Title
stringlengths
9
246
Content
stringlengths
3
62.9k
"තහනම් කලාප ඇති කළේ රාජපක්ෂවරුන්ගේ ආරක්ෂාවටයි"
"පැටව් කිව්වට රටේ ආරක්ෂාවට කියලාවිපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ගලිගමුව  ආසන බල මණ්ඩලය අමතමින් කියයිරාජපක්ෂ පැටව් කියනවා මේ තහනම් කලාප ඇති කලේ රටේ ආරක්ෂාවට කියලා.නමුත් රටේ ආරක්ෂාවට නොවෙයි රාජපක්ෂවරුන්ගේ ආරක්ෂාවටයි මෙම කලාප ඇති කරන්නේ. පසුගිය කාලේ එක්සත් ජාතික පක්ෂයේ නිවිතිගල ප්‍රදේශයේ එක්සත් ජාතික පක්ෂයේ ආධාරකරුවෙකුට වෙඩි ...
"පැය හයකට පෙර පොලිසියෙන් අවසර  ගත්තොත් විරෝධතාවලට කිසිම බාධාවක් නෑ – වැඩබලන ආරක්‍ෂක ඇමැති ප්‍රමිත තෙන්නකෝන්"
"විරෝධතා සහ උද්ඝෝෂණ පැවැත්වීමේදී පැය හයකට පෙර පොලිසිය දැනුවත් කර ඒ සඳහා අවසර ලබාගතහොත් කිසිදු බාධාවක් ඇති නොවනු ඇතැයි වැඩබලන ආරක්‍ෂක ඇමැති ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පැවසීය.එසේම උද්ඝෝෂණ පැවැත්වීමේදී සාමාන්‍ය ජන ජීවිතයට බාධා ඇති කිරීමට ඉඩදිය නොහැකි බවද ඇමැතිවරයා සඳහන් කළේය.එවැනි තත්ත්වයක් ඇති වුවහොත් ඊට එරෙහිව නීති ප...
"ඊළඟ ජනතා නැගී සිටීම අතිශයින්ම භයානක වෙන්න පුළුවන්"
"පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ උදය ගම්මන්පිල  තමන්ගේ දෙමාපියන්ගේ මරණ හමුවේ පුංචි දරුවන්ගේ කුසගින්න හමුවේ ජනතා නැගී සිටීමක් සිදු වුණොත් එය අප්‍රියෙල් මාසයටත් වඩා අතිශයින්ම භයානක තත්වයක් බවට අපි ආණ්ඩුවට අනතුරු අගවනවා යැයි පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ උදය ගම්මන්පිල මහතා පැවසීය. ඊයේ(26දා) පැවති මාධ්‍ය...
"මැති ඇමැති බොහෝ පිරිසක් පාර්ලිමේන්තු භෝජනාගාරයෙන් කෑම ගැනීම නතර කරලා – කථානායක"
"මැති ඇමැතිවරුන් බොහෝ දෙනකු පාර්ලිමේන්තු භෝජනාගාරයෙන් ආහාර  ගැනීම නතර කර ඇතැයි කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ‘දිවයින’ට ඊයේ (26 දා) පැවසීය.මෙසේ පාර්ලිමේන්තු භෝජනාගාරයෙන් ආහාර නොගන්නා මැති ඇමැතිවරුන්ගේ සංඛ්‍යාව කොපමණ දැයි නොදන්නා බවද කථානායකවරයා කියා සිටියේය.පාර්ලිමේන්තු දිවා ආහාරය රුපියල් සියයකින් ඉහළ දමා ඇති අතර මා...
"විරෝධතා  පා ගමනට පොලිස් ප්‍රහාර මරදාන ඩීන්ස් පාරේදී"
"20 ක් රෝහලේ – අත්අඩංගුවට ගත් 83 ට ඇප සමාජවාදී තරුණ සංගමය පෙරේදා (24 දා) කොළඹ සංවිධානය කළ විරෝධතා පා ගමන අතුරතුර සෞඛ්‍ය අමාත්‍යාංශය අසලදී පොලිසිය හා විරෝධතාකරුවන් අතර උණුසුම් තත්ත්වයක් හටගත් අතර, එහිදී තුවාල ලැබූ 20 දෙනකු රෝහල් ගත කර තිබේ. තුවාල ලැබූ පිරිස අතර කාන්තාවක් හා පොලිස් නිලධාරීහු 5 දෙනෙක් වෙති. සමාජවාදී තරුණ ...
"සෑම පැයකටම ලාංකිකයින් 32 ක් රට හැර යනවා – හිටපු කතානායක කරු ජයසූරිය"
"ගෙවුණු මාස අටට වෛද්‍යවරුන් 500ක් රට ගිහින් සෑම පැයකටම ලංකාවේ පුරවැසියන් 32 ක් විදේශගත වෙන බවත් පසුගිය මාස 8 අට තුළ වෛද්‍යවරුන් 500 කට වඩා රට හැර ගොස් ඇති අතර ඉංජිනේරුවරු ඇතුළු සිය ගණනක් බුද්ධිමතුන් විදේශගත වෙන බවත් සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති හා ජාතික ආගමික සංහිඳියාව සඳහා වන එකමුතුවේ සභාපති කරු ජයසූ...
"තෙල් බවුසරය පැහැරගත් කප්පම් කල්ලිය පොලිසිය පැයෙන් අල්ලයි"
"හන්තාන දුරකථන සම්ප්‍රේක්ෂණ කුලුනේ විදුලි උත්පාදක යන්ත්‍රයට අවශ්‍ය ඩීසල් ලීටර් 6500 ක් රැගෙන පෙරේදා (24දා) අලුයම 2.00 ට පමණ යමින් තිබූ ඉන්ධන බවුසරයක් පැහැරගෙන ගොස් කප්පම් මුදලක් ලබා ගැනීමට උත්සාහ කළ සංවිධානාත්මක කණ්ඩායමක සාමාජිකයන් දෙදෙනකු පැයකට ආසන්න කාලයක් ඇතුළත අත්අඩංගුවට ගැනීමට මහනුවර පොලිසිය සමත් විය.ත්‍රිරෝද රථ ද...
"දෙමටගොඩ පාතාලයෙන් රෝහල් සුළු සේවකයන්ට තොග පිටින් අයිස්"
"කොළඹ ප්‍රධානම පෙළේ රෝහලක සුළු සේවකයන් වෙත අයිස් ඇතුළු අනෙකුත් මත්ද්‍රව්‍ය තොග පිටින් සපයන්නේ දෙමටගොඩ ප්‍රදේශය කේන්ද්‍ර කරගත් පාතාල කණ්ඩායමක් විසින් බව විමර්ශනවලින් අනාවරණය වී ඇත.මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම සිය ප්‍රධාන ආදායම් මාර්ගය කරගෙන සිටින මෙම පාතාල කණ්ඩායම කොළඹ මත්ද්‍රව්‍ය ජාලයේ ප්‍රධානියා බව ද හෙළි වී තිබේ.මෙම...
"චීනයේ බල පෙරළියක්ද? – නිල ප්‍රකාශ කිසිවක් නෑ"
"චීන හමුදාව කුමන්ත්‍රණයක් කරමින් එරට බලය අල්ලා ඇති බවටත් චීන ජනාධිපති ෂී ජින්පින් සේනාධිනායක ධුරයෙන් නෙරපා දැමුණු බවටත් දැක්වෙන පණිවුඩ සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීමට පටන්ගෙන තිබිණි.මේ සමාජ මාධ්‍ය ප්‍රචාර හේතුවෙන් ඉමහත් ආන්දෝලනයක් හටගෙන ඇති අතර ඒ සම්බන්ධයෙන් ඊයේ පත්‍රය මුද්‍රණය වනවිටත් චීනය නිල වශයෙන් ප්‍රතිචාරයක් දක්වා ...
"ආණ්ඩුව මර්දන ත්‍රිත්වයක් දියත් කරලා – විපක්‍ෂ නායක සජිත් කියයි"
"අධි ආරක්‍ෂක කලාප ඇතිකරමින් තවත් නීති විරෝධි මර්දනයක් ක්‍රියාත්මක කර ඇති බවත් ආණ්ඩුව මර්දන ත්‍රිත්වයක් රට තුළ දියත් කර ඇති බවත් විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත හරහා තරුණ ක්‍රියාකාරීන් සිරගත කිරීම සහ නිදහස් මාධ්‍යයේ පැවැත්මට බාධා පැමිණවීමද සිදුකර ඇති බව සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය. ර...
"ජනපති කොල්ලුපිටිය වාලුකාරාමයේ"
"කොල්ලුපිටියේ වාලුකාරාම විහාරස්ථානයේ වාර්ෂික ඇසළ මහා පෙරහැර මංගල්‍යයේ සාම්ප්‍රදායික චාරිත්‍ර විධි පැවැත්වීම සහ මියන්මාරයේ සිට වැඩම කරවන ලද පද්මාකාර කිරිගරුඬ චෛත්‍යරාජයාණන් වහන්සේට පුෂ්පෝපහාර දැක්වීම ඉකුත් 24 වැනිදා පස්වරුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සහභාගීත්වයෙන් පැවැත්විණි. විහාරස්ථානය වෙත පැමිණි ජනාධිපතිවරයා ...
"විදුලි බිල අධික සිද්ධස්ථානවලට නිෂ්පාදන මිලට සූර්ය පැනල දෙනවා – ජනපතිගෙන් මහනාහිමිවරුන්ට ලිපියක්"
"ඉතාමත් අධික විදුලි බිලක් ගෙවීමට සිදුවන ආගමික සිද්ධස්ථාන වෙත නිෂ්පාදන මිලට යටත්ව සූර්ය පැනල ලබාදීමට හෝ සූර්ය පැනල ආනයනය කරන්නේ නම් ඒ වෙනුවෙන් ක්‍රමවේදයක් සැකසීමට මහනාහිමිවරුන්ගේ සහ ආගමික නායකයන්ගේ අනුශාසනා පෙරදැරිව කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මල්වතු අස්ගිරි, අමරපුර හා රාමඤ්ඤ මහ නිකායේ මහනාහිමිවරු වෙත ...
""තර්ජනයෙන්, මර්දනයෙන්  රට පාලනය කරන්න බැහැ – ලක්‍ෂ ගණනින් ජනතාව කොළඹ වටලන දවස වැඩි ඈතක නෑ""
"අනුර කුමාර දිසානායක බිය වැද්දීම්, තර්ජන සහ මර්දනයෙන් රට පාලනය කළ හැකි බව රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා සහ ඔහුගේ ගෝලබාලයන් සිතන්නේ නම් එය වියරු සිහිනයක්ම පමණක් වනු ඇතැයි ජාතික ජනබලවේගයේ සහ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවසීය.එවැනි හැඟීම් වලංගු වන්නේ මීට දශක ගණනාවකට එහා යුගයකට බවත් වර්තමානයට එය ක...
"අධිආරක්‍ෂිත කලාප ගැසට්ටුවට එරෙහිව  උසාවි යනවා – සුමන්දිරන් කියයි"
"ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් කොළඹ හා ඒ අවට පිහිටි ප්‍රධාන රාජ්‍ය ආයතන පිහිටි ගොඩනැගිලි 18ක් ඇතුළු ප්‍රදේශ රැසක් අධිආරක්ෂිත කලාප ලෙස නම් කරමින් නිකුත් කොට ඇති අතිවිශේෂ ගැසට් පත්‍රයට එරෙහිව එය අධිකරණය ඉදිරියේ අභියෝගයට ලක්කිරීමට කටයුතු කරන බැව් පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. සුමන්දිරන් මහතා පැවසීය.ත්‍රස්තවාදී පනත ව...
"චීන – ශ්‍රී ලංකා නිදහස් වෙළෙඳ  ගිවිසුමකට සාකච්ඡා කඩිනම් කරයි"
"චීන – ශ්‍රී ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුමක් සඳහා සාකච්ඡා ක්‍රියාවලිය කඩිනම් කිරීමට දෙරට එකඟ වී ඇත.මේ අනුව එම වෙළෙඳ ගිවිසුම ඉක්මනින් අවසන් කිරීමට උත්සාහ කරන බවට චීනය ශ්‍රී ලංකාවට එකඟතාව පළකර ඇත.එමගින් දෙරට අතර ආර්ථික හා වෙළෙඳ සහයෝගිතාව තවත් ශක්තිමත් වනු ඇති බව ද කොළඹ පිහිටි ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය පවසයි.එක්සත් ජා...
"රාජ්‍ය රහස් පනත භාවිත කර අධි ආරක්‍ෂිත කලාප නම් කිරීමට ජනපතිට බලයක් නෑ"
"ශ්‍රී ලංකා නීතිඥ සංගමයරාජ්‍ය රහස් පනත භාවිත කරමින් අධි ආරක්‍ෂිත කලාප නම් කිරීමට ජනාධිපතිවරයාට බලයක් නැතැයි ශ්‍රී ලංකා නීතිඥ සංගමය පවසයි.කොළඹ ප්‍රදේශ කීපයක අධි ආරක්‍ෂිත කලාප පිහිටුවීම සම්බන්ධව සිය ස්ථාවරය ප්‍රකාශයට පත් කරමින් නීතිඥ සංගමය නිකුත් කළ නිවේදනයේ මේ බව සඳහන් වේ.ජනාධිපති මන්දිරය, අරලියගහ මන්දිරය ඇතුළු ප්‍රාදේශ...
"රාජ්‍ය රහස් පනත භාවිත කර අධි ආරක්‍ෂිත කලාප නම් කිරීමට ජනපතිට බලයක් නෑ"
"ශ්‍රී ලංකා නීතිඥ සංගමයරාජ්‍ය රහස් පනත භාවිත කරමින් අධි ආරක්‍ෂිත කලාප නම් කිරීමට ජනාධිපතිවරයාට බලයක් නැතැයි ශ්‍රී ලංකා නීතිඥ සංගමය පවසයි.කොළඹ ප්‍රදේශ කීපයක අධි ආරක්‍ෂිත කලාප පිහිටුවීම සම්බන්ධව සිය ස්ථාවරය ප්‍රකාශයට පත් කරමින් නීතිඥ සංගමය නිකුත් කළ නිවේදනයේ මේ බව සඳහන් වේ.ජනාධිපති මන්දිරය, අරලියගහ මන්දිරය ඇතුළු ප්‍රාදේශ...
"සමාගම් දෙකකින්  ගල්අඟුරු ගන්න – කැබිනට් අනුමැතිය ඉල්ලයි"
"ලක්විජය තාප විදුලි බලාගාරයට ඉක්මනින් අවශ්‍ය වී තිබෙන ගල්අඟුරු තොග සමාගම් දෙකකින් ලබා ගැනීම සඳහා කැබිනට් අනුමැතිය ලබා ගැනීමට බලශක්ති අමාත්‍යාංශය කටයුතු කරගෙන යයි. මේ අනුව දවස් එකසිය අසූවක ණය සහන පදනමක් යටතේ ගල් අඟුරු මෙටි්‍රක් ටොන් තුන් ලක්ෂයක් ලබා ගැනීමට නියමිතය. මෙය හදිසියේම අවශ්‍ය වුවද ගල් අඟුරු තොගය මෙරටට ගෙන්වීමේද...
"ගන්නොරුව සහල් පිටි සැකසුම් කම්හලේ නිෂ්පාදන ඇරැඹෙයි"
"ගන්නෝරුව කෘෂිකර්ම පුහුණු ආයතනයේ අභ්‍යාසලාභීන් සඳහා වෙන් කර තිබූ සහල් පිටි සැකසුම් කර්මාන්ත ශාලාව ජාතික ආහාර ප්‍රවර්ධන මණ්ඩලය යටතට ගෙන නිෂ්පාදන කටයුතු ඊයේ (25දා) සිට ආරම්භ විය.කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර හා රාජ්‍ය අමාත්‍ය මොහාන් ද සිල්වා යන මහත්වරුන්ගේ සහභාගීත්වයෙන් මෙම කර්මාන්ත ශාලාව විවෘත වූ අතර මෙහි නිෂ්පාදනය කෙර...
"බැහැර කිරීමේ නිසි ක්‍රමවේදයක් නෑ – කල් පැන්න ඖෂධ මිනිස් ජීවිතවලට මාරකයක්"
"සමස්ත ලංකා පෞද්ගලික  ඔසුසල් හිමියන්ගේ සංගමයකල් ඉකුත්වන ඖෂධ බැහැරකිරීමේ නිසි ක්‍රමවේදයක් නොමැතිකමින් අනාගතයේදී මිනිස් ජීවිතවලටත්, පරිසරයටත් ඉතා බරපතළ ගැටලු රැසකට මුහුණදීමට සිදුවනු ඇතැයි සමස්ත ලංකා පෞද්ගලික ඔසුසල් හිමියන්ගේ සංගමය අනතුරු අඟවයි.රට පුරා ඖෂධ සල් පන්දහසකට අධික ප්‍රමාණයකින්, ඉවත්කරන කල් ඉකුත් වූ ඖෂධ නිසා, වසර...
"විදුලි කප්පාදුව  දික්වන අවදානමක්! – ජල මට්ටම පහළට ඉන්ධනත් හිඟයි ගල්අඟුරුත් නෑ"
"මේ වනවිට විදුලි බලාගාර ආශ්‍රිත ජල මට්ටම ශීඝ්‍රයෙන් පහළයාමත්, තාප බලාගාර සඳහා ඉන්ධන හිඟයත් නිසා දෛනික විදුලි කප්පාදුව තවදුරටත් වැඩිකිරීමේ අවදානමක් මතුවී ඇතැයි ලංකා විදුලි බල මණ්ඩල ඉංජිනේරුවෝ පිරිසක් ‘දිවයින’ට පැවැසූහ.ලබන ඔක්තෝම්බර් 20 පමණ වනවිට ගල්අඟුරු සංචිතයද අවසන්වීමට නියමිත අතර ඉදිරි මාසය ඇතුළත ගල්අඟුරුගෙනැවිත් ලක්...
"අත්හිටුවූ ජපන් ව්‍යාපෘති 12 ක් යළි ක්‍රියාත්මක කිරීමට  ජනපති සාකච්ඡා කරයි"
"ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ කාලයේදී අත්හිටුවන ලද, ජපන් ආයෝජන ව්‍යාප්ති 12ක් යළි ක්‍රියාත්මක කිරීම සඳහා ජපන් රජය සමග සාකච්ඡා කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය ජපන් සංචාරයේදී බලාපොරොත්තු වේ. මෙහිදී පසුගිය ආණ්ඩු කාලයේදී අත්හිටුවනු ලැබූ සැහැල්ලු මොනෝ රේල් ව්‍යාපෘතිය නැවත ආරම්භ කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ජපන...
"උද්ඝෝෂණ කරන්න ඇති අයිතියත් නැති කළ ජනාධිපති ඒකාධිපතියෙක් – ජවිපෙ නායක අනුර කුමාර දිසානායක"
"විරෝධයන්, උද්ඝෝෂණයන් පැවැත්වීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ලබාදී තිබෙන නිදහස මුළුමනින්ම උල්ලංඝනය කරමින් මෘග ඒකාධිපතියෙක් ලෙස රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා කටයුතු කරමින් සිටින බව ජාතික ජන බලවේගයේ සහ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා චෝදනා කළේය.පාර්ලිමේන්තුවෙන් අටවාගත් ජනාධිපතිකම ඔළුවට ගසා ඇති ජන බලයක් ...
"බැහැර කිරීමේ නිසි ක්‍රමවේදයක් නෑ – කල් පැන්න ඖෂධ මිනිස් ජීවිතවලට මාරකයක්"
"සමස්ත ලංකා පෞද්ගලික  ඔසුසල් හිමියන්ගේ සංගමයකල් ඉකුත්වන ඖෂධ බැහැරකිරීමේ නිසි ක්‍රමවේදයක් නොමැතිකමින් අනාගතයේදී මිනිස් ජීවිතවලටත්, පරිසරයටත් ඉතා බරපතළ ගැටලු රැසකට මුහුණදීමට සිදුවනු ඇතැයි සමස්ත ලංකා පෞද්ගලික ඔසුසල් හිමියන්ගේ සංගමය අනතුරු අඟවයි.රට පුරා ඖෂධ සල් පන්දහසකට අධික ප්‍රමාණයකින්, ඉවත්කරන කල් ඉකුත් වූ ඖෂධ නිසා, වසර...
"හමුදාව අඩු කරන්න – ජිනීවා සමුළුව කියයි"
"ශ්‍රී ලංකාවේ ආරක්‍ෂක හමුදාවේ සිටින දෙලක්‍ෂ හතළිස් හත්දහසක පිරිස නඩත්තු කිරීමට ජනතාවට නොහැකි බවත් එම නිසා වහාම එම පිරිස අඩු කරන ලෙසත් ජිනීවා මානව හිමිකම් කවුන්සිලය ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා ඇත. ජනතාවට ආහාර මිලයට ගැනීමට වත්කමක් නැති අවස්ථාවේ හමුදාවේ ආහාර වියදම රුපියල් කෝටි 10ක් බව ද සඳහන් කර තිබේ.දැන් පැවැත්වෙන ජිනීවා මාන...
"ජාතික සභාවට නම් වැලක්"
"අගමැති දිනේෂ් ගුණවර්ධන මහතාගේ යෝජනාවක් අනුව ස්ථාපිත කෙරුණු පිළිගත් දේශපාලන පක්ෂවල පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරුන්ගෙන් සමන්විත ජාතික සභාව සඳහා දැනට නම් ලබා දී ඇති පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ලේඛනය කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් ඉකුත් 23 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදි.එමෙන්ම සංශෝධනයක් ඉදිරිපත්...
"ඕලු නෙලුම් නෙරිය රගාලා….. රේඛාවේ ”නිමල්” නික්ම යයි"
"“ඕලු නෙළුම් නෙරිය රඟාලා” සිසිර සේනාරත්නයන්ගේ ගීතයට ඔරුවක පාවී යමින් එදා “රේඛාව” චිත්‍රපටියේ විශිෂ්ට රංගනයක නිරත වූ (නිමල්ගේ චරිතය) ප්‍රවීණ රංගනවේදී ආනන්ද වීරකෝන් මහතා ඊයේ (23 දා) අවසන් ගමන් ගියේය. චිත්‍රාගාර දර්ශන තුළ සිරවී තිබූ සිංහල චිත්‍රපට කැමරාව එළිමහන් දර්ශන තලයට ගෙන යමින් මෙරට සිනමාවේ නව පුනරුදයක ඇරඹුම සටහන් කළ...
"ගල් අඟුරු අවුල  – නොරොච්චෝලේ හුස්ම ඉල්ලයි"
"නොරොච්චෝල ගල්අඟුරු බලාගාරයට නව ටෙන්ඩරයකින් ගල්අඟුරු සපයා ගන්නා තෙක් අඛණ්ඩව ගල්අඟුරු සපයා ගැනීමට ඇමරිකන් ඩොලර් මිලියන 100ක් සොයා ගැනීම ගැටලුවක් වී තිබේ.බලාගාරයට ගල්අඟුරු ලබාගැනීම සඳහා ටෙන්ඩර් කැඳවා අනුමැතිය හිමිව තිබූ රුසියානු සමාගම ගල්අඟුරු සැපයීම කළ නොහැකි බවට දැනුම්දීම නිසා බලාගාරයට අවශ්‍ය ගල්අඟුරු සපයා ගැනීම අර්බුද...
"කතරගම ප්‍රා. සභාව විසුරුවයි – පාලන බලය පළාත් පාලන කොමසාරිස්වරයකුට"
"ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට බලය හිමිව තිබූ කතරගම ප්‍රාදේශීය සභාව ඉකුත් 22 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට විසුරුවා හැරීමට නියෝග කරමින් ඌව පළාත් ආණ්ඩුකාර ඒ. ජේ. එම්. මුසම්මිල් මහතා අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත. ඒ අනුව පසුගිය 10 වැනිදා එම ප්‍රාදේශීය සභාවේ කටයුතු තාවකාලිකව අත්හිටුවමින් එහි සභාපතිවරයා සහ මන්ත්‍රීවරුන්...
"එක්සත් ජනපද ස්ථිර නියෝජිත අද එයි"
"රෝමයේ එක්සත් ජාතීන්ගේ නියෝජිතායතනය සඳහා වන එක්සත් ජනපද ස්ථිර නියෝජිත සින්ඩි මැකේන් මහත්මිය තෙදින නිල සංචාරයක් සඳහා අද (25 දා) ශ්‍රී ලංකාවට පැමිණෙයි.ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන එක්සත් ජාතීන්ගේ ආධාර වැඩසටහන් සම්බන්ධව සොයා බැලීමටත් ශ්‍රී ලංකාව සම්බන්ධ එක්සත් ජනපද කැපවීම සහ මෙරට සමග පවතින දීර්ඝ කාලීන හවුල්කාරීත්වය ශක්තිමත...
"තවත් ජොබ් කරන්න නීති හදලා දෙන්න – ඇමැති මනුෂට ලිපියක්"
"රාජ්‍ය සහ පෞද්ගලික ආයතනවල සේවයේ නිරත වන ස්ථිර සේවකයන්ට වෙනත් ආයතනවල සිය වෘත්තිය පැය කිහිපයක් කළ හැකිවන නීති සකස්කරන ලෙස විද්වත් වෘත්තිකයන්ගේ සංගමය රජයෙන් ඉල්ලා සිටියි.මෙරට පිරිස් විදෙස් රැකියාවලට ගොස් අමතර කාලයක් වෙනත් රැකියාවල නිරත වී රැකියාවෙන් ලැබෙන මුදලට වඩා අමතර ආදායමක් ලබන බවත්, ඒ ආකාරයෙන් මෙරටදී ද ක්‍රියාකළ හැක...
"අයිස් ගහන බස් රියැදුරන් අල්ලන්න ‘දැල්’ ගෙන්වයි"
"අයිස් මත් පෙති ඇතුළු විවිධ මත් ද්‍රව්‍ය පානය කර මගී ප්‍රවාහන බස්රථ ධාවනය කරන රියැදුරන් සහ කොන්දොස්තරවරුන් පරීක්‍ෂා කර බැලීම සඳහා අවශ්‍ය උපකරණ ළඟදීම ගෙන්වා ගැනීමට ක්‍රියා කරන බව පොලිස් රථවාහන කොට්ඨාසයේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට පැවසීය. පොලිසිය සතුව මෙවැනි උපකරණ නොමැති නිසා මත්ද්‍රව්‍යවලට ඇබ්බ...
"රාජ්‍ය සේවකයන්ගේ ඇඳුම ලිහිල් වෙයි"
"රාජ්‍ය සේවකයන්ට සුදුසු ඇඳුමින් සැරසී සේවයට වාර්තා කිරීමට ‘හැකිය’ යන්න වෙනුවට ‘යුතුය’ යන්නෙන් සංශෝධනය කර නව චක්‍රලේඛයක් මේ සතිය තුළ නිකුත් කිරීමට රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය කටයුතු කරමින් සිටී.දැනට රාජ්‍ය සේවයට සුදුසු ඇඳුමින් සැරසී පැමිණිය හැකි යන ලෙස චක්‍රලේඛයක් නිකුත් කර තිබෙන අතර...
"මෛත්‍රීගේ තීරණ ගැන අමරවීරලා සාකච්ඡා"
"ආණ්ඩුව සමග එක්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හයදෙනා පිළිබඳව එම පක්ෂ නායකත්වය ගන්නා ක්‍රියාමාර්ග සම්බන්ධව ගතයුතු නිගමනය සම්බන්ධව තම කණ්ඩායම ඉදිරි දින කීපය ඇතුළත සාකච්ඡාවක් සිදුකරන බව මහින්ද අමරවීර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ඇමැතිවරයා දිවයින ඉරිදා සංග්‍රහයට ප්‍රකාශ කළේය.ඇමැතිවරයා මෙසේ ද පැවසීය. අප හයදෙනා ආණ්ඩුවට සම්බන්ධ වූයේය....
"පිළිකා රෝහල උදව් ඉල්ලයි"
"මහරගම පිළිකා රෝහලේ ප්‍රතිකාර ලබන හා සායන වෙත පැමිණෙන පිළිකා රෝගීන් සඳහා අවශ්‍ය ඖෂධ පරිත්‍යාග කිරීමට හැකියාව ඇති අයට අවස්ථාව සලසා දී ඇතැයි මහරගම පිළිකා රෝහලේ අධ්‍යක්‍ෂ වෛද්‍ය අරුණ ජයසේකර මහතා ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට පැවසීය.ඒ පිළිබඳ තොරතුරු දැනගැනීමට රෝහලේ ඖෂධ හා ශල්‍ය උපකරණ පරිත්‍යාග ඒකකයට දුරකථන ඇමතුමක් ලබාදී හෝ පැමි...
""විනිවිදව වැඩ නැති නිසා ලෝක බැංකු ඩොලර් 700,000ක් අරුවක්කාලුට අහිමි වෙලා""
"අරුවක්කාලු ඝන අපද්‍රව්‍ය කළමනාකරණ ව්‍යාපෘතියේ කටයුතු සඳහා කොන්ත්‍රාත්කරුවකු තෝරාගැනීමේදී ප්‍රසම්පාදන කටයුතු විනිවිදභාවයකින් සිදුකර නොතිබූ නිසා මෙකී ව්‍යාපෘතියට ලෝක බැංකුව එකඟ වූ ඇමරිකන් ඩොලර් ලක්ෂ හතක ලෝක බැංකු ආධාර මුදල අහිමි වී තිබූ බව ජාතික විගණන කාර්යාලය පවසයි.මෙකී ව්‍යාපෘතියේ කසළ හුවමාරු මධ්‍යස්ථානය දුම්රිය මාර්ග...
"කතරගම ප්‍රා. සභාව විසුරුවයි"
"දූෂණ චෝදනා විමර්ශන වාර්තාවකින් පසු මේ තීරණය ගත්තා – ආණ්ඩුකාර මුසම්මිල් කියයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට බලය හිමිව තිබූ කතරගම ප්‍රාදේශීය සභාව ඉකුත් 22 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට විසුරුවා හැරීමට නියෝග කරමින් ඌව පළාත් ආණ්ඩුකාර ඒ. ජේ. එම්. මුසම්මිල් මහතා අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත. ඒ අනුව පසුගිය 10 වැනිදා එම ප...
"පාර්ලිමේන්තුවෙන් මාධ්‍යවේදීන්ට දුන් කෑම එකේ ගෝනි නූලක්"
"කෑම විෂ වෙලා පොලිසියේ දෙදෙනෙකුත් රෝහලේ පාර්ලිමේන්තු මාධ්‍යවේදීන්ට ඊයේ (23) දහවල් පාර්ලිමේන්තුවෙන් දිවා ආහාරය සමග ලබාදුන් හාල් මැස්සන් බැඳුමේ තිබී අඩියකට ආසන්න දිග ගෝනි නූලක් හමුවිය. මාධ්‍යවේදියකු ආහාර ගනිමින් සිටියදී ඔහුට මෙම ගෝනි නූල හමුවීමෙන් පසු ඔහු ඒ අවස්ථාවේදීම භෝජන අංශයේ ප්‍රධානීන්ට ඒ සම්බන්ධයෙන් පැමිණිලි කර ගෝන...
"ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගය නොසලකා හැරීම: පොලිස්පති උසාවි කැඳවයි"
"තවත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් 4 දෙනකුටත් එන්න නියෝග ශ්‍රේෂ්ඨාධිකරණය විසින් කරන ලද නියෝගයක් නොසලකා හැරීමෙන් අධිකරණයට කරන ලද අපහාසය පිළිබඳව කරුණු විමසීම සඳහා ලබන නොවැම්බර් 11 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් පස්දෙනකුට නොතීසි යැවීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ...
"ආගමික ස්ථානවලට සහන දෙන්න සූර්ය පැනල ක්‍රමයක්"
"බෞද්ධ විහාරස්ථානවලට පමණක් නොව විදුලි බිල සම්බන්ධයෙන් රට පුරා ඇති සියලුම ආගමික ස්ථානවලට සහනයක් සැලසෙන පරිදි සූර්ය පැනල ව්‍යාපෘතියක් ආගමික ස්ථානවල ක්‍රියාත්මක කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කැබිනට් මණ්ඩලයට දැනුම් දී තිබේ. විදුලි බිල ඉහළ නැංවීම සම්බන්ධයෙන් සංඝයා වහන්සේලාගෙන් එල්ල වෙමින් තිබෙන විරෝධය පිළිබඳ පෙරේද...
"කංසා රට යවන්න නීති හදන්න – ඇමැති සිසිර නිලධාරීන්ට කියයි"
"එළැඹෙන 5 වැනිදා වනවිට ඖෂධීය කංසා අපනයනයට අවශ්‍ය නීති සකස් කරදෙන ලෙස දේශීය වෛද්‍ය ඇමති සිසිර ජයකොඩි මහතා රාජ්‍ය නිලධාරීන්ගෙන් ඉල්ලීමක් කර තිබේ. ආයුර්වේද පනතින් පාරිසරික පනත රේගු ආඥා පනත ආදි අණ පනත් මගින් බාධා තිබෙන බැවින් එම බාධා වහා ඉවත් කරගත යුතු බවද ජයකොඩි මහතා කීවේය. අවම ලෙස වසරක කාලයක මේ නීති ලිහිල් කර හෝ විදේශ වි...
"මහින්දානන්දගේ දෙහි කැපිල්ල ගැන අල්ලස් විමර්ශන අරඹන්න – දේශීය ආදායම් සේවා සංගමය"
"මෙරට මහ පරිමාණ ව්‍යාපාරිකයන් හා ආයතන ගණනාවක් බදු පැහැර හැරීම සිදුකර ඇති බවත් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් එකී බදු මුදල් අයකර ගැනීමට අපොහොසත් වී ඇති බවටත් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පසුගියදා (31 දා) පාර්ලිමේන්තුවේදී සිදු කරන ලද ප්‍රකාශ පිළිබඳව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම කඩිනමින් අවධ...
"කෘෂිකර්ම යෙදවුම් ආනයන සීමා ලිහිල් වෙයි"
"කෘෂිකාර්මික යෙදවුම් සඳහා පනවා තිබෙන ආනයනික සීමා සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය හිමිවී තිබේ. එළැඹෙන මහ කන්නයේදී කෘෂිකාර්මික කටයුතු බාධාවකින් තොරව කරගෙන යෑමට පහසු වන පරිදි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාවකට අනුව මෙසේ කැබිනට් අනුමැතිය ලැබී තිබේ. ඒ අනුව හඳුනාගත් කෘෂි බීජ, කෘෂි රසායන හා ප...
"හමුදාවේ 58 දෙනාට සම්බාධක දාන්න – බ්‍රි‍තාන්‍ය මන්ත්‍රී පිරිසක් නව විදෙස් ලේකම්ට කියති"
"ශ්‍රී ලංකාවේ හමුදා නිලධාරීන් 58 දෙනකුට සම්බාධක පනවන ලෙසත්, හමුදාව දෙමළ ජන සංහාරයක් සිදුකළ බවට පිළිගන්නා ලෙසත් බ්‍රි‍‍තාන්‍ය මන්ත්‍රීවරු පිරිසක් නව විදේශ ලේකම් ජේම්ස් ක්ලෙව්රි වෙත හදිසි සන්දේශයක් යවමින් ඉල්ලා ඇත. ද්‍රවිඩ ජාතිකයන් විශාල ලෙස පදිංචිව සිටින කින්ස්ටන් සහ රිච්මන්ට් පාක් ආසන නියෝජනය කරන එඩි ඩේව් සහ සාරා ඔලිනි...
"මේ රට අගාධයට දැම්මේ උසස් නිලධාරීන් කිහිපදෙනෙක්"
"රටේ ආර්ථිකය බිඳ දමා රට අගාධයට පත්කර රජයත් ජනතාවත් දුෂ්කරතාවට පත් කළේ රටේ උසස් තනතුරු දරමින් සිටි නිලධාරීන් කීපදෙනකු බව මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ නව සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ගුණතිලක රාජපක්‍ෂ මහතා (ශ්‍රීලපොපෙ) පැවසීය. රටේ ආර්ථිකය බිඳවැටෙන උපදෙස් ජනාධිපතිවරයාට ලබාදුන් ප්‍රමුඛ නිලධාරීන් අතර පී. බී. ජයසුන්...
"දේශපාලනයට එනවාද කියා ‘හෙට’ තීරණය කරනවා – රංගන ශිල්පිනී දමිතා කියයි"
"රටේ පවතින තත්ත්වය හමුවේ දේශපාලනයට පිවිසෙනවාද? නැද්ද? යන්න පිළිබඳව තමා හෙට දවසේ තීරණය කරන බව ප්‍රවීණ රංගන ශිල්පිනී දමිතා අබේරත්න මහත්මිය “දිවයින”ට පැවසුවාය. එහෙත්, තමා දේශපාලනයට පිවිසීමට මෙතෙක් ස්ථීරවම තීරණයක් ගෙන නොමැති බවද ඇය සඳහන් කළාය. තවදුරටත් කතාකළ දමිතා අබේරත්න මහත්මිය මෙසේ ද කියා සිටියාය. දේශපාලනයට එන්න මා තුළ ...
"ණය ප්‍රතිව්‍යුහගතකරණය ගැන සාකච්ඡා මේ වසෙර් අවසන් – ජනපති තානාපතිවරුන්ට කියයි"
"ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් වූ සාකච්ඡා මෙම වසර අවසන්වන විට සම්පූර්ණයෙන්ම අවසන් කිරීමට බලාපොරොත්තු වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විදේශ තානාපතිවරුන් හමුවේ පැවසීය. එමෙන්ම ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබා ගැනීමට පූර්ණ සහාය ලබාදෙන බව විදෙස් තානාපතිවරු ජනපති හමුවේ ම...
"අධ්‍යාපන ක්‍ෂේත්‍රය තුළ දැවෙන ප්‍රශ්න තිබියදී ආණ්ඩුව පින්ලන්ත අධ්‍යාපන ආකෘතිය මෙරටට ගේන්න සාකච්ඡා කරනවා"
"පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය මෙරට අධ්‍යාපනය බරපතළ අර්බුදයකට ගොස් ඇති අවස්ථාවක ඒ ගැන කිසිදු තැකීමක් නොකරන ආණ්ඩුව පින්ලන්ත අධ්‍යාපන ක්‍රමය ගෙන ඒම වැනි ප්‍රායෝගික නොවන ප්‍රතිසංස්කරණ ගැන කතා කරමින් සිටින බව ජාතික ජන බලවේගය ජාතික විධායක කමිටු සාමාජික, පාර්ලිමේන්තු මන්ත්‍රිනී ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පෙර...
"දරුවන්ගේ උපත් බර අඩුවීම ඊළඟ පරම්පරාවට කරන බලවත් අපරාධයක්"
"තුෂාර ඉඳුනිල් අමරසේන (සජබ) මේ දශකයේ උපදින දරුවන් කෘෂ වුණොත් ඔවුන් ඉපදෙනකොට තියෙන ඔවුන්ගේ උපත් බර අඩු වුණොත්, ඔවුන්ගේ වයසට අනුව බර ප්‍රමාණය අඩු වුණොත් ඒක මේ දශකයේ දරුවන්ට, රටේ ඊලඟ ප්‍රජාවට පරම්පරාවට කරන බලවත් සාහසික අපරාධයක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් අමරසේන මහතා පැවසීය. විපක්ෂ නායක කාර්යාලයේ ඊයේ (23 දා) පැ...
"අරගලකරුවන් නිදහස් කරනු…. නීතිවේදීහු විරෝධතාවක"
"සිරගත කළ අරගලකරුවන් නිදහස් කරන ලෙසට සහ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරන ලෙස ඉල්ලමින් නීතිවේදීහු පිරිසක් ඊයේ (23 දා) කොළඹ අලුත්කඩ් අධිකරණය ඉදිරිපිට විරෝධතාවයක නිරත වූහ. එහිදී රජයට කරුණු අවධානය කරන පෙත්සමකටද විරෝධතාකරුවෝ අත්සන් තැබූහ."
"පාසල් දරුවන්ගේ බත් පතෙන් මැති සබය උණුසුම්!"
"පාසල් දරුවන් මන්දපෝෂණයට ගොදුරුවීම සහ ඇතැම් දරුවන් පාසල්හි ක්ලාන්ත වීම, දිවා ආහාරයට කුරුම්බා මද ගෙන ඒම ඇතුළු කරුණු සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී ඊයේ (22දා) මැති ඇමැතිවරුන් අතර දැඩි කතාබහක් ඇති විය. එහිදී ඇතිවූ සංවාදය මෙසේය. කේ.පී.එස්. කුමාරසිරි මහතා – අනුරාධපුර බටහිර මගේ ආසනයේ විලච්චිය ප්‍රාදේශීය කොට්ඨාසයේ පාසල් තුනක දර...
"අයිස් ගහන රෝහල් සේවකයෝ දොස්තරලාගේ වාහනවල කෑලි ගලවති"
"අයිස් මත්ද්‍රව්‍ය භාවිතයට සහ අලෙවියට ඇබ්බැහිවූ සුළු සේවකයන් විශාල පිරිසක් රාජකාරි කරන ප්‍රධානම පෙළේ රෝහලේ වෛද්‍යවරුන්ගේ සහ අනෙකුත් සේවකයන්ට අයත් සුඛෝපභෝගී වාහන වල අමතර කොටස් මෙම මත්ලෝලී සේවකයන් විසින් ගලවාගෙන ගොස් අලෙවි කරන බව රෝහල් බලධාරීහු පවසති. මේ හේතුව නිසා රෝහලේ භූමියේ තම වාහනය නතර කර යෑමට නොහැකි තත්ත්වයක් එහි ව...
"සපුගස්කන්ද කොට උඩ යයිද…. බොරතෙල්වල ප්‍රමිතිය ගැන සැකයක්!"
"ප්‍රමිතියෙන් තොර බොරතෙල් යොදා දිගින් දිගටම සපුගස්කන්ද පිරිපහදුව ක්‍රියාත්මක කළහොත් එය කැඩී විනාශ වී යාහැකි බව පිරිපහදු නිලධාරීන් උසස් නිලධාරීන්ට කරුණු දන්වා තිබේ. මෙම පිරිපහදුව සඳහා සරිලන්නේ ඕමාන්, ඉරාන් හෝ යුරෝ ලයිට් වර්ගයේ බොරතෙල් වුවත් මෙවර බෙලරුසියාවෙන් ආනයනය කර ඇති බොරතෙල් ඝනත්වය මධ්‍යම ප්‍රමාණයේ බොරතෙල් දැයි සැක...
"ඛනිජ තෙල් පනත් කෙටුම්පත ව්‍යවස්ථාවට පටහැනියි"
"ශ්‍රේෂ්ඨාධිකරණයේ අභියෝගයට ලක් කරන ලද ඛණිජ තෙල් නිෂ්පාදන විශේෂ විධිවිධාන (සංශෝධන) නමැති පනත් කෙටුම්පත සමස්තයක් ලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) වගන්තියට පටහැනි යැයි ශ්‍රේෂ්ඨාධිකරණය දන්වා ඇතැයි කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය. ඊට අමතරව තවත් වගන්ති කිහිපයක් ද ව්‍යවස්ථාවට පටහැනි අතර ඒවා සංශ...
"උතුරුමැද රෝහල්වල කිරි නවත්වලා මුහුදු මාළු වෙනුවට දෙන්නේ වැව් මාළු සජිත් කියයි"
"උතුරුමැද පළාත්හි රජයේ රෝහල්වල නේවාසික රෝගීන් සඳහා කිරි සැපයීම නැවත දැනුම් දෙන තුරු නවත්වන ලෙස දන්වා චක්‍රලේඛයක් නිකුත් කර ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (22දා) සඳහන් කළේය. ඊට අමතරව මුහුදු මාළු වෙනුවට ආදේශකයක් ලෙස වැව් මාළු ලබා දෙන ලෙස එම පළාතේ සෞඛ්‍ය කාර්යාලය තවත් චක්‍රලේඛයක් නිකුත් කර ඇත...
"ජනපති පොත් ප්‍රදර්ශනයට එයි"
"කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ පැවැත්වෙන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය නැරඹීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (22 දා) පෙරවරුවේ පැමිණියේය. එහිදී පොත් ප්‍රකාශකයන්ගේ සංගමයේ සභාපති සමන්ත ඉන්දීවර සහ සාමාජිකයන් වන විජිත යාපා, එච්. ඩී. ප්‍රේමසිරි, ආරියදාස වීරමන්, අතුල ජයකොඩි යන මහත්වරුන...
"විදෙස් රැකියා අවස්ථාවන් වැඩිකිරීමට නාවික ක්ෂේත්‍රයේ පුහුණු පාඨමාලා වැඩි කරන්න"
"ශ්‍රී ලාංකික තරුණ තරුණියන් නාවික ක්ෂේත්‍රයේ රැකියා සඳහා යොමු කිරීමට අවශ්‍ය පුහුණු පාඨමාලා වැඩි වශයෙන් ආරම්භ කිරීමට පියවර ගන්නා ලෙස වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් නාවික විශ්වවිද්‍යාල ඇතුළු අධ්‍යාපන ආයතනවල බලධාරීන්ට උපදෙස් දෙනු ලැබීය. නාවික විශ්වවිද්‍යාල සහ ආයතන බලධාරීන් සමග ඉකුත් 2...
"ත්‍රිපෝෂවල ඇෆ්ලටොක්සීන් තියනවද කියා හරියට කියන්න"
"පී. එච්. අයි. සංගමය සෞඛ්‍ය අමාත්‍යාංශයට කියයි ත්‍රිපෝෂ සමාගමෙන් නිපදවා බෙදාහැර ඇති ත්‍රිපෝෂ පිටිවල බරපතළ රෝගාබාධ ඇති කිරීමේ හැකියාව පවතින විෂකාරකයක් වන ‘ඇෆ්ලටොක්සින්’ අඩංගුව ඇත්දැයි යන්න පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් පැහැදිලි ප්‍රකාශයක් සිදුකළ යුතු බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ සංගමයේ ලේකම් එස්. අයි. බ...
"බදු ගෙවන්නන් ගණන ලක්‍ෂ 5 දක්වා පහළට"
"මේ වනවිට හොඳටම අඩුවී ඇති රාජ්‍ය බදු ආදායම දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස සියයට 15ක් දක්වාවත් ඉහළ නංවාගත යුතු යැයි මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා ඊයේ (22දා) දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරීන් අමතමින් පැවසීය. මෙසේ රාජ්‍ය ආදායම වැඩිකර ගනිමින් පැරණි මූල්‍ය ගෞරවය නැවත ඇතිකර ගත යුතු බවත් එය ඉතා අස...
"අපිට මැති සබයේ කතා කරන්න ඉඩක් නෑ…!"
"මූලික ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදායන් උල්ලංඝනය කරන ඒකාධිපති නියෝගයක් විසින් පාර්ලිමේන්තුව තුළ තම සාමාජිකයන් සම්පූර්ණයෙන් නිහඬ කර ඇතැයි ජනතා සභාව නියෝජිතයන් 13 දෙනා පොදු රාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමයේ මහ ලේකම්, සාර්ක් සංවිධානයේ මහ ලේකම් සහ අන්තර් පාර්ලිමේන්තු සංගමයේ මහ ලේකම් වෙත ලිපියක් යවමින් සඳහන් කර ඇත. පාර්ලිමේන...
"මව්වරුන්ට දුන් ත්‍රිපෝෂවල ඇප්ලොටොක්සින් විෂ අඩංගු බව තහවුරු වෙලා"
"මිලියන හයකට අධික ප්‍රමාණයක් තමන්ගේ දෛනික ආහාර වේල සපයාගත නොහැකිව සිටින වෙලාවේ පාලකයන් උත්තරීතර පාර්ලිමේන්තුවේ බොරු බේගල් ඇද දමා තම තනතුරු ආරක්ෂා කර ගන්න උනන්දු වීම ඛේදනීය යැයි සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා පැවසීය. විපක්ෂ නායක කාර්යාලයේදී ඊයේ (22 දා) පැවැති මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ මන්ත්‍රීව...
"ඩොලරයේ මිල පාලනය කළොත් විදුලි බිල අඩු කරගත හැකියි"
"එක්සත් ජාතික පක්‍ෂයේ සභාපති වජිර අබේවර්ධන රටේ ඩොලරයේ මිල පාලනය කරගත් පසුව විදුලිබිල අඩු කරගත හැකි යැයි එක්සත් ජාතික පක්‍ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පැවසීය. ජනපති රනිල් වික්‍රමසිංහ මහතා වර්තමානයේ රට මුහුණපා ඇති අභියෝගවලට සාර්ථකව මුහුණදී නියත වශයෙන්ම ශ්‍රී ලංකාව ලෝකයේ ඉහළට ඔසවා තබන බවත්, ඒ වැඩපිළිව...
"අයි.එම්.එෆ්. එකඟතා කැබිනට් එකට කියන බව ජනපති කිව්වා"
"කථානායක පාර්ලිමේන්තුවට දැනුම් දෙයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග රජය ඇතිකර ගත් එකඟතාවය සම්බන්ධයෙන් අවසන් තීරණයට පැමිණීමට පෙර එම අවසන් එකඟතාව සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලය දැනුවත් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තමාට දැනුම් දුන් බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට ඊයේ (22දා) දැනුම් දුන්නේය. එම ගිවිසු...
"රෝහණ වෙත්තසිංහගේ ‘මතු ජීවිත’ එළිදකී"
"ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී රෝහණ වෙත්තසිංහ මහතා සිංහලයට පරිවර්තනය කරන ලද නවකතාව, “මතු ජීවිත” එළිදැක්වීම, කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේදී සිදුවිය. නුගේගොඩ සරසවි ප්‍රකාශනයක් වූ මෙම කෘතිය 2021 නොබෙල් සාහිත්‍ය ත්‍යාගය දිනූ අබ්දුල් රසාක් ගුර්නාගේ නවකතාවක පරිවර්තනයකි. ඊට එක්වූ සම්මානනීය රංගන ශිල්පිනී, කාන්තා සහ ළමා කටයුතු රාජ්‍ය...
"සූරියවැව මන්දපෝෂණ කතාව – ඇත්ත රටට කියන්න – රෝහිණී ප්‍රශ්න කරයි"
"දොස්තරගේ පෞද්ගලික  වුවමනාවට කළ එකක් – ඇමැති කෙහෙළිය රඹුක්වැල්ලඑතකොට මේ රටේ  මන්දපෝෂණ ප්‍රශ්නයක් නැද්ද – රෝහිණී කුමාරි විජේරත්නහම්බන්තොට, සූරියවැව දරුවන්ගෙන් සියයට 80කට මන්දපෝෂණය යන මැයෙන් දිවයින පුවත්පත වෛද්‍ය ජී.ජී. චමල් සංජීව මහතා කරන ලද ප්‍රකාශයක් පාදක කර ගනිමින් ඊයේ (21) පළ කළ ප්‍රධාන පුවත සම්බන්ධයෙන් පාර්ලිමේන්තු...
"60 නීතිය නිසා – විශේෂඥ වෛද්‍යවරු 300ක් සහ වෛද්‍යවරු 3000ක් විශ්‍රාම යති"
"රාජ්‍ය සේවයේ අනිවාර්ය විශ්‍රාම ගැන්වීමේ වයස අතුරු අයවැයෙන් අවුරුදු 60ක් ලෙස ප්‍රකාශයට පත් කිරීමත් සමග එළැඹෙන දෙසැම්බර් 31 වැනිදා වනවිට විශේෂඥ වෛද්‍යවරුන් 300කට ආසන්න පිරිසක් විශ්‍රාම යෑමට නියමිතව ඇති බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය පවසයි.ඒ අනුව එය දිනක් තුළ විශේෂඥ වෛද්‍යවරුන් වැඩිම පිරිසක් විශ්‍රාම යන දිනය වනු ඇති බව එම...
"බි්‍රතාන්‍යයට පැමිණි ජනපති රනිල් ලන්ඩන් විහාරයේ"
"ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බි්‍රතාන්‍යයට පැමිණි  අවස්ථාවේ ලන්ඩන් බෞද්ධ විහාරයට ගොස් විහාරාධිපති ආචාර්ය බෝගොඩ සීලවිමල ප්‍රධාන සංඝනායක හිමියන් හමුවූ අයුරුයි මේ. එහිදී උන්වහන්සේ ජනපතිතුමාට සහ ශ්‍රී ලංකාවාසී ජනතාවට සෙත්පතනු ලැබීය."
"හමුදාවේ 58 ක් ජිනීවා දඬුකඳේ – රටවල් 26කට ඇතුළුවීම තහනම් – ප්‍රභාකරන් මරපු කෙනාත් ඒ අතර"
"මෙරට හමුදා ප්‍රධානින් 58 දෙනකුට එරෙහිව යුද අපරාධ චෝදනා සඳහා දඬුවම් කිරීමේ ජාත්‍යන්තර යාන්ත්‍රණය ජිනිවා මානව හිමිකම් කවුන්සිලය විසින් ක්‍රියාත්මක කර ඇත. ඒ අනුව වන්නි මෙහෙයුම ක්‍රියාත්මක කළ එම හමුදා ප්‍රධානින්ට යුරෝපයේ රටවල් 26 ක් ඇතුළු බටහිර රටවලට යෑමට නොහැක.ඔවූහු එම රටවලට පැමිණියහොත් අත්අඩංගුවට ගෙන සිරගත කෙරිති.මෙම හම...
"ඩොලර් නැතිව ඉන්ධන නැව් 5 ක් හිරවෙයි – ගෙවන හැටියට තෙල් බායි"
"මෙරටට පැමිණ තිබෙන ඉන්ධන නැව් 05කට මුදල් ගෙවා ගොඩබා ගත නොහැකි නිසා එම නැව්වල ඉන්ධන මුදල් ගෙවන ප්‍රමාණයට ගොඩබෑම සිදුකරන බවට වාර්තා වෙයි. මෙම නැව්වලට ප්‍රමාද ගාස්තු ද ගෙවීමට සිදුවී ඇත.පැමිණි නැව් අතර බොරතෙල් නැව් දෙකක්, පෙට්‍රල් නැවක් සහ ඩීසල් නැව් දෙකක් වෙයි. බොරතෙල් එක් නැවක් පසුගිය මස 23 වැනිදා මෙටි්‍රක් ටොන් ලක්‍ෂයක්...
"සිපෙට්කෝ ඉන්ධනහල් මුදලේ හිරවෙයි – ඉන්ධනහල් හිමියන්ගේ සංගමය කියයි"
"සිපෙට්කෝ ඉන්ධනහල් වලට ඉන්ධන ලැබීමට පෙර මුදල් ගෙවීමට සිදුවීම නිසා සිපෙට්කෝ ඉන්ධනහල් වැසීයෑමේ අවදානමකට පත්ව ඇතැයි ඉන්ධනහල් හිමියන්ගේ සංගමයේ සභාපති ෂෙල්ටන් ප්‍රනාන්දු මහතා ඊයේ (21 දා) පැවසීය. අද (22 දා) දින සවස විදුලිබල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර මහතා සමග සාච්ඡාවක් සිදුකරන බවත් එහිදී තම ගැටලු ඉදිරිපත් කරන බවත් ඒ මහතා...
"උද්ධමනය 70% පනී"
"ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව ගණනය කළ අගෝස්තු මස උද්ධමනය ප්‍රථම වතාවට සියයට 70 ද ඉක්මවා යමින් සියයට 70.2 ක් දක්වා ඉහළ ගොස් ඇත.ඉකුත් ජූලි මස පැවැති උද්ධමනය සියයට 66.7 ක් විය.මුළු උද්ධමනය නියෝජනය කරන ආහාර කාණ්ඩයේ උද්ධමනය ජූලි මස පැවැති සියයට 82.5 සිට අගෝස්තු මාසයේදී සියයට 84.6 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර ආහාර නොවන කාණ්ඩ...
"අවුරුදු 60 චක්‍රලේඛය බලාත්මකයි"
"අධිකරණ විනිසුරුවරුන් හැර විශේෂඥ වෛද්‍යවරුන් ඇතුළු රාජ්‍ය සේවයේ සියලුම දෙනාට විශ්‍රාම යෑමේ වයස අවුරුදු 60 ලෙස නිකුත් කර ඇති චක්‍රලේඛය බලාත්මක බව රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් ප්‍රියන්ත මායාදුන්න මහතා පැවසීය.රාජ්‍ය සේවයේ විශ්‍රාම යෑම අවුරුදු 60 කිරීමත්, 65 කිරීමත් අයවැය ඉදිරිපත් කිරීමකදී සිදුකර ත...
"අයි. ඕ. සී. තෙල් ණයට නෑ – දිගටම වැඩ"
"ඉන්දියන් ඔයිල් ඉන්ධන හල්වලින් කිසිදු ආයතනයකට ණයට ඉන්ධන ලබාදීමක් සිදුකරන්නේ නැතැයි ලංකා ඛනිජ තෙල් ටැංකි රථ හිමියන්ගේ සංගමයේ සමලේකම් ශාන්ත සිල්වා මහතා පැවසීය.ඉන්දියන් ඔයිල් ඉන්ධනහල් මගින් එසේ අත්පිට මුදලට ඉන්ධන නිකුත් කරන නිසා අඛණ්ඩව ඉන්ධන ගෙන්වා බෙදා හැරීමට කටයුතු කරන බව ද ඔහු කීය.මෙම ඉන්ධන හල්වලින් පෞද්ගලික අංශයට ඉන්ධ...
"නාමල්ට පැනවූ  විදෙස් ගමන්  තහනම ඉවතට"
"කොළඹ කොටුව ක්‍රිෂ් ට්‍රාන්ස්වර්ඩ් චතුරස්‍රයේ අක්කර 4.3ක් බදු දීමේදී සිදු වී ඇතැයි කියන මුදල් අක්‍රමිකතාව සම්බන්ධයෙන් හිටපු ක්‍රීඩා ඇමැති නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව පවරා ඇති නඩුව නීතිපති උපදෙස් සඳහා ලබන වසරේ පෙබරවාරි මස පළමුවැනි දා යළි කැඳවන ලෙස කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඊයේ (21දා) නියෝග කළේය.හිටපු ක්‍රීඩා ඇමැ...
"වැඩිකළ විදුලි බිලෙන්  ආගමික සිද්ධස්ථානවල පරිපාලන  කටයුතු දැඩි අර්බුදයට ලක්වෙලා"
"– ත්‍රෛනිකායික මහනායක ස්වාමින්ද්‍රයන්  වහන්සේලාගෙන් ජනපති රනිල්ට ලිපියක්මහජන සුබ සිද්ධිය අරමුණු කරගත් සාරධර්ම හා ආධ්‍යාත්මික ගුණ වගාවෙන් සුපෝෂිත සමාජ සංස්ථාවක් නිර්මාණය කිරීම උදෙසා ආගමික සිද්ධස්ථාන වෙතින් ලබාදෙන සමාජ දායකත්වය පිළිබඳ අවධානය යොමුකර විදුලි ගාස්තු සම්බන්ධයෙන් ආගමික සිද්ධස්ථාන සඳහා ක්‍රමවත් සහනශීලි නව විදු...
"චමුදිතගෙන් සීඅයිඩීය පැය දෙකක් ප්‍රකාශ ගනී"
"සංස්කරණය නොකළ සී ඩීත් සීඅයිඩීය භාරයටරුවන්වැලිසෑයේ චූඩා මාණික්‍යය සහ කොත්වහන්සේගේ සවිකර තිබූ රුපියල් කෝටි හාරදහසක මැණික් අතුරුදන් වූ බවට කළ චෝදනාව සම්බන්ධයෙන් ආචාර්ය අනුජ ජයසිංහ මහතා සමග සිදු කළ යූටියුබ් සාකච්ඡාව පිළිබඳව ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතාගෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (21 දා) පැය දෙකකට ...
"ඇතැම් කන්නවල ආණ්ඩුව  වී ඇටයක්වත් මිලට ගෙන නෑ"
"වී අලෙවි මණ්ඩලය විසින් 2016 වසරෙන් පසු ඇතැම් කන්නවල වී ඇටයක්වත් මිල දී ගෙන නැති අවස්ථාත් වාර්තා වී තිබෙනවා යැයි කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර මහතා පවසයි.වී අලෙවි මණ්ඩලය විසින් 2016 වසරෙන් පසු සමහර යල කන්නවල දී වී මෙටි්‍රක් ටොන් 3000කට වඩා වැඩිපුර වී මිල දී ගෙන නැහැ. සාමාන්‍යයෙන් යල කන්නයේ දී මිල දී ගෙන තිබෙන්නේ වී මෙටි...
"අයි.එම්.එෆ්. ගිවිසුම  රටට හෙළි කරන්න"
"ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එළැඹී ඇති ගිවිසුම ආණ්ඩුව වහා රටට හෙළි කළ යුතු යැයි උත්තර ලංකා සභාගයේ සභාපති, ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ප්‍රකාශ කළේය.එය ශ්‍රී ලංකා රාජ්‍යයේ ‘බෙල්ල මිරිකන’ ගිවිසුමක් නම් ඊට එරෙහිව සියලු ජනතාව නැගී සිටිය යුතු යැයි ද ඒ මහතා සඳහන් කළේය.වීරවංශ මහතා මේ බව ...
"හොර වැලි පර්මිට් හදන කුරුණෑගල මුද්‍රණාලය වටලයි"
"දිවයිනේ ඕනෑම ප්‍රදේශයකට වැලි ප්‍රවාහනය කිරීම සඳහා ව්‍යාජ වැලි බලපත්‍ර නිකුත් කළ කුරුණෑගල මුද්‍රණාලයක් පානදුර වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය මගින් වටලා, ව්‍යාජ බලපත්‍ර 100 ක් සමග එහි හිමිකරු ඊයේ (21 දා) දහවල් අත්අඩංගුවට ගෙන ඇත.භූවිද්‍යා පර්යේෂණ හා පතල් කාර්යාංශයෙන් ලද තොරතුරු අනුව වලාන දූෂණ ප්‍රහාරක ඒකකයේ නිලධාරීහු කණ්ඩ...
"ඇමැති  ධුර ගත් 6 ක් ශ්‍රීලනිප  තනතුරුවලින්  දොට්ට"
"වත්මන් රජයේ ඇමැති ධුර ලබාගත් ශ්‍රීලනිප මන්ත්‍රීවරු වන නිමල් සිරිපාල ද සිල්වා, මහින්ද අමරවීර, ලසන්ත අලගියවන්න, ජගත් පුෂ්පකුමාර, රංජිත් සියඹලාපිටිය, චාමර සම්පත් දසනායක ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාවේ හා දැරූ සියලු තනතුරින් ඉවත් කළ බව ශ්‍රීලනිප සභාපති හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඊයේ නිවේදනය කළේය."
"ඩයනාගෙන්ම අහන්න එයා හරියට ම කියයි – ඇමැති හරින් හේෂාට කියයි"
"සංචාරක කටයුතු රාජ්‍ය ඇමැතිනී ඩයනා ගමගේ මහත්මියගේ නව සංචාරක ව්‍යාපෘතිය ගැන ඇයගෙන්ම අහගන්නැයි සංචාරක කැබිනට් ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තුවේදී විපක්ෂ මන්ත්‍රී හේෂා විතානගේ මහතා විමසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් පැවසීය.එහිදී ඇමැතිවරයා එක්සත් ජාතික පක්ෂ සම්මේලනයේදී ප්‍රකාශ කළ ‘සබඳ අපි කුදු නොවෙමු’ යන ප්‍රකාශය ද ...
"ණය ප්‍රතිව්‍යුහගතකරණය ගැන ඉන්දියාව සමග සාකච්ඡා"
"ශ්‍රී ලංකා රජය විසින් මෑතක දී කරන ලද ඉල්ලීමකට ප්‍රතිචාර වශයෙන් කොළඹ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය ශ්‍රී ලංකා රජය සමග ශ්‍රී ලංකාවේ ද්විපාර්ශ්වික නිල ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් සාකච්ඡා ආරම්භ කළ බව ඉන්දියාව කියයි.මීට අදාළ පළමු සාකච්ඡා වටය පසුගිය 16 දා කොළඹ දී පැවැත්විණි.ශ්‍රී ලංකාවේ ණය තිරසාරභාවය සඳහා ණයහිමියන්ග...
"සමෘද්ධිමත් ජාතියක් වීමට එකට එක්ව සටන් කරමු – බි්‍රතාන්‍යයේ ශ්‍රී ලාංකික ඩයස්පෝරාවට ජනපතිගෙන් ඇරයුම්"
"සමෘද්ධිමත් ජාතියක් වීමට එකට එක්ව බංකොලොත් භාවයට එරෙහිව සටන් කළ යුතු බව බි්‍රතාන්‍යයේ ශ්‍රී ලාංකික ඩයස්පෝරාව සමඟ ඉකුත් 19 දා පැවති හමුවකදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය. එසේම ඩයස්පෝරා කාර්යාල ව්‍යාපෘතිය ඇතුළු ශ්‍රී ලංකාවේ නිර්මාණය වී ඇති නව ආයෝජන අවස්ථා සඳහා එක්වන ලෙස ද ජනාධිපතිවරයා ඔවුන්ට ආරාධනා කළේය. බ...
"මන්දපෝෂණය ඇති දරුවන්ට මහන්සිය – මලානිකකම තියෙනවා – විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා"
"ළමා මන්දපෝෂණය වළක්වා ගැනීමට එක්ව කටයුතු කළ යුතු බව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඳ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසයි.දරුවෙක් ඉපදී පළමු මාස හයේදී දරුවට මවුකිරි පමණක් ලබාදිය යුතු මුත් ඉන් පසුව ඝන ආහාරවලට යොමු කිරීමේදී බත් සමග රතු කවුපි, සුදු කවුපි, මුං ඇට, බිත්තර හාල් මැස්සන් ආදිය ලබාදීමෙන් මන්දපෝෂණය වළක...
"වරලත් ගණකාධිකාරී ආයතන බදු හොරුන්ට උදව් කරනවා – ඒවා නියාමනය කරන්න"
"මෙරට බදු ගෙවීම පැහැර හරින අය සඳහා උදව් දෙන ප්‍රධානතම ආයතනයක් ලෙස වරලත් ගණකාධිකාරී ආයතන හැඳින්විය හැකි බවත් එබැවින් ඒවා නියාමනය කළ යුතු බවත් ආණ්ඩු පක්ෂ මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (20) පැවසීය.රජයේ ආදායම වැඩිකර ගැනීමේ අවශ්‍යතාව පිළිබඳ රජය විසින් ගෙන එනු ලැබූ සභාව කල් තැබීමේ යෝජනාව ඉදිරිපත් ...
"බලධරයෙනි ගමට ගිහින් බලන්න! සූරියවැව දරුවන්ගෙන් 80% කට මන්දපෝෂණය!"
"සූරියවැව සෞඛ්‍ය කොට්ඨාශයේ සිදුකළ සමාජ සමීක්ෂණයකදී දරුවන්ගෙන් 80%ක් මන්ද පෝෂණයට ගොදුරු වී ඇති බව අනාවරණයවූ බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබද වෛද්‍ය වරුන්ගේ වෘත්තීය සමිති සංධානයේ සභාපති වෛද්‍ය ජී.ජී. චමල් සංජීව මහතා පවසයි. හම්බන්තොට දිස්ත්‍රික්කයේ සූරියවැව ඇතුළු ප්‍රදේශ රැසක දරුවන්ගෙන් සියයට අසූවක්ම මන්ද පෝෂණ තත්ව...
"බෝ නොවන රෝග සඳහා ලබාදෙන ඖෂධ වර්ග සීමා කළ හැකිද සොයයි"
"රජයේ හා පෞද්ගලික රෝහල්වල වෛද්‍යවරුන් විසින් දියවැඩියාව, වකුගඩු රෝග, හෘද රෝග ඇතුළු බෝ නොවන රෝගවලින් පෙළෙන රෝගීන් සඳහා නිර්දේශ කරනු ලබන අධික බෙහෙත් වර්ග සීමා කිරීමට හැකිද යන්න පිළිබඳව සොයා බලාගෙන යන බව සෞඛ්‍ය අමාත්‍යංශ මාර්ග පවසයි. බෝ නොවන රෝග සඳහා නිර්දේශ කරන බෙහෙත් වර්ග සීමා කිරීමේ හැකියාව සොයා බැලීමට බස්නාහිර පළාතේ ර...
"ආර්ථික ඝාතනයට වගකිවයුත්තන් සොයන්න විශේෂ කාරක සභාවක් ඉල්ලයි"
"විපක්‍ෂයේ මන්ත්‍රීන් 35 කගේ අත්සනින් කථානායකට ලිපියක් මෙරට ඇතිව තිබෙන ආර්ථික පරිහානියට වගකිව යුත්තන් පිළිබඳව සොයා බලා පාර්ලිමේන්තුවට කරුණු වාර්තා කිරීමට විශේෂ කාරක සභාවක් පත් කරන ලෙස ඉල්ලා මන්ත්‍රීවරුන් 35 දෙනෙකුගේ අත්සනින් විශේෂ ලිපියක් ඊයේ (20දා) කථානායකවරයා වෙත භාර දෙනු ලැබිණි. 2019 නොවැම්බර් මස සිට මේ දක්වා මෙරට ආ...
"රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව වැසී යෑමට ආසන්නයේ: සේවක වැටුප් ගෙවාගන්නත් බැහැ"
"ඉදිකිරීම් ක්‍ෂෙත්‍රයට අවශ්‍ය අමුද්‍රව්‍ය මිල ගණන් දරාගත නොහැකි ලෙස ඉහළයෑම හා යහපාලන සමයේදී ගත් ක්‍රියාමාර්ග නිසා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ සේවක වැටුප් ගෙවා දැමීමට නොහැකි වී දිනෙන් දින කඩාවැටී වසා දමන තැනට පත්ව ඇතැයි එහි සභාපති නීතීඥ රත්නසිරි කළුපහන මහතා “දිවයින”ට පැවසීය. රුපියල් 97,000 කට පමණ තිබූ යකඩ ටොන් එකක මිල රුපි...
"මේ වසරේ මුල් මාස හයේ රාජ්‍ය ආදායම 28.54 %‍ කින් නගී"
"මේ වසරේ (2022) මුල් මාස හයේ රජයේ ආදායම ගිය වසරේ (2021) මුල් මාස හයට සාපේක්‍ෂව සියයට 28.54 කින් වර්ධනය වී ඇත. මේ අනුව 2021 වසරේ මුල් මාස හයේ රු. බිලියන 715.3 ක් වූ රජයේ ආදායම මේ වසරේ (2022) මුල් මාස හයේ දී රු. බිලියන 919.5 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම වාර්තාවක සඳහන් වේ. මෙම කාලය තුළ දී රජයේ බදු ආද...
"ජනපති රනිල් තෙවැනි චාල්ස් රජු හමුවී…"
"දෙවැනි එළිසබෙත් මහ රැජනගේ අවමංගල්‍ය උත්සවයට සහභාගි වීම සඳහා ලන්ඩනයට පැමිණි ලෝක නායකයන් සහ තෙවැනි චාල්ස් රජු අතර හමුවක් ඉකුත් 18 වැනිදා බකිංහැම් මාළිගයේ දී සිදු විය. එම අවස්ථාවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද සහභාගී වූ අතර ජනාධිපතිවරයා එහිදී චාල්ස් රජු සමග සුහද කතා බහක නිරත විය. ජනාධිපති බිරිඳ වන ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ම...
"බැසිල්ගේ වැඩ ලක්‍ෂයේ ව්‍යාපෘතිවලට බිලියන 20 ක් ගෙවීම ප්‍රශ්නයක් වෙලා! විගණනයෙන් හෙළිවෙයි"
"‘අයවැයෙන් වැඩ ලක්‍ෂයක්’ යටතේ 2022 වසරේ ක්‍රියාත්මක කළ ග්‍රාමීය සංවර්ධන ව්‍යාපෘති සඳහා රුපියල් බිලියන 100ක මුදලක් වෙන් කළත් එම ව්‍යාපෘති ක්‍රියාත්මක කළ විවිධ කොන්ත්‍රාත් සමාගම් වෙත ගෙවිය යුතු රුපියල් බිලියන 25ක මුදලක් රජයට ගෙවාගත නොහැකි වී ඇතැයි රජයේ විගණනයේදී අනාවරණය වී තිබේ. හිටපු මුදල් ඇමැති බැසිල් රාජපක්‍ෂ මහතා විස...
"ගල්අඟුරු ගේන්න අලුතින් ටෙන්ඩර් කැඳවනවා – විදුලිබල ඇමැති කියයි"
"මෙරටට ගල්අඟුරු සැපයීමට ඉදිරිපත් වූ අයතනය මේ වනවිට එය ප්‍රතික්‍ෂේප කර ඇති බැවින් ගල්අඟුරු මිලදී ගැනීමට අලුතින් ටෙන්ඩර් කැඳවීමට සිදුව ඇතැයි විදුලි බල හා බලශක්ති ඇමති කංචන විජේසේකර මහතා පාර්ලමේන්තුවේදී ඊයේ (20දා) පැවසීය. ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඇමැතිවරයා වැඩිදුරටත් මෙසේද කියා සිටියේය. අපි පසුගිය කාලයේ ගල්අඟුරු ටෙන්ඩ...
"සතොස හිටපු සභාපති වෙනුර රිමාන්ඩ්"
"රුපියල් ලක්ෂ 31කට අධික මුදලක් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ සතොස හිටපු සභාපති වෙනුර ගුණවර්ධන යන නමැත්තා (21) දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමට කොටුව මහේස්ත්‍රාත් තිළිණගමගේ මහතා ඊයේ (20දා) නියෝග කළේය. සැකකාර සභාපතිවරයාගේ ගිණුමට රුපියල් ලක්ෂ හතර හමාරක...
"නොරොච්චෝලෙට ගල්අඟුරු අර්බුදයක්!"
"නොරොච්චෝල ගල්අඟුරු බලාගාරය සතුව තිබෙන ගල්අඟුරු සංචිත ලබන ඔක්තෝබර් 25 ට පෙර අවසන්වීමෙන් පසු එම බලාගාරයට අවශ්‍ය ගල්අඟුරු මිලදී ගැනීම මේ වනවිට බරපතළ අර්බුදයකට ලක්ව තිබේ. ගල්අඟුරු මිලදී ගැනීම සඳහා කැඳවා තිබූ ටෙන්ඩරය අවලංගුවීම නිසා 2021 වසරේ කැඳවා තිබූ ටෙන්ඩරයට අනුව මෙරටට ගල්අඟුරු සැපයීමට ගල්අඟුරු සමාගම පියවර ගනිමින් සිටින...
""විදුලි බිල වැඩිවීම බලපාන්නේ සිද්ධස්ථාන 12,000 කට පමණයි – ඇමැති කංචන විජේසේකර""
"විදුලි බිල වැඩිවීම බලපාන්නේ ආගමික සිද්ධස්ථාන හතළිස් අටදහසෙන් 12,000 කට පමණක් බවත් ඉතිරි 36,000 සඳහාම බිල උපරිම වශයෙන් වැඩි වී ඇත්තේ රුපියල් 3990ක් පමණක් බවත් විදුලි බල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (20දා) පැවසීය. සමගි ජන බලවේගය මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතා විසින් වාචික පිළිතුරු අපේක්ෂාවෙ...
"ස්මාර්ට් දුරකථනවලට ඇබ්බැහි වූ දරුවන් අතර බෝනොවන රෝග බහුල වෙලා"
"විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා ස්මාර්ට් ජංගම දුරකථන භාවිතයට ඇබ්බැහි වු දරුවන් අතර දියවැඩියාව, අධිරුධිර පීඩනය වැනි රෝග ද කථන වර්ධනය අඩුවීම, තරබාරුව සමාජශීලීත්වය නැතිවීම යන ලක්‍ෂණ ද ඇතිවීමේ ප්‍රවණතාවක් මතුව ඇතැයි ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා “දිවයින”ට ඊයේ (20 දා) පැවසීය. මෙම තත්ත්වය මත අත්‍යවශ්‍ය කරුණකට හැර දරු...
"කෘෂිකර්ම ඇමැතිගේ ප්‍රකාශය ප්‍රයෝජනයට ගෙන හාල් මාෆියාවක් ගොඩනගලා"
"කෘෂිකර්ම ඇමැතිවරයාගේ ප්‍රකාශය ප්‍රයෝජනයට ගනිමින් මෙරට බත් කන ජනතාව ‘ගොදුරු’ කර ගැනීමේ වැඩපිළිවෙළ ‘හාල් මාෆියාව’ මේ මොහොතේ තමන්ගේ අතට ගනිමින් පසුවන බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ කැඳවුම්කරු, නාමල් කරුණාරත්න මහතා ‘දිවයින’ට ඊයේ (20 දා) සඳහන් කළේය. පනින රිලවුන්ට ඉනිමන් තැබීමක් බඳු වූ ඇමැතිවරයාගේ ‘පිටරට විස සහල්’ කතාව නිසා...
"තිරිඟුපිටි හිඟයෙන් බේකරි 2000 ක් වැහිලා: ලක්‍ෂ 2 ක් අනාථයි"
"තිරිඟුපිටි හිඟයත් සමග බේකරි 2000 කට අධික ප්‍රමාණයක් වැසී යෑමෙන් ලක්‍ෂ 2 කට අධික සේවක පිරිසකගේ රැකියා අහිමි වී ගොස් ඇතැයි සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්. කේ. ජයවර්ධන මහතා “දිවයින”ට පැවසීය. මෙම තත්ත්වය නිසා රට තුළ පාන් හිඟයක් නිර්මාණය වී ඇතැයි ද හෙතෙම කීය. මෙහිදී තවදුරටත් කතා කළ ජයවර්ධන මහතා මෙසේද කියා සිට...
"මුහුදුබඩ මාර්ගයේ දුම්රිය පීලි දිරලා: දුම්රිය පීලිපැනීමට හේතු හෙළිවෙයි"
"මුහුදුබඩ දුම්රිය මාර්ගයේ දුම්රිය පීලිපැනීමට මුලික හේතුව දුම්රිය පීලි දිරාපත්වීම සහ දුම්රිය එන්ජින් නිසි පරිදි නඩත්තු නොකිරීම බවට හෙළිවී ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් “දිවයින”ට පැවසීය. කොළඹ කොටුවේ සිට වාද්දුව දක්වා වන මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ස්ථාන කීපයකම පීලි දිරාපත් වී ඇතැයි ද හෙතෙම කීය. එම නිලධාරියා...