Title stringlengths 9 246 | Content stringlengths 3 62.9k |
|---|---|
"ආයතන 2100 ක හොර ඉන්ධන ගබඩා : ඇමැති කංචන" | "අවසරයකින් තොරව ඉන්ධන ගබඩා කරගෙන සිටින ව්‍යාපාරික ස්ථාන 2100ක් ඇති බව හෙළි වී ඇතැයි බලශක්ති ඇමැති කංචන විජේසේකර මහතා පවසයි. ඉදිරියේදී එවැනි ආයතන සඳහා මෙන්ම ලබාදී ඇති උපදේශයන් අනුගමනය නොකරන ආයතන සඳහා ඛනිජතෙල් සංස්ථාව ඉන්ධන නිකුත් නොකරන බව ඇමැතිවරයා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටී. ව්‍යාපාරික ස්ථාන සඳහා ඉන්ධන ග... |
"රුසියාවෙන් දෙන්න යන ගල්අඟුරුවලට බාල්දියක්!" | "නොරොච්චෝල ගල්අඟරු බලාගාරය සඳහා රුසියා සමාගමක් වසර දෙකකට ගල්අඟුරු සැපයීමට ඉදිරිපත්වී සිටියදී එය කඩාකප්පල් කිරීමට අදිසි හස්තයක් ක්‍රියාත්මක වන බව බලාගාර අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි. බලාගාරයට අවශ්‍ය ගල්අඟුරු සපයා ගැනීම සඳහා ටෙන්ඩර් කැඳවූ බවත් එහිදී සමාගම් දෙකක් ඉදිරිපත්වී ඉන් රුසියානු සමාගම තෝරගෙන තිබෙන බවත් එහි උසස් නිල... |
"ඉන්ධන මිල සූත්‍රය ගැසට් නොකරන්නේ හොරා කන්නයි" | "ඉන්ධන මිල සූත්‍රය ගැසට් කිරීමට බලධාරීන් කටයුතු නොකරන්නේ වංචා දූෂණ සිදු කිරීමේ අරමුණින් යැයි විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ ලේකම් සංජීව ධම්මික මහතා ඊයේ (25දා) පැවසීය. මිල සූත්‍රයක් ඇත්නම් එය ගැසට් මගින් ප්‍රකාශ කළ යුතු බව ඛනිජ තෙල් පනතේ 66 (4) වගන්තියෙන් කියා ඇතිමුත් ආණ්ඩුව වත්මන් ඉන්ධන මිල සූත්‍රය ගැසට් කර නැතැයි ද... |
"සේනාධි ගුරුගේ රිමාන්ඩ් ලහිරු වීරසේකරට ඇප" | "ගාලුමුවදොර පිටියේදී රාජකාරියේ නිරතව සිටි බුද්ධි අංශ සාමාජිකයන් දෙදෙනකුට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ ජන අරගලයේ ක්‍රියාකාරිකයෙකු වන සේනාධි ගුරුගේ නමැත්තා ලබන 2 දා දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඊයේ (25 දා) නියෝග කළේය. එමෙන්ම සැකකරු හඳුනා ගැනීමේ ප... |
"විදුලි යතුරුපැදි හා පාපැදි බලපත්‍ර යටතේ ආනයනයට අවසර" | "වාහන – ටයිල් – කළුගල් ඇතුළු ඉදිකිරීම් අමුද්‍රව්‍ය රැසක් කොන්දේසි යටතේ ගෙන්වන්නත් අවසර විදුලි යතුරුපැදි සහ පාපැදි, බලපත්‍ර යටතේ ආනයනය කිරීමට අවසර ලබා දෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත. එම නිවේදනය අනුව පෙරේදා (24 වැනිදා) සිට එසේ විදුලි යතුරුපැදි සහ පාපැදි ගෙන්වීමට අවසර ... |
"කොටියා මැරුණේ ගහට යටවී නොවෙයි: අවසන් වාර්තාවෙන් කියයි" | "කඳුකර කොටි ආරක්‍ෂා කර ගන්න නිර්දේශ 25 ක් පසුගිය 07 වැනිදා සමර්හිල් වතුයායේ දී මද්දකට හසුවූ කොටියාගේ ජීවිතය බේරා ගැනීමට වනජීවී නිලධාරීන් උත්සාහ දරා ඇති බවත් කම්බියකින් සැකසූ මද්දට හසුවී උස ගසක පහතට පැය ගණනක් තිස්සේ එල්ලී සිටීම නිසා සිරුර අභ්‍යන්තරයේ ඉන්ද්‍රියයන්ට සිදු වූ හානිය නිසා ඌ මරණයට පත් ව ඇති බවත් කඳුකර කොටියාගේ... |
"WHO වෙතින් ඩොලර් මිලියන 4 ක වෛද්‍ය ආධාර" | "ශ්‍රී ලාංකීය ජනතාවගේ හදිසි සෞඛ්‍ය අවශ්‍යතා සපුරාලීමට ඇමෙරිකානු ඩොලර් මිලියන 04 ක් වටිනා අත්‍යවශ්‍ය වෛද්‍ය සැපයුම් ලබා දෙන බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ටෙඩ්‍රෝස් අධානම් ගෙබ්‍රිසියස් මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට දැනුම් දී තිබේ. රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයට පත්වීම නිමිත්තෙන් සුබපැතුම් ... |
"ඉන්ධන ගෙන්වීමේ සැක ගනුදෙනු ගැන විමර්ශනයක් කරන්න : පාඨලී ජනාධිපතිට ලියයි" | "මෙරටට ඉන්ධන ගෙන්වන ප්‍රසම්පාදන ක්‍රියාවලියේ දී සිදුවන සැක කටයුතු ක්‍රියාවන් සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන ලෙස ඉල්ලා ‘43’ සේනාංකයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා ඊයේ (25 වැනිදා) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලිපියක් යොමු කර ඇත. ඉන්ධන ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් වෘත්තීය නිපුණතාවයක් සහිත පුද්ගලයන්... |
""නව බලශක්ති රථවාහන, කර්මාන්තයක් ලෙස ප්‍රවර්ධනය කළ යුතුයි – කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ"" | "“නව බලශක්ති රථවාහන මෙරට තුළ ප්‍රවර්ධනය කිරීම කළ යුතු” යැයි කර්මාන්ත අමාත්‍ය වෛi රමේෂ් පතිරණ මහතා පොල්ගහවෙල අපනයන සැකසුම් කලාපයේ පිහිටි මයික්‍රෝ ආයතනයේ නිරීක්‍ෂණ චාරිකාවකට එක්වෙමින් පසුගිය 23 දා පැවසීය. එහිදී අමාත්‍යවරයා සඳහන් කළේ, විද්යුත් මෝටර් රථ වැනි නව බලශක්ති ක්‍රම භාවිතා කරන රථවාහන හඳුන්වාදීම, පොසිල ඉන්ධන භාවිතය... |
""ඩීසල් මෙට්‍රික් ටොන් 70,000 ක් සහ බොර තෙල් මෙට්‍රික් ටොන් 120,000 ක් ලැබෙයි"" | "ඩීසල් මෙට්‍රික් ටොන් හැත්තෑදහසක් සහ බොරතෙල් මෙට්‍රික් ටොන් එක්ලක්‍ෂ විසිදහසක තෙල් සංස්ථාවට ඊයේ (25 දා) වනවිට ලැබී ඇත. ඩීසල් මෙට්‍රික් ටොන් තිස්දහසක් සහ හතළිස් දහසක් ලෙස මෙසේ ලැබී තිබේ. එම ඩීසල් සඳහා මුදල් ගෙවා ඇති නිසා ඊයේ (25 දා) ගොඩබෑමට නියමිතව තිබිණි. බොර තෙල් මෙට්‍රික් ටොන් එක්ලක්‍ෂ විසිදහසක් රැගත් නැවේ බොරතෙල් ද ... |
"ආදායමෙන් 30%ක් ආහාරවලට" | "ශ්‍රී ලාංකිකයෝ තම ආදායමෙන් 30%ක් ආහාර වෙනුවෙන් වැය කරති. ජූලි මාසයේ ශ්‍රී ලංකාවේ ආහාර උද්ධමනය 90%ක් විය. මේ අතින් බැලූවිට ඇමරිකානුවන් තමන්ගේ ආදායමින් ආහාර වෙනුවෙන් වැයකරන්නේ 7%ක් පමණි. ඇමරිකාවේ ආහාර උද්ධමනය ජූලි මාසයේදී 10%කි. නයිජීරියානු වැසියෝ තමන්ගේ ආදායමෙන් 59%ක් ආහාර වෙනුවෙන් වැයකරති. ජෝර්දාන වැසියෝ සිය ආදායමින් ... |
"අධිකරණ නියෝගයට අවනත නොවූ සනත් – මිලාන් ඇතුළු 4කට උසාවියෙන් දැඩි අවවාද" | "දුරකථන සී. අයි. ඩීයට භාරදෙන්නත් කියයිමැයි 9 සාමකාමී අරගලයට සිදු කළ අමානුෂික ප්‍රහාරයගාලු මුවදොර පිටියේ රැඳී සිටි සාමකාමී අරගලකරුවන්ට පසුගිය මැයි 9 දා අමානුෂික ලෙස පහරදීමට අදාළව සිදුකරන විමර්ශන සඳහා ජංගම දුරකථන අපරාධ පරික්‍ෂණ දෙපාර්තමේන්තුවට භාර දෙන ලෙස තම අධිකරණය විසින් කරන ලද නියෝග අනුව කටයුතු නොකළ පාර්ලිමේන්තු මන්ත්... |
""කිරි, යෝගට්, චොක්ලට්, පලතුරු, මල් ගෙන ඒමත් තහනම්"" | "භාණ්ඩ 300කට වැඩි ප්‍රමාණයකට පැනවූ ආනයන සීමාවභාණ්ඩ වර්ග 300කට වැඩි ප්‍රමාණයක් මෙරටට ආනයනය කිරීම මුදල් අමාත්‍යාංශය විසින් නැවත දැනුම් දෙනතුරු අත්හිටුවා ඇත. මේ අනුව එච්. එස්.කේත 305කට අදාළ ආනයනික භාණ්ඩ මෙසේ ආනයනය කිරීම නවත්වා තිබේ.ආනයන සහ අපනයන පාලන පනත යටතේ ඇති බලතල ප්‍රකාරව මුදල් ඇමැතිවරයා වශයෙන් ජනාධිපති රනිල් වික්‍ර... |
"අයිඑම්එෆ් නියෝජිතයෝ ජනපති හමුවෙති" | "ශ්‍රී ලංකාව මුහුණ දී සිටින මූල්‍ය අර්බුදයට විසඳුම් ලබාදීම වෙනුවෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සිදු කෙරෙන මූලික වටයේ සාකච්ඡාවක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දී ඊයේ (24 දා) පස්වරුවේ පැවැත්විණි.ශ්‍රී ලංකාව මුහුණ දී සිටින මූල්‍ය අර්බුදයේ වත්මන් තත්ත්වය පිළිබඳව මෙහිදී සාකච්ඡාවට ලක් ... |
"සේනපුරෙන් යන්න රැඳවියෝ ‘සටනක’ – අමානුෂික පාලනයට යටත් විය නොහැකියි රැඳවියෝ කියති" | "යන්න දෙන්නේ උසාවි නියෝග අනුව විතරයිපුනරුත්ථාපන අධ්‍යක්ෂ ජනරාල් දර්ශන හෙට්ටිආරච්චිපොලොන්නරුව, වැලිකන්ද, සේනපුර සාක්ෂරතා හා වෘත්තීය පුහුණු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවියන් පෙරේදා (23 දා) රාත්‍රියේ පුහුණු මධ්‍යස්ථානයේගේට්ටුව අසලට ගොස් වහා තමන්ට ඉන් පිටව යෑමට ඉඩ දෙන්නැයි ඉල්ලමින් විරෝධතාවයක් පවත්වා තිබේ.විරෝධතාකරුවන් කි... |
"කෙහෙළිය ඇතුළු 4කට අල්ලස් නඩු" | "අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු විත්තිකරුවන් තිදෙනකුට එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් අධිචෝදනා හතරක් යටතේ කොළඹ මහාධිකරණය හමුවේ පෙරේදා (23 දා) නඩු පවරනු ලැබීය.2015 ජනාධිපතිවරණ සමයේදී එනම් 2014.11.25 හා 2014.12.10 කාලය අතරතුරදී නිසි අවශ්‍යතාවයක් නොතිබියදීත් රූපවාහිනි ප්‍රවර්ධන කටයුත්තක් සඳහා බව ප... |
""චක්‍රලේඛ නොතකා බැංකු මූල්‍ය ආයතන, පොලිසිය වැඩ අරඹලා"" | "8.5% ණය පොලිය සියයට 18ක් වෙලා 20,000 වාරිකය 32,000ක් වෙලා ලීසිං ණය වාරික ගෙවන්නන්ගේ සංගමය ලීසිං වාරික ගෙවීම සම්බන්ධයෙන් නිකුත් කර ඇති චක්‍රලේඛ ගැන බැංකු හා ෆිනෑන්ස් ආයතන හා පොලිස් ස්ථානක කටයුතු නොකරන බව ලීසිං හා ණය වාරික ගෙවන්නන්ගේ සංගමය ශ්‍රී ලංකා මහ බැංකුවට හා පොලිස්පතිවරයාට පෙන්වා දෙයි. මේ වන විටත් චක්‍රලේඛ සහන න... |
"සනත් නිශාන්තට නඩු දානවා – නීතිඥ විජිත කුමාර" | "අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව යටතේ පුත්තලම් දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත මහතාට එරෙහිව නඩු පවරන බව නීතිඥ විජිත කුමාර මහතා ප්‍රකාශ කරයි.සනත් නිශාන්ත මන්ත්‍රිවරයා අපරාධකරුවෙකුට ඇප ලබාදීම පිළිබඳව විනිසුරුවන්ට චෝදනා එල්ල කර ඇති බවත් මෙයින් අධිකරණයට අපහාසයක් වී ඇති බවත් විජිත කුමාර මහතා කියයි. විනිසුරුවන් ව... |
"කුලී මිනීමරුවකුට රැකවරණය දීලා ‘අපේ ජනබල පක්ෂයේ’ නායකයා අත්අඩංගුවට" | "පාතාල කණ්ඩායම් සමග සබඳතා පවත්වමින් කොන්ත්‍රාත් මිනීමැරුම් සිදු කළ අපරාධකරුවකුට රැකවරණය ලබාදුන් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් අපේ ජනබල පක්ෂයේ නායක සමන් පෙරේරා ඊයේ (24 වැනිදා) අලුයම කොස්ගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.සැකකරු දින 2ක් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණයෙන් අවසර ලබා ගෙන තිබේ.ඉකුත් ජුනි මස 05 වැනිදා කුඩාව... |
"අදානි NDTV කොටස් ගනී – ඉන්දියාව කැලඹෙයි" | "ඉන්දියාවේ ප්‍රමුඛ ධනපතියා වන ගෞතම් අදානි එරට එන්. ඩී. ටී. වී. (NDTV) රූපවාහිනියේ කොටස් 29%ක් මිලදී ගැනීම ආන්දෝලනයට තුඩු දී ඇත.ගෞතම් අදානි ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ හිතවතෙකි. එහෙත් එන්. ඩී. ටී. වී. රූපවාහිනිය ආණ්ඩු විරෝධී ස්ථාවරයක් දරන නාලිකාවකි.එහෙත් එන්. ඩී. ටී. වී. ප්‍රධානීන් පවසන්නේ මෙය තමන්ගේ කැමැත්තකින් සිදු... |
"රාජ්‍ය සේවකයෝ සාමාන්‍ය සේවයට" | "රාජ්‍ය සේවකයන් අද (25 දා) සිට සාමාන්‍ය පරිදි සේවයට කැඳවීම සිදු කෙරේ.ඉන්ධන අර්බුදය හේතුවෙන් රාජ්‍ය සේවකයන් සේවයට කැඳවීම් සීමා කරමින් චක්‍රලේඛයක් නිකුත් කර තිබූ අතර එම චක්‍රලේඛයේ වලංගුතාවය ඊයේ (24 දා) අවසන් වූ බවත් ඒ අනුව රාජ්‍ය නිලධාරීන් අද (25 දා) සිට සාමාන්‍ය පරිදි සේවයට වාර්තා කළ යුතු බවත් රාජ්‍ය පරිපාලන හා ස්වදේශ ක... |
"තොග හිඟවී මාළු මිල තවත් නගී" | "ඉහළ දැමූ මිලටවත් ධීවරයින්ට භූමිතෙල් හා ඩීසල් නොලැබුණු නිසා මාළු වෙළෙඳ පොළට නොපැමිණීමත් සමග ඊයේ (24 වැනිදා) මාළු තොග මිල කිලෝවක් රුපියල් සීයයත් දෙසීයත් අතර මිලකින් වැඩි වී තිබේ.මේ කාලය වැඩිම මාළු අස්වැන්නක් ලැබෙන කාලය වුවත් ධීවරයින්ට මුහුදු යෑමට අවශ්‍ය ඉන්ධන ලබා දීමට රජය අපොහොසත්ව සිටීම නිසා මාළු හිඟවී මිල ගණන් මෙලෙස ඉ... |
"තොග හිඟවී මාළු මිල තවත් නගී" | "ඉහළ දැමූ මිලටවත් ධීවරයින්ට භූමිතෙල් හා ඩීසල් නොලැබුණු නිසා මාළු වෙළෙඳ පොළට නොපැමිණීමත් සමග ඊයේ (24 වැනිදා) මාළු තොග මිල කිලෝවක් රුපියල් සීයයත් දෙසීයත් අතර මිලකින් වැඩි වී තිබේ.මේ කාලය වැඩිම මාළු අස්වැන්නක් ලැබෙන කාලය වුවත් ධීවරයින්ට මුහුදු යෑමට අවශ්‍ය ඉන්ධන ලබා දීමට රජය අපොහොසත්ව සිටීම නිසා මාළු හිඟවී මිල ගණන් මෙලෙස ඉ... |
"අයවැය 30 වැනිදා" | "මේ වර්ෂය (2022) සඳහා වන සංශෝධිත අයවැය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මුදල් ඇමැතිවරයා වශයෙන් අගෝස්තු 30 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.මේ අනුව එදින (30 දා) ප.ව. 1.00 ට පාර්ලිමේන්තුවරැස්වන අතර අයවැය කතාව ප. ව. 2.00 දක්වා පැවැත්වීමට නියමිතය. සැප්තැම්බර් මස 01 සහ 02 දිනවල උදේ 9.30 සිට ප.ව. 5.30 දක්ව... |
"චීන නැවට ගෙවූ කෝටි හත වතුරේ" | "පසුගිය ආණ්ඩු සමයේ චීන පොහොර නැවට ගෙවීම් සිදුකළ ඇමරිකන් ඩොලර් මිලියන 6.9ක මුදල (රුපියල් කෝටි 07ක් පමණ) යළි ඔවුන්ගෙන් ලබාගත නොහැකි බව කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර මහතා පැවසීය.මෙම මුදල ලබාගත හැකි තත්ත්වයක් පෙනෙන්නට නොමැති බවත් මින් රටට පාඩුවක් සිදුවී ඇති බව පිළිගැනීමට සිදුවන බවත් ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (24 දා) පැ... |
"මන්ත්‍රීලාට කියලා දෙන්න මහ බැංකු අධිපති එයි" | "වත්මන් ආර්ථික තත්ත්වය පිළිබඳව පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් දැනුවත් කිරීම සඳහා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ වැඩසටහනක් ලබන 30 වැනිදා සවස පාර්ලිමේන්තුවේදී පැවැත්වෙන බව සභානායක අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය.ඒ අනුව එදින සවස 2 සිට 4 දක්වා පාර්ලිමේන්තුවේදී මෙම වැඩසටහන පැවැත්වෙන බව... |
"කළුවැල්ගොඩ මහදවල් මිනී මරයි" | "පස් පොඩ්ඩා ඝාතනයට එකට එක කිරීමක්:ගනේමුල්ලේ සංජීවගේ වැඩක්ගම්පහ කළුවැල්ගොඩ ප්‍රදේශයට ඊයේ (24වැනිදා) මහදවල් කඩාවැදුණු ගණේමුල්ලේ සංජීව නමැති පාතාල නායකයාගේ කුලී මිනීමරුවන් 34 හැවිරිදි දෙදරු පියකුට වෙඩි තබා ඝාතනය කර පලාගොස් ඇත.ගණේමුල්ලේ සංජීවගේ සමීපතම හිතවතකු වූ පස්පොඩ්ඩා ඝාතනයට එකට එක කිරීමක් ලෙස මොහු මරාදමා ඇති බව විමර්ශ... |
"උද්ධමනයෙන් කප් ගහයි" | "ලොව ඉහළම උද්ධමනයක් වාර්තා වන රටවල් අතර ශ්‍රී ලංකාව පස්වැනි ස්ථානයට පත්ව තිබේ. ලෝක බැංකුව නිකුත් කළ නවතම වාර්තාවකට අනුව ආහාර කාණ්ඩයේ ඉහළම උද්ධමනයක් වාර්තා වන රටවල් අතර ශ්‍රී ලංකාව පස්වැනි ස්ථානයට පත්ව ඇත. ලෙබනනයෙන් ඉහළම උද්ධමනය වාර්තා වන අතර, දෙවැනි ස්ථානය සිම්බාබ්වේ රාජ්‍යයටත්, තෙවැනි ස්ථානය වෙනිසියුලාවටත් හිමිව තිබේ.... |
"QR ක්‍රමයට ලියාපදිංචි වූ වාහන ලක්ෂ 14 ක් තෙල් අරන් නෑ" | "ජාතික ඉන්ධන අවසරපත් ක්‍රමය හෙවත් ූඍ ක්‍රමවේදය මගින් ඉන්ධන මිලදී ගැනීමට ලියාපදිංචි වන වාහන ප්‍රමාණය ඉහළ ගොස් තිබුණත් ඉන්ධන පාරිභෝජනය සැලකිය යුතු මට්ටමින් පහළ ගොස් ඇතැයි ඊයේ (23 දා) ූඍ ප්‍රගති සමාලෝචනයේදී හෙළි වී තිබේ. මේ වනවිට ූඍ ක්‍රමවේදය යටතේ රථ වාහන ලක්ෂ හැටකට වඩා ලියාපදිංචි වී ඇති අතර ඉන් වාහන ලක්ෂ 46 ක් මෙම ක්‍රමව... |
"22 න් ජනපති බලතල අහිමි වෙන්නේ නෑ: නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වයි" | "පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත මගින් රටේ විධායක ජනාධිපතිවරයාට 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් හිමිකර දී ඇති කිසිදු වරප්‍රසාදයක් හෝ බලයක් අහිමිවීමක් සිදු නොවන්නේ යැයි නීතිපති සංජේ රාජරත්නම් මහතා ඊයේ (23දා) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය. ව්‍යවස්ථාදායක සභාවට සාමාජිකයන් පස්... |
"ටින් මාළු සඳහා අඩු මිලට කෙළවල්ලන් දෙන්න හදනවා නම් ගන්න එපා – කමල් අද්දරආරච්චි" | "ටින් මාළු නිෂ්පාදනය කිරීම සඳහා කිසිවකු මැකරල්වලටත් වඩා ඉතා අඩු මිලට කෙළවල්ලන් මාළු විකිණීමට තැත් කරන්නේ නම් ඒ පිළිබඳ සිතා බලා මිලදී ගැනීමෙන් වළකින ලෙස ටින් මාළු නිෂ්පාදකයන්ගේ සංගමයේ ක්‍රියාකාරි සාමාජික ප්‍රවීණ රංගන ශිල්පි කමල් අද්දරආරච්චි මහතා ඉල්ලා සිටී. කෙළවල්ලන් මගින් ටින් මාළු නිෂ්පාදනය කරන්නේ කලාතුරකින් බව ද වෙළෙ... |
"යළි දිවයිනට එන්න ගෝඨාභයට ආරක්ෂාව දෙන්න: මානව හිමිකම් කොමිසම රජයට දන්වයි" | "හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට යළි දිවයිනට පැමිණීම සඳහා ප්‍රමාණවත් ආරක්ෂාවක් සපයන ලෙස ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව රජයට නිර්දේශ කර තිබේ. මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපති විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු රෝහිණී මාරසිංහ මහත්මිය සහ එහි කොමසාරිස් වෛද්‍ය නිමල් කරුණාසිරි මහතාගේ අත්සනින් යුතුව ජනාධිපති රනිල් ... |
"ගැසට්ටුවත් සමග බිත්තර සඟවති" | "බිත්තර සඳහා උපරිම සිල්ලර මිලක් නියම කරමින් රජය මගින් ගැසට් නිවේදනයක් නිකුත් කිරීමත් සමග වෙළෙඳපොළේ විශාල බිත්තර හිඟයක් නිර්මාණය වී ඇතැයි පාරිභෝගිකයෝ පවසති. සුදු බිත්තරයක් සඳහා රුපියල් 43 ක්ද, රතු බිත්තරයක් සඳහා රුපියල් 45 ක්ද වශයෙන් උපරිම සිල්ලර මිලක් නියම කරමින් රජය මගින් ගැසට් නිවේදනය නිකුත් කරන අවස්ථාව වන විට සිල්ලර... |
"ජම්බො පීනට්ස් සඳහා රටකජු ආනයනය අත්හිටුවයි" | "ජම්බෝ පීනට්ස් සඳහා රටකජු ආනයනය අත්හිටුවීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර ඇත. ඒ සඳහා අවශ්‍ය වන කජු ප්‍රභේදයට විකල්ප ප්‍රභේදයක් ශ්‍රී ලංකාව හඳුන්වා දී ඇති බවත් එම රටකජුවලින් ශ්‍රී ලංකාව ස්වයංපෝෂිත බවත් ඒ සම්බන්ධව අදහස් දක්වමින් කෘෂිකර්ම, වනජීවි, වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. මෙතෙක් ජම්බෝ පීනට්ස් සැ... |
"ත්‍රස්ත පනතේ හැව ගැලවෙයි: වෙනත් නමකින් එයි ද?" | "ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සංශෝධනයට ලක් කරමින් ජාතික ආරක්‍ෂණ පනත ලෙසින් නව පනතක් ගෙන ඒමට රජය තීරණය කර ඇත. අධිකරණ ඇමැති විජේදාස රාජපක්‍ෂ මහතා මේ සම්බන්ධව පෙරේදා (22දා) පැවැති ඇමැති මණ්ඩල රැස්වීමේදී කැබිනට් මණ්ඩලයට කරුණු පැහැදිලි කළ බව කැබිනට් ප්‍රකාශ ජනමාධ්‍ය හා මහාමාර්ග ඇමැති බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. ත්‍රස්තවාදය ව... |
"පාර්ලිමේන්තුව ගිනි තැබීමේ කුමන්ත්‍රණයක්: ජනපති කැබිනට් මණ්ඩලයට දන්වයි" | "ආණ්ඩුවට එරෙහිව විවිධ පාර්ශ්ව එක්ව විරෝධතා දැක්වූ ඉකුත් කාලයේ පාර්ලිමේන්තුවට ගිනි තැබීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මකව තිබී ඇතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් කැබිනට් මණ්ඩලයට දැනුම් දී තිබේ. ඒ අනුව කුමන්ත්‍රණකාරී ප්‍රචණ්ඩ ක්‍රියාවන්ට සම්බන්ධ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමේදී දීර්ඝ ලෙස විමර්ශන සිදුකිරීමට අවශ්‍ය අය හඳ... |
"පාස්කු ප්‍රහාරය විමර්ශනයට ස්කොට්ලන්ඩ්යාඩ් පොලිස් කණ්ඩායමක් දිවයිනට" | "2019 අප්‍රේල් 21 වැනිදා සිදු වූ පාස්කු ප්‍රහාරයේ සුලමුල සෙවීම සඳහා ළඟදීම ස්කොට්ලන්ඩ්යාඩ් පොලිස් කණ්ඩායමක් මෙහි පැමිණීමට නියමිත බව ජනාධිපති ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් ‘දිවයින’ට ඊයේ (23 දා) පැවසීය. පාස්කු ප්‍රහාරය පිළිබඳව ලැබෙන විවිධ චෝදනා මත ඒ පිළිබඳව ස්වාධීන පරීක්ෂණයක් පැවැත්වීමේ අරමුණින් ජනාධිපතිවරයාගේ තීර... |
"ඩීසල් බවුසරයක් හොර පාරේ ගෙනයෑමට අනුබල දීලා: මුතුරාජවෙල තෙල් සේවකයන් 5 කගේ වැඩ තහනම්" | "ඩීසල් ලීටර් 3300 ක් හොර පාරෙන් මීගොඩ ප්‍රදේශයට ගෙනයෑමට අනුබල දුන් මුතුරාජවෙල තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමෙහි තෙල් සංස්ථා සේවකයන් පස්දෙනකුගේ වැඩ තහනම් කර ඇත. පසුගිය දිනෙක කටුනායක කර්මාන්ත ශාලාවකට ගොඩබෑම සඳහා මෙම තෙල් බවුසරය පිටත්වී පසුව මීගොඩ ප්‍රදේශයට ගෙන යමින් තිබියදී පොලිසියට ලැබුණු නිර්නාමික ඔත්තුවකට අනුව බවුසරය නවත... |
"මුදලිගේ ඇතුළු තිදෙනා තංගල්ලේ රැඳවුම් මධ්‍යස්ථානයකට" | "රැඳවුම් නියෝග මත සිටින අරගලයේ ක්‍රියාකාරී සාමාජිකයන් වන වසන්ත මුදලිගේ, හෂාන්ත ගුණතිලක සහ ගල්වැව සිරිධම්ම හිමියන් රඳවාගෙන ප්‍රශ්න කිරිම සඳහා තංගල්ල මධ්‍යම රැඳවුම් මධ්‍යස්ථානය වෙත ඊයේ (23 දා) රැගෙන ගොස් ඇත. අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග මත තබාගෙන සිටින සැකකරුවන්ගෙන් ප්‍රශ්න කිරීම සඳහා ත්‍රස්ත විමර්ශන ඒකකය සහ අපරාධ පරීක්ෂ... |
"ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත හරහා ආණ්ඩුව අරගලයේ තරුණයන් දඩයම් කරනවා" | "මේ රටේ තරුණ පරම්පරාව දැවැන්ත යුග පෙරළියකට නායකත්වය ලබාදුන් බවත්, එහි ප්‍රතිඵලයක් ලෙස රට අගාධයට දැමූ ජනාධිපතිවරයා පලවා හැරීමට හැකි වූ බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. කෙසේ වෙතත් ඒ දැවැන්ත යුග පෙරළිය සහ ජන අරගලය දියත් කළ තරුණ පරම්පරාවට එරෙහිව රාජ්‍ය මර්දනය දියත් වෙමින් පවතින බවත්, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත... |
"පැතුම් කර්නර්ට වරෙන්තු" | "ගෝඨා ගෝ හෝම් සටන් පාඨය නිර්මාණය කළ අරගලයේ ප්‍රධාන පෙළේ ක්‍රියාකාරිකයකු වන විශේෂඥ වෛi පැතුම් සංඛ කර්නර් මහතාව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරපත් කිරීමට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා ඊයේ (23) වරෙන්තු නිකුත් කළේය. පසුගිය ජූලි 13 වැනිදා බත්තරමුල්ල පොල්දූව මංසන්දිය අසල පැවැති විරෝධතාව සංවිධානය කිරීම ඇතුළු චෝදනා... |
"පැමිණිල්ලෙන් ඉල්ලීමක් නෑ: කබ්රාල්ගේ විදෙස් ගමන් තහනම අවසන්" | "හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාට සිය අධිකරණය විසින් මින් පෙර පනවා තිබූ විදේශ ගමන් වැළැක්වීමේ නියෝගය සම්බන්ධයෙන් පැමිණිල්ල විසින් කිසිදු ඉල්ලීමක් සිදු නොකිරීම නිසා එකී තහනම තවදුරටත් දීර්ඝ කිරීම පිළිබඳව කොටුව මහෙස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා ඊයේ (23) කිසිදු නියෝගයක් නිකුත් නොකළේය. තීනියාවල පාලිත හිමියන් විසි... |
"උපාධිධාරීහු 68 ක් දකුණේ පාසල්වල සනීපාරක්‍ෂක කම්කරු රැකියාවේ!" | "දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය මගින් පාලනය වන පාසල්වල සනීපාරක්‍ෂක කම්කරුවන් ලෙස උපාධිධාරීන් 68 දෙනෙකු සේවය කරන බැව් දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් රංජිත් යාපා මහතා පවසයි. දැනට වසර ගණනාවක සිට මෙම උපාධිධාරීන් 68 දෙනා පාසල්වල සනීපාරක්‍ෂක කම්කරු තනතුරට අදාළ සේවාවල නිරතව සිටින බව ද මේ පිළිබඳ තමන් දකුණු පළාත් ආණ්... |
"රනිල්ගේ නිවසින් විස්කි බෝතලයක් ඉස්සූ අයෙක් රිමාන්ඩ්" | "රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික නිවසට ගිනි තැබූ දිනයේ එම නිවසේ තිබූ විදේශීය රටක නිෂ්පාදිත ගෝල්ඩ් ලේබල් විස්කි බෝතලයක් සොරකම් කිරීමේ චෝදනාව මත සැකපිට අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කළ මධුශංක විජේසේකර නමැත්තා අද (24 දා) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඊයේ (23 දා) නියෝග කළේය. සැකකරු එදින රනි... |
"ඇඟලුම් කර්මාන්තයටත් විදුලිසර වදී!" | "විදුලි ගාස්තු ඉහළ දැමීමේදී දිවා කාලයේදී සහ කාර්ය බහුල නොවන අවස්ථාවලදී මෙතෙක් පැවැති විදුලි ගාස්තු සහනය ඉවත් කිරීම නිසා ඇඟලුම් කර්මාන්තයට බරපතළ අර්බුදයක් මතුව ඇතැයි ඒකාබද්ධ ඇඟලුම් සංවිධාන සංසදය පවසයි. 2025 වසර වන විට ශ්‍රී ලංකාවේ වාර්ෂික ඇඟලුම් අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 08 දක්වා ඉහළ නැංවීමට තම සංසදය ගන්නා උත්ස... |
"1848 මාතලේ නිදහස් සටන සැමරුම අද" | "වීර පුරන්අප්පු, ගොංගාලේගොඩ බණ්ඩා ඇතුළු විරුවන්ගේ නායකත්වයෙන් දියත් කළ 1848 මාතලේ නිදහස් සටන සිදු වී වසර 174 ක් පිරීම සමරමින් විශේෂ සැමරුම් උත්සවයක් අද (24දා) මාතලේ දී පැවැත්වේ. පෙ.ව. 9.00 ට 1848 නිදහස් සටනට නායකත්වය දී ජාතියේ නිදහස වෙනුවෙන් දිවිදුන් විරුවන් සමරමින් ඉදිකොට ඇති සැමරුම් ස්මාරකයට පුෂ්පෝපහාර දැක්වීමක් සිදු... |
"භූමිතෙල් මිල පොඩි මිනිහා බිමටම තලයි" | "* ධීවරයෝත් අසරණවෙති* මාළු මිල තවත් ඉහළ යන ලකුණු* වතු,ධීවර,ගොවි, මහල් නිවාස ජනතාව නන්නත්තාරයි* භූමිතෙල් සහනාධාරයෙන් සංස්ථාවට වසර 7ට මිලියන 35129ක පාඩුවක්* අඩු ආදායම් පවුල් සඳහා ඍජු සහනාධාරයකට යෝජනා භූමිතෙල් මිල සියයට දෙසිය අසූවකට වැඩි මිලකින් (රුපියල් 253) ඉහළ දැමීම නිසා ධීවර, වතු, ගොවි, මහල් නිවාස, අඩු ආදායම්ලාභීන් ... |
"මුදලිගේ ඇතුළු 3ක් දින 90 ක් රඳවාගනී – රැඳවුම් නියෝගය ජනපතිගෙන්" | "අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ඇතුළු තිදෙනෙකු දින 90 ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අදාළ රැඳවුම් නියෝගය ඊයේ (22 දා) ආරක්‍ෂක ඇමැතිවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් නිකුත් කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව මහතා පවසයි. අන්තර් විශ්වවිද්‍යා... |
"සගවන බිත්තර රාජසන්තක කරනවා – සතොස හරහා බෙදනවා – වෙළෙඳ ඇමැති කියයි" | "බිත්තර නිෂ්පාදකයන් බෙදාහැරීමෙන් වැළකී තොග රැස් කළහොත් එම බිත්තර රාජසන්තක කර සතොස හරහා වෙළෙඳ පොළට නිකුත් කරන බව වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්‍ෂිතතා ඇමැති නලීන් ප්‍රනාන්දු මහතා ඊයේ (22දා) පැවසීය.එමෙන්ම රජයෙන් පැනවූ පාලන මිලට බිත්තර අලෙවි නොකරන ව්‍යාපාරිකයන්ට එරෙහිව නීත්‍යනුකූලව පියවර ගන්නා බවද ඇමැතිවරයා අවධාරණය කරයි.පවතින ත... |
"යුරෝපා සංගමය කනගාටුවෙන්" | "ශ්‍රී ලංකාවේ මෑත කාලීනව පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමේදී ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත භාවිත කිරීම පිළිබඳව සිය සංගමය කනස්සල්ලට පත්ව ඇතැයි යුරෝපා සංගමය පවසයි.යුරෝපා සංගමය ඊයේ (22දා) ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් මේ බව නිවේදනය කර ඇත.ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත භාවිත නොකරන බවට නිල නොවන මට්ටමින් ශ්‍රී ලංකා රජය ජාත්‍යන්තර ප්‍රජ... |
"අරගලයෙන් ගාලු මුවදොරට ලක්‍ෂ 49ක හානියක්" | "අරගලය නිසා ගාලු මුවදොර භූමියට රුපියල් ලක්‍ෂ 49ක හානියක් සිදුවී ඇතැයි නාගරික සංවර්ධන අධිකාරිය පවසයි.ගෝල්ෆේස් අරගල භූමියට සිදුව ඇති අලාභ හානිය පිළිබඳව තක්සේරු වාර්තාවක් ලබාගැනීමට මේ වනවිට කටයුතු කර ඇති බවද එම අධිකාරිය පවසයි.එම භූමිය නැවත සැකසීම සහ මූලික කටයුතු වෙනුවෙන් රුපියල් ලක්‍ෂ එකහමාරක් (1 1/2) සහ එහි තණ පිඩලි ඇල්ල... |
"ආණ්ඩුවේ සාධනීය කටයුතවලට විපක්‍ෂයේ සිට සහාය දෙනවා – සජිත් ජනපතිට දන්වයි" | "පාර්ලිමේන්තු ක්‍රමය යටතේ විපක්‍ෂයේ සිට ආණ්ඩුවේ කටයුතුවලට සහාය දීමට විපක්‍ෂය සූදානම් බව විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ (22 දා) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට දැනුම් දී ඇත.ජනාධිපතිවරයා හා විපක්‍ෂ නායකවරයා අතර තවත් හමුවක් ඊයේ පැවැති අතර එහිදී මේ බව දැනුම් දී තිබේ.මෙම සාකච්ඡාවේදී සමගි ජන බලවේගයට ආණ්ඩුව සමඟ එක්වී ... |
"නායකත්වයක් නැතිව අසරණ වූ පොහොට්ටු පාක්‍ෂිකයා වෙනුවෙන් ලබන 4 වැනිදා නව නිවසක් හදනවා – උදය ගම්මන්පිල" | "නායකත්වයක් නොමැතිව අසරණ වී සිටින පොදුජන පෙරමුණු පාක්ෂිකයන්ට අභිමානයෙන් යළි නැඟීසිටීම සඳහා නව සන්ධානයක් බිහි කරන බව පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා ඊයේ (22 වැනිදා) පැවසීය.ලබන සැප්තැම්බර් මස 4 වැනිදා එම නව සන්ධානය බිහි කරන බවත් ඒ සඳහා එක්වන ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සහ එක්සත් ජාතික පක්ෂයට ආරාධනා කරන බවත් ... |
"විගණන වාර්තාවලින් ඵලක් නෑ: රාජ්‍ය මුදල් අවභාවිතය පෙර පරිදිමයි – රජයේ විගණන නිලධාරීහු කියති" | "රාජ්‍ය මුදල් වැය කිරීමේදී මෙන්ම නිස්කාරණ වියදම් කළමනාකරණය කරන ලෙස රජය චක්‍රලේඛ නිකුත් කළත් මුදල් අමාත්‍යාංශය ඇතුළු අමාත්‍යාංශ හා ආයතන එම උපදෙස් නොතකා කටයුතු කරන නිසා රජයේ අපේක්‍ෂා ඉටු නොවන තත්ත්වයක් මතුව ඇතැයි රජයේ විගණකාධිපති දෙපාර්තමේන්තු නිලධාරීහු කියා සිටිති.රජයේ විගණකාධිපතිවරයා විසින් දිගින් දිගටම විගණන වාර්තා මග... |
"මන්දිරවලට හානි කළ තවත් 9 ක් අල්ලයි – සැකකරුවන් අතර හිමි නමක් සහ කතක්" | "ජනාධිපති මන්දිරයට, අරලියගහ මන්දිරයට, ජනාධිපති ලේකම් කාර්යාලයට සහ අගමැති කාර්යාලයට කඩාවැදී එහි දේපළවලට හානි කළ බව කියන සිද්ධීන් සම්බන්ධයෙන් තවත් පුද්ගලයන් නව දෙනකු පොලිසිය මගින් ඊයේ (22දා) අත්අඩංගුවට ගෙන ඇත.සැකකරුවන් අතර හිමිනමක් සහ කාන්තාවක්ද සිටින බව පොලිසිය පවසයි.කොළඹ උතුර සහ මිරිහාන අපරාධ කොට්ඨාස සිදුකළ මෙහෙයුම්වලි... |
"දින 6කට පසු චීන නැව ආපසු යයි" | "ඉන්දීය විරෝධතා මධ්‍යයේ මෙරටට පැමිණ තිබූ යෑන්ග් වෑන්ග් 5 චීන පර්යේෂණ නෞකාව දින 6කට පසු ඊයේ (22 දා) නැවත චීනය බලා පිටත්ව ගොස් තිබේ.චීන නෞකාව ඊයේ සවස මෙරටින් පිටත්ව යන බව දැනුම් දුන් බව හාබර් මාස්ටර් කපිතාන් නිර්මාල් සිල්වා මහතා පැවසීය. මෙම නෞකාව පසුගිය 16 වැනිදා හම්බන්තොට වරායට පැමිණ තිබුණි. එය පසුගිය 12 දා හම්බන්තොට වර... |
"ප්‍රතිව්‍යුහගත කිරීමට එරෙහිව ඛනිජ තෙල් වෘත්තීය සමිති පාරට…. පුහුල් කපති" | "ප්‍රතිව්‍යුහගත කිරීමට එරෙහිව ඛනිජ තෙල් වෘත්තීය සමිති පාරට…. ලංකා ඛනිජ තෙල් සංස්ථාව ප්‍රතිව්‍යුහගත කිරීමට එරෙහිව ඛනිජ සම්පත් සුරැකීමේ එකමුතුව සංවිධානය කළ විරෝධතා පෙළපාලියක් ඊයේ (22 දා) කොළඹ විහාරමහාදේවි උiානය අසල සිට බලශක්ති අමාත්‍යාංශය දක්වා ගමන් ගත් අයුරු. බොරතෙල් ආනයනය නොකිරීම, පිරවුම්හල් සමාගම් වෙත පැවරීම ආදියට එරෙ... |
"බිත්තර ගැසට්ටුව රිවස් කරන්න එපා! – පාර්ශ්ව රැසක් පාරිභෝගික අධිකාරියෙන් ඉල්ලති" | "බිත්තර සඳහා පාලන මිලක් පනවමින් නිකුත් කළ ගැසට්ටුව හකුලා නොගන්නා ලෙස සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය ඇතුළු පාර්ශ්ව කිහිපයක් ඊයේ (22 දා) පාරිභෝගික අධිකාරියෙන් ඉල්ලා සිටියහ.වෙළෙඳපොළේ බිත්තර මිල පාලනය කිරීමට ගැසට් නිවේදනයක් නිකුත් කිරීම මෙන්ම ඒ පිළිබඳව පසු විපරම් කරමින් නියම කළ මිලට බිත්තර අලෙවි කරනවාද සොයා බැලීම ද අධ... |
"ගිය රජය මිග් යානා 4ක් ගත්තේ යුක්රේන් රජයේ සමාගමකින් නොවේ" | "පසුගිය රජය රුපියල් මිලියන 265ක් ගෙවා පරණ මිග් 27 වර්ගයේ යානා හතරක් මිලට ගෙන ඇත්තේ යුක්රේන් රජය සතු යුක්රින්ටාෂ් සමාගමෙන් නොවන බව එම සමාගම මෙරටට දන්වා ඇත.කිව් අගනුවර ගුවන්තොටුපළේ පැත්තකට කර දමා තිබූ මෙම මිග් යානා හතරට අදාළ තොරතුර දත්ත හෙළි වී ඇති අතර මෙම යානා මෙරටට අලෙවි කර ඇත්තේ සිංගප්පූරු ව්‍යාපාරියකු බව ද අනාවරණය වී... |
"දේශබන්දුට පහරදුන් 8 දෙනා වරද පිළිගනිති – දඬුවම් නියම කිරීම 29 දා" | "කොළඹ දිසාව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතාට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන සිටි සැකකරුවන් අටදෙනා ඊයේ (22 දා) කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඉදිරියේදී එම නඩුවේ චෝදනාවලට වරද පිළිගත්හ.ඔවුන් වෙනුවෙන් හඳුනා ගැනීමේ පෙරට්ටුවක් ඊයේ පැවැත්වීමට නියමිතව තිබියදී නීතිඥවරුන් මාර්ගයෙන් ... |
"සති දෙකක් පැන්නොත් බිත්තර නරක් වෙනවා – පාරිභෝගික අධිකාරිය" | "සති දෙකකට වඩා බිත්තර කල්තබා ගැනීමට නොහැකි නිසා අනිවාර්යයෙන් වෙළඳපොළට නිකුත් කිරීමට නිෂ්පාදකයන්ට සිදුවන බව පාරිභෝගික අධිකාරියේ උසස් නිලධාරියෙක් ‘දිවයින’ට පැවසීය.බිත්තර මිල වැඩි කරන ලෙස මාධ්‍ය හමු පවත්වමින් අදහස් දක්වන්නේ සත්‍ය ලෙසම කිකිළියන් ඇති කරන පිරිස නොව බිත්තර එකතු කර ගබඩා කර අලෙවි කරන අතරමැදියන් බව ද එම නිලධාරිය... |
"හොඳම කැනේඩියානු සංක්‍රමණිකයන් අතර ශ්‍රී ලාංකික විද්වතුන් දෙදෙනෙක්" | "කැනේඩියානු සංක්‍රමණික සඟරාවේ මෙවර වාර්ෂික සම්මාන ප්‍රදානෝත්සවයේදී ශ්‍රී ලාංකික සම්භවයක් සහිත කැනේඩියානුවන් දෙදෙනෙකු වන මහාචාර්ය ජනක රුවන්පුර හා ආචාර්ය සිවකුමාර් ගුලසිංහම් මහත්වරුන් 2022 වසරේ හොඳම කැනේඩියානු සංක්‍රමණිකයන් අතරට පත්ව තිබේ. මේ සඳහා වූ සම්මාන ප්‍රදානය කැනඩාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් හර්ෂ කුමාර නවරත්න මහතාගේ... |
"සති දෙකක් පැන්නොත් බිත්තර නරක් වෙනවා – පාරිභෝගික අධිකාරිය" | "සති දෙකකට වඩා බිත්තර කල්තබා ගැනීමට නොහැකි නිසා අනිවාර්යයෙන් වෙළඳපොළට නිකුත් කිරීමට නිෂ්පාදකයන්ට සිදුවන බව පාරිභෝගික අධිකාරියේ උසස් නිලධාරියෙක් ‘දිවයින’ට පැවසීය.බිත්තර මිල වැඩි කරන ලෙස මාධ්‍ය හමු පවත්වමින් අදහස් දක්වන්නේ සත්‍ය ලෙසම කිකිළියන් ඇති කරන පිරිස නොව බිත්තර එකතු කර ගබඩා කර අලෙවි කරන අතරමැදියන් බව ද එම නිලධාරිය... |
"රට වෙනුවෙන් සියලුදෙනා එකතුකර ගැනීම එකම අරමුණයි" | "අනුරාධපුර දිස්ත්‍රික් සංවර්ධන සභාව අමතමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයිනැවත එජාපයට එක්වන ලෙසට කිසිවෙකුට කියන්නේ නෑ පක්ෂ පාට, ජාති ආගම් බේදයකින් තොරව රට වෙනුවෙන් සියලුදෙනා ඒකරාශි කර ගැනීමේ අතීත පාඩම කියා දුන්නේද එක්සත් ජාතික පක්ෂය බවත්, ඉදිරියටද රට වෙනුවෙන් සියලුදෙනා ඒකරාශී කර ගැනීම තම අරමුණ බවත් ජනාධිපති රනිල් වික... |
"හඬක් නැගීමට නොහැකි අධිපතිවාදි සමාජයක් උදාවන ලකුණු පහළ වෙනවා – පාර්ලිමේන්තු මන්ත්‍රී ඉමිතියාස් බාකිර් මාකර්" | "රටේ ජනතාවට තමන් විඳින දුක් වේදනාවන් ගැන හඬ නැගීමට නොහැකි අධිපතිවාදි සමාජයක් උදාවන ලකුණු පහළ වෙමින් තිබෙන බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී ඉමිතියාස් බාකිර් මාකර් මහතා පැවසීය.විපක්ෂ නායක කාර්යාලයේදී පෙරේදා (21දා) පැවති මාධ්‍යය හමුවේදී හෙතෙම මේ බව කී අතර එහිදී වැඩිදුරටත් මෙසේද කීය.ජනාධිපතිවරයා පහුගියදා ප්‍රකාශ කරල... |
"උ. පෙළ ප්‍රතිඵල මේ මස අවසානයේ" | "අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ (2021) විභාගයේ ප්‍රතිඵල මේ මස අවසානයට (30 හෝ 31) පෙර ලබාදීමට කටයුතු කරන බව විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී. ධර්මසේන මහතා ‘දිවයින’ ට පෙරේදා (21දා) පැවසීය.උ.පෙළ ප්‍රතිඵල මේ මස මැද ලබාදීමට විභාග දෙපාර්තමේන්තුව අදහස් කළත්, ඉන්ධන අර්බුදය ඇතුළු විවිධ හේතු නිසා අයැදුම්කරුවන් 400 කට පමණ ප්... |
"ඉන්දියාව දෙවැනි පොහොර තොගයත් ලංකාවට භාරදෙයි" | "ඉන්දීය රජයේ ණය යෝජනා ක්‍රමය යටතේ ශ්‍රී ලංකාවට ලබාදෙන පොහොර තොගයේ දෙවැනි පොහොර තොගයද ඊයේ (22දා) ශ්‍රී ලංකාවට භාරදීම සිදුවිය.ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ යූරියා පොහොර මෙටි්‍රක් ටොන් 65,000 ක් මෙරටට ලබාදීමට ඉන්දියාව පොරොන්දුවී, මීට පෙර ඉන් යූරියා මෙටි්‍රක් ටොන් 44,000 ක් ලබාදුන් අතර ඉතිරි පොහොර තොගය වූ මෙටි්‍රක් ටොන් 21,0... |
"ඛනිජ තෙල් සංස්ථාව ප්‍රතිව්‍යුහගත කරනු එපා" | "ඛනිජ තෙල් සංස්ථාව ප්‍රතිව්‍යුහගත කිරීමට එරෙහිව අද (22 දා) ඛනිජ තෙල් වෘත්තීය සමිති 11 ක සාමාජිකයෝ බලශක්ති අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධතාවක නිරත වෙති. ඛනිජ සම්පත් සුරැකීමේ එකමුතුව ලෙසට වෘත්තීය සමිති සාමාජිකයන් දහවල් 1.00 ට විහාරමහාදේවි උiානය අසලට එක්වී එහි සිට අමාත්‍යාංශය ඉදිරිපිටට ගොස් විරෝධතාවේ නිරතවීමට නියමිතය. ඉන්ධන ග... |
"නොකර බැහැ – ඇමැති කියයි" | "ඛනිජ තෙල් සංස්ථාවේ යෝජිත ප්‍රතිව්‍යුහගත කිරීමට වෘත්තීය සමිති විරෝධතාව දැක්වුවත් එම ප්‍රතිව්‍යුහගත කිරීම් සිදුකරන බව විදුලිබල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර මහතා පවසයි. ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඇමැතිවරයා කියා සිටින්නේ එම සැලසුම් සම්බන්ධයෙන් වෘත්තීය සමිති දැනුවත් කර ඇති බවයි. වෘත්තීය සමිතිවලට විරෝධය පළ කිරීමේ අයි... |
"හිර ගෙදරින් රඟහලට…" | "තමන් රඟපාන ‘ද ගේම්’ චිත්‍රපටය නැරඹීමට සිරගතව සිටින ජනප්‍රිය රංගන ශිල්පි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට ඉකුත් දා විශේෂ අවසරයක් ලැබිණි. බන්ධනාගාර නිලධාරීන්ගේ දැඩි ආරක්ෂාව මැද සිනමා ශාලාවට පැමිණි රන්ජන්ට එහිදී ප්‍රේක්ෂක සහෘද උණුසුම් ප්‍රතිචාරයක් හිමි විය. ‘ද ගේම්’ අධ්‍යක්‍ෂ සුරංග අල්විස්ගේ ඉල්ලීමට අධිකර... |
"වැඩ කරන්න බැරි නම් රාජ්‍ය සේවයෙන් යන්න – ජනපති පවසයි" | "කිසිවෙකුට නිකරුණේ කන්න දීමට රජය සූදානම් නැති බවත් වැඩ කළ නොහැකි සියලු දෙනාට රාජ්‍ය සේවයෙන් ඉවත් වන ලෙසට තමා දැනුම් දෙන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (21 දා) අනුරාධපුර දිස්ත්‍රික් සංවර්ධන සභාව අමතමින් අවධාරණය කළේය. නැවත එක්සත් ජාතික පක්‍ෂයට එක්වන ලෙස තමා කිසිවෙකුට නොපවසන නමුත් රට ගොඩනැඟීමට නොපමාව එක්වන්නැයි ... |
"ජනපති අනුරාධපුරයේදී" | "ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පෙරේදා අනුරාධපුර පුදබිමට පැමිණි අවස්ථාවේ මිරිසවැටිය රජමහ විහාරයටද පැමිණියේය. ජනාධිපතිවරයා එහි විහාරාධිකාරි ඊතලවැටුණුවැවේ ඥාණතිලක නාහිමියන් බැහැදුටු අවස්ථාව සහ අනුරාධපුර දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමෙන් අනතුරුව ජනාධිපතිවරයා නිවුන් දරු මවකගේ දුක්ගැනවිල්ලකට සවන් දුන් අයුරු…. පර්සි කුරු... |
"ශාපලත් දේශය මුදා ගන්න එක්වන්න…." | "ආණ්ඩුවට එරෙහිව ජාතික ජන බලවේගය සංවිධානය කළ විරෝධතා පා ගමන හා ජනරැලිය පෙරේදා සවස නුගේගොඩදී විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් පැවැත්විණි. ඊට එක්වූ ජාතික ජන බලවේගය නායක අනුර කුමාර දිසානායක ඇතුළු පිරිස පා ගමනින් රැළිය වෙත පැමිණි අයුරු. පිංතූරය – තුෂාර අතපත්තු" |
"ගැසට්ටුව අහෝසි නොකළොත් අද සිට බිත්තර දෙන්නේ නෑ" | "බිත්තර සඳහා උපරිම සිල්ලර මිලක් නියම කරමින් නිකුත් කළ ගැසට් නිවේදනය අහෝසි කර සහනයක් ලබා නොදෙන්නේ නම් අද (22 දා) සිට වෙළෙඳ පොළට බිත්තර නිකුත් නොකරන බවත් සියලු සතුන් මසට අලෙවි කරන බවත් බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමය පවසයි. පෙරේදා (20 දා) සිට බලපැවැත්වෙන පරිදි සුදු බිත්තරයක් සඳහා රුපියල් 43 ක්ද, දුඹුරු හෝ රතු බිත්තරයක් සඳහා ර... |
"අනාගතයේ රට වෙනුවෙන් වැදගත් තීරණ රැසක් ගන්නවා – ඩලස් ඇතුළු ස්වාධීන වූ 12 දෙනා කියති" | "නව දේශපාලන ගමනක් ආරම්භ කරන බව ආණ්ඩුවෙන් ඉවත්ව පාර්ලිමේන්තුවේ ස්වාධීන වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජි. ඇල්. පීරිස් මහතා පෙරේදා (20දා) අනුරාධපුරදී පැවසිය. සිය ඉදිරි දේශපාලන වැඩපිළිවෙළ සම්බන්ධයෙන් මහා සංඝරත්නය දැනුවත් කොට අනුරාධපුර ජය ශ්‍රී මහා බෝ සමිඳුන් සහ ස්වර්ණමාලි සෑ රදුන් වන්දන... |
"වැඩි මිලට බිත්තර වික්කොත් ලක්ෂ 5ක් දඩ" | "වැඩි මිලට බිත්තර අලෙවි කරන වෙළෙඳුන්ට එරෙහිව අද (22 දා) සිට රුපියල් ලක්ෂයේ සිට ලක්ෂ පහ දක්වා උපරිම දඩ මුදලක් නියම කරන බව පාරිභෝගික සේවා අධිකාරියේ උසස් නිලධාරියෙක් ‘දිවයින’ ට පැවසීය. බිත්තර වැඩි මිලට අලෙවි කරන වෙළෙඳුන් රැසකට සති අන්තයේ උපදෙස් දී දැනුවත් කර ඇතැයි ද හෙතෙම කීය. එබැවින් බිත්තර සඳහා පනවා තිබෙන රුපියල් 43 හා ... |
"අරලියගහ මන්දිරයෙන් පෞරාණික භාණ්ඩ ඉස්සූ අයෙක් රාජගිරියේදී දැලේ" | "අරලියගහ මන්දිරයට ඇතුළුවී එහි දේපළ සොරා ගත් පුද්ගලයකු රාජගිරිය බණ්ඩාරනායකපුරදී අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසය කියයි. වසර දෙසීයකට වඩා පැරණි පිත්තලවලින් නිම වන ලද බිත්ති සැරසිලි, කැමරා උපකරණ සහ කැමරා බෑගයක් සැකකරුගේ නිවසේ තිබී සොයාගෙන ඇත. සැකකාර පුද්ගලයා තවත් පිරිසක් සමග ඉකුත් නව වැනිදා අරගලකරුවන් ම... |
"පොලිතීන් ඇට ආනයනය නතර වීමෙන් ප්ලාස්ටික් බෑග් නිෂ්පාදනයට කණකොකා හඬයි" | "පොලිතීන් ඇට ආනයනය නතරවීමෙන් සහල් සහ එළවළු බෑග් නිෂ්පාදනය මෙන්ම කොරෝනා ආරක්ෂිත ඇඳුම් කට්ටල නිෂ්පාදනයද සම්පූර්ණයෙන්ම ඇණහිට තිබෙන බව එම කර්මාන්තකරුවෝ පවසති. පොලිතීන් ඇට ආනයනය මාස 04 න් සිදුනොවූ බව කී කර්මාන්තකරුවෝ ප්ලාස්ටික් නිෂ්පාදන හිගයක් නුදුරේදීම විවෘත වෙළඳපලේ ඇති වන බවද පැවැසූහ. පොලිතීන් ඇට (මැටීරියල්) ආනයනය ඇණහිට ත... |
"සපුගස්කන්ද යළි වැඩ අරඹයි" | "බොරතෙල් ලැබීමෙන් පසු සපුගස්කන්ද පිරිපහදුවේ, පිරිපහදු කටයුතු ඊයේ (21 දා) ආරම්භ කිරීමෙන් පසු එහි ගිනිදැල්ල දැකගැනීමේ අවස්ථාව ලැබිණි. බොරතෙල් බැරල් ලක්‍ෂයක් පිරිපහදුවට ලැබීමෙන් පසු පිරිපහදු කටයුතු ඊයේ (21 දා) ආරම්භ කළ ද එහි පිරිපහදු ඉන්ධන ලැබීමට දින තුනක් පමණ ගතවනු ඇතැයි ඛනිජ තෙල් පොදු සේවක සංගමයේ සභාපති අශෝක රන්වල මහතා ... |
"අභියෝගය නොබියව භාරගත් ජනපතිට සියලුදෙනාගේ සහාය හිමි විය යුතුයි – මහා සංඝරත්නය අවධාරණය කරති" | "රට ගැන ඇති වගකීමෙන් සියලුදෙනා බැහැර වූ අවස්ථාවක, රට ගැන සිතා එහි භාරදූර වගකීම භාරගත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සමස්ත මහා සංඝරත්නයේ ආශිර්වාදය නිතැතින්ම හිමි වන බව රුවන්වැලි සෑය විහාරාධිපති, ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ, රජරට නුවරකලාවියේ ප්‍රධාන සංඝනායක අතිපූජ්‍ය පල්ලේගම හේමරතන නායක හිමිපාණන් වහන්සේ පැ... |
"74 වසරක සාපලත් පාලනයෙන් රට මුදාගන්න එක්වන්න – අනුර කුමාර දිසානායක" | "හොරු රකින පාලනයක් වෙනුවට හොරු අල්ලා දඬුවම් දෙන පාලනයක් වෙනුවෙන් නව ජනවරමක් අත්‍යවශ්‍ය බවත් එබැවින් වංචනිකයන්ට දූෂිතයන්ට දඬුවම් දෙන නව ජනවරමකට අවස්ථාව ලබා දිය යුතු බවත් ජාතික ජන බලවේගයේ සහ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පෙරේදා 20 වැනිදා සඳහන් කළේය ජාතික ජන බලවේගයේ සහ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර... |
"කාදිනල්තුමා ලබන 24 දා වතිකානයට" | "ශුද්ධෝත්තම ප්‍රැන්සිස් පාප්වහන්සේගේ දැනුම්දීමක් අනුව මැල්කම් කාදිනල් කොළඹ අගරදගුරුතුමා ලබන 24 වැනිදා වතිකානය බලා පිටත්ව යන බව කතෝලික සභා ප්‍රකාශකයෙක් ‘දිවයින’ ට ඊයේ (21 දා) පැවැසීය. කාදිනල්තුමාගේ පැමිණීම අනිවාර්ය කර ඇති බව ද එම ප්‍රකාශකයා වැඩිදුරටත් පැවැසීය. ලබන 27 වැනිදා කාදිනල්වරුන් පත්කිරීමේ උත්සවයට මැල්කම් රංජිත් ... |
"උද්ඝෝෂකයන් නිහඬ කිරීම ප්‍රජාතන්ත්‍රවාදයට තර්ජනයක්: සජිත්ගෙන් ට්විටර් පණිවුඩයක්" | "මූලික අවශ්‍යතා වෙනුවෙන් උද්ඝෝෂණය කරන පිරිස නිහඬ කිරීමෙන් සිදුවන්නේ ප්‍රජාතන්ත්‍රවාදය තර්ජනයට ලක්කිරීමක් බව විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ආයුධ සන්නද්ධව විරෝධතාකරුවන් පීඩාවට පත්කරනවා වෙනුවට ඔවුන්ගේ අයිතීන් ආරක්‍ෂා කළ යුතු බවත්, ජනතාවගේ, ර... |
"නොරොච්චෝලේ අලුත්වැඩියාව 2 දා අවසන්" | "නොරොච්චෝල ගල්අඟුරු බලාගාරයේ අක්‍රීය වූ ජනන යන්ත්‍රයේ අලුත්වැඩියා කටයුතු සැප්.2 දා වනවිට අවසන් කිරීමට එහි ඉංජිනේරුවන් අදහස් කර තිබේ. බලාගාරයේ යන්ත්‍ර තුනෙන් එක් යන්ත්‍රයක් අත්‍යවශ්‍ය නඩත්තු කටයුතු සඳහා නතර කර තිබෙන අතර තවත් යන්ත්‍රයක් පසුගියදා (15 දා) හදිසියේ අක්‍රීය විය. එම යන්ත්‍රය අක්‍රීයවීමට හේතුව යකඩ බටයක දෝෂයක් බ... |
"වැටුණු රට ගොඩගන්න රනිල්ටම දෙන්න වුණා – මිහින්තලා රජමහා විහාරාධිපති හිමියෝ" | "තුන්කල් දක්නා නුවණින් වැඩකරන නායකයෙකු ලෙස මේ රටේ වගකීම භාරගත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නියත වශයෙන්ම රට ගොඩනඟනු ඇති බව මිහින්තලේ රජමහා විහාරාධිපති ආචාර්ය පූජ්‍ය වළවාහැංගුණවැවේ ධම්මරතන නායක හිමිපාණන් වහන්සේ පවසති. ‘දෙයක් වේ නම් සුදුස්සාටම එය ලැබිය යුතුය’ යන වදන සනාථ කරමින් වික්‍රමසිංහ මහතා අද මේ රටේ භාරකාරත්වයට ප... |
"අවුරුදු දෙකට අඩු දරුවන් සිටින මව්වරුන්ට රට රැකියාවලට යෑමට අවසර නෑ" | "විදේශ සේවා නියුක්ති කාර්යාංශය කියයි වයස අවුරුදු 2ට අඩු දරුවන් සිටින මව්වරුන්ට විදේශ රැකියා සඳහා යෑමට අවසර ලබා නොදෙන බවත්, එවැනි කාන්තාවන්ට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචිය ලබාගැනීමටද අවස්ථාව හිමි නොවන බවත් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරයි. මේ පිළිබඳව කම්කරු හා විදේශ රැකියා අමාත්... |
"පෙබරවාරියට පෙර මහ ඡන්දයක් බැහැ – මැ.කො. සභාපති" | "රටේ නව ජනවරමක් පතා පාර්ලිමේන්තු මැතිවරණයකට යෑමේ නීතිමය හැකියාවක් ඇත්තේ ලබන වසරේ පෙබරවාරි මස අවසානයෙන් පසුව යැයි මැතිවරණ කොමිසමේ සභාපති නිමල් පුංචිහේවා මහතා ඊයේ (21 දා) පැවැසීය. ඊට පෙර ආණ්ඩුව විසුරුවා හැරීමේ යෝජනාවක් පාර්ලිමේන්තුවේදී සම්මත කර ගත්තත් ජනාධිපතිවරයා එකඟ නොවෙන්නේ නම් ආණ්ඩුව විසුරුවා හැරිය නොහැකි බවද පුංචිහේ... |
"විදුලි ගාස්තු තවත් ඉහළට" | "විදුලි ගාස්තු සියයට හැත්තෑපහකින් වැඩි කළ පසුත් ලංවිම රුපියල් බිලියන 250 ක (රුපියල් කෝටි 25000) පාඩුවක් ලබන නිසා නුදුරු කාලයේදීම විදුලි ගාස්තුව තවත් සියයට විසිපහකින් ඉහළ දැමිය යුතු බව විදුලි ඉංජිනේරුවෝ පවසති. විදුලි ඒකකයක් නිපදවීමට විශාල මුදලක් වැයවන බවත් අදාළ වියදම පියවා ගැනීමට නම් ගාස්තුව සියයට සියයකින් ඉහළ දැමීම අත්... |
"නැවත විදුලි ගාස්තු වැඩිකරන්න ඉඩ නෑ… මහජන උපයෝගීතා කොමිසම" | "නැවත වතාවක් විදුලි ගාස්තු වැඩි කිරීමට කිසිසේත්ම අවසර නොදෙන බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසමේ සභාපති (PUCSL) ජනක රත්නායක මහතා කීය. මේ වනවිට ලංවිම කළ ඉල්ලීමකට අනුව විදුලි ගාස්තුව සියයට හැත්තෑපහකින් වැඩිකර ඇතැයිද යළිත් වතාවක් ගාස්තු ඉහළ දැමීමට යම් ඉල්ලීමක් ලැබුණත් ඊට අවසර නොදෙන බවද සභාපතිවරයා තවදුරටත් කියා සිටියේය. ප්... |
"මිතුරන් සේ සිටින අයගේ නිරුවත ඩලස් හෙළිකරයි" | "පාර්ලිමේන්තු මෙහෙයුම් කමිටු පත්කිරීමේදී බලාත්මක වෛරී දර්ශක පිළිබඳ අවධානය යොමු කිරීම නව ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුවේ වාර අවසන් කිරීමෙන් අනතුරුව මෙහෙයුම් කමිටු සඳහා මන්ත්‍රීවරුන් පත්කිරීමේදී, ජූලි 20 වැනි දින පැවැති ජනාධිපතිවරණයේදී මා වෙත සෘජුවම සහාය පළකළ සහ ඒ වෙනුවෙන් ක්‍රියාකාරීව වෙහෙසුණු මහජන නියෝජිතයන් බොහෝ දෙ... |
"අරගලයේ විජාතික බලවේග හොයන්න කොමිසමක් ඕනෑ… ’22’ බෙදුම්වාදීයි" | "අරගලය රෑ දැකපු නරක හීනයක් ලෙස අමතක නොකරන ලෙසත් එයට පසුබිමේ ක්‍රියාත්මකවූ විජාතික බලවේග ගැන සොයා බලා සත්‍යය රටට හෙළිදරව් කිරීමට කොමිෂන් සභාවක් පත් කළ යුතු බවත් ජාතික සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු ආචාර්ය ගුණදාස අමරසේකර මහතා පවසයි. අරගලය ජනතා විමුක්ති පෙරමුණ හෝ පෙරටුගාමී පක්‍ෂය පිට දැමීම තමා අනුමත නොකරන බවත් ඔවුන් එයින් ප්... |
"සර්ව පාක්ෂික හැලී බහු පාක්ෂික එනවා" | "ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් යෝජනා කර ඇති සර්ව පාක්ෂික ආණ්ඩුව සම්බන්ධයෙන් දේශපාලන පක්ෂවල පවතින පරස්පර මතවාද හේතුවෙන් එය බහු පාක්ෂික ආණ්ඩුවක් බවට පත් වෙනු ඇතැයි ආණ්ඩුවේ ආරංචි මාර්ග සඳහන් කරයි. ඒ අනුව සර්ව පාක්ෂික ආණ්ඩුවක් ගැන ඒ ඒ දේශපාලන පක්ෂයන්හි මන්ත්‍රීවරුන් සහ ප්‍රධානීන් අතර මේ වන විට මතුව ඇති මතවාද හේතුව... |
"සංචාරකයන්ට එකවර වසරකට වීසා" | "සංචාරක කර්මාන්තය දිරිගැන්වීමේ අරමුණින් සංචාරකයකුට මෙරටට පැමිණි දින සිට දින 270ක වලංගු සංචාරක වීසා ලබාදීමේ කාලය වසරක් දක්වා දීර්ඝ කිරීමටත්, වීසා සඳහා ගාස්තු අයකරන ක්‍රමවේදය සරල කිරීමටත් අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. ඒ අනුව විද්යුත් සංචරණ අනුමැතිය (ETA) යටතේ පැමිණෙන සංචාරකයන්ට දින 180ක් සඳහා එකවර වීසා නිකුත් කිරීමට... |
"ටෙලිකොම් සමාගමට බිලියන 16 ක ලාබයක්" | "ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම ඉකුත් 2021 වසරේදී රුපියල් බිලියන 16ක වාර්තාගත ලාභයක් ලබා ඇතැයි ටෙලිකොම් සභාපති රොහාන් ප්‍රනාන්දු මහතා ‘දිවයින’ ඉරිදා සංග්‍රහයට පැවැසීය. එම වසරේදී ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම රුපියල් බිලියන 1.8ක ප්‍රතිලාභද ශ්‍රී ලංකා රජයට ලබාදුන් බවද ඒ මහතා කීය. පාඩු ලබන රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගතකරණය යටතේ ශ්‍රී... |
"කාදිනල්තුමා වතිකානුවට" | "ශුද්ධෝත්තම ප්‍රැන්සිස් පාප්වහන්සේගේ විශේෂ දැනුම් දීමක් මත මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුම හෙට (22දා) වතිකානුවේ නිල සංචාරයක යෙදෙන බව ජාඇල-මීගමුව කලාපය භාර ශාන්ත සාගර හෙට්ටිආරච්චි පියතුමා ‘දිවයින ඉරිදා සංග්‍රහයට පැවැසීය. අද (21දා) රාගම දේවත්තේ දෙව්මැදුරේ රෝගීන්ගේ දිනය වෙනුවෙන් පැවැත්වෙන විශේෂ දේවමෙහෙයට සහභාගීවීම... |
"ගිය අවුරුද්දේ මඟුල් වැඩිවෙයි" | "පසුගිය වසරේ (2021) මෙරට විවාහ වූ යුවළ ගණන 2020 වසරට වඩා 19,567කින් ඉහළ ගොස් ඇත. 2020 වසරේදී මෙරට යුවළ 143,061ක් විවාහ වී ඇති අතර 2021 වසරේදී විවාහ වී ඇති යුවළ ගණන 162,628කි. ඊට හේතුවී ඇත්තේ 2020 වසරේදී රටේ පැවැති කොවිඩ් වසංගතය නිසා විවාහ උත්සවවලට අවසර ලබානොදීම සහ කොවිඩ් වසංගතය නිසා රටේ නිරෝධායනය ඇඳිරිනීතිය පැනවීම ආදිය... |
"කොටි කෙරුම් සොයා තායිලන්තයේ මෙහෙයුම්: ගෝඨා ග්‍රීන්කාඩ් අයදුම් කරයි" | "තායිලන්තයේ සැඟවී සිටින කොටි සංවිධානයේ ප්‍රධාන අවි ආයුධ සපයන්නාවූ යෝගරාජන් ආනන්ද රාජන් හෙවත් අයියන්නා සොයා තායි බුද්ධි සේවාව හදිසි විමර්ශනයක් ආරම්භ කර ඇත. මෙයට හේතුවී ඇත්තේ තායිලන්තය තුළ බෝම්බ පිපිරීමේ 17 ක් සිදුවීම සහ හිටපු ජනපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා තායිලන්තයේ හෝටලයක සිටීමය. අයියන්නා තායි ත්‍රස්තවාදීන් සමඟ සම්බන්ධ බව... |
"අන්තවාදීන් 55 දෙනා ගැන ඉන්ටර්පෝල් එකටත් කියයි" | "රජය විසින් අසාදු ලේඛන ගත කළ මෙරට ඉස්ලාමීය අන්තවාදී පුද්ගලයන් 55 දෙනා සම්බන්ධව ජාත්‍යන්තර පොලිසියට ද දැනුම්දීමට රජය පියවරගෙන ඇත. මොවුන් අයි. එස්. අයි. එස්. ත්‍රස්ත සංවිධානයට සම්බන්ධ පුද්ගලයන් බව අනාවරණය කරගෙන තිබේ. එසේම මොවුන් ගැන මැද පෙරදිග රටවල් වෙතද දැන්වීමට රජය ක්‍රියාකර ඇත. අයිසිස් සංවිධානය මොවුන්ට ලබාදුන් නම්ද බු... |
"රසකැවිලි කර්මාන්තයට පහර ගසන්නේ ඩොලර් කල්ලියක්" | "දේශීය කර්මාන්ත සහ රස කැවිලි කර්මාන්තය අඩපණ කිරීමේ රහසිගත සංවිධානාත්මක ව්‍යාපාරයක් ක්‍රියාත්මක වන බව රස කැවිලි නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති එස්. එම්. ඩී. සූරිය කුමාර මහතා පවසයි. ඒ සඳහා අදාළ පුද්ගලයින්ට විදෙස් මුදල් විශාල වශයෙන් ලැබෙන බවට හඳුනාගෙන ඇතැයිද පවසන ඒ මහතා සමාජ මාධ්‍ය ඔස්සේ ඔවුන් දේශීය රසකැවිලි වර්ග ආහාරයට නොග... |
"ගෝඨාභයට එන්න පරිසරය හදන්න: බැසිල් ජනපතිට ලියයි" | "හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ආරක්‍ෂිතව යළි මෙරටට ඒමට වාතාවරණයක් සකසන ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක හිටපු ඇමැති බැසිල් රාජපක්‍ෂ මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලා තිබේ. රටේ පවතින ආර්ථික අර්බුදයට කඩිනමින් විසඳුම් ලබාදීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සම්පූර්ණ සහාය ලබාදෙන බව ද බැසිල් රාජපක්... |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.