Title
stringlengths
9
246
Content
stringlengths
3
62.9k
"ෂාෆ්ටර් ඝාතනයේ සැකකරුවන් අල්ලන්න CID විමර්ශන – සී.අයි.ඩී.ය කොළඹ අතිරේක මහෙස්ත්‍රාත්ට දැනුම් දෙයි"
"කෝටිපති ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ ඝාතනයට සම්බන්ධ සියලු සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පුළුල් විමර්ශන ආරම්භ කොට ඇතැයි අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (14දා) කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතාට දැනුම් දුන්නේය. දිනේෂ් ෂාෆ්ටර් මහතා භාවිත කළ ජංගම දුරකථනය සම්බන්ධයෙන් අධිකරණයේ නියෝගයෙන් කැඳවූ රස පරීක්‍ෂක ...
"පෙරපාසල් ක්‍රමය හරිආකාරව සිදුවන්නේ නැහැ – ළමා කටයුතු රාජ්‍ය ඇමැතිනී ගීතා කුමාරසිංහ"
"මෙරට පෙරපාසල් ක්‍රමවේදය හරිආකාරව සිදු නොකෙරෙන බව කනගාටුවෙන් වුවද ප්‍රකාශ කරන බව කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය ඇමැතිනී ගීතා කුමාරසිංහ මහත්මිය පාර්ලිමේන්තුවේදී ඊයේ (14දා) කීවාය. දැනට කරගෙන යන මෙම ක්‍රමවේදය තුළ දරුවන්ට ඉදිරි අධ්‍යාපන කටයුතු නිසි ආකාරයෙන් කර ගැනීමට මග පෙන්වීමක් සිදුවන්නේ නැතැයිද විපක්ෂ මන්ත්‍රී හේෂා විතානගේ...
"විදේශිකයන්ට තේ පිළිබඳ සිහිවටනයක්"
"මෙරටට පැමිණෙන විදේශිකයන් ආපසු යන අවස්ථාවේ දී ශ්‍රී ලංකාවේ තේ පිළිබඳ සිහිවටනයක් ගුවන් තොටුපෙළේ දී ලබා දීමට කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා යෝජනාවක් ඉදිරිපත් කර ඇත. සිලෝන් ටී නාමය ලොව ප්‍රචලිත කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා තේ නිෂ්පාදන අඩංගු සිහිවටනයක් මෙරටට පැමිණෙන සෑම සංචාරකයකුටම ලබා දීමට නියමිත වේ....
"අපේ ජනබල පක්ෂයේ සමන් ඇතුළු පස් දෙනා ඝාතනයට ඉන්දියාවේදී ඇල්ලූ අය ගැන දැනුම්දීමක් නැහැ"
"අපේ ජනබල පක්ෂයේ නායක සමන් පෙරේරා ඇතුළු පුද්ගලයන් පස් දෙනකු තංගල්ලේදී වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන පෙළේ සැකකරුවන් දෙදෙනකු ඉන්දීය ආරක්‍ෂක අංශ මගින් අත්අඩංගුවට ගත් බවට කිසිදු ලිඛිත දැනුම්දීමක් මේ වනතුරු තමන් වෙත ලැබී නැති බව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව පවසයි. මෙවැනි අත්අඩංගුවට ගැනීමක් සිදු කළේ නම් ජාත...
"විමර්ශන ආරම්භ කළ පසු ජෙරම්ගේ සමාගම් 6ක විශාල මුදලක් වෝඩ් නිවසක හංගලා"
"ජෙරම් ප්‍රනාන්දු දේවගැතිවරයාට එරෙහිව මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ විමර්ශන ආරම්භ කිරීමෙන් පසුව ඔහු අධ්‍යක්ෂ ධුර දැරූ සමාගම් හයක තිබූ විශාල මුදල් ප්‍රමාණයක් ඉවත් කරගෙන වෝඩ් පෙදෙසේ පිහිටි නිවසක සඟවා තබාගෙන ඇති බවට තොරතුරු ලැබී ඇතැයි ඇල්ලේ ගුණවංශ හිමියන් ඇතුළු පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීති...
"රුසියානු – යුක්රේන යුද්ධයෙන් ශ්‍රී ලාංකික 11ක් මියගිහින්!"
"රුසියානු – යුක්රේන යුද්ධයෙන් මේ වනවිට ශ්‍රී ලාංකිකයන් 11 දෙනකු මියගොස් ඇතැයි දැනට අනාවරණය වී තිබේ. මෙම යුද්ධයට කුලී හේවායන් ලෙස ශ්‍රී ලාංකිකයන් බඳවා ගැනීමට මූලිකත්වය ගෙන කටයුතු කර ඇත්තේ ජාත්‍යන්තර සහ ශ්‍රී ලාංකික තැරැව්කරුවන් පිරිසක් බව ද, ව්‍යාජ පොරොන්දු දී ඔවුන් රුසියානු – යුක්රේන යුද්ධයට ශ්‍රී ලාංකිකයන් බඳවාගෙන ඇති...
"වීසා නාඩගම නිසා මේ වසරේදී ඩොලර් මිලියන 30ක් රජයට අහිමි වෙනවා"
"ඉන්දියානු වීසා නාඩගම නිසා මේ වසරේදී රජයට ඩොලර් මිලියන තිහක් අහිමි වෙනවා යැයි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා ඊයේ පැවසීය. මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කරමින් ඔහු මේ බව සඳහන් කළේය. හෙතෙම මෙසේද කීවේය. GBS හා IVS යන ඉන්දියානු වීසා සමාගම් දෙකට ලංකාවට එන සංචාරකයන් හට අන්තර්ජාල වීසා (Online Visa) සහ...
"මහින්ද කියන හැටියට වැඩ කරනවද? ලංවිම විකුණනවද ?"
"රාජ්‍ය දේපළ පෞද්ගලික අංශයට විකිණීමෙන් වළකින ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නිවේදනයක් නිකුත් කර ඇති බැවින් විදුලබල මණ්ඩලය සම්බන්ධයෙන් ගන්නා ක්‍රියාමාර්ග නතර කරන්නේ දැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක, ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විදුලි බල හා බල ශක්ති ඇමැති කංචන විජේසේකර මහතාගෙන් ඊයේ (13දා) පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කළේය. ...
"රුසියානු හමුදා කුලී සෙබළුන් බිල්ලට දෙනවා – යුක්රේනය කියයි"
"රුසියානු හමුදා තමන්ගේ හමුදාවට බඳවාගත් කුලී සොල්දාදුවන් පාවිච්චි කරන්නේ ‘බිල්ලක්’ ලෙස බව යුක්රේන මාධ්‍ය කියයි. නේපාලය, සෝමාලියාව, ඉන්දියාව මෙන්ම කියුබාවොන් ද මෙලෙස කුලී සොල්දාදුවන් වැඩි වශයෙන් බඳවාගෙන ඇත. ශ්‍රී ලංකාවෙන් රුසියානු හමුදාවට බැඳුණු පිරිස් ගැන මෙරට ආරක්ෂක අමාත්‍යාංශය වෙනම පරීක්ෂණයක් පවත්වයි. රුසියානු හමුදාවට...
"දියත උයන ළඟ අනධ්‍යයන උද්ඝෝෂණයට ජල ප්‍රහාර"
"බත්තරමුල්ල දියත උයන ඉදිරිපිට උද්ඝෝෂණයක නිරතව සිටි විශ්වවිද්‍යාල අනධ්‍යයන කාර්ය මණ්ඩල සේවකයන් විසුරුවා හැරීමට පොලිසිය ඊයේ (13දා) දහවල් ජල ප්‍රහාරයක් එල්ල කළේය. වසර අටක් තිස්සේ පවතින වැටුප් ගැටලුව හා මාසික හිලව් දීමනාව ඇතුළු ගැටලු කිහිපයක් මුල්කරගෙන දින 12ක් තිස්සේ වැඩවර්ජනයක නිරතව සිටින විශ්වවිද්‍යාල අනධ්‍යයන කාර්ය මණ්...
"විජයදාසට කීර්තිට බාධා එපා!"
"ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස විධායක සභා රැස්වීමේදී තේරී පත්වූ ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ, වැඩබලන ලේකම් නීතිඥ කීර්ති උඩවත්ත යන මහත්වරුන්ට හා පක්ෂයේ දේශපාලන මණ්ඩලයට එම පක්ෂයේ කටයුතු ඉදිරියට පවත්වාගෙන යෑමට බාධා කිරීම වළක්වමින් කඩුවෙල දිසා විනිසුරු දුලානි වික්‍රමසූරිය මහත්මිය ඊයේ (13දා) වාරණ නියෝගයක්...
"ණය ප්‍රතිව්‍යුහගත කළ පසු රජයේ ණය ගෙවීම අමාරු නෑ"
"ණය ප්‍රතිව්‍යුහගත කිරීමෙන් පසුව රජයේ ණය ගෙවාගෙන යෑම රජයට අපහසු නොවන බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි. ප්‍රතිව්‍යුහගත කරන්න කලින් විදේශ විනිමය ණය දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස සියයට 9.2 ක් පමණ තිබුණ බවත් ණය ප්‍රතිව්‍යුහගත කිරීමෙන් පසුව එම ප්‍රමාණය දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස සියයට 4...
"විජයදාස පක්ෂ මූලස්ථානයට යන්නේ නීත්‍යනුකූල අවසරයෙන්"
"ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ මහතා පත් වූයෙන් එම තනතුරේ කටයුතු කිරීම සඳහා ඉබ්බන්වල පක්ෂ මූලස්ථානයට පැමිණෙන්නේ නීත්‍යනුකූල අවසරයකින් යැයි එම පක්ෂයේ වැඩබලන මහ ලේකම් ලෙස පත්වූ නීතිඥ කීර්ති උඩවත්ත මහතා පැවසීය. හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිත්වය...
"පිළිකාවට අත වනන පුස් කාපු ධාන්‍ය – කුළුබඩු කෑමට ගන්න එපා"
"උග්‍ර පිළිකා කාරක දිලීරයක් අඩංගු වීම හේතුවෙන් වෙළෙඳපොලෙන් මිලදී ගන්නා හෝ නිවසේ ගබඩා කර ඇති පුස් බැඳුණු ධාන්‍ය වර්ග හා කුළුබඩු ආහාරයට ගැනීමෙන් වැළකිය යුතු බව මහජන සෞඛ්‍ය පරීක්ෂක ආර්.එම්. සඳුන් හේමන්ත රත්නායක මහතා පවසයි. අප දෛනිකව ආහාරයට ගන්නා සහල්, මිරිස්, සූදුරු, මාදුරු, කොත්තමල්ලි, පොල් තෙල් සහ පොල් මෙන්ම රටකජු, බඩඉර...
"විශේෂ පුහුණුවක් ලැබූ නිලධාරීන්ටත් හමුදාවෙන් ඉවත් වෙන්න ඉඩ දෙන්න – සජිත් මැති සබයේදී ඉල්ලයි"
"සේවයට වාර්තා නොකර සිටින විශේෂිත පුහුණුවක් ලැබූ හමුදා නිලධාරීන්ට මුදල් ගෙවා සේවය අවසන් කිරීමට අවස්ථාව ලබා දෙන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (13දා) ආණ්ඩුවෙන් ඉල්ලා සිටියේය. සක්‍රීය සේවයේ නිරත වීමට නියමිත වුවත් සේවයට වාර්තා නොකරන ත්‍රිවිධ හමුදා නිලධාරීන්ට සේවයෙන් ඉවත් වීමට පසුගිය අප්‍රේල් 20 ස...
"සේනක බටගොඩට පැනවූ වාරණය ලබන 18 තෙක් දික් කරයි"
"තනු නිර්මාණය, සංගීත සංකල්පය හා ඒකාබද්ධ ගීත රචනය කළ ශිල්පියාට ගීත රචනය කළ ශිල්පියාට බුද්ධිමය දේපළ පනත යටතේ ගෙවිය යුතු ගාස්තු නොගෙවූ යැයි ගායන ශිල්පී සේනක බටගොට මහතාට ඔහු ගායනා කළ ජනප්‍රිය ගීත හතක් ගායනා කිරීම වළක්වමින් පනවා තිබූ වාරණ නියෝගය ලබන 18 වැනිදා දක්වා තවදුරටත් දීර්ඝ කිරීමට කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරු ප්‍රියන්...
"ගමේ ප්‍රශ්න සරලව බේරාගන්න සාධාරණ සුදුසු ක්‍රමයක් හදනවා"
"ජාතික ජන බලවේගය ලෙස අපි කල්පනා කරනවා මේ තිබෙන නීති රාමුව වෙනස් විය යුතුයි කියලා. එපමණක් නොවෙයි අපේ ආණ්ඩුක්‍රමයක් යටතේ අලු‍ත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකුත් සකස් කරනවා. අපි බලයට ආ විගසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ඉදිරිපත් කිරීමට අපහසුයි. ඒ නිසා පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ ටික දුරක් යා යුතු වෙනවා. ඒ යද්දී මේ නීති රාමුව ඇත...
"සා/පෙළ විභාගයට නිර්දේශයේ නැති ප්‍රශ්න හා පිළිතුරක් නැති ප්‍රශ්නවලින් දරුවන්ට ලකුණු 12ක් අහිමි වෙනවා"
"මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගයේ විද්‍යාව විෂය සඳහා ඉවත් කර තිබූ විෂය නිර්දේශයේ කොටස්වලින් ප්‍රශ්න තිබීම සහ නිවැරදි පිළිතුරක් දිය නොහැකි ප්‍රශ්න තිබීම නිසා දරුවන්ට ලකුණු 12ක් අහිමිවන බව සමගි ජන බලවේගය මාතලේ දිස්ත්‍රික් මන්ත්‍රීනි රෝහිණී කවිරත්න මහත්මිය පාර්ලිමේන්තුවේදී ඊයේ (13දා) පැවසූවාය. ඊට අමතරව ඉංග්‍රීසි ප්‍රශ්න පත්...
"කොටහේනේ තරුණයන් 11ක් අතුරුදන් වී වසර 15යි"
"කප්පම් ලබාගැනීමේ අරමුණින් සුදු වෑන් භාවිත කරමින් කොටහේන හා කොළඹ තදාසන්න ප්‍රදේශවලදී තරුණයන් ඇතුළු 11දෙනකු පැහැරගෙන ගොස් ඝාතනය කොට මේ වනවිට වසර 15කට ආසන්න කාලයක් ගතවී ඇතත් ඝාතනයට ලක්වූ අයගේ පවුල්වල සාමාජිකයන්ට මෙතෙක් යුක්තිය ඉටුවී නැතැයි අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ නුවන් බෝපගේ මහතා ඊයේ (13දා) අභියාචනාධ...
"රුසියානු සහ යුක්‍රේන යුද්ධයට ගිය අය ගෙන්වා ගැනීමට කටයුතු කරනවා"
"රුසියානු සහ යුක්‍රේන යුද්ධයට මෙරටින් ගොස් සිටින පුද්ගලයන් නැවත ගෙන්වා ගැනීමට කටයුතු කරන අතරේ ඔවුන් යැවූ ජාවාරම්කරුවන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව ආරක්ෂක රාජ්‍ය ඇමැති ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (13දා) පැවසීය. ඒ සම්බන්ධයෙන් විපක්ෂ නායකවරයා විසින් මතු කළ කරුණකට පිළිතුරු දෙමින් රාජ්‍ය ඇමැතිව...
"අල්ලස් චෝදනා 4කට වරදකරු වූ කම්කරු නිලධාරියාගේ ඇපෑල ඉවතට"
"අල්ලස් ඉල්ලා සිටීම හා අල්ලස් ලබාගැනීම ඇතුළු චෝදනා හතරකට වරදකරු කර කොළඹ මහාධිකරණය විසින් මාතර දිස්ත්‍රික් කම්කරු නිලධාරියකුට නියම කර තිබූ සිරදඬුවම් හා දඩ නියෝග තහවුරු කරමින් නියෝගයක් නිකුත් කළ අභියාචනාධිකරණය කම්කරු නිලධාරියාගේ අභියාචනා පෙත්සම නිශ්ප්‍රභ කළේය. අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙනුවෙන් පෙනී සිටි සහකාර ...
"නිදහස් වෙළෙඳ ගිවිසුම් ගැන සාකච්ඡා කරන නියෝජිතයාගේ කාර්ය මණ්ඩලයේ ඉන්නේ දෙන්නයි"
"විදෙස් රටවල් සමග ඇති කර ගන්නා නිදහස් වෙළෙඳ ගිවිසුම් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට පත් කර ඇති ප්‍රධාන නියෝජිතයාට ඉන්නේ කාර්ය මණ්ඩල සාමාජිකයන් දෙදෙනකු පමණක් යැයි මුදල් කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (13 දා) පැවසීය. එම දෙදෙනා සමග තමන් රාජකාරි කටයුතු කරන්නේ කෙසේ දැයි තමා මුදල් කාරක සභාවෙන් ව...
"විද්‍යා ප්‍රශ්න පත්‍රයේ ගැටලුවක් හෙළි වුණොත් සිසුන්ට අසාධාරණයක් කරන්නේ නෑ"
"අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විද්‍යා ප්‍රශ්න පත්‍රයේ විෂය පථයෙන් බාහිර ප්‍රශ්න තිබූ බවට එල්ලවන චෝදනාව සම්බන්ධයෙන් විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා මෙසේ කියා සිටී. අ.පො.ස. (සා.පෙළ) විභාගය ඇතුළුව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව මඟින් පවත්වනු ලබන ඕනෑම විභාගයක ලකුණු දීමේ පටිපාටිය සකස් කිරීමේදී ප්‍රශ්න ප...
"විදුලි පනත :පෙත්සම් 12 නිගමනය කථානායකට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කරයි"
"පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති විදුලි පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් සමගි ජනබලවේගය පක්ෂයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා ඇතුළු පාර්ශ්ව 12ක් ගොනු කර තිබූ විශේෂ පෙත්සම් 12ක් සම්න්ධයෙන් තම අධිකරණයේ නිගමනය කඩිනමින් කථානායකවරයා වෙත නිකුත් කරන බව ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (13දා) නිවේදනය කළේය. මේ වනවිට පාර්ලිමේන්තුවේ න්‍යාය ...
"19 වන එක්සත් ජාතීන්ගේ වෙසක් සැමරුම් උත්සවය 19 හා 20 දිනවල තායිලන්තයේදී"
"එක්සත් ජාතීන්ගේ 19 වැනි වෙසක් සැමරුම් උත්සවය මෙවර ද තායිලන්තයේදී පැවැත්වීමට වෙසක් දිනය සඳහා වූ ජාත්‍යන්තර බෞද්ධ සංගමය මේ වනවිට සියලු කටයුතු සූදානම් කර ඇත. මැයි මස 19 දා අයුක්තයා හි මහචුලලෝංකොනර්රාජ් විශ්වවිද්‍යාලයේ (MCU) ශ්‍රවණාගාරයේ දී ද 20දා බැංකොක් හි එක්සත් ජාතීන්ගේ සම්මන්ත්‍රණ මධ්‍යස්ථානයේදී මෙය පැවැත්වේ. වෙසක් ද...
"යුද්ධයට සෙබළුන් යැවූ මිනිස් ජාවාරම ගැන පැමිණිලි 181ක්"
"රුසියානු – යුක්රේන යුද්ධයට නීති විරෝධී ලෙස ශ්‍රී ලාංකික ත්‍රිවිධ හමුදාවේ විශ්‍රාමිකයන් යෙදවීමේ මිනිස් ජාවාරම් සම්බන්ධයෙන් තොරතුරු ලබාදීම සඳහා ආරක්ෂක අමාත්‍යාංශය හඳුන්වා දුන් දුරකථන අංකයට ඊයේ (13දා) දහවල් වනවිට පැමිණිලි 181ක් ලැබී ඇත. එම යුද්ධයේදී ආරක්ෂක සාමාජිකයන් 8 දෙනකු මියගොස් ඇති බවට වාර්තා වුවත් එය නිල වශයෙන් වාර...
"මේරියස් පීරිස් සහායක විශ්‍රාමික රදගුරුතුමන් ස්වර්ගස්ථ වෙයි"
"කොළඹ අගරදගුරු පදවි විශ්‍රාමික අති උතුම් මේරියස් පීරිස් සහයක රදගුරුතුමන් ස්වර්ගස්ථ වී තිබේ. 1941 ඔක්තෝම්බර් 11 වැනිදා මොරටුව කටුකුරුන්දේදී උපත ලද මේරියස් සහයක රදගුරුතුමන් ස්වර්ගස්ථ වනවිට 83 වැනි වියේ පසුවිය. රදගුරුතුමෙකු වීමට පෙර අම්පිටිය ජාතික දෙව්සත්හලේ අදියුරු පියතුමන් ලෙසද කටයුතු කළහ. එතුමන් කොළඹ හැව්ලොක්ටවුන් හි න...
"පාර්ලිමේන්තුව – රාජ්‍ය ව්‍යවසායකයන්ට ජාත්‍යන්තරයට මුහුණ දිය හැකි ලෙසින් නීතියක් ගෙන එනවා"
"රාජ්‍ය ව්‍යවසායයන් ලාභදායීව, තරගකාරීව හා ජාත්‍යන්තරයට මුහුණ දිය හැකි ආකාරයේ ක්‍රමවේදයකට ලක්කිරීමට අවශ්‍ය නීති ළඟදීම ගෙනඑන බව මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා ඊයේ (13දා) පාර්ලිමේන්තුවේදී පැවසීය. මුදල් අමාත්‍යාංශය යටතේ නිකුත් කළ ඇතැම් නිවේදන කිහිපයක් අනුමත කරගැනීම සඳහා ඊයේ පාර්ලිමේන්තුවේ පැවැති සභාවේදී රාජ්‍ය ...
"ඩැට් ප්‍රමාදයට විරෝධය: සබරගමුවේ රෝහල් අද පැය 4ක් වර්ජනයේ"
"සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට ආර්ථික යුක්තිය ඉටුකිරීම (ඩැට් දීමනාව) ප්‍රමාද කිරීමට විරෝධය පළ කරමින් අද (14දා) සබරගමු පළාතේ රෝහල් සහ සියලු සෞඛ්‍ය ආයතනවල උදෑසන 8.00 සිට දහවල් 12.00 දක්වා සංකේත වැඩවර්ජනයක යෙදෙන බව සෞඛ්‍ය වෘත්තීය සමිති 72කින් සමන්විත වෘත්තීය සමිති සන්ධානය පවසයි. සෞඛ්‍ය සහ මුදල් අමාත්‍යාංශ සමග පසුගිය අප්‍රේල් මස පැ...
"පදිංචිය මාරු කරමින් අපරාධ කරනවාද සොයන්න තාවකාලික පදිංචිකරුවන්ගේ තොරතුරු රැස් කරයි"
"දිවයින පුරා විවිධ ආකාරයේ අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ පුද්ගලයන් ස්ථිර පදිංචි පොලිස් වසම්වලින් බැහැරව කුලී නිවාස සහ කුලී කාමරවල රැඳී සිටිමින් නීති විරෝධී කටයුතුවල නිරත වන බවට නිරීක්ෂණය වී ඇත. මේ සම්බන්ධයෙන් පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් පරිදි 2024.05.11 සහ 12 යන දෙදින තුළ පොලිස් ආඥා පනතේ 76 වගන්...
"මෛත්‍රී ඉවත්වෙයි – මම දැන් සභාපති – විජයදාස කියයි"
"ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ලෙස අධිකරණ බන්ධනාගාර හා නීති ප්‍රතිසංස්කරණ ඇමැති ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා ඊයේ (12දා) පත්කර ඇත. එම පක්ෂයේ සභාපති ලෙස කටයුතු කළ මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කෝට්ටේදී රැස්වූ මෛත්‍රිපාල සිරිසේන මහතාගේ පාර්ශ්වයේ විධායක සභාව විසින් මෙම පත්කර ගැනීම සිදුකර තිබේ. ඊය...
"අහසින් පොළොවට"
"නෙළුම් කුලුන මත සිට ඊයේ (12 දා) විදේශිකයෝ 35 දෙනෙක් පැරෂුට් ආධාරයෙන් උඩු ගුවනේ සිය වික්‍රමය සාර්ථකව විදහා පෑහ. පැවති අයහපත් කාලගුණ තත්ත්වය යටතේ වුව ද එම පිරිස සිය දක්ෂතා මැනවින් නෙළුම් කුලුන අහස්ගැබේ දැක්වූයේ නරඹන්නන්ගේ ප්‍රීති ඝෝෂා මධ්‍යයේය. එක් පැරෂුට් තරුණයෙක් පමණක් බිමට පතිතවීමේදී සුළු ආබාධයකට ලක් විය. ජපන් ජාතික ...
"රුසියානු-යුක්රේන යුද්ධයට හමුදා විශ්‍රාමිකයන් යවන – මිනිස් ජාවාරම ගැන පැමිණිලි 151 ක්"
"රුසියානු – යුක්රේන යුද්ධයට නීතිවිරෝධී ලෙස ශ්‍රී ලාංකික ත්‍රිවිධ හමුදාවේ විශ්‍රාමිකයන් යෙදවීමේ මිනිස් ජාවාරම සම්බන්ධයෙන් තොරතුරු ලබාදීම සඳහා ආරක්‍ෂක අමාත්‍යාංශය හඳුන්වාදුන් දුරකථන අංකයට ඊයේ (12දා) දහවල් වනවිට පැමිණිලි 151ක් ලැබී ඇත. 0112441146 යන දුරකථන අංකයට තොරතුරු ලබාදෙන ලෙස ආරක්‍ෂක අමාත්‍යාංශය පසුගිය බ්‍රහස්පතින්දා...
"කාන්තාවන් සවිබල ගන්වන පනත් කෙටුම්පත් ජුනි මස පාර්ලිමේන්තුවට"
"ආර්ථික අර්බුදය පැවැති සමයේ කාන්තාවන් සිය පවුල රැකගැනීම සඳහා මුහුණ දුන් අභියෝග පිළිබඳව තමන් හොඳින් දැනුවත් බවත්, ආර්ථික අර්බුදයෙන් මිදුණු පළමු අවස්ථාවේදීම කාන්තාවන් සවිබල ගැන්වීම සඳහා රජය විසින් පනත් කෙටුම්පත් දෙකක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය. අදාළ පනත් කෙටුම්පත් එළැඹෙන...
"ලබන වසරේ ආර්ථික වර්ධන වේගය ඉහළ යෑමට සමගාමීව රාජ්‍ය සේවක වැටුප් වැඩි කරනවා"
"2025 වසරේ දී මෙරට ආර්ථික වර්ධන වේගය 3%ක් දක්වා වර්ධනය වනු ඇතැයි තමන් අපේක්ෂා කරන බවත් ඊට සමගාමීව රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමට පියවර ගන්නා බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ජනාධිපතිවරයා මේ බව පැවසුවේ රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය විසින් ඊයේ (12දා) පෙරවරුවේ අරලියගහ මන්දිරයේදී සංවිධානය කර තිබූ ජාත්‍යන්තර...
"ජාඇල සුපිරි නිවසක කුණු ආහාර ගබඩාවට සීල් තබයි"
"මහජනතාවගෙන් ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී වෙළෙඳපොළට බෙදාහැරීම සඳහා සූදානම් කර තිබූ මිනිස් පරිභෝජනයට නුසුදුසු නරක් වී ගිය ආහාර ද්‍රව්‍ය තොගයක් කඳාන පියෝ මාවතේ ව්‍යාපාරිකයකුට අයත් සුපිරි නිවසක ගබඩා කර තිබියදී අත්අඩංගුවට ගෙන මුද්‍රා තැබූ බව ජාඇල මහජන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි. මෙසේ අත්අඩංගුවට ගෙන මුද්‍රා තැබ...
""නව පුනරුද යුගයක් ඇති නොකළහොත්, මේ ගසාගෙන යන ගඟේම කඩදාසි ඔරු පා කර යවමින් සිටිය හැකියි""
"මැතිවරණ ජයග්‍රහණ පිළිබඳව කාට හෝ යම් කිසි දෙගිඩියාවක් තිබුණේ නම්, අද මේ සමුළුවෙන් පවා සනාථ කර තිබෙන්නේ එහි කිසිදු සැකයක් නැති බවයි. ඔබ මෙතැනට පැමිණීමේදී අප කෙරෙහි තැබූ විශ්වාසය කිසිසේත්ම පළුදු වෙන්න ඉඩ නොදෙන බවට සහතික වෙනවා. මේ සභාවේ මට බොහෝ සමීපකමක් තිබෙනවා. ඇමැතිවරයකු ලෙස කටයුතු කළ කෙටි කාලය තුළ සමීප වූ බොහෝ පිරිසක්,...
"යුද්ධයෙන් මියගිය අය සමරා උතුරේ ‘මුල්ලිවයික්කාල් සතිය’ ඇරැඹේ"
"යුද්ධයෙන් මියගිය පිරිස සැමරීමේ මුල්ලිවයික්කාල් සතිය යාපනය විශ්වවිද්‍යාලය හා තවත් සංවිධාන කීපයක් විසින් 11 දා සිට ආරම්භ කොට තිබේ. යුද්ධයෙන් මියගිය පිරිස සමරා ඔවුන්ට පින් අනුමෝදන් කරවීම පිණිස ලේ දන්දීමේ ව්‍යාපාරයක් යාපනය විශ්වවිද්‍යාලයේදී සංවිධානය කොට තිබුණි. ඊට අමතරව මුල්ලිවයිකාල් කැඳ බෙදා දීමේ උත්සව උතුරේ සෑම ප්‍රදේශය...
"නාරම්මල ඕ.අයි.සී. ළමයින් අරන් ගිහින් බොරුවට නඩු දමනවා"
"යුක්තියේ මෙහෙයුමට මුවාවී ඇතැම් පොලිස් ස්ථානාධිපතිවරුන් අත්තනෝමතිකව සිය බලය පාවිච්චි කර ජනතාව පෙළන තත්ත්වයක් මතුව ඇතැයි ද නාරම්මල පොලිසියේ ස්ථානාධිපතිවරයාගේ පහත් ක්‍රියාකලාප ඊට නිදසුනක් බවද සිකුරාදා පාර්ලිමේන්තුවේදී කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි සමන්ප්‍රිය හේරත් මහතා කළ ප්‍රකාශය සෙනසුරාදා අප පත්‍රයේ මුල් ප...
"සා.පෙළ ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රය – වට්ස්ඇප් දැමූ කටුගස්තොට ටියුෂන් සර් අත්අඩංගුවට"
"අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රය වට්ස්ඇප් සමූහය වෙත මුදාහැරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මහනුවර කටුගස්තොට ප්‍රදේශයේ උපකාරක පන්ති ගුරුවරයකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන ඒකකය මගින් ඊයේ (12දා) පෙරවරුවේ අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකරු 61 හැවිරිදි පුද්ගලයකු වන අතර ඔහු...
"බුද්ධ දේශනාව සහ කෘතිම බුද්ධිය අතර සම්බන්ධතාව සොයන පර්යේෂණවලට බිලියනයක් වෙන් කරනවා"
"බුද්ධ දේශනාව සහ කෘතිම බුද්ධිය අතර තිබෙන සම්බන්ධතාව පිළිබඳ පර්යේෂණ කටයුතු වෙනුවෙන් ලබන වසරේදී රුපියල් බිලියනයක් වෙන් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. බුද්ධ දේශනාව සහ කෘත්‍රීම බුද්ධිය පිළිබඳ පර්යේෂණ කටයුතු මෙම වසරේදී ආරම්භ කිරීමට අපේක්ෂා කළ ද කෘත්‍රීම බුද්ධිය පාලනයට අවශ්‍ය නීති මෙතෙක් ඉදිරිපත් කර නොමැති බැ...
"මියන්මාරයෙන් නිදහස ලැබූ ධීවරයෝ 15ක් ගුවනින් දිවයිනට"
"මියන්මාර වෙරළ ආරක්ෂක බළකායේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන එරට බන්ධනාගාරවල රඳවා සිටි ශ්‍රී ලාංකික ධීවරයන් 15 දෙනකු පෙරේදා (11 දා) අලුයම ඒවායින් නිදහස් කර කටුනායක ගුවන් තොටුපළ වෙත එවා තිබූ අතර ඔවුන් තැනැත්තන් වෙළෙඳාම, ජාවාරම් විමර්ශන සහ සමුද්‍රීය අපරාධ විමර්ශන කොට්ඨාසයේ කටුනායක ගුවන් තොටුපළ නිලධාරීන් විසින් අත්අඩංගුවට...
"මියන්මාරයෙන් නිදහස ලැබූ ධීවරයෝ 15ක් ගුවනින් දිවයිනට"
"මියන්මාර වෙරළ ආරක්ෂක බළකායේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන එරට බන්ධනාගාරවල රඳවා සිටි ශ්‍රී ලාංකික ධීවරයන් 15 දෙනකු පෙරේදා (11 දා) අලුයම ඒවායින් නිදහස් කර කටුනායක ගුවන් තොටුපළ වෙත එවා තිබූ අතර ඔවුන් තැනැත්තන් වෙළෙඳාම, ජාවාරම් විමර්ශන සහ සමුද්‍රීය අපරාධ විමර්ශන කොට්ඨාසයේ කටුනායක ගුවන් තොටුපළ නිලධාරීන් විසින් අත්අඩංගුවට...
"ඇද හැලුණු මහ වැසි නිසා කොළඹ තැන තැන ඊයේ යටවී තිබූ අයුරු"
"පින්තූර – තුෂාර අතපත්තු "
"සා.පෙළ විභාගයේදී සිසුන්ට දෙවිදිහකට සැලකූ ශාලාධිපති සේවයෙන් දොට්ට"
"වවුනියාව අධ්‍යාපන කලාපයේ විභාග මධ්‍යස්ථානයකදී අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාග අපේක්ෂකයන්ගෙන් කීප දෙනකුට ප්‍රශ්න පත්‍රයක් විනාඩි කීපයකට පෙර බෙදා දීමේ හා තවත් සිසුන් පිරිසකගේ පිළිතුරු පත් නියමිත කාලයට වඩා පැය භාගයකට පෙර එකතු කළ විභාග ශාලාධිපතිවරයකුගේ සේවය 11 දා තහනම් කොට තිබේ. මෙම සිද්ධිය සම්බන්ධයෙන් ලැබුණු පැමිණිලි කීපයක් ප...
"අතුරු තහනම බලරහිත කරන්නැයි මෛත්‍රීගෙන් අභියාචනා පෙත්සමක්"
"තමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරයේ කටයුතු කිරීම වළකාලමින් කොළඹ දිසා අධිකරණය විසින් පසුගිය 24 වැනිදා නිකුත් කළ අතුරු තහනම් නියෝගය බලරහිත කරන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා බස්නාහිර පළාත්බද සිවිල් අභියාචනා මහාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කළේය. නීතිඥ ජයමුදිතා ජයසූරිය මහත්මිය මඟින් ගොනු කළ එම අභියාච...
"නව රජයක් පිහිටුවන තුරු රජයේ වත්කම් සහ ව්‍යාපාර විකුණා දැමීම අත්හිටුවන්න- හිටපු ජනපති මහින්ද රාජපක්‍ෂ"
"ඉදිරි ජනාධිපතිවරණයෙන් පසු නව රජයක් පිහිටුවන තුරු රජය සතු වත්කම් හෝ ව්‍යාපාර විකුණා දැමීමට ගෙන ඇති සියලු පියවර අත්හිටුවිය යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා නිවේදනය කර සිටී. රජය සතු වත්කම් සහ ව්‍යාපාර විකිණීම මැයෙන් හිටපු ජනපතිවරයා කළ නිවේදනයේ මෙලෙස සඳහන් වේ. රජයට අයත් ඇතැම් වත්කම් ස...
"යුද හමුදාව – ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය එක්ව කෘත්‍රිම අත් පා නිෂ්පාදන වැඩසටහනක්"
"ශ්‍රී ලංකා යුද හමුදාව, ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය සමඟ ද්වීපාර්ශ්වික සහයෝගිතාවයෙන් රාගම රණවිරු සෙවණ යුද හමුදා පුනරුත්ථාපන මධ්‍යස්ථානයේදී කෘත්‍රිම අත්පා නිෂ්පාදනය කිරීමේ වැඩසටහනක් ආරම්භ කරන ලදී. මෙම වැඩසටහන මඟින් දෙරටෙහි සුහදතාවය සහ සහයෝගිතාවය වර්ධන කිරීම සඳහා ජාතීන් දෙකෙහිම කැපවීම අවධාරණය කරයි. එමඟින් ශ්...
"සජිත්ගේ සක්වල වැඩසටහනේ 182වැනි ස්මාර්ට් පන්ති කාමරය ඇතිමලේට"
"සමඟි ජනබලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සක්වල වැඩසටහන යටතේ 182 වෙනි ස්මාර්ට් පන්ති කාමරය ඉකුත් (11) වෙනිදා සියඹලාණ්ඩුව ඇතිමලේ මහා විද්‍යාලයේදී විවෘත කෙරිණි. මෙම අවස්ථාවට පා.ම. රංජිත් මද්දුමබණ්ඩාර හිටපු ඌව පළාත් සභා මන්ත්‍රී ජයසිංහ බණ්ඩාර මොනරාගල කලාප අධ්‍යාපන අධ්‍යක්ෂිකා එම්.කේ. සමීරා හර්ෂණී, ඇතිමලේ මහා...
"කෙහෙළියට මිනීමැරුම් නඩු"
"ප්‍රමිතියෙන් තොර ඖෂධ අහිංසක රෝගීන් වෙත ලබාදී ඔවුන්ගේ ජීවිත අනාරක්ෂිත තත්ත්වයට පත්කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන පවත්වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු සැකකරුවන්ට එරෙහිව මිනීමැරුම් චෝදනා යටතේ නඩු පැවරීමට කටයුතු කරමින් සිටියි. මෙම සැකකරුවන් විසින් සිදුකර ඇතැයි කියන අපරාධය ...
"මාසික වියදම ලක්ෂයත් පනී"
"උද්ධමනය හේතුවෙන් මෙරට එක් පවුලක් සඳහා මාසික පරිභෝජන වියදම 2022 වර්ෂයට සාපේක්ෂව 2023 වර්ෂයේ දී රුපියල් 103,283 දක්වා සියයට 16.5කින් ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කර ඇති වාර්ෂික ආර්ථික විවරණ වාර්තාවේ සඳහන් වේ. ජාතික පාරිභෝගික මිල දර්ශකය පදනම්ව මෙරට එක් පවුලක් සඳහා 2022 වර්ෂයේ මාසික පරිභෝජන වියදම රුප...
"මහ බැංකු සේවක ඊපීඑෆ් පොලිය හෙල්ලෙයි"
"ශ්‍රී ලංකා මහ බැංකු සේවකයන්ගේ අර්ථසාධක අරමුදල සඳහා භාණ්ඩාගාර බිල්පත් මත පොලිය ගෙවීමේ ක්‍රමවේදය වෙනුවට එම අරමුදල උපයන මුදල අනුව ප්‍රතිලාභ ගෙවීමේ ක්‍රමවේදයට ප්‍රතිලාභ ගෙවීමේ ක්‍රමවේදය වෙනස් කර ඇතැයි මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි. එම නව ක්‍රමවේදය මේ වසරේ (2024) සිට ක්‍රියාත්මක වන බවද හෙතෙම කියයි. කෙස...
"අධ්‍යයනයක් නැති අනධ්‍යයන"
"දිවයින පුරා පිහිටි රජයේ විශ්වවිද්‍යාලවල අනධ්‍යයන කාර්ය මණ්ඩල සිය වෘත්තීය ඉල්ලීම් ගණනාවක් මුල්කර ගෙන කොළඹ, වෝඩ් පෙදෙසේ පිහිටි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම ඉදිරියේ උද්ඝෝෂණයක නිරත වූ අයුරු සහ පොලිසිය විසින් ඊට එරෙහිව ලබාගත් අධිකරණ නියෝගය ප්‍රකාශයට පත්කරන ලද අයුරු. ඡායාරූපය – නිශාන් එස්. ප්‍රියන්ත"
"පොලිසියේ සාක්කු බලයි"
"පොලිස් නිලධාරීන් අයුතු සහගතව මුදල් ලබාගැනීමට පෙළඹෙන නිසා ඔවුන් අදාළ පොලිසියේ සිට රාජකාරි වාර්තා කිරීමට යද්දී තමාගේ පසුම්බියේ තිබෙන මුදල පිළිබඳව රාජකාරි පොතේ සටහන් කළ යුතුව ඇතැයි පොලිස් මූලස්ථානය කියයි. මෑතක දී සිට ඇතැම් පොලිස් නිලධාරීන් විසින් පුද්ගලයන් ගෙන් රුපියල් ලක්‍ෂ ගණන් මුදල් අල්ලස් සහ කප්පම් වශයෙන් ලබාගැනීමේ ස...
"බැසිල් සටනට බසී"
"රට වෙනුවෙන් ඕනෑම පුද්ගලයකු සමග එක්ව කටයුතු කිරීමට මෙන්ම වෙන්ව කටයුතු කිරීමට ද සූදානම් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්‍ෂ මහතා පැවැසීය. ඒ මහතා ඒ පිළිබඳව සඳහන් කර සිටියේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික මැතිවරණ මෙහෙයුම් කාර්යාලය සිකුරාදා (10දා) විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් මාධ්‍ය වෙත අදහස් දක්වමිනි....
"සිරිපාලත් අර්බුදයක"
"ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන සභාපති ලෙස ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා පත් කිරීම පිළිබඳව මේ වනවිට එම පාර්ශ්වයෙන්ම අර්බුදකාරී තත්ත්වයක් හටගෙන ඇතැයි නිදහස් පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි. නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරයකු එම ධුරයෙහි කටයුතු කිරීමට බලාපොරොත්තුවෙන් සිටීම නිසා මෙම අර්බුදය හටගෙන ඇති බවද එම ...
"සජබ ගෙන් ගෙට"
"සමගි ජන බලවේගය ගෙන් ගෙට ගොස් සාමාජික ප්‍රවර්ධනය වැඩසටහනක් ලබන මස සිට ක්‍රියාත්මක කරන බව එහි මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට පැවසීය. ඒ යටතේ නව සාමාජිකයන් ලක්ෂ 20ක්වත් පක්ෂයට බඳවා ගැනීමට අපේක්ෂා කරන බවද කී ඒ මහතා මෙහි මූලික අදියරක් මොනරාගලින් ආරම්භ කළ බව ද කීය. අකිත පෙරේරා"
"නිරීක්ෂණයට පැෆරල් සූදානම්"
"ඉදිරි ජනාධිපතිවරණයට අදාළ මැතිවරණ නිරීක්ෂණ කටයුතු සඳහා මේ වන විටත් මූලික පියවර සියල්ලම සූදානම් කරමින් පවතින බව පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට පැවසීය. දේශීය නිරීක්ෂකයන් යොදා ගන්නා ආකාරය, විදේශීය නිරීක්ෂකයන් සම්බන්ධ කර ගන්නා ආකාරය, සමාජ මාධ්‍ය නිරීක්ෂණය, කෘත්‍රිම බුද්ධිය ...
"මන්ත්‍රීලා 116කට වාහන සන්නිය"
"තීරුබදු රහිත වාහන බලපත් ලබා දෙන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 116 දෙනකු කථානායකවරයාගෙන් ඉල්ලා ඇතැයි පක්ෂ නායක රැස්වීමේ දී අනාවරණය වී ඇත. ඒ සඳහා පක්ෂ සහ විපක්ෂ යන දෙපාර්ශ්වයේම මන්ත්‍රීවරුන් අත්සන් කර කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා වෙත ලිපිය ලබා දී තිබේ. අකිත පෙරේරා"
"නෙළුම් කුලුනට පොල්ලක්"
"ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසම් සභාව විසින් කොළඹ නෙළුම් කුලුන වාණිජකරණය කිරීමේ කටයුතු සඳහා කොන්ත්‍රාත් කාර්ය මණ්ඩල දීමනා හා දුරකථන ගාස්තු ලෙස 2021 හා 2022 යන වර්ෂවල දී රුපියල් දෙකෝටි අනූඅටලක්ෂ හැටනවදහස් අටසියපනස් දෙකක වියදමක් (29,869,852) දරා තිබුණ ද කොළඹ නෙළුම් කුලුන කළමනාකරණ පුද්ගලික සමාගමෙන් එම මුදල අයකර ගෙන...
"වසරකට පෙර අපවත් වී වදාළ දොඩම්පහළ චන්දසිරි උත්තරීතර මහනාහිමි"
"අග්ගමහාපණ්ඩිත අතිපූජ්‍ය දොඩම්පහළ චන්දසිරි මහානායක මාහිමියන් වහන්සේගේ වර්ෂ පූර්ණ ගුණානුස්මරණ පින්කම 2024 මැයි මස 16 වන දින කළපළුවාව ගෝතම තපෝවනයේදි පැවැත්වේ. මෙම ලිපිය ඒ නිමිත්තෙනි. මාතර දිස්ත්‍රික්කයේ, දොඩම්පහල නමැති රමණීය ග්‍රාමවරයේදී වර්ෂ 1939 දෙසැම්බර් මස 20 දින එදිරිසූරිය පටබැඳිගේ මිසිනෝනා උපාසිකා මාතාවට සහ එදිරිවී...
"අදානිගේ සුළඟෙන් අපිට පාඩුලු"
"ඉන්දියානු “අදානි සුළං බලාගාර ව්‍යාපෘතිය” ක්‍රියාත්මක වුවහොත් ඉදිරියේ දී වාර්ෂිකව මෙරටට රුපියල් බිලියන දහයකට ආසන්න පාඩුවක් විඳීමට මෙරටට සිදුවනු ඇතැයි විදුලිබල මණ්ඩල වෘත්තීය සමිති කියයි. ලංකා විදුලිබල මණ්ඩල දත්ත වාර්තා අනුව මන්නාරම සුළං විදුලි බලාගාරයෙන් විදුලි ඒකකයක් මණ්ඩලය ආසන්න මිලදී ගත්තේ රු. 14.40ක් වැනි මුදලකට බවත...
"රට රස්සා උනන්දුව අඩුවේ"
"විදේශ රැකියා සඳහා ඉකුත් වර්ෂයේ (2023) පිටත්ව ගිය පුද්ගලයින් සංඛ්‍යාව 2022 වර්ෂයට සාපේක්ෂව සියයට 4.3 කින් පහත වැටී ඇති බැව් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත්කොට ඇති වාර්ෂික ආර්ථික විවරණ වාර්තාවේ සඳහන් වේ. එම වාර්තාවට අනුව 2023 වර්ෂයේ දී විදේශ රැකියා සඳහා පිටත්ව ගිය පුද්ගලයන් සංඛ්‍යාව 297,656 ක් ලෙස ඉහළ අගයක් ගෙන තිබුණ...
"විදුලි පනතට එරෙහිව අත්සන් ලක්‍ෂයක්"
"යෝජිත නව විදුලිබල පනත් කෙටුම්පතට එරෙහිව අත්සන් දස ලක්ෂයක පෙත්සමක් අත්සන් කර එය ජනාධිපති සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225 දෙනා වෙත යොමු කිරීමට විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමය තීරණය කර ඇත. ඒ අනුව එම පෙත්සමට අත්සන් ගැනීම හෙට (13දා) සඳුදා පෙරවරු නවයයි තිහේ සිට කොළඹ කොටුව දුම්රිය පොළ ඉදිරිපිට දී සිදු කෙරෙන බව එම සංගමයේ ල...
"මිනිස් ජාවාරම් ඒජන්සි වටලයි"
"රුසියාව සහ යුක්රේනය අතර සිදුවෙන යුද්ධයේ කුලීහේවායන් ලෙස සේවයට ශ්‍රී ලාංකිකයන් යවන හොර රැකියා ඒජන්සි වැටලීමේ මෙහෙයුමක් දැන් ක්‍රියාත්මක වෙන බව මහජන ආරක්ෂක ඇමති ටිරාන් අලස් මහතා ‘දිවයින ඉරිදා සංග්‍රහයට’ පැවසීය. රුසියාවට සහ යුක්රේනයට යෑම කැමැත්තෙන් සිටි හිටපු හමුදා භටයන් මෙන්ම සාමාන්‍ය ජනතාව පවා රවටා රුපියල් ලක්ෂ ගණන් ඔව...
"19 වන එක්සත් ජාතීන්ගේ වෙසක් සැමරුම් උත්සවය 19 හා 20 දිනවල තායිලන්තයේදී"
"එක්සත් ජාතීන්ගේ 19 වැනි වෙසක් සැමරුම් උත්සවය මෙවර ද තායිලන්තයේදී පැවැත්වීමට වෙසක් දිනය සඳහා වූ ජාත්‍යන්තර බෞද්ධ සංගමය මේ වනවිට සියලු කටයුතු සූදානම් කර ඇත. මැයි මස 19 දා අයුක්තයා හි මහචුලලෝංකොනර්රාජ් විශ්වවිද්‍යාලයේ (MCU) ශ්‍රවණාගාරයේ දී ද 20දා බැංකොක් හි එක්සත් ජාතීන්ගේ සම්මන්ත්‍රණ මධ්‍යස්ථානයේදී මෙය පැවැත්වේ. වෙසක් ද...
"ෆෝන් ඔබන දරුවන්ගේ නිර්මාණශීලී හැකියා අඩුවේ – මනෝ විශේෂඥ වෛද්‍ය රූමි රූබන්"
"දරුවන් ජංගම දුරකථනවලට ඇබ්බැහි වීම නිසා විශාදය වැනි රෝගාබාධවලට ගොදුරුවීමේ වැඩි අවදානමක් ඇතැයි ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ මනෝ විශේෂඥ වෛද්‍ය රූමි රූබන් මහතා “දිවයින”ට පැවැසීය. මෙම තත්ත්වය තුළ දරුවන්ගේ නිර්මාණාත්මක හැකියාවන් අඩුවන බව ද හෙතෙම කීය. මනෝ විශේෂඥ වෛද්‍ය රූමි රූබන් මහතා මෙසේ ද කියා සිටියේය. දරුවන් ජංගම දුරකථනයට...
"ග්‍රාමීය බැංකුවල තැන්පත් මුදල් ඉල්ලා උද්ඝෝෂණයක්"
"මහරගම විවිධ සේවා සමුපකාර සමිතියට අනුබද්ධිත ග්‍රාමීය බැංකුවල මුදල් තැම්පත් කර අගතියට පත් තැම්පත්කරුවන් විසින් පසුගිය දා උඩහමුල්ල පිහිටි එම සමුපකාර සමිතිය ඉදිරිපිට උද්ඝෝෂණ ව්‍යාපාරයක් පවත්වනු ලැබිණි. තැම්පත්කරුවන් පවසනුයේ රු. කෝටි 94කට තැම්පතුවලට ආගිය අතක් නොමැති බවයි. වසර දෙකක් ගත වී ඇතත් එම මුදල් තැම්පත්කරුවන්ට පොරොන්...
"පෙරටුගාමීන්ගෙනුත් අපේක්ෂකයෙක්"
"අරගලයේ අභිලාෂයන් අරමුණු කරගත් වාමාංශික වැඩපිළිවෙළක් වෙනුවෙන් පෙරටුගාමී සමාජවාදී පක්ෂය ද ඉදිරි ජනාධිපතිවරණයට අපේක්ෂකයකු ඉදිරිපත් කරන බව එහි ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව මහතා ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට පැවසීය. වාමාංශික පුළුල් එකතුවකින් මැතිවරණ සඳහා ඉදිරිපත් වන බවත් ඊට අදාළ සාකච්ඡා මේ දිනවල සිදු කෙරෙන බවත් සඳහන් කළ ඒ මහතා...
"චම්පික ඉල්ලනවාද තීරණය ජුනි 1 දා"
"ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් පාඨලී චම්පික රණවක මහතාගේ ස්ථාවරය ලබන මස (ජුනි) පළමු වැනිදා පැවැත්වෙන එක්සත් ජනරජ පෙරමුණේ ජාතික සමුළුවේදී ප්‍රකාශයට පත් කිරීමට තීරණය කර ඇත. එම සමුළුව කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය. එම පක්ෂයේ ඉදිරි දේශපාලන යෝජනාවලිය ද එහිදී ඉදිරිපත් කිරීමට නියමිතව ඇත. ජනාධිපතිවරණයට ...
"දැඩි රස්නයෙන් යාපනයේ 7ක් මියයති"
"මිනිස් සිරුරට අහිතකර අධික රස්නය හේතුවෙන් යාපනය අර්ධද්වීපයේ මියගිය පුද්ගලයන් සංඛ්‍යාව 7 දක්වා ඉහළ නැඟ තිබේ. එහි ආසන්නතම මරණය පෙරේදා (09 දා) වාර්තා වූ අතර, මෙලෙස මියගොස් ඇත්තේ යාපනය, පුත්තලයිකට්ටුවාන් පදිංචිව සිටි සිවඥානම් ජයකුමාර් නමැති 45 හැවිරිදි අයෙකි. මෙම පුද්ගලයා පෙරේදා (09 දා) දහවල් මිතුරන් පිරිසක් සමඟ මත්පැන් පා...
"මෛත්‍රීගේ පෙර පසු ප්‍රකාශ පරස්පරයි – සීඅයිඩීය අධිකරණයට දන්වයි"
"හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා තම දෙපාර්තමේන්තුවට ලබාදී ඇති ප්‍රකාශ දෙක මෙන්ම ඔහුගේ නිවසේ පටිගත වී ඇති සිද්ධියට පාදක වූ සී.සී.ටී.වී. දර්ශනවලින් අනාවරණය වන තොරතුරු එකිනෙකට පරස්පර වන්නේ යැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (10දා) මාලිගාකන්ද මහෙස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම වීරසිංහ මහත්මියට දැනුම් දුන්නේය. හිටපු ජන...
"ඩයනාගේ පෙත්සම 28දාට කල් යයි"
"සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහිමි කිරීමට සමගි ජන බලවේගය ගෙන තිබෙන තීරණය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ඩයනා ගමගේ මහත්මිය විසින් ගොනු කර තිබූ පෙත්සම ලබන 28 වැනිදා දක්වා කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (10දා) නියෝග කළේය. එම පෙත්සම ඊයේ (10දා) ගාමිණි අමරසේකර, කුමුදුනී වික්‍රමසිංහ හා මහින්ද සමයවර්ධන යන විනිස...
"මුජිබර් ඉංග්‍රීසියෙන් දිවුරුම් දෙයි"
"මුජිබර් රහුමාන් මහතා අභිනව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වශයෙන් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඉදිරියේ ඊයේ (10දා) දින පෙරවරුවේ දිවුරුම් දුන්නේය. සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තුවෙන් පත්වූ ඩයනා ගමගේ මහත්මිය ද්විත්ව පුරවැසිභාවය සහිත තැනැත්තියක බව ඔප්පු වීම හේතුවෙන් ඇයට අහිමි වූ මන්ත්‍රී ධුරය සඳහා රහුමාන් මහතා මෙලෙස දිවුරු...
"ජනපති ප්‍රශ්නවලින් පැන නොගිය නිසා රට හොඳ තැනකට ඇවිත් – ලිට්‍රෝ ගෑස් සමාගමේ නව ගෑස් පිරවුම් මධ්‍යස්ථානය විවෘත කරමින් ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක"
"රට ආර්ථික වශයෙන් කඩාවැටුණු අවස්ථාවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අභියෝගය භාර ගත් නිසා වසර දෙකකට පසු රට යළිත් ස්ථාවර කිරීමට හැකිවී තිබෙන බව ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා පැවසීය. සාගල රත්නායක මහතා මේ බව සඳහන් කර සිටියේ රුපියල් බිලියනයකට වැඩි මුදලක් ආය...
"යුක්තියට මුවාවී ඇතැම් ඕ.අයි.සී.ලා ජනතාව පෙළනවා"
"යුක්තිය මෙහෙයුමට මුවාවී ඇතැම් පොලිස් ස්ථානාධිපතිවරුන් අත්තනෝමතික ලෙස සිය බලය පාවිච්චි කොට අහිංසක ජනතාව පෙළන තත්ත්වයක් මතුව ඇතැයි අසංක නවරත්න සහ ප්‍රේමනාත් සී. දොලවත්ත යන මහත්වරු පාර්ලිමේන්තුවේදී ඊයේ (10දා) චෝදනා කළහ. අසංක නවරත්න මහතා- යුක්තිය මෙහෙයුම ඉතාමත්ම හොඳයි. ඒ ගැන පොලිස්පතිට සහ ටිරාන් අලස් ඇමැතිතුමාට අපි ස්තුති...
"ජපාන තානාපති – දකුණු අප්‍රිකානු මහ කොමසාරිස් – ස්විට්සර්ලන්ත තානාපතිනි ජාජබ නායක අනුර කුමාර හමුවෙති"
"ශ්‍රී ලංකාවේ ජපාන තානාපති MIZUKOSHI Hideaki මහතා, දකුණු අප්‍රිකානු මහකොමසාරිස් Sandile Schalk මහතා සහ ස්විට්සර්ලන්ත තානාපතිනි Siri Walt මහත්මිය පසුගියදා (09 දා) ජ.වි.පෙ ප්‍රධාන කාර්යාලයේදී ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ඇතුළු නියෝජිත පිරිසක් හමුවූහ. මෙම හමුව සඳහා ජපාන තානාපති කාර්යාලයේ දේශපාලන අංශයේ පළ...
"ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදී ඒ. ඩී. රංජිත් කුමාර අභාවප්‍රාප්ත වෙයි"
"ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදියකු වූ සරසවිය සිනමා පුවත්පතේ හිටපු කර්තෘවරයකු වූ ඒ. ඩී. රංජිත් කුමාර මහතා ඊයේ (10 දා) අභාවප්‍රාප්ත විය. ප්‍රවීන ගායන ශිල්පිනී දමයන්ති ජයසූරිය මහත්මියගේ ස්වාමි පුරුෂයා වූ රංජිත් කුමාර මහතා සරසවිය පුවත්පතේ වත්මන් කර්තෘ නුවන් නයනජිත් කුමාරගේ පියාණන්ද වේ. ඔහු කොළඹ කේරි විද්‍යාලයේ හා ආනන්ද විද්‍යාල...
"අධික අව්ව ඇස්වලට හානි කරයි"
"පවතින අධික අව් රශ්මිය ඇස්වලට හානිකර බැවින් ගමනක් බිමනක් යනවිට කළු පැහැති අව් කණ්ණාඩියක් පැළඳ ගමන් කිරීම ඉතාම සුදුසු බව පෝෂණ විශේෂඥ වෛද්‍ය රේණුකා ජයතිස්ස මහත්මිය ‘දිවයින’ට ඊයේ (10 දා) පැවසුවාය. එසේම මේ දිනවල පවතින අධික අව් රශ්මිය ශරීරයට ද අහිතකර බැවින් අව් රශ්මිය සම තුළට ඒම වළක්වන ක්‍රීම් වර්ග ආලේපනය කිරීම සුදුසු බවත් ...
"විදුලි පනතට එරෙහි පෙත්සම් විභාගය තවදුරටත්"
"විදුලිබල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති විදුලිබල පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් අල්ලස දූෂණය හා නාස්තියට එරෙහි පුරවැසි බලය සංවිධානයේ සභාපති කාමන්ත තුෂාර මහතා ඇතුළු පාර්ශ්ව කිහිපයක් ගොනු කර ඇති විශේෂ පෙත්සම් 12ක් සම්බන්ධයෙන් විභාගය ඊයේ (10) දෙවන දිනටත් පැවැත්විණි. එම පෙත්සම් ...
"සල්ලි නෑ වගේ තර්ක බෑ: ජනාධිපතිවරණය කල් දාන්න කිසිම ඉඩක් නෑ – පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි"
"මුදල් නැති බව කියමින් පළාත් පාලන මැතිවරණය කල් දැම්මාක් මෙන් ජනාධිපතිවරණය කල්දැමීමේ කිසිදු හැකියාවක් නැතැයි පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා ‘දිවයින’ට ඊයේ (10දා) පැවසීය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඇති ආකාරයට නිසි කාලරාමුවේදී අනිවාර්යයෙන්ම ජනාධිපතිවරණය පැවැත්විය යුතු බව ද හෙතෙම සඳහන් කළේය. පළාත් පාලන ...
"ශ්‍රී ලංකාවේ සූර්යබල ක්ෂේත්‍රයේ ආරම්භක සමාගම් සඳහා සංවිධානය කළ එක්දින වැඩමුළුව දා…"
"ඉන්වෙස්ට් ඉන්දියා සහ ජාත්‍යන්තර සූර්ය බල සන්ධානය කොළඹ, ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය හා එක්ව ශ්‍රී ලංකාවේ සූර්යබල ක්ෂේත්‍රයේ ආරම්භක සමාගම් (Start-up) සඳහා සංවිධානය කරන ලද එක්දින වැඩමුළුවක් මැයි 8 වන දින පැවැත්විණි. මෙහි අරමුණ වූයේ සහභාගීවන්නන් සඳහා SolarX ආරම්භක සමාගම් අභියෝගය, ආසියානු පැසිෆික් රටවල් සඳහා පවත්වන වටය සහ...
"සා/පෙළ ඉංග්‍රීසි වට්ස්ඇප් මගඩිය සීඅයිඩීයට"
"අපොස සාමාන්‍ය පෙළ විභාගයේ පෙරේදා (09දා) පැවැති ඉංග්‍රීසි විෂයට අදාළ විභාගය අතරතුර විභාග මධ්‍යස්ථාන තුනක සිසුන් කීපදෙනකු විසින් වංචනික ලෙස විභාග නීති උල්ලංඝනය කරමින් වට්ස්ඇප් මාර්ගයෙන් ප්‍රශ්නවලට අදාළ පිළිතුරු ගෙන්වා ගැනීමේ උත්සාහයක නිරත වී ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් විභාග දෙපාර්තමේන්තුව පරීක්ෂණයක් ආරම්භ කර තිබේ....
"පොහොට්ටුවේ මැතිවරණ මෙහෙයුම් කාර්යාලය විවෘත කෙරේ"
"ලංකා පොදුජන පෙරමුණේ ජාතික මැතිවරණ මෙහෙයුම් කාර්යාලය, එම පක්ෂයේ නිර්මාතෘ හා හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (10) විවෘත කෙරිණි. බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානය ආසන්නයේ මෙම මැතිවරණ මෙහෙයුම් කාර්යාලය පිහිටා තිබෙන අතර එළැඹෙන ජනාධිපතිවරණය සඳහා මැතිවරණ කොමිසන් සභාව...
"ඩෙල්ෆ් දූපතට විසන්ධියකින් තොරව විදුලිය දෙන්න – ඇමැති ඩග්ලස් දේවානන්දා නිලධාරීන්ට උපදෙස් දෙයි"
"පසුගියදා පැවැති යාපනය දිස්ත්‍රික් සංවර්ධන සභා රැස්වීමේදී දිස්ත්‍රික් සංවර්ධන සභාපති ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා ඩෙල්ෆ් දූපතට දවසේ පැය 24 පුරාම විදුලිය විසන්ධි වීමකින් තොරව ලබාදෙන ලෙස ඒ සඳහා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, පසු ගිය කාලයේ සිය මැදිහත්වීම මත විශාල ප්‍ර...
""ක්‍ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකත්ව සංසදය කාර්මික සංවර්ධන මණ්ඩලය (IDB) සමග ව්‍යවසායකත්ව ගිවිසුමකට""
"ව්‍යවසායකත්වය නව මානයකට යොමු කරමින් ඒ වෙනුවෙන් දැවැන්ත හඬක් වීමට ක්‍ෂුද්‍ර, කුඩා හා මධ්‍යම ව්‍යවසායකත්ව සංසදය (CF of MSME), ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය (IDB) සමගින් රාජ්‍ය හා පෞද්ගලික සහයෝගිතාව පණ ගන්වා ගිවිසුම් ගතවිය. දෙස් විදෙස් අරාධිතයන්ගේ සහභාගිත්වයෙන් කාර්මික සංවර්ධන මණ්ඩල පරිශ්‍රයේ පැවැති පිළිසඳරකින් අනතුරුව අවබ...
"රුහුණු විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ 12 වැනි අධ්‍යයන සැසිය සාර්ථකව අවසන් කෙරේ"
"රුහුණු විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ 12 වන අධ්‍යයන සැසිය – 2024 සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. ජීවන චක්‍රය හරහා සෞඛ්‍ය (Health across the life cycle) යන්න තේමා කරගනිමින් රුහුණු විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ටී. ඩබ්ලිව්. වික්‍රමනායක ශ්‍රවණාගාරයේ දී මෙම අධ්‍යයන සැසිව...
"ජාන කොල්ලයක් යාලෙන් අල්ලයි"
"යාල රජයේ රක්ෂිතයේ ජීවත්වන සමනලුන් ඇතුළු කෘමි විශේෂ දඩයම් කර ජාන සොරකමේ යෙදී සිටියදී යාල කටගමුව වනජීවී නිලධාරීන්ගේ අත්අඩංගුවට පත් ඉතාලි ජාතික පිය පුතු දෙපළක් ලබන 15 වැනිදා දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කර තිබේ. සැකකාර මෙම ඉතාලි ජාතික වෛද්‍යවරයා සහ ඔහුගේ පුත්‍රයා ඊයේ (09 දා) තිස්සමහාරාම මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිර...
"BMW මගඩියෙන් බිලියන 16ක බදු ගිලලා!"
"අතිසුඛෝපභෝගි බී.එම්.ඩබ්ලිව්. වර්ගයේ අලුත්ම වාහන 1728ක් නියමිත මිල ගණන් අවතක්සේරු කර තීරුබදු රහිත බලපත්‍ර යටතේ ආනයනය කර රජයට රුපියල් බිලියන 16ක බදු මුලක් අහිමි කිරීමක් සම්බන්ධයෙන් ප්‍රෙස්ටේජ් ඔටෝ මොබයිල් සමාගමට එරෙහිව නැවත විධිමත් විමර්ශනයක් සිදුකිරීමට අභියාචනාධිකරණය රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයාට අවසර ලබාදුන්නේය. පෙර කී සම...
"ජනපතිවරණයට කොමිසම දින දෙයි"
"ජනාධිපතිවරණ ඡන්ද විමසීම ලබන සැප්තැම්බර් මස 17 වැනිදා සහ ඔක්තෝබර් මස 16 වැනිදා අතර දිනක දී පවත්වනු ලබන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා සඳහන් කරයි. එමෙන් ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හා ජනාධිපතිවරයා තෝරා පත් කරගැනීම පිළිබඳ පනතේ විධිවිධානවලට අනුව ජනාධිපතිවරණය සඳහා නාම යෝජනා පත්‍ර කැඳවීම නියමිත කාලස...
"ඩයනාට රටින් පිටවීම තහනම්"
"ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධුරයක් දැරීමට නුසුදුසු අයකු බවට පෙරේදා (08දා) ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීන්දු කරනු ලැබූ ඩයනා ගමගේ මහත්මිය විදේශ ගතවීම වළක්වමින් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඊයේ (9දා) නියෝගයක් නිකුත් කළේය. ව්‍යාජ තොරතුරු ආගමන විගමන පාලකවරයා වෙත ඉදිරිපත් කර විදේශ ගමන් බලපත්‍රයක් ලබාගැනීමෙන්...
"පීල්ල මාරු කළොත් රට ආපසු අපායට වැටේවි – ජනාධිපති රනිල් වික්‍රමසිංහ"
"මීට අවුරුදු දෙකකට කලින් තිබුණු තැනට වඩා අද රට ඉහළට එසවී තිබෙන බවත් මෙම ප්‍රගතිය ඉවසන්න අමාරු කණ්ඩායම් අප මේ ගත කරන්නේ අපායේ ඉන්ටවල් එකක් කියා පාච්චල් කරන නමුත් අප සිටි ආර්ථික අපායෙන් ගොඩ එමින් සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (09දා) විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් කියා සිටියේය. එහිදී ජනාධිපති...
"ආර්ථිකය හැකිලිලා ජනතාව විඳවනවා – විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස"
"ආර්ථිකය මේ වන විට සාමාන්‍යකරණය වී ඇති බවට ජනාධිපති ප්‍රකාශ කළත් ජනතාවට දරාගත නොහැකි අසීමිත බරක් පවතින්නේ යැයි ද සමාජයේ ඇතැම් කොටස් කරදර විඳින්නේ යැයි ද කියමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (09 දා) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිදු කළ ප්‍රකාශයට ප්‍රති උත්තර සැපයීමට කතාවක් කිරීමට යෑමෙන් සභාව...
"රාජ්‍ය සේවක පුරප්පාඩු 252562ක් ඒත් සේවා බිඳවැටීමක් නෑ – රාජ්‍ය ඇමැති අශෝක ප්‍රියන්ත"
"රාජ්‍ය සේවයේ සේවක පුරප්පාඩු දෙලක්ෂ පනස් දෙදහස් පන්සිය හැට දෙකක් පැවතිය ද ඉන් රාජ්‍ය සේවයේ බිඳවැටීමක් සිදුනොවන බව ස්වදේශ කටයුතු රාජ්‍ය ඇමැති අශෝක ප්‍රියන්ත මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (09 දා) පැවසීය. මේ වන විට රාජ්‍ය සේවයේ එකොලොස් ලක්ෂ අනූඑක් දහස් හයසිය පනස් එකක් සේවයේ නියුතුව සිටින බව ද කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ජගත් ක...
"තහනම් නියෝගයට මාස 15යි ගුරු ප්‍රශ්නය ඉඩම් නඩුවක් ද – ඇමැති සුසිල්ගෙන් මැතිසබයේ දී සැර කතාවක්"
"ගුරුවරුන් විසිදෙදහසක් බඳවා ගැනීමට එරෙහිව ලබා දුන් තහනම් නියෝගය මාස 15ක් තිස්සේ ඉඩම් නඩු මෙන් ඇදගෙන යෑම විහිළුවක් බවත් ඒ පිළිබඳ පාර්ලිමේන්තුව මෙන්ම තමන් නීතිඥයකු ලෙස ලජ්ජා වන බවත් අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේමජයන්ත පාර්ලිමේන්තුවේ දී ඊයේ (09දා) පැවසීය. ගුරු පුරප්පාඩු සම්බන්ධයෙන් මතු වූ ප්‍රශ්නයක් සම්බන්ධයෙන් ඇමැතිවරයා මේ...
"මෛත්‍රිට එරෙහි වාරණය 29දා තෙක් දීර්ඝ කෙරේ"
"හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරයේ කටයුතු කිරීම වළක්වමින් තම අධිකරණය විසින් නිකුත් කළ වාරණ නියෝගය ලබන 29 වැනිදා දක්වා තවදුරටත් දීර්ඝ කිරීමට කොළඹ ප්‍රධාන දිසා විනිසුරු සඳුන් විතාන මහතා ඊයේ (09 දා) නියෝග කළේය. හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය විසින් ගොනු ...
"ක්‍රිප්ටෝ මුදල් නීත්‍යනුකූල නෑ – මහ බැංකු අධිපති"
"ශ්‍රී ලංකාවේ ‘ක්‍රිප්ටෝ මුදල්’ භාවිතය ගනුදෙනු සඳහා නීත්‍යනුකූල නොවන බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි. තවමත් ක්‍රිප්ටෝ මුදල් ශ්‍රී ලංකාවේ බහුල වශයෙන් භාවිත වන බවක් දක්නට නොමැති බවත් එම මුදල් භාවිතයේ අවදානම් පවතින බවත් මහ බැංකු අධිපතිවරයා කියයි. ක්‍රිප්ටෝ මුදල්වල මුදල් ආයෝජනය කළ අයගේ මු...
"මෛත්‍රිගේ නිවස අසල විරෝධතා"
"පාස්කු ප්‍රහාරයේ සත්‍ය හෙළි කරන ලෙසට බල කරමින් ‘ජන අරගලයේ පුරවැසියෝ’ නම් සංවිධානය සටන් පාඨ පුවරු රැගෙන කොළඹ 07, විජේරාම මාවතේ පිහිටි හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ නිවස අසලදී ඊයේ (09දා) විරෝධතාවයක යෙදී සිටි අයුරු."
"පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් හිස් කථානායක දැනුම් දෙයි"
"ඩයනා ගමගේ මහත්මියගේ මන්ත්‍රී ධුරය අහෝසි වීම හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක පුරප්පාඩුවක් පවතින බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට ඊයේ (09 දා) නිල වශයෙන් දැනුම් දුන්නේය. ඒ අනුව ඒ බව පාර්ලිමේන්තුව විසින් මැතිවරණ කොමිෂන් සභාවට දැන්වීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බව ද නිවේදන යටතේ ප්‍රකාශයක් කරමින් කථා...
"ජාතික රෝහලට එන හදවත් රෝගීහු පහළ මහලක සායනයක් ඉල්ලති"
"කොළඹ ජාතික රෝහලේ හදවත් රෝගීන්ගේ සායනය එහි නව ගොඩනැඟිල්ලේ හයවෙනි තට්ටුවට ගෙනයෑම නිසා රෝගීහු දැඩි අපහසුතාවයට පත්වී සිටිති. හයවෙනි තට්ටුවට රෝගීන්ට යෑමට සිදුවී ඇත්තේ විදුලි සෝපානයෙනි. සායනයට සහභාගි වන රෝගීන් විශාල පිරිසක් සිටීම නිසා විදුලි සෝපානයේ ද තදබදයක් පවතින බව රෝගීහු කියති. හදවත් රෝගී සහ දියවැඩියා රෝගී සායන පහළ මහලේ...