Title stringlengths 9 246 | Content stringlengths 3 62.9k |
|---|---|
"වනජීවී ඡායාරූප ප්‍රදර්ශනය අද සහ හෙටත්" | "වන ජීවී සංරක්ෂණය දෙපාර්තමේන්තුව මගින් සංවිධානය කරන ලද වන ජීවී ඡායාරූප තරගයේ ජයග්‍රාහකයන්ට සම්මාන ප්‍රදානය සහ වන ජීවී ඡායාරූප ප්‍රදර්ශනය ඊයේ (04 දා) සිට හෙට (06දා) දක්වා කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී පැවැත්වීමට නියමිතය. මෙහි සමාරම්භක උළෙල සහ සම්මාන ප්‍රදානය ඊයේ පස්වරු 04 ට පැවැත්වීමට නියමිතව තිබිණි. ඡායාරූප ප්‍රදර්ශනය... |
"අම්පාරේදී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී සිසුන් 22ක් ඇතුළු තිහකට තුවාල" | "අක්කරෙයිපත්තුව – අම්පාර මාර්ගයේ ගල්ඔය පාලම අසල මිහිඳුපුර ප්‍රදේශයේදී පාසල් සිසුන් ප්‍රවාහනය කරමින් තිබූ සිසු සැරිය පෞද්ගලික බස් රථයක් සහ අක්කරෙයිපත්තුව ඩිපෝවට අයත් ලංගම බස් රථයක් ඊයේ (03දා) පස්වරු 2.20ට පමණ මුහුණට මුහුණ ගැටීමෙන් සිදු වූ බිහිසුණු අනතුරෙන් පාසල් සිසු දරුවන් ඇතුළු 30 දෙනකු තුවාල ලබා අම්පාර රෝහලට ඇතුළත් ක... |
"කබ්රාල්ලාට ග්‍රීක බැඳුම්කර අධිචෝදනා නොදෙයි" | "අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව මහාධිකරණය හමුවේ ගොනුකර ඇති අධිචෝදනා පත්‍රයේ නීත්‍යනුකූලභාවය සම්බන්ධයෙන් විත්තියේ නීතිඥවරුන් ඉදිරිපත් කළ මූලික විරෝධතාවය නිසා ග්‍රීක බැඳුම්කර බිල්පත් මිලදී ගැනීම සම්බන්ධයෙන් වූ නඩුවේ විත්තිකරුවන් වන හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා ඇතුළු විත්තිකරුවන් අධිකරණය හමුවේ පෙනී... |
"මහ මොළකරු දන්නවා කියූ මෛත්‍රී ඊයෙත් පැය 2ක් සී. අයි. ඩියේ" | "පාස්කු ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කළ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (03දා) දෙවන වරටත් ප්‍රකාශ සටහන් කොටගෙන තිබේ. අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් කරන ලද දැනුම් දීමක් අනුව මෛත්‍රිපාල සිරිසේන මහතා ඊයේ (03දා) පෙරවරු 10.00ට පමණ සිය නීතිඥ සංදීප්ත සූරි... |
"ලිට්‍රෝ ගෑස් 175කින් බසී" | "ලිට්‍රෝ ගෑස් මිල ඊයේ (03 වැනිදා) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි අඩු කිරීමට පියවර ගත් බව ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා ‘දිවයින’ට පැවැසීය. ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක් රුපියල් 175කින් අඩු කළ බවත්, ඒ අනුව රුපියල් 4115කට පැවැති ගෑස් සිලින්ඩරයේ නව මිල රුපියල් 3940ක් බවත් ඒ මහතා කීය. එස... |
"අවසන් කටයුතු හෙට ඇමරිකාවේදී" | "අභාවප්‍රාප්ත ආචාර්ය නලින් ද සිල්වා මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට (05දා) පස්වරු 1.00 සිට 4.00 දක්වා කාලයේදී ඇමරිකා එක්සත් ජනපදයේ කැලිෆෝනියාවේදී සිදු කිරීමට කටයුතු යොදා ඇත. ඒ මහතාගේ දේහය කැලිෆෝනියාවේ ෆ්‍රෙමන්ට් බුලෝවාඩ් හී අංක 40842 හි අවසන් කටයුතු සඳහා තැම්පත් කර ඇත. ඒ මහතා පසුගිය 02 වැනිදා ඇමරිකාවේ එක්සත් ජනපදයේ... |
"සා/පෙළ අය වෙනුවෙන් හැඳුනුම්පත් අදත් වැඩ" | "අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාග අපේක්ෂකයන් වෙනුවෙන් පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව අද (04 වැනිදා) දිනයේත් විවෘතව පවතී. සාමාන්‍ය පෙළ විභාග අපේක්ෂකයන් සඳහා පමණක් අද දින පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය, ගාල්ල, කුරුණෑගල, වවුනියාව, මඩකළපුව හා නුවරඑළිය යන දිස්ත්‍රික්කවල පිහිටි පළාත් කාර්ය... |
"රනිල්-බැසිල් සාකච්ඡාවක් අදත්" | "ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා අතර හමුවක් අද (4දා) සවස 4.30ට මලලසේකර මාවතේ පිහිටි ජනාධිපතිවරයාගේ නිල නිවසේදී පැවැත්වීමට නියමිතය. එම සාකච්ඡාවේදී පසුගිය මැයි දිනය පිළිබඳව මෙන්ම වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳ සාකච්ඡා කිරීමට නියමිත බවත් වාර්තා වේ. මීට පෙර දෙපාර්ශවය... |
"බාල ඖෂධ මහ මොළකාර නිලධාරියා අත්අඩංගුවට ගනු – ජාතික රෝහල ළඟ විරෝධතා" | "බාල ඖෂධ ගෙන්වීමේ සිද්ධියේ මහ මොළකරු බවට පැවසෙන නිලධාරියා ඇතුළු රාජ්‍ය නිලධාරීන් වහා අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලමින් ඊයේ (03දා) වෘත්තීය සහ සිවිල් සංවිධාන රැසක් කොළඹ ජාතික රෝහල ඉදිරිපිටදී සාමකාමී විරෝධතාවයක නිරත වූහ. අදාළ ඖෂධ මගඩිය හරහා රුපියල් බිලියන 1.5ක ප්‍රශ්න සහගත ප්‍රසම්පාදන ගනුදෙනුවක් සිදුව ඇති බවත් පවතින තත්ත්වය ය... |
"තරුණයා පැහැර ගැනීම: ඩිෆෙන්ඩරය ගෙනිච්චේ මගේ අනුදැනුම නැතිව හිරුණිකා සාක්‍ෂි දෙයි" | "තමා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක ලෙස කටයුතු කළ 2015 වසරේදී දෙමටගොඩ වෙළෙඳ සලක සේවය කළ අමිල ප්‍රියංග අමරසිංහ නමැති අය පැහැරගැනීම සඳහා සිය පෞද්ගලික ආරක්‍ෂක නිලධාරීන් තමන්ට අයත් ඩිෆෙන්ඩර් රථය භාවිත කර ඇත්තේ තමන්ගේ කිසිදු අනුදැනුමකින් තොරව වන්නේ යැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඊයේ (03 දා) කො... |
"කොටස් වෙළෙඳපොළ කැසිනෝ එකක් කරගන්න එපා – සුරැකුම්පත් කොමිසම කියයි" | "කැසිනෝ ගැසීම සඳහා එන්නාක් මෙන් කොටස් වෙළෙඳපොළට නොපිවිසෙන්නැයි ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව ආයෝජක ප්‍රජාවට දැනුම් දෙයි. කොටස් වෙළෙඳපොළ යනු ආයෝජන මාර්ගයක් බවත් එහිදී සමාගම් කොටස් විකිණීම හා මිලදී ගැනීම කළ හැකි බවත් එම කොමිෂන් සභාව කියයි. මේ වනවිට කොටස් වෙළෙඳපොළ සැලකිය යුතු ලෙස ඉහළ නඟිමින් පවතින බවත් එවැ... |
"ණය ප්‍රතිව්‍යුහගතකරණයට චීනයෙන් අඛණ්ඩ සහය – අගමැතිට සහතිකයක්" | "ණය ප්‍රතිව්‍යුහගත කිරීමට සහ ආර්ථික අභියෝගවලට මුහුණ දීම සඳහා චීනයේ අඛණ්ඩ සහයෝගය ලබාදෙන බවට ශ්‍රී ලංකාවේ චීන තානාපති චි ෂෙන්හොන්ග් මහතා අගමැති දිනේෂ් ගුණවර්ධන මහතාට සහතික වී ඇත. ආර්ථික දුෂ්කරතා මඟහරවා ගැනීම සඳහා ශ්‍රී ලංකාව දක්වන ශක්තිය ගැන සතුටු වන බව ද චීන තානාපතිවරයා සඳහන් කර තිබේ. චීන තානාපතිවරයා සහ අගමැති දිනේෂ් ගු... |
"විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස හා නෝර්වේජියානු තානාපතිනිය අතර හමුවක්" | "විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ මෙරට නෝර්වේජියානු තානාපතිනි මේ එලින් ස්ටිනර් (May Elin Stener) මහත්මිය සහ නෝර්වේජියානු තානාපති කාර්යාලයේ දෙවැනි ලේකම් ජොහාන් (Johan) අතර හමුවක් සිදු විය. මෙහි දී දෙපාර්ශ්වය විසින් ශ්‍රී ලංකාවේ වර්තමාන තත්ත්වය සම්බන්ධයෙන් දීර්ඝ සාකච්ඡාවක යෙදුණු අතර මෙහිදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ... |
"වෛද්‍ය පීඨ සිසු විරෝධතාවට පොලිසියෙන් ජල ප්‍රහාරයක්" | "වෛද්‍ය පීඨ සිසුන්ගේ විරෝධතාවක් විසුරුවා හැරීමට පොලිසියේ කැරළි මර්දන ඒකකය ඊයේ (3දා) සවස ජල ප්‍රහාරයක් එල්ල කළහ. විහාර මහා දේවි උද්‍යා නය අසල අනගාරික ධර්මපාල මාවත ආසන්නයේදී මෙම සිද්ධිය සිදුවී තිබේ. නිදහස් අධ්‍යාපනයට වැට බඳින ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව ඉවත් කිරීමට යෑම ඇතුළු ඉල්ලීම් කිහිපයකට විරෝධය පළ කරමින් විරෝධතා... |
"සමරිසි පනතට එරෙහිව ජනපතිට විරෝධය පළ කළ යුතුයි – ස්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි පාර්ශවයේ අනුනායක පූජ්‍ය ආණමඩුවේ ධම්මදස්සී නාහිමි" | "සමරිසි පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට එරෙහිව සමූහයක් හැටියට එකතු වී වහාම ජනාධිපතිතුමාට විරෝධය පළ කළ යුතු බව ස්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි පාර්ශවයේ අනුනායක පූජ්‍ය ආණමඩුවේ ධම්මදස්සී නාහිමියෝ පැවසුහ. සමරිසි පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් විරෝධය දැක්වීම හා දේශපාලන අධිකාරිය දැනුවත් කිරීමේ සාකච්ඡාවක් ඊයේ... |
"ලංගම බස් ගාස්තු හරි අඩු කරන්න – මගී හිමිකම් සුරැකීමේ සංවිධානය" | "බස් ගාස්තුව පෞද්ගලික බස් හිමිකරුවන්ට අඩු කිරීමට නොහැකි නම් රාජ්‍ය අංශය යටතේ පවතින ලංගම බස් ගාස්තුව හෝ වහා අඩු කළ යුතු බව මගී හිමිකම් සුරැකීමේ සංවිධානයේ අනුශාසක සාගර ධනංජය මහතා ‘දිවයින’ට පැවැසීය. රුපියල් 30කින් ඉන්ධන මිල අඩු කළ ඇති මොහොතක බස් ගාස්තුව අඩු නොකරන්නේ නම් ඉදිරියේදී මගීන් සමඟ පාරට බැස ප්‍රවාහන බලධාරීන්ට එරෙහ... |
"විමල්ට එරෙහි නඩුවේ පැමිණිල්ලේ සාක්ෂි ජූලි 18 වැනිදා" | "අමාත්‍යවරයකු ලෙස කටයුතු කළ වසර පහක කාලයකදී සිය වැටුපෙන් හා ඉපැයීම්වලින් උපයාගත නොහැකි රුපියල් මිලියන 75කට ආසන්න මුදල් හා දේපළවල හිමිකාරිත්වය දැරීමේ චෝදනාව යටතේ හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාට එරෙහිව පවරා ඇති නඩුවේ පැමිණිල්ලේ සාක්ෂි විභාගය ලබන ජූලි 18 වැනිදා ආරම්භ කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු නව... |
"රට යන අය වෙනුවෙන් වර්ජන මැදත් රස පරීක්ෂක වැඩ" | "රජයේ විධායක නිලධාරීන්ගේ වෘත්තීය ක්‍රියාමාර්ගයට සහාය දැක්වූවන් විදේශ ගත වන පුද්ගලයින්ගේ සහතික නිකුත් කිරීම සඳහා ඊයේ (03දා) රස පරීක්ෂක දෙපාර්තමේන්තුව කටයුතු කරනු ලැබූ බව රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුවේ සභාපති එච්. ජේ. එල්. උදයසිරි මහතා ප්‍රකාශ කළේය. මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය වෙනුවෙන් රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ ක... |
"ජනපති ප්‍රමුඛ ආණ්ඩුව ප්‍රජා උපදේශක කමිටු පත්කිරීම සාහසික ලෙස ප්‍රජාතන්ත්‍රවාදය උල්ලංඝනය කිරීමක් – පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම" | "පළාත් පාලන බල ප්‍රදේශ සංවර්ධන කටයුතු සඳහා ප්‍රජා උපදේශක කමිටු නාමයෙන් තම දේශපාලන හිතවතුන් පත් කිරීම සඳහා ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව විසින් ගනු ලබන ක්‍රියාමාර්ගය නිරුවත්ව, සාහසික ලෙස ප්‍රජාතන්ත්‍රවාදය උල්ලංඝනය කිරීමක් යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය කොස්වත්ත ‘නිදහස’ ප්‍රධාන කාර්යාලයේ දී ඊයේ(3) ප... |
"දකුණු පළාතේ නව ආණ්ඩුකාර ලක්ෂ්මන් යාපා වැඩ අරඹමින්" | "ගාල්ල, ඩික්සන් පාරේ පිහිටි දකුණු පළාත් ආණ්ඩුකාර කාර්යාලයීය ශ්‍රවනාගාරයේදී දකුණු පළාත් නව ආණ්ඩුකාර ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා ආණ්ඩුකාර ධුරයේ වැඩ භාර ගත්තේ මහා සංඝරත්නයේ සහ අන්‍ය ආගමික නායකයින්ගේ ආශිර්වාදය ලබා ගණිමිනි. මෙම අවස්ථාවට එ.ජා.ප.යේ සභාපති, හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන, මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යූ. ගමග... |
"වසරේ මුල් මාස හතරට ඩෙංගු රෝගීහු 22400ක්" | "මෙම වසරේ (2024) ගතවූ මාස 4යි දින 7ක කාලය තුළ දිවයිනෙන්ම ඩෙංගු රෝගීන් විසිදෙදහස් හාරසිය හතළිස් තුන්දෙනකු (22,443) වාර්තා වන බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි. මෙම කාලය තුළ ඩෙංගු රෝගයට ගොදුරු වූ 9 දෙනකු මරණයට පත්ව ඇතැයිද එම ඒකකය කියයි. ඩෙංගු රෝගීන් වැඩිම සංඛ්‍යාවක් වාර්තා වනුයේ බස්නාහිර පළාතේ බවත්, එම සංඛ්‍යාව අටදහස් හැත්... |
"ඔන්මැක්ස් පිරමීඩ ජාවාරමේ ලොක්කන් දෙදෙනකුට වරෙන්තු" | "අධික ප්‍රතිලාභ ලබාදෙන බවට සුබ සිහින මවා පා පුද්ගලයන් සිය ගණනකගෙන් රුපියල් කෝටි ගණනාවක් ලබාගෙන රටින් පැනගොස් ඇතැයි කියන ඔන්මැක්ස් ටී.ඩී. සමාගමේ අධ්‍යක්ෂවරුන් යැයි කියන එම නඩුවේ හය හා හත්වන සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඊයේ (02) වරෙන්තු නිකුත් කළේය. හයවන සැකක... |
"නීතිඥයන් පස්දෙනකුට ජනපතිගෙන් ජ්‍යෙෂ්ඨ උපදේශන නීතිඥ බහුමානය" | "ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ජ්‍යෙෂ්ඨ නීතිඥවරුන් වන ආචාර්ය ජේ. එම්. ස්වාමිනාදන්, ඩී. එම්. ස්වාමිනාදන්, ජී. ජී. අරුල්ප්‍රගාසම්,එච්. ආර්. ඒ. ඩී. පී. ගුණතිලක සහ එස්. එන්. එම්. ගුණවර්ධන යන මහත්ම මහත්මීන් වෙත ‘ජ්‍යෙෂ්ඨ උපදේශක නීතිඥ’ බහුමානය ප්‍රදානය කර ඇත. 2023 අංක 26 දරන පනතට අනුව මෙම ‘ජ්‍යෙෂ්ඨ උපදේශන නීතිඥ’ බහු... |
"බඩු මිල අරන් කථානායක ජනාධිපති ළඟට" | "ඉන්ධන මිල අඩු කළත් විදුලි බිල අඩු කළත් ආහාර ඇතුළු වෙළෙඳ භාණ්ඩ මිල තවදුරටත් ඉහළ යෑම පිළිබඳව කඩිනමින් ජනාධිපතිවරයා වෙත කරුණු ඉදිරිපත් කරන බව පාර්ලිමේන්තු කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ‘දිවයින’ට ඊයේ(2) කියා සිටියේය. ඉන්ධන මිල, විදුලි බිල, ගෑස් මිල සුළු මුදලකින් ඉහළ ගිය විටදී මිල ශීඝ්‍රයෙන් ඉහළ දමන වෙළෙඳ ප්‍රජාව මිල අ... |
"දකුණට ලක්‍ෂ්මන් – වයඹට නසීර්…" | "දකුණු පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතාද, වයඹ පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස නසීර් අහමඩ් මහතාද, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ ඊයේ (02 දා) ජනාධිපති ලේකම් කාර්යාලයේදී දිවුරුම් දුන්හ." |
"විධායක නිලධාරි වෘත්තීය සටනින් ජනතාව අමාරුවේ" | "තම වෘත්තිකයන්ට අත්වී ඇති විෂමතාවයන් වහාම ඉවත් කරමින් සාධාරණය ඉටු කරන ලෙසට රජයට බල කරමින් රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුව ඊයේ (2දා) කොළඹ, මුදල් අමාත්‍යාංශය ඉදිරිපිටදී නිහඬ විරෝධතාවක යෙදුණහ. වැටුප් විෂමතාවන් ඇතුළු ගැටලු කිහිපයක් මුල් කරගෙන රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුව විසින් ඊයේ අසනීප නිවාඩු වාර්තා කිරී... |
"ජාතික චින්තනය අවදි කළ ආචාර්ය නලින් ද සිල්වා අභාවප්‍රාප්ත වෙයි" | "ජාතික චින්තනය වෙනුවෙන් දැඩිව පෙනී සිටි කොළඹ විශ්ව විද්‍යාලයේ හිටපු මහාචාර්යවරයකු වූ ආචාර්ය නලින් ද සිල්වා මහතා ඊයේ (02දා) අභාවප්‍රාප්ත විය. මිය යන විට හැත්තෑ නව වැනි වියේ පසු වූ ඒ මහතා මිය යන මොහොත දක්වාම ලේඛන කලාවේ නිරතව සිටිමින් ස්වාධීනව තම මතය ඉදිරිපත් කළේය. මගේ ලෝකය, මාක්ස්වාදයේ දරිද්‍රතාව, අපෝහකයේ රූපිකය ආදී කෘති... |
"ජූලි තෙක් බස් ගාස්තු අඩු වීමක් නෑ – කොමිසම කියයි" | "ඩීසල් මිල අඩු වුවත් මේ මොහොතේ බස් ගාස්තු අඩු කිරීමක් සිදු නොවන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව කියයි. පසුගිය ජනවාරි මස රුපියල් 29කින් සහ පෙබරවාරි මස රුපියල් 05කින් ලෙස රුපියල් 34කින් ඩීසල් මිල වැඩි වී ඇති බවත් නමුත් එම අවස්ථාවේදී බස් ගාස්තු වැඩි කිරීමක් නොකළ බවත් එම කොමිසමේ සභාපති ශෂී වෙල්ගම මහතා ‘දිවයින’ට කීය. එබැවින් ... |
"නවදිල්ලි නෝර්වේ තානාපතිනිය අනුර කුමාර දිසානායක හමුවෙයි" | "ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා සහ නවදිල්ලියේ නොර්වේ තානාපතිනි මේ එලින් ස්ටෙනර් ( May-Elin Stener) මහත්මිය අතර හමුවක් ඊයේ 02 වැනිදා ජ.වි.පෙ. ප්‍රධාන මූලස්ථානයේ දී සිදුවිය. මෙම හමුව සඳහා නෝර්වේජියානු තානාපති කාර්යාලයේ දෙවැනි ලේකම් ජෝන් ජෙක්මර් Bjerkem මහතාද ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික ආචාර්ය හරිනි... |
"ඉන්දු – ලංකා මගී නැව් සේවය 13දා සිට යළිත්" | "ඉන්දු – ලංකා මගී යාත්‍රා නෞකා සේවය මැයි 13 වැනිදා සිට නැවත ආරම්භ කිරීමට නියමිත බව වාර්තා වේ. ඉන්දියාවේ නාගපට්නම් සිට කන්කසන්තුරෙයි වරාය දක්වා මෙම මගී යාත්‍රා සේවය වසර 40කට පසුව පසුගිය වසරේ (2023) නොවැම්බර් මාසයේදී නැවත ආරම්භ කෙරුණි. කෙසේ වෙතත් මෝසම් වැසි හේතුවෙන් සතියකට පමණ පසු එම සේවය තාවකාලිකව අත්හිටුවනු ලැබිණි. එසේ... |
"ගෑස් මිල අද අඩුවේ" | "දැනට රුපියල් 4115 ක්ව පවතින කිලෝ ග්‍රෑම් 12.5 ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රු. 4000කට අඩු අගයකට ගෙන එන බව ලිට්‍රෝ ගෑස් සභාපති මුදිත පීරිස් පවසයි. සංශෝධිත ගෑස් මිල අද දින නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමට නියමිතය. ශ්‍යාම් නුවන් ගනේවත්ත" |
"දැනටත් ඩොලර් බිලියන 2.5 බැගින් විදෙස් ණය ගෙවනවා – ඇමැති සියඹලාපිටිය" | "විදේශ ණය ගෙවීම නිල වශයෙන් අත්හිටුවා තිබුණ ද ඩොලර් බිලියන 2.5ක පමණ මුදලක් මේ වන විටත් වාර්ෂිකව ගෙවා දමමින් සිටින බව මුදල් රාජ්‍ය ඇමැති ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා කියයි. අත්හිටුවා ඇත්තේ ද්වි පාර්ශ්වික විදේශ ණය ගෙවීම පමණක් බව හෙතෙම සඳහන් කරයි. ණය ගෙවීම අත්හිටුවීමට පෙර වාර්ෂිකව ඩොලර් බිලියන 5ක පමණ මුදල් ගෙවමින් සිටි බ... |
"දිවංගත ජනපති රණසිංහ ප්‍රේමදාසගේ 31 වැනි ගුණ සමරු දම් දෙසුම" | "දිවංගත ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ 31 වැනි ගුණ සමරුව දා පැවැති ගුණ සමරු දම් දෙසුම කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල අංශයේ මහාචාර්ය අගලකඩ සිරිසුමන නායක හිමිපාණන් පැවැත්වූ අයුරු සහ එම පිංකමට හේමා ප්‍රේමදාස, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, දුලාංජලී ප්‍රේමදාස, ජලනි ප්‍රේමදාස සහ තිස්ස අත්තනායක, මහාචාර්ය ජී. එල්. පීරිස්, මයන්ත ද... |
"පරාටේ නීතිය දෙසැම්බර් 15දා තෙක් අත්හිටුවන්න අනුමැතිය" | "පරාටේ නීතිය ලබන දෙසැම්බර් මස 15 වැනිදා දක්වා අත්හිටුවීම සඳහා වූ පනත් කෙටුම්පතට කොන්දේසිවලට යටත්ව මුදල් කාරක සභාවේ අනුමැතිය ලබාදී ඇත. ණය ගැනුම්කරුවන් විසින් නොගෙවා පැහැර හරින ලද ණය අය කරගැනීම සඳහා එම ණය වෙනුවෙන් බැංකු වෙත උකස් කර ඇති දේපළ ප්‍රසිද්ධ වෙන්දේසියේ විකිණීමට බැංකු විසින් ගනු ලබන ක්‍රියාමාර්ග සඳහා විධිවිධාන සැ... |
"ජනක රත්නායකගේ නඩුවේ වාචික දේශන 6 වැනිදා" | "සිය අතිශය පෞද්ගලික තොරතුරු අන්තර්ජාලයට මුදාහැරීම වළක්වන ලෙස ඉල්ලා ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ හිටපු සභාපතිවරයා විසින් ගොනුකර ඇති පැමිණිල්ල සම්බන්ධයෙන් වාචික දේශන ලබන මස 6 වැනිදා පැවැත්වීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඊයේ (02) දින නියම කළේය. එම නඩුව ඊයේ (2) කැඳවූ අවස්ථාවේදී පැමිණිලිකාර ජනක රත්න... |
"මින් ඉදිරියට චිත්‍රපට නිෂ්පාදනය කරන්නේ ජාත්‍යන්තර සිනමා සම්මාන උළෙල ඉලක්ක කරමින් – ජනමාධ්‍ය ඇමති බන්ධුල ගුණවර්ධන" | "මින් ඉදිරියට ජාත්‍යන්තර සිනමා සම්මාන උළෙල ඉලක්ක කර ගත් සිංහල චිත්‍රපට නිෂ්පාදන කර්මාන්තයක් බිහිකිරීමට මෙරට සිනමාකරුවන් උනන්දු කරවන බව ජනමාධ්‍ය හා ප්‍රවාහන අමාත්‍ය බන්ධුල ගුණවර්ධන මහතා ‘දිවයින’ට පැවසීය. එමගින් ශ්‍රී ලංකාවට ඩොලර් උපයා ගැනීමට හැකි බවද පැවසූ අමාත්‍යවරයා මීළඟ සිනමා නිර්මාණය වන සිහින කුමාරී නිෂ්පාදනය කරන්නේ... |
"රුපියල ශක්තිමත් වෙයි" | "ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල පසුගිය මාස 04ක කාලයේදී සියයට 9.1කින් ශක්තිමත් වී ඇත. මේ අනුව විනිමය අනුපාතයේ උච්චාවචනයන් පැවතියද ශ්‍රී ලංකා රුපියල ශක්තිමත් වීමේ ප්‍රවණතාව අඛණ්ඩව පැවති බව මහ බැංකුව පවසයි. මහ බැංකුව නිකුත් කළ නවතම වාර්තාවක මේ බව දැක්වේ. එසේම අනෙකුත් ප්‍රධාන විදේශ ව්‍යවහාර මුදල් වර්ගවලට සාපේක... |
"විදෙස් සංචිත ඩොලර් බිලියන 5 දක්වා ඉහළට" | "ශ්‍රී ලංකාවේ විදේශ සංචිත ප්‍රමාණය ඉකුත් මාර්තු මස අවසානයේදී ඇමරිකානු ඩොලර් බිලියන 5ක් දක්වා ඉහළ ගිය බව මහ බැංකුව පවසයි. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ශුද්ධ පදනම මත දේශීය විදේශ විනිමය වෙළෙඳපොළෙන් සැලකිය යුතු ලෙස විදේශ විනිමය මිලදී ගැනීම මෙසේ විදේශ සංචිත වර්ධනය වීමට ප්‍රධාන හේතුව බවද මහ බැංකුව නිකුත් කළ නවතම වාර්තාවක දැක්... |
"අපනයන ආදායම 9.77%කින් වැඩි වෙයි" | "ඉකුත් මාර්තු මාසයේදී ශ්‍රී ලංකා අපනයන ආදායම ගිය වසරේ (2023) මාර්තු මාසයට සාපේක්ෂව 9.77කින් වර්ධනය වී ඇත. මේ අනුව ඉකුත් මාර්තු මාසයේ ශ්‍රී ලංකාවේ වෙළෙඳ භාණ්ඩ අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 1138.9ක් දක්වා වර්ධනය වී ඇතැයි ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය කියයි. එසේම 2024 මාර්තු මාසයේ වෙළෙඳ භාණ්ඩ අපනයන ආදායම 2024 පෙබරව... |
"වතු කම්කරු දෛනික වැටුප රු. 1700 දක්වා වැඩි කරනවා" | "වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රු. 1700 දක්වා වැඩිකර ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඒ බැව් කියා සිටියේ හැටන් කොටගල ප්‍රාදේශීය සභා ක්‍රීඩාංගණයේදී ඊයේ (01දා) පැවති ලංකා කම්කරු කොන්ග්‍රසයේ මැයි දින රැලිය අමතමිණි. ලංකා කම්කරු කොන්ග්‍රසයේ මහ ලේකම් අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතාගේ ප... |
"කම්කරු වැටුප රු. 1700 කරන්න බෑ – ගැසට් එක ආපසු හරවන්න උසාවි යනවා" | "තේ කිලෝවක් නිෂ්පාදනය කිරීම සඳහා වැය වන ඉහළ පිරිවැය හමුවේ වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රු. 1700 දක්වා වැඩි කිරීමට නොහැකි බව වතු හාම්පුතුන්ගේ සංගමය පවසයි. එම සංගමයේ උසස් නිලධාරියකු කියා සිටියේ වතු කම්කරුවන්ගේ වැටුප 30 වැනිදා රාත්‍රියේ සිට රු. 1700 දක්වා ඉහළ දැමූ බවට ගැසට් නිවේදනයක්ද නිකුත් කර ඇති බවයි. තේ වතු සමාගම් සමග ... |
"ශ්‍රීලනිප ජනාධිපති අපේක්‍ෂකයා විජයදාස – මෛත්‍රිපාල කියයි" | "ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ඇමැති අධිනීතිඥ විජයදාස රාජපක්ෂ මහතා ඉදිරිපත් වනු ඇති බව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඊයේ පැවැසීය. හිටපු ජනාධිපතිවරයා එසේ පැවසුවේ වෘත්තීය සමිති නායක ටී. බී. ඉලංගරත්න මහතාගේ පිළිරුව අබියස ඊයේ (1 දා) පැවැති ගුණසමරු උත්සවයකට සහභාගි වෙමිනි. එහිදී තවදුරටත් කතා කළ හිට... |
"අර්ජුන තලවකැලේ සජබ මැයි රැලියට" | "හිටපු ලෝක ක්‍රිකට් ශූර කණ්ඩායමේ නායක අර්ජුන රණතුංග මහතා තලවකැලේ පැවති සමගි ජන බලවේගය මැයි දින රැලියට සහභාගි විය. පී. දිගම්බරම් මහතාගේ ඇරයුමෙන් එහි ගිය රණතුංග මහතා සජබ නායක සජිත් ප්‍රේමදාස මහතා හා එක්ව වේදිකාවේ සිට ජනතාවට ආචාර කරමින් එම රැලිය ඇමතුවේය." |
"රට ඉදිරියට ගෙන යනවාද නැතහොත් 2022 තිබූ තැනට ගෙන යනවාදැයි සියලු පක්ෂ තීරණය කළ යුතුයි" | "“මම අහන්නේ රටේ ඇතිකර තිබෙන ආර්ථීක තත්ත්වය ආරක්ෂා කරගෙන ඉදිරියට ගෙන යනවාද? 2022 වර්ෂයේ තිබූ තැනට රට ගෙන යනවාද යන්න සියලු පක්ෂ තීරණය කළ යුතු බවත්, ගෙන තිබෙන තීරණවලට විරුද්ධව නොයන ලෙස තමා ඉල්ලා සිටින බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (01 දා) ප්‍රකාශ කළේය. ජනාධිපතිවරයා මෙම අදහස් ප්‍රකාශ කළේ ‘යළි නොවැටෙන අභිමානවත් ර... |
"සියයට තුන සියයට පනස් එකවීම මහ පොළොවේ යථාර්ථය වී අවසන්" | "සියයට තුන සියයට පනස් එක වීමට නම් හාස්කමක්, මැජික් එකක් විය යුතු බවට විරුද්ධවාදීන් පැවසුවද මේ මොහොතේ මහපොළොවේ යථාර්ථය එය වී අවසන් යැයි ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ඊයේ (1 වැනිදා) සඳහන් කළේය. මෙරට ඉතිහාසයේ ගොඩනැගී ඇති ප්‍රබලතම මහජන ව්‍යාපාරය ජාතික ජන බලවේගය ගොඩනගා ඇති බවත් ජයග්‍රහණය විජයග්‍රහණයක් කරනු ... |
"රජයේ විධායක නිලධාරිහු අද – හෙට ලෙඩ වෙති" | "වැටුප් විෂමතා ඇතුළු වෘත්තීය ගැටලුවලට රජය විසඳුම් ලබානොදීමට විරෝධය පළ කරමින් අද (02දා) සහ හෙට (03දා) අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරතවීමට තීරණය කළ බව රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුව පවසයි. එයට සමගාමීව අද දිනයේ කොළඹදී උද්ඝෝෂණ ව්‍යාපාරයක් පැවැත්වෙන බවද එම කමිටුව කියයි. රජයේ දීපව්‍යාප්ත සේවාවල... |
"කඩිසර සහ සුහුරු රටක් නිර්මාණය කිරීමට එක්වන්නැයි මිත්‍රත්වයේ දෑත් දිගු කරනවා" | "දිවංගත ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ නාමයෙන් කඩිසර සහ සුහුරු රටක් නිර්මාණය කිරීමට සියලුම දෙනාට තමන් සමග එක්වන ලෙස මිත්‍රත්වයේ දෑත් දිගු කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ (01දා) පැවසීය. ‘සමගි රටක් – අනගි හෙටක්’ යන මැයෙන් සමගි ජන බලවේගය කොළඹ චැතැම් වීදියේදී පවත්වනු ලැබූ මැයි දින ජන රැලිය අමතමින් විපක්ෂ නායක... |
"ජනපති රනිල් නිසා වතු ජනතාවට ළගදීම ඉඩම් අයිතිය ලැබෙනවා" | "වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රු. 1700 දක්වා වැඩිකර ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඒ බැව් කියා සිටියේ හැටන් කොටගල ප්‍රාදේශීය සභා ක්‍රීඩාංගණයේදී ඊයේ (01 දා) පැවති ලංකා කම්කරු කොන්ග්‍රසයේ මැයි දින රැලිය අමතමිනි. ලංකා කම්කරු කොන්ග්‍රසයේ මහ ලේකම් අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතාගේ ... |
"ජනපති රනිල් නිසා වතු ජනතාවට ළගදීම ඉඩම් අයිතිය ලැබෙනවා" | "වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රු. 1700 දක්වා වැඩිකර ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඒ බැව් කියා සිටියේ හැටන් කොටගල ප්‍රාදේශීය සභා ක්‍රීඩාංගණයේදී ඊයේ (01 දා) පැවති ලංකා කම්කරු කොන්ග්‍රසයේ මැයි දින රැලිය අමතමිනි. ලංකා කම්කරු කොන්ග්‍රසයේ මහ ලේකම් අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතාගේ ... |
"දිවංගත රණසිංහ ප්‍රේමදාස දිවා රාත්‍රී නොබලා ජනතාවට සේවය කළා" | "ශ්‍රී ලංකාවේ දෙවන විධායක ජනාධිපති රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමන් එතුමාගේ පාලන කාලය තුළ රටේ ඇතිව තිබුණ නොයෙකුත් තර්ජන ගර්ජනවලට ඉතාමත් නිර්භීතව මුහුණ දෙමින් අවස්ථානුකූලව තමන් වෙත පැවරුණු සියලුම වගකීම් සමුදාය ජාතික වශයෙනුත් ජාත්‍යන්තර වශයෙනුත් ඉෂ්ට සිද්ධ කළ නිර්භීත ශාසන මාමක නායකයකු වශයෙන් සිහිපත් කළ යුතු බව ශ්‍යාමෝපාලි ... |
"ලෝකයම මවිත කරවන නාමල් උයන අනාගත පරම්පරාවට උරුම කර දෙන්න වනවාසි රාහුල හිමි මූලික වුණා" | "නාමල් උයන හා රෝස තිරිවාණා පර්වතය තවදුරටත් ආරක්ෂා කොට දයාද කළ යුතුයි. ලෝකයම මවිත කරවන, අපට උරුම වූ මේ මහා උරුමය මහත් දුෂ්කරතා ඔස්සේ අනාගත පරම්පරාවට ජෛව විවිධත්වයෙන් යුත් පරිසර පද්ධතියක් ජාතියට, දේශයට දයාද කළ වනවාසි රාහුල හිමිපාණන්ට අපේ ගෞරවය කෘතවේදීත්වය පිරිනමනවා යැයි අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය. ජාතික නාමල් උයන... |
"ඇඹිලිපිටියේ පැවති ගොවි මැයි රැලිය" | "ගොවි මැයි දින රැලිය 1දා ඇඹිලිපිටියේ දී පැවැත්වුයේ, ලංකාවේ විවිධ දෙසින් පැමිණි ගොවීන්ගේ සහභාගීත්වයෙනි. ඇඹිලිපිටිය උඩගම වාපී උද්‍යානය අසලින් ආරම්භ කරන ලද මැයි පෙළපාලියට විශාල පිරිසක් සහභාගී විය. විවිධ ජාතීන් නියෝජනයක් පැවැති අතර වලවේ ගොවි එකමුතුව මෙම රැලිය සංවිධානය කර තිබු අතර ලංකාවේ විවිධ ප්‍රදේශවලින් ගොවි ජනතාව රැළියට... |
"දෙමළ ඩයස්පෝරාවෙන් එක්සත් ජනතා පක්ෂය නමින් නව දේශපාලන පක්‍ෂයක්" | "දෙමළ ඩයස්පෝරාවේ සාමාජිකයන් පිරිසක් විසින් එකතු වී එක්සත් ජනතා පක්ෂය නමින් නව දේශපාලන පක්ෂයක් යාපනයේදී පිහිටුවා ගෙන තිබේ. එම පක්ෂයේ සභාපතිවරයා ලෙස අප්පියා රාජවේන්දන් නමැති අය කටයුතු කරන අතර ඔහු 2021 වසරේදී දෙමළ ඩයස්පෝරා නායක පුලේන්ද්‍රන් උදයකුමාර් විසින් පිහිටුවා ගන්නා ලද බහුජන සංවිධානයේ ප්‍රධාන සංවිධායකවරයා වශයෙන්ද කට... |
"ශ්‍රිලනිපය ඕන ඕන එක්කෙනාට හේත්තු කරන්න ඉඩ දෙන්නේ නෑ – හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන" | "“ලොකු නෝන කෙනෙක් කිව්වට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කාට හරි හේත්තු කරන්න ඕනේ කියලා අප මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එහෙම ඕන ඕන එක්කෙනාට හේත්තු කරන්න ඉඩ දෙන්නේ නෑ. අලුත් මුහුණුවරක්, වැඩපිළිවෙලක් එක්ක අප ඉදිරියට යනවා” යැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය. ඒ මහතා එසේ පැවසුවේ “රට රකින ජන පවුර” තේමාව යටතේ ශ්‍රී ලංකා නිදහස... |
"කම්කරුවන් දිවි පුදා දිනාගත් පැය අටේ වැඩ දිනය අහෝසි කරන්න මේ ආණ්ඩුව පනත් ගෙනත්" | "එක්දහස් අටසිය අසූහයේ දී ඇමරිකාවේ චිකාගෝනුවර හේමාකට් චතුරස්‍රයේදී කම්කරුවන් දිවි පුදා දිනා ගත් පැය අටක වැඩ දිනය අහෝසි කිරීමට වත්මන් ආණ්ඩුව පනත් ගෙනවිත් ඇතැයි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව මහතා පැවසීය. එම පක්ෂය සංවිධානය කළ ලෝක කම්කරු දින සැමරුම ඊයේ ( මැයි 1 දා) කොළඹ හයිඩ් පිටියේදී පැවැති අවස්ථා... |
"අවංක දේශපාලනය තුළින් ස්වයංපෝෂිත රටක් බිහිකිරීම අපේ අපේක්‍ෂාවයි" | "ලංකා සමසමාජ පක්‍ෂය විනාශ කිරීමට අධිරාජ්‍යවාදී හා දේශීය දැඩි කුමන්ත්‍රණ ආවත් අප පක්‍ෂයේ සාමාජිකයන්ගේ දැඩි කැපවීම මත එය විනාශ කිරීමට නොහැකි වූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී ලංකා සමසමාජ පක්‍ෂයේ ලේකම් මහාචාර්ය තිස්ස විතාරණ මහතා පැවැසීය. ඒ මහතා එසේ පැවැසුවේ 2024 වසරේ මැයි දින උත්සවය නුගේගොඩ ආනන්ද සමරකෝන් එළිමහන් රංගපීඨ පරිශ්‍රය... |
""ජනතාවගේ ජීවන තත්ත්වය, රටේ දේශපාලන හැඩය සතුටින් පිරි ජීවිතයක් බවට වෙනස් කරනවා"" | "“අපි මේ රටේ ආදර්ශවත් පක්ෂයක්. මේ රටේ අනාගතය සඳහා පෙරමං තනන පක්ෂයක්. අන්න ඒක නිසා අපි සාම්ප්‍රදායික දේශපාලන පක්ෂවල සාම්ප්‍රදායික මැයි දින රැලිවලින් ඉවත් වෙලා ව්‍යවසායකත්වය තුළින් සාධනීය මානව ප්‍රාග්ධනය නිර්මාණය කිරීම උදෙසා “මැයි දිනය ඇයි” කතිකාවත මෙසේ ආරම්භ කරනවා. නමුත් මේ සාම්ප්‍රදායික පක්ෂවල මැයි දින රැලි යන්නේ කොහෙද... |
"සැබෑ කම්කරු දිනයක් වේවා" | "1886 මැයි 01 වැනිදා ඇමෙරිකාවේ චිකාගෝ නුවර මෝටර් රථ නිෂ්පාදනයේ යෙදුණු කම්කරුවන් පැය 08ක වැඩ දිනයක් ඉල්ලා සිදුකළ වැඩ වර්ජනයේදී කම්කරුවන් හතර දෙනෙකු ඝාතනයවී පිරිසක් තුවාල ලැබීමෙන් පසු ආරම්භවූ ජාත්‍යන්තර කම්කරු දින සැමරුම අද (01දා) ට යෙදී තිබේ. 134 වැනි වරට අද (01දා) පැවැත්වෙන කම්කරු සැමරුම් උත්සවයන් උත්කර්ෂවත්ව හා අභිමාන... |
"විනිසුරුවරුන් පත්කිරීම ජනපතිට තහනම්" | "අගවිනිසුරු ධුරය හැර අනෙක් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ධුර සඳහා විනිසුරුවරුන් පත්කිරීම හෝ ඒ සඳහා ව්‍යවස්ථාදායක සභාවට නිර්දේශ කිරීම හෝ වළක්වමින් ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (30දා) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය. අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසු... |
"මැයි දින පණිවුඩ" | "සම්ප්‍රදායික කම්කරු සැමරුමකට සීමා නොවී නූතන ප්‍රවනතා හා අභියෝග හඳුනාගෙන රට දිනවීම සඳහා ජනතාව වෙනුවෙන් සම්මුතියකට එළඹීමකට මැයි දින සැමරුම අවස්ථාවක් කරගනිමු යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මැයි දින පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කරයි. ජනාධිපතිවරයාගේ මැයි දින පණිවුඩයේ මෙසේද සඳහන් වේ. ඉල්ලීම්, අයිතිවාසිකම් වෙනුවෙන් කළ... |
"ඔබ නොසිටින්න නාමල් උයනක් නැහැ – ජාතික උරුමයන් රකින්න දිවයින කළ මෙහෙය අපරිමිතයි – අගමැති දිනේෂ්" | "‘දිවයින’ දේශය පුබුදුවාලමින් අපේ උරුමයන් ජාතියට රැකදීමට ක්‍රියාකලා. වනවාසි රාහුල හිමියන් නාමල් උයන රෝස තිරිවාණා කැටිය දිවිහිමියෙන් ආරක්‍ෂා කිරීමට කළ මෙහෙවරේදී එම උරුමය ලෝකයට හඳුන්වා දීමටත් කළ මෙහෙවර අපරිමිත බව අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා ඊයේ කීවේය. ශ්‍රී ලංකාවේ විශාලතම නා වනය සහිත ආසියාවේ රෝස තිරිවාණා කැටිය රැකදීමට වනව... |
"අර පක්‍ෂයටමේ පක්‍ෂයට ඡන්දය දෙන්නැයි මා කියා නෑ – කාදිනල්තුමා" | "තමා කිසි දිනක කිසිදු පක්ෂයකට තමන්ගේ ඡන්දය පාවිච්චි කරන ලෙස ඉල්ලා නැති බවත් පාස්කු ප්‍රහාරයට සාධාරණත්වය ඉෂ්ට කරන්නට පියවර නොගන්නා පක්ෂවලට ඡන්දය නොදෙන ලෙස සඳහන් කළ බවත් මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමන් නිකුත් කළ ප්‍රකාශයක සඳහන් වේ. මෙතෙක් අප වෙත පාස්කු ප්‍රහාරයේ සත්‍යය පිළිබඳ විමර්ශනය කරන බවට සහතිකවී ඒ පිළිබඳ ඔ... |
"කලර් ලයිට් ළඟදී යාචකයන්ට සල්ලි දෙන රියැදුරන්ටත් දඩ" | "කොළඹ නගරය ඇතුළු රටේ ප්‍රධාන මංසන්ධිවල ආලෝක සංඥා ආසන්නයේ රැඳී සිටිමින් වාහනවලට තට්ටු කරමින් සිඟමනේ යෙදෙන යාචකයන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බවත්, ඒ සඳහා රාජකාරියේ යෙදී සිටින පොලිස් නිලධාරීන්ට අමතරව සිවිල් ඇඳුමින් සැරසුණු පොලිස් කණ්ඩායම් ද ආලෝක සංඥා ආසන්නයේ රඳවන බවත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති (රථවාහන පරිපාලන ... |
"සංවර්ධන ලොතරැයි මණ්ඩලය මතු පරපුරට සුවිසල් ආයෝජනයක් සිදු කරනවා -අගමැති දිනේෂ් ගුණවර්ධන අලෙවි නියෝජිත හමුවකට එක්වෙමින් කියයි" | "සංවර්ධන ලොතරැයි මණ්ඩලය රටේ මතු පරපුර වෙනුවෙන් සුවිසල් ආයෝජනයක් සිදු කරනවා යැයි අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය. අගමැතිවරයා මෙසේ පැවසුවේ පෙරේදා (29) කොළඹ වෝටර්ස් ඒජ්හී පැවැති සංවර්ධන ලොතරැයි අලෙවි නියෝජිතයින්ගේ හමුවකට එක්වෙමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අගමැතිවරයා මෙසේද කීය. පළමුව සංවර්ධන ලොතරැයි මණ්ඩලයට රජය වෙ... |
"අවිධිමත් අංශයේ ශ්‍රමිකයන්ට ගරුත්වය සහ සාරවත්භාවය ලබාදීම සඳහා ගරු සරු වෙබ් අඩවිය ජනගත කෙරේ" | "අවිධිමත් අංශයේ ශ්‍රමිකයින්ට ගරුත්වයක් සහ සාරවත්භාවයක් ලබාදීම පිණිස ක්‍රියාත්මක ‘ගරු සරු’ වැඩසටහන සඳහා ශ්‍රමිකයන් ඇතුළත් කරගැනීමේ වෙබ් අඩවිය රත්නපුර මුද්දූව ක්‍රීඩාංගනයේ පැවති ‘ජයගමු ශ්‍රී ලංකා’ වැඩසටහනේදී කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා විසින් ජනගත කරනු ලැබුවේය. www.garusaru.lk යන වෙබ් ලිපිනය ඔස්සේ... |
"සංචාරක ගමනාන්ත 49ක් සංචාරක කලාප ලෙස නම් කරනවා – රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ" | "සංචාරක කර්මාන්තයේ දියුණුව සඳහා තවත් සංචාරක ගමනාන්ත 49ක් හඳුනා ගෙන ඒවා සංචාරක කලාප ලෙස නම් කර මාසයක් ඇතුළත ගැසට් පත්‍රයේ පළ කිරීමට කටයුතු කරන බව සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය පැවසීය. සංචාරක කර්මාන්තයේ සිදුවන වංචා දූෂණ වැළැක්වීමට සහ අධීක්ෂණයට වෙනම කමිටුවක් පත් කිරීමට සැළසුම් කර තිබෙන බවද රාජ්‍ය අමාත්‍යවරිය සඳහ... |
"සුරාබදු නිලධාරීන් 429කගේ හිඟයක්" | "සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් 429 දෙනකුගේ හිඟයක් පවතින බවත් එය දෙපාර්තමේන්තු පරිපාලනයට බාධාවක් වී ඇති බවත් එහි උසස් නිලධාරියෙක් පැවැසීය. අනුමත සේවක සංඛ්‍යාව 1231ක් වුවත් මේ වනවිට වැඩ තහනමට ලක්ව සිටින නිලධාරීන් සමග බැලීමේදී හිඟ සංඛ්‍යාව 429ට වැඩි බවද ඔහු කීය. හිඟ සුරාබදු අයකර ගැනීමට පවතින බවත් ඇතැම් හිඟ බදු අයකර ගැ... |
"ඇස්ට්‍රාසෙනෙකා කොරෝනා එන්නත ගත් අයට රුධිර කැටි ඇති විය හැකියි" | "එංගලන්තයට හා ස්වීඩනයට අයත් දැවැන්ත බෙහෙත් සමාගමක් වන ‘ඇස්ට්‍රාසෙනෙකා’ සමාගම තමන් නිපදවූ කොරෝනා එන්නත හරහා දුර්ලභ අතුරු ආබාධ තත්ත්වයක් වන රුධිර කැටි ඇති වීමේ හා රුධිර පට්ටිකා අඩු වීමේ රෝගය හෙවත් ‘ත්‍රොම්බෝසීස් ත්‍රොම්බෝසයිටෝපේනියා සින්ඩ්‍රෝම් (ටීටීඑස්) රෝගය ඇති විය හැකි බව අධිකරණයට ඉදිරිපත් කළ ලියවිල්ලක් හරහා පිළිගෙන ඇ... |
"එජාප රැලියට ඉන්දීය ගායක ගායිකාවෝත්" | "එජාපය විසින් පවත්වනු ලබන මැයි රැලියට සමගාමීව සංවිධානය කර ඇති සංගීත ප්‍රසංගයේ ගීත ගායනා කිරීම සඳහා ඉන්දියාවේ සිට ගායක ගායිකාවන් පිරිසක් ඊයේ (30 දා) දහවල් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ. විජේ බාලක්‍රිෂ්ණන්, රම්‍යා නාගර්කෝවිල්, ඩැනියෙල් ජෙයරාම් සහ රෙෂ්මා සුන්දරම් එසේ පැමිණි ගායන ශිල්පීහු පිරිස වූහ. මෙම පිරිස ඊයේ (30 ... |
"කෙහෙළියගේ පෙත්සමට අවසර දෙනවාද නියෝගය 7 වැනිදා" | "රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය විසින් ලබාදුන් නියෝගය බලරහිත කර තමන් ඇප මත මුදාහැරීමට නියෝගයක් කරන ලෙස ඉල්ලා හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා විසින් ගොනු කර ඇති රිට් පෙත්සම විභාගයට ගැනීමට අවසර ලබාදෙන්නේ ද නැති ද යන නියෝගය ලබන 7 වැනිදා නිකුත් කිරීමට අභියාචනාධිකරණ විනිසුරු ඩී.එන්. ... |
"නිවාස නඩුවෙන් මහින්දානන්ද නිදොස් කොට නිදහස්" | "අමාත්‍යවරයකු ලෙස කටයුතු කළ සමයේ අයථා ලෙස උපයා ගත්තේ යැයි කියන රුපියල් ලක්ෂ 274ක මුදලක් යොදවා බොරැල්ල කිංසි පාරේ සුඛෝපභෝගි නිවාස සංකීර්ණයක පිහිටි නිවසක් මිලදී ගත්තේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් පවරා තිබූ නඩුවේ චෝදනාවලින් හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධි... |
"කොළඹ වරාය හරිත වරායක් කිරීමට චීනයේ ටියැංජිං වරායේ සහය" | "බහලු මෙහෙයුම් වරායක් ලෙස ක්‍රියාත්මක වන කොළඹ වරාය හරිත වරායක් ලෙස පරිවර්තනය කිරීමට චීනයේ ටියැංජිං වරායේ සහය ලබා දීමට කැමැත්ත පල කර ඇත. ලෝකයේ 9 වන වරාය ලෙස ශ්‍රේණිගත වන ටියැංජිං වරායෙහි සභාපති චූ ජිං මහතා ඇතුළු නියෝජිත කණ්ඩායමක් ඉකුත් 29 දා වරාය හා නාවික අමාත්‍යංශයේදී අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා හමු වූ අවස්ථාව... |
"වජිර එජාප මැයි දින රැලියට දුම්රියෙන් එයි" | "මාලිගාවත්තේදී අද (01) පැවැත්වීමට නියමිත එක්සත් ජාතික පක්ෂ මැයි දින රැළියට සහභාගීවීම සඳහා එක්සත් ජාතික පක්ෂ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා උදෑසන අහංගම දුම්රිය ස්ථානයේ සිට මරදාන දුම්රිය ස්ථානය දක්වා දුම්රියෙන් පැමිණීමට නියමිතයි. උදෑසන ගාල්ල අංහගම දුම්රිය ස්ථානයේ සිට එක්සත් ජාතික පක්ෂයේ ක්‍රියාකාරීන් සම... |
"පාකිස්තාන කුඩු බෝට්ටුව ලංකාවට එද්දී ඉන්දියාවෙන් අල්ලයි" | "ඉන්දීය රුපියල් කෝටි 600ක් වටිනා හෙරොයින් තොගයක් ශ්‍රී ලංකාව බලා රැගෙන යමින් තිබූ පාකිස්තාන ධීවර යාත්‍රාවක් සමග පුද්ගලයන් 14 දෙනකු අත්අඩංගුවට ගැනීමට ඉන්දීය වෙරළාරක්‍ෂක බළකාය සමත්වී තිබේ. අල් රාසා නම් මේ පාකිස්තාන යාත්‍රාවේ සිටි සියලුදෙනා බලුකිස්තාන් ප්‍රාන්තයේ පුද්ගලයන් බව ඉන්දීය මාධ්‍ය කියයි. මෙම යාත්‍රාවේ හෙරොයින් කි... |
"ශ්‍රීලනිපයේ ජනාධිපති අපේක්‍ෂකයෙක් පේනතෙක් මානයේ නෑ" | "ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීමට කිසිදු අපේක්ෂකයකු පෙනෙන තෙක් මානයක නැති බවත්, පක්ෂය මේ වනවිට කෑලි හය හතකට කැඩී ඇති බවත්, ඒ හේතුවෙන් පක්ෂය අන්තිම බින්දුවටම වැටී ඇති බවත් හිටපු ජනාධිපතිනි, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනුශාසක චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ඊයේ (29 දා) විශේෂ මාධ්‍ය හමුවකට එක... |
"ජාතික නාමල් උයන දේශයට රැකදීමට වෙර දැරූවන් අද ඇගැයීමට" | "ශ්‍රී ලංකාවේ විශාලතම නා වනය සහිත ප්‍රාග් ඓතිහාසික යුගයට අයත් දකුණු ආසියාවේ රෝස තිරුවානා කඳුවැටිය සහිත පාරිසරික කලාපය ජාතියට හඳුන්වා දී එය මතු පරපුරට රැකදීමේ ජාතික මෙහෙවරට දායක වූවන් ඇගැයීම අද (30දා) සිදුකිරීමට නියමිතය. ජාතික නාමල් උයන නිර්මාතෘ පූජ්‍ය වනවාසී රාහුල හිමියන් විසින් ආරම්භ කොට වසර 33ක් සපිරීම නිමිති කරගෙන ජ... |
"රූගත කිරීමකදී වෙඩි වැදී රංගන ශිල්පි ජගත් මනුවර්ණ රෝහලේ" | "චිත්‍රපට රූගත කිරීමක් අතරතුර සිදුවූ වෙඩි තැබීමේ දර්ශනයකදී රංගන ශිල්පි ජගත් මනුවර්ණ මහතා තුවාල ලබා රෝහල්ගත කර ඇත. රන්මිහිතැන්න ටෙලි ගම්මානයේ සිදුකළ චිත්‍රපට රූපගත කිරීමක් අතරතුර මෙම සිද්ධිය වී ඇති බව පොලිසිය පවසයි. තුවාල ලැබූ ජගත් මනුවර්ණගේ තත්ත්වය බරපතළ නොවන බව රෝහල් ආරංචි මාර්ග පැවසීය. චිත්‍රපටයේ පිපිරවීමේ දර්ශන සිදු... |
"ඩුබායි පනින්න ගිය අංගොඩ චිටී කටුනායකදී කොටු" | "මිනිස් ඝාතන, මත්ද්‍රව්‍ය ජාවාරම් ඇතුළු අපරාධ ගණනාවකට සම්බන්ධ පාතාල ප්‍රබලයකු බව කියන අංගොඩ චිටී නමැත්තා කටුනායක ගුවන්තොටුපළ හරහා හොර රහසේම ඩුබායි රාජ්‍යය බලා පලායෑමට සූදානම් වෙද්දී අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් ඊයේ (29දා) අලුයම අත්අඩංගුවට ගෙන ඇත. මෙම පාතාල ප්‍රබලයා අංගොඩ ලොක්කා නමැති පාතාල නායකයාගේ කල්... |
"පොලිසිය දැඩි රැකවල් මැද ඩාලි පාරේ දොරටු අරී" | "ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අර්බුද හේතුවෙන් වසා දමන ලද ඩාර්ලි පාරේ පක්ෂ මූලස්ථානයේ දොරටු ඊයේ (29 දා) දැඩි රැකවල් මැද්දේ පොලිසිය විසින් විවෘත කරන ලදී. ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ පාර්ශ්වය විසින් පත්කර ගන්නා ලද නිදහස් පක්ෂයේ වැඩබලන මහ ලේකම් දුමින්ද දිසානායක මහතා ඇතුළු පිරිසක් දොරටු විවෘත කරන අවස්ථාවට පැමිණ සිටියහ. ... |
"අරගල සමයේ නිවාස ගිනිතැබීම නොවැළැක්වූවැයි – මාරු කළ ඕඅයිසීලා 5කට යළි පොලිස් ස්ථාන ලබාදීමට පොලිස්පති පියවර ගනී" | "අරගලය පැවති සමයේ මැති ඇමැතිවරුන්ගේ නිවාස ගිනිතැබීමේ සිද්ධීන් වළක්වාලීමට කටයුතු නොකළේ යැයි ස්ථාන මාරු කර සිටි පොලිස් ස්ථානාධිපතිවරු පස්දෙනෙකුට මීට පෙර අධිකරණය හමුවේ ඇතිකරගත් එකඟතාව පරිදි සුදුසු පොලිස් ස්ථාන ලබාදීමට කටයුතු කර ඇති බව පොලිස්පතිවරයා ඊයේ (29දා) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය. ඒ පොලිස් ස්ථානාධිපතිවරුන් පස්ද... |
"රත්නපුරේ කතාවට පාඨලී සීඅයිඩීයට කැඳවයි" | "රත්නපුර ප්‍රදේශයේ පැවති පක්‍ෂ රැස්වීමකදී සිදුකරන ලදැයි කියන කතාවක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා අද (30දා) උදෑසන අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා තිබේ." |
"අතුරු තහනම වළක්වන නියෝගයක් ඉල්ලා විජයදාසගෙන් පෙත්සමක්" | "තමන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන සභාපති ධුරයේ කටයුතු කිරීම වළක්වමින් කොළඹ දිසා අධිකරණය විසින් පසුගිය 24 වැනිදා නිකුත් කළ අතුරු තහනම් නියෝගය ක්‍රියාත්මක කිරීම වළක්වන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා ඊයේ (29දා) අභියාචනාධිකරණයට ප්‍රතිශෝධන පෙත්සමක් ගොනු කළේය. නීතිඥ සනත් විජේවර්... |
"ගුවන් ටිකට්පත් වංචාවට වසර 14ක් හිරගෙට" | "මෙයට වසර 18කට පමණ පෙර පෞද්ගලික ආයතනයකින් ගුවන් ටිකට්පත් ලබාගෙන රුපියල් මිලියන දෙකකට අධික මුදලක් වංචා කිරීම ඇතුළු අධිචෝදනා 11කට වරදකරු කරනු ලැබූ විත්තිකරුවකුට, කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා ඊයේ (29 දා) බරපතළ වැඩ සහිත වසර 14ක සිරදඬුවම් හා රුපියල් තුන්ලක්ෂ නවදහසක දඩයක් නියම කළේය. පැමිණිල්ල විසින් විත්තිකරුට එරෙ... |
"ආර්ථිකය ඉදිරියට ගෙන යෑමේදී කෘෂිකර්මාන්තය උපරිම අයුරින් දායක කරගන්නවා" | "රටේ ආර්ථිකය ඉදිරියට ගෙන යෑමේදී කෘෂිකර්මාන්තය උපරිම අයුරින් ඊට දායක කරගැනීමට සැලසුම් කර තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ “ඩිල්මා සිනමන්” වෙළෙඳ සන්නාමය එළි දැක්වීම වෙනුවෙන් කොළඹ ගාලු මුවදොර හෝටලයේ පෙරේදා (28) පැවති උත්සවයට එක්වෙමිනි. ජනාධිපති රනිල් ව... |
"ගෑස්පහ බාබර් සාප්පුවේ ඝාතනයට වසර 22කට පසු දෙදෙනෙක් පෝරකයට" | "අයුතු ජනරාශියක නිරතව පුද්ගලයකු පිහිවලින් කපා කොටා ඝාතනය කිරීමේ චෝදනාවට වරදකරුවන් කළ විත්තිකරුවන් දෙදෙනකුට කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා ඊයේ (29 දා) මරණීය දණ්ඩනය නියම කළේය. එම නඩුවේ සෙසු විත්තිකරුවන් දෙදෙනා චෝදනාවෙන් නිදොස් කොට නිදහස් කිරීමට ද විනිසුරුවරයා වැඩිදුරටත් නියෝග කළේය. 2002.08.05 වැනිදා ගෑස්පහ හන්දි... |
"ව්‍යාජ ලියවිලි සකසා රට පනින්න ගිය 17 වියැති දරුවා හා කාන්තාව අල්ලයි" | "දැනට එංගලන්තයේ වාසය කරන ශ්‍රී ලාංකික මවකගේ සහ ඇයගේ පුතාගේ තොරතුරු අනුසාරයෙන් ව්‍යාජ ලියකියවිලි සකස් කර වෙනත් කාන්තාවක යොදා ගෙන 17 හැවිරිදි ද්‍රවිඩ ජාතික පිරිමි ළමයකු එරටට රැගෙන යෑමට ගත් උත්සාහයක් ව්‍යාර්ථ කර මෙම ජාවාරමට සම්බන්ධ කාන්තාවන් දෙදෙනකු පසුගිය 26 දා කටුනායක ගුවන් තොටුපළේ දී ආගමන විගමන දෙපාර්තමේන්තු දේශසීමා ආව... |
"EPF පොලිය වැඩිවීම යුක්තිය ඉටුවීමක් – ගෙවිඳු කුමාරතුංග" | "සේවක අර්ථසාධක අරමුදලේ පොලිය 9% සිට 13% දක්වා වැඩි කිරීම යුක්තිය ඉටුවීමක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග මහතා පවසයි. මේ හරහා ප්‍රතිලාභීන්ගේ ගිණුම්වලට රුපියල් බිලයන 115 ක් එකතුවන බවද කුමාරතුංග මහතා කියයි. පමාවී හෝ ප්‍රතිලාභීන් වෙනුවෙන් යුක්තිය ඉටුවීම ගැන තමා සතුටුවන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග... |
"සජබ මැයි දින රැළියට ලක්ෂයකට අධික පිරිසක් එනවා" | "සමගි රටක් අනගි හෙටක් තේමාවෙන් පවත්වන සජබ මැයි දින රැළියට පාක්ෂිකයින් ලක්ෂයකට අධික පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැත්වීමට මේවන විට සියලුම කටයුතු සූදානම් බව සමගි ජන බලවේගය හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි මුජිබර් රහුමාන් මහතා පැවැසීය. කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ පෙරේදා (28) පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින් හිටපු මන්ත්‍රීවරයා මේ බව ස... |
"ජපන් විදේශ ඇමැති මැයි 04දා දිවයිනට" | "ජපන් විදේශ කටයුතු අමාත්‍ය යෝකෝ කමිකාවා මහත්මිය 2024 මැයි 04 වැනි දින සිට 05 වැනිදා දක්වා ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වීමට නියමිතය. මෙම සංචාරය අතරතුරදී, ජපන් විදේශ කටයුතු අමාත්‍යවරිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන යන මහත්වරුන් බැහැදකිනු ඇත. එමෙන්ම, ජපන් විදේශ කටයුතු අමාත්‍යවරිය ප්‍රමුඛ දූත... |
"ඇල්පිටිය එස්එස්පීට එරෙහිව පොලිසියේ දෙදෙනකුගෙන් පැමිණිල්ලක්" | "ඇල්පිටිය පොලිස් වසමේ කහදූව ප්‍රදේශයේ පදිංචිව සිටි කාන්තාවකගේ මරණය සම්බන්ධයෙන් නිසි පරිදි රාජකාරී නොකළ බවට චෝදනා කරමින් ඇල්පිටිය පොලිස් ස්ථානයේ නඩු කටයුතු මෙහෙයවන උප පොලිස් පරීක්ෂක අයි. ඩී. ශ්‍යානදාස සහ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක අනුර විජේසිංහ යන මහත්වරුන් ඇල්පිටිය පොලිස් අධිකාරි කාර්යාලයට කැඳවා ඔවුන්ට පරුෂ වචනයෙන... |
"ඉරානයෙන් ගත් තෙල්වලට ලංකාව ඩොලර් මිලියන 35ක් ගෙවයි" | "ශ්‍රී ලංකාව ඉරානයෙන් ලබාගත් තෙල් වෙනුවෙන් ඩොලර් මිලියන 35ක් ගෙවාදමා තිබේ. 2012 වසරේදී ලබාගත් තෙල් වෙනුවෙන් ඉරානයට ශ්‍රී ලංකා රජය ඩොලර් මිලියන 250ක් ලබාදිය යුතුව තිබේ. ඉරානයට පැනවූ සම්බාධක නිසා මේ ණය ගෙවීම අපහසුවී තිබිණි. ඉරානයේ තෙල්වලට හිලව්වන ලෙස ලංකා තේ සැපයීමේ ගිවිසුමකට එළඹියේ 2021 වසරේය.චතුර පමුණුව" |
"මැයි රැලිවලට බස් 2000ක් ඉල්ලුවත් මුදල් ගෙවා ඇත්තේ 200කට පමණයි- ලංගම සභාපති" | "මැයි දින රැලි පැවැත්වෙන හෙට (01 වැනිදා) දේශපාලන පක්ෂ වෙනුවෙන් ලංගම බස් රථ 2000ක් ලබාදීමට නියමිත බවත් එහෙත් තවමත් මුදල් ගෙවා ඇත්තේ බස් රථ 200කට බවත් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති ලලිත් ද අල්විස් මහතා ‘දිවයින’ට ඊයේ (29 වැනිදා) පැවසීය. ඉතිරි බස් රථ සඳහා අද (30දා) මුදල් ගෙවනු ඇතැයි විශ්වාස කරන බවද ඒ මහතා කීය. දිවයින ප... |
"වසර 26 කට පෙර භාරතීපුරම් 8 දෙනාගේ ඝාතනයට – හිටපු ඕඅයිසී ඇතුළු පොලිසියේ 5ක් දිවි ඇති තෙක් හිරේ" | "මීට වසර විසි හයකට පෙර කන්තලේ භාරතීපුරම් ගම්මානයේ පදිංචි නිරායුධ දෙමළ වැසියන් අටදෙනකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියකට අදාළව භාරතීපුරම් පොලිසියේ හිටපු ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් පස්දෙනකු එම චෝදනාවට වරදකරු බවට තීන්දු කළ උතුරුමැද පළාත්බද හිටපු මහාධිකරණ විනිසුරු සහ වර්තමාන කුලියාපිටිය මහාධිකරණ විනිසුරු මනෝජ් තල්ගොඩපිට... |
"ඩුබායි සිට පොම්ප කළ කෝටි 35ක මත්කුඩු බියගම හා මහරගමින් අල්ලයි" | "බියගම සහ මහරගම ප්‍රදේශවලදී පොලිසිය සිදුකළ මෙහෙයුම්වලින් හෙරොයින්, අයිස්, කුෂ් ඇතුළු රුපියල් කෝටි 35කට අධික වටිනාකමෙන් යුත් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ සැකකරුවන් 6 දෙනකු අත්අඩංගුවට ගෙන ඇත. ඩුබායි රාජ්‍යයේ අධිසුඛෝපභෝගි ජීවිත ගත කරමින් සැඟවී සිටින ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් විසින් මෙම හෙරොයින් අයිස් ඇතුළු මත්ද්‍රව... |
"ඇමරිකානු නැවට ශ්‍රී ලංකා මුහුද තහනම් වෙයි" | "අමෙරිකානු පර්යේෂණ නෞකාවකට ශ්‍රී ලංකා මුහුදේ පර්යේෂණ කටයුතු සඳහා අවසර ලබාදීම ආරක්ෂක අමාත්‍යාංශය විසින් ප්‍රතික්ෂේප කර තිබේ. විදේශීය පර්යේෂණ නෞකාවලට ලංකා මුහුදේ පරීක්ෂණ කටයුතුවලට අවසර දීම නවත්වා ඇති නිසා මේ ඇමරිකානු නැවටද අවසර ලබා දී නැත. කෙසේ වෙතත් නෞකාවට අවශ්‍ය පහසුකම් ලබාගැනීම සඳහා පමණක් ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඇතුළ... |
"සියයට 9 EPF පොලිය 13%ට නංවයි" | "සේවක අර්ථසාධක අරමුදලේ මෙතෙක් පැවති සියයට 9 ක පොලී අනුපාතය සියයට 13 දක්වා ඉහළ නැංවීමට රජය පියවර ගෙන ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය. පසුගිය කාලවකවානුව තුළ සේවක අර්ථසාධක අරමුදල විනාශ වෙමින් යන බවට ඇතැම් පාර්ශ්වකරුවන් විසින් නැගූ චෝදනාව අර්ථ විරහිත බවත් 2023 වර්ෂය සඳහා පාර්ලිමේන්තුවේ සම්... |
"දේශපාලනයෙන් රටට වූ ව්‍යසනය දේශපාලනයෙන්ම වෙනස් කළ යුතුයි" | "රටේ ව්‍යවසනය දේශපාලනය තුළින් ඇති කළ ව්‍යවසනයක් බවත් එය වෙනස් කිරීම දේශපාලනය තුළින්ම වෙනස් කරගත යුතු බවත් ජාතික ජන බලවේගය පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවසීය. ස්විඩනයේ ස්ටොක්හෝම් අගනුවර පැවැති ජනහමුවකට පෙරේදා (27දා) සහභාගි වෙමින් අනුර කුමාර දිසානායක මහතා මෙසේද කීය. “ඔබ රටින් දුර බැහැර සිටියත් ලංකාවේ සිදුවීම් ගැ... |
"බැසිල් ඉන්දීය මහ කොමසාරිස් හමු වෙයි….." | "ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සහ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා අතර හමුවක් ඉකුත් 25 වැනිදා ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේදී සිදුවී තිබේ. ගිණුමේ සටහනක් තබමින් ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය සඳහන් කළේ රටේ දේශපාලන තත්ත්වය ඇතුළු දෙපාර්ශ්වය උනන්දුවක් දක්වන කරුණු පිළිබඳව... |
"මම වෙන රටක පදිංචියට යන්නේ නෑ: ඒ කතා බොරු – හිටපු ජනපති මෛත්‍රී කියයි" | "තමා දකුණු කොරියාවේ හෝ ලෝකයේ කිසිදු රටක පදිංචියට නොයන බව හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. තමා දකුණු කොරියාවේ පදිංචියට යන බවට අසත්‍ය ප්‍රකාශ විවිධ ජනමාධ්‍යයන් හරහා ප්‍රචාරය වන බව මේ දිනවල පෙනී යන බවත් දකුණු කොරියාවේ හෝ ලෝකයේ කිසිදු රටකට පදිංචියට යාමට තමාට කිසිදු අවශ්‍යතාවක් නොමැති බවත්... |
"ඇහැළේපොළ වලව්ව ඉටිරූප කෞතුකාගාරයක් කෙරේ" | "ඓතිහාසික ඇහැළේපොළ වලව්ව මෙරට පළමු ඉටිරූප කෞතුකාගාරය වෙයි. නාගරික සංවර්ධන අධිකාරිය විසින් ප්‍රතිසංස්කරණය කළ ඇහැළේපොළ වලව්ව දළදා මාලිගාවට පවරා දීමෙන් පසු පුරාවිiාත්මක හා සංස්කෘතිකමය වටිනාකම් ආරක්‍ෂා කර ගනිමින් මෙම ඉටිරූප කෞතුකාගාරය නිර්මාණය කරන බව ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ නිලංග දෑල බණ්ඩාර මහතා පවසයි. ඇහැළේපොළ වල... |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.