Title
stringlengths
9
246
Content
stringlengths
3
62.9k
"හරිතාගාර වායු විමෝචනය වාර්තා කළ දකුණු ආසියාවේ පළමු විශ්වවිද්‍යාලය ලෙස ජ’පුර පත්වෙයි"
"තමන් විසින් පරිසරයට මුදාහරින කාබන් ප්‍රමාණය හෙවත් තමන්ගේම කාබන් පියසටහන ගණනය කර ලෝකයට වාර්තා කළ දකුණු ආසියාවේ පළමු විශ්වවිද්‍යාලය බවට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය පත්වී ඇත. ඊට අදාළ ISO 14064-1:2018 ප්‍රමිති සහතිකය නිල වශයෙන් ප්‍රදානය කිරීමේ උත්සවය ඉකුත් 20 වැනිදා පස්වරුවේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සනාතන මණ්ඩ...
"කාට කාටත් තිරිඟු පිටි දොර ඇරේ!"
"තිරිඟු පිටි ආනයනය කිරීම සඳහා ඕනෑම අයකුට අවස්ථාව ලබාදීමට කැබිනට් අනුමැතිය හිමි වී ඇත. කැබිනට් අනුමැතියට අදාළව ක්‍රියාකිරීම සඳහා ආනයන අපනයන පාලක ජනරාල්වරයා විසින් ගැසට් පත්‍රයක් නිකුත් කිරීමට නියමිත අතර එය බොහෝ විට මේ සතිය ඇතුළත නිකුත් වෙනු ඇතැයි බලාපොරොත්තු වන බව වෙළඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශ උසස් නිලධාරියෙක...
"පාස්කු ප්‍රහාර පරීක්ෂණවලට පිටරටවල් ගාවගන්න එපා"
"පාස්කු ඉරිදා සිදුකළ ප්‍රහාරය පිළිබඳව පරීක්ෂණ පැවැත්වීමට විදේශයන්හි පොලිස් සහාය අවශ්‍ය නැතැයි කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්තුමා පවසයි. කඳවල මීසමේ සාන්ත තෙරේසා දෙව්මැඳුරේ 75 වැනි ජුබිලි මංගල්‍ය දිව්‍ය පූජාවේදී එතුමා මේ බව ප්‍රකාශ කළේය. එහිදී කාදිනල්තුමා මෙසේ ද පැවසීය. මෙම සිද්ධිය පිළිබඳව විමර්ශනය සඳහා බ්‍රිතාන්‍ය...
"22 සම්මතයි: ද්විත්ව පුරවැසියන්ට දොර වැසෙයි"
"බැසිල් හිතවාදීහු විවාදයේදී අදහස් නොදක්වති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වැනි සංශෝධනය ආණ්ඩු පක්ෂ සහ විපක්ෂ මැති ඇමැතිවරුන්ගේ වැඩි ඡන්දයෙන් සංශෝධන සහිතව පාර්ලිමේන්තුවේ දී පෙරේදා (21 දා) සවස සම්මත කරනු ලැබිණ. ඒ අනුව ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව මන්ත්‍රී ඡන්ද 174 ක් ද ප්‍රකාශ විණි. විරුද්ධව කිසිවකු ඡන්දය ප්‍රකාශ නොකළ අතර එක් මන්ත...
"මුදලිගේට නිදහස ඉල්ලා මුදලිගේ…"
"අත්අඩංගුවේ පසුවන ගල්වැව සිරිධම්ම හිමියන් හා අන්තරේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ඇතුළු ත්‍රස්ත පනත යටතේ අත්අඩංගුවට ගෙන ඇති පිරිස නිදහස් කරන ලෙස ඉල්ලා මහියංගන නගරයේ පැවති සිරගත කළ ‘වෙල්ලස්සේ වසන්තය’ විරෝධතාවේදී වසන්ත මුදලිගේ බාල සොහොයුරා අනුර මුදලිගේ අදහස් දැක්වූ අයුරු. ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝශප් ස්ටාලින් කලාශිල්පි ජෙහාන්...
"කෝටි 450 ක තැබෑරුම් පොල්ලක්"
"මත්පැන් හා රා නිෂ්පාදන ආයතන සහ ස්කාගාරවලින් හිඟ බදු හා ප්‍රමාද ගාස්තු ලෙස රුපියල් කෝටි හාරසිය පනහකට අධික මුදලක් (රු.4,550,673.483) සුරාබදු දෙපාර්තමේන්තුවට අයවීමට ඇති බැව් ජාතික විගණන කාර්යාලය පවසයි. 2021 වර්ෂයේ අවසාන දිනට මෙකී හිඟ බදු හා ප්‍රමාද ගාස්තු අයවීමට ඇත. මත්පැන් නිෂ්පාදන ආයතන වෙතින් අයවීමට ඇති හිඟ බදු හා ප්‍ර...
"පොලිසියේ 18000 ක් විශ්‍රාම යති අලුත් බඳවා ගැනීම් නෑ"
"රාජ්‍ය සේවයේ විශ්‍රාම ගැන්වීමේ වයස් සීමාව අවුරුදු 60 ලෙස තීරණය කිරීමත් සමග පොලිස් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් 18,000 ක් පමණ පිරිසක් මෙම වසර අවසානයේ විශ්‍රාම යෑමට නියමිත බව පොලිස් දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසයි. එසේ විශ්‍රාම යන නිලධාරීන් වෙනුවට අලුතින් බඳවා ගැනිමක් සිදුනොවන බවද එම ආරංචි මාර්ග සඳහන් කළේය. 2021 වසරේදී පොල...
"සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නොවැම්බර් අග"
"පැවති සාමාන්‍ය පෙළ විභාගයේ (2021) ප්‍රතිඵල නොවැම්බර් මස අවසානයේ ලබාදීමට අදහස් කරන බව විභාග කොමසාරිස් ජනරාල් එල්. එම්. ඩි. ධර්මසේන මහතා පැවසීය. මෙම විභාගය සඳහා සිසුහු පන්ලක්ෂ දාහත්දහස් හාරසිය අනූහය දෙනෙක් පෙනී සිටියහ. වෙනත් වර්ෂවල සාමාන්‍ය පෙළ විභාගාවලට පෙනී සිටි සිසුන් උසස් පෙළ හැදෑරීම සඳහා විෂයානුබද්ධ උපකාරක පන්තිවලට...
"22 සම්මතයි"
"පක්‍ෂව ඡන්ද 174 යි විරුද්ධව ඡන්ද නෑමන්ත්‍රීවරු 44 දෙනෙක් සභාවේ නැහැබැසිල් හිතවාදීහු නිහඬයි…. නාමල් පක්ෂව ඡන්දය දෙයි…..අනුර කුමාරත් පක්ෂයිදෙවැනි වර කියවීමේදී විරුද්ධ වූ වීරසේකරගේ සංශෝධනවලට ඉඩ නොලැබෙයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වැනි සංශෝධනය ආණ්ඩු පක්ෂ සහ විපක්ෂ මැති ඇමැතිවරුන්ගේ වැඩි ඡන්දයෙන් සංශෝධන සහිතව පාර්ලිමේන්තුවේ...
"විජයදාස රාජපක්‍ෂ වරප්‍රසාද ගැන කතා කරයි"
"මා ගැන පත්තරේ දාලා ටීවී එකෙන් විවේචනය කළා මාධ්‍යවේදීන් නිසා අවංක මන්ත්‍රී කෙනෙකුගේ දරුවෙකුටවත් පාසල් යන්න බෑ – තාත්තා හොරාට කැන්ටිමෙන් කනවාද අහනවා මාධ්‍යවේදීන්ට අරක්කු බෝතල් දෙකක් දුන්නාමඕන කෙනෙකුට විරුද්ධව ප්‍රවෘත්ති දාගන්න පුළුවන් 225 ම එකම මල්ලට දාලා උදේට පත්තර මල්ලිලා කියවනවා – විජයදාස පාර්ලිමේන්තුවේ දී කියයි තමන්...
"සැප්තැම්බර් උද්ධමනය 73.7% දක්වා ඉහළට"
"ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව ගණනය කළ සැප්තැම්බර් මස උද්ධමනය සියයට 73.7 දක්වා ඉහළ ගොස් ඇත. ඉකුත් අගෝස්තු මාසයේ පැවැති උද්ධමනය සියයට 70.2 ක් විය. මේ අනුව පසුගිය අගෝස්තු මාසයේ 250.4 ක් වූ ජාතික පාරිභෝගික මිල දර්ශකය ඉකුත් සැප්තැම්බර් මාසයේදී 256.2 ක් දක්වා ඉහළ ගොස් තිබේ. එසේම ආහාර කාණ්ඩයේ උද්ධමනය අගෝස්තු මස පැවැති සියය...
"පාර්ලිමේන්තු එන්න ඕනෑ නම් ද්විත්ව පුරවැසිභාවය අයින් කර ගෙන එන්න"
"ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වැනි සංශෝධනය සම්මත කළ දිනයේ තමා ඊට ඡන්දය නොදී පාර්ලිමේන්තු පුස්තකාලයේ හැංගිලා සිටියා යැයි රාජ්‍ය ඇමැතිනී ගීතා කුමාරසිංහ මහත්මිය පාර්ලිමේන්තුවේ දී ඊයේ (21දා) කීවාය. තමන් එදින පාර්ලිමේන්තු පැමිණිය ද ඊට පක්ෂව අත එසවීමට ක්‍රියා නොකළ බවද කී ඇය එහෙත් එදින තමන් කොහේ දැයි කියා මහින්දානන්ද ඇතුළු පිරිස...
"වසර 24 කට පසු ගාන්ධි බලකොටුව බිඳ වැටෙයි"
"වසර 24 කට පසු ඉන්දීය කොන්ග්‍රස් පක්ෂයේ ගාන්ධි බලය බිඳ දමමින් නව කොන්ග්‍රස් නායකයා ලෙස හිටපු දුම්රිය සහ කම්කරු අමාත්‍ය මල්ලිකාර්ජුන් කාහර්න් පත්වී ඇත. 80 හැවිරිදි වියේ පසුවන කාහර්න් නව කොන්ග්‍රස් නායකයා ලෙස පත්වූයේ 9000 ක් වූ නියෝජිතයන්ගේ ඡන්දයෙනි. කර්නාටක ප්‍රන්තයේ පදිංචිකරුවකු වූ ඔහු දාලිත් නමැති අඩුකුලයේ අයෙකි. මෙවර...
"දූෂණ විරෝධී පනත් කෙටුම්පත සකසා අවසන් – ඇමැති විජයදාස"
"දූෂණ විරෝධී පනත් කෙටුම්පත මේ වන විට සකස් කර අවසන් බවත් මීළඟ පාර්ලිමේන්තු සතියේ දී එහි අඩුපාඩු සලකා බැලීමට පක්ෂ නායකයන් වෙත ලබා දෙන බවත් අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (20 දා) පැවසීය. එක්සත් ජාතීන්ගේ දූෂණ විරෝධී ප්‍රඥප්තිය බලාත්මක කිරීම වෙනුවෙන් 2004 දී ශ්‍රී ලංකාව අත්සන් තබා ඇති බවද කී ඇමැතිවර...
"ඔස්‌ට්‍රේලියා ගිය 183 ක් මුහුද මැදදී හරවලා එවලා"
"ශ්‍රී ලාංකික ද්‍රවිඩ ජාතිකයන් 183 දෙනකු මුහුද මැදදී ආපහු හරවා එවීමට ඔස්‌ට්‍රේලියානු දේශසීමා ආරක්‍ෂක ඒජන්සිය ක්‍රියාකර ඇත. මෙම සිද්ධියත් සමගම ඔස්‌ට්‍රේලියානු බලධාරීන් ප්‍රකාශයක් කරමින් කිසිදු ශ්‍රී ලාංකිකයකුට එරටට නීති විරෝධී ලෙස ඇතුල්වීමට ඉඩ නොදෙන බව පවසා තිබේ. ධීවර බෝට්ටු 8 කින් මොවුන් ඔස්‌ට්‍රේලියාවට යන අතරේ අතරමගදී...
"ඉන්ධන ගන්න රුසියාවෙන් ණය"
"ශ්‍රී ලංකාවේ ඉන්ධන හිඟය මගහැරීම සඳහා ණය ආධාර දීමට රුසියාව තීරණය කර ඇත.රුසියාවේ හිටපු තානාපති වෛද්‍ය සමන් වීරසිංහ මේ බව හෙළිකර ඇත. රුසියාවේ නව ශ්‍රී ලංකා තානාපති ජනිත ලියනගේ සහ රුසියානු මුදල් ඇමැති මල්සිවෝර් ටිබ්‍රර් අතර මෙම ණය ආධාර ලබාදීමේ සාකච්ඡා පවත්වා තිබේ. මේ අනුව ඉන්ධන නෞකා සඳහා කඩිනමින් මුදල් ගෙවීමට ශ්‍රී ලංකාවට...
"අද විගණන කොමිසම හොඳයි කියන අගමැති එදා එය අහෝසි කරන්න විස්සට අත ඉස්සුවා – විපක්‍ෂ නායක"
"විධායකය සතු බලතල ක්‍රමානුකූලව අඩුකර පාර්ලිමේන්තුවේ බලතල වැඩි කර ගනිමු– අගමැති දිනේෂ් ගුණවර්ධන ජනතාව ඉල්ලුවේ ව්‍යවස්ථාවක් මිස සංශෝධනයක් නොවෙයි– සරත් වීරසේකර(ශ්‍රීලපොපෙ) ද්විත්ව පුරවැසිභාවය ඉවත් කරන නිසා ඡන්දය දෙනවා– කුමාර වෙල්ගම (සජබ) ව්‍යවස්ථා සංශෝධන ජනතා අභිලාෂයන් අනුව කෙරෙන්නේ නෑ– ඉමිතියාස් බාකිර් මාකර් (සජබ) පක්‍ෂ ...
"‘වනසත්ව නෑදෑයෝ’ ප්‍රදර්ශනය ජේ. ඩී. ඒ. පෙරේරා කලාගාරයේදී"
"ශ්‍රී ලංකා තරුණ සත්වවේදීන්ගේ සංගමය සංවිධානය කරන ‘වනසත්ව නෑදෑයෝ’ වාර්ෂික චිත්‍ර ප්‍රදර්ශනය සොබාදහම තරුණ ඇසින් මෙම 22, 23 දිනවල කොළඹ 07 හෝර්ටන් පෙදෙසේ ජේ. ඩී. ඒ. පෙරේරා කලාගාරයේදී පැවැත්වේ. සොබාදහම හා ඡායාරූපකරණය පිළිබඳ අත්දැකීමක් ඇති කාටත් ප්‍රයෝජනවත් නිර්මාණ 200 කට අධික ප්‍රමාණයක් මීට ඇතුළත් ය. "
"ජාතික රෝහල ඇතුළේ ලිපිකාරිනියගේ ගෙලට පිහියක් තබා මාල කොල්ලයක්"
"කොළඹ ජාතික රෝහලේ සේවිකාවන්ගේ නේවාසිකාගාරයට කඩාවැදුණු පුද්ගලයන් දෙදෙනකු ප්‍රධාන ලිපිකාරිනියගේ ගෙලට පිහියක් තබා මරණීය තර්ජන කර ඇය පැළඳ සිටි රන්මාලය කොල්ලකා ගෙන පලා ගොස් ඇත. රෝහල් බලධාරීන් පවසන්නේ කොළඹ ජාතික රෝහලේ සේවය කරන මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වී සිටින සේවකයන් දෙදෙනකු මෙම කොල්ලකෑම සිදුකරන්නට ඇති බවයි. කොල්ලකෑමට පැ...
"පල්ලේගම සිරිනිවාස නාහිමි ආදාහන පූජෝත්සවය අද"
"අනුරාධපුර විජය ශ්‍රී ජය ශ්‍රී මහා බෝධිය ඇතුළු අටමස්ථානය සහ ශ්‍රී සම්බුද්ධ ශාසනයේ උන්නතිය සඳහා සුවිශාල සේවාවක් සිදු කළ රජරට යතිවර ලකුණ අපවත් වී වදාළ අනුරාධපුර අටමස්ථානාධිපති උතුරු මධ්‍යම දිසාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය පූජ්‍ය පල්ලේගම සිරිනිවාස නාහිමිපාණන් වහන්සේගේ ශ්‍රී දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය අද (22 දා) සවස 5.00 ට ම...
"ආර්ථික ඝාතකයන්ව නිදොස්කොට නිදහස් කර අපරාධයක් නොකරපු ජනතාවට කියනවා බදු ගෙවන්න කියලා"
"රටේ ආර්ථිකය විනාශ කළ ආර්ථික ඝාතකයන්ව වහාම හෙළිදරව් කරන්නේ නම් වරදක් නොකරපු රටේ සාමාන්‍ය ජනතාව බදු ගෙවන්න සූදානම් යැයි සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් අමරසේන මහතා පැවසීය. විපක්ෂ නායක කාර්යාලයේ ඊයේ (21 දා) පැවති මාධ්‍ය හමුවේ දී අදහස් දැක්වූ මන්ත්‍රීවරයා වැඩිදුරටත් මෙසේද කීවාය. “රනිල් රාජපක්ෂ ජනාධිපතිත...
"ඇමෙරිකාවේ ඉන්ඩියානා බෞද්ධ විහාරස්ථානයේ වාර්ෂික කඨින පිංකම:"
"කඨින වීවරය දෙව්මැඳුරේ තැන්පත් කර ඇමරිකන් බැතිමත්හු ආශිර්වාද ලබාගනී ඇමෙරිකාවේ ඉන්ඩියානා බෞද්ධ විහාරස්ථානයේ වාර්ෂික කඨින පිංකම දෙස් විදෙස් පින්වතුන්ගේ ආශිර්වාද මධ්‍යයේ නිමා කරන ලදී. මෙවර ඇමෙරිකාවේ ඉන්ඩියානා බෞද්ධ විහරස්ථානයේ උතුම් කඨිනානිසංස පිංකමට සමගාමීව ශ්‍රී ලංකාවාසී සැදැහැති පින්වතුන්ට මෙන්ම ලෝකවාසී සියලුම සත්ත්වයන...
"ඡන්දය කල් දාන්න වංගු ගැහුවොත් උසාවි යනවා – පැෆරල් සංවිධානය"
"මැතිවරණ ක්‍රමයට විවිධ සංශෝධන ගෙන එමින් පළාත් පාලන මැතිවරණය තවදුරටත් කල් දැමීමට ආණ්ඩුව උත්සාහ කළහොත් එයට එරෙහිව අධිකරණමය ක්‍රියාමාර්ග ගන්නා බව පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා ‘දිවයින’ට ඊයේ (22දා) සඳහන් කළේය. එසේ ගෙන එන්නේ යහපත් සංශෝධනයක් වුවත් එය ගෙන එන්නේ අයහපත් චේතනාවෙන් බැවින් මැතිවරණ අයිතිය ...
"ආයෝජකයකු මෙහි ගෙන ආ ‘ඇස්ටන් 2’ මෝදර මුහුදේ ගිලෙයි!"
"වතුර කාන්දුවෙයි විදුලියත් කැපෙයිකාර්ය මණ්ඩලය පිහිට යදී ශ්‍රී ලංකා මුහුද ආශ්‍රිත ධීවර කටයුතුවල යෙදීම සඳහා විදෙස් ආයෝජකයකු විසින් රුපියල් කෝටි 52 ක් පමණ වැයකර රැගෙන එන ලද ඇස්ටන් 02 (Astan 2) නම් නෞකාව වසර තුනහමාරකට අධික කාලයක් මෝදරවරායේ නැංගුරම්ලා තැබීමට සිදුවීම නිසා නැවට ජලය කාන්දු වී මුහුදුබත්වීමේ අවදානමක් ඇතැයි නැවේ ...
"ජනාධිපතිතුමා… මේවා තඹුත්තේගම ඇපල්"
"ශ්‍රී ලංකාවේ සිදු කළ කොළ ඇපල් වගාවක මුල් ඵලදාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පිළිගැන්වීම ඊයේ (20 දා) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය. එම්.පී. ලක්ෂ්මන් කුමාර ගොවි මහතා විසින් ගල්ගමුව, තඹුත්තේගම ප්‍රදේශයේ අක්කර දෙකක භූමි භාගයක මෙම ඇපල් වගාව සිදු කර තිබේ. ගොවි මහතාගෙන් වගාව පිළිබඳ තොරතුරු විමසූ ජනාධිපතිවරයා...
"ඡන්දය කල් නොදමනු! විපක්‍ෂය ඒකාබද්ධ ප්‍රකාශයට අත්සන් තබති"
"මැතිවරණ ක්‍රමය සංශෝධනය කළ යුතු බව කියමින් පළාත් පාලන මැතිවරනය කල් දැමීමේ රජයේ උත්සාහයට එරෙහි වෙමු යන තේමාව යටතේ විපක්ෂයේ දේශපාලන පක්ෂ හා සංවිධාන පාර්ලිමේන්තුවේ කමිටු ශාලාවකදී ඊයේ (20) ඒකාබද්ධ ප්‍රකාශයට අත්සන් තැබූහ. ඒ අනුව සමගි ජන බලවේගය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ජාතික නිදහස් පෙරමුණ, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ,...
"22 ටත් හාදුවක්"
"කොන්දේසි ඇතිව සජිත් කැමතියිඩලස් – මෛත්‍රී – විමල් පාර්ශ්වත් එකඟයිබැසිල්ට හිතවත් සාගර කාරියවසම්ලා වැට උඩඅනුරලා ස්ථාවරය කියා නෑකැබිනට් ඇමැතිවරුත් පක්‍ෂයිආණ්ඩුව ගෙන එන සංශෝධන පරද්දන්න වුවමනා නෑ – මහින්දානන්දවිධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න පනතෙන් ආරම්භයක් ලැබෙන්නේ නෑ – සුමන්දිරම් අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ මහතා විසින...
"ආයෝජන 73 ගත්තානම් මෙච්චර ‘අඬන්න’ දෙයක් නෑ – ඇමැති දිළුම් අමුණුගම"
"ඩොලර් බිලියන ගණනක් රටට ගෙනෙන නව ආයෝජන 73කට අනුමැතිය දුන්නා නම් මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාට මුදල් ඉල්ලා පින්සෙණ්ඩු වෙන්න, කන්නලව් කරන්න රටවල් ගානේ යන්න දෙයක් නැතැයි ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය ඇමැති දිළුම් අමුණුගම මහතා (19 දා) පැවසීය. ආයෝජන මණ්ඩලය ආරම්භ කර වසර 43ක් ගත වී ඇතත් ආයෝජන ගෙනත් ඇත්තේ ඩොලර් බිලියන 20ක් පමණ යැයි ද ර...
"නොරොච්චෝලේ යන්ත්‍රයක් අද නැගිටියි"
"නොරොච්චෝල ගල්අඟුරු බලාගාරයේ අලුත්වැඩියා සඳහා නතර කර තිබූ දෙවැනි යන්ත්‍රයේ අලුත්වැඩියා කටයුතු අවසන් කර අද (21 දා) අලුයම එය ක්‍රියාත්මක කරන බව බලාගාර ඉංජිනේරුවෝ පවසති. යන්ත්‍රය ක්‍රියාත්මක කර පැය 48 ක් පමණ යෑමෙන් පසු විදුලිය නිපදවීම සිදුවන බවත් ඉන් අනතුරුව ක්‍රමක් ක්‍රමයෙන් එහි නිපදවන විදුලිය ජාතික පද්ධතියට එක් කිරීමට ක...
"විසි දෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් ජනතාවගේ අපේක්ෂාවන් මල්ඵල ගැන්විය හැකියි"
"සද්භාවයෙන් අරගල කළ අයගේ අරමුණ අමතක කළ යුතු නැහැඇමැති නිමල් සිරිපාල ද සිල්වා සංශෝධනය යටතේ ජනපති බලතල අඩුවී නැහැනාලක ගොඩහේවා (ශ්‍රීලපොපෙ) ජනාධිපති ක්‍රමය සම්පූර්ණයෙන්ම අහෝසි කිරීම අරගලයේ අරමුණයිඑරාන් වික්‍රමරත්න (සජබ) විගණන කොමිසම ක්‍රියාත්මක කිරීම හොඳ යෝජනාවක්ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා (සජබ) 20ට අත එසවීම මාගේ දේශපාලන...
"මෙය ජනතාවට කරන ලොකු ප්‍රෝඩාවක් – චන්දිම වීරක්කොඩි (ශ්‍රීලනිප)"
"ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රී චන්දිම වීරක්කොඩි (ශ්‍රීලපොපෙ) – ජනතාව මන්ත්‍රීවරුන්ව පත් කරන්නේ දූෂණයෙන් වංචාවෙන් තොර ආණ්ඩුවක් හදන්න. ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් ඇති කරන්න. විධායක ජනපති ක්‍රමය නැති කරනවා කියලා පස්සෙ පොඩි වෙනස්කම් කරනවා. විජේදාස රාජපක්‍ෂ මහතා විපක්‍ෂයේ සිටියදී හදපු 22 සංශෝධනය නොවෙයි අද ඉදිරිපත් වී තියෙන්නෙ. ව...
"ජනතාව ගැන සිතා 22ට අත උස්සනවා – මෛත්‍රී කියයි"
"ජනතාව ගැන සිතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වැනි සංශෝධනය සම්මත කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සිය ඡන්දය ප්‍රකාශ කරන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (20 දා) පැවසීය. තමන් ජනාධිපති වශයෙන් සිටින සමයේ සම්මත කරනු ලැබූ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ ප්‍රධානතම අඩුව වූයේ ව්‍යවස්ථා දායක සභාව දේශපාලනීකරණ...
"ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තුවේ දොර වැසීම ගැන පුදුම සතුටුයි"
"වාසු පාර්ලිමේන්තුවේදී කියයි විසි දෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් ද්විත්ව පුරවැසිභාවය ඇති අයකුට පාර්ලිමේන්තුවට ඒම තහනම් කිරීම ගැන තමන්ට ලොකු සතුටක් තිබෙන බව වාසුදේව නානායක්කාර මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (20දා) පැවසීය. එහිදී ඔහු මෙසේද කීය. විසි දෙවැනි සංශෝධනය හරහා ද්විත්ව පුරවැසිභාවය ඇති අයකුට පාර්ලිමේන්තුවට ඒම තහ...
"ජනතාවාදී ‘22’ ට හැමෝම සහාය දෙන්න – ඇමැති විජයදාස"
"ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වැනි සංශෝධනය යනු ජනතාව ඉල්ලා සිටි ව්‍යවස්ථා සංශෝධනයක් බවත් එබැවින් එය සම්මත කර ගැනීමට සහාය ලබා දෙන ලෙස මන්ත්‍රීවරුන්ට ගෞරවයෙන් ආරාධනා කරන බවත් අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (20 දා) එම පනත් කෙටුම්පත ඉදිරිපත් කරමින් පැවසීය. ජනතාවගේ හෘද ස්පන්දනය හඳුනන මහජන නියෝජිතයන් පා...
"ද්විත්ව පුරවැසියන්ට දොර වහන්න – සජිත්"
"ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වැනි සංශෝධනය සඳහා කොන්දේසි කිහිපයකට යටත්ව සමගි ජන බලවේගය සහාය ලබා දෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (20 දා) පැවසීය. ඒ අනුව ද්විත්ව පුරවැසි තහනම, ව්‍යවස්ථා දායක සභාව සඳහා කරනු ලබන සිවිල් පුද්ගල පත්කිරීම් සාධාරණ ලෙස සිදු කිරීම සහ ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසිරවීමේ...
"ජපන් අල්ලස් පැමිණිල්ලෙන් නිමල් සිරිපාල නිදහස්"
"ඉදිකිරීම් කොන්ත්‍රාත්කරුවකු වූ ජපානයේ තායිසේ සමාගමෙන් අල්ලස් ඉල්ලූ බවට චෝදනා කරමින් වරාය, නාවික හා ගුවන් සේවා ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතාට එරෙහිව අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාව වෙත ගොනු කර තිබූ පැමිණිල්ල ප්‍රමාණවත් සාක්ෂි නොමැතිකමින් ඉවත දමන බව එම කොමිසම දැනුම්දී ඇත. කොළඹ මාලිගාවත්ත පටුමග හි පදිංචි එස්.එම්. නිෂාන් ...
"කුකුළු මස් මිල රු. 270 කින් පහළට"
"කුකුළු මස් කිලෝවක මිල රුපියල් 270කින් අඩු කිරීමට තීරණය කළ බව කුකුළු මස් අලෙවිකරුවන්ගේ සංගමය පවසයි. ඒ අනුව මෙතෙක් රුපියල් 1350ක් වූ කුකුළු මස් කිලෝවක මිල රුපියල් 1080 දක්වා අඩුවේ."
"අවසරයි අපේ නායක හාමුදුරුවනේ…."
"අපවත්වී වදාළ අනුරාධපුරය අටමස්ථානාධිපති, ශ්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ උතුරු – මධ්‍යම දෙදිසාවේ ප්‍රධාන සංඝ නායක අතිපූජ්‍ය ආචාර්ය, පල්ලේගම සිරිනිවාස නාහිමිපාණන්ගේ ශ්‍රී දේහය ඊයේ (20 දා) අනුරාධපුරය බෝමළුව විහාරස්ථානයේ තැන්පත් කිරීමෙන් අනතුරුව උන්වහන්සේගේ ශ්‍රී දේහයට මහා සංඝරත්නය අවසන් ගෞරවය දැක්වූ අවස්ථාවක්. උන...
"පශ්චාත් උපාධිය අතරමග නතර කරලා: සරසවි ඇදුරෝ කෝටි 93ක් පාඩු කරති"
"ඇමැති සුසිල් පාර්ලිමේන්තුවේදී කියයි විශ්වවිද්‍යාල ආචාර්යවරුන් 189දෙනකු පශ්චාත් උපාධි හැදෑරීම අතරමග නතර කිරීමෙන් රජයට රුපියල් කෝටි අනූතුනක පමණ පාඩුවක් සිදුව ඇතැයි අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේමජයන්ත පාර්ලිමේන්තුවේදී ඊයේ (20) පැවසීය. දෙදහස් දහය වසරේ සිට මේ දක්වා ආචාර්යවරුන් දෙදහස් හාරසිය පනස් හත්දෙනකු ආචාර්ය උපාධි පාඨමාලා...
"ගෝඨාට උසාවි එන්න කියයි – ලලිත් – කූගන් අතුරුදන්වීම:"
"හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාට ලබන දෙසැම්බර් 15 වැනිදා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා නොතිසි යැවීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (19 දා) පෙත්සම්කාර පාර්ශ්වයට අවසර ලබා දුන්නේය. යාපනය ප්‍රදේශයේ පදිංචිව සිටි සමාජ ක්‍රියාකාරීන් දෙදෙනකු වන ලලිත් වීරරාජ් හා කූගන් මුරුගානන්දන් යාපනය අධිආරක්‍ෂක කලාපය තුළදීම අතුරුදන්ව...
"සූම් තාක්ෂණය ඔස්සේ අධිකරණයට – ප්‍රියමාලි – ඉසුරු 2 වැනිදා දක්වා යළිත් රිමාන්ඩ්"
"ප්‍රියමාලිගේ ගිණුම් ගැන විස්තර නිලධාරීන්ට දෙන්නයි බැංකු කීපයකට නියෝග ව්‍යාපාරික කටයුතු සඳහා ආයෝජනය කර වැඩි මුදලක් ලබාදෙන බව පවසා ව්‍යාපාරිකයන්, දේශපාලනඥයන් ඇතුළු විශාල පිරිසකගෙන් රුපියල් කෝටි ගණනාවක් ලබාගෙන වංචා කිරීම සහ ඒ සඳහා ආධාර අනුබලදීම ඇතුළු චෝදනා යටතේ සැකපිට අත්අඩංගුවට ගෙන සිටි තිළිණි ප්‍රියමාලි නමැත්තිය සහ ඇගේ...
"අටමස්ථානාධිපති පල්ලේගම සිරිනිවාස නාහිමියෝ අපවත් වෙති"
"පූර්ණ රාජ්‍ය අනුග්‍රහය සහිතව ආදාහන පූජෝත්සවය අනිද්දා අනුරාධපුරයේ අනුරාධපුරය අටමස්ථානාධිපති, ශ්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහාවිහාර පාර්ශ්වයේ උතුරු මැද මධ්‍යම දෙදිසාවේ ප්‍රධාන සංඝ නායක ආචාර්ය අතිපූජ්‍ය පල්ලේගම සිරිසුමන ධම්මරක්ඛිත සිරිනිවාස නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ පෙරේදා (18 දා) රාත්‍රියේ අපවත් වූ බව ‘දිවයින’ සංවේගය...
"මධ්‍යම පරිසර අධිකාරියේ  සභාපති හා පුතා ඇත්තටම හෝටල් ගහනවා ද කියා සොයන්න – වසන්ත යාපා බණ්ඩාර"
"මධ්‍යම පරිසර අධිකාරියේ සභාපතිවරයා සහ ඔහුගේ පුත්‍රයා සංවේදී පරිසර කලාපේ අනවසරයෙන් හෝටල් ඉදිකරන බවත් එබැවින් ඒ පිළිබඳ සොයා බලන ලෙසත් මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (19) ප්‍රකාශ කළේය.වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න ඇසීමේ අවස්ථාවේදී පරිසර අමාත්‍යවරයාගේ අවධානයට ලක් කරමින් ඔහු එම අදහස් පළ කළේය.එහිද...
"දොස්තරලාට විතරක් අවුරුද්ද දුන්නොත් හෙද – පරිපූරක අතුරු වෛද්‍ය වර්ජනයක්"
"සෞඛ්‍ය සේවාවන්හි සේවයේ නිරත සේවකයන්ගේ විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 63 දක්වා දීර්ඝ කරන ලෙස රජයෙන් කළ ඉල්ලීම ඉවත දමමින් වෛiවරුන්ගේ විශ්‍රාම යෑමේ කාලය පමණක් වසරකින් දීර්ඝ කිරීම සිය වරප්‍රසාද කඩකිරීමක් බැවින් එයට එරෙහිව ලබන සතියේ වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කරන බවට හෙද, පරිපූරක අතුරු වෛi සේවා ඒකාබද්ධ බලමණ්ඩලය රජයට අනතුරු අඟ...
"‘බුකර්’ දෙන්න කලින්  විනිසුරු මඬුල්ල අවසන් පොත් හය තුන්පාරක් කියවලා"
"බුකර් ත්‍යාගය වෙනුවෙන් අවසන් වටයට නිර්දේශ වූ ග්‍රන්ථ සය විනිශ්චයකරුවන් සියල්ලන් විසින් තෙවරක් කියවා තිබේ.ලන්ඩනයේ ජාතික ගැලරියේ සහ බි්‍රතාන්‍ය කෞතුකාගාරයේ හිටපු අධ්‍යක්ෂවරයකු වන මැක්ග්‍රෙගර් පවසා තිබුණේ විනිසුරුවන් ත්‍යාගය සඳහා ඉදිරිපත් කර තිබූ කෘතීන් 170ම කියවා, පසුව ඒවා 30ක් දක්වා අඩු කළ බව යි. අනතුරුව ඔවුන් ඒවා නැවත...
"සියලු ගොවිජන මධ්‍යස්ථානවලට  යූරියා බෙදා අවසන් – කෘෂි ලේකම් කියයි"
"මහ කන්නයේ වී වගාව සඳහා පළමු මුරයට අවශ්‍ය යූරියා පොහොර සියලු ගොවිජන සංවර්ධන මධ්‍යස්ථාන වෙත නිකුත් කර ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් රෝහණ පුෂ්පකුමාර මහතා පවසයි.මෙවර මහ කන්නයේ දී පොහොර ලබා දීම පියවර කිහිපයක් ඔස්සේ සිදු කෙරේ. කෘෂිකර්ම දෙපාර්තමේන්තුව නිර්දේශ කර ඇති පරිදි මෙවර වී වගාවට සියයට 70ක් රසායනික පොහොර හා සියයට 3...
"මිස් ටුවරිසම් 2022ට ලොව සුරූපිනියෝ 80ක් ශ්‍රී ලංකාවට ඩයනා කියයි"
"ලෝකයේ රටවල් 80 ක සුරූපිනියන් 80 දෙනකු ශ්‍රී ලංකාවට පැමිණෙන්නට නියමිත බව සංචාරක රාජ්‍ය ඇමැති ඩයනා ගමගේ මහත්මිය ඊයේ (19දා) පැවසුවාය. මෙම සුරූපිනියන් සමග මිස් ටුවරිසම් 2022 ගෝලීය සංදර්ශනය මෙහි පැවැත්වෙනු ඇත. මෙම සංදර්ශනය පැවැත්වීමේ ලංසුව ද ශ්‍රී ලංකාව දිනාගෙන තිබේ. මෙම සුරූපිනියන් සති 2 ක කාලයක් මෙරට රැඳී සිටින අතර ඔවුන්...
"හරි කෑම වේලක් කන්නේ රටෙන් 1/5යි – මිනිසුන්ගේ ආදායමෙන් 75%ක්ම ආහාරවලට"
"මෙරටේ නිසි පෝෂණය සහිත ආහාර වේලක් ලැබෙන ප්‍රමාණය රටේ ජනතාවගෙන් පහෙන් එකක් පමණක් බවත් ජනතාවගේ ආදායමෙන් සියයට හැත්තෑපහක්ම ආහාර සඳහා වියදම් වන බවත් ආර්ථිකය ස්ථායීකරණයට අදාළ කෙටි සහ මධ්‍ය කාලීන වැඩසටහන් හඳුනා ගැනීම සඳහා වන ජාතික සභා අනු කමිටුවේදී අනාවරණය වී ඇත.වසර දහයක පමණ කාලයක් තිස්සේ රටේ පවතින මන්දපෝෂණ තත්ත්වය වර්තමානයේ...
"‘22’ විවාදය අද සහ හෙට"
"විසි දෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත දෙවැනිවර කියැවීමේ පාර්ලිමේන්තු විවාදය අද සහ හෙට (20-21) පැවැත්වේ.ඒ අනුව අද පෙරවරු 10.30 සිට පස්වරු 05 දක්වා විසි දෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත දෙවැනි වර කියැවීමේ විවාදය පැවැත්වීමට නියමිතය.හෙට (21 දා) සවස 5.00 දක්වා පැවැත්වෙන විසි දෙවැනි ආණ්ඩුක්‍ර...
"ලංකා ඔටෝමොබයිල් සංගමයට  ISO 9001-2015 තත්ත්ව සහතිකය"
"විදෙස් රටවල රිය පැදවීම සඳහා රියදුරු බලපත්‍ර නිකුත් කිරීමත්, මාර්ග ආරක්ෂාව පිළිබඳ කටයුතු කරනු ලබන ආයතනය හා එක්ව රිය අනතුරු අවම කිරීම සඳහා දායකත්වය සැපයීමත්, වාහන ධාවනය නඩත්තුව ඇතුළු ක්‍රියාකාරකම් රැසක් ඉටු කරනු ලබන ශ්‍රී ලංකා ඔටෝමොබයිල් සංගමය ISO 9001-2015තත්ත්ව සම්මානයෙන් පිදුම් ලැබීම වෙනුවෙන් විශේෂ උත්සවයක් ඔටෝමොබයිල...
"බුකර් සම්මානය සමග ශෙහාන් දිවයිනට සතුට රැගෙන එයි"
"සම්මානය පිරිනැමූ බ්‍රිතාන්‍යයේ චාල්ස් රජුගේ බිසව කැමිලා පාකර්ගෙන් ශෙහාන්ට සුබ පැතුම් ‘වංචාව, දූෂණය, ජාතිවාදය අපට කිසිවක් ලබාදී නැහැ. එවැනි මත කරපින්නාගෙන වැඩිදුරක් යෑමට බැරි බව ශ්‍රී ලංකාව ළඟදීම වටහා ගනීවි’ යැයි 2022 බුකර් සම්මානය දිනා ගනිමින් ශ්‍රී ලංකාවට කීර්තියක් අත්කර දුන් ලේඛක ෂෙහාන් කරුණාතිලක මහතා පැවසීය. 2011 ව...
"ප්‍රියමාලිගේ සහකරු ඉසුරු රිමාන්ඩ්"
"සංකීර්ණ විමර්ශනයක් සිදු වෙද්දී ඇප දෙන්න බැහැ – විනිසුරු කියයිලක්‍ෂ 300ක් වටිනා වාහනය පැවරීම වළක්වයි කොළඹ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ 34 වන මහල කුලියට ගෙන ව්‍යාපාර කිහිපයක් ආරම්භ කර රුපියල් කෝටි සිය ගණනක මුදලක් වංචා කළේ යැයි චෝදනා එල්ල වී ඇති තිළිණි ප්‍රියමාලි නමැත්තියගේ ව්‍යාපාර සහකරුවකු යැයි කියන ඉසුරු බණ්ඩාර නමැත්තාව අද ...
"6 ක් එක්ක අතුරුදන් වූ යාත්‍රාව සමග නාවික හමුදාව යළි සම්බන්ධ වෙයි"
"නාවිකයන් හය දෙනකු සමඟ අතුරුදන් වූ නාවික හමුදා යාත්‍රාව සමඟ යළිත් සබඳතා ඇතිකර ගැනීමට නාවික හමුදාව ඊයේ (18 වැනිදා) සමත්ව ඇත. පාකිස්තාන මුහුදු සීමාවේ සිට බහුදින ධීවර යාත්‍රාවකින් මත්කුඩු තොගයක් ශ්‍රී ලංකාවට රැගෙන එන බවට ලද බුද්ධි තොරතුරකට අනුව මෙම යාත්‍රාව ගාල්ලට මුහුදු සැතපුම් විස්සක් පමණ ඈත මුහුදේ විශේෂ මෙහෙයුමක යෙදී ස...
"ඉන්ධන බෙදා හැරීමට බාධා කළොත් නීති පියවර!"
"ඉන්ධන බෙදා හැරීම මෙන්ම බලශක්ති ක්‍ෂෙත්‍රයේ කටයුතුවලට බාධා එල්ල කරන සේවකයන්ට හා වෘත්තීය සමිතිවලට එරෙහිව විනය හා නෛතික ක්‍රියාමාර්ග ගන්නා බවට විදුලිබල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර මහතා අනතුරු අඟවයි. තෙල් සංස්ථාව සුරැකීම සඳහා වෘත්තීය සමිති පෙළ ගැසීමත් සමග මෙම අනතුරු ඇඟවීම කර ඇත. ඛනිජ තෙල් සංස්ථාව ඇතුළු බලශක්ති ක්‍ෂේත්‍...
"හිටපු සභාපති චරිත යළි කෝප් කමිටුවට"
"පොදු ව්‍යාපාර කාරක සභාව සඳහා (කෝප්) එහි හිටපු සභාපති මහාචාර්ය චරිත හේරත් මහතා පත් කළ බව නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට ඊයේ (18) නිවේදනය කළේය. එම කමිටුව සඳහා විපක්ෂයේ නියෝජිතයකු ලෙස පත් කළ ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ඉන් ඉවත් වීමෙන් ඇතිවූ පුරප්පාඩුවට චරිත හේරත් මහතා පත් කර ඇති අතර ශානක්‍යන් රාසමානික්ක...
"ඊයේ විසර්ජන පනත් කෙටුම්පතෙන් වැඩිම මුදල රාජ්‍ය පරිපාලනයට"
"ඉදිරි වර්ෂය (2023) සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත ආණ්ඩුව ඊයේ (18දා) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. සභානායක අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා විසින් විසර්ජන පනත් කෙටුම්පත (පළමුවර කියවීම) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබූ අතර නියෝජ්‍ය මහලේකම් කුෂාණි රෝහණධීර මහත්මිය එම පනත කියවූවාය. මෙම පනත් කෙටුම්පත මගින් රජයේ සේවා සහ වියදම...
"ශ්‍රී ලාංකික කතුන් 60 ක් ඩුබායි නිවාස අඩස්සියේ දස වැඩ ගනිති"
"මෙරට විදේශ රැකියා ආයතන කීපයක් මගින් ඩුබායි හි (එක්සත් අරාබි එමිර් රාජ්‍යය) ගෘහ සේවය සඳහා විදේශගත කළ 60 කට ආසන්න තරුණ සහ වයෝවෘද්ධ කතුන් පිරිසක් නිවාස අඩස්සියේ තබාගෙන විදේශ රැකියා ආයතනවලට සම්බන්ධකම් තිබෙන මෙරට කාන්තාවන් තිදෙනකු විසින් සිදු කරනු ලබන ජාවාරමක් පිළිබඳ තොරතුරු අනුරාධපුර පරසන්ගස්වැව ප්‍රදේශයෙන් අනාවරණය වේ. වස...
"වෛද්‍යවරුන්ගේ විශ්‍රාම වයස වෙනස් කරයි"
"රජයේ සේවකයන් වයස අවුරුදු 60 න් විශ්‍රාම ගැන්වීමට රජය ප්‍රතිපත්තිමය තීන්දුවක් ගනු ලැබුව ද සෞඛ්‍ය ක්‍ෂෙත්‍රයේ වෛද්‍යවරුන් සඳහා එහි වෙනසක් සිදු කිරීමට කැබිනට් අනුමැතිය හිමිවූ බව කැබිනට් ප්‍රකාශක ජනමාධ්‍ය, ප්‍රවාහන හා මහමාර්ග ඇමැති බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. රාජ්‍ය සේවකයන් වයස අවුරුදු හැටෙන් විශ්‍රාම ගැන්වීමේ තීරණය හමුව...
"සංශෝධිත ඛනිජ තෙල් පනතින් ඉන්ධන සැපයීම හා ආයෝජන අවස්ථා පුළුල් කරනවා – ඇමැති කංචන විජේසේකර"
"ඉල්ලුමට අනුව ඉන්ධන සැපයීම සඳහා ජාත්‍යන්තර ඉන්ධන සැපයුම් කරුවන් කිහිප දෙනෙකුට මෙරට වෙළෙඳ පොළ අවස්ථාව ලබාදීමට සහ නව ආයෝජන සඳහා ඉඩ සැලසීම සඳහා ඛනිජ තෙල් නිෂ්පාදන සංශෝධන පනත් කෙටුම්පත ඉදිරිපත් කළ බව විදුලි බල හා බල ශක්ති ඇමැති කංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (18දා) පැවසීය. වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා විසි...
"ඛනිජ තෙල් සේවකයෝ විරෝධයේ…."
"ඛනිජ තෙල් නිෂ්පාදන (විශේෂ විධිවිධාන) පනත වහා හකුලා ගන්නා ලෙස රජයට බල කරමින් ඛනිජ තෙල් සංස්ථාවේ පොදුජන ප්‍රගතිශීලී සේවක සංගමයේ සාමාජිකයන් පාර්ලිමේන්තු වටරවුම ඉදිරිපිට ඊයේ (18 දා) උද්ඝෝෂණයක නිරත වූ අයුරු. ඡායාරූප – තුෂාර අතපත්තු"
"පොහොට්ටුව මැතිවරණ කල් දැමීමට කිසිසේත් ඉඩ දෙන්නේ නෑ – සාගර කාරියවසම්"
"ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මැතිවරණ කල් දැමීමට කිසිසේත්ම ඉඩ නොදෙන බව එම පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා ඊයේ (18දා) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවේදී පැවසීය. එහිදී වැඩිදුරටත් කරුණු දැක්වූ ඒ මහතා මෙසේද පැවසීය. අපි පහුගිය දිනවල දැක්කා මේ රටේ මැතිවරණ නැති කරන්න මුල්වෙච්ච සංවිධ...
"කොළඹ – නුවර පාර දළුගමින් වසාගෙන අන්තරේ විරෝධතාවේ"
"ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගෙන සිටින අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ, ගල්වැව සිරිධම්ම හිමි සහ හෂාන් ජීවන්ත යන තිදෙනා නිදහස් කරන ලෙස ඉල්ලා අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය සංවිධානය කළ විරෝධතා පාගමනක් හේතුවෙන් කොළඹ නුවර මාර්ගය ඊයේ (18 දා) දළුගම ප්‍රදේශයෙන් අවහිර විය. අන්තර...
"තෙල් පනත වැඩි ඡන්ද 60 කින් සම්මතයි"
"ඛනිජ තෙල් සංශෝධන විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත වැඩි ඡන්ද 60 කින් සම්මත විය. පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 77 ක් හිමිවූ අතර විරුද්ධව ඡන්ද 17 ක් හිමිවිය. පනත් කෙටුම්පත පිළිබඳ විවාදය අවසානයේදී පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා (ජාජබ) ඊට බෙදීමක් ඉල්ලා සිටි අතර ඒ අනුව ඡන්ද විමසීමක් සිදු කිරීමට මූලාසනයේ සිටි නියෝජ්‍ය කතානා...
"නව ජල සම්බන්ධතා ගාස්තු සියයට 70 කින් නගී"
"පිරිවැය අවම කර ගැනීමට මේ තීරණය ගත්තා – නි. සාමාන්‍යාධිකාරි නව ජල සම්බන්ධතා ගාස්තු ඊයේ (18 දා) සිට සියයට 70 කින් ඉහළ නැංවීමට ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය තීරණය කර ඇත. මේ අනුව ජල සම්බන්ධතා ලබා දීමේදී මෙතෙක් අය කළ විෂ්කම්භය මිලිමීටර් 20ක් වූ සම්බන්ධතාවේ අවම ගාස්තුව රුපියල් 16,000.00 සිට රුපියල් 27,200.00 දක්වා ද, ජල...
"මිනී මරන්න  ගිනිඅවි හමුදා  කඳවුරෙන් පන්නලා"
"සැරයන් අත්අඩංගුවටගිනිඅවිය වෙලක තිබී හමුවේසැකකරු කඳවුරේ අවි ගබඩා භාරකරු ලෙස රාජකාරි කරලාමිනිස් ඝාතන සහ විවිධ අපරාධ සඳහා පාතාල කල්ලිවලට කුලී පදනම මත අවි ආයුධ සැපයූ බවට සැකකරන කිලිනොච්චිය ප්‍රදේශයේ යුද හමුදා කඳවුරක අවි ගබඩා භාරකරු ලෙස කටයුතු කරන මාණ්ඩලික සැරයන්වරයකු විශේෂ පොලිස් කණ්ඩායමක් මගින් පෙරේදා (16දා) රාත්‍රී අත්අ...
"කෝටි 8 1/2 ක් වංචා කළා – අසාද් සාලිගෙන් පැමිණිල්ලක්"
"පැමිණිලි 12 ට නගී:වංචා කළ මුදල කෝටි 350 පනීතිළිණි ප්‍රියමාලි නමැති කාන්තාව තමන්ට රුපියල් කෝටි අටහමාරක මුදලක් වාචා කළ බව කියමින් බස්නාහිර පළාතේ හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත ඊයේ (17 දා) පැමිණිලි කළේය. 02-පිටුවටව්‍යාපාරයක් සඳහා මුදල් ආයෝජනය කරන ලෙස කළ ඉල්ලීමකට අනුව තමන් තිළිණි ප්‍රියමා...
"ප්‍රියංකා එක්ක කිසිම බිස්නස් එකක් කළේ නෑ – මුරුත්තෙට්ටුවේ හිමියෝ කියති"
"කොළඹ නාගරික මන්ත්‍රිනී ප්‍රියංකා ජයසේකර මහත්මිය සමඟ තමා කිසිදු ව්‍යාපාරික කටයුත්තක නිරත වී නැතැයි මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ ඊයේ (17දා) ‘දිවයින’ට පැවසූහ.එවැනි චෝදනාවක් කරන්නේ නම් එම ව්‍යාපාරය කුමක්දැයි රටට පවසන ලෙස ද උන්වහන්සේ නාගරික මන්ත්‍රීවරියට අභියෝග කළහ.වසර ගණනාවකට පෙර එක්තරා පුවත්පතක් පාඩු ලැබීම නිසා එය තවදුරටත...
"ඩෙංගු රෝගීන් සහ මරණ ඉහළට"
"මෙම දිනවල පවතින කඩින් කඩ වර්ෂාව හේතුවෙන් දිවයිනෙන් වාර්තා වන ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව හා ඩෙංගු මරණ සංඛ්‍යාව වැඩි වෙමින් පවතින බව සෞඛ්‍ය අංශ පවසයි.මෙම මාසයේ ගත වූ සති දෙක තුළ දිවයිනෙන් ඩෙංගු රෝගීන් 586 ක් වසංගත රෝග විද්‍යා අංශය වෙත නිල වශයෙන් වාර්තා වී ඇතත් දිවයිනේ බොහෝ ප්‍රදේශවලින් ලැබෙන වාර්තා ප්‍රමාද වීම නිසා මෙම සංඛ...
"රත්‍රං පොරවාගෙන උඩින් ඒම නිසා මාසිකව ඩොලර් මිලියන 30ක  විදේශ විනිමය අහිමි වෙලා"
"ගුවන් මගීන්ට සීමාවකින් තොරව ස්වර්ණාභරණ පැළැඳ පැමිණීමට ඇති නීතිය අවභාවිත කරමින් ජාවාරම්කරුවන් කරන දැවැන්ත මූල්‍ය වංචාව හේතුවෙන් මාසිකව අමෙරිකානු ඩොලර් මිලියන 30ක පමණ විදේශ විනිමය ප්‍රමාණයක් රටට අහිමි වන බව අනාවරණය වී ඇත.මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පසුගියදා ශ්‍රී ලංකා රේගුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් සමඟ පැවති...
"දඹදිව වන්දනාවේ යන  60ට අඩු බැතිමතුන්ට පාස්පෝට් සතියෙන්"
"දඔදිව වන්දනාවේ යන වයස අවුරුදු 60ට අඩු සියලු බැතිමතුන් සඳහා ඉන්දියානු නේපාල හදිසි ගුවන් ගමන් බලපත්‍රය සතියක් තුළ ලබාදීමට ආගමන විගමන දෙපාර්තුමේන්තුව පියවර ගෙන ඇත.ශ්‍රී ලංකා විදේශ බෞද්ධ වන්දනා සංගමයේ සභාපති රෝහිත සිරිවර්ධන සහ ජාතික සංවිධායක හර්බට් විජේතුංග යන මහත්වරුන් හා විධායක සභාවේ ඉල්ලීමකට අනුව ආගමන විගමන පාලක ජනරාල්...
"ඔය කියන තරම් විරෝධයක් නාවලපිටියේ තිබුණේ නැහැ"
"නාවලපිටියේ පෙරේදා (16දා) ඔය කියන තරම් සිදුවීමක් වුණේ නැහැ යැයි මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවැසීය. සජබ කෙනෙකු තණකොළ මිටි කිහිපයක් තැනක තබාගෙන පින්තූරයක් ගෙන තිබුණා. 80 ක් පමණ පිරිසක් ඔය කියන විරෝධයට ගිහින් තිබුණා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතිසාර්ථකව බාධාවකින් තොරව...
"මහින්දානන්දට එරෙහිව දේශීය ආදායම් වෘත්තීය සමිති CIDයට"
"දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ රහස්‍ය තොරතුරු හෙළි කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතාට එරෙහිව දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ප්‍රධාන වෘත්තීය සමිති පහක නියෝජිතයෝ ඊයේ (17 දා) උදේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කළහ.මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයා පසුගිය දිනවලදී පාර්ලිමේන්තුව තුළත් ඉ...
"ඔක්ටේන් 92 සහ ඔටෝ ඩීසල් තෙල් මිල පහළට – ඇමැති කංචන විජේසේකර පවසයි"
"ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 40කින් ද, ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 15කින්ද ඊයේ (17 දා) සිට අඩු කිරීමට පියවර ගෙන ඇතැයි විදුලි බල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර මහතා පවසයි. ඒ අනුව ඔක්ටේන් 92 ලීටරයක නව මිල රුපියල් 370 ක්ද, ඔටෝ ඩීසල් ලීටරයක නව මිල රුපියල් 415 ක්ද වේ. සෙසු ඉන්ධන වර්ගවල මිල වෙනසක් සිදුකර නැතැයි ඇ...
"ලබන වසරට අදාළ විසර්ජන පනත් කෙටුම්පත අද මැතිසබයට"
"2023 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත (අයවැය) අද (18දා) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට (පළමු වර කියවීම) නියමිතය.මේ සතියේ පාර්ලිමේන්තු කටයුතු තීරණය කිරීම සඳහා පසුගිය 07 දා කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී මේ බව තීරණය විය.පාර්ලිමේන්තුව අද සිට 21 වැනිදා ...
"චීනයේ ණය ප්‍රතිව්‍යුහගතකරණය සාර්ථකව අවසන් වේවි"
"සියඹලාණ්ඩුව වගා නිරීක්ෂණ චාරිකාවක නිරත වෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ කියයිමෙරට ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් පසුගියදා තමන් චීන මුදල් අමාත්‍යවරයා සමඟ සාකච්ඡා කළ බවත් ඒ වෙනුවෙන් පැවැත්වෙන සාකච්ඡා සාර්ථකව අවසන් වනු ඇති බව තම අපේක්ෂාව බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය. රටේ ආර්ථික බංකොලොත්භාවය පිළිබඳ ...
"අපිට වැරදුණා කියා උඩ පැන්න කවුරුවත් වැරදි නොකරපු අය නොවෙයි – හිටපු අගමැති මහින්ද රාජපක්ෂ නාවලපිටියේදී කියයි"
"දේශපාලන වශයෙන් බෙදී වෙන් නොවී සියලු දෙනාම එක්ව කටයුතු කරන්නේ නම් අද අපේ රට තිබෙන තැනින් පියවරක් හෝ ඉදිරියට යා හැකි බව හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් නාවලපිටිය ආසන සම්මේලනය අමතමින් පෙරේදා (16) පැවසීය. පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා මෙම සම්මේලනය සංවිධාන කර...
"නාවලපිටිය ඇවිළෙයි – පොහොට්ටුවට විරෝධය පෑ 15කට ඇප"
"සජබ සංවිධායකත් ඒ අතර හන්දියක් ගාණේ තණකොළ සහ පුන්නක්කු තියලාහිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (16 වැනිදා) නාවලපිටිය නගරයේ ජනහමුවක් පැවැත්වෙමින් තිබෙන අතරතුරේ රජයට එරෙහිව නාවලපිටිය – කොත්මලේ මාර්ගය අවහිර කරමින් උද්ඝෝෂණයක් පැවැත්වීම හේතුවෙන් අත්අඩංගුවට ගත් සමගි ජනබලවේගයේ නාවලපිටිය ආසන සංවිධායක සසංක...
"අලුත් බදු නිසා කුඩා හා මධ්‍ය පරිමාණ  කර්මාන්ත හාන්සියි – විපක්‍ෂ නායක සජිත් කියයි"
"අද වන විට රුපියල් ලක්‍ෂයක ආදායමක් උපයන්නෙකු දැවැන්ත බදු දැලකට හසුවන බවත්, මෙය අතිශයින් අවාසනාවන්ත තත්ත්වයක් බවත් විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය.රටකට බදු අවශ්‍ය බව පැවසූ විපක්‍ෂ නායකවරයා එහෙත් ව්‍යවස්ථාවේ සිදුවෙමින් පවතින්නේ සමාජයේ පීඩාවට පත්වෙමින් සිටින ජනතාවට බදු ගැසීමත්, දැවැන්ත ධන කුවේරයින් බදු දැලෙන් නි...
"හිටපු පාලකයෝ රටකට කරන්න පුළුවන් හැම විනාශයක්ම කරල ඉවරයි"
"කැස්බෑව ආසන බල මණ්ඩල රැස්වීමේදී ජවිපෙ නායක අනුර කුමාර දිසානායක කියයි ජනතා බලය අහිමි ආණ්ඩුව ඡන්ද කල් දාන්න  විවිධ උපක්‍රම යොදනවා ජනතා බලය අහිමි වී ඇති ආණ්ඩුව මැතිවරණ කල්දැමීමට කටයුතු කරමින් සිටින බවත් ඡන්ද සිතියම හැකිලීමට සිය බලවේගය ආණ්ඩුවට කිසිසේත් ඉඩ නොදෙන බවත් ජාතික ජන බලවේගයේ සහ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමා...
"මැණිකෙට තවත් සම්මානයක්"
"සංස්කෘතික ප්‍රවර්ධනයේ විශිෂ්ට ජයග්‍රහණ වෙනුවෙන් වූ සම්මානය ජනප්‍රිය ගායිකා යොහානි ද සිල්වාට පිරිනමා තිබේ. ඉන්දීය ජාත්‍යන්තර චිත්‍රපට සංචාරක සමුළුව මගින් පසුගිය 13 වැනිදා මෙම සම්මානය පිරිනමා ඇත.මෙවැනි ගෞරවනීය සම්මානයක් ලැබීම ගැන තමාට මහත් ගෞරවයක් ඇති බවත්, තමාගේ ගීත හරහා එවැනි බලපෑමක් ඇති කරන බව දැන ගැනීම සතුටක් බවත් ය...
"හැටන් නුවරඑළිය වතු පාසල් රැසක සිසුන්ට අධ්‍යාපනය එපා වෙලා"
"ආර්ථික අර්බුදය නිසා බොහෝ දරුවෝ පාසල් වියේදීම රැකියාවලහැටන් සහ නුවරඑළිය කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන නගරබද සහ වතු පාසල්  රැසක දරුවන් පාසල් නොපැමිණෙන බවට එම විදුහල්පතිවරුන් විසින් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් දැනුවත් කර ඇත.රටේ පවතින ආර්ථික අර්බුදය සහ මේ මස 24 දාට එළඹෙන දීපවාලි උත්සවය නිමිත්තෙන් දෙමව්පියන් විසින් ...
"නෙළුම් කුලුනෙන් පළමු මාසයේ  කෝටි 9ක ආදායමක්"
"දකුණු ආසියාවේ උසම ගොඩනැගිල්ල ලෙස සැලකෙන නෙළුම් කුලුන ජනතා අයිතියට පත් කර ගත වූ මාසය තුළදී රුපියල් ලක්ෂ 900 ක ආදායමක් හිමිවී ඇතැයි නෙළුම් කුලුන පෞද්ගලික සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී විශ්‍රාමික මේජර් ජෙනරාල් ප්‍රසාද් සමරසිංහ මහතා පැවසීය.එය නැරඹීම සඳහා මෙරට සහ විදෙස්ගත සංචාරකයන් (165000) එක්ලක්ෂ හැට පන්දහසක් පැමිණ ඇතැයි...
"ඔය කියන දේවල් කරන්න අයිඑම්එෆ්  ජනාධිපති කෙනෙක් පත් කරගත්ත නම් හරිනේ"
"පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මාතරදී කියයිජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියන වට්ටෝරුවට වැඩ කරන්න නම් මූල්‍ය අරමුදලේ කෙනෙක් ජනාධිපති කරගත්තාම ප්‍රමාණවත්යැයි උත්තර ලංකා සභාගයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පැවසීය.දැන් ෂඵත්‍ එක කියනවා, මහ බැංකු අධිපතිව, මුදල් අමාත්‍යංශයේ ලේකම්ව වෙනස් කරන්න එපා කියා. ඇමරි...
"ජීවන බර අඩු කිරීමට අපි දැනටමත් සාකච්ඡා කරනවා"
"හිටපු අගමැති මහින්ද රාජපක්‍ෂ නාවලපිටියේදී කියයිඅපි එක්ව වැඩ කරමු. අනිත් ඔක්කොම දෙවනුව අපිට විසඳන්න පුළුවන්.“ජනතාව මත පැටවෙන ජීවන බර අඩු කිරීමට ගත හැකි සෑම පියවරක්ම ගන්න කියන ඉල්ලීම අපි දැනටමත් සාකච්ඡා කරමින් යනවා..” යැයි හිටපු අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා ඊයේ (16 වැනිදා) පැවැසීය.ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ “එක්ව නැගිටිමු”...
"පක්ෂ දේශපාලනය පැත්තකට දාන්න – ජනතාවගේ ආහාර ගැටලුව විසඳන වැඩපිළිවෙළට සියලුදෙනා එක්විය යුතුයි"
"රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීමේ අම්පාර දිස්ත්‍රික් වැඩසටහනට එක්වෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ කියයිජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අම්පාරට පැමිණි අවස්ථාවේ ජනතාවගේ සුවදුක් විමසූ මොහොතකි මේ. සාම්ප්‍රදායික පක්ෂ දේශපාලනය ඉවත දමා, ආහාර සුරක්ෂිතතාව ඇති කර ජනතාවගේ ආහාර ගැටලු‍ව විසඳන වැඩපිළිවෙලට සියලු‍දෙනා එක්විය යුතු බව ජ...
"විපතට පත් ජනතාවට කඩිනමින් සහන සලසන්න"
"ජනපතිගෙන් දිස්ත්‍රික් ලේකම්වරුන්ට උපදෙස්අයහපත් කාලගුණ තත්ත්වයෙන් විපතට පත්වූවන් සඳහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහාය ඇතිව කඩිනමින් සහන කටයුතු සලසන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත ඊයේ (16දා) උපදෙස් දී තිබේ.ඊට අවශ්‍ය සියලු ප්‍රතිපාදන, මුදල් අමාත්‍යාංශය හරහා වෙන් කර තිබෙන බවත් පීඩාවට...
"අයිඑම්එෆ් අනුමැතියට ශ්‍රී ලංකාවෙන්  කරුණු දෙකකට සහතිකයක් ඉල්ලයි"
"ශ්‍රී ලංකාවට මූල්‍ය අරමුදලේ ණය පහසුකම ලබා දීමට මූල්‍ය අරමුදලේ අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතිය අවශ්‍ය වන අතර ඒ සඳහා නිශ්චිත කරුණු 2 කට සහතිකයක් අවශ්‍ය වන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආසියානු පැසිෆික් කලාපයේ නියෝජ්‍ය අධ්‍යක්ෂිකා ඈන් මරී පවසයි.පළමු වැන්න ද්විපාර්ශවීය ණය හිමියන් සිය ණය ප්‍රතිව්‍යුහගත කිරීම ඇතුළු කරුණු සම්බන්ධව ...
"සනත් නිශාන්තගේ රියේ ගැටුණු යතුරුපැදිකරුට බරපතළයි"
"පුත්තලම නගරය ආසන්නයේදී ඉතුත් 15දා සවස රාජ්‍ය ඇමැති සනත් නිශාන්ත මහතා ගමන් ගත් සුඛෝපභෝගී ජීප් රථය යතුරුපැදියක ගැටීමෙන් එහි රියැදුරු බරපතළ තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබූ බව පුත්තලම මූලස්ථාන පොලිසිය පවසයි.මෙසේ තුවාල ලබා ඇත්තේ පුත්තලම මුල්ලිපුරම් ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි සිව් දරු පියකු බව පොලිසිය පවසයි. පුත...
"කෙරවලපිටිය මෙගාවොට් 350 LNG බලාගාරයේ ගෑස්  ටර්බයිනය ජර්මනියෙන් ගෙන්වයි"
"කෙරවලපිටිය මෙගාවොට් 350 ස්වභාවික ද්‍රව වායු (LNG)  බලාගාරය ගෑස් ටර්බයිනය ජර්මනියේ සිට පසුගිය 13 වැනිදා දිවයිනට ගෙන්වා තිබේ. විදුලිබල ක්ෂේත්‍රයේ අඳුරු වළා මැද රිදී රේඛාවක් බඳු වූ කෙරවලපිටියේ මෙගාවොට් 350 ක සොබාදනවි ස්වභාවික ද්‍රව වායු බලාගාර ව්‍යාපෘතිය ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික දුෂ්කරතා මධ්‍යයේ වුව මේ වන විට කඩිනමින් ...
"ජල විදුලි උත්පාදනය ඉහළට බලාගාරවල විදුලිය නිපදවීම නවතී"
"ජල විදුලි නිෂ්පාදනය උපරිමයෙන් සිදුකරන බව විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ඇන්ඩෘ නවමුනි මහතා ඊයේ (16 දා) පැවසීය.පෙරේදා (15 දා) ජල විදුලි උත්පාදනය සියයට 64 දක්වා වැඩිවී තිබූ බවත් බලාගාරවල ජල ධාරිතාව සියයට 79 දක්වා වැඩිව තිබූ බවත් ඒ මහතා කීය.මේ වන විට නොරොච්චෝල බලාගාරයේ යන්ත්‍ර දෙකක නිපදවන විදුලිය ජාතික පද්ධතියට එකතු කර ...
"කැළඹුණු කාලගුණය – ගම්පහ පවුල් 4608ක් අවතැන්"
"දිවයින පුරා පැවැති අධික වර්ෂාවෙන් වැඩිපුරම හානියක් ගම්පහ දිස්ත්‍රික්කයට සිදුවී ඇතැයි වාර්තාවන අතර පවුල් 4608 ක පුද්ගලයන් 19,685 දෙනෙකු අවතැන් වී ඇතැයි පසුගිය 14 දා ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාල වාර්තාවල සඳහන්වී ඇත.කැලණි ගඟ පිටාර ගැලීම නිසා පහත් බිම් ජලයෙන් යටවීමෙන් කඩුවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පවුල් පන්සිය විසි...
"පිරිපහදුවේ හුස්ම හිරවේ"
"ප්‍රමිතියෙන් තොර ඔක්ටේන් 80 පෙට්‍රල් මෙට්‍රික් ටොන් 7000 ක් ඉතිරි ටැංකි පහකටැංකි 11 හිස්කරන තෙක් පිරිපහදුව යළි පණ ගන්වන්න බැහැදැවිතෙල්වල සල්ෆර් ප්‍රමාණය සියයට 2 ඉක්මවා තිබීම නිසා බලාගාරවලට දෙන්න බැහැ සපුගස්කන්ද පිරිපහදුව යළි පණ ගැන්වීමට නොහැකි තත්ත්වයක් නිර්මාණය වී ඇතැයි පිරිපහදු නිලධාරීහු ‘දිවයින ඉරිදා’ සංග්‍රහයට පැව...
"ප්‍රියමාලිට එරෙහිව සීඅයිඩියට පැමිණිලි 10 ක්"
"මූල්‍ය ආයතනයක් පවත්වාගෙන යමින් විවිධ පුද්ගලයන්ට රුපියල් කෝටි ගණනක මුදල් වංචා කළ තිලිණි ප්‍රියමාලි නමැති කාන්තාව සමග මහාපරිමාණ මූල්‍ය ගනුදෙනු කළ විශාල පිරිසක් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිලි කිරීමට නො හැකිව ලතවෙමින් සිටින බව වාර්තා වෙයි. මෙම පුද්ගලයන් තමන්ට සිදුවී ඇති මූල්‍ය අලාභයන් පිළිබඳව පැමිණිලි නොකරන්නේ...
"බාල බොරතෙල් නිසා ඩොලර් කෝටි 9 ක පාඩුවක්"
"සපුගස්කන්ද පිරිපහදුවට සරිලන වර්ගයේ බොරතෙල් නොගෙන කොරල් එනර්ජි සමාගමෙන් ලබාගත් ප්‍රමිතියේ තොර බොරතෙල් ගනුදෙනුව නිසා මාස හයකදී රටට සිදුව තිබෙන සමස්ත පාඩුව ඇමරිකානු ඩොලර් මිලියන 90 ක් (ඩොලර් කෝටි 09 ක් ඉක්මවා ඇතැයි තෙල් සංස්ථාවේ උසස් නිලධාරියෙක් පැවසීය. මෙම බොරතෙල් වර්ගය (ඌරල් සහ එක්ස්පෝ) පිරිපහදු කිරීමේදී වැඩි වශයෙන් දැ...
"රත්තරන් පොරෝගෙන එන අයට සියඹලාපිටිය නීතිය පෙන්වයි"
"ජාවාරම් කිරීමේ අරමුණෙන් ප්‍රමාණය ඉක්මවා රන් භාණ්ඩ පැළැඳ පිටරට සිට මෙරටට පැමිණෙන පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා වහාම පියවර ගන්නා බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. මෙලෙස රන් භාණ්ඩ පැළඳ ඒම හේතුවෙන් මසකට ඇමෙරිකානු ඩොලර් මිලියන 30 ක් පමණ ආදායමක් රටට අහිමි වන බව ඇමැතිවරයා පෙන්වා දෙයි. දැ...
"ප්‍රියමාලිව දැකලත් නෑ දන්නෙත් නෑ – රන්ජන් කියයි"
"තිලිණි ප්‍රියමාලි කියන කාන්තාව මම දැකලත් නැහැ කතා කරලත් නැහැ. අඳුනන්නෙත් නැහැ. අනික මං අවුරුද්දයි මාස හතයි දවස් දාහතරක් හිරේ හිටියේ. ඒ නිසා මේ කාන්තාව එක්ක බිස්නස් කර කියන චෝදනාව මට එල්ල කරන්න බැහැ යැයි ජනප්‍රිය චිත්‍රපට නළු රන්ජන් රාමනායක මහතා ‘දිවයින ඉරිදා’ සංග්‍රහයට කියා සිටියේය. මූල්‍ය ආයතනයක් පවත්වාගෙන යමින් රුපි...
"නිලධාරීන්ගේ බදුවලට රජය කරගහලා"
"දේශීය ආදායම් සංශෝධන පනත් කෙටුම්පතට අනුව උපයන විට ආදායම් බදු ගෙවීම් ඉහළ දමා තිබුණත් රාජ්‍ය සංස්ථා, ව්‍යවස්ථා පිත මණ්ඩලවල ඉහළ වැටුප් ලබන නිලධාරීන් වෙනුවෙන් ඒ ඒ ආයතන මගින් අදාළ බදු ගෙවීම නිසා රාජ්‍ය ආයතනවලට එය දරාගත නො හැකි බරක් වන බව ඒ ඒ ආයතනවල ප්‍රධානීහු කියා සිටිති. උපයන විට ආදායම් බදු ගෙවීමේදී ඉහළ වැටුප් ලබන නිලධාරීන...
"බලවත්තු රෑනක් නැගෙනහිර ඉඩම් කොල්ලයක"
"දේශපාලනඥයන් සහ රාජ්‍ය නිලධාරීන් පිරිසක් සමග එක්වූ අන්තවාදී කල්ලියක් මඩකලපුව දිස්ත්‍රික්කයේ ඇති රජයේ සහ පෞද්ගලික ඉඩම්වලට ව්‍යාජ ඔප්පු සකසා මුදලට අලෙවි කිරීමේ මහා පරිමාණ ජාවාරමක යෙදී සිටින බව ප්‍රදේශයේ සිවිල් සංවිධාන සඳහන් කරයි. මෙම කල්ලිය විසින් මෙරට ඉඩම් සම්බන්ධයෙන් පවතින සියලු අණපනත් උල්ලංඝනය කරමින් මඩකලපුව දිස්ත්‍රි...
"ලංවිම නිලධාරි කල්ලි පිල්ලියක් වෙයි"
"ඉන්ධන සහ ගල්අඟුරු ආනයනය කිරීමේ දී විදුලි බල මණ්ඩලයේ නිලධාරීන් පිරිසක් කල්ලි ගැසීම නිසා විදුලි කප්පාදුව නැවැත්වීමට ස්ථීර විසඳුමක් ලබාදීමට තව බොහෝ කාලයක් ගතවනු ඇතැයි විදුලිය ඒකාබද්ධව සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක රංජන් ජයලාල් මහතා පවසයි. හිටපු නිලධාරීන් සහ වර්තමානයේ පත්වී සිටින නිලධාරීන් ද විදුලි කප්පාදුව අවසන් කිරීම සඳහා ජන...
"ශ්‍රී ලංකාව රෝම ප්‍රඥප්තියේ නෑ මහින්දලාගෙන් ප්‍රශ්න කරන්න ජිනීවා කොමිසමට බෑ – ප්‍රතිභා මහානාම"
"ශ්‍රී ලංකාව රෝම ප්‍රඥාප්තියට අත්සන් කර නොමැති බැවින් සුදු කොඩි ඔසවාගෙන යටත්වීමට පැමිණි බව පවසන කොටි නායකයන් ඝාතනය කළ බවට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් කිසිදු පුද්ගලයකුගෙන් මානව හිමිකම් කොමිසමට ප්‍රශ්න කළ නොහැකි බව මානව හිමිකම් කටයුතු පිළිබඳ නීතිඥ ප්‍රතිභා මහානාමහේවා මහතා පැවසීය. මහානාම මහතා ඒ පිළිබඳව සඳහන් කර සිටියේ ස...