Title
stringlengths
9
246
Content
stringlengths
3
62.9k
"ජනපති සටනට තරගය තියුණුයි: තීන්දුව 20 දා මැතිසබේදී"
"පාර්ලිමේන්තුවේ ලබන 20 වැනිදා පැවැත්වෙන ජනාධිපති තෝරාපත් කර ගැනීමේ ඡන්ද විමසීමට තියුණු තරගයක් ඇතිවී තිබේ. මෙම ජනපති තරගයට වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ, විපක්‍ෂ නායක හා සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස හා පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු ඇමැති ඩලස් අලහප්පෙරුම යන මහත්වරුන් අතර මෙම සටන ඇතිව තිබේ. එම තරගකරුවෝ තිදෙනාම තම...
"මේක අත්හදා බැලීම් කරන වෙලාවක් නෙවෙයි: අයි එම් එෆ් පිහිට හැර වෙන මගක් නෑ"
"ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ආරම්භ කර තිබෙන සාකච්ඡා හැකි ඉක්මනින් සිදුකර, එම මාර්ගයේ යනවා හැරෙන්නට වෙනත් විකල්පයක් නොමැති බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි. ශ්‍රී ලංකාව මේ වන විට වැටී ඇති ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා ඇති එකම මාර්ගය එය බව ද ඔහු සඳහන් කරයි. ඉදිරියේ දී බලයට පැමිණීමේ අදහසින...
"මම ජනපති සටනට තරග කරනවා"
"විධායක ජනාධිපති ධුරය සඳහා තරග කිරීමට තමන් සූදානම් බවත් සාම්ප්‍රදායික බෙදීම්වලින් තොර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නොමද සහාය තමන් බලාපොරොත්තු වන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම ප්‍රකාශ කර සිටියි. එම නිවේදනයේ වැඩිදුරටත් මෙසේ සඳහන් වේ. අද දින පාර්ලිමේන්තුවේ පැවති පක්ෂ නායකයන්ගේ රැස්වීමේ දී හිටපු ජනාධිපති ගෝඨාභ...
"ගෝඨාභය අත්අඩංගුවට ගන්න: බ්‍රිතාන්‍ය මන්ත්‍රීවරු 15 ක් එරට ආණ්ඩුවෙන් ඉල්ලයි"
"ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා අත්අඩංගුවට ගෙන වහාම ශ්‍රී ලංකාවට භාරදෙන ලෙස බ්‍රිතාන්‍යයේ ලිබරල් ඩිමොක්‍රටික් පක්‍ෂයේ නායක එඩී ඩේවිස් මහතා ඇතුළු මන්ත්‍රීවරු 15 දෙනකු බ්‍රිතාන්‍ය ආණ්ඩුවෙන් ඉල්ලා ඇත. රාජපක්‍ෂ මහතා ශ්‍රී ලංකාවෙන් පැනයෑම සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේදී දැඩි විරෝධතාවයක්ද මතුවී තිබ...
"අරගලකරුවන් පිළිගත්තත් කැරළිකරුවන්ට නීතිය තදින්"
"ජනපති කොඩිය අහෝසියි ජනපති හැඳින්වීමේදී අතිගරු කෑල්ල තහනම් වැඩ බලන ජනපති රනිල් ජාතිය අමතමින් කියයි සාමකාමී අරගල කිරීමේ අයිතිය සියයට සියයක් පිළිගන්නා අතරේදී රටේ නීතිය හා සාමය ස්ථාපිත කිරීමට වහාම පියවර ගන්නා බව වැඩ බලන ජනාධිපති ලෙස දිවුරුම් දීමෙන් පසු රනිල් වික්‍රමසිංහ මහතා ජාතිය අමතමින් පැවසීය. එහිදී වැඩ බලන ජනාධිපතිවරය...
"කොරෝනා 4 වැනි එන්නතේ මාත්‍රා මිලියන 08 ක් කල්පනින්න ළගයි"
"කොවිඩ් මර්දනය වෙනුවෙන් ලබා දෙන හතරවන එන්නත් මාත්‍රා මිලියන අටක ප්‍රමාණයක් තවත් සති තුනක පමණ කාලයකින් කල් ඉකුත් වන තත්ත්වයට පත්වන බව සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත්, මහතා “දිවයින ඉරිදා සංග්‍රහය”ට ප්‍රකාශ කළේය. කෙසේ වෙතත් මෙරට ජනගහණයෙන් ඉතා අඩු ප්‍රතිශතයක් පමණක් හතරවන මාත්‍රාව ලබා ගෙන ඇත...
"මහින්දට බැසිල්ට උසාවි අවසර නැතිව 28 දා තෙක් රට යන්න බෑ"
"හිටපු මුදල් අමාත්‍යවරුන් වන මහින්ද රාජපක්‍ෂ හා බැසිල් රාජපක්‍ෂ යන මහත්වරුන්ට ලබන 28 දා දක්වා තම අධිකරණයේ අවසරයකින් තොරව විදේශ ගතවීම වළක්වමින් ශ්‍රේෂ්ඨාධිකරණය (15 දා) පස්වරුවේ අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය. රට ආර්ථික පරිහානියට ලක් කිරීමට හේතුපාදක වූ අදූරදර්ශී තීන්දු තීරණ ගත් පිරිසට එරෙහිව විධිමත් පරීක්‍ෂණයක් පවත්වා ...
"සය වසරක් අගමැති වැඩබලන ජනපති වී…."
"වැඩ බලන ජනාධිපති ලෙස පත්වූ රනිල් වික්‍රමසිංහ මහතා ඉකුත් 15 වැනිදා කොල්ලුපිටිය වාළුකාරාම විහාරස්ථානයේදී අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ඉදිරියේ දිවුරුම් දුන් අයුරු."
"ධම්මික යටතේ තිබූ ආයතන 10 ම ආරක්ෂක අමාත්‍යංශය යටතට"
"වහාම ක්‍රියාත්මක වන පරිදි වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශය යටතේ තිබූ ආයතන දහයම යළිත් ආරක්‍ෂක අමාත්‍යාංශය යටතට පවරා තිබේ. මීට අදාළ අති විශේෂ ගැසට් නිවේදනය පසුගියදා නිකුත් කරනු ලැබීය. ඒ අනුව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය, කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභාව, කොළඹ වරාය නගරය ආශ්‍රිත ව්‍යාප...
"තෙල් සංස්ථාව වසර 5 කදී ඩොලර් ලක්ෂ 26 ක් ප්‍රමාද ගාස්තු ගෙවලා විගණනයෙන් හෙළිවෙයි"
"ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව විසින් ඉකුත් වසර පහේදී ප්‍රමාද ගාස්තු වශයෙන් ඇමරිකානු ඩොලර් ලක්ෂ විසිහයකට අධික මුදලක් (ඩොලර් 2 606,556) ගෙවා ඇති බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත් කර ඇති විගණන වාර්තාවේ සඳහන් වෙයි. එමෙන්ම ප්‍රමාද ගාස්තු වශයෙන් තවත් ඇමරිකානු ඩොලර් එක්කෝටි විසිහය ලක්‍ෂ හතළිස් හතර දහස් දෙසීය පනස් හතක (12...
"අලුතෙන් එන ජනපතිට 2024 නොවැම්බර් වනතුරු පුළුවන්"
"ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඉවත්වීමෙන් පසු පාර්ලිමේන්තුව මගින් පත්කරගන්නා ජනාධිපතිවරයාට 2024 නොවැම්බර් දක්වා ජනාධිපති ධුරයේ රාජකාරි සිදුකළ හැකි යැයි මැතිවරණ කොමිසමේ සභාපති නිමල් ජී. පුංචිහේවා මහතා ඉරිදා දිවයිනට පැවසීය. පත්වන ජනාධිපතිවරයාට දෝෂාභියෝග වැනි ව්‍යවස්ථානුකූල අභියෝග එල්ල නොවුණහොත් ඔහුට සිය ධුරකාලයේ 2024 නොව...
"පාසල් ඇරැඹීම බ්‍රහස්පතින්දා"
"ඉන්ධන හා ප්‍රවාහන දුෂ්කරතා හේතුවෙන් නිවාඩු ලබාදී ඇති පාසල් නැවත ලබන බ්‍රහස්පතින්දා (21 දා) සිට ආරම්භ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇත. ඒ අනුව ලබන සඳුදා (18 දා) සිට බදාදා (20 දා) දක්වා පාසල් නිවාඩු ලබාදී ඇත. අධ්‍යාපන ලේකම් නිහාල් රණසිංහ මහතා, අතිරේක ලේකම්වරුන්, අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් සූම් තාක්ෂණය ඔස්සේ ඊයේ (15 ද...
"ගෝඨාභය අස්වුණේ ජුලි 14 වැනිදා"
"ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වී ඇත්තේ 2022 ජුලි මස 14 වැනිදා යැයි කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඉකුත් 15 වැනිදා කථානායක නිල නිවසේ විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් පැවසීය. ඊට අදාළ ඉල්ලා අස්වීමේ ලිපිය තමා වෙත ලැබී ඇතැයි ද ඔහු සඳහන් කළේය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 38/1(ආ) වගන්තිය අනුව ජනාධිපතිවරයාගේ ඉල්ලා ...
"පාසල් ඇරැඹීම බ්‍රහස්පතින්දා"
"ඉන්ධන හා ප්‍රවාහන දුෂ්කරතා හේතුවෙන් නිවාඩු ලබාදී ඇති පාසල් නැවත ලබන බ්‍රහස්පතින්දා (21 දා) සිට ආරම්භ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇත. ඒ අනුව ලබන සඳුදා (18 දා) සිට බදාදා (20 දා) දක්වා පාසල් නිවාඩු ලබාදී ඇත. අධ්‍යාපන ලේකම් නිහාල් රණසිංහ මහතා, අතිරේක ලේකම්වරුන්, අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් සූම් තාක්ෂණය ඔස්සේ ඊයේ (15 ද...
"අරගලයට දින 100 යි"
"කොළඹ කොටුව ජනාධිපති ලේකම් කාර්යාලය අසල අරගලකරුවන් අඛණ්ඩවම පවත්වාගෙන යන අරගලය අදට (17 වැනිදා) දින සියයක් පිරෙයි. එම ජනාධිපති ලේකම් කාර්යාලය ද අරගලකරුවන්ගේ ග්‍රහණයේ තවමත් පවතින අතර, ඊයේ (15 වැනිදා) දිනයේ එහි පවත්වාගෙන යන ‘ගෝඨාගෝම ගම’ පුස්තකාලය නැරඹීමට විශාල පිරිසක් පැමිණ සිටියහ. වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ධු...
"රනිල් දිවුරයි"
"වැඩ බලන ජනාධිපති ලෙස පත්වූ රනිල් වික්‍රමසිංහ මහතා ඉකුත් 15 වැනිදා කොල්ලුපිටිය වාළුකාරාම විහාරස්ථානයේදී අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ඉදිරියේ දිවුරුම් දීමෙන් පසු…. නිදහස් ශ්‍රී ලංකංවේ සය වතාවක් අග්‍රමාත්‍ය ධුරය හෙබ වූ රනිල් වික්‍රමසිංහ මහතා වැඩබලන ජනාධිපතිවරයා ලෙස ඊයේ (16දා) අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ඉදිරියේ දිවුරු...
"ස්ථාවර රජයක් නැතිනම් රට වැහෙයි – මහ බැංකු අධිපති"
"කඩිනමින් ස්ථාවර රජයක් ස්ථාපනය කර නොගතහොත් රට වැසී යා හැකි බවට මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසා ඇත. බී. බී. සී. නිව්ස් නයිට් නම් වැඩසටහනට එක්වෙමින් මහ බැංකු අධිපතිවරයා මේ බව පවසා ඇත. ඉන්ධන වැනි අත්‍යවශ්‍ය දේ සඳහා ගෙවීම් කිරීමට අවශ්‍ය තරම් විදේශ විනිමය සොයාගත හැකිවේද යන්න සම්බන්ධයෙන් අවිනිශ්චිතතාවක් ඇති...
"ලෝක වෙළෙඳ පොළේ මිල බැහැලා: පෙට්‍රල් රු. 110 කින් අඩුකළ හැකියි"
"ලෝක වෙළෙඳ පොළේ පවතින ඉන්ධන මිලට සාපේක්‍ෂව මෙරට ඉන්ධන මිල අඩුවිය යුතු බව සමගි ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය සඳහන් කරයි. එහි කැඳවුම්කරු ආනන්ද පාලිත මහතා ඊයේ (15 දා) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී මේ බව කියා සිටියේය. මේ වනවිට ලෝක වෙළෙඳ පොළේ ඉන්ධන මිල ගණන් ශීඝ්‍රයෙන් පහත බසිමින් පවතින බැවින් රජය ඉදිරිපත් කර ඇති මිල සූත්‍රයට...
"නීතියේ ආධිපත්‍ය සුරකිමින් ආර්ථික සමෘද්ධිය කරා මාතෘ භූමිය රැගෙන යෑමට මා කැපවෙනවා – පා. ම. ඩලස් අලහප්පෙරුම"
"නීතියේ ආධිපත්‍යය හා ජාතීන් අතර එකඟතාව සුරකිමින් ආර්ථික සමෘද්ධිය කරා මාතෘ භූමිය රැගෙන යෑමට කළ හැකි යුතුකම් හා කැපකිරීම් සඳහා එක සිතින් කැපවන බව වගකීමෙන් ප්‍රකාශ කරන බව පා. ම. ඩලස් අලහප්පෙරුම මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. එම නිවේදනයේ මෙසේද දැක්වේ. අද දින පාර්ලිමේන්තුවේ පැවති පක්ෂ නායකයන් ගේ රැස්වීමේ දී හිටපු ...
"ගෝඨාභය නිල වශයෙන්ම අස්වුණා : කථානායක දැනුම් දෙයි"
"ගෝඨාභය රාජපක්‍ෂ මහතා ජනාධිපති ධුරයෙන් නිත්‍යානුකූලව ඉල්ලා අස්වූ බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඊයේ (15දා) පෙරවරුවේ විශේෂ ප්‍රකාශයක් කරමින් සඳහන් කළේය. ඒ අනුව ජනපතිවරයා පෙරේදා (14දා) වනවිට ඉල්ලා අස්වූ බවද ඒ මහතා කියා සිටියේය. එම ප්‍රකාශය මෙසේය. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජන රජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3...
"ජාතියේ අභිවෘද්ධිය සඳහා කැපවීමෙන් කටයුතු කරන්න: ඇමෙරිකා එක්සත් ජනපදය ඉල්ලයි"
"මේ අවස්ථාවේ සන්සුන්ව ක්‍රියා කරන ලෙස ඇමෙරිකා එක්සත් ජනපදය නැවතත් ඉල්ලා සිටින බව ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිනි ජූලි චංග් මහත්මිය පවසයි. ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ඇය මේ බව පවසයි. මෙම මොහොතේ ජාතියේ අභිවෘද්ධිය සඳහා කැපවීමෙන් කටයුතු කරන ලෙසත් දිගුකාලීන ආර්ථික හා දේශපාලන ස්ථාවරත්වය ගෙන එන විසඳුම් ක්‍රියාත්මක කිරීමට...
"ව්‍යවස්ථාවට පිටින් වැඩ නෑ.. අරගල  පිළිගන්නවා කැරැල්ලට ඉඩ නැහැ!"
"වැඩ බලන ජනපති රනිල් ජාතිය අමතමින් කියයි ● ජනපති කොඩිය අහෝසියි● ජනපති හැඳින්වීමේදී අතිගරු කෑල්ල තහනම්● 19 සම්පූර්ණයෙන් බලාත්මක කරනවා● ජනපති තෝරන ඡන්දයේදී මන්ත්‍රීන්ට බලපෑම් කරන්න සමහරු උත්සාහ කරනවා● ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරන්න ඉඩ දෙන්නේ නෑ මුළු රටටම නව ගමනක් හැමෝම මල් වට්ටියට අතගහන්න සාමකාමී අරගල කිරීමේ අයිතිය සියයට ...
"එයාර් ෆ්ලොට් නඩුව ඉදිරියට ගෙනියන්න උසාවියට බලය නෑ නඩුව නිශ්ප්‍රභ කෙරේ"
"අයර්ලන්ත ලීසිං සමාගමක් විසින් මූල්‍ය ගනුදෙනුවක් සම්බන්ධයෙන් රුසියානු එයාර් ෆ්ලොට් ගුවන් සමාගමට එරෙහිව පවරා ඇති නඩුව තවදුරටත් ඉදිරියට පවත්වාගෙන යෑමේ නීතිමය බලයක් සිය අධිකරණයට නොමැති බවට නිගමනය කළ කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරු සුමිත් අරුණ පෙරේරා මහතා එම නඩුව ගාස්තුවට යටත්ව ඊයේ (15 දා) නිශ්ප්‍රභ කළේය. නඩුවට පාදක වූ ගුවන් ...
"රටේ අර්බුදයෙන් ගායක ගායිකාවෝ කබලෙන් ළිපට වැටිලා"
"ශ්‍රී ලංකා ගායක ගායිකාවන්ගේ සංගමයේ සභාපති විශාරද ජානක වික්‍රමසිංහ ඉන්ධන, ගෑස් අර්බුදය නිසා ගායක ගායිකාවන් ඇතුළු කලාකරුවන් විශාල පිරිසක් දැඩි ආර්ථික අපහසුතාවට පත්ව සිටින බව ශ්‍රී ලංකා ගායක ගායිකාවන්ගේ සංගමයේ සභාපති ප්‍රවීණ ගායක විශාරද ජානක වික්‍රමසිංහ මහතා ‘දිවයින’ ට ඊයේ (15 වැනිදා) පැවසීය. එසේම රටේම ජනතාව කරන අරගලය ජය...
"අයි. එම්. එෆ්. කතා පටන් ගන්න ශ්‍රී ලංකාව ‘නිවෙන්න’ ඕනෑ"
"අයි. එම්. එෆ්. ප්‍රකාශක ගැරී රයිස් මූල්‍ය පහසුකමක් ලබාගැනීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග වන සාකච්ඡා යළි ආරම්භ කිරීම සඳහා ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වයේ සමනයවීමක් අපේක්ෂා කරන බව එම අරමුදලේ ප්‍රකාශක ගැරී රයිස් පවසයි. ශ්‍රී ලංකාවේ වත්මන් වතාවරණය සමීපව නිරීක්ෂණය කරමින් සිටින බව ද ඔහු සඳහන් කරයි. ශ්‍රී ලංකාවේ ආර්ථික අර්...
"ඇමරිකාවේ ඉන්දියානා බෞද්ධ විහාරයේ හා ලොස් ඇන්ජලීස් ලංකාරාම විහාරයේ වස් පිංකම්"
"වස් පිංකම් රැසක් ඇමෙරිකාවේ ඉන්දියානා බෞද්ධ විහාරයේදී හා ලොස් ඇන්ජලීස් ලංකාරාම විහාරයේ පසුගියදා පැවැත්විණි. ඇමරිකන් ජාතික පින්වතුන් හා ශ්‍රී ලාංකික පින්වතුන් ඇතුළත්ව විවිධ ආගමික බැතිමතුන්ගේ එකතුවෙන් මෙය පැවැත්විණි. මීට අමතරව ලොස් ඇන්ජලීස් ලංකාරාම විහාරයේදී ද අටවිසි බුදුරජාණන් වහන්සේලාට වැසි සළු පූජා කිරීමක්ද සිදු කෙරිණ...
"ගංජා සුරුට්ටුවක් ළඟ තබාගෙන සිටි මීරිගම අයෙක් ජනපති මැඳුරේදී එස්.ටී.එෆ්. දැලේ"
"අරගලකරුවන් විසින් අත්පත් කරගත් ජනපති මැඳුරේ ගංජා සුරුට්ටුවක් ළඟ තබාගෙන සිටි පුද්ගලයකු විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් විසින් පෙරේදා (14 වැනිදා) අත්අඩංගුවට ගෙන තිබේ. ජනාධිපති මන්දිරය තුළ පෙරේදා උදෑසන විශේෂ කාර්ය බළකාය සිදුකළ සංචාරයකදී මෙම පුද්ගලයා අත්අඩංගුවට ගන්නා ලදී. එහිදී ගංජා සුරුට්ටුවක් සන්තකයේ තබාගෙන විරෝධතාකරුවන්ගේ...
"ආණ්ඩුව හදන්නේ පොහොට්ටුවෙන් ජනපතිවරයෙක් හා අගමැතිවරයෙක් පත්කරන්න"
"සර්ව පාක්ෂික ආණ්ඩුවකින් රට ගොඩගන්න අපි සූදානම් ජාත්‍යන්තර ප්‍රජාව කැමති අලුත් ආණ්ඩුවකට වර්තමාන ආණ්ඩුව උත්සාහ කරමින් සිටින්නේ පොහොට්ටුවෙන් ජනාධිපතිවරයෙක් සහ පොහොට්ටුවෙන් අගමැතිවරයකු පත් කර ඉදිරියට යෑමට බවත් ඒ තුළින් ජනතා අභිලාෂයන් ඉටු වෙයිද කියා කියන්න බැරි බව පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය. අපේ එක...
"අනාගතයේදී ජනතාවගේ හදවත් ගෝඨාභයගේ අවංකත්වය ගැන කතා කරාවි"
"අනාගතයේ පුරවැසියන්ගේ හෘද සාක්‍ෂිය තුළින් ගෝඨාභය රාජපක්‍ෂ වැනි අවංක මිනිසකුගේ වටිනාකම පිළිබඳ සංවාදයක් නියත වශයෙන්ම නිර්මාණය වනු ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වීම පිළිබඳව එම පක්‍ෂය නිකුත් කළ නිවේදනය මෙසේය. තිස් වසරක බිහිසුණු ත්‍රස්ත...
"රනිල් වැඩ බලන ජනපති වීම අරගලයේ අපේක්ෂා සමග පෑහීමක් නෑ – පුබුදු ජයගොඩ"
"රනිල් වික්‍රමසිංහ මහතා වැඩබලන ජනාධිපතිවරයා ලෙස පත් වීම අරගලයේ අපේක්ෂා සමග පෑහීමක් නැති බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා ඊයේ (15 දා) පැවසීය. කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ඔහු ඒ බව කීය. ලබන විසි වැනිදා පාර්ලිමේන්තුවේ දී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණ ඡන්ද විමසීමේ දී පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් රනිල...
"ජනපති අතුරුදහන්… කථානායක ගැන තිබූ විශ්වාසය පළුදු වෙලා…!"
"පාර්ලිමේන්තුව රැස්කර පියවර ගන්න කථානායකවරයා සම්බන්ධයෙන් ජනතාව තැබූ විශ්වාසය බරපතළ ලෙස පළුදු වී ඇති බව ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකායේ දක්‍ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියෝ ඊයේ (14 දා) සඳහන් කළහ. කථානායකවරයා යනු මේ රටේ ව්‍යවස්ථාදායකයේ ගෞරවණීයම තනතුරක් දරන අයෙකු බවත් නමුත් මේ වන විට බේගල් ඇදබාන පුද්ගලයකුගේ ...
"රට තවත් අරාජික කරන්න එපා : මහානායක හිමිවරු රටේ නායකයින්ගෙන් ඉල්ලති"
"අත්තනෝමතික වූ බල අරගලයක් තුළින් රට තවදුරටත් අරාජික වන හෙයින් ප්‍රජාතන්ත්‍රවාදී ගිවිසුම තුළ සියලු පක්ෂ නායකයින් එක්ව පාර්ලිමේන්තුව කැඳවා ජාත්‍යන්තර වශයෙන් ශ්‍රී ලාංකීය ප්‍රතිරූපයට හානි නොවන විධිමත් පාලන තන්ත්‍රයක් ගොඩ නැගීමේ අවශ්‍යතාව සපුරාලන ලෙස ත්‍රෛනිකායික මහා නායක හිමිවරු රටේ නායකයින් වෙත නිවේදනයක් නිකුත් කරමින් අව...
"තෙල් ගන්න ගෙව්ව කෝටි 75ට වෙච්චි දෙයක් අහන්නවත් කෙනෙක් නෑ!"
"ඉන්ධන නෞකාවක් එන දිනයක් ගැන මේ මොහොතේ විශ්වාසය තැබිය නොහැකි නිසා ඉන්ධන මිලදී ගැනීමට අත්පිට හෝ මුදල් ආපසු ගෙවීමට හෝ ඉන්ධන වහා ලබාදීමට පියවර ගන්නා ලෙස තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය සංස්ථාවෙන් ඉල්ලා සිටී. මේ වනවිට ඉන්ධන මිලදී ගැනීම සඳහා ඉන්ධනහල් හිමියන් ගෙවා තිබෙන රුපියල් කෝටි හැත්තෑපහකට අධික මුදලට වෙච්ච දෙයක් ඇසීමට රජයේ ඇමැ...
"මානව අයිතිවාසිකම්වලට ආරක්‍ෂක අංශ ගරු කළ යුතුයි!"
"එ.ජා. මානව හිමිකම් කොමසාරිස් කාර්යාලය හමුදාව ඇතුළු ආරක්‍ෂක අංශ මානව අයිතිවාසිකම්වලට ගරු කළ යුතු අතර සංයමයෙන් කටයුතු කළ යුතු යැයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලාංකික සියලු පාර්ශ්වවලින් ඉල්ලා සිටී. ප්‍රචණ්ඩත්වයෙන් වැළකී සාමකාමීව බලය පැවරීමට සහයෝගය ලබාදෙන ලෙස එක්සත් ජාත...
"මන්දිර යළි භාර දෙනවා"
"රනිල් අස්වෙනකම් ජනාධිපති කාර්යාලයෙන් ගෝල්ෆේස් එකෙන් අරගලකරුවන් යන්නේ නෑ අරගලකරුවන් අත්පත් කරගෙන සිටින ජනාධිපති මන්දිරය, අරලිගහ මන්දිරය සහ අග්‍රාමාත්‍ය කාර්යාලය භාරදෙන බවත්, කෙසේ වෙතත් වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉල්ලා අස්වනතුරු ජනාධිපති ලේකම් කාර්යාලයේ හා ගාලුමුවදොර අරගල භූමියේ රැඳී සිටින අරගලකරුවන් ඉවත් නො...
"ජාත්‍යන්තර වරෙන්තුවක් මත හෝ ගෝඨාභය අත්අඩංගුවට ගත යුතුයි"
"ඩිමෝක්‍රටික් පක්‍ෂ නායකගෙන් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවට යෝජනාවක් ජාත්‍යන්තර වරෙන්තුවක් මත හෝ ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ අත්අඩංගුවට ගතයුතු බව බ්‍රිතාන්‍යයේ ලිබරල් ඩිමෝක්‍රටික් පක්‍ෂයේ නායක ශ්‍රීමත් ෂඩ් ඩේව් මහතා බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව වෙත යෝජනා කර තිබේ. ශ්‍රී ලංකාවේ වත්මන් අර්බුදකාරී තත්ත්වයට ශ්‍රී ලංකා ජනාධ...
""මහින්ද, බැසිල්, කබ්රාල් සහ ආටිගල රටින් යන්නේ නෑ!""
"නීතිඥවරු එකඟතාව පළ කරති රට ආර්ථික අගාධයකට ඇද වැටීමට හේතුපාදකවූ තීන්දු තීරණ ගත් වගකිවයුත්තන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙස ඉල්ලා ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සමේ 6 වන වගඋත්තරකාර හිටපු මහ බැංකු අධිපතිවරයෙකු වන මහාචාර්ය ඩබ්ලිව්. ඩී, ලක්‍ෂ්මන් මහතාට අද (15 දා) දක්වා විදේශ ගමන් තහනම් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (14 ද...
"පාර්ලිමේන්තු පිවිසුමට දැඩි රැකවල්"
"පාර්ලිමේන්තු පිවිසුම් වටරවුම අසල ඊයේ (14දා) දැඩි ආරක්‍ෂක රැකවරණ යොදා තිබූ අයුරු."
"උපරිම බලය යොදන්න ආරක්‍ෂක අංශ ඊයේ තීරණය කරයි"
"රාජ්‍ය දේපළ ආරක්‍ෂා කිරීම හා ජීවිත හානි වළක්වා ගැනීම සඳහා ප්‍රචණ්ඩකාරීන්ට එරෙහිව උපරිම බලය යෙදවීමට යුද හමුදාව ඇතුළු ආරක්‍ෂාක අංශ තීරණය කර තිබේ. මෙහිදී උදාවිය හැකි පසු ආදීනව සම්බන්ධයෙන් ප්‍රචණ්ඩත්වය වපුරන ප්‍රචණ්ඩකාරීන් විසින්ම වගකීම දරාගත යුතු බව යුද හමුදා මාධ්‍ය අංශය සඳහන් කරයි. ගෙවීගිය පැය 72 ක කාලය තුළ ඇතිවී තිබෙන ...
"හමුදාවේ 2 කට පොලිසියේ 1කට සිහිසුන් වනතුරු පහරදී ගිනි අවිය හා උණ්ඩ 60 ක් පැහැරගෙන"
"අරගලකරුවන් ඊයේ (14 දා) අලුයම පාර්ලිමේන්තුවට ඇතුළු වීමට ගත් උත්සාහය ආරක්‍ෂක අංශ විසින් වැළැක්වීමට කටයුතු කරද්දී බත්තරමුල්ල පාර්ලිමේන්තු වටරවුම ප්‍රදේශය එකම යුදපිටියක් බවට පත් විය. මෙම ගැටුමින් යුද හමුදා සෙබළුන් දෙදෙනකු පොලිස් නිලධාරියකු ඇතුළු පුද්ගලයන් 42 දෙනකු තුවාල ලබා රෝහල් ගතකර ඇත. මෙහිදී පහර කෑමට ලක්වූ යුද හමුදා ස...
"ගෝඨාභය මාලදිවයිනෙන් සිංගප්පූරුවට යයි"
"මාලදිවයිනේ රැඳී සිටි ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඊයේ (14 දා) දහවල් සිංගප්පූරුව බලා පිටත්ව ගිය බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. සිංගප්පූරුවට යෑමේ අපේක්‍ෂාවෙන් සිටි ජනාධිපතිවරයාට ආරක්‍ෂක හේතූන් මත මගී ගුවන් යානා දෙකක් මග හැරී තිබෙන බවද එම වාර්තා සඳහන් කරයි. ගෝඨාභය රාජපක්‍ෂ මහතා සිංගප්පුරුව බලා පිටත්ව ගිය පසු ජනාධිපති ධුර...
"පාපැදි ගිනි ගණන් වෙද්දී පාරිභෝගිකයන්ට දැඩි දුෂ්කරතා"
"වෙළෙඳපොළේ පාපැදි තොග අවසන් වීම හේතුවෙන් පාපැදි අලෙවිකරුවන් හා ඒවා මිලදී ගැනීමට අපේක්‍ෂාවෙන් සිටින පුද්ගලයන් අපහසුතාවට පත්ව සිටිති. පාපැදි තොග අවසන් වීමත් සමග සමහරක් අලෙවිකරුවන් විවිධ මිල ගණන් යටතේ පාපැදි අලෙවි කරන බව වෙළෙඳපොළ ආරංචි මාර්ග පවසයි. ඉන්ධන අර්බුදයත් සමග පාපැදි සඳහා වෙළෙඳපොළේ ඉහළ ඉල්ලුමක් මේ වනවිට සමාජය තුළ ...
"ජනපති අගමැති අස් වී සර්වපාක්ෂික රජයකට ඉඩ නොදුන්හොත් අරගලයේ ඊළඟ පියවරට යනවා"
"සර්වපාක්ෂික අරගලකරුවන්ගේ මාධ්‍ය ප්‍රකාශක නිරාශන් විතානගේ විපක්ෂය හරිහැටි කාර්ය ඉටු කරන්නේ නෑ ජනාධිපති හා අගමැති ඉවත් කර සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටුවා රටේ වත්මන් අර්බුදය විසඳීමට විපක්ෂය ගත යුතු නිසි පියවර නොගත් බව සර්වපාක්ෂික අරගලකරුවන්ගේ මාධ්‍ය ප්‍රකාශක නිරාශන් විතානගේ මහතා පැවසීය. රටේ වත්මන් දේශපාලන අර්බුද ප්‍රජාතන්ත...
"අගමැති ඉල්ලා අස්වෙන්න: සර්වපාක්ෂික ආණ්ඩුවකට ඉඩ දෙන්න"
"තවදුරටත් රට අරාජිකත්වයක් කරා නොයවා අගමැතිවරයා වහා ඉවත් වී සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමට කථානායකවරයාට රට භාර දෙන ලෙස ඉල්ලා සිටින බව ස්වාධීන පක්ෂ එකමුතුව විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ඉල්ලා තිබේ. මීට පෙර ද කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් රැස් වී පක්ෂ නායකයන් ඉල්ලා සිටි පරිදි කටයුතු නොකිරීමෙන් රට ව්‍යාකූල මෙන්ම ප්‍රචණ්ඩ ත...
"ගෝඨාභය – රනිල් අස්වෙන තුරු දුම්රිය වර්ජනයක්!"
"ගෝඨා – රනිල් යන මහත්වරුන් ධුරවලින් ඉල්ලා අස්වනතුරු සමස්ත දුම්රිය වෘත්තීය සමිති, දුම්රිය සේවකයන් දැවැන්ත වෘත්තීය ක්‍රියාමාර්ගයකට යන බව දුම්රිය වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු එස්. පී. විතානගේ මහතා ‘දිවයින’ට ඊයේ (14වැනිදා) පැවසීය. රටම අගාධයකට ඇද දැමූ වැඩ බැරි පාලකයන් ඉල්ලා අස්වනතුරු රටේ මහජනතාව සමග අරගල කරනවා යැයි ද ඔ...
"කථානායකවරයා රූකඩයක් නොවී ව්‍යවස්ථානුකූල අර්බුදය විසඳන්න – හෙක්ටර් අප්පුහාමි (සජබ)"
"මැති සබය ප්‍රමාද නොකර කැඳවන්න රාජපක්‍ෂ න්‍යාය පත්‍රය තවත් ගේම් එකක් ගහන්නට පෙර කථානායකවරයා රූකඩයක් නොවී පාර්ලිමේන්තුව ප්‍රමාද නොකර ව්‍යවස්ථානුකූලව කැඳවා පාර්ලිමේන්තුවෙන් මේ ගැටලුව විසඳන්න අවස්ථාව උදා කරදෙන්න හැම පක්‍ෂයක්ම එකතුවී සර්ව පාක්‍ෂික ආණ්ඩුවක් තුළින් මේ අර්බුදය විසඳගනිමු යැයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්...
"ඉන්ධන අර්බුදය අතරේ සුවසැරිය වාර්තා තබයි"
"දිනකට රෝගීන් දහසක් (1000) රෝහල්ගත කළ 1990 සුවසැරිය ගිලන් රථ සේවය ඉන්ධන අර්බුදය හේතුවෙන් මේ වන විට රෝගීන් එක්දහස් හයසීයක් (1600) පමණ දෛනිකව රෝහල්ගත කරන බව සුවසැරිය ගිලන් රථ සේවයේ ප්‍රධාන විධායක නිලධාරි ෂොහාන් ද සිල්වා මහතා “දිවයින”ට ඊයේ (05 දා) පැවසීය. සුවසැරිය ගිලන් රථ සේවයට ඉන්ධන ගැටලුවක් නොමැති බවත්, ලංකා අයි ඕ සී ඉ...
"රට අරාජික කර මිලිටරීකරණය ශක්තිමත් කරන්න හදන්නේ රනිල්! – දුමින්ද නාගමුව"
"අරගලයට වුවමනා දේශපාලන ස්ථාවරභාවයයි අරගලයේ නිරත පිරිස්වලට අවශ්‍ය දේශපාලන ස්ථාවරභාවය යැයි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව මහතා ‘දිවයින’ට (14 දා) පැවසීය. අරාජිකත්වය තව තවත් නිර්මාණය කර මිලිටරීකරණය ශක්තිමත් කිරීමට උත්සාහ කරන්නේ වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ යැයි ද හෙතෙම සඳහන් කළේය. අරගලකරුවන් ර...
"ආර්ථික අර්බුදයත් සමග විශේෂ අවශ්‍යතා ඇති අයගේ රැකවරණය අහිමිවෙලා!"
"විශේෂ අධ්‍යාපනවේදිනී ආචාර්ය ආශා දිල්රුක්‍ෂි පවතින ආර්ථික අර්බුදය හමුවේ මෙරට සිටින ලක්‍ෂ 17කට අධික විශේෂ අවශ්‍යතා සහිත වැඩිහිටියන්, දරුවන් හා විශේෂ ආබාධිත පුද්ගලයන් ගැන රජයේ අවධානය යොමු නො කිරීම හේතුවෙන් ඔවුන් අන්ත අසරණ වී සිටින බව ‘සමගි විශේෂ අවශ්‍යතා අත්වැල’ පදනමේ සභාපතිනි විශේෂ අධ්‍යාපනවේදිනී ආචාර්ය ආශා දිල්රුක්‍ෂි ...
"වැඩබලන ජනපති රනිල්"
"අගමැති රනිල් වික්‍රමසිංහ මහතා වැඩබලන ජනාධිපතිවරයා ලෙස ඊයේ  (13 දා) පත් කරනු ලැබ ඇත. මෙසේ පත් කරනු ලැබුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා රටින් බැහැරව සිටින අවස්ථාවේ වැඩ ආවරණය කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 37(1) වගන්තිය ප්‍රකාර බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා නිවේදනය කළේය.1977 මහ මැතිවරණයේදී බියගම ආසනයේ පාර්ලිමේ...
"ව්‍යවස්ථාදායකය – විධායකය -අධිකරණය අභිබවා ජනඅරගල කුලුන ඉදිරියට ඇවිත් = අරගලය සමග සම්මුතියකට එන්නේ නැතිව කාටවත් දේශපාලනය ගණන් හදන්න බෑ – කුමාර් ගුණරත්නම්"
"රනිල් වැඩබලන  ජනපති වීම සදාචාර විරෝධීයිවිධායකය, ව්‍යවස්ථාදායකය, අධිකරණය යන ත්‍රිමූර්තිය හෙවත් කුලුනු තුන අභිබවා අරගලය නමැති ‘ජන බල කුලුන’ සක්‍රීය වී ඇති බවත් අරගලය සමග සම්මුතියකට නෑවිත් කාටවත් මින් ඉදිරියට දේශපාලනය පිළිබඳ ගණන් හැදිය නොහැකි බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ලේකම් කුමාර් ගුණරත්නම් මහතා ඊයේ (13දා) පැවසීය. ක...
"රනිල් ජනතාව අමතයි – හමුදාවන්ට බලය දුන්නා – අරගලකරුවන්ගේ ජනපතිකෙනෙක් පත්කර ගන්න ඒ අය හදනවා"
"ව්‍යවස්ථාවෙන් පිට අපි වැඩ කරන්නේ නෑතර්ජනයෙන් රටේ සම්පත් අල්ලන් ඉන්න බෑතර්ජනාත්මකව රටේ සම්පත් අල්ලාගෙන සිටිය නොහැකි බවත් රට සාමාන්‍ය තත්ත්වයට පත් කිරීම සඳහා හදිසි නීතිය හා ඇඳිරිනීතිය පනවා ආරක්‍ෂක අංශ ප්‍රධානීන්ගෙන් යුත් සම්පූර්ණ බලතල සහිත කමිටුවක් පත් කළ බවත් වැඩ බලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (13 දා) පැවසීය.ඒ...
"ගෝඨා රටින් යයි – බිරිඳ හා ආරක්‍ෂකයෝ දෙදෙනෙක් ද යති – මාලදිවයිනට පැමිණියාට විරෝධතා"
"ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඇතුළු සිව්දෙනකු ඊයේ (13 දා) අලුයම ගුවන් හමුදාවට අයත් විශේෂ ගුවන් යානයකින් මාලදිවයින බලා පිටත්ව ගොස් තිබේ.ජනාධිපතිවරයා සමග ඔහුගේ බිරිඳ සහ ඔවුන්ගේ ආරක්‍ෂක නිලධාරීන් දෙදෙනකු ද මෙම ගුවන් යානයෙන් ගොස් ඇත. පෙරේදා (12 දා) රාත්‍රි 11.00 ට පමණ මොවුන් ගුවන් ගමන් බලපත්‍ර ඇතුළු අනෙකුත් අත්‍යවශ්‍ය ලිය...
"ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරමින්  සන්සුන්ව කටයුතු කරන්නැයි  – විපක්‍ෂ නායක ජනතාවගෙන් ඉල්ලයි"
"මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය අගයන සමස්ත ජනතාව විසින් සිදු කරනු ලැබූ සාමකාමී අරගලයට එරෙහිව ආණ්ඩුව දුර්දාන්ත ලෙස මර්දනය ආරම්භ කොට ඇතැයිද මේ මොහොතේ ආරක්ෂක අංශ විසින් කළ යුත්තේ දෙදෙනෙකු ආරක්ෂා කරනවා වෙනුවට සමස්ත රටේ ජනතාව ආරක්ෂා කිරීම යැයිද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. එකකට එකක් පරස්පර ප්‍රකාශ නිකුත් කරමින් සන්නද්...
"ආරක්‍ෂක අංශ  ජනතාව පැත්තේ හිටගන්න – අනුර කුමාර ඉල්ලයි"
"පාලකයන්ගේ අසාධාරණ ඉල්ලීම්වලට අවනත නොවී ජනතාවගේ පැත්තේ හිට ගන්නා මෙන් පොලිසිය ඇතුළු ත්‍රිවිධ හමුදාවන්ගෙන් කාරුණිකව ආයාචනා කර ඉල්ලා සිටින බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා ඊයේ (13 වැනිදා) විශේෂ ප්‍රකාශයක් කරමින් සඳහන් කළේය.බැටන් පොල්ල, කඳුළු ගෑස්, ගිනි අවිය සාමාන්‍ය ජනතාව ඉලක්ක කර නොගන්නා මෙන් ද ආරක...
"නව ජනපති පත් කරන තුරු සාමකාමීව ඉන්න – ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා තරුණයන්ගෙන් ඉල්ලයි"
"ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ අස්වීමත් සමග නව ජනාධිපතිවරයකු පත්වන තුරු සාමකාමීව කටයුතු කරන ලෙස රටේ තරුණ පිරිසගෙන් ඉල්ලා සිටින බව ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් ඉල්ලා සිටියි. ඒ සඳහා ත්‍රිවිධ හමුදාව සහ පොලිසියට රටේ සාමය පවත්වාගෙන යෑමට තරුණ පිරිසගේ සහාය බලාපොරොත්තු වන බව...
"ලැබූ ජයග්‍රහණය දෙස් විදෙස් අපකීර්තියට පත්වෙන්න දෙන්න එපා – කාදිනල්තුමා කියයි"
"ඉතා සුබවාදී ජයග්‍රහණ ගණනාවක් අබියස ගැටුම් ඇතිකර එම ජයග්‍රහණ වළක්වාලන්නට ආත්මාර්ථකාමී දෙස් විදෙස් දේශපාලන බලවේග මතුවෙමින් පවතින බව කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්තුමා පවසයි.එබැවින් මේ මොහොතේ බුද්ධිමත්ව සහ ඉවසිලිවන්තව සාමකාමී ලෙස කටයුතු කරන ලෙසත් කුමන්ත්‍රණකාරී බලවේගවලට හසුවී ලබාගත් ජයග්‍රහණ දෙස් විදෙස්හි අපකීර්තිය...
"ජනපති මන්දිරය – අරලියගහ මන්දිරය  ජනාධිපති කාර්යාලය බලධාරීන්ට භාරදෙන්න – ශ්‍රී ලංකා නීතිඥ සංගමය"
"ජනාධිපති මන්දිරය, අරලියගහ මන්දිරය සහ ජනාධිපති ලේකම් කාර්යාලය යන ගොඩනැඟිලිවල භාරකාරත්වය නිසි බලධාරීන්ට ලබාදෙන ලෙස එම පරිශ්‍රවල සිටින අයගෙන් ඉල්ලා සිටින බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඉල්ලා සිටී.එම සංගමය නිකුත් කළ නිවේදනයේ මෙසේද සඳහන් වේ.2022 ජුලි මස 9 වන දින ලක්‍ෂ සංඛ්‍යාවක විරෝධතාකරුවන් කොළඹට රැස්වීම අප ඉතිහාසයේ පෙර නොවූ ව...
"ජුනි මාසයේදී රට රස්සාවලට  27937දෙනෙක් යති"
"මේ වසරේ ජුනි මාසයේ දී පමණක් රැකියා සඳහා 27937 දෙනකු විදේශ ගතවී තිබේ.ඉන් බහුතරය වූ 18083දෙනකු විදේශ ගතවී ඇත්තේ ස්වයං මාර්ගයෙනි. බලපත්‍රලාභී විදේශ රැකියා නියෝජිතායතන මාර්ගයෙන් ජුනි මාසයේදී 9854 දෙනෙකු රැකියා සඳහා විදේශගත වී තිබේ.මේ වසරේ ජනවාරි සිට ජුලි මාසයේ මුල් සතිය දක්වා රැකියා සඳහා විදේශගත වී ඇති සමස්ත ගණන 156179 කි...
"රට ලේ විලක් බවට පත් කරමින්  අරාජිකත්වයට ගෙනයෑම වහා නවත්වන්න – හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන"
"රට ලේ විලක් බවට පත් කරමින් අරාජිකත්වයට ගෙනයෑම වහා නවත්වන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා නිවේදනයක්නිකුත් කරමින් කියා සිටී. එම නිවේදනයේ මෙසේද සඳහන් වෙයි. ශ්‍රී ලංකතා ඉතිහාසයේ එතෙක් මෙතෙක් සිදු නොවූ ඛේදවාචකයක් මේ රට තුළ සිදුවෙමින් පවතී. බලය හමුවේ උන්මත්තකත්වයට පත්වුණ සුළු පිරිසක් විසින් මේ රට සම්පූර්ණයෙන්ම වි...
"අගමැති කාර්යාලයට ඇතුළුවීමට ගිය අරගලකරුවන්ට කඳුළු ගෑස් හා ජල ප්‍රහාර – 40ක් රෝහලේ"
"කොල්ලුපිටියේ මල් පාරේ අගමැති කාර්යාලයට ඇතුළුවීමට උත්සාහ කළ අරගලකරුවන් පිරිසකට පොලිසිය ඊයේ (13 දා) පෙරවරුවේ කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කර විසුරුවා හැරීමට කටයුතු කරමින් සිටියහ. මෙහිදී තුවාල ලැබූ 40 දෙනකු ප්‍රතිකාර සඳහා ජාතික රෝහලට ඇතුළත් කර තිබිණි. අරගලකරුවන් ජනාධිපති සහ අගමැති ඉවත් වන ලෙස බලකරමින් සටන්පාඨ කියමින් අග...
"අරගල බිමේ ගැටුමෙන් 4 දෙනෙක් රෝහලේ"
"ගාලු මුවදොර අරගල භූමියේ ඇතිවූ ගැටුමකින් පුද්ගලයන් සිව්දෙනකු ඊයේ (13 දා) තුවාල ලබා ජාතික රෝහලට ඇතුළත් කර ඇත.තුවාල ලැබූ පුද්ගලයන් සිව්දෙනකු ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බවත් ඉන් තිදෙනකුට කැපුම් තුවාල සිදුවී ඇති බවත් රෝහල් ආරංචි මාර්ග පැවසීය. තුවාල ලැබූවන් කොළඹ සහ වැල්ලම්පිටිය යන ප්‍රදේශවල පදිංචි වයස අවු...
"දුම්රිය ‘1971’ හඳුන්වා දෙයි"
"දුම්රිය දෙපාර්තමේන්තුව සමග කටයුතු කරන මගී ජනතාව වෙනුවෙන් දුම්රිය දෙපාර්තමේන්තුව විසින් අද (14 දා) සිට 1971 හදිසි ඇමතුම් අංකය හඳුන්වා දෙයි. මෙය පැය 24 පුරා විවෘතව පවතී.1971 හදිසි අංකය ඇමතීමෙන් සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි භාෂා ත්‍රිත්වයෙන්ම දුම්රිය ධාවනය වන වේලාවන්, ආසන වෙන් කිරීමේ සහ ගාස්තු පිළිබඳ තොරතුරු මෙම අංකයෙන් විමස...
"සති තුනකින්  තෙල් කඳුළක් නෑ – තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය සභාපති"
"අත්පිට මුදලට ඉන්ධන මිලදී ගැනීම සඳහා රුපියල් කෝටි හැත්තෑපහකට අධික මුදල් ප්‍රමාණයක් සංස්ථාවට ගෙවා තිබුණත් සති තුනකට අධික කාලයක් තෙල් කඳුළක්වත් නොලැබුණ බව තෙල් බෙදුම්කරුවන්ගේ සංගමයේ (ඉන්ධන හල් හිමියෝ) සභාපති ෂෙල්ටන් ප්‍රනාන්දු මහතා ‘දිවයිනට’ පැවසීය. ඩීසල් හා පෙට්‍රල් ලීටල් 6600 බැගින් වූ බවුසර් දෙකක් සඳහා රුපියල් ලක්ෂ පන...
"කොළඹට ඇතුළුවන දුම්රිය නවතියි"
"බස්නාහිර පළාතට ඊයේ (13දා) ඇඳිරිනීතිය ක්‍රියාත්මක කිරීමත් සමග කොළඹට ඇතුළුවන සියලුම දුම්රිය නතර කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු කළේය.කෙසේ වෙතත් කොළඹට පැමිණි ජනතාවට තම ගම්බිම් වෙත යෑමට අවශ්‍ය දුම්රිය යෙදවීමට කටයුතු කරන බව දුම්රිය දෙපාර්තමේන්තුවේ සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා කියා සිටියේය. වහාම ක්‍රියාත්මක වන ...
"රාජ්‍ය සේවකයන්ට වැටුප් ගෙවන්න ප්‍රශ්නයක් නෑ – මුදල් අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨයෙක් කියයි"
"රජයේ සේවකයන්ට ජුලි මස වැටුප ගෙවීමට කිසිදු ගැටලුවක් නැතැයි මුදල් අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ඊයේ (13 දා) ‘දිවයින’ට කීවේය.මේ අනුව රාජ්‍ය සේවක වැටුප් නියමිත පරිදි ලැබෙනු ඇති බවත් මෙවර හැකිතාක් උත්සාහ කරන්නේ මහ බැංකුවෙන් මුදල් ලබානොගෙන රාජ්‍ය සේවක වැටුප් ගෙවීමට බවත් ඔහු සඳහන් කළේය.රාජ්‍ය සේවකයන්ට ජුලි මස වැටුප නොලැබ...
"රූපවාහිනිය -අයි ටී එන් විකාශය නවතියි"
"රූපවාහිනිය දැන් අපේ අතේ  අරගලකරුවෝ රූපවාහිනියෙන්ම කියති ජාතික රූපවාහිනියේ හා ස්වාධීන රූපවාහිනියේ විකාශන කටයුතු ඊයේ (13දා) දහවල් හදිසියේ කෙටි වේලාවකට ඇනහිටියේය. ජාතික රූපවාහිනි ආයතන ආසන්නයට අරගලකරුවන් විශාල පිරිසක් පැමිණ උද්ඝෝෂණයක නිරත වූ අතර අරගලකරුවන් කිහිප දෙනකු රූපවාහිනි පරිශ්‍රයට ඇතුල් වී පාලනාධිකාරිය සමග සාකච්ඡා ...
"බස්නාහිරට ඇඳිරිනීතිය රටටම හදිසි නීතිය  – කලහකාරී පිරිස් එන වාහන අත්අඩංගුවට ගන්නත් නියෝග"
"වහාම ක්‍රියාත්මක වන පරිදි රටපුරා හදිසි නීතිය බලාත්මක කිරීමටත් බස්නාහිර පළාතට ඇඳිරිනීතිය පැනවීමටත් වැඩ බලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (13දා) ආරක්‍ෂක අංශ වෙත නියෝග කළේය.එමෙන්ම කලහකාරී ලෙස හැසිරෙන පිරිස් හා ඔවුන් ගමන් ගන්නා ලොරි රථ මෙන්ම ටිපර් රථ වහාම අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන ලෙසත් වික්‍රමසිංහ මහතා නියෝග කර ...
"ඉන්දියාවේ ප්‍රමුඛ ව්‍යාපාරිකයෙක් සිරගත කරන්නැයි අධිකරණයෙන් නියෝගයක්"
"ඉන්දියාවේ ප්‍රමුඛ ව්‍යාපාරිකයෙක් වන විජේ මල්යා සිරගත කිරීමට එරට අධිකරණය නියෝග කර ඇත. ඔහු සතුව තිබූ කිංෆිෂර් නමැති ගුවන් සමාගම කඩාවැටීමෙන් අනතුරුව අධිකරණය ලබාදුන් නියෝගයකට අවනත නොවීම නිසා මෙලෙස සිරගත කිරීමට නියෝග කර තිබේ. මේ වන විට ඔහු එංගලන්තයේ සැඟව සිටින බව වාර්තාවේ. ඔහු එංගලන්තයෙන් පිටිවහල් කරගැනීමට ඉන්දීය බලධාරීන් ...
"ජල භීතිකාවෙන් මාස හයට මරණ 12ක්"
"ජලභීතිකා වැළදීමෙන් මාස 06ට මරණ 12ක් සිදුවූ බව සෞඛ්‍ය අමාත්‍යාංශය කියයි. වනගත සතුන් සහ සුනඛයන් සපා කෑමෙන් මරණ සිදුව ඇති බවත් මාසයකට පුද්ගල මරණ දෙක බැගින් සිදුව තිබෙන බව මහජන සෞඛ්‍ය පශු සේවා අධ්‍යක්ෂ වෛද්‍ය එල්. ඩී. කිත්සිරි මහතා පැවැසීය.ජලභීතිකා රෝගය සියයට 95ක් අයාලේ ගැවැසෙන සුනඛයන්ගෙන් බෝවන බව ඔහු පැවැසීය. කුඩා බලු පැ...
"ගෝඨා අද ගෙදර යයි!"
"ධුර කාලය නිමවීමට පෙර ඉල්ලා අස්වන ප්‍රථම සහ එකම ජනපති! මෙරට 7 වැනි විධායක ජනාධිපතිවරයා වන ගෝඨාභය රාජපක්ෂ මහතා අද ඇසළ පෝදා (13දා) සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට නියමිතය. මෙරට ඉතිහාසයේ වැඩිම ඡන්ද ප්‍රමාණයකින් ජයගත් ජනාධිපතිවරයා මෙන්ම සිය ධුර කාලය නිමවීමට පෙර ඉල්ලා අස්වූ ප්‍රථම සහ එකම ජනාධිපතිවරයා ලෙසට ගෝඨාභය රාජපක්ෂ මහතා ඉතිහ...
"ජනපති අස්වුණොත් සීමිත දිනකට ජනපති රනිල්"
"ගෝඨාභය රාජපක්‍ෂ මහතා අද (13 දා) ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වුවහොත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ව්‍යවස්ථානුකූලව නිල බලයෙන් වැඩබලන ජනාධිපති ලෙස පත්වීමට නියමිතය. එළැඹෙන 20 වැනිදා පාර්ලිමේන්තුවේදී නව ජනපතිවරයා තෝරා පත් කරගන්නා තෙක් ඉතා සීමිත කාලසීමාවක් සඳහා රනිල් වික්‍රමසිංහ මහතා ජනපති ලෙස කටයුතු කිරීමට නියමිතය. ජන...
"රෑනක් රටින් පනින්න හදයි : බැසිල්ව ආපසු හරවයි"
"හිටපු ඇමැති බැසිල් රාජපක්‍ෂ කටුනායක ගුවන්තොටුපළ හරහා හොර රහසේම පළායෑමට ගත් උත්සාහය ඊයේ (12දා) අලුයම ව්‍යාර්ථ විය. ටී. ආර්. රෝහණ යන නමින් බැසිල් රාජපක්‍ෂ මහතා ඊයේ අලුයම 3.00 ට පමණ එමිරේට්ස් ගුවන් සමාගමට අයත් යානයකින් ඩුබායි බලා යෑමට උත්සාහ කර ඇත. එහෙත් ආගමන විගමන නිලධාරීන්, ගුවන්තොටුපළ කාර්ය මණ්ඩල සහ ගුවන් මගීන්ගේ දැඩි...
"රජය අද අස් නොවුණොත් රෝහල්වල හෙට සිට විරෝධතා"
"ජනපති, අගමැති ඇතුළු සම්පූර්ණ රජයම අද (13 දා) නිල වශයෙන් ඉවත් නොවුණොත් හෙට (14 දා) සිට රට පුරා රෝහල්වල විරෝධතා ආරම්භ කරන බව සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම්, වෛද්‍ය ජයන්ත බණ්ඩාර මහතා “දිවයින”ට ඊයේ (12 දා) පැවසීය. රට පුරා රෝහල්වල පවතින ඖෂධ, උපකරණ හිඟය සහ සේවකයන්ට සේවයට වාර්තා කිරීමට ඉන්ධන සපයා දීම ඇතුළ...
"සුබ්‍රමනියම් සාමිගේ ප්‍රකාශයට පරීක්‍ෂණයක් ඉල්ලයි සර්වපාක්‍ෂික අරගලකරුවෝ ඉන්දියානු රජයෙන් ඉල්ලති"
"ශ්‍රී ලංකාව ආර්ථික වශයෙන් ප්‍රපාතයෙන් ගොඩ ඒමට විශාල මැදිහත්කරණයක් ලබාදුන් ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර පවතින විශ්වාසය ඓතිහාසික බැඳීම්වලට පළුදුවන ආකාරයෙන් ඉන්දියාවේ ඉහළ පෙළේ රාජ්‍ය සම්බන්ධතා සහිත සුබ්‍රමනියම් සාමි කර ඇති ප්‍රකාශයට අදාළව පුළුල් පරීක්‍ෂණයක් සිදුකර එහි සත්‍ය තත්ත්වය පැහැදිලි කර ගැනීමට අවස්ථාවක් දෙන ලෙස සර්...
"“ඩොලර් හොයන මිතුරන්ට හසුවන්න එපා”"
"“ඩොලර් හොයන මිතුරෝ” යන නමින් මුහුණු පොත මගින් පළකරන ලද දැන්වීමක් තුළින් දකුණු කොරියාවේ රැකියා දෙන බවට විවිධ පුද්ගලයන්ගෙන් ලිපිලේඛන එක්රැස් කළ කොට්ටාව, පන්නිපිටිය, නියදිගල ප්‍රදේශය පදිංචි පුද්ගලයන් දෙදෙනකු ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයට ලද තොරතුරක් මත කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගන්නා ලදී...
"ඖෂධ නීතිගත සංස්ථාවට නව සභාපති පත් කළේ බ්ලැක්ලිස්ට් කළ සමාගමට මිලියන 500ක් ගෙවන්නද?"
"රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවට කඩිමුඩියේ නව සභාපතිවරයකු පත්කර ඉකුත් කාලයේදී පිළිකා ඖෂධ ගෙනැවිත් අසාදුගත කළ සමාගමකට රුපියල් මිලියන 500ක් ගෙවා දැමීමට සූදානම් වන බව ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ගවලින් දැනගන්නට ලැබේ. අග්‍රාමාත්‍යවරයාගේ උපදෙස් මත සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා විසින් නව සභාපතිවරයා පත්කර ඇත. මීට පෙරද මොහු...
"ජනපති අස්වුණොත් මන්දිරවලින් යන්න"
"ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා අද (13 දා) ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වීමත් සමඟ ජනාධිපති මන්දිරය, ජනාධිපති ලේකම් කාර්යාලය, අරලියගහ මන්දිරය යන තුනේ රැඳී සිටින අරගලකරුවන් වහා ඉවත්ව යා යුතු යැයි ආචාර්ය ඕමල්පේ සෝභිත හිමිපාණෝ ඊයේ (12 දා) පැවසූහ. එසේ නොවුණොත් වෙනත් විනාශකාරී බලවේග අරගලයේ කීර්තිනාමය කැතකිරීමට හා එම ස්ථාන කේන්ද්...
"කටුනායක සේද මාවත රාජකාරිවලින් ආගමන විගමන නිලධාරීහු ඉවත් වෙති"
"කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ තුළ මුදල් ගෙවා ප්‍රභූවරුන් සිය ගුවන් ගමන් පහසුකම් සළසා ගන්නා සේද මාවත (Silk Route) මගී නිශ්කාශන පර්යන්තයේ රාජකාරී කටයුතුවලින් ඊයේ (12දා) අලුයම 12.00 සිට නැවත දැනුම් දෙන තුරු ඉවත් වීමට ශ්‍රී ලංකා ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන්ගේ සංගමය තීරණය කර ඇති බව නිවේදනයක් නිකුත් කරමින...
"අරගල විරෝධතාවලට පොලිසිය ජල ලීටර් පනස් දහසක් ගහලා"
"ගතවූ සතියේ පොලිස් මහජන කළමනාකරණ අංශයේ ජල ප්‍රහාරක රථ මගින් උද්ඝෝෂණ සහ අරගලකරුවන්ට ජල ලීටර් පනස්දාහකට ආසන්න ප්‍රමාණයක් එල්ල කර ඇතැයි ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් “දිවයින”ට ඊයේ (12 දා) පැවසීය. මේ සඳහා ජලය සපයා ගත්තේ කොළඹ මාලිගාවත්තේ ජල සම්පත් මණ්ඩලය මගින් බවද පොලිසිය කියයි. ඉකුත් 9 වැනිදා අරගලකරුවන්ට ජල ලීටර් විසිපන්දහසක...
"මේ වසරේ මුල් මාස පහේ විදේශ විනිමය ප්‍රේෂණ ආදායම පහළට"
"මේ වසරේ (2022) මුල් මාස පහේදී විදේශ විනිමය ප්‍රේෂණ ආදායම ගිය වසරේ (2021) මුල් මාස පහට සාපේක්ෂව සියයට 53.1කින් පහත වැටී ඇත. මේ අනුව ගිය වසරේ මුල් මාස පහේ ඇමෙරිකානු ඩොලර් මිලියන 2846ක් වූ විදේශීය විනිමය ප්‍රේෂණ ආදායම මේ වසරේ මුල් මාස පහේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 1336 ක් දක්වා පහත වැටී ඇත. එසේම ගිය වසරේ මැයි මාසයේ විදේශ ...
"බයියුරේට් ප්‍රතිශතය 0.9% යි: ඉන්දීය පොහොරවල  ගැටලුවක් නෑ"
"ඉන්දීය රජය විසින් ලබාදෙන ලද යූරියා පොහොර ශ්‍රී ලංකාවේ වී වගාව ඇතුළු වගාවන් සඳහා යෙදවීමට කිසිදු ගැටලුසහගත තත්ත්වයක් නොමැති බව ජාතික පොහොර ලේකම් කාර්යාලය කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා වෙත දැනුම් දුන්නේය. ඉන්දීය රජය විසින් මෙරටට ලබාදුන් යූරියා පොහොර සම්බන්ධව ජාතික පොහොර ලේකම් කාර්යාලය මගින් මෙරටට ප්‍රමිති වාර්තාවක්...
"අරලියගහ මැඳුරේ කාමර පොරෙන් 10ක් රෝහලේ : ගෙල කැපී අයකුට බරපතළයි"
"කොල්ලුපිටිය අරගලියගහ මන්දිරය තුළ රැඳී සිටි පුද්ගලයන් දෙපිරිසක් අතර ඊයේ (12දා) අලුයම 1.45 ට පමණ ඇතිවූ ගැටුමකදී කාන්තාවක ඇතුළු 10 දෙනකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇතැයි කොල්ලුපිටිය පොලිසිය පවසයි. රෝහල් ගතකළ එක් අයකුගේ තත්ත්වය බරපතළ බව ද කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයේ ප්‍රකාශිකාවක් ‘දිවයින’ ට පැවසුවාය. ඔහු...
"මහින්ද ඇතුළු 5කට රටින් පිටවීම තහනම් කරන්න : ශ්‍රේෂ්ඨාධිකරණයට මෝසමක්"
"මහා පරිමාණ ව්‍යාපාරිකයන්ගේ බදු කපාහැරීම සහ ඔවුනට අසීමිතව බදු සහන ලබාදීම ඇතුළු අත්තනෝමතික ක්‍රියා මගින් රට ආර්ථික අගාධයකට ඇද දැමීමට වගකිවයුතු හිටපු අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා ඇතුළු 5 දෙනකුට වහාම රටින් පිටවීම වලක්වන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා නීතීඥ උපේන්ද්‍ර ගුණසේකර මහතා ඊයේ (12දා) ශ්‍රේෂ්ඨාධිකරණයට විශේෂ...
"බයියුරේට් ප්‍රතිශතය 0.9% යි: ඉන්දීය පොහොරවල ගැටලුවක් නෑ"
"ඉන්දීය රජය විසින් ලබාදෙන ලද යූරියා පොහොර ශ්‍රී ලංකාවේ වී වගාව ඇතුළු වගාවන් සඳහා යෙදවීමට කිසිදු ගැටලුසහගත තත්ත්වයක් නොමැති බව ජාතික පොහොර ලේකම් කාර්යාලය කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා වෙත දැනුම් දුන්නේය. ඉන්දීය රජය විසින් මෙරටට ලබාදුන් යූරියා පොහොර සම්බන්ධව ජාතික පොහොර ලේකම් කාර්යාලය මගින් මෙරටට ප්‍රමිති වාර්තාවක්...
"මන්දිර බලන්න රට වටෙන් කොළඹට ජන ගඟක්"
"ජනාධිපතිවරයාට වහා ධුරයෙන් ඉල්ලා අස්වන ලෙසට බල කරමින් කළ විරෝධතාවයෙන් පසු අත්පත්කර ගත් කොළඹ කොටුව ජනාධිපති මන්දිරය, ජනාධිපති ලේකම් කාර්යාලය සහ කොල්ලුපිටිය අරලියගහ මන්දිරය නැරඹීමට දිවයිනේ නන්දෙසින් ලක්‍ෂ සංඛ්‍යාත ජනතාවක් පැමිණියහ. ජනාධිපති මන්දිරය නැරඹීමට කොටුව චැතම් වීදිය දෙස සිටම දිගු පෝලිම් දක්නට ලැබිණි. බොහෝ දෙනා ජන...
"රියැදුරු කොන්දොස්තරලා නොමැතිව ලංගම බස් 500 ක් ධාවනය ඇනහිටී"
"රියැදුරු – කොන්දොස්තරවරුන් නොමැති නිසා දෛනිකව ශ්‍රී ලංගම බස් රථ 400 ත් 500 ත් අතර සංඛ්‍යාවක් ධාවනයෙන් ඉවත්කිරීමට සිදුව තිබෙන බව ශ්‍රී ලංගම පොදු සේවක සමිතියේ ප්‍රධාන ලේකම් සාගර ධනංජය මහතා ‘දිවයින’ට පැවසීය. මීට අමතරව ටයර්, ටියුබ් ඇතුළු අමතර කොටස් නොමැති නිසා මේ වනවිට බස් රථ 1500 කට ආසන්න සංඛ්‍යාවක් ධාවනයෙන් ඉවත්කර ඇතැයි...
"පාන් – 20 කින් බනිස් – 10 කින් නගී"
"ග්‍රෑම් 450 ක් බරැති පාන් ගෙඩියක මිල ඊයේ (12 දා) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි රුපියල් 20 කින්ද, බනිස් ඇතුළු කෙටි කෑම රුපියල් 10 කින්ද ඉහළ දැමූ බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන මහතා “දිවයින”ට පැවසීය. තිරිඟු පිටි කිලෝවක් රුපියල් 34 කින් ඉහළ දැමීම හේතුවෙන් මෙම තීරණය ගත් බව ද හෙතෙම ...
"ෂින්සෝ අබේ අගමැතිවරයා ශ්‍රී ලංකාවටත් දේශීය ආහාරවලටත් ප්‍රියකළ අයෙකි"
"ඝාතනයට ලක්වූ ජපානයේ හිටපු අගමැති ෂින්සෝ අබේ මහතා, ශ්‍රී ලංකාව සමග මිත්‍රත්වය වර්ධනය කර ගැනීම සඳහා විශාල කැපවීමක් කළ අයෙකු මෙන්ම ශ්‍රී ලංකාවේ දේශීය ආහාර වර්ග අනුභව කිරීමට දැඩි ලෙස ලොල්වූ අයෙක් බව අග්නිදිග ආසියානු කලාපීය සංඝනායක සහ පැල්පොල විපස්සි ජාත්‍යන්තර පදනමේ සභාපති පැල්පොල විපස්සි හිමියෝ පවසති. ෂින්සෝ අබේ මහතා පරි...
"අගමැති ෂින්සෝ අබේට සොව පළකරයි"
"අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (12දා) ජපානයේ හිටපු අග්‍රාමාත්‍ය අභාවප්‍රාප්ත ෂින්සෝ අබේ මහතා වෙනුවෙන් විශේෂ ශෝක සටහනක් තැබීය. ඡායාරූපයෙන් දැක්වෙන්නේ කොළඹ පිහිටි ජපාන තානාපති කාර්යාලයේදී ශෝකය ප්‍රකාශ කිරීමේ පොතට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අත්සන් තැබූ අයුරුයි."
"ලංකාවේත් පිටරටත් මට තිබුණු එකම ගෙදරත් ලොකුම ධනයත් මට නැති වුණා"
"ජනතාව විඳින දුකට  සමාව ඉල්ලුවාමගේ  එකම වස්තුව පුස්තකාලයයිමම අගමැතිකම භාරගත්තේ ජනතාවගේ දුක දැක්ක නිසායිදවසෙන් දෙකෙන් ආර්ථිකය හදන්න බැහැඅගමැතිගෙන් විශේෂ ප්‍රකාශයක් රටේ ඇති වී තිබෙන ආර්ථික අර්බුදය දවසෙන් දෙකෙන් විසඳන්න බැහැ. මිනිස්සු විඳින දුක මම දන්නවා. ඒ ගැන මම සමාවත් ඉල්ලා තිබෙනවා යැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඊය...
"ජනපති – අගමැති ධුරවලට නම් වැලක්"
"● අනුර කුමාරගේ නම ඉදිරියෙන්● අරගලයේ බහුතරයක කැමැත්ත ෆොන්සේකාටඅන්තර්කාලීන රජයේ ජනාධිපති සහ අග්‍රාමාත්‍ය ධුර සඳහා නම්  ගණනාවක් මේ වනවිට යෝජනා වී ඇත.මෙසේ යෝජනා වී ඇති නම් අතර ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතාගේ නම ඉදිරියෙන්ම සඳහන් වී තිබේ.සමගි ජනබලවේගය පක්‍ෂයේ මන්ත්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතාගේ නම ද ම...
"මට වුණේ වැරදීමක් ජනපති රටේ ඉන්නවා – කථානායක කියයි"
"ජනාධිපතිවරයා රටේ නැති බවට තමා කලින් කළ ප්‍රකාශයක් අත්වැරැද්දක් බවත් ජනාධිපතිවරයා රටේ සිටින බවත් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඊයේ සවස පැවැසීය."
"මැතිසබය 15දා රැස්වෙයි"
"ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ධුරයෙන් හෙට 13 වැනිදා දින ඉල්ලා අස් වුවහොත් 15 වැනිදා පාර්ලිමේන්තුව කැඳවීමට ඊයේ (11 වැනිදා) රැස්වූ දේශපාලන පක්ෂ නායකයන් තීරණය කර ඇත.ඉන් අනතුරුව ලබන 18 වැනිදා නව ජනාධිපතිවරයකු තෝරා ගැනීමට අදාළ නාමයෝජනා ඉදිරිපත් කරන අතර විසි වෙනිදා පාර්ලිමේන්තුව රැස්වී නව ජනාධිපතිවරයකු තෝරා ගැනීමට අදාළ ඡ...
"සියලු පහසුකම් ලැබුණත්  මහ ඡන්දයකට මාස 4 ක්වත් ඕනෑ"
"– ඡන්ද අපේක්ෂකයන්ට ජනතාව අතරට යෑමත් ප්‍රශ්නයක් – මැ. කො. සභාපතිරටේ පවතින වර්තමාන තත්ත්වය අනුව ඉන්ධන, මුදල් ඇතුළු සියලු පහසුකම් ලබාදුන්නත් මහ මැතිවරණයක් පැවැත්වීමට මාස 4 ක කාලයක් වත් මැතිවරණ කොමිසමට අවශ්‍ය බව එම කොමිසමේ සභාපති නිමල් පුංචිහේවා මහතා ‘දිවයින’ට ඊයේ (11 දා) පැවසීය.රටේ පවතින වත්මන් තත්ත්වය හමුවේ මහ මැතිවරණයක...
"ලිට්‍රෝ ගෑස් බෙදීම ඇරඹෙයි – කි. ග්‍රෑම්  12.5 මිල  රු.50 කින් ඉහළට"
"ගෑස් මිලදී ගන්න මැයි මස විදුලිබිල්පත ඉදරිපත් කළ යුතුයිලිට්‍රෝ සමාගම රෝහල්, හෝටල්, ආදාහනාගාර සහ මහජනතාව සඳහා ඊයේ (11 දා) සිට ගෑස් බෙදාහැරීම ආරම්භ කළේය. ඒ අතර කිලෝග්‍රෑම් 12.5 ක සිලින්ඩරයක මිල රුපියල් 50 කින් ඉහළ දමා තිබේ.මෙහි පළමු පියවරේදී ඊයේ සහ අද කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල බෙදාහැරීම් සිදුකෙරන අතර හෙට (13 දා) සිට අනෙක...
"අරගල භූමියෙන් සහ අපෙන් නැගෙන්නේ එකම හඬයි – අනුර කුමාර දිසානායක"
"“අරගල භූමිය තුළින් සහ අපෙන් නැගෙන්නේ එකම හඬ” යැයි ජවිපෙ සහ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ඊයේ (11 වැනිදා) සඳහන් කළේය.එබැවින් අරගලයේ හඬ සහ ජවිපෙ ප්‍රමුඛ ජාතික ජන බලවේගයේ හඬෙහි පරතරයක් නැති බවද හෙතෙම කීවේය. සමාජවාදී ශිෂ්‍ය සංගමය, ශිෂ්‍ය සංගමය, කලා සංගමය, වෘත්තීය සමිති ව්‍යාපාරය අරගලය තුළ කටයුතු කරන බව කී...
"අරගලයට එක් වූ සැරයන් ආයුධයක් සමඟ මාට්ටු"
"මහරගම ප්‍රදේශයේදී අරගලකරුවන් ගමන්ගත් පෙළපාලියට එකතු වූ පොලිස් සැරයන්වරයා තියුණු ආයුධයක් රැගෙන ජනාධිපති මන්දිරයට ඇතුළුවීමට උත්සාහ කිරීමේදී කොටුව පොලිසිය මගින් ඊයේ (11දා) අලුයම අත්අඩංගුවට ගෙන ඇත.මෙම පොලිස් සැරයන්වරයා සිය රාජකාරි නිල ඇඳුමින් සැරසී තියුණු ආයුධයක් ඉණේ ගසාගෙන ජනාධිපති මන්දිරයට ඇතුළු වෙද්දී එහි රාජකාරියේ යෙද...
"ගෝඨා රටේ නෑ – කථානායක BBC‍යට කියයි"
"ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ වනවිට දිවයිනෙන් බැහැරව ගොස් ඇති බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඊයේ 11 වැනිදා බී.බී.සී. විදෙස් ප්‍රවෘත්ති සේවාව වෙත සාකච්ඡාවක් ලබා දෙමින් අනාවරණය කර තිබේ.කෙසේ වෙතත් ඔහු ලබන බදාදා 13 වැනිදා මෙරටට පැමිණෙන බවත් ඔහු ශ්‍රී ලංකාවට ආසන්න රටක සිටින බවත් අබේවර්ධන මහතා සඳහන් කර තිබේ. අකිත පෙ...
"මාධ්‍යවේදීන්ට පහරදීමේ සිද්ධිය එස්.ටී.එෆ්. එස්.එස්.පීගේ  වැඩ තහනම්"
"ජන අරගලය පැවැති ඉකුත් 09 වැනිදා කොල්ලුපිටියේ පිහිටි අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවස ඉදිරිපිට සිය ප්‍රවෘත්ති විකාශනවල නිරතව සිටි සිරස මාධ්‍ය ජාලයේ මාධ්‍යවේදීන් හත්දෙනකුට අමානුෂික ලෙස පහර දුන් බව කියන සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් විශේෂ කාර්ය බළකායේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රොමේෂ් ලියනගේ මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි ...