Title
stringlengths
9
246
Content
stringlengths
3
62.9k
"තරුණයන්ටත් රාජ්‍ය පාලනයේ කොටස්කරුවන් වීමට අවස්ථාව දෙනවා"
"රටේ තාරුණ්‍යය එකට එකතු කරගෙන රාජ්‍ය පාලනයේ සක්‍රීය කොටස්කරුවන් බවට රටේ තාරුණ්‍යය පත් කරනා බවත් රාජ්‍ය බලය ලැබුණු පසු Project Youth වැඩසටහන් හරහා තරුණයන් ගොඩ ගන්නා බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කෑගල්ලේ පැවැති සමගි ජන බලවේග තරුණ සමුළුව අමතමින් පැවසීය. සමාජයේ බොහෝ දෙනෙක් පොරොන්දු දේශපාලනය පිළිගන්නේ නැහැ කියන බවත්...
"පොදු සමා කාලයේ පළමු සතියේදී යුද හමුදාවේ 7156ක් සේවයෙන් ඉවතට"
"නිවාඩු නොමැතිව සේවයට වාර්තා නොකර සිටින යුද හමුදා සාමාජිකයන් සඳහා සේවයෙන් ඉවත්වීමට ලබාදී තිබෙන පොදු සමා කාලයේ පළමු සතිය තුළ හමුදා සාමාජිකයන් 7156ක් යුධ හමුදාවෙන් ඉවත් වී ඇතැයි යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක මේජර් ජෙනරාල් රසික කුමාර මහතා පැවසීය. 2019 සිට මේ දක්වා යුද හමුදා සාමාජිකයන් 25,000ක් පමණ සේවයට වාර්තා නොකර සිටින බවත්...
"යතුරු නොදීම නිසා ශ්‍රී ල.නි.ප. මූලස්ථානයේ විමර්ශන ඇනහිටී"
"ඩාලි පාර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ තිබූ ලිපිගොනු කීපයක් අතුරුදන්වීමේ සිද්ධිය පිළිබඳව විමර්ශනය කිරීම සඳහා එම ගොඩනැගිල්ලේ යතුරු මෙතෙක් භාර නොදීම සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කිරීමට බලාපොරොත්තු වෙන බව මරදාන පොලිසිය කියයි. මෙම ලිපි ගොනු අතුරුදන්වූ බවට මරදාන පොලිසියට පැමිණිලි කර කලක් ගතවී ඇතත් එහි යතුරු භාර නො...
"යතුරු නොදීම නිසා ශ්‍රී ල.නි.ප. මූලස්ථානයේ විමර්ශන ඇනහිටී"
"ඩාලි පාර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ තිබූ ලිපිගොනු කීපයක් අතුරුදන්වීමේ සිද්ධිය පිළිබඳව විමර්ශනය කිරීම සඳහා එම ගොඩනැගිල්ලේ යතුරු මෙතෙක් භාර නොදීම සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කිරීමට බලාපොරොත්තු වෙන බව මරදාන පොලිසිය කියයි. මෙම ලිපි ගොනු අතුරුදන්වූ බවට මරදාන පොලිසියට පැමිණිලි කර කලක් ගතවී ඇතත් එහි යතුරු භාර නො...
"අපනයන ආර්ථිකයක් උදෙසා ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික ප්‍රජාව ගැන ලොකු විශ්වාසයක් තැබිය හැකියි – ජනාධිපති රනිල් වික්‍රමසිංහ"
"වෙළඳපොළ ආර්ථිකයක් මත පදනම් වූ ඉහළ තරගකාරී, අපනයනය ඉලක්ක කරගත් ආර්ථිකයක් බිහිකිරීම රජයේ අරමුණ බවත් එහිදී මෙරට ව්‍යාපාරික ප්‍රජාව කෙරෙහි තමා පූර්ණ විශ්වාසය තබා ඇති බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කර සිටියේ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාල...
"කොළඹ මැයි රැළිවලට ක්‍රීඩාංගණ වෙන් කර ගනී- කොළඹ නාගරික කොමසාරිස්"
"එක්සත් ජාතික පක්ෂය, පොදුජන පෙරමුණ, සමගි ජනබලවේගය, ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු කොළඹ පැවැත්වෙන මැයි රැළි සැමරුම් සඳහා පක්ෂ සහ සිවිල් සංවිධාන මුදල් ගෙවා ක්‍රීඩාංගණ වෙන්කර ගෙන ඇතැයි කොළඹ මහ නගර සභාවේ නාගරික කොමසාරිස් භද්‍රානි ජයවර්ධන මහත්මිය “දිවයින”ට ඊයේ (21 දා) පැවැසුවාය. මැයි දින උත්සව සඳහා ලක්ෂ 05ක පමණ පිරිසක් කොළඹට පැ...
"ශ්වසන රෝග වැළඳුණු දරුවන්ගේ වැඩිවීමක් – විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා"
"ශ්වසන රෝගය වැලඳුණු දරුවන්ගේ වැඩිවීමක් මේ දිනවල දක්නට ඇතැයි බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා ‘දිවයින’ට පැවැසීය. දිනකට රෝහලේ බාහිර රෝගී අංශයට ශ්වසන රෝගය වැලඳුණු දරුවන් 900ත් 1600ත් අතර ප්‍රමාණයක් ප්‍රතිකාර සඳහා පැමිණෙන බවද හෙතෙම කීය. ශ්වසන රෝගය උත්සන්න වීම හේතුවෙන් දරුවන් 200කට ආසන...
"භූ විද්‍යා හා පතල් කාර්යාංශයට අයත් අනුබද්ධ සමාගමක් වැට් බදු වංචාවක්"
"පරිසර අමාත්‍යාංශය යටතේ ඇති භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යංශයට අනුබද්ධ ජී. එස්. එම්. බී. ටෙක්නිකල් සර්විස් සමාගමේ ගණකාධිකාරිවරයා විසින් සිදුකරන ලද මහා පරිමාණ වැට් බදු වංචාවක් පිළිබඳව අමාත්‍යාංශ විමර්ශනයක් ආරම්භ කර ඇති බව අභ්‍යන්තර විගණන අංශය අනාවරණය කරයි. ජී. එස්. එම්. බී. ටෙක්නිකල් සර්විස් සමාගම මගින් අඹතලේ පවත්වාගෙ...
"ජනපති අපේක්ෂකයා කියන්න ආණ්ඩුව හොරගල් අහුලයි"
"මැතිවරණ කොමිසම විසින් නියමිත කාලවකවානු අනුව ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කරන තුරු ආණ්ඩුව නියෝජනය කරනු ලබන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, එක්සත් ජාතික පක්‍ෂය හෝ වෙනත් කිසිදු පක්‍ෂයක් විසින් තම ජනාධිපති අපේක්‍ෂකයා නම් නොකිරීමටත් ඒ පිළිබඳ අදහස් පළ නොකිරීමටත් තීරණය කර ඇත. ඉකුත් 25 වැනිදා රාත්‍රී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ...
"මහ බැංකුවෙන් නව විවරණයක් – ආර්ථිකය 3%කින් නගී"
"මේ වසරේ (2024) දී ශ්‍රී ලංකා ආර්ථිකය සියයට 03කින් වර්ධනය වනු ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පුරෝකථනය කර ඇත. නව මහ බැංකු පනත අනුව ප්‍රථම වරට නිකුත් වූ මහ බැංකුවේ ‘වාර්ෂික ආර්ථික විවරණය’ නම් වාර්තාවේ (2023) මේ බව දැක්වේ. මුදල් ප්‍රතිපත්ති ලිහිල් කිරීම සහ අඩු උද්ධමන පරිසරයේ ප්‍රතිලාභ ආර්ථිකය වෙත අඛණ්ඩව ගලායෑම හේතුවෙන් මේ ආර්...
"කම්කරු කඳුළු වියැකේදෝ…"
"ලෝක කම්කරු දින 135 වැනි සැමරුම මැයි පළමු වැනිදාට යෙදී ඇත. දහදිය හෙළන මිනිසකුගේ ජීවන සටන කැමරා කාචයේ සටහන් වූයේ පිටකාටුව ප්‍රදේශයේදීය. යාරූපය – නිශාන් එස්. ප්‍රියන්ත"
"උමාඔයේ ගිවිසුමේ හිලක්"
"උමාඔය සංවර්ධන ව්‍යාපෘතියට අදාළව අමාත්‍ය මණ්ඩල සංදේශ 66ක් ඉදිරිපත් කර තිබූ බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත් කර ඇති වාර්තාවක සඳහන් වෙයි. උමාඔය සංවර්ධන ව්‍යාපෘතියේ කොන්ත්‍රාත් කාලය දීර්ඝ කිරීමේ දී රජය වෙත අමතර වියදමකින් තොරව දිර්ඝ කරනු ලබන කාලසීමාවේ දී සියලු ඉදිකිරීම් නිම කර ව්‍යාපෘතිය විධිමත්ව රජය වෙත භාරදීමේ කොන්දේ...
"මැයි රැලි"
"එක්සත් ජාතික පක්ෂය විසින් පවත්වනු ලබන මැයි දින සැමරුම ‘යළි නොවැටෙන අභිමානවත් රටක්’ යන තේමාවෙන් කොළඹ මාලිගාවත්තේදී මැයි 01 වැනිදා පස්වරු 2.00ට පැවැත්වීමට නියමිතය. එක්සත් ජාතික පක්ෂ නායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මැයි දින සැමරුමට 50000කට ආසන්න ජනකායක් සහභාගී වනු ඇතැයි එජාප මහලේකම් පාලිත ...
"සිසුන්ගෙන් භාගයකට ආර්ථික අර්බුදය හරහට සිටී"
"ආර්ථික අර්බුදය හේතුවෙන් මෙරට වයස අවුරුදු 3-21ත් අතර පාසල් දරුවන්ගෙන් සියයට 54.9කගේ පාසල් අධ්‍යාපනය සඳහා බලපෑම් ඇති වී තිබෙන බැව් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කර ඇති නවතම වාර්තාවක සඳහන් වෙයි. ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව මගින් සිදුකරනු ලැබූ සමීක්ෂණයක ප්‍රතිඵල උපුටා දක්වමින් මහ බැංකුව මගින් නිකුත් කර ඇති ව...
"ඇමෙරිකානු පර්යේෂණ නැවට මෙරට දොර වසයි"
"ඇමරිකානු විශ්වවිද්‍යාලයක සිසුන් පිරිසක් රැගත් පර්යේෂණ නෞකාවකට ශ්‍රී ලංකා මුහුදු තීරයට ඇතුළු වීමට අවසර නොදීමට මෙරට රජය තීරණය කර තිබේ. කිසිදු පර්යේෂණ නෞකාවකට ශ්‍රී ලංකා මුහුදු තීරයට ඇතුළු වීමට අවසර නොදීමට රජය ගෙන ඇති ප්‍රතිපත්ති තීරණයකට අනුව ඉහත පියවර ගෙන ඇත. ඇමරිකා පර්යේෂණ නෞකාව මෙරටට ඇතුළු වීමට අවසර ඉල්ලා ඇත්තේ මුහුදු...
"යුරෝපයට ළමයින් විකුණන මහා ජාවාරමක්"
"ශ්‍රී ලාංකික දරුවන් මැලේසියාව ඔස්සේ යුරෝපයට රැගෙන ගොස් අලෙවි කිරීමේ ජාවාරමක නිරත වී සිටි ශ්‍රී ලංකාවේ ප්‍රධාන පහසුකම් සපයන්නා වන දෙහිවල පදිංචි 76 හැවිරිදි ද්‍රවිඩ ජාතිකයකු කටුනායක ගුවන්තොටුපොළේ දී ආගමන විගමන දෙපාර්තමේන්තු විමර්ශන අංශයේ අවදානම් තක්සේරු කිරීමේ ඒකකයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මොහු ශ්‍...
"පාරිභෝගික නිලධාරිහු කඳුළු වැවක"
"පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන නිලධාරින්ගේ වෘත්තීය ගැටලු සඳහා විසඳුම් නොලැබීම නිසා ඔවුන් දැඩි කලකිරීමට පත්ව ඇති බව අධිකාරියේ විමර්ශන නිලධාරිහු පවසති. විමර්ශන නිලධාරින්ගේ ජ්‍යෙෂ්ඨත්වය පිළිබඳ ගැටලු, විමර්ශන නිලධාරියකු ජ්‍යෙෂ්ඨ විමර්ශන නිලධාරි ලෙස පත්වූ විට ඔහුගේ වැටුප අඩුවීම, ජ්‍යෙෂ්ඨ විමර්ශන නිලධාරියකුට සහකා...
""පාප් වහන්සේට යවන්න අත්සන් 50,000ක්""
"පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත්වූ සියලුම පුද්ගලයන් ශ්‍රී ලංකාවේ විශ්වාසයේ විරුවන් ලෙස නම්කරන මෙන් ශුද්ධෝත්තම ප්‍රැන්සිස් පාප් වහන්සේගෙන් ඉල්ලීමක් කරමින් ශ්‍රී ලංකාවේ කතෝලික බැතිමතුන් පනස්දාහකගේ අත්සනින් යුතු ලිපියක් සකස් කර ඇත. එය පාප් වහන්සේට භාරදෙන ලෙස කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්තුමා වෙත භාර දී ඇත. ...
"සෞඛ්‍යය පිල්ලි හොයන්නලු"
"ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ සෞඛ්‍යයට වෙන් කරනු ලැබූ ඩොලර් මිලියන සියයක් අවභාවිත වී ඇති බවට තොරතුරු අනාවරණයවීම පිළිබඳව සහ තත්ත්වයෙන් බාල ඖෂධ ලබාගත් රෝගීන්ට සිදුවූ අසාධාරණ ඉරණම සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් සිදුකරන ලෙස ඉල්ලා වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය ජනාධිපතිවරයා වෙත ලිප...
"මත්තලත් වෙනතක"
"මත්තල මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළ කළමනාකාරීත්වය ඉන්දීය හෝ රුසියානු සමාගමකට ලබාදීමට රජය තීරණය කර ඇත. ඒ අනුව ඉන්දියාවේ ෂවුර්යා ඇරනෝටික් සමාගමට (Shaurya Aeronautics (pvt) Ltd) සහ රුසියාවේ එයාර්පෝට් ඔෆ් රීජන් මැනේජ්මන්ට් සමාගම (Airport of Regions Management Company) වෙත හෝ එහි බද්ධ ව්‍යවසායක් වෙත වසර 30ක කාලසීමා...
"විදේශීය ණය ඩොලර් බිලියන 38.4ට නගී"
"රජයේ විදේශීය ණය ප්‍රමාණය ඉකුත් වර්ෂයේ දී (2023) ඇමරිකානු ඩොලර් බිලියන 38.4 දක්වා කැපී පෙනෙන ලෙස වැඩි වී ඇති බැව් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කර ඇති වාර්තාවක සඳහන් වෙයි. රජය විසින් 2022 වර්ෂය අවසන් වන විට පියවා නොමැතිව ඇති විදේශීය ණය ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 27.5කි. එකී මුදලට සපේක්ෂව 2023 වසර අවසන් වනවිට න...
"මෙරට ජනයාගෙන් 15%කට ඇදුම"
"මෙරට ජනගහනයෙන් සියයට 15කට ආසන්න පිරිසකට ඇදුම රෝගය සම්බන්ධ රෝග ලක්‍ෂණ පවතින බව පර්යේෂණයකදී අනාවරණය වී තිබේ. එසේ වුවද ඇදුම රෝගය නිවැරදිව පාලනය කළ හැකි රෝගයක් බව වෛද්‍යවරු පවසති. ලෝක ඇදුම දිනය මැයි මස 7 වැනිදාට යෙදී තිබේ. ඇදුම රෝගය නිසා ලොව පුරා වසරකට පුද්ගලයෝ ලක්‍ෂ 5ක පමණ පිරිසක් මියයති. නිසි වෛද්‍ය උපදෙස් ලබාගැනීම තුළි...
"පිරිවෙනට සීලමාතා ආයතනයට ජනපති අරමුදලෙන් ශිෂ්‍යත්ව"
"අධ්‍යාපන කටයුතු සඳහා පිරිවෙන් හා සීලමාතා ආයතන තුළ ඉගෙනුම ලබන ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා/සීල මාතාවන් හා ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙනුවෙන් ජනාධිපති අරමුදල මගින් 2024 සහ 2025 වසර සඳහා ශිෂ්‍යත්ව වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පියවර ගෙන ඇත. ඒ අනුව දිවයිනේ පාසල් ආවරණය වන පරිදි අධ්‍යාපනික හා විෂය සමගාමී ...
"වෘත්තිකයන් රට හැර යෑමෙන් ආර්ථිකය රත් වෙලා – ශ්‍රී ලංකා මහ බැංකුවේ අලුත්ම වාර්තාවෙන් හෙළි කරයි"
"ජනගහනය වයස්ගත වීම මධ්‍යයේ ඉහළ නිපුණතා සහිත වෘත්තිකයන් ඇතුළු මානව ප්‍රාග්ධනය රටෙන් ඉවතට ගලා යෑම ආර්ථිකය යථාතත්ත්වයට පත්වීමේ ක්‍රියාවලිය සඳහා පවතින ප්‍රධාන අවදානමක් බව මහ බැංකුව පවසයි. නව මහ බැංකු පනත අනුව ප්‍රථම වරට ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද ‘වාර්ෂික ආර්ථික විවරණය – 2023’ නම් වාර්තාවේ මේ බව දැක්වේ. ආර්ථ...
"කරඳගොල්ල නාය යයි"
"ඇල්ල කරඳගොල්ල 10 කණුව හා මලින්තගොල්ල යන ප්‍රදේශවල පෙරේදා (25දා) අලුයම සිට නාය යෑමක් සක්‍රීයවීම හේතුවෙන් එම ප්‍රදේශයේ පදිංචි පවුල් 10ක් පමණ කඩිනමින් ඉවත් කිරීමට පියවර ගෙන ඇත. මේ වනවිට එම ප්‍රදේශයේ අක්කර දෙකක පමණ භූමි භාගයක මෙම නායයෑම සිදුවී ඇති අතර එය අක්කර 30කට පමණ බලපෑ ඇත. මේ අතර මෙම නායයෑම තවදුරටත් සක්‍රීය වුවහොත් ක...
"රටවල් හතකට නොමිලේ වීසා – ඇමැති හරින් ප්‍රනාන්දු"
"මෙරට සංචාරක ක්ෂේත්‍රයේ වැඩිදියුණුව උදෙසා රටවල් හතකට නොමිලේ වීසා ලබාදීමට කැබිනට් මණ්ඩලයේ එකඟතාව ලැබුණු බව සංචාරක, ඉඩම්, ක්‍රීඩා හා යෞවන කටයුතු ඇමැති හරින් ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (26 දා) පැවසීය. ඒ අනුව ඉන්දියාව, ඉන්දුනීසියාව, රුසියාව, චීනය, තායිලන්තය ඇතුළු රටවල් හතකින් එන සංචාරකයන්ට එම සහනය ලබාදීම සිදු කර...
"ජනතාව යළි අරගලයකට නොයන ආර්ථිකයක් රටේ නිර්මාණය කරනවා – ජනපති ගාලු මුවදොර ITC හෝටලය විවෘත කරමින් කියයි"
"ජනතාව යළි අරගලයකට නොයන ආර්ථික තත්ත්වයක් රට තුළ නිර්මාණය කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය. කඩා වැටුණු ආර්ථිකය වසර දෙකක් තුළ යළි ගොඩනැඟීමට හැකිවූ බව පෙන්වා දුන් ජනාධිපතිවරයා නැවත කඩා නොවැටෙන ආර්ථිකයක් රට තුළ ඇතිකර ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීමට කටයුතු කරන බව ද කියා සිටියේය. ජනාධිපති රනිල් වික්‍රමසිං...
"විපක්ෂ මන්ත්‍රීලාට විමධ්‍යගත අරමුදල් නොදීම ගැන නෝක්කාඩු – තෝරාගත් මන්ත්‍රීවරුන්ට පමණක් ප්‍රතිපාදන දීම අසාධාරණයි – අශෝක් අබේසිංහ"
"විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට මෙම වසරේ ලබා දෙනු ලබන විමධ්‍යගත අරමුදල් මෙතෙක් ලබාදී නැති බවත් එම මුදල් ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්ට පමණක් ලබා දීම දැඩි අසාධාරණ තත්ත්වයක් බවත් විපක්ෂයේ මන්ත්‍රීවරු කිහිප දෙනෙක්ම පාර්ලිමේන්තුවේ දී ඊයේ (26දා) චෝදනා කළහ. එහෙත් විමධ්‍යගත අරමුදල් ලබා නොදෙන බවට සිදුකරන චෝදනා පදනම් විරහිත බව ද ආණ්ඩු පක්ෂ ප්...
"පාස්කු විවාදයට මිලියන 150ක් වැය වුණා – පාස්කු සිද්ධිය දේශපාලනීකරණය කරන්න එපා කියා අගරදගුරුතුමාගෙන් ඉල්ලනවා – මහින්දානන්ද අලුත්ගමගේ"
"2019 අප්‍රේල් 21 වැනිදා සිදුවුණු මේ පාස්කු ප්‍රහාරය ගැන මේ වනවිට පාර්ලිමේන්තුවේ දින 14ක් අපි පැය 76ක් විවාද කරලා තිබෙනවා. මේ සම්බන්ධයෙන් ගණන් බැලුවොත් රුපියල් මිලියන 150ක් රජය වැයකරලා තිබෙනවා පාර්ලිමේන්තුවේ මේ විවාදය සඳහා. මේ සිද්ධිය පදනම් කරගෙන අගරදගුරුතුමා ඇතුළු කතෝලික සභාව විශාල මතයක් රටේ ජනගත කරන්න හදනවා. අපි මතක්...
"වැඩ බලන දුම්රිය සාමාන්‍යාධිකාරි එස්.එස්. මුදලිගේ"
"වැඩ බලන දුම්රිය සාමාන්‍යාධිකාරවරයා ලෙස ප්‍රවාහන අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් (සැලසුම්) එස්.එස්. මුදලිගේ මහතා පත් කර තිබේ. එම පත්වීමට අදාළ ලිපිය ප්‍රවාහන, මහා මාර්ග ඇමති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා විසින් භාර දී තිබේ. දුම්රිය සාමාන්‍යාධිකාරි තනතුරට ස්ථිරව කෙනකු අමාත්‍ය මණ්ඩල අනුමැතියකින් පත් කරන තුරු මුදලිගේ මහතා එම තන...
"ප්‍රමිතියෙන් ඉහළ ඖෂධ ලබාදීම සෞඛ්‍ය අමාත්‍යංශයේ ප්‍රමුඛ කාර්යක් – ඇමැති වෛද්‍ය රමේෂ් පතිරණ"
"ශ්‍රී ලංකා ඖෂධ නිෂ්පාදකයින්ගේ වානිජ මණ්ඩලයේ නියෝජිතයින් සමග සෞඛ්‍ය හා කර්මාන්ත ඇමැති වෛද්‍ය රමේෂ් පතිරණ මහතා විශේෂ සාකච්ජාවක් ඊයේ දින (26 දා) පෙරවරුවේ සෞඛ්‍ය අමාත්‍යංශයේ දී පැවැත්විණි. මෙරට ඖෂධ නිෂ්පාදකයින්ට පවතින ගැටලු නිරාකරණය කර ගනිමින් එම වැඩපිළිවෙළ ශක්තිමත්ව ඉදිරියට පවත්වා ගෙන යෑම අරමුණු කර ගනිමින් මෙම සාකච්ජාව ප...
"ඉන්දියාවේ වෛද්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී සංසදය සමග සබඳතා ශක්තිමත් කර ගැනීමට අපේක්ෂා කරනවා – ශ්‍රී ලංකා වෛද්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී සංසදයේ නව සභාපති මහාචාර්ය චන්න ජයසුමන"
"පාර්ලිමේන්තුවේ අභිනවයෙන් පිහිටුවන ලද ශ්‍රී ලංකා වෛද්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී සංසදයේ සභාපතිවරයා ලෙස මහාචාර්ය චන්න ජයසුමන මහතා තේරී පත්විය. පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය උපුල් ගලප්පත්ති මහතා විසින් ජයසුමන මහතාගේ නම යෝජනා කරන ලද අතර වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය විසින් ස්ථිර කරන ලදී. එම සංසදය සඳහා නව නිලධාරී මඬ...
"රේගු වෙන්දේසි ‘ඔන්ලයින්’ වෙයි"
"එළැඹෙන ජූලි 25 වැනිදා වන විට රේගු දෙපාර්තමේන්තුවේ සියලුම වෙන්දේසි මාර්ගගත ක්‍රමයට සිදු කිරීමට රේගු අධ්‍යක්‍ෂ ජනරාල්වරයාට උපදෙස් ලබා දුන් බව මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. විවිධ ප්‍රායෝගික අසීරුතා හේතුවෙන් මෙතෙක් ක්‍රියාවට නැංවීමට නොහැකි වූ නමුත් ඉදිරියේදී රේගු දෙපාර්තමේන්තුවේ සියලුම වෙන්දේසි ඒ අනුව ...
"30 දා මැදියම් රැයෙන් පසු සා/පෙළ ටියුෂන් තහනම්"
"මැයි 06 වැනිදා සිට 15 වැනිදා දක්වා පැවැත්වීමට සැලසුම් කර ඇති අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කර ගනිමින් සිදුකෙරෙන උපකාරක පංති, සම්මන්ත්‍රණ පැවැත්වීම මෙම මස 30 වැනිදා මධ්‍යම රාත්‍රි සිට අත්හිටුවන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව එදින මධ්‍යම රාත්‍රි 12.00 සිට උපකාරක පංති, සම්මන්ත්‍රණ, වැඩමුළු ආදී...
"‘අතෙන්’ තරගකරලවත් නැති අය ශ්‍රීලනිප නායකයා වෙන්න දඟලනවා – ඇමැති සුසිල් ප්‍රේම්ජයන්ත"
"ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයන් වීමට දඟලන අය කිසිදු මැතිවරණයකට අත ලකුණින් තරග කර නැතැයි සභානායක අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේම්ජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී 25දා සඳහන් කළේය. එහිදී ඔහු මෙසේ කීය. ඔය ශ්‍රී ලංකා එකේ නායකයෝ වෙන්න දඟලන කිසිම කෙනෙක් අත ලකුණින් තරඟ කරලත් නෑ. මම 1991 දී අත ලකුණින් තරඟ කරලා තමයි, කෝට්ටේ නගර සභාවට ...
"විදෙස් රැකියා පැමිණිලි 1371ක්"
"වසරේ ගතවූ මාස 4 ක කාලයේ දී විදේශ රැකියා සම්බන්ධ පැමිණිලි 1371ක් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශය වෙත ලැබී තිබේ. කාර්යාංශයේ වලංගු බලපත්‍රයක් නොමැතිව විදේශ රැකියා සඳහා බඳවාගැනීම් සිදුකිරීම, වලංගු රැකියා ඇණවුමක් නොමැතිව විදේශ රැකියා ලබාදීම සඳහා මුදල් අය කිරීම, සංචාරක වීසා මගින් තැනැත්තන් විදේශ රැකියා සඳහ...
"ශ්‍රී ලංකාවේ මිරිදිය ධීවර කර්මාන්තය සංවර්ධනට ජපානය ඩොලර් මිලියන තුනක් ලබා දීම අගය කරනවා – ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා"
"ශ්‍රී ලංකාවේ මිරිදිය ධීවර කර්මාන්තය සංවර්ධනය කොට නැංවීම සඳහා එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය හරහා ජපන් රජය විසින් රුපියල් මිලියන 03ක් ලබා දීම මේ මොහොතේදී ශ්‍රී ලංකා රජය වෙනුවෙන් තමන් අතිශය අගය කරන බව ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා පැවසීය. එම මුදල් ලබා දීම වෙනුවෙන් ධීවර අමාත්‍යාංශය හා ජපන් තානාපති සහ ශ්‍ර...
"ව්‍යාපාරයට වූ පාඩුවට රාජපක්‍ෂලාගෙන් වන්දි ඉල්ලා කාලිංගගෙන් එන්තරවාසි"
"2019 වසරේ සිට 2022 වසර දක්වා වූ කාලය අතරතුරදී නිසි මූල්‍ය කළමනාකරණයක් පවත්වාගෙන යෑමට අපොහොසත්වීම නිසා සිය ව්‍යාපාරයට සිදුවූ හානියට රුපියල් මිලියන 50ක වන්දි ගෙවන ලෙස දන්වා ව්‍යාපාරිකයකු වන කාලිංග සිල්වා මහතා හිටපු අගමැති මහින්ද රාජපක්‍ෂ, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ හා හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ හා හිටපු මහ ...
"කායික සබඳතා නැතිව දැරියක් ගැබ්ගත වීම විය හැක්කේ මිලියනයකට එකක් – විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා"
"කායික සබඳතාවක් නොමැතිව දරුවෙකු ගැබ් ගනු ලබන්නේ ලෝකයේ මිලියනයකට එකක් පමණ විය හැකි යැයි බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා “දිවයින”ට පැවසීය. කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේ අසන්නට ලැබුණු මෙම සිද්ධිය පිළිබඳව ස්ථීරව යමක් සඳහන් කළ හැක්කේ එම දරුවා ප්‍රසුත කිරීමෙන් පසු ජාන පරීක්ෂණවලට ලක්වීමෙන් අන...
"බෙහෙත නිසා අන්ධ වූ අයට වන්දි ගන්න සීඅයිඩීයට පැමිණිලි"
"‘Prednisolone’ නමැති අක්ෂි දියර ඖෂධය ලබාදීම මගින් මියගිය හා හානියට පත්වූ මෙරට රෝගී ජනතාවට වන්දි ලබාදීමට අවශ්‍ය නීතිමය ක්‍රියා පටිපාටිය ක්‍රියාත්මක කිරීම සඳහා ඊට වගකිව යුතු නිලධාරීන්ට හා පාලකයන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලමින් ඊයේ (26දා) ‘අල්ලස දූෂණය නාස්තියට එරෙහි පුරවැසි බලය’ සංවිධානය අපරාධ පරීක්ෂණ දෙපාර...
"පොන්නම්බලම්ට මාස තුනක පාර්ලිමේන්තු නිවාඩුවක්"
"දෙමළ ජාතික සන්ධානයේ යාපනය දිස්ත්‍රික් මන්ත්‍රී ජී.ජී. පොන්නම්බලම් මහතාට පාර්ලිමේන්තු නොපැමිණීමට මාස තුනක කාලයක් සඳහා නිවාඩු ඊයේ (26දා) අනුමත කෙරිණි. විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විසින් ඊට අදාළ යෝජනාව ඉදිරිපත් කළ අතර ඊයේ සිට ඉදිරි මාස තුනක කාලයක් සඳහා එම මන්ත්‍රීවරයාට එම අවසරය හිමිවේ. අකිත පෙරේරා, ර...
"කෑලි එකලස් කර සැකසූ හොර යතුරුපැදි විකුණන මගඩියක් වලානෙන් අල්ලයි"
"විදේශයන්හි සිට ආනයනය කරන යතුරුපැදි කොටස් යොදා ගනිමින් යතුරුපැදි එකලස් කර ව්‍යාජ ලියවිලි සහිතව විකිණීමේ මහා පරිමාණ ජාවාරමක් අල්ලා ගැනීමට වලාන දූෂණ මර්දන අංශය ඊයේ (25දා) සමත්විය. කුරුණෑගල, වාරියපොල, මාස්පොත හා නාත්තන්ඩිය කේන්ද්‍රකර ගනිමින් රජයට හිමිවිය යුතු කෝටි ගණනක බදු මුදල් අහිමි කරමින් මෙලෙස යතුරුපැදි එකලස් කර විකුණ...
"දෙගොල්ලක් බේරිලා කාදිනල්තුමා මට චෝදනා කරනවා – කාදිනල්තුමාට ගෝඨාභය පිළිතුරු දෙයි"
"පාස්කු දා මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය සිදුකළ පුද්ගලයන් හා කණ්ඩායම්වල ක්‍රියාකාරකම් ගැන එම ප්‍රහාරයට මාස ගණනාවකට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන සිදුකළත් අදාළ ත්‍රස්තයන් අත්අඩංගුවට ගැනීමට ඔවුන් අසමත් වූ බවද එම ත්‍රස්තවාදීන් සහ විමර්ශකයන් යන පාර්ශ්ව දෙකේම වගකීම නොසලකා හැරීමට හෝ ඔවුන් වගකීමෙන් නිදහස් කිරීමට මැල්...
"පාතාලයට පන්න පන්න පහර දෙන යතුරු පැදි බළකාය පාරට"
"ප්‍රහාර එල්ල කර පලායන පාතාල අපරාධකරුවන් ලුහුබැඳ ගොස් ඔවුන්ට ප්‍රහාර එල්ල කර විනාශ කිරීම සඳහා විශේෂ පුහුණුවක් ලැබූ පොලිස් විශේෂ කාර්ය බළකායේ අනූහය දෙනකුගෙන් සමන්විත යතුරුපැදි බළකාය ඊයේ (25 දා) සිට සිය මෙහෙයුම් ආරම්භ කළේය. කොළඹ අපරාධ කොට්ඨාසයට අනුයුක්තව රාජකාරි කරන මෙම විශේෂ ඒකකයේ නිලධාරීන් බස්නාහිර සහ දකුණු පළාත්වල පාත...
"ගාලුමුවදොර ITC රත්නදීප සුපිරි හෝටලය ජනපති අතින් විවෘත වෙයි"
"ගාලුමුවදොර ඉදිකර ඇති ITC රත්නදීප අධි සුඛෝපභෝගී හෝටලය විවෘත කිරීම උත්සවය ඊයේ (25දා) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් සිදුවිය. ගාලුමුවදොර ඉදිකර ඇති ITC රත්නදීප හෝටලය ඉන්දියාවේ ITC හෝටල් සමූහය විසින් ඉන්දියාවෙන් පිටත ඉදිකළ පළමු හෝටලය වේ. අගමැති දිනේෂ් ගුණවර්ධන, හිටපු ජනාධිපතිවරුන් වන චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග,...
"ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහකට අත්සන්…"
"උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආචාර්ය ඊබ්‍රහිම් රයිසි මහතා සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර නිල හමුව පෙරේදා (24දා) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය. ජනාධිපති කාර්යාලය වෙත පැමිණි ඉරාන ජනාධිපතිවරයා ඇතුළු දූත පිරිස ජනාධිපති රනිල් වික්‍රමසිංහ...
"චීන කොමියුනිස්ට් පක්‍ෂයේ ප්‍රධානීන් හා විපක්‍ෂ නායක සජිත් අතර හමුවක්"
"චීන කොමියුනිස්ට් පක්‍ෂයේ ජාත්‍යන්තර සම්බන්ධතා පිළිබඳ දෙපාර්තමේන්තුවේ ප්‍රධානීන් පිරිසක් විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රමුඛ සමගි ජනබලවේගයේ නියෝජිතයන් ඊයේ (25 දා) හමුවිය. එම පක්‍ෂයේ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ මධ්‍යම කාරක සභාවේ උප ඇමැතිනී සන් යියන් මෙනෙවිය මෙම චීන දූත පිරිසෙහි නායකත්වය දැරූ අතර චීන ආර්ථික මොඩලය සම...
"කාදිනල්තුමා දැවැන්ත සංහාරයක් වළක්වපු නායකයෙක් – රාජ්‍ය ඇමැති අරුන්දික ප්‍රනාන්දු"
"රටේ තරුණ තරුණියන් අන්තගාමී තැනට යෑමට ඉඩ නොතබා නිවැරදි මාර්ගය අවබෝධ කරදීම සැමගේ වගකීමක් බව රාජ්‍ය ඇමැති අරුන්දික ප්‍රනාන්දු මහතා ඊයේ (25 දා) පාර්ලිමේන්තුවේ දී පැවසීය. පාස්කු ප්‍රහාරය පිළිබඳ කල් තැබීමේ විවාදයේ දෙවන දිනය වූ ඊයේ කරුණු දක්වමින් රාජ්‍ය ඇමැතිවරයා මේ බව කියා සිටියේය. විවාදය ආරම්භ කරමින් කතා කළ විපක්‍ෂයේ ප්‍රධ...
"මැයි දිනය දා… රට හදන විසඳුම වෙනුවෙන් ජන බලය මාලිමාව වටා ඒකරාශී කිරීම අපේ අරමුණයි – ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා"
"මැයි දිනය ජනතාවගේ පාලනයක් වෙනුවෙන් ජනතාව පෙළගස්වන දිනයක් බවට පත්කර ගනිමු යැයි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පැවසීය. පක්ෂ මුලස්ථානයේ පසුගියදා පැවති ජාතික ජන බලවේගයේ මාධ්‍ය හමුවේදී වැඩි දුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද කීය. ජාතික ජන බලවේගය ලෙස මැයි දිනයට සහභාගිවීම පිළිබඳව සාකච්ඡා කිරීමේ අරමුණෙ...
"මෛත්‍රිපාල අමරවීරගෙන් මිලියන 1000ක වන්දි ඉල්ලයි"
"ඇමැති මහින්ද අමරවීර මහතාගෙන් රුපියල් මිලියන 1000ක වන්දියක් ඉල්ලමින් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඊයේ (25දා) ඔහුට එන්තරවාසියක් යොමු කළේය. මහින්ද අමරවීර මහතා කර ඇති ප්‍රකාශයක් මාධ්‍යවල ප්‍රචාරය වූ බවත් එමඟින් තම සේවාදායකයා දූෂණවලට සම්බන්ධ අයකු ලෙස මතයක් ගොඩනඟා ඇති බවත් නීතිඥ ජයමුදිතා ජයසූරිය විසින් මහින්ද අමරව...
"විසංවාද නැති ගමනකට රනිල් – බැසිල් එකඟතාවක්"
"ව්‍යවස්ථානුකූලව ඡන්ද විමසීමක් කැඳවන අවස්ථාව වනතුරු ජනාධිපති ධුර අපේක්ෂකත්වය පිළිබඳව විසංවාදයකින් තොරව පොදු අභියෝග ජය ගැනීමේ අරමුණින් කටයුතු කිරීමට පසුගිය 23 දා හමුවූ ජනාධිපතිවරයා සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්‍ෂ මහතා එකඟ වී ඇත. ජනාධිපතිවරයාගේ ආරාධනයකට අනුව එම හමුවීම පැජට් පාරේ පිහිටි ජනාධිපතිවරයාග...
"ඊළඟ ජනපති හා ආණ්ඩුව පිහිටුවන්නේ පොහොට්ටුවයි – එස්. එම්. චන්ද්‍රසේන (ශ්‍රීලපොපෙ)"
"උමා ඔය ව්‍යපෘතිය කඩාකප්පල් කිරීම සඳහා ජනතා විමුක්ති පෙරමුණේ සමන්ත විද්‍යාරත්න විශාල වශයෙන් කටයුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. චන්ද්‍රසේන මහතා පැවසීය. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ (24දා) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි. එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. චන්ද්‍රසේන මහ...
"පාස්කු විවාදයට මෛත්‍රි අද කට අරී"
"පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මැති සබයේ තෙදින විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද (26දා) පාර්ලිමේන්තුවේදී අදහස් දැක්වීමට නියමිතව ඇත. එම ප්‍රහාරය එල්ල කර පසුගිය 21දාට වසර පහක් සපිරුණු අතර ප්‍රහාරය එල්ල කළ ඝාතකයන් කවුරුන්ද යන්න තමා දන්නා බව ඒ මහතා මීට පෙර මහනුවරදී ප්‍රකාශ කළේය. ඒ අනුව සිරිසේන මහතා අද පාස්ක...
"කිරිපිටි මිල අඩු කරන්නේ නෑ"
"2024 අප්‍රේල් 25 දින සිට ක්‍රියාත්මක වන පරිදි කිරිපිටි මිල අඩුවන බවට පළ වූ වාර්තා මුළුමනින්ම පදනම් විරහිත බව කරුණාවෙන් සලකන ලෙස කිරිපිටි ආනයනකරුවන්ගේ සංසදය කියා සිටී. එහි මාධ්‍ය ප්‍රකාශක අශෝක බණ්ඩාර මහතා නිවේදනයක් නිකුත් තරමින් මේ බව කියා සිටියි. එහි මෙසේ සඳහන් කර ඇත. සිංහල හා දෙමළ අලුත් අවුරුදු කාලසීමාව තුළ ජනතාවට සහ...
"මුදල් ගිණුමට දමයි : මූල්‍ය වංචාවකට අත්අඩංගුවට ගත් සන්නස්ගලට ඇප"
"රුපියල් දස ලක්‍ෂයක මූල්‍ය වංචාවක් කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් කඳාන පොලිසිය මගින් අත්අඩංගුවට ගත් උපකාරක පංති ගුරුවරයකු වූ උපුල් ශාන්ත සන්නස්ගල මහතා රුපියල් ලක්‍ෂ 5ක ශරීර ඇප මත මුදාහරින ලෙස වැලිසර මහෙස්ත්‍රාත් ධම්මික උඩුවවිදාන මහතා ඊයේ (25දා) නියෝග කළේය. උපුල් ශාන්ත සන්නස්ගල මහතා තමන්ගෙන් රුපියල් දසලක්‍ෂයක මුදලක් ල...
""රජයේ විධායක නිලධාරීහු මැයි 2, 3 සංකේත වැඩ වර්ජනයකට""
"තම වෘත්තිය ගැටලුවලට විසඳුම් ලබාදීමට රජය මෙතෙක් ක්‍රියා නොකිරීම හේතුවෙන් ලබන 02 සහ 03 යන දෙදින සංකේත වැඩ වර්ජනයක නිරතවීමට රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුව තීරණය කර ඇත. මේ සම්බන්ධයෙන් වගකිව යුතු බලධාරීන් විසින් අවශ්‍ය මැදිහත්වීම සිදු නොකරන්නේ නම් ඉදිරියේදී දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීරණවීමටද තීරණය කළ බව රජයේ ...
"ගිලුණු නැව් 108ක් මෙරට මුහුදේ"
"ශ්‍රී ලංකාව වටා මුහුදේ ගිලුණු නැව් 108ක් සහ ගුවන් යානා 06ක් පිළිබඳ තොරතුරු අනාවරණය වී තිබේ. සමුද්‍ර උරුම සංරක්ෂණ කටයුතුවල දී කිමිදුම් සංචාරක කර්මාන්තය සහ සමුද්‍ර ජෛව විවිධත්ව සංරක්ෂණයට අතිශයින් වැදගත් වන ගිලුණු නෞකා ආශ්‍රිත පරිසර පද්ධති පිළිබඳව නව පර්යේෂණ ව්‍යාපෘතිය ගැන මධ්‍යම සංස්කෘතික අරමුදලේ සමුද්‍ර පුරාවිද්‍යා ඒකක...
"තෙවරප්පෙරුමගේ මරණ සහතිකය උසාවියෙන් ඉල්ලයි"
"2018 වසරේ නොවැම්බර් මස කොල්ලුපිටිය ප්‍රදේශයේ පැවැති විරෝධතා ව්‍යාපාරයකදී නීතිඥ විශ්‍රාමික මේජර් අජිත් ප්‍රසන්න මහතාට අතින්, පයින් පහර දී සුළුතුවාල සිදුකිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පවරා ඇති නඩුවේ සැකකරුවකු ලෙස නම් කොට තිබූ හිටපු නියෝජ්‍ය ඇමැති පාලිත තෙවරප්පෙරුම මහතාගේ මරණ සහතිකයේ සහතික පිටපතක් තම අධිකරණයට ඉදිරිපත් කරන ලෙ...
"ජනපති අපේක්‍ෂකයෝ රොත්තක් ඡන්දය කිට්ටුවෙන කොට අස්වෙනවා – ඉමිතියාස් බාකීර් මාකාර්"
"මීළඟ ජනාධිපතිවරණයට විවිධ පුද්ගලයන් තරග කරන බවට නම් කියැවෙනවා. ඒ අය අතරින් කට්ටිය එම ඡන්දය ළං වෙන කොට තරගයෙන් ඉවත් වන හැටිත් අපට බලාගන්න පුළුවන්” යැයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉමිතියාස් බාකීර් බාකාර් මහතා පැවැසීය. ඒ මහතා එසේ පැවැසුවේ ඊයේ (25 වැනිදා) කොළඹ දී පැවැති මාධ්‍ය හමුවකදීය. තවදුරටත් කතා කළ හිටපු පාර...
"හිරේ යන අයට රිමාන්ඩ් හිලව්වක්: නීති සංශෝධන පාර්ලිමේන්තුවට"
"යම් තැනැත්තෙකු චෝදනාවකට අධිකරණයකින් වැරදිකරුවකු බවට පත්කරන තෙක් බන්ධනාගාරයේ ගත කරන කාලය ඔහුට තීන්දුවෙන් ලැබෙන සිර දඬුවම් කාලයෙන් හිලව් කිරීමට අදාළ නීති සංශෝධනයට පාර්ලිමේන්තුවේදී ඊයේ (24 දා) අනුමැතිය හිමිවිණි. අපරාධ නඩු විධාන සංග්‍රහය සංශෝධනය කරමින් අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ප්‍රධානී...
"උමා ඔය ව්‍යාපෘතියෙන් සිදුවීමට ගිය මහා විනාශයන් රැසක් උද්ඝෝෂණය කර නැවැත්තුවා – ජවිපෙ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න"
"උමා ඔය ව්‍යාපෘතියෙන් සිදුවීමට ගිය මහා විනාශයන් රැසක්ම උද්ඝෝෂණ කර නැවැත් වූ බවත් උමා ඔය ව්‍යාපෘතිය නිසා තවත් පරිසර විනාශයන් ඉදිරියේදී සිදුවීමට නියමිත බවත් ජනතාවගේ ප්‍රශ්නය අවතක්සේරු නොකරන ලෙස ඉල්ලා සිටින බවත් ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න මහතා ඊයේ (24 දා) පැවසීය.උමා ඔය ව්‍යාපෘතිය ස...
"ඉරාන – ශ්‍රී ලංකා මිතුදමින් ‘උමා දිය ජනනි’ ජනතා අයිතියට"
"සෞභාග්‍යයක ප්‍රාර්ථනා පෙරදැරිව ඌව වෙල්ලස්සෙන් රටට උරුම වූ උමාඔය බහුකාර්ය සංවර්ධන යෝජනා ක්‍රමය ඉරාන – ශ්‍රී ලංකා රාජ්‍ය නායක දෙපළගේ ප්‍රධානත්වයෙන් ඊයේ (24දා) දහවල් උත්සවශ්‍රීයෙන් ජනතා අයිතියට පත්කෙරිණි. ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරාධනයෙන් මෙම ජාතික මහෝත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වීම සඳහා ඉරාන ...
"ශ්‍රී ලංකාව සමග අපි ඉන්නවා – ඉරාන ජනපතිගෙන් යළි සහතිකයක්"
"වසර 45ක් තුළ ඉරානය ලබාගත් අත්දැකීම් ශ්‍රී ලංකාවේ ප්‍රගතිය හා සංවර්ධනය සඳහා ලබාදීමට සූදානම් බව ඉරාන ජනපති ආචාර්ය ඊබ්‍රහිම් රයිසි මහතා ඊයේ (24 දා) පැවසීය. මහවැලි ව්‍යාපාරයෙන් පසුව මෙරට ක්‍රියාත්මක දැවැන්ත වාරි ව්‍යාපෘතියක් ලෙස ලක් ඉතිහාසයට එක් වන “උමා දිය ජනනි” බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින්...
"විජයදාසට මිත්‍රපාලට වාරණ – ශ්‍රී ල.නි.ප. වැ.බ. සභාපති-ලේකම් වැඩ බෑ"
"පසුගිය 21 වැනිදා පැවැති ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ විධායක කමිටු රැස්වීමක් ලෙසින් හඳුන්වාගත් රැස්වීමකදී ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ වැඩබලන සභාපතිවරයා ලෙස අධිකරණ ඇමැති ආචාර්ය විජයදාස රාජපක්‍ෂ මහතා පත්කිරීමට ගත් තීරණය හා ඊට ආනුෂංගික තීරණ ක්‍රියාත්මක කිරීම වළක්වමින් කොළඹ ප්‍රධාන දිසා විනිසුරු සඳුන් විතාන මහතා ඊයේ (24 දා) පස්...
"මෛත්‍රිපාලට නඩුව අවසන් වනතුරු තනතුරු බැහැ"
"හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරය දැරීම නඩුව අවසන් වනතුරු වළක්වමින් කොළඹ ප්‍රධාන දිසා විනිසුරු සඳුන් විතාන මහතා ඊයේ (24දා) අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමස්ත ලංකා කාරක සභිකයකු හා විධායක සභාකයකු ද වන මොන්ටේගූ සරත්චන්ද්‍ර මහතා විසින් ගොනු කර තිබූ නඩ...
"රියැදුරුට පහර දුන් පොලිසියේ දෙදෙනා යළිත් රිමාන්ඩ් – වෘෂණ කෝෂයක් ඉවත් කරන්න වීමේ සිද්ධිය:"
"මැදවච්චිය පොලිස් වසමේදී රථවාහන පරීක්ෂාවකදී ලොරි රථ රියැදුරකු ලෙස කටයුතු කළ 23 හැවිරිදි තරුණයකුට අමානුෂික ලෙස පහරදී, සැත්කමකින් පසුව ඔහුගේ වෘෂණ කෝෂයක් ඉවත් කිරීමට වීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලබා දැනට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පොලිස් නිලධාරීන් දෙදෙනා, ඕනෑම ඇප කොන්දේසියක් මත මුදා හරින ලෙස නීතිඥයන් කළ ඉල්ලීමක් යළි ප...
"හොරෙන් ගෙන්වූ වාහන 112ක් අත්අඩංගුවට – වටිනාකම කෝටි 700යි"
"නීති විරෝධී ක්‍රමවේදයන් ඔස්සේ මෙරටට ආනයනය කෙරුණු රථවාහන 112ක් වංචා හා දූෂණ විමර්ශන කොමිසම මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි මුදල් රාජ්‍ය ඇමැති ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. ඒවායේ වටිනාකම රුපියල් කෝටි 700 ඉක්මවන බව ඇමැතිවරයා සඳහන් කරයි. වර්ෂ 2015 සිට 2022 දක්වා විවිධ නීති විරෝධී ක්‍රමවේදයන් ඔස්සේ මෙම රථවාහන ශ්‍රී ලංකා...
"දමිතාට සැමියාට ඇප – ආගමන විගමන පනත යටතේ ඉදිරියට ගෙනයන්න බෑ"
"ප්‍රවීණ රංගන ශිල්පිනී දමිතා අබේරත්ත මහත්මිය හා ඇගේ සැමියා වන ලෙන්ලි ජොන්සන් මහතා රුපියල් ලක්ෂ පහ බැගින් වූ ශරීර ඇප මත මුදාහැරීමට කොටුව මහෙස්ත්‍රාත් කෝසල සේනාධීර මහතා ඊයේ (24දා) නියෝග කළේය. සැකකරුවන්ට එරෙහිව එල්ලවී ඇත්තේ කොරියාවේ රැකියාවක් ලබාදෙන බවට පොරොන්දු වී රුපියල් ලක්‍ෂ 30ක මුදලක් ලබාගෙන වංචා කිරීම බවත් එකී චෝදනා...
"කිරිපිටි මිල පහළට"
"කිරිපිටි මිල පහළ දමන බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය ඊයේ (24දා) නිවේදනය කළේය. කිරිපිටි කිලෝවක මිල රුපියල් 250ත් 300ත් අතර මිලකින් ද කිරිපිටි ග්‍රෑම් 400ක පැකට්ටුවක මිල රුපියල් සීයත් එකසිය තිහක් අතර මිලකින් ද පහළ දමන බව එම සංගමය තවදුරටත් පවසයි.ශ්‍යාම් නුවන් ගනේවත්ත"
"ඉරාන ජනපති හරසර මැදින් දිවයිනට"
"උමා ඔය ජනනි ජනතා අයිතියට පත්කිරීමට ඉරාන ජනාධිපති ආචාර්ය ඊබ්‍රහිම් රයිසි මහතා මත්තල ගුවන් තොටුපළේ රතුපලස මතින් පැමිණි අවස්ථාව හා එහි සමරු පොතේ සටහනක් තැබූ අයුරු. ඔහු පිළිගැනීමට එහි ගිය අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා සහ විදේශ ඇමැති අලි සබ්‍රි ඇතුළු පිරිස ද උමා ඔය විවෘත කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ හා ඉරාන ජනාධිපතිවරයා...
"ලංකාවේ හමුදාව දෙපැත්තට බෙදිලා ගහගන්නවා – සමහරු රුසියාවේ සමහරු යුක්‍රේනයේ"
"එල්ටීටීඊ සංවිධානයට විරුද්ධව සටන් කළ ශ්‍රී ලංකා හමුදාව අද රුසියාවට සහ යුක්‍රේනයට ගොස් එම රටවල් දෙක වෙනුවෙන් දෙපැත්තේ සිට සටන් කරන බව කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (24දා) කියා සිටියේය. එහිදී ඇතිවූ සංවාදය මෙසේය. අපේ හමුදාවෙන් විශ්‍රාම ගිය අය රුසියාවේ කෑම්ප් හෙල්පර් වි...
"අමරවීරලා තනතුරුවලින් ඉවත් කිරීම වැළැක්වූ වාරණ තව දිගුවෙයි"
"ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති මහින්ද අමරවිර, භාණ්ඩාගාරික ලසන්ත අලගියවන්න හා ජාතික සංවිධායක දුමින්ද දිසානායක යන මහත්වරුන් එම තනතුරුවලින් ඉවත්කිරීම වළක්වමින් තම අධිකරණය විසින් පනවා තිබූ වාරණ නියෝගය ලබන අටවැනිදා දක්වා තවදුරටත් දීර්ඝ කිරීමට කොළඹ ප්‍රධාන දිසා විනිසුරු සඳුන් විතාන මහතා ඊයේ (24දා) නියෝග කළේය. එ...
"නන්දසේන වෙනුවට වීරසේන දිවුරුම් දෙයි"
"අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එච්. නන්දසේන මහතාගේ අභාවයෙන් පුරප්පාඩු වූ මන්ත්‍රී ධුරය සඳහා එම දිස්ත්‍රික්කයේ එම්. ජී. වීරසේන ගමගේ මහතා කථානායක ඉදිරියේ ඊයේ (24දා) දිවුරුම් දෙනු ලැබීය. පාර්ලිමේන්තු කටයුතු ආරම්භ කළ අවස්ථාවේදීම කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඉදිරියේ වීරසේන මහතා එලෙස දිවුරුම් දුන්නේය. පසුව...
"අරගලය වෙලාවේදිත් මාව මරන්න හැදුවා ඩීල්වලට යටවෙන් නෑ"
"ඩීල් දේශපාලනයට යට නොවී තමන් ඉදිරි ජනාධිපතිවරණයට අනිවාර්යයෙන් ඉදිරිපත් වන බව විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (24 දා) පැවැසීය. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ පැවැත්වෙන තෙදින විවාදයේදී අදහස් දක්වමින් හෙතෙම මේ බව කියා සිටි අතර කිසිදු බලවේගයකට යටත් නොවී ක්‍රියාකරමින් පාස්කු ප්‍රහාරයේ සත්‍...
"ෆොක්ස් හිල් සංවිධායකයන්ට අපරාධ නීතිය ක්‍රියාත්මක කරන්න – නලින් බණ්ඩාර"
"දියතලාව ෆොක්ස් හිල් මෝටර් රථ ධාවන තරගාවලිය සංවිධානය කළ සංවිධායකයින්ට එරෙහිව අපරාධමය නීිතිය ක්‍රියාත්මක කරන ලෙස කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (24 දා) ඉල්ලා සිටියේය. එහිදී මන්ත්‍රීවරයා මෙසේ කියා සිටියේය. දියතලාව ෆොක්ස් හිල් මෝටර් රථ තරගාවලියේදී හත් දෙනෙක් මරණයට පත්වුණා. මේක නොසැලකි...
"අත්අඩංගුවට ගැනීම අසාධාරණයි – සුපර් ක්‍රොස් ධාවකයන්ගේ සංගමය"
"ෆොක්ස් හිල් සුපර් ක්‍රොස් තරගාවලියේදී පුද්ගලයන් හත්දෙනකු මියයෑම සම්බන්ධයෙන් අනතුර සිදුවූ මෝටර් රථ දෙකේ රියැදුරන් දෙදෙනා අත්අඩංගුවට ගැනීම ඉතා අසාධාරණ යැයි සුපර් ක්‍රොස් ධාවකයන්ගේ සංගමය පවසයි. එම ධාවකයන්ගේ සංගමය මාධ්‍ය හමුවක් පවත්වමින් මේ බව ප්‍රකාශ කළ අතර එම සංගමයේ අනුශාසක සජාජ් ජුහේර් මහතා මෙසේ පැවසීය. මේ අනතුර සම්බන්...
"මොරගහහේනදී පොලිස් වෙඩි කෑ දෙදෙනාට පෙර වැරදි රැසක්"
"මොරගහහේන පොලිස් වසමේ බොරකැටිය මංසන්ධිය අසල මාර්ග බාධක රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන් කණ්ඩායමක් අණ නොතකා ධාවනය වෙමින් තිබූ ත්‍රිරෝද රථයකට ඊයේ (23දා) අලුයම සිදුකළ වෙඩි තැබීමකින් එහි ගමන් කළ අපරාධ කිහිපයකට සම්බන්ධ බව කියන පුද්ගලයන් දෙදෙනකු මියගොස් ඇත. පොලිසියට වෙඩි තැබූ බව කියන ගිනි අවිය ද සොයාගෙන තිබේ. මෙලෙස මියගො...
"ෆොක්ස් හිල් වරද කාගේද?"
"දියතලාව නරියාකන්ද ෆොක්ස් හිල් සුපර් ක්‍රොස් අනතුර පිළිබඳව සොයා බැලීම සඳහා යුද හමුදා මේජර් ජෙනරාල්වරයෙකුගේ ප්‍රධානත්වයෙන් 07 දෙනෙකුගෙන් යුත් විමර්ශන කමිටුවක් පත්කර ඇති අතර මියගිය අයට සහ තුවාලකරුවන්ට වන්දි ලබාදීමටද කටයුතු යොදා ඇත. පසුගිය 21 වැනිදා සිදුවූ අනතුරෙන් 07 දෙනෙකු මියගොස් 21 දෙනෙකු තුවාල ලබා තිබුණි. තුවාල ලැබූ ...
"නැඟෙනහිර මුහුදේදී ඇමරිකානු ශ්‍රී ලංකා ද්විපාර්ශ්වික යුද අභ්‍යාස ඇරැඹේ"
"2024 වර්ෂය වෙනුවෙන් ඇමෙරිකානු නාවික හමුදාවේ ශාන්තිකර නෞකා සමූහය සහ ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් පවත්වනු ලබන Mini CARAT- 2024 ද්වීපාර්ශ්වික යුද අභ්‍යාසය ලබන සිකුරාදා තෙක් පැවැත්වේ. මෙය පසුගිය සඳුදා ආරම්භ විය. ඉරාන ජනපතිවරයා ශ්‍රී ලංකාවේ සංචාරය කරද්දී නැගෙනහිර මුහුදු කලාපයේ මෙරට නාවික හමුදාව ඇමෙරිකානු නාවික භටයින් සමග...
"ශ්‍රී ලංකා ඔටෝ මොබයිල් කිසිම සම්බන්ධයක් නෑ – සභාපති ධම්මික ආටිගල"
"හත්දෙනකුට මරු කැඳවමින් දහනවදෙනකුට තුවාල සිදුකළ දියතලාව නරියාකන්ද ෆොක්ස් හිල් මෝටර් රථ ධාවන තරගයට ශ්‍රී ලංකා ඔටෝ මොබයිල් සංගමයේ (Sri Lanka Automobile Associtaion) කිසිදු සම්බන්ධතාවක් නැතැයි එම සමාගමේ සභාපති ධම්මික ආටිගල මහතා පැවසීය. තම ආයතනය මාර්ග නීති සම්බන්ධයෙන් කටයුතු කරන ආයතනයක් බවත් ඔටෝ මොබයිල් නම භාවිත කරමින් වෙන...
"7 ක් මැරුණදා රෑ DJ‍ දමලා: ඒක කළේ හෝටලයකින් – යුද හමුදාව කියයි"
"මේ අතර සිද්ධියෙන් හත්දෙනෙකු මියගියදා බණ්ඩාරවෙල හෝටලයක පැවැත්වූ ‘ෆොක්ස්හිල්’ DJ‍ සංගීතය අදාළ හෝටලය ප්‍රේක්ෂයක් ඉලක්ක කරමින් පැවැත්වූවක් බවත් යුද්ධ හමුදාවේ සම්බන්ධයක් ඊට නැතැයි යුද හමුදාව ඊයේ නිවේදනයක් මඟින් සඳහන් කර සිටියේය."
"ඉරාන ජනපති අද එයි – ගිවිසුම් පහකුත් අත්සන් තබයි"
"ඊයේ පකිස්තානයේදී ඉරාන ජනපති ඊබ්‍රාහිම් රයිසි මහතා අද (24දා) පාකිස්තානයේ සිට ශ්‍රී ලංකාව බලා පැමිණෙනු ඇත. ඔහු සිය තුන්දින පකිස්තාන සංචාරය අවසන් කිරීමෙන් පසුව උමාඔය බහුකාර්ය යෝජනා ක්‍රමය විවෘත කිරීම සඳහා මෙරටට පැමිණෙයි. ඉරාන ජනාධිපතිවරයාගේ මෙරට ගමන තහවුරු කර ඇති බව විදේශ අමාත්‍ය අලි සබ්රි මහතාද ප්‍රකාශ කර ඇත. මෙරට සංචාර...
"උතුරු දුම්රිය මාර්ගයේ ඉදිකිරීම් සොයාබැලීමට පැමිණි – දුම්රිය සාමාන්‍යාධිකාරි හෘදයාබාධයකින් මියයයි"
"මියයාමට මොහොතකට පෙර ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ අනුරාධපුර සිට මහව දක්වා ඉදිකරනු ලබන උතුරු දුම්රිය මාර්ගයේ ඉදිකිරීම් සම්බන්ධයෙන් සොයාබැලීමට ගොස් සිටියදී දුම්රිය සාමාන්‍යාධිකාරි එච්. එම්. කේ. ඩබ්ලිව්. බණ්ඩාර මහතාට ඇතිවූ හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් ඊයේ (23දා) උදෑසන මියගොස් ඇත. ඔහු දුම්රිය දෙපාර්තමේන්තුවේ 32 වැනි සාම...
"චීන කොමියුනිස්ට් පක්ෂයේ දූත පිරිසක් සහ ජාජබ නායක අනුර කුමාර දිසානායක අතර හමුවක්"
"චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍යවරයා ඇතුළු දූත පිරිසක් ඊයේ (23දා) ජවිපෙ ප්‍රධාන කාර්යාලයේදී ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක මහතා හමුවිය. චීන දූත මණ්ඩලය වෙනුවෙන් මෙම හමුවට චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍ය හා එම පක්ෂයේ මධ්‍යම කාරක සභ...
"පොහොට්ටුවෙන් විජයදාසට විනය පරීක්ෂණයක්"
"අධිකරණ, බන්ධනාගාර හා නීති ප්‍රතිසංස්කරණ ඇමැති විජයදාස රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබා සිටියදීම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේද සාමාජිකත්වය ලබාගැනීම සම්බන්ධයෙන් පොදුජන පෙරමුණේ විනය මණ්ඩලය මගින් පරීක්ෂණයක් සිදුකරන බව පොදුජන පෙරමුණේ ලේකම් සාගර කාරියවසම් මහතා දිවයිනට ඊයේ (23දා) පැවසීය. පොදුජන පෙරමුණේ සාමා...
"අවුරුදු උත්සවවල තරඟවලට යෑමට පෙර දරුවන්ගේ හදවත පරීක්ෂා කරගන්න"
"මේ දිනවල පැවැත්වෙන අවුරුදු උත්සවවලට දරුවන් ඉදිරිපත් කිරීමට පෙර හෘදය වස්තුව සම්බන්ධයෙන් වෛද්‍ය පරීක්ෂණයකට ලක්කිරීම ඉතා යෝග්‍ය බව බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා දෙමාපියන්ගෙන් ඉල්ලා සිටී. අවුරුදු උත්සවයක මැරතන් තරගයකට සහභාගි වූ 17 හැවිරිදි දරුවෙකු හදිසියේ රෝගාතුරව ඇදවැටී මිය යෑමේ සිද්ධිය ...
"සුළු වැරදිවලට දඬුවම් විඳින සිරකරුවන්ට සහනයක් දෙන්න"
"මෙරට සිරකරුවන්ගෙන් 92%ක් පමණ කම්කරු පවුල්වල සාමාජිකයන් වන හෙයින් ස්ත්‍රී දූෂණ, ළමා අපචාර හෝ මත්ද්‍රව්‍ය ජාවාරම් වැනි බරපතළ ගණයේ අපරාධවලට සම්බන්ධ සිරකරුවන් නොවන අයට මීළඟ ලෝක කම්කරු දිනයේදී සහනයක් සලසන ලෙස අන්තර් මහද්වීපික මානව හිමිකම් කොමිසම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ලිඛිත ඉල්ලීමක් කර තිබේ. සාමාන්‍ය වැරදිවලට ...
"ඉදිරියේ පත්වෙන ඕනෑම ආණ්ඩුවක මට ඇමැතිකමක් ලැබෙනවා"
"ඉදිරි ජනාධිපතිවරණයෙන් පසු බිහිවන ඕනෑම රජයක තමා ඇමැතිවරයකු වන බව දමිළ ප්‍රගතිශීලී සන්ධානයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා ප්‍රකාශ කළේය. මෙවර පැවැත්වෙන ජනාධිපතිවරණ තරගයේ ඉදිරියෙන්ම සිටින්නේ තමන් රැඳී සිටින සමගි ජන සන්ධානය බවද කියා සිටි මන්ත්‍රීවරයා රටේ මීළඟ ජනාධිපතිවරයා විය යුත්තේ කුමන අපේක්ෂකයාද යන්න ජනතාව...
"දියතලාවේ අනතුරට ධාවකයෝ 2ක් රෝහලේදීම රිමාන්ඩ්"
"දියතලාව ෆොක්ස් හිල් මෝටර් රථ තරඟාවලියේදී සිදු වූ මාරක රිය අනතුර වළක්වා නොගැනීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් රජිත උළුවිට සහ ඩිලාන් අධිකාරි යන ධාවකයින් ලබන 30 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස බණ්ඩාරවෙල මහෙස්ත්‍රාත් පීටර් පෝල් මහතා ඊයේ (22 වැනිදා) නියෝග කළේය. මෙම අනතුරින් තුවාල ලැබූ රියැදුරන් දෙදෙනා දියතලාව මූලික රෝ...
"නව විදුලි බල පනතේ ප්‍රමුඛතාව මන්නාරම මෙගාවොට් 100 බලාගාරය විකිණීමටයි"
"නව විදුලි බල පනතින් ප්‍රමුඛතාවය ලබාදී ඇත්තේ මන්නාරම මෙගාවොට් 100 බලාගාරය විකිණීමට බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ අජිත් පී. පෙරේරා මහතා පැවැසීය. කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ 21දා පැවැති මාධ්‍ය හමුවට සහභාගි වෙමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ අජිත් පී. පෙරේරා මහතා මේ බව සඳහන් කළේය. වැඩිදුරටත් අදහස් දැක්වූ නීතිඥ...
"ෆොක්ස්හිල් අනතුරින් මියගිය හා තුවාල ලැබූ අය වෙනුවෙන් යුද හමුදාවෙන් උපරිම සහාය"
"දියතලාව ෆොක්ස්හිල් අනතුරින් මියගිය අයගේ පවුල්වල හා තුවාල ලැබූ අයගේ තොරතුරු සොයා ඔවුන්ට අවශ්‍ය සහයෝගය උපරිමයෙන් ලබාදෙන ලෙස යුද හමුදාපතිවරයා හමුදාවට උපදෙස් ලබාදුන් බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක මේජර් ජෙනරාල් රසික කුමාර මහතා “ දිවයින”ට ඊයේ (22දා) පැවසීය. මියගිය අයට හා තුවාල ලැබූවන්ට අවශ්‍ය රක්ෂණ සහතික තරගාවලිය සංවිධානය කළ...
"අධ්‍යාත්මික ස්මාරක 9ක් ඉදි කෙරෙන‘ශ්‍රී රාමායන් ට්‍රේල්ස්’ ඇරැඹේ"
"ඉන්දු ශ්‍රී ලංකා අධ්‍යාත්මික සම්බන්ධතාවේ හා සංස්කෘතික පුනර්ජීවනයේ නව යුගයක් සනිටුහන් කරමින් රාමායන වීර කාව්‍යයේ අධ්‍යාත්මික හා ඓතිහාසික සාරය විදහා දක්වමින් මෙතෙක් ශ්‍රී ලංකාවේ ඉදිවන දැවැන්තම ජාත්‍යන්තර මට්ටමේ අධ්‍යාත්මික ස්මාරක 9ක් රට පුරා ස්ථාන නවයක් කේන්ද්‍ර කරගනිමින් ඉදිකිරීමේ ව්‍යාපෘතිය ‘ශ්‍රී රාමායන් ට්‍රේල්ස්’ ඊ...
"ඉරාන ජනපති හෙට මත්තලින් දිවයිනට"
"උමාඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ජනතා අයිතියට පත් කිරීම සඳහා සිය පාකිස්තාන සංචාරයෙන් පසුව හෙට (24දා) ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි මහතා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය. ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි මහතා ඊයේ (22දා) සිය පාකිස්තාන සංචාරය ආරම්භ කළ අතර කරච්චි හා ලාහෝර් නුවර සංචාරය කරන ඔහු බදාදා (24දා) තෙක් එරට රැඳී සිටිනු ...
"පැය භාගයක් පස්සට කරකවා තිබූ උසාවියේ ඇගිලි සටහන් යන්ත්‍රය යළි ඉදිරියට"
"පැය භාගයක කාලයක් ආපස්සට කරකවා තිබූ කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයේ නිලධාරීන් ඇතුළු කාර්ය මණ්ඩලය භාවිත කළ ඇඟිලි සළකුණු සටහන් යන්ත්‍රය පැය භාගයක් ඉදිරියට කරකවා නියමිත පරිදි පැමිණීම හා පිටවීම සටහන් කිරීමට පියවර ගනිමින් කොළඹ නව ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා ලෙස තිළිණ ගමගේ මහතා ඊයේ (22දා) රාජකාරි ආරම්භ කළේය. අධිකරණ කාර්ය මණ්...
"නන්දසේනගෙන් හිස් වූ අසුනට වීරසේන හෙට දිවුරුම් දෙයි"
"ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කේ.එච්. නන්දසේන මහතාගේ අභාවයෙන් පුරප්පාඩු වූ එම මන්ත්‍රී ධුරය සඳහා උතුරුමැද පළාත් සභාවේ හිටපු අමාත්‍යවරයකු වන එම්. වීරසේන ගමගේ මහතා හෙට (24 වැනිදා) පැවැත්වෙන පාර්ලිමේන්තු රැස්වීමේදී කථානායකවරයා ඉදිරියේ දිවුරුම් දීමට නියමිතය. 2020 වර්ෂයේ අගෝස්ත...
"නව විදුලිබල පනතින් සිදුවන හානියට ලක්ෂ 500ක් වන්දි ඉල්ලයි"
"නව විදුලිබල පනත් කෙටුම්පත මගින් මෙරට පුරවැසියන්ට සිදුවන අගතිය වෙනුවෙන් රුපියල් ලක්ෂ පන්සීයක වන්දියක් ඉල්ලා අල්ලස දූෂණය හා නාස්තියට එරෙහි පුරවැසි බලය සංවිධානය ඊයේ (22දා) විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශ ලේකම්වරයා වෙත එන්තරවාසියක් භාර දුන්නේය. නව විදුලි පනත් කෙටුම්පත මගින් මෙරට බිලියන හයකට අධික විදුලි පාරිභෝගිකයන්ට අගතියක...
"තුන්වන වාරිකයට පෙර වංචා දූෂණ ප්‍රබල පනතක් සම්මත කළ යුතු බව අයිඑම්එෆ් දැනුම් දීලා"
"IMF තුන්වන වාරිකය වන ඇමෙරිකානු ඩොලර් 337ක් ලබාගැනීමට පෙර වංචා දූෂණ වැළැක්වීම සඳහා පාර්ලිමේන්තුවෙන් ප්‍රබල පනතක් සම්මත කළ යුතු බව ඔවුන් දැනුම් දී ඇතැයි දැන ගන්නට ඇතැයි මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා ඊයේ (22දා) මාධ්‍ය හමුවකට එක්වෙමින් පැවැසීය. සමස්ත ණය ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 27ක් වන අතර මෙයින් ඇමරිකානු ඩොලර් බිලි...
"ඩොලරය උඩ යයි"
"රුපියලට සාපේක්ෂව ඇමෙරිකානු ඩොලරයේ අගය ඉහළ යමින් ඊයේ (22 දා) ඇමෙරිකානු ඩොලරයේ නිරූපිත එතැන් විනිමය අනුපාතිකය රු. 302.00 ක් දක්වා ඉහළ ගොස් ඇත. ඩොලරයේ නිරූපිත විනිමය අනුපාතිකය මෙලෙස අඛණ්ඩව ඉහළ ගොස් ඇත්තේ 5 වන දිනයට වීම විශේෂත්වයකි. මේ අතර ඊයේ ඇමෙරිකානු ඩොලරයේ ගැනුම් මිල රු. 297.00 ක් හා විකුණුම් මිල රු. 306.45 ක් බව ශ්‍ර...
"කෙහෙළියට ඊයේත් ඇප නෑ"
"ප්‍රශ්න සහගත ප්‍රතිදේහ එන්නත් නඩුවට අදාළව හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු සැකකරුවන් 9 දෙනා මැයි 6 වැනිදා දක්වා යළි රක්‍ෂිත බන්ධනාගාර ගතකරන ලෙස මාලිගාකන්ද මහෙස්ත්‍රාත් ලෝචනි අබේවික්‍රම මහත්මිය ඊයේ (22දා) නියෝග කළාය. නඩුව ඊයේ යළි කැඳවූ අවස්ථාවේ හිටපු ඇමැතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරයා කළ ඇප...
"මාලිමාවෙන් දිස්ත්‍රික්ක 4 කදී මැයි රැලි"
"ලෝක කම්කරු දිනය එළඹෙන මැයි මස 01 වෙනිදා ‘රට හදන විසඳුමට ජනබලය එක පෙළට’ මැයෙන් ජාතික ජනබලවේගය මගින් සංවිධානය කරනු ලබන මැයි රැලි කොළඹ, අනුරාධපුර, යාපනය සහ මාතර යන දිස්ත්‍රික්කවලදී පැවැත්වීමට තීරණය කර ඇත. අනුරාධපුර මැයි පෙළපාලිය එළඹෙන 01වෙනිදා සවස 2.00 ට අනුරාධපුර ශ්‍රීමත් වලිසිංහ හරිශ්චන්ද්‍ර උද්‍යානය අසලින් ආරම්භ කිරීම...