Title
stringlengths
9
246
Content
stringlengths
3
62.9k
"“ගෑස්” බස්සන්න ලිපක් එයි"
"ගෑස් ප්‍රශ්නයට විසඳුමක් ලෙස දර සොයා ගත නොහැක නාගරික ජනයාට සහ මහල් නිවාසවල වෙසෙන ජනයාට ද පහසුවෙන් භාවිතා කළ හැකි අලුත් ලිපක් ඉතා ඉක්මනින් ජනතාවට හඳුන්වාදීමට පියවර ගන්නා බව කර්මාන්ත ඇමැති වෛද්‍ය රමේෂ් පතිරණ මහතා ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට පැවසීය.පොල් කටු අඟුරු භාවිතා කරන එවැනි ලිප් වර්ග කිහිපයක සම්පල් කාර්මික සංවර්ධන මණ්ඩ...
"ශ්‍රීලංකාව යුද අපරාධ කළ බව ජිනීවා සමුළුව තීරණය කරයි."
"ශ්‍රී ලංකාව වන්නි මෙහෙයුමේදී යුද අපරාධ කළ බව ජිනීවා මානව හිමිකම් කවුන්සිලය වසර 13කට පසු පිළිගෙන ඇත.මේ බව ඇමරිකානු විදේශ සබඳතා කමිටුවේ ප්‍රධානී බොබ් ටෙනීඩෙස් විසින් අනාවරණය කර තිබේ.ඇමරිකානු විදේශ සබඳතා ප්‍රධානියා තවදුරටත් දක්වා ඇත්තේ ශ්‍රී ලංකාවේ පැවතියේ සිවිල් යුද්ධයක් බවයි. ශ්‍රී ලංකාවට එරෙහි එම යුද අපරාධ වාර්තාව ගැන...
"අයථා දේපළ නඩුවල භාණ්ඩ විකුණා වෙනම ගිණුමකට"
"අයථා ලෙස උපයා ගන්නා ලද මුදල් වැය කරමින් මිලදි ගත් වාහන, නිවාස හා ඉඩම් ඇතුළු දේපළ සම්බන්ධ නඩුවලදී අදාළ භාණ්ඩ මාස තුනක් ඇතුළත මුදා හැරිය නොහැකි නම් ඒවා අලෙවි කර අදාළ නඩුව නමින් ගිණුමක් විවෘතකර ඊට බැර කිරීමට අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ඇමැති විජයදාස රාජපක්ෂ මහතාගේ අවධානයට යොමු වී ඇත.ඒ අ...
"ඉන්දියාවේ රාජ්‍ය සේවයේ පුරප්පාඩු ලක්ෂ 10ක්"
"සේවකයන් බදවා ගැනීමේ අපහසුතාවක නිසා ඉන්දියාවේ රාජ්‍ය සේවයේ පුරප්පාඩු ලක්‍ෂ 10කට අධික ප්‍රමාණයක් ඇතත් එම පුරප්පාඩු සඳහා සේවකයන් බඳවා ගැනීමේ අපහසුතාවයක් පවතින බව ඉන්දීය මධ්‍යම රජය පවසයි.ඒ අනුව ඉදිරි මාස 18ක කාලය ඇතුළත රාජ්‍ය සේවයට ලක්‍ෂ 10ක සේවකයන් බඳවා ගන්නා ලෙස ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා මධ්‍යම රජයට ට්විටර් පණිව...
"සර්ප විෂට සිංහල බෙහෙත් ප්‍රවර්ධනය කෙරේ."
"සර්ප විෂ ශරීර ගතවූ විට දේශීය විෂ වෙදකමට අනුව ප්‍රතිකාර ලබා ගැනීම සඳහා ජනතාව වැඩි වශයෙන් යොමු කර ගැනීමට කැලණිය විෂ වෙද රෝහල සහ වෛද්‍ය විද්‍යාලය අවධාය යොමුකර ඇතැයි එහි වෛද්‍ය අධිකාරි හා විදුහල්පතිනී වෛද්‍ය පතිරාජ විනීතා කල්‍යාණි මහත්මිය පැවසුවාය.සර්පයින් ඇතුළු විෂ සතුන් දෂ්ට කිරීමෙන් විෂ ශරීර ගත වන රෝගීන්ට රජයේ රෝහල් මග...
"හෙටත් විසඳුම් නැතොත් සෞඛ්‍ය විරෝධතා දිගටම"
"වෛද්‍යවරුන්, හෙද – හෙදියන්, කනිෂ්ඨ කාර්ය සහායකයන් ඇතුළු සමස්ත සෞඛ්‍ය සේවාවේ නිරත එක් ලක්ෂ විසිදහසක පිරිසට අවශ්‍ය ප්‍රවාහන පහසුකම් ලබාදීම, වැටුප් වැඩි කිරීම, රෝහල් තුළ පවතින ඖෂධ හිඟය ඇතුළු ගැටලුවලට විසඳුම් හෙට (20 වැනිදා) වනවිට ලබා නොදෙන්නේ නම් අඛණ්ඩ විරෝධතා ව්‍යාපාරයකට යන බව සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති එකමුතුවේ සම කැඳවු...
"හෙටත් විසඳුම් නැතොත් සෞඛ්‍ය විරෝධතා දිගටම"
"වෛද්‍යවරුන්, හෙද – හෙදියන්, කනිෂ්ඨ කාර්ය සහායකයන් ඇතුළු සමස්ත සෞඛ්‍ය සේවාවේ නිරත එක් ලක්ෂ විසිදහසක පිරිසට අවශ්‍ය ප්‍රවාහන පහසුකම් ලබාදීම, වැටුප් වැඩි කිරීම, රෝහල් තුළ පවතින ඖෂධ හිඟය ඇතුළු ගැටලුවලට විසඳුම් හෙට (20 වැනිදා) වනවිට ලබා නොදෙන්නේ නම් අඛණ්ඩ විරෝධතා ව්‍යාපාරයකට යන බව සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති එකමුතුවේ සම කැඳවු...
"හෝටල් සේවකයන් ලක්ෂ 11/2කගේ රැකියා අහිමිවෙයි"
"පවතින ඉන්ධන, ගෑස්, අර්බුද හේතුවෙන් හෝටල් හිමිකරුවන් සහ හෝටල් සේවකයන් ලක්‍ෂ එකහමාරකට අධික පිරිසකගේ දෛනික ආදායම අහිමිවී යෑමෙන් ඉතා අන්ත අසරණවී ඇතැයි ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මහතා ‘දිවයින’ ඉරිදා සංග්‍රහයට පැවසීය. දිවයිනේ තරු පන්තියට අයත් නොවන හෝටල් පනස්දහසකට අධික සංඛ්‍යාවක් ඇති බවත්, ඒවායින් විසිදහසක් ...
"ඉන්ධන පෝලිම්වල මරණ 13ක්"
"ඉන්ධන හා ගෑස් පෝලිම්වල සිටියදී මේ වන විට පුද්ගලයන් දහතුන්දෙනකු මියගොස් ඇත. ආණ්ඩුවේ වැරදි කළමනාකරණය නිසා ජීවිතවලින් වන්දි ගෙවන අහිංසක ජනතාවට වහා වන්දි ලබාදෙන ලෙස සමගි ජනබලවේගය ඉල්ලා සිටී. මෙලෙස පෝලිම්වල සිටියදී මියගිය අයට සාධාරණය ඉටු නොකරන්නේනම් ජගත් මානව හිමිකම් කමිටුවට යන බව සමගි ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම...
"4 වෙනි මාත්‍රාව ගෙන ඇත්තේ 8300 දෙනයි – අගෝස්තුවේ කල් පනී…."
"කොවිඩ් මර්දනය වෙනුවෙන් ලබාදෙන හතරවන එන්නත් මාත්‍රාව (ෆයිසර්) මේ වනවිට ලබාගෙන ඇත්තේ මෙරට පුද්ගලයන් අටදහස් තුන්සියයකට ආසන්න පිරිසක් පමණක් බව සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල්, විශේෂඥ වෛi, හේමන්ත හේරත් මහතා ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට ප්‍රකාශ කළේය.පවතින තත්ත්වය යටතේ මෙම එන්නත් මාත්‍රාව ලබාගැනීම අනිවාර්ය නැතත්, නිදන්ගත ර...
"අදුරු තැන්වලත් ඩෙංගු මදුරුවෝ"
"ඩෙංගු රෝගය පාලනය සඳහා ඩෙංගු මදුරුවන් මර්දනය කිරීමට පියවර ගැනීමේදී මදුරුවන් බෝවන ස්ථාන විනාශ කිරීමට පියවර ගන්නවා හා සමානව මදුරුවන් බහුලව රැඳී සිටින නිවාස අතුළත අඳුරු ස්ථානවල අඳුරු බව නැති කිරීමටද අවධානය යොමු කළ යුතු බවට ඩෙංගු මදුරුවන් මර්දනය සම්බන්ධව සිදුකර ඇති පර්යේෂණ මගින් අනාවරණය කරගෙන ඇත.මදුරුවන් සක්‍රිය වන්නේ අඳුර...
"ඡන්දයකින් අලුත් ආණ්ඩුවක් පිහිටු වුවොත් පහුවදාම විසඳුම්"
"පවතින ආණ්ඩුව විසුරුවාහැර මහ මැතිවරණයකින් නව ආණ්ඩුවක් පිහිටවුවහොත් ඊට පසුදාම අර්බුදයට විසඳුම් සෙවිය හැකි බව හිටපු ජනාධිපති සහ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සභාපති මෛත්‍රිපාල සිරිසේන මහතා සඳහන් කළේය. ඒ පිළිබඳව රටේ සිටින විදේශ තානාපතිවරුන්ද සාකච්ඡා කළ බවත් ඔවුන් සියලු දෙනාම සඳහන් කරනු ලැබුවේ මහ මැතිවරණයක් පවත්වන්න කාලයක් නිය...
"වරායේ මුළුතැන්ගෙය සහ ආහාර සැකසීම වහාම වෙනස්විය යුතුයි"
"කජු වෙනුවට වෙනත් ආදේශක යොදාගන්න වසර හතළිස් හතරකට (44) පෙර ඉදිකළ වරාය මුළුතැන්ගෙය මේ වන විට ඉතාමත්ම අබලන් තත්ත්වයට පත්වී ඇති බවත්, එහි ආහාර සැකසුම් තවමත් පවතින්නේ පැරණි ක්‍රමයට බවත් මෙම තත්වය වහාම වෙනස් කළ යුතුව ඇතැයි වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා වරාය බලධාරීන්ට පැවසීය. වරාය වෘත්තීය සමිත...
"දසවසරක ආර්ථික සංවර්ධන සැලැස්මක් හදන්නැයි  කෝපා වෙතින් උපදෙස්"
"රටේ ආර්ථික සංවර්ධනය අරමුණු කරගත් වසර 10 සඳහා වූ නිශ්චිත ආර්ථික සංවර්ධන සැලැස්මක් සකසන ලෙස කෝපා කමිටුව විදේශ සම්පත් දෙපාර්තමේන්තුවට උපදෙස් ලබාදුන්නේය. විදේශ සම්පත් දෙපාර්තමේන්තුවට මෙම උපදෙස් ලබාදුන්නේ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය තිස්ස විතාරණ මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා (09 ද...
"රෝහල් වහන්න වෙන දිනය අත ළඟ!"
"වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන ඉන්ධන ලබා දීමේදී සෞඛ්‍ය සේවාව සඳහා ප්‍රමුඛතාවය දෙන බවට රජය ප්‍රකාශ කර තිබුණද මේ වනතුරු එවැන්නක් ක්‍රියාත්මක නොවන නිසා නුදුරේදීම වෛද්‍ය සහ සේවක හිඟයෙන් රෝහල් වසා දැමීමට සිදුවන තත්ත්වයක් නිර්මාණය වෙමින් පවතින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති, වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා “දිවයිනට, ඊයේ (17 ද...
"මාකුඹුර ඇවිළෙයි රියැදුරෝ බස් ගෙනවිත් පිවිසුම හරස් කරති අධිවේගයේ බස් පැය දෙකක් හිරවෙයි"
"කොට්ටාව, මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ ඉදිකර අති නව ඉන්ධන පිරවුම්හල මගින් අධිවේගී මාර්ග බස් රථ සඳහා පමණක් ඉන්ධන නිකුත් කිරීමට විරෝධය පා එම ප්‍රවාහන මධ්‍යස්ථාන පිවිසුම අවහිර කරමින් සිය බස් රථ හරස්කර ගාල්කර බස් රථ රියැදුරන් පිරිසක් විරෝධතාවක නිරතවීමත් සමග උණුසුම් තත්ත්වයක් ඊයේ හට ගැනිණි. මේ විරෝධතාවය හේතුවෙන් ඊයේ...
"රජයේ සේවකයන් සේවයට කැඳවීම සීමා කරයි"
"රටේ පවතින ඉන්ධන සැපයුම සීමා වීම හමුවේ පොදු ප්‍රවාහන සේවා සහ පෞද්ගලික ප්‍රවාහන සේවා දුර්වලවීම මත 20 දා සිට සති දෙකක කාලයක් රජයේ නිලධාරීන් කාර්යාල වෙත කැඳවීම සීමා කර ඇත. ඊට අදාළව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය ඉකුත් 17 වැනිදා චක්‍රලේඛයක් නිකුත් කර තිබේ. එම චක්‍රලේඛය අනුව රජයේ කාර්යාල සේ...
"වෛරි කථනයට එරෙහි දිනය අද"
"එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය මගින් ප්‍රකාශයට පත්කර ඇති වෛරී කථනයට එරෙහි ජාත්‍යන්තර දිනය අද (18 දා) ට යෙදී තිබේ. අද අපි වෛරී කථනයට එරෙහි ප්‍රථම ජාත්‍යන්තර දිනය සමරනු ලබනවා. වෛරී කථනය පිළිබඳ ගෝලීය වශයෙන් සිදුවී ඇති නැගීසිටීම සහ ඒ පිළිබඳ දක්වන උනන්දුව හඳුනාගනිමින් පසුගිය වසරේ ජූලි මාසයේදී එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය මගින් ව...
"උසාවියට අපහාස කළ ඇතිමලේ හිටපු ඕ.අයි.සී. රිමාන්ඩ්"
"අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව යටතේ අත්අඩංගුවට ගැනීමට නියමිතව සිටි ඇතිමලේ හිටපු පොලිස් ස්ථානාධිපති දැනට ගල්කිස්ස පොලිසියේ සේවය කරන ප්‍රධාන පොලිස් පරීක්ෂක නිලන්ත බුලත්සිංහල මහතා ඊයේ (17 දා) සියඹලාණ්ඩුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී සියඹලාණ්ඩුව මහෙස්ත්‍රාත් නයෝමි වික්‍රමාරච්චි මහත්මිය සැකකරු ජුලි මස 01 වැනි...
"චිත්‍රපටයත් ඉන්ධනවල දියවෙයි"
"රටේ පවතින උග්‍ර ඉන්ධන අර්බුදය නිසා සිංහල චිත්‍රපට කර්මාන්තය ඉතා අසීරු තත්ත්වයකට පත්වී ඇතැයි ජනප්‍රිය චිත්‍රපටි අධ්‍යක්‍ෂ උදයකාන්ත වර්ණසූරිය මහතා දිවයිනට (17 දා) ඊයේ කියා සිටියේය. කොරෝනා වසංගත තත්ත්වය නිසා වසර දෙකකට වැඩි කාලයක් චිත්‍රපට රූගත කිරීම් මෙන්ම ප්‍රදර්ශනය පවා කිරීමට නොහැකිවූ හේතුව නිසා නිෂ්පාදන අධ්‍යක්‍ෂවරු ඇ...
"පෙට්‍රල් බැරල් ලක්‍ෂ 3 ක් ගන්න ණයවර ලිපි හරි"
"ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් බැරල් ලක්‍ෂ තුනක් මිලදී ගැනීම සඳහා මුදල් ගෙවීමට ණයවර ලිපි විවෘත කර ඇති බව වාර්තා වේ. ඇමෙරිකානු ඩොලර් මිලියන 42.6 ක් සඳහා වන එම ණයවර ලිපිය මහජන බැංකුව මගින් විවෘත කර ඇති බව ද වාර්තා වේ. විදුලිබල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර මහතා පෙරේදා (16 දා) පැවැති මාධ්‍ය හමුවකදී කීවේ ඉක්මණින් ණයවර ලිපි ව...
"අධි චෝදනා භාරගත් ‘පොඩි ලැසීට’ ඇප"
"බූස්ස බන්ධනාගාරයේ දී බන්ධනාගාර කොමසාරිස්වරයා ඇතුළු උසස් නිලධාරීන් කිහිපදෙනකුට ප්‍රසිද්ධියේ මරණ තර්ජන එල්ල කිරීම සම්බන්ධයෙන් දරුණු ගණයේ අපරාධකරුවකු වන අරුමාහන්දි ජනිත් මධුසංක හෙවත් ‘පොඩි ලැසී’ නමැති විත්තිකරුට ගාල්ල මහාධිකරණ විනිසුරු කාවින්ද්‍යා නානායක්කාර මහත්මිය හමුවේ අධිචෝදනා භාර දෙන ලදී. හෙරොයින් කිලෝ ග්‍රෑම් 11යි ...
"ගෑස් හිඟය විදුලි බිලෙන් උඩට පනියි"
"ගෑස් හිඟය නිසා විදුලි බලයෙන් ඉවුම් පිහුම් කළ මහජනතාවගේ විදුලි බිල දෙගුණ වී ඇතැයි ජනතාව මැසිවිලි නගති. මේ නිසා සහනයක් ලබාදෙන ලෙසද ඔවුහු ඉල්ලා සිටිති. විශේෂයෙන් මේ ගැටලුවට මුහුණ දී ඇත්තේ කොළඹ ඇතුළු විවිධ ප්‍රදේශවල මහල් නිවාසවල ජීවත්වන පිරිසය. “දිවයින”ට අදහස් දක්වමින් මහල් නිවාස හිමියන් කිහිපදෙනකු කියාසිටියේ ගෑස් නොමැතිව...
"බිලියන 27ක මුදල් අච්චු ගසයි"
"ඉකුත් ජුනි 15 දා ශ්‍රී ලංකා මහ බැංකුව වෙත භාණ්ඩාගාර බිල්පත් නිකුත් කර රජය මුදල් ලබාගෙන ඇති අතර ඒ අනුව එදින අච්චු ගසා ඇති නව මුදල් ප්‍රමාණය රු. බිලියන 27.88 ක් වෙයි. මෙම භාණ්ඩාගාර බිල්පත් ප්‍රමාණයේ වටිනාකම රුපියල් මිලියන 27000 කි. අත්‍යවශ්‍ය භාණ්ඩ මුල්‍යනය කිරීම ඇතුළු රජයේ හදිසි මුදල් අවශ්‍යතා සඳහා මහා භාණ්ඩාගාරයේ ඉල්ල...
"විමල් වීරවංශට එරෙහි චෝදනා භාරදෙයි"
"අමාත්‍යවරයකු ලෙස කටයුතු කළ වසර පහක කාලයක් තුළදී සිය වත්කම් හා වැටුපෙන් උපයා ගත නොහැකි රුපියල් මිලියන 75 කට අධික මුදල් හා දේපළ හිමිකාරීත්වය දැරීමේ චෝදනා යටතේ පවරා ඇති නඩුවේ විත්තිකාර හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාට ඊයේ (17 දා) කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා ඉදිරියේදී අධිචෝදනා කියවා දු...
"ගැම්බියානු ජනපතිගේ ඇමරිකානු නිවස රජයෙන් තහනම් කරයි"
"නීති විරෝධි ලෙස ඉපයූ මුදල්වලින් ඇමරිකාවේ මොෂින්ටන්හි සුපිරි නිවසක් මිලට ගත් ගැම්බියාවේ හිටපු ජනපති සහියා ජට්වේශ්ගේ එම නිවස හා වත්කම් ඇමරිකානු රජය විසින් තහනම් කර ඇත. මොන්ටිගෝමර් නමින් හඳුන්වනු ලැබූ එම නිවස විකුණා ඉන් ලැබෙන මුදල් ගැම්බියාව් ජනතාවට පරිත්‍යාග කරන බව ඇමරිකානු රජය හෙළිකර තිබේ. 2016 දී ගැම්බියාවෙන් පැනගිය ස...
"එස්.ටී.එෆ්. වෙලට බහී: පොලුත් හිටවයි"
"කළුතර, බේරුවල මහ වෙල්යාය ප්‍රදේශයේ පුරන්ව ගිය අක්කර 7ක පමණ වගුරු බිමක වගා කිරීමේ කටයුතු පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් විසින් පසුගියදා ක්‍රියාත්මක කරන ලදී. පොලිස් විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරි නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දර මහතාගේ මූලිකත්වයෙන් යුතුව අධ්‍යක්ෂ පුහුණු විශේෂ කාර්ය බළකාය කළුතර කලාප අණදෙන නි...
"පීඩාවට පත් ජනතාවට කාදිනල්තුමාගෙන් සහනයක්"
"ආර්ථික වශයෙන් පීඩාවට පත් පවුල්වලට සහන සැලසීම සඳහා කොළඹ අගරදගුරු පදවිය මගින් දැන් ක්‍රියාත්මක කර ඇති වැඩපිළිවෙළට සහාය දීම සඳහා කිතුනු මිසම් පාලක පියතුමන්ලා මේ දිනවල ලහි ලහියේ ක්‍රියාත්මක කරගෙන යයි. වැන්දඹු පවුල් විශේෂ අවස්ථා සහිත දරුවන් සිටින ඔත්පල වූ රෝගතුර වූ සහ උග්‍ර දරිද්‍රතාවයෙන් පෙළෙන පවුල් සඳහා මෙම සහන සැලසීමේ ව...
"2023 වසරේ පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීම සඳහා වන ආදර්ශ අයැදුම්පත්‍රය"
"2023 වර්ෂයේදී රජයේ පාසල්වල පළමුවන ශ්‍රේණියට තම දරුවන් ඇතුලත් කිරීමට බලාපොරොත්තු වන දෙමාපියන් නීත්‍යානුකූල භාරකරුවන් මෙම නිවේදනයේ දැක්වෙන උපදෙස් අනූව හා ලබාදී ඇති ආකෘති පත්‍රයට අනූව සකස් කළ අයදුම්පත් තමන්ට අදාලවන පාසල්වල ප්‍රධානීන් වෙත 2022 ජූලි 16ට ප්‍රථම ලැබෙන සේ ලියාපදිංව් තැපෑලෙන් ඉදිරිපත් කළ යුතුවේ. සියලුම සුදුසුක...
"ෂෙඩ්වලට දෙන තෙල් සීමා කරයි : අවසන් ඩීසල් නැවත් කොළඹ වරායට"
"තෙල් සංස්ථාව සතුව දැනට ඇත්තේ පෙට්‍රල් මෙට්‍රික්‌ ටොන් පනස්දහසක් නිසා දිනකට ඉන්ධන හල්වලට යවන පෙට්‍රල් ප්‍රමාණය මෙට්‍රික්‌ ටොන් 500 ට සීමා කිරීමට තෙල් සංස්ථා අලෙවි අංශය පියවර ගෙන තිබේ. ඉන්දීය ණය යටතේ මෙරටට එන අවසන් ඩීසල් නැව ඊයේ (16 වැනිදා) කොළඹ වරායට පැමිණි අතර එය ගොඩබෑවත් එම ඩීසල් මෙට්‍රික්‌ ටොන් 40,000 ප්‍රමාණවත් වන්...
"වියදමෙන් 45% ක් යන්නේ කජුවලට වරායේ කෑම එකෙන් කජු ඉවත් කරන්න – ඇමැති නිමල් සිරිපාල"
"වරායේ ලබාදෙන ආහාරවලින් සියයට 45ක් පමණ වියදම් වන්නේ කජු ව්‍යංජනයට බවත් කජු වෙනුවට ආදේශ ආහාරයක් කෑම වේලට එකතු කරන ලෙසත් වරාය, නාවික හා ගුවන් සේවා ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා නිලධාරීන්ට උපදෙස් දී ඇත. දිනකට දිවා ආහාරය 5000 කටත් රාත්‍රි ආහාරය 3500 ක් වරායේ මුළුතැන්ගෙයි සකස් කරන බවත්, එක් ආහාර වේලක් රුපියල් 450 ආසන්න ...
"පස් හැවිරිදි පුතු ගඟට දමා දිවිනසා ගැනීමට ගිය අම්මා රිමාන්ඩ්"
"මවක සිය පස්හැවිරිදි බාල දරුවා කැලණි ගඟට දමා ඇයද ගඟට පැන සියදිවි හානිකර ගැනීමට උත්සාහ කළ අවස්ථාවේ අසල්වාසීන් පිරිසක් විසින් ඇය අල්ලාගෙන පෙරේදා (15 දා) රාත්‍රී වත්තල පොලිසියට භාරදී ඇත. මව විසින් ගඟට දැමූ සස්මික ප්‍රභාෂ්වර නමැති පස් හැවිරිදි පිරිමි දරුවාගේ සිරුර ඊයේ (16 දා) සවස වනවිටත් හවුවී නොතිබූ අතර නාවික හමුදාව පොලිස...
"අනවශ්‍ය ලෙස ඉන්ධන රැස්කර ගන්න එපා – ඇමැති කංචන ඉල්ලයි"
"රට තුළ දැනට පවතින ඉන්ධන ප්‍රමාණය කළමනාකරණය කර ගැනීමට නම් අනවශ්‍ය ලෙස ඉන්ධන එක් රැස්කර ගැනීමෙන් වළකින ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බව විදුලි බල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර මහතා පවසයි. නව සැපයුම්කරුවකුගෙන් ඉන්ධන ලබා ගැනීම සඳහා තව සති තුනක් පමණ ගතවිය හැකි බවත් ඒ සඳහා නව සැපයුම්කරුවන් හය දෙනෙකු පමණ ඉදිරිපත්ව ඇති බවත් ඔවුන...
"පෝලිම් ඉවර කරන්න මැදපෙරදිගින් මාස 6කට ක්‍රෙඩිට් ලයින් එකක් ගත යුතුයි – එස්. එම්. මරික්කාර්"
"මේ තියෙන අර්බුදය පුනර්ජනනීය නංගි පෙන්නලා අදානිලත් එක්ක එකතු වෙලා දූෂිත අක්කව දෙන්න හදනවා වගේ වැඩක්. තියෙන අර්බුදය තුළිනුත් දූෂණයට පාර කපන්න ආණ්ඩුව ලැහැස්ති වෙනවා යැයි සමගි ජන බලවේග පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් මහතා පැවසීය. විපක්ෂ නායක කාර්යාලයේ ඊයේ (16 දා) පැවැති මාධ්‍ය හමුවේ දී වැඩ...
"ඉන්ධන අර්බුද මැද මැති ඇමැති වැඩ කොහොමද!"
"රටේ ඉන්ධන අර්බුදය අද උග්‍රව මතුවීම නිසා දේශපාලන පක්‍ෂ කීපයකම නියෝජිතයන් සිය අදහස් අපට සඳහන් කළේ මෙසේය. පාර්ලිමේන්තුවේ කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා – ඉන්ධන අර්බුද නිසා මේ දවස්වල ගමන් බිමන් බොහෝමයක් නතර කරලා ගෙදරට වෙලා ඉන්නවා. ඉන්ධන පිරිමහන්න ඕනෑ නිසා මේ විදිහට ගෙදර ඉඳලා අවශ්‍ය කටයුතු කරගෙන යනවා. ජනතා විමුක්ති පෙරම...
"එතෙර සිට ආ ශ්‍රී ලාංකිකයාගේ ඩොලර් 1500 කට රේගුවේ දෙදෙනෙක් විදලා"
"විදේශගතව සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයකු සන්තකයේ තිබූ ඇමරිකානු ඩොලර් 1500කට ආසන්න මුදලක් බලහත්කාරයෙන් ලබාගත් සහකාර රේගු අධිකාරීවරුන් දෙදෙනකු පිළිබඳව රේගු අධ්‍යක්‍ෂ ජනරාල්වරයාගේ නියෝගය මත විමර්ශනයක් ආරම්භ කර ඇතැයි ගුවන්තොටුපළ රේගු ආරංචිමාර්ග සඳහන් කරයි. පෙරේදා (15 වැනිදා) මෙරටට පැමිණ ඇති මෙම ශ්‍රී ලාංකිකයා සතුව ඇමරිකා...
"දරුවන් බරක් නම් මරන්න එපා: ළඟම පොලිසියට කියන්න – පොලිස් මාධ්‍ය ප්‍රකාශක දෙමාපියන්ගෙන් ඉල්ලයි"
"දරුවන් හදාවඩා ගත නොහැකි නම් ඔවුන්ගේ ජීවිත හානියට පත් නොකරන ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දුව මහතා දෙමාපියන්ගෙන් ඉල්ලා සිටී. දරුවන් හදාවඩා ගත නොහැකි නම් දෙමාපියන් ළඟම පොලිස් ස්ථානයේ කාන්තා හා ළමා කාර්යාංශයට ගොස් එහි ස්ථානාධිපතිවරයා හමුවී තම ගැටලුව ඉදිරිපත් කරන ලෙසත් එහිදී දෙමාපියන්ට පිහිට...
"සිලෝන් බිස්කට් නිර්මාතෘ දැයෙන් සමුගනී"
"මෙරට ව්‍යාපාරික ඉතිහාසයේ කීර්තිමත් ස්ථානයක් හිමිකර ගෙන සිටින සිලෝන් බිස්කට් සමූහ ව්‍යාපාරයේ නිර්මාතෘ සහ හිටපු සභාපති දේශමාන්‍ය මිනේක වික්‍රමසිංහ මහතා අභාවප්‍රාප්ත වී තිබේ. 1968 වර්ෂයේදී මෙරට දරුවන් මන්දපෝෂණයට ගොදුරුවීම වැළැක්වීම සඳහා පෝෂ්‍යදායී බිස්කට් නිෂ්පාදනය කරමින් එය පාසල් හරහා දරුවන් අතර බෙදා හැරීමට පියවර ගත්තේ ...
"අවසන් අදියරේ ඇති ජල ව්‍යාපෘති කඩිනමින් ක්‍රියාත්මක කරන්න – ජනපතිගෙන් උපදෙස්"
"ඉදිකිරීම් අවසන් අදියරේ පවතින මහා සහ කුඩා පරිමාණ ජල ව්‍යාපෘතිවල වැඩ කඩිනමින් නිම කර ජනතා අයිතියට පත් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් දී ඇත. එම ව්‍යාපෘති පිළිබඳ මතුව ඇති ගැටලු හැකි ඉක්මනින් නිරාකරණය කර ගැනීමට ද තීරණය කර තිබේ. ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේ දී 15 වැනිදා පස්වරුවේ පැ...
"විදුලි කප්පාදුව වෙනස් වුණොත් අද දන්වනවා"
"නොරොච්චෝල බලාගාරයේ යන්ත්‍ර තුනෙන් එක් යන්ත්‍රයක් නතර කළහොත් දෛනික විදුලි කප්පාදුවේ වෙනසක් සිදුවේ නම් අද (17 දා) දැනුම්දෙන බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පැවසීය. අද රජයේ නිවාඩු දිනයක් වීමත් ඊට පසු සෙනසුරාදා සහ ඉරිදා නිවාඩු දින වීමත් නිසා දෛනික විදුලි කප්පාදුවේ වෙනසක් සිදුනොවනු ඇතැයි තමා අපේක්‍ෂා කරන බ...
"ආර්ථික අර්බුදය ජය ගන්න අගමැතිගෙන් මාර්ග සිතියමක්"
"පවතින ආර්ථික අර්බුදය ජය ගැනීම සඳහා මාර්ග සිතියමක් (Road Map) ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව මුදල් අමාත්‍ය සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරයි. වත්මන් ආර්ථික තත්ත්වය පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමක් සමග ඊයේ (16දා) පවත්වන ලද සාකච්ඡාවේදී මෙම අදහස් පළ කළ අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් පැහැදිල...
"ගෑස් මෙට්‍රික්‌ ටොන් ලක්ෂයක් ගෙන්වන්න ලිට්‍රෝ සාකච්ඡා අරඹයි"
"ගෑස් මෙට්‍රික්‌ ටොන් ලක්ෂයක් ආනයනය කිරීම සඳහා මූලික වටයේ සාකච්ඡා සිදු කෙරෙන බව ලිට්‍රෝ සමාගමේ නව සභාපති මුදිත පීරිස් මහතා සඳහන් කරයි. ශ්‍රී ලංකාවට ගෑස් සපයන ඕමාන් සමාගම සමග මෙම සාකච්ඡා සිදු කෙරෙන බව පැවසූ සභාපතිවරයා ඉදිරියේදී මෙරටට ගෙන්වා ගත හැකි ගෑස් නැව් පිළිබඳව නිල වශයෙන් අද දැනුම් දීමට හැකිවනු ඇතැයි ද පැවසීය. දිවය...
""ඉන්දියානු ණය ආධාර මත සහල් මෙට්‍රික්‌ ටොන් 50,000ක්""
"ඉන්දියානු ණය ආධාර වැඩසටහන යටතේ සහල් මෙට්‍රික්‌ ටොන් 50,000ක් ගෙන්වීමට රජය තීරණය කරයි. මේ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන ඉන්දියානු ණය ආධාර වැඩසටහන යටතේ රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව වෙත වෙන් කර දීමට ඊයේ (16 ) සවස අග්‍රාමාත්‍ය කාර්යාලයේ පැවැති සාකච්ඡාවකදි තීරණය විය. ඉදිරියේදී මතු විය හැකි සහල් හිඟය මග හරවා ගැනීමටත්, සහල් මි...
"ඇමරිකාවෙන් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 6ක  හදිසි ආධාරයක්"
"ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයෙන් පීඩාවට පත් වූ ජනතාවගේ අවශ්‍යතා සපුරාලීම සඳහා ඩොලර් මිලියන 6ක හදිසි ආධාරයක් ලබා දීමට ඇමෙරිකාව තීරණය කර ඇත. ඒ බව එක්සත් ජනපදය ඊයේ (16දා) නිවේදනය කළේය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අපේක්ෂිත වැඩසටහනට අනුකූලව ආර්ථිකය ස්ථාවර කිරීම සඳහා ආර්ථික හා මූල්‍ය ප්‍රතිසංස්කරණ ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කරන බ...
"හාල් හංගන්න බැරි වෙන්න – මෝල්වලට නව නීති – අගමැතිගෙන් උපදෙස්"
"සහල් මෝල් හිමියන්ට සහ මහා පරිමාණ වී ගබඩා හිමියන්ට ඉදිරියේදී එම ආහාර තොග රැස්කර  තබාගැනීමට නොහැකි වන ලෙස පාලනය වන පරිදි රජය විසින් නව නීති සම්පාදනය කරන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.සහල් මෝල් හිමියන් මුහුණදෙන මූල්‍ය ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ඊයේ (15දා) අග්‍රමාත්‍ය කාර්යාලයේදී පැවැති සාකච්ඡාවේදී අගම...
"‘21’ ඉක්මන් කරන්න පොදු සන්ධානයක්"
"විසිඑක් වැනි ව්‍යවස්ථා සංශෝධනය කඩිනමින් සම්මත කරවා ගැනීමට ආණ්ඩුවට බලකිරීම සඳහා ආණ්ඩු පක්ෂ සහ විපක්ෂ මන්ත්‍රීවරුන්ගෙන් සැදුම්ලත් ඒකාබද්ධ පොදු සන්ධානයක් ඊයේ (15දා) බිහි විය.ඒ අනුව ජෝන් සෙනෙවිරත්න, පාඨලී චම්පික රණවක, අනුර ප්‍රියදර්ශන යාපා, චන්දිම වීරක්කොඩි, නීතිඥ ශිරාල් ලක්තිලක යන මහත්වරුන්ගෙන් සැදුම්ලත් පක්ෂ විපක්ෂ මන්ත...
"ඉන්ධන නැතුව ජනතාව මහ පාරටම – මාර්ග වසා තැන තැන විරෝධතා"
"වාහන නැතිව වැඩට යන අය අසරණ වෙතිපාසල් දරුවොත් අතරමං වෙතිෂෙඩ් ළඟ දිගු පෝලිම්එළවළු – මාළු ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ බෙදීමත් කොට උඩඉන්ධන තොග සීමා වීමත්, ඉන්ධනහල් හිමියන් ඇණවුම් සීමා කිරීමත් යන කාරණා මත රටපුරා ඉන්ධනහල්වල ඉන්ධන නොමැති වීම නිසා කොළඹ මෙන්ම අනෙකුත් නගරවල ඇකැම් ජනතාව මාර්ග අවහිර කර විරෝධතා පළ කිරීම නිසා ඊයේ කොළඹ (...
"දුප්පත් ගොවි පවුල් 365000කට නොමිලේ යූරියා මල්ලක්"
"වී වගා කරන අඩු ආදායම්ලාභී ගොවි පවුල්වලට එළඹෙන යල කන්නයේදී නොමිලයේ බෙදා දීම සඳහා යූරියා පොහොර මලු තුන්ලක්‍ෂ හැටපන්දහසක් ලබාදීමට ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානය එකඟත්වය පළකර තිබේ.අඩු ආදායම්ලාභී එක් ගොවි පවුලකට යූරියා පොහොර මල්ලක් බැගින් පවුල් තුන්ලක්‍ෂ හැටපන්දහසකට මෙම පොහොර බෙදා දීමට තීරණය කර ඇති බව කෘෂිකර්ම ඇමැති මහින්ද ...
"ඉතිරි මෙටි්‍රක් ටොන් 6000ක් පමණයි – පෙට්‍රල් සංචිත අඩියටම බහී – ෂෙඩ්වලින් 80%ක් වැහිලා"
"මේ වන විට රටේ ඇත්තේ පෙට්‍රල් මෙටි්‍රක් ටොන් හයදහසක් සහ ඩීසල් මෙටි්‍රක් ටොන් දොළොස්දහසක පමණ ප්‍රමාණයක් යැයි ලංකා ඛනිජ තෙල් සංස්ථා අලෙවි අංශ වාර්තා සඳහන්කරයි.කෙසේ වෙතත් සියලු ඩීසල් මෙටි්‍රක් ටොන් හතළිස්දහසක් අඩංගු ඩීසල් නෞකාව අද (16 දා) කොළඹ වරායට ඒමට නියමිතය. එය ඉන්දීය ණය පහසුකම යටතේ ලැබෙන අවසන් නෞකාවයි.මෙරට දෛනික පෙට්...
"නරක්වූ මාළු කන්ටේනර් 25 කරවල වෙලාද… – වෙච්ච දෙය තවම රහසක්"
"කොළඹ වරායට ආසන්න මුහුදේදී කාර්මික දෝෂයට ලක්වූ නෞකාවක තිබූ රුපියල් කෝටි 122කට අධික වටිනාකමින් යුත් බලයා සහ කෙළවල්ලා කන්ටේනර් 98න් කන්ටේනර් 25ක් පමණ නිදහස් කර ගැනීම තවමත් රහසක් බවට පත්ව තිබේ.මිනිස් පරිභෝජනයට නුසුදුසු මෙම මත්ස්‍ය තොගය සම්පූර්ණයෙන්ම නිදහස් කිරීමට මේ වනවිට සියලු කටයුතු යොදා තිබෙන අතර ඊට සම්බන්ධ කෝටිපති ව්‍...
"පෙට්‍රල් නැවටත් අත දිගු කරයි"
"මෙරට වරායට ඔබ්බෙන් වූ මුහුදු සීමාවේ නවතා ඇති පෙට්‍රල් මෙටි්‍රක් ටොන් හතළිස් දහසක් අඩංගු නැවක් ලබන 19 වැනිදා වනවිට කොළඹ වරායට ගෙන්වා ගැනීමට ඛනිජ තෙල් අමාත්‍යාංශය පියවර ගනිමින් සිටී. මේ වනවිට මෙරටට ඉන්ධන ලබාදීම සඳහා විවිධ නෞකා සමාගම් මෙරට වරායට ඔබ්බෙන් වූ මුහුදු සීමාවට පැමිණ සිටින බව තෙල් සංස්ථා උසස් නිලධාරියෙක් සඳහන් ක...
"රෝහල්වල 20 වැනිදා උද්ඝෝෂණ"
"ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් කොළඹ ජාතික රෝහල ඇතුළු දිවයින පුරා පිහිටි ප්‍රධාන රෝහල්වල ලබන 20 වැනිදා දහවල් 12.00 සිට උද්ඝෝෂණ ව්‍යාපාරයක් ක්‍රියාත්මක කිරීමට සමස්ත ලංකා සෞඛ්‍ය වෘත්තීය සමිති සම්මේලනය තීරණය කර ඇත.සෞඛ්‍ය කාර්ය මණ්ඩල වැටුප් කප්පාදුව හා දීමනා නතර කිරීම, රෝගී සත්කාරක සේවා සඳහා වන උග්‍ර ඖෂධ හිඟය, සෞඛ්‍ය කාර්...
"පාතාල ඝාතන 7ක්"
"ඉකුත් සති දෙකක කාලසීමාවේ පාතාල සන්නද්ධ කණ්ඩායම් විසින් පුද්ගලයන් 7 දෙනකු වෙඩි තබා ඝාතනය කර ඇති බව පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග පවසයි.මේ ඝාතන සියල්ලම මත්ද්‍රව්‍ය ජාවාරම් මුල් කරගෙන ඇති වූ ආරවුල් මත සිදු කර ඇති බව ද එම ආරංචි මාර්ග වැඩිදුරටත් කියා සිටියේය.ඉකුත් 30 වැනිදා පිටකොටුව ඕල්කොට් මාවතේදී දෙනෝදාහක් දෙනා බලා සිටියදී...
"කාලීන අවශ්‍යතාවක්සේ සලකා රාජ්‍ය සේවා විමධ්‍යගත කර නිවසේ සිට රාජකාරි කරන්න – ජනපතිගෙන් නිලධාරීන්ට උපදෙස්"
"නිවසේ සිට රාජකාරී සිදු කිරීම මෙන්ම සියලු රාජ්‍ය සේවාවන් දිස්ත්‍රික් හා ප්‍රාදේශීය මට්ටමින් විමධ්‍යගත කිරීම කාලීන අවශ්‍යතාවක් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. පුද්ගලයන් ලියාපදිංචි කිරීම, ආගමන හා විගමන සහ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු ඇතුළු සෙසු රාජ්‍ය ආයතන ද තවදුරටත් දිස්ත්‍රික් හා ප්‍රාදේශීය මට්ටමින් විමධ්‍යගත...
"පෝලිම්වල සිටින ජනතාවට අස්වැසිල්ලක් දීම සඳහා රටට වැඩදායක යෝජනා 10ක් ජනපතිට අගමැතිට ඉදිරිපත් කරනවා – උදය ගම්මන්පිල"
"පෝලිම් වල සිටින ජනතාවට අස්වැසිල්ලක් වීම සඳහා පසුගිය ජනවාරි මාසයේ දී ඇමැති මණ්ඩලයට ඉදිරිපත් කළත් ක්‍රියාත්මක නොකළ කෙටිකාලීන යෝජනා 10 ක් ස්වාධීන පක්ෂ එකමුතුව විසින් ජනාධිපතිතුමාට සහ අගමැතිතුමාට ඉදිරිපත් කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රි පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා ඊයේ (15දා) පිවිතුරු හෙළ උරුමය මුලස්ථානය...
"සරසවි ශිෂ්‍ය සංගම්වලට එරෙහිව පොලිසිය ඉල්ලූ වාරණ නියෝග ප්‍රතික්‍ෂේප කරයි"
"පේරාදෙණිය විශ්වවිද්‍යාල ශිෂ්‍ය සංගමයේ කැඳවුම්කරු දඹරැල්ලේ අස්ථදස්සි හිමිපාණන් ප්‍රමුඛ ශිෂ්‍ය සංගම් ක්‍රියාකාරීන්ට හා සාමාජිකයන්ට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට පිවිසෙන මාර්ග කිහිපයකට ඇතුළුවීම හා එම මාර්ගවල රාජකාරියේ නිරත පොලිස් නිලධාරීන්ගේ රාජකාරිවලට බාධා කිරීම වළක්වන නියෝගයක් නිකුත් කරන ලෙසට කුරුඳුවත්ත පොලිසි...
"ඉන්දියාවෙන් ඉන්ධන ගන්න මීළඟ ඩොලර් මිලියන 500 ගන්න අත්සන් කිරීමට සූදානම් – අගමැති රනිල් වික්‍රමසිංහ"
"ඉන්දියාවෙන් ඉන්ධන ගන්න මීළඟ ඇමෙරිකානු ඩොලර් මිලියන 500 සඳහා වන ගිවිසුම ඉක්මනින් අත්සන් කිරීමට සූදානම් වන බව අග්‍රාමාත්‍ය හා මුදල් ඇමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.ඉදිරි ඉන්ධන සැපයුම් ගැන විශේෂ ප්‍රකාශයක් කරමින් අග්‍රාමාත්‍යවරයා මේ බව කීවේය.මේ ඉන්දීය ක්‍රෙඩිට් ලයින් එක අත්සන් කළ පසු තවත් මාස හතරකට ප්‍රමාණවත් ඉන්ධන ශ්...
"මේ සති තුන නෙමෙයි  මාස හයක් විතර යනකම් ජනතාවට ඉන්ධන ලබා දීමේ වැඩපිළිවෙළක් නැහැ  – නලීන් බණ්ඩාර"
"මේ සති තුන නෙමෙයි මාස හයක් විතර යනකම් මේ ආණ්ඩුවට රටේ ජනතාවට ඉන්ධන ලබා දීමේ වැඩපිළිවෙළක් නැහැ යැයි සමගි ජන බලවේග පක්ෂයේ මෙහෙයුම් ප්‍රධානී පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා පැවසීය. විපක්ෂ නායක කාර්යාලයේ ඊයේ (15) පැවති මාධ්‍ය හමුවේ දී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මෙසේද පැවසීය. රටේ ජනතාව බොහොම දුෂ්කර කාලයක් ...
"ගෑස් ගේන්න දින 14ක් යනවා – ලිට්‍රෝ නව සභාපති මුදිත පීරිස්"
"හිටපු නිලධාරීන් වගකීම් විරහිතව කටයුතු කිරීම නිසා ගෑස් ගෙන්වා ගැනීමට තව දින 14ක පමණ කාලයක් ගත වනු ඇතැයි ලිට්‍රෝ සමාගමේ නව සභාපති මුදිත පීරිස් මහතා පැවසීය.එසේ වුවත් එම සති දෙකක කාලය ඇතුළත ගෑස් නැව් දෙකක්වත් ගෙන්වා ගැනීමට ඉඩ ප්‍රස්තාව තිබේදැයි තමා සොයා බලාගෙන යන බව ද හෙතෙම සඳහන් කළේය.පසුගිය දින මෙරටට පැමිණි ගෑස් නෞකාවට ප...
"කුණු මාළු කන්ටේනර් 25 ක් වරායෙන් පන්නලා!"
"කොළඹ වරායේ ගබඩා කර ඇති මනුෂ්‍ය පරිභෝජනයට නුසුදුසු මත්ස්‍ය කන්ටේනර් 98 න් කන්ටේනර් 25 ක් පමණ මේ වනවිට වරායෙන් පිටතට රැගෙන ගොස් ඇතැයි එහි අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි. විදෙස් රටකට අයත් නෞකාවක් කාර්මික දෝෂයකට ලක්වීම නිසා කොළඹ වරායට එම නැව රැගෙනවිත් අලුත්වැඩියා කර ඇතත් නැව තුළ පැවැති මත්ස්‍ය කන්ටේනර් 98 ක මසුන් මිනිස් පරිභ...
"ඩොලර් නැතිව දැවිතෙල් නැව දින 50 ක්  වරායේ හිරවෙලා"
"කොළඹ වරායට පැමිණි දැවිතෙල් මෙට්‍රික්‌ ටොන් 40,000 ක් අඩංගු නෞකාව නිදහස් කර නොගෙන අදට (15 වැනිදා) දින පනහකි. මෙම දැවිතෙල් නැව කොළඹ වරායට සේන්දු වූයේ ඉකුත් අප්‍රේල් 26 වැනිදාය. මෙම දැවිතෙල් නෞකාව නිදහස් කර ගැනීමට අවශ්‍ය ඩොලර් නොමැතිවීම නිසා එය වරායේ නැංගූරම්ලා තිබෙන එක් දිනකට ප්‍රමාද ගාස්තු ලෙස ඩොලර් 18,000 ක් ගෙවිය යුත...
"‘ද නිව්ස් පේපර්’ අමෙරිකාවේදී දිවයිනට යසස ගෙනෙයි"
"ඇමෙරිකාවේ සැන්ටාබාබරාහි 12 වැනිදා අවසන්වූ පළමු ‘සිලෝන් අන්තර්ජාතික සිනමා උළෙල’ (Ceylon International Film Festival) හොඳම චිත්‍රපටය ඇතුළු සම්මාන 5 ක් හිමිකර ගනිමින් එම කිරුළ හිමිකර ගැනීමට ප්‍රවීණ රංගන ශිල්පීන් වන සරත් කොතලාවල හා කුමාර තිරිමාදුර සම අධ්‍යක්‍ෂණය කළ ‘ද නිවුස් පේපර්’ චිත්‍රපටය සමත්විය. මෙම උළෙල කැලිෆෝනියාවේ...
"උපාලි සමූහ ව්‍යාපාරයේ ආලෝක පූජාවෙන් ‘සිතුල්පව්ව’ පුදබිම ඒකාලෝක වේ"
"උතුම් පොසොන් පොහොය දින නිමිත්තෙන් ඓතිහාසික සිතුල්පව්ව රජමහ විහාරස්ථ පුදබිමේ ආලෝක පූජාව 35 වැනි වරටත් ඊයේ උපාලි සමූහ ව්‍යාපාරයේ අනුග්‍රහයෙන් සිතුල්පව්ව රජමහා විහාරාධිපති පූජ්‍ය මැටරඹ හේමරතන නාහිමියන්ගේ අනුශාසනා පරිදි පැවැත්විණි. උපාලි සමූහ ව්‍යාපාරයේ සමූහ කළමනාකාර අධ්‍යක්‍ෂ නිමල් වෙල්ගම, උපාලි සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්‍ෂ...
"හිඟ වැටුප් ලෙස ලැබුණු  රු.ලක්‍ෂ 26ක් වෛද්‍ය සාෆි  ඖෂධ ගැනීමට පිරිනමයි"
"කුරුණෑගල ශික්‍ෂණ රෝහලේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය එස්. එස්. එම්. සාෆි මහතා අනිවාර්ය නිවාඩු යවා සිටි සමය වෙනුවෙන් ඔහු වෙත ගෙවනු ලැබූ හිඟ වැටුප් වන රුපියල් ලක්‍ෂ 26 කට අධික මුදල රෝගීන්ට ඖෂධ මිලදී ගැනීම සඳහා නැවත වරක් සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත පරිත්‍යාග කර ඇත. සාෆී මහතාට හිමි හිඟ වැටුප කුරුණෑගල ශික්‍ෂණ රෝහලේ ගණකාධිකාරි...
"IMF කියන පෞද්ගලිකරණය වෙනුවට සහයෝගිතා ආර්ථික ක්‍රමයක් අවශ්‍යයි"
"ජාත්‍යන්තර මූල්‍ය අරමුදල යෝජනා කරන පෞද්ගලිකරණ ප්‍රතිපත්තිය වෙනුවට සහයෝගිතා ආර්ථික ක්‍රමය පිළිබඳ රජය අවධානය යොමුකළ යුතු යැයි ලංකා සමසමාජ පක්ෂයේ ප්‍රධාන ලේකම් මහාචාර්ය තිස්ස විතරණ මහතා ‘දිවයින’ ට පැවසීය. දැනට ශ්‍රී ලංකාව මුහුණ දී සිටින ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ණය මුදලක් ලබාදීමට එකඟවී ඇතත් ඒ සඳහ...
"රාජ්‍ය සේවක සිකුරාදා නිවාඩුව 17 සිට ක්‍රියාත්මකයි – ඇමැති දිනේෂ් ගුණවර්ධන"
"රාජ්‍ය සේවකයන්ට සිකුරාදා නිවාඩු දිනයක් ලෙස ලබන සිකුරාදා (17 දා) සිට ක්‍රියාත්මක වන බව රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන ඇමැති දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය. අධ්‍යාපන, සෞඛ්‍ය, ජලය, විදුලිය, ආරක්ෂක සේවා, ප්‍රවාහන, වරාය සහ ගුවන් සේවා වැනි අත්‍යවශ්‍ය සේවා සපයන රාජ්‍ය ආයතන හැර අනෙකුත් රාජ්‍ය ආයතනවල නිලධාරීන් සඳහා ඉදිරි මස ...
"අද දුවන්නේ පාසල් වෑන් සියයට 30 යි:"
"විසඳුමක් නැත්නම් දින 14 ක් ඇතුළත සියලු වෑන් නවතිනවා පවතින ඉන්ධන හිඟය හේතුවෙන් දිවයින පුරා ධාවනය වන පාසල් වෑන් රථවලින් අද (15 දා) ධාවනය කරන්නේ සියයට 30 ක් බව සමස්ත ලංකා අන්තර් දිස්ත්‍රික් පාසල් ළමුන් ප්‍රවාහන සේවා සංගමයේ සභාපති එන්. එම්. කේ. හරිස්චන්‍ද්‍ර පද්මසිරි මහතා ‘දිවයින’ ට පැවසීය. දිවයින පුරා පාසල් වෑන් රථ 48,00...
"කොටි හිතවාදීන්318 කගේ සහ සංවිධාන 4 ක තහනම අහෝසියි: රජය ජිනීවා සමුළුවට දන්වයි"
"කොටි හිතවාදීන් 318 කගේ සහ කොටි හිතවාදී සංවිධාන 4 ක තහනම අහෝසි කර ඇතැයි රජය 50 වැනි ජිනීවා මානව හිමිකම් සමුළුවට අනාවරණය කර ඇත. මෙම කොටි හිතවාදීන් සහ එම සංවිධාන කුමක්දැයි රජය හෙළි කර නැත. එසේම රැඳවුම් භාරයේ සිටි හිටපු කොටි ක්‍රියාකාරීන් 22 ක් ද රජය නිදහස් කර තිබේ. මෙයට අමතරව ඩයස්පෝරා ක්‍රියාකාරීන් සමඟ සාකච්ඡා අරඹන බවද ර...
"හර්ෂගේ ප්‍රකාශය මාලදිවයින් හිටපු ජනපති ප්‍රතික්‍ෂේප කරයි"
"ශ්‍රී ලංකාවට නිසි සැලසුමක් නැති නිසා රටවල් උපකාර කිරීමට නොපැමිණෙන බවට තමා පැවසූ බව සඳහන් කරමින් සමගි ජනබලවේගය පක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා කළ ප්‍රකාශය ප්‍රතික්‍ෂේප කරන බව මාලදිවයිනේ හිටපු ජනාධිපති මොහොමඩ් නෂීඩ් මහතා පවසයි. ශ්‍රී ලංකාව පත්ව ඇති තත්ත්වය සම්බන්ධයෙන් රටවල් ගණනාවක් උදව් කිරීමේ අපේක්‍ෂාව...
"අනුරපුර – මිහින්තලාව – තන්තිරිමලේ පොසොන් සිරියෙන් ඇළලෙයි"
"ලක්දිව සම්බුද්ධ ශාසනය ප්‍රතිස්ථාපනය කිරීම සිහිපත් කෙරෙන ඓතිහාසික පොසොන් පොහොය යෙදී තිබුණු ඊයේ (14දා) අනුරාධපුර, මිහින්තලය හා තන්තිරිමලේ ඇතුළු වන්දනීය පූජනීය ස්ථාන වැඳ පුදා ගැනීම සඳහා දිවයිනේ නන්දෙසින් පැමිණි සැදැහැවත්හු පුණ්‍ය භූමියන්හි පැවති ආගමික වතාවත්වලට එක්ව සිටියහ. ‘දේශය මිථ්‍යාවෙන් මුදා ගනිමු’ යන තේමාව මුල් කර ...
"සුළං විදුලි ව්‍යාපෘතිය අදානිට දෙන්න මෝදි බලපෑම්  කළේ නෑ – අගමැති රනිල් කියයි"
"මන්නාරමේ යෝජිත සුළං විදුලි බලාගාර ව්‍යාපෘතිය අදානි සමාගමට භාරදීම සම්බන්ධයෙන් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා ජනාධිපතිවරයාට හෝ තමාට කිසිදු ප්‍රකාශයක් හෝ බලපෑමක් නොකළ බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (14දා) පැවැසීය. මෙම ව්‍යාපෘතිය අදානි සමාගමට පවරා ඇත්තේ යෝජනා රැසක් සැලකිල්ලට ගෙන බවත්, මෙය ආයෝජන මණ්ඩල ව්‍යාපෘතියක්...
"උපරිම මිලක් පැනවීමත් සමඟ දේශීය සහල් වාෂ්ප වෙයි රට සහල් නහුතෙට නගී"
"දේශීය සහල් සඳහා රජය මගින් උපරිම සිල්ලර මිලක් නියම කිරීම හේතුවෙන් රට පුරා තොග හා සිල්ලර වෙළෙඳුන් දේශීය සහල් අලෙවියෙන් ඉවත්වීමට පටන්ගෙන ඇති අතර මේ වනවිට වෙළෙඳපොළේ ආනයනික සහල් මිල ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතී. ඉකුත් සතියට සාපේක්‍ෂව ආනයනික සහල් කිලෝග්‍රෑමයක මිල මේ වනවිට රුපියල් 20-30 අතර මිලකින් ඉහළ ගොස් ඇති අතර මේ හේතුවෙන් ...
"වාහනයේ අංකය අනුව ඉන්ධන දීමේ නව ක්‍රමයක් දත්ත ඇතුළත් ඇප් එකක් එයි"
"වාහනයේ අංකයට අදාළව ඉන්ධන නිකුත් කරන ක්‍රමවේදයක් හඳුන්වාදීමට බලශක්ති අමාත්‍යාංශය කටයුතු කරමින් සිටී. ඉන්ධන එක්රැස්කිරීම නවතාලීම සඳහා මෙම නව ක්‍රමවේදය හඳුන්වා දෙයි. ත්‍රිරෝද, මෝටර් රථ, ලොරි රථ, ඇතුළු වාහන වර්ග අනුව වෙන්කර එම වාහනවලට සතියක කාලයක් සඳහා ඉන්ධන නිකුත් කිරීමට කටයුතු කරන බව බලශක්ති අමාත්‍යාංශයේ උසස් නිලධාරියෙක...
"ලංවිම හිටපු ලොක්කාගේ ප්‍රකාශය ගැන අදානි  කලකිරීමෙන් – ඉන්දීය මාධ්‍ය කියයි"
"මන්නාරමේ යෝජිත සුළං විදුලි බලාගාරය අදානි සමාගමට ලබාදෙන ලෙසට ඉන්දීය අගමැතිවරයා ශ්‍රී ලංකා ජනාධිපතිවරයාට බලපෑම් කළ බවට ශ්‍රී ලංකාවේ රාජ්‍ය නිලධාරියකු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් කලකිරීමට පත්වන බව අදානි සමාගම ඉන්දීය මාධ්‍ය වෙත සඳහන් කර ඇත. තම සමාගම ශ්‍රී ලංකාවේ බලශක්ති ව්‍යාපෘතියක් සඳහා ආයෝජනය කිරීමට යොමුවූයේ වැදගත් ආයෝජනයක්...
""18,000ක් දුවන පෞද්ගලික බස්වලින් අද දුවන්නේ 3000යි – ගැමුණු කියයි""
"රට තුළ පවතින ඩීසල් හිඟය හේතුවෙන් අද (15 දා) පෞද්ගලික බස් රථ පහළොස්දහසක් පමණ ධාවනය නොවන බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා ‘දිවයින’ ට පැවැසීය. පවතින තත්ත්වය හමුවේ අද දිනයේ ධාවනය වන මුළු පෞද්ගලික බස් රථ සංඛ්‍යාව තුන්දහසක් (3000) බව ද හෙතෙම කීය. දිවයින පුරා පෞද්ගලික බස් රථ 20,000 ක් ඇති ...
"ඒ 4 පැකට් එක රු. 2800 යි: ෆොටෝ කොපි ගාස්තු දරාගන්න බෑ!"
"ඒ 4 එක පැත්තක් රු. 10 දෙපැත්ත රු. 15 යි: පාසල් දරුවන්ගෙන් චෝදනා ඡායා පිටපත් (Photo Copy) ගාස්තු දරාගත නොහැකි ලෙස ඉහළ දමා තිබීම තුළින් තමන්ගේ පාසල් අධ්‍යාපන කටයුතුවලට තවත් අධික බරක් වැටී ඇතැයි පාසල් දරුවෝ පවසා සිටිති. පෙර පාසල් දරුවාගේ උප්පැන්න සහතිකයේ සිට විශ්වවිද්‍යාල ශිෂ්‍යයාගේ උපාධි සහතිකය දක්වා වූ අධ්‍යාපන කටයුතුව...
"අයි.ආර්.ඕ. සංවිධානයෙන් තවත් 8 දෙනකුට ජපන් වරම්"
"නොමිලේ ජපානයට මෙරට ශ්‍රමිකයන් යවනු ලබන අයි.ආර්.ඕ. වැඩසටහනින් තවත් තරුණියන් 8 දෙනකු ජපානය බලා පිටත්කර යැවීමට කටයුතු කෙරිණි. ජපානයේ සිට ක්‍රියාත්මක වන ජාත්‍යන්තර සබඳතා සංවිධානය වන අයි.ආර්.ඕ. (IRO International Relations Organization) විසින් ශ්‍රී ලාංකික පුහුණු / නුපුහුණු ශ්‍රමිකයන් එරටට ගෙන්වා ගැනීම වෙනුවෙන් කටයුතු කරනු...
"සහල් මගඩියේ තවත් රහස් එළියට මහ මෝල්ලු 120ට වී අරන් සහල් කිලෝව 300ට දෙන්න හදනවා"
"එක්සත් සහල් නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපතිදින දහයක් ඇතුළත ලංකාවේ කෘත්‍රීමව නිර්මාණය කර ඇති සහල් පෝලිම් වැළැක්වීමට පියවර නොගතහොත් මහජනතාවත් සමග ජනාධිපති නිල නිවස හා පාරිභෝගික අධිකාරිය ඇතුළු ආයතන වැටලීමට තණකොළත් රැගෙන දහස් ගණනින් ජනතාව සමග පැමිණෙන බව එක්සත් සහල් නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති කුසුමිත මුදිත් පෙරේරා මහතා පවසයි....
"ධම්මික පෙරේරා 21දා මැතිසබයට – ඇමති ධුරයේ දිවුරුම් දීමටත් සූදානම්"
"ප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා ජුනි 21 වැනිදා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දීමට නියමිතය. මීළඟ පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතව ඇත්තේ ජුනි 21 වැනිදාය.මේ වනවිට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් ධම්මික පෙරේරා මහතාගේ නම මැතිවරණ කොමිසමට යවා ඒ මහතාගේ නම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස ගැසට් කර තිබේ.එසේම ඒ මහතා...
"අනුබුදු මිහිඳු හිමි ලක්දිවට බුදු දහම ගෙනා පොසොන් පෝය අදයි"
"පොසොන් පොහොය අදට යෙදී තිබේ. මිහිඳු මහ රහතන් වහන්සේ ලක්දිවට වැඩම කිරීම සහ ලක්දිව බුදු සසුන පිහිටුවීම, දෙවියන්ට සමචිත්ත පරියාය සූත්‍රය දේශනා කිරීම, දෙවනපෑතිස් රජු ඇතුළු හතළිස් දහසක් පමණ පිරිසට චුල්ල හත්ථිපදෝපම සූත්‍රය දේශනා කිරීම, භණ්ඩුක කුමරු පැවිදිවීම සහ උපසම්පදාව ලැබීම යන ශාසනික කටයුතු මුල් කරගෙන ශ්‍රී ලංකාවාසී බෞද්ධ...
"කාබනික පොහොර ප්‍රතිපත්තිය ඉදිරියට ගෙන ආ යුතුයි – පරිසර හිතකාමී පොහොර නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති ශම්මි කිරින්දේ"
"රසායනික පොහොර භාවිතය ඉදිරියේදී අර්බුදයක් ලොව පවතින බලශක්ති අර්බුදය තුළ ඉදිරියේදී රසායනික පොහොර භාවිත කිරීම විශාල ගැටලුකාරී තත්ත්වයකට පත්වන අතර, රසායනික පොහොර සැපයීම ඉතා සීමාසහිත තත්ත්වයකට පත්වීමට බොහෝ දුරට ඉඩකඩ පවතින බැවින් , ඊට කල්තියා සූදානම් වූ රටක් බවට පත්වීමට රට කාබනික පොහොර ප්‍රතිපත්තියක් දක්වා ඉදිරියට ගෙනයා යුත...
"සලාක ක්‍රම වගේ විසඳුම් මගින් අපේ රටේ ජනතාවට තවත් පීඩනයක් ඇති කරනවා – නිරෝෂන් පෙරේරා"
"මේ රටට ආර්ථිකය ඉස්සරහට යන්නනම් රටේ ජනතාවට ඉන්ධන අත්‍යවශ්‍යයි ඒක විසඳන්නේ නැතිව තෙල් සංස්ථාවේ පාඩුව, දූෂණය නැති කරන්නෙ නැතුව සලාක ක්‍රම වගේ විසඳුම් මගින් අපේ රටේ ජනතාවට තවත් පීඩනයක් ඇති කරනවා.යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී නිරෝෂන් පෙරේරා මහතා පැවසිය විපක්ෂ නායක කාර්යාලයේ ඊයේ (13) පැවැති මාධ්‍ය හමුවේ දීවැඩිදුරටත් දහස් දැක්ව...
"ජුනි මාසයේදී මූල්‍ය අරමුදලේ සහාය ලබා ගන්නවා – එජාප සභාපති වජිර අබේවර්ධන"
"ජුනි මාසය වනවිට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහයෝගය ලබා ගැනීමටත් ශ්‍රී ලංකාවේ ආහාර සුරක්‍ෂිතා වැඩසටහනක් වහා ක්‍රියාත්මක කිරීමටත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සැලසුම්කර තිබෙන බැවින් එම වැඩකටයුතු සාර්ථක වන තෙක් ඉවසීමෙන් කටයුතු කරන ලෙස එජාප සභාපති හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා ජනතාවගෙන් ඉල්ලා සිටි.වජිර අබේවර්ධන මහ...
"IMF ණය ගන්න මේ වසර අවසන් වනතෙක් බලා ඉන්න වේවි – හර්ෂ ද සිල්වා"
"සවුදි අරාබියේ ප්‍රධානියාට කතා කරන්න පුළුවන් මිනිහෙක් ආණ්ඩුව ඇතුළේ නෑ : කොන්ත්‍රාත්තුව මාලදිවයින් ජනාධිපතිට භාරදීලාශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් ණය මුදලක් ලබා ගැනීම සඳහා මේ වසර (2022) අවසන් වනතෙක් බලා සිටීමට සිදුවන බව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවසීය.ඊට පෙරනම් එම අරමුදලෙන...
"හෙටින් පසු එක නැවක්වත් නෑ – ඩීසල් – පෙට්‍රල් හිඟය ඉදිරියේදී තව උග්‍රවෙයි"
"ඩීසල් හා පෙට්‍රල් හිඟය ඉදිරි දිනවල තවත් උග්‍රවනු ඇතැයි තෙල් සංස්ථා අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි. ඒ නිසා ඉන්ධන පෝලිම් තවත් දික්වනු ඇතැයි ද එම ආරංචිමාර්ග පැවසීය.සංස්ථාව සතුව ඊයේ (13දා) වන විට ඩීසල් මෙටි්‍රක් ටොන් 20,000ක් සහ පෙට්‍රල් මෙටි්‍රක් ටොන් 10,000ක් පමණ පවතින බවට වාර්තා වේ.සපුගස්කන්ද පිරිපහදුව මගින් පෙට්‍රල් මෙටි...
"ලිට්‍රෝ  නව සභාපති මුදිත පීරිස්"
"ලිට්‍රෝ සමාගමේ නව සභාපතිවරයා ලෙස මුදිත පීරිස් මහතා පත්කර ඇත. හිටපු සභාපති විජිත හේරත් මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් පසු මෙම පත්වීම සිදුකර තිබේ. මුදිත පීරිස් මහතා මීට පෙර ලිට්‍රෝ ගෑස් සමාගමේ කළමනාකාර අධ්‍යක්‍ෂවරයා ලෙස ද කටයුතු කළේය."
"නව පූජාභූමි 3ක් ගැසට් කෙරේ"
"● පොතුවිල් මුහුදු මහා විහාරය● හුණුපිටිය ගංගාරාමය● කූරගල රාජමහා විහාරයනව පූජා භූමි තුනක් ගැසට් මගින් ප්‍රකාශයට පත්කිරීමට නාගරික සංවර්ධන හා නිවාස ඇමැති ප්‍රසන්න රණතුංග මහතා විසින් කටයුතු කර ඇත.අම්පාර පොතුවිල් මුහුදු මහා විහාරය, හුණුපිටිය ගංගාරාම විහාරය හා කූරගල රජමහ විහාරය එම පූජා භූමි තුන වේ. ජාතික භෞතික සැලසුම් දෙපාර්...
"කිරි කර්මාන්තය නංවන්න ඇමරිකාවෙන් ඩොලර්  මිලියන 27ක ව්‍යාපෘතියක්"
"ශ්‍රී ලංකාවේ කිරි කර්මාන්තය ශක්තිමත් කිරීම සඳහා ඇමෙරිකාවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 27කින් දායක වන ව්‍යාපෘතියක් සඳහා ගිවිසුම් අත්සන් කිරීම ඊයේ (13දා) ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිනි ජූලි චංග් මහත්මියගේ සහභාගීත්වයෙන් සිදු විය.මේ ඇමෙරිකානු ඩොලර් මිලියන 27ක දායකත්වය මගින් මෙරට කිරි කර්මාන්තයේ නිෂ්පාදනය සැලකිය යුතු මට්ටමක...
"ලංවිම ලොක්කා අස්වෙයි"
"නව සභාපති නලින්ද  ඉලංගකෝන් විදුලිබල මණ්ඩලයේ සභාපති එම්. එම්. සී. ෆර්ඩිනෑන්ඩු මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඇත. සභාපතිවරයාගේ ඉල්ලා අස්වීමේ ලිපිය පිළිගත් බව විදුලිබල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර මහතා සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කර තිබේ. නව සභාපතිවරයා ලෙස විදුලිබල මණ්ඩලයේ උපසභාපතිධුරය දැරූ නලින්ද ඉලංගකෝන් ම...
"සැඟවූ සහල් තොග සහ අත්‍යවශ්‍ය භාණ්ඩ සොයා පාරිභෝගික අධිකාරිය රටම පීරයි"
"රජයේ පාලන මිල ඉක්මවා වැඩි මිලට සහල්, සීනි ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය විකිණූ වෙළෙඳුන් රැසක්  පාරිභෝගික සේවා අධිකාරිය මගින් අත්අඩංගුවට ගෙන ඇත. සහල් ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සඟවා තබා ගනිමින් මෙලෙස වැඩි මිලට අලෙවි කර ඇතැයි පාරිභෝගික සේවා අධිකාරිය සඳහන් කරයි. මොනරාගල නගරයේ පෙරේදා (12 දා) සිදුකළ වැටලීමකදී තොග වෙළෙඳසලක සඟවා ...
"මෝල් හිමියන් ගන්නා වී තොග  සහල් කර වෙළෙඳපොළට එනවාද? – මණ්ඩලය ඇහැ ගහගෙන"
"වී අලෙවි මණ්ඩලය වෙතින් ලබා ගන්නා වී තොග මෝල් හිමියන් සහල් කර වෙළෙඳපොළට නිකුත් කරනවාද යන්න පිළිබඳ අධීක්ෂණය කරන ලෙස කෘෂිකර්ම, වනජීවී හා වනසම්පත් ඇමැති මහින්ද අමරවීර මහතා වී අලෙවි මණ්ඩලයට උපදෙස් දී ඇත.වී අලෙවි මණ්ඩලය සතුව ඇති වී තොග උපයෝගි කර ගනිමින් පසුගිය 12 දා සිට වෙළෙඳපොළ අවශ්‍යතාව පරිදි අවශ්‍ය සහල් තොග නිකුත් කිරීම ...
"ඉන්ධන ලබාගත හැකි ස්ථාන හා ඒවායේ ඇති ඉන්ධන වර්ග පහසුවෙන් දැන ගන්න ක්‍රමයක්"
"ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (අයිසීටීඒ) විසින් ඉන්ධන ලබාගත හැකි ස්ථාන හා ඒවායේ ඇති ඉන්ධන වර්ග පහසුවෙන් දැනගත හැකි ක්‍රමවේදයක් හඳුන්වාදී ඇත.මෙමගින් ඉන්ධන ඇති පිරවුම්හල්, ඒවායේ ඇති ඉන්ධන වර්ග සහ ඒ ඒ ඉන්ධන ප්‍රමාණ ද දැනගත හැකිවේ. තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය විසින් දියත් කෙරෙන මෙම ඉන්ධන...
""මිහින්තලය, අටමස්ථානය සහ තන්තිරිමලේ අද විශේෂ පින්කම්""
"ජාතික පොසොන් උත්සවය වෙනුවෙන්අනුබුදු මිහිඳු මාහිමියන් සිරිලකට වැඩම කොට වසර දෙදහස් තුන්සිය තිස් වසරක් සපිරෙන අද (14දා) යෙදී තිබෙන පොසොන් පුර පසළොස්වක පෝය නිමිත්තෙන් මිහිඳු මාහිමි ගුණ සමරා මිහින්තලා රජමහා විහාරස්ථානය, අනුරාධපුර විජය ශ්‍රී ජය ශ්‍රී මහා බෝ සමිඳුන් ප්‍රධාන අටමස්ථානය සහ තන්තිරිමලේ රජමහා විහාරස්ථානය කේන්ද්‍රක...
"රට පුරා පොලිසිවලට අලුත් ඕඅයිසී ලා  ලෙස පත්වීමට17 තෙක්  අයැදුම් කළ හැකියි"
"රට පුරා සියලු පොලිස් ස්ථානවලට පොලිස් ස්ථානාධිපතිවරුන් අලුතින් පත් කිරීම සඳහා අයැදුම්පත් භාර ගැනීම ලබන 17 වැනිදා දක්වා සිදු කෙරේ.පසුගිය කාලයේ දේශපාලන නිර්දේශ මත පොලිස් ස්ථානාධිපතිවරුන් පත් කළ බවට අනාවරණය වීම හේතුවෙන් මහජන ආරක්ෂක රිතික් ටිරාන් අලස් මහතා ලබාදුන් උපදෙස් මත පොලිස්පතිවරයා මෙම අයැදුම්පත් කැඳවීම සිදුකර ඇත.මෙහ...
"මොන තර්ජන ආවත්  ජූලි 1දා සිට  සුරාබදු නීති  රැසක් ගේනවා – සුරාබදු කොමසාරිස් ජනරාල්"
"සුරාබදු දෙපාර්තමේන්තුවට මොන තර්ජන ආවත් මත්පැන්වල ප්‍රමිතිය සහ ස්ටිකරය අනිවාර්ය කිරීම ඇතුළු නීතිරැසක් ජූලි 01 වැනිදා සිට ගෙන එන බව සුරාබදු කොමසාරිස් ජනරාල් එම්. ජේ. ගුණසිරි මහතා ඊයේ (13 දා) පැවසීය.නීති විරෝධී ක්‍රියාවන් අවම කර සුරාබදු ආදායම වැඩිකිරීමට දෙපාර්තමේන්තුව කටයුතු කරමින් සිටින විට සුරාබදු දෙපාර්තමේන්තුව වසරකට ...
"පොසොන් පෝදා සිතුල්පව්ව ආලෝක පූජාව මෙවරත් උපාලි සමූහ ව්‍යාපාරයේ අනුග්‍රහයෙන්"
"රුහුණු පළාතේ යාල වනෝද්‍යානය මැද පිහිටි ඓතිහාසික සිතුල්පව්ව රජමහා විහාරයේ වාර්ෂික පොසොන් උත්සවය අද (14) සහ හෙට (15) පැවැත්වේ.පොසොන් දින වාර්ෂික ආලෝක පූජාව 35 වැනි වසරටත් උපාලි සමූහ ව්‍යාපාරයේ අනුග්‍රහයෙන් පැවැත්වේ.මෙවර පොසොන් උත්සවය සිතුල්පව්ව රජමහා විහාරයේ විහාරාධිපති ශාස්ත්‍රපති පණ්ඩිත මැටරඹ හේමරතන නාහිමිපාණන්ගේ අනුශ...
"මිලියන 3100ක් වැයකර ලංවිමට අක්‍රීය  ජෙනරේටර්  50ක් අරන් ! – කෝප් කමිටුව වාර්තාවක් ඉල්ලයි"
"2018, 2019 කාලසීමාවලට අදාළව රුපියල් මිලියන 3100 ක් වැයකර විදුලිජනන යන්ත්‍ර 50 ක් මිලදී ගන්නා අවස්ථාවේදීත් ක්‍රියාකරී තත්ත්වයේ නොතිබීම පිළිබඳව විධිමත් පරීක්‍ෂණයක් පවත්වා සති දෙකක් ඇතුළත විගණකාධිපති දෙපාර්තමේන්තුවට වාර්තාවක් ලබාදෙන ලෙස කෝපා කමිටුව විසින් පෙරේදා (11 දා) නිර්දේශ කර ඇත.මේ පිළිබඳ අවධානය යොමු වූයේ ලංකා විදුල...
"සහල් ගණන් ඉස්සීම මාෆියාවක් –  තොග සඟවා  මවාපාන  බොරු බියක්"
"දෙසැම්බර් මාසය දක්වා රට තුළ සහල් හිඟයක් ඇතිවීමට ඉඩක් නැතැයි ද, සහල් හිඟය මවාපෑ භීතියක් බව ද කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය අජන්ත ද සිල්වා මහතා ඊයේ (12දා) ‘දිවයින’ට පැවසීය.පසුගිය මාස් කන්නයේ සහ ඉදිරි යල කන්නයේ වී නිෂ්පාදනය ඉදිරි මාස 06 සඳහා ප්‍රමාණවත් බවත් මෙවර යල කන්නයේ හෙක්ටයාර් 465000ක වි වගාවට සැලසුම් කළ අතර සියයට...
"කොන්දේසිවලට  එකඟ නොවීම නිසා ලංකාවේ සහනාධාර ඉල්ලීමට  චීනය  බැහැ කියයි"
"ඩොලර් බිලියන 1.5 ක සහනාධාරයක් ලබාගැනීම සඳහා ශ්‍රී ලංකාව විසින් කරන ලද ඉල්ලීමක් ඉවත දැමීමට චීනය තීරණය කර ඇත. එයට හේතුව එම මුදල ලබාදීම සඳහා චීන රජය විසින් ඉදිරිපත් කර ඇති කොන්දේසි මාලාවට ලක් රජය එකඟ නොවීමය. ණය මුදල සම්බන්ධයෙන් චීනයේ තීරණය එරට ශ්‍රී ලංකා තානාපති පාලිත කොහොන මහතා වෙත දැනටමත් දන්වා තිබේ. පාලිත කොහොන මහතා ප...
"මන්නාරමේ සුළං විදුලි ව්‍යාපෘතිය  පැවරීමේදී කිසිම  බලපෑමක් කළේ නෑ – ජනපති"
"මන්නාරමේ සුළං විදුලිබල ව්‍යාපෘතිය පැවරීම සම්බන්ධයෙන් තමා කිසිදු පුද්ගලයකුට හෝ ආයතනයකට බලපෑමක් නොකළ බව ජනාධිපති  ගෝඨාභය රාජපක්‍ෂ මහතා පවසයි. රාජ්‍ය ව්‍යවසාය පිළිබඳ පාර්ලිමේන්තු කමිටුවේදී ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයා කළ ප්‍රකාශය තරයේ ප්‍රතික්‍ෂේප කරන බව තමා වගකීමෙන් කියා සිටින බව ද ජනාධිපතිවරයා පවසයි. මේ සම්බන්ධයෙන්...