textual_format
stringlengths
7
2.75k
numerical_format
stringlengths
2
2.74k
(නගර සැලසුම්, නාගරික සංවර්ධනය, රේගුව, දේශීය ආදායම්, රක්ෂණ හා අපනයන විගණක ජනරාල්) දහසය.
(නගර සැලසුම්, නාගරික සංවර්ධනය, රේගුව, දේශීය ආදායම්, රක්ෂණ හා අපනයන විගණක ජනරාල්) 16.
පසු ගිය දින (අට) උදෑසන නාදුනන මළ සිරුරක්...
පසු ගිය දින (08) උදෑසන නාදුනන මළ සිරුරක්...
උතුරෙන් සියයට හැත්තෑ පහක ප්‍රදේශයක්‌... එක්දහස් නවසිය අනූ හය ජුලි දහඅට දා
උතුරෙන් 75% ක ප්‍රදේශයක්‌... 1996 ජුලි 18 දා
වසර දහයක්ද සභාපති වශයෙන් වසරක්ද කටයුතු කල...
වසර 10 ක්ද සභාපති වශයෙන් වසර 01 ක්ද කටයුතු කල...
හැමදාමත් වගේ දෙදහස් දහඅට වර්ෂයේ දීත්
හැමදාමත් වගේ 2018 වර්ෂයේ දීත්
ප්‍රමාණය තිස් පහකි.
ප්‍රමාණය 35 කි.
අදහස්(හත) බැලූවෝ (දෙදහස් දෙසිය විසි තුන)
අදහස්(07) බැලූවෝ (2223)
පනස් හය වාස්තු විද්‍යා විස්මයේ විශිෂ්ඨත්වය
56 වාස්තු විද්‍යා විස්මයේ විශිෂ්ඨත්වය
යටිලකුණු එක සහ දෙක වෙතින් දැක්වෙන
යටිලකුණු 01 සහ 02 වෙතින් දැක්වෙන
හයවැනි George රජතුමා... එක්දහස් නවසිය හතළිස් හත සිට... එක්දහස් නවසිය හතළිස් නවය දක්වා
හයවැනි George රජතුමා... 1947 සිට... 1949 දක්වා
මූලධර්මවාදී පත්‍රිකා බෙදාහැරීම (එක)
මූලධර්මවාදී පත්‍රිකා බෙදාහැරීම (01)
හතරවන දිනටත් මෙහෙයුම් බිංදුව විසි හතර.ජූලි
හතරවන දිනටත් මෙහෙයුම් 0 24.ජූලි
මිලිමීටර් තුන්සිය වඩා වැඩි නාභි දුරක් ඇති
300 mm වඩා වැඩි නාභි දුරක් ඇති
පින්තුර තුන
පින්තුර 03
ඊයේ (පහළොව දා)
ඊයේ (15 දා)
එක්දහස් නවසිය අසූ හය-එක්දහස් නවසිය අසූ නවය කාලෙ
1986-1989 කාලෙ
අද පස්වරු තුනට පැවැත්වුණු මෙම හමුවීමෙන්
අද පස්වරු 03:00 ට පැවැත්වුණු මෙම හමුවීමෙන්
රුපියල් මිලියන තුන්සියක ප්‍රදානයෙන් ඉදිවන නව නිවාස එකසිය පනස් තුනක වැඩ අරඹයි
රු. මිලියන 300 ක ප්‍රදානයෙන් ඉදිවන නව නිවාස 153 ක වැඩ අරඹයි
දින නවයක් ගත වන විට විනාශය කරා ගමන් ගන්නා ආකාරය
දින 09 ක් ගත වන විට විනාශය කරා ගමන් ගන්නා ආකාරය
අවුරුදු තුන-හතර විතර බාලලු.
අවුරුදු 03-04 විතර බාලලු.
දෙදහස් දහහත-හතරයි-දහහතර දහයයි මිනිත්තු පනස් හතරයි තත්පර හය - අසූ නව දහස් හයසිය අනූ හත
2017-04-14 22:54:06 - 89697
සියයට එකොළහ කලින් දෙදහස් විසි හතර
11% කලින් 2024
දෙදහස් දහසය වසරේ සැප්තැම්බරයේ සිට
2016 වසරේ සැප්තැම්බරයේ සිට
හැටන් ගාමිණිපුර ප්‍රදේශයේ පදිංචිකරුවකුට අයත් ගල් කොරියේ සේවය කරමින් සිටි ඩබ්ලිව්. ජී. කුලසිංහ (අවුරුදු පනස් හතර) ඒ.
හැටන් ගාමිණිපුර ප්‍රදේශයේ පදිංචිකරුවකුට අයත් ගල් කොරියේ සේවය කරමින් සිටි W. G. කුලසිංහ (අවු. 54) ඒ.
මොණරාගල දිස්ත්‍රික්කයෙනුත් දෙදහස් පහ ට වඩා ඡන්ද ප්‍රමාණය අඩු වෙලා ! .
මොණරාගල දිස්ත්‍රික්කයෙනුත් 2005 ට වඩා ඡන්ද ප්‍රමාණය අඩු වෙලා ! .
මහ නඩුවේදී හතළිස් එක දෙනෙකුට එරෙහිව නඩු පැවරිණි.
මහ නඩුවේදී 41 දෙනෙකුට එරෙහිව නඩු පැවරිණි.
මෙවර වැඩ වර්ජනය සිදු කරන්නේ සිංගප්පූරු වෙළඳ ගිවිසුමට විරුද්ධව සහ ඇතුළු තවත් කරුණු දහයක් වෙනුවෙනි.
මෙවර වැඩ වර්ජනය සිදු කරන්නේ Singapore වෙළඳ ගිවිසුමට විරුද්ධව සහ ඇතුළු තවත් කරුණු 10 ක් වෙනුවෙනි.
කිලිනොච්චිය කන්දසාමි කෝවිල ඉදිරිපිටදී යුද සමයේදී අතුරුදහන් වූවන් සොයාදෙන්නැයි ඉල්ලමින් අරඹා ඇති සත්‍යග්‍රහයට අදට (දහතුන) දින එකසිය හතළිස් හතර ක් ගෙවුනද මෙතෙක් විසඳුමක් තමන්ට නොලැබී ඇති බවට එම වැසියන් කියා සිටිති.
කිලිනොච්චිය කන්දසාමි කෝවිල ඉදිරිපිටදී යුද සමයේදී අතුරුදහන් වූවන් සොයාදෙන්නැයි ඉල්ලමින් අරඹා ඇති සත්‍යග්‍රහයට අදට (13) දින 144 ක් ගෙවුනද මෙතෙක් විසඳුමක් තමන්ට නොලැබී ඇති බවට එම වැසියන් කියා සිටිති.
පවුල් ආරවුලක් මත මෙම අපරාධය සිදුකර ඇති බවට කරනු අනාවරණය වී ඇති අතර සැකකාර කාන්තාවට සහ ඝාතනයට ලක්වූ පුද්ගලයාට දහඅට හැවිරිදි සහ දොළොස් හැවිරිදි පිරිමි දරුවන් දෙදෙනෙකු සහ වයස අවුරුදු අටක ගැහැණු දරුවකු ද සිටින බව පොලිසිය පැවසුවා.
පවුල් ආරවුලක් මත මෙම අපරාධය සිදුකර ඇති බවට කරනු අනාවරණය වී ඇති අතර සැකකාර කාන්තාවට සහ ඝාතනයට ලක්වූ පුද්ගලයාට 18 හැවිරිදි සහ 12 හැවිරිදි පිරිමි දරුවන් දෙදෙනෙකු සහ වයස අවුරුදු 08 ක ගැහැණු දරුවකු ද සිටින බව Police පැවසුවා.
මාර්ක් චැප්මන් පන්දු තිහකදී හතරේ පහර දෙකක් සහ හයේ පහර දෙකක් සමගින් නොදැවී ලකුණු තිස් හතක් රැස් කළද ජයග්‍රහණය සඳහා එය ප්‍රමාණවත් නොවීය.
Mark Chapman පන්දු 30 කදී හතරේ පහර 2ක් සහ හයේ පහර 2ක් සමගින් නොදැවී ලකුණු 37 ක් රැස් කළද ජයග්‍රහණය සඳහා එය ප්‍රමාණවත් නොවීය.
ඒ වගේම ඔහු එක්දහස් නවසිය තිස් එක වසරේදී ටැක්සියකට යට වුණා.
ඒ වගේම ඔහු 1931 වසරේදී ටැක්සියකට යට වුණා.
දුමින්ද දිසානායක මහත්තයා කියනවා නිදහස් පක්ෂය විනාශ කළේ මහින්ද මහත්තයලු. දෙදහස් පහළොව ජනවාරි මාසේ අට වෙනි දා වෙනකොටත් නිදහස් පක්ෂයට පාර්ලිමේන්තුවෙන් තුනෙන් දෙකක ආණ්ඩුවක් තිබුණා.
දුමින්ද දිසානායක මහත්තයා කියනවා නිදහස් පක්ෂය විනාශ කළේ Mahinda මහත්තයලු. 2015 ජනවාරි මාසේ 08 වෙනි දා වෙනකොටත් නිදහස් පක්ෂයට පාර්ලිමේන්තුවෙන් 2/3 ක ආණ්ඩුවක් තිබුණා.
ඉන්දික බණ්ඩාරනායක මහතා ලකුණු හැත්තෑ තුනක් ලබා ගැනීමට සමත් විය.
ඉන්දික බණ්ඩාරනායක මහතා ලකුණු 73 ක් ලබා ගැනීමට සමත් විය.
මටනම් දෙදහස් විස්ස වගේ තමයි ලංකාවට යැවෙන්නෙ.
මටනම් 2020 වගේ තමයි ලංකාවට යැවෙන්නෙ.
එපමණක් නොව අලි – ඇතුන්ගේ ප්‍රහාරයට ලක් ව මිනිසුන් නවය දෙනෙකු පමණ මියගොස්, තවත් පුද්ගලයන් දෙදෙනකු පූර්ණ ආබාධිත තත්ත්වයට පත් ව සිටී.
එපමණක් නොව අලි – ඇතුන්ගේ ප්‍රහාරයට ලක් ව මිනිසුන් 9 දෙනෙකු පමණ මියගොස්, තවත් පුද්ගලයන් දෙදෙනකු පූර්ණ ආබාධිත තත්ත්වයට පත් ව සිටී.
මේ පිරිස සිය රාජකාරිය වයස අවුරුදු පහළොව දී පටන් ගන්නා අතර එයට විශේෂිත වූ පුහුණුව ලබා ගනුයේ වැඩිහිටියන් අනුගමනය කිරීමෙනි.
මේ පිරිස සිය රාජකාරිය වයස අවුරුදු 15 දී පටන් ගන්නා අතර එයට විශේෂිත වූ පුහුණුව ලබා ගනුයේ වැඩිහිටියන් අනුගමනය කිරීමෙනි.
විද්‍යා ගණිත ගුරු හිඟය පුරවන්න අළුතින් පහ දහස්ක්
විද්‍යා ගණිත ගුරු හිඟය පුරවන්න අළුතින් 5000 ක්
ප්‍රංශයෙන් නිදහස ලද වර්ෂ එක්දහස් නවසිය හැට දී ඩකාර් නගරය සෙනෙගාලයේ අගනුවර බවට පත් විය.
ප්‍රංශයෙන් නිදහස ලද වර්ෂ 1960 දී ඩකාර් නගරය සෙනෙගාලයේ හි අගනුවර බවට පත් විය.
එයා පිරිසුදු කරන්න ෂැම්පු බෝතල් තුන-හතර ක් ගියා.
එයා පිරිසුදු කරන්න ෂැම්පු බෝතල් 3-4 ක් ගියා.
පසුගිය දශකය තුල සිදු කර ඇති අධ්‍යන වලින් පෙනීගොස් ඇත්තේ අන්ත්‍ර ආශ්‍රිතව ජීවත්වන ට්‍රිලියන සියයකට අධික ක්ෂුද්‍රජීවී සමූහය මගින් ආහාර රුචිය, හැඟීම් පාලනය මෙන්ම මතකය හා ඉගෙනීමටද බලපෑම් ඇති කරන බවයි.
පසුගිය දශකය තුල සිදු කර ඇති අධ්‍යන වලින් පෙනීගොස් ඇත්තේ අන්ත්‍ර ආශ්‍රිතව ජීවත්වන ට්‍රිලියන 100 කට අධික ක්ෂුද්‍රජීවී සමූහය මගින් ආහාර රුචිය, හැඟීම් පාලනය මෙන්ම මතකය හා ඉගෙනීමටද බලපෑම් ඇති කරන බවයි.
ඒ නිසා මිත්‍රවරුනේ අපිට හෙට වෙන්න මොකක්ද කියලා දැනගන්න නම් අනූ හත ඉන්දුනීසියාවේ මොකද වුනේ කියලා දැනගන්න ඕන.
ඒ නිසා මිත්‍රවරුනේ අපිට හෙට වෙන්න මොකක්ද කියලා දැනගන්න නම් 97 ඉන්දුනීසියාවේ වේ මොකද වුනේ කියලා දැනගන්න ඕන.
[පනස් එකට පනහ] ඉන්ටර්නෙට් එකේ ටීවි චැනල් බලන්න පුලුවන් Software තියෙනවද?
Internet එකේ TV Channel බලන්න පුලුවන් Software තියෙනවද?
මන්ත්‍රීවරු විශේෂ සාකච්ඡාවක් ! (එකසිය අසූ දෙක)
මන්ත්‍රීවරු විශේෂ සාකච්ඡාවක් ! (182)
ක්‍රි.ව. එක්දහස් තුන්සිය නවය දී ඇරඹුණු යුගය තුළ දී අවිග්නන්හි පාප්වරු හත් දෙනෙක්‌ සිටි අතර, ඔවුන් සියලු දෙනා ම ප්‍රංශයට අයත් වීමත් කැපී පෙනෙන කාරණයකි.
ක්‍රි.ව. 1309 දී ඇරඹුණු යුගය තුළ දී අවිග්නන්හි පාප්වරු 7 දෙනෙක්‌ සිටි අතර, ඔවුන් සියලු දෙනා ම ප්‍රංශයට අයත් වීමත් කැපී පෙනෙන කාරණයකි.
කිසියම් මැර පිරිසක් විසින් ඊයේ රාත්‍රී විලිඳු කාර්යාලයට හානි කිරීමෙන් පසුව අද(විසි හතර), මීට සුලු වේලාවකට පෙර එහි පැමිණි මාධ්‍යවේදීන්ට ඔවුන්ගේ කාර්ය ඉටුකිරීමට ඉඩ නොදී පරීක්ෂණය සඳහා පැමිණි පොලිස් නිළධාරීන් තර්ජනය කර ඇත….
කිසියම් මැර පිරිසක් විසින් ඊයේ රාත්‍රී විලිඳු කාර්යාලයට හානි කිරීමෙන් පසුව අද (24), මීට සුලු වේලාවකට පෙර එහි පැමිණි මාධ්‍යවේදීන්ට ඔවුන්ගේ කාර්ය ඉටුකිරීමට ඉඩ නොදී පරීක්ෂණය සඳහා පැමිණි පොලිස් නිළධාරීන් තර්ජනය කර ඇත….
හැට එක.භාරද්වාජ සූත‍්‍රය
61.භාරද්වාජ සූත‍්‍රය
මොකද අපේ කලායතනය තියෙනවානේ. එක්දහස් නවසිය අසූව මම සමස්ත ලංකා ගායක තරගාවලියෙන් තුන්වැනියා.
මොකද අපේ කලායතනය තියෙනවානේ. 1980 මම සමස්ත ලංකා ගායක තරගාවලියෙන් තුන්වැනියා.
මුල්ම ඕස්ට්‍රේලියානුවන් වන්නේ ආදිවාසි ජනතාවද යන්න පිළිබඳව අද ඒකමතිකව පිළිගැනීමක් ඇතත් දෙදහස් එක වසරේදී සිදු කළ අධ්‍යයනයකින් කියැවුණේ ඊට ඉදුරාම වෙනස් අදහසකි.
මුල්ම ඕස්ට්‍රේලියානුවන් වන්නේ ආදිවාසි ජනතාවද යන්න පිළිබඳව අද ඒකමතිකව පිළිගැනීමක් ඇතත් 2001 වසරේදී සිදු කළ අධ්‍යයනයකින් කියැවුණේ ඊට ඉදුරාම වෙනස් අදහසකි.
නෙළුම් යාය Blog සම්මාන උළෙල දෙදහස් දහසය
නෙළුම් යාය Blog සම්මාන උළෙල 2016
පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දු වාර පනහ අවසානයේ කඩුලූ අටක් දැවී ලකුණු තුන්සිය විසි දෙකක් රැස් කළා.
පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දු වාර 50 අවසානයේ කඩුලූ 08 ක් දැවී ලකුණු 322 ක් රැස් කළා.
එක්‌සත් ජාතික පක්‌ෂ ප්‍රතිසංවිධාන කටයුතු සඳහා පූර්ණ බලැති දේශපාලන මණ්‌ඩලය පසුගිය හත්වැනිදා රහස්‌ ඡන්දයකින් පත් විය.
එක්‌සත් ජාතික පක්‌ෂ ප්‍රතිසංවිධාන කටයුතු සඳහා පූර්ණ බලැති දේශපාලන මණ්‌ඩලය පසුගිය 07 වැනිදා රහස්‌ ඡන්දයකින් පත් විය.
හෙට පාන්දර තුන ට අපි බුදුරජාණන් වහන්සේගේ දකුණු දළදා වහන්සේ වැඩ සිටින සෝමාවතී සෑ රදුන් වන්දනා කොට අධිෂ්ඨාන පූජාව සිදුකරන්නෙමු....
හෙට පාන්දර 03:00 ට අපි බුදුරජාණන් වහන්සේගේ දකුණු දළදා වහන්සේ වැඩ සිටින සෝමාවතී සෑ රදුන් වන්දනා කොට අධිෂ්ඨාන පූජාව සිදුකරන්නෙමු....
ඒ අනුව, ඉදිරියේදී ඇති වන ඕනෑම ආණ්ඩුවක් මේ ආකාරයේ ‘ජාතික ආණ්ඩුවක්’ බවටත්, තිහ සීමාව ඉක්මවා යන අමාත්‍ය මණ්ඩලයක් සහිත ආණ්ඩුවක් බවටත් පත්වනු ඇත.
ඒ අනුව, ඉදිරියේදී ඇති වන ඕනෑම ආණ්ඩුවක් මේ ආකාරයේ ‘ජාතික ආණ්ඩුවක්’ බවටත්, 30 සීමාව ඉක්මවා යන අමාත්‍ය මණ්ඩලයක් සහිත ආණ්ඩුවක් බවටත් පත්වනු ඇත.
ෆොසාමැක්ස් මිලිග්‍රෑම් හැත්තෑව පෙති - (ඉහත සදහන් කළ සමාගමේ නිශ්පාදනයකි)
Fosamax 70 mg පෙති - (ඉහත සදහන් කළ සමාගමේ නිශ්පාදනයකි)
ඇතුල්කෝට්ටේ, අලකේශ්වර පාරේ එකසිය තිස් නවය ස්ථානයේ තිසර නාගොඩ විතාන මහතා ද එසේ කුණ්ඩලිනි ශක්තියෙන් චක්‍ර අවදි කර නොමිලයේ රෝගීන් සුවපත් කරයි.
ඇතුල්කෝට්ටේ, අලකේශ්වර පාරේ 139 ස්ථානයේ තිසර නාගොඩ විතාන මහතා ද එසේ කුණ්ඩලිනි ශක්තියෙන් චක්‍ර අවදි කර නොමිලයේ රෝගීන් සුවපත් කරයි.
එසේම මහාචාර්ය සිවතම්බි වරක් සඳහන් කර ඇති ආකාරයට දෙමළ උප සංස්කෘති නවය ක් පමණ තිබෙනවා.
එසේම මහාචාර්ය සිවතම්බි වරක් සඳහන් කර ඇති ආකාරයට දෙමළ උප සංස්කෘති 09 ක් පමණ තිබෙනවා.
Titanic දියඹට යැවුවේ ඉතින් එක්දහස් නවසිය එකොළහ මැයි තිස් එක් වැනිදානේ.
Titanic ව දියඹට යැවුවේ ඉතින් 1911-05-31 වැනිදානේ.
පාර්තීව් පටෙල් පන්දු පනස් හතර කට මුහුණ දෙමින් හතරේ පහර එකොළහ ක් සහ හයේ පහරක් සමගින් නොදැවී ලකුණු හැට හත ක් රැස්කිරීමට සමත්වූයේය.
Parthiv Patel පන්දු 54 කට මුහුණ දෙමින් හතරේ පහර 11 ක් සහ හයේ පහරක් සමගින් නොදැවී ලකුණු 67 ක් රැස්කිරීමට සමත්වූයේය.
ඒත් උන් ඔය වයසට එද්දී අවුරුදු පනහ ක හැට ක එක්ස්පීරියන්ස් එකක් තියෙන එක ෂුවර්..
ඒත් උන් ඔය වයසට එද්දී අවුරුදු 50 ක 60 ක Experience එකක් තියෙන එක ෂුවර්..
අවුරුදු හතරෙන් පැන්ෂන් ඉල්ලන ලංකාවේ මහජන සේවකයෝ දෙදහස් විස්ස මාර්තු දහහතර වන සෙනසුරාදා, පස්වරු දොළහයි තිහයි පනහ ලෝකයේ දියුණු රටවල බොහෝ මහජන නියෝජිතයන් සිය රටවැසියන්ගේ යහපත උදෙසා බොහෝ පරිත්‍යාග කරති.
අවුරුදු 04 රෙන් Pension ඉල්ලන ලංකාවේ මහජන සේවකයෝ 2020-03-14 වන සෙනසුරාදා, පස්වරු 12:30:50 ලෝකයේ දියුණු රටවල බොහෝ මහජන නියෝජිතයන් සිය රටවැසියන්ගේ යහපත උදෙසා බොහෝ පරිත්‍යාග කරති.
පෙරවරු එකොළහ ට යෙදෙන සුබ මොහොතින් ගාල්ල සිට මාතර දක්වා ප්‍රථම මගී අධිවේගී දුම්රිය ධාවනය කිරීමට සියලු කටයුතු සංවිධානය කර ඇති බව ඔහු පෙන්වාදුන්නේය.
පෙරවරු 11:00 ට යෙදෙන සුබ මොහොතින් ගාල්ල සිට මාතර දක්වා ප්‍රථම මගී අධිවේගී දුම්රිය ධාවනය කිරීමට සියලු කටයුතු සංවිධානය කර ඇති බව ඔහු පෙන්වාදුන්නේය.
ගණුදෙනුකරුවන් තුළ බැංකුව කෙරෙහි ඇති විශ්වාසය ඉහළයාම නිසා දෙදහස් දහසය වසරට වඩා දෙදහස් දහහත වසරේදී සමෘද්ධී බැංකුවේ ලාභය ඉහළ ගොස් ඇතැයි හෙතෙම සදහන් කරයි
ගණුදෙනුකරුවන් තුළ බැංකුව කෙරෙහි ඇති විශ්වාසය ඉහළයාම නිසා 2016 වසරට වඩා 2017 වසරේදී සමෘද්ධී බැංකුවේ ලාභය ඉහළ ගොස් ඇතැයි හෙතෙම සදහන් කරයි
දෙවන ජුවාම් පාවුළු පාප්වහන්සේ (එක්දහස් නවසිය හැත්තෑ අට–දෙදහස් පහ), පළමු පෝලන්ත ජාතික පාප්වහන්සේය.
Pope John Paul II (1978–2005), පළමු පෝලන්ත ජාතික පාප්වහන්සේය.
එහෙත් මේ සාධක නැතිවත් වකුගඩු හරිහැටි ක‍්‍රියා නොකිරීම නිසා පීඩාවට පත් රෝගීන් ගැන එක්දහස් නවසිය අනූව දශකය මුල සිට වියලි කලාපයේ කෘෂිකාර්මික ප‍්‍රදේශවලින් වාර්තා වන්නට පටන් ගත්තා.
එහෙත් මේ සාධක නැතිවත් වකුගඩු හරිහැටි ක‍්‍රියා නොකිරීම නිසා පීඩාවට පත් රෝගීන් ගැන 1990 දශකය මුල සිට වියලි කලාපයේ කෘෂිකාර්මික ප‍්‍රදේශවලින් වාර්තා වන්නට පටන් ගත්තා.
දිවයිනේ පළාත් හතක දිස්ත්‍රික්ක දහසය කට පසුගිය විසි නවවැනිදා බලපෑ මහ වැසි සහ සැඩසුළං හේතුවෙන් ආපදාවට ලක්වූවන්ට කඩිනමින් වන්දි ලබා දීමට කටයුතු කරන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
දිවයිනේ පළාත් 07 ක දිස්ත්‍රික්ක 16 කට පසුගිය 29 වැනිදා බලපෑ මහ වැසි සහ සැඩසුළං හේතුවෙන් ආපදාවට ලක්වූවන්ට කඩිනමින් වන්දි ලබා දීමට කටයුතු කරන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
ඒ අනුව ඔස්ට්‍රේලියානු වෛද්‍යවරයෙක් සහ හෙද සේවකයෙක් සමඟ හත දෙනෙකුගෙන් යුතු කිමිදුම් කණ්ඩායමක්, මේ සියලු අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය සමඟ වහාම පාපන්දු කණ්ඩායමට පිටත් කර යැවුණි.
ඒ අනුව Australian වෛද්‍යවරයෙක් සහ හෙද සේවකයෙක් සමඟ 07 දෙනෙකුගෙන් යුතු කිමිදුම් කණ්ඩායමක්, මේ සියලු අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය සමඟ වහාම Football කණ්ඩායමට පිටත් කර යැවුණි.
බුද්ධ ශාසන අමාත්‍යාංශය විසින් සංවිධානයකොට තිබූ එයට එක්වූ ජනාධිපතිතුමා අපූරු කතා ගණනාවක් කීවා. එක්දහස් පන්සිය පහ සිට එක්දහස් අටසිය දහඅට දක්වා විදේශිකයන් මේ රට යටත් කරනවිට මෙරට ඇතැමුන් එයට සහය දැක්වූ ආකාරය ජනාධිපතිතුමා මතක් කළා.
බුද්ධ ශාසන අමාත්‍යාංශය විසින් සංවිධානයකොට තිබූ එයට එක්වූ ජනාධිපතිතුමා අපූරු කතා ගණනාවක් කීවා. 1505 සිට 1818 දක්වා විදේශිකයන් මේ රට යටත් කරනවිට මෙරට ඇතැමුන් එයට සහය දැක්වූ ආකාරය ජනාධිපතිතුමා මතක් කළා.
ඉඩා හා පිංගලා යන නාඩි දෙක සුසුම්නාවේ වම් හා දකුණු පැත්තෙන් දිවෙන අතර එහි මූලය මූලධර චක්‍රය නම් වේ.
ඉඩා හා පිංගලා යන නාඩි 02 සුසුම්නාවේ වම් හා දකුණු පැත්තෙන් දිවෙන අතර එහි මූලය මූලධර චක්‍රය නම් වේ.
දින හැට හය කට පසුව කොළඹ ඇතුළු රටම විවෘත වුවද තවමත් ජන ජීවිතය යතාවත් වී නැත.
දින 66 කට පසුව කොළඹ ඇතුළු රටම විවෘත වුවද තවමත් ජන ජීවිතය යතාවත් වී නැත.
ත්‍රිපිටකාචාර්ය, අභිධර්ම විශාරද, රාජකීය පණ්ඩිත ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ දෙදහස් දහහත-හතරයි-දහහතර දහයයි මිනිත්තු පනස් හතරයි තත්පර හය - විසි එක් දහස් අටසිය පනහ
ත්‍රිපිටකාචාර්ය, අභිධර්ම විශාරද, රාජකීය පණ්ඩිත ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ 2017-04-14 22:54:06 - 21850
නිවස සුදුසුකම් අඩු කිසිවෙක් සයිටම්හි නෑ වැඩ බලන උපකුලපති වෛද්‍ය දීපාල් සමරසේකර එකොළහ පෙබරවාරි, දෙදහස් දහහත
නිවස සුදුසුකම් අඩු කිසිවෙක් SAITM හි නෑ වැඩ බලන උපකුලපති වෛද්‍ය දීපාල් සමරසේකර 11 පෙබරවාරි, 2017
පන්දු යැවීමේදී කලකටා කණ්ඩායමේ ඇන්ඩෘ රොසෙල්ස් කඩුලු හතරක් බිඳ හෙළුවේය.
පන්දු යැවීමේදී කලකටා කණ්ඩායමේ ඇන්ඩෘ රොසෙල්ස් කඩුලු 04 ක් බිඳ හෙළුවේය.
අපගේ ගමන මින් නිමා කිරීමට සිදුවුවත් මෙම ඇල්ලෙන් නික්ම, ප්‍රධාන මාර්ගය ඔස්සේ තවත් කිලෝමීටර් තුනක් පමණ ගමන් කරන විට හමුවන තුම්මෝදර හන්දියෙන් හැරී ලබුගම දෙසට කිලෝමීටර් දෙකක් පමණ ගමන් කිරීමේදී, උසින් මීටර් දහයක් පමණ වන දම්බොර ඇල්ලට පිවිසිය හැක.
අපගේ ගමන මින් නිමා කිරීමට සිදුවුවත් මෙම ඇල්ලෙන් නික්ම, ප්‍රධාන මාර්ගය ඔස්සේ තවත් 03 km පමණ ගමන් කරන විට හමුවන තුම්මෝදර හන්දියෙන් හැරී ලබුගම දෙසට 02 km පමණ ගමන් කිරීමේදී, උසින් 10 m පමණ වන දම්බොර ඇල්ලට පිවිසිය හැක.
ඔක්තෝම්බර් මස අවසන්වනවිට භෞතික, මුල්‍ය ප්‍රගතිය සියයට සියයකි. මේ අතර මීරිගම ප්‍රා.
ඔක්තෝම්බර් මස අවසන්වනවිට භෞතික, මුල්‍ය ප්‍රගතිය 100% කි. මේ අතර මීරිගම ප්‍රා.
මෙසේ සොයා ගනු ලැබූ පුපුරන ද්‍රව්‍ය තොගය අතර පුද්ගල නාශක බෝම්බ පනස් හය ක්‌ සහ අසූ එක වර්ගයේ මෝටාර් උණ්‌ඩ විසි හය ක්‌ ද වූ බව පොලිසිය පවසයි.
මෙසේ සොයා ගනු ලැබූ පුපුරන ද්‍රව්‍ය තොගය අතර පුද්ගල නාශක බෝම්බ 56 ක්‌ සහ 81 වර්ගයේ මෝටාර් උණ්‌ඩ 26 ක්‌ ද වූ බව පොලිසිය පවසයි.
පුනරුද ව්‍යාපාරය ලොකු ආර්ථික දුෂ්කරතාවන්ගෙන් තොරව මාස දහයක කාලයක් අල්ලා ගෙන සිටීමට පුළුවන් වූයේ ස්වශක්තියෙන් මිස විදේශ ආධාර සංවිධානවලින් ලබාගන්නා අරමුදල්වල ශක්තියෙන් හෝ කළු සල්ලිකාරයන්ගෙන් ලබාගන්නා ආධාරවලින් නොවේ.
පුනරුද ව්‍යාපාරය ලොකු ආර්ථික දුෂ්කරතාවන්ගෙන් තොරව මාස 10 ක කාලයක් අල්ලා ගෙන සිටීමට පුළුවන් වූයේ ස්වශක්තියෙන් මිස විදේශ ආධාර සංවිධානවලින් ලබාගන්නා අරමුදල්වල ශක්තියෙන් හෝ කළු සල්ලිකාරයන්ගෙන් ලබාගන්නා ආධාරවලින් නොවේ.
තම බිරිඳ ගැටගසා දමා වයස අවුරුදු දහහතර ක් වන ඇයගේ නැගණිය දුෂණය කළ බව කියන පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති බව ආණමඩුව
තම බිරිඳ ගැටගසා දමා වයස අවුරුදු 14 ක් වන ඇයගේ නැගණිය දුෂණය කළ බව කියන පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති බව ආණමඩුව
මා දෙදහස් පහළොව දෙසැම්බරයේ ලංකාවට පැමිණ ගත කළ සති දෙකක කාලයේ දී මට පොත් එළිදැක්වීම් දෙකකටම සහභාගීවීමට ඉඩ ලැබුණි.
මා 2015 දෙසැම්බරයේ ලංකාවට පැමිණ ගත කළ සති 02 ක කාලයේ දී මට පොත් එළිදැක්වීම් 02 කටම සහභාගීවීමට ඉඩ ලැබුණි.
ඔහුගේ වැටීමට පළමුවෙන් සාතන් සැබවින්ම අලංකාර සත්තවයෙකි (එසකියෙල් විසි අටට දොළහ–දහතුන).
ඔහුගේ වැටීමට පළමුවෙන් සාතන් සැබවින්ම අලංකාර සත්තවයෙකි (Ezekiel 28:12–13).
එක්සත් ජාතීන්ගේ පරීක්‍ෂණ කණ්ඩායමක් එම ප්‍රකාශනය පරීක්‍ෂා කර බැලීමට සිරියාවට ගොස් තිබෙන නමුත් ඔවුන්ගේ වාර්තාව ඉදිරිපත් කිරීමටත් පෙර (අවම වශයෙන් සති තුන කට වඩා වැඩි කාලයක් ගත විය හැකියයි සිතිය හැක.), ඔබාමා මේ වන විටත් යුද්ධය සඳහා සූදානම් වෙමින් සිටී.
එක්සත් ජාතීන්ගේ පරීක්‍ෂණ කණ්ඩායමක් එම ප්‍රකාශනය පරීක්‍ෂා කර බැලීමට සිරියාවට වට ගොස් තිබෙන නමුත් ඔවුන්ගේ වාර්තාව ඉදිරිපත් කිරීමටත් පෙර (අවම වශයෙන් සති 03 කට වඩා වැඩි කාලයක් ගත විය හැකියයි සිතිය හැක.), ඔබාමා මේ වන විටත් යුද්ධය සඳහා සූදානම් වෙමින් සිටී.
මේ සදහා යොමු කරන සියලුම අයදුම්පත් ජුලි මස දහසය වැනිදාට හෝ ඊට පෙර අධ්‍යක්ෂ මාධ්‍ය.
මේ සදහා යොමු කරන සියලුම අයදුම්පත් ජුලි මස 16 වැනිදාට හෝ ඊට පෙර අධ්‍යක්ෂ මාධ්‍ය.
නමුත් දැනට ඒ ගැටලුව ඇතත් Canon සමාගම ඩිජිටල් සිනමා (හතර)
නමුත් දැනට ඒ ගැටලුව ඇතත් Canon සමාගම ඩිජිටල් සිනමා (4)
ඒ වගේම අවසාන වශයෙන් මේ හැත්තෑ එක ක් වන නිදහස් උලෙළ ඉතාමත් සාර්ථක ව සංවිධානය කළ ස්වදේශ කටයුතු ඇමතිතුමා ඇතුළු අමාත්‍යාංශ නිලධාරීන්, යුද, නාවික, ගුවන්, පොලිස්, සිවිල් ආරක්ෂක ප්‍රධානීන්, සියලු රාජ්‍ය නිලධාරීන් ද මීට අනුග්‍රහය දැක්වූ අධ්‍යාපන අමාත්‍යාංශය ඇතුළු සියලු ආයතනවලට මගෙ ස්තූතිය පිරිනමමින් ජාතිය හමුවේ ඇති සියලු අභියෝ...
ඒ වගේම අවසාන වශයෙන් මේ 71 ක් වන නිදහස් උලෙළ ඉතාමත් සාර්ථක ව සංවිධානය කළ ස්වදේශ කටයුතු ඇමතිතුමා ඇතුළු අමාත්‍යාංශ නිලධාරීන්, යුද, නාවික, ගුවන්, පොලිස්, සිවිල් ආරක්ෂක ප්‍රධානීන්, සියලු රාජ්‍ය නිලධාරීන් ද මීට අනුග්‍රහය දැක්වූ අධ්‍යාපන අමාත්‍යාංශය ඇතුළු සියලු ආයතනවලට මගෙ ස්තූතිය පිරිනමමින් ජාතිය හමුවේ ඇති සියලු අභියෝග ජය ගැ...
පිළියන්දලදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ නිලධාරීන්ට වෙඩි තැබූ සිද්ධියට අත්අඩංගුවට ගත් පුද්ගලයන් දෙදෙනා එළඹෙන දහසයවනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගතකර තිබෙනවා.
පිළියන්දලදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ නිලධාරීන්ට වෙඩි තැබූ සිද්ධියට අත්අඩංගුවට ගත් පුද්ගලයන් 02 දෙනා එළඹෙන 16 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගතකර තිබෙනවා.
මෙහිදී සරත් ෆොන්සේකාට මහින්ද රාජපක්ෂ මැතිතුමාව පාර්ලිමේන්තුවේදී විවේචනය කිරීමට හේතු හය ක් අනුවම කිසිදු සදාචාරයක් නොමැත.
මෙහිදී සරත් ෆොන්සේකාට මහින්ද රාජපක්ෂ මැතිතුමාව පාර්ලිමේන්තුවේදී විවේචනය කිරීමට හේතු 06 ක් අනුවම කිසිදු සදාචාරයක් නොමැත.
පුංචි කාලේ හීන (එක)
පුංචි කාලේ හීන (1)
ඊලඟට ඒ දුම් පරික්ෂාවෙන් ආණ්ඩුවට මම දන්න විදිහට සියයට දහය එන්නේ. එක්දහස් පන්සියදී එකසිය පනහක් ආණ්ඩුවට ආවා.
ඊලඟට ඒ දුම් පරික්ෂාවෙන් ආණ්ඩුවට මම දන්න විදිහට 10% එන්නේ. 1500 දී 150 ක් ආණ්ඩුවට ආවා.
මෙහි පැනල් හතර දහස් හාරසිය පනහකින් සමන්විත වේ.
මෙහි පැනල් 4,450 කින් සමන්විත වේ.
ප්‍රවර්ගය:ක්‍රි.ව. නවයවන සියවස - විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය
ප්‍රවර්ගය:ක්‍රි.ව. 9 වන සියවස - Wikipedia, නිදහස් විශ්වකෝෂය
කුජ හත වැන්නට පැමිණෙයි.
කුජ 07 වැන්නට පැමිණෙයි.
ඒකාධිපති රාජපක්‍ෂ රෙජිමය රට පුරා ඉදිකර තිබෙන මේ මාලිගා වෙනුවෙන් ගෙවීම සඳහා වැඩිපුර රුපියල් කෝටි නවය දහස ක් සොයා ගැනීමට අපට සිදු වෙලා....
ඒකාධිපති රාජපක්‍ෂ Regime රට පුරා ඉදිකර තිබෙන මේ මාලිගා වෙනුවෙන් ගෙවීම සඳහා වැඩිපුර රු. කෝටි 9000 ක් සොයා ගැනීමට අපට සිදු වෙලා....
නවය.ඔබේ තර්කයේ කිසිම පදනමක් නැත.
9.ඔබේ තර්කයේ කිසිම පදනමක් නැත.
කොල්ලො දහසක් විතරල කෙල්ලොත් ඉද්දි Control කරන එක ලේසි නැහනේ. හික් හික් ඔහොම සීන් එකක් උනාම ආයේ ඉතින් කාලෙකට මොකුත් නැහ කියල සර් දන්නව. උන්නැහේ : කව්ද බන් හිතන්නේ මේ බ්ලොග් අවකාශේ මේ වගේ නපුන්සක චරිත ඉන්නව කියලා...
කොල්ලො 1000 ක් විතරල කෙල්ලොත් ඉද්දි Control කරන එක ලේසි නැහනේ. හික් හික් ඔහොම සීන් එකක් උනාම ආයේ ඉතින් කාලෙකට මොකුත් නැහ කියල සර් දන්නව. උන්නැහේ : කව්ද බන් හිතන්නේ මේ Blog අවකාශේ මේ වගේ නපුන්සක චරිත ඉන්නව කියලා...
ඊට පස්සේ අලි පාටි නායකයා වෙන්න ... හය
ඊට පස්සේ අලි Party නායකයා වෙන්න ... 6
පොනිල්ගේ පැටිකිරිය ( එක දෙක තුන ...
පොනිල්ගේ පැටිකිරිය ( 1 2 3 ...
දකුණු ආසියාවේ නැගී එන පිහිනුම් ක්‍රීඩක ක්‍රීඩිකාවන් රන් පදක්කම් දෙසිය පනස් දෙකක් වෙනුවෙන් සටන් වදින ප්‍රබලතම පිහිනුම් ශූරතාවලිය වන මෙය වයස් කාණ්ඩ තුනක් යටතේ පැවැත්වේ.
දකුණු ආසියාවේ නැගී එන පිහිනුම් ක්‍රීඩක ක්‍රීඩිකාවන් රන් පදක්කම් 252 ක් වෙනුවෙන් සටන් වදින ප්‍රබලතම පිහිනුම් ශූරතාවලිය වන මෙය වයස් කාණ්ඩ 03 ක් යටතේ පැවැත්වේ.
ඡන්ද සහ අපේ මනාප (දෙදහස් පහළොව මැතිවරණ)
ඡන්ද සහ අපේ මනාප (2015 මැතිවරණ)
යහපාලන නරි දෙදහස් දහයට කලින් යුද, නාවික, ගුවන් හමුදා විරුවන් තුනටම අපහාස කරා.
යහපාලන නරි 2010 ට කලින් යුද, නාවික, ගුවන් හමුදා විරුවන් 3 ටම අපහාස කරා.
උපුටා ගැනීම ආරම්භය - සොඳුරු සුව අසපුවේ විසි නවය වන ලිපිය
උපුටා ගැනීම ආරම්භය - සොඳුරු සුව අසපුවේ 29 වන ලිපිය
පොලිතීන් ඉවත් කර දින හතරකින් පමණ පළමු අස්වැන්න නෙළා ගත හැක.
පොලිතීන් ඉවත් කර දින 4 කින් පමණ පළමු අස්වැන්න නෙළා ගත හැක.