Title stringlengths 9 246 | Content stringlengths 3 62.9k |
|---|---|
"රනිල්ට සුබපතනවා : චන්ද්‍රිකාගෙන් ෆේස්බුක් සටහනක්" | "“මගේ දේශයේ සුබසිද්ධිය වෙනුවෙන් මම රනිල් වික්‍රමසිංහ ජනපතිතුමාට සුබාශිංසන පිරිනමමි” යැයි හිටපු ජනාධිපතිනි චන්‍ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය සිය ෆේස්බුක් ගිණුමේ විශේෂ සටහනක් තබමින් සඳහන් කර ඇත. ඔහුට රාජ්‍ය පාලනය භාර ගැනීමට සිදු වූයේ අප රට පෙර නොවූ විරූ අන්දමේ අභියෝග රාශියකට මැදිව පවතින අවස්ථාවකදීය. පෙර පැවති දුර්... |
"ශ්‍රී ලංකාවට ණය දෙන්න එන්න: එක්සත් ජාතීන්ගේ සංවිධානය" | "පෙර නොවූ පරිදි දැඩි මූල්‍ය අර්බුදයක ගිලී සිටින ශ්‍රී ලංකාවට ආධාර ලබාදීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය ආයතන, පුද්ගලික ණය දෙන්නන් සහ වෙනත් රටවල්ද ඉදිරිපත් විය යුතු බව එක්සත් ජාතීන්ගේ සංවිධානය සිය නවතම වාර්තාවක් මගින් පෙන්වාදී තිබේ. ශ්‍රී ලංකාව මින්පෙර අත්නොවිඳි දේශපාලන ව්‍යාකූලත්වයකට මුහුණ පා ඇති තත්ත්වයක් තුළ රටේ සමස්ත ජනතාවග... |
"මහපොළොවේ බලයක් නැති රනිල් මර්දනය පටන් අරන් – අනුර දිසානායක" | "මහ පොළොවේ බලයක් නැති රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව විරුද්ධවාදීන්ට එරෙහිව රටේ දැවැන්ත මර්දනයක් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පිඹුරුපත් සකස් කර ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ සහ ජාතික ජන බලවේගය නායක අනුර කුමාර දිසානායක මහතා ඊයේ (21 වැනිදා) පැවසීය. මේ වන විට එහි මූලික පියවර ගෙන ඇති බවත් අන්තරේ කැඳවුම්කරු ඇතුළු පිරිස් අත්අඩංගුවට ගැනී... |
"අන්තරේ කැඳවුම්කරු වසන්ත මුදලිගේට ජිනරතන හිමියන්ට වරෙන්තු" | "කොළඹ නගරයේ මාර්ග අයුතු ලෙස අවහිර කරමින් උද්ඝෝෂණ ව්‍යාපාරයක නිරතවීමේ චෝදනාව යටතේ නඩු පවරා තිබියදී අධිකරණය හමුවේ පෙනීනොසිටි අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ හා රත්කැරුව්වේ ජිනරතන හිමියන් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඊයේ (21දා) වරෙන්තු නිකුත... |
"සරලව දිවුරපු රනිල්ට මෛත්‍රීගෙන් උණුසුම් හාදුවක්" | "මෙරට විධායක ජනාධිපතිවරුන් කිහිපදෙනෙකුම දිව්රුම් දුන් ආකාරය අටවැනි විධයක ජනාධිපති ලෙස රනිල් ශ්‍රියාන් වික්‍රමසිංහ මහතාගේ දිව්රුම් දුන් උත්සව අවස්ථාවේ දී අපට දැක ගැනීමට නොහැකි විය. ඒ වෙනුවට ඉතා චාම් සහ සරල ලෙස අවශ්‍යම නිල කටයුතු පමණක් ඉතා පිළිවෙළකට සහ ගාම්භීර ලෙස ඉටු කෙරෙන ආකාරය දක්නට ලැබුණු අතර එම කටයුතු ද විනාඩි කිහිප... |
"රනිල් දිනවන්න මන්ත්‍රීන්ගේ මනස හැදුවේ අරගලයයි" | "ඡන්දෙන් දිනපු ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපතිවරයා ගෙදර යැව්වේ අරගලයේ ප්‍රතිඵලයක් කියලා සමහරු කිව්වත් අරගලයෙන් වෙලා තියෙන්නේ හැටනව ලක්‍ෂයකගේ ඡන්දෙන් දිනපු ගෝඨාභය රාජපක්‍ෂ ගෙදර යවලා ඡන්දෙන් පැරදිච්ච රනිල් වික්‍රමසිංහව ගෝඨාභය රාජපක්‍ෂගේ පුටුවේ වාඩිකරවීම යැයි ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පැවස... |
"ජනපති දිවුරුම් දෙන විට විදුලිය බිඳ වැටීම ගැන සී.අයි.ඩී පරීක්‍ෂණයක්" | "නව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (21) සුබ මොහොතින් දිවුරුම් දෙන අවස්ථාවේ දී පාර්ලිමේන්තු සංකීර්ණයේ අනපේක්ෂිතව විදුලිය විසන්ධි වීම සම්බන්ධව පරීක්ෂණ සිදු කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දී තිබේ. රනිල් වික්‍රමසිංහ මහතා දිවුරුම් දෙන අවස්ථාව ස්වාධීන රූපවාහිනිය මගින් සජීවීව විකාශය කිරීමට නියමිතව තිබූ අතර ස... |
"විදුලි බිල ගැන තීන්දුව 28 වැනිදා – ජනක රත්නායක කියයි" | "විදුලි බිල වැඩි කිරීම පිළිබඳව සියලු අදහස් සැලකිල්ලට ගෙන ලබන 28 වැනිදා තීරණයක් ගන්නා බව මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා දිවයිනට පැවසීය. සියයට හැටක ප්‍රමාණයකින් විදුලි බිල වැඩි කිරීමට අදහස් කිරීම තුළින් ජනතාවට අසාධාරණයක් නොවන බවද සභාපතිවරයා කීය. වසර අටකට පසු මෙම විදුලි බිල වැඩි කිරීමට පියවර ගැනීම අසා... |
"නව අගමැති දිනේෂ්: කැබිනට් ඇමැතිවරු අද දිවුරුම් දෙති" | "ජී.එල්. දැරූ ඇමැති ධුරය අලි සබ්‍රිට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ රජයේ නව අගමැති ලෙස වත්මන් සභා නායක දිනේෂ් ගුණවර්ධන මහතා අද (22දා) පෙරවරුවේ දිවුරුම් දීමට නියමිතය. අගමැතිවරයා සමග නව ඇමැති මණ්ඩලය ද ජනපතිවරයා ඉදිරියේ දිවුරුම් දීමට නියමිතය. කැබිනට් මණ්ඩලය ලෙස කලින් කටයුතු කළ ඇමැතිවරුන් පිරිස දිවුරුම් දීමට නියමිත බව ව... |
"විධායක ජනපති ක්‍රමය අහෝසි කරනතෙක් අරගලය දිගටම" | "අරගලකරුවෝ කියති විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනතුරු කොටුව ගාලුමුවදොර අරගලය අඛණ්ඩවම ක්‍රියාත්මක කරන බව අරගලකරුවෝ ‘දිවයින’ට ඊයේ (21 දා) පැවසූහ. ඇඹිලිපිටිය නගර මධ්‍යයේ පිහිටා තිබූ ගෝඨා ගෝගම අරගල භූමියට පෙරේදා (20 දා) රාත්‍රි කිසියම් පිරිසක් ප්‍රහාරයක් එල්ල කර ඇති බවත්, මේ හේතුවෙන් එක් අයකු තුවාල ලබා ඇති බවත් ඔවුහු කියා ... |
"දේශපාලනය තිත්තයි මම අස්වෙනවා – ධම්මික" | "ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කෙටි කාලයක් ඇමැති තනතුරක් දැරූ ධම්මික පෙරේරා මහතා සිය පාර්ලිමේන්තු තනතුරෙන් ඉල්ලා අස්වීමට අදහස් කරයි. මේ පිළිබඳව ‘දිවයින’ට ඊයේ විශේෂ ප්‍රකාශයක් කළ ධම්මික පෙරේරා මහතා කීවේ දේශපාලනයෙන් තොරව රට වෙනුවෙන් ආණ්ඩුවට ඕනෑම උදව්වක් කරන බවය. දේශපාලනය පිළිබඳව තමා කලකිරී ඇතැයි ද හෙතෙම කීවේය. ප්‍රශ්නය – ඔබ ... |
"අරලියගහ මැඳුර ළඟින් අරගලකරුවෝ ඉවත් වෙති" | "අරලියගහ මන්දිරය ඉදිරිපිට ‘නෝ ඩීල්ගම’ ලෙස නම් කර පවත්වාගෙන ගිය අරගල භූමිය එම ස්ථානයෙන් ඉවත් කර ගැනීමට එහි සිටි අරගලකරුවෝ ඊයේ (21 දා) පස්වරුවේ තීරණය කළහ." |
"නව ජනාධිපති දිවුරුම් දුන් මොහොතට එක්වූ හිටපු ජනාධිපතිවරුන්…." | "නව ජනාධිපති ලෙස රනිල් වික්‍රමසිංහ මහතා දිවුරුම් දුන් මොහොතට එක්වූ හිටපු ජනාධිපතිවරුන් වූ මහින්ද රාජපක්‍ෂ, මෛත්‍රිපාල සිරිසේන ලක්‍ෂ්මන් කිරිඇල්ල, ජනපති බිරිඳ මහාචාර්ය මෛත්‍රි වික්‍රමසිංහ, රුවන් විජයවර්ධන, වජිර අබේවර්ධන, අකිල විරාජ් කාරියවසම්, පාලිත රංගේබණ්ඩාර, දයා ගමගේ, සාගල රත්නායක ඇතුළු පිරිස. " |
"සජබ තරුණ බලවේග සභාපති ධුරයෙන් මයන්ත අස්වෙයි" | "සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක මහතා එම පක්ෂයේ සමගි තරුණ බලවේගය සභාපති ධුරයෙන් ඊයේ (21) සිට ඉවත් වී ඇත. ඊට අදාළ ඉල්ලා අස්වීමේ ලිපිය මන්ත්‍රීවරයා විසින් සජබ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා වෙත යවා තිබේ. කෙසේ වෙතත් තමන් පක්ෂයේ තවදුරටත් සිටින බවත් පක්ෂය හැර නොයන බවත් ඒ මහතා ‘දිවයින’ට ඊයේ දහවල් කියා ... |
"පාර්ලිමේන්තුව වාර අවසාන කෙරේ" | "වත්මන් පාර්ලිමේන්තුව වාර අවසාන කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර ඇත. ජනාධිපතිවරයා ඒ පිළිබඳව පක්ෂ නායකයන් ද දැනුවත් කළ බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග මහතා පැවසීය. පාර්ලිමේන්තුවේ තාවකාලික විරාමයක් වන වාරාවසාන කිරීමක්, මාස තුනකට වඩා දීර්ඝ නොකළ යුතුය. කෙසේ වෙතත්, එකී නව ප්‍රකාශයේ දින සිට දි... |
"කේවට්ටයන් ඈත්කර දසරාජ ධර්මයෙන් රට පාලනය කරන්න" | "මුරුත්තෙට්ටුවේ ආනන්ද නාහිමිගෙන් නව ජනාධිපති රනිල්ට ලිපියක් රටේ නායකයා තුළ තිබිය යුතු ගුණධර්ම 10ක් දසරාජ ධර්මය යන නමින් බුද්ධ දේශනාවේ පවතින බවත් එම දසරාජ ධර්මය මුල්කරගෙන කටයුතු කරමින් වැරදි උපදෙස් දෙන කේවට්ටයන් ඈත් කරගෙන ජනතා හඬට කන්දෙන උපදේශකයන් ළං කරගෙන විවිධ දුෂ්කරතා හා සාගින්න මැද ජීවත්වන ජනතාව සුඛිත මුදිත කරන්නට ස... |
"ජනපති රනිල් දිවුරුම් දුන් මොහොත" | "ශ්‍රී ලංකාවේ අටවෙනි විධායක ජනාධිපතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (21 දා) පාර්ලිමේන්තු පරිශ්‍රයේ දී දිවුරුම් දුන්නේය. එම අවස්ථාවේ දසුන් පෙළක් මෙහි දැක්වේ. පිංතූර – පාර්ලිමේන්තු මාධ්‍ය අංශය සහ අගමැති මාධ්‍ය අංශය" |
"බහුතරයක් ඡන්දෙ දුන්නෙ පිච්චුණ ගෙවල් හදා ගන්න සහ වාහන පර්මිට් එකට – මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර" | "පාර්ලිමේන්තුවේ ඊයේ පිළිබිඹු වුණේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය නොවේ අරගලයක් කරලා පෙළපාලි ගිහින් කිව්වේ හොරු පන්නන්න කියලා රනිල් වික්‍රමසිංහ මහතාට බහුතරයක් ඡන්දෙ දුන්නෙ තමන්ගේ පිච්චුණ ගෙවල් හදා ගැනීමට සහ වාහන පර්මිට් එක ලබාගැනීමට මෙන්ම තවදුරටත් බලයේ සිටින්න යැයි සමගි ජන බලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර... |
"අවස්ථා දෙකකදී වැඩිකළ බස් ගාස්තු අඩු නොකළොත් අධිකරණයට යනවා" | "අවම ගාස්තුව රු. 30 කරන්න කිව්වත් ඇහුවේ නෑ – සමස්ත ලංකා බස් මගීන්ගේ සංගමයේ සභාපති අවස්ථා දෙකකදී වැඩිකරන ලද බස් ගාස්තුව අඩුනොකරන්නේ නම් සහ බස් ගාස්තු මිල සූත්‍රය හෙළිදරව් නොකරන්නේ නම් ලබන සතියේ සමස්ත මගී ජනතාව සමග සහනය පතා අධිකරණයට යන බව සමස්ත ලංකා බස් මගීන්ගේ සංගමයේ සභාපති විමුක්ති දුෂාන්ත මහතා ‘දිවයින’ට ඊයේ (21 දා) පැ... |
"ඩෙංගු අධි වසංගත තත්ත්වයක් බවට පත්වෙලා!" | "ලබන සඳුදා විශේෂ ඩෙංගු මර්දන දිනයක් – සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් අසේල ගුණවර්ධන එළැඹෙන 25 වැනිදා සඳුදා විශේෂ ඩෙංගු මර්දන දිනයක් ලෙසට ප්‍රකාශයට පත්කර ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් වෛi අසේල ගුණවර්ධන මහතා පැවසීය. ඩෙංගු අධි වසංගත තත්ත්වයක් බවට පැතිරීමේ අවදානමක් නිරීක්‍ෂණය වී ඇති බැවින් මෙම පියවර ගත් බව ද හෙතෙම කීය. ම... |
"ණය සහන පතන අය අයැදුම් කරන්න: මහ බැංකුව කියයි" | "ණය සහන බලාපොරොත්තු වන ගනුදෙනුකරුවන් 2022.07.31 දින හෝ ඊට පෙර ලිඛිතව හෝ විද්‍යුත් ක්‍රම මගින් සිය බලපත්‍රලාභී බැංකුව වෙත තම ඉල්ලීම් යොමු කළ යුතු බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. එකී ඉල්ලීම් සම්බන්ධයෙන් අදාළ බැංකුවේ තීරණය, ඉල්ලීම ලැබුණු දින සිට මසක් ඇතුළත අයදුම්කරුවන් වෙත නිසි පරිදි දැනුම්දීම කෙරෙනු ඇත. ප්‍රතික්ෂේපිත ඉල්ල... |
"රනිල් ජනපති – අට වැනි විධායක ජනපති පත්වෙයි" | "බෙදී සිටි කාලය දැන් අවසන් සියලු දෙනා එක්වී අලුත් ගමනක් යමු – රනිල් මැතිසබේදී කියයි ශ්‍රී ලංකාවේ අටවෙනි විධායක ජනාධිපතිවරයා ලෙස රනිල් ශ්‍රියාන් වික්‍රමසිංහ මහතා ඊයේ (20 දා) පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්දයෙන් තේරී පත් විය.ඒ අනුව ඊයේ (20 දා) පැවැති ජනාධිපතිවරයකු තෝරා පත් කර ගැනීමේ පාර්ලිමේන්තු ඡන්ද විමසීමේදී වැඩබලන ජනාධිපති ... |
"අද දිවුරුම් දෙයි" | "නව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය ධුරයෙහි දිවුරුම් දීම අද (21දා) පාර්ලිමේන්තු සංකීර්ණයේදී සිදුකිරීමට නියමිතය. ඒ සඳහා අවස්ථාව සලසන ලෙස කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගෙන් ජනාධිපතිවරයා විශේෂ ඉල්ලීමක් ද සිදු කළේය. අකිත පෙරේරා, රනිල් ධර්මසේන" |
"‘පාර්ලිමේන්තුව අරගලය පාවා දුන්නා’ – දමිතා කඳුළු සලද්දී අරගල බිමේ රනිල් ගෝ හෝම් රැව්දෙයි" | "අරගලකරුවෝත් ඡන්දය බලතිසැබෑ ජනමතය පාර්ලිමේන්තුව තුළ නියෝජනය නොවන බව ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීමේ ප්‍රතිඵලය තුළින් පැහැදිලි වන බව ජන අරගලයේ ඉදිරි පෙළ ක්‍රියාකාරිනියක වන රංගන ශිල්පිනී දමිතා අබේරත්න මහත්මිය ඊයේ (20දා) ජන අරගල භූමියේදී මාධ්‍ය අමතමින් පැවසුවාය. ඇය එම ප්‍රකාශය කළේ කඳුළු සලමිනි.දින සියයකට වැඩි කලක් තිස්සේ ස... |
"මැතිසබයේ ඡන්ද ගණන් කරමින්" | "අභිනව ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීම සඳහා ඊයේ (20 දා) පාර්ලිමේන්තුවේ පැවැති ඡන්දයෙන් පසු ඡන්ද ගණන් කළ අවස්ථාවයි." |
"ඓතිහාසික ජූලි 21 අදයි" | "අද දිනය ජුලි මාසයේ 21 වැනි දිනයි. අද දිනය ලොව සුවිශේෂි සිදුවීම් කීපයක් සිදු වූ දිනකි. ලොව ප්‍රථම අගමැතිනිය සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය එම තනතුරට පත්වූයේ 1960 ජුලි 21 දිනයේය. 04-පිටුවටඑලෙසම ඇමරිකානු ජාතික නීල් ආම්ස්ට්‍රෝං සඳ මහත පා තැබූ ප්‍රථම මිනිසා ලෙසට ඉතිහාසයට එක්වූයේ ද අද වැනි දිනකය. ඔහු සඳ මත පා තැබුවේ 1969 ජුලි ... |
"බලය වෙනුවෙන් ජනතාව රවට්ටන බව පොහොට්ටුවේ මන්ත්‍රීවරු ඔප්පු කළා – ඕමල්පේ සෝභිත හිමි" | "එදා රනිල් වික්‍රමසිංහ මහතා ජාති ද්‍රෝහියෙක් ලෙස කලක් හංවඩු ගැසූ පොහොට්ටුවේ මන්ත්‍රීවරු ම අද ඔහු ජනාධිපති කරවීමට ක්‍රියාකර ඇත්තේ බල ලෝභය සඳහා ඕනෑම බොරුවක් කර ජනතාව රැවැට්ට වීමට සමත් පිරිසක් බවට ඔප්පු කරමින් යැයි දක්‍ෂිණ ලංකාවේ අධිකරණ සංඝනායක ඕමල්පේ සෝභිත හිමියෝ පැවසූහ.ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහින්ද රාජපක්‍ෂ මහතාගේ සි... |
"යූ.එන්.පී.මන්ත්‍රී තෝරන්න කළමනාකරණ කමිටුව රැස්වෙයි" | "එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරයා ලෙස පත්වීමත් සමග හිස්වන පාර්ලිමේන්තු මන්ත්‍රී පුරප්පාඩුව සඳහා ජනාධිපතිවරයාගේ උපදෙස් මත පක්‍ෂයේ කළමනාකරණ කමිටුව රැස්වී අයකු පත්කරන බව පක්‍ෂයේ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා ‘දිවයින’ට ඊයේ (20 දා) පැවසීය.2020 අගෝස්තු 05 වැනිදා පැවැති මහ මැතිවරණයෙන් එක්සත් ජාතික පක්‍ෂයට එකදු ම... |
"රට හරි මගට ගන්න රනිල් වැඩ කරාවි – මහින්ද රාජපක්ෂ" | "රටේ ජනතාව මුහුණදී සිටින ප්‍රශ්නවලට කඩිනමින් විසඳුම් ලබාදී රට යහපත් මගකට ගැනීමට නව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වහා පියවර ගනු ඇතැයි තමා විශ්වාස කරන බව හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.ඒ අනුව නව ජනාධිපතිවරයා ගන්නා තීරණවලදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සම්පූර්ණ සහයෝගය ලබා දෙන බව ද ඒ මහතා කීය. මෙම ජයග්‍රහණයට ත... |
"සිංගප්පූරුවත් ගෝඨාභයට යන්න කියයි" | "හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට වහාම සිංගප්පූරුවෙන් පිටව යන ලෙස එරට රජය ඒ මහතාට ලිඛිතව දැනුම් දී ඇත.සිංගප්පූරු රජය විසින් ගෝඨාභය රාජපක්ෂ මහතාට ඔහුගේ බිරිඳ සහ ආරක්ෂක නිලධාරීන්ට එරට රැඳී සිටීමට අවසර ලබාදී ඇත්තේ දින 15ක කාලයක් සඳහා පමණි. එම කාලය අවසන් වූ වහාම රටින් පිට වී යන ලෙස එරට රජය රාජපක්ෂ මහතාට දැනුම් දී ඇති අත... |
"පාසල් සතියට දින තුනයි" | "රටේ පවතින ඉන්ධන අර්බුදය හේතුවෙන් ලබන සතියේ සිට නැවත දැනුම්දෙන තුරු සතියකට දින තුනක් පමණක් පාසල් විවෘත කර තැබීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇත.ඒ අනුව සඳුදා අඟහරුවාදා සහ බ්‍රහස්පතින්දා යන දිනවල සාමාන්‍ය පරිදි පාසල් විවෘත කර තබන අතර බදාදා සහ සිකුරාදා දිනවලදී සිසු සිසුවියන්ට නිවෙස් පාදක (මාර්ගගත ක්‍රමයට) ඉගැන්වීම් සිදු... |
"ජනාධිපතිවරණය වෙන්දේසියක්: ප්‍රතිඵලය ජනමතය සමග ගැලපීමක් නැහැ – දුමින්ද නාගමුව" | "ජනාධිපති ලෙස පත් වූ රනිල් වික්‍රමසිංහ මහතා ධුරයෙන් පහ කිරීමට කටයුතු කිරීම මීළඟ අරගලය යැයි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව මහතා දිවයිනට ඊයේ (20 දා) පැවසීය. වික්‍රමසිංහ මහතා නියෝජනය කරන්නේ ඉන්දියාවේ සහ ඇමෙරිකාවේ බල වුවමනාවන් බවත් පැවසූ නාගමුව මහතා ජනාධිපතිවරණ ප්‍රතිඵල පිටුපස එම රටවල් සිටින බවද කී... |
"ගෝල් ෆේස් බණ්ඩාරනායක පිළිරුවට ළංවීම වළක්වමින් උසාවි නියෝගයක්" | "ගාලු මුවදොර, බණ්ඩාරනායක පිළිරුව පිහිටි ස්ථානයේ සිට මීටර් 50 ප්‍රදේශය තුළ කිසිදු පාර්ශ්වයකට ඇතුළුවීම වළක්වාලමින් කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඊයේ (20 දා) නියෝගයක් නිකුත් කළේය.කොටුව පොලිසිය විසින් කරන ලද ඉල්ලීමක් සලකා බැලීමෙන් පසුව මහෙස්ත්‍රාත්වරයා මෙම නියෝගය කළේය.අදාළ පිළිමයට හානි කිරීමේ සූදානමක් පවතින බවට තොරතුර... |
"ඉතින් හදමු අපි අලුත් රටක්" | "ශ්‍රී ලංකාවේ අටවන විධායක ජනාධිපතිවරයා ලෙස සයවරක් මෙරට අග්‍රාමාත්‍ය ධුරය හෙබ වූ රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (20 වැනිදා) තේරී පත් විය. 1977 දී පළමු වතාවට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයකට තේරි පත්වූ වික්‍රමසිංහ මහතා නියෝජ්‍ය අමාත්‍ය, කැබිනට් අමාත්‍ය, සභානායක, විපක්ෂ නායක, අගමැති හා වැඩබලන ජනාධිපති ආදී පදවි රැසක් හෙබවූ හතළිස්ප... |
"මා කියූ අනාවැකි වැරදිලා නෑ – වජිර අබේවර්ධන" | "ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස පත්වීමෙන් පසු ඔහු අගමැති, ජනාධිපති තනතුරුවලට පත්වන බවට තමා කළ ප්‍රකාශය වැරදුණේ නැතැයි එජාප සභාපති වජිර අබේවර්ධන මහතා ඊයේ (20 දා) පැවසීය.මේ අවස්ථාවේ රට ආර්ථික අර්බුද රැසකට මුහුණදී තිබෙන බවත් ඉන් මුදා ගත හැකි එකම නායකයා රනිල් වික්‍රමසිංහ බවත්, ඒ මහතාට එම කාර... |
"ඊයේ මැතිසබේදී" | "අටවැනි විධායක ජනාධිපති තෝරා පත් කර ගැනීම සඳහා ඊයේ (20දා) පාර්ලිමේන්තුවේදී පැවැති රහස් ඡන්ද විමසීමේ විශේෂ අවස්ථාවන් මෙහි දැක්වෙයි. " |
"සියලු දෙනා එක්වී අලුත් ගමනක් යමු – නව ජනාධිපති රනිල් වික්‍රමසිංහ" | "බෙදී සිටි කාලය අවසන්බෙදී සිටී කාලය දැන් අවසන් වී ඇති බැවින් සියලුදෙනා එක්ව අලුත් ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරීමට එක්වන්නැයි නව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (20 දා) පැවසීය.නව ජනාධිපතිවරයා ලෙස තේරීපත් වීමෙන් අනතුරුව පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් කරමින් රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේය... |
"ජනපති තරගයට ආවේ තනතුර ආභරණයක් නිසා නොවේ – පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම" | "අපි හැමවිටම බැලුවේ දියවන්නාවෙන් එළියේ සිටින පවුල් ලක්ෂ 58 ක් ගැනයි“එළියේ දුකින් පීඩා විඳින තරුණයන් ඇතුළු සමස්ත ජනතාවගේ හඬට දැන්වත් ඇහුම්කන් දිය හැකි මනසක් නිර්මාණය වේවා” කියලා මම ප්‍රාර්ථනා කරනවා ඩලස් අලහප්පෙරුම මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (20 දා) පැවසීය.නව ජනාධිපතිවරයා ලෙස තේරීපත් වීමෙන් අනතුරුව පාර්ලිමේන්තුවේ දී වි... |
"මහ පොළොවේ ජනමතය මැති සබයෙන් පිළිබිඹු වුණේ නෑ – විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස" | "රට ගොඩනැඟීමට දිය හැකි උපරිම සහාය විපක්‍ෂය ලෙස අප ලබා දෙනවාරට ගොඩනැඟීම සඳහා විපක්‍ෂයක් ලෙස අපිට දිය හැකි උපරිම සහයෝගය ලබාදෙන බව විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ (20දා) පාර්ලිමේන්තුවේදී පැවසීය.නව ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීමෙන් පසුව පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කරමින් වැඩිදුරටත් අදහස් දැක්වූ විපක්‍ෂ නායකවරයා මෙසේද ... |
"අද පාර්ලිමේන්තුවේ පිළිබිඹු වුණේ ජනතා කැමැත්ත නොවේ විකෘතියක් – පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක" | "අනුප්‍රාප්තික ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීමේ ඡන්ද විමසීමේ දී ලැබෙන ප්‍රතිඵලය ගැන තමන් පෙර සිටම දැන සිටි බව ජාතික ජනබල වේගයේ නායක, කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (20 දා) පැවසීය.නව ජනාධිපතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා පත්වීමෙන් අනතුරුව අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් ... |
"නව ජනපති ජය සමරා සතුටු සිනා…" | "නව ජනාධිපතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (20) තේරී පත්වීමත් සමගින් කොළඹ මරදාන ඩීන්ස් පාරේදී ඒ මහතාගේ ආධාරකරුවන් ප්‍රීති ඝෝෂා කරමින් රතිඤ්ඤා දල්වමින් සිය සතුට පලකළ අයුරු…. ජායාරූපය – ජූඩ් ඩෙන්සිල් පතිරාජ " |
"විල මැද සටනේ තීන්දුව අද – අටවැනි විධායක ජනපති කවුද?" | "සජිත් ඉවත් වෙයිරනිල්ගේ නම පොහොට්ටුවෙන් – ස්ථිර කිරීම සජබයෙන්ඩලස්ගේ නම සජබයෙන් – ස්ථිර කිරීම පොහොට්ටුවෙන්මෙරට දේශපාලන ඉතිහාසයට ඓතිහාසික සිදුවීමක් එක් කරමින් ශ්‍රී ලංකාවේ අටවැනි විධායක අනුප්‍රාප්තික ජනාධිපති තෝරා පත්කර ගැනීම පාර්ලිමේන්තුවේදී අද (20දා) පෙරවරු 10.00ට ආරම්භ කෙරේ.මැතිවරණයකින් ජනාධිපතිවරයකු තේරා පත්කර ගැනී... |
"ඩලස් – සජිත් ඒකාබද්ධ ප්‍රකාශයක්" | "දියවන්නාවෙන් ඔබ්බට ජනතාවගේ ජීවිත දිනවීමේ අරගලයට කැප වෙනවා – ඩලස් අලහප්පෙරුමජනතාවගේ අපේක්ෂාවන් මල්ඵල ගන්වනවා – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසඅද ආරම්භ වනුයේ සම්මුතිවාදී ගමනක් බවත්, දියවන්නාවෙන් ඔබ්බට ජනතාවගේ ජීවිත ගොඩනැංවීමේ අරගලය වෙනුවෙන් ඇප කැප වන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය.අනුප්‍රාප්තික ජනාධ... |
"පාර්ලිමේන්තුවේ සංයුතියෙන් ජනමතය නියෝජනය වන්නේ නෑ – විජිත හේරත්" | "මහ පක්‍ෂ දෙක එකම කාසියේ දෙපැත්ත වගේඅනුප්‍රාප්තික ජනාධිපතිවරයකු පත්කර ගැනීම සඳහා නාමයෝජනා ඉදිරිපත් කිරීමේදී ප්‍රධාන පක්ෂ දෙක එකම කාසියේ දෙපැත්ත යැයි නැවත වරක් සනාථ වූ බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා ඊයේ (19දා) ‘දිවයින’ට පැවසීය.රනිල් වික්‍රමසිංහ මහතාගේ නම ශ්‍රී ලංකා පොදුජන... |
"අවුරුදු පහක් දහයක් ඕනෑ නෑ: ලබන වසර අවසන් වන විට අපි ස්ථාවර වෙනවා – රනිල් සී.එන්.එන්. පුවත් සේවයට කියයි" | "අපිට අවුරුදු පහක් හෝ දහයක් අවශ්‍ය නොවන බවත් ලබන වසර (2023) අවසන් වන විට ආර්ථිකය ස්ථාවර වීමට පටන් ගනු ඇති බවත් වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.සී.එන්.එන්. පුවත් සේවයට අදහස් දක්වමින් වැඩබලන ජනාධිපතිවරයා මේ බව පැවසීය. පසුගිය රජය එහි රටේ මූල්‍ය අර්බුදය පිළිබඳ කරුණු වසන් කරමින් සිටි බව ද රනිල් වික්‍රමසිංහ මහත... |
"සජිත් ඉවත්වීම ඥානාන්විතයි – ඕමල්පේ සෝභිත නාහිමියෝ" | "විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරයා තෝරාපත්කර ගැනීමේ පාර්ලිමේන්තු ඡන්දයෙන් ඉවත්වීම ඥානාන්විත ක්‍රියාවක් බව දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝ නායක ආචාර්ය, ඕමල්පේ සෝභිත හිමියෝ ‘දිවයින’ට ඊයේ (19 දා) පැවසූහ.පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගේ ඡන්දයෙන් අනුප්‍රාප්තික ජනපතිවරයකු පත්කර ගන්නට ඡන්ද විමසන මේ මොහොතේ අරගලයේ ජනතා මතය ... |
"අපේ දහසයදෙනාගේ සහාය ඩලස්ට – විමල් වීරවංශ" | "පාර්ලිමේන්තුවේ හෙට පැවැත්වෙන ජනාධිපති අපේක්‍ෂකයා තෝරා ගැනීමේ ඡන්දයේදී ආණ්ඩුවෙන් ස්වාධීන වූ පක්‍ෂ එකමුතුව ජනාධිපති අපේක්‍ෂක ඩලස් අලහප්පෙරුම මහතාට ඡන්දය ලබාදෙන බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පැවසීය.ආණ්ඩුවෙන් ස්වාධීන වූ පක්‍ෂ එකමුතුවේ සිට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දහසයදෙනාගේ ඡන්දය ඒ... |
"රනිල්ගේ පත්වීමට එරෙහි නාගානන්දගේ පෙත්සම විසිවෙයි" | "රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්‍ෂ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස දිවුරුම් දීම අභියෝගයට ලක් කරමින් නීතීඥ නාගානන්ද කොඩිතුවක්කු මහතා විසින් ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගැනීමට අවසර ලබාදීමකින් තොරවම ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (19දා) ප්‍රතික්‍ෂේප කළේය.පෙත්සම්කරු එම පෙත්සම ගොනු කර ඇත්තේ... |
"ගබඩාවල තෙල් තිබුණත්බෙදාහැරීම නැවතී – අත්‍යවශ්‍ය සේවා කඩාවැටිලා" | "මේ වනවිට ඩීසල් හා පෙට්‍රල් ගබඩාවලට ගොඩබා තිබුණත් ඒවා බෙදාහැරීම නවතා තිබෙන නිසා රෝහල්, ලංගම ඇතුළු අත්‍යවශ්‍ය සේවා සඳහා ඉන්ධන නැතිව වැඩකටයුතු අඩාළ වී තිබේ.මේ වනවිට ඩීසල් මෙටි්‍රක් ටොන් 80,000 ක් සංස්ථාවේ ගබඩාවලට ගොඩබා තිබෙන බවත් පෙට්‍රල් මෙටි්‍රක් ටොන් 35,000ක් ගබඩා කර අවසන් බවත් තෙල් සංස්ථා නිලධාරීහු සනාථ කළහ.හඳුන්වාද... |
"ජනතා අභිලාෂයන් ජයග්‍රහණය කරවීමට සජිත් ජනපති සටනින් ඉවත් වුණා – ඉමිටියාස් බාකීර් මාකාර්" | "ප්‍රජාත්‍රන්ත්‍රවාදය ආරක්‍ෂා කරමින්, ජනතා අභිලාෂයන් ජයග්‍රහණය කරවීම වෙනුවෙන් විපක්‍ෂ නායක, සජිත් ප්‍රේමදාස මහතා ජනපති තෝරාපත්කර ගැනීමේ පාර්ලිමේන්තු ඡන්ද විමසීමෙන් ඉවත්වීමට තීරණය කළ බව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉමිටියාස් බාකීර් මාකාර් මහතා “දිවයින”ට ඊයේ (19දා) පැවසීය.සමගි ජනබලවේගයේ නායකත්වය මෙලෙස නම්‍යශීලීවී... |
"පාසල් යළි ඇරඹීම 25 දාට කල් යයි" | "හෙට (21 දා) සිට පාසල් ආරම්භ කිරීමට නියමිතව පැවති නමුත් රට තුළ පවතින ඉන්ධන හා ප්‍රවාහන දුෂ්කරතා හේතුවෙන් ඇති වී ඇති අර්බුදකාරී තත්ත්වය සලකා ලබන සඳුදා (25 දා) සිට පාසල් නැවත ආරම්භ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇත. එලෙස පාසල් ආරම්භ කර පවත්වාගෙන යෑම සඳහා පළාත් අධ්‍යාපන ලේකම්වරුන්, පළාත් අධ්‍යාපන අධ්‍යක්‍ෂවරුන්, කලා... |
"බස් ගාස්තු සියයට දෙකකින් බස්සයි – අවම ගාස්තුව රු. 38යි" | "ඉන්ධන මිල අඩුවීම හේතුවෙන් බස් ගාස්තුව සියයට 2.23 කින් අඩු කර තිබෙන අතර ඒ අනුව අවම බස් ගාස්තුව රුපියල් 38ක් දක්වා අඩු කළ බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව නිවේදනය කරයි. අඩු කළ බස් ගාස්තු ඊයේ (19දා) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන අතර පෞද්ගලික, ලංගම මෙන්ම අධිවේගී මාර්ගවල ධාවනය කෙරෙන සියලු මගී ප්‍රවාහන බස් රථවල ගාස්තු මෙ... |
"මැතිසබයට ආ ජනපති සටන…" | "ජනාධිපතිවරයා තෝරා ගැනීම සඳහා ඊයේ (19දා) පාර්ලිමේන්තුවේදී නාමයෝජනා කැඳවූ අවස්ථාවේ අපේක්‍ෂකයන් තිදෙනා වන වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ, මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම හා මන්ත්‍රී අනුර කුමාර දිසානායක යන මහත්වරුන්ගේ නම් යෝජනා ස්ථිර කළ අයුරු." |
"“අහසට නොවෙයි මුන්ට මැරෙන්නම වෙඩි තියන්න” – එස්. එස්. පී කීර්තිරත්න නියෝග කරලා" | "– නීතිපති අභියාචනාධිකරණයට දන්වයිඉන්ධන ගැටලුවට විසඳුම් ඉල්ලා පසුගිය අප්‍රේල් 19 වැනිදා රඹුක්කන පැවැති විරෝධතා ව්‍යාපාරය විසුරුවා හැරීම සඳහා පොලිසිය විසින් අහසට වෙඩි තබන විට “අහසට නෙමෙයි මුන්ට මැරෙන්නම වෙඩි තබන ලෙසට කෑගල්ල කොට්ඨාසය භාරව සිටි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කේ. බී. කීර්තිරත්න පොලිසියට නියෝග කොට ඇතැයි අතිරේක පොලි... |
"කොවිඩ් යළි එනවා; 4 වැනි එන්නත ගන්න මාර්ගෝපදේශ පිළිපදින්න – විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත්" | "කොවිඩ් – 19 වෛරස ව්‍යාප්තියක් යළි පෙන්නුම් කරන බැවින් කොවිඩ් මර්දනය වෙනුවෙන් ලබාදෙන ‘හතරවන එන්නත් මාත්‍රාව’ වහාම ලබාගන්නා ලෙස සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල්, විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියි.දිවයින පුරා පිහිටි සෞඛ්‍ය වෛද්‍ය මධ්‍යස්ථාන අමතා දින ලබාගෙන ‘හතරවන එන්නත් මාත්‍රාව’ ලබාගත හැකි බවත්... |
"පුරවැසියන්ගෙන් 70%ක් විධායක ජනපති ක්‍රමයට කැමති නැහැ" | "වෙරිටේ රිසර්ච් විසින් 2022 ජූනි මාසයේ සිදුකර තිබෙන ජනමත විමසුමකට අනුව රටේ පුරවැසියන්ගෙන් 70%ක්, විධායක ජනපති ක්‍රමය අහෝසි කළ යුතුව ඇති බව පවසා ඇත.විධායක ජනපති ක්‍රමය එලෙසම පවත්වාගෙන යා යුතු බව පවසා තිබෙන්නේ 15%ක පිරිසකි.සියලුම ජාතීන් ඇතුළත් වන පරිදි රටේ දීප ව්‍යාප්ත නියෝජනයක් පවතින බව තහවුරු වන ආකාරයට තෝරාගත් වැඩිහිටි... |
"රට අඳුරට පත්වීම පාලකයින්ට පෙන්වා දුන්නත් ඒවා වැදිබණ ලෙස උපහාසයට ලක් කළා – ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිලැඇත්තෝ" | "අද මුළු රටම අඳුරෙන් අඳුරට යමින් තිබෙන බවත් මෙවැනි තත්ත්වයක් උදාවිය හැකි බව තමා පාලකයින්ට මීට පෙර කිහිප වරක්ම පෙන්වාදී ඇති බවත් ඒ සෑම අවස්ථාවකම වැදි බණ ලෙසට උපහාසයට ලක් කළ බවත් ආදිවාසී නායක වනස්පති විශ්ව කීර්ති ඌරුවරිගේ වන්නිලැඇත්තෝ පැවසූහ.ඉබ්බාගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වැඩිහිටි සමීති කිහිපයක සාමාජික සාමාජිකාවන් ... |
"ඩී. බී. ජනපති කරපු මොහොතේ සිරිමාවෝගේ ආදර්ශය අදටත් වටිනවා – එජාප සභාපති වජිර අබේවර්ධන" | "වසර 50 ක දේශපාලන පළපුරුද්ද ඇති විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අරාජිකත්වයට පත්ව තිබෙන ශ්‍රී ලංකාව ආසියාවේ ඉහළම තැනකට ඔසවා තබන බවට කිසිදු සැකයක් නැති බවත්, ඒ ගමන් මඟ තවත් ශක්තිමත් කිරීමට පාර්ලිමේන්තුවේ සියලු මහජන නියෝජිතයන් එකමුතුව එතුමන්ගේ ගමන් මඟට ශක්තිය ලබාදිය යුතුව ඇති බවත් එක්සත් ජාතික පක්‍ෂ සභාපති, හිටපු අ... |
"ගජේන්ද්‍ර කුමාර්ගේ පක්‍ෂය කාටවත් ඡන්දය දෙන්නේ නෑ" | "විකල්ප ජනාධිපතිවරයකු තෝරා පත්කර ගැනීම සඳහා පාර්ලිමේන්තුවේදී පැවැත්වෙන ඡන්ද විමසීමට ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම්ගේ නායකත්වයෙන් යුත් දෙමළ ජාතික ජනතා පෙරමුණ ( TNPF) ඡන්දය පාවිච්චි කිරීමෙන් වැළකී සිටින බව එම පක්ෂයේ නායකයා ප්‍රකාශ කළේය.පක්ෂ නායක ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් මන්ත්‍රීවරයා මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ... |
"ඇපැල් නියෝගය ලැබෙන තෙක් පාඨලීගේ නඩුව අත්හිටුවන්න – නීතිපතිගෙන් ඉල්ලීමක්" | "රිය අනතුරක් සිදුකර පොලිසියට වාර්තා නොකර පලා යෑම ඇතුළු චෝදනා යටතේ හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ පවරා ඇති නඩුව, මේ වන විට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පවතින අභියාචනා පෙත්සම සම්බන්ධයෙන් තීන්දුවක් ලැබෙන තුරු ඉදිරියට පවත්වාගෙන නොයන බවට නීතිපතිවරයා ඊයේ (19 දා) අභියාචනාධිකරණයට එකඟතාවයක් පළ කළේය.එ... |
"බාල එන්නත් සහ බෙහෙත් කරල් වර්ග 5ක් රෝහල්වල භාවිතයෙන් ඉවතට" | "ඉකුත් සතියේදී රජයේ රෝහල්වලට බෙදා හැර තිබූ අත්‍යවශ්‍ය එන්නත් හා බෙහෙත් කරල් වර්ග පහක් තත්ත්වයෙන් බාල වීම මත භාවිතයෙන් ඉවත් කිරීමට වෛද්‍ය සැපයුම් අංශය විසින් පියවර ගෙන තිබේ.මෙසේ භාවිතයෙන් ඉවත් කරන ලද එන්නත් හා බෙහෙත් වර්ග පහෙන් තුනක් මෙරට බෙහෙත් කර්මාන්තශාලාවල නිෂ්පාදනය කළ ඒවා වන අතර දෙකක් ඉන්දියාවෙන් ආනයනය කරන ලද ඒවා බ... |
"පාර්ලිමේන්තු වටරවුමේ රැකවල්ලා…" | "නව ජනාධිපතිවරයා තෝරා පත් කරගැනීමේ නාම යෝජනා බාර ගැනීම ඊයේ(19දා) පාර්ලිමේන්තුවේදී සිදු විය. පාර්ලිමේන්තු සංකීර්ණය අවට හා ප්‍රවේශ මාර්ගවල දැඩි ආරක්ෂාවක් යොදවා තිබූ අයුරු. ජායාරුප තුෂාර අතපත්තු" |
"සජිත් ඩලස් සම්මුතියකට – සටන තියුණු වෙයි" | "ඉවත් වන්නේ කවුද තීරණය අවසන් මොහොතේඅනුප්‍රාප්තික ජනාධිපති තේරීමේ ඡන්දයේදී විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස සහ ඩලස් අලහප්පෙරුම යන මහත්වරුන් පොදු එකඟතාවකින් කටයුතු කිරීමට තීරණය කර ඇත.ඒ අනුව එම දෙදෙනාගෙන් කවර අපේක්‍ෂකයාට සහාය දෙන්නේ දැයි දෙපාර්ශ්වය අවසන් මොහොතේදී නිවේදනය කරන බව සමගි ජනබලවේගය මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා... |
"ජනපති නාමයෝජනා භාරගන්න මැතිසබය අද රැස්වෙයි – නම දෙන විට අපේක්‍ෂකයා මැතිසබේ සිටීම අනිවාර්යයි" | "අනුප්‍රාප්තික ජනාධිපතිවරයා තෝරා ගැනීමට අදාළ මන්ත්‍රීවරුන්ගේ නාමයෝජනා භාරගැනීම වෙනුවෙන් අද (19 දා) පාර්ලිමේන්තුව රැස්වේ.වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා විසින් ප්‍රථමයෙන් සෙංකෝලය තැන්පත් කිරීමෙන් පසුව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ මූලාසනයෙන් පාර්ලිමේන්තුව රැස්වන අතර එහිදී ජනාධිපති ධුරය සඳහා නාමයෝජනා භාර ගැනීම... |
"හදිසි නීතිය බලගැන්වේ – මැති සබය අවට රැකවල් තරවෙයි" | "වහාම ක්‍රියාත්මක වන පරිදි වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් රට පුරා හදිසි අවස්ථා තත්ත්වයක් බලාත්මක කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් ඊයේ (18 දා) නිකුත්කර ඇත.රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් මහතා විසින් මෙම ගැසට් නිවේදනය නිකුත්කර ඇත.ශ්‍රී ලංකාව තුළ මේ වනවිට මහජන හදිසි අවස්ථා තත... |
"බස් ගාස්තුව 2% කින් අඩු වේවි – ගමනාගමන කොමිසමේ අධ්‍යක්‍ෂ ජනරාල්" | "ඉන්ධන මිල පහළදැමීම හේතුවෙන් බස් ගාස්තුව සියයට 02 කට ආසන්න ප්‍රමාණයකින් පහළ යනු ඇතැයි ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ අධ්‍යක්‍ෂ ජනරාල් ආචාර්ය තිලාන් මිරැන්ඩා මහතා පවසයි.ඒ අනුව ඉන්ධන මිල පහළ දැමීමට සාපේක්‍ෂව බස් ගාස්තුව අඩුකිරීමට මේ වනවිට නිර්දේශ සකසමින් සිටින අතර ඒ පිළිබඳ ප්‍රවාහන අමාත්‍යාංශ ලේකම්වරයා දැනුවත් කරන බවද ඒ මහත... |
"ගෝල්ෆේස් අරගලකරුවෝ පිරිසක් සජිත් හමුවෙති" | "ගෝල්ෆේස් අරගලකරුවන් පිරිසක් ඊයේ 18දා) විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමු වී ඇත.පාර්ලිමේන්තුවේදී අනුප්‍රාප්තික ජනාධිපතිවරයකු තෝරා පත්කර ගැනීමේ කාර්යය සම්බන්ධයෙන් ඔවුන්ගේ ස්ථාවරය මෙහිදී විපක්‍ෂ නායකවරයා වෙත දන්වා තිබේ. එහිදී විපක්‍ෂනායක සජිත් ප්‍රේමදාස මහතා එම පිරිසට දන්වා ඇත්තේ තමා හෝ සමගි ජනබලවේගය කිසිවිටෙක අරගලයේ ... |
"මිල සහනයත් සමග 21 සිට පෙට්‍රල් දෙනවා – වැඩ බලන ජනාධිපති රනිල් කියයි" | "ජූලි 21 වැනිදා සිට ජනතාවට පෙට්‍රල් ලබාදීමට කටයුතු කරන බවත් ලෝක වෙළෙඳපොළේ පෙට්‍රල් මිල ද අඩුවූ නිසා එහි වාසිය ද ජනතාවට ලබාදෙන බවත් වැඩ බලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (18 දා) පැවසීය.විශේෂ ප්‍රකාශයක් කරමින් වැඩ බලන ජනාධිපතිවරයා වැඩිදුරටත් මෙසේ ද කියා සිටියේය.මම මැයි 13 වැනිදා අගමැතිකම භාරගත් අවස්ථාවේදී ආර්ථිකය ක... |
"ශ්‍රීලනිප සහාය කාටද – තීරණය අද මධ්‍යම කාරක සභාවෙන් පසු – මහලේකම් දයාසිරි කියයි" | "ජනාධිපති අපේක්‍ෂකත්වය සඳහා කුමන පුද්ගලයකු නාමයෝජනා භාර දුන්නද ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය සිය ඡන්දය පාවිච්චි කරන්නේ කාටද යන්න තීරණය කරන්නේ අද (19දා) පැවැත්වෙන මධ්‍යම කාරක සභාවේ ඒකමතික තීරණය මත බව ශ්‍රීලනිප මහලේකම් දයාසිරි ජයසේකර මහතා පැවසීය.සියලුම පක්‍ෂ එකතු වී පොදු එකඟතාවක් මත පත්කර ගන්නා ජනාධිපතිවරයකු යටතේ සර්ව පාක්‍ෂි... |
"ඔමික්‍රෝන් විකෘති ප්‍රභේදය ලංකාවටත් බැල්ම හෙළයි! – PHI සංගමය අනතරු අඟවයි" | "ලොවපුරා ව්‍යාප්ත වන ‘ඔමික්‍රෝන්’ නව කොවිඩ් විකෘති ප්‍රභේදය මෙරටටද පැමිණීමේ දැඩි අවදානමක් පවතින බවට මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ සංගමය අනතුරු අඟවයි.ඊයේ (18දා) පැවති මාධ්‍ය හමුවකදී එම සංගමයේ සභාපති, උපුල් රෝහණ මහතා මේ බව පැවසීය.රට තුළට මේ වනවිටත් නව කොවිඩ් ප්‍රභේදය ඇතුළු වී තිබේදැයි සොයා බැලිය යුතු බව පැවසූ උපුල් රෝහණ මහ... |
"ඓතිහාසික අවස්ථාව මග නොහරින්න – කාදිනල්තුමා ඉල්ලයි" | "මේ තීරණාත්මක මොහොතේ තවදුරටත් දේශපාලන බල ව්‍යාපෘති සහ ඒවා ජයගැනීමට කෙරෙන මන්ත්‍රීවරුන් මිලදී ගැනීම වැනි ක්‍රියාවලට හසුනොවී මාතෘභූමිය සහ ජනතාවගේ අපේක්‍ෂා සාක්ෂාත් කළහැකි දූෂණයෙන් තොර නායකයකු පත්කර ගැනීමට වාසනාවන්ත ඓතිහාසික අවස්ථාව අතපසු නොකරන ලෙස සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටින බව මැල්කම් රංජිත් කාදිනල්... |
"සිසුවාගේ කනට ගැසූ ගුරුවරයාට අත්හිටවූ සිරදඬුවම් – සිසුවාට ලක්‍ෂ 1 1/2 ක් වන්දි ගෙවීමටත් නියෝග" | "පාසල තුළදී කළ දඩබ්බර ක්‍රියාවක් නිසා කෝපයට පත්වී බාලවයස්කාර පාසල් සිසුවකුට කනට දරුණු ලෙස පහර කිහිපයක් එල්ල කර හිංසා කිරීමේ චෝදනාවට වරදකරු කරනු ලැබූ කොළඹ නගරයේ පිහිටි ජාතික පාසලක ගණිත ගුරුවරයකුට වසර පහකට අත්හිටවූ වසර දෙකක බරපතළ වැඩ සහිත සිරදඬුවම් නියම කොට වින්දිත සිසුවාට රුපියල් 150,000ක වන්දියක් ගෙවීමට කොළඹ මහාධිකරණ ව... |
"දේශපාලකයන්ට – රාජ්‍ය ප්‍රධානීන්ට එරෙහි ඉල්ලා අස්කරගත් අල්ලස් නඩු යළි පවරනවා – අල්ලස් කොමිසම කියයි" | "ප්‍රබල දේශපාලනඥයන් හා රජයේ වගකිවයුතු තනතුරු දැරූ රාජ්‍ය සංස්ථා හා ආයතන ප්‍රධානීන් පිරිසකට එරෙහිව විවිධ දූෂණ චෝදනා යටතේ පවරා තිබියදී තාක්‍ෂණික දෝෂ මත ඉල්ලා අස්කර ගත් සියලුම නඩු නැවත පැවරීමට කඩිනමින් පියවර ගන්නා බව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් ‘දිවයින’ ට පැවසීය.අමාත්‍ය ධුර හා එකී තනතුරු දරම... |
"පාසල් දිවා ආහාරයට චීනයෙන් සහල් මෙටි්‍රක් ටොන් දසදහසක්" | "පාසල් දිවා ආහාර වැඩපිළිවෙළ අඛණ්ඩව පවත්වාගෙන යෑම සඳහා චීන සමූහාණ්ඩුව මගින් සහල් මෙටි්‍රක් ටොන් දසදහසක් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කර තිබේ.මෙරට පාසල් 7925 ක දරුවන් දසලක්‍ෂ අසූදහසක් සඳහා වසර 30කට ආසන්න කාලයක් අඛණ්ඩව දිවා ආහාර වේලක් ලබාදුන් අතර එය මේ දිනවල ක්‍රියාත්මක නොවන තත්ත්වයකට පත්ව තිබේ.චීන සමූහාණ්ඩුව විසින් ලබාදෙන සහල්... |
"දඩයම නතර කර නීතිය හා ක්‍රමය ස්ථාපිත කිරීමට පමණක් බලය යොදන්න අරගලකරුවෝ ඉල්ලති" | "අරගලකරුවන් දඩයම් කිරීම වහා නවතා රටේ නීතිය හා ක්‍රමය ස්ථාපිත කිරීමට පමණක් තම බලය නිසියාකාරව භාවිත කරන මෙන් වැඩබලන ජනාධිපතිවරයාගෙන්, පොලිස්පතිවරයාගෙන් සහ සමස්ත පොලිස් නිලධාරීන්ගෙන් ඉල්ලා සිටින බව සර්වපාක්‍ෂික අරගලකරුවන් විසින් ඊයේ (18දා) නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.මහජන අරගලය මැඩපැවැත්වීම සඳහා හදිසි නීතිය පනවා ඇති බවත්,... |
"වැඩබලන ජනපති ධුරයෙන් රනිල් ඉවත් නොවුණොත් මහා වර්ජනයක් – හර්තාලයක්" | "– වෘත්තීය සමිති හා බහුජන සංවිධාන එකමුතුවකිසිදු ජන අනුමැතියක් නැති රනිල් වික්‍රමසිංහ මහතා වැඩබලන ජනාධිපති ධුරයෙන් ඉවත්නොවී තවදුරටත් පාලනයේ රැඳී සිටීමට උත්සාහ කළහොත් වෘත්තීය සමිති හා බහුජන සංවිධාන එකතුව මහා වැඩ වර්ජනයක් හා හර්තාලයක් කැඳවන බව වෘත්තීය සමිති බහුජන එකතුව ප්‍රකාශ කර සිටී.ගෝඨාභය – රනිල් ආණ්ඩුවේ පාලනයට එරෙහි න... |
"දිනපතා ඉන්ධන දෙනවා නම් මිල අඩුවීමේ වාසිය ජනතාවට දෙනවා – ගැමුණු විජේරත්න" | "පෞද්ගලික මගී ප්‍රවාහන බස් රථ සඳහා අඛණ්ඩව ඉන්ධන ලබාදීමට රජය ක්‍රියා කරන්නේ නම් ඉන්ධන මිල අඩුවීමේ සහනය ජනතාවට ලබාදීමට සූදානම් බව ලංකා පුද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසයි.ඊයේ (18දා) පැවති මාධ්‍ය හමුවකදී එම සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා මේ බව පැවසීය.එහිදී ඒ මහතා මෙසේද කීවේය.“මිල සූත්‍රය අනුව අඩු කළ ඉන්ධන මිලේ සහනය රටේ... |
"ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගැන 2020 ජනවාරියේ අනතුරු ඇඟවුවත් තැකීමක් කර නැහැ" | "ශ්‍රී ලංකාවේ ආර්ථිකය ඉතා බරපතළ තත්ත්වයකට පත්ව ඇතැයි 2020 ජනවාරි මස මුදල් අමාත්‍යාංශයේ බාහිර සම්පත් දෙපාර්තමේන්තුව රහසිගත වාර්තාවක් මගින් හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ රජයට අනතුරු ඇඟවුවත් ඒ ගැන තැකීමක් කර නැත.අපනයන ආදායම් මෙන්ම විදේශ ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණ ආදායම්ද සියයට 50කින් අඩුවී ඇති බව මෙම රහසිගත වාර්තාවෙන් තවදුරටත් දන්... |
"සාමය ඇතිවීමට ශ්‍රී ලංකාවේ ජාතික කොඩිය ඉවත් කරන්න – කොටි ඩයස්පෝරාව ඉල්ලයි" | "ශ්‍රී ලංකාව තුළ සාමය ඇතිවීමට නම් වහාම ජාතික ධජය ඉවත් කරන ලෙස කොටි ඩයස්පෝරාව ජාත්‍යන්තර ප්‍රජාවෙන් ඉල්ලා ඇත.ද්‍රවිඩ ජනතාවට එරෙහිව සියලු මිලේච්ඡ ක්‍රියා සිදු වූයේ ජාතික ධජය නිසා බව කොටි ඩයස් පෝරාව තවදුරටත් දන්වා තිබේ.එසේම උතුරු – නැගෙනහිරින් ආරක්ෂක හමුදාව ඉවත්කරන ලෙසද විප්ලවීය කමිටුවක් මගින් නව ව්‍යවස්ථාවක් ස්ථාපිත කරන ... |
"සටනට හෙට නම්දෙයි : ඊයේ වනටවිට නම් 4 ක්" | "ජනාධිපති ධුරය සඳහා තරග කිරීමට සිව් දෙනකුගේ නම් ඊයේ (17 දා) වනවිට ප්‍රකාශ කොට තිබිණි. ඒ අනුව වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ, විපක්ෂ නායක සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස, හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම, ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක යන මහත්වරුන් පාර්ලිමේන්තුවේදී ජනපති තේරීමේ සටනට ... |
"රන්ජන්ට නිදහස දෙන්න රනිල් වැඩ පටන් ගනී" | "බන්ධනාගාරගතව සිටින රන්ජන් රාමනායක මහතාට සමාව දී නිදහස ලබාදීමට වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊට අදාළ ලිපි ලේඛන දැන් පරීක්‍ෂා කරගෙන යන බව ජනාධිපති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ‘දිවයින’ ට ඊයේ (17 දා) පැවසීය. රන්ජන් රාමනායක මහතාට නිදහස ලබාදෙන ලෙස කලා සංවිධාන රැසක් කළ ඉල්ලීම සලකා බලා මේ පිළිබඳව වහාම කටයුතු කිරීම... |
"ජනපති සටනේදී මන්ත්‍රීන්ට සමාජ මාධ්‍ය ඔස්සේ බලපෑම් කරන අය සොයන්න – වැඩ බලන ජනපතිගෙන් උපදෙස්" | "අනුප්‍රාප්තික ජනාධිපතිවරයා තෝරා ගැනීම වෙනුවෙන් පැවැත්වෙන මැතිවරණයේදී නිදහස් ඡන්දය භාවිතා කිරීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ඇති අයිතිය අවහිර කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ බලපෑම් කරන පුද්ගලයන් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කරන ලෙස වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ආරක්ෂක අංශ වෙත උපදෙස් ලබාදී තිබේ. පාර්ලිමේන්තු මන්ත්‍රී ... |
"පෙට්‍රල් සහ ඩීසල් හිඟය ඉදිරි දින දෙක තුනේදී උග්‍ර වෙනවා" | "ඩීසල් හා පෙට්‍රල් නෞකා තුනක්ම මේ වනවිට ගෙන්වා ගැනීමට සමත්ව තිබුණත් පෙට්‍රල් හා ඩීසල් හිඟය ඉදිරි දින දෙක තුනේදී තවත් උග්‍ර වනු ඇතැයි ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ නිලධාරීහු කියා සිටිති. මීට හේතුව වී ඇත්තේ හඳුන්වා දී තිබෙන විශේෂ ඇප් එක තාමත් පරීක්‍ෂණ මට්ටමේ තිබීම හා ඊට සංශෝධන කිහිපයක් එක්කරන තෙක් ඉන්ධන බෙදාහැරීම ප්‍රමාද වීමය.... |
"ගාලුමුවදොර අරගලයට දින 100 යි: ජනගඟක් – සැමරුම් රැසක්" | "වත්මන් රජයට හා ආණ්ඩුවේ දූෂිත හා අකාර්යක්‍ෂම පාලනයට එරෙහිව සිවිල් ජන කණ්ඩායම් එකට එක්වී 2022 අප්‍රේල් 09 වැනිදා ආරම්භ කළ ගාලුමුවදොර අරගලයට දින 100 ක් සපිරුණු ඊයේ (17 දා) දිනයේ සැමරුම් උත්සව කීපයක් සංවිධානය කර තිබිණි. ඒ සඳහා විශාල පිරිසක් එක්ව සිටි අතර අරගලයේදී දිවිදුන් පුද්ගලයන් සැමරීමක්ද ගාලුමුවදොරදී පැවැත්විණි. “නිර්... |
"රනිල්ට සහාය දෙන තීරණය ගත්තේ වට්ස්ඇප් මගින් සියලු දෙනා දැනුවත් කරලා" | "පොහොට්ටුවේ ජ්‍යෙෂ්ඨයෙක් කියයි පාර්ලිමේන්තුවේදී ජනාධිපති ධුරය සඳහා ඉදිරිපත්වී සිටින වැඩ බලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තෝරාපත්කර ගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ගෙන තිබෙන තීරණය තවදුරටත් වලංගු බව එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨයෙක් ‘දිවයින’ට ඊයේ (17 දා) පැවසීය. පක්‍ෂය විසින් තීරණය කිරීමට පෙර පක්ෂයේ සියලුම සාමාජිකයන් වෙත වට්ස්ඇප... |
"මන්ත්‍රීන් බිලිබාන්න මෙච්චර සල්ලි කොහෙන්ද? – මෛත්‍රී කියයි" | "දැනට ඉදිරිපත්වී සිටින ජනාධිපති අපේක්ෂකයන් කිසිවෙකුටත් සහාය ලබා නොදෙන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පෙරේදා (16 දා) කොළඹදී මාධ්‍ය වෙත පැවසීය. මෙහිදී තවදුරටත් කතා කළ මෛත්‍රිපාල සිරිසේන මහතා මෙසේද කියා සිටියේය. දැන් ජනාධිපති ධුරයට ජනාධිපති අපේක්ෂකයන් ගණනාවක් ඉදිරිපත්වෙලා ඉන්නවා.... |
"කවුරු ජනපති වුණත් රටේ ජනතා හඬට කන් දිය යුතුයි – මන්ත්‍රිනී ගීතා කුමාරසිංහ" | "පත්වෙන ජනාධිපතිවරයා කවුරු වුණත් කමක් නැහැ. හැබැයි ජනතාවගේ ගෑස්, ඉන්ධන, හාල්, කිරිපිටි, භූමිතෙල් ඇතුළු ප්‍රශ්න විසඳන කෙනෙක් වෙන්න ඕනේ. ඒ වගේම ඔහු ජනතාවගෛ් හඬට ඇහුම්කන් දිය යුතුයි යැයි පාර්ලිමේන්තු මන්ත්‍රීනි ගීතා කුමාරසිංහ මහත්මිය ‘දිවයින’ට ඊයේ (17 දා) පැවසුවාය. ඒ වගේම පක්‍ෂ විපක්‍ෂ මන්ත්‍රීවරුන් හැම දෙනාම එකතුවෙලා පත්... |
"එළවළු මිල අධික ලෙස ඉහළ ගිහින්" | "ඉන්ධන අර්බුදය හේතුවෙන් එළවළු ප්‍රවාහනයට ඉන්ධන නිකුත් නොකිරීම හමුවේ දේශීය වෙළෙඳපොළේ එළවළු මිල යළිත් අධික ලෙස ඉහළ ගොස් ඇති බව සමස්ත ලංකා ඒකාබද්ධ විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන එකමුතුවේ සභාපති අරුණ ශාන්ත හෙට්ටිආරච්චි මහතා පැවසීය. නුවරඑලිය ආර්ථික මධ්‍යස්ථානයෙන් කොළඹ මැනිං වෙළෙඳපොළ ඇතුළු දිවයිනේ විවිධ ආර්ථික මධ්‍යස්ථාන සහ සංචාර... |
"සජබෙන් ජනපති සටනට සජිත් යෝජනා කරමින්…." | "විපක්‍ෂ නායක හා සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා ලබන 20 වැනිදා සිදුකරන නව ජනාධිපතිවරයකු තෝරාගැනීමේ සටනට ඉදිරිපත්වීම එම පක්‍ෂය ඒකමතිකව සම්මත කර ගන්නා ලද අවස්ථාව." |
"ඉන්ධන පෝලිමේ 20 වැනි මරණය ඉපලෝගමදී" | "ඉන්ධන ලබාගැනීමේ අරමුණින් කැකිරාව ඉපලෝගම අයි. ඕ. සී. ඉන්ධන පිරවුම්හලේ පෝලිමක රැඳීසිටි පුද්ගලයකු හදිසියේම සිහිසුන්වී ඇදවැටී පෙරේදා (16 දා) මියගොස් ඇතැයි රණජයපුර පොලිසිය පවසයි. පෝලිම්වල හිඳ මියගිය 20 වැනි මරණය මෙය වේ. මෙලෙස මියගොස් ඇත්තේ 41 හැවිරිදි අවුකන, වලස්වැව පදිංචිව සිටි නන්දන ජයසුන්දර නමැති ත්‍රිරෝද රථ රියැදුරෙකි.... |
"සහාය දෙන්නේ කාටද? ශ්‍රීලනිපයෙත් බෙදීමක්" | "පාර්ලිමේන්තුවේදී ජනාධිපතිවරයා පත්කර ගැනීමේ ඡන්ද විමසීමේදී ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය තුළද බෙදීම් සිදුවී ඇති බවට වාර්තා වේ. පක්‍ෂයේ කිසිවකු ඡන්ද විමසීමට සහභාගි නොවන බවට හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රකාශ කළ ද පක්‍ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා ඇතුළු පිරිසක් විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සමඟ වෙනම සාකච්ඡා කි... |
"වාසුගේ සහය ඩලස්ට" | "ලබන 20 පාර්ලිමේන්තුවේ දී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේදී ඩලස් අලහප්පෙරුම මහතාට සහාය දැක්වීමට ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා තීරණය කර තිබේ. වාසුදේව මහතා මේ බව එම පක්ෂයේ විධායක සභාවට දැනුම් දී ඇත. අනුරාධ හිරිපිටියගේ" |
"කොවිඩ් යළි එනවා: 4 වැනි මාත්‍රාව ගන්න – විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත්" | "කොවිඩ් රෝගීන් යළිත් සමාජයෙන් හමුවෙමින් ඇති බවත්, ඒ නිසා කොවිඩ් සිව්වැනි මාත්‍රාව හැකි ඉක්මනින් ලබා ගන්නා ලෙසත් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියි. අවදානම් කණ්ඩායම් වන අවුරුදු 60 ට වැඩි සියලුම දෙනා කොවිඩ් සිව්වැනි එන්නත් මාත්‍රාව ලබා ගන්නා ලෙස ද ඒ මහතා ඉල්ලා සිට... |
"උද්ඝෝෂණවලදී තුවාල ලැබූ හමුදා සෙබළුන් බලන්න රනිල් යයි…" | "පසුගිය දිනවල සිදු වූ උද්ඝෝෂණ සිද්ධිවලදී තුවාල ලද හමුදා සෙබළුන්ගේ සුවදුක් විමසීමට වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගිය අවස්ථාවක් ඡායාරූපයේ දැක්වේ. යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක් ද ඊට එක්ව සිටියහ." |
"ඊයේ ධාවනය වුණේ පෞද්ගලික බස් 750 යි : දහනව දහසක් තෙල් පෝලිම්වල" | "පවතින ඉන්ධන අර්බුදය හමුවේ ඊයේ (17 දා) දිවයින පුරා ධාවනය වූයේ පෞද්ගලික බස් රථ 750 ක් පමණ බව සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත් මහතා ‘දිවයින’ට පැවසීය. පෞද්ගලික බස් රථ දහනවදහසකට (19,000) අධික සංඛ්‍යාවක් ඉන්ධන පෝලිම්වල හා නිවෙස්වල තිබෙන බවත් හෙතෙම කීය. මෙම තත්ත්වය නිසා අද (18 දා) දිනය... |
"අරගලයට දින 100 යි…!" | "ගාලුමුවදොර අරගලයට ඊයේ (17 දා) දින 100 ක් පිරුණි. මේ ඊයේ අරගල බිමේ පුස්තකාලයට රැස්ව සිටි පිරිසකි. පිංතූරය – නිමල් දයාරත්න" |
"මාසයකට පසු ආ නැවෙන් ඩීසල් ගොඩබෑම අරඹයි" | "තවත් තෙල් නැව් දෙකක් වරායේමැලේසියාවෙන් ගෙන්වූ ඩීසල් නැවකට මෙතෙක් මුදල් ගෙවා නෑ මාසයකට පසු මෙරටට ළඟාවූ මෙට්‍රික් ටොන් 40,000 ක් අඩංගු ඩීසල් නෞකාවකින් ඉන්ධන ගොඩබෑම ඊයේ (17 දා) වනවිට ආරම්භ කර තිබූ බවත් තවත් ඩීසල් නැවක් හා පෙට්‍රල් නැවක් වරායට පැමිණ ඇති බවත් ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ උසස් නිලධාරියෙක් පැවැසීය. මෙරටට පැමිණි ... |
"චෝදනා එල්ලවූ ලොක්කෙක් යළිත් ඖෂධ සංස්ථාවට!" | "ඖෂධ හිඟය ඇතුළු අර්බුද රැසක් රටේ තිබියදී දූෂණ චෝදනා එල්ල වූ හිටපු ප්‍රධානියකු දේශපාලන හිතවත්කම මත යළිත් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවට පත්කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශ ආරංචි මාර්ග පවසයි. මෙම පත්කිරීම පසුගිය සිකුරාදා (15 දා) සිදුකර ඇති බවත් ප්‍රමිතියෙන් යුත් ඖෂධ නොසැපයීම නිසා අසාදු ලේඛන ගතවූ සමාගමක තහනම ඉවත්කර ගැනීම සහ එම සමාග... |
"මහවැසි නොතකා ඉන්ධන පෝලිමේ" | "මොනරාගල නගරයට පෙරේදා (16දා) ඇදහැලුණු මහවැසි මැද විශාල පිරිසක් ඉන්ධන ලබාගැනීම සඳහා මොනරාගල වැල්ලවාය පාරේ පිහිටි සිපෙට්කෝ ඉන්ධනහල අසල රැස්ව සිටි අයුරු ඡායාරූපයෙන් දැක්වේ. බඩල්කුඹුර රවිඳු ගුණතිලක" |
"ඉන්ධන බලපත් ක්‍රමයෙන් තෙල් බෙදීම ‘අංජබජල්’ වෙයි" | "ජාතික ඉන්ධන බලපත්‍ර ක්‍රමය නමින් නව ඉන්ධන බෙදාහැරීමේ ක්‍රමයක් රජය මගින් හඳුන්වාදීම මගින් පැවති අක්‍රමවත් ඉන්ධන බෙදාහැරීම තවදුරටත් ව්‍යාකූල වී ඇති බව වාර්තා වේ. මේ මගින් විද්‍යුත් ක්‍රමවේදය ඔස්සේ ලැබෙන කිව් ආර් කේතය ඇතැම් වාහන සඳහා නොලැබීම ඊට හේතුවයි. මෙම ක්‍රමයේදී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මගින් නිකුත් කර ඇති ව... |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.