txt
stringlengths
140
500
තියි අක්කේ මේ විස්තර ටිකට... ඔයාත් ඔය නිකං ඉන්න එකේ කතා පොතක් ලියන්න... sAm sRi December 27, 2011 at 9:31 PM අර මකර ගැන ලිව්ව මාමද අනේ ඒ?? වැදගත් දේවල් ටිකක් දැනගත්ත වගේ හිතෙනවා.. ඔය පොත් පිංචක් මාත් කියවන් ඕනේ.. 4e3bce96-30a8-11e1-bf10-000bcdca4d7a December 27, 2011 at 10:03 PM Isaac Asimov kiyanne I Robot vidya praba...
ේ පත් ඉරුව December 27, 2011 at 11:27 PM ෂැහ් කවුද හිතුවේ මෙයා සුරංගනා කථා ලියනවාද කියලා නියමයි ඈ මාර කතාවක් අපිට කියවන්න දුන්නට කථාව අන්තිම වෙනකන් සෑහෙන්න කුතුහලෙන් කියෙව්වේ බැලින්නම් ලියපු කෙනා හොයාගන්න එක ඊටත් වඩා ගති වැඩක් එල ඈ දිගටම ලියමු මාර වටිනවා Miyuru December 28, 2011 at 5:40 AM අනේ අනිත් කතා ටිකත් දාන්නකො.....
වුනත් ඒ කතාව හරි ලස්සනයි.අපේ නගාත් හරි ආසාවෙන් කියෙව්වා.තව කතාවක් ලියන්නකෝ අක්කා.. වර්ණා December 28, 2011 at 9:05 AM අහ්හ් හොද වෙලාවට මම කතුවරයාව ගෙස් නොකලේ.. මම දන්නෙම නැහැනේ :D රූ.... December 28, 2011 at 7:52 PM හ්ම්..නිකං ඉන්න වෙලාවට සලකලා බලන්න ඕනේ හොඳ අදහසක්..ඇසිමොව්ගෙ පොත් හරිම ලස්සනයි... @4e3bce96-30a8-11e1-bf...
ුනොත් අපිත් එක්ක බෙදාගන්න.. අනේ ඔහොම ඉල්ලීම් දාලා මාව අමාරුවෙ දාන්න එපෝ... ම්..අනිත් කතා පරිවර්තනය කරන එක ලේසි නෑ..බලමු බලමු.. @නිසූ, ම්..නගාට සුභ පැතුවා කියන්න..තවත් කතාවක් ..මට නම් බැරියෝ මෙච්චර ටයිප් කරන්න..අක්ක නගාලත් පුළුවන් නම් අනිත් කතාත් කියවන්න..මම හිතන්නෙ නිරුවත් හිරු මඬල කියලා පරිවර්තනය වුනේ ඇසිමොව්ගේ The Na...
ව එක ලොකු දෙයක්. නරකද ඔබ තුමියත් පොතක් ලිව්වා නම්. රූ.... December 31, 2011 at 9:32 PM ඔබතුමී...පොතක්..හහ්..!! මම නිකම් පාවෙනවා වගේ.. Hasitha April 6, 2012 at 12:48 PM පට්ට පට පට කිව්වලු. කාලෙකට කලින් මේ කතා ටික කියවන්න පටන් ගත්තත් කියවලා ඉවර කරන්න වුණේ නැහැනේ. කතාව නම් සුපිරියි අක්කේ රූ.... April 8, 2012 at 9:54 AM ඒක...
ූ.... July 31, 2012 at 9:21 AM ම්..මම වගේ කෙනෙක් ඒක පරිවර්තනය කිරීමත් අපූරුයි නේද? ඇසිමෝව් ගේ සුරංගනා කතා කීපයක්ම තියනවා හරී..හරිම ලස්සනයි..වෙනස්..ඒවගේ භෞතික විද්‍යාවේ රසායන විද්‍යාවේ සිද්ධාන්ත මුසුකරලා තියනවා.. හරී July 31, 2012 at 9:50 AM "මම වගේ කෙනෙක් ඒක පරිවර්තනය කිරීමත් අපූරුයි නේද?" නැතුව නැතුව.. අනිත් කතා ටිකත්...
ානයක් ගැන. ඒ නමින් නුවරඑළිය ශ්‍රී ස්වර්ණගිරි විවේක සේනාසනයයී.නුවරඑළියේ යන ගොඩක් දෙනෙක් මේ තැන ගැන වැඩිය දන්නේ නෑ. ඔයාලා අහලා තියෙනවා නේද සිංගල් ට්‍රී කදු මුදුන ගැන.ඒ කියන්නේ එක ගහක් විතරක් ලොකුවට වැවුනූ කදු මුදුන ගැන. ඒ කදු මුදුනේ තමා මේ සිත නිවෙන විවේක සේනාසනය තියෙන්නේ. වැඩි හරියක් මීදුමෙන් වැහිලා තියෙන මේ පුදබිම මෙහි...
්‍රාව පිළිබිඹු වන ලෙස තමා මේ ප්‍රතිමාව ඉදිවෙන්නේ.මේ ලිපිය ලියන මම මේ අත්දැකීම දෑසින්ම විදගත්තා. මොකද අපි තාමත් ඉන්නේ මේ සුන්දර පරිසරයෙ නිසා.මේ ප්‍රතිමා වහන්සේ ඉදිවුණාම මුලු නුවරඑළියටම පෙනන බවයි එහිදි ගිය අපට අසන්න ලැබුනේ.මේ ප්‍රතිමාව අඩි 60 ක් උසට ඉදිවීමට නියමිතයි. සියම් මහා නිකායේ වනවාස පාර්ශවයේ වතුරුවිල ආරණ්‍ය සේනාසන...
ට ඔබටත් දායක වෙන්න.මෙහි ඉතිහාස තොරතුරු අපි ඉදිරියේදි vedio එකකින් ඔයාලත් එක්ක බෙදා ගන්නම්.නුවරඑළියේ යන ඔබත් මෙහි ගිහින් ඒ අත්දැකීම විදගන්න. Sri Swarnagiri Viveka Senasanaya Swarnagiri Maha Viharaya,(Sri Swarnagiri Viveka Senasanaya) Single Tree Temple is a Buddhist Temple in Nuwara Eliya. අටම්පහුර atampahura: මාතු පාදං...
ැ තාත්ත ‘‘ ‘‘ තාත්ත නිදි ‘‘ ‘‘කෝ කතා කරහං , මේ යකා මොකද බුදි , දවල්ම ගහලද ‘‘ ‘‘ තාත්තේ මේං බාප්පල ආවෝ....‘‘ ‘‘ වැඩක් නැ උපාලි මල්ලියේ කියල , බිස්නස් යනව කියල ඊයේ ගිහින් අද ආවා . අර පඩි බාගේ මෙච්චරක් හම්බෙනව කියල දන්න හන්ද ඒක යන්තං බේරෙනව , වෙන නං ඉතින් බඩු මල්ල උස්සගන ගිහිං හම්බෙන දෙයක් නැ ‘‘ ‘‘ මේ ලොකු නංගි ...උඹල ජුජ...
ලෙ ඇති බිස්කට් ටින් එකත් එක්ක‘‘ ‘‘ සීතා පුංචීඊඊඊ....‘‘ ‘‘අනේ ලොකු පුතේ .....ගොඩ දවසකින් මගේ කොල්ලව බලන්ඩත් ආවේ නැ ... මේ බාප්ප එක්ක එන්නේ නැ නේ පුතේ මාව . එයා එනව නේද මෙහේ තාත්ත එක්ක , නංගිල දෙන්නයි මායි ගෙදර ‘‘ ‘‘ පුංචිඊඊඊඊ ‘‘ ‘‘ ඉන්ඩ පුතේ ටිපි ටිප් තියනව ‘‘ ‘‘ ජුජුස්වගේද ‘‘ ‘‘ නැ මේ තියෙන්නේ ‘‘ ‘‘ හැඇහඇැහැැ ....ඹ්ක ම...
යි ‘‘ ‘‘ පිටිවලින් වෙන්ඩ ඇති රස වෙන්ඩ තව මොනව හරි ඇති ‘‘ ‘‘ සීතා අර කුකුලව දෙනවකේ ලොකු අක්කට හදන්ඩ ‘‘ ‘‘ ලොකු අක්ක ඒක හදනව ‘‘ තැබීලි පාට , එතකොට මේක කුකුල් පැටියෙක්ද , තාර පැටියෙක්ද , කටට දැම්මහම නිකම්ම දියවෙනව , සැර රසයි ලුණු රසයි , අප්පෝ ජුජුස් මොන ජරාවක්ද , බාප්ප එනකොට අායෙත් මෙව්වා ගේයිද දන්නැ . .....එහෙම නැති උනොත...
හනව තමුසේ මට ගහනව ‘‘ ‘‘ අපෝ මටනං බැ රිදෙන සෙල්ලං කරන්ඩ ‘‘ ‘‘ ඉතින් බෝලේ අහුලල තමුසෙ අපිටත් ගහනවනේ . සෙල්ලම කරමු කෙල්ලො කොල්ලෝ ‘‘ ‘‘ අපෝ අපේ නංගිට තාම ඔව්වා බැ ‘‘ ‘‘ ඉතින් අපේ සුදුවටත් බැ ‘‘ ‘‘ එයා ඉතින් මගේ වයසෙනේ ...ඒක හරියන්නේ නැ ..අපි හංගන හොයනක සෙල්ලම කරමු ‘‘ ‘‘ අපෝ ඔය මෝඩ සෙල්ලං අපි නං දන්නැ ‘‘ ‘‘ දැන් අපි තුන් දෙ...
ගිනි ගිනි කියලත් කියනවද ‘‘ ‘‘ ඔව් ඈත් වෙනකොට ඇල් ඇල් කියලත් කියනව ‘‘ ‘‘ ඉතින් ඕයි ඔක ඇල් ගිනි සෙල්ලමනේ ‘‘ ‘‘ එව්වා අපි දන්නැ ...හාද ..බෑද ‘‘ ‘‘ එහෙනං හා ‘‘ ‘‘ මොකක්ද දැං හංගන්නේ ‘‘ ‘‘ මගේ ටෙනිස්බෝලෙයි නලාවයි පිස්තෝලෙයි හංගමු ‘‘ ‘‘ අපෝ ඕන්නැ ..ඔව්වට මොනවහරි උනහම අම්මට කියල මාව අල්ලයි ...අනික මොකටද තුනක් , එකක් තිබ්බහම ම...
් ‘‘ ‘‘ මං හංගන්නේ ගේ ඇතුලේ , දෙන්නම එලියට යන්ඩ ඉතින් ‘‘ ‘‘ හැබැයි ඔන්න ඇල් ගිනි හරියට කියන්ඩ ඕන හරිද ‘‘ ‘‘ මේ ..ඔය කෙල්ලවත් අල්ලගන නැටුවට කමක්කැ .....ගේ අස්සේ බෙරිහං දෙන්නේ නැ හරිද ...මෙතන කනක් ඇහෙන්ඩ නැතිවෙන්ඩ ‘‘ ......................හැච හැච හැච හැච තමා සෙල්ලමක් කරන්ඩත් නැ ........ ‘‘ මොනවද උඹ මුනු මුනු ගාන්නේ ‘‘ ‘‘...
......හඅ...හඅ..‘‘ ‘‘ නිකං හිටහං සුසිල් අයියේ උන්ට ඕන එකක් කරගන්ඩ දීලා ‘‘ ‘‘ නැ ඔයා දන්නැ උපාලි මල්ලි ටිකක් බුදියගන්ඩ හැදුවේ දෙකෙ ඉදන් බලහං දැන් පහත් පහු ..සැරින් සැරේ අර පොඩි එකාවත් අවුස්ස අවුස්ස බෙරිහං දෙනව ‘‘ ‘‘ ඉතින් මමයැ ...සුදුනේ හැම වෙලේම මට වද දෙන්නේ .. ගොං බූරුව කරන වැරදි වලට මට තමා බනින්නේ ....දවස් කීයක් මට චු...
න් ගහනව , ඒක විසික් කරන්ඩ දෙන්නෙත් නැ ..වටිනව කියල , මුගෙන් ගුටි කන්ඩත් ඕන , මේ දෙන්නගෙන් ගුටි කන්ඩත් ඕන ‘‘ ‘‘ උඹ මොකද ලොක්කෝ ගිරිය පුප්පන්නේ තාත්තට ‘‘ ‘‘ හී ..හී බාප්පත් බනිනව ඇ..ඇ මට තමා හැමෝම බනින්නේ ‘‘ ‘‘ මගේ පුතා ඔය බාප්ප කියන ඒවා ගනන් ගන්ඩ එපා ...හා හා සුදුත් ගිහින් නංගි එක්ක සෙල්ලං කරන්ඩ.........ඔයත් නිකං ඉන්ඩකෝ...
රියැ .... ඊයේ බැලැක් ඇන්ඩ් වයිට් දෙකක් හම්බුනා .....එකක් අද දවල් වෙනකොට ඉවරයි ....අද මෙහේ එන්ඩම කියල තියාගත්ත මේක ‘‘ ‘‘ මාත් දවාලේ එන ගමන් නිට්ටඹුවෙන් ටිකක් අරගන ඇවිත් නිදාගන්ඩ හැදුවේ ‘‘ ‘‘ සීතා බලනවකෝ අරක හරිද කියල ‘‘ ‘‘ ටිකක් ඉන්ඩ උපාලි තාම තැම්බෙනව .....ඇ සුසිල් අයියේ අපේ කුස්සියේ දෙතුන් දාහකට උයන විදිහ දැක්කනං මෙයා...
රද කියල අහන එකනේ .............. අම්ම හංගල තියන කෑල්ල තමයි ඉතිං අපිට.... ‘‘ රයිටෝ ඔන්න හැංගුවෝ ‘‘ ‘‘ දෙන්නම එකතැන හොයල වැඩක් නැ ලොකු නංගි තමුසෙ ඔය පැත්තේ හොයනව ‘‘ ‘‘ ඉතින් සුදු අයියේ ගිනි නං ගිනි කියනවකෝ ‘‘ ‘‘ අප්පෝ ඇල්ම ඇල් අයිස් වගේ ‘‘ ‘‘ ඉතින් එහෙනං ඇල් කියලවත් කියහංකෝ ‘‘ ‘‘ අපෝ මට බැ ඇල් ගිනි ඇල් ගිනි ගාන්ඩ හැම වෙලා...
ිදුසර පත්තර පුංචි , ටල්ලම්මලැ දිහා ගියහම ඉල්ලං ආවා ‘‘ ‘‘ මේවැ තියන ඒවා තේරෙනවද ‘‘ ‘‘ ඹව් ‘‘ ‘‘ අනේ ලොකු අයියේ එනවකො හලෝ සෙල්ලං කරන්ඩ ‘‘ ‘‘ මට බැ ඔය පැනි සුදුවත් එක්ක සෙල්ලං කරන්ඩ ‘‘ ‘‘ අනේ එනවකෝ ‘‘ ‘‘මට බැ මං පත්තරේ බලනව‘‘ ‘‘දැං මෙහෙමනේ සුසිල් අයියේ අපි දේසපාලනේ කරනකොට දෙපැත්තම හොදට තියාගන්ඩ ඕන , ..මේ ලගදි පේමදාස හම්බෙ...
ල , ආතාඋදල , ෆාරුක්ල එක්කත් අඩියක් ගහල ඉන්න මට ඔය ඕන තැනකට රිංගත හැකි ......අපේ ජයන්ත අයියා අනාගත්තේ ඔතන තමා ‘‘ ‘‘ ඉතින් මගේ රස්සාව හදා දියංකෝ ‘‘ ‘‘ ටිකක් හිටහංකෝ ...මං මේ කොමසාරිස් ලගටම යන්ඩ පොටක් පාද පාද ඉන්නේ ‘‘ ............අනේ අපේ තාත්තත් මෙයාගේ පංපෝරි නොදන්නව වගේ අහන හැටි .......... ‘‘ ඉස්සරනං මගේ හිතවතා දැන්නං මත...
සු ගන්නෙත් ඒ පැත්තනේ සුසිල් අයියේ ‘‘ ‘‘ ඉදපංකෝ උපාලි මල්ලියේ මං ඕකුන් ඔක්කොගෙම අම්මලට හමන්නල ගන්ඩ ‘‘ ‘‘සීතා තව මස් ටිකක් අරගන එනවකෝ ‘‘ ‘‘ ඕන්න මෙච්චරයි තියෙන්නේ ...අනිත් ටික බත් කන්ඩ ‘‘ ‘‘ බත්නං බඩ පැලෙනකං කන්ඩ බැරුවැ ලොකු අක්කගේ පොල් සම්බෝලෙත් එක්ක ‘‘ .............හරි වැඩේ අදත් සම්බෝලයි බතුයි තමා ............ ‘‘ අනේ ල...
ුවලේ හොයන්ඩ ‘‘ ‘‘හරි හරි එහෙනං ඔහොම ඉන්නවල ...හොරෙන් බලන්නැ හරිද ‘‘ ............කොහෙද මේක හංගන්නේ ......හරි දෙන්නං වැඩේ වලස් ඇදිරිය වැට අස්සේ තුන් පොලක හැංගුවහම හොයයි මුං ඇටේ....... ‘‘ හරිදෝ ...ඔන්න අපි එනවෝ ‘‘ ‘‘ ලොක්කිට ඇල් ඇල් , සුද්දට ගිනි ගිනි ‘‘ ‘‘ හරි හරි එහෙනං මෙහේ තමා ‘‘ ‘‘ ලොක්කිටත් ඇල් සුද්දටත් ඇල් ‘‘ ‘‘ මේ ...
ොදටම රැ උනා දැං අච්චි අම්ම පන්සල් ගිහින් ඇවිල්ලත් ඇති ‘‘ ‘‘ අපි තව ටිකක් සෙල්ලං කරල එනේ ‘‘ ‘‘ මේ උඹල දෙන්න බත් කන්ඩ එනවද ..ගුටි කනවද ‘‘ ‘‘ හා අම්මේ ‘‘ ‘‘ ලොකු අයියේ අපි ටක්ගාල කාල ඇවිත් යන්ඩ කලින් ආයෙත් හොයමු ‘‘ ‘‘ අම්මේ වෙන මස් නැද්ද ‘‘ ‘‘ වෙන නැ ඔච්චරයි ‘‘ ‘‘ එහෙනං මල්ලිටයි නංගිටයි දෙකක් දීලා තියෙන් ‘‘ ‘‘ වෙන නැ ඔච්ච...
‘ ‘‘ සුසිල් අයියේ මට බිස්ටල් එකක් දියන්කෝ ගොල්ලිප් ඉවරයි ‘‘ ‘‘‘ දැං අපි ඉක්මනට යං නේ ‘‘ ‘‘ නැතුව ඉන්ඩ යැ ‘‘ ‘‘ එහෙනං යං ලොකු දුවේ සෙරෙප්පු දෙක දාගන එන්ඩ .., මං නංගිගේ බැක්එක ලැස්ති කරන් එන්නං ‘‘ ‘‘ අපේ නැන්දලැ ගෙදර ගහේ රඹුටං හැදිලා , එහෙට ගිහින් කඩාගන යමුද ‘‘ ‘‘ බැ බං හවසට යමං , එතකොට ගෙදර ගිහින් මල්ලිටත් දුන්න හැකි ‘‘...
ැහැපං ‘‘ ‘‘හරි හරි හිටහං .........අඩෝ බලුවැඩ කරන්ඩ එපා උඹ හොද ගෙඩි උඹේ බෑක් එකට දාල අමු එව්වයි පොඩි එව්වයි මගේ එකට දැම්මනේ ‘‘ ‘‘ ඉතින් හොදම ඒවා උඹත් සාක්කුවට එබුවේ ‘‘ ‘‘ සුදුවෝ ...අම්මේ .....මේන්න බලන්ඩ මං රඹුටං ගොඩාරියක් ගෙනාවෝ ‘‘ ‘‘ රඹුටන් ..වරෙ වරෙන් රඹුටං දෙන්නං බොට ‘‘ ‘‘ මොකද අනේ බොරුවට කෑගන්නේ ‘‘ ‘‘ බොරුවට ........
........හං ..හං .....මට හම්බෙන රඹුටං ගෙඩියත් මං තනියම කන්නේ නැතුව ..උඹට අරං එනව ...උඹ අම්මව උසිගන්නනවා මට ගහන්ඩ ‘‘ ‘‘ උසිගන්නන්ඩ මං බැල්ලියෙක්ද බොල ‘‘ ......චටාස් ...පටාස්... ‘‘ මේ ඉස්කෝලේ ගිහින් පරක්කු උනාට ‘‘ ...වපාස් ...පටාස් ...දක් ...දොක්....චිටිස් චක් ... ‘‘ අනේ අම්මේ එපා .....අනේ ..එපා ..එපා ....ආආආ..අතේ ඇගිලි ව...
ටන් ගත්ත නේද ‘‘ ‘‘ පිස්සුද අනේ නැ ...චමින්ද එක්ක නැන්දලැ ගෙදර ගිහින් කැඩුවේ ‘‘ ‘‘ උඹට මෙහේ මං නොදන්න නැන්දලත් ඉන්නවද ‘‘ .......දඩින් දිඩිං ....... ‘‘ අයියෝ අම්මේ ...ගහන්ඩ එපෝ ඔලුවට වැදුනේ ඔලුව පැලුනද කොහෙදෝ ...අනේ අම්මේ එපා ..අනේ ..අම්මේ ..එපා ...එපා ‘‘ ‘‘ ඔලුව පැලුන .......කඩනව අඩු අද මම තොගේ , ගිහින් දුන්නා නේද තෝ කා...
......අනේ ගහන්ඩ එපා අම්මේ ....අයියෝ මට බැ , කකුල් පන නැ ...මං මැරෙයි .....‘‘ ‘‘ නැගිටපිය ...නැගිටපිය ....බොරුවට වැටෙන්නේ නැතුව .....ගෙයින් එලියට ඇහෙන්ඩ කෑගහන්නේ නැ ‘‘ චටාස් පටස් ....වටාස්... ‘‘ අනේ නැගිටින්නං ගහන්ඩ ...එපා ...කෑගහන්නෙත් නැ ..අනේ අම්මේ ගහන්ඩ එපා ‘‘ ‘‘ තෝ තවත් නැ කිය කිය බොරු කියන්නේ උඹ අම්මව රවට්ටන්ඩද ....
ඩේ , මගේ පිස්තෝලෙයි , නලාව , බෝලෙයි හොරකං කරල ‘‘ ‘‘ අවසාන වතාවටයි කියන්නේ ......ඇත්ත කියපං සෙල්ලං බඩු ටිකට මොකද කලේ , ඒටික විකුනල රබුටං කාල තව අපිවත් රවට්ටන්ඩ අරගනත් ආවා නේද ‘‘ .......දඩින් දිඩිං ......දඩාං...බඩාං...දිඩිං ..ඩිං....චටාස් පටස් ....වටාස්...චාස් චටපටාස් ..තොක් තක් ....දඩාං...බඩාං...දිඩිං ..ඩිං....චටාස් පටස...
්මේ ගහන්ඩ එපා ඔව් ඔව් ...මං සෙල්ලං බඩු විකුනුවා , ඒවායෙන් රබුටං අරගන ...කෑවා .. ගෙදරත් අරගන ආවා ‘‘ ‘‘ ඇයි තෝ කලින් ඔය ටික නොකියුවේ ‘‘ දඩාං...බඩාං...දිඩිං ..ඩිං....චටාස් පටස් ....වටාස්..........දඩින් දිඩිං ......දඩාං...බඩාං...දිඩිං ..ඩිං....චටාස් පටස්....තොක් ...තොකොක් ‘‘ පොල්ල කැඩුන හන්දා තෝ බේරුනා කියල හිතාගං , නැත්තං...
ස්ටල් එකේ කොල්ලෙක්ටවත් ගහල නැතුව ඇති අම්ම මට ගහපු තරං , ඇගිලි රිදෙන නිසා නොලියුව එකට ටීචත් මට ගැහුවා...අම්ම ගහල ඇගලි නමන්ඩ බැ , ඒක හන්ද ලියන්ඩ බැ කියන්ඩද .............අර මුසලය හන්ද තමා මේ ඔක්කෝම , ඔකා ඉපදුනත් හරි හැමදාම මං ගුටි කනව , අපරාදේ පොඩිකාලේ නිව්මෝනියාව හැදිච්ච වෙලාවේ අනුරාදපුරේ ඉස්පිරිතාලෙදි ..ඒකව මැරෙන්ඩ තිබු...
, ...වහ ටිකක් කාල මැරෙන්ඩත් නැති හැටියක් . ...එතකොට සෙල්ලං බඩු වලට මොකද උනේ .... අරූ හංගල ඇති කොහේ හරි , එහෙම කරල මට ගස්සවන්ඩ ඕන හන්ද අම්මට කියන්ඩ ඇති , මං අරගන කියල................ඉතින් පෙරෙයිද රෑත් තිබුනනේ සෙල්ලං කරන කොට .............. ....දෙයියනේ ..මං අන්තිමට හංගපු පාර අරුන් දෙන්නට හොයාගන්ඩ බැරි උනානේ . වලස්ඇදිරිය ...
ිසක් , වංඩු ආප්පයක් කාහං කියල .... ‘‘ අම්මේ අම්මේ එදා සෙල්ලං කරනකොට මල්ලිගේ සෙල්ලං බඩු හංගපු තැන මතක් උනේඔඔඔඔ ‘‘ ‘‘ මොකද බං බෙරිහං දෙන්නේ ‘‘ ‘‘ ආ තාත්තේ........කෝ අම්ම කොහෙද ගියේ ...ඊයේ මං කියන එක පිලිගන්නේ නැතුව මාව මරාගන කන්ඩ හැදුවා , පෙරෙයිදා ලොකු නංගිත් එක්ක ඇල් ගිනි සෙල්ලම කරනකොට සෙල්ලං බඩු ටික වලස් ඇදිරිය වැට අස්...
තද ...තෝ කාවද බොල ඔය රවට්ටන්ඩ හදන්නේ , තොගේ ලුනු ගොරක මදි මාව තම්බන්ඩ ...වල් පරය ඊයේ වික්ක එකාගෙන් ආයෙත් ඉල්ලගන ඇවිත් ... වැට අස්සට දාල මාව අන්දන්ඩ නේද හැදුවේ , මං අද තෝ මරල තමයි පස්ස බලන්නේ ‘‘ ‘‘ අනේ තාත්තේ පයින් ගහන්ඩ එපෝ ......බේරගන්ඩ කවුරුවත් නැද්දෝ .......අපේ තාත්ත මාව මරනවෝ ඔන්න ඇ තව ගෑනු ළමයෙක් ලියන බ්ලොග් එකක් ...
බොරු කියන්නේ උඹ අම්මව රවට්ටන්ඩද .. පිලිගනින් තෝ මල්ලිගේ සෙල්ලං බඩු විකුනුවා නේද ‘‘///// ගාට් අක්ක පොලීසියේ වැඩ කොලා කියලා දැනගත්තේ අදනේ....! අටම්පහුර June 16, 2015 at 9:33 AM පොලිස් වැඩ සීරිස් එකක්ම තියනව Helapa kade June 15, 2015 at 6:28 PM හැංගිමුත්තං කෙළිය මරු නේද බං.ඉස්සර මගෙ වැඩෙත් හැංගිමුත්තං කෙළියම තමා. chef-arc...
ෙන්ඩ තැන් දන්න හන්ද අක්කල එහෙම එනව ඇත්තෙ ඔමාගේ හීන- Apurvi June 17, 2015 at 10:20 PM හි හි අපි නම් හොරා පොලිස් කරේ හැංගි මුත්තු කරේ ම නෑ ;D කල්‍යාණ මිත්‍ර June 15, 2015 at 7:53 PM ගුටි කන්නත් සෑහෙන්න ලැබීමක් තියෙන්නෝනේ.. උඹ දැකල නැතුවැති මාත් ඔය වගේ අම්මගෙන් ගුටිකාපු සීන් එකක් මුල්ම කාලේ ලියුවා.. හැක්.. අපේ අම්මගේ ප්‍ර...
5 at 8:21 PM හම්මේ ඕම නසරානි වෙන්න ගුටි කාල ගුටි කාල නන්න වෙලා පැත්තක දපල ඉද්දි අර මඩොල් දූවෙ උපාලිය වගේ කී පාරක නං පැනල යන්න කම්පනා කොලාද. කොහෙද කවදාවත් කරගන්න පුලුවං වුණැයි. මොකෝ උපාලියට ජින්නෙක් හිටියට මට හිටියෙ එහා ගෙදර බණ්ඩාරය නෙ. උට පැනල යන්න ඕන වෙද්දි මට අවුලක් නෑ මට යන්න ඕන වෙද්දි උට අවුලක් නෑ. ඉතිං පැනල ගියෙත්...
ඩ තිබ්බා උදේ පාන්දර ගූ හතේ කතාවක් නොදකින් අටම්පහුර June 16, 2015 at 9:37 AM මගේ ජීවිතේ කොහොමත් ගු හතයි එයි අටමො..... (මේක උබගෙ අද පොස්ට් එකට අදාල නැ.) මම අටං අයියගෙ ගමේ කිය කියා "මඩිස්ස" කියල බ්ලොග් එකක් ලියපු ජොකියෙක් හිටිය නේද "නිශාන්" කියල.... මොකද බං ඌට උනේ.....ඌ මොකද ලියන එක නතර කරල දැම්මෙ..? අටම්පහුර June 16, 201...
න් බලන්නං වෙලාවක , බාගදා කම්මලාට හම්බුනාද දන්නැ Anonymous June 16, 2015 at 10:37 AM ඌට කියපන් ආයිත් ලියන්න කියල Praසන්ன June 16, 2015 at 12:25 PM මාත් නිශානයව මතක් කළා කියහං. උගේ අතේ අර දෙහි ගෙඩිය තාම තියේද කියලත් අහපං. කම්මල June 16, 2015 at 3:29 PM මට හම්බුනා දැන් ටික කාලෙකට කලින්. ඌට ඇනෝල කියපු කුප්ප කතාවලට බ්ලොග් එ...
රා කියාන් අයියේ මං බ්ලොග් ලියන්න ආපු කාලේ එයා කමෙන්ට් කළා fb එකෙත් යාලුවෙක් එයා .. ( නම කීවම දන්නේ නෑ කීවොත් අර එෆ් බී එකේ ලස්සනම ලස්සන ෆොටෝ ෂොප් වලින් සුදු කරපු ෆොටෝ දාන නංගි කියන්නකෝ :D ) ඉවාන් පවුලූශා June 16, 2015 at 5:35 AM අප්පට බෝල , අරූ ගුටි කාපු හැටියට ඉතුරුවුනා ඇතිනේ බොල. අටම් ඉට්ටයිල් එකේ කතාවක් ... අටම්පහුර...
2015 at 9:44 AM මං පව් නේ බං Maathalan - Priyantha Hewage June 16, 2015 at 10:28 AM ඔහොමත් ගහනවද බං... කතන්දර දැක්කා නම් හෙම උඹටයි නඩු දාන්නේ... අටම්පහුර June 16, 2015 at 2:22 PM මට මොකටද නඩු දාන්නේ මමනේ දාන්ඩ ඕන Rohan Dhananjaya June 16, 2015 at 10:31 AM //දඩින් දිඩිං ......දඩාං...බඩාං...දිඩිං ..ඩිං....චටාස් පටස් ......
මට කවදාවත් තලල නෑ... හැබැයි මම අප්පච්චිට පට්ට බය..! අටම්පහුර June 16, 2015 at 2:23 PM ගහලත් නැත්තං මොකද බං බය Rohan Dhananjaya June 16, 2015 at 3:53 PM ඇයි අහල නැතෙයි.. තරහ නොයන අයට තරහ ගියාම අති භයානකයි කියලා..! දේශක යා June 16, 2015 at 10:39 AM යකෝ යහපාලනයක් කෝ.. උම තාම තාත්තගෙන් ගුටි කනවද කියල බලනන් තරං හිතුනා.. පව්...
මහ හරක , ලොකු බුරුව MPP Gunasinghe June 16, 2015 at 10:58 AM මෙච්චර වයස මාත් ආයෙ අතීතයට ගියා අටම්පහුර June 16, 2015 at 2:30 PM අපේ විචා මාමටත් වැඩිය වයසද ඔයාට විචාරක - Wicharaka June 16, 2015 at 11:05 AM එදා සමාජයේ බොහොමයක් පවුල්වල මේ විදිහේ ශාරීරික දඬුවම් corporal punishment තිබුණා. ඒවා සමාජය විසින් අනුමත කළා. නමුත් ...
ඒ උනාට මට නං හිතෙන්නේ දැන් ළමයි කියන එක අහන්නැ කියල විචාරක - Wicharaka June 16, 2015 at 9:42 PM අහන්නෑ අහන්නෑ, ආයෙ ඒකේ දෙකක් නෑ. නමුත් එදා අපිට ගස් බැඳලා දිමිගොටු දාලා ගැහුවත් අපි අම්ම තාත්තට වෛර කලේ නෑ. නමුත් දැන් ළමයි වෛර කරනවා. එක්කො ජීවිතේ නැතිකරගන්නවා. ඉස්සර වෙලාම අපි පැහැදිලිව කියලා දෙන්න ඕනේ පවුලේ ප්‍රතිපත්ති. ඊ...
ාගේ ජීවිතය ගැන වගකීමක් අපිට දරන්න බැහැ කියලා. ලොකු පුතා June 16, 2015 at 11:23 AM අපිත් පොඩි කාලේ ඕනේ එකටයි එපා එකටයි ගුටි කාල තියෙනවා, නමුත් මේ වගේ අසාධාරණ විදිහට ගුටි කාල නැහැ කියල හිතෙනවා. හැබැයි ගුටි කන්න ඕනේ වැඩ වලදී මදි නොකියන්න කාල තියෙනවා. ගහ ගත්තම ගහ ගත්තු එවුන් දෙන්නව ගිනි අව්වේ දණගස්සවලා තියනවා දෙන්නගේ කන් ද...
න සල්ලි වගයක් හොරකං කරලා බොරු කිව්වා කියලා ගිනි පෙනෙල්ලකින් කටත් පිච්චුවා, කට පුච්චලා අව්වේ දණ ගස්සලා තිබ්බා. ඉතිං හිතපන්කෝ සනීපෙ. එතකොට මම 4 වසරේ... අද කාලේ මේ වගේ දේවල් උනොත් දෙම්පියෝ හිරේ, අපිව මහපාරට වැටෙයි... අටම්පහුර June 16, 2015 at 2:33 PM මට නං හිතෙන්නේ මං ගුටි කෑවේ නිරපරාදේමයි කියල Praසන්ன June 16, 2015 at 12...
් බං chef-architect June 16, 2015 at 2:49 PM අද කෙසේ වෙතත්, එදා දෙමව්පියන් මෙවැනි දඩුවම් තම දරුවන්ට ලබාදීම තමන්ගේ මානසික ආතතියන් පිට කෙරීම් ලෙසයි මටනම් හිතෙන්නේ..මේ කථාව ඇත්ත නිසාත්, එම දරුවා අවුරුදු 28ක් විතර මෙම සිද්ධිය මතකයේ රඳවාගෙන සිටින නිසාත්, එය පැහැදිලියි. කෙසේ වෙතත් පඳුරුක් අස්සේ හැංගුව සෙල්ලම් පිස්තෝලේ ඔච්චර ...
් නිසා හෝ කොතරම් අසාධරණ ලෙස හෝ දෙමව්පියන් දුන් දඩුවම් දරු දැරියෝද උරහිස් මත තබාගෙන අනාගතයට ගෙන යා යුතු නැත්තේමයි... මොකෝ අටම් අයියේ කියන්නේ... අටම්පහුර June 16, 2015 at 3:00 PM //මානසික ආතතියන් පිට කෙරීම් ලෙසයි මටනම් හිතෙන්නේ// ඒ තත්වයට මාත් පත්වෙයි කියල මට බයයි //පඳුරුක් අස්සේ හැංගුව සෙල්ලම් පිස්තෝලේ ඔච්චර ගුටිකනවිටත්...
පෙර ආත්මෙක අනිත් මිනිස්සු තලා පෙලා සතුටු වෙන්න ඇති මං අටම්පහුර June 16, 2015 at 3:03 PM අනික බ්ලොග් අවකාශයේ උනත් මං මොනතරං අවලාද අපහාස අභුත චෝදනාවලට ලක් උනාද අටම්පහුර June 16, 2015 at 3:12 PM //අප අපගේ දෙමව්පියන්ට බොරුවට ආදරය පෙන්විය යුතු නැත යන්නයි මාගේ නම් හැගීම// ගොඩක් වෙලාවට මං දැකල තියනව මිනිස්සු දෙමවුපියන්ට සලකන්...
ෙනවනං , තව ඉතින් මොනවද දෙමවිපියො කඩේ අරින්ඩ දරුවෝ බලාගන ඉන්න එකයි , දරුවෝ තමන්ගේ දරු පවුල් සහ ජීවිත දෙවනි කරල දෙමව්පියන්ට ඇප උපස්තාන කරන්ඩ ඕන කියල හිතාගන ඉන්න හන්දයි අවුල. අටම්පහුර June 16, 2015 at 3:15 PM රටට ලෝකෙට පට්ට සුචරිතවාදි මුහුනු පෙන්නගන , ලෝකෙට පෙන්ඩ දෙමව්පියෝ ලෙවකන උන්ට වඩා ‘‘ මොන මල වදයක්ද තාත්තේ ‘‘ ‘‘ පාඩු...
// බොරු මොකටද ......ඔව්වා මතක් කරල පලිගන්ඩ කොනහන්ඩ නොගියට ...මුං මට මෙහෙම කරානේ කියල නං හිතෙනව අටම්පහුර June 16, 2015 at 3:22 PM .................අපි සත්තු අනිත් සත්තු වගේම . වෙනසකට තියෙන්නේ අපිම හදාගත්ත සමාජරීතී සහ සමාජනීති වලින් අපිට ලැබුනයි කියල විස්වාස කරන මනුස්සකමේ , ඒවට කොටු වෙලානේ අපි ඔක්කොම කරන්නේ............ අ...
සෙල්ලම එලියට අරගන එන්නේ කාවද පිලිවලින් නම් කියන්න බලන්න පස් දෙනාගෙම හේතුවත් කියන්න chef-architect June 16, 2015 at 7:07 PM බොරු උත්තරයක්ද ඇත්ත උත්තරේද ඕනි... අටම් අයියේ මම චන්ඩියෙක් නෙමෙයි. ගින්දරට හරිම බයයි..අයියා ප්ලේන් එකක ගිහිල්ලා ඇතිනේ කවදා හරි..මතකද ටේක් ඕෆ් කරන්න ඉස්සරවෙලා ටැක්සි කරනකොට කරන අනවුන්ස්මන්ට් එක ඔක්ස...
ව මම බේරගනියි මගේ ගැන එච්චරම හිතන්නේ නැතුව..නමුත් ගින්නකදි නම් පුතෝ කේස් තමයි... මොන මගුල කරන්නත් තමන් ජීවත්වෙලා ඉන්න ඕනි.. බොරු උත්තරේ... ඔය ලිස්ට් එක මදි ඒක තේරුම් කරලා දෙන්න නම්..... යකෝ මේ හෙට අනිද්දා සති අන්තේ උස්වැටකෙය්යාවෙ යන්න ඉන්නේ දුවයි නෝනයි එක්ක..බයවෙන කතා අහන්න එපා... chef-architect June 16, 2015 at 7:12 P...
න්නේ.. ඒකට අපි...හප්පා.... මම මරුසිරා උනානම් පපුවේ කොටාගන්නේ අමු කුනුහරුපයක්..... අටම්පහුර June 16, 2015 at 8:22 PM මං අහස්යාත්තරාවල ගිහිං නැ ඔය ප්‍රශ්නෙට ආතල් උත්තරයකුයි , මම කරන විදිහට ඇත්ත උත්තරයයි දෙකක් තියනව අටම්පහුර June 16, 2015 at 8:36 PM මං කරනදේ ඉස්සෙල්ලම ලොක්කිව උස්සගන ඇවිත් එලියෙන් තියනව ( හේතුව ....එයාට දැ...
යන විස්වාසය , අනික මට පුලුවන් එලියේ ඉන්න ලොක්කිට පොඩ්ඩිව බලාගන්ඩ දීලා ආයෙත් ඇතුලට එන්ඩ පුලුවන්කම ) ඊලගට හාමිනේව ගෙනත් තියනව ( හේතුව ..දැන් මට බයක් නැ මගේ දැරුවන්ට අම්ම ඉන්නව , අම්මට දරුවො ඉන්නව ) ඊලගට ගේන්නේ තාත්තව ( හේතුව දැන් අම්මා ඉන්නේ ලෙඩ ගානේ කොහොමත් අම්මට වඩාකල් තාත්ත ජීවත් වෙනව , එහෙව් එකේ පිට් එකේ ඉන්න තාත්තව ...
් ...හේහ් අටම්පහුර June 16, 2015 at 8:41 PM ආතල් කතාව තමයි අර සුනාමිය ආපු වෙලාවේ පොඩි රැල්ල ගහල දෙවනි මහ රැල්ල එන්ඩ කලින් , ගෙදර දුහපු එක මිනිහෙක් , ගෑණිවත් ඇදගන දුහනවලු පාර දිගේ ‘‘ වරෙන් වරෙන් ගෑණියේ නැලවෙන්නේ නැතුව ..ආයෙත් මුහුද ගොඩ ගලන්ඩ කලින් ‘‘ ‘‘ අනේ ඒයි අපි ඉස්කෝලෙට ගිහිල්ලා ළමයි ටිකත් එකතු කරං දුහමු ‘‘ ‘‘ මෙන්න...
ටිකාල තියෙන්නෙ එක පාරයි ඒකත් අම්මගෙන්. ඒකත් ' පුක ' කියන වචනෙ කිවුව කියල. කවුරු කොහොම කිවුවත් ඒක හින්ද ඒ වචනෙ මට කුණුහරපයක්. උඹ පන පිහිටුවල ලියල තියන ලියවිල්ලට පොඩි අටං ගැන දුක හිතුන. අටම්පහුර June 16, 2015 at 8:44 PM උඹ ඔය පුක කියන වචනේ එකපාරක් නෙමෙයි දෙපාරක්ම කියල ගුටි කාල තියනව ඒකනේ දෙපාරක්ම එකම දේ කියල තියෙන්නේ කම්...
්තයක් බොරු කරපු එකෙක් නෙවැ උඹ.. අපි සලකනව මදි යකෝ මූට :D එල ද බ්‍රා මෙන්ඩා June 16, 2015 at 5:04 PM කමෙන්ට්ස් වලින් දැක්කා ඒ උඔ කියලා... එහමත් ළමයෙකුට ගහන්න පුලුවන්ද බං? chef-architect June 16, 2015 at 7:14 PM ගාට් අක්කා හම්බවෙච්චි වෙලාවක අහපන් මෙන්ඩෝ..මේකා පච ඇද බාවනවද දන්නේ කොහොමෙයි...? අටම්පහුර June 16, 2015 at 8:17...
නෙ නෑ මම.ඒත් මෙතන තියෙන්නෙ වෙන වෙන පීඩන දරුවා උඩින් යවපු කේස් එකක්.හැබැයි පොඩි එකාගෙ කැරැට්ටුවත් පිරිසිදු වෙලා නොතිබුන නිසා තමයි ඔහොම උනේ කියලා හිතෙනවා.. මට ටිකක් අවුල් මේක කියෙව්වට පස්සෙ.. අටම්පහුර June 16, 2015 at 8:47 PM පොඩි එකාගෙ කැරැට්ටුවත් පිරිසිදු පිස්සුද අනේ මං එහෙම පජාති වැඩ කරනවද ලොකු පුතා June 17, 2015 at 3...
:51 PM සිංහලෙන් කොටපංකෝ -කෝ මනාගෙ පින්තාරුව (manaage pinthaaruwa) June 16, 2015 at 8:51 PM අඩේ ඔහොම ගැහුව එකනම් අනුමත කරන්න බෑ. බැරි වෙලාවත් ඔය ගහන පාරකට සදාකාලිකවම අබාධයකට පත් උනොත් එහෙම. ඊට පස්සෙ මගේ පුතා, පණ අනං මනං කියල වැඩක් නෑනෙ. ඒ කාලෙ අටං අයියා සෑහෙන්න පීඩනයකින් ඉන්න ඇත්තෙ නේ? පත්තර මල්ලි June 16, 2015 at 8:58 ...
ියල නෑ.. ඒකෙ ප්‍රථිපලය උඹ ඇස් දෙකට දැක්කනේ .. Pra Jay June 17, 2015 at 9:54 AM වයිෆ්ගෙන් ගුටි කෑම අදාල නොවේ. !! GM June 16, 2015 at 11:14 PM ලමයින්ට පහර දෙන කෙනා දෙමාපියො, ගුරුවරු, වැඩිහිටියො හෝ වෙන කවුරු උනත් කරන්නෙ දුර්වලයෙක් පීඩාවට පත්කරල තම ආවේග සංසිදුවාගන්න එකයි. සතුන්ට හිංසා පීඩා කරන අයත් කරන්නෙ මේ දේමයි. ඒක සාධා...
නැති දුර්වල කෙනෙක් බව. ඒකහින්දා බයක් නැතිව ඒ අයට පීඩා කරනවා. සමහර පාසැල් ගුරාල මේක උපරිම විදියට කරනවා. උන් පන්තියට එද්දි ළමයි බයෙන් වෙවුලනවා. ගහලම ලමයි හදන්න ඕන කියල හිතන , කියන, කරන අය, තමන් ලමයෙකුට පහර දුන්නොත් ඒ ලමයත් ඊට සමාන විදියට ප්‍රති ප්‍රහාර එල්ල කරන බව දන්නවනං ගහන්න ඉදිරිපත් වෙන්නෙ නැ. අටම්පහුර June 17, 2015...
9:34 AM නැ බොල මේ ඉන්නේ S. L. මැලේ රාළ June 17, 2015 at 10:38 AM උබලගේ අම්මගේ වරද බන් ගගහා ඉන්නේ නැතුව ඒ කාලෙම ඔය ගහද්දි කියලා තියෙන දේවල් කරනම් අද උබට කරදරයකුත් නෑ (අපිට කරදරයකුත් නෑ ) :P උපේක්ෂා June 17, 2015 at 10:44 AM මට නම් මගේ අම්මියි , අප්පපචියි ගහලා නැහැ. දැන් මට හිතෙනවා මම කරපු ඒ දේවල් වලට කොහොමද නොගහ හිටියේ...
ිදියට තඩිගහන එක නම් පව් කියල හිතෙනවා. තරහ වෙන්නේ නැත්තම් කියන්නද ( තරහ උනත් මට පාන්ද?) අර ජනරන්ජනී කතාවේ කියපු හැටියට නම්, උඹ හෙන මැරෑටියා. ඒක හිතේ ඇති අම්මලාගේ. ඒ හින්ද නිරපරාදේ උනත් අහුවෙනවා නොකරපු දේකට, අහන්නත් දෙයක්ද? ගැහුවේ කොහොමද කියන එක ඔලුවේ තියන් ඉන්න එක ඇත්තටම දැන් වැඩක් නැහැ. අනිත් එක ඒ වගේ දඬුවම් ( නොකරපු ව...
මධු මාධවී June 17, 2015 at 7:24 PM ගහනවයි කියලා ඔහොමත් ගහනවද බං ළමයිට? ප්‍රේමදාසලා හිටපු කාලෙනං එහෙම ගැහුවා වෙන්නත් පුළුවන් එක අතකට. ලාබයි ඇපල් June 19, 2015 at 9:42 AM මරු කතාව :) වත්සලා කේ. විජේරත්න June 21, 2015 at 7:37 PM යකෝ ඔහොමත් ගහනවද ලමයින්ට...මලා නම් එහෙම....හැබැයි ශාරීරික දඩුවම් යම් පමනකට තිබියයුතුයි කියන එ...
හරිම සංවේදී කතාවක්. මට ඒක කියවද්දි මතක් වුනේ මෑතක කියවපු පොතක්. පොතේ නම මතක නෑ. පොතේ කතෘගේ අම්මා එයා පුංචි කාලෙ ඉඳලම එයාට පහත් විදියට සළකනවා. එක වතාවක් පිහි‍යෙනුත් අනිනවා. අන්තිමේදි පරිවාස භාරයේ හැදෙන හැටි තමයි ඒකෙ කියන්නෙ. ටික්කා June 22, 2015 at 3:26 AM Mona gehillakda atamo ubata gahala thiyenne.. Mata wayasa 4di w...
nisa thamayi sen mehema inne. Patta story eka. Hikz.. Ajith Dharma June 22, 2015 at 3:56 PM ටික්කා මහතා, අටමා හා ගැහිල්ලෙන් ළමයි හැදෙනවය කියන මතයේ සිටින සහෝදරවරුන්ට. ටික්කට දම්වැලෙන් බැදපු විධිහට වයස 4 නොදන්නා දරුවෙකුට දඬුවම් දීම අන්තිම වැරදියි. එසේ කල ඔබේ මව හෝ වෙන අයෙක් දැඩි මානසික ආතතියක් හෝ දැඩි ලෙස මනසින් පහතට වැට...
ධිපති හරි වෙන්න පුළුවන්. කොහොමද ඔබ කියන්නේ එහෙම කල නිසා අද ඔබ මෙහෙම ඉන්නවා කියල. මොන පදනමකින්ද ? මගේ දුව අවුරුදු 4 දී කියන්නේ හරිම හුරතල් දරුවෙක් . අනේ ඒ ලමයව බලු දම්වැලෙන් බැඳලා එළියේ තියනවා කියන්නේ දරුණුම දරුණු වැඩක්. මට හිතා ගන්න බැහැ එහෙම කරන්න දැන් වුනත්. ගහල ගහල හදන ළමයි අනාගතේ හොඳ වෙනවා කියන්නේ බොරුවක්. ඒ ළමයි ව...
්වනවා. හිත ඉතා තද නැත්නම් හිතුව දේ වෙනස් කරනවා. තව දිගට ලියන්න පුළුවන්. කවුරු හරි ලියනවා නම් හොඳයි. පොත් කියවල හරි තමන්ගේ මානසික ආතතිය සමනය කර ගන්න ඕනේ. ගුරු June 24, 2015 at 4:30 PM අපි 9 වසරෙදි මගේ යාලුවෙක් දවසක් ගණන් සර් කනට ගහපු පාරකට කටින් සෙම දාගෙන ඇස් දෙක උඩ ගිහිල්ලා කලන්තෙ වගේ හැදිලා බිමටම වැටුණා. සර් හොඳටම බය ...
මූ ආවා. අවුලක් වෙලා නෑ. සෑර්ට පාඩමක් උගන්නන්න කරපු රඟපෑමක් කිව්වා. අපි මූට හොඳටම බැන්නා. සෑර්ට පිනා අම්බානකට බැනලත් තිබිබා. හැබැයි මේ දේ කරන්ඩ තිබ්බේ ඔය සෑර්ට නෙමෙයි. රූපේ June 28, 2015 at 6:57 PM අම්මා ගහනවා....තියලා ඔහොමත් ගහනවද?? අටං අයියා ලොකු වෙලා කරපු කරන වැඩ වලට කලින් ම කාලා වගේ.... Sanjaya Jayawardhana (2) අළුත...
ිවසේ ආරක්ෂක කැමරා පද්ධතියේ දෝශයක්ද?? ඉක්මනින් වගකීමකින් යුතුව අලුත්වැඩි... දිවෙහි රාජ්ජේ ජනකතා - 64 (මාකන සහ මස්සිනා) - (උපුටා ගැනීම ක්සේවියර් රොමේරෝ ෆ්‍රියාස් ගේ "Folk Tales of the Maldives" පොතෙන්) මාකන සහ මස්සිනාඑකෝමත් එක කාලෙක​, එකෝමත් එක දූපතක මාකන (අළු කොකා) උගේ බිරි... ඊශ්‍රායල ගුවන් ප්‍රහාර අතරතුර රුසියානු ගුවන...
ත්වෙනි දිගහැරුම (#7) - ඇසේ සුද ඇතිවීම සදහා හේතු වල ඉතිරිය පහත පරිදි සාකච්ඡා කරමු. මෙම හේතු වල *මුල් කොටස හයවෙනි ලිපියේ (#6) පවතින අතර , මෙතනින් එම ලිපිය බලන්න .* • ඇස ක්‍රියාශී... කිරි අඟුණ වල ගුණ - කිරි අඟුණ කියන්නේ රසවත් සලාදයක්/මැල්ලුමක් ලෙස සාදාගත හැකි කොල වර්ගයක්. ඒත් මේ කොල කොච්චර ගුණද කියල දන්නවාද.බලන්න පහල විඩි...
ෙනේ. සමහරු ආයුබෝවන් කියාගෙන පැමිණෙයි. සමහරුන් ... ආදරය සහ අකුරු.. - නව යොවුන් වියේදී මල්සරාගේ හීසරයෙන් බේරෙන්න මටත් හම්බුනේ නෑ. තමන්ගේ පාඩුවේ පොතක් පතක් බලාගෙන හිටපු මටත් මේ යකා අර මලකඩකාච්ච දුන්නෙන් විද්දයි කියමුකෝ ඉත... සිලෝන් ටකරන් බස් (CTB) - ලංගම ලාංජනය තට්ටයාගෙ කොලමෙ තිබ්බලංකා ගමනාගමන මණ්ඩලය ගැන අතීත ආවර්ජනයක් කි...
ුවත්පතේ පළ විය. ලිපියේ වරහන් තුළ වන මුල් ඡේදය පුවත්පත් අතිරේකයේ සංස්කාරකවරයා වෙතින් සංස්කරණයේ දී ඉවත් වී ති... මුහුද යට දිවයින ...... Island Beneath the Sea - "මුහුද යට දිවයින" ඇසූ පමණින් ඕනෑම කෙනෙකුගේ සිතට එන්නේ, මෙය මුහුදින් යට වූ දුපතක් පිලිබඳ කතාවක් කියාය. මේ පොත පසුගිය වර පොත් ප්‍රදර්ශනයෙන් මිලදී ගත් මොහොතේ... නැව...
ියන්නේ ඔබටයි මටයි ප්‍රිය ය - කවි ගීත වලට එහෙමයි දුෂ්කරයි - රළුයි ජිවිතය මෙබඳුයි අපට *සිසිරයත්* - *හේමන්තයත්* අපිමයි ඔබට පෙර මම (Me Before You), - 11වන පරිච්ඡේදය. " ඔබට එලෙස උත්සාහය අත්හැරිය නොහැකියි." මා යොවුන් වියේදී මෙන් බිත්තිය මත පාද තබාගෙන ඇදේ නිදා සිටියේය. රාත්‍රී කෑම වෙලාවේ මා මෙතැනට වී ස... “සන්තාන සුසුම..” - ස...
ලංකාරය මට තාමත් තාත්තා ගැන මතක් කරයි... හරියටම කවදාදැයි කියන්නට බැරි තරම් දුර ඈත අතීතයක තාත්තා මාත් සමග නිතර පොත් සාප්පු වලට ගිය කාලයක් තිබිණි.... සිංහල බෞද්ධ සින්ඩ්‍රෝමය හා එහි විකාශය - ෆේස්බුක් සමාජ ජාලය ලංකාවේ ජනප්‍රිය වීමත් සමග එක් එක් ආකාරයේ පුද්ගල චරිත ඔවුන්ගේ මතවාද සහ සංස්කෘතීන් පිලිබද වෙනම ආකාරයේ විශ්ලේශනය කිරී...
තියාගෙන. “දුවේ එන්න... කිලිනොච්චියේ දී ඉවත් කළේ නටබුන් නොවේ – පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් - කිලිනොච්චිය සංස්කෘතික මධ්‍යස්ථානය අසළ පිහිටි චන්ද්‍ර උද්‍යානයේ තිබූ ඉපැරණි නටබුන් යැයි සැලකෙන ස්ථානයක් කිලිනොච්චිය කරච්චි ප‍්‍රාදේශීය සභාවේ නිලධාරීන් පිරිස... ඝරසර්ප 2 (යක්‍ෂයා පළවා හැරීම) - ඝරසර්ප 2 (යක්‍ෂයා පළවා හැරීම) බටහිර ම...
කින් ජයග්‍රහණය කරවන්න මහන්සි ගන්න දෙමව්පියො නැදෑ හිතමිතුරන්ගෙ කතාවක් විදිහට පෙනුණනට මේකෙ ඊට වඩා සෑහෙන දෙයක් තියනව කියල මට හිත... සීගිරි බිතු සිතුවම් සංරක්ෂණයේ අභියෝග - සිංහල ඉතිහාසයේ මහා සුරු විරු කම් පෑ නරපතියන් මෙන්ම මහා කාලාකාමී හැකියාවන් ගෙන් සමන්විතව සිටි නරපතියන්ද වූහ.ධා... Apple iPhone XS ගැන දන්නවද? - හැම අවුරු...
ියුල සවි කරමු - Raspberry Pi කියන්නෙ මයික්‍රොකොන්ට්‍රෝලර් වලට වඩා එහා ගියපු පහසුකම් තියෙන පරිගණක උපාංඟයක් කියලා ගොඩක් දෙනෙක් දන්නවා ඇති. ඉතිං මේ වටිනා කියන ... පාලකයන්ට නො පෙනෙන ගමේ තේ හේන්වල කඳුළු - *ශ‍්‍රම හිඟය බරපතලයි!* *පාලකයන්ට නො පෙනෙන * * ගමේ තේ හේන්වල කඳුළු* *(ක‍්‍රිෂ්ණ විජේබණ්ඩාර)* *(පින්තූර අන්තර්ජාලයෙනි)* කු...
ිණෙන බවත් දවස් විසිඑකක් ලංකාවේ රැදී සිටින බවත් කෝල් කර දැනුම් දී සිටියේ ය. ඩිෂාන් සහ ඔහු... මෙඩූසා ආක්‍රමණය. - මෙඩූසා ආක්‍රමණය. තව සුළු මොහොතකින් මා,ශෛලමය විය හැක. නමුත් ඊට පෙරාතුව මා මෙසේ ලියා තිබිය යුතුය. මා මුළු වෙරම යොදා සටන් කලඳ මේ වන විටත් මගේ හෘදයෙන් අඩක් ඇය ... What's the Black Hat SEO and White Hat SEO? - [ima...
්ම සශ්‍රීකත්‍වය ගම්වාසීන්ගේ රෝග නිවාරනය වෙනුවෙන් පත්තිනි දෙවියන්ගේ පිහිට පතා කරනු ලබන ශාන්ති කර්මයට පහන් මඩු උත්සවය ලෙසින් හැදින්වෙනවා. අපේ ගමෙත්... සම්මානිත මහදැනමුත්තා.... - ඉන්දියානු වෙලෙඳ ගිවිසුම සහ සින්ගප්පූරු නිදහස් වෙලෙඳ ගිවිසුම වෙනුවෙන් සමාජ ජාලා වල හා රූපවාහිනී සාකච්චා වල දී පාදයක් පෙරට ගෙන ආරක්ශිත පහරවල් එල්ල...
ලුවන් විධිය* *2] විද්‍යා ප්‍රබන්ධයක් / ඇක්ෂන්... කාර්යක්ෂම රාජ්‍ය සේවයක් සදහා Blockchain තාක්ෂණය යොදාගැනීම - By Chamikara Sapuge තාක්ෂණය කොතරම් දියුණු උවත් තවමත් අපේ රටේ නම් රජයෙන් වැඩක් කරගන්න ගියාම එය ටිකක් කරදකාරී දෙයක්.නව තාක්ෂණය සමඟ ඉදිරියට යමින් වඩාත් කාර්... ඉතිං ඊට පස්සේ ........... - නන්දෙ අය්යගේ බයිසිකල් කඩේ ...
a (subclass 190) එහෙමත් නැත්තනම් State sponsorship visa ගැන. මොකද Skilled Independent visa (subclass 189) විසා එක... Crotalaria scabrella - An indigenous erect or procurement herb grows on *patanas *and sometime in roadside open places in the montane zone. අපේ කතාව - මේ මහ පොලව උඩ මේ සුවිසල් ගගන යට මට යමක් හිමි වෙද්දි ...
යතන ප්‍රධානීන්ට සජිත් යනු වාතයක් මෙන්ම පිළිලයකි. මන්ද සජිත් ඔවුන්ට රැයක් දවාලක් නොමැතිව ඔහුගේ නිවුස් ටික දමා දෙන මෙන් කෙදිරි ගාන නිසාය. “නෑ හරී, ඔය... විජය- මානෙල් - විජය කුමාරතුංගගේ ගඟ අද්දර ගීතය වේදිකාවේ තරු තෝරන තරඟයක අලුත් ගායකයෙක් ගයනවා. සුනීතා ඒ ගායකයගේ නම දන්නේ නැති වුනාට, විජයව මතක් වුනා.. "විජය..." ඒ කාලේ විජය...
එව්වාත් අදම කරගෙන යන එක.” ඒ සත් ග... තාරාගේ දිගහැරුම......හයවෙනි කොටස - මුහුණට මුහුණලා අසුන්ගෙන කෝපි බොමින් සිටින යුවලක්පස්වෙනි කොටස මෙතනින් ගිම්හානයේ උණුසුම දරාගත නොහැකි තරමට ඉහළ ගිය අගෝස්තුව වනවිට මගේ මුල්ම පර්යේෂණය සාර්ථක ... ගැහැනුන්(ට) නැති සාමය - සංක්‍රාන්තික යුක්ති ක්‍රියාවලියේ කාන්තා දායකත්වය ප්‍රමාණවත්ද? “මගේ ...
ියට වැටෙනවා බලන්න ඕන. උණු උණු ප්ලේන්ටියක් ළ`ගට ඕන. ඔතාගත් ජොයින්ට් එක හීන් සැර... වත්මන් කිතුනු ගීතිකාවේ දිවැසිවර ලකුණ... ගී දිවැසිය - *( ගී දිවැසිය කිතුනු ගීත සංග්‍රහය සහ සංයුක්ත තැටිය එළිදැක්වීම 2018.09.15 දින සවස 3.00 ට මීගමුව මාරිස්ටෙලා විදුහල් ශාලාවේදී ද, 2018.09.16 දින සවස 3.00 කළ... පුදුම ය. - ඒ විදිහට ඇස් පුංචි...
ද.... - ඔබ ඔබව නොරිදවාගෙන, අන් අයට ඔබව රිදවීමට ඇති අවස්ථා සියල්ල වසා දමමින්, අන් අයට ඔබව පාලනය කිරීමට ඇති අවස්ථා ද වසා දමමින් ඔබේ සීමාවන් ඇතුලේ සංවේදීව සතුටින් සැහ... කොළඔ ඇල්ලීම හා නාඩගම් – 2 “රාජපක්ෂගේ රස්තියාදුව” - ජනබලයට පැමිණි පුද්ගලයකු හෘදයාබාධයකින් මරුට – බීමත්ව රෝහල් ගතවූවන් 81 යි – අවුල් වුනේ රෑට බොන්න නොදුන් ...
ිවර් අංකල් කෙනෙක් ගැන තමයි කතාව.පොර තාම ඉන්න නිසා කත... සුචරිත සළුවෙන් සැගැවුන නිත්‍යය! - ජිවිතය හරි දුකයි නිවන නම් බෝ දුරයි. ඒ උනත් හරි සුඛයි!! පිනවමින් පසිදුරන් නොවිදින්න ජිවිතය අපට දි ඒ සුවය ඔබ ගන්න පිං පේත්! කල්ප ලක්ෂයක් අග විදිනු හැක ඒ අමා... 43. ටක් ටක්... - ටක් ටක්... කවුද ආවේ??? රාක්ෂයෙක්... මොකටද ආවේ??? ඉස්සර ...
ප්‍රදේශයේදී වෙඩි තබා 16 හැවිරිදි තරුණයෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් අධිචෝදනා එල්ල වී සිටින එක්සත් ජාතික පක්ෂයට බලය හිමි පුත්තලම ප්‍රාදේශීය සභාව... යුද සමයේ වැරදි සම්බන්ධයෙන් පොදු සමාවක් - යුද සමයේ සිදුවීම් සම්බන්ධයෙන් ජාතික හා ජාත්‍යන්තර පාර්ශ්ව සමග ඇති කර ගන්නා එකඟතාවකින් රජයේ ආරක්ෂක අංශ හා ඔවුන්ට සහාය දුන් සන්නද්ධ කණ්ඩ...
් 15 වන දිනට යෙදී තිබුණි . ඒ වෙනුවෙන් යොදාගෙන තිබු තේමා ප... මෙරි සෙලෙස්ත් (mary celeste) භූත නැවක්ද? - ක්‍රි.ව 1872 දෙසැම්බර් 05 වැනිදා. අත්ලාන්තික් සාගරයේ යාත්‍රාකරමින් තිබූ දේ ග්‍රාසියා නම් නෞකාවේ නැවියන් පිරිසක් අැසෝර් දූපත් සැතපුම් 400ක් ඔබ්බෙන් පාවෙමින් ... ඩොලර්කරණය - මෙයත් අපේ මිතුරෙකු වත්පොත හරහා අපගේ අවධානය ය...
යාලයේ 2012/13 වසර විද්‍යාර්ථීන්ගේ අවසන් වසර නාට්‍ය නිෂ්පාදනය වන ‘රාසම්මා ඩැනියල්’ නාට්‍යය ඉකුත් සැප්තැම්බර් මස 04 වන දින යෞවන සම්මාන... වෛද්‍ය එරික් ස්මඩ්ජා මහාචාර්‍ය ගනනාථ ඔබේසේකර සහ ලැකාන් - පසුගිය සතියේ පැරීසියේදී මට ප්‍රන්ස මනෝ වෛද්‍යවරයෙකු මෙන්ම මනෝ විශ්ලේෂකයෙකු වන වෛද්‍ය එරික් ස්මඩ්ජා හමු විය​. මනෝ වෛද්‍යවරයෙකු ව...
ාගේ " සියදිවි නසා ගැනීම " නමැති ක්‍රියාකාරක... විශ්වාසය - ආගම විශ්වාස කිරීම නැවතු වහාම මිනිසා වෙන යමක් විශ්වාස කිරිම ආරම්භ කරණු ඇත. 1800 සියවස අවසානයේදි රුසියානුවන් ආගම විශ්වාසි කිරිම අතහැර කොමියුණිස්ට් වාදය විශ්... බියපත්ය ඒ දෑස් ......ඔබ නිසා - කළඹන්නට හැකි නම් සම්මත හංසවිල කළඹනු ඇත හංසයන්ටත් නොදෙවෙනිව පිපෙන්නට හැකි ...
ශුද්‍රයන් සිව් දෙනෙකුගේ කරමත තබාගත් දෝලාවක ගමන් කරමින් සිටිනා කුමර... ලී කෙලි වන්නම් - *පදුරු බටලී සොයා ගන්නට* *තැනක් නැති කොන්ක්‍රීට් වනේ* *සොයා යකඩින් තැනූ බට ලී* *ලී කෙලි නැටුමක් රගදෙතේ* *සරුව පිත්තල ඇගේ ලා ගෙන* *එලි මැදින් දිදුලන ලදේ* *උ... තිස් පහට (35) අඩු උන්ට ත්‍රී වීල් පැදවීම තහනම් කල යුතුය. - තිස් පහට (35) අඩ...
ze 24" X 18", Framed with 3" mount & perspex glass මව්බිම - මව්බිම ********* ගුණපාල ඉස්කෝලේ මහත්තයාගෙයි සුමනාවතී ඉස්කෝලේ නෝනගෙයි එකම පුත්තරයා චන්දරපාල. කොල්ලාට දැන් වයස හතක් අටක් විතර ඇති. ඒ වුනාට ඉතිං කුනු හබ්බ කියන්... භූත සෙල්ලම - ඝරසරප ෆිල්ම් එකේ කළු කුමාරයා කියන අද්භූත බලවේගය ගා කතා කරනවා කියල කියනවා.කළු කුමාරයා අ...
ේ* යන කෘති ද්විත්වය ගැන කතා කරන්නට ඇගේ පොත් දොරට වැඩුමේදී මට අවස්ථාව ලැබුනා. මේ පොත්... දෙසතිය මතක - රාජ්‍ය සාහිත්‍ය උත්සවය, හංවැල්ලේ ගමන, ප්‍රේමාගේ රාත්‍රී භෝජන සංග්‍රහය සහ හරක් මස් වර්ජනය, ඌරු මස් කෑම. - රාජ්‍ය සාහිත්‍ය උත්සවය, මාස්ටර් සහ සංඝානන්ද. අද ල& මරණය Archives - Buddhist World Posts tagged "මරණය" Tag: මරණය We...
නොහැකිව ප්‍රමාද වී සිටින්නෙමු. හිතවත, රෝහලක ඇඳක් අප වෙනුවෙන් සුදානම් කරලයි තියෙන්නේ. පැත්තක සේලයින්, පැත්තක ඔක්සිජන්, පැත්තක නාසයට දමා බට….. දිනෙන් දින මොහොතින් මොහොත නොනැවතී අප ගමන් කරමින් සිටින්නේ ඒ ඇඳ hithawathalifemaranayaජීවිතයමරණයමහළු වයසවයසට යෑමහිතවත Published in සදහම් සිතුවිළි Saturday, 23 October 2010 by Agra...
ැතිවීමෙන් නැති වී යන එකකි. හරවත් කිසිවක් නැති, සාරයෙන් ශූන්‍ය එකකි. නමුත් ඒ ලෝකයට අපි ඇලී සිටිමු. අතිශයින් ආදරය කරමු. එය නැති වී යෑම අපට දුකකි. deathjara suthrayajara suttamaranayaජරා සූත්‍රයජරාවමරණයයථාර්ථයවයසට යෑම Published in දහම් ඔසු, දැහැමි සිතුවිළි, සදහම් සිතුවිළි කුසල් සිත කල් දාන්න එපා! Wednesday, 04 August 2010...
න මොහොතේදී කුසල් සිතක් ඇතිකර ගැනීම හැම කෙනාටම කරන්න පුළුවන් දෙයක් නොවේ. එක්තරා අවස්ථාවක භාග්‍යවතුන් වහන්සේගෙන් පිරිසක් අසනවා භාග්‍යවතුන් වහන්ස, යම්කිසි කෙනෙක් මරණයෙන් මතු දුගතියේ ඉපදෙනවා නම් එයට හේතුව කුමක්ද budu saranabudusaranakiribathgoda gnanananda therokusalkusal sithaකිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේබුදු සරණමරණ...
හෝ මොන විදිහකින් හෝ මම මැරිල යන්න පුළුවන්. කකුල පැටලිලා වැටිල, මගේ මරණය සිද්ධ වෙන්ට පුළුවන්. කන කෑම හිරවෙලා මම මැරෙන්ට පුළුවන්. කන කෑම විෂ වෙලා මම මැරෙන්ට පුළුවන්. ශරීරය ඇතුලෙ ගෙඩි, පිළිකා වගේ දේවල් හැදිල මම මැරෙන්ට පුළුවන්. වා පිත් භාවනාභාවනා කරමුභාවනා වාක්‍යභාවනාවමරණ සතිමරණ සතියමරණය කටවුට් ඉවත් කරන්නැයි ජනාධිපති කාර...