Title stringlengths 9 246 | Content stringlengths 3 62.9k |
|---|---|
"බිත්තර කුකුළු මස් ඇතුළු වර්ග 33ක් ආනයනයටත් අවසර" | "තිරිඟු පිටි, බිත්තර, පරිප්පු, කුකුළු මස් ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ 33කට අදාළව නිෂ්පාදනය, ආනයනය සහ අලෙවියට කොන්දේසි සහිතව අවස්ථාව ලබාදෙමින් පාරිභෝගික කටයුතු අධිකාරිය පෙරේදා (30දා) අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.ඒ යටතේ පාරිභෝගිකයකු ඉල්ලුම් කරන ලද භාණ්ඩයක් සාධාරණ කාලසීමාවක් යටතේ නොපමාව සැපයිය යුතු අතර ප්‍රමාණවත් අමුද... |
"මරණ දඬුවමට ජනපති බෑ කියයි" | "මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීමට අත්සන් නොකරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නීතිපතිවරයා මගින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඊයේ (31) දැනුම් දුන්නේය.මරණීය දණ්ඩනය නියම වී සිටින විත්තිකරුවන් හතරදෙනකුගේ මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීමට හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් 2019 වසරේ ගනු ලැබූ තීරණයක් බලරහිත කරන්නැයි ඉල්ලා ගො... |
"ශ්‍රී ලංකා – IMF එකඟතාවකට එයි – නිල නිවේදනය අද" | "ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ශ්‍රී ලංකාවට හදිසි ණය ආධාර ලබාගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව හා මූල්‍ය අරමුදල අතර මූලික එකඟතාවකට පැමිණ ඇති බවත් මේ බව අද (07දා) නිල වශයෙන් නිවේදනය කිරීමට නියමිත බවත් රොයිටර් පුවත් සේවය වාර්තා කර ඇත.ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩල මට්ටමේ නිලධාරීන් කණ්ඩායමක් මෙරට මූල්‍ය හා ආර්ථික නියෝජිත... |
"60 වැඩ කළ හැකි නම් දික්කරන්න – පළපුරුදු වෘත්තිකයෝ කියති" | "වෘත්තීය නිපුණත්වයක් ඇති පළපුරුදු දක්‍ෂ රාජ්‍ය නිලධාරීන්ගේ විශ්‍රාම යෑමේ කාලසීමාව දීර්ඝ කිරීමට කටයුතු කළහොත් රජයටත් රටටත් විශාල සේවයක් තමන්ට ලබාදිය හැකි බව එම වෘත්තිකයෝ කියති.විශේෂයෙන්ම වෛi, ඉංජිනේරු, ගුරු, රේගු, රාජ්‍ය පරිපාලන, මුදල් දේශීය ආදායම් වැනි ක්‍ෂේත්‍රවල රැකියා කරන විශේෂ නිපුණතා ඇති දක්‍ෂ පරිපාලන නිලධාරීන්ගේ ... |
"කෝටි 15ක අයිස් අත්අඩංගුවට දෙදෙනෙක් දැලේ" | "රුපියල් කෝටි පහළොවකට අධික වටිනාකමකින් යුත් අයිස් මත්ද්‍රව්‍ය තොගයක් රැගෙන කැබ් රථයක යමින් සිටි මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනකු මන්නාරම යුද හමුදා මාර්ග බාධකයේදී ඊයේ (31 වැනිදා) අලුයම අත්අඩංගුවට ගෙන ඇත.අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 10යි ග්‍රෑම් 400ක් අඩංගු පාර්සල් මෙම කැබ් රථයේ සඟවා තිබියදී යුද හමුදා නිලධාරීන් විසින් හොයාගෙන... |
"පාසල් නිවාඩුව දවස් හතරයි" | "මෙම වසරේ (2022) දෙවැනි පාසල් නිවාඩුව සැප්තැම්බර් 08 වැනිදා සිට සැප්තැම්බර් 12 වැනිදා දක්වා ලබාදෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.ඒ අනුව දෙවැනි පාසල් වාර නිවාඩුවට දින 5ක් ඇතුළත් වේ.එසේම තෙවැනි පාසල් නිවාඩුව දෙසැම්බර් 3 වැනිදා සිට එළැඹෙන 2023 ජනවාරි 01 වැනිදා දක්වා ලබාදීමට නියමිතව ඇත. ඒ අනුව තුන්වැනි පාසල් වාරයට හිමිවන ද... |
"දොස්තරලාගේ චැනල් ගාස්තු උඩටම නගී – ෆාමසි බෙහෙතුත් හිතූ හිතූ ගණන්" | "පෞද්ගලික රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන් විසින් අය කරනු ලබන චැනල් ගාස්තු ද සෙසු භාණ්ඩ හා සේවාවන්වල මිල ගණන් ඉහළ යෑමට සාපේක්ෂව රුපියල් දහසකට වඩා වැඩි ගණනකින් වැඩි කර තිබීම හේතුවෙන් රෝගී ජනතාව දැඩි ලෙස අසීරුතාවයට පත්ව සිටිති.පෞද්ගලික රෝහල්වල චැනල් සේවයේ යෙදෙන වෛද්‍යවරුන්ගේ සේවා ගාස්තු වැඩි වීම යටතේ මාස කිහිපයකට පෙර රුපියල් 2... |
"පෙට්‍රල් මෙටි්‍රක් ටොන් 35000ක් ගොඩබායි" | "මෙරටට පැමිණි ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් මෙටි්‍රක් ටොන් තිස්පන්දහසක ප්‍රමාණයක් ඊයේ (31දා) ගොඩබෑම ආරම්භ කර තිබුණි.පසුගිය දින කිහිපයේදී ඉන්ධන බෙදාහැරීමේ අඩුවක් පැවැතියත් එය මහහරවා ගැනීම සඳහා ඩීසල් මෙටි්‍රක් ටොන් 4000ක් ලෙස සහ පෙට්‍රල් මෙටි්‍රක් ටොන් 3000 බැගින් දෛනිකව බෙදාහැරීමට කටයුතු කළ බව බලශක්ති ඇමැති කංචන විජේසේකර ම... |
"ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩො.මිලියන 200ක ණය ආධාරයක්" | "ආසියානු සංවර්ධන බැංකුව විසින් ශ්‍රී ලංකාව සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 200ක හදිසි ආධාර ණය මුදලක් අනුමත කර ඇත.එම බැංකුව විසින් දැනට ලබාදෙන වෙනත් ව්‍යාපෘතිවල අරමුදල් නැවත සකස්කර ශ්‍රී ලංකාවේ ආහාර සුරක්‍ෂිතතාව වැඩිදියුණු කිරීමේ සහ දිළිඳු හා අවදානමට ලක්විය හැකි විශේෂයෙන්ම කාන්තාවන්ගේ සහ ළමුන්ගේ ජීවනෝපාය ආරක්‍ෂා කිරීම සඳහා ... |
"උද්ධමනය 64.3% ට නගියි" | "කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව ගණනය කළ උද්ධමනය අගෝස්තු මාසයේදී සියයට 64.3 ක් දක්වා තවදුරටත් ඉහළ ගොස් ඇත.ඉකුත් ජූලි මාසයේදී පැවැති කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව ගණනය කළ උද්ධමනය සියයට 60.8 ක් විය.මෙම උද්ධමනය වැඩිවීම සඳහා ආහාර සහ ආහාර නොවන යන කාණ්ඩ දෙකෙහිම අයිතමවල මිල ගණන්වල සිදුවූ මාසික ඉහළ යෑම හේතුවී ඇත.මේ අනුව කොළඹ ... |
"ලොතරැයි ගහන වාලච්චේනෙන් ඉතිරි වැඩ බැරි ඇයි – විමල් පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කරයි" | "වාලච්චේන කඩදාසි කම්හලේ කටයුතු නැවත ආරම්භ කිරීමෙන් පසුව ලොතරැයි මුද්‍රණය කිරීමට කටයුතු කළා නම් මෙරටට අවශ්‍ය අනෙකුත් කඩදාසි නිපදවා ගැනීම සඳහා යොමු නොවන්නේ මන්දැයි මන්ත්‍රී විමල් වීරවංශ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (31) ප්‍රශ්න කළේය.අතුරු අයවැය පිළිබඳ විවාදයට එක්වෙමින් ඒ මහතා කියා සිටියේ තමන් කර්මාන්ත ඇමැති ලෙස සිටියදී එම ආ... |
"කොටස් වෙළෙඳපොළ වර්ධනය වෙයි" | "කොළඹ කොටස් වෙළෙඳපොළේ සමස්ත මිල දර්ශකය ඊයේ (31) ඒකක 9071.32 දක්වා ඒකක 205.92 කින් සැලකිය යුතු ලෙස ඉහළ ගියේය.කොටස් වෙළෙඳපොළ ගනුදෙනු අවසානයේදී පෙරේදා (30) සමස්ත මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 8865.40 ක් ලෙසය.එසේම කොළඹ කොටස් වෙළෙඳපොළේ එස් ඇන්ඩ් පී ශ්‍රී ලංකා 20 මිල දර්ශකය ද පෙරේදා (30) පැවති ඒකක 2862.75 සිට ඊයේ (31) දිනයේදී ඒ... |
"එයාලා ඔහේ ගියාවේ… අපේ ගමන අපි යනවා අපේ පාඩුවේ – ඇමැති ප්‍රසන්න රණතුංග" | "ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා ඇතුළු මන්ත්‍රීවරුන් 13 දෙනකු පාර්ලිමේන්තුවේ විපක්ෂයේ අසුන් ගැනීම පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ බහුතරයට බලපෑමක් නැතැයි ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.එම පිරිස මීට පෙර සිටම ස්වාධීනව පාර්ලිමේන්තුවේ කටයුතු කළ බවත්, අගමැති රනිල් වික්‍ර... |
"අන්තරේ පාගමනට කොළඹදී කඳුළුගෑස් ජල ප්‍රහාර!" | "අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය හා වෘත්තීය සමිති සංවිධාන එක්ව ක්‍රියාත්මක කළ විරෝධතා පාගමනට ඊයේ (30 දා) සවස මරදාන ඩීන්ස් පාරේදී පොලිසිය ජල හා කඳුළුගෑස් ප්‍රහාරයක් එල්ල කිරීමත් සමග ප්‍රදේශයේ උණුසුම් තත්ත්වයක් හටගැනිණි. මෙහිදී විරෝධතාවයේ යෙදුණු 20 දෙනකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ. මෙම උණුසුම් තත්ත්වය හමුවේ දිවග... |
""පවුල් 61,000 කට මසකට රු. දසදහසක්…. හිඟ ගොවි ණය රු. මි. 688 ක් කපා හැරෙයි"" | "වත්මන් ආර්ථික අර්බුදය හමුවේ ඉතා ඉක්මනින් සහන සැලසිය යුතු ආහාර සුරක්ෂිතතාවක් නොමැති පවුල් 61,000ක් සඳහා මසකට රුපියල් දසදහසක බැගින් ලබා දීමට යෝජනා කරමින් සහ එවැනි වැඩසටහන් කිහිපයක් සඳහා රුපියල් මිලියන 46000ක මුදලක් වෙන් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි මාස හතර සඳහා අතුරු අයවැය යෝජනාවලිය ඊයේ (30දා) පාර්ලිමේන්... |
"ගෞතම් අදානි ලොව තුන්වැනි ධනවතා වෙයි" | "නවතම බ්ලුම්බර්ග් දත්තවලට අනුව ගෞතම් අදානි ලොව තුන්වන ධනවත්ම පුද්ගලයා බවට පත්ව තිබේ. ඩොලර් බිලියන 137ක ශුද්ධ වත්කමක් ඇති 60 හැවිරිදි ඉන්දීය ව්‍යාපාරිකයාට ඉදිරියෙන් ලොව ධනවතුන්ගේ ලැයිස්තුවේ සිටින්නේ එලොන් මස්ක් සහ ජෙෆ් බෙසෝස් පමණි. එලොන් මස්ක්ගේ ශුද්ධ වත්කම ඩොලර් බිලියන 251ක් වන අතර ජෙෆ් බෙසෝස්ගේ මුළු වත්කම ඩොලර් බිලියන... |
"සනීපාරක්‍ෂක ටිෂූ අමුද්‍රව්‍ය තහනමෙන් ක්‍ෂේත්‍ර රැසක අර්බුදයක්" | "සනීපාරක්‍ෂක ටිෂූ කඩදාසි නිෂ්පාදනය සඳහා ආනයනය කරන අමුද්‍රව්‍ය පැනවූ තාවකාලික තහනම හේතුවෙන් විවිධ ක්‍ෂේත්‍රවල සේවා සැපයීමේදී අර්බුදයක් හටගෙන ඇත. මෙම සනීපාරක්‍ෂක ටිෂූ කඩදාසි පරිභෝජනයට පුරුදුව සිටින පුද්ගලයන්ට පමණක් නොව, සංචාරක, ඇඟලුම්, ආහාර නිෂ්පාදන කර්මාන්ත මෙන්ම රෝහල් හා වෛද්‍ය මධ්‍යස්ථානවලට ද මෙම ටිෂු කඩදාසි අත්‍යවශ්... |
"කුමාර වෙල්ගමගෙන් ජනපතිට ලිපියක්…." | "පොදු ජනතාවගේ දැඩි විරෝධයට ලක්වූවන් නැවත ඇමැති මණ්ඩලයට පත් කරන ලෙස බලපෑම් එල්ල වීම බරපතළ කුමන්ත්‍රණයක් විය හැකි බවත් එබැවින් ජනාධිපතිවරයා අදහස් කර ඇති ආර්ථික, දේශපාලනික හා සමාජමය වැඩපිළිවෙළ කඩිනමින් ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා නව ලංකා නිදහස් පක්ෂයේ නායක කුමාර වෙල්ගම මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලිපියක් යොමු කර ඇ... |
"මේ වසරේ සමස්ත අයවැය හිඟය රු. බිලියන 2333 ක්" | "ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඊයේ (30 දා) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතුරු අයවැය ලේඛනය අනුව මේ වසරේ (2022) සමස්ත අයවැය හිඟය රු. බිලියන 2333 ක් ලෙස ඇස්තමේන්තු කර ඇත. මෙය මේ වර්ෂය සඳහා මුලින් ඇස්තමේන්තු කර තිබූ රු. බිලියන 1628 ක අයවැය හිඟයට වඩා සමස්ත අයවැය හිඟය රු. බිලියන 705 කින් ඉහළ යෑමකි. අතුරු අයවැයට මේ වසර... |
"රුක්මණිගේ ග්‍රැමෆෝනය කබඩ් එකත් සමග අතුරුදන්" | "මීගමුවේ රුක්මණිදේවි කෞතුකාගාරයේ තැන්පත් කර තිබූ රුක්මණිදේවි භාවිත කළ ග්‍රැමෆෝන් යන්ත්‍රය සහ එය තබා තිබුණු කබඩ් එක ද අස්ථානගතව ඇත. මෙය හෙළි වූයේ ටවර්හෝල් රඟහල පදනමේ අධ්‍යක්‍ෂක ජනරාල් ආචාර්ය ඩී. එම්. එස්. දිසානායක මහතාගේ උපදෙස් පිට කෞතුකාගාරයේ අඩුපාඩු සොයා බලා ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කිරීමට අධ්‍යක්‍ෂ මණ්ඩලයේ චන්දන බණ... |
"ශ්‍රී ලංකාවෙන් දුන් පාඩමක් ද….? ඉරාකයේ උද්ඝෝෂකයෝ ජනපති මැඳුර අල්ලති" | "ඉරාකයේ ප්‍රබල බලයක් සහිත ෂියා පූජකයකු වන මුක්ටාදා අල් සදාර් දේශපාලනයෙන් සමුගන්නා බව ප්‍රකාශ කිරීමත් සමග ඉරාක අගනුවර වීථි සටන් ඇවිළ තිබේ. මේ ෂියා පූජකයාගේ අනුගාමිකයින් විසින් එරට ජනපති මන්දිරය හා රජයේ ප්‍රධාන ගොඩනැගිලි අල්ලාගෙන තිබේ. මුක්ටාදා අල් සදාර්ගේ ආධාරකරුවන් හා එරට ආරක්ෂක හමුදා අතර බැග්ඩෑඩ් හි පැවති ගැටුම් හේතුව... |
"ගිය වසර දෙකේ ළමා රෝහලට පැමිණි බොහෝ දෙනකු අඩු බර දරුවන්" | "කොවිඩ් ආරම්භයේ සිට මේ දක්වා ගතවූ වසර 2ක තුළ ළමා රෝහලට ඇතුළු වූ දරවැන් ගෙන් බොහෝ දෙනකු අඩු බර සහිත දරුවන් බවට හඳුනාගෙන ඇති බවත්, මේ සම්බන්ධයෙන් පර්යේෂණයක් සිදු කරන බවත් බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග විශේෂඳ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා “දිවයින”ට ඊයේ (30 වැනිදා) පැවැසීය. දරුවන්ගේ පෝෂණය පිළිබඳව දෙමාපියන්ගේ නො දැනුවත... |
"අරගලය මැද රාජ්‍ය දේපළ වැනසූ මැති ඇමැති නිවාස ගිනි තැබූ 12ක් අත්අඩංගුවට" | "ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඇතුළු පොලිස් නිලධාරීන්ට පහරදීම, රාජ්‍ය දේපළ විනාශ කිරීම, මැතිඇමතිවරුන්ගේ නිවාස ගිනි තැබීම ඇතුළු ප්‍රචණ්ඩ ක්‍රියා රැසකට සම්බන්ධ සැකකරුවන් 12 දෙනකු පොලිසිය මගින් ඊයේ (30 වැනිදා) අත්අඩංගුවට ගෙන ඇත. ඉකුත් මැයි මස 10 වැනිදා බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේ... |
"පළාත් රැසකට අද සිට සවස් වරුවේ තද වැසි" | "දිවයිනට ගිනිකොණ දෙසින් පහළ වායු ගෝලයේ වර්ධනය වී ඇති කැළඹිලි සහගත තත්ත්වය හේතුවෙන් අද (31දා) සිට දින 3ක් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට පස්වරුවේ තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අනාවැකිකරණ අංශයේ අධ්‍යක්‍ෂිකා ශිරෝමණී ජයවර්ධන මහත්මිය ‘දිවයින’ ට පැවසුවාය. අද දිනයේ මිලි මීටර් 100 ඉක්මවූ ගිඟුරුම් සහිත තද වැසි ... |
"වැරදි ආර්ථික ප්‍රතිපත්ති නිවැරදි කර ප්‍රතිශෝධන අයවැය මගින් ආර්ථිකය හරි පාරට ගෙන තිබෙනවා" | "පසුගිය කාලයේ ක්‍රියාත්මක වූ වැරදි ආර්ථික ප්‍රතිපත්ති නිසා අර්බුදයට මුහුණපෑ රට නිවැරදි මාර්ගයට ගෙන ඒමට ප්‍රතිසංශෝධිත අයවැය මගින් පියවර ගෙන තිබෙන බව එක්සත් ජාතික පක්‍ෂ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා ප්‍රකාශ කළේය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආර්ථික දර්ශනය එක් කණ්ඩායමක් වෙනුවෙන් ඉලක්ක කරගත් එකක් නො... |
""බොරුව, මුසාව, රැවටීම සිදු කළ රනිල් අයවැය ලේඛනය තුළත් ඉදිරිපත් කර ඇත්තේ ඒවාමයි"" | "සෑමදා බොරුව, මුසාව, රැවටීම සිදු කළ රනිල් වික්‍රමසිංහ මහතා මෙම අයවැය ලේඛනය තුළත් ඉදිරිපත් කර ඇත්තේ ඒවාම පමණක් යැයි සමගි ජන බලවේගය බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා පැවසීය. විපක්ෂ නායක කාර්යාලයේ ඊයේ (30) දා පැවැති මාධ්‍ය හමුවේ දී අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මේ බව කී අතර එහිදී වැඩිදුරටත් මෙසේද ක... |
"බංකොලොත් ශ්‍රී ලංකන් විකුණනවා – ඇමැති නොකියා කියයි" | "කෝටි 16,473 ක් පාඩුයි – කෝටි 40,100 ක් ණයයිප්‍රතිව්‍යුහගත නොකළොත් ඉවරයි!වරාය නාවික සහ ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා මාධ්‍ය ඇමතූ ඇයුරු. එම අවස්ථාවට එක්වූ ශ්‍රී ලංකා ගුවන් සමාගමේ සභාපති අශෝක පතිරගේ සහ අමාත්‍යාංශ ලේකම් කේ. ඩී. එස්. රුවන්චන්ද්‍ර යන මහත්වරුද මෙහි වෙති.ශ්‍රී ලංකන් ගුවන් සමාගම මේ වන විට රුපි... |
""උසස් පෙළ උසස් ලෙස සමත් දිරිය දරුවන් මෙන්න – සිසුන් 10,000කට විෂයයන් තුනටම ඒ සාමාර්ථ"" | "සාමාන්‍ය පෙළ ප්‍රතිඵල හැකි ඉක්මනින් ලබාදෙනවා2022 ශිෂ්‍යත්වය සහ උසස් පෙළ විභාග දෙසැම්බර් මුලවිභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී. ධර්මසේනඋසස් පෙළ විභාගයේ (2021) ප්‍රතිඵල මත සිසුන් 10,000 ක් විෂයන් තුටනම ‘ඒ’ සාමාර්ථ ලබාගෙන ඇත. එම ප්‍රතිඵලවලට අනුව සිසුන් 27,352 ක් විෂයන් තුනම අසමත්වී ඇතැයි විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී.... |
"මේ වසරේ ඉතිරි කාලයට අතුරු අයවැය අද මැතිසබයට" | "මෙම මුදල් වර්ෂයේ (2022) ඉතිරි කාලය සඳහා වන අතුරු අයවැය ලේඛනය අද (30දා) ප.ව. 1.00 ට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලබයි.මෙම අයවැය දෙවන වර කියවීමේ සමාරම්භක දේශනය අද ප.ව.1.00 සිට ප.ව.2.00 දක්වා ජනාධිපතිවරයා විසින් සිදුකිරීමට නියමිතය.රට මුහුණ දී ඇති ඉතිහාසයේ දරුණුතම ආර්ථික අර්බුදය හමුව... |
"මහා භාණ්ඩාගාරයට නොදන්වා හිතුමතේ තීරණ ගැනීමෙන් පාඩු ලබන රාජ්‍ය ආයතන බංකොලොත් වුණා" | "රාජ්‍ය ආයතනවලට සේවකයන් බඳවා ගැනීමේදී මෙන්ම වැටුප් හා දීමනා ලබාදීමේදී මහා භාණ්ඩාගාරයේ කළමනාකාර සේවා දෙපාර්තමේන්තුවේ අවසරය නොගෙන හිතුමතේ තීරණ ගැනීම නිසා පාඩු ලබමින් තිබූ රාජ්‍ය ආයතන රැසක් බංකොලොත්වූ බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ‘දිවයින’ ට පැවැසීය.ජාතික විගණන කාර්යාලය විගණන විමසුම් හා වාර්ෂික විගණන... |
"රාජ්‍ය ආයතන විකිණීම නතර නොකළොත් වෘත්තීය සමිති දැවැන්ත වර්ජනයකට" | "ලංවිම, තෙල් සංස්ථාව, ටෙලිකොම් සහ ශ්‍රී ලංකා වරාය අධිකාරිය ඇතුළු රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කරන මුවාවෙන් විදෙස් සමාගම්වලට විකිණීමට රජය ගෙනයන වැඩපිළිවෙළ වහාම නතර නොකළහොත් සියලුම වෘත්තීය සමිති ඒකාබද්ධ කර දැවැන්ත වැඩවර්ජනයකට යෑමට මේ වනවිට සාකච්ඡා ආරම්භ කර ඇතැයි සමගි ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු ආනන්ද පාලිත මහ... |
"විදුලි බිල ඉහළ දැමීමට එරෙහිව සජබ මැතිසබය ඉදිරිපිට විරෝධතාවේ" | "විදුලි බිල අධික ලෙස ඉහළ දැමීමට එරෙහිව සමගි ජන බලවේගයේ සහ සමගි ජන සන්ධානයේ මන්ත්‍රීවරු ඊයේ (29දා) පෙරවරුවේ පාර්ලිමේන්තුව ඉදිරිපිට නිහඬ විරෝධතාවක් දැක්වූහ. ‘දූෂණය නවතනු – විදුලි බිල අඩු කරනු’ සහ ‘විදුලි බිල අහසට මුළු රටම අඳුරට’ යන සටන් පාඨ සහිත බැනර් දෙකක් ප්‍රදර්ශනය කරමින් සජබ මන්ත්‍රීවරු පාර්ලිමේන්තු කටයුතු ආරම්භ වීමට... |
"ළමා මන්දපෝෂණය ඉහළ යෑම ගැන සජිත් විවාදයක් ඉල්ලයි" | "මෙරට ළමා මන්දපෝෂණය දැඩි ලෙස ඉහළ යෑම සම්බන්ධයෙන් යුනිසෙෆ් ආයතනය ඉදිරිපත් කළ වාර්තාව සම්බන්ධයෙන් විවාදයක් ලබා දෙන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (29දා) ඉල්ලීමක් කළේය.ඊට අමතරව පාසල් දරුවන්ට දිවා ආහාර ලබා දීමේ කඩිනම් වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කරන්නැයිද හෙතෙම ඉල්ලා සිටියේය. ඒ සම්බන්ධයෙන් විපක්ෂ න... |
"ගොඩනැඟිල්ලක් ඉදිකිරීමට පාසලෙන් වතුර ගත්තාට සමාගමකට ලක්‍ෂ 7 1/2ක් දඩ" | "ගාල්ල නගරයේ ප්‍රසිද්ධ බාලිකා විiාලයක ගොඩනැගිල්ලක් ඉදිකිරීමේදී වංචනික ලෙස ජලය ලබා ගත් කොන්ත්‍රාත් සමාගමකින් රුපියල් හත්ලක්ෂ පනස්දහසක දඩයක් අයකර ගැනීමට ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය කටයුතු කර ඇත.මෙම ප්‍රසිද්ධ කොන්ත්‍රාත් සමාගම ජල සම්පාදන මණ්ඩලය මගින් පාසලට නොමිලේ ලබාදෙන ජලය වංචනික ලෙස භාවිත කරමින් ගොඩනැගිල්ල ඉදි කර ... |
"උසාවියට අපහාස කළාට සනත් නිශාන්තට නඩු දාන්න – අභියාචනාධිකරණයට පැමිණිල්ලක්" | "ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පුත්තලම් දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත මහතාට එරෙහිව අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව යටතේ නඩු පැවරීමට නීතිපතිවරයාට නියෝගයක් කරන්නැයි ඉල්ලා නීතිඥ ප්‍රියලාල් චමින්ද සිරිසේන මහතා ඊයේ (29දා) අභියාචනාධිකරණයට පැමිණිල්ලක් ගොනු කළේය.පසුගිය මැයි 9 වැනිදා ගාලු මුවදොර පිටියේ සහ අරලියගහ මන්ද... |
"විගණකාධිපතිට ‘විදුලිය පාවිච්චි කරන්නන්ගෙන්’ කරුණු 4ක චෝදනා පත්‍රයක්" | "මූලික කරුණු හතරක් යටතේ විගණකාධිපතිවරයාගේ ක්‍රියාකලාපය දෝෂදර්ශනයට ලක් කරමින් විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමය ඊයේ (29) විගණකාධිපති කාර්යාලයට චෝදනා පත්‍රයක් භාර දුන්නේය.විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ ලේකම් සංජීව ධම්මික මහතා ඇතුළු පිරිසක් මේ අවස්ථාවට සහභාගි වූහ.ඉන්ධන මිල සූත්‍රය ගැසට් නොකර රජය ඉන්ධන මිල ගණන් වැඩි කළත්... |
"තිස්ස විතාරණට සුබ උපන් දිනයක්…." | "ලංකා සමසමාජ පක්‍ෂයේ ප්‍රධාන ලේකම් හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු මෙන්ම විද්වතෙකුද වූ මහාචාර්ය තිස්ස විතාරණ මහතාගේ ජන්ම දිනය අදට යෙදී තිබේ. 1957 සිට 1959 දක්වා කොළඹ මහ රෝහලේ වෛද්‍ය නිලධාරියකු ලෙස සේවය කළ තිස්ස විතාරණ 1965 ලංකා විශ්වවිද්‍යාලයෙන් සායනික වෛද්‍ය විද්‍යාව පිළිබඳ එම් බී උපාධියක් ලබා පසුව ලන්ඩනයේ දී බැක්ටීරියා... |
"සංස්ථාවෙන් නිසි ලෙස තෙල් ලැබෙන්නේ නෑ – ෂෙඩ් ළඟ පෝලිම් ඒ නිසයි" | "ටැංකි රථ හිමියන්ගේ සංගමයේ සමලේකම්මුදල් ලබාදුන්නත් නිසිලෙස තෙල් සංස්ථාවෙන් ඉන්ධන නොලැබෙන නිසා ඉන්ධන හල් අසල වාහන පෝලිම් වැඩිවී ඇතැයි ලංකා ඛනිජ තෙල් ටැංකි රථ හිමියන්ගේ සංගමයේ සමලේකම් ශාන්ත සිල්වා මහතා ප්‍රකාශ කළේය.ඉන්ධන හල් හිමියන් විසින් තෙල් සංස්ථාවට මෑතකදී රුපියල් කෝටි 6000 ක් පමණ ගෙවා තිබුණත් තෙල් සංස්ථාවෙන් නිසිලෙස... |
"අද කොළඹ රැකවල් තර කරයි" | "අරගලකරුවන් විසින් අද (30 දා) කොළඹදී පැවැත්වීමට නියමිත උද්ඝෝෂණ ව්‍යාපාරයේදී මහජන ආරක්‍ෂාව තහවුරු කිරීම සඳහා කොළඹ නගරයේ ආරක්‍ෂාව දැඩි කිරීමට පියවර ගෙන ඇතැයි කොළඹ නියෝජ්‍ය පොලිස්පති ඒ. එස්. ජේ. චන්ද්‍ර කුමාර මහතා ‘දිවයින’ ට ඊයේ (29 දා) පැවැසීය.මෙම ආරක්‍ෂිත වැඩපිළිවෙළ යටතේ ඩ්‍රෝන කැමරා යොදාගැනීමත්, පොලිස් බුද්ධි අංශ සහ කැ... |
"ප්‍රමිතියට නැති බොරතෙල් නිසා සපුගස්කන්දේ ඉන්ධන නිෂ්පාදනය 22% කින් බැහැලා" | "කොරල් එනර්ජි නමැති සමාගමක් හරහා මෙරටට ගෙනා බොරතෙල්වල ප්‍රමිතියේ පවතින ගැටලුවක් නිසා මේ වන විට සපුගස්කන්ද පිරිපහදුවේ පෙට්‍රල්, ඩීසල් නිෂ්පාදනය සියයට විසිදෙකකින් පහත වැටී ඇතැයි පිරිපහදුවේ උසස් නිලධාරියෙක් ‘දිවයින’ ට පැවැසීය.ඩුබායි හි ලියාපදිංචි මෙම සමාගමෙන් බොරතෙල් හෝ පිරිපහදු කළ ඉන්ධන මිලදී නොගන්නා ලෙසට තෙල් සංස්ථා උසස... |
"හයිබි්‍රඩ් අධිකරණයක් පිහිටුවීමේ ඉල්ලීම රජය ඉවත දමයි" | "හමුදා නිලධාරීන් 58 කට දඬුවම් කිරීමට හයිබි්‍රඩ් අධිකරණයක් ස්ථාපිත කරන ලෙස මෙරටට පැමිණ සිටින ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ ආසියානු ප්‍රධානි රෝරි මුන්ගෝවන් කළ ඉල්ලීම රජය ප්‍රතික්‍ෂේප කර ඇත.එවන් හයිබි්‍රඩ් අධිකරණයක් පිහිටුවීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් නීතිමය බලයක් දී නැතැයි රජය ඔහුට පෙන්වා දී තිබේ.ජිනීවා මානව හිමිකම් කවු... |
"ආනයන සීමා නිසා ජංගම දුරකථනත් ගණන් උස්සයි" | "රජය ආනයන සීමා පැනවීම නිසා ඉදිරියේදී ජංගම දුරකථන සහ උපාංග මිල ඉතා අධික ලෙස ඉහළ යනු ඇතැයි සමස්ත ලංකා කොමියුනිකේෂන් හිමිකරුවන්ගේ සංගමය පවසයි.ලෝක වෙළෙඳපොළේ පවතින මිල ගණන් හා ඩොලරයේ අගය මත ජංගම දුරකථන සහ උපාංගවල මිල වැඩිවීම කොපමණ වේදැයි නිශ්චිතව කිව නොහැකි බවද එම සංගමයේ සභාපති ඉන්ද්‍රජිත් පෙරේරා මහතා කියා සිටී.මිල ගණන් ඉහළ... |
"කෝටිපති පුතා පැහැරගත් කල්ලිය අල්ලයි – කල්ලියට දුන් ලක්ෂ 56ක කප්පම් මුදලත් ආපසු ගනී" | "වත්තල පැය 10ක මෙහෙයුමක්කෝටිපති පුතා සහ ඔහුගේ වාහනය වත්තල, හැඳල ප්‍රදේශයේ ධනවත් ව්‍යාපාරිකයකුගේ පුත්‍රයා පැහැරගෙන ගොස් රුපියල් පනස්හය ලක්ෂයක කප්පම් මුදලක් ලබාගැනීමට උත්සාහ කළ සංවිධානාත්මක කණ්ඩායමක පුද්ගලයන් හත්දෙනකු පැහැර ගැනීම සිදුවී පැය දහයක් ඇතුළත අත්අඩංගුවට ගැනීමට වත්තල පොලිසිය පෙරේදා (27 වැනිදා) සමත් විය.පැහැර ග... |
"ශ්‍රී ලංකාවේ පෙට්‍රල් ෂෙඩ් හත්සීයක් පිටරටට" | "ශ්‍රී ලංකාවේ දැනට තිබෙන ඉන්ධන පිරවුම් හල්වලින් පන්සීයත් හත්සීයත් අතර ගාණක් විදේශීය තෙල් සමාගම්වලට ලබා දීමට තීරණය කොට තිබේ. මෙයට හේතුව වී ඇත්තේ ඛනිජ තෙල් අපනයනය සඳහා රජයට වැය කිරීමට සිදුව ඇති මුදල වේගයෙන් ඉහළ යෑමය. අලුත් ඇස්තමේන්තුවලට අනුව ඉදිරි මාස හතර සඳහා ශ්‍රී ලංකාවට තෙල් ලබා ගැනීම පිණිස ඩොලර් මිලියන 2000 ක් වැය කි... |
"උ.පෙළ ප්‍රතිඵල නිකුත් වෙයි" | "2021 අපොස උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල ඊයේ (28 වැනිදා) පස්වරුවේ නිකුත් කළ බව විභාග කොමසාරිස් ජනරාල් එල්. එම්. ඩී. ධර්මසේන මහතා පැවැසීය.www.doenets.lk සහ www.results.gov.lk වෙබ් අඩවිවලට පිවිසීමෙන් සිසුන්ට ප්‍රතිඵල ලබාගත හැකිය.විභාගය සඳහා මෙවර පාසල් අයැදුම්කරුවන් 2,36,035 දෙනකු පෙනී සිටි අතර, පෞද්ගලික අයැදුම්කරුවෝ 36,647... |
"උ.පෙළ ප්‍රතිඵල නිකුත් වෙයි" | "2021 අපොස උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල ඊයේ (28 වැනිදා) පස්වරුවේ නිකුත් කළ බව විභාග කොමසාරිස් ජනරාල් එල්. එම්. ඩී. ධර්මසේන මහතා පැවැසීය.www.doenets.lk සහ www.results.gov.lk වෙබ් අඩවිවලට පිවිසීමෙන් සිසුන්ට ප්‍රතිඵල ලබාගත හැකිය.විභාගය සඳහා මෙවර පාසල් අයැදුම්කරුවන් 2,36,035 දෙනකු පෙනී සිටි අතර, පෞද්ගලික අයැදුම්කරුවෝ 36,647... |
"ලෝක තෙල් මිල පහළට" | "ලෝක වෙළෙඳ පොළේ අඑස බොරතෙල් මිල මේ වනවිට පහත වැටී ඇත. ඒ අනුව ඊයේ (28දා) බොරතෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 93.6 ක් ලෙස සටහන්ව තිබුණි.බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 100.99ක් ලෙස සටහන්ව තිබුණි. 2020 වසරේ පැවති ගෝලීය කොවිඩ් වසංගතය සහ රුසියාව සහ යුක්රේනය අතර ආරම්භ වූ යුද ගැටුම මත ලෝක වෙළෙඳ පොළෙහි බොරතෙල් මිල ඉහළ... |
"ඉල්ලුම පියවන්න සුපර් ඩීසල් නිකුත් කිරීමෙන් තෙල් සංස්ථාවට කෝටි 16ක පාඩුවක්" | "රට තුළ මතුව තිබෙන ඔටෝ ඩීසල් ඉල්ලුම පියවා ගැනීම සඳහා සුපර් ඩීසල් වෙළෙඳ පොළට නිකුත් කිරීමට උපදෙස් ලැබී ඇතැයි ද, එලෙස සුපර් ඩීසල් මුදාහැරීමෙන් සංස්ථාවට රුපියල් කෝටි 16 කට අධික පාඩුවක් සිදුවන බව සංස්ථාවේ අලෙවි කාර්යාංශය පවසයි.ඉතිහාසයේ කවර කලකවත් සුපර් ඩීසල් මෙටි්‍රක් ටොන් 30,000 ක නෞකා එකදිගට ගෙන එන්නේ නැතැයි ද, මේ වනවිට ... |
"කුස්වල වෙද හාමුදුරුවෝ අපවත් වෙති" | "කුස්වල කොටරූපේ පුෂ්පාරාම උභය විහාරාධිපති මහාඇලගමුවේ ලංකානන්ද නාහිමියෝ (කුස්වල වෙද හාමුදුරුවෝ) ඉකුත් 27 වැනිදා අපවත් වූහ. අපවත් වනවිට 84 වැනි වියේ පසු වූ උන්වහන්සේ දේශීය වෛද්‍ය විශාරද, ආයුර්වේද වෛද්‍ය චක්‍රවර්ති, ශ්‍රී විද්‍යාපති මෛත්‍රී භූෂණ, ශාසන කීර්ති, පණ්ඩිත යන ගෞරව නාමයන්ගෙන් පිදුම් ලබා ඇත. අද (29දා) පස්වරු 2.00ට... |
"ගල් අඟුරු ටොන් එක ඩොලර් 238 බැගින් ගනී" | "ශ්‍රී ලංකාවේ විදුලි බල ජනනය සඳහා ගල් අඟුරු සැපයීමට මේ වනවිට විදේශීය සමාගම් හතරක් ඉදිරිපත්වී ඇති අතර අරාබි එමීර් රාජ්‍යයේ තිබෙන කොරල් එනර්ජි සමාගම සහ චීනයේ චයිනා මර්චන්ට් ඉංජිනියරින් සමාගම ද එම සැපයුම්කරුවන් අතර සිටිති. එහෙත් මෙම සමාගම් දෙකටම ගල් අඟුරු සැපයීම සඳහා පූර්ව අත්දැකීම් නොමැති බව සඳහන් වේ. ඉහත සඳහන් ටෙන්ඩරය ල... |
"රන්ජන් බා ගන්න සීතල යුද්ධයක්" | "රන්ජන් රාමනායක මහතා තම පක්ෂයට එක්කර ගැනීම සඳහා සමගි ජන බලවේගය හා එක්සත් ජාතික පක්ෂය අතර සීතල යුද්ධයක් හටගෙන තිබේ.රන්ජන් රාමනායක මහතා නිදහස් වූ වහාම කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා විසින් හෙතෙම විදේශගත ශ්‍රමිකයන්ගේ සුබ සාධනය හා ප්‍රවර්ධනය සඳහා වන තානාපති ලෙස පත් කරනු ලැබීය. ස්වෙච්ඡා සේවයක් ලෙස ක්‍රි... |
"අරගලකරුවන් මර්දනයට එරෙහිව සරුංගල් විරෝධයක්" | "අරගලකරුවන් අත්අඩංගුවට ගැනීමට එරෙහිව පෙරේදා (27 වැනිදා) පස්වරුවේ කොටුව ගාලු මුවදොර පිටියේදී නිර්මාණාත්මක සරුංගල් විරෝධතාවක් පැවැත්විණි.රටේ පුරවැසියන්ගේ මූලික අයිතිවාසිකම් ආරක්‍ෂා කරන ලෙස ඉල්ලමින් ෂී ටෝක්ස් සංවිධානය විසින් මෙම සරුංගල් විරෝධතාව සංවිධානය කර තිබිණි. මෙහිදී රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ රුව සහිත සරුංගලයක... |
"චීන තානාපති රාජතාන්ත්‍රික ආචාරධර්ම කඩකරලා – ඉන්දීය මහ කොමසාරිස්ගෙන් චෝදනා" | "ශ්‍රී ලංකාවේ සිටින චීන තානාපතිවරයා මූලික රාජතාන්ත්‍රික ආචාරධර්ම කඩ කර ඇති බව බවට කොළඹ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය චෝදනා කරයි.“චීන තානාපතිවරයාගේ ප්‍රකාශය ගැන අප අවධානය යොමු කර ඇත්තෙමු. තානාපතිවරයා මූලික රාජතාන්ත්‍රික ආචාර විධි උල්ලංඝනය කිරීම ඔහුගේ පුද්ගලික ලක්ෂණයක් හෝ ජාතික ආකල්පයක් පිළිබිඹු කිරීමක් විය හැකි” යැයි මෙර... |
"බිල් ගෙව්වම පඩිය ඉවරයි වතුර බිල ඉහළ දැමීමෙන් ජල පාරිභෝගිකයෝ හාන්සියි" | "ජල ගාස්තුවද ඉහළ යෑම හේතුවෙන් තමන් දැඩි පීඩාවට පත්ව සිටින බව ජල පාරිභෝගිකයෝ පවසති.සෑම භාණ්ඩයකම මිල ඉතා අධික ලෙස ඉහළ නැග ඇති මොහොතක සැප්තැම්බර් 01 වැනිදා සිට ජල ගාස්තුද ඉහළ දැමීමට රජය ගෙන ඇති තීරණය ඉතා අසාධාරණ බව ඔවුහු කියති. ජල ගාස්තුවද ඉහළ නැංවීම තමන්ට දරාගත නොහැකි බව එම පාරිභෝගිකයෝ කියති.ඉස්සරහට නාගන්නවත් වෙන්නේ නැහැ... |
"දින දෙකකදී කොවිඩ් මරණ 8 ක්" | "කොවිඩ් 19 ආසාදනය වීමෙන් පසුගිය සිකුරාදා (26 වැනිදා) සහ පෙරේදා (27 වැනිදා) දින දෙකේදී මරණ 8 ක් වාර්තා වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.ඒ අනුව 26 වැනිදා කොවිඩ් මරණ 6 ක්ද, 27 වැනිදා කොවිඩ් මණ 2 ක්ද වාර්තා වී ඇත.27 දා දිනයේදී මියගොස් ඇත්තේ වයස අවුරුදු 60 ට වැඩි පිරිමි පුද්ගලයන් දෙදෙනකු බව රජ... |
"සම්මානනීය චිත්‍රපට කැමරා අධ්‍යක්‍ෂ ඩොනල්ඩ් කරුණාරත්න සමුගනී" | "සිංහල සිනමාවේ කෘතහස්ත සම්මානනීය චිත්‍රපට කැමරා අධ්‍යක්‍ෂවරයකු වූ ඩොනල්ඩ් කරුණාරත්න මහතා (77) ඊයේ (28දා) ඇමෙරිකාවේදී අභාවප්‍රාප්ත විය.අහස්ගව්ව, අහසින් පොළවට, කරුමක්කාරයෝ, ගඟ අද්දර කලියුගය, දඩයම, සාගර ජලය මදි හැඬුවා ඔබ හින්දා, පොන් මනී, ගොළු මුහුදේ කුණාටුවක් ඇතුළු සිනමා නිර්මාණ රාශියකට තම විශිෂ්ට වූ ප්‍රතිභාව මුසුකළ ඔහු... |
"රන්ජන්ට තවමත් ප්‍රජා අයිතිය අහිමියි ඒත් සජබ දූෂණ විරෝධී බළකායේ ප්‍රධානියා ලෙස රන්ජන් පත් කරනවා – විපක්ෂ නායක" | "සමගි ජනබලවේගයේ දූෂණ විරෝධී බළකායේ ප්‍රධානියා ලෙස රන්ජන් රාමනායක මහතා පත් කරන බවත් ඊට අමතරව තම පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේ නියෝජනය සහ කෘත්‍යාධිකාරි මණ්ඩලයේ නිත්‍ය සාමාජිකත්වය ඔහුට පිරිනමන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.රන්ජන් රාමනායක මහතාට තවමත් ප්‍රජා අයිතිය හෝ දේශපාලනය කිරීමේ අයිතිය හෝ මැතිවරණවලට ඉද... |
"බෙල්ලන්විල රාජමහා විහාරයේ පෙරහැර මංගල්‍යය මහෝත්සවය" | "ඓතිහාසික බෙල්ලන්විල රාජමහා විහාරස්ථානයේ 2022 වාර්ෂික ඇසළ මංගල්‍ය පූජෝත්සවයේ අවසන් මහා රන්දෝලි පෙරහර 70 වැනි වරටත් අගෝස්තු මස 27 වන සෙනසුරාදා රාත්‍රියේදී ඉතා රමණීය අන්දමින් වීථි සංචාරය කෙරිණි.සම්ප්‍රදායානුකූලව සුබ මුහුර්තයෙන් සර්වඥ ධාතූන් වහන්සේ තැන්පත් කළ සධාතුක කරඬුව වැඩමකර හස්තිරාජයා පිට බැඳි ධාතු කරඬුවේ තැන්පත් කිර... |
"කෝටි 23කට අධික මත්ද්‍රව්‍ය හා රු. ලක්‍ෂ 30 ක් සමග පෑලියගොඩදී 3 ක් දැලේ" | "කෝටි 23 කට අධික වටිනාකමින් යුත් කොකේන්, හෑෂ්, කුෂ් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 33 කට අධික ප්‍රමාණයක් සහ රුපියල් ලක්‍ෂ 30 ක මුදලක් සමඟ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් තිදෙනකු අත්අඩංගුවට ගැනීමට පෑලියගොඩ මූලස්ථාන පොලිසිය ඊයේ (28 වැනිදා) අලුයම සමත්විය.පෑලියගොඩ පොලිසියේ රාත්‍රි මුර සංචාරයේ යෙදී සිටි නිලධාරීන්ට ලද තොරතුරක අනුව මෙම සැ... |
"මට හැම දෙයක්ම අහිමි වුණා : නිදහස ලැබූ රන්ජන් දිවයින ඉරිදා සංග්‍රහයට කළ හෙළිදරව්ව" | "“මම හැමදාම ඉන්නේ මහජනතාවගේ පැත්තේ. නඩු තීන්දුවෙන් පස්සෙ මට සේරම නැතිව ගියා. ජනතා ආදරය සිරගත කරන්න බැරි බව මම තේරුම් ගත්තෙ සිරගත වුණාට පස්සෙ” යැයි ජනාධිපති සමාව යටතේ නිදහස ලැබූ ජනප්‍රිය රංගන ශිල්පී රන්ජන් රාමනායක මහතා ‘දිවයින ඉරිදා සංග්‍රහයට’ පෙරේදා (26දා) සවස ප්‍රකාශ කළේය. බන්ධනාගාරයේදී තමන් අනේකවිධ වේදනාවන්ට ලක් වූ බ... |
"ගුවන් යානාවලට තෙල් ගහන බිස්නස් එක දේශපාලන පුතෙකුට දීලා" | "ප්‍රබල දේශපාලනඥයකුගේ පුත්‍රයකුට අයත් බව කියන මෙරට පෞද්ගලික සමාගමක් මගින් ආනයනය කරනු ලැබූ ගුවන් යානා ඉන්ධන තොගයක් ඉතිහාසයේ ප්‍රථම වතාවට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව හරහා අලෙවි කිරීම මේ වන විට ආරම්භ වී ඇතැයි සංස්ථා සේවකයෝ සඳහන් කරති. එම තත්ත්වයත් සමග ඛනිජ තෙල් සංස්ථාවට විශාල ඩොලර් ආදායමක් හිමිවූ ගුවන් යානා සඳහා ඉන්ධන ල... |
"ප්‍රචණ්ඩ ක්‍රියා කළ අය රඳවාගෙන ප්‍රශ්න කරන්න එ. ජා. සංවිධානය බලය දීලා" | "ශ්‍රී ලංකාවේ ආණ්ඩුව පෙරළා දැමීම, රාජ්‍ය ආයතන අල්ලා ගැනීම, නිවාස ගිනිතැබීම, විදේශ සංවිධානවල සහයෙන් රාජ්‍ය විරෝධී ක්‍රියා සිදුකිරීම ඇතුළු ප්‍රචණ්ඩ ක්‍රියා සිදුකළ පාර්ශ්ව අත්අඩංගුවට ගැනීම මෙන්ම ඔවුන් රඳවාගෙන ප්‍රශ්න කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ ආරක්‍ෂක මණ්ඩලයේ 1566 යෝජනාවෙන් ශ්‍රී ලංකා රජයට බලය ලබා දී ඇත. 2014 ඔක්තෝබර් මස ... |
"පත්ඉරු උප්පැන්න ඔප්පු කොපි මිල ඉහළට" | "රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව මගින් ලබාදෙන පත්තිරු, ඔප්පු කොපි, උප්පැන්න කොපි ඇතුළු ලිපි ද්‍රව්‍යවල මිල ඉහළ දැමීමට එම දෙපාර්තමේන්තුව සූදානම් වේ. විදුලි ගාස්තු ඉහළ යෑම, ලිපිද්‍රව්‍යවල මිල ගණන් ඉහළ යෑම ඇතුළු සියලු වියදම් ඉහළ යෑම නිසා දෙපාර්තමේන්තුවට දැරීමට නොහැකි අයුරින් වියදම් ඉහළ ගොස් ඇති බවත් එය යම් මට්ටමකින් හ... |
"කොවිඩ් සුව වුණු දරුවන්ට හතිය හැදිලා" | "ළමා හතිය වැළඳුණු දරුවන් 60 – 70ත් අතර සංඛ්‍යාවක් දිනකට ප්‍රතිකාර සඳහා ළමා රෝහලට පැමිණෙන බව බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග විශේෂඥ වෛi දීපාල් පෙරේරා මහතා ‘දිවයින ඉරිදා සංග්‍රහය’ ට පැවසීය. කොවිඩ් වැළඳී සුව වූ දරුවන් විශාල පිරිසකට මෙලෙස ළමා හතිය වැළඳී ඇතැයි ද හෙතෙම කියා සිටියේය. මීට අමතරව පරිසරය තුළ පවතින දූවිල්ල ... |
"ඊපීඑෆ් අයැදුම් කරන්න දින සහ වේලාව දෙයි" | "සේවක අර්ථසාධක අරමුදලේ ප්‍රතිලාභ අයැදුම් කිරීම සඳහා දිනයක් හා වේලාවක් වෙන්කර ගැනීමේ අවස්ථාව සැප්තැම්බර් 01 වැනිදා සිට එහි හිමිකරුවන්ට ලබාදීමට කම්කරු අමාත්‍යාංශය පියවර ගෙන තිබේ. මේ සඳහා 1958 අංකය අමතා දිනයක් සහ වේලාවක් ලබා ගන්නා ලෙසත්, එසේ ලබා ගෙන පැමිණෙන සාමාජිකයන් සඳහා වෙනම සේවා කවුළු විවෘත කර සේවාවන් සැපයීමට කටයුතු ක... |
"ගුවන් යානයේදී හමුවූ මෝහිනී දරුවා දීලා මාරුවෙලා" | "ගුවන් යානයේදී හඳුනාගත් කාන්තාවක කුඩා දරුවකු තමාට බලාගන්න දී පලාගිය බවට පුද්ගලයකු පෙරේදා (26 දා) කළ පැමිණිල්ලක් අනුව කළුතර දකුණ පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ. සන්ගාරම්ගේ එස්. අප්පුහාමි නමැති කළුතර දකුණ, බෝධියවත්ත ප්‍රදේශයේ පදිංචි අය විසින් කරන ලද පැමිණිල්ලක් අනුව මෙසේ පරීක්ෂණ ආරම්භ කර ඇතැයි පොලිසිය කීය. තමා වසර 11 ක් ප... |
"ගොවිජන බැංකුවල තැන්පත් මුදල කෝටි 600 ඉක්මවයි" | "ගොවිජන සේවා මධ්‍යස්ථාන ආශ්‍රිතව පවත්වාගෙන යන ගොවිජන බැංකුවල ගොවි ජනතාවගේ තැම්පතු මුදල් මේ වනවිට රු. කෝටි 600 ඉක්මවා ඇතැයි ගොවිජන බැංකු නිලධාරීහු පවසති. ගොවිජන සේවා මධ්‍යස්ථානවල පවත්වාගෙන යන ගොවිජන බැංකු මගින් ගොවි ජනතාවට ලබාදෙන සේවාවන් පුළුල් කිරීමට හා එමගින් කාර්යක්‍ෂම සේවාවක් ගොවි ජනතාවට ලබාදීම අරමුණු කර ගනිමින් එම ... |
"දරු උපත් අඩුවෙලා පිරිමි උපත් වැඩිවෙලා" | "මෙරට සජීවී දරු උපත් සංඛ්‍යාව 2020 වර්ෂයට සාපේක්‍ෂව 2021 වර්ෂයේ දී දහසයදහස් අටසිය පනස් අටකින් අඩු වී ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි. 2020 වර්ෂයේදී මෙරට සජීවී දරු උපත් සංඛ්‍යාව තුන්ලක්‍ෂ එක්දහස් හත්සිය හතක් වූ අතර 2021 වර්ෂයේදී සජීවී දරු උපත් සංඛ්‍යාව දෙලක්‍ෂ අසූහතරදහස් අටසිය හතළිස් අටක් දක්වා අඩු වී ... |
"මට සතුටුයි – විජයදාස කියයි" | "‘රන්ජන් රාමනායක මහතාට නිදහස ලබාදීමට දායක වීමට ලැබීම ගැන මම සතුටු වෙනවා ඒ වගේම ඔහු නිදහස්වීම ගැන ඊටත් වඩා මට සතුටක් තිබෙනවා’ යැයි අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ ඇමැති ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්‍ෂ මහතා ‘දිවයින’ට ඊයේ පැවසීය. නෝමන් පලිහවඩන" |
"1 ශ්‍රී 1 නැගුණු ජනපති" | "හිටපු අගමැති දිවංගත සර් ජෝන් කොතලාවල මහතා පාවිච්චි කළ 1 ශ්‍රී 1 මෝටර් රථය තවමත් රත්මලානේ ස්ථාපිත ජෙනරාල් සර් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ ආරක්‍ෂිතව දකින්නට තිබේ. කොතලාවල මහතා පදිංචිව සිටි කඳවල වලව්වේ ස්ථාපිත ජෙනරාල් සර් ජෝන් කොතලාවල විශ්වවිද්‍යාලයේ වාර්ෂික වර්ණ ප්‍රදානෝත්සවයට පැමිණි ජනධිපතිවරයා එම ඉපැරණි මෝටර්... |
"2020 සිසු හෙද පුහුණු පාඨමාලාව තෙපරබායි… සිසුහු ජනපතිටත් දුක ලියති" | "2020 සිසු හෙද පුහුණු පාඨමාලාවට ඇතුළත් කර ගැනීම්වලට අදාළ සම්මුඛ පරීක්‍ෂණ මේ දක්වා ප්‍රමාදවීම හේතුවෙන් එම පාඨමාලාව සඳහා අයදුම් කළ ශිෂ්‍යයන් දහස් ගණනක් දැඩි මානසික පීඩනයකට පත්ව ඇතැයි වාර්තා වේ. මේ සම්බන්ධව වහා අවධානය යොමුකර තමන්ට සාධාරණය ඉටුකරන ලෙස ජනාධිපතිවරයාගෙන් හා රජයෙන් ඉල්ලා සිටින බව එම ශිෂ්‍යයෝ පවසති. මේ සම්බන්ධයෙ... |
"70 ක ජල ගාස්තු වැඩිවීම 15 වැනිදා සිට බිලට" | "ජල ගාස්තු සියයට 70 කින් ඉහළ දැමීමට තීරණය කර ඇත. එම ඉහළ යන ජල ගාස්තු සැප්තැම්බර් මස 15 වැනිදා සිට ජල බිල්පතට එක් කරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩල ආරංචි මාර්ග ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට පැවසීය. ඒ අනුව ගෘහස්ථ පාරිභෝගිකයන්ගේ ජල ඒකකයක ආරම්භක ගාස්තුව රුපියල් 12.00 සිට රුපියල් 20.00 දක්වා ද සේවා ගාස්තුව රුපියල් 50.00හේ... |
"රසායනික පොහොර දෙන්න බඩඉරිගු ගොවීන්ට ඔන්ලයින් රෙජිස්ටර්" | "එළඹෙන මහ කන්නයේ බඩඉරිඟු වගාව සඳහා රසායනික පොහොර ලබාදීමට මාර්ග ගත ක්‍රමය ඔස්සේ ගොවීන් ලියාපදිංචි කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය පියවර ගෙන තිබේ. ඒ අනුව බඩඉරිඟු වගා කිරීමට අපේක්‍ෂා කරන ගොවීන් www.agrarian.lk වෙබ් අඩවිය ඔස්සේ මේ මස 30 දිනට පෙර ලියාපදිංචි විය යුතු බවද කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි. මේ සඳහා බඩඉරිඟු වගා කිරීමට අපේ... |
"අතුරු අයවැය අනිද්දා: සහන සමග වියදම් සීමා" | "මේ වසරේ (2022) ඉතිරි කාලය සඳහා වන අතුරු අය වැය අනිද්දා (30 දා) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය. මේ අය වැය දෙවනවර කියැවීමේ සමාරම්භක දේශනය (අයවැය කතාව) අගෝස්තු 30 වැනිදා ප. ව. 1.00 සිට ප. ව. 2.00 දක්වා ජනාධිපතිවරයා විසින් සිදුකිරීමට නියමිතය. ඉන් පසු අයවැය දෙවනවර කියැවීමේ විව... |
"ජය ඝෝෂා මැද රන්ජන් එළියට" | "අධිකරණයට අපහාස කිරීමේ වරදට වසරයි මාස 7 යි දින 14ක් තිස්සේ සිරගතව සිටි ජනප්‍රිය රංගන ශිල්පී සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා ඊයේ (26 වැනිදා) සවස ජනාධිපතිවරයා විසින් ලබාදෙන ලද කොන්දේසි සහිත සමාවක් යටතේ නිදහස් කරන ලදී. නිදහස ලැබූ රන්ජන් රාමනායක මහතා පිළිගැනීමට වැලිකඩ බන්ධනාගාරය ඉදිරිපිටට දේශපාලනඥයන් කලා... |
"මට දැන් පරණ පුරුදු විදියට කතා කරන්න බැහැ" | "භාෂණයේ නිදහස නොමැතිව තමන් වෙත ලැබුණු අර්ධ නිදහස වෙනුවෙන් කටයුතු කළ ජනාධිපති, විපක්‍ෂ නායක ඇතුළු සියලු දෙනාට තමා ස්තුතිය පළකරන බව නිදහස ලැබූ රන්ජන් රාමනායක මහතා ඊයේ (26 දා) පැවසීය. හෙතෙම ඊයේ නිදහස ලබා වැලිකඩ බන්ධනාගාරයෙන් පිටත්ව මාර්කස් ප්‍රනාන්දු මාවතේ පිහිටි විපක්‍ෂ නායක කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවකදී ඒ බව සඳහන් කළ... |
"ජනාධිපති මන්දිරයෙන් හමුවූ සල්ලි : සංවාදයේ ඇත්ත දැනගන්න පොලිස් ලොක්කන් දෙදෙනාගේ දුරකථන රස පරීක්‍ෂකට" | "කොළඹ දිසාව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ සහ කොටුව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක සාගර ලියනගේ මහතාගේ ජංගම දුරකථන රජයේ රස පරීක්‍ෂකවරයාගේ දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත්කොට 2022.7.9 වැනි දින එකී දෙපාර්ශ්වය අතර ඇතිවූ දුරකථන සංවාද පටිගතවීම් පිළිබඳ වාර්තාවක් කැඳවන ලෙස කොටුව මහෙස්ත්‍රාත් ත... |
"‘ජනාධිපති සමාව’ ව්‍යවස්ථාවෙන් ඉවත් කළ යුතුයි – පුබුදු ජයගොඩ" | "අධිකරණයෙන් වැරදිකරුවන් වන පුද්ගලයන්ට සමාව දීමට ජනාධිපතිවරයාට ඇති හැකියාව ඇති වගන්තිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම ඉවත් කළ යුතු යැයි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා ඊයේ (26 දා) පැවසීය. රන්ජන් රාමනායක මහතා පිළිබඳ ප්‍රශ්නය වෙනම විසඳාගත යුතුව ඇතැයි ද ඔහු කීවේය. අධිකරණයට අපහාස කිරීමේ නීතිය මෙතෙක් කල... |
"රටවල් කීපයක් ශ්‍රී ලංකාවට පනවා තිබූ සංචාරක සීමා ඉවත් කරයි" | "ශ්‍රී ලංකාවේ සංචාරය කිරීම සඳහා පනවා තිබූ සීමා ඉවත් කිරීමට මහා බ්‍රිතාන්‍යය, ස්විට්සර්ලන්තය, ප්‍රංශය සහ නෝර්වේ රාජ්‍ය කටයුතු කර ඇත. ඉන්ධන, ගෑස් ගැටලුව යම්තාක් දුරට විසඳීමත් දේශපාලනමය වශයෙන් රටේ යම් ස්ථාවරත්වයක් ගොඩනැගීමත් කලබලකාරී තත්ත්වය පාලනය වීමත් මෙම සංචාරක සීමා ඉවත් කිරීමට හේතුවී ඇති බව වාර්තා වෙයි. මේ සම්බන්ධයෙන... |
"රටවල් රැසක කාදිනල්වරුන්ගෙන් මැල්කම් රංජිත් කාදිනල්තුමාට ඇගැයුම්" | "වතිකානුවේ පැවැත්වෙන නව කාදිනල්වරුන් පත් කිරීමේ උත්සවයට සහභාගි වෙන ලෙස පාප්වහන්සේ විසින් ඇරයුම් කරනු ලැබූ කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්තුමා ලෝකයේ රටවල් ගණනාවකම විශේෂ ඇගැයීමකට ලක්වී ඇත. අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්තුමා ශ්‍රී ලංකාවේ සිදුකරන සුවිශේෂී සේවා සම්බන්ධයෙන් රටවල් ගණනාවකම කාදිනල්වරුන් මෙසේ ඇගැයීම් කර ඇත... |
"පෞද්ගලික බස් 50%ක් නවතියි අද බස් 25%ක්වත් දුවයිද කියා සැකයි!" | "ප්‍රමාණවත් පරිදි ඩීසල් නොලැබීම හේතුවෙන් බස් ධාවනය ඊයේ (26 දා) සියයට 50 කින් අඩුවී තිබූ බව ලංකා පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා ‘දිවයින’ට පැවසීය. මෙම තත්ත්වය තුළ ඊයේ දිනයේ දිවයිනෙන්ම ධාවනය වූයේ බස් රථ 6000කටත් අඩු සංඛ්‍යාවක් බවද හෙතෙම කීය. ලංගම ඩිපෝවලින් පවා ඉන්ධන මේ වන විට නොලැබෙන බවද ඔහු ස... |
"පාසල් දිවා ආහාරයේ පෝෂණ මට්ටම ඉහළ නංවන්න ඇමරිකාවේ අතහිත" | "පාසල් දිවා ආහාර වේලෙහි පෝෂණීය මට්ටම ඉහළ නැංවීමේ අරමුණින් වියළි ආහාර තොගයක් ඇමරිකානු රජය විසින් මෙරටට ප්‍රදානය කර ඇත. අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා වෙත මෙම ආහාර තොගය භාරදීම මෙරට ඇමරිකානු තානාපති ජූලි චං මහත්මිය අතින් වත්තල මුතුරාජවෙල පිහිටි ‘ස්පෙක්ට්‍රා’ ගබඩා සංකීර්ණයේදී නිල වශයෙන් ඊයේ (26 දා) සිදුවිය... |
"හම්බන්තොට නැව් තෙල් නැතිව හූල්ලයි" | "මෙරට බලශක්ති නිලධාරීන් මෙතෙක් නිසි පියවර නොගැනීම නිසා හම්බන්තොට වරායට පැමිණෙන නැව් සඳහා අවශ්‍ය ඉන්ධන ලබාදීමේ ගැටලුවක් මතුව ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. හම්බන්තොට වරාය පරිශ්‍රයේ දෛනිකව ඉන්ධන මෙටි්‍රක් ටොන් අසූදහසක් ගබඩා කළ හැකි බන්කරින් ටර්මිනල් එකක් තිබුණත් ඉන්ධන ගෙන්වීමේ බලපත්‍රය නිසි පරිදි නොලැබීම නිසා මෙම ... |
"වසන්ත මුදලිගේ රඳවා ගැනීම බල රහිත කරන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්" | "අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ දින 90ක් රැඳවුම් භාරයට පත්කරමින් ආරක්‍ෂක අමාත්‍යවරයා විසින් ලබාදී ඇති රැඳවුම් නියෝගය බල රහිත කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට නීතිඥයෙක් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළේය. වසන්ත මුදලිගේ මහතා වෙනුවෙන් නීතිඥ මංජුල බාලසූරිය මහතා විසින් ගොනුකර ඇති එම මූලි... |
"මුතුරාජවෙල ලොකු ගින්නක්" | "මුතුරාජවෙල සීමාවට අයත් පුබුදුගම ප්‍රදේශයේ පෙරේදා (25 දා) රාත්‍රි හදිසියේ ඇතිවූ ගින්නකින් විශාල ප්‍රදේශයක් දැවී විනාශ වී ඇති අතර ගිනි නිවන හමුදාව සහ ගුවන් හමුදා භටයෝ ගින්න මැඬ පැවැත්වීමට කටයුතු කරමින් සිටියහ. කැලෑබද මෙම ප්‍රදේශයේ නිවාස කිසිවක් නොවීය. ඊයේ සවස්වන විටත් ගින්න ඇවිළෙමින් තිබුණි. පමුණුගම පොලිස් ස්ථානාධිපති ප... |
"අරගලය මානව හිමිකම් යයි" | "අරගලය ජාතික මධ්‍යස්ථානය ඊයේ (26 වැනිදා) උදේ මානව හිමිකම් කොමිසම හමුවේ පැමිණිල්ලක් ඉදිරිපත් කළේය. අනීතික අත්අඩංගුවට ගැනීම් හා පැහැර ගැනීම් වහා නතර කරන ලෙසට දන්වමින් ඔවුහු අදාළ පැමිණිල්ල ඉදිරිපත් කළහ. පැමිණිල්ල කිරීමෙන් පසු මානව හිමිකම් කොමිසමෙන් පිටතට පැමිණි අරගලය ජාතික ව්‍යාපාරයේ සම ලේකම් කැලුම් අමරසිංහ මහතා මෙසේ පැවැ... |
""රිළවා, වල් ඌරා, දඬුලේනා, මොනරා, ඉත්තෑවා ජාතික සත්වයා ආරක්ෂක පනතින් ඉවත් කළා "" | "මහින්ද අමරවීර පවසයි දේශීය වශයෙන් වගා කරන ආහාර බොහොමයක් සතුන්ගේ හානිය නිසා විනාශ වන බැවින් එය වැළැක්වීම සඳහා වනජීවී අධ්‍යක්ෂ ජනරාල්ගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත්කර එම කමිටුවේ නිර්දේශ මත රිළවා, දඬුලේනා, වල් ඌරා, මොනරා සහ ඉත්තෑවා ජාතික සත්ත්ව ආරක්ෂණ ලේඛනයෙන් ඉවත් කළ බව මහින්ද අමරවීර ඇමැතිවරයා සඳහන් කළේය. වනජීවී හා වන සංර... |
"අපි හැමදාම ශ්‍රී ලංකාව එක්ක හිටියා – චීන තානාපති කියයි" | "ශ්‍රී ලංකාවට සිය ස්වෛරීභාවය, ස්වාධීනත්වය සහ භෞමික අඛණ්ඩතාව ආරක්ෂා කිරීම සඳහා ජාත්‍යන්තර වේදිකාවලදී චීනය සහාය දක්වන බව යැයි ශ්‍රී ලංකාවේ චීන තානාපති කී. සෙන්හොංග් මහතා පැවසීය. එක් චීනයක් මූලධර්මයේ සිට ‘යුවාන් වැන්ග් 5’ දක්වා: අත්වැල් බැඳගෙන අපගේ ස්වෛරීභාවය, ස්වාධීනත්වය සහ භෞමික අඛණ්ඩතාව අධිෂ්ඨානශීලීව සුරකිමු යැයි ද ශ්... |
"එක්ස්ප්‍රස් පර්ල් නැව ධීවරයන්ට වන්දි ගෙවන්න ලක්‍ෂ 9110 ක් දෙයි" | "එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනිගෙන විනාශ වීම හේතුවෙන් හානියට පත්වූ ධීවරයන් සඳහා ගෙවීමට නියමිත 3 වන අතුරු වන්දි මුදල්වලින් රුපියල් ලක්‍ෂ 9110 ක මුදලක් එම නෞකාවේ රක්‍ෂණ සමාගම විසින් රජයට ලබාදී ඇත. එම මුදල් කඩිනමින් ඉදිරි සතිය තුළදී ගම්පහ කොළඹ, කළුතර යන දිස්ත්‍රික්කවල හඳුනාගත් ධීවරයන්, කාර්මිකයන් 15032 දෙනෙකු අතර බෙදා දීමට ... |
"බැඳුම්කර මගඩියේ ගිණුම් නිදහස් කරන්න යනවා – පුබුදු ජයගොඩ" | "බැඳුම්කර වංචාවෙන් පසු ඊට අදාළව අත්හිටුවා තිබූ ගිණුම්වල තහනම ඉවත් කිරීමට ආණ්ඩුව ක්‍රියා කරමින් ඇතැයි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා ඊයේ (26 දා) පැවසීය. තහනම ඉවත් කිරීමට යන එවැනි එක් ගිණුමක බිලියන හතරක් ඇතැයි පැවසූ ජයගොඩ මහතා මෙම තහනම ඉවත් කිරීම බැඳුම්කර මගඩියේ දෙවැනි අදියර යැයි ද කීවේය. එදා ... |
"නොමිලේ බෙදන්න යූරියා මෙට්‍රික් ටොන් 1000 ක් එයි!" | "ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානය විසින් අඩුආදායම්ලාභී ගොවි ජනතාවට නොමිලේ ලබා දෙනු ලබන යූරියා පොහොර මෙට්‍රික් ටොන් 1000ක් ඉදිරි සතිය තුළ මෙරටට ලැබෙන බව කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කරයි. කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර මහතා ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානය සමඟ කළ සාකච්ඡාවක ප්‍රතිඵලයක් ලෙස මෙසේ යූරියා කිලෝ 50ක් බර පොහොර මලු තුන්ලක... |
"ජනපති කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයට ඇවිත්" | "ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ වර්ණ ප්‍රදානෝත්සවය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරේදා පැවැත්විණි. එහිදී ජනාධිපතිවරයා වෙත පිරිනැමුණු හමුදා උත්තමාචාරය ජනාධිපතිවරයා විසින් පිළිගන්නා ලද අවස්ථාව." |
"ඉන්ධන හිඟය ඉවරයි" | "රටේ ඇතැම් ප්‍රදේශවල තිබෙන සුළු ඉන්ධන හිඟය අද (27 වැනිදා) වනවිට පහව යනු ඇතැයි ලංකා ඛනිජ තෙල් සංස්ථාව පවසයි. කොළඹ වරායට පැමිණ තිබූ සුපර් ඩීසල් මෙටි්‍රක් ටොන් 30,000 ක් අඩංගු නෞකාවෙන් ඉන්ධන ගොඩබෑම ඊයේ (26 වැනිදා) ආරම්භ කළ බවත් ඊට අමතරව ඔටෝ ඩීසල් නෞකාවක්, ඔක්ටේන් 92 පෙට්‍රල් නෞකාවක්ද 29 වැනිදා වනවිට මෙරටට පැමිණීමට නියමිත ... |
"දුම්රියෙන් රතු එළියක්" | "දුම්රිය එන්ජින් ධාවනයට අවශ්‍ය ලිහිසි තෙල් සහ අමතර කොටස් හිඟය හේතුවෙන් ඉදිරි දින කීපයේදී දුම්රිය ධාවනයට දැඩි බලපෑම් එල්ල විය හැකි බව දුම්රිය වෘත්තීය සමිති සන්ධානයේ ප්‍රධාන ලේකම් එස්. පී. විතාන මහතා ‘දිවයින’ට ඊයේ (26 දා) පැවසීය. ලිහිසි තෙල් නොමැතිකම හේතුවෙන් දැනටමත් දුම්රිය එන්ජින් 20ක් ධාවනයෙන් ඉවත් කර ඇතැයිද හෙතෙම කිය... |
"උසාවියෙන් සමාව ගනී: රන්ජන්ට නිදහස?" | "අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් වරදකරුව සිරදඬුවම් ලබන ජනසම්මානිත කලාකරු රන්ජන් රාමනායක මහතා දිවුරුම් ප්‍රකාශ කරමින් අධිකරණයෙන් ඊයේ (25 දා) සමාව ඉල්ලා ඇති බව විශ්වාස කටයුතු ආරංචිමාර්ග සනාථ කළේය. මේ වන විට බන්ධනාගාරයේ සිටින රන්ජන් රාමනායක මහතා බන්ධනාගාර දෙපාර්තමේන්තුව මගින් අධිකරණ අමාත්‍යාංශය හරහා එකී සමාව අයැද සිටීමේ ... |
"රන්ජන් අද හෝ සඳුදා නිදහස්වේ: හරින්ගෙන් ෆේස්බුක් සටහනක්" | "බන්ධනාගාරගතව සිටින ප්‍රවීණ රංගන ශිල්පි රන්ජන් රාමනායක මහතා අද හෝ ලබන සඳුදා (26 හෝ 29) නිදහස ලබන බව තමාට විශ්වාස යැයි ඇමැති හරින් ප්‍රනාන්දු මහතා ඊයේ (25 දා) ෆේස්බුක් සටහනක් තබා ඇත. රන්ජන් රාමනායක මහතාට සමාව ලබාදෙන ලෙස තමා සහ ඇමැති මනුෂ නානායක්කාර මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ අධිකරණ ඇමැති විජයදාස රාජපක්‍ෂ යන මහත්... |
"ඩොලර් නැති අල්ලපනල්ලේ කෆීර් 4 ක් අලුත්වැඩියා කරලා" | "මෙරට ඩොලර් සංචිතය බරපතළ ලෙස පහත වැටී ඇති අවස්ථාවේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ නියෝගය මත කෆීර් ප්‍රහාරක යානා 4ක් අලුත්වැඩියා කිරීමට ඩොලර් බිලියන 20 ක් ඊශ්‍රායල් එයාක්‍රාෆ්ට් ඉන්ඩස්ට්‍රීස් සමාගමට ගෙවීමේ සිද්ධියක් අනාවරණය වී ඇත. එහෙත් මෙම යානා අලුත්වැඩියාව සිදුවන්නේ කටුනායක ගුවන් හමුදා කඳවුරු අංගණයේ බව හෙළිවී තිබේ. ක... |
"ශ්‍රී ලංකාවට ඉන්ධන – කෑම – බෙහෙත් දෙන්න: ඇමරිකානු මන්ත්‍රීවරු 10 දෙනෙක් එරට රජයට කියයි" | "ශ්‍රී ලංකාවේ ජනතාවට ඉන්ධන, ඖෂධ සහ ආහාරපාන සපයන ඇමරිකානු මන්ත්‍රීවරු දස දෙනකුගෙන් යුත් පිරිසක් ඇමරිකානු රජයෙන් සහ යූ. එස්. ඒ. ඕ. සංවිධානයේ ප්‍රධානි සමන්තා පවර්ගෙන් ඉල්ලා ඇත. ශ්‍රී ලංකාවේ ජනතාව දැඩි දුෂ්කරතාවකට මුහුණ පා සිටින අවස්ථාවේ ඇමරිකාවේ යුතුකම ඔවුන්ට සහයවීම බව ද එහි මන්ත්‍රීවරුන් තවදුරටත් ප්‍රකාශ කර තිබේ. ශ්‍රී ල... |
"17 වියැති රදර්ෆඩ් තනිවම ලොව වටා ගුවනින් ගොස් වාර්තා තබයි" | "තනිවම ගුවනින් ලොව වටා ගොස්, ළාබාලතම ගුවන් නියමුවා බවට පත්වන්නට බෙල්ජියම් ජාතික 17 වියැති මාර්ක් රදර්ෆඩ් ඊයේ (25දා) සමත්වුණේ මෙයින් මාස පහකට ප්‍රථම ගමන් ආරම්භ කළ බල්ගේරියානු සොෆියා ගුවන්තොටුපළ වෙත සිය යානාව ගොඩබැස්සවීමත් සමගිනි. ඒ සමගින් ගිනස් ලෝක වාර්තා දෙකකට හිමිකම් කියන්නට ඔහු සමත් වූ අතර ඉන් එක් වාර්තාවක් සාරා රදර්... |
"නොරොච්චෝලේ යළි අද නැගිටියි" | "නොරොච්චෝලේ ගල්අඟුරු බලාගාරයේ අක්‍රිය වූ යන්ත්‍රය යළි ක්‍රියාත්මක කර අද (26 දා) සිට ජාතික විදුලිබල පද්ධතියට එක්කිරීමට කටයුතු කරන බව එහි උසස් නිලධාරියෙක් පැවසීය. පසුගිය 15 වැනිදා යන්ත්‍ර තුනෙන් පළමු යන්ත්‍රයේ කාර්මික දෝෂයක් වාර්තාවීමත් සමග එම යන්ත්‍රය අක්‍රිය කිරීමට බලාගාර ඉංජිනේරුවන් කටයුතු කර තිබිණි. එම යන්ත්‍රය පසුව ... |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.