Title
stringlengths
9
246
Content
stringlengths
3
62.9k
"දර්ශන් ධර්මරාජ්  දිවි රඟමඬලින් බැස යයි"
"ජනප්‍රිය සිනමා හා ටෙලි නාට්‍ය නළුවකු වූ දර්ශන් ධර්මරාජ් මහතා අභාවප්‍රාප්ත විය. මියයන විට 41 හැවිරිදි වියේ පසුවූ ඒ මහතා හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් ඊයේ (02 වැනිදා) අලුයම කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගිය ගොස් තිබේ. රක්වාන ප්‍රදේශයේ උපත ලැබූ දර්ශන මහතා රක්වාන ශාන්ත ජෝන් දමිළ විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලැබ...
"සුරාබදු ආදායම් ඉලක්කයට  ළඟාවීමට බැරිවෙලා – සුරාබදු කොමසාරිස් ජනරාල්"
"මත්පැන් අලෙවිය පහළ බැහැලා2022 වසරේදී සුරාබදු ආදායම රුපියල් බිලියන  185 ක් ඉලක්ක කළ ද මත්පැන් අලෙවිය පහත බැස ඇති නිසා එම ඉලක්කයට යා නොහැකි තත්ත්වයක් උදා වී ඇතැයි පසුගිය 30 වැනිදා මත්පැන් නිෂ්පාදකයන් සමඟ පැවති සාකච්ඡාවකදී සුරාබදු කොමසාරිස් ජනරාල් එම්. ජී. ගුණසිරි මහතා ප්‍රකාශ කර තිබේ.එබැවින් දෙපාර්තමේන්තුවේ අපේක්‍ෂිත ආද...
"ඊළමට සහාය දෙන්න: – ශ්‍රී ලංකාව පිළිබඳ  ප්‍රතිපත්තිය වෙනස් කරන්න – වයිකෝ ඉන්දීය රජයෙන් ඉල්ලයි"
"කොටි හිතවාදී එම්. ඩී. එම්. කේ. පක්ෂයේ ප්‍රධාන ලේකම් වයිකෝ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉන්දීය රජය සිය විදේශ ප්‍රතිපත්තිය වෙනස් කරන ලෙසත් ස්වාධීන දෙමළ ඊළමක් පිහිටුවීම සඳහා වූ ජනමත විචාරණයකට සහාය දෙන ලෙසත් ඉල්ලීමක් ඉදිරිපත් කර ඇත.තමිල්නාඩු හිටපු ප්‍රධාන අමාත්‍ය සී. එන්. අන්නදුරේගේ 114 වැනි ජන්ම සංවත්සරය වෙනුවෙන් පැවති උත්සවය...
"නව අධිආරක්ෂිත කලාප ගැසට්ටුවත් රිවස් කරයි"
"ජනාධිපති මන්දිරය, අරලියගහ මන්දිරය, පාර්ලිමේන්තුව ඇතුළු ස්ථාන 10 ක් අධිආරක්ෂිත කලාප ලෙස ප්‍රකාශයට පත් කරමින් නිකුත් කර තිබූ අතිවිශේෂ ගැසට් නිවේදනය ඊයේ (02දා) සිට අහෝසි කර තිබේ.ජනාධිපති සහ ආරක්ෂක අමාත්‍යවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙම අතිවිශේෂ ගැසට් නිවේදනය පසුගිය 23 වැනිදා නිකුත් කර තිබිණි.ගැසට් නිවේදනය අනුව...
"රාජ්‍ය සේවක වැටුප් සහනාධාර ගැන  බය වෙන්න එපා – මුදල් රාජ්‍ය ඇමැති ෂෙහාන් සේමසිංහ"
"රාජ්‍ය මූල්‍ය තත්ත්වයේ අභියෝගාත්මක වාතාවරණයකට රජය මුහුණ දී සිටියත් ඒ තත්ත්වයන් කළමනාකරණය කර ගනිමින් රජයේ අත්‍යවශ්‍ය වියදම් දරන බව මුදල් රාජ්‍ය ඇමැති ෂෙහාන් සේමසිංහ මහතා ඊයේ (02දා) ‘දිවයින’ ට පැවැසීය.මේ අනුව ඉදිරියේදී රාජ්‍ය සේවක වැටුප් හෝ රජයේ සුබසාධක සහනාධාර ගෙවීම් සම්බන්ධයෙන් කිසිදු අනිසි බියක් ඇතිකර ගතයුතු නොවන බවට...
"මත්පැන්හල් අද වහලා"
"අමද්‍යප දිනය අදට (3දා) යෙදී තිබේ. රට පුරා මත්පැන් අලෙවිහල් අද වසා තැබෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ."
"ඩීසල් මිල බස්සන්න බැරි හේතුව ඛනිජ තෙල් ලොක්කෙක් කියයි"
"ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල විශාල ලෙස පහළ බැස තිබුණත් පිරිපහදු කළ ඩීසල් මිල ගණන් පහළ බැස නොමැති නිසා මෙවරත් ඩීසල් මිල පහත හෙළීමට නොහැකි වූ බව ලංකා ඛනිජ තෙල් සංස්ථා උසස් නිලධාරියෙක් සඳහන් කළේය.මෙරට සමස්ත ඩීසල් ඉල්ලුමෙන් සියයට අනූවකටත් වඩා ගෙන එන්නේ පිරිපහදු කළ ඩීසල් ලෙස බවත් මේ වන විට ලෝකයේ මිල ගණන් හා සසඳා බැලීමේදී පිර...
"පෙට්‍රල් මිල පහළට"
"ඔක්ටේන් 92 සහ 95 පෙට්‍රල් මිල ඊයේ (02 දා) සිට අඩු කිරීමට ඛනිජ තෙල් සංස්ථාව හා ඉන්දියන් ඔයිල් සමාගම කටයුතු කර ඇත.ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 40 කින් සහ ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 30 කින් අඩු කර තිබේ. මෙම මිල අඩු කිරීම අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 410 ක් ද, ඔක්ටේන් 95 ලීටරයක ...
"නොරොච්චෝල දෙවැනි යන්ත්‍රය  11 – 12 ජාතික පද්ධතියට"
"අත්‍යවශ්‍ය නඩත්තු කටයුතු සඳහා නතර කර තිබෙන නොරොච්චෝල ගල් අඟුරු බලාගාරයේ දෙවැනි යන්ත්‍රයේ නඩත්තු කටයුතු අවසන් කර මේ මස 11 හෝ 12 එහි නිපදවන විදුලිය ජාතික පද්ධතියට එක් කිරීමට එම බලාගාර ඉංජිනේරුවන් අදහස් කර ඇත.වසර 06 කට වරක් සිදුකළ යුතු අත්‍යවශ්‍ය නඩත්තු කටයුතු සඳහා මෙම දෙවන යන්ත්‍රය ක්‍රියාවිරහිත කළ අතර ඒ හේතුවෙන් මෙගවොට...
"නොරොච්චෝලේ ක්‍රියාත්මක වුණත් විදුලි කප්පාදුව වෙනසක් නෑ"
"නොරොච්චෝල බලාගාරයේ තෙවැනි ජනන යන්ත්‍රයේ අලුත්වැඩියා කටයුතු සිදුකර ජාතික පද්ධතියට මෙගාවොට් 270 ක් එක් කළද තවදුරටත් පැය 02 යි විනාඩි 20ක විදුලි කප්පාදුව එසේම සිදුකරනු ඇත.බලාගාරය අක්‍රීයවීමෙන් හිඟවූ විදුලි ප්‍රමාණය ලබාගැනීම සඳහා පෞද්ගලික බලාගාරවලින් විදුලිය ලබාගත් බව (ක්‍ෂණික මිලදී ගැනීම්) එම ගිවිසුම අද (03දා) අවසන් වීමෙ...
"මහජන උපයෝගිතා සභාපති සීඅයිඩීයට  කැඳවා බාල තෙල්  ගැන ප්‍රකාශයක් ගන්න"
"– තෙල් සංස්ථා නිදහස්  සේවක සංගම් සභාපතිබාල ඉන්ධන මෙරටට ගෙන්වා ඇති බවට මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා සිදුකරන බරපතළ ප්‍රකාශය සම්බන්ධයෙන් ඔහු වහාම අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට ගෙන්වා ප්‍රකාශයක් ලබාගෙන අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ උප සභාපති කේ. පී. ච...
"පෙට්‍රල් 40 කින් බැස්සුවාට ත්‍රිරෝද ගාස්තු අඩු කරන්න බැරිලු"
"පෙට්‍රප් මිල පහත දැමුවද ත්‍රිරෝද ගාස්තු කිසිසේත්ම අඩු නොකරන බව සමස්ත ලංකා ත්‍රිරෝද රථ රියැදුරන්ගේ වෘත්තීය සමිතියේ සභාපති ලලිත් ධර්මසේකර මහතා ‘දිවයින’ ට ඊයේ (02 වැනිදා) පැවසීය.සතියක ලබාදෙන ලිටර් 5 ක පෙට්‍රල් කෝටාව සීමාසහිත බැවින් ත්‍රිරෝද රථ ගාස්තුව අඩු කිරීමට හැකියාවක් නොමැති බව හෙතෙම කියා සිටියේය.ලලිත් ධර්මසේකර මහතා ...
"ජාතික සභාවට  ශ්‍රීලනිපය නැහැ නිවේදනයකින් කියයි"
"ජාතික සභාව නියෝජනය කිරීමෙන් වැළකී සිටීමට ශ්‍රීලනිපය තීරණය කළ බවත් එහෙත් සියලු ජාතීන්ගේ යහපත පිණිස ගන්නා සාධනීය පියවරට සහාය දෙන බවත් ශ්‍රීලනිපය ඊයේ (02දා) නිකුත් කළ නිවේදනයක දැක්වේ.සර්ව පාක්‍ෂික ආණ්ඩුවක් ස්ථාපනය කරමින් රටේ දේශපාලන ස්ථාවරත්වයක් ඇති බවට ජාත්‍යන්තර ප්‍රජාවට ව්‍යාජයෙන් හැඟවීමට මේ තුළින් උත්සාහ කර ඇති බවත් ...
"අයෝජකයන් නැතිව පෝර්ට් සිටිත් වේලෙයි"
"කොළඹ වරාය නගර ව්‍යාපෘතියෙහි ඇති ආයෝජන ව්‍යාපෘති සඳහා වෙන්කර ඇති ඉඩම් කට්ටි 74න් කිසිදු ඉඩමක් මෙතෙක් විදේශ ආයෝජකයන් මිලදී ගෙන නැතැයි වාර්තා වේ. ඉන් 06ක් පමණක් දේශීය ආයෝජන සමාගමක් මිලදී ගෙන ඇතත් ඔවුන් ද මේ දක්වා කිසිදු ඉදිකිරීම් කටයුත්තක් සිදුකර නැත. 10 – පිටුවට මේ සඳහා ප්‍රධාන ලෙසම බලපා ඇත්තේ රට තුළ පවතින දේශපාලන අස්ථා...
"ලක්ෂ 9 ක් ලයිසන් පෝලිමේ"
"මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් දෙපාර්තමේන්තුව මගින් ලබාදෙන රියදුරු බලපත්‍ර (කාඩ්පත්) ලබාගැනීම සඳහා ලක්‍ෂ 09ක පමණ පිරිසක් පොරොත්තු ලේඛනයේ සිටින බවට වාර්තා වෙයි. මෙම පිරිස රියදුරු බලපත්‍ර ලබාගැනීම සඳහා සියලු සුදුසුකම් සපුරා තිබුණත් මොවුන්ට රියදුරු බලපත්‍ර ලබාදීමේ කාඩ්පත් දෙපාර්තමේන්තුව සතුව නොමැතිවීම නිසා මෙම තත්ත්ව...
"මගේ කතාවට නඩු වැටෙනවා නම් හොඳයි"
"මෙරටට ආනයනය කළ බොරතෙල් ප්‍රමිතියෙන් බාල යැයි තමා කළ ප්‍රකාශයට එරෙහිව විදුලිබල මණ්ඩලය නීතිය හමුවට යනතෙක් තමා බලාසිටින බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා දිවයින ඉරිදා සංග්‍රහයට පැවසීය. ඒ මහතා මෙසේද පැවසීය, මේ අය නඩු පැවරුවොත් මෙතෙක් සැඟවී තිබෙන තව බොහෝ දේවල් ප්‍රසිද්ධ කිරීමට හැකියාව ලැබෙනවා. එනිසා විදුලිබල...
"ගුරු දිනයට සල්ලි එකතු කරන ගුරුවරුන්ට වැඩ වරදියි"
"මෙම මස 06 වැනිදාට යෙදෙන ලෝක ගුරු දිනය සැමරීම සඳහා සිසුන්ගෙන් එක රුපියලක මුදලක් හෝ එකතු නොකරන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් නිහාල් රණසිංහ මහතා සියලු පාසල් වලින් ඉල්ලා සිටියි. පවතින ආර්ථික අර්බුදය යටතේ දරුවන්ට බස් රථවල ගමන් කිරීමට වත් මුදල් නොමැතිව සිටින විට ගුරු දිනය වෙනුවෙන් ඇතැම් පාසල්වල මුදල් එකතුකිරීමට කටයුතු කරන බ...
"විදේශ අමාත්‍යංශ කොන්සියුලර් සේවා අන්තර්ජාලය හරහා"
"විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර් කටයුතු අංශයේ සේවාවන් අන්තර්ජාල පහසුකම් යටතේ ලබා ගැනීමට (E – Channeling Appointment) පහසුකම් සලසා ඇත. ශ්‍රී ලංකා ටෙලිකොම් මොබිටෙල් සමාගම සමග එක්ව ක්‍රියාත්මක කරන මෙම සේවාව ඔස්සේ සිය ලිපි ලේඛන මාර්ග ගත ක්‍රමයට සත්‍යාපනය කර ගැනීමට හැකි වේ. මෙම සේවාව යාපනය, ත්‍රිකුණාමලය, මහනුවර, කුරුණ...
"ඉන්ධන ස්ථායීකරණ අරමුදලෙන් වැඩ ගන්න කැබිනට් අනුමැතිය"
"ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල ඉහළ යෑමකදී දේශීයව ඉන්ධන මිල පාලනය සඳහා ආරම්භ කළ ඉන්ධන ස්ථායීකරණ අරමුදලෙහි ඇති මුදල් ඒ සඳහා යොදා ගැනීමට කැබිනට් අනුමැතිය ලැබී නැතැයි ජාතික විගණන කාර්යාලය පවසයි. මේ වනවිට එම අරමුදලට රුපියල් කෝටි දෙදහසකට අධික මුදලක් (22, 434, 531, 371) බැරවී ඇතැයි ද විගණන කාර්යාලය සඳහන් කරයි. ලෝක වෙළෙඳපොළේ ඉන්ධන ම...
"වන්නි මානුෂීය මෙහෙයුමේ හමුදා සේනාංක 13 ක් ජිනීවා බ්ලැක් ලිස්ට් එකට"
"වන්නි මෙහෙයුම දියත් කළ සටන් සේනාංක 13ක් සම්පූර්ණයෙන්ම තහනම් (බ්ලැක්ලිස්ට්) ලක් කිරීමට ජිනීවා මානව හිමිකම් කොමිසම කටයුතු කර තිබේ. ලෝක ඉතිහාසයේ ත්‍රස්තවාදයට එරෙහිව යුද වැදුණු හමුදා සේනාංක තහනමට ලක්වූ මුල් අවස්ථාව මෙයයි. ජිනිවා මානව හිමිකම් කවුන්සිලය මෙම තීරණය ගෙන ඇත්තේ එකී සේනාංකද යුද අපරාධවලට සම්බන්ධ බවට ඒකපාර්ශ්විකව න...
"මිල සූත්‍රය නැතිව ඖෂධ මාෆියාවක්!"
"ඖෂධ මිල සූත්‍රය ක්‍රියාත්මක කිරීම වළකා ඒ වෙනුවට මිල පාලන සූත්‍රයක් යෙදීමෙන් ඖෂධ මාෆියාව බිහිවී රෝගී ජනතාවට බෙහෙතක් මිලදී ගැනීමට වත් නොහැකි තත්ත්වයක් උදාවී ඇතැයි සමස්ත ලංකා පෞද්ගලික ඔසුසැල් හිමියන්ගේ සංගමය සඳහන් කරයි. ඖෂධවල මිල අධිකවීම නිසා බෙහෙත් රැගෙන යෑමට ෆාමසිවලට එන ඇතැම් රෝගීන් මිල විමසීමෙන් පසුව බෙහෙත් මිලදී ගැනී...
"දුම්රිය ප්‍රමාදය ජනවාරි දක්වා"
"මේ වනවිට දිගින් දිගටම සිදුවන දුම්රිය ප්‍රමාදයන් අවමකර ගැනීමට අවශ්‍ය පියවර ගැනීමට ලබන වසරේ (2023) ජනවාරි මස දක්වා කල්ගත වනු ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් “දිවයින ඉරිදා සංග්‍රහය”ට පැවසීය. දුම්රිය මාර්ග දැඩි ලෙස අබලන් වීම සහ එම නිසා වේගසීමා පැනවීම හේතුවෙන් දුම්රිය ප්‍රමාදයන් මෙන්ම අවලංගුවීම් මේ දිනවල බහු...
"දේශපාලක ගෙවල් ගිනිගැනීම: පොලිස් මාරු කිරීමටවල එරෙහිව නීති ක්‍රියා"
"දේශපාලනඥයන්ගේ නිවාස දේපොළ ගිනි තැබීම් වළක්වා ගැනීමට කටයුතු නොකළ බවට චෝදනාකරමින් පොලිස් ස්ථානාධිපතිවරුන් සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් මාරුකර යැවීමට පොලිස් මූලස්ථානය ගෙන ඇති ක්‍රියාමාර්ගය ඉතාම අසාධාරණ බවත් එයට අප්‍රසාදය පළකරන බවත් පොලිස් නිලධාරීහු ප්‍රකාශ කරති. මෙම මාරුවීම් නතර නොකළහොත් ඊට එරෙහිව නීතිමය පියවර ගැනීමටද ප...
"රාජ්‍ය සේවක වැටුප් භාග කතා බොරු!"
"මේ මාසයේ සිට රාජ්‍ය සේවකයන්ට ලබා දෙන්නේ වැටුපෙන් භාගයක් බවට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන පුවත සම්පූර්ණ අසත්‍යයක් බව මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා “දිවයින ඉරිදා සංග්‍රහය”ට පැවසීය. අදාළ පුවතෙහි සඳහන් වන්නේ ඒ බව තමා පැවසූ බව යැයි ද එහෙත් තමා රාජ්‍ය සේවකයන්ට වැටුපෙන් බාගයක් ගෙවන බවට කිසිම අවස්ථාවක කිසිවෙකුට හ...
"කොවිඩ් එන්නත ගන්න මිනිස්සු එන්නේ නෑ: එහි ප්‍රතිඵල ඔවුන්ට ලැබේවි"
"කොවිඩ් මර්දන එන්නත් මාත්‍රාව ලබා ගන්නා ලෙස කොතෙක් දැනුවත් කළද ජනතාව එන්නත් ලබා ගැනීමට නොපැමිණෙන බව වසංගත රෝග විiා අංශයේ අධ්‍යක්‍ෂ විශේෂඥ වෛi සමිත ගිනිගේ මහතා “දිවයින”ට පැවැසීය. එහි ප්‍රතිඵල ඔවුන්ටම අත්විඳීමට සිදුවිය හැකි බවද හෙතෙම කියා සිටියේය. කොවිඩ් ආශ්‍රිත සංකූලතා හෝ මරණ වැඩි වශයෙන් සිදුවන්නේ වයස අවුැදු 60 ඉක්මවූවන...
"කුරුලු කැදැල්ලක් සුනුවිසුණු කළ පාපතරයා වෙඩිකා නසී"
"මිනීමැරුම් කොල්ලකෑම් ඇතුළු අපරාධ රැසකට සම්බන්ධ පුද්ගලයකු ගම්පහ මදුරුවිට ප්‍රදේශයේදී පෙරේදා (29 දා) රාත්‍රි පොලිස් වෙඩි ප්‍රහාරයකින් මියගොස් ඇත. මෙසේ මරුමුවට පත්ව ඇත්තේ ගම්පහ මදුරුවිට පදිංචිකරුවකු වන 35 හැවිරිදි ලසන්ත සංජීව හපුආරච්චි නමැති අයෙකි. සැකකරු මදුරුවිට ප්‍රදේශයේ අඩක් ඉදිකර ඇති තම නිවසේ සැඟවී සිටින බවට ලැබුණු ...
"යුද අපරාධ චෝදනා ඇති ශ්‍රී ලංකා හමුදා නිලධාරීන් ගැන බ්‍රි‍තාන්‍යයෙන් විමර්ශනයක්"
"යුද අපරාධ චෝදනා එල්ලවූ ශ්‍රී ලංකාවේ හමුදා නිලධාරීන් පිළිබඳව බ්‍රි‍තාන්‍ය රජය විමර්ශනය කරන බව පොදුරාජ්‍ය මණ්ඩල කටයුතු පිළිබඳ ඇමැති ජෙසි නෝර්ටන් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව අමතා ප්‍රකාශ කර ඇත. ලේබර් පක්ෂ මන්ත්‍රිනි මෙත් වින්ටර් ශ්‍රී ලංකාවේ හමුදා නිලධාරීන් ගැන නැගූ ප්‍රශ්නයට ප්‍රතිචාර දක්වමින් ඔහු ඒ බව පවසා තිබේ. මාණ්ඩලික...
"නොරොච්චෝලේ හෙට සිට යළිත් ජාතික පද්ධතියට"
"නොරොච්චෝල අක්‍රිය වූ තුන්වැනි බලාගාරයේ නඩත්තු කටයුතු අද (01 දා) අවසන් කිරීමෙන් පසු එහි නිෂ්පාදන විදුලිය හෙට (02 දා) සවස ජාතික විදුලි පද්ධතියට ලබාදීමට බලාගාර ඉංජිනේරුවරු කටයුතු කරමින් සිටිති. පසුගිය 27 වැනිදා මෙම බලාගාරයේ බාහිර කොටසේ සිදුවූ වාෂ්ප කාන්දුවක් නිසා බලාගාරය අක්‍රිය කර එහි නඩත්තු කටයුතු සිදු කළ බවත් එහි හදිස...
"නොතීසියට එරෙහිව මෛත්‍රී උසාවි යයි"
"පාස්කු නඩුවක සැකකරුවකු ලෙස තමාව නම් කර කොටුව මහෙස්ත්‍රාත්වරයා විසින් අධිකරණයට කැඳවමින් නිකුත් කර ඇති නොතීසි නියෝගය ක්‍රියාත්මක කිරීම වළක්වන රීට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඊයේ (30 දා) අභියාචනාධිකරණයට රීට් ආඥා පෙත්සමක් ගොනු කළේය. මුස්ලිම් අන්තවාදීන් විසින් 2019 අප්‍රේල් 21 වැනිදා කො...
"ළමා අයිතීන් රකින්න ජාතික ප්‍රතිපත්තියක් නෑ"
"ළමාරක්‍ෂක දෙපාර්තමේන්තුවට වසර 65 යි පරිවාස හා ළමාරක්‍ෂක සේවා දෙපාර්තමේන්තුව ආරම්භ කර වසර 65ක් ගතවී තිබුණද ළමුන්ගේ අයිතිවාසිකම් ආරක්‍ෂා වන පරිදි විශ්ව ප්‍රඥප්තියට අනුකූලව ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීම හා ඊට අදාළ නීති සම්පාදනය කිරීම මේ දක්වා ඉටුකර නොමැති බව ජාතික විගණන කාර්යාලය පෙන්වා දෙයි. විකල්ප රැකවරණ ප්‍රතිපත්තියක...
"යහපාලන කාලයේදී ඉංජිනේරු සංස්ථාවට ගත් ආරක්‍ෂකයන් 19 කට තේරුමක් නැතුව කෝටි 4ක් පඩි ගෙවලා"
"යහපාලන රජය සමයේ 2016 දී රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවට බඳවා ගෙන සිටි ආරක්ෂක නිලධාරීන් දහනවදෙනකු ආයතනයේ කටයුතුවලින් බැහැරව පෞද්ගලික ව්‍යාපාරික හා වතුවල ආරක්ෂාව සඳහා යොදවා ඔවුන්ට රුපියල් හාරකෝටි විසිලක්ෂයක වැටුප් හා දීමනා ගෙවා ඇතැයි අභ්‍යන්තර පරීක්ෂණවලින් තහවුරු වී තිබේ. රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව මෙම දහනවදෙනාට වැටුප් හා දීමනා ග...
"ළමුන්ට සහ වැඩිහිටියන්ට අද සත්වෝද්‍යාන නොමිලේ"
"අදට (01 දා) යෙදී ඇති ලෝක ළමා දිනය සහ ලෝක වැඩිහිටි දිනය වෙනුවෙන් පාසල් දරුවන්ට හා අවුරුදු 60 ඉක්ම වූ වැඩිහිටියන්ට සියලුම සත්වෝද්‍යානවලට නොමිලයේ ඇතුළු වීමට ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව විසින් අවසර ලබාදී ඇත. කෘෂිකර්ම වනජීවි හා වනසම්පත් සංරක්ෂණ ඇමැති මහින්ද අමරවීර මහතා ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවට ලබාදුන් උපදෙස් ...
"කොළඹ ඇමරිකානු මධ්‍යස්ථානය නව තානාපති කාර්යාලයේ විවෘත කෙරේ"
"නව එ. ජ. තානාපති කාර්යාල ගොඩනැඟිල්ලට මාරු වූ කොළඹ ඇමරිකානු මධ්‍යස්ථානය (American Center) වැඩසටහන්වලට සහභාගි වන අය සඳහා පසුගිය 29 දා නැවතත් විවෘත කරන ලදි. විචිත්‍ර සමාරම්භක උත්සවයක් පවත්වා පුස්තකාල සාමාජිකයන්, තරුණ සංසද YOUTH FORUM සාමාජිකයන්, පෙර පැවති සහ දැනට ක්‍රියාත්මක වැඩසටහන්වලට සහාගිවන්නන් මෙන්ම වැඩසටහන් ක්‍රියා...
"මහ කන්නයට වෙලාවට පොහොර එනවා බය නැතිව වගා කරන්න පටන් ගන්න – ඇමැති අමරවීර කියයි"
"මහ කන්නය සඳහා අවශ්‍ය පොහොර ප්‍රමාණවත් පරිදි නිසි කලට ලබාගත හැකි ලෙස ඇනවුම් කර ඇති බවත්, ඉදිරියේදී ඒවා වගා කටයුතු සඳහා ගොවීන්ට නිකුත් කෙරෙන බවත් කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර මහතා පවසයි. මහ කන්නයට අවශ්‍ය පොහොර සැපයුම පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාගේ ප්‍රධානත්වයෙන් 29 වැනිදා ජනාධිපති කාර්යාලයේ දී පැවැත...
"ලෝක ළමා සහ වැඩිහිටි දිනය අදයි"
"ලෝක ළමා දින සැමරුමට සමගාමීව කොළඹ, මහවත්ත ශාන්ත අන්තෝනි සිංහල මහා විද්‍යාලයේදී ඊයේ (30) විශේෂ උළෙලක් පැවැත්වුණි. එහිදී ගුරුවරු ගුරුවරියන්ගේ නැටුම් ගැයුම් හා වැයුම් සහිත ප්‍රසංගයක්ද පැවැති අතර එම මහා විiාලයේ විiාලාධිපති සුගත් බණ්ඩාර මහතා ඇතුළු ආචාර්ය මණ්ඩලයේ පෞද්ගලික බරපැන යොදා සියලුම දරු දැරියන්ට පෝෂ්‍යදායී හා සමබර දිව...
"බේකරි කර්මාන්තය කඩා වැටීමෙන් ලක්ෂ 15 පිරිසක් අන්ත අසරණ බවට අඳෝනා"
"පවතින ආර්ථික අර්බුදය හමුවේ දිවයින පුරා බේකරිවල සේවය කරන සේවකයන් ලක්ෂ 6 කට අධික පිරිසක් අන්ත අසරණ වී සිටින බව දෙහිවල අත්තිඩිය ප්‍රදේශයේ බේකරි සේවක අශෝක දේශප්‍රිය මහතා පැවසුවේය. බේකරි සේවකයන් පත්ව ඇති මෙම තත්ත්වය මත ඔවුන්ට තම දරුවන් පාසල් යවා ගැනීමට පවා නොහැකි තත්ත්වයක් මතුව තිබේ. රටේ පවතින තත්ත්වය මත සතියට දින තුනක් සේ...
"උද්ධමනය 69.8% දක්වා ඉහළට"
"කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව ගණනය කළ උද්ධමනය ඉකුත් අගෝස්තු මස පැවැති සියයට 64.3 සිට සැප්තැම්බර් මාසයේදී සියයට 69.8ක් දක්වා ඉහළ ගොස් ඇත. මේ අනුව ඉකුත් අගෝස්තු මස වාර්තා වූ ඒකක 235.8ක් වූ කොළඹ පාරිභෝගික මිල දර්ශක අගය සැප්තැම්බර් මාසයේදී ඒකක 244.7ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ජනලේඛක හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි. සැප්ත...
"ගම්පහ රෝහලේ දොස්තරගේ වරදින් ආබාධිත වුණ දැරියට කෝටි 3 ක වන්දි ගෙවන්න නියෝග"
"ගම්පහ මහ රෝහලේ මාතෘ සායනයට සහභාගි වූ මවක් එම රෝහලේදීම බිහිකළ දැරියක සම්පූර්ණයෙන්ම ආබාධිත තත්ත්වයට පත්වීම වෛද්‍යවරුන්ගේ නොසැලකිල්ල නිසා සිදුවූ බවට නිගමනය කළ කොළඹ අතිරේක දිසා විනිසුරු කල්හාරි ලියනගේ මහත්මිය එම දැරියට රුපියල් ලක්‍ෂ 300ක වන්දියක් ගෙවන ලෙසට රජයට ඊයේ (29දා) නියෝග කළාය. තනිව නැගී සිටිය නොහැකි තරමට දෑත් දෙපා ...
"අයි.එම්.එෆ්. මුදල් දෙන දිනේ කියන්න බෑ – ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියයි"
"ශ්‍රී ලංකාවට ලබා දීමට නියමිත ඩොලර් බිලියන 2.9 සඳහා මූල්‍ය අරමුදලේ අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතිය හිමිවන කාලවකවානුව සම්බන්ධයෙන් නිශ්චිතව පැවසිය නොහැකි බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසා ඇත. එම කාලවකවානුව තීරණය වන්නේ ණයහිමියන් සමග පැවැත්වෙන සාකච්ඡාවල සාර්ථකභාවය මත බව එහි නියෝජිතයෙක් පැවසීය. ශ්‍රී ලංකාවට ඇමෙරිකානු ඩොලර් බිලියන 2....
"‘කිව් ආර්’ නිසා ඉන්ධනහල්වල ආදායම සියයට හැටකින් පහළට"
"ජාතික ඉන්ධන බලපත්‍රය හෙවත් QR ක්‍රමයට ඉන්ධන නිකුත් කිරීම නිසා ඉන්ධනහල්වල ආදායම් සියයට හැටකින් පමණ අඩුවී ඉන්ධන හල් පවත්වාගෙන යෑමට නොහැකිවී ඇතැයි ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමයේ සම ලේකම් ශාන්ත සිල්වා මහතා පැවැසීය. රට පුරා ඛනිජතෙල් සංස්ථාවට අයත් ඉන්ධන හල් 1340 ට දිනකට ඩීසල්, පෙට්‍රල් බවුසර් 350 ක් 400 ක...
"අනිසි බලපෑම් හමුවේ බලශක්ති ලොක්කෙක් අස්වීම භාර දෙයි"
"රජයට අයත් බලශක්ති ක්‍ෂේත්‍රයට සම්බන්ධ ප්‍රධාන ආයතනයක සභාපතිවරයකු සිය ඉල්ලා අස්වීමේ ලිපිය විෂය භාර ඇමැතිවරයාට භාරදී ඇත. මෙම සභාපතිවරයා සිය ආයතනයට අයත් අමුද්‍රව්‍ය නිවැරැදි ටෙන්ඩර් ක්‍රියාවලියක් යටතේ ලබාගැනීමට කටයුතු කරමින් සිටියදී ඊට විවිධ බාහිර පාර්ශ්වවලින් විවිධ බලපෑම් එල්ලවීම නිසා සිය ඉල්ලා අස්වීම විෂය භාර ඇමැතිවරයා...
"පියා සහ පුතා මරා වසර 31 ක් නිදැල්ලේ සිටි විශ්‍රාමික සෙබළා අල්ලයි"
"පිය පුතු ඝාතනක් කර කිසිදු හෝඩුවාවකට ඉඩක් නොතබා වසර තිස් දෙකක් නිදැල්ලේ හැසිරුණු විශ්‍රාමික හමුදා සෙබළකු අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත් දකුණු දිසාව අපරාධ කොට්ඨාසය කියයි. මෙලෙස ඝාතනයට ලක්ව තිබුණේ කරුණාරත්නගේ රාජා (47) පියා හා ඔහුගේ පුතු වන කරුණාරත්නගේ රංජිත් කුමාර (21) තරුණයාය. පොලිස්පතිවරයාට ලිඛිතව කරන ලද පැමිණිල්ලක්...
"කෝටි පහක කොකේන් ගිල දමා පැමිණි උගන්ඩා ගොවියා කටුනායකදී රේගු දැලේ"
"කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් ගුලි වශයෙන් ගිල දමා පැමිණි උගන්ඩා ජාතිකයෙකු 28 දින උදෑසන කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ දී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ 43 හැවිරිදි වියේ පසුවන ඔහු උගන්ඩාවේ ගොවියෙකු ලෙස කටයුතු කරන පුද්ගලයෙකි. ඔහු උගන්ඩාවේ සිට 28 ද...
"ජාතික රෝහලේ කොලෙස්ටරෝල් කැල්සියම් පරීක්‍ෂණ නැවතී රෝගීන්ට දැඩි පීඩා"
"මේක රසායනාගාර බ්‍රෑන්ඩඩ් මාෆියාවේ කොටසක් – රවි කුමුදේශ් චෝදනා කරයි අවශ්‍ය ප්‍රතික්‍රීයක නොලැබීම නිසා කොළඹ ජාතික රෝහලෙහි සිදු කෙරෙන කොලෙස්ටරෝල්, කැල්සියම් ඇතුළු අත්‍යවශ්‍ය බොහෝ ජීව රසායනාගාර පරීක්ෂණ සිදු කිරීම නතර කර තිබීම හේතුවෙන් රෝගීන් දහස් ගණනක් දැඩි අසීරුතාවකට පත්ව සිටින බව වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ග...
"විපක්‍ෂයේ අසුන්ගත් ආණ්ඩුවේ මන්ත්‍රීන්ට මැතිසබයේ කාලය වෙන්වෙයි"
"ආණ්ඩු පක්ෂයේ සිට විපක්ෂයේ අසුන්ගත් මන්ත්‍රීවරුන් සඳහා වෙනම කාලයක් වෙන් කිරීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව ඊයේ (29 වැනිදා) තීරණය කළේය. පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව ඊයේ (29 වැනිදා) පෙරවරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස් වූ අවස්ථාවේදී ආණ්ඩු පක්ෂයේ සිට විපක්ෂයේ අසුන්ගත් මන්ත්‍රීවරුන්ට සිය අදහස් පළකිරීමට ක...
"අධිකරණයට අපහාස කිරීමට දඬුවම් නොකිරීමට හේතු කියන්න"
"රාජ්‍ය ඇමැති සනත් නිශාන්තට අභියාචනාධිකරණයෙන් නියෝගයක් මාධ්‍ය හමුවේ කළ ප්‍රකාශයක් මගින් අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා එල්ල වී ඇති රාජ්‍ය ඇමැති සනත් නිශාන්ත මහතාට ලබන මස 13 වැනිදා පෞද්ගලිකව අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා සිතාසි යැවීමට අභියාචනාධිකරණය ඊයේ (29 දා) නියෝග කළේය. එමෙන්ම ඔහුට එරෙහිව අධිකරණයට අපහාස කිරීමේ චෝ...
"නොරොච්චෝලෙට ගල්අඟුරු ගේන්න නැවකට අත්තිකාරම් බඳියි"
"නොරච්චෝල ගල්අඟුරු බලාගාරයට අවශ්‍ය ගල්අඟුරු නැවක් සඳහා අත්තිකාරම් මුදල් ගෙවීමට විදුලිබල මණ්ඩලය කටයුතු කර ඇත. 2021 වර්ෂයට අදාළව සිදුකළ ටෙන්ඩර් කැඳවීමේදී තවත් ගල් අඟුරු නැව් 25 ක් විදුලිබල මණ්ඩලයට ලබාගැනීමට ඇති හැකියාව අනුව මෙට්‍රික්‌ ටොන් හැටදහසක් අඩංගු නැවට මුදල් ගෙවා තවත් මෙට්‍රික්‌ ටොන් හැට දහසක නැවක් සඳහා අද (30දා) ...
"පෝට්සිටි ආයෝජකයන්ගෙන් ඩොලර් 2000ක වාර්ෂික ගාස්තුවක් ගනී"
"කොළඹ වරාය නගරයේ ආයෝජන කටයුතු සිදුකරන ආයෝජකයන්ගෙන් අමෙරිකානු ඩොලර් 2,000ක වාර්ෂික ගාස්තුවක් අය කිරීමට කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභාව තීරණය කර තිබේ. ඊට අදාළ මෙහෙයුම් බලපත්‍ර නිකුත් කිරීම සඳහා මුදල්, ආර්ථීක ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අත්සනින් අති විශේෂ ගැසට් පත්‍රය...
"රටේ ඇතිවී ඇති දේශපාලන රික්තකය තුළ වමේ බලවේගයේ හතරෙන් තුනක් අල්ලා අවසන්"
"නව ලංකා නිදහස් පක්‍ෂයේ ආසන සංවිධායකවරු, දිසා සංවිධායකවරු හා ආසන සම්බන්ධීකාරකවරු සිය දෙනකු සඳහා පත්වීම් ලිපි ප්‍රදානය කිරීම බත්තරමුල්ලේ පිහිටි එම පක්‍ෂ ප්‍රධාන කාර්යාලයේ දී ඊයේ (29 දා) සවස එම පක්‍ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා අතින් සිදුවිය. එහිදී හිටපු අමාත්‍යවරුන් වන මිල්රෝයි ප්‍රනාන්දු, ජයතිස්ස රණව...
"දෙසැම්බර් 31 දාට පෙර සත්ත්ව ආහාර නොගෙන්වන ආයතන ‘බ්ලැක් ලිස්ට්’"
"සත්ත්ව ආහාර සඳහා ධාන්‍ය ගෙන්වීමට අවසර ලබාගත් ආයතන, එසේ භාර ගත් ප්‍රමාණ දෙසැම්බර් 31 වැනිදාට පෙර මෙරටට ගෙන්වීමට අපොහොසත් වුවහොත් එම ආයතන සියල්ල අසාදු ලේඛනගත කිරීමට පශු සම්පත් සංවර්ධන රාජ්‍ය ඇමැති ඩී. බී. හේරත් මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් දී ඇත. 2022 වසරේ පළමු හා දෙවැනි කාර්තුවලට ගෙන්විය යුතු බඩඉරිඟුවලින් මෙතෙක් ගෙන්වා ...
"පාස්කු නඩුවට රනිල් – මෛත්‍රී නිසි නියෝජිතයන් පත් කර නෑ"
"පැමිණිල්ලේ නීතිඥවරු උසාවියට කියති පාස්කු ප්‍රහාරයේ වින්දිතයන් විසින් මීගමුව දිසා අධිකරණයේ පවරා ඇති වන්දි නඩුකරවල විත්තිකරුවන් ලෙස නම් කර සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ, හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ඇතුළු කිසිදු විත්තිකරුවකු මේ වන තෙක් සිය නීත්‍යනුකූල නියෝජිතයන් නිසි ලෙස පත් කර නැති බව පැමිණිල්ලේ නීතිඥවරු ඊයේ (2...
"ආනයනය අත්හිටුවූ භාණ්ඩ ගෙන්වීම ප්‍රමුඛතාව මත ලිහිල් කරනවා"
"පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් තාවකාලිකව ආනයනය අත්හිටවූ භාණ්ඩ ආනයනය, ප්‍රමුඛතාව මත ලිහිල් කිරීමට රජය සූදානම් බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. දේශීය වශයෙන් නිෂ්පාදනය කළ හැකි හෝ අත්‍යාවශ්‍ය නොවන පදනම මත අදාළ භාණ්ඩවලට ආනයන සීමා පැනවූ බවද අමාත්‍යවරයා පෙන්වා දෙයි. ආනයන සහ අපනයන පාලන දෙපාර්තමේන්තු මූලස්...
"ශ්‍රී ලංකා – පිලිපීන මිත්‍රත්වය ඉදිරියට ගෙන යනවා… ජනාධිපති රනිල් වික්‍රමසිංහ"
"ආසියානු කලාපීය සහයෝගීතාව වර්ධනය කර ගනිමින් ශ්‍රී ලංකාව සහ පිලිපීනය අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය ඉදිරියට ගෙනයෑමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ජනාධිපතිවරයා මේ බව පැවසුවේ පිලිපීන ජනාධිපති ෆර්ඩිනෑන්ඩ් ආර්. මාකෝස් (කනිෂ්ඨ) මහතා ඊයේ (29 දා) පෙරවරුවේ මැනිලා නුවර දී හමුවූ අවස්ථාවේ දී ය. පිලිපීන ජනාධ...
"ජනතාවගේ ප්‍රධාන ප්‍රශ්නවලට සාර්ථක විසඳුම් ලබාදීමට ජනපතිට හැකිවෙලා"
"වජිර අබේවර්ධන (එජාප) පසුගිය කාලය තුළ ජනතාවට තිබුණු ප්‍රධානම ප්‍රශ්නවලට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගෙනයන සාර්ථක වැඩපිළිවෙළ තුළ විසඳුම් ලබාදීමට හැකි වී තිබෙන බවත්, ඉතිරි අනෙක් ප්‍රශ්න විසඳා ගැනීමටද සියලුදෙනාම එකතු වී එතුමාට සහයෝගය ලබාදිය යුතු බවත් එක්සත් ජාතික පක්ෂ සභාපති, පා. ම. වජිර අබේවර්ධන මහතා ප්‍රකාශ කළේය. වජ...
"ඕ.අයි.සීලා 23 දෙනකුට වහාම මාරුවීම් – දේශපාලක ගෙවල් ගිනි ගැනීම්:"
"පොලිස් ස්ථානාධිපතිවරුන් 23 දෙනෙකු වහාම ක්‍රියාත්මක වන පරිදි මාරුකර යවා ඇත. ආරංචිමාර්ග පවසන්නේ පසුගියදා සිදුවූ දේශපාලනඥයන්ගේ නිවාස දේපොළ ගිනි තැබීම් වළක්වා ගැනීමට කටයුතු නොකළ පොලිස් ස්ථානාධිපතිවරුන් පිරිසක් මෙසේ මාරුකර යැවු බවයි.මාරුකර යැවූ පෙලිස් ස්ථානාධිපතිවරුන් මෙසේය.පොලිස් පරීක්‍ෂක එච්. ජේ. මුත්තෙට්ටුතැන්න, උයිලන්ක...
"ගෙවල් ඉල්ලුවා ගින්න ලැබුණා – මුළු සේසතම අහිමිවූ තොටළඟ කජීමාවත්තේ මිනිස්සු දුක කියති"
"අනේ දෙයියනේ අපේ මුළු සේසතම නැති වුණා. අපිට ඉතුරුවුණේ අළු දූවිලි විතරයි. බලධාරීන්ට අපි කී පාරක් කිව්වද ඉක්මනටම අපිට ගෙවල් දෙන්න කියලා. නමුත් ඒ අය මේ කිසිවක් ගණන් ගත්තේ නැහැ. ජනාධිපතිතුමනි, අපේ මේ දුක අහන්න. ඔබතුමාවත් මැදිහත්වෙලා අපිට ගෙවල් ටික ලබාදෙනවා නම් ලොකු පිනක්…” යැයි එච්. පී. සිරියලතා මහත්මිය හැඬූ කඳුළින් ඊයේ (2...
"පරිභෝජනයට නුසුදුසු ටින්මාළු කන්ටේනර් 82ක් හොර පාරෙන් කඩේට"
"පසුගිය වසරේදී (2021) විදේශයකින් ගෙන්වා මිනිස් පරිභෝජනයට නුසුදුසු බවට තහවුරුවීම නිසා රේගුවේ රඳවාගෙන තිබු ටින්මාළු බහලුම් 82ක් හොර පාරෙන් වෙළෙඳපොළට නිකුත් කර ඇතැයි වෙළඳපොළ ආරංචිමාර්ග පවසයි. මෙහි මාළුටින් ලක්‍ෂ තිස්පහකට ආසන්න ප්‍රමාණයක් තිබී ඇත.එම ටින්මාළුවල සාම්පල පරික්‍ෂා කිරීමේදී ටින් මාළුවල ආසනික් අඩංගු බවට තහවුරුවීම...
"ජනපති ජපන් අධිරාජ්‍යයා සහ අගමැති හමුවෙයි"
"ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ජපාන අගමැති ෆූමියෝ කිෂිඩා :ත්‍මපසද ණසියසා්* මහතා අතර හමුවක් ඊයේ (28 දා) පෙරවරුවේ ටෝකියෝ නුවර අකසාකා මාලිගාවේදී පැවැත්විණි. මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උණුසුම් ලෙස පිළිගත් ජපාන අගමැතිවරයා ජනාධිපති ධුරයට පත්වීම නිමිත්තෙන් ඔහුට සිය ශුභාශිංසන පිළිගැන්වීය. 02-පිටුවට ශ්‍රී ලංකාව...
"තොටළඟ ගින්නෙන් 300 ක් අවතැන් – සහන සලසන්න ජනපති උපදෙස් දෙයි"
"හේතුව තවමත් හෙළිවී නෑ:තොටළඟ, මෝදර උයන මහල් නිවාස සංකීර්ණය අසල පිහිටි කජිමාවත්තේ නිවාස පෙළක පෙරේදා (27 වැනිදා) රාත්‍රී හටගත් ගින්නෙන් නිවාස 80 කට වැඩි සංඛ්‍යාවක් දැවී විනාශ වී ඇති බවත්, පුද්ගලයින් 300 කට අධික පිරිසක් අවතැන්වී ඇති බවත් ග්‍රෑන්ඩ්පාස් පොලීසිය පවසයි.ගින්න හටගැනීමත් සමඟ එම ස්ථානයට කොළඹ මහනගර සභාවේ ගිනි නිවී...
"ලංවිම සේවකයන් සිටියදීත් කෝටි 206 ක් ගෙවා පිටින් අතු කප්පා ගෙන"
"විදුලිබල මණ්ඩලයේ ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ ලේකම්විදුලිබල මණ්ඩලයේ විසිහයදහසක ස්ථීර සේවක පිරිසක් සිටියදී ගස්වල අතු කැපීම, විදුලි සැපයුම් ලබාදීම හා විදුලි සැපයුම් විසන්ධි කිරීම යන කරුණු තුනට පමණක් 2021 වසරේදී රුපියල් කෝටි 206 කට වැඩි මුදලක් වැයකර ඇතැයි විදුලිබල මණ්ඩලයේ ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ ලේකම් ඩබ්. ඒ. පී. ...
"අධි ආරක්ෂක කලාප ගැසට් එකට එරෙහිව සජබ උසාවි යයි"
"ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අධි ආරක්ෂක කලාප කිහිපයක් ප්‍රකාශයට පත් කරමින් නිකුත් කළ විශේෂ ගැසට් නිවේදනය බලරහිත කරන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා සමගි ජනබලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන හර්ෂණ රාජකරුණා සහ මුජිබර් රහුමාන් යන මහත්වරු ඊයේ (28 වැනිදා) ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙ...
"සංගීත තරුවට  බදු වංචා නඩුවක්"
"කොලොම්බියානු සංගීත තරුවක් වන ශකිරාට එරෙහිව යුරෝ මිලියන 14.5 බදු වංචාවක් සම්බන්ධයෙන් ස්පාඤ්ඤ අධිකරණයේ නඩුවක් ගොනු කර තිබේ. බාසිලෝනා අධිකරණයක් විසින් ශකිරාට බදු අපරාධ 6ක් සම්බන්ධයෙන් නඩු විභාගයට පෙනී සිටින ලෙස නියෝග කර ඇතත් නඩුව විභාග වන දිනයක් මෙතෙක් නියම කර නැත.ස්පාඤ්ඤ බලධාරීන්ට අවශ්‍ය වන්නේ සුපිරි තරුව වසර අටකට සිරගත...
"උඩුවේ හිමිට වරෙන්තු – මිලින්ද මොරගොඩ ඇතුළු පිරිස ගොනු කළ නඩුව:"
"කිරුලපන පොල්හේන්ගොඩ ඇලන් මැතිනියාරාමාධිපති පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමිපාණන් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් කේවින්ද පෙරේරා මහතා ඊයේ (28 වැනිදා) වරෙන්තු නිකුත් කළේය.අවට ප්‍රදේශවාසීන්ට මහජන පීඩාවක් වන පරිදි එම විහාරස්ථානයේ හිමිදිරි උදෑසන සිට අධික ශබ්දයෙන් ශබ්ද විකාශන යන්ත්‍ර භාවිත කි...
"ජල විදුලි නිෂ්පාදනය 52.01% දක්වා ඉහළට"
"නොරොච්චෝල ගල්අඟුරු බලාගාරයේ ජනන යන්ත්‍ර දෙකක් (මෙගාවොට් 550) ජාතික විදුලි පද්ධතියට අහිමි වී යෑම නිසා ජල විදුලි නිෂ්පාදනය සියයට 21.5 ක සිට සියයට 52.01 දක්වා ඉහළ දමා ඇත.ඒ අනුව මෙරට සමස්ත විදුලි අවශ්‍යතාවෙන් සියයට 40 ක් පමණ සැපයූ නොරොච්චෝල ගල්අඟුරු බලාගාරයෙන් ජාතික විදුලි පද්ධතියට මේ වනවිට ලබා ගැනීමට හැකි වී ඇත්තේ මුළු ව...
"සමථ මණ්ඩලය  ශක්තිමත් කරන්න ගිනි සිසිල එයි"
"සුළු ආරවුලක් උසාවි ආවොත් නඩු ප්‍රමාණය වැඩි වෙනවාඇමැති විජයදාස රාජපක්‍ෂමෙරට අධිකරණ ක්‍රියාවලිය පහසු කිරීමට ක්‍රියාත්මක සමථ මණ්ඩල ක්‍රමය ශක්තිමත් කිරීමේ අරමුණින් යුරෝපා සංගමයේ අනුග්‍රහයෙන් ගිනි සිසිල නමින් ඒකාබද්ධ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට අධිකරණ අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.අධිකරණ පද්ධතියේ පවතින නඩු ප්‍රමාදය අවම කිරීම...
"කෙහෙළියට අධි චෝදනා භාර දෙයි"
"හිටපු ජනමාධ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල හා රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති ජයම්පති බණ්ඩාර හීන්කෙන්ද යන මහත්වරුන්ට ඊයේ (28 වැනිදා) කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා ඉදිරියේදී අධිචෝදනා භාරදීම සිදු කෙරිණි. 02-පිටුවටඅධි චෝදනා භාරදීමෙන් අනතුරුව එම විත්තිකරුවන් දෙදෙනා රුපියල් 30,000 බැගින් වූ මුද...
"ණය ගත් ව්‍යවසායකයන්ට සහන දෙන්න – සියඹලාපිටිය කියයි"
"බැංකු ණය ලබාගෙන ඇති ව්‍යවසායකයන් වෙත උපරිම සහන ලබාදෙන ලෙස මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා රාජ්‍ය බැංකු ප්‍රධානීන්ගෙන් ඉල්ලීමක් කරයි.පවතින ආර්ථික අර්බුදය හමුවේ බැංකුවල මූල්‍ය තත්ත්වයන් ආරක්ෂා කර ගනිමින් මේ සහන සලසන ලෙස ද රාජ්‍ය අමාත්‍යවරයා බැංකු ප්‍රධානීන්ගෙන් ඉල්ලා තිබේ.ද්‍රවශීලතාව ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් ...
"පොහොට්ටු මන්ත්‍රීන්ගේ බලපෑම මත කථානායක කෝපා සහ කෝප්  පොරොන්දුව කඩලා"
"– විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්‍ෂ්මන් කිරිඇල්ලපාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව සහ රාජ්‍ය ගිණුම් කාරක සභාවේ (කෝපා සහ කෝප්) සභාපතිත්වය විපක්ෂයට ලබාදීමට කථානායකවරයා පොරොන්දු වුවත්, පොහොට්ටුවේ මන්ත්‍රීවරුන්ගේ බලපෑම මත තවමත් කතානායක එම තීරණය ක්‍රියාත්මක නොකළ බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා...
"ඉංජිනේරු සභාපති ඇතුළු ලොක්කන් අස් කරන්න"
"ඉංජිනේරු සංස්ථාව සුරැකීමේ එකමුතුවෙන් ඇමැති ප්‍රසන්නට ලිපියක්ඉංජිනේරු ක්‍ෂේත්‍රය පිළිබඳව දැනුමක් නොමැති සභාපති ඇතුළු අධ්‍යක්‍ෂ මණ්ඩලයක් රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවට පත්කර තිබීම නිසා වර්තමානයේ සංස්ථාව ඛේදවාචකයකට පත්ව ඇතැයි ඉංජිනේරු සංස්ථාව සුරැකීමේ එකමුතුව ඇමැති ප්‍රසන්න රණතුංග මහතාට ලිඛිතව දැනුම් දී ඇත.එනිසා එක් දිනක් හෝ ප...
"‘ෆිට්ස් එයාර්’ 5 වැනිදා සිට උඩින් යයි"
"ජාත්‍යන්තර මගී ගුවන් ගමන් ආරම්භ කරන ශ්‍රී ලංකාවේ ප්‍රථම පෞද්ගලික ගුවන් සේවය වන ‘ෆිට්ස් එයාර්’ සිය ගුවන් ගමන් ලබන ඔක්තෝබර් 5 වැනිදා සිට ආරම්භ කරනු ඇත.ගුවන් සමාගමේ ප්‍රථම මගී ගුවන් ගමන කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ සිට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි වෙත සිදු කෙරේ. ඩුබායි ඔක්තෝබර් 5 වැනිදාත්, මාලදිවයිනේ...
"ශ්‍රී ලංකාවට ඔරවන රටවල් හයේ ඇහේ පොල් පරාල තිබිලා"
"ශ්‍රී ලංකාවේ හමුදාවට එරෙහි යුධ අපරාධ චෝදනා එල්ල කර ඇති රටවල් හයම යුද අපරාධ සිදුකර ඇතැයි එක්සත් ජාතීන්ගේ වාර්තාවකින් අනාවරණය වී ඇත.බි්‍රතාන්‍ය, කැනඩාව, ජර්මනිය, මොන්ටිනියරෝ, මැසිඩෝනය සහ මලාවි යන රටවලට යුද අපරාධ චෝදනා එල්ලවී තිබේ.එහෙත් ජිනීවා මානව හිමිකම් කවුල්සිලය මේ කිසිදු රටකට එරෙහිව ජිනීවා යෝජනාවක් හෝ මානව හිමිකම් උ...
"විදුලි අර්බුදය උග්‍රවෙයි… නොරොච්චෝලේ තුන්වැනි යන්ත්‍රයත් නවතී!"
"නොරොච්චෝල ලක්විජය ගල්අඟුරු බලාගාරයේ දෙවන ජනන යන්ත්‍රය අලුත්වැඩියාවකට නතර කර තිබියදී එහි තුන්වන ජනන යන්ත්‍රයත් ඊයේ (27 දා) පෙරවරුවේ හදිසි කාර්මික දෝෂයක් මත අක්‍රීයවීම නිසා එම බලාගාරයෙන් විදුලිබල පද්ධතියට එක්කළ මෙගාවොට් 550ක් පමණ අහිමිවීමත් සමග පැවති විදුලි අර්බුදය උග්‍ර අතට හැරී තිබේ. අක්‍රීය වූ නොරොච්චෝල තුන්වන ජනන යන...
"දුම්රිය හිතුවක්කාරයි: ජනතාව නන්නත්තාරයි!"
"නඩත්තු කටයුත්තකට දුම්රියක් අංගණයට ධාවනය කරමින් තිබියදී එය නවත්වන සීමාවෙන් ඔබ්බට ධාවනය කරවූ දුම්රිය රියැදුරකුට එරෙහිව විනය පරීක්‍ෂණ නොකරන ලෙසට බල කරමින් ඊයේ (27 වැනිදා) දහවල් හදිසියේම දුම්රිය වර්ජනයක් ආරම්භ කෙරිණි. මෙම වර්ජනය හේතුවෙන් ඊයේ (27 වැනිදා) දහවල් පාසල් දරුවන් මෙන්ම මගීන්ද දැඩි අපහසුතාවට පත් කරමින් දුම්රිය කිහ...
"සමස්ත ව්‍යාපාරික ක්‍ෂේත්‍රයම බරපතළ අර්බුදයක!"
"සමස්ත ව්‍යාපාරික ක්‍ෂේත්‍රයම බරපතළ අර්බුදයකට ලක්වී පවතින අවස්ථාවක රජය හැසිරෙන්නේ මිනිසුන් විදියට ද සතුන් විදියට ද යන්න සිතා ගැනීමට අපහසු යැයි ශ්‍රී ලංකා එක්සත් ව්‍යාපාරික සංසදයේ සභාපති ටානියා අබේසුන්දර මහත්මිය ප්‍රකාශ කළාය. මිනිසුන් විදියට හැසිරෙනවා නම් මිනිසුන්ගේ දුක තේරුම් යන බවත් ඇය කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙම...
"‘මැණිකේ’ හින්දි ගීතය යූ ටියුබ් නැරඹුම් වාර කෝටි 5 පනී"
"‘මැණිකේ මගේ හිතේ’ හින්දි ගීතය නැරඹුම් වාර කෝටි 05 ඉක්මවා තිබේ. ඉන්ද්‍ර කුමාර් අධ්‍යක්ෂණය කළ ‘තෑන්ක් ගෝඩ්’ හින්දි චිත්‍රපටය ලබන ඔක්තෝබර් 25 වැනිදා තිරගතවීමට නියමිත අතර එහි පළමු ගීතය ‘මැණිකේ’ මාධ්‍ය වෙත පසුගිය 16 වැනිදා නිකුත් කෙරුණි. මෙම ගීතය නිකුත් කර දින දහයක් ඇතුළත යූටියුබ් හි නැරඹුන් වාර කෝටි 05 ඉක්මවා තිබේ. ‘තෑන්ක...
"පෘථිවිය ග්‍රහක ගැටුමකින් බේරා ගැනීමට නාසා පෙරහුරුවක"
"නාසා ආයතනයේ ‘ඩාර්ට්’ යානය මෙරට වේලාවෙන් ඊයේ අලුයම 4.45ට පමණ ඩයිමෝෆස් උපග්‍රහකය මත පතිත කෙරුණි. මේ පතිත කිරීමෙන් ඇති වූ ගැටුමෙන් උප ග්‍රහකය ගමන් මඟ වෙනස් වේද යන්න පරීක්‍ෂා කිරීම නාසා විද්‍යාඥයන්ගේ දැන් අරමුණ වී තිබේ. මේ තුළින් අනාගතයේ පෘථිවිය ග්‍රහක ගැටුමකින් බේරාගෙන විනාශයක් වළක්වා ගැනීමට ඒ තුළින් ලබන දැනුම ඉවහල් කර ග...
"ලෝක තෙල් මිල අනුව මෙරට තෙල් රු. 100 කින් අඩු කළ හැකියි"
"පවතින මිල සූත්‍රයට අනුව සහ ලෝක වෙළෙඳපොළේ පවතින ඉන්ධන මිලට සාපේක්‍ෂව මෙරට ඩීසල්, පෙට්‍රල් සහ භූමි තෙල් ලීටරයක මිල රුපියල් සියයකින් අඩුකළ හැකි බව තෙල්, වරාය, විදුලි, සමගි ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක හා කැඳවුම්කරු ආනන්ද පාලිත මහතා ‘දිවයින’ට (26දා) පැවසීය. ඛනිජ තෙල් සංස්ථාවට ඉන්ධනවලින් සියලු බදු හා ලාභ ...
"අගෝස්තු මස අපනයන ආදායම 10.24 % කින් ඉහළට"
"ඉකුත් අගෝස්තු මස වෙළෙඳ භාණ්ඩ අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 1213.7ක් දක්වා සියයට 10.24 කින් වර්ධනය වී ඇත. ගිය වර්ෂත්‍ය් (2021) අගෝස්තු මාසයේ වාර්තා වූ අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 1101කි. අගෝස්තු මස මෙම අපනයන වර්ධනය සඳහා ප්‍රධාන වශයෙන් හේතු වී ඇත්තේ ඇඟලුම් හා රෙදිපිළි අපනයන ආදායම් ඉහළ යෑම බව ශ්‍රී ලංකා අපනයන...
"සුවසැරියට ගත් ගිලන් රථ 25 රේගු බද්දෙන් නිදහස් වුවත් විකුණුම් මිල කෝටි එකහමාරක් වීම අසාමාන්‍යයයි!"
"ජාතික අයවැය දෙපාර්තමේන්තුව විසින් 1990 සුවසැරිය පදනම සඳහා කල්බදු ක්‍රමය යටතේ මිලදී ගෙන තිබූ ගිලන්රථ 25 ලියාපදිංචි සහතිකයට අනුව ආනයන රේගු බදුවලින් නිදහස්ව තිබියදී ගිලන්රථයක විකුණුම් මිල රුපියල් එක්කෝටි පනස් නවලක්ෂ පනස්දහසක් වීම (15,950,000) අසාමාන්‍ය තත්ත්වයක් බැව් ජාතික විගණන කාර්යාලය පවසයි. එමෙන්ම තාක්ෂණික පිරිවිතරයන...
"අවුරුදු 60- 63 වයසේ වෛද්‍යවරුන් කොටස් වශයෙන් විශ්‍රාම ගන්වන්න"
"GMOA සභාපති අවුරුදු 60 සිට 63 දක්වා වයසේ විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායම් වශයෙන් විශ්‍රාම ගන්වා නවක වෛද්‍යවරුන් එම තනතුරුවලට පත්කරන්නේ නම් කිසිම ගැටලුවක් ඇති නොවන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය දර්ශන සිරිසේන මහතා ‘දිවයින’ ට පැවැසීය. දැනට ගෙන තිබෙන තීරණය අනුව අවුරුදු 60 සිට 63 දක්වා වයසේ වෛද්‍යවරුන් ...
"යුද අපරාධ චෝදනා එල්ල වූ හමුදාවේ 58 කට ජාත්‍යන්තර වරෙන්තු"
"යුද අපරාධ චෝදනා එල්ල වූ හමුදා නිලධාරීන් 58කට එරෙහිව ජාත්‍යන්තර වරෙන්තු නිකුත් කිරීමට ජාත්‍යන්තර අධිකරණයට සූදානම් වනබව ජිනීවා ආරංචි මාර්ග පවසයි. ජිනීවා මානව හිමිකම් කොමසාරිස් මිචෙලි බැෂලේ එම නිලධාරීන්ට එල්ල වූ චෝදනා ඇතුළත් වාර්තාවක් ජාත්‍යන්තර අධිකරණයේ නඩු අධ්‍යක්‍ෂ කරීම් ඛාන් වෙත යවා තිබුණි. ලබන 7දා පැවැත්වෙන ජිනීවා ඡ...
"ලංවිමට කෝටි හයදාහක් පාඩු වන ලෙස දැවි තෙල් මිල හදිසියේ වැඩි කරලා:"
"ඛනිජ තෙල් සංස්ථාව ලංකා විදුලිබල මණ්ඩලයට ලබාදෙන බොරතෙල් ලීටරයක් සඳහා අය කරන මිල රුපියල් තුන්සිය විස්සේ සිට රුපියල් 385 දක්වා හදිසියේ ම වැඩි කිරීම නිසා විදුලිබල මණ්ඩලයට වාර්ෂිකව රුපියල් කෝටි 6000 ක පාඩුවක් සිදු වන්නේ යැයි විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ ලේකම් සංජීව ධම්මික මහතා ඊයේ පැවසීය. කොළඹදී ඊයේ පැවති පුවත්පත් සාක...
"ඇමරිකාවේ ඔත්තු බැලීම් ලොවට හෙළි කළ ස්නෝව්ඩන්ට රුසියාවේ පුරවැසිභාවය"
"ඇමෙරිකන් ජාතික ආරක්ෂක ඒජන්සියේ ඔත්තු බැලීම් සම්බන්ධයෙන් වූ රහස් ලොවට අනාවරණය කරමින් මහත් ආන්දෝලනයක් ඇති කළ එඩ්වඩ් ස්නෝව්ඩන්ට රුසියාවේ පුරවැසි භාවය පිරිනැමීමට එරට ජනපති ව්ලැදිමීර් පුටින් පියවර ගෙන තිබේ. වසර 9 ක් තිස්සේ 39 හැවිරිදි එඩ්වඩ් ස්නෝව්ඩන් රුසියාවේ ජීවත් වෙයි. එඩ්වඩ්ට ඇමෙරිකානු ෆෙඩරල් අත්අඩංගුවෙන් බේරීමට හැකිවූ...
"60 සීමාවෙන් රජයේ ඉංජිනේරුවෝ සියයට 33 ක් විශ්‍රාම යති"
"50ක් රට හැර යන්න හදති වයස අවුරුදු 60 න් විශ්‍රාම ගැනීමේ රජයේ යෝජනාවට අනුව රාජ්‍ය සේවයේ ඉංජිනේරුවන්ගෙන් 1/3ක් (සියයට 33ක්) විශ්‍රාම ගැනීමට නියමිත අතර පනස් දෙනෙකු රට හැර යෑමට ඉල්ලා තිබෙන බව විශේෂඥ ඉංජිනේරුවෝ පවසති. ඔවුන්ගේ සේවය රටට අහිමිවීමෙන් ආර්ථික, සංවර්ධන සහ අධීක්ෂණය අකර්මණ්‍ය වනු ඇති බවට අනතුරු අඟවති. රාජ්‍ය සේවයට ...
"රන් මිල පහළට"
"මෙරට රත්‍රං මිල ගණන් ක්‍රමිකව පහළ බසින ප්‍රවණතාවක් පෙන්නුම් කරයි. මේ අනුව ඊයේ (27දා) කොළඹ හෙට්ටිවීදියේ රන් වෙළෙඳපොළෙහි රත්‍රං මිල ගණන්වල පහළ යෑමක් වාර්තා වී ඇත. ඊයේ කැරට් 22 රන් පවුමක මිල රු. 159,100 ක් සහ කැරට් 24 රත්‍රං පවුමක මිල රු. 172,000 ක් ලෙසින් සටහන් වූ අතර පෙරේදා කැරට් 22 රන් පවුමක මිල රු. 159,600 ක් සහ කැරට...
"තඹුත්තේගම කොල්ලයට රාජාංගණයේ පොහොට්ටු මන්ත්‍රී ඇතුළු 3 ක් රිමාන්ඩ්"
"තඹුත්තේගම පෞද්ගලික බැංකුවක තැන්පත් කිරීම සඳහා ප්‍රදේශයේ ව්‍යාපාරිකයකු රැගෙන ආ රුපියල් දෙකෝටි විසිතුන්ලක්‍ෂයක් කොල්ලකෑමට උත්සාහ කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රාජාංගණය ප්‍රාදේශීය සභාවේ පොදුජන පෙරමුණ මන්ත්‍රීවරයකු තඹුත්තේගම පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. මුදල් කොල්ලකෑමට ගත් උත්සාහයේදී පොලිසියට කොටුවූ කොල්ලකරුවන් දෙදෙනාග...
"සහරාන්ගේ රියැදුරු ඇතුළු 4 කට මඩකලපුව මහාධිකරණයෙන් ඇප"
"මඩකලපුව වව්නතිව් පොලිස් නිලධාරීන් දෙදෙනකු වෙඩි තබා ඝාතනය කිරීම සහ පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සැකපිට ත්‍රස්ත මර්දන පනත යටතේ අත්අඩංගුවට ගෙන සිටි සහරාන් හෂීම්ගේ රියැදුරු ඇතුළු සිව්දෙනකු මඩකලපුව මහාධිකරණ විනිසුරු එන්.එම්. අබ්දුල්ලා මහතා විසින් පෙරේදා (26දා) සවස ඇප මත මුදා හැර තිබේ. සැකකරුවන්ට රුපියල් 35,000 සහ රුපි...
"නව අධිආරක්‍ෂිත කලාප ගැසට්ටුව බල රහිත කරන්න සොයා බලන්න – ජනපතිගෙන් උපදෙස්"
"කොළඹ නගරයේ විශේෂ මර්මස්ථාන කිහිපයක් අධිආරක්ෂිත කලාප ලෙස නම් කරමින් ආරක්ෂක අමාත්‍යවරයා වශයෙන් තමා නිකුත් කළ ගැසට් පත්‍රය බල රහිත කිරීම සඳහා අවශ්‍ය කටයුතු සොයාබලන ලෙස නීතිපතිවරයා වෙත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දී ඇතැයි වාර්තා වේ. මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ඉහළ පෙළේ නිලධාරීන් පිරිසක් විසින් ඉදිරිපත් කළ කරුණු හා...
"ශ්‍රීලනිපයේ බණ්ඩාරනායක ගුණ සැමරුම"
"ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ නිර්මාතෘ දිවංගත එස්. ඩබ්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතාගේ 63 වැනි ගුණසමරු උත්සවය පෙරේදාට (26) යෙදී තිබිණි. ඒ නිමිත්තෙන් බණ්ඩාරනායක පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීමක් බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී සිදුකෙරිණි. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ...
"ජනපති සිංගප්පූරු අගමැති සහ ජපාන විදේශ ඇමැති හමුවෙයි"
"ජපානයේ නිල සංචාරයක නිරතව සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (27 දා) ටෝකියෝ නුවර දී ජපාන විදේශ ඇමැති යොෂිමසා හයාෂි සහ සිංගප්පූරු අගමැති ලී සියෙන් ලූන් යන මහත්වරුන් වෙන් වෙන්ව හමුවූහ. ජපාන විදේශ ඇමැතිවරයා සමඟ පැවැති සාකච්ඡාවේ දී ශ්‍රී ලංකාවේ විදෙස් ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ණය ලබාදුන් ආයතන සමඟ එක්ව ප්‍රමුඛතාවය...
"විකෘති ආණ්ඩුව රටම විකෘති කළා – විපක්ෂ නායක"
"වර්තමානයේ රට තුළ ඇත්තේ විකෘතියත් ප්‍රකෘතියත් අතරත්, අශිෂ්ටත්වයත් ශිෂ්ටත්වයත් අතරත් මිලේච්ඡත්වයත් ජන සම්මතවාදයත් අතරත් ගැටුමක් බවත් එවැනි විකෘතියක් සිදුව ඇත්තේ විකෘති ආණ්ඩුව නිසා බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. රාජපක්ෂලාගේ අශිෂ්ට පාලනයට එරෙහිව නැගී සිටි ජනතාව විසින් ඔවුන් ප්‍රතික්ෂේප කර එලවා දැමූ පසු මේ ව...
"බුද්ධිකගේ බුද්ධිය තඹුත්තේගම හොල්ලයි – දෙකෝටියක මුදල් කොල්ලය අතේ පත්තුවෙයි"
"දෙනෝදාහක්  මැද පොලිස් නිලදරුවකුගේ  වීර ක්‍රියාවක්තඹුත්තේගම නගර මධ්‍යයේ පිහිටි පෞද්ගලික බැංකුවක තැන්පත් කිරීමට ව්‍යාපාරිකයකු රැගෙන ආ රුපියල් දෙකෝටි විසිතුන්ලක්‍ෂයක මුදලක් ඊයේ (26 දා) මහ දවාලේ බැංකුව ඉදිරිපිටදීම කොල්ලකා පලා යෑමට සැරසුණ සන්නද්ධ කොල්ලකරුවන් දෙදෙනා මෙල්ල කරගත් තඹුත්තේගම පොලිසියේ නිර්භීත සැරයන්වරයෙක් එම මුද...
"ලෝක තෙල්  මිල බැස්සත්  අපේ මිල  හිරවෙයි"
"ලෝක වෙළෙඳ පොළේ බොරතෙල් මිලට සාපේක්‍ෂව තෙල් මිල පහළ දැමිය යුතු ප්‍රමාණ සකසා ඛනිජ තෙල් අමාත්‍යාංශය වෙත යොමු කළත් එය ඉහළින් අනුමත නොකිරීම නිසා මෙරට ඉන්ධන මිල පහළ දැමීමට නොහැකි වී ඇතැයි තෙල් සංස්ථාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ‘දිවයින’ ට පැවැසීය.සති දෙකකට වරක් ‘ඉන්ධන මිල සූත්‍රය’ ට අනුව ඉකුත් මාස කිහිපයේ දී මෙම වාර්තා යැවූ බව ද...
"පාස්කු නඩුවලින් ජනපති  රනිල්  මුදාහරී"
"පාස්කු ප්‍රහාරයට එරෙහිව ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම්වල වගඋත්තරකරුවකු ලෙස නම් කර ඇති ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව එම පෙත්සම් තවදුරටත් ඉදිරියට පවත්වාගෙන යෑමට නොහැකි බවට ඒකමතිකව තීරණය කළ ශ්‍රේෂ්ඨාධිකරණ සත් පුද්ගල විනිසුරු මඬුල්ල ඔහු වගඋත්තරකාර තත්ත්වයෙන් මුදා හැරීමට ඊයේ (26 දා) නියෝග කළහ.එම මූලික අයිත...
"හොරගොල්ලේ බණ්ඩාරනායක ගුණ සමරුව"
"චන්‍ද්‍රිකා හා සුනේත්‍රාගෙන් පුෂ්පෝපහාරහිටපු අග්‍රාමාත්‍ය දිවංගත එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතාගේ 63 වන ගුණානුස්මරණ උත්සවය ඊයේ (26 දා) පෙරවරුවේ නිට්ටඹුව හොරගොල්ල සමාධිය අබියසදී පැවැත්විණි. මල්වතු පාර්ශ්වයේ අනුනායක නියංගොඩ විජිතසිරි නාහිමිපාණන් ප්‍රමුඛ මහා සංඝරත්නයේ ආගමික වතාවත්වලින් අනතුරුව හිටපු ජනාධිපති චන්ද...
"දිල්ලි උසාවියෙන් ජැකලින්ට  ඇප"
"රුපියල් කෝටි 200 ක කප්පම් නඩුවක චූදිතයකු ලෙස නම්කර සිටින ප්‍රකට නිළි ජැකලින් ෆර්ඩිනෑන්ඩස්ට දිල්ලි අධිකරණය මගින් ඉන්දීය රුපියල් පනස්දහසක ඇපයක් නියම කර ඇත.කප්පම් නඩුව ඊයේ (26 දා) දිනයේ දිල්ලි අධිකරණයේ විභාග වූ අවස්ථාවේ මෙලෙස ජැකලින්ට ඇප නියම වී ඇත.සුරේෂ් චන්‍ද්‍රශේකර් නම් පාතාල නායකයාගෙන් රුපියල් කෝටි 07 ක් වටිනා තෑගි ල...
"නිසි ප්‍රමිතියට නැති  රු. කෝටි 305 ක පෙට්‍රල්  සපුගස්කන්දේ ගොඩගසයි"
"රුපියල් කෝටි 305 ක් පමණ වටිනා ඔක්ටේන් 92 ට අඩු ප්‍රමිතියෙන් තොර පෙට්‍රල් මෙටි්‍රක් ටොන් 6780ක් පමණ වෙළෙඳ පොළට නිකුත් කිරීමට නොහැකිව සපුගස්කන්ද තෙල් පිරිපහදු පරිශ්‍රයේ ගබඩා කර ඇතැයි එහි අභ්‍යන්තර ආරංචි මාර්ග සනාථ කරයි.වරින්වර පිරිපහදුව වසා දැමීම නිසාත් නිසි ප්‍රමිතියෙන් තොර බොරතෙල් පිරිපහදු කිරීමේදී ලැබුණ ඔක්ටේන් 92 ට ...
"ලබන මාර්තු වනවිට අනිවාර්යයෙන්ම පළාත් පාලන ඡන්දය තියන්න"
"කාදිනල්තුමා මැ.කො.ගෙන් ඉල්ලයිලබන මාර්තු මාසය වනවිට අනිවාර්යයෙන්ම පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට කටයුතු කරන ලෙස මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමන් මැතිවරණ කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කළේය.රාගම ශ්‍රී හෘදය දේවස්ථානයේදී පෙරේදා (25 දා) පැවැති දේව මෙහෙයකදී කාදිනල්තුමා මේ බව පැවසීය.මැතිවරණයක් පැවැත්වුවහොත් පවතින රජයට ප්‍...
"මධ්‍යම රුසියාවේ  පාසලක වෙඩි තැබීමක්"
"නාඳුනන තුවක්කුකරුවකු විසින් ඊයේ (26දා) මධ්‍යම රුසියාවේ පාසලක සිදු කරන ලද වෙඩි තැබීමකින් පාසලේ ඉගෙනුම ලබන සිසුන් 07 දෙනකු ඇතුළු 13 දෙනකු මිය ගොස් තවත් 20 දෙනකු පමණ තුවාල ලබා රෝහල්ගත කර තිබේ.මධ්‍යම රුසියාවේ ‘ඉසෙව්ස්ක්’ නගරයේ මෙම වෙඩි තැබීම සිදුව ඇති අතර අවසානයේ තුවක්කුකරුද වෙඩි තබාගෙන මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.ම...
"නව අධිආරක්‍ෂිත කලාප  ගැසට්ටුවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්"
"රාජ්‍ය රහස් පනත භාවිතා කර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් නව අධිආරක්‍ෂිත කලාප කිහිපයක් පිහිටුවමින් නිකුත් කළ විශේෂ ගැසට් නිවේදනය නීතියට අනුකූල නොවන, ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි ගැසට් නිවේදනයක් බවට නිගමනය කරන ලෙස ඉල්ලා සමාජවාදී තරුණ සංගමයේ සංවිධායක මහේෂ් තරංග ඉඳුනිල් මහතා ඊයේ (26 දා) ශ්‍රේෂ්ඨාධිකරණය...