Title stringlengths 9 246 | Content stringlengths 3 62.9k |
|---|---|
"අලුත් අයවැය මේ මස අග හෝ ලබන මස මුල" | "මේ වර්ෂය (2022) සඳහා ඉදිරිපත් කිරීමට නියමිත නව අයවැය මේ මස අගදී හෝ ලබන මස මුලදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බව මුදල් අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ‘දිවයින’ට පැවසීය.මේ වන විට එම නව අයවැය සකස් කිරීමේ කටයුතු මහා භාණ්ඩාගාරයේ අදාළ අංශ විසින් ආරම්භ කර ඇතැයි වාර්තාවේ. ගිය වසරේ (2021) නොවැම්බර් මාසයේදී හිටපු මුද... |
"මැදමුලන රාජපක්‍ෂ ස්මාරකත් කඩා බිඳ දමති" | "මැදමුලන හන්දියේ ඉදිකර තිබූ ඩී. ඒ. රාජපක්‍ෂ සහ ධන්දිනා රාජපක්‍ෂ මහත්මියගේ ස්මාරකද කඩා දමා ඇත. මෙම පිරිස පසුව දකුණු පළාත් හිටපු අමාත්‍ය කපිල දිසානායකගේ නිවසට ද ගිනි තබා ඇත." |
"සාමකාමී අරගලයට එල්ල කළ ම්ලේච්ඡ හා නින්දිත ප්‍රහාරය බලය සඳහා පමණක්ම ක්‍රියාකරන පාර්ශ්වයක නග්න ප්‍රචණ්ඩත්වයයි" | "– සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති දේශබන්ධු කරු ජයසූරිය ගාලු මුවදොර හා අරලියගහ මන්දිරය ආසන්නයෙහි සාමකාමී ලෙස විරෝධය පළකරමින් සිටි පිරිස් ඉලක්ක කර ගනිමින් ඉතාමත්ම සැලසුම් සහගත ආකාරයට සංවිධානාත්මක ලෙස එල්ල කළ මැර ප්‍රහාරය මුළු මහත් ශ්‍රී ලංකාවම අවමානයට පත්කරන ම්ලේච්ඡ හා නින්දිත ක්‍රියාදාමයක් බවත් මෙවැනි අම... |
"මම එදා වගේම හෙටත් රටත් ජනතාවත් සමග සිටිනවා – ධුරයෙන් ඉල්ලා අස්වීමට පෙර අගමැති මහින්ද රාජපක්‍ෂ පාක්‍ෂිකයන් අමතමින් කියයි" | "පවතින අර්බුදයට විසඳුමක් ලෙස සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිළිබඳ යෝජනාව කළ සියලු පාර්ශ්වයන්ට ඉදිරියේදී රටට මුහුණ දීමට සිදුවන අභියෝග භාරගැනීමට ඉදිරිපත් වන ආකාරය දැක ගත හැකි වන බවත් ජනාධිපතිවරයාට බාධාවකින් තොරව ඒ සම්බන්ධයෙන් තීණ්දුවකට එළඹිය හැකි බවත් ධුරයෙන් ඉවත්වීමට පෙර අගමැති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.අගමැතිවරයාට සිය ධුරයෙන... |
"ප්‍රහාරයට විරෝධය පළ කළ යුත්තේ සාමකාමීවයි – කාදිනල්තුමා කියයි" | "අගමැතිවරයාගේ නිවසේ සිට පැමිණ විරෝධතාකරුවන්ට කළ ම්ලේච්ඡ ප්‍රහාරය පිළිබඳ මවිතයට පත්ව සිටින බවත් එම සිද්ධියට විරෝධය පළ කළ යුතු වුවත් එය කළ යුත්තේ සාමකාමීව හා හිංසනයෙන් තොරව යැයි මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ කියා සිටිති. කාදිනල්තුමා මෙසේ ද කීහ. අරලියගහ මන්දිරයෙන් පිටත් වුණ අය ක්‍රියාකළ ආකාරය නින්දිතයි. අපි එය ... |
"ප්‍රහාරයට එරෙහි ජනතා විරෝධය" | "මැතිඇමැති නිවාසවලටත් ගිනි තබති " |
"නිර්පාක්‍ෂික අරගල බිම පොහොට්ටුවේ පාදඩයෝ කෙළසති" | "පොහොට්ටුවේ පිරිස ගාලුමුවදොරට එමින්… " |
"රුධිරයෙන් තෙත්වුණු – ජනතා අරගලය" | "පොදුජන පෙරමුණේ මැරයන් විසින් මයිනාගෝගමට සහ ගෝඨාගෝගමට එල්ල කළ ප්‍රහාරය " |
"ගෑස් නැති පීඩනය පුපුරයි – ඊයේ මහ දවල් ආමර්වීදියේ ලොරියෙන් ගෙනා ගෑස් 52 ක් බලෙන් උස්සති" | "දෙදෙනෙක් අත්අඩංගුවටකොළඹ ආමර්වීදිය ප්‍රදේශයේ ගෑස් අලෙවි සලකට පැමිණි ගෑස් සිලින්ඩර් මිලදී ගැනීම සඳහා නිකුත් කර තිබූ ටෝකන් අවසන් වීමෙන් පසු ගෑස් අහිමිවීම දරාගත නොහැකිවූ පිරිසක් මානසික පීඩනය මැද එය දරාගත නොහැකි තැන පොරකා ගෑස් සිලින්ඩර් 52 කට අධික ප්‍රමාණයක් ඊයේ (8 දා) පස්වරුවේ බලහත්කාරයෙන් රැගෙන ගොස් ඇත. පැහැරගෙන ගිය බව ... |
"අනුරපුරදී – ‘රට ඉවරයි දැන්වත් යන්න’- අගමැතිට විරෝධයක්" | "‘ඔබතුමයි අපේ නායකයා’ගල් සහ මල්….අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (08දා) පෙරවරුවේ අනුරාධපුර ජය ශ්‍රී මහා බෝසමිඳුන් සහ ස්වර්ණමාලී සෑ රඳුන් ඇතුළු අටමස්ථානය වන්දනා කොට ආශීර්වාද ලබා ගැනීමට පැමිණි අවස්ථාවේ විරෝධතාකරුවන් පිරිසක් හූ කියමින් විරෝධය පළ කිරීම නිසා අග්‍රාමාත්‍යවරයාට කෙටි වේලාවක් තුළ නැවත කොළඹ බලා පිටත්ව යෑමට... |
"රට තුළ උද්ගතව ඇති ගැටලු විසඳීමට කිසිම පාර්ලිමේන්තු නියෝජිතයකු මැදිහත් නොවීම කනගාටුවක්" | "ත්‍රෛනිකායික මහානාහිමිවරු පවසතිරට දැඩි අසීරුතාවකට පත්ව සිටින මෙවන් මොහොතක මිලියන ගණනින් මහජන මුදල් විනාශ කොට අසීමිත වරප්‍රසාද විඳිමින් අවිචාරවත් ලෙස මහජන නියෝජිතයන් කටයුතු කරන ආකාරයෙන් ජනතා පරමාධිපත්‍ය නියෝජනය කරන්නන් ලෙස ඔවුන්ගේ වලංගු භාවයක් පවතී ද යන්න ගැටලුවක් බව ත්‍රෛනිකායික මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේ පවසති.ජනත... |
"පෙට්‍රල්-ඩීසල් හිඟය උග්‍රයි – දෛනික ඉන්ධන සැපයුම සියයට 50 කින් කපයි" | "මේ වන විට පෙට්‍රල් හා ඩීසල් හිඟය උග්‍රව තිබෙන බැවින් දෛනික ඉන්ධන සැපයුම සියයට පනහකින්ම කපා හැර ඇතැයි ලංකා ඛනිජ තෙල් සංස්ථාව කියා සිටී.ඒ නිසා රටපුරා පිහිටි ඉන්ධනහල්වල සියයට පනහක් පමණ ඉන්ධන අවසන් වී තිබෙන බවට නැඟෙන චෝදනාව බැහැර කළ නොහැකි බවද තෙල් සැපයීම් භාර ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ‘දිවයින’ට පැවැසීය.මෙරට පාරිභෝජනය සඳහා දින... |
"සියලු කැපකිරීම් කිරීමට සූදානම් – විපක්ෂ නායක සජිත් කියයි" | "ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඉදිරිපත් කර ඇති යෝජනාවලියත් සමගි ජන බලවේගය විසින් ඉදිරිපත් කර ඇති 21 වැනි සංශෝධනයත් අතර විශාල පරස්පරතාවක් නැති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.එම යෝජනා පදනම් කර ගනිමින් ප්‍රගතිශීලී ඉදිරි පියවර රැසක් ගැනීමට කටයුතු කරන බව ද ඊයේ (08 වැනිදා) පෙරවරුවේ ශ්‍රී ලංකා නීතිඥ සංගමය හමුවීමෙන් අනතුර... |
"සා. පෙළ ප්‍රවේශපත්‍ර නොලැබුණා නම් 12 දාට පෙර දන්වන්න – විභාග කොමසාරිස් ජනරාල්" | "මෙම මැයි මස 23 වැනිදා ආරම්භවීමට නියමිත සාමාන්‍ය පෙළ විභාගයේ (2021/2022) ප්‍රවේශපත්‍ර නොලැබුණු පාසල් හා පෞද්ගලික අයදුම්කරුවන් සිටී නම් මැයි 12 දිනට පෙර විභාග දෙපාර්තමේන්තුව අමතන ලෙස විභාග කොමසාරිස් ජනරාල් එල්. එම්. ඩී. ධර්මසේන මහතා ඉල්ලා සිටී.විභාගය මැයි 23 වැනිදා ආරම්භ වී ජුනි 01 වැනිදා තෙක් පැවැත්වේ.පාසල් අයදුම්කරුවන... |
"ඩීසල් – නැප්තා නොලැබුණොත් ලයිට් කැපිල්ල දික්වෙයි" | "ඉදිරි දින දෙකෙන් පසු විදුලි බලාගාරවලට අවශ්‍ය ඩීසල් හා නැප්තා නොමැතිවී ගියහොත් දෛනික විදුලි කප්පාදුව පැය කිහිපයකින් වැඩිකිරීම හැර විකල්පයක් නැතැයි ලංවිම ජ්‍යෙෂ්ඨ ඉංජිනේරුවෝ කියා සිටිති.දැනට රට තුළ ඇත්තේ ඔටෝ ඩීසල් ටොන් 12,516 ක් පමණකැයි විදුලිබල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර මහතා ඉරිදා නිකුත් කළ ට්විටර් පණිවුඩයක සඳහන්ව... |
"මියැදුණු දේශය යළි පණගැන්වීමට තුන් ඈඳුතු සංඝ ආඥාවක් පනවන්න" | "පිටිදූවේ සිරිධම්ම හිමිගෙන් යෝජනාවක් මියැදුණු අප දේශය යළි පණගැන්වීම පිණිස තුන් ඈඳුතු සංඝ ආඥාවක් පනවන ලෙස උමංදාව විහාර ආශ්‍රමාධිපති පූජ්‍ය පිටිදූවේ සිරිධම්ම හිමිපාණන් මල්වතු මහනාහිමිපාණන් ප්‍රමුඛ කාරක සංඝ සභාවට ලිඛිතව යෝජනා කර තිබේ. මේතාක් සිටි සියලුම දේශපාලනඥයන් හා ඔවුන්ගේ පවුල්වල සියලු දෙනා විගණනයට හා විමර්ශනයට ලක්කි... |
"ආර්ථිකය ස්ථාවර කිරීමේ ජාතික වැඩපිළිවෙළකට සජබ සහාය දෙනවා – හරීන් ප්‍රනාන්දු" | "ජනතාවගේ දැවෙන ප්‍රශ්න වලට සහ ආර්ථිකය ස්ථාවර කිරීමේ ජාතික වැඩසටහනක් සඳහා සමගි ජනබලවේගය ප්‍රමුඛ සමගි ජන සන්ධානය සිය සහයෝගය ලබාදෙන බව එහි පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා පැවැසීය.ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් දැනට රට තුළ පවතින බැරෑරුම් ජාතික අර්බුදය විසඳීම සඳහා ඉදිරිපත් කරන ලද යෝජනා මාලාව පිළිබඳව සමගි ජනබලවේගය... |
"සුළු හා මධ්‍ය පරිමාණ නිෂ්පාදකයන්ට බැංකු ණය සහ අමුද්‍රව්‍ය සඳහා සහනයක් දෙන්න – මහ බැංකු අධිපතිට ඉල්ලීමක්" | "රටේ ණය ගෙවීමට සහන කාලයක් ලබාගත් ආකාරයට මෙරට බැංකුවලින් ණය ලබාගත් සුළු හා මධ්‍ය පරිමාණ නිෂ්පාදකයන්ට සහන ලබාදෙන ලෙස ශ්‍රී ලංකා පාවහන් සහ සම්භාණ්ඩ නිෂ්පාදකයන්ගේ සංගමයේ උප සභාපති නෙවිල් පෙරේරා මහතා මහ බැංකු අධිපතිවරයාගෙන් පෙරේදා (07 දා) ඉල්ලීමක් කළේය.ඇමරිකන් ඩොලර් නොමැතිවීම ඇතුළු ගැටලු නිසා රටේ ණය ගෙවීමට නොහැකි වී ඇති ලෙස... |
"අගමැති යනවද නැද්ද තීරණය අද" | "අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වීම සම්බන්ධ අවසන් තීරණය අද (9 දා) ගැනීමට නියමිත බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්‍ෂ ආරංචි මාර්ග සඳහන් කරයි.ඒ සඳහා අද පෙරවරුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සම්බන්ධ පක්‍ෂ කිහිපයක නායකයන් සමග අග්‍රාමාත්‍යවරයා සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බවත් එම ආරංචි මාර්ග පවසයි. අග්‍රා... |
"සාමකාමී උද්ඝෝෂණ කලහකාරී වෙලා සාමය රැකීමට හදිසි නීතිය පැනවූවා ඇමැති ප්‍රසන්න රණතුංග" | "සාමකාමීව කෙරුණු උද්ඝෝෂණ කලහකාරී තත්ත්වයට පත්ව ඇති නිසා නැවත සාමකාමී පරිසරයක් සකස් කිරීමට හදිසි නීතිය යෙදූ බව සංචාරක හා මහජන ආරක්‍ෂක ඇමැති ප්‍රසන්න රණතුංග මහතා පැවැසීය.රටේ හදිසි නීතිය පැනවීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඇමැතිවරයා මේ බව පැවසීය. වැඩිදුරටත් අදහස් දක්වමින් ඇමැතිවරයා මෙසේද පැවසීය.රටේ සාමකාමී වාතාවරණයක් ඇතිකර ... |
"හදිසි නීතිය පැනවීමේ නියෝගය අස්කර ගන්න – නීතිඥ සංගමය ජනපතිගෙන් ඉල්ලයි" | "හදිසි නීතිය පැනවීම මේ වන විට රට තුළ පැනනැඟී ඇති අර්බුදකාරී තත්ත්වයට පිළිතුරක් නොවනා බැවින් වහාම හදිසි නීතිය පැනවීමේ නියෝගය ඉල්ලා අස්කර ගන්නා ලෙසට ශ්‍රී ලංකා නීතිඥ සංගමය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමු කරමින් ඉල්ලා සිටියි.රට තුළ හදිසි නීතිය ප්‍රකාශයට පත් කිරීම මේ රටේ දේශපාලන ස්ථාවරත්වය යථා තත්ත්වයට පත් ක... |
"ජනතාවට කන්න දෙන්න සල්ලි නැති ආණ්ඩුව ජනතා විරෝධතා මඬින්න ඩො.මි.1.5 ක කඳුළු ගෑස් ගෙන්වලා" | "අන්තරේ කැඳවුම්කරු කියයිජනතාවට කන්න නැති බොන්න නැති වෙලාවේ ආණ්ඩුවට එරෙහිව නැගෙන ජනතා විරෝධය මැඬ පවත්වන්න ඩොලර් මිලියන 1.5 ක් වැය කරලා කඳුළු ගෑස් උණ්ඩ 35,000 ක් ගෙන්වලා තිබෙනවා. හොරුගෝගමේදී අන්තරේ විරෝධතාවය මඬින්න පොලිසිය කඳුළු ගෑස් උණ්ඩ 500 ක් පාවිච්චි කළා. පන්න, පන්නා ඔළු පැලෙන්න ගැහුවා….’ යැයි අන්තර් විශ්වවිiාලයීය ශි... |
"ශ්‍රී ලංකා – IMF තාක්‍ෂණික සාකච්ඡා වටය අද සිට" | "ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ශ්‍රී ලංකාව අතර මීළඟ තාක්‍ෂණික සාකච්ඡා වටය අද (09දා) සිට ආරම්භ වේ.මේ තාක්‍ෂණික සාකච්ඡා අද සිට මැයි 23 දින දක්වා සිදු කිරීමට නියමිතය.මූල්‍ය අරමුදලේ ණය පහසුකමක් ලබාදීමට පෙර මේ මාර්ගගත තාක්‍ෂණික සාකච්ඡා පැවැත්වේ.ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රතිපත්තිවලට අනුකූලව ශ්‍රී ලංකාවට සහාය වීමට බැඳී සිටින... |
"විනිසුරුවරුන්ගේ ආරක්‍ෂාව තර කරන්න – අගමැතිගෙන් පොලිස්පතිට උපදෙස්" | "සියලු අධිකරණවල සහ විනිශ්චයකාරවරුන්ගේ ආරක්‍ෂාව අඩුකර හෝ ඉවත් කර නැතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දුව මහතා පැවසීය.කඩුවෙල මහෙස්ත්‍රාත්වරියගේ නිල නිවසේ ආරක්‍ෂාවට යොදවා සිටි පොලිස් නිලධාරීන් ඉවත් කර නොමැති බවත් සිදුවී ඇත්තේ දහවල් කාලයේ සේවයේ නියුතු පොලිස් නිලධාරියා නිසි දැනුම් දීමකින් තොරව සව... |
"ආර්ථික ප්‍රතිසංස්කරණ වේදනාකාරී වේවි" | "අත්‍යවශ්‍ය ආර්ථික ප්‍රතිසංස්කරණ සිදුකිරීමේදී රටටත්, ජනතාවටත් දුෂ්කර කාලපරිච්ඡේදයක් පසුකර යෑමට සිදුවනු ඇතැයි මුදල් අමාත්‍යාංශය පවසයි. මේ ප්‍රතිසංස්කරණ වේදනාකාරී විය හැකි බැවින් අවදානමට ලක්විය හැකි සහ අවශ්‍යතා සහිත පාර්ශ්වයක් සඳහා ශක්තිමත් සමාජ ආරක්ෂණ ජාලයක් අවශ්‍ය වන බව ද එම අමාත්‍යාංශය සඳහන් කරයි. ශ්‍රී ලංකාවේ රාජ්‍ය ... |
"ඇමෙරිකාව හොරගල් අහුලයි…ජපන් වෙබ් අඩවියක් කියයි" | "ශ්‍රී ලංකාවට ආර්ථික ආධාර ලබාදී ඒ වෙනුවට ඇමෙරිකා ඉන්දියා ආරක්‍ෂක ගිවිසුමට ශ්‍රී ලංකාවේ එකඟතාවය ලබා ගැනීමට ඇමෙරිකාව ක්‍රියා කරන බව නික්කෙයි නමැති ජපන් වෙබ් අඩවිය සඳහන් කර ඇත. චීනයට එරෙහිව කටයුතු කිරීම සඳහා ශ්‍රී ලංකාවේ අනුමැතිය ලබා ගැනීමට ඇති හොඳම අවස්ථාව මෙම ආර්ථික අර්බුදය බවද එම වෙබ් අඩවියේ අක්හිල් බෙරි නමැති විශ්ලේෂක... |
"අගමැති අස්වෙයි !" | "අගමැති ධුරයෙන් මහින්ද රාජපක්‍ෂ මහතාට ඉල්ලා අස්වන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පෙරේදා (06 දා) පැවති විශේෂ කැබිනට් රැස්වීමේදී දැනුම් දී ඇතැයි වාර්තා වෙයි. ඒ අනුව සඳුදා වන විට අගමැතිවරයා සහ කැබිනට් මණ්ඩලය ඉල්ලා අස්වියයුතු යැයි දැනුම් දී ඇත. ඉන්පසු දින තුනක් ඇතුළත නව කණ්ඩායමකට අලුත් ආණ්ඩුවක් පිහිටුවීමට ඉඩදෙන බවද ජනාධ... |
"හර්තාලයේ දෙවැන්න අඛණ්ඩ අරගලයක්" | "‘ජනපීඩක ආණ්ඩුව හා ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ වහා ඉවත්වෙනු’ යන තේමාව යටතේ රටපුරා ගෙන යන උද්ඝෝෂණ හා හර්තාල්වලට බලධාරීන් ඇහුම්කන් නොදී තවදුරටත් කල් මරනවා නම් එළඹෙන බදාදා (11දා) සිට වෘත්තීන් රැසක සහභාගීත්වයෙන් අඛණ්ඩ වැඩ වර්ජනයක් රටපුරා ක්‍රියාත්මක කරන බව ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සම කැඳවුම්කරු රවි කුමුදේශ් මහතා “දිවය... |
"රුසියාවෙන් බොරතෙල් ගන්නවාට බකට් වැටෙයි" | "මැදපෙරදිග තෙල් ඒජන්තවරුන් රුසියාවෙන් ලාබෙට බොරතෙල් ලබා ගැනීමට බාධා පමුණුවන බව රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග ඊයේ (06 දා) පැවසීය. රුසියාවෙන් තෙල් ලබාගන්නා ලෙස ඇල්ලේ ගුණවංශ හිමියන් රජයෙන් ඉල්ලා ඇති අතර ජනපති ඊට එකඟ වී තිබිණි. එහෙත් බලශක්ති බලධාරීන් කොළඹ රුසියානු තානාපති හමුවී බොරතෙල් ලබාගැනීමට ක්‍රියා කර නැත. රුසියාව ඩොලර් 3... |
"අරගලකරුවන්ට නීතිඥ සහාය අහිමි කරන පොලිස් උපායවලට ඉඩ දෙන්න එපා" | "නීතිඥවරුන්ට කරුණු දැක්වීමට අවස්ථා අහිමි වන පරිදි අධිකරණ කාලවේලාවලින් බැහැරව අධිකරණ නිලධාරීන්ගේ නිල මැදිරිවල හෝ නිල නිවාසවල ද ඒකපාක්ෂිකව කරුණු දක්වා සාමකාමී අරගලවල නිරත වන ජනතාවගේ සිවිල් අයිතිවාසිකම් උල්ලංඝනය වන පරිදි නියෝග හා තීන්දු ලබාගැනීමට පොලිසිය දරන වෑයම මැඬපැවැත්වීමට පියවර ගන්නා ලෙසට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණ නීත... |
"වෙසක් පෝය දා විදුලි කප්පාදුවක් නෑ" | "එළැඹෙන වෙසක් පොහෝ දින (15 දා) දිවයින පුරා විදුලිය කප්පාදු කිරීමක් සිදු නොකරන බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පැවසීය. වෙසක් දිනට පසු දින (16 දා) විදුලිය විසන්ධි කිරීමක් සිදු නොකර සිටීමට උත්සාහ කරන බවත් එය 15 වැනිදා මහජනතාවගේ විදුලි පරිභෝජනය කිරීම සැලකිල්ලට ගෙන තීරණය කරන බවත් ඒ මහතා කීවේය. වෙසක් පොහෝ දි... |
"ගාලුමුවදොර අරගලයට අදට දින 30 යි" | "රටේ ඇතිවී තිබෙන ඉන්ධන, ගෑස්, විදුලිය ඇතුළු තවත් අර්බුදවලට විසඳුම් ඉල්ලා සහ ජනාධිපතිවරයා, අගමැතිවරයා ඇතුළු ආණ්ඩුව මහා ඉවත්විය යුතු බවට විරෝධය පළ කරමින් අඛණ්ඩව පැවැත්වෙන කොටුව ගාලුමුවදොර ජනාධිපති ලේකම් කාර්යාලය අසල පැවැත්වෙන ජන අරගලය අද (08 දා) 30 වැනි දිනයටත් ක්‍රියාත්මකය. අප්‍රේල් 09 වැනිදා ආරම්භ වූ මෙම ජන අරගලය ඊයේ (... |
""හරීන්, මනුෂ සහ හෙක්ටර් විරෝධතාකරුවන් හමුවේ පසු බසිති"" | "පාර්ලිමේන්තුවේ සභාවාරය අවසන්ව සමඟි ජනබලවේගයේ හරීන් ප්‍රනාන්දු, මනුෂ නානායක්කාර සහ හෙක්ටර් අප්පුහාමි යන මන්ත්‍රීවරුන් ඊයේ (06 වැනිදා) පාර්ලිමේන්තුවේ සිට පිටත්ව යෑම සඳහා එහි පිටුපස මාර්ගයෙන් පැමිණෙමින් සිටියදී මඟ හරස් කළ විරෝධතාකරුවන් පිරිසක් මන්ත්‍රීවරුන් තිදෙනා යළි හරවා යවනු ලැබූහ. ‘මුන් ඔක්කොම එකයි… යන්න දෙන්නේ නැහැ…... |
"හර්තාලයට දිගින් දිගටම ඉඩ නෑ" | "රට තුළ හර්තාලයක් දිගින් දිගට ක්‍රියාත්මක වීමට ඉඩ දෙන්නේ නැතැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා දිවයින ඉරිදා සංග්‍රහයට පැවසීය. මෙම හර්තාලය නිසා ජනතාවගේ දෛනික වැඩකටයුතු අඩාල වන බවත් ඉන් සිදුවන පාඩුව විශාල බවත් අගමැතිවරයා පැවසීය. අහිංසක දරුවන්ගේ අධ්‍යාපනය පවා මේ නිසා අඩාල වී ඇති බවද අගමැතිවරයා කීවේය. නෝමන් පලිහවඩන" |
"පාර්ලිමේන්තුව ඇරඹෙන තෙක් ‘හොරුගෝගම’ නැහැ – අන්තරේ කැඳවුම්කරු" | "අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩල ශිෂ්‍යයන් විසින් පාර්ලිමේන්තුවට පිවිසෙන දියත උයන අසල පොල්දූව හන්දියේ ‘හොරුගෝගම’ ලෙස පුවරුවක් සවිකර ආරම්භ කළ විරෝධතාවය නැවත පාර්ලිමේන්තුව රැස්වන මැයි මස 17 වැනිදා සිට ආරම්භ කරන බව එම ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ මහතා පැවසීය. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුනට විරෝධය පළ කරමින් ... |
"අරගලකරුවන්ට නීතිඥ සහාය අහිමි කරන පොලිස් උපායවලට ඉඩ දෙන්න එපා" | "නීතිඥවරුන්ට කරුණු දැක්වීමට අවස්ථා අහිමි වන පරිදි අධිකරණ කාලවේලාවලින් බැහැරව අධිකරණ නිලධාරීන්ගේ නිල මැදිරිවල හෝ නිල නිවාසවල ද ඒකපාක්ෂිකව කරුණු දක්වා සාමකාමී අරගලවල නිරත වන ජනතාවගේ සිවිල් අයිතිවාසිකම් උල්ලංඝනය වන පරිදි නියෝග හා තීන්දු ලබාගැනීමට පොලිසිය දරන වෑයම මැඬපැවැත්වීමට පියවර ගන්නා ලෙසට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණ නීත... |
"වෙසක් පෝය දා විදුලි කප්පාදුවක් නෑ" | "එළැඹෙන වෙසක් පොහෝ දින (15 දා) දිවයින පුරා විදුලිය කප්පාදු කිරීමක් සිදු නොකරන බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පැවසීය. වෙසක් දිනට පසු දින (16 දා) විදුලිය විසන්ධි කිරීමක් සිදු නොකර සිටීමට උත්සාහ කරන බවත් එය 15 වැනිදා මහජනතාවගේ විදුලි පරිභෝජනය කිරීම සැලකිල්ලට ගෙන තීරණය කරන බවත් ඒ මහතා කීවේය. වෙසක් පොහෝ දි... |
"ගාලුමුවදොර අරගලයට අදට දින 30 යි" | "රටේ ඇතිවී තිබෙන ඉන්ධන, ගෑස්, විදුලිය ඇතුළු තවත් අර්බුදවලට විසඳුම් ඉල්ලා සහ ජනාධිපතිවරයා, අගමැතිවරයා ඇතුළු ආණ්ඩුව මහා ඉවත්විය යුතු බවට විරෝධය පළ කරමින් අඛණ්ඩව පැවැත්වෙන කොටුව ගාලුමුවදොර ජනාධිපති ලේකම් කාර්යාලය අසල පැවැත්වෙන ජන අරගලය අද (08 දා) 30 වැනි දිනයටත් ක්‍රියාත්මකය. අප්‍රේල් 09 වැනිදා ආරම්භ වූ මෙම ජන අරගලය ඊයේ (... |
""හරීන්, මනුෂ සහ හෙක්ටර් විරෝධතාකරුවන් හමුවේ පසු බසිති"" | "පාර්ලිමේන්තුවේ සභාවාරය අවසන්ව සමඟි ජනබලවේගයේ හරීන් ප්‍රනාන්දු, මනුෂ නානායක්කාර සහ හෙක්ටර් අප්පුහාමි යන මන්ත්‍රීවරුන් ඊයේ (06 වැනිදා) පාර්ලිමේන්තුවේ සිට පිටත්ව යෑම සඳහා එහි පිටුපස මාර්ගයෙන් පැමිණෙමින් සිටියදී මඟ හරස් කළ විරෝධතාකරුවන් පිරිසක් මන්ත්‍රීවරුන් තිදෙනා යළි හරවා යවනු ලැබූහ. ‘මුන් ඔක්කොම එකයි… යන්න දෙන්නේ නැහැ…... |
"හර්තාලයට දිගින් දිගටම ඉඩ නෑ" | "රට තුළ හර්තාලයක් දිගින් දිගට ක්‍රියාත්මක වීමට ඉඩ දෙන්නේ නැතැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා දිවයින ඉරිදා සංග්‍රහයට පැවසීය. මෙම හර්තාලය නිසා ජනතාවගේ දෛනික වැඩකටයුතු අඩාල වන බවත් ඉන් සිදුවන පාඩුව විශාල බවත් අගමැතිවරයා පැවසීය. අහිංසක දරුවන්ගේ අධ්‍යාපනය පවා මේ නිසා අඩාල වී ඇති බවද අගමැතිවරයා කීවේය. නෝමන් පලිහවඩන" |
"60 වැඩි අයට සිව්වැනි මාත්‍රාවක්" | "වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයන්ට කොවිඩ් මර්දන සිව්වැනි එන්නත් මාත්‍රාව ලබාදීමට තීරණය කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා ‘දිවයින’ ට ඊයේ (06 දා) පැවසීය. මේ අනුව එම සිව්වැනි එන්නත් මාත්‍රාව ලබන 09 වැනිදා සිට දිවයින පුරා එන්නත්කරණ මධ්‍යස්ථාන තුළදී ලබාගත හැකි බව ද ඇමැතිවරයා කීය. මෙම සිව්වැනි කොවිඩ් එන්නත් මාත... |
"නැව මඟ එනවා: ඩීසල් අරපිරිමැස්මෙන් භාවිත කරන්න – බලශක්ති අමාත්‍යාංශයේ ලේකම්" | "ඩීසල් නැවක් පැමිණෙන තෙක් රටේ ඇති ඩීසල් තොග අරපිරිමැස්මෙන් භාවිතා කරන ලෙස බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් මාපා පතිරණ මහතා මහජනතාවගෙන් ඉල්ලා සිටියි. තෙල් සංස්ථා ගබඩාවල ඩීසල් මෙටි්‍රක් ටොන් 17,000ක් පමණ ඊයේ (06දා) පැවැති බවත් තවත් ඩීසල් මෙටි්‍රක් ටොන් 05 බැගින් ඉන්දියන් ඔයිල් සමාගමෙන් සහ හම්බන්තොට චීන වරායට අයත් ගබඩාවලින් ලබා... |
"විශ්වාසභංගය ඉල්ලා සජබ මන්ත්‍රීවරු කථානායක කාමරයට කඩාවදී" | "සමගි ජනබලවේගය මන්ත්‍රීවරුන් කිහිප දෙනකු 06 දා සවස පාර්ලිමේන්තු සෙංකෝලය රැගෙන යෑමට ඒ අසලට පැමිණි අවස්ථාවේදී එහි ආරක්ෂාවට ගිය වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා, චමින්ද විජේසිරි මහතා විසින් තල්ලු කිරීම නිසා ඔහු බිම ඇදවැටී ඇත. පාර්ලිමේන්තු පිවිසුම ඉදිරිපිට කඳුළුගෑස් සහ ජල ප්‍රහාර එල්ල වන අවස්ථාවේදී පාර්ලිමේන්තු සභාගැබ ... |
"අපේ රටේ මදිවට ලන්ඩනයෙත් GOTA GO ගමක්" | "ශ්‍රී ලංකාවේ ගෝල්ෆේස් පිටියේ පැවැත්වෙන පුරවැසි අරගලයට සමගාමීව පසුගිය මැයි පළවෙනිදා ලෝකය පුරා ප්‍රධාන නගර ගණනාවකම උද්ඝෝෂණ ව්‍යාපාර පැවැත්වූහ. ඒ අනුව ලන්ඩනයේ උද්ඝෝෂණය පැවැත්වූයේ බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව ඉදිරිපිටය. පාර්ලිමේන්තුව ඉදිරිපිට ඇති කුඩා උද්‍යානයේ “ලන්ඩන් ගෝඨාගම” ඉදිකර තිබුණි. මෙම උද්ඝෝෂණය දින 14ක් පෙරවරු දහයේ ... |
"හර්තාලයෙන් රටම නවතී" | "ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුවට ඉවත්ව යන ලෙස බලකරමින් ඊයේ (06 දා) ක්‍රියාත්මක කළ හර්තාල් ව්‍යාපාරය සහ වැඩ වර්ජනය හේතුවෙන් මුළු රටේම ක්ෂේත්‍ර රැසක කටයුතු ඇනහිටියේය. 1953 ක්‍රියාත්මක කෙරුණු දැවැන්ත හර්තාලයට වසර 69කට පසු මෙරට ක්‍රියාත්මක වුණු දැවැන්තම හර්තාල් ව්‍යාපාරය සහ වැඩ වර්ජනය ලෙස ඊයේ (06 දා) ක්‍රියාත්මක වූ හර්තාල් ව්‍ය... |
"ජනපති අගමැතිට අස්වෙන්න කියයි" | "අගමැති ධුරයෙන් මහින්ද රාජපක්‍ෂ මහතාට ඉල්ලා අස්වන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ (06 දා) පැවති විශේෂ කැබිනට් රැස්වීමේදී දැනුම් දී ඇතැයි වාර්තා වෙයි. ඒ අනුව සඳුදා වන විට අගමැතිවරයා සහ කැබිනට් මණ්ඩලය ඉල්ලා අස්වියයුතු යැයි දැනුම් දී ඇත. ඉන්පසු දින තුනක් ඇතුළත නව කණ්ඩායමකට අලුත් ආණ්ඩුවක් පිහිටුවීමට ඉඩදෙන බවද ජනාධිපත... |
""හරීන්, මනුෂ සහ හෙක්ටර් විරෝධතාකරුවන්ට කොටුවෙති"" | "පාර්ලිමේන්තුවේ සභාවාරය අවසන්ව සමඟි ජනබලවේගයේ හරීන් ප්‍රනාන්දු, මනුෂ නානායක්කාර සහ හෙක්ටර් අප්පුහාමි යන මන්ත්‍රීවරුන් ඊයේ (06 වැනිදා) පාර්ලිමේන්තුවේ සිට පිටත්ව යෑම සඳහා එහි පිටුපස මාර්ගයෙන් පැමිණෙමින් සිටියදී මඟ හරස් කළ විරෝධතාකරුවන් පිරිසක් මන්ත්‍රීවරුන් තිදෙනා යළි හරවා යවනු ලැබූහ. ‘මුන් ඔක්කොම එකයි… යන්න දෙන්නේ නැහැ…... |
"පාර්ලිමේන්තු පාරේදී අන්තරේට කඳුළුගෑස්" | "පාර්ලිමේන්තු පිවිසුම් මාර්ගය අසල ඊයේ (06 දා) දහවල් දියත උයන ඉදිරිපිට අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය සංවිධානය කරන ලද ආණ්ඩුවට එරෙහි විරෝධතාවය විසුරුවා හැරීමට දෙවැනි වරටත් පොලිසිය කඳුළුගෑස් හා ජල ප්‍රහාර එල්ල කිරීමත් සමග උණුසුම් තත්ත්වයක් හටගැනිණි. පස්වරු 2.45 ට පමණ පොලිසිය මෙම කඳුළු ගෑස් හා ජල ප්‍රහාර එල්ල කරන්නට ... |
"ආයේ පාර්ලිමේන්තු එන්නේ විශ්වාසංභගයට ඡන්දය දෙන්න විතරයි – මන්ත්‍රී රෝහණ බණ්ඩාර" | "මේ මොහොතේ පාර්ලිමේන්තුව ජනතාව වෙනුවෙන් කිසිදු තීරණයක් නොගන්නා නිසා විශ්වාසභංග යෝජනාවට ඡන්දය දීමට හැර පාර්ලිමේන්තු රැස්වීම්වලට තමා සහභාගි නොවන බව සමගි ජනබලවේගයේ, අනුරාධපුර දිස්ත්‍රික් මන්ත්‍රී රෝහණ බණ්ඩාර මහතා ඊයේ (06 දා) පාර්ලිමේන්තුවේදි කීය. එහිදී ඒ මහතා මෙසේද පැවසීය. මම මේ සතියේ මේ තුන්වෙනි පුටුවේ, වාඩි වුණේ ඊළඟට මග... |
"ලෝක වෙළෙඳපොළේ ගනුදෙනුවල අවුරුදු 40ක විශ්වාසය බිඳවැටීමේ අවදානමක්" | "ආයෝජන මණ්ඩලයේ සභාපති කියයි අවුරුදු 40කට වැඩි කාලයක් ලෝක වෙළෙඳපොළේ සැපයුම්කරුවන්ගේ විශ්වාසය දිනා ඇති ශ්‍රී ලංකාවට, මෙවැනි අර්බුද හමුවේ නිසි වේලාවට සැපයුම් ලබාදීමට නොහැකි වීමෙන් විශ්වාසය බිඳවැටීමේ අවදානමක් ඇතැයි ආයෝජන මණ්ඩලයේ සභාපති රාජා එදිරිසූරිය මහතා කියා සිටී. ඊයේ (06 දා) පැවැති විරෝධතාව හේතුවෙන් ශ්‍රී ලංකා ආයෝජන මණ... |
"සෙංකෝලය රැකගන්න යුද්ධයක්!" | "චමින්ද විජේසිරි තල්ලු කරයි වේත්‍රධාරී නරේන්ද්‍ර ඇද වැටෙයි අකිත පෙරේරා, රනිල් ධර්මසේනසමගි ජනබලවේගය මන්ත්‍රීවරුන් කිහිප දෙනකු 06 දා සවස පාර්ලිමේන්තු සෙංකෝලය රැගෙන යෑමට ඒ අසලට පැමිණි අවස්ථාවේදී එහි ආරක්ෂාවට ගිය වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා, චමින්ද විජේසිරි මහතා විසින් තල්ලු කිරීම නිසා ඔහු බිම ඇදවැටී ඇත. පාර්ලිමේන... |
"සියඹලාපිටිය අස්වෙයි පත්වෙයි ආයෙත් අස්වෙයි" | "නියෝජ්‍ය කථානායක ධුරයෙන් තමා යළිත් ඉල්ලා අස්වන බව රංජිත් සියඹලාපිටිය මහතා පවසයි ආණ්ඩුව නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේ ස්වාධීන වීමට කටයුතු කිරීමත් සමඟ නියෝජ්‍ය කථානායක ධුරයෙන් ඉල්ලා අස් වූ ඒ මහතා යළිත් ඉකුත් 05 වැනිදා එම ධුරයට පත්විය. ඒ සඳහා පාර්ලිමේන්තුවේ පැවති ඡන්ද විමසීමෙන් ඡන්ද 148... |
"සජිත් අගමැති වී අනුර මුදල් ඇමැති වන්න අපි අපේ සම්පූර්ණ සහාය දෙන්නම් – ප්‍රසන්න රණතුංග" | "උද්ඝෝෂණ හෝ හර්තාල් කිරීමෙන් රට තවත් අර්බුදයට යනවා මිස ඩොලර් හෝ ප්‍රශ්නවලට විසඳුම් ලැබීමක් සිදු නොවන බවත් විපක්‍ෂය ආණ්ඩුව භාර ගන්න කැමති නම් ඇමැති ධුර අත්හැරීමට ඕනෑම වේලාවක සූදානම් බවත් ආණ්ඩු පක්‍ෂයේ ප්‍රධාන සංවිධායක ඇමැති ප්‍රසන්න රණතුංග මහතා ඊයේ (06 දා) පාර්ලිමේන්තුවේදී පැවසීය. වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා වි... |
"හොරු අල්ලන්න අනුර එන්න!" | "ජාතික එකඟතා ආණ්ඩුවට ආරාධනා කරන බව ජයන්ත සමරවීර කියයි චෝදනා රැගත් ලිපිගොනුත් අරන් ජාතික එකඟතා ආණ්ඩුවේ ජාතික සභාවට එන්න, ඇවිත් හොරු ඇල්ලීමේ වගකීම භාරගන්න කියා අනුර කුමාර දිසානායක මහතාට ඇරයුම් කරනවා යැයි ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන සංවිධායක, හිටපු රාජ්‍ය ඇමැති ජයන්ත සමරවීර මහතා පැවසීය. “ඔවුන් මේ ෆයිල් මිටි ගණන් 2015 ජනා... |
"ජනපති – අගමැති නිවාස අඩස්සියේ අපි පාර්ලිමේන්තු අඩස්සියේ – සුසිල් ප්‍රේමජයන්ත" | "කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේමජයන්ත – අලි සබ්රි මහතා මීට වසර දෙකකට පෙර මුදල් ඇමැති වුණා නම් ඊයේ මේ වගේ කතාවක් කරන්න වෙන්නෙ නැහැ. නිවැරැදි පුද්ගලයන්ට තනතුරු දුන්නේ නැහැ. එයයි මේ ප්‍රශ්නවලට හේතුව. අපේ රට සහලින් ස්වයංපෝෂිත වුණේ 1965 යුගයේ. 1970 ආණ්ඩුව රාජ්‍ය ආයතන ඇති කළා. තෙල් සංස්ථාව පාඩු ලැබුවේ හෙ... |
"පිටකොටුවේ තොරණ ඉදිකිරීම ඇරඹෙයි" | "බුදුන්ගේ තෙමඟුල සමරන වෙසක් මහෝත්සවය ගෙවී ගිය 2020 හා 2021 යන දෙවසරේදීම සමරන්නට ශ්‍රී ලංකාවාසී බොදුනු ජනතාවට සිදුවූයේ නිවසේ සිටමය. ප්‍රතිපත්ති ප්‍රජාවට මුල්තැන දෙමින් ආමිස පූජාවට ද බැතිබර සිතින් විශේෂ ස්ථානයක් ලබාදෙන බැතිමතුනට වෙසක් සිරියෙන් ගම, නගරය, වර්ණවත් කරන්නට, ඒකාලෝක කරන්නට, විචිත්‍රවත් කරන්නට ගෙවුණු දෙවසරේදී නො... |
"ආණ්ඩුවට මෙහෙම වුණේ මෝඩකම් නිසයි – චරිත හේරත් (පොජපෙ)" | "පත්කළ මන්ත්‍රී චරිත හේරත් (ශ්‍රීලපොපෙ) – ස්වෛරී බැඳුම්කර හරහා අපේ සංචිත තර කිරීමට ගන්න පියවර ගැටලුවට මූලික හේතුවත් 2009 සිට 2019 දක්වා ණය අරගෙන ණය ගෙවීමත් වැරදියි. 2020 න් පසුව ණය නොගෙන අතේ තියෙන මුදලින් ණය ගෙව්වත් වැරදියි. ඒ මුදල් ජනතාවට වැය කරන්න තියෙන මුදල්. රටක් ලෙස අපි අලුත් විදිහට සිතිය යුතුයි. මේ රටේ දේශපාලනයට ... |
"ජනපතිට කොඩිය පළඳවමින් රණවිරු සැමරුම් මාසය ප්‍රකාශයට පත් කෙරේ" | "රණවිරු සැමරුම් මාසය ප්‍රකාශයට පත් කරමින් ජාතික රණවිරු කොඩිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත පැළඳවීම ඊයේ (06) පෙරවරුවේ ජනාධිපති මන්දිරයේ දී සිදු විය. රණවිරු සේවා අධිකාරියේ සභාපති මේජර් ජෙනරල් නන්දන සේනාධීර (විශ්‍රාමික) මහතා විසින් ප්‍රථම රණවිරු කොඩිය ජනාධිපතිවරයා වෙත පළඳවනු ලැබීය. දශක 03කට අධික කාලයක් පැවැති ත්‍රස්තවා... |
"69 ලක්‍ෂයකට පිටුපෑවාට 69 වසරකට පසු කෙරෙන හර්තාලය අද" | "ජන පීඩක ආණ්ඩුවට සහ ජනාධිපතිවරයාට ඉවත් වන ලෙස බලකරමින් ක්‍රියාත්මක කෙරෙන දීපව්‍යාප්ත දැවැන්ත එක් දින වැඩ වර්ජනය සහ හර්තාල් ව්‍යාපාරය වෘත්තීය සමිති සහ සිවිල් සංවිධාන දෙදහසකට වැඩි ප්‍රමාණයක සහභාගිත්වයෙන් අද (06දා) ක්‍රියාත්මක කිරීමට වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානය තීරණය කර ඇත. අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හිඟය හා මිල ඉ... |
"ඉමිතියාස් සමග සටනින් නි. කථානායක අසුන යළි සියඹලාපිටියට" | "ජනමතයට එරෙහිව කටයුතු සිදුවෙනවා – ඉමිතියාස් ද්‍රෝහි ක්‍රියාව එලිවුණා – සජිත්අවස්ථාවෙන්ඵලක් නොගැනීම කනගාටුවක් – නව නි. කථානායක රංජිත් සියඹලාපිටියඑකතු වී වැඩකරමු – රනිල්මේක නාඩගමක් – අනුර කුමාර නව නියෝජ්‍ය කථානායක ලෙස එම ධුරයෙහි මීට පෙර කටයුතු කළ රංජිත් සියඹලාපිටිය මහතාම වැඩි ඡන්ද 83 කින් ඊයේ (05) පාර්ලිමේන්තුවේදී තේරී ප... |
"බහුතරය පාවා දුන්නේ සජිත්" | "පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක පත් කරන අවස්ථාවේදී ආණ්ඩුවට බහුතරයක් ඇති බව පෙන්වීමේ පාවාදීම කළේ කවුද කියා ඔප්පු කර පෙන්වීමට සූදානම් බවත් ඒ සඳහා ඕනෑම රූපවාහිනි නාලිකාවක් සමග විවාදයකට සහභාගි වන ලෙස විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට හිටපු කර්මාන්ත ඇමැති, ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා අභියෝග කළේය. ඒ මහතා මේ... |
"අන්තරේ පාගමනට කඳුළු ගෑස් – ජල ප්‍රහාර" | "අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය ඊයේ (05 දා) පාර්ලිමේන්තු පිවිසුමේ මාර්ග බාධක පෙරළා දමමින් පාර්ලිමේන්තු සංකීර්ණය දෙසට ගමන් කිරීමට ගත් උත්සාහය පොලිසිය විසින් කඳුළු ගෑස් හා ජල ප්‍රහාර යොදා පාලනය කළ අයුරු. ‘ආණ්ඩුව පන්නමු! ක්‍රමය පෙරළමු! දැන් ඇති පලයව්’ මැයින් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය සංවිධානය කළ දැවැන්ත ... |
"අත්‍යවශ්‍ය ද්‍රව්‍ය හිඟයක් තිබියදී ඉන්දීය ණයෙන් යකඩ ගෙනත්" | "ඖෂධ, ඉන්ධන, ගෑස් ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍යවල දැඩි හිඟයක් රට තුළ තිබියදී ඉන්දියාවෙන් ලැබුණ සහනදායී ණය මුදලින් කොටසක් වැයකර රජය විසින් යකඩ තොගයක් ආනයනය කිරීමට පියවර ගෙන ඇතැයි ශ්‍රී ලංකා නීතිඥ සංගමය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ උදිත ඉගලහේවා මහතා ඊයේ (05 දා) ශ්‍රේෂ්ඨාධිකරණයට පෙන්වා දුන්නේය. රට තුළ පවතින ඉන්ධන හිඟය නි... |
"රාජ්‍ය දේපළ වංචා කළ කීදෙනෙක් ගැන යහපාලන සමයේ විමර්ශනය කළාද…" | "රාජ්‍ය දේපළ මහා පරිමාණයෙන් වංචා කළ දේශපාලනඥයන් හා රාජ්‍ය නිලධාරීන් කොපමණ පිරිසක් සම්බන්ධයෙන් යහපාලන රාජ්‍ය සමයේදී නීතිපතිවරයාගේ උපදෙස් පරිදි පොලිස් මූල්‍ය විමර්ශන කොට්ඨාසය හා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් විමර්ශන සිදු කළේ දැයි හෙළි කරන ලෙස කොළඹ මහාධිකරණ නීතිඥ සංගමය නීතිපතිවරයාගෙන් ඊයේ (05) ලිඛිතව ඉල්ලීමක් කළේය.... |
"හදිසි නඩත්තුවකට නොරොච්චෝලේ යන්ත්‍රයක් 15 දා අක්‍රීය කරයි" | "දැනට අක්‍රීය වී තිබෙන නොරොච්චෝල ගල්අඟුරු බලාගාරයේ ජනන යන්ත්‍රයට අමතරව මෙගොවොට් 300ක් ජනනය කරන තවත් යන්ත්‍රයක් ලබන 15 වැනිදා අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තකට අක්‍රීය කර දැමීමට සිදු වී ඇත. ඉකුත් කාලයේ විදුලි ඉල්ලුම සපුරා ගැනීම සඳහා නොරොච්චෝල ගල් අඟුරු බලාගාරයේ මෙගොවොට් 300 බැගින් වූ ජනන යන්ත්‍ර තුනම ජාතික පද්ධතියට එක් කිරීමට... |
"වෛද්‍ය නිලධාරීගේ සංසදය අද හර්තාලයට නෑ" | "අද (06දා) ක්‍රියාත්මක වීමට නියමිත දීපව්‍යාප්ත එක්දින වැඩ වර්ජනයට සහ හර්තාල් ව්‍යාපාරයට ප්‍රතිපත්තිමය තීරණයක සිටිමින් සහාය නොදීමට සිය සංසදය තීරණය කළ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති, වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා “දිවයින”ට ඊයේ (05දා) පැවසීය. සිය රාජකාරියේ ප්‍රමුඛයාවන රෝගියා කිසිදු අපහසුතාවකට ලක් නොකිරීමේ වගකීම ආර... |
"11 වැනිදා නැව එනකම් යළිත් ඩීසල් හිඟයක් – සංස්ථාව කියයි" | "ඉදිරි දිනවල ඩීසල් හිඟය තවත් උග්‍රඅතට පත්වන බවත් ලබන 11 වැනිදා මෙරටට පැමිණෙන ඩීසල් නෞකාව ගොඩබා බෙදාහරින තුරු එම හිඟය පවතිනු ඇති බවත් තෙල් සංස්ථාව කියා සිටී. මේ වනවිට ගබඩාවල තිබෙන්නේ ඩීසල් මෙටි්‍රක් ටොන් 7000 කි. දිනකට ප්‍රවාහන කටයුතු සඳහා පමණක් ඩීසල් මෙටි්‍රක් ටොන් 4000ක් අවශ්‍ය වන අතර නොරොච්චෝල ගල් අඟුරු බලාගාරයේ එක් ... |
"පොහොර සඳහා මිල සූත්‍රයක් සහ සහනාධාරයක් – ඇමැති වක්කුඹුර කියයි" | "පොහොර මිල පාලනය සඳහා මිල සූත්‍රයක් හඳුන්වාදෙන අතර ඉදිරියේදී සෑම වර්ගයේම පොහොර සඳහා සහනාධාරයක් ලබාදෙන බව කෘෂිකර්ම ඇමැති ජානක වක්කුඹුර මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (05 දා) පැවසීය. ඉදිරි යල කන්නය සඳහා කාබනික පොහොර ලබා දෙන අතර ඉතිරිය සඳහා නයිට්‍රජන් පොහොර ද අක්කරයකට කිලෝ 25 බැගින් ඉන්දියාවෙන් ගෙන්වා යූරියා පොහොර ද ගොවීන්ට ලබ... |
"විශ්වාසභංගයට සහාය දෙන්න සජබට කොන්දේසි දෙකක්" | "ආණ්ඩුවට එරෙහිව ගෙන එන විශ්වාසභංග යෝජනාවට සහාය පළ කිරීමට නම් තමන් ඉදිරිපත් කරන විකල්ප යෝජනා දෙකක් අතරින් එකක් ක්‍රියාත්මක කිරීමට සූදානම් දැයි විමසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, පක්‍ෂ දහයේ එකමුතුව සහ ස්වාධීන වූ පොදුජන පෙරමුණ කණ්ඩායම විසින් සමගි ජනබලවේගය වෙත ලිපියක් යවා තිබේ. විශ්වාසභංගයෙන් ආණ්ඩුව පරාජයට පත් කිරීමෙන් පසු සමග... |
"ඊයේ ඩොලරය රු. 375 යි" | "මෙරට වාණිජ බැංකු විසින් ප්‍රකාශයට පත් කරන ලද දෛනික විනිමය අනුපාතිකයන්ට අනුව ඊයේ (05) දිනයේදී ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රු. 375 ක් දක්වා තවදුරටත් ඉහළ ගියේය. එසේම ශ්‍රී ලංකා මහ බංකුව විසින් ඊයේ ප්‍රකාශයට පත් කරන ලද දෛනික නිල විනිමය අනුපාත අගයන්ට අනුව ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල පෙරේදා පැවති රු.362.99 සිට රු. 369.9... |
"කබ්රාල්ට රට යෑම තහනම්" | "හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාට ලබන 23 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා නැවත නොතීසි නිකුත් කළ කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් හර්ෂණ කැකුණවල මහතා විදේශගතවීම වළක්වමින් ඔහුට පනවා තිබූ විදේශ ගමන් තහනම් නියෝගය එදින දක්වා තවදුරටත් දීර්ඝ කිරීමට ඊයේ (05 දා) නියෝග කළේය. හිටපු ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන් මහතා ව... |
"ඉන්ධන මිල සූත්‍රයක් ගේනවා – ඇමැති කංචන විජේසේකර" | "ඉන්ධන සඳහා මිල සූත්‍රයක් ලබන සතියේදී කැබිනට් මණ්ඩලයේ අනුමැතිය සඳහා ඉදිරිපත් කරන බව, විදුලිබල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (05දා) පැවසීය. මෙරටට ඉන්ධන ගෙන්වීමේදී තවමත් ආණ්ඩුවට පාඩු සිදුවන බවත් එම පාඩුව අවම කර ගැනීම වෙනුවෙන් මෙලෙස විනිවිදභාවයෙන් යුතු මිල සූත්‍රයක් ඉදිරිපත් කරන බවත් හෙතෙම සඳහන්... |
"නොරොච්චෝලේ ජනන යන්ත්‍ර අලුතවැඩියාවට ලැබුණු කැබිනට් අනුමැතිය අවුරුද්දක්ම හමස් පෙට්ටියේ" | "නොරොච්චෝලේ බලාගාරයේ දෙවැනි සහ තුන්වැනි ජනන යන්ත්‍රවලට වසර හයකට වරක් සිදු කළ යුතු අලුත්වැඩියාවන් සිදු කිරීම සඳහා පසුගිය වසරේ කැබිනට් අනුමැතිය ලැබී ඇතත් මේ දක්වා එම ජනන යන්ත්‍ර දෙකේ අලුත්වැඩියා කටයුතු සිදු කර නොමැති බව වෘත්තීය සමිති පෙන්වා දෙයි. නොරොච්චෝලේ බලාගාරය ඉදිකර දසවසරක් පමණ ගෙවී ගොස් ඇතත් අදටත් එම අලුත්වැඩියා කට... |
"නොරොච්චෝලේ ජනන යන්ත්‍ර අලුතවැඩියාවට ලැබුණු කැබිනට් අනුමැතිය අවුරුද්දක්ම හමස් පෙට්ටියේ" | "නොරොච්චෝලේ බලාගාරයේ දෙවැනි සහ තුන්වැනි ජනන යන්ත්‍රවලට වසර හයකට වරක් සිදු කළ යුතු අලුත්වැඩියාවන් සිදු කිරීම සඳහා පසුගිය වසරේ කැබිනට් අනුමැතිය ලැබී ඇතත් මේ දක්වා එම ජනන යන්ත්‍ර දෙකේ අලුත්වැඩියා කටයුතු සිදු කර නොමැති බව වෘත්තීය සමිති පෙන්වා දෙයි. නොරොච්චෝලේ බලාගාරය ඉදිකර දසවසරක් පමණ ගෙවී ගොස් ඇතත් අදටත් එම අලුත්වැඩියා කට... |
"රටම බරපතළ ව්‍යසනයක: ආණ්ඩුවට කන් ඇහෙන්නේ නැති ගානයි!" | "සජිත්ගෙන් ආණ්ඩුවට ජනතා ප්‍රශ්න මාලාවක්… මේ වනවිට මුලු රටම බරපතළ ව්‍යසනයකට වැටී ඇති බවත්, ජනතා පීඩනය උග්‍රවී ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. මේ සියල්ල සිදුවෙද්දීත් ආණ්ඩුව නෑසූ කන්ව සිටින බව පැවසූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අංක (05) 27/2යටතේ ආණ්ඩුවෙන් ප්‍රශ්න 18ක් විමසීය. ස්ථාවර නියෝග 27(2) යටතේ ... |
"රාජපක්ෂවරුන් කොල්ලකෑ ජාතික ධනය වහාම භාණ්ඩාගාරයට ලබා ගන්න" | "මෙරට ජාතික ධනය රාජපක්ෂවරුන් විසින් මහා පරිමාණයෙන් කොල්ලකෑ බවට සාධක සහිතව ඔප්පු වී ඇති බැවින්, එම සොරකම් කළා යැයි සැලකෙන මුදල් සම්භාරයන් වහාම ලබාගෙන රාජ්‍ය භාණ්ඩාගාරයට යොමු කිරීමට ජනාධිපතිවරයා කටයුතු කළ යුතු බව රාමඤ්ඤ මහා නිකායේ දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝ නායක, ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියෝ ප්‍රකාශ කළහ. රටේ වත්මන් තත්ත්වය ... |
"අන්තරේ බාධක පෙරළයි" | "වත්මන් ආණ්ඩුවට විරෝධය දක්වමින් අන්තර් විශ්වවිiාල ශිෂ්‍ය බලමණ්ඩලයේ සිසුන් 1000 කට අධික පිරිසක් ඊයේ (04 වැනිදා) සවස පාර්ලිමේන්තුව දෙසට ආපා ගමන පොල්දූව මංසන්ධියෙන් අවහිර කර තිබූ පොලිස් මාර්ග බාධක පෙරළාගෙන ඉදිරියට ඇදී ඒමත් සමඟ උණුසුම්කාරී තත්ත්වයක් ඇතිවිය. ආරක්‍ෂක වළල්ලක් ලෙස පෙළ ගැසුනු පොලිසිය එම පා ගමන නතර කිරීමට කටයුතු... |
"උසාවි නියෝගය පොලිසිය සාක්කුවේ දාගෙන! – කරුණු දැක්වීමට කොල්ලුපිටිය ඕඅයිසී උසාවි කැඳවයි" | "* පොලිසිය නියෝගය ගත්තේ උසාවිය නොමග යවලා* අරගලකරුවන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරු කියති*පොලිසිය වෙන සූදානමකට එසේ කළා දැයි සැකයි පදිකයන්ට අවිහිරයක් වන පරිදි අරලියගහ මන්දිරය ඉදිරිපිට පදික වේදිකාවේ නවතා ඇති වාහන සහ තාවකාලික අට්ටාල වහාම ඉවත්කිරීමට පියවර ගන්නා ලෙසට තම අධිකරණය විසින් පසුගිය 2 වැනිදා ලබාදුන් නියෝගය මේ දක්වා ... |
"පොලිස් බස් රථ හා අට්ටාලයක් ඉවත් කරයි" | "කොළඹ කොල්ලුපිටියේ අරලියගහ මැඳුර ඉදිරිපිට පදික වේදිකාවේ රඳවා තිබූ පොලිස් බස් රථ ඊයේ (4) දහවල් ඉවත් කර ගෙන තිබේ. විරෝධතාකරුවන් ද ඔවුන්ගේ එක් අට්ටාලයක් ඊයේ සවස් වන විට ඉවත් කරගෙන තිබිණි." |
"පාර්ලිමේන්තු පිවිසුම අසල විරෝධතාවේදී ඇල්ලූ 13 කට ඇප" | "පාර්ලිමේන්තුවේ ප්‍රධාන පිවිසුම අසල ඊයේ (04 දා) පැවති විරෝධතාවක් අතරතුරදී අත්අඩංගුවට ගෙන කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ කාන්තාවන් තිදෙනා ඇතුළු පුද්ගලයන් 13 දෙනා රුපියල් ලක්‍ෂයක පුද්ගලික ඇප මත මුදා හැරීමට කඩුවෙල ප්‍රධාන මහෙස්ත්‍රාත් චානිමා විජේබණ්ඩාර මහත්මිය නියෝග කළාය. මීට අමතරව අද (05 දා) හා හෙට (06) දිනවල ප... |
"නව නි. කථානායක පත්කිරීම අද" | "නියෝජ්‍ය කථානායකවරයකු තෝරාපත් කර ගැනීම සඳහා අද (5 දා) ඡන්දයක් පවත්වන බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (4 දා) පැවසීය.කථානායකවරයා මේ බව කියාසිටියේ රංජිත් සියඹලාපිටිය මහතා නියෝජ්‍ය කථානායක ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් ඇතිවූ පුරප්පාඩුව පුරවන ලෙස විපක්‍ෂයේ ප්‍රධාන සංවිධායක ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා ඊයේ ඉල... |
"පාලන මිල ඉක්මවා සහල් විකුණන වෙළෙඳසල් වටලනවා – පාරිභෝගික අධිකාරිය" | "පාලන මිල ඉක්මවා සහල් අලෙවිකරන වෙළෙඳසල් වැටලීමේ මෙහෙයුම් අරඹා ඇතැයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ උසස් නිලධාරියෙක් ‘දිවයින’ට ඊයේ (04 දා) පැවසීය.වැඩි මිලට සහල් අලෙවි කිරීම සම්බන්ධ නඩු පැවරීමේදී වරදකරු වන තනි පුද්ගල ව්‍යාපාරයකට අවම රුපියල් ලක්ෂයක හා උපරිමය රුපියල් ලක්ෂ පහක දඩයක් අධිකරණයට නියම කළ හැකි බව ද හෙතෙම කීය.ප... |
"සාමකාමී උද්ඝෝෂණ සඳහා පොලිසියේ මර්දනකාරී පිළිවෙත ඕමල්පේ හිමියෝ හෙළා දකිති" | "රජයට එරෙහිව රට පුරා සාමකාමීව, උද්ඝෝෂණ සහ අරගල සිදුවන අවස්ථාවක දැඩි මර්දනකාරී පිළිවෙතක් අනුගමය කරමින් පොලිසිය ක්‍රියාත්මක වන ආකාරය දැඩිව හෙළා දකින බව රාමඤ්ඤ මහා නිකායේ දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක, ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියෝ “දිවයින” ට ඊයේ (04 දා) ප්‍රකාශ කළහ.පාර්ලිමේන්තු පිවිසුම අසල දී ඊයේ (04දා) රජයට එරෙහිව සාමකාම... |
"උද්ඝෝෂණ වැඩි වුණොත් හමුදා පාලනයක් එයි – විග්නේෂ්වරන් කියයි" | "රටේ ජනතාව රජයට එරෙහිව සිදු කරන උද්ඝෝෂණ වැඩි වුවහොත් ඉතා ඉක්මනින්ම මේ රටේ හමුදා පාලනයක් ගොඩ නැගෙන බවත් එවැනි බැරෑරුම් තත්ත්වයකට රට පත් වීමට ඉඩ නොදිය යුතු බවත් දෙමළ ජනතා සන්ධානයේ නායක සී.වී. විග්නේෂ්වරන් මන්ත්‍රීවරයා 4 දා පැවසීය.මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු කියා සිටියේ උතුරු නැගෙනහිර දෙමළ ජනතාව යුද හ... |
"ඩොලරය රු 370 ට නගී" | "වාණිජ බැංකු විසින් ඊයේ (04දා) ප්‍රකාශයට පත් කළ දෛනික විනිමය අනුපාත අගයන් අනුව ඊයේ වන විට ඇමෙරිකානු ඩොලරයක විකුණුම් අගය රු 370 ක් දක්වා තවදුරටත් ඉහළ ගියේය.මේ අතර ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නිල විනිමය අනුපාත අගයන් අනුව ඇමෙරිකානු ඩොලරයක විකුණුම් අගය ඉකුත් සිකුරාදා (29දා) වාර්තා වූ රු 359.95 සිට ඊයේ දිනයේදී රු. 362.99... |
"බැඳුම්කරේ මුදල් මා හෝ පවුලේ අය ගත්තා නම් සීඅයිඩී පරීක්‍ෂණයක් කරන්න – මෛත්‍රී දූෂණ විරෝධී හඬට කියයි" | "මහ බැංකු බැඳුම්කර වංචාවේ මුදල් තමා හෝ සිය පවුලේ සාමාජිකයන් ලබාගත් බවට කොහේ හෝ නම් සඳහන් වී තිබේ නම් ඒ පිළිබඳව වහාම අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කර පරීක්‍ෂණයක් කරන ලෙස දූෂණ විරෝධී හඬ සංවිධානයේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ මහතාගෙන් ඉල්ලා සිටින බව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පැවසීය.මෙය තනිකරම දේශපාලන මඩ... |
"පාර්ලිමේන්තුව අසල විරෝධතා වැළැක්වීමට පොලිසිය කළ ඉල්ලීම ඉවතට" | "පාර්ලිමේන්තුව අසලදී අද (05දා) සහ හෙට (06දා) පැවැත්වීමට නියමිත විරෝධතා ව්‍යාපාරය වළක්වනනියෝගයක් නිකුත් කරනා ලෙසට තලංගම පොලිසිය කළ ඉල්ලීම කඩුවෙල මහෙස්ත්‍රාත්වරිය ඊයේ (04දා) ප්‍රතික්ෂේප කළාය.ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් අතිවිශාල පිරිසකගේ සහභාගිත්වයෙන් පැවැත්වීමට නියමිත එම උද්ඝෝෂණ හා විරෝධතා ව්‍යාපාරය නිසා දැඩි මහජන පී... |
"ගෝඨාභය මුලසුනේ තබාගෙන හදන කිසිම ආණ්ඩුවක් සාර්ථක නෑ – අනුර කුමාර මැතිසබයේදී කියයි" | "වත්මන් අර්බුදවලට වගකිව යුතු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මුලසුනේ තබාගෙන හදන කිසිදු ආණ්ඩුවකින් සාර්ථක ප්‍රතිඵලයක් ලබා ගත නොහැකි බව ජාතික ජනබලවේගය නායක අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (04දා) පැවසීය.ජනාධිපතිවරයා සහ ඇමැතිවරයා එම තනතුරුවලින් ඉවත්ව යම් පාර්ලිමේන්තු ක්‍රියාදාමයක් ගෙන එන්නේ නම් තම පක්‍ෂයත් ඊට එ... |
"ගැමුණුයි – අංජනයි හෙට හර්තාලයට ලෑස්තියි" | "රටපුරා හෙට (6 වැනිදා) පැවැත්වෙන හර්තාලයට සහාය පළකරමින් පාර්ලිමේන්තුව වටේම බස් රථ නවත්වා සාමකාමී විරෝධතාවයක් දක්වන බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපතිගැමුණු විජේරත්න මහතා පෙරේදා (03 වැනිදා) පැවැති මාධ්‍ය හමුවකදී පැවැසීය.මේ සම්බන්ධයෙන් දැනටමත් සියලු බස් රථ හිමියන් දැනුවත් කර ඇතැයි ද හෙතෙම කීය.අපේම ජනතාව පීඩා... |
"නාටක රඟපා වැඩක් නෑ – රටේ නායකයින් යුක්තිය ඉටු කළ යුතුයි" | "වතිකානයේ සිට පැමිණි කාදිනල්තුමා කටුනායකදී කියයිමෙරට නීතිය ජනාධිපතිවරයාට සහ අගමැතිවරයාට හසුරුවන්නට හැකි ආකාරයට සකස් වී තිබීම කනගාටුදායක බවත්, එය ඔවුන්ට ඉහළින් තිබිය යුතු බවත් මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ ඊයේ (04දා) උදෑසන කටුනායක ගුවන් තොටුපළේ දී පැවසූහ.උන්වහන්සේ එසේ පැවසූවේ ශුද්ධෝත්තම ප්‍රැන්සිස් පාප් වහන්ස... |
"බයවෙන්න එපා හෙට ලංගම බස් 4000ක් දුවනවා – ලංගම නි. සාමාන්‍යාධිකාරි" | "හෙට 6 දා හර්තාල් ව්‍යාපාරය ක්‍රියාත්මක වුවද ලංගම බස් රථ 4000 කට වැඩි සංඛ්‍යාවක් ධාවනය වන බව ශ්‍රී ලංකාගමනාගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (ධාවන) පණ්ඩුක ස්වර්ණහංස මහතා ‘දිවයින’ට (03දා) පැවසීය.මගී ජනතාව අපහසුතාවයට පත් කිරීමේ කිසිදු තීරණයක් ලංගම ගෙන නැතැයිද ඒ මහතා කීය. මෙහිදී තවදුරටත් කතා කළ ඒ මහතා මෙසේද කියා සිටියේ... |
"අත්‍යවශ්‍ය ද්‍රව්‍ය හිඟයෙන් ජනතාව අසරණ වෙති" | "කිරිපිටි – පාන්පිටි – බෙහෙත් – ගෑස් – භූමිතෙල්-් සිමෙන්තිකිරිපිටි, පාන්පිටි, ඖෂධ, ගෑස්, සිමෙන්ති, ඉන්ධන හා භූමිතෙල් ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟය හේතුවෙන් පාරිභෝගික ජනතාව තව තවත් ඉතා අන්ත අසරණභාවයට පත්ව සිටින බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ මහතා ‘දිවයින’ට ඊයේ (04 දා) පැවසීය.මූලික අවශ... |
"දූෂිත ගනුදෙනු 560 කින් ඉහළින්ම ඇති ෆයිල් 165 ක් එළියට" | "රාජපක්‍ෂ පවුල ඇතුළු පක්‍ෂ විපක්‍ෂ දේශපාලනඥයන්, රාජ්‍ය නිලධාරීන්, ව්‍යාපාරිකයන් ඇතුළු දේශපාලන හිතවතුන් රැසක් පසුගිය කාලය පුරා සිදුකර ඇතැයි කියන දූෂිත ගනුදෙනු ඇතුළු වංචා දූෂණ රැසක ලිපිගොනු ඊයේ (03 වැනිදා) ජනතා විමුක්ති පෙරමුණේ සහ ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා රට හමුවේ අනාවරණය කළේය. එහිදී ජවිපෙ දූෂණ විරෝධ... |
"හම්බන්තොට මහ රෝහල ඉදිකිරීමේදී වූ කළු සල්ලි ජාවාරම: නාමල් හවුල් බව හෙළිකරයි" | "හම්බන්තොට මහ රෝහල ඉදිකිරීමේදී ඔස්‌ට්‍රේලියානු වෛද්‍ය උපකරණ සැපයීමේ සමාගමක් වූ ඇස්පෙන් මෙඩිකල් සමාගම ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයකු සමග දියත් කළ කළු සල්ලි ජාවාරමක තවත් තොරතුරු ඒ. බී. සී. මාධ්‍ය ජාලය විසින් හෙළි කර තිබේ. මෙම කළු සල්ලි ජාවාරමට මෙරට ප්‍රබල දේශපාලකයකුගේ පුත්‍රයකු ද සම්බන්ධ බව අනාවරණය වී තිබේ. ඇස්පෙන් සමාගම මුල... |
"තායි සමාගමක් සමග ගිවිසුමක් : ලබන මාසයෙන් පසු ගෑස් ප්‍රශ්නය ඉවරයි – ලිට්‍රෝ සභාපති" | "දැනට රට තුළ පවතින ගෑස් හිඟය මෙම මාසය පුරා පවතින අතර තායිලන්තයේ සියම් සමාගම සමග අත්සන් කරන ගිවිසුමට අනුව ලබන මාසයෙන් පසු ගෑස් ප්‍රශ්නය විසඳෙනු ඇතැයි ලිට්‍රෝ සමාගමේ සභාපති විජිත හේරත් මහතා “දිවයින”ට පැවසීය. තායිලන්ත සමාගමෙන් වසරක කාලයකට ගෑස් මිලදී ගැනීමට අදාළ තීරණයට කැබිනට් අනුමැතිය ලැබුණ බවද ඒ මහතා කීය. මෙතෙක් කලක් මෙර... |
"විදේශ සංචිතය දැන් බිංදුවයි" | "“අපේ ඇත්ත සංචිතය අද වනවිට බිංදුවයි” යැයි මුදල් ඇමැති අලි සබ්රි මහතා පවසයි. අපට ණය ගෙවන්න බෑ කියලා කියන්න වුණේ ඒ නිසා බව ද මුදල් ඇමැතිවරයා කීවේය. දැනට රටේ පවතින විදේශ සංචිත ප්‍රමාණය කොපමණද කියා මාධ්‍ය කළ විමසුමකට පිළිතුරු දෙමින් පෙරේදා (02 දා) රාත්‍රී ස්වර්ණවාහිනියේ ‘දුර හරි කෙළින්’ දේශපාලන සංවාදයට එක්වෙමින් ඇමැතිවරයා ... |
"ආණ්ඩුවට එරෙහිව ලන්ඩන් නුවර රැව්දුන් ශ්‍රී ලාංකික ජන විරෝධය" | "දරාගත නොහැකි බඩු මිලත්, ගෑස්, තෙල් පෝලිම්, විදුලිය කප්පාදුව, අත්‍යවශ්‍ය බඩුවල හිඟයෙන් පීඩා විඳින අපේ ශ්‍රී ලාංකික ජනතාව වෙනුවෙන් පක්ෂ පාට ජාති ආගම් භේදයකින් තොරව, පීඩාකාරි ආණ්ඩුවට එරෙහිව නොනැවතී ගෙන යන ‘අරගලයට’ හෘදයාංගම සහාය දැක්වීමක් වශයෙන්, බි්‍රතාන්‍යයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් (GotaGoGama London) අරගලයට එක්ව සිටිති. ... |
"විශ්වාසභංගය සහ දෝෂාභියෝගය සජබ ඊයේ කථානායකට භාරදෙයි" | "ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංගයක් සහ ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් සමගි ජන බලවේගය විසින් ඊයේ (03දා) සවස කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට භාර දෙනු ලැබීය. සමගි ජන බලවේගය මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර, ඉරාන් වික්‍රමරත්න, ඉමිතියාස් බාකීර් මාකර්, ලක්ෂ්මන් කිරිඇල්ල, ගයන්ත කරුණාතිලක යන මහත්වරු ඊයේ කථානායක නිල නිවසට ගොස් මෙම... |
"දින 35 ක් තිස්සේ වරායේ හිරවී තිබෙන පෙට්‍රල් නැව නිදහස් කර නොගත්තොත් යළිත් පෙට්‍රල් හිඟයක්" | "තෙල් තොග හා ගබඩා පර්යන්ත සමාගම කියයි කොළඹ වරායට පැමිණ දින තිස්පහක් තිස්සේ ගොඩබාගත නොහැකිව තිබෙන පෙට්‍රල් තොග සහිත නෞකාව නිදහස් කර ගැනීමට නොහැකිවුවහොත් යළිත් රට තුළ පෙට්‍රල් හිඟයක් ඇති වන බව තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ‘දිවයින’ට පැවසීය. මේ වනවිට ඔක්ටේන් 92 සහ ඔක්ටේන් 95 පෙට්‍රල් අවසන් අදිරයට පැමිණ... |
"අගමැතිගේ ඉල්ලීමකට චීනයෙන් යුවාන් මිලියන 300 ක ප්‍රදානයක්" | "චීනයෙන් ශ්‍රී ලංකාවට තවත් ඇමරිකානු ඩොලර් මිලියන 76 ක (යුවාන් මිලියන 300 ක) ප්‍රදානයක් සිදු කර ඇත. අගමැති මහින්ද රාජපක්ෂ මහතා සහ චීන අගමැති ලී කෙකියැන්ංග් මහතා අතර පසුගිය අප්‍රේල් 22දා පැවැති දුරකථන සාකච්ඡාවේ ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකාවට අවශ්‍ය ඖෂධ, ආහාර, ඉන්ධන සහ අනෙකුත් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සපයා ගැනීම සඳහා චීන රජය මෙම... |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.