Title
stringlengths
9
246
Content
stringlengths
3
62.9k
"පාලකයා රටින් ගියත් ගැටලුව අවසන් වුණේ නෑ – අනාගතේ මීටත් වඩා පීඩනයකට මුහුණ දෙන්න වෙයි"
"කථානායක ගාල්ලේදී කියයිරටේ ඇතිවී තිබූ ගැටලු සහගත තත්ත්වය හා පීඩනය තාවකාලිකව සමනය වී ඇතත් අනාගතයේදී මීටත් වඩා ගැටලු සහගත තත්ත්වයන්ට මුහුණදීමට සිදුවිය හැකි බැව් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පවසයි.මේවා පාලනය කිරීමට නොහැකි තත්ත්වයකට රට පත්වුවහොත් මහා සංඝරත්නයට මෙන්ම රජයටද කළ හැකි දෙයක් නොමැති බවත් එතැනට රට පත්වීමට ඉඩ ...
"ඉතින් ආයුබෝවන් මහ රැජනියනි ගරු…."
"බි්‍රතාන්‍යයේ එළිසබෙත් රැජනගේ අවමංගල්‍යය ඊයේ (19 දා) දහවල් පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව ලන්ඩන් නුවර ශුද්ධවූ ජෝර්ජ් දෙව්මැඳුරේදී සිදුවිය. බි්‍රතාන්‍ය ඉතිහාසයේ සිදුවූ විචිත්‍රම අවමඟුල් උත්සවය මෙයයි. රාජ්‍ය නායකයෝ 1000 කට අධික පිරිසක් ඇගේ අවමඟුලට සහභාගි වූහ. අවමඟුල් කටයුතු බි්‍රතාන්‍ය වේලාවෙන් පෙ.ව. 11 ට (ශ්‍රී ලංකාවේ වේලාවෙන...
"රට පුරා රෝහල් ලෙඩවෙයි – පැරසිටමෝල් පෙත්තක්වත් නෑ: ෆාමසිවල බෙහෙත් ගිනි ගණන්"
"කරාපිටිය ශික්ෂණ රෝහල ඇතුළු රෝහල් රැසක අත්‍යවශ්‍ය ජීවිතාරක්ෂක ඖෂධ වර්ග ඇතුළු ශල්‍ය උපකරණවල හිඟයක් පවතින බැව් සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ උප සභාපති වෛද්‍ය නිශාන්ත සමරවීර මහතා පවසයි.ඊයේ (19දා) ගාල්ලේ පැවති මාධ්‍ය හමුවකදී ඖෂධ හිඟය පිළිබඳව වැඩිදුරටත් අදහස් දක්වමින් වෛද්‍ය නිශාන්ත සමරවීර මහතා මෙසේද කීවේය.“කරාපිටිය ...
"රෝගී ජීවිත අනතුරේ – සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය"
"රෝගීන්ට අත්‍යවශ්‍ය ඖෂධ වර්ග මෙන්ම ශල්‍යකර්ම සඳහා අවශ්‍ය උපකරණ රැසක සහ සනීපාරක්‍ෂක ද්‍රව්‍යවලද බරපතළ හිඟයක් රෝහල්වල පවතින බව සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.කොළඹ ඊයේ (19 දා) පැවැති මාධ්‍ය හමුවකදී එම සංගමයේ ලේකම් වෛද්‍ය ජයන්ත බණ්ඩාර මහතා මේ බව කියා සිටියේය.මේ වන විට ජාතික රෝහලේ සිට ග්‍රාමීය රෝහල් දක්වා ඖෂ...
"ඩිමෙන්ෂියා රෝගීන්ගේ ඉහළ යෑමක්"
" කලාපයේ අනෙකුත් රටවල් සමග සැසඳීමේදී ශ්‍රී ලංකාවේ වයස්ගත ජනගහණය වේගයෙන් ඉහළ යෑමත් සමග ඇල්ෂයිමර්ස් සහ ඩිමෙන්ෂියා රෝගීන්ගේ වැඩිවීමක් අපේක්ෂා කරන අතර 2050 වන විට මෙරට තුළ ඩිමෙන්ෂියා රෝගීන්ගේ සංඛ්‍යාව ලක්ෂ 05ක් වනු ඇති බවට අපේක්ෂා කෙරේ. කොවිඩ් – 19 තත්ත්වය හේතුවෙන්ද ජීවිතයේ පසුකාලීනව ඩිමෙන්ෂියා රෝගය ඇතිවීමේ අවධානමක් ඇති බව...
"ලන්ඩනයේ රාජකීය සොහොන් ගැබ වසර 20 කට පසු ඊයේ විවෘත වෙයි"
"ලන්ඩන් නුවර වින්ඩ්සර් මාළිගා පරිශ්‍රයේ සාන්ත ජෝර්ජ් දේවස්ථානයේ පිහිටා තිබෙන රාජකීය සොහොන් ගැබ වසර 20 කට පසු ඊයේ (19දා) විවෘත විය. අවසන් වරට සොහොන් ගැබ විවෘත වූයේ එළිසබෙත් මහ රැජනගේ මව් රැජනගේ දේහය තැන්පත් කිරීම සඳහායි. මව් රැජනගේ දේහය මෙන්ම එළිසබෙත් රැජනගේ පියා වන හයවන ජෝර්ජ් රජුගේ දේහයද මෙහි තැන්පත් කර තිබේ. මහ රැජනග...
"හිඟයක් තිබෙන නමුත් පෙන්වා දෙන තරම් නැහැ – ඇමති"
"සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ සියලු කණ්ඩායම් රටෙහි ඖෂධ තත්ත්වය කළමනාකරණය කර ගනිමින් සිටින බවත්, එළඹෙන මාසය වන විට මෙහි ඇතැම් ගැටලු සහ එහි පවතින තත්ත්වයන් විසඳා ගැනීමට හැකිවනු ඇති බවත්, සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි. ඖෂධ හා වෛi උපකරණයන්හි යම් හිඟයක් පැවතිය ද එය ඇතැම් අවස්ථාවන්හි පෙන්වා දෙන තරම් තත්ත්වයක නොමැ...
"රෝහල්වල හිඟ වුවත් ෆාමසිවල ඖෂධ හිඟයක් නෑ"
"පෞද්ගලික ඔසුසල් හිමියන්ගේ සංගමයේ සභාපතිඇතැම් රෝහල්වල ඖෂධ හිඟයක් තිබුණද පෞද්ගලික ඔසුසල්වල විශාල ඖෂධ හිඟයක් නැතැයි සමස්ත ලංකා පෞද්ගලික ඔසුසල් හිමියන්ගේ සංගමයේ සභාපති චන්දන ගන්කන්ද මහතා පැවසීය.පෞද්ගලික ඔසුසල්වල පිළිකා ඇතුළු රෝග කිහිපයකට අවශ්‍ය ඖෂධවල යම් හිඟයක් තිබුණද තම සංගමයේ 077-1977177 හෝ 045-2275636 අංකවලින් විමසීම් ...
"යුක්රේනයේ සිරකරගෙන සිටි ශ්‍රීලාංකික සිසුන්ගේ ඡායාරූප මාධ්‍යයට"
"රුසියානු හමුදාව විසින් යුක්රේනයේ කාර්කිව්හි බලහත්කාරයෙන් රඳවාගෙන සිටි බව පැවසෙන ශ්‍රී ලාංකික ශිෂ්‍යයන් 07 දෙනාගේ ඡායාරූප මාධ්‍යයට නිකුත් කර තිබේ. එරට මාධ්‍යවේදිනියකු වන මාරියා රොමානෙන්තෝ විසින් සිය ට්විටර් ගිණුම හරහා මේ ඡායාරූප ප්‍රසිද්ධ කර ඇත. මාරියා පවසන්නේ මේ පිරිස වධහිංසාවලට ලක්ව ඇති බවයි. චතුර පමුණුව"
"ඇමැති අලි සබ්රි 24දා  මහා මණ්ඩලයේදී ශ්‍රී ලංකාවේ ප්‍රකාශය ඉදිරිපත් කරයි"
"නිව්යෝර්ක්හි පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 77 වැනි සැසිවාරයේ ඉහළ මට්ටමේ සැසිවාරය අද (20දා) ආරම්භ වේ. එය මෙම මස 26 වැනිදා දක්වා පැවැත්වේ. මෙම සැසිවාරය අතරතුර ලබන 24දා විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා විසින් ශ්‍රී ලංකාවේ ප්‍රකාශය ඉදිරිපත් කරනු ඇත.ඊට අමතරව විදේශ අමාත්‍යවරයා ආසියාවේ අන්තර්ක්‍රියා සහ විශ්වාසය ගො...
"ඉන්දීය සහල්වල ‘ කොලිටිය’ සොයන්න හෙට මහ කොමසාරිස්  කාර්යාලයට යති"
"ඉන්දියාවෙන් මෙරටට ගෙන්වූ සහල් මිනිස් පරිභෝජනයට සුදුසු ද යන්න සම්බන්ධයෙන් වහාම ප්‍රකාශයක් කරන ලෙස ඉල්ලා සිටීමට සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් හෙට (21 දා) මෙරට ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයට යෑමට නියමිතය.කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර මහතා විසින් ආනයනික සහල් මනුෂ්‍ය පරිභෝජනයට නුසුදුසු බවටත් එම සහල් සත්ත්ව ආහාර සඳහා සුදුසු...
"චීනයටත් වඩා ඉන්දියාව  ලංකාවට ණය දීලා"
"ශ්‍රී ලංකාවට ණය ලබාදීමේදී චීනයට වඩා ඉදිරියෙන් ඉන්දියාව සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. ඉන්දියාව මේ වසරේ මාස හතරක් තුළ ශ්‍රී ලංකාවට ලබාදී ඇති ණය ප්‍රමාණය ඇමරිකන් ඩොලර් මිලියන 968 කි. 2017 වසරේ සිට 2021 දක්වා වසර පහක කාලයක් තුළ චීනය ශ්‍රී ලංකාවට ලබාදී ඇත්තේ ඇමරිකන් ඩොලර් මිලියන 947 ක් බවද විදෙස් මාධ්‍ය වාර්තා කර ...
"කබ්රාල්ට එරෙහි චෝදනා විභාගයට නොගෙනම ප්‍රතික්‍ෂේප කරන්න"
"– ජනාධිපති නීතිඥ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලෙන් ඉල්ලයිරටේ ආර්ථිකය බිඳ දැමීමට මගපෑදූ බවට සිය සේවාදායකයාට එරෙහිව පෙත්සම්කරුවන් විසින් නඟා ඇති සියලු චෝදනා ද්වේශ සහගතව ගොනුකළ පදනම් විරහිත ඒවා වන්නේ යැයි හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ශවේන්ද්‍ර ප්‍රනාන්දු මහතාඅගවිනිසුරු...
"නෙළුම් කුලුන අද සිට  දිනපතා දහවල් 12 ට විවෘත වේ"
"සති අන්තයේ පෙ. ව. 10 සිට… අද (20 දා) සිට නෙළුම් කුලුන සතියේ දිනවල දහවල් 12.00 සිට රාත්‍රි 10.00 දක්වාත් සති අන්තයේ පෙරවරු 10.00 සිට රාත්‍රි 10.00 දක්වාත් මහජනතාවට විවෘතව තැබෙන බව නෙළුම් කුලුන සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි විශ්‍රාමික මේජර් ජෙනරාල් ප්‍රසාද් සමරසිංහ මහතා පවසයි. නෙළුම් කුලුන ඉකුත් 15 දා සිට ජනතාවට විවෘත ව...
"පොහොට්ටු ආණ්ඩුවේ නොහැකියාව නිසා  අපේ රට මන්දපෝෂණයෙන්  ලෝකයේ හය වැනි තැනට ඇවිත්"
"දෙපැත්තේ තුන්පැත්තේ ඉන්න අය හරි පැත්ත තෝරා නොගත්තොත්නාම යෝජනා ගන්න සිරිකොතට නොව කපුටා ළඟට යන්න වෙයි– විපක්ෂ නායක සජිත් අත්තනගල්ලේදී කියයිදෙපැත්තෙ තුන් පැත්තෙ හතර පැත්තෙ කකුල් තියාගෙන ඉන්න ඇත්තන්ට දැම්මම හරි පැත්ත තෝරගන්න කියල. එහෙම නැතුව ආපහු කාඩ් එක ගන්න නම් ඒ පැත්තෙ ඉඳල මේ පැත්තට එන්න හදන්න එපා. දැන්ම පැත්ත තෝරගන්න....
"තානාපතිවරු  තානායම්පතිවරු වගේ  වැඩ කරනවාද කියා  සොයා බලන්න"
"– ඊතලවැටුණුවැවේ ඥානතිලක නාහිමිමොන රජයක් පත්වුණත් අනුරාධපුරයට  හැමදාම අඩු සැලකිලි තමයිතානාපතිවරු ලෙස සේවයට යවන පුද්ගලයන් තානායම්පතිවරු ලෙස රාජකාරි ඉටු කරන්නේ දැයි සොයා බැලිය යුතු බව මිරිසවැටිය විහාරාධිකාරී, ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියෝ, අගමැති දනේෂ් ගුණවර්ධන මහතා හමුවේ ප්‍රකාශ කළහ.පෙරේදා (18 දා) අනුරාධපුරය වෙත පැමිණ සි...
"ඊයේ පොත් ප්‍රදර්ශනයට මහ පිරිස්"
"බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ පැවැත්වෙන ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය සඳහා ඊයේ 19 නිවාඩු දින අති විශාල පිරිසක් නන්දෙසින් පැමිණ සිටි අතර, ප්‍රදර්ශන පරිශ්‍රයට ඇතුල්වීම සඳහා දිග පෝලිම් ද දක්නට ලැබුණි. පිංතූර – නිමල් දයාරත්න"
"විදුලිය කප්පාදුව අද හෙට පැයයි විනාඩි 20 ක්"
"පවතින ඉන්ධන අර්බුදය හමුවේ සිදුකරන දෛනික විදුලිය කප්පාදුව අද (20 දා) සහ හෙට (21 දා) තවත් විනාඩි 20 කින් වැඩි කිරීමට මහජන උපයෝගිතා කොමිසම විදුලිබල මණ්ඩලයට අනුමැතිය දී ඇත. ඒ අනුව මෙතෙක් සිදුකළ පැයක විදුලි කප්පාදුව පැයක් සහ විනාඩි 20 ක් ලෙස සිදුකරනු ලබයි. එය පස්වරු 6.00 සිට රාත්‍රි 10.00 දක්වා වූ කාලය තුළ සිදුකරනු ලැබේ."
"විදෙස් ගත ශ්‍රමිකයන්ගේ නිවෙස්වලට ලිට්රෝ ගෑස් ගෙන්වා ගන්න ඇප් එකක්"
"විදේශගත සහ විගමනික ශ්‍රමිකයන්ට උපහාරයක් ලෙස ලිට්රෝ ගෑස් සමාගම විසින් විදේශගතව සිට තම නිවසට ගෘහස්ථ ගෑස් ඇණවුම් කිරීම සඳහා මෘදුකාංග යෙදවුමක් :(Home Delivery App) හඳුන්වාදී ඇත. එම මෘදුකාංග යෙදවුමට අනුව ඇමෙරිකානු ඩොලර්වලින් විදේශයන්හි සිට ලිට්රෝ ගෘහස්ථ ගෑස් ඇණවුම් කළ හැකිය. මෙම මෘදුකාංගය Google Play සහ App Store වෙතින් නො...
"රටක ජනතාවගේ බලය නැතිවූ විට  ඔවුන්ගේ අපේක්ෂා බිඳ වැටෙනවා"
"මෙම ක්‍රමය වෙනස් කරන්නත් ජනතාවම එක්විය යුතුයිජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරිනි අමරසූරියමැතිවරණට පෙර ජනතාවට බලය තිබෙනවා. මැතිවරණයෙන් පසුව ජනතාවට බලයක් නෑ. 1994, 2015, 2019 වර්ෂවල වුණේ බලයට පත් වුණාම ජනතාවට බලයක් නැතිකම. එම නිසා ජනතාවගේ අපේක්ෂාවන් බිඳ වැටුණා. මෙය වෙනස් කළ යුතුයි. ඒ සඳහා ජනතාව එක්විය යුතුයි. ජ...
"රාජ්‍ය ණය රු. බිලියන 5720 ට නගී"
"මේ වසර (2022) මුල සිට අප්‍රේල් මස අග දක්වා ශ්‍රී ලංකාවේ මුළු  රාජ්‍ය ණය ප්‍රමාණය රුපියල් බිලියන  5720.7 කින් වර්ධනය වී ඇත.මේ අනුව මේ වසර (2022) මුල පැවැති රු. බිලියන 17589.4 ක් වූ මුළු රාජ්‍ය ණය ප්‍රමාණය, මේ වසරේ අප්‍රේල් මස අග වනවිට රු. බිලියන 23310.1 ක් දක්වා වර්ධනය වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නවතම වාර්ත...
"IOC – කේක් කපයි – අලුතෙන් ෂෙඩ්  94ක්"
"IOC අධ්‍යක්‍ෂ විග්යන් කුමාර්ඉන්දියන් ඔයිල් සමාගමට IOC අයත් තවත් ඉන්ධනහල් 94 ක්  ශ්‍රී ලංකාව තුළ අලුතෙන් ස්ථාපිත කිරීමට කටයුතු කරන බව ඉන්දියන් ඔයිල් සමාගමේ අධ්‍යක්‍ෂ විග්යන් කුමාර් (Vigyan Kumar) මහතා ඊයේ (18 දා) ප්‍රකාශ කළේය.මෙරට තුළ දැනට ඉන්දියන් ඔයිල් සමාගමට අයත් ඉන්ධනහල් 200 ක් පමණ පවතින බවත් ඒවාට අමතරව තවත් ඉන්ධනහ...
"Good Bye රැජිනියනි!"
"දෙවන එළිසබෙත් රැජන අද අවසන් ගමන් යයි. මේ එතුමිය නව හැවිරිදි ජෝර්ජ් කුමරු සමඟ සතුටු සාමිචියේ යෙදුණු අවස්ථාවකි. විලියම් කුමරුගේ වැඩිමහල් දරුවා වන ජෝර්ජ් කුමරු තම පියාගෙන් පසුව සිහසුනට හිමිකම් ලබයි. අනුප්‍රාප්තික අනුපිළිවෙළේ දෙවැනියා ඔහුය. "
"දෙවන එළිසබෙත් රැජනගේ රාජකීය අවමංගල්‍ය උළෙල අද"
"– රාජ්‍ය නායකයෝ රැසක්  ලන්ඩන් නුවරට එතිරුසියානු ජනපති පුටින්ට,  සිරියානු, වෙනිසියුලානු සහ  ඇෆ්ගනිස්තානයේ  නියෝජිතයකුට ඇරයුම් නෑදෙවන එළිසබෙත් රැජනගේ රාජකීය අවමංගල්‍ය උත්සවය අද (19දා) පැවැත්වේ. ඇගේ රාජකීය අවමංගල්‍ය උත්සවය බි්‍රතාන්‍ය වේලාවෙන් පෙ.ව. 11:00ට වෙස්ට්මිනිස්ටර් දේවස්ථානයේදී ඇරැඹේ.රැජනගේ අවමංගල්‍යය, දශක ගණනාවකට...
"සනීපාරක්‍ෂක තුවා  බදු කීපයක් ජනපති උපදෙසින් ඉවතට"
"ඇමැතිනි ගීතා කියයිරජයේ බදු ඉහළ නැංවීම නිසා කාන්තා සනීපාරක්‍ෂක තුවා මිල ඉහළ යෑමෙන් කාන්තාවන් මුහුණ දී ඇති දුෂ්කර තත්ත්වයට විසඳුම් ලබාදීමට වහා ක්‍රියාකරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මහා භාණ්ඩාගාරයට උපදෙස් දී තිබේ.එම සනීපාරක්‍ෂක තුවා සම්බන්ධයෙන් දැනට පවතින බදු කිහිපයක්ම මේ අනුව ඉවත් කෙරෙනු ඇති බව ඒ සම්බන්ධ...
"ආදර්ශවත් නායිකාවක් – අස්ගිරි මහ නාහිමිගෙන්  ශෝක පණිවුඩයක්"
"බි්‍රතාන්‍ය රාජකීයයන්ව මෙරට ජනතාව ඉතා ගෞරවයෙන් සලකනු ලබන බවත් විශේෂයෙන්ම කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ නව යුගයක් ගොඩනැගීමට දායක වූ දෙවන එළිසබෙත් මහ රැජනට මෙරට ජනතා හදවත් තුළ විශේෂ ස්ථානයක් හිමිව තිබෙන අතර ඇය ආදර්ශවත් නායිකාවක් බවත් අස්ගිරි මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඤාණරතන මහානාහිමියෝ රැජනගේ අභාවය නිමිත්තෙන් ශෝක පණිවිඩය...
"විස සහිත සහල් ගැන  මේ වසරේ මෙතෙක් පරීක්‍ෂණයක් කර නෑ"
"මාධ්‍ය වාර්තාවලට පදනම් වන්නේ 2017 කළ පරීක්‍ෂණයක ප්‍රතිඵලයක්  පළිබෝධනාශක රෙජිස්ට්‍රාර් ජනරාල් සහල්වල බැරලෝහ සාමාන්‍යයෙන් පවතින්නේ කුඩා ප්‍රමාණවලින් නිසා ඒවා මනින්නේ දශ ලක්ෂයට පංගුව බැගින් යැයි ද සීයට ගණන්වලින් බැරලෝහ මනින ක්‍රමයක් ලෝකෙ කොහේවත් හොයාගත නොහැකි අතර එය ප්‍රායෝගික නොවන බව ද වැඩබලන පළිබෝධනාශක රෙජිස්ට්‍රාර් ජන...
"ලන්ඩන් විහාරාධිපති හිමිගෙන්  තුන්වැනි චාල්ස් රජුට සුබ පැතුම්…"
"ශ්‍රී ලංකාව සාමාජිකත්වය දරන පොදුරාජ්‍ය මණ්ඩලයේ නව ප්‍රධානියා ලෙස, බකිංහැම් මාලිගයේ පෙරේදා (17දා) පැවති පිළිගැනීමේ උත්සවයකදී එරට ආගමික නායකයන් 30 දෙනකු අමතමින් තුන්වැනි චාල්ස් රජතුමා බි්‍රතාන්‍යයේ ‘විවිධත්වය ආරක්ෂා කිරීම’ තමාගේ පෞද්ගලික යුතුකමක් සේ සලකා කටයුතු කරන බව ප්‍රකාශ කළේය.ඡායාරූපයේ දැක්වෙන්නේ ලන්ඩන් බෞද්ධ විහාර...
"ජනපති ලන්ඩනයේ"
"දෙවන එළිසබෙත් රැජනගේ රාජකීය අවමංගල්‍යයට සහභාගි වීම සඳහා බි්‍රතාන්‍යයට ගොස් සිටින ජනපති රනිල් වික්‍රමසිංහ මහතා ලන්ඩන් නුවරදී මෙලෙස ඡායාරූපයට ලක්විණි. බි්‍රතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් සරෝජා සිරිසේන මහත්මිය ද ඡායාරූපයේ සිටී."
"පොලිසියේ  ගෙල සිඳින්න දේශපාලන  හෙංචයියෝ දඟලති"
"කැලණිය පොලිස් අධිකාරී බල ප්‍රදේශය තුළ අවංකව රාජකාරි ඉටුකරන පොලිස් ස්ථානාධිපතිවරුන් සහ නිලධාරීන් මාරුකර යැවීම සඳහා ප්‍රාදේශීය දේශපාලනඥයන් දැඩි උත්සාහයක යෙදී සිටින බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග පවසයි.මත්ද්‍රව්‍යවලට සම්බන්ධ වැටලීම්වලදී අත්අඩංගුවට ගන්නා සැකකරුවන් මුදාගැනීමට ද, රාත්‍රි සමාජ ශාලා හා සම්බාහන ආයතන වැටලීම් සිද...
"ආනයනික සහල් රේගුවෙන් මුදා හැරීමට පෙර පරීක්‍ෂාවට ලක් කරනවා – මිනිස් පරිභෝජනයට නුසුදුසු  සහල් පුවත බොරුවක්"
"වෙළෙඳ අමාත්‍යාංශයමනුෂ්‍ය පරිභෝජනයට නුසුදුසු සහල් මෙරටට ආනයනය කර ඇති බවට සිදුකරන පුවත්වල සත්‍යතාවක් නැතැයි වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්‍ෂිතතා අමාත්‍යාංශයේ උසස් නිලධාරියෙක් පැවසීය.මෙරට සහල් ආනයනය කර රේගුවෙන් මුදාහැරීමට පෙර සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර පරීක්‍ෂකවරුන්, කෘෂිකර්ම අමාත්‍යාංශයේ ශාක නිරෝධායන ඒකකයේ නිලධාරීන් ඇතුළු කිහ...
"වලානේ එස්අයි  ලෙස රඟපා මත් ජාවාරමකුගෙන්  කප්පම් ගන්න ගිය  – හිටපු නාවික සෙබළා දැලේ"
"වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයේ උප පොලිස් පරීක්‍ෂකවරයකු ලෙස පෙනීසිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගෙන් රුපියල් ලක්‍ෂ 05 ක කප්පමක්ගැනීමට උත්සාහ කළ හිටපු නාවික හමුදා සෙබළෙක් වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (18දා) සවස අත්අඩංගුවට ගෙන ඇත.අත්අඩංගුවට ගත් සැකකරු පිළිමතලාව ප්‍රදේශයේ පදිංචි 34 හැවිර...
"බඩු මිල  තීරණය කළ හැටි  හොයන්න  වෙළෙඳ ඇමැතිගෙන් උපදෙස්"
"වෙළෙඳපොළේ අලෙවි කරන භාණ්ඩවල මිල තීරණය කර ඇති ආකාරය සොයා බලන ලෙස වෙළෙඳ ඇමැති නලීන් ප්‍රනාන්දු මහතා පාරිභෝගික අධිකාරියට උපදෙස් දී ඇත.වෙළෙඳපොළේ අලෙවි කරන භාණ්ඩවල නිෂ්පාදනය, ප්‍රවාහනය ඇතුළු වියදම්වලට වඩා වැඩි ලාභයක් ලැබෙන ලෙස මිල තීරණය කර ඇති බවට ඇමැතිවරයාට පැමිණිලි ලැබීම නිසා ඒ ගැන සොයා බලන ලෙස පාරිභෝගික අධිකාරියට උපදෙස්...
"විදුලිබිල වැඩි කිරීමේදී පන්සල්වලට නැති සහනයක් ව්‍යාපාරිකයන්ට දීලා- මැදගොඩ අභයතිස්ස හිමි"
"විදුලි බිල වැඩි කිරීමේදී විහාරස්ථානවලටත් නැති සහනයක් ව්‍යාපාරික ස්ථානවලට ලබා දී ඇතැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිiාලයේ මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමියෝ ප්‍රකාශ කළහ.විහාරස්ථානයට මසකට රුපියල් 12,000 ක් ව පැවති විදුලිබිල රුපියල් 60,000 ක් වී ඇති බවත්, එම රුපියල් 60,000 නොසලකා මාසයක් ගානේ ගෙවමින් සිටි රුපියල් 12,000 බැගින් ගෙ...
"නොරොච්චෝලෙට ගල්අඟුරු දෙලොවක් අතර"
"නොරොච්චෝල ගල්අඟුරු බලාගාරයට අවශ්‍ය ගල්අඟුරු මෙරටට සපයනවාද? නැද්ද? යන්න ගල්අඟුරු ලබාදීමට එකඟවී සිටින සමාගම අද (19 දා) බලශක්ති අමාත්‍යාශයට දැනුම්දීමට නියමිත බව එම අමාත්‍යාංශයේ උසස් නිලධාරියෙක් පැවසීය.මුදල් ගෙවීමට මාස 06 ක සහන කාලයක් සමග අඩුම ටෙන්ඩරය ඉදිරිපත් කර තිබෙන මෙම සමාගමට එරෙහිව අධිකරණයට ගොස් ඇති නිසා එම සමාගම ගල්...
""හිර ගෙවල් කප් ගහයි: 13,200 කට ඇති ඉඩේ 24,000 ක්""
"මෙරට බන්ධනාගාරවල රඳවා තැබිය හැකි සමස්ත රැඳවියන් සංඛ්‍යාවට වඩා දැනට බන්ධනාගාරගතව සිටින පිරිස සියයට 180කින් පමණ ඉහළ ගොස් ඇතැයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි. මෙම 2022 වර්ෂයේ ආරම්භයත් සමග බන්ධනාගාරගත වන්නන්ගේ ප්‍රමාණය ශීඝ්‍ර ලෙස වර්ධනය වීම නිසා මෙම තත්ත්වය මතුව ඇතැයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක පාලන හා පුනරුත්ථාපන කොමසාරි...
"මෛත්‍රීපාල පාස්කු නඩුවේ සැකකරුවෙක් කෙරේ"
"ලබන 14 වැනිදා උසාවි කැඳවයි හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට ලබන මස 14 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා නොතිසි නිකුත් කිරීමට කොටුව මහෙස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා ඊයේ (16 වැනිදා) නියෝග කළේය. 2019.04.21 වැනිදා මුස්ලිම් අන්තවාදීන් විසින් කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයට එල්ල කළ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙ...
"පාස්කු ප්‍රහාරය ගැන ජිනීවා සමුළුවත් ස්වාධීන පරීක්ෂණයක් ඉල්ලයි"
"පාස්කු ප්‍රහාරය පිළිබඳව ජාත්‍යන්තර සහාය මත යුද හමුදාව පිළිබඳව ස්වාධීන පරීක්ෂණයක් ආරම්භ කළ යුතු බව වැඩබලන ජිනිවා මානව හිමිකම් කොමසාරිස් නඩා අල් නයිස් මානව හිමිකම් සමුළුව අමතා ප්‍රකාශ කර ඇත. 2019 අප්‍රේල් 21 සිදු වූ පාස්කු ප්‍රහාරය ගැන දෙස් විදෙස් ශ්‍රී ලාංකිකයන් ඇතුළු සංවිධාන 40ක් විසින් ජිනිවා මානව හිමිකම් කවුන්සිලයට ...
"ආර්ථිකය 8.4 කින් පස්සට යයි"
"මේ වසරේ (2022) දෙවන කාර්තුවේදී ශ්‍රී ලංකා ආර්ථිකය සියයට 8.4කින් සැලකිය යුතු පසුබෑමකට ලක්ව ඇත. මේ අනුව 2021 වසරේ දෙවන කාර්තුවේ රු. මිලියන 303,8855 ක් වූ දළ දේශීය නිෂ්පාදිතය මේ වසරේ (2022) දෙවන කාර්තුවේදී රු. මිලියන 278,2114 ක් දක්වා අඩුවී තිබේ. මෙම ඍණ 8.4ක ආර්ථික වර්ධනය නියෝජනය කරන කෘෂිකර්ම අංශය සියයට 8.4 කින් ද, කාර්ම...
"පුංචි ඡන්දය කැඳවන්න අගහරුවාදා සිට මැ.කො. ට බලය"
"නිල කාලය අවසන්වන පළාත් පාලන ආයතනවල ඡන්ද විමසීම ප්‍රකාශයට පත් කිරීමේ බලය ලබන අඟහරුවාදා (20) සිට මැතිවරණ කොමිෂන් සභාවට හිමිවෙයි. පළාත් පාලන ආයතනවල නිල කාලය පසුගිය පෙබරවාරි මස අවසන් වීමට නියමිතව තිබූ අතර පසුව පළාත් පාලන ඇමැතිවරයා විසින් තමන්ට හිමි බලතල ප්‍රකාරව තවත් වසරකින් නිල කාලය දීර්ඝ කරනු ලැබීය. මේ අනුව පළාත් පාලන ඡ...
"වී කුණු කොල්ලයට ජාවාරම ජයටම"
"යල කන්නයේ වී අස්වනු මිලදී ගැනීම සඳහා රජය මේ වන තෙක් කිසිදු වැඩපිළිවෙළක් ආරම්භ නොකිරීම නිසා මහා පරිමාණ සහල් මෝල් හිමියන් සහ පෞද්ගලික වෙළෙඳුන් වී කිලෝවේ මිල දවසින් දවස පහළ දමමින් තිබෙන බව පොළොන්නරුවේ ගොවීහු සහ ගොවි සංවිධාන කියා සිටිති. නාඩු වී කිලෝවක් සඳහා රුපියල් 120ක්, සම්බා වී කිලෝවක් සඳහා රුපියල් 125ක් සහ කීරි සම්බා...
"රසායනික කාබනික හවුල් වගාවට අනුමැතිය"
"එළඹෙන 2022/23 මහ කන්නයේ දී සියයට 30ක් කාබනික පොහොර හා සියයට 70ක් රසායනික පොහොර යොදා වී වගා කිරීමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් නිර්දේශ කර තිබේ. ඒ අනුව මහ කන්නයේ වී වගාවේ දී කාබනික පොහොර භාවිතා කිරීම දිරිමත් කිරීම සඳහා කාබනික පොහොර පමණක් භාවිතා කරන වී ගොවීන්ට රුපියල් විසිදහසක සහනාධාරයක් ලබා දීමට කෘෂිකර්ම, වනජීවී හා ව...
"ඔය කියන යකා මායාවක්: මේ හදන්නේ තව පෝලිමක් හදන්න – මුදිත පීරිස්"
"ගෑස් ගෙන ඒම සිදු කළේ විනිවිද භාවයකින් යැයි ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා පැවසීය. පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතා ජූලි මාසයේදී අඩු මිලට ගෑස් ලබාගැනීමට තිබියදී වැඩි මිලට ගෑස් මිලදී ගත් බවට චෝදනා එල්ල කළත් අඩු මිලට ලබාදෙන බව කියූ සමාගම ජූලි මාසයට මෙටි්‍රක් ටොන් 6,600ක් ලබාදිය හැකි බව පවසනවිට...
"මැති සබයේ විවාදයකදී සියල්ල හෙළි කරනවා"
"චරිත හේරත් විවාදයක් ඉල්ලයි ගෑස් මිලදී ගැනීමේදී සිදුවූ අක්‍රමිකතා පිළිබඳව පාර්ලිමේන්තු විවාදයක් ලබාදෙන ලෙස කෝප් කමිටු හිටපු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රි මහාචාර්ය චරිත හේරත් මහතා ඉල්ලා සිටියේය. 2022 ජුනි මාසයේ සිට ක්‍ෂණික ටෙන්ඩර් ලබාදීමේදී අක්‍රමිකතා රැසක් සිදුවී ඇති බවත් ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ පවත්වන විවාදයේදී හෙ...
"මෛත්‍රීපාලගේ වේවැල ලෑස්තියි – දයාසිරි කියයි"
"ආණ්ඩුවේ ඇමැති තනතුරු ලබාගත් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් පක්‍ෂ නායකත්වය ළඟදීම විනය පියවර ගනු ඇතැයි ශ්‍රීලනිප මහලේකම් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා “දිවයින ඉරිදා” සංග්‍රහයට පැවසීය. නිමල් සිරිපාල ද සිල්වා, මහින්ද අමරවීර, ශාන්ත බණ්ඩාර, රංජිත් සියඹලාපිටිය, ලසන්ත අලගියවන්න...
"ශ්‍රී ලංකාව හරහා ජෑස් සංගීත සවාරියක්"
"යුරෝපා සංගමය මෙම මස ශ්‍රී ලංකාවේත් 26 වැනිදා යෙදෙන යුරෝපීය භාෂා දිනය සැමරීමේ අරමුණින් ස්විට්සර්ලන්ත ඉතාලි හා ප්‍රංශ තානාපති කාර්යාල සහ අලියොන්ස් ෆ්‍රොන්සේස්, ඉන්ස්ටිටියුට් හා බ්‍රිතාන්‍ය කවුන්සිලය සමග එක්ව ශ්‍රී ලංකාවේ ප්‍රධාන නගර හරහා ජෑස් සංගීත සවාරියක් පවත්වනු ඇත. සාමකාමී හා අන්තර්ග්‍රාහී සමාජයක් උදෙසා යුරෝපා සංගමය...
"රැජනගේ අවමංගල්‍ය උත්සවය අද"
"බ්‍රිතාන්‍යයේ 2 වැනි එලිසබත් රැජනගේ අවමංගල උත්සවය හෙට (19 දා) රාජ්‍ය ගෞරව සහිතව ලන්ඩන් නුවර වෙස්මිනිස්ටර් ශාලාවේදී පැවැත්වේ. අවමංගල්‍ය උත්සවය පෙරවරු 11ට ආරම්භ වී 12ට අවසන් වේ. ලොව පුරා බිලියන 4.1ක ජනතාවක් මෙම අවමංගල්‍ය නරඹන බව බ්‍රිතාන්‍ය මාධ්‍ය කියා සිටී. ඇමරිකානු ජනපති ජෝ බයිඩන්, ජපානයේ නරාගිතෝ අධිරාජයා, බෙල්ජියමේ ප...
"පොලිස් අශ්වයන්ටත් ඩොලර් හරස්වෙයි"
"පොලිස් අශ්වාරෝහක අංශයට අශ්වයන් පස්දෙනකු ගෙන්වා ගැනීමට ගෙන තිබෙන තීරණයට ඩොලර් අර්බුදය තදින්ම බලපා තිබෙන බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් දිවයින ඉරිදා සංග්‍රහයට සඳහන් කළේය. ඒ අනුව මෙම අශ්වයන් මෙරටට ගෙන්වා ගැනීමට ගෙන ඇති තීරණය ගැටලු සහිත බව පොලිසිය කියයි. දැනට පොලිස් අශ්වාරෝහක අංශයෙහි අශ්වයන් 43 දෙනකු සේවයට යොදවා තිබෙන අතර...
"පාඩු ලබනවා කිය කියා විකිණුවේ ලාභ ලබන ආයතන"
"පාඩු ලබන ආයතන ලාභ ලැබීම සඳහා පෞද්ගලිකකරණ මුවාවෙන් පැමිණ හැම රජයක්ම සිදුකරනු ලැබුවේ ලාභ ලබන ආයතන පෞද්ගලීකරණය කිරීම යැයි ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ ප්‍රධාන ලේකම් ලෙස්ලි දේවේන්ද්‍ර මහතා පැවසීය. ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය බිහිවී වසර 67ක් වන බවත් එම ඉතිහාසය පුරාම දුටුවේ පවතින රජයන් පාඩු ලබන ආයතන ලාභ ලැබීම සඳහා යැයි කි...
"ආහාර කොමසාරිස්ට කෝටි දහයක ගබඩා පොලු වැදිලා"
"ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තුව විසින් රාජ්‍ය හා පෞද්ගලික ආයතන සඳහා බදුපදනම යටතේ ලබාදුන් ගබඩා 66ක් වෙනුවෙන් හිඟ ගබඩා කුලි වශයෙන් එකී ආයතනවලින් රුපියල් දසකෝටි අනූහතර ලක්‍ෂ හැත්තෑහයදහස් තිස්නවයක මුදලක් අයවීමට ඇති බැව් ජාතික විගණන කාර්යාලය පවසයි. ඉකුත් වර්ෂයේ (2021) දෙසැම්බර් මස 31 වැනිදා වනවිට මෙකී හිඟ බදුකුලී ආදායම අයවීම...
"එයාර් වයිස් මාර්ෂල් උදේනි රාජපක්ෂ ගුවන් හමුදාවේ දෙවැනියා"
"එයාර් වයිස් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නව මාණ්ඩලික ප්‍රධානී ලෙස පත් කර තිබේ. 1969 වසරේ උපත ලද එයාර් වයිස් මාර්ෂල් උදේනි රාජපක්ෂ, ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ සහ කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි. 1988 ඔක්තෝබර් 06 වැනි දින, 6 වැනි නිලධාරී ශිෂ්‍යභට බඳවාගැනීම් අංශයේ කැඩෙට් නිලධාරියකු ලෙස රත්මලා...
"සීදූවේ හිමියන් මරා වාහන සල්ලි උණ්ඩියල් ක්‍රමයට ඩුබායි යවලා"
"සීදුව වෑත්තෑව නන්දාරාම විහාරාධිපති මැදගමුවේ මහානාම හිමියන් ඝාතනය කිරීමේ සිද්ධියේ මහමොළකරුවන් බව කියන ඩුබායි රාජ්‍යයේ පදිංචිව සිටින මුස්ලිම් ජාතිකයකු සහ 23 හැවිරිදි තරුණියක අත්අඩංගුවට ගැනීමට ජාත්‍යන්තර පොලිසියේ සහාය ලබා ගැනීමට පොලිසිය කටයුතු කරමින් සිටියි. ඩුබායි හි සිටින 23 හැවිරිදි තරුණිය, විහාරාධිපති හිමියන් ඝාතනයේ ...
"මෛත්‍රිපාල පාස්කු නඩුවේ සැකකරුවෙක් කෙරේ"
"හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට ලබන මස 14 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා නොතිසි නිකුත් කිරීමට කොටුව මහෙස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා ඊයේ (16 වැනිදා) නියෝග කළේය. 2019.04.21 වැනිදා මුස්ලිම් අන්තවාදීන් විසින් කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයට එල්ල කළ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලබා පාදයක් ඉ...
"සමන්තා පවර් සංචාරය මත USAID සංවිධානයෙන් ඩොලර් මිලියන 65ක ආධාර"
"එක්සත් ජනපදය USAID සංවිධානය හරහා ශ්‍රී ලංකාවට වසර පහක කාලයක් පුරා අතිරේක ඇස්තමේන්තු ගත ඩොලර් මිලියන 65ක (ශ්‍රී ලංකා රුපියල් බිලියන 23ට අධික) ආධාර ලබා දෙන බව ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපතිනි ජුලී චන්ග් මහත්මිය ඊයේ ප්‍රකාශ කළාය. ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ USAID දූත මණ්ඩල අධ්‍යක්‍ෂ ගේබ්‍රියෙල් ග්‍රෝ මහතා සහ මුදල්, ආර්ථ...
"ලහිරු වීරසේකර මානව හිමිකම් යයි"
"කොල්ලුපිටිය ප්‍රදේශයේදී තමා අත්අඩංගුවට ගත් මොහොතේ පොලිස් ජීප් රිය තුළදී තමාට පහරදී මරන තර්ජනය කළ බව කියමින් සහ එදින තමා සමග තවත් පුද්ගලයකුගේ යතුරු පැදියේ යතුර පොලිසිය වෙත රැගෙන ගිය බව කියමින් වෙනසක තාරුණ්‍යයේ ජාතික සංවිධායක ලහිරු වීරසේකර මානව හිමිකම් කොමිසමට ඊයේ (16 වැනිදා) පැමිණිලි කර තිබේ. තවත් පුරවැසියකුට මෙවැනි පහ...
"යොහානි යළිත් බොලිවුඩය කලඹයි"
"බොලිවුඩ් පුරවරයේ අතිශය ජනප්‍රිය වූ යොහානි ද සිල්වාගේ ‘මැණිකේ මගේ හිතේ’ ගීතයේ හින්දි අනුවර්තන ගීතය ඇතුළත් ‘තෑන්ක් ගෝඩ්’ බොලිවුඩයේ නවතම චිත්‍රපටයේ වීඩියෝව නිකුත් කර පැයක් ඇතුළත එය නැරඹුම් වාර දශලක්‍ෂය පසුකර තිබේ. ‘තෑන්ක් ගෝඩ්’ චිත්‍රපටය ලබන ඔක්තෝබර් 25 වැනිදා තිරගත වීමට නියමිතය. යොහානි මෙම ගීතය ගායනා කර ඇත්තේ ටී. සීරීස්...
"කුසගින්නත් අඩු වන බරත් අඩු වන ක්‍රමයක් හමුවෙයි"
"උදෑසන ආහාරයට බර ආහාරයක් ගෙන රාත්‍රී ආහාරයට සැහැල්ලු සුළු ආහාරයක් ගැනීමෙන් කුසගිනි ඇති වීම අඩු කර ශරීරයේ බර අඩු කර ගැනීමට ද හැකි වන බව එංගලන්තයේ ඇබර්ඩීන් විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් කණ්ඩායමක් විසින් සිදු කරන ලද නවතම අධ්‍යයනයකදී අනාවරණය කර ගෙන තිබේ. දවසේ කුමන වේලාවක බර ආහාරයක් අනුභව කළ ද ශරීරයෙන් දහනය වන කැලරි ප්‍රමාණය එ...
"හිටපු ඩී. අයි. ජී. වාස්ගේ බිරිඳට වරෙන්තු"
"අධිකරණය හමුවේ පෙනී නොසිටි හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතාගේ බිරිඳ වන ශ්‍යාමලි පෙරේරා ගුණවර්ධන හා උප පොලිස් පරීක්ෂක ඉන්දික පුෂ්ප කුමාර යන විත්තිකරුවන් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා ඊයේ (16 දා) වරෙන්තු නිකුත් කළේය. මාලබේ සයිටම් ආයතනයේ සිසුවකුව සිටි නිපුන...
"ගීතාට දීපාගෙන් සුබ පැතුම්"
"කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ධුරයේ වැඩභාරගත් ප්‍රවීණ රංගන ශිල්පිනී ගීතා කුමාරසිංහ මහත්මියට කොළඹ මහනගර සභාවේ නාගරික මන්ත්‍රී මැද කොළඹ කාන්තා බල මණ්ඩලයේ සභාපතිනී දීපා එදිරිසිංහ මහත්මිය බත්තරමුල්ලේ පිහිටි කාන්තා කටයුතු අමාත්‍යාංශයේදී සිය සුබපැතුම් එක්කළ අයුරු. ඡායාරූපය – සුසිල් ඉලේපෙරුම"
"අලුත් මහ නගර සභා හතක් ගැසට් කෙරේ"
"සෑම පරිපාලන දිස්ත්‍රික්කයකම අග නගරය මහ නගර සභාවක් ලෙස සංවර්ධනය කිරීමේ වැඩපිළිවෙළ යටතේ දිස්ත්‍රික්ක 7ක අග නගර 7ක්, මහ නගර සභා ලෙස උසස් කිරීමේ පළමු අදියරේ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ. අගමැති දිනේෂ් ගුණවර්ධන මහතාගේ සංකල්පයට අනුව මෙය ක්‍රියාවට නැංවෙයි. මහ නගර සභා ලෙස උසස්වීම් ලැබූ නගර සභා 7න්, පළමු ගැසට් නිවේදන නිකුත් වී...
"ජෙයාරාජ් – රවිරාජ් ඝාතන ගැන කියන්න පිල්ලයාන්ගේ කරුණාගේ සගයෝ ජිනීවා යති"
"ශ්‍රී ලංකාව බරපතළ අර්බුදයකට ලක්කරමින් හිටපු දේශපාලනඥයකු වූ ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ, ජෝශප් පරරාජසිංහම් සහ නවරාජ් රවිරාජ් ඝාතන පිළිබඳව වගකිවයුත්තන් කවුදැයි යන්න ගැන කරුණා සහ පිල්ලේයාන්ගේ සගයන් පිරිසක් ජිනීවා මානව හිමිකම් සමුළුව වෙත තොරතුරු හෙළි කර ඇත. මෙරට නීති සංග්‍රහයේ ප්‍රධානයෙකු වන ජිනීවා වෙතින් මෙම තොරතුරු වාර්තා ...
"නෙළුම් කුලුන පළමු දවසේ මිලියන 1.5ක් සොයයි : විදේශිකයෝ 21ක් ඇවිත්"
"මහජනතාවට විවෘත කෙරුණු දකුණු ආසියාවේ උසම ගොඩනැඟිල්ල ලෙස සැලකෙන නෙළුම් කුලුන නැරඹීම සඳහා ප්‍රවේශ පත්‍ර අලෙවි කිරීමෙන් පෙරේදා (15 දා) පළමු දිනයේ රුපියල් මිලියනය ඉක්මවූ ආදායමක් උපයා තිබේ. ඒ අනුව නෙළුම් කුලුන පළමු දිනයේ ආදායම රුපියල් ලක්‍ෂ 15කට ආසන්න බව නෙළුම් කුලුන පෞද්ගලික සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි විශ්‍රාමික මේජර් ජ...
"රැජනගේ අවමගුල් උළෙල ලොව පුරා සජීවීව"
"බ්‍රිතාන්‍යයේ 2 වැනි එළිසබත් රැජනගේ අවමංගල්‍ය ලබන සඳුදා ලන්ඩන් නුවර වෙස්මිනිස්ටර් ශාලාවේදී පැවැත්වේ. 2000කට අධික රාජ්‍ය නායකයන් සහ ප්‍රභූන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙම අවමඟුල බි්‍රතාන්‍ය ඉතිහාසයේ සිදුවන විශාලතම රාජ්‍ය අවමඟුල වේ. රූපවාහිනි සේවා 1000කට අධික සංඛ්‍යාවක් මෙය සජීවී ලෙස ලොව පුරා විකාශනය කෙරේ. දහවල් 11ට ආරම...
"සෞඛ්‍ය අමාත්‍යාංශය අනුන්ගේ කුලීත් ගෙවලා"
"සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් බදු පදනම යටතේ ලබාගත් ගොඩනැගිල්ලක තක්සේරු වාර්තාවේ ගොඩනැගිල්ලේ අලුත්වැඩියාව හා වරිපනම් බදු ගොඩනැගිල්ලේ හිමිකරු විසින් දැරිය යුතු බව සඳහන් කර තිබුණ ද ඒ පිළිබඳ කිසිදු සැලකිල්ලක් නොදක්වා ගොඩනැගිල්ලේ නඩත්තුව වෙනුවෙන් රුපියල් 20,830,293ක මුදලක් ගොඩනැගිලි හිමිකරුට සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ගෙවා ඇති බව ජා...
""මියන්මාරයේ ආචාර්ය අශීන් ඥානිස්සර හිමිගෙන් ශ්‍රී ලංකාවට ඇ. ඩොලර් 10,000 ක පරිත්‍යාගයක්""
"ශ්‍රී ලංකාවේ ජනතාවට අවශ්‍ය අත්‍යවශ්‍ය ඖෂධ සහ ආහාර ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා මියන්මාරයේ සිටගු සයදාව් හි උප සංඝරාජ ස්වාමීන්‍ද්‍රයන් වන අතිපූජ්‍ය ආචාර්ය අශීන් ඥානිස්සර හිමි 2022 සැප්තැම්බර් 09 වැනි දින ශ්‍රී ලංකා රජය වෙත ඇ. ඩො. 10,000 ක (ඇමරිකානු ඩොලර් දස දහසක්) (ආසන්න වශයෙන් ශ්‍රී ලංකා රුපියල් 3,679,200/=) මුදලක් පරිත්‍...
"සමන්තා පවර් කියන වෙනස අරගල බිමට ගිහින් කිව්වා නම් ඇයවත් අත්අඩංගුවට ගනීවි"
"රට තුළ ආර්ථික හා දේශපාලන වෙනසක් අවශ්‍ය බව පසුගියදා මෙහි පැමිණි ජාත්‍යන්තර සංවර්ධනය සඳහා මෙහි පැමිණි ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිත ආයතනයේ පරිපාලක සමන්තා පවර් ප්‍රකාශ කර තිබුණා. ඇය අපේක්‍ෂා කරන වෙනස ‘වෙනස්’ වුවත් ගාලුමුවදොර අරගලයක නිරතවූ තරුණ පිරිසත් එදා එවැනි වෙනසක් ඉල්ලුවා. හැබැයි සමන්තා පවර් ගාලු මු...
"ඉන්ධන මිල අඩු වුණොත් විදුලි බිලේ අඩුවක්"
"ඉදිරියේදී ඉන්ධන මිල අඩු වුවහොත් දැනට ඉහළ ගොස් තිබෙන විදුලි බිලෙන් සහනයක් ලැබෙන බව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා දිවයිනට ඊයේ (16 දා) පැවසීය. ඉහළ ගොස් තිබෙන විදුලිබිල පිළිබඳව රටේ නන්දෙසින් දෝෂාරෝපණ සහ දුක්ගැනවිලි අසන්නට ලැබීම ගැන ජනක රත්නායක මහතාගෙන් විමස මොහොතේ ඒ මහතා එසේ ප්‍රකාශ කළේය. විදුලි...
"ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට ආර්ථික අපරාධ නිසා මානව හිමිකම් උල්ලංඝනය වෙලා"
"සිදුවූ ආර්ථික අපරාධය නිසා ශ්‍රී ලංකාවේ මිනිස්සුන්ට කන්න නෑ, ජීවත් වෙන්න බෑ, බෙහෙත් නෑ. මේ මහා විශාල ආර්ථික අර්බුදය නිසා ඉතිහාසයේ පළමු වතාවට ශ්‍රී ලාංකිකයන්ගේ මානව හිමිකම් උල්ලංඝණය වෙලා යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවසීය. විපක්ෂ නායක කාර්යාලයේ ඊයේ (16 දා) පැවති මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් අදහස් ද...
"වංචා දූෂණවලින් බිඳ වැටෙන රාජ්‍ය ආයතනවල පව් මහජනතාවට කරගහන්න වෙලා"
"අත්තනෝමතික ලෙස විදුලි බිල ඉහළ නැංවීම ගහෙන් වැටුණු මිනිහාට ගොනා ඇන්නා වැනි සිද්ධියක් යැයි දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියෝ පවසති. වැඩිවූ විදුලි බිල දරාගත නොහැකි නිසා එය ගෙවීමෙන් වැළකී සිටින බවද උන්වහන්සේ කීහ. මහනුවරදී පෙරේදා (15 දා) මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් සෝභිත හිමියෝ මේ බව ප්‍රකාශ කළහ. විද...
"රජයේ ඉදිකිරීම් ආයතන තුනට මිලියන 17242 ක පොල්ලක්"
"රජය සතු ප්‍රධාන ඉදිකිරීම් ආයතන තුන සඳහා රාජ්‍ය ආයතනවලින් රුපියල් මිලියන 17,242ක මුදලක් ලැබීමට ඇති බැව් මුදල් ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය මගින් 2021 වර්ෂයට අදාළව නිකුත් කර ඇති වාර්ෂික වාර්තාවේ සඳහන් වෙයි. රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව, ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශන කාර්යාංශය හා රාජ්‍ය සංවර්ධන...
"ලොකු හාමුදුරුවෝ මරලා ඩුබායි පෙම්වතිය ළගට යන්න හැදුවා"
"‘ලොකු හාමුදුරුවො මරලා වාහන දෙක රුපියල් කෝටි 2කට විකුණලා ඩුබායි ඉන්න මගේ පෙම්වතිය ළඟට යන්න මම සැලසුම් කරගෙන හිටියා’ යැයි සීදුව වෑත්තෑව නන්දරාම විහාරාධිපති මැදගමුවේ මහානාම හිමියන් ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරුවකු බව කියන 19 හැවිරිදි චීවරධාරියා පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ ඊයේ (15 දා) පාපොච්චාරණය කර ඇත. මහානාම හිමි...
"යාගොඩදී යකඩ යකාගේ ඇමිණී කාර් එක දුම්රියපළටම එයි… ව්‍යාපාරිකයා මරුට"
"ගම්පහ යාගොඩ දුම්රිය හරස් මාර්ගයේදී නුවර – කොළඹ නගරාන්තර ශීඝ්‍රගාමී දුම්රියේ මෝටර් රථයක් ගැටීමෙන් ඊයේ (15 දා) පස්වරු 5.00 ට පමණ වූ අනතුරකින් මෝටර් රථ රියැදුරු මරුමුවට පත්වී තිබේ. අනතුරින් මියගොස් ඇත්තේ ගම්පහ, ඉහළ යාගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි 41 හැවිරිදි සුජිත් හර්ෂණ නමැති ව්‍යාපාරිකයෙකි. අදාළ ස්ථානයේ දුම්රිය ගේට්ටු නොම...
"රෝහල් අවදානමේ : එස්පීසී බෙහෙත් පොල්ල බිලියන 45 ක්!"
"සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ පවතින රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවට ඖෂධ සැපයීම නිසා රුපියල් බිලියන 45 කට වැඩි මුදලක් සැපයුම්කරුවන්ට ගෙවීමට අමාත්‍යාංශයට සිදුව ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශ ආරංචි මාර්ග පවසයි. මෙවැනි විශාල මුදලක් ගෙවීමට තිබෙන නිසා එම සැපයුම්කරුවන් තවදුරටත් ඖෂධ සැපයීමට නොහැකි බව පවසන බවත් එම නිසා රෝහල්වලට අවශ්‍ය ඖෂධ ඇතුළු...
"නෙලුම්කුලුන මහජනතාවට විවෘත වෙයි …."
"කොළඹ නෙළුම් කලුන මහජනතාව සඳහා ඊයේ (15දා) සවස සිට විවෘත විය. ඊට පෙර සංචාරක ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා එහි නිරීක්‍ෂණ චාරිකාවක යෙදුණේය. එම අවස්ථාවට කොළඹ නෙළුම් කලුන කළමනාකරණ සමාගමේ (Colombo Lotus Tower Management Pvt. Ltd.) අධ්‍යක්‍ෂ හා ප්‍රධාන විධායක නිලධාරි මේජර් ජෙනරාල් ප්‍රසාද් සමරසිංහ, ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන ක...
"අකාර්යක්‍ෂම ඒවා විකුණනවා නම් කැබිනට් එකයිත් විකුණන්න වේවි – අනුර කුමාර දිසානායක"
"අකාර්යක්ෂම සහ පාඩු ලබනවා යන ආණ්ඩුවේ තර්කයට අනුව ඛනිජ තෙල් සංස්ථාව, ලංකා විදුලිබල මණ්ඩලය ඇතුළු රාජ්‍ය ආයතන විකුණන්නේ නම් අකාර්යක්ෂම පොලිසිය වැනි ආයතනත් පාඩු ලබන මහ බැංකුවත් කැබිනට් මණ්ඩලයත් විකුණා දැමීමට සිදු වනු ඇති බව ජාතික ජන බලවේගයේ සහ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පෙරේදා ( 14 වැනිදා) සඳහන් කළ...
"යුක්‍රේන ජනපති රිය අනතුරක"
"රිය අනතුරකට ලක්වූ යුක්‍රේන ජනපති ව්ලැදීමීර් සෙලෙන්ස්කි මහතා සුළු තුවාල ලබා ඇත. ජනපතිවරයා ගමන්ගත් රථ පේළියේ වෙනත් රථයක් ගැටීම හේතුවෙන් මේ අනතුර සිදුව තිබේ. පෙරේදා දින යුක්‍රේන අගනුවර කියෙව් හිදී අනතුර සිදුව ඇත. ජනපතිවරයා පෙරමුණ වෙත ගමන් කරමින් සිටින විටදී මෙම අනතුර සිදුවී තිබේ.චතුර පමුණුව"
"අලුතෙන් කැසිනෝ බලපත්‍ර"
"කැසිනෝ කර්මාන්තය සඳහා නව බලපත්‍ර ලබා දීමට රජය තීරණය කර ඇත. කැසිනෝ කර්මාන්තය නීත්‍යානුකූල කිරීමට සහ නියාමනය කිරීමට මෙන්ම සුදුසුකම් ලබන නව තරගකරුවන්ට ක්‍රියාත්මක වීමට බලපත්‍ර ලබාදීම අරමුණු කරගනිමින් රජය විසින් නව නීති ගැසට් කර තිබේ. දැනට ශ්‍රී ලංකාවේ කැසිනෝ කර්මාන්තයේ නිරත වීම සඳහා බලපත්‍ර ඇත්තේ දෙදෙනකුට පමණි. 2010 අංක ...
"වන අලි ගහනය 7000 ට නගී"
"ශ්‍රී ලංකාවේ වන අලි ගහනය මේ වන විට 7000 දක්වා ඉහළ ගොස් ඇතැයි වනජීවී දෙපාර්තමේන්තුව සඳහන් කරයි. මෙතෙක් ශ්‍රී ලංකාවේ වන අලි ගහනය සඳහන් වූයේ 5600ක් පමණ ලෙසය. කෘෂිකර්ම, වනජීවී හා වනසම්පත් සංරක්ෂණ ඇමැති මහින්ද අමරවීර මහතා සමග වනජීවී දෙපාර්තමේන්තුව පැවැති සාකච්ඡාවකදී නව දත්ත හෙළි විය. එමෙන්ම ශ්‍රී ලංකාවේ සිටින දළ ඇතුන් ප්‍ර...
"කොටස් වෙළෙඳපොළ ඒකක 10000 ඉක්මවයි"
"කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය ඊයේ (15දා) ඒකක දසදහස සීමාව ඉක්මවා ගියේය. මේ අනුව ඊයේ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු අවසානයේ සියලු කොටස් මිල දර්ශකය ඒකක 10,072.38 දක්වා ඒකක 158.26 කින් ඉහළ ගොස් තිබේ. මෙරට කොටස් වෙළෙඳපොළ ඉතිහාසයේ සියලු කොටස් මිල දර්ශකය ඒකක දස දහස සීමාව මුලින්ම ඉක්මවා ගියේ 2021 ඔක්තෝබර් 25 වැනිදා වන අ...
"ශ්‍රී ලංකාව ඉන්දියානු සාගර කලාපයේ නාවික වාණිජ කේන්ද්‍රස්ථානයක් බවට පත්කරනවා"
"ඉන්දියානු සාගර කලාපයේ ආරක්ෂාව තහවුරු කරමින් ලෝකයට විවෘත කර, බලගතු ආසියාවක් නිර්මාණය කිරීමට සැලසුම් සකස් කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය. ඉන්දියානු සාගර කලාපයේ නාවික නිදහස තහවුරු කරමින්, ශ්‍රී ලංකාව නාවික වාණිජ කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීමට කටයුතු කළ යුතු බව ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය. ජනාධ...
"ආණ්ඩුව කරඅරිනවා සහල් මාෆියාකාරයෝ තුට්ටු දෙකට වී ගන්නවා"
"අස්වනු නෙළමින් තිබෙන මේ අවස්ථාවේ වී මිලදී ගැනීම සඳහා ආණ්ඩුව මුදල් වෙන් නොකිරීම නිසා සහල් මාෆියාවේ කප්පිත්තන් එහි වාසි ලබමින් ගොවියාගේ වී ටික තුට්ටු දෙකට ගැනීමට පටන්ගෙන ඇතැයි ගොවි අරගල ව්‍යාපාරයේ මෙහෙයුම් කමිටු සාමාජික ආර්. කේ. ඉන්ද්‍රානන්ද ද සිල්වා මහතා පොලොන්නරුවේ මාධ්‍ය හමුවක දී ප්‍රකාශ කළේය. මේ වතාවේත් නිසි කලට පොහ...
"නොරොච්චෝලෙට ටෙන්ඩර්වලින් පිට ගල් අඟුරු ගන්න යයි"
"නොරොච්චෝල බලාගාරයට අවශ්‍ය ගල් අඟුරු සංචිත ලබන මස 20 වැනිදා වනවිට අවසන් වන බැවින් නිසි ටෙන්ඩර් පටිපාටියෙන් බැහැරව ක්‍ෂණික මිලදී ගැනීම් යටතේ ගල්අඟුරු මිලදී ගැනීමට විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය කටයුතු ආරම්භ කර ඇත. ගල්අඟුරු මිලදී ගැනීම සඳහා මසකට අවශ්‍ය වන ඇමරිකානු ඩොලර් මිලියන 95 ක මුදල හෝ ඒ සඳහා එක ඩොලරයක්වත් ලබාදීමට න...
"ආණ්ඩුව කරඅරිනවා සහල් මාෆියාකාරයෝ තුට්ටු දෙකට වී ගන්නවා"
"අස්වනු නෙළමින් තිබෙන මේ අවස්ථාවේ වී මිලදී ගැනීම සඳහා ආණ්ඩුව මුදල් වෙන් නොකිරීම නිසා සහල් මාෆියාවේ කප්පිත්තන් එහි වාසි ලබමින් ගොවියාගේ වී ටික තුට්ටු දෙකට ගැනීමට පටන්ගෙන ඇතැයි ගොවි අරගල ව්‍යාපාරයේ මෙහෙයුම් කමිටු සාමාජික ආර්. කේ. ඉන්ද්‍රානන්ද ද සිල්වා මහතා පොලොන්නරුවේ මාධ්‍ය හමුවක දී ප්‍රකාශ කළේය. මේ වතාවේත් නිසි කලට පොහ...
"ගංගොඩවිල ළමා නිවාසය විකුණන් කෑමට සූදානමක"
"ජාතික උරුමයන් රැකීමේ සම්මේලනයේ කැඳවුම්කරු ජනක බෝධිනන්ද ගුණතිලක ගංගොඩවිල ළමා නිවාසය වසා දමා එම ස්ථානය විකුණන් කෑමේ පළමු පියවර ලෙස එම ස්ථානයේ නේවාසිකාගරයක් ස්ථාපිත කිරීමට බෞද්ධ මහා සම්මේලනයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය සූදානම් වන බව, ජාතික උරුමයන් රැකීමේ මහා සම්මේලනයේ කැඳවුම්කරු ජනක බෝධිනන්ද ගුණතිලක මහතා පැවසීය. මෙම නේවාසිකාගා...
"හම්බන්තොට මාගම්පුර වරාය හමුදා නැව් තොටක් නොවේ"
"ජනාධිපති රනිල් වික්‍රමසිංහ කියයි හම්බන්තොට මාගම්පුර වරාය වාණිජ්‍යමය අරමුණින් ක්‍රියාත්මක වන වරායක් මිස හමුදා නැව්තොටක් නොවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරයි. ජනපතිවරයා මේ බව සඳහන් කළේ පෙරේදා (14 දා) දිනයේ ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාලයේ උපාධි ප්‍රදානෝත්සවට සහභාගි වෙමිනි. ඉන්දියානු සාගර කලාපයේ චීනය විසින් ම...
""දෝහා නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ”Explore Sri Lanka” – Qatar  MENASA 2022, ‘Years of Culture’ උළෙල""
"”Explore Sri Lanka”- Qatar MENASA 2022, ‘Years of Culture’ නමින් දෙදිනක් මුළුල්ලේ පැවැති ශ්‍රී ලංකාවේ සංස්කෘතික උත්සවයක්, දෝහා-කටාර්හි අධ්‍යාපන නගරයේදී පැවැත්විණි. දෝහා හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ශ්‍රී ලාංකික ප්‍රජා සංවිධාන සමග එක්ව මෙම උත්සවය සංවිධානය කළේය. ශ්‍රී ලංකාවේ අත්කම් භාණ්ඩ, බතික්, විවිධ පිත්තල භාණ්ඩ සහ ...
"අරගලය ගැන කනගාටුවක් වගේම එක පැත්තකින් සතුටක් තියෙනවා"
"අරගලයට වගකිව යුත්තන් දේශපාලඥයන් පමණක් නොවන බවත් හිටපු ජනාධිපති ලේකම්, මුදල් අමාත්‍යංශ ලේකම් සහ මහ බැංකු අධිපති ඇතුළු ඇතැම් රාජ්‍ය නිලධාරීන් බව රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කරයි. රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා මෙම අදහස් පළ කළේ ඉකුත් මැයි 09 වෙනි දින කලහකාරී පිරිස් විසින් දංකොටුව නගරයේ සිය නි...
"සක්විති දඩ ගෙවා ගෙදර යයි"
"තම අධිකරණය විසින් පෙරේදා (14 දා) නියම කරන ලද රුපියල් ලක්‍ෂ තුනක දඩ මුදල ගෙව් පසුව ප්‍රකට උපකාරක පන්ති ගුරුවරයකු වන සක්විති රණසිංහ හෙවත් චන්දන වීරකුමාර සහ ඔහුගේ බිරිඳ වන කුමාරි අනුරාධිනි යන විත්තිකරුවන් දෙදෙනා මුදාහැරීමට කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා ඊයේ (15 දා) නියම කළේය. නීතිඥ රවින්ද්‍ර සෙනරත් මහතා මාර්ගයෙන...
"කපුටු කාක් කාක්… හෝන් එකට චෝදනා ලැබූ නීතිඥයා නිදහස්"
"නීතිය හරියට හොයලා නඩු දාන්නපොලිසියට උසාවියෙන් දැඩි අවවාදහිටපු ජනපතිත්, වත්මන් ජනපතිත් මෙවැනි විරෝධතා කළා – විත්තියේ නීතිඥවරුනීතිඥවරු 50කට අධික පිරිසක් සැකකරු වෙනුවෙන් පෙනී සිටිතිමෑතකදී රටපුරා ක්‍රියාත්මක වූ ජන අරගලයේදී ජීවිත පූජා කළ හා තුවාල ලැබූ අරගලකරුවන් සිහිපත් කිරීම සඳහා ගාලුමුවදොර පිටියේ පැවැති සැමරුමකදී තමන් සි...
"ජිනීවා සමුළුව – ශ්‍රී ලංකාවට එරෙහි දේශපාලන සංවිධානයක්"
"රුසියාව – චීනය ඇතුළු  රටවල් 5ක් කෙලින්ම කියතිජිනීවා මානව හිමිකම් කවුන්සිලය ශ්‍රී ලංකාවට එරෙහිව දේශපාලන සංවිධානයක් ලෙස ක්‍රියාකරන බව රුසියාව, චීනය, ඉරානය, සිම්බාබ්වේ සහ නයිජිරියාව යන රටවල් මානව හිමිකම් සමුළුව අමතා ප්‍රකාශ කර ඇත.මෙසේ ප්‍රකාශ කිරීමට හේතුවී ඇත්තේ ආරක්‍ෂක හමුදාව අඩු කිරීම, ආරක්‍ෂක වැය ශීර්ෂය කපා හැරීම, ආරක...
"චිත්‍රපටවලට දුන්  කෝටි හතෙන් කෝටි  6 1/2කට වැඩිය බොල් ණය"
"අයකර ගන්න මුකුත් කරලා නෑ විගණනයෙන් හෙළිවෙයිජාතික චිත්‍රපටි සංවර්ධන අරමුදල මගින් චිත්‍රපටි නිෂ්පාදනය හා සිනමාශාලා සඳහා රුපියල් හත්කෝටි තිස්එක් ලක්ෂ පනස්පන්දහස් හත්සිය විසිහතරක (73,155,724) ණය මුදලක් ලබාදී ඇතත් ඉන් බොල් ණය හා අඩමාන ණය ලෙස රුපියල් හයකෝටි හැත්තෑදෙලක්‍ෂ හැට අටදහස් තුන්සිය හැත්තෑ දෙකක් (67,268,372ක්) වෙන්කො...
"රාජ්‍ය සේවකයන් හැටෙන් යවයි"
"රාජ්‍ය සේවයේ අනිවාර්ය විශ්‍රාම යෑමේ වයස් සීමාව 60 බවට සඳහන් කරමින් රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් ප්‍රියන්ත මායාදුන්න මහතා විසින් ඊයේ (14 දා) චක්‍රලේඛයක් නිකුත් කරනු ලැබීය.මෙම චක්‍රලේඛයට අනුව නව විශ්‍රාම යෑමේ වයස් සීමාව ලබන ජනවාරි මස 01 වැනිදා සිට ක්‍රියාත්මක වෙයි.රාජ්‍ය සේවයේ...
"ආරක්‍ෂක වැය අඩුකර ත්‍රස්ත පනත ඉවත් කරන්නැයි වාර්තාවක්"
"ආරක්‍ෂක වැය අඩු කරන ලෙසත් ත්‍රස්ත මර්දන පනත වෙනුවට වෙනත් පනතක් කෙටුම්පත් කරන ලෙසත් ඉල්ලමින් පිටු 16 කින් යුත් වාර්තාවක් ජිනීවා මානව හිමිකම් සමුළුව හමුවේ ඊයේ  (14 දා) ඉදිරිපත් කර ඇත.ජිනීවා වැඩ බලන මානව හිමිකම් කොමසාරිස් නාඩා අල් නෂීර් ඉදිරිපත් කළ මෙම වාර්තාවෙන් මෙරට මානව හිමිකම්වලට අමතරව ආරක්‍ෂක, ආර්ථික සහ දේශපාලන කටයු...
"ජනපති මැඳුරේ බඩුවලට හානිය කෝටි 2 1/2 ක් – සී. අයි. ඩීය අධිකරණයට දන්වයි"
"අරගලකරුවන් පසුගිය ජූලි 9 වැනිදා ජනාධිපති මන්දිරයට බලහත්කාරයෙන් කඩාවැදීමෙන් අනතුරුව එහි තිබූ භාණ්ඩවලට සිදු වී ඇති අලාභය මෙතෙක් සිදු කළ තක්සේරුව අනුව රුපියල් කෝටි දෙකහමාරකට අධික බවට හෙළි වී ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (14 දා) කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතාට වාර්තා කළේය. භාණ්ඩවලට අමතරව ජනාධිපති මන්දිරයේ ගො...
"ලොවේ සැමා එකම දැයේ…. – ප්‍රවීණ ගීත රචක ආනන්ද පද්මසිරි අභාවප්‍රාප්ත වෙයි"
"සම්මානනීය ගීත රචකයකු ප්‍රවීණ පුවත්පත් කලාවේදියකු, සිනමා විචාරකයකු හා ලේඛකයකු වූ ආනන්ද පද්මසිරි මහතා ඊයේ (14 දා) අලුයම හෘදයාබාධයකින් අභාවප්‍රාප්ත වී තිබේ. එච්. ආර්. ජෝතිපාලයන් ගයන නව එළියක් නව උදයක් රට ජාතිය  පිබි දෙනවා, මිල්ටන් මල්ලවආරච්චි ගයන සීතල හිම රටේ රූකාන්ත – චන්ද්‍රලේඛා… ගයන නිල් තරු නෙතු හිනැහෙ, නිරෝෂා විරාජි...
"නාමල්ට එරෙහි නඩුවේ සාක්‍ෂි විභාගය දෙසැම්බරයට කල් යයි"
"රුපියල් මිලියන 30 ක මුදලක් අයථා ලෙස උපයා ගැනීම ඇතුළු අධිචෝදනා 11 ක් යටතේ හිටපු ඇමැති නාමල් රාජපක්‍ෂ මහතා ඇතුළු විත්තිකරුවන් පස්දෙනකුට හා නාමල් රාජපක්‍ෂ මහතාට අයත් ගවර්ස් කෝපරේට් සර්විසස් සමාගමට එරෙහිව මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ නීතිපතිවරයා විසින් පවරා ඇති නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය ලබන දෙසැම්බර් මස 08 දා ...
"සක්විති රණසිංහ චෝදනා 11ටම වරද පිළිගනී – වසර 22ක අත්හිටුවූ සිරදඬුවම්  බිරිඳටත් දඬුවම් ලැබෙයි"
"ශ්‍රී ලංකා මහ බැංකුවේ අනුමැතියකින් තොරව මූල්‍ය සමාගමක් පිහිටුවා අධික පොලියක් ලබාදෙන බවට පොරොන්දු වී විවිධ පුද්ගලයන්ගෙන් රුපියල් ලක්‍ෂ ගණනින් මුදල් තැන්පත්කර ගැනීම ඇතුළු අධිචෝදනා 11කට වරද පිළිගත් ප්‍රකට උපකාරක පන්ති ගුරුවරයකු වන සක්විති රණසිංහ නමැත්තාට බරපතළ වැඩ සහිත වසර 22 ක සිරදඬුවම් නියම කළ කොළඹ මහාධිකරණ විනිසුරු අම...
"කොටස් වෙළෙඳ පොළේ විදෙස් ආයෝජන ඉහළ යයි"
"මේ සතියේ මුල් දින තුනේ කොළඹ කොටස් වෙළෙඳ පොළේ කොටස් සඳහා විදේශීය ආයෝජන සැලකිය යුතු ලෙස ඉහළ ගොස්, ඔවුන්ගේ කොටස් විකිණීම් අඩුවී ඇතැයි වාර්තා වේ.මේ අනුව මේ සතියේ මුල් දින තුනේදී රු. මිලියන 906 ක පමණ විදේශීය ආයෝජන ප්‍රමාණයක් කොටස් වෙළෙඳ පොළට ගලාගෙන පැමිණ තිබේ.ඒ සමඟම විදේශ ආයෝජන ශ්‍රී ලංකාවට ගලා එනු ඇති බව තීරණය කළ හැකි බව ...
"හිටපු ඇමැති දියණියයි  වත්මන් ඇමැතියි ගැන  සමාජ මාධ්‍ය පුවත් බොරු"
"පොලිස් මාධ්‍ය ප්‍රකාශක කියයිහිටපු ඇමැතිවරයකුගේ දියණියක සහ වත්මන් රජයේ ඇමැතිවරයකු මෙන්ම පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සම්බන්ධ කරමින් මත්ද්‍රව්‍ය වැටලීමක් ගැන සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන කතාව අසත්‍යයක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසීය.අප ඒ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍...
"උදේ රැස්වීමේදී සිසුන්ට ක්ලාන්තෙ හැදෙනවා – ස්ටාලින් කියයි"
"පාසලේ උදෑසන රැස්වීම අතරතුර පාසල් දරු දැරියන් විශාල ලෙස ක්ලාන්තය සෑදී ඇද වැටෙන බවත්, දරුවන්ට නිසි පෝෂණ වැඩපිළිවෙළක් පාසලේදී රජය ක්‍රියාත්මක නො කිරීම මීට ප්‍රධානතම හේතුව බවත් ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින් මහතා “දිවයින”ට ඊයේ (14 දා) පැවැසීය.පාසල්වල ලක්‍ෂ 43කට අධික දරු  දැරියන්ගෙන් ලක්‍ෂ 11කට පමණ පෝෂණ ව්‍ය...