Title stringlengths 9 246 | Content stringlengths 3 62.9k |
|---|---|
"ලබන වසරේ ආර්ථික ක්‍රියාකාරකම් යථා තත්ත්වයට- මහ බැංකුව කියයි" | "මේ වසර් (2022) ආර්ථික පසුබෑමෙන් පසු ලබන වසරේදී (2023) ආර්ථික ක්‍රියාකාරකම් යථා තත්ත්වයට පත්වනු ඇතැයි අපේක්‍ෂා කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.මේ වසරේ පළමු මාස හයේදී ශ්‍රී ලංකා ආර්ථිකය සියයට 4.8 කින් සංකෝචනය වෙමින් ඝෘණ ආර්ථික වර්ධනයක් වාර්තා කර ඇත. එසේම මේ වසරේ දෙවන මාස හයේදීද ආර්ථිකය සංකෝචනය වනු ඇතැයි (ආර්ථිකය පසුබෑ... |
"අත්‍යවශ්‍ය නඩත්තු සිදුනොකර ලංවීම ලොක්කෝ සැප විඳිනවා" | "– තාක්ෂණික ඉංජිනේරු සහ අධිකාරි සංගමයඅයහපත් මූල්‍ය තත්ත්වයක් පවතින බව පවසමින් විදුලි බල පද්ධතියේ සිදු කළ යුතු අතශ්‍යවශ්‍ය නඩත්තු කටයුතු සිදු නොකර පාලනාධිකාරිය විසින් සුඛෝපභෝගී වාහන ගෙන්වීම ඉහළ නිලධාරීන්ගේ මූලික වැටුප මෙන් සියයට 250 කින් දීමනා ගෙවීම ඇතුළු වරප්‍රසාද රැසක් භුක්ති විඳිමින් සිටින බව ලංකා විදුලිබල මණ්ඩලීය තා... |
"සම්මතවූ ජිනීවා යෝජනා හමුදාවේ 58 ක් රට ගියොත් අල්ලන බලය ගනී" | "සංහිඳියාව, වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම සම්බන්ධව ජිනීවා මානව හිමිකම් සමුළුවේ 51 වැනි සැසිවාරයේ දී ඉකුත් 06 වැනිදා සම්මත වූ ශ්‍රී ලංකාව සම්බන්ධ යෝජනාවට අනුව මෙරට හමුදා නිලධාරීන් 58දෙනකු විදේශවලදී අත්අඩංගුවට ගැනීමට නීතිය ක්‍රියාත්මක වේ. ඒ අනුව මෙම හමුදා නිලධාරීන්ගේ නාමලේඛනයට අදාළ යෝජනාව ඉදිරිපත් කළ රටවල් 31කට ... |
"ආර්ථික ඝාතකයන්ට එරෙහිව පෙත්සම් විභාගයට අවසර" | "රට මෙවන් ආර්ථික ආගාධයකට ඇදදැමීමට හේතු පාදක වූ තීන්දු තීරණ ගත්තේ යැයි හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ, හිටපු අගමැතිවරයකු මෙන්ම මුදල් අමාත්‍යවරයකු ද වූ මහින්ද රාජපක්‍ෂ, හිටපු මුදල් අමාත්‍යවරුන් වන බැසිල් රාජපක්‍ෂ හ අලි සබ්රි හිටපු මහා භාණ්ඩාගාර ලේකම් එස්. ආර්. ආටිගල, හිටපු මහ බැංකු අධිපති ඩබ්ලිව්. ඩී. ලක්‍ෂ්මන් ඇතුළු 39 ... |
"යස්මින් සුකාට පදක්කම අහිමි වෙයි" | "ශ්‍රී ලංකාවේ හමුදාවට එරෙහිව කටයුතු කළ ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ උසස් නිලධාරිනියක වූ යස්මින් සුකාට ඔටෝ ගාන් මානව හිමිකම් පදක්කම අහිමි වී ඇත. ජර්මනියේ බර්ලින් නුවර පැවැත්වීමට නියමිතව තිබූ එම එක්සත් ජාතීන්ගේ සම්මාන උත්සවය ඊශ්‍රායල් රජයේ බලපෑම මත ජර්මන් රජය අත්හිටුවා තිබේ. බර්ලින් නගර ශාලාවේ පැවැත්වීමට සංවිධානය කර ති... |
"නොරොච්චෝලේ ගල්අඟුරු ණය ඩොලර් කෝටි 3 ට ළඟයි" | "නොරොච්චෝලේ ලක්විජය බලාගාරයට ගල්අඟුරු සැපයීම වෙනුවෙන් සැපයුම්කාර සමාගම් දෙකක් සඳහා විදුලිබල අමාත්‍යාංශය විසින් කෝටි තුනකට ආසන්න ඇමරිකානු ඩොලර් මුදලක් (ඇ. ඩො. 27,499,130) ගෙවීමට ඇති බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත් කර ඇති විගණන වාර්තාවේ සඳහන් වෙයි. ගල්අඟුරු සැපයීමේ දීර්ඝ කාලීන ප්‍රසම්පාදනයේ සැපයුම්කරුවා වන ස්විස් සි... |
"වනජීවී විදේශ පාඨමාලාව ලොක්කන්ගේ ‘ගොට්ටන්ට’ දීලා" | "වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් එම දෙපාර්තමේන්තුවේ නීති ක්‍රියාත්මක කරන නිලධාරීන් සඳහා සංවිධානය කර ඇති විදේශ පාඨමාලාවකට සහභාගිවන්නන් තෝරාගෙන ඇත්තේ අසාධාරණ හා පක්ෂග්‍රාහී පදනමකින් බවත් මෙම පාඨමාලා ව සඳහා නැවත සම්මුඛ පරීක්ෂණ පවත්වන ලෙසත් අසාධාරණයට ලක්වූ බව කියන වනජීවී නිලධාරීන් පිරිසක් වනජීවී ඇමැතිවරයා ඇතුළු බලධාරීන... |
"විධායක කඩුව ගත් කවුරුත් රට ගොඩනැඟුවේ නෑ – කාදිනල්තුමා" | "විධායක ජනාධිපති ධුරය නමැති කඩුව පරිහරණය කළ සෑම අයකුම ඉන් රට ගොඩනැඟීමට ක්‍රියා කළේ නැතැයි කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්තුමා පැවසීය. ධර්මිෂ්ඨ සමාජයක් ගොඩනඟන බව පවසමින් වසර ගණනාවකට පෙර විධායක ජනාධිපති ධුරයට පත්වූ පුද්ගලයන්ගේ කාලයේ අධර්මිෂ්ඨ සමාජයක් ඇති වූ බව ද පැවසූ කාදිනල්තුමා මෙතෙක් එම අසීමිත බලය අතට ගත් පුද්ගලය... |
"මුදල් අමාත්‍යංශය ඩොලර් යතුර අතහැරලා" | "විදේශ ගත වන අවස්ථාවේදී රාජ්‍ය නිලධාරීන්ට ගමන් වියදම් වශයෙන් ඩොලර් ලෙස ගෙවනු ලබන මුදල් ප්‍රමාණය වහා අඩු කරන ලෙස ජනාධිපති කාර්යාලය විසින් දන්වා ඇතත් මුදල් අමාත්‍යාංශය විසින් එය මෙතෙක් ක්‍රියාත්මක කර නැතැයි වාර්තා වේ. එවැනි විදේශ රාජකාරි කටයුත්තක් සඳහා විදේශ ගතවෙද්දී එම නිලධාරී කණ්ඩායමේ ප්‍රධානියාට ඩොලර් 500 ක මුදලක් හිම... |
"ඇමරිකානු සංචාරකයන් ගෙන්වා ගන්න වැඩසටහනක්" | "එළැඹෙන ශීත ඍතුවේදී ඇමරිකානු සංචාරකයන් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමේ ප්‍රවර්ධන වැඩසටහනක් ඇමරිකාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ ජාත්‍යන්තර ඩී. සී. සමාජය (International Club of DC) එක්ව පවත්වා ඇත. ඉකුත් සැප්තැම්බර් මස 30 වැනිදා සංවිධානය කර තිබූ මෙම උත්සවයට එක්සත් ජනපදයේ ප්‍රධාන රාජ්‍ය ආයතන නියෝජනය කරන ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ස... |
"පළාත් සභා සභාපති කාර්ය මණ්ඩලයේ වියදම් කපයි" | "වසර තුනකට අධික කාලයක් තිස්සේ විසුරුවා හැර තිබෙන පළාත් සභා නවයේ සභාපතිවරුන්ගේ පෞද්ගලික කාර්ය මණ්ඩලය සහ වියදම් කප්පාදු කිරීමට රජය පියවර ගෙන ඇත. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා ඒ සඳහා චක්‍රලේඛයක් නිකුත් කර තිබේ. එම චක්‍රලේඛය අනුව පළාත් සභා සභාපතිවරයකුට එක් වාහනයක්, රියැදුරන් දෙ... |
"බිල නොගෙවන අයගේ ලයිට් කැපීම් ආරම්භ වේ" | "එකවර විදුලි බිල සියයට හැත්තෑපහකින් ඉහළ දැමූවත් සේවක වැටුප් ගෙවීමේ අර්බුදයකට මුහුණ දී සිටින බැවින් විදුලිබල මණ්ඩලය විදුලි බිල් ගෙවීම් පමාකර සිටින පාරිභෝගිකයන්ගේ විදුලිය සිඳලීමේ මෙහෙයුමක් ආරම්භ කර ඇත. විදුලිබල මණ්ඩල පාලනාධිකාරිය විසින් ලබාදී තිබෙන උපදෙස් මත ප්‍රාදේශීය ඉංජිනේරු කාර්යාල මගින් මාසයක් දෙකක් බිල් නොගෙවා ඇති ... |
"රබර්වලට මිලක් නැතිව වගාකරුවෝ අමාරුවේ" | "රබර්වලට හොඳ මිලක් නො මැතිකමින් රබර් කර්මාන්තයෙන් ජීවත් වන අති විශාල පිරිසක් මේ වනවිට දැඩි දුෂ්කරතාවයකට පත්ව තිබේ. මීට පෙර රබර් ෂීට් කිලෝවක් සඳහා රුපියල් 650ක මුදලක් රබර් එකතු කරන වෙළෙඳ සැල්වලින් ලැබුණු බවත්, එහෙත් මේවාට රබර් ෂීට් කිලෝවක් සඳහා ලැබෙනුයේ රුපියල් 320ත් – 350ත් අතර මුදලක් බවත් එම කර්මාන්තයේ නිරත ඩී. කන්නංක... |
"කපපු ලයිට් යළි දෙන ගාස්තුව රු. 1250 කට අඩු කළ යුතුයි" | "විදුලිය විසන්ධි කළ අයට නැවත සම්බන්ධතාව ලබා දීමට අය කරන රුපියල් තුන්දහසක ගාස්තුව පෙර තිබූ රුපියල් එක්දහස් දෙසීය පනහා දක්වා වහාම අඩු කළ යුතු බව විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමය සඳහන් කරයි. මෙම ගාස්තුව මින් පෙර තිබ්බේ රුපියල් එක් දහස් දෙසීයකට බව එම සංගමයේ ලේකම් සංජීව ධම්මික මහතා පැවසීය. විදුලි බිල වැඩි කිරීමට එරෙහිව ඉදිර... |
"සජබ 5 ක් එනතුරු අලුත් කැබිනට්ටුව පමාවෙයි" | "සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් පස්දෙනකු ආණ්ඩුවට පැමිණීමට නියමිත බැවින් නව කැබිනට් මණ්ඩලයක් පත්කිරීම කල් යන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් කිහිපදෙනකුට ප්‍රකාශ කර ඇත. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් කිහිපදෙනකු පසුගියදා පාර්ලිමේන්තුවේ දී ජනාධිපති හමුවී නව ඇමැති මණ්ඩලයක් හෝ එම පෙරමුණේ අ... |
"පුරාවස්තු සොරකම් වැඩි වෙයි" | "පුරාවස්තු සොරකම් කිරීම සහ විනාශ කිරීමේ සිද්ධීන්වල වැඩි වීමක් පසුගිය වසරේදී (2021) වාර්තා වී ඇත. පුරාවස්තු ආරක්ෂක ඒකකය මගින් නිකුත් කළ වාර්තාවකට අනුව මේ බව අනාවරණය වී තිබේ. ඒ අනුව 2021 වසරේදී පුරාවස්තු විනාශ කිරීමේ හා සොරකම් කිරීමේ සිද්ධීන් 383ක් වාර්තා වී ඇත. 2019 වසරේ දී එවැනි සිද්ධීන් 273ක් ද 2020 වසරේ දී 121ක් ද වා... |
"ආර්ථික අගාධයට ගෝඨා මහින්ද බැසිල් වගඋත්තරකරුවන් කළ පෙත්සම්වලට අවසර" | "ගෝඨාභය, මහින්ද, බැසිල්, කබ්රාල්, ජයසුන්දර, ආටිගල ඇතුළු මුළු වගඋත්තරකරුවන් ගණන 39 ක් කලින් අයි.එම්.එෆ්. නොගිය හේතු හා බැඳුම්කර ගැනත් අසයිරනිල්ගේ නම ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉවත් කරයිප්‍රශ්න සහගත ගනුදෙනු ගැන විගණන වාර්තාවකුත් ඉල්ලයි රට මෙවන් ආර්ථික අගාධයකට ඇදදැමීමට හේතු පාදක වූ තීන්දු තීරණ ගත්තේ යැයි හිටපු ජනාධිපති ගෝඨාභය රාජ... |
"ශ්‍රී ලංකාවට එරෙහිව තවත් ජිනීවා වාර්තා 4 ක්" | "ශ්‍රී ලංකාවට එරෙහිව තවත් ජිනීවා වාර්තා 4ක් ඉදිරි වර්ෂවල මානව හිමිකම් සමුළුව වෙත ඉදිරිපත් කෙරෙනු ඇත. මේ නිසා මානව හිමිකම් කවුන්සිලය ගිනස් වාර්තාවක් තබා තිබේ. ඒ එකම රටකට එරෙහිවන මානව හිමිකම් වාර්තා රැසක් ගොනු වීමයි. ඊශ්‍රායලයට එරෙහිව ද වාර්තා රැසක් කෙටුම්පත් වී ඇති අතර එම වාර්තා මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් වී නැත. ... |
"හිරගෙදර හොද්දට වැටී හිරකාරයෙක් මරුට" | "අගුණකොළපැලැස්ස බන්ධනාගාරයේ සිරදඬුවම් විඳිමින් සිටි සිරකරුවකු එහි මුළුතැන්ගෙයි විශාල හොදි භාජනයකට වැටී පිළිස්සීමෙන් මිය ගොස් ඇති බව බන්ධනාගාර ආරංචිමාර්ග පවසයි. මෙම සිරකරු මිනීමැරුමක් සම්බන්ධයෙන් වැරදිකරු වී වසර 25 ක් බන්ධනාගාර ගතව සිටි අයෙකි. ලබන 2028 වර්ෂයේ මොහු නිදහස ලැබීමට නියමිතව සිට ඇති බව බන්ධනාගාරය පවසයි. ඉකුත් ... |
"පැස්කුවල්ගේ වරප්‍රසාද ප්‍රශ්නයෙන් මැතිසබය උණුසුම් වෙයි" | "හර්ෂ ද සිල්වා අත්තනෝමතිකව වැඩ කරලා – අනූප පැස්කුවල්හර්ෂ උත්තර දෙන්න නැගිටින විට ආණ්ඩුවෙන් දැඩි ඝෝෂාවරප්‍රසාද ප්‍රශ්න ගැන සභාවේදී අදහස් දක්වන්න බෑ – කථානායක විපක්‍ෂ නායකට හා හර්ෂට කියයි රාජ්‍ය මුදල් කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා විසින් සංවිධානය කරන ලද එම සභාවේ වැඩමුළුවක් සම්බන්ධයෙන් මන්ත්‍රී අනූප පැස්කුවල... |
"බැසිල්ගේ ගොට්ටෝ ‘22ට’ විරුද්ධයි – විමල් මැති සබයේදී කියයි" | "ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විසි දෙවැනි සංශෝධනය ගෙන ඒමට ‘බැසිල් රාජපක්ෂවාදී ගොට්ටෝ’ විරුද්ධයි යැයි මන්ත්‍රී විමල් වීරවංශ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (07 දා) චෝදනා කළේය. විසි දෙවැනි සංශෝධනයෙන් ද්විත්ව පුරවැසිභාවය සහිත පුද්ගලයන්ට මන්ත්‍රීධුර හෝ ඇමැතිධුර දැරීමට නොහැකි බවට යෝජනා කර තිබීම නිසා ඇමෙරිකාවේ සිට ‘මොළ හතානෝ’ මන්ත්‍රීවර... |
"අඩුම ඡන්ද ලැබුණෙ මෙවර: තාර්කිකව පිළිතුරු නොදෙන නිසා ශ්‍රී ලංකාව ජිනීවාවල අසරණ වෙනවා – උදය ගම්මන්පිල" | "ජිනීවාවල දී ලංකාව අසරණ වෙන්නේ ලංකාවට එරෙහිව ඉදිරිපත් වන වාර්තාවල අඩංගු කරුණුවලට සාක්ෂි සහිතව තාර්කිකව පිළිතුරු දෙන්න මෙතෙක් ලංකාණ්ඩුව අසමත් වී ඇති නිසා යැයි පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා ඊයේ කොළඹ පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී පැවසීය. ජිනීවාවලදී ශ්‍රී ලංකාවට අන්තම පරාජය අත් වුණේ මෙවර යැයි ද ඔහු එහිදී කීවේය. ග... |
"මිහිකතගේ රූප සුන්දරිය ‘මිස් අර්ත්’ අවසන් ජයග්‍රාහිකාව තෝරා ගැනීමේ තරගය අද" | "රටවල් 108ක සහභාගිත්වයෙන් මේ වසරේ නොවැම්බර් මස පිලිපීනයේ පවත්වනු ලබන “මිස් අර්ත් 2022” නොහොත් “මිහිකතගේ රූප සුන්දරිය 2022” තෝරා ගැනීම සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරන ජාතික මිහිකත රූප සුන්දරිය තෝරා ගැනීමේ අවසන් තරගය අද (8) කඳාන ඉකෝ රිසෝර්ට් හිදී පැවැත්වේ. මේ සඳහා රුක් රෝපණය, සිංහරාජ නිවර්තන වැසි වනාන්තර ආශ්‍රිත ක්‍රියාකාරක... |
"මිහිකතගේ රූප සුන්දරිය ‘මිස් අර්ත්’ අවසන් ජයග්‍රාහිකාව තෝරා ගැනීමේ තරගය අද" | "රටවල් 108ක සහභාගිත්වයෙන් මේ වසරේ නොවැම්බර් මස පිලිපීනයේ පවත්වනු ලබන “මිස් අර්ත් 2022” නොහොත් “මිහිකතගේ රූප සුන්දරිය 2022” තෝරා ගැනීම සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරන ජාතික මිහිකත රූප සුන්දරිය තෝරා ගැනීමේ අවසන් තරගය අද (8) කඳාන ඉකෝ රිසෝර්ට් හිදී පැවැත්වේ. මේ සඳහා රුක් රෝපණය, සිංහරාජ නිවර්තන වැසි වනාන්තර ආශ්‍රිත ක්‍රියාකාරක... |
"මන්ත්‍රීවරුන් පෞද්ගලිකව විදුලි බිල් ගෙවිය යුතු නෑ" | "හිඟ විදුලි බිල්පත් ගෙවිය යුත්තේ මා පමණක් නොවේ – පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර විදුලිබල මණ්ඩලය සඳහා හිඟ බිල්පත් ගෙවිය යුතු වන්නේ තමා පමණක් නොවන නමුත් එම බිල්පත් මන්ත්‍රීවරුන් පෞද්ගලිකව ගෙවිය යුතු ඒවා නොවන බව මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (07 දා) කියා සිටියේය. විදුලිබල මණ්ඩලය සඳහා හිඟ බිල්පත් ... |
"විසිදෙවැනි ව්‍යවස්ථා සංශෝධනය අනිවාර්යයෙන් ගෙන ආයුතු බව මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ අදහසයි" | "22 සම්මත කරන විට ප්‍රජාතන්ත්‍රවාදයට විරුද්ධ දේශපාලනඥයන් කවුද කියා ජනතාවට දැනගත හැකියි– සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති කරු ජයසූරිය විසි දෙවන ව්‍යවස්ථා සංශෝධනය අනිවාර්යෙන් ගෙන ආ යුතු බවට මල්වතු අස්ගිරි මහනාහිමිවරු දෙපළ අදහස් පළ කළ බව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති කරු ජයසූරිය මහතා පවසයි. ... |
"අවස්ථාවාදී සහ ජාතිවාදී දේශපාලනයෙන් රට සැමදා අර්බුදයට ලක්වුණා – විපක්‍ෂ නායක" | "රටේ සුළු ජාතීන් ලෙස වෙනම ජාතීන් නොමැති බවත්, සිටිනා සියලු ජාතීන් සියල්ලන් එක් වී රට ගොඩනැඟිය යුතු යැයි විපක්ෂ නායක කාර්යාලයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. ජාතික සංවිධාන 12ක නියෝජිතයන් අතර පැවැති හමුවකදී හෙතෙම මේ බව කියා සිටියේය. වඳ කොත්තු, වඳ සැත්කම්, ශාෆි සිදුවීම වැනි සිදුවීම් හරහා ජාතීන් අතර වෛරයක් ඇති ... |
"විජය කුමාරතුංග ජන්ම දින සැමරුම හෙට" | "මානව හිතවාදී දේශපාලනඥයකු මෙන්ම ජනතා ආදරය දිනූ කලාකරුවකු වූ විජය කුමාරතුංගයන්ගේ 77 වැනි ජන්ම දිනය හෙටට (9 දා) යෙදී තිබේ. මේ නිමිත්තෙන් හෙට විවිධ සමරු උත්සව හා වැඩසටහන් ද සංවිධානය කර තිබේ. 1984 වසරේ දී විජය කුමාරතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් ටී. බී. ඉලංගරත්න, චන්ද්‍රිකා කුමාරතුංග බණ්ඩාරනායක, ප්‍රේමදාස උඩගම, ඔසී අබේගුණසේකර ... |
"පරිසර අධිකාරියේ ලොක්කෙක් සංවේදී කලාපයක හෝටල් හදලා" | "මධ්‍යම පරිසර අධිකාරියේ ඉහළම පෙළේ තනතුරු දරන්නකු සහ ඔහුගේ පුතු විසින් මාතලේ පිටවල – රත්නින්ද ප්‍රදේශයෙන් ඓතිහාසික, සංස්කෘතික සහ කෘෂිකාර්මික වශයෙන් ද අතිශය වැදගත් පාරිසරික සංවේදී භූමිභාගයක සිදුකරගෙන යනු ලබන හෝටල් සංකීර්ණයක් පිළිබඳ තොරතුරු වාර්තා වේ. ලෝක උරුම නකල්ස් රක්ෂිතයට මායිම්ව පිහිටි මේ ප්‍රදේශය හරහා මොරගහකන්ද ජලාශ... |
"ජිනීවා යෝජනා මෙවර ගුණාත්මකව වෙනස් – පුබුදු ජයගොඩ" | "ජිනීවා සමුළුවේදී ශ්‍රී ලංකාව මෙවර ගත්තෙ ඉතිහාසයේ අවම ඡන්ද ප්‍රමාණය යැයි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා ඊයේ පැවසීය. යුද්ධය පැවැති කාලයේ දී පවා ශ්‍රී ලංකාවට ඡන්ද 11ක් 12ක් ලැබුණ අවස්ථා තිබුණ මුත් මෙවර ලබා ගත්තේ ඡන්ද හතක් පමණක් ඇයි ද ඔහු කීවේය. ඔහු මෙසේ ද පැවසීය. ජිනීවා යෝජනාවලිය මෙවර ගුණාත්මක... |
"පිරිපහදුව යළි වැසෙයි" | "ඉන්ධන තොග තියෙනවා බය වෙන්න එපා – ඇමැති කංචන මැතිසබයේදී කියයි සපුගස්කන්ද තෙල් පිරිපහදුව නැවත වතාවක් ඊයේ සිට වසා දැමීමට සිදුවන බව විදුලිබල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (07දා) පැවසීය. එහිදී ඇමැතිවරයා මෙසේද කීය. අද දවසේ අපට තීන්දුවක් ගන්න වෙනවා, සපුගස්කන්ද පිරිපහදුව නැවත වතාවක් අද සිට වසා දමන්... |
"ජිනීවා මානව හිමිකම් කොමිසමේදී ශ්‍රී ලංකාව තනිවී නෑ" | "ජිනීවා මානව හිමිකම් කොමිසමේදී රට මුහුණ දුන් තත්ත්වය මත ශ්‍රී ලංකාව තනිවෙලා යැයි කියන කාරණාවක් මතු නොවෙන බව අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (07) පැවසීය. හිටපු විදේශ අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා ජිනීවා ඡන්ද විමසීම සම්බන්ධයෙන් සිය මතය ඊයේ දින පාර්ලිමේන්තුවේදී ඉදිරිපත් කළ අව... |
"සරුංගලයේ වෛරයෙන් මරණ 7 ක්" | "මිනුවන්ගොඩ ගමන්ගෙදර ප්‍රදේශයේදී ඊයේ (06 දා) පෙරවරු 7.00 ට පමණ සිදුවූ ත්‍රිත්ව ඝාතනය සරුංගල් යැවීමේදී දෙපිරිසක් අතර වසර 05 ක් තිස්සේ පවතින ආරවුලක ප්‍රතිඵලයක් ලෙස සිදුවී ඇති බව පොලිස් විමර්ශනවලින් හෙළිවී තිබේ. මෙම සරුංගල් ආරවුල හේතුවෙන් වසර පහකදී පුද්ගලයන් හත් දෙනෙකු (7) ඝාතනයට ලක් වී ඇති බව පොලිසිය පවසයි. මෙම ත්‍රිත්ව ... |
"අඟුලානේදී දුම්රිය මගීන්ට කඩුවෙන් කොටලා රන් – මුදල් කොල්ලකාලා" | "පලා ගිය සැකකරුවෙක් අත්අඩංගුවට:තුවාල ලැබූ අඹුසැමි යුවළ රෝහලේ කඩුවක් රැගෙන පැමිණි පුද්ගලයන් දෙදෙනකු ඊයේ (06 දා) උදෑසන අඟුලාන දුම්රිය ස්ථානයේ දී දුම්රියේ ගමන් ගත් අඹු සැමි යුවළක් බියවද්දා කාන්තාවගේ ගෙල බැඳි රන් මාලයත්, පිරිමි පුද්ගලයාගේ මුදල් පසුම්බියත් කොල්ලකා පලා ගොස් ඇත. කොළඹ සිට මාතර දක්වා ගමන් කරන මෙම දුම්රිය උදෑසන ... |
"මාස තුනෙන් ආර්ථිකය හදනවා: පාඩු ලබන රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කරනවා" | "රටේ ණය ප්‍රතිව්‍යුහගතකරණය කොට, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ණය ලබා ගෙන, ලෝක බැංකුවෙන් සහ ආසියානු සංවර්ධන බැංකුවෙන් මුදල් ලබා ගෙන, බ්‍රිජින් ෆිනෑන්ස් රටවලින් ආධාර ගෙන ආර්ථිකය ගොඩ නැගීමට ඊළඟ මාස දෙක තුනේ දී පියවර ගන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (06දා) පැවසීය. ඊට අමතරව රටේ බදු ව්‍යුහය සම්පූර... |
"දෙසැම්බර් වන විට අයි.එම්.එෆ්. අනුමැතිය ලැබේවි" | "මහ බැංකු අධිපති කියයි ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මූල්‍ය පහසුකමක් ලබා ගැනීම සඳහා මේ වසරේ (2022) දෙසැම්බර් මාසය වන විට එම අරමුදලේ විධායක මණ්ඩල අනුමැතිය හිමිවනු ඇතැයි අපේක්‍ෂා කරන බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ඊයේ (06දා) මහ බැංකු මූලස්ථානයේදී පැවැති මාධ්‍ය හමුවේදී කීවේය. මේ වන විට ණය හිමියන්... |
"කෝටි 22 ක වංචාවට අත්අඩංගුවට ගත් සැකකාරිය රිමාන්ඩ්" | "කොළඹ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ සුඛෝපභෝගී කාර්යාලයක් පවත්වා ගෙන යමින් ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකුගෙන් ව්‍යාපාර සඳහා යෙදවීමට රුපියල් විසි කෝටි හැට ලක්‍ෂයකට අධික මුදලක් ඇමෙරිකානු ඩොලර් හැට දහසක් ඔස්ට්‍රේලියානු ඩොලර් ලක්‍ෂයක් සහ රන් භාණ්ඩ වංචාකර සාපරාධී සාවද්‍ය පරිහරණය කළ බවට චෝදනා මත අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංග... |
"ඉදිරියේදී දුප්පත්කම වැඩිවීමෙන් ඇතිවන නැගිටීම කිසිවකුට නවත්වන්න බෑ – පාඨලී චම්පික රණවක (සජබ)" | "විදුලිබල හා ඛනිජ තෙල් සංස්ථාව අනිවාර්යයෙන් ප්‍රතිව්‍යුහගත කළ යුතුයි – ඇමැති කංචන විජේසේකරජනපති ගත් නිවැරැදි තීන්දු හා තීරණ නිසා රටේ ආර්ථික පරිහානිය වැළකුණා – ඇමැති නිමල් සිරිපාල ද සිල්වාප්‍රශ්නය ව්‍යවස්ථාව නොවෙයි: දූෂිත දේශපාලනඥයන් – ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා (සජබ) රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ලෙස පත් වී නිවැරදි... |
"මහ බැංකුව පොලී අනුපාතය තියන තැනම තියා ගනියි" | "ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතික පවතින මට්ටමේ නොවෙනස්ව පවත්වා ගැනීමට තීරණය කළ බව මහ බැංකුව පවසයි. ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ 05 වැනිදා පැවැති රැස්වීමේ දී මේ තීරණය ගෙන ඇත. මේ අනුව මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය පිළිවෙළින්, සියයට 14.50 සහ සියයට 15.50 ක්... |
"මහජන උපයෝගිතා කොමිසමේ කට නිසා ඇඟලුම් ඕඩර් අඩුවෙලා" | "නිදහස් වෙළෙඳ කලාප සේවකයන්ගේ ජාතික මධ්‍යස්ථානය මහජන උපයෝගිතා කොමිසම ඉදිරියේදී පැය 10 ක් 12 ක් විදුලිය කැපීමට සිදුවන බවට කරන ප්‍රකාශ නිසා ඇඟලුම් කම්හල්වලට ලැබෙන ඇනවුම් අඩුවී ඇතැයි නිදහස් වෙළෙඳ කලාප සේවකයින්ගේ ජාතික මධ්‍යස්ථානයේ කැඳවුම්කරු ගාමිණී රත්නායක මහතා පැවසීය. මෙවැනි ප්‍රකාශ නිසා ඇඟලුම් කර්මාන්ත ශාලාවලට ලැබුණු ඇනව... |
"‘22’ ට සහය දෙන බව ඊයේ උදේ කිව්ව විපක්‍ෂය හවස වෙනස් වුණා – අගමැති" | "ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විසි දෙවැනි සංශෝධනය පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ දී ඊයේ සහ අද (06 – 07) දින විවාදයට ගැනීමට නියමිත වුවද එය මීළඟ සතියේ 18 සහ 19 යන දිනවල විවාදයට ගන්නා බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඊයේ දහවල් මැතිසබයට නිවේදනය කළේය. එම කෙටුම්පත ඊයේ පෙරවරුවේ සිට විවාදයට ගැනීමට නියමිත වූ අතර ඒ සඳහා න්‍යාය පත්‍ර... |
"ගල්අඟුරු නැව් දෙකක් මග එයි" | "නොරොච්චෝල ගල්අඟුරු බලාගාරයට අවශ්‍ය ගල්අඟුරු රැගත් නැව් දෙකක් පැමිණෙන බවට ඊයේ (06 දා) තහවුරු කර ඇත. මෙම නැව් දෙක සඳහා මීට පෙර අත්තිකාරම් ලබාදී තිබේ. මෙම නැව් දෙක ලබන 24 වැනිදා සහ නොවැම්බර් 01 වැනිදා පැමිණෙන බවට විදුලිබල මණ්ඩලයට දැනුම් දී ඇතැයි උසස් නිලධාරියෙක් පැවසීය. බලාගාරය සතුව මේ මස අවසන් වනතෙක් ගල්අඟුරු සංචිත පවති... |
"ඇමැති ධුරය නැතුවත් නාමල් නිල නිවාසයේ ඉන්නවා" | "මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා විදුලි බිල ගෙවීම පැහැර හැර ඇති සේම ඔහු ඇමැති නිල නිවාසයක මාස හයක් තිස්සේ තවමත් රැඳීසිටින්නේ යැයි විදුලි බල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (20දා) චෝදනා කළේය. ‘දයාසිරිගෙනුත් ලංවිමට ලක්ෂ 06ක පොල්ලක්’ යනුවෙන් ඊයේ (06) දින ‘දිවයින’ මුල් පිටුවෙහි පළවූ ප්‍රවෘත්තියක් සම්... |
"රටට බරක් වුණු රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යුහගත කරන්න මුලපිරුවා" | "පාර්ලිමේන්තුවේ ජාතික සභාව විසින් ළගඳීම ස්ථාපිත කරන ජන සභාව පාර්ලිමේන්තු ආංශික කමිටු ආදිය ඔස්සේ පැරැණි කෝන්තර අමතකකොට රට ගොඩනඟන පොදු වැඩපිළිවෙළකට එක්වන මෙන් ඉල්ලා සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (06 දා) පැවසීය. “පසුගිය සති කිහිපය තුළ එංගලන්තයේත්, ජපානයේත් කළ සංචාරයන්වලදී ලෝක රාජ්‍ය නායක නා... |
"ශ්‍රී ලංකාවට එරෙහි ජිනීවා යෝජනාව ඡන්ද 13 කින් සම්මත වෙයි" | "ශ්‍රී ලංකාවට සම්බන්ධව 51 වැනි ජිනීවා මානව හිමිකම් සමුළුවට රටවල් 21 ක් ගොනු කළ නව ජිනීවා යෝජනාවට පක්‍ෂව රටවල් 20 ක ඡන්දය භාවිතා කළ අතර රටවල් 7 ක් යෝජනාවට එරෙහි විය. ඒ අනුව වැඩි ඡන්ද 13 කින් එය සම්මත විය. රටවල් 20 ක් ඡන්දය දීමට පැමිණ සිටියේ නැත. මෙම යෝජනාවේ අරමුණ වූයේ ශ්‍රී ලංකාවේ හමුදා නිලධාරීන් 58 දෙනකුට එරෙහිව ජාත්‍ය... |
"රට ඉන්න අය වැඩිපුර ඩොලර් එවයි" | "මේ වසරේ (2022) මේ දක්වා වාර්තා වූ ඉහළම මාසික විදේශ විනිමය ප්‍රේෂණ ලැබීම වාර්තා කරමින් ඉකුත් අගෝස්තු මාසයේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 325 ක් දක්වා වැඩි වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. ඉකුත් ජුලි මස ලැබුණු විදේශ විනිමය ප්‍රේෂණ ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් මිලියන 279 කි. ශ්‍යාම් නුවන් ගනේවත්ත" |
"කෝප් ලොකු පුටුව වැඩි ඡන්දයෙන් මහාචාර්ය රංජිත්ට" | "නව වැනි පාර්ලිමේන්තුවේ තෙවැනි සභාවාරයේ පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ (කෝප්) සභාපතිවරයා ලෙස වැඩි ඡන්දයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පත් කළ මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා තේරී පත් වී ඇත. මෙම සභාපති ධුරය සඳහා රංජිත් බණ්ඩාර මහතා සහ සමගි ජන බලවේගයෙන් ඉරාන් වික්‍රමරත්න මහතා ද ඉදිරිපත් ව ඇති අතර එහිදී සි... |
"හික්කඩුවේ පාසල් බිමේ කුඩු විකුණූ ඩබල දැලේ" | "පොලිසියට කිව්වාට වැඩක් වුණේ නැති නිසා එස්.ටී.එෆ් එකට කිව්වා – විදුහල් ප්‍රකාශකයෙක් කියයිගාල්ල හික්කඩුව ප්‍රදේශයේ ප්‍රධාන පෙළේ පාසලක දරුවන්ට හෙරොයින් මත්ද්‍රව්‍ය අලෙවි කරමින් සිටි ප්‍රබල කුඩු ජාවාරම්කාරියක වන කළුපේ නංගි මල්ලි හෙවත් බබියා සහ ඇගේ සගයකු වූ බේබි නමැත්තකු හෙරොයින් ග්‍රෑම් නවයකට ආසන්න ප්‍රමාණයක් සමග පොලිස් ව... |
"කොරල් එනර්ජි සමාගමේ රජාගෙ පුතාගෙ කොටස් වෙන කෙනෙකුට පවරලා" | "සපුගස්කන්ද පිරිපහදුවට බොරතෙල් සැපයුම් ඒකාධිකාරිය ලබාදී තිබෙන කොරල් එනර්ජි සමාගමේ කොටස්වලින් සියයට විස්සක් මේ රටේ රජකුගේ පුතෙකුට අයිතියට තිබූ බවත් එම කොටස් ප්‍රමාණය මේ වනවිට වෙනත් අයකුට පවරා දී ඇති බවත් ශ්‍රී. ල. නි. ප. මහලේක්ම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පැවසීය.ශ්‍රීලනිප මූලස්ථානයේ ඊයේ (05 දා) පැවති පුව... |
"රාජසන්තක කළ හමර් රථය ගෙන්වපු කෙනාගෙම අතට ගිහින්" | "ඇමැති සියඹලාපිටිය සතියක් ඇතුළත වාර්තාවක් ඉල්ලයිනීති විරෝධී ලෙස මෙරටට ආනයනය කළ හමර් වර්ගයේ රථයක් රාජසන්තක කිරීමෙන් පසු එය ආනයනය කළ පුද්ගලයාට ම ලබාදීම සහ ටෙන්ඩර් පටිපාටි උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් සතියක් ඇතුළත වාර්තාවක් ලබාදෙන ලෙස මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා රේගු දෙපාර්තමේන්තුවට නියෝග කර ඇත.අදාළ වාහනය තව... |
"ගින්නෙන් දැවුණු ඕ.අයි.සී.ලා නඩු මගට" | "දේශපාලනඥයන්ගේ දේපොළ විනාශ කිරීම වළක්වා ගැනීමට කටයුතු නොකළ බව කියමින් මාරුකර යැවූ බව කියන පොලිස් ස්ථානාධිපතිවරුන් විසිදෙනකු එම මාරු කිරීම් අසාධාරණ බවට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් නඩු පැවරීමට තීරණය කර ඇත.මාරුවීම් ලැබූ කොල්ලුපිටිය පොලිසියේ හිටපු ස්ථානාධිපති ඩන්කන් ගුණතිලක මහතා හෙට (07 වැනිදා) ශ්‍රේෂ්ඨාධිකරණය... |
"මැයි 9 දා ගෙවල් ගිනිතැබූ තවත් 150ක් අල්ලන්න සොයයි" | "මැයි 09 වැනිදා රටපුරා සිදු වූ භීෂණ සිදුවීම්වලදී දේශපාලනඥයන්ට අයත් දේපොළ ගිනිතබා විනාශ කිරීමේ සිද්ධියට සම්බන්ධ තවත් පුද්ගලයන් 150දෙනකුට අධික පිරිසක් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය විමර්ශන ක්‍රියාත්මක කර ඇත.මෙම පුද්ගලයන් සියලුදෙනා හඳුනාගෙන සිටින බවත් ඔවුන් සොයා විශේෂ පොලිස් කණ්ඩායම් කීපයක් වැටලීම් කරගෙන යන බවත් පොලිස් ආර... |
"විජයදාසට තර්ජනය කර උසාවියට අපහාස කළ ටියුෂන් සර්ට සිර දඬුවම් – වසර 5 කට අත්හිටුවයි" | "ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ තර්ජනාත්මකව කතාකර අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු කරනු ලැබූ අමතර පන්ති ගුරුවරයකුට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (05 වැනිදා) වසර පහකට අත්හිටවූ වසර දෙකක බරපතළ වැඩසහිත සිරදඬුවම් නියම කළේය.එයට අමතරව ජී. රොහාන් කෝදාගොඩ නැමැති එම අමතර පන්ති ගුරුවරයාට රුපියල් ලක්‍ෂ... |
"උසාවියට අපහාස කිරීමේ චෝදනාව: – සනත් නිශාන්තට සිතාසි" | "ලබන 13 දා තම අධිකරණය හමුවේ පෙනී සිට අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට දඬුවම් නොකිරීමට හේතු ඇත්නම් අධිකරණය හමුවේ ගොනු කරන ලෙස දන්වා රාජ්‍ය ඇමැති සනත් නිශාන්තට සිතාසි යැවීමට අභියාචනාධිකරණය ඊයේ (05 දා) නියෝග කළේය.මහෙස්ත්‍රාත්වරුන් සහ දිසා විනිසුරුවරුන් සාමාජිකත්වය දරන අධිකරණ සේවා සංගමය පසුගිය 03 දා ගොනු කර තිබූ පෙත්සමක් කැඳව... |
"අලුත්ගම ස්ථාන දෙකකට සීල් – කන්න බැරි සහල් කිලෝ දහසය දහසක් දැලේ" | "මිනිස් පරිභෝජනයට නුසුදුසු සහල් අලෙවි කිරීමට ඇසුරුම් කරමින් සිටි ස්ථාන දෙකක් වටලා සහල් කිලෝ දහසය දහසක් සොයා ගෙන ව්‍යාපාරික ස්ථාන දෙක මුද්‍රා කළ බව කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් පැවසීය.අලුත්ගම දර්ගා නගරයේ සහ බේරුවල සහල් ගබඩාවක් සහ සහල් පිරිසිදු කර ඇසුරුම් කිරීමේ මධ්‍යස්ථානයක් මෙසේ මුද්‍රා තැබූ බව... |
"අලුත්ගම ස්ථාන දෙකකට සීල් – කන්න බැරි සහල් කිලෝ දහසය දහසක් දැලේ" | "මිනිස් පරිභෝජනයට නුසුදුසු සහල් අලෙවි කිරීමට ඇසුරුම් කරමින් සිටි ස්ථාන දෙකක් වටලා සහල් කිලෝ දහසය දහසක් සොයා ගෙන ව්‍යාපාරික ස්ථාන දෙක මුද්‍රා කළ බව කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් පැවසීය.අලුත්ගම දර්ගා නගරයේ සහ බේරුවල සහල් ගබඩාවක් සහ සහල් පිරිසිදු කර ඇසුරුම් කිරීමේ මධ්‍යස්ථානයක් මෙසේ මුද්‍රා තැබූ බව... |
"ඉංජිනේරු සංස්ථා සේවකයන් 1000ක් ස්වෙච්ඡාවෙන් විශ්‍රාම ගැන්වීම කඩිනම් කරන්න" | "සේවකයෝ රජයෙන් ඉල්ලතිරාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ සේවකයන් 1000ක් දෙනා ස්වෙච්ඡාවෙන් විශ්‍රාම ගැන්වීම :ඪඍී* කඩිනම් කරන ලෙස එම ආයතනයේ සේවකයෝ රජයෙන් ඉල්ලා සිටිති.යහපාලන සමයේ දී රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවට 500දෙනකු පමණ බඳවා ගැනීම නිසා සේවකයන්ගේ වැටුප් ගෙවීමට මසකට රුපියල් කෝටි 14ක (මිලියන 140) මුදලක් වැයවන බවද ගණන් බලා තිබේ.වත්මන් ... |
"22 වැනි ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව සත්‍ය ක්‍රියාවක් ………." | "22 වැනි ව්‍යවස්ථා සංශෝධන ක්‍රියාවලිය තුළ ඇති බෙදුම්වාදී සංශෝධන ඉවත් කරන ලෙස බලකරමින් ජාතික සංවිධාන ගණනාවක් ඒකාබද්ධව සංවිධානය කළ සත්‍යක්‍රියාවක් ඊයේ (05 දා) කොළඹ නිදහස් චතුරස්‍රයේදී පැවැත්විණි. එම අවස්ථාවට එක්වූ මහාචාර්ය ඉඳුරාගාරේ ධම්මරතන නාහිමි ඇතුළු මහා සංඝරත්නය ද, ආචාර්ය ගුණදාස අමරසේකර මහතා ඇතුළු ජාතික සංවිධානවල නි... |
"පිරිපහදුව ගැන බොරු කිව්වැයි වෘත්තීය සමිති ලේකම්ගේ වැඩ තහනම්" | "සපුගස්කන්ද තෙල් පිරිපහදුව සම්බන්ධයෙන් මාධ්‍ය හමුවක් පවත්වමින් අසත්‍ය කරුණු ප්‍රකාශ කළ බව කියන චෝදනා යටතේ ඛනිජතෙල් සංස්ථාවේ ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ ලේකම්වරයාගේ වැඩ තහනම් කර ඇත. 02-පිටුවටවැඩ තහනමට ලක්වූ ලේකම්වරයා විසින් පසුගියදා මාධ්‍ය හමුවක් පවත්වමින් දැනට පිරිපහදුවේ පිරිපහදු කටයුතු සිදුකරන ඌරල් වර්ගයේ බොර තෙල් ප... |
"කෝපා සභාපති පුටුව කබීර්ට" | "රාජ්‍ය ගිණුම් කාරක සභාවේ (කෝපා) සභාපති ලෙස සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතා ඊයේ (05දා) නිතරගයෙන් තේරී පත්විය.එම කාරක සභාවේ පළමු රැස්වීම ඊයේ පෙරවරු 10.00ට පාර්ලිමේන්තු කමිටු ශාලාවේදී පැවැත්විණි.මන්ත්‍රී කබීර් හෂීම් මහතා පත් කිරීමට ආණ්ඩු පක්‍ෂයද එකඟතාව පළ කර ඇත. මේ අතර කෝප් කමිටුවේ පළමුරැස්වීම අද (0... |
"පීඨාධිපතිට මරණ තර්ජනත් නෑ: පේරාදෙණියේ නවකවධත් නෑ ‘අන්තරේ’ වැඩබලන කැඳවුම්කරු කියයි" | "“පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඔය කියන බරපතළ නවකවධ සිද්ධීන් වෙන්නේ නැහැ. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ පීඨාධිපතිතුමාට මහා ශිෂ්‍ය සංගමය මරණ තර්ජනය කළේ නැහැ. ඒක බොරුවක්. අපි කිව්වේ විශ්වවිද්‍යාල සිසුන්ගේ ප්‍රශ්න විසඳන්න කියලයි” යැයි අන්තර් විශ්වවිද්‍යාලයීය මහා ශිෂ්‍ය සංගමයේ වැඩබලන කැඳවුම්කරු ටෙරන්ස් රුද්‍රිගු මහත... |
"ලිට්‍රෝ ගෑස් 12.5නට රු. 271කින් පහළට" | "කිලෝ ග්‍රෑම් 12.5 ගෘහස්ථ ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 271 කින් ඊයේ (05 වැනිදා) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමූ බවත් ඒ අනුව එහි නව මිල රුපියල් 4280ක් බවත් ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා “දිවයිනට” ට පැවැසීය.එමෙන්ම කිලෝග්‍රෑම් 5 ලිට්රෝ ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 107 කින් පහත දැමුූබවත් ඒ අනුව එහි නව... |
"පාස්කු පෙත්සම් විභාගය අවසන් තීන්දුව ඉදිරියේදී" | "බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් සහරාන් හෂීම් මුස්ලිම් අන්තවාදීන් 2019. 4. 21 එල්ල කළ මරාගෙන මැරෙන ප්‍රහාර මාලාව වළක්වා ගැනීමට අපොහොසත්වු පිරිසට නීතිමය පියවර ගැනීමට නියෝග කරන්නැයි ඉල්ලා සරත් ඉද්දමල්ගොඩ පියතුමා ප්‍රමුඛ පාර්ශව කිහිපයක් ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් 12 සම්බන්ධයෙන් විභාගය 5 වැනිදා අවසන් කළ ශ්‍රේෂ්ඨ... |
"පාඨලී ජාතික සභාවට-තොණ්ඩමන් වෙනුවට රාමේෂ්වරන්" | "ජාතික සභාවේ සාමාජිකයකු ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා නම් කර ඇති බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඊයේ (05 දා) පාර්ලිමේන්තුවේදී නිවේදනය කළේය.එමෙන්ම මන්ත්‍රී ජීවන් තොණ්ඩමන් මහතා ජාතික සභාවේ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වීම හේතුවෙන් ඇති වූ පුරප්පාඩුවට මන්ත්‍රී එම්. රාමේෂ්වරන් මහතා නම් කර ඇති බව ද කථානායක... |
"ලෝක ගුරු දිනය අද – ගුරු සේවාව වෘත්තියක් නොව සේවයකටත් එහා ගිය වගකීමක්" | "– ජනපති රනිල් වික්‍රමසිංහ ලොව ශ්‍රේෂ්ඨතම වෘත්තීන් අතර ගුරු වෘත්තිය මුල් තැන ගන්නේ ලෝකයේ හා මනුෂ්‍ය වර්ගයාගේ රඳා පැවැත්ම සඳහා වූ මඟ නොමඟ පසක් කරන මාර්ගෝපදේශකයා ගුරුවරයා වන හෙයින් යැයිලෝක ගුරු දිනය නිමිත්තෙන් ජනාධිපතිතුමාගේ සුබ පැතුම් පණිවිඩයක් නිකුත් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සඳහන් කරයි.එම පණිවුඩය මෙසේය.ගුරුවරය... |
"සාමකාමීව දේශපාලනික උද්ඝෝෂණ කිරීමට මේ රටේ ඉඩක් නැද්ද?" | "මානව හිමිකම් කොමිසමේ යෝජනා ක්‍රියාත්මක කිරීමට උත්තේජක සපයන්න එපාවිපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාසසාමකාමීව දේශපාලනික උද්ඝෝෂණයක් කරන්නට මේ රටේ ඉඩක් නැද්දැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ (05 දා) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් විමසා සිටියේය.එම ප්‍රකාශය මෙසේය. වසන්ත මුදලිගේ, ගල්වැව සිරිධම්ම හිමි, හෂාන් ගුණති... |
"ලියාපදිංචි නැති සමාගමකට ගල් අගුරු ටෙන්ඩරය දීලා" | "නොරොච්චෝලේ ලක්විජය බලාගාරයට 2022-2025 කාලය සඳහා ගල්අඟුරු මිලදී ගැනීම රජයේ අනුමත ප්‍රසම්පාදන ක්‍රියාවලියට අනුකූලව සිදු කර නොමැති බවට විගණකාධිපතිවරයා විසින් විමර්ශනය කර ඇති බවත් එබැවින් මෙම කටයුතුවලට සහභාගි වූ නිලධාරීන්ට ප්‍රසම්පාදන කටයුතු සඳහා සහභාගී වීම වසරකට තහනම් කළ යුතු බව මුදල් කමිටුව ඒකමතිකව තීරණය කළ බවත් එම කමිට... |
"අන්තරේට කැලණියේදී කඳුළු ගෑස්" | "අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ විරෝධතා පා ගමනට ඊයේ (04 වැනිදා) සවස පොලිසිය කැලණිය දළුගම ප්‍රදේශයේදී කඳුළු ගෑස් හා ජල ප්‍රහාර එල්ල කරන්නට වීමත් සමඟ දැඩි උණුසුම් තත්ත්වයක් හට ගැනුණි. මෙහිදී අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ හිටපු කැඳවුම්කරු වන රත්කරව්වේ ජිනරතන හිමි අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍ර... |
"දර්ශන්… ඔබට සුබ ගමන්…!" | "අභාවප්‍රාප්ත ජනප්‍රිය රංගන ශිල්පි දර්ශන් ධර්මරාජ්ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (05 දා) රක්වානේදී සිදු කෙරේ." |
"සිපෙට්කෝ ෂෙඩ් වර්ජනය රිවස් කරයි" | "තෙල් සංස්ථාව විසින් සිපෙට්කෝ ඉන්ධනහල් සඳහා ලබාදී තිබූ කොමිස් මුදලින් කොටසක් කපා හැරීම නිසා ඉන්ධන ඇණවුම් කිරීම නතර කිරීමට සිපෙට්කෝ ඉන්ධනහල් ඊයේ (04 දා) කටයුතු කර තිබුණත් විෂය භාර ඇමැතිවරයා සමග සිදුකළ සාකච්ඡාවකින් පසු එම තීරණය වෙනස් කළ බව ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමයේ උප සභාපති කුසුම් සන්දනායක මහතා පැවසීය. පෙරේදා (03 ... |
"ආණ්ඩුවෙන් විපක්‍ෂයට ගිය 43 දෙනා කෝප් – කෝපා කමිටුවලට නෑ – දයාසිරි ජයසේකර" | "ආණ්ඩුව නියෝජනය කොට විපක්ෂයට ගොස් සිටින ස්වාධීන මන්ත්‍රීවරුන්ට පොදු ව්‍යාපාර කාරක සභාව (කෝප්) ඇතුළු කාරක සභා සඳහා සාමාජිකත්වය ලබා නොදීම සහ අදහස් දැක්වීමට කාලය ලබා නොදීම සම්බන්ධයෙන් එම මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවේදී ඊයේ (04දා) දැඩි උද්වේගයෙන් අදහස් පළ කළහ. එහිදී ඇති වූ උණුසුම් සංවාදය මෙසේය. දයාසිරි ජයසේකර මහතා- ඉතිහාසයේ ප... |
"අතුරුදන් පේරාදෙණිය සිසුවා සොයන්න පොලිස් කණ්ඩායම් දෙකක්" | "පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ සිව්වන වසරේ අධ්‍යාපනය ලබමින් සිටියදී 02 වැනිදා සිට අතුරුදන් වූ ශිෂ්‍යයා සොයා විශේෂ පොලිස් කණ්ඩායම් දෙකක් පුළුල් පරීක්‍ෂණ ආරම්භ කර ඇත. මෙම ශිෂ්‍යාගේ අතුරුදන්වීමත් සමගම පසුගිය මාසයක පමණ කාලසීමාවක් තුළදී මෙසේ අතුරුදන් වූ තුන්වැන්නා මොහු බව පොලිසිය පවසයි. මීට පෙර අතුරුදන් වූ සරසවි ... |
"කෝටි 54 1/2 ක් ගෙවා ගත් මුද්‍රණ යන්ත්‍රයෙන් ගැහුවේ උ. පෙළ ප්‍රශ්න පත්‍ර 10% යි" | "විභාග දෙපාර්තමේන්තුව මගින් රුපියල් පනස්හතරකෝටි හැටදෙලක්ෂ හැටහතරදහස් හාරසියපනස් දෙකක (546,264,452) ක වියදමක් දරා ටර්න් කි මුද්‍රණ යන්ත්‍රයක් මිලදීගෙන තිබුණ ද මෙම වර්ෂයේ (2022) පවත්වනු ලැබූ 2021 වර්ෂයේ අ.පො.ස. උසස් පෙළ විභාගයේ සමස්ත ප්‍රශ්න පත්‍රවලින් එම යන්ත්‍රයෙන් මුද්‍රණය කොට ඇත්තේ සියයට 10 ක් පමණක් බැව් ජාතික විගණන ... |
"හර්ෂ අස් වුණා: දැන් චරිත කෝප් සභාපති කරන්න" | "විපක්‍ෂ නායක සජිත් ඉල්ලයි පොදු ව්‍යාපාර කාරක සභාව (කෝප්) සඳහා එහි හිටපු සභාපති මහාචාර්ය චරිත හේරත් මහතාගේ නම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් ඊයේ (04දා) පාර්ලිමේන්තුවේදී යළි යෝජනා කරනු ලැබීය. සමගි ජන බලවේගයෙන් නම් කර තිබූ ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ නම වෙනුවට චරිත හේරත් මහතාගේ නම යෝජනා කරන බව විපක්ෂ නායකවරයා සඳ... |
"සිංගප්පූරුවේදී මහේන්ද්‍රන් සමග ආහාර ගත් පුවත ජනපති ප්‍රතික්‍ෂේප කරයි" | "හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා සමග තමා සිංගප්පූරුවේදී ආහාර ගත් බවට පළ වන පුවත් ප්‍රතික්ෂේප කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (04දා) සඳහන් කළේය. සමගි ජන බලවේගය මන්ත්‍රී එස්. එම්. මරික්කාර් මහතා ඊයේ විවාදයේදී ජනාධිපතිවරයා ජපානය බලා යන අතරතුර සිංගප්පූරුවෙන් බැස අර්ජුන් මහේන්ද්‍රන... |
"ගල්අඟුරු ටෙන්ඩරය අහෝසි වුවත් නොරොච්චෝලෙට අවුලක් නෑ" | "ගල්අඟුරු ටෙන්ඩරය අහෝසි වුවත් නොරොච්චෝල බලාගාරයෙන් මේ වසර අවසන් වන තෙක් අඛණ්ඩව විදුලිය ලබාදීමට අවශ්‍ය පියවර ගෙන ඇතැයි බලාගාරයේ උසස් නිලධාරියෙක් පැවසීය. මේ වනවිට ගල්අඟුරු නැව් දෙකකින් මෙට්‍රික් ටොන් 60,000 ක් සහ 63,000 ක් ලබාගැනීම සඳහා අත්තිකාරම් මුදල් ගෙවා ඇති බවත් එම නැව් දෙකෙන් එක් නැවක් ගල්අඟුරු පටවාගැනීමට ගොස් දින ... |
"දේශීය කිරිපිටි මිල ඉහළට" | "ග්‍රෑම් 400 – රු. 100 කින් කිලෝව – රු. 230 කින් දේශීය කිරිපිටි නිෂ්පාදකයන් කිරි පිටි මිල ඉහළ දැමීමට පියවර ගෙන ඇත. ඒ අනුව දේශීය කිරිපිටි ග්‍රෑම් 400 පැකට්ටුවක් රුපියල් 100 කින් ද, කිලෝ ග්‍රෑම් එකක පැකට්ටුවක් රුපියල් 230කින් ද ලෙස මිල ඉහළ දමා ඇති බව දේශීය කිරිපිටි නිෂ්පාදකයෝ පවසති. මේ අනුව රුපියල් 850 ක්ව පැවති ග්‍රෑම් ... |
"සිමෙන්ති මිල රු. 100 කින් බස්සයි" | "INSEE සංස්ථා හා INSEE ප්ලස් නිපොන්, ටෝකියෝ සුපර් ඇතුළු සියලුම කිලෝග්‍රෑම් 50 සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 100 කින් අඩු කිරීමට එම සමාගම තීරණය කර තිබේ. එම මිල අඩු කිරීම ඊයේ (04 දා) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන අතර ඉදිකිරීම් ක්‍ෂේත්‍රය සඳහා යම් සහනයක් ලබාදීමේ අරමුණින් එම තීරණය ගත් බව එම සමාගම කියයි. වර්තමානයේ සිමෙ... |
"අමුද්‍රව්‍ය හිඟයෙන් වෙළෙඳ කලාපවල කම්හල් වැහිලා" | "ඇඟලුම් කර්මාන්තය සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය හිඟය නිසා කටුනායක, බියගම, වතුපිටිවල, කොග්ගල ආදී ආයෝජන ප්‍රවර්ධන කලාපවල ඇතැම් කර්මාන්ත ශාලාවල සේවකයින්ට දින දහයත් පහළොවත් අතර ගණනක් නිවාඩු ලබා දී තිබේ. මෙරට මුහුණ පා සිටින දැඩි ආර්ථික අර්බුදයත්, විදේශ විනිමය හිඟයත් නිසා කර්මාන්ත ශාලා විශාල ප්‍රමාණයක වැඩ නොමැතිව වසා දමා හෝ අර්ධ ව... |
"එළියේ කරන අරගල සරසවි ඇතුළේ බැහැ කැම්පස් රැග් නතර විය යුතුයි: පිටුදැකිය යුතුය" | "සියලුම විශ්වවිද්‍යාලවල සිදු කරන නවක වධය නතරවිය යුතු මෙන්ම එය පිටුදැකිය යුතු බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමයේ සභාපති මහාචාර්ය බී. එම්. එච්. එස්. කේ. බන්නැහැක මහතා පැවසීය. විශ්වවිද්‍යාල තුළ නවක වධය සිදුකරන සහ නවක වධයට විරුද්ධ වන ලෙස කණ්ඩායම් දෙකක් තිබිය නොහැකි බවත් සියලුම සිසුන් එක් කණ්ඩායමක් ලෙස එක්වී නවක වධය වැළැ... |
"අද රාත්‍රියේ සිට ලිට්‍රෝ ගෑස් රු.200 – 300 කින් පහළට" | "කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිල අද (05 වැනිදා) මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 200 ත් 300 ත් අතර මිලකින් පහත දමන බව එම සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා පැවසීය. ලෝක වෙළෙඳපොළේ ගෑස් මිල පහළ යෑම සැලකිල්ලට ගනිමින් මිල සූත්‍රයට අනුව ලිට්‍රෝ ගෑස් මිල මෙලෙස පහත දමන බවද හෙතෙම කියා සිටියේය. ප්‍රදීප් ප්‍රසන්න සමර... |
"දුවගේ ජීවිතයට වන්දි ගෙවන්න – සමාවෙන්න! කියා පොලිසිය සියල්ල අවසන් කරන්න හදනවා" | "පොලිසියේ උණ්ඩයට දිවි දුන් දියණිය වෙනුවෙන් වන්දි ඉල්ලා නඩු යනවාමියගිය තරුණියගේ මව කියයිබසයක යමින් සිටියදී පොලිස් වෙඩි උණ්ඩයකට නිරපරාදේ ජීවිතයෙන් වන්දි ගෙවූ ඉරේෂා ශ්‍යාමලී නමැති තම දියණිය වෙනුවෙන් සැලකිය යුතු වන්දියක් ඉල්ලා ඉදිරියේදී නීත්‍යනුකූල පියවරක් ගන්නා බව දංඕවිටදී මියගිය තරුණියගේ මව වන සුනේත්‍රා ජයමාන්න (66) මහත... |
"වසරක් ගියත් ස්ටාලින් ඇතුළු 33කට තාමත් චෝදනා ගොනුකර නෑ – උසාවි කැඳවීමම දඬුවමක් වෙලා" | "– නීතිඥ උසාවියට කියයිමහජන විරෝධතාවක නිරතව සිටියදී කොරෝනා ඇඳිරිනීතිය උල්ලංඝනය කළේ යැයි චෝදනා කරමින් අත්අඩංගුවට ගත් ලංකා ගුරු සංගමයේ මහ ලේකම් ජෝෂප් ස්ටාලින් මහතා ඇතුළු සැකකරුවන් 33 දෙනාට වසරකට අධික කාලයක් ගත වී ඇතත් මේ දක්වා අධිකරණය හමුවේ චෝදනා ගොනුනොකර අධිකරණයට කැඳවා දිගින් දිගටම රස්තියාදු කිරීමට පොලිසිය ගෙන ඇති පියවර ... |
"පාලකයන්ට අධිආරක්‍ෂාව සහ අධිපෝෂණය: ජනතාවට ඉතුරු මන්දපෝෂණය පමණයි" | "මිහින්තලා රජමහා විහාරාධිපති ආචාර්ය වලවාහැංගුණවැවේ ධම්මරතන නාහිමිමීට වසර 2300 කට පෙර මිහිඳු මහරහතන් වහන්සේ ඓතිහාසික මිහින්තලාවට වැඩම කර දඩයමේ පැමිණි පිරිසකට ධර්මය අවබෝධ කරමින් සියලුම දෙනාට නීතිය ක්‍රියාත්මක කිරීමට හැකි ‘භාරකාර සංකල්පය’ මිහින්තලා පුදබිමෙන් ආරම්භ කළ බවත් වර්තමානයේ රටට අත්ව ඇති ඉරණම සඳහාද එවැනි ීහිඑැප ජය්... |
"හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන අගමැතිකමට 71 වතාවක් ආරාධනා කළා" | "– විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසයහපාලන රජය පැවති කාලයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් තමන්ට අගමැතිකම භාරගන්නා ලෙස 71 වතාවක් ආරාධනා කළ බැව් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පෙරේදා (02 දා) ගාල්ල නාගොඩදී පැවසීය.සමගි ජනබලවේගයේ හිනිදුම ආසන බලමණ්ඩල රැස්වීමට එක්වෙමින් විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළේය. හෙතෙම මෙ... |
"පාසල්වල ඉංග්‍රීසි ඉගැන්වීම ලබන වසරේ සිට එකෙන්ම පටන් ගනී" | "ලබන වසරේ (2023) පළමු ශ්‍රේණියේ සිට පාසල් දරුවන්ට භාවිතයෙන් ඉංග්‍රීසි භාෂාව ඉගැන්වීමට අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සිදු කරන බව අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (03දා) පැවසීය.චාචික පිළිතුරු අපේක්ෂාවෙන් බුද්ධික පතිරණ මහතා විසින් විමසා තිබූ ප්‍රශ්නයකදී මෙරට භාෂා ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් මතු වූ ප්‍රශ්න... |
"කෝප් – කෝපා කමිටුවලට මන්ත්‍රීවරු පත් වෙති" | "විපක්‍ෂය සභාපති ධුර ඉල්ලයි: කථානායක නිහඬයිපොදු ව්‍යාපාර කාරක සභාවේ සහ රජයේ ගිණුම් කාරක සභාවේ (කෝපා සහ කෝප්) යන කමිටුවල සභාපති ධුර විපක්ෂය වෙත ලබා දෙන ලෙස විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (03දා) පැවසීය.එහෙත් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඊයේ ඒ පිළිබඳ කිසිවක් ප්‍රකාශ නොකොට ඉදිරි ... |
"කෝප් – කෝපා කමිටුවලට මන්ත්‍රීවරු පත් වෙති" | "විපක්‍ෂය සභාපති ධුර ඉල්ලයි: කථානායක නිහඬයිපොදු ව්‍යාපාර කාරක සභාවේ සහ රජයේ ගිණුම් කාරක සභාවේ (කෝපා සහ කෝප්) යන කමිටුවල සභාපති ධුර විපක්ෂය වෙත ලබා දෙන ලෙස විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (03දා) පැවසීය.එහෙත් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඊයේ ඒ පිළිබඳ කිසිවක් ප්‍රකාශ නොකොට ඉදිරි ... |
"ජිනීවා නව තානාපතිනිය හිමාලි අරුණතිලක" | "ජිනීවා හි නව ශ්‍රී ලංකා තානාපතිනිය ලෙස හිමාලි අරුණතිලක මහත්මිය පත්කර ඇත.ඇය ඊට පෙර නේපාලයේ ශ්‍රී ලංකා තානාපතිනිය ලෙස සේවය කළාය. නවසීලන්තය සහ ස්පාඤ්ඤය ඇතුළු රටවල් කීපයක සේවය කළ අරුණතිලක මහත්මිය ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශයේ ත්‍රස්තමර්දන ඒකකයේ අධ්‍යක්ෂ ජනරාල් ලෙස ද කටයුතු කර තිබේ. කීර්ති වර්ණකුලසූරිය" |
"හෙට රාත්‍රියේ සිට ලිට්‍රෝ ගෑස් මිල පහළට" | "හෙට (5 දා) මධ්‍යම රාත්‍රියේ සිට ගෘහස්ථ ගෑස් මිල සංශෝධනයක් සිදුකරන බව ලිට්‍රෝ සමාගම පවසයි.මේ අනුව ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල යළි අඩු කිරීමට පියවර ගන්නා බව එම සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී. සුජීව තත්සර" |
"ආර්ථික අර්බුදය ජය ගන්න ශ්‍රී ලංකාවට සහාය දෙනවා – යුරෝපා සංගමය කියයි" | "ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය ජය ගැනීමට සහාය වන බව යුරෝපා සංගමය නිවේදනය කර තිබේ.ශ්‍රී ලංකාව සෞභාග්‍යය කරා ගෙන යෑමට සහ කල්පවත්නා ජාතික සංහිඳියාවේ මාවතකට ප්‍රවේශ වීමට දරන ප්‍රයත්නයන්ට සහාය වීමට යුරෝපා සංගමය කැපවී සිටින බව එම කොමිසමේ සභාපති උර්සුලා වොන්ඩර් ලේන් මහත්මිය ප්‍රකාශ කර ඇත. රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයට ප... |
"පුනරුත්ථාපන පනත ව්‍යවස්ථාවට පටහැනි නම් සංශෝධනයට සූදානම්" | "නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වයිරජය විසින් පසුගිය 23 වැනිදා පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට ඇතුළත් කර ඇති පුනරුත්ථාපන කාර්යාංශ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනුකර ඇති විශේෂ පෙත්සම් සම්බන්ධ වැඩිදුර විභාගය හෙට (05දා) දක්වා කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (04 දා) නියෝග කළේය.එම පනත් කෙටුම්පත සම්බන්ධ විභාගය ගාමිණී අමරසේකර,... |
"කිසිම අපේක්‍ෂකයකුට සියයට 50ක් නෑ – බ්‍රසීල ජනාධිපතිවරණය දෙවැනි වටයකට යයි" | "බ්‍රසීල ජනාධිපතිවරණයෙන් කිසිදු අපේක්ෂකයකුට සියයට 50 කට වඩා ඡන්ද ප්‍රමාණයක් ලබා ගැනීමට නොහැකි වීම නිසා දෙවැනි වටයකට යෑමට සිදුව තිබේ.වත්මන් බ්‍රසීල ජනාධිපති ජෙයාර් බොල්සනාරෝ ලබා ගත් ඡන්ද ප්‍රතිශතය 43.2 ක් වන අතර හිටපු ජනාධිපතිවරයකු වන ලූලා ද සිල්වා ලබා ගත් ඡන්ද ප්‍රතිශතය සියයට 48.4 කි. හිටපු ජනාධිපති ලූලා ද සිල්වා ජනාධි... |
"මිල ඉහළ දැමීම නිසා නීත්‍යනුකූල මත්පැන් භාවිතය 40% කින් පහළට" | "දිගින්දිගටම මත්පැන් මිල ඉහළ දැමීම නිසා මේ වන විට නීත්‍යනුකූල මත්පැන් භාවිතය සියයට හතළිහකින් පමණ පහළ බැස ඇතැයි සුරාබදු කොමසාරිස් දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් ‘දිවයින’ට පැවසීය.මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ද මත්පැන් අලෙවිය සියයට 25 ත් 30 ත් අතර ප්‍රතිශතයකින් පහළ බැස ඇතැයි පසුගියදා ප්‍රකාශ කර තිබිණි. න... |
"විභාග බරෙන් තොර අධ්‍යාපනයක් හඳුන්වා දෙනවා" | "– ඇමැති සුසිල් ප්‍රේමජයන්ත වසර ගණන් එක දිගට විෂය දැනුම මතක තබාගෙන විභාගවලට මුහුණ දීමේ පීඩාකාරී මානසික වධයෙන් දරුවන් නිදහස් කිරීමට තමන් දැඩි පරිශ්‍රමයක නිරත වන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සිසුල් ප්‍රේමජයන්ත මහතා පවසයි. අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලටත් එහා ගිය අධ්‍යාපන පරිවර්තනයක් ඔස්සේ පවත්නා විභාග කේන්ද්‍රීය අධ්‍යාපන රටාව ව... |
"ආර්ථික අර්බුදය ජය ගනිමින් සෞභාග්‍යය කරා ගමන් කිරීමට ශ්‍රී ලංකාවට සහාය වෙනවා" | "ජනාධිපතිට විශේෂ සුබ පැතුම් පණිවුඩයක් යොමු කරමින් යුරෝපා කොමිසමේ සභාපතිනිය දන්වා සිටී ශ්‍රී ලංකාවේ ජනතාව පෙර නොවූ විරූ අභියෝගවලට මුහුණදී සිටින මොහොතක, අවශ්‍ය ප්‍රතිසංස්කරණමය ක්‍රියාවලියක් සහිතව එම අර්බුදය සාර්ථකව ජය ගනිමින් රට සෞභාග්‍යය කරා ගෙන යෑමට සහ කල් පවත්නා ජාතික සංහිඳියාවේ මාවතකට ප්‍රවේශවීමට ශ්‍රී ලංකාව දරන ප්... |
"ආයෝජන මණ්ඩලයේ විශ්ලේෂණ නෑ: – ක්‍රමෝපාය පනතට අනුමැතිය නෑ" | "ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය නිසි විශ්ලේෂණයක් ලබානොදීම හේතුවෙන් අද (04දා) පාර්ලිමේන්තුවේ විවාදයට ගැනීමට නියමිත 2008 අංක 14 දරන ක්‍රමෝපාය සංවර්ධන පනත යටතේ අංක 2291/25 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළකළ නියමයට රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමැතිය හිමි නොවිණි.පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතීත්වයෙන් ඊයේ (... |
"එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත මොහාන් පීරිස් එ.ජා.පළමු කමිටුවේ සභාපති ධුරයට" | "නිව්යෝර්ක් හි සිටින එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත, තානාපති මොහාන් පීරිස් මහතා එක්සත් ජාතීන්ගේ පළමු කමිටුවේ සභාපතිවරයා ලෙස පත් කර තිබේ.නිරායුධකරණය සහ ජාත්‍යන්තර ආරක්ෂාව හා සබැඳි කරුණු සම්බන්ධයෙන් කටයුතු කරන එක්සත් ජාතීන්ගේ පළමු කමිටුව විසින් එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා තානාපතිවරයා සහ එක්සත් ජාතීන්ගේ නිත්‍ය න... |
"කොටස් වෙළෙඳ පොළ කඩාවැටේ" | "කොළඹ කොටස් වෙළෙඳ පොළ දෛනික ගනුදෙනු ඊයේ (03දා) පස්වරු 12.04 ට අත්හිටුවනු ලැබීය. පූර්ව ගනුදෙනු දිනය හා සැසඳීමේ දී එස් ඇන්ඩ් පී ශ්‍රී ලංකා 20 දර්ශකය සියයට 5ක ප්‍රමාණයක් ඉක්මවා පහළ ගොස් තිබීම මීට හේතුවයි.ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ නියමයන් ප්‍රකාරව එස් ඇන්ඩ් පී ශ්‍රී ලංකා දර්ශකය පෙර ගනුදෙනු දිනයට වඩා සි... |
"අහක ගිය පොලිස් වෙඩිල්ලට කතක් බිලි – දංඕවිට මත්පැන් අලෙවි සලක් කොල්ල කා පලා යද්දී පොලිසියෙන් වෙඩි" | "වෙඩි කෑ කොල්ලකරුවෝ දෙදෙනෙකුත් රෝහල්ගතවෙලාමීරිගම, දංඕවිට නගරයේ පිහිටි මත්පැන් අලෙවි සලක් (වයින් ස්ටෝර්ස්) ඊයේ (2දා) අලුයම 3.00 ට පමණ කොල්ල කා පලා යෑමට උත්සාහ කළ කොල්ලකරුවන් පිරිසකට පොලිසිය වෙඩි තබද්දී ඉලක්කය වැරදී බස් රථයක සිටි මගී කාන්තාවකගේ හිසට වැදී ඇය එම ස්ථානයේම මියගොස් තිබේ. මෙලෙස අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ බෙ... |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.