txt
stringlengths
140
500
නේ කුලී ‍නිවසක හෝ තට්ටු නිවසක නම් තත්ත්‍වය තරමක් සංකීර්ණයි. ඒ සඳහා කළ හැක්කේ පෝච්චි යොදාගෙන වගාව ඇරඹීමයි. මෙමඟින් ඔබේ වගා කටයුතු තරමක් සීමා වෙනවා. මේ සඳහා තරමක් විශාල පෝච්චි (අඟල් 9 -12) භාවිතාව යෝග්‍යයි. තක්කාලි වැනි උසට වැවෙන ශාක සඳහා ලොකු පෝච්චිත්, මිරිස් වැනි ශාක සඳහා තරමක කුඩා පෝච්චිත් යෝග්‍ය වෙනවා. නමුත් ඔබ කාල්ප...
්ථාවක් තිබෙනවා මෙන්ම, පෝච්චි වලට යන වියදමත් ඉන් පිරිමැහෙනවා. මුකුණුවැන්න ඔබේ ගෙවත්තේ වගා කළ යුතු සහ වගා කළ හැකි දෑ ගැන ඔබට යම් දැනීමක් තිබිය යුතුයි. පෝච්චි වල වගා කරන ගෙවත්තකට සරිලන්නේ තක්කාලි, මිරිස් වර්ග, මුකුණුවැන්න, ගොටුකොළ, පාස්ලි වර්ග, වැනි කුඩා ශාක වර්ග වන අතර බිම වගාකරන ගෙවත්තකට ඇති තෝරාගැනීමේ පරාසය ඉතා විශාලයි...
ා ඉක්මන් පහසු කටයුත්තක් වෙනවා. මෙසේ ලබාගත් පැල පෝච්චිවල හෝ ගෙවත්තේ සිටුවීමෙන් ඔබේ ගෙවත්ත තැනීමේ කටයුත්තේ ලොකුම වැඩ කොටස අවසන් වෙනවා. සෑම ගසකටම දිනකට එක වතාවක් හෝ ජලය වත් කිරීම අවශ්‍යයි. මේ සඳහා ඔබේ නිවසේ පාවිච්චි කර ඉවත දමන ජලය හොදා ගැනීමෙන් ඔබ ලොවට මහත් සෙතක් සිදු කරනවා. ඒ ගැනත් සිතා බලන්න. එළවළු පැල මුල් ඇදගත් පසු එය...
ඵලදාව ඉන්පසු ඔබට පැමිණෙන්නේ ඔබ වැපිරූ දේවල ඵල නෙලා ගැනීමේ වාරයයි. මෙය කියන්න පහසු වුවත් සමහර එළවළු වලට පළිබෝධකයන්ගේ ආකර්ෂණයත් ඇතිබව අමතක කරන්න එපා. ඒ සඳහා කෘත්‍රිම (synthetic) පළිබොධනාශක වෙනුවට අළු, සබන් වතුර වැනි ස්වභාවික පළිබෝධ නාශක යොදා ගැනීම ඔබේ ශරීර සෞඛ්‍යයට ඉතාමත් යෝග්‍ය බව නොකියාම බැහැ. එසේම හටගන්නා ඵල ආවරණය කි...
දියුණු කරගන්නවාද නව භෝගවර්ග අත්හදා බලනවාද ආදිය ඔබේ අභිමතය අනුව කළ හැකියි. ඇරඹීම කරගතහොත් ඔබටම එයින් ලැබෙන තෘප්තිය මගින් ඔබ තව තවත් වගාවට නැඹුරු වන බව සහතික විය හැකියි… එය එතරම්ම තෘප්තිමත් කටයුත්තක්….. වෙනසක් ඇතිවිය යුත්තේ ඔබෙන්…. ඔබේ සිතුවිලිවලින්…. ඉතින්…. කම්මැලිකම අතහැරලා සිතත් ගතත් පිරිසිදු වෙන්න පුංචි ගෙවත්තක් අරඹ...
ට පෞද්ගලික විශ්ව විද්‍යාල අකැප ද ? මේ පිළිබඳ නදීගේ සිතුවිලි බ්ලොග් අඩවියෙත් සවිස්තරාත්මක වාර්තාවක් පළවෙලා තියෙනව. මම මේ සටහන ලියන්න පටන් ගත්තෙ දින කිහිපයක සිට. ඉතින් ඒ පිළිබඳ මගේ ආකල්පය මේ. නව උසස් අධ්‍යාපන ඇමති තුමා පත්වීමත් සමඟම පෞද්ගලික විශ්ව විද්‍යාල පිළිබඳ කතිකාවත නැවත කරලියට පැමිණ තිබේ. මහාචාර්ය බෙල්ලන්විල විමලරත...
මනසකින් බැලිය යුතු පුළුල් පරාසයකින් යුත් කාරණයකි. අද ලෝකයේ බොහෝදෙනා යම් කාරණයක් දෙස බලන්නේ රේඛීයවයි (linear). එනම් ඒ ප්‍රශ්ණයෙන් සෘජුව පැණනඟින දේ පමණි. ප්‍රශ්නයකට බොහෝ පැති තිබේ. ලංකාවේ මේ වන විට ප්‍රධාන විශ්ව විද්‍යාල 15 ක් ඇතත්, අ.පො.ස. උසස් පෙළ සමත්වන බොහොමයකට විශ්ව විද්‍යාල වරම් ලැබෙන්නේ නැහැ. මෙය උසස් පෙළ සිසුන් ...
හැකියි, එසේ ඇතුලත් කරගත හොත් බොහෝ ප්‍රශ්න ඇතිවිය හැකියි. ඒ හේතු කිහිපයක් නිසා. පළමුවැන්න, ලංකාවේ බහුතර උපාධිධරයන්ගේ ආකල්පය වන්නේ රජය නිදහස් අධ්‍යාපනය දුන්නා සේම ඔවුනට රැකියා ද සොයා දිය යුතු බව. විශ්ව විද්‍යාලයට යන බහුතරයක් කරන්නේ එයින් උපාධියක් ලබාගනු විනා තමන්ට දැනුම ලබාගෙන තවතවත් විමර්ශනය කර සමාජයේ ඉහලට යාමට උත්සාහ ක...
්මක තරඟකාරී එකක්. එයින් ඉදිරියට යාමට නම් අනෙක් අයට වඩා තමන් නිතරම ඉදිරියෙන් සිටිය යුතු වෙනවා. එසේ ඉදිරියට යා හැක්කේ අන් අයට වඩා ඔබ සතුව නිපුණතා ගොන්නක් (Skill Set) තිබුණහොත් පමණයි. විශ්ව විද්‍යාලයේ දේශන වලින් පමණක් මෙය ලබා ගන්නට බැහැ. රාජ්‍ය අංශය (අවාසනාවකට) මෙසේ නැහැ. එය පළමුව දේශපාලනඥයින්ගේ හෙංචයියන්ට පළමුතැන ලබා දී ...
ර්ගයේ යන්න වලිකන “සාමාන්‍ය සරසවි සිසුවා” මෙසේ අමතර නිපුණතා ලබා නොගෙන රජයෙන් රැකියා දෙනතෙක් ලිප්ටන් වටරවුම ඉදිරිපිට උද්ගෝෂණ කරනවා. මෙන්න මේකයි සත්‍යය. දෙවැන්න මෙසේ විශ්ව විද්‍යාලවලින් පිටවන උපාධිධරයන්ට රැකියා දීමට රජයට ඇති අපහසුතාවය. දැනටමත් ලංකාවට මහත් බරක් වී ඇති අකාර්යක්‍ෂම රාජ්‍ය සේවයට තව තවත් සෙවකයන් ඇතුළු කළහොත් එ...
ළදායීතාවය පෙරදැරි කරගත් පෞද්ගලික අංශය මේ අකාර්යක්‍ෂම උපාධිධරයන් බඳවා ගැනීමත් සීමාකර තිබෙනවා. මෙයට පෞද්ගලික අංශයට දොස් පවරා වැඩක් නැහැ. ඔවුන්ගේ පරමාර්ථය ලාභ ඉපයීම. ඒ සඳහා අදක්‍ෂයන් පෙරටුකොට ගෙන ඉදිරියට යන්න අපහසුයි. මේ නිසා ඔවුන් සෑම අතින්ම දක්‍ෂ කිහිපදෙනෙක් තෝරාගන්නවා. එසේම දැන් පෞද්ගලික අධ්‍යාපන ආයතන බොහොමයක් තිබෙනවා....
්ගලික අංශයට ගැලපෙන විදියේ පාඨමාලා. ඒ නිසා පෞද්ගලික අංශයට දේශපාලනිකව කුරුවල් නොවුන, ඉංග්‍රීසි – පරිඝණක හැසිරවීම හොඳින් දන්නා ඒ සිසුන් බඳවා ගැනීම “සාමාන්‍ය සරසවි සිසුවන්” බඳවා ගැණීමට වඩා පහසුයි. ඒ විතරක් නොවෙයි විවිධ විදේශ විශ්ව විද්‍යාල අනුබද්ධිත පෞද්ගලික අධ්‍යාපන ආයතන ද දැන් පවතිනවා. මේවායින් පිටවන සිසුන් ද සාමාන්‍ය සර...
ිටරටකට යවා හෝ අධ්‍යාපනය ලබා දෑමට ඔවුන් පසුබට වන්නේ නැහැ. එවිට ඔවුන් අමෙරිකාවේ, එංගලන්තයේ හෝ ඕස්ට්‍රේලියාවේ විශ්ව විද්‍යාල කරා ඇදෙනවා. මෙම විශ්වවිද්‍යාලවල අධ්‍යාපනය අපේ රටේ මෙන් නොමිලේ දෙන්නේ නැහැ. අවුරුද්දකට රුපියල් ලක්‍ෂ 10 ක් වත් අවම වශයෙන් වැය වෙනවා පාසල් ගාස්තු වශයෙන්. ඊට අමතරව ආහාර, ඇඳුම් පැලඳුම්, ප්‍රවාහන ගාස්තු ...
වෙන් අවම වශයෙන් රු: ලක්‍ෂ 15 ගණනේ විදේශයන්හි ඉගෙන ගන්නා අපේ ශිෂ්‍ය සංඛ්‍යාවෙන් වැඩිකර බැලුව හොත් පිට රටට ඇදීයන මුදල් සම්භාරය අති විශාල පුමාණයක්. එසේම මේ ශිෂ්‍යයන් නැවත ලංකාවට පැමිණිය හොත් ඔවුන්ට රැකියා ලැබීමේ සම්භාවිතාවය දේශීයව උසස් අධ්‍යාපනය හැදැරූ අය‍ට වඩා වැඩියි. ඒ විදේශීයව ඉගෙනගත් සිසුන් තුළ ඉහත සඳහන් කළ නිපුණතාවන්...
ඇමති එස්. බී. දිසානායක මහතා කියන පරිදි වහාම අපේ උසස් අධ්‍යාපනය ඉංග්‍රිසි මාධ්‍යයෙන් ඉගැන්වීම අනිවාර්යය කටයුත්තක්. එසේම විශ්ව විද්‍යාල විෂය මාලා නව්‍යකරණයට ලක්කර යුතුව තිබෙනවා. එමඟින් සිසුන් ඉංග්‍රීසි දැනුමින් සන්නද්ධ වනවා පමණක් නොව පෞද්ගලික අංශය බලාපොරොත්තු වන එක් සුදුසුකමකුත් සම්පූර්ණ වෙනවා. දෙවැන්න නම් රජ‍යේ අධීක්‍ෂණ...
විභාග වලින් ඉහලින් සමත්වීම අනිවාර්ය කළ යුතුව තිබෙනවා. මේ සඳහා පිළිගත් ක්‍රියා පටිපාටියක් ඇතිකළ යුතුයි. එසේම මේවායේ ඉගැන්වීමට සුදුසුකම් ලත් පිරිසක යෙදවීම මගින් ගුණාත්මක භාවය වැඩි කරගත හැකියි. කොහොමත් පෞද්ගලික අංශය මී කඩන්නේ අත ලෙවකන්න නොවෙයිනේ. ඒ නිසා කොතරම් මුදල් හදල් ඇති බලපුළුවන් කාරයෙක් වුනත් අදක්‍ෂයෙක් නම් ඔවුන්ගේ ...
එයින් පිටතට පැමිණෙන සිසුන්ගේ ගුණාත්මක භාවයෙන්, ගුරුවරුන්ගේ සුදුසුකම් සහ කීර්තියෙන්, පළකරන පර්යේෂණාත්මක ලිපි (research papers) වල ගුණාත්මක භාවය වැනි කරුණු පදනම් කරගෙනයි. පෞද්ගලික විශ්ව විද්‍යාලයක් ක්‍ෂණිකව ඇතිකළ හැක්කක් නොවෙයි. වසර 10ක් වත් ක්‍රම ක්‍රමයෙන් එහි කීර්ති නාමය ගොඩ නඟා ගතයුතු ආයතනයක්. එනිසා මේ කර්තව්‍යය තවත්...
ප්පෙ කිඹුල්ලු දකින්නෙ නැතිව මේ අනාගත ආයෝජනය දැන්ම කළොත් අපේ ඉදිරිය හොඳ වේවි. ලංකාවෙ තවම රසායන විද්‍යා ආචාර්ය උපාධිධරයෙකුට තමන්ගෙ විෂයපථයට අනුව රැකියාවක් කළ හැකි පෞද්ගලික ආයතනයක් නැහැ. ලංකාවෙ ඇත්ත තත්ත්‍වය මෙයයි. මා දන්න බොහෝ දෙනෙක් නැවත ලංකාවේ පදිංචියට පැමිණෙන්න සූදානම් නමුත් ඔවුනට සරිලන රැකියාවක් නොමැති නිසා එය අතහැරද...
entප්‍රතිචාර 5 අර්ජුන රූකාන්ත සහ දුමාල් වර්ණකුලසූරිය අතර වෙනස……අකුරු සාස්තරේ ඉගෙන ගත්තාම විතරක්ම ඇතිද ? ඔබ හැමෝම දන්නවනේ සිරස සුපර් ස්ටර් තරඟයේ වුන දේ….. සංගීතය කෙළ පැමිණි, පණ්ඩිත් අමරදේවගේ හෙවනැල්ල වගේ ඉඳගෙන සිංදු කියපු දුමාල් වර්ණකුලසූරිය කැපිලා ගිහින් වේදිකාව පාලනය කරගෙන ප්‍රේක්‍ෂකයාව ඇද බැඳ තබාගත් අර්ජුන රූකාන්ත අව...
්‍ෂකාගාරය පාලනය කළ ආකාරය දැකලා. දුමාල් දක්‍ෂයි තමයි ඒත් ප්‍රසාංගික බව අතින් අර්ජුන ඉන්නේ සෑහෙන්න ඉදිරියෙන්.. ඉතින් මේ අණ්ඩර දෙමලයයි ඉගෙන ගැනීමයි අතරේ තියෙන සම්බන්ධය මොකක්ද කියලා කවුරුහරි ගොබිලෙක් අහන්න පුළුවන්… පසුගිය අවුරුද්දේ ජනවාරි මාසයේ දී මම කාලෙකින් ලංකාවට ගියා. එහිදී මගේ පාසල් මිතු‍රෝබොහොම දෙනෙක් මට හමු වුනා. ඒ ...
අයට කිවුවා මම දේශපාලනඥයන් සම්බන්ධයෙන් දක්වන්නේ ප්‍රසාදාත්මක ආකල්පයක් නොවන බව – ඒ මිතුරෝ දන්නවා මම දේශපාලනික සත්ත්‍වයෙක් නොවන බවත් එල්ටීටීඊ එක වුනත් කරන හරි දේ හරියැයි කියන බව – ඒ වෙනම කතාවක්). ඉතින් ඒ මිතුරුහමුවෙදි අපේ ආගිය තොරතුරු බොහොමයක් කතා වුනා මද්‍යසාර බෝතල කිහිපයක් අවසන් වන තෙක්. (තිතට මත) එහිදී මතු වුන ප්‍රධාන ...
ෙන් ම’විසින් පැයක පමණ දෙසුමක් උසස් පෙළ විද්‍යා අංශයේ සිසුන් හට පවත්වනු ලැබුවා. මේ ඒ දෙසුමේ සාරාංශයක් සහ මට හිතෙන දේ….. අපි ඉපදුන දවසේ ඉඳලා මැරෙන තෙක් ඉගෙන ගන්නවා. ඒ වගේම ඒ ඉගෙන ගන්නා දේ ජීවිතය හැඩගස්වා ගන්න උපකාරී කරගන්නවා. ඉතින් ඉගෙන ගන්න ඕන කියන දේ ගැන මගේ කිසිම විවාදයක් නැහැ. ඉගෙන ගන්නෙ නැති එවුන්ට කණට ගහලා ඉගෙන ගන්...
මැතිවරණ කොමසාරිස්ගෙ ඉඳලා මොන්ටිසෝරි යන පොඩිඑකා දක්වා හැමෝම ආතතියෙන් තමයි ජීවත් වෙන්නේ.. ඇයි මේ ? මෙයට ප්‍රධාන හේතුව අද සමාජයෙ ඇති තරඟය.. හැමෝම දන්නවා ඉගෙන ගත්තේ නැත්නම් ජනප්‍රිය පාසලකට යන්න බැහැ. හැමෝටම මන්ත්‍රීවරුන්ගේ හිතවත්කම් නැහැනේ. ඉතින් ඉගෙන ගන්න ඕන. හැමෝම උත්සාහ කරන්නේ එක්කෝවෛද්‍යවරයෙක් වෙන්න නැත්නම් ඉංජිනේරුවෙ...
විද්‍යාලයට යන්න තියෙන අවස්ථාව අහිමි වෙනවාද ? ඊට පස්සේ මොකද කරන්නේ ? වාසනාවකට දැන් ලංකාවේ පෞද්ගලික අධ්‍යාපන ආයතන තිබෙනවා. NIBM, Charted Accountancy, CIMA, Charted Engineering, Institute of Chemistry, NDT, HNDA, ආදීවශයෙන් ඒත් මේ පාඨමාලා හදාරන්න මුදල් ඇත්තේ කීයෙන් කී දෙනාටද ? මේ දේවල් හදාරන්න මුදල් හදල් නැති අය කුමක් හෝ ර...
ගන්නේ. සමාවෙන්න – මම කියන්නේ ඉගෙන ගන්න එපා කියලා නෙවෙයි. දැන් බලන්න සම්මුඛ පරීක්‍ෂණයකදි හොයන ප්‍රධාන කාරණයක් තමයි පළපුරුද්ද (Experience) සහ නායකත්‍වය සහ කණ්ඩායම් ක්‍රියා (leadership and team work). පළපුරුද්ද එන්න නම් වැඩක් කරලා, කණ්ඩායමක් එක්ක හැසිරිලා නායකත්වයක් දරලා පුරුද්දක් තියෙන්න ඕනා. එසේනම් පාසලේදී කණ්ඩායම් ක්‍ර...
මේ නායකත්‍වය ලබාගත යුත්තේ විවිධ සමිති සමාගම්වල නිලතල දරලා හෝ නිවාස නායක උපනායක තනතුරු හෝ විද්‍යාලයීය ශිෂ්‍ය නායක තනතුරක් දැරීමෙන්. ඒ තනතුරු නාමිකව දරලත් වැඩක් නැහැ. ක්‍රියාකාරීව අවශ්‍ය අයුරින් වැඩ කරලා අනෙක් අය මෙහෙයවලා, යමක් හරියට සාර්ථකව කළ හැක්කේ කළ යුත්තේ කෙසේද කියලා තමන් විසින්ම අත් දැකීම ලබාගැණීමයි කළ යුත්තේ. නවත...
වැඩක් කරගෙන යාමේදී බාධකයක් පැන නැඟුනහොත් මොකද කරන්නේ ? කියා සම්මුඛ පරීක්‍ෂණ මඬුල්ලේ කෙනෙක් ඔබෙන් ප්‍රශ්න කරන්න පුළුවන්… එවිට ඔබ සාමාන්‍ය ලෙස “මම එම බාධකය මැඬගෙන හෝ මඟහරවාගෙන වැඩ කරනවා යැයි පැවසුවොත් ඔබේ ගමන එතැනම නවතිනවා. මේ සඳහා පිළිතුරු දිය යුත්තේ STAR ක්‍රමය උපයෝගී කරගෙනයි. මොකක්ද මේ STAR ක්‍රමය ? Situation එම බාධක...
මෙවන් අවස්ථාවකට එක වතාවක් හෝ මුහුණදී තිබිය යුත් වෙනවා. පොත්පත් කියවලා මේ අත්දැකීම ලබාගන්න බැහැ. එසේ නම් ඔබ පාසලේ හෝ වෙනත් ආයතනයක බාහිර ක්‍රියාකාරකම් වලට සහභාගී වීමෙන් මෙම අත්දැකීම් ලබාගතයුතුව ති‍බෙනවා. පාසල් විෂයමාලා තුළ කණ්ඩායම් ක්‍රීඩා, නිවාසාන්තර ක්‍රීඩා තරඟ, විවිධ සමිති සමාගම්, ආදී දේ ඇතුලත් කර ඇත්තේ මෙම කණ්ඩායම් හ...
ාකාරකම්වල නියැලීම නිසා සිසුන්ගේ මනස සමබර වෙනවා. එවිට ඔවුන්ගේ අධ්‍යාපන හැකියාවන් වර්ධනය වෙනවා. එමගින් ඔවුන් හැම දෙනාම අධ්‍යාපනය අතින් සාර්ථක නොවුනත් සමාජයේ සමබර පුද්ගලයන් වෙනවා. සුළු දේකටත් ගහ මරා ගන්නේ නැතිව ජය පරාජය සමව දරාගෙන වැඩදායක අයුරින් ජීවත් වෙනවා. ඒත්, හැම දෙමවුපියෙක්ගේම උත්සාහය තම දරුවා සමාජයේ ඉහලම තැනක‍ට යවන...
ට තම යුතුකම් ඉටු කරන්නත් අමතක කරන්න එපා. පාසලේ බාහිර ක්‍රියාකාරකම් වලට සහභාගී වන්න, ශිෂ්‍ය නායක මණ්ඩලයට, නිවාසාන්තර ක්‍රීඩා සංවිධානයට සහභාගි වන්න. ඒ දේ වලින් ඔබට අළුත් අත්දැකීම ලැබෙනවා විනා අවැඩක් සිදු වන්නේ නැහැ. මම පෙර කියූ මගේ මිතුරන් සියල්ල මෙසේ බාහිර ක්‍රියාකාරකම්, ක්‍රීඩා ආදියට සහභාගී වී බොහෝ අත්දැකීම් ලබාගෙන ඒවා...
සාර්ථක වෛද්‍යවරයෙක් වන්නේ නැහැ. ඔබ මේ රටේ වෛද්‍යවරු දහසක් අතර තවත් එක අයෙක් පමණක් වෙනවා. එසේ නොවී දහසක් අතරින් කැපී පෙනෙන එක් අයෙක් වෙන්න ඔබේ අත්දැකීම් ජීවිතයට එකතු කරගන්න. ඉතින් මට පෙනෙන හැටියට අර්ජුන රූකාන්ත මෙන්න මේ බාහිර ක්‍රියාකාරකම් වලින් සහ ඔහුට අන් අයගෙන් ලැබෙන උපදෙස් හොඳින් පිළිපදිමින් ඒ අත්දැකීම් වලින් ඉගෙනග...
ේ. නමුත් ඔහුගේ හැකියාවන් ඔහු පෙරට ගෙන යන බවට කිසිම සැකයක් නැහැ. මම අද මේලෙස සමාජයේ ජීවත්වන්නේ, මහා සභාවන් මැද බය නැතිව දේශන පවත්වන්නේ ඒ කුඩාකළ ලබාගත් අත්දැකීම් සම්භාරය හේතුවෙන්. මේ රටේ බොහොමයක් ප්‍රසිද්ධ, සාර්ථක පුද්ගලයන් සියල්ල පොත පතට සීමා වෙලා වැඩකරපු අය නොවෙයි. ඒ සියළුම දෙනා පොතපතට අමතරව වෙනත් දේ වල නියැළුන උදවිය…....
දාවත් වරදින්නේ නැහැ……. 2010 මැයි 6 කණ්ඩායම් ක්‍රියා, නායකත්වය, බාහිර ක්‍රියාකාරකම්, Behavioral Interview, Extracurricular activities, STAR methodප්‍රතිචාර 5 35,189 දෙනයි සිංගර් විසින් නවතම GEO Smart ශිතකරණ හඳුන්වා දෙයි - Karaliya.LK October 13, 2017 Karaliya 0 Comments geo, refregerator, singer, singersl, srilanka පාරි...
art ශිතකරණය වෙළඳ පළට හදුන්වා දී තිබේ. වසර 2003දී සිංගර් විසින් හඳුන්වා දුන් සිංගර් GEO ශීතකරණ තාක්ෂණය තව දුරටත් වර්ධනය කරමින් මෙම නවතම GEO Smart ශිතකරණය නිපදවා තිබේ. 100%ක්ම පරිසර හිතකාමී ශීතකරණයක් වන මෙම GEO Smart ශිතකරණය R600aක ශීතකරණ හැකියාවෙන් යුක්ත වෙයි. එමෙන්ම 50%ක බලශක්ති අරපිරිමැස්මක් සහිත වීම මෙහි ඇති තවත් විශ...
ැකිවීම ආදී විශේෂතා රැසකි. දේශීය නිෂ්පාදනයක් වන මෙම සිංගර් GEO Smart ශිතකරණය Regnis කර්මාන්ත ශාලාවේ නිපදවනු ලබයි. මෙම නවතම සිංගර් GEO Smart ශිතකරණ දිවයින පුරා පිහිටි සිංගර් අලෙවිසැල් වලදී වසර 10ක සිංගර් වගකීමේ සහතිකය සමඟ මිලදී ගැනීමෙට හැකියාව ඇත. Inverter, No Frost සහ Direct Cool වශයෙන් වන විශේෂතා අනුව මාදිලි 6කින් මෙම ...
ආහාර නැවුම්ව තබාගැනීම සහ බලශක්තිය අරපිරිමැස්ම සඳහා මෙහි ඇති විශේෂතා රැසකි. ඒ අතරපරිසර උෂ්ණත්ව සෙන්සරය මඟින් ශීතකරණය තබා ඇති කාමරයෙන් පිටත ඇති උෂ්ණත්වයට සමගාමීව ශිතකරණය අභ්‍යන්තර උෂ්ණත්වය ස්වයංක්‍රීයව සකස් වීම ප්‍රමුඛ විශේෂතාවයකි එමෙන්ම විදුලි බලය අඩු වැඩි වීමකදී ශිතකරණයේ කොම්ප්‍රෙසරයට හානියක් නොවන ආකාරයට ඊට අනුගත වීමේ ...
‍රමවේද රැසකින් මෙම ශීතකරණය සමන්විත වෙයි. වසර 2013දී හඳුන්වා දුන් සිංගර් GEO මාදිලියේ ශීතකරණ R600a ගෑස් තාක්ෂණය යටතේ මෙරටට හඳුන්වා දුන් ප්‍රථම ශීතකරණය වෙයි. R600a ගෑස් තාක්ෂණය 100%ක් පරිසර හිතකාමී වන අතර HFC තාක්ෂණයේ ශීතකරණ වලින් ඕසෝන් ස්ථරයට සිදුවන හානිය අවම කිරීම හා මිහිතලය උණුසුම් වීම වැනි පාරිසරික හානි අවම කිරීම ද එ...
ට දශක දෙකකට පමණ ඉහතදී හඳුනාගනිමින් R600a ගෑස් තාක්ෂණයෙන් යුත් ශීතකරණ මෙරට හඳුන්වා දීමට කටයුතු කර තිබේ.එහිදී සියලු ප්‍රවර්ධනය කිරීම් ආදිය සිදු කළේ ද R600a ගෑස් තාක්ෂණයේ විශේෂත්වය හා වාසි පිළිබදව අවධාරණය කරමිනි. තවද සිංගර් සමාගම විසින් ඒ වනවිට අලෙවි කරමින් සිටි R134a මාදිලියේ ශීතකරණ අලෙවියද සම්පූර්ණයෙන් නවතා දමමින් සම්පූ...
13හඳුන්වා දීමේ සිට අති සාර්ථක අලෙවියක් පෙන්නුම් කරන සිංගර් GEO ශීතකරණ මේ වනවිට 500, 000 ක් පමණ අලෙවි කර ඇති බවයි. බලශක්ති අරපිරිමැස්ම සහ Smart තාක්ෂණය සහිතව හදුන්වා දුන් සිංගර් GEO Smart ශිතකරණය වත්මන් පාරිභෝගිකයාගේ අවශ්‍යතාව පරිදි නිමවා ඇති බවත් එය ශීතකරණ ක්ෂේත්‍රෙය් නවතම පෙරළිය බවත් හෙතෙම සඳහන් කළේය. දීර්ඝ කාලයක් තිස...
GEO Smart ශිතකරණය මෙරට වෙළඳ පළ තුල අතිශය ජනප්‍රියත්වයට පත්වනු ඇති බව ද හෙතෙම වැඩිදුරටත් පැවසීය. සිංගර් ශ්‍රී ලංකා සමාගම Beko,Huawei, Dell, Moulinex, Tefal, Singer, SISIL, Samsung, Hitachi, TCL, Sony, Sharp, Whirlpool සහ Mitsubishi ආදී ජාත්‍යන්තර වශයෙන් ප්‍රමුඛ නිෂ්පාදන පෙළක් මෙරට පාරිභෝගිකයා වෙත අලෙවි කරන ලබයි. සිංගර් ...
නීමේ දී සිය පාරිභෝගිකයින් වෙත පොලී රහිත පහසු ගෙවීමේ ක්‍රම, විශේෂ වට්ටම්, අලෙවි වට්ටම්, ක්‍රෙඩිට් කාඩ්පත් සඳහා විශේෂ දීමනා ආදී වරප්‍රසාද රැසක් ලබාදෙයි. ← ඔබට Viber Whatsapp යමක් ආහාර ගැනීමේ නිවරදි ක්‍රම ළමයාට දැන්ම හුරු කරන්න → How Share Live Location Using WhatsApp December 1, 2017 Karaliya 0 පරිශීලක සාකච්ඡාව:Lasan S R...
ලිපි[සංස්කරණය] හිතවත් පරිශීලකතුමනි, පළමුව විකිපීඩියා ආසියානු මාසය සඳහා ඔබ විසින් ඉදිරිපත් කරන ලද මංගල් පාණ්ඩේ, II වන බහදූර් ෂා, කිම් ඉල් – සුංග් යන ලිපි සම්බන්ධයෙන් බෙහෙවින් ස්තුතිවන්ත වෙමි. එම ලිපි එක් උපමානයක් හැර සියලු උපමාන සපුරා ඇත. කරුණාකර එම ලිපි සඳහා සුදුසු ආශ්‍රේයයන් (References) එකතු කරන්න. (අවම වශයෙන් දෙකක් ...
(යූටීසී) Organizing Wikipedia Asian Month 2018[සංස්කරණය] Erick Guan (talk), on behalf of the Wikipedia Asian Month Team. 19:51, 2 ජූලි 2018 (යූටීසී) "https://si.wikipedia.org/w/index.php?title=පරිශීලක_සාකච්ඡාව:Lasan_S_Rajapaksha&oldid=424306" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි මේ පිටුව අන්තිමට සැකසුවේ 2 ජූලි 2018 දින දී, 19:5...
න්දු තරගාවලියේ බාලක ශූරතාව දිනාගැනීමට මහනුවර විද්‍යාර්ථ විදුහලේ දිනේෂ් කවිෂ්කද, බාලිකා ශූරතාව දිනාගැනීමට කොළඹ විශාකා විදුහලේ හංසනී පියුමිලාද සමත් වූහ. වයස 18 න් පහළ බාලක කේවල අවසන් මහ තරගයේදී වට 3-1 ක් ලෙස කොළඹ රාජකීය විදුහලේ නිමේෂ් රංචාගොඩ පරාජය කරමින් දිනේෂ් කවිෂ්ක එම ශූරතාවට හිමිකම් කීවේය. හංසනී පියුමිලා එම ශූරතාවට ...
සොහොයුරන් එක්ව අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලේ හිරුණ වරුසවිතාන සහ ළහිරු තරංග පරාජය කරමින් බාලක යුගල ශූරතාව දිනාගත්හ. කොළඹ මහාමායා විදුහලේ තනුෂි රොද්‍රිගූ සහ ඔචිනි දිසානායක බාලිකා යුගල ශූරතාවට හිමිකම් කීවේ කොළඹ විශාකා විදුහලේ හංසනී පියුමිලා සහ නතාෂා සඳවිනී පරාජය කරමිනි. තරගාවලියේ මිශ්‍ර යුගල ශූරතාව දිනාගැනීමට මහනුවර කිංග්ස්...
ජාපති ගෝතමී බාලිකා විදුහලේ ඩිල්මි කොළඹගේ පරාජයට පත්වූහ. මහනුවර නගරසභා ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැති මෙම තරගාවලිය සඳහා දිවයින පුරා පාසල් රැසක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 500 කට අධික පිරිසක් සහභාගී වූහ. වැවිලි කර්මාන්ත අමාත්‍යංශයේ අතිරේක ලේකම් ජනක ධර්මකීර්ති මහතා තරගාවලියේ ත්‍යාග ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙ...
1, 11/07, 03/11, 11/09) වයස 12 න් පහළ කේවල සෙනුර දිලංක (කොළඹ ආනන්ද විදුහල) විසින් තරග වට 3-1 ක් ලෙස ආකේෂ් දිල්මන්ත (මහනුවර විද්‍යාර්ථ විදුහල) පරාජය කරන ලදි. (11/04, 11/05, 08/11, 11/08) වයස 15 න් පහළ කේවල හිරුණ වරුසවිතාන (අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහල) විසින් තරග වට 3-1 ක් ලෙස චනුල් දුල්සෙන් (අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහල) ප...
11/08, 11/04, 07/11, 11/04) වයස 18 න් පහළ යුගල නිමේෂ් රංචාගොඩ සහ තිසස් රංචාගොඩ (කොළඹ රාජකීය විදුහල) විසින් තරග වට 3-2 ක් ලෙස හිරුණ වරුසවිතාන සහ ළහිරු තරංග (අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහල) පරාජය කරන ලදහ. (09/11, 11/09, 13/15, 11/09, 11/09) තරග ප්‍රතිඵල (බාලිකා) එස්මිනි සඳුන්‍යා (කෑගලු බාලිකා විදුහල) විසින් තරග වට 3-0 ක් ලෙස...
ජාපතී ගෝතමී බාලිකා විදුහල) පරාජය කරන ලදි. (11/03, 11/09, 11/09) ඩිල්මි කොළඹගේ (අම්බලන්ගොඩ ප්‍රජාපතී ගෝතමී බාලිකා විදුහල) විසින් තරග වට 3-0 ක් ලෙස ජිතාරා වර්ණකුලසූරිය (කොළඹ කාන්තා විදුහල) පරාජය කරන ලදි. (11/06, 11/09, 11/03) හංසනී පියුමිලා (කොළඹ විශාකා විදුහල) විසින් තරග වට 3-0 ක් ලෙස මනීෂා ශලින්දි (කරණ්දෙනිය මැදි විදුහ...
ජය කරන ලදහ. (09/11, 07/11, 11/08, 11/09, 11/08) වයස 18 න් පහළ මිශ්‍ර යුගල චන්දූප අලහකෝන් (මහනුවර හිල්වුඞ් විදුහල) සහ බිමන්දි බණ්ඩාර (මහනුවර හිල්වුඞ් විදුහල) විසින් තරග වට 3-1 ක් ලෙස දෙව්මිත් වීරසේන (නුගේගොඩ ලයිසියම් ජාත්‍යන්තර පාසල) සහ ඩිල්මි කොළඹගේ (අම්බලන්ගොඩ ප්‍රජාපතී ගෝතමී බාලිකා විදුහල) පරාජය කරන ලදහ. (11/08, 07/1...
ුඩා ගෙඋයනක් මැද පිහිටි පැරැණි පන්නයේ නි‍ෙවසක ගේට්ටු කණුවේ වූ විදුලි සීනුව නාද කළෙමි. ගෙවුණු දස වසර තුළ කිහිප වතාවක් මා මෙහි පැමිණ ඇත. ඒ හැම විටම විදුලි සීනුව නාද කළ විට මා පිළිගන්නට මුලින්ම පැමිණියේ හොඳින් වැඩුණු බල්ලෙකි. එහෙත් නාගරික කොල්ලුපිටියේ වුණත් ඒ බල්ලා ගමේ තාලයේ බල්ලෙකි. වෙනසක් නැත. මෙවර ද මා පිළිගන්නට පැමිණිය...
ද පූජා පවත්වන පූජනීයස්ථානයකි. කොටින්ම ගිනි දෙවොලකි. මට මේ ස්ථානයට ඇතුළුවීමට අවශ්‍ය අවසරය ලබා දුන්නේ අබාන්ස් සමාගමේ අධිපතිනිය වන ආබන් පැස්තොන්ජි මහත්මියයි. ඇය පාර්සි අන්ජුමාන් නම් මෙම ගිනි දෙවොලේ වත්මන් භාරකාරවරිය ලෙස කටයුතු කරන්නීය. ලංකාවේ සංඛ්‍යාත්මකව පණහකට අඩු ජන සංඛ්‍යාවක් ජීවත්වන පාර්සි ප්‍රජාව අදහන සරතුස්ත්‍ර දහමේ...
දේවවාදී ආගම අපේ ආගමයි�. මා පිළිගත් ගිනි දෙවොලේ භාරකාර පූජකවරයා වන සයිරස් පෙස්තොන්ජි උනවාලා පැවසුවේය. අපට නුහුරු නමක් ඇති මෙම පූජකවරයා පිළිබඳව ද යමක් පැවසිය යුතුය. මෙරට පාර්සි ප්‍රජාව සම්පූර්ණයෙන්ම ව්‍යාපාරිකයන්ගෙන් සමන්විතය. එබැවින් ඔවුන් අතර පූජකයන් නොමැත. එබැවින් මෙම ගිනි දෙවොලේ සේවය සඳහා පූජකවරුන් ඉන්දියාවෙන් ගෙන්ව...
ර්සි ප්‍රජාවගේ ආගමික අවශ්‍යතා ඉටු කර දෙයි. කපාඩියාගේ තෑග්ගක් �ලංකාවෙ විතරක් නෙමෙයි ලෝකයේම පාර්සි ජනගහනය ඉක්මනින් අඩු වෙනවා. හැබැයි අපේ සරතුස්ත්‍ර ආගම තවමත් කොහොමහරි පූජකයන් පුහුණු කරනවා. ඉන්දියාවේ තමයි අපේ පූජකයන් පුහුණු කරන්නෙ. සරතුස්ත්‍ර දහමත් එක්ක බැඳිල තියෙන වසර දහස් ගණනක් පැරැණි රහස් අනාගතයට පවත්වාගෙන යන්නෙ අපේ පූ...
ෙන ගෙන තියෙනවා� පූජක සයිරස් පවසයි. පාර්සිවරුන්ගේ දහම සරතුස්ත්‍ර දහම ලෙසින් හැඳින්වෙන්නේ එම ධර්මය දේශනා කළ සරතුස්ත්‍ර තුමාගේ නාමයෙනි. ඉතිහාසයේ පටන්ම සරතුස්ත්‍ර ලබ්ධිකයන් ප්‍රකට වූයේ අපූරු ආගමික වත්පිළිවෙත් සහිත පිරිසක් ලෙසිනි. එසේ ම එම වත්පිළිවෙත් බාහිර සමාජයට හෙළිදරව් නොකර රහසිගතව සිදු කළ පිරිසක් ලෙසය. මා කොළඹ පිහිටි හ...
න් පැස්තොන්ජී මහත්මියගේ සැමියා වන පෙස්ටොන් නඩිෂොන් පැස්තොන්ජි මහතා මට දැනුම් දුන්නේය. ඉකුත් ශතවර්ෂයේ මුල් භාගයේ දී මෙරට පාර්සි ජාතිකයන් 300 ක් පමණ සිටි බව සඳහන්ය. ඔවුන්ගේ ආගමික කටයුතු වෙනුවෙන් මෙම භූමිය හා ගොඩනැඟිල්ල පරිත්‍යාග කර ඇත්තේ මෙහ්රාබායි පාලොන්ජී කපාඩියා මහත්මිය විසිනි. ඒ ඇගේ සැමියා වූ පාලොන්ජී නව්රෝජී කපාඩියා...
ිබේ. මේ කපාඩියාවරු එකල කොළඹ පිහිටි ප්‍රකට ආයුර්වේද බෙහෙත් බඩු වෙ‍ෙළඳ සලක් වන කපාඩියා සාප්පුවේ හිමිකරුවෝය. දොර ජනෙල්වල සංකේත ගොඩනැඟිල්ලට ඇතුළු වන සෑම දොරටුවකම බිම හුණුවලින් විවිධ සංකේත සටහන් කර ඇත. ජනෙල් කවුළුවල ද විවිධ සංකේත එල්ලා ඇත්තේය. ඒ මේ ස්ථානයේ ආරක්ෂාව හා සෞභාග්‍යය පතාය. විවිධාකාරයේ ගුප්ත බලපෑම් පිළිබඳව පර්සියාන...
්නෙ යාච්ඤ ශාලාවයි. ගිනි පූජා පවත්වන ස්ථානයයි විතරයි. මොකද ලංකාවෙ ඉන්නෙ ටික දෙනයිනෙ. හැබැයි ඉන්දියාවේ ගිනි දෙවොල් හරි විශාලයි. ඒ වගේම කාර්ය බහුලයි.� පූජක සයිරස් පැවසුවේය. ඉන්දියාවේ ගිනි දෙවොල් යාච්ඤා ශාලාව තුළ බිත්තියෙහි සරතුස්ත්‍ර දහමේ නිර්මාතෘ සරතුස්ත්‍ර තුමාගේ විශාල රූපයක් එල්ලා තිබේ. ඊට අමතරව එම දහමට සම්බන්ධ සාන්තුව...
කේතාත්මකව ප්‍රදර්ශනය කළේය. ඔහු ගින්න නිසි පරිදි හැසිරවූයේ විශාල හැන්දක් වැනි උපකරණයකිනි. ගිනි සිළුවේ හාස්කම් �මෙ පමණයි ඔබට පෙන්නන්න පුළුවන්. මෙතන සිදු කරන අනෙක් හැම දෙයක් ම අපි අතරෙ පමණයි. මෙතන ගිනි පූජාව කරද්දි ගිනි දැල්ලෙ හැසිරීමෙන් අපට දැනගන්න පුළුවන් පාර්සි නොවනා අය ඉන්නවානම්� සයිරස් ගිනි පූජාව සමඟ බැඳුණු රහසක් ද හ...
ි සරතුස්ත්‍ර දහමේ මූලස්ථානය ලෙස සැලකෙන ගිනි දෙවොලකිනි. බොම්බායේ ගිනි දෙවොලේ ගිනි දැල්ල ද වසර දහස් ගණනක් පුරා අඛණ්ඩව දැල්වෙන බව සරතුස්ත්‍ර භක්තිකයන්ගේ විශ්වාසයයි. කෙසේ නමුත් ශ්‍රී ලංකාවේ ගිනි සිළුව වෙනුවෙන් වැඩි අවධානයක් යොමු කිරීමට මෙන්ම කුඩා පාර්සි ප්‍රජාවට නොහැකි වූ බැවින් වර්තමානයේ එය දක්නට නැත. අතීත පාර්සි අධිරාජ්‍...
පියා දෙදෙනාම පාර්සි සරතුස්ත්‍ර භක්තිකයන් නම් පමණක් දරුවන් පාර්සි ලෙස සැලකීමේ සිරිතයි. මව හෝ පියා පාර්සි නොවන්නේ නම් දරුවන් පාර්සි සමාජයෙන් ඉවතට විසි වෙන්නේය. මේ සම්ප්‍රදාය ද සරතුස්ත්‍ර භක්තිකයන්ගේ ඉපැරැණි විශ්වාස හා යාතුකර්ම රහස් ලෙස පවත්වා ගැනීමේ අරමුණින් ඇති වූවකි. ලොවින් තුරන් වන ජාතියක් කොළඹ ගිනි දෙවොල පිළිබඳව තොර...
යන්ගේ මෙන් දිගැටි නාසයක් හා දිඟු කන් යුගලයක් ඔහුට පිහිටා තිබීමෙන් පැහැදිලි වෙන්නේ ඉපැරැණි ජන ප්‍රජාවක ජාන ඔහු සතු බවය. �අපේ ආගමත් ජාතියත් වැහිලා තියෙන්නෙ. විවෘත නෑ. අපේ අය අපි කරන දේවල් පිට අය දැන ගන්නවට කැමැති නෑ. ඒකයි අපි වඳවෙන ජාතියක් බවට පත්වෙලා තියෙන්නෙ� ඔහු පැවසුවේය. අනතුරුව මඳක් නිහඬව සිටි ඔහු නැවත කටහඬ අවදි කළේ...
ීවේය. ආර්යසේන ආශුබෝධ හෙවත් අරීසෙන් අහුබුදු Posted on 2011 මැයි 26 by Umanda Jayobandara (උමන්ද ජයෝබණ්ඩාර) විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින් http://umandajayobandara.com/ View all posts by Umanda Jayobandara (උමන්ද ජයෝබණ්ඩාර) → This entry was posted in කාලීන, සිත්ගත් චරිත. Bookmark the permalink. ← ගූගල් ක්‍රෝම්බුක් ආ...
න 7:28 ප.ව. ට එතුමාට නිවන් සුව පතමි. ප්‍රති-පිළිතුරු සැපයීම umanda පවසයි: 2011 මැයි 26 දින 7:50 ප.ව. ට මට පිටපතක් ලබා ගන්ට පුලුවන්ද..? ප්‍රති-පිළිතුරු සැපයීම ranga prabath පවසයි: 2011 මැයි 26 දින 6:15 ප.ව. ට අරිසෙන් අහුබුදු මහතා අභාවප්‍රාප්ත වෙයි. ප්‍රති-පිළිතුරු සැපයීම umanda පවසයි: 2011 මැයි 26 දින 6:17 ප.ව. ට එසේ මැ...
ම ස්තුතියි අරුණ අයියා… ධනියගෝපාල පහලට බහින්න 'දොවාගත් කිරි බොමින් ගෝපිකාව තුරුලට ගෙන මහ අසනි වරුසාවේ කන්ද උඩ මාලිගාවට වී විජ්ජුලතා බලන්න සිතු ධනියගෝපාල නුඹ කුරිරු ධනවාදියකි.' බෞද්ධ සාහිත්‍යයේ එන ධනියගෝපාල කතා වස්තුව පාදක කරගෙන පරාක්‍රම කොඩිතුවක්කු කාලයකට ඉස්සර එහෙම කවියක් ලියනවා. ධනියගෝපාල, ධන ධාන්‍ය සරිකරගත් ධනවතෙක්, ...
දියක් වෙතැයි සිතිවිල්ලකවත් නොසිටියෙක්. අපේ සමාජයේත් ධනියගෝපාලලා බුසල් සේරු ගානට ඉන්නවා. යහ මෙන්ම අයසෙනුත් ධනය උපයාගෙන මට කවුරුත් ඕනෙ නෑයි කියමින් සකල සබ්බමනාවෙන්ම සපිරී යැයි සිතා උස් මැදුරු තනා දිවිගෙවන උසසුන්ටත් දැන් ඉතිං කන්දෙන් බහින්නයි කොරෝනා ඇවිත් ලබාදුන්නේ මහගු පණිවුඩයක්. හැමෝමටම එකම මරණ බය දැනිලා. ඒකට උස් මිටි භ...
.ඩී.එච්. ඉස්පිරිතාලෙට. අයිඩීඑච් කියන්නෙ ගොතටුව නව නගරයට. එහෙනං මොන කෙහෙම්මලකට අයිඩීඑච් කියන්නෙ. එතනදි අතුරු ප්‍රශ්නයක්. ඒකටත් ඉතිහාසයක් තියෙනවා. ඉංගි්‍රසි පාලන කාලෙදි ලංකාවට කොළරාව ආවෙ ඉන්දියාවෙන්. කොළරාව කියන්නෙත් පාචනීය තත්ත්වයක්. ඒ නිසා ඉන්දියාව ඒකාලෙ දීපු සත්කාරක මූල්‍ය සහයෙන් තමයි අයිඩීඑච් රෝහල හැදුවෙ. ඒනිසා ඒකට න...
ැරීමයි. ෙජ්සුතුමා දෙසූ දහමේ මූලික හරිම ප්‍රේමයයි. කිතු සමය උඩුයටිකුරු කරල පෙරල පෙරල බැලූවත් හැම තැනම කියන්නෙ ප්‍රේමය ගැනම තමයි. මෙන්න හෙබ්‍රෙව් බයිබලයේ කියැවෙන 'රැහ්' සහ 'ඇගපෙ' කියන වචනවල අරුත හොයන්න අපිට ආපහු වාරයක් ඇවිල්ලා. සියල්ල අතැඇරල සල්ලි පස්සෙ දුවාපු මිනිස්සුන්ට නතර වෙලා හුස්මක් ගන්න අවස්ථාවක් ලැබිල. නොසලකා හරි...
ො රට රාජ්‍යවල රැකියාවට, පදිංචියට ගියාම පුරසාරම් කියපු දෙන්න දෙමාල්ලන්ට දුවා දරුවන්ගෙ ජීවිත අවදානම ගැන බයක් ඇතිවෙලා. සීත රටවල්වල පදිංචියට ගිහින් උපන් රටට ගරහපු අයට තමන් උපන් උෂ්ණාධික රටේ අගය වැටහිලා. ඒත් 'අම්මෙ මට ගමට එන්න කුරුළු පිහාටුවක් එවන්න කියල' කම්පිත ගීතයක් කියාගෙන ආපහු එන්න විධියක් නෑ. එයාර්පෝට් වහල. පසුගියදාක ...
ීවිතයේ කරන්න බැරි වුන දේවල් කරන්න ගන්න උත්සාහයන්. ලෝකය පුරා ඇවිදින්න ගන්න තීරණය. ඔවුන් යනවා. ඒත් කොච්චර දේවල් ගත්තත්, කොච්චර දේවල් බැලූවත්, කොච්චර ඇවිද්දත් ඔවුන්ට ජීවිතයේ සතුට ලැඛෙන්නෙ නෑ. ඔවුන් ආපහු එනවා. අතරමගදි එක් අයෙක් මිය යනවා. අනෙකා ගෙදර යනවා. පවුලට එකතු වෙනවා. ධනභෝගි අර්ථපතිත්වය තුළ නැති සතුට පවුලෙන් හම්බ වෙනවා...
ින් ගහන්න එපා. Previous සීයේ දැන් අර අපේ ගේ නැත Next පසක් වුන වෙසක් බෝම්බ ජීවිතේ « My Life and My Views about the world « අපි ෙවනුෙවන් හමුදාව රජයේ නැගෙනහිර නවෝදය වෙබ් අඩවිය… » This entry was posted on May 8, 2008 at 6:03 pm and is filed under Uncategorized. You can follow any responses to this entry through the RSS 2.0...
දය දරන තරුණයකු ගැන මංගලට - සාගලට තොරතුරු දුන්නත් කරඇරියා සීගිරි රූසිරි බලන්න පෝය දා 7000 ක් දෙනා එති - ඇතුළුවෙන්න කලින් උෂ්ණත්වය බලයි රණවිරුවන් ගැන කතා කරන රටක රණවිරු බිරිඳ දරුවන් දෙදෙනා අසරණ වෙලා - මගේ දුකට පිහිට වෙන්න ඇය ඉල්ලා සිටියි බහින් බස්වීම දුරදිග ගොස් පොල්ලකින් ගහලා බිරිය මරලා - සැකකාර සැමියා අත්අඩංගුවට යකාබැඳ...
කෙළි - සෙංකෝලයත් කෑලි කැඩෙයි | MINI GOSSIP '20' නිසා බස්‌නාහිර ගුටිකෙළි - සෙංකෝලයත් කෑලි කැඩෙයි පළාත් සභා සියල්ලේම මැතිවරණ එකම දිනෙක පැවැත්වීමට අදාළ යෝජනාව සහිත ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ 20 වැනි සංශෝධනය සම්බන්ධයෙන් බස්‌නාහිර පළාත් සභාවේ මතය විමසීමට ඊයේ (28දා) පැවැති විශේෂ සභා රැස්‌වීම මන්ත්‍රීවරුන්ගේ ගුටිකෙළි මැද සෙංකෝල...
.00 ට රැස්‌විය. එහිදී 20 වැනි ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සංශෝධනය සඳහා පළාත් සභා සියල්ලේම ඡන්දය එකම දිනෙක පැවැත්වීමට අදාළ යෝජනාවට සභාවේ අනුමැතිය ලබාගැනීමේ යෝජනාව සභාපතිවරයා විසින් සභාවට ඉදිරිපත් කරනු ලැබීය. එයට පිළිතුරු දෙමින් මහ ඇමැති ඉසුර දේවප්‍රිය මහතා සභාව විනාඩි 15 කට කල් තබා පක්‍ෂ නායකයන්ගේ රැස්‌වීමක්‌ කැඳවන ලෙස සභාපත...
බවට මහ ඇමැතිවරයා යෝජනා කර ඇති බව පවසා ලබන මස 04 වැනිදා තෙක්‌ මෙම යෝජනාව කල් තැබීමට සභාවේ එකඟතාවය විමසා සිටියේය. එහිදී ඒකාබද්ධ විපක්‍ෂය නියෝජනය කරන මෙරිල් පෙරේරා මන්ත්‍රීවරයා සමඟ ඒකාබද්ධ විපක්‍ෂයේ වැඩි පිරිසක්‌ යෝජනාව විවාදයට ගත යුතු බවත් ඉන් අනතුරුව ඡන්දයකට යා යුතු බවටත් ප්‍රකාශ කළහ. ආණ්‌ඩු පක්‍ෂ හා විපක්‍ෂ මන්ත්‍රීවර...
ණය කළේය. එම අවස්‌ථාවේ පක්‍ෂ විපක්‍ෂ මන්ත්‍රීවරුන් දැඩි විරෝධතාවක නිරත වෙමින් සභාව මැදට පැමිණ සෙංකෝලය අසලට පැමිණි අතර වේත්‍රධාරීහු සෙංකෝලය රැක ගැනීමට ඒ අසලම රැස්‌වූහ. එහිදී දෙපක්‍ෂයේ මන්ත්‍රීවරුන් සෙංකෝලය උදුරා ගැනීමට තැත් කළ අතර එය කොටස්‌ කිහිපයකට කැඩී වෙන්වන අයුරු දක්‌නට ලැබිණි. එම අවස්‌ථාවේ මන්ත්‍රීවරුන් එක පොදියට පො...
ගියේය. නැවත පැයකට පමණ පසු සභාපතිවරයා සිය අසුනට පැමිණ තමා මුලසුනට පැමිණීමට ප්‍රමාද වූයේ සෙංකෝලය අලවා ටේප්දමා නැවත යථා තත්ත්වයට පත් කිරීමට සිදු වූ නිසා යෑයි ප්‍රකාශ කළේය. එමෙන්ම සිය වසර 24 ක පළාත් සභා කාලය තුළ සිදු වූ අමිහිරිම සිදුවීම මෙය බවද හෙතෙම කීය. සභාපතිවරයාගේ එම ප්‍රකාශයෙන් පසු නැගී සිටි විපක්‍ෂයේ ප්‍රධාන සංවිධායක...
ය පළ කළහ. ජෝර්- පෙරේරා මන්ත්‍රීවරයා එම ප්‍රකාශය කරන අවස්‌ථාවේ අධ්‍යාපන ඇමැති රංජිත් සෝමවංශ මහතා ඔහුගේ ප්‍රකාශය අගයමින් මේසයට තට්‌ටු කරමින් සතුට පළ කළේය. තමා කිසි දිනක එවැනි දෙයක්‌ රංජිත් සෝමවංශ අමාත්‍යවරයාගෙන් අපේක්‍ෂා නොකළ බවත් ඉන් තමා මහත් කලකිරීමට පත්වූ බවත් සභාපතිවරයා පැවසීය. ඉන් පසු යෝජනාව ලබන මස 04 වැනිදා තෙක්‌ ක...
හතාගේ ප්‍රජාතන්ත්‍රවාදී පක්‍ෂයේ කිහිපදෙනෙකු ඇතුළුව යෝජනාවට පක්‍ෂව ජන්ද 51 ක්‌ ලැබිණි. ඒකාබද්ධ විපක්‍ෂය සහ ජනතා විමුක්‌ති පෙරමුණ සමඟ යෝජනාවට විරුද්ධව ඡන්ද 41 ක්‌ ලැබිණි. එක්‌සත් ජාතික පක්‍ෂ මන්ත්‍රී ශ්‍රීනාත් පෙරේරා මහතා ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටියේය. ඒ අනුව යෝජනාව ලබන මස 04 වැනිදා තෙක්‌ කල් තැබීමට වැඩි ඡන්ද 10 ක...
ප්‍රථම අවස්‌ථාව ඊයේ දක්‌නට ලැබිණි. 20 වැනි සංශෝධනය සඳහා බස්‌නාහිර පළාත් සභාවේ අනුමැතිය විමසීම ලබන 4 දා පැවැත්වෙන අවසන් ඡන්ද විමසීමේදී සිදුවේ. 2017-08-29T07:16:00+05:30 දීග යාම පොඩ්ඩි දැකපු මලී අහිංසක විදියට හිනා උනත්, ඒ දෑස්වල දිලිහුනේ කඳුලු බිංදු දෙකක්. ලඟදිම බිහි කරන්ට ඉන්න දරුවෙක්ගෙන් පිරුනු කුසයි, ඒ දරුවගේ කිරිවලි...
ඳන් මතු උනා. 'මලියේ මම ගෙහුන් එඤ්ඤං...' ඔහු පොඩ්ඩිටත් හිනාවක් පාලා, මලීගේ බිමට නැමුනු හිසට අත තිබ්බා. ඇගේ චීත්ත පොටේ එල්ලිලා හිටපු පොඩිත්තිගෙත් හිස අතගාලා එලියට බැස්සා. ආව, ගිය විස්තර කතා කරලා මාලී තේ කෝප්පයක් හදන්ට උයන ගේ පැත්තට ගියාම පොඩ්ඩිත් ඒ පස්සෙන් ඇදුනා. පොඩ්ඩි උයනගේ ලොවි බංකුව උඩ වාඩි උනේ මලී කෑගහද්දියි. මාත එක...
බිත්ති, පැත්තක ගොඩ ගැහුනු දර ඉපිල්, කනාටු පොල් ගෙඩි දෙක තුන, බිම වැතිරිලා අලස ලෙස හිටපු හිරමනේ , බිත්තියේ එල්ලුනු කුල්ල, කිරි ගොට්ට....”මේ අපි පොඩිකාලේ මවපු සුර ලෝකෙද?” පොඩ්ඩි හිතුවා. 'මේ බරෙන් නිදහස් නම් මට කිසි කරදරයක් නෑ මයෙ මැනිකේ' මලී කීවේ පොඩ්ඩිගේ හිත දැක්කා වගේ. 'මෙහෙම පෙනුනට මට කිසිදෙයකින් අඩු පාඩු නෑ. ලොකු බන්...
ඩි ආයම ඇහුවා... තේ කෝප්පයට සීනි දිය කරමින් හිටපු මලීගේ දෑසින් කඳුලු හැලුනේ 'ගොඩ, ගොඩ' ගාලා. 'සුදු බන්ඩෙයි, මායි ආලේ බැඳුනේ හීන් සන්දියේ ඉඳන් කියලා මයෙ මැනිකේ දන්නවනේ. අපේ අප්පච්චි ඒ ගැන කතා කොරගන්ට එයාලගේ මහ ගෙදර ගියාම තමා කියලා තියෙන්නේ ලොකු පුතාටත් එක්ක සහේට ගේනවා නම් මඟුල කෙරන බව.’ සිරිමලී කඳුලු පිස්සා හැට්ට අතින්. ...
උනේ ගෙදරින් බල කරපු නිසා. අපේ මඟුල්දා එයා ගමෙන් පිට උනා. ආපහු ආවේ කාලෙකට පස්සේ. එතකොට සුදු බන්ඩා ගෙදරින් පිට උනා...'මලී තේ කෝප්පේ දෑතින්ම පොඩ්ඩිට පිලිගැන්නුවා. 'දැන් ඔය ඉන්නේ?' පොඩ්ඩිගේ ප්‍රශ්නය තේරුම් ගත් මලී එයාගේ කුස දැඩි සෙනෙහසකින් පිරිමැද්දා. 'සුදු බන්ඩගේ. මේ හීන් එකී ලොකු බන්ඩය්යගේ' 'ඉතින්?' පොඩ්ඩිට අහන්ට ඕනි උන...
දුවනවත් එක්කම පොඩ්ඩිත් නැගිට්ටා. තෙත කොන්ඩේ උරිස්ස මත මුදලා දාගන හිටපු ලොකු බන්ඩාගේ අහිංසක හිනාව දැකපු පොඩ්ඩිගේ හිත ආපහු හෝස් ගාලා ගියා. පොඩ්ඩි ඉතින් ගෙදර ගිය හැටියේ දහ අතේ කල්පනා කලා. 'ඇයි අත්තම්මේ මේ එක ගෙයි කෑමක් කියලා එකක් තියෙන්නේ' ඈ අත්තම්මාගෙන් ඇහුවේ බැරිම තැන. 'ඔය ඉස්සර කාලේ මිනිස්සු තමන්ගේ වස්තු සම්බාරේ පිටට ය...
ෙනස්වෙන සිතිත්වල හොඳ , නරක අපට මෙහෙම මනින්ට බෑ පොඩ්ඩියේ. එවා හරි, වැරදි කියලා තීන්දු කරන්ට අපට පුලුවන්කමකුත් නෑ. අයිතියකුත් නෑ. ඒවා කාලයම විසඳලා දාවි' අත්තම්මා දෑස් පලල් කරලා පොඩ්ඩි දිහා බැලුවා. 'මොකද පොඩ්ඩියේ මේ එක ගේ දීග කෑමක් ගැන හිතන්නේ? මයෙ මැනික එකගේ දීගෙක යන්ටවත් ලෑස්ති වෙනවද?' අත්තම්මා ඇහුවේ විහිලුවට.. 'මම බඳින...
මේ දැඟලිල්ල?' අම්මා සැරකලා. 'මේ අත්තම්මා මාව එකගෙයි දීගෙක අරින්ට ලෑස්තිවෙනවා' පොඩ්ඩි කෑගෑවා... අනේ අසරන අම්මා අතේ තිබ්බ තේ කෝප්පේ බිම වැටිලා කුඩුවෙලා ගියා. මේ ඉතින් දීග යෑමනේ. බින්න බහින එක ඊට එහා. "the binna husband should take care to have constantly ready at the door of his wife"s room, a walking stick, a talpot (a...
her house on being ordered." John D"oyly මෙන්න මෙහෙම කියලා තියනවා. හපොයි ඉතින් තල් අත්තයි, හුලු අත්තයි අල්ලගන හිටියේ ඒ කාලෙනේ. දැන් ඉතින් ඕනම නම් ටෝර්ච් එකකුයි, කාරෙකුයි අරන් දෙන්ට බැරියැ. කොච්චර එකක්ද මේ වගේ හැමදේම කරන සැමියෙක් ලැබෙනවනම්. ඔයිට එහානේ කුස රජ්ජුරුවෝ කරපුදේ. අඹුවක් ගන්ට ඕනි හින්දා පබාවතී බිසවගේ ගෙදර ගිහින...
e wife, but a woman often has two husbands." …Robert Knox…. කතන්දරේට විස්තර හොයලා දුන්නු අහවලාටත් ගොඩාක් ස්තූතියි.... අභීත1 September 2011 15:43ඒ පාර මොකාටද මේ එන්න හදන්නේ... බ්ලොග් අවකාශෙ ඉන්නවද බැන්දෙ නැති අයියා මලෝ.... එහෙනම් අදම අයැදුම් කරන්න....ReplyDeleteමුහුදු කොල්ලකාරයා1 September 2011 15:47පිඟන් කෝප්ප, හෝදලා ප...
ේ?ReplyDeleteTharu1 September 2011 16:02@පොකු,ඔයාගේ සිතුම් පැතුම් ඒ ලෙසම සඵල වී , පිඟන් කෝප්ප, ඔයාගේ කිලිටු ඇඳුම් සියලු දේම සෝදා ගත හැකි , නියම අය්යා ,මලෝ පිරිමින් දෙදෙනෙක්ම ලැබේවාය් පතමි.එතකොට හැබැයි එක්කෙනෙක් අර කොටු කොටු වැඩේ කරන කොට.අනිත් එක්කෙනාට පිඟන් කෝප්ප හෝදන්න පුලුවන්.හැබැයි , ඔය වගේ පෝස්ට් දාන්නෙ බලාගෙන, අර ...
ා. නම මතක නෑනේ වෙලාවට. කාලෙකින් බලල නැහැ. ආයිත් බලන්න හිතුනා. වෙලාව මදි. පොඩි කුමාරිහාමි නඟාගේ මේ කථාවත් නැවත මාව ඒ පොතට අරන් ගියා. සාර්ථක නිර්මාණයක්.ReplyDeletepriyantha1 September 2011 16:07කවදත් වගේ ලස්සන කතාවක්. මං හිතන්නේ දැන් නම් ඔය එකගෙයි කෑම නෑ වෙන්න ඕන. මට මතක විධියට මේ වගේ කතාවක් අක්කණ්ඩිගේ පුලිනතලාව බ්ලොග් එ...
ලන්නකො.. //අන්න නියම පිරිමි//හඃ..එහෙනම් කුස රජ්ජුරුවො තමයි නියම පිරිමියා......පොඩ්ඩිට කුස රජ්ජුරුවො හොයා ගන්න නම් වැඩිය අමාරු වෙන එකක් නැහැ.....හැබැයි ඉතින් පබාවතී කෙනෙක් තමයි ප්‍රශ්ණෙ....ReplyDeletehansakinkini1 September 2011 16:39මොකද මන්ද පොඩ්ඩ් අක්ක මේ දවස්වල ලියන්නෙ අමුතු අමුතු දේවල්මයි...මොකද්ද මේ විපිරියාසෙ හැබ...
න්ඩ ඇති ඒත් තාමත් අපේ ගම්වල කසාද බැඳල ඉන්න ගෑනු මිනිස්සු වෙන වෙන සම්බන්ධකම් පවත්වනව...එව්ව දුර දිග ගිහිං පවුල් පවුල් අතරෙ ගෑනු කොන්ඩ වලු පටලගෙන පිරිමි උදලු යකඩ ඉනිඋස්සගෙන පාරවල් දිගේ කුණුහබ්බ කියාගෙන, දෙස් දෙවොල් තියාන තමයි යන්නෙ ඇවිලෙන්ඩ ගිහාමත්හැබැයි ඉතිං ඔය ආරෝවල් බොහොම ටික දොහයි තියෙන්නෙ...ගුටි කෙලි ගහ මරාගැනිලි අව...
.ReplyDeleteGimhani1 September 2011 16:46අනේ මමනම් ගෙදරට නාකි උනත් ඔය වැඩේටනම් කැමති නෑ...ජයයසේන ජයකොඩි මහතාගේ "බැද්දෙ ගෙදර " නවකථාව පසුව ටෙලි නාට්යකට ගැහුවා සුදත් රෝහන මහතා. හරි රසවත් ටෙලි කතාව.. හිනා වෙලා පනගියා. ශ්‍රියන්ත මෙන්ඩිස් ඉන්නේ මෝඩ චරිතෙකට.ReplyDeleteneetha1 September 2011 17:15බැහැගෙන යන ගින්දරපාට හිරුගෙ හ...
න්න කණිෂ්කගෙ මූණ දකිනකොට මනේකට තවත් දුක හිතුනා.// ඔය ඔයාගෙ අන්තිම තීරනයද කණිෂ්ක ? මනේක ඇහැව්ව බැගෑපත්ව, කණිෂ්කට පුලුවන් උනානම් ඒ මොහොතෙම මැරෙන්න ඒක මේ දුකට වඩා සැපයි කියලා කණිෂ්ක හිතුවෙ.//තේරුම් ගන්න වස්තුවෙ ඔයාට බොරුවක් කරන්න හිතුව නම් මම අම්මයි අප්පච්චියි එක්කල අපි ගැන කතා කරනවද? මම යුනිවර්සිටි ඉන්න දවස්වල අප්පච්චි අ...
වෙ මගෙ නංගි කෙනෙක් කියලමයි. අපි දෙන්නට කලින් ඒ දෙන්නගෙ කසාදෙ කරන්න කියන්න අප්පච්චිලා නැන්දම්මව හම්බ වෙන්න ගිහින්. ඒත් නැන්දම්ම කියලා අපි දෙන්නටම මුතු මැණිකෙව දෙනවනම් මිසක් අයියට විතරක් බන්ඳල දෙන්න බැහැ කියල.නැන්දම්මගෙ තීරනයට විරුද්ධ නම් අපේ ඉඩකඩම් ටික විකුණනව කියල.අපේ නැන්දම්ම හරිම දැඩි තීරණ ගන්න කෙනෙක්, හරියට පිරිමියෙ...
ක් නැනැ මනේකා. මේ විදිහේ දුකක් ඔයාට දෙන්න වෙනව කියලා දන්නව නම් කවදාවත්ම මම ඔයාට ආදරෙයි කියන්නෙ නැහැ, ඒ ආදරේ මගේ හිතේම තියාගන්නව මිසක්.මම ඔයාට එක පොරොන්දුවක් වෙන්නම් " මම කවදාවත්ම මුතු මැණිකෙත් එක්ක එකතුවෙන්නෙ නැහැ කියල" හැබැයි ඔයත් මට පොරොන්දු වෙන්න ඕනේ හොඳ කෙනෙක බඳිනව කියල.කණිෂ්ක මනේකගෙ ඔලුවෙ අත තියාගෙනම කිව්ව. "මට දැ...
ගෙ හෙවනැල්ලවගේ ඉඳන් ආදරෙන් බලාගත්ත කණිෂ්කව දකින අන්තිම දවස අදනේ කියල හිතෙනකොට..... ඔයා හෙට උදෙන්ම නුවර යනවද? ඔව් මම ගියාට ඔයාව අමතක වෙන්නෙ නැහැ , මට දුක සැප දන්වන්න ඔනේ........මුලු මුදු වෙරළම අඳුරින් පිරිලා , උඩරටටම ආවේණික වුනු විවාහ සිරිතක් නිසා අපූරු පෙම් යුවලක් අද වෙන්වුනා....හැබැයි ඉතින් පොල් ගෙඩියට, කොස් ගෙඩියට මි...
ඉන්න ඉන්ද්‍රජිත් නාවින්න. ඌත් මරු.මතකද මඟුල් දවසෙ ඌ කොහෙද හිටියෙ.හේනේ හැ0ගිලා..... :-)ReplyDeleteකතන්දර Kathandara1 September 2011 17:35පොඩ්ඩිගේ කතාවේ හීනියට වගේ කොටු පනින කතාවක් දාලා තියෙන කොට මට හිතුණා මොකක් හරි කොටු පනින වැඩක් තමාය මේ කියලා.මේක ගෑනු එළිපිටම කොටු පැනිල්ලක් ද?ReplyDeleteකතන්දර Kathandara1 September 2...
1 18:28කවුරුත් මෙතනදි අර අහිංසක ගෑනු ලමයට වෙච්ච කරදරේ ගැන හොයන පාටක් පේන්නේ නෑනේ.ReplyDeleteChanaka Aruna Munasinghe1 September 2011 18:38" උඹව කවදා හරි අර කැලේ ඉන්න නරි රාළට දෙනවා කැලේටම වෙලා ඉන්න" කියල අත්තම්ම පොඩ්ඩිට කියල තියෙනවනෙ. ඒ නරියට බැඳපු නැති සහෝදර නරි නැද්ද හැබෑට. මම හිතන් හිටියෙ එයාට නරි මල්ලියෙක් ඉන්නව කි...