Title
stringlengths
9
246
Content
stringlengths
3
62.9k
"ජනපතිගේ පණිවුඩ  කථානායක විසින් පමණයි"
"ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා විසින් නිකුත් කරනු ලබන සියලු පණිවුඩ කථානායකවරයාට දැනුම් දීමෙන් අනතුරුව ඔහු විසින් නිකුත් කරන බව ජනාධිපති කාර්යාලය ඊයේ නිවේදනය කර තිබේ. එබැවින් කථානායකවරයා නිකුත් කරන නිවේදන පමණක් ජනධිපතිවරයා විසින් නිකුත් කරන නිල නිවේදන වශයෙන් සලකන ලෙස එමගින් ඉල්ලා තිබේ."
"සර්ව පාක්‍ෂික රජයකට එකඟ වූ වහාම  ඉල්ලා අස්වීමට ඇමැතිවරුන් සූදානම්"
"සර්ව පාක්‍ෂික රජයක් ඇතිකර ගැනීමට එකඟත්වයක් ඇතිවූ වහාම සිය අමාත්‍ය තනතුරුවලින් ඉල්ලා අස්වී නව රජයට වගකීම් පැවරීමට ඊයේ (11 දා) රැස්වූ ඇමැතිවරුන් එකඟ වූ බව අග්‍රාමාත්‍ය කාර්යාලය පවසයි.අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අමාත්‍ය මණ්ඩලය සමඟ ඊයේ (11 දා) පෙරවරුවේ අග්‍රාමාත්‍ය කාර්යාලයේදී සාකච්ඡාවක් පවත්වා ඇත.එම සාකච්ඡාවට සහභ...
"ජනපති ඉවත් වන බව නිල වශයෙන් දැනුම් දුන්නා – අගමැති පවසයි"
"කලින් දැනුම් දුන් පරිදිම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වන බව නිල වශයෙන් තමාට දැනුම් දුන් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.ජුලි 13 බදාදා ජනාධිපතිවරයා ඉල්ලා අස්වන බව තමාට දැනුම් දුන් බව මීට පෙර කථානායකවරයා විසින් නිවේදනය කර තිබිණි. ශ්‍යාම් නුවන් ගනේවත්ත"
"කදුළු ගෑස් ප්‍රහාර නතර කරන්න! – ජිනීවා කොමසාරිස් රජයට දන්වයි"
"ශ්‍රී ලංකාවේ ජනතාවට කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කිරීම වහාම අත්හිටුවන ලෙස ජිනීවා මානව හිමිකම් කොමසාරිස් මිචෙලි බැෂලේ ශ්‍රී ලංකා රජයට දැනුම් දී ඇත.1993 ප්‍රඥප්තිය යටතේ කඳුළු ගෑස් භාවිත කිරීම තහනම් වන බවත් ගතවූ කාලය තුළ ශ්‍රී ලංකා පොලිසිය ඉතා බරපතළ ලෙස ජනතාවට කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කිරීම නිරීක්‍ෂණය වූ බවත් ඇය තව...
"පොලිස් ඇඳිරිය පැනවීමෙන්  මූලික අයිතිවාසිකම් කඩවුණා – නීතිඥවරයකුගෙන් පැමිණිල්ලක්"
"කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව හා නීති විරෝධී අන්දමින් පොලිස්පතිවරයා විසින් පසුගිය 08 වැනිදා රාත්‍රි 9.00 සිට පසුදින දක්වා බලපැවැත්වෙන පරිදි බස්නාහිර පළාතේ පොලිස් අධිකාරි කොට්ඨාස 07 කට පොලිස් ඇඳිරි නීතිය පැනවීමෙන් සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට ප්‍රකාශයක් කරන ලෙස ඉල්ලා නීතිඥ උදාර මුහන්දිරම්ගේ මහතා ශ්‍රී ලංක...
"අගමැති නිවසට ගිනි තැබීම පිටුපස  සැඟවුණු බලවේග ඇත්දැයි සොයන්න – මාධ්‍ය පිරිසකට පහරදීම අගමැති නිවසට ගිනි තැබීම ම්ලේච්ඡ සිදුවීම් දෙකක්"
"– හිටපු කථානායක කරු ජයසූරිය ප්‍රජාතන්ත්‍රවාදය හා ජනතාවගේ නිදහස උදෙසා දැවැන්ත අරගලයක් අතරතුර මාධ්‍ය කණ්ඩායමකට විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් පිරිසක් සිදුකළ ප්‍රහාරය හා අගමැති නිවසට ගිනි තැබීම තරයේ හෙළා දකින බව සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ සභාපති කරු ජයසූරිය මහතා නිකුත්කර ඇති නිවේදනයක දැක්වේ. අගමැති පෞද්ගලික නි...
"ඉන්දීය සෙබළුන් ලංකාවට එවන පුවත් බොරු – ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය"
"ඉන්දියාව හමුදා සෙබළුන් ශ්‍රී ලංකාවට එවන බවට ඇතැම් මාධ්‍ය සහ සමාජ මාධ්‍ය ඔස්සේ පළවන වාර්තා අසත්‍ය බව ශ්‍රී ලංකාවේ පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය සඳහන් කරයි. මෙම වාර්තා සහ එවන් අදහස් ඉන්දියානු රජයේ ස්ථාවරය නොවන බව ද පවසයි.සෞභාග්‍යය සහ ප්‍රගතිය උදෙසා ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රම සහ වටිනාකම්, ස්ථාපිත ආයතනයන් සහ ව්‍යවස්ථාම...
"අගමැති නිවසට ගිනි තැබීම පිටුපස  සැඟවුණු බලවේග ඇත්දැයි සොයන්න – මාධ්‍ය පිරිසකට පහරදීම අගමැති නිවසට ගිනි තැබීම ම්ලේච්ඡ සිදුවීම් දෙකක්"
"– හිටපු කථානායක කරු ජයසූරිය ප්‍රජාතන්ත්‍රවාදය හා ජනතාවගේ නිදහස උදෙසා දැවැන්ත අරගලයක් අතරතුර මාධ්‍ය කණ්ඩායමකට විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් පිරිසක් සිදුකළ ප්‍රහාරය හා අගමැති නිවසට ගිනි තැබීම තරයේ හෙළා දකින බව සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ සභාපති කරු ජයසූරිය මහතා නිකුත්කර ඇති නිවේදනයක දැක්වේ. අගමැති පෞද්ගලික නි...
"රජු නැති රජ ගෙදර පුරවැසියන් රජවී…."
"ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු වත්මන් ආණ්ඩුව සිය ධුරවලින් ඉවත්විය යුතු යැයි බල කරමින් ජූලි 09 දා පැවැත්වූ විරෝධතාවය අතරතුර අරගලකරුවන් විසින් අත්පත්කරගත් කොළඹ කොටුව පිහිටි ජනාධිපති මන්දිරය, ජනාධිපති ලේකම් කාර්යාලය සහ කොල්ලුපිටිය පිහිටි අරලියගහ මන්දිරය නැරඹීම පිණිස ඊයේ  (11 දා) රටේ නන්දෙසින් විශාල පිරිසක් පැමිණෙමින්...
"පොහොට්ටු ආණ්ඩුව වැනසූ දේශය ගොඩනැඟීමට සජබ සූදානම් – විපක්‍ෂ නායක සජිත් කියයි"
"ජනාධිපති, අගමැති ඇතුළු පොහොට්ටු ආණ්ඩුවේ ජනවරම අවසන් බවත්, ඔවුන් වැනසූ දේශය යළි ගොඩනැඟීමට සමගි ජන බලවේගය ප්‍රමුඛ තමන් සූදානම් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ (11දා) පැවසීය.රට ස්ථාවර කොට රටේ ආර්ථිකය ගොඩනැංවීමේ වැඩපිළිවෙළට දායකත්වය ලබාදීමටත්, ජනපති අගමැති ප්‍රමුඛ ආණ්ඩුව පත් කිරීමටත් තමන් සූදානම් බව ඒ මහතා කීය.ම...
""අරගලය තෙල්, ගෑස් ලබාගැනීමට නොවේ දූෂිත පාලනය අවසන් කිරීමටයි – සරත් ෆොන්සේකා""
"අරගලය දියත් කළේ තෙල්, ගෑස් ලබාගැනීමට නොව දූෂිත දේශපාලනය අවසන් කිරීමට බව පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පැවසීය.උද්ගතව ඇති දේශපාලන වාතාවරණය පිළිබඳව ඊයේ (11දා) මාධ්‍ය වෙත අදහස් දක්වමින් හෙතෙම මේ බව කියා සිටියේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සරත් ෆොන්සේකා මහතා මෙසේද කීවේය.“මේ අරගලය ව්‍යවස්ථානුකූල...
"අරගලකරුවන්  නිවසට  ගිනි තැබුවේ  වැරදි මතයක් ගිය නිසා – හරියට කතාව නොකීවේ  ඇයි දැයි කථානායකගෙන් අහනවා – අගමැති ‘දිවයින’ට කියයි"
"අරගලකරුවන් විසින් සිය පෞද්ගලික නිවෙස ගිනි තබා අළු කරන ලද්දේ කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති පක්ෂ නායක රැස්වීමේදී තමා පැවසූ කරුණු හා කළ යෝජනා වැරදි ලෙස ප්‍රචාරය කිරීම නිසා බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ‘දිවයින’ට ඊයේ (10 දා) පැවැසීය. අරගලය පැවැති දින පක්ෂ නායක රැස්වීමක් කථානායක නිල නිවසේදී පැවැති බවත් පක්ෂ නායක බ...
""ආදරණීය අරගලය දිනයි – කඳුළු ගෑස්, ජල ප්‍රහාර,  වෙඩි තැබීම් මැද…  යකඩ බාධක බිඳ දමමින්…. – සියලු බල පරදා ජන බලය පෙරට""
"ඉතිහාසයේ දැවැන්තම ජන අරගලය, අප මාතෘ භූමියේ සටහන් කරමින් ගෝඨා ගෝ හෝම් එකම හඬ බවට පත්කරගත් ලක්‍ෂ සංඛ්‍යාත මහා ජන සන්නිපාතය පෙරේදා (09 දා) උදෑසන සිට විවිධ බාධක මැදින් ගොස් ජනපති නිල නිවස, අරලියගහ මන්දිරය සහ ජනාධිපති ලේකම් කාර්යාලය සියතට ගනිමින් සිය අරගලයේ ප්‍රධානම ජයග්‍රහණය ලබා ගත්හ. ත්‍රිවිධ හමුදා බලඇණි, පොලිස් කැරලි මර...
"ඇමැතිවරු  5දෙනෙක් අස්වෙති – බන්දුල-හරින්-මනූෂ-අමරවීර-ධම්මික"
"සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමට පෙරේදා (09 දා) කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ පක්ෂ නායකයන් තීරණය කිරීමත් සමග රජයේ ඇමැතිවරුන් පස්දෙනකු සිය ඇමැතිධුරවලින් මේ වන විට ඉල්ලා අස්වී ඇත. එහිදී මුලින් ම ඉල්ලා අස්වූයේ ප්‍රවාහන හා ජනමාධ්‍ය ඇමැති බන්ධුල ගුණවර්ධන මහතාය. ඒ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක...
"අගමැතිගේ නිවසට ගිනි තැබූ තිදෙනෙක් රිමාන්ඩ් – ගිනි තබා තිබෙන්නේ පෙට්‍රල් දාලා"
"තවත් පිරිසක් අල්ලන්න පරීක්‍ෂණඅපේ සම්බන්ධයක් නෑ – අරගලකරුවෝ කියති කොල්ලුපිටියේ පිහිටි අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික නිවසට ප්‍රහාර එල්ල කර ඊට ගිනි තබා විනාශ කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් කොල්ලුපිටිය පොලිසිය මගින් පුද්ගලයන් තිදෙනකු ඊයේ (10 දා) අත්අඩංගුවට ගෙන ඇත. එම තිදෙනා ගල්කිස්ස, ජාඇල සහ ගාල්ල ප්‍රදේශවල පදිංචික...
"ජනපති මැඳුරට  පිටින් කෑම"
"ජනාධිපති මන්දිරයේ හා අරලියගහ මන්දිරයේ රැය පහන් කළ ජනතාවට අරගල භූමියේ සහෝදරයන් හා විවිධ දානපතීන් විසින් පිසින ලද ආහාර සැපයූ බව අන්තර් විශ්වවිiාලයීය භික්‍ෂු බල මණ්ඩලයේ ක්‍රියාකාරී සාමාජික කොබෙයිතුඩුවේ සමිත හිමිපාණෝ ‘දිවයින’ ට ඊයේ (10 දා) පැවැසූහ.ඊයේ උදෑසන ආහාරය, අරගල භූමියේ සහෝදරයන් විසින්ද, දහවල් ආහාර විවිධ දානපතින් වි...
"දින 7 කදී මැතිසබය කැඳවයි: වැඩබලන ජනපතිවරයෙක් – කථානායක කියයි"
"පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදයන්ට අනුකූලව හා ව්‍යවස්ථානුකූලව මීළඟ පියවර ලෙස වැඩ බලන ජනාධිපතිවරයකු පත්කර ගැනීම සඳහා දින හතක් තුළ පාර්ලිමේන්තුව කැඳවා තීරණයක් ගැනීමට පෙරේදා 9 දා පැවැති පක්‍ෂ නායක රැස්වීමේදී තීරණය කළ බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පවසයි.ඒ අනුව පත්කරන නව ජනාධිපතිවරයා යටතේ පාර්ලිමේන්තුව නියෝ...
"සාමය රකින්න – ශවේන්ද්‍ර සිල්වා ඉල්ලයි"
"රටේ ඇතිවී තිබෙන අර්බුදකාරී වාතාවරණය සාමකාමීව හා ව්‍යවස්ථානුකූලව නිරාකරණය කර ගැනීමට අවස්ථාවක් උදාවී ඇති මේ මොහොතේ රටේ සාමය පවත්වාගෙන යෑමට ආදරණීය ශ්‍රී ලාංකීය ජනතාවගේ උපරිම සහයෝගය ත්‍රිවිධ හමුදාව හා පොලිසිය ඉල්ලා සිටින බව ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ඊයේ සිදුකළ විශේෂ ප්‍රකාශයක දැක්වේ."
"අරගලයේදී තුවාල ලැබූ 46 ක් තවමත් රෝහලේ – මාධ්‍යවේදීහු 11 දෙනෙකුත් ඒ අතර"
"ජනාධිපතිවරයාට හා අගමැතිවරයාට වහා ඉල්ලා අස්වන ලෙසට පෙරේදා (09 වැනිදා) කොළඹ කොටුව ගාලුමුවදොර ජනාධිපති ලේකම් කාර්යාලය අසලදී සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ කොළඹ තර්ටන් විදුහල අසල පිහිටි පෞද්ගලික නිවස අසලදී ඇතිවූ සිදුවීම්වලදී තුවාල ලැබූ මාධ්‍යවේදීන් 11 දෙනෙකු ඇතුළු පුද්ගලයින් 107 දෙනෙකු කොළඹ ජාතික රෝහට ඇතුළත් කර ...
"අරගලකරුවන්ගේ ක්‍රියාකාරී සැලැස්ම ජනගතකෙරේ"
"අරගලකරුවන් ක්‍රියාකාරී සැලැස්මක් පෙරේදා (09 වැනිදා) රාත්‍රි කොටුව ජනාධිපති මන්දිරයේදි ජනගත කෙරිණි.එහිදී සමාජ ක්‍රියාකාරී සංඛ ජයසේකර එම ක්‍රියාකාරී සැලැස්ම ඉදිරිපත් කළේය.එය මෙසේය.ගෝඨාභය රාජපක්ෂ වහාම විධායක ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්විය යුතුයි. රනිල් වික්‍රමසිංහ, රාජපපක්ෂ රෙජීමය ඇතුළු ආණ්ඩුව වහාම ඉල්ලා අස්විය යුතුය. සිය...
"පාසල් විවෘත  වන්නේ 18 වැනිදා"
"2022 වර්ෂයට අදාළ පාසල් දින දර්ශනයට අනුව මෙම මස 18 වැනිදා සඳුදා දින සිට පාසල් විවෘත කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කළ බව අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහතා සඳහන් කරයි.ඒ අනුව අද (11 දා) සිට 15 වැනිදා සිකුරාදා දක්වා දිවයිනේ සියලුම පාසල් සඳහා නිවාඩු ලබා දෙන බව ඇමැතිවරයා පවසයි.අධ්‍යාපන ඇමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් අධ්...
"සහන පැකේජයට දේශපාලන අර්බූදය බාධාවක් – අයි.එම්.එෆ්. කියයි"
"ඉදිරියේ දී ශ්‍රී ලංකාවට ලබා දීමට යෝජිත සහන පැකේජයන් ගැන සාකච්ඡා ආරම්භ කිරීමට ශ්‍රී ලංකාවේ දැනට පවතින දේශපාලන අර්බුදය බාධාවක් වී ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සඳහන් කරයි.මේ තත්ත්වය ඉක්මනින් විසඳාගනු ඇතැයි බලාපොරොත්තු වන බව ද නිවේදනයක් නිකුත් කරමින් එම අරමුදල පවසයි.ඔවුන් මෙම නිවේදනය නිකුත්කර ඇත්තේ විරෝධතාකරුවන් විසින් ...
"දෙවැනි ගෑස් නැවත්  අද එයි – කඩිනමින් ගොඩබාන්න  ජනපතිගෙන් උපදෙස්"
"ගෑස් මෙටි්‍රක් ටොන් 3,700ක් රැගත් පළමු නෞකාව මෙරට මුහුදු තීරයට ඊයේ (10දා) ළඟා විය.ගෑස් මෙටි්‍රක් ටොන් 3,740ක් රැගත් දෙවැනි නෞකාව අද (11 දා) සවස පැමිණෙයි.පළමු නෞකාව ඊයේ පස්වරු 3.00ට කෙරවලපිටියට පැමිණීමෙන් පසු ගෑස් ගොඩබෑම සහ බෙදාහැරීම කඩිනමින් සිදුකරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරීන්ට උපදෙස් දී තිබුණි.ගෑස් මෙට...
"අමරවීර යන්න  කලින් යූරියා භාරගනී"
"ඉන්දීය ණය ආධාර යටතේ ශ්‍රී ලංකාවට ලැබුණු යූරියා පොහොර මෙටි්‍රක් ටොන් හතළිස් දාහක් සහිත නැව පෙරේදා (09 දා) පෙරවරුවේ කොළඹ වරායට ළඟාවිය.එම පොහොර, රජය වෙත නිල වශයෙන් භාරදීම ඊයේ (10 දා) පෙරවරුවේ සිදුවිය.ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමාසාරිස් ගෝපාල් බග්ලේ මහතා විසින් කෘෂිකර්ම හා වනජීවි ඇමැති මහින්ද අමරවීර මහතා වෙත කොළඹ පිහිටි ඉන්ද...
"රනිල්ගේ ගෙදරට ගිනි තියන වෙලාවේ ලයිට් යෑම ගැන පරීක්‍ෂණයක්"
"අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ කොළඹ 07, 5 වැනි පටුමගේ පිහිටි පෞද්ගලික නිවසට කිසියම් පිරිසක් ගිනි තැබූ අවස්ථාවේ විදුලිය විසන්ධි වීම සම්බන්ධයෙන් පරීක්‍ෂණයක් පවත්වන බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පැවැසීය.කොළඹ ප්‍රදේශයට පෙරේදා (09 වැනිදා) සවස 6.00 න් පසු විදුලිය විසන්ධි කිරීමට සැලසුම් කර නොතිබූ බව...
"ශ්‍රී ලංකාවේ අර්බුදයට දීර්ඝකාලීන විසඳුම් දෙන්න තියෙන රජයෙන් හෝ එන්න ඉන්න රජයකින් ඇමෙරිකාව ඉල්ලයි"
"ශ්‍රී ලංකාවේ අර්බුදයට දීර්ඝකාලීන විසඳුම් ලබාදීම සඳහා කඩිනමින් ක්‍රියාකරන ලෙස ඇමෙරිකාව ශ්‍රී ලංකා බලධාරීන්ගෙන් ඉල්ලා ඇත.කිසිදු දේශපාලන පක්‍ෂයක අභිවෘද්ධියට නොව ජාතියේ අභිවෘද්ධිය සලකා පවතින තත්ත්වයට සුදුසු ක්‍රියාමාර්ග ගැනීමට පාර්ලිමේන්තුව ක්‍රියාකළ යුතු බව ද ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියකු ඒ.එස්.පී. පුව...
"අරගලයේ සම්මුතීන්ට පිටින් කාටවත් යළි දේශපාලනය කරන්න බෑ – කුමාර් ගුණරත්නම්"
"ව්‍යවස්ථාව දේව වාක්‍යයක් නොවන බව ඔප්පු වුණා:පොහොට්ටුවට තිබුණු ජනවරමත් අහෝසියිබැසිල් පරණ සෙල්ලම් දාන්න එපාහරියට වැඩ නොකරන පාලකයන් යළි කැඳවීමේ බලය ජනතාවට හිමිවිය යුතුයිගෝල්ෆේස් අරගලයේ සම්මුතීන්ට පිටින් කිසිවකුට යළි ශ්‍රී ලංකාවේ දේශපාලනය කළ නොහැකි යැයි පෙරටුගාමී පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ලේකම් කුමාර් ගුණරත්නම් මහතා ඊයේ (...
"ගෝඨාභය  අස්වන තුරුම  විශ්වාසයක් නෑ – ටිල්වින් සිල්වා"
"බොරුව දැම්මොත් ප්‍රතිචාර දරුණුයිජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ලබන දහතුන්වැනිදා ඉල්ලා අස්වන බවට කථානායකවරයාට ලබාදී ඇති දැනුම්දීම ඉටුකර පෙන්වන තුරු විශ්වාස නොකරන බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා ඊයේ (10 වැනිදා) සඳහන් කළේය.ඔහු එවැනි කාලයක් ලබා ගත්තේ ඉල්ලා අස්වීමේ නැකතක් පැමිණෙන තෙක් ද, එසේ නොමැත...
"ගෝඨාභය කියා ජනපති  කෙනෙක් තවදුරටත් නෑ – ඕමල්පේ සෝභිත නාහිමි"
"ජයග්‍රහණය සාමකාමීව භුක්ති විඳින්නමහජනතාව ජුලි 9 වැනිදා ලබාගත් අරගලයේ ජයග්‍රහණය සාමකාමී අයුරින් සමරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බව පූජ්‍ය ඕමල්පේ සෝභිත නාහිමිපාණෝ පැවසූහ.තවදුරටත් අදහස් දැක්වූ උන්වහන්සේ මෙසේද කියා සිටියහ.ජුලි 09 වැනිදා මහජනතාවගේ ජයග්‍රහණය මැනවින් ප්‍රකට කරලා තියෙනවා. ඒ නිසා මේ ජයග්‍රහණය සාමකාමීව සමරන්න කි...
"පුස්තකාලයකට ගිනි තැබීම ප්‍රභාකරන්වත් නොකළ වැඩක් – පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න"
"පිරිසක් රනිල්ගේ පුස්තකාලයට ගිනි තැබීම ත්‍රස්ත නායක ප්‍රභාකරන්වත් නොකළ ක්‍රියාවක් යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා කොළඹදී ඊයේ (10 වැනිදා) පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.රටේ ඇතිව තිබෙන අර්බුදකාරී තත්ත්වය හේතුවෙන් මෙම මාධ්‍ය හමුව කැඳවා තිබූ අතර, එහිදී තවදුරටත් කතා කළ රාජිත සේනාරත්න මහතා මෙසේද කීය.“අද ජනාධිපතිව...
"ජනතාවට සාමකාමීව හා ඉවසීමෙන් කටයුතු කරන්න මගපෙන්වන්නැයි සියලු පාර්ශ්වවලින් ඉල්ලනවා"
"අගමැතිගේ නිවසට ගිනි තැබීම අරගලයේ ජයග්‍රහණයට  කළු පැල්ලමක් එක්කළ ඛේදවාචකයක්  රාජපක්‍ෂ පාලනය වෙනස් කළ යුත්තේ  ප්‍රජාතන්ත්‍රවාදී රාමුව තුළයි  සජබ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර  අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවෙස යම් පිරිසක් ගිනිතබා විනාශ කිරීම පිළිකුලෙන් යුතුව හෙළාදකින බවත් සියලු ජනතාව පක්‍ෂ, පාට, ආගම් බේද වලින් තොරව ...
"අගමැතිගේ නිවසට ගිනි තැබීම පිළිකුළෙන් යුතුව හෙළා දකිනවා – විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස"
"එළැඹ ඇත්තේ ඉතාම තීරණාත්මක මොහොතක් හෙයින් සන්සුන්ව සාමකාමීව, ප්‍රජාතන්ත්‍රවාදය සුරක්‍ෂිත කරමින් සංහිඳියාව පෙරදැරිව කටයුතු කරන්නට එක්වන්න යැයි සමස්ත පුරවැසියන්ට ගෞරවයෙන් ආරාධනා කර සිටින බව විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විශේෂ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටිති.විපක්‍ෂ නායකවරයාගේ නිවේදනයේ මෙසේද සඳහන් වේ.අගමැති රනිල් ...
"ජනතාව ජනපති මැඳුර අත්පත් කරගනී"
"යකඩ කම්බි මාර්ග බාධක බිඳ කඳුළු ගෑස් වෙඩි උණ්ඩ මැද මහා ජන ගඟ කොළඹටතිස්නවයකට තුවාලයි තුනකට බරපතළයිජනතාව කොළඹ අගනුවර සහ ගෝල්ෆේස් හි රොද බැඳ ගනී….ප්‍රභූ පිරිසක් ගුවනින්, මුහුදින් පැන ගිය බවට ආරංචි ඉතිහාසයේ දැවැන්තම ජන අරගලය අප මාතෘ භූමියේ සටහන් කරමින් ‘ගෝඨා ගෝ හෝම්’ එකම හඬ බවට පත්කරගත් ලක්‍ෂ සංඛ්‍යාත මහා ජන සන්නිපාතය ඊයේ ...
"ජනපති බදාදා ඉල්ලා අස්වෙයි: අගමැතිවරයාගේ නිවසට ගිනිතබයි!"
"අගමැති රැකවලුන් මාධ්‍යවේදීන්ට පහරදෙයි කොළඹ තර්ස්ටන් විදුහල ඉදිරිපිට පිහිටි අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවස ඉදිරිපිටදී නිව්ස් ෆස්ට් මාධ්‍යවේදී වරුණ සම්පත් හා මාධ්‍යවේදිනී සරසි පීරිස් ඇතුළු සිවුදෙනෙකුට එහි ආරක්ෂාවට සිටි පොලිසියේ හා විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් පහරදීම නිසා බරපතල ලෙස තුවාල ලැබ ඔවුන් රෝහල්ගත කෙරි...
"ජනපති අගමැති අස්විය යුතුයි : පකෂ නායක රැස්වීමේදී තීරණයක්"
"ජනපති හා අගමැති වහාම ඉවත්විය යුතු බවට ඊයේ සවස කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති පක්ෂ නායක රැස්වීමේදී බහුතරයක් දෙනා ප්‍රකාශ කර තිබේ. පක්ෂ නායකයන් වැඩි දෙනා ජනාධිපතිවරයාට හා අගමැතිවරයාට ඉවත්විය යුතු බවට ප්‍රකාශ කර ඇති අතර එහෙත් අගමැතිවරයා ඊට ද පළමුව කැමැත්ත පළකර නැත. එහිදී ඔවුන් අගමැතිවරයාට අප්‍රසාදය පළකර තිබේ. තවද වැ...
"සිපෙට්කෝ සිරවෙද්දී IOC මුදාගනී: ඒත් ඉල්ලුමට සැපයීම අභියෝගයක්"
"දින විසි දෙකක් තිස්සේ එකදු ඉන්ධන නෞකාවක්වත් මෙරටට ගෙන්වා ගැනීමට සංස්ථාව අසමත්වීම නිසා රටේ කටයුතු සම්පූර්ණයෙන්ම නතරවී යෑමේ අවදානම මතුව තිබියදී ලංකා ඉන්දියානු තෙල් සමාගම (එල්.අයි.ඕ.සී) පෙට්‍රල් හා ඩීසල් ගෙනැවිත් සංස්ථාව සතු ඉන්ධනහල් හරහා ඒවා බෙදාහැරීමට තීරණය කර තිබේ. ලංකා ඉන්දී තෙල් සමාගම මෙම පියවර නොගත්තේ නම් මෙම සතියේ...
"යූරියා මිලදී ගැනීමෙන් ඩොලර් මිලියන 22 ක පාඩුවක්!"
"ඉන්දියානු ණය ආධාර යටතේ හදිසි මිලදී ගැනීමක් ලෙස මෙරටට ආනයනය කරනු ලබන යූරියා මෙට්‍රික් ටොන් හැටපන්දහසක ප්‍රමාණයෙන් ඩොලර් මිලියන 22කට වැඩි පාඩුවක් රටට සිදුවන බව වාර්තා වෙයි. ලෝකයේ ඉහළම ප්‍රමිතිය ඇති යූරියා මෙට්‍රික් ටොන් එකක් විවෘත වෙළෙඳ පොළෙන් ඩොලර් 500කටත් වඩා අඩු මුදලකට ලබා ගැනීමට හැකියාව තිබිය දී මෙසේ ශ්‍රී ලංකාවට ගෙ...
"ජනකගේ කතාව කංචන ඇඟට ගනී"
"අඩු මිල ඉන්ධන කතා කරන්න ජනකත් මාත් කෝප් එකට කැඳවන්නඇමැති කංචන කෝප් සභාපතිගෙන් ඉල්ලයි ඉන්ධන අඩු මිලට දිය හැකි බවට මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා විසින් කෝප් කමිටුව හමුවේ කළ ප්‍රකාශය සම්බන්ධව වැඩිදුර පරීක්ෂණ පැවැත්වීම සඳහා විෂය භාර ඇමැතිවරයා ලෙස තමා සහ ඛනිජ තෙල් සංස්ථාවේ නිලධාරීන් ද සමග මහජන උපයෝගීතා කොමි...
"ඇමැතිගේ ජපන් කොමිස් පරීක්ෂණ ඇරැඹෙයි"
"කටුනායක ගුවන්තොටුපොළ නවීකරණය කිරීමේ කටයුතුවල යෙදෙන ජපානයේ පෞද්ගලික සමාගමකින් රජයේ ප්‍රබල ඇමැතිවරයකු කොමිස් මුදල් ඉල්ලූ බවට නැගෙන චෝදනා සම්බන්ධව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ආරම්භ කර ඇති පරීක්ෂණ මේ වන විට සිදුවෙමින් පවතින බව වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කළේය. මෙම චෝදනා සම්බන්ධව සිදුකරන ...
"ආර්ථිකය හදන්න කැපවීම් අවශ්‍යයි – මහ බැංකුව කියයි"
"ආර්ථික ස්ථාවරත්වය සහතික කිරීම සඳහා ආර්ථිකයේ සියලුම වාර්තාකරුවන්ගේ කැපවීම අවශ්‍ය බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. පෙර නොවූ ආකාරයේ ගෙවුම්ශේෂ පීඩනයන් සහ ආර්ථිකයේ සෑම අංශයකම වර්තමානයේ අත්විඳින දැඩි පීඩනයන් හමුවේ විදේශීය අංශයේ සහ සමස්ත ආර්ථිකයේ ස්ථායිතාව සහතික කිරීමට මෙසේ සියලු පාර්ශ්වකරුවන්ගේ කැපවීම අවශ්‍ය බවට මහ බැංකුව නික...
"ජපන් හිටපු අගමැති ඝාතනය ත්‍රස්තවාදී ක්‍රියාවක්"
"ජපානයේ වැඩිම කාලයක් අගමැති ධුරයේ සිටි හිටපු අගමැතිවරයකු වන ශින්ෂෝ අබේ ඊයේ (08දා) එරට නාරා නගරයේ දී තුවක්කුකරුවකු විසින් එල්ල කරන ලද වෙඩි ප්‍රහාරයකින් බරපතළ තුවාල ලබා රෝහල්ගත කර ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇත. 67 වැනි වියෙහි පසු වූ හිටපු ජපන් අගමැතිවරයාට ප්‍රථමාධාර ලබා දෙමින් රෝහල්ගත කර තිබූ අතර ඔහු හෘද ස්පන්දනය න...
"කොරෝනා යළිත් එයි මාස්ක් දාන්න"
"ලොව පුරා රටවල මෙන්ම අසල්වැසි ඉන්දියාවේ ද කොරෝනා වසංගතය නැවත හිස ඔසවමින් පැවතීම හේතුවෙන් මෙරට ද එම වසංගතය නැවත හිස එසවීමේ දැඩි අවදානමක් පවතින බව වසංගත රෝග විශේෂඥ වෛද්‍යවරු පවසති. මෙම තත්ත්වය මත ජනතාව රෝගය පිළිබඳව දැඩි අවධානයකින් පසුවීම වැදගත් බව පෙන්වා දෙන එම වෛද්‍යවරු පසුගිය දිනවල මෙරට ක්‍රිකට් ක්‍රීඩකයන් කිහිපදෙනෙකුම...
"තමිල්නාඩුව වෙන්වෙන්න ඉල්ලයි"
"තමිල්නාඩුව ස්වාධීන රටක් කරන ලෙස ඩී. එම්. කේ. පක්‍ෂයේ නියෝජ්‍ය ලේකම් ඒ. රාජා ඉන්දීය රජයෙන් ඉල්ලා සිටීමට පටන් ගෙන තිබේ. මෙම බෙදුම්වාදී ඉල්ලීම නිසා තමිල්නාඩු භාරතීය ජනතා පක්‍ෂ ප්‍රධානි අන්නමලෙයි ඇතුළු නවදිල්ලි බලධාරීන් දැඩි කැලඹීමකට ලක්ව තිබේ. ද්‍රවිඩ ස්වාධීන රටකට කාලය එළඹී ඇති බවද හෙතෙම තවදුරටත් ප්‍රකාශ කර ඇත. ඩී. එම්. ...
"වාහන 33 කින් කෝටි 56 ක බදු පිල්ලි ගිහින්: විගණනයෙන් හෙළිවෙයි"
"රේගු බදු නොගෙවා නීති විරෝධි ලෙස මෙරටට ආනයනය කරනු ලැබූ හෝ මෙරටදී නීති විරෝධී ලෙස එක්ලස් කරන ලැබූ වාහන 33ක දත්ත මෝටර්රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතියට ඇතුළත් කරමින් එම වාහන නීත්‍යනුකූල වාහන ලෙස මෙරට භාවිතයට මුදා හැරීම නිසා රජයට බදු මුදල් වශයෙන් රුපියල් පනස්පන්කෝටි අසූහය ලක්‍ෂ හතළිස්දහස් හයසිය විසිහතක මුදලක් අහ...
"විදුලි බිල වෙනස් වෙයි"
"මුද්‍රිත බිල්පත් සඳහා වැයවන මුදල අවම කර ගැනීම සඳහා මෙතෙක් විදුලි බිල්පත් නිකුත්කළ ක්‍රමවේදය වහාම ක්‍රියාත්මක වන පරිදි වෙනස් කිරීමට ලංකා විදුලිබල මණ්ඩලය තීරණය කර තිබේ. ඒ අනුව නව ක්‍රමවේද ත්‍රිත්වයක් හඳුන්වාදීමට පියවර ගෙන ඇතැයි මණ්ඩලය නිවේදනය කර තිබේ. ඒ අනුව ඉදිරියේදී පාරිභෝගිකයන් වෙත මාසික විදුලි බිල්පත් නිකුත්කිරීමේදී...
"යාපනය පොලිසිය පාපැදියෙන් වැඩ"
"ඉන්ධන පිළිබඳව පොලිසිය සහ මහජනතාව අතර නිතර මත ගැටුම් ඇති කරද්දී යාපනය පොලිසිය ඉන්ධන පිරිමසා ගැනීම සඳහා පාපැදිවලින් රාජකාරි කටයුතු කිරීම පුළුල් කර ඇත. යාපනය පළාතේ විවිධ අපරාධ හොරමැරකම් පිළිබඳව මෙන්ම ලැබෙන පැමිණිලි විභාග කිරීම සඳහා කිලෝ මීටර් හත අට පවා පොලිස් නිලධාරීන් පාපැදියෙන් ගමන්කරන බව යාපනය පොලිස් ආරාංචිමාර්ග කියයි...
"එදා තිබූ සාමකාමී බව අද ශ්‍රී ලංකාවේ නැහැ: ශ්‍රී ලංකාවේ අපෝස්තලික තානාපති"
"ශ්‍රී ලංකාව සාමකාමී රටක් යැයි ද එහෙත් අද එම තත්ත්වය නැතැයි ද ශ්‍රී ලංකාවේ අපෝස්තලික තානාපති බ්‍රයන් උඩයිග්වේ අගරදගුරුතුමා ප්‍රකාශ කළහ. රත්නපුර පේදුරු පාවුළු දෙව්මැදුරේ පැවැති වාර්ෂික මංගල්‍ය උත්සවයට සහභාගි වෙමින් වතිකන් තානාපතිතුමන් එසේ කීයහ. මේ අනුව අද තත්ත්වය ගැන සලකා ප්‍රචණ්ඩකාරී ක්‍රියාවලින් බැහැරව සාමකාමීව ක්‍රිය...
"දුම්රිය ගාස්තු හෙට රෑ සිට නගී"
"දුම්රිය ප්‍රවේශපත් ගාස්තු හෙට (11 වැනිදා) සඳුදා මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ දැමීමට රජය තීරණය කර ඇත. දැනට පවතින බස් ගාස්තුවලට සාපේක්‍ෂව ඊට අඩකට වඩා අඩු මුදලකින් දුම්රිය ගාස්තු ඉහළ දැමෙන අතර දැනට පවතින අවම දුම්රිය ප්‍රවේශපත් ගාස්තුව වන රුපියල් දහය රුපියල් විස්ස දක්වා වැඩි කෙරෙයි. එම ගාස්තු ඉහළ දැමීමට අදාළ ගැසට් නිවේදනය ඉකු...
"රටම කොළඹට: අරගලය අද රොදබඳී"
"දිනෙන් දින රටේම ජනතාව පීඩාකාරී තත්ත්වයට ඇද දැමීමට වගකිවයුතු ආණ්ඩුව වහා ගෙදර යා යුතු බවට බලකෙරෙන ‘රටම කොළඹට ජූලි 9 දැවැන්ත අරගලය’ අද (09 දා) කොළඹ දී රොද බැඳීමට නියමිතය. කොළඹදී අද පැවැත්වෙන ජන අරගලයට සහයෝගය දක්වමින් ඊයේ (08 දා) වනවිටත් දිවයිනේ විවිධ ප්‍රදේශවල විරෝධතා සහ විරෝධතා පා ගමන් ආරම්භ කර තිබිණි. කොළඹ අද පැවැත්වීම...
"විදුලි බිල වෙනස් වෙයි: මුද්‍රිත කොළ මින්පසු නෑ!"
"මුද්‍රිත බිල්පත් සඳහා වැයවන මුදල අවම කර ගැනීම සඳහා මෙතෙක් විදුලි බිල්පත් නිකුත්කළ ක්‍රමවේදය වහාම ක්‍රියාත්මක වන පරිදි වෙනස් කිරීමට ලංකා විදුලිබල මණ්ඩලය තීරණය කර තිබේ. ඒ අනුව නව ක්‍රමවේද ත්‍රිත්වයක් හඳුන්වාදීමට පියවර ගෙන ඇතැයි මණ්ඩලය නිවේදනය කර තිබේ. ඒ අනුව ඉදිරියේදී පාරිභෝගිකයන් වෙත මාසික විදුලි බිල්පත් නිකුත්කිරීමේදී...
"ජනක රත්නායක ඉන්ධන මිල ගණන් කීවේ හරි අධ්‍යයනයක් නැතිව – තෙල් සංස්ථාව කියයි"
"ඛනිජ තෙල් ආනයන වියදම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසමේ සභාපතිවරයා කරන ලද ප්‍රකාශය ඉන්ධන මිල සම්බන්ධයෙන් අධ්‍යයනයකින් තොරව ප්‍රකාශ කළ එකකැයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී. ඉන්ධන ලීටරයක් පවතින මිලට වඩා රුපියල් 200 ක් 250 ක් අඩුකර පාරිභෝගිකයන්ට ලබාදිය හැකි බවට කොමිසමේ සභාපති ...
"ඉන්ධන පෝලිමේ තිරිසන්නු අචිර පුතු ඩැහැ ගනිති"
"මාගාල්ල අයි. ඕ. සී. ඉන්ධන පිරවුම්හලේ පෝලිමේ තිබූ වැගන් ආර් මෝටර් රථයකට ඉදිරියෙන් තවත් මෝටර් රථයක් ඇතුළත් කිරීම සම්බන්ධයෙන් දෙපිරිසක් අතර ඊයේ (08 දා) අලුයම 1.00ට පමණ ඇතිවූ ගැටුමක් දුරදිග ගොස් කඩු, කිණිසි හා තියුණු ආයුධවලින් පහර දීමෙන් එක් අයකු මියගොස් තවත් තිදෙනකු තුවාල ලබා කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බැව් ගාල්...
"දුම්රිය ගාස්තු නගී"
"දැනට පවතින දුම්රිය ප්‍රවේශපත් ගාස්තු අනිද්දා (11 වැනිදා) සිට ඉහළ දැමීමට රජය තීරණය කර ඇත. දැනට පවතින බස් ගාස්තුවලට සාපේක්‍ෂව ඊට අඩකට වඩා අඩු මුදලකින් දුම්රිය ගාස්තු ඉහළ දැමෙන අතර දැනට පවතින අවම දුම්රිය ප්‍රවේශපත් ගාස්තුව වන රුපියල් දහය රුපියල් විස්ස දක්වා වැඩි කෙරෙයි. එම ගාස්තු ඉහළ දැමීමට අදාළ ගැසට් නිවේදනය ඊයේ (09 වැන...
"විරෝධතාකරුවන් කොළඹ මාර්ග කීපයකට ඇතුළු වීම වළක්වන්නැයි පොලිසිය කළ ඉල්ලීම ඉවතට"
"දේශපාලන පක්‍ෂ ඇතුළු සංවිධාන කීපයක් අද (9වැනිදා) පැවැත්වීමට සැලසුම් කර ඇති රජයට එරෙහි විරෝධතා ව්‍යාපාරයට එක්වන පිරිස කොළඹ නගරයේ හා තදාසන්න ප්‍රදේශවල පිහිටි මාර්ග කීපයකට ඇතුළුවීම වළක්වන ලෙසට කුරුඳුවත්ත පොලිසිය කළ ඉල්ලීමක් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් නන්දන අමරසිංහ මහතා විසින් ඊයේ ප්‍රතික්‍ෂේප කරන ලදී. මේ අතර කොල්ලුපිටිය පො...
"ජපන් හිටපු අගමැති ඝාතනය කෙරේ"
"ජපානයේ වැඩිම කාලයක් අගමැති ධුරයේ සිටි හිටපු අගමැතිවරයකු වන ශින්ෂෝ අබේ ඊයේ (08දා) එරට නාරා නගරයේ දී තුවක්කුකරුවකු විසින් එල්ල කරන ලද වෙඩි ප්‍රහාරයකින් බරපතළ තුවාල ලබා රෝහල්ගත කර ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇත. 67 වැනි වියෙහි පසු වූ හිටපු ජපන් අගමැතිවරයාට ප්‍රථමාධාර ලබා දෙමින් රෝහල්ගත කර තිබූ අතර ඔහු හෘද ස්පන්දනය න...
"විදෙස්ගත ශ්‍රමිකයන්ට විශ්‍රාම වැටුප් ක්‍රමයක්"
"විදෙස්ගත ශ්‍රමිකයන් සඳහා විශේෂිත විශ්‍රාම වැටුපක් හඳුන්වා දෙන බව කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පැවසුවේය. විදේශගත ශ්‍රමිකයන් සඳහා වන විශ්‍රාම වැටුප් ක්‍රමයක් සකස් කිරීම පිළිබද වසර ගණනාවක් තිස්සේ සාකච්ඡා වෙමින් පැවති අතර, වහාම එම විශ්‍රාම වැටුප් ක්‍රමය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසට ඇමැ...
"අද අරගලයට සිව්දෙසින් සහය"
"‘ආණ්ඩුව පන්නමු ක්‍රමය පෙරළමු’ මැයෙන් සෙනසුරාදා (09 දා) කොළඹ පැවැත්වෙන ජන අරගලයට සමගාමීව අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය ඇතුළු සරසවි සිසුන් කැලණිය සරසවියේ සිට කොළඹට පාගමනින් පැමිණි අයුරු. පිංතූරය – මංගලා මදුරප්පෙරුම"
"පොහොර නැවක් අද එයි බෙදාහැරීම හෙට සිට"
"පොහොර මෙට්‍රික් ටොන් හතළිස්දහසක් රැගත් නෞකාවක් අද (9 දා) දහවල් මෙරටට ළඟාවීමට නියමිත බව කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කරයි. පොහොර නෞකාව පැමිණීමෙන් පසුව හෙට (10 දා) සිට කඩිනමින් දිවයින පුරා පොහොර බෙදාහැරීම් කටයුතු සිදුකරන බව කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර මහතා සඳහන් කළේය. මේ වනවිට ඉදිරි මහ කන්නයට අවශ්‍ය පොහොර ලබාදීමට අවශ්‍ය ...
"බැංකු ණය සහන දෙන්න චක්‍රලේඛයක්"
"පවතින ආර්ථික අපහසුතා හේතුවෙන් බලපෑමට ලක්වූ ව්‍යාපාර සහ පුද්ගලයින් වෙත ණය සහන ලබාදීමට අදාළ උපදෙස් ලබාදෙමින් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සියලුම බලපත්‍රලාභී බැංකුවලට චක්‍රලේඛයක් නිකුත් කර ඇත. මහ බැංකු අධිපති ආචාර්ය පී. නන්දලාල් වීරසිංහ මහතාගේ අත්සනින් පෙරේදා (07දා) මේ චක්‍රලේඛය නිකුත් කර තිබේ. මේ චක්‍රලේඛය මගින් බැංකු ණය...
"වැඩිම ආරක්‍ෂක භට පිරිස අද කොළඹට"
"කැරලි මර්දන ඒකකයත් කැඳවයි :පොලිසිය – ත්‍රිවිධ හමුදාව කඳුළු ගෑස් සහ ජල ප්‍රහාරක රථ සීරුවෙන් කොළඹ කොටුව, ගාලුමුවදොර පිටකොටුව ප්‍රදේශ කේන්ද්‍ර කරගෙන අද (9 දා) පැවැත්වීමට නියමිත මහා ජන අරගලයට සාමගාමීව ආරක්‍ෂක කටයුතු සඳහා පොලිසිය, විශේෂ කාර්ය බළකාය, ත්‍රිවිධ හමුදාව ඇතුළු ආරක්‍ෂක අංශ නිලධාරීන්ගෙන් සැදුම්ලත් දැවැන්ත බලඇණියක්...
"මෙන්න සතොස අමන වැඩක්"
"උර අරගෙන එන්න බැරිනම් එළියට යන්නවිදුලිය කපන වෙලාවට බඩු දීමත් නවත්වයිපාරිභෝගිකයන්ගේ ඇඟටත් කඩාපනියි බොහෝ සතොසවල භාණ්ඩ මිලදී ගැනීමට පැමිණෙන අයට උර නොමැති බව පවසමින් අපහසුතාවයට පත් කරන බව පාරිභෝගිකයෝ ඊයේ “දිවයින”ට කියා සිටියහ. මාකොළ සතොස වෙත ගිය 15 හැවිරිදි දරුවකු හට උර නොමැති නිසා උර රැගෙන එන ලෙසට පවසා ඔහුව අපහසුතාවයට පත...
"එජාප සභාපති සහ ඇමරිකානු තානාපතිනිය අතර සුහද හමුවක්"
"එක්සත් ජාතික පක්‍ෂ සභාපති, වජිර අබේවර්ධන මහතා සහ ඇමරිකානු තානාපතිනිය වන ජුලියානා චුන්ග් මහත්මිය අතර හමුවක් පසුගියදා කොළඹ හෝටර්න් පෙදෙසේ පිහිටි තානාපතිනියගේ නිල නිවසේදී පැවැත්විණි. එම හමුවේදී අයි.එම්.එෆ්. සාකච්ඡා සම්බන්ධයෙන්ද අදහස් හුවමාරු වූ අතර මෙම වසරේදී සුභදායක ප්‍රතිඵලයක් ලැබෙන වගද තහවුරු වී තිබුණි. ද්විපාර්ශ්වික ...
"බහුජන සංවිධාන එක්ව ගාල්ලේ දැවැන්ත උද්ඝෝෂණයක්"
"රජයට විරෝධය පළ කරමින් නීතිඥයන් ප්‍රමුඛ බහුජන සංවිධාන 27ක සහභාගීත්වයෙන් දැවැන්ත උද්ඝෝෂණ පාගමනක් 7 දා ගාල්ලේ දී පැවැත්විණි. එය ‘ගාලු විරෝධය’ ලෙස නම් කර තිබුණි. සමගි ජන බලවේගය, ජාතික ජන බලවේගය, පෙරටුගාමී සමාජවාදී පක්ෂය, බොදු, කිතුනු, ඉස්ලාම් සහ හින්දු පූජ්‍ය පක්ෂ සමග ගාල්ල දිස්ත්‍රික් කර්මාන්ත සහ වාණිජ මණ්ඩල, වෙළෙඳ සංගමය...
"දේශප්‍රේමී සර්ව පාක්ෂික රජයක් බිහිකිරීමේ අරගලයට සියලු දෙනාම එක්විය යුතුයි"
"නව රජයක් බිහිකිරීමේ මහජන සටනට අපිත් එක්ක ඔක්කොම එකට එකතු වෙලා අත්වැල් බැඳගමු යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී දොස්තර රාජිත සේනාරත්න මහතා පැවසීය. විපක්ෂ නායක කාර්යාලයේ ඊයේ (08 දා) පැවති මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මෙසේද කීය. අරගලකරුවන් අපේ සියලු දේශපාලන පක්ෂ වෘත්තීය සමිති බහුජන සංවිධාන සියලු නායකයන් එ...
"කොන්දොස්තරලා ඉතුරු සල්ලි ගිලිති"
"ඇතැම් පෞද්ගලික බස් රථ මගීන්ගෙන් වැඩිපුර ගාස්තු අයකරන බවත් තවත් බස් රථ ඉතිරි මුදල් ලබා නොදෙන බවටත් මගීහු චෝදනා කරති. එපමණක් නොව නව බස් ගාස්තු සංශෝධන පත්‍රිකාව බස් රථ තුළ මගී ජනතාවට පෙනෙන පරිදි ප්‍රදර්ශනය කළ යුතු බවට බස්නාහිර පළාත් මගී ප්‍රවාහන අධිකාරිය සියලු බස් රථ සේවකයන්ට දැනුම් දුන්නත් මෙතෙක් එය ඇතැම් බස් රථවල ප්‍රද...
"දේශීය ආර්ථිකය පස්ස ගසයි"
"නුදුරු කාලයේදී දේශීය ආර්ථික කටයුතුවල සැලකිය යුතු පසුබෑමක් වාර්තා කරනු ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකු පවසයි. මේ වසරේ (2022) දෙවන කාර්තුව තුළ දේශීය ආර්ථික ක්‍රියාකාරකම් සඳහා මූලික වශයෙන් විදුලිය හා බලශක්ති හිඟය බලපා තිබිණි. එහිදී සැපයුම් අංශයෙන් ඇතිවන අඛණ්ඩ බාධාවීම් මගින් දැඩි ලෙස බලපෑම් ඇති කරනු ලැබ ඇතැයි අපේක්ෂා කරන බවද මහ...
"අරගලයට අද සහායට…"
"ජනාධිපතිවරයාට හා අගමැතිවරයාට වහා ඉල්ලා අස්වන ලෙසට බලකරමින් කොටුව ගාලුමුවදොර ජනාධිපති ලේකම් කාර්යාලය අසල පැවැත්වෙන අරගලය අද (09 වැනිදා) 92 වැනි දිනයටත් පැවැත්වේ. ඊයේ දිනයේදී අරගල භූමියට විවිධ පිරිස් එක්ව සිටියද ඔවුහු ජනාධිපතිවරයාට වහා ගෙදර යන ලෙස බල කරමින් විරෝධතාවයේ යෙදුණහ. ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් අරුණ බෝගහවත්ත ආණ්ඩ...
"පෙට්රල් ඩීසල් රු. 250 ට දෙන්න පුළුවන්!"
"මහජන උපයෝගිතා සභාපති කෝප් කමිටුවේදී කියයි දත්ත පරිශීලනය කිරීමේ දී පෙට්‍රල් සහ ඩීසල් ආසන්න වශයෙන් රුපියල් 250 ක මිලකට ශ්‍රී ලංකාවේ අලෙවි කළ හැකි බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා පැවසීය. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ 2018, 2019 වර්ෂයන්ට අදාළ විගණකාධිපති ...
"උද්ධමනය 70% දක්වා ඉහළට! බැංකු ණය සහ ලීසිං අය කිරීමේදී සහනයක්"
"මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ ණය සහ ලීසිං මුදල් නැවත අය කර ගැනීමේදී සහනයක් සැලසීමට තීරණය කර ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ඊයේ (07 දා) මහ බැංකු මූලස්ථානයේදී පැවැති මාධ්‍ය හමුවකදී කීවේය. මේ සහන ලබා ගැනීම සඳහා මේ මස අවසන් වීමට ප්‍රථම අදාළ බැංකු හා මූල්‍යායතනවලට ඉල්ලීම් ඉදිරිපත්...
"මම ඉන්නේ කලකිරිලා!"
"ආණ්ඩුව තුළට වී රාජ්‍ය මුදල් කොල්ලකන ඇතැම් දේශපාලනඥයින් පිළිබඳ ලැබෙන තොරතුරු නිසා තමා බොහෝදුරට කලකිරී සිටින බව පාර්ලිමේන්තු කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා “දිවයින”ට ඊයේ (7 දා) කියා සිටියේය. මෙවැනි දේශපාලනඥයින් පිළිබඳව ස්වාධීන පරීක්‍ෂණයක් පැවැත්වීම ඉතා වැදගත් යැයිද මහින්ද යාපා අබේවර්ධන මහතා සඳහන් කළේය. මහජන ඡන්දයෙන් ...
"පණ පිටින්ම මහේශාක්‍ය ඇතාගේ දළයක් කපාගෙන ගිහින්: ඇතා මියයයි"
"කැබිතිගොල්ලෑව රක්ෂිතයේ තවත් ඇතෙකුගේ ප්‍රහාරයකට ලක්ව තුවාල ලබා වැටී සිටි ‘මහේශාක්‍ය’ නම් ඇතාගේ එක් දළයක් ඇතා පණ පිටින් සිටියදීම නරුමයන් පිරිසක විසින් පොරොවකින් පහරදී කපාගෙන ගොස් තිබේ. අනෙක් දළය කපා ගැනීම සඳහා ද මොවුන් දැඩි උත්සාහයක් ගෙන තිබී ඇත. ඒ සඳහා වැටී සිටි ඇතා අනෙක් පසට හැරවීමට ඇතාගේ හිසට තදින් පහරදී ඇති බව ද වන ...
"හෙට උද්ඝෝෂණයට කඳුළු ගෑස් – වෙඩි උණ්ඩ එපා!"
"එහෙම කළොත් නැවතත් රටපුරා ගිනිකෙළි ඇතිවේවි– ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා හෙට (9 දා) රජයට එරෙහිව උද්ඝෝෂණ ව්‍යාපාරයක නියැලීම සඳහා කොළඹට පැමිණීමට නියමිත ජනතාව මර්දනය කිරීම සඳහා කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කිරීමත් ජනතාව දෙසට තුවක්කු එල්ල කිරීමත් කිසිවිටක සිදු නොකරන ලෙස තමා පොලිසියෙන් සහ හමුදාවෙන් ඉල්ලා සිටින බව පාර්ලිමේන...
"ගෑස් අර්බුදයක් ඇතිවූයේ බැසිල් ගත් තීරණයකින්!"
"ප්‍රමාණවත් ඩොලර් නැතිකම නිසා ඉන්ධන අර්බුදය ඇතිවුවත් ගෑස් අර්බුදය රටේ ඇතිවූයේ බැසිල් රාජපක්‍ෂ මහතා මුදල් ඇමැතිවරයා ලෙස පත්වී ගත් තීරණයක් නිසා යැයි පෙරටුගාමී සමාජවාදී පක්‍ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා ඊයේ (07 දා) පැවසීය. රටේ ජනතාව ඉන්ධන, ගෑස් ඇතුළු අර්බුද රැසකින් පෙළෙන බවත්, මෙයින් ගෑස් අර්බුදය ඇතිවූයේ බලධාරීන් ග...
"මිලියන 6.26 ක ජනතාවට ඊළඟ ආහාරවේල ෂුවර් නෑ – ලෝක ආහාර වැඩසටහන කියයි"
"ශ්‍රී ලාංකිකයන් මිලියන 6.26 ක් ඔවුන්ගේ ඊළඟ ආහාර වේල සම්බන්ධයෙන් අවිනිශ්චිතව පසුවන බව ලෝක ආහාර වැඩසටහන සඳහන් කරයි. එම වැඩසටහන සිදු කළ, ලෝකයේ නවතම ආහාර අනාරක්ෂිත තක්සේරුවකදී තහවුරු වී තිබෙන්නේ, ශ්‍රී ලංකාවේ සෑම පවුල් 10 කින් පවුල් 3ක් මෙම ආහාර අවිනිශ්චිතතාවට මුහුණ දෙන බවයි. වාර්තාගත ආහාර මිල උද්ධමනය, අධික ලෙස ඉහළ ගොස් ඇ...
"තෙල් කතාවකට රුසියාවේ දෙදෙනෙක් එති: පිළිගන්න විමල් යයි"
"ශ්‍රී ලංකාවට ඉන්ධන සැපයීම පිළිබඳව සාකච්ඡා කිරීමට රුසියානු තෙල් සමාගම් නියෝජිතයෝ දෙදෙනෙක් ඊයේ (07 දා) උදෑසන කටුනායක ගුවන් තොටුපළින් ‘දිවයින’ට පැමිණියහ. මොවුහු දෙදෙනා බහරේන් සිට ගල්ෆ් එයාර් ගුවන් සේවයේ ජී.එෆ්.- 144 දරන ගුවන් යානයෙන් ඊයේ උදෑසන 9.00 ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියහ. රුසියාවේ මොස්කව් නුවර සහ ශ්‍රී ලංකාව...
"තවත් ෂෙඩ් 500 ක් විකුණන්න හදනවා!"
"ඛනිජ තෙල් පොදු සේවක සංගමයේ සභාපති තෙල් සංස්ථාව සහ මෙරට පෞද්ගලික ව්‍යාපාරිකයන් සතු සිපෙට්කෝ ඉන්ධනහල් 500ක් නැවත විදේශයකට පැවරීමට කටයුතු කරමින් සිටින බව ඛනිජ තෙල් පොදු සේවක සංගමයේ සභාපති අශෝක රන්වල මහතා ඊයේ (07 දා) පැවසීය. මේ වන විට සිපෙට්කෝ ඉන්ධන හල් 1200ක් රටේ පැවතියත් ඉන් සිපෙට්කෝ ආයතනය සතුව පවතින්නේ ඉන්ධනහල් 200ක් බ...
"පාපැදිවලට ලීසින් නෑ"
"මේ වන විට අධික ලෙස මිල ඉහළ ගොස් ඇති පාපැදි සඳහා ලීසිං පහසුකම් ලබාදිය නොහැකි බව ලීසිං සමාගම් සඳහන් කරයි. පාපැදි රජයේ ලියාපදිංචි වීමක් සිදු නොවන නිසා එලෙස ලීසිං පහසුකම් ලබාදිය නොහැකි බවත් එම සමාගම් සඳහන් කරයි. කෙසේ වෙතත් ඇතැම් ලීසිං සමාගම් සඳහන් කරන්නේ පාපැදි මිලදී ගැනීම සඳහා ණය පහසුකම් ලබාදීමට කටයුතු යොදා ඇති බවයි. රටේ...
"විදෙස් නියෝජිතයන් හරහා කැසිනෝ ටෝකන් දීම අවලංගු වෙයි"
"සුපිරි කැසිනෝ ශාලා වෙත පිවිසීම සඳහා විදේශ නියෝජිතයන් හරහා ටෝකන් පත් නිකුත් කරන ක්‍රමය වහාම ක්‍රියාත්මක වන පරිදි අහෝසි කිරීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර තිබේ. ඊට අමතරව කැසිනෝ ක්‍රීඩාවේ යෙදෙන විදේශිකයන් මෙරටදී අනිවාර්යයෙන් විදෙස් මුදල් ඒ සඳහා වියදම් කළ යුතු බවට වන නීති රීති පැනවීමට ද මුදල් අමාත්‍යාංශය යෝජනා කර තිබේ. ශ්‍...
"පාස්පෝට් පෝලිමේ සිටි ගැබිනි මවට ලැබුණු දරුවා මරණයට පත්වෙයි"
"ශ්‍රී ලංකා යුද හමුදාවේ මානුෂීය මැදිහත්වීම මත ඊයේ (07 දා) කොළඹ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ සේවය ලබාගැනීමට පෝලිමක රැඳී සිටි ගර්භණී මාවාතවකට ලැබුණු දරුවා ඊයේ දහවල් මිය ගිය බව රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය. විදේශ ගමන් බලපත්‍රය ලබාගැනීම සඳහා හැටන් ප්‍රදේශයේ සිට පෙරේදා (06 දා) සිය සැමියා සමග ආගමන විගමන දෙපාර්තමේන්තුවට පැමිණ ඇති ...
"අරගලයේ සම්මුතිය දිනවන්න අවිවාදයෙන් කැප වෙනවා – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස"
"සර්ව පාක්ෂික අරගල බිමෙන් එළිදැක්වූ කරුණු 6කින් යුතු සම්මුතිය දිනවීම සඳහා අවිවාදයෙන් කැප වන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. ‘අරගලය දිනවන සම්මුතිය’ මැයෙන් සර්ව පාක්ෂික අරගලකරුවන් සංවිධානය කර තිබූ වැඩසටහනට එක්වෙමින් ප්‍රේමදාස මහතා මේ බව කීය. කොළඹ රමාඩා හෝටල් පරිශ්‍රයේදී මෙම වැඩසටහන පැවැත්විණි. ප්‍රජාතන්ත්‍රවාද...
"බේකරි 90% ක් කඳුළු ගොඩේ!"
"ඉන්ධන සහ ගෑස් අර්බුදය නිසා බේකරි කෑම නිෂ්පාදකයන්ගෙන් සියයට 90 කට බලපෑම් එල්ල වී ඇතැයි සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්. කේ. ජයවර්ධන මහතා ඊයේ (07 දා) පැවසීය. බේකරි කෑම නිෂ්පාදනය කිරීමේදී ඩීසල්, භූමිතෙල්, ගෑස් සියයට 90ක පමණ පිරිසක් භාවිතා කරන බවත් දර උපයෝගි කරගෙන බේකරි නිෂපාදන සිදුකරන්නේ සියයට 10කටත් අඩු පිර...
"පෞද්ගලික බස් හෙට නැතිවේවි: ගැමුණු අනතුරු අඟවයි"
"පෞද්ගලික බස්රථ ධාවනය හෙට (09 දා) දිනයේදී මුළුමනින්ම නතර වීමට ඉඩ ඇති බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා ‘දිවයින’ට ඊයේ (07 දා) පැවසීය. දැනට පෞද්ගලික බස් සේවාව සඳහා ලැබෙන්නේ සියයට 15ක පමණ ඉන්ධන ප්‍රමාණයක් යැයි ද මෙම තත්ත්වය අනුව ක්‍රමවත් බස් සේවාවක් ලබාදීමට නොහැකි වී ඇතැයි ද හෙතෙම කීවේය. සි...
"බොරුව පරදවමු – යුක්තිය ඉටුකරමු!"
"භික්‍ෂු සත්‍යග්‍රහය ඇරැඹෙයි ත්‍රෛනිකායික මහ නාහිමිපාණන් වහන්සේලාගේ යෝජනාවලිය වහාම ක්‍රියාත්මක කරන ලෙස බලකරමින් ‘බොරුව පරදවමු යුක්තිය ඉටුකරමු’ මැයෙන් භික්‍ෂු සත්‍යග්‍රහයක් පිටකොටුව බෝධින් වහන්සේ ඉදිරිපිට දී ඊයේ (7 දා) පැවැත්වූ අයුරු."
"වඩමරච්චි හාට්ලි විද්‍යාලයේ සෙල්වචන්ද්‍රන්ගෙන්  අරුම පුදුම මෝටර් පාපැදියක්!"
"යාපනය වඩමරච්චි හාට්ලි ජාතික පාසලේ සිසුවෙකු විසින් ඉන්ධන නොමැතිව ගමන් කළ හැකි මෝටරයකින් ක්‍රියා කරනු ලබන පාපැදියක් නිර්මාණය කොට තිබේ. සෙල්වචන්ද්‍රන් සිරිමන් නමැති මෙම සිසුවා විසින් නිර්මාණය කොට ඇති පාපැදියේ පැඩලය ක්‍රියාත්මක කිරීමත් සමගම මෝටරය ක්‍රියාත්මක වී පාපැදියට ඉදිරියට ගමන් කිරීම සඳහා විදුලි බලය මෝටරය ඔස්සේ නිපදව...
"එස්. ටී. එෆ්. කොළඹට කැඳවයි!"
"කොළඹ නගරය ආශ්‍රිත අද (08දා) සහ හෙට (09 දා) විරෝධතා හා පා ගමන් පැවැත්වීමට සැලසුම් පවතින නිසා රාජකාරි සඳහා නිලධාරීන් යෙදවීමට කටයුතු කරන ලෙස පොලිස් විශේෂ කාර්ය බළකා අණදෙන නිලධාරිවරයා කලාප අණදෙන නිලධාරීන්ට පෙරේදා (06 දා) දැනුම් දීමක් කර ඇත. අද (08 දා) අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය විසින් විරෝධතා පා ගමනක් පවත්වා උද්...
"මුදල් ඇමැති ගෙදර යන්න – ධම්මිකගෙන් රනිල්ට අභියෝගයක්"
"කිසිම සැලැස්මක් මුදල් ඇමැතිට නැහැමුදල් ඇමැතිවරයා වහාම ධුරයෙන් ඉල්ලා අස් විය යුතු යැයි ආයෝජන ප්‍රවර්ධන ඇමැති ධම්මික පෙරේරා මහතා පවසයි. මින් එහාට රට විනාශයකට ගෙන යෑමට තමා ඉඩ නොතබන බවත් මුදල් ඇමැතිවරයාට රට වෙනුවෙන් අනාගත අරමුදල් ප්‍රවාහ සැලසුම් නැති බවත් ඔහු සඳහන් කළේය.රටට ඩොලර් ඉපයීම, ඩොලර් ණයට ගැනීම, අන්තර්කාලීන මූල්‍ය...
"ධම්මිකගේ ප්‍රකාශය ගැන  හර්ෂ අසද්දී අගමැති නිහඬයි"
"අග්‍රාමාත්‍යවරයා මුදල් ඇමැති ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බවට ඇමැති ධම්මික පෙරේරා මහතා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් සිය මතය කුමක්දැයි සජබ මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ඊයේ (6 දා) පාර්ලිමේන්තුවේ දී අගමැතිවරයාගෙන් ප්‍රශ්න කළ අතර ඒ මහතා ඊට නිසි පිළිතුරක් ලබාදුන්නේ නැත.එහිදී මන්ත්‍රීවරයා සහ අගමැතිවරයා අතර සංවාදය මෙසේය.හර්ෂ ද...
"හිරුණිකා ඇතුළු 12ක් අත්අඩංගුවට – පොලිස් ඇපදෙයි"
"සජබ විරෝධතා  පා ගමනට පොලිසියෙන් කඳුළු ගෑස් හා ජල ප්‍රහාරකොටුව ජනාධිපති මන්දිරය ඉදිරිපිට විරෝධතාවයක නිරත වූ සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇතුළු 12 දෙනකු කොටුව පොලිසිය මගින් ඊයේ (6 වැනිදා) අත්අඩංගුවට ගන්නා ලදී. හිරුණිකා මහත්මිය ඇතුළු පිරිස ඊයේ උදේ ජනාධිපති මන්දිරය අසල පළමු ...
"ඇණවුම් කළැයි ඇමැති කිව්වට 10දාට පෙර එක තෙල් නැවක්වත් ලංකාවට ගෙන්වා ගන්න බැහැ – තෙල් සංස්ථාව කියයි"
"තෙල් නෞකා දහයක් ඇණවුම් කර ඇතැයි ඇමැතිවරයා ප්‍රකාශ කළත් එක ඉන්ධන නෞකාවක්වත් මෙම මස 10 වැනිදාට පෙර මෙරටට ගෙන්වාගත නොහැකි යැයි ලංකා බනිජ තෙල් සංස්ථාව පවසයි.විවිධ පාර්ශ්ව සමග සාකච්ඡා කළත් තෙල් නෞකාවලට ගෙවීමට සංස්ථාව සතුව ඩොලර් නොමැති බවත්, සංස්ථා සේවකයන්ට මාසික වැටුප්, අතිකාල හා දිරිදීමනා ඇතුළු අනෙකුත් ගෙවීම් සඳහා රුපියල්...
"සමස්ත ලංකා වෛද්‍ය සංගමය අද රෝහල් ඉදිරිපිට කළු කොඩි විරෝධතාවක"
"සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පවතින ගැටලු කිහිපයකට වහා විසඳුම් ලබා දෙන ලෙස රජයට බල කරමින් රට පුරා රෝහල් ඉදිරිපිට කළු කොඩි ඔසවමින් අද (07 දා) උද්ඝෝෂණයක නිරත වීමට සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීරණය කර ඇත.ඉන්ධන අර්බුදය, ඖෂධ, උපකරණ හිඟය, නේවාසික රෝගීන්ට ආහාර ලබා නොදීම, සෞඛ්‍ය සේවයට ප්‍රමාණවත් ප්‍රවාහන පහසුකම් ලබා නොදීම ඇතුළු ක...
"ණය සහන මත තෙල් ගන්න ජනපතිගෙන් රුසියානු  ජනපති පුටින්ට ඇමතුමක්"
"රට තුළ පවතින ඉන්ධන අර්බුදය විසඳා ගැනීම සඳහා ණය සහන පදනම මත ඉන්ධන ආනයනයට සහාය ලබාගැනීම සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රුසියානු ජනාධිපති වැලැද්මියර් පුටින් මහතා සමග දුරකථන සංවාදයක යෙදී ඇත. එය සාර්ථක සාකච්ඡාවක් වූ බව ජනාධිපතිවරයා නිකුත් කළ ට්විටර් පණිවුඩයක සඳහන්වේ.මෙම සංවාදයේදී ජනාධිපතිවරයා නැවත රුසියානු එරෝෆ්ල...
"බස් අඩුයි: ඊයේත් මගීහු පාරේ අතරමං වෙති"
"ඉන්ධන අර්බුදය හේතුවෙන් ප්‍රමාණවත් පරිදි ලංගම හා පෞද්ගලික බස්රථ ධාවනය නොවීම නිසා දහස් සංඛ්‍යාත මගීහු ඊයේ (6 දා) දැඩි අපහසුතාවන්ට පත්වූහ.ඊයේ උදේ රැකියා ස්ථාන කරා යෑමට සහ වෙනත් අවශ්‍යතා සඳහා යෑමට බස් නැවතුම්පළවල් කරා පැමිණි මගීහු විශාල පිරිසක් අසරණ වූහ.ඉන්ධන අර්බුදය හේතුවෙන් මාර්ගයේ ධාවනය වූ බස්රථ හිඟයක් දක්නට ලැබුණු අතර...
"ජනතාව තෙල් පෝලිම්වල දුක් විඳිද්දී කොළොන්නාවේ සේවකයන්ගේ කල්ලමරේ"
"ජනතාව ඉන්ධන නොමැතිව දින ගණන් පෝලිම්වල සිටියදී ඛනිජ තෙල් තොග පර්යන්ත සමාගමේ සේවකයන් 600 කට පමණ ඊයේ (06 දා) පෙරවරුවේ උසස්වීම් සමග වැටුප් වර්ධක ලබාදී ඇත.පර්යන්ත සමාගමේ සේවකයන් 2800 ක් පමණ සේවය කරන අතර ඔවුන්ට මේ වනවිට මාසිකව රුපියල් කෝටි දෙකහමාරක පමණ වැටුප් හා දීමනා ලබාදෙන බව එහි අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි. මෙම පිරිසට උස...
"ධම්මිකගේ පරිණතභාවයේ දුර්වලකම පේනවා  – ඔහු සාමූහික වගකීම කඩලා – එජාප උපනායක අකිල විරාජ්"
"අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කැසිනෝ ව්‍යාපාරවලින් නිසි ලෙස බදු අයකර ගැනීමට කැබිනට් අනුමැතිය  ලබාගැනීමත් සමග මුදල් ඇමැති ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස ආයෝජන ප්‍රවර්ධන ඇමැති ධම්මික පෙරේරා මහතා කරන ප්‍රකාශ සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්‍ෂය විමතිය පළ කරයි.දෙස් විදෙස් ප්‍රබල ව්‍යාපාරිකයන් විසින් මෙරට පවත්වාගෙන යන කැසිනෝ ව්‍යාපාරව...
"මත් ජාවාරමාගේ අනියම් බිරිඳ හෙරොයින් සමග අත්අඩංගුවට"
"සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනියම් බිරිඳ හෙරොයින් ග්‍රෑම් 20 ක් සමඟ විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් විසින් පෙරේදා (05වැනිදා) අත්අඩංගුවට ගෙන ඇත.බොරැලැස්ගමුව පොලිස් වසමේ පැපිලියාන හන්දිය අසලදී විශේෂ කාර්ය බළකාය සිදු කළ වැටලීමකදී මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබෙන අතර එහිදී මෙම කාන්තාව...
""ගොඩබාන්න ඉඩ නැතිව භූමිතෙල්  ලීටර් 19,800ක් බවුසරයක රඳවාගෙන""
"ජනතාව භූමිතෙල් නොමැතිව පෝලිම්වල සිටියදී බදුල්ල තොග ගබඩාවේ භූමිතෙල් ලීටර් 19,800ක් පුරවන ලද ඉන්ධන බවුසරයක් ගොඩ බෑමට ඉඩ නොමැතිව එහි රඳවා සිටින බව වාර්තාවේ.එම ගබඩාවේ භූමිතෙල් ලීටර් 54,000ක පමණ තොගයක් පවතින බවත් එය අඩු වනතෙක් ඛී 4890 දරන භූමිතෙල් ලීටර් 19,800ක් අඩංගු භූමිතෙල් බවුසරය ගොඩබෑමට නොහැකි බවත් ආරංචි මාර්ග සඳහන් ක...
"තෙල් වෘත්තීය සමිති විරෝධතාවෙන් පාර්ලිමේන්තු පිවිසුම් මාර්ග ඇහිරෙයි – පොලිසියේ කඳුළු ගෑස් ප්‍රහාරයෙන් 10කට තුවාල"
"ඛනිජ තෙල් සම්පත් සුරැකීමේ වෘත්තීය සමිති එකමුතුව ඊයේ (6 වැනිදා) පාර්ලිමේන්තු පිවිසුම් මාර්ගයේදී පැවැත්වූ විරෝධතාවට පොලිසිය කඳුළු ගෑස් හා ජල ප්‍රහාර එල්ල කිරීමත් සමග ප්‍රදේශයේ උණුසුම් තත්ත්වයක් හටගත් අතර එහිදී විරෝධතාවේ යෙදුණු 10 දෙනෙක් තුවාල ලැබූහ.විරෝධතාකරුවන් පළමු පොලිස් මාර්ග බාධකය පෙරළා ඉදිරියට ගමන් කිරීමත් සමග පොල...
"ආර්ථික අර්බුදයට  මුවා වී තමිල්නාඩු ධීවරයෝ අපේ මත්ස්‍ය සම්පත කොල්ලකති"
"ශ්‍රී ලංකාවේ දරුණු ආර්ථික අර්බුදයට මුවා වී තමිල්නාඩු ධීවර යාත්‍රා 3000 කට අධික සංඛ්‍යාවක් ශ්‍රී ලංකාවේ මත්ස්‍ය සම්පත කොල්ලකන බව හෙළි වී ඇත.මේ වනවිට තමිල්නාඩු බෝට්ටු 161 ක් මෙරටදී අත්අඩංගුවට ගෙන ඇති අතර ඊට එරෙහිව තමිල්නාඩු මන්ත්‍රී වයිකෝ අධිකරණය හමුවට ගොස් එකී බෝට්ටු මුදාහරින ලෙස ඉල්ලා තිබේ.තමිල්නාඩුවේ විශාල මත්ස්‍ය ව්...
"මේ වසරේ මෙතෙක් මුහුදෙන්  රට පනින්න ගිය 610ක් අල්ලයි"
"මේ වසරේ ඊයේ (6 දා) වන විට මුහුදු මාර්ගයෙන් ඔස්ටේ්‍රලියාව ඇතුළු විදෙස් රටවලට දරුවන් සමග පලා යෑමට තැත් කළ 610 ක් නාවික හමුදාව මගින් අත්අඩංගුවට ගෙන ඇත.ඊයේ මන්නාරම සහ ත්‍රිකුණාමලය යන ප්‍රදේශවලින් 55 දෙනකු අත්අඩංගුවට ගෙන තිබෙන අතර ඔවුන් අතර බාලවයස්කරුවන් 26 දෙනකු සිටින බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා...
"ගුවන් සේවා ගනුදෙනුව පරීක්‍ෂණ නිම වන තෙක් නිමල් සිරිපාල  ඇමැති ධුරයෙන් ඉවතට"
"ගුවන් සේවා අමාත්‍යාංශය පෞද්ගලික ආයතනයක් සමග සිදු කළ ගනුදෙනුවක් සම්බන්ධයෙන් විපක්ෂ නායකවරයා පෙරේදා (05දා) පාර්ලිමේන්තුවේදී නැගූ චෝදනාව සම්බන්ධයෙන් වහාම විධිමත් පරීක්ෂණයක් සිදු කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නියෝග කර ඇත. පරීක්ෂණ කටයුතු නිමවන තෙක් ජනාධිපතිවරයාගේ උපදෙස් මත වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය ධුරයෙන් ත...