Title stringlengths 9 246 | Content stringlengths 3 62.9k |
|---|---|
"බහුශ්‍රැත පඬිවරයකු වූ සඳදස් කෝපරහේවා දැයෙන් සමුගනී" | "සිංහල ඉංග්‍රීසි දෙබසෙහිම එකලෙස හසල වූද, සිංහල සාහිත්‍ය, චිත්‍ර කලාව, බුදුදහම සම්බන්ධව ග්‍රන්ථ රැසක් සම්පාදනය කළ කවියකු, කලා විචාරකයකු, පරිවර්තකයකු ලෙසද බහුශ්‍රැත වූ හෙළ හවුලේ පුරෝගාමී ජ්‍යෙෂ්ඨතම සාහිත්‍යවේදී සඳදස් කෝපරහේවා සූරීන් අභාවප්‍රාප්ත විය. මියයන විට අනූනමවැනි වියෙහි පසුවිය. 1923 ජනවාරි 23 වැනිදා මාතර පඹුරන චාල... |
"ව්‍යාපාරිකයකුගෙන් රු.මිලියන 34.05ක් වංචා කිරීම – ඇමැති ප්‍රසන්න – වසර දෙකක් හිරේ – දඬුවම වසර 5කට අත්හිටුවයි – කෝටි 2 1/2ක දඩයක්" | "පළමු සාක්‍ෂිකරුට ලක්‍ෂ 10ක් වන්දි ගෙවීමටත් නියෝගබිරිඳ සහ ඥාති සොහොයුරා නිදොස් කොට නිදහස්ව්‍යාපාරිකයකු බියගන්වා රුපියල් මිලියන 34.05 ක් වටිනා පොරොන්දු නෝට්ටු භාරදීමට වංක ලෙස පෙලඹවීමේ චෝදනාවට එනම් 13 වන චෝදනාවට වරදකරු කරනු ලැබූ අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාට වසර පහකට අත්හිටුවූ වසර දෙකක බරපතළ වැඩ සහිත සිරදඬුවම් ලබාදීමට... |
"අතුරු තහනම අත්හිටුවයි – රුසියන් යානයට පියාඹන්න අවසර – අතුරු තහනම භාරදීමට රොකට් වේගයෙන් කටයුතු කරලා" | "රුසියානු එරොෆ්ලොට් ගුවන් සේවයට අයත් එස්. යූ. 289 අංක දරන මගී ප්‍රවාහන ගුවන් යානය රටින් පිටවීම වළක්වමින් තම අධිකරණය විසින් පසුගිය 2 වැනිදා නිකුත් කළ අතුරු තහනම් නියෝගය අත්හිටුවීමට කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරු හර්ෂ සේතුංග මහතා ඊයේ (06) නියෝග කළේය.පෙත්සම්කාර සමාගම අධිකරණයෙන් එම නියෝගය ඒකපාර්ශ්විකව ලබාගෙන ඇත්තේ අධිකරණයට ස... |
"පාඨලී ස්වාධීන වෙයි" | "කොළඹ දිස්ත්‍රික් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා ස්වාධීන වීමට තීරණය කර තිබේ.කොළඹ දිස්ත්‍රික් සිය ආධාරකරුවන් සමග නාරාහේන්පිට 43 වැනි සේනාංක කාර්යාලයේදී පෙරේදා (5දා) පැවති රැස්වීමකදී ඔහු මේ බව සඳහන් කර ඇත.ඇමැති ධුර භාර ගැනීමට අදහස් කර නැති බවත් ස්වාධීනව සිටිමින් බලශක්ති අර්බුදය විසඳීමට ලබන ස... |
"ලොව පුරා රටවලින් මන්කිපොක්ස් ආසාදිතයන් හමුවීම ඉහළට" | "බොහෝ රටවල් වැඩි අවධානයක් නොදැක්වුවද ඉකුත් සතියේ ගෝලීය වශයෙන් වාර්තා වූ ‘මන්කිපොක්ස්’ වෛරස් ආසාදනයට ගොදුරු වූ රෝගීන්ගේ සංඛ්‍යාව පෙර සතියට වඩා තුන් ගුණයකින් පමණ වැඩි වී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.ඊයේ (06දා) වන විට ලොව පුරා රටවල් 27 කින් මන්කිපොක්ස් වෛරස් ආසාදනයට ගොදුරුවූවන් 780 දෙනකු වාර්තා වී තිබූ අතර එම සංඛ්‍යාව... |
"ලන්ඩන් සිනමා උළෙලේ ‘ද නිවුස් පේපර්’ කප් ගහයි" | "සිනමා, ටෙලිනාට්‍ය සහ වේදිකා යන කලා ක්‍ෂේත්‍ර තුනෙහිම දක්‍ෂ රංගන ශිල්පීන් දෙදෙනකු වන සරත් කොතලාවල සහ කුමාර තිරිමාදුර විසින් අධ්‍යක්‍ෂණය කළ ‘ද නිවුස් පේපර්’ සිංහල චිත්‍රපටයට ලන්ඩන් නුවර පැවැති 23 වැනි ‘රේන්බෝ’ සිනමා උළෙළේදී හොඳම චිත්‍රපට අධ්‍යක්‍ෂණයට හිමි සම්මානය හිමි වී ඇත. චිත්‍රපටය අධ්‍යක්‍ෂණය කරමින් ඔවුහු එහි ප්‍රධා... |
"බොරතෙල් බැරලය ඩොලර් 120 පනී" | "ලෝක වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 120 සීමාව ඉක්මවා ඊයේ (06 දා) වාර්තා විය. බෙන්ට් බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 120.5 ක් ලෙසත් ඩබ්ලිව්. ටී. අයි. බොරතෙල් බැරලයක මිල ඩොලර් 119.6 ක් ලෙසත් ඉහළ ගොස් තිබිණි.ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ඉහළ යෑම නිසා මිල සූත්‍රය ක්‍රියාත්මක කළහොත් නැවත මෙරට ඉන්ධන මිල ඉහළ දැමීමට... |
"කොටස් වෙළෙඳපොළ ඊයේ කලින්ම වසා දමයි" | "කොළඹ කොටස් වෙළෙඳපොළ දෛනික ගනුදෙනු නියම වෙලාවට පෙර අවසන් කර ඊයේ (06 දා) කොළඹ කොටස් වෙළෙඳපොළ කලින් වසා දැමීමට සිදුවිය.සාමාන්‍යයෙන් කොටස් වෙළෙඳපොළ දෛනික ගනුදෙනු අවසන් කෙරෙන්නේ දවල් 12.30 ට වුවත් ඊයේ (06දා) දවල් 12.10 ට කොටස් වෙළෙඳපොළ ගනුදෙනු අත්හිටුවා වසා දැමීමට සිදුව තිබේ. මෙයට හේතුව වී ඇත්තේ කොටස් වෙළෙඳපොළේ එස්ඇන්ඩ්පී ... |
"රුසියාවට යවන තැපැල් භාණ්ඩ භාරගැනේ" | "ශ්‍රී ලංකාව සහ රුසියාව අතර පවතින ගුවන් ගමන් ගැටලුව නිරාකරණය වෙමින් පැවතීමත් විකල්ප මාර්ග ඔස්සේ රුසියාව වෙත තැපැල් භාණ්ඩ යැවීමේ හැකියාව විමර්ශනය කරමින් පැවතීමත් යන කරුණු පිළිබඳව සලකා බලා නැවතත් තැපැල් කාර්යාල මගින් රුසියාව වෙත යවන තැපැල් භාණ්ඩ භාරගැනීම ආරම්භ කළ බව තැපැල්පති රංජිත් ආරියරත්න මහතා ‘දිවයින’ට පැවසීය.එසේ භාර... |
"පොලිසියේ ඉන්ධන දීමනාව සියයට 20කින් කපයි" | "පොලිස් නිලධාරීන්ගේ ඉන්ධන දීමනාව 20% කින් කපා හැරීමට පොලිස්පතිවරයා විසින් නියෝග කර ඇත.ඉන්ධන මිල අධික ලෙස ඉහළ යෑමත් ඉන්ධන හිඟයත් නිසා මෙම තීරණය ගෙන ඇති බව පොලිස් මූලස්ථාන ආරංචිමාර්ග පවසයි. ඒ අනුව පොලිස් ස්ථානවලට ලබාදී ඇති ඉන්ධන දීමනාව මෙන්ම ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්ගේ නිල රථවලට ලබාදී ඇති ඉන්ධන දීමනාව 20%කින් අඩු කෙරෙනු ... |
""ඖෂධ නියාමන අධිකාරියට දේශපාලන, ව්‍යාපාරික බලපෑම් එපා – GMOA කියයි"" | "ජාතික ඖෂධ නියාමන අධිකාරියට දේශපාලන සහ ව්‍යාපාරික බලපෑම් එල්ලවීම මෙරට සෞඛ්‍ය පද්ධතියට දැඩි තර්ජනයක් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.ජනතාවගේ ජීවිත සුරක්‍ෂිත කිරීමට කටයුතු කළ යුතු අධිකාරියට එල්ලවන බලපෑම් වළකාලමින් එහි ස්වාධීනත්වය ආරක්‍ෂා කර දීම සෞඛ්‍ය ඇමැතිවරයාගේ වගකීම බවද එම සංගමය පෙන්වා දෙයි. මේ පිළිබඳව “දිවයින”... |
"ගුරුවරුන් – සිසුන් ඊයේ පාසල් පැමිණීමේ අඩුවක්" | "රජයේ පාසල් සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් ඊයේ (6 දා) ආරම්භ වුවද ආර්ථික හා ප්‍රවාහන පහසුකම් ගැටලු තත්ත්වය හමුවේ පාසල් සිසුන් හා ගුරුවරුන්ගේ පැමිණීමේ යම් අඩුවක් වාර්තා වූ බව අධ්‍යාපන වෘත්තීය සමිති පවසයි.ඉන්ධන අර්බුදය හේතුවෙන් බස් ධාවනය අඩු කිරීමට පෞද්ගලික බස්රථ හිමියන් තීරණය කිරීම නිසා සිසුන්, ගුරුවරුන්, අනධ්‍යයන කාර්ය ම... |
"නයිජීරියාවේ කතෝලික පල්ලියකට ත්‍රස්ත ප්‍රහාරයක් 50 කට අධික පිරිසක් මරුට" | "නයිජීරියාවේ කතෝලික පල්ලියකට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයකින් බැතිමතුන් 50 කට අධික පිරිසක් ඝාතනය වී ඇත. නයිජීරියාවේ නිරිත දිග පිහිටි ඔන්ඩෝ ශාන්ත ෆ්‍රැන්සිස් කතෝලික පල්ලියට මෙම ප්‍රහාරය එල්ල වී ඇත.පසුගිය ඉදිරිදා (05දා) යතුරු පැදි වලින් පල්ලියට කඩා වැදුණු අවිගත් ත්‍රස්තයන් ඉවක් බවක් නැතිව බැතිමතුන්ට වෙඩි තබා ඇති අතර ප්‍රහාරය... |
"ඇඟලුම් කම්හල්වලින් 30%ක් ලංකාවෙන් ගලවාගෙන යන ලකුණු! – නිදහස් වෙළෙඳ කලාප සේවක මධ්‍යස්ථානයේ කැඳවුම්කරු" | "එල්ලවී ඇති දැඩි අර්බුදකාරී තත්ත්වය නිසා මෙරට ඇඟලුම් කම්හල්වලින් සියයට 30ක් පමණ කෙන්යාව, ඉතියෝපියාව, ටැන්සානියාව වැනි රටවලට රැගෙන යෑමට ඒවායේ හිමිකරුවන් තීරණය කර ඇතැයි නිදහස් වෙළෙඳ කලාප සේවකයන්ගේ ජාතික මධ්‍යස්ථානයේ කැඳවුම්කරු ගාමිණී රත්නායක මහතා ඊයේ (06 දා) පැවසීය.මෙම ඇඟලුම් කර්මාන්තශාලා ශ්‍රී ලංකාවෙන් ඉවත් කරගෙන යෑමට ම... |
"බොරතෙල් නොගෙනාවොත් සපුගස්කන්ද යළි වැසෙයි" | "සපුගස්කන්ද තෙල් පිරිපහදුව යළි ආරම්භ කළ පසු එමගින් දැවිතෙල්, තාර, ඩීසල් හා නැප්තා ආදී ඉන්ධන වර්ග නිපදවීම ආරම්භ වූ බව එම පිරිපහදුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ඊයේ (06 දා) “දිවයින”ට පැවසීය.මෙම පිරිපහදුව මගින් නිපදවන පෙට්‍රල්, ඩීසල්, භූමිතෙල් ප්‍රමාණය රටේ දෛනික අවශ්‍යතාවට කිසිසේත් ප්‍රමාණවත් නොවන බවද හෙතෙම කීය.රුසියාවෙන් මෙරටට ... |
"රට රැකියාවලට යෑමට රාජ්‍ය සේවකයෝ විදේශ සේවා නියුක්තියේ ලියාපදිංචි කෙරෙති" | "විදේශ රැකියා සඳහා පිටත්ව යෑමේ අපේක්ෂාවෙන් පසුවන රාජ්‍ය සේවකයින්ට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වීමට අවස්ථාව ලබාදී ඇති බවත්, කාර්යාංශයේ වෙබ් අඩවියට පිවිස තමන්ගේ තොරතුරු ඇතුළත් කිරීමට හැකි බවත් කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පැවසීය.රටට අවශ්‍ය විදේශ විනිමය ගෙන්වා ගැනීම සඳහා වන ... |
"කොවිඩ් රෝගීහු 9 ක් හමුවෙති" | "කොවිඩ් ආසාදිත රෝගීන් 9 දෙනකු (04 වැනිදා) දිනයේදී වාර්තා වූ බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛi හේමන්ත හේරත් මහතා ‘දිවයින’ ට (05 දා) පැවසීය.අවසන් වරට කොවිඩ් මරණයක් වාර්තා වූයේ ජුනි 01 වැනිදා බවත්, ඉන්පසු කොවිඩ් මරණයක් වාර්තා නොවූ බවත් හෙතෙම කියා සිටියේය.එසේම තවමක් කොවිඩ් රෝගීන් 50 දෙනකු 60 දෙනකු පමණ රෝහ... |
"ඇයි අපිට මෙහෙම කළේ? – ‘ඩීසල් නැහැ ඒ මදිවට විදුලි කප්පාදුව එහෙම වුණත් අපි සතුටින් ඇවිද්දා’" | "ශ්‍රී ලංකාවේ සිටි රුසියානු සංචාරකයෝ යළි එරටට ගෙන්වා ගනිති “අපි ශ්‍රී ලංකාවට ආවෙ දින 14 ක සංචාරයක් සඳහා. අපි මේ වෙනකොට හිටියේ හික්කඩුවේ. හදිසියේම ඇති වූ මේ තත්ත්වය නිසා අපට රුසියානු රජය දැනුම් දුන්නා සංචාරය අත්හිටුවා ආපසු පැමිණෙන ලෙස. ඒ අනුව දින 14ක සංචාරය දින 07 කින් නිමා කරල ආපසු රුසියාව බලා යෑමට අපට සිදුවුණා. රුසි... |
"ලාෆ් – මිල උස්සයි – 12.5 රු.6850 යි – කිලෝ 5 – රු. 2740 යි" | "කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 6850 ක් දක්වා සහ කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 2740 දක්වා ඉහළ දැමීමට ලාෆ් සමාගම කටයුතු කර තිබේ. මේ මොහොතේ ගෑස් මිල ඒ තරමට ඉහළ දැමිය යුතු නැති බවත් කිලෝ ග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක උපරිම මිල 5000 මට්ටමට තිබූ බවත් පාරිභෝගික අධිකාරියේ ප්‍රකාශකයෙක් සඳ... |
"රුසියානු ගුවන් යානය පිළිබඳ තීන්දුව සමාගමේ පෞද්ගලික ගැටලුවක් – අගමැති රුසියානු රජයට දන්වයි" | "රුසියානු එරොෆ්ලොට් ගුවන් සමාගමට අයත් ගුවන් යානයක් සම්බන්ධව කොළඹ වාණිජ අධිකරණය දුන් තීන්දුව රුසියාවත් ශ්‍රී ලංකාවත් අතර රාජ්‍ය තාන්ත්‍රික ගැටලුවක් නොව එම සමාගම සම්බන්ධව පෞද්ගලික ගැටලුවක් බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විදේශ කටයුතු අමාත්‍යාංශය හරහා රුසියානු රජයට දැනුම්දී ඇත. එසේම මේ සම්බන්ධව අධිකරණ ක්‍රියාවලිය කඩිනමින... |
"ඩීසල් නෑ….. අද බස් දුවන්නේ ටිකයි – ගැමුණු කියයි" | "බස් රථ ධාවනය කරන්න ඩීසල් නැහැ. කොහොම වුණත් අද (06 වැනිදා) බස් රථ ඉතා සීමිත ප්‍රමාණයක් ධාවනය වනු ඇතැයි ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපතිගැමුණු විජේරත්න මහතා ‘දිවයින’ ට ඊයේ (05 වැනිදා) පැවැසීය.පාසල් දරුවන් ගැන සිතා අද බස් රථ හැකි පමණින් ධාවනය කිරීමට කටයුතු යොදන බව ද හෙතෙම කීය.මෙහිදී තවදුරටත් කතා කළ ගැමුණු විජ... |
"සුමනා ජීවිත රඟමඬලින් බැසයයි" | "ප්‍රවීණ රංගන ශිල්පිනී සුමනා අමරසිංහ මහත්මිය දිවි රඟමඬලින් ඊයේ (05 වැනිදා) සදහටම සමුගත්තාය.මියයන විට 73 වැනි වියේ පසු වූ ඇය අභාවප්‍රාප්ත චිත්‍රපට අධ්‍යක්‍ෂවරයකු මෙන්ම ප්‍රවීණ රංගන ශිල්පියකු ද වූ රෝයි ද සිල්වා මහතාගේ දයාබර බිරිඳ වූවාය.හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් පෙරේදා (04 වැනිදා) ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලට ඇතුළත් කළ ... |
"නීතිපති අද උසාවියට කරුණු දක්වනවා – ඇමැති නිමල් සිරිපාල ද සිල්වා" | "රුසියානු ්ැරදකෙදඑ ගුවන් යානය කටුනායක ගුවන්තොටුපළේ රඳවාගෙන සිටීමේ සිද්ධියට ශ්‍රී ලංකා රජයේ සම්බන්ධයක් නොමැති බවත්, එය සමාගම් දෙකක් අතර ගිවිසුම් කඩවීම නිසා ඇතිවූ ගැටලුවකට අධිකරණය ලබාදුන් තීන්දුවක් අනුව සිදුව ඇති බවත් වරාය, නාවික හා ගුවන් සේවා ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා ඊයේ (05දා) පැවැසීය.මෙම ගැටලුව ආර්ථිකයට, සංචා... |
"හරීන් සමාව ඉල්ලයි" | "රුසියාවේ එරොෆ්ලොට් ගුවන් යානයක් මෙරට රඳවා තබා ගැනීම නිසා එම ගුවන් යානයේ ගමන් කිරීමට නියමිතව සිටි ගුවන් මගීන්ට සිදු වූ අපහසුතාව ගැන තමා ඔවුන්ගෙන් සමාව අයැද සිටින බව සංචාරක ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් සංචාරක ඇමැතිවරයා පවසන්නේ මේ සිදුවීම අවාසනාවන්ත එකක් බවයි.මේ ගැටලුව නිවැරදි කර කොළ... |
"කාබනික පොහොර ව්‍යාපෘතියකට ඉඩම් කොමිසමෙන් ගත් රු. බිලියන 2 යළි ගෙවා නෑ" | "රජය මගින් ආරම්භ කර අසාර්ථක වූ කාබනික පොහොර නිෂ්පාදන ව්‍යාපෘතියක් සඳහා ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසමෙන් නීති විරෝධී ලෙස ලබාගෙන ඇති රුපියල් බිලියන 2 ක මුදලක් ආපසු එම කොමිසමට ගෙවා නැති බව ආරංචිමාර්ග පවසයි. එම මුදල ලබාගෙන ඇත්තේ ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසමේ අරමුදලිනි. ඉකුත් වසරේ ජූනි මාසයේදී එවකට ඉඩම් ඇමැති වූ එස්. එම්. චන්ද්‍රස... |
"එක්සත් ජාතීන්ගේ සංවිධානය ලොව සියලු රටවලින් ශ්‍රී ලංකාවට ආහාර සහ ඖෂධ ඉල්ලයි" | "ශ්‍රී ලංකාවට ආහාර සහ ඖෂධ ලබාදෙන ලෙස ලෝකයේ සියලු රටවලින් ඉල්ලා සිටීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය තීරණය කර ඇත. මෙය නිල වශයෙන් කෙරෙන ඉල්ලීමකි. විදේශ ඇමැති ජී. එල්. පීරිස් මහතා එම සංවිධානයෙන් කළ ඉල්ලීමකට අනුව මෙම තීරණය ගෙන ඇත. ශ්‍රී ලංකාවට අවශ්‍ය හදිසි ආධාර ලබා ගැනීම සඳහා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සහ ලෝක ආහාර සහ කෘෂිකර්... |
"බදු දැලෙන් රිංගූ කැසිනෝ හිමියෝ දෙදෙනෙක් බදු ගෙවන්න එකඟ වෙති" | "ශ්‍රී ලංකාවේ දැනට පවත්නා මුදල් හිඟයට විසඳුමක් වශයෙන් බදු ගෙවීම පැහැර හැර ඇති අයගෙන් එම බදු මුදල් වහා අයකර ගැනීමට දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව තීරණය කර ඇත. මේ යටතේ ශ්‍රී ලංකාවේ සිටින ප්‍රමුඛ පෙළේ කැසිනෝ හිමියන් දෙදෙනකු රජයට ගෙවීම පැහැර හැර ඇති සුවිශාල බදු මුදලක් අයකර ගැනීමට නියමිතය. මෙම කැසිනෝ හිමියන් දෙදෙනාගෙන් එක්... |
"නොරොච්චෝලේ එක් යන්ත්‍රයක් 15දාට පෙර අලුත්වැඩියා කළ යුතුයි – ඉංජිනේරුවෝ කියති" | "නවීකරණය නොකර එකදිගට විදුලි උත්පාදනය කරමින් තිබෙන නොරොච්චෝල ගල්අඟුරු බලාගාරයේ මෙගාවොට් 300 ක එක් ජනන යන්ත්‍රයක් ලබන 15 වැනිදාට පෙර අනිවාර්යයෙන්ම ජාතික විදුලි පද්ධතියෙන් ඉවත් කර අලුත්වැඩියා කළයුතු බව ඉංජිනේරුවන් විසින් දැනුම්දී තිබේ.නොරොච්චෝල බලාගාරයේ මෙම ජනන යන්ත්‍රය නතර කිරීමට ඇති හැකියාව පිළිබඳව මේ වනවිට සොයාබලමින් ස... |
"රිජ්වේ ළමා රෝහලේ ළමයි 53කගෙන් 11 කට මන්දපෝෂණය – විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා" | "බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමුන් අතර සිදුකළ නියැදි පරීක්‍ෂණයකදී දරුවන් 11 දෙනෙකු මන්ද පෝෂණයෙන් පෙළෙන බවට අනාවරණය විනැයි එම රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා ‘දිවයින’ ට ඊයේ (05 දා) පැවසීය.මෙයට ප්‍රධානම හේතුව දරුවන්ට අවශ්‍ය ප්‍රධාන පෝෂක ලැබීමේ අඩුවක් බව ද හෙතෙම කියා සිටියේය.මෙහිදී මන්දපෝෂණයෙන් පෙළෙන දරු... |
"වැටී ඇති රට යළි ගොඩගත හැක්කේ අලුත් ආර්ථිකයක් තුළින් පමණයි – අගමැති රකිමු ජයතු ලංකා වෘත්තීයවේදීන් හමුවේ කියයි" | "විදේශ විනිමය උපයන විවෘත ආර්ථියක් ඇති කළ යුතුයි ආර්ථික වශයෙන් වැටී ඇති රට යළි ගොඩනැගීමට නම් සියළු දෙනා රැකියා කරන, විදේශ විනිමය උපයන සහ විවෘත ආර්ථික රටාවකට හුරුවූ අළුත් ආර්ථිකයක් විය යුතුයැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය ඇත. රකිමු ජයතු ලංකා සංවිධානය සහ නිර්මාණාත්මක වෘත්තීයවේදීන්ගේ සංගමය විසින් ඉකුත් 03දා ශ්‍රී ... |
"මහබැංකු අධිපති ධුරයට රනිල් ඇඟිලි ගහන්නේ නෑ – අග්‍රාමාත්‍ය කාර්යාලය" | "ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා මහ බැංකු අධිපති ධුරයෙන් ඉවත් කළ යුතු බවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇති බවට පැතිර යන ආරංචියෙහි කිසිදු සත්‍යයක් නැතැයි අග්‍රාමාත්‍ය කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ඊයේ (05දා) ‘දිවයින’ ට පැවැසීය.මේ අවස්ථාවේ මහබැංකු අධිපතිවරයා සමඟ පෞද්ගලිකව හෝ රාජකාරීමය ව... |
"සහල් තොග පවත්වාගෙන යෑමට වහාම ක්‍රමවේදයක් හැදිය යුතුයි – වී මෝල් හිමියෝ රජයට කියති" | "රට සාගතයකට මුහුණ දෙන බව කියමින් රජයේම ඇතැමුන් ජනතාව බිය වැද්දීම නිසා වී තොග ගෙවල්වලම රැස්කර ගැනීමට ඇතැම් පිරිස් පියවර ගනිමින් සිටින බැවින් නිසි ක්‍රමවේදයක් යටතේ සහල් තොග පවත්වාගෙන යෑමට රජය වහා මැදිහත් විය යුතු බව සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියෝ කියති.විවිධ ප්‍රදේශවලින් එන පිරිස් වී තොග මිලදී ගැනීමට පෙළඹී ඇත්තේ අන... |
"සුමන්තිරන්ගේ ආරක්‍ෂක සෙබළෙක් වෙඩි තබාගෙන දිවි නසා ගනී" | "පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන් මහතාගේ වැල්ලවත්තේ දයා පාරේ පිහිටි නිවස අසල ආරක්‍ෂාවට යොදවා සිටි යුද හමුදා සෙබළකු පෙරේදා (04 වැනිදා) උදෑසන සිය රාජකාරි ගිනි අවියෙන් වෙඩි තබාගෙන දිවි නසා ගෙන ඇතැයි වැල්ලවත්ත පොලිසිය පවසයි.මෙලෙස දිවිනසා ගෙන තිබුණේ නුවරඑළිය, වලපනේ පදිංචිව සිටි මධුක ලක්මාල් නමැති 22 හැවිරිදි යුද හමු... |
"මාළු සැපයුම පහළට මිල 100% කින් ඉහළට – ඉන්ධන නැති නිසා මුහුදු යෑම අඩුවෙලා" | "ඉන්ධන නොමැතිවීම නිසා මේ වනවිට බහුදින ධීවර බෝට්ටු ඇතුළු ධීවරයන් මුහුදු යෑම සියයට හැටකින් පමණ පහළයෑම නිසා මාළු සැපයුම අඩුවී මාළු මිල ගණන් සියයට සියයකින් පමණ ඉහළ ගොස් ඇතැයි පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයේ වෙළෙඳ සංගම් ලේකම් ජයන්ත කුරේ මහතා ‘දිවයින’ ට පැවැසීය.ධීවරයන්ට ප්‍රධාන වශයෙන්ම ඩීසල් හා භූමිතෙල් අවශ්‍ය අතර බහ... |
"කෝටි හතරහමාරක රට සල්ලි අරන් – චෙන්නායි යන්න ගිය ඉන්දියානුවා කටුනායකදී දැලේ" | "රුපියල් හාර කෝටි අටලක්ෂ හතළිස් දහස් අටසිය අසූ හතරයි ශත තිහක් වටිනා විදේශ මුදල් තොගයක් සිය ගමන් මල්ලේ සඟවාගෙන ඉන්දියාවේ චෙන්නායි වෙත රැගෙන යෑමට තැත් කළ ඉන්දීය ජාතිකයකු ඊයේ (05දා) අලුයම කටුනායක ගුවන්තොටුපළ ආරක්ෂක නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.හතළිස් පස් හැවිරිදි ඉන්දීය ජාතිකයකු වන මෙම පුද්ගලයා ව්‍යාපාරික කටයුතු ස... |
"ආණ්ඩුවත් විපක්ෂයත් 21 අඩස්සියේ" | "යෝජිත විසිඑක්වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා යෝජනාවලිය පිළිබඳව ආණ්ඩුවේ මෙන්ම විපක්‍ෂයේ ද දැඩි මතබෙදීමක් ඇතිව තිබේ.මෙම යෝජනාවලිය පිළිබඳව පෙරේදා (3 දා) දිනයේ ද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පක්‍ෂ නායකයින් සමග සාකච්ඡා කළ අතර හෙට දිනයේදී සියලු සංශෝධන සහිතව එම යෝජනාවලිය යළි ඇමැති මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.යෝජිත විසි... |
"දරුණුතම ආර්ථික සුනාමිය මේ වසරේ" | "ශ්‍රී ලංකා ආර්ථිකයට ඉතිහාසයේ දරුණුතම ආර්ථික පසුබෑමකට මේ වසරේ (2022) දී මුහුණ දීමට සිදුවනු ඇතැයි ආර්ථික හා මූල්‍ය අංශවල විද්වත්හු පවසති. මේ වසරේ (2022) මූර්ත ආදායම ගත්විට උග්‍ර විදුලිබල අර්බුදය, උග්‍ර ඉන්ධන අර්බුදය විදේශ විනිමය අර්බුදය, ආහාර අර්බුදය සහ පොහොර අර්බුදය යන හැම අර්බුදයක්ම එකතු වී මේ වසරේ (2022) ආර්ථික වර්ධන... |
"දේශීය සමාගම් හැලෙයි – සුලං බලේ ‘අදානිට’" | "මෙරට ඉදිකිරීමට නියමිත මෙගාවොට් 500ක සුළං බලශක්ති ව්‍යාපෘතියක් සඳහා දේශීය සමාගම් නොසලකා හරිමින් ඉන්දියාවේ අදානි සමාගම සමග එය ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලැබීමෙන් පසු අදාළ අවබෝධතා ගිවිසුම් අත්සන් කර ඇතැයි ඉතා විශ්වාසදායක ආරංචි මාර්ගයකින් ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට වාර්තා වෙයි.මෙම ව්‍යාපෘතිය සඳහා දේශීය සමාගම් ඇමරික... |
"අමාත්‍යාංශ ලේකම්ට ලක්ෂ 14ක වැටුපක්" | "මෙයාගෙ ඇමති ජනතාවට කැපකිරීම් කරන්න කියන අයෙක්! ප්‍රභල දේශපාලනඥයකු විසින් අමාත්‍ය ධුරය හොබවන රටේ ප්‍රධාන අමාත්‍යාංශයක ලේකම්වරයකුගේ මාසික වැටුප ලක්ෂ 14ක් බව අනාවරණය වී ඇත.ඊට අමතරව ඔහුට අතිකාල දීමනා පවා හිමිවන අතර එම අමාත්‍යාංශ ලේකම්වරයාගේ පෞද්ගලික ලේකම්ගේ වැටුප ද ලක්ෂ 04ක් බව වාර්තා වෙයි. අදාළ ලේකම්වරයා මීට පෙර මූල්‍ය ක... |
"මහින්ද ගියත් පරණ පුටු එහෙම්මයි" | "මහින්ද රාජපක්‍ෂ මහතා අගමැති ධුරයෙන් ඉල්ලා අස්වී ඉවත්ව ගිය ද රාජ්‍ය ආයතන රැසකම මුල් පුටුවල සංශෝධන සිදුව නැතැයි රාජ්‍ය සේවකයෝ සඳහන් කරති. මෙම බොහෝ පත්කිරීම් දේශපාලන නිර්දේශ මත සිදුකෙරුණු ඒවා බව ද වාර්තා වේ.මුළු රටම ආර්ථීක අර්බුදයක සිරවී තිබියදී පවා මෙම ඇතැම් නිලධාරීන් රාජ්‍ය දේපළ අයථා ලෙස භාවිත කරන බව ද ඔවුහු කියති. සමන... |
"ත්‍රිමලේ වරායේ අක්කර 2000ක් පෞද්ගලික අංශයට" | "ත්‍රිකුණාමල වරායේ අක්කර 2000ක් දැවැන්ත ව්‍යාපාර සඳහා පෞද්ගලික අංශයට ලබාදීමට රජය තීරණය කර තිබේ. මෙය තුළින් ඩොලර් බිලියන 175ක ආයෝජනයක් රජය බලාපොරොත්තු වෙයි.මෙහි නැව් අලුත්වැඩියාව, නැව් ඉදිකිරීම්, තෙල් පිරිපහදුවක් පොහොර සහ ඛනිජ සම්පත් යන කර්මාන්ත ආරම්භ කෙරේ.මේ සඳහා ළඟදීම ටෙන්ඩර් කැඳවයි.ආරක්‍ෂක උපාය මාර්ගික කේන්ද්‍රස්ථානය... |
"කෝපා කමිටුවේදී හෙළිවූ ඖෂධ මිලදී ගැනීමේදී සිදුවූ අක්‍රමිකතා සොයන්න" | "GMOA රජයෙන් ඉල්ලයි ඉකුත් 2011 සිට 2020 දක්වා මෙරටට ඖෂධ මිලදී ගැනීමේදී අක්‍රමිකතා සිදුව ඇති බවට කෝපා කමිටුවේදී තහවුරු වී ඇති නිසා ඒ පිළිබඳව වහාම විමර්ශනයක් සිදුකළ යුතු බව රජයේ වෛi නිලධාරීන්ගේ සංගමය ඉල්ලයි. මෙම ඖෂධ මිලදී ගැනීමේදී දූෂණ, අක්‍රමිකතා මෙන්ම ඖෂධවල ගුණාත්මකභාවය පිළිබඳවද ගැටලු පැනනැගී තිබුණු බව එම සංගමය පෙන්වා ... |
"ගාස්තු වැඩි නොකළොත් තැපෑල වැසේවි!" | "රුපියල් 15ක් වන ග්‍රෑම් 20ක් බර සාමාන්‍ය ලිපියක තැපැල් ගාස්තුව රුපියල් 20-40 අතර දක්වාත් රුපියල් 55-65 අතර වන අධිවේගී තැපැල් ගාස්තුව රුපියල් 200 දක්වාත් වහාම වැඩිකරන ලෙස තැපැල් දෙපාර්තමේන්තුව රජයට නිර්දේශ කර ඇතැයි තැපැල් දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් ‘දිවයින’ ට ඊයේ (30දා) පැවැසීය.2021 වසරේදී තැපෑල රුපියල් බිලියන 7.2ක ප... |
"‘21’දැන් ගෙනාවට මහජන අපේක්ෂා ඉටුවන්නේ නෑ" | " ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 21 වැනි සංශෝධනය මේ අවස්ථාවේ ගෙන ඒමෙන් මහජන අපේක්‍ෂාවන් ඉටුවන්නේ නැතැයි මැතිවරණ කොමිසමේ සභාපති නීතිඥ නිමල් පුංචිහේවා මහතා ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට පැවසීය.මේ අවස්ථාවේ ජනාධිපතිවරයෙක් සහ පාර්ලිමේන්තු නියෝජනයක් පවතින නිසා 21 වැනි සංශෝධන වෙනුවට හැකි අවස්ථාවක අලුත් මහ මැතිවරණයක් පවත්වා එමගින් ආණ්ඩුක්... |
"රංගෙට රනිල්ගෙන් උපදෙසක්" | "එක්සත් ජාතික පක්ෂයේ දේශපාලන කටයුතුවල පූර්ණකාලීනව යෙදෙන ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ මහතා එම පක්ෂයේ මහ ලේකම් පාලිත රංගෙ බණ්ඩාර මහතාට උපදෙස් දී ඇත.පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පැවැති සාකච්ඡාවේදී අගමැතිවරයා විසින් මෙම උපදෙස් දීම සිදු කර තිබේ. එමෙන්ම පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන... |
"සපුගස්කන්දෙන් දිනකට බොරතෙල් මෙට්‍රික් ටොන් 5200ක් පිරිපහදු කළ හැකියි" | "පසුගස්කන්ද තෙල් පිරිපහදුවේ නියමිත අයුරින් පිරිපහදු කටයුතු ආරම්භ වීමෙන් පසු දිනකට බොරතෙල් මෙටි්‍රක් ටොන් 5200 ප්‍රමාණයක් පිරිපහදු කළ හැකි බව ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ උසස් නිලධාරියෙක් පැවසීය. ඒ අනුව දෛනිකව එමගින් එල්. පී. ගෑස් සිලින්ඩර 7600 ක ප්‍රමාණයක්, ඔක්ටේන් 92 පෙට්‍රල් මෙටි්‍රක් ටොන් 550 ක් (ලීටර් 6600 බවුසර් 108 ක්... |
"4 වැනි මාත්‍රාවට ” ෆයිසර්” දෙයි" | "‘කොවිඩ් – 19’ වෛරසය මර්දනය සඳහා ලබාදෙන ‘හතරවන එන්නත් මාත්‍රාව’ ලෙස ෆයිසර් එන්නත ලබාදීම මේ වනවිට රට පුරා පිහිටි සෞඛ්‍ය වෛi නිලධාරි කාර්යාල මගින් ආරම්භ කර ඇතැයි සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛi හේමන්ත හේරත් මහතා ‘දිවයින ඉරිදා සංග්‍රහයට’ ප්‍රකාශ කළේය.මේ යටතේ වයස අවුරුදු 20 ට වැඩි ඕනෑම පුද්ගලයකුට තමන්ගේ ප්... |
"රුසියානු ගුවන්යානයේ අවුල දිග්ගැස්සෙයි" | "රුසියානු ෆෙඩරේෂණයේ ඉහළ රාජතාන්ත්‍රික නායකයන් සහ ශ්‍රී ලංකා රජයේ ඉහළ රාජ්‍ය නායකයන්, රුසියානු ගුවන් යානා ශ්‍රී ලංකාවට පැමිණි විට කිසිදු හේතුවක් මත රඳවා තබා ගැනීමක් සිදු නොකරන බවට ලිඛිත එකඟතාවකට පැමිණ සිටියදී 02 දා දහවල් රුසියානු එරොෆ්ලොට් ගුවන් යානයක් කටුනායක ගුවන්තොටුපළේ රඳවා ගැනීම පිළිබඳව දෙරට අතර ව්‍යාකූල තත්ත්වයක් ... |
"වාරණ නියෝගයක් දී නැහැ – කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරු කියයි" | "ශ්‍රී ලංකා රජය අත්සන් කර ඇති අන්තර්ජාතික සම්මුතීන් හා ගිවිසුම් අනුව ශ්‍රී ලංකාවට පැමිණෙන ඕනෑම රටක ගුවන්යානයක් ගොඩබැස්සවීමට හා පිටව යෑමට අවශ්‍ය පහසුකම් සැලසීමේ වගකීම බැඳී ඇති බවත් ඒ සම්බන්ධයෙන් නියෝග ලබාදීමේ අධිකරණ බලයක් වාණිජ මහාධිකරණයට නොමැති බවත් සඳහන් කරමින් නීතිපතිවරයා නියෝජනය කරමින් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ අතිරේක සොලි... |
"මල්වානේ නඩුවෙන් බැසිල් – තිරුකුමාරන් නිදහස්!" | "දොම්පේ, මල්වාන, මාපිටිගම ප්‍රදේශයෙන් අක්කර 16ක් විශාල වූ ඉඩමක් මිලට ගෙන එහි සුවිසල් නිවසක් සහ නාන තටාකයක් ඉදිකර ගොවිපළක් පවත්වාගෙන යමින් රජයේ මුදල් අවභාවිත කිරීමේ චෝදනා සම්බන්ධයෙන් හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ සහ තිරුකුමාරන් නඩේෂන් යන විත්තිකරුවන් දෙදෙනාට විරුද්ධව නීතිපති විසින් අධි චෝදනා තුනක් යටතේ ගම්පහ මහාධිකරණය හමුව... |
"රටේම යළිත් ඩීසල් හිඟයක්" | "රට පුරා ඩීසල් හිඟයක් යළින් හටගෙන තිබේ. මේ හේතුවෙන් ඊයේ (03 දා) කොළඹ ඇතුළු දිවයිනේ ප්‍රදේශ රැසකම ඉන්ධනහල් අසල ඩීසල් ලබා ගැනීම සඳහා පෞද්ගලික බස්රථ, ලොරි රථ ඇතුළු වාහන නවතාගෙන සිටින ආකාරය දැකගත හැකි විය. 04 – පිටුවට බොහෝ වාහන පෝලිම් කිලෝමීටර් පහහය ආදී දුරකට විහිදී තිබූ ආකාරය දක්නට ලැබිණි. සමහර ඉන්ධන පිරවුම්හල් අසල ඩීසල් ... |
"විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් බැංකු හරහාම මුදල් එවන්න – මහ බැංකුවෙන් ඉල්ලීමක්" | "විදේශගත ශ්‍රී ලාංකීය සේවා නියුක්තිකයින් උපයන විදේශ මුදල් බැංකු ක්‍රමය ඇතුළු විධිමත් මාර්ග ඔස්සේ මව් රටට එවමින් සහයෝගය ලබා දෙන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව එම සේවා නියුක්තිකයින්ට ආයාචනය කරයි. ශ්‍රී ලංකා ආර්ථිකයට මේ දක්වා ඔවුන් ලබාදුන් දායකත්වයට ස්තුතිවන්ත වන අතරම තවදුරටත් එම සහාය ලබාදෙන ලෙස ද මහ බැංකුව ඉල්ලීමක් කරයි. දැනට ... |
"බල්ලන්ගෙන් පූසන්ගෙන් හොඳටම පරිස්සම් වෙන්න – වෛද්‍ය ඒ. ඩී. කිත්සිරි" | "ජලභීතිකා එන්නත්වල උග්‍ර හිඟයක් පවතින නිසා සුනඛයින් සහ බළලුන් සපාකෑම්වලින් ආරක්ෂා වන ලෙස මහජන සෞඛ්‍ය පශු වෛද්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ඒ. ඩී. කිත්සිරි මහතා මහජනතාවගෙන් ඉල්ලා සිටී. ජලභීතිකා වැළඳීමෙන් වාර්ෂිකව මරණ 25ක් 35ක් පමණ වාර්තා වන බවත් ඒ මහතා කීය. මෙම මරණවලින් බොහොමයක් කුඩා සුනඛයන් හපාකෑම්වලට ලක්ව ජලභීතිකා වැළඳීමෙන්... |
"නව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාපති ජනපති හමුවෙති" | "නව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා කොළඹ කොටුව ජනාධිපති මන්දිරයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවිය. අනතුරුව නව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ මහතා ද ජනාධිපතිවරයා හමු වූයේය. අදාළ ධුරයන්හි රාජකාරි ආරම්භ කිරීමෙන් පසු සේනාධිනායක ජනාධිපතිවරයා හමුවීම සාම්ප්‍රදායානුකූලව සිදුවේ." |
"කාසල්රි සහ මාඋස්සාකැලේ ජල මට්ටම් ශීඝ්‍රයෙන් ඉහළට" | "මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශයන්ට ඇද හැලෙන අධික වර්ෂාවත් සමග කාසල්රි සහ මාඋස්සාකැලේ ජලාශවල ජල මට්ටම් ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින බව එම ජලාශ භාර නිලධාරියකු පවසයි. මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වූ එම නිලධාරියා පවසන ලද්දේ පවතින අධික වැසි හේතුවෙන් මේ වන විට කාසල්රි ජලාශයේ ජල මට්ටම පිටාර මට්ටමට වඩා අඩි 09යි අඟල් 09ක්... |
"ලංකාවේ තේ ගැනුම්කරුවන් වෙනත් රටවලට යොමුවෙලා!" | "විදුලි කප්පාදුව සහ ඉන්ධන අර්බුදය නිසා දකුණු පළාතේ තේ කම්හල් හිමියෝ ගැටලු රැසකට මුහුණදී සිටිති. මේ නිසා නිෂ්පාදන වියදම අධික ලෙස ඉහළගොස් ඇත. ජෙනරේටර් යොදාගෙන තේ කම්හල් ක්‍රියා කරවීමට ඩීසල් හිඟකම බාධාවක් වී ඇත. කම්හල් හිමියෝ පවසන්නේ ප්‍රමිතියෙන් යුතු ගුණාත්මක ලෙස නිමි තේ නිෂ්පාදනයට දැඩි බාධා පවතින බවයි. අමු තේ දළු සැපයුම... |
"ජොන්ස්ටන් අල්ලන්න පොලිස් කණ්ඩායම් 2 ක්" | "කොටුව ගාලුමුවදොර සහ කොල්ලුපිටිය අරලියගහ මන්දිරය ඉදිරිපිට විරෝධතාකරුවන්ට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවකු ලෙස නම් කර ඇති හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුළු තවත් සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ පොලිස් කණ්ඩායම් දෙකක් යොදවා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් ... |
"අයි. පී.ගේ මරණයට විශේෂඥ වෛද්‍යවරිය කෝටියක් වන්දි ගෙවයි!" | "තමන් අතින් සිදුවූ මාරක රිය අනතුර සම්බන්ධයෙන් වරද පිළිගෙන එකී අනතුරින් මියගිය පොලිස් පරීක්ෂකවරයාගේ අඹුදරුවන්ට රුපියල් කෝටියක වන්දියක් විවෘත අධිකරණය හමුවේ ගෙවා දැමූ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරියකට කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා ඊයේ (03 දා) රුපියල් 1500ක රජයේ ගාස්තුවක් ගෙවීමට නියම කළාය. අධිකරණ ඉතිහාසයේ මාරක ර... |
"අද හෙටම පුතා නීතියට භාර දෙනවා දිලිප් වෙදආරච්චි ‘දිවයින’ට කියයි" | "තම පුතා සහ පොලිස් නිලධාරියකු අතර ඇති වූ සිද්ධියට අදාළව පුතා අද හෙටම නීතිය හමුවට ඉදිරිපත් කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් වෙදආරච්චි මහතා ‘දිවයින’ ට ඊයේ (03දා) කියා සිටියේය. සිය පුත්‍රයා පොලිස් නිලධාරියාට බැණ වදින ආකාරය පොලිසිය මගින් වීඩියෝ කර ඇතැයි ද ඔහු කීවේය. ඒ වගේම චෝදනාවට ලක්වන පාර්ශ්වය මගින් ද සිදුකළ වීඩියෝ දර... |
"අද සිට අඟහරුවාදා තෙක් ලිට්‍රෝ ගෑස් නෑ" | "ලිට්‍රෝ ගෑස් මිලදී ගැනීමේ අපේක්ෂාවෙන් අද (04 වැනිදා) සිට ලබන අඟහරුවාදා (07 වැනිදා) දක්වා නිකරුණේ පෝලිම්වල රැඳී නොසිටින ලෙස ලිට්‍රෝ ගෑස් සභාපති විජිත හේරත් මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියේය. ගෑස් තොග නොමැති වීම නිසා ලබන අඟහරුවාදා තෙක් ගෑස් සැපයීම සිදු නොවන බවත් හෙතෙම කීය. ගෑස් මෙටි්‍රක් ටොන් 2500ක් රැගත් නෞකාවක් දිවයිනට හෙට... |
"කැබිලිත්තේ විනාශයට බලවත්තු රෑනක්!" | "වත්තේගම කැබිලිත්ත කොටියාගල වන රක්ෂිත ප්‍රදේශයේ මේ මොහොතේ සිදුවෙමින් පවතින මහා පරිමාණ වනාන්තර විනාශය හා රජයේ ඉඩම් බලෙන් අත්පත් කරගැනීම පිටුපස හිටපු ප්‍රබල අමාත්‍යවරුන් දෙදෙනකු, ඉහළ පොලිස් නිලධාරියකු, චීවරධාරියකු ඇතුළු ව්‍යාපාරිකයන් කිහිපදෙනකු සිටින බව ‘දිවයින’ට වාර්තා වේ. මොනරාගල දිස්ත්‍රික්කයේ සියඹලාණ්ඩුව ප්‍රාදේශීය ල... |
"ඉන්දීය ණය අවසන් වූ පසු තෙල් ගෙන්වීමට වැඩපිළිවෙළක් නෑ" | "ඉන්දීය ණය යෝජනා ක්‍රමය මගින් ඊළඟ ඩීසල් නැව මෙරටට ගෙන ආවාට පසු රටේ අවශ්‍යතාව පිරිමසා ගැනීම සඳහා තෙල් ආනයනයට වැඩපිළිවෙළක් තාමත් සකසා නොමැති නිසා ඉදිරි සති දෙකෙන් පසු යළි බරපතළ ඉන්ධන අර්බුදයක් මතු විය හැකි බවට තෙල් සංස්ථා උසස් නිලධාරීහු අනතුරු අඟවති. ක්‍ෂණික මිලදී ගැනීම් යටතේ ඉන්ධන ලබා ගැනීමට යම් යම් සැලසුම් ක්‍රියාත්මක ... |
"ලෑස්ති වෙන්න සටන අරඹන්න… පහර දීමට පෙර ප්‍රකාශ… ජොනී භාර නොවුණොත් අත්අඩංගුවට!" | "සාමකාමි විරෝධතාකරුවන්ට පහරදී දේපළ හානි කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවල ප්‍රධාන සැකකරුවකු ලෙස සැලකෙන හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට භාරවීමේ සූදානමක් ඇතැයි ආරංචි මාර්ග පවසයි. මේ වනවිට එම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින සැකකරුවන් 23 දෙනාට අමතරව ඔහු ඇතුළු තවත් ... |
"අධිවේගී පිවිසුමේදී පොලිසියට චණ්ඩි පාට් දැමූ රවිඳු වෙදාරච්චි අල්ලන්න පරීක්ෂණ" | "වීරකැටිය බැදිගම දක්ෂිණ අධිවේගී මාර්ග පිවිසුමේදී පොලිස් රාජකාරියට බාධා කරමින් සාපරාධී බලහත්කාරයේ යෙදුණු බව කියන පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් වෙදාරච්චි මහතාගේ පුත්‍රයා සහ ඔහුගේ බිරිඳ අත්අඩංගුවට ගැනීමට වීරකැටිය පොලිසිය විමර්ශන ආරම්භ කර ඇත. මෙම සිද්ධියට සම්බන්ධ බව කියන රවිඳු වෙදාරච්චි නමැත්තා තංගල්ල නගර සභාපතිවරයකු ලෙස ද ... |
"රුසියානු ගුවන් යානයක් උසාවි නියෝගයෙන් කටුනායක නවතී" | "රුසියානු එරොෆ්ලොට් ගුවන් සේවයේ ගුවන් යානයකට කටුනායක ගුවන් තොටුපළෙන් ආපසු රුසියාව බලා පිටත්ව යෑම කොළඹ වාණිජ මහාධිකරණය මගින් අත්හිටුවා නියෝගයක් ලබා දීම නිසා මෙම ගුවන් යානය ඊයේ (2දා) දහවල් සිට කටුනායක ගුවන් තොටුපළ තුළ නවතා දමා තිබේ. රුසියානු එරොෆ්ලොට් ගුවන් සේවයේ එස්. යූ.- 288 දරන ගුවන් යානය ඊයේ උදෑසන 10.10 ට රුසියාවේ මො... |
"තහනම් ගහේ ගෙඩි කන්න අවසර" | "වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් සංරක්ෂිත ඉඩම්වල ඇති කොස් ගස්වල මෙවර ඵලදාව ඉහළ ගොස් ඇති බවත් එම ඵලදාව කිසිදු ප්‍රයෝජනයකට නොගෙන ගස්යට වැටී කුණු වී යන බවත් වන සංරක්ෂණ දෙපාර්තුමේන්තුවේ නිලධාරීහු පවසති. බොහෝ දෙනකු රක්ෂිත ඉඩම්වලට යෑම නීති විරෝධී බැවින් ඒවාට ඇතුළුවීමට බියක් දක්වන බවත් කොස් ඵලදාව නෙළා ගැනීමට පමණක් මුදල් අය කි... |
"රටේ ආර්ථිකය ගැන පාර්ලිමේන්තුවේදී අගමැතිගෙන් විශේෂ ප්‍රකාශයක්" | "ලබන අඟහරුවාදා (07දා) පැවැත්වෙන පාර්ලිමේන්තු රැස්වීමේදී අගමැති රනිල් වික්‍රමසිංහ මහතා රටේ ආර්ථික තත්ත්වය ගැන විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතය. ඊයේ (01 දා) පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කමිටු රැස්වීමේදී මේ බැව් දැනුම් දී ඇත. මෙම ප්‍රකාශයෙන් පසු එදින සිට බ්‍රහස්පතින්දා (09දා) දක්වා දින තුනක් රටේ ජනතාව මුහුණදී ඇති ගැටලු... |
"‘ගෝඨාගෝ ගම’ ජාඇලටත්" | "ජා-ඇල මැතිවරණ කොට්ඨාසය නියෝජනය කරමින් ජා-ඇල පොලිසිය ඉදිරිපිට ගෝඨාගෝ ගම ශාඛාවක් ප්‍රදේශයේ වෘත්තිකයන්, ව්‍යාපාරිකයන් හා ජනතාව එක්ව 01දා රාත්‍රීයේදී ආරම්භ කරනු ලැබීය. ජනතාව වර්තමානයේ මුහුණ දෙන ඛේදවාචක තත්වයට මෙරට දේශපාලන තන්ත්‍රය වගකිවයුතු බවත්, පාර්ලිමේන්තුව තුළ ජනතා ගැටළු කතා කිරීම පසක තබා දේශපාලන අරමුණු ඔස්සේ පාර්ලිමේ... |
"යල කන්නයට පොහොර දෙන්න ඉන්දීය අගමැති එකඟතාව පළ කළා- වාරිමාර්ග ක්ෂේත්‍ර සාකච්ඡාවකදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කියයි" | "ගත වූ තෙදින තුළ සමස්ත විදුලි උත්පාදනයෙන් 80%ක් ජල සහ සුළං බලයෙන් යල කන්නය සඳහා අවශ්‍ය පොහොර කඩිනමින් ලබාදීමට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා එකඟතාව පළ කළ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. ඉන්දීය ණය ආධාර යටතේ මෙම පොහොර තොගය සැපයෙන අතර මෙරටට ලැබී දින 20ක් ඇතුළත බෙදාහැරීමට සැලසුම් කර තිබේ.වාරිමාර්ග ක්ෂේත්‍රය... |
"රජයට හදිස්සි නම් සජබ ඉදිරිපත් කර තිබෙන 21 ගේන්න – පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්‍ෂ්මන් කිරිඇල්ල" | "රජය විසින් 21 වැනි ව්‍යවස්ථා සංශෝධනයක් ගැන කතා කරනවා. එවැනි කෙටුම්පතක් තවමත් දැක නැති බවත් එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර නොමැති බවත් කැබිනට් අනුමැතියක් ද ලබා නොගත් බවත් රජයට එච්චර හදිසි නම් සමගි ජනබලවේගය ඉදිරිපත් කර තිබෙන ව්‍යවස්ථා සංශෝධනය ගේන්න හැකියාවක් පවතින බව පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.ව... |
"විරෝධතා යටපත් කිරීමට සරසවි වසා දමා තිබෙනවා – අන්තරේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ" | "සිසු ජන විරෝධතා යටපත් කිරීම සඳහා ආණ්ඩුව විශ්වවිද්‍යාල විවෘත කරන්නේ නැතිව වසා දමා තිබෙන බව අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ මහතා පැවසීය.හෙතෙම මේ බැව් පැවසුවේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිවරයා හමුවී විශ්වවිද්‍යාල යළි විවෘත කිරීම සම්බන්ධව සාකච්ඡා කිරීම සඳහා ඊයේ (02 දා) පෙරවරු... |
"මිනීමැරුමක් සිදුවෙලා සැකකාර පොලිස් නිලධාරීන්ට ඇප දෙන්න බැහැ" | "අප්‍රේල් මස 19 වන දින රඹුක්කන නගරයේ ඇති වූ කලහාකාරි තත්වයට පාලනය කිරීමට වෙඩි තබා පුද්ගලයකු මිය යෑම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි එවකට කෑගල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා වූ කේ. බී. කිර්තිරත්න මහතා හා පොලිස් සැකකරුවන් තිදෙනා මෙම මස 1 වන දින කෑගල්ල මහෙස්ත්‍රාත් වාසනා නවරත්න මහත්මිය වෙත ඉදිරිපත් කරන ලදී. මෙහි දී... |
"ඩීසල් දෙන්න ක්‍රමවේදයක් නැතිනම් සඳුදා සිට පෞද්ගලික බස් දුවන්නේ නෑ – ගැමුණු කියයි" | "පෞද්ගලික බස්රථ සඳහා ඩීසල් ලබා දීමට රජය විධිමත් වැඩපිළිවෙළක් සකස් නොකරන්නේ නම් ලබන සඳුදා (06 දා) සිට බස් ධාවනයෙන් ඉවත්වීමට ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය තීරණය කර ඇත. මේ වනවිට රට තුළ නැවතත් දරුණු ඩීසල් හිඟයක් ඇතිව තිබුණත් විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය එය පියවීමට ප්‍රායෝගික වැඩපිළිවෙළක් සකසා නැතැයි ඊයේ (02 දා) පැවත... |
"ගෝල්ෆේස් ප්‍රහාරය : මහින්ද කහඳගම අත්අඩංගුවට" | "ගාලුමුවදොර සාමකාමී අරගලයට ප්‍රහාර එල්ල කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින කොළඹ නාගරික මන්ත්‍රී මහින්ද කහඳගම මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ඊයේ (02 දා) දහවල් භාරවීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන ඇත. ගාලුමුවදොර අරගලයට එල්ල වූ ප්‍රහාරයේ සැකකරුවකු ලෙස කහඳගම මහතා අධිකරණයට නම් කර තිබිණ. ඒ අනුව කහඳගම මහතා නීතිඥයන... |
"සපුගස්කන්දේ නිපදවන තෙක් රට පුරා භූමිතෙල් හිඟයි" | "මෙරට භූමිතෙල් අවශ්‍යතාව පිරිමසා ගැනීම සඳහා ආනයනය කළ ඉන්ධන ගුවන්යානා සඳහා නිකුත් කිරීමට සිදුවීම නිසා රට තුළ බරපතළ භූමිතෙල් හිඟයක් මතුවී ඇතැයි තෙල් සංස්ථා උසස් නිලධාරියෙක් පැවසීය. මේ වන විට සංස්ථාව සතුව ඇත්තේ භූමිතෙල් ජෙට් AI මෙට්‍රික් ටොන් 386ක් පමණි. මෙරට භූමිතෙල් පාරිභෝජනය දිනකට මෙටි්‍රක් ටොන් 600ක් පමණ දක්වා ඉහළ ගොස... |
"රේගුවේ වාහන පෙන්වලා කෝටි ගණන් මුදල් ගරලා!" | "රේගුව විසින් වෙන්දේසි කිරීම සඳහා වෙන්කර ඇති විදේශවලින් ගෙනෙන ලද වාහන අඩු මිලකට මිලදී ගත හැකි බව කියමින් විවිධ පුද්ගලයන්ගෙන් රුපියල් කෝටි ගණන් මුදල් වංචා කළ පුද්ගලයෙකු පොලිස් වංචා විමර්ශන කාර්යාංශය මගින් අත්අඩංගුවට ගෙන ඇත. තමා රේගු නිලධාරියකු යැයි කියමින් මෙම පුද්ගලයා මෙසේ පුද්ගලයන් රවටා මුදල් ලබාගෙන ඇත්තේ රේගු දෙපාර්ත... |
"ඩීසල් මිල නැගීමෙන් දුම්රියට දිනපතා කෝටි 2 1/2ක පාඩුවක්" | "ඩීසල් මිල ඉහළ දැමීම නිසා දුම්රිය දෙපාර්තමේන්තුව දෛනිකව ලබන පාඩුව රුපියල් දෙකෝටි පනස්ලක්‍ෂය දක්වා ඉහළ ගොස් ඇතැයි දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා ‘දිවයින’ට පැවසීය. දුම්රිය දෙපාර්තමේන්තුවට දිනකට රුපියල් මිලියන 40ක මුදලක් ඩීසල් සඳහා වැය වුවද දෛනික ආදායම රුපියල් මිලියන 15ක් යැයි ඒ මහතා කීය. පොදු ප්‍රවාහන කටයුත... |
"ඉඩම් ගොඩකිරීමේ සංස්ථාව සතු කිරිමණ්ඩල මාවතේ ඉඩම් විකුණන්න හදනවා" | "ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ සංස්ථාව සතු කිරිමණ්ඩල මාවතේ යාන්ත්‍රික අංශය හා ක්‍රීඩාංගණය ඇතුළු ඒ ප්‍රදේශයේ සංස්ථාව සතු ඉඩම් විශාල ප්‍රමාණයක් පෞද්ගලික අංශයට විකුණා දමන්න වර්තමාන පාලන අධිකාරිය සාකච්ඡා කරමින් පවතිනවා යැයි ජාතික නිදහස් වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ සංස්ථා ශාඛාවේ එස්. ඒ. එන්. සමන්ත මහතා ... |
"රු. කෝටි තුනක් වටිනා මුහුදු කූඩැල්ලන් හා මුහුදු ආහාර මෙරටට පැටවූ ජාවාරමා තමිල්නාඩුවේදී කොටු" | "රුපියල් කෝටි තුනක් පමණ වටිනා මුහුදු කූඩැල්ලන් හා මුහුදු ආහාර කිලෝ ග්‍රෑම් 1025 ක් ශ්‍රී ලංකාවට ප්‍රවාහනය කිරීමට සූදානම් වූ මන්නාරමේ වැසියෙකු තමිල්නාඩු පොලිසිය විසින් 1 දා අත්අඩංගුවට ගෙන තිබේ. ඔහු මෙම මුහුදු කූඩැල්ලන් හා මුහුදු ආහාර තොගය බෝට්ටුවකට පැටවීම සඳහා රැගෙන ගිය අවස්ථාවේදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔ... |
"නවක වධයට එරෙහිවීම: – ජ’පුර සිසුවාගේ මරණයට වරද පිළිගත් සිසුන් 7කට සිරදඬුවම් සහ දඩ" | "මියගිය සමන්ත සිසුවා නවක සිසු සිසුවියන්ට ජ්‍යෙෂ්ඨ සිසුන් විසින් නවක වධය දීමේ සම්ප්‍රදායට එරෙහිව කටයුතු කළ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිiාලයේ ඕවිටිගල විතානගේ සමන්ත සිසුවාට පහරදී මරණයට පත් කිරීම ඇතුළු චෝදනා යටතේ නඩු පවරා තිබියදී වරද පිළිගත් විත්තිකරුවන් 7 දෙනකුට කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා බරපතළ සිර දඬුවම් හා ද... |
""අරගල භූමි දෙකට පහර දීම – ජොනී, කහඳගම ඇතුළු 4 ක් සැක ලැයිස්තුවට – සනත් – මිලාන් – වසන්තා ඇතුළු 13 ක් රිමාන්ඩ්"" | "දේශබන්දුගේ දුරකථන සීඅයිඩී භාරයටජොනීගේ ප්‍රකාශය ගැන විශේෂඥ වාර්තාවක් කැඳවයිඅරලියගහ මන්දිරය ඉදිරිපිට සහ ගාලුමුවදොර පිටියේදී සාමකාමී විරෝධතාවක නිරතව සිටි පිරිසකට පහරදී දේපළ හානි කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පවත්වන විමර්ශනවල සැකකරුවන් ලෙස හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු, කොළඹ නාගරික මන්ත්‍රි මහින්ද කහඳගම, දිලිප් ප්‍රනාන... |
"ගාලුමුවදොර ප්‍රහාරයේ නඩුවට පොලිස්පති උසාවියට…." | "පසුගිය මැයි 09 වැනිදා ගාලුමුවදොර අරගල භූමියේදී පිරිසකට ප්‍රහාර එල්ල කිරීමේ සිද්ධියට අදාළ නඩු විභාගය සඳහා පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න මහතා කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඊයේ (01 දා) පැමිණි අවස්ථාව. ඡායාරූපය : කමල් බෝගොඩ" |
"මාර්තු 31 – මැයි 15 තෙක් දේපළ හානි ජීවිත හානි විමර්ශනයට කොමිසමක්" | "ඉකුත් මාර්තු මස 31 වැනිදා සිට මැයි මස 15 වැනිදා දක්වා අතර කාලය තුළ දිවයිනේ ප්‍රදේශ කිහිපයක සිදුකරන ලද ගිනි තැබීම්, මංකොල්ලකෑම්, පුද්ගල ඝාතන ඇතුළු සියලු ආකාරයේ දේපළ හානි හා ජීවිත හානි පිළිබඳව විමර්ශනය කර වාර්තා කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ත්‍රිපුද්ගල පරීක්ෂණ කොමිෂන් සභාවක් ඊයේ (01දා) පත් කරනු ලැබීය. ... |
"වැට් වැඩි වීමෙන් මත්පැන් මිලත් ඉහළ යයි" | "රජය විසින් වැට් බදු සියයට 8 සිට 12 දක්වා ඉහළ දැමීමත් සමග මත්පැන් මිල ද ඊයේ (01 දා) සිට ඉහළ දමා ඇත. ඒ අනුව සැර මත්පැන් බෝතලයක මිල රුපියල් 520 කින් ද, බියර් කෑන් එකක මිල රුපියල් 30 කින් ද ඉහළ දමා ඇතැයි දේශීය මත්පැන් නිෂ්පාදන සමාගම් සඳහන් කරයි." |
"දිස්ත්‍රික්ක 6 කට මහවැසි එක් අයෙක් මරුට: 530 ක් පීඩාවට" | "දිස්ත්‍රික්ක 06 කට බලපා තිබෙන අධික වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් ඊයේ (01 දා) දහවල් වනවිට මරණයක් වාර්තාවී පවුල් 132 කට අයත් පුද්ගලයන් 530 ක් පීඩාවට පත්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.මෙසේ පීඩාවට පත්ව ඇත්තේ රත්නපුර, මහනවුර, කළුතර, ගම්පහ, කොළඹ සහ මාතර දිස්ත්‍රික්කවල ජනතාවයි. වාර්තා වී ඇති මරණය මාතර වැලිගම ප්... |
"ඇමැතිකම් ගත් සියලුදෙනා ශ්‍රීලනිප තනතුරුවලින් දොට්ට" | "නව රජයේ ඇමැති තනතුරු භාරගත් තම පක්‍ෂයේ සියලුදෙනා පක්‍ෂයේ දරන්නා වූ සියලු තනතුරුවලින් ඉවත් කරන බව හිටපු ජනාධිපති හා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මහලේකම් මෛත්‍රිපාල සිරිසේන මහතා පැවසීය.පක්‍ෂ මධ්‍යම කාරක සභාව විසින් ගත් තීරණයකට අනුව මෙසේ ඇමැති තනතුරු ලබාගන්නා සියලුදෙනාම පක්‍ෂයේ දරන තනතුරුවලින් ඉවත් කරන බව හිටපු ජනාධිපතිවරයා... |
"වැට් බදු නංවන ගැසට්ටුව එයි" | "එකතු කළ අගය මත බදු අනුපාතය (වැට් බද්ද) ඉහළ දැමීමේ අතිවිශේෂ ගැසට් නිවේදනය නිකුත් කර ඇත.ඒ අනුව ඊයේ (ජුනි 1 වැනිදා) සිට ක්‍රියාත්මක වන පරිදි එකතු කළ අගය මත බද්ද (වැට් බද්ද) සියයට 8 සිට සියයට 12 දක්වා වැඩිකර තිබේ. අනුර බාලසූරිය" |
"මැයි මාසයේ උද්ධමනය 39.1% ට නගී" | "කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව ගණනය කළ උද්ධමනය ඉකුත් මැයි මාසයේදී සියයට 39.1 ක් දක්වා සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇත.පසුගිය අප්‍රේල් මස පැවැති උද්ධමනය සියයට 29.8 ක්වූ අතර මේ අනුව එක් මසක් තුළ උද්ධමනය විශාල ලෙස ඉහළ ගොස් ඇත. මුළු උද්ධමනයට බලපාන ආහාර උද්ධමනය අප්‍රේල් මස පැවැති සියයට 46.6 සිට මැයි මාසයේදී සියයට 57.4 ක් දක්වා... |
"ගම්පහ පාසලක වැස්සට තෙමි තෙමී සා. පෙළ ලිවීම ගැන පරීක්ෂණයක්" | "ගම්පහ අධ්‍යාපන කලාපයේ විභාග ශාලාවක් වැස්සට හසුවීමෙන් අ.පො.ස. සාමාන්‍ය පෙළ සිසුන්ට දුෂ්කරතා මැද විභාගයට පෙනී සිටීමට සිදුවීම පිළිබඳව පරීක්ෂණයක් සිදුකරන ලෙසට අධ්‍යාපන අමාත්‍යාංශය විභාග දෙපාර්තමේන්තුවට උපදෙස් දී ඇත.වැස්සෙන් තෙමෙන ගොඩනැඟිල්ලක් විභාග ශාලාවක් ලෙස තෝරා ගැනීමත්, වැසි සහිත අවස්ථාවකදී ඒ සම්බන්ධයෙන් ක්‍ෂණික පියවර... |
"අද සිට යළි විදුලිය කැපේ" | "අද (02දා) සිට නැවත විදුලි කප්පාදුවක් සිදු කිරීමට මහජන උපයෝගිතා කොමිසම විදුලිබල මණ්ඩලයට අවසර ලබාදී ඇත.ඒ අනුව අද සහ හෙට (02 සහ 03) දහවල් කාලයේ පැය 02 ක් බැගින්ද, 04 වැනිදා දහවල් පැය 01 ක් සහ 05 වැනිදා විදුලිය විසන්ධි නොකිරීමටද මහජන උපයෝගිතා කොමිසම තීරණය කර තිබේ. මෙතෙක් පැවැති සාමාන්‍ය පෙළ විභාගය හේතුවෙන් විදුලි කප්පාදුව... |
"තාප බලාගාර මගින් විදුලිය උත්පාදනයට මාස පහට ඩොලර් මිලියන 700ක් වැය වෙලා" | "ඉකුත් මාස පහේදී තාප බලාගාර මගින් දිගටම විදුලිය උත්පාදනය කිරීම නිසා ඉන්ධන සඳහා වැයකර තිබෙන ඩොලර් ප්‍රමාණය මිලියන 700 ඉක්මවා ඇතැයි විදුලි ඉංජිනේරුවෝ පවසති.පෞද්ගලික බලාගාරවලින් විදුලිය ලබාගැනීමට සිදුවීම නිසා ඒ සඳහා අතිවිශාල මුදලක් ගෙවීමට සිදුවන බවත්, මණ්ඩලයට වන අමතර පාඩුව පියවා ගැනීමට විදුලි ගාස්තු ඉහළ දැමීම හැර විකල්පයක... |
"කඩින් කඩ වැසි සමග ඩෙංගුත් ගජරාමෙට නගී" | "මෙම දිනවල පවතින කඩින් කඩ වර්ෂාව හේතුවෙන් දිවයිනෙන් වාර්තා වන ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව වැඩි වෙමින් පවතින බව වසංගත රෝග විශේෂඥ වෛද්‍යවරු පවසති.බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලට දිනපතා ඩෙංගු රෝගීන් විසි දෙනකු පමණ ඇතුළත් කෙරෙන අතර මේ වන විට දිවයිනේ බොහෝ ප්‍රදේශවල කුඩා ළමුන් මෙන්ම වැඩිහිටියන්ද ඩෙංගු රෝගයට ගොදුරු වෙමින් සිටින බ... |
"නව යුද හමුදාපති රාජකාරි අරඹයි" | "නව යුද හමුදාපති මේජර් ජෙනරාල් විකුම් ලියනගේ මහතා ඊයේ (01 වැනිදා) රාජකාරි ඇරැඹූ අවස්ථාව. බිරිඳ හා දරුවන් මෙහි වෙති. පිංතූරය – තුෂාර අතපත්තු" |
"වත්මන් දේශපාලන අර්බුදය සාකච්ඡාවට ජාජබ සහ පෙරටුගාමී එක්වෙති" | "පවතින දේශපාලන අර්බුදය සහ අරගලකරුවන් මර්දනය ඇතුළු කරුණු ගණනාවක් සම්බන්ධයෙන් ජාතික ජන බලවේගය සහ පෙරටුගාමී සමාජවාදී පක්ෂය අතර සාකච්ඡාවක් පෙරේදා (31 වැනිදා) රාත්‍රියේ බත්තරමුල්ල, පැලවත්තේ පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී සිදුව ඇත.පෙරටුගාමී සමාජවාදී පක්ෂය, ජාතික ජනබලවේගයෙන් කළ ඉල්ලීමකට අනුව මෙම සාකච්ඡාව සිද... |
"අක්‍රීය වත්කම් සම්බන්ධයෙන් මහජන බැංකුව කරුණු පහදයි" | "මහජන බැංකුවේ අක්‍රීය වත්කම් (ණය) කළඹ (NPA) සම්බන්ධයෙන් පසුගිය දිනවල සමාජයේ පැතිර ගිය කතාබහ සැලකිල්ලට ගනිමින්, මහජන බැංකුව ඒ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරමින් නිවේදනයක් නිකුත් කර තිබේ. එම නිවේදනය මෙසේය. අක්‍රීය ණය යනු නියමිත කාලසීමාවක් සඳහා නිසි පරිදි මූලික ණය හෝ පොලී ගෙවීම් සිදුකර නොමැති ණය වේ. මෙය කිසිදු ලෙසකින් ණය ක... |
"පාර්ලිමේන්තුවට දැනට වඩා දැඩි ආරක්‍ෂාවක් ඕනෑ – කථානායක" | "පාර්ලිමේන්තුවට මීට වඩා දැඩි රැකවරණ අවශ්‍ය බව අද දකින්නට ලැබෙන සිදුවීම්වලින් පෙනී යන බව මහින්ද යාපා අබේවර්ධන මහතා දිවයිනට ඊයේ (1 දා) පැවසීය.ඇතැමුන් රටේ නීතිය නිසි ලෙස පිළිපදින්නේ නැතැයි ද කථානායකවරයා සඳහන් කළේය.මේ අනුව ඉදිරියේදී පාර්ලිමේන්තුව රැස්වීම් පැවැත්වෙන අවස්ථාවලදී දැනට වඩා දැඩි ආරක්‍ෂාවක් යෙදවිය යුතු බව ද කථානා... |
"ජ’පුර රෝහලේදී දුමින්ද සිල්වා අත්අඩංගුවට" | "ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින දුමින්ද සිල්වා මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ඊයේ (01 දා) අත්අඩංගුවට ගෙන ඇත.භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් වරදකරු වී මරණ දණ්ඩනය නියම වූ ඒ මහතා එම දඬුවමින් නිදහස් කර ලබාදුන් ජනාධිපති සමාව අත්හිටුවීමට ශ්‍රේෂ්ඨාධිකරණය පෙරේදා (31 දා) අතුරු නියෝගයක් නික... |
"අධ්‍යාපනය සම්පූර්ණයෙන්ම වෙනස් කළ යුතුයි – ඇමැති සුසිල් ප්‍රේමජයන්ත" | "අධ්‍යාපනය සම්පූර්ණයෙන්ම ප්‍රතිව්‍යුහ ගත විය යුතු බවත් ඒ පෙර පාසලේ සිටම සිදුවිය යුතු බවත් අධ්‍යාපන ඇමැති ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා ඊයේ (01 දා) පැවසීය.සිසුන්ගෙන් කොටසක් උසස් අධ්‍යාපන ක්‍ෂේත්‍රයටත් හැකියා හා දක්ෂතා සහිත තවත් පිරිසක් වෘත්තීය අධ්‍යාපනයටත් බෙදී යන ලෙස අධ්‍යාපන පද්ධතියම වෙනස් විය යුතු බව ද ඇමැතිවරයා නිල... |
"ඩොලර් හිඟය නිසා මෙවර හජ් වන්දනාව නෑ – මුස්ලිම් ආගමික කටයුතු දෙපාර්තමේන්තුව" | "රට තුළ පවතින ඩොලර් හිඟය නිසා මෙරට ඉස්ලාම් භක්තිකයන් මෙවර හජ් වන්දනාව සඳහා සහභාගි නොකිරීමට මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව තීරණය කර ඇත. මෙවර හජ් වන්දනාව සඳහා ශ්‍රී ලංකාවෙන් ඉස්ලාම් භක්තිකයන් 1,585 ක් සහභාගි වීමට නියමිතව තිබිණි. ජාතික හජ් කමිටුව, හජ් සංචාරක සංවිධානය, මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු ... |
"ණය ආධාර භාවිත කර ඖෂධ හිඟය ඉක්මනින්ම විසඳීමට කටයුතු කරන්න – කෝප් කමිටුවේ සභාපති චරිත හේරත්" | "ඉන්දියානු ණය ආධාර සහ අනෙකුත් ණය ආධාර භාවිතා කර රටේ ඖෂධ හිඟය ඉක්මනින්ම විසඳීමට කටයුතු කරන ලෙස කෝප් කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී (මහාචාර්ය) චරිත හේරත් මහතා කෝප් කමිටුවේදී නිර්දේශ කර ඇත.රජයේ රෝහල්වල මේ වන විට පවතින ඖෂධ හිඟය හා එම හිඟය මගහරවා ගැනීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග හා වර්තමාන කාර්ය සාධනය පිළිබඳව සාකච්ඡා ක... |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.