Title stringlengths 9 246 | Content stringlengths 3 62.9k |
|---|---|
"අපරාධවලින් ඉපැයූ දේපළ රාජසන්තක කිරීමේ පනත කැබිනෙට්ටුවට" | "විවිධ අපරාධ මගින් උපයාගෙන ඇති නිශ්චල හා චංචල දේපළ රාජසන්තක කිරීමට අවශ්‍ය නීතිමය ඉඩ ප්‍රස්තාව සැලසෙන පරිදි නව නීති කෙටුම්පතක් රජය සකස් කර තිබේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ මහතා එක්ව සකස් කර ඇති නව පනත අමාත්‍ය මණ්ඩල අනුමැතිය උදෙසා කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කර ඇති අතර ඉදිරි සති කීපය ... |
"උසාවි නියෝගයට බාධා කළ උලපනේ සුමංගල හිමි රිමාන්ඩ්" | "අධිකරණ නියෝගයක් ක්‍රියාත්මක කිරීමට බාධා කිරීමේ චෝදනා යටතේ සැකපිට අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කළ ගුරු – විදුහල්පති වෘත්තීය සමිති එකමුතුවේ කැඳවුම්කරු උලපනේ සුමංගල හිමියන් ඇතුළු තිදෙනකු ලබන 26 වැනිදා දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ මහෙස්ත්‍රාත් පසන් අමරසේන මහතා ඊයේ (22දා) නියෝග කළේය. නාරාහේන්පිට දාබරේ මාවතේ පිහිටි පැල්... |
"විජයදාස ගැන පොහොට්ටුවෙන් තීරණයක්" | "ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබාගෙන පාර්ලිමේන්තුවට තේරී පත්වූ ඇමැති විජයදාස රාජපක්ෂ මහතා වෙනත් පක්‍ෂයක වැඩ බලන සභාපති පදවිය ලබා ගැනීම නිසා ඔහුගේ මන්ත්‍රී ධුරය සම්බන්ධයෙන් ඉදිරියේ ගත යුතු පියවර පිළිබඳව සාකච්ඡා කෙරෙනු ඇති බව පොදුජන පෙරමුණේ දේශපාලන ආරංචිමාර්ග පවසයි. පක්‍ෂයේ ව්‍යවස්ථාවට සහ නීතියට අනුව දේශපාලන පක... |
"ප්‍රදේශ රැසකට අද පස්වරුවේ ගිගුරුම් වැසි" | "බස්නාහිර, සබරගමුව, මධ්‍යම පළාත්වලත් ගාල්ල, මාතර සහ අනුරාධපුර දිස්ත්‍රික්කවලත් අද (23දා) පස්වරු 2.00න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඌව සහ උතුරු පළාත්වලත් පොළොන්නරුව දිස්ත්‍රික්කයේත් සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇ... |
"ප්‍රවීණ ජ්‍යොතිෂවේදී චන්ද්‍රසිරි බණ්ඩාර අභාවප්‍රාප්ත වේ" | "ප්‍රවීණ ජ්‍යොතිර්වේදී චන්ද්‍රසිරි බණ්ඩාර මහතා ඊයේ (22දා) අභාවප්‍රාප්ත විය. හදිසි අසනීප තත්ත්වයක් මත රෝහල් ගත කළ ඒ මහතා ජීවිතක්ෂයට පත්වන විට 63 හැවිරිදි වියෙහි පසුවිය. ඒ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පසුව දැනුම් දෙනු ලැබේ.සුජීව තත්සර" |
""ජනපති මල්වතු, අස්ගිරි මහ නාහිමිවරු බැහැදැක ආශිර්වාද ලබාගනී"" | "ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පෙරේදා (21දා) මල්වතු, අස්ගිරි මහා නා හිමිවරුන් බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේය. පළමුව මල්වතු මහා විහාරය වෙත පැමිණි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මල්වතු පාර්ශ්වයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නා හිමිපාණන් වහන්සේ බැහැ දැක ආශිර්වාද ලබා ගැනීමෙන් අනතුරුව උන්වහන්සේ සමඟ කෙටි පිළි... |
"අලුත් විදුලි පනතට එරෙහිව විදුලිය පාවිච්චි කරන්නන්ගෙන් මානව හිමිකම් පැමිණිල්ලක්" | "පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත යෝජිත නව විදුලි බල පනත මගින් විදුලි පාරිභෝගිකයාගේ ආරක්ෂාව තහවුරු කර නැතැයි චෝදනා කරමින් විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමය මානව හිමිකම් කොමිසමට ඊයේ (22 දා) පැමිණිල්ලක් ඉදිරිපත් කළේය. විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ ලේකම් සංජීව ධම්මික මහතා ඇතුළු එහි නියෝජිතයෝ පිරිසක් ඊයේ එම පැමිණිල... |
""රනිල් වික්‍රමසිංහ රට පාලනය කරන විට රටත්, ජනතාවත් සියයට සියයක් සුරක්ෂිතයි"" | "ශ්‍රී ලංකාව පාලනය කරන්නේ රනිල් වික්‍රමසිංහ නැමති ජාතික නායකයා නම් රටත්, ඔබත් සියයට සියයක් සුරක්ෂිත යැයි එක්සත් ජාතික පක්ෂ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා ප්‍රකාශ කළේය. අබේවර්ධන මහතා මෙම අදහස් පළ කළේ ජනාධිපතිගේ සංකල්පයක් මත අඩු ආදායම්ලාභී පවුලකට මසකට නොමිලේ සහල් කිලෝ 10 ක් ලබාදීමේ ජාතික වැඩසටහනට සමගාමී... |
"ණය ප්‍රතිව්‍යුහකරණයට ආණ්ඩුවේ කල් මැරිල්ලෙන් මූල්‍ය අරමුදලේ මීළඟ වාරිකය අහිමි වීමේ අවදානමක්" | "ජනපතිවරණය අවසන් වන තෙක් ණය ප්‍රතිව්‍යුහකරණයේදී ආණ්ඩුව කල් මරණ බවට සාධාරණ සැකයක් ඇති වන බවත් ආණ්ඩුවේ මේ කල් මැරීම නිසා මූල්‍ය අරමුදලේ මීළඟ වාරිකය අහිමි වීමේ අවදානමක්ද මතු වී ඇති බවත් පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි. ඒමහතා මේ බව සදහන් කර සිටියේ 22දා පිවිතුරු හෙළ උරුමය පක්ෂ කාර්යාලයේ පැවති මාධ්‍ය ... |
"දියතලාවේ විපතින් මරණ 7 ක් – 4කට බරපතළයි – 24කට තුවාල" | "දියතලාව, නරියාකන්දේදී ඊයේ (21දා) පැවැති ෆොක්ස් හිල් සුපර් ක්‍රොස් මෝටර් රථ තරගාවලිය අතරතුර සිදුවූ බිහිසුණු අනතුරකින් ගැහැනු දරුවකු ඇතුළු හය දෙනකුගේ ජීවිත අහිමිවී ඇත. අනතුරත් සමඟ තරගය නැවැත්වීමට සංවිධායකයින් පියවර ගෙන තිබුණි. ෆෝඩ් රේසර් වර්ගයේ මෝටර් රථ තරගය අතරතුරදී මෝටර් රථ තුනක් එකට ගැටී ඉන් මෝටර් රථයක් ධාවන පථයෙන් ඉ... |
"ශ්‍රීලනිප වැ.බ. සභාපති මමයි – ඇමැති විජයදාස කියයි" | "තමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන සභාපති ධුරයට පත්වූයේ නීත්‍යානුකූලව බවත්, ඒ සඳහා එම පක්‍ෂයේ විධායක සභාවේ 116කගේ ඒකමතික එකඟතාව තමාට හිමිවූ බවත් අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ ඇමැති විජයදාස රාජපක්ෂ මහතා ‘දිවයින’ ට ඊයේ (21දා) පැවැසීය. කෝට්ටේ සෝලිස් උත්සව ශාලාවේ පැවැති විධායක සභා රැස්වීමේදී විජය... |
"විජයදාස ශ්‍රීලනිප වැ.බ. සභාපති කළේ මෛත්‍රීට නඩුවලින් බේරෙන්නයි – පත්වීම නීති විරෝධියි" | "ඇමැති විජයදාස රාජපක්ෂ මහතා, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන සභාපතිවරයා ලෙස පත්කර ගැනීම නීති විරෝධි බවත් ඒ මහතා වැඩබලන සභාපතිවරයා ලෙස පත්කරගෙන ඇත්තේ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට එරෙහිව පවතින නඩුවලින් බේරීමට බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රි දුමින්ද දිසානායක මහතා ‘දිවයින’ට ඊයේ... |
"ශාකවල සෞඛ්‍යය මනින්න නාසාහි ශ්‍රී ලාංකික විද්‍යාඥයා හැදූ චන්ද්‍රිකාවක් ගුවනට" | "ශාකවලින් වාෂ්ප කෙරෙන ජල වාෂ්ප ප්‍රමාණය (උත්ස්වේදනය) අධෝරක්ත කිරණ මගින් ග්‍රහණය කරගෙන එම ශාකවල සෞඛ්‍ය තත්ත්වය (නිරෝගී බව) මැනිය හැකි විශේෂිත චන්ද්‍රිකාවක් ශ්‍රී ලංකාවේ වේලාවෙන් ඉකුත් 18 වැනිදා (බ්‍රහස්පතින්දා) අලුයම අභ්‍යවකාශගත කිරීමට ශ්‍රේෂ්ඨ ලංකා පුත්‍ර, නාසා ආයතනයේ පර්යේෂණ විද්‍යාඥ ආචාර්ය සරත් ගුණපාල මහතාගේ මූලිකත්ව... |
"කටුවාපිටියෙන් ඊයේ නැගුණ කඳුළු" | "මීට වසර 5 කට පෙර සිදුවීමට ගිය බිහිසුණු ලේ වැගිරීමක් කාදිනල් තුමන්ගේ මැදිහත් වීමෙන් වළක්වා ගත හැකිවූ බව ඊයේ මව්ලවිවරයකු කාදිනල් තුමන්ට ප්‍රකාශ කළ සංවේදී මොහොතකි. පාස්කු ප්‍රහාරයට වසර 5ක් පිරුණු දා මීගමුව මාරස්ටෙලා විද්‍යාලයේ සිට කටුවාපිටිය දේවස්ථානය දක්වා පැවැති පා ගමනේ අවස්ථා, විපතින් වියෝ වූවන්ගේ සේයාරූ අතැතිව වේදනාබ... |
"අයිස් සමග කොටුවුණු නේවි ලොක්කන්ගේ කුඩු ජාලයේ තවත් ආරක්‍ෂක අංශ රොත්තක්" | "මත්ද්‍රව්‍ය තොගයක් සමග මුල්ලේරියාවේදී අත්අඩංගුවට ගත් නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරුන් දෙදෙනා ඇතුළු කණ්ඩායම විසින් සිදු කරගෙන ගිය මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරමට තවත් ආරක්‍ෂක අංශ සාමාජිකයන් පිරිසක් ඇතුළු සංවිධානාත්මක කණ්ඩායමක් සම්බන්ධ වී සිටින බව විමර්ශනවලින් හෙළිවී ඇත. පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය සහ මුල්ලේරියාව පොලිස... |
"පොලිසියේ දඩ පොත ඉරා දැමූ රියැදුරු කූඩුවේ" | "වැලිගම පොලිසියේ නිලධාරීන් පෙරේදා (20දා) මෝටර් රථයක් පරීක්‍ෂා කළ අවස්ථාවේ එම රථයේ රියැදුරු පොලිස් නිලධාරීන් සමග බහින්බස්වී ඔවුන් සතුව තිබූ දඩ පොතේ පිටු තුනක් ඉරා දමා ඇත. සැකකරු සංචාරක හෝටල් හිමියෙකු වන අතර ඔහු අත්අඩංගුවට ගෙන ලබන 25 දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමට මාතර මහෙස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.නෝමන් පලිහවඩන" |
"මේ වසරේ මෙතෙක් සංචාරකයෝ ලක්ෂ 7ක් ලංකාවට ඇවිත්" | "2024 ආරම්භයේ සිට මේ දක්වා සංචාරකයින් ලක්ෂ 07කට අධික පිරිසක් මෙරටට පැමිණ තිබේ. අප්‍රේල් මාසයේ පළමු දින 15 තුළ සංචාරකයින් 82,000ක් මෙරටට පැමිණ තිබේ. මෙරටට වැඩියෙන්ම සංචාරකයන් පිරිසක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙනි.චතුර පමුණුව" |
"ජනපති කිව්ව 1700 වතු සමාගම් දෙන්නේ නෑ – කම්කරුවෝ විරෝධතාවේ" | "වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රු. 1700 දක්වා වැඩි කරන ලෙසට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් තේ වතු සමාගම්වලට උපදෙස් ලබා දී තිබියදී එම වැටුප ලබාදීමට වතු සමාගම් එකඟතාවය පල නොකිරීමට විරෝධය පාමින් වතු කම්කරුවන් (21) දින සිට ආරම්භ කර ඇති වැඩවර්ජනයට සහ උද්ඝෝෂණවලට දමිල ප්‍රගතිශීලී සන්ධානයේ පූර්ණ සහයෝගය ලබාදෙන බව එම සන්ධා... |
"ඉරාන ජනපති එන දිනය තාමත් දන්වා නෑ" | "ඉරාන ජනපති ඊබ්‍රාහිම් රයිස් මහතා ශ්‍රී ලංකාවට පැමිණෙන දිනය ඊයේ (21දා) වනවිටත් දැනුම් දී නැතැයි ද ඔහු මෙරටට පැමිණෙනු ඇතැයි විශ්වාසයෙන් ආරක්ෂක කටයුතු ඇතුළු අවශ්‍යතා සපුරාලීම සඳහා විදේශ කටයුතු අමාත්‍යාංශය සූදානම්ව සිටින බවද විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙක් දිවයිනට ඊයේ පැවසීය. ඉරාන රජයේ මූල්‍ය ආධාර මත ඉදි කළ උමා ඔය ... |
"ගාලු මුවදොර අරගලයට කතෝලික සභාවට දොස් කියන්න එපා – කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්තුමා කියයි" | "ගාලු මුවදොර අරගලයට කතෝලික සභාව සම්බන්ධ බවට චෝදනා කරන නමුත් එම අරගලයට සෙසු ආගමික නායකයෝ පවා එක්වූයේ යැයි කොළඹ අදරදගුරු මැල්කම් රංජිත් කාදිනල්තුමා ඊයේ (21දා) පැවසීය. පාස්කු ප්‍රහාරයට පස් වසරක් පිරීම නිමිත්තෙන් කොළඹ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දෙව් මැඳුරේ පැවැති විශේෂ ආගමික උත්සවයකදී කාදිනල්තුමා එසේ ප්‍රකාශ කළේය. එදා පැවති අ... |
"බීමතින් රිය පදවා අනතුරු 2ක් කළ පී.එස්.ඩී. කොස්තාපල් රිමාන්ඩ්" | "ජනාධිපති ආරක්‍ෂක අංශයේ කොස්තාපල්වරයකු බීමතින් ඩිෆෙන්ඩර් රථයක් පදවාගෙන යද්දි යතුරුපැදියක සහ බස් රථයක ගැටීම නිසා එම කොස්තාපල්වරයා අත්අඩංගුවට ගෙන උසාවියට ඉදිරිපත් කිරීමෙන් පසු (22දා) දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කර ඇත. කොම්පඤ්ඤවීදියේදී සිදුවූ මෙම අනතුරෙන් යතුරුපැදියේ ගමන් ගත් තවත් පොලිස් නිලධාරීන් දෙදෙනකු තුවාල ලබා ඇතැයි ප... |
"ලෝක මිහිතල දිනය අදයි" | "ලෝක මිහිතල දිනය (World Earth Day) අදට යෙදී තිබේ.‘ප්ලාස්ටික් සහ ලෝකය’ (Planet Vs, Plastic) යන්න මෙවර එහි තේමාව වේ. 2040 වන විට ප්ලාස්ටික් භාවිතය සියයට 60 කින් අඩුකිරීම අරමුණු කරමින් මෙවර මිහිතල දිනය සැමරෙන අතර ඇමෙරිකාව ඇතුළු ලෝ පුරා රටවල් 196 කට වැඩි ප්‍රමාණයකදී මිහිතල දිනය සැමරේ. ප්‍රථම මිහිතල දිනය 1970 අප්‍රේල් මස 22... |
"බේදයකින් තොරව පීඩාවට පත් වූ සියලුදෙනාට ප්‍රතිලාභද හිමිවිය යුතුයි ආර්ථිකය ශක්තිමත් කිරීමේදී කිසිවෙකු මග හරින්නේ නැහැ" | "රටේ මෙන්ම ජනතාවගේද ආර්ථිකය ශක්තිමත් කිරීමට ගෙන යන වැඩපිළිවෙළේදී කිසිවෙකු පසුකර හෝ අතහැර යෑමට රජය කටයුතු නොකරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. පසුගිය ආර්ථික අර්බුදය හමුවේ බේදයකින් තොරව රටේ සියලු ජනතාව පීඩාවට පත් වූ බවත් එබැවින් ගොඩනැගෙන ආර්ථිකයේ ප්‍රතිලාභද එම සියලුදෙනාට හිමිවිය යුතු බවත් ජනාධිපතිවරයා අවධාර... |
"මානව හිතවාදී ඒ. ටී. ආරියරත්නයන්ගේ අභාවය රට ජාතියට සිදුවූ මහත් පාඩුවක් – අකුරැටියේ නන්ද නාහිමි" | "ජාති, ආගම්, කුල සියලුම භේදවලින් තොරව යහපත් ජන සමාජයක් බිහිකිරීමේ පුරෝගාමියකු වූ මෑත ඉතිහාසයේ බිහිවූ මානව හිතවාදී අවිහිංසාවාදී ශ්‍රේෂ්ඨ නායකයකුගේ අභාවය සමස්ත බෞද්ධ සමාජයටත්, රටටත් අති මහත් පාඩුවක් බව රුහුණ විශ්වවිද්‍යාලයේ කුලපති අකුරැටියේ නන්ද නාහිමියෝ පැවසූහ. නාහිමියෝ එසේ පැවසුවේ සර්වෝදය ව්‍යාපාරයේ නිර්මාතෘ ආචාර්ය ඒ. ... |
"අන්තවාදයට ජාතිවාදයට යළි ඉඩක් නැහැ" | "රටේ විවිධ ආගම් හා ජාතීන්ට සම්බන්ධ ජනතාව සිටින බවත් මේ සෑම ආගමකටම සහ ජාතියකටම රටේ නිදහසක් ඇති බවත් සෑම ආගමකටම ජාතියකටම එකට ජීවත් විය හැකි සංහිඳියාව, සහෝදරත්වය, එකමුතුභාවය, වර්ධනය කරන වැඩපිළිවෙළකට යොමු වන බවත් කිසිදු අවස්ථාවක කිසිදු ආගමකට ජාතියකට අන්තවාදය ව්‍යාප්ත කිරීමට ඉඩ නොතබන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැ... |
"පාස්කු ප්‍රහාරයට වසර 5යි කොච්චිකඩේදි සැමරුම් දේව මෙහෙයක්…." | "පාස්කු ප්‍රහාරයට වසර පහක් ගතවීමේ සැමරුම් දේව මෙහෙයක් ඊයේ (22දා) කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේව් මැඳුරේදී පැවැත්විණි. එම අවස්ථාවට ඕමල්පේ සෝභිත හිමි, කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්තුමා, වතිකානු තානාපති ඩයන් උඩයිග්වේ අගරදතුමන් ඇතුළු සර්වාගමික පූජකවරු ද එක්වූහ. පින්තූර – නිශාන් එස්. ප්‍රියන්ත" |
"විජයදාස අද මෛත්‍රීගේ රැකවලෙක් වගේ – පේෂල ජයරත්න" | "අද මෛත්‍රිපාල සිරිසේන මහතා යන යන තැන හැම තැනකම අධිකරණ ඇමති විජයදාස රාජපක්ෂ මහතා යනවා. විජයදාස රාජපක්ෂ මහතා අධිකරණ ඇමතිවරයා ලෙසට, එලෙස කටයුතු කිරීම ගැන ජනතාව ප්‍රශ්න කරනවා. අධිකරණයේ නඩු විශාල ප්‍රමාණයක් වැටිලා තියෙන මෛත්‍රිපාල සිරිසේන මහතාගේ රැකවලෙක් වගේ කටයුතු කරන බව අපට පේනවා යැයි, උතුරු මැද පළාතේ හිටපු ප්‍රධාන ඇමැති... |
"බද්ද නැතිව වාහන ගන්න මන්ත්‍රීලා සද්ද නැතුව වැඩ" | "තමන්ට තීරු බදු රහිත වාහන ලබාදෙන ලෙස ඉල්ලමින් ආණ්ඩුවේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් මේ වනවිට විශේෂ ලිපියකට අත්සන් ගැනීම ආරම්භ කර ඇත. පාර්ලිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ සහ පසුපෙළ මන්ත්‍රීවරුන්ද මෙම ලිපිය සඳහා අත්සන් කර ඇති අතර ඒ සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද දැනුවත් කිරීමට කටයුතු කර ඇතැයි ‘දිවයින ඉරිදා සංග්‍රහය... |
"පාස්කු ප්‍රහාරයට අදට වසර පහයි" | "පාස්කු ඉරිදා සිදුවූ බෝම්බ පිපිරීමට වසර පහක් පිරීම නිමිත්තෙන් ශ්‍රී ලංකාව පුරා පිහිටි සියලුම කිතුනු දෙව් මැඳුරුවල අද (21දා) ඉරිදා විශේෂ දේව මෙහෙයන් සිදු කෙරේ. කොළඹ කොච්චිකඩේ දෙව්මැඳුරේ පැවැත්වෙන විශේෂිත උත්සවයට විවිධ ආගමික නායකයෝ ද සහභාගි වෙති. මේ අතර 2019 වසරේ දී මෙම බෝම්බ පිපිරීම් සිදුවූ අදාළ දෙව්මැඳුරුවල අද එම වේලාව... |
"පාලිත සමුගෙන ගිය මොහොත" | "කළුගං මිටියාවතේ සිට ශ්‍රී ලාංකීය ජනතාවාදී දේශපාලනට අපූර්ව කියවීමක් දුන් පාලිත තෙවරප්පෙරුමයන් තමන්ට ආදරය කළ දහස් සංඛ්‍යාත ආදරණීය මිනිසුන්ගේ සෝ සුසුම් මැද සිකුරාදා සදහටම සමුගත්තේය. ජීවිතයේ අනිත්‍ය පසක්කර ගනිමින් තමන්ම හැදූ සොහොන් ගැබට ඔහුගේ නිසල දේහය රැගෙන යද්දී මෙලෙස අප කැමරා කාචයේ සටහන් විය. ඡායාරූපය – මහේෂ් එදිරිසිංහ... |
"අවුරුදු පෝය මැද රනිල් බැසිල් නෑ ගමනක" | "ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්‍ෂ මහතා අතර විශේෂ හමුවක් ලබන අඟහරුවාදා පෝයදා (23දා) සවස පැජට් පාරේ පිහිටි ජනාධිපතිවරයාගේ නිල නිවසේ දී පැවැත්වීමට නියමිත බව වාර්තා වේ. එම සාකච්ඡාව ජනාධිපතිවරයාගේ ආරාධනයකට අනුව පැවැත්වෙයි. මීට පෙර ද මෙබදු සාකච්ඡා වට තුනක් පවත්වා ඇත. මෙදින... |
"බැඳුම්කර හිමියන් සමග සාකච්ඡා දිගටම" | "පොදු එකඟතාවක් ඇති කර ගැනීමේ අරමුණින් ශ්‍රී ලංකාවට ණය දුන් ජාත්‍යන්තර බැඳුම්කර හිමියන් සමග සාකච්ඡා දිගටම කරගෙන යෑමට අපේක්ෂා කරන බව මුදල් රාජ්‍ය ඇමති ෂෙහාන් සේමසිංහ මහතා පවසයි. ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර හිමියන් සමග පසුගිය දිනවල පැවැති සාකච්ඡාවටය අවසන් වූ බවත් එහිදී ඇතැම් කරුණු සම්බන්ධයෙන් පොදු එකඟතාවක් ඇතිකර ගැනීමට ... |
"අලුත් පනතෙන් විදුලි බලයත් සුපිරි පැලැන්තියට" | "යෝජිත නව විදුලිබල පනත අනුව අඩු වියදම් විදුලිබල ජනනයක් හෝ පාරිභෝගික සුරක්ෂිතතාවක් පිළිබඳව විශ්වාසය තැබිය නොහැකි බැවින් ඉදිරියේ දී විදුලි බලය මෙරට ධනේශ්වර පැලැන්තියට පමණක් භුක්ති විඳිය හැකි සුඛෝපභෝගී සේවාවක් වනු ඇති බවට විදුලි වෘත්තීය සමිති කියයි. අදාළ නව විදුලි පනත සම්මත කර ගත් පසු ලංකා විදුලිබල මණ්ඩලය කොටස් කර සමාගම් ... |
"වතු ළඳුන් සටනට" | "වතු කම්කරුවන්ගේ දිනක වැටුප රුපියල් 1700 දක්වා වැඩි කරන ලෙස බල කරමින් ලංකා කම්කරු කොංග්‍රසය පසුගිය සිකුරාදා පවත්වනු ලැබූ උද්ඝෝෂණය අතරතුර. ඡායාරූපය – නිශාන් එස්. ප්‍රියන්ත" |
"ආර්ථිකය සියයට 04ක් නොවුනොත් ණය අවුල් ජාලාවක" | "ශ්‍රී ලංකාවේ ආර්ථිකය ඉදිරි වසර දෙකක කාලයේදී සියයට 4%ක් දක්වා වර්ධනය කර නොගතහොත් මෙරට ණය ප්‍රතිව්‍යූහගත කිරීමේ වැඩ පිළිවෙළ දැඩි අර්බුදයකට ලක්විය හැකි බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල රජයට අනතුරු අඟවා ඇත. මේ සම්බන්ධව අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා ‘දිවයින ඉරිදා සංග්‍රහයට’ පැවැසුවේ ඉදිරි වසර දෙකක කාලයේදී රටේ ආර්ථිකය වර්ධනය කිරීම... |
"කළු කඩේට විගණනයෙන් දැලක්" | "අසාමාන්‍ය ලෙස ලාභ උපයමින් පාරිභෝගිකයින් සූරාකනු ලබන වෙළෙඳුන් හඳුනාගෙන, ඔවුන්ට එරෙහිව පාරිභෝගික අධිකාරි පනතේ ප්‍රතිපාදන ප්‍රකාරව වහාම කටයුතු කළයුතු බැව් ජාතික විගණන කාර්යාලය මගින් පාරිභෝගික අධිකාරිය වෙත නිර්දේශ කර ඇත. පාරිභෝගික අධිකාරිය සම්බන්ධයෙන් කරනු ලැබූ විශේෂ විගණනයේ දී විගණකාධිපතිවරයා විසින් නව නිර්දේශ කිහිපයක් න... |
"ආපදා සෙවූ වර්ෂාමාන ලෙඩින්" | "මෙරට අවදානම් දිස්ත්‍රික්ක 14ක ස්ථාපිත කර ඇති ස්වයංක්‍රීය වර්ෂාමාන 330 අතුරින් ඉකුත් වර්ෂයේ 2023 අගෝස්තු මාසය වන විට 109ක් අක්‍රියව පවතින බව ජාතික විගණන කාර්යාලය පවසයි. වර්ෂාමාන ක්‍රියා විරහිත වීම හේතුවෙන් නායයාම පිළිබඳ අනතුරු ඇඟවීම කල්තියා හඳුනා ගැනීමට නොහැකි තත්ත්වයක් උදාවී ඇති බව විගණනය මගින් අනාවරණය කර ඇත. මෙකී වර්... |
"ලොකුම ඡන්දයේ වැඩි වාසි මෝදිට!" | "ලොව විශාලතම මහ මැතිවරණය දැන් ඉන්දියාවේ ආරම්භ වී තිබේ. මිලියන 969ක ඡන්ද දායකයින් සුදුසුකම් ලබන 2024 ඉන්දියානු මහ මැතිවරණය මෙතෙක් දැක ඇති විශාලතම මැතිවරණය වනු ඇත. ඉන්දිය මහ මැතිවරණ දින හතක් පුරා විවිධ ප්‍රදේශවල සිදු වේ: එනම් අප්‍රේල් 19, අප්‍රේල් 26, මැයි 7, මැයි 13, මැයි 20, මැයි 25 සහ ජූනි 1 වැනි දා දක්වා මැතිවරණය පැව... |
"අවුරුද්ද දවසේ වැලිකඩට චිකන් කිලෝ 600ක සැප කෑමක්" | "සිංහල අලුත් අවුරුදු දා වැලිකඩ බන්ධනාගාරයේ සිටින රැඳවියන්ගේ දිවා ආහාරයට ලබාදුන් කහබත් සඳහා කුකුළු මස් කිලෝ හයසීයක ප්‍රමාණයක් පිළියෙල කළ බව බන්ධනාගාර කොමසාරිස් ගාමිණී ඩී. දිසානායක මහතා පැවසීය. මේ සඳහා හාල් කිලෝ 225ක ප්‍රමාණයක් යොදා ගත් බවත් එය රැඳවියන්ගේ කහබත් පිඟානට ග්‍රෑම් 56ක කුකුළු මස් කැබැල්ලක් සැපයූ බවත් හෙතෙම පැව... |
"විලි දකුණෙන් යයි" | "දකුණු පළාත් ආණ්ඩුකාර විලි ගමගේ මහතා විසින් මැයි මස 02 වැනිදා සිට බලපැවැත් වෙන පරිදි ආණ්ඩුකාර ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති ලේකම්වරයා වෙත ලබා දී ඇති බැව් දකුණු පළාත් ආණ්ඩුකාර කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරයි. අප්‍රේල් මස 08 වැනිදා ආණ්ඩුකාරවරයා විසින් සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති ලේකම්වරයා වෙත යොමුකොට ඇති බව ද ... |
"ෆෝන් එකෙන් ත්‍රීරෝදවලට අලුත් ලෙඩක්" | "ජංගම දුරකථන ආධාරයෙන් මීටර් ගාස්තු අය කරන ත්‍රීරෝද රථවලට එරෙහිව ජූලි මස 01 වැනිදා සිට දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපති ඕ.ඩබ්. ප්‍රසන්න සංජීව මහතා ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට පැවැසීය. මගී ප්‍රවාහනයේ යෙදෙන ත්‍රීරෝද රථවල ඇතුළත ඉදිරිපස වම් පැත්තේ ඉහළ කෙළවරේ මීටරයක් මගියාට... |
"ආයුර්වේදය අශ්ව ගන්ධ වයින් හදයි" | "ආයුර්වේද ඖෂධ සංස්ථාව මගින් උසස් ප්‍රමිතියෙන් යුත් අශ්ව ගන්ධ වයින් වර්ගයක් නිෂ්පාදනය කර ඇතැයි එම සංස්ථාවේ සභපති ආචාර්ය අනුර ඇතුළත්මුදලි මහතා ‘දිවයින ඉරිදා සංග්‍රහයට’ සඳහන් කළේය. එම වයින් වර්ගය ඉදිරියේදී දේශීය වෙළෙඳපොළට නිකුත් කිරීමට අවශ්‍ය අවසරය ලබාගැනීමට යොමු කර ඇතැයි ද කීවේය. අමුන්තරා නැමැති ඖෂධ භාවිත කර නිෂ්පදනය කරන... |
"1990න් 375146ක් ගිහින්" | "2023 වසරේ දී හදිසි අනතුරු ඇතුළු විවිධ රෝගවලට ලක්වූ රෝගීන් තුන් ලක්ෂ හැත්තෑ පන්දහස් එකසිය හතළිස් හය දෙනකුට අධික පිරිසක් 1990 සුවසැරිය ගිලන් රථ සේවාව මගින් රෝහල්ගත කර ඇතැයි එහි ප්‍රධාන විධායක නිලධාරී ෂොහාන් ද සිල්වා මහතා පැවැසීය. පසුගිය වසරේ මෙම ගිලන් රථ සේවාවේ මහාමාර්ගයේ හදිසි අනතුරුවලට ලක්වූවන්, හෘදයාබාධවලට ලක්වූවන්, ... |
"ශ්‍රීලනිප අවුලෙන් මැ.කො ඈත්වුණාලු" | "ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පවතින අභ්‍යන්තරික ගැටලු විසඳීමට සිය කොමිසමට කිසිදු නෛතික. බලයක් නොමැති බව මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිබේ. ජ්‍යෙෂ්ඨ උපසභාපති නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් පසුගිය 08දා කැඳවනු ලැබූ දේශපාලන මණ්ඩල රැස්වීම හා එහිදී සිදුකළ පත්කිරීම් සම්බන්ධයෙන් දුමින්ද දිසානායක මන්ත්‍රීවරයා මැතිවරණ කොමිසම දැ... |
"වැලි බලපත්‍ර අස්සේ කෝටි 27ක් දියවෙලා" | "ශ්‍රී ලංකා මහවැලි අධිකාරියට අයත් ඉඩම්වල වැලි කැණීම සඳහා බලපත්‍ර ලබාදීමේ දී ඉඩම් පරිහරන ගාස්තුව නියමිත පරිදි අයකර නොගැනීම නිසා අධිකාරියට රුපියල් විසිහත්කෝටි, අසූ හය ලක්ෂ, අසූ පන්දහස්, හයසිය හැටපහක ආදායමක් අහිමි වී ඇති බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත් කර ඇති විගණන වාර්තාවක සඳහන් වෙයි. මහවැලි සී කලාපයට අයත් ඉඩම්වල වැ... |
"බර යන්ත්‍ර යොදා විදීමෙන් රන්කොත් වෙහෙර ගර්භයට දැඩි හානි" | "වේයන් මර්දනයට යැයි කියා පොලොන්නරු රාජධානියේ ඉතාමත් සංවේදී චෛත්‍යයක් වන රන්කොත් වෙහෙරේ පේසා වළලුවලටත් ඉහළින් ඇති කොටස බර යන්ත්‍ර යොදා ගනිමින් කුටීර තුන්සියයක් පමණ විදිමින් රසායනික ද්‍රව්‍ය යෙදීම නිසා රන්කොත් වෙහෙර ගර්භයට දැඩි හානියක් සිදුවී ඇතැයි පුරාවිද්‍යා සුරැකීමේ සංවිධානයේ සභාපති උඩස්ගිරියේ සමිත හිමියෝ පැවසූහ. පසුග... |
"‘ෆෝන් ආන්සර්’ නොකළ ඕඅයිසීලා හතකට වැඩ වරදී" | "මහජනතාව විසින් ලබාදෙන දුරකථන ඇමතුම්වලට ප්‍රතිචාර නොදැක්වූ පොලිස් ස්ථානාධිපතිවරුන් 07 දෙනෙකුට එරෙහිව පොලිස්පතිවරයාගේ නියෝග මත පොලිස් වංචා විමර්ශන ඒකකය පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර ඇත. අපරාධකාරයන් පිළිබඳ තොරතුරු ලබාදීමට මෙන්ම හදිසි අවස්ථාවන්වලදී ප්‍රදේශයේ පොලිස් ස්ථානය භාර ස්ථානාධිපතිවරයාගේ රාජකාරි ජංගම දුරකථනයට ඇමතුම් ලබ... |
"යුද ගිනි නොම වේවා: ඊශ්‍රායලය ඉරානයට යළි පහර දෙයි" | "ඉකුත් සෙනසුරාදා රාත්‍රියේ ඉරාන හමුදා විසින් ඊශ්‍රායලයට එල්ල කරන ලද ඩ්‍රෝන යානා හා මිසයිල ප්‍රහාරයට ප්‍රතිප්‍රහාරයක් වශයෙන් ඊශ්‍රායලය විසින් ඊයේ ((19) උදෑසන ඉරානයට මිසයිල ප්‍රහාරයක් එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. කෙසේ වුවද මෙම මිසයිල ප්‍රහාරයෙන් කිසිවකුට හානි සිදු වූවාද යන්න පිළිවඳව කිසිදු තොරතුරක් ඊයේ දහවල් වන වි... |
"ආදරණීය මිනිසුන්ගේ සෝ සුසුම් මැද තෙවරප්පෙරුම සොහොන් ගැබට පිවිසෙයි" | "කේසර සිංහයකු මෙන් වැඩ කළ පාලිත තෙවරප්පෙරුම මහතා තමන්ගේ ජීවිත කාලය පුරාම ජනතාවාදී සැබෑ දේශපාලනඥයකුගේ භූමිකාව ඉටු කළේ යැයි යටදොලවත්ත විහාරාධිපති විශ්‍රාමලත් පරිවේනාධිපති ශාස්ත්‍රපති යටදොලවත්තේ චන්ද්‍රසිරි හිමිපාණෝ ඊයේ (19 වැනිදා) පැවැසූහ. විදුලිසර වැදී දිවියෙන් සමුගත් හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයකු වූ පාලිත තෙවරප්පෙරුම මහත... |
"ඒ. ටී. ආරියරත්න දේහයට ජනපති බුහුමන්: අවමඟුල අද සවස නිදහස් චතුරශ්‍රයේදී" | "සර්වෝදය නායක අභාවප්‍රාප්ත ආචාර්ය ඒ. ටී. ආරියරත්න මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ අවසන් ගෞරව දැක්වූ අයුරු. වින්යා ආරියරත්න, පුතු ද, එජාප සභාපති වජිර අබේවර්ධන මහතා ද අසල වෙයි. ආරියරත්න මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද සවස කොළඹ නිදහස් චතුරශ්‍රයේදී රාජ්‍ය ගෞරව සහිතව සිදු කෙරේ. ධර්මසේන වැලිපිටිය" |
"පාස්කු ප්‍රහාරයට හෙටට වසර 5යි" | "පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සිදුවී හෙටට (21දා) වසර පහක් පිරීම නිමිත්තෙන් කොළඹ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දෙව්මැඳුරේදී විවිධ ආගමික නායකයන් කැඳවා විශේෂිත උළෙලක් පැවැත්වෙයි. මෙහිදී එම බෝම්බය පිපිරුණ උදෑසන 8.45ට විනාඩි දෙකක නිහඬතාවයක් ද සිදුකිරීමට උත්සව කමිටුව තීරණය කර ඇත. ඉන් අනතුරුව දේව මෙහෙය සිදුකිරීමට නියමිතය. මෙම බෝම්බය... |
"සිරිල් ගාමිණී පියතුමා පැය 3 1/2 සීඅයිඩීයට ප්‍රකාශ දෙයි" | "පාස්කු ප්‍රහාරයේ මහ මොළකාරයන් තමන් දන්නා බවට මාධ්‍ය ඔස්සේ සිදු කළ බව කියන ප්‍රකාශයක් සම්බන්ධයෙන් කොළඹ අගරදගුරු පදවියේ මාධ්‍ය ප්‍රකාශක සිරිල් ගාමිණී පියතුමන්ගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ පැය තුනහාමාරක් තිස්සේ ප්‍රකාශ සටහන් කරගෙන ඇත. මෙම ප්‍රකාශයන් සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුව... |
"ඉරාන යුද්ධයෙන් බොරතෙල් රන් මිලත් නගියි" | "ඉරානයේ ප්‍රදේශයකට ඊශ්‍රායල මිසයිල ප්‍රහාරයක් එල්ල වූ බව වාර්තාවීමත් සමග ලෝක වෙළෙඳපොළෙහි බොරතෙල් හා රන් මිල කැපී පෙනෙන ලෙස වැඩිවී ඇත. ඊයේ (19දා) උදෑසන ආසියානු වෙළෙඳපොළෙහි “බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඩොලර් 90ක් දක්වා සියයට තුනකින් (3%) වැඩි වූ අතර රත්‍රං අවුන්සයක මිල දැක්වූයේ ඩොලර් 2400ක් ලෙසටය. මෙම මිල වැඩිවීම මෑතකදී... |
"වගඋත්තරකරුවෝ 66ක්: බෙහෙත් මගඩියට එරෙහිව ට්‍රාන්ස්පේරන්ස් ඉන්ටර්නැෂනල් ශ්‍රේෂ්ඨාධිකරණයට යයි" | "ප්‍රමිතියෙන් තොර වෛද්‍ය සැපයුම් නිසා සෞඛ්‍ය ක්ෂේත්‍රයට හා සාමාන්‍ය මහජනතාවට මුහුණ පෑමට සිදු වූ බරපතළ තත්ත්වයට වගකිවයුතු අමාත්‍ය මණ්ඩලය ඇතුළු අදාළ පුද්ගලයන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට නීතිපතිවරයාට නියෝග කරන ලෙස ඉල්ලමින් ට්‍රාන්ස්පේරන්ස් ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගො... |
"තරුණ තරුණියන් අපේක්ෂා කරන රට නිර්මාණය කළ හැකි යැයි විශ්වාසයක් තිබෙනවා – ජනාධිපති රනිල් වික්‍රමසිංහ නුවරඑළියේ දී කියයි" | "මෙරට තරුණ තරුණියන් අපේක්ෂා කරන ශ්‍රී ලංකාව නිර්මාණය කළ හැකි බවට දැඩි විශ්වාසයක් තමා තුළ පවතින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. බොහෝ දෙනා අසීරු බව පැවසූ බිඳ වැටුණු ශ්‍රී ලංකා ආර්ථිකය යළි ගොඩනැඟීමේ අභියෝගය භාරගත් තමා වසර දෙකක් තුළදී රටේ ආර්ථිකය ස්ථාවර මට්ටමකට ගෙන ආ බව පෙන්වා දුන් ජනාධිපතිවරයා රට ඉදිරියට ගෙන යෑ... |
"සිසුන්ට පෝෂ්‍යදායී ආහාර වේලක්: සහල් මෙට්‍රික් ටොන් 735ක් පාසල්වලට බෙදීම ඇරැඹෙයි" | "පාසල් සිසුන්ට පෝෂ්‍යදායී ආහාර වේලක් ලබා දීමේ වැඩසටහන වෙනුවෙන් ලෝක ආහාර වැඩසටහන මගින් ප්‍රදානය කළ සබලකරණය කරන ලද සහල් පාසල් වෙත නිකුත් කිරීම වේයන්ගොඩ ආහාර ගබඩා පරිශ්‍රයේදී ඊයේ (19 දා) ආරම්භ කෙරිණි. පාසල් දරුවන් අතර යකඩ ඌනතාවය අවම කිරීම ඉලක්ක කර ගනිමින් සබලකරණය කරන ලද සහල් (Fortified Rice) පාසල් ආහාර වේල සඳහා ලබාදීම සිද... |
"මිනිස් ගුණධර්ම පදනම් කරගත් ආචාර්ය ඒ. ටී. ආරියරත්නයන් උතුම් ශ්‍රී ලංකා පුත්‍රයෙක් – අගමැති දිනේෂ් ගුණවර්ධන" | "ආචාර්ය ඒ. ටී. ආරියරත්නයන් රජයක, පක්ෂයක බලය හෝ වෙනත් ඒ ආකාරයේ උරුම බලයක් නොමැතිව මිනිස් සමාජය එකමුතු කළ නායකයෙක් බව අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා ශෝක පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කරයි. එම පණිවිඩය මෙසේය මිනිස් ගුණධර්ම පදනම් කරගත් පරාර්ථකාමී උතුම් ව්‍යාපාරයක් රට පුරාම ක්‍රියාත්මක කළ ආචාර්ය ඒ. ටී. ආරියරත්න මහතා උතුම් ශ්‍රී... |
"පාසල් 1000කට කොරියාවෙන් සුහුරු පන්ති කාමර" | "දිවයිනේ පාසල් 1000කට සුහුරු පන්ති කාමර සැකසීම සඳහා මූල්‍යමය අනුග්‍රහය ලබාදීමට කොරියානු රජය එකඟත්වය පළ කර තිබේ. අගමැති දිනේෂ් ගුණවර්ධන මහතාගේ ඉල්ලීමකට අනුව පාසල් මට්ටමෙන් තොරතුරු තාක්ෂණ අධ්‍යාපනය දියුණු කිරීමට රජය ගන්නා උත්සාහයට දිරිදීමක් ලෙස මෙම නව සුහුරු පන්ති කාමර කොරියානු රජයේ අනුග්‍රහයෙන් ඉදි කෙරෙනු ඇත. කමල් ශ්‍රී... |
"වතු කම්කරුවෝ කොළඹ ඇවිත් උද්ඝෝෂණයක…" | "සමස්ත ලංකා වතු කම්කරුවන්ගේ දෛනික වැටුප ඇතුළු අනිකුත් දීමනා නිසි ලෙස ලබාදෙන ලෙස රජය ඇතුළු සියලුම බලධාරීන්ට බලකරමින් සමස්ත ලංකා වතු කම්කරුවන්ගේ සංගමය විසින් සංවිධානය කරනු ලැබූ උද්ඝෝෂණයක් ඊයේ (19දා) කොළඹ දුම්රියපළ ඉදිරිපිටදී පැවැත්විණි. ඒ සඳහා සහභාගි වූ වතු කම්කරුවන් උද්ඝෝෂණයේ නිරත වූ අයුරු. ඡායාරූප – ධර්මසේන වැලිපිටිය" |
"කාදිනල්තුමා දැනුවත්ව හෝ නොදැනුවත්ව රටේ ජනතාව විනාශයකට ඇද දමන්න දායක වෙලා – එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර" | "කාදිනල්තුමා දැනුවත්ව හෝ නොදැනුවත්ව රටේ ජනතාව බරපතළ අර්බුදයකට, විනාශයකට ඇද දමන්නට දායක වෙලා තිබෙනවා කියන එක මේ රටේ ජනතාව තේරුම් ගත යුතු යැයි එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා පැවසීය. සිරිකොත පක්ෂ මූලස්ථානයේ ඊයේ (19 දා) පැවති මාධ්‍ය හමුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙස... |
"වසර දෙකක් තිස්සේ සෘජු විදේශ ආයෝජන කිසිවක් රටට ලැබී නෑ – එස්. එම්. මරික්කාර් (සජබ)" | "රටේ දූෂණ විරෝධි ක්‍රියාවලිය හරියාකාරව ක්‍රියාත්මක වුවහොත් ආයෝජකයන්ට රට ගැන විශ්වාසයක් ඇතිවන බවත් එසේ වුවහොත් රටට සෘජු විදේශ ආයෝජනය ලැබෙන බවත් වසර දෙකකින් සෘජු විදේශ ආයෝජන කිසිවක් ලැබී නැති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් මහතා පැවැසීය. කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ (18 දා) පැවැතිමාධ්‍ය හමුවට සහභාගි වෙමින් ප... |
"ශ්‍රීලනිපයේ අර්බුදයෙන් අපිට වාසිත් නෑ අවාසිත් නෑ – එස්. එම්. චන්ද්‍රසේන (පො.ජ.එ.පෙ)" | "ඉදිරියේ දී ජනාධිපතිවරණය සහ මහමැතිවරණය පැවැත්වීමට නියමිත බැවින් මෙවර මැයි දිනය තීරණාත්මක බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. චන්ද්‍රසේන මහතා පැවසීය. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ ඊයේ (19 දා) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි. එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. චන්ද්‍රසේන මහතා මෙ... |
"රුසියාවට යවලා අතරමං කරලා" | "රුසියානු යුද හමුදාවේ රැකියා ලබාදෙන බව කියමින් ශ්‍රී ලාංකිකයන් විශාල පිරිසකගෙන් මුදල් වංචාකර ඔවුන් රුසියාවට පිටත් කර යවා අතරමං කළ බව කියන සංවිධානාත්මක කණ්ඩායමක් පිළිබඳ තොරතුරු හෙළි කර ගත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊට සම්බන්ධ විශ්‍රාමික යුද හමුදා මේජර්වරයකු ඇතුළු දෙදෙනකු අත්අඩංගුවට ගෙන ඇත. මෙම මහා ජාවාරමට සම්බන්ධ බවට... |
"නොමද ආදරය හදෙහි රන්දා තෙවරප්පෙරුම අද නිසල සෙවණට පිවිසෙයි" | "පාලිත අයියේ…., පුතේ… අපිට පිහිට වුණු දෙයියෝ… අපේ චණ්ඩි මාමේ… අපට දැන් කවුද පිහිට වෙන්නේ… අපි දැන් අසරණයි…. දේශපාලනඥයකු වෙනුවෙන් මෑත කාලයේ අසන්නට නොලැබුණු කඳුළු වදන් ඔහු වෙනුවෙන් නැඟෙන අයුරු අපි දුටුවෙමු. කළු ගං මිටියාවතේ සිට ජනතාවට ආදරය කළ යුතු අන්දම පිළිබඳ අපූරු ජීවිත පූර්වාදර්ශයන් රටට දුන් පාලිත තෙවරප්පෙරුම මහතාගේ ම... |
"රාජ්‍ය ගෞරව මැද ඒ.ටී. ආරියරත්නයෝ හෙට දැයට සමුදෙති" | "සර්වෝදයේ නායක අභාවප්‍රාප්ත ආචාර්ය ඒ.ටී. ආරියරත්න මහතාගේ දේහයට ගෞරව දැක්වීම සඳහා විවිධ තරාතිරම්වලින් යුත් විශාල පිරිසක් මොරටුව සර්වෝදය මූලස්ථානය වෙත පැමිණෙමින් සිටිති. පාර්ලිමේන්තුවේ කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ආචාර්ය ආරියරත්න මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වූ අයුරු සහ එහි පැමිණි ජනතාව අවසන් ගෞරව දැක්වූ අයුරු ඡායාරූ... |
"මෛත්‍රිට පැනවූ වාරණය 9දා තෙක් දීර්ඝ කෙරේ" | "හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරයේ කටයුතු කිරීම වළක්වමින් ඉකුත් 4 වැනිදා නිකුත් කළ වාරණ නියෝගය ලබන මස 9 වැනිදා දක්වා තවදුරටත් දීර්ඝ කිරීමට කොළඹ ප්‍රධාන දිසා විනිසුරු සඳුන් විතාන මහතා ඊයේ (18 දා) නියෝග කළේය. එම වාරණ නියෝගය සම්බන්ධයෙන් විරෝධතා ඇත්නම් ලබන 9 වැනිදාට පෙර ලිඛිතව අධි... |
"බිලියනය බැගින් වන්දි ඉල්ලා ජනක නඩු දමයි" | "තමන් සිය පෞද්ගලික සහායිකාව ලෙස කටයුතු කළ බිම්බා නමැත්තිය සමග පැවැති අතිශය පෞද්ගලික සබඳතාවලට අදාළ වීඩියෝ දර්ශන මීමැස්සෝ ටී.වී. නම් වූ යූටියුබ් නාලිකාව ඔස්සේ හෝ කවිශ්වර ගුණරත්න නමැත්තා විසින් පවත්වාගෙනු ලබන වෙනත් සමාජ මාධ්‍ය ගිණුම් ඔස්සේ ප්‍රචාරය කිරීම වළක්වමින් අතුරු තහනම් නියෝග නිකුත් කරන ලෙස ඉල්ලා ශ්‍රී ලංකා මහජන උපය... |
"පාස්කු වින්දිතයන්ට යුක්තිය දෙන ජාජබ ප්‍රතිඥාව කාදිනල්තුමන්ට…" | "2019 වර්ෂයේ අප්‍රේල් මස 21 (පාස්කු ඉරුදින) සිදු වූ ත්‍රස්ත ප්‍රහාරයේ වින්දිතයන්ට යුක්තිය ඉටුකිරීමෙහිලා වන ජාතික ජන බලවේගයේ ප්‍රතිඥාව කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්තුමා වෙත පිළිගැන්වීම ඊයේ (18) පෙ.ව. 11.00ට බොරැල්ල අගරදගුරු නිල නිවසේදී ජාතික ජන බලවේගයේ නායකයන් පිරිසකගේ ප්‍රධානත්වයෙන් සිදුවිය. මෙම අවස්ථාවට ජාතික ජ... |
"ගිලෙන නැවේ සිටි ශ්‍රී ලාංකිකයෝ 21ක් ඉරානයෙන් බේරා ගැනෙති" | "කුක් දූපත් ධජය සහිත ඉන්ධන ප්‍රවාහනය කළ ශ්‍රී ලාංකීය නෞකාවක් ඕමාන බොක්කේ මුහුදේ ගිලෙමින් පැවතියදී එහි ගමන් ගත් ශ්‍රී ලාංකීය කාර්ය මණ්ඩල සාමාජිකයන් 21 දෙනාම බේරා ගැනීමට ඉරාන බලධාරීන් විසින් පෙරේදා (17දා) පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. ඕමාන් බොක්කේ පිහිටි ඉරානයට අයත් නගරයක් වන ජස්ක් නගරයට කිලෝ මීටර් 50ක් දුරින් (ස... |
"බැඳුම්කර සාකච්ඡාවට අයි.එම්.එෆ්. උදව්" | "ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර හිමියන් සමග පැවැත්වෙන සාකච්ඡාවලදී ශ්‍රී ලංකාවට උදව් කිරීමට සූදානම් බවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසා ඇත. ශ්‍රී ලංකාව ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර හිමියන් සමග පැවැත්වූ මූලික වටයේ සාකච්ඡා අසාර්ථක වුවත් ඉදිරි සති කිහිපයේ දී නැවත එකඟතාවකට පැමිණීමට ශ්‍රී ලංකාවට හැකි වනු ඇතැයි බ්ලූම්බර්ග් වෙබ් අඩ... |
"අඟහරුගේ තතු සොයන්න අපේ පියුමිත් තෝරා ගැනෙයි" | "අඟහරු ග්‍රහයාගේ ගවේෂණ කටයුතු සඳහා සිදුකරන පර්යේෂණ කණ්ඩායමකට ශ්‍රී ලාංකික විද්‍යාඥවරියක වන පියුමි විජේසේකර තෝරා ගෙන තිබේ. ඔවුන් අදාළ මෙහෙයුම් කලාපයට මැයි 10 වැනිදා ඇතුළු වීමට නියමිත අතර දින 45ක කාලයක් ගඟනගාමින් ලෙස ඔවුන් කටයුතු කරනු ඇති බව නාසා ආයතනය ඊයේ නිවේදනය කළේය." |
"නිදිකුම්බා නායකයකුට ශ්‍රීලනිපය දී රනිල්ගේ ඔඩොක්කුවේ තියන්න හදනවා – දයාසිරි" | "ශ්‍රීලනිප නායකයා හොඳ නෑ කියලා කොහෙවත් ඉන්න නිදිකුම්බා නායකයෙක් පක්‍ෂයේ නායකයා කරලා එයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඔඩොක්කුවේ තැබීමට පිරිසක් උත්සාහ කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ හිටපු මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා ඊයේ (18දා) විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් පැවසීය. එහිදී අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මෙසේ ද කීය. යම් ප... |
"අවුරුදු සමයේ පාචනය හැදී රෝහල්ගත වන දරුවන් වැඩි වෙලා – විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා" | "අවුරුදු සමයේ පාචනය වැලඳුණු දරුවන් රෝහල්ගත වීමේ වැඩිවීමක් දක්නට ඇතැයි බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා ‘දිවයින’ට ඊයේ (18දා) පැවැසීය. මැස්සන් වසන ලද අපිරිසිදු ආහාර ගැනීම හේතුවෙන් බොහෝ දරුවන් රෝගාතුර වී මෙලෙස රෝහල්ගත කර තිබෙන බව ද හෙතෙම කීය. බඩේ කැක්කුම, උණ සන්නිපාතය, බඩඑළිය යෑම වැන... |
"සෝබනයට-කයිවාරුවට හා ගජමිතුරු දූෂිත ගනුදෙනු තුළින් රට ගොඩගන්න බෑ – විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස" | "කාලයක් බයිය නායකයෝ සිටි බවත් මේ වන විට රටේ මුදල් වියදම් කර ලෝකය වටේ සවාරි යන සවාරි නායකයෝ සිටින බවත් මීට අමතරව වැඩ බැරි කයිය නායකයෝ සිටින බවත් ඔවුන්ට රටට අගයක් එකතු කළ නොහැකි වුවත් කයිවාරුව හරහා විවේචන කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. බයිය නායකයකු පත් කිරීම නිසා රට විනාශ වී ඇති මොහොතක සවාරි නායකයා ලෝක... |
"ජනතාව පාරට බැහැලා ඉල්ලූ සිස්ටම් චේන්ජ් එක අමාත්‍යාංශයක් ලෙස කළා – ඇමැති මනූෂ නානායක්කාර" | "ජනතාව පාරට බැහැලා කෑගහලා ඉල්ලා සිටි සිස්ටම් චේන්ජ් එක, ක්‍රමයේ වෙනස අමාත්‍යාංශයක් ලෙස කර ඇති බවත්, ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපත්තිමය වෙනස පසුගිය වසර දෙකක කාලය පුරා ගෙන ඇති බවත් කම්කරු හා විදේශ රැකියා ඇමැති මනූෂ නානායක්කාර මහතා පැවසීය. කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයේ සිංහල – හින්දු අලුත් අවුරුදු සැමරුම වෙනුවෙන් සංවිධානය ... |
"ශ්‍රී ලංකාව ආරක්ෂා වීමට වත්මන් ජනපති රටේ බාරකරු විය යුතුයි – වජිර අබේවර්ධන (එජාප)" | "රටට ජාතියට ආගමට ගරු කරන රාජ්‍යයක් ලෙස ශ්‍රී ලංකාව ආරක්ෂා වන්න නම් ජනපති රනිල් වික්‍රමසිංහ රටේ බාරකරු විය යුතුයැයි එක්සත් ජාතික පක්ෂ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පැවසීය සිරිකොත පක්ෂ මූලස්ථානයේ දී ඊයේ (18 දා) පැවැත් වූ මධ්‍යය සාකච්ඡාවේ දී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මෙසේද කීය ඉතිහාසය පුරා අප... |
"හමුදාවෙන් අස්වෙන අයට මැයි 20දා තෙක් සමා කාලයක්" | "ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ දීර්ඝ කාලීනව නිවාඩු නොමැතිව සේවයට වාර්තා නොකර සිටින සාමාජිකයන්ට නීත්‍යනුකූලව සේවයෙන් ඉවත් වීමට 2024 අප්‍රේල් මස 20 වන දින සිට 2024 මැයි මස 20 වන දින දක්වා පොදු සමා කාලයක් ප්‍රකාශයට පත් කර ඇත. එම ප්‍රකාශිත පොදු සමා කාලය තුළ තමන් අයත් රෙජිමේන්තු මධ්‍යස්ථාන සමග සම්බන්ධතාවයෙන් ඔවුන්ට නීත්‍යනුකූලව ... |
"පොහොට්ටුවෙන් ආවොත් ජීවිත පරිත්‍යාගයෙන් පක්‍ෂය රැකගත් අයට එළියට යන්න වෙනවා – ශ්‍රීලනිප ගාල්ල දිස්ත්‍රික් සංවිධායක සජින් ද වාස් ගුණවර්ධන" | "ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැති ඇමැතිවරු පනහක් පමණ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එන්න සූදානම් වෙනවලු. එහෙම ආවොත් මෙච්චර කාලයක් ජීවිත පරිත්‍යාගයෙන් පක්ෂය රැක ගත් සංවිධායකවරුන්ට එළියට යන්න සිදුවෙනවා යැයි, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගාල්ල දිස්ත්‍රික් සංවිධායක සජින් ද වාස් ගුණවර්ධන මහතා පැවසීය.... |
"තරුණයන්ට නිදහසේ දේශපාලනය කිරීමට පරිසරය සැකසීම වැඩිහිටියන්ගේ වගකීමක් – එක්සත් ජනරජ පෙරමුණේ නායක පාඨලී චම්පික රණවක" | "තරුණයන්ට නිදහසේ දේශපාලනය කිරීමට අවශ්‍ය පරිසරය සකස් කිරීම කාලීන අවශ්‍යතාවක් බවත් ඊට අවශ්‍ය පරිසරය සැකසීම වැඩිහිටියන්ගේ වගකීමක් බවත් එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය. එක්සත් ජනරජ පෙරමුණ යටතේ තාරුණ්‍යයේ නිදහස සහ නිර්මාණශීලීත්වයට අවකාශ සැලසෙන බවත් ඒ පිළිබද කිසිදු සැකයක් නැති බව... |
"විශ්වාසයේ විරුවන් කරන්න පාප්වහන්සේට ඉදිරිපත් කරනවා – කාදිනල්තුමා" | "පාස්කු ඉරිදා බෝම්බයෙන් ඝාතනය වූ සියලුම දෙනා විශ්වාසයේ විරුවන් ලෙස පිළිගැනීමට ශුද්ධතම ප්‍රැන්සිස් පාප්වහන්සේ වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙන බව කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්තුමා මාධ්‍යයට සඳහන් කළේය. මේ අනුව ජාත්‍යන්තර සභාවේ මෙම පිරිස පිළිගැනීමට ලක්කිරීම සඳහා අවශ්‍ය වැඩකටයුතු සිදුකරමින් පවතින බවද කාදිනල්තුමා සඳ... |
"බෙලිඅත්ත සජබ සංවිධායක එජාපයට එක් වෙයි" | "සමගි ජන බලවේගයේ බෙලිඅත්ත ආසන සංවිධායක හිටපු ඇමැති රංජිත් අතපත්තු පුත් වෛද්‍ය ප්‍රවීන් රුවින්ද අතපත්තු මහතා ඊයේ (18) එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ලබා ගත්තේය. පිටකෝට්ටේ සිරිකොත එජාප මූලස්ථානයට පැමිණි අතපත්තු මහතා එජාප සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා හමුවී එක්සත් ජාතික පක්ෂයට සහාය පළ කළේය. අනතුරුව වෛද්... |
"පාස්කු ප්‍රහාරය දේශපාලන කුමන්ත්‍රණයක්" | "පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට යුක්තිය ඉටු කිරීම උදෙසා ජාතික ජන බලවේගය විසින් කරුණු හතකින් යුත් ප්‍රතිඥාවක් නිකුත් කර තිබේ. ලබන 21 වැනිදාට පාස්කු ප්‍රහාරය සිදුවී වසර පහක් සපිරෙනු ඇත. ජාතික ජන බලවේගයේ ආණ්ඩුවකින් එම කරුණු සම්බන්ධයෙන් නිසි ලෙස නීතිය ක්‍රියාත්මක කරන බවටත් එම ප්‍රහාරයට ඍජු හෝ වක්‍ර ලෙස සම්බන්ධවූ පුද්ගලයන්ට එ... |
"චන්ද්‍රිකා-මෛත්‍රී වෙන වෙනම……." | "ලොව ප්‍රථම අගමැතිනි සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ 108 වැනි ජන්ම දිනය සමරමින් හිටපු ජනපතිනි චන්‍ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග හා හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන ද ඊයේ :(17දා) වෙන වෙනම කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී සමරු උත්සව පැවැත්වූහ. හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් උදේ පැවති උළෙලට විජේදාස රාජපක්... |
"ඒ. ටී. ආරියරත්නයන්ගේ අවසන් කටයුතු 20 දා රාජ්‍ය ගෞරව සහිතව" | "අභාවප්‍රාප්ත සර්වෝදය ශ්‍රමදාන ව්‍යාපාරයේ නිර්මාතෘ ආචාර්ය ඒ.ටී. ආරියරත්න මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු 20 වැනිදා පස්වරු 4ට කොළඹ නිදහස් චතුරස්‍රයේදී රාජ්‍ය ගෞරව සහිතව සිදුකිරීමට නියමිතය. දේහය ලබන 20 වැනිදා දහවල් 12.00 දක්වා මොරටුවේ පිහිටි සර්වෝදය මූලස්ථානයේ තැන්පත් කිරීමට නියමිතය. ඉන්පසු දේහය එදින පස්වරුවේ කොළඹ නිදහස්... |
"අවුරුදු ගීය විකෘති කළ සුරාබදු නිලධාරියා 22 දා තෙක් රිමාන්ඩ්" | "‘සූරිය මංගල්ලේ’ නම් අලුත් අවුරුදු සැමරුම් ගීය අසැබි වචන යොදා සංස්කරණය කළැයි කියන අයකු මේ මස 22 තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියම කළ කුලියාපිටිය වැඩබලන මහෙස්ත්‍රාත් උපුල් අලගියවන්න මහතා සැකකරු බන්ධනාගාරය මගින් කුරුණෑගල මානසික ඒකකයට යොමුකර වාර්තාවක් එදිනට ඉදිරිපත් කරන්නැයි ද නියම කළේය. එසේ රක්ෂිත බන්ධනාගාර ගත කළේ දු... |
"දමිතා සහ සැමියා 24 දා තෙක් යළි රිමාන්ඩ්" | "කොරියන් රටේ වීසා ලබාදෙන බවට පවසා රුපියල් ලක්ෂ තිහක වංචාවක් සිදු කළේ යැයි චෝදනා ලැබ සිටින රංගන ශිල්පිනී දමිතා අබේරත්න හා ඇගේ සැමියා වන ලෙන්ලි ජොන්සන් යන අය අප්‍රේල් 24 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ අලුත්කඩේ අතිරේක මහෙස්ත්‍රාත් මංජුල රත්නායක මහතා ඊයේ (17දා) නියෝග කළේය. නඩුව කැඳ වූ අවස්ථාවේ කරුණු දක්වම... |
"අධිකරණ වෛද්‍ය නිලධාරිට භාරදුන් කුඩු සැකකරු ජනේලයෙන් පැන ගිහින්" | "යුක්තිය මෙහෙයුම යටතේ මත්කුඩු සමග අත්අඩංගුවට ගත් සැකකරුවකු අධිකරණ වෛද්‍යවරයාට යොමු කළ මොහොතේ වෛද්‍යවරයාගේ සහ පොලිසියේ ඇස් වසා සැකකරු ජනේලයකින් පැනයෑමේ සිද්ධියක් පිළිබඳව දුම්මලසූරිය පොලිසිය ඊයේ (17දා) විශේෂ විමර්ශනයක් ක්‍රියාත්මක කළේය. මෙම සැකකරු පොලිස් නිලධාරීන් දෙදෙනකු විසින් අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාට ඉදිරිපත් කළ මොහ... |
"අවුරුදු දුර ගමන් බස් පැමිණිලි 147ක්" | "අලුත් අවුරුදු සමයේ ධාවනය වූ දුර ගමන් සේවා බස් රථවලට එරෙහිව පැමිණිලි 147ක් ලැබී ඇතැයි ජාතික ගමනාගමන කොමිසමේ අධ්‍යක්‍ෂ ජනරාල් නයෝමි ජයවර්ධන මහත්මිය ‘දිවයින’ ට ඊයේ (17දා) පැවැසුවාය. මින් වැඩිපුර ම පැමිණිලි ලැබී ඇත්තේ ගමන් ගාස්තුවට වඩා අධික ලෙස මුදල් අයකර ගැනීම සම්බන්ධයෙන් බවද ඇය සඳහන් කළාය. ඒ සම්බන්ධයෙන් පැමිණිලි 40ක් පම... |
"දූෂිත දේශපාලන සංස්කෘතිය නඩත්තු කරන්න බැඳුම්කර හිමියන්ගෙන් සහනයක් ලැබෙන්නේ නැහැ" | "වෙරිටේ රිසර්ච් නම් පර්යේෂණ ආයතනය නැවුම් ප්‍රතිපත්තිමය උපකරණයක් නිර්මාණය කර ඇති බවත් මේ ආයතනයේ නියෝජිතයන් අප රටේ බැඳුම්කර හිමියන් සමග සිදුකළ සාකච්ඡාවේ ප්‍රතිඵලයක් ලෙස අප රටේ ණයවල පොලී අනුපාතය කොන්දේසි සහිතව කපා හරින්නට බැඳුම්කර හිමියන් සමග යම්කිසි එකඟතාවට පැමිණ ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. එහි දී බ... |
"ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලියේදී ආණ්ඩුවේ විනිවිදභාවයක් දක්නට නෑ" | "ආණ්ඩුවේ ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලියේදී ප්‍රමාණවත් විනිවිදභාවයක් දක්නට නැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවැසීය. ඊයේ (17දා) කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවට සහභාගි වෙමින් ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා මේ බව පැවැසූ අතර මෙම මාධ්‍ය හමුවට පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා ද ... |
"කෝටි 380ක මත්ද්‍රව්‍ය ගැන ප්‍රශ්න කරන්න ධීවරයන් ඇතුළු 10 දෙනා දින 7ක් රඳවා ගන්න නියෝග" | "ශ්‍රී ලංකා නාවික හමුදව හා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකාවට දකුණු දෙසින් වූ ගැඹුරු මුහුදේදී ඉකුත් 12 දා අත්අඩංගුවට ගත් රුපියල් කෝටි 380 ක් වටිනා මත්ද්‍රව්‍ය තොගයට සම්බන්ධ සැකකාර ධීවරයින් 6 දෙනා ඇතුළු සැකකරුවන් 10 දෙනකු දින 7ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් මංජුල රත්නායක පොලිස් මත්ද්‍රව්‍ය නාශක ක... |
"පැළ සිටුවීමේ නැකත අද උදේ 10.16ට" | "නව වසරේ අවුරුදු පැළ සිටුවීමේ නැකත අද (18දා) පෙරවරු 10.16ට යෙදී තිබේ. මේ නිමිත්තෙන් “මුරුංගා” පැළයක් රෝපණය කරන මෙන් දේශීය වෛද්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා ජනතාවගෙන් ඉල්ලා සිටී. ‘නැකතට පැළයක්’ අවුරුදු වැඩසටහන මෙවර දේශීය වෛද්‍ය අමාත්‍යාංශය මගින් ක්‍රියාවට නංවනු ලබන අතර මේ නිමිත්තෙන් වන ජාතික වැඩසටහන කොළඹ හුණුපිටිය ගංගාරා... |
"ශ්‍රිලනිපයේ අදට වඩා අර්බූද ඇති වුණේ මැතිනියගේ ප්‍රජා අයිතිය අහෝසි කළ විටයි" | "අද ශ්‍රීලනිපයේ කිසියම් අර්බුදයක් පැවැතියද අදට වඩා පක්ෂය තුළ අර්බුදයක් ඇති වූයේ 1980දී සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ ප්‍රජා අයිතිය අහිමි කළ අවස්ථාවේදී බවත්, මැතිනියගේ දුවලා, පුතාලා, බෑනලා වෙනත් පක්ෂ හදාගෙන අම්මා තනිකළ අවස්ථාවේ යැයිද බණ්ඩාරනායක මැතිනියගේ රූපය දෙස බලාගෙන වෙනත් දේශපාලන පක්ෂවලට සම්බන්ධ වන්නට ඇතමුන්ට පුළුවන... |
"අස්වැසුම සහ උරුමය වැඩසටහනට අයිඑම්එෆ් ප්‍රසාදය හිමිවෙලා" | "ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අස්වැසුම සහ උරුමය වැඩසටහන් වගේම රාජ්‍ය සේවකයන් ඇතුළු මධ්‍යම පාංතිකයන්ගේ වැටුප් ඉහළ දැමීම පිළිබඳව ප්‍රශංසාත්මකව මත පළ කර තිබෙනවා යැයි එක්සත් ජාතික පක්ෂයේ කඩුවෙල ආසන සංවිධායක බිනර ජයවර්ධන මහතා පැවසීය. ඒ මහතා මෙම අදහස් පළකළේ ඊයේ (17 වැනිදා) සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදීය. එහිදී වැ... |
""කඳුකර දශකය බහුකාර්ය ග්‍රාමීය හා ප්‍රජා සංවර්ධන වැඩසටහන යටතේ ව්‍යාපෘති 10,765ක් ක්‍රියාත්මකයි – ඇමැති ප්‍රසන්න රණතුංග"" | "මේ වසරේ මුල් කාර්තුව අවසන් වනවිට කඳුකර දශකය බහුකාර්ය ග්‍රාමීය හා ප්‍රජා සංවර්ධන වැඩසටහන යටතේ ව්‍යාපෘති 10,765ක් ක්‍රියාත්මක කර ඇතැයි නාගරික සංවර්ධන හා නිවාස ඇමැති ප්‍රසන්න රණතුංග මහතා ඊයේ (17 දා) පැවසීය. කඳුකර දශකය බහුකාර්ය ග්‍රාමීය හා ප්‍රජා සංවර්ධන වැඩසටහන යනු ජනාධිපතිවරයා විසින් මෙවර අයවැය මගින් මුහුදු මට්ටමේ සිට ම... |
"යළි පණගන්වා – ඇඹිලිපිටිය කඩදාසි කර්මාන්ත ශාලාව අද විවෘත වෙයි" | "ඇඹිලිපිටිය කඩදාසි කර්මාන්ත ශාලාව සබරගමුව පළාත් ආණ්ඩුකාර නවීන් දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් සහ මැති ඇමැතිවරු පිරිසකගේ සහභාගිත්වයෙන් අද (18දා) පෙරවරු 9ට විවෘත කෙරේ. 1978 වර්ෂයේ ඇරඹි දෙවන කඩදාසි කර්මාන්තශාලාව වන්නේ මෙම කර්මාන්තශාලාවයි. අකාර්යක්ෂම පාලනය, අක්‍රමිකතා ආදී හේතු මත වසා දැමීමට ලක්ව විනාශය කරා ගොස් තිබූ මෙම කර... |
"පාලිත තෙවරප්පෙරුම මියගියේ විදුලිසර වැදී අභ්‍යන්තර ඉන්ද්‍රියන්ට බරපතල හානි වීමෙන්" | "හිටපු රාජ්‍ය ඇමැති පාලිත තෙවරප්පෙරුම මහතාගේ මරණය විදුලි සර වැදීමෙන් ශරීරයේ අභ්‍යන්තර ඉන්ද්‍රියන්වලට සිදු වූ බරපතළ හානි හේතුවෙන් සිදු වූ මරණයක් බව පශ්චාත් මරණ පරීක්ෂණයේදී තහවුරු වී තිබේ. කළුතර නාගොඩ මහ රෝහලේ අධිකරණ වෛද්‍ය ඒකකයේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී කේ.එම්.ටී.බී. ගුණතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (17 දා) කළුතර න... |
"අවයවයක් අහිමි කරවමින් කළ පහර දීම පරීක්ෂණ සීඅයිඩීයට පවරන්න – පොලිස්පතිට නියෝග" | "රථවාහන පරීක්ෂාවකදී ඇතිවූ සිද්ධියක් සම්බන්ධයෙන් 23 හැවිරිදි තරුණයකුට තදබල ලෙස පහරදී සුළු හා බරපතළ තුවාල සිදු කර ඔහු ඝාතනය කිරීමට තැත් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් දෙදෙනකුට එරෙහිව කැබිතිගොල්ලෑව කොට්ඨාස අපරාධ විමර්ශන අංශය මගින් සිදු කෙරෙන සියලු විමර්ශන කටයුතු වහාම ක්‍රියාත්මක වන පරිදි අපරාධ පරීක්ෂණ දෙපාර... |
"අනුලා සෑය ප්‍රතිසංස්කරණ ගිවිසුම අවලංගු කරන්න – මල්වතු මහනාහිමිගෙන් ජනපතිට ලිපියක්" | "ඓතිහාසික මිහින්තලේ රජමහා විහාරස්ථානයට අයත්, අනුලාදේවි චෛත්‍යය ප්‍රතිසංස්කරණය කිරීමට අදාළව බුද්ධ ශාසන හා සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා සහ වෙනත් හිමිනමක් අතර ඇති කර ගත් බව කියන දස වසරක ගිවිසුම අවලංගු කරන ලෙස ඉල්ලා මල්වතු මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල නාහිමිපාණන් විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහත... |
"මෝදි ඡන්ද ගුණ්ඩුවක් කරගත්තත් කච්චතිව් කිසිදා ඉන්දියාවට දෙන්නේ නෑ" | "කච්චතිව් දූපත ඉන්දියාවට අයිති බව පවසමින් මෝදි රජය මැතිවරණ ගුණ්ඩුවක් ලෙස එය යොදාගෙන ඇති බව ධීවර ඇමැති ඩග්ලස් දේවානන්දා මහතා සඳහන් කරයි. ඉන්දියාවේ මහ මැතිවරණය ඉලක්ක කරගෙන මෝදි රජය එවැනි ප්‍රකාශයක් සිදුකළද කච්චතිව් දූපත කිසිසේත් ඉන්දියාවට නොදෙන බවද දේවානන්දා මහතා පැවැසීය. 1974දී මෙරට අගමැති සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය හා... |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.