Title stringlengths 9 246 | Content stringlengths 3 62.9k |
|---|---|
"එළවළු මිල නහුතෙට නගී" | "දැනට රට පුරා පවතින ඉන්ධන අර්බුදය හේතුවෙන් ආර්ථික මධ්‍යස්ථානවලට පැමිණෙන එළවළු ලොරිවල විශාල අඩුවීමක් පවතින බැවින් එළවළු මිල ඉතා අධික ලෙස ඉහළ ගොස් ඇති බව සමස්ත ලංකා විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන හා මැනිං වෙළෙඳ සංගමයේ සභාපති අරුණ ශාන්ත හෙට්ටිආරච්චි මහතා ඊයේ (15දා) ‘දිවයින’ට පැවසීය.පසුගිය කාලයේ සිදුවූ පොහොර හිඟය නිසා එළවළු නිෂ... |
"ආර්ථිකයේ ඇත්ත තත්ත්වය අද ඇමැතිවරුන්ට කියනවා – අගමැති කියයි" | "ලෝක බැංකුව සහ ආසියානු සංවර්ධන බැංකුව සමග පැවැති සාකච්ඡා සාර්ථකයිඉන්ධන ගන්න වෙනත් මාර්ගවලින් ඩොලර් හොයනවාරටේ වර්තමාන ආර්ථික තත්ත්වය පිළිබඳ සිදුකළ සමාලෝචන සියල්ල අවසන් කර ඇති බවත් ඒ ගැන තමා අද :16 දා* ඇමැති මණ්ඩලයට වාර්තා කිරීමට බලාපොරොත්තු වන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීයගරටේ ආර්ථික තත්ත්වය ගැන ඊයේ :1... |
"අර්බුදය විසඳීමට නම් උද්දච්චකම පසෙක තබා පොහොට්ටු හා සජබ නායකයන් ක්‍රියා කළ යුතුයි" | "චෞරයන් නොවන දේශපාලනයක් අවශ්‍යයි– ඩලස් අලහප්පෙරුමරට මුහුණදී තිබෙන දැඩි පීඩක ආර්ථික අර්බුදය විසඳීමේ පළමු පියවර විය යුත්තේ පොහොට්ටුවේ සහ සජබයේ නායකයන් විසින් වසර දෙකකට ආසන්න කාලයක් ආභරණයක් සේ රැකබලාගත් උද්දච්චකමල උඩඟුකම සහ ආත්මාර්ථකාමී බව පසෙකින් තැබීම බව හිටපු ඇමැති ඩලස් අලහප්පෙරුම පවසයිගඑමෙන්ම ජනතාව දැවෙනල පිළිස්සෙන මේ... |
"අර්බුද මැද වුවත් අනුරාධපුර සැදැහැවතුන්ගෙන් පිරී යයි" | "සම්බුදු තෙමඟුල සිහි කෙරෙන වෙසක් පුර පසළොස්වක පොහොය යෙදුණු ඊයේ (15 දා) අනුරාධපුර පිහිටි ඓතිහාසික ජය ශ්‍රී මහා බෝ සමිඳුන්, රුවන්වැලිසෑය ඇතුළු අටමස්ථානය, මිහින්තලය සහ තන්තිරිමලය ඇතුළු වෙහෙර විහාරස්ථාන බැතිමතුන්ගෙන් පිරී ගොස් තිබුණි.පාස්කු ප්‍රහාරය සහ කොරෝනා වසංගතය හේතුවෙන් වසර තුනකට වැඩි කාලයක් වෙහෙර විහාරස්ථානවලට නොපැමි... |
"අදත් විදුලිය විසන්ධි කිරීමක් නෑ" | "අද (16 දා) දිනයේත් විදුලි කප්පාදුවක් නොකරන බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පැවැසීය.පවතින විදුලි ඉල්ලුම සැලකිල්ලට ගෙන අනිද්දා (17 දා) විදුලිය විසන්ධි කරනවාද, එය කොපමණ කාලයකටද යන්න තීරණය කරන බවද ඒ මහතා කීය.බලාගාර ආශ්‍රීත ප්‍රදේශවලට අධික වර්ෂාපතනයක් ලැබී තිබීම නිසා විදුලි අවශ්‍යතාවෙන් සැලකිය යුතු ප්‍රමාණ... |
"අත්‍යවශ්‍ය භාණ්ඩ සැපයුම්කරුවන්ට කොටස් වශයෙන් හිඟ මුදල් ගෙවිය යුතුයි – වජිරගෙන් අගමැතිට වාර්තාවක්" | "ආහාර ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ සැපයුම්කරුවන් සඳහා ගෙවීමට තිබෙන මුදල් කොටස් වශයෙන් හා ක්‍රමානුකූලව ගෙවීමට කටයුතු කළ යුතු බව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සැපයීමේ කමිටුවේ සභාපති හිටපු ඇමැති වජිර අබේවර්ධන මහතා විසින් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා වෙත කමිටු වාර්තාවක් ඉදිරිපත් කරමින් පෙන්වා දී ඇත.අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ උප... |
"කිරිපිටි මිල යළිත් ඉහළට" | "ආනයනික ග්‍රෑම් 400 කිරි පැකට්ටුවක මිල ඉහළ දමා තිබේග ඒ අනුව ආනයනික ග්‍රෑම් 400ක කිරිපිටි පැකට්ටුවක නව මිල වනුයේ රුපියල් 1020 කිග මීට පෙර ආනයනික ග්‍රෑම් 400 කිරිපිටි පැකැට්ටුවක මිල වූයේ රුපියල් 790 කි. ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්" |
"ජනපතිට යන්න කියන පෙත්සමට ඕමල්පේ හිමියෝත් අත්සන් කරති" | "ජනාධිපතිවරයාට ඉවත් වන ලෙස බලකරමින් ගාල්ලේ ‘ගෝඨාගෝගම’ ලෙස නම්කර ගත් අරගල භූමියේ ක්‍රියාත්මක හැත්තෑලක්ෂයේ මහජන පෙත්සමට දක්ෂිණ ලංකාවේ ප්‍රධාන අධිකරණ සංඝනායක ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියෝ ද අත්සන් කළහ.අරගල භූමියට වැඩම කළ ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියෝ මෙකී මහජන පෙත්සමට අත්සන් තැබීමෙන් පසු අරගලභූමියේ සත්‍යග්‍රහයේ නිරත පිරිසට ආශිර... |
""උණ්ඩියල් ක්‍රමයට ඩොලර් 47,000 ක් විකිණූ දෙදෙනෙක් STF දැලේ"" | "බැංකුගත නොකර උණ්ඩියල් ක්‍රමයට මහ බැංකුව මගින් ප්‍රකාශිත ඩොලරයේ වටිනාකමට වඩා වැඩි වටිනාකමකට ඩොලර් 47,000 ක් අලෙවි කිරීම සහ ඒ සඳහා ආධාර අනුබල දුන් බව කියන පුද්ගලයන් දෙදෙනකු පොලිස් විශේෂ කාර්ය බළකාය මගින් පෙරේදා (13 වැනිදා) බොරලැස්ගමුවේදී අත්අඩංගුවට ගෙන තිබේ.රුපියල් එක්කෝටි හැත්තෑඑක් ලක්ෂ පනස්පන් දහසකට ආසන්න වටනාකමින් යු... |
""උණ්ඩියල් ක්‍රමයට ඩොලර් 47,000 ක් විකිණූ දෙදෙනෙක් STF දැලේ"" | "බැංකුගත නොකර උණ්ඩියල් ක්‍රමයට මහ බැංකුව මගින් ප්‍රකාශිත ඩොලරයේ වටිනාකමට වඩා වැඩි වටිනාකමකට ඩොලර් 47,000 ක් අලෙවි කිරීම සහ ඒ සඳහා ආධාර අනුබල දුන් බව කියන පුද්ගලයන් දෙදෙනකු පොලිස් විශේෂ කාර්ය බළකාය මගින් පෙරේදා (13 වැනිදා) බොරලැස්ගමුවේදී අත්අඩංගුවට ගෙන තිබේ.රුපියල් එක්කෝටි හැත්තෑඑක් ලක්ෂ පනස්පන් දහසකට ආසන්න වටනාකමින් යු... |
"අයහපත් කාලගුණයෙන් 2352 ක් පීඩාවට" | "පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මේ වන විට පවුල් 601 කට අයත් පුද්ගලයන් 2352 දෙනකු පීඩාවට පත් වී ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.පීඩාවට පත්ව මේ වන විට සුරක්‍ෂිත මධ්‍යස්ථාන 3 ක රැඳී සිටින පුද්ගලයන් සංඛ්‍යාව 25 කි. පීඩාවට පත් පුද්ගලයන් 1362 ක් ඥාති නිවාසවල රැඳී සිටින බව ද එම මධ්‍යස්ථානය කියයි.අයහපත් කාලගුණික ... |
"අභියෝගයට මම ලෑස්තියි- අගමැති රනිල් වික්‍රමසිංහ: පළමු සංචාරය ඉන්දියාවට" | "රටේ ජනතාව සාගින්නේ පෙළෙන හා පෝලිම්වල පීඩා විඳින අවස්ථාවක ඉන් රට බේරා ගැනීම සඳහා වූ අභියෝගයට තමා මුහුණ දෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට පැවසීය. තමාට මෙම අවස්ථාවේදී පටු දේශපාලන ආකල්ප අවශ්‍ය නැති බවත්, විද්වත් වෘත්තිකයන්ගේ, විවිධ මත දරන දේශපාලන පක්‍ෂවල ද සහයෝගය ලැබෙනු ඇතැයි විශ්වාස කරන ... |
"අරගලයට දින 37 යි" | "ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට වහා ඉල්ලා අස්වන ලෙසට බල කරමින් කොටුව ජනාධිපති ලේකම් කාර්යාලය අසල පැවැත්වෙන විරෝධතාවය අද (15 වැනිදා) 37 වැනි දිනයටත් ක්‍රියාත්මක වෙයි. වෙසක් පොහෝ දිනය නිමිත්තෙන් අරගල භූමිය තුළ බෞද්ධ කොඩි හා වෙසක් සැරසිලිවලින් සරසා තිබෙනු දැකගත හැකිවිය. පසුගිය අප්‍රේල් 09 වැනිදා ආරම්භ වූ මෙම විරෝධතාවට නීති... |
"ජුනි මාසයට ඉන්ධන නැවක් ඇණවුම් කර නෑ!" | "ජුනි මාසයේ මෙරටට කිසිදු ඉන්ධන නැවක් ඇනවුම් කර නොමැති නිසා රටේ ඉන්ධන අර්බුදයක් ඇතිවිය හැකි යැයි තෙල් සංස්ථා අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි. මෙම මස 16, 17 දිනවල ඉන්දියන් ණය යටතේ ඩීසල් නැව් දෙකක් සහ ඉන්පසු පෙට්‍රල් නැවක් පැමිණීමට නියමිත බවත් එම ආරංචි මාර්ග පැවසීය. මෙම නැව් පැමිණීමෙන් පසු ඉන්දීය ණය යටතේ මෙරටට ඉන්ධන ලබාද... |
"ඩොලරය පහතට" | "ඇමෙරිකානු ඩොලරයක් සඳහා වන රුපියල් අගයෙහි සුවිශේෂී ලෙස පහළ යෑමක් පෙරේදා (13 වැනිදා) වාර්තා වූ අතර ඊට හේතු වී ඇත්තේ මහ බැංකුව විසින් වාණිජ බැංකුවල ප්‍රධාන විධායක නිලධාරීන්ට ලිඛිතව ලබා දී ඇති නව මෙහෙයුම් උපදෙස්ය. එම ලිපිය මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා විසින් ඉකුත් 12 වැනිදා යවා ඇත. මේ අනුව විනිමය අනුපාතිකය... |
"රනිල්ට පොහොට්ටුවේ උපරිම සහාය" | "දේශපාලන පක්ෂයක් ලෙස ස්වාධීනත්වය රැකගෙන රට මුහුණදී තිබෙන ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා වත්මන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට තම පක්ෂයේ සහයෝගය ලබදෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගාර කාරියවසම් මහතා පැවසීය. මේ අවස්ථාවේ දේශපාලනයට වඩා රට ආර්ථික අර්බුදයෙන් ගොඩගැනීම ප්‍රධාන කාර්ය බැවින් ඒ ස... |
"ජන දුක නිවන්න හරීන් හර්ෂ දැඩි ස්ථාවරයක" | "අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අන්තර්කාලීන රජයට සම්බන්ධවීමට ආරාධනා කළහොත් රට වෙනුවෙන් කරන යහපත් ක්‍රියාදාමයකදී කකුළෙන් නොඇද ඊට සහය ලබාදිය යුතු යැයි සමගි ජනබලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනාන්දු මහතා ‘ ඉරිදා දිවයින සංග්‍රහය’ට පැවසීය. ගාලුමුවදොර (ගෝඨාගෝගම) අරගලයට පාදක වූ තරුණ අභිලාෂයන් හා මුඛ්‍ය අරමුණු පාවා... |
"උතුම් සම්බුදු තෙමඟුල අද" | "ලෝකවාසී බෞද්ධ සැදැහැවතුන් අතිමහත් බැතියෙන් යුතුව සමරන වෙසක් පුන් පොහෝ දිනය අදට (15 දා) යෙදී ඇත. බෝසත් කුමරුගේ ඉපදීම, සිදුහත් බෝසතාණන් වහන්සේ බුද්ධත්වයට පත්වීම සහ බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණය යන බුදු තෙමඟුල සිදුවූයේ අද වැනි අසිරිමත් වෙසක් පුන් පොහෝ දිනකය. ලෝක බෞද්ධ මහා සම්මේලනයේ යෝජනාවකට අනුව වෙසක් පුර පසලොස්වක පොහෝ... |
"සජබ ඇමැති ධුර ගන්නවා නම් ඉක්මනට නම් එවන්න" | "රට බරපතළ දේශපාලන සහ ආර්ථික අර්බුදයකට මුහුණ දෙමින් පවතින අවස්ථාවක නව අමාත්‍ය මණ්ඩලය පත්කිරීම ද බොහෝ කල් දැමීමට නොහැකි බැවින් ඊට සමගි ජනබල පක්‍ෂයෙන් ද ඇමැතිවරුන් ඇතුළත් කළ යුතු නම් නොපමාව දැනුම් දෙන ලෙස ආරාධනා කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විපක්‍ෂ නායක සහ සමගි ජනබල පක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වෙත ලිපියක් යවමි... |
"මන්ත්‍රී ආරක්ෂාව තර කෙරේ: 1ට 6ක් ටී. 56 2ක්" | "පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්‍ෂාවට යොදවා ඇති පොලිස් නිලධාරීන්ගේ සංඛ්‍යාව 6 දක්වා ඉහළ නංවා තිබේ. විශේෂ චක්‍රලේඛයක් අනුව එම පියවර ගෙන ඇති අතර එම 6 දෙනාගේ කණ්ඩායමට උප පොලිස් පරීක්‍ෂකවරයකු ද ඇතුළත් වේ. එම ආරක්‍ෂක කණ්ඩායම්වලට ටී. 56 ගිනි අවි දෙක බැගින් නිකුත් කිරීමට ද අවසර දී තිබේ. මීට පෙර නිලධාරීන් 2 – 4 ත් අතර සංඛ්‍ය... |
"මහින්ද ඇතුළු පිරිස අත්අඩංගුවට ගන්න ඉල්ලන නඩුව සලකා බැලීම 17 වැනිදා" | "පසුගිය 9 වැනිද අරලියගහ මන්දිරයේ සහ ගාලුමුවදොර පිටියේ විරෝධතාවයක නිරතව සිටි සාමකාමී විරෝධතාකරුවන් පිරිසකට අමානුෂික ලෙස පහරදී බරපතළ තුවාල සිදු කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු අගමැති මහින්ද රාජපක්ෂ, හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු, පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත, මොරටුව නගරාධිපති සමන් ලාල් ප්‍රනාන්දු සහ ජ්‍යෙෂ්ඨ ... |
"රනිල්ගේ ආණ්ඩුවට සජබ සහාය දෙන්නේ නෑ!" | "සජබ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර අගමැති රනිල් වික්‍රමසිංහ මහතා යටතේ රජයක් පවත්වාගෙන යෑමට සමගි ජනබලවේගය පක්‍ෂයේ සහයක් ලබාදෙන්නේ නැතැයි සජබ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා පැවසීය.රනිල් වික්‍රමසිංහ මහතා අගමැතිවරයා ලෙස පත් කළ ද පාර්ලිමේන්තුව තුළ බහුතරයක් නැතැයි ද ඊයේ (13 දා) පැවති මාධ්‍ය හමුවකදී රංජිත් මද්දුමබණ්ඩාර මහතා ... |
"රනිල්ගේ සහායට එජාපයෙන් පස්කට්ටුවක්" | "සාගල-ඉන්ධන හා ගෑස්, රුවන්-බෙහෙත්, වජිර හා රංගෙ-ආහාර, අකිල-පොහොර රටේ පවතින බරපතළම අර්බුද වන ඉන්ධන, ඖෂධ, අත්‍යවශ්‍ය භාණ්ඩ සහ පොහොර ලබාදීම සම්බන්ධයෙන් පවතින ගැටලු සහ ඒවාට විසඳුම් ලබාදීම සම්බන්ධයෙන් සොයා බලා වහාම වාර්තාවක් ලබා ගැනීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්‍ෂයේ හිටපු මන්ත්‍රීවරුන් පස්දෙනකු පත්... |
"වෙසක් සැරසිලි මිල අහස උසට" | "මෙවර වෙසක් සමයේ ප්‍රදේශයේ පන්සල්, නිවෙස් ඇතුළු විවිධ ස්ථානවල විවිධ සැරසිලි සඳහා භාවිතා කරන සව්කොළ ඇතුළු අනෙකුත් ද්‍රව්‍යයන්ගේ මිල අධික ලෙස ඉහළ ගොස් ඇති බව පාරිභෝගිකයෝ පවසති. පෙර රුපියල් රුපියල් 5ක පමණ මිලකට තිබූ සව් කොළයක මිල මේ වන විට රු. 15 දක්වාද, ලොකු ඉටිපන්දමක මිල රු. 100 දක්වාද ඉහළ ගොස් ඇති අතර ඊට අමතරව බකට් සහ ... |
"ආණ්ඩුවේ කොටස්කරුවන් වෙන්නේ නෑ…ජනතාවාදී තීරණවලට සහාය දෙනවා- ශ්‍රීලනිපය තීරණය කරයි" | "චමින්ද සිල්වා අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ රජයේ කොටස්කරුවන් නොවන බවත් කිසිදු ඇමැති ධුරයක් හෝ වෙනත් තනතුරක් භාර නොගැනීමටත් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය තීරණය කර ඇත. නව අගමැතිවරයා පත් කිරීමෙන් පසු රජයක් පිහිටුවීමට අමාත්‍ය ධුර භාර ගන්නා ලෙස ආරාධනා ලැබී ඇතැයි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සභාපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඊයේ (13... |
"රනිල් හදන ආණ්ඩුව" | "සිරිමන්ත රත්නසේකර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අගමැති ධුරය භාරගැනීමට කල් මරා පසුව කැමැත්ත පළකිරීම මනාලිය පෝරුවට නැග පෝරුවේ චාරිත්‍ර ඉටු කරද්දි ඇයට කැමැති යැයි පවසා ලියුමක් යැවීම හා සමාන කටයුත්තක් බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා ඊයේ ( 13 දා) සඳහන් කළේය. සජිත් ප්‍රේමදාස මහතා අනුගමනය කරන ළපටි ප... |
"මානව හිමිකම් කොමිසම දේශබන්දුගෙන් ප්‍රශ්න කරයි" | "ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ චමින්ද සිල්වා බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඊයේ (13 වැනිදා) උදේ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වෙත පැමිණියේය. පසුගිය 09 වැනිදා ගාලු මුවදොර, අරලියගහ මැඳුර අසල සහ රටේ විවිධ ප්‍රදේශවල ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වයන්හිදී නීතියේ ආධිපත්‍ය තහවුරු කිරීම... |
"රනිල් ඇමරිකා” චීන” ජපාන තානාපතිවරුන් හා ඉන්දීය මහකොමසාරිස් හමුවෙයි" | "අගමැති ධුරයෙහි වැඩ භාරගැනීමෙන් පසු රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (13 දා) මෙරට සිටින ඇමරිකානු සහ චීන සහ ජපාන තානාපතිවරුන් ද ඉන්දීය මහකොමසාරිස්වරයා ද හමුවිය. ඊයේ පෙරවරුවේ රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා හමුවූ අතර දහවල් ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මහත්මිය සහ චීන තානාපති කුයි ෂෙන්හොන්ග් මහතා හමු... |
"බැසිල්ගේ මල්වානේ නඩුව තවදුරටත් පවත්වනවාද නැද්ද තීන්දුව ජුනි 3දා" | "මිනුවන්ගොඩ – ටෝනි කරුණානායක දොම්පේ” මල්වාන” මාපිටිගම ප්‍රදේශයෙන් අක්කර දහසයක් විශාල වූ ඉඩමක් මිලට ගෙන එහි සුවිසල් නිවසක් සහ නාන තටාකයක් ඉදිකර ගොවිපොළක් පවත්වාගෙන යමින් රජයේ මුදල් අවභාවිතා කිරීමේ චෝදනා සම්බන්ධයෙන් නීතිපති විසින් අධි චෝදනා තුනක් යටතේ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ සහ තිරුකුමාරන් නඩේසන් යන විත්තිකරුවන් දෙද... |
"රුපියල පණ ලබයි ඩොලරය රු. 365ට බසී" | "ශ්‍යාම් නුවන් ගනේවත්ත ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ඊයේ (13දා) ප්‍රකාශයට පත් කරන ලද නිල විනිමය අනුපාත අගයන්වලට අනුව ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් ක් 365 ක් දක්වා ඊයේ (13දා) අඩු විය. මේ අනුව පෙරේදා (12දා) රුපියල් 377.49 ක් වූ ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල ඊයේ රුපියල් ක් 364.51 ක් දක්වා රුපියල් 12.51 කින් අඩු වී ත... |
"ජනමතයට පටහැනි ආණ්ඩුවක ඇමැති ධුර අපට එපා – සජිත් ජනපතිට ලියයි" | "ජනමතයට පටහැනිව පිහිටුවන අමාත්‍ය මණ්ඩලයකට සමගි ජනබලවේගය විසින් කිසිදු සාමාජිකයකු යෝජනා නොකරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යවමින් සඳහන් කරයි. විපක්‍ෂ නායකවරයා ජනාධිපතිවරයා වෙත යවා ඇති ලිපියෙහි මෙසේ ද සඳහන් කර ඇත. ඔබතුමා මා හට අගමැති ධුරය භාර ගන්නා ලෙස ආරාධනා කරන විට මා එ... |
"නව අග්‍රාමාත්‍ය ධුරය සම්බන්ධයෙන් ජනපතිට එරෙහි යෝජනාවක් ගෙන එනවා" | "දිනසේන රතුගමගේ ව්‍යවස්ථාවෙන් පරිබාහිරව හා සම්ප්‍රදායෙන් බැහැරව රනිල් වික්‍රමසිංහ මහතාව අග්‍රාමාත්‍ය ධුරයට පත් කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට එරෙහි පාර්ලිමේන්තුව තුළ අප්‍රසාදය පල කෙරෙන යෝජනාවක් ගෙන එන බව දෙමළ ජාතික සන්ධානයේ යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා පැවසීය. මාධ්‍ය වෙත අදහස් දක්වමින... |
"ඊ. එම්. එස්. බී. ඒකනායක අග්‍රාමාත්‍ය ලේකම් ධුරයට" | "අග්‍රාමාත්‍ය ලේකම්වරයා ලෙස ඊ. එම්. එස්. බී. ඒකනායක මහතා පෙරේදා (12 දා) පස්වරුවේ කොළඹ” කොටුව ජනාධිපති මන්දිරයේදී ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් මහතා අතින් සිය පත්වීම් ලිපිය ලබා ගත්තේය. ඒකනායක මහතා ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ විශ්‍රාමික නිලධාරියෙකි. 2015 – 2019 කාලය තුළ තෙවතාවක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ... |
"නව අගමැති රනිල්" | "කෘතහස්ත දේශපාලනඥයකු වන එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා අන්තර්වාර රජයේ අග්‍රාමාත්‍යවරයා ලෙස ඊයේ (12 දා) සවස සුබ මොහොතින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය. නිදහස් ශ්‍රී ලංකාවේ පස්වරක් අගමැති පදවිය හෙබවූ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මෙරට වැඩිම වාර ගණනක් අගමැති ධුරය හෙබවූ පුද්ගලයා ලෙස... |
"රනිල් සමග කටයුතු කිරීමට ඇමරිකාව බලා සිටිනවා – ඇමරිකානු තානාපති" | "නව අග්‍රාමාත්‍යවරයා ලෙස පත්වූ රනිල් වික්‍රමසිංහ මහතා සමඟ කටයුතු කිරීමට අපේක්ෂාවෙන් පසුවන බව ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනි ජූලි චන්ග් මහත්මිය ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කරයි. නව අගමැතිවරයාගේ පළමු කාර්ය ලෙස සර්ව පාක්ෂික රජයක් පිහිටුවා ඒ ඔස්සේ අර්බුද විසඳා රට ස්ථාවර කිරීම වෙනු ඇතැයි අපේක්ෂා කරන බව ද ඇය සඳහන්... |
"අගමැති වීමට සූදානම්: සජිත්ගෙන් ජනපතිට ලිපියක්" | "විපක්ෂයේ ප්‍රධාන පක්ෂය ලෙස ජාතික සමගි බල සන්ධානය ආණ්ඩුව පිහිටුවා එහි නායක ලෙස තමා අගමැති ධුරය භාර ගැනීමට සූදානම් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ඊයේ (12 දා) ලිඛිතව දැනුම් දුන්නේය. විපක්ෂ නායකවරයා විසින් ජනාධිපතිවරයාට යවා ඇති ලිපියේ මෙසේ ද සඳහන් වෙයි. පසුගිය දිනක ඔබතුමා දුරකථනයෙන් ම... |
""ගෝල්ෆේස් ප්‍රහාරය: මහින්ද, නාමල්, ජොනී, දේශබන්දු ඇතුළු 24කට විදේශ ගමන් තහනමක්"" | "හිටපු අගමැති මහින්ද රාජපක්ෂ, හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු සහ කොළඹ දිසාව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු 24 දෙනෙකුට විදේශගතවීම වළක්වමින් කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඊයේ (12දා) තහනම් නියෝගයක් නිකුත් කළේය. පසුගිය 9 වැනිදා අරලියගහ මන්දිරය අසල සහ ගාලුමුවදොර පිටියේදී රජයට එරෙහිව විරෝධතා... |
"යුද්ධය දිනූ මහින්දට යුග පුරුෂයෙක් කියූ දකුණේ ජනතාවම අද ඔහු පන්නලා!" | "දකුණේ දේශපාලනය ඇවිළී ගහමරා ගන්නා විට උතුරේ පක්‍ෂ බොරදියේ මාළු බාන්නේ නෑ – ආර්. සම්පන්ධන් විදෙස් මාධ්‍යයයට කියයි රටේ ඉතා පැහැදිලිව සිදු වන දේශපාලන වෙනස්කම්වලින් කිසිදු දෙමළ දේශපාලන පක්ෂයක් වාසි අත් කර ගැනීමට තරම් බංකොලොත් දේශපාලනයක් සිදු නොකරන බව දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්පන්ධන් මන්ත්‍රීවරයා කියා සිටියි. විදෙස් ... |
"රටේ ඇතිවුණු තත්ත්වය ගැන සැබෑ හෙළිදරව්වක් කරනවා – හිටපු අගමැති මහින්ද කියයි" | "තමා අගමැති ධුරයෙන් ඉවත් වීමට ගත් තීරණය සහ ඉන්පසු රට තුළ මතු වූ තත්ත්වය ගැන සැබෑ අනාවරණයක් ඉදිරියේදී මාධ්‍ය හමුවේ සිදුකරන බව හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මහතා ‘දිවයින’ට පැවසීය.මෙම මාධ්‍ය හමුව ඉදිරි දිනයකදී කොළඹදී පැවැත්වීමට කටයුතු සංවිධානය කරන බවත් ඒ සඳහා සියලුම මාධ්‍ය වෙත ආරාධනා කරන බවත් ඒ මහතා සඳහන් කළේය. එම මාධ්‍ය හම... |
"රනිල් අගමැති කිරීම ව්‍යවස්ථා විරෝධීයි ආණ්ඩුව පිහිටුවන්න සජිත්ට ඉඩදිය යුතුයි" | "අගමැති ධුරයට රනිල් වික්‍රමසිංහ මහතා පත් කිරීමට ජනපති ගත් තීරණය ව්‍යවස්ථා විරෝධී මෙන්ම සදාචාර විරෝධී යැයි ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියෝ ඊයේ (12 දා) කොළඹදී පැවති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසූහ. මහජනතාවගේ අභිලාෂයට පිටින් වැඩ කිරීමට ජනපතිට කිසිම අයිතියක් නැතැයි ද උන්වහන්සේ පැවසූහ. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සෝ... |
"රනිල් අගමැති කිරීමේ කුමන්ත්‍රණය උපතේදීම මළගම සනිටුහන් කළා…" | "ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නව අග්‍රාමාත්‍යවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා පත් කර ආණ්ඩුවක් පිහිටුවා ගැනීම කුමන්ත්‍රණයක් බවත් එම කුමන්ත්‍රණය උපතේදීම මළගම සනිටුහන් කර ඇති බවත් ජාතික ජන බලවේගයේ සහ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා ඊයේ (12 වැනිදා) සඳහන් කළේය. රටේ මතුව ඇති දේශපාලන අර්බුදයට විසඳුම්... |
"මැර ප්‍රහාරය වැළැක්වීමට අපොහොසත් වූ පොලිස්පති ඉල්ලා අස්විය යුතුයි: දේශබන්දුට නීති පියවර ගත යුතුයි" | "කොළඹ මහාධිකරණ නීතිඥ සංගමයෙන් නිවේදනයක් අරලියගහ මන්දිරයේ සිට පැමිණි දේශපාලනඥයන් කිහිපදෙනකුගේ මෙහෙයවීමෙන් යුත් මැර කණ්ඩායමක් පසුගිය 09 වැනිදා අරලියගහ මන්දිරය ඉදිරිපිට සහ ගාලුමුවදොර පිටියේ රැඳී සිටි සාමකාමී විරෝධතාකරුවන්ට එල්ල කළ අමානුෂික ප්‍රහාර මැඬ පැවැත්වීමට අපොහොසත් වීමේ වගකීම භාරගෙන පොලිස්පතිවරයා වහාම ඉල්ලා අස්විය ය... |
"බැසිල්ට – නඩේෂන්ට එරෙහි මල්වානේ නඩුව ඉදිරියට ගෙනයනවාද නැද්ද තීන්දුව අද" | "දොම්පේ, මල්වාන, මාපිටිගම ප්‍රදේශයෙන් අක්කර 16ක ඉඩමක් මිලට ගෙන එහි සුවිසල් නිවසක්, පිහිනුම් තටාකයක් ඉදිකර ගොවිපළක් පවත්වාගෙන යමින් රජයේ මුදල් අවභාවිතා කිරීමේ චෝදනාවට අදාළව අධි චෝදනා 03 ක් යටතේ නීතිපතිවරයා විසින් හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ සහ තිරුකුමාරන් නඩේෂන් යන විත්තිකරුවන් දෙදෙනාට විරුද්ධව පවරා ඇති නඩුව තවදුරටත් පවත... |
"කාසල්රී හා මාඋස්සාකැලේ ජල මට්ටම් ශීඝ්‍රයෙන් ඉහළට" | "මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශයන්ට ඇද හැලෙන අධික වැසි හේතුවෙන් කාසල්රී හා මාඋස්සාකැලේ ජලාශවල ජල මට්ටම් ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින බව එම ජලාශ භාර නිලධාරියෙක් පැවසීය. දැනට දින දෙක තුනක පමණ කාලයක සිට මෙම ප්‍රදේශයන්ට අධික ලෙස වැසි පවතින බවත් එම තත්ත්වයන් මත මෙම ජලාශවල ජල මට්ටම් ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින බවත් මෙම ජලය... |
"උතුරෙන් පැන එන අය වළක්වන්න ඉන්දීය මුහුදේ ‘වැටක් බඳියි’" | "උතුරේ සිට ඉන්දියාවට වැසියන් පලා යෑම වළක්වා ගැනීම සඳහා ඉන්දියානු වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව අලුතින් යාත්‍රා කීපයක්ම ඉන්දීය මුහුදේ මුර සංචාරක කටයුතු සඳහා 11 වැනිදා සිට යොදවා තිබේ. මේ සඳහා ඉන්දීය වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව අලුතින් යාත්‍රා 16ක් යොදා ඇති අතර ඉදිරි කාලයේ දී තවත් අමතර යාත්‍රා 9ක් යෙදවීමට පියවර ගනු ඇතැයි ඉන්දීය... |
"යුද්ධයෙන් මියගිය අය සිහි කරන්න මුල්ලිවයික්කාල් සැමරුම් සතියක්…" | "දේශපාලන මුහුණුවරක් ගන්න ඉඩ දෙන්නේ නෑ – දෙමළ සංස්කෘතික සභාව කියයි යුද්ධයෙන් මියගිය පිරිස සැමරීම සඳහා මුලතිව් මුල්ලිවයික්කාල් ප්‍රදේශයෙන් ආරම්හ වූ සැමරුම් සතිය 12 දා සිට ක්‍රියාත්මක බව දෙමළ ජාතික සංස්කෘතික සභාව නිවේදනය කර තිබේ. මෙසේ ආරම්භ වන ‘සැමරුම් සතිය’ 18 වැනිදා උත්සවයකින් නිමාවට පත් වන බවත් යුද්ධයෙන් මියගිය සියලු ද... |
"රටේ ආර්ථිකය වැටුණු සෑම අවස්ථාවේම නැඟිට්ටෙව්වේ රනිල් – වජිර අබේවර්ධන කියයි" | "රට ආර්ථික වශයෙන් කඩා වැටුණු සෑම අවස්ථාවකදී ම රනිල් වික්‍රමසිංහ මහතා යළි ආර්ථිකය ගොඩනගා රටේ අනාගතය සුරක්ෂිත කර දීමට ක්‍රියාකළ බවත් අද මේ රට පත්ව තිබෙන විනාශයෙන් යළි ගොඩනැගීමේ වගකීම ඔහු භාර ගන්නා බවත් එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු ඇමැති වජිර අබේවර්ධන මහතා පැවසීය. නව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සිය ධුරයේ දිවුරුම් ද... |
"ගෝඨා ගෝගමට අත තියන්නේ නෑ – නව අගමැති රනිල් කියයි" | "ගෝඨා ගෝගමට අත ගහන්නේ නෑ. අරගලය ගෙනයාවි අපි තරුණ පරපුරට හෙටක් ඇති රටක් තුන් වේලක් කන පෝලිම් නැති රටක් ඉක්මනින් හදන්න ඕන. ජාත්‍යන්තරයේ සහය අරගෙන පාර්ලිමේන්තුවේ සියලු දෙනාගේම සහයෝගය ගෙන ඒ වෙනුවෙන් මම කැපවෙනවා. පටු දේශපාලනය අමතක කර ආර්ථිකය ඉක්මනින් ගොඩදාගෙන මේ දැවෙන ප්‍රශ්න අපි විසඳමු ඔබේ සහය දෙන්න. නව අගමැති රනිල් වික්‍ර... |
"නැව් ආවත් ගොඩබාන්න ඩොලර් නෑ… ඩීසල් පෙට්‍රල් හිඟයක් අත ළඟ" | "සංස්ථාව අනතුරු අඟවයි ඉදිරි දින කිහිපයේ රට තුළ ඩීසල් හා පෙට්‍රල් හිඟයක් ඇතිවීමේ අවදානමක් මතුව ඇතැයි තෙල් සංස්ථා අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරයි. මේ වන විට ඩීසල් සහ පෙට්‍රල් තොග සීමිතව පවතින බවත් තිබෙන ඩීසල් තොගය අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යෑම සඳහා ලබාදීමට සැලසුම් කරන බවත් එම ආරංචි මාර්ග පැවසීය. දැනට මෙරටට බොරතෙල් මෙටි්... |
"අරගල බිමේ ඉදිවුණු අරගලයේ ස්මාරකය" | "රට තුළ ඇතිවී තිබෙන අර්බුදයට විරෝධය පළ කර ගාලුමුවදොර ජන අරගල භූමියේ ‘අරගලේ ස්මාරකය’ නමින් දැවැන්ත නිර්මාණයක් ඉදිකර තිබේ. පොදු ජනයාගේ ගෙවුණ සෙරෙප්පුවට පෑගෙන කඳුළුගෑස් කැනිස්ටරය හෙවත් රාජ්‍ය මර්දනය ඉන් සංකේතවත් කර තිබේ." |
"අන්තර් කාලීන ආණ්ඩුවේ – අගමැති රනිල් ?" | "හරින්ගෙන් කරණමක්අන්තර්කාලීන ආණ්ඩුවේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස හිටපු අගමැතිවරයකු වන රනිල් වික්‍රමසිංහ මහතා පත්කිරීමට බොහෝ දුරට ඉඩ ඇති බව දේශපාලන ආරංචි මාර්ග පැවසීය.ජාතික ජනබලවේගය හා සමගි ජනබලවේගය නව රජයක් පත් කිරීමට හා එහි වගකීම භාර ගැනීමට කැමැත්ත පළ කර ඇති නමුත් එම පාර්ශ්ව දෙකම ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ ඉවත් විය යුතු ... |
"සති දෙකක් ඇතුළත විසඳුමක් නැතිනම් අස්වෙනවා" | "මෙහෙම ගියොත් අර්බුද වැඩිවී රටේ ප්‍රචණ්ඩ ක්‍රියා විරෝධතා ඇතිවේවිදේශපාලන පක්‍ෂ එකතු වී රට තුළ දේශපාලන ස්ථාවරභාවය ඉක්මනට ඇති කර නොගන්නේ නම් තමා මහ බැංකු අධිපති ධුරයෙන් ඉල්ලා අස්වන බව ජනාධිපතිවරයා ඇතුළු පක්‍ක්‍ෂ නියෝජිතයන්ට පැහැදිලිව ප්‍රකාශ කළ බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ඊයේ (11දා) මහ බැංකු මූලස්ථානයේ... |
"අරගල භූමිය සොකෝ පරීක්‍ෂාවට" | "ගාලු මුවදොර ජන අරගල භූමියට එල්ල වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්‍ෂයේ මැර ප්‍රහාරවලින් පසු ඊයේ එම ස්ථානයට ගිය පොලිස් විමර්ශන කණ්ඩායම පරීක්‍ෂණ පැවැත්වූ අයුරු. පිංතූරය – නිශාන් එස්. ප්‍රියන්ත" |
"නව අගමැති හා කැබිනට් මණ්ඩලය මේ සතියේ පත්කරනවා – කලහකාරී ක්‍රියා කළ අයට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරනවා" | "ජනපති ජාතිය අමතමින් කියයි19 බලාත්මක වන පරිදි ව්‍යවස්ථා සංශෝධනයක් මෙම සතිය තුළ පාර්ලිමේන්තුවේ බහුතරයකගේ විශ්වාසය දිනාගත්, ඒ වගේම රටේ ජනතාවගේ විශ්වාසය තහවුරු කර ගන්න පුළුවන් අග්‍රාමාත්‍යවරයෙක් සහ අමාත්‍ය මණ්ඩලයක් පත් කිරීමට කටයුතු කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජාතිය අමතමින් ඊයේ (11දා) පැවසීය. ජනාධිපතිවරයා ජාතිය අම... |
"ගෝල්ෆේස් අරගල දින 34යි" | "ඉන්ධන, ගෑස්, විදුලිය අර්බුදවලට වහා විසඳුම් ඉල්ලා සහ ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපතිවරයා වහා ඉල්ලා අස්වන ලෙස ඉල්ලා කොටුව ගාලුමුවදොර ජනාධිපති ලේකම් කාර්යාලය අසල අඛණ්ඩවම පවත්වාගෙන යන නිර්පාක්‍ෂික සාමකාමී අරගලය අද (12 වැනිදා) 34 වැනි දිනයටත් ක්‍රියාත්මක වේ.ඇඳිරිනීතිය ද නොතකමින් ජනතාව විශාල පිරිසක් ඊයේ (11 වැනිදා) දහවල් සිට එම අර... |
"වෘත්තීය සමිති වර්ජනය අවසන්" | "වෘත්තීය සමිති මධ්‍යස්ථානය විසින් වෘත්තීය සමිති 2000 ක පමණ සහභාගීත්වයෙන් ආරම්භ කළ වැඩ වර්ජනය ඊයේ (11දා) මධ්‍යම රාත්‍රියේ සිට අවසන් කිරීමට කටයුතු කළ බව වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සම කැඳවුම්කරු වසන්ත සමරසිංහ මහතා ‘දිවයින’ට පැවසීය. 04- පිටුවටඒ අනුව අද (12දා) සිට රාජ්‍ය, අර්ධ රාජ්‍ය, පෞද්ගලික, වෙළෙඳ කලාප, වතු ඇතුළු වෘත්තීය... |
"ගාලුමුවදොර අරගලයට පහර දීම – මහින්දගේ ආරක්‍ෂක කොල්ලුපිටිය ඕඅයිසී ඇතුළු 3 කගෙන් ප්‍රශ්න කරයි" | "ගාලුමුවදොර පිටියේ පැවති සාමකාමී අරගලයට පහර දී පුද්ගලයන් 200 කට අධික පිරිසකට තුවාල කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන පවත්වන අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධාන ආරක්‍ෂක නිලධාරියා, අරලියගහ මැඳුරේ උත්සව සම්බන්ධීකරණ නිලධාරියා සහ කොල්ලුපිටිය පොලිසියේ ස්ථානාධිපතිවරයාගෙන් ඊයේ (11 දා) ප්... |
"අන්තර් කාලීන ආණ්ඩුවකට සජබ – ජා.ජ.බ. කොන්දේසි – ‘ගෝඨා ගෝ’ දෙගොල්ලෝම කියති" | "තවත් යෝජනා කිහිපයකුත්“සජිත් ප්‍රේමදාස මැතිතුමා අගමැතිකම බාර ගන්න සූදානම්. හැබැයි ජනාධිපතිවරයා ඉල්ලා අස්වෙන්න ඕන. හේතුව මේ ජනාධිපතිවරයාට ජාත්‍යන්තර සහ දේශීය පිළිගැනීමක් නැහැ. එය කවුරුත් දන්නා කාරණාවක්” බව පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.මන්ත්‍රීවරයා එසේ ප්‍රකාශ කළේ ඊයේ (11දා) විපක්ෂ නායක කාර්යාලයේ ප... |
"ඉදිරි නව රජය සමග සාකච්ඡා ඇරඹීමට IMF සූදානම්" | "ඉදිරි නව රජය පත් කිරීමෙන් පසු ප්‍රතිපත්තිමය කරුණු ගැන සාකච්ඡා ආරම්භ කිරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සූදානම් බව එම අරමුදලේ ශ්‍රී ලංකාවේ දූත මණ්ඩල ප්‍රධානී මසාහිරෝ නොසාකි මහතා පවසයි.එසේම මේ වන විට ශ්‍රී ලංකාව සමග තාක්ෂණික මට්ටමේ සාකච්ඡා, ඉකුත් මැයි 09 දින මාර්ගගත ක්‍රමයට ආරම්භ කළ බවද ඔහු සඳහන් කරයි. එම මාර්ගගත සාකච්ඡා, ... |
"මිලිටරිමය පාලනයකට යන්න රට අරාජික කරනවාද කියා සැකයි – අනුර කුමාර දිසානායක" | "● මහින්ද ඇතුළු අරලියගහ මන්දිරයේ කුමන්ත්‍රණකරුවන් වහාම අත්අඩංගුවට ගන්න ඕනෑ● අරගලය ප්‍රචණ්ඩ වෙන්න නොදීම නීතිය පසිඳලන අයගේ වගකීමක්● දේශපාලන ස්ථාවරභාවය රැකගන්න● මැතිවරණයකට පිරිවැයක් දැරිය යුතුයි● ප්‍රචණ්ඩත්වය වැපිරූ රාජපක්‍ෂලාට යටි අරමුණක් තියෙන්න ඇති● මහින්ද රාජපක්‍ෂට චරිත දෙකක් තියෙනවාමහින්ද රාජපක්ෂ මහතාගේ ඔළුවේ තිබූ මෘ... |
"ප්‍රචණ්ඩත්වයෙන් තොර සාමකාමී ආකල්ප ඇතිකර ගන්න – පාප්තුමෝ ඉල්ලති" | "ප්‍රචණ්ඩත්වයෙන් තොර සාමකාමී ආකල්ප පවත්වා ගන්නා ලෙස සියලු පාර්ශ්වවලින් ඉල්ලා සිටින බව ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ විශේෂ ප්‍රකාශයක් කරමින් සඳහන් කරයි. එසේම ජනතා අභිලාෂයන්ට සවන් දෙන ලෙස ද තමන් ශ්‍රී ලංකා බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බව පාප්වහන්සේ ප්‍රකාශ කරයි." |
"සා.පෙළ විභාගය වෙනසක් නෑ: කලින් නියම කරගත් දිනවලමයි – විභාග කොමසාරිස් ජනරාල්" | "දින නියම කර ගෙන තිබෙන ආකාරයට අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය (2020/21) පවත්වන බව විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී. ධර්මසේන මහතා ‘දිවයින’ට ඊයේ (11දා) පැවසීය.ඒ අනුව විභාගය මැයි 23 වැනිදා ආරම්භ වී ජුනි 01දා දක්වා පැවැත්වේ. විභාගය පැවැත්වීමට අවශ්‍ය ප්‍රශ්න පත්‍ර මුද්‍රණය කරමින් පවතින බවත් විභාගය සඳහා අවශ්‍ය පිළිතුරු පත්, ලිවී... |
"ජනපති ගියොත් රට අරාජිකයි – සජිත් ආණ්ඩුව ගන්නවා නම් සහාය දෙන්න ශ්‍රීලනිපය ලෑස්තියි – දයාසිරි ජයසේකර" | "සජිත් ප්‍රේමදාස මහතා ආණ්ඩුවට භාර ගන්නේ නම් ඒ සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය සහාය ලබාදීමට සූදානම් බව එම පක්‍ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පැවසීය. ඊයේ (11 දා) කොළඹ දී මහා සංඝරත්නය සමඟ පැවති සාකච්ඡාවකින් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බැව් සඳහන් කළේය. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහත... |
"නව අගමැති හා කැබිනට් මණ්ඩලය පත් කළ විගස ජනපති අස්විය යුතුයි – සුමන්තිරන් කියයි" | "ජනාධිපතිවරයා වහාම අගමැතිවරයකු ඇතුළු කැබිනට් මණ්ඩලය පත් කළ යුතු බවත් නව අගමැති ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය පත් කළ විගස ජනාධිපතිවරයා ඉල්ලා අස්විය යුතු බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනාධිපති නීතිඥ එම්. ඒ. සුමන්තිරන් මහතා ඊයේ (11 වැනිදා) කොළඹ පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.මෙහිදී තවදුරටත් කතා කළ සුමන්තිරන් මහතා මෙසේ ද කියා සිටියේය.ප... |
"ඉවසීමේ සීමාවක් තිබෙනවා – ජීවිත – දේපොළ රැකගන්න – ආරක්‍ෂක අංශ උපරිමය කරනවා ආරක්‍ෂක ලේකම් කමල් ගුණරත්න" | "ඇඳිරිනීතිය ද නොතකා සංවිධානාත්මක පිරිස් ඝාතන කළා: කොල්ල කෑම් කළාඉවසීමේ සීමාවක් ඇති බවත් රටේ ජනතාවගේ ජීවිත සහ දේපළ ආරක්‍ෂා කිරීම වෙනුවෙන් කළ හැකි උපරිමය කිරීමට ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය සූදානම් බවත් ආරක්‍ෂක ලේකම් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතා සඳහන් කළේය.රටේ පුරවැසියන් ඝාතනය කරමින්, නිවාස ගිනි තබමින්, මංකොල්ල ක... |
"ප්‍රචණ්ඩත්වයට උඩගෙඩි දුන් ෆේස්බුක් කණ්ඩායම් 59 ක් හඳුනා ගැනේ" | "සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ප්‍රචණ්ඩකාරී තත්ත්වය වර්ධනය කිරීම සඳහා ක්‍රියා කළ සමාජ මාධ්‍ය ජාල කණ්ඩායම් (Group) 59 ක් සහ එහි පරිපාලකවරුන් (Admin) රැසක් හඳුනාගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව මහතා ‘දිවයින’ ට පැවසීය.ඔවුන්ට එරෙහිව පරිගණක අපරාධ පනත යටතේ සහ අපරාධ නීතිය යටතේ මේ වනවිටත් විමර්ශන ... |
""රාජපක්‍ෂ ආණ්ඩුවෙන් ගෝඨාගෝගමටත්, මයිනාගෝගමටත් පහරදුන් මැරයන් තවම අල්ලා නෑ – නීතිඥ සුසන්ත දොඩාවත්ත"" | "‘රාජපක්‍ෂ ආණ්ඩුව මැරයන් යොදවා මයිනාගෝගමට හා ගෝඨාගෝගමට කළ පහරදීමට සම්බන්ධ කිසිවෙක් මේ වනතුරු පොලිසිය අත්අඩංගුවට අරන් නැහැ. ඒ මැරයන් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැත්නම් නීතිඥවරුන් හැටියට අපි අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා’ යැයි නීතිඥ සුසන්ත දොඩාවත්ත මහතා පැවැසීය.ඔහු එසේ පැවසුවේ ගාලුමුවදොර අරගල භූමියේ ඊයේ (1... |
"බලෙන් වාහන චෙක් කරන අයට වෙඩි තියන්න පොලිසියට උපරිම බලය" | "කලහකාරී කණ්ඩායම් හෝ ප්‍රචණ්ඩකාරී පිරිස් විසින් ජීවිත හානි හෝ කොල්ලකෑම් සිදුකිරීමේ අපේක්‍ෂාවෙන් වාහන නවතා සිදුකරන පරීක්‍ෂාවන් වැළැක්වීම සඳහා අවශ්‍ය අවස්ථාවලදී වෙඩි තැබීම ඇතුළු නීත්‍යනුකූල බලය උපරිම අයුරින් පාවිච්චි කරන ලෙස සියලුම පොලිස් ස්ථාන වෙත පොලිස් මූලස්ථානය උපදෙස් දී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනයක... |
"ඇඳිරි නීතිය අද පැය 7ක් ඉවතට" | "දැනට මුළු දිවයිනටම පනවා ඇති ඇඳිරි නීතිය අද (12දා) පෙරවරු 07.00ට ඉවත් කර එය යළි පස්වරු 02.00ට පැනවෙන බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි. එය 13 වැනිදා පෙරවරු 06.00 දක්වා බල පැවැත්වෙන බවද සඳහන් කරයි. ඒ අනුව බලය දෙනු ලබන නිලධාරියකු විසින් ප්‍රදානය කරන ලද ලිඛිත අවසර පත්‍රයක අධිකාරය යටතේ මිස පොදු මාර්ගයක, දුම්රිය මාර්ගයක, පොදු උ... |
"ඉවසීමේ සීමාවක් තිබෙනවා – ජීවිත – දේපොළ රැකගන්න – ආරක්‍ෂක අංශ උපරිමය කරනවා ආරක්‍ෂක ලේකම් කමල් ගුණරත්න" | "ඇඳිරිනීතිය ද නොතකා සංවිධානාත්මක පිරිස් ඝාතන කළා: කොල්ල කෑම් කළාඉවසීමේ සීමාවක් ඇති බවත් රටේ ජනතාවගේ ජීවිත සහ දේපළ ආරක්‍ෂා කිරීම වෙනුවෙන් කළ හැකි උපරිමය කිරීමට ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය සූදානම් බවත් ආරක්‍ෂක ලේකම් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතා සඳහන් කළේය.රටේ පුරවැසියන් ඝාතනය කරමින්, නිවාස ගිනි තබමින්, මංකොල්ල ක... |
""බුදු දහම, රාජ්‍ය පාලනය සහ ආර්ථිකය"" | "මේ වෙසක් මාසයයි. වෙසක් පුන් පොහෝ දිනයට ඇත්තේ තවත් දින දෙකකි. එහෙත් මේ වෙසක් පොහෝ දිනයට දින කිහිපයක් තිබියදී රටම ගිනිගෙන ඇත. සමාජය විශාල වෛරයකට සහ ප්‍රචණ්ඩත්වයකට යොමු වී ඇත. මිනිස් ඝාතන, පහරදීම්, පොදු දේපොළ සහ පෞද්ගලික දේපොළ විනාශයන් රැසක් සිදුව ඇත. මේ නිසා මේ තත්ත්වයන් වහාම සමනය කරගෙන රට තව තවත් ආර්ථිකමය වශයෙන් අගාධයක... |
"රටේ අර්බුද විසඳන්න තාවකාලික සම්මුති ආණ්ඩුවක් ගොඩනැගිය යුතුයි" | "පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ලේකම් කුමාර් ගුණරත්නම්● සම්මුතිය තිබිය යුත්තේ අරගලය සමගයි● සෘජු බදු සහ වක්‍ර බදු අතර අනුපාතය කණපිට හැරවිය යුතුයි● ඡන්දෙකට ගියොත් ජනතාව බෙදෙනවාරටේ වත්මන් අර්බුදය විසඳීම සඳහා වහාම තාවකාලික සම්මුති ආණ්ඩුවක් ගොඩනැඟිය යුතු යැයි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ලේකම් කුමාර් ගුණරත්නම් මහතා ඊයේ (11 දා) ... |
"සිංහරාජයේ යෝෂිතගේ හෝටල් සංකීර්ණයට ගිනි තබයි" | "සිංහරාජ කදු පන්තියේ ගොන්ගල හේයස් වත්ත ආසන්නයේ පිහිටි යෝෂිත රාජපක්ෂයට අයත්යයි කියන හෝටල් සංකීර්ණයට 10 දා පැමිණි 100ක පමණ කණ්ඩායමක් විසින් ගිණිතබා පහරදී සම්පූර්ණ විනාශ කර ඇත. මේ හේතුවෙන් එම හෝටල් සංකීර්ණයේ කබාන 5ක් සහ තවත් ගොඩනැගිලි 6ක් සම්පූර්න ගොඩනැගිලි 11ක් ගිනිබත් කර ඇත. කොළොන්න හා ඒ අවටින් පැමිණි පිරිස් මෙම හෝටලයට... |
"රට ගිනි ගත් කලබලවලින් මරණ 9ක්: 260 ක් රෝහලේ" | "සාමකාමීව පවත්වාගෙන ගිය ගාලුමුවදොර ‘ගෝඨාගෝගම’ සහ අරලියගහ මන්දිරය අසල ‘මයිනා ගෝ ගම’ විරෝධතාවයන්ට මැරවරයින් පිරිසක් පහර දීමේ සිද්ධියෙන් පසු ඇතිවූ උණුසුම් සිද්ධීන් හමුවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු, ප්‍රාදේශීය සභා සභාපතිවරයකු, උප පොලිස් පරීක්‍ෂකවරයකු ඇතුළු 9 දෙනකු මරුමුවට පත් වී තවත් 260 දෙනකුට අධික පිරිසක් තුවාල ලබා කොළඹ ... |
"මහින්ද රැඳී ඇතැයි ත්‍රිමලය කඳවුර වටලයි" | "හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මහතා කොළඹ සිට ගුවනින් ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුරට පැමිණ ඇතැයි දැනගන්නට ලැබී විශාල පිරිසක් එම කඳවුර අසලට රැස්වීම නිසා ඊයේ (10 දා) එහි උණුසුම් සහගත තත්ත්වයක් උද්ගත විය. මේ නිසා නාවික හමුදා කඳවුර වටා ආරක්‍ෂාව තර කරන ලද අතර අතිරේකව යුද හමුදාව හා පොලිසිය ද සාමය රැකීම සඳහා කැඳවා තිබිණි. නාවි... |
"මේ විනාශයට මහින්ද සෘජුවම වගකිව යුතුයි – අනුර කුමාර දිසානායක" | "නිර්පාක්‍ෂික අරගලකරුවන්ට පහරදීම සහ ඉන්පසු රට පුරා ඇතිවූ මහා විනාශයට හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මහතා සෘජුව වගකිව යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා ඊයේ (10 දා) ‘දිවයින’ට පැවසීය. ඔහු ඉතා සැලසුම් සහගතව පොහොට්ටුවේ මැර කණ්ඩායම් අරලියගහ මන්දිරයට කැඳවා ප්‍රහාරයකට පසුබිම සකස් කළ බවටද හෙතෙම චෝදනා කළේ... |
"ගෝඨාභය ගෙදර යනතුරු ගුරුවරුන් පාසල් එන්නේ නෑ – ස්ටාලිං කියයි" | "ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපතිවරයා සිය ධුරයෙන් ඉවත්ව යනතුරු විදුහල්පතිවරුන් හා ගුරුවරුන් පාසල් නොපැමිණෙන බවත්, ඔහු ගෙදර යනතුරු වෘත්තීය සමිති සමග අඛණ්ඩවම වැඩවර්ජනයේ නිරතවන බවත් ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින් මහතා ‘දිවයින’ට ඊයේ (10 දා) පැවසීය. රට තුළ පවතින තත්ත්වයන් හමුවේ දරුවන් පාසල් එවීමේ තීරණය දෙමාපියන් අතේ ... |
"එස්ඩීඅයිජී දේශබන්දුත් පහර කයි" | "බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට ඊයේ (10 වැනිදා) පස්වරුවේ කොළඹ නවම් මාවත ප්‍රදේශයේදී විරෝධතාකරුවන් පිරිසක් විසින් ප්‍රහාරයක් එල්ල කරනු ලැබූහ. ‘අපිට ගහන්න ඕඩර්ස් දුන්නේ කවුද? අපේ නිදහස් අරගලයට ගහන්න නියෝග දුන්නේ කවුද? යැයි විමසමින් විරෝධතාකරුවන් මෙම පහරදීම සිදු කර ඇත. දේශබන්දු තෙන්... |
"පොහොට්ටුවේ මැරයන් වැනසූ ගෝඨාගෝගම යළි ඉදිවෙයි" | "කොටුව ගාලුමුවදොර ජනාධිපති ලේකම් කාර්යාලය අසල පැවැත්වෙන ‘ගෝඨාගෝගම‘ අරගල භූමියට පෙරේදා (9 දා) එල්ල වූ පොහොට්ටු ආධාරකරුවන්ගේ ප්‍රහාරයෙන් පසු යළිත් ‘ගෝඨාගෝගම’ ස්ථාපිත කිරීමට අරගලයේ යෙදුණු නිර්පාක්‍ෂික විරෝධතාකරුවෝ ඊයේ සවස සමත් වූහ. ඒ අනුව ගාලුමුවදොර අරගලය අද (11 දා) 33 වැනි දිනයටත් ක්‍රියාත්මක කෙරේ. පෙරේදා පස්වරුවේ ගාලුමු... |
"ශ්‍රී ලංකාවේ ප්‍රචණ්ඩ ක්‍රියා ගැන බැචලේ කනස්සල්ලෙන්" | "ශ්‍රී ලංකාවේ ඇතිව තිබෙන නොසන්සුන්තාව පාලනය කරන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් මිෂෙල් බැචෙලේ මහත්මිය ප්‍රකාශ කරයි. මහින්ද රාජපක්ෂ මහතාගේ ආධාරකරුවන් විසින් සාමකාමී විරෝධතාකරුවන්ට පහරදීමත් එයින් පසු ආණ්ඩු පක්ෂයේ සාමාජිකයන්ට එල්ල වූ මැර ප්‍රහාරත් හේතුවෙන් ශ්‍රී ලංකාවේ ප්‍රචණ්ඩත්වය උ... |
"ප්‍රචණ්ඩ ක්‍රියා පළිගැනීම් නතර කරන්න- ජනපති ට්විටර් පණිවුඩයකින් ඉල්ලයි" | "දේශපාලන බැඳීම් නොසලකා පුරවැසියන්ට එරෙහිව සිදු කරන ප්‍රචණ්ඩ ක්‍රියා සහ පළිගැනීම් නවත්වා සන්සුන්ව සිටින ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ජනතාවගෙන් ඉල්ලා සිටියි. සම්මුතිය තුළින් දේශපාලන ස්ථාවරය ඇති කිරීම සඳහා සියලු ක්‍රියාමාර්ග ගනිමින් සිටින බවත් අර්බුදය විසඳීමටත් ආර්ථිකය යථා තත්ත්වයට පත්... |
"ඉමදූව සභාපතිගේ සිරුරේ කොටස් වැඩිදුර පරීක්ෂණ සඳහා යොමු කෙරේ" | "විරෝධතාකරුවන් පිරිසක් විසින් නිවසට එල්ල කළ ප්‍රහාරයෙන් පසුව හදිසියේ රෝගී වී කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මියගිය ඉමදුව ප්‍රාදේශීය සභාවේ සභාපති ඒ.වී. සරත් කුමාර (ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ) මහතාගේ සිරුරේ කොටස් වැඩිදුර පරීක්ෂණ සඳහා යොමුකොට දේහය නිදහස් කිරීමට පියවර ගත් බැව් පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වූ ගාල්ල ... |
"ජනතාවාදී ව්‍යවස්ථාවක් හදන්න ජවිපෙට ආරාධනා කරනවා – කුමාර් ගුණරත්නම්" | "ජනතාවාදී ව්‍යවස්ථාවක් සකස් කර ගැනීමට ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු වාමාංශික පක්ෂවලට ආරාධනා කරන බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ලේකම් කුමාර් ගුණරත්නම් මහතා පැවසීය. කොළඹ ඊයේ (11දා) පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය. යම් පක්ෂයක් මේ අවස්ථාවේදී ජනාධිපතිවරයා සමග එකඟතාවයකට යන්නේ නම් එය ජන අරගලය පාවාදීමක් යැයි ද හෙතෙම සඳහන්... |
"තංගල්ලේ ඩී. ඒ. රාජපක්‍ෂ පිළිරුව කඩා බිම දමයි" | "තංගල්ල නගරයට ඊයේ (10 දා) සවස එක්වූ විරෝධතාකරුවන් පිරිසක් තංගල්ල නගරයේ පිහිටි ඩී. ඒ. රාජපක්‍ෂ පිළිරුවට ද හානි සිදුකර ඇත. තංගල්ල මහවෙල පාරේ කාල්ටන් නිවසට යාබදව ස්ථාපිත කර තිබූ ඩී. ඒ. රාජපක්‍ෂ පිළිරුව විරෝධතාකරුවන් පිරිසක් විසින් මෙලෙස කඩා බිඳ දමා තිබේ. ඊට අමතරව රාජපක්‍ෂවරුන්ට අයත් බව කියන තංගල්ල මැදකැටිය ප්‍රදේශයේ පිහිට... |
"පාන් නිෂ්පාදනය අඩු කෙරේ" | "පවතින ගෑස් අර්බුදය නිසාත්, දිනෙන් දින මිල ඉහළ යෑම නිසාත් පාන් නිෂ්පාදනය අඩු කිරීමට තම සංගමය තීරණය කොට ඇතැයි සමස්ත ලංකා බේකරි නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති එන්. කේ. ජයවර්ධන මහතා ‘දිවයින’ ට පැවසීය. පිටි මිටියකින් මාළුපාන් වැනි කෑම වර්ග 1000 ක් 1500 ක් පමණ නිෂ්පාදනය කළ හැකි බව ද සඳහන් කළ ඒ මහතා පාන් නිෂ්පාදනයෙන් නිෂ්පාදකයා... |
"කෙහෙළියගේ මහනුවර නිවසට ප්‍රහාරයක්" | "කුපිත වූ ජනතාව විසින් කෙහෙළිය රඹුක්වැල්ල හිටපු ඇමැතිවරයාගේ මහනුවර අනිවත්තේ පිහිටි නිවාසය ගිනි තබා විනාශ කරන ලදී. මේ විනාශයෙන් පසු එය දිස්වන අයුරු. ජානක සම්පත් බණ්ඩාර – ගුන්නෑපාන" |
"රෝහිතගේ නිවාස හා දේපොළ විනාශයි: විදුරගේ ගෙදරටත් ප්‍රහාර" | "ගාලුමුවදොර ක්‍රියාත්මක වන සාමකාමී අරගලයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැර පිරිසක් පහරදීමේ සිද්ධියෙන් පසුව කුපිත වූ පිරිස් පෙරේදා (9 දා) කළුතර දිස්ත්‍රික්කය නියෝජනය කරන මැති ඇමැතිවරුන් ඇතුළු මහජන නියෝජිතයන් රැසකට අයත් නිවාස, පක්‍ෂ කාර්යාල වාහන හා දේපළ ගිනිතබා විනාශ කර ඇත. එම සිදුවීම් අතුරෙන් ඊයේ (10 දා) උදේ වන විට වාර්තාව... |
"බැසිල්ගේ මල්වානේ මන්දිරයටත් ගිනිතබයි" | "හිටපු මුදල් ඇමැති සහ වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී බැසිල් රාජපක්‍ෂ මහතාට අයත් බව පැවසෙන මල්වානේ පිහිටි සුවිසල් නිවසට ඊයේ (10 දා) කිසියම් පිරිසක් ප්‍රහාර එල්ලකර ගිනි තබා ඇත. මෙම ප්‍රහාරය සඳහා දෙසීයකට අධික පිරිසක් පැමිණ ඇති අතර ඔවුන් එහි දොර ජනෙල්වලට ප්‍රහාර එල්ල කර නිවස ගිනි තබා තිබේ. බියගම – සුදත් පුබුදු කීර්තිරත්න සහ ... |
"පෙරේදා ප්‍රහාරයෙන් පසු අරලියගහ මැඳුර අවට දසුන්" | "කොළඹ කොල්ලුපිටියේ අරලියගහ මැඳුර අසල හා ගාලු මුවදොර නිර්පාක්‍ෂික සාමකාමී විරෝධතාවට පොදුජන පෙරමුණේ මැර පිරිස් එල්ල කළ ප්‍රහාරවලින් කුපිත වූ ජනතාව එම මැර පිරිස් පැමිණි මෙම වාහනවලට ද අලාභහානි කර තිබිණි. අරලියගහ මන්දිරය පිටුපස මාර්ගවල ඊයේ (9) මෙම දසුන් අපට දැකගත හැකි විය. පිංතූර – නිශාන් එස්. ප්‍රියන්ත, සුජාතා ජයරත්න, තුෂා... |
"හමුදා පාලනයකට මග පාදන කඩාකප්පල් ක්‍රියා එපා – චන්‍ද්‍රිකාගෙන් ට්විටර් සටහනක්" | "රට තුළ හමුදා පාලනයකට මග පෑදීමට අවශ්‍ය කඩාකප්පල්කාරී ප්‍රචණ්ඩත්වයන් ඇතිවන තැනට වැඩ නොකරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය සිය නිල ට්විටර් ගිණුම ඔස්සේ විශේෂ සටහනක් තබමින් සඳහන් කර ඇත. පවතින තත්ත්වය හමුවේ එවැනි කඩාකප්පල්කාරී ක්‍රියා වළක්වා ගනිමින් අරගලයට සංවිධානාත්මක ක... |
"ගුවනින් ගිය ප්‍රභූ පුත්‍රයකුගේ බිරිඳ" | "ප්‍රභූ දේශපාලනඥයකුගේ කුප්‍රකට පුතකුගේ බිරිඳ සහ දරුවා කොළඹ සිට හෙලිකොප්ටරයකින් ත්‍රිකුණාමලයට ගිය අවස්ථාව." |
"සිරිපාල ගම්ලත්ගේ නිවසට හානි" | "හිටපු මහවැලි රාජ්‍ය ඇමැති සිරිපාල ගම්ලත් ඇමැතිවරයාගේ ගිරිතලේ පිහිටි නිවෙසට හානි සිදුකර තිබූ අයුරු. අතුල සූරිය බණ්ඩාර – හිඟුරක්ගොඩ" |
"නිර්පාක්‍ෂික අරගලයට එල්ළ කළ පොහොට්ටුවේ පාදඩ ප්‍රහාරයෙන් රටම ගිනිගනී" | "වීරකැටියේ 3ක් මියයති අරගල බිමේ සිටි 130ක් බරපතළ තුවාල ලබතිපාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ හා ඔහුගේ ආරක්‍ෂකයෙක් ජීවිතක්‍ෂයටඇඳිරි නීතිය බදාදා තෙක්ගාලුමුවදොරදී සජිත්ටත් ප්‍රහාරයක්ජොන්ස්ටන් – ප්‍රසන්න රණතුංග – රමේෂ් – සනත් – ශෙහාන්- දුමින්ද- අලි සබ්රි ලොකුගේ ඇතුළු පොහොට්ටුවේ ලොක්කන් රැසකගේ නිවෙස්වලට ගිනි තබතිපහරදු... |
"අයිය මලෝ එක්වෙලා මැරයෝ ගෙනත් සාමකාමී ජන අරගලය විනාශ කළා- ඕමල්පේ සෝභිත හිමි" | "සාමකාමී අරගලයක, ප්‍රජාතන්ත්‍රවාදී ලෙස නියැළී සිටි ජනතාවකට ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමය පිළිබඳ විශ්වාසයක් නැති ජනපති අගමැති සහෝදර දෙපළ විසින් අධම, අවිනීත සහ අශීලාචාර ලෙස සැලකීම දැඩිව හෙළා දකින බවත් මෙයට පූර්ණ ලෙස වගකිම යුතු ජනපතිවරයා සහ අගමැතිවරයා වහාම ධුරයන්ගෙන් ඉවත්ව යා යුතු බවත්, රාමඤ්ඤ මහා නිකායේ දක්‍ෂිණ ලංකාවේ ප්... |
"රාජ්‍ය ම්ලේච්ඡත්වයට ප්‍රේමදාසලා බය නෑ මම පාරට බැස්සේ ජනතාව වෙනුවෙන් -විපක්‍ෂ නායක සජිත් කියයි" | "තමන් කිසි විටෙකත් රාජ්‍ය ම්ලේච්ඡත්වයට බිය නොමැති බවත් ජනතාව වෙනුවෙන් ඉදිරියේදී ද පාරට බැසීමට සූදානම් බවත් විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. වීඩියෝ පටයක් නිකුත් කරමින් විපක්‍ෂ නායකවරයා මේ බව කියා සිටින අතර එහි වැඩිදුරටත් මෙසේද සඳහන් වේ.රාජපක්‍ෂ ම්ලේච්ඡ ආණ්ඩුව, අද දින අරගලයේ නිරත සාමකාමී තරුණයන්ට දේශපාලන මැරයන් ය... |
"අගමැති ධුරයෙන් මහින්ද අස්වෙයි" | "මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (9 දා) දහවල් අගමැති ධුරයෙන් ඉල්ලා අස්විය. හෙතෙම සිය ඉල්ලා අස්වීමේ ලිපිය ඊයේ (9 දා) පස්වරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත යොමුකර තිබුණි.සර්ව පාක්‍ෂික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා අවශ්‍ය ක්‍රියා මාර්ගවලට එළඹීම පිණිස තම පූර්ණ එකඟතාව පළකරමින් අගමැති ධුරයෙන් ඉල්ලා අස්වන බව ලිපියේ සඳහන් කර ඇත.1970 ම... |
"රාජ්‍ය ම්ලේච්ඡත්වයට ප්‍රේමදාසලා බය නෑ මම පාරට බැස්සේ ජනතාව වෙනුවෙන් -විපක්‍ෂ නායක සජිත් කියයි" | "තමන් කිසි විටෙකත් රාජ්‍ය ම්ලේච්ඡත්වයට බිය නොමැති බවත් ජනතාව වෙනුවෙන් ඉදිරියේදී ද පාරට බැසීමට සූදානම් බවත් විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. වීඩියෝ පටයක් නිකුත් කරමින් විපක්‍ෂ නායකවරයා මේ බව කියා සිටින අතර එහි වැඩිදුරටත් මෙසේද සඳහන් වේ.රාජපක්‍ෂ ම්ලේච්ඡ ආණ්ඩුව, අද දින අරගලයේ නිරත සාමකාමී තරුණයන්ට දේශපාලන මැරයන් ය... |
"අගමැති අස්වෙයි" | "මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (9 දා) දහවල් අගමැති ධුරයෙන් ඉල්ලා අස්විය.හෙතෙම සිය ඉල්ලා අස්වීමේ ලිපිය ඊයේ (9 දා) පස්වරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත යොමුකර තිබුණි.සර්ව පාක්‍ෂික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා අවශ්‍ය ක්‍රියා මාර්ගවලට එළඹීම පිණිස තම පූර්ණ එකඟතාව පළකරමින් අගමැති ධුරයෙන් ඉල්ලා අස්වන බව ලිපියේ සඳහන් කර ඇත.1970 මැ... |
"වෘත්තීය සමිති අඛණ්ඩ වර්ජනයක" | "සාමකාමී අරගලයක නිරත වූ විරෝධතාකරුවන්ට එල්ල කළ ම්ලේච්ඡ ප්‍රහාරයට එරෙහිව ඊයේ (09 වැනිදා) සිට රාජ්‍ය, අර්ධ රාජ්‍ය හා පෞද්ගලික ආයතන සියල්ලකම වෘත්තීය සමිති එක්ව අඛණ්ඩ වැඩ වර්ජනයක් ආරම්භ කළ බව වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සම කැඳවුම්කරු වසන්ත සමරසිංහ මහතා ‘දිවයින’ට පැවසීය.රෝහල්, වරාය, දුම්රිය, ලංවිම ආදී රාජ්‍ය ආයතන අර්ධ රාජ්‍ය... |
"සාමකාමී අරගලකරුවන්ට එල්ල කළ සාහසික ප්‍රහාරය මනුෂ්‍යත්වයටත් නිගාවක්" | "ත්‍රෛනිකායික මහානායක හිමිවරු කියතිපටු දේශපාලන අරමුණු පෙරදැරි කර ගනිමින් සමාකාමී අරගලකරුවන්ට එල්ල කළ ම්ලේච්ඡ ප්‍රහාර තරයේ හෙළා දකින බව ත්‍රෛනිකායික මහානායක හිමිවරු ප්‍රකාශ කර සිටිති.මල්වතු පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල, අස්ගිරි පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඤාණරතන, ශ්‍රී ලංකා අම... |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.