Title stringlengths 9 246 | Content stringlengths 3 62.9k |
|---|---|
"මට ඡන්දෙ දුන් අය කමිටුවලින් කපලා ඒ වැඩේ පිළිකුල්: ඩලස් අගමැතිට ලියයි" | "නව ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුවේ වාර අවසන් කිරීමෙන් අනතුරුව මෙහෙයුම් කමිටු සඳහා මන්ත්‍රීවරුන් පත්කිරීමේ දී, ජුලි 20 වැනිදා පැවැති ජනාධිපතිවරණයේ දී තමා වෙත සෘජුවම සහාය පළ කළ සහ ඒ වෙනුවෙන් ක්‍රියාකාරීව වෙහෙසුණු මහජන නියෝජිතයන් බොහෝ දෙනකු නැවත පත් නොකිරීමට ආණ්ඩුව උනන්දුවෙන් ක්‍රියාකර ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස්... |
"පාප් වහන්සේ දුන් රු.තුන්කෝටි අසූලක්‍ෂය බෙදයි" | "පාස්කු ඉරිදා සිදුකළ බෝම්බ පිපිරීම්වලින් විපතට පත් පුද්ගලයන්ගේ පවුල් වෙනුවෙන් ශුද්ධෝත්තම ප්‍රැන්සිස් පාප්වහන්සේ කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්තුමා වෙත භාරදුන් යුරෝ ලක්‍ෂයක් (රුපියල් තුන්කෝටි අසූලක්‍ෂයක මුදල්) බෙදා ඇතැයි කොළඹ අගරදගුරු මැඳුරේ ආරංචි මාර්ග කියයි. මේ අනුව කටුවාපිටිය පවුල් 260ක්, කොළඹ කොච්චිකඩේ දෙව්මැද... |
"මම අගමැති වුණොත් හමුදාවේ 58 දෙනාට දඬුවම් දෙනවා!" | "යුද අපරාධ චෝදනා එල්ල වී ඇති ශ්‍රී ලංකාවේ හමුදා ප්‍රධානීන් 58 දෙනාට තමා බ්‍රිතාන්‍ය අගමැතිධුරයට පත්වූවොත් සම්බාධක පනවා දඬුවම් කරන බව කොන්සර්වේටිව් පක්‍ෂයේ අගමැති අපේක්‍ෂක රිෂි සුනක් එරට ද්‍රවිඩ ඩයස්පෝරාවට ප්‍රතිඥා දී ඇත. කොන්සර්වේටිව් පක්‍ෂයට සම්බන්ධ ඩයස්පෝරා ක්‍රියාකාරීන් සමඟ පැවැති සාකච්ඡාවකදී තවදුරටත් පැවසුවේ යුද අප... |
"ජැකලීන් දූපතකුත් මිලට අරන්" | "කළුසල්ලි ජාවාරම ගැන චෝදනා ලබාඇති ප්‍රකට නිළි ජැකලින් පර්ඩිනැන්ඩස් ශ්‍රී ලංකාවේ දකුණු දිග ප්‍රදේශයේ දූපතක් මිලයට ගෙන ඇතැයි ඉන්දීය මාධ්‍ය හෙළිකර ඇත. ඉන්දීය සීනිව්ස් ආයතනය පැවසුවේ ශ්‍රී ලංකාවේ ප්‍රකට ක්‍රිකට් ක්‍රීඩකයකු මිලයට ගෙන ඇති දූපතට සමීපව ජැකලින් දූපත මිලයට ගෙන ඇති බවයි. මෙම දූපතට නම තබා නැත. ඇය මෙම දූපත මිලයට ගෙන... |
"කඳුළු ගෑස් නවත්වන්න ජිනීවා කවුන්සිලය දැනුම්දෙයි" | "විරෝධතා මර්දනය සඳහා කඳුළු ගෑස් භාවිතා කිරීම අත්හිටුවන ලෙස ජිනීවා මානව හිමිකම් කවුන්සිලය ශ්‍රී ලංකාවට දැනුම් දී ඇත. කඳුළුගෑස් යනු රසායනික විශේෂයක් බවත් ඉන් ඇස්වලට හානියක් සිදුවන බවත් එම කවුන්සිලය දක්වා තිබේ. ශ්‍රී ලංකා පොලිසියට කඳුළුගෑස් අලෙවිකර ඇත්තේ බටහිර රටවල් කිහිපයකිනි. කීර්ති වර්ණකුලසූරිය" |
"මහාචාර්ය චන්දන ජයරත්න එපෙක්ස් සම්මානයෙන් පිදුම් ලබයි" | "ශ්‍රී ලංකා විද්වත් වෘත්තිකයන්ගේ සංගමයේ 35 වන වාර්ෂික සම්මේලනය කොළඹ සිනමන් ලේක් හෝටලයේදී පැවැත්විණි. එහිදී උපහාර ප්‍රදානයක් ද සිදුකෙරිණි. විiා හා තාක්‍ෂණ ක්‍ෂේත්‍රයේ වෘත්තීය විශිෂ්ටතාවය සඳහා ජීවිතයේ එක්වරක් ලැබෙන ඉහළම සම්මානය එපෙක්ස් මහාචාර්ය චන්දන ජයරත්න මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් ලබා ගත් අයුරු. ඡායාරූ... |
"රජයේ නිලධාරීන්ට රස්සාවලට රට යන්න බැරියර් ගලවයි" | "රජයේ නිලධාරීන් විදේශ රැකියා සඳහා යොමු කිරීමට අවශ්‍ය බාධා ඉවත් කිරීමටත් විදේශ රැකියා සඳහා දිරිගැන්වීමටත් රජය තීරණය කර ඇත. විදේශ විනිමය ඉපැයීම වර්ධනය කර ගැනීම සහ රාජ්‍ය සේවයේ නියුතු පිරිස ඵලදායීව විදේශ රැකියාවලට යොමු කිරීමේ ක්‍රියාවලිය ඉක්මන් කරවීම හා ඊට සම්බන්ධ ආයතන මුහුණදී ඇති ගැටලු නිරාකරණය කර ගැනීම ඇතුළු තවත් කරුණු ... |
"ආණ්ඩුවේ කැරට් කන්න සජබ ලෑස්ති නෑ – සජිත් කියයි" | "සමගි ජන බලවේගය සහ සමගි ජන සන්ධානය ආණ්ඩුව දිගු කරන ඇමැති කැරට් අල අනුභව කිරීමට සූදානම් නොමැති බවත් රට වෙනුවෙන් ප්‍රතිපත්තිගරුකව රජය කරන හොඳ දේවල්වලට පමණක් ඒකාබද්ධ වැඩපිළිවෙළක් යටතේ පාර්ලිමේන්තු කමිටු ක්‍රමය හරහා පමණක් සහයෝගය ලබා දෙන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. රටේ ජීවත් වන ලක්ෂ 220ක් වූ ජනතාව අසීමිත ද... |
"ත්‍රිරෝද රථ හිතූ හිතූ ගණන්" | "මගී ප්‍රවාහනයේ යෙදෙන ත්‍රිරෝද රථ රියැදුරන් මේ දිනවල පළමු කිලෝමීටරයට රුපියල් 120, 150 ආදී ගාස්තු අයකරන බවත්, එය ඉතා අසාධාරණ බවත් මගී ජනතාව පවසති. බොහෝ ත්‍රිරෝද රථ රියැදුරන් රථය ඉදිරිපස “මීටර් ටැක්සි” යනුවෙන් සටහන්කර ඇති වුවද ත්‍රිරෝද රථයට ගොඩවීමට පෙර මීටර්ද යනුවෙන් විමසීමේදී මීටරය අක්‍රිය වී ඇතැයි ඇතැම් ත්‍රිරෝද රථ රිය... |
"ශ්‍රී ලංකාවට ගොඩ එන්න ඉන්දියාවේ උපරිම සහාය" | "ශ්‍රී ලංකාව මුහුණදී ඇති අර්බුදකාරී තත්ත්වයෙන් ගොඩ ඒම සඳහා ඉන්දියාව සිය උපරිම සහාය ලබාදී ඇති බව ඉන්දීය විදේශ ඇමැති එස්. ජයශංකර් මහතා සඳහන් කරයි. මෙම වසරේ පමණක් ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් බිලියන 3.8 ක ආධාර ලබාදීමට ද කටයුතු කර ඇති බවද එරට විදේශ ඇමැතිවරයා සඳහන් කරයි. තායිලන්තයේ චුලාලෝන්කොන් විශ්වවිiාලයේ පැවැති දේශනයකදී ඉ... |
"ගෝඨාභය යළි දේශපාලනයට එන බවක් කියා නෑ" | "හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නැවත දේශපාලනයට පැමිණීම සම්බන්ධයෙන් මෙතෙක් කිසිවක් ප්‍රකාශ කර නැතැයි ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, නාගරික සංවර්ධන හා නිවාස ඇමැති ප්‍රසන්න රණතුංග මහතා ඊයේ (19දා) නුවරදී පැවසීය. එමෙන්ම ඔහු එවැනි තීරණයක් ගනීවි යැයි තමන් විශ්වාස නොකරන බව ද හෙතෙම සඳහන් කළේය. නුවරදී පැවැති රැස්වීමකින් අනතු... |
"ආරක්‍ෂක ප්‍රධානීහු ජනපති හමුවෙති" | "ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ආරක්‍ෂක ප්‍රධානීන් අතර හමුව ජනාධිපති කාර්යාලයේදී ඊයේ (19 දා) සිදුවිය. ජනාධිපති සහ සේනාධිනායක ලෙස රනිල් වික්‍රමසිංහ මහතා ධුරයට පත්වීමෙන් අනතුරුව සාම්ප්‍රදායික ලෙස මෙම හමුව සිදු වූ අතර ආරක්‍ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න (විශ්‍රාමික), ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්‍ද්‍ර සිල්වා,... |
"රෝහල්වල ඖෂධ හිඟය නැති කරනවා – ජනාධිපති සහතික වෙයි" | "රජයේ රෝහල්වල දැනට පවතින ඖෂධ හිඟය මගහැරවීමට තමන් වහාම කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්‍ෂවරයා වෙත පොරොන්දු වී ඇත. ජාතික රෝහලේ මෙන්ම රටපුරා පවතින රෝහල්වලට අවශ්‍ය ඖෂධ හිඟයකින් තොරව ලබාදීම සිය වගකීම බවද ජනාධිපතිවරයා පවසා තිබේ. දැනට ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ... |
"විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමය සජබ සහ පෙරටුගාමීන් හමුවෙයි" | "විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ නියෝජිතයෝ ඊයේ (19 දා) විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නියෝජිතයන් හමු වූහ. විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ ලේකම් සංජීව ධම්මික, එහි සභාපති එම්. ඩී. ආර්. අතුල ඇතුළු නියෝජිතයෝ පිරිසක් මේ සඳහා සහභාගි වූහ. විපක්ෂ නායක කාර්යාලයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ම... |
"වසන්ත මුදලිගේ ත්‍රස්ත පනතේ හිරකරන්න කරපු වරද මොකක්ද?" | "අත්අඩංගුවට ගත් වසන්ත මුදලිගේ සහෝදරයාට ත්‍රස්ත පනත දාලා හිර කරන්න හදනවා. එම ත්‍රස්ත පනතක් දාන්න ඔහු මොනවද මේ රටට කරලා තියෙන්නේ. වසන්ත ඇතුළු ශිෂ්‍ය ක්‍රියාකාරීන් හඬනැගුවේ බඩු මිල පහත හෙළන්න, ජනතාවගේ මූලික අවශ්‍යතා ටික සපයන්න, මර්දනය නතර කරන්න කියල. යැයි අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ වැඩ බලන කැඳවුම්කරු ටෙරන්ස්... |
"රනිල් ඇතුළු ජන පීඩක ආණ්ඩුව විරෝධතාවට ම්ලේච්ඡ ලෙස පහර දෙන්න හේතුව කුමක්ද?" | "රනිල් ඇතුළු ජන පීඩක ආණ්ඩුවට එරෙහිව අන්තර් විශ්වවිiාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය සංවිධානය කරන ලද විරෝධතා පා ගමනට පොලිසිය එල්ල කළ ම්ලේච්ඡ ප්‍රහාරය තරයේ හෙළාදකින බව ලංකා ගුරු සේවා සංගමයේ ලේකම් මහින්ද ජයසිංහ මහතා ඊයේ (19 වැනිදා) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය. මෙහිදී තවදුරටත් කතාකළ මහින්ද ජයසිංහ මහතා මෙසේ ද කියා සිටියේය. අන්... |
"ජැක්සන් බලන්න ජනපති යයි…" | "ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන ප්‍රවීණ රංගධර ජැක්සන් ඇන්තනී මහතාගේ සුවදුක් විමසීම සඳහා ඊයේ (19 දා) ගියේය. රෝහල වෙත ඊයේ උදෑසන හදිසියේම පැමිණි ජනාධිපතිවරයා ජැක්සන් ඇන්තනී මහතාගේ බිරිඳ ද හමුවී සුවදුක් විමසා ඔහුට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කළ අතර ඉදිරි ප්‍රතිකාර සඳහා යම් උපකාරයක් අවශ්‍ය නම් වහා... |
"වසන්ත මුදලිගේ ඇතුළු තිදෙනකු රඳවාගෙන ප්‍රශ්න කරයි" | "අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විසින් පෙරේදා (18 වැනිදා) පස්වරුවේ යුනියන් පෙදෙස ප්‍රදේශයේ පැවැත්වූ විරෝධතා ව්‍යාපාරයේදී අත්අඩංගුවට ගත් සැකකරුවන් දහසය දෙනකු රුපියල් ලක්‍ෂ පහ බැගින් වූ ශරීර ඇප මත මුදාහැරීමට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් එන්. කේ. ඉලංගසිංහ මහතා ඊයේ (19 වැනිදා) නියෝග කළේය. එලෙස අත්අඩංගුවට ගත් සැකකරුවන් අ... |
""අන්තරේට කඳුළු ගෑස්: වසන්ත මුදලිගේ, ජෙහාන් අප්පුහාමි ඇතුළු 6 ක් අත්අඩංගුවට"" | "අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය ආරම්භ කළ විරෝධතා පා ගමනට කොළඹ යුනියන් පෙදෙසේදී පොලිසිය ඊයේ ජල හා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කිරීමත් සමග උණුසුම් තත්ත්වයක් හට ගැනිණි. එහිදී වරෙන්තු ලැබ සිටි අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ, නළුවකු වන ජෙහාන් අප්පුහාමි ඇතුළු 6 දෙනකු අත්අඩංගුවට ගත් බව පොල... |
"හොඳ ප්‍රතිඵල එනවා පොලිය එහෙම්මමයි: මහ බැංකු අධිපති කියයි" | "ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය පසුගිය අවස්ථාවල ගත් තීන්දු තීරණ හේතුවෙන් රටේ ආර්ථිකයේ සාධනීය ප්‍රතිඵල දක්නට ලැබෙන බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා සඳහන් කළේය. එම තත්ත්වය යටතේ ඉදිරියේදී උද්ධමනය අඩුවනු ඇතැයි බලාපොරොත්තු වන බව ද හෙතෙම පැවසීය. මේ වන විට විදේශ විනිමය හිඟය යම් තරමකට අඩුවී බැංකු පද්ධතියේ වි... |
"ෂෙඩ්වල ආදායම පහළට: QR ගැනත් නොසතුටින්" | "ජාතික ඉන්ධන බලපත්‍රය හෙවත් QR ක්‍රමයට ඉන්ධන ලබාදීම නිසා ඉන්ධනහල්වල ආදායම විශාල ලෙස පහළ ගොස් ඉන්ධනහල් පවත්වාගෙන යා නොහැකි තත්ත්වයකට පත්ව ඇතැයි ඉන්ධනහල් හිමියන්ගේ සංගමයේ සභාපති ෂෙල්ටන් ප්‍රනාන්දු මහතා ‘දිවයින’ට ඊයේ (18 දා) පැවසීය.QR ක්‍රමය ක්‍රියාත්මක වීමට පෙර සතියකට ඩීසල් හා පෙට්‍රල් බවුසර 12ත් 15ත් අතර ඉන්ධන හලකට පැමි... |
"තහනම් ඖෂධය පිළිකා රෝහලට රිංගලා" | "තහනමට ලක්වූ (බ්ලැක් ලිස්ට්) සමාගමක තහනම් කළ පිළිකා ඖෂධයක් රෝගීන්ට ලබාදීම සඳහා මහරගම අපේක්ෂා රෝහලට ලබාදී ඇතැයි වාර්තා වේ. 2019 වසරේ නිෂ්පාදිත මෙම ඖෂධය 2023 වසරේ කල් පිරීමට ආසන්න වීම හේතුවෙන් පරිත්‍යාගයක් ලෙස ලබාදී ඇත. ‘බ්ලැක් ලිස්ට්’ වූ අදාළ සමාගම සතුව ඖෂධ කුප්පි (වෑල්) දාහක් පමණ පවතින බවත් ඉන් 150ක් පමණ පරිත්‍යාග ලෙස ... |
"කෙලී මිසිං: රැකවරණය දෙන අයත් සොයයි" | "අරගලයට සහාය පළකරමින් සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ වීඩියෝ ප්‍රචාරය කළ ස්කොට්ලන්ත ජාතික කෙලී ප්‍රෙසර්ට රැකවරණය ලබාදෙන පුද්ගලයන්ට එරෙහිවද කටයුතු කිරීමට ආගමන විගමන දෙපාර්තමේන්තුව ඊයේ (18 දා) තීරණය කර ඇත. කෙලී ප්‍රෙසර් තැනැත්තිය වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීමට යැයි පවසමින් මෙරටට පැමිණ ගාලු මුවදොර අරගලයේ විවිධ ප්‍රචාර සමාජ මාධ්‍ය ඔස්... |
"ඊපීඑෆ් – ඊටීඑෆ් කෝටි හැටදහසක් කොල්ල කන්න හදනවා – වසන්ත සමරසිංහ" | "රජය දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ මුවාවෙන් සේවක අර්ථසාධක සහ භාරකාර අරමුදල්වල රුපියල් කෝටි හැටදහසකට වැඩි මුදලක් කොල්ල කෑමට සැරසෙන බව අන්තර් සමාගම් සේවක සංගමයේ සභාපති වසන්ත සමරසිංහ මහතා ඊයේ (18 වැනිදා) ‘දිවයින’ට සඳහන් කළේය. රජය දේශීයව ගෙන ඇති ණයවලින් සියයට 20 ත් 25 ත් අතර ප්‍රමාණයක් කපා හැරීමට සැලසුම් කර ඇති බවත් ඒ... |
""තමිල්නාඩු යාචකයා දෙවැනි ආධාර මුදලත් ශ්‍රී ලංකාවට එවයි : මුදල ඉන්දීය රු. 20,000 ක්"" | "ශ්‍රී ලංකාවේ සහන අරමුදලට මීට පෙර ඉන්දීය රු.10,000 ක් පරිත්‍යාග කළ තමිල්නාඩුවේ යාචකයා තවත් ඉන්දීය රු.20,000 ක මුදලක් ශ්‍රී ලංකාවේ සහන අරමුදලට පරිත්‍යාග කොට තිබේ. ඉන්දියාවේ තමිල්නාඩුවේ, තූත්තුකුඩි, අලංගිනාරු ගම්මානයේ සිගමන් යදිමින් ජීවත් වන 72 හැවිරිදි පූල් පාණ්ඩියන් නැමැත්තා සිය මුදල් ආධාරය ශ්‍රී ලංකාවට එවීම සඳහා චෙන්න... |
"2007 රූපවාහිනියට කඩාවැදීම: අත්අඩංගුවට ගත් මර්වින් ඇප නැතිවම ගෙදර යවයි" | "පාතාල මැරයන් ඇතුළු ආධාරකරුවන් පිරිසක් සමග මීට වසර 15කට පෙර, එනම් 2007 වසරේදී ජාතික රූපවාහිනි සංස්ථාවට කඩාවැදී එහි සේවකයන්ගේ රාජකාරියට බාධා කිරීම, අයුතු බලපෑම් එල්ල කිරීම ඇතුළු චෝදනා කීපයක් සම්බන්ධයෙන් හිටපු ඇමැති මර්වින් සිල්වා මහතා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් ඊයේ (18 දා) දහවල් අත්අඩංගුවට ගැනුණි. ජාතික රූපවාහි... |
"දූෂිත දේශපාලන ක්‍රමයක් ඇතිවීමට ප්‍රධාන හේතුව ජනතාවගේ වහල් මානසිකත්වයයි" | "ජනතාව තුළ පවතින වහල් මානසිකත්වය දූෂිත දේශපාලනය ක්‍රමයක් ඇතිවීමට ප්‍රධාන හේතුවක් යැයි අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ඇමැති ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පැවසීය. ඇමැතිවරයා මෙම අදහස් පළ කළේ ඉකුත් 17 වැනිදා කොල්ලුපිටිය මෝවින්පික් හෝටලයේ පැවති ජාතික ප්‍රජාතන්ත්‍රවාදී ආයතනය විසින... |
"නාමල්ට ඇමැති ධුර දෙන්න එපා: බ්ලැක් කැප් නිවේදනය කරයි" | "ඉදිරියේ පිහිටුවන සර්ව පාක්ෂික රජයක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂට කිසිදු අමාත්‍ය තනතුරක් ලබා නොදෙන ලෙස ‘බ්ලැක් කැප්’ සංවිධානය සඳහන් කරයි. රාජපක්‍ෂ පවුල්වාදයේ අත්තනෝමතික භාවයට එරෙහිව පැන නැගුණු ජන අරගලයේ ප්‍රධාන ඉලක්කය රාජපක්‍ෂවාදයෙන් තොර නව පාලන තන්ත්‍රයක් නිර්මාණය කර ගැනීම යැයි බ්ලැක් කැප් මාධ්‍ය ප්‍රකාශක බුද්... |
"දේශපාලන පළිගැනීම්වලට ලක්වුවන්ට වන්දි ගෙවීමට දැඩි විරෝධය" | "2015 සිට 2019 යහපාලන කාලය තුළදී දේශපාලන පළිගැනීම්වලට ලක්වූ බව පවසමින් රාජ්‍ය නිලධාරීන් සහ ආයතන ප්‍රධානීන් කිහිප දෙනෙකුට රුපියල් කෝටි ගණනක වන්දි ගෙවීමට වත්මන් රජය කටයුතු කිරීම පිළිබඳව දැඩි විරෝධය පළකරන බව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සභාපති සහ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සඳහන් කරයි. මේ අවස්ථාවේ රජයේ ප්‍රමුඛ කාර... |
"‘22’ ට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් 9 ක්" | "පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට නිගමනය කරන ලෙස ඉල්ලා ගුණදාස අමරසේකර, නීතිඥ නුවන් බෙල්ලන්තුඩාව හා නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු ඇතුළු පිරිසක් ඊයේ (18දා) ශ්‍රේෂ්ඨාධිකරණයට විශේෂ පෙත්සම් 09ක් ගොනු කළහ. එම පනත් කෙටුම්පත... |
"නිල දරිද්‍රතා රේඛාව අනුව ඒකපුද්ගල මාසික වියදම ඉහළට" | "මේ වසරේ (2022) ශ්‍රී ලංකාවේ නිල දරිද්‍රතා රේඛාවේ වර්ධනය අනුව එක් පුද්ගලයකුට තම මූලික අවශ්‍යතා සපුරාගැනීම සඳහා මසකට වැය වන මුදල ඉකුත් ජුනි මාසය වනවිට රු.13421ක් දක්වා වැඩිවී ඇත. මේ අගය 2022 ජනවාරි මාසයේදී රු.9624ක් ද පෙබරවාරි මාසයේදී රු. 9728ක් ද මාර්තු මාසයේදී රු. 10013ක් ද අප්‍රේල් මාසයේදී රු. 11033ක් සහ මැයි මාසයේදී... |
"විදෙස් මුදල් එළියට දෙන්න පොදු සමා කාලයක්" | "මහජනතාව සතු විදේශ ව්‍යවහාර මුදල් තැන්පත් කිරීමට හෝ විකිණීමට මෙම 15 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි මාසයක පොදු සමා කාලයක් ප්‍රදානය කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව ඊයේ නිවේදනය කළේය. විදේශ ව්‍යවහාර මුදල් බැංකු පද්ධතියට ආකර්ෂණය කර ගැනීම පිණිස මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙම සමා කාලය ලබාදී ඇති බව ... |
"බොරතෙල් ගොඩ බෑම ඇරැඹෙයි" | "ආනයනික බොරතෙල් නැවේ බොරතෙල් ගොඩබෑමේ කටයුතු ඊයේ (18 දා) සිට ආරම්භ කළ බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය සඳහන් කළේය. බොරතෙල් මෙට්‍රික් ටොන් ලක්‍ෂයක් අඩංගු මෙම බොරතෙල් නැව පසුගියදා (13 දා) මෙරටට ළඟාවී තිබුණත් මුදල් ගෙවීමේ ප්‍රමාදයන් නිසා බොරතෙල් ගොඩබෑම ප්‍රමාදවී තිබුණි. මෙම බොරතෙල් ගොඩබෑමත් සමග සපුගස්කන්ද තෙල් පිරිපහදුව... |
"සංචාරකයන් සඳහා කොළඹ වරායේ මගී පර්යන්ත පහසුකම් වැඩි දියුණු කිරීමට පියවර" | "ගුවනින් මෙන්ම නෞකා වලින් මෙරටට පැමිණන විදේශීය සංචාරකයන් සඳහා ද කොළඹ වරායේ නවීන පහසුකම් සහිතව මගී පර්යන්ත පහසුකම් වැඩි දියුණු කිරීමට කටයුතු කරන බව වරාය, නාවික හා ගුවන් සේවා ඇමති නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (18වැනිදා) කොළඹ වරායේ මගී පර්යන්ත පරිශ්‍රයේ වත්මන් තත්ත්වය නිරීක්ෂණය සඳහ... |
"ඔස්‌ට්‍රේලියානු නව මහ කොමසාරිස් හා නේපාල නව තානාපති ජනපතිට අක්තපත්‍ර භාරදෙයි" | "ඔස්‌ට්‍රේලියානු නව මහ කොමසාරිස්වරයා සහ නේපාල නව තානාපතිවරයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේදී අක්ත පත්‍ර භාරදීම (17) පස්වරුවේ සිදු කෙරිණි. ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැති උත්සවයේදී මෙම අක්තපත්‍ර භාරදීම සිදු විය. ඔස්‌ට්‍රේලියානු නව මහ කොමසාරිස්වරයා ලෙස පෝල් වෙස්ලි ස්ටීවන්ස් (Paul Wesley Stephens) නේපාල නව තානාප... |
"ඖෂධ නැහැ – රෝහල් – රෝගීහු අනතුරේ" | "● ශල්‍යකර්ම නිර්වින්දන බෙහෙත්,ඇස් රෝහලේ කාච,රෝහල් රැසක ශල්‍ය උපකරණ ●පිළිකා රෝගී ඖෂධ ● දරුවන්ගේ ඖෂධ – නැහැ ● සායනික රෝගීහු හිස් අතින් යති ● ෆාමසිවලත් බෙහෙත් ගිනි ගණන් ශල්‍යකර්මවලදී බහුලව භාවිත කරන නිර්වින්දන ඖෂධ ජාතික රෝහල ඇතුළු රෝහල් පද්ධතියේ උග්‍ර ලෙස හිඟවීම හේතුවෙන් රෝගී ජීවිත දැඩි අවදානමකට ලක්වෙමින් පවතින බව සමස්ත... |
"ප්‍රමිතියේ ලියාපදිංචිය නැති ආයතන 31ක් – ඩොලර් කෝටි නවයක ටින්මාළු ගෙන්නලා" | "විගණන කාර්යාලය කියයිශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ සන්නම් නාම යටතේ ලියාපදිංචි නොවූ නිෂ්පාදන ආයතන 31ක් විසින් 2019 වර්ෂයේ ජනවාරි මස සිට 2021 ජුනි දක්වා කාලයේ දී ඇමරිකානු ඩොලර් 92,205,253.54ක් (නවකෝටි විසිදෙලක්ෂ පන්දහස් දෙසිය පනස්තුනක්) වූ ටින් මාළු බහාලුම් හතළිස් තුන් ලක්‍ෂ අනූපන්දහස් හාරසිය දහසයක් (4,395,416ක්) ගෙන්වනු ලැ... |
"ත්‍රස්තවාදයට ඔක්සිජන් දෙන සංවිධාන 15 ක තහනම දිගටම" | "සොයන්න නිසි බලධරයෙක්ආරක්‍ෂක ලේකම්ට වගකීම පැවරෙයිලැයිස්තුවෙන් ඉවත් වෙන්න අයැදුම්පත් දාන්නත් අවස්ථාවක්සංවිධාන 6 ක තහනම ඉවත්කිරීම ගැනජනපතිට ටී එන් ඒ ප්‍රසාදයතහනම ඉවත් කළ ජාත්‍යන්තර දෙමළ සංවිධාන 06ක සහ තහනම තවදුරටත් ක්‍රියාත්මක කර ඇති දෙමළ සංවිධාන 15ක ලේඛන රජයේ ගැසට් පත්‍රයක් මගින් නිකුත් කර ඇත.මේ අතර ත්‍රස්තවාදය පෝෂණය ක... |
"ජාතික ගීය දෙමළෙනුත් ගයන්න කැබිනට් අනුමැතිය" | "ජාතික නිදහස් දින ඇතුළු ජාතික උත්සව අවසානයේ දී ජාතික ගීය දෙමළ භාෂාවෙන් ගායනා කිරීමට කැබිනට් අනුමැතිය හිමි වී තිබේ.පසුගිය යහපාලන සමයේදී ජාතික නිදහස් දින උත්සවය අවසානයේදී ජාතික ගීය දමිළ භාෂාවෙන් ගායනා කිරීම සිදුකළත් ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති වීමෙන් පසු එම සම්ප්‍රදාය වෙනස් කළ බවත්, ලබන වසරේ සිට එය නැවත ගායනා කිරීම ආරම්... |
"ඩයස්පෝරා කාර්යාලයක් ශ්‍රී ලංකාවටත් !" | "ඩයස්පෝරාවේ සහාය ශ්‍රී ලංකාවට ලබාගැනීම වෙනුවෙන් ඩයස්පෝරා කාර්යාලයක් මෙරට පිහිටුවීමට රජයේ අවධානය යොමුව තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර තිබේ.මේ වනවිට රට ගොඩගැනීම වෙනුවෙන් පියවර රැසක් ගනිමින් තිබෙන බවත් ඒ වෙනුවෙන් සියලු පාර්ශවයන්ගේ සහය අවශ්‍ය බවත් කොළඹ සිනමන් ලේක්සයිඩ් හෝටලයේ පෙරේදා (16දා) සවස පැවැති ‘... |
"දඬුලේනා ගැන තීරණය කමිටුවකට" | "දඬුලේනා ජාතික සත්වයා ලෙස තබා ගන්නවාද? නැද්ද? යන්න තීරණය කිරීම සඳහා කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර මහතා විසින් කමිටුවක් පත්කර ඇත. 02 – පිටුවටඑම කමිටුවට කෘෂිකර්ම අමාත්‍යාංශ ලේකම්, වනජීවී අමාත්‍යාංශ ලේකම්වරිය ඇතුළු කිහිප දෙනෙක් පත්කළ බව ඇමැතිවරයා පෙරේදා (16 දා) අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.වගා හානි සිදුකරන ලයි... |
"මං රට ඉන්නේ මගේ සල්ලිවලින්" | "මාලදිවයිනේ, සිංගප්පූරුවේ සහ තායිලන්තයේ නවාතැන් ගැනීම සඳහා තමන් වැය කරන්නේ තම පෞද්ගලික මුදල් බව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කර ඇත.ගෝඨාභය රාජපක්ෂ මහතා විදෙස්ගතව සිටින කාලසීමාවේ වැය කළ මුදල් සඳහා රජයෙන් කිසිදු ගෙවීමක් කර නොමැති බව රජය අවධාරණය කරයි.ජන අරගලයෙන් පසු රාජපක්‍ෂ මහතා මාලදිවයිනට ගිය අතර එහි එක් ... |
"ගෝඨාභය 24 වැනිදා ශ්‍රී ලංකාවට එනවා" | "දැනට තායිලන්තයේ රැඳී සිටින හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එළැඹෙන 24 දා මෙරටට පැමිණීමට නියමිත බව රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතා ඊයේ (17 දා) මාධ්‍යට කීවේය.ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරියකු වශයෙන් දක්ෂ චරිතයක් වුවත් දේශපාලනඥයකු ලෙස අසාර්ථක පුද්ගලයකු බව පැවසූ වීරතුංග මහාත ඔහු නැවත දේශපාලනයට අවතීර්ණ නොවුණත් රටට... |
"නොරොච්චෝලෙට දෙවසරක් – රුසියානු ගල් අඟුරු" | "නොරොච්චෝල ගල් අඟුරු බලාගාරය සඳහා වසර දෙකකට ගල් අඟුරු සැපයීමට රුසියානු සමාගමක් එකඟ වී ඇත.ගල් අඟුරු සපයා ගැනීම සඳහා සිදුකළ ටෙන්ඩර් කැඳවීමේදී ටෙන්ඩරයට ඉදිරිපත් වූ සමාගම් දෙකෙන් රුසියන් සමාගම් ටෙන්ඩරයට අනුමැතිය හිමිවීමට බොහෝ දුරට ඉඩ ඇතැයි ලංකා ගල් අඟුරු බලාගාරයේ සභාපති ජගත් පෙරේරා මහතා දිවයිනට ඊයේ (17දා) පැවසීය. අනෙක් සමා... |
"නොරොච්චෝලේ ‘දොස්තර වැඩ’ හෙට සිට" | "නොරොච්චෝල ගල් අඟුරු බලාගාරයේ කාර්මික දෝෂයකට ලක්ව තිබෙන යන්ත්‍රයේ අලුත්වැඩියා කටයුතු හෙට (19දා) පෙරවරුවේ සිට සිදුකිරීමට බලාගාර ඉංජිනේරුවන් අදහස් කර ඇත.බලාගාරයේ පළමු යන්ත්‍රයේ දෝෂයක් පසුගිය ඉරිදා (14දා) ඇතිව තිබූ අතර, එම දෝෂය වාර්තා වීමත් සමග යන්ත්‍රය ක්‍රියාවිරහිත කිරීමට ඉංජිනේරුවන් කටයුතු කර තිබිණි.එසේ කටයුතු කළත් සෙල... |
"ජූලියන් බෝලින්ගෙන් සහ ජොනතන්ගෙන් සී.අයි.ඩීය ප්‍රශ්න කරයි" | "පිහිනුම් ශූර ජූලියන් බෝලිං සහ ප්‍රකට ව්‍යාපාරිකයකු වන ජොනතන් මාර්ටෙන් ස්ටයින් යන මහත්වරුන්ගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුව ඊයේ (17 දා) ප්‍රශ්න කර ප්‍රකාශ ලබාගෙන ඇත.ඉකුත් ජූලි 09 වැනිදා කොළඹ පැවති කලබලකාරී සිද්ධීන් අතරතුරදී එවකට අගමැති වත්මන් ජනපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික නිවස කිසියම් පිරිසක් විසින් ගිනි තබා... |
"රනිල්ගේ නිවසට ගිනි තැබීම: ශෂී මහේන්ද්‍රන්ගෙන් සී. අයි. ඩීය පැය 7ක් ප්‍රශ්න කරයි" | "ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික නිවසට ගිනිතබා විනාශ කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන පවත්වන අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව කැපිටල් මහාරාජා සමාගමේ සභාපති ශෂී මහේන්ද්‍රන් මහතාගෙන් පෙරේදා (16දා) පැය 7කට ආසන්න කාලයක් ප්‍රශ්න කර ප්‍රකාශ ලබාගෙන ඇත.ඉකුත් ජූලි 09 වැනිදා කොළඹ පැවති කලබලකාරී තත්ත්වය අතරතුර එවකට අගමැ... |
"චීන නැව ගැන හොයන්න ඇමරිකාව ඉන්දියාවට උපාංග දෙයි" | "චීන නැව ගැන නිරීක්ෂණය කිරීම සඳහා ඇමරිකානු රජය අධි තාක්ෂණික උපාංග ඉන්දියාවට එවා ඇත.මේ උපාංග කුමක් දැයි ඇමරිකාව හෙළිකර නැත. මෙයට අමතරව ඇමරිකානු හමුදා චන්ද්‍රිකා දෙකක් හම්බන්තොට අහස් කලාපයට එවීමට ඇමරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුව ක්‍රියාකර ඇත.මේ අතර චීන නැවේ කටයුතු විමර්ශනයට ඉන්දියාව විසින් වී. සී. 11184 නමැති අධි තාක්ෂණික ... |
"ඩොලර් නැතුව බොරතෙල් නැව දින 06ක් මුහුදේ" | "බොරතෙල් නැව මෙරටට පැමිණ දින 06ක් ගත වුවත් ගොඩබෑමට ඊයේද (17 දා) නොහැකිවී තිබුණි.බොරතෙල් මෙටි්‍රක් ටොන් ලක්‍ෂයක් රැගත් නැව පසුගිය සිකුරාදා (12 දා) මෙරටට පැමිණ තිබූ අතර නැවට මුදල් ගෙවීමේ ප්‍රමාදයන් හේතුවෙන් ඉන්ධන ගොඩ බෑමට නොහැකිවී ඇතැයි ඛනිජ තෙල් සංස්ථා උසස් නිලධාරියෙක් පැවසීය.මුදල් ගෙවන ආයතනවලින් යම් යම් ප්‍රමාදයන් නිසා... |
"ඇමරිකාව න්‍යෂ්ටික මිසයිලයක් අත්හදා බලයි" | "ඇමරිකාවේ න්‍යෂ්ටික බළකායේ බලය පෙන්වීම සඳහා න්‍යෂ්ටික මිසයිලයන් අත්හදා බලා ඇත. මේ අත්හදා බැලීම සිදුවන්නේ තායිවානය සම්බන්ධව චීනය හා ඇමරිකාව අතර මතභේදකාරී තත්ත්වයන් නිර්මාණය වන විටය.න්‍යෂ්ටික හැකියාව ඇති දුරදිග මිසයිලයන් අත්හදා බැලූ බව ඇමරිකානු ගුවන් හමුදාව නිවේදනය කර ඇත.හම්බන්තොටට පැමිණි චීන නෞකාව පිළිබඳව ද ඇමරිකාව විමස... |
"තවත් කොවිඩ් මරණ 5ක්" | "මෙරටින් පෙරේදා (16 වැනිදා) තවත් කොවිඩ් මරණ 5ක් වාර්තා වී තිබේ. මෙම මරණ අතර කාන්තාවන් තිදෙනකු සහ පිරිමි පුද්ගලයන් දෙදෙනකු වන බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා විසින් තහවුරු කර තිබේ.එක් පිරිමි පුද්ගලයෙක් වයස අවුරුදු 30ත් 59ත් අතර වයසේ පසුවන බවත් අනෙක් පිරිමි පුද්ගලයා සහ කාන්තාවන් තිදෙනා අව... |
"කාර්ය මණ්ඩලයේ 240ක් සමග ඊයේ පැමිණි චීන නැවට උණුසුම් පිළිගැනීමක්" | "ආන්දෝලනයට තුඩු දුන් චීනයේ යුවාන් වෑන්ග් 05 චන්ද්‍රකා නිරීක්ෂණ අධිතාක්ෂණ නෞකාව ඊයේ (16දා) පෙරවරු 08.00ට පමණ හම්බන්තොට වරායට පැමිණි අතර එය පිළිගැනීමට චීන තානාපති සියෑන් ලියන් මහතා ඇතුළු මැති ඇමැති පිරිසක් ද හම්බන්තොට වරායට පැමිණ සිටියහ. හම්බන්තොට වරාය විවෘත කිරීමෙන් පසු පැමිණි නෞකා අතරින් ජාත්‍යන්තරව වැඩිම අවධානයක් යොමු... |
"හිටපු ඇමැති වීරසේකරට චීන නැවේ කපිතාන් කියා දුන් පාඩම" | "කොවිඩ් අර්බුදය තවමත් ලොවින් පහවී නැත. එවන් අවස්ථාවක මුව ආවරණ පැළැඳ සිටීමට ඊයේ (16 දා) ‘දිවයින’ට ළඟාවූ චීන යුවාන් වෑන්ග්-5 පර්යේෂණ නෞකාවේ කපිතාන්වරයා ඇතුළු කාර්ය මණ්ඩලය පියවරගෙන තිබිණි. එම නැව පිළිගැනීමට ගිය පිරිස අතරේ සිටි හිටපු මහජන ආරක්‍ෂක ඇමැති රියර් අද්මිරාල් (විශ්‍රාමික) සරත් වීරසේකර මහතා මුව ආවරණයක් නොපැලඳ නැවේ ... |
"දුෂ්කරතා මැද ඇදවැටුණු සෑම අවස්ථාවකම චීනය අපට සහෝදරත්වයේ දෑත දිගු කළා" | "අපි දුෂ්කරතා මැද ඇදවැටුණු හැම අවස්ථාවකම අපට උදව් කරපු අපේ මිත්‍රයෙක් වන චීනය අපේ රාජ්‍ය ව්‍යුහය කවර ආකාරයෙන් සකස් කළ යුතුදැයි, අපි කුමන ආකාරයේ පාලන සංස්කෘතියක් යොදාගත යුතුදැයි කියා අපට කවදාවත් බලපෑම් කර නැතැයි ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පැවසීය. චීනය ලංකාව තුළ රාජ්‍ය නොවන සංවිධාන ... |
"මිල සූත්‍රයක් ගෙනාවත් තෙල් මිල සංශෝධනයක් යළි නෑ!" | "ලෝක වෙළෙඳ පොළේ ඉන්ධන මිල උච්චාවචනයට අනුව මෙරට මිල ගණන් තීරණය කිරීමට අදාළව මිල සූත්‍රයක් හඳුන්වා දී තිබුණත් යළිත් ඉන්ධන මිල සංශෝධනය නොකිරීමට විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය තීරණයක් ගෙන තිබේ. මේ වන විට ලෝක වෙළෙඳ පොළේ බොරතෙල් මිල පහළ යමින් තිබේ. ඒ අනුව ඊයේ (16 දා) උඔෂ වර්ගයේ බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 88.42 ක් ලෙ... |
"බදුල්ලේ රෝහල්වල උග්‍ර ඖෂධ හිඟයෙන් රෝගී ජීවිත මරුකටේ" | "බදුල්ල ඌව පළාත් මහරෝහලේ සහ පර්යන්ත රෝහල්වල පවතින ඖෂධ හ`ිගය නිසා නේවාසික රෝගීන් සහ සායනික රෝගීන් විශාල පිරිසකගේ ජීවිත අවදානමකට ලක්වී ඇතැයි එහි වෛද්‍යවරු පවසති. මේ දිනවල රෝහලේ වාට්ටු රෝගීන්ගෙන් පිරී ගියත් ප්‍රතිකාර සඳහා බරපතළ ඖෂධ හිඟයක් ඇතැයි පවසන බදුල්ල මහ රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ වෛද්‍ය සහ රජයේ වෛද්‍යවරුන්ගේ සංගමයේ... |
"කෙලීගේ ඉල්ලීම ඉවත දමයි" | "ගෝඨාගෝගම මුල් කරගෙන ශ්‍රී ලාංකීය පුරවැසියන් විසින් රජයට එරෙහිව දියත් කළ අරගල ව්‍යාපාරයේ වීඩියෝ දර්ශන අන්තර්ජාලයට මුදා හැරීම නිසා තමන්ට වහාම රටින් පිටවන ලෙසට ආගමන විගමන පාලකවරයා විසින් ලබා දුන් නියෝගය අහෝසි කරන ලෙස ඉල්ලා ස්කොට්ලන්ත ජාතික කාන්තාවක වන කෙලී ක්ලාසර් විසින් ගොනුකර තිබූ රිට් ආඥා පෙත්සම විභාගයට ගැනීමට අවසර ලබ... |
"නෙළුම් කුලුනේ චීන ණය පැටව් ගසයි!" | "සන්නිවේදන කුලුනක් ලෙස ඉදිකළ ‘නෙළුම් කුලුන’ (Lotus Tower) 2019 සැප්තැම්බර් 19 වැනිදා විවෘත කළත් මේ දක්වා එය ඉදිකිරීමට ගත් චීන ණය පොලී හා දඩ මුදල් ගෙවා දැමීමට නොහැකි වී ඇතැයි රජයේ විගණන කාර්යාලය කියා සිටී. මේ සම්බන්ධයෙන් රජයේ විගණකාධිපති දෙපාර්තමේන්තුව කළ විගණනයේ දී හෙළිවී ඇත්තේ මෙහි ‘පාවෙන අවන්හල’ සඳහා ලබාදී තිබූ වගකීම... |
"අමුද්‍රව්‍ය මිල 200% කින් නැග්ගත් රසකැවිලි මිල වැඩි කළේ ඉතා අවම ගණනකින්" | "සියයට සියයක් දේශීය ව්‍යවසායකයන්ගෙන් සමන්විත සිය කර්මාන්තය තුළ මිල ඉහළ දැමීම සිදුකර ඇත්තේ ලාභය ඉතා අවම වන ආකාරයෙන් බව ලංකා රසකැවිලි නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති එස්. එම්. ඩී. සූරියකුමාර මහතා පැවසීය. අමුද්‍රව්‍යවල මිල ඉහළ යෑමට සාපේක්‍ෂව සිය නිෂ්පාදනවල මිල ඉහළ දමා නොමැති බවද පසුගිය කාලයේ රසකැවිලි නිෂ්පාදනය සඳහා යොදාගන්නා ... |
"චීන නැව ගැන බලන්න ඉන්දියාවට තාක්‍ෂණය තිබෙනවා – ඉන්දීය නාවික ඇමැති" | "හම්බන්තොට වරායට පැමිණි චීන නෞකාව පිළිබඳ නිරීක්‍ෂණය කිරීම සඳහා ඉන්දියාව සතුව තාක්‍ෂණය ඇති බව එරට නාවික කටයුතු ඇමැති සර්බනන්දා සොනෝවාල් ප්‍රකාශ කර ඇත. අගමැති නරේන්‍ද්‍ර මෝදිගේ උපදෙස් පරිදි අවශ්‍ය කටයුතු සිදුකෙරෙනු ඇති බව ඇමැතිවරයා සඳහන් කර තිබේ. යුවාන් වෑන්ග් 5 නෞකාව ඊයේ (16 දා) පෙරවරු 8 ට හම්බන්තොට වරායට සේන්දුවිය. මෙය... |
"අපනයන ලැබීම් රුපියල් බවට පරිවර්තනය කිරීම අනිවාර්ය නොවේ – ශ්‍රී ලංකා මහ බැංකුව" | "සේවා අපනයනකරුවන්ගේ අපනයන ඉපැයීම් රට තුළට ගෙන ඒම සඳහා ඔවුන්ව දිරිමත් කිරීමේ අරමුණින් රටට ලැබෙන සේවා අපනයන ලැබීම් ශ්‍රී ලංකා රුපියල් බවට පරිවර්තනය කිරීමේ අනිවාර්ය අවශ්‍යතාව ඉවත් කර ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පනවන ලද මෙම අනිවාර්ය අවශ්‍යතාව ඉකුත් අගෝස්තු 12 වන දින හෝ ඉන් පසුව සිට ඉවත් කර... |
"රාජ්‍ය ආයතන ප්‍රධානීන් පත්කිරීමේදී පූර්ව අනුමැතිය ගැනීමට කමිටුවක්" | "රාජ්‍ය සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල හා රජය සතු ව්‍යවසාය ආයතනවල සභාපති සහ අධ්‍යක්ෂ තනතුරු සඳහා නව පත්කිරීම් සිදු කිරීමේදී හෝ වෙනස් කිරීමේදී පූර්ව අනුමැතිය ලබා ගැනීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් කමිටුවක් පත් කර තිබේ. ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාගේ සභාපතිත්වයෙන් යුත් කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස අග්‍රාමාත්... |
"ජාත්‍යන්තරව පිළිගත් පෞද්ගලික විශ්වවිද්‍යාල මෙරට පිහිටුවමු" | "ජාත්‍යන්තරව පිළිගත් පෞද්ගලික විශ්වවිද්‍යාල මෙරට තුළ ස්ථාපිත කිරීම සඳහා සියලු දෙනා එක්ව සර්ව පාක්‍ෂික එකඟතාවක් ඇතිකර ගත යුතු කාලය එළැඹ ඇතැයි කැබිනට් ප්‍රකාශක ජනමාධ්‍ය, ප්‍රවාහන හා මහාමාර්ග ඇමැති බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. මෙරට විශ්වවිද්‍යාලවලට බඳවා ගන්නා සිසුන් ප්‍රමාණය ඉක්මවා සිසුන් තිස්දහසක් පමණ වාර්ෂිකව විදේශ විශ්... |
"ඉන්දියාව හා ශ්‍රී ලංකාව ඉතිහාසයේ එකතු කළ ආකාරයටම එකට සිටිය යුතුයි" | "ඉන්දියාවට සහ ශ්‍රී ලංකාවට ඇත්තේ පොදු ගතිකයන් බවත් දෙපාර්ශ්වයම එකම කාසියේ දෙපැත්තක් බවත් පෙන්වා දෙන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දෙරටටම වෙන්ව ගමනක් නොමැති බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය. ඉතිහාසය විසින් ඉන්දියාව සහ ශ්‍රී ලංකාව එක් කර ඇති නිසා ඉදිරියටත් දෙපාර්ශ්වය එක්ව සිටිය යුතු බව අවධාරණය කළ වික්‍රම... |
"සතියක් තුළ කොවිඩ් ආසාදිතයෝ 1197ක් මරණ 42 ක්" | "ගත වූ සතියක කාලය තුළ මෙරටින් හමු වූ කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව දහස ඉක්මවා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ උසස් නිලධාරියෙක් ‘දිවයින’ට පැවසීය. ගත වූ සතිය තුළ කොවිඩ් ආසාදිතයන් 1197 දෙනකු හඳුනාගෙන ඇති අතර පෙරේදා (15දා) පමණක් කොවිඩ් ආසාදිතයන් 129 දෙනකු හඳුනාගෙන ඇතැයි ද හෙතෙම කීවේය. මේ දක්වා මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආස... |
"නොරොච්චෝලේ පළමු යන්ත්‍රය පද්ධතියට එක්කිරීමට තව දින 50 ක් යනවාලු" | "ඉකුත් ජුනි මස 21 වැනිදා අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් සඳහා පද්ධතියෙන් ඉවත් කළ නොරොච්චෝල ගල්අඟුරු බලාගාරයේ ජනන යන්ත්‍රය යළි පද්ධතියට එක් කිරීමට තවත් දින 50 ක් අවශ්‍ය බව අදාළ ඉංජිනේරු ප්‍රධානීන් ලංවිමට දැනුම් දී තිබේ. මේ වන විට එම බලාගාරයේ දෙවන පද්ධතිය ද හදිසි කාර්මික දෝෂයක් මත අක්‍රීය වීම නිසා මෙගාවොට් 560 ක් පමණ ජාතික ව... |
"රාජ්‍ය වියදම් තටු කපයි" | "රාජ්‍ය වියදම් ඉතාම අත්‍යවශ්‍ය සේවාවන් සඳහා පමණක් යොදා ගැනීමට හැකිවන පරිදි දැඩිව පාලනය කිරීමේ අවශ්‍යතාව අනුව මහා භාණ්ඩාගාර ලේකම්වරයා නිකුත් කර ඇති ජාතික අයවැය ලේඛනයේ විධිවිධාන අනුව සියලුම රාජ්‍ය ආයතන ප්‍රධානීන් අනිවාර්යයෙන්ම කටයුතු කළ යුතු බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් උපදෙස් ලබාදී ඇත.සියලුම අමාත්‍යාංශ ලේක... |
"ස්වාධීන අධිකරණ ක්‍රියාවලියට අතපෙවීම් එපා – ජනාධිපති ලේකම් රාජ්‍ය ආයතන ප්‍රධානීන්ට දන්වයි" | "රජය හෝ රාජ්‍ය නිලධාරීන් පාර්ශ්වකරුවන් වන අධිකරණ කටයුතු හෝ ඊට ආනුෂංගික කරුණු සම්බන්ධයෙන් අමාත්‍යාංශ ලේකම්වරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන්, රාජ්‍ය සංස්ථා හා ව්‍යවස්ථාපිත මණ්ඩල ප්‍රධානීන් හෝ ඊට පහළ මට්ටමේ නිලධාරීන් විසින් කිසිදු අවස්ථාවක අගවිනිසුරුවරයා ඇතුළු උපරිමාධිකරණ විනිසුරුවරුන්, අධිකරණ සේවා... |
"නොරොච්චෝලේ යන්ත්‍රයක් අක්‍රීයයි: විදුලි කප්පාදුව පැය 3 ට නගී" | "නොරොච්චෝල බලාගාරයේ යන්ත්‍රයක් අක්‍රියවීම නිසා අද (16දා) සිට දෛනිකව සිදුකරන විදුලි කප්පාදුව පැය 03ක් දක්වා ඉහළ දැමීමට සිදුවනු ඇතැයි විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශය පවසයි.නොරොච්චෝල බලාගාරයේ යන්ත්‍ර තුනෙන් එක් යන්ත්‍රයක් අනිවාර්ය අලුත්වැඩියාව සඳහා නතර කර තිබේ. ඉතිරි යන්ත්‍ර දෙකෙන් ජාතික පද්ධතියට මෙගාවොට් 540ක් සපයමින් ත... |
"ඉන්දීය ගුවන් යානය ශ්‍රී ලංකාවට භාර දෙමින්…" | "ඉන්දීය රජය විසින් පරිත්‍යාග කරන ලද ඩෝනියර් 228 සමුද්‍රීය මුර සංචාරක ප්‍රථම ගුවන් යානය ශ්‍රී ලංකා හමුදාවට භාරදීමේ නිල උත්සවය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (15 දා) කටුනායක ගුවන් හමුදා කඳවුරේදී පැවැත්විණි. එම ගුවන් යානය කටුනායක ගුවන් තොටුපළ වෙත බැස්සවූ අයුරු හා පිළිගැනීමේ උත්සවයට සහභාගිවූ ජනාධිපති ... |
"වසර 13ක් සැඟවී සිටි කොළඹ කොටි බෝම්බකරු අබුඩාබි පොලිස් දැලේ" | "වසර 13ක් තිස්සේ සැඟවී සිටි කොළඹ ප්‍රධානතම කොටි බෝම්බකරු රාසනායගම් තවතේසන් අබුඩාබි පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.කොළඹ බෝම්බ පිපිරීම් 6ක් මෙහෙයවා ඇත්තේ මොහු බව හෙළිවී ඇති අතර ජාත්‍යන්තර පොලිසියද මොහුට එරෙහිව වරෙන්තුවක් ප්‍රකාශයට පත්කර තිබූ බව අනාවරණය විය.රාසනායගම් තවතේසන්ව ශ්‍රී ලංකාවට පිටුවහල්කර තිබේ. තවතේසන්ට බෝම්බ... |
"මන්කිපොක්ස් අසාදිතයකු මෙතෙක් නෑ : එන්නත් ගෙන්වීමත් අවශ්‍ය නෑ" | "නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්තවමත් මෙරටින් මන්කිපොක්ස් ආසාදිතයකු සොයා ගෙන නොතිබීම නිසා එම රෝගය වැළඳීමේ අවදානමක් ඇති කණ්ඩායම් සඳහා ලබා දීමට එන්නත් ගෙන්වීමේ අවශ්‍යතාවක් මතුව නැති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසයි.මේ වන විට විදෙස් රටවල සිට මෙරටට පැමි... |
"කෝප් – කෝපා සභාපති ධුරවලට සජබයෙන් එරාන් සහ කබීර්" | "නවවෙනි පාර්ලිමේන්තුවේ තෙවැනි සභා වාරයේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ (කෝප්) සභාපති ධුරය සඳහා සමගි ජන බලවේගය පක්ෂයේ මන්ත්‍රී එරාන් වික්‍රමරත්න මහතා ද, රාජ්‍ය ගිණුම් පිළිබඳ කාරක සභාවේ (කෝපා) සභාපති ධුරය සඳහා මන්ත්‍රී කබීර් හෂීම් මහතා ද පත් කිරීමට එම පක්ෂය තීරණය කර ඇත.පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපති... |
"නව ඖෂධ 03 ක් දේශීයව වෙළෙඳපොළට…." | "මෙරටට අවශ්‍ය ඖෂධවලින් 40%ක් දේශීයව නිෂ්පාදනය කිරීමේ වැඩපිළිවෙළ මේ වනවිට ක්‍රියාත්මක කෙරෙන බවත් ඉන් 20%ක ඉලක්කය අද වනවිට සපුරා ගැනීමට හැකිව ඇති බවත් සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි. ඖෂධ ගෙන්වීම සඳහා වැය කරන විශාල මුදලක් මේ හරහා ඉතිරි කර ගැනීමට හැකි වනු ඇතැයි ද, පවතින ඩොලර් අර්බුදයට මෙමගින් ඉහළ විසඳු... |
""ඊයේ වනවිට 99,000 ක් කොවිඩ් බූස්ටරේ අරන්"" | "කොවිඩ් – 19 වෛරසය මර්දනය වෙනුවෙන් ලබාදෙන හතර වන එන්නත් මාත්‍රාව (බූස්ටර්) ඊයේ (15දා) වනවිට මෙරට පුද්ගලයන් 99,000 කට ලබා දී ඇතැයි සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛi හේමන්ත හේරත් මහතා ‘දිවයින’ ට පැවසීය.දෛනිකව රෝගීන් දෙසීයක් හෝ ඊට ආසන්න ගණනක් වාර්තාවීම යළි රට තුළ කොවිඩ් අවදානමක් මතුකර වන්නක් වුවත් මේ දක්වා ... |
"නිවැරදිව කටයුතු කරනවා නම් ජනාධිපතිට අපි හැමදෙනාගේම සහයෝගය ලැබෙනවා" | "දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියෝවත්මන් ජනාධිපතිතුමා නිවැරදිව ක්‍රියාත්මක වෙනවා නම් ජනමතයට කන්දී ගෞරවණීය විදියට දෙන උපදෙස් පිළි අරගෙන ගෞරවණීය විදියට, සාධාරණව කටයුතු කරනව නම් රනිල් වික්‍රමසිංහ මහතාට අපි හැමදෙනාගේම සහයෝගය කිසිම සැකයක් නැතිව ලැබෙනවාමයි. නිවැරදි වෙන්න. නිවැරදි වුණ තරමට තමයි ඔබට ආශිර... |
"මේ වසරේ පළමු මාස හතේ සංචාරක ආදායම ඉහළට" | "මෙම වසරේ පළමු මාස හතේදී මෙරටට ලැබුණු සංචාරක ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 824.9 ක් දක්වා වර්ධනය වී ඇත.ගිය වසරේ (2021) පළමු මාස හතේදී ලැබී ඇත්තේ ඇමෙරිකානු ඩොලර් මිලියන 50.4ක සංචාරක ආදායමක් පමණකි.එසේම 2021 ජූලි මස ලද ඇමෙරිකානු ඩොලර් මිලියන 6.3ක සංචාරක ආදායම මේ වසරේ (2022) ජූලි මාසයේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 85.1ක් දක්වා ... |
"සුකීට යළිත් වසර හයක සිරදඬුවමක්" | "බලයෙන් පහකළ මියන්මාරයේ නායිකා අවුන්සාන් සුකීට එරට අධිකරණයක් මගින් නැවත වරක් වසර හයක සිරදඬුවමක් නියම කර තිබේ. දූෂණ චෝදනාවකට වැරදිකාරිය කරමින් සුකීට මෙම සිරදඬුවම් නියම කර ඇති අතර ඇය මේ වනවිටත් මීට පෙර ලබාදුන් වසර 11 ක සිරදඬුවමක් විඳිමින් පසුවෙයි. හැත්තෑහත් වැනි වියේ පසුවන අවුන්සාන් සුකී තමාට එරෙහි තිබූ චෝදනා ප්‍රතික්‍ෂේ... |
"අඩු ආදායම් ලබන ආගමික ස්ථාන විදුලි බිල වැඩිකිරීමෙන් අඳුරු වෙනවා – සුරකිමු ශ්‍රී ලංකා ජාතික ව්‍යාපාරය" | "ආගමික ස්ථාන සඳහා 555% කින් විදුලි බිල වැඩි කිරීම බරපතළ ඛේදනීය තත්ත්වයක් බව ‘සුරකිමු ශ්‍රී ලංකා ජාතික ව්‍යාපාරය’ පවසයි.අඩු ආදායම් ලබන හෝ කිසිදු ආදායමක් නැති වෙහෙර විහාර, පල්ලි, කෝවිල් මෙම විදුලි බිල ඉහළ දැමීම හේතුවෙන් අඳුරු වනු ඇතැයිද ඊයේ (15දා) කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී එම ව්‍යාපාරය පෙන්වා දුන්නේය.එහිදී වැඩිදුරටත් අද... |
"තහනම ඉවත් කළ කොටි හිතවාදී සංවිධාන තාමත් ඊළම අත්හැර නෑ" | "තහනම ඉවත්කළ කොටි හිතවාදී සංවිධාන 7ක් සහ පුද්ගලයන් 316ක් ඊළම ඉල්ලීම අත්හරින බවට ශ්‍රී ලංකා රජයට දැනුම්දීමක් කර නැත.එම සංවිධාන 7 තවදුරටත් ශ්‍රී ලංකාව තුළ ඊළාම් රාජ්‍ය සංකල්පය ප්‍රවර්ධනය කරමින් සිටින බව වාර්තා වේ. එසේම බි්‍රතාන්‍ය අධිකරණය විසින් බංකොලොත් සංවිධානයක් ලෙස නම් කළ බි්‍රතාන්‍ය ද්‍රවිඩ සංසදයේද තහනම අහෝසි වී ඇත.... |
"ද්‍රවිඩ පක්‍ෂ 5 ක් ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර විමර්ශන කණ්ඩායමක් එවන්න කියයි" | "ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර විමර්ශන කණ්ඩායමක් එවන ලෙස ද්‍රවිඩ පක්‍ෂ 5 ක ප්‍රධානීන් ජිනීවා මානව හිමිකම් කොමසාරිස් මිචෙලි බැෂලේ වෙත හදිසි සංදේශයක් යවමින් ඉල්ලා ඇත.මෙම ඉල්ලීම කර ඇත්තේ සී. විග්නේශ්වරන්, සෙල්වම් අඩෙක්කලනාදන්, සී. සිද්ධාර්ථන්, එස්. ශ්‍රිකාන්ත් සහ සුරේෂ් ප්‍රේමචන්‍ද්‍රන් විසිනි.ද්‍රවිඩ ජනතාවගේ දේශපාලන අර්බුදය වි... |
"ඉන්දීය 75 වැනි නිදහස් සංවත්සරයට ලංකාවේත් උත්සව රැසක්" | "ඉන්දියාවේ 75 වැනි නිදහස් සංවත්සරය නිමිත්තෙන් ඊයේ (15 දා) ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශයන්හි උත්සව රැසක් සංවිධානය කර තිබිණි. මේ නිමිත්තෙන් වන කොළඹ ප්‍රධාන වැඩසටහන ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ මහතාගේ නිල නිවස වන “ඉන්දියා හවුස්” හිදී පැවැත්විණි. මහ කොමසාරිස්වරයා ඉන්දීය ධජය එසවූ අතර හමුදා උත්තමාචාරයද නිරීක්ෂණය කළේය. හෙතෙ... |
"තාක්‍ෂණික විප්ලවයක් සිදුකර රට මුදා ගැනීමට කටයුතු කරනවා" | "පැල්මඩුල්ල ආසන බල මණ්ඩල රැස්වීමේදී – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කියයි රට ගොඩගන්නට තාක්ෂණික විප්ලවයක් අවශ්‍ය බවත් ඉදිරියේදී සමගි ජන බලවේලය සහ සමගි ජන සන්ධානය විසින් රට තුළ තාක්ෂණික විප්ලවයක් සිදු කර ඒ තුළින් රට පත්ව ඇති අර්බුධකාරී තත්ත්වයෙන් මුදවා ගැනීමට කටයුතු කරන බවත් පෙරේදා (14දා) පැල්මඩුල්ල ආසන බල මණ්ඩල රැස්වීම... |
"22 බෙදුම්වාදී කුමන්ත්‍රණයක් – ආචාර්ය ගුණදාස අමරසේකර" | "දැනට පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට ඇතුළත් කර ඇති 22 වන ව්‍යවස්ථා සංශෝධන ක්‍රියාවලිය මගින් පාර්ලිමේන්තුව තුළ බෙදුම්වාදී ව්‍යවස්ථා කුමන්ත්‍රණයක් සිදුවීමේ අනතුරක් ඇති බව අවධාරණය කරමින් ජාතික සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු ආචාර්ය ගුණදාස අමරසේකර මහතා කථානායකවරයා වෙත ලිපියක් යවා ඇත. මහජනයාගේ පරමාධිපත්‍යයට බලපෑම් එල්ල විය හැකි ර... |
""කෝප්, කෝපා සභාපති ධූර විපක්‍ෂයට නොදීමෙන් මුළු රටම අමාරුවේ දැම්මා"" | "විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ලවිපක්ෂය විසින් වසර දෙකකට පෙර ඉල්ලා සිටි ආකාරයට කෝප්, කෝපා මෙන්ම රජයේ මුදල් පිළිබද කාරක සභා යන පාර්ලිමේන්තු සභාවන්හි සභාපතිධුරයන් විපක්ෂයට නොදීමෙන් කතානායක සහ සභානායක මුළු රටම අමාරුවේ දැම්මා යැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.විපක්ෂ නායක කාර්යාලයේදී ඊ... |
"බ්ලැක්ලිස්ට් ගලවයි – දෙමළ සංවිධාන 6ක පුද්ගලයන් 316ක" | "එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩල සම්මුති 1373 යටතේ දැනට අසාදු ලේඛනගත කර ඇති සංවිධාන 06ක් සහ පුද්ගලයන් 316ක් අසාදු ලේඛනයෙන් ඉවත් කිරීමට ආරක්ෂක අමාත්‍යාංශය තීරණය කර ඇත. එසේම නව සංවිධාන 03ක් සහ පුද්ගලයන් 55ක් අසාදු ලේඛනයට එක් කිරීමටද තීරණය කර තිබේ.ඊට අදාළව ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න මහතා විසින් අති විශේෂ ගැ... |
"ඉන්දීය – ඇමරිකානු විරෝධතාවලට හේතු නෑ – එන්න කිව්වා" | "චීන නැව හම්බන්තොටට පැමිණීම වැළැක්වීම සඳහා නිශ්චිත හේතු සපයන ලෙස රජය මගින් ඇමරිකානු හා ඉන්දීය තානාපති කාර්යාලවලට දැන්වුවද ඔවුන් ඉදිරිපත් කළ හේතු පිළිබඳ සෑහීමකට පත් නොවීම නිසා යුවාන් වැන්ග් නෞකාවට ඇතුළුවීමට අවසර ලබා දී තිබේ.ඊයේ (14 දා) වන විට මේ නෞකාව හම්බන්තොට සිට ගිණිකොන දෙසින් නාවික සැතපුම් 5805 ක් දුරින් යාත්‍රා කරම... |
"හෙට හම්බන්තොටට එන්න චීන නැවට අවසර දෙයි – මෙරට මුහුදු සීමාවේ විද්‍යාත්මක ගවේෂණ බැහැ" | "චීනයේ යුවාන් වැන්ග් 5 පර්යේෂණ නෞකාව හෙට (16 දා) හම්බන්තොට වරායට පැමිණීමට නියමිතය. එම නැව අගෝස්තු 22 වැනිදා දක්වා හම්බන්තොට වරායේ රඳවා තැබීමට අවසර ලබා දී තිබේ.මෙම නැව හම්බන්තොට වරායට පැමිණීම සඳහා විදේශ කටයුතු අමාත්‍යාංශය අවසර ලබා දී තිබෙන අතර, ඊට අදාළ ලියකියවිලි හාබර් මාස්ටර් වෙත ලබාදීමට ද විදේශ කටයුතු අමාත්‍යාංශය අවශ්... |
"වැඩ භාර ගැනීමටත් පෙර පූගොඩ ඕඅයිසීට දේශපාලන අනුහසින් මාරුවක්" | "පූගොඩ පොලිසියේ නව ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක අජිත් සේනානායක මහතා සිය තනතුරේ වැඩ භාර ගැනීමට සූදානමින් සිටියදී ගම්පහ දිස්ත්‍රික්කයේ රජයේ ප්‍රබල දේශපාලනඥයන් දෙදෙනකු දැඩි බලපෑම් එල්ල කර ඒ මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි මාරුකර යැවීමට කටයුතු කර ඇත.පූගොඩ පොලිසියට අලුතින් පත්කර සිටි අජිත් සේනානායක මහතා සිය දේශපාලන කටයුතුවලට ... |
"පාස්කු ප්‍රහාරයෙන් පිරිසක් දේශපාලන වාසි ගත්තා – මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරුතුමෝ මීගමුවේදී කියති" | "විමර්ශනවලින් හෙළිවූ තොරතුරු – බලධාරීන් බුමුතුරුණු යට සැඟවූවාශ්‍රී ලංකාවේ සම්මත නීතියක් නැහැ. එකිනෙකට නීතිය වෙනස් වෙනවා. ඒ වගේම ශ්‍රී ලංකාවේ වැරදි පුරුද්දක් තියෙනවා. ඕනෑම දෙයක් සති දෙකකින් අමතක කරනවා. ප්‍රභාකරනුත් ඒ බව කිව්වා. ප්‍රභාකරන්ටත් වැඩිය අපේ අමතකවීමේ ගතිය අපේ දේශපාලඥයන් හොඳ හැටි දන්නවා. ඒ නිසා දේශපාලනඥයන් ඕනෑ... |
"තහනම ඉවත් කළේ ජාතික ආරක්‍ෂාවට දැන් තර්ජනයක් නැති නිසාද? – මුසම්මිල් අසයි" | "ආණ්ඩුව ජාත්‍යන්තර දෙමළ සංවිධාන 6ක තහනම ඉවත් කළේ ඊළමට අරමුදල් රැස් කරන ජාත්‍යන්තර දෙමළ සංවිධානවලින් ජාතික ආරක්ෂාවට එල්ල වී තිබූ තර්ජනය දැන් නතර වී ඇති නිසාදැයි ජාතික නිදහස් පෙරමුණේ ප්‍රචාරක ලේකම් මොහොමඩ් මුසම්මිල් මහතා ප්‍රශ්න කරයි. ආරක්ෂක අමාත්‍යාංශය මේ පිළිබඳව රට හමුවේ වහා සත්‍යය පැහැදිලි කළ යුතු යැයිද මොහොමඩ් මුසම්ම... |
"පාසල් අද සිට සතියේ දින පහේම" | "රජයේ හා රජයේ අනුමත සියලු පාසල් අද (15 දා) සිට සතියේ දින පහේම සාමාන්‍ය පරිදි පැවැත්වෙයි. ඒ අනුව පෙරවරු 7.30 සිට පස්වරු 1.30 දක්වා පාසල් පැවැත්වෙනු ඇත.ප්‍රවාහන අපහසුතා සහිත ප්‍රදේශවල විදුහල්පතිවරුන්, ගුරුවරුන් සහ සිසුන් සඳහා සුදුසු ප්‍රවාහන වැඩපිළිවෙළක් සකස් කිරීම සඳහා සියලුම පළාත් බලධාරීන් වෙත අධ්‍යාපන අමාත්‍යාංශය උපද... |
"රජයේ සේවකයන් සේවයට කැඳවීම සීමා කළ චක්‍රලේඛය 24දා අහෝසියි" | "රාජ්‍ය සේවකයන් සාමාන්‍ය පරිදි සේවයට කැඳවීම කැබිනට් මණ්ඩලය විසින් තීරණය කළ යුතු බව රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශ ලේකම් ප්‍රියන්ත මායාදුන්න මහතා ‘දිවයිනට’ ඊයේ (14 දා) පැවසීය.ඉන්ධන සපයා ගැනීමේ අපහසුතාව මත කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ඇතිව රාජ්‍ය සේවකයන් සේවයට කැඳවීම සීමා කළ බවත්, ඒ අනුව ආයතන ප්‍රධානියාගේ අවශ්‍යත... |
"කුණුමාළු කන්ටේනර් 98ක් පොහොර නිෂ්පාදනයට" | "කන්ටේනර් 98 ක තිබූ කුණු මාළු තොගයක් පොහොර නිෂ්පාදනය කිරීමට පරිසර අමාත්‍යාංශයෙන් අවසරය ලබාගත් බව පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංගමයේ සභාපති ඩබ්ලිව්. ජයසිරි මහතා ‘දිවයින’ට පැවැසීය.මෙම මාළු යන්ත්‍රානුකූලව තම්බා අඹරා වේලා මෙසේ පොහොර ලෙස යොදාගන්නා බවද හෙතෙම කියා සිටියේය.කෙසේ වෙතත් පෑලියගොඩ පොලිසිය මගින් මෑතකදී සොයාගත් කුණු මාළු ... |
"මගේ ප්‍රාර්ථනය ආර්ථික විපතින් රට ගොඩගැනීමයි – දළදා සමිඳුන් ඇතුළු සියලු දෙවිවරුන්ගේ ආශිර්වාදය ඊට විශාල ශක්තියක්" | "දළදා පෙරහැර සමාප්ති උත්සවයේදී ජනපති කියයිදැවැන්ත ආර්ථික අර්බුදයකට මුහුණපා සිටියත් එම අර්බුදයෙන් නියත වශයෙන්ම රට ගොඩගන්නා බව පැවසූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඒ සඳහා දළදා වහන්සේගේ මෙන්ම සියලු දෙවිවරුන්ගේ ආශිර්වාදය විශාල ශක්තියක් බව පැවැසීය.සියලු ජනතාවට යහපත් ජීවිතයක් උදාකරන අලුත් ආර්ථිකයක් වෙනුවෙන් සියලුදෙනා අලුත් ... |
"මේ වසරේ පළමු මාස පහේ විදේශ විනිමය ප්‍රේෂණ 50% කින් පහළට" | "මේ වසරේ (2022) පළමු මාස පහේදී මෙරටට ලැබුණු විදේශ විනිමය ප්‍රේෂණ ප්‍රමාණය ගිය වසරේ (2021) පළමු මාස හතට සාපේක්‍ෂව 50% කින් පහත වැටී ඇත.මේ අනුව ගිය වසරේ (2021) ජනවාරි මස සිට ජුලි මස දක්වා මෙරටට ලැබුණු ඇමෙරිකානු ඩොලර් මිලියන 3777.6 ක විදේශ විනිමය ප්‍රේෂණ ආදායම මේ වසරේ (2022) ජනවාරි සිට ජුලි දක්වා මාස හතක කාලයේදී ඇමෙරිකානු... |
"QR නිසා මසකට තෙල් නැව් 6ක් රටටම ඇති – බලශක්ති අමාත්‍යාංශ නිලධාරියෙක් කියයි" | "ජාතික ඉන්ධන බලපත්‍රය හෙවත් QR ක්‍රමයට ඉන්ධන නිකුත් කිරීම නිසා මාසයකට පෙට්‍රල් නැව් 03 ක් හා ඩීසල් නැව් 03 ක් ප්‍රමාණවත් යැයි බලශක්ති අමාත්‍යාංශයේ උසස් නිලධාරියෙක් පැවසීය.මේ අනුව මෙටි්‍රක් ටොන් 35,000 බැගින් පෙට්‍රල් නැව් 03 ක් සහ මෙටි්‍රක් ටොන් 40,000 බැගින් ඩීසල් නැව් 03 ක් ප්‍රමාණවත් බව ද මේ සඳහා රජයට ඇමරිකන් ඩොලර් ... |
"රජයේ මුදල් කාරක සභාවේ සභාපති ධුරයට මගේ නම යෝජනා කිරීම ගැන සතුටුයි – සජබ මන්ත්‍රී හර්ෂ ද සිල්වා" | "ප්‍රථම වතාවට මේ රජය විපක්ෂයේ මන්ත්‍රීවරයෙක්ට රජයේ මුදල් කාරක සභාවේ සභාපතිකම දී ඇති බවත් ඒ සඳහා තමාව යෝජනා කර ඇති බවත් සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවැසීය.එය අනුමත වී ඇතිබවද ඒ ගැන තමා සතුටුවන බවද හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයා කීවේය.ඒ අනුව කතානායකවරයා මගින් අදාල වැඩපිළෙවෙල මුදල් කාරක සභා... |
"ජනාධිපති සමාව ලැබීමේ ලේඛනවලට රන්ජන් අත්සන් තබයි" | "රංගන ශිල්පී රන්ජන් රාමනායක මහතාට ජනාධිපති පොදු සමාව ලබාදීමට අවශ්‍ය ලිපි ලේඛනවලට රාමනායක මහතා විසින් සිය අත්සන් යොදා ඇත.ඒ අනුව රන්ජන් රාමනායක මහතාගේ නීතිඥවරයා වන රොමේෂ් විදානපතිරණ මහතා විසින් එම ලිපි ලේඛන අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.රන්ජන් රාමනායක මහතා අධිකරණයට කනගාටුව ප්‍රකාශ කරමින් ලබාදුන් ලිපි ලේඛන භාරදීමෙන් පස... |
"පාස්කු ප්‍රහාරයෙන් විපතට පත් අයට ආධාර ලබා දෙමින්…" | "පාස්කු ප්‍රහාරයෙන් විපතට පත් වින්දිත ජනතාවගේ පවුල්වලට ආධාර ප්‍රදානයක් කටුවපිටිය දේවස්ථානයේදී පැවැත්විණි. එහිදී මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරුතුමන් ආධාර ප්‍රදානයක් සිදුකළ අයුරු. පිංතූරය – විමල් කීර්ති මීගමුව" |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.