Title stringlengths 9 246 | Content stringlengths 3 62.9k |
|---|---|
"අමතර කොටස් ගිනි ගණන්: ඉහළ දැමූ බස් ගාස්තු ප්‍රමාණවත් නෑ!" | "ටයර්, ටියුබ්, ලිහිසි තෙල් ඇතුළු අමතර කොටස් මිල ඉතා අධික ලෙස ඉහළ යෑම හේතුවෙන් වාර්ෂිකව සිදුකරන බස් ගාස්තු සංශෝධනය ලබන ජුනි මාසයේ බලාපොරොත්තු වන බව සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රිියන්ජිත් මහතා ‘දිවයින’ ට ඊයේ (27 වැනිදා) පැවසීය. ඉන්ධන මිල ඉහළ යෑමට සාපේක්‍ෂව බස්රථ ගාස්තුව පසුගියදා ඉහළ දැම... |
"කුඩා දරුවන් අතර දියවැඩියාව ශීඝ්‍ර පැතිරීමක්" | "මෙරට කුඩා දරුවන් අතර දියවැඩියා රෝගය ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින බවත්, දැනටමත් දියවැඩියා රෝගයට ගොදුරු වූ වයස අවුරුදු 14 ට අඩු දරුවන් 100 කට අධික පිරිසක් වසරකට ප්‍රතිකාර සඳහා ළමා රෝහලට පැමිණෙන බවත් බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා ‘දිවයින’ට පැවසීය. එසේම ගතවූ වසර පහක කාලය තුළදි... |
"අරගලයට දින 50 යි" | "ජනාධිපතිවරයාට වහා ඉල්ලා අස්වන ලෙසට බල කරමින් කොටුව ගාලුමුවදොර ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට පැවැත්වෙන ජන අරගලය අද (28 දා) 50 වැනි දිනයටත් ක්‍රියාත්මක වෙයි. ජන අරගලයට දින 50ක් පිරෙන මොහොතේ විරෝධතාවන්, සැමරුම් කීපයක් සංවිධානය කර තිබෙන බව අරගල භූමියේ ක්‍රියාකාරීහු ‘දිවයින’ට පැවසූහ. පෙරේදා (26 දා) රාත්‍රියේත් අරගල භූමි... |
"කුමාර වෙල්ගමට පහර දුන් දෙදෙනෙක් අත්අඩංගුවට" | "පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා ඇතුළු තිදෙනකුට කොට්ටාව අධිවේගී මාර්ග පිවිසුමේදී අමානුෂික ලෙස පහර දී ඔවුන් ගමන් ගත් ජීප් රථයට ගිනිතබා විනාශ කිරීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරුවන් දෙදෙනකු පොලිසිය මගින් පෙරේදා (26 දා) අත්අඩංගුවට ගෙන ඇත. ඉකුත් 09 වැනිදා රටපුරා ප්‍රචණ්ඩ ක්‍රියා පැවැති දින රාත්‍රි මෙම ප්‍රහාරය එල... |
"කච්චතිව් දූපතට ඉන්දියන් බැල්ම" | "කච්චතිව් දූපත ශ්‍රී ලංකාවෙන් පවරා ගන්නා ලෙස තමිල්නාඩු මහ ඇමැති එම්. කේ. ස්ටාලින් ඉන්දීය රජයෙන් ඉල්ලා ඇත. කච්චතිව් දූපත ඉන්දීය අගමැතිනි ඉන්දිරා ගාන්ධි විසින් ශ්‍රී ලංකාවට පවරා දී තිබිණි. මෙයට පෙර තමිල්නාඩු දේශපාලකයන් අධිකරණය වෙත ගොස් කච්චතිව් පවරා ගැනීමේ නියෝගයක් නිකුත් කරන්නැයි කළ ඉල්ලීම ඉවත දමා තිබිණි. කීර්ති වර්ණකුල... |
"දින 50ක් සපුරන අරගලයේ පණිවුඩයට රජය නොපමාවම කන්දිය යුතුය" | "දේශබන්ධු කරු ජයසූරිය කොළඹ ගෝල්ෆේස් පිටිය පදනම් කරගනිමින් මේ රටේ තරුණ ප්‍රජාව ප්‍රමුඛ සිවිල් ජනතාව ආරම්භ කරන ලද ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා වන අරගලය මැයි මස 28 වන දාට දින 50ක් සම්පූර්ණ කරයි. එය සැලකිය හැක්කේ මේ රටේ ජනතාව තම අයිතීන් උදෙසා සිදු කරමින් සිටින සුවිශේෂී අරගලයක් ලෙසටය. මෑත යුගයේ මේ රටේ කිසිදු දේශපාලන හෝ සිවිල් ව්... |
"මහින්දගෙන් රහසිගතව ප්‍රශ්න කරයි" | "ගාලු මුවදොර සාමකාමී අරගලයට එල්ලවූ අමානුෂික මැර ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන පවත්වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මහතාගෙන් පැය හතරහමාරක කාලයක් රහසිගත ලෙස ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගෙන ඇත. මෙම ප්‍රශ්න කිරීම් සිදුකර ඇත්තේ ඉකුත් 24 වැනිදා සවස් කාලයේදී වුවත් ඒ පිළිබඳ කිසිවක් හෙළි නොකිරීම විශේෂත... |
"අරගලයන්ට පහරදීම: ජොනී නොගන්නේ ඇයි පරීක්‍ෂණ ප්‍රමාදයි : දෙබිඩියි!" | "කොළඹ මහාධිකරණ නීතිඥ සංගමයෙන් සී.අයි.ඩී ඩීඅයිජී ට ලිපියක් පසුගිය 9 වැනිදා ගාලු මුවදොර හා කොල්ලුපිටියේදී සාමකාමී විරෝධතාකරුවන්ට පහරදීම සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලදී අනාවරණය වන තොරතුරු මත පදනම්ව එකී ප්‍රහාරවලට වගකිවයුතු පුද්ගලයන් අත්අඩංගුවට ගන්නා ලෙසට නීතිපතිවරයා උපදෙස් ලබා දී තිබියදීත් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්... |
"ගෑස් ප්‍රමාදයට හේතුව නිසි වෙලාවට ඩොලර් නොගෙවීමයි: පෝලිම්වල රැඳෙන්න එපා!" | "ගෑස් මෙරටට ගෙන්වීම පමා වී ඇත්තේ අදාළ ඇණවුම් සඳහා නිසි වේලාවට ණයවර ලිපි නිකුත් කිරීම සඳහා ඩොලර් ගෙවීම ප්‍රමාදවීම යැයි ලිට්‍රෝ සමාගමේ සභාපති විජිත හේරත් මහතා ‘දිවයින’ ට පැවසීය. ඩොලර් ප්‍රශ්නය නිරාකරණය කර ගන්නා තුරු ගෑස් ගෙන්වා ගැනීම නිසි පරිදි කරගෙන යෑමට නොහැකි නිසා අනවශ්‍ය ලෙස පෝලිම්වල නොසිට ඉවසීමෙන් කටයුතු කරන ලෙස ද ඒ... |
"අගමැතිගේ සහන අයවැයෙන් රජයේ සේවක වැටුප් වැඩි කරයි" | "ජීවන වියදම වැඩි වීමට මුහුණ දීම සඳහා සහන අයවැයෙන් රජයේ සේවකයන්ගේ මාසික වැටුප වහාම ක්‍රියාත්මක වන පරිදි වැඩි කිරීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර තිබේ. අග්‍රාමාත්‍යවරයා මෙම තීරණය ගෙන ඇත්තේ දිනෙන් දින වැඩිවන ජීවන වියදමට මුහුණ දීමට රජයේ සේවකයන්ට ශක්තියක් දීම සඳහාය. 2015 වසරේ යහපාලන රජය බලයට පත් වූ විගස දින ... |
"ශවේන්ද්‍ර යයි විකුම් එයි: නව යුද හමුදාපති 1දා වැඩ භාරගනී" | "නව යුද හමුදාපතිවරයා වශයෙන් හමුදා මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරාල් විකුම් ලියනගේ මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත් කර ඇත. ඒ අනුව නව යුද හමුදාපතිවරයා ලබන ජුනි මස 01 වැනිදා සිය ධුරයේ වැඩ භාර ගැනීමට නියමිතව ඇති බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් නිලන්ත ප්‍රේමරත්න මහතා පැවසීය. ආරක්ෂත මාණ්ඩලික ප්‍රධානී සහ ය... |
"කාසල්රි සහ මාඋස්සාකැලේ ජල මට්ටම් ශීඝ්‍රයෙන් ඉහළට" | "මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශයන්ට පවතින වැසි තත්ත්වයන් හේතුවෙන් ජල විදුලි බලාගාර සඳහා ජලය සැපයෙන කාසල්රි හා මාඋස්සාකැලේ ජලාශවල ජල මට්ටම් ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින බව එම ජලාශ භාර නිලධාරියකු පවසයි. මෙම ප්‍රදේශයන්ට පවතින වැසි තත්ත්වයන් හේතුවෙන් කාසල්රි ජලාශයේ ජල මට්ටම පිටාර මට්ටමට වඩා 14 අගල් 01 පහළින් පවතින බවත් ... |
"පාසල පැවැත් වූ දින 6 ට වෑන් රථ මුළු ගාස්තුවම ඉල්ලනවා!" | "ශ්‍රී ලංකාව පුරා පාසල් බස් රථ හිමිකරුවන්, මෙම මැයි මස පාසල් පැවැත් වූ දින ගණන 06 ක් වුවද, මුළු මාසය සඳහාම බස් ගාස්තු අවශ්‍ය බව ප්‍රකාශ කරමින් බලපෑම්, තර්ජනය කිරීම් සිදු කරමින් සිටින බවට තොරතුරු වාර්තා වේ. බස් රථ හිමිකරුවන්ගේ සංගම් වල ව්‍යවස්ථා වලට අනුව යම් මාසයක පාසල් පවත්වන සහ ඔවුන් ප්‍රවාහන සේවා සපයන දින ගණන, දින 10... |
"ධනවතුන්ගෙන් අය විය යුතු කෝටි 10500 ක බදු බොල් ණය ලෙස කපා ජනතාව මත බදු බර පටවනවා" | "පුබුදු ජයගොඩ ඉදිරි අයවැය මගින් අධ්‍යාපන හා සෞඛ්‍ය වියදම් තවදුරටත් කපා හරිමින් ජනතාව මත තවදුරටත් බදු බර පැටවීමට අග්‍රාමාත්‍යවරයා කටයුතු කරමින් සිටියදී ධන කුවේරයන්ගෙන් අයකර ගත යුතුව තිබෙන රුපියල් කෝටි 10,500කට අධික ආදායම් බදු ප්‍රමාණයක් අයකර නොගෙන ඒවා බොල් ණය ලෙස කපාහැර ඇතැයි පෙරටුගාමී සමාජවාදී පක්‍ෂයේ අධ්‍යාපන ලේකම් පු... |
"‘මාස්’ සා.පෙළ සිසුන්ට නොමිලේ ප්‍රවාහන පහසුකම් සපයයි" | "මාස් (MAS) සමූහ ව්‍යාපාරය මේ දිනවල පැවැත්වෙන අ.පො.ස. (සා.පෙළ) විභාගයට පෙනී සිටින දූ දරුවන් සඳහා සිය පදිංචි ප්‍රදේශයේ සිට අදාළ විභාග මධ්‍යස්ථානය වෙත ප්‍රවාහන පහසුකම් නොමිලයේ සැපයීමට කටයුතු යොදා ඇත. එලෙසම විභාග රාජකාරි සඳහා සහභාගී වන ගුරුභවතුන් සඳහා ද ඒ සඳහා අවස්ථාව ලැබේ. ‘සාමාන්‍ය පෙළ සිසු සහන සැරිය’ නමින් නම් කරැති මෙ... |
"අරගලකරුවන් ඊයේ අගමැති කාර්යාලය වටලන්න ඇවිත්…" | " ඡායාරූප – කමල් බෝගොඩ" |
"භූමිතෙල් එනතුරු ජනතාව මඟ බලාගෙන…." | "කොළඹ නගරබද සීමාවේ දින ගණනාවක සිට පවතින භූමිතෙල් හිඟය නිසා ජනතාව මහත් පීඩාවට පත්ව සිටිති. කොළඹ 13, කොටහේන ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලකට භූමිතෙල් රැගත් බවුසරයක් පැමිණෙන බවට ලැබුණු ආරංචියක් මත ජනතාව භූමිතෙල් ලබා ගැනීමට එහි පෙළගැසී සිටි අයුරු හා බවුසරයකින් ගෙනා පැට්‍රල් නාවික හමුදාවේ ආරක්‍ෂාව මත භූගත ටැංකිවල එක් රැස් කළ අයු... |
"රන්ජන් සිරගත කර අදට දින 500යි" | "හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු මෙන්ම ජනප්‍රිය රංගන ශිල්පියකු ද වන රන්ජන් රාමනායක මහතා සිරගතකොට අදට (27 වැනිදා) දින පන්සීයයකි. 2021 ජනවාරි මස 02 වැනිදා අධිකරණය මගින් ලබාදුන් තීන්දුවකට අනුව ඒ මහතා වසර හතරක සිරදඬුවමකට යටත් කෙරිණි. අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවක් මත ඒ මහතාට මෙලෙස සිරගත වීමට සිදුවිය. හේමන්ත රන්දුණු" |
"මෙවර අයවැයෙන් බදු ඉහළ දමනවා: ප්‍රධාන ඉලක්කය වියදම් කපා හැරීමයි" | "– අගමැති රනිල් වික්‍රමසිංහ මෙවර අයවැයෙන් බදු ඉහළ දැමීමක් සිදුවන බවත් එසේ වුවත් අයවැයේ ප්‍රධාන ඉලක්කය වියදම් කපා හැරීම බවත් අග්‍රාමාත්‍ය හා මුදල් අමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.බ්ලූම්බර්ග් වෙබ් අඩව්ය සමග පැවති සම්මුඛ සාකච්ජාවකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේබව කියා සිටියේය එහිදී අගමැතිවරයා මෙසේද කීවේය.මේ වසර (2022... |
"21 ජනාධිපති තවත් බලසම්පන්න කරන්න හදනවා – මන්ත්‍රී ලක්‍ෂ්මන් කිරිඇල්ල" | "ආණ්ඩුව ඉදිරිපත් කරන 21 වැනි ව්‍යවස්ථා සංශෝධන යෝජනාව මගින් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි වීම වෙනුවට තවත් ශක්තිමත් වීමක් සිදුවන බව සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.විපක්ෂ නායක කාර්යාලයේ ඊයේ (26 දා) පැවති මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මෙසේ ද කීය.අධිකරණ ඇමැතිතුමා අපිට යොමු කරල... |
"මෘදුකාංගය අක්‍රීයයි : පාස්පෝට් ඡායාරූප ඔන්ලයින් කිරීම දුෂ්කර වෙලා" | "ආගමන විගමන දෙපාර්තුමේන්තුව මගින් ලබාදී තිබෙන මෘදුකාංගය නිසි ලෙස ක්‍රියාත්මක නොවීම නිසා විදේශ ගමන් බලපත්‍ර සකස් කර ගැනීමට අවශ්‍ය ඡායාරූප ඔන්ලයින් ඔස්සේ එම දෙපාර්තුමේන්තුව වෙත යොමු කිරීමට ලියාපදිංචි වී සිටින ආයතන දැඩි දුෂ්කරතාවට පත්ව තිබේ. එම මෘදුකාංගයේ ක්‍රියාකාරීත්වය 95% ක් පමණ බිඳ වැටීම නිසා විදේශ ගමන් බලපත්‍ර සඳහා ඡ... |
"අඛණ්ඩව බොර තෙල් සපයන්නැයි සපුගස්කන්දේ සේවකයෝ උද්ඝෝෂණ" | "සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ සේවකයෝ පිරිසක් ඊයේ (26 වැනිදා) දහවල් සිය කෑම පැයේ එම පිරිපහදුවේ ප්‍රධාන දොරටුව ඉදිරිපිට උද්ඝෝෂණයක නිරත වුහ. ‘පිරිපහදුව රැක ගනිමු – අඛණ්ඩව බොර තෙල් සැපයීම තහවුරු කරනු’ ලෙසට රජයට බල කරමින් මෙම උද්ඝෝෂණය පවත්වන ලදී. ඛනිජ තෙල් සම්පත සුරකීමේ වෘත්තීය සමිති එකමුතුව මගින් සංවිධානය කරන ලද මෙම උද්ඝෝෂණය... |
"මහජන උපයෝගිතා කොමිසම රටට කරන්නේ විශාල පාඩුවක්" | "ජලාශ පිරුණත් විදුලි කප්පාදුව දිගටම – විදුලි ඉංජිනේරුවෝ කියති විදුලි බලාගාර ආශ්‍රිත ජලාශවල ජල මට්ටම සියයට පනහකින් පමණ පිරී ගියත් විදුලි කප්පාදුව දිගටම සිදුකිරීමට වන බව විදුලිබල මණ්ඩල ඉංජිනේරුවරු කියා සිටිති. විදුලි බලාගාර ආශ්‍රිත ජලාශවල ජල මට්ටම ඉහළ යෑම නිසා ජල විදුලි නිෂ්පාදනය යම් පමණකට ඉහළ දැමීමට හැකි වී තිබුණත් ඉක්ම... |
"සති 6ක් ඇතුළත අලුත් අය වැයක් – ඉදිරි උද්ධමනය 40% දක්වා ඉහළ යාවි" | "මහ පාරවල්වල විරෝධතා වැඩි වේවිණය පැකේජයකට යන්න ෂඵත් සමග සාකච්ඡාසෞඛ්‍ය වියදම් කපන්නේ නෑවියදම් කපා ඉතිරි වන මුදල් ජනතා සුබසිද්ධියටඅගමැති රනිල් රොයිටර් පුවත් සේවයට කියයිසති 6 ක් තුළ අලුත් අයවැය ලේඛනයක් ඉදිරිපත් කර යටිතල පහසුකම් ව්‍යාපෘතීන් කපාහැර එයින් ඉතිරි වන මුදල් විශේෂ ආර්ථික සහන වැඩපිළිවෙළක් වෙනුවෙන් යොදවන බව අගමැත... |
"තවත් ලොකු වගකීමක්…." | "අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති ඇමැතිවරයා ලෙස ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ ඊයේ (25 දා) පෙරවරුවේ දිවුරුම් දුන් අවස්ථාව. ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් මහතා ද එම අවස්ථාවට එක්ව සිටියේය." |
"සනත් මිලාන් යළි රිමාන්ඩ් – මහින්ද තවමත් පාස්පෝට් එක භාරදී නෑ" | "දේශබන්දු මාරු නොකිරීම ගැන උසාවිය පොලිස්පතිගෙන් කරුණු අසයිපසුගිය මැයි 9 වැනිදා අරලියගහ මන්දිරය සහ ගාලුමුවදොර පිටියේ සිටි සාමකාමී විරෝධතාකරුවන්ට අමානුෂික ලෙස පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සනත් නිශාන්ත, මිලාන් ජයතිලක හා සිංහලේ සංවිධානයේ සභාපති ඩෑන් ප්‍රිය... |
"අවම පිරිසකගෙන් රාජ්‍ය ආයතන පවත්වාගෙන යන්න චක්‍රලේඛයක්" | "අත්‍යවශ්‍ය අවම සේවක පිරිසක් පමණක් කැඳවමින් අද (26 දා) සිට රාජ්‍ය සේවාවන් පවත්වාගෙන යෑමට පියවර ගන්නැයි රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම්වරයා විසින් සියලුම අමාත්‍යාංශ ලේකම්වරුන්ට සහ ආයතන ප්‍රධානීන්ට චක්‍රලේඛයක් මගින් ඊයේ (25 දා) දැනුම්දී ඇත.ඒ අනුව නැවත දැනුම් දෙනතුරු සියලුම රාජ්‍ය ආය... |
"බැංකුවලට මහ බැංකුවෙන් නියාමන" | "බැංකු ක්‍ෂේත්‍රයට සහයවීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නව නියාමන ක්‍රියාමාර්ග රැසක් ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර ඇත.පවතින ආර්ථික තත්ත්වයන් සහ එමඟින් බැංකු ක්‍ෂේත්‍රයට වන බලපෑම සැලකිල්ලට ගනිමින් බැංකු ක්‍ෂේත්‍රයේ සවිමත්භාවය පවත්වා ගනිමින් ආර්ථිකය වෙත ණය ප්‍රවාහ සැපයීමට සහ ඵලදායී මූල්‍ය අතරමැදිකරණ... |
"රටවල් 21ක ‘මන්කිපොක්ස්’ පැතිරෙයි" | "දැනට රෝගීහු 237ක් – කැස්ස – කිවිසීම හා ලිංගික ඇසුරෙන් රෝගය පැතිරෙයිඊයේ (25දා) වන විට ලොව පුරා රටවල් 21කින් ‘මන්කිපොක්ස්’ රෝගයට ගොදුරු වූ බවට තහවුරු වූ හා සැක සහිත රෝගීන් 237 දෙනෙකු වාර්තා වී තිබූ බව ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනය කර තිබේ.‘මන්කිපොක්ස්’ රෝගයට ගොදුරු වූ රෝගීන් අලුතින්ම හඳුනාගෙන ඇත්තේ එක්සත් අරාබි එමීර් රාජ්... |
"නිහඬ විරෝධතාවක්…" | "මැයි මස 09 වැනිදා අරලියගහ මැඳුර ඉදිරිපිට සහ ගාලුමුවදොර නිර්පාක්ෂික විරෝධතාවක යෙදී සිටි පිරිස් වෙත පහරදීම සම්බන්ධව හිටපු අගමැති මහින්ද රාජපක්ෂ, හිටපු ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් යන මහත්වරුන් මෙන්ම එම ප්‍රහාරයට සම්බන්ධ පිරිස වහා අත්අඩංගුවට ගන්නා ලෙසට බලකරමින් සිවිල් සංවිධාන... |
"චීනයෙන් ඩොලර් මිලියන 76 ක ආධාරයක්" | "ශ්‍රී ලංකාව මුහුණ දී ඇති ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා චීන රජය විසින් ඇමෙරිකානු ඩොලර් මිලියන 76 ක ආධාරයක් ලබාදීමට කටයුතු කරන බව ශ්‍රී ලංකාවේ චීන තානාපති කිව් ෂන් ගොන් මහතා සඳහන් කළේය.නැඟෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය සමඟ පෙරේදා (24 දා) පැවති සාකච්ඡාවකදී හෙතෙම මේ බව අනාවරණය කළේය.චීන රජය විසින් නැඟෙනහිර පළ... |
"රටේ වත්මන් තත්ත්වයට මග පෑදූ අය ගැන සොයන්න විශේෂ කාරක සභාවක් පත් කරන්න – කෝප් කමිටු සභාපති මහාචාර්ය චරිත හේරත්" | "වත්මන් ආර්ථික අර්බුදය සඳහා හේතු සාධක මෙන්ම ඊට අදාළව සිය වගකීම් පැහැර හරින ලද නිලධාරීන් ඇතුළු සියලු දෙනා සම්බන්ධව පරීක්ෂණ කිරීම සඳහා පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත් කරන ලෙස පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ (කෝප් කමිටුව) සභාපති මහාචාර්ය චරිත හේරත් මහතා නිර්දේශ කළේය.ආර්ථිකය මෙහෙය වූ කිහිපදෙනෙකුගේ තීරණ නිසා මුළු මහත් ර... |
"පෞද්ගලික අංශයේ ලක්‍ෂ 7 කට රැකියා අහිමිවෙලා – වසන්ත සමරසිංහ" | "ආණ්ඩුව ගෙදර යවන වැඩපිළිවෙළක් සා.පෙළ විභාගයෙන් පසු අරඹනවාරජයට නිසි ආර්ථික සැලැස්මක් නැති නිසා මේ වන විට පෞද්ගලික අංශයේ රැකියා ලක්‍ෂ 07 කට වැඩි ප්‍රමාණයක් අහිමි වී ඇතැයි අන්තර් සමාගම් සේවක සංගමයේ සභාපති වසන්ත සමරසිංහ මහතා ඊයේ (25 දා) පැවසීය.රටේ ආර්ථිකයට පෞද්ගලික අංශයේ නිරත සේවකයන්ගේ දායකත්වය සියයට 80 ක් පමණ බවත්, ඔවුන්ග... |
"පැතිරෙන කතා බොරු යළි මහ බැංකු අධිපති වෙන්න මගේ කිසිම අදහසක් නෑ" | "ඉන්ද්‍රජිත් කුමාරස්වාමි ‘දිවයින’ට කියයිනැවත ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා වීමට තමා තුළ කිසිදු අපේක්ෂාවක් නැතැයි හිටපු මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා ‘දිවයින’ට ඊයේ (25 දා) පැවසීය.වත්මන් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා මේ අමාරු අවස්ථාවේ මහ බැංකු අධිපතිවරයා වශයෙන් විශිෂ්ට කාර්යභාරයක් ... |
"නාමල්ගේ නඩුව ගැන නීතිපතිට සිහිකැඳවීමක්" | "රුපියල් මිලියන 70 ක මුදලක් අවභාවිත කිරීම යන චෝදනා යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ මහතාට එරෙහිව සිදුකළ විමර්ශන සම්බන්ධයෙන් කඩිනමින් උපදෙස් ලබාදෙන ලෙස දන්වා නීතිපතිවරයා වෙත සිහිකැඳවීමක් යැවීමට කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඊයේ (25 දා) නියෝග කළේය.රගර් ක්‍රීඩාවේ ප්‍රවර්ධන කටයුතු සඳහා ක්‍රිස් ලංකා නමැති ඉන්ද... |
"අරගලය දියකරන වැඩපිළිවෙළකට සජබ දායක වන්නේ නැහැ – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස" | "තනතුරු තාන්න මාන්නවලට ප්‍රතිපත්ති පාවා දෙන්නේ නැහැ අදත් පාර්ලිමේන්තුවේ තිබෙන්නේ විකෘති පොහොට්ටු බහුතරයක් අදත් පාර්ලිමේන්තුවේ ඇත්තේ විකෘති පොහොට්ටු බහුතරයක් බවත් තිරසාර වැඩපිළිවෙළක් නැති ආණ්ඩුවකට කිසිදු රටක් උපකාර නොකරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. ආණ්ඩුව ලබාගැනීමට හෝ සර්වපාක්ෂික ආණ්ඩුව බිහිකිරීමට ස... |
"ශ්‍රී ලංකාවට ආධාර දීමට යූ. එස්. ඒඩ් තීරණය කරයි" | "ඇමරිකානු සී. අයි. ඒ. සංවිධානයට සම්බන්ධ යූ. එස්. ඒඩ් ආයතනය ශ්‍රී ලංකාවට ආධාර කිරීමට තීරණය කර ඇත.මෙයට පෙර යූ. එස්. ඒඩ් ආයතනයට මෙරට ජනාධිපතිවරණයට සහ මහමැතිවරණයට මැදිහත්වීම ගැන චෝදනා එල්ල විය. යූ. එස්. ඒඩ් සංවිධානයේ ප්‍රධානියා ලෙස කටයුතු කරන්නේ හිටපු සහකාර රාජ්‍ය ලේකම්වරියක් වූ සමන්තා පවර් ය. ආහාර, ඉන්ධන, සහ පොහොරලබාගැනීම... |
"විදේශ විනිමය හා විදේශ රැකියා අවස්ථා ලබාගැනීම සඳහා විශේෂ අවධානය යොමු කළ යුතුයි" | "ප්‍රගති සමාලෝචන සාකච්ඡාවේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කියයි විදේශ ප්‍රේෂණ වෙනුවෙන් පහසුකම් ලබාදීමෙන් දිරිගැන්විය හැකියි – ඇමැති මනූෂ නානායක්කාර පවතින ආර්ථික පසුබෑම හමුවේ විදේශ විනිමය හා විදේශ රැකියා අවස්ථා ලබාගැනීම සඳහා විශේෂ අවධානය යොමු කළ යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය. ජනාධිපතිවරයා මේ බව පැවසූවේ පුහුණු ... |
"මෙන්ඩිස් සමාගම එකම දේපළ බැංකු දෙකකට ඇපයට තබලාද – කෝප් කමිටුවේ අවධානය යොමුවේ" | "සීමා සහිත ඩබ්ලිව්. එම්. මෙන්ඩිස් සමාගම එකම දේපළක් ලංකා බැංකුවට සහ මහජන බැංකුවට ඇපයට තබා ණය ලබාගෙන තිබේදැයි පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ (කෝප්) අවධානය යොමුවී තිබේ. මෙම බැංකු දෙකෙන් එකම දේපළ ඇපයට තබා රුපියල් කෝටි 700 ක පමණ ණය මුදලක් ලබාගෙන ඇති බවත් මේ සම්බන්ධව අපරාධ පරීක්‍ෂණ දොපර්තමේන්තුව පරීක්‍ෂණයක් පැවැත්විය යුතු බ... |
"අපි කියනතුරු ගෑස් පෝලිම්වලට එන්න එපා ලිට්‍රෝ කියයි" | "ලිට්‍රෝ සමාගම දැනුම් දෙනතෙක් ගෑස් පෝලිම්වල රැඳී නොසිටින්නැයි එම සමාගම මහජනතාවගෙන් ඉල්ලා සිටී. ගෑස් මෙටි්‍රක් ටොන් 3500 ක් අඩංගු නැවක් අද (26 දා) මෙරටට පැමිණීමට නියමිත බවත් එම නැවේ ගෑස් තොගය ගොඩබෑම් සිදුවන තෙක් ගෑස් බෙදාහැරීම් කිරීමේ හැකියාවක් නැති බවත් එම සමාගම පවසයි. මුහුදේ රළු ස්වභාවය අනුව ගෑස් ගොඩබෑම ප්‍රමාද වීමේ හ... |
"ශ්‍රී ලංකාවට එළවළු තෙල්වලින් ස්වයංපෝෂිත වීමට උදව් කරනවා – ඉන්දියානු මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ" | "ශ්‍රී ලංකාවට එළවළු තෙල්වලින් ස්වයංපෝෂිත වීමට උපකාරී වීම සඳහා, ‘National Edible Oil Mission – Oil Palm NEOM-OP වැඩසටහන සම්බන්ධ අත්දැකීම් ශ්‍රී ලංකාවත් සමග හුවමාරු කර ගැනීමට ඉන්දියාව සූදානම් බවත් එමගින් එළවළු තෙල් ආනයනය කිරීම සඳහා වැයවන ඩොලර් මිලියන ගණනක් ඉතිරි කර ගැනීමට ශ්‍රී ලංකාවට හැකියාව ලැබෙන බවත් ශ්‍රී ලංකාවේ ඉන්... |
"මැයි 9දා කලහකාරී සිද්ධීන්වලට 1708දෙනෙක් අත්අඩංගුවට – දැනට 751 ක් රිමාන්ඩ්" | "කොටුව ගාලුමුවදොර අරගල භූමියේ හා කොල්ලුපිටිය අරලියගහ මන්දිරය අසල විරෝධතාවයේ නිරත පිරිසට පහරදී තුවාල සිදු කිරීම හා දිවයිනේ අනෙකුත් ප්‍රදේශවල සිදුවූ නිවාසවලට ගිනි තැබීම් ඇතුළු කලහකාරී සිදුවීම්වලට අදාළව මේ දක්වා සැකකරුවන් 1708 දෙනකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දුව මහතා ‘දි... |
"රුසියාව තෙල් නොදෙන බවට බලශක්ති ඇමැතිගේ ප්‍රකාශය බොරුවක්!" | "රුසියානු රජය ශ්‍රී ලංකාවට බොරතෙල් නොදෙන බවට බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා කළ ප්‍රකාශය මුළුමනින්ම බොරුවක් බව කොළඹ රුසියානු තානාපති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ඊයේ (24දා) පැවසීය. කසාන්හි තෙල් සමාගම ද ශ්‍රී ලංකාවට ඩොලර් 35ක් අඩුවෙන් බොරතෙල් ලබාදීමට කැමැත්ත පළ කර ඇති බවට ඇල්ලේ ගුණවංශ හිමියන් වෙත හදිසි ලිපියක් එවා ... |
"නිසි ලෙස ගබඩා නොකිරීමෙන් අවුරුදු 9 ක්ම රෝගීන්ට දී ඇත්තේ ෆේල් බෙහෙත්!" | "කෝපා වාර්තාවෙන් හෙළි වෙයි නිසි පරිදි ගබඩා නොකිරීමේ හේතුවෙන් 2011 වසරේ සිට 2020 දක්වා කාලය තුළ රෝගීන් වෙත ලබා දී ඇත්තේ සියයට 99ක්ම තත්ත්වයෙන් අසමත් ඖෂධ බව රජයේ ගිණුම් කාරක සභාවේ (කෝපා) කමිටු වාර්තාවකින් අනාවරණය කර ඇත. එලෙස තත්ත්වයෙන් අසමත් වූ ඖෂධ සඳහා රජය රුපියල් මිලියන 6259ක් වැය කර ඇති අතර එම මුදල සැපයුම්කරුවන්ගෙන් අ... |
"බස් ගාස්තු සියයට 19.5 කින් නගී… අවම ගාස්තුව රු. 32 යි" | "පෞද්ගලික බස් ඩීසල් සහනයක් ඉල්ලයි, පාසල් වෑන් ගාස්තු 15% කින් ඉහළට, එළවළු මිල සියයට 400 කින් නගී, මගී ප්‍රවාහන මෝටර් රථ හා වෑන් ගාස්තු ඉහළ දැමීමට පියවර… ඉන්ධන මිල වැඩි කිරීමත් සමග ඊයේ (24 දා) මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු සියයට 19.5 කින් ඉහළ දමා තිබේ. මීට අමතරව ත්‍රිරෝද රථ, පාසල් වෑන් රථ, කොත්තු සහ බත් පැකට්ටුවක මිලද... |
"කබ්රාල් දැනුවත්ව වරදක් කර නැහැ: සිතාසි ලැබුණත් නැතත් උසාවි එයි" | "ජනාධිපති නීතිඥ ශවේන්ද්‍ර ප්‍රනාන්දු දැනුවත්ව වරදක් සිදු කර නොමැති සිය සේවාදායකයාට අධිකරණය මඟ හැර යෑමේ කිසිදු අවශ්‍යතාවක් නොමැති බවත් අධිකරණය විසින් නිකුත් කළේ යැයි කියන සිතාසි ලැබුණත් නැතත් ඉදිරි නඩු දිනයේදී ඔහු අධිකරණය හමුවේ පෙනී සිටිනු ඇතැබවත් හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිප... |
"සැලසුම් සාර්ථක වුණොත් ශ්‍රී ලංකා ආර්ථිකය අවුරුද්දෙන් ගොඩ මහ බැංකු අධිපති විශ්වාසය පළ කරයි" | "මේ වනවිට සැලසුම් කර ඇති ප්‍රධාන කරුණු ඉදිරි මාස 6, 7 තුළ සම්පූර්ණ කර ගත හැකි වුවහොත් මාස 12 ක පමණ කාලයකදී ශ්‍රී ලංකා ආර්ථිකය ස්ථාවර තත්ත්වයකට පත්කර ගැනීමට හැකි වනු ඇතැයි තමා සිතන බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පැවසීය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා පැවැත්වීම සහ විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීම යන ක... |
"දේශීය කර්මාන්ත වැසීයෑමේ බරපතළ තර්ජනයකට මුහුණ දීලා" | "ලංකා ජා. කර්මාන්ත මණ්ඩලයේ සභාපති කැනීෂියස් ප්‍රනාන්දු පවතින තත්ත්වය අපනයන සඳහා හිතකර වුවත් අප සැවොම දන්නා පරිදි රටේ ආනයන වටිනාකම සැමවිටම අපනයනයන්ට වඩා වැඩි අගයක් ගනී. කර්මාන්ත ක්‍ෂේත්‍රයට දැඩි බලපෑමක් එල්ල කරමින් අත්‍යවශ්‍ය භාණ්ඩ වන ඉන්ධන ඖෂධ හා ආහාර ද්‍රව්‍ය ආනයනයට අමතරව කර්මාන්ත අංශයේ ක්‍රියාකාරිත්වයට ඉතා වැදගත් සාධ... |
"ලබන සතියේ සිට ලාෆ් ගෑස් දෙනවා – සභාපති කියයි" | "ලබන සතියේ සිට සිය පාරිභෝගිකයන්ට ගෑස් නිකුත් කරන බව ලාෆ් ගෑස් සමාගම පවසයි. ගෘහස්ථ පරිභෝජනයට අවශ්‍ය ලාෆ් ගෑස් නිකුත් කිරීමේ ප්‍රමාදයක් තිබුණත් රෝහල්, කර්මාන්ත ශාලා සහ හෝටල් සඳහා සිය සමාගම දෛනිකව ගෑස් සපයමින් තිබෙන බව එහි සභාපති ඩබ්ලිව්. කේ. එච්. වෑගපිටිය මහතා “දිවයින”ට ඊයේ (24 දා) කියා සිටියේය. ලබන සතිය වනවිට ගෑස් අඩංගු... |
"මිල සූත්‍රයකට අනුව ඉන්ධන මිල සංශෝධනයට කැබිනට් අනුමැතිය" | "ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 82 කින් රුපියල් 420 දක්වාත් ඔක්ටේන් 95 ලීටරයක් 373 සිට රුපියල් 71 කින් රුපියල් 450 දක්වාත් ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 111 කින් රුපියල් 400 ක් දක්වාත් සුපර් ඩීසල් ලීටරයක් 329 සිට 445 දක්වාභූමිතෙලුත් නගින ලකුණු වත්මන් රජය ද මිල සූත්‍රයකට අනුව ඉන්ධන මිල සංශෝධනය කිරීමට ඊයේ (24දා) පියවර ග... |
"රන්ජන් මුදා ගන්න විජයදාස මුල් පියවර තබයි" | "බන්ධනාගාරගත කර සිටින රන්ජන් රාමනායක මහතා නිදහස් කර ගැනීම සඳහා තමා මුල් පියවර ගන්නා බව අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ මහතා ‘දිවයින’ට ඊයේ (24 දා) පැවසීය. අද හෙටම ජනාධිපතිවරයා හමුවී මේ පිළිබඳව සාකච්ඡා කරන බව ද අධිකරණ ඇමැතිවරයා කියා සිටියේය. නෝමන් පලිහවඩන" |
"ජනපතිට එරෙහිව සුකාගෙන් ජිනීවා කොමිසමට වාර්තාවක්" | "ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව එක්සත් ජාතීන්ගේ නිලධාරිනි යස්මින් සුකා පිටු 43ක වාර්තාවක් ජිනීවා මානව හිමිකම් කොමසාරිස් මිෂෙලි බැචලේ වෙත ඉදිරිපත් කර ඇත. පෙරේදා (23 දා) ඉදිරිපත් කළ මෙම වාර්තාවෙන් ජනපතිට එරෙහිව චෝදනා රැසක් නගා තිබේ. ශ්‍රී ලංකාවේ ජනපතිවරයකුට එරෙහිව ජිනීවා මානව හිමිකම් කොමසාරිස් වෙත ඉදිරිපත් වූ ප්‍රථම ව... |
"ජනපති මුදල් ඇමැති ධුරයේ වැඩ බලයි" | "නව මුදල් ඇමැතිවරයකු පත් කරන තෙක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඔහුට තිබෙන බලතල අනුව වැඩ බලන මුදල් ඇමැති ලෙස කටයුතු කරයි. මීළඟ මුදල් ඇමැතිවරයා කවුරුන් ද යන්න ජනාධිපතිවරයා සහ අගමැතිවරයා විසින් තීරණය කරනු ඇති බව ඊයේ (24දා) කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍ය කාංචන විජේසේකර මහතා පැවසීය. මීළඟ අයවැය ගැන සාකච්ඡා ... |
"සාම සාධක රාජකාරිවලට හමුදාවේ පළමු කණ්ඩායම පිටත් වෙයි" | "මාලි රාජ්‍යයේ එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරීන් සඳහා යුද හමුදාවේ රෙජිමේන්තු 12ක් නියෝජනය කරමින් කණ්ඩායම් 3ක් යටතේ නිලධාරීන් 20 දෙනකු සහ සෙසු නිලයන් 223 දෙනකුගෙන් සමන්විත මාලි රාජ්‍යය බලා යන ශ්‍රී ලංකා යුද හමුදා 4 වන සංග්‍රාමික ප්‍රවාහන කණ්ඩායම අදියර 3ක් වශයෙන් දිවයිනෙන් පිටත්වීමට නියමිතය. එහි 1 වැනි කණ්ඩායම බණ්ඩාරනාය... |
"සාම සාධක රාජකාරිවලට හමුදාවේ පළමු කණ්ඩායම පිටත් වෙයි" | "මාලි රාජ්‍යයේ එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරීන් සඳහා යුද හමුදාවේ රෙජිමේන්තු 12ක් නියෝජනය කරමින් කණ්ඩායම් 3ක් යටතේ නිලධාරීන් 20 දෙනකු සහ සෙසු නිලයන් 223 දෙනකුගෙන් සමන්විත මාලි රාජ්‍යය බලා යන ශ්‍රී ලංකා යුද හමුදා 4 වන සංග්‍රාමික ප්‍රවාහන කණ්ඩායම අදියර 3ක් වශයෙන් දිවයිනෙන් පිටත්වීමට නියමිතය. එහි 1 වැනි කණ්ඩායම බණ්ඩාරනාය... |
""තමිල්නාඩුවෙන් උතුරට ආහාර, බඩුමුට්ටු ගලා එයි බඩු මිලත් පහළ බසී"" | "තමිල්නාඩුවේ සිට බෝට්ටු මගින් උතුරට ආහාර ද්‍රව්‍ය සහ වෙනත් භාණ්ඩ ගලා ඒම නිසා යාපනය ඇතුළුනගරවල බඩු මිල පහත වැටී ඇත. තමිල්නාඩු පරිප්පු සහ වෙනත් බඩු භාණ්ඩ ගත වූ සතිය තුළ යාපනයට ලැබී තිබේ. කීර්ති වර්ණකුලසූරිය" |
"ජොනී අත්අඩංගුවට ගන්නැයි උද්ඝෝෂණ…." | "මැයි 9 වැනිදා අරගල ගම්මාන දෙකට පහරදීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා ඊයේ (24 දා) අපරාධ පරික්‍ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා සිටි ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අත්අඩංගුවට ගන්නැයි බල කරමින් ගාලුමුවදොර ගෝඨාගෝගම නිර්පාක්ෂික අරගලයේ පිරිසක් ඊයේ එම දෙපාර්තමේන්තුව ඉදිරිපිට විරෝධතාවක යෙදී සිටි අයුරු.පිංතූරය කමල් බෝගොඩ" |
"ජොන්ස්ටන්ගෙන් පැය 5 ක් ප්‍රශ්න කරයි" | "ගාලුමුවදොර පැවැති සාමකාමී අරගලයට මැර ප්‍රහාර එල්ල කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන පවත්වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, හිටපු ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දුගෙන් ඊයේ (24 දා) පැය 5ක් ප්‍රශ්න කර ප්‍රකාශ ලබාගෙන ඇත. මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙරේදා (23 දා) පෙනී සිටින ලෙස ජ... |
"අපේ මුස්ලිම් ජනතාව කෘෂි කර්මාන්තයෙන් ඈත් වෙමින් තිබීම කනගාටුදායකයි" | "අපි රටේ නායකයන්ට අධ්‍යාත්මිකව උපදෙස් ලබා දෙනවා. රටේ ජනාධිපතිවරයාටත් අධ්‍යාත්මිකව උපදෙස් ලබා දීම අපේ යුතුකමක්. එය ආගමික උපදේශනයක් වගේම අයිති කාර්යයක් වෙනවා. අන්තර් ආගමික සාම කමිටුවේ ශ්‍රී ලංකා නියෝජිත, ජනාධිපති අධ්‍යාත්මික උපදේශක නේපාලයේ ලුම්බිණි නුවර ශ්‍රී ලංකා මහා විහාරයේ කාර්ය භාර විහාරාධිපති කොළඹගම ශ්‍රී මියුගුණාරා... |
"පෙරටුගාමීහු හා මනෝ ගනේෂන්ලා සාකච්ඡාවක" | "පෙරටුගාමී සමාජවාදී පක්ෂය සහ දෙමළ ප්‍රගතිශීලී සන්ධානය අතර සාකච්ඡාවක් ඊයේ (24දා) කොහුවල, ශ්‍රී මහා විහාර මාවතේ, අංක 28 දරණ ස්ථානයේ පිහිටි දෙමළ ප්‍රගතිශීලී සන්ධාන කාර්යාලයේදී පැවැත්විණි. එයට පෙරටුගාමී සමාජවාදී පක්ෂය වෙනුවෙන් එහි මධ්‍යම කාරක සභිකයන් වන පුබුදු ජයගොඩ, සංජීව බණ්ඩාර යන මහත්වරු ද, දෙමළ ප්‍රගතිශීලී සන්ධානය වෙනු... |
"ඔළුගෙඩි ටිකක් එහාට මෙහාට කළාට අර්බුදයෙන් ගොඩ එන්න බෑ!" | "මේක සර්වපාක්ෂික ආණ්ඩුවක් නොවෙයි ඔළුගෙඩි ටිකක් එහාට මෙහාට කරලා කොහොම හරි ආණ්ඩුවක් හදා ගැටගසාගෙන ආර්ථික අර්බුදයෙන් ගොඩ එන්න බෑ යැයි සමගි ජන බලවේගය කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පැවසීය. විපක්ෂ නායක කාර්යාලයේ ඊයේ (24 දා) පැවැති මාධ්‍ය හමුවේ දී අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මේ බව කී අතර එහිදී වැඩි... |
"ඩොලර් මිලියන 500 ක් ගෙව්වේ කාටද? – උසාවිය මහබැංකුවෙන් වාර්තාවක් ඉල්ලයි – තුන්වරක් සිතාසි නිකුත් කළත් කබ්රාල් උසාවි ඇවිත් නෑ" | "කබ්රාල්ගේ රට ගමන් තහනම දික්වෙයිශ්‍රී ලංකා මහ බැංකුව විසින් 2022 ජනවාරි 18 වැනිදා ජාත්‍යන්තර ස්වෛරි බැඳුම්කරයන්ට අදාළව ඇමරිකානු ඩොලර් මිලියන 500 ක මුදලක් ගෙවනු ලැබුවේ කුමන පුද්ගලයන්ට හා පාර්ශ්වවලට දැයි සවිස්තර වාර්තාවක් ලබන ජුලි 25 වැනිදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා ඊයේ (23 දා... |
"අර්බුද නිසා ඇඟලුම් කම්හල් ලංකාවෙන් ඉවත් කර ගැනීමේ සූදානමක්" | "රට තුළ පවතින අර්බුදකාරී තත්ත්වය හේතුවෙන් ඇඟලුම් කර්මාන්තශාලා සියයට 30 ක් පමණ මෙරටින් ඉවත් කර වෙනත් රටවල ස්ථාපිත කිරීමට එම කර්මාන්තශාලා ප්‍රධානීන් සූදානම් වන බව වෙළෙඳ කලාප සේවකයන්ගේ ජාතික මධ්‍යස්ථානය ප්‍රකාශ කරයි.එහි කැඳවුම්කරු ගාමිණී රත්නායක මහතා ප්‍රකාශ කළේ අපනයන නිෂ්පාදන වෙළෙඳපොළට නිකුත් කිරීමට නොහැකි වීම, අමුද්‍රව්... |
"දේශබන්දු වහාම මාරු කරන්න – නීතිපතිගෙන් පොලිස්පතිට උපදෙස්" | "ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා වහාම කොළඹ දිසාව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ධුරයෙන් ඉවත් කොට ස්ථාන මාරුවක් ලබාදීමට පියවර ගන්නා ලෙසට නීතිපති සංජේ රාජරත්නම් මහතා ඊයේ (23 දා) පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතාට උපදෙස් ලබාදුන්නේය.පසුගිය 9 වැනිදා අරලියගහ මන්දිරයේ සිට පැමිණි පොලු මුගුරු රැගත් පිරිසක් අ... |
"අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ගෙන්වීමේදී මහ බැංකුවෙන් යළි කොන්දේසියක්" | "මෙරටට අත්‍යවශ්‍ය නොවන සහ හදිසි නොවන භාණ්ඩ ආනයනය කිරීමේදී වාණිජ බැංකු විසින් විවෘත කරන ණයවර ලිපි වෙනුවෙන් සියයට සියයක මුදල් තැන්පතුවක් තබාගත යුතු බවට ශ්‍රී ලංකා මහ බැංකුව විසින් බලපත්‍රලාභී බැංකුවලට වහාම ක්‍රියාත්මක වන පරිදි යළිත් ආන්තික තැන්පතු අවශ්‍යතාවක් නියම කර ඇත.එච් එස් කේත (HScodes) 779 කට අදාළ ආනයනික භාණ්ඩ වෙනු... |
"ආණ්ඩුවේ නව කැබිනට් අමාත්‍යවරු 08 ක් ජනපති ඉදිරියේ දිවුරුම් දෙති" | "ආණ්ඩුවේ නව කැබිනට් අමාත්‍යවරු 08 දෙනෙක් කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේදී ඊයේ (23දා) පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන් අවස්ථාව. ඩග්ලස් දේවානන්දා මහතා – ධීවර අමාත්‍ය, බන්දුල ගුණවර්ධන මහතා – ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍ය, ජනමාධ්‍ය අමාත්‍ය, කෙහෙළිය රඹුක්වැල්ල මහතා – ජලසම්පාදන අමාත්‍ය, මහින්ද අමරව... |
"ආහාර අර්බුදයට මුහුණදීමට ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර සහාය – එ.ජා. සංවිධානය සහතික වූ බව අගමැති කියයි" | "ඉදිරියේදී ශ්‍රී ලංකාවේ ඇතිවිය හැකි ආහාර අර්බුදයට මුහුණදීම සඳහා ජාත්‍යන්තර සහාය ලබාගැනීමට උපකාර කරන බවට එක්සත් ජාතීන්ගේ ආහාර සහ කෘෂිකර්ම සංවිධානය සහතික වී ඇතැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් අගමැතිවරයා මේ බව සඳහන් කර ඇත. කෘෂිකර්මාන්තයට අවශ්‍ය පොහොර නොමැතිවීමෙන් එළැඹෙන අගෝස්තු මා... |
"නිලන්ත ජයවර්ධනට දින 14 ක් ඇතුළත නීති පියවර ගන්න පොලිස්පතිට එන්තරවාසියක්" | "සහරාන් හෂීම් ප්‍රමුඛ මුස්ලිම් අන්තවාදීන් පාස්කු ඉරිදා මරාගෙන මැරෙන ප්‍රහාර එල්ල කරන බවට තොරතුරු ලැබී තිබියදීත් එම තොරතුරු බුද්ධි තොරතුරු බවට පරිවර්තනය කර ගැනීම පැහැර හැර ඇති හිටපු රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානී ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිලන්ත ජයවර්ධනට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට ඉදිරි දින 14 ඇතුළත පියවර නොගතහොත් පොලිස්... |
"සා. පෙළ විභාගයට දිගටම සහාය දෙන්න – විභාග කොමසාරිස් ජනරාල්" | "අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සඳහා ඊයේ (23දා) ජනතාව ලබාදුන් සහයෝගය විභාගය අවසන් වනතෙක් ලබාදෙන්නැයි විභාග කොමසාරිස් ජනරාල් එල්. එම්. ඩී. ධර්මසේන මහතා ඉල්ලීමක් කළේය.විභාගය ඊයේ ආරම්භ වූ බවත් එදින දිවයිනේ කිසිදු ප්‍රදේශයකින් විභාගයට බාධාවන හෝ විභාගය සම්බන්ධයෙන් කිසිදු පැමිණිල්ලක් විභාග දෙපාර්තමේන්තුවට වාර්ත... |
"අරගල භූමිවලට පහරදීමට මුල් වූ මහමොළකරුවන් අල්ලන්න – වසන්ත සමරසිංහ" | "විරෝධතාකරුවන් විසින් ගාලුමුවදොර ප්‍රදේශයේ පිහිටුවාගත් මයිනාගෝගමට හා ගෝඨාගෝගමට එල්ල වූ ප්‍රහාරයෙන් පසු ඇති වූ සිද්ධීන්වලට සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පෙර ප්‍රහාරය සිදුවීමට මුල් වූ මහ මොළකරුවන් අත්අඩංගුවට ගත යුතු බව වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සම කැඳවුම්කරු වසන්ත සමරසිංහ මහතා ඊයේ (23 දා) පැවසීය.එම ගම් දෙකට... |
"ඉන්දීය ණය යටතේ තවත් පෙට්‍රල් නැවක් ඊයේ දිවයිනට" | "ඉන්දීය ණය ආධාර යටතේ තවත් පෙට්‍රල් මෙටි්‍රක් ටොන් හතළිස් දහසක් රැගත් නෞකාවක් ඊයේ (23දා) දහවල් ශ්‍රී ලංකාවට ළඟාවී තිබේ.ශ්‍රී ලංකාවේ පිහිටි ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය මගින් සිය නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමින් අදාළ නෞකාව ශ්‍රී ලංකාවට ළඟා වූ බව සඳහන් කර ඇත. ශ්‍රී ලංකාව තුළ ඇතිවූ ඉන්ධන අර්බුදයත් සමඟ ඉන්දීය රජයේ ණය ආධාර යට... |
"විදේශ විනිමය ප්‍රේෂණ මාර්තුවේදී 55% කින් නගී" | "විදේශ සේවා නියුක්තිකයන් මෙරටට එවන විදේශ විනිමය ප්‍රේෂණ ආදායම පසුගිය මාර්තු මාසයේදී සියයට 55 කින් සැලකිය යුතු වර්ධනයක් වාර්තා කර ඇත.ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කළ නවතම වාර්තාවකට අනුව 2022 පෙබරවාරි මාසයේ මෙරටට ලැබුණු ඇමෙරිකානු ඩොලර් මිලියන 205 ක් වු විදේශ විනිමය ප්‍රේෂණ ආදායම 2022 මාර්තු මාසයේදී ඇමෙරිකානු ඩොලර් ම... |
"ජොන්ස්ටන් හා මහජන ආරක්‍ෂක ලේකම්ගෙන් සී අයි ඩීය ප්‍රශ්න කරයි" | "ගාලුමුවදොර අරගල භූමියට ප්‍රහාර එල්ල කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන පවත්වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හිටපු ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු සහ මහජන ආරක්‍ෂක අමාත්‍යාංශයේලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) ජගත් අල්විස් මහත්වරුන්ගෙන් ඊයේ (23 වැනිදා) ප්‍රශ්න කර ප්‍රකාශ ලබාගෙන ඇත.අරගල භූමියට ප්‍රහාර එල්ල කිරීමේ සිද්ධිය සම්බන... |
"මහජන ආරක්ෂක ලේකම් ඉල්ලා අස්වේ" | "මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ලෙස කටයුතු කළ විශ්‍රාමික මේජර් ජෙනරාල් ජගත් අල්විස් මහතා ඊයේ (23 දා) සිය ධුරයේන ඉල්ලා අස්විය.ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති ලේකම්වරයා වෙත භාරදී තිබේ.මහජන ආරක්ෂක නව ඇමැති ටිරාන් අලස් මහතා ඊයේ සිය ධුරයේ වැඩ භාර ගත් අතර ඉන් අනතුරුව ලේකම්වරයා සිය ඉල්ලා අස්වීම සිදු කර ඇත.පසුගිය 9 වැනිදා ගාලු මු... |
"අගමැති තමන්ගේ පිළුණු වෙච්ච ගෝලයෝ ටික ළංකර ගත්තට රටේ ප්‍රශ්න විසඳන්න බැහැ – සජබ ජාතික සංවිධායක මන්ත්‍රී තිස්ස අත්තනායක" | "අලුත් ආණ්ඩුව ජනතාවගේ ප්‍රශ්න යට ගහන්න හදනවා. එයට අපේ අප්‍රසාදය පළ කරනවා යැයි සමගි ජන බලවේග ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පැවසීය.විපක්ෂ නායක කාර්යාලයේ ඊයේ (23දා) පැවැති මාධ්‍ය හමුවේ දී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මෙසේද කීය.මේ දිනවල ඇමැතිවරු පැටව් ගහනවා. පසුගිය සතියේ දී ඇමැතිවරුන් දහත... |
"මසකට ඩොලර් මිලියන 500ක් රටට එවන්න" | "මේ වන විට රටේ පවතින ගෑස් පෝලිම්, පෙට්‍රල් පෝලිම්, විදුලි කප්පාදුව, බෙහෙත් හිඟයට විසඳුම් සෙවීම සඳහා මාසයකට ඩොලර් මිලියන 500ක් විදේශගත ශ්‍රමිකයින් හරහා මෙරටට ගෙන්වා ගත යුතු බවත් ඩොලර් මිලියන 500 කොටස්කරුවෙක් බවට පත්වන්නැයි කම්කරු සහ විදේශ රැකියා ඇමැති මනූෂ නානායක්කාර මහතා විදේශගත ශ්‍රමිකයින්ගෙන් ඉල්ලා සිටියේය.මේ වෙලාවේ ... |
"9 දා ප්‍රහාරයට ඇල්ලූ බහුතරය ජවිපෙ නොවන බව පොලිස්පති හා කළ සාකච්ඡාවෙන් තහවුරු වුණා-ජවිපෙ ප්‍රචාරක ලේකම් විජිත හේරත්" | "ගාලුමුවදොර ප්‍රහාරයත් සමඟ පසුගිය 09 වැනිදා රට පුරා හටගත් ප්‍රචණ්ඩ ක්‍රියා ඇතුළු කලහකාරී සිදූවීම් සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට එල්ල වී ඇති චෝදනා පිළිබඳ විමසීමට එම පෙරමුණේ නියෝජිතයෝ කණ්ඩායමක් ඊයේ (23 වැනිදා) පොලිස්පතිවරයා මුණගැසීමට කටයුතු කරනු ලැබූහ.එම පක්ෂයේ ප්‍රචාරක ලේකම් විජිත හේරත්, දේශපාලන මණ්ඩල සභික සුනිල් හඳ... |
"මෛත්‍රී පැජට් පාරේ නිවසින් යයි" | "හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මෙතෙක් පදිංචිව සිටි කොළඹ පැජට් පාරේ පිහිටි නිවසින් ඉවත්ව ගොස් තිබේ.ඒ මහතා ජනාධිපති ධුරයේ සිටියදී පැජට් පාරේ පිහිටි මෙම නිවස සිය නිල නිවස වශයෙන් භාවිත කළ අතර ඔහු විශ්‍රාම ගැනීමෙන් පසුවද කැබිනට් අනුමැතියක් මත එම නිවස තමන් වෙත පවරාගෙන එහි පදිංචිව සිටියේය. කෙසේ වෙතත් ඇමැති මණ්ඩල තීරණ... |
"එතනෝල් හිඟයි : මත්පැන් නිෂ්පාදනයටත් බාධා" | "මත්පැන් නිෂ්පාදනයට අවශ්‍ය එතනෝල් ස්ප්‍රීතු ආරක්‍ෂිත තොග හිඟවීම නිසා ඉදිරියේදී මත්පැන් නිෂ්පාදනයට බලපෑම් එල්ල වියහැකි බව සුරාබදු දෙපාර්තමේන්තු ආරංචිමාර්ග සඳහන් කරයි.වර්ෂයකට අරක්කු නිෂ්පාදනය සඳහා ස්ප්‍රිතූ ලීටර් මිලියන 32-34 ක පමණ ප්‍රමාණයක් අවශ්‍ය වන බවටත් ඖෂධ තිනර් ඇතුළු බෙහෙත් නිෂ්පාදන සඳහා තවත් ස්ප්‍රිතු ලීටර් මිලිය... |
"අප්‍රේල් මාසයේ උද්ධමනය සියයට 33 ට නගී" | "ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව ගණනය කළ උද්ධමනය ඉකුත් මාර්තු මාසයේදී පැවති සියයට 21.5 සිට අප්‍රේල් මාසයේ දී සියයට 33.8 ක් දක්වා සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇත.එසේම අප්‍රේල් මාසයේදී ආහාර උද්ධමනය සියයට 45.1 දක්වා සහ ආහාර නොවන උද්ධමනය සියයට 23.9ක් දක්වා ද ඉහළ ගිය බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව ඊයේ (23දා) නිකුත් කළ ... |
"ශ්‍රී ලාංකික තරුණියක් ඔස්ටේ්‍රලියානු පාර්ලිමේන්තුවට" | "ශ්‍රී ලාංකික සම්භවයක් සහිත කැසන්ඩ්‍රා ප්‍රනාන්දු මෙනවිය ඔස්ටේ්‍රලියානු ෆෙඩරල් මහමැතිවරණයෙන් එරට පාර්ලිමේන්තුවට තේරීපත්ව ඇත.ඇය එරට ෆෙඩරල් පාර්ලිමේන්තුවට පත්වූ ශ්‍රී ලාංකික සම්භවයක් සහිත ප්‍රථම කාන්තාව වේ.කම්කරු පක්‍ෂය නියෝජනය කරමින් ඇය ඡන්ද 10455 ක් ලබාගනිමින් හෝල්ට් ආසනය ජය ගනිමින් පාර්ලිමේන්තුවට පත්ව ඇත. ඇය ලබාගෙන ඇත... |
"තෙල් බවුසර්වලට පොලිස් ආරක්‍ෂාව ඉල්ලයි" | "ඉන්ධන බෙදාහරින ටැංකි රථ සඳහා දින දෙකක් ඇතුළත පොලිස් ආරක්‍ෂාව ලබාදෙන ලෙසට පොලිස්පතිවරයාට ලිඛිතව දැනුම් දුන් බව ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමයේ සම ලේකම් ශාන්ත සිල්වා මහතා ‘දිවයින’ ට ඊයේ (22 වැනිදා) පැවැසීය.දින දෙකක් ඇතුළත මේ සඳහා විසඳුමක් ලබා නොදුනහොත් ඉන්ධන බෙදාහැරීමේ කටයුතුවලින් ඉවත් වන බවට එම ටැංකි ... |
"නව කැබිනට් ඇමැතිවරුන් 10 ක් – අද හෝ අනිද්දා දිවුරුම් දෙති" | "නව කැබිනට් ඇමැතිවරුන් 10 දෙනකු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ අද (23දා) දිවුරුම් දීමට නියමිත බව රජයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි. අද දිවුරුම් දීමක් සිදුනොවුණහොත් අනිද්දා (25දා) දිවුරුම්දීම සිදුවන බවද එම ආරංචි මාර්ග පැවැසීය.නව ඇමැතිධුර 10 අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සඳහා අමාත්‍ය ධුර 05 ක්ද, ශ්‍රී ලංකා නිද... |
"පොලිස්පති – පොලිස් බුද්ධි ප්‍රධානී – එස් ටී එෆ් අණදෙන නිලධාරීගෙන් ප්‍රකාශ ගනී" | "ගාලුමුවදොර අරගල භූමියේ එල්ලවූ ප්‍රහාරය වළක්වා නොගැනීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් විමර්ශන පවත්වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පොලිස්පතිවරයාගෙන්, පොලිස් බුද්ධි අංශ ප්‍රධානියාගෙන් සහ විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරියාගෙන් පෙරේදා (21දා) ප්‍රශ්න කර ප්‍රකාශ ලබාගෙන ඇත.මෙම සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශ ලබාදීම සඳහා පොලිස්පති සී... |
"සියලු ප්‍රශ්නවලට එකම විසඳුම මහ ඡන්දයකින් අලුත් ආණ්ඩුවක් – අනුර කුමාර කියයි" | "රටේ පවතින වත්මන් දේශපාලන හා ආර්ථික අවස්ථාවරභාවයට පිළියම් සෙවිය හැක්කේ මහ මැතිවරණයකට යෑමෙන් පමණක් බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවැසීය. ජාතික ජනබලවේගයේ මාතලේ දිස්ත්‍රික් සමුළුවට එක්වෙමින් ඔහු එසේ කියා සිටියේය. මෙහිදී තවදුරටත් කතා කළ අනුර කුමාර දිසානායක මහතා මෙසේද කීය. ජනතාවගේ ඉල්ලීම් හාස්‍යයට ... |
"රාජ්‍ය සේවය අද සිට සාමාන්‍ය පරිදි" | "රාජ්‍ය සේවයේ කටයුතු අද (23දා) සිට සාමාන්‍ය පරිදි ආරම්භ කරන බව රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පවසයි.පවතින ඉන්ධන අර්බුදය හමුවේ රාජ්‍ය සේවය ඇතුළු විවිධ ක්‍ෂේත්‍රවලට බලපෑම් එල්ල වී ඇති නමුත් ජනතාවට අවශ්‍ය සේවාවන් අඛණ්ඩව පවත්වාගෙන යාම අත්‍යවශ්‍ය බවද එම අමාත්‍යාංශ උසස් නිලධාරියෙක් පැවැසීය.පුද්ගලයන් ලියාපදිං... |
"තෙල් ගන්න ඉන්දියාවෙන් චීනයෙන් ඩොලර් බිලියනයක ණයක් ඉල්ලයි" | "වසරේ ඉතිරි මාස හත සඳහා ඉන්ධන ලබා ගැනීම පිණිස ඉන්දියාවෙන් සහ චීනයෙන් ඩොලර් බිලියනයක ණය සහනයක් ලබා ගැනීම සඳහා ලක් රජය කටයුතු ආරම්භ කර තිබේ. මෙහිදී චීනයෙන් ඩොලර් මිලියන 500 ක් ද ඉන්දියාවෙන් ඩොලර් මිලියන 500 ක්ද ලබා ගැනීමට නියමිතය. මේ අනුව දැනට ලැබෙමින් පවත්නා ඉන්ධන තොග නිමවීමෙන්ද පසු අඛණ්ඩ ඉන්ධන සැපයුමක් ජනතාවට ලබා දීමට ... |
"ආහාර හිඟයෙන් දුගී රටවල් බේරාගන්න ඇමරිකාවෙන් සැලසුමක්" | "ලෝක ව්‍යාප්තව පැතිරෙමින් පවත්නා ආහාර හිඟය කළමනාකරණය කර එම ආහාර හිඟයෙන් විය හැකි අන්තරාවෙන් ශ්‍රී ලංකාව ඇතුළු දුගී රටවල් බේරා ගැනීම සඳහා ඇමරිකානු මහ භාණ්ඩාගාරය කාර්ය සාධක සැලසුමක් සකස් කොට ඇත. මෙම කාර්ය සාධන කටයුත්ත සඳහා සහය දීමට ආසියානු සංවර්ධන බැංකුවද ඉදිරිපත් වී සිටින අතර ආහාර හිඟයෙන් පෙළෙන රටවල් කිහිපයක් සඳහා ඩොලර්... |
"එච්. එන්. ඩී. ශිෂ්‍ය විරෝධතාවෙන් කොළඹ කොටුව රත්වෙයි" | "එච්. එන්. ඩී. හෙවත් අන්තර් උසස් තාක්‍ෂණික ඩිප්ලෝමා ශිෂ්‍ය බල මණ්ඩලය පෙරේදා (21 වැනිදා) කොළඹ කොටුව ලෝක වෙළෙඳ මධ්‍යස්ථාන පිවිසුම අසලට පැමිණ විරෝධතා දක්වමින් පොලිස් මාර්ග බාධක පෙරළාගෙන ඉදිරියට යෑමට උත්සාහ දැරීමේදී පොලිසිය කඳුළු ගෑස් හා ජල ප්‍රහාර එල්ල කිරීමත් සමඟ ප්‍රදේශයම උණුසුම් විය. එහිදී එච්. එන්. ඩී. සිසුන් ඇතුළු 13... |
"ඇමැතිකම් ගන්න රහසේ පොරකති" | "නව රජය සමග එක්වීමට සූදානමින් සිටින ප්‍රධාන පක්ෂ කීපයක මන්ත්‍රීවරුන්, අමාත්‍ය සහ නියෝජ්‍ය අමාත්‍ය ධුර ලබා ගැනීමට විවිධ බලපෑම් කිරීම නිසා ඇමැතිකම් ලබාදීමේ දැඩි අර්බුදයකට රජය මුහුණ දී සිටින බව දේශපාලන ආරංචි මාර්ග පැවසීය.කැබිනට් අමාත්‍ය ධුර සංඛ්‍යාව 22 ක උපරිමයකට තබා ගැනීමට රජය දැඩි උත්සාහයක නිරත වී සිටින බවත් අමාත්‍ය ධුර... |
"දේශපාලන ස්ථාවරත්වය තවත් සවිමත් කරන්න" | "තවදුරටත් ඉහළ දේශපාලන ස්ථාවරත්වයක් ඇති කිරීමට රජය කඩිනම් ක්‍රියාමාර්ග ගතයුතු යැයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. පොදු එකඟතාවකින් යුතු පාලනය සහ සමාජ සංහිඳියාවෙන් මේ ඉහළ දේශපාලන ස්ථාවරත්වය ඇතිකර ගත යුතු බවද එමගින් ආර්ථික තත්ත්වය තවදුරටත් පිරිහීම වැළැක්වීම සඳහා මහ බැංකුව මෙතෙක් ක්‍රියාත්මක කර ඇති ක්‍රියාමාර්ගයන්ට සහය වීමට පි... |
"ද්විත්ව පුරවැසියන්ට දොර වැසෙයි ; 21 වැනි සංශෝධනය සඳුදා මැතිසබයට" | "අධිකරණ ඇමැති විජයදාස වැඩ අරඹමින් කියයි….. රටේ අනාගත සුබ සිද්ධියට බලපාන තීන්දු තීරණ ගන්නා පාර්ලිමේන්තුවට ද්විත්ව පුරවැසියන් පත්වීම වැළැක්වීම ඇතුළු ඉතා වැදගත් අණපනත් සහිත 21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත මේ වනවිටත් සකස් කර ඇති බවත් එය හෙට සඳුදා (23 වැනිදා) අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කොට අනුමැතිය ලබාගත් වහ... |
"ලේකම් සහ පොලිස්පති තනතුරුවල වෙනසක්" | "මහජන ආරක්‍ෂක අමාත්‍යාංශ ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) ජගත් අල්විස් සහ පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න මහත්වරුන් එම ධුරවලින් ඉවත් කිරීමට බොහෝ දුරට ඉඩ ඇති බව අමාත්‍යාංශ ආරංචිමාර්ග පවසයි. පසුගියදා රටේ ඇතිවූ ප්‍රචණ්ඩකාරී සිද්ධියට අදාළ ආන්දෝලනාත්මකව සිද්ධීන් මෙම නිලධාරීන් තනතුරුවලින් ඉවත් කිරීමට හේතු වන බවද වාර්තා වෙයි. එ... |
"කැනඩාව කරන සංහාර චෝදනාව ප්‍රතික්ෂේප කරනවා" | "ශ්‍රී ලංකාවේ දමිළ ජන සංහාරයක් සිදුවූ බවට කැනේඩියානු පාර්ලිමේන්තුව යෝජනාවක් සම්මත කර ගැනීම ගැන කනගාටුව පළකර සිටින බවත් එම චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන බවත් විදේශ අමාත්‍යාංශය පවසයි. වර්තමානයේ පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් රටේ ජනතාව දැවැන්ත අභියෝගවලට මුහුණ දෙන වාතාවරණයක් හමුවේ ජාත්‍යන්තර ප්‍රජාවගේ ඵලදායී මැදිහත්වීම අවශ්‍ය ... |
"සා.පෙළ නිමවනතෙක් සවස 6 න් පසු ලයිට් කැපිලි නෑ" | "අ. පො. ස. සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන මෙම මස 23 වැනි සඳුදා සිට ජුනි මස 01 වැනි බදාදා දක්වා සවස 6.00 න් පසු විදුලිය කප්පාදුවක් සිදු නොකරන බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පවසයි. සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින දරුවන්ගේ විභාග කටයුතු බාධාවකින් තොරව සිදු කර ගැනීම සඳහා අවශ්‍ය පහසුකම් සැලසීම යටතේ මෙම පියවර... |
"කච්චතිව් ඉන්දියාවට පුවතින් මන්නාරමේ විරෝධතා" | "ශ්‍රී ලංකාව සතුව ඇති කච්චතිව් දූපත අනූනව අවුරුද්දකට බදු ක්‍රමයක් මත ඉන්දියාවට ලබාදීමට රජය කටයුතු කරගෙන යන බවට ඉන්දීය මාධ්‍යවල වාර්තාවක් පළවීමත් සමඟම මන්නාරමේ එක්සත් ධීවර සංගමය ඊට විරෝධය පළ කොට තිබේ. මන්නාරම එක්සත් ධීවර සංගමය විසින් කැඳවන ලද ප්‍රවෘත්ති සාකච්ඡාවකදී එම සංගමයේ මන්නාරම දිස්ත්‍රික් ධීවර සමුපකාර සමිතියේ ලේකම... |
"හදිසි සැත්කම්වලට එන දොස්තරලාත් ඉන්ධන අවුලේ" | "හදිසි ශල්‍යකර්ම සඳහා කඩිනමින් රෝහල් වෙත ළඟා වීමේදී ඉන්ධන අර්බුදය නිසා ශල්‍ය වෛද්‍යවරුන්ට බරපතළ ගැටලු සහගත තත්ත්වයක් උද්ගතවී ඇතැයි විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය ලක්කුමාර් ප්‍රනාන්දු මහතා ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට පැවසීය. එබැවින් රජය මගින් වෛද්‍යවරුන් සඳහා පෙට්‍රල් ලබාගැනීමට යම් නිශ්චිත වැඩපිළිවෙළක් ක්... |
"ගෝඨාභයට එරෙහි නඩුවේ තීන්දුව ජුනි 20 වැනිදා" | "ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව නෙදර්ලන්තයේ හේග් නුවර මහජන අධිකරණය පැවැත්වූ නඩු විභාගයේ තීන්දුව ජුනි 20 වැනිදා ප්‍රකාශයට පත් කිරීමට නියමිතය. මිග් 21 ප්‍රහාරක යානා මිලට ගැනීම තුළින් අක්‍රමිකතා සිදු වූ බවට තොරතුරු හෙළිකළ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතා අභිරහස් ලෙස ඝාතනය වීම ගැන මෙම නඩුව ගොනුකර තිබුණේ ඔහුගේ දියණි... |
"රාජ්‍ය සේවය ස්වාධීන කරන වගන්ති නව ව්‍යවස්ථාවට ගේන්න" | "ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය… සකස් කිරීමට යෝජිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට රාජ්‍ය සේවය ස්වාධීන කරන වගන්ති ඇතුළත් කරන ලෙස ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය නව රජයෙන් ඉල්ලා සිටී. එසේ ස්වාධීන රාජ්‍ය සේවයක් තිබුණානම් පොලිස්පතිවරයාට පොලිස් ස්ථානාධිපතිවරුන් පත්කිරීමේදී දේශපාලන වුවමනාවන් මත නොව සුදුසුකම් සපුරා ඇති ස්ථානාධිපතිවරු... |
"කොරියා රැකියාවලට යැවීමේ ප්‍රමාදයක්" | "දකුණු කොරියාවේ රැකියා සඳහා යැවීමට විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් තෝරාගෙන ඇති සුදුසුකම් ලැබූවන් ඒ සඳහා පිටත්කර යැවීමේ ප්‍රමාදයක් පවතින බව තෝරාගත් රැකියා ලාභියෝ පවසති. කොරියානු භාෂා විභාගය සමත්ව එම රැකියා සඳහා සුදුසුකම් ලබා ඇති පිරිස හාරදහසක් පමණ බවත් ඉන් දහසක්වත් මේ වනවිට පිටත්කර යවා නැති බවත් ඔවුහු චෝදනා කරති. එක... |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.