Title stringlengths 9 246 | Content stringlengths 3 62.9k |
|---|---|
"සුපිරි වෙළෙඳසල් 37ක් ඇතුළට අලුතෙන් බාර් 16ක් ම සතොසට" | "මෙම වසරේ (2024) මුල් මාස හතරේ දී අලුතින් මත්පැන් හල් 37ක් සුපිරි වෙළෙඳසල්හි විවෘත කිරීම සඳහා බලපත්‍ර ලබා දී ඇති අතර ඉන් 16ක්ම සතොස වෙළෙඳසල් සඳහා ලබා දී ඇතැයි මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (09දා) ප්‍රකාශ කළේය. අලුතින් මත්පැන්හල් 474ක් ලබා දිය හැකි වුවද පසුගිය වසර (2023) තුළදී ද අලුතින... |
"ජල සම්පාදන මණ්ඩලයේ නව සාමාන්‍යාධිකාරි ටී. භාරතිදාසන් වැඩ භාරගනී" | "ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ අභිනව සාමාන්‍යාධිකාරීවරයා ලෙස ඉංජිනේරු ටී. භාරතීදාසන් මහතා පත්ව තිබේ. ඒ මහතා එම මණ්ඩලයේ 19 වැනි සාමාන්‍යාධිකාරීවරයා වේ. යාපනය සංකුවේලි රජයේ දෙමළ මිශ්‍ර පාසල, මනිපායි හින්දු විද්‍යාලය යන පාසල්වලින් ප්‍රාථමික අධ්‍යාපනය ලද ඒ මහතා ද්විතීක අධ්‍යාපනය සඳහා ඉන්දියාවේ චෙන්නායිහි ශ්‍රී රාමක්... |
"කොවිඩ් නිවාඩු අනුමත නැති රාජ්‍ය නිලධාරීන් යවන්න හදයි" | "කොවිඩ් වසංගත සමයේ විදෙස්ගතව නිවාඩු අනුමැතියකින් තොරව නැවත මෙරට සේවයට වාර්තා නොකර සිටින සියලු ම රාජ්‍ය නිලධාරීන් සඳහා සේවය හැරයෑමේ නිවේදන නිකුත් කරන ලෙස රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් ප්‍රදීප් යසරත්න මහතා ආයතන ප්‍රධානීන් වෙත චක්‍රලේඛයක් නිකුත් කරමින් කියා ඇත. ආයතන සංග්‍රහයට අනු... |
"ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා ශ්‍රී ලංකාවේ නැගෙනහිර පළාතේ සංචාරයක" | "ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා ශ්‍රී ලංකාවේ නැගෙනහිර පළාතේ දිස්ත්‍රික්ක තුනම ආවරණය කරමින් නිල සංචාරයක නිරත විය. ඒ මහතා නැගෙනහිර පළාත් ආණ්ඩුකාර සෙන්තිල් තොණ්ඩමාන් මහතා හමුවූ අතර පළාතේ දිස්ත්‍රික්ක තුන නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් සමග සාකච්ඡාවන්හි නිරත විය. මෙයට අමතරව එතුමා පළාතේ ජනතාව වෙනුවෙන් ඉන්ද... |
"යහපත් රටක් ජනතාවට දායාද කළැයි ජනපති රනිල්ට ශුභාශිංසන සංදේශයක්…" | "අරගලය විසින් එතෙක් ගමන් කළ රටේ දේශපාලන ගමන් මග වෙනස් කිරීම හා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් වඩාත් යහපත් රටක්, ජනතාවට දායාද කිරීම වෙනුවෙන් ජනාධිපතිවරයාට ශුභාසිංශන සහිත සංදේශයක් භාර දීම නව සන්ධානයේ ඒකාබද්ධ ස්වාධීන වෘත්තිය සමිති කේන්ද්‍රය විසින් ඊයේ (09 දා) පෙරවරුවේ සිදු කරන ලදී. එම වෘත්තිය සමිති කේන්ද්‍රයේ නියෝ... |
"පනතක් ගෙනත් තුට්ටු දෙකට විදුලිබල මණ්ඩලය විකුණන්න හදනවා – ජාජබ විධායක සභික සුනිල් හඳුන්නෙත්ති" | "බලශක්ති කේන්ද්‍රය යනු ජාතික ආරක්ෂාවත් සමග ගැටගැසී ඇති ක්‍රියාවලියක් බවත් ඊට ලැබෙන ආයෝජන ඇමැතිවරයාගේ සාක්කුව හරහා එනවා නම් ඒ ප්‍රතිලාභ වැඩිපුර ලැබෙන්නේ ඇමැතිවරයාට බවත් ජාතික ජන බලවේගයේ විධායක සභික සුනිල් හඳුන්නෙත්ති මහතා පැවසීය. පක්‍ෂ මූලස්ථානයේ ඊයේ (9 දා) පැවති මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් කතා කළ ඒ මහතා මෙසේද කීය. අපේ රට... |
"ශ්‍රී ලංකා පුරවැසි බව සනාථ කිරීමට අසමත් වෙයි – ඩයනා මන්ත්‍රීකමෙන් දොට්ට" | "රාජ්‍ය ඇමැතිනි ඩයනා ගමගේ මහත්මිය තවදුරටත් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධුරයක් දැරීමට නුසුදුසු අයකු බවට නිගමනය කළ ශ්‍රේෂ්ඨාධිකරණය ඇගේ මන්ත්‍රී ධුරය වහාම අවලංගු කරමින් ක්වෝ වොරෙන්ටෝ රීට් ආඥාවක් ඊයේ (08දා) නිකුත් කළේය. රාජ්‍ය ඇමැතිනියගේ බි්‍රතාන්‍ය පුරවැසිභාවය සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සම්බන්ධයෙන් පසුගිය ඔක්තෝබ... |
"මැතිසබේ ඇවිලූ වීසා – VFS ගනුදෙනුව" | "ඔන් ලයින් ක්‍රමයට වීසා නිකුත් කිරීමේ කටයුත්තේදී පෞද්ගලික ආයතනයකට වීඑෆ්එස් ගාස්තුවක් අය කර ගැනීමට ඉඩදීම මහා පරිමාණ වංචාවක් යැයි විපක්ෂ මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවේදී පෙරේදා (07දා) චෝදනා කළහ. එහිදී මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු පළ කළ අදහස් පහත පරිදිය. විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා- පසුගිය සතියේත් මේ ගැන කතා... |
"සුසිල් අනුමත කරයි – සජිත් ළඟට එන්න කියයි" | "මැතිවරණය ඉලක්ක කර ගෙන එක් පළාත් පාලන ආයතනයකට රුපියල් මිලියන 10 බැගින් පළාත් පාලන ආයතන 341කට මිලියන 3410ක් වෙන් කරමින් රජය සිදු කිරීමට යන්නේ මුදල් නාස්තියක් බවත් ඒ වෙනුවට රජයේ පාසල් 3400කට රුපියල් ලක්ෂ 10ක් වටිනා සුහුරු පන්ති කාමරය බැගින් ලබා දිය හැකි බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (08දා) ප... |
"ඩයනාගේ පුටුව මුජිබර්ට" | "ඩයනා ගමගේ මහත්මියගේ මන්ත්‍රීධුරය ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවත් සමග අහෝසි වීමෙන් අනතුරුව එම පුරප්පාඩුව සඳහා හිටපු මන්ත්‍රීවරයකු වන මුජිබර් රහුමාන් මහතා පත් කිරීමට සමගි ජන බලවේගය තීරණය කර ඇත. ඒ අනුව මන්ත්‍රීධුරයෙහි පුරප්පාඩුව සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව නිල දැනුම්දීම කළ පසුව සජබය විසින් රහුමාන් මහතා ඊට නම්කරනු ඇතැයි එහි... |
"ඩයනා ගැන තීන්දුව නිසා කථානායකත් නිදහස් පාර්ලිමේන්තුවත් නිදහස් – නලින් බණ්ඩාර" | "ඩයනා ගමගේ මහත්මියගේ මන්ත්‍රී ධුරය අහෝසි කරමින් දුන් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව නිසා පාර්ලිමේන්තුවට සහ කථානායකවරයාට ද විශාල නිදහසක් ලැබුණු බව සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (08දා) පැවසීය. එම මහත්මියගේ මන්ත්‍රී ධුරය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දුන් තීන්දුව පි... |
"උසාවියට අපහාස කළා ද? – හිරුණිකාට එරෙහි නඩුව ජුනි 14දා කැඳවයි" | "කාන්තාවකට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පවරා තිබූ නඩුවක සැකකරුවකු වන ඌව පළාත් ආණ්ඩුකාර ඒ.ජේ. මොහොමඩ් මුසම්මිල් මහතාගේ පුත්‍රයාට ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණය විසින් ඇප ලබාදීම සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය මාධ්‍යට කළ ප්‍රකාශයකින් අධිකරණයට අපහාස වූයේ යැයි ඇයට එරෙහිව පවරා ඇති නඩ... |
"මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වූ ලක්ෂ 11ක් කොළඹ ඉන්නවා – පොලිස්පති" | "මත්ද්‍රව්‍ය සැපයුම් ජාල අඩාල කරනවා සේම මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් මුදාගැනීමට නව පුනරුත්ථාපන මෙහෙයුමක් අරඹා ඇතැයි පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඊයේ (08දා) කොළඹදී පැවැති සුවසර කැදැල්ල ප්‍රජා පාලක පුනරුත්ථාපන වැඩසටහනේදී පැවසීය. මෙය මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. ඒ යටතේ කොළඹ දිස්ත්‍රි... |
"පරිසරය සහ දේශගුණික විපර්යාස සඳහා පොදු එක් නීතියක් ගෙන එනවා" | "පරිසරය සහ දේශගුණික විපර්යාස සඳහා පොදු එක් නීතියක් ගෙන ඒමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. මෙරට ආර්ථික ප්‍රතිපත්ති සැකසීමේදී අපනයනය ඉලක්ක කරගත් තරගකාරී ආර්ථිකයක් පමණක් නොව 2050 වන විට ශුද්ධ ශුන්‍ය විමෝචනය කරා ළඟා වන හරිත ආර්ථිකයක් බවට පරිවර්තනය වීම කෙරෙහි ද රජය අවධානය යොමු කර තිබෙන බව ජනාධිපතිවරයා... |
"අප නොබැඳි පිළිවෙතක සිට රටට අවශ්‍ය සියලු පහසුකම් ලබා ගැනීමට කටයුතු කරනවා – විදේශ ඇමැති අලි සබ්‍රි" | "රටේ ස්වෛරීත්වය ආරක්ෂා කර ගනිමින් ලොව සියලු රටවල් සමග එක්ව නොබැඳි පිළිවෙතක සිට අප රටට අවශ්‍ය සියලු වරප්‍රසාද පහසුකම් ලබා ගැනීමට කටයුතු කරන බව විදේශ ඇමැති අලි සබ්‍රි මහතා ඊයේ (8 දා) පාර්ලිමේන්තුවේ දී පැවසීය. රාජ්‍ය තාන්ත්‍රික වරප්‍රසාද පනත යටතේ වූ අති විශේෂ ගැසට් පත්‍රයේ ඇතුළත් නියෝග හා ඛනිජ තෙල් නිෂ්පාදන (විශේෂ විධිවිධ... |
"ග්‍රාම නිලධාරි සටන දිග්ගස්සනවාද : – ඊයේ රෑ සූම් සාකච්ඡාවක්" | "දින දෙකක් තිස්සේ පැවැති ග්‍රාම නිලධාරීන්ගේ වෘත්තීය ක්‍රියාමාර්ගය අත්හිටුවනු ලැබුව ද, ග්‍රාම නිලධාරීන්ගේ ඉන්ධන හා නිල ඇඳුම් දීමනාව ලබා නොදීම, “ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරි සේවය” ස්ථාපිත නොකිරීම ඇතුළු වෘත්තීය ගැටලුවලට රජය විසඳුම් ලබානොදෙන්නේ නම් ඉදිරි දින කීපය ඇතුළත දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළැඹෙන බව, ශ්‍රී ලංකා එක්සත්... |
"වසර 10කදී ශ්‍රී ලංකන් පාඩුව මිලියන 458247ක්" | "ශ්‍රී ලංකන් ගුවන් සමාගම පසුගිය වසර දහයේ දී (2014 -2024) රුපියල් මිලියන 458247ක් (කෝටි හතළිස් පන් දහස් අටසිය විසි හතරකට වැඩි මුදලක්) පාඩු ලබා ඇතැයි අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (08) සඳහන් කළේය. විපක්ෂ මන්ත්‍රී හේෂා විතානගේ මහතා විසින් අගමැතිවරයාගෙන් විමසන ප්‍රශ්න යටතේ අසන ලද ප්‍රශ්නයකට අගමැති විසින... |
"විදුලි පනතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් තුනක්" | "විදුලිබල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති විදුලි පනත් කෙටුම්පත ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට නිගමනය කරන්නැයි ඉල්ලා විදුලි ඉංජිනේරුවරුන් දෙදෙනෙක් පෙරටුගාමී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව හා අල්ලස දූෂණය හා නාස්තියට එරෙහි පුරවැසිබලය සංවිධානයේ සභාපති ජාමුනි කමන්ත තුෂා... |
"ඖෂධ නියාමන අධිකාරියේ හිටපු ලොක්කාත් අත්අඩංගුවට" | "ප්‍රශ්න සහගත ඉමියුනොග්ලොබියුලින් ඖෂධ සිද්ධිය සම්බන්ධයෙන් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ හිටපු ප්‍රධාන විධායක වෛද්‍ය විජිත් ගුණසේකර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ඊයේ (08දා) සවස අත්අඩංගුවට ගන්නා ලදී. එම ඖෂධ වංචා සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස කරන ලද දැනුම් ... |
"අමරවීරලා ඉවත් කිරීම වැළැක් වූ වාරණය 29දා තෙක් දිගුවෙයි" | "ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති මහින්ද අමරවීර, භාණ්ඩාගාරික ලසන්ත අලගියවන්න හා ජාතික සංවිධායක දුමින්ද දිසානායක යන මහත්වරුන් එම තනතුරුවලින් ඉවත් කිරීම වළක්වමින් තම අධිකරණය විසින් නිකුත් කොට තිබූ වාරණ නියෝගය ලබන 29 වැනිදා දක්වා තවදුරටත් දීර්ඝ කිරීමට කොළඹ ප්‍රධාන දිසා විනිසුරු සඳුන් විතාන මහතා ඊයේ (08දා) නියෝග... |
"අවුරුදු කාලෙ ඩෝප් සීන් අඩුවෙලා" | "පසුගිය අලුත් අවුරුදු උත්සව සමයේදී මෙරට පුද්ගලයන්ගේ මද්‍යසාර භාවිතය සෙසු වර්ෂවලට සාපේක්ෂව කැපී පෙනෙන අඩුවක් වාර්තා වන බව මද්‍යසාර හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය හෙළි කරයි. දිවයිනේ සියලු පළාත් ආවරණය වන පරිදි පුද්ගලයන් 415ක නියැදියකින් ලබාගත් තොරතුරු ඇසුරෙන් සිදුකරන ලද සමීක්ෂණයකින් මෙම කරුණු අනාවරණය වූ බව එම මධ්‍යස්ථ... |
"අවුරුදු කාලෙ ඩෝප් සීන් අඩුවෙලා" | "පසුගිය අලුත් අවුරුදු උත්සව සමයේදී මෙරට පුද්ගලයන්ගේ මද්‍යසාර භාවිතය සෙසු වර්ෂවලට සාපේක්ෂව කැපී පෙනෙන අඩුවක් වාර්තා වන බව මද්‍යසාර හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය හෙළි කරයි. දිවයිනේ සියලු පළාත් ආවරණය වන පරිදි පුද්ගලයන් 415ක නියැදියකින් ලබාගත් තොරතුරු ඇසුරෙන් සිදුකරන ලද සමීක්ෂණයකින් මෙම කරුණු අනාවරණය වූ බව එම මධ්‍යස්ථ... |
"ඩයලොග් ආසිආටා ශ්‍රී ලංකාවේ විශාලතම සෘජු විදේශ ආයෝජකයා ලෙසින් ආයෝජන මණ්ඩලයෙන් පිදුම් ලැබූ වගයි" | "ජාතික ආර්ථිකයේ සංවර්ධනය සහ වර්ධනය සඳහා එහි දායකත්වය පිළිගනිමින්, ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, විශාලතම ඍජු විදේශ ආයෝජකයා ලෙස ආයෝජන මණ්ඩලය ((BOI) විසින් පිළිගනු ලැබීය. ආයෝජන මණ්ඩලයේ 45 වැනි සංවත්සර උළෙලේදී පිරිනැමුණු මෙම ගෞරවනීය සම්මානය, මේ දක්වා ඩොලර් බිලියන 3.25ක ආයෝජනයක් සමගින් රටේ... |
"ලංකාවේ පාතාල සෙල්ලම් දදා ඩුබායිහි සැඟවී සිටි මන්නා රමේෂ් රඳවාගෙන ප්‍රශ්න කරයි" | "මිනිස් ඝාතන, මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්, කප්පම් ගැනීම්, පොලිස් නිලධාරීන්ට මරණ තර්ජන එල්ල කිරීම් ඇතුළු දරුණු ගණයේ අපරාධවල නිරත වෙමින් ඩුබායි රාජ්‍යයේ සැඟවී සිටියදී එරට පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන සිටි පාතාල කල්ලි නායක මන්නා රමේෂ් නමැත්තා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් ඊයේ (07දා) අලුයම ශ්‍රී ලංකාවට... |
"මේ ආර්ථික ගමන් මඟ වෙනස් කළොත් රට යළි වළට වැටෙනවා – මහ බැංකුවේ අධිපති අනතුරු අඟවයි" | "තවමත් රට මුළුමනින්ම ආර්ථික අර්බුදයෙන් මිදී නොමැති බැවින් රට දැනට සැලසුම් කර ගමන් කරමින් තිබෙන මාවතෙන් ඉවත්වීම සඳහා කිසිදු අවකාශයක් නොමැති බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පැවසීය. මේ නිසා ක්‍රියාවට නැංවූ සහ සැලසුම් කරන ලද තීරණාත්මක ප්‍රතිසංස්කරණ ආපසු හැරවීම (වෙනස් කිරීම) ආර්ථිකය නැවතත් අස්ථා... |
"ජනපති උපදෙසින් තවත් ශිෂ්‍යත්ව" | "ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි ජනාධිපති අරමුදල මඟින් තවත් ශිෂ්‍යත්ව වැඩසටහන් දෙකක් ආරම්භ කිරීමට කටයුතු කර තිබෙන අතර පිරිවෙන් හා සීලමාතා අධ්‍යාපන ආයතනවල ඉගෙනුම ලබන ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලා, සීලමාතාවන් හා ගිහි ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙනුවෙන් මෙන්ම අ.පො.ස (උසස් පෙළ) තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විෂයය විෂයයක් ලෙ... |
"වීසා VFS මැතිසබය අවුලයි" | "‘වීසා’ ගාස්තු වැඩි කිරීම පාර්ලිමේන්තුවෙන් අනුමත කළා කියලා ටිරාන් අලස් ඇමැතිවරයා කීවත් එවැන්නක් තුළ VFS ගාස්තුවකට අනුමැතියක් දී නෑ. VFS සමාගම් ගාස්තුව ගැන වෙනම තීරණයක් ගෙන අනුමත කරගත යුතුයි. කෙනෙක් ලංකාවට එනවිට ඩොලර් 20/20ක් VFS ගාස්තුව ලෙස අය කරන්න වෙනවා. මේක පාර්ලිමේන්තුව නොමඟ යැවීමක්. වීසා ගාස්තුව වැඩි කරන මුවාවෙන් ... |
"පුංචි ඡන්දෙට සල්ලි නෑ කියපු ආණ්ඩුව සංවර්ධන ව්‍යාපෘති වෙනුවෙන් බිලියන 15ක් දීලා – දයාසිරි ජයසේකර" | "පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට මුදල් නැතැයි කී ආණ්ඩුව මේ වනවිට සංවර්ධන ව්‍යාපෘති වෙනුවෙන් රුපියල් බිලියන 15ක් දීමට කටයුතු කර ඇතැයි කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (07දා) කියා සිටියේය. එලෙස මුදල් ලබාදීම මේ වනවිට විසුරුවා හැර ඇති පළාත් පාලන ආයතන නැවත සක්‍රීය කිරීමක් බවටද හෙතෙම චෝදන... |
"පරාටේ නීතියට විපක්ෂ නායකගෙන් සංශෝධන 07ක්" | "ආණ්ඩුව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද පරාටේ නීතිය සංශෝධනය කිරීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සංශෝධන 07ක් ඉදිරිපත් කරනු ලැබීය. එම නීතිය සම්බන්ධ පනත සංශෝධනය සඳහා පැවැති විවාදයේ දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් මෙම පනතට සංශෝධන ඉදිරිපත් කරමින් අදහස් පළ කළේය. ඒ අනුව මෙම පනත යටතේ පරාටේ නීතිය ක්‍රිය... |
"යල්පැන ගිය නීතිය වෙනස් කර නඩු ප්‍රමාදය වැළැක්වීමට පනත් රැසක් සම්මත කළා – ඇමැති විජයදාස රාජපක්‍ෂ" | "නඩු ප්‍රමාදය වැළැක්වීමට හා යල් පැනගිය නීති වෙනස් කිරීමට අවශ්‍ය පනත් රැසක් සම්මත කිරීමට කටයුතු කළ බව අධිකරණ, බන්ධනාගාර හා නීති ප්‍රතිසංස්කරණ ඇමැති ආචාර්ය විජයදාස රාජපක්‍ෂ මහතා ඊයේ (07දා) පාර්ලිමේන්තුවේදී පැවැසීය. බෙදුම් නඩු (සංශෝධන) පනත් කෙටුම්පත හා පරාටේ නීතිය 2024 දෙසැම්බර් 15 දක්වා අත්හිටුවීම පිණිස විධිවිධාන ඇතුළත් ... |
"ශ්‍රීලනිප වැ.බ. සභාපති ධුරය තහනමට එරෙහි විජයදාසගේ පෙත්සම විභාගයට නොගෙනම ඉවතට" | "තමන් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ වැඩ බලන සභාපති ධුරයේ කටයුතු කිරීම වළක්වමින් කොළඹ දිසා අධිකරණය විසින් නිකුත් කළ අතුරු තහනම් නියෝගය ක්‍රියාත්මක කිරීම වළක්වන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්‍ෂ මහතා විසින් ගොනු කර තිබූ ප්‍රතිශෝධන පෙත්සම විභාගයට ගැනීමට අවසර ලබාදීමකින් තොරවම අභියාචනාධිකරණය ඊයේ (07... |
"මර්වින් සිල්වා රූපවාහිනියට කඩා වැදී යකා නැටූ නඩුව අවුරුදු 17ක් යනකම් සැකකරුවන් උසාවි දැම්මේ නැත්තේ ඇයි?" | "මෙයට වසර දාහතකට පමණ පෙර එනම් 2007.12.27 වැනිදා ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවට මැර පිරිසක් සමඟ කඩා වැදී රූපවාහිනි සංස්ථාවේ ප්‍රවෘත්ති අධ්‍යක්‍ෂවරයා ලෙස කටයුතු කළ ටී. එම්. ජී. චන්ද්‍රසේකර මහතාට බැන තර්ජනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පවරා ඇති නඩුවේ දෙවන සැකකාර හිටපු අමාත්‍ය මර්වින් සිල්වා හා පළමුවන සැකකාර බැස්ටියන් දොන් නු... |
"කිසිම දැනුම් දීමක් නොකර මගේ ගෙදර ලයිට් කපලා – මන්ත්‍රී ජගත් කුමාර ලංවිමට දෙහි කපයි" | "කිසිදු දැනුම් දීමකින් තොරව තමාගේ නිවසේ විදුලිය විසන්ධි කළ බව කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ජගත් කුමාර සුමිත්‍රාරච්චි මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (07දා) පැවසීය. විදුලිය සිඳලීම පිළිබඳව ආණ්ඩු පක්ෂය සහ විපක්ෂය අතර ඇති වූ අදහස් හුවමාරුවක් අතරතුර මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය. තමාට ගෙවීමට තිබුණේ ගිය මාසයට අදාළ රුපියල් 12,000ක බිල... |
"ඩැට් දීමනාව ඉල්ලා සෞඛ්‍ය වෘත්තීය සමිති හෙට සිට යළි සටන අරඹයි" | "වෛද්‍යවරුන්ට ලබාදුන් ‘ඩැට්’ දීමනාව (රු. 35,000) තමන්ටද ලබාදී ආර්ථික යුක්තිය ඉටු කරන ලෙස ඉල්ලමින් හෙට (09දා) සිට යළි පළාත් මට්ටමින් සියලු රෝහල් සහ සෞඛ්‍ය ආයතනවල වැඩ වර්ජන ආරම්භ කිරීමට සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය තීරණය කර ඇත. මාස 04ක් පුරා මේ සම්බන්ධයෙන් රජයෙන් ඉල්ලීම් කළත් සෞඛ්‍ය අමාත්‍යාංශය සකස් කළ තාක්ෂණික වාර්තාවට ... |
"වගා ආයෝජන ගැන මහ බැංකුවෙන් පරීක්ෂණ" | "ශ්‍රී ලංකා මහ බැංකුවට පැමිණිලි ලැබී ඇති වගා ආයෝජන සමාගම් 15ක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව පරීක්ෂණ ආරම්භ කර ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ අධ්‍යක්ෂ චනුරි ජයසිංහ මහත්මිය පැවසුවාය. මහ බැංකුවේ ඊයේ (07දා) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ‘දිවයින’ ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇය මේ බව කීවාය. ... |
"වසරකට 3000කින් වකුගඩු රෝගීන් වැඩි වෙනවා – සෞඛ්‍ය ඇමැති" | "මෙරට වකුගඩු රෝගීන්ගේ ප්‍රමාණය වසරකට තුන්දහසකින් පමණ වැඩි වී ඇතැයි සෞඛ්‍ය ඇමැති වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (07දා) පැවසීය. 2015දී 30,657ක් වූ වකුගඩු රෝගීන්ගේ සංඛ්‍යාව 2023 වසර වනවිට 72,546ක් වී ඇතැයි විපක්ෂයේ මන්ත්‍රි ගයන්ත කරුණාතිලක මහතා විසින් අසා තිබූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමැතිවරයා කියා සිටියේ... |
"ආර්ථික විවරණයේ අර්ථ දැක්වීම දැන ගන්න මහ බැංකු නිලධාරීන් ආංශික අධීක්ෂණ කාරක සභාවකට කැඳවන්නැයි චරිත හේරත්ගෙන් ඉල්ලීමක්" | "මහ බැංකුව නිකුත් කර තිබෙන වාර්ෂික ආර්ථික විවරණයෙන් මහ බැංකුව සහ රාජ්‍ය වෙනස් ආකාරයට අර්ථ දැක්වීම සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා මහ බැංකු නිලධාරීන් ආංශික අධීක්ෂණ කාරක සභාවකට කැඳවන ලෙස පත් කළ මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතා නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂගෙන් පාර්ලිමේන්තුවේදී ඊයේ (07) ඉල්ලා සිටියේය. එවැනි වර්ගීකරණයක් කි... |
"කෝටි ගණනක නිර්වින්දන උපකරණ සෞඛ්‍ය අමාත්‍යාංශයේ දිරයි" | "රුපියල් කෝටි ගණනක වටිනාකමින් යුත් නිර්වින්දන උපකරණ තොගයක් සෞඛ්‍ය අමාත්‍යාංශය තුළ දිරාපත්වෙමින් පවතින බවට ‘දිවයින’ට වාර්තා වේ. රෝහල් පද්ධතියට අවශ්‍ය ප්‍රමාණය ඉක්මවා පුද්ගලික ලාබ ලබාගැනීමේ අරමුණින් මෙම ශල්‍ය උපකරණ, නිර්වින්දන උපකරණ ඇතුළු යන්ත්‍ර සූත්‍ර මිලදී ගෙන ඇත්තේ ප්‍රසම්පාදන ක්‍රියාවලියත් උල්ලංඝණය කරමින් බවද සෞඛ්‍ය... |
"විදුලි පාරිභෝගිකයන්ගේ රු. බිලියන 14ක ඇප තැන්පතු නව පනතින් සමාගම්වලට – ලංවිම වෘත්තීය සමිති කියයි" | "නව විදුලි බල පනතින් විදුලි පාරිභෝගිකයන් බිලියන හයකගේ ඇප තැන්පතු සහිත රුපියල් බිලියන 14ක මුදල් සහ ලංවිමට අයත් ට්‍රිලියන ගණනක වත්කම් පුද්ගලික සමාගම් වෙත බෙදා වෙන් කිරීමේ බලය ලබාදී ඇතැයි ලංකා විදුලි බල මණ්ඩල වෘත්තීය සමිති චෝදනා කරයි. මෙම පනතින් ජාතික විදුලි ප්‍රතිපත්තියක් සම්බන්ධව කියවෙන නමුත් එහි ස්ථාවර විදුලිය සැපයීම ස... |
"අද සිට වැසි වැඩි වෙයි" | "දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද (08දා) සිට වැසි තත්ත්වයේ වැඩිවීමක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, ඌව සහ නැගෙනහිර යන පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවද එම දෙපාර්තමේන්තුව කියයි. සෙසු... |
"‘රාම ට්‍රේල්’ ගැන වහා අවධානය යොමුකර නිසි පියවර ගන්න – ඕමල්පේ හිමිගෙන් මහ නාහිමිවරුන්ට ලිපියක්" | "ඉන්දියානු හින්දු පූජකවරයකු විසින් මෙරට ක්‍රියාත්මක කිරීම සඳහා සැලසුම් කර ඇති ‘රාම ට්‍රේල්’ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් වහාම අවධානය යොමු කර ඒ පිළිබඳව ගත යුතු නිසි පියවර ගන්නා ලෙස ඉල්ලමින් ආචාර්ය ඕමල්පේ සෝභිත නාහිමිපාණන් මහනායක හිමිවරුන් වෙත ලිපියක් යොමු කර ඇත. එම පූජකවරයා මහනුවරදී අස්ගිරි සහ මල්වතු මහ නායක මාහිමිපාණන් වහන්ස... |
"නුවරඑළියේ තැපැල්හල ඉන්දීය සමාගමකට ලබාදීම වළක්වන්න අතුරු තහනමක් ඉල්ලන පෙත්සම යළි කැඳවීමට නියෝග" | "පුරාවිද්‍යාත්මක වටිනාකමක් සහිත ස්ථානයක් ලෙස නම් කර ඇති නුවරඑළිය තැපැල් කාර්යාලය සංචාරක හෝටලයක් ලෙස භාවිත කිරීම සඳහා ඉන්දියානු සමාගමකට ලබාදීමට ගෙන ඇති පියවර වළක්වන අතුරුතහනම් නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ගොනුකර ඇති පෙත්සම ලබන අගෝස්තු 5 වැනිදා යළි කැඳවීමට අභියාචනාධිකරණය ඊයේ (07දා) නියෝග කළේය. සමාජ ක්‍රියාකාරිකයකු වන ක... |
"ඊනියා වීසා වෙනස මගඩියක් – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස" | "බංකොලොත් රටෙත් දූෂණය වංචාව හොරකම වැඩි වී ඇති බවත් වීසා ලබා දෙන මගඩියත්, කුප්‍රකට දේශීය හා ජාතික සම්පත් මංකොල්ල කන ක්‍රියාදාමයක් බවට පත්ව ඇති බවත් මේ වීසා ක්‍රමය වෙනස් කිරීමේ දී ප්‍රසම්පාදන වැඩපිළිවෙළක්, ටෙන්ඩර් වැඩපිළිවෙළක්, තරගකාරි ක්‍රමයක් නිර්මාණය කළේද කියා ගැටලුවක් ඇති බවත් බංකොලොත් රටේත් තවම පාඩම් ඉගෙන ගෙන නොමැත... |
"අපිට රැකියා කෝ – ආණ්ඩුකාරවරයා ඇතුළු නිලධාරීන් සිරකර ගෙන හඬ නැගූ රැකියා විරහිත උපාධිධාරීහු 22ක් අත්අඩංගුවට" | "මහජන දිනය පැවති ඊයේ (6දා) උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත් මහතා ඇතුළු පළාත් සභා නිලධාරීන් හා කාර්ය මණ්ඩලය පළාත් සභා ගොඩනැගිලි පරිශ්‍රය තුළ සිරකර එහි පිටවීමේ හා ඇතුළුවීමේ දොරටුව අවහිර කරමින් උද්ඝෝෂණයේ නිරත වූ රැකියා විරහිත උපාධිධාරීහු 22ක් පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් පිරිස අතර සමස්ත ලංකා ඒකාබද්... |
"ජංගම දුරකථනයෙන් බැංකු ගනුදෙනු කිරීමේදී වංචාකරුවන්ට හසු නොවීමට උපදෙස්" | "ජංගම දුරකථන පරිශීලනය කරමින් බැංකු කටයුතු සිදුකරන ගනුදෙනුකරුවන්, සිය ගනුදෙනු සිදුකිරීමේදී වංචාකරුවන්ට හසුනොවීමට පහත සඳහන් උපදෙස් පිළිපදින ලෙස, ශ්‍රී ලංකා බැංකු සංගමය LANKAPAY සහ FINCSIRT ආයතන ඉල්ලා සිටී. ගෝලීය හා දේශීය වශයෙන් සිදුවන මූල්‍ය වංචාවන්ට අදාළ සිදුවීම් කිහිපයක් පිළිබඳව තමන් වෙත තොරතුරු ලැබී ඇති බවත්, ජංගම දුර... |
"රු. 7500ක දිරි දීමනාවක් ඉල්ලා සංවර්ධන නිලධාරීන් දිගටම සටනේ" | "ප්‍රාදේශීය ලේකම්වරුන් ඇතුළු ක්ෂේත්‍ර හතරකට ආණ්ඩුව මඟින් දිරි දීමනා ලෙස ලබාදී තිබෙන රුපියල් 15,000ක දීමනාව මෙන් රුපියල් 7,500ක දීමනාවක් ඉල්ලා සංවර්ධන නිලධාරි සේවා සංගමය ආරම්භ කර තිබෙන වෘත්තීය ක්‍රියාමාර්ගය අඛණ්ඩව ඉදිරියට ක්‍රියාත්මක කිරීමට එම සංගමය ඊයේ (06දා) තීරණය කර ඇත. ක්ෂේත්‍ර හතරකට ලබාදී තිබෙන දිරි දීමනාව තමන්ටද ල... |
"බොරු නඩු දැම්මැයි කොළඹ රථ වාහන පොලිසියෙන් මිලියන 200ක් වන්දි ඉල්ලා" | "ද්වේෂසහගත ලෙස අභූත චෝදනා නගා තමාට එරෙහිව නඩු පැවරූ කොළඹ රථවාහන පොලිසියේ නඩු පැවරුම් අංශයේ ස්ථානාධිපතිවරයාගෙන් රුපියල් මිලියන 200ක වන්දියක් අයකර දෙන ලෙස ඉල්ලා විදුලි සහ පුනර්ජනනීය බලශක්ති පාරිභෝගික සංගමයේ සභාපති මහේෂ බණ්ඩාර ඉලංගසිංහ මහතා විසින් කොළඹ දිසා අධිකරණය හමුවේ නඩු දෙකක් පවරනු ලැබීය. නීතිඥ චලනි ද සිල්වා මහත්මිය ... |
"කටුනායක වීසා පලහිලව්ව අතයට ගනුදෙනුවක්ද?" | "කටුනායක ගුවන්තොටුපළේ වීසා නිකුත් කිරීම ‘වී.එෆ්.එස්.’ නමැති ඉන්දියානු සමාගමකට පවරා දීම මඟින් ශ්‍රී ලංකා රජයට ඩොලර් ආදායම පාඩු කිරීම සහ එම ගනුදෙනුවෙන් ප්‍රබල පුද්ගලයන්ට අල්ලස් මුදල් ලැබී තිබේදැයි පරීක්ෂණයක් ඉල්ලා ‘අල්ලස දූෂණය නාස්තියට එරෙහි පුරවැසි බලය’ ඊයේ (06දා) අල්ලස් කොමිසම වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කළේය. 2012 වර්ෂයේ... |
"බ්ලුමෙන්ඩල් පාතාලයේ ආයුධ තොගයක් රාගමින් ගොඩගැනේ" | "බ්ලුමෙන්ඩල් සංඛ සහ බ්ලුමෙන්ඩල් සමීර නමැති පාතාල නායකයන් දෙදෙනාට අයත් බව කියන ටී 56 අවියක් ඇතුළු අවි ආයුධ තොගයක් රාගම ප්‍රදේශයේ වළ දමා තිබියදී මෝදර පොලිසිය මඟින් පෙරේදා (05දා) සොයාගෙන ඇත. මෙම පාතාල කල්ලියට සම්බන්ධ සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගැනීමෙන් පසු සිදු කළ ප්‍රශ්න කිරීම්වලින් පසුව අවි ආයුධ සොයාගත් බව පොලිසිය පවස... |
"60න් විශ්‍රාම ගිය රාජ්‍ය නිලධාරීන්ට ඩියුටි ෆ්‍රී වාහන බලපත්" | "වයස අවුරුදු 60 සම්පූර්ණවීමෙන් පසුව විශ්‍රාම ගිය ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීන් හා අධිකරණ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සඳහා තීරුබදු සහන යටතේ වාහන ආනයන බලපත්‍ර ලබාදීමට රජය තීරණය කර තිබේ. අනිවාර්ය විශ්‍රාමගැන්වීමේ වයස අවුරුදු 65 දක්වා දීර්ඝ කර පසුව එය අවුරුදු 60 දක්වා අඩු කිරීම හේතුවෙන් එම කාලය තුළ අවුරුදු 60න් විශ්‍රාම ගිය නිලධාරීන් ස... |
"ගුවන් තොටේ වීසා ගැටලුවට විරෝධය පළ කළ නීතිඥවරයාගෙන් පොලිසිය ප්‍රකාශ ගනී" | "වීසා නිකුත් කිරීමේදී ඇතිවූ ගැටලුවලට විරෝධය පළකරමින් කටුනායක ගුවන්තොටුපළේ කලහකාරී ලෙස හැසිරුණු සඳරුවන් කුමාරසිංහ නමැති නීතිඥවරයාගෙන් කටුනායක පොලිසිය ඊයේ (06දා) ප්‍රශ්න කර ප්‍රකාශ ලබාගෙන ඇත. මෙම සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා පැමිණෙන ලෙස කළ දැනුම්දීමකට අනුව කුමාරසිංහ මහතා ඊයේ පෙරවරුවේ කටුනායක පොලිසියේ පෙනී සිටිය... |
"ජාතික රණවිරු සැමරුම් කොඩිය ජනපතිට පළඳවයි" | "රණවිරු සැමරුම් මාසය ප්‍රකාශයට පත් කරමින් ප්‍රථම රණවිරු කොඩිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පැළඳවීම ඊයේ (06දා) ජනාධිපති කාර්යාලයේ දී සිදු විය. රණවිරු සේවා අධිකාරියේ සභාපති මේජර් ජෙනරාල් නිශාන්ත මානගේ මහතා විසින් රණවිරු කොඩිය ජනාධිපතිවරයා වෙත පළඳවනු ලැබීය. දශක තුනක පමණ කාලයක් පැවති යුද්ධයේදී රටේ භෞමික අඛණ්ඩතාව වෙන... |
"බාල එන්නත් සාම්පල WHO අනුමත රසායනාගාරයක පරීක්‍ෂණයකට යවන්න" | "මෙරට රෝහල් පද්ධතිය තුළ බෙදාහරින ලද ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මාත්‍රා සාම්පල ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමත කරන ලද රසායනාගාරයක පරීක්ෂණ සඳහා යොමු කරන ලෙස මාලිගාකන්ද මහෙස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය නියෝග කළාය. ප්‍රමිතියෙන් තොර එන්නත් මෙරට රෝහල් පද්ධතිය තුළ බෙදාහැරීමේ සිද්ධිය සම්බන්ධව නඩුව යළි මාලිගාකන්ද මහෙස්ත්... |
"බාල එන්නත් සාම්පල WHO අනුමත රසායනාගාරයක පරීක්‍ෂණයකට යවන්න" | "මෙරට රෝහල් පද්ධතිය තුළ බෙදාහරින ලද ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මාත්‍රා සාම්පල ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමත කරන ලද රසායනාගාරයක පරීක්ෂණ සඳහා යොමු කරන ලෙස මාලිගාකන්ද මහෙස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය නියෝග කළාය. ප්‍රමිතියෙන් තොර එන්නත් මෙරට රෝහල් පද්ධතිය තුළ බෙදාහැරීමේ සිද්ධිය සම්බන්ධව නඩුව යළි මාලිගාකන්ද මහෙස්ත්... |
"වීසා නිකුත් කිරීම වීඑෆ්එස් ග්ලෝබල්ට පැවරීම සියලු දෙනාගේ එකඟතාවෙන් සිදුකළ දෙයක්- ඇමැති ටිරාන් අලස් කියයි" | "මෙරටට එන විදේශිකයන්ට වීසා ලබාදීම සඳහා වීඑෆ්එස් ග්ලෝබල් ආයතනය තෝරා ගත්තේ කැබිනට් අනුමැතිය සහ පාර්ලිමේන්තු අනුමැතිය ද ඇතිව බවත් ඒ සඳහා පාර්ලිමේන්තුවේදී විපක්ෂයේ ද එකඟතාව පළවූ බවත් මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් මහතා පැවසීය. මේ නව ක්‍රමය යටතේ ද මෙරටට එන විදේශ සංචාරකයන්ට වීසා ලබාදෙන්නේ ආගමන හා විගමන දෙපාර්තමේන්තුව විසින් බ... |
"නව ග්‍රාම නිලධාරීහු 1942ක් හෙට පත්වීම් ලබති" | "ග්‍රාම නිලධාරි 3 වන ශ්‍රේණිය සඳහා සුදුසුකම් ලැබූ 1942ක් සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ අගමැති දිනේෂ් ගුණවර්ධන යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් හෙට (08දා) පත්වීම් ලබාදෙයි. ග්‍රාම නිලධාරි 3 වන ශ්‍රේණියට බඳවා ගැනීම සඳහා විභාග දෙපාර්තමේන්තුව පැවැත් වූ විභාගයේ ප්‍රතිඵල සහ සම්මුඛ පරීක්ෂණ ප්‍රතිඵල මත ත්‍රෛමාසික පුහුණුව සඳහා... |
"කොතලාවල උපාධි කඩෙන් ගැටලු ගණනාවක් මතු වෙනවා" | "කොතලාවල වෛද්‍ය පීඨය හරහා මුදලට වෛද්‍ය උපාධිය ලබාදීමේ කැබිනට් තීරණය හේතුවෙන් බරපතළ ගැටලු ගණනාවක් උද්ගතව ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි. මෙරට වෛද්‍ය අධ්‍යාපනය සම්බන්ධව ප්‍රතිපත්තිමය තීරණ ගත යුතුව තිබුණත් මේ තීරණය හරහා මෙරට වෛද්‍ය අධ්‍යාපනයේ ප්‍රමිතිය හා ගුණාත්මකභාවය අභියෝගයට ලක්කර ඇතැයි ද එම සංගමය චෝදනා ... |
"ඇමැති ටිරාන්ගේ මාධ්‍ය හමුවේදී කැබිනට් ඇමැතිවරයෙක් මාධ්‍යවේදියකු හරහා ප්‍රශ්න අහලා" | "ඔන් ලයින් වීසා පහසුකම සම්බන්ධයෙන් පසුගියදා ඇති වූ ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳ මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් ඊයේ (06දා) පෙරවරුවේ විශේෂ මාධ්‍ය හමුවක් පැවැත්වූ අවස්ථාවේ එය සජීවී ලෙස නරඹමින් ඇමැතිවරයාගෙන් ඇසිය යුතු ප්‍රශ්න දිගින් දිගටම මාධ්‍යවේදියකු වෙත යොමුකළ කැබිනට් ඇමැතිවරයකු සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වී ඇත. මාධ්‍ය... |
"විශ්වවිද්‍යාලවලට උපකුලපති දාන්නෙත් අද මන්ත්‍රීට ඕන විදියට" | "වර්තමාන සමාජ ක්‍රමය තුළ සෑම ක්ෂේත්‍රයකටම දැඩි ලෙස දේශපාලනය බලපා ඇති බවත්,විශ්ව විද්‍යාලයක උපකුලපතිවරයෙක් පත්කර ගැනීමේ ක්‍රමවේදය පවා අද පාර්ලිමේන්තුව මන්ත්‍රී නිර්දේශ මත සිදුකරන තත්ත්වයට පත්වී රටම අගාදයකට පත්කර තිබෙන බව පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පවසයි. මහනුවර ඊ.එල්. සේනානායක ළමා පුස්තකාල... |
"ෆොන්සේකා නෙරපීම වළක්වන වාරණයට එරෙහි සජිත්ගේ පෙත්සම ලබන 6දා කැඳවයි" | "ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා සමගි ජන බලවේගය පක්‍ෂයේ සභාපති ධුරය ඇතුළු ඔහු දැරූ ධුරවලින් ඉවත් කිරීම වළක්වමින් කොළඹ දිසා අධිකරණය විසින් නිකුත් කර ඇති වාරණ නියෝගය අභියෝගයට ලක්කරමින් සමගි ජන බලවේගය පක්‍ෂයේ නායක සජිත් ප්‍රේමදාස සහ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර යන මහත්වරුන් විසින් ගොනුකර ඇති පෙත්සම සලකා බැලීම ලබන මස 6 ... |
"සෝමාලියානු කොල්ලකරුවන්ගේ ග්‍රහණයට හසු වූ ධීවරයන් මේ සතියේදී ගෙන්වා ගන්නවා – ඇමැති ඩග්ලස් දේවානන්දා" | "සෝමාලියානු මුහුදු කොල්ලකරුවන් පැහැරගත් ධීවර යාත්‍රාවේ සිටි ධීවරයන් මේ සතිය තුළ ගෙන්වා ගැනීමට හැකිවනු ඇතැයි ධීවර ඇමැති ඩග්ලස් දේවානන්දා මහතා පවසයි. සෝමාලියානු මුහුදු මංකොල්ලකරුවන් විසින් දැනට මාස දෙකකට ඉහතදී පැහැරගෙන යමින් සිටි ශ්‍රී ලාංකික යාත්‍රාවේ සිටි ධීවරයන් සීෂෙල්ස් මුහුදු ආරක්ෂක හමුදාව විසින් මුදාගෙන තිබුණි. මාස... |
"සෝමාලියානු කොල්ලකරුවන්ගේ ග්‍රහණයට හසු වූ ධීවරයන් මේ සතියේදී ගෙන්වා ගන්නවා – ඇමැති ඩග්ලස් දේවානන්දා" | "සෝමාලියානු මුහුදු කොල්ලකරුවන් පැහැරගත් ධීවර යාත්‍රාවේ සිටි ධීවරයන් මේ සතිය තුළ ගෙන්වා ගැනීමට හැකිවනු ඇතැයි ධීවර ඇමැති ඩග්ලස් දේවානන්දා මහතා පවසයි. සෝමාලියානු මුහුදු මංකොල්ලකරුවන් විසින් දැනට මාස දෙකකට ඉහතදී පැහැරගෙන යමින් සිටි ශ්‍රී ලාංකික යාත්‍රාවේ සිටි ධීවරයන් සීෂෙල්ස් මුහුදු ආරක්ෂක හමුදාව විසින් මුදාගෙන තිබුණි. මාස... |
"සෞඛ්‍ය අමාත්‍යාංශයට පරිත්‍යාග ලබාදීමේදී පරිත්‍යාගශීලීන් ද සතුටු වන ආකාරයේ විශේෂ වැඩපිළිවෙළක් තිබිය යුතුයි" | "සෞඛ්‍ය අමාත්‍යාංශයට පරිත්‍යාග ලබාදීමේදී පරිත්‍යාගශීලීන් ද සතුටු වන ආකාරයේ විශේෂ වැඩපිළිවෙළක් තිබිය යුතු බවත්, එවැනි ක්‍රමවේදයක් කඩිනමින් සකස් කළ යුතු බවත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛi පාලිත මහීපාල මහතා අවධාරණය කරයි. සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා මේ බව අවධාරණය කරන ලද්දේ පෙරේදා (05දා) මීගමුව දිස්ත්‍රික් මහ රෝහලේ... |
"බලතල අතහරින්නට පෙර පාස්කු ප්‍රහාරය ගැන ගත් පියවර කුමක්ද?" | "ඔත්තු සේවා ලබාදුන් ඔත්තුව තුට්ටුවකටවත් ගණන් නොගෙන සහරාන් ඇතුළු පිරිසට ප්‍රහාරය ඉදිරියට ගෙන යන්නට සැලසූ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රමුඛ උසස් නිලධාරීන්ට විරුද්ධව කොමිෂන් සභාව කළ නිර්දේශ ක්‍රියාත්මක නොකර ඒ සියල්ල බුමුතුරුණු යට සඟවා තැබීමට ගෝඨාභය රාජපක්ෂ රජය මෙන්ම ඊටත් වඩා ඉදිරියෙන්, පවත්නා රජය ද ප්‍රහාරය ය... |
"මහැදුරුතුමනි ඔබ කළ මෙහෙය සදාකාලිකයි….. ඔබට නිවන් සුව!" | "දිවංගත ආචාර්ය නලින් ද සිල්වා මහතා වෙනුවෙන් කොළඹ බෞද්ධ මහා සම්මේලන ශාලාවේදී ඊයේ පාංශුකූලය පිරිනැමුණු මොහොත මහාචාර්ය නලින් ද සිල්වා මැතිතුමා මෙරට සම්බුද්ධ ශාසනයේත් සිංහල ජාතියේත් ආරක්ෂාව වෙනුවෙන් අභීතව කටයුතු කළ ජාතික වීරවරයෙක් සහ බෞද්ධ නායකයෙක් යැයි අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවැසීය.අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රක... |
"නැවත සමීක්‍ෂණයෙන් 1343කගේ සා. පෙළ ප්‍රතිඵල වෙනස් වෙයි" | "2022 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල මත අයැදුම්කරුවන් 1343කගේ ප්‍රතිඵල වෙනස් වී ඇත. එය සියයට එකක ප්‍රතිශතයක් බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසයි. ප්‍රතිඵල නැවත සමීක්ෂණ සඳහා 118,485ක් අයැදුම් කළ අතර නැවත සමීක්ෂණ ප්‍රතිඵල පෙරේදා (04දා) මධ්‍යම රාත්‍රියේදී නිකුත් විය. වි... |
"ජපානයෙන් ශ්‍රී ලංකාවට ‘සෝනාර්’ තාක්‍ෂණය සහිත යාත්‍රාවක්" | "‘සෝනාර්‘ තාක්ෂණයෙන් සන්නද්ධ යාත්‍රාවක් ශ්‍රී ලංකාවට ලබාදෙන බව ජපාන විදේශ කටයුතු අමාත්‍යවරිය වන යෝකෝ කමිකාවා මහත්මිය පවසයි. නිදහස් සහ විවෘත ඉන්දු – පැසිෆික් කලාපයක් උදෙසා ශ්‍රී ලංකාවට සාමුද්‍රික ක්ෂේත්‍රයේ සහාය ලබාදීමට ජපානය සූදානම් බව ද, ඉදිරියටත් ශ්‍රී ලංකාවේ සංවර්ධනයට සහාය දීමට ජපානය සූදානම් බව ද ජපාන විදේශ කටයුතු අ... |
"එක්සත් අරාබි එමීරයේ හිරගෙවල්වල සිටි ශ්‍රී ලාංකිකයන් 44කට රාජකීය සමාවක්" | "එක්සත් අරාබි එමීරයේ විවිධ බන්ධනාගාරවල සිටි ශ්‍රී ලාංකිකයන් හතළිස් හතර දෙනකුට රාජකීය නියෝගයක් මගින් සමාව ලබා දී තිබේ. රාමසාන් මාසය වෙනුවෙන් මෙම ශ්‍රී ලාංකික සිරකරුවන්ට රාජකීය නියෝගයෙන් සමාව ලැබුණු බව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් අබුඩාබිහි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට නිල වශයෙන් දැනුම් දී ... |
"සංවර්ධන ව්‍යාපෘති නමින් කරන දේශපාලන ප්‍රවර්ධන වැඩසටහන්වලට එරෙහිව උසාවි යනවා" | "රාජ්‍ය බලය හා සම්පත් භාවිත කරමින් සංවර්ධන ව්‍යාපෘති නාමයෙන් ආණ්ඩුකාරවරුන් මාර්ගයෙන් සිදුකරනු ලබන දේශපාලන ප්‍රවර්ධන වැඩසටහන් වළක්වා ගැනීමට අධිකරණමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා කටයුතු කරමින් සිටින බව නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා ජනතා ව්‍යාපාරයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා දිවයිනට ඊයේ (05දා) පැවසීය. මේ සඳහා අධ... |
"සා. පෙළ විභාගය අද සිට" | "2023 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අදින් (6දා) ආරම්භ වේ.අයැදුම්කරුවෝ 452,979ක් විභාගයට පෙනී සිටිති. පාසල් අයැදුම්කරුවන් 387,648ක් හා පෞද්ගලික අයැදුම්කරුවන් 65,331ක් විභාගයට පෙනී සිටින බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසයි. දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 3,527කදී විභාගය පැවැත්වෙන අතර විශේෂ මධ... |
"කැබ් රථයේ සිටි ව්‍යාපාරිකයා වෙඩි වැදී තුවාල ලබයි" | "හොරණ මහජන පොළ ආසන්නයේදී ඊයේ (05දා) දහවල් කැබ් රථයක සිටි ව්‍යාපාරිකයකුට ස්කූටි වර්ගයේ යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනකුගෙන් එක් අයකු කළ වෙඩි තැබීමකින් එම ව්‍යාපාරිකයා තුවාල ලබා හොරණ මූලික රෝහලට ඇතුළත් කළ බව හොරණ මූලස්ථාන පොලිසිය පවසයි. වෙඩි වැදීමෙන් මෙලෙස රෝහල් ගත කර ඇත්තේ 35 හැවිරිදි ව්‍යාපාරිකයෙක් බවද ප... |
"බෝගම්බර සිරගෙදර සංචාරක හෝටලයක් කෙරේ" | "වසර 138ක් පැරණි බෝගම්බර බන්ධනාගාරය, ෂොපින් මෝල්, ෆූඩ් කෝට්, කෞතුකාගාර සහිත සංචාරක හෝටලයක් කිරීමට කටයුතු කෙරේ. එය වාණිජ ගොඩනැඟිල්ලක් ලෙස සංවර්ධනය කිරීමට පෞද්ගලික ආයෝජකයෙක් ඉදිරිපත් වී ඇතැයි ද නාගරික සංවර්ධන හා නිවාස ඇමැති ප්‍රසන්න රණතුංග මහතා ඊයේ (05දා) පැවසීය. බෝගම්බර බන්ධනාගාරය 2014 වසරේ නාගරික සංවර්ධන අධිකාරියට පැවර... |
"ලෝකයේ කිසිඳු රටක් ලබානොදුන් සින්නක්කර ඉඩම් අයිතිය ලබාදීම රජයේ විප්ලවීය පියවරක්" | "ජනතාවට සින්නක්කර ඉඩම් අයිතිය ලබාදීමට රජය ගත් පියවර විප්ලවීය පියවරක් බවත්, ලොව කිසිඳු රටක මෙතෙක් එවැනි දැවැන්ත වැඩසටහනක් ක්‍රියාත්මක වී නොමැති බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ මහවැලි ජනපදිකයන් වෙත “උරුමය” වැඩසටහන යටතේ පොළොන්නරුව රාජකීය මධ්‍ය මහා විද්‍යාලයේ පැවැති සින්නක්කර... |
"මධ්‍යම අධිවේගී මාර්ගයේ දැවැන්ත කොන්ක්‍රීට් බාල්කයක් කඩා වැටේ" | "කොළඹ සිට මීරිගම දක්වා වූ ඉදිවෙමින් පවතින මධ්‍යම අධිවේගී මාර්ගයේ මගලේගොඩ සහ බෙම්මුල්ල අතර කොටසේ කණු මත ඉදිවන මාර්ගයේ දැවැන්ත කොන්ක්‍රීට් බාල්කයක් පෙරේදා (04දා) පස්වරුවේ කඩා වැටී ඇත. පසුගිය (04 දා) පස්වරු 5.45 ට පමණ මෙය කඩා වැටුණු බව ප්‍රදේශවාසීහු පවසති. වෙල් යායක් ප්‍රදේශයේදී මෙම දැවැන්ත කොන්ක්‍රීට් බාල්කය කඩා වැටීම නි... |
"මේ බංකොලොත් රටේ මිලියන 3410ක තවත් නාස්තියක් – සජිත් හෙළිකරයි" | "බංකොලොත් රටේ පළාත් පාලන ආයතන කොට්ඨාස මට්ටමින් පළාත් පාලන බල ප්‍රදේශ සඳහා ප්‍රජා උපදේශක කමිටු පත් කරන්න යන බවත්, එයට හේතුව මැතිවරණ ඉලක්ක කරගෙන දේශපාලනය කිරීමට බවත්, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. පළාත් පාලන බලප්‍රදේශ 341කට රුපියල් කෝටිය බැගින් වෙන් කරන්න යන බවත් මේ සඳහා මිලියන 3410ක් වැය කරන්න යන බවත් රටේ පාසල... |
"මේ සතියත් උණුසුම්- කාලගුණේ කියයි" | "පවතින අධික උණුසුම් සහිත කාලගුණික තත්ත්වය අදින් (05 දා) ඇරඹෙන සතිය තුළත් පවතින බව කාලගුණ විiා දොපාර්තමේන්තුවේ කාර්යයේ නියුතු කාලගුණ විiාඥ පබෝදනී කරුණාපාල මහත්මිය “දිවයින”ට පැවසුවාය. ඊයේ (05 දා) පෙරවරු 8.30න් අවසන් වූ පැය 24 තුළ දිවයිනේ වැඩිම උෂ්ණත්වය වවුනියාව හා මොනරාගල යන දිස්ත්‍රික්කවලින් වාර්තා වූ බවත් එම ප්‍රමාණය ස... |
"මේ සතියත් උණුසුම්- කාලගුණේ කියයි" | "පවතින අධික උණුසුම් සහිත කාලගුණික තත්ත්වය අදින් (05 දා) ඇරඹෙන සතිය තුළත් පවතින බව කාලගුණ විiා දොපාර්තමේන්තුවේ කාර්යයේ නියුතු කාලගුණ විiාඥ පබෝදනී කරුණාපාල මහත්මිය “දිවයින”ට පැවසුවාය. ඊයේ (05 දා) පෙරවරු 8.30න් අවසන් වූ පැය 24 තුළ දිවයිනේ වැඩිම උෂ්ණත්වය වවුනියාව හා මොනරාගල යන දිස්ත්‍රික්කවලින් වාර්තා වූ බවත් එම ප්‍රමාණය ස... |
"කුහක දේශපාලනේ මට අපහාස කළත් සත්‍ය ජය ගෙන මගේ නිවැරදි බව ඔප්පු වෙනවා- විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස" | "තමා කියූ කිසි දෙයක් මේ වනතුරු වැරදී නොමැති බවත්, 2019 පැරදුනත් කාන්තා සනීපාරක්ෂාව ගැන 2020, 2021, 2022 සහ 2023 කියූ බවත් ඒ නිසා 2024 සිට එනම් වසර පහකට පසු මැතිවරණ වසරේ රජයේ අවධානය මේ වෙනුවෙන් යොමු වී පාසල්වල තේරාගත් දැරියන්ට මෙම පහසුකම් ලබාදීමට තීරණය කර ඇති බවත් දේශපාලන ඊර්ෂ්‍යාව කේන්ද්‍ර කරගෙන මැතිවරණ වසරක පමණක් එය ක... |
"ඉන්දීය මහ කොමසාරිස් නැඟෙනහිර පළාතේ තෙදින සංචාරයක" | "ඉන්දු ශ්‍රී ලංකා ද්වීපාර්ශ්වික සබඳතාවය යටතේ නැඟෙනහිර පළාතේ ඉන්දීය ආධාර යටතේ සිදුකෙරෙන ඉදිකිරීම් කටයුතු සොයා බැලීමට ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ්ජා මහතා ඉකුත් මැයි 01දා සිට 04දා තෙක් දින තුනක සංචාරයක නිරත විය. එහිදී මහ කොමසාරිස්වරයා අම්පාර, මඩකළපුව සහ ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්කවල ඉන්දීය අනුග්‍රහය මත සිදුකෙ... |
"රැඳවියෝ 7ක් අද සා. පෙළ ලියති" | "අද (06දා) ආරම්භ වන සාමාන්‍ය පෙළ (2023) විභාගය සඳහා බන්ධනාගාර රැඳවියෝ 07 දෙනෙක් පෙනී සිටිති. වටරැක සුනීත රැඳවුම් මධ්‍යස්ථානයේ 06ක් සහ මැගසින් බන්ධනාගාරයේ රැඳවියකු මෙසේ විභාගයට පෙනී සිටින බව බන්ධනාගාර කොමසාරිස් මාධ්‍ය ප්‍රකාශක ගාමිණී බී. දිසානායක මහතා පැවැසීය. මැගසින් බන්ධනාගාරයේ රැඳවියා අධිකරණ නියෝගය මත බන්ධනාගාරයෙන් ප... |
"අවාරයේ සිරිපා කරුණාව විදේශිකයන්ට පමණයි" | "ශ්‍රී පාද වන්දනා වාරය මේ මස 24 වැනිදා අවසන් වීමෙන් පසු ශ්‍රී පාදයේ සංචාරයට පැමිණීමට විදේශිකයන්ට පමණක් අවසර ලබාදෙන බවත්, දේශීය සංචාරකයන් හෝ වෙනත් කිසිවකුටත් අවාරයේ කිසිදු මාර්ගයක් ඔස්සේ ශ්‍රී පාදස්ථානය කරුණා කිරීමට අවසර ලබා නොදෙන බවත් ශ්‍රීපාදස්ථානාධිපති සබරගමු පළාත් ප්‍රධාන සංඝනායක බෙංගමුවේ ධම්මදින්න නාහිමියෝ පැවසූහ. ... |
"හොර දොස්තරලා අල්ලන්න පොලිසිය දැල එළයි" | "ව්‍යාජ සහතික භාවිත කරමින් වෛද්‍ය මධ්‍යස්ථාන පවත්වාගෙන යන ව්‍යාජ වෛද්‍යවරුන් අත්අඩංගුවට ගැනීමේ විශේෂ මෙහෙයුමක් ආරම්භ කරන බව පොලිස් මූලස්ථානය පවසයි. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සහ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් පිරිසක් අතර පෙරේදා (4දා) පැවති විශේෂ සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගෙන ත... |
"සා. පෙළ විභාගයට එද්දී වතුර බෝතලයකුත් අරන් එන්න – විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා" | "අද (6දා) ඇරඹෙන සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සෑම සිසුවකුම මේ දිනවල පවතින දැඩි උෂ්ණත්වය නිසා වැඩිපුර ජලය පානය කර විභාග ශාලාවලට පැමිණෙන ලෙස බොරැල්ල ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසයි. මේ හැර ජල බෝලතල් ද රැගෙන විභාගයට පැමිණීමට අමතක නොකරන ලෙස ද හෙතෙම විභාග අපේක්ෂකයන්ගෙන් ඉල්ලා සිටී.නෝමන් පලිහවඩන" |
"මත් කුඩු ජාවාරම නවකයෝ අතට ගනිති" | "මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරමට නවක ජාවාරම්කරුවන් රැසක් එකතු වී සිටින බවට තොරතුරු පොලිස් බුද්ධි අංශ වෙත ලැබී ඇත. පසුගිය කාලයේදී මෙහෙයුම්වලදී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් රැසක් අත්අඩංගුවට පත්වීමත් මත්ද්‍රව්‍ය ජාවාරම හරහා අසීමිත ධනයක් ඉපයීමට හැකි නිසාත් මෙසේ නවක ජාවාරම්කරුවන් රැසක් මෙම ජාවාරමට සම්බන්ධවීමට හේතු වී ඇති බව විම... |
"වාහන වලට කෙළ ගිලින මන්ත්‍රීලා හෙළි කරන්න – අත්සන් නොකළ මන්ත්‍රීවරු කථානායකට කියති" | "තීරුබදු රහිත වාහන බලපත්‍ර ලබාදෙන ලෙස කථානායක වෙත අත්සන් ලබාදී ඇති පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කවුදැයි කියා හෙළි කළ යුතු යැයි ඊට අත්සන් නොකළ මන්ත්‍රීවරු බහුතරයක් කියා සිටිති. තමනට එම බලපත්‍ර ලබාදෙන්නැයි දෙපාර්ශ්වයේම මන්ත්‍රීවරුන් සියයකට වැඩි පිරිසක් විශේෂ ලිපියක් මගින් මේ වනවිට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා වෙත ලබාද... |
"කෝ ලොක්කෝ…" | "සමගි ජන බලවේගයේ චැතැම් වීදියේ පැවැත්වූ මැයි රැලියට සහභාගි වූ තරුණ පිරිසක් පසුව එක්සත් ජාතික පක්ෂයේ මැයි රැලියෙන් අනතුරුව පැවැත්වූ සංගීත සංදර්ශනය නැරඹීමට පැමිණි අතරේ ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා හමුවී කතාබහ කළ අයුරු. ඡායාරූපය : තිළිණ කළුකොටගේ" |
"ටෙන්ඩර් දොර වැහිලලු ! මිලියන 670ක් පිල්ලි ගහන එන්නත් මගඩියක්" | "රුපියල් මිලියන 330කට මිලදී ගත හැකි ‘සිපරොක්සින්’ නමැති ප්‍රබල ප්‍රතිජීවක එන්නත් කුප්පි ලක්ෂ නවයක් මිලදී ගැනීම සඳහා රුපියල් මිලියන 1000ක් ඉක්මවූ වැඩි ලංසුවක් ඉදිරිපත් කර ඇති ඒකාධිකාරී බලයක් සහිත සමාගමකට ලබාදීමේ සූදානමක් පවතින බවට ‘දිවයින ඉරිදා සංග්‍රහයට’ වාර්තා වේ. අදාළ මිලදී ගැනීම් සඳහා ටෙන්ඩර් කැඳවීමේදී තරඟකාරී සමාගම... |
"දේපොළටත් තෑග්ගටත් අලුතෙන් බදු" | "බදු එකතු කර ගැනීම සඳහා ලබන වසරේ (2025) දී දේපළ බද්ද සහ තෑගි හා උරුම බද්ද හඳුන්වාදීමට අපේක්ෂා කරන බව මහ බැංකුව පවසයි. එසේම ආදායම් පරිපාලන ක්‍රියාමාර්ග ශක්තිමත් කිරීමෙන්ද ඉදිරි කාලයේදී රාජ්‍ය ආදායම් ඉහළ නංවා ගැනීමට අපේක්ෂා කරන බවද මහ බැංකුව කියයි. පසුගියදා නිකුත් වූ ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම වාර්ෂික ආර්ථික විවරණ වාර්තා... |
"සා/පෙළ හෙට සිට" | "අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය හෙට (06දා) සිට ඇරඹේ. එම විභාගය ලබන 15දා දක්වා පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි. මේ අතර මෙම වසරේ (2024) පළමු පාසල් වාරයේ දෙවැනි අදියර පසුගිය සිකුරාදා (03දා) අවසන් කෙරිණි. නව පාසල් වාරය සාමාන්‍ය පෙළ විභාගය පවත්වා අවසන් වූ පසුව ලබන 20දා ඇරඹෙනු ඇත. චමින්ද සිල්වා" |
"නලින් ද සිල්වාගේ අවසන් කටයුතු ඇමරිකාවේදී" | "අභාවප්‍රාප්ත ආචාර්ය නලින් ද සිල්වා මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (05දා) පස්වරු 1.00 සිට 4.00 දක්වා කාලයේදී ඇමරිකා එක්සත් ජනපදයේ කැලිෆෝනියාවේදී සිදු කිරීමට කටයුතු යොදා ඇත. ඒ මහතාගේ දේහය කැලිෆෝනියාවේ ෆ්‍රෙමන්ට් බුලෝවාඩ් හී අංක 40842 හි අවසන් කටයුතු සඳහා තැම්පත් කර ඇත. ඒ මහතා පසුගිය 02 වැනිදා ඇමරිකාවේ එක්සත් ජනපදයේ ... |
"මෛත්‍රීගේ මූණේ මැයි මල් පිපිලා" | "ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දිස්ත්‍රික් හා ආසන සංවිධායකවරුන්ගෙන් බහුතර පිරිසක් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ පාර්ශ්වය සමග සිටින බව මැයි රැලියෙන් ඔප්පු කර ඇතැයි නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උපසභාපතිවරයෙක් ‘දිවයින ඉරිදා සංග්‍රහයට’ පැවසීය. මැයි රැලිය සාර්ථකව පවත්වාගෙන යෑමට 225ට ආසන්න දිස්ත්‍රික් හා ආසන සංවිධායකවරුන්ගෙන... |
"පාර්ලිමේන්තු කප් එකත් රනිල්ට" | "ශ්‍රී ලංකාවේ වැඩිම කාලයක් පාර්ලිමේන්තුව නියෝජනය කිරීමේ වාර්තාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට හිමිව ඇත. ජනපතිවරයා වසර 42කුත් මාස 09කට වැඩි කාලයක් මේ වනවිට පාර්ලිමේන්තුව නියෝජනය කර තිබේ. දෙවනුවට වැඩිම කාලයක් පාර්ලිමේන්තුව නියෝජනය කර ඇත්තේ හිටපු ඇමැති හා වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී ලොකුගේ මහතා වන අතර ඔහු වසර 3... |
"සමරිසි පනතට බෞද්ධ සම්මේලනයේ දැඩි විරෝධය" | "සමරිසි පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට විරෝධය දැක්වීමට සහ ඒ පිළිබඳ දේශපාලන අධිකාරිය දැනුවත් කිරීමට සමස්ත ලංකා බෞද්ධ සම්මේලනය යටතේ ස්ථාපිත ජාතික උපදේශක සභාව තීරණය කර ඇත. ගරුතර මහා සංඝරත්නය සහ බෞද්ධ සංවිධාන නියෝජිතයන් එක්ව මේ තීරණය ගෙන ඇත. මේ සම්බන්ධයෙන් වන සාකච්ඡාවක් සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ දී පැවැති අතර එම ර... |
"ගිය වසරේ බොරතෙල් මිල සියයට 17කින් පහළට" | "බොරතෙල් බැරලයක මිල ඉකුත් වර්ෂයේ දී (2023) ඇමරිකානු ඩොලර් 82.22 දක්වා සියයට 17 කින් පහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කර ඇති වාර්ෂික ආර්ථික විවරණ වාර්තාවේ සඳහන් වෙයි. එම වාර්තාවට අනුව 2022 වර්ෂයේ දී බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 99.06ක් ලෙස පැවතුණි. 2023 වර්ෂයේ දී බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් ... |
"නඩුවට ‘රෙඩී’ වතු හාම්පුතුන්ට රනිල්ගෙන් තරවටුවක්" | "වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරීමට එරෙහිව වතු හාම්පුතුන් නඩු පැවරුවහොත් කම්කරුවන්ගේ පැත්තේ සිට නඩුවට සහාය දෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අදාළ අංශ වෙත උපදෙස් දී තිබේ. වතු හාම්පුතුන් පවරන්නට යන බව කියන නඩුවට අදාළව කම්කරුවන්ගේ පැත්තේ සිට කරුණු ඉදිරිපත් කිරීම සඳහා අවශ්‍ය නීතිඥ සහාය මෙන්ම නීති උපදෙස් සපයන ලෙස ද ජන... |
"කර්මාන්ත 9.2%ක පසුබෑමක" | "මෙරට කර්මාන්ත අංශයේ කටයුතු ඉකුත් වර්ෂයේ දී (2023) සියයට 9.2කින් පහත වැටී ඇති බැව් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කර ඇති වාර්ෂික ආර්ථික විවරණ වාර්තාවේ සඳහන් වෙයි. ඉදිකිරීම් කර්මාන්තයේ ව්‍යාපෘති අත්හිටුවීම, මෙම පහත වැටීම සඳහා ප්‍රධාන වශයෙන් හේතුවී තිබුණි. එමෙන්ම රෙදිපිළි, නිමි ඇඳුම්, සම් භාණ්ඩ නිෂ්පාදනය සඳහා වන ගෝලී... |
"කථානායක වාහනය රෙපයාර් කරන්න කෝටි 2.5ක්" | "තමා පරිහරණය කරන වාහනය වසර 15ක් ඉක්මයෑම නිසා එය අලුත්වැඩියා කිරීම සඳහා ප්‍රධාන පෙළේ සමාගමකින් රුපියල් දෙකෝටි හැටඅට ලක්ෂයකට ඇස්තමේන්තු කර ඇති බව කථානායක මහින්ද යාපා අබේරත්න මහතා ‘දිවයින ඉරිදා සංග්‍රහයට‘ පැවසීය. මෙම තත්ත්වය අනුව පාර්ලිමේන්තු මැති ඇමැතිවරුන්ට තීරුබදු රහිත වාහන ලබාදීම යෝග්‍ය යැයි කී කථානායකවරයා ඔවුන්ට මෙම ... |
"පොදු සමා කාලය: සෙබළු 7156ක් සතියකදී අස්වෙති" | "වසර ගණනාවක් තිස්සේ සේවයට වාර්තා නොකර සිටි යුද හමුදා සෙබළුන් 7156 දෙනකු ගෙවී ගිය සතියක කාලයේදී හමුදා සේවයෙන් නීත්‍යානුකූලව ඉවත් කළ බව යුද හමුදා මූලස්ථානය කියයි. පසුගිය අප්‍රේල් 20දා සිට 27දා දක්වා කාලයේදී මෙම ඉවත් කිරීම් සිදුකර ඇත. හමුදා සෙබළුන්ට පොදු සමා කාලය අප්‍රේල් 20 වැනිදා සිට ක්‍රියාත්මක කෙරිණි. එය මැයි 20 වැනිද... |
"රජයේ අධ්‍යාපන පෞද්ගලීකරණ වැඩපිළිවෙළ පරාජය කිරීමට දැවැන්ත උද්ඝෝෂණ හා වැඩ වර්ජන – ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාර්ලින්" | "නව අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව නමින් රජය ගෙන ඒමට උත්සාහ දරන අධ්‍යාපන පෞද්ගලීකරණ වැඩපිළිවෙළ පරාජය කිරීම සඳහා ඉදිරි සති කීපය තුළ රාජ්‍ය ඒකාබද්ධ වෘත්තීය සමිති ගණනාවක් එක්ව දැවැන්ත උද්ඝෝෂණ, විරෝධතා වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇතැයි ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාර්ලින් මහතා ‘දිවයින’ට පැවසීය. මෙම ඒකාබ... |
"නීතියට පිටින් ලුණු අර්බුද දීමනාව කෝටියක්ම ගෙවලා" | "සීමාසහිත ජාතික ලුණු සමාගම විසින් චක්‍රලේඛ විධිවිධානවලට පටහැනිව එහි නිලධාරීන් 111 දෙනකු සඳහා ඉකුත් වර්ෂයේ (2023) ජනවාරි මස සිට මාස 06ක කාල සීමාවක් සඳහා දෛනිකව අර්බුද දීමනාව වශයෙන් රුපියල් එක්කෝටි තිස්දෙදහස් අනූඅටක මුදලක් ගෙවා ඇති බව ජාතික විගණන කාර්යාලය පවසයි. ලුණු සමාගම විසින් 2022 වර්ෂයේ ජුනි මස සිට 2022 දෙසැම්බර් දක... |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.