Title
stringlengths
9
246
Content
stringlengths
3
62.9k
"සියයට 22 කින් බස් ගාස්තු නගී: අවම ගාස්තුව රු. 40 යි"
"බස් ගාස්තු සංශෝධනයට අදාළ ජාතික ප්‍රතිපත්තිය අනුව ඊයේ (30දා) මධ්‍යම රාත්‍රියේ සිට සියයට 22 කින් බස් ගාස්තු වැඩි කෙරෙන අතර අවම බස් ගාස්තුව රුපියල් 40කි. බස් ගාස්තු ඉහළ දැමීම ඉන්ධන මිල වැඩිවීම ඇතුළු නිර්ණායකයන් 12ක් සලකා බලා ක්‍රියාත්මක කළ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ පැවැති මාධ්‍ය හමුවකදී ලංකා ගමනාගමන මණ්ඩලයේ ...
"ලබන සතියේ තොග එනවා ගෑස් පෝලිම් අගෝස්තු  මුල ඉවරයි – ලිට්‍රෝ සභාපති"
"ලබන සතියේ ගෑස් තොග ලැබීම ආරම්භ වන බැවින් අගෝස්තු මුල වන විට ගෑස් පෝලිම් අවසන් කිරීමට හැකිවනු ඇතැයි ලිට්‍රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා සඳහන් කරයි. මෙම මාසය තුළ ගෑස් මෙට්‍රික්‌ ටොන් 33,000 ක් මෙරටට රැගෙන ඒමට නියමිත බවත් හෙතෙම පවසයි. මෙම මස මුල් සතිය අවසානයේදී පමණ ගෘහස්ථ ගෑස් බෙදාහැරීම් කටයුතු ආරම්භ කිරීමට සමාගම බලා...
"විදෙස් සමාගම් කිහිපයකට ඉඩදී සංස්ථා බලය කැඩීමට විරෝධය"
"සපුගස්කන්ද වැසීම කුමන්ත්‍රණයක්ද – වෘත්තීය සමිති අසයි ලංකා ඛනිජ තෙල් සංස්ථාව සතුව තිබෙන ඒකාධිකාරිය අහෝසි කොට ඉන්දීය තෙල් සමාගමට අමතරව විදේශ සමාගම් කිහිපයකට මෙරටට තෙල් ගෙන ඒමට හා අලෙවි කිරීමට අවසර ලබාදීමට ගෙන ඇති පියවරට එරෙහිව ඉදිරියේදී දැඩි පියවර ගැනීමට තෙල් සංස්ථා වෘත්තීය සමිති තීරණය කොට ඇත. කැබිනට් මණ්ඩලය ගත් තීරණයකට...
"ඉන්ධන අවශ්‍යතාවෙන් 20%ක් IOC පිරවුම්හල් හරහා බෙදයි"
"ඉන්දීය තෙල් සමාගම සතු ඉන්ධන හල් 210ක් හරහා මෙරට පෙට්‍රල් හා ඩීසල් අවශ්‍යතාවෙන් සියයට විස්සක් පමණ ලබාදීමට ලංකා ඉන්දීය තෙල් සමාගම තීරණය කර ඇත. ඒ අනුව ඉන්දියන් තෙල් සමාගමේ ලියාපදිංචි වී තිබෙන ඉන්ධන බවුසර් රථ 130ක් යොදා රටපුරා පිහිටි අයිඕසී ඉන්ධන හල් වෙත පෙට්‍රල් හා ඩීසල් බෙදා හැරීම ඊයේ (30 වැනිදා) සිට ආරම්භ කර ඇත. ඉන්දිය...
"මේ දුෂ්කර අවස්ථාවේ ශ්‍රී ලංකාවට සහාය දීමට කැපවෙනවා"
"අයිඑම්එෆ් දූත මණ්ඩලය යළි තහවුරු කරයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රතිපත්තිවලට අනුකූලව මෙම දුෂ්කර අවස්ථාවේ ශ්‍රී ලංකාවට සහාය දැක්වීම ඇති කැපවීම යළිත් තහවුරු කරන බව එම අරමුදලේ මෙරටට පැමිණි දූත මණ්ඩලය විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටී. පීටර් බෲවර් සහ මසහිරෝ නොසාකි යන මහත්වරුන්ගේ නායකත්වයෙන් යුත් ජාත්‍යන්තර මූල්‍ය ...
"ගෑස් මෙට්‍රික්‌ ටොන් ලක්‍ෂයක් ගන්න ගිවිසුම් අත්සන් කරයි"
"මුදල් අමාත්‍යාංශය යටතේ ඇති ලිට්‍රෝ ගෑස් සමාගම එල්පී ගෑස් මෙට්‍රික්‌ ටොන් 100,000 ක් ලබාගැනීමට ඊයේ (30දා) ගිවිසුම් අත්සන් කර ඇත. මෙම මුළු ගෑස් තොගයේ මිල ඇමෙරිකානු ඩොලර් මිලියන 90 කි. ලෝක බැංකුව ඩොලර් මිලියන 70ක අරමුදල් සපයා ඇති අතර ඉතිරි ඩොලර් මිලියන 20 ලිට්‍රෝ සමාගම විසින් ලබා දී ඇත. මෙම ගෑස් තොගය මාස හතරකට රටට ගෑස් ස...
"රටවල් 110ක නැවතත් කොරෝනා පැතිරීම වැඩිවෙලා"
"ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවයි ලොව පුරා රටවල් 110ක නැවත කොරෝනා වසංගතය පැතිරීම වැඩි වෙමින් පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අනතුරු අඟවා තිබේ. පෙරේදා (29දා ) දිනයේ ප්‍රවෘත්ති නිවේදනයක් නිකුත් කරමින් ලෝක සෞඛ්‍ය සංවිධානය පවසා ඇත්තේ මෙම තත්ත්වය මත එම සංවිධානයට අයත් කලාප 06න 03කින් දෛනිකව වාර්තා වන කොරෝනා ආසාදිතයන්ගේ ස...
"රටේ බලශක්ති ඒකාධිකාරිය අධිරාජ්‍යවාදී කොම්පැණිවලට දීම ආර්ථික ඝාතකයන්ගේ සැලැස්මක්!"
"ගුවන් යානාවලට තෙල් සැපයීම සමාගම්වලට දීමෙන් සංස්ථාවට ඩොලර් මිලියන 4ක වෙළෙඳාමක් නැතිවෙනවා අද වික්‍රමසිංහ ආණ්ඩුව අපේ රටේ තිබෙන තෙල් ගෙන්වීම, බෙදාහැරීම හා අලෙවි කිරීමේ ඒකාධිකාරිය තවත් ජාත්‍යන්තර සමාගම් කිහිපයකට ලබාදීලා රටේ බලශක්ති සුරක්‍ෂිතතාව වනසන්න හදනවා යැයි ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ජය...
"වෛද්‍ය ප්‍රතිකාර සඳහා පැමිණෙන සංචාරකයින්ට ලංකාව ගමනාන්තයක්!"
"වෛද්‍ය සංගමය ජනපති හමුවේ පවසයි ශ්‍රී ලංකාව වෛද්‍ය ප්‍රතිකාර සඳහා පැමිණෙන සංචාරකයින්ගේ ගමනාන්තයක් බවට පත් කළ හැකි බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය පවසයි. ඒ සඳහා ජාත්‍යන්තර මට්ටමේ රෝහල් සහ ප්‍රමාණවත් මානව සම්පත් රට තුළ ඇති බවද සංගමය පෙන්වා දෙයි. සෞඛ්‍ය ක්ෂේත්‍රයට බලපාන ගැටලුවලට විසඳුම් සෙවීමේ උපාය මාර්ගික වැඩපිළිවෙළක් ගොඩනගා ...
"ඔමික්‍රෝන් විකෘති ප්‍රභේද ඇවිත්: කොවිඩ් 4 වැනි එන්නත ගන්න"
"කොවිඩ් – 19 වෛරසයේ ඔමික්‍රෝන් ප්‍රභේදයේ විකෘති උප ප්‍රභේද කිහිපයක් මතුව ඇති බවට ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනය කර ඇති නිසා කොවිඩ් මර්දන හතරවැනි එන්නත් මාත්‍රාව ලබා ගත යුතු බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා ‘දිවයින’ට ඊයේ (30 දා) පැවසීය. ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කර ඇති කොවිඩ් – 19 ඔමි...
"පොලිස්පතිට හා මහජන ආරක්ෂක ලේකම්ට එරෙහිව කාදිනල්තුමාගෙන් රිට් පෙත්සමක්"
"පාස්කු ප්‍රහාරය හමුවේ වගකීම් පැහැර හැර ඇති නිලධාරීන්ගේ උදාසීනත්වය හා නොසැලකිලිමත් භාවය පිළිබඳවත් එම පුද්ගලයන්ට එරෙහිව ගත් ක්‍රියාමාර්ග පිළිබඳවත් පොලිස්පතිවරයාට හා මහජන ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයාට විරුද්ධව මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමන් විසින් අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ගොනු කර තිබේ. එමගින් පහත කරුණු සම්...
"අපේක්ෂා රෝහලේ කිමෝ තෙරපි නැතුව රෝගීන් මියයනවා"
"රිජ්වේ ළමා රෝහලේ ඖෂධ නැහැ ජලභීතිකාවට – සර්ප විෂට එන්නත් නෑ හැටනව ලක්ෂයක් ඡන්ද ලබාගෙන බලයට පත් ජනාධිපතිවරයා රට වෙනුවෙන් කළ දෙයක් නැතැයිද ඔහු මේ වන විට කාන්තාවන් විසින් සංවිධානය කරනු ලබන විරෝධතාවලටද බයෙන් හැංගෙන බව සමගි ජන බලවේගය කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා පැවසීය. විපක්ෂ නායක කාර්යාලයේ ද...
"දූෂිත ආණ්ඩුව පන්නන්න සැලසුම් හදා අවසන්"
"අදියර තුනක් යටතේ රට ගොඩගන්න ජාතික ජන බලවේගය සූදානම් හමුදාව හා පොලිසිය ජනතාව සමග සිටගන්නා දිනය වැඩි ඈතක නෑ මේ දූෂිත ආණ්ඩුව පන්නන්න සැලසුම් හදලා ඉවරයි. අපි දිනය වේලාව කියන්නම් සූදානමින් සිටින්න යැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පෙරේදා (29 දා) පස්වරුවේ පානදුරේ දී පැවසීය. ‘ආණ්ඩුව පන්නමු – පාරට බහිමු...
"කැනේඩියානු ජාතික දිනය අදයි"
"කැනඩාව ශ්‍රී ලංකාවේ දුෂ්කර කාලවලදී හැමවිට ම මෙරට සහයෝගය ලබාදී ඇති බවත් ශ්‍රී ලංකාවට ප්‍රතිලාභ ලබාදෙන ගෝලීය පාරිසරික පහසුකම් සහ හරිත දේශගුණික අරමුදල සඳහා අපි අඛණ්ඩව දායක වන්නෙමු යැයි ජූලි 1 වැනි දිනට යෙදෙන කැනේඩියානු ජාතික දිනය නිමිත්තෙන් පණිවුඩයක් නිකුත් කරන ශ්‍රී ලංකාවේ හා මාලදිවයිනේ කැනේඩියානු මහ කොමසාරිස් ඩේවිඩ් මැ...
"දේශපාලන පළිගැනීම්වලට ලක්වූ සැමට යුක්තිය ඉටු කරනවා"
"“පළිගැනීම්වලට ලක්වූ අයට අපේ ආණ්ඩුවක් යටතේ පළමු මාස හය තුළ සැබෑ සාධාරණයක් ඉටුකිරීමට මා ප්‍රමුඛ සමගි ජන බලවේගය කටයුතු කරනවා” යැයි ප්‍රකාශ කළේ සමගි ජන බලවේගය පක්‍ෂයේ නායක විරුද්ධ පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා යි. ඒ මහතා එසේ ප්‍රකාශ කළේ ගම්පහ දිස්ත්‍රික් දේශපාලන පළිගැනීම්වලට ලක්වූ පිරිස කැඳවා ජාඇල ගුරුගේ නේචර් පාක් ප්‍රධ...
"විධායක ජනපති ධුරය අහෝසි කරනවා යැයි ගෝඨාභය දුන් පොරොන්දුවත් බොරුවක්"
"20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කරමින් සම්මත කර ගැනීමට සූදානම් වන 22 වන සංශෝධන කෙටුම්පතෙහි අන්තර්ගතය අනුව පැහැදිලි වන්නේ එමඟින් යම් සාධනීය කරුණු ගණනාවක් තහවුරු කිරීමට උත්සාහයන් ගෙන තිබුණද මේ රටේ පොදු සමාජය අපේක්‍ෂා කරන තීරණාත්මක හා ප්‍රමුඛ දේශපාලන ප්‍රතිසංස්කරණ මගහැර යමින් විධායකයේ අත්තනෝමතික බලය වර්තමාන ජනාධ...
"පාතාලය කටුබැද්දේ යකා නටයි – වෑන් රියක ගිය දෙදෙනකුට වෙඩි තබා මරා දමති"
"සති 3ක් තුළ පාතාලයේ 12 වැනි බිල්ලඝාතනයට ලක්වූ උක්කුවා වසර 17 ක් හිරේ සිට  ඇප ලැබූ අයෙක් මොරටුව, කටුබැද්ද මංසන්ධිය ආසන්නයේ ඊයේ (29) දහවල් යතුරුපැදියකින් කඩාවැදුණු අවිගත් පුද්ගලයන් දෙදෙනකු විසින් කරන ලද වෙඩි තැබීමකින් දෙදෙනෙක් ජීවිතක්‍ෂයට පත්වූහ.එම ස්ථානයෙන් ගමන් කරමින් තිබූ වෑන් රථයක සිටි පිංවත්තේ උක්කුවා යන අන්වර්ථ නා...
"රැඳවියකු  මිය යෑමත් සමග රැකවල් බිඳ දමා කන්දකාඩු රැඳවියෝ 500ක් පැන යති – 230ක් ආපසු අල්ලයි"
"පොලොන්නරුව කන්දකාඩු මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් රඳවා සිටින ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවියකු අභිරහස් ලෙස මිය යෑමත් සමග එම මධ්‍යස්ථානයේ නේවාසිකව සිටි රැඳවියන් 500කට ආසන්න පිරිසක් නොසන්සුන්කාරී ලෙස හැසිරී මධ්‍යස්ථානයේ මුරකාවල් කඩා බිඳ දමා ඊයේ (29 දා) පෙරවරුවේ පලාගොස් ඇත.එම මධ්‍යස්ථානයේ රඳවා සිටි රැඳවියකු ස...
"ඉදිරි වසර හයේත්  මහ බැංකු අධිපති  ධුරය නන්දලාල්ට"
"මහ බැංකුවේ ඉදිරි වසර 6 නව ධුර කාලය වෙනුවෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ වත්මන් අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතාගේ නම නිර්දේශ කර ඇත.ඒ සඳහා මුදල් අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතාගේ නම නව ධුර කාලය සඳහා ද නිර්දේශ කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ඊයේ (29දා) දන්වා ය...
"IOC පිරවුම්හල් 150කින් ඉන්ධන ලීටර් 6600ක් බෙදයි"
"සිපෙට්කෝ ඉන්ධන හල්වල ඊයේ (29 දා) ඉන්ධන බෙදා හැරීමක් සිදුනොවුවත් ඉන්දියන් ඔයිල් සමාගම මගින් ඔවුන්ට අයත් ඉන්ධන හල් 150කට පමණ ඊයේ ඉන්ධන ලීටර් 6600ක් හැරිය බව ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ රියැදුරන්ගේ සංගමයේ සම ලේකම් ශාන්ත සිල්වා මහතා පැවසීය.ඉන්දියන් ඔයිල් සමාගම පෙරේදා (28 දා) බවුසර් 60කින් පමණ ඉන්ධන බෙදා හැරීම් සිදුකළ බවද ...
"සුද්දා එදා එසේ කීවත් අද  අපි කන හැටි දන්නේ ළිප පමණි – අදටත් වලංගු යුතුකම් නීති 4 ක්"
"‘වවා ගන්නා කොයිම දෙයක් හෝ හාල් වෙනුවට මිලයට ගන්නා කොයිම දෙයක් හෝ කටට රස ඇති අන්දමට පිසගෙන සන්තෝෂයෙන් අනුභව කරනු’ ආදී වශයෙන් යුතුකම් නීති 4ක් ඉටුකළ යුතු බව 1944 ජනවාරි 4 වැනි දින එදා ලංකාවේ ආණ්ඩුකාර ඒ. කෝල්ඩිකොට් රටවැසියන්ට නිවේදනය කර තිබේ.එම යුතුකම් 4 කරන්නාවූ අය දේශප්‍රේමීහු බවත් එසේ නොකරන්නෝ දේශද්‍රෝහීන් බවත් ඔහුගේ ...
"ගුවන් යානා ඉන්ධන ගෙන්වීමට පෞද්ගලික අංශයට අවසර"
"පවතින විදේශ විනිමය අර්බුදය තුළ ගුවන් යානා ඉන්ධන ගෙන්වීම සඳහා පෞද්ගලික අංශයට අවසර ලබාදීමට රජය තීරණය කර ඇත.මේ සම්බන්ධයෙන් වරාය, නාවික හා ගුවන් සේවා ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාවට අනුමැතිය ලැබී ඇත.ශ්‍රී ලංකාවට පැමිණෙන ගුවන්යානාවලට ඉන්ධන ලබාගැනීමේදී මතුවී ඇති ගැටලු සම්බන්ධයෙන් ඇමැතිව...
"තෙල් නැවක් ඇණවුම් කළත් ලංකාවට එන්න දින පහක්වත් යනවා – තෙල් සංස්ථාව කියයි"
"මේ මොහොතේ ඉන්ධන නෞකාවක් ඇණවුම් කළත් එය මෙරටට ඒමට දින පහක්වත් ගතවන බව ලංකා බනිජ තෙල් සංස්ථාව පවසයි.ඉන්දියාවෙන් නෞකාවක් ඇණවුම් කළත් එය මෙරට වරාය වෙත ගෙනා පසු මුතුරාජවෙලට හා කොළොන්නාවට තෙල් තොග ගොඩබා රටපුරා බෙදා හැරීමට දින හය හතක් අවශ්‍ය වන බවද තෙල් සංස්ථා නිලධාරීහු කියා සිටිති.1969 වසරේ ලංකා ඛනිජ තෙල් සංස්ථාව ස්ථාපිත කළ...
"එළවළු ලොරි අඩුවෙයි : මැනිං පාළු වෙයි"
"ඉන්ධන හිඟය හේතුවෙන් පෑලියගොඩ මැනිං පොදු වෙළෙඳපොළට ඊයේ (29 දා) දිනයේ පැමිණියේ එළවළු ලොරි 15 ක් පමණක් බවත්, එළවළු තොග මිලදී ගැනීමට පැමිණෙන සිල්ලර වෙළෙඳුන්ගේ විශාල අඩුවක් දක්නට තිබූ බවත් පෑලියගොඩ මැනිං පොදු වෙළෙඳ සමිතියේ සභාපති එච්. එම්. උපසේන මහතා ‘දිවයින’ට පැවසීය. වෙනදා දිනකට එළවළු ලොරි 150ක් පැමිණි බව ද හෙතෙම කියා සිට...
"රියැදුරන් තෙල් පෝලිම්වල  දුක් විඳිද්දී සීසර්ලා  ත්‍රිරෝද රථ උස්සනවා"
"ජාතික ත්‍රිරෝද රථ  සම්මේලනයේ සභාපතිඇතැම් ත්‍රිරෝද වෘත්තිකයන්ට ලීසිං ආයතනවලින් තර්ජන ගර්ජන එල්ල වෙමින් තිබෙන බවත් වෘත්තියේ නියැළීමට දැඩි දුෂ්කරතා පවතින මොහොතක ලීසිං ආයතනවල සීසර්වරුන් විසින් ත්‍රිරෝද රථ බලෙන් රැගෙන ගොස් ඇති බවත් ලංකා ස්වයං රැකියා වෘත්තිකයන්ගේ ජාතික ත්‍රිරෝද රථ සම්මේලනයේ සභාපති මහින්ද කුමාර මහතා “දිවයින”...
"අර්බුදයෙන්  ලේත් නැහැ"
"ලේ දන්දීමේ කඳවුරු අවලංගු කිරීමෙන් රෝහල් තුළ සැලසුම් කළ සැත්කම් නවතා දැමීමේ අවදානමක් පවතී. සැත්කම් නවතා දැමීමේ තීන්දුව ඉදිරි දෙදින තුළ ගැනීමට සිදුවනු ඇතැයි වෛiවරු පවසති.ජාතික ලේ බැංකුවේ අධ්‍යක්‍ෂ වෛi ලක්ෂමන් එදිරිසිංහ මහතාගෙන් කළ විමසීමේදී පැවැසුවේ ඉන්ධන හිඟය, අත්‍යවශ්‍ය රසායනික ද්‍රව්‍ය හිඟය, ප්‍රතිකීයක හිඟය සහ ශල්‍ය ...
"බස් ගාස්තු වැඩි කිරීමට ප්‍රවාහන අමත්‍යාංශයේ අනුමැතිය"
"බස් ගාස්තු වැඩි කිරීමේ ඉල්ලීමට අදාළ නිර්දේශ ප්‍රවාහන අමාත්‍යාංශයට භාරදුන් බවත්, ඒ සඳහා අනුමැතිය ලැබුණු බවත් ජාතික ගමනාගමන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය නිලාන් මිරැන්ඩා මහතා ‘දිවයින’ට ඊයේ (29 වැනිදා) පැවසීය.ඒ අනුව බස් ගාස්තු සංශෝධනය අද (30 වැනිදා) දිනයේ එළිදක්වන බව ද හෙතෙම කීය.අවම බස් ගාස්තුව හා අනෙකුත් ගාස්තු සියයට ක...
"මුදල් අච්චු ගැසීමට ලබන වසරේ තිත තබනවා – අගමැති පුවත්පත් කතුවරුන් හමුවේ කියයි"
"ඉහළ උද්ධමනය කළමනාකරණය කර ගැනීම සඳහා මුදල් මුද්‍රණය කිරීම ලබන වසරේදී (2023) පාලනය කිරීම අවශ්‍ය බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.අගමැතිවරයා මේ බව කීවේ ඊයේ (29) සවස අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පුවත්පත් කතුවරුන් සමග පැවති හමුවකදීය.අගමැතිවරයා ඊයේ (29) පස්වරුවේ පුවත්පත් කර්තෘවරුන් සහ රුපවාහිනි හා ගුවන් විදුලි ප්‍ර...
"‘දිවයින’ කාටුන් ශිල්පී වික්‍රමසිංහට SICACO ජාත්‍යන්තර තරගයෙන් සම්මානයක්"
"දකුණු කොරියාවේ SICACO කාටුන් සංගමය 30වැනි වරටත් පවත්වන ලද SICACO 2021 ජාත්‍යන්තර කාටුන් තරගය පසුගියදා දකුණු කොරියාවේදී පැවැත්විණි. ‘දිවයින’ පුවත්පතේ කාටුන් ශිල්පී ජයරත්න වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කරන ලද ඔහුගේ නිර්මාණයක් මෙවර විශේෂ සම්මානයක් දිනාගෙන ඇත. මෙය  ‘Untact+winwin’  මාතෘකාව යටතේ අඳින ලද නිර්මාණයකි.රටවල් 50කට අ...
"ආහාර වර්ජනය කළ  ශ්‍රී ලාංකික සරණාගතයෝ  27ක් සිහිසුන් වෙති"
"ඉන්දියාවේ ත්‍රිචි විශේෂ කඳවුර වසා දමන ලෙස ඉල්ලා දින හතළිහක ආහාර වර්ජනයක නිරත ශ්‍රී ලාංකික දෙමළ සරණාගතයන් 27 දෙනකු සිහිසුන් වීම නිසා 28 දා රාත්‍රී ත්‍රිචි රෝහලක් වෙත ඇතුළත් කර තිබේ. ගිලන් රථ භාවිත කරමින් ඔවුන් රෝහල්ගත කර ඇත.ඔවුන් කියා සිටින්නේ මෙම විශේෂ කඳවුරේ තමන් රඳවා සිටීම නිසා කිසිම රාජකාරී කටයුත්තකට පළාතෙන් ඉවත්ව ...
"කොවිඩ් යළි එබිකම් කරයි"
"රට තුළ කොවිඩ් රෝගීන්ගේ වැඩිවීමක් යළිත් දක්නට ඇති බව පවුල් වෛi විiා විශේෂඥ වෛi මල්කාන්ති ගල්හේන මහත්මිය ‘දිවයින’ ට (28දා) පැවසුවාය.පවතින ඉන්ධන අර්බුදය හමුවේ කොවිඩ් රෝගීන් රෝහල් ගත කිරීමේදී ගැටලු මතුවී ඇතැයිද ඇය කීවාය.රටවල් 63ක මේ වනවිටත් කොවිඩ් නව වෛරස් ප්‍රභේදයක් සීඝ්‍රයෙන් පැතිරෙමින් තිබෙන හෙයින් මෙරට ජනතාව සෞඛ්‍ය පු...
"කොටි අරමුදල් රැස්කළ හතරකට ජර්මන් උසාවියකින් සිරදඬුවම්"
"වසර 13 කට පසු ජර්මනියේ ඩසල්ඩෝප් අධිකරණය කොටි අරමුදල් එකතු කරන්නන් සිව්දෙනෙකුට වසර 1යි මාස 9 බැගින් සිරදඬුවම් නියම කර ඇත.මොවුන් ජර්මනියේ ද්‍රවිඩ ජනතාව බියගන්වා යුරෝ දසලක්‍ෂයක මුදලක් එකතු කර තිබේ.ජර්මානු කොටි හිතවාදී සංවිධාන මෙම කොටි ක්‍රියාකාරීන් සිව්දෙනා බේරාගැනීමට දැරූ උත්සාහය ව්‍යාර්ථ වී ඇත.ජර්මනියේ සෙයිටුන් පුවත්පත...
"ත්‍රිරෝදයෙන් යැපුණු ලක්‍ෂ 40 ක් අද අසරණයි – ත්‍රිරෝද රියැදුරන්ගේ වෘත්තීය සමිතියේ සභාපති"
"වෘත්තියේ යෙදෙන ත්‍රිරෝද රථ රියැදුරන් සියයට 95 ක්ම දින පහ හයක සිට ඉන්ධන පෝලිම්වල දුක් විඳින බව සමස්ත ලංකා ත්‍රිරෝද රථ රියැදුරන්ගේ වෘත්තීය සමිතියේ සභාපති ලලිත් ධර්මසේකර මහතා ‘දිවයින’ට (28 දා) පැවසීය.දැනට ත්‍රිරෝද රථ වෘත්තියේ යෙදෙන රියැදුරන් ලක්ෂ 8 1/2 ක් පමණ සිටින බවත්, ඉන්ධන අර්බුදය හමුවේ එම රැකියාවෙන් යැපෙන ලක්ෂ 40 කට...
"හෙට සිට බස් ගාස්තු 30% කින් නගී"
"වාර්ෂික බස් ගාස්තු සංශෝධනයට අනුව හෙට (30 වැනිදා) මධ්‍යම රාත්‍රි 12.00 සිට වහා ක්‍රියාත්මක වන පරිදි බස් ගාස්තු සියයට තිහකින් ඉහළ දැමීමට ජාතික ගමනාගමන කොමිසම අවසර ලබාදී ඇත. වසරක් ඇතුළත බස් ගාස්තු වැඩිවූ හයවන වතාව මෙයයි. අවසන් වරට බස් ගාස්තු වැඩි වුණේ ඉකුත් මැයි මස 24 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිටය. එවර සියයට 19.5 කින් බස්...
"විදුලිය ගාස්තු සියයට 67කට වඩා වැඩි කරන්න බැහැ"
"ලංවිම ගාස්තු සංශෝධනයට මහජන උපයෝගිතා කොමිසමෙන් යෝජනා විදුලිය ගාස්තු ඉහළ නැංවීම සඳහා ලංකා විදුලි බල මණ්ඩලය යෝජනා ක්‍රියාත්මක කළහොත් මාසික පරිභෝජනය ඒකක 30ට අඩු කාණ්ඩයේ සාමාන්‍ය මාසික විදුලිබිල රුපියල් 507ක් දක්වා ඉහළ යන බවත් එය සියයට 835ක වැඩිවීමක් බවත් ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව පවසයි. එසේම මාසික පරිභෝජනය ඒකක...
"ජෝ බයිඩන්ගෙන් ශ්‍රී ලංකාවට කොළ එළියක් : ඩොලර් මිලියන 20 ක අතිරේක ආධාරයක්"
"ශ්‍රී ලංකාවේ ආහාර සුරක්‍ෂිතතාව තහවුරු කිරීම සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 20 ක අතිරේක ආධාරයක් ලබාදීමට ඇමෙරිකාව තීරණය කර ඇත. මේ බව ඊයේ (28 දා) පැවැති ජී 7 සමුළුවේදී ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් මහතා විසින් නිවේදනය කර ඇත. මෙම ආධාර මුදල් වත්මන් ආර්ථික අර්බුදය තුළ වඩාත්ම අවශ්‍යතා ඇති ශ්‍රී ලාංකිකයන් ඉලක්ක කරන බව ශ්‍රී ලංකාව...
"ජල විදුලි උත්පාදනය නිසි ලෙස නොවුණොත් පැය 10ක් 15ක් රට අඳුරේ"
"දැඩි ඉන්ධන අර්බුදයක් පවතින අවස්ථාවක නිසි කළමනාකරණයකින් තොරව ජල විදුලි බලාගාරවල විදුලිය නිපදවීමේ කටයුතු ක්‍රියාත්මක නොකළහොත් ඉදිරියේදී දිනකට පැය 10 ත් 15 ත් අතර කාලයක් විදුලි කප්පාදු කිරීමට සිදුවනු ඇතැයි විදුලි ඉංජිනේරුවන්ගේ සංගමයේ සභාපති අනිල් රංජිත් මහතා ‘දිවයින’ට ඊයේ (28 දා) පැවසීය. නොරොච්චෝලේ බලාගාරයේ එක් යන්ත්‍රයක...
"සිපෙට්කෝ නවතී: IOC ඩීසල් – පෙට්‍රල් මෙට්‍රික්‌ ටොන් 2000 ක් බෙදයි"
"ඉන්දියන් තෙල් සමාගම ඊයේ (28දා) පෙට්‍රල් හා ඩීසල් මෙට්‍රික්‌ ටොන් 2000ක් පමණ අයි. ඕ. සී. ඉන්ධන හල් හරහා බෙදාහැර තිබේ. කෙසේ වෙතත් සිපෙට්කෝ තෙල් සංස්ථාව මේ වනවිට පෙට්‍රල් හා ඩීසල් බෙදාහැරීම තාවකාලිකව නතර කර ඇත. ශ්‍රී ලංකාවට අඛණ්ඩව ඉන්ධන ලබාදීමට මෙතෙක් තීරණයක් ගෙන නැතැයි ඉන්දීය තෙල් සමාගමේ ශ්‍රී ලංකාවේ කළමනාකාර අධ්‍යක්‍ෂ ...
"මීගමුවෙන් ඔස්‌ට්‍රේලියා පනින්න හැදූ 47 ක් මාට්ටු"
"නාවික හමුදාව මීගමුවට ඔබ්බෙන් වූ බටහිර මුහුදු ප්‍රදේශයේ ඉකුත් 27 වැනිදා රාත්‍රියේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී, නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ මෙරටින් ඔස්‌ට්‍රේලියාවට සංක්‍රමණය වීමට උත්සහ කළ බවට සැකකෙරෙන පුද්ගලයන් 47 දෙනකු රැගත් මෙරට බහුදින ධීවර යාත්‍රාවක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි. ශ්‍රී ලංකා නාවික ...
"යකඩ යකාට ගණන් උස්සන්න කැබිනට් අනුමැතිය"
"මගී ප්‍රවාහනයට මෙන්ම භාණ්ඩ ප්‍රවාහනයට ද අදාළ වන පරිදි දුම්රිය ගාස්තු ඉහළ නැංවීම සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවී තිබේ. ඉන්ධන මිල ඉහළ නැංවීමත් සමඟ දුම්රිය දෙපාර්තමේන්තුව තවදුරටත් පාඩු ලබන තත්ත්වයට පත්වීම නිසා යහපත් දුම්රිය සේවාවක් පවත්වාගෙන යෑම පිණිස දුම්රිය ආදායම ඉහළ නංවා ගැනීම සඳහා මෙම පියවර ගෙන ඇත. මගී ප්‍රවාහනය ස...
"කොළඹ පාළුයි"
"රටේ පවතින උග්‍ර ඉන්ධන හිඟයත් සමඟ වෙනදා ජනාකීර්ණ වූ කොළඹ නගරයේ මං මාවත් ඊයේ පාළුවට ගොස් තිබූ අයුරුයි මේ. ඊයේ (28 දා) කොළඹ ඕල්කොට් මාවත මෙලෙස දිවයින කැමරා ඇසට ලක්විය. පින්තූරය – නිශාන් එස්. ප්‍රියන්ත"
"ඇමැති ප්‍රසන්නගේ නිවසට ගිනි තැබීම: මහාචාර්ය නැදලගමුවේ ධම්මදින්න හිමියන්ට ඇප"
"ඇමැති ප්‍රසන්න රණතුංග මහතාගේ නිවස ඇතුළු තවත් දේපොළ ගිනි තබා විනාශ කළේ යැයි චෝදනා සම්බන්ධයෙන් අධිකරණය හමුවට ඉදිරිපත් කෙරුණු අළුතෑපොල ගණේකන්ද පුරාණ රජ මහා විහාරාධිපති, කැලණිය විශ්වවිද්‍යාලයේ චීන භාෂා අංශයේ මහාචාර්ය නැදලගමුවේ ධම්මදින්න හිමියන් රුපියල් ලක්ෂයක ශරීර ඇප මත මුදාහරින ලෙසට ගම්පහ මහෙස්ත්‍රාත් මංජුල කරුණාරත්න මහත...
"තෙල් නිසා දිනපතා කෝටි 15 ක සුරාබදු බදු ආදායම අහිමි වෙයි"
"ඉන්ධන අර්බුදය නිසා සුරාබදු දෙපාර්තමේන්තුවට දෛනිකව රුපියල් කෝටි 10ත් 15ත් අතර බදු ආදායමක් අහිමි වන බවට ගණන් බලා ඇත. ප්‍රවාහන පහසුකම් සඳහා බාධා පැමිණීම මීට මූලිකවම හේතු වී ඇති බවත් ඊට විදුලිය කප්පාදුව නියමිත වෙලාවට පෙර ස්කාගාර දෛනික කටයුතු අවසන් කිරීම, සේවකයන්ට රැකියාවට පැමිණීමේ අපහසුතා ඇතිවීම, මිල ඉහළයෑම, පරිභෝජනය අඩුව...
"තෙල් ප්‍රශ්නයක් නෑ: දුම්රිය ධාවනය යථා පරිදි"
"දුම්රිය ධාවනය සාමාන්‍ය පරිදි සිදුවන බවත්, මේ දක්වා ඉන්ධන පිළිබඳ ප්‍රශ්නයක් නොමැති බවත් දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (ගමනාගමන) ගාමිණී සෙනෙවිරත්න මහතා ‘දිවයින’ ට ඊයේ (28 වැනිදා) පැවැසීය. ඒ අනුව දුම්රිය ධාවනය සාමාන්‍ය පරිදි අඛණ්ඩවම පවත්වාගෙන යන බවද හෙතෙම කීය. මෙහිදී තවදුරටත් කතා කළ ගාමිණී සෙනෙවිරත්න මහතා මෙසේද කියා ස...
"පිළිකා රෝගීන්ට ඖෂධ නෑ"
"සැත්කමකට පසු දෙන වේදනා නාශක නෑ දැඩි ඖෂධ හිඟයෙන් රෝගී ජීවිත අනතුරේ! බෝනොවන රෝග ඇතුළු තවත් රෝගාබාධ රැසකටම ලබාදෙන ඖෂධ රැසක දරුණු හිඟයක් පවතින බවත්, මෙම තත්ත්වය තුළ රටේ රෝගීන්ගේ ජීවිත දැඩි අනතුරේ බවත් සමස්ත ලංකා පෞද්ගලික ඔසුසල් හිමියන්ගේ සංගමයේ සභාපති චන්දික ගන්කන්ද මහතා ‘දිවයින’ ට ඊයේ (28 දා) පැවැසීය. පෞද්ගලික ඔසුසල් හිම...
"සිරුරට ගිනි තබාගත් සරණාගතයා කඳවුරටත් ගිනි තියයි"
"ඉන්දියාවේ ත්‍රිචී සරණාගත කඳවුරේ විශේෂ කඳවුරක රඳවා සිටින පුද්ගලයකු ඔහුගේ සිරුරට ගිනි තබා ගෙන කඳවුරට ද ගිනි තැබීමට 27 දා උත්සහ කර තිබේ. පසුව මෙම පුද්ගලයා බරපතළ ලෙස පිළිස්සුම් තුවාල ලබා රෝහල්ගත කර ඇති අතර කඳවුරේ ගින්න සෙසු පිරිස විසින් නිවා දමා තිබේ. මීට පෙර අවස්ථා හතරකදී පුද්ගලයන් සිය සිරුරුවලට ගිනි තබාගෙන ඉන්දීය බලධාරී...
""යල අස්වනු නෙළීමට යූරියා ප්‍රවාහනයට ඩීසල් ලීටර් 20,275,000 ක් ඕනෑ – ඇමැති අමරවීර කියයි""
"මෙවර යල කන්නයේ අස්වනු නෙළීමේ කටයුතුවලට හා යූරියා පොහොර ප්‍රවාහනයට ඩීසල් ලීටර් 20,275,000 ක් අවශ්‍ය බව කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර මහතා පවසයි. මේ සම්බන්ධව ඇමැති මණ්ඩලය දැනුවත් කර ප්‍රමුඛතාව ලබාදී අවශ්‍ය ඉන්ධන ලබාදීමට කටයුතු කරන බව ද ඇමැතිවරයා සඳහන් කරයි. වී අස්වනු නෙළීම සියයට 95 ක්ම සිදුකෙරෙනුයේ යන්ත්‍රානුසාරයෙන් බවත්...
"මාස 06ක් අගමැති රනිල්ට රට හදන්න නොදෙන්නේ ඇයි? – එජාප නි. නායක රුවන් විජයවර්ධන"
"රට භාර දුනහොත් මාස 06න්, අවුරුදු 05න් තමන්ට රට හැදිය හැකිය කියන විපක්‍ෂයේ කණ්ඩායම් එම කාලය අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට ලබා නොදෙන්නේ ඇයි ද යන්න එක්සත් ජාතික පක්‍ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා ප්‍රශ්නකර සිටී. රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධුරය ගෙන තවමත් මාස දෙකක්වත් ගත වී නොමැති බවත්, අවුරුදු දෙකක් විනාශ කළ රට ...
"තැපෑල අද සිට සතියට දින 3 යි"
"තැපල් දෙපාර්තමේන්තුවේ රාජකාරි අද(29දා) සිට සතියකට දින 03 කට සීමා කිරීමට තැපැල් දෙපාර්තමේන්තුව කටයුතු කර ඇත. මෙය ජූලි 10 වැනිදා දක්වා ක්‍රියාත්මක වේ. ඒ අනුව අඟහරුවාදා, බදාදා, බ්‍රහස්පතින්දා දිනවලදී තැපැල් සේවා කටයුතු සිදුකරන බව තැපල්පති රංජිත් ආරියරත්න මහතා පැවසීය. ඉන්ධන අර්බුදය හමුවේ සේවකයන්ට රැකියා සඳහා පැමිණීමේ ගැටල...
"ක්‍රිකට් කණ්ඩායමෙන් හෝ පාඩමක් ඉගෙන නොගත්තොත් නායකයන්  Hit wicket වෙන එක වළක්වන්න බැහැ!"
"අද අපේ රටේ මිනිසුන්ට දේශපාලන පක්ෂ සහ නායකයන් පිළිබඳව තිබෙන්නේ බරපතළ අවිශ්වාසයක්. අවංකකම පිළිබඳ විශාල, සාධාරණ සැකයක් සියලුම දේශපාලඥයන් පිළිබඳව මතුවෙලා. මටත් ඒක එහෙමම අදාළයි. පවුල් කේන්ද්‍රීය දේශපාලනය මුළුමනින්ම ප්‍රතික්ෂේප කරලා. එම නිසා, ජනතාවට බොරු නොකියන, රටේ දේපළ සූරා නොකන, පොදු දේපළට ගරු කරන, 21 වැනි ශත වර්ෂයේ අවශ්...
"ශ්‍රී ලංකාව පුරා ඩෙංගු අවදානම ඉහළ බව සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කරයි"
"ඩෙංගු රෝගීන් 34419 ක් මෙම වසර තුළදී සොයාගත් බවත් පසුගිය දින 28 තුළ රෝගීන් 10213 ක් සොයාගත් බවත් සෞඛ්‍ය අමාත්‍යාංශය පැවැසීය. ඉහළම රෝගීන් සංඛ්‍යාව බස්නාහිර පළාතෙන් සොයාගෙන ඇත. ජාතික ඩෙංගු මර්ධන ඒකකය පැවැසුවේ කොළඹ දිස්ත්‍රික්කයෙන් ඉහළ රෝගීන් සංඛ්‍යාව වාර්තා වූ බවය. බස්නාහිර පළාතේ දෙහිවල, හෝමාගම, කොළොන්නාව, මහරගම, කොළඹ මහ...
"මහ රෑ  විදුලි  ගාස්තු  නංවනු බෑ – මහජන උපයෝගිතා කොමිසමේ සභාපති"
"තෙල් මිල වැඩිකළ හැටි  වැරදියි: අසාධාරණයිදේශපාලකයන්ට ඇඟිලි ගහන්න බෑමහජන අදහස්වලට  දින 21ක් දෙනවාතෙල් මිල ඉහළ දමන අන්දමට අසාධාරණ ලෙස එක් රැයකින් විදුලි බිල ඉහළ නොදමන බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පැවසීය.විදුලි බිල සංශෝධනය කිරීම සම්බන්ධයෙන් මේ වන විට යෝජනා මාලාවක් සකස් කර තිබෙන අතර එය ජනතාවට ඉදිරිපත් ක...
"බලශක්ති ලේකම් හිර කරයි"
"තෙල් සංස්ථාව සතු සිපෙට්කෝ ඉන්ධනහල් පෞද්ගලීකරණය කිරීම සඳහා ඉදිරිපත් කර තිබෙන කැබිනට් පත්‍රිකාව අහෝසි කරන ලෙස බලකරමින් තෙල් වෘත්තීය සමිති සාමාජිකයන් ඊයේ (27 දා) විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශ ලේකම්වරයා පැය හතරක් පමණ කාර්යාලයේ රඳවා ගෙන සිටීමත් සමඟ නොසන්සුන්කාරී තත්ත්වයක් ඇති විය.අමාත්‍යාංශ ලේකම්වරයා හමුවී ඊයේ සවස 4.00 ට ...
"බහාලුම් ප්‍රවාහන ගාස්තුත් නගී – සංස්ථාවෙත් තෙල් නෑ – ඊයේ ගියේ බවුසර් 50ටත් අඩුවෙන්"
"ටැංකි රථ හිමියන්ගේ  සම්මේලනයේ සම ලේකම්තෙල් සංස්ථාවේ ඉන්ධන හිඟවීම නිසා ඊයේ (27 දා) ධාවනය වූයේ ඉන්ධන බවුසර් 50කටත් අඩුවෙන් යැයි ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සම්මේලනයේ සම ලේකම් ශාන්ත සිල්වා මහතා පැවසීය.එම ඉන්ධන බෙදාහැරීමද පොදු ප්‍රවාහන, විදුලිබල හා අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් සිදු කළ බව ද ඒ මහතා කීය. පෙරේදා ...
"අන්තිම ගමනටත් තෙල් පොල්ලක් !"
"ඉන්ධන අර්බුදය හේතුවෙන් නියමිත දිනයේ ඥාතීන්ට මළ සිරුරු භාරදීමට නොහැකිවීම නිසා තවදුරටත් මල්ශාලා පවත්වාගෙන යෑමට අසීරුවී ඇතැයි මල්ශාලා හිමියෝ “දිවයින”ට ඊයේ (27 ද) පැවසූහ.මීට අමතරව මළ සිරුරු එම්බාම් කිරීමේ ගාස්තුව ද සියයට 50 කින් පමණ ඉහළගොස් ඇති අතර මිනී පෙට්ටි සපයන්නන්ද එක් මිනී පෙට්ටියක මිල රු.පන්දහසකින් ඉහළ නංවා ඇතැයි ම...
"සති 3ක් තුළ පාතාලයේ 10 වැනි බිල්ල කැලණියෙන් – හිටපු කොස්තාපල් මරුට – දෙහැවිරිදි දරුවාට බරපතළ තුවාල"
"කැලණිය දුම්රියපළ පාරේදී පෙරේදා (26දා) රාත්‍රී සන්නද්ධ පාතාල කල්ලි සාමාජිකයන් එල්ල කළ ප්‍රහාරයකින් හිටපු පොලිස් කොස්තාපල්වරයකු වෙඩි තබා ඝාතනයට ලක්කළ අතර ඔහුගේ දෙහැවිරිදි දරුවා බරපතළ තුවාල ලබා රෝහල් ගතකර ඇත.මෙම ඝාතනයත් සමගම පසුගිය සති තුනක කාල සීමාවේදී පාතාල ප්‍රහාරවලින් මියගිය ගණන 10ක් දක්වා ඉහළ ගොස් ඇති බව පොලීසිය පවස...
"තෙල් පෝලිම්වලට ටෝකන්"
"ඉන්ධන අපේක්‍ෂාවෙන් පෝලිම්වල රැඳී සිටින ජනතාවට ටෝකන් පත් නිකුත්කිරීමේ ක්‍රමවේදය හඳුන්වාදීමෙන් පසු ගුවන් හමුදා නිලධාරීන් විසින් කොම්පක්‍ද්ක්‍දවීදියේ ඉන්ධන පිරවුම් හලක ජනතාවට ටෝකන් පත් බෙදාදුන් අයුරු. පිංතූරය තුෂාර අතපත්තු-"
"හෙට අලුයම එකම රේඛාවක ග්‍රහලෝක 5ක් එකවර අහසේ"
"පියවි ඇසින් නිරීක්ෂණය කළ හැකි සෞරග්‍රහ මණ්ඩලයට අයත් බුධ, සිකුරු, අඟහරු, බ්‍රහස්පති සහ සෙනසුරු යන ග්‍රහලෝක පහම හෙට (29දා) එකම රේඛාවක එකවර අහසේ දිස්වේ.හෙට පෙරවරු 5.00ට මෙම ග්‍රහලෝක පහම එකම රේඛාවක ආකාරයෙන් පිහිටනු ඇත.සඳ එළියේ බලපෑම අවම වන ජුනි 29 (බදාදා) අලුයම අහසේ 4:40 සිට හිරු උදාව දක්වා මෙම සංසිද්ධිය වඩාත්ම පැහැදිලිව ...
"බටහිර සම්බාධකවලින් පසු රුසියාව විදෙස් ණය  ගෙවීම පැහැර හරී"
"වසර 105 කට පසු රුසියාව තම විදෙස් ණය ගෙවීම පැහැර හැරීමට තීරණය කර ඇත.1917 විප්ලවයෙන් පසු මෙලෙස රුසියාව ණය ගෙවීම පැහැරහැරීමට පියවර ගෙන ඇත්තේ යුක්රේනය ආක්‍රමණය කිරීම නිසා බටහිර රටවල් පැනවූ සම්බාධකවලින් පසුවය.ඒ අනුව මැයි 27 වැනිදා මුලින් ගෙවීමට නියමිත යුරෝ බැඳුම්කර දෙකක් සඳහා වූ ඇමෙරිකානු ඩොලර් බිලියන 100 ක් සඳහා වූ පොලී ග...
"සෑම අවස්ථාවකදීම ශ්‍රී ලංකාවට  අඛණ්ඩව සහාය ලබා දෙනවා – ඉහළ පෙළේ ඇමරිකානු රාජ්‍ය තාන්ත්‍රික දූත පිරිස ජනාධිපති හමුවේදී පවසති"
"ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇතිකරගෙන තිබෙන සබඳතාව ශක්තිමත්ව පවත්වාගෙන යාමට සෑම මට්ටමකදීම අඛණ්ඩව සහාය වන බව මෙරටට පැමිණ සිටින ඉහළ පෙළේ ඇමරිකානු රාජ්‍ය තාන්ත්‍රික දූත පිරිස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග පැවසූහ. ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව සහ භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව නියෝජනය කරන දූත පිරිස සහ ජනාධිපතිවරයා අතර හමුව ...
"පොහොර නැව එන්නේ  දින 2 ක් ප්‍රමාද වෙලා – කෘෂිකර්ම ලේකම්"
"මෙරටට ගෙන ඒමට නියමිතව තිබූ යුරියා පොහොර තොගය දින දෙකක් ප්‍රමාද වී ලැබෙන බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.මෙටි්‍රක් ටොන් 65,000 ක පොහොර ප්‍රමාණයෙන් මෙටි්‍රක් ටොන් 40,000 ක් පළමු තොගය ලෙස ලැබීමට නියමිත බවත් එම තොගය ජූලි 06 වැනිදා ලැබීමට නියමිතව තිබූ බවත් කෂිකර්ම අමාත්‍යාංශ ලේකම් රෝහණ පුෂ්පකුමාර මහතා පැවසීය. එහෙත් පොහොර තොග...
"කටුනායක සම්පත් ගලවාගෙන යාපනයට දෙන්න යනවා – දේශ හිතෛෂී ජාතික ව්‍යාපාරය"
"කටුනායක ගුවන් තොටුපළේ භෞතික සම්පත් ගලවා ගෙන ගොස් යාපනය ගුවන් තොටුපළ සංවර්ධනය කිරීම සහ යාපනය ගුවන් තොටුපළ ජාත්‍යන්තර සිවිල් ගුවන් ගමන් සඳහා විවෘත කිරීම මගින් රටට සිදුවන පාඩුව සම්බන්ධයෙන් දේශ හිතෛෂී ජාතික ව්‍යාපාරයේ ලේකම්, වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා වෙත ලිපියක් යොමුකර ඇත.මේ වනවිට සිවිල් ගුවන්...
"දෙහිවල සතුන්ගේ මාස පහක කෑමට රජයෙන් රු. මිලියන 20 ක්"
"ඉදිරි මාස පහ සඳහා දෙහිවල සත්වෝiානයේ සතුන්ගේ කෑම වෙනුවෙන් රුපියල් මිලියන 20 ක් ලබාදීමට රජය තීරණය කර ඇත.පවතින ආර්ථික අර්බුදය මත දෙහිවල සතුන්ට ආහාර සැපයීමට මුදල් හිඟ වූ අතර දේශීය හා විදේශීය නරඹන්නන් අඩුවීම නිසා සත්වෝද්‍යානයේ දෛනික ආදායම ද අඩුවී තිබිණි.කෘෂිකර්ම වනජීවී හා වනසම්පත් සංරක්‍ෂණ ඇමැති මහින්ද අමරවීර මහතා සත්වෝiාන...
"ඖෂධ පිළිබඳ දත්ත වහා ගන්න – මහාචාර්ය තිස්ස විතාරණ"
"රට තුළ ඖෂධ හිඟයක් පවතිනවාද නැද්ද යන්න සොයාබැලීම සඳහා රජයේ රෝහල්වල සහ රජයේ ඖෂධ ගබඩාවල පවතින ඖෂධ පිළිබඳ දත්ත සෞඛ්‍ය අමාත්‍යාංශය නිවැරදිව ගණනය කර රටට හෙළි කළ යුතු යැයි වෛරස්වේදය පිළිබඳ විශේෂඳ වෛi මහාචාර්ය තිස්ස විතාරණ මහතා ‘දිවයින’ට ඊයේ (27 දා) පැවසීය.පවතින ඖෂධ සම්බන්ධයෙන් තමා කළ සොයා බැලීමේදී දැනට යම් ප්‍රමාණයකින් ඖෂධ ර...
"ඉන්දියාවෙන් ගේන යූරියා ගොඩබෑමට පෙර  බයියුරේට් සහතිකයක් ඕනෑ – ජාතික පොහොර ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ"
"ඉන්දියාවෙන් මෙරටට ආනයනය කෙරෙන යූරියා පොහොරවල අඩංගු බයියුරේට් ප්‍රතිශතය පොහොර තොගය මෙරටට ගොඩබෑමට පෙර ජාත්‍යන්තරව පිළිගත්විද්‍යාගාරයකින් ලබාගත් ස්වාධීන පරීක්ෂණ වාර්තාවකින් සනාථ කරගැනීම අත්‍යවශ්‍ය බව ජාතික පොහොර ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ චන්දන ලොකුහේවා මහතා සඳහන් කරයි.කෙසේ වෙතත් යූරියා තොගය මෙරටට ආනයනය කරන කොළඹ කොමර්ෂල් ප...
"රඹුක්කන වෙඩි තැබීම – කෑගල්ල මහෙස්ත්‍රාත්වරිය නියෝග දී ඇත්තේ – සාක්‍ෂි මත නීතියට අනුකූලව"
"පොලිසියේ සිවුදෙනාගේ  රිට් පෙත්සම් විභාගයේදී  – නි. සොලිසිටර් ජනරාල් කියයිඑක් අයකු මරණයට පත්කර තවත් කිහිපදෙනකුට බරපතළ තුවාල සිදුකළ රඹුක්කන පොලිස් වෙඩි තැබීම සම්බන්ධයෙන් කෑගල්ල මහෙස්ත්‍රාත්වරිය විසින් නියෝග ලබා දී ඇත්තේ ඉදිරිපත් වූ සාක්‍ෂි මත පදනම්ව නීතියට අනුකූලව බවට නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර මහතා ඊයේ (27 දා...
"සර්ලා දෙන්නම ෆේල් ජනතාව කබලෙන් ළිපට – සජබ මන්ත්‍රී තිස්ස අත්තනායක"
"මේ මොහොතේ ආණ්ඩුව අනුගමනය කරන උපාය මාර්ගය වන තෙල් සංස්ථාව සතු ඉන්ධනහල් විකුණන ක්‍රියාවලියට දැඩි ලෙස විරුද්ධත්වය පළකරන බව සමගි ජන බලවේග පක්ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පැවසීය.විපක්ෂ නායක කාර්යාලයේ දී ඊයේ (27) අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මේ බව කී අතර එහිදී වැඩිදුරටත් මෙසේද කීය.-අද මේ රට ඉතාම...
"ගෑස් කැණීමට සිතියමක් සකසන්නැයි කෝපා කමිටුවෙන් බලශක්ති නිලධාරීන්ට උපදෙස්"
"මෙරට භූමියේ අවශ්‍ය කැනීම් සිදුකර ගෑස් සහ බොරතෙල් ලබා ගැනීම සඳහා සවිස්තරාත්මකව තොරතුරු ඇතුළත් කරන ලද මාර්ග සිතියමක් සකස්කරන ලෙස කෝපා කමිටුව විසින් විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ නිලධාරීන්ට උපදෙස් දී ඇත.විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ නිලධාරීන්ට මෙම උපදෙස් ලබාදුන්නේ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්ත...
"අනුරට මාස 6න් පුළුවන් නම් ඔක්කොම එකතු වුණොත් මාස තුනෙන් පුළුවන් – විමල් වීරවංශ"
"”ආණ්ඩුව භාර දෙන්නේ නම් මාස හයක් ඇතුළත රට ගොඩනගන බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා. අනුර කුමාර මහත්තයට තනියම මෙහෙම පුළුවන්නම් සියලු දෙනාම එකතු වී සර්වපාක්ෂික ආණ්ඩුවක් හැදුවොත් මාස තුනකින් රට ගොඩ ගන්න පුළුවන්. දැන්වත් වහාම සර්වපාක්ෂික ආණ්ඩුවක් හදමු‘ යැයි ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ඊයේ...
"අපට බලය දුන්නොත් රට ගොඩගන්න අප සූදානම් – අනුර කුමාර දිසානායක අනුරාධපුර රැළියේදි කියයි"
"ගෝඨාභය  මෙරට බිහිවූ අමනෝඥම  නායකයායිකැමති කැබිනට් මණ්ඩලයක් පත්කර ගැනීමේ අවස්ථාව සහිතව සිය බලවේගයට ආණ්ඩු බලය ලබා දෙන්නේනම් අනිවාර්යෙන්ම වැටී ඇති රට හදන්න සූදානම් යැයි ජාතික ජන බලවේගයේ සහ ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා පෙරේදා (20 වැනිදා) අවධාරණය කර සඳහන් කළේය.ජනතාව මහපාරේ මිය නොයවා සිදුවෙමින් ඇති විනාශය වළක්වාලන රට...
"තෙල් දෙන්න බෑ – සමාගම් කර අරී – රටම අවදානමක"
"වසරක් තුළ තෙල් මිල වැඩිවීමේ ප්‍රතිශතය 300% පනී ● සංස්ථාවේ සංචිත එක් දිනකටත් මදි● සති දෙකක්  රට ලොක්ඩවුන්?පාන්දර නැග්ගේ මෙහෙමයි ● ඔක්ටේන් 92 – රු.50කින්● ඔක්ටේන් 95 – රු.100කින්● ඔටෝ ඩීසල් රු. 60කින්● සුපර් ඩීසල් රු. 75කින් වසරක් ඇතුළත හයවන වතාවටත් ඉන්ධන මිල සියයට තුන්සියයකට අධික ප්‍රතිශතයකින් ඉහළ දමමින් ඊයේ (26 දා) අල...
"නැවක් එන දවසක්  කියන්න බැහැ – පෝලිම්වල ඉන්න එපා – – ඇමැති කංචන කියයි"
"රටේ ඉන්ධන පරිභෝජනය  සියයට 40කින් අඩු කළ යුතුයිපෝලිම්වල සිටින  අයට ටෝකන්සපුගස්කන්ද නවතී :භූමිතෙලුත් නෑසති දෙකකට වරක්  ඉන්ධන මිල  සංශෝධනයක්රටේ තිබෙන මූල්‍ය වාතාවරණය සහ බැංකුවල තිබෙන ශ්‍රේණිගතකිරීම් මත ණයවර ලිපි විවාත කිරීම මගින් ඉන්ධන සැපයුම් කරන සමාගම්වලට මුදල් ගෙවීමට නොහැකි වීම නිසා පොරොන්දු වූ පරිදි ඉන්ධන නෞකා රටට ගෙ...
"නාගරික පාසල් තවදුරටත් වැසේ"
"ඉන්ධන බෙදාහැරීම සාමාන්‍ය තත්ත්වයට සිදුකිරීමට නොහැකි නිසා අදින් (27දා) ආරම්භ වන සතිය තුළ ද නාගරික ප්‍රදේශවල පිහිටි පාසල්වලට නිවාඩු ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය ඊයේ (26දා) පියවර ගෙන ඇත.එමෙන්ම අද ආරම්භ වන සතිය තුළ උසස් පෙළ සඳහා වාර පරීක්ෂණ පැවැත්වීමට සූදානම් කර ඇත්නම් එම වාර පරීක්ෂණ ද සති දෙකකින් පසු පැවැත්වීමට කටයුතු කර...
"ඉහළ පෙළේ ඇමරිකානු දූත පිරිසක් දිවයිනට"
"ශ්‍රී ලංකාවේ සංචාරයක් සඳහා ඇමෙරිකානු රජයේ ඉහළ පෙළේ දූත පිරිසක් ඊයේ (26) අලුයම දිවයිනට පැමිණියහ.ඇමෙරිකානු එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව සහ ඇමෙරිකානු භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව නියෝජනය කරන මේ ඉහළ පෙළේ නියෝජිත පිරිස අනිද්දා (29) දක්වා ශ්‍රී ලංකාවේ රැඳී සිටින බව ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති කාර්යාලය පවසයි.මෙම දූත පිරි...
"ඖෂධ හා ගෑස්වලින්  ගසාකන යුගයක්  බිහි කරලා – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස"
"ඖෂධ සහ ගෑස්වලින් පවා ගසාකන යුගයක් නිර්මාණය වී ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. මේ මොහොත වන විට අපේ රට ඛේදනීය තත්ත්වයකට පොහොට්ටු ආණ්ඩුව විසින් පත්කර ඇති බවත්, අදූරදර්ශී මිථ්‍යාව මත පදනම් වූ ගමනක් තුළ රටම සරණාගතයන් බවට පත්කර ඇති බවත් මේ තත්ත්වයෙන් ගොඩඒමට හැකි එකම විකල්පය ප්‍රජාතන්ත්‍රවාදී, නිදහස්, නිවහල් ...
"ඩොලර් බිලියන 6ක් ගන්න අගමැති IMF සමඟ සාකච්ඡා ආරම්භ කළා – වජිර අබේවර්ධන"
"අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා ආරම්භ කර ඇත්තේ ඇමරිකන් ඩොලර් බිලියන 06ක් ලබාගැනීමට යැයි එක්සත් ජාතික පක්‍ෂ සභාපති වජිර අබේවර්ධන මහතා ඊයේ (26දා) කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී පැවැසීය.මින් ඩොලර් බිලියන 05ක් ඉන්ධන, ගෑස්, ආහාර ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය මිලදී ගන්නට වැය කරන බවත් ඉතිරි ඩොලර් බ...
"බස් ගාස්තු අද සිටම වැඩි කළ යුතුයි නැත්නම් හෙට වර්ජනයේ – ගැමුණු කියයි"
"ඉන්ධන මිල වැඩි කිරීමත් සමග පෞද්ගලික බස් ගාස්තු සංශෝධනය අද (27දා) අනිවාර්යයෙන්ම සිදුවිය යුතු බවත් එසේ සිදු නොකළහොත් හෙට (28දා) සිට සියලුම පෞද්ගලික බස්රථ ධාවනයෙන් ඉවත්වන බවත් ලංකා පෞද්ගලික බස්රථ නිලධාරීන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා ‘දිවයින’ ට ඊයේ (26 දා) පැවසීය.ලංගමය පැරණි මිලට ගත් ඩීසල් ඊයේ (26දා) ඩිපෝ මගින් ...
"ජූලි 1 දා සිට බස් ගාස්තු ඉහළ දමනවා – ජාතික ගමනාගමන කොමිසම"
"ලබන මස (ජූලි 01) වැනිදා සිට බස් ගාස්තු ඉහළ දැමීමට නියමිත බව ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ අධ්‍යක්‍ෂ ජනරාල් ආචාර්ය තිලාන් මිරැන්ඩා මහතා ‘දිවයින’ ට පැවසීය.වාර්ෂික බස් ගාස්තු සංශෝධනය ජූලි මස 01 වැනිදාට යෙදී තිබීම නිසා ඉන්ධන මිල ඉහළ යෑම, අමතර කොටස් මිල සහ ඩොලරයේ අගය ඉහළ යෑම වැනි කරුණු ගැන අවධානය යොමුකරමින් සිටින බව ද හෙතෙම ...
"විදුලි කප්පාදුව පැය 3කට දික්වෙයි"
"ඉන්ධන හිඟයත් සමඟ දෛනික විදුලි කප්පාදුව අද (27 වැනිදා) සිට පැය තුනක් දක්වා දීර්ඝ කිරීමට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසම අවසර ලබා දී තිබේ.ඒ අනුව ් සිට ක්‍ දක්වා කලාපවලට හා ඡ සිට උ දක්වා කලාපවලට දිවා කාලයේදී පැයකුත් විනාඩි 40 ක් විදුලිය කපා හරින අතර රාත්‍රි කාලයේ දී පැයකුත් විනාඩි 20 ක් විදුලිය කපා හැරේ. ක්‍ක්‍ කලාපයට අද...
"ශ්‍රී ලංකාවේ තත්ත්වය ගැන  ජෝ බයිඩන් දැනුවත් කරයි…"
"ඇමෙරිකා එක්සත් ජනපදයේ ශ්‍රී ලංකා තානාපති මහින්ද සමරසිංහ මහතා පසුගියදා ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් මහතා හමුවී ශ්‍රී ලංකාවේ වර්තමාන තත්ත්වය පිළිබඳව දැනුවත් කළේය. ධවල මන්දිරයේ ඕවල් කාර්යාලයේදී මෙම හමුව සිදුවිය."
"වී – සහල් සත්ව ආහාර ලෙස යොදාගැනීම තහනම් – පාරිභෝගික අධිකාරියෙන් ගැසට් නිවේදනයක්"
"සහල් හෝ වී සත්ව ආහාරය සඳහා යොදාගැනීම තහනම් කරමින් පාරිභෝගික අධිකාරිය විසින් ගැසට් පත්‍රයක් නිකුත් කර ඇත.2003 අංක 09 දරන පාරිභෝගික කටයුතු අධිකාරි පනතට (සංශෝධිත) අනුව සහල් හෝ වී සත්ව ආහාර නිෂ්පාදනය සඳහා කෙළින්ම භාවිත කිරීම හෝ අන්‍යාකාරයකින් සත්ත්ව ආහාර නිපදවීමට යෙදවුමක් ලෙස භාවිත කිරීම සඳහා විකිණීම, විකිණීම සඳහා ඉදිරිපත...
"ඉන්ධන ගබඩා කරගෙන  සිටි 675 ක් දැලේ"
"ෂෙඩ් ළඟ කලබල කරන අයත් වීඩියෝ කර අල්ලයිනීති විරෝධී අයුරින් ඉන්ධන ගබඩා කරගෙන සිටි සැකකරුවන් 675 දෙනකු ගත වූ දින කීපයේදී අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා ‘දිවයින’ ට ඊයේ (26 වැනිදා) පැවසීය.මේ වන විට දිවයින පුරා ඉන්ධන වැටලීම් 670 ක් සිදුකර ඇතැයි ද හෙතෙම කීය.එම වැට...
""පුද්ගලයකුට ළඟ තබා ගත හැකි විදේශ මුදල් ප්‍රමාණය ඩොලර් 10,000ට බස්සයි""
"පුද්ගලයකුට තම සන්තකයේ රඳවා තබාගතහැකි විදේශ ව්‍යවහාර මුදල් ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් 15,000 සිට ඇමෙරිකානු ඩොලර් 10,000 හෝ ඊට සමාන වෙනත් විදේශ විනිමය ප්‍රමාණයක් දක්වා අඩුකර ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.ශ්‍රී ලංකාවේ සිටින සහ නේවාසික පුද්ගලයන්ට මේ නියමය අදාළ වන අතර එම නියමය බලාත්මක වන දිනයේ සිට එම විදේශ මුදල් බංකුවක තැ...
"රනිල් ඉඩම් ඔප්පු බෙදන්නේ එම්සීසී යළි ගේන්නද? – ඕමල්පේ සෝභිත හිමියෝ අසති"
"රටේ ප්‍රශ්න ඇති තරම් විසඳීමට තිබියදී අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඉඩම් ඔප්පු ප්‍රදානය කරන්නේ එම්. සී. සී. ගිවිසුම නැවත ක්‍රියාත්මක කිරීමටද යන්න සැකයක් මතුවන බව දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක ඕමල්පේ සෝභිත හිමියෝ ඊයේ (26 දා) පැවසූහ.එම්. සී. සී. ගිවිසුමට අයත් වන පුත්තලම සහ කුරුණෑගල ප්‍රදේශ කේන්ද්‍රකරගෙන අගමැතිවරයා විසින්...
"ලංකාවට තෙල් ගෙන්වීම නතර වෙලා – අනුර කුමාර දිසානායක යාපන දිස්ත්‍රික් සමුළුවේදී කියයි"
"සමුළුවට උතුරේ දෙමළ පක්‍ෂ  නායකයෝත් එක්වෙතිමේ වනවිට මුළුමනින්ම ලංකාවේ තෙල් ආනයනය නතර වී ඇති බව ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවැසීය. ඒ නිසා මුළු රටම නතරවීමේ අභියසක ඇති බවද හේ කීය.ඒ මහතා එසේ පැවසුවේ (26 වැනිදා) ජාතික ජනබලවේගයේ දිස්ත්‍රික් සමුළුව යාපනයේ පැවැති අවස්ථාවේදීය.ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්‍ෂයේ...
"පෝලිමේ ජීවිතේ…"
"බලශක්ති අමාත්‍යවරයා ඉන්ධන ලබා ගැනීමට ජනතාවට දිගු පෝලිම්වල නොරැඳෙන ලෙස ප්‍රකාශ කළද තාමත් කිලෝමීර් ගණනක් දුර දිගු පෝලිම්වල ජනතාව රැඳී සිටීම සුලබ දසුනක් බවට පත්ව ඇත. පෙරේදා (25 දා) ඉන්ධන පෝලිමට එක්වූ කොළඹ පංචිකාවත්ත ප්‍රදේශයේ පිරිසක් ඊයේ  (26 දා) පෙරවරුවේ තම උදෑසන ආහාර පදික වේදිකාවේ සිට භුක්ති විඳි අයුරු මෙලෙස ‘දිවයින’ ක...
"බෙහෙත් හිඟය බරපතලයි – ඖෂධ වර්ග 241 ක් හා ශල්‍ය ද්‍රව්‍ය වර්ග 4800 ක හිඟයක්"
"රසායනාගාර ද්‍රව්‍ය 850 ක් හා එක්ස්රේ අයිතම 18 ක හිඟයක්..– ජාතික විගණන කාර්යාලය පවසයි රටේ ඖෂධ හිඟයක් මතුවීමට ප්‍රධාන හේතුව විදෙස් මුදල් හිඟය පමණක් නොව වෛද්‍ය සැපයුම් කළමනාකරණයේ ද පවතින දුර්වලතා බව ඒ සම්බන්ධව සිදුකළ විගණනය මගින් අනාවරණය වී ඇත. ඒ අනුව හෙළිවී ඇති දුර්වලතා ලෙස වෛද්‍ය සැපයුම් කළමනාකරණය සඳහා ස්ථාපිත කර තිබූ ...
"මන්ත්‍රී ගණන 225මයි – විශේෂ කාරක සභාව නිර්දේශ කරයි"
"මුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 225ක් ලෙසට ඉදිරියටත් පවත්වාගෙන යා යුතු බවට මැතිවරණ හා ඡන්ද විමසීම් ව්‍යුහය සංශෝධනය කිරීම සඳහා පත්කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව නිර්දේශ කර ඇත.එමෙන්ම අනාගතයේදී මිශ්‍ර ඡන්ද ක්‍රමයක් සඳහා නීති සම්මත කිරීම, කොට්ඨාස හා සමානුපාත නියෝජනය සියයට 70-30, සියයට 65-35 හෝ සියයට 60-40 යන ක්‍...
"වරාය නිලධාරීයාගේ රට සවාරි ගැන පරීක්ෂණ"
"කොළඹ වරායේ සේවා හා සැපයුම් (ලොජිස්ටික්) අංශයේ ඉහළ නිලධාරියකු ඉකුත් 2015 වසරේ සිට ගෙවී ගිය හත් වසරක කාලයේ දී විස්සකට ආසන්න පෞද්ගලික විදේශ සංචාරවල යෙදීම සම්බන්ධයෙන් වරාය පාලනාධිකාරිය විමර්ශනයක් අරඹා තිබේ.අදාළ නිලධාරියා මේ අන්දමට මාස හයක පමණ දින ගණනක් පෞද්ගලික විදේශ සංචාරවල යෙදීම සම්බන්ධයෙන් වරාය සේවකයන් පිරිසක් අල්ලස් හ...
"වී මෝල්ලු ලාභයෙම ගිලිලා"
"වී මෝල් මිල සූත්‍රයට අනුව මහා පරිමාණ හාල් මෝල් හිමියන්ට නාඩු සහල් කිලෝවක් රුපියල් 124 ත් 207 ත් අතර මිලකට ලබාදිය හැකි යැයි සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ප්‍රධාන ලේකම් නාමල් කරුණාරත්න මහතා පවසයි.එසේ තිබියදී ඔවුන් නාඩු සහල් කිලෝවක් රුපියල් 218 ත් 270 ත් අතර මිලකට අලෙවි කරමින් අසීමිත ලාභයක් ලබාගන්නා බව ඒ මහතා චෝදනා කළේය.වී...
"ඉන්ධන යලි වැඩි උණොත් බස් ගාස්තු 35%කින් වැඩි කළ යුතුයි"
"යළි ඉන්ධන මිල ඉහළ දමනු ලැබුවහොත් සියයට තිස් පහකින්වත් යළි බස් ගාස්තු ඉහළ දැමිය යුතුව ඇතැයි සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියංජිත් මහතා “දිවයින”ට පැවසීය.වාර්ෂික බස් ගාස්තු සංශෝධනය ජුලි 01 වැනිදා සිදු කිරීමට නියමිතව තිබෙන බැවින් ඉන්ධන මිල ඉහළයෑම, ටයර් ටියුබ්, බැටරි හා අනෙකුත් උපාංග මිල ආ...
"ඉන්ධන පෝලිමේ ඉන්නවනම් වතුර ලීටර් 2 ක්වත් බොන්න – විශේෂඥ වෛද්‍ය රේණුකා ජයතිස්ස"
"ඉන්ධන පෝලිම්වල පැය ගණන් රැඳී සිටින ජනතාව අනිවාර්යයෙන්ම ජලය ලීටර් 2ක් වත් පානය කිරීම ඉතා වැදගත් බව බොරැල්ල වෛi පර්යේෂණායතනයේ පෝෂණ විශේෂඥ වෛද්‍ය රේණුකා ජයතිස්ස මහත්මිය ‘දිවයින’ට ඊයේ (24 වැනිදා) පැවසුවාය. එසේම ඔහු හෝ ඇය අධිරුධිර පීඩනය, හෘද රෝග ඇතුළු තවත් රෝගාබාධවලින් පෙලෙන්නේ නම් ඊට අදාළ ඖෂධ ද රැගෙන ඒම ඉතා වැදගත් බවද ඇය ...
"මෙහෙම ගියොත් රෝගීන් මියයාම පවා සිදුවිය හැකියි"
"රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි රටේ පවතින ඖෂධ හිඟයට කාර්යක්‍ෂම විසඳුමක් නොදුනහොත් ලබන මාසය වනවිට රෝහල් ගතවන රෝගීන්ට මියයෑමට පවා සිදුවිය හැකි යැයි රජයේ වෛi නිලධාරීන්ගේ සංගමය පවසයි.සෞඛ්‍ය ඇමැතිවරයා විසින් ලබන අගෝස්තු වන විට ඖෂධ හිඟය මඟහැරෙන බවට ප්‍රකාශ කර සිටියත් අගෝස්තු වනතෙක් රෝගීවන පිරිසට කුමන පිළියමක් යොදනවාද යන...
"අපරාධකරුවන් කොටුකරන්න පොලිසියට FBI  තාක්ෂණය"
"සැකකරුවන් හඳුනාගැනීම සඳහා ඇමරිකානු ෆෙඩරල් විමර්ශන කාර්යාංශය :ත්‍ඊෂ* භාවිතයට ගන්නා පරිගණක මගින් මුහුණු හඳුනාගැනීමේ තාක්‍ෂණය පොලිස් අපරාධ වාර්තා කොට්ඨාසයට හඳුන්වා දී ඇත.අපරාධ හෝ පොලිස් විමර්ශන සිද්ධිවලදී සැකකරුවන් හඳුනාගැනීමට ලෝකයේ භාවිතයට ගැනෙන නවීනතම තාක්‍ෂණය මෙය වන අතර මෙය හඳුන්වාදීමත් සමග එකම පුද්ගලයෙකු විවිධ නම් වල...
"විදෙස්ගත ශ්‍රීලාංකිකයන්ට පොලී රහිත ණයක්"
"විදේශගත ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් පොලී රහිත සුවිශේෂී ණය යෝජනා ක්‍රමයක් කඩිනමින් ක්‍රියාත්මක කිරීමට රජය බලාපොරොත්තු වෙයි.මේ සඳහා කැබිනට් අනුමතිය ලබා ගැනීමට ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන සහ කම්කරු හා විදේශ සේවා ඇමැති මනූෂ නානායක්කාර යන මහත්වරුන් විසින් ඉදිරි සතියේදී ඇමැති මණ්ඩලය වෙත යෝජනාවක් ...
"වාහන – ගෙවල් ගිනිගැනීම ගැන බැෂලේත් ඇවිළේ"
"දින කීපයක් තිස්සේ ශ්‍රී ලංකාවේ නිවාස සහ වාහන ගිනිතැබීම් සිදුවෙද්දී ශ්‍රී ලංකා පොලිසිය නීතිය ක්‍රියාත්මක නොකිරීම ගැන ජිනීවා මානව හිමිකම් කොමසාරිස් මිචෙලි බැෂලේ පරීක්‍ෂණයක් ආරම්භ කර ඇත.මෙම දිනවල ඝාතන 2 ක් ද සිදුවී තිබේ. පසුගිය මැයි 9 වැනිදායින් පසු සිදුවූ සාහසික ක්‍රියා ගැන පොලිසිය සහ උසස් පොලිස් නිලධාරීන් ද අහක බලාගෙන ...
"තරුණ තරුණියන් 1000කට තරුණ සේවා ශිෂ්‍යත්ව"
"තරුණ තරුණියන් දහසකට තරුණ සේවා සභාව යටතේ නොමිලයේ වෘත්තීය පුහුණුව ලබාගැනීම සඳහා ශිෂ්‍යත්ව ලබාදීමට යෞවන කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශය තීරණය කර ඇත.ඒ අනුව වයස අවුරුදු 21 ට වැඩි තරුණ තරුණියන්ට වඩු වැඩ, මේසන් වැඩ, පරිගණක තාක්‍ෂණය, රූපලාවන්‍ය ඇතුළු පාඨමාලා හැදෑරීම සඳහා රුපියල් 50,000 ක වටිනාකමින් ශිෂ්‍යත්ව ලබාදීමට පියවර ගන්නා...
"ජාත්‍යන්තර ගනුදෙනු වාර්තාකරණයට මහ බැංකුවෙන් නව දත්ත පද්ධතියක්"
"ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ජාත්‍යන්තර ගනුදෙනු වාර්තාකරණ පද්ධතිය නමින් නව දත්ත රැස් කිරීමේ පද්ධතියක් ක්‍රියාත්මක කර ඇත.බැංකු පද්ධතිය හරහා සිදුවන ජාත්‍යන්තර ගනුදෙනු සහ දේශීය විදේශ මුදල් ගනුදෙනු අධීක්ෂණ පද්ධතියක් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව හඳුනා ගනිමින්, බලපත්‍රලාභී වාණිජ බැංකු සහ බලපත්‍රලාභී විශේෂිත බැංකුවල සහභාගිත්ව...
"හම්බන්තොට වරායට ආ සල්ලි පිල්ලි ගියේ කොහටද?"
"හම්බන්තොට වරාය ඉදිකිරීම සඳහා ලබා ගෙන තිබූ විදේශ ණය ප්‍රමාණය රජයේ කිසිදු ගිණුම් ප්‍රකාශනයක නොපෙන්වන බව පසුගිය කෝප් කමිටුවේ දී හෙළි වූ බවත් ඒ නිසා එය වහාම මසක් ඇතුළත නිවැරදි කරන ලෙස කෝප් කමිටුව නියෝග කළ බවත් එහි සභාපති මහාචාර්ය චරිත හේරත් මහතා ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට පැවසීය.මේ පිළිබඳ මුදල් අමාත්‍යාංශය, වරාය අධිකාරිය සම...
"කෝටි 15 ක වාහන 5 රාජසන්තකයි!"
"අමතර කොටස් ගෙන්වන මුවාවෙන් රේගුවට ගෙන්වා තිබෙන රුපියල් කෝටි 15 ක් පමණ වටිනා වාහන 05 රාජසන්තක කිරීමට කටයුතු කරන බව රේගු මාධ්‍ය ප්‍රකාශක සුදත් ද සිල්වා මහතා “දිවයින”ට ඊයේ (24දා) පැවසීය. බහාලුම් දෙකක ගෙන්වා තිබෙන සුඛෝපභෝගී වාහන මෙරටදී මුදාහැරීමට නියමිත පුද්ගලයන් දෙදෙනා සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන බවත් ඔවුන් මෙයට සම්බන්ධ ...