Title stringlengths 9 246 | Content stringlengths 3 62.9k |
|---|---|
"සතොස නඩුවට ජොනීට සිතාසි:" | "අරගලයට පහරදීම:සී.අයි.ඩීයත් පැය 4ක් ප්‍රශ්න කරයි හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ක්ෂේවියර් ප්‍රනාන්දු,සතොස හිටපු සභාපති පොන්නගේ එරාජ් ටි්‍රයන්තා ප්‍රනාන්දු සහ සතොස හිටපු ක්‍රියාකාරි අධ්‍යක්‍ෂ කාජා මොහිදීන් මොහොමඩ් සාකිර් යන විත්තිකරුවන් තිදෙනාට ලබන 4 වැනිදා මහාධිකරණය හමුවේ පෙනීසිටින ලෙස දන්වා සිතාසි යැවීම... |
"අයි. එම්. එෆ්. නියෝජිතයෝ ජනපති හමුවෙති" | "ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ශ්‍රී ලංකාව සඳහා පත්කර ඇති නියෝජිතයෝ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ (24දා) පස්වරුවේ කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේදී හමුවූහ. සතියක කාලයක් මෙරට රැඳී සිටින නියෝජිත පිරිස මාණ්ඩලික මට්ටමේ ගිවිසුමකට එළැඹීමට අදාළ සහ ප්‍රතිපත්තිමය කරුණු පිළිබඳ දීර්ඝව අධ්‍යයනයට ලක් කරති. අග්‍රාමාත්‍යවරයා, මුදල්... |
"අරගලකරුවන් සිව්දෙනාට තරයේ අවවාද සමග ඇප" | "පසුගිය 9 වැනිදා පොලිස් මූලස්ථානය ඉදිරිපිට පැවැති විරෝධතාවයකට පොලිස් මාර්ග බාධකවලට හා ජල විදින යන්ත්‍රයකට අලාභහානි කිරීම ඇතුළු චෝදනා යටතේ රක්‍ෂිත බන්ධනාගාර ගතකර සිටි ජගත් මනුවර්ණ, එරංග ගුණසේකර, ජොහාන් අප්පුහාමි හා ධම්මික මුණසිංහ යන අරගලකරුවන් සිවුදෙනාට තරයේ අවවාද කොට රුපියල් ලක්‍ෂ 10 බැගින් වූ ශරීර ඇප අටක බැඳුම්කර මත ම... |
"කාර්මික ආරවුල් පනත් කෙටුම්පත් සඳහා කථානායක අනුමැතිය" | "පසුගියදා පාර්ලිමේන්තුවේ සම්මත වූ කාර්මික ආරවුල් (විශේෂ විධිවිධාන), අපරාධ නඩු විධාන සංග්‍රහය (සංශෝධන) සහ සිවිල් නඩු විධාන සංග්‍රහය (සංශෝධන) පනත් කෙටුම්පත් සඳහා කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සිය සහතිකය පෙරේදා (23 දා) සටහන් කළේය. කම්කරු ආරවුල් විසදීමේදී මහෙස්ත්‍රාත් අධිකරණවල පවතින තදබදය අවම කිරීම සඳහා කම්කරු විනිශ්චය... |
"කෝප් සභාපති මාධ්‍යයට ‘කොළේ වැසීම’ හෙළා දකිනවා – විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස" | "පසුගිය කෝප් කමිටු රැස්වීමේ දී විදුලි බල මණ්ඩලයේ සභාපතිවරයා විසින් සිදු කරන ලද ආන්දෝලනාත්මක ප්‍රකාශය මාධ්‍යයට වාරණය කිරීම තරයේ හෙළා දකින බවත් එසේ තොරතුරු ජනතාවට සහ මාධ්‍යයට වාරණය කිරීමට කෝප් කමිටුවට හෝ එහි සභාපතිවරයාට බලයක් නොමැති බවත් එම තොරතුර ජනතාවට සහ මාධ්‍යට දැන ගැනීමට අයිතියක් ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස... |
"දවස් 12 ක් ලිට්‍රෝ ගෑස් නෑ: පෝලිම්වල ඉන්න එපා" | "ඉදිරි දින දොළහේම ලිට්‍රෝ ගෑස් වෙළෙඳ පොළට නිකුත් නොකරන නිසා ලබන 6 වැනිදා තෙක් පෝලිම්වලට එක් නොවන ලෙස ලිට්‍රෝ සභාපති මුදිත් පීරිස් මහතා කියා සිටී. ලබන මස 5 වැනිදා සහ 12 වැනිදා එල්පී ගෑස් මෙටි්‍රක් ටොන් 7000 ක නෞකාවක් මෙරටට ඒමට නියමිත බැවින් 6 වැනිදා සිට යළි ගෑස් බෙදාහැරීම සැලසුම වී ඇතැයි ද ඒ මහතා කීය. මීට අමතරව තවත් ගෑස... |
"කොළඹ කොටස් වෙළෙඳපොළේ නව සභාපති දිල්ශාන්" | "කොළඹ කොටස් වෙළෙඳපොළේ නව සභාපතිවරයා ලෙස දිල්ශාන් වීරසේකර මහතා පත්කර ඇත. හිටපු සභාපති දුමිත් ප්‍රනාන්දු මහතාගේ වසර දෙකක ධුර කාලය සම්පූර්ණ කිරීමෙන් පසු දිල්ශාන් වීරසේකර මහතා කොළඹ කොටස් හුවමාරුවේ නව සභාපති ලෙස පත්කර ඇත. ඔහු වර්ෂ 2017 නොවැම්බර් 21දා සිට කොළඹ කොටස් හුවමාරුවේ අධ්‍යක්ෂ මණ්ඩලය නියෝජනය කළේය. ශ්‍රී ලංකාවේ ප්‍රධා... |
"ප්‍රවාහන ගැටලුවට විසඳුමක් ලෙස පාපැදි ධාවනය ප්‍රචලිත කෙරේ" | "රට තුළ පවතින ඉන්ධන අර්බුදය හේතුවෙන් පැන නැගුණු ප්‍රවාහන ගැටලුවලට එක් විසඳුමක් ලෙස පාපැදි ධාවනය ප්‍රචලිත කිරීමට ප්‍රවාහන අමාත්‍යාංශය කටයුතු අරඹයි. ඒ අනුව නගරයෙන් බැහැර ප්‍රදේශවල පාසල් ළමුන් සඳහා පාපැදි ධාවනය ප්‍රචලිත කිරීමටත්, කොළඹ නගරය වෙත දුම්රිය මගින් පැමිණෙන ජනතාවට නිවසේ සිට ආසන්න දුම්රිය ස්ථානය වෙත පාපැදියෙන් පැමි... |
"රුපියල් පා කළේ තනි කැමැත්තට නොවේ කබ්රාල් කියයි" | "ශ්‍රී ලංකා රුපියල “නම්‍යශීලී” කරවීමට ගන්නා ලද තීරණය ඒකපාර්ශ්විකව ගත් එකක් නොවන බව හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. 2022 මාර්තු 7 වැනි දින සිට ශ්‍රී ලංකා රුපියල “නම්‍යශීලී” වීමට ඉඩ හැරීමට ගත් තීරණය, ඇතැම් පුද්ගලයන් විසින් තමා “ඒකපාර්ශ්වික” ගනු ලැබූවක් ලෙස හැඳින්වීම වැර... |
"රුසියාවෙන් අඩුවට තෙල් මගේ කාලයේ තිබුණේ නෑ – ගම්මන්පිල කියයි" | "රුසියාවෙන් අඩුවට තෙල් මගේ කාලයේ තිබුණේ නෑ – ගම්මන්පිල කියයි අඩු මිලට රුසියාවෙන් ඛනිජ තෙල් මිලදී ගැනීමේ ස්වර්ණමය හැකියාව තමා බලශක්ති ඇමැති ධුරය දැරූ සමයේ නොතිබුණු බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා කියයි. බලශක්ති ඇමැති කංචන විජේසේකර මහතා කළ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් ඔහු මේ බව කියා සිටී. ගම්මන්පිල මහතා නිවේද... |
"දෙමළ ප්‍රශ්නය නොවිසඳුව නිසා ආර්ථික අර්බුදය ආවා!" | "වසර හැත්තෑ හතරක් තිස්සේ කිසිදු රජයක් දෙමළ ප්‍රශ්නයට විසඳුමක් ලබා නොදීමේ එක් ප්‍රතිඵලයක් වශයෙන් වත්මන් ආර්ථික අර්බුදයක් ශ්‍රී ලංකාවේ නිර්මාණය වී ඇතැයි දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්පන්ධන් මන්ත්‍රීවරයා ඊයේ (24 දා) පැවසීය. ඉන්දියාවේ ‘ද හින්දු’ පුවත් පත සමග සම්මුඛ සාකච්ඡාවකට සහභාගි වූ මන්ත්‍රීවරයා මේ තත්ත්වය ඇති වූයේ එ... |
"ඔස්‌ට්‍රේලියාව…. ඔබට ගොඩක් ස්තූතියි…" | "මෙරටේ පවතින අර්බුදකාරී තත්ත්වයක් හමුවේ පවා ශ්‍රී ලංකාවට තරග සංචාරයක් සඳහා පැමිණි ඔස්‌ට්‍රේලියා ක්‍රිකට් ක්‍රීඩකයන්ට ස්තුතිය පළ කිරීම පිණිස කහ පාටින් සැරසී කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණයට ඊයේ (24 වැනිදා) පැමිණ සිටි ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයන්ගෙන් පිරිසක් ඡායාරූපයේ දැක්වේ." |
"පෝලිම්වල දිගටම ඉන්න විට ලෙඩ එනවා – විශේෂඥ වෛද්‍ය රූමි රූබන්" | "පෝලිම්වල එක දිගට වරුවක් දෙකක් සිටින විට අධික ලෙස මානසික පීඩනයකට ලක්වී විවිධ කායික ආබාධ ඇතිවිය හැකි බැව් ගාල්ල කරාපිටිය ශික්‍ෂණ රෝහලේ මානසික රෝග පිළිබඳ විශේෂඥ ලලිත් චාමින්ද සහ එස්. කේ. කළුආරච්චි – ගාල්ල රූමි රූබන් මහතා පවසයි. පෝලිම්වල සිටීම එක අතකින් කායිකව හා මානසිකව බලපානවා. මෙම පෝලිම්වලට තරුණයන් මෙන්ම වැඩිහිටියන්ද ය... |
"මඟුල්වලට දැන් අත්සන් කරන්න යන්නේ නෑ – කථානායක කියයි" | "විවාහ උත්සවවලට අත්සන් කිරීම සඳහා ලැබෙන ඇරයුම් ප්‍රතික්‍ෂේප කිරීමට සිදුවී ඇතැයි පාර්ලිමේන්තු කථානායක මහින්දයාපා අබේවර්ධන මහතා ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට පැවසීය. මේ දිනවල රටේ පවතින තත්ත්වය අනුව විවාහ උත්සවවලට පවා සහභාගිවීමට අසීරුවී තිබෙන බව සඳහන් කළ කථානායකවරයා ඉන්ධන හිඟය කාට කාටත් තදින්ම බලපාන බවද සඳහන් කළේය. කෙසේ වෙතත් ... |
"කෝටි 12 1/2 අල්ලස් නඩුව යළිත් වෙනත් මහාධිකරණයකට" | "නඩුව විභාග කරන්න අධිකරණය තීරණය කිරීම බාහිර පාර්ශ්වයකට දෙන්න බෑ – විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ බලයලත් අධිකාරියක් විසින් පවරනු ලබන නඩුවක් විභාග කළ යුතු අධිකරණය තෝරා ගැනීමේ අභිමතය කිසිදු පාර්ශ්වයකට ලබාදීම යුක්තිය පසිඳලීමේ අධිකරණ ක්‍රියාදාමයට බාධාවක් වන්නා සේම එයට ඉඩදීම වැරදි පූර්වාදර්ශයක් විය හැකි වන්නේ යැයි කොළඹ මහාධිකරණ ව... |
"හම්බන්තොට වරායෙන් ගැහිල්ලක්: ගත් විදෙස් ණය කිසිම ගිණුම් ප්‍රකාශනයක නෑ!" | "ණය හා පොලී ශේෂය සහ රු. මිලියන 31,545 ක විදේශ විනිමය පරිවර්තන අලාභය මූල්‍ය ප්‍රකාශනවලින් ඉවත්ව කරලා හම්බන්තොට වරාය ඉදිකිරීම සඳහා ලබා ගෙන තිබූ විදේශ ණය ප්‍රමාණය රජයේ කිසිදු ගිණුම් ප්‍රකාශනයක මේවන විට නොපෙන්වන බවද පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේදී (කෝප්) අනාවරණය වී ඇත. ඊට අමතරව හම්බන්තොට වරාය 2017 වසරේදී බදුදීමෙන් ලද මුද... |
"ඩොලර් හිඟය අස්සේ කෝටි 15ක සැප වාහන ඇවිත්" | "එක්සත් රාජධානියේ සිට නීති විරෝධීව මෙරටට ආනයනය කර තිබූ, එරට භාවිත කරන ලද, රුපියල් කෝටි පහළොවකට අධික වටිනාකමින් යුත් සුඛෝපභෝගී මෝටර් රථ 5ක් ඔරුගොඩවත්ත ඍඔත් රේගු අංගනයේදී ශ්‍රී ලංකා රේගු නිලධාරීන් විසින් ඊයේ (23වැනිදා) පස්වරුවේ අත්අඩංගුවට ගන්නා ලදී. වාහන අමතර කොටස් ගෙන්වන බවට ව්‍යාජ තොරතුරු රේගුවට ඉදිරිපත් කරමින් බහාලුම... |
"සූර්ය බලයෙන් දුවන ‘සෝලා මල්ලී’ කලඑළි බහින්න අවසර ඉල්ලයි" | "ඉන්ධන හිඟයට කදිම විසඳුමක්: ජර්මන් කතකගේ නිර්මාණයක් අපේ රටේ ජනතාවට මේ දිනවල මුහුණ පෑමට සිදුව ඇති ප්‍රධානම ගැටලුවක් වන්නේ ඉන්ධන හිඟයයි. ඉන්ධන ප්‍රශ්නයට විසඳුමක් ලෙස ලෝකයේ ප්‍රථම වතාවට සූර්ය බල ශක්තියෙන් ධාවනය කළ හැකි ත්‍රිරෝද රථයක් නිර්මාණය කිරීමට උණවටුන (එස්.ඕ.එස්.)ආයතනය සමත්ව තිබේ. මෙහි නිර්මාතෘවරිය ජර්මන් ජාතික කාන්ත... |
"රාජ්‍ය ඇමැතිවරුන් පත් කිරීම තවත් කල් යන ලකුණු!" | "කැබිනට් ඇමැතිවරුන් පමණක් ඇති ජනපතිගේ මතයයි වත්මන් රජයේ රාජ්‍ය ඇමැතිවරුන් පත් කිරීම තව ප්‍රමාදවනු ඇතැයි ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරයි. පවතින ආර්ථික අර්බුදය හමුවේ රජයේ වියදම් සීමා කිරීම යටතේ ඇමැති මණ්ඩලය වැඩි කිරීමකින් තොරව කැබිනට් ඇමැතිවරුනට වගකීම් පවරා පාලන කටයුතු කරගෙන යෑම වඩාත් යෝග්‍ය බව ජනාධිපති ගෝඨාභය රා... |
"වාහනවලට තෙල් දීමට නව ක්‍රමවේදයක් එයි" | "ඉන්ධන පිරවුම්හල්වල මෙහෙයුම් කටයුතු කාර්යක්‍ෂමව කිරීම සම්බන්ධයෙන් යෝජිත ක්‍රමවේදයට අනුව සියලුම රථවාහන පිරවුම්හල්වල ලියාපදිංචි කිරීමේදී ලැබෙන අංකයේ අවසාන ඉලක්කමට අනුව ඉන්ධන නිකුත් කිරීමේ දින මේ වනවිට බලශක්ති අමාත්‍යාංශය මගින් හඳුන්වාදී තිබේ. ඒ අනුව එම ලියාපදිංචි අංකයේ අවසන් අංකය 0, 1, 2 නම් රථවාහන සඳහා සඳුදා සහ බ්‍රහස්ප... |
"තෙල් පෝලිම්වල වැඩිපුරම ඉන්නේ රාජ්‍ය සේවකයෝ" | "මෙහෙම ගියොත් රාජ්‍ය සේවය ඉවරයි ඉන්ධන පෝලිම්වල වැඩි වශයෙන්ම රැඳී සිටින්නේ රාජ්‍ය සේවකයින් බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ‘දිවයින’ට පැවසීය. මේ වනවිට රජයේ බොහෝ කාර්යාලවල පැමිණීම සටහන් කිරීමේදී ඇඟිලි සලකුණු තැබීම නොකරන නිසා රාජකාරියට වාර්තා කරන පිරිස රාජකාරි කාලයේදී ඉන්ධන පෝලිම්වලට වී කාලය ගත කිරීමටත්... |
"අගමැතිගේ තෙල් මිල ඉහළ දැමීමේ කතාවත් සමග අනුරාධපුරයේ පෙට්‍රල් මාෆියාවක්" | "බෝතලය රුපියල් දාහට හත්සිය පනහට විකුණනවා – ජනතාව කියති අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඉන්ධන හල් මගින් ඉන්ධන නිකුත් කළත් පෝලිම්වල කිසිදු අඩුවක් නැහැ. මෙයට හේතු වී තිබෙන්නේ ඉන්ධන මාෆියාවක් ඇති වී තිබීම යැයි ජනතාව පවසති. ඉන්ධන මිල වැඩි කරනවා යැයි අගමැති පැවසීමත් සමග මෙම තත්ත්වය තවත් වැඩිවෙලා. ඉන්ධන ජාවාරම්කාරයන් තෙල් ගබඩා කිරීම... |
"ඉන්දීය දුත පිරිස ජනපති සහ අගමැති හමුවෙති" | "සමීප මිතුරෙකු ලෙස උද්ගතව ඇති අසීරු අවස්ථාවෙන් මිදීමට ශ්‍රී ලංකාවට ඉන්දීය රජයේ උපරිම සහාය දෙන බව ඉන්දීය විදේශ ලේකම් විනේ ක්වාත්‍රා මහතා පවසයි. ශ්‍රී ලංකාවට තවදුරටත් මූල්‍ය ආධාර දීම සම්බන්ධයෙන් සලකා බැලීමට ඊයේ (23දා) පෙරවරුවේ දිවයිනට පැමිණි ඉන්දීය විශේෂ දූත පිරිස කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ... |
"හැටන් සිට කොළඹට කුරියර් කිරීමට ගිය ගෑස් සිලින්ඩර් 20 ක් පොලිස් භාරයට" | "හැටන් නගරයේ ලංගම බස් නැවතුම්පළ අසල කුරියර් සේවා ආයතනයක් මගින් කොළඹට ප්‍රවාහනය කිරීම සඳහා භාරගෙන තිබුණේ යැයි කියන ගෘහස්ථ ලාෆ් ගෑස් සිලින්ඩර් 20 ක් නුවරඑලිය පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරීන් සහ හැටන් පොලිසියේ නිලධාරින් එක්ව 23 දින පොලිස් භාරයට ගෙන තිබේ. කිලෝ 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩර් 12 ක් සහ කිලෝ 7.5 ගෑස් සිලින්ඩර් 0... |
"හිරුණිකාගේ මාතෘත්වයට අපහාස කරන්න එපා අගමැති සමාජ මාධ්‍යයෙන් ඉල්ලයි" | "තිදරු මවක වන හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට අපහාස වන ආකාරයේ ඡායාරූප පළ කිරීමෙන් වළකින ලෙස ඉල්ලා සිටින බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි. ශිෂ්ට සම්පන්න සමාජයක් මාතෘත්වයට අපහාස නොකළ යුතු බව ද, අන් සියලු දේට වඩා මව යන සංකල්පය ඉහළ තැනක තබා කටයුතු කළ යුතු බව ද, සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් සහ මාධ්‍ය පරිශීලකයන... |
"පෑලියගොඩ මාළු වෙළෙඳ සංකීර්ණයත් පාළුවට" | "ඉන්ධන අර්බුදය හේතුවෙන් තම මාළු ව්‍යාපාරයද කඩා වැටීමට ලක්වී ඇතැයි පෑලියගොඩ මාළු වෙළෙඳ සංකීරණයේ ව්‍යාපාරිකයෝ සඳහන් කරති. ඉන්ධන අර්බුදය නිසා ධීවරයන්ට මුහුදු යෑමට නොහැකි වී ඇති බවත් එම නිසා මාළු වෙළෙඳ සංකීර්ණය වෙත ගෙන ඒම බොහෝ සෙයින් අඩුවී ඇති බවද එම වෙළෙඳ හිමියෝ සඳහන් කරති. ගෙන එනු ලබන මාළු වෙළෙඳුන් ලබා ගනු ලබන්නේ ඉතා අඩු... |
"වරකාපොල ෂෙඩ් එකෙදී හමුදා නිලධාරියෙක් පොලිස් නිලධාරියාට පහරදීලා" | "වරකාපොල දුම්මලදෙනිය ඉන්ධන පිරවුම්හලේ ආරක්‍ෂාවට යොදවා සිටි හමුදා ලුතිනන්වරයකු විසින් එහි රාජකාරියේ නිරතව සිටි රථවාහන පොලිස් නිලධාරියකුට පෙරේදා (22 දා) රාත්‍රි පහරදී ඇති අතර පහරකෑමට ලක්වූ පොලිස් නිලධාරියා ප්‍රතිකාර සඳහා රෝහල් ගතකර තිබේ. මෙහිදී පහරකෑමට ලක්වූ පොලිස් නිලධාරියා සිය රාජකාරි පිස්තෝලයද එළියට ගැනීමට ක්‍රියාකරන ... |
"මෛත්‍රීගේ ප්‍රකාශයට එරෙහිව රතන හිමි සීඅයිඩී යයි" | "රෝයල් පාර්ක් ඝාතනයේ විත්තිකරුට ජනාධිපති සමාව ලබාදීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිදු කළ ප්‍රකාශයකට එරෙහිව පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ ඊයේ (23 දා) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පැමිණිල්ලක් ගොනු කළහ. ජූඩ් ශාමන්ත ජයමහ නමැති විත්තිකරුට ජනාධිපති සමාව ලබාදී නිදහස් කර ගැනීම සඳහා මූලි... |
"පොහොට්ටු මන්ත්‍රීවරයකු ලෙස ධම්මික මැතිසබයට" | "ප්‍රසිද්ධ ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඉදිරියේ ඊයේ (22දා) දිවුරුම් දුන්නේය. වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා විසින් සභාව වෙත කැඳවා ගෙන එනු ලැබූ ධම්මික පෙරේරා මහතා ඊයේ පාර්ලිමේන්තු කටයුතු ආරම්භයේදීම මන්ත්‍රීවරයකු ලෙස දිවු... |
"හාල් මිලට මෝල්ලු ඇවිළෙති" | "● තොපි හැමදාම මාෆියාව ඇති කළා මාව හැමදාම අහුවුණා…. – රජය පාලන මිලට හාල් දිය යුතුයි – ඩඩ්ලි සිරිසේන (අරලිය) ● ඔය කියන මිලට හාල් දෙන්න බැහැ● වියදම් වැඩිවීම නිසා රු.25 කින් මිල වැඩි කළ යුතුයි – මිත්‍රපාල (නිව් රත්න)● අපි ඩඩ්ලි කියන ගානට සහල් දෙනවා – මෝල් හිමියන්ගේ සංගමයේ සභාපති රංජිත්රටේ සහල් හිඟයක් ඇතිවන බවට දේශපාලනඥයන... |
"ගෑස් මෙටි්‍රක් ටොන් ලක්‍ෂයක් ගෙන්වනවා – අගමැතිගෙන් මැතිසබයේදී විශේෂ ප්‍රකාශයක්" | "ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 70ක් අපෙන් ඩොලර් මිලියන 20ක් යොදවා● ඉන්ධන ගෙන්වන්න මසකට ඩොලර් මිලියන 550ක් ඕනෑ හැකි උපරිමයෙන් ඉන්ධන ගෙන්වනවා ප්‍රවේශමෙන් පාවිච්චි කරන්න● සහල් මිල පාලනයට ඉන්දියාවෙන් සහල් ගෙන්වනවා● එකම ආරක්‍ෂිත මාර්ගය IMF යෑමයි● අරගල කළ යුත්තේ රට නැංවීමටයි● ආර්ථික අර්බුද දැලෙන් මිදෙමු: – එක්වී අභියෝගය ජය ගනි... |
"රුසියානු ණයේ ඉතුරු මුදල් තෙල් ගෑස් පෝර ගැනීමට යොදා ගත හැකියි – විමල් වීරවංශ" | "රුසියාවෙන් ශ්‍රී ලංකාවට ලබාදී තිබෙන ආරක්‍ෂක උපකරණ මිලදී ගැනීම සඳහා වන ණය ආධාරයෙන් ඉතිරිවී තිබෙන මුදල් රට තුළ පවතින ඉන්ධන, ගෑස්, පොහොර අවශ්‍යතා විසඳාගැනීම සඳහා යොදාගැනීමට ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා ඉල්ලීමක් කළහොත් සලකා බැලිය හැකි යැයි මෙරට රුසියානු තානාපති යූරි මැටෙරි මහතා පැවසූ බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් ව... |
"ඇමරිකානු මුල්‍ය ආයතනයක් ශ්‍රී ලංකාවට නඩු දමයි" | "ශ්‍රී ලංකාව නිකුත් කළ ස්වෛරී බැඳුම්කර ද්විත්වයක් සඳහා ආයෝජනය කළ ඇමරිකානු මුල්‍ය ආයතනයක් සිය මුදල් සහ ඊට අදාළ පොලිය ගෙවන ලෙස ඉල්ලා ඇමරිකාවේ මෑන්හැට්න් නගරයේ පිහිටි දිස්ත්‍රික් අධිකරණයක නඩු පවරා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.හැමිල්ටන් රිසව් බැංකු සමාගම විසින් ශ්‍රී ලංකාව වෙනුවෙන් ආයෝජනය කළ ඩොලර් මිලියන 257.5 කට සහ ඊට ... |
"මත්පැන් ඉල්ලුම සියයට 30කින් පහළට – රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී හෙළි වෙයි" | "මත්පැන් මිල වැඩිවීම සහ ජනතාවගේ ආදායම් අඩු වීම නිසා මත්පැන් ඉල්ලුම 30% කින් පමණ අඩු වී ඇති බව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී අනාවරණය විය.මේ පිළිබඳ අනාවරණය වූයේ රජයේ මුදල් පිළිබඳ කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා (20දා) පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.රාජ්... |
"නාගානන්දගේ ලිට්‍රෝ ප්‍රකාශයෙන් දයාසිරියි අගමැතියි පැටළෙති" | "මෙරටට ගෑස් තොග මිලදී ගැනීමේදී මතුව ඇති තත්ත්වයන් පිළිබඳව නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු මහතා විසින් කරන ලද ප්‍රකාශයක් සම්බන්ධයෙන් දයාසිරි ජයරෙස්කර මහතා ප්‍රශ්න කළ අවස්ථාවේ ඔහු සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අතර ඊයේ (22 දා) පාර්ලිමේන්තුවේදී උණුසුම් වචන හුවමාරුවක් සිදු විය.එහිදී මතු වූ කතාබහ මෙසේය.දයාසිරි ජයසේකර මහතා – මු... |
"රට පුරා ප්‍රධාන රෝහල්වල සෞඛ්‍ය වෘත්තී සමිති 25ක් අද සිට විරෝධතාවේ" | "ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් දිවයින පුරා පිහිටි ප්‍රධාන රෝහල්වල අද (23 දා) සිට විරෝධතා ව්‍යාපාර ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති එකමුතුව තීරණය කර ඇත.සෞඛ්‍ය කාර්ය මණ්ඩල වැටුප් කප්පාදුව, දීමනා නතර කිරීම, ඖෂධ හිඟය, සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ ප්‍රවාහන ගැටලුව, සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ සහ රෝහල් තුළ නේවාසික රෝගීන්ගේ වට... |
"මඟ හැරුණු කාලය ආවරණය කිරීමට අගෝස්තු – දෙසැම්බර් පාසල් නිවාඩුව කෙටි කරනවා – ඇමැති සුසිල් ප්‍රේමජයන්ත" | "පාසල් නොපැවැත්වීමෙන් සිසුන්ට මඟ හැරුණු දින ගණන ආවරණය කිරීමට එළඹෙන අගෝස්තු හා දෙසැම්බර් පාසල් නිවාඩුව කෙටි කරන බව අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහතා සඳහන් කරයි. ඉන්ධන අර්බුදය හේතුවෙන් දින කිහිපයකට පාසල් වැසුණු බව ද එමගින් සිසුන්ට කිසිදු පාඩුවක් නොවන පරිදි පාසල් නිවාඩුව කෙටිකර මේ වසරට නියමිත කාලච්ඡේද සංඛ්‍යාව සම්පූර... |
"මේ වසරට අන්තර්කාලීන අයවැයක් අගෝස්තුවේ" | "මෙම වසරේ (2022) ඉතිරි කාලය සඳහා අගෝස්තු මාසයේදී අන්තර්කාලීන අයවැයක් ඉදිරිපත් කරන බව, අගමැති සහ මුදල් ඇමැති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (22 දා) පැවසීය. 2023 වසර සඳහා අයවැය ලේඛනය ලබන නොවැම්බර් මාසයේදී ඉදිරිපත් කරන බව පැවසූ අගමැතිවරයා ඊට අමතරව ආර්ථිකය ශක්තිමත් කිරීමට නව නීතිරීති පාර්ලිමේන්තුවට දිරිපත් කරන... |
"ජොනී අයුතු ජනරාශියක් ඇති කිරීමේ බරපතළ වරද කරලා- නීතිපති උසාවියට කියයි" | "‘දැන් තමයි වේලාව සටන ආරම්භ කරන්න’ යැයි පාර්ලිමේන්තු මන්ති්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පසුගිය මැයි 9 වැනිදා අරලියගහ මන්දිරයේ පැවති ජන හමුවේදී කළ ප්‍රකාශය පිළිබඳව ත්‍රිපුද්ගල විශේෂඥ වෛද්‍ය මඩුල්ලේ නිර්දේශ අනුව හා සිදු කළ විමර්ශන අනුව 28 වන සැකකාර ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා නීති විරෝධී ජනරාශියක් ඇති කිරීමේ බරපතළ වරද සි... |
"නෙදර්ලන්තයේ සිට තැපෑලෙන් ආ රෙදිපිළි පාර්සලයේ කෝටි 13ක මත්ද්‍රව්‍ය" | "නෙදර්ලන්තයේ සිට මෙරටට එවන ලද පාර්සලයක තිබී රුපියල් කෝටි 13කට අධික වටිනාකමකින් යුත් (136,400,000)ක් පමණ වටිනා මෙතෆෙටමින් නමැති මත්ද්‍රව්‍ය තොගයක් ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවේ නිලධාරීන්, ශ්‍රී ලංකා රේගුවේ මත්ද්‍රව්‍ය නිවාරණ අංශයේ නිලධාරීන් සහ ශ්‍රී ලංකා පොලිසියේ මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් විසින් ඊයේ (21වැනිදා... |
"2021 ඒඩ්ස් ආසාදිතයෝ 439ක් වාර්තාවෙලා" | "පසුගිය වසර (2021) තුළ එච්. අයි. වී. ඒඩ්ස් ආසාදිතයන් 439 දෙනකු වාර්තා වී ඇතැයි එච්. අයි. වී. ඒඩ්ස්/ ලිංගාශ්‍රිත රෝග මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂිකා විශේෂඥ වෛද්‍ය රසාංජලි හෙට්ටිආරච්චි මහත්මිය ‘දිවයින’ට ඊයේ (22 වැනිදා) පැවසුවාය.මෙම වසරේ (2022) මේ දක්වා ගත වූ මාස 5 ක කාලය තුළ එච්. අයි. වී. ආසාදිතයන් 20 දෙනකු හඳුනාගෙන ඇතැයි ද ඇ... |
"දෙනෝදාහක් බලා සිටියදී අවිගත්තෝ ‘මැනිං’ ලෙයින් තෙත් කරති" | "සති 3ක් තුළ පාතාලයේ 8 වැනි ඝාතනය… පලතුරු ව්‍යාපාරිකයෙක් මරුට පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයට ඊයේ (21 දා) දහවල් කඩාවැදුණු පාතාල සන්නද්ධ කණ්ඩායමක් එහි සිටි පලතුරු ව්‍යාපාරිකයකුට ටී 56 ගිනි අවියකින් වෙඩි තබා ඝාතනය කර මුළු වෙළෙද සංකීර්ණයම භීතියට පත්කරමින් පලාගොස් ඇත. ඊයේ දහවල් 1.30 ට පමණ සිදුවූ මෙම ප්‍රහාරයෙන් ඝාතනයට ලක්ව ... |
"රටේ අර්බුදවලට විසඳුමක් නැති පාර්ලිමේන්තුව වහන්න – විපක්‍ෂයේ මන්ත්‍රීවරු කියති" | "පාර්ලිමේන්තුවෙන් රටේ ආර්ථික අර්බුදයට හෝ ජනතා ප්‍රශ්නවලට නිසි පිළිතුරු නොලැබෙන බැවින්, පාර්ලිමේන්තුව වසා දැමිය යුතු යැයි විපක්‍ෂයේ මන්ත්‍රීවරු පිරිසක් පාර්ලිමේන්තුවේදී ඊයේ (21 දා) පැවසූහ. එහිදී ඇති වූ කතාබහ මෙසේය. අනුර කුමාර දිසානායක මහතා මේ අර්බුදය ඇතිවෙලා මාස ගණනක් තිස්සේ මේ පාර්ලිමේන්තුව රැස්වුණා. නමුත් පාර්ලිමේන්තු... |
"පොදු රාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුවට මහාචාර්ය ජී. එල්. පීරිස් රුවන්ඩාවට" | "විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නියෝජනය කරමින් මෙම මස 25 දින දක්වා රුවන්ඩාවේ කිගාලි නුවරදී පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුව සඳහා සහභාගි වෙයි. රුවන්ඩාවේ පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුවට පොදුරාජ්‍ය මණ්ඩලයේ සාමාජික රටවල් 54ක් සහභාගි වේ. පොදු... |
"අගමැති ‘යෝගා’ සැමරුම් වැඩසටහනට එක් වෙමින්…" | "මෙවර ජාත්‍යන්තර යෝගා දිනය වෙනුවෙන් ශ්‍රී ලංකා ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය විසින් ඊයේ (21 වැනිදා) කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේදී විශේෂ ‘යෝගා’ සැමරුම් වැඩසටහනක් සංවිධානය කරනු ලැබීය. එහි ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහභාගිවූ අතර එම අවස්ථාවට විශේෂ ආරාධිතයකු ලෙස ක්‍රීඩා හා යෞවන කටයුත... |
"රටට ඩොලර් ඕනෑනම් ඖෂධමය ගුණයෙන් යුත් ආහාර අතිරේකයට අනුමැතිය ලබාදීම කල්දාන්න එපා" | "කොවිඩ් මරණ වැළැක්වීමේ එකමුතුවේ කැඳවුම්කරු වෛද්‍ය උදාර සම්පත් ගුණවර්ධන මෙරට වෛද්‍යවරුන් කණ්ඩායමක් විසින් ඖෂධීය ගුණයකින් යුතු ආහාර අතිරේකයන් මේ වන විට නිෂ්පාදනය කර ඇති බැවින් ඒවා විදේශ රටවලට අපනයනය කර රටේ ජනතාව ජීවත් කරවීමට අවශ්‍ය ඩොලර් රටට ගෙන ඒමට බලධාරීන් විසින් කටයුතු කළ යුතු බව කොවිඩ් මරණ වැළැක්වීමේ එකමුතුවේ කැඳවුම්... |
"මැයි මාසයේ සියයට 45.3 ට නගී" | "ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව ගණනය කළ උද්ධමනය ඉකුත් මැයි මාසයේදී සියයට 45.3 දක්වා විශාල වශයෙන් ඉහළ ගොස් තිබේ. පසුගිය අප්‍රේල් මස වාර්තා වූ උද්ධමන අගය සියයට 33.8 ක් විය. මෙම උද්ධමන අගයට බලපෑ ජාතික පාරිභෝගික මිල දර්ශක අගය, අප්‍රේල් මස පැවති ඒකක 190.3 සිට මැයි මාසයේදී ඒකක 208.7 දක්වා සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබේ. එසේම... |
"කිළිනොච්චිය රෝහලේ ඔක්සිජන් පිරවීමේ මධ්‍යස්ථානයට මැර ප්‍රහාරයක්" | "කිළිනොච්චිය රෝහලේ ඔක්සිජන් පිරවීමේ මධ්‍යස්ථානයට පසුගිය 20 දා කඩා වැදුණු පිරිසක් එම මධ්‍යස්ථානයේ යන්ත්‍ර සූත්‍ර සියල්ලටම දැඩි හානි සිදුකොට තිබේ. මේ නිසා කිළිනොච්චිය රෝහලට රුපියල් මිලියන 53ක අලාභයක් සිදුව ඇති බවත් හදිසි අවශ්‍යතාවන් සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහලෙන් ඔක්සිජන් සිලින්ඩර් 99 ක් ගෙන්වා ගත් බවත් කිළිනොච්චිය රෝහලේ ... |
"දවසකට එළවළු කිලෝ ලක්ෂ 40 ක් අවශ්‍ය වුණත් එන්නේ ලක්‍ෂ 05 යි" | "ළඟදීම එළවළු ගන්නත් පෝළිමේ ඉන්න වේවි සුළු පරිමාණ ගොවීන් වගාව අතහැරීම ප්‍රධාන හේතුවයි දිවයින පුරා ඉදිරි මාස 03 හෝ ඊට පසුව එළවළු මිලදී ගැනීමේ පෝලිම් ඇතිවීම වැළැක්විය නොහැකි බව සමස්ත ලංකා ආර්ථික මධ්‍යස්ථාන හා මැනිං වෙළෙඳ සංගමයේ සභාපති අරුණ ශාන්ත හෙට්ටිආරච්චි මහතා අනතුරු අඟවයි. එළවළු තොග වෙළෙඳපළට සියයට 70 ක් පමණ එළවළු සැපය... |
"ධම්මික පෙරේරාට එරෙහි පෙත්සම් පහක් අහකට" | "හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතා ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයට ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා පත්කිරීම අභියෝගයට ලක් කරමින් ගොනුකර තිබූ පෙත්සම් පහක වගඋත්තරකරුවන් නොතීසි නිකුත්කර විභාගයට ගැනීමට අවසර ලබාදීමකින් තොරවම ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (21 දා) පස්වරුවේ ප්‍රතික්... |
"මුතුරාජවෙල අක්කර 10ක් එල්එන්ජී ව්‍යාපෘතියට දීමට කැබිනට් අනුමැතිය" | "රජයේ තක්සේරුකරුගේ තක්සේරු වටිනාකම අනුව මුතුරාජවෙල යුගදනවි බලාගාරයට යාබදව ඇති අක්කර දහයක ඉඩම් කොටසක් ස්වාභාවික වායු බලාගාරයක් (එල්එන්ජී) ඉදිකිරීම සඳහා ලංකා විදුලිබල මණ්ඩලයට ලබාදීම පිණිස කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබාදුන් බව ජනමාධ්‍ය හා ප්‍රවාහන ඇමැති බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. මෙම ඉඩම් කොටස ලබාදීම සඳහා ශ්‍රී ලංකා ඉඩම් ස... |
"ඉන්ධන අර්බුදයෙන් මැනිං මාර්කට් හාන්සියි ලොරි 150 න් ආවේ 30 යි" | "ඊයේ පෑලියගොඩට ආවේ එළවළු කිලෝ ලක්‍ෂ තුනයි පෑලියගොඩ මැනිං වෙළෙඳපළට වෙනදා එළවළු ලොරි තොග 150 ක් පැමිණෙන නමුත් පවතින ඉන්ධන අර්බුදය හමුවේ ඊයේ (21 වැනිදා) පැමිණියේ එළවළු තොග සහිත ලොරි රථ 30 ක් බව පෑලියගොඩ මැනිං පොදු වෙළෙඳ සංගමයේ සභාපති එච්. එම්. උපසේන මහතා ‘දිවයින’ ට පැවසීය. වෙනදාට දිනකට එළවළු ලොරිවලින් එළවළු තොග කිලෝ ලක්ෂ ... |
"ජාත්‍යන්තරය පිළිගන්නේ නැති ජනපති සහ අගමැති සිටිනතුරු රටට ගොඩඒමක් නෑ" | "නව අගමැති පත්වූ පසු ඇතිවූ පෝලිම් නිසා අද පාරේ යන්නත් බෑ මෙරට ජනතාව මෙන්ම ජාත්‍යන්තරය ද පිළිගන්නේ නැති ජනාධිපතිවරයෙක්, අගමැතිවරයෙක් සහ ආණ්ඩුවක් තිබෙන බැවින් රටට ගොඩ ඒමක් නැතැයි සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ. සී. අලවතුවල මහතා පැවසීය. විපක්ෂ නායක කාර්යාලයේ ඊයේ (21 දා) පැවති මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ මන්ත්‍රීව... |
"ශ්‍රී ලංකාවේ ආර්ථීකය ප්‍රකෘතිමත් කිරීමට ඉන්දියාවේ පූර්ණ සහාය" | "ශ්‍රී ලංකාවේ ආර්ථිකය ප්‍රකෘතිමත් කිරීමේ ක්‍රියාවලිය සඳහා ඉන්දීය රජයේ සහ තමන්ගේ උපරිම සහයෝගය ලබාදෙන බවට එරට මුදල් හා ආයතනික කටයුතු අමාත්‍ය නිර්මලා සීතාරාමන් මහත්මිය ප්‍රකාශ කරයි. පසුගිය සඳුදා 20දා පස්වරුවේ ඉන්දීය මහ කොමසාරිස් මොරගොඩ මහතා, නවදිල්ලියේ පිහිටි මුදල් අමාත්‍යාංශ කාර්යාලයේ දී එතුමිය හමුවූ අතර ශ්‍රී ලංකාව මුහු... |
"පෑලියගොඩ මාළු ගිනි ගණන්" | "තලපත් තොග කිලෝවක් රු. 1600, කොප්පරා රු. 1800, කෙළවල්ලා රු. 1700, ඉස්සෝ රු. 1100 ලින්නා රු. 700, සාලයා රු. 600 පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයේ ඊයේ (21 දා) අලෙවි වූ තලපත්, කොප්පරා, බලයා ඇතුළු මත්ස්‍ය වර්ග කීපයක කිලෝවක තොග මිල ර. 1000 ඉක්මවූ මිලක් ගත් අතර එය ඉතා අධික අගයක් බව පැලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංගමයේ සභාපති ජයසිරි ... |
"ලංවිම ඉංජිනේරුවෝ 100 ක් රට හැර යෑමේ සූදානමක්!" | "රටේ මතුව තිබෙන ආර්ථික, දේශපාලන අර්බුද හමුවේ ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරුවන් සියයක් පමණ විදේශ රැකියා සඳහා පිටත්ව යෑමට සැරසේ. මේ වනවිටත් ඉංජිනේරුවන් කිහිපදෙනෙකුම ඔවුන් විදේශ ගතවන බවට ආයතනයට හා ඉංජිනේරු සංගමයට දැනුම් දී ඇත. නිදහස් අධ්‍යාපනය නිසා තමුත් ඉංජිනේරුවන් බවට පත්වී රට වෙනුවෙන් සේවය කිරීමට සිහින මැව්වත් ඉකුත් කා... |
"ඇමරිකාවම පොසොන් සිරියෙන් බැබළෙයි…." | "ඇමරිකා ලොස් ඇන්ජලිස් ලංකාරාමාධිපති ඇමරිකා ඉංදියානා බෞද්ධ විහාරධිපති ෆාදර්ජෝන් භාවනා මධ්‍යස්ථානාධිපති මෙන්ම කෝට්ටේ රාජමහා විහාරාධිකාරි තලංගම දේවානන්ද හිමියන්ගේ සංවිධානත්වයෙන් හා මඟපෙන්වීම යටතේ ඇමරිකාව පොසොන් සිරියෙන් බැබළිණි. ලංකාරාම විහාරය හා ඉංදියානා විහාරයේ භක්ති ගී ගයමින දන්සල් පවත්වමින් කුරුල්ලන් නිදහස් කරමින් පහන... |
"පොලිසිය සැකකරුගේ ඡායාරූප ගත් පසු – මොන පෙරට්ටුද? – කොටුව විරෝධතාවේදී ඇල්ලූ 21කට ඇප" | "– සැකකරු රිමාන්ඩ් කිරීමේ ඉල්ලීම ඉවත දමමින් මහෙස්ත්‍රාත් කියයිපොලිසියේ අවම බලය අරගලකරුවන් සිව්දෙනකුට දරුණු ලෙස පහර දීමයි – ජනාධිපති නීතිඥ සාලිය පීරිස් පසුගිය 19 වැනිදා රාත්‍රියේ සිට කොටුව ජනාධිපති ලේකම් කාර්යාලය හා මුදල් අමාත්‍යාංශයට පිවිසෙන දොරටු අවහිර කර මහජන පීඩාවක් සිදුකළේ යැයි චෝදනා කරමින් අත්අඩංගුවට ගෙන ඉදිරිපත්... |
"ජනතාව පෝලිම්වල දුක්විඳිද්දී – පිරවුම්හල් අසල මැරයෝ අණසක පතුරති! – අසාධාරණයක් වෙනවානම් ළඟම සිටින පොලිස් නිලධාරියාට කියන්න – පොලිස් මාධ්‍ය ප්‍රකාශක" | "ඉන්ධන අර්බුදය උග්‍රවීමත් සමග ජනතාව දින ගණන් පෝලිම්වල සිටියදී ඉන්ධන හල් ආශ්‍රිතව මැරයන් සිය අණසක පතුරුවාගෙන ඉන්ධන බෙදාහැරීම සියතට ගෙන ඇති බවට ප්‍රදේශ රැසකින්ම වාර්තා විය.ඉන්ධන හල්වලට ඉන්ධන එන වෙලාවන් නොදන්නා නිසා ඉන්ධන ලබා ගැනීමට මහජනතාව දින ගණන් පෝලිම්වල සිටියදී ඉන්ධන තොග ඉන්ධන හලට පැමිණෙනවාත් සමග මෙම මැරයන් ඉන්ධන හලට... |
"තීන්දුව ලැබෙන තෙක් දිවුරුම් නොදෙමි – ධම්මිකගෙන් උසාවියට පොරොන්දුවක්" | "තමා මන්ත්‍රීවරයකු ලෙස පත්වීම අභියෝගයට ලක්කරමින් ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් පවත්වාගෙන යෑම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීරණයක් ලැබෙනතුරු තමා මන්ත්‍රී ධුරයේ හෝ අමාත්‍ය ධුරයක දිවුරුම් ලබාදීමක් නොකරන බව ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා සිය නීතිඥවරයා මගින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඊයේ (20 දා) පොරොන්දුවක් ලබා දුන්නේය.හිටප... |
"පිරවුම් හලක් ළඟ කලබල කළ සනත් නිශාන්තගේ සොහොයුරා අත්අඩංගුවට" | "ආරච්චිකට්ටුව ඉන්ධන පිරවුම් හලක රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරියකුගේ රාජකාරියට බාධා කරමින් ඉන්ධන ලබාගැනීමට පැමිණි පුද්ගලයකුට පහරදීම සම්බන්ධව හිටපු රාජ්‍ය ඇමැති සනත් නිශාන්ත මහතාගේ සොහොයුරා ඇතුළු තිදෙනකු ඊයේ (20දා) උදෑසන ආරච්චිකට්ටුව පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.හිටපු රාජ්‍ය ඇමැති සනත් නිශාන්ත මහතාගේ සොහොයුරා ව... |
"ඩීසල් පෙට්‍රල් හංගාගෙන නෑ කියූ ෂෙඩ් එකට වැඩ වරදී" | "අනුරාධපුර සිට ගල්කුලමට දිවෙන ඒ 13 ගුවන්තොටුපළ මාර්ගයේ පිහිටි ඉන්ධන පිරවුම්හලක සඟවා තිබෙන බවට ලැබුණු තොරතුරක් මත ඊයේ (20දා) සිදුකළ වැටලීමකදී එහි භූගත ටැංකි තුළ සඟවා තිබූ සුපර් ඩීසල් ලීටර් 5813ක් සහ පෙට්‍රල් ලීටර් 1540ක් සොයා ගැනීමට හැකිවූ බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ අනුරාධපුර දිස්ත්‍රික් කාර්යාලය පවසයි.වැටලීම... |
"ලීසිං බිල්ලට එරෙහිව ප්‍රදේශවාසීහු විරෝධතාවක" | "ලීසිං සමාගමෙන් සිය වාහනය ගෙන යද්දී “වාහනය අරන් යන්න එපා, ගෙවන්න අතේ සල්ලි නෑ” කියා කෑගසමින් වාහනයට ගොඩවීමට උත්සාහ ගත් හිමිකරු එම රථයට යටවී මරණයට පත්වීමේ සිද්ධියක් මහනුවරින් වාර්තා වේ.වාරික නොගෙවීම නිසා කල්බදු සමාගමක නියෝජිතයන් පිරිසක් විසින් ටිපර් රථයක් පැහැර ගැනීමට උත්සහ කළ අවස්ථාවේ මෙම අනතුර සිදුව තිබේ. හිමිකරු මරණය... |
"IMF නියෝජිතයෝ අගමැති සමඟ සාකච්ඡා අරඹති" | "මෙරටට පැමිණි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිස ඊයේ (20දා) අග්‍රාමාත්‍ය කාර්යාලයේදී අග්‍රාමාත්‍ය හා මුදල් ඇමැති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ සාකච්ඡා ආරම්භ කළහ.ශ්‍රී ලංකාව විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඉල්ලා ඇති මූල්‍ය පහසුකමට අදාළව කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවක් ඇති කර ගැනීම සඳහා මෙම සාකච්ඡා පැවැත්වේ.ජාත්‍යන්තර ම... |
"භූමිතෙල් පෝලිම්වලත් ගැටුම් වහාම ක්‍රමවේදයක් හදන්න – ජනතාව මැසිවිලි නඟති" | "භූමිතෙල් ලබාගැනීම සඳහා ඉන්ධනහල් වෙත පැමිණෙන පාරිභෝගික ජනතාවට බලධාරීන් විසින් මෙතෙක් නිසි ක්‍රමවේදයක් සකසා නොදීම නිසා ජනතාව මහත් දුෂ්කරතාවට පත්ව සිටිති.භූමිතෙල් ලබාගැනීම සඳහා පාරිභෝගිකයන් තමන්ට ආසන්නම පිරවුම්හලට ගියද වෙනත් ප්‍රදේශවල ජනතාවද භූමිතෙල් ලබාගැනීම සඳහා එම ස්ථානවලට පැමිණීම නිසා අදාළ ප්‍රදේශයේ ජනතාව මහත් අපහසුත... |
"අට්ටාල ගලවන්න යද්දී කොටුව යුද පිටියක් වෙයි" | "කොළඹ කොටුව ලෝටස් මාර්ගය දෙසින් ජනාධිපති ලේකම් කාර්යාලය සහ මුදල් අමාත්‍යාංශයට ඇති පිවිසුම් මාර්ග අවහිර කරමින් උද්ඝෝෂකයන් පිරිසක් විසින් සවිකර තිබූ අට්ටාල ඉවත් කිරීමට ඊයේ (20දා) පොලිසිය සහ කැරලි මර්දන බළකාය කටයුතු කිරීමත් සමඟ එම ස්ථානයේ දැඩි උණුසුම්කාරී තත්ත්වයක් ඇතිවිය. මෙහිදී උද්ඝෝෂකයන් 21 දෙනකු පොලිසිය මගින් අත්අඩංගු... |
"රටත් ජනතාවත් තවත් කාලකණ්නි නොකර ගෝඨා-රනිල් හොර ආණ්ඩුව වහාම ඉවත්වන්න රට ගොඩ ගන්න අප සූදානම් – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස" | "දූෂිත නායකයෝ රට පාලනය කරනකම් ලෝකයෙන් කිසිදු සහායක් නැහැ – සජබ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාරරනිල්ගේ පාංකඩ ආණ්ඩුව එළවන සටන අප අරඹනවා – රාජිත සේනාරත්තසර්ව පාක්ෂික ආණ්ඩුවකට ඉඩදී ජනපති අගමැති ඉවත්විය යුතුයි – හර්ෂ ද සිල්වාමෙරට ගොඩ ගැනීම සඳහා තිබෙන එකම ක්‍රියාමාර්ගය ගෝඨාභය, රනිල් හොර ආණ්ඩුව පලවා හැරීම යැයි විපක්ෂ නායක සජිත්... |
"සැඟව තිබෙන ඩොලර් එළියට ගන්න සෑම දිස්ත්‍රික්කයකටම විදෙස් මුදල්වලින් තෙල් ගහන්න ෂෙඩ් එකක් වෙන් කරන්න – මන්ත්‍රී නිමල් පියතිස්සගෙන් යෝජනාවක්" | "විදෙස් මුදල්වලට පමණක් ඉන්ධන ලබා දීමට ඉන්ධන හලක් වෙන් කිරීමෙන් අවම වශයෙන් ඩොලර් තුන් හාරසියයක් හරි සොයා ගන්න පුළුවන් යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් පියතිස්ස මහතා කියා සිටී.විදුලි බල හා බලශක්ති ඇමැති කාංචන විජේසේකර මහතා වෙත යෝජනාවක් කරමින් හෙතෙම මේ බව කියා සිටි අතර මන්ත්‍රීවරයා මෙසේද කියයි.රට පුරා බොහෝ අය ලඟ යම් යම් ප... |
"ඉන්ධන ගැටලුවක්: මන්ත්‍රීවරු පාර්ලිමේන්තු එන්න බැහැ කියති" | "අද (21දා) ආරම්භ වන පාර්ලිමේන්තු සභා සැසිවාරය සඳහා තමන්ට සහභාගිවීමට නොහැකි බව මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකුම ඊයේ (20 දා) දහවල් වනවිට පාර්ලිමේන්තුවට දැනුම් දී තිබේ.මේ වනවිට පවතින ඉන්ධන අර්බුදය හේතුවෙන් මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තු පැමිණීමට නොහැකි බව දන්වා ඇති අතර ඇතැම් මන්ත්‍රීවරුන්ගේ රියැදුරන් ඉන්ධන ලබා ගැනීමට පෝලිම්වලට යෑමට... |
"මේ දුෂ්කර සමයේ සංයමයෙන් කටයුතු කරන්න – ඇමෙරිකානු තානාපතිනි" | "මෙම දුෂ්කර තත්ත්වයන් හමුවේ සංයමයෙන් කටයුතු කරන ලෙස ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිනි ජූලි චංග් මහත්මිය ශ්‍රී ලංකා බලධාරීන්ගෙන් ඉල්ලීමක් කරයි.ට්විටර් පණිවුඩයක් තබමින් මේ බව සඳහන් කරන ඇය කියන්නේ පෙට්‍රල් පෝළිම් සහ විදුලි කප්පාදුව දීර්ඝ වන විට මහජන නොසන්සුන්තා වැඩවීම් ද ස්වාභාවික බවයි. එහෙත් මේ සම්බන්ධයෙන් දැඩිව කටයුතු කි... |
"පෑලියගොඩට ලොරි ඒම 60%කින් බසී – තිබෙන එළවළුත් ගිනි ගණං" | "ඉන්ධන අර්බුදය හේතුවෙන් ආර්ථික මධ්‍යස්ථානවලට එළවළු රැගෙන එන වාහන 60% කින් අඩුවී ඇති අතර වෙළෙඳුන්ගේ පැමිණීමද අවම වී තිබේ. මේ නිසා එළවළු මිල ඉතාමත් අධික වූ බව සමස්ත ලංකා ආර්ථික මධ්‍යස්ථාන සභාපති අරුණ ශාන්ත හෙට්ටිආරච්චි මහතා “දිවයින”ට පැවසීය.ඊයේට සමගාමීව එළවළු තොග ඉතාමත් අඩුවෙන් වෙළෙඳ මධ්‍යස්ථානයට ලැබුණු බවද ඒ මහතා සඳහන් ... |
"මෙරට ජනතාවගේ පෝෂණයට ඔස්ටේ්‍රලියාවෙන් ඩොලර් මිලියන 50 ක්" | "ශ්‍රී ලාංකික ජනතාවගේ පෝෂණ සහ සෞඛ්‍ය අවශ්‍යතා සඳහා ඩොලර් මිලියන 50 ක ආධාරයක් ලබාදීමට ඔස්ටේ්‍රලියානු රජය තීරණය කර ඇත.මෙම ආධාර මුදල් එරට “නිල සංවර්ධන සහයෝගිතාව” යටතේ ලබාදෙන බව ඔස්ටේ්‍රලියානු විදේශ අමාත්‍යාංශය නිකුත්කළ නිවේදනයෙහි දැක්වෙයි.ශ්‍රී ලංකාව මේ වනවිට දරුණු ආර්ථික අර්බුදයකට මුහුණදෙමින් සිටින බවත් ඒ හේතුවෙන් ආහාර, ... |
"ජිනීවා කවුන්සිලයේ ක්‍රියාමාර්ගවලට ශ්‍රී ලංකා රජය එකඟ වෙයි" | "වසර 13 කට පසු රජය ජිනිවා මානව හිමිකම් කවුන්සිලයේ ජාත්‍යන්තර ක්‍රියාමාර්ග අනුව කටයුතු කිරීමට එකඟවී ඇත.මේ බව මානව හිමිකම් කොමසාරිස් මිචෙලි බැචලේ වෙත දන්වා තිබේ. වත්මන් රජය බලයට පැමිණීමෙන් පසු ශ්‍රී ලංකාව ජිනිවා යෝජනාවෙන් ඉල්ලා අස්විය. 51 වැනි ජිනිවා මානව හිමිකම් සැසිවාරය සැප්තැම්බර් මස ආරම්භ වන අතර එහිදී බි්‍රතාන්‍ය ඇතු... |
"චීනය – ශ්‍රී ලංකාව අතර ගුවන් ගමන් වැඩිකරයි – සතියට ගුවන් ගමන් වාර 3 ක්" | "චීනය සහ ශ්‍රී ලංකාව අතර සිදුකෙරෙන ගුවන් ගමන් වාර සංඛ්‍යාව වැඩි කිරීමට තීරණය කර තිබේ. ඒ අනුව මේ සතියේ සිට චීනය, ශ්‍රී ලංකාව වෙත ගුවන් ගමන් වාර 03 ක් සිදුකරයි. ශ්‍රී ලංකන් ගුවන් සේවයට වැඩි වාර ගණනක් චීනය වෙත පැමිණීමට ද අවස්ථාව සැලසෙයි. ශ්‍රී ලංකාවේ චීන තානාපති චි සෙන්හොන්ග් (Qද්‍ය Zhenhong) මහතා පසුගිය 16 දා කොළඹ, කො... |
"තැන තැන තෙල් පෝලිම්වලින් හද ගිනි ඇවිළෙයි – ගැටුම්වලින් පොලිසියට හමුදාවට තුවාල" | "මුලතිව් – මාරවිල-හිඟුරක්ගොඩ – මාවනැල්ල – අතුරුගිරිය – හැටන් නොසන්සුන්කාරී සිදුවීම්දිනෙන් දින ඉන්ධන අර්බුදය උග්‍රවන විට ප්‍රදේශ රැසක ඉන්ධන හල් ආශ්‍රිතකර ගෙන ගැටුම්කාරී හා උණුසුම්කාරී තත්ත්වයන් රැසක් ඊයේ (19 දා) වන විට වාර්තා වී තිබිණි.මුලතිව්, මාරවිල, හිඟුරක්ගොඩ, මාවනැල්ල, අතුරුගිරිය, හැටන් ඇතුළු ප්‍රදේශ රැසකින් මෙම සි... |
"නින්දක්….. නිමක් නැති තෙල් පෝලිම්වල දුක…!" | "අව්ව, වැස්ස, රැය දවාල නොතකා පෙරේදා (18දා) සිට ඉන්ධන පෝලිමේ රැඳී සිටින පුද්ගලයන් තම ගිමන් නිවාගත් අයුරු මෙසේ ‘දිවයින’ කැමරා ඇසට ලක්වූයේ කොළඹ – සිරිමාවෝ බණ්ඩාරනායක මාවතේ ඉන්ධන පෝලිමේදීය. පිංතූරය – නිමල් දයාරත්න" |
"ප්‍රේමදාස පිටියේදී පැතුම් ඉටුවෙයි – ශ්‍රී ලංකා – ඔස්ටේ්‍රලියා තෙවැනි එක්දින ක්‍රිකට් තරගය" | "කොළඹ ආර්. ප්‍රේමදාස පිටිය වර්ණවත් කළ පැතුම් නිස්සංකගේ කුළුඳුල් ශතක ඉනිම හේතුවෙන් සහ කුසල් මෙන්ඩිස්ගේ සටන්කාමී ඉනිම හේතුවෙන් ප්‍රබල ඔස්ටේ්‍රලියානුවන්ට එරෙහිව පැවැති තෙවැනි එක්දින තරගයේදී කඩුලු 6ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (19 වැනිදා) සමත්විය. ඒ අනුව දෙරට අතර ක්‍රියාත්මක තරග 5කින් සමන්විත එක්දින තරගාවලිය... |
"ලියෝනි දිවි රඟමඬලින් සමුගනී" | "ප්‍රවීණ වේදිකා, සිනමා, ටෙලිනාට්‍ය රංගන ශිල්පිනී ලියෝනි කොතලාවල මහත්මිය ඊයේ (19 දා) උදේ සිය දිවි රඟමඬලින් සමුගත්තාය.මියයන විට 78 වැනි වියේ පසු වූ ලියෝනි අභාවප්‍රාප්ත ප්‍රවීණ කැමරා ශිල්පී තිස්ස කොතලාවල මහතාගේ දයාබර බිරිඳ වූවාය.පිරිමි දරුවන් 5 දෙනකුගේ මෑණියන් වූ ඇය වසරක සිට අසනීප තත්ත්වයෙන් පසුවූවාය.1962 වසරේදී ශ්‍රී ලංක... |
"ජනතාව වේදනාවෙන්: ගන්න පියවර කියන්න – නීතිඥ සංගමය රජයට කියයි" | "රටේ පවත්නා බරපතළ තත්ත්වය හේතුවෙන් බලාපොරොත්තු සුන්වී ජනතාව කෝපයට සහ දැඩි අසහනයට පත්ව ඇති අවස්ථාවක ඉන්ධන සහ ගෑස් හිඟය සම්පූර්ණ කිරීමට රජයේ සැලසුම් සහ ගන්නා දෛනික ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් මහ ජනතාව නිරන්තරයෙන් දැනුවත් කළ යුතු බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.කුරුණෑගල මාස්පොත ඉන්ධන පිරවුම්හලක් අ... |
"පෞද්ගලික බස්වලට ඩිපෝවලින් තෙල් – ඉදිරි දින තුනේ පෙට්‍රල් පෝලිම්වලට එන්න එපා" | "ඇමැති කංචන ඉල්ලයිඅත්‍යවශ්‍යම නම් පමණක් විනා ඉදිරි දින තුනේ පෙට්‍රල් පෝලිම්වලට නොඑන ලෙස තමා මහජනතාවගෙන් විශේෂ ඉල්ලීමක් කරන බව විදුලිබල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර මහතා පවසයි.ජුනි 23 වැනිදා පෙට්‍රල් නෞකාවක් පැමිණීමට නියමිතව ඇති බැවින් එදිනෙන් පසු මේ තත්ත්වය යථා තත්ත්වයට පත් කරන්නට අපේක්‍ෂා කරන බැවින් අත්‍යවශ්‍ය කරුණක... |
"ජනතාව බඩගින්නේ තබන්නේ නැහැ – අගමැති" | "ආහාර අර්බුදය හමුවේ කිසිවකු බඩගින්නේ තැබීමට කටයුතු නොකරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.ඉදිරි කාලයේදී ශ්‍රී ලාංකීය ජනගහනයෙන් සියයට 40 ත් 50 ත් අතර පිරිසකට මේ ආහාර අර්බුදය සෘජුව බලපෑ හැකි අතර එම තත්ත්වය පාලනය කර ගැනීමට අවශ්‍ය කටයුතු සකස්කරන බවත් අග්‍රාමාත්‍යවරයා කියයි.මෙහිදී විශේෂයෙන්ම කුඩා දරුවන් හා වැඩිහ... |
"ලංගමෙන් හරියට තෙල් දුන්නොත් පෞද්ගලික බස් සියයට 50ක් අද දුවනවා – ගැමුණු විජයරත්න" | "පෞද්ගලික බස් රථවලට ලංගමයෙන් හරියට ඉන්ධන ලැබුණොත් අද (20 දා) බස් රථ සියයට 50 ක් ධාවනයේ යෙදවිය හැකි බව ලංකා පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා ‘දිවයින’ට පැවසීය.ඉන්ධන හිඟයක් රට තුළ පවතින මොහොතේ සියලුදෙනා පෞද්ගලික වාහන අතහැර පෞද්ගලික බස්රථවලින් රැකියා ස්ථාන කරා යෑමට පැමිණෙන ලෙස ද හෙතෙම ජනතාවගෙන් ඉ... |
"ලංකා බැංකුවට ගිය වසරේ රු. බිලියන 43ක බදු පෙර ලාභයක්" | "ගිය වසරේ (2021) දී ලංකා බැංකුව රු. බිලියන 43 ක ඉතිහාසයේ වාර්තාගත බදු පෙර ලාභයක් උපයා ගැනීමට සමත්ව ඇත.ලංකා බැංකුවේ 2021 වාර්ෂික වාර්තාව පසුගියදා ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාට පිළිගැන්වීම කොළඹ කොටුව ජනාධිපති මන්දිරයේදී සිදුවූ අතර එහිදී මේ බව අනාවරණය විය.ලංකා බැංකුවේ සභාපති කාංචන රත්වත්ත මහතා විසින් ලංකා බැංකුවේ වාර්ෂික... |
"රජය ටෙන්ඩර්වලින් තොරව තෙල් ගන්න යයි – චීන – ඉන්දීය සහන ප්‍රමාදයි" | "ඉදිරි සති කිහිපය සඳහා මෙරටට අවශ්‍ය ඩීසල් සහ පෙට්‍රල් මිලට ගැනීම සඳහා ටෙන්ඩර් ක්‍රියාමාර්ගවලින් තොරව කටයුතු කිරීම සලකා බැලීමට රජය තීරණය කර ඇත. ඩීසල් සහ පෙට්‍රල් මිලට ගැනීම සඳහා චීනයෙන් සහ ඉන්දියාවෙන් ණය සහන ලැබීමට නියමිත නමුදු ඒවා තවමත් ලැබී නැත. මෙවැනි තත්ත්වයක් යටතේ තෙල් අර්බුදය පුළුල් වෙමින් පවතී. එබැවින් ටෙන්ඩර් ක්... |
"කිරිදෙන මව්වරුන්ට පෝෂණ මල්ලත් නවතියි" | "කිරිදෙන මව්වරුන්ට සහ නිර්දේශිත ළදරුවන් සඳහා මෙතෙක් නොමිලේ ලබාදුන් ත්‍රිපෝෂ මින් ඉදිරියට ලබාදිය නොහැකි බවත් ධාන්‍ය එක්කොට ඒ හා සමාන ආහාරයක් නිවසේදී සකසාගන්නා ලෙසත් පවුල් සෞඛ්‍ය නිලධාරිනියන් විසින් බේරුවල ප්‍රදේශයේ මාතෘ හා ළදරු සායනයන්හිදී මව්වරුන් දැනුම්වත් කර තිබේ. පවතින ආර්ථික අර්බුදය සහ ධාන්‍ය සපයා ගැනීමේ නොහැකියාවත... |
"කොළඹ ඇතුළු නගරබද පාසල් අද සිට සතියක් වැසේ" | "ග්‍රාමීය පාසල් ගැන තීරණය විදුහල්පතිවරුන් අතේ රට තුළ මතුව තිබෙන ඉන්ධන අර්බුදය ඇතුළු කරුණු කිහිපයක් සැලකිල්ලට ගෙන අදින් (20 දා) ආරම්භ වන සතිය (24 වැනිදා) තුළ බස්නාහිර පළාත කොළඹ කලාපයේ පිහිටි පාසල් නොපැවැත්වීමටත්, ප්‍රධාන නගර නොවන ප්‍රදේශවල පිහිටි පාසල් සම්බන්ධව සුදුසු පරිදි කටයුතු කිරීමටත් අධ්‍යාපන අමාත්‍යාංශය පළාත් අධ්... |
"දවසකට කෝටි 40ක් හොරාකන්නට දී කෘත්‍රිම රා වලින් සල්ලි ගරති!" | "රේගුව, දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව සහ සුරාබදු දෙපාර්තමේන්තුව රටේ ප්‍රධානම ආදායම් දොරටු තුනයි. රටේ පවතින අර්බුදකාරී තත්ත්වය උඩ ව්‍යාපාරවලට අත්වී තිබෙන ඉරණම නිසා ආදායම්බදු කෙසේ වෙතත් බදු ගෙවන්නට ව්‍යාපාර ඉතිරි වේ දැයි යන සැකය පවතිනවා. ආනයන සීමා නිසා ආනයන වියදම් අඩු වී රේගුවේ අපනයන ආදායම් ද අඩු වී ඇත්තේ පවතින ඉන්ධන හ... |
"IMF ඉදිරි සාකච්ඡා වටය අද ඇරඹෙයි" | "ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් මූල්‍ය පහසුකම් ලබා ගැනීම සඳහා වන ඉදිරි සාකච්ඡා වටය අද (20 දා) ආරම්භ වේ.මේ සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිස ඊයේ (19 දා) ශ්‍රී ලංකාවට පැමිණි අතර අද සිට කාර්ය මණ්ඩල මට්ටමේ සාකච්ඡා පැවැත්වේ.මේ අනුව අදාළ මූල්‍ය පහසුකම ශ්‍රී ලංකාවට ලබා ගැනීමට අදාළව ප්‍රතිපත්තිමය කරුණු මෙන්ම තාක්‍ෂණික ... |
"“සිසුන්ට පහසුකම් නොදී ඔන්ලයින් කරලා වැඩක් නෑ” – මහින්ද ජයසිංහ" | "සිසුන්ට පහසුකම් සලසන්නේ නැතිව මාර්ගගත ක්‍රමයට (online) අධ්‍යාපන කටයුතු සිදුකිරීමෙන් අපේක්‍ෂිත අරමුණු ඉටුවන්නේ නැතැයි ලංකා ගුරු සේවා සංගමයේ සභාපති මහින්ද ජයසිංහ මහතා ඊයේ (19 දා) පැවසීය.මීට පෙර මාර්ගගත ක්‍රමයට කළ ඉගැන්වීම් සාර්ථක වී තිබුණේ සමස්ත සිසු ප්‍රජාවෙන් සියයට 34 කට පමණක් බවත් ඒ අතරින් බහුතරය බස්නාහිර පළාතේ සිසුන... |
"තෙල් නැව් දෙකකට ණයවර ලිපි අරී" | "පෙට්‍රල් සහ ඩීසල් ආනයනය සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 90 ක ණයවර ලිපි විවෘත කර ඇත.මේ අනුව ජුනි 23 සහ ජුනි 24 යන දෙදින පෙට්‍රල් නැවක් සහ ඩීසල් නැව මෙරටට පැමිණීමට නියමිතය.මේ ණයවර ලිපි සඳහා ගෙවීම් කිරීමට අදාළ ඇමෙරිකානු ඩොලර් මිලියන 90 ක විදේශ විනිමය ප්‍රමාණය මහ බැංකුව විසින් නිදහස් කර තිබේ.නව ඉන්ධන සැපයුම්කරුවන් හරහා මේ ඉන්... |
"හරියට වැඩ නොකළහොත් ඊළඟට ගිනි තියන්නේ රාජ්‍ය නිලධාරීන්ගේ නිවාස – කෘෂිකර්ම අමාත්‍යංශ ලේකම් රෝහණ පුෂ්පකුමාර" | "රජයේ නිලධාරීන් කැපවීමකින් සහ කාර්යක්ෂමව වැඩ නොකළහොත් ජනතාව ඊළඟට ගිනි තියන්නේ රාජ්‍ය නිලධාරීන්ගේ නිවාස බව කෘෂිකර්ම අමාත්‍යංශ ලේකම් රෝහණ පුෂ්පකුමාර මහතා පැවසීය.මේ මොහොතේ රටට සිදුවිය යුතු සේවය නිසි ලෙස ඉටු නොවන්නේ නම් රාජ්‍ය නිලධාරීන් ගෙන් වැඩක් නොමැති බවද ඒ මහතා පැවසුවේය.යල කන්නයේ අස්වනු කැපීම සඳහා ජූලි සිට ඔක්තෝම්බර් ම... |
"චීන සමාගම පස්ස ගහයි කැලණිතිස්ස ගෑස් ටර්බයින් ව්‍යාපෘතිය පමා වෙයි" | "කැලණිතිස්ස විදුලි බලාගාරයේ සවි කිරීමට යෝජිත මෙගාවොට් 35ක ගෑස් ටර්බයින ව්‍යාපෘතිය තවදුරටත් පමා වීමට නියමිත බව විදුලි බල මණ්ඩලයේ ආරංචි මාර්ග සඳහන් කරයි. මේ ටර්බයින තුන සැලසුම් කර නිපදවා කැලණිතිස්ස බලාගාරයේ සවිකිරීමට නියමිතව තිබෙන චීනයේ CNEC ්‍සමාගම කියන පරිදි මෙම ව්‍යාපෘතිය සඳහා මුදල් ගෙවීම සඳහා ශ්‍රී ලංකාව ඉදිරිපත් කර ... |
""ජවිපෙවත්, පෙරටුගාමීන්වත් හාල් ගැන කතාවක් නෑ – ඇමැති රොෂාන් රණසිංහ"" | "ජනතාවගේ ප්‍රධාන ආහාරය සඳහා යොදා ගන්නා හාල් කිලෝ එක රුපියල් 300 ට ආසන්න බවත් ජනතා විමුක්ති පෙරමුණවත්, පෙරටුගාමීන්වත් හාල් කිලෝව රුපියල් 1000 ට ගියත් කතා කරන්නේ නැති බවත් ඔවුන් අතර ඩීල් එකක් තිබෙන බව එයින් පෙනී යනවා යැයි ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පැවසීය.අමාත්‍යවරයා මේ බව පැවසූවේ පසුගිය 17 වන දා උ... |
"දුර්දාන්ත වැඩපිළිවෙළ නතර කොට ජනතාව ජීවත් කරවීමේ පාලනයකට ඉඩ සලසා දෙන්න – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස" | "විසි හතර පැයම පෝලිම්වල දුක් විඳින ත්‍රීවිල් රථ රියදුරන් වෙනුවෙනුත්, වාහනවල දුක් විඳින ජනතාව වෙනුවෙනුත්, කුසගින්නේ පෝලිම්වල සිටින ජනතාව වෙනුවෙනුත්, පෝලිම්වල මියගිය අහිංසක මිනිසුන් වෙනුවෙනුත්, දුම්රියේ ගමන් කරමින් සිටියදී ඇද වැටී මිය ගිය අහිංසක තරුණයා වෙනුවෙනුත් ආණ්ඩුවට බලකර සිටින්නේ මේ දුර්දාන්ත වැඩපිළිවෙළ නතර කොට ජනතා... |
"ආර්ථික අර්බුදය විසඳා ගැනීමට පාකිස්තානු රජයේත් පූර්ණ සහාය" | "පවතින ආර්ථික අර්බුදය විසඳා ගැනීමට ශ්‍රී ලංකාවට තම රජයේත් පූර්ණ සහාය ලබාදෙන බව පකිස්ථානු මහ කොමසාරිස් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) උමාර් ෆාරුක් බුර්කි මහතා ජනාධිපති ගෝඨාභය රාපක්ෂ මහතාට පවසා ඇත. ඉකුත් 17දා පස්වරුවේ කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේදී ජනාධිපතිවරයා හමුවෙමින් පකිස්ථානු මහ කොමසාරිස්වරයා මේ බව සඳහන් කළේය. දෙරට අතර... |
"මාස 3කට සහල් සංචිත රටේ තිබෙනවා – පාලන මිලට වඩා සතයක්වත් වැඩියෙන් සහල් මිලදී ගන්න එපා" | "● හාල් මෙ. ටොන් 7 ක් ගන්න මිලියන 400 ක් වැය කරලාඒත් මිලියන 500 ක පොහොර ගෙනාවා නම් මුළු රටටම ඇති● ආණ්ඩුව ගැසට් ගහනවා… අවලංගු කරනවා ඒවා අපට වැඩක් නෑ● පාලකයන්ගේ කතාත් සහල් මිල ඉහළ යෑමට බලපෑවාමහා පරිමාණ සහල් ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන ජනතාවගෙන් ඉල්ලයිරජයේ පාලන මිලට සතයක්වත් වැඩියෙන් සහල් මිලදී ගන්න එපා යැයි මහා පරිමාණ සහල් ... |
"ගල් අගුරු සංචිත රැකගන්න නොරොච්චෝලේ ගල් කරයි" | "නොරොච්චෝල ගල් අඟුරු බලාගාරයට අවශ්‍ය ගල් අඟුරු නැව් වාර 14ක් සඳහා ණයවර ලිපි නිකුත් කිරීමට නොහැකි වීම නිසා ගල්අඟුරු සංචිත ලබන අගෝස්තු මස වනවිට අවසන් වනු ඇතැයි ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරුවරු හෙළි කරති.අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් සඳහා නොරොච්චෝල ගල්අඟුරු බලාගාරයේ එක් ජනන යන්ත්‍රයක් (මෙගාවොට් 300) නතර කර දැමුවේ සීමිත ගල් අ... |
"පෙට්‍රල් වාහන ගාල්වෙයි" | "පෙට්‍රල් නෞකාවක් මිලදී ගැනීමට මහජන බැංකුව සිකුරාදා (17 වැනිදා) ණයවර ලිපි නිකුත් කළත් පෙට්‍රල් ගෙනැවිත් බෙදාහැරීමට තවත් සතියක් පමණ ගතවන නිසා පෙට්‍රල් වාහන ගාල් කර තැබීමට සිදුවනු ඇතැයි තෙල් සංස්ථා උසස් නිලධාරියෙක් ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට පැවසීය. සිකුරාදා (17 වැනිදා) වනවිට තෙල් සංස්ථාව සතුව තිබුණේ පෙට්‍රල් මෙටි්‍රක් ටොන... |
"ඉදිරියටත් රටට සේවය කරනවා" | "වසර හයක පූර්ණ මහ බැංකු අධිපති ධුර කාලයක් කටයුතු කිරීමට තමන් කැමැත්ත පළකර ඇතැයි මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා බීබීසී පුවත් සේවයට පවසා ඇත.වර්තමාන මහ බැංකු අධිපති ධුර කාලය 2022 ජුනි 30 දා දිනෙන් අවසන් වෙයි.තමා අධිපති ධුරය භාරගන්නා අවස්ථාවේදී මාස දෙකක් මහ බැංකු අධිපතිවරයා ලෙස සේවය කර පිටව යෑමට අපේක්‍ෂා නොකළ... |
"බැෂලේට යන්නැයි රටවල් 18ක් කියයි – ජිනීවා සමුළුව අර්බුදයක" | "මානව හිමිකම් උල්ලංඝනය වීම් වසන් කිරීමේ චෝදනා මත ජිනීවා මානව හිමිකම් කොමසාරිස් මිචෙලි බැෂලේට වහාම ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස රටවල් 18ක් සහ සංවිධාන 230ක් ඉල්ලා ඇත.මේ නිසා ආරම්භවී ඇති 50 වැනි ජිනීවා සමුළුව දැඩි අර්බුදයකට ලක්වී තිබේ. මෙම ඉල්ලීමත් සමගම මිචෙලි බැෂලේ ප්‍රකාශ කර ඇත්තේ තමා යළිත් වරක් මානව හිමිකම් කොමසාරිස් ධුරයට ... |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.