Title stringlengths 9 246 | Content stringlengths 3 62.9k |
|---|---|
"ජවිපෙ මර්දනය කරන්න ආණ්ඩුව සැලසුම් හදලා" | "ජනතා විමුක්ති පෙරමුණ මර්දනය කිරීමේ සැලසුම් සහගත කූට සැලසුමක් රජය ක්‍රියාත්මක කර ඇති බවට තොරතුරු වාර්තා වන බව එම පක්ෂයේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට අදහස් දක්වමින් පැවසීය.පසුගිය 09 වැනිදා රට පුරා සිදු වූ කලහකාරී සිද්ධීන් සිය පක්ෂය පිට පටවා මෙම සැලසුම ක්‍රියාත්මක කිරීමට යන බවත් හෙතෙම කීවේය. ර... |
"හරීන්ට මනුෂට සජබ තහනම්" | "රජයේ ඇමැති පදවි ගත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වූ හරින් ප්‍රනාන්දු සහ මනුෂ නානායක්කාර යන මහත්වරුන්ගේ පක්‍ෂ සාමාජිකත්වය තහනම් කර විනය ක්‍රියාමාර්ගයන් ගන්නා බව සජබ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රි රන්ජිත් මද්දුම බණ්ඩාර මහතා “දිවයින ඉරිදා සංග්‍රහය’ට පැවසීය. ඔවුන් ගත් ක්‍රියාමාර්ග ගැන ලිඛිතව කරුණු විමසීම් කර... |
"පුපුරන ද්‍රව්‍ය ඇද්ද කොටි නෞකා ප්‍රධානියාට කැනඩාවේ රැකවරණය" | "සී – 4 නමැති අධිබල පුපුරන ද්‍රව්‍ය කොටි සංවිධානයට ප්‍රවාහනය කළ කොටි ජාත්‍යන්තර නෞකා ජාලයේ ප්‍රධානි සංගිලි නමැත්තාට කැනඩා රජය දේශපාලන රැකවරණ ලබා දී ඇත. වව්නියා අධිකරණය මොහුට වසර 30ක සිරදඬුවමක් දී තිබුණි. ඔහු අධිකරණයට භාර නොවී කැනඩාවටපැනගොස් තිබිණි. ශ්‍රී ලංකා පොලිසිය සංගිලිව ශ්‍රී ලංකාවට බාරදෙන ලෙස කැනඩා රජයෙන් කළ ඉල්ල... |
"ණය ශ්‍රේණි මට්ටමින් ශ්‍රී ලංකාව තවත් පහළට" | "ගෝලීය ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන ෆිච් රේටින්ග්ස් ආයතනය ශ්‍රී ලංකාවේ දිගුකාලීන විදෙස් විනිමය නිකුතු ශ්‍රේණිගත කිරීම ‘ක්. මට්ටමේ සිට .ඎ. මට්ටම දක්වා තවදුරටත් පහත හෙළා ඇත. ජාත්‍යන්තර සෛවරීත්ව බැඳුම්කර දෙකක් මත පසුගිය අප්‍රේල් 18 දින ගෙවීමට තිබූ කූපන් ගෙවීම් සඳහා ලැබී තිබූ දින 30 ක සහන කාලය ද ඉකුත් මැයි 18 දින අවසන් ... |
"රුසියාව තෙල් දෙන්න හදයි ශ්‍රී ලංකාව ඇහැක් ඇර නොබලයි" | "රුසියාවේ කසානි තෙල් සමාගමේ සභාපතිවරයා ශ්‍රී ලංකාවට බොරතෙල් ලබාදීමට ඉදිරිපත් වී ඇතත් ශ්‍රී ලංකා රජය ඒ ගැන සැලකිල්ලක් දක්වා නැත. තෙල් බැරල් මිලියන 24.9ක් රැගත් රුසියානු තෙල් නැව් 35ක් දැන් සූවස් ඇළ වෙත පැමිණ තිබේ. රුසියාවේ උගරල්ප් තෙල් නිෂ්පාදනය දිනකට බැරල් 313,000ක් දක්වා වැඩි වී ඇති අතර රුසියාවට තෙල් අලෙවි කර ගැනීමට න... |
"නව කැබිනට් ඇමැතිවරු 09 ක් ජනපති ඉදිරියේ ඊයේ දිවුරුම් දෙති" | "නව රජයේ තවත් කැබිනට් ඇමැතිවරු නවදෙනෙක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ ඊයේ (20 දා) දිවුරුම් දී සිය පත්වීම් ලිපි භාර ගත්හ. මීට ඉහත දී කැබිනට් අමාත්‍යවරුන් සිව්දෙනකු ජනාධිපතිවරයා විසින් පත්කර තිබුණි. ඒ අනුව මේ වනවිට නව රජයේ පත්කර ඇති කැබිනට් අමාත්‍යවරුන් ගණන 13 ක් දක්වා ඉහළ ගොස් ඇත. නව රජයේ වරාය, නාවික හා ගුවන් සේව... |
"මහජනතාව වෙනුවෙන් ඉතා දුෂ්කර තීන්දුවක් ගත්තා – ඇමැති හරීන් ප්‍රනාන්දු (සජබ)" | "මම පත්වීම ගත්තේ අහක බලාගෙනමගේ දේශපාලන ගමන වෙනුවෙන් ඇස් වසාගෙනසිටීමට බැහැ- ඇමැති මනුෂ නානායක්කාර (සජබ) ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා අසමත් කියා මා තවමත් කියනවා. මා හා මනුෂ තවමත් සමගි ජනබලවේගය නියෝජනය කරනවා. මේ රටේ පවතින මහා ආර්ථික අර්බුදයට විසඳුම් සොයන්න නම් පක්ෂ දේශපාලනය අමතක කරලා රටේ ජනතාව රැක ගැනීම වෙනුවෙන් කැපවිය යුත... |
"පසුගිය වසරට තැපැල් දෙපාර්තමේන්තුවේ පාඩුව බිලියන 7.2 ක්" | "තැපැල් දෙපාර්තමේන්තුව ඉකුත් වර්ෂයේදී (2021) රුපියල් බිලියන 7.2ක පාඩුවක් ලබා ඇති බැව් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් 2021 වර්ෂයට අදාලව නිකුත්කොට ඇති වාර්ෂික මහ බැංකු වාර්තාවේ සදහන් වේ. 2020 වර්ෂයේදී තැපැල් දෙපාර්තමේන්තුව රුපියල් බිලියන 7.7ක පාඩුවක් ලබා තිබුණි. කෙසේවුවද දැනට සිදුවෙමින් පවතින ඩිජිටල් පරිවර්තනය සහ පාරිභෝගිකය... |
"පොලිසියට ප්‍රකාශයක් දෙන්න සූදානම්: මහින්ද රාජපක්‍ෂ ‘දිවයින’ට කියයි" | "ගාලුමුවදොර පැවැත්වෙන නිරායුධ අරගලකරුවන්ට ප්‍රහාරයක් එල්ල වීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඕනෑම මොහොතක පොලිසියට ප්‍රකාශයක් ලබාදීමට තමා සූදානම් යැයි හිටපු අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා ‘දිවයින’ට පැවසීය. මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් ‘දිවයින’ හිටපු අගමැතිවරයාගෙන් කළ විමසීමට පිළිතුරු දෙමින් එසේ සඳහන් කළේය. මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලිසි... |
"සී.අයි.ඩී.ය නාමල්ගෙන් පැය 4ක් ප්‍රකාශ ගනියි" | "කොටුව ගාලුමුවදොර සහ කොල්ලුපිටියේ පසුගිය 09 වැනිදා සිදු වූ සිදුවීම්වලට අදාළව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ මහතාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (20 දා) සවස පැය 4ක කාලයක් ප්‍රකාශ සටහන් කර ගත්තේය. එම දෙපාර්තමේන්තුවේදී එලෙස ප්‍රකාශ සටහන් කර ගෙන තිබේ. මෙම සිද්ධිවලට අදාළව පුද්ගලයන් 22 දෙනකු අත්අඩංගුවට ගන්නා ලෙස... |
"අමරකීර්ති අතුකෝරල ඝාතනයේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට – සැකකරු බස් රථ රියැදුරෙක්" | "නිට්ටඹුව නගර මධ්‍යයේදී පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ මහතා සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියාට අමානුෂික ලෙස පහරදී ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් නිට්ටඹුව නගරයේදී ඊයේ (20 වැනිදා) උදෑසන අත්අඩංගුවට ගෙන ඇත. මෙම සැකකරු 29 හැවිරිදි වියේ පසුවන බස් රථ රි... |
"කෝටි 200 ක සහල් කිරිපිටි බෙහෙත් ඉන්දියාවෙන් එයි" | "රුපියල් කෝටි දෙසීයකට අධික වටිනාකමින් යුත් සහල්, කිරිපිටි, ඖෂධ ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ රැගත් නෞකාවක් හෙට (22 දා) කොළඹ වරායට පැමිණෙන බව ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය පවසයි. ශ්‍රී ලංකාවේ පවතින ආර්ථික අර්බුදය හමුවේ මෙම අත්‍යවශ්‍ය භාණ්ඩ ශ්‍රී ලංකාවට ප්‍රදානය කිරීමට ඉන්දීය රජය පියවර ගෙන ඇතැයි ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් ගෝ... |
"ෂෙඩ් හතරකට වැඩ වරදියි" | "ඉන්ධන අලෙවි කිරීමේදී අනුගමනය කළ යුතු නිර්දේශ නොසළකා කටයුතු කළ ඉන්ධනහල් හතරකට ඉන්ධන සැපයුම නතර කළ බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව කියා සිටී. මෙලෙස ඉන්ධන සැපයුම නතර කර ඇත්තේ මාකොල දකුණ මාකොල ලංකා ඉන්ධන හල, ගාල්ල, කැලණිය, පෙතියාගොඩ සහ මීරිගම ලංකා පිරවුම්පළවල් හතරේය. යතුරුපැදි සඳහා රුපියල් 2000 ක උපරිමයකට යටත්ව ඉන්ධන නිකුත් කිර... |
"ඩොලර් මි. 100 ක අත්‍යවශ්‍ය ඖෂධ ගෙන්වා ගැනීමට එකඟතාවක්" | "සෞඛ්‍ය කටයුතු සඳහා ලෝක බැංකුවෙන් සහ ආසියානු සංවර්ධන බැංකුවෙන් ලැබීමට නියමිත මුදලින් කොටසක් අත්‍යවශ්‍ය ඖෂධ ගෙන්වා ගැනීම සඳහා යොදා ගැනීමට එකඟත්වය ලැබී ඇතැයි නව සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසීය. දීර්ඝ කාලීන ණය සහන පදනම යටතේ මෙරට සෞඛ්‍ය කටයුතු වෙනුවෙන් ලෝක බැංකුවෙන් සහ ආසියානු සංවර්ධන බැංකුවෙන් ලැබෙන ඩොලර් මිලි... |
"එළවළු මිල 70% කින් ඉහළට තව මාසයකින් දැඩි එළවළු හිඟයක්" | "මැනිං වෙළෙඳපොළ සංගමයේ සභාපති උඩරට සහ පහතරට එළවළු මිල මේ වනවිට සියයට 70 කින් ඉහළ නැග ඇතැයි සමස්ත ලංකා විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන හා මැනිං වෙළෙඳ සංගමයේ සභාපති අරුණ ශාන්ත හෙට්ටිආරච්චි මහතා ‘දිවයින’ට ඊයේ (20දා) පැවසීය. දරාගත නොහැකි අන්දමින් පොහොර මිල ඉහළ නැගීම හා ඉන්ධන අර්බුදය හේතුවෙන් ප්‍රවාහනයට බාධා ඇතිවීම ඇතුළු තවත් ගැට... |
"විනය පරීක්‍ෂණ නොතියා හරින් – මනුෂ සජබෙන් දොට්ට දාන්න බෑ" | "සමගි ජනබලවේගය පක්ෂයේ සිට ඇමැතිධුර ලබාගත් හරින් ප්‍රනාන්දු සහ මනුෂ නානායක්කාර දෙදෙනා එම පක්ෂයෙන් ඉවත් කරනවා නම් ඔවුන් දෙදෙනාට එරෙහිව එම පක්ෂය විසින් විනය පරීක්‍ෂණයක් සිදු කළ යුතු යැයි ජනාධිපති නීතිඥ යූ. ආර්. ද සිල්වා මහතා පැවසීය. එසේ විනය පරීක්‍ෂණයක් නොපවත්වා ඔවුන්ව ඉවත් කිරීමේ හැකියාවක් නොමැති බව ද ඔහු කීය. විනය පරීක්... |
"බෝට්ටුවෙන් ඕස්‌ට්‍රේලියාවට යෑමට තැත්කළ පිරිසක් මාට්ටු 21 දෙනා අතර කාන්තාවන් 4 ක්" | "ආගමන විගමන පනත උල්ලංගනය කරමින් බෝට්ටු මඟින් නීති විරෝධීව විදෙස් රටවලට සංක්‍රමණය වීමට තැත්කළ කාන්තාවන් සිව් දෙනකු ඇතුළු සැකකරුවන් 21 දෙනෙක් පොලිස් විශේෂ කාර්ය බලකාය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ. මඩකලපුව නාවික හමුදා බුද්ධි අංශයේ නිලධාරීන් ලබා දුන් තොරතුරකට අනුව සැකකරුවන් කොටුකර ගෙන තිබේ. මොවුන් මඩකලපුව, කාත්තන්කුඩි පොලිස් ... |
"තනියම මරණ බයේ කාමරයේ හැංගී සිටියා – ගීතා කුමාරසිංහ" | "රනිල් බලයට ආවේ රාජපක්‍ෂ ප්‍රශ්න විසඳන්නයි – චමින්ද විජේසිරි (සජබ) ගෝල්ෆේස් අරගලයට ප්‍රහාරය එල්ල වෙනවාත් සමගම රටපුරා ගිනි තැබීම් ප්‍රහාර එල්ල කිරීමට පැමිණි පිරිසට වඩා ඔවුන් ක්‍රියාත්මක කළ තියුණු සැලැස්ම සකස් කළ හා ඒ පිටුපස සිටි පිරිස ගැඹුරින් පරීක්ෂා කර සොයා ඔවුනට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතු බව සභානායක ඇමති දිනේෂ්... |
"බෙහෙත් ගන්න ජපානයෙන් ඩොලර් මිලියන 1.5ක්" | "දැඩි ආර්ථික අර්බුදයකට ලක්ව ඇති ශ්‍රී ලාංකික ජනතාවගෙන් වඩාත් අවදානමට ලක්ව ඇති සමාජ කණ්ඩායම්වල හදිසි අවශ්‍යතාවන් සපුරාලීම සඳහා ජපාන රජය විසින් මෙම ආධාර මුදල යුනිසෙෆ් සංවිධානය හරහා මෙරටට ලබාදෙනු ඇත. මේ යටතේ මිලියන 1.2ක ජනතාවකට ඖෂධ සපයා ගත හැකිවනු ඇති අතර, ගැබිනි කාන්තාවන් සහ කිරිදෙන මවුවරුන් 53,000ක් සහ රෝගී දරුවන් 122,0... |
"කිසිම මන්ත්‍රී කෙනෙක් අඩු මිලට ඉන්ධන අරන් නෑ" | "කිසිදු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු විශේෂ වරප්‍රසාද යටතේ අඩු මිලට ඉන්ධන ලබාගෙන නැති බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ඇමැති ප්‍රසන්න රණතුංග මහතා ඊයේ (20 දා) පාර්ලිමේන්තුවේදී පැවසීය. පසුගිය 9 වැනිදා ඇති වූ සිද්ධියත් සමග ආරක්ෂක හේතූන් මත ඉන්ධන ලබා ගැනීමට ක්‍රමවේදයක් හදන ලෙස ඛනිජ තෙල් ඇමැතිවරයාගෙන් ඉල්ලා සිටි නමුත් අඩු මිලට... |
"අලුතින් පත් කරන ආණ්ඩුවේ ඇමැති වැටුප් කපයි වරප්‍රසාදත් අඩු කරනවා – අගමැති" | "ඉදිරියේදී පත්කෙරෙන නව ආණ්ඩුවේ ඇමැතිවරුන්ගේ වරප්‍රසාද අඩු කෙරෙන අතර ඔවුන් වැටුප් නොගන්නා බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (19දා) පැවසීය. දැනට පවතින ඉන්ධන හිඟය පිළිබඳව අදහස් දක්වමින් හෙතෙම මේ බව සඳහන් කළ අතර එහිදී වැඩිදුරටත් මෙසේද කීය. 18 වැනිදා 06ට එල්.අයි.ඕ.සී. එකේ ස්වර්ණ පුෂ්ප කියන නැව ආවා. ඒවගේම... |
"විනිමය අනුපාතය ස්ථාවරයි: ඉදිරියේදී තවත් ශක්තිමත් වේවි – මහ බැංකු අධිපති" | "මේ වනවිට විනිමය අනුපාතය ස්ථාවර වී ඇති බවත් ඉදිරියේදී විනිමය අනුපාතය තවදුරටත් ශක්තිමත් වන බවත්, ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පැවසීය. පසුගිය දිනවල විනිමය අනුපාතය පිරිහී ඇමරිකානු ඩොලරයක අගය රු. 380 දක්වා ඉහළ ගොස් දැන් එය අනිත් පැත්තට පැමිණ ඇති බව ද මහ බැංකු අධිපතිවරයා සඳහන් කළේය. බැංකු ක්‍රමය... |
"නාරාහේන්පිට පොලිස් පිරවුම්හලේ ඉන්ධන මිල ගණන් යාවත්කාලීන නොකිරීම ගැන පරීක්‍ෂණයක් කරනවා" | "පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා නාරාහේන්පිට පිහිටි පොලිස් ප්‍රවාහන කොට්ඨාසයෙන් ඉන්ධන නිකුත් කිරීම ඊයේ (19දා) උදේ සිට වහාම නවතා දැමූ බව විදුලි බල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. ඉන්ධන ඩීසල් ලීටරයක් නව මිල ගණන්වලට යාවත්කාලීන නොකොට රුපියල් 121 කට මීට වසර දෙක තුනකට පෙර තිබූ මිලටම ලබා දීම පිළිබ... |
"ආහාර හිඟයක් එනවා හැම ඉඩමකම වවන්න" | "ඉදිරියේ දී මෙරටට මුහුණ දීමට සිදුවන මහා ආහාර හිඟය වළකා ගැනීමට වගා නොකළ ඉඩම්වල වගා කරමින් විශේෂ වගා වැඩ සටහන් ආරම්භ කිරීමට පක්ෂ විපක්ෂ සියලු දෙනා එකතු විය යුතු යැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (19) යෝජනා කළේය. අගමැතිවරයා මේ බව සඳහන් කළේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා එම දිස්ත්‍රික... |
"දේශපාලන හා සමාජ ස්ථාවරභාවය තරමක් හොඳයි මහ බැංකු වැඩ සාර්ථක කරගත හැකියි" | "මේ වනවිට දේශපාලන ස්ථාවරභාවය හා සමාජ ස්ථාවරභාවය යම් මට්ටමකට ප්‍රගතියක් ලබා ඇති නිසා මහ බැංකුව ලෙස කරන කටයුතු සාර්ථක කරගත හැකි බවට පැහැදිලි විශ්වාසයක් ඇතිවී ඇතැයි මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ඊයේ (19 දා) මහ බැංකු මූලස්ථානයේදී පැවැති මාධ්‍ය හමුවේදී කීවේය. ඉතා ඉක්මනින් දේශපාලන ස්ථාවරභාවය ඇති කර ගැනීමට අසමත... |
""ඩොලර් 15,000 කට වඩා ළඟ තබා ගත්තොත් දඩ: බැංකුගත කරන්න සති දෙකක් කල් දෙයි"" | "ශ්‍රී ලංකාවේ වෙසෙන පුද්ගලයකුට හෝ ආයතනයකට තමා සන්තකයේ තබාගත හැකි උපරිම විදෙස් මුදල් ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් 15,000 ක් බවත් එම සීමාව ඉක්මවා විදෙස් විනිමය තබා ගතහොත් ඒ සඳහා විදේශ විනිමය පනත ප්‍රකාරව දඩ පැනවීමට තීරණය කර ඇති බවත් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ප්‍රකාශ කළේය. මේ නිසා ඇමෙරිකානු ඩොලර් 15,000 ඉක්... |
"ගෙට ගහපු දවසේ මන්ත්‍රී දුමින්දගේ පිස්තෝලය උස්සලා" | "මැති ඇමැතිවරුන්ගේ නිවෙස්වලට පහරදී ගිනි තබා දේපළ සොරකම් කිරීමේ සිද්ධීන්වලට සමගාමීව හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතාගේ කාර්යාලය පිහිටි නිවසේ තිබූ ගිනි අවියක් අස්ථානගත වී ඇති බව පොලිසිය කියයි. පසුගිය 9 දා රාත්‍රී හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක මහතාගේ මවට අයත්, සැනසුම, අංක 630, ගුවන්තොටුපළ පාර, අන... |
"අන්තරේ විරෝධතාවෙන් කොටුව යුද පිටියක් වෙයි" | "පොලිසියෙන් කඳුළු ගෑස්: අධි පීඩන ජල ප්‍රහාර ජනාධිපතිවරයාට හා අගමැතිවරයාට වහා ගෙදර යන ලෙසට බලකරමින් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය සංවිධානය කරන ලද විරෝධතා පාගමන නතර කිරීමට කොටුව ලෝටස් පාර ලෝක වෙළෙඳ මධ්‍යස්ථාන පිවිසුම අසලදී ඊයේ (19 දා) සවස පොලිසිය කඳුළු ගෑස් හා අධි පීඩන ජල ප්‍රහාර එල්ල කරන්නට වීමත් සමග කොළඹ කොට... |
"රණවිරු ස්මාරකයට සැමරුම් ජනපති සහ හිටපු අගමැති මහින්ද වෙතින් පුෂ්පෝහාර" | "13 වැනි ජාතික රණවිරු සැමරුම් උත්සවය ඊයේ (19දා) පෙරවරුවේ බත්තරමුල්ල ජාතික රණවිරු ස්මාරකය අබියසදී පැවැත්විණි. මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහභාගි විය. ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න (විශ්‍රාමික), මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජෙනරාල් ජගත් අල්විස් (විශ්‍රාමික), ආරක්ෂක මාණ... |
"මන්ත්‍රීවරු 53ක් පාර්ලිමේන්තුවෙන් කෑම එපා කියති" | "තමන් වෙනුවෙන් පාර්ලිමේන්තුවෙන් ලබා දෙන දිවා ආහාරය වහාම අත්හිටුවන ලෙස ඉල්ලමින් මන්ත්‍රීවරුන් 53 දෙනකුගේ අත්සනින් ඊයේ (19දා) කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා වෙත ලිපියක් භාර දී ඇත. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට මෙන්ම 700ක් පමණ වන කාර්ය මණ්ඩලයටද දිවා ආහාරය සැපයීම වෙනුවෙන් විශාල මුදලක් වියදම් කිරීමට සිදුවන බැවින් වත්මන් අර... |
""තක්කාලි 800, අමුමිරිස් 600, බටු 450, කැරට් 400: පොහොර නැතිකමින් අස්වැන්න අඩුවෙලා"" | "දේශීය වෙළෙඳපොළේ උඩරට සහ පහතරට සෑම එළවළු වර්ගයකම මිල ඉහළ ගොස් ඇති බව හැටන් නගරයේ එළවළු වෙළෙන්දෝ පවසති. ඉල්ලුමට සරිලන එළවළු සැපයුමක් ගොවීන්ට ලබාදීමට නොහැකි තත්ත්වය හමුවේ මෙසේ එළවළු මිල ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින බව වෙළෙඳුන් පැවසීය. තක්කාලි කිලෝවක් රු. 800, කැරට් 400, මාළු මිරිස් 400, බටු 450, අර්තාපල් 300, ලීක්ස්, බීට්ර... |
"තෙල් නෑ… නෑ… නෑ…" | "රටේ විවිධ ප්‍රදේශවලින් ඛනිජ තෙල් ලබා ගැනීම සඳහා කොළොන්නාව තෙල් බෙදාහැරීමේ පර්යන්තය වෙත පැමිණි බවුසර් රථ තෙල් නොමැති නිසා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ වාහන අංගනයේ ගාල්කර තිබූ අයුරු. ඡායා – සමන් රණවීර" |
"කැනඩා පාර්ලිමේන්තුව මැයි 18 දෙමළ ජනසංහාර දිනය ලෙස සම්මත කරගනී" | "එල්ටීටීඊයට එරෙහිව සටන් වැදුණු මෙරට හමුදා සියලු රටවැසියන්ට සහ ශ්‍රී ලංකාවට නිදහස උරුම කර දුන් මැයි 18 දිනය කැනඩා පාර්ලිමේන්තුව විසින් දෙමළ ජනසංහාර දිනය ලෙසට පිළිගනිමින් ඒ සඳහා ඉදිරිපත් වූ යෝජනාවක් ඒකමතිකව සම්මත කර තිබේ. මෙම යෝජනාව පෙරේදා (18 වැනිදා) කැනඩා පාර්ලිමේන්තුවේදී සම්මත වී ඇති අතර ඒ අනුව මැයි 18 දෙමළ ජනසංහාර අන... |
"අමතර දීමනා කැපුවොත් දොස්තරලා සටනට! GMOA අනතුරු අඟවයි" | "වෛද්‍යවරුන්ගේ අමතර සේවා දීමනා කප්පාදුවක් කළහොත් ලබන 25 වැනිදායින් පසු පූර්ව දැනුම්දීමකින් තොරව දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයකට යොමුවීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීරණය කර ඇත. පෙරේදා (18 දා) පැවැති එම සංගමයේ මධ්‍යම කාරක සභා රැස්වීමේදී මෙම තීරණයට එළැඹි බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම්, වෛද්‍ය නවීන් ද සොයිස... |
"පාන් ගෙඩිය රු. 170 ට නගී" | "අනෙකුත් නිෂ්පාදනත් රු.10 කින් මිල උස්සයි ග්‍රෑම් හාරසිය පනහක බරින් යුත් පාන් ගෙඩියක මිල ඊයේ (19දා) මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 40කින් ඉහළ දැමීමත් සමඟ පාන් ගෙඩියක නව මිල රුපියල් 170ක් දක්වා වැඩි කිරීමට සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය තීරණය කර ඇත. මීට අමතරව අනෙකුත් බේකරි නිෂ්පාදන ද රුපියල් දහයකින් ඉහළ දැමීමට එම සංගමය ... |
""පවිත්‍රාගෙන් – සැමියාගෙන් රෝහිත, සීබී සහ ඉන්දික අනුරුද්ධගෙන් සීඅයිඩීය ප්‍රශ්න කරයි"" | "ඉකුත් 9 වැනිදා ගාලුමුවදොර අරගලයට පහරදීම ගැන හිටපු ඇමැතිනි පවිත්‍රා වන්නිආරච්චි හා ඇගේ සැමියා වූ කාංචන ජයරත්නගෙන් සහ හිටපු ඇමැතිවරුන් වන රෝහිත අබේගුණවර්ධන, සීබී රත්නායක හා ඉන්දික අනුරුද්ධ යන මහත්වරුන්ගෙන් ඊයේ (19 දා) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ සටහන් කරගෙන තිබේ. එසේ ප්‍රකාශ ලබාදීමෙන් පසු ඔවුහු ඊයේ සවස අපරාධ ප... |
""පවිත්‍රාගෙන් – සැමියාගෙන් රෝහිත, සීබී සහ ඉන්දික අනුරුද්ධගෙන් සීඅයිඩීය ප්‍රශ්න කරයි"" | "ඉකුත් 9 වැනිදා ගාලුමුවදොර අරගලයට පහරදීම ගැන හිටපු ඇමැතිනි පවිත්‍රා වන්නිආරච්චි හා ඇගේ සැමියා වූ කාංචන ජයරත්නගෙන් සහ හිටපු ඇමැතිවරුන් වන රෝහිත අබේගුණවර්ධන, සීබී රත්නායක හා ඉන්දික අනුරුද්ධ යන මහත්වරුන්ගෙන් ඊයේ (19 දා) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ සටහන් කරගෙන තිබේ. එසේ ප්‍රකාශ ලබාදීමෙන් පසු ඔවුහු ඊයේ සවස අපරාධ ප... |
"ප්‍රීමා පිටි මිල රු.40කින් ඉහළ නංවයි" | "ප්‍රීමා සමාගම විසින් බේකරි නිෂ්පාදන සඳහාත් අනෙකුත් ආහාර පිළියෙල කිරීම සඳහාත් යොදා ගන්නා තිරිඟු පිටි කිලෝවක් ඊයේ (19දා) සිට රු. 40 කින් ඉහළ දමන ලෙසට දිවයිනේ සියලුම අලෙවි නියෝජිතයන් වෙත දැනුම් දී ඇත. ඒ අනුව බේකරි නිෂ්පාදන සඳහා භාවිත කරන මිල්ක් වර්ගයේ තිරිඟු පිටි කිලෝවක් රු. 243.50 කට අලෙවි නියෝජිතයන් විසින් බේකරි හිමියන... |
"සමන්ලාල් – ඩෑන් ඇතුළු 8ක් 25දා තෙක් රිමාන්ඩ්" | "ඇතැම් නිලධාරීන් ආරක්‍ෂා කරන්න විමර්ශන නිලධාරීන් වැඩ කරනවා – කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ අරලියගහ මන්දිරය අසල හා ගාලු මුවදොර පිටියේ සාමකාමී විරෝධතාවක නිරතව සිටි පිරිසකට අමානුෂික ලෙස පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කළ මොරටුව නගරාධිපති සමන් ලාල් ප්‍රනාන්දු, සිංහලේ ජාතික සංවිධානයේ සභාපති ඩෑන් ප... |
""අරගලයට පහරදීම සනත් මිලාන් රිමාන්ඩ් – ගහපියව් – කුඩු කරපියව්,ඕකාව වටකර ගහපල්ලා කියමින් සනත්- මිලාන් පිරිස උසිගන්වලා – නි. සොලිසිටර් ජනරාල්"" | "සැකකරුවන්ගේ වගකීම ගැටුම් වැළැක්වීම වුවත් එසේ කළ බවක් පෙනෙන්නේ නෑ – මහෙස්ත්‍රාත් කියයිපසුගිය 9 වැනිදා අරලියගහ මන්දිරය අසල හා ගාලුමුවදොර පිටියේ සාමකාමි විරෝධතාවක නිරතව සිටි විරෝධතාකරුවන් පිරිසකට අමානුෂික ලෙස පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කළ හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත, ශ්‍රී ලංකා පොදු... |
"විජයග්‍රණයේ දවස අදයි" | "කොටි නායක ප්‍රභාකරන් මරණයට පත්වී මෙරට බෙදුම්වාදී ත්‍රස්තවාදය අවසන් වන්නේ මීට වසර 13 කට පෙර අද වැනි දිනකය. ඒ 2009 මැයි 19 වැනිදාය.කොටි නායක ප්‍රභාකරන්ට සිය මරණීය උණ්ඩය වැදී තිබුණේ නළලේ වම් පැත්තට වන්නටය. අවසන් මෙහෙයුමේදී විජයබා රෙජිමේන්තුවේ භටයකුගේ වෙඩි ප්‍රහාරයකින් ප්‍රභාගේ හිස සුනුවිසුණු විය. මැයි 17 වැනිදා වන විට නන... |
"දේශබන්දුගේ ප්‍රකාශය ගැන ප්‍රශ්න කිරීමට පොලිස්පති අද – සීඅයිඩීයට කැඳවයි" | "ගාලුමුවදොර අරගල භූමියට එල්ල වූ ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා අද (19 දා) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා ඇත. මෙම සිද්ධිය සම්බන්ධයෙන් බස්නාහිර පළාත භාර ජේ්‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ලබාදුන් ප්‍රකාශය සම්බන්ධයෙන් ප්‍රශ්න ... |
"අත්‍යවශ්‍ය සේවාවන්ට පමණක් ඉන්ධන දෙන්න ඉන්ධනහල් වෙන් කරයි" | "අත්‍යවශ්‍ය සේවාවලට පමණක් ඉන්ධන නිකුත් කිරීම සඳහා දිස්ත්‍රික් ලේකම්වරුන්ට බලය පවරමින් ඒ ඒ දිස්ත්‍රික්ක සඳහා ඉන්ධනහල් කිහිපයක් වෙන් කිරීමට අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයා පියවර ගෙන ඇත.ඒ අනුව දිස්ත්‍රික්ක විසිපහම ආවරණය වන පරිදි මෙම ඉන්ධනහල් නම්කර නිවේදනයක් නිකුත් කර තිබේ.මේ වනවිට රට තුළ බරපතළ ඉන්ධන අර්බුදයක් හටගෙන ත... |
"ගෙලිඔය ඉන්ධන හලට රැගෙන ආ ඩීසල් බවුසරයේ ජලය – බවුසරය හරවා යවයි" | "ගෙලිඔය ඉන්ධන හලට රැගෙන ආ ඩීසල් තොගයක ජලය හා අපද්‍රව්‍ය පැවතීම නිසා එහි රැස්ව සිටි පාරිභෝගිකයන් නොසන්සුන් වීම නිසා එම ඩීසල් බවුසරය නැවත හරවා යැවීමට කටයුතු යොදා ඇත.මෙම ඉන්ධන බවුසරය පැමිණි පසු එහි සාම්පල ගැනීමේදී මේ බව හෙළිවීම නිසා ඒ සම්බන්ධයෙන් ඛනිජ තෙල් සංස්ථාවට දැන්වීමට ද පියවර ගෙන ඇත.මෙසේ ආපසු යැවීමට කටයුතු කර ඇති ඩී... |
"රුධිර වායු විශ්ලේෂකවලට අවශ්‍ය ප්‍රතික්‍රීයක නෑ – රෝහල්වල දැඩි සත්කාර අධි සත්කාර ඒකකවලට අසාධ්‍යයි" | "රටපුරා රෝහල්වල දැඩි සත්කාර ඒකක :ෂක්‍ඹ* අධි සත්කාර ඒකක :්‍යෘඹ* පවත්වාගෙන යෑමට නොහැකි තත්ත්වයක් උද්ගතව ඇතැයි සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය පවසයි.එම ඒකක සඳහා අත්‍යවශ්‍ය රුධිර වායු විශ්ලේෂක යන්ත්‍රවලට අවශ්‍ය ප්‍රතික්‍රීයක නොලැබීම මෙම අර්බුදයට හේතු වී ඇතැයි ද එම සංගමය කියා සිටී. රුධිර වායු විශ්ලේෂක යන්ත්‍ර ක්‍රියාකර... |
"පෙට්‍රල් පෝලිමේ ඉන්න ත්‍රිරෝද රියැදුරෝ පාර්ලිමේන්තුවට බණිනවා මුන් මොනවද කරන්නේ අහනවා? – අගමැති රනිල් වික්‍රමසිංහ" | "තම කාර්යාලය ඉදිරිපිට ද ඉන්ධන ලබා ගැනීමට ත්‍රිරෝද රථ විශාල ප්‍රමාණයක් පෝලිමේ තිබෙන බවත් ඔවුන්ට අවශ්‍ය පෙට්‍රල් ලබාදීමට සහ රටේ පවතින ප්‍රශ්න විසඳීමට පක්ෂ විපක්ෂ සියලු දෙනාගේ සහාය අවශ්‍ය බවත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (18දා) පැවසීය.විපක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනකු විසින් අසන ලද ප්‍රශ්නවලට පිළිත... |
"ගෝල්ෆේස් මැර ප්‍රහාරයට මොරටුව නගරාධිපති සමන්ලාල් ඇතුළු 7 ක් දැලේ" | "පිරිස අතර ප්‍රා. සභා මන්ත්‍රීන් 3ක් හා ඩෑන් ප්‍රියසාද්ගාලු මුවදොර අරගල භූමියට කඩා වැදී අරගලකරුවන්ට අමානුෂික මැර ප්‍රහාර එල්ල කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මොරටුව නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දු ඇතුළු පුද්ගලයන් හත් දෙනකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ඊයේ (18 දා) අත්අඩංගුවට ගෙන ඇත.මෙසේ අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර කැල... |
"රිජ්වේ ළමා රෝහලේ ඖෂධ හා ශල්‍ය ද්‍රව්‍ය හිඟයක් – පරිත්‍යාගශීලීන්ගෙන් ආධාර ඉල්ලයි" | "කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහල තුළ ඖෂධ වර්ග රැසක සහ ශල්‍ය ද්‍රව්‍යවල දැඩි හිඟයක් ඇතැයි රෝහලේ අධ්‍යක්‍ෂ වෛi ජගත් විජේසූරිය මහතා ‘දිවයින’ ට ඊයේ (18 දා) පැවසීය.අත්‍යවශ්‍ය ඖෂධ වර්ග පනහක පමණ හිඟයක් ද පුළුන්, ගෝස්, නූල් ඇතුළු ශල්‍ය ද්‍රව්‍යයන් රැසක් ද රෝහලේ හිඟ බව පවසන අධ්‍යක්‍ෂවරයා ඖෂධ හිඟයක් තිබුණත් රෝගීන් භාර ගැනීම හෝ සැත්කම... |
"රජීව් ඝාතනයේ වරදකරුවෙක් නිදහස්" | "ඉන්දීය අගමැති රජීව් ගාන්ධි ඝාතනයේ වරදකරුවකු වූ ඒ. පී. පෙරරිවාලන් ඊයේ (18දා) ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිදහස් කරනු ලැබීය.2015 දී මොහුට සමාව දෙන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබිණි. පුරා වසර 31ක් මොහු සිරදඬුවම් විඳ ඇත. සිර ජීවිතයේ යහපත් කල්ක්‍රියාව මෙන්ම වෛi හේතු යන කරුණු මත මොහු නිදහස් කර ඇත. මේ වරදකරු... |
"පෙට්‍රල් නැතත් දහස් ගණනක් පෝළිම්වල" | "රටපුරා ඉන්ධන හල්වල පෙට්‍රල් සම්පූර්ණයෙන්ම පාහේ ඊයේ (18 දා) අවසන් වී තිබුණත් පෙට්‍රල් හා ඩීසල් ලබාගැනීම සඳහා දසදහස් ගණන් වාහන පෝළිම්වලට වී බලා සිටින අයුරු දක්නට ලැබිණ.මේ අතර ඉන්ධන අවසන්වීම හේතුවෙන් යතුරුපැදි හා වාහන අතරමඟ නතරව තිබූ අතර ඒනිසා වාහන හිමිකරුවන් දැඩි අසීරුතාවට පත්ව සිටියහ. මෙරට ඉන්ධන හල් 1100ක් පමණ තිබෙන අත... |
"ගාලුමුවදොර අරගලයට දින 41 යි" | "ජනාධිපතිවරයාට ඉවත්වන ලෙසට බලකරමින් හා ගෑස්, ඉන්ධන, විදුලිය යන අර්බුදවලට වහා විසඳුම් ලබාදෙන ලෙස ඉල්ලමින් කොටුව ගාලුමුවදොර ජනාධිපති ලේකම් කාර්යාලය අසල පැවැත්වෙන ජන අරගලය අද (19 දා) 41 වැනි දිනයටත් ක්‍රියාත්මක වේ.ජන අරගලයට පෙරේදා (17 දා) රාත්‍රියේ ද විවිධ පිරිස් එක්ව සිටි අතර විවාහ දිවියට පිවිසි යුවළක් ද අරගල භූමියට පැමි... |
"රණවිරු සැමරුමට සමගාමීව හමුදාවේ 8506 කට උසස්වීම්" | "ඊයේට (18දා) යෙදී තිබුණු 13 වැනි රණවිරු සැමරුමට සමගාමීව යුද හමුදා නිලධාරීන් 396 කට හා සෙසු නිලයන් 8110 කට උසස්වීම් ලබාදී ඇත. ජනපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ උපදෙස් මත යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා විසින් මෙම උසස්වීම් පිරිනමා ඇත.මේ නිලධාරීන් හා සෙසු නිලයන් ඔවුන්ගේ මීළඟ නිලයට උසස් කර ඇත. චතුර පමුණුව" |
"රණවිරු සැමරුමට සමගාමීව හමුදාවේ 8506 කට උසස්වීම්" | "ඊයේට (18දා) යෙදී තිබුණු 13 වැනි රණවිරු සැමරුමට සමගාමීව යුද හමුදා නිලධාරීන් 396 කට හා සෙසු නිලයන් 8110 කට උසස්වීම් ලබාදී ඇත. ජනපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ උපදෙස් මත යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා විසින් මෙම උසස්වීම් පිරිනමා ඇත.මේ නිලධාරීන් හා සෙසු නිලයන් ඔවුන්ගේ මීළඟ නිලයට උසස් කර ඇත. චතුර පමුණුව" |
"පාර්ලිමේන්තුව පිළිබඳ සමාජ වෛරය නැති කළ යුතුයි = මුදල් අයකර මන්ත්‍රීවරුන්ට සාමාන්‍ය කෑම වේලක් ඉල්ලා ලිපියක්" | "හිටපු ඇමැති රමේෂ් පතිරණමන්ත්‍රීවරුන් සහ කාර්ය මණ්ඩලය සඳහා සාධාරණ මුදලක් අය කර සාමාන්‍ය කෑම පාර්සලයක් ලබා දෙන ලෙස ඉල්ලා විශේෂ ලිපියකට අත්සන් කළ බව හිටපු ඇමැති වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (18දා) පැවසීය.සියලුම මන්ත්‍රීවරුන් තම පවුලේ අය සමග පැමිණ පාර්ලිමේන්තු භෝජනාගාරයෙන් කෑම කන බව ජනතාව සිතුවත් එය එසේ ... |
"රණවිරුවන් කළ අපරිමිත පරිත්‍යාගයන් සදා අමරණීයයි – රණවිරු දිනය වෙනුවෙන් ජනපතිගෙන් සුබපැතුම්" | "අභීත රණවිරුවා රට වෙනුවෙන් කළ කැපවීම් ආරක්ෂා වන්නේ ආර්ථික හා දේශපාලන අර්බුදය දඩමීමා කර ගනිමින් ජාතික ආරක්ෂාවට බලපෑම් කිරීමට වෙර දරන කණ්ඩායම් හා පුද්ගලයන් පරාජය කිරීමෙන් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රණවිරු දිනය වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරමින් පවසයි. එම පණිවුඩය මෙසේය. මාතෘ භූමියේ නිදහසත්, භෞමික අඛණ්ඩතාවත් රැක දුන් වී... |
"පෙරටුගාමීහු පක්ෂ කීපයක් සමග සාකච්ඡා පවත්වති" | "ජවිපෙත් ඉක්මනට සාකච්ඡාවක් දෙයි කියා හිතනවා – පුබුදු ජයගොඩ කියයිජන අරගලයේ අභිලාෂයන් ජයග්‍රහණය කිරීමේ ක්‍රියාමාර්ග, ආණ්ඩුව විසින් උද්ඝෝෂකයන්ට එරෙහිව මුදා හරින මර්දනය සම්බන්ධ වැඩපිළිවෙළ හා විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම” යන තේමා ඔස්සේ සාකච්ඡා කිරීමට පෙරටුගාමී සමාජවාදී පක්ෂය විපක්ෂයේ දේශපාලන පක්ෂ හා වාමාංශික පක්ෂ ගණනා... |
"සනත් – මිලාන් අත්අඩංගුවට: සීඅයිඩීය දේශබන්දුගෙන් ප්‍රශ්න කරයි" | "ප්‍රහාරයට පෙර ජොනිගේ කතා: මන්ත්‍රී 6කගෙන් සීඅයිඩීය ප්‍රකාශ ගනී ගාලුමුවදොර සාමකාමී විරෝධතාවේ නිරතව සිටි පිරිසකට ඉකුත් 09 වැනිදා පහර දීමේ සිද්ධියට චෝදනා එල්ලවී සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත සහ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මිලාන් ජයතිලක යන මහත්වරු අපරාධ ප... |
"අපනයන බහාලුම් ප්‍රවාහනය 90%කින් නැවතිලා" | "මේ වන විට අපනයන බහාලුම් ප්‍රවාහනය සියයට 90ක් පමණ නතර වී ඇතැයි සමස්ත ලංකා බහලුම් ප්‍රවාහන රථ හිමිකරුවන්ගේ ඒකාබද්ධ සංසදයේ සභාපති සනත් මංජුල මහතා පවසයි. අපනයන බහලුම් ප්‍රවාහනය සඳහා තම රථවලට ඔටෝඩීසල් ලබාදීමේ වැඩපිළිවෙළක් සකස් නොකළහොත් අපනයන බහලුම් ප්‍රවාහනය සම්පූර්ණයෙන්ම නතර වනු ඇතැයිද ඔහු සඳහන් කරයි. රටට සියයට 60ක් පමණ ඩ... |
"කෑගහන කී දෙනෙක් මගෙන් ඇමැතිකම් ඉල්ලුවද?" | "අගමැති රනිල් මැතිසබයේදී කියයි “මේ ආකාරයට තව සතියක් ගියොත් ඊළඟ සැරේ අපිට එන්න පාර්ලිමේන්තුවක් නැති වෙනවා‘’ යැයි අගමැති රනිල් වික්‍රමසිංහ පාරලිමේන්තුවේ දී ඊයේ (17දා) පැවසීය. වර්තමාන පාර්ලිමේන්තුවේ පවතින සංස්කෘතිය සමඟ ඉදිරියට යා නොහැකි බවත් ඒ නිසා පාර්ලිමේන්තු සභාවක් නිර්මාණය කිරීමට කර තිබෙන යෝජනාව ක්‍රියාත්මක කරන ලෙස ඉල... |
"කොටි ප්‍රහාරයක තොරතුරු නිසා ඉන්දීය සාගරයේ රැකවල් තර කරයි" | "එල්.ටී.ටී.ඊ.සංවිධානයෙන් ශ්‍රී ලංකාවට ප්‍රහාරයක් එල්ල වන බවට තොරතුරු ලැබීමත් උතුරේ වැසියන් ඉන්දියාවට පලායෑම වැඩිවීමත් නිසා ඉන්දියාව යළිත් වරක් නවීන පන්නයේ මෙහෙයුම් යාත්‍රා උපයෝගී කරගෙන ඉන්දීය සාගරයේ ආරක්ෂාව 17දා සිට වැඩි කොට තිබේ. උතුරේ වැසියන් ඉන්දියාවට පලායෑම වළක්වා ගැනීම සඳහා මෙහෙයුම් යාත්‍රා 16 ක් යොදවා තිබූ ඉන්දීය... |
"රෝහිණීට ඡන්ද 78 යි ඡන්ද 109ක් ලබා අජිත් රාජපක්ෂ නි. කථානායක පුටුවට" | "පක්ෂ 11 මන්ත්‍රීවරු ඡන්දය කටුගා දමති හම්බන්තොට දිස්ත්‍රික් පොදුජන පෙරමුණ මන්ත්‍රී අජිත් රාජපක්ෂ මහතා ඡන්ද 109ක් ලබා පාර්ලිමේන්තුවේ නව නියෝජ්‍ය කථානායක ලෙස ඊයේ (17දා) තේරී පත්විය. ඔහු සමග තරග කළ සමගි ජනබලවේගයේ මන්ත්‍රිනී රෝහිණී කවිරත්න මහත්මියට ඡන්ද 78ක් ලැබුණු අතර අවලංගු වූ ඡන්ද ප්‍රමාණය 23 කි. එහිදී ශ්‍රීලනිප සහ විමල... |
"පෝලීම්වල ඉන්න එපා! අද නැව එනතෙක් රටේ පෙට්‍රල් නෑ" | "කොළඹ වරායට අද (18 දා) පැමිණීමට නියමිත නෞකාවේ අඩංගු පෙට්‍රල් තොගය ගොඩබා බෙදාහරිනතුරු රට තුළ පෙට්‍රල් නැතැයි ලංකා ඛනිජ තෙල් සංස්ථාව කියා සිටී. දැනට සංස්ථාව සතුව තිබෙන පෙට්‍රල් මෙටි්‍රක් ටොන් 2000ක පමණ ප්‍රමාණය ඉන්ධනහල් වෙත බෙදා දුන්නත් එය ඉල්ලුම සපුරාලීමට ප්‍රමාණවත් නැතැයිද සංස්ථාව සඳහන් කළේය. එනිසා පෙට්‍රල් ලබා ගැනීමට ... |
"ස්ථාවර නියෝග අත්හිටුවා ජනපතිට අප්‍රසාදය පළ කිරීමට ගෙනා යෝජනාව පරදී" | "ජනපතිට අප්‍රසාදය පළකිරීමේ යෝජනාව ස්ථාවර නියෝග අත්හිටුවා ගෙන ඒමට කළ යෝජනාව වැඩි ඡන්ද 51 කින් පරාජය පත්විය. එම යෝජනාවට පක්‍ෂව ඡන්ද 68 ක්ද, ඊට විපක්‍ෂව ඡන්ද 119 ක්ද ලැබිණි. දෙමළ ජාතික සන්ධානයේ යාපනය දිස්ත්‍රික් මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන් මහතා එම යෝජනාව ඉදිරිපත් කළ අතර විපක්‍ෂයේ ප්‍රධාන සංවිධායක ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා ව... |
"ගෝල්ෆේස් අරගලයට දින 40යි: ඩිජිටල් තොරණක් හා බෞද්ධ චිත්‍රපටයක් ප්‍රදර්ශනයට" | "ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාට වහා ඉවත්වන ලෙස බලකරමින් කොටුව ගාලුමුවදොර ජනාධිපති ලේකම් කාර්යාලය අසල පැවැත්වෙන අඛණ්ඩ අරගලය අද (18දා) 40 වැනි දිනටත් ක්‍රියාත්මක වේ. පෙරේදා (16දා) රාත්‍රියේද අරගල භූමියේ වෙසක් බැති ගී ප්‍රසංගයක් පැවැත්විණි. මීට අමතරව දර්ශනීය ඩිජිටල් බෞද්ධ චිත්‍රපටියක්ද වෙසක් තොරණක් ද මහජනතාව වෙනුවෙන් ප්‍ර... |
"රු. ලක්‍ෂ 50ක් සාවද්‍ය පරිහරණය: නාලක ගොඩහේවාට එරෙහි නඩුව අගෝ. 3ට කල් යයි" | "පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ මහතාගේ සංකල්පයක් අනුව ආරම්භ කළ තාරුණ්‍යයට හෙටක් සංවිධානයට ලබාදුන් ශ්‍රී ලංකා විනිමය සුරැකුම්පත් කොමිෂන් සභාවට අයත් රුපියල් ලක්‍ෂ 50ක මුදලක් සිලෝන් ප්‍රිමියර් ස්පොර්ට්ස් ලිමිටඩ් ආයතනයට අයත් ගිණුමකට බැරකොට සාපරාධී සාවද්‍ය පරිහරණය කිරීම ඇතුළු අධිචෝදනා යටතේ හිටපු අමාත්‍ය ආචාර්ය නාලක ගො... |
"විරෝධතාකරුවන්ට පහරදුන් හිටපු පළාත් මන්ත්‍රී සහ තවත් අයෙක් රිමාන්ඩ්" | "පසුගිය 09 වැනිදා ගාලුමුවදොර පිටිය හා අරලියගහ මන්දිරය අසල සාමකාමී විරෝධතාවක නිරතව සිටි විරෝධතාකරුවන් පිරිසකට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබූ හිටපු බස්නාහිර පළාත් සභා මන්ත්‍රී අමල් සිල්වා ඇතුළු සැකකරුවන් දෙදෙනා අද (18දා) දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට කොටුව ම... |
"ක්‍ෂණික මිලදී ගැනීම් යටතේ ගෙන්වූ ඉන්ධන නැව් ප්‍රමාද ගාස්තු ඩොලර් ලක්ෂ 500 පනී!" | "ක්‍ෂණික මිලදී ගැනීම් යටතේ මෙරටට ගෙනා ඉන්ධන නෞකා සඳහා ඉකුත් මාස හතර හමාරක කාලයේදී ගෙවීමට සිදුවී ඇති ප්‍රමාද ගාස්තු, ද්විත්ව හැරවුම් ගාස්තු ප්‍රමාණය ඇමරිකානු ඩොලර් ලක්ෂ 500 ඉක්මවා ඇතැයි සමගි ඒකාබද්ධ වෘත්තීය සමිති බලවේගයේ කැඳවුම්කරු ආනන්ද පාලිත මහතා පවසයි. මේ වනවිටත් කොළඹ වරායේ ඉන්ධන නෞකා තුනක් නැංගුරම්ලා තිබෙන අතර එම නෞ... |
"ගුරු විදුහල්පතිවරු අද කොළඹදී විරෝධතාවක" | "රටේ සියලු ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් අද (18වැනිදා) පාසල් වේලාවෙන් පසු පස්වරු 2.00 ට කොළඹ දී දැවැන්ත විරෝධතාවක නිරත වන බව ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා “දිවයින”ට පැවැසීය. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා හා රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා වහා ගෙදර යා යුතු බවට බල කරමින් සහ පසුගිය 09දා අරලියගහ මැඳුර ඉ... |
"අදත් පැය 3යි විනාඩි 40ක විදුලිය කප්පාදුවක්" | "අදත් (18දා) පැය තුනයි විනාඩි හතළිහක් විදුලිය කපාහරින බව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම පැවසීය. ඒ අනුව දහවල් කාලයේ දී පැය දෙකක්ද රාත්‍රී කාලයේ පැයයි විනාඩි හතළිහක් ද මෙසේ විදුලිය කපා හැරේ. ජල විදුලි නිෂ්පාදනය ඉහළ ගොස් තිබුණත් තාප බලාගාරවලට අවශ්‍ය ඉන්ධන සැපයුම අඩාළ වී තිබෙන නිසා අඛණ්ඩව විදුලිය ලබාදීමට නොහැකි බව ලංවිම ඉ... |
"ඩොලරයට සාපේක්‍ෂව රුපියල 44%කින් පිරිහිලා" | "මේ වසරේ (2022) මුල සිට පසුගිය මැයි 12 වැනිදා දක්වා කාලයේදී ඇමරිකානු ඩොලරයට සාපේක්‍ෂව ශ්‍රී ලංකා රුපියල සියයට 44.3කින් පිරිහීමට ලක්ව ඇත. විශේෂයෙන් මේ වසරේ (2022) මාර්තු මාසයේ මුල සිට විනිමය අනුපාතයේ කැපී පෙනෙන අව ප්‍රමාණය වීමක් සිදුව ඇති බවද මහ බැංකුව නිකුත්කළ නවතම වාර්තාවක දැක්වේ. ශ්‍යාම් නුවන් ගනේවත්ත" |
"කුඩා වාහනයේ එන අගමැති ලේකම්ට ගේට්ටු ඇරෙන්නේ ප්‍රමාද වෙලා" | "වටිනාකමින් අඩු කුඩා වාහනයකින් සේවයට පැමිණෙන අගමැති ලේකම් සමන් ඒකනායක මහතාට කාර්යාල ගේට්ටුව විවෘත වීමට පසුගිය දින කිහිපයේ දී ප්‍රමාද වී ඇතැයි එම කාර්යාලයේ ප්‍රකාශකයෙක් ‘දිවයින’ට පැවසීය. අගමැති ලේකම්වරයා වෙනුවෙන් සුඛෝපභෝගී මෝටර් රථ තුනක් තිබියදී ඔහු වියදම් අඩුකිරීම සඳහා ඇක්වා වර්ගයේ කුඩා මෝටර් රථයකින් අගමැති ලේකම් කාර්ය... |
"අරගලයට පහරදීම වළක්වන්න හැදුවත් ලොක්කන් දෙදෙනෙක් බාධා කළා" | "දේශබන්දුගෙන් මානව හිමිකම් කොමිසමට ආන්දෝලනාත්මක ප්‍රකාශයක්ගාලුමුවදොර අරගලයට ප්‍රහාර එල්ල කිරීම වළක්වා ගැනීමට තමන් සකස් කර තිබූ විශේෂ ආරක්‍ෂක සැලසුම ක්‍රියාත්මක කිරීමට ආරක්‍ෂක අංශයට සම්බන්ධ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් දෙදෙනකු දැඩි බලපෑම් කළ බව බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතා මානව හිමිකම් කොම... |
"ජොනී – සනත් – පවිත්‍රා දේශබන්දු ඇතුළු 22 ක් අත්අඩංගුවට ගෙන උසාවි ගේන්න" | "* මහින්ද ගැන ඉදිරි පියවර විමර්ශන අධ්‍යයනයෙන් පසු* පොලිස්පතිට හා සීඅයිඩීයට නීතිපතිගෙන් නියෝගපසුගිය 09 වැනිදා අරලියගහ මන්දිරය අසල සහ ගාලුමුවදොර පිටියේ සාමකාමී විරෝධතාවක නිරතව සිටි විරෝධතාකරුවන් පිරිසකට අමානුෂික ලෙස පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් සහ එම ප්‍රහාර මැඬපැවැත්වීමට නිසි පියවර නොගැනීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍යවරුන් ... |
"දුෂ්කරම කාලය ඉදිරියටයි – අගමැති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්" | "* ගෑස් නැව්වලට ගෙවන්න ඩොලර් මිලියන පහක්වත් නෑ* පෙට්‍රල් තිබෙන්නේ එක් දිනකට පමණයි : ඩීසල් ප්‍රශ්නයට අද සිට සහනයක් ලැබේවි* ශ්‍රී ලංකන් පෞද්ගලීකරණය කිරීමේ යෝජනාවක්* තුන්වේල කන්න පුළුවන් රටක් ගොඩනගනවා* මම භාරගත්තේ අනතුරුදායක අභියෝගයක්* මේ අභියෝගය මම භාර ගත්තෙ රට වෙනුවෙන්* ජීවිතය පරදුවට තබා මම මේ අභියෝගයට මුහුණ දෙනවා. ඒ අභ... |
"ජල විදුලිය 100% ක් තිබුණත් දිගටම ලයිට් දෙන්න තාප බලාගාරත් වැඩ කළ යුතුයි – විදුලි ඉංජිනේරු සංගමයේ සභාපති" | "ජල විදුලි බලාගාර මගින් සියයට සියයක් විදුලිය නිපද වුවත් රට තුළ අඛණ්ඩව විදුලිය සැපයීම සඳහා තාප බලාගාර ද ක්‍රියාත්මක කළ යුතු බව විදුලි ඉංජිනේරු සංගමයේ සභාපති අනිල් රංජිත් මහතා ‘දිවයින’ට ඊයේ (15 දා) පැවසීය.රටේ උපරිම විදුලිය ඉල්ලුම මෙගාවොට් 2700-2800 වුවත් ජල විදුලිය, ගල්අඟුරු, සූර්ය, සුළං බලාගාරවලින් උපරිම නිෂ්පාදනය කළ හැ... |
"ඡන්දයකට කාලය නාස්ති නොකර නි. කථානායක පත්කර ගත යුතුයි- පො.පෙ. මහ ලේකම් සාගර කියයි" | "නියෝජ්‍ය කථානායකවරයකු පත්කර ගැනීමේදී රංජිත් සියඹලාපිටිය මහතා පත්කර ගැනීම වැනි කාලය නාස්ති කිරීමේ ක්‍රියාදාමයක් පාර්ලිමේන්තුව තුළ සිදුනොවිය යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මහ ලේකම් සාගර කාරියවසම් මහතා පැවසීය.ඡන්දයක් නොතියා නියෝජ්‍ය කථානායකවරයකු පත්කර ගැනීමට උත්සහ කරන බවත් මීට පෙර රංජිත් සියඹලාපිටිය මහතා නියෝජ්‍ය කථානා... |
"අද පාර්ලිමේන්තු එන මැති ඇමැතීන්ගේ ආරක්ෂාවට යුද හමුදාව සහ පොලිසිය" | "පාර්ලිමේන්තුව රැස් වෙන අද (17 දා) ඊට සහභාගි වන මැති ඇමැතිවරුන්ගේ ආරක්ෂාව පිළිබඳ වගකීම යුද හමුදාව සහ පොලිසිය භාරගත් බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ‘දිවයින’ට ඊයේ (16 දා) පැවසීය. පාර්ලිමේන්තුවට පිවිසෙන මාර්ගවල දැඩි ආරක්ෂක රැකවල් යොදවන අතර බුද්ධි අංශ සහ රහස් පොලිස් කණ්ඩායම් පාර්ලිමේන්තු සංකීර්ණය අවට සහ මහා මාර්ගවල ය... |
"අරගලයට පහරදුන් මැරයන් අල්ලන්නැයි පොලිස් මූලස්ථානය වටලති…." | "නිර්පාක්ෂික ජන අරගලයන්ට පහරදුන් මැරයන්, ඊට අනුබල දුන් හිටපු අගමැති, ඇමැතිවරුන් හා පොලිස් නිලධාරීන් ඇතුළු 24 දෙනකු වහා අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලමින් ඊයේ (16 දා) ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ සමාජවාදී තරුණ සංගමයේ පිරිස් පොලිස් මූලස්ථානය වටකර විරෝධතාවක යෙදී සිටි අයුරු. ඡායාරූපය – තිලිණ කළුතොටගේ" |
"ලිට්‍රෝ ගෑස් සිලින්ඩර් අසූදහස බැගින් හෙට සිට බෙදීමට ලෑස්තියි" | "දෛනිකව ලිට්‍රෝ ගෑස් ටැංකි අසූදහස (80,000) බැගින් හෙට (18 දා) සිට බෙදාහැරීමට කටයුතු කරන බව ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති ඉංජිනේරු විජිත හේරත් මහතා ‘දිවයින’ට ඊයේ (16 දා) පැවසීය.ගෑස් මෙටි්‍රක් ටොන් 3,700 ක් රැගත් නැවක් අද (17 දා) ‘දිවයින’ට පැමිණෙන බවත් එම නැවට අද මුදල් ගෙවන බවත් ඒ මහතා කීය. මීට අමතරව ගෑස් මෙටි්‍රක් ටොන් 3,6... |
"ඇමැතිකම් එපා: රට ගොඩගන්න සහාය දෙනවා – පක්‍ෂ 10 කණ්ඩායම කියයි" | "ඇමැති ධුර භාර නොගෙන රට ගොඩනැඟීමට ආණ්ඩුවට සහාය දීමට ස්වාධීන වූ පක්‍ෂ 10 කණ්ඩායම තීරණය කළ බව පිවිතුරු හෙළ උරුමයේ නායක හිටපු ඇමැති උදය ගම්මන්පිල මහතා පැවසීය.අග්‍රාමාත්‍ය කාර්යාලයේදී ඊයේ (16 දා) පෙරවරුවේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සමග පාර්ලිමේන්තුවේ ස්වාධීන වූ පක්‍ෂ 10 යේ නියෝජිතයෝ විශේෂ සාකච්ඡාවක් පැවැත්වූහ.රට වැටී ති... |
"තනතුරු නොගෙන රටට හිතැති වැඩවලට සහාය දෙනවා – සජබ තීරණය කරයි" | "නව ආණ්ඩුව රටේ ආර්ථිකය ගොඩනැගීම උදෙසා කරන, රටට හිතැති යහපත් කටයුතුවලට ඇමැති තනතුරු නොගෙන පාර්ලිමේන්තුවේදී පූර්ණ සහාය ලබා දීමට සමගි ජන බලවේගයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී ඊයේ (16දා) ඒකමතිකව තීරණය කර ඇත.රට පත්ව ඇති අර්බුදකාරී තත්ත්වයෙන් මුදා ගැනීම අත්‍යවශ්‍ය කරුණක් බව වගකීම් සහගත දේශපාලන පක්ෂයක් ලෙස සමගි ජන බලවේගයේ විශ්... |
"කලබලවලට සම්බන්ධ 398 ක් අල්ලයි – දාහක් හඳුනාගෙන: බොහෝ අය හැංගිලා" | "ඉකුත් 09 වැනිදා රට පුරා සිදුවූ කලහකාරී සිදුවීම්වලට සම්බන්ධ පුද්ගලයන් 398 දෙනකු ඊයේ (16 දා) වන විට අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව මහතා පවසයි.මේ අතර මෙම කඩාකප්පල්කාරී ක්‍රියාවන්ට සම්බන්ධ පුද්ගලයන් දහසකට අධික පිරිසක් මේ වන විට හඳුනාගෙන සිටින අතර එම පුද්ගලයන්ද ඉදිර... |
"දින තුනක් යන තෙක් තෙල් පෝළිම්වලට එන්න එපා – බලශක්ති ඇමැති ජනතාවගෙන් ඉල්ලයි" | "ඉන්ධන ලබා ගැනීම සඳහා ඊයේ (16 දා) දින තුනක් ගතවන තෙක් පෝළිම්වල රැඳී නොසිටින ලෙස බලශක්ති ඇමැති කාංචන විජේසේකර මහතා මහජනතාවගෙන් ඉල්ලා සිටී.එසේම ඊයේ සිට දින තුනක් යනතෙක් අනවශ්‍ය ලෙස ඉන්ධන රැස්කිරීමෙන් වළකින ලෙසද ඇමැතිවරයා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඊයේ (ඉල්ලීමක් කර ඇත.ඉන්දීය ණය යටතේ ඩීසල් මෙටි්‍රක් ටොන් 38,000 ක් රැග... |
"උණ්ඩියල් ක්‍රමයට විදෙස් මුදල් ගනුදෙනු කරන ස්ථාන වැටලීම ඇරැඹේ" | "නීත්‍යනුකූල නොවන මාර්ග හරහා විදේශ මුදල් ගනුදෙනු කරන මධ්‍යස්ථාන (උන්ඩියල් ගනුදෙනු) වැටලීමේ මෙහෙයුම් පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බළකාය එක්ව ආරම්භ කර ඇත.රට තුළ ඩොලර් ඇතුළු විදේශ මුදල්වල උග්‍ර හිඟයක් තිබියදී හොර රහසේ විදේශ මුදල් ගනුදෙනු කරන ආයතන පිළිබඳව ලැබුණු තොරතුරු මත මෙම මෙහෙයුම් ආරම්භ කර තිබේ.මෙම මෙහෙයුම්වලදී පැපිල... |
"පළාත් 4 කට ගාල්ල – මාතරට ඉදිරි දිනවලත් තද වැසි" | "තවත් ප්‍රදේශවලට දැඩි සුළංදිවයිනේ ප්‍රදේශ කිහිපයකට බලපා ඇති මිලි මීටර් 100 ක පමණ තද වැසි ඉදිරි දින කිහිපයේදීත් පැවැතිය හැකි බව කාලගුණ විiා දෙපාර්තමේන්තුව පවසයි. මේ අතර නිරිත දිග මෝසම් තත්ත්වය දිවයින හරහා නිර්මාණය වෙමින් පවතින බවද එම දෙපාර්තමේන්තුව පවසයි.බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍ර... |
"රටේ ආර්ථික අර්බුදය උත්සන්න වූ මොහොතක වගකීම් අතට ගැනීම බොහෝ දෙනා මගහැරියා" | "ඉදිරිපත්වීම අගය කරමින් තාවකාලික ආණ්ඩුවකට සහයදීම අපගේ යුතුකමක්පාඨලී චම්පික රණවක අගමැතිට ලිපියකින් කියයිරටේ ආර්ථික හා දේශපාලන අර්බුදයක් උත්සන්න වූ මොහොතක රටේ වගකීම දැරීම අතට ගත යුතු බොහෝ දෙනා විවිධ හේතු දක්වා මගහරිද්දී ඉදිරිපත්වීම අගය කරමින් සහ තාවකාලික අන්තර්කාලීන සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටු වන්නේ නම් එවැන්නකට සහයෝගය ල... |
"කලහකාරිව හැසිරුණු අරගලයට පහරදුන් මේ අය ඔබ දන්නවාද?" | "2022.05.09 වන දින කොල්ලුපිටිය හා ගාලුමුවදොර ප්‍රදේශයේ සිදු වූ ප්‍රචණ්ඩකාරි හා කලහකාරි සිද්ධීන් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් මේ වනවිට විමර්ශන පවත්වාගෙන යනු ලබයි. මේ දක්වා සිදු කරනු ලබන විමර්ශනවලට අදාළව පහත සඳහන් තැනැත්තන් හඳුනා ගැනීමට අවශ්‍යව ඇති බව පොලිස් මූලස්ථානය නිවේදනය කර තිබේ.එබැවින් මේ සඳහා මහජ... |
"යූරියා මෙටි්‍රක් ටොන් 65000ක් ඉන්දියාවෙන් දෙයි" | "කෘෂිකාර්මික කටයුතු සඳහා භාවිතා කිරීමට අවශ්‍ය යූරියා මෙටි්‍රක් ටොන් 65,000ක් ශ්‍රී ලංකාවට ලබාදීමට ඉන්දීය රජය තීරණය කර ඇතැයි ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය පවසයි. රට තුළ පවතින ආර්ථික අර්බුදය හමුවේ ඉදිරි යල කන්නයේ වී ගොවිතැනට අවශ්‍ය යූරියා ආනයනය සම්බන්ධව පවතින ගැටලුව ඉන්දියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් මිලින්ද මො... |
"බෙහෙත් ගෙන්වූ සැපයුම්කරුවෝ බ්ලැක්ලිස්ට් – ගෝස් කැබැල්ලේ සිට සේලයින් දක්වා නොමැතිවීමේ අවදානමක් – සෞඛ්‍ය අමාත්‍යාංශය මුදල් ගෙවා නෑ" | "අගමැතිට වාර්තාවක් දෙමින් එජාප නි. නායක කියයිරාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවට ඖෂධ සැපයූ ආනයනකරුවන්ට සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් මුදල් නොගෙවීම නිසා එම ආනයනකරුවන් අසාදු ලේඛනගත කිරීමට විදෙස් ඖෂධ සමාගම් කටයුතු කරමින් සිටින බව මෙරට ඖෂධ ගැටලුව සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ එක්සත් ජාතික පක්‍ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා අගමැති රන... |
"තොටළඟ තොරණ…." | "වෙසක් පුන් පොහොය සමරමින් තොටළඟ ශ්‍රී වෛශාඛ්‍යාලෝක සමිතිය විසින් 67 වැනි වරටත් සංවිධානය කරන තොටළඟ තොරණ ඊයේ (15 වැනිදා) ප්‍රදර්ශනය ආරම්භ විය. මෙවර තොරණින් පිළිබිඹු කෙරෙන්නේ සුතසෝම ජාතකයයි. තොරණ මෙම මස 21 වැනිදා දක්වා ප්‍රදර්ශනය කෙරේ. ඡායාරූපය – නිශාන් එස්. ප්‍රියන්ත" |
"ගෝල්ෆේස් අරගලයට දින 38යි – අරගල භූමිය වෙසක් කලාපයක් වෙයි" | "ජනාධිපතිවරයාට වහා ඉවත්වන ලෙසට බලකරමින් සහ ගෑස්, ඉන්ධන, විදුලිය අර්බුදයට වහා විසඳුම් ලබාදෙන ලෙස ඉල්ලමින් කොටුව ගාලුමුවදොර ජනාධිපති ලේකම් කාර්යාලය අසල පැවැත්වෙන අඛණ්ඩ විරෝධතාව අද (16 දා) 38 වැනි දිනයටත් ක්‍රියාත්මක වේ. ඊයේ 37 වැනි දිනයටත් ක්‍රියාත්මක වූ අරගල භූමියේ වෙසක් පොහොය නිමිත්තෙන් වෙසක් වැඩසටහන් රැසක් සංවිධානය කර... |
"පුවත ගැන ආරක්‍ෂක අංශ සීරුවෙන් – ශ්‍රී ලංකාවට 18දා කොටි ප්‍රහාරයක්?" | "ඉන්දීය බුද්ධි අංශ සාමාන්‍ය පුවතක් බව කියයිමෙරට රැකවල් තර කරයිඑල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් මෙම 18 වැනිදා ශ්‍රී ලංකාවට ප්‍රහාරයක් දියත් කිරීමට සැළසුම් කර ඇති බවට පසුගිය 13 වැනිදා The Hindu පුවත්පතේ ඇති පුවත සම්බන්ධයෙන් නිසි විමර්ශනයක් සිදුකර අදාළ ආරක්ෂක අංශ දැනුවත් කර ආරක්ෂාව තර කිරීම සඳහා සියලු ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම... |
"ඩීසල් නැව් 2ක් එයි – ඒත් රට පුරා පෙට්‍රල් හිගයි" | "ඉන්දීය ණය ආධාර යටතේ ඩීසල් මෙටි්‍රක් ටොන් 38,000 ක් රැගත් නැවක් ඊයේ (15 දා) කොළඹ වරායට පැමිණ ඇත.තවත් ඩීසල් නැවක් ඉන්දීය ණය ආධාර යටතේ ලබන බ්‍රහස්පතින්දා (19 දා) පැමිණීමට නියමිතය. කෙසේ වෙතත් සංස්ථාව සතුව සීමිත පෙට්‍රල් තොග පවතින නිසා ඉදිරි දිනවල පෙට්‍රල් හිඟයක් ඇතිවිය හැකි බව තෙල් සංස්ථා අභ්‍යන්තර ආරංචි මාර්ග පැවසීය.පසුග... |
"නි. කථානායක තේරීමට ඡන්දයක් – පොහොට්ටුවෙන් අජිත් සජබයෙන් රෝහිණී" | "පාර්ලිමේන්තුව හෙට (17දා) රැස්වූ විට නියෝජ්‍ය කථානායකවරයකු තෝරා ගැනීම සඳහා නැවත වරක් ඡන්ද විමසීමක් පැවැත්වීමට සිදුව ඇත. එම ධුරයෙහි කටයුතු කළ රංජිත් සියඹලාපිටිය මහතා ඉල්ලා අස්වීමෙන් පසු ඉකුත් 05 වැනිදා ඒ සඳහා පැවැති ඡන්ද විමසීමේදී නැවත වරක් ඒ මහතාම පත්විය. ඡන්ද 148 ක් ලබා පත්වූ ඒ මහතා ඊට පසුදින ඉල්ලා අස්විය. මෙලෙස නැවත ... |
"මන්ත්‍රී අමරකීර්ති සහ ආරක්‍ෂකයා ඝාතනයට නිට්ටඹුවේ දෙදෙනෙක් අත්අඩංගුවට" | "ගාලුමුවදොර අරගලකරුවන්ට පහරදීමේ සිද්ධියෙන් අනතුරුව ඉකුත් 09 වැනිදා දිවයින පුරා පැවති කළහකාරී තත්ත්වය තුළදී නිට්ටඹුව නගරයේදී පොලොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ සහ ඔහුගේ ආරක්ෂකයා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය පවසයි.මෙසේ අත්අඩ... |
"තවත් කැබිනට් ඇමැති පිරිසක් අද පත්වෙති" | "තවත් කැබිනට් ඇමැතිවරුන් පිරිසක් අද (16දා) පත්වීමට නියමිත බව වාර්තා වේ. පූර්ණ කැබිනට් මණ්ඩලයක් පත්වන තෙක් පාර්ලිමේන්තුවේ සහ රටේ අනෙකුත් කටයුතු නීත්‍යනුකූලව සහ ස්ථාවරව පවත්වාගෙන යෑම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නව කැබිනට් ඇමැතිවරු සිව්දෙනෙක් පෙරේදා (14 දා) පත්කරනු ලැබූහ. ඒ අනුව විදේශ කටයුතු ඇමැති ලෙස මහාචාර... |
"රාජ්‍ය සේවක පඩි ගෙවන්න සල්ලි අච්චු ගහන්න වෙයි – අගමැති බීබීසී සිංහල සේවයට කියයි" | "රාජ්‍ය සේවකයන්ගේ වැටුප් ගෙවීම සඳහා මුදල් මුද්‍රණය කිරීමක් සිදුකළ යුතු යැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.මුදල් මුද්‍රණය තම ප්‍රතිපත්තිය නොවුණත් මුදල් මුද්‍රණය කිරීමකින් තොරව රාජ්‍ය සේවයේ වැටුප් ගෙවිය නොහැකි තත්ත්වයක් නිර්මාණය වී ඇතැයි ද අගමැතිවරයා විiුත් නාලිකාවක පැවති සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් පැවසීය.මෙම වසර... |
"ඡන්දයක් එපා – ආණ්ඩුවේ 10 දෙනාගේ කණ්ඩායම කියයි" | "රට තුළ ඇතිවී තිබෙන අර්බුදකාරී තත්ත්වය මත තවත් දවසක් සහ මිලියන ගණනක මුදලක් වැයකර ඡන්ද විමසීමකින් නියෝජ්‍ය කථානායකවරයකු තේරීමට වඩා සියලු පක්‍ෂ නායකයන් එක්ව එක් මන්ත්‍රීවරයකු හෝ මන්ත්‍රීවරියක නිතරගයෙන් නියෝජ්‍ය කථානායක ලෙස පත්කරන ලෙස ආණ්ඩුව තුළ සිටින 10 දෙනාගේ කණ්ඩාම සියලු පක්‍ෂ නායකයන්ගෙන් ඉල්ලා තිබේ.මේ සඳහා නවක මන්ත්‍ර... |
"ආණ්ඩුවේ මැති ඇමැති 75 කගේ නිවාස ගිනි තියලා" | "ආණ්ඩු පක්ෂය නියෝජනය කරන ඇමැතිවරුන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 75 දෙනෙකුගේ දේපළවලට 09 වැනිදා සිට පෙරේදා (14 දා) දක්වා ගිනි තැබීම් හා හානිකිරීම් සිදුකර ඇතැයි වාර්තාවේ.හිටපු අගමැති මහින්ද රාජපක්ෂ, දිනේෂ් ගුණවර්ධන, වෛi රමේෂ් පතිරණ, ප්‍රසන්න රණතුංග, විමලවීර දිසානායක, මොහොන් ප්‍රියදර්ශන ද සිල්වා, විදුර වික්‍රමනායක, ෂෙහාන... |
"කලබලවලින් පෞද්ගලික බස් 50 ක් විනාශයි – ගැමුණු කියයි" | "රට තුළ පසුගිය 09 වැනිදා ඇතිවූ කළහකාරි සිද්ධීන් හමුවේ මගී ප්‍රවාහනයේ යෙදෙන පෞද්ගලික බස් රථ 50 කට පහරදී ගිනි තබා විනාශ කිරීමෙන් රුපියල් කෝටි 40 කට අධික අලාභයක් සිදුව ඇතැයි ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා ‘දිවයින’ ට ඊයේ (14 වැනිදා) පැවසීය.මෙම තත්ත්වය තුළ එම බස් රථ හිමිකරුවන්, ඔවුන්ගේ දරු... |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.