Title stringlengths 9 246 | Content stringlengths 3 62.9k |
|---|---|
"ජනපතිගේ නිවසට ගිනි තැබූ 3 ක් අල්ලයි 2 කට ඇප" | "ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවසට කඩාවැදී ඊට ගිනිතබා විනාශ කිරීමේ සිද්ධියට සම්බන්ධව ප්‍රධාන සැකකරු ඇතුළු තිදෙනෙකු අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් පෙරේදා (01 දා) රාත්‍රි අත්අඩංගුවට ගෙන ඇත. මෙම සැකකරුවන් තිදෙනා පිළියන්දල සහ නාරාහේන්පිට ප්‍රදේශවල සැඟවී සිටියදී අත්අඩංගුවට ගත් අතර ඔවුන් අවුරුදු 18-22 වයස් සීමාවල ... |
"ජනතාවගේ ආර්ථික දුෂ්කරතා අඩු කිරීමට මහ බැංකුව ක්‍රියාමාර්ග ගනී" | "රජය සහ මහ බැංකුව මහජනතාව මත පවතින ආර්ථික දුෂ්කරතාවන් අඩු කිරීම සඳහා ක්‍රියාමාර්ග ගනිමින් සිටින බව මහ බැංකුව පවසයි. වත්මන් අර්බුදයට සහ එහි ප්‍රතිඵලයක් ලෙස පවතින දුෂ්කරතාවලට දායක වන එක් ප්‍රධාන සාධකයක් වනුයේ බැංකු පද්ධතිය තුළ විදේශ විනිමය ද්‍රවශීලතාව නොමැතිකමයි. විදේශ විනිමය ද්‍රවශීලතාවේ හිඟය ඉන්ධන ඇතුළු අත්‍යවශ්‍ය ආනයන... |
"ආචාර වෙඩිමුර රථ පෙළපාලි නෑ: 9 වැනි පාර්ලිමේන්තුවේ තෙවැනි සභාවරය විවෘත කිරීම අද" | "නව වැනි පාර්ලිමේන්තුවේ තෙවැනි සභාවාරය විවෘත කිරීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (03දා) පෙරවරුවේ චාම් ලෙස උත්සවාකාරයෙන් සිදුවේ. ජනාධිපතිවරයා විසින් ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය අද (03දා) පෙ.ව.10.30 ට ඉදිරිපත් කරනු ලබයි. වෙනදා මෙවන් අවස්ථාවල සිදුකරන ආචාර වෙඩි මුර හා රථ පෙළපාලි මෙවර නොපැවැත්වෙයි. එම... |
"අමිල ජීවන්ත පියතුමා අත්අඩංගුවට ගැනීම වළක්වන්නැයි අයිතිවාසිකම් පෙත්සමක්" | "නිර්පාක්‍ෂික තරුණ තරුණියන් ඇතුළු ජනතාව පුරා මාස තුනකට අධික කාලයක් තිස්සේ ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමහින් ගාලුමුවදොර පිටියේ පැවැත්වූ අරගලයට සක්‍රීයව දායකත්වය දැක්වූයේ යැයි චෝදනා කරමින් තමන්ව අත්අඩංගුවට ගැනීමට දරන උත්සාහය වළක්වන නියෝගයක් නිකුත්කරන ලෙසත්, එලෙස අත්අඩංගුවට ගැනීමෙන් හා ඒ සඳහා වෑයම් දැරීමෙන් සිය මූලික අයිති... |
"රන් ආභරණ සහ ඇපල් දුරකථන 39 ක් සමග ගුවන් තොටේදී හයක් දැලේ" | "කිලෝ ග්‍රෑම් පනහකුත් ග්‍රෑම් 158 ක් බරැති රන් ආභරණ සහ ඇපල් වර්ගයේ ජංගම දුරකථන 39 ක් රැගෙන ගුවන් මගින් මෙරටට පැමිණි පිරිමි පුද්ගලයන් සිව් දෙනකු සහ කාන්තාවන් දෙදෙනකු ඊයේ (02 වැනිදා) අලුයම කටුනායක ගුවන්තොටුපළේ රාජකරියේ නිරත අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් අත්අඩංගුවට ගෙන තිබේ. ඩුබායි රාජ්‍යයේ සිට යූඑල් 226 ශ්‍රී ... |
"තමිල්නාඩුවේ සිට මන්නාරමට ගෙනා කේරළ ගංජා කිලෝ 500 මුහුදට දමා ජාවාරම්කරුවෝ පලා යති" | "තමිල්නාඩුවේ සිට මන්නාරමට ප්‍රවාහනය කරමින් තිබූ කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 500 ක පමණ ප්‍රමාණයක් ජාවාරම්කරුවන් විසින් 1 දා මුහුදට වීසි කොට පලා ගොස් තිබේ. එම කේරළ ගංජා ප්‍රමාණයෙන් කිලෝ ග්‍රෑම් 199 ක් ඉන්දීය වෙරළාරක්ෂක භටයින් ධනුෂ්කොඩි ආසන්නයේ පිහිටි තුන්වන වැලි තටාකයේ මුර සංචාරයේ යෙදී සිටියදී සොයා ගෙන තිබේ. කේරළ ගංජා ප්‍රමාණ... |
""මහවැලි, කළු, කැලණි, නිල්වලා, කෙහෙල්ගමු ඔය පිටාර මට්ටමේ"" | "පළාත් 04 ක දිස්ත්‍රික්ක 05 කට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ඊයේ (02 දා) දහවල් වනවිට පුද්ගලයන් 5 දෙනකු මියගොස් තිදෙනකු අතුරුදන්වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයට වාර්තා වී ඇත. ආපදාවනට ලක්ව ඇත්තේ උතුරු පළාතට අයත් යාපනය, මධ්‍යම පළාතට අයත් නුවරඑළිය, මහනුවර, දකුණු පළාතට අයත් ගාල්ල, සබරගමුව පළාතට අයත් රත්නපුර යන... |
"පාස්කු නඩුවලින් රනිල් ඉවත් කරනවාද?" | "රනිල් වික්‍රමසිංහ මහතාගේ නම පාස්කු පෙත්සම්වල වගඋත්තරකාර ලේඛනයෙන් ඉවත් කරන්නේද නැතිද යන නියෝගය ඉදිරියේදී නිකුත් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (02දා) පස්වරුවේ තීරණය කළේය. රනිල් වික්‍රමසිංහ මහතා මේ වනවිට රටේ විධායක ජනාධිපති ධුරයට පත්වී ඇති බැවින් ඔහුට එරෙහිව තවදුරටත් එකී නඩු ඉදිරියට පවත්වාගෙන යෑමේ නීතිමය බලයක් නොමැති බැවින්... |
"අහිංසක අරගලකරුවන් අත්අඩංගුවට ගැනීම වහා නතර කළ යුතුයි" | "රට විනාශ කරමින් කෝටි ගණන් වංචා කළ දේශපාලකයෝ නිදැල්ලේ…. රට විනාශ කරමින් කෝටි ප්‍රකෝටි ගණනින් මුදල් අවභාවිත කළ දේශපාලකයන් අත්අඩංගුවට නොගෙන රට රැකීමට පෙරට ආ තරුණ අරගලකරුවන් .අනීතික ලෙස අත්අඩංගුවට ගැනීම වහාම නතර කළ යුතු බවට රජයට අවධාරණය කරන බව රාමඤ්ඤ මහා නිකායේ දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක, ආචාර්ය, ඕමල්පේ සෝභිත හිමියෝ ඊය... |
"අරගලයට එන්නැයි කියමින් සරත් ෆොන්සේකා හදන්නේ තරුණ ජීවිත බිල්ලට දී මහා ව්‍යසනයකට පාර කපන්නයි" | "ලබන 9 වැනිදා අරගලයකට එන්නැයි ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා කර ඇති ප්‍රකාශය ගැන අප කනගාටු වෙනවා. මේ රටේ තරුණ ජීවිත බිල්ලට දී ඔවුනගේ මළ සිරුරු මතින් තම දේශපාලන බල පිපාසය සංසිඳුවා ගැනීමට ඔහු උත්සාහ කිරීම පිළිකුල් සහගත යැයි දොම්පේ එජාප ප්‍රධාන සංවිධායක අමල් රුද්‍රිගු මහතා පැවසීය. රට වෙනුවෙන් පිවිතුරු අරගලයකට එදා එක්වූ... |
"ගෝඨාභය 11 දා දිවයිනට" | "හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අගොස්තු 11 දා පමණ සිංගප්පූරුවේ සිට මෙරටට පැමිණීමට නියමිතය.කටුනායක ගුවන්තොටුපළේදී හිටපු ජනාධිපතිවරයාට දැඩි ආරක්‍ෂාවක් සැලසීමට රජය කටයුතු යොදා ඇත.රාජපක්‍ෂ මහතාගේ වීසා කාලය අගෝස්තු 11 දා අවසන්වීමට නියමිත අතර සිය බිරිඳ සමඟ ඇමෙරිකාවට යෑම සඳහා ඔහු කළ ඉල්ලීම ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව... |
"ගාලුමුවදොර වෙරළින් තවත් නාඳුනන සිරුරක් හමුවෙයි – සතියක් තුළ හමුවූ දෙවැනි මළ සිරුර" | "ගාලු මුවදොර වෙරළ තීරයට ගොඩගසා තිබූ පුද්ගලයකුගේ මළ සිරුරක් කොටුව පොලිසිය මගින් ඊයේ (01 දා) උදෑසන සොයාගෙන ඇත.ගතවූ සතියක කාලසීමාව තුළදී ගාලුමුවදොර වෙරළ තීරයට ගොඩගැසූ දෙවන මළ සිරුර මෙය බව පොලිසිය පවසයි.ඊයේ සොයාගත් මළ සිරුර අවුරුදු 40ක පමණ අයකුගේ බව මූලික විමර්ශන වලින් හෙළිවී ඇත.ගාලුමුවදොර අරගල භූමියට ආසන්න වෙරළ තීරයට මේ ආ... |
"මැදියම් රැයේ සිට ඩීසල් රු.10කින් පහළට" | "ලංකා සුදු ඩීසල් ලීටරයක මිල ඊයේ (01දා) රාත්‍රි 10.00 සිට ක්‍රියාත්මක වන පරිදි අඩු කර ඇත. මේ අනුව රු. 440ක් වූ ලංකා සුදු ඩීසල් ලීටරයක නව මිල රු.430 ක් වේ.පෙට්‍රල් මිල ගණන්වල වෙනසක් සිදුකර නොමැත. ශ්‍යාම් නුවන් ගනේවත්ත,සමන් ගමගේ සහ ශිරාන් රණසිංහ" |
"ගෑස් මිලත් බහී" | "ලෝක වෙළෙඳපොළේ ගෑස් මිල අඩුවීම සැලකිල්ලට ගෙන ලබන සිකුරාදා (05දා) වනවිට ගෑස් මිල අඩුකිරීමට කටයුතු කරන බව ලිට්‍රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා පැවසීය.එම මිල මෑතකදී ගෑස් සඳහා වැඩි කළ රුපියල් 50 ට වඩා වැඩි ප්‍රමාණයකින් විය හැකි බව ද ඒ මහතා පැවසීය.මාස 16ක් සඳහා අඛණ්ඩව මෙරටට ගෑස් සැපයීමේ හැකියාවක් ලිට්‍රෝ සමාගමට ඇති බවද ස... |
"ගෝඨාභයට යළි එන්න මේ සුදුසු කාලය නොවේ – රනිල් ජාත්‍යන්තර සඟරාවකට කියයි" | "හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාට නැවත ලංකවට පැමිණීම සඳහා මෙය සුදුසු කාලය නොවන බව තම විශ්වාසය යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි.‘වෝල් ස්ටී්‍රට් ජර්නල්’ නමැති ජාත්‍යන්තර සඟරාව සමඟ සම්මුඛ සාකච්ඡාවකට සහභාගි වෙමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර ඇත.හිටපු ජනාධිපතිවරයා මේ අවස්ථාවේ යළි දිවයිනට පැමිණීම ආර්ථික ... |
"රූපවාහිනියට බලෙන් පැන්නයි ධානිස් අලි රිමාන්ඩ් – හඳුනාගැනීමේ පෙරට්ටුව අවලංගුයි" | "පසුගිය 13 වැනිදා ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවට බලහත්කාරයෙන් ඇතුළුවී කාර්ය මණ්ඩලය බිය ගැන්වීම ඇතුළු චෝදනා යටතේ අධිකරණයට ඉදිරිපත් කළ අරගලයේ ක්‍රියාකාරියකු වන ධානිස් අලි නමැත්තා ලබන 15 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් නන්දන අමරසිංහ මහතා ඊයේ (01 දා) නියෝග කළේය.එම සැකකරු හඳුනාගැනීමේ පෙරට්ටුව... |
"සියලු ප්‍රශ්නවලට විසඳුම අයිඑම්එෆ් නොවේ – සහාය ගත් බොහෝ රටවල් විනාශ වුණා" | "කබ්රාල්ගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට දිවුරුම් ප්‍රකාශයක්ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (අයි එම් එෆ්) සහාය පැතීම අප රටේ සියලු ප්‍රශ්නවලට විසඳුම් දෙනු ඇතැයි විශ්වාස කිරීම මිත්‍යාවක් බවත් එකී අරමුදලින් සහාය ලබාගත් බොහෝ රටවල් විනාශවී ඇති බවත් හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා දිවුරුම් ප්‍රකාශයක් මගින් ශ්‍රේෂ්ඨාධිකරණයට කි... |
"දිස්ත්‍රික්ක හතකට නායයෑම් අනතුරු අඟවයි" | "පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් දිස්ත්‍රික්ක හතකට අයත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයකට ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය මගින් නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත. ඒ අනුව ගාල්ල, හම්බන්තොට, මහනුවර, කෑගල්ල, මාතර, නුවරඑළිය සහ රත්නපුර යන දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයකට මෙම නායයෑම් අනතුරු ඇඟවීම් බලපැවැත්වෙයි. නායයෑම් අනතුරු... |
"QR ක්‍රමයට ඉන්ධන දීම ඇරඹෙයි" | "ජාතික ඉන්ධන අවසර බලපත්‍රය :ූඍ කෝඩ්) යටතේ පිරවුම්හල්වලින් ඉන්ධන බෙදාදීම ඊයේ (01 දා) සිට ආරම්භ වූ අයුරු." |
"රැට්ටාට රට ගමන් තහනම්" | "අරගලයේ ප්‍රධාන ක්‍රියාකාරිකයකු වන රතිඳු සේනාරත්න හෙවත් රැට්ටා ඇතුළු තිදෙනකුට විදේශ ගමන් තහනම් කරමින් කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඊයේ (01 දා) නියෝගයක් නිකුත් කළේය.එම නියෝගය වහාම ආගමන විගමන පාලකවරයා ඇතුළු ගුවන්තොටුපළ බලධාරීන් වෙත යැවීමට ද මහෙස්ත්‍රාත්වරයා වැඩිදුරටත් නියෝග කළේය.අරගලයේ නිරතව සිටි පිරිසක් අරගලය ආරම්... |
"QR නොවේ මොනවා ගෙනාවත් සංස්ථාවේ මාෆියාව තුරන් නොකර තෙල් අර්බුදය විසඳීමට බැහැ – ඉන්ධන හල් හිමියෙක් කියයි" | "ජාතික ඉන්ධන බලපත්‍රය හෙවත් QR ක්‍රමය නොව මොන ක්‍රමය ගෙනාවත් තෙල් සංස්ථාවේ මාෆියාවට වැට නොබැඳ ඉන්ධන අර්බුදයට පිළියම් සෙවිය නොහැකි බවත් එම නිසා ඉන්ධන ගෙන්වීමට තවත් අයට අවස්ථාව ලබාදිය යුතු බවත් ඉන්ධන හල් හිමියන්ගේ සංගමයේ උසස් නිලධාරියෙක් පැවසීය.මේ වනවිට ඩොලර් ලබා දී ඉන්ධන ලබා ගැනීමට ව්‍යාපාරිකයන් කටයුතු කර ඇතත්, එම ඩොලර්... |
"රාජිතගේ විදෙස් ගමන් තහනම ඉවතට" | "හිටපු අමාත්‍ය සමගි ජනබලවේගය පක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛi රාජිත හරිස්චන්‍ද්‍ර සේනාරත්න මහතාට එරෙහිව පනවා තිබූ විදෙස් ගමන් වැළැක්වීමේ නියෝගය ඉවත්කිරීමට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් රජින්‍ද්‍රා ජයසූරිය මහත්මිය ඊයේ (01 දා) නියෝග කළාය.2019.11.10 වැනිදා තිඹිරිගස්යාය ප්‍රදේශයේදී පැවැත්වූ මාධ්‍ය හමුවකදී හිටපු ආරක්‍ෂක ලේකම් ග... |
"ඊයේ සිට උපදින දරුවන්ගේ උප්පැන්නයට ජාතික හැඳුනුම්පත් අංකයක්" | "ශ්‍රී ලාංකික දෙමාපියන්ට දාව මෙරටදී උපදින දරුවන්ට ලබාදෙන උප්පැන්න සහතිකයේ දරුවාගේ ජාතික හැඳුනුම්පත් අංකය ඇතුළත් කිරීම ඊයේ (01දා) සිට ආරම්භ කර ඇත. පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව හා රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ තොරතුරු හුවමාරුකර ගනිමින් මෙය සිදුකරන බව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ... |
"මහනුවර ප්‍රථම කුඹල් පෙරහැර අද" | "මහනුවර ඓතිහාසික වාර්ෂික ඇසළ පෙරහැර වීදි සංචාරය අද (02දා) රාත්‍රියේ ආරම්භ වෙයි.අද රාත්‍රි ප්‍රථම කුඹල් පෙරහැර චිරාගත සාම්ප්‍රදායානුකූලව ශ්‍රී දළදා මාලිගාව අබියසින් ආරම්භ වී වීදි සංචාරය කරයි. අද රාත්‍රී ප්‍රථම කුඹල් පෙරහැර ශ්‍රී දළදා මාලිගාව ඉදිරිපිටින් රාත්‍රී 06 පසු වී මිනිත්තු 01 ට ගමන් ආරම්භ වෙයි.පෙරහැර නිරිත දිසාව ... |
"මහින්දගේ – බැසිල්ගේ විදෙස් ගමන් තහනම දික්වෙයි" | "හිටපු අගමැති හා මුදල් අමාත්‍යවරයකු වන මහින්ද රාජපක්ෂ හා හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ යන මහත්වරුන්ට පනවා ඇති විදේශ ගමන් වැළැක්වීමේ අතුරු තහනම් නියෝගය ලබන 04 වැනිදා දක්වා තවදුරටත් දීර්ඝ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (01දා) පස්වරුවේ නියෝග කළේය.ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ හිටපු සභාපතිවරයකු වන චන්ද්‍රා ජයරත්න මහතා ඇතුළු පි... |
"ඩීසල් නැවට ගෙවන්න අමාත්‍යාංශය ඩොලර් සොයයි" | "ආනයනය කරන ලද ඩීසල් මෙටි්‍රක් ටොන් 37,500 ක් අඩංගු නැවට ගෙවීම සඳහා ඩොලර් සොයා ගැනීමට විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය ඊයේ (1 දා) වනවිටත් උත්සාහ කරමින් සිටියේය.මෙම නැව පසුගිය ජූලි 22 වැනිදා මෙරටට ළඟා වූ අතර එම නැවට දිනකට ඩොලර් 18,000 බැගින් ප්‍රමාද ගාස්තු ගෙවීමට ද සිදුවී තිබේ.මේ සම්බන්ධයෙන් අමාත්‍යාංශ උසස් නිලධාරියකුගෙන්... |
"ඔමික්‍රෝන් BA5 දොරකඩටම ඇවිත්" | "* ඉක්මනින් බෝවෙනවා* ප්‍රතිශක්තිය මගහරිනවා– විශේෂඥ වෛද්‍ය චන්දිම ජීවන්දර● සිව්වැනි එන්නත ඉක්මනින් ලබා ගන්න● ගැබිනි මව්වරුන් ප්‍රවේශමෙන්● අනිවාර්යයෙන් ම සෞඛ්‍ය පුරුදු අනුගමනය කරන්න● දින දෙකට මරණ 08ක්: රෝගීන් 226 පනී● දරුවන් අතරේ කොවිඩ් ශීඝ්‍රයෙන් පැතිරෙයි● අවුරුදු 20 ට වැඩි ලක්‍ෂ 8ක්: 60 ට වැඩි ලක්‍ෂ 10ක් තුන්වැනි මාත්... |
"QR නැත්නම් තෙල් නෑ – අදම ඇවිත් පෝලිම් ගැහෙන්න එපා – ඇමැති ඉල්ලයි" | "ඉන්ධන පෝලිම් තවත් වැඩිවනවා – ඉන්ධන හල් හිමියෙක්අපහසුවෙන් වුවත් තීරණයට සහාය දෙනවා – ටැංකි රථ හිමියන්ගේ සංගමයජාතික ඉන්ධන බලපත්‍රය හෙවත් කිව්ආර් (QR) ක්‍රමයට අද (01දා) සිට දිවයින පුරා ඉන්ධන හල්වලින් ඉන්ධන නිකුත් කිරීම අනිවාර්ය කර තිබේ. කිව් ආර් ක්‍රමවේදයට වාහන 46,91,149 ක් ලියාපදිංචි වී ඇති අතර ඉන් 41,59,367 පෙට්‍රල් වන... |
"ඉන්ධන මිල පහළට!" | "ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල පහළ යෑම සැලකිල්ලට ගෙන අද (01දා) මධ්‍යම රාත්‍රියෙන් පසු ඉන්ධන මිලේ යම් අඩුවීමක් සිදුවිය හැකි බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශ ආරංචි මාර්ග පවසයි.ඉන්ධන මිල අඩුවීමේ ප්‍රමාණය රුපියල් 50 ත් 100 ත් අතර මුදලකින් සිදුවිය හැකි බවත් එම ආරංචි මාර්ග පවසයි.ඉන්ධන මිල අඩුවුවහොත් එය 02 වැනිදා සිට ක්‍රියාත්මක ව... |
"ජනපති දළදා සමිඳුන් වැඳ ආශිර්වාද ලබාගනී…" | "ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පෙරේදා (30 දා) පෙරවරුවේ මහනුවර ඓතිහාසික දළදා මාලිගාව වෙත පැමිණ දළදා සමිඳුන් වැඳපුදා ගත්තේය. දළදා සමිඳුන් වැඳපුදා ගැනීම සඳහා ජනාධිපතිවරයා මාලිගා පරිශ්‍රයට පැමිණි අවස්ථාවේ මහනුවර නගරාධිපති කේසර සේනානායක මහතා ඇතුළු මැති ඇමැතිවරුන් විසින් පිළිගෙන දළදා මැඳුරේ ප්‍රධාන වාහල්කඩ වෙත කැඳවාගෙන ය... |
"රනිල් ගෙදර යන්න කිව්වට මට යන්න ගෙයක් නැහැ – පුච්චපු ගේ හදාදීලා එහෙම කියන්න – ජනපති පවසයි" | "“මට යන්න ගෙයක් නැහැ. රනිල්ට ගෙදර යන්න කිව්වට මම කොහේ යන්නද? පෙළපාලි ගිහින් මට එහෙම කියන්න එපා. විශාල සෙනඟක් ගෙනල්ලා මගේ පුච්චපු ගේ හදලා දෙන්න. ඊට පස්සේ මගේ ගෙදර ළඟින් යන ගමන් රනිල් ගෙදර යන්න කියන්න.” තරුණයන් අරගල භූමියට ආවේ ප්‍රතිසංස්කරණ අවශ්‍යයි කියලා. ඒ ගැන මට විවාදයක් නැහැ. ඒත් වෙනත් අය ප්‍රචණ්ඩත්වයට සමහරු යොමු කෙර... |
"ජනාධිපතිවරයා එදා අගමැතිවරයා විදියට වැඩ භාරගත් දවසේ ඉඳලා අනාවැකි කියනවා හැරෙන්න දෙයක් අපි දකින්නේ නැ – මන්ත්‍රී චමින්ද විජේසිරි" | "වර්තමානයේ පිනට පහළ වෙච්ච ජනාධිපතිවරයා එදා අගමැතිවරයා විදියට වැඩ භාරගත් දවසේ ඉඳලා මේ දක්වා අනාවැකි කියනවා හැරෙන්න දෙයක් අපි දකින්නේ නැතැයි බදුල්ල දිස්ත්‍රික් සමගි ජන බල පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා පැවසීය. ඊයේ (31දා) විපක්ෂ නායක කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බැව් පැවසීය.එහිදී වැඩිදුරටත්... |
"අපනයන ආදායම් රටට නොඑවීමෙන් විනිමය අර්බුදය උග්‍රවෙයි" | "තමන් විසින් අපනයන ආදායම් ලෙස මාසිකව උපයන ඩොලර් බිලියනයක හෙවත් රුපියල් බිලියන 367 ට ආසන්න ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට නොඑවා පිට රටවලම තබා ගැනීමට මෙරට අපනයනකරුවන් විසින් කටයුතු කිරීම නිසා ශ්‍රී ලංකා විදේශ විනිමය ප්‍රශ්නය තවදුරටත් උග්‍ර වී ඇත. ශ්‍රී ලංකාවේ අපනයන ආදායම බොහෝ දුරට මාසිකව ඇමෙරිකන් ඩොලර් බිලියනයක් හෝ මිලියන 800 ක... |
"විදේශ විනිමය පිටතට ගලායෑම වැළැක්වීමට මහ බැංකුවෙන් දැඩි ක්‍රියාමාර්ග" | "විදේශ විනිමය පිටතට ගලා යෑම අධෛර්යමත් කිරීම සඳහා රජය සහ මහ බැංකුව පනවා ඇති නියාමන ක්‍රියාමාර්ග සහ සියලු රෙගුලාසිවලට අනුකූල නොවන ක්‍රියාවන් හඳුනාගතහොත් අදාළ නීතිමය විධිවිධාන තුළ දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.ජාතියේ යහපත උදෙසා සියලු රෙගුලාසිවලට අනුකූල වීම දැඩි ලෙස නිරීක්‍ෂණය කිරීමට හැකිවන පරිදි ගත... |
"චීන නැව පිළිබඳ ඉන්දීය-චීන අමනාපය සමහන් කර ගැනීමට ලංකාව අපේක්‍ෂාවෙන්" | "අගෝස්තු 11 දා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත යු වෑන් 5 නමැති තාකෂණික තොරතුරු එකතු කරන චීනයට අයත් නෞකාව සම්බන්ධයෙන් ඉන්දියාව තුළ හටගෙන ඇති නොමනාපයේ අහිතකර බලපෑම ශ්‍රී ලංකාව මත පතිත වීම අවම කර ගැනීම සඳහා එම රටවල් දෙක අතර අන්‍යොන්‍ය විසඳුමක් ඇතිවනු ඇතැයි ශ්‍රී ලංකාව අපේක්ෂා කරනු ඇති බව රජයේ ප්‍රකාශකයෙක් පැවසීය.මෙම නැව හම්බ... |
"කෙටි කලකට සර්වපාක්‍ෂික ආණ්ඩුවක් පිහිටුවා කලබල මගහැරුණු පසු ඡන්දයකට යෑම සුදුසුයි" | "මල්වතු අස්ගිරි මහනාහිමිවරු ජනපති හමුවේ පවසතිසමගි සම්පන්නව කෙටි කාලයකට හෝ සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටුවා පවතින කලබල මදක් හෝ මගහැරුණු පසු මහ මැතිවරණයකට යෑම සුදුසු යැයි තමන් වහන්සේලා කල්පනා කරන බව අස්ගිරි මල්වතු මහාවිහාර මහා නායක ස්වාමීන් වහන්සේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවේ ප්‍රකාශ කොට සිටියහ. රට පත්ව තිබෙන අර්බු... |
"පාකිස්තානයට IMF ණය ගන්න හමුදාපති ඇමරිකානු සහාය ඉල්ලයි – හමුදාපතිගේ උනන්දුව ගැන ඉම්රාන් පුදුම වෙයි" | "පාකිස්තානයේ හමුදාපති ජෙනරාල් කමාර් වජ්වා තම රටට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය ලබා ගැනීම සඳහා ඉක්මනින් සහාය ලබාදෙන ලෙස ඇමරිකානු රජයෙන් ඉල්ලා ඇත.ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඩොලර් බිලියන 1.7 ක මූල්‍ය ආධාරයක් පාකිස්තානයට ලබාදීමට නියමිතව ඇතත් මෙතෙක් නිකුත්කර නොමැත.පාකිස්තාන හමුදාපතිවරයා මේ ණය ලබා ගැනීම ගැන උනන්දු වීම පිළිබඳ... |
"රන්ජන්ට ළඟදීම පූර්ණ නිදහස ලැබෙණු ඇති – සජිත් අපේක්‍ෂාවෙන්" | "මානව හිතවාදියකු මෙන්ම ජනතාවගේ හිත දිනාගත් දේශපාලනඥයකු ද වන රන්ජන් රාමනායක මහතාට නුදුරු දිනකදී පූර්ණ නිදහස ලැබේවි කියා ඔහු මෙන්ම තමන් ඇතුළු සියලු දේශපාලඥයන් මෙන්ම ලංකාවාසී සියලු දෙනාම අපේක්ෂාවෙන් පසුවන බව වැලිකඩ බන්ධනාගාරයේ සිරගතව සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ සුවදුක් බැලීමට ගිය අවස්ථාවේදී විප... |
"නගරාන්තර දුම්රිය ගාස්තුත් අද සිට ඉහළට" | "දුම්රිය සාමාන්‍ය ප්‍රවේශ පත්‍ර ගාස්තු සංශෝධනයට සමගාමීව නගරාන්තර දුම්රියවල වෙන් කළ ආසන සහ වෙන් නොකළ ආසන ප්‍රවේශ පත්‍ර ගාස්තු අද (01 දා) සිට වැඩි කෙරේ.කොළඹ කොටුව – බදුල්ල නගරාන්තර දුම්රිය පළමු පන්තියේ වෙන්කළ ආසනයක් කොටුව – මහනුවර රුපියල් 2000 යි. කොටුව – නානුඔය 2500 යි. කොටුව – ඇල්ල 2800 යි. කොටුව – බදුල්ල 3000 යි.කොටුව... |
"ජනපතිගේ ඇරයුමට සජබ තීරණය ඉක්මනින් දන්වනවා – මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර" | "පවතින අර්බුදයන්ට මුහුණදී රට යථා තත්ත්වයට පත්කිරීමට සර්වපාක්ෂික සම්මුතියකට එළඹීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලිඛිතව කළ ආරාධනාව ලැබුණු බවත් එහිදී පක්ෂය වශයෙන් ගන්නා තීරණය ඉතා ඉක්මනින් දැනුම් දෙන බවත් සමගි ජන බලවේගයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා පවසයි.එම ඇරයුම ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. එහි... |
"ඩොලර් අර්බුදය නිසා වෛද්‍යවරුන් විශේෂඥ පුහුණුවට යැවීම තාවකාලිකව අත්හිටුවයි" | "රට මුහුණ පා ඇති උග්‍ර විදේශ විනිමය අර්බුදය හේතුවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් මාසික දීමනාවක් ගෙවීමේ පදනම යටතේ විශේෂඥ වෛද්‍ය පුහුණුව සඳහා මෙරට වෛද්‍යවරුන් විදේශීය රටවලට යැවීම තාවකාලිකව නතර කරන ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා විසින් පශ්චාත් වෛද්‍ය උපාධි ආයතනයේ අධ්‍යක්ෂවරයා වෙත ලිපියක් මගින් ... |
"සර්වපාක්ෂික ආණ්ඩුවකට යෝජනා 19 ක් ජනපතිට" | "සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ජාතික නිදහස් පෙරමුණ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත වෙන වෙනම යෝජනා දහනවයක් ඉදිරිපත් කර ඇත. ඉන් යෝජනා නවයක් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය විසින් ද ඉතිරි දහය ජාතික නිදහස් පෙරමුණ විසින් ද ඉදිරිපත් කර තිබේ. කැබිනට් ඇමැතිවරුන් ගණන 30කට සීමා කිරීම, ඔවුනට පාර්ලිම... |
"සාර්ව ආර්ථික සැලැස්මක් හදන තුරු ලෝක බැංකු අලුත් ණයට කල්මරයි" | "ශ්‍රී ලංකාව තුළ ප්‍රමාණවත් සාර්ව ආර්ථික ප්‍රතිපත්ති රාමුවක් ක්‍රියාත්මක වනතුරු ශ්‍රී ලංකාවට නව මූල්‍ය පහසුකම් ලබා නොදීමට ලෝක බැංකුව තීරණය කර ඇත. මේ අනුව එවැනි ප්‍රමාණවත් සාර්ව ආර්ථික රාමුවක් ඇතිකර ගන්නා තෙක් ශ්‍රී ලංකාවට නව මූල්‍ය පහසුකම් ලබාදීමට සැලසුම් නොකරන බව ලෝක බැංකු සමූහය නිවේදනය කර ඇත. ආර්ථික ස්ථායිකරණය ඇති කි... |
"ෆොන්සේකා අරගලයට දින දීම කුමන්ත්‍රණයක්: සර්වපාක්‍ෂික අරගලකරුවෝ" | "ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා විසින් ‘අරගලයට දින දීම’ ආණ්ඩුවේ කුමන්ත්‍රණවල එක් දිගුවක් පමණකැයිද එය පැහැදිලිවම අරගලකරුවන් අනතුරට ඇද දැමීමක් යැයිද පුද්ගල චරිත වටා නොව ජනතාවාදී ප්‍රවේශයක් හා ජයග්‍රාහී සැලසුම් හරහා නැවත අරගලය පණ ගන්වන තෙක් ‘පාලකයා’ දෙස විමසිලිවත්ව සිටින ලෙසත් ඉල්ලා සිටින්නේ යැයිද සර්වපාක්‍ෂික අරගලකරුවෝ ඊයේ... |
"රජයේ විශ්‍රාම වයස යළි අඩු කරයි: අතුරු අයවැයට යෝජනාවක්?" | "රාජ්‍ය සේවයේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 65 සීමාව අඩු කිරීමට රජය තීරණය කර ඇත. මෙම තීරණය අගෝස්තු මස ඉදිරිපත් කරන අතුරු අයවැයෙන් සිදු කිරීමට නියමිත බව රජයේ ආරංචි මාර්ග පැවසීය. මේ සම්බන්ධයෙන් රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශ ලේකම් ප්‍රියන්ත මායාදුන්න මහතාගෙන් කළ විමසීමේදී ඒ මහතා කියා සිටියේ අතුරු අයවැය යෝජනාවලිය ... |
"අකිල සහ රුවන්ට ජනපති උපදේශක පදවි" | "එජාප උපනායක, හිටපු අධ්‍යාපන ඇමැතිවරයකු වූ නීතිඥ අකිල විරාජ් කාරියවසම් මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජ්‍යෙෂ්ඨ උපදේශකවරයකු ලෙස පත්කර තිබේ. කාරියවසම් මහතාට සංවර්ධිත පරිපාලනය පිළිබඳව එම පදවිය පිරිනමා තිබේ. මේ අතර එජාප නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති උපදේශක තනතුරට පත් කර තිබේ. ... |
"හෙට සිට තෙල් QR ක්‍රමයට" | "ජාතික ඉන්ධන බලපත්‍රයට (QR Cord) අදාළව පමණක් හෙට (01දා) සිට ඉන්ධන ලබාදීමට කටයුතු කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පවසයි. ඉන්ධන බලපත්‍රයට අනුව යතුරුපැදියකට ලීටර් 04ක්, ත්‍රිරෝද රථයකට ලීටර් 05ක්, මෝටර් රථයකට ලීටර් 20ක්, වෑන් රථයකට ලීටර් 20ක්, ලොරි රථයකට ලීටර් 50ක්, බස් රථයකට ලීටර් 40ක් හා සෙසු වාහන සඳහා ලීටර් 15ක් ... |
"ආචාර ධර්ම කඩන මන්ත්‍රීලා ගෙදර යවන්න මැ.කො.ගෙන් යෝජනාවක්" | "මැතිවරණ කාලසීමාවේ දී කොමිෂන් සභාව මගින් ගැසට් කරනු ලබන ආචාරධර්ම නීතිගත කිරීම ඔස්සේ ඒවා කඩකරන පුද්ගලයන්ගේ මන්ත්‍රී ධුර අධිකරණ තීන්දුවක් මගින් අහෝසි කිරීම සඳහා වන යෝජනාවක් මැතිවරණ කොමිෂන් සභාව පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාවට ඉදිරිපත් කර තිබෙන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නීතිඥ නිමල් පුංචිහේවා මහතා පවසයි. මැතිවරණ... |
"මඩකලපුවේ වී අස්වැන්නෙන් 70 ක් මකර කටේ" | "ඉන්ධන අර්බුදය නිසා මඩකලපුව දිස්ත්‍රික්කයේ වී අස්වැන්නෙන් 70% ක් විනාශ වීමේ අවදානමක් පවතින බව ජාතික ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් මහතා පවසයි. යල් කන්නයේ මඩකලපුව දිස්ත්‍රික්කයේ වී අස්වනු නෙළීම දැනටමත් ආරම්භ වී ඇති අතර දිස්ත්‍රික්කයේ වී ගොවීන්ට සිය අස්වනු නෙළීමේ කටයුතු සඳහා ඩීසල් නොමැතිවීම නිසා බරපතළ අර්බුදයකට ... |
"මඩකලපුවේ වී අස්වැන්නෙන් 70 ක් මකර කටේ" | "ඉන්ධන අර්බුදය නිසා මඩකලපුව දිස්ත්‍රික්කයේ වී අස්වැන්නෙන් 70% ක් විනාශ වීමේ අවදානමක් පවතින බව ජාතික ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් මහතා පවසයි. යල් කන්නයේ මඩකලපුව දිස්ත්‍රික්කයේ වී අස්වනු නෙළීම දැනටමත් ආරම්භ වී ඇති අතර දිස්ත්‍රික්කයේ වී ගොවීන්ට සිය අස්වනු නෙළීමේ කටයුතු සඳහා ඩීසල් නොමැතිවීම නිසා බරපතළ අර්බුදයකට ... |
"නැව ගේන්න ගිහින් පැන්න නැවියන් 6 දෙනා අල්ලන්න කැනඩාවේ සහාය පතයි" | "ඇමරිකානු රජය ශ්‍රී ලංකාවට තෑගි කළ ඩග්ලස් මුන්වර් වෙරලාරක්‍ෂක යාත්‍රාව ගෙන ඒම සඳහා ඇමරිකාවට ගොස් අතුරුදන් වූ නැවියන් නව දෙනා අත්අඩංගුවට ගැනීම සඳහා ඇමරිකානු එෆ්බීඅයි පොලිසිය කැනඩා පොලිසියේ සහය පතා ඇත. මෙම නැවියන් පිරිස කැනඩාවට පැනගොස් ඇති බවට වාර්තාවී තිබේ. පැසිපික් රිට් නමැති යුද අභ්‍යාසයට සහභාගිවී පසුව ඇමරිකානු යාත්‍ර... |
"ලක්ෂ 60 ක ජනතාවක් බූස්ටරය අරන් නැහැ" | "විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මෙරට ජන ගහනයෙන් අවුරුදු 20 ට වැඩි ලක්‍ෂ 60ක පිරිසක් කොවිඩ් මර්දනය සඳහා ලබාදෙන බූස්ටර් එන්නත් මාත්‍රාව මේ වන විටත් ලබාගෙන නැතැයි සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා දිවයින ඉරිදා සංග්‍රහයට ප්‍රකාශ කළේය. පවතින කොවිඩ් තත්ත්වයේ ව්‍යාප්තියත් සමග මෙය ඉදිරියේදී ඉතා ... |
"කුළුණු මතින් යන දුම්රිය ව්‍යාපෘතිය නැවත්වීමෙන් කෝටි 500 ක් අපතේ" | "කොළඹ නගරයේ ප්‍රධාන මාර්ගවල පවතින අධික රථවාහන තදබදයට දිගුකාලීන විසඳුමක් ලෙස ආරම්භ කරනු ලැබූ කුළුනු මත ඉහළින් දිවෙන සැහැල්ලු දුම්රිය සංක්‍රමණ පද්ධති ජාලයක් ස්ථාපිත කිරීමේ වි්‍යාපෘතිය නවතාදැමීම නිසා මේ සඳහා වැයකරනු ලැබු රුපියල් කෝටි පන්සියකට අධික මුදලක් (මිලියන 5545.63) අපතේ ගොස් ඇති බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත... |
"දැන් අවශ්‍ය නව මානයක අවිහිංසාවාදී අරගලයක්: ‘කළු තොප්පි’ අරගලය 4.0 අරඹමින් කියයි" | "දැන් අවශ්‍යව ඇත්තේ ‘ගෝඨා ගෝ හෝම්’ සටන් පාඨය සමග තමන් එකඟ වූ අප්‍රකාශිත එකඟතා ජයග්‍රහණය කරවීම බවත් ඒ සඳහා නව මානයක අවිහිංසාවාදී අරගලයක් දියත් කරලීමට අරගලය 4.0’ අරඹන ලද බවත් කළු තොප්පි ව්‍යාපාරය පවසයි. මේ රටේ විධායක ජනපතිවරයා වූ ගෝඨාභය රාජපක්‍ෂ ගෙදර යැවීම ඇතුළු ගාලු මුවදොර අරගලයේ සංඛේතිය ජයග්‍රහණයන් දැන් අත්කර ගෙන ඇති න... |
"තෙල්වල ප්‍රමිතිය හමුවේ දුම් සහතිකය අවුල් ජාලාවක්" | "ඇතිවී තිබෙන ඉන්ධන අර්බුදයත් සමග ඉන්ධනහල් මගින් ලබාදෙන ඉන්ධනවල ප්‍රමිතිය පිළිබඳව සැලකිය යුතු ගැටලු පවතින බැවින් වාහනවලට අනිවාර්ය කර ඇති දුම් සහතික ලබාගැනීම ද අභියෝගයට ලක්කළ හැකි බව පරිසර අමාත්‍යංශයේ වායු දූෂණ පාලන අංශයේ නිලධාරියකු සඳහන් කළේය. එසේ හෙයින් ප්‍රමිතිගත ඉන්ධන පිළිබඳව රජය සහතික වන තෙක් සියලු රථ වාහන සඳහා දුම්... |
"රටේ ආහාර සුරක්ෂිතතාවයට ඩොලර් මිලියන 900 ක් ඕනෑ" | "ආචාර්ය සුරේන් බටගොඩ ශ්‍රී ලංකාවේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීම සඳහා ඩොලර් මිලියන 900ක් අවශ්‍ය බව ආහාර සුරක්ෂිතතාව පිළිබඳ ජනාධිපති කමිටුවේ සභාපති ආචාර්ය සුරේන් බටගොඩ මහතා සඳහන් කළේය. මේ වන විට දියර කිරි නිෂ්පාදනය සියයට 19.8කින්, කුකුළු මස් නිෂ්පාදනය සියයට 12.1කින් හා බිත්තර නිෂ්පාදනය සියයට 34.9කින් ද පහළට ගොස් තිබේ. මෙ... |
"බන්ධනාගාරයේ සිටින රන්ජනගේ කල්ක්‍රියාව යහපත්: අධිකරණ අමාත්‍යාංශයට වාර්තාවක්" | "බන්ධනාගාර ගතවී සිටින රන්ජන් රාමනායක බන්ධනාගාරයේ පසුවෙන කාලයේදී කිසිදු විනය විරෝධී ක්‍රියාවකට සම්බන්ධ වී නැති බවට බන්ධනාගාර නිලධාරියෙක් අධිකරණ අමාත්‍යාංශයට දැනුම් දී ඇත. සිරකරුවෙකු ජනාධිපති සමාව ලබාදී ඔහු නිදහස් කිරීමට කලින් එම සිරකරු ගැන විනය වාර්තාවක් පිළියෙල කරන අතර ඒ අනුව රන්ජන්ගේ විනය වාර්තාවද එසේ සකස් කර ඇත. නෝමන... |
"පොලිස් කණ්ඩායම් දෙකක් එති.. ‘වසන්ත මුදලිගේ ඉන්නවාද’" | "පෙරටුගාමී සමාජවාදී පක්‍ෂයේ නුගේගොඩ පිහිටි පක්‍ෂ මූලස්ථානයට ඊයේ (29 දා) පෙරවරුවේ පැමිණි පොලිස් කණ්ඩායම් දෙකක් එම කාර්යාලය දැඩි පරික්‍ෂාවට ලක් කර ඇත. පොලිස් ආරංචිමාර්ග කියා සිටියේ වරෙන්තු පිට සිටින අන්තර් විශ්වවිiාලයේ ශිෂ්‍යබල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සැඟවී සිටින බවට ලැබුණු තොරතුරක් මත පෙරටුගාමී පක්‍ෂයේ මූලස්ථාන... |
"ජනපති මැඳුරෙන් හමුවූ මුදල් උසාවියට" | "ප්‍රමාදයේ හේතු අධිකරණයට කියන්න – කොටුව මහෙස්ත්‍රාත් ජනාධිපති මන්දිරයේ තිබියදී අරගලකරුවන් විසින් කොටුව පොලිසියට භාරදුන් රුපියල් එක්කෝටි හැත්තෑඅට ලක්‍ෂ පනස් දහසක මුදල් කොළඹ අපරාධ විශේෂ විමර්ශන ඒකකය විසින් ඊයේ (29දා) කොටුව මහෙස්ත්‍රාත් අධිකරණ භාරයට පත් කළේය. අරගලකරුවන් විසින් පසුගිය 9 වැනිදා හෝ ඊට ආසන්න දිනකදී කොටුව පොලි... |
"ජනපති ධජය සොරා ගත් සජබ වෘත්තීය සමිති නායකයා අත්අඩංගුවට" | "ජනාධිපති මන්දිරයට කඩාවැදී ජනාධිපති ධජය සොරාගෙන ගොස් එය අවභාවිතා කළ බව කියන සිද්ධියට සම්බන්ධ වරාය සේවකයකු වේල්ලවීදිය පොලිසියට නීතිඥවරයකු මාර්ගයෙන් ඊයේ (29 දා) භාරවීමෙන් පසු අත්අඩංගුවට ගෙන ඇත. මෙම සැකකරු සමගි ජනබලවේගය පක්ෂයේ වාත්තීය සමිති නායකයකු බව පොලිසිය පවසයි. මොහු ජනාධිපති නිල නිවසට ඇතුළුවී ජනාධිපතිවරයාගේ ධජය සොරාග... |
"කල් පනින්න ළඟ පිළිකා එන්නත් ගෙන්වන්න නිලධාරියෙක් වලි කයි" | "ලබන නොවැම්බර් මාසයේ දී කල් ඉකුත්වීමට නියමිත පිළිකා එන්නත් වයල් 1000ක් ගෙන්වීමට ටෙන්ඩර් ඉදිරිපත් කර තිබෙන සමාගමකට එම අවස්ථාව ලබාදීමට රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ ඉහළ නිලධාරියෙක් වලිකන බවට සෞඛ්‍ය අමාත්‍යාංශයට පැමිණිලි ලැබී ඇත. මෙම පැමිණිලිවලට අනුව ඒ පිළිබඳව වහාම පරීක්‍ෂණයක් ආරම්භ කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය මේ වනවිට පියවර ග... |
"රොෂාන් මහානාමගේ සත්ක්‍රියාව සමග ජපානයේ නිපෝන් එක්වෙයි…." | "මෙරටින් බිහි වූ විශිෂ්ටතම ක්‍රිකට් ක්‍රීඩකයකු වන රොෂාන් මහානාම මහතා සියලු වෘත්තිකයින්ට හා ව්‍යාපාරිකයින්ට ආදර්ශයක් වෙමින් රට පුරා විවිධ ප්‍රදේශවල ආර්ථික අපහසුතාවෙන් පීඩා විඳින ජනතාව සොයා ගොස් ඔවුන්ට පිළිසරණ වීමේ ව්‍යාපෘතියක නිරතව සිටී. එම ව්‍යාපෘතියට තවත් ශක්තියක් වෙමින් ජපානයේ නිපෝන් පරිත්‍යාග පදනම රොෂාන් මහතා සමග එක... |
"පෙට්‍රල් චණ්ඩි අල්ලන්න ෂෙඩ් ළඟට බුද්ධි අංශ" | "ඉන්ධන පිරවුම්හල් හිමියන් සහ පෝලිම්වල සිටින ජනතාව භීතියට පත්කර බලහත්කාරයෙන් ඉන්ධන ලබා ගන්නා පාතාල මැරයන් සහ චණ්ඩින් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් බුද්ධි අංශයේ නිලධාරීන් සෑම ඉන්ධන පිරවුම්හලකටම යොදවා ඇති බව පොලිස් ආරංචිමාර්ග පවසයි. මෙම නිලධාරීන් සිවිල් ඇඳුමින් සැරසී ගොස් සිය රාජකාරියේ නිරතවන අතර මේ ආකාරයට බලපෑම්කර බිය ගන්... |
"පැතුම් කර්නර් 4 දා තෙක් රිමාන්ඩ්" | "පසුගිය 13 වැනිදා බත්තරමුල්ල පොල්දුව මංසන්ධිය අසලදී විරෝධතා ව්‍යාපාරයක් සංවිධානය කිරීම ඇතුළු චෝදනා යටතේ අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කළ අරගලයේ ප්‍රධාන ක්‍රියාකාරිකයකු වන පැතුම් සංඛ කර්නර් මහතා ලබන 4 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා ඊයේ (29 දා) පස්වරුවේ නියෝග කළේය. එම සැකකරු... |
"අරගලයේ ක්‍රියාකාරික වේරංග පුෂ්පික 9 දා තෙක් රිමාන්ඩ්" | "අරගල භූමියේ ක්‍රියාකාරිකයකු වූ අන්තෝනි වේරංග පුෂ්පික ද සිල්වා නමැත්තා තලංගම පොලිසිය විසින් කඩුවෙල අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු අගෝස්තු මස 9 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කොට තිබේ. බත්තරමුල්ල, ඉසුරුපාය ඉදිරිපිට උද්ඝෝෂණයක් මෙහෙයවා එහි ගේට්ටුව ඇතුළු දේපළවලට අලාභහානි සිදු කළැයි චෝදනා මත අත්අඩංගුවට ගත් සැකකරු මෝදර පටුව... |
"‘මන්කි පොක්ස්’ පරීක්‍ෂණ කොටඋඩ – රවී කුමුදේශ්" | "‘මන්කි පොක්ස්’ රෝගය හඳුනා ගැනීමේ පරීක්ෂණ සිදු කිරීම සඳහා අවශ්‍ය ප්‍රතික්‍රීයක ගෙන්වීමට සෞඛ්‍ය අමාත්‍යාංශයට කිසිදු වැඩපිළිවෙළක් නොතිබීම හේතුවෙන් එම පරීක්ෂණ එකවර සිදු කිරීමේ හැකියාවක් මෙම දිනවල නොමැති බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා පවසයි. මෙරටට පැමිණීමේ අවදානමක් ඇති ‘මන්කිපොක්ස්’ රෝගය ... |
"ගෝඨාභය කොටු කරන යස්මින් සුකාගේ තුරුම්පු වරදියි" | "හිටපු ශ්‍රී ලංකා ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ද්‍රවිඩ ජන සංහාර චෝදනාව මත අත්අඩංගුවට ගන්නා ලෙස එක්සත් ජාතීන්ගේ නිලධාරිනි යස්මින් සුකා කළ ඉල්ලීම සිංගප්පූරු නීතිපති ලුසියන් වොන් ප්‍රතික්ෂේප කර ඇත. මෙයට හේතු වී ඇත්තේ සිංගප්පූර් නීතිය යටතේ රාජපක්ෂ මහතා කිසිදු වරදක් නොකිරීම බව වාර්තා වී තිබේ. එසේම ශ්‍රී ලංකා රජය සහ ඉන්ටර්පෝල් ... |
"වෙළෙඳ භාණ්ඩ අපනයන ආදායම ඉහළට" | "ශ්‍රී ලංකා රේගුව විසින් නිකුත් කරන ලද දත්තවලට අනුව 2022 ජුනි මාසයේ දී වෙළෙඳ භාණ්ඩ අපනයන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 1,208.2 දක්වා සියයට 20කින් වර්ධනය වූ බව අපනයන සංවර්ධන මණ්ඩලය පවසයි. මෙයට ප්‍රධාන වශයෙන් හේතු වූයේ ඇඟලුම්, රෙදිපිළි, රබර් ආශ්‍රිත නිෂ්පාදන, පොල් ආශ්‍රිත නිෂ්පාදන, ආහාර පාන සහ මුහුදු ආහාර අපනයන ඉපැයීම් ඉහළ... |
"කොන්දොස්තරලා හිතු හිතූ ගණන් අය කරති" | "සමස්ත ලංකා බස් හිමියන්ගේ සංගමය අඩුකරන ලද නව බස් ගාස්තු ලේඛනය ප්‍රදර්ශනය නොකර මගී ජනතාවගෙන් හිතූ හිතූ ගමන් ගාස්තු අය කරමින් බොහෝ බස්රථ කොන්දොස්තරවරුන් මගී ජනතාව දැඩි ලෙස පීඩාවට පත්කරන බව සමස්ත ලංකා බස් මගීන්ගේ සංගමයේ කැඳවුම්කරු විමුක්ති දුෂාන්ත මහතා ‘දිවයින’ට ඊයේ (29 දා) පැවසීය. නව බස් ගාස්තු ලේඛනය බස්රථ තුළ ප්‍රදර්ශනය... |
"ජනතා සහයෝගය මේ ආණ්ඩුවට නෑ කියා ජාත්‍යන්තර ෆිච් රේටින් කියනවා" | "– පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් “එදා සමාජ සාධාරණත්වය ගැන කතා කරපු රනිල් වික්‍රමසිංහ මහතා අද ජනාධිපති වුණාට පස්සේ අනිත් පැත්තට හැරිලා. ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් පාරට බැහැපු, දරිද්‍රතාවය නිසා නැඟී ආපු ජනතා සටනට නායකත්වය දීපු සිවිල් ක්‍රියාකාරීන් හා ඒකට සම්බන්ධ වෙච්ච විශාල පිරිසක් අද අත්අඩංගුවට ගන්නවා” යැයි ප... |
"කෝටි දෙකක මත්පෙති රේගුවේදී අත්අඩංගුවට" | "නෙදර්ලන්තයේ සිට ආනයනය කරන ලද පාර්සලයක් තුළ තිබී රුපියල් කෝටි දෙකකට අධික වටිනාකමකින් යුත් (රුපියල් 297,30000 ක්) මෙතෆෙටමින් නමැති මත්ද්‍රව්‍ය තොගයක් ශ්‍රී ලංකා රේගුවේ මධ්‍යම තැපැල් හුවමාරු අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත. ගනේමුල්ල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු විසින් ආනයනය කරන ලද පාද සම්බාහන යන්ත්‍රයක් තුළ සඟවා ම... |
"සත්වෝද්‍යානයේ අලුත් බබා පෝරු කෑඳැති පැටවා මහජන ප්‍රදර්ශනයට" | "දෙහිවල ජාතික සත්ව උද්‍යානයේ අලුත උපන් ‘පෝරු කෑඳැති’ පැටවා ඉකුත් 27 වැනිදා සිට මහජන ප්‍රදර්ශනයට එක්කළ බව සත්ව උද්‍යාන අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය තිලක් ප්‍රේමකාන්ත මහතා පැවසීය. පැටවා ප්‍රදර්ශනයට එක්කරමින් මෙම කෑඳැති පරපුරේ ජීවන චක්‍රය පිළිබඳ අපූර්වත්වය සත්ව උද්‍යාන මෙහෙයුම් අධ්‍යක්ෂ අනෝමා ප්‍රියදර්ශනී මහත්මිය විසින් පැහැදිල... |
"භරණ මියගියේ පොලිස් නිලධාරියා ඇද්ද විදුලි රැහැන නිසා" | "පස්සේ රහසේම රැහැන ගලවාගෙන ගිහින් ගල්කිරියාගම පොලිස් වසමට අයත් ජාතික නාමල් උයන වැව අසල දී ඉකුත් දා භරණ නමැති හස්තියා මිය ගියේ ගල්කිරියාගම පොලිසියට අනුබද්ධව සේවය කරන පොලිස් නිලධාරියකු විසින් අදින ලද නීතිවිරෝධී විදුලි රැහැනක පැටලීමෙන් බව අනාවරණය වී ඇත. විදුලිය වැදී ඇතා මිය ගිය පසුව ඉහත කී පොලිස් නිලධාරියා විසින් ඇතා පැටල... |
"රනිල් අරගලයම ඉල්ලෙන්නේ නම් අපි ඊට සූදානම්!" | "රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා නිදා සිටින අරගලකරුවන් උසිගන්වමින් ‘අරගලය’ම ඉල්ලා සිටින්නේ නම් තමන් එම අරගලයට සූදානම් බව ‘මහජන සභාව’ කැඳවුම්කරු රවි කුමුදේශ් මහතා ප්‍රකාශ කළේය. රටේ මිනිස්සු අරගල කළේ ජීවත්වීමට අමාරු නිසා සහ එය නිර්මාණය කළ රාජපක්‍ෂවරුන්ට එරෙහිව. අරගලය ඉල්ලුවේ මේ රට හරියට පාලනය කරන්න කියලා. දැන් ගෝඨාභය ‘හයි... |
"මිනිස් ශ්‍රම පැය කෝටි 40 ක් තෙල් පෝලිම්වල දවසකට විනාශ වෙනවා" | "ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් ජනතාවගේ ඇත්ත ප්‍රශ්න වෙනුවෙන් කථා කරන අය දඩයම් කිරීම සඳහා ආණ්ඩුව මානසික භීතියක් රටපුරාම ඇති කරමින් යන බවත් සැබෑ ප්‍රශ්නය යටපත් කිරීම සඳහා සිදු කරමින් යන මෙම මර්දනය වහා නතර කළ යුතු බවත් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා ඊයේ (29 දා) සඳහන් කළේය. ආර්ථික ... |
"ජපානයෙන් ලබාදෙන ඩොලර් මිලියන 15ක ඖෂධ තොගයේ පළමු කොටස ශ්‍රී ලංකාවට" | "ඉදිරි අගෝස්තු අග වනවිට මෙරට ඖෂධ ගැටලුව බොහෝ දුරට විසඳනෙ බව සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි. මේ වනවිට ආර්ථික හා දේශපාලන අර්බුදයන් සමනය වෙමින් රට යළි සාමාන්‍ය තත්ත්වයට පත්වෙමින් පවතින බව අමාත්‍යවරයා පෙන්වා දෙයි. ශ්‍රී ලංකාවේ ජපන් තානාපති මිසුකොෂි හිදෙකි මහතා හා යුනිසෙෆ් සංවිධානය් නියෝජිත පිරිසක් හමුව... |
"උද්ධමනය 60% පසු කරයි" | "කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව ගණනය කළ ඉකුත් ජූලි මස උද්ධමනය සියයට 60 දක්වා ඉහළ ගොස් තිබේ. ආහාර උද්ධමනය සියයට 90.9 ක් දක්වාද ආහාර නොවන උද්ධමනය සියයට 46.5 දක්වාද ඉහළ ගොස් ඇත. ශ්‍යාම් නුවන් ගනේවත්ත" |
"ජනපති මැඳුරෙන් හමු වූ මුදල් කෝ?" | "කොටුව ජනාධිපති මන්දිරයේ තිබියදී අරගලකරුවන් විසින් සොයාගෙන පසුගිය 9 වැනිදා හෝ ඊට ආසන්න දිනකදී කොටුව පොලිසියට භාරදුන් රුපියල් එක්කෝටි හැත්තෑ අට ලක්‍ෂ පනස්දහස මෙතෙක් අධිකරණයට භාර නොදීම හා ඒ සම්බන්ධයෙන් අධිකරණය හමුවේ පෙනී සිට කරුණු දක්වන ලෙස දන්වා කොටුව පොලිස් ස්ථානාධිපතිවරයා වෙත සිතාසි යැවීමට කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමග... |
"පැතුම් කර්නර් අත්අඩංගුවට" | "බත්තරමුල්ල පොල්දූව මංසන්ධියේ දී පැවැති විරෝධතාව මෙහෙයවූ බව කියන අරගලයේ ක්‍රියාකාරිකයකු වූ පැතුම් කර්නර් නමැත්තා ඊයේ (28 දා) අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි. ඉකුත් 18 වැනිදා ඔහු කොළඹ අපරාධ කොට්ඨාසය වෙත කැඳවා තිබූ නමුත් අසනීප තත්ත්වයකින් පෙළෙන බව පවසමින් නීතිඥවරයෙකු මාර්ගයෙන් ලිපියක් ඉදිරිපත් කර තිබූ බව පොලි... |
"ජනපති හා බ්‍රිතාන්‍ය මහකොමසාරිස් අතර හමුවක්" | "ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ මෙරට බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් සාරා හල්ටන් මහත්මිය අතර ඊයේ (28 දා) විශේෂ හමුවක් පැවැත්වීය. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට සම්බන්ධ ක්‍රියාවලිය, මානව හිමිකම්වලට අනුකූලව කටයුතු කිරීම ඇතුළු කරුණු ගණනාවක් මෙහිදී සාකච්ඡා වූ බව ට්විටර් සටහනක් තබමින් බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්වරිය කි... |
"ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත පළමු ඉලෙක්ට්‍රික් මෝටර් රථය හඳුන්වාදෙයි" | "අයිඩියල් ව්‍යාපාර සමූහයේ නිර්මාතෘ හා සභාපති නලීන් වෙල්ගම මහතා Ideal Moksha ඉලෙක්ට්‍රික් රථය එළිදැක්වූ අයුරු. අයිඩියල් මෝටර්ස් විසින් ‘Ideal Moksha’ නමින්, ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත පළමු පූර්ණ ඉලෙක්ටි්‍රක් මෝටර් රථය වෙළඳපොළට හඳුන්වා දීම ඊයේ 28දා කොළඹදී සිදු කෙරිණ. ලෝකය පුරා ඉහළ ජනප්‍රියත්වයක් දිනූ ඔස්ටින් මිනි මොක් රථයෙන්... |
"හදිසි නීතිය සම්මත කිරීම ජිනීවා ප්‍රශ්න වැලක මුල : ජී. එල්. කියයි" | "හදිසි නීතිය සම්මත කර ගැනීම නිසා ලබන මාසයේ ජිනීවා නුවරදී පැවැත්වෙන මානව හිමිකම් සමුළුවේදී ශ්‍රී ලංකාවට දැඩි බලපෑමක් එල්ල විය හැකි බව හිටපු විදේශ ඇමැති මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පැවසීය. ඒ මහතා මේ බැව් පැවසුවේ ඊයේ (28 දා) පැවැති මාධ්‍ය හමුවකදීය. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා මෙසේද කීවේය. ශ්‍රී ලංකාව අද පවතින... |
"ලහිරු වීරසේකරට ටැම්පිටියේ සුගතානන්ද හිමිට වරෙන්තු" | "අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ හිටපු කැඳවුම්කරු ළහිරු වීරසේකර, ටැම්පිටියේ සුගතානන්ද හිමියන් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඊයේ (28දා) පස්වරුවේ වරෙන්තු නිකුත් කළේය. අධිකරණ නියෝග කඩකරමින් මහජන පීඩාවක් වන පරිදි උද්ඝෝෂණයක් පැවැත්වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පවරා තිබූ න... |
"අරගලගයේ නිරතව සිටි තරුණයන්ගේ ඉල්ලීම් අපිත් පිළිගන්නවා" | "ජනාධිපති රනිල් වික්‍රමසිංහ අරගලයේ නිරතව සිටි තරුණයන්ගේ ඉල්ලීම වූයේ රටේ ක්‍රමය වෙනස් කිරීමයි. එය අපිත් පිළිගන්නවා යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය. ජනාධිපතිතුමා මේ බව සඳහන් කළේ පිටකෝට්ටේ පිහිටි එක්සත් ජාතික පක්‍ෂ මූලස්ථානය වන සිරිකොත මන්දිරයේදී එහි කාර්ය මණ්ඩලය අමතමිනි. එක්සත් ජාතික පක්‍ෂ මහලේකම් පාලිත... |
"වෙඩි කෑ ‘පස් පොඩ්ඩා’ නසී" | "ගම්පහ මහාධිකරණය ඉදිරිපිටදී වෙඩි වැදී බරපතළ තුවාල සහිතව ගම්පහ මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි පාතාල කල්ලි සාමාජිකයෙක් බැව් කියන සමන් රෝහිත පෙරේරා හෙවත් “පස් පොඩ්ඩා” පෙරේදා (27 වැනිදා) සවස මියගොස් තිබේ. ගම්පහ මහාධිකරණයේ විභාග වූ මිනීමැරුම් නඩුවකට පෙනී සිට ආපසු නිවස බලා යමින් සිටියදී වැගන්ආර් රථයකින් පැම... |
"විදුලි බිල වැඩිවීම දෙසතියක් තුළ" | "විදුලි ගාස්තු ඉහළ නැංවීම ඉදිරි සති දෙක ඇතුළත ප්‍රකාශයට පත්කරන බව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම පවසයි. විදුලි ගාස්තු ඉහළ දැමීමට අදාළව ලංකා විදුලිබල මණ්ඩලය ඉදිරිපත් කළ විදුලි ගාස්තු සංශෝධන සම්බන්ධව මහජන අදහස් ලබා ගැනීමට වෙන්කර තිබූ කාලය ඊයේ (28 දා) අවසන් විය. ඒ අනුව මහජන නියෝජිතයන් පනස් දෙනකුගෙන් වාචික අදහස් හා යෝජනා ... |
"පොලිස් කොන්දේසියෙන් ත්‍රිරෝද රථ හිමියෝ අසරණයි" | "ජාතික ඉන්ධන බලපත්‍රයට (QR) අනුව ඉන්ධන ලබාගැනීම සඳහා ත්‍රිරෝදරථ පොලිස් ස්ථානවල ලියාපදිංචි කිරීමේදී වාහනයේ ලියාපදිංචි අයිතිය හිමිකරු සතු විය යුතු බවට පොලිසිය මගින් කොන්දේසියක් දැමීම නිසා බොහෝ ත්‍රිරෝදරථ හිමියෝ දැඩි අසරණභාවයට පත්ව සිටිති. මෙරටේ බොහෝ ත්‍රිරෝද සහ යතුරුපැදි මිලදී ගැනීමේදී එම වාහනයේ ලියාපදිංචි අයිතිය හිමිකරු... |
"ආර්ථික ඝාතකයන් නිදැල්ලේ සිටියදී අරගලකරුවන් අත්අඩංගුවට ගැනීම සාහසික ක්‍රියාවක්" | "රට වැනසූ ආර්ථික ඝාතකයන් නිදැල්ලේ සිටියදී ඊට එරෙහිව උද්ඝෝෂණය කළ අරගලකරුවන් පුරාවිiා පනත යටතේ අත්අඩංගුවට ගැනීමට තැත් කිරීම අයුක්තිසහගත අසාධාරණ හා සාහසික කටයුත්තක් බව හිටපු නියෝජ්‍ය ඇමැති 43 වැනි සේනාංකයේ සභාපති කරුණාරත්න පරණවිතාන මහතා ඊයේ (28 වැනිදා) ‘දිවයින’ට අදහස් දක්වමින් සඳහන් කළේය. ආණ්ඩුවේ නැගිටීම මෙය නම් රටේ ඉදිරි... |
"ගෙනත් තියන කොවිඩ් එන්නත් ඉක්මනට ගන්න" | "කොවිඩ් එන්නත් ගෙන්වීමට විදේශ විනිමය නොමැති මෙවැනි අවධියක එම රෝගය පාලනය කිරිම සඳහා දැනට මෙරටට ගෙන්වා ඇති එන්නත් මාත්‍රා සියල්ල ලබා ගනිමින් රෝග ව්‍යාප්තිය පාලනය කර ගැනීමට ජනතාව සෞඛය අංශ වෙත සහාය දැක්විය යුතු යැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අවධාරණය කරයි. එම සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පවසන්නේ මේ වනවිට රටේ කො... |
"නීතිඥවරයාගේ නම අමතක කළ විත්තිකරු මාස 2 ක් රිමාන්ඩ්" | "විත්තිකරු වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරයාගේ නම අමතක බව අධිකරණයට පැවසූ විත්තිකරුවකු මාස දෙකක කාලයක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා ඊයේ (28 දා) නියෝග කළේය. එම නඩුව ඊයේ (28 දා) විවෘත අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී විත්තිකරු වෙනුවෙන් නීතිඥ නියෝජනයක් නොමැති බව වැටහී ගිය අධිකරණය ඔහු වෙනුවෙන්... |
"පාතාලය පෙරේදා ජීවිත 5 ක් බිලිගනී" | "රටේ මතුවූ අනපේක්‍ෂිත දේශපාලන වාතාවරණයත් සමග පාතාල කල්ලි යළි හිස එසවීම නිසා පෙරේදා (27 දා) පාතාලය විසින් මිනිස් ජීවිත පහක් බිල්ලට ගෙන ඇතැයි පොලිසිය පවසයි. මේ වන විට පාතාල කල්ලි අතර ගැටුම් යළි උග්‍ර අතට හැරී තිබෙන අතර පෙරේදා (27 වැනිදා) පමණක් ගම්පහ, රත්මලාන, අම්බලන්ගොඩ ප්‍රදේශවලදී පාතාලය විසින් පස්දෙනෙකු ඝාතනයට ලක්කර ඇත... |
"ආණ්ඩුවේ හදිසි නීතිය සම්මත කිරීම වැරැද්දක් වෙනුවට කළ තවත් වැරැද්දක්" | "පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම ආණ්ඩුව හදිසි නීතිය සම්මත කර ගත්තේ එකට එක කිරීමක් හා සමානව යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය. ඊයේ (28 දා) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බැව් පැවසීය. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා මෙසේද කීවේය. හදිසි නීතිය පිළිබඳ පාර්ලි... |
"ඩුබායි ඩීසල් නැව ඩොලර් නැතුව තෙපරබායි : ප්‍රමාද ගාස්තුත් හොඳටම නගී" | "ඩුබායිහි කොරල් එනර්ජි සමාගමෙන් කොළඹ වරායට ඉකුත් 16 වැනිදා ගෙන්වාගත් මෙටි්‍රක් ටොන් හතළිස්දහසක් අඩංගු ඩීසල් නෞකාව නිදහස් කරගැනීම සඳහා අවශ්‍ය ඇමරිකානු ඩොලර් මිලියන 52ක මුදලක් නොමැති නිසා එය තාමත් ගොඩබා ගැනීමට නොහැකි වී ඇතැයි ලංකා ඛනිජ තෙල් සංස්ථාව පවසයි. මේ වනවිට ප්‍රමාද ගාස්තු, වරාය ගාස්තු හා රක්‍ෂණ ගාස්තු ආදිය සඳහා පම... |
"කළු තොප්පි ව්‍යාපාරය ගාලු මුවදොරින් ඉවත් වෙයි: අරගලය 4.0’ අරඹයි" | "ගාලු මුවදොර අරගලයේ සංකේතීය ජයග්‍රහණය අත්කරගෙන ඇති නිසා තව දුරටත් එහි රැඳී සිට දායක වීම අවසන් කරන බව කළු තොප්පි (බ්ලැක් කැප්) ව්‍යාපාරය නිකුත් කර ඇති නිවේදනයක දැක්වේ. එම අරගලය ඉදිරියට ගාලුමුවදොර බිම්කඩ තුළට සීමා නොවී පුළුල් සමාජ අවකාශයක් කරා ගෙන යන බවද එහි දැක්වේ. එබැවින් මින් ඉදිරියට එම අරගලය පුළුල් ප්‍රතිසංස්කරණ ව්‍ය... |
"දවස පුරා පාර්ලිමේන්තුවේ ඇමැතිවරු කතා කළේ තමන්ට වෙච්ච අලාභයන් ගැන" | "එදා වේල හොයාගන්න බැරි මිනිස්සු තෙල් පෝලිම්වල මැරෙනවා දැඩි පීඩනය හමුවේ ජනතාව ආණ්ඩුවට එරෙහිව පෙළ ගැහීම නතර කරන්න බෑ – පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ “අද හදිසි නීතිය දාගෙන මේ රටේ ජනතාවට තමන්ගේ අදහස් ප්‍රකාශ කරන්න තියෙන අයිතිය අහුරලා” යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා පැවසීය. විපක්ෂ නායක කාර්යාලයේ ඊයේ (29 ද... |
"ධානිස් අලි ඇතුළු අරගලයේ 21 කට රටින් පිටවීම තහනම්" | "විදේශගතවීමට උත්සහ දරමින් සිටියදී අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් ධානිස් අලි ඇතුළු අරගල ක්‍රියාකාරීන් 21 දෙනකුට විදේශගතවීම වළක්වමින් කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඊයේ (28 දා) පස්වරුවේ තහනම් නියෝගයක් නිකුත් කළේය. එම තහනම් නියෝගය වහාම ගුවන්තොටුපළ බලධාරීන් වෙත යැවීමට පියවර ගන්නා ලෙස ද අධිකරණ ලේඛකා... |
"ශ්‍රී ලංකා අගමැති හා ඇමරිකානු තානාපතිනිය අතර සුහද හමුවක්" | "ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හා ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති ජූලි චං මහත්මිය අතර හමුවක් කොළඹ අග්‍රාමාත්‍ය කාර්යාලයේදී ඊයේ (28 දා) සිදුවිය. ඇමරිකා එක්සත් ජනපදය හා ශ්‍රී ලංකාව අතර වන දීර්ඝකාලීන රාජ්‍ය තාන්ත්‍රික සබඳතා හා වෙළෙඳ සබඳතා සෑම කාලවකවානුවකම ලබාදීමට අඛණ්ඩව කටයුතු කිරීම පිළිබඳ අග්‍රාමාත්‍යවරයා අග... |
"හදිසිය සම්මතයි – වැඩි ඡන්ද 57යි: පක්‍ෂ 120යි-විපක්‍ෂව 63යි – ආණ්ඩුව සමග විමල්ගේ කණ්ඩායම පක්‍ෂ වෙති" | "සජබ – ජාජබ-දෙමළ සන්ධානය සමග ඩලස්, ජී. එල්., ඩිලාන්, ගොඩහේවා, වසන්ත යාපා, විරුද්ධ වෙතිහදිසි නීතිය වැඩි ඡන්ද 57කින් ඊයේ (27දා) පාර්ලිමේන්තුවේදී සම්මත විය. හදිසි නීතියට පක්‍ෂව ඡන්ද 120ක් හිමි වූ අතර විපක්‍ෂව ඡන්ද 63ක් හිමිවිය.හදිසි නීතිය දීර්ඝ කිරීමට පක්‍ෂව ආණ්ඩු පක්‍ෂය සමග ස්වාධීන පක්‍ෂ 10 කණ්ඩායම ඡන්ද ප්‍රකාශ කර තිබිණි... |
"ගම්පහ උසාවිය ළඟදී පස් පොඩ්ඩා වෙඩිකයි – තවත් තිදෙනෙකුට තුවාල" | "නඩුව අවසන් වී යන්න හදන විට වැගන්ආර් එකක් හරස් කරලාඋසාවිය ආරක්‍ෂාවට සිටි පොලිස් නිලධාරීන් ළඟ ගිනි අවි තිබී නෑසී.සී.ටී.වී. ඔස්සේ පරීක්‍ෂණ සිදු කෙරේපොලිස් කණ්ඩායම් 3ක් වැඩට බසීකොන්ත්‍රාත් මිනීමැරුම් හා කොල්ලකෑම්, පස් ජාවාරම ඇතුළු අපරාධ රැසකට සම්බන්ධ බව කියන ප්‍රබල පාතාල කල්ලි සාමාජිකයකු වන සමන් රෝහිත පෙරේරා හෙවත් ‘පස් පො... |
"කුණු මාළු කන්ටේනර් 98 ක් රේගුවෙන් පැන්නීම ගැන පරීක්ෂණයක්" | "මිනිස් පරිභෝජනයට නුසුදුසු යැයි පාරිභෝගික අධිකාරිය තීරණය කර තිබියදී රේගුවෙන් අභිරහස් ලෙස පිටතට ගෙන ගිය මත්ස්‍ය කන්ටේනර් 98 ගැන වහාම පරීක්ෂණයක් සිදු කර කඩිනමින් වාර්තාවක් ලබාදෙන ලෙස ධීවර ඇමැති ඩග්ලස් දේවානන්ද මහතා පෙරේදා (26 දා) අමාත්‍යාංශ නිලධාරීන්ට උපදෙස් දී ඇත.කන්ටේනර් 98 ක කුණු මාළු ටින් කර විකිණීමේ සූදානමක් පවතින බ... |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.