Title stringlengths 9 246 | Content stringlengths 3 62.9k |
|---|---|
"ෆයිසර් එන්නත් ලක්‍ෂ 80 ක් මකර කටේ" | "කොවිඩ් 19 වෛරස රෝගය පාලනය සඳහා ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් මිලදී ගත් ෆයිසර් එන්නත් ලක්ෂ 80 ක පමණ තොගයක් ලබන ජූලි මස අවසානයේදී කල් ඉකුත්වීමට නියමිතව ඇතැයි වාර්තා වේ. මේ වන විට මෙරට ජනතාව තුළ කොවිඩ් පාලන එන්නත් ලබා ගැනීමට ඇති උනන්දුව අඩුවීම සහ කොවිඩ් සම්බන්ධයෙන් පවතින අවදානම අඩුවීම මෙලෙස විශාල ලෙස එන්නත් ඉතිරිවීමට... |
"පොසොන් පෝදා සිතුල්පව්ව ආලෝක පූජාව මෙවරත් උපාලි සමූහ ව්‍යාපාරයේ අනුග්‍රහයෙන්" | "රුහුණු පළාතේ යාල වනෝද්‍යානය මැද පිහිටි ඓතිහාසික සිතුල්පව්ව රජමහා විහාරයේ වාර්ෂික පොසොන් උත්සවය ජුනි 13, 14 සහ 15 තෙදින තුළ පැවැත්වේ.පොසොන් දින වාර්ෂික ආලෝක පූජාව 35 වැනි වසරටත් උපාලි සමූහ ව්‍යාපාරයේ අනුග්‍රහයෙන් පැවැත්වේ.මෙවර පොසොන් උත්සවය සිතුල්පව්ව රජමහා විහාරයේ විහාරාධිපති ශාස්ත්‍රපති පණ්ඩිත මැටරඹ හේමරතන නාහිමිපාණන... |
"ප්‍රකාශය අස්කර ගන්නවා – ලංවිම සභාපති" | "පසුගියදා, කෝප් කමිටුවේදී තමන් සිදුකළ ප්‍රකාශය කොන්දේසි විරහිතව ඉල්ලා අස්කර ගනිමින් සමාව අයදින බව ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති එම්. එම්. සී. ෆර්ඩිනැන්ඩු මහතා පවසයි. එම ප්‍රකාශය කළ අවස්ථාවේදී තමාට ඇතිවූ පීඩනය හා හැඟීම් නිසා ඉන්දීය අගමැති යන වචනය තමාගෙන් ප්‍රකාශ වූ බවද ඒ මහතා කියයි. පසුගියදා ඔහු කෝප් කමිටුවේදී ප්‍රකාශ කර... |
"ඉල්ලා අස්කර ගත්තේ කාගේ බලපෑමකින්ද? – විපක්‍ෂ නායක සජිත් සහ වසන්ත සමරසිංහ අසති" | "ඔළුගෙඩි මාරුවක් වුවද මේ සිදුවෙමින් තිබෙන්නේ පරණ ආකාරයේ වංචාකාරී රාජපක්‍ෂ ආණ්ඩුවේම දිගුවක් බව විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.විදුලිබල මණ්ඩලයේ සභාපති කෝප් කමිටුවේදී කළ හෙළිදරව්ව අතිශයින් බරපතළ බව පැවසූ විපක්‍ෂ නායකවරයා අද ඔහු එය ප්‍රතික්‍ෂේප කරන්නේ කාගේ බලපෑමට දැයි කිවයුතු බව ද පැවසීය.ජනාධිපතිවරයා විදුලිබල මණ්... |
"වෙනත් මූලාශ්‍ර නැතිනම් රුසියාවෙන් තෙල් ගන්න වෙනවා – අගමැති" | "තෙල් මිලදී ගැනීමේදී අපට වෙනත් මූලාශ්‍ර නැතිනම් රුසියාවෙන් තෙල් මිලදී ගැනීමට ද සිදුවනු ඇතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ‘ඇසෝසියේටඩ් ප්‍රෙස්’ මාධ්‍ය ආයතනය සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකදී අග්‍රාමාත්‍යවරයා මේ බව පවසා තිබේ.පෞද්ගලික තෙල් සැපයුම්කරුවන් තමයි අපට තෙල් සපයන්නේ. මෙතන ප්‍රශ්නය වන්නේ වක්‍රාකාරයෙන් වෙ... |
"සහල් වැඩි මිලට වික්කොත් සඟවා තබා ගත්තොත් වැඩ වරදී" | "ඇතැම් මෝල් හිමියන් සහල් තොග සඟවාගෙන රට තුළ සහල් හිඟයක් මවාපා රජය ලවා සහල් මිල වැඩි කරවාගෙන අලෙවි කිරීමේ උත්සහයක නිරත වන බවට තොරතුරු ඇතැයි පාරිභෝගික අධිකාරියේ උසස් නිලධාරියෙක් ‘දිවයින’ ට ඊයේ (12 වැනිදා) පැවැසීය. මේ නිසා එවැනි මෝල් හිමියන් සොයා වැටලීම් ආරම්භ කර ඇතැයිද හෙතෙම කීය. ගැසට් මගින් සහල් සඳහා පාලන මිලක් පනවා තිබ... |
"භූමිතෙල් පෝලිමේ…" | "කොළඹ ග්‍රෑන්ඩ්පාස් කොස්ගස්හන්දිය ඉන්ධන පිරවුම්හලෙන් භූමිතෙල් ලබා ගැනීම සඳහා ඊයේ (12 දා) ප්‍රදේශවාසීන් රැස්ව සිටි අයුරු. මහ වැසි ඇදහැලෙද්දීත් පෝලිම්වල ඔවුන් පැය ගණන් රැඳි සිටිනු දක්නට ලැබිණි. පිංතූරය නිමල් දයාරත්න" |
"සහනාධාර නොව නිසි වේලාවට ඩීසල් දෙන්න – ප්‍රවාහන ක්‍ෂේත්‍රයේ සංගම් 11 ක් රජයෙන් ඉල්ලයි" | "ඉන්ධන සහනාධාරයක් නොව, නිසි වේලාවට ඩීසල් ලබාදෙන ලෙසත්, එසේ කළ නොහැකි නම් තම සේවාවන්වලින් ඉවත්වීමටත් බහලුම්, ත්‍රිරෝද, සංචාරක, පාසල් වෑන්, බස් රථ, ලොරි රථ ඇතුළු ප්‍රධාන සංගම් 11 ක නියෝජිතයන් තීරණය කර ඇත.මේ සම්බන්ධයෙන් අද (11 දා) පෙරවරු 11.00 ට මරදාන සමාජයීය හා සාමයික කේන්ද්‍රය එක්ව පවත්වන මාධ්‍ය හමුවකදී රටට හෙළි කරන බව ... |
"කොච්චිකඩේ දෙව් මැඳුරේ මංගල්‍යය අද" | "කිතුනු බැතිමතුන් ඉමහත් බැතියෙන් සමරන කොළඹ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි මුනිතුමාණන්ගේ දෙව්මැඳුරේ වාර්ෂික මංගල්‍යය අද (13 දා) පැවැත්වේ.පාස්කු ඉරිදා සිදුවූ බෝම්බ ප්‍රහාරවලින් ජීවිතක්‍ෂයට පත්වූ කිතුනු බැතිමතුන් ඇතුළු පිරිස සිහිපත් කිරීම සඳහා මෙහිදී විශේෂ යැදුම් මෙහෙයන්ද සිදුකෙරේ.කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් කොළඹ අගරදගු... |
"පුංචි ඡන්දය ලබන මාර්තුවේ – ඇමැති දිනේෂ් කියයි" | "පළාත් පාලන ආයතන සඳහා සභිකයන් පත් කිරීම ලබන මාර්තු මාසයේ සිදුවිය යුතු බව, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය. ඒ නිසා පළාත් පාලන ඡන්දය පැවැත්විය යුත්තේ ලබන මාර්තු මාසය ආසන්න කාලයේදී බව ද ඔහු සඳහන් කළේය. අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ආහාර සුරක්‍ෂිතතාව උදෙසා රාජ්‍ය ආ... |
"ලංකාවේ තෙල් ඉල්ලීමට පිළිතුරු දුන්නේ රුසියානු සමාගම් 2 ක් පමණයි – ඇමැති කංචන විජේසේකර" | "රුසියාවෙන් තෙල් ලබාගැනීම සඳහා ශ්‍රී ලංකාව මගින් කර ඇති ඉල්ලීමකට එරට තෙල් සමාගම් දෙකක් පමණක් පිළිතුරු සපයා ඇතැයි බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය. ඉහත සඳහන් ඉල්ලීම රුසියාව වෙතින් කරන ලද්දේ ශ්‍රී ලංකා ඛනිජ තෙල් සංස්ථාව විසිනි. ඛනිජ තෙල් සංස්ථාව රුසියාවේ තෙල් සමාගම් 6කට ලිපි යවමින් ඛනිජ තෙල් ලබා ගැනීම සඳහා ඉල්ලී... |
"රුසියාව නැතිව ජිනීවා සමුළුව ඇරැඹේ – ශ්‍රී ලංකාවට එරෙහිව බරපතළ චෝදනා ඇතුළත් වාර්තාවක්" | "රුසියාවේ සහභාගිත්වයෙන් තොරව ජිනීවා මානව හිමිකම් 50 වැනි සමුළුව අද (13 දා) ජිනීවා නුවරදී ආරම්භ වේ.මේ වනවිට රුසියාව මානව හිමිකම් සමුළුවෙන් නෙරපා දමා ඇති අතර ඡන්ද 93 ක් ලබා මෙය සිදුකර ඇත. මෙහිදී ශ්‍රී ලංකාව, ඉන්දියාව, බංගලිදේශය, නේපාලය, මාලදිවයින ඇතුළු රටවල් 68 ක් ඡන්දය දී නැත. මෙවර 50 වැනි සමුළුවේදී ශ්‍රී ලංකාවට එරෙහිව ... |
"රට සන්සුන් කරන්න ඉන්න ආගමික නායකයන් රට ගිනි තියන්න කීම හරිද? – ප්‍රකාශය අස්කර ගන්නේ නෑ" | "ප්‍රසන්න රණතුංගපසුගිය මස 09 වැනිදා සිදුවූ නිවාස ගිනි තැබීම් ඇතුළු කලහකාරී සිදුවීම් පිටුපස ඇතැම් ආගමික නායකයන් සිටි බවට කළ ප්‍රකාශය ඉල්ලා අස්කර ගන්නේ නැතැයි නාගරික සංවර්ධන හා නිවාස ඇමැති ප්‍රසන්න රණතුංග මහතා පැවැසීය.හෘද සාක්‍ෂියට එකඟව කතාකරන තමන් කිසිවිටෙකත් ජාතිවාදය හෝ ආගම්වාදය ඇදගෙන දේශපාලනය නොකරන බවත් පෙරේදා (11දා) ... |
"බිත්තර – කුකුළු මස් මිල අහසට" | "වෙළෙඳ පොළේ බිත්තර, කුකුළු මස් මිල තවත් ඉහළ නැඟ ඇතැයි පාරිභෝගික ජනතාව පවසති.රුපියල් 17 ත් 20 ත් අතර මිලකට තිබූ බිත්තරයක් මේ වනවිට රුපියල් 45 ත් 50 ත් අතර මිලකට අලෙවි වන බව ද ඔවූහු කියා සිටිති.එසේම කුකුළු මස් කිලෝවක් රුපියල් 1150 ත් 1200 ත් අතර මිලකට අලෙවි වන බව ද, එමෙන්ම සුපිරි වෙළෙඳසල්වල බිත්තර දහයේ ඇසුරුමක් රුපියල් 4... |
"අනුරාධපුර බීජ ගබඩාවක සඟවාගෙන සිටි ලාෆ් ගෑස් සිලින්ඩර් 528 ක් අල්ලයි" | "මහජනතාවට අලෙවි නොකර අනුරාධපුර පුල්ලෙයාර් හන්දිය අසල බීජ ගබඩාවක සඟවා තිබූ ලාෆ් ගෑස් සිලින්ඩර් 528 ක් පාරිභෝගික අධිකාරියේ අනුරාධපුර ශාඛාවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (12 දා) සොයාගෙන තිබේ.බීජ මධ්‍යස්ථානයක මෙම ගෑස් තොගය සඟවා තිබියදී අනුරාධපුර කාර්යාලයට ලැබුණු තොරතුරක් මත අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා සාම... |
"රජය වෙනස් වන තුරු රට ගොඩගන්න බෑ – හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන" | "ආහාර අර්බුදයක් අත ළඟවිදෙස් සහාය අවශ්‍ය නම් සර්ව පාක්‍ෂික ආණ්ඩුවක් පිහිටුවන්නවර්තමාන රජය වෙනස් වන තුරු රට ගොඩගත නොහැකි බවත්, විදෙස් රටවල සහාය ලබා ගැනීමට නම් නිශ්චිත කාලයකට සර්ව පාක්‍ෂික ආණ්ඩුවක් පිහිටුවා ඉක්මනින්ම පාර්ලිමේන්තු මැතිවරණයක් පවත්වා පසුව නව රජයක් පිහිටුවිය යුතු බවත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පව... |
"විදුලි මහපුටු දැල්වෙයි – ජනතාව අඳුරේ දැවෙයි" | "ඉකුත් වසර හතක කාලයේදී ලංකා විදුලිබල මණ්ඩලය රුපියල් කෝටි හතළිස් දහසක පමණ පාඩුවක් ලැබීමට හේතුව ආයතනයේ වංචා, දූෂණ, එසේත් නැතිනම් සේවක වැටුප් දීමනා හා.අකාර්යක්‍ෂතාව දැයි සෙවීම සඳහා වහාම සේවක කාර්ය සාධනයක් හා විiාත්මක විගණනයක් සිදු කළ යුතු යැයි ලංවීම තාක්‍ෂණික ඉංජිනේරු හා අධිකාරි සංගමයේ සභාපති ඒ. ජී. යූ. නිශාන්ත මහතා “දිවය... |
"අයි.එම්.එෆ්. නියෝජිතයෝ 20 වැනිදා දිවයිනට" | "මෙරටට මූල්‍ය පහසුකමක් ලබාගැනීමේ ක්‍රියාවලියේ ඉදිරි සාකච්ඡා සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් ලබන 20 වැනි දින ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය. මේ සාකච්ඡාවලින් පසු මේ මස අග වනවිට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග කාර්ය මණ්ඩල මට්ටමේ එකඟ වනු ඇතැයි බලාපොරොත්තු වන බව මුදල් ඇමැති හා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. මේ ... |
"මෙගාවොට් 2700 ක පුනර්ජනනීය ව්‍යාපෘති ඇරඹීමට හැකිවෙයි" | "ශ්‍රී ලංකා විදුලි (සංශෝධන) කෙටුම්පත පාර්ලිමේන්තුවේ සම්මත කරගත් නිසා මෙගාවොට් 2000ක සුළං සහ මෙගාවොට් 700ක සූර්ය විදුලි ව්‍යාපෘති ආරම්භ කිරීමට හැකියාව ලැබෙන බව ලංකා විදුලිබල මණ්ඩලය කියා සිටියි.2009 අංක 20 දරන විදුලි පනත සංශෝධනය කිරීමට අවස්ථා කිහිපයකදී උත්සාහ ගත්තත් විදුලි ඉංජිනේරු සංගමය ඇතුළු ලංවිම වෘත්තීය සමිති ඊට එරෙහ... |
"ජිනීවා සමුළුව සඳුදා ඇරඹෙයි: රුසියාව එනවද යන්න තවම රහසක්" | "ඩයස්පෝරා කණ්ඩායම් 10ක් ගිහිල්ලා 50 වැනි ජිනීවා මානව හිමිකම් සමුළුව ජුනි 13 වැනි සඳුදා ආරම්භ වෙයි. රුසියාව මෙම සමුළුවට සහභාගි වන්නේද යන්න ගැන මෙතෙක් වාර්තාවී නැත. බටහිර රටවල් විසින් රුසියාව මානව හිමිකම් සමුළුවෙන් ඉවත් කළ යුතු බව දැක්වෙන යෝජනාවක් ගෙන ඒමට ක්‍රියාකරන බවද අනාවරණය වී ඇත. මේ අතර කොටි ඩයස්පෝරා කණ්ඩායම් 10 ක් ... |
"රාජ්‍ය අනුග්‍රහය දෙනවානම් රටටම පොහොර දෙනවා" | "පරිසර හිතකාමී පොහොර නිෂ්පාදකයන්ගේ සංගමය රාජ්‍ය අනුග්‍රහය වහා ලබා දෙන්නේ නම් මෙවර යල කන්නය සාර්ථක කර ගැනීමට සම්පූර්ණ පොහොර අවශ්‍යතාව සපුරාදීමට තමන් සූදානම් බව පරිසර හිතකාමී පොහොර නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති ශම්මි කිරින්දේ මහතා සඳහන් කළේය. වැඩිදුරටත් අදහස් දැක්වූ සභාපතිවරයා කියා සිටියේ දැනටමත් යල කන්නයට අවශ්‍ය පොහොර අවශ... |
"නම මැකොට" | "ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක හිටපු ඇමැති බැසිල් රාජපක්‍ෂ මහතා පාර්ලිමේන්තු ධුරයෙන් ඉවත් වීමෙන් පසු ඇතිවූ පුරප්පාඩුව සඳහා ප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතාගේ නම ඇතුළත් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට මැතිවරණ කොමිසම ඊයේ (10 දා) කටයුතු කර ඇත.බැසිල් රාජපක්‍ෂ මහතා ඉවත් වීමෙන් පසු එම පුරප්පාඩුව සඳහා ධම්ම... |
"පාසල් වෑන්- පෞද්ගලික බස් ධාවනය වන්නේ 20% යි" | "පාසල් ළමුන් ප්‍රවාහන සේවා සංගමය පවතින ඩීසල් හිඟය නිසා දෛනිකව ධාවනය වන පාසල් වෑන් රථ සහ පෞද්ගලික බස් රථ සංඛ්‍යාව සියයට 20 දක්වා පහත බැස ඇතැයි සමස්ත ලංකා අන්තර් දිස්ත්‍රික් පාසල් ළමුන් ප්‍රවාහන සේවා සංගමයේ සභාපති එන්. එම්. කේ. හරිස්චන්ද්‍ර පද්මසිරි මහතා ‘දිවයින’ ඉරිදා සංග්‍රහයට පැවසීය.දිවයින පුරා ඇති පාසල් වෑන් රථ සහ පෞ... |
"තාක්ෂණ හා ආයෝජන ප්‍රවර්ධන ඇමති ධූරයට" | "ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්‍ෂ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රි ධුරයෙන් ඉවත්වීම නිසා ඇතිවූ ජාතික ලැයිස්තු මන්ත්‍රීධුර පුරප්පාඩුවට පත්කළ ප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතාට අලුතින් පිහිටුවනු ලැබූ තාක්‍ෂණ හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශය ලැබීමට නියමිත බව වාර්තාවේ.එම අමාත්‍ය ධුරය මෙරට ආර්ථිකය යහපත් අත... |
"මාස්ක් අනිවාර්යය නැතත් සෞඛ්‍ය පුරුදු පිළිපදින්න" | "විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් තවමත් මෙරටින් දිනකට කොවිඩ් රෝගීන් 10 ත් 15 ත් අතර සංඛ්‍යාවක් වාර්තාවන බැවින් මුඛ ආවරණ පැළදීම අනිවාර්යය නොවුණත් සෞඛ්‍යාරක්‍ෂිත ක්‍රමවේදයන් තවදුරටත් අනුගමනය කරන්නැයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛi හේමන්ත හේරත් මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කළේය.රටේ කොවිඩ් වසංගතයක් පැවතුනු බව මේ වනව... |
"සමාගම්වල තනතුරුවලින් අස්වෙයි" | "ප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස පත්වීම සඳහා ඔහු දැනට දරමින් සිටින සියලුම සමාගම් අධ්‍යක්‍ෂ ධුරවලින් ඉවත්වීමට තීරණය කර ඇතැයි වාර්තා වේ.ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබා සිටින ධම්මික පෙරේරා මහතා එම පක්‍ෂයේ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත්වීමට නියමිතය. ඔහු සිය සමාගම් අධ්‍යක... |
"රන්ජන් නිදහස් කරන්න – මැති ඇමැතිවරු ජනපතිට කියයි" | "රන්ජන් රාමනායකට ජනාධිපති සමාව ලබාදී ඔහු බන්ධනාගාරයෙන් නිදහස් කරගැනීම සඳහා ආණ්ඩුවේ මැති ඇමැතිවරු පිරිසක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට කරුණු ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇත.රන්ජන් රාමනායක මහතා බන්ධනාගාර ගතවීම හේතුවෙන් ඔහු රඟපාන සිනමා නිර්මාණ කීපයක්ම රූගත කිරීම් නතර කර ඇති බවට කලා ශිල්පීන් රැසක් දැනුම්දීම හේතුවෙන් මැති ඇම... |
"උසාවි නියෝගයටත් උඩින් සීසර්ලා වැඩ" | "ලීසිං වාරික ගෙවීම ප්‍රමාදවන වාහන ලීසිං සමාගම්වලට බලහත්කාරයෙන් ලබාගත නොහැකි බව අධිකරණය මගින් නියෝග ලබාදී තිබියදීත් ලීසිං සමාගම් විසින් වාහන බලහත්කාරයෙන් අත්පත් කර ගැනීම් සිදුකරන බව නීතිඥ සඳරුවන් සේනානායක මහතා පවසයි.ඒ මහතා වැඩිදුරටත් මෙසේද කීය. 2000 අංක 56 දරන කල්බදු මූල්‍ය කරන පනත මගින් වාහනයක් බලෙන් ගන්න බැහැ. කැමැත්ත... |
"නම මැකොට" | "ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක හිටපු ඇමැති බැසිල් රාජපක්‍ෂ මහතා පාර්ලිමේන්තු ධුරයෙන් ඉවත් වීමෙන් පසු ඇතිවූ පුරප්පාඩුව සඳහා ප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතාගේ නම ඇතුළත් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට මැතිවරණ කොමිසම ඊයේ (10 දා) කටයුතු කර ඇත.බැසිල් රාජපක්‍ෂ මහතා ඉවත් වීමෙන් පසු එම පුරප්පාඩුව සඳහා ධම්ම... |
"පොසොන් පෝදා සිතුල්පව්ව ආලෝක පූජාව මෙවරත් උපාලි සමූහ ව්‍යාපාරයේ අනුග්‍රහයෙන්" | "රුහුණු පළාතේ යාල වනෝද්‍යානය මැද පිහිටි ඓතිහාසික සිතුල්පව්ව රජමහා විහාරයේ වාර්ෂික පොසොන් උත්සවය ජුනි 13, 14 සහ 15 තෙදින තුළ පැවැත්වේ. පොසොන් දින වාර්ෂික ආලෝක පූජාව 35 වැනි වසරටත් උපාලි සමූහ ව්‍යාපාරයේ අනුග්‍රහයෙන් පැවැත්වේ.මෙවර පොසොන් උත්සවය සිතුල්පව්ව රජමහා විහාරයේ විහාරාධිපති ශාස්ත්‍රපති පණ්ඩිත මැටරඹ හේමරතන නාහිමිපාණ... |
"පොහොට්ටුව නෙළාගනී" | "ප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබාගෙන ඇත. ඡායාරූපයෙන් දැක්වෙන්නේ ධම්මික පෙරේරා මහතා ඊයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් මහතා අතින් පසුගියදා එම පක්‍ෂයේ සාමාජිකත්වය ලබාගත් අයුරුයි. හිටපු මුදල් ඇමැති බැසිල් රාජපක්‍ෂ මහතා ඉල්ලා අස්වීමෙන් හිස් වූ ශ්‍රී ලංකා පොදුජ... |
"බම්බලපිටිය සිරි වජිරාරාමයේ පොසොන් පුන් පෝදා ශීල සමාදානය 14දා" | "පෙ.ව. 06.00 – 07.15 : සිල් සමාදන් කරවීම අනුශාසනාව සහ බුද්ධ පූජාව රාජකීය අග්ග්‍රමහ පණ්ඩිත ශාස්ත්‍රපති පූජ්‍යපාද තිරිකුණාමලේ ආනන්ද මහානායක හිමිපාණෝ, පෙ.ව. 08.00 – 09.00 : ධර්මානුශාසනාව – කොළඹ කඩවත් සතර ප්‍රධාන සංඝනායක රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති පූජ්‍යපාද කරපුටුගල රේවත හිමිපාණෝ, පෙ.ව. 09.00 – 10.00 : ධර්මානුශාසනාව – ආචාර්... |
"ඉසුරුපායට කඩා වැදුණු අන්තරේට කඳුළු ගෑස්" | "පිරිස කඳුළු ගෑස් උණ්ඩ යළි පොලිසිය දෙසට විසිකරති පොලිසිය සිසුන්ට පෑන්වලින් ඇනගෙන ඇනගෙන ගියා – වසන්ත මුදලිගේ කියයි බත්තරමුල්ල,පැලවත්තේ පිහිටි අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය ඊයේ (10 දා) පස්වරුවේ සංවිධානය කළ විරෝධතාවයට පොලිසිය කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කරන්නට වීමත් සමග බත්තරමුල්ල පැලව... |
"ධම්මික පොහොට්ටුවට" | "ප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබාගත්තේය. ඡායාරූපයෙන් දැක්වෙන්නේ ධම්මික පෙරේරා මහතා ඊයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් මහතා අතින් පසුගියදා එම පක්‍ෂයේ සාමාජිකත්වය ලබාගත් අයුරුයි. හිටපු මුදල් ඇමැති බැසිල් රාජපක්‍ෂ මහතා ඉල්ලා අස්වීමෙන් හිස් වූ ශ්‍රී ලංකා පොදුජ... |
"මොරටුව විශ්වවිද්‍යාලයේ ආචාර්යවරුන් 35දෙනෙක් රු. කෝටියකට අධික ගිවිසුම් හා බැඳුම්කර කඩලා" | "මොරටුව විශ්වවිද්‍යාලයේ පමණක් අධ්‍යයන නිවාඩු ලබා විදේශගතවූ විශ්වවිද්‍යාල අචාර්යවරුන් 35 දෙනෙක් ගිවිසුම් හා බැඳුම්කර කඩ කිරීම නිසා 2021 දෙසැම්බර් 31 දින වනවිට අය වියයුතු මුදල රුපියල් 51,649,961 බවට කෝප් කමිටුවේදී අනාවරණය විය. ගිවිසුම් හා බැඳුම්කර කඩ කොට වසර 08ක් තිස්සේ නොගෙවූ අචාර්යවරු 16 දෙනෙකුගෙන් අයවිය යුතු මුදල රුපි... |
"අමරවීර වී මෙට්‍රික් ටොන් 43000ක් කොටයි" | "වී අලෙවි මණ්ඩලය සතු වී මෙට්‍රික් ටොන් 43,000ක් සහල් වශයෙන් සකස් කර වෙළෙඳපොළට යවන ලෙස කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර මහතා නිලධාරීන්ට උපදෙස් දී ඇක.වී අලෙවි මණ්ඩලය සතුව මේ වන විට වී මෙට්‍රික් ටොන් 43,000ක් තිබේ. මේ වනවිට වෙළෙඳපොළේ සහල් හිඟයක් පැවතීම සහ මිල ඉහළ මට්ටමක පවතින නිසා එය පාලනය කිරීමේ පියවරක් ලෙස වී අලෙවි මණ්ඩලය... |
"එකඟතාව මත ගෝඨාභයට ජනපති ධුරයේ රැඳී සිටිය හැකි යැයි කිසිදු සහතිකයක් දී නෑ – නීතිඥ සංගමය" | "විධායක ජනාධිපති ක්‍රමය සහ 19 වන ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කිරීමට එකඟ වන්නේ නම් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට තවදුරටත් ජනාධිපති ධුරයේ රැඳී සිටිය හැකි බවට තම නීතිඥ සංගමය කිසිදු සහතිකයක් ජනාධිපතිවරයාට ලබාදී නැතැයි ශ්‍රී ලංකා නීතිඥ සංගමය නිවේදනයක් නිකුත් කරමින් පෙන්වාදී තිබේ. එසේම රට තුළ ආර්ථික තත්ත්වය යථා තත්ත්වයට පත් කිරී... |
"වරායේ හිරවුණු කෝටි 2ක ඇපල් සතුන්වත්තට" | "හිමිකරුවන් විසින් ඉවත් කරනොගත් රුපියල් කෝටි දෙකක් පමණ වටිනා ඇපල් කිලෝ විසිහතර දහසක් දෙහිවල සත්වෝද්‍යානයට භාරදීමට වරාය, නාවික හා ගුවන් සේවා ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා ඊයේ (10දා) කටයුතු කර ඇත. කොළඹ ජාත්‍යන්තර බහලුම් පර්යන්තයට චීනයෙන් පැමිණ තිබූ ඇපල් කන්ටේනරයක් රැගෙන ගොස් නොතිබූ අතර එය ඇමැතිවරයාගේ මැදිහත්වීමෙන් සත... |
"දුප්පත්ම අයට වේල් දෙකක් නිකන් කන්න දෙන්න රනිල්ගෙන් වැඩක්" | "ආහාර හිඟයට පිළියමක් ලෙස තමන් රටේ ආහාර සුරක්ෂිතතා වැඩසටහන ක්‍රියාත්මක කරන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පෙරේදා (9 දා) පස්වරුවේ මෙරටට මාධ්‍ය ආයතන හිමිකරුවන් සමග පැවැති සාකච්ඡාවක දී මේ බව සඳහන් කළේය. මෙම සාකච්ඡාවේදී අගමැතිවරයාගේ ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක ආචාර්ය ආර්. එස්. එච්. සමරතුංග... |
"ඉන්දියාව සහ බංගලාදේශය රුසියාවෙන් දිගට ම තෙල් ගෑස් ගනී" | "රුසියාවෙන් නොකඩවා බොරතෙල් පොහොර සහ ගෑස් ලබාගැනීමට ඉන්දියාව, බංගලාදේශය තීරණය කර ඇත. ඉන්දීය විදේශ ඇමැති එස්. ජායිශංකර් පැවසුවේ යුරෝපා රටවල් නොඩවා රුසියාවෙන් ගෑස් ලබාගන්නා බවයි. ජර්මනිය, ඔස්‌ට්‍රේලියාව සහ ඉතාලිය ද රුසියාවෙන් ගෑස් මිලට ගනියි. අලුත්ම වාර්තාවක දැක්වෙන්නේ යුරෝපා රටවල් ඩොලර් මිලියන 388ක ගෑස් තොග රුසියාවෙන් ලබ... |
"පිරිපහදුවට යළිත් රතු එළියක්" | "ඉදිරි සති දෙක ඇතුළත පිරිපහදුවට අවශ්‍ය බොරතෙල් ඇණවුම් කර මෙරටට ගෙන ඒමට අසමත් වුවහොත් දින 10 කින් 15 කින් යළිත් වතාවක් පිරිපහදුව වසා දැමීමට සිදුවන බව එම පිරිපහදුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් දිවයින”ට පැවසීය. බොරතෙල් මිලදී ගෙන ඒමට ඩොලර් නොමැති නිසා ඉකුත් මාස තුන හතර තුළ කිහිපවතාවක් ම පිරිපහදුව වසා දැමූ අතර එලෙස දින 70 ක් වසා ද... |
"රාසපුත්‍රම්ගේ කතාවට අගමැති එරෙහි වෙයි" | "මන්ත්‍රීවරුනගේ නිවාස ගිනි තැබීම්, පහරදීම්, ඝාතනය කිරීම් සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රී ශානක්කියන් රාසපුත්‍රම් මාණික්කම් මන්ත්‍රීවරයා සිදු කළ කතාව පිළිබඳ කථානායකවරයා පියවරක් ගත යුතු යැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (10 දා) කීවේය. එම සිද්ධීන් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සියලු ... |
"පොහොර ගන්න ඉන්දියාවෙන් ඩොලර් මිලියන 55ක ණයක්" | "අගමැති රනිල් ඉදිරිපිට ගිවිසුමට අත්සන් තබති ඉන්දියාවෙන් යූරියා පොහොර මිලදී ගැනීම සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 55ක ණය පහසුකමක් ශ්‍රී ලංකාවට ලබාදීම සඳහා ඉන්දීය රජය එකඟතාව පළකර ඇත. මේ සඳහා වන ගිවිසුම්වලට අත්සන් තැබීම ඊයේ (10දා) සිදුවිය. මේ අනුව ඉන්දියාවේ එක්සිම් බැංකුවේ නියෝජිතයන් සමග මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධ... |
"වැලිගම සංචාරක හෝටලයක විදේශිකයෙක් අභිරහස් ලෙස මිය ගිහින්" | "වැලිගම පෞද්ගලික සංචාරක හෝටල් කාමරයක විදේශීය ජාතිකයෙක් අභිරහස් ලෙස මරණයට පත්ව ඇතැයි වැලිගම පොලිසිය පවසයි. බී. චාල්ස් නැමැති එම තැනැත්තා වයස අවුරුදු පනස් පහක් පමණ වන අයකි. පසුගිය ජනවාරි මාසයේ එම හෝටලයේ නවාතැන් ගැනීම සඳහා පැමිණි ඔහු පසුගිය දිනෙක රාත්‍රී ආහාර ගැනීමෙන් අනතුරුව ඔහු වෙන්කර ගත් කාමරයට ගිය බව එම හෝටලයේ කළමනාකර... |
"පුනර්ජනණීය නංගිව පෙන්නලා දූෂිත අක්කාව ජනතාවගේ පිට දැම්මා" | "මෙගා වොට් 100ට වැඩි ව්‍යාපෘති ටෙන්ඩර් කළානම් හොරා කන්න බෑ විදුලි බල පනත සංශෝධනය කිරීමට ගත් ක්‍රියාමාර්ගය ඓතිහාසික වැරැද්දක්! විදුලි බල හා බලශක්ති ඇමැති කාංචන විජේසේකර මහතා ඉතා සක්‍රීය ලෙස වැඩ කිරීම පිළිබඳ විපක්ෂයක් ලෙස බොහෝ පැහැදීමකින් සිටියද විදුලි බල පනත සංශෝධනය කිරීමට ගත් ක්‍රියාමාර්ගය ඓතිහාසික වැරැද්දක් යැයි සමගි ... |
"සැත්කමකින්වත් ගන්න බැරි වූ පෙනහැල්ලේ හිරවූ මූනිස්සම භෞත චිකිත්සක ප්‍රතිකාර මගින් මුඛයෙන් එළියට" | "වෙඩි තැබීමකින් බරපතළ තුවාල ලබා ගාල්ල, කරාපිටිය ශික්ෂණ රෝහලේ හෘද හා උරස් ශල්‍ය ඒකකයට ඇතුළත්කොට සිටි දෙදරු පියකුගේ වම්පස පෙනහැල්ලේ හිරවී තිබූ මූනිස්සමක් හෘද උරස් භෞත චිකිත්සක ප්‍රතිකාර මගින් ඉවත් කිරීමට කටයුතු කර ඇත. ගාල්ල, කරාපිටිය ශික්ෂණ රෝහලේ හෘද හා උරස් කුහර පිළිබඳ විශේෂඥ ශල්‍ය වෛද්‍ය ට්‍රෝලුෂා හරිස්චන්ද්‍ර වෛද්‍යවර... |
"පොදු ප්‍රවාහනය විධිමත් කිරීමට වහා පියවර ගන්න" | "කෙටි ධාවන කටයුතු සඳහා ද ලංගම හා පෞද්ගලික බස් සේවා ඒකාබද්ධ කාලසටහනක් යටතේ ක්‍රියාත්මක කිරීමට ජනාධිපති කාර්යාලයේ පෙරේදා (9දා) පැවති ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍යාංශ ප්‍රගති සමාලෝචන සාකච්ඡාවේදී තීරණය කර ඇත. ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම සාකච්ඡාවේදී පොදු ප්‍රවාහනය වහා විධිමත් කිරීමට අවශ්‍ය සියලු... |
"සුරාබදු අක්‍රමවත් වැඩ නිසා දිනකට මිලියන 400ක් අහිමි වෙනවා" | "සුරාබදු දෙපාර්තමේන්තුවේ අක්‍රමවත් සැලසුම් මත දේශපාලනික හා ඇතැම් ව්‍යාපාරික ප්‍රජාවගේ බදු මුදල් අවභාවිතයෙන් දෛනිකව රුපියල් මිලියන 400 ක මුදලක් රජයට අහිමි වන බව මත්පැන් බලපත්‍රලාභීන්ගේ සංගමයේ සභාපති අජිත් උඩුගම මහතා පවසයි. නීත්‍යානුකූල නොවන මාර්ග ඔස්සේ මත්පැන් සඳහා වන බදු මුදල් හුවමාරු වීම හේතුවෙන් දේශීය ආදායම් බදු දෙපා... |
"ජොනීට ඇප: ලක්‍ෂ දහයක ශරිර ඇප දෙකක්" | "අභියාචනාධිකරණ නියෝග පරිදි අධිකරණයට භාර වූ හිටපු ඇමැති පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාව රුපියල් ලක්‍ෂ දහය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහරින ලෙස කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඊයේ (09 දා) නියෝග කළේය. තම අධිකරණය විසින් ලබාදුන් කාලය අවසන් වනතුරු පෙත්සම්කරුව අත්අඩංගුවට නොගන්නා ලෙස ද එහිදී අපරාධ පරීක්ෂ... |
"වර්ජනය අත්හරිනවා… ‘ජනපති පොරොන්දුව දෙස බලා සිටිනවා’ – ලංවිම ඉංජිනේරුවෝ" | "වෘත්තීය සමිති ක්‍රියාමාර්ග වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය නිකුත් කළ වාරණ නියෝගයට අනුව ලංවිම ඉංජිනේරු සංගමය වැඩ වර්ජන වෘත්තීය සමිති ක්‍රියාමාර්ග නතර කර ඇත. 2009 අංක 20 දරන විදුලි පනත සංශෝධනය කිරීමට අදාළව පාර්ලිමේන්තුවට ගෙන එන සංශෝධන පනතට තම සංගමයේ අදහස් හා යෝජනා එක්කරන බවට ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා පෙරේදා (08 දා) ලබ... |
"ආර්ථිකය කඩා වැටෙනකම් නොදැන සිටියා යයි කීම අනුමත කරන්න බැහැ" | "වසර දෙකක් යන තුරුම රටේ ආර්ථිකය නිසි මාර්ගයේ ගමන් නොකළ බවත් රටේ ආර්ථිකය බිඳවැටෙන තුරුම තමන් දැනුවත් නොවූ බවත් පැවසීම හා දේශපාලන අධිකාරියේ තීරණ මත පදනම්ව එම ප්‍රතිපත්ති ක්‍රියාත්මක කළා යයි පැවසීම අනුමත කළ නොහැකි බව මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ඊයේ පාර්ලිමේන්තුවේ රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී පැවැසීය. ... |
"රාජ්‍ය පාලනයේ කිසිඳු කටයුත්තකට සම්බන්ධ වන්නේ නෑ!" | "වර්තමාන බලාපොරොත්තුව සිස්සටම් චේන්ඡ් එකක් මිස පුද්ගල චේන්ජ් එකක් නොවෙයි රජය ගන්නා තීරණයකට එකඟ විය නොහැකි නිසා ඊට පෙර මා ඉවත් වුණා…. – හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ වර්තමානයේ හුඟ දෙනෙකුගේ බලාපොරොත්තුව සිස්සටම් චේන්ඡ් එකක් මිස පුද්ගල චේන්ජ් එකක් නොවෙයි. අපි මෙතෙක් හැමදාම කර තියෙන්නේ පුද්ගලයෝ මාරු කිරීමක්. ඉදිරියේදීවත් පුද්... |
"විදුලි පනත සම්මතයි: පක්‍ෂව ඡන්ද 120ක් විරුද්ධව ඡන්ද 36ක්" | "ශ්‍රී ලංකා විදුලිබල (සංශෝධන) පනත් කෙටුම්පත දෙවන වර කියවීම පාර්ලිමේන්තුවේ ඊයේ (09දා) වැඩි ඡන්ද 84කින් සම්මත විය. පනත් කෙටුම්පතට පක්‍ෂව ඡන්ද 120ක් ලැබුණු අතර විරුද්ධව ඡන්ද 36ක් ලැබිණි. මෙම පනත් කෙටුම්පත සඳහා ඡන්ද විමසීම් 3ක් සිදුකිරීමට කථානායකවරයාට සිදුවිය. පනත පිළිබඳ කාරක සභා අවස්ථාවේදී ඇමැති කංචන විජේසේකර මහතා විසින් ... |
"අරගලකරුවන්ට ‘පාර වහන්නැයි’ කළ ඉල්ලීම උසාවියෙන් ඉවතට" | "අරගලකරුවන් ඇතුළු උද්ඝෝෂකයන්ට කරුඳුවත්ත පොලිස් වසමට අයත් මාර්ග කිහිපයකට ඇතුල්වීම වළක්වන නියෝගයක් රංගන ශිල්පිනි දමිතා අබේරත්න, වසන්ත මුදලිගේ ඇතුළු දහයදෙනෙකුට නිකුත් කරන ලෙසට කුරුඳුවත්ත පොලිසිය කළ ඉල්ලීමකට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා ඊයේ (09දා) අවසර ලබා නොදුන්නේය. ඊයේ (09දා) කොටුව දුම්රිය ස්ථානයට රැස්වීම... |
"ධම්මිකට ප්‍රබල කැබිනට් ඇමැති ධුරයක්!" | "ප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා රජයේ ප්‍රබල වගකීමක් භාර ගැනීමට කැමැත්ත පළ කර ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඉහළ පෙළේ ආරංචි මාර්ගවලින් ‘දිවයින.ට වාර්තා වේ. මේ අනුව ධම්මික පෙරේරාට විදේශ මුදල් මෙරටට ආකර්ෂණය කර ගැනීමට සම්බන්ධ රජයේ ප්‍රබල අමාත්‍ය ධුරයක් පිරිනැමෙනු ඇතැයිද මෙරටට විදෙස් ආයෝජන ඇතුළු විදේශ විනිමය ගෙන්වා ග... |
"රුසියාවෙන් ඉන්ධන ගන්න ද්වීපාර්ශ්වික සාකච්ඡා අරඹන්න: පක්‍ෂ නවය ජනපතිට ලියයි" | "ශ්‍රී ලංකාව සඳහා රුසියාවෙන් ඉන්ධන සහ පොහොර ලබා ගැනීමට කටයුතු කරන ලෙස ඉල්ලමින් පක්‍ෂ 09 එකමුතුවෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා වෙත ලිපියක් යොමු කර තිබේ. ජාතික නිදහස් පෙරමුණ, ලංකා සම සමාජ පක්‍ෂය, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්‍ෂය, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ, පිවිතුරු හෙළ උරුමය, ජාතික කොංග්‍රසය, විජයධරණි ජාතික සභ... |
""වර්ජනයේ නිරත වෘත්තීය සමිති රන්දෙණිගල, රන්ටැඹේ වාන්දොරටු ඇරලා – ඇමැති කංචන කියයි"" | "වර්ජනයේ නිරත විදුලි බල මණ්ඩලයේ වෘත්තීය සමිති කිහිපයක අය රන්දෙණිගල, රන්ටැඹේ ඇතුළු ජලාශ කිහිපයක වාන්දොරටු හැර ජලය අපතේ යවමින් කඩාකප්පල්කාරී, ත්‍රස්තවාදී ක්‍රියාවක නිරත වන බැවින් ඒවා ආරක්ෂා කිරීම අවශ්‍ය යැයි විදුලි බල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර මහතා මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (09දා) පැවසීය. එහිදී ඇමැතිවරයා මෙසේ ද කීය.... |
"විදුලි ඉංජිනේරු වැඩ වර්ජනයෙන් කැනියොන් ඇතුළු බලාගාර රැසක විදුලි උත්පාදනයට බාධා" | "විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරු වෘත්තිය සමිති කිහිපයක් එක්ව ආරම්භ කර ඇති වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයට සමගාමීව මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල පිහිටි ජල විදුලි බලාගාරවල විදුලි උත්පාදන කටයුතු (09 දා) දින අලුයම 3.00 සිට තාවකාලිකව නතර කර ඇති බව එම විදුලි බලාගාර සේවකයෝ පැවසූහ. වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය හේතුවෙන් (09) දින... |
"විදුලි ඉංජිනේරු වර්ජනයට උසාවියෙන් තහනමක්" | "ඉදිරි දින 14ක කාලය තුළදී කිසිදු වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක හෝ වැඩ වර්ජනයක නිරත වීම වළක්වමින් හා එමගින් ජනතාවට විදුලිය අඛණ්ඩව සැපයීම කඩාකප්පල් කිරීම වළක්වමින් කොළඹ ප්‍රධාන දිසා විනිසුරු පූර්ණිමා පරණගම මහත්මිය ඊයේ (09 දා) ශ්‍රී ලංකා විදුලිබල ඉංජිනේරු සංගමයේ සභාපති අනිල් රංජිත් ඉඳුවර හා එම සංගමයේ සම ලේකම් ධම්මික විමලරත... |
"කැබිලිත්ත රක්‍ෂිතය වනසන මැරයෝ වන නිලධාරීන්ට තර්ජනය කර කාර්යාලයටත් පහර දෙති" | "වත්තේගම කැබලිත්ත කොටියාගල වන රක්ෂිත ප්‍රදේශයේ සිදු කෙරෙන මහා පරිමාණ වනාන්තර විනාශයට එරෙහිව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව ක්‍රියාමාර්ග ගැනීමත් සමග ඉකුත් 06 වැනිදා සවස එහි පැමිණි චීවරධාරීන් දෙදෙනකු, නීතිඥයකු ඇතුළු ව්‍යාපාරිකයන් කිහිපදෙනකු විසින් මොනරාගල දිසා වන නිලධාරී කාර්යාලයට පහරදී අලාභ හානි කර නිලධාරීන්ට තර්ජනය කර ඇති බ... |
"උද්දච්ච නොවී විදුලි බල පනත ගැන නම්‍යශීලීව කටයුතු කරන්න: සජිත් ආණ්ඩුවෙන් ඉල්ලයි" | "මෙගාවොට් 10 ට අඩු පුනර්ජනනීය බලශක්ති බලාගාරවලට පමණක් ටෙන්ඩර් පටිපාටියකින් තොරව විදුලිය මිලදී ගැනීමත්, ඊට වැඩි බලාගාරවලින් මිලදී ගැනීම් සිදු කිරීම අනිවාර්යයෙන් ටෙන්ඩර් කිරීම මගින් කළ යුතු බවත් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (09දා) පැවසීය. එසේත් නැතිනම් යෝජිත විදුලි බල සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ න... |
"කොටුවේ විරෝධයට ඊයේත් කඳුළුගෑස්" | "ගෝල්ෆේස් අරගල භුමියට මැයි 9 වැනිදා එල්ල වූ මැර ප්‍රහාරයට මසක් සම්පූර්ණ වීම සහ එම ප්‍රහාරයට සම්බන්ධ වූ මහා මොළකරුවන් අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන ලෙස බලකරමින් පොලිස් මූලස්ථානය ඉදිරිපිට ඊයේ (09 දා) සවස පැවැති විරෝධතාව විසුරුවා හැරීම සඳහා පොලිසියෙන් කඳුළුගෑස් ප්‍රහාරයක් එල්ල කිරීමත් සමග කොටුව ප්‍රදේශයේ උණුසුම් තත... |
""ඩීසල්, පෙට්‍රල් ලීටර් 6600 බැගින් දින 3කට වරක් පිරවුම්හල්වලට දෙනවා"" | "දින තුනකට වතාවක් ඉන්ධනහල් වෙත පෙට්‍රල් හා ඩීසල් ලීටර් 6600 බැගින් ලැබෙන බව තෙල් බෙදුම්කරුවන්ගේ සංගමයේ ලේකම් කපිල නාඔටුන්න මහතා ‘දිවයින’ ට පැවැසීය. රටපුරා ඉන්ධනහල් 1190ක් පමණ තිබෙන අතර සාමාන්‍ය තත්ත්වය යටතේ දිනකට බවුසර් 250ත් 300ත් අතර ප්‍රමාණයක් රටපුරා තෙල් බෙදාහැරීම් සිදුකළත් මේ වනවිට තෙල් බවුසර් 150ක් පමණ දිනකට ධාවන... |
"ඉංජිනේරු වර්ජනයත් සමග ලක්‍ෂපානත් නවතී" | "විදුලි ඉංජිනේරුවන් ආරම්භ කළ වැඩවර්ජනයත් සමග ඊයේ (09 වැනිදා) පෙරවරුවේ ලක්‍ෂපාන බලාගාරය පැය ගණනාවක් අක්‍රීය කර තැබීමට වර්ජනයේ නිරත විදුලි ඉංජිනේරුවන් කටයුතු කර ඇත. මෙලෙස ලක්‍ෂපාන බලාගාරය අක්‍රීය කිරීමට පියවර ගෙන ඇත්තේ කිසිදු අවසරයකින් තොරව වන අතර ඒ අනුව ඊයේ පෙරවරුවේ සිට මෙගවොට් 340 ක ධාරිතාවක් ජාතික පද්ධතියට අහිමි වී ති... |
"මගේ පුතා සිද්ධියට සම්බන්ධ නෑ: හිටපු ඇමැති සරත් වීරසේකර පුවත ගැන කරුණු පහදයි" | "‘වීරසේකරගේ දොස්තර පුතාට හෝටලයේදී තර්ජනය කළ සේවකයා අත්අඩංගුවට’ යන මැයෙන් ඊයේ (9 දා) අප පත්‍රයේ 5 වැනි පිටුවේ පළවී ඇති වාර්තාව නිවැරදි නොවන බව හිටපු මහජන ආරක්‍ෂාව පිළිබඳ ඇමැති පාර්ලිමේන්තු මන්ත්‍රී රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා සඳහන් කරයි. තම පුතා සචිත්‍ර වීරසේකර වන අතර පුවතේ සඳහන් අන්දමට ‘සුමුදු’ නම් අයකු ද නොවන බව... |
"විදුලි වර්ජනය අරඹති" | "ජාතික ප්‍රතිපත්තිය වෙනුවට ඉන්දියාවේ අදානි සමාගමට වාසිදායක ලෙස විදුලිබල පනත වෙනස් කිරීම ඇතුළු කරුණු කිහිපයක් මුල්කරගෙන විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය ඊයේ (08දා) මධ්‍යම රාත්‍රියේ සිට අඛණ්ඩ වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කරන බව එම සංගමයේ සභාපති අනිල් රංජිත් මහතා ‘දිවයින’ට පැවසීය. 04- පිටුවටවිදුලිබල පනතේ ඇතුළත් විදුලිය මිලදී ග... |
"මම අස්වෙනවා බැසිල් ‘දිවයින’ට කියයි – පුරප්පාඩුවට ප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරා!" | "හිටපු මුදල් ඇමැති බැසිල් රාජපක්‍ෂ මහතා සිය පාර්ලිමේන්තු මන්ත්‍රි ධුරයෙන් ඉවත්වීමට තීරණය කර ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ආරංචි මාර්ග සඳහන් කරයි.ජාතික ලැයිස්තුවෙන් පත් වූ ඒ මහතා ඉවත් වීමෙන් පසු හිස්වන මන්ත්‍රී ධුරයට මෙරට ප්‍රකට ව්‍යාපාරිකයකු පත්වීමට ඉඩකඩ ඇතැයි ද වාර්තා වේ. බැසිල් රාජපක්‍ෂ මහතා ජාතික ලැයිස්තු මන්ත්‍රී ... |
"පාඨලී මැතිසබයේ ස්වාධීන වෙයි" | "සමගි ජන බලවේගය කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා තමන් මින් ඉදිරියට විපක්ෂය තුළ ස්වාධීන මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කරන බව පාර්ලිමේන්තුවේදී ඊයේ (08දා) ප්‍රකාශ කළේය.මෙම තීරණය තමන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට ලිපියකින් දැන්වූ බවද කී මන්ත්‍රීවරයා තමා මෙම තීරණය ගත්තේ කිසිවකු සමග ඇති වෛරයක් මත... |
"ජොනීට වරෙන්තු – මිලාන්ට ඇප සනත් යළි රිමාන්ඩ්" | "අරලියගහ මන්දිරය ඉදිරිපිට හා ගාලුමුවදොර පිටියේ රැඳී සිටි විරෝධතාරුවන්ට අමානුෂික ලෙස පහරදී දේපළ හානි කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පවත්වන විමර්ශනවල සැකකරුවකු ලෙස නම්කර සිටින හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රි ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඊයේ (08ද... |
"තර්ජනවලට මම බය නැහැ විදුලි පනත ගේනවා – ඇමැති කියයි" | "රට සම්පූර්ණයෙන්ම බ්ලැකවුට් (අඳුරු කරන බව) කරන බවට තර්ජනය කරන විදුලි ඉංජිනේරුවන් කිහිපදෙනකු කරන තර්ජනයට බිය වී පුනර්ජනනීය බලශක්ති උත්පාදන වැඩපිළිවෙළ නතර නොකොට විදුලිබල මණ්ඩල පනත සංශෝධනය කරන බව විදුලිබල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (08 දා) පැවසීය.විදුලිබල සංශෝධන පනත පිළිබඳව විපක්ෂ නායක සජිත් ... |
"මාව ගන්න එපා ජොනීගෙන් රිට් පෙත්සමක්" | "පසුගිය මැයි 9 වැනිදා ගාලු මුවදොර අරගලකරුවන්ට පහරදීමට ජනතාව පෙළඹීම ඇතුළු චෝදනා යටතේ තමන් අත්අඩංගුවට ගැනීම වළක්වන රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අභියාචනාධිකරණයට රිට් ආඥා පෙත්සමක් ගොනු කළේය.පහරදීම හා දේපොළ අලාභහානි කිරීම සම්බන්ධයෙන්... |
"නිල ඇඳුමේ අඩුපාඩු තිබුණත් – සපත්තු නැතිව හෝ ප්‍රමාද වුවත් දරුවන් පාසලට ගන්නවා – අධ්‍යාපන ඇමැති" | "වත්මන් ආර්ථික තත්ත්වය මත යම් කිසි දරුවකු සිය පාසල් නිල ඇඳුම අඩුපාඩුවකින් හෝ සපත්තු වෙනුවට සෙරෙප්පු පැළඳ උදේ වරුවේ යම් ප්‍රමාදයක් සහිතව පාසලට පැමිණියහොත් එම දරුවා ගැන සානුකම්පිතව සලකා පාසලට ඇතුළුවීමට අවස්ථාව සලසන බව අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (08 දා) කීය.ඒ සඳහා තමන් අවශ්‍ය උපදෙස් පත්‍රි... |
"තවත් ගෑස් නැවක් ඊයේ දිවයිනට එයි" | "තවත් ගෘහස්ථ ගෑස් මෙටි්‍රක් ටොන් 3900ක් රැගත් නෞකාවක් ඊයේ (08 වැනිදා) දිවයිනට ළඟා විය.නෞකාවේ අඩංගු ගෑස් ඊයේ මුතුරාජවෙල පර්යන්තයේ ගොඩබෑමේ කටයුතු ආරම්භ කර තිබිණි. මෙලෙස ගොඩබාන ගෑස් කොළඹ සහ ගම්පහ කේන්ද්‍ර කරගනිමින් බෙදාහරින බව ලිට්‍රෝ සමාගමේ උසස් නිලධාරියෙක් “දිවයින”ට පැවසීය. ඊයේ ලිට්‍රෝ ගෑස් බෙදාහැරීමක් සිදුනොවූ බවද ඊයේ ... |
"ගෑස් හිඟයෙන් කොළඹ හෝටල් දාහක් වැහිලා – ආපන ශාලා හිමියන්ගේ සංගමයේ සභාපති" | "පවතින ගෑස් අර්බුදය හේතුවෙන් කොළඹ නගරයේ ඇති තරු පන්තියට අයත් නොවන හෝටල් 2000 කින් 1000 ක්ම වසාදමා ඇතැයි ආපන ශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මහතා “දිවයින”ට ඊයේ (08දා) පැවසීය.ගෑස් සපයා ගත නොහැකිවීම හේතුවෙන් මෙලෙස දිනෙන් දින කොළඹ නගරයේ හෝටල් වැසෙන බවද හෙතෙම කියා සිටියේය.මෙහිදී තවදුරටත් කතාකළ අසේල සම්පත් මහතා මෙසේ... |
""නාඩු – 220 යි, සම්බා – 230 යි කීරි සම්බා – 260 යි – සහල්වලට උපරිම මිලක්"" | "නාඩු සහල් කිලෝවක් රුපියල් 220 ත්, සම්බා සහල් කිලෝවක් රුපියල් 230 ත් සහ කීරි සම්බා කිලෝවක් රුපියල් 260 ක් ලෙස උපරිම සිල්ලර මිල නියම කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ගැසට් නිවේදනයක් නිකුත්කර තිබේ.2022/05/02 වැනි දින පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මගින් නිකුත් කළ අංක 2278/02 නියෝග අංක 82 යටතේ වූ ගැසට්පත්‍රයට අන... |
"සහල් හිඟයට හේතුව කෘෂිකර්ම ඇමැතිගේ අනාවැකියයි – ඕමල්පේ සෝභිත හිමි" | "සහල් හිඟයට ප්‍රධානතම හේතුව කෘෂිකර්ම අමාත්‍යවරයා විසින් ප්‍රකාශ කරන ලද අනාවැකියක්. ඉතාමත් දැඩි හාල් හිඟයකට රට මුහුණ දෙන්න සිදුවෙනවා ය කියන කනගාටුදායක ආරංචිය ඔහු ප්‍රකාශ කළා පමණයි, හාල් හිඟයක් නිර්මාණය වුණා. නිර්මාණය වුණු හාල් හිඟයේ ඊළඟ පියවර මොකක්ද? වැඩි මිලකට හාල් විකිණීම. මෙන්න මේ අසාධාරණ ව්‍යාපාරය ඉදිරියට මුළු රටටම ... |
"අයිඑම්එෆ් ආධාර කඩිනම් කරගන්න අගමැති සාකච්ඡා කරයි" | "රටේ වත්මන් ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂ ක්‍රිස්ටලිනා ජෝර්ජිවා මහත්මිය සමග පෙරේදා (07) සවස දුරකථන ඔස්සේ සාකච්ඡාවක් පැවැත්වීය.අයිඑම්එෆ් කාර්ය මණ්ඩල මට්ටමේ නියෝජිත කණ්ඩායම හැකි ඉක්මනින් ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස ඉල්ලා ඇති අග්‍රාමාත්‍යවරයා එවිට අ... |
"බස් ගාස්තුව මෙන් භාගයක් දුම්රිය ගාස්තු අය කිරීමේ සැලසුමක් – ඇමැති බන්දුල ගුණවර්ධන" | "දුම්රිය ගාස්තු වැඩි කිරීම වෙනුවට බස් ගාස්තුවට සාපේක්ෂව සියයට පණහක පමණ මුදලකට ගාස්තු අය කිරීමට දුම්රිය සඳහා ජාතික ගාස්තු ප්‍රතිපත්තියක් සකස් කළ යුතු බව ප්‍රවාහන සහ මහාමාර්ග ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (08 දා) පැවසීය.දුම්රිය ස්ථානාධිපතිවරුන් විසින් පසුගිය කාලයේදී ක්‍රියාත්මක කරන ලද හදිසි වැඩ ව... |
"නාගරික සංවර්ධන අධිකාරිය යටතේ ආරම්භ කර අතරමග නැවතී ඇති ව්‍යාපෘති සියල්ල කර රටට ආදායමක් ගේන්න" | "(කෝප්) සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත්නාගරික සංවර්ධන අධිකාරිය යටතේ ආරම්භ කර, මුදල් වියදම් කොට දැනට අතරමග නැවතී ඇති ව්‍යාපෘති සියල්ල වහාම සාර්ථක කර රටට ආදායමක් ලැබෙන තත්ත්වයට පත් කරන ලෙස පොදු ව්‍යාපාර කාරක සභාවේ (කෝප්) සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතා එම අධිකාරියේ නිලධාරීන්ට උපදෙස්... |
"ශ්‍රී ලංකාවේ සිටි රුසියානු සංචාරකයෝ මාලදිවයින හරහා මොස්කව් වෙත" | "ශ්‍රී ලංකාව තුළ රැඳී සිටින රුසියානු සංචාරකයන් 2000කට අධික පිරිසක් මාලදිවයින හරහා මොස්කව් නුවරට ගෙන්වා ගැනීමට රුසියානු රජය තීරණය කර ඇත.මෙයට පෙර මෙරට සිටි රුසියානු සංචාරකයන් විශේෂ ගුවන් යානාවලින් මොස්කව් වෙත ගෙන්වාගෙන තිබුණි.මේ අතර රුසියාව මෙතෙක් පින්ලන්තය හරහා ශ්‍රී ලංකාවේ තේ මිලට ගත් අතර නැවතත් තේ මිලදී ගන්නා බවට ශ්‍ර... |
"ගිය මාසයේ විදේශ සංචිත වර්ධනයක්" | "මෙතෙක් කලක් දිගින් දිගටම අඩු වූ ශ්‍රී ලංකා මහ බැංකුව සතු නිල සංචිත වත්කම් ප්‍රමාණය 2022 මැයි මාසය අවසානයේ ඇමෙරිකානු ඩොලර් මිලියන 1920 ක් දක්වා සියයට 6 කින් වර්ධනය වී ඇත.මෙය 2022 අප්‍රේල් මාසය අවසානයේදී සටහන් වූ ඇමෙරිකානු ඩොලර් මිලියන 1812 හා සැසඳීමේදී විදේශ සංචිතවල සුළු වර්ධනයකි. මහ බැංකුව නිකුත් කළ නවතම වාර්තාවක මේ බ... |
"දිලිප් වෙදආරච්චිගේ පුත්‍රයා හා ලේලිය ඇප මත මුදා" | "දක්ෂිණ අධිවේගි මාර්ගයේ බැදිගම හුවමාරුවේදී පොලිස් නිලධාරීන්ට පරුෂ වචනයෙන් බැන වැදි රාජකාරියට බාධාකිරීමේ චෝදනා මත අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රි දිලිප් වෙදආරච්චි මහතාගේ පුත්‍රයා හා ලේලිය ඇප මත නිදහස් කරන ලෙස වලස්මුල්ල මහේස්ත්‍රාත් මහේෂික් විජේතුංග මහත්මිය ඊයේ (08) නියෝග කළාය.මෙලෙස ඇප මත... |
"ඩීසල් නෑ: රටේම බස් දුවන්නේ දිනකට 3500 යි – ගැමුණු කියයි" | "ඩීසල් හිඟය හේතුවෙන් දිනකට ධාවනය වන පෞද්ගලික බස් රථ ප්‍රමාණය 3500ක් දක්වා අඩුවී ඇතැයි ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා ‘දිවයින’ට ඊයේ (08දා) පැවසීය.දිවයින පුරා මගී ප්‍රවාහනයේ යෙදෙන පෞද්ගලික බස් රථ 20,000ක් පමණ ඇතත් ඉන්ධන හිඟය හේතුවෙන් දෛනිකව ධාවනය වන පෞද්ගලික බස් රථ සංඛ්‍යාව මෙලෙස විශාල ... |
"ආර්ථික අර්බුදයෙන් ජාතිය ගලවා ගත හැකි නන්දලාල් වීරසිංහ මහ බැංකුවේ නව වසර හයටත් අධිපති ලෙස පත් කරන්න" | "වත්මන් ආර්ථික අර්බුදයට විසඳුම් සෙවීම සඳහා පළපුරුද්ද සහ කුසලතා ඇති දක්ෂ හා සම්පත්දායක පෞරුෂයන් මේ මොහොතේ ජාතියට අවශ්‍ය වන බව ද, එම අභියෝගය භාර ගැනීමට නිර්භීතව තම ආත්ම විශ්වාසය හා දක්ෂතාව ප්‍රදර්ශනය කළ ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා, 2022 ජුලි 01 වැනිදා සිට ආරම්භ වන මහ බැංකුවේ නව වසර හයක කාලසීමාව සඳහා නැවත මහ බැංකු අධිපති... |
"අගමැති හා මහ බැංකු අධිපති අතර ගැටුමක් නෑ: සමාජමාධ්‍ය පුවත් බොරු" | "මහ බැංකුවෙන් ට්විටර් පණිවුඩයක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා අතර මතභේදයක් පවතින බවට පැතිර යන සමාජමාධ්‍ය ප්‍රචාරයන් මහ බැංකු අධිපතිවරයා දැඩි ලෙස ප්‍රතික්‍ෂේප කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව ට්විටර් පණිවඩුයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටී. ශ්‍රී ලංකා ආර්ථිකය යථා තත්ත්වයට... |
"අද සිට සීමාව වැඩි කර පිරවුම්හල්වලට ඉන්ධන දෙනවා – ඇමැති කංචන කියයි" | "අද (08දා) සිට ක්‍රියාත්මක වන පරිදි පෙට්‍රල් සහ ඩීසල් තොග ප්‍රමාණවත් පරිදි ඉන්ධන හල් වෙත බෙදාහරින බවද අත්‍යවශ්‍ය සේවයන්ට අවශ්‍ය ඉන්ධන සැපයීමට ප්‍රමුඛතාව සලසා දෙන බවද විදුලි බල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (07දා) පැවසීය. ඒ අනුව පෞද්ගලික මගී බස් රථ, පාසල් ප්‍රවාහන සේවා, කෘෂිකර්ම, සංචාරක යන අංශ... |
"පාර්ලිමේන්තු කෑම වේලේ මිලත් ඉහළට" | "රට තුළ ආහාර ද්‍රව්‍යවල දැනට පවතින අධික මිල ගණන් සැලකිල්ලට ගෙන පාර්ලිමේන්තුව සඳහා ආහාර සැපයීම වෙනුවෙන් අය කරන මුදල ද ඉහළ නැංවීමට මේ වනවිටත් කටයුතු කර ඇති බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (07) සඳහන් කළේය. මේ අතර වියදම් අවම කිරීම සඳහා මින් ඉදිරියට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙන වාර්ෂික වාර්තා, කාර... |
"ඉදිරි සති තුන දුෂ්කරයි; බුද්ධිමත් සැලසුම් ක්‍රියාත්මක කිරීමෙන් අභියෝගය ජයගත හැකියි" | "රට පත්වී ඇති වත්මන් තත්ත්වය මත ඉදිරි මාස හය තුළ ජන ජීවිතය සාමාන්‍ය මට්ටමින් පවත්වාගෙන යෑම සඳහා ඇමරිකානු ඩොලර් බිලියන 05ක මුදලක් අවශ්‍ය බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (07දා) විශේෂ ප්‍රකාශයක් කරමින් සඳහන් කළේය. මේ අතර සියලුදෙනාම ඉදිරි සති තුනක කාලයක් හැකිතාක් අරපරිස්සමින් ඉන්ධන සහ ගෑස් පරිභෝජනය කළ... |
"ශ්‍රී ලංකා ප්‍රතිරූපය ඉහළ නැංවීමට ඩොලර් මිලියන 6.5 ක් ලබාදුන්නැයි නඩුවේ හිටපු මහ බැංකු අධිපති කබ්රාල්ට ඇප" | "අධිකරණය විසින් නිකුත් කළ සිතාසි නියෝගය අනුව අධිකරණය හමුවේ පෙනී සිටි හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාට රු. මිලියන 10 ක ශරීර ඇපයක් මත මුදාහැරීමට කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඊයේ (07 දා) නියෝග කළේය. ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය ඉහළ නැංවීම සඳහා කටයුතු කිරීමට ඇමරිකානු රහස් ඔත්තු සේවයේ සාමාජිකයකු යැයි කියන ඉ... |
"උසාවියට අපහාස කළැයි තවත් නඩුවකින් රන්ජන්ට අත්හිටවූ සිර දඬුවම්" | "ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පැවැති නඩු කටයුත්තක් සම්බන්ධයෙන් එක්තරා විiුත් මාධ්‍ය ආයතනයක පැවැති වැඩසටහනකදී කළ ප්‍රකාශයක් මගින් අධිකරණයට යම් අපහාසයක් සිදුවී ඇත්නම් ඒ සම්බන්ධයෙන් සමාව අයැද වරද පිළිගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට වසර පහකට අත්හිටවූ බරපතළ වැඩ සහිත වසර දෙකක සිරදඬුවම් ලබාදීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊ... |
"ශ්‍රී ලාංකික ජනතාවට සියලු මානුෂීය ආධාර දීමට චීනය සූදානම් – ශ්‍රී ලංකාවේ චීන තානාපති" | "වත්මන් දුෂ්කරතා හා අභියෝගවලට මුහුණදී සිටින ශ්‍රී ලාංකික ජනතාවට පවතින හැකියාව තුළ සියලු මානුෂීය ආධාර සපයා දීමට චීන රජය සූදානමින් සිටින බව ශ්‍රී ලංකාවේ චීන තානාපති කිව්. අයි. ෂෙන්හෝන් මහතා පැවැසීය. චීන තානාපතිවරයා මෙසේ කීවේ කලපළුවාව ගෝතම තපෝවනය ආරණ්‍ය සේනාසනයට අනුබද්ධිත මාතක මාතිකා සංවිධානය මගින් පාලනය වන කුමාර කස්සප ළම... |
"කන්ටේනර් 98 ක වරායේ හිරවුණු කුණු මාළු ටින් කර විකිණීමේ සූදානමක්" | "කොළඹ වරායේ ගබඩා කර ඇති මිනිස් පරිභෝජනයට නුසුදුසු මත්ස්‍ය කන්ටේනර් 98ක මසුන් ටින්කර අලෙවි කිරීමේ සූදානමක් ඇතැයි වරාය අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි. මෙහි ලක්‍ෂ 25 කට අධික මත්ස්‍ය තොගයක් පවතින බවද ඔවුහු කියති. අඩි 40ක් දිග මෙම කන්ටේනරයක මත්ස්‍ය කිලෝ 25,000 ත් 27,000 ත් ඇති බවත් පරිභෝජනයට නුසුදුසු මෙම මත්ස්‍ය තොගය පිටත... |
"ජොනී ආගිය අතක් නෑ අල්ලන්න දිගටම මෙහෙයුම්" | "ගාලුමුවදොර සාමකාමී අරගල භූමියට ප්‍රහාර එල්ල කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරුවකු බව කියන පාර්ලිමේන්තු මන්ත්‍රී, ජොන්ස්ටන් ප්‍රනාන්දු අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් දිගින් දිගටම ක්‍රියාත්මක කළද කිසිදු තොරතුරක් නොමැති බව පොලිස් ආරංචිමාර්ග පවසයි. ජොන්ස්ටන් ප්‍රනාන්දු සැගවී සිටින බවට තොරතුරු ලැබුණු ස්ථාන කීපයක්ම විශේෂ පොලිස් කණ්... |
"අරගලකරුවන් උද්ඝෝෂණය කළ යුත්තේ විදුලි මාෆියාව සිදු කරන විදුලිබල මණ්ඩලය ඉදිරිපිටයි" | "විදුලි කප්පාදුවට වගකිය යුතු අය ගැන තෙල් ඇමැති කංචනගෙන් වාර්තාවක් පාර්ලිමේන්තුවට රට තුළ මේ වනවිටත් සිදු කරනු ලබන විදුලි කප්පාදුවට වගකිව යුතු අය පිළිබඳ විශේෂ වාර්තාවක් විදුලිබල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර මහතා විසින් පාර්ලිමේන්තුවට ඊයේ (07දා) දින ඉදිරිපත් කළේය. එම වාර්තාව අනුව විදුලි කප්පාදුවට වගකිවයුත්තන් සම්බන්ධව ව... |
"රාජිතගේ විරෝධය ප්‍රතික්ෂේප වෙයි" | "‘සුදු වෑන්’ භාවිතා කරමින් පුද්ගලයන් පැහැරගෙන ගොස් ඝාතනය කළ බවට සඳහන් කළ මාධ්‍ය සාකච්ඡාව සම්බන්ධයෙන් තමන්ට එරෙහිව පවරා ඇති නඩුව ඉදිරියට පවත්වාගෙන යා නොහැකි බවට විත්තිකාර හිටපු සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා ඉදිරිපත් කළ මූලික විරෝධතාවය කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා විසින් ඊයේ (07දා) ප්‍රති... |
"මරදාන පොලිසියේ එළවළු ගොවිපොළක්: භෝග 18ක් වවන්නේ කාබනික පොහොරෙන්" | "කොළඹ මරදාන පොලිස් ස්ථානයේ සාර්ථක එළවළු ගෙවත්තක් ආරම්භ කර තිබේ. එහි පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක ඉෂාන්ත කුමාර ඇපලකොටුව මහතාගේ උපදෙස් මත එම නිලධාරීහු මෙම එළවළු ගෙවත්ත ඉතා සාර්ථකව පවත්වාගෙනයති. පොලිස් ස්ථාන පරිශ්‍රයේ පර්චස් 4ක භූමි භාගයක පවත්වාගෙන යනු ලබන මෙම වගාබිමේ එළවළු වර්ග 18ක් වගාකර තිබේ. මේ ගැන අදහස්... |
"කොළඹින් එන ධනවත්තු තිස්සමහාරාමයේ වී හින්දති" | "ඉදිරියේ දී රටේ සහල් හිඟයක් ඇතිවෙන බවට පැතිර යන කටකතාව මුල් කරගෙන මේ වනවිට තිස්සමහාරාමය, හම්බන්තොට, කතරගම සහ බුත්තල වැනි ප්‍රදේශවල ගොවි ජනයාගේ වී කිලෝව රු. 165 වැනි මිලකට විවිධ වූ පිරිස් පැමිණ මිලදී ගනු ලබයි. විශේෂයෙන් කොළඹ ප්‍රදේශයේ ධනවත් පිරිස් විසින් රථවාහන යොදවා මෙම වී මිලදී ගැනීම සිදුවේ. මෙයට අමතරව මුං, කව්පි වැනි... |
"පෝට් සිටි විදෙස් ආයෝජකයන්ට වසර 40කට බදු සහන" | "කොළඹ වරාය නගරයේ ආයෝජනය කරනු ලබන විදේශීය ආයෝජකයන්ට වසර හතළිහක් දක්වා බදු සහන පිරිනැමීමට කැබිනට් අනුමැතිය ලබාදී තිබේ. විදේශ ආයෝජකයන් ආකර්ෂණය කරගැනීමේ පියවරක් ලෙස ඇමැති මණ්ඩලය එම තීරණය ගත් බව කැබිනට් ප්‍රකාශක ජනමාධ්‍ය සහ ප්‍රවාහන ඇමැති බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. ලොව තරගකාරී රටවල් විදේශ ආයෝජන ඉහළ නංවා ගැනීම සඳහා ආයෝජකයන... |
"සුමනා අමරසිංහ අවසන් කටයුතු අද සවස" | "ජනප්‍රිය, ප්‍රවීණ රංගන ශිල්පිනී අභාවප්‍රාප්ත සුමනා අමරසිංහ මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (8දා) සවස 5.00ට බොරැල්ල කනත්තේදී සිදු කිරීමට නියමිතය. ඇගේ දේහය බොරැල්ල ජයරත්න අවමංගල්‍ය ශාලාවේ මහජන ගෞරවය සඳහා තැන්පත් කර තිබූ අයුරු මෙහි දැක්වේ. පින්තූරය – නිමල් දයාරත්න" |
"රනිල් – ගෝඨාභය – මහින්ද අර්බුදයේ නිර්මාණකරුවන් මිස විසඳුම්කරුවන් නොවෙයි" | "මේ රට විනාශ වුණේ ස්වභාවික ව්‍යසනයක් නිසා නොවෙයි. රටට කළ විනාශයට මේ පාලකයන්ට සාප විය යුතු යැයි ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පෙරේදා (06දා) සවස කළුතරදී ප්‍රකාශ කළේය. ඒ මහතා එසේ ප්‍රකාශ කළේ ‘මගෙ රට බංකොලොත් කළේ කවුද?’ යන මැයෙන් කළුතර නගර ශාලාවේ පැවැති සම්මන්ත්‍රණයක් අමතා කතා කරමිනි. එහිදී තවදුරටත් අදහස් ද... |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.