Title stringlengths 9 246 | Content stringlengths 3 62.9k |
|---|---|
"පාස්කු සිද්ධිය : මෛත්‍රි ගැන අභියාචනාධිකරණය දුන්නු තීන්දුව" | "පාස්කු ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සැකකරුවකු ලෙස නම් කරමින් ගොනු කර ඇති පෞද්ගලික පැමිණිල්ල සම්බන්ධයෙන් මෙම මස 14 වැනි දින සිට ඉදිරි සති 10 ක කාලය ඇතුළත කිසිදු පියවරක් ගැනීම වළක්වමින් අභියාචනාධිකරණය 14 වැනිදා පෙරවරුවේ කොටුව මහෙස්ත්‍රාත්වරයා වෙත නියෝගයක් නිකුත් කළේය. තමා ඔක්තෝබර් 14 ... |
"කොළඹ ජාතික රෝහලේ මත්ද්‍රව්‍ය කල්ලියෙන් නිලධාරීන්ට තර්ජන" | "කොළඹ ජාතික රෝහල තුළ ක්‍රියාත්මක වන බව කියන මත්ද්‍රව්‍ය ජාවාරම් මර්දනය කිරීමට උත්සාහ කරන එම රෝහලේ බලධාරීන්ට මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදෙන සංවිධානාත්මක කණ්ඩායමක් විසින් දිගින් දිගට ම තර්ජන එල්ල කිරීමට පටන් ගෙන ඇත. මෙම රෝහලේ ජ්‍යෙෂ්ඨතම බලධාරියකුට සහ පරිපාලන නිලධාරිනියකට රෝහලේ සංවිධානාත්මක පිරිසක් විසින් මෙසේ තර්ජන එල්ල කර ඇත... |
"අම්මේ ඉතින් භාරගන්න…" | "කඳුකර කොටිදෙනක විසින් නල්ලතන්නිය වැවිලි සමාගමකට අයත් තේ වත්තක බිහිකර තිබූ මෙම කොටි පැටවුන් දෙදෙනා යළිත් මවට රැගෙන යෑමට අවස්ථාව උදාකර දීමට වනජීවී නිලධාරීන් සමත්වීම ගෙවී ගිය සතියේ වැඩි අවධානයක් දිනාගත් සිදුවීමකි. තේ පඳුරක් යට සිටි මෙම පිරිමි හා ගැහැනු පැටවුන් දෙදෙනා මව නොමැති නිසා වතු කම්කරුවන් විසින් ආරක්‍ෂිත ස්ථානයකට ... |
"මහින්ද බැසිල් ගෝඨා ගෙන් සුදු කොඩි සිද්ධිය ගැන ජිනීවා ප්‍රශ්න කරයි" | "සුදුකොඩි සිද්ධිය සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්‍ෂ බැසිල් රාජපක්‍ෂ, මහින්ද රාජපක්‍ෂ, ජොන්ස්ටන් ප්‍රනාන්දු, පාලිත කොහොන සහ හිටපු මන්ත්‍රී චන්ද්‍රසේන ගෙන් ප්‍රශ්න කිරීමට ජිනීවා මානව හිමිකම් කවුන්සිලය තීරණය කර ඇත. කොටි හිටපු පොලිස්පති නඩේසන් සාමලේකම් ප්‍රධානි පුලිතේවන් ඇතුළු හිටපු කොටි හමුදා නායකයන් ඝාතනය වීමට අදාළ සුදුකොඩි සි... |
"තෙල් ආවොත් වැඩ" | "බොරතෙල් ලැබුණු විගස සපුගස්කන්ද තෙල් පිරිපහදුව සුපුරුදු පරිදි යළි ක්‍රියාත්මක කරන බව විදුලිබල හා බලශක්ති රාජ්‍ය ඇමැති ඩී. වී. චානක මහතා පැවසීය. බොර තෙල් නැවක් ලැබෙමින් පවතින බවත් ඉදිරි දින කීපය ඇතුළත ඒවා ගොඩබෑමේ කටයුතු ආරම්භ කරන බවත් ඇමැතිවරයා සඳහන් කළේය. තවත් බොරතෙල් නැව් දෙකක් ලැබීම තහවුරු කරගත් පසු සුපුරුදු පරිදි සප... |
"ගජබා රෙජිමේන්තුවේ 39 වන සංවත්සරය" | "ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ වර්ණ ලාභි රෙජිමේන්තුවක් වන ගජබා රෙජිමේන්තුවේ 39 වන සංවත්සරයට සමගාමීව යුද්ධයේ දී දිවි පිදූ නිලධාරි 171 දෙනකු ඇතුළු 4077 දෙනකු සිහි කිරීම සහ පුෂ්පෝපහාර දැක්වීම සාලියපුර ගජබා රෙජිමේන්තු මධ්‍යස්ථාන රණවිරු ස්මාරකයේ දී යුද්ධ හමුදාපති ගජබා රෙජිමේන්තු අධිපති, ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බළමුළුවේ රෙජිමේන්... |
"පාස්කු සිද්ධිය: සති 10 ක් යනතුරු මෛත්‍රී ගැන තීරණ බෑ" | "අභියාචනාධිකරණය කොටුව මහෙස්ත්‍රාත්ට නියෝග කරයි පාස්කු ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සැකකරුවකු ලෙස නම් කරමින් ගොනු කර ඇති පෞද්ගලික පැමිණිල්ල සම්බන්ධයෙන් මෙම මස 14 වැනි දින සිට ඉදිරි සති 10 ක කාලය ඇතුළත කිසිදු පියවරක් ගැනීම වළක්වමින් අභියාචනාධිකරණය ඊයේ (14වැනිදා) පෙරවරුවේ කොටුව මහෙස්ත්... |
"රු. 2000 එන්නත් කුප්පිය රු. 90000 ගණනේ අරන්!" | "මිලියන 22ක පාඩුව ගැන විමර්ශනයක් කරන්න – රවි කුමුදේශ් සෞඛ්‍ය ලේකම්ගෙන් ඉල්ලයි රුපියල් 2000ක් පමණ වටිනා ‘එස්මෝලොල්’ එන්නත් කුප්පියක් සඳහා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව විසින් රුපියල් අනූදහසක් තරම් වැඩි මිලක් ගෙවමින් සිදු කර ඇති මිලදී ගැනීමක් හේතුවෙන් රජයට රුපියල් මිලියන 22ක පාඩුවක් සිදුව ඇති බවට පවතින චෝදනාව පිළිබඳව වහා විම... |
"එදා තෙල් ටැංකි ඉන්දියාවට දුන්නා නම් අද රටේ ඉන්ධන අර්බුදයක් නෑ" | "ත්‍රිකුණාමල දිස්ත්‍රික්ක ක්‍රමෝපායික සංවර්ධන සැලැස්ම ඡන්දය ඉලක්ක කරගත්තක් නොව ඊළඟ පරම්පරාව වෙනුවෙන් ආරම්භ කළ ව්‍යාපෘතියක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ත්‍රිකුණාමලය දිස්ත්‍රික් සංවර්ධන සැලැස්මට අනුකූලව වරාය සංවර්ධනයේදී සහ තෙල් ටැංකි සංකීර්ණය සංවර්ධනය කිරීමේදී ඉන්දියාව සමඟ එක්ව කටයුතු කිරීම වැදගත් යැයි ද හ... |
"කෝටි 40ක් වැය කළත් කාලගුණ රේඩාර් එක තවම නෑ!" | "ලක්‍ෂ 19 ක උපකරණ අතුරුදන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් කොග්ගල රේඩාර් පද්ධතියක් පිහිටුවීම සඳහා 2010 වසරේ සිට රුපියල් කෝටි 40කට අධික මුදලක් (රුපියල් මිලියන 402.8) වැයකර ඇතත් මේ දක්වා එම රේඩාර් පද්ධතිය ඉදිකොට නොමැති බව ජාතික විගණන කාර්යාලය පවසයි. මෙම රේඩාර් පද්ධතිය ඉදි කිරීම සඳහා මිලදී ගෙන ඇති රුපියල් ලක්‍ෂ 91 ක්... |
"අපනයනය ඉලක්ක කර ගත් ආයතන රැසකට නව ආයෝජකයෝ" | "අපනයන ආර්ථිකය ඉලක්ක කරගෙන කන්කසන්තුරේ සිමෙන්ති කම්හල, පරන්තන් රසායනික කම්හල, ලුණු සමාගම, පිඟන් සංස්ථාව ආදී ආයතන ගණනාවක් ඉදිරියේදී නව ආයෝජකයන් සහිතව ආරම්භ කිරීමට කටයුතු කරන බව වැවිලි කර්මාන්ත හා කර්මාන්ත ඇමැති වෛi රමේෂ් පතිරණ මහතා පවසයි. එසේම රජයේ ඉඩම් ආයෝජනයන් නිදහස් කිරීමට ඉඩම් බැංකුවක් නිර්මාණය කරන බවද එවිට එක ආයතනය... |
"ණය දෙන්න නම් දීගයක් ඕනෑ…. අයිඑම්එෆ් යළි කියයි" | "සියලු ණය හිමියන්ට සමාන සැලකුමක් සහිත පොදු යාන්ත්‍රණයක් අවශ්‍ය බවත් එවැනි ණය හිමියන්ගේ සම්බන්ධීකරණයක් ශ්‍රී ලංකාව වැනි මැදි ආදායම් සහිත රටවල් වෙත ව්‍යාප්ත කිරීම පිළිබඳව සලකා බලන බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජෝර්ජියේවා පවසයි. වොෂින්ටන්හි පැවැත්වෙන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ලෝක බැංක... |
"ආණ්ඩුවේ අවිද්‍යාත්මක බදු වැඩිකිරීම නිසා ඇති හැකි අය රටෙන් පලාගිහින් මෙරට මානව කාන්තාරයක් වේවි" | "මෙමගින් සමාජ අසහනයක් නිර්මාණය වන බව මහබැංකුව දැනගත යුතුයි – පාඨලී චම්පික රණවකඅලුත් බදු පැනවීමත් පසුගිය වර්ෂවල සල්ලි අච්චු ගැහුවා වගේ වැඩක් විද්‍යාත්මක සොයා බැලීමකින් තොරව සිදු කරන බදු වැඩිකිරීම් තුළින් ව්‍යාපාර වැසී ගොස්, බදු ඔරොත්තු දිය නොහැකි සමාජ කණ්ඩායම් අතර බරපතළ අසහනයන් වර්ධනය විය හැකි බව 43 සේනාංක නායක, පාර්ලිම... |
"පොලිස්පති දුන් මාරුවට එරෙහිව එස්. පී. ගෙන් අභියාචනයක්" | "පොලිස්පතිවරයා විසින් තමාට පොලිස් ක්ෂේත්‍ර බළකා මූලස්ථානයට ස්ථාන මාරුවක් ලබාදෙමින් නිකුත් කළ නියෝගය බලරහිත කරන ලෙස ඉල්ලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන ඒකකයේ ප්‍රධානී ලෙස රාජකාරි කළ පොලිස් අධිකාරි එන්. වී. ලෝරන්ස් මහතා අභියාචනාධිකරණයට රිට් ආඥා පෙත්සමක් ගොනු කළේය. පොලිස්පතිවරයා වැඩබලන නියෝජ්‍ය පොලිස්... |
"බිත්තර දිනය සමරද්දී අපේ අම්මලා දරුවන්ට බිත්තරයක් දෙන්න බැරිව හූල්ලති" | "ඊයේ දිනට (14) යෙදී තිබූ ජාත්‍යන්තර බිත්තර දිනය සමරමින් රට පුරා වැඩසටහන් පැවැත්වුවද අද පවතින මිල ගණන් මත බිත්තරයක්වත් ආහාර වේලට සපයා ගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගතවී ළමා මන්දපෝෂණය වර්ධනය වෙමින් පවතින බව ජනතාව පවසති. ළමුන්ට මෙන්ම ගැබිනි මාතාවන්ට ඉතා අඩු මිලට පෝෂදායි ආහාරයක් ලෙස සපයා ගැනීමට හැකි වූ බිත්තරය අද සුපිරි ගණයේ ... |
"ප්‍රියමාලිට හයිය දුන්න පොලිස් නිලධාරියාගෙන් ප්‍රශ්න කරන්න යයි" | "තිළිණි ප්‍රියමාලිගේ හොර මූල්‍ය ආයතනය සමග සම්බන්ධයක් පැවැත්වූ බව කියන පොලිස් නිලධාරියකු පිළිබඳව තොරතුරු ලැබී තිබෙන බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙන් ‘දිවයින’ට ප්‍රකාශ කළේය. මොහු පිළිබඳව තොරතුරු ලැබුණත් අදාළ පැමිණිල්ල අද හෙටම ලැබීමට ඉඩ තිබෙන බව ද පොලිසිය කියයි. තිළිණි ප්‍රියමාලිට රුපියල් කෝටි ගණන් සහ රන් ආභරණ ලබාදුන් ප්‍රධ... |
"ඖෂධ හා අතිරේක ආධාර ලබාදෙන්නැයි අගමැති රතුකුරුසයෙන් ඉල්ලයි" | "පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් විපතට පත් වැඩි පිරිසකට ආහාර බෙදා හැරීමේ වැඩසටහන් සහ ඖෂධ මෙන්ම අතිරේක ආධාර ලබාදෙන ලෙස අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ජාත්‍යන්තර රතු කුරුස සම්මේලනයෙන් ඉල්ලයි. ජාත්‍යන්තර රතු කුරුස සම්මේලනයේ ආසියා පැසිෆික් කලාපීය අධ්‍යක්ෂ ඇලෙක්සැන්ඩර් මැතියෝ මහතා 13 දින කොළඹ අග්‍රාමාත්‍ය කාර්යාලයේදී අගමැත... |
"අඩු මිලට වාහන ගන්නේ බලාගෙනයි" | "ව්‍යාජ ලියකියවිලි සකසා චැසි අංකය වෙනස් කළ අති සුඛෝපභෝගී වාහන ඉතා අඩු මිලට විකුණන ජාවාරමක සුලමුල හෙළිකර ගැනීමට පානදුර වලාන දූෂණ මර්දන ඒකකය සමත්ව තිබේ. මෙවැනි වාහන මිලදී ගැනීමෙන් වළකින ලෙසත් එවැනි වාහන පිළිබඳ තොරතුරු තිබේ නම් ළඟම පොලිසියට දැනුම් දෙන ලෙසත් පොලිසිය මහජනතාවට දැනුම් දෙයි. රුපියල් ලක්‍ෂ හැත්තෑවක් පමණ වටිනාකම... |
"දුම්රිය මැදිරිවලට යටකළ මිලියන 11564 අපතේ!" | "දුම්රිය දෙපාර්තමේන්තුව සඳහා ඉන්දීය ණය ආධාර යටතේ මිලියන 11564 ක් වැයකොට දුම්රිය මැදිරි 160 ක් මිලදී ගෙන තිබුණ ද අපේක්ෂිත ව්‍යාපෘති අරමුණු කිසිවක් ඉටු කර ගැනීමට නොහැකි වී තිබූ බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත් කර ඇති විගණන වාර්තාවක සඳහන් වේ. දුම්රිය මැදිරි 160න් දුම්රිය මැදිරි 10ක් පමණ භාරගෙන අනිකුත් දුම්රිය මැදිරි 1... |
"හැඳුනුම්පතේ ගාස්තුවත් උස්සයි" | "පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව විසින් වාර්ෂිකව සකස් කරන ලක්‍ෂ 10 ක් පමණ වන හැඳුනුම්පත්වල ගාස්තු නොවැම්බර් 01 වැනිදා සිට ඉහළ දැමීමට පියවර ගෙන ඇත. මේ අනුව ප්‍රථම වරට සකස් කරන හැඳුනුම්පතක් වෙනුවෙන් අය කළ රුපියල් 100 ක මුදල රුපියල් 200 දක්වා ද, නැති වූ හැඳුනුම්පතක් සකස් කිරීම සඳහා අය කළ රුපියල් 500 ක මුදල රුපි... |
"ආර්ථිකය යළි ස්ථාවර කිරීම සඳහා මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් ලෝක බැංකු නියෝජිත පිරිසක් සමග සාකච්ඡා" | "2022 ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ හා ලෝක බැංකුවේ වාර්ෂික රැස්වීම් අතරතුර, මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා ලෝක බැංකුවේ දකුණු ආසියානු කලාපීය උප සභාපති මාර්ටින් රයිසර් මහතා ඇතුළු ලෝක බැංකු නියෝජිත පිරිසක් සමග ශ්‍රී ලංකාවේ ආර්ථිකය යළි ස්ථාවර කිරීම සඳහා ඇති විකල්ප පිළිබඳ සාකච්ඡා කළේය. ශ්‍රී ලංකාවට ණය පහසුකම් ලබාගැනීම... |
"සංචාරක රාජ්‍ය අමාත්‍යවරිය ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ 1 වැනි ලේකම් අතර හමුවක්" | "සංචාරක රාජ්‍ය ඇමැති ඩයනා ගමගේ මහත්මිය 1 වන ලේකම් (වාණිජ හා සංස්කෘතික කටයුතු) ඉරීනා තාකූර් මහත්මිය අමාත්‍ය කාර්යාලයේ දී හමුවිය. සාකච්ඡාව මූලික වශයෙන් අදහස් කළේ ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය සඳහා අපේක්‍ෂිත මාර්ග සිතියම කෙරෙහි අවධානය යොමු කරමින් දෙරට අතර සංවාදයක් ඇති කර ගැනීමයි. දෙරට අතර සාමූහික ප්‍රයත්නයක වැදගත්කම සහ දි... |
""නිදහස සඳහා වූ කාන්තාවෝ ඇරඹූ මොහොතේ චන්ද්‍රිකා, ෆේරියල්, ටාරා හමුවී.."" | "‘නිදහස සඳහා වූ කාන්තාවෝ’ සංවිධානයේ සමාරම්භක උළෙල හිටපු ජනාධිපතිනි චන්ද්රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී ඊයේ (14දා) පැවැත්විණි. එහි පැමිණි කුමාරතුංග මහත්මිය, හිටපු අධ්‍යාපන ලේකම් මහාචාර්ය ටාරා ද මැල් මහත්මිය හා ජාතික ළමාරක්‍ෂක අධිකාරියේ හිටපු ... |
"ප්‍රියමාලි හමුවුණේ මානසික රෝහලෙන්: ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ" | "රුපියල් කෝටි ගණන් මුදල් වංචා සිදුකළ තිලිණි ප්‍රියමාලි නමැති කාන්තාව තමා සමගින් ඡායාරූපයකට මුහුණ දී තිබෙන බව මාධ්‍ය මගින් දැන ගැනීමට ලැබුණු බව දකුණු පළාත් (අපරාධ) ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ‘දිවයින’ට (14 දා) ඊයේ පැවසීය. තමාගේ මතකයේ හැටියට මාස කීපයකට පෙර අංගොඩ මානසික රෝහලේ පැවැති උත්සවයකට තමා ඇතුළු ජ්‍ය... |
"CA Sri Lanka 43 වැනි ජාතික සමුළුව අරඹයි" | "වර්තමානයේ ශ්‍රී ලංකාව මුහුණ දී ඇති පෙර නොවූ විරූ අර්බුදකාරී වාතාවරණය මධ්‍යයේ, රට මෙන්ම ජනතාව පත් වී ඇති ආර්ථික ගැටලුවෙන් මුදා ගැනීම සඳහා විනිවිද භාවය හා වගවීම තුළින් පරිවර්තනීය වෙනසක් සිදු කිරීම අත්‍යවශ්‍ය මොහොතක, ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනය (CA Sri Lanka) විසින් පසුගිය බදාදා සිය වරලත් ගණකාධිකාරීවරුන්ගේ 43 වැනි ... |
"අධිකරණයට අපහාස කිරීම: විනිසුරු බලය අභියෝගයට ලක් කිරීම බරපතළ වරදක්!" | "ඇමැතිවරයා ප්‍රමාදවී උසාවි එයිනියමිත වේලාවට එන්නැයි විනිසුරුගෙන් අවවාද ඔව්… ඇත්තටම මම දැන් අධිකරණයට බයයිඅධිකරණයෙන් පිටවෙන ගමන් සනත් තිශාන්ත මාධ්‍යයට කියයි නියමිත වේලාවට අධිකරණය හමුවේ පෙනී නොසිටී රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට පොලිස්පතිවරයාට නියෝග කරමින් නිකුත් කළ වරෙන්තු නියෝගය ආපසු... |
"තිලිණි ප්‍රියමාලි කඩවත අයකුටත් අගරු චෙක් දීලා" | "මහ පරිමාණයෙන් මුදල් වංචාවකට චෝදනා ලැබ සිටින තිලිණි ප්‍රියමාලි කඩවත නගරයේ වෙළෙඳ ව්‍යාපාරිකයකුට රුපියල් ලක්‍ෂ පහක අගරු චෙක්පතක් ලබාදීම පිළිබඳව රහස් පොලිසියට පැමිණිල්ලක් ලැබී ඇත. මෙම ව්‍යාපාරිකයාගේ වෙළෙඳ ආයතනයට වරින් වර පැමිණි තිලිණි ප්‍රියමාලි විවිධ විදුලි උපකරණ වෙළෙඳ ආයතනයෙන් මිලට ගෙන මුදල් ගෙවා ඇත. දිනක් ඇය මෙම ස්ථානය... |
"රුසියාවට එරෙහි යෝජනාවට 2/3 ක ඡන්දයක්" | "රුසියාව විසින් යුක්රේනයේ ප්‍රදේශ හතරක් නීති විරෝධී ලෙස රුසියාවට ඈදාගත් බවට එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය වෙත පෙරේදා (12 දා) ගෙන එනු ලැබූ යෝජනාවට පක්‍ෂව සාමාජික රටවල් 193 න් 143 ක්ම ඡන්දය පාවිච්චි කළහ. ඊට විරුද්ධව රටවල් හතරක් ඡන්දය පාවිච්චි කළ අතර රටවල් 35 ක් ඡන්දය දීමෙන් වැළකී සිටියහ. ඒ අනුව රුසියාවට එරෙහි යෝජනාව සාමාජික... |
"මහ වැසි කැළඹිලි: ඉදිරි දිනවලත් වැසි" | "කුඹුරේ වැඩ කරමින් සිටි ගොවියා අකුණු වැදී මියයයි… ගවයෝ 11 ක් මරුට දිවයිනේ ප්‍රදේශ කිහිපයකට වැසි තත්ත්වයක් වාර්තා වුවත් කිසිදු ප්‍රදේශයකින් ඊයේ (13 දා) සවස් වනවිට ආපදා තත්ත්වයක් වාර්තා වී නැතැයි ආපදා කළමනාකරණ දෙපාර්තමේන්තුවේ නියේජ්‍ය අධ්‍යක්‍ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා පැවසීය. එමෙන්ම රත්නපුර සහ කළුතර දිස්ත්‍රික්කවලට නාය ... |
"දරු දෙදෙනාට මත් පෙති පොවා හිඟමනේ ගෙනිහින්… කාන්තාවෝ දෙදෙනෙක් අත්අඩංගුවට!" | "කුඩා දරුවන් දෙදෙනකුට මත්පෙති පොවා නිදිකර වඩාගෙන සිඟමනේ යෙදුණු කාන්තාවන් දෙදෙනකු බොරැල්ල පොලිසිය මගින් ඊයේ (13දා) අත්අඩංගුවට ගෙන ඇත. මෙම දරුවන් දෙදෙනා අසනීපයෙන් පසු වෙන බව කියා ඔවුන්ට අවශ්‍ය බෙහෙත් හේත් ගැනීමට විශාල මුදලක් වැයවෙන බව කියමින් මෙම කාන්තාවන් දෙදෙනා මෙසේ සිඟමනේ යද්දී බොරැල්ල ආයුර්වේදය අසල දී පොලිසිය මගින් අ... |
"ජාතික රෝහලේ කුඩු ජාවාරමට හවුල් වෘත්තීය සමිති ලොක්කාගේ සුපිරි දේපොළ ගැන පරීක්‍ෂණ" | "කොළඹ ජාතික රෝහලේ මත්කුඩු ජාවාරමට සම්බන්ධ එක්තරා වෘත්තීය සමිතියක නායකයකු රුපියල් කෝටි ගණනක් වටිනා සුපිරි නිවසක් සහ අති සුඛෝපභෝගී මෝටර් රථයක් මිලදී ගැනීම පිළිබඳ විමර්ශනයක් ආරම්භ කර ඇත. ආරංචි මාර්ග පවසන්නේ මෙම මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ වෘත්තීය සමිති නායකයා දෙමටගොඩ ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය පාතාල කල්ලියකට සම්බන්ධ වී මෙම ජාව... |
"ඡන්ද ඉල්ලලා පාරට බහින්නේ තවත් රට වට්ටන්න හදන අය – වජිර අබේවර්ධන කියයි" | "ආර්ථික වශයෙන් රට වැටී තිබෙන අවස්ථාවක මැතිවරණ ඉල්ලමින් පාරට බහිනවා නම්, ඒ තවත් රට පහළට ඇද දැමීමට උත්සහ කිරීමක් යැයි එක්සත් ජාතික පක්‍ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා ඊයේ (13 දා) පැවසීය. ජනතාව මැතිවරණවලට ඉදිරිපත් වන අපේක්‍ෂකයන්ට ඡන්දය දීමට වඩා තුන්වේල සපයා ගැනීමට උත්සහ කරන බවත් එවැනි අවස්ථාවක රට තිබියදී... |
"ඩෙංගු තුන් ගුණයකින් නගී: රෝහල්වල පරීක්‍ෂණ පහසුකම් නෑ" | "ඩෙංගු රෝගීන් තුන් ගුණයකින් වැඩිවී ඩෙංගු අධි ආරක්‍ෂිත කලාප 36 ක් නම් කොට තිබුණත් ඩෙංගු පරීක්‍ෂණ හඳුනා ගැනෙන ප්‍රතික්‍රීයක කට්ටල බොහෝ රජයේ රෝහල්වල නැතැයි සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවි කුමුදේශ් මහතා පවසයි. පසුගිය මාස කිහිපයේ දිවයින පුරා ඩෙංගු රෝගීන් හැටදහසක පමණ ප්‍රමාණයක් වාර්තා වී ඇතැයිද පසුගිය සතිය ත... |
"නීති විභාගය ඉංග්‍රීසියෙන් පැවැත්වීම ස්වභාෂා අයිතිය උල්ලංඝනය කිරීමක්!" | "අස්ගිරි මහා නාහිමියන්ට ලිපියක් වසර 11 ක් වන පාසල් කාලයේදී ඉංග්‍රීසි ඉගැන්වීම සම්බන්ධයෙන් රජයට කිසිදු ප්‍රායෝගික වැඩපිළිවෙළක් නොතිබියදී එක්වරම නීති විභාගය ඉංග්‍රීසි මාධ්‍යයෙන් පැවැත්වීමට තීරණය වීම නිසා අනාගතයේ ග්‍රාමීය සිංහල බෞද්ධ දරුවන්ට නීතිඥවරයකු වීම සිහිනයක් වී ඇතැයි සඳහන් කරමින් ස්වභාෂා අයිතිය වෙනුවෙන් වූ නීති විද... |
"ජාත්‍යන්තර බිත්තර දිනය අද" | "ජාත්‍යන්තර බිත්තර දිනය අද (14දා) ට යෙදී තිබේ. මෙම දිනය වෙනුවෙන් විශේෂ සමරු වැඩසටහනක් ලෙස ගැබිනි මව්වරු 500 දෙනකු සඳහා පෝෂ්‍යදායී ආහාර මල්ලක් බැගින් ලබාදීමට නියමිතය. අඟුණකොලපැලැස්ස පුරහලේදී කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම කටයුතු සිදු කෙරේ. අරුණ බෝගහවත්ත" |
"ශිෂ්‍යත්ව ප්‍රතිඵල 769 ක් වෙනස් වෙයි" | "පසුගිය 05 ශ්‍රේණියේ (2021) ශිෂ්‍යත්ව විභාගයේ අභියාචනා පරීක්‍ෂා කිරීමෙන් පසුව 769 කගේ ප්‍රතිඵල වෙනස් වී ඇත. පැවැති විභාගයට අදාළව සිසුන් විසිතුන්දහස් නවසිය හැට තුන් දෙනකු අභියාචනා කර තිබූ බව විභාග කොමසාරිස් ජනරාල් එල්. එම්. ඩී. ධර්මසේන මහතා පැවැසීය. අභියාචනා කළ සිසුන් අතරින් සිංහල සිසුන් 76 කගේ සහ දෙමළ සිසුන් 41 කගේ, පළ... |
"ජනපති හදන්නේ මැතිවරණය කල්දාන්නයි:" | "අධිකරණයටත් ජාත්‍යන්තරයටත් ගිහින් ජනතාවගේ මැතිවරණ අයිතිය ආරක්ෂා කර ගැනීමට අපි සූදානම්– සජබ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාරගජමිතුරන් සොරකම් කරපු සල්ලි ගන්න ජනතාවට බදු ගහනවා රටේ ආර්ථිකය විනාශ කරපු කණ්ඩායමත් එක්ක රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා පළාත්පාලන මැතිවරණය කල් දාන්න හදනවා යැයි සමගි ජන බලවේගයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්... |
"නිදහස් සමරු උළෙල අභිමානයෙන් සැමරීමට ජනපතිගෙන් උපදෙස්" | "ජාතික හා ආගමික එකමුතුව පිළිඹිබු වන අයුරින් 75 වන නිදහස් දින සමරු උළෙල අභිමානයෙන් සැමරීමට කටයුතු කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නේය. ‘එක්ව නැගිටිමු’ තේමාව යටතේ 75 වන නිදහස් දින සමරු උළෙල 2023 පෙබරවාරි 04 වන දින ගාලු මුවදොර පිටියේදී උත්කර්ෂවත්ව පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබේ. 75 වන නිදහ... |
"නිදහස් සමරු උළෙල අභිමානයෙන් සැමරීමට ජනපතිගෙන් උපදෙස්" | "ජාතික හා ආගමික එකමුතුව පිළිඹිබු වන අයුරින් 75 වන නිදහස් දින සමරු උළෙල අභිමානයෙන් සැමරීමට කටයුතු කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නේය. ‘එක්ව නැගිටිමු’ තේමාව යටතේ 75 වන නිදහස් දින සමරු උළෙල 2023 පෙබරවාරි 04 වන දින ගාලු මුවදොර පිටියේදී උත්කර්ෂවත්ව පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබේ. 75 වන නිදහ... |
"බදු වැඩිවෙයි – ආදායම් බදු නිදහස් සීමාව ලක්ෂ 12 ට අඩු වේ" | "ලක්ෂ 12 ට පසු වැඩි වන සෑම ලක්ෂ පහකටම සියයට 6 බැගින් වැඩි වේසමාගම් බද්ද 30% කට වැඩි වේඅපනයන සමාගම්වල බද්ද 14% සිට 30% දක්වා ඉහළටසමාගම් ප්‍රාග්ධන ලාභ බද්ද 30% ක් දක්වා ඉහළටලාභාංශ සඳහා රඳවා ගැනීමේ බදුබදු සංශෝධන රැසක් සිදු කරන 2017 අංක 24 දරණ දේශීය ආදායම් සංශෝධන පනත් කෙටුම්පත ඊයේ ගැසට් කර තිබේ. මුදල් ආර්ථික ස්ථායීකරණ සහ ... |
"පුංචි ඡන්දය මාර්තු 20 ට පෙර" | "නව 2022 ජන්ද හිමි නාම ලේඛනය සහතික කිරීමේ කටයුතු අවසන් වූ වහාම පළාත් පාලන මැතිවරණය කැඳවීමට ක්‍රියාකරන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නිමල් ඩී. පුංචිහේවා මහතා පැවැසීය. පළාත් පාලන මැතිවරණය කැඳවීමේ බලය ඉකුත් සැප්තැම්බර් 20 වැනිදා සිට මැතිවරණ කොමිසමට පැවරී ඇති බව ද ඒ අනුව මාර්තු මස 20 වැනිදාට පෙර මැතිවරණය පැවැත්වීමට ක්‍රි... |
"රනිල්ට උපදෙස් දෙන්න එරික් සෝල්හයිම්" | "ජනපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජාත්‍යන්තර දේශගුණ උපදේශක ලෙස එරික් සෝල්හයිම් මහතා පත් කර ඇත. ජනපතිවරයා සමග කොළඹ ජනපති ලේකම් කාර්යාලයේ පැවැති සාකච්ඡාවෙන් අනතුරුව ට්විටර් පණිවුඩයක් නිකුත් කරන එරික් සෝල්හයිම් මහතා මේ කරුණු අනාවරණය කර ඇත. ජනපතිවරයාගේ අනෙක් ජාත්‍යන්තර දේශගුණ උපදේශක වන්නේ හිටපු මාලදිවයින් ජනපති මොහොමඩ් නෂීඩ්... |
"කෝටි 1131 ක් වතුරේ – QR ලයිසන් බහිරවයෙක්ද – ආර් එම් වී නිලධාරීහුම කියති" | "රියැදුරන් සිදුකරන වැරදිවලට ලකුණු අඩු කිරීමේ අරමුණින් ‘චිපයක්’ සහිත රියැදුරු බලපත්‍රයක් නිකුත් කිරීමට වසර දහයක් තිස්සේ රුපියල් කෝටි 1131 ක මුදලක් එක්තරා සමාගමට ලබාදී ක්‍රියාත්මක කළ ව්‍යාපෘතිය නවතා QR කේතය සහිත රියැදුරු බලපත්‍ර ව්‍යාපෘතියක් ඇරඹීමට යෑම මුදල් හම්බකරන තවත් වැඩක ආරම්භයක් විය හැකි යැයි මෝටර් රථ ප්‍රවාහන කොමස... |
"වාහන 14ක ‘කොම්පියුටර් ජිල්මාට්වලින්’ කෝටි පනහක පාඩුවක්" | "මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතියට සාවද්‍ය ලෙස දත්ත ඇතුළත් කරමින් සුඛෝපභෝගි ජීප්රථ 11ක් ඇතුළු වාහන 14ක් නිත්‍යානුකූල වාහන ලෙස මෙරට භාවිතය සඳහා මුදාහැරීම නිසා එකී මෝටර් රථ සඳහා නිෂ්පාදන හා, සුඛෝපභෝගි බදු මෙන්ම අනිකුත් රජයේ අය කිරීම් ලෙස . අය විය යුතු රුපියල් හතළිස් නම කෝටි අනූපන්ලක්ෂ හැටනමදහස් තුන්සියයක ... |
"පෙළපාලිවල ළමයින් ගෙන යෑම වළක්වන්න – ජනපතිගෙන් පොලිසියට උපදෙස්" | "දරුවන් පළිහක් ලෙස යොදා ගනිමින් පෙළපාලිවලට ගෙනයෑම රටේ නීතිය අනුව ද බරපතළ වරදක් බැවින් කුඩා දරුවන් පෙළපාලිවලට රැගෙන යැම වැළැක්වීම සඳහා කඩිනම් පියවර ගන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකා පොලිසියට උපදෙස් දුන්නේය. ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දුන්නේ ළමා අයිතිවාසිකම් සුරැකීම සහ ළමයින්ගේ මානව හිමිකම් ආරක්ෂා කිරීම... |
"රේල් පාරවල් අවුල් යකඩ යකා හිමින්" | "දුම්රිය මාර්ගවල අඩුපාඩු නිසා නිතර දුම්රිය ප්‍රමාදවීම් සහ වේගය අඩුවී දුම්රිය ධාවනයන් සිදුවිය හැකි යැයි දුම්රිය ස්ථානාධිපති සංගමයේ සභාපති සුමේද අමරසිංහ මහතා පැවැසීය.දැනට දුම්රිය පීලි කැඩී යන අවස්ථාවල ගබඩාවල පවතින පීලි කොටස් අලුත්වැඩියා කර යොදාගන්නා බවත්, නව රේල්පීලි ගෙනඒමට ටෙන්ඩර්පත් කැඳෙව්වත් ඒවා රටට ගෙන ඒමට ලබන අප්‍රේ... |
"අලුත් බදුවලින් මැද පංතිය හාන්සියි – ආචාර්ය හර්ෂ ද සිල්වා" | "ආණ්ඩුව ගෙනඑන අලුත් බදු පනතෙන් මැද පන්තිය හාන්සියි යැයි සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවැසීය.විපක්‍ෂනායක කාර්යාලයේ ඊයේ (12 දා) පැවැති ‘ආර්ථිකයේ නිවැරදි දිශාව’ නමැති මාධ්‍ය හමුවේදී හෙතෙම මේ බව කියා සිටියේය. එහිදී වැඩිදුරටත් මන්ත්‍රීවරයා මෙසේද කීය.ඊයේ රෑ ගැසට් එකක් ගහලා රනිල් වික්‍රමසිංහ... |
"නොරෝච්චෝලේ කැඩුණු යන්ත්‍රය ලබන සතියේ සිට වැඩ" | "නොරොච්චෝල ගල්අඟුරු බලාගාරයේ අලුත්වැඩියා සඳහා නතර කර තිබූ යන්ත්‍රයේ ද වැඩ අවසන් කර ලබන සතිය වනවිට එහි නිපදවන විදුලිය ජාතික පද්ධතියට එක්කිරීමට කටයුතු කරන බව විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ඇන්ඩෲ නවමුනි මහතා පැවසීය.බලාගාරයේ යන්ත්‍ර දෙකක නිපදවන මෙගාවොට් 540 ක් මේ වනවිට ජාතික පද්ධතියට එක්කර තිබෙන අතර අලුත්වැඩියා කළ යන්ත්... |
"ජනමත විචාරණයකට යෑම ඡන්ද කල් දැමීමේ උප්පරවැට්ටියක් – විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස" | "මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම සඳහා ජනමතවිචාරණයක් පැවැත්වීම මැතිවරණ කල්දැමීමේ උප්පරවැට්ටියක් බවට පැහැදිලි බවද යළිත් ජන රැල්ලක් නිර්මාණය වී ජනතාව පාරට බහින දිනය වැඩි ඈතක නොවන බවද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.ජනතා ඉල්ලුම අලුත් මැතිවරණයක් තුළින් අලුත් ආණ්ඩුවක් බවත් ඒ සඳහා මැතිවරණයක් ලබා ගැනීමට නිදහස් සාමකාමී ප්‍රජ... |
"ආහාර සහ ආර්ථික වශයෙන්ද රටක ආරක්ෂාව සුරක්ෂිත විය යුතුයි – ජනාධිපති රනිල් වික්‍රමසිංහ" | "බීජ හිඟය සහ වන සතුන්ගෙන් වන වගා හානි පිළිබඳවත් විශේෂ අවධානය රටක ආරක්ෂාව යුදමය වශයෙන් පමණක් නොව ආහාර සහ ආර්ථික වශයෙන් ද සුරක්ෂිත විය යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ ඉකුත් 11 වැනිදා පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති ජාතික ආහාර සුරක්ෂිතාව හා පෝෂණය සහති... |
"අඟපසඟ බලන උපකරණයක් කියා තහවුරු වී නෑ – පිටබැද්දර ඕ. අයි. සී. කියයි" | "පිටබැද්දර පොලිසිය සිදුකළ මෙහෙයුමකදී සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයා සතුව තිබී අත්අඩංගුවට ගත් උපාංගය කාන්තාවන්ගේ අඟපසඟ හොරෙන් බැලීමට යොදා ගන්නා යාන්ත්‍රික කැමරාවක් බවට මෙතෙක් තහවුරු වී නැතැයි පිටබැද්දර පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ප්‍රභාත් සුදසිංහ මහතා ඊයේ (12 දා) ‘දිවයින’ ට පැවසීය. 2022 ඔක්තෝබර් 12 වැනිදා දිනපතා ද... |
"කොළඹ සිට නේපාලයේ ලුම්බිණිය අතර සෘජු ගුවන් සේවා ඇරැඹීමට සාකච්ඡා" | "කොළඹ සිට නේපාලයේ ලුම්බිණිය අතර සෘජු ගුවන් සේවාවක් ආරම්භ කිරිම පිළිබඳව වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා සහ ශ්‍රී ලංකාවේ නේපාල තානාපති බාෂු දේව් මිස්රා මහතා අතර සාකච්ඡාවක් ඊයේ (12දා) පෙරවරුවේ අමාත්‍ය කාර්යාලයේදී පැවැත්විණි. මෙහිදී නේපාල තානාපතිවරයා ඉල්ලා සිටියේ දැනට ශ්‍රී ලංකන් ගුවන් සේවාවන්... |
"පළමු බැඳුම්කර නඩුවෙන් අර්ජුන් මහේන්ද්‍රන් ඇතුළු 10 ම නිදහස්" | "හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් ඇතුළු පළමු මහ බැංකු බැඳුම්කර නඩුවේ විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර ඇති පොදු දේපළ පනත යටතේ ගැනෙන චෝදනා ඉදිරියට පවත්වාගෙන යෑමට නොහැකි බවට නිගමනය කළ කොළඹ විශේෂ ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල එකී චෝදනාවලින් විත්තිකරුවන් 10 දෙනාම නිදහස් කිරීමට ඊයේ (11 දා) නියෝග කළේය. වි... |
"ජනාධිපතිගේ ඡන්ද වෙනස් කිරීමේ කතා ගැන බයත් හිතෙනවා – ඩලස් අලහප්පෙරුම" | "ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පළාත් පාලන මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම පිළිබඳව කරන ලද ප්‍රකාශය, තැතිගන්වන සුළු බියකරු ප්‍රකාශයක් යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය. ජනාධිපතිවරයා සෙසු ජනාධිපතිවරුන්ට සාපේක්ෂව පාර්ලිමේන්තුව ඇමතීමේ වැඩි ප්‍රවණතාවයක් දක්නට ලැබෙන මුත් එම කිසිදු අවස්ථාවකදී වචනයකුදු සඳහන් න... |
"ප්‍රියමාලිගේ දුරකථනවලින් රහස් රැසක් එළියට" | "කෝටි ගණනින් මුදල් වංචා කළ බව කියන තිළිණි ප්‍රියමාලි නමැත්තිය රිමාන්ඩ් භාරයේදී පරිහරණය කළ ජංගම දුරකථන දෙක වැඩිදුර විමර්ශන සඳහා රහස් පොලිසියට භාරදී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව මහතා දිවයින ට පැවසීය. මේ අනුව මෙම දුරකථන දෙකෙන් මෙම මහා වංචාව පිළිබඳව සැඟවුණු තවත් තොරතුරු රැසක් අනාවරණය ක... |
""ලංකාව, පාකිස්තානය ඇතුළු රටවල් 54 කට කඩිනම් සහන ඕනෑ – එක්සත් ජාතීන්ගේ සංවිධානය"" | "ගෝලීය අර්බුද හේතුවෙන් ශ්‍රී ලංකාව, පාකිස්තානය ඇතුළු රටවල් 54කට කඩිනම් ණය සහන අවශ්‍ය බව එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රකාශ කර තිබේ. ශ්‍රී ලංකාව, පකිස්තානය, ටියුනීසියාව, චැඩ් සහ සැම්බියාව වඩාත් අවදානම් රටවල් ලෙස එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන නිකුත් කළ නවතම වාර්තාවක සඳහන් වේ. මේ රටවල් 54 හි ලෝකයේ දුප්පත්ම ජනතාවගෙන් අඩකට ... |
"උද්ධමනය අද හෙටම අඛණ්ඩව පහළට – මහ බැංකුව අපේක්‍ෂා කරයි" | "නුදුරු කාලයේදී උද්ධමනය අඛණ්ඩව පහළ යනු ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. ප්‍රධාන වශයෙන්ම මෑත කාලීනව සිදුකළ විදුලි හා ජල ගාස්තු සංශෝධන සහ එකතු කළ අගය මත බද්ද ඉහළ දැමීම හේතුවෙන් කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ මතුපිට උද්ධමනය ඉකුත් සැප්තැම්බර් මාසයේදී ඉහළ ගියේය. එහෙත් ඉදිරි කාලය තුළ උද්ධමනය අඛණ්ඩව පහළ යනු ඇතැයි මහ බ... |
"මහ බැංකු අධිපතිට එරෙහි පෙත්සම නොවැ: 4 ට කල්යයි" | "ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ඇතුළු පිරිසකට එරෙහිව පාහියංගල ආනන්ද සාගර හිමියන් සහ රවි කුමුදේශ් මහතා ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම ලබන නොවැම්බර් 4 වැනිදා දක්වා කල්තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය 10 වැනිදා නියෝග කළේය. එම පෙත්සම එස්. තුරෙයිරාජා, යසන්ත කෝදාගොඩසහ මහින්ද සමයවර්ධන යන වින... |
"ලංකාව තවදුරටත් මැදි ආදායම් රටක් රජය කියයි" | "ශ්‍රී ලංකාව තවදුරටත් මැදි ආදායම් ලබන රටක් ලෙසම පවතින බව රජය නිවේදනය කරයි. ජාත්‍යන්තර සංවර්ධන සංගමය (ID) ලබාදෙන සහනදායී ණය පහසුකම ලබාගැනීම වෙනුවෙන් තාවකාලිකව ශ්‍රී ලංකාව මැදි ආදායම් ලබන රටක පවතින තත්ත්වයන් නොසලකා කටයුතු කිරීමට අවස්ථාව සලසා දෙන ලෙස ඉල්ලා ලෝක බැංකුවට ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් මණ්ඩල අනුමැතිය ඊයේ (11දා) ... |
"ශ්‍රී ලංකාවේ ව්‍යාපෘති දෙකක් ගන්න අල්ලස් දුන් ඔස්‌ට්‍රේලියානුවන් 2 ක් ෆෙඩරල් පොලිසියෙන් අල්ලයි" | "ඔස්‌ට්‍රේලියානු ඩොලර් මිලියන 14ක් වටිනා ශ්‍රී ලංකාවේ ව්‍යාපෘති දෙකක් ලබාගැනීම වෙනුවෙන් මෙරට නිලධාරීන්ට අල්ලස් ලබා දුන් ඔස්‌ට්‍රේලියාානු ජාතිකයන් දෙදෙනකු එරට ෆෙඩරල් පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. අවුරුදු 67 සහ 71 යන වයසේ පසුවන මෙම පුද්ගලයන් දෙදෙනා විෂමාචාර චෝදනා එල්ල වූ ස්මෙක් ඉන්ටනැෂනල් නම් ඔස්‌ට්‍රේලියානු සමාගමක ... |
"දැරියක දූෂණය කර වසර 15ක් හිරේට ගිය අකුරැස්සේ සරුව සුනිලුත් නිදහස්" | "දාහතර හැවිරිදි බාල වයස්කාර දැරියක දූෂණය කිරීමේ යෝජනාවට වරදකරු කර කොළඹ මහාධිකරණය විසින් බරපතළ වැඩ සහිත වසර 15 ක සිරදඬුවම් හා ලක්‍ෂ 2 1/2 ක දඩයක් නියම කර සිටි අකුරැස්ස ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති සාරුව ලියනගේ සුනිල් නමැත්තා සියලු චෝදනාවලින් සහ දඬුවම්වලින් නිදොස් කොට නිදහස් කිරීමට අභියාචනාධිකරණය ඊයේ (11දා) නියෝග කළේය. ... |
"බලපත්‍ර මුද්‍රණයට සමාගමකට කෝටි 1131 ක් ගෙවලා" | "ගිවිසුම අවසන් වුවත් තවත් වසර 3 1/2ක් දික් කරලා රියැදුරු බලපත්‍ර මුද්‍රණය කිරීමේ කොන්ත්‍රාත්තුවක් ලබාගෙන සිටි එක්තරා සමාගමකට 2009 වසරේ සිට 2019 දක්වා වසර දහයක් රුපියල් කෝටි 1131 කට අධික මුදලක් නිකරුණේ ගෙවා නොදැමුවේ නම් මේ ආකාරයට රියැදුරු බලපත්‍ර ගාස්තු ඉහළ දැමීමට සිදු නොවන බවට රජයේ විගණන නිලධාරීහු පවසති. චිපය සහිත රියැ... |
"හොරෙන් ගෙනා තවත් හමර් රථ දෙකක් බඩු කන්ටේනරයකින් අල්ලයි" | "මෙරටට භාණ්ඩ ආනයනය කළ කන්ටේනරයක තිබී තවත් හමර් වර්ගයේ රථ දෙකක් සොයාගැනීමට රේගුව සමත්වී ඇතැයි මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. නීති විරෝධී ලෙස මෙරටට ආනයනය කළ මේ වාහනවල වටිනාකම කඩිනමින් ජනතාවට ලබාදීම සඳහා ඒවා වෙන්දේසි කිරීමට අපේක්ෂා කරන බව ද ඇමැතිවරයා මේ ගැන කළ විමසුමකට පිළිතුරු දෙමින් කීවේය. මෙම හමර් රථ... |
"ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය ගැන IMF සමග සාකච්ඡාවක්" | "මුදල් රාජ්‍ය ඇමැති ෂෙහාන් සේමසිංහ, මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ සහ මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන යන මහත්වරුන් විසින් ශ්‍රී ලංකාව මුහුණ දී සිටින බැරෑරුම් ආර්ථික අභියෝග හමුවේ ඒවාට මුහුණ දීමට ගෙන ඇති පියවර පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්‍ෂ ගීතා ගෝපිනාත් මහත්මිය සමග විශේෂ ස... |
"ලයිසන්ගාස්තු ඩබල් වෙයි" | "ලිඛිත – ප්‍රායෝගික පරීක්‍ෂණ, අලුත් වාහන පන්ති එකතු කිරීම, ලයිසන් අලුත් කිරීම, කාලය දික් කිරීමේ ගාස්තුත් නගී නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම, පවතින රියැදුරු බලපත්‍රය අලුත් කිරීම ඇතුළු එම සියලුම ගාස්තු ඉහළ දැමීමට අදාළව ප්‍රවාහන අමාත්‍යංශය විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ අනුව පවතින රියැදුරු බලපත්‍රය නව බලපත්‍රයක් ... |
"අරක්කු සමාගම් පහකින් කෝටි 208 ක සුරාබදු පොල්ලක්" | "මත්පැන් නිෂ්පාදන ආයතන 05කින් හිඟ සුරාබදු මුදල් හා ප්‍රමාද ගාස්තු වශයෙන් අයවිය යුතු රුපියල් දෙසිය අටකෝටි පනස් එක්ලක්ෂ හතළිස්දහස් එකසිය අසූඅටක (2,085,140,188) මුදලක් අයකර ගැනීමට සුරාබදු දෙපාර්තමේන්තුවට නොහැකි වී ඇති බැව් ජාතික විගණන කාර්යාලය පවසයි. මෙම මුදල වසර 05කට අධික කාලයක සිට මත්පැන් නිෂ්පාදන ආයතන 05කින් අයවිය යුතු... |
"සපුගස්කන්ද වැසීමත් සමග භූමිතෙල් හිඟය යළි දරුණු වෙයි" | "බොරතෙල් නොමැති නිසා ඉකුත් 07 වැනිදා සිට නැවත වරක් සපුගස්කන්ද පිරිපහදුව වසා දැමීමත් සමග භූමිතෙල් හිඟය යළිත් දරුණු අතට හැරී ඇතැයි තෙල් සංස්ථාවේ උසස් නිලධාරියෙක් පැවසීය. දෛනික භූමිතෙල් අවශ්‍යතාව මෙට්‍රික් ටොන් 450 – 500ත් අතර වන මුත් මේ වනවිට දිනකට වෙළෙඳපොළට නිකුත් කරන්නේ මෙට්‍රික් ටොන් 50ක් වැනි ප්‍රමාණයකි. සපුගස්කන්ද ප... |
"දින 5ක් ටිකට් නොදීම නිසා අහිමි වූ කෝටි දෙකහමාරක ආදායම වෘත්තීය සමිතිවලින් අය කර ගන්න" | "ගිය වසරේ දුම්රිය ගමන් වාර 15188 ක් අවලංගු කරලාවාර්ෂික විගණන වාර්තාවෙන් දන්වයි දුම්රිය දෙපාර්තමේන්තුව විසින් ඉකුත් වසරේ (2021) දුම්රිය ගමන් වාර 15188ක් අවලංගු කොට ඇති අතර, එය ප්‍රතිශතයක් ලෙස සියයට 18ක් බැව් ජාතික විගණන කාර්යාලය මගින් දුම්රිය දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන් 2021 වර්ෂයට අදාළව නිකුත් කොට ඇති වාර්ෂික විගණන වාර්... |
"රාජපක්ෂලා එක්ක මොන ගමනක්ද?" | "විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස දෙහිඅත්තකණ්ඩියේදී අසයි රට බංකොලොත් කළ රාජපක්ෂ පවුලේ නාමල් කුමාරයා රට හදන කමිටුවක නායකයෙක් කරලාතනතුරුවලට ජනතාව පාවා දෙන්නේ නෑ කිසිදු අවස්ථාවක තනතුරුවලට තාන්න මාන්නවලට ප්‍රතිපත්ති පාවා නොදෙන බවත් සක්විති රජකම ලබාදෙනවා කිව්වත් රාජපක්ෂලා සමග එක්ව රටවත්, ලක්ෂ 220ක ජනතාවවත් පක්ෂයවත් පාවා නොදෙන බව... |
"ගැමීබියාවේ දරුවන් 66කට මරු කැඳවූ ළමා සිරප් ලංකාව ඇතුළු රටවල් 42කට යවලා" | "ගැමීබියාවේ කුඩා ළමයින් 66 කට මරු කැඳවූ බවට ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් චෝදනා කර ඇති සිරප් වර්ග හතර නිපදවූ ඉන්දීය බෙහෙත් සමාගම ගැමීබියාවට පමණක් එම සිරප් අපනයනය කර ඇති බව ඉන්දීය සෞඛ්‍ය බලධාරීන් විසින් පැවසුවද එම සමාගමේ නිෂ්පාදන ආසියානු, අප්‍රිකානු හා ලතින් ඇමරිකානු රටවල් හතළිස් දෙකකට පමණ අපනයනය කරන බව එම සමාගමේ නිල වෙබ් ... |
"මුදලිගේ ගැන කතා කළාට – මාව මරන්න හදනවා" | "මට කරදරයක් වුණොත් වගඋත්තරකරුවෙක් නැති වෙනවාවන්නිලා ඇත්තෝ කියයි “මම පසුගිය දවස්වල වසන්ත මුදලිගේ ගැන කතා කළා. ඒ කතා කරපු එකට දැන් මට නිර්නාමික මරණ තර්ජන ලියවිල්ලකින් ඇවිල්ලා” යැයි ආදිවාසී නායක විශ්ව කීර්ති වනස්පති ඌරුවරිගයේ වන්නිලා ඇත්තන් දඹාන කොටබකිනිය ගම්මානයේදී ඊයේ (10දා) ප්‍රකාශ කළේය.“මේ ගමේ ජීවත් වෙන වසන්ත මුදලිගේ ... |
"ඔය කියන සිරප් ලංකාවට ගෙන්වා නැහැ – සෞඛ්‍ය ඇමැති" | "අප්‍රිකාවේ ගැමීබියා රාජ්‍යයේ ළමුන් පිරිසක් මියගියේ යැයි කියන සිද්ධියට අදාළ ඉන්දියානු ඖෂධ සමාගමේ එම ඖෂධ නිෂ්පාදන මෙරටට ගෙන්වා නොමැති බව සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි. ඒ පිළිබඳ අවධානය යොමු කරමින් එම ඖෂධ වර්ග ඉදිරියේදීත් කිසිසේත් මෙරටට ගෙන්වීමක් සිදුනොකෙරෙන බව ද අමාත්‍යවරයා පවසයි. සෞඛ්‍ය අමාත්‍යාංශය... |
"රට ගොඩනැඟීමට වෙනස් නොවන ජාතික ප්‍රතිපත්තියක් අවශ්‍යයි" | "ප්‍රථම ජීවානුහරණ ඖෂධ නිෂ්පාදනාගාරය කටුනායකදී විවෘත කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ කියයි මෛත්‍රීත් රාජිතත් ඇවිත් රට ගොඩනැඟීමට ආණ්ඩුවෙන් ආණ්ඩුවට වෙනස් නොවන ජාතික ප්‍රතිපත්තියක් අවශ්‍ය බවත් පක්ෂ බේදයකින් තොරව එකම ජාතික ප්‍රතිපත්තියක් ඔස්සේ කටයුතු කර රට ගොඩනැඟීමට කැපවීමේ අවශ්‍ය බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ... |
"කාබන් හර කිරීමේ යාන්ත්‍රණයට ජපානය සමග ගිවිසුම් අත්සන් තබමින්" | "කාබන් හර කිරීමේ ඒකාබද්ධ යාන්ත්‍රණය ශ්‍රී ලංකාව හා ජපානය අතර ක්‍රියාත්මක කිරීමට අදාළ ගිවිසුමකට ඊයේ (10 දා) ජනාධිපති කාර්යාලයේදී අත්සන් තබනු ලැබීය. පරිසර අමාත්‍යාංශයේ ලේකම් වෛi අනිල් ජාසිංහ හා ජපානයේ ශ්‍රී ලංකා තානාපති මිසුකෝෂි හිදෙකි යන මහත්වරුන් ගිවිසුම අත්සන් කළ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ හා පරිසර ඇමැති නසීර් අහම... |
"ප්‍රචණ්ඩ ක්‍රියා බැහැ – විරෝධතා අයිතියට උසාවියෙන් අවසර" | "පොලිසියේ ඉල්ලීම ඉවතට ගාලුමුවදොර භූමියේ දී ඊයේ (10දා) සවස 3ට ජනතා නිදහසට අත නොතබනු මැයෙන් තරුණ නීතිඥවරුන් සහ වෘත්තිකයන් සිදු කිරීමට නියමිත උද්ඝෝෂණය සාමකාමීව සිදු කළ හැකි බවත් එහෙත් ගාලුමුවදොර භාවිත කරන සාමාන්‍ය ජනතාවට බාධාවක් නොවන අයුරින් එය සිදු කළ යුතු බවත් කී කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා එසේ නොකර ප්‍රචණ්ඩ ක්‍ර... |
"ඩොලර් නැතිව බොර තෙල් නැවක් දින 20 ක් මුහුදේ" | "මුදල් ගෙවා ගැනීමේ අපහසුතාව නිසා බොරතෙල් මෙටි්‍රක් ටොන් ලක්ෂයක් (100,000) රැගත් නැවක් දින 20 ක සිට කොළඹ වරාය ආසන්නයේ රැඳී සිටී.ඇමරිකන් ඩොලර් මිලියන 80 ක පමණ වටිනාකමින් යුත් බොරතෙල් නැවට මුදල් ගෙවීමේ අපහසුව නිසා දෛනිකව ඇමරිකන් ඩොලර් 50,000 ක පමණ මුදලක් ප්‍රමාද ගාස්තු ලෙස ගෙවීමට සිදුවන බව තෙල් සංස්ථා අභ්‍යන්තර ආරංචි මාර්... |
"මාස 1 1/2 කට අවශ්‍ය ඉන්ධන සංචිත රටේ තිබෙනවා – තෙල් සංස්ථාව කියයි" | "මාස එකහමාරකට පමණ අවශ්‍ය ඉන්ධන සංචිත (ඩීසල් හා පෙට්‍රල්) රට තුළ ඇතැයි ඛනිජ තෙල් සංස්ථාවේ උසස් නිලධාරියෙක් පැවසීය. මුදල් ගෙවා ඩීසල් මෙටි්‍රක් ටොන් 40,000 ක් පමණ ගොඩ බෑමට ඊයේ (10 දා) කටයුතු කළ බවත්, තවත් ඩීසල් සහ පෙට්‍රල් නැව් දෙකක් පැමිණ තිබෙන බවත් එම නිලධාරියා කීය. ූඍ ක්‍රමයට ඉන්ධන නිකුත් කිරීම නිසා සංස්ථාව සතුව පවතින ... |
"විශේෂඥ වෛද්‍යවරුන් 249 ක් එකම දින විශ්‍රාම ගැන්වීමෙන් රෝහල් අර්බුදයක" | "– විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපතිවිශේෂඥ වෛද්‍යවරුන්ගේ අවශ්‍යතාවෙන් 45% ක අඩුවක් පවතින මොහොතක විශේෂ වෛද්‍යවරුන් 249 ක් එකම දින විශ්‍රාම ගැන්වීම නිසා මෙරට රෝහල් පද්ධතිය දැඩි අර්බුදයකට පත්වනු ඇතැයි, විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති, විශේෂඥ වෛද්‍ය, ලක්කුමාර් ප්‍රනාන්දු මහතා සඳහන් කරයි.මෙලෙස විශේෂඥ වෛද්‍යවරුන් විශාල ප... |
"එස්.එම් ලා 512 ක් හිඟයි: – රේල් පීලි දිරලා දුම්රිය අමතර කොටසුත් නෑ" | "දුම්රිය ස්ථානාධිපති සංගමයේ සභාපතිදුම්රිය දෙපාර්තමේන්තු වේ ස්ථානාධිපතිවරුන් 1429 ක් සේවයේ සිටිය යුතු නමුත් දැනට සිටින්නේ 917 ක් පමණක් බව ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මහතා ‘දිවයින’ට පැවසීය.ඒ අනුව දුම්රිය ස්ථානාධිපතිවරුන් 512 දෙනකුගේ හිඟයක් පවතින බවත් එසේම දුම්රිය සේවාවේ ගැටලු රැසක් මේ වනවිට... |
"මාස 4කට පසු එරොෆ්ලොට් යළි ශ්‍රී ලංකාවට පියාසර කරයි" | "මාස 4 ක් පමණ අත්හිටුවා තිබූ රුසියාවේ එරොෆ්ලොට් ගුවන් සේවය යළිත් සිය ගුවන් ගමන් ආරම්භ කරමින්, ඔවුන්ගේ ප්‍රථම ගුවන් යානය ඊයේ (10දා) උදෑසන කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පැමිණියේය. රුසියාවේ මොස්කව් නුවර ෂෙරමැතියෝවෝ (Sheremetyevo) ගුවන්තොටුපළෙන් ගමන් ආරම්භ කළ එරොෆ්ලොට් ගුවන් සේවයේ එස්. යූ. – 288 දරන ගුවන් ... |
"සතොස නඩුවට ජොනී ඇතුළු 3 කට අධිචෝදනා භාරදෙයි" | "අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුළු විත්තිකරුවන් තිදෙනකුට කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බණ්ඩාර බලල්ලේ මහතා ඉදිරියේදී ඊයේ (10 දා) අධිචෝදනා භාරදීම සිදුවිය.එලෙස අධිචෝදනා භාරදුන් ජොන්ස්ටන් ප්‍රනාන්දු, සතොස හිටපු සභාපතිවරයකු වන එරාජ් ප්‍රනාන්දු සහ සතොස හිටපු ක්‍රියාකාරී අධ්‍යක්‍ෂවරයෙකු වන කාජා මොහිදීන් මොහොමඩ් සාකීර් යන... |
"මේ දිනවල සොරකම් නොකරන මීනි නොමරන තරුණ නායකයන් නිර්මාණය කරනවා – හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග" | "සොරකමින් තොර, මිනී නොමරන, රට වෙනුවෙන් කැප වන තරුණ නායකයන් මේ දිනවල තමන් නිර්මාණය කරමින් සිටින බව, හිටපු ජනාධිපතිනි චන්ද්රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ප්‍රකාශ කළාය.නිට්ටඹුව රන්පොකුණුගම මහා විද්‍යාලයේදී පෙරේදා (09 දා) පැවති ධර්ම දේශනාමය පිංකමකට සහභාගි වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු ජනාධිපතිනිය මේ බව... |
"ආදිවාසීන්ගේ ගැටලු අසන්න සජිත් දඹානේ සංචාරයක" | "“වසන්ත මුදලිගේ මගෙත් හිතවතා. දේශපාලන මති මතාන්තර දෙකක් වුණත් තරුණයකු හැටියට ඔහු හුඟක් අසාධාරණයට ඉදිරිපත් වෙන තරුණයෙක්“ යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ආදිවාසී නායක වන්නිලා ඇත්තන්ගේ සුවදුක් විමසීම සඳහා ඊයේ (10දා) උදෑසන මහියංගණ, දඹාන ආදිවාසී ගම්මානයේ කළ සංචාරයේදී ආදිවාසී නායකයාට පැවසීය.අරගලයට නායකත්වය දුන් වසන්ත ... |
"හොරෙන් ගෙන්වූ සුපිරි වාහන රේගුවේ දිරයි – වටිනාකම ජනතාවට ලබාදෙනවා" | "– මුදල් රාජ්‍ය ඇමැති සියඹලාපිටිය කියයිනීති විරෝධී ආකාරයෙන් මෙරටට ආනයනය කිරීම හේතුවෙන් රේගු භාරයට පත් කර ඇති රථ වාහනවල වටිනාකම ජනතාවට හිමි කරදීම සඳහා කඩිනම් ක්‍රියාමාර්ග අනුගමනය කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ රට ආර්ථික අර්බුදයක ඇති තත්ත්වයක් තුළ අධික වටිනාකමකින් යුත... |
"ආර්ථික ඝාතකයන්ට එරෙහි විගණන වාර්තා 200 ක් හමස් පෙට්ටියේ – රජයේ විගණනය හුදු ලියවිල්ලක් වෙලා" | "මෑත කාලයේදී ශ්‍රී ලංකාවේ සිදුවූ ගනුදෙනුවලදී රටට සිදුව තිබෙන රුපියල් කෝටි 4000කට (බිලියන 40කට) අධික මූල්‍යමය පාඩු අයකර ගැනීමට හෝ අදාළ ගනුදෙනුවලට සම්බන්ධ නිලධාරීන්ට එරෙහිව රජයේ විගණකාධිපතිවරයා විසින් ඉදිරිපත් කර තිබෙන වාර්තා දෙසීයකට අධික ප්‍රමාණයක් හමස් පෙට්ටියට ගොස් ඇතැයි රජයේ විගණන නිලධාරීහු පවසති.කෝප් කමිටුවල හිටපු ස... |
"ප්‍රියමාලි හා මා සම්බන්ධ සමාජ මාධ්‍ය පුවත් බොරු – ගම්මන්පිල සීඅයිඩීයට" | "ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ ව්‍යාපාරික ස්ථානයක් පවත්වාගෙන ගිය බව කියන තිලිණි ප්‍රියමාලි නමැත්තියට මුදල් ලබාදුන් බවට සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වන ලේඛනයක තමාගේ නම ද ඇතුළත්ව ඇති බවත් ඒ සම්බන්ධයෙන් පරීක්‍ෂණයක් සිදුකර සමාජ මාධ්‍යට අසත්‍ය ප්‍රචාර කළ පුද්ගලයන්ට නීතිය ක්‍රියාත්මක කරන ලෙසත් ඉල්ලමින් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන... |
"ලබන ඡන්දයට පෙර පුංචි මන්ත්‍රීලා භාගෙට බස්සයි" | "● පාර්ලිමේන්තු ඡන්දයට තේරීම් කාරක සභාවක්● තීරණයක් නැත්නම් ජනමත විචාරණයක්● දේශපාලන දූෂණයට හේතුව මනාප ක්‍රමයයිජනපති රනිල් කියයිමීළඟ පළාත් පාලන මැතිවරණයට පෙර ප්‍රාදේශීය සභා, මහ නගර සභා සහ නගර සභා වලට පත්කරගනු ලබන මන්ත්‍රීවරුන් සංඛ්‍යාව හරි අඩුකින් අඩු කිරීමට පියවර ගන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.ඒ අනුව ... |
"කිඹුල් නඩුවේ දෙවැනි සාක්‍ෂිකරු සුදු වෑන් රියකින් පැහැරගෙන පහර දී පට්ටිය හන්දියේ දමා ගිහින්" | "රටපුරා මහත් ආන්දෝලනයකට තුඩු දුන් හිටපු සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා සම්බන්ධ කිඹුල් නඩුවේ දෙවැනි සාක්ෂිකරු වන කැලණිය පෙතියාගොඩ ප්‍රදේශයේ පදිංචි අතුල සංජීව මදනායක මහතා පසුගිය 5 වැනිදා දහවල් 11.00 ට පමණ සිය නිවසේ රැඳී සිටියදී සුදු වෑන් රථයකින් පැමිණි අවිගත් පිරිසක් විසින් බලෙන් පැහැරගෙන ගොස් පහර දී බියගම පාර පට්ටිය හ... |
"ගල් අඟුරු ටෙන්ඩරයේ චෝදනාව නොරොච්චෝල නිලධාරීහු කෝප් කමිටුව හමුවට" | "නොරොච්චෝල ගල් අඟුරු බලාගාරයට අවශ්‍ය ගල් අඟුරු ගෙන්වීමේදී ටෙන්ඩර් අක්‍රමිකතා සිදුවී ඇති බවට චෝදනා එල්ලවීම නිසා එහි නිලධාරීන් කෝප් කමිටුව ඉදිරියට කැඳවීමට තීරණය කර ඇත.කෝප් කමිටුවේ නව සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය (07 දා) ප්‍රථම වරට රැස්වූ අතර එහිදී මෙම තීරණය ගෙන තිබේ.විගණකාධිපතිවරයා විසින් නි... |
"දූෂණ වංචාවල යෙදුණොත් වරෙන්තු නැතුවම අත්අඩංගුවට – නීති රීති ළඟ එයි" | "දූෂණ කටයුතුවල යෙදෙන ඕනෑම කෙනකු වරෙන්තුවක් නොමැතිව අත්අඩංගුවට ගැනීම සඳහා අවශ්‍ය නීති රීති සම්පාදනය කිරීමට රජය සූදානම් වෙයි. දැනට යෝජනා වී තිබෙන නව දූෂණ විරෝධී කොමිසමක් යටතේ මෙම අත්අඩංගුවට ගැනීම් සිදුකෙරෙනු ඇත. මෙසේ අත්අඩංගුවට ගන්නා අය පැය 24 ක් රඳවා තබා ගැනීමට අත්අඩංගුවට ගැනීම් භාර නිලධාරීන්ට හැකියාව ලැබේ. මේ අතර දූෂණ ... |
"වැඩ බලන අගවිනිසුරු බුවනෙක අලුවිහාරේ" | "අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා විදේශගතවීම නිසා වැඩබලන අගවිනිසුරු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජනාධිපති නීතීඥ බුවනෙක අලුවිහාරේ මහතා ඊයේ (09දා) පෙරවරුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ ජනාධිපති කාර්යාලයේදී දිවුරුම් දුන්නේය. මෙම අවස්ථාවට ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාද එක්ව සිටියේය." |
"ලංවිම පාඩු පියවා ගන්න පූජනීය ස්ථානවල විදුලි බිල වැඩි කිරීම අනුමත කරන්න බැහැ" | "මල්වතු මහනාහිමියෝ උපයෝගිතා සභාපතිට කියතිපූජනීය ස්ථානවල විදුලි බිල වැඩිකර මණ්ඩලයේ පාඩු පියවා ගැනීමට කටයුතු කිරීම අමුණ ඇර තිබියදී වක්කඩ වසා දැමීම හා සමාන ක්‍රියාවක් යැයි මල්වතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහානාහිමියෝ පැවසූහ.මහනාහිමියන් එසේ පැවසුවේ මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්න... |
"පූජනීය ස්ථාන පොදු කාර්යය යටතට විදුලි ඒකකයක් රු.32ට බස්සයි" | "උපයෝගිතා සභාපති මහනාහිමිවරුන්ට දන්වයිපූජනීය ස්ථානවල විදුලි ගාස්තු දරා ගැනීමට නොහැකි ලෙස ඉහළ ගොස් තිබෙන බවට ලැබුණු ඉල්ලීම් සැලකිල්ලට ගෙන පූජනීය ස්ථාන පුණ්‍යායතන කාණ්ඩයෙන් ඉවත්කර පොදු කාර්ය කාණ්ඩයට ඇතුළත් කිරීමට පියවර ගත් බවත් ඒ අනුව ඒකකයට අය කළ මුදල රුපියල් 75 සිට 32 දක්වා අඩුවීම තුළින් පූජනීය ස්ථානවලට සැලකිය යුතු සහනය... |
"පලාලි – චෙන්නායි ගුවන් ගමන් වසර තුනකට පසු යළි ලබන සතියේ සිට" | "වසර තුනකට පසු පලාලි සහ චෙන්නායි අතර ගුවන් ගමන් ලබන සතිය මුලදී නැවත ආරම්භ කිරීමට නියමිතය.පලාලි සහ චෙන්නායි අතර ගුවන් ගමන් ගාස්තු කොළඹ සහ චෙන්නායි අතර ගුවන් ගාස්තුවලට වඩා සැලකිය යුතු ලෙස අඩු වනු ඇතැයි ගුවන් සේවා ආරංචි මාර්ග පවසයි.ගුවන් ගමන් නැවත ආරම්භ කිරීම සහ මිල අඩු ගුවන් ගමන් ගාස්තු උතුරේ ජනතාවට බෙහෙවින් ඉවහල් වනු ඇත... |
"මහ බැංකු අධිපතිගේ නිවේදනයට එරෙහිව පෙත්සමක්" | "අප රට බංකොලොත් වී ඇති බවටත් එම නිසා විදේශ රටවලින් ලබාගෙන ඇති ශ්‍රවණීය ණය ගෙවීමේ හැකියාවක් නොමැති බවත් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පසුගිය අප්‍රේල් 12 වැනිදා නිකුත් කළ නිවේදනය නිසි බලයකින් තොරව නිකුත් කළ නීති විරෝධී නිවේදනයක් බවට නිගමනය කරන ලෙස ඉල්ලා පාහියංගල ආනන්ද සාගර හිමියන් හා වෘත්තීය සමිති ක්‍රියාක... |
"ශ්‍රී ලංකා යුද හමුදාවේ 73 වැනි සංවත්සරය අද" | "ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 73 වන සංවත්සරය හා යුද්ධ හමුදා දිනය අදට (10දාට) යෙදී ඇත. යුද්ධ හමුදා සංවත්සරය සහ යුද්ධ හමුදා දිනය වෙනුවෙන් ආශිර්වාද පතා සංවිධානය කරනු ලබන සර්ව රාත්‍රික පිරිත් සජ්ඣායනයක් ශ්‍රී ජයවර්ධනපුර යුද්ධ හමුදා මූලස්ථානයේදී පසුගිය සිකුරාදා (07දා) පැවැත්විණි.සංවත්සර දිනයට සමගාමීව මවුබිමේ ඒකීය භාවය වෙනුවෙන් ... |
"රට බංකොළොත් කරපු අයට ප්‍රතිපත්ති හදන්න දීලා – විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස යටිනුවරදී කියයි" | "රටේ ආදායම වැඩිකර ගැනීමට බදු ව්‍යුහය වෙනස් කළ යුතු බවත් රජයක් ලෙස වියදම් කරන විට එය ඉලක්ක ගත විය යුතු බවත් එම ඉලක්ක සම්පූර්ණ කළ යුතු බවත් පැවසූ විපක්‍ෂ නායකවරයා කියා සිටියේ මේ තුළින් ආර්ථිකය හැකිලෙන බවත් එවැනි අවස්ථාවකදී කළ යුතු අලුත් වැඩක් වන්නේ අපේ රටට වර්ධන ක්‍රමෝපායක් හඳුන්වාදීම බවත් විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහ... |
"මේ වසරේ මෙරට ආර්ථිකය 9.2% කින් සෘණ වෙයි – ලෝක බැංකුව කියයි" | "මේ වසරේ (2022) දී ශ්‍රී ලංකා ආර්ථිකය සියයට 9.2 කින් පහළ යනු ඇතැයි ලෝක බැංකුව නිකුත් කළ නවතම වාර්තාවක දැක්වේ.එසේම ලබන වසරේ (2023) දී ශ්‍රී ලංකා ආර්ථිකය තවදුරටත් සියයට 4.2 කින් පහළ යනු ඇතැයි ද ලෝක බැංකුව නිකුත් කළ එම වාර්තාවේ දැක්වේ.කොවිඩ් 19 මගින් ඇති කළ බලපෑම සහ යුක්‍රේනයේ පවතින යුද්ධය නිසා භාණ්ඩවල මිල ගණන් වාර්තාගත අ... |
"මාස හතට ඉන්ධන පාඩුව ඩොලර් මිලියන අනූවයි" | "වැරදි සහගත මිල නියම කිරීමේ ක්‍රියාවලීන් සහ පාවිච්චියට යෝග්‍ය නොවන ඉන්ධන මිලට ගැනීම නිසා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මේ වසරේ මාර්තු මාසයේ සිට මේ දක්වා කාලය තුළ ඩොලර් මිලියන 90 ක පාඩුවක් ලබා ඇතැයි ඒ පිළිබඳව කරන ලද දත්ත විශ්ලේෂණයකින් හෙළිව තිබේ. මේ දත්ත විශ්ලේෂණය දැනටමත් රජයට භාරදී තිබේ. ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඉකුත් කාලයේ... |
"මාස හතට ඉන්ධන පාඩුව ඩොලර් මිලියන අනූවයි" | "වැරදි සහගත මිල නියම කිරීමේ ක්‍රියාවලීන් සහ පාවිච්චියට යෝග්‍ය නොවන ඉන්ධන මිලට ගැනීම නිසා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මේ වසරේ මාර්තු මාසයේ සිට මේ දක්වා කාලය තුළ ඩොලර් මිලියන 90 ක පාඩුවක් ලබා ඇතැයි ඒ පිළිබඳව කරන ලද දත්ත විශ්ලේෂණයකින් හෙළිව තිබේ. මේ දත්ත විශ්ලේෂණය දැනටමත් රජයට භාරදී තිබේ. ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඉකුත් කාලයේ... |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.