Title stringlengths 9 246 | Content stringlengths 3 62.9k |
|---|---|
"ආංශික කාරක සභා 16ක් මගින් රට ගොඩ නැංවීමට මුළු පාර්ලිමේන්තුවම එක් කර ගන්නවා – අගමැතිගෙන් අලුත් වැඩපිළිවෙළක්" | "අධීක්ෂණ ආංශික කාරක සභා 16ක් මගින්, මුළු පාර්ලිමේන්තුවම පක්ෂ විපක්ෂ භේදයකින් තොරව රට නැංවීමේ ක්‍රියාවලියට එක් කරන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (06) විශේෂ ප්‍රකාශයක් කරමින් සඳහන් කළේය.එහිදී අගමැතිවරයා මෙසේද පැවසීය.අද අපේ රට ඇද වැටී ඇති අර්බුදයෙන් ගොඩ ඒමේදී මූලික අවධානය යොමු කරන්න සිද්ධ වෙලා තියෙ... |
"9 දා එනවා: 11 සිට බෙදනවා ඉදිරි මාස හතරේ හිඟ නැතිව ගෑස් දෙනවා – අගමැති මැතිසබයේදී කියයි" | "ඉදිරි මාස 4 සඳහා හිඟයකින් තොරව ජනතාවට ගෑස් ලබාදීමට හැකි බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (6 දා) පැවසීය.ඒ සඳහා අවශ්‍ය ගෑස් තොග ලබන 9 දා මෙරටට පැමිණෙන අතර 11 දා සිට රට පුරා ගෑස් බෙදාහැරීම ආරම්භ කරන බවත් දෛනිකව ගෘහස්ථ ගෑස් සිලින්ඩර 140,000ක් බෙදාහරින බවත් අගමැතිවරයා කීවේය.මෙරටට ගෑස් තොග ලැබුණු වහාම ... |
"මහජන පීඩාව අවම කිරීමට නිශ්චිත වැඩපිළිවෙළකට සර්වපාක්ෂික අන්තර්කාලීන පාලනයක් පිහිටුවන්න – විමල් වීරවංශ (ජානිපෙ)" | "රටේ දැන් මේ පවතින පාලනය පිළිබඳ කිසිම විශ්වාසයක් මහජනතාවට නැති බවත් ඒ නිසා එකම විසඳුම තියෙන්නේ මැතිවරණයක් පැවැත්වීමට හැකි වාතාවරණයක් ඇතිවෙනතාක් මහජනයා පීඩාවට පත්කර තිබෙන ප්‍රධාන ප්‍රශ්න කීපයෙන් එම ජනතාව ගලවා ගැනීම සඳහාත් නිශ්චිත අවම වැඩපිළිවෙළක් ඉදිරිපත් කොට ඒ වැඩපිළිවෙළ පමණක් ක්‍රියාත්මක කිරීම සඳහා සර්වපාක්‍ෂික අන්තර්... |
"පාර්ලිමේන්තුවත් අරගල භූමියක් කරගන්න එපා – ඇමැති හරින් ප්‍රනාන්දු" | " අකිත පෙරේරා, රනිල් ධර්මසේන මේ අවස්ථාවේ ජනතාව පාර්ලිමේන්තුවෙන් බලාපොරොත්තු වන්නේ අරගල කිරීම නොවන බවත්, සියලු දෙනා එක්ව ජනතාව ජීවත් කරවීමට අවශ්‍ය උපරිම ක්‍රියාමාර්ග ගැනීම බවත් සංචාරක හා ඉඩම් ඇමැති හරින් ප්‍රනාන්දු මහතා ඊයේ (05 දා) පාර්ලිමේන්තුවේදී පැවසීය.වේත්‍රධාරී නරේන්‍ද්‍ර ප්‍රනාන්දු මහතා විසින් සෙංකෝලය තැන්පත් කිරී... |
"මිලියන 320 ක විදුලි පාඩුවට වගකිවයුතු ඉංජිනේරුවන් දෙදෙනකු අනිවාර්ය නිවාඩු යවයි" | "විදුලි ඉංජිනේරු සංගමය වැඩවර්ජනයක නිරතවෙමින් සිටි ඉකුත් ජුනි 09 වැනිදා ජල විදුලි බලාගාරවල විදුලිය වෙනුවට පුද්ගලික ඩීසල් බලාගාර දෙකකින් විදුලිය මිලදී ගෙන මණ්ඩලයට රුපියල් මිලියන 320 ක පාඩුවක් සිදුකළ සිද්ධියට වගවිය යුතු බව කියන ඉංජිනේරුවරයන් දෙදෙනෙකු අනිවාර්ය නිවාඩු යැවීමට විදුලිබල මණ්ඩලය පියවර ගෙන ඇත. විදුලිබල හා බලශක්ති... |
"ප්‍රබල ව්‍යාපාරිකයන්ගේ කැසිනෝවලින් අවුරුදු 12 ක් විධිමත්ව බදු අය කර නෑ" | "අගමැති කැබිනට් හමුවේදී කියයි අණ පනත් පැවතියද දෙස් විදෙස් ප්‍රබල ව්‍යාපාරිකයන් විසින් පවත්වාගෙන යනු ලබන මෙරට පිහිටි කැසිනෝ ව්‍යාපාරවලින් දොළොස් වසරක කාලයක් තිස්සේ නිසි පරිදි විධිමත් බදු අයකර ගැනීමක් සිදුව නොමැති බව පෙරේදා (04 වැනිදා) පැවති කැබිනට් රැස්වීමේදී අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දී තිබේ. කැසිනෝ ව්‍යාපාර... |
"තැපැල් වැඩවර්ජනය අවසන්" | "ඉන්ධන අර්බුදය ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් තැපැල් සේවක වෘත්තිය සමිති ගණනාවක් ඉකුත් (29දා) දින සිට ආරම්භ කළ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය (04) දින මධ්‍යම රාත්‍රියේ සිට අවසන් කිරීමට එම වෘත්තිය සමිති ක්‍රියා කර ඇත. තැපැල්පතිවරයා සමග එම වෘත්තිය සමිති හා පැවැත්වූ සාකච්ඡාවලින් අනතුරුව (04) දින මධ්‍යම රාත්‍රියේ සිට ප්... |
"මාස හයෙන් රට ගොඩ ගන්න පුළුවන් නම් අනුරට අගමැතිකම දෙන්න ලෑස්තියි – අගමැති රනිල්" | "ජාතික ජනබලවේගය නායක අනුර කුමාර දිසානායක මහතා කියන පරිදි මාස 06කින් රට ගොඩනැඟිය හැකි නම් ඔහුට අගමැති ධුරය භාරදී තමන් අස්වීමට සූදානම් යැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (05දා) විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසීය. ඊට පෙර අනුර කුමාර දිසානායක මහතා මාස හයකින් රට ගොඩනඟන ආකාරය පිළිබඳව ලබන බ්‍රහස්පතින්දා සහ සික... |
"ජනපති යනතුරුම ගෝඨා ගෝ හෝම් මැති සබයේ රැව්දෙයි!" | "ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපිටදීම ඔහුගේ මුහුණටම සමගි ජනබලවේගය මන්ත්‍රීවරුන් සභා ගැබේදී ඊයේ (05දා) පෝස්ටර් ප්‍රදර්ශනය කරමින් ගෝඨා ගෝ හෝම්, වැඩ බැරි නම් ගෙදර යන්න කියමින් සහ හූ හඬ නැඟීම නිසා කථානායකවරයාට පාර්ලිමේන්තුවේ කටයුතු විනාඩි 10කට අත්හිටුවීමට සිදු විය. අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ පෙරවරුවේදී රටේ ආර්ථි... |
"අද අර්බුදය දිවැසින් දුටු සේ එදා මංගල කලින්ම කීවා" | "ළඟදීම රටේ බරපතළ ඉන්ධන හිඟයක් ඇති විය හැකියි. ඩොලර් අර්බුදයක් ද තිබෙනවා. සත්‍ය තොරතුරු ජනතාවගෙන් සඟවා පාපැදියෙන් සේවයට එන්නැයි පාලකයන් ජනතාවට කිව්වොත් පුදුම විය යුතු නැතැයි දිවංගත හිටපු ඇමති මංගල සමරවීර මහතා අද පවතින තත්ත්වය පිළිබඳව මාධ්‍ය අමතමින් කල්තියා පවසා තිබිණි. රටේ සැබෑ ආර්ථික තත්ත්වය ජනතාවගෙන් වසන් කර ඉන්ධන හිඟ... |
"අනවශ්‍ය බියක් එපා රට තුළ සහල් හිඟයක් නෑ" | "ලබන වසරේ ජනවාරි මාසය දක්වා පරිභෝජනයට ප්‍රමාණවත් දේශීය සහල් රට තුළ පවතින බව කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය අජන්ත ද සිල්වා මහතා කියයි. මෙම යල කන්නයේ වී අස්වැන්න මෙටි්‍රක් ටොන් මිලියන දශම 08ක් ලැබෙන බව පුරෝකථනය කර තිබෙන බවද ඔහු පැවැසීය. යල කන්නයේ වී වගාවේ අස්වැන්න මාස 04ක් සඳහා සහල් පරිභෝජනයට ප්‍රමාණවත් බවද මෙරට ප්‍රධාන... |
"ඊයේ රට පුරාම දිව්වේ පෞද්ගලික බස් 500 යි – ගැමුණු විජේරත්න" | "දැඩි ඉන්ධන අර්බුදය හමුවේ රටපුරා පෞද්ගලික බස් රථ ඊයේ (05 දා) දිනයේ ධාවනය වූයේ 500 ක් පමණක් බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා ‘දිවයින’ ට ඊයේ (05 දා) පැවැසීය. ඊයේ ධාවනය වූ පෞද්ගලික බස් රථවල මගීන් විශාල පිරිසක් ගමන්ගත් බව ද පවතින ඉන්ධන අර්බුදය හමුවේ පෞද්ගලික බස් රථ 15,000 ක්ම ඉන්ධන පෝලිම... |
"ජනාධිපති හා ආණ්ඩුව ඉවත් වෙනවා නම් රට භාරගන්න සූදානම් – අනුර කුමාර දිසානායක" | "කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී අනුර කුමාර දිසානායක (ජාජබ) පසුගිය මැයි මාසයේ 11 වැනිදා රට ගොඩනැගීමට යෝජනාවලියක් ඉදිරිපත් කළා. ජනපති හා ආණ්ඩුව ඉවත්වෙනවා නම් රට භාරගන්න සූදානම් කිව්වා. රට ගැඹුරු කඩාවැටීමකට මුහුණදී තිබෙනවා. දිගු කාලීන ආර්ථික ප්‍රතිපත්ති හා ඊට ගැටගැසුණු දේශපාලන ක්‍රමයන් නිසයි රට කඩා වැටුණේ. අර්බුදයේ විශාල කොටසක... |
"මේ විදියට මුදල් අච්චු ගහන්න ගියොත් ජනතාව ජීවත් කරන්න බැරි වෙයි – ආචාර්ය හර්ෂ ද සිල්වා" | "පෙට්‍රල් නැවක් ගෙනල්ල ප්‍රශ්නය විසඳන්න බැහැ. ඒවා නැතිව මිනිස්සු මැරෙයි. අවමය රජයෙන් මිනිස්සු ඒවා බලාපොරොත්තු වෙනවා. සාර්ථකව මූල්‍ය අරමුදලත් සමඟ සාකච්ඡා පැවැත්වූ බව අගමැති කිව්වා. සාකච්ඡාව අවසන් කරන්න ඔවුන් ආවත් එය බැරි වුණා. ණය ප්‍රතිව්‍යුහගත කළ යුතුයි. එහි ජ්‍යෙෂ්ඨ ණය හිමියන්ගෙන් ණය ගත යුතුයි. ජපානයෙන් ගත්ත ණය ප්‍රති... |
"පොලිස්පති ආරක්‍ෂක ලේකම්ට යැවූ ලිපිය සජබට ගියේ කොහොමද? ඉහළ පෙළේ ආරක්‍ෂක විමර්ශනයක්" | "පොලිස්පතිවරයා විසින් බුද්ධි තොරතුරකට අදාළව ආරක්‍ෂක ලේකම්වරයාට යොමු කරන ලද ලිපියක පිටපතක් සමඟි ජනබලවේගය පක්‍ෂයේ මන්ත්‍රීවරයකු අතට පත්වූයේ කෙසේ දැයි අනාවරණය කර ගැනීම සඳහා ආරක්ෂක අමාත්‍යාංශය මගින් ඉහළ පෙළේ විමර්ශනයක් අරඹා තිබේ. විදේශීය ඔත්තු සේවයක් මගින් එල්ල කිරීමට සැලසුම් කර ඇතැයි කියන බෝම්බ ප්‍රහාරයක් සහ ජනතා විමුක්ති... |
"පිටත්ව යෑමට සූදානම් වූ තුර්කි ගුවන් යානයක් අනතුරට පත් වෙයි" | "තුර්කි ගුවන් සේවයට අයත් භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක්, කටුනායක ගුවන් තොටුපළේදී 07/03 දින රාත්‍රී ආපසු පිටත්ව යෑමට සූදානම් වෙමින් සිටියදී අනතුරට පත් වී තිබේ. මෙය තුර්කි ගුවන් සේවයට අයත් ඒ.330-300 එයාර් බස් වර්ගයේ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයකි. ටී.කේ. – 6050 දරන මෙම ගුවන් යානය තුර්කියේ ඉස්තාන්බුල් නුවර සිට භාණ්ඩ තොගයක් රැගෙ... |
"ඡන්දයෙන් ස්ථාවර ආණ්ඩුවක් පත් කළොත් මාස 6න් රට ගොඩ ගන්න පුළුවන් – අනුර කුමාර දිසානායක" | "මහ මැතිවරණයක් පවත්වා ස්ථාවර සහ විශ්වාසනීය නව පාලනයක් පිහිටුවහොත් ඉන්ධන, විදුලිය, ගෑස්, බෙහෙත් ආදිය ලබාදී මාස 06කින් රට සාමාන්‍යකරණයකට ගෙන ආ හැකි බව ජාතික ජනබලවේගය නායක අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (05දා) දහවල් කීය. එසේ නොමැතිව පාර්මේන්තුව තුළ ඔළු මාරුවකින් හෝ ව්‍යවස්ථා වෙනසක් මගින් මෙම අර්බුදයෙන් ගොඩ ... |
"ජනතාව තවත් දුකේ නොදමා ජනපති හා රජය ඉවත්ව යා යුතුයි – කාදිනල්තුමෝ කියති" | "රටේ දුක් විඳින ජනතාව වෙනුවෙන් සිතා තවදුරටත් ඔවුන් පීඩාවට පත් නොකර ඉවත්ව යන ලෙස ජනාධිපතිවරයා ප්‍රමුඛ රජයෙන් ඉල්ලා සිටින බව මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමා ඊයේ (05 දා) විශේෂ ප්‍රකාශයක් කරමින් සඳහන් කළහ. ජනතාව පතන සම්පූර්ණ ව්‍යුහාත්මක දේශපාලන වෙනස විශ්වසනීයත්වයෙන් හා විනිවිදභාවයෙන් සිදුකරලීමට සර්ව පාක්ෂික රජයක් ... |
"අයිඑම්එෆ් ණය ගන්න රජයෙන් සැලසුම් වාර්තාවක්" | "පැවති අයිඑම්එෆ් සාකච්ඡා වටයෙන් පසු ඉදිරි පියවර ලෙස ණය ප්‍රතිව්‍යුහගත කිරීම සහ ණය තිරසාරභාවය පිළිබඳ සැලසුම් වාර්තාවක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ඉදිරිපත් කිරීමට රජය සැලසුම් කර ඇත. මේ සඳහා පත් කර ඇති මූල්‍ය සහ නීති විශේෂඥයන් වන ලසාඩ් සහ ක්ලිෆඩ් චාන්ස් සමාගම් දැන් ඒ වාර්තාව සකස් කරමින් සිටින බව වාර්තා වේ. මේ අනුව ඉදිරි අග... |
"අපිට තෙල් ගන්න ඩොලර් ප්‍රමාණවත් නෑ – ඇමැති කංචන විජේසේකර" | "අපට භාරදුන්න රාජකාරිය කැපවීමෙන් සිදු කරනවා. රටට අවශ්‍ය ඉන්ධන ඇනවුම් සිදු කරලා තියෙනවා. අලුත් පිරිපහදුවක් හදන්නත් සැලසුම් කළා. විදුලි බලාගාර ඇති කරන්නත් සැලසුම් කර තිබෙනවා. ඉන්ධන ආනයනය කරන වැඩපිළිවෙලටත් එක්වන ලෙස විපක්‍ෂයට ආරාධනා කරනවා. අපට තෙල් ගන්න ඩොලර් ප්‍රමාණවත් මදි. පසුගිය කාලයේ රටට ඩොලර් එවන්න එපා කියලා මතයක් හැ... |
"ඩීසල් සංචිත අඩුවෙයි : දුම්රියත් නවතින අවදානමක" | "දුම්රිය ධාවනයට අවශ්‍ය ඩීසල් සංචිත ශීඝ්‍රයෙන් අඩුවීමත් සමඟ දෛනික දුම්රිය ගමන් වාර 360 න් දුම්රිය ගමන්වාර 150 ක් අවලංගු කර තිබුණත් ඉදිරි දින තුනෙන් පසු දුම්රිය ධාවනය බරපතළ ලෙස බිඳවැටීමේ අවදානමක් ඇතැයි දුම්රිය වෘත්තීය සමිති සන්ධානයේ සම කැඳවුම්කරු එස්. පී. විතානගේ මහතා ‘දිවයින’ ට පැවැසීය. මේ වනවිට දුම්රිය දෙපාර්තමේන්තුව ස... |
"පයින් ගැසූ හමුදා ලොක්කා ගැන පොලිස් පරීක්‍ෂණ නෑ" | "කුරුණෑගල ප්‍රදේශයේ ඉන්ධන පෝලිමකදී හමුදා නිලධාරියකු විසින් පුද්ගලයකුට ප්‍රසිද්ධියේ පා පහරක් එල්ල කිරීමේ සිද්ධිය පිළිබඳව පොලිස් පරීක්‍ෂණයක් මෙතෙක් ක්‍රියාත්මක කර නැත. මේ පිළිබඳව ‘දිවයින’ කළ විමසීමකදී කුරුණෑගල පොලිස් බල ප්‍රදේශයේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියකු පැවසුවේ එම පා පහරට ලක්වූ පුද්ගලයා ඒ පිළිබඳව පොලිසියට පැමිණිලි නොක... |
"තෙල් පෝලිමේදී පුරවැසියාට ලුතිනන් කර්නල් පයින් ගසයි – වීඩියෝ කළ පුද්ගලයාට මරණීය තර්ජන!" | "කුරුණැගල ඉන්ධන පිරවුම්හලකදී නිරායුධ සාමාන්‍ය පුද්ගලයකුට පහර දුන් ලුතිනන් කර්නල්වරයා සම්බන්ධයෙන් යුද හමුදාව මගින් ඊයේ (04 දා) විමර්ශනයක් ආරම්භ කර තිබේ. ඉන්ධන ලබා ගැනීමට පැමිණි බව කියන පුද්ගලයකුට යුද හමුදා නිලධාරියකු විසින් පහර දෙන අයුරු දැක්වෙන වීඩියෝවක් අන්තර්ජාලය හරහා හුවමාරුවන බවත්, හමුදාපතිවරයාගේ උපදෙස් මත එම හමුදා... |
"තෙල් දෙන්න මුල් තැන කාටද? – උසාවිය 12 දාට පෙර ලිඛිතව ඉල්ලයි" | "ජන ජීවිතයට ඉතා අත්‍යවශ්‍ය ඉන්ධන තොග මිලදී ගැනීම බෙදාහැරීම හා ඉන්ධන ලබාදීමේදී ප්‍රමුඛත්වය දෙන අංශ පිළිබඳව රජයෙන් විමසා ලබන 12 වැනිදාට පෙර ලිඛිතව අධිකරණයට දැනුම් දෙන ලෙසට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (04 දා) නීතිපතිවරයාට නියෝග කළේය.ඉන්ධන සැපයීමේ අවිධිමත් ක්‍රියා කලාපය නිසා රටේ සාමාන්‍ය ජන ජීවිතය කඩාවැටී, රෝහල්, ප්‍රවාහන හා කර්මා... |
"එක් නොවුණොත් රට ඉවරයි – සජිත් මෛත්‍රීට කියයි" | "පසුගිය වසර 3කට ආසන්න කාලය තුළ මේ රටේ පාලකයන් අනෙක් පුද්ගලයන් විසින් කියන දේ අහන්නේ නැතිව තමන් පමණක් හරි බවට සිතා කටයුතු කිරීම නිසා වර්තමානයේ රට විශාල අගාධයකට පත්ව ඇති බවත් මින් මිදීමට නම් සියලු දෙනා එකට එකතු වී සමාජ, ආර්ථික හා දේශපාලන ප්‍රතිසංස්කරණයකට යා යුතු බවත් ඊයේ (4දා) විපක්ෂ නායක කාර්යාලයේ දී විපක්ෂ නායක සජිත් ප... |
"ජැක්සන්ට පැය 7 ක සැත්කමක්" | "අනතුරකට ලක්ව කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන ප්‍රවීණ රංගන ශිල්පි ජැක්සන් ඇන්තනි මහතාට ඊයේ (04 දා) පැය 07 ක පමණ සැත්කමක් සිදුකර ඇත.ඒ මහතාගේ සුෂුම්නාව ප්‍රදේශයට සිදු වී ඇති බරපතළ තත්ත්වය හේතුවෙන් සැත්කම ඊයේ පෙරවරු 9.00 සිට සවස 4.00 දක්වා සිදුකළ බව එම රෝහල් ආරංචි මාර්ග පැවසීය.සැත්කම සිදුකිරීමෙන් පසු ඒ මහ... |
"සමාජ මාධ්‍යයේ පළ වන්නේ ජැක්සන්ගේ රියේ ගැටුණු වනඅලියා නොවේ – පශු වෛද්‍ය චන්දන ජයසිංහ" | "ජැක්සන් ඇන්තනි මහතා ගමන් කළ රියේ ගැටුණු වන අලියා බව පවසමින් සමාජ මාධ්‍ය තුළ සංසරණය වන අලියාගේ ඡායාරූපය ව්‍යාජ එකක් බවත්, එම වනඅලියා සොයා ප්‍රතිකාර කිරීමට ඉන්ධන නොමැතිකම බාධාවක් වී ඇති බවත් පශු වෛද්‍ය චන්දන ජයසිංහ මහතා පවසයි.ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනි මහතා ගමන් ගත් කැබ් රථයේ ගැටුණු වන අලියා බව පවසමින් මේ වන විට... |
"බැස්ටියන් මාවතේ ඝාතනය ඇතුළු අපරාධ රැසකට සැක – ඇල්පිටියේ ජොසා වෙඩි කා මරුට" | "ගනේමුල්ලේ සංජීවගේ කල්ලියේ ප්‍රධාන වෙඩික්කරුපාතාල මර්දන මෙහෙයුම් යළි ඇරඹේපොලිසිය පාතාල මර්දන මෙහෙයුම් නැවත ආරම්භ කිරීමෙන් පසු ගම්පහ බෙම්මුල්ල පිටියේගෙදර ප්‍රදේශයේදී ඊයේ (04 වැනිදා) අලුයම එල්ල කළ ප්‍රහාරයකින් මිනිස් ඝාතන ඇතුළු අපරාධ රැසකට සම්බන්ධ ‘ඇල්පිටියේ ජොසා’ නමැත්තා මරුමුවට පත්වී ඇත.පිටකොටුව බැස්ටියන් මාවතේදී දෙන... |
"ගුවන් බඩුවලට සීමා – දිනක පාඩුව කෝටි 2ක්" | "විදෙස් රටවලින් ගුවන් යානා ඉන්ධන ගෙන ඒම සඳහා යානයේ බර අවමව තබා ගැනීමට ගුවන් බහලුම් රැගෙන ඒම සහ යෑම සීමා කිරීම හේතුවෙන් දෛනිකව රුපියල් කෝටි දෙකකට ආසන්න ආදායමක් ගුවන් තොටුපළට අහිමි වෙමින් ඇතැයි ශ්‍රී ලංකා ගුවන් සමාගමේ නිදහස් සේවක සංගමයේ සභාපති ජනක විජයපතිරත්න මහතා ඊයේ (04දා) ‘දිවයින’ට පැවසීය.ශ්‍රී ලංකා ගුවන් සමාගම සතු ග... |
"ඉහළ උද්ධමනයෙන් ලංකාව දෙවැනියා වෙයි" | "ජෝන් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයකු වන ස්ටීව් හැන්කි මහතාගේ නවතම උද්ධමන ගණනය කිරීමට අනුව ශ්‍රී ලංකාව ඉහළම උද්ධමනයක් තිබෙන රටවල් ලැයිස්තුවේ දෙවැනි ස්ථානයට පත්ව ඇත.එම උද්ධමන වගුවට අනුව ජුනි මස අගදී ශ්‍රී ලංකාවේ උද්ධමනය සියයට 122 ක් දක්වා වාර්තාගත ලෙස ඉහළ ගොස් ඇත. මෙම ලැයිස්තුව... |
"පොලිස්පතිගේ ලිපිය විහිළුවක් – අනුර කුමාර දිසානායක" | "ජනතා විමුක්ති පෙරමුණ සහ විරුද්ධ පක්ෂ දේශපාලන කණ්ඩායම් සහ දේශපාලනඥයන් ඉලක්ක කර ඉදිරියේදී ප්‍රහාර එල්ල කිරීමට කටයුතු කරන බවට තොරතුරු ඇතැයි පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න මහතා ආරක්ෂක ලේකම්වරයා වෙත යොමු කර ඇති ලිපිය විහිළු සහගත විකට ලිපියක් බව ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා ඊයේ (04 වැනිදා) පැවසීය.එවැනි තත්ත්වයක් ඇති ක... |
"නොරොච්චෝලේ ගල් අඟුරු තිබෙන්නේ තව දින 80 කටයි" | "නොරොච්චෝල ගල් අඟුරු බලාගාරයේ ගල් අඟුරු ඇත්තේ තවත් දින 80 කට පමණක් යැයි එම බලාගාරයේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.බලාගාරයේ යන්ත්‍ර තුන ක්‍රියාත්මක කර මෙගාවොට් 900 ක් විදුලි ජනනය කරන අතර ඉන් මෙගාවොට් 810 ක් ජාතික පද්ධතියට එක්කෙරේ. ඉතිරි මෙගාවොට් 90 බලාගාරයේ අවශ්‍යතා සඳහා භාවිතා කරයි.මේ වන විට බලාගාරයේ යන්ත්‍රයක් අලුත්වැඩි... |
"වයර් රෝලක් රු. 8200 ට නැගලා විදුලි කාර්මිකයෝ හාන්සියි!" | "නිවාස වයරින් කරන රුපියල් 1800 ට තිබූ වයර් රෝලක් රුපියල් 8200 ක් ලෙස විශාල වශයෙන් මිල ඉහළ යෑම නිසා විදුලි කාර්මිකයන්ගේ රැකියා අහිමිවෙමින් ඇතැයි වෘත්තීය විදුලි කාර්මිකයන්ගේ සංගමයේ ලේකම් සංජීව ධම්මික මහතා ඊයේ (04 දා) පැවසීය.ලියාපදිංචි විදුලි කාර්මිකයන් 45,000 ක් පමණ සිටින බවත් මොවුන්ගෙන් යැපෙන්නන් ලක්‍ෂ 03 ක් පමණ සිටින බ... |
""රෝහල්, ඛනිජ තෙල්, විදුලිය අත්‍යවශ්‍ය සේවාවන් කෙරේ"" | "රෝහල්, ඛනිජ තෙල් සහ විදුලිය අත්‍යවශ්‍ය සේවාවන් බවට පත්කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අතිවිශේෂ ගැසට් පත්‍රයක් පෙරේදා (04 දා) රාත්‍රි නිකුත් කර ඇත.අදාළ ගැසට් නිවේදනයට අනුව විදුලිබල සැපයීම සම්බන්ධ සියලු සේවාවන්, ඛනිජ තෙල් නිෂ්පාදන හා ඉන්ධන සැපයීම හෝ බෙදාහැරීම, රෝහල්වල, සාත්තු නිවාසවල, බෙහෙත් ශාලා සහ වෙනත් සම... |
"රු.300ට 350ට යන්න තිබුණු සහල් මගේ මාධ්‍ය හමුවෙන් පස්සේ අද පාලන මිලට විකුණනවා – ඩඩ්ලි සිරිසේන" | "“අද දවසේ පාලන මිලට සහල් අලෙවි කරනවා. රුපියල් 220ට ගන්න පුළුවන් විදිහට නෑ. නමුත් සමහර තැන්වල සහල් වැඩි මිලට විකුණනවා. මගේ වැඩ පිළිවෙළින් පස්සේ එදා මාධ්‍ය හමුවෙන් පස්සේ රුපියල් 300ට 350ට යන්න තිබුණු හාල් මිල පාලනය වෙලා තිබෙනවා” යැයි අරලිය සහල් අධිපති ඩඩ්ලි සිරිසේන මහතා පැවසීය.ඒ මහතා එසේ පැවසුවේ පොලොන්නරුව සුදු අරලිය හෝට... |
"තව ටික දිනකින් පෞද්ගලික බස් ධාවනය සම්පූර්ණයෙන් නතර වෙයි – ගැමුණු කියයි" | "ඉන්ධන අර්බුදය නිසා තව දින කිහිපයකින් පෞද්ගලික බස් ධාවනය මුළුමනින්ම නතර කිරීමේ තත්ත්වයක් ඇති වන බව පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා ‘දිවයින’ට ඊයේ (4 දා) පැවසීය.ශ්‍රී ලංකාව මෙම තත්ත්වයට පත්කළ සියලු දෙනා මේ අර්බුදයට වගකිවයුතු බව ද අද සියලු රටවැසියන් ඉතා දුෂ්කර දිවි පැවැත්මකට ඇද දමා ඇතැයි ද හෙත... |
"පොදු ප්‍රවාහනය අඩාලයි නගරයට ආ ජනතාව අනාථයි – කිලෝමීටර් ගණන් දිග තෙල් පෝලිම් ඊයේත්" | "රාජකාරී සහ අත්‍යවශ්‍ය සේවා සඳහා කොළඹ ඇතුළු ප්‍රදේශ රැසකට පැමිණි ජනතාව යෑමට ඒමට ප්‍රමාණ වත් බස් රථ සහ දුම්රියන් නොමැති වීම නිසා දැඩි පීඩාකාරී තත්ත්වයට පත්ව සිටියහ.ඉන්ධන අර්බුදය නිසා පොදු ප්‍රවාහනය අඩාල වීමෙන් ජනතාව දැඩි පීඩාවට පත්ව තිබූ අතර වෙනත් දිනවල බස් රථ හතරක පමණ ගමන් කරන පිරිස් ඊයේ (04 දා) එක් බස් රථයක ගමන් කරන ත... |
"අකුරට යන හැටි…" | "ප්‍රවාහන පහසුකම් නොමැතිවීම නිසා උපකාරක පන්ති යන සිසුන් පිරිසක් සහ මගීන් පිරිසක් ගාල්ල බද්දේගම බසයක එල්ලී ගමන් කළ අයුරු උළුවිටිකේ ප්‍රදේශයේ දී අප කැමරාවේ මෙසේ සටහන් විය. හිනිදුම රවීන්ද්‍ර චන්ද්‍රලාල්, අක්මීමන කේ.මතිලාල්, ලලිත් චාමින්ද" |
"උ.පෙළ ප්‍රායෝගික පරීක්‍ෂණවලින් ගුරුවරු අද සිට ඉවත් වෙති" | "අපොස උසස් පෙළ ප්‍රායෝගික පරීක්ෂණ කටයුතු පවතින ඉන්ධන අර්බුදය හමුවේ තවදුරටත් අඛණ්ඩව කරගෙන යෑමට නොහැකි තත්ත්වයක් උදා වී ඇති බවත් ඊට නිසි විසඳුම් ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය අපොහොසත් වීම හේතුවෙන් අද (5දා) සිට සියලුම ප්‍රායෝගික පරීක්ෂණවලින් ගුරුවරුන් ඉවත් වීමට කටයුතු කළ බව ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා... |
"ඇමරිකාවේ නිව්යෝර්ක් නුවර අවි ආයුධ තහනම් – රිපබ්ලිකන් මන්ත්‍රීවරු විරෝධය පළ කරයි" | "ඇමරිකාවේ නිව්යෝර්ක් නුවර ප්‍රසිද්ධ ස්ථානවලට අවි ගෙනයෑම තහනම් කරමින් ආණ්ඩුකාරවරිය වූ කැතී හොචුවා පනත් කෙටුම්පතකට අත්සන්කර ඇත. ඒ අනුව අවන්හල් සහ සාප්පු සංකීර්ණවලටද අවි ආයුධ රහසිගතව ගෙන යෑම තහනම් වේ. මෙම පනත සැප්තැම්බර් 1 දා සිට ක්‍රියාත්මක වේ. එහෙත් රිපබ්ලිකන් මන්ත්‍රීවරු ඊට විරෝධය පා තිබේ." |
"ඇමරිකාවේ නිව්යෝර්ක් නුවර අවි ආයුධ තහනම් – රිපබ්ලිකන් මන්ත්‍රීවරු විරෝධය පළ කරයි" | "ඇමරිකාවේ නිව්යෝර්ක් නුවර ප්‍රසිද්ධ ස්ථානවලට අවි ගෙනයෑම තහනම් කරමින් ආණ්ඩුකාරවරිය වූ කැතී හොචුවා පනත් කෙටුම්පතකට අත්සන්කර ඇත. ඒ අනුව අවන්හල් සහ සාප්පු සංකීර්ණවලටද අවි ආයුධ රහසිගතව ගෙන යෑම තහනම් වේ. මෙම පනත සැප්තැම්බර් 1 දා සිට ක්‍රියාත්මක වේ. එහෙත් රිපබ්ලිකන් මන්ත්‍රීවරු ඊට විරෝධය පා තිබේ." |
"ගිලන් රථයේ තෙල් තිබුණේ නැහැ – ඩිපෝවේ තිබූ ඉන්ධන ගෙන ජැක්සන් කොළඹ යැව්වා" | "අලියාගේ ඇඟේ ගැටුණු සිංහයාට අද සැත්කමක්රථයේ ගැටුණු වන අලියා අතුරුදන් අනුරාධපුර පාදෙනිය ප්‍රධාන මාර්ගයේදී අලියකුගේ සිරුරේ වාහනය ගැටී බරපතළ තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ දැඩිසත්කාර ඒකකයට ඇතුළත් කර සිටින ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනි මහතාට අද (04 දා) විශේෂ සැත්කමක් සිදුකිරීමට නියමිත බව එම රෝහලේ ප්‍රකාශකයෙක් ‘දිවයින’ ට... |
"කෙටි කාලයකට අගමැති සහ ඇමැති මණ්ඩලය අපට දෙන්න – අනුර කුමාර දිසානායක" | "දැවැන්ත අර්බුදයකට ලක්ව ඇති රට ගොඩනැගීම සඳහා ආණ්ඩුව භාර ගැනීමට ජවිපෙ ප්‍රමුඛ ජාතික ජන බලවේගය සූදානම් යැයි එහි නායක අනුර කුමාර දිසානායක මහතා කියා සිටියේය.ඒ සඳහා කෙටි කාලයකට අගමැති ධුරයත්, කැබිනට් මණ්ඩලයත් පත්කර ගැනීමට අවස්ථාව ලබා දිය යුතු බව ද හෙතෙම කීවේය. එසේ වුවහොත් ඉතාම කෙටි කාලයක් තුළ ඉන්ධන ගෑස් විදුලිය අධ්‍යාපනය අත... |
"IOC ගෙන්වන ඩීසල් පෙට්‍රල් සිපෙට්කෝ පිරවුම්හල් 100 ක් හරහා බෙදාහැරේ" | "කැබිනට් මණ්ඩලය ලබා දී තිබෙන අවසරය මත ඉන්දීය තෙල් සමාගම ‘IOC’ ඉදිරි 07, 13, 15 යන දිනවලදී මෙරටට පෙට්‍රල් හා ඩීසල් මෙටි්‍රක් ටොන් 90,000 ක් ගෙනැවිත් දැනට සංස්ථාව සතු හා සංස්ථාව යටතේ ඇති ඉන්ධනහල් 100 ක් හරහා ඒවා බෙදාහැරීමට සැලසුම් කර ඇත.මෙරට ඉන්ධනහල් 1190 කින් ඉන්දීය තෙල් සමාගමට ඉන්ධනහල් 225 ක් අයිති අතර එම 225 න් 210 ක ... |
"IMF ණය දෙන්න පෙර ඇමරිකාවෙන් රතු එළියක්" | "ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ශ්‍රී ලංකාව අතර ඇති ගිවිසුම ස්ථිර විය යුත්තේ ප්‍රධාන කරුණු තුනක් සම්බන්ධයෙන් තීරණාත්මක ප්‍රතිසංස්කරණ සිදුවීම මත බවට ඇමෙරිකානු සෙනෙට් සභාවේ විදේශ සබඳතා කමිටුව පවසයි.මේ අනුව මහ බැංකුවේ ස්වාධීනත්වය ශක්තිමත් දූෂණ විරෝධී ක්‍රියාමාර්ග සහ නීතියේ ආධිපත්‍යය සහතික කිරීම යන කරුණු සම්බන්ධයෙන් සිදුකරන ... |
""රන්දෙණිගල, රන්ටැඹේ ජලය මුදාහැරීමෙන් ලංවිමට මිලියන 320ක පාඩුවක් – වාර්තාව දුන්නත් ඇමැති නිහඬයි – මහජන උපයෝගිතා කොමිසම"" | "වැඩවර්ජනයක් අතරතුර රන්දෙණිගල හා රන්ටැඹේ ජලය වගාබිම්වලට මුදාහැර පුද්ගලික බලාගාර දෙකකින් විදුලිය මිලදී ගැනීමේ සිද්ධියක් නිසා ලංවිමට සිදුවූ රුපියල් මිලියන 320 ක අලාභයට වගකිවයුතු නිලධාරීන් වහා අත්අඩංගුවට ගන්නා ලෙස මහජන උපයෝගිතා කොමිසම ඇමැති කංචන විජේසේකර මහතාට දැනුම් දී තිබුණත් මේ වනතෙක් ඇමැතිවරයා ඒ සම්බන්ධයෙන් කිසිදු පිය... |
"මහජන උපයෝගිතා කොමිසමේ වගකීම ලයිට් කපන වෙලාව කීම නොවේ – රටට අවශ්‍ය විදුලි ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමයි – ඇමැතිම කියයි" | "මහජන උපයෝගිතා කොමිසම ඇත්තේ දෛනික විදුලි කප්පාදුව කරන වේලාවන් ප්‍රකාශ කිරීමට නොව රටට අඛණ්ඩව විදුලිය ලබාදීමට අවශ්‍ය විදුලි ව්‍යාපෘති ක්‍රියාත්මක කරවීමට යැයි විදුලිබල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර මහතා පැවසීය.එමෙන්ම රුපියල් 250 ට ඉන්ධන ලීටරයක් ලබදීමට එම කොමිසමේ සභාපතිවරයාට හැකි නම් ඛනිජ තෙල් සංස්ථාවේ සභාපතිවරයා ලෙස වැඩ ... |
"ඇණවුම් කළ තෙල් නැව්වලට ඩොලර් මිලියන 316ක් ගෙවිය යුතුයි – 10දා වන විට ඩීසල් නැවක් ගෙන්වා ගන්නවා" | "– ඇමැති කාංචන පවසයිලබන 8 වැනිදා සිට මෙරටට ඉන්ධන නෞකා ගෙන ඒමට ඇණවුම් කර තිබුණත් එම ඇණවුම් සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 316 ක් ගෙවිය යුතු බවත් එම ඩොලර් ප්‍රමාණය සොයා ගැනීමට ගත හැකි සෑම පියවරක්ම ගන්නා බවත් විදුලිබල හා බලශක්ති ඇමැති කාංචන විජේසේකර මහතා පැවසීය.බලශක්තකි අමාත්‍යාංශයේ ඊයේ (03 වැනිදා) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාව... |
"මේ සතියේත් පාසල් නිවාඩු – ග්‍රාමීය පාසලුත් වැසේ" | "ඉන්ධන අර්බුදය උග්‍රවීම නිසා මේ සතියේත් (04 සිට 08 දක්වා) රජයේ හා රජයේ අනුමත සියලු පාසල් සඳහා නිවාඩු ලබාදී ඇත.පසුගිය සති දෙකේ ග්‍රාමීය පාසල් විවෘත කර තැබීමට පියවර ගත්තත් එම පාසල්වලටත් මෙම සතියේ නිවාඩු ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු කර තිබේ.අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන්, පළාත් අධ්‍යාපන ලේකම්වරුන්, පළාත් අධ්‍යක්‍ෂ... |
"තෙල් ගොඩබෑමට පෙර සමාගම් ඩොලර් ඉල්ලුවා – ජාත්‍යන්තර ටෙන්ඩර් කැඳවුවත් කිසිම සමාගමක් ඉදිරිපත් වුණේ නෑ" | "– තෙල් හිඟයට හේතුව සිපෙට්කෝ කියයිමෙතෙක් කලක් මෙරටට ඉන්ධන සැපයූ සමාගම් තෙල් ගොඩබෑමට පෙර අත්පිට ඩොලර් ඉල්ලීම රට තුළ ඉන්ධන හිඟය උග්‍රවීමට හේතු වූ බව ලංකා ඛනිජ තෙල් සංස්ථා උසස් නිලධාරියෙක් ‘දිවයින’ ට පැවසීය.ඉකුත් කාලයේදී එම සමාගම්වලින් මිලදී ගත් ඉන්ධන සඳහා ගෙවිය යුතු ඩොලර් මිලියන 800 ක් ගෙවීම පැහැරහැරීම නිසා ඇතැම් සමාගම් ... |
"තෙල් ගැටලුව උග්‍රයි පෞද්ගලික බස් දහසක්වත් අද දුවයි ද සැකයි – ගැමුණු විජේරත්න" | "පෞද්ගලික බස් රථ දහසක්වත් (1000) අද (4දා) දිවයින පුරා ධාවනයට එක්කිරීම අවිනිශ්චිත තත්ත්වයකට පත්ව ඇතැයි ලංකා පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා ‘දිවයින’ ට පැවසීය.ඉන්ධන අර්බුදය මීට වඩාත්ම බලපා ඇතැයි හෙතෙම කීය.පෞද්ගලික බස්රථ ධාවනය මේ වන විට බරපතළ ලෙස කඩාවැටීමට ලක්ව ඇතැයි ද හෙතෙම කියා සිටියේය.දිවයින... |
"පෑලියගොඩ මාළු ගිනි ගණන්: ඊයේ ආවේ මාළු ලොරි 15 යි" | "පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයේ ඊයේ (03 වැනිදා) මාළු මිල ඉතා අධිකව පැවැති බව පෑලියගොඩ මත්ස්‍ය ව්‍යාපාරිකයන්ගේ සංගමයේ සභාපති ජයසිරි වික්‍රමාරච්චි මහතා ‘දිවයින’ ට පැවසීය.පවතින ඉන්ධන අර්බුදය හේතුවෙන් පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයට ඊයේ පැමිණියේ මාළු ලොරි 15 ක් බවද, එමෙන්ම පාරිභෝගික ජනතාවගේ පැමිණීමේ විශාල අඩුවක් දක්නට ත... |
"කන්දකාඩු රැඳවියා මියයෑමේ සිද්ධියට හමුදාවේ 4ක් 14 තෙක් රිමාන්ඩ්" | "පොලොන්නරුව වැලිකන්ද කන්දකාඩුව පුනරුත්ථාපන හා ප්‍රතිකාර කඳවුරේ රැඳවියකු සැකකටයුතු ලෙස මියයෑමේ සිද්ධිය සම්බන්ධයෙන් වැලිකන්ද පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන සිටි එම කඳවුරේ සහාය උපදේශකවරුන් ලෙස සේවය කළ හමුදා සාමාජිකයන් 04 දෙනා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව මේ මස 14 වැනිදා දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කරන ලෙස පොලොන්නරුව මහෙස්ත... |
"කන්දකාඩුවෙන් පැනගිය 28 ක් තාමත් අතුරුදන්" | "පොළොන්නරුව කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් පළාගිය තවත් 28 ක් ඊයේ (03 දා) වන විටත් සොයාගෙන නැතැයි පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) දර්ශන හෙට්ටිආරච්චි මහතා ‘දිවයින’ට ඊයේ (03 දා) පැවසීය.පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවියකු මියයෑමේ සිද්ධියක් මුල්කරගෙන එහි රැඳී සිටි මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් 997 ද... |
"කොවිඩ් වැළඳුණු කතක් මරුට: ආසාදිතයෝ 12 ක්" | "කොවිඩ් ආසාදිත මරණයක් හා කොවිඩ් ආසාදිතයන් 12 දෙනකු පෙරේදා (02 වැනිදා) වාර්තාවූ බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛi හේමන්ත හේරත් මහතා ‘දිවයින’ ට පැවසීය.කොවිඩ් ආසාදිතව මියගොස් තිබුණේ අවුරුදු 30 – 59 අතර වයසේ පසුවන කාන්තාවක බවද හෙතෙම කීය.කොවිඩ් රැල්ල ආරම්භ වූ දා සිට මේ දක්වා වාර්තා වුණ සමස්ත කොවිඩ් ආසාදිතය... |
"ඉන්ධන අර්බුදයෙන් ජල සැපයුමටත් බලපෑම්" | "පවතින ඉන්ධන අර්බුදය හමුවේ ජල සැපයුම ද අඩාල විය හැකි යැයි ජලසම්පාදන හා ජලාපවහන සේවක සංගමයේ ප්‍රධාන ලේකම් ඉංජිනේරු උපාලි රත්නායක මහතා ‘දිවයින’ ට ඊයේ (03 දා) පැවසීය.ජලසම්පාදන මණ්ඩලයේ ජල පොම්පාගාර සහ පිරිසිදු කරන ස්ථානවල සේවකයන් සේවා මුර ක්‍රමය යටතේ දවසේ පැය 24 ම වසරේ දින 365 ම සේවය කරන බවත්, ඔවුන්ට පෞද්ගලිකව ඉන්ධන සපයා ග... |
"රටට සහල් – පෝර ගෙන්වීමවීර වැඩක් නොවේ: ඇතැමුන් කෘත්‍රිම හිඟයක් මවා ජාවාරම් කරනවා – පරිපාලන සේවා සංගමය" | "රටට හාල් හෝ පොහොර ගෙන්වන පිරිස් වීරයන් ලෙස නොසලකන්නැයි ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය මහ ජනතාවගෙන් ඉල්ලයි.රටට තෙල් පොහොර ගෙන්වන ලෙස අමාත්‍යාංශ ලේකම්වරුන්, දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය ලේකම්වරුන් ඇතුළු රටේ විද්වතුන් නියෝජනය කරන පරිපාලන සේවා සංගමය පෙන්වා දුන්නත් බලධාරීන් ඊට ඇහුම්කන් නොදුන් බව ද එම සංගමයේ සභාපති පදුල රෝහණ මහ... |
"ලෝක බැංකු ශ්‍රී ලංකා අධ්‍යක්‍ෂ ජනපති හමුවෙයි" | "ලෝක බැංකුවේ ශ්‍රී ලංකාව සඳහා අධ්‍යක්‍ෂ හදාද් සර්වෝස් මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවිය. ජනාධිපතිවරයා සහ අධ්‍යක්‍ෂවරයා ඇතුළු නියෝජිත පිරිස අතර සාකච්ඡාව මේ වනවිට කොළඹ කොටුව ජනාධිපති මන්දිරයේදී පැවැත්වේ." |
"ටෝකන් දුන්නේ පෝලිම්වල සිටි පිරිස ඉවත් කරන්න – ඉදිරි දිනවල සාමාන්‍ය ක්‍රමයට තෙල් දෙනවා" | "– කංචන විජේසේකරඉන්ධනහල් අසල “ටෝකන්” ලබාදීමේ ක්‍රමයක් නැතැයි ඇමැති කාංචන විජේසේකර මහතා අවධාරණය කරයි.ඉකුත් 23 සහ 24 දිනවල පෝලිම්වල සිටි පිරිස ඉවත් කිරීම සඳහා ඒ දිනවල “ටෝකන්” ලබාදීමේ ක්‍රමයක් නැතැයි ඇමැති කාංචන විජේසේකර මහතා අවධාරණය කරයි.ඉකුත් 23 සහ 24 දිනවල පෝලිම්වල සිටි පිරිස ඉවත් කිරීම සඳහා ඒ දිනවල “ටෝකන්” නිකුත් කළත්... |
"අර්බුදයට එකම විසඳුම සර්වපාක්ෂික ආණ්ඩුවක් – සජබ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර" | "22න් ජනපති බලතල තවත් ශක්තිමත් කරලාසියලු පක්ෂ එක්වී සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවා මේ අර්බුදයෙන් ගොඩ ආ යුතු බව සමගි ජන බලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා පැවසීය.විපක්ෂ නායක කාර්යාලයේ ඊයේ (03දා ) පැවති මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද කීය.ආණ්ඩුව විසින් මේ වන විට 22 වැනි ආණ... |
""රට පුරා ප්‍රදේශ රැසකට දැඩි සුළං හා කඩින්කඩ වැසි – මහවැලි, කැලණි, ගිං, කළු ගංගාවල ජල මට්ටම ඉහළට"" | "සක්‍රීයව පවතින නිරිතදිග මෝසම් තත්ත්වය හේතුවෙන් බස්නාහිර සහ දකුණු මුහුදු ප්‍රදේශවලත්, දිවයිනේ දකුණු අර්ධයේත් සුළං තත්ත්වයේ වැඩිවීම තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විiා දෙපාර්තමේන්තුව පවසයි.බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත්, මහනුවර, නුවරඑළිය ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත්, විටින් විට වැසි ඇතිවන බවත් එම දෙපාර්තමේන්තුව... |
"අර්බුදය ජයගන්න ආණ්ඩුවට කිසිම විසඳුමක් නෑ… – ඉදිරිය ඉතා බියජනකයි – ජවිපෙ නායක අනුර කුමාර දිසානායක අම්බලන්තොටදී කියයි" | "ජනතාවගේ ආතතිය වැඩිවී ගැටුම්කාරී සමාජයක් නිර්මාණය වෙමින් තිබෙනවාආණ්ඩුවට නිසි සැළසුමක් තිබුණේ නැති නිසයි රට මේ තත්වයට පත් වුණේ යැයි ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා අම්බලන්තොටදී පැවසීය.අද අප ඉස්සරහ තියෙන්නේ ඉතාමත් බියජනක චිත්‍රයක්. අපට මීට මාස හත අටකට කලින් තිබුනේ කුඩා ප්‍රශ්ණ දෙකක්. ඒතමයි අත්‍යාවශ්‍ය භාණ්ඩ ගේන්න ඩො... |
"රටට ඩොලර් ගෙනා තේ කම්හල් පණ අදී… – ලක්‍ෂ 20 කගේ රැකියා අනතුරේ" | "ඉන්ධන අර්බුදය හේතුවෙන් තේ කර්මාන්ත ශාලා සියයට 25 ක් දැනටමත් වැසී ගොස් ඇතැයි ශ්‍රී ලංකා පෞද්ගලික තේ කර්මාන්තශාලා හිමියන්ගේ සංගමයේ මාධ්‍ය අධ්‍යක්‍ෂ ඩබ්. ජිනදාස මහතා “දිවයින” ට ඊයේ (03 වැනිදා) පැවැසීය.මෙම තත්ත්වය තුළ තේ කර්මාන්තයේ නියුතු ලක්‍ෂ 20 කට අධික පිරිසකගේ රැකියා අනතුරේ බවද හෙතෙම කියා සිටියේය.මෙහිදී තවදුරටත් කතා ක... |
"22 ට සහාය දෙන්නේ නැහැ ආණ්ඩුවේ තනතුරු ගන්නෙත් නෑ- හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන" | "වත්මන් අර්බුදයෙන් රට ගොඩගන්නට ශ්‍රීලනිප ප්‍රතිපත්ති ළඟදීම ජනතාවට කියනවාශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ රට ගොඩගන්නා සැලසුම් හා ප්‍රතිපත්තිය දැන් සකස් කර අවසන් බවත්, අඩුපාඩු තවදුරටත් සකස් කර ඉදිරි සතියකින් හෝ දෙකකින් එය රටට ඉදිරිපත් කරන බවත් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මහනුවරදී සෙනස... |
"ගුවන් තෙල් සපයන්න දේශපාලන මෝරුත් වළිකති" | "විදේශ සංචිත අහිමිව මුළු රටම අර්බුදයකට පත්ව තිබියදී කෝටි ගණනක ඍජු ඩොලර් ආදායමක් දෛනිකව රටට ලැබුණු කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළට පැමිණෙන ගුවන් යානාවලට ජෙට් ඒ 1 ඉන්ධන සැපයීමේ කටයුතු එක්තරා පෞද්ගලික සමාගමකට ලබාදීමට දේශපාලන කුමන්ත්‍රණයක් ක්‍රියාත්මකව ඇතැයි සංස්ථා සේවකයෝ සඳහන් කරති. මෙතෙක් ගුවන් යානාවලට ඉන්ධන ස... |
"ණය ගන්න පෙර ආයතන රැසක් පෙරළෙයි" | "ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් මෙරටට ණය ලබාදීමට පෙර තෙල් සංස්ථාව, ලංකා විදුලිබල මණ්ඩලය, ශ්‍රී ලංකන් ගුවන් සමාගම ඇතුළු පාඩු ලබන සියලු රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කිරීමට රජය සැලසුම් සකස් කර තිබේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ණය ලබා ගැනීමට ඔවුන් ඉදිරිපත් කරන කොන්දේසි ඉටු කළ යුතු වන අතර ඒ අනුව දැනටමත් ලංකා ඛනිජ තෙල් සංස්ථාව, ල... |
"අගමැති අනුරටයි සජිත්ටයි වවන්න කළ ඇරයුම" | "රජය විසින් ආරම්භ කර ඇති වගා සංග්‍රාමය වැඩසටහනට විපක්‍ෂයෙන් සමගි ජනබල පක්‍ෂය සහ ජනතා විමුක්ති පෙරමුණද එක්කර ගන්නා ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ආහාර සුරක්‍ෂිතතා කමිටුවට උපදෙස් දුන්නේය.විපක්‍ෂයෙන් සමගි ජනබල පක්‍ෂයත් ජනතා විමුක්ති පෙරමුණත් ගෙවතු වගාවක් පටන්ගෙන ඇතැයිද එය ඉතා හොඳ කටයුත්තක් බවද ඔවුන්ද එක්කරගෙන මෙම... |
"ණය පොලී ගෙවන්න වන නිසා ආහාර අර්බුදය ආවා" | "ශ්‍රී ලංකාව මේ වනවිට ලබා ගෙන ඇති ඩොලර් බිලියන 52 ක ණය මුදල් වෙනුවෙන් වාර්ෂිකව ඩොලර් මිලියන 7000 ක් පොලී ලෙස ගෙවීමට සිදුවීමෙන් රටේ ආර්ථික සහ ආහාර අර්බුදයක් නිර්මාණය වී ඇතැයි, සමාජවාදී ජනතා පෙරමුණේ ප්‍රධාන ලේකම්, මහාචාර්ය තිස්ස විතාරණ මහතා ප්‍රකාශ කළේය. රටේ වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳව පක්ෂ පහකින් සැදුම්ලත් එම පෙරමුණේ... |
"උතුරෙන් හමුදාව ඉවත් කරන්න ඩයස්පෝරාව ජාත්‍යන්තරය හරහා බලපෑම් කරලා" | "උතුරේ හමුදා බලසේනා 16ක් ඉවත් කරලීම සඳහා කොටි ඩයස්පෝරාව ජාත්‍යන්තර ප්‍රජාව ලවා කළ බලපෑමක් අනාවරණය වී ඇත.උපාය මාර්ගික කේන්ද්‍රස්ථානවල ස්ථානගත කර ඇති මෙම බලසේනා නඩත්තු කිරීම සඳහා රජය විශාල මුදලක් වැයකරන බව කොටි ඩයස්පෝරාව ජාත්‍යන්තර ප්‍රජාවට සහ අන්තර් ජාතික මූල්‍ය අරමුදලට දැනුම්දී තිබේ. එසේම ආණ්ඩුවේ ඩොලර් සංචිතය අඩු වූයේ ... |
"මාසයකදී පාතාල ඝාතන 13ක්" | "ගත වූ මාසයක කාලසීමාවේ පාතාල සන්නද්ධ කණ්ඩායම් විසින් පුද්ගලයන් 13 දෙනකු වෙඩි තබා ඝාතනය කර ඇති බව පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග පවසයි.පාතාල මර්දන මෙහෙයුම් අඩපණ වීම සහ පොලිසිය වෙනත් රාජකාරි සඳහා යෙදවීම මෙම පාතාල මිනිස් ඝාතන ඉහළ යෑමට ප්‍රධානම හේතුව වී ඇති බව ද එම ආරංචි මාර්ග වැඩිදුරටත් පැවසීය.මෙම ඝාතන 13 න් 11 ක්ම බස්නාහිර ... |
"ලංවිමයෙන් මහජන උපයෝගිතා කොමිසමට කෝටි අටක පොල්ලක්" | "වාර්ෂික නියාමන ගාස්තු වශයෙන් ලංකා විදුලිබල මණ්ඩලයෙන් ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව වෙත ලැබිය යුතු රුපියල් අටකෝටි දහඅට ලක්ෂ පනස්දෙදහස් හත්සියයක මුදලක් මේ වනතෙක් අයකර ගැනීමට නොහැකි වී ඇති බැව් ජාතික විගණන කාර්යාලය මගින් මහජන කොමිෂන් සභාව සම්බන්ධයෙන් 2020 වර්ෂයට අදාළව නිකුත් කර ඇති වාර්ෂික විගණන වාර්තාවේ සඳහන් වෙ... |
"බස්නාහිර වාහනවලට ආදායම් බලපත්‍ර දෙන්න දින තුනක්" | "බස්නාහිර පළාතේ ලියාපදිංචි වාහන සඳහා සතියේ දින 3ක් පමණක් ආදායම් බලපත්‍ර නිකුත් කිරීමට තීරණය කර තිබෙන බව බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් ජයන්ති විජේසුන්දර මහත්මිය පැවැසුවාය.ඒ අනුව හෙට (4 වැනිදා) සිට නැවත දැනුම්දෙන තුරු සඳුදා, බදාදා සහ බ්‍රහස්පතින්දා දිනවල පමණක් එලෙස ආදායම් බලපත්‍ර නිකුත් කිරීම සිදු කෙරේ. 2022 ජුනි මස 29 වැ... |
"මාසයකදී පාතාල ඝාතන 13ක්" | "ගත වූ මාසයක කාලසීමාවේ පාතාල සන්නද්ධ කණ්ඩායම් විසින් පුද්ගලයන් 13 දෙනකු වෙඩි තබා ඝාතනය කර ඇති බව පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග පවසයි.පාතාල මර්දන මෙහෙයුම් අඩපණ වීම සහ පොලිසිය වෙනත් රාජකාරි සඳහා යෙදවීම මෙම පාතාල මිනිස් ඝාතන ඉහළ යෑමට ප්‍රධානම හේතුව වී ඇති බව ද එම ආරංචි මාර්ග වැඩිදුරටත් පැවසීය.මෙම ඝාතන 13 න් 11 ක්ම බස්නාහිර ... |
"ලංවිමයෙන් මහජන උපයෝගිතා කොමිසමට කෝටි අටක පොල්ලක්" | "වාර්ෂික නියාමන ගාස්තු වශයෙන් ලංකා විදුලිබල මණ්ඩලයෙන් ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව වෙත ලැබිය යුතු රුපියල් අටකෝටි දහඅට ලක්ෂ පනස්දෙදහස් හත්සියයක මුදලක් මේ වනතෙක් අයකර ගැනීමට නොහැකි වී ඇති බැව් ජාතික විගණන කාර්යාලය මගින් මහජන කොමිෂන් සභාව සම්බන්ධයෙන් 2020 වර්ෂයට අදාළව නිකුත් කර ඇති වාර්ෂික විගණන වාර්තාවේ සඳහන් වෙ... |
"බස්නාහිර වාහනවලට ආදායම් බලපත්‍ර දෙන්න දින තුනක්" | "බස්නාහිර පළාතේ ලියාපදිංචි වාහන සඳහා සතියේ දින 3ක් පමණක් ආදායම් බලපත්‍ර නිකුත් කිරීමට තීරණය කර තිබෙන බව බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් ජයන්ති විජේසුන්දර මහත්මිය පැවැසුවාය.ඒ අනුව හෙට (4 වැනිදා) සිට නැවත දැනුම්දෙන තුරු සඳුදා, බදාදා සහ බ්‍රහස්පතින්දා දිනවල පමණක් එලෙස ආදායම් බලපත්‍ර නිකුත් කිරීම සිදු කෙරේ. 2022 ජුනි මස 29 වැ... |
"ගෑස් භූමිතෙල් පරදා දර රජවෙයි" | " " |
"බ්‍රේක් ඩවුන් ප්‍රමාදයට හේතු ලංවිම කියයි" | "වර්තමානයේ රටෙහි පවත්නා ඉන්ධන අර්බුදය ලංකා විදුලිබල මණ්ඩලයට ද අභියෝගයක්ව ඇත. විදුලි බිඳ වැටීම් යථා තත්ත්වයට පත් කිරීම සහ නඩත්තු කටයුතු සඳහා ලංකා විදුලිබල මණ්ඩලයේ ක්ෂේත්‍ර සේවයේ රථ වාහන යොමු කිරීමේදී ඉන්ධන හිඟය හේතුවෙන් ප්‍රමුඛතාවයන් හඳුනා ගනිමින් වාහන යොමු කිරීමට ලංවිමට සිදුව ඇති නිසා හදිසි විදුලි බිඳවැටුම් යථා තත්ත්වය... |
"උද්ධමනය පාලනයට බදු ආදායම වැඩි කරන්න" | "උද්ධමනය ඉහළ යෑම පාලනය කිරීමට, දූෂණ අවම කිරීමට සහ රජයේ මුදල් හිඟය අඩු කරගෙන බදු ආදායම් වැඩි කර ගැනීමට වහාම ප්‍රතිසංස්කරණ අවශ්‍ය බවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල රජයට නිර්දේශ කර ඇත.පසුගියදා ශ්‍රී ලංකාවට පැමිණි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දූත මණ්ඩලය සිය සාකච්ඡා නිම වීමෙන් පසු නිකුත් කළ නිල ප්‍රකාශයේ මේ බව සඳහන් වේ.දැනට රජයේ ආද... |
"ශ්‍රී ලංකාවට ගෑස් දෙන්න සමාගම් දෙකක් අතර අවුලක්!" | "මෙරටට ගෑස් විකිණීම පිළිබඳව ඕමාන් ට්‍රේඩින් සමාගම සහ තායිලන්තයේ සියම් ගෑස් සමාගම අතර බරපතළ අර්බුදයක් ඇතිවී ඇත. සියලු ගෑස් සමාගම් ගෑස් මෙට්‍රික් ටොන් එකක් ඩොලර් 96 කට ලබාදීමට කැමැත්ත පළකර ඇති අතර ඕමාන් ට්‍රේඩින් සමාගම ඩොලර් 129 කට මිල නියම කර තිබේ. මේ නිසා කැබිනට් මණ්ඩලය මැයි 3 දා සියම් ගෑස් සමාගමට ගෑස් ටෙන්ඩරය ලබාදීමට... |
"තෙල් තොග ගබඩා පර්යන්තයට හොර පාරෙන් 1148 ක් බඳවාගෙන" | "ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගම සඳහා අනුමත කාර්ය මණ්ඩලයට පරිබාහිරව පුද්ගලයන් 1148 දෙනකු බඳවාගෙන ඇති බැව් ජාතික විගණන කාර්යාලය මගින් 2020 වර්ෂයට අදාළව තොග ගබඩා පර්යන්ත සමාගම සම්බන්ධයෙන් නිකුත් කර ඇති වාර්ෂික විගණන වාර්තාවේ සඳහන් වෙයි. සමාගමේ අනුමත සේවක සංඛ්‍යාව 3249කි. 2020 වර්ෂයේ දෙසැම්බර් මස 31 වැනි දිනට මෙහි ත... |
"කොටුව දුම්රිය මගීහු නන්නත්තාරයි… දුම්රිය මග… සේවකයෝ තෙල් පෝලිමේ…" | "අත්‍යවශ්‍ය රාජකාරිවල නිරත දුම්රිය සේවකයන්ගේ පෞද්ගලික වාහන සඳහා ඉන්ධන නිකුත් කරන බවට දැනුම්දීමත් සමග දුම්රිය නියාමකයන්, රියැදුරන් ඇතුළු පිරිස ධාවනය කළ යුතු දුම්රිය ද අතරමග දමා තෙල් ගැසීමට යාම නිසා ඊයේ (1 දා) දහවල් දුම්රිය ධාවනය අඩපණ වී කොටුව දුම්රිය පළ නොසන්සුන්වී තිබිණි. මෙනිසා දුම්රිය ගණනාවක් පමාවී ධාවනය වුණි. ඒ නිසා... |
"ඉන්ධන – ඖෂධ – පෝෂණ ආහාර නැතිව මෙරට ජනගහනයෙන් ලක්ෂ 60 ක් අධි අවදානම්!" | "බෝ නොවන රෝගීන් ලක්ෂ 30 ක් අවුරුදු 5 ට අඩු දරුවන් ලක්ෂ 15 ක් ගර්භණී මවුවරුන් ලක්ෂ 3 ක් ඒ අතර සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය ජයන්ත බණ්ඩාර ඉන්ධන අර්බුදය, ඖෂධ, උපකරණ හිඟය සහ පෝෂණ ආහාර ලබා ගැනීමේ දැඩි අපහසුතා නිස මෙරට ජනගහනයෙන් ලක්ෂ හැටක පමණ පිරිසක් අධි අවදානම් තත්ත්වයට පත්ව ඇතැයි සමස්ත ලංකා වෛද්‍ය නිලධා... |
"අචාර්ය නන්දලාල් වීරසිංහ තවත් වසර 06ක් සඳහා මහ බැංකු අධිපති ධුරයට…" | "ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා 2022 ජූලි 04 දින සිට ක්‍රියාත්මක වන පරිදි තවත් වසර 06ක් සඳහා මහ බැංකු අධිපති ධුරයට පත් කෙරේ. අදාළ පත්වීම් ලිපිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පස්වරුවේ කොළඹ කොටුව ජනාධිපති මන්දිරයේ දී නන්දලාල් වීරසිංහ මහතා වෙත භාරදෙනු ලැබූ අයුරු." |
"ආණ්ඩුව ගනු ලැබූ තීරණ නිසා මුළු රටම එකවිට අඩපණ වෙලා – අනුර කුමාර දිසානායක" | "ඉතියෝපියාවෙ දශක ගණනක් මිනිස්සු හාමතේ මැරුණා. කිරිදෙන අම්මලාගේ බඩ පිටට ඇලුණා. ලෝකෙ රටවල් ගියාද ඉතියෝපියාව බේරගන්න. නෑ. ලෝකේ රටවල් ගිහින් එහෙම බේරගන්නේ නෑ. සමහර අය හිතනවා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඇවිත් අපව බේර ගනී කියලා. ආණ්ඩුව ගනු ලැබූ අමනෝඥ තීරණ නිසා මුළු රටම එකවිට අඩපණ වෙනවා. මේ විනාශයේ මහා පුපුරා යෑම එයයි. එමගින් මු... |
"21 රටත් ජාතියත් විනාශ කරන මර උගුලක්!" | "අධිරාජ්‍යවාදීන්ගේ සුරතලා වූ රනිල්ට ගෝඨාභය බලය පවරලා 21 වන සංශෝධනයේ අරමුණ අපගේ සභ්‍යත්වයේ පසුබිම වන සිංහල බෞද්ධ උරුමය සම්පූර්ණයෙන්ම අතුගා දමා මේ රට අධිරාජ්‍යවාදීන්ගේ කෙළිබිමක් බවට පත්කිරීම බව සාහිත්‍යශූරී ගුණදාස අමරසේකර මහතා පැවසීය. අමරසේකර මහතා ඒ පිළිබඳව සඳහන් කර සිටියේ ජාතික සංවිධාන එකමුතුව, ජාතික මහජන සභාව, 56 දරුවෝ... |
"අද රට නැත්තටම නැතිවෙලා – දුර්දාන්ත පාලනය වහාම පෙරළමු – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස" | "“ගෝඨා – රනිල් ශාපය අවසන් කරමු” සජබ කොළඹ කොටුවේදී… ‘ගෝඨා රනිල් ශාපය අවසන් කරමු’ තේමාව යටතේ සමගි ජනබලවේගය ප්‍රමුඛ සිවිල් සංවිධාන, වෘත්තීය සමිති විසින් පැවැත්වූ විරෝධතාවක් කොළඹ කොටුවේදී පෙරේදා (30දා) සවස පැවැත් විණි. විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස, පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා, මුජිබර් රහුමන්, තුසාර ඉ... |
"ජුනි උද්ධමනය 54.6% ක් ආහාර උද්ධමනය 80.1% දක්වා ඉහළට" | "කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව ගණනය කළ උද්ධමනය ඉකුත් ජුනි මාසයේදී සියයට 54.6 ක් දක්වා වාර්තාගත ලෙස ඉහළ ගියේය. මේ අනුව කොළඹ පාරිභෝගික මිල දර්ශකය ඉකුත් මැයි මස පැවැති ඒකක 195.2 සිට ජුනි මාසයේදී ඒකක 220.2 ක් දක්වා සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබේ. ආහාර සහ ආහාර නොවන භාණ්ඩවලට අයත් භාණ්ඩවල මිල ගණන්වල සිදුවූ මාසික ඉහළ යෑම මෙයට ... |
"රට ඉඳන් එන අතරතුරදීත් පැතුම් කර්නර් සූම් එකෙන් සජිත්ලාට කතා කරයි" | "වෛද්‍ය පැතුම් කර්නර් මහතා බ්‍රිතාන්‍යයේ සිට මෙරටට පැමිණෙන අතරතුර ඩුබායි ගුවන්තොටුපළේදී පැය 2කට ආසන්න කාලයක් සූම් තාක්‍ෂණය ඔස්සේ සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස, එම පක්‍ෂයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර, ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක සහ ප්‍රතිසංස්කරණ සඳහා මහලේකම් කාර්යාලයේ ප්‍රධාන ලේකම් පාර්ලිමේ... |
"ලහිරු වීරසේකර ඇතුළු තිදෙනාට ඇප" | "පසුගිය ජුනි 9 වැනිදා කොළඹ පොලිස් මූලස්ථානය ඉදිරිපිටදී පැවති විරෝධතාවයකදී පොලිස් ජල විදින යන්ත්‍රයකට අලාභහානි සිදුකිරීම ඇතුළු චෝදනා යටතේ රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටි අන්තර් විශ්වවිiාල ශිෂ්‍ය බලමණ්ඩලයේ හිටපු කැඳවුම්කරු ළහිරු වීරසේකර, රතිඳු සේනාරත්න හා පූජ්‍ය රත්කැරැව්වේ ජිනරතන හිමියන් ඇප මත මුදාහැරීමට කොටුව මහෙස්ත්‍රාත් ... |
"පොහොට්ටුව බලය ලබාගත් සටන් පාඨය වූ ජාතික ආරක්‍ෂාව අද බිංදුවට වැටිලා – හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන" | "ජාතික ආරක්‍ෂාව මූලික කරගෙන එදා පොහොට්ටු නායකයන් බලයට පැමිණියත් අද රටේ ජාතික ආරක්‍ෂාව බිංදුවට වැටී ඇති බව හටපු ජනාධිපති හා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සභාපති මෛත්‍රිපාල සිරිසේන මහතා සඳහන් කළේය. වසර තුනකට ආසන්න කාලයක් තුළ රටේ ජාතික ආරක්‍ෂාවට කුමක් සිදුවී ඇත්ද යන්න රටේ ජනතාව මේ වනවිට තේරුම්ගෙන තිබෙන බවද හිටපු ජනාධිපතිවරයා ... |
"ෂෙඩ් ළඟ වෛද්‍යවරුන්ට එන ‘ලෙඩ’ ආණ්ඩුව භාරගත යුතුයි" | "රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වෛද්‍යවරුන්ට සහ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට සේවා අවශ්‍යතාවන් සඳහා ඉන්ධන ලබා ගැනීමට රජය විසින් පහසුකම් සලසා ඇති ඉන්ධනහල් කිහිපයකදී ඊයේ (01 දා) වෛද්‍යවරුන්ට සහ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට මහජනතාවගෙන් දැඩි තාඩන පීඩන එල්ලවීමේ වගකීම රජය විසින් භාරගත යුතු බව රජයේ වෛද්‍යනිලධාරීන්ගේ සංගමය කියයි. වෛද්‍යවරුන්ට ස... |
"හිටපු ඇමැති මර්වින් සිල්වා ශ්‍රීලනිපයට" | "හිටපු ඇමැතිවරයකු හා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වූ ආචාර්ය මර්වින් සිල්වා මහතා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් ඊයේ ශ්‍රීලනිපයේ සාමාජිකත්වය ලබා ගත්තේය." |
"රාජපක්ෂ පාලනයට දඬුවම් ඉල්ලා ජුලියන් බෝලින් ගොනු කළ පෙත්සම සලකා බැලීම 4 වැනිදා" | "අප රට මෙවැනි ආර්ථික ප්‍රපාතයකට ඇද වැටීමට මූලික හේතුව වූයේ රාජපක්ෂ පාලන සමයේ ගත් අදූරදර්ශී ආර්ථික කළමනාකරණය හා මහා පරිමාණ බදු කපාහැරීම් බවත් ඒ නිසා එයට වගකිවයුතු සියලු දෙනාට එරෙහිව විධිමත් පරීක්ෂණයක් පවත්වා නිසි දඬුවම් ලබාදෙන ලෙසට නියෝගයක් කරන ලෙසත් ඉල්ලා ජාත්‍යන්තර පදක්කම්ලාභී ක්‍රීඩකයකු වන ජුලියන් බෝලින් මහතා ඇතුළු ප... |
"බස් නෑ : ළමයින් 13ක් පාසල් ගිය ලොරිය කඩා වැටේ" | "දරුවෝ තිදෙනෙක් තවමත් රෝහලේ… ළමයින් 30ක් ලොරියේ සිටියා – ගම්වාසීහු කියති බස්රථ නොමැති නිසා කුඩා ලොරි රථයක නැගී පාසල් යමින් සිටි දරු පිරිසක් රැගත් ලොරි රථයක තට්ටුව කඩාවැටී එහි ගමන්ගත් දරුවන් කිහිපදෙනකු තුවාල ලබා අනුරාධපුර ශික්‍ෂණ රෝහලට ඇතුළත් කර තිබේ. ඊයේ (01 වැනිදා) පෙරවරු 7.00 ට පමණ මේ අනතුර සිදුව ඇත්තේ කහටගස්දිගිලිය,... |
"දුම්රිය ගමන්වාර 30 ක් අවලංගුයි" | "ඉන්ධන අර්බුදය හේතුවෙන් දුම්රිය සේවකයන්හට සිය රාජකාරියට වාර්තා කිරීමට නොහැකිවීම හේතුවෙන් ඊයේ (01 වැනිදා) දිනයේ කාර්යාල සේවා ඇතුළු දුම්රිය ගමන් වාර 30කට අධික ප්‍රමාණයක් අවලංගු කිරීමට සිදුවූ බව දුම්රිය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් “දිවයින”ට පැවැසීය. ඒ අනුව රඹුක්කන, මීරිගම සහ වේයන්ගොඩ දක්වා කොළඹ කොටුවෙන් ආරම්භ වී ප්‍රධාන ... |
"‘ජන පීඩක ආණ්ඩුව යනු’ නීතිඥයෝ විරෝධතාවේ මාර්ග කීපයක් අවහිර වෙයි" | "‘ජන පීඩක ආණ්ඩුව ඉවත්වනු’ යන තේමා පාඨය යටතේ ඊයේ (01දා) කොළඹ අලුත්කඩේ උසාවි සංකීර්ණය ඉදිරිපිටදී නීතිඥවරු විරෝධතාවක නිරත වූහ. ‘නීතිඥ ප්‍රජාව’ විසින් සංවිධානය කර තිබූ මෙම සංකේතාත්මක සත්‍යග්‍රහය සහ විරෝධතාව හේතුවෙන් අවට මාර්ග කිහිපයක් ද අවහිරව පැවතිණි. නීතිඥයන් විශාල පිරිසක් මෙම උද්ඝෝෂණයට එක්ව සිටි අතර ඔවුන් උසාවි සංකීර්ණය... |
"සංචාරක හා විදේශගත රැකියා සඳහා පහසුකම් සලසනවා" | "එකට එක්වී වැඩකර අපේ දුක අපි නැති කරගමු.. අපි සියලු දෙනාම එක්වී රට ගොඩනැඟීමට කටයුතු කළොත් අපේ දුක අපටම නැති කරගත හැකි යැයි ආයෝජන ප්‍රවර්ධන ඇමැති ධම්මික පෙරේරා මහතා පැවසීය. ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ ඊයේ (01 දා) පැවැති උත්සවයකදී ඇමැතිවරයා මේ බව කීවේය. ආයෝජකයන් සඳහා පස් අවුරුදු නේවාසික වීසා වැඩසටහනක් හඳුන්වාදීම සඳහා මේ උත්... |
"රට විනාශ කළ අය සොයන්න විමර්ශනයක් කළ යුතුයි" | "ශ්‍රී ලංකාවට මෙම ආර්ථික විනාශය සිදුකළ උදවිය සෙවීමට පූර්ණ විමර්ශනයක් සිදුකළ යුතු යැයි කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්තුමා රාගම රෝහලේ ජේසුතුමන්ගේ දිව්‍ය හෘදයේ දෙව්මැඳුරේ පැවති වාර්ෂික මංගල්‍ය දේව මෙහෙයේදී කීවේය. මේ රට සම්පූර්ණයෙන්ම පිටරට වලින් හිඟාකන තත්ත්වයට පත්කර ඇතැයි කී කාදිනල්තුමා අද අප රටේ පැන නැගී තිබෙන අර්බ... |
"හසිත් ගුණසේකර සජබ ගම්පහ දිස්ත්‍රික් සංවිධායක ධුරයකට" | "සමගි ජන බලවේගය පක්‍ෂ කළමනාකරණ කමිටුවේ නිර්දේශය මත එම පක්‍ෂයේ ගම්පහ දිස්ත්‍රික් සංවිධායක වරයකු ලෙස හසිත් ශාමන් ගුණසේකර මහතා පත්කරනු ලැබ තිබේ. හිටපු දිසාඇමැතිවරයකු සහ මහර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුද වූ දිවංගත ටියුඩර් ගුණසේකර මහතාගේ පුත්‍රයකු වන හසිත් ගුණසේකර මහතා එම පත්වීම් ලිපිය විපක්‍ෂ නායක සමගි ජන බලවේගයේ නායක සජිත් ... |
"වෙරිටේ රිසර්ච් ජනමත විමසුමේ ප්‍රතිඵල එයි : රජයේ වැඩ ගැන ජනතා අනුමැතිය 3% යි" | "රටේ කටයුතු සිදුවෙමින් තිබෙන හැටි ගැන තෘප්තිය 2%යි ආර්ථිකය ගැන විශ්වාසය ඍණ 96යි වෙරිටේ රිසර්ච් සිදුකරන “රට හිතන හැටි” දීපව්‍යාප්ත ජනමත විමසුම් සමීක්ෂණයේ ජුනි මාසය සඳහා වන තොරතුරු මේ වනවිට නිකුත් කර තිබේ. 02 – පිටුවට එම සමීක්ෂණයේ ප්‍රතිඵල අනුව, රජයේ වැඩ ගැන ජනතා අනුමැතිය තිබෙන්නේ 3%ක මට්ටමකය. මෙම සමීක්ෂණයේ මංගල මත විමසු... |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.