Title
stringlengths
9
246
Content
stringlengths
3
62.9k
"අර්බුදයෙන් රට මුදාගන්න ඇමැතිවරුන් 15 දෙනකුගෙන් අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටු විය යුතුයි"
"ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති මහනුවරදී කියයි පවතින අර්බුදයෙන් රට මුදා ගැනීම සඳහා කඩිනම් පියවරක් ලෙස සියලු දේශපාලන පක්ෂ නියෝජනය වන පරිදි පත්කළ ඇමැතිවරුන් පහළොස් දෙනකුගෙන් සමන්විත අන්තර්කාලීන ජාතික ආණ්ඩුවක් පිහිටුවිය යුතු බව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා පවසයි. රට වැටී තිබෙන බැරෑරුම් ත...
"ජනාධිපතිවරයා වහා ඉල්ලා අස්විය යුතු බවට උද්ඝෝෂණයේ…."
"අන්තර් විශ්වවිද්‍යාල භික්‍ෂු බල මණ්ඩලයේ ශිෂ්‍ය භික්‍ෂූන් වහන්සේලා පිරිසක් ඊයේ (03 දා) කොටුව ජනාධිපති මන්දිරය අසල මාර්ග බාධකය අසලට ගොස් ජනාධිපතිවරයා වහා ඉල්ලා අස්විය යුතු බවට උද්ඝෝෂණයේ නිරත වූ අයුරු. ඡායාරූපය – නිශාන් එස් ප්‍රියන්ත"
"අරගල බිමේ රාමසාන් සමරයි: සඟරුවනට දන් පිළිගන්වයි"
"ඉස්ලාම් බැතිමතුන්ගේ රාමසාන් සැමරුම ඊයේට (03) යෙදී තිබුණි. කොළඹ ගාලු මුවදොරදී අඛණ්ඩව 25 වැනි දිනටත් පැවැති අරගල භූමියේදී රාමසාන් සැමරීමට ඉස්ලාම් බැතිමත්හු ද එක් වූහ. එහිදී මහා සංඝරත්නය වෙනුවෙන් සාංඝික දානයක්ද පිළිගැන්වුණි. කතෝලික පූජකයින් හා කන්‍යා සොයුරියන් සඳහාද දානය පිළිගැන්වීමක් සිදුවිය. එහිදී ආචාර්ය ඕමල්පේ සෝභිත හ...
"අරගල බිමේ රාමසාන් සමරයි: සඟරුවනට දන් පිළිගන්වයි"
"ඉස්ලාම් බැතිමතුන්ගේ රාමසාන් සැමරුම ඊයේට (03) යෙදී තිබුණි. කොළඹ ගාලු මුවදොරදී අඛණ්ඩව 25 වැනි දිනටත් පැවැති අරගල භූමියේදී රාමසාන් සැමරීමට ඉස්ලාම් බැතිමත්හු ද එක් වූහ. එහිදී මහා සංඝරත්නය වෙනුවෙන් සාංඝික දානයක්ද පිළිගැන්වුණි. කතෝලික පූජකයින් හා කන්‍යා සොයුරියන් සඳහාද දානය පිළිගැන්වීමක් සිදුවිය. එහිදී ආචාර්ය ඕමල්පේ සෝභිත හ...
"ගෝල්ෆේස් අරගලයට දින 25 යි"
"ජනාධිපතිවරයා අගමැතිවරයා ඇතුළු ආණ්ඩුව වහා ඉල්ලා අස්විය යුතු බවට බලකරමින් පසුගිය 09 වැනිදා කොටුව ගාලුමුවදොර ආරම්භ වූ ජන අරගලය ඊයේ (03දා) 25 වැනි දිනයටත් අති විශාල ජනතාවකගේ සහභාගිත්වයෙන් ක්‍රියාත්මක විය. ඊට සමගාමීව අගමැතිවරයාට වහා ඉවත්වන ලෙසට බලකරමින් අරලියගහ මන්දිරය ඉදිරිපිට ගාලුපාර පිවිසුම අසල පැවැත්වෙන අරගලයද ඊයේ (03ද...
"විල්සන් කරු ජීවිත රඟමඬලින් බැස යයි"
"සිංහල සිනමාවේ සටන් නළුවකු සහ සටන් අධ්‍යක්ෂවරයකු වූ ප්‍රවීණ රංගන ශිල්පී විල්සන් කරුණාරත්න මහතා ඊයේ (03 දා) අභාවප්‍රාප්ත විය. කලක් රෝගාතුරව සිටි ඒ මහතා මියයන විට 79 හැවිරිදි වියේ පසු විය. 1942 ඔක්තෝබර් 28 වැනිදා කොළඹ, කිරුළපනදී උපන් ඒ මහතා 1974 දී තිරගත වූ ‘හදවත් නැත්තෝ’ චිත්‍රපටයෙන් සිංහල සිනමාවට පිවිසියේය. සිනමාවේදී ද...
"කූරගල පුදබිමේ මහ සෑයේ වැඩ නිමාවට පත් වෙයි"
"ඓතිහාසික කූරගල පුදබිමේ ඉදිවෙන මහ සෑ මලුවේ අවසන් ගඩොලද බැඳ එහි වැඩ චාරිත්‍රනුකුලව නිම කිරීම පෙරේදා (03දා) සිදු කෙරුණි. සබරගමු පළාතේ ඉදිකෙරෙන විශාලතම චෛත්‍යද මෙයයි. කූරගල විහාරාධිපති වතුරකුඹුරේ ධම්මරතන හිමියන්ගේ අනුශාසනා මත මෙම මහා සෑය ඉදිකෙරුණි. ඓතිහාසික වටිනාකමක් ඇති කූරගල රජමහා විහාරය මේවනවිට නැවත බෞද්ධ ජනතාවගේත් මුල...
"ස්ථාවර ආණ්ඩුවක් පිහිටුවීමට බලපෑම්: දේශපාලනඥයන්ට විද්යුත් මාධ්‍ය තහංචියක්!"
"රට තුළ ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම සඳහා ස්ථාවර ආණ්ඩුවක් පිහිටුවීමට සියලු දේශපාලන පක්‍ෂවලට බලපෑම් කිරීමේ අරමුණින් මෙරට සියලුම විද්යුත් නාලිකා දේශපාලනඥයන් සිය වැඩසටහන්වලට සම්බන්ධ කර නොගැනීමේ ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමට තීරණය කර ඇත. ඒ අනුව ප්‍රවෘත්ති විකාශයන් හැර සියලුම ප්‍රවෘත්ති හා කාලීන වැඩසටහන් සඳහා වෘත්...
"ගම්මිරිස් මිල රු. 1900 ට නගී"
"මේ දිනවල වෙළඳ පොළේ ගම්මිරිස් සඳහා ඉහළ මිලක් ඇති බව වගාකරුවෝ පවසති. එය වියළි ගම්මිරිස් කිලෝවක් රු. 1900 ක් වන අතර අමු ගම්මිරිස් කිලෝවක් රු.450 ක මිලක පවතී. බළන්ගොඩ – එන්.එම්. පියසේන"
"අරගල බිමට කඩා වැදුණු – පොලිසිය රිවස් වෙයි"
"ගාලුමුවදොර, ජනාධිපති ලේකම් කාර්යාලයේ ප්‍රවේශ දොරටුව අබියස ‘ගෝඨා ගෝගම’ අරගලයේ නිරත පිරිස් ඉදිකර ඇති අට්ටාලයක් ඉවත් කිරීම සඳහාා ඊයේ (02 දා) දහවල් එම ස්ථානයට ගිය උසස් පොලිස් නිලධාරීන් පෙරටු කරගත් කැරලි මර්දන පොලිස් නිලධාරීන්ට අරගලකරුවන්ගෙන් එල්ල වූ දැඩි විරෝධය හමුවේ ආපසු හැරී යෑමට සිදුවිය. පොලිස් නිලධාරීන් පුරවාගත් ට්‍රක...
"රඹුක්කන වෙඩි තැබීම – එස් එස් පී ඇතුලු 4දෙනාට ඇප නෑ"
"රඹුක්කන වෙඩි තැබීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයේ සිටින ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා ඇතුළු පොලිස් නිලධාරීන් සිව්දෙනාට ඇප ලබාදීම කෑගල්ල මහෙස්ත්‍රාත් වාසනා නවරත්න මහත්මිය ඊයේ (02 දා) ප්‍රතික්‍ෂේප කළාය.එම පොලිස් නිලධාරීන් වෙනුවෙන් පෙනීසිටි නීතිඥ ප්‍රියන්ත දෙනියාය මහතා මෙම ඇප ඉල්ලීම කළේය.මේ වනවිට කෑගල්ල ජ්‍ය...
"අමුද්‍රව්‍ය ගෙන්වීමට ඩොලර් නැතිව ආයුර්වේද ඖෂධ නිෂ්පාදනයත් නවතී."
"රට තුළ පවතින ඩොලර් අර්බුදය නිසා අමුද්‍රව්‍ය ආනයනය කිරීමට නොහැකි වීමෙන් අත්‍යවශ්‍ය ආයුර්වේද ඖෂධ වර්ග රැසක් නිෂ්පාදනය අත්හිටුවීමට මේ වනවිට සිදුව ඇතැයි ආයුර්වේද ඖෂධ නිෂ්පාදකයෝ පවසති.අරලු, බුලු, නෙල්ලි සිට ආයුර්වේද අමුද්‍රව්‍ය 180 ක් පමණ ඉන්දියාවෙන් ආනයනය කරන බවත් මේ වනවිට එම අමුද්‍රව්‍ය ආනයනය කිරීමට නොහැකි වීම නිසා තමන් ...
"යෝජනා 6  ඉටු නොකළාට විරෝධය – මල්වතු මහ නාහිමියෝ දේශපාලනඥයන්ට දොර වසති"
"කිසිදු දේශපාලනඥයකුට තමන් වහන්සේ බැහැදැකීම සඳහා අවසර ලබා නොදීමට මල්වතු පාර්ශ්වයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහ නාහිමියන් තීරණය කර ඇත.ත්‍රෛනිකායික මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේලාගේ පූර්ණ එකඟතාව මත පවතින අර්බුදයෙන් රට මුදා ගැනීම පිණිස තාවකාලිකව සර්වපාක්ෂික අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවීම ඇතුළු යෝජ...
"සර්වපාක්‍ෂික ආණ්ඩුවක් වෙනුවට ජාතික එකගතා ආණ්ඩුවකට පොහොට්ටුවේ කැමැත්ත"
"‘අවලස්සන ඇමරිකානුවා’ සමග ඊයේ වාඩිවුණේ ඇයි?සර්වපාක්ෂික අන්තර්කාලීන ආණ්ඩුවක් වෙනුවට ජාතික එකඟතා අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සංකල්පමය වශයෙන් එකඟතාව පළ කර ඇත.රට තුළ පවතින අර්බුද විසඳීම සඳහා ත්‍රෛනිකායික මහනාහිමිවරුන් විසින් යෝජනා කළ සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සම්බන්ධව ඉදිරිපත් කළ යෝජනා...
"බෙහෙත් වර්ග 500ක මිල සියයට 69කින් උස්සලා – ඖෂධවේදීන්ගේ සංගමයේ සභාපති"
"සෞඛ්‍ය අමාත්‍යාංශය ඉකුත් මාස දෙක ඇතුළත බෙහෙත් වර්ග 500කට අධික සංඛ්‍යාවක මිල ගණන් සියයට 69කින් ඉහළ දමා ඇති බව රජයේ ඖෂධවේදීන්ගේ සංගමයේ සභාපති අජිත් තිලකරත්න මහතා පැවසීය.අදාළ බෙහෙත් වර්ගවල මිල ගණන් ඉකුත් මාර්තු මාසයේදී සියයට 29 කින් හා අප්‍රේල් මාසයේදී සියයට 40කින් ඉහළ දමා ඇති බව ද හෙතෙම කීවේය. සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ...
"6 දා හර්තාලයෙන් ආණ්ඩුව නොගියොත්  11 දා සිට දිගටම හර්තාල්"
"සියලු වෘත්තීය සමිති බහුජන සංවිධාන හා සිවිල් සංවිධාන එක්වෙයිමැයි 06 දින රට පුරා එක්දින හර්තාල් ව්‍යාපාරයක් සහ වැඩ වර්ජනයක් සංවිධානය කර ඇති බවත් ඒ සඳහා ආණ්ඩුව උත්තර නොදුන්නොත් වත්මන් ජනපීඩක ආණ්ඩුව ගෙදර යන තෙක්ම මැයි 11 දින සිට රට පුරා අඛණ්ඩ හර්තාල් ව්‍යාපාරයක් ආරම්භ කරන බවත් වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සම කැඳ...
"මිල පාලනයක් නෑ :- පාරිභෝගික අධිකාරිය හදිසි වැටලීම් නතර කරයි"
"පාරිභෝගික ද්‍රව්‍ය ඇතුළු අනෙකුත් භාණ්ඩ මත මේ වනවිට කිසිදු මිල පාලනයක් නොමැති නිසා පාරිභෝගික අධිකාරිය සිදු කරන ඇතැම් හදිසි වැටලීම් නතර කර දමා ඇත.මේ සම්බන්ධයෙන් පාරිභෝගික අධිකාරියෙන් විමසූ විට එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියකු කියා සිටියේ භාණ්ඩ හිඟය මඟ හරවාලීම සඳහා මිල පාලනය ඉවත් කිරීමට රජය ගත් තීරණය නිසා මෙම තත්ත්වය උද්ගතව තිබෙන...
"බෝඩිංකාරයින්ට දීලා බැහැ අලුත් පිරිසක් රට භාරගන්න ඕනෑ – ඇල්ලේ ගුණවංශ හිමි"
"‘රටේ පාලකයෝ ගැන විශ්වාසයක් තියන්නේ නැතිව තමන්ට ආහාරයට ගත හැකි යමක් ගෙවත්තේ පැළ කරන්න’ යැයි කොළඹ බෞද්ධාලෝක ධර්මායතනාධිපති ඇල්ලේ ගුණවංශ හිමියෝ පවසති.රට ඉතා බරපතළ තත්ත්වයක තිබෙන අතර රට ආක්‍රමණයට ලක්වෙමින් සිටින බවත් උන්වහන්සේ පැවසූහ. කෝට්ටේ වජිර පුනරුත්ථාපන ළමා නිවාසයේ විධායක අධ්‍යක්‍ෂ ආචාර්ය හුණුපලගම වජිරඥාන ශ්‍රී නාහිම...
"අරක්කු- බියර් මිල නගී"
"මත්පැන් බෝතලයක මිල රුපියල් 80කින් සහ බියර් බෝතලයක (කෑන් එකක) මිල රුපියල් 10කින් ඉහළ දමා ඇත. මත්පැන් නිෂ්පාදන සමාගම විසින් මෙම මිල වැඩි කිරීම සිදු කර ඒ සම්බන්ධයෙන් සුරාබදු දෙපාර්තමේන්තුව දැනුවත් කර ඇත. ප්‍රවාහන, අමුද්‍රව්‍ය ඇතුළු වියදම් වැඩිවීම සැලකිල්ලට ගෙන මත්පැන් සහ බියර් නිෂ්පාදිත සමාගම් විසින් මෙම මිල වැඩි කිරීම ස...
"IMF ණයක් ගන්න ඉදිරි මාස දෙක ඇතුළත එකඟතාවක් – මහ බැංකු අධිපති"
"ශ්‍රී ලංකාවට මුල්‍ය පහසුකමක් ලබා ගැනීම සඳහා ඉදිරි මාස දෙක ඇතුළත ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩල මට්ටමින් එකඟතාවක් ඇති කර ගැනීමට හැකිවනු ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පැවසීය.එම එකඟතාව ඇති කර ගත් පසු ඊළඟ සති දෙක තුන ඇතුළත ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් ශ්‍රී ලංකාවට ලබාදෙන ණය පහසුකමේ ...
"බටහිර විරෝධය නොතකා රුසියාවෙන් තෙල් ගන්න ලංකාව එකඟ වෙයි"
"ඇමරිකාව ඇතුළු බටහිර රටවල විරෝධය නොතකා රුසියාවෙන් බොර තෙල් ලබා ගැනීමට රජය එකඟ වී ඇත.රුසියාවේ රොස්නෙල්ප්ට් ඇතුළු රාජ්‍ය තෙල් සමාගම් පහක් ශ්‍රී ලංකාවට අඩු මිලට තෙල් ලබාදීමට කැමැති බව දැනුම් දී තිබේ. ඇල්ලේ ගුණවංශ හිමියන් පැවසුවේ ඒ බව එම තෙල් සමාගම් මොස්කව් සිට තමන්ට ලිඛිතව දන්වා ඇති බවයි. මෙරට බටහිර තානාපතිවරු 10ක් ශ්‍රී ...
"බහුතරය පෙන්වීමට  විපක්‍ෂය සූදානම්: – නි. කථානායක පත්කිරීම හෙට නෑ"
"නියෝජ්‍ය කථානායක ධුරය සඳහා මන්ත්‍රීවරයකු පත් කිරීම හෙට (04දා) පාර්ලිමේන්තුවේදී සිදු නොවනු ඇතැයි දේශපාලන ආරංචිමාර්ග පවසයි.රංජිත් සියඹලාපිටිය මහතා ඉල්ලා අස්වීම නිසා නි.කථානායක ධුරය පුරප්පාඩු වී තිබෙන නමුත් ඔහුගේ ඉල්ලා අස්වීම ජනාධිපතිවරයා විසින් මෙතෙක් පිළිගෙන නොමැති බැවින් ඊට සුදුස්සකු පත් කිරීම කල් යනු ඇතැයි පැවසේ.යම් ...
"ආණ්ඩුවට විශ්වාසභංගයක් ජනපතිට දෝෂාභියෝගයක් සජබයෙන් හෙට මැති සබයට"
"ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංගයක් සහ ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් වශයෙන් සමගි ජන බලවේගය විසින් හෙට (04දා) යෝජනා දෙකක් භාර දීමට ඊයේ (02) පැවැති එම පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී තීරණය කළ බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ‘දිවයින’ට පැවසීය.විශ්වාසභංග යෝජනාව සඳහා ඉදිරිපත් කෙරෙන අත්සන් ලේඛනයම දෝෂාභියෝග...
""කෝටිපතියකු ඝාතනයට මාන බැලූ හඳයාගේ ගෝලයා මාට්ටු – ගිනිඅවියක්, මැගසින් එකක් සහ උණ්ඩ තිහකුත් අල්ලයි""
"රුපියල් දසලක්‍ෂයක මුදල් කොන්ත්‍රාත්තුවකට හෝමාගම ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරිකයකු වෙඩිතබා ඝාතනය කිරීමට සූදානමින් සිටි ප්‍රබල පාතාල සාමාජිකයකු ටී 56ගිනිඅවියක් ඇතුළු අවි ආයුධ සමග කළුතර අපරාධ කොට්ඨාසය මගින් පෙරේදා (01 දා) රාත්‍රි අත්අඩංගුවට ගෙන ඇත.මෙම පාතාල ප්‍රබලයා ‘හඳපාන්ගොඩ හඳයා’ නමැති පාතාල නායකයාගේ සමීපතම ගෝලයකු වන අත...
"ගෑස් හිඟය අවසන් කිරීමට දින 30 ක් යනවා – ලිට්‍රෝ සභාපති කියයි"
"ඩොලර් හිඟය මඟ හරවා ගනිමින් අවශ්‍ය ගෑස් මෙරටට ගෙනාවත් ගෑස් හිඟය සම්පූර්ණයෙන් අවසන් කිරීමට දින තිහක කාලයක් ගතවන බව ලිට්‍රොා් ගෑස් සමාගමේ සභාපති විජිත හේරත් මහතා ‘දිවයින’ට පැවසීය.මෙරට ගෑස් සිලින්ඩර් ලක්ෂ තිස්පහක් හතළිහක් තිබෙන බවත් කොළඹ වරායට ගෙන එන නෞකාවකින් මුතුරාජවෙල ගෑස් පර්යන්තයට ගෑස් ගොඩ බෑමෙන් පසු දිනකට ගෑස් සිලින...
"සිංහයෝ ඉන්න තැන සිංහයෝ ගොරවා ගන්නවාගැටුම ගැන හරින් කියයි"
"සිංහයෝ ඉන්න තැන සිංහයෝ පොඩ්ඩක් ගොරව ගන්නවා. ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා සමග වූ සිද්ධියත් එවැන්නක් යැයි ද ඒවා බලන් එන්න බැරි නරි ‘හු’ කියා ගන්නවා යැයි සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනාන්දු මහතා ඊයේ (02 දා) පැවසීය.සරත් ෆොන්සේකා මහතාට අනාගත රජයක ආරක්ෂක ඇමැතිකම දීම ගැන තම මතය කුමක්දැයි මාධ්‍ය ඊයේ විමසූ විට ඔහු ...
"ජීවිතය අයදින ජන විරෝධය"
"ගාලු මුවදොර ඊයේ දහවල් ගාලු මුවදොර ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට අරගලයේ නිරතව සිටින තරුණ පිරිස ඊයේ (2) දහවල උද්ඝෝෂණයේ සිටි අයුරු. සමන් රණවීර"
"ශ්‍රී ලංකාවට සහල් සහ බෙහෙත් දෙන්න තමිල්නාඩුවෙන් යෝජනාවක්"
"සහල් සහ ඖෂධ ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ශ්‍රී ලංකාවට ලබාදීම සඳහා තමිල්නාඩු රජය යෝජනාවක් සම්මත කරගෙන ඇත. මෙම යෝජනාවට අන්නා ඩි. එම්. කේ. පක්‍ෂය සහ බී. ජේ. පී පක්‍ෂය ද සහාය දක්වා තිබේ.තමිල්නාඩු මහ ඇමැති එම්. කේ. ස්ටාලින් ඉදිරිපත් කළ මෙම යෝජනාව ඒකමතිකව සම්මත කර ඇත. ඉන්දීය විදේශ ඇමැති ජායි ශන්කර් මහතා පැවසුවේ තමිල්නාඩු රජයේ ...
"සජබ මැයි රැලිය අස්සේ හරින් – ෆොන්සේකා ගැටෙති"
"කොළඹ නිදහස් චතුරස්‍රය ඉදිරිපට නිදහස් මාවතේ ඊයේ (01දා) පැවැති සමගි ජන බලවේගයේ මැයි දින සමරු උළෙලේදී එම පක්‍ෂයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා සහ එම පක්‍ෂයේ මෙහෙයුම් ප්‍රධානී පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා අතර ගැටුමක් හටගත්තේය. මැයි දින රැලියේ න්‍යාය පත්‍රය සැකසීම ඇතුළු සියලු...
"අන්තර්කාලීන සූදුවට අපි සූදානම් නෑ ගෝල්ෆේස් තරුණ අරගලය පාවා දෙන්නේත් නෑ"
"රටට වින කරන ආණ්ඩුවම අපි ගෙදර යවනවා –  නිදහසේ අරගලය අපි දිනවනවා – සජබ කළු මැයි රැලියේදී සජිත් කියයි හොරුන් එක්ක ආණ්ඩු හදන්න බල කළොත් ඒ අයගේ නම් රටට කියලා මම ගෙදර යනවා● අන්තර්කාලීන සූදුවට අපි සූදානම් නෑ● ගෝල්ෆේස් තරුණ අරගලය පාවා දෙන්නේ නෑ● නූල් සූත්තර දේශපාලනය දැන් හරියන්නේ නෑමේ හොරුත් සමඟ ආණ්ඩු කරන්න සූදානම් නෑ. කවුරු ...
"ජනතාව පිළිගන්න නව ආණ්ඩුවකට අවස්ථාවදීම එකම විසඳුමයි – අනුර කුමාර"
"* ගෝඨාභය – මහින්ද ඇතුළු ආණ්ඩුවම යා යුතුයි* කබ්රාල් හිරේ දමනවා*  අරගලය එක මිටකට ගේන්න නායකත්වය දෙනවා* ජනපතිට – අගමැතිට අද ජනතාව ඇමතීමටත් බැරිවෙලාරට පුරා තැන තැන පැන නැඟී ඇති සියලු තරුණ අරගල, සටන් සහ නැඟිටීම් පොදු එක්සත් ව්‍යාපාරයක් තුළට ගෙන ඒම සඳහා නායකත්වය ලබා දීමට ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජන බලවේගය සූදානම් ...
"ආහාර ගන්න ඉන්දියාව දුන් ඩොලර්වලින් ආණ්ඩුව යකඩ ගෙන්වයි"
"ආහාර ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීම සඳහා ඉන්දියාව විසින් ලබාදෙන ලද ඇමෙරිකන් ඩොලර් බිලියනයක ණය සහනාධාරය යොදා ගනිමින් ඉන්දියාවෙන් යකඩ ගෙන්වීමට රජය තීරණය කර ඇත. මෙම ඩොලර් බිලියනයෙන් ඩොලර් මිලියන 250 ක් දැනටමත් වියදම් වී අවසන්ව තිබේ. ඉතුරු ඩොලර් මිලියන 750 යොදාගෙන මෙරටට යකඩ සහ වානේ ගෙන්වීමට නියමිතය. අත්‍යවශ්‍ය ආහාර ද්...
"අරලියගහ මැඳුර ළඟ  උණුසුම් තත්ත්වයක්"
"* පොලිසිය පන්න පන්නා ගැහුවා* විරෝධතාකරුවෝ කියති* කාන්තාවක් රෝහලේ*ගැලවූ අට්ටාල යළි තනතිජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුවට වහා ඉල්ලා අස්වන ලෙසට බලකරමින් සති තුනක් තිස්සේ ගාලු මුවදොර අඛණ්ඩව පවත්වාගෙන යන විරෝධතාවයට සහාය දක්වමින් අරලියගහ මන්දිරය අසල පවත්වාගෙන යන ‘මයිනාගෝගම’ ලෙසින් නම්කර ඇති විරෝධතා භූමියට ඊයේ (01 වැනිදා) අලුයම 5.0...
"ගුවන්යානා 21ක් බදු ගන්න සැලසුම දිගටම"
"අලුත් ගුවන් යානා 21 ක් දිගුකාලීනව බදු ගැනීම සඳහා ඉදිරිපත් කරන ලද වැඩපිළිවෙළ ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකන් ගුවන් සේවය තීරණය කර ඇත. රටේ දැනට පවතින දුෂ්කර ආර්ථික තත්ත්වය සලකා මෙම තීරණය තුන් මාසයක කාලයකට අත්හිටුවීමට පමණක් එම සමාගම කටයුතු කරනවා ඇත. ශ්‍රී ලංකන් ගුවන් සේවය භාවිතා කරන ගුවන් යානාවලින් ගුවන් යානා 9...
"පිටිපස්සෙන් නෙවෙයි ජනතා අරගලවල සජීවීව පෙරටුගාමීන් ඉන්නවා – කුමාර් ගුණරත්නම්"
"ගාලුමුවදොර ජනතා අරගලය පිටුපස පෙරටුගාමීන් සිටින්නේ දැයි ප්‍රශ්න කරන අයට කීමට ඇත්තේ රටේ සෑම ජන අරගලයකම පිටුපස්සෙන් නොව සජීවීව සිය පක්‍ෂය සිටින බව යැයි පෙරටුගාමී සමාජවාදී පක්‍ෂයේ ලේකම් කුමාර් ගුණරත්නම් මහාතා ඊයේ පැවසීය.එම පක්‍ෂයේ මැයි දින රැලිය කොළඹ විහාරමහා දේවී උiානයේදී ඊයේ පැවැති අවස්ථවේදී ඒ මහතා මේ බව කීවේය.ජනතාවගේ බ...
"ගාලුමුවදොර අරගලය  23 වැනි දිනටත්…"
"රටේ ඇතිවී තිබෙන ඉන්ධන, ගෑස්, විදුලිය ඇතුළු තවත්  ගැටලුවලට විසඳුම් ඉල්ලා සහ ජනාධිපතිවරයා, අගමැතිවරයා ඇතුළු ආණ්ඩුව වහා ඉවත්විය යුතු බවට බලකරමින් පසුගිය 09 වැනිදා කොටුව ගාලුමුවදොර ජනාධිපති ලේකම් කාර්යාලය අසලදී ආරම්භ වූ ජන අරගලය ඊයේ (01 වැනිදා) 23 වැනි දිනටත් විශාල ජන සහභාගිත්වයෙන් පැවැත්විණි.ගාලුමුවදොර අරගල භූමියට පෙරේදා...
"ඔක්ටේන් 95 පෙට්‍රල් ඉවරයි"
"දිවයින පුරා පිහිටි සිපෙට්කෝ ඉන්ධනහල්වල ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් අවසන් වී ඇත.සංස්ථාව සතුව ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් නොමැති බවත් දැනට මෙරට මුහුදු සීමාවට පැමිණ ඇති පෙට්‍රල් මෙටි්‍රක් ටොන් තිස්හත්දහසක් රැගත් නැවේ ඔක්ටේන් 95 වර්ගයේ ඉන්ධන ඇතත් එම නැව මුදල් ගෙවා මෙතෙක් ලබාගැනීමට නොහැකිවී ඇති බවත් ඛනිජ තෙල් සංස්ථා උසස් නිල...
"නව ඉන්ධන බවුසර් ලියාපදිංචිය  අද සිට"
"ඉන්ධන ප්‍රවාහනය සඳහා නව බවුසර් රථ ලියාපදිංචි කිරීම අද (02දා) සිට ආරම්භ කෙරේ.ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන් ඉන්ධන ප්‍රවාහනයෙන් ඉවත්වී වැඩ වර්ජනයක නිරතවීම නිසා ඉන්ධන ප්‍රවාහනයට ඇතිවී තිබෙන අර්බුදයට පිළියමක් සකසා ගැනීම සඳහා නව ටැංකි ලියාපදිංචි කිරීමට කටයුතු කරන බව විදුලිබල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර මහතා පැවැසීය...
"අප්‍රේල් උද්ධමනය 29.8% දක්වා වාර්තාගත ලෙස ඉහළට"
"කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව ගණනය කළ උද්ධමනය ඉකුත් අප්‍රේල් මාසයේදී සියයට 29.8 ක් දක්වා වාර්තාගත ලෙස විශාල වශයෙන් ඉහළ ගියේය. මෙය ඉතිහාසයේ ඉහළතම අගයකට උද්ධමනය වැඩිවීමකි. පසුගිය මාර්තු මස පැවැති උද්ධමනය සියයට 18.7 ක් විය.මුළු උද්ධමනය නියෝජනය කරන ආහාර කාණ්ඩයේ උද්ධමනය 2022 මාර්තු මාසයේදී පැවැති සියයට 30.2 සිට ඉකුත් අප්‍...
"ජනපති අගමැති ජන අරගලයට බියෙන් බංකර තුළ හැංගිලා – අරගලය දිනවන්න එකතු වෙන්න"
"‘මයිනාගෝගම’ මැයි රැලියේදී හඬ නැඟෙයිඉතිහාසයේ පළමු වතාවට අනෙක් සියලු පක්‍ෂ මැයි දින රැලිය පවත්වද්දී පොදුජන පෙරමුණට ප්‍රධාන මැයි දින රැලිය පවත්වන්න බැරිවෙලා තිබෙනවා යැයි ශ්‍රී ලංකා තරුණ නීතිඥ සංගමයේ සාමාජික නීතිඥ මනෝජ් නානායක්කාර මහතා පැවැසීය.ඒ මහතා එසේ පැවසුවේ ඊයේ (01 වැනිදා) සවස ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුව වහා ඉවත්විය යු...
"තැන තැන කතා නොකර රටේ ප්‍රශ්න විසඳගන්න ජාත්‍යන්තරයට ගොස් සාකච්ඡා කරන්න – එජාප නායක – රනිල් වික්‍රමසිංහ"
"රටේ පවතින ආර්ථික ගැටලුවලට විසඳුම් ලබාගැනීම සඳහා මෙරට සිට නොව ජාත්‍යන්තරයට ගොස් සාකච්ඡා කළහොත් අපේ ආර්ථිකය ගොඩනඟා ගත හැකි යැයි එක්සත් ජාතික පක්‍ෂ නායක හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කියා සිටියේ ජාතික සේවක සංගමය විසින් කොළඹ නව නගර ශාලාවේ ඊයේ (01 දා) සංවිධානය කර තිබූ විශේෂ මැයි දි...
"රණසිංහ ප්‍රේමදාස සිටියේ නම් අද සශ්‍රීක රටක් තියෙනවා – කරු ජයසූරිය"
"මගේ පියා එදා කිව්වේ සත්‍ය කිසිදා පරාජය කළ නොහැකි බවයි – විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාසරණසිංහ  ප්‍රේමදාස  29 වැනි  ගුණ සමරුවහිමිදිරි පාන්දර අවදිවන හිටපු ජනාධිපති දිවංගත රණසිංහ ප්‍රේමදාස මහතා අද සිටියේ නම් අද මේ රට ඉතා සශ්‍රීක රටක් වනු නිසැක බව හිටපු කථානායක කරු ජයසූරිය මහතා ඊයේ (1 දා) පැවැසීය. හිටපු ජනාධිපති දිවංගත රණසිං...
"ඖෂධ-වෛද්‍ය උපකරණ  හැකි ඉක්මනින්  පරිත්‍යාග කරන්න"
"පෞද්ගලික රෝහල් සහ සාත්තු නිවාස සංගමය විදෙස්ගත  ශ්‍රී ලාංකිකයන්ගෙන් සහ වෙනත් දානපතියන්ගෙන් ඉල්ලයි මේ වන විට ශ්‍රී ලංකාවේ ඇතිවී තිබෙන උග්‍ර ඖෂධ හා වෛද්‍ය උපකරණ හිඟය හේතුවෙන් දිනෙන් දින අවදානමට ලක්වෙමින් පවතින අහිංසක රෝගීන්ගේ ජීවිත බේරා ගැනීම සඳහා හැකි ඉක්මනින් ඖෂධ සහ වෛද්‍ය උපකරණ මෙරටට පරිත්‍යාග කරන ලෙස පෞද්ගලික රෝහල් ස...
"මහින්ද නැතිව හදන අන්තර් ආණ්ඩුවේ අගමැති තේරීම ජාතික සභාවකින්"
"ඉදිරියේදී පිහිටුවනු ලබන නව අන්තර්වාර සර්වපාක්ෂික ආණ්ඩුවේ අගමැතිවරයා සහ කැබිනට් මණ්ඩලය තෝරාපත්කර ගනු ලබන්නේ සියලු පක්‍ෂවල නායකයන්ගෙන් සැදුම්ලත් ජාතික සභාවක් මගින් යැයි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සභාපති සහ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි. එසේම කැබිනට් ඇමැති මණ්ඩලය ද 15ත් 20ත් අතර සංඛ්‍යාවකට සීමා වනු ඇතැයි ද ...
"ජනපති කිව්වොත් මම යනවා"
"අලුත් අගමැති කෙනෙකු පත් කර අලුත් ආණ්ඩුවක් අවශ්‍ය බව ජනාධිපතිවරයා දැනුම් දීමක් කළහොත් ඊට අවනත වෙන බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට ප්‍රකාශ කළේය. එමෙන්ම එම දැනුම් දීම අනුව තමාට අගමැතිකමෙන් ඉවත් වීමට සිදු වෙන බව ද අගමැතිවරයා වැඩිදුරටත් පැවසීය. නෝමන් පලිහවඩන"
"රට ඉන්න සිසුන්ට විදෙස් විනිමය යවන්න බැංකු පහසුකම් දෙන්න….. මහ බැංකු අධිපතිගෙන් උපදෙස්"
"විදේශවල අධ්‍යාපන කටයුතු සිදු කරන ශ්‍රී ලාංකික ශිෂ්‍යයන්ට යැවීමට අවශ්‍ය විදේශ විනිමය බැංකු ක්‍රමයෙන් සපුරාලන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව, බැංකුවලට උපදෙස් දී ඇතැයි මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පැවසීය. ඒ සඳහා අදාළ දෙමව්පියන් ඉල්ලුම් කරන්නේ විශාල මුදල් ප්‍රමාණ නොවන බවත් එම විදේශ විනිමය ලබා ගැනීම සඳහා කළුකඩය...
"ලෝක කම්කරු දිනය අද"
"ගාලුමුවදොර අරගලයට අදට දින 23යි ගාලුමුවදොර ආරම්භ කර ඇති ජන අරගලයට අදට (01 දාට) දින 23කි. අප්‍රේල් 09 වැනිදා ආරම්භ කළ මෙම ජන අරගල භූමියේදී අදට යෙදෙන ජාත්‍යන්තර කම්කරු දිනය වෙනුවෙන් විශේෂ සැමරුමක් පැවැත්වීමට එහි සිටින තරුණ තරුණියන් කටයුතු යොදා ඇත."
"ජනපති – අගමැති මැයි රැලිවලට නෑ"
"ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ සහ අගමැති මහින්ද රාජපක්‍ෂ යන මහත්වරු මෙවර මැයි දින රැලි සඳහා සහභාගි නොවෙති. එබැවින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට අයත් වෘත්තීය සමිති නායකයන්ගේ ප්‍රධානත්වයෙන් මැයි දින රැලියක් අද (01 දා) සවස 2.00 ට නුගේගොඩ ආනන්ද සමරකෝන් එළිමහන් පීඨයේදී පැවැත්වේ.අනුර බාලසූරිය"
"පාගමන කොළඹට ළගා වූ පසු සජබයෙන් කළු මැයි රැලියක්"
"සමගි ජනබලවේගය මෙවර සම්ප්‍රදායික රතු මැයි රැලියක් වෙනුවට කළු මැයි රැලියක් පැවැත්වීමට පියවර ගෙන ඇත. එය අද (01 දා) කොළඹ නිදහස් චතුරශ්‍රයේ දී පැවැත්වේ. ඒ සඳහා මහනුවර සිට ඉකුත් 26 වැනිදා පැමිණි විරෝධතා පාගමන පෑලියගොඩ නගරයෙන් 30 වැනිදා අවසන් කර, අද දහවල් පෑලියගොඩ සිට නිදහස් චතුරශ්‍රය වෙත මැයි දින පාගමනක් සංවිධානය කර තිබේ. එ...
"පරණ ලේකම්ලා තිදෙනෙක් පුටුවේම ඇලවිලා"
"අමාත්‍යාංශ කිහිපයකට නව ලේකම්වරුන් ජනාධිපතිවරයා විසින් පත් කිරීමෙන් පසුව ද හිටපු ලේකම්වරියන් තිදෙනකු, සිය පත්වීම අවලංගු වුවද, ඊට පසුදා ද තමන් කලින් සේවය කළ අමාත්‍යාංශයේ සේවය සඳහා වාර්තා කර තිබේ. වසන්තා පෙරේරා (විදුලිබල), කේ. ඩී. ආර්. ඔල්ගා (බලශක්ති), භද්‍රානි ජයතිලක (වෙළෙඳ හා වාණිජ) මෙසේ තමන් කලින් සේවය කරන ලද අමාත්‍යා...
"ජවිපෙන් මැයි දින සැමරුම් 4 ක්"
"ජනතා විමුක්ති පෙරමුණ සංවිධානය කරන මැයි දින සැමරුම් උත්සවය කොළඹ ඇතුළු ප්‍රධාන නගර හතරක් කේන්ද්‍ර කරගනිමින් අද (1 දා) පැවැත්වීමට එම පක්ෂය තීරණය කර ඇත. ඒ අනුව කොළඹ, මාතර, අනුරාධපුරය සහ යාපනය නගර කේන්ද්‍ර කරගනිමින් මැයි දින සැමරුම් පැවැත්වෙයි. එම පක්ෂයේ මෙවර මැයි දින තේමාව ‘ජන පීඩක ආණ්ඩුව පරදවමු – ජනතාවාදී පාලනයක් ගොඩනගමු...
"නියෝජ්‍ය කථානායක තෝරා ගැනීම ලබන සතියේ"
"පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක ධුරය සඳහා සුදුස්සකු තෝරා පත් කර ගැනීම ලබන සතියේ පාර්ලිමේන්තු කටයුතු ආරම්භක දිනය වන මැයි 04 වැනිදා සිදු කිරීමට නියමිතව ඇත. නියෝජ්‍ය කථානායක ලෙස සිටි රංජිත් සියඹලාපිටිය මහතා එම ධුරයෙන් ඊයේ (30දා) ඉවත්වීම මත ඇතිවන පුරප්පාඩුව පිරවීම සඳහා නව නියෝජ්‍ය කථානායකවරයකු තෝරා පත් කර ගැනීම සිදුවෙයි. ...
"විදේශ මුදල් සංචිතය ලෑල්ලටම හිඳිලා"
"මේ වන විට ශ්‍රී ලංකා මහ බැංකුව සතු විදේශ සංචිත පෙර නොවූ ආකාරයට හිඳී ඇති බව වාර්තා වෙයි. පසුගිය මාර්තු අග වන විට දළ නිල සංචිත ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.9 ක් වුවත් එහි ඇති චීන විදේශ විනිමය හුවමාරු පහසුකමේ ඇති මුදල අඩු කළ විට ඉතුරු වන භාවිතා කළ හැකි මුදල් සංචිත ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් මිලියන 200කට පමණ අඩු වෙයි. ...
"ජනපති අගමැති මැයි රැලිවලට නෑ"
"ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ සහ අගමැති මහින්ද රාජපක්‍ෂ යන මහත්වරු මෙවර මැයි දින රැලි සඳහා සහභාගි නොවෙති. එබැවින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට අයත් වෘත්තීය සමිති නායකයන්ගේ ප්‍රධානත්වයෙන් මැයි දින රැලියක් අද (01 දා) සවස 2.00 ට නුගේගොඩ ආනන්ද සමරකෝන් එළිමහන් පීඨයේදී පැවැත්වේ. අනුර බාලසූරිය"
"අභියෝග ජයගන්න සියලු පක්‍ෂ සම්මුතියකට එමු"
"ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ පවතින අභියෝගය ජය ගැනීමට ජනතාව වෙනුවෙන් සම්මුතියකට පැමිණීමට සියලු දේශපාලන පක්‍ෂ නායකයන්ට ජාත්‍යන්තර කම්කරු දිනයේදී තමා ඇරයුම් කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා මෙවර මැයි දිනය වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරමින් පවසයි. ජනාධිපතිවරයා නිකුත් කළ නිවේදනයේ මෙසේ ද සඳහන් වෙයි. අපේ රටේ පසුගිය වසර තුන තුළ...
"රට ඉන්න සිසුන්ට විදෙස් විනිමය යවන්න බැංකු පහසුකම් දෙන්න"
"විදේශවල අධ්‍යාපන කටයුතු සිදු කරන ශ්‍රී ලාංකික ශිෂ්‍යයන්ට යැවීමට අවශ්‍ය විදේශ විනිමය බැංකු ක්‍රමයෙන් සපුරාලන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව, බැංකුවලට උපදෙස් දී ඇතැයි මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පැවසීය. ඒ සඳහා අදාළ දෙමව්පියන් ඉල්ලුම් කරන්නේ විශාල මුදල් ප්‍රමාණ නොවන බවත් එම විදේශ විනිමය ලබා ගැනීම සඳහා කළුකඩය...
"ඇමරිකානු පුරවැසි භාවය ඇති ශ්‍රී ලාංකිකයන්ගේ ජිල්මාට් සොයයි"
"මුදල් විශුද්ධිකරණ සහ දූෂණ ක්‍රියා සිදුකළ ඇමරිකානු පුරවැසියන් වූ ශ්‍රී ලාංකිකයන් පිළිබඳ පරීක්‍ෂණ පැවැත්වීමට ඇමරිකානු කොන්ග්‍රසය සහ එරට අධිකරණ දෙපාර්තමේන්තුව තීරණය කර ඇත. ඇමරිකාවේ ක්‍රියාත්මක විදේශ දූෂණ ක්‍රියා පනත යටතේ මෙම විමර්ශන ආරම්භ කෙරේ. ඒ සඳහා වූ යෝජනාවක් කොන්ග්‍රස් මන්ත්‍රී ස්ටීවන් නෝර්ස්පෝඩ් විසින් කොන්ග්‍රස් ස...
"ලයිසන් දීම නවතියි : පාස් වූ ලක්ෂ 3 කට තවම කාඩ් නෑ"
"රටේ පවතින ඩොලර් අර්බුදය නිසා රියැදුරු බලපත්‍ර කාඩ්පත් නිකුත් කිරීමද නතරවී ඇතැයි මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් කාර්යාලය පවසයි. ඒ අනුව රියැදුරු බලපත්‍ර ලබා ගැනීමට අදාළ පරීක්‍ෂණවලින් සමත්වූවන් ලක්‍ෂ තුනකට ආසන්න පිරිසකට මෙතෙක් රියැදුරු බපලපත්‍ර කාඩ්පත් නිකුත් කර නැතැයි එම කාර්යාලයේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය. මෝටර් රථ ප...
"හවාලා – උණ්ඩියල් ක්‍රමවලට භාණ්ඩ ආනයනය තහනම්"
"ඉදිරියේදී සියලු ආනයනවලට අවශ්‍ය මුදල් ගෙවීම බැංකු ක්‍රමයෙන් පමණක් කළ යුතු බවත් ඒ අනුව යම්කිසි කාලයක් ලබාදී හවාලා සහ උණ්ඩියල් ක්‍රමයට මුදල් ගෙවා භාණ්ඩ ආනයනය කිරීම තහනම් කරන බවත් ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා කීවේය. මේ සඳහා මුදල් අමාත්‍යාංශය මගින් ආනයන හා අපනයන පාලන පනත යටතේ නව ගැසට් පත්‍රයක් ...
"ඛනිජ තෙල් තොග ගබඩාව සිමෙන් සංස්ථාවට කෝටි 168 ක් පොලු තියලා"
"ශ්‍රී ලංකා සිමෙන්ති සංස්ථාවට අයත් කන්කසන්තුරේ පිහිටි තෙල් ටැංකි දෙකක් සහ නළ පද්ධතියක් භාවිතා කිරීම වෙනුවෙන් ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත රාජ්‍ය සමාගම වසර දහයක් තිස්සේ රුපිල් කෝටි 168 ක බදු කුලී මුදල් ගෙවා නැතැයි ජාතික විගණන කාර්යාලය මගින් නිකුත් කළ විගණන වාර්තාවේ සඳහන් වේ. ශ්‍රී ලංකා සිමෙන්ති සංස්ථාවට අයත් කන්කසන්ත...
"අන්තර්වාර ආණ්ඩුව හදන්න මෙහෙයුම් කමිටුවක්"
"අන්තර්වාර ආණ්ඩුවක් පිහිටුවීම සඳහා පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම පක්‍ෂ සමඟ නව සාකච්ඡා වටයක් පැවැත්වීමට ස්වාධීන මන්ත්‍රී කණ්ඩායම විසින් මෙහෙයුම් කමිටුවක් පත් කර ඇත. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පස්දෙනකුගෙන් සමන්විත මෙම විශේෂ කමිටුව සඳහා නිමල් සිරිපාල ද සිල්වා, අනුර ප්‍රියදර්ශන යාපා, විමල් වීරවංශ උදය ගම්මන්පිල, ටිරාන් අ...
"රඹුක්කන ඝාතනයට එස්එස්පී ඇතුළු 4 ක් රිමාන්ඩ්"
"රඹුක්කන පැවැති මහජන උද්ඝෝෂණයකදී උද්ඝෝෂකයන්ට වෙඩි තැබීමට අණ කළ කෑගල්ල හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කේ. බී. කීර්තිරත්න මහතා ලබන 6 වැනිදා දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ශලනි පෙරේරා මහත්මිය පෙරේදා (29 දා) පස්වරුවේ නියෝග කළාය. කෑගල්ල මහෙස්ත්‍රාත් වාසනා නවරත්න මහත්මිය විසින් කරන ලද දැනුම්දීමක් අන...
"විපක්ෂයේ බහුතරය පෙන්වන්න සජබ සූදානම්"
"සමගි ජනබලවේගයට විපක්ෂයේ පවතින බහුතර බලය ලබන පාර්ලිමේන්තු සතියේදී පෙන්වන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට පැවසීය. කෙසේ වෙතත් එම බහුතර බලය පෙන්වන්නේ කෙසේ දැයි කියා ඒ මහතා සඳහන් කළේ නැත. මේ අතර ආණ්ඩුවට එරෙහිව සමගි ජන බලවේගය විසින් අත්සන් කරගෙන යනු ලබන විශ්වාසභංග යෝජනාව ද ලබන සත...
"අවසන් එකගතාවකට සෙසු පක්ෂ සමග සාකච්ඡා කරනවා"
"අලුතින් පිහිටුවන අන්තර් පාලන රජයක අවසන් එකඟතාවකට එළඹීමට තවදුරටත් විපක්ෂයේ පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ සමග සාකච්ඡා කර උත්සාහ කරන බව ඊට පත් කර ඇති මෙහෙයුම් කමිටුවේ සාමාජික හිටපු ඇමැති උදය ගම්මන්පිල මහතා ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට පැවසීය. එවැනි පාර්ශ්ව සමග වන සම්මුතියකින් නව අගමැතිවරයා පත් කිරීම සිදුවනු ඇතැයි ද ඇතැම් වි...
"හවාලා – උණ්ඩියල් ක්‍රමවලට භාණ්ඩ ආනයනය තහනම්"
"බැංකු හරහා මුදල් නොගෙව්වොත් රේගුවෙන් බඩු නිදහස් කරගන්න බෑ – මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ ඉදිරියේදී සියලු ආනයනවලට අවශ්‍ය මුදල් ගෙවීම බැංකු ක්‍රමයෙන් පමණක් කළ යුතු බවත් ඒ අනුව යම්කිසි කාලයක් ලබාදී හවාලා සහ උණ්ඩියල් ක්‍රමයට මුදල් ගෙවා භාණ්ඩ ආනයනය කිරීම තහනම් කරන බවත් ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල...
"සර්වපාක්ෂික ආණ්ඩුවකට ජනපති කැමතියි – ශ්‍රීලනිප සභාපති මෛත්‍රීපාල සිරිසේන"
"සුළු ඇමැතිමණ්ඩලයක් සහිත නව අගමැතිවරයකු යටතේ අන්තර්වාර සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමට ජනාධිපතිවරයා එකඟතාවය පළ කළ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති සහ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (29 දා) පැවසීය. කොළඹ ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කීවේය. එම පිහිටුව...
""ඉදිරියේ පිහිටුවන අන්තර්වාර සර්වපාක්‍ෂික ආණ්ඩුවේ අගමැති, කැබිනෙට්ටුව තේරීම ජාතික සභාවකින්""
"හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ඉදිරියේදී පිහිටුවන සියලු පක්‍ෂවලින් සැදුම්ලත් අන්තර්වාර පාලනයක් සහිත සර්වපාක්‍ෂික ආණ්ඩුවේ අගමැතිවරයා ඇතුළු අමාත්‍ය මණ්ඩලය පත්කර ගැනීම සියලු පක්‍ෂවල නායකයන්ගෙන් සැදුම්ලත් ජාතික සභාවක් වෙත පැවරෙන බව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඊයේ (29 දා) කොළඹ...
"‘ගෝඨා ගෝ හෝම්’ ලක්ෂ 100 ක් වන්දි ඉල්ලයි"
"පොලිසිය විසින් සාධාරණ හේතුවක් නොමැතිව තමන් අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනිමෙන් සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට නිගමනය කරන ලෙස ඉල්ලා සමාජ ක්‍රියාකාරිකයකු වන අනුරුද්ධ බණ්ඩාර ඊයේ (29 දා) ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළේය. ‘ගෝඨා ගෝ හෝම්’ යන වැකිය අන්තර්ජාලයට මුදාහැරියේ යැයි චෝදනා කරමින් අත්අඩං...
"රඹුක්කන සිද්ධියට එස්.එස්.පී. ඇතුළු 4ක් රිමාන්ඩ්"
"රඹුක්කන පැවැති මහජන උද්ඝෝෂණයකදී උද්ඝෝෂකයන්ට වෙඩි තැබීමට අණ කළ කෑගල්ල හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කේ. බී. කීර්තිරත්න මහතා ලබන 6 වැනිදා දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ශලනි පෙරේරා මහත්මිය ඊයේ (29 දා) පස්වරුවේ නියෝග කළාය. කෑගල්ල මහෙස්ත්‍රාත් වාසනා නවරත්න මහත්මිය විසින් කරන ලද දැනුම්දීමක් අනුව ...
"විපක්‍ෂ නායකකම මට ලොකු නෑ! අපි ළඟ හොරුත් නෑ… හොර ඩීලුත් නෑ…"
"විපක්ෂ නායක ධුරය හෝ ඊට වඩා ලොකු තනතුරු තමන්ට ආභරණ නොවන බවත් විවිධ තනතුරුවලට වහල් වෙමින් වත්මන් ජනතා සටන පාවා නොදෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. මේ වෙනකොට මට දැන් කනක් ඇහිලා ඉන්න නෑ. පැය 24ම මට කෝල් එනවා. ඒ අය මට කියනවා අන්තර්වාර පාලනයට එක්වෙන්නලු. එහෙම කියන ගමන් තර්ජනයකුත් කරනවා. ආවේ නැත්නම් එයාලා ළඟ සැ...
"අභියෝග ජයගන්න සියලු පක්‍ෂ සම්මුතියකට එමු – ජනාධිපති"
"පවතින අභියෝගය ජය ගැනීමට ජනතාව වෙනුවෙන් සම්මුතියකට පැමිණීමට සියලු දේශපාලන පක්‍ෂ නායකයන්ට ජාත්‍යන්තර කම්කරු දිනයේදී තමා ඇරයුම් කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා මෙවර මැයි දිනය වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරමින් පවසයි. ජනාධිපතිවරයා නිකුත් කළ නිවේදනයේ මෙසේ ද සඳහන් වෙයි. අපේ රටේ පසුගිය වසර තුන තුළ වඩාත් අභියෝගයට ලක්වූයේ ද...
"අභියෝග ජයගන්න සියලු පක්‍ෂ සම්මුතියකට එමු – ජනාධිපති"
"පවතින අභියෝගය ජය ගැනීමට ජනතාව වෙනුවෙන් සම්මුතියකට පැමිණීමට සියලු දේශපාලන පක්‍ෂ නායකයන්ට ජාත්‍යන්තර කම්කරු දිනයේදී තමා ඇරයුම් කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා මෙවර මැයි දිනය වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරමින් පවසයි. ජනාධිපතිවරයා නිකුත් කළ නිවේදනයේ මෙසේ ද සඳහන් වෙයි. අපේ රටේ පසුගිය වසර තුන තුළ වඩාත් අභියෝගයට ලක්වූයේ ද...
"ශ්‍රී ලංකාවේ භාවිතා කරන දුම්වැටිවලින් 21%ක් නීතිවිරෝධී ඒවා"
"පර්යේෂණ බුද්ධි ඒකකය කියයි ශ්‍රී ලංකාවේ භාවිතා කරන දුම්වැටිවලින් සියයට 21ක් නීති විරෝධී ලෙස භාවිතා කරන ඒවා බව පර්යේෂණ බුද්ධි ඒකකය විසින් නිකුත් කරන ලද නවතම වාර්තාවකින් අනාවරණය වී තිබේ. ‘කොවිඩ් 19’ වසංගතයෙන් බලපෑමට ලක්වූ අසාමාන්‍ය ආර්ථික හා සමාජීය තත්ත්වය තුළ පර්යේෂණ බුද්ධි ඒකකය විසින් සිදුකරන ලද සමීක්‍ෂණයකදී මේ බව හෙළි...
"අරලියගහ මැදුර ළඟ ‘අරගලකරුවෝ’ හා පොලිසිය පැටලෙති"
"අරලියගහ මන්දිරය ඉදිරිපිට පැවති අරගලයට සහභාගි වූ පිරිසක් සහ පොලිස් නිලධාරීන් අතර ඊයේ (29දා) පෙරවරුවේ ඇතිවූ උණුසුම් තත්ත්වයකින් පසු ප්‍රහාරයකට ලක්වූ තරුණයකු තුවාල ලබා රෝහල් ගතකර ඇත. අරලියගහ මන්දිරය ඉදිරිපිට පදිකවේදිකාවේ ගාල්කර ඇති පොලිස් බස්රථවල සවිකර තිබු සටන්පාඨ සහිත බැනර් පොලිස් නිලධාරීන් විසින් ඉවත් කිරීමට උත්සාහ කි...
"මේ ආණ්ඩුව යටතේ තියන අවසාන මැයි දිනය මෙයයි – විපක්‍ෂ නායක"
"මෙවර කම්කරු දිනය වත්මන් ආණ්ඩුව යටතේ සමරනු ලබන අවසාන මැයි දිනය බවට පරිවර්තනය කර ගැනීමටත්, ආර්ථික සමාජ, සංස්කෘතික, දේශපාලනික වශයෙන් ප්‍රශස්ත සහ දියුණු රටක් බවට අපේ රට ඔසවා තැබීමට හැකි වෙනස සිදු කිරීමට හැකිවේවා යැයි පතන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හෙටට යෙදෙන ලෝක කම්කරු දිනය වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරමින් කියා...
"ගාලුමුවදොර අරගලයට අදට දින 22 ක්"
"ඉන්ධන, ගෑස්, විදුලිය ඇතුළු අර්බුදවලට විසඳුම් ලබාදෙන ලෙස ඉල්ලා හා ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුව වහා ඉල්ලා අස්විය යුතු බව පවසමින් කොටුව ගාලුමුවදොර අරගල භූමියේ පවත්වන ජනතා විරෝධතාව ඊයේ (29 දා) 21 වැනි දිනයටත් ක්‍රියාත්මක කෙරිණි. පෙරේදා (28 දා) රාත්‍රියේ ද විවිධ විශේෂාංග ද සංවිධානය කර තිබිණි. ගාලුමුවදොර අරගලය අද (30 දා) 22 වැ...
"ආණ්ඩුවට දින හතක් කල් දෙනවා… වැඩ වරති රට නවතී"
"‘ජනමතයට හිස නමනු – ආණ්ඩුව ගෙදර යනු’ තේමාව යටතේ ආණ්ඩුවට විරෝධය පළ කරමින් රාජ්‍ය, අර්ධ රාජ්‍ය, පෞද්ගලික වතු වෘත්තීය සමිති දහසකට අධික සංඛ්‍යාවකගේ ලක්‍ෂ සංඛ්‍යාත සේවකයන් ඊයේ (28 දා) ආරම්භ කර තිබූ දීප ව්‍යාප්ත වැඩවර්ජනය හේතුවෙන් මුළු රටම අකර්මණ්‍ය වී තිබුණි. වැඩවර්ජනයේ නිරත පිරිස් නිවාඩු වාර්තා කර නිවෙස්වල සිටම හෝ සිය ආයතන...
"රඹුක්කන ඝාතනය: SSP කීර්තිරත්න ඇතුළු පොලිසියේ 3 ක් අත්අඩංගුවට"
"රඹුක්කනදී පැවැති මහජන උද්ඝෝෂණයට වෙඩි තැබීමට පොලිස් නිලධාරීන්ට නියෝග කළ කෑගල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා සහ පොලිස් කොස්තාපල්වරුන් තිදෙනකු අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ (28 දා) සවස අත්අඩංගුවට ගෙන ඇත. කෑගල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කේ. බී. කීර්තිරත්න මහතා කොළඹදීත්, පොලිස් කොස්තාපල්වරුන් තිදෙනා කුණ්ඩසාල ප්‍රද...
"විදේශ විනිමය භාවිතයේ දී විනිවිදභාවය රකින්න ත්‍රිපුද්ගල කමිටුවක්"
"විදේශ විනිමය රැස්කිරීමේ සහ භාවිතයේ විනිවිදභාවය පවත්වාගෙන යෑම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ සාමාජිකයන් තිදෙනකුගෙන් සැදුම්ලත් කමිටුවක් පත්කර ඇතැයි මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි. එම කමිටුව විසින් සෑම කාර්තුවකදීම රටට සහාය ලබා දෙන්නන් ගෙන් ලැබෙන විදේශ විනිමය පිළිබඳ මූල්‍ය ප්‍රකාශන වෙබ් අඩවියක් ඔස්සේ ප්‍රක...
"ගාලුමුවදොර අරගලය 20 වැනි දිනටත්… වෘත්තීය සමිති නායකයෝත් එක්වෙති"
"අරලියගහ මැඳුර ළඟ අරගල භූමියට නිතරම පිරිත් ඇසෙයි ඉන්ධන, ගෑස්, විදුලිය ඇතුළු අර්බුදවලට විසඳුම් ලබා දෙන ලෙස හා ජනාධිපතිවරයා, අගමැතිවරයා ඇතුළු ආණ්ඩුව ඉල්ලා අස්විය යුතු බව පවසා කොටුව ගාලුමුවදොර අරගල භූමියේ පවත්වන ජනතා විරෝධතාව ඊයේ (28 වැනිදා) විසිවැනි (20) දිනයටත් ක්‍රියාත්මක විය. ඊට සහාය පළ කරමින් ඊයේ දිනයේදී රාජ්‍ය සේවක ...
"ණය ගෙවීම් කළමනාකරණය නොකළොත් රාජ්‍ය බැංකු අර්බුදයක ණය අඩු කරගන්න විදුලි බිලත් වැඩි කරන්න වෙනවා – රනිල් කියයි"
"රටේ ණය ගෙවීමේ හැකියාව නිසි ලෙස කළමනාකරණය නොකළහොත් මේ වසර අවසාන වන විට රාජ්‍ය බැංකු ඉතා බරපතළ අර්බුදයකට ලක්විය හැකි බව එක්සත් ජාතික පක්ෂ නායක හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (28 දා) පැවසීය. රාජ්‍ය ආයතනවලින් බැංකුවලට ගෙවිය යුතු ණය මුදල් නිසි ලෙස නොගෙවීම නිසා මෙම අර්බුදය ඇති වීමට ඉඩකඩ පවතින බව ද වික්‍රමසිංහ මහතා ...
""රටේ ජාතික ආරක්ෂාවයි, හොරු අල්ලන්නයි භාර දෙන්නේ ෆීල්ඩ් මාර්ෂල්  සරත් ෆොන්සේකාට""
"රට බංකොලොත් වුණේ හොරා කෑම වැඩි වූ නිසයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස “සමගි බල පා ගමන” ගලිගමුවෙන් ආරම්භ කරමින් කියයි මේ රටේ ජාතික සම්පත්, ජාතික දේපල, ජාතික ධනය හොරා කෑ නිසා බංකොලොත් තැනකට රට තල්ලු වූ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මහතා පැවසීය. ජනපීඩක දුර්ධාන්ත ආණ්ඩුවට එරෙහිව සමගි ජන බලවේගය විසින් සංවිධානය කරනු ලබන ...
"මනුෂගේ ප්‍රකාශයට එරෙහිව රාජ්‍ය බුද්ධි ප්‍රධානී පොලිසි යයි"
"සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර මහතා ඉකුත්දා පාර්ලිමේන්තුවේ දී කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් කඩිනම් විමර්ශනයක් සිදුකරන ලෙස ඉල්ලා රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ මේජර් ජෙනරාල් සුරේෂ් සලේ විසින් පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතාට ඉකුත් 27 වැනිදා ලිපියක් යොමුකර තිබේ. සහරාන් හසීම් ඇතුළු පිරිස සම්බන්ධ කරගනිමි...
"විසිදැලෙන් පෙළහර පෑ අනුෂා සොනාලි දිවි රඟමඬලෙන් සමුගනී"
"රංගන ශිල්පිනි අනූෂා සොනාලි මහත්මිය ඊයේ (28 දා) පෙරවරුවේ කළුබෝවිල දකුණු කොළඹ ශික්ෂණ රෝහලේදී සිය දිවිසැරියෙන් සදහටම සමු ගත්තාය. මියයන විට ඇය 47 වැනි වියේ පසුවූවාය. ශ්වසන අපහසුතාවක් හේතුවෙන් රෝහල්ගත කළ ඇය එහි ප්‍රතිකාර ලබමින් සිටියදී මියගිය බව රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා ‘දිවයින’ට පැවසීය. ඇය මාංශප...
"ආණ්ඩුවට වහා ඉවත් වන්නැයි කොළඹදී උද්ඝෝෂණ"
"බැංකු සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති පෙළපාලියෙන් ගාළු මුවදොර අරගල බිමට පැමිණි අයුරු."
"ජනපති වැය ශීර්ෂය බිංදුවටම කපන්න… මාස 3 කට වැඩ. බ. ජනපති ලෙස අගවිනිසුරු පත් කරන්න"
"අයියාගේ පිහිටෙන් පාර දෙපැත්තේ මල් හිටවන කෙනෙකු ජනපති කරගන්න එපා කියා එදා මං කිව්වා කුමාර වෙල්ගම කථානායකට ලියයි මීළඟ පාර්ලිමේන්තු වාරයේදීම ජනපති වැය ශීර්ෂ සියල්ලම අවසන් රුපියල දක්වාම කපාහැර ජනපතිට ඉල්ලා අස්වීමට සලස්වා මාස 03කට වැඩ බලන ජනපති ලෙස අගවිනිසුරුවරයා පත් කළ යුතු බවට නවලංකා නිදහස් පක්‍ෂයේ සභාපති හා පාර්ලිමේන්තු...
"ජනපති වැය ශීර්ෂය බිංදුවටම කපන්න… මාස 3 කට වැඩ. බ. ජනපති ලෙස අගවිනිසුරු පත් කරන්න"
"අයියාගේ පිහිටෙන් පාර දෙපැත්තේ මල් හිටවන කෙනෙකු ජනපති කරගන්න එපා කියා එදා මං කිව්වා කුමාර වෙල්ගම කථානායකට ලියයි මීළඟ පාර්ලිමේන්තු වාරයේදීම ජනපති වැය ශීර්ෂ සියල්ලම අවසන් රුපියල දක්වාම කපාහැර ජනපතිට ඉල්ලා අස්වීමට සලස්වා මාස 03කට වැඩ බලන ජනපති ලෙස අගවිනිසුරුවරයා පත් කළ යුතු බවට නවලංකා නිදහස් පක්‍ෂයේ සභාපති හා පාර්ලිමේන්තු...
""සමස්ත මහ වර්ජනය අද – දුම්රිය තැපැල් ලංවිම වරාය, සෞඛ්‍ය රජයේ කාර්යාල ගුරුවරු""
"මෑත ඉතිහාසයේ ආණ්ඩුවකට එරෙහිව රාජ්‍ය, අර්ධ රාජ්‍ය, පෞද්ගලික, වතු ඇතුළු වෘත්තීය සමිති දහසකට අධික ප්‍රමාණයක් සහ ලක්‍ෂ සංඛ්‍යාත සේවක සහභාගීත්වයෙන් අද (28 දා) සමස්ත මහා වැඩ වර්ජනයක් රට පුරා ක්‍රියාත්මක කෙරේ.ගාලුමුදොර, අරලියගහ මන්දිරය ඇතුළු ආණ්ඩුවට එරෙහිව රට පුරා ක්‍රියාත්මක වෙමින් පවතින ජන අරගලය ජයග්‍රහනය කරවීම සඳහා මෙම මහ...
"වෘත්තීය සමිති දහසක් – සේවකයෝ ලක්‍ෂ ගණනක් වර්ජනයේ"
"* සේවාවන් 18කට අයත් විධායක නිලධාරීහු 45000 ක්රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුව විසින් දියත් කරනු ලබන වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයේ පළමු පියවර ලෙස අද (28) එක් දින සංකේත වැඩ වර්ජනයකට අවතීර්ණවීමට එම ඒකාබද්ධ කමිටුව නියෝජනය කරන සියලුම සංගම් තීරණය කර ඇත.මේ අනුව රජයේ දීප ව්‍යාප්ත සේවා හා සමාන්තර සේවාවන් 18 කට අයත් 45000 ...
"පොලිසියේ පිරිස අල්ලන්න – රඹුක්කන වෙඩි තැබීම ඝාතනයක්"
"* කෑගල්ල මහෙස්ත්‍රාත්  පොලිස්පතිට නියෝග කරයිරඹුක්කන විරෝධතාව අතරතුර වෙඩි වැදීමකින් මියගිය චමින්ද ලක්ෂාන් මහතාගේ (42) මරණය සම්බන්ධයෙන් ඊට අණදුන් සහ සම්බන්ධ සියලු පොලිස් නිලධාරීන් වහා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කෑගල්ල මහෙස්ත්‍රාත් වාසනා නවරත්න මහත්මිය ඊයේ (27 දා) පස්වරුවේ පොලිස්පතිවරයාට නියෝග කළාය.එහිදී මහ...
"අගමැති ඇමැතිවරු ඉවත්කර හදන සර්වපාක්‍ෂික ආණ්ඩුවේ වගකීම් ගන්නේ කවුද – ජනපති පක්‍ෂ නායකයන්ගෙන් විමසයි"
"අගමැතිවරයා හා ඇමැති මණ්ඩලය ඉල්ලා අස්වීමෙන් පසු පිහිටුවීමට යෝජිත සර්ව පාක්‍ෂික ආණ්ඩුවේ ව්‍යුහය, එය ක්‍රියාත්මක විය යුතු කාලසීමාව සහ එහි වගකීම් ලබාදෙන පුද්ගලයන් කවුරුන්ද ඇතුළු කරුණු සාකච්ඡා කර ඉදිරියේ එකඟතාවකට පැමිණීමට හෙට (29 දා) පෙරවරුවේ සාකච්ඡා කිරීමට ජනාධිපති මැඳුරට පැමිණෙන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඊයේ ලිඛි...
"ගෝල්ෆේස් උණුසුම් වෙයි – නිල ඇදුමෙන් සහ සිවිල්පිට ආ පිරිසක් ගෝඨාගෝගම කොඩි බැනර් ගලවති"
"‘අපි ඇවිස්සෙන්නේ නෑ’ – විරෝධතාකරුවෝ කියතිගාලුමුවදොර ජනාධිපති ලේකම් කාර්යාලය අබියස ස්ථාපිත කර තිබූ ‘ගෝඨාගෝගම’ අසල විරෝධතාකරුවන් විසින් දමා තිබූ කොඩි, බැනර් ආදිය පොලිසියේ මැදිහත්වීමෙන් ඊයේ (27 වැනිදා) ඉවත් කිරීමත් සමග දැඩි උණුසුම්කාරී තත්ත්වයක් උද්ගත විය. ජනාධිපති ලේකම් කාර්යාල පරිශ්‍රයේ ආරක්‍ෂාවට යොදවා සිටින පොලිසිය හා...
"ප්‍රේමදාස පිළිරුවට පුෂ්පෝපහාර දක්වා සජබ පාගමන දෙවැනි දින මාවනැල්ලෙන් ගමන් අරඹයි"
"මහනුවර සිට කොළඹ දක්වා සිදුකරන සමගි ජනබලවේගය විරෝධතා පාගමනේ දෙවැනි දිනය වූ ඊයේ (27දා) ගලිගමුව දක්වා ගමන් කිරීම උදෑසන 10.00 පමණ මාවනැල්ල නගරයේ ප්‍රධාන බස්නැවතුම්පළ ඉදිරිපිට පිහිටි දිවංගත රණසිංහ ප්‍රේමදාස මහතාගේ පිළිරුවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ දුලංජලී ප්‍රේමදාස මහත්මිය විසින් පුෂ්පෝපහාර දැක්වීමෙන් ආරම්භ කෙරි...
"අරලියගහමැඳුර ඉදිරිපිට පදික වේදිකාවේ බස් නතර කරලා –  නීතිඥවරුන් පැමිණිලි කරද්දී පොලිසිය බබා පාට් දමයි"
"අරලියගහ මන්දිරය ඉදිරිපිට පදික වේදිකාවේ බස් රථ ඇතුළු වාහන නවතා තැබීම මෝටර් රථ ආඥා පනතට අනුව නීති විරෝධි බැවින් ඊට එරෙහිව වහා නීතිය ක්‍රියාත්මක කරන ලෙස නීතිඥවරුන් පිරිසක් කොල්ලුපිටිය පොලිසියට ගොස් ඉල්ලා සිටියහ.අරලිගහහ මන්දිරය ඉදිරිපිට විරෝධතාවේ නිරත පිරිසට අවහිර වනසේ පදික වේදිකාවේ මෙම බස් රථ නවතා තිබෙන බවත් එලෙස පදික වේ...
"සාරාගේ සිරුර සොයා අම්පාර  සුසාන භූමියේ සිරුරු ගොඩ ගැනීම අරඹයි"
"පාස්කු ප්‍රහාරයෙන් පසු සිදු වූ සයින්දමරුදු මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් පුලස්තිනී මහේන්ද්‍රන් හෙවත් සාරා ජෙස්මින් මියගොස් ඇති දැයි කියා ඩී. එන්. ඒ. පරීක්ෂාවක් සිදු කිරීමේ තෙවැනි අවස්ථාවත් ඊයේ (27 දා) ආරම්භ විය. ඒ අනුව එම මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් මියගිය පුද්ගලයන්ගේ සිරුරු භූමදානය කළ අම්පාර පොදු සුසානභූමියේදී නැ...
"වර්ජනයට නෑ: ප්‍රයිවට් බස් අද වැඩ – ගැමුණු කියයි"
"රාජ්‍ය අංශයේ වෘත්තීය සමිති සියල්ල අද (28 දා) වැඩ වර්ජනයේ යෙදුනත් පෞද්ගලික අංශයේ බස් වැඩ වර්ජනයේ නොයෙදෙන බව සමස්ත ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා ‘දිවයින’ ට ඊයේ (27 දා) පැවසීය.රාජ්‍ය අංශයේ වෘත්තීය සමිති වැඩ වර්ජනය කළද ඔවුන්ට වැටුප් ලැබෙන බවත් මේ මොහොතේ බස් රථ වර්ජනය කළහොත් බස් හිමියන්,...
"ගාලුමුවදොර අරගලය ප්‍රජාතන්ත්‍රවාදයේ උපරිම භාවිතයක්"
"සිනමා අධ්‍යක්ෂවරුන්ගේ සභාපති බෙනට් රත්නායක  අරගල බිමේ මාධ්‍ය හමුවක් පවත්වමින් කියයි.රාජපක්‍ෂවරුන්ගෙන් රට මුදාගෙන නව ව්‍යවස්ථාවක් බිහිකර ගත යුතුයිචිත්‍රපට අධ්‍යක්ෂ උදයකාන්ත වර්ණසූරියලංකා ඉතිහාසයේ ප්‍රජාතන්ත්‍රවාදය උපරිමයෙන්ම භාවිත කළ අවස්ථාව ලෙස ගාලුමුවදොර තරුණ අරගලය හඳුන්වාදිය හැකි බව ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ හා ශ්‍ර...
"තෙල් මිල ඉහළ ගිය පසු ඉල්ලුම 30% කින් පහළට රට පුරාම භූමිතෙල් හිඟයක්"
"ඉන්ධන මිල විශාල ලෙස ඉහළ දැමීම නිසා මේ වනවිට පෙට්‍රල් හා ඩීසල් සඳහා තිබූ ඉල්ලුම සියයට තිහකින් පමණ පහළ ගොස් ඇතැයි ලංකා ඛනිජ තෙල් සංස්ථා උසස් නිලධාරියෙක් “දිවයින”ට පැවසීය.මේ වනවිට රට තුළ පැවැති පෙට්‍රල් හා ඩීසල් හිඟය සැලකිය යුතු ලෙස සමනය වී තිබෙන බවත් ඉන්ධන පෝලිම් අවසන්ව ඇති බවත් හෙතෙම සඳහන් කළේය.සපුගස්කන්ද තෙල් පිරිපහදු...
"ඉන්දියාව රුසියාවෙන් අඩු මිලට බොරතෙල් ගැනීම දෙගුණයකින් නංවයි"
"ශ්‍රී ලංකාව වැඩි මිලකට ඩුබායි රාජ්‍යයෙන් බොරතෙල් මිලට ගනිද්දී ඉන්දියාව විසින් රුසියාවෙන් අඩු මිලට බොරතෙල් මිලට ගැනීම දෙගුණයකින් වැඩි කර ඇත. ඉන්දීය මාධ්‍ය හෙළි කළේ මේ මාසය තුළ බොරතෙල් බැරල් මිලියන 11ක් ලබාගැනීමට ඉන්දියාව කටයුතු කර ඇති බවයි. ඒ සඳහා බටහිර රටවල් කිසිදු තහනමක් පනවා නැත. ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් පැවසුවේ ඩොල...
"සමාජ මාධ්‍ය ක්‍රියාකාරී අනුරුද්ධ බණ්ඩාරට පැනවූ විදෙස් ගමන් තහනම ඉවතට"
"ගෝඨා ගෝ හෝම් යන වැකිය අන්තර්ජාලයට මුදාහැරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පවරා ඇති නඩුවේ සැකකාර සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයකු වන අනුරුද්ධ බණ්ඩාර මහතාට පනවා තිබූ විදේශ ගමන් තහනම ඉවත් කිරීමට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් කේමින්ද පෙරේරා මහතා ඊයේ (26දා) නියෝග කළේය. අපරාධ පරික්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිර...