියාකාරීන් තිදෙනකු සුලක්‍ෂන්, තර්සන් සහ සුධීරන් ශ්‍රී ලංකාව විසින් නිදහස් කර ඇත.මින් එක් අයෙකු ගුවන් යානයකට මිසයිල ප්‍රහාරයක් එල්ල කිරීමේ චෝදනා එල්ල වූවෙකි. මේ වනවිට රජය හිටපු කොටි ක්‍රියාකාරීහු 117 දෙනෙකු මුදාහැර තිබේ. කීර්ති වර්ණකුලසූරිය"
"මාව යැව්වේ නෑ මම ම ගියා – සමහරු ජනපති වෙන්න හීන දකිනවා – ඩයනා"
"මාව එතැනින් ඉවත් කළේ නැහැ. තවදුරටත් එතන ඉඳලා වැඩක් නැති නිසා මම එතැනින් ඉවත්ව ගියා යැයි සංචාරක රාජ්‍ය ඇමැතිනී ඩයනා ගමගේ මහත්මිය ‘දිවයින’ ට ඊයේ (05 දා) ප්‍රකාශ කළාය. උසස් අධ්‍යාපන අවස්ථා පුළුල් කිරීමට පත් කර ඇති විශේෂ පාර්ලිමේන්තු කාරක සභා රැස්වීමෙන් ඩයනා ගමගේ මහත්මියව පිටත් කර යැවීමට ඇමැති විජයදාස රාජපක්ෂ මහතා කටයුතු ...
"කෝටි 922 ක දුම්රිය එංජින් 19න් 11 ක් වැඩක් නෑ"
"රුපියල් කෝටි නවසිය විසිදෙකක මුදලක් වැය කර ප්‍රංශයෙන් හා ඉන්දියාවෙන් මිලදී ගත් දුම්රිය එංජින් දහනවයක් අතුරින් එන්ජිං එකොළහක්ම භාවිතයට ගත නොහැකිව ඉවත දමා ඇතැයි දුම්රිය වෘත්තීය සමිති සංවිධානයේ කැඳවුම්කරු එස්. පී. විතානගේ මහතා ‘දිවයින’ ට පැවසීය. 2000 වසරේදී ප්‍රංශයෙන් මිලදී ගත් දුම්රිය එංජින් නමයෙන් ධාවනයට එක්කර ඇත්තේ දෙක...
"වරප්‍රසාද කමිටුවේ වැඩේ අධිකරණයේ ස්වාධීනත්වයට බලපෑමක්"
"ශ්‍රේෂ්ඨාධිකරණ ක්‍රියාමාර්ගයකින් පාර්ලිමේන්තු වරප්‍රසාද කඩවී ඇත්දැයි පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුවකින් සොයා බැලීමට යත්න දැරීම මෙරට අධිකරණයේ ස්වාධීනත්වයට එල්ල විය හැකි තර්ජනයක් බව පැසිෆික් කලාපයේ නීති වෘත්තිකයන්ගේ ප්‍රධාන එකමුතුව (LAWASIA) ප්‍රකාශ කර තිබේ. එම ප්‍රයත්නය ගැන තම කනස්සල්ල පළ කරන එම එකමුතුව, අධිකරණයේ හා වින...
"අයි.එම්.එෆ්. වරද්ද ගත්තොත් ආර්ථිකය අමාරුවේ"
"අප සිටින්නේ ඉතාම තීරණාත්මක අවස්ථාවක බවත් මේ අවස්ථාවේ අයි.එම්.එෆ්. වැඩසටහන වරද්ද ගත්තොත් ආර්ථිකය සෑහෙන සංකීර්ණ තත්ත්වයකට පත්වනු ඇති බවත් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පැවසීය. අයි.එම්.එෆ්. ගිය මේ 17 වන වතාව කියන්නේ පෙරට වඩා සංකීර්ණ තත්ත්වයක්. පසුගිය 16 වැනි වතාවෙම අපට තිබුණේ විදේශ විනිමය අර්බුදය පමණයි, රා...
"ජවිපෙ 52 වැනි අප්‍රේල් කළුතර සමරුව…"
"ජනතා විමුක්ති පෙරමුණේ 52 වැනි අප්‍රේල් සමරුවේ කළුතර සමුළුව ඊයේ (5දා) කළුතර නගර ශාලාවේදී පැවැත්විණි. ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා එහි සමරු දේශනය පැවැත්විය. එහිදී පුෂ්පෝපහාර දැක්වූ අවස්ථාව හා සහභාගිවී සිටි පිරිසෙන් කොටසකි මේ. බිමල් රත්නායක හා වෛද්‍ය නලින්ද ජයතිස්ස යන මහත්වරුද මෙහි වෙති. ඡායාර...
"පාඩු ලබන රාජ්‍ය ආයතන රකින්න බෑ – ඇමැති ෂෙහාන් සේමසිංහ"
"පාඩු ලබන හෝ අපේක්ෂිත ඉලක්ක කරා ළඟා නොවූ රාජ්‍ය ආයතන තවදුරටත් රැක ගැනීමට භාණ්ඩාගාරයට නොහැකි බව මුදල් රාජ්‍ය ඇමැති ෂෙහාන් සේමසිංහ මහතා ඊයේ (05 දා) මුදල් අමාත්‍යාංශයේදී පැවසීය. මේ ආයතනවලට මුදල් වෙන් කිරීම යනු මෙරට පොදු ජනතාවගෙන් එක්රැස් කර ගත් බදු මුදල් මෙකී ආයතන නඩත්තුවට වෙන් කිරීම බව ද රාජ්‍ය ඇමැතිවරයා කියා සිටියේය. මේ...
"සමෘද්ධි බැංකු අද ලෙඩ වෙයි"
"ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් දිවයින පුරා පිහිටි සමෘද්ධි බැංකු සංගම් සාමාජිකයින් අද (06දා) ලෙඩ නිවාඩු දමා බැංකු වසා දමමින් විරෝධතාවක නිරත වන බව ලංකා සමෘද්ධි මහා සංගම් සහ කාර්යාල නිලධාරීන්ගේ සංගමය පවසයි. සමෘද්ධි බැංකු පද්ධතියේ සේවක පුරප්පාඩු විසඳීම, දැනට ලබාදෙන රුපියල් දොළොස් දහසක දීමනාම වැඩි කිරීම ඇතුළු ඉල්ලීම් කිහි...
"මිලියන 25577 ක් ආදායම් බදු ගන්තා – දේශීය ආදායම් දෙපාර්තමේන්තුව"
"මේ වසරේ (2023) පළමු කාර්තුවේදී පුද්ගලික අන්තිකාරම් ආදායම් බදු රැස් කිරීම ක්‍රමිකව වර්ධනය වෙමින් රු. මිලියන විසිපන්දහස් පන්සිය හැත්තෑ පහක බදු ආදායමක් උපයා ගැනීමට සමත්ව ඇතැයි දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසයි. මේ අනුව ජනවාරි මාසයේදී රුපියල් මිලියන 3106 ක් ද පෙබරවාරි මාසයේදී රු. මිලියන 10540 ක්ද මාර්තු මාසයේදී රු. මිලියන...
"සුරාබදු වර්ජනය අත්හරී"
"ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තු වෘත්තීය සමිති එකමුතුව අද (06) ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ එක්දින සංකේත වැඩවර්ජනය සිදු නොකරන බව ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තු වෘත්තීය සමිති එකමුතුවේ ලේකම් හා ශ්‍රී ලංකා සුරාබදු නිලධාරීන්ගේ සංගමයේ ලේකම් නිරෝෂ් ජයකොඩි මහතා පැවසීය. ඒ මහතා මේ බව කීවේ අනුරාධපුරයේ දී ශ්‍රී ලංකා සුරාබදු...
"කොමිසම කිව්වාට ලයිට් බිල අඩු කරන්න බෑ – ලංවිම සභාපති නලින්ද ඉලංගකෝන්"
"මහජන උපයෝගිතා කොමිසම පවසන පරිදි විදුලි ගාස්තුව සියයට තිහකින් ක්‍ෂණිකව අඩු කළ නොහැකි බව ලංවිම සභාපති නලින්ද ඉලංගකෝන් මහතා ‘දිවයින’ට පැවසීය. කෙසේ වෙතත් ඉන්ධන මිල අඩුවීමේ වාසිය මත විදුලි බිල පහත හෙළීමට පුළුවන්කමක් තිබේදැයි සොයා බලා වාර්තාවක් සකසන ලෙසට නිලධාරීන්ට උපදෙස් දුන් බව ද සභාපතිවරයා කියා සිටියේය. රජය ගන්නා ප්‍රතිප...
"අවුරුදු දින දෙකේ බාර් වහලා"
"දිවයිනේ සියලු සුරාසල් අවුරුදු දින දෙකේදී (13 හා 14) පමණක් වසා තැබෙන බව සුරාබදු කොමසාරිස් ජනරාල් සමන් ජයසිංහ මහතා පවසයි. හෙට (07 වැනිදා) දිනයේදී මහ සිකුරාදා දිනයේ රජයේ නිවාඩු දිනයක් වුවත් සියලු සුරාසල් විවෘත කර තබන බව ද ඒ මහතා කීය.චමින්ද සිල්වා"
"ගිවිසුම් සති දෙකකින් විදෙස් තෙල් සමාගම් තුන ජුනි සිට වැඩ අරඹයි"
"ලබන ජුනි මස සිට විදේශ තෙල් සමාගම් මෙරට සිය ඉන්ධන අලෙවි කටයුතු ආරම්භ කරන බව රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග ඊයේ (5) හෙළිකළේය. රජය තෙල් බෙදාහැරීම සඳහා අනුමත කළ තෙල් සමාගම් තුනක් සමඟ ලබන සති දෙක තුළ ගිවිසුම් අත්සන් කිරීමෙන් පසු ඉන්ධන බෙදාහැරීම ආරම්භ කෙරේ. මේ තෙල් සමාගම් තුනට ඛනිජ තෙල් සංස්ථාව සතු ඉන්ධන පිරවුම් හල් 150 ක් ලබාදේ...
"බත් – කොත්තු – රයිස්වල මිල 20% කින් අඩු කළා"
"බත් පැකට්ටුව, කොත්තුව, ෆයිඩ් රයිස් ඊයේ (05 වැනිදා) මධ්‍යම රාත්‍රියේ සිට සියයට 20 කින් මිල පහත දැමූ බව ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මහතා ‘දිවයින’ ට පැවසීය. මීට අමතරව රුපියල් සියයක්ව පැවැති කිරි තේ කෝප්පයක මිල රුපියල් 10 කින්ද රුපියල් 40 ක්ව පැවැති ප්ලේන්ටියක මිල රුපියල් 10 කින්ද අඩු කළ බව ද හෙතෙම කීය. එල...
""උ. පෙළ උත්තර පත්‍ර පරීක්‍ෂකවරුන්ට දිනකට රු. 2000 ක දීමනාවක් – රු. 2,900 ක ගමන් දීමනාවකුත්""
"අ.පො.ස. උසස් පෙළ විභාගයේ උත්තර පත්‍ර ඇගැයීමේ කටයුතුවල යෙදෙන පරීක්‍ෂකවරුන්ට දිනකට රුපියල් 2,000 අවම දීමනාවක් ගෙවීමට අනුමැතිය හිමිව ඇතැයි විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසයි. අමාත්‍ය මණ්ඩලය විසින් ගෙන ඇති ප්‍රතිපත්තිමය තීරණය අනුව මහා භාණ්ඩාගාරය සහ ජාතික වැටුප් කොමිෂන් සභාවේ එකඟතාව මත මෙම දීමනාව ගෙවීමට පියවර...
"ඔක්කොම බැස්සත් බොක්කට ම අනියි"
"ඩොලරයේ අගය පහත බැස ඇති මොහොතක කිරිපිටි, සබන්, දත් බෙහෙත්, පවුඩර්, සැමන්, රේසර්, බිස්කට්, බටර්, හඳුන්කූරු, බෙහෙත් ඇතුළු තවත් අත්‍යවශ්‍ය භාණ්ඩ වල මිල පහත නොදමා වෙළෙඳුන් හිතූ හිතූ ගණන් අයකරමින් තමන් අපහසුතාවයට පත්කරන බව පාරිභෝගිකයෝ පවසති. ඉන්ධන, ගෑස් සෑම දෙයක්ම මිල පහත බැස ඇති මොහොතකවත් තමන්ට සහනයක් ලබානොදෙමින් අත්‍යවශ්‍...
"ජනතා ජයග්‍රහණයකින් පසු සාධාරණ දියුණු රටක් ගොඩනඟන්නට ජවිපෙ සූදානම්"
"ධනවාදය දැන් මහලුයි. දුබලයි. මේ පාලකයන්ට ජනතා බලයක් නෑ. එදා 71 දී මේ රටේ බුද්ධිමත් තරුණ පිරිසක් එකතුවෙලා ගොඩනඟපු ජනතා විමුක්ති පෙරමුණ ජනතා ජයග්‍රහණයකින් පසු යුක්ති සහගත, සාධාරණ දියුණු රටක් ගොඩනඟන්නට සූදානම් යැයි ජනතා විමුක්ති පෙරමුණ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා කීය. ඒ මහතා මේ බව කියා සිටියේ කළුතර නගර ශාලාවේ ඊයේ (...
"මැයි 19 ට පෙර නඩු නොදැම්මොත් බිලියන 6.4 ක එක්ස්ප්‍රස් පර්ල් වන්දිය වතුරේ!"
"ලෝකයේ සිදු වූ විශාලතම රසායනික නාවික අනතුර ලෙස සැලකෙන සිංගප්පූරුවේ X – press Feeders නම් සමාගමට අයත් X – press Pearl නෞකාව ශ්‍රී ලංකා මුහුදේදී ගිලී ගොස් සිදු වූ සමුද්‍ර දූෂණයට අදාළ වන්දි නඩුව අද (5 දා) සිට තවත් දින 45 ක් තුළ ගොනු නොකළහොත් ඩොලර් බිලියන 6.4 ක් ඇතුළු සම්පූර්ණ වන්දි මුදල රටට අහිමි වන බව පරිසර යුක්ති කේන්ද්...
"විශේෂ ශ්‍රේණියේ හෙද හෙදියන් අවුරුදු 63 වනතුරු විශ්‍රාම ගැන්වීම වළක්වයි"
"වයස අවුරුදු 60 සම්පූර්ණ කළ රාජ්‍ය සේවයේ නිරත පළමු හා විශේෂ ශ්‍රේණිවලට අයත් හෙද හෙදියන් හා හෙද නිලධාරීන් වයස අවුරුදු 63 වනතුරු විශ්‍රාම ගැන්වීම වළක්වමින් අභියාචනාධිකරණය ඊයේ (04) සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා ඇතුළු වගඋත්තරකරුවන් වෙත අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය. රාජ්‍ය සේවා එක්...
"ගෑස් මිල බසී"
"ලිට්‍රෝ 1005 කින් පහළට නව මිල 3,738 ක්ලාෆ් 1290 කින් පහළට නව මිල රු. 3990 ක් ලිට්‍රෝ සහ ලාෆ් ගෑස් මිල ගණන් ඊයේ (04 දා) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට එම සමාගම් පියවර ගෙන ඇත. ඒ අනුව රුපියල් 4,743 ක් ව පැවති කිලෝග්‍රෑම් 12.5 ක ගෘහස්ථ ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1005 කින් පහත දමා ඇති අතර එහි නව මිල වන්නේ රුපියල්...
"ඉදිරිය මීට වඩා අමාරුයි: ස්ථාවර ගමනකට අවතීර්ණ විය යුතුයි"
"මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ ඉදිරියට තිබෙන්නේ මීට වඩා අමාරු ගමනක් බවත් ඒ නිසා ඉදිරි වසර හතර තුළ ස්ථාවරව දිරියට යන ගමනකට අවතීර්ණ විය යුතු බවත් ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ඊයේ (04දා) පැවසීය. ආර්ථිකයේ ඉදිරි ගමන ගැන මාධ්‍යයට අදහස් දක්වමින් මහ බැංකු අධිපතිවරයා මෙසේද කීය. අපට ණය ප්‍රතිව්‍යු...
"රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගතකරණයට සමාගමක් එයි : දේශපාලන මැදිහත්වීමක් නෑ"
"රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මෙරට රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යුහගතකරණය කිරීම දේශපාලනික මැදිහත්වීමකින් තොර දේශීය සමාගමක් මගින් සිදු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (04දා) පැවසීය. මුදල් අමාත්‍යාංශය යටතේ ස්ථාපිත කරන අදාළ ආයතනය වෘත්තීය මට්ටමේ අධ්‍යක්ෂ මණ්ඩලයක් යටතේ සමාගම් පනතට අ...
"ණය අරන් ගොඩ එන්න පුළුවන් නම් ගත්ත ණයේ හැටියට රට තව්තිසාවක් වෙන්න ඕනෑ"
"ණය ගෙන රට දියුණු කළ හැකි නම් පසුගිය ආණ්ඩු ගෙන ඇති ණය කන්ද දෙස බැලූ කල රට මේ වනවිට සුඛිත මුදිතව තිබිය යුතු යැයි ජාතික ජන බලවේගයේ සහ ජනතා විමුක්ති පෙරෙමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා කියා සිටියේය. දිසානායක මහතා 02දා එම අදහස් පළ කළේ කොලොන්නාව ආසන සමුළුව අමතමිණි. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අනුර කුමාර දිසානායක මහතා ...
"සෞන්දර්ය සරසවියේ නව කුලපති මහාචාර්ය සුනිල් ආරියරත්න"
"සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ කුලපතිවරයා ලෙස මහාචාර්ය සුනිල් ආරියරත්න මහතා පත් කර තිබේ. 1985 අංක 07 දරන පනතින් සංශෝධිත 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 32 වැනි වගන්තිය ප්‍රකාරව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පස් අවුරුදු ධුර කාලයක් සඳහා වහාම ක්‍රියාත්මක වන පරිදි මෙම පත් කිරීම සිදු කර ඇත. ඊට අදාළ පත්වීම් ලිපිය ...
"‘රේඛාවේ’ මැවුම්කරු හිටියා නම් 104 යි"
"චිත්‍රාගාර තුළ සිරකරුවකු බවට පත්ව තිබූ ශ්‍රී ලාංකීය සිනමාව එළිමහන් දර්ශන තලයට රැගෙන ගොස් කලාත්මක සිනමාවක දේශීය උපත සටහන් කළ සිනමාවෙන් ප්‍රථම වරට ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර කීර්තිය දිනා දුන් අග්‍රගන්‍ය සිනමාවේදී දිවංගත ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් විද්වතාගේ 104 වැනි ජන්ම දින සැමරුම අදට (05) යෙදී ඇත. 1956 වසර දෙසැම්බර් 28 ...
"ත්‍රස්තවාදී වෘත්තීය සමිති මට්ටු කරන්න ප්‍රතිත්‍රස්ත පනත ගෙන ආ යුතුයි – වෛද්‍ය රුක්‍ෂාන් බෙල්ලන"
"ත්‍රස්තවාදී වෘත්තීය සමිති මට්ටු කිරීම සඳහා ප්‍රති ත්‍රස්තවාදී පනත ගෙන ආ යුතු බව රජයේ වෛi නිලධාරීන්ගේ සංසදයේ සභාපති වෛi රුක්‍ෂාන් බෙල්ලන මහතා පැවසීය. ඇතැම් වෘත්තීය සමිති දැවැන්ත විරෝධතාවලට දැවැන්ත වැඩ වර්ජනයකට යනවා කියලා නිකන් කටමැත දොඩවනවා. මේ රටේ වෘත්තීය සමිති මාෆියාව නිසා රටත් ජනතාවත් ඇති තරම් බැට කාලා තියෙනවා. තවදු...
"වර්ජනයට තල්ලු කරන්න එපා වෘත්තීයවේදීහු රජයට අනතුරු අඟවති"
"විරෝධතාවලින් ඔබ්බට ගොස් වැඩවර්ජනයන් දක්වා තීන්දු තීරණ ගැනීමට වෘත්තීයවේදීන් පෙලඹවීමට ක්‍රියානොකරන ලෙස වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව ඊයේ (04 දා) රජයට අනතුරු අඟවා සිටියේය. නව ත්‍රස්ත විරෝධී පනත සහ අසාධාරණ බදු ප්‍රතිපත්තිය වහා හකුළා ගත යුතු බවත්, ඊයේ (04 දා) පැවැති මාධ්‍ය හමුවකදී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේක...
"ත්‍රස්තවාදී වෘත්තීය සමිති මට්ටු කරන්න ප්‍රතිත්‍රස්ත පනත ගෙන ආ යුතුයි – වෛද්‍ය රුක්‍ෂාන් බෙල්ලන"
"ත්‍රස්තවාදී වෘත්තීය සමිති මට්ටු කිරීම සඳහා ප්‍රති ත්‍රස්තවාදී පනත ගෙන ආ යුතු බව රජයේ වෛi නිලධාරීන්ගේ සංසදයේ සභාපති වෛi රුක්‍ෂාන් බෙල්ලන මහතා පැවසීය. ඇතැම් වෘත්තීය සමිති දැවැන්ත විරෝධතාවලට දැවැන්ත වැඩ වර්ජනයකට යනවා කියලා නිකන් කටමැත දොඩවනවා. මේ රටේ වෘත්තීය සමිති මාෆියාව නිසා රටත් ජනතාවත් ඇති තරම් බැට කාලා තියෙනවා. තවදු...
"ඩොලර් අර්බුදයෙන් ආනයනය අත්හිටවූ භාණ්ඩ 689 ක තහනම ඉවත් කරනවා – ඇමැති නලින් ප්‍රනාන්දු"
"රට තුළ පවතින ඩොලර් අර්බුදය හේතුවෙන් ආනයනය අත්හිටවූ භාණ්ඩ 689ක් සඳහා එම තහනම ඉවත් කිරීමට ඉදිරියේදී කටයුතු කරන බව වෙළෙඳ ඇමැති නලින් ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (04) පැවසීය. නියෝජ්‍ය වේත්‍රධාරී කුෂාන් ජයරත්න මහතා විසින් සෙංකෝලය තැන්පත් කිරීමෙන් පසුව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ මූලාසනයෙන් යුතුව පාර්ලිමේන්...
"බදු බරට එරෙහිව වෘත්තීය සමිති පාරට…"
"වෘත්තිකයන් මත පනවා ඇති බදු බර අඩු කරන ලෙස හා රාජ්‍ය මර්දනය නවතන ලෙස බල කරමින් වෘත්තීය සමිති එකමුතුව ඊයේ (04 දා) කොළඹ, කොටුව දුම්රියපල ඉදිරිපිට උද්ඝෝෂණයක නිරත වූ අයුරු. මෙම උද්ඝෝෂණයට සහභාගිවන්නන්ට ජනාධිපති මන්දිරය, ජනාධිපති ලේකම් කාර්යාලය හා මුදල් අමාත්‍යාංශය පිහිටි ප්‍රදේශවලට ඇතුළුවීම වළක්වාලමින් කොටුව මහෙස්ත්‍රාත් ති...
"අයිඑම්එෆ් ගිවිසුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඡන්ද විමසීමක් සිදු කරනවා"
"විශ්වවිද්‍යාල ආර්ථික විද්‍යා ආචාර්යවරුන් දැනුවත් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ කියයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන ගිවිසුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඊට සහාය දෙනවාද නැද්ද යන්න පිළිබඳව ඡන්ද විමසීමක් සිදු කිරීමට බලාපොරොත්තු වන බවත් අනතුරුව එම එකඟතාවයේ ඇති ප්‍රධාන කරුණු නීතියක් ලෙස ගෙන ඒමට කටයුතු කරන බවත් ජනාධිපති ...
"ලෝකයේ ජනප්‍රියම නායකයා කප් එක මෝදිට"
"ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා ලෝකයේ වඩාත්ම ජනප්‍රිය නායකයා ලෙස නැවත වරක් පත්ව තිබේ. ඒ සඳහා ඔහුට සියයට 76 ක අනුමත මනාප ප්‍රතිශතයක් හිමිව ඇත. සියයට 61ක අනුමත මනාප ප්‍රතිශතයක් ලබාගත් මෙක්සිකෝවේ ජනාධිපති අන්ද්‍රිස් මැනුවෙල්ට දෙවැනි තැනත්, ඔස්ටේ්‍රලියානු අගමැති ඇන්තනි ඇල්බෙන්ස්ට තෙවැනි ස්ථානයත් හිමිව ඇත. ඒ සඳහා ඔහුට හි...
"ඉන්ධන කෝටාව ඉහළට"
"එළැඹෙන උත්සව සමය නිමිත්තෙන් ඊයේ (04දා) මධ්‍යම රාත්‍රියේ සිට වාහන හිමියන්ට ලබාදෙන ඉන්ධන කෝටාව රජය විසින් ඉහළ දමා ඇත. ඒ අනුව ත්‍රිරෝද රථ සඳහා මෙතෙක් ලබා දුන් ලීටර් 5 සීමාව ලීටර් 8 දක්වාත් යතුරුපැදි සඳහා ලබා දුන් ලීටර් 4 සීමාව ලීටර් 7 දක්වාත් ඉහළ දමා ඇත. එමෙන්ම බස්රථ සඳහා ලීටර් 40 සිට 60 දක්වාද මෝටර්රථ සඳහා ලීටර් 20 සිට ...
"රුහුණ උපකුලපතිගේ මර්දනකාරී වැඩ නිසා සරසවියම බලපෑමට ලක් වෙලා"
"2019 වසරේ සිට රුහුණ විශ්වවිද්‍යාලයේ උපකුලපති ලෙස කටයුතු කරන සුජීව අමරසේන මහතාගේ මර්දනකාරී වැඩපිළිවෙළ හේතුවෙන් සරසවි ප්‍රජාව දැඩි බලපෑමට ලක්ව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (04දා) චෝදනා කළේය. මෙම උපකුලපතිවරයාගේ මර්දනකාරී වැඩපිළිවෙළ සම්බන්ධයෙන් විශ්වවිද්‍යාලයීය ආචාර්ය සමිති සම්මේලනය විසින් ක...
"පිරිහුණු රුපියල ඊයේ යළි ඉහළට"
"පසුගිය දිනවල පිරිහීමට ලක් වූ රුපියල ඊයේ (04) දිනයේදී සැලකිය යුතු ලෙස යළි ශක්තිමත් වෙමින් ඇමෙරිකානු ඩොලරයකට ගෙවිය යුතු රුපියල් අගය රු. 3.70 කින් අඩුවිය. ශ්‍රී ලංකා මහ බැංකුව ඊයේ නිකුත් කළ නවතම විනිමය අනුපාත අගයන් අනුව පෙරේදා (03) වාර්තාවූ ඇමෙරිකානු ඩොලරයක විකුණුම් අගය වූ රු. 334.20 ක අගය ඊයේ රු. 330.50 දක්වා අඩු විය. එ...
"අවුරුදු කාලේ කුකුළු මස් කිලෝව 1300 ට: බිත්තරත් කිලෝ ගණනට"
"උත්සව සමයේදී කුකුළු මස් කිලෝවක් රුපියල් 1300 ක උපරිමයකට යටත්ව අලෙවි කිරීමට සිය සංගමය තීරණය කර ඇතැයි සමස්ත ලංකා කුකුළු ව්‍යාපාරික සංගමයේ සභාපති, අජිත් ගුණසේකර මහතා “දිවයින”ට ඊයේ (04 දා) පැවසීය. එමෙන්ම දේශීය බිත්තර කිලෝ ගණනට අලෙවි කිරීම පිළිබඳ යෝජනාව පාරිභෝගිකයාට සාධාරණ බැවින් ඉදිරියේදී ඒ පිළිබඳව අදාළ අංශ සමග සාකච්ඡා කර...
"පොලිසිය භාරයේදී මැරෙන්න දෙන්නේ නැහැ"
"පොලිස්පති – නීතිපති මගින් ශ්‍රේෂ්ඨාධිකරණයට සහතික වෙයිපොලිස්පතිට උසාවියෙන් තුති පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා පුද්ගලයන් පොලිසිය භාරයේ සිටියදීම මරණයට පත්වීම වැළැක්වීම සඳහා අනුගමනය කළ යුතු මාර්ගෝපදේශ මාලාව ඇතුළත් චක්‍රලේඛය පොලිස්පතිවරයා විසින් ඊයේ (03දා) ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය. පසුගිය පෙබරවාරි 03 වැනිදා ශ...
"පොලිසිය ජල ප්‍රහාර එල්ල කර අන්තරේ විරෝධතාව විසුරුවයි"
"අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය කොළඹ ලිප්ටන් වටරවුම අසල ඊයේ (03 දා) සවස පැවැත්වූ විරෝධතාව ජල ප්‍රහාර එල්ල කර විසුරුවා හැරීමට පොලිසිය කටයුතු කළේය. විශ්වවිද්‍යාල තුළ ශිෂ්‍ය මර්දනය නතර කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කරගෙන අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය මගින් මෙම විරෝධතාව සංවිධානය කර තිබුණි. විරෝධතාකර...
"කිහිල්ලේ දහදියෙන් කාංසාවට සාර්ථක ප්‍රතිකාරයක්"
"කාංසාව නමැති රෝග තත්ත්වය සුව කිරීම සඳහා රෝගියාට වෙනත් අයකුගේ කිහිලිවල පවතින දහදිය ආඝ්‍රාණය කිරීමට සැලැස්වීම සාර්ථක ප්‍රතිකාරයක් බව ස්වීඩනයේ පර්යේෂකයන් පිරිසක් විසින් සිදු කරන ලද නවතම අධ්‍යයනයකදී අනාවරණය කරගෙන තිබේ. මෙහිදී ස්වෙච්ජා සේවකයන්ගෙන් ලබා ගත් කිහිලිවලින් මතු වූ දහදිය කාංසාව රෝග තත්ත්වයෙන් පෙළෙන රෝගීන්ට ආඝ්‍රාණ...
"රනිල්ට පුළුවන් ණය ගන්නයි විකුණන්නයි විතරයි – ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක හලාවතදී කියයි"
"රනිල් වික්‍රමසිංහට තියෙන්නේ ණය ගන්න පාර සහ විකුණන පාර විතරයි. ඒ පාරේ ගිහින් මේ රට ගොඩගන්න පුළුවන් නම් දැන් ගොඩගිහින් තිබෙන්න ඕනෑ. රුපියල් කෝටි විසිඅට ලක්ෂයක් මේරට ණය කරලා තිබෙන්නේ යැයි ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවසීය. ජාතික ජන බලවේගයේ නායකයා මේ කරුණු අනාවරණය කළේ හලාවත පැවති රැළියක් අමතමිනි. එහිදී...
"පාර්ලිමේන්තුව අවට අද රැකවල් තර කරයි"
"පාර්ලිමේන්තු සංකීර්ණය අවට මාර්ගවල අද (4 වැනිදා) දැඩි ආරක්‍ෂාවක් යොදවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව මහතා ‘දිවයින’ට ඊයේ පැවසීය. අද පාර්ලිමේන්තු රැස්වීම්වලට සහභාගි වන මැති ඇමැතිවරුන් පැමිණෙන මාර්ගවල ගැවසෙන සැක සහිත පුද්ගලයන් පිළිබඳව අවධානයෙන් පසුවන බව පොලිසිය කියයි. මහා මාර්ගවල පෙළපාලි ...
"ටෙලිකොම් විරෝධතාවේ…"
"ප්‍රතිව්‍යුහගතකරණය මුවාවෙන් ටෙලිකොම් ඇතු`ථ ජාතික සම්පත් විකුණන බව කියමින් ඊයේ (3 දා) කොළඹ කොටුවේ ටෙලිකොම් ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට ටෙලිකොම් සේවකයන් විරෝධතාවේ නිරතව සිටි අයුරු. ඡායාරූප-නිශාන්. එස්. ප්‍රියන්ත"
"ත්‍රස්ත විරෝධී පනත සම්මත වීම ප්‍රජාතන්ත්‍රවාදයේ මළගමයි"
"යෝජිත ත්‍රස්ත විරෝධී පනත සම්මත වුවහොත් එය මාධ්‍ය නිදහසේ සහ ප්‍රජාතන්ත්‍රවාදයේ මළගම වන බව නිදහස් ජනතා සන්ධානයේ සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී ජී. එල්. පීරිස් මහතා ඊයේ (03 දා) පැවැසීය. කිසිදු ජනමතයක් නොමැති මෙම ආණ්ඩුවට මෙවැනි පනතක් ගෙනඒමට කිසිම සුජාතභාවයක් නැති බව, නාවල නිදහස් ජනතා සභා ප්‍රධාන කාර්යාලයේ ඊයේ (03 දා) පැවැත...
"ටෙලිකොම් විරෝධතාවේ…"
"ප්‍රතිව්‍යුහගතකරණය මුවාවෙන් ටෙලිකොම් ඇතු`ථ ජාතික සම්පත් විකුණන බව කියමින් ඊයේ (3 දා) කොළඹ කොටුවේ ටෙලිකොම් ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට ටෙලිකොම් සේවකයන් විරෝධතාවේ නිරතව සිටි අයුරු. ඡායාරූප-නිශාන්. එස්. ප්‍රියන්ත"
"ඖෂධ 3 ක් ගන්න දස ගුණයක් ලංසු තබා සමාගමක් ලක්‍ෂ 680 ක් වංචා කරන්න හදනවා – රවි කුමුදේශ්"
"කහ උණ සහ ඒඩ්ස් වැනි වෛරස ආසාදිත රෝගීන් සඳහා භාවිත කරන අත්‍යවශ්‍ය ඖෂධ තුනක් මිලදී ගැනීමට පවතින මිලට වඩා දස ගුණයක ලංසු තබා ඉදිරිපත්ව ඇති සමාගමක්, ඒ හරහා වැඩිපුර රුපියල් ලක්‍ෂ 680 ක් ලබාගැනීමට ක්‍රියාකරන බව, සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති, රවි කුමුදේශ් මහතා පවසයි. ආසියානු සංවර්ධන අරමුදලින් මිලදී ගැනීමට ඉල්ල...
"ඉතිහාසයේ ලොකුම ගෑස් මිල අඩු කිරීම අද රාත්‍රියෙන් පසු"
"ලිට්‍රෝ ගෑස් කිලෝග්‍රෑම් 12.5 ක ගෑස් සිලින්ඩරයක මිල අද (04 දා) මධ්‍යම රාත්‍රියෙන් පසු රුපියල් 1000කින් පමණ අඩු කිරීමට කටයුතු කරන බව ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා ‘දිවයින’ට ඊයේ (03 දා) පැවසීය. මෙය ඉතිහාසයේ වැඩිම ගෑස් මිල අඩුකිරීම වන බව ද ඒ මහතා කීය. කිලෝග්‍රෑම් 12.5, කිලෝග්‍රෑම් 05 සහ කිලෝග්‍රෑම් 2.5 ඇතු...
"පැහැර ගැනීමේ ආරංචියෙන් ‘ගොත අසංකට’ ඇප නෑ"
"අභියාචනාධිකරණය විසින් නිකුත් කරන ලද ඇප නියෝගයක් අනුව ඇප මත මුදාහැරීම සඳහා සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයකු යැයි කියන අමිල නුවන් හෙවත් ‘ගොත අසංක’ නමැත්තා ඊයේ (03 දා) ගම්පහ මහාධිකරණයට ඉදිරිපත් කොට තිබූ නමුත් ඇප මත මුදාහල පසු ඔහු බලහතක්කාරයෙන් පැහැර ගැනීමට යම් පිරිසක් සූදානම් වන බවට ලැබුණු තොරතුරු හා ඒ බව සනාථ කරන සලක...
"රජයේ බදු ප්‍රතිපත්තියට විරෝධය – වෘත්තීයවේදී සමිති එකමුතුවෙන් අද කොටුවේ විරෝධතාවක් 10 දා රැලියක්"
"රජයේ බදු ප්‍රතිපත්තියට විරෝධය දැක්වීම ඇතුළු ඉල්ලීම් කිහිපයකට විසඳුම් ඉල්ලා අද (04 දා) දහවල් 12.00 ට වෘත්තීයවේදීන්ගේ සමිති එකමුතුව විසින් කොටුව දුම්රියපළ ඉදිරිපිට විරෝධතාවක් දැක්වීමටත්, අප්‍රේල් 10 වැනිදා රැලියක් පැවැත්වීමටත් එම එකමුතුව ඊයේ (03 දා) තීරණය කළේය. රජයේ බදු ප්‍රතිපත්තියට විරෝධය දැක්වීම, නව ත්‍රස්ත විරෝධී පන...
"බිග් මැච් දැගලිල්ල – සිසු ජීවිත දෙකක් බිලි ගනී – හතකට තුවාලයි"
"බදුල්ල ඌව මහා විද්‍යාලය සහ බදුල්ල ධර්මදූත මහා විද්‍යාලය අතර වාර්ෂික ක්‍රිකට් තරගය පැවැත්වෙන අතරතුර පසුගිය 01 වැනිදා වාහන පෙළක නැගී මාර්ග සංදර්ශන පෙළපාලියක (ඊසට ඵ්එජය ඍද්ා ියදඅ) ගිය සිසුන් පිරිසක් සිටි එක් කැබ් රථයක් ක්‍රීඩා පිටියට ආපසු පැමිණ අධික වේගයෙන් ක්‍රීඩා පිටිය තුළ වංගු ගනිමින් ධාවනය කිරීමේදී පෙරළීමෙන් තුවාල ලැ...
"කලං යයි"
"දුක්ඛ දෝමනස්ස හා ඉච්ඡා භංගත්වයෙන් සලිත වූ සමකාලීන තාරුණ්‍යය ප්‍රතිනිර්මාණය කරමින් සිංහල සිනමාව තුළ එදා තරුණයාගේ භූමිකාව යථානුරූපීව නිරූපණය කළ සම්මානිත ප්‍රවීණ සිනමා හා ටෙලිනාට්‍ය රංගධර අමරසිරි කලංසූරිය මහතා සිය සිනමා දිවිසැරිය පෙරේදා (01 වැනිදා) නිමා කළේය. ජාඇල නිවාස සංකීර්ණයේ පිහිටි නිවසේදී ඒ මහතා පෙරේදා (01 දා) අභාව...
"ජාතික අලුත් සහල් මංගල්‍යය ජනපති ප්‍රධානත්වයෙන් ජය ශ්‍රී මහා බෝ සමිඳුන් අබියසදී"
"ජාතික අලුත් සහල් මංගල්‍යය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (02දා) පෙරවරුවේ අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝ සමිඳුන් අබියසදී පැවැත්විණි. සාම්ප්‍රදායිකව මාස් කන්නයේ නෙළාගත් අස්වැන්නෙහි නොඉඳුල් සහලින් ජය ශ්‍රී මහා බෝ සමිඳුන් පිදීමේ මෙම අලුත් සහල් මංගල්‍යය අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන නායක හිමිපාණන්...
"මම ජනපති පුටුවේ ඉන්නකන් නිතිය – සාමය කඩන අරගල බැහැ"
"“මා ජනාධිපති හැටියට ඉන්න තුරු නීතිය හා සාමය කඩන්න ආපහු ඉඩදෙන්නේ නැහැ. තමන්ගේ අදහස් නිදහසේ ප්‍රකාශ කරන්න පුළුවන් සාමකාමීව.රැස්වීමකට පර්මිට් එකක් අරගෙන රැස්වීම පවත්වලා ඕන තරම් මට බනින්න. ඒක ප්‍රශ්නයක් නැහැ. ඒත් මෙතැනට ඇවිත් පාරේ ගිහින් කෝලහාල කරන්න බැහැ” යැයි ජනපති රනිල් වික්‍රමසිංහ මහතා පෙරේදා (01දා) අනුරාධපුරයේදී පැවස...
"රාජ්‍ය ආයතන නඩත්තුවට මුදල් වැය කිරීම නවත්වන්න – ඒවා සෞඛ්‍යයට අධ්‍යාපනයට යොදවන්න"
"රාජ්‍ය ආයතන නඩත්තු කිරීමට මුදල් වැය කිරීම නතර කර එම මුදල්වලින් වැඩි ප්‍රමාණයක් රටේ අධ්‍යාපනයට සහ සෞඛ්‍යයට යෙදවිය යුතු යැයි එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පැවසීය. ඇතැම් වෘත්තීය සමිති ජාතික සම්පත් විකුණන බවට ප්‍රකාශ කළත් රජය සම්පූර්ණයෙන්ම ව්‍යාපාර කටයුතුවලින් ඉවත්විය යුතු බව තම මතය බව ...
"කටානේ ඕමාන ඇඟලුම් කම්හලක යකා නැටූ සිද්ධියේ රාජ්‍ය ඇමැතිත් අල්ලන්න"
"කටාන හල්පේ පිහිටි ඕමාන ඇඟලුම් කම්හලට කඩා වැදී එහි කළමනාකාර අධ්‍යක්‍ෂවරයාට හා ආරක්ෂක නිලධාරීන්ට පහරදීමේ සිද්ධියට වගකිවයුතු ගම්පහ දිස්ත්‍රික් රාජ්‍ය අමාත්‍යවරයා ද අත්අඩංගුවට ගෙන නීතිය හමුවට පමුණුවන ලෙස ජාතික නිදහස් පෙරමුණ නායක විමල් වීරවංශ මහතා ඉල්ලීමක් කරයි. මෙවැනි නින්දිත ක්‍රියා මෙරටට එන විදේශ අයෝජකයන් ආපසු හරවා යැවී...
"ඉන්දීය බිත්තර ජනතාවටත් දෙනවා: – කුකුළු මස් ගැනත් තීරණයක් ගන්නවා"
"බේකරිවලට පමණක් නොව රටේ මහජනතාවටත් ඉන්දීය බිත්තර සාධාරණ මිලට ගැනීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව වෙළෙඳ ඇමැති නලින් ප්‍රනාන්දු මහතා ‘දිවයින’ ට පැවසීය. බිත්තර පමණක් නොව වෙළෙඳපොළේ කුකුළු මස්ද හිතූ හිතූ මිල ගණන්වලට අලෙවි කරන නිසා බිත්තර සම්බන්ධයෙන් කටයුතු කළ අයුරින්ම කුකුළු මස් පිළිබඳවද තීරණයක් ගන්නා බව ඇමැතිවරයා කීවේය....
"රාජ්‍ය සේවක අප්‍රේල් වැටුප ලබන 10ට පෙර ගෙවනවා"
"අප්‍රේල් මස 10 වැනිදාට පෙර රාජ්‍ය සේවකයන් සඳහා වැටුප් ගෙවීමට කටයුතු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය. එසේම මෙම වසරේ අවසන් කාර්තුව වන විට රාජ්‍ය සේවකයන් වෙනුවෙන් විශේෂ දීමනාවක් ලබාදීමට ද රජය කටයුතු කරන බව රාජ්‍ය ඇමැතිවරයා කීවේය. ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජි...
"වරප්‍රසාද අහිමි වන නිසා ජනප්‍රිය පාසල් 7ක ගුරුවරු මාරුවෙන්න කැමති නෑ"
"සුපිරි පාසල් 07 ක ඇතැම් ගුරුවරුන් තම පෞද්ගලික ලාභ ප්‍රයෝජන අහිමි වන නිසා ගුරු මාරු මණ්ඩලය මගින් ක්‍රියාත්මක කිරීමට ගිය… ස්ථාන මාරු අහෝසි කිරීමට උත්සහ දරා ඇති බව පෙනී ගොස් ඇතැයි සමස්ත ලංකා එක්සත් ගුරු සංගමයේ සභාපති යල්වෙල පඤ්ඤාසේකර හිමියෝ පැවසූහ. මෙම පාසල් හතේ ගුරුවරුන් කිහිප දෙනා තම කීර්තිය නැතිවීම, උපකාරක පන්ති ශක්ති...
"නිධන් හාරද්දී ඇල්ලූ ලුතිනන් කර්නල් ඇතුළු 4 ක් රිමාන්ඩ්"
"කරදියනාරු පොලිස් වසමේ මාවඩිඔඩිසේ කැලෑවේ නිධන් වස්තු සෙවීමට ගියැයි චෝදනා ලද ලුතිනන් කර්නල්වරයකු හමුදා නිලධාරීන් දෙදෙනකු හා චීවරධාරියකු එරාවුර් අධිකරණය වෛත ඉදිරිපත් කිරීමෙන් පසු අප්‍රේල් 10 වැනිදා දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කර ඇත. කරදියනාරු පොලිසිය මගින් මෙම සිව්දෙනා අධිරකරණයට ඉදිරිපත් කර තිබේ. සැකකාර කර්නල්වරයාගේ නිල වා...
"අඩු කළ ගාස්තු ප්‍රදර්ශනය නොකරන බස්වලට අද සිට දඩ"
"මගී ජනතාවගේ දැන ගැනීම පිණිස අඩුකරන ලද බස් ගාස්තු සඳහන් පත්‍රිකාව බස් රථ තුළ ප්‍රදර්ශනය නොකරන්නේනම් එම බස් රථවලට එරෙහිව අද (3 වැනිදා) සිට දඩ ගසන බව බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සාමාන්‍යාධිකාරි ජගත් පෙරේරා මහතා ‘දිවයින’ට ඊයේ (2 දා) පැවසීය. දිගින් දිගටම ගාස්තු පත්‍රිකාව ප්‍රදර්ශනය නොකර කටයුතු කරන බස් රථ...
"ජනප්‍රිය සංකල්පවලින් රට විනාශ වුණා – නීතිය හා සාමය කඩන අරගලවලට නැවත ඉඩක් නෑ"
"තමා සිටින්නේ හරි දේ කිරීමට මිස ජනප්‍රිය දේ කිරීමට නොවන බවත් ජනප්‍රිය සංකල්ප ඉදිරිපත් කිරීමෙන් සිදු වුයේ රට විනාශ වීම පමණක් බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය. තමා ජනාධිපති ධූරයේ සිටින තාක්, රටේ නීතිය හා සාමය කඩ කිරීමට නැවත කිසිවෙකුට ඉඩ ලබා නොදෙන බවද ජනාධිපතිවරයා පැවසීය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ම...
"විකුණන ආයතනවලට කොමිස් කාක්කෝ රිංගති"
"රාජ්‍ය සමාගම් ඇතුළු ව්‍යවස්ථාපිත ආයතනවල කොටස් දෙස් විදෙස් සමාගම්වලට ලබාදීමේදී එම කටයුතු සම්බන්ධීකරණය කරන මෙරට නිලධාරීන්ට අදාළ සමාගම්වලින් රුපියල් කෝටි ගණනින් කොමිස් මුදල් ලබාදෙන බව හෙළිවී ඇත. සාමාන්‍යයෙන් විදෙස් සමාගමක් මෙරටට පැමිණ යම් ආයෝජනයක් සිදු කිරීමේදී වුවත් එම ආයෝජන මුදලින් යම් යම් ප්‍රතිශත යටතේ එම ව්‍යාපාරික ක...
"තෙල් සේවක ණය කෝටි 700 පැනලා"
"ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සහ තොග පර්යන්ත සමාගමේ සේවකයන්ගේ ණය ආපසු ගෙවීමේ හැකියාව නොසලකා ණය යෝජනා ක්‍රම ක්‍රියාත්මක කිරීම නිසා සේවක හිඟ ණය මුදල් ප්‍රමාණය රුපියල් කෝටි 700 ඉක්මවා ඇතැයි ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවේ සඳහන් වේ. මෙම හිඟ ණය මුදල යටතේ ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සේවකයන්ගේ හිඟ ණය මුදල ර...
"බද්ද නිසා වෛද්‍යවරු 700 ක් රට හැර ගිහින්"
"වෛද්‍ය හරිත අලුත්ගේ රටේ මතු වී තිබෙන ආර්ථික අර්බුය හා උපයනවිට බදු අයකිරීමේ ප්‍රතිපත්තිය ඇතුළු කරුණු මුල්කර ගෙන මේ වනවිට රජයේ වෛද්‍යවරුන් හත්සියයක් පමණ රට හැර ගොස් ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පැවසීය. මෙලෙස රට අතහැර යන වෛද්‍යවරුන් අතර විශේෂඥ වෛද්‍යවරුන් ද සිටින බව ඒ මහතා කියා සිටි...
"නව සුරාබදු බලපත්‍ර දීම අත්හිටුවයි"
"නව සුරාබදු බලපත්‍ර නිකුත් කිරීම වහාම අත්හිටුවන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිලධාරීන්ට උපදෙස් දී ඇත. එසේම දැනට ලබාදී ඇති සුරාබදු බලපත්‍ර පිළිබඳව විමර්ශනයක් සිදුකරන ලෙස ද මුදල් අමාත්‍යාංශය වෙත දැනුම් දී තිබේ. ඒ අනුව මුදල් අමාත්‍යාංශය විසින් අදාළ විමර්ශනයක් සිදු කර වාර්තාවක් ලබාදෙන ලෙස සුරාබදු දෙපාර්තමේන්තුවට උපද...
"ජනගහනයෙන් 45% ක් කෑම කන වාර අඩු කරලා"
"රසායනික පොහොර තහනමෙන් කෘෂිකර්මාන්තයට සිදුවූ බලපෑම සහ ආර්ථික අර්බුය නිසා ජනගහනයෙන් සියයට 45 ක් ආහාර ගන්නා වාර ගණන අවම කර ඇතැයි ද තවත් සියයට 38 ක් ගන්නා ආහාර ප්‍රමාණය අඩුකර ඇතැයිද වාර්තා වේ. හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු හා පර්යේෂණ ආයතනය විසින් සිදුකරන ලද පර්යේෂණවලට අනුව මේ බව හෙළිවී ඇත. මෙම වාර්තාවට අනුව රටේ ජනගහනයෙන්...
"අරගලයෙන් වූ අරාජිකත්වය සොයන්න කොමිසමක්"
"2022 වසරේ දී අරගලය හරහා ඇති වූ රාජ්‍ය අරාජිකත්වය පිළිබඳව සහ රටේ යහපැවැත්මට හානිකර සිදුවීම් පිළිබඳව කරුණු විමර්ශනය කිරීම සඳහා සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය මගින් ස්වාධීන විමර්ශන කොමිෂන් සභාවක් පත් කර තිබේ. මහා සංඝරත්නයේ ඉල්ලීම පරිදි සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ සභාපති චන්ද්‍ර නිමල් වාකිෂ්ඨ මහතා විසින් මෙම කොමිසම පත් ...
"ලයිසන් ලක්ෂ 8 ක් හිරකර මුද්‍රණ යන්ත්‍ර තෙපරබායි"
"මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුවේ මුද්‍රණ යන්ත්‍රවල පවතින හිඟය නිසා රියැදුරු බලපත්‍ර කාඩ්පත් අපේක්‍ෂාවෙන් සිටින ලක්‍ෂ 08 ක පමණ ප්‍රමාණයකට නිසි පරිදි රියැදුරු බලපත්‍ර ලබාදීමට නොහැකි වී තිබේ. වේරහැර කාර්යාලයේ කාඩ්පත් මුද්‍රණය කිරීම සඳහා යන්ත්‍ර 09 ක් පැවතියත් මේ වනවිට ඉන් මුද්‍රණ කටයුතු සිදුකළ හැක්කේ යන්ත්‍ර 0...
"ට්‍රම්ප් හෙට අත්අඩංගුවට?"
"මූල්‍ය අපරාධ චෝදනා එල්ලවී ඇති හිටපු ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් හෙට (03දා) මෑන්හැටන් පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීමට නියමිතය. එහෙත් ට්‍රම්ප්ගේ නීතිවේදීන් පැවසුවේ ට්‍රම්ප් අධිකරණය වෙත භාරවන බවය. නව නීතිරීති අනුව ට්‍රම්ප්ට ඇප ලබාගත හැකිය. අසභ්‍ය චිත්‍රපටවල රඟපාන නිළියක් වූ ස්ටෝම් වෙත ඩොලර් 130,000ක් ලබාදීම ගැනද ට්‍...
"හර්ෂට නොදෙන පුටුව සජබටම ගන්න යෝජනාවක්"
"පාර්ලිමේන්තු මුදල් කමිටුවේ සභාපති ධුරය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාට ලබා නොදෙන්නේනම් එම ධුරය සමගි ජනබලවේගයේ වෙනත් මන්ත්‍රීවරයකුට ලබා ගැනීමට වහාම ක්‍රියා කළ යුතු යැයි යන යෝජනාවක් සමගි ජනබලවේගයේ ඉහළ නායකත්වය වෙත ඉදිරිපත්වී ඇත. ආණ්ඩුව දිගින් දිගටම එම ධුරය හර්ෂ ද සිල්වා මහතාට ලබා නොදෙන්නේ ඔහු එම ධුරයේ මීට පෙර කටයුතු කරද්දී එ...
"සද්භාවයෙන් ණය ගිවිසුම්වලට"
"මහ බැංකු අධිපති හා මුදල් ලේකම් ණය හිමියන්ට කියයි විනිවිද භාවයෙන් හා සද්භාවයෙන් සියලු ණය හිමියන් සමග ණය සහන ගිවිසුම්වලට එළැඹීමට බලාපොරොත්තු වන බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා සහ මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා ශ්‍රී ලංකාවේ ණය හිමියන්ට දැනුම් දී ඇත. එහිදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය තිරසාරත...
"අයි.එම්.එෆ්. පසුවිපරම් කමිටුවක්"
"ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය පහසුකම ක්‍රියාත්මක වන ආකාරය ගැන සොයා බැලීම සඳහා පසු විපරම් කමිටුවක් පත්කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පියවර ගෙන ඇත. ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක, මහා භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන, මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ ඇතුළු විද්වතුන් කිහිපදෙනකුගෙන් යුක්ත කමිටුව ජනාධිපත...
"වරප්‍රසාද පනත වැරදි විදිහට පාවිච්චි කරනවාද?"
"අධිකරණය හා ව්‍යවස්ථාදායකය අතර අනවශ්‍ය ගැටුමක් ඇති කිරීමට පාර්ලිමේන්තු වරප්‍රසාද පනත සාවද්‍ය ලෙස උපයෝගි කර ගනිමින් සිටින්නේ ද යන කරුණු සම්බන්ධයෙන් තම සංගමයේ දැඩි අවධානය යොමු වී ඇතැයි දිසා විනිසුරුවරුන් හා මහෙස්ත්‍රාත්වරුන් නියෝජනය කරන ශ්‍රී ලංකා අධිකරණ සේවා සංගමය අධිකරණ සේවා කොමිෂන් සභාව වෙත ලිඛිතව දැනුම් දී තිබේ. යුක්...
"වික්‍රමාරච්චි විශ්වවිද්‍යාලය අවට ආයුර්වේද කලාපයක් කෙරේ"
"යක්කල වික්‍රමාරච්චි විශ්වවිද්‍යාලයට අයත් අවට ප්‍රදේශය සියලු පහසුකම්වලින් සපිරුණු ආයුර්වේද කලාපයක් බවට පත්කිරීමට දේශීය වෛද්‍ය ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇත. ඒ අනුව දේශීය පාරම්පරික හා ආයුර්වේද ප්‍රතිකාර සේවාවන්, පංචකර්ම ප්‍රතිකාර සේවාවන්, රූපලාවන්‍ය, දේශීය ඖෂධ නිෂ්පාදකයන් සඳහා වෙළෙඳ කුටි, ඖෂධ පැලෑටි අලෙවිය, ප...
"බේකරි හා හෝටල් රට බිත්තර කෝටියක් ඉල්ලති"
"බේකරි සහ හෝටල් හිමියන් ඉන්දීය බිත්තර කෝටියක් (10,000,000) මිලදී ගැනීම සඳහා රාජ්‍ය වානිජ නීතිගත සංස්ථාවෙන් ඉල්ලීම් කර ඇතැයි එම සංස්ථාවේ සභාපති ආසිරි වලිසුන්දර මහතා පැවසීය. එම ඉල්ලීම්වලට අනුව බිත්තර ගෙන්වීම අඛණ්ඩව සිදුකරන බව ද ඒ මහතා කීය. බිත්තර ලබාදීම සිදුකරන්නේ දිනකට බිත්තර 5,000 ක් 10,000 ක් භාවිත කරන හෝටල් සහ බේකරිව...
"ජනාධිපති ගාල්ල කොග්ගල අහංගම සංචාරක හෝටල් නිරීක්ෂණ චාරිකාවක"
"ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා 31 වැනිදා ගාල්ල කොග්ගල සහ අහංගම සංචාරක හෝටල් කිහිපයක නිරීක්ෂණ චාරිකාවකට එක් විය. කිසිවකුට නොදන්වාම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ පැමිණියේ සංචාරක හෝටල් හිමියන් සමග සාකච්ඡා කිහිපයකට එක් වීම සඳහාය. ලලිත් චාමින්ද සහ එස්.කේ. කළුආරච්චි – ගාල්ල"
"පැල්මඩුල්ලේ නීතිඥවරියගේ මරණය අභිරහසක්!"
"පහරදීමක් ගැන එස්.එම්.එස් එකක්… ගෙදර බඩුත් විසිරිලා පැල්මඩුල්ල බුලත්වැල්ගොඩ නිවසක අභිරහස් ලෙස මියගොස් සිටි නීතිඥවරියකගේ සැක සහිත මරණය ගැන පැල්මඩුල්ල පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ. පැල්මඩුල්ල සහ රත්නපුර මහෙස්ත්‍රාත් අධිකරණවල නීතිඥ දුෂ්මන්ති අබේරත්න (40) මහත්මියගේ සිරුර ඇය නිදන කාමරයේ නිදන ඇඳ මත ඊයේ උදෑසන තිබූ බව පැල්මඩු...
"මුහුණුපොතේ අමුතු සටහනක්: ගෝඨාගේ නිවස ළඟට හදිසියේම දැඩි රැකවල්…"
"හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පෞද්ගලික නිවස ඉදිරිපිට මාර්ගයට ඊයේ දැඩි රැකවරණ යොදා තිබිණි. ගෝඨාභය මහතාගේ පෞද්ගලික නිවස වට කර පිරිසක් කළහකාරී ලෙස හැසිරී තිබුණේ 2022 වසරේ මාර්තු 31 දාය. එයට හරියටම වසරක් ගතවීම වෙනුවෙන් සංවිධානාත්මක පිරිසක් විසින් මුහුණු පොතේ දැන්වීමක් පළකර 31 දා මිරිහානට පැමිණෙන ලෙස දන්වා ඇති බවට ප...
"පුතා සමග අහස් ගැබට පිවිස සේවයට සමුදුන් ශ්‍රී ලන්කන් ජ්‍යෙෂ්ඨතම ගුවන් නියමුවා"
"ශ්‍රී ලංකන් ගුවන් සේවයේ වසර 40ක සේවා කාලයක් සම්පූර්ණ කළ ජ්‍යෙෂ්ඨ ගුවන් නියමු උත්පල කුමාරසිංහ මහතා ඊයේ (31 දා) ඔහුගේ අවසන් ගුවන් මෙහෙයුම සිදුකළේය. ඉන්දියාවේ මදුරාසි සිට කොළඹට ළඟාවූ යූ.එල්. 138 ගුවන් යානය සමග ඒ මහතා ගුවන් සේවය වෙනුවෙන් දශක හතරක සේවා කාලය අවසන් කරන ලදි. ඒ මහතාගේ අවසන් ගුවන් ගමන වෙනුවෙන් විශේෂ උත්සවයක් කට...
""සෞඛ්‍ය අංශයේ වෛද්‍යවරුන්, හෙද හෙදියන් පවා අනියමින් ත්‍රස්ත පනතට යටත් කරලා""
"සමගි ජන බලවේගයේ මෙහෙයුම් ප්‍රධානී පා. ම. නලින් බංඩාර පාස්කු ප්‍රහාරය කාලයේ වැලිතලාවට යටවන්නට ඉඩ නොදී රටේ ජනතාවට සාධාරණයක් ඉෂ්ට වන ආකාරයට එම පරීක්ෂණ පැහැදිලිව කරන මෙන් ජනාධිපතිගෙන් නැවත නැවතත් ඉල්ලා සිටින බව සමගි ජන බලවේගයේ මෙහෙයුම් ප්‍රධානී පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බංඩාර මහතා පැවසීය. විපක්ෂ නායක කාර්යාලයේ ඊයේ (31 ද...
"නව ත්‍රස්ත පනත යටතේ වෘත්තිය සමිති මර්දනය කරන්නේ කෙසේදැයි ඔප්පු කරන්න"
"අධිකරණ ඇමැති ආචාර්ය විජයදාසගෙන් අභියෝගයක් නව ත්‍රස්ත පනත යටතේ වෘත්තීය සමිති මර්දනය කරන්නේ කෙසේදැයි ඔප්පු කරන ලෙස අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ඇමැති ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පැවසීය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත නව දූෂණ විරෝධී පනත් කෙටුම්පත ඇතුළු ඉදිරි කටයුතු සම්බන්ධයෙන් මාධ්...
"සෝෆා සහ එම්.සී.සී. අරමුණු ඉස්මතු වන බවක් පෙනෙන්න තිබෙනවා"
"මහාචාර්ය තිස්ස විතාරණ යහපාලන සමයේ රනිල් ගෙන ඒමට සූදානම් වූ ‘සෝෆා’ හා ‘එම්. සි. සී.’ ගිවිසුම ඔවුන්ගේ 2020 මහ මැතිවරණ පරාජයත් සමගින් යටපත් වූ අතර, පසුගියදා ඇමරිකානු දේශපාලන නායකයින් හතර දෙනකු, මිලිටරි හා සී. අයි. ඒ. ප්‍රධානීන් දෙදෙනකු ශ්‍රී ලංකාවට පැමිණ කළ සාකච්ඡා සමගින් යළිත් අරමුණු ඉස්මතු වෙමින් පවතින බැව් ලංකා සමසමාජ...
"සනත් නන්දසිරි ගාන්ධර්වයාණෝ අද ලක්මවට සමුදෙති!"
"හෙළ ගී මං පෙත සුපෝෂිත කළ සංගීත නිපුන් සම්මානිත මහාචාර්ය සනත් නන්දසිරි සංගීතවේදියාණෝ අද (01 දා) සැඳෑසමයේ බොරැල්ල කනත්ත සුසානයේදී සඳහටම ලක් මවගෙන් සමුගන්නේය. ඒ මහතාගේ දේහය ඇඹුල්දෙණිය පිහිටි නිවසේ සිට අද පෙරවරුවේ රැගෙනවිත් සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ හා ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සීමිත වේලාවක් තැන්පත් කර තැබෙන අතර ...
"ගෝඨාභය තමාගේ යැයි කියපු ජනපති මැඳුරෙන් හමුවූ සල්ලි අල්ලස් පනත යටතේ වරදක් ද?"
"විමර්ශන ඇරඹි බව කොමිසම උසාවියට කියයි ජනාධිපති මන්දිරයේ තිබී සොයාගත් රුපියල් එක්කෝටි හැත්තෑඅටලක්‍ෂ පනස් දහසක මුදලේ හිමිකාරීත්වය සම්බන්ධයෙන් තම කොමිෂන් සභාව විසින් මේ වනවිටත් මූලික විමර්ශන ආරම්භ කොට ඇතැයි අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව ඊයේ (31 දා) කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතාට දැනුම් දුන්නේය. එම මුදල තමාට අයත...
"ඉන්ධන ගබඩාවට බලෙන් ඇතුළු වූ සේවකයන් ගැන සීඅයිඩී විමර්ශනයක් කරන්න"
"කොලොන්නාව තෙල් තොග ගබඩා පර්යන්තයේ ඉන්ධන බෙදාහරින ප්‍රදේශයට ඉකුත් 28 වැනිදා බලහත්කාරයෙන් ඇතුල් වී සේවකයන් බියවද්දා කඩාකප්පල්කාරී ලෙස හැසිරෙමින් ඉන්ධන බෙදාහැරීමට බාධා කළ තෙල් සේවකයන් පිළිබඳ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව හරහා විර්ශනයක් සිදුකරන ලෙස ඇමැති කංචන විජේසේකර මහතා පොලිස්පතිවරයාගෙන් ලිඛිතව ඉල්ලා තිබේ. ඉන්ධන ගබඩා ක...
"ඩයනාගේ පෙත්සමට විරෝධතා ගොනු කරන්න සජිත්ට – මද්දුම බණ්ඩාරට දින දෙයි"
"සමගි ජන බලවේගය පක්‍ෂයේ සභාපති සජිත් ප්‍රේමදාස හා එම පක්‍ෂයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර යන මහත්වරුන් එම පක්‍ෂයේ තනතුරු දැරීම නීති විරෝධී බවට නිගමනය කරනා ලෙස ඉල්ලා රාජ්‍ය ඇමැතිනි ඩයනා ගමගේ මහත්මිය විසින් ගොනුකර ඇති පෙත්සම සම්බන්ධයෙන් විරෝධතා ගොනු කිරීමට කොළඹ ප්‍රධාන දිසා විනිසුරු පූර්ණිමා පරණගම මහත්මිය එම විත්තිකරුවන...