Title stringlengths 9 246 | Content stringlengths 3 62.9k |
|---|---|
"වියරු විකෘති මනසක් ඇති ජනාධිපතිවරයා සමග අන්තර්වාර පාලනයකට අපි එකඟ වන්නේ නැහැ" | "අයියා, මලෝ, පුත්තු විසින් ගෙනයන මෙරට පාලනය වියරුවක් බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා ඊයේ (26දා) සඳහන් කළේය.අයියා – මලෝ නාඩගම ජනතාව තවදුරටත් ඉවසාගෙන බලාගෙන නොසිටිය යුතු බවත් කී හෙතෙම ජනතා බලයෙන් මේ පාලකයන් පලවා හැරීමට කටයුතු කළ යුතු බවත් කීවේය. ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා ඊ... |
"රාජ්‍ය මුදල් ගසා කෑ ප්‍රබල රෑනට රට පනින්න දෙන්න එපා" | "විදේශ ගතවීම තහනම් කරන්න නීතිඥ පිරිසක් නීතිපතිට කියති නිල බලය හා දේශපාලන බලය උපයෝගී කර ගනිමින් මහජන දේපළ හා රජයේ මුදල් අයුතු ලෙස සන්තක කරගැනීම ඇතුළු චෝදනා එල්ලවී ඇති හිටපු කැබිනට් අමාත්‍යවරුන් පිරිසක් රහසිගතව විදේශ ගතවීමේ සූදානමක් පවතින බවට තොරතුරු ලැබී ඇති බැවින් ඔවුන්ට එරෙහිව විදේශ ගමන් තහනම් පැනවීමට අවශ්‍ය පියවර ගන්... |
"සාරා ජෙස්මින්ගේ සිරුර සොයා සයින්දමරුදු ප්‍රහාරයෙන් මියගිය අයගේ සිරුරු ගොඩ ගැනේ උසාවියෙන් අවසර දෙයි" | "පාස්කු ප්‍රහාරයට සමගාමීව සයින්දමරුදු ප්‍රදේශයේදී බෝම්බ පුපුරුවාගෙන මිය ගිය පුද්ගලයන් අතර පුලස්තිනී මහේන්ද්‍රන් හෙවත් සාරා ජෙස්මින් නමැති කාන්තාවගේ සිරුර තිබේද යන්න සොයා ගැනීම සඳහා එහිදී මියගිය පුද්ගලයන්ගේ සිරුරු කොටස් නැවත ගොඩගෙන ඩී. එන්. ඒ. පරීක්‍ෂණයක් සඳහා ඉදිරිපත් කිරීමට අම්පාර මහෙස්ත්‍රාත් අධිකරණය ඊයේ (26 වැනිදා) ... |
"ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 600 ක්" | "පවතින ආර්ථික අසීරුතාවලට පිළියමක් ලෙස ඇමෙරිකානු ඩොලර් මිලියන 600 ක මූල්‍යාධාරයක් ලබාදීමට ලෝක බැංකුව එකඟතාව පළ කර ඇත. ඉන් ඇමෙරිකානු ඩොලර් මිලියන 400 ක් පළමු අදියර යටතේ කඩිනමින් ලබාදෙන බව ලෝක බැංකුවේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත චියෝ කැන්ඩා මහත්මිය පැවසූ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි. ඖෂධ හා සෞඛ්‍ය අවශ්‍යතා, සමාජ ආරක්‍ෂණ, ක... |
"විශේෂිත කණ්ඩායම්වලට තනිව ඉන්ධන ගෙන්වීමට අවසර" | "තෝරා ගත් විශේෂිත අත්‍යවශ්‍ය පාර්ශ්ව වෙත ඉන්ධන ආනයනය කිරීම සඳහා බලපත්‍ර ක්‍රමයක් යටතේ අවසර ලබාදීම සඳහා වර්ෂ 2002 අංක 33 දරණ ඛනිජ තෙල් නිෂ්පාදන (විශේෂ විධිවිධාන) පනත සංශෝධනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිවී ඇත. ඒ අනුව නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරනු ලබන සංශෝධිත නව ඛනිජ තෙල් නිෂ්පාදන පනත් කෙටුම්පත අවසන් වශයෙන් ... |
"ශ්‍රී ලංකාවට එන විදේශිකයන්ට නව වාස වීසා ක්‍රමයක්" | "පවතින විදේශ සංචිත අර්බුදයට පිළියමක් ලෙස මෙතෙක් මෙරට ක්‍රියාත්මක කෙරුණු විදේශිකයන් සඳහා දීර්ඝ කාලීන වීසා නිකුත් කිරීමේ ක්‍රමවේදය වෙනසකට ලක් කරමින් නව වාස වීසා ක්‍රමයක් හඳුන්වාදීමට රජය තීරණය කර තිබේ. මේ සඳහා පෙරේදා (25 වැනිදා) පැවැති ඇමැති මණ්ඩල රැස්වීමේදී කැබිනට් අනුමැතිය හිමිවූ බව කැබිනට් ප්‍රකාශක ජනමාධ්‍ය ඇමැති ආචාර්... |
"ආණ්ඩුවේ මන්ත්‍රී 10 ක් ‘කේවල්’ බලය පෙන්වති!" | "ආණ්ඩුව වහා ජනතාවගේ හඬට සවන් දී වෙනස්කම්වලට කඩිනමින් යමින් ක්‍රියාකළ යුතු බව ආණ්ඩුවේම තවත් මන්ත්‍රීවරු 10ක් ‘කේවල්’ බලයක් ප්‍රකාශ කරමින් ජනාධිපතිවරයාට දැනුම්දී ඇති බව දේශපාලන ආරංචි මාර්ග ඊයේ පැවසීය. මෙම මන්ත්‍රීවරු රට පළමුව සාමකාමී තත්ත්වයකට පත් කිරීමට ගතයුතු දේශපාලන ක්‍රියාමාර්ග කඩිනමින් ගෙන ජනතා විශ්වාසය රැක ගැනීමට ක... |
"තීරණයේ වෙනසක් නෑ : විශ්වාසභංගයට සහාය දෙනවා – දයාසිරි ජයසේකර" | "ආණ්ඩුවට එරෙහිව ගෙන එන විශ්වාසභංග යෝජනාවට සහාය දැක්වීමට ගත් තීරණයෙහි කිසිදු වෙනසක් නොමැති බව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර මහතා සඳහන් කළේය. අගමැති මහින්ද රාජපක්ෂ මහතා සිය ධුරයෙන් ඉල්ලා අස් නොවන්නේ නම් සමගි ජන බලවේගය විසින් ගෙන එනු ලබන විශ්වාසභංග යෝජනාවට සහය දැක්වීමට පෙරේදා (25දා) රැස් වූ පක්‍ෂ මධ්‍ය... |
"13 බලාත්මක කිරීමේ කුමන්ත්‍රණයක් : ව්‍යවස්ථා සංශෝධනයක් දැන්ම එපා – ගුණදාස අමරසේකර" | "13 වන සංශෝධනය බලාත්මක කිරීම සඳහා කුමන්ත්‍රණයක් සිදුවිය හැකි බැවින් මෙම අවස්ථාවේදී ව්‍යවස්ථා සංශෝධනයක් සිදු නොකළ යුතු බව ජාතික සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු සාහිත්‍ය සූරී ගුණදාස අමරසේකර මහතා ඊයේ (26දා) බොරැල්ලේ ඇන්. ඇම්. පෙරේරා මධ්‍යස්ථානයේ පැවති මාධ්‍ය හමුවේදී පැවසීය. කාන්තා නියෝජනය වැඩි කිරීම සඳහා ගෙන ආ ව්‍යවස්ථා සංශෝධ... |
"සජබ පා ගමන මහනුවරින් ඇරැඹේ" | "ආණ්ඩුවට එරෙහිව සමගි ජනබලවේගය සංවිධානය කරන පා ගමන මහනුවරින් ඇරඹිණි. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, හරින් ප්‍රනාන්දු, ලක්ෂ්මන් කිරිඇල්ල, රංජිත් මද්දුමබණ්ඩාර, රවුෆ් හකීම්, රාජිත සේනාරත්න, රෝහිනී කවිරත්න ඇතුළු පිරිස ජනතාව සමග පා ගමනේ ඉදිරියට ගිය අන්දම. සිරිල් විමලසුරේන්ද්‍ර, හාරිස්පත්තුව – ජී. බී. දිසානායක, සමන්ති වීරසේකර" |
"රාජ්‍ය වියදම් කපා හැරේ" | "රට මුහුණ දී සිටින අභියෝගාත්මක වාතාවරණය හමුවේ රාජ්‍ය වියදම් ඉතාම අත්‍යවශ්‍ය සේවාවන් සඳහා පමණක් යොදා ගැනීමට හැකිවන පරිදි වියදම් කපා හැරීමට සහ දැඩිව පාලනය කිරීමට රජය තීරණය කර ඇත. මේ අනුව විවිධ චක්‍රලේඛ මගින් දැනටමත් හඳුන්වාදී ඇති ඉන්ධන හා සන්නිවේදන දීමනා ගෙවීම් පාලනය, ජල හා විදුලිබල වියදම් සීමා කිරීම, ගොඩනැගිලි ඉදිකිරීම ... |
""සපත්තු ජෝඩුව 3000යි, පොත් බෑගයක් 3000යි පොත්පත් – නිල ඇඳුම් මිලත් නැඟලා දරුවන් පාසල් යැවීමත් මහ බරක්"" | "රුපියල් එක්දහස් පන්සීයට තිබූ පාසල් සපත්තු ජෝඩුවක මිල රුපියල් තුන්දහසක් දක්වා ඉහළ නංවා ඇතැයි සමස්ත ලංකා කුඩා හා කර්මාන්තකරුවන්ගේ සංගමයේ ජාතික සංවිධායක නිරුක්ෂ කුමාර මහතා “දිවයින”ට ඊයේ (26 වැනිදා) පැවැසීය. මීට අමතරව රුපියල් 1500ට තිබූ පාසල් බෑගය මේ වනවිට රුපියල් 3000ක් දක්වා මිල වැඩිකර ඇතැයි ද හෙතෙම කීවේය. පාසල් දරුවන් ... |
"ඉන්ධන මිල සූත්‍රයක් ගේනවා: මැයි මුල තෙක් ප්‍රමාණවත් තෙල් රටේ තිබෙනවා" | "බලශක්ති ඇමැති කංචන කියයි ඉදිරියේදී ඉන්ධන මිල සංශෝධනය කිරීම සඳහා මිල සූත්‍රයක් හඳුන්වා දීමට පියවර ගන්නා බව විදුලිබල සහ බලශක්ති ඇමැති කංචන විජේසේකර මහතා සඳහන් කළේය. මේ වන විට විදුලි බලාගාර සඳහා ද ප්‍රමාණවත් ඉන්ධන තොග ලබාදී ඇති බව පවසන ඇමැතිවරයා එළැඹෙන මැයි මාසයේ මුල් සතිය වනතෙක් ප්‍රමාණවත් ඉන්ධන රටේ තිබෙන බවද ප්‍රකාශ කළ... |
"ඩොලරය ඊයේ රු. 348 ට නගී" | "මෙරට වාණිජ බැංකු විසින් ප්‍රකාශයට පත්කර ඇති දෛනික විනිමය අනුපාත අගයන් අනුව ඊයේ (26 දා) ඇමරිකානු ඩොලරයක විකුණුම් අගය රු. 348ක් දක්වා තවත් ඉහළ ගියේය. මේ අතර මෙරට මෙහෙයුම් කටයුතුවල නිරත එක්තරා වාණිජ බැංකුවක ඇමරිකානු ඩොලරයක විකුණුම් අගය රු. 355ක් ලෙසද සටහන්ව තිබුණි. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ඊයේ (26 දා) නිකුත් කළ නවතම ව... |
"කිසිම බියක් ඇතිකර ගන්න එපා මම අගමැතිකමින් යන්නේ නෑ" | "අගමැති ධුරයෙන් තමා ඉල්ලා අස්නොවන බවත් ඒ ගැන බියක් ඇතිකර ගත යුතු නැති බවත් අගමැති මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හිටපු පළාත් සභා මන්ත්‍රී සංසදය ඊයේ (26 දා) හමුවූ අවස්ථාවේදී පැවසීය.ඉන්ධන, ගෑස්, විදුලිය හා ඖෂධ ඇතුළු අත්‍යවශ්‍ය සේවා වෙනුවෙන් පවතින බාධා මෙන්ම ඒ වෙනුවෙන් පවතින පෝලීම් ක්‍රමය අප විසින් වහා නතර ... |
""අයියා, මලෝ, පුත්තු ගෙනයන මෙරට පාලනය වියරුවක්"" | "69 ලක්ෂයක ජනවරම අයිති අතීතයට-ජවිපෙ නායක අනුර කුමාර දිසානායක අයියා, මලෝ, පුත්තු විසින් ගෙනයන මෙරට පාලනය වියරුවක් බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා ඊයේ (26දා) සඳහන් කළේය.අයියා – මලෝ නාඩගම ජනතාව තවදුරටත් ඉවසාගෙන බලාගෙන නොසිටිය යුතු බවත් කී හෙතෙම ජනතා බලයෙන් මේ පාලකයන් පලවා හැරීමට කටයුතු කළ යුතු බවත්... |
"රට දියුණු කරන්න පුළුවන් රනිල් වික්‍රමසිංහට පමණයි යන්න කිසිදු විවාදයක් නෑ" | "යහපාලන ආණ්ඩුව එලවා දමා මේ ආණ්ඩුව කළේ රට බංකොලොත් කිරීම යැයි එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පැවසීය.රුවන් විජයවර්ධන මහතා මේබව ප්‍රකාශ කළේ කොළඹදී පෙරේදා (25දා) විද්වත් වෘත්තිකයන් පිරිසක් සමඟ පැවැති සාකච්ඡාවේදීය.රටේ පවතින ආර්ථික අර්බුදයෙන් රට ගොඩගතහැකි එකම පුද්ගලයා රනිල් වික්‍රමසිංහ හිටපු අගමැතිවරයා ... |
"කිසිම බියක් ඇතිකර ගන්න එපාමම අගමැතිකමින් යන්නේ නෑ" | "අගමැති ධුරයෙන් තමා ඉල්ලා අස්නොවන බවත් ඒ ගැන බියක් ඇතිකර ගත යුතු නැති බවත් අගමැති මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හිටපු පළාත් සභා මන්ත්‍රී සංසදය ඊයේ (26 දා) හමුවූ අවස්ථාවේදී පැවසීය. ඉන්ධන, ගෑස්, විදුලිය හා ඖෂධ ඇතුළු අත්‍යවශ්‍ය සේවා වෙනුවෙන් පවතින බාධා මෙන්ම ඒ වෙනුවෙන් පවතින පෝලීම් ක්‍රමය අප විසින් වහා නතර... |
"ගනුදෙනු නිම වීමට පෙර ඊයේ කොටස් වෙළෙඳපොළ වසා දමයි" | "කොටස් වෙළෙඳපොළ දෛනික ගනුදෙනු ඊයේ (26 දා) දිනයේ ද දැවැන්ත පසුබෑමකට ලක්වීම නිසා ගනුදෙනු කාලය සමාප්ත වීමට පෙර කොටස් වෙළෙඳපොළ වසා දැමීමට සිදු විය. පෙරේදා (25 දා) දිනයේ ද මෙලෙස ගනුදෙනු සමාප්ති වේලාවට පෙර කොටස් වෙළෙඳපොළ වසා දැමීමට සිදු විය. දෛනික ගනුදෙනු ආරම්භ වීමෙන් පසු විටින්විට අවස්ථා දෙකකදී කොටස් වෙළෙඳපොළ ගනුදෙනු අත්හිට... |
"පාස්කු ප්‍රහාරය පිටුපස සත්‍යය හෙළිකරන්න – ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ මෙරට බලධාරීන්ගෙන් ඉල්ලති" | "ආර්ථික අර්බුදයෙන් ගොඩ එන්න රටට ආශිර්වාද කරනවාමීට වසර තුනකට පෙර එල්ල වූ පාස්කු බෝම්බ ප්‍රහාරය පිටුපස ඇති සත්‍යය වහා හෙළි කරන ලෙස ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ඊයේ (25 දා) ශ්‍රී ලංකා බලධාරීන්ගෙන් ඉල්ලා සිටියහ. එය රටේ සාමය ඇති කිරීමට ඉවහල් වන බවද කී උන්වහන්සේ මෙරට මුහුණ දී සිටින දරුණුතම ආර්ථික අර්බුදයෙන් මිදීමට හැකි... |
"හොරු රට පනින්න හදති – බුද්ධි අංශ හෙළි කරයි" | "පසුගිය වසර කීපය තුළ මෙරට සිදුකළ මහා පරිමාණ මූල්‍ය අක්‍රමිකතා වංචා දූෂණ මිනිස් ඝාතන ඇතුළු විවිධ අපරාධවලට සම්බන්ධ වර්තමාන රජය සමඟ සමීපව කටයුතු කරන දූෂිත පුද්ගලයන් පිරිසක් හොර රහසේම රටින් පැන යෑමට කටයුතු කරමින් සිටින බවට තොරතුරු බුද්ධි අංශ වෙත ලැබී ඇත.මෙම දූෂිත ජාවාරම්කාරයන් මෙසේ රටින් පලා යෑමට උත්සාහ දරමින් සිටින්නේ වර්... |
"විදුලි බිල සියයට 100 කින් ඉහළ දැමිමට අවසර" | "විදුලි බිල සියයට සියයකින් ඉහළ දැමීමට ලංවිම කර තිබෙන ඉල්ලීමට ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසමේ අනුමැතිය පළවූ බව ලංවිම ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ‘දිවයින’ට පැවසීය.ඒ අනුව ඇතැම් විදුලි ගාස්තු සියයට තුන් හාරසියයකින් වැඩිවනු ඇතැයිද ඒ මහතා සඳහන් කළේය. ශිරාන් රණසිංහ" |
"120 දැන් හරි – ආණ්ඩුවට සතියක් කල් දෙයි" | "ආණ්ඩුවට එරෙහිව මන්ත්‍රීවරුන් 120ක ගේ සහයෝගය ඇති බැවින් යුග පුරුෂයකු වූ මහින්ද රාජපක්‍ෂ මහතාට ගෞරවාන්විත සමුගැනීමක් සඳහා සතියක් ඉඩ ලබාදෙන ලෙස එතුමා වටා සිටින ජරාව කෑමට ලොල් කපුටු රෑනෙන් ඉල්ලා සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පැවසීය. ඒ මහතා මේ බව කියා සිටියේ ඊයේ (25දා) පිව... |
"අරලියගහ මැඳුර ඉදිරිපිට විරෝධතා වැළැක්වීමේ ඉල්ලීම ඉවතට" | "කොළඹ අරලියගහ මන්දිරය ඉදිරිපිට අනවශ්‍ය ලෙස ජනතාව හෝ විරෝධතාකරුවන් රැස්වීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙසට කොල්ලුපිටිය පොලිසිය කළ ඉල්ලීම කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා ඊයේ (25දා) ප්‍රතික්ෂේප කළේය.කෙසේ වෙතත් ඉල්ලීම ප්‍රතික්‍ෂේප කරමින් මහෙස්ත්‍රාත්වරයා පැවසුවේ උද්ඝෝෂණයේ නිරත පිරිස් මහජන පීඩාවක් සිදුවන ආකාර... |
"සජබ විශ්වාසභංගයට අත්සන් 113 ක් ලැබුණා – ලක්‍ෂ්මන් කිරිඇල්ල" | "ආණ්ඩුවට එරෙහිව සමගි ජන බලවේගය විසින් මේ වන විට අත්සන් කරමින් තිබෙන විශ්වාසභංග යෝජනාව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී අත්සන් 113 කට වැඩි ප්‍රමාණයක් ලැබී ඇතැයි විපක්ෂයේ සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ‘දිවයින’ට පැවසීය.ඒ අනුව ඒ සඳහා අවශ්‍ය ප්‍රමාණයටත් වඩා අත්සන් මේ වන විට ලැබී ඇතැයි කී ඒ මහතා, ඉදිරි දිනකදී යෝජනාව කථානායක මහින... |
"තිනියාවල හිමි පැවරූ නඩුවෙන් කබ්රාල්ට රට යෑම තහනම් වෙයි" | "ජූනි 7 උසාවි කැඳවයිහිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාට විදේශ ගතවීම වළක්වන තහනම් නියෝගයක් කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඊයේ (25දා) නිකුත් කළේය.එම තහනම් නියෝගය වහාම ආගමන විගමන පාලකවරයා වෙත යැවීමටද නියෝග කළ මහෙස්ත්‍රාත්වරයා ලබන ජූනි 07 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා අජිත් නිවාඩ් කබ්රාල් මහතා ... |
"සිමෙන්ති මිල යළිත් උස්සයි" | "සිමෙන්ති කොට්ටයක (කිලෝ 50) මිල රුපියල් 400 ත් 500 ත් අතර මුදලකින් යළිත් වැඩි කිරීමට සිමෙන්ති සමාගම් පියවර ගෙන ඇත.ඒ අනුව සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 2750 සහ 2850 දක්වා ඉහළ යනු ඇත.මේ තත්ත්වය හමුවේ ඉදිකිරීම් සමාගම් මෙන්ම සාමාන්‍ය ජනතාවද දැඩි අපහසුතාවට පත්වනු ඇතැයි ඉදිරි කාලයේදී සිමෙන්ති මිල තවත් ඉහළ යනු ඇතැයි සමාගම් කිය... |
"උද්ධමනය වැඩිම රටවල් අතරින් ලංකාව ඉදිරියට" | "ලෝකයේ වැඩිම උද්ධමනයක් සහිත රටවල් අතරින් ශ්‍රී ලංකාව හයවන ස්ථානයේ සිට තුන්වන ස්ථානයට පත්ව ඇතැයි වාර්තාවේ.ජෝන් හොක්නික්ස් විශ්වවිiාලයේ ව්‍යවහාරික ආර්ථික විiාව පිළිබඳ මහාචාර්ය ස්ටීව් හැන්කි ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර තිබේ. ඔවුන් විසින් සකස් කරන ලද හැන්කි උද්ධමන දර්ශකයට අනුව ශ්‍රී ලංකාවේ උද්ධමනය සියයට ... |
"ජනපති හා අගමැති තනතුරුවලට තබාගෙන අන්තර්වාර ආණ්ඩුවකට සූදානම් නැහැ – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස" | "ජනතාවගේ හඬට විරුද්ධව ගොස් ජනාධිපතිවරයා හා අගමැතිවරයා එම තනතුරුවලම තබාගෙන අන්තර් වාර ආණ්ඩුවක් හදන්න තමන් සූදානම් නැති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ කොළඹදී පැවසීය.අගමැති හා ජනපති ආණ්ඩුව යටතේ හොරා කාපු සල්ලි අප රටට ගෙන ආ යුතු බවත් හොරු ඇල්ලිය යුතු බවත් ඔහු කීය.වගකීම් භාරගන්න අපි සූදානම්. ඒත් ජනතාව කියනවද පොහොට්... |
"ඡන්දයකට ගියොත් වියදම කෝටි දහසක් – මැ. කො. කියයි" | "පාර්ලිමේන්තුව විසුරුවා හැර මහ මැතිවරණයකට යනවා නම් රුපියල් කෝටි 1000ක පමණ මුදලක් වැයවනු ඇතැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නීතිඥ නිමල් පුංචිහේවා මහතා දිවයිනට ඊයේ (25දා) පැවසීය.රටේ පවතින ආර්ථික අර්බුද හමුවේ මැතිවරණයකට යෑමට සුදුසු තත්ත්වයක් නොමැති බවත් එම නිසා පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්‍ෂ එකතු වී අන්තර්වාර පාලනය... |
"රෝහල්වල රුධිර පාරවිලයනයත් අවදානම්!" | "සැපයුම් සහ ප්‍රතික්‍රීයක හිඟය හේතුවෙන් රෝහල් තුළ රුධිර පාරවිලයන සේවාවන් දැඩි අවදානමකට ලක්ව ඇතැයි වෛi රසායනාගාර විiාඥ වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය සඳහන් කරයි.රුධිර පාරවිලනය සඳහා රුධිරය එකතු කර ගැනීමට සහ රුධිර කොටස් වෙන්කර ගැනීම සඳහා අත්‍යවශ්‍ය ‘ටි්‍රපල් බෑග්’ හිඟවීම හේතුවෙන් මෙම තත්ත්වය ඇතිවී තිබෙන බව එම සංගමය කියයි. ... |
"සජබ පාගමන අද මහනුවරින් ඇරැඹෙයි" | "සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක කරනු ලබන ‘සමගි බල පා ගමන’ අද (26දා) මහනුවර සිට කොළඹ දක්වා ගමන් ඇරඹීමට නියමිතය.විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙම පාගමන මහනුවර පොළ අසලින් ආරම්භ කෙරේ. පා ගමන ආරම්භ කිරීමට පෙර විපක්ෂ නායකවරයා ඇතුළු පිරිස ප්‍රථමයෙන් ශ්‍රී දළදා වහන්සේගේ ආශිර්වාද ලබා ගනිති.භික්ෂූ... |
"වෝග් ජුවලර්ස් Innovative Jeweller of the Year ජාත්‍යන්තර සම්මානයෙන් පිදුම් ලබයි" | "Retail Jeweller World Dubai úiska msßkuk ,o Innovative Diamond Jeweller of the Yearසම්මානය වෝග් ජුවලර්ස්හි අධ්‍යෂක අනුරාධ හේමචන්ද්‍ර මහතා (වමේ සිට දෙවැනි) විසින් ලබාගත් අවස්ථාව. පවන් කුමාර මහතා සභාපති ීමබඑැජය ඊමිසබැි ීදකමඑසදබි චිරාග් සෝනි මහතා, අධ්‍යක්‍ෂක ීදකසඒසරු ඨැපපදකදටසජ්ක ඛ්ඉදර්එදරසැි සහ වෝග් ජුවලර්ස්හි ප්‍රධාන ම... |
"උල් ඇණ සහිත ස්ථිර මාර්ග බාධක යෙදීමෙන් මූලික අයිතිවාසිකම් කඩවෙලා – නීතිඥයෝ නඩු දාන්න ලෑස්තියි" | "විරෝධතාකරුවන් පාලනය කිරීම සඳහා උල් ඇණ සහිත ස්ථිර මාර්ග බාධක ඉදිකිරීම මගින් මූලික මිනිස් අයිතිවාසිකම් කඩ වී ඇතැයි ද ඊට එරෙහිව අධිකරණයේ නඩු පවරන බව ද නීතිඥයෝ පවසති.මෙලෙස මාර්ග හරහා ස්ථිර මාර්ග බාධක ඉදිකිරීම නිසා සාමාන්‍ය ජනතාවට සිදුවන අපහසුතා මත ඕනෑම අයකුට අධිකරණයේ මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනු කිරීමට නෛතික බලයක් ඇතැය... |
"නව සර්වපාක්ෂික ආණ්ඩුවේ මේ ජනපති අගමැති නොසිටිය යුතුයි" | "පවතින ව්‍යවස්ථාව තුළ ලබාදිය හැකි සාධනීය විසඳුමක් ලෙස පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්‍ෂවල සහභාගිත්වයෙන් සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමටත් ඒ තුළ වත්මන් ජනාධිපතිවරයා හෝ අගමැතිවරයා ක්‍රියාත්මක නොවිය යුතු බව සජබ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා ඊයේ (25දා) නිකුත් කළ විශේෂ නිවේදනයක දැක්විණි.සියලු පක්‍ෂ නියෝජනය කරන කමිට... |
"රඹුක්කනදී මිනී මරපු ආණ්ඩුව දැන් ජනතාවට මහපාරේ මර උගුල් අටවනවා – සජබ මන්ත්‍රී ගයන්ත කරුණාතිලක" | "අපි දන්නවා ඉතිහාසයේ මේ තරම් ඉක්මනට ජනතා පිරිහීමට ලක් වූ ආණ්ඩුවක් මෙතෙක් බිහි වී නැහැ. කිසිම පාලකයෙක්ට නැති ජනතා විරෝධයක් එල්ල වෙලා. රටේ ජනාධිපතිට අගමැතිට ජනතා විරෝධයෙන් බේරෙන්න තමන්ම හදා ගත්ත හිර ගෙදරක කොටු වෙලා ඉන්න සිදුවෙලා. ලක්ෂ ගණන් වියදම් කරලා යකඩ වැටවල් ගහලා බංකර ඇතුළට වෙලා ජනතාවගෙන් ආරක්ෂා වෙන්න මේ ආණ්ඩුවේ නායක... |
"කොටස් වෙළෙඳපොළ කඩාවැටේ ඊයේත් ගනුදෙනු අත්හිටුවයි" | "සතියකට අධික කාලයක් ගනුදෙනු සිදු නොකර වසාදමා තිබූ කොටස් වෙළෙඳපොළ ඊයේ (25දා) විශාල ලෙස කඩාවැටීම නිසා ගනුදෙනු අත්හිටුවීමට සහ පසුව ඊයේ දිනට කොටස් වෙළෙඳපොළ වසා දැමීමට සිදුවිය.කොටස් වෙළෙඳපොළ ගනුදෙනු සතියකට පසු ඊයේ උදේ ආරම්භ වුවත් කොටස් වෙළෙඳපොළේ එස්. ඇන්ඩ්. පී. ශ්‍රී ලංකා 20 මිල දර්ශකය දැඩි පසුබෑමකට ලක්වීම නිසා ගනුදෙනු ආරම්... |
"අන්තර්වාර පාලනයකට ඉඩදී ජනපති – අගමැති ඉවත් විය යුතුයි – විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය" | "ජනාධිපතිවරයා සහ අගමැතිවරයා තම තනතුරුවලින් ඉවත්වී රට තුළ පවතින අර්බුදය සමනය කිරීම සඳහා නව අන්තර්වාර පාලනයක් පත් කළ යුතු බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය පවසයි.පෙරේදා (24 දා) පැවති එම සංගමයේ වාර්ෂික මහා සභා රැස්වීමේදී රට මුහුණ දී සිටින ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් දීර්ඝ සාකච්ඡාවකින් අනතුරුව එම සංගමය මෙම තීරණයට එළැඹ තිබේ.ශ්‍ර... |
"අරගල බිමට එන ජනගඟ වළක්වන්න – පොලිසිය උල් බැරිකේඩ් දමයි – කළු පොලිතින්වලින් උල් බැරිකේඩ් වසා උගුල් අටවලා…." | "ශ්‍රී ලංකා නීතිඥ සංගමය සහ තවත් සංවිධාන සිද්ධිය හෙළාදකියි අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් ඊයේ (24දා) පැවැත්වූ විරෝධතා පාගමන ගාලුමුවදොර ජනඅරගල ප්‍රදේශයට ඇතුළුවීම වළක්වාලමින් ඒ අවට ප්‍රධාන මාර්ගවල ස්ථිර මාර්ග බාධක ඉදිකර ඒවාට යකඩ උල් සහිත බාධක ද එක්කොට ඒවා ඉටිකවරවලින් ආවරණය කර සහාසික ලෙස සකසා තිබීම විශේෂත්වයක් විය. ඒ අනුව ... |
"විසඳුමක් සොයා නොගත්තොත් – දිගටම අරගලය කර කර ඉන්න වෙයි" | "ගොල්ෆේස් විරෝධතාකරුවන්ට අගමැති කියයිගෝල්ෆේස් පිටියේ විරෝධතාවේ නියැළෙන තරුණ පිරිස සාකච්ඡාවකට සූදානම් නම් ඔවුන්ට අරලියගහ මන්දිරය ඕනෑම මොහොතක විවෘත බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.“අරගලයක් යනවා. එයාලාට විසඳුමක් බලන්න සාකච්ඡා කරන්න එපායෑ ඉතින්. එයාලා සාකච්ඡාවට එන්නෙ නැති තාක්කල් ඒ අරගලය එහෙමම යයි. එයාලාට මට කියන... |
"ගුරුවරු අද වර්ජනයේ: – දරුවන් පාසල් එවනවාද – තීරණය දෙමාපියන් අතේ – ජෝශප් ස්ටාලින්" | "දෙලක්‍ෂ හතළිස්දහසකට අධික ගුරුවරුන් හා විදුහල්පතිවරුන් අද (25දා) ආණ්ඩුවට එරෙහිව වැඩවර්ජනය කරද්දී තම දරුවන් පාසලට එවනවාද නැද්ද යන්න දෙමාපියන් විසින් තීරණය කළ යුතු බව ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින් මහතා ‘දිවයින’ ට පැවැසීය.ඉන්ධන මිල වැඩිවීම හේතුවෙන් දුර සිට පැමිණෙන ගුරුවරුන්ට ළඟම පාසලක සේවය කිරීමට අවස්... |
"ගුරු – විදුහල්පතීන් බිලියන 33ක පඩි වැඩිවීමක් ගත්තා : දැන් යුතුකම දරුවන්ට ඉගැන්වීමයි – අධ්‍යාපන ලේකම්" | "රජය විසින් ගුරු – විදුහල්පතිවරුන් සඳහා රුපියල් බිලියන 33 ක වැටුප් වැඩිවීමක් ද සිදුකර ඇති නිසා වැඩ වර්ජනවලට වඩා දරුවන්ගේ අධ්‍යාපනයට මුල්තැන දෙන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා ගුරු – විදුහල්පතින්ගෙන් ඉල්ලා සිටී.ඉන්ධන මිල ඉහළ යෑම නිසා දුර බැහැර ප්‍රදේශවල ගුරු විදුහල්පතිවරුන්ට ආසන්න පාසලක් ලබා දෙ... |
"ශ්‍රී ලංකාවට ළගින් සිට ආර්ථික අර්බූදයෙන් මිදීමට සහාය දෙනවා – මූල්‍ය අරමුදල සඵත වෙයි" | "ශ්‍රී ලංකාව මුහුණ දී සිටින වර්තමාන ආර්ථික අර්බුදයෙන් මිදීම සඳහා ශ්‍රී ලංකාව සමඟ සමීපව කටයුතු කරමින් සහාය වන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පෙරේදා (23 දා) නිල වශයෙන් නිවේදනය කළේය.ශ්‍රී ලංකාවේ අර්බුදය කාලෝචිත ලෙස විසඳීම සඳහා සහාය වන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි.මේ අනුව 2022.04.18 දින සිට 2022.04.22 අතරතුර කාලයේදී ශ්‍ර... |
"රුපියල රැකගන්න ඩොලර් බිලියනයකට වඩා වහාම මහබැංකුවට ඕනෑ – මුදල් ඇමැති අලි සබ්රි" | "රුපියල වේගයෙන් පිරිහීම වළක්වා ගැනීම සඳහා ඉතා ඉක්මනින් ඇමෙරිකානු ඩොලර් බිලියනයකට අධික මුදලක් ශ්‍රී ලංකා මහ බැංකුවට ලබාගත යුතු යැයි මුදල් ඇමැති අලි සබ්රි මහතා පවසයි.ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සාකච්ඡාවලට සහභාගිවී සිටින අතර ඉකුත් සිකුරාදා (22දා) සවස ශ්‍රී ලංකාවේ මාධ්‍යවේදීන් සමඟ මාධ්‍ය හමුවකට එක්වෙමින් මුදල් ඇමැතිවරයා මේ බ... |
"සා. පෙළ – උ. පෙළ – ශිෂ්‍යත්ව විභාග නියම කරගත් දිනවලම – විභාග කොමසාරිස් ජනරාල්" | "මේ වසරේ දින නියම කර තිබෙන සාමාන්‍ය පෙළ, උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාගය එම දිනවලදීම පවත්වන බව විභාග කොමසාරිස් ජනරාල් එල්. එම්. ඩී. ධර්මසේන මහතා ‘දිවයින’ට ඊයේ (24 දා) පැවසීය.පසුගිය වසරේ දෙසැම්බර් මස පැවැත්වීමට තිබූ සාමාන්‍ය පෙළ (2021) විභාගය කොවිඩ් හේතුවෙන් කල්ගිය අතර එම විභාගය මැයි 23 වැනිදා ආරම්භ කර ජුනි 07 වැනිදා දක්වා... |
"සබන් – රෙදි සේදුම් කුඩු සියයට 200 කින් මිල නගී" | "සබන් සහ ඒ ආශ්‍රිත නිෂ්පාදන මිල සියයට 200 කින් පමණ ඉහළ යන බවට එම සබන් නිෂ්පාදන සමාගම් විසින් වෙළෙඳ ව්‍යාපාරික ප්‍රජාවට දැනුම්දී තිබේ.සබන් සහ සබන් ආශ්‍රිත රෙදි සෝදන ද්‍රව්‍යයන් සඳහා මේ දිනවල වෙළෙඳ පොළේ විශාල ඉල්ලුමක් පවතින බවත් එම ඉල්ලුමට සරිලන සැපයුමක් ලබාදීමට නොහැකි තත්ත්වයක් උද්ගතවී ඇති බවත් ව්‍යාපාරික ප්‍රජාව පවසයි.... |
"ආධාර සහ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා තීරණාත්මක අවස්ථාවේදී ලබාදෙන සහයෝගීතාව සාදරයෙන් පිළිගන්නවා" | "* ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වීඩියෝ තාක්ෂණය ඔස්සේ ආසියා-පැසිෆික් ජල සමුළුව අමතමින් පවසයිතීරණාත්මක කාලය තුළ අපගේ ආර්ථික ප්‍රකෘතියට සහාය වීම වෙනුවෙන් ආයෝජන, තාක්ෂණ හුවමාරු කිරීම් සහ මුදල් සැපයීම මෙන්ම පුළුල් සංවර්ධන ආධාර සහ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ලබාදෙන සහයෝගීතාව ශ්‍රී ලංකාව සාදරයෙන් පිළිගන්නා බව ජනාධිපති ගෝඨාභය රාජප... |
"ගාලු මුවදොර අරගලය අඛණ්ඩව 16 වැනි දිනටත්" | "රටේ පවතින ඉන්ධන, ගෑස් ගැටලුව, විදුලි කප්පාදුව ඇතුළු ගැටලුවලට විසඳුම් ඉල්ලා සහ ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුව වහා ඉල්ලා අස්විය යුතු බව කියමින් කොටුව ගාලුමුවදොර පිටියේ අඛණ්ඩව ක්‍රියාත්මක ජන අරගලය ඊයේ (24 වැනිදා) 16 වැනි දිනටත් අතිවිශාල ජනතාවකගේ සහභාගිත්වයෙන් පැවැත්විණි.ගාලු මුවදොර ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට අරගල භූමියේ... |
"ලංකාවේ නම ජාත්‍යන්තරයට ගෙන ගිය බාබරා සමුගනී" | "ලාංකේය රෙදිපිළි කර්මාන්තය චිත්‍ර නිර්මාණ වලින් හැඩගන්වා ජාත්‍යන්තරයේ මෙන්ම ශ්‍රී ලංකාවේද අනන්‍යතාව තහවුරු කළ බාබරා සන්සෝනි මහත්මිය අභාවප්‍රාප්ත වූවාය.අවුරුදු 94 ක් ආයුවළඳා අභාවප්‍රාප්ත වූ ඇය මොනර පිහාටුවත් මුහුදත් ඒවායෙහි වර්ණ පිළිබඳවත් ප්‍රමුඛත්වය දෙමින් සිය නිර්මාණ සිදුකිරීම විශේෂත්වයකි. බොහෝ අයට උත්සවවලට සරම, කමිසය... |
"ආණ්ඩුව බලය රැකගන්න ජනතාවට එරෙහිව පීඩනය හා මර්දනය මුදාහරිනවා- විපක්‍ෂ නායකගෙන් නිවේදනයක්" | "ජනතා බලය නමැති සුනාමියට හසුව විනාශය ළඟා කරගෙන ඇති ආණ්ඩුව මේ වනවිටත් තම බලය සුරක්‍ෂිත කරගැනීම වෙනුවෙන් ජනතාවට එරෙහි පීඩනය, මර්දනය සහ තර්ජනය ක්‍රියාත්මක කරමින් සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී. එහි ආසන්නම සිදුවීම වන්නේ කොළඹ කොටුව සහ අවට මාර්ග අවහිර වන ලෙස ස්ථිර මාර්ග බාධක ස්ථා... |
"පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට යුක්තිය ඉල්ලා වතිකානයේ විශේෂ දේව මෙහෙයක්" | "පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් මියගිය සහ විපතට පත්වූවන්ට වසර තුනක් ගතවීත් ශ්‍රී ලංකා ආණ්ඩුවෙන් යුක්තිය ඉටුනොවීම ගැන ලොවට හඬගා පැවසීම සඳහා අද (25දා) ඉතාලියේ වතිකානු නුවර ශාන්ත පීතර බැසිලිකා දෙව් මැඳුරේදී විශේෂ දේව මෙහෙයක් පැවැත්වේ.මෙම දේව මෙහෙයට මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමන් සහ පාස්කු ප්‍රහාරයෙන් විපතට පත්ව... |
"අන්තරේ ජනගගක් සමග කොළඹට…." | "අන්තර් විශ්වවිiාල ශිෂ්‍ය බල මණ්ඩලය හා සරසවි සිසුත්අ රජයට ඉවත් වන ලෙස බල කරමින් විරෝධතා පා ගමනක් හා ජනතාවට සහන දෙන ලෙස ඉල්ලමින් කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිටින් ආරම්භ කළ අවස්ථාව.විරෝධතා පා ගමන ගාලුමුවදොර අරගල භූමියට යැමට නොහැකි වන ලෙස ස්ථිර මාර්ග බාධක යොදා තිබීම නිසා ඔවුහු පා ගමනින් කොළඹ විජේරාම අගමැති නිවස අසල දක... |
"අන්තර් පාලන ඩීල් එපා – හොරා කාලා ගසා කාපු මුන් එක්ක එකට වැඩ කරන්නද කියන්නේ…?" | "විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇඹිලිපිටියේ විරෝධතා රැළියකට එක්වෙමින් අසයිමේ එක එකාගේ සිත් සනසන්න අපි ඩීල් ගහන්න යන්නේ නැහැ. ඒකට වැඩිය මට සැපයි ගෙදර යන එක. ඔන්න එළිපිටම කිව්වා. හැබැයි මම ගෙදර යන්න ඉස්සර වෙලා ඩීල් ගහන කට්ටියගේ නම් ටික එළිදරව් කරලයි මම ගෙදර යන්නේ කියන එක මතක් කරනව. අපි සූදානම් නැහැ ජනාධිපති අගමැති මැති ඇමැ... |
"රඹුක්කන යකානැටූ පොලිසියට චෝදනා පත්‍රයක්… පොලිසියේ 7 ක් යතුරු පැදිවලටත් පහරදීලා" | "රඹුක්කන නගරයේ පැවති උද්ඝෝෂණයකදී තරුණයකු වෙඩි වැදී මියයෑමේ සිද්ධිය සම්බන්ධයෙන් කෑගල්ල හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා ඇතුළු පොලිස් නිලධාරීන් පිරිසක් අත්අඩංගුවට ගැනීම සඳහා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව පුළුල් විමර්ශන ආරම්භ කර ඇත. මෙම වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් කෑගල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා, පොලිස් අධිකාරිවරය... |
"රටට ගෑස් ගන්න විට 10 දෙනෙකුට කොමිස්?" | "මෙරට ජනතාවට අඩු මිලකට ගෑස් ලබාදීමට නොහැකි වී ඇත්තේ ගෑස් මිලට ගැනීමේදී අතරමැදියන් 10 දෙනකුට කොමිස් ලබාදීමට සිදුවීම නිසා යැයි අනාවරණය වී ඇත. රුසියාව ඉතා අඩු මුදලකට ඉන්දියාවට ගෑස් අලෙවි කරන අතර වත්මන් රජය බලයට පත්වූ දින සිටම රුසියාවෙන් අඩු මිලට ගෑස් ලබාගෙන නැත. යුක්රේන යුද්ධය ආරම්භ වීමට පෙර රුසියාවේ ගෑස් ප්‍රොම් සමාගමින්... |
"ණයවර ලිපි 14 සිරවී නොරොච්චෝලේ කඳුළු සලයි විදුලිය සැපයීම බරපතල අනතුරක" | "අප්‍රේල් මස අවසානයත් සමග ඇතිවන වාරකන් කාලයට පෙරාතුව නොරොච්චෝල ගල්අඟුරු බලාගාරයට මෙටි්‍රක් ටොන් දහතුන්ලක්ෂ විසිදහසක් (1,320,000) ගල්අඟුරු ගෙන ඒමට නියමිතව තිබුණත් ඊට අදාළ ණයවර ලිපි 14 ක් විවෘත කර ගැනීමට නොහැකි වීම නිසා බලාගාරයෙන් විදුලිය ජනනය කිරීම ලබන ජුනි මාසයෙන් පසු දැඩි අභියෝගයකට ලක්ව ඇත. විදුලිබල හා බලශක්ති ඇමැති ක... |
"තීරණාත්මක සිදුවීම් රැසක් ගෙනෙන ප්‍රබල ග්‍රහ මාරුවක්" | "ජ්‍යොතීර්වේදී ඩග්ලස් නිමලවංශ සෙනසුරු ග්‍රහයා 2022 අප්‍රේල් මස 29 කිවි දින පෙරවරු 7. 52 ට තම ස්වක්ෂේත්‍ර සහ මූල ත්‍රිකෝණ රාශිය වන කුම්භයට ප්‍රවිෂ්ට වීමට නියමිත බව ජ්‍යොතීර්වේදී ඩග්ලස් නිමලවංශ මහතා පවසයි. සෙනසුරුට මෙලෙස රාශිගත වීමට දළ වශයෙන් වසර තිහක් පමණ ගතවේ. ඉහත කී අයුරින් සෙනසුරුගේ කුම්භ රාශි ගෝචරය පැවති සෑම අවස්ථාව... |
"බේකරි කෑම නිෂ්පාදනය 50% කින් පහළ බසී" | "තිරිඟු පිටි ඇතුළු බේකරි නිෂ්පාදන ද්‍රව්‍ය අධික ලෙස මිල ඉහළ දැමීමෙන් සියලුම බේකරි නිෂ්පාදන දෛනිකව 50% කටත් අඩුවෙන් නිෂ්පාදනය කිරීමට සිදු වූ බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්. කේ. ජයවර්ධන මහතා දිවයිනට ඊයේ (22 දා) පැවසීය. පවතින ගෑස්, ඉන්ධන අර්බුදය මේ සඳහා දැඩි සේ බලපාන බවත් ඔහු කීය. නිෂ්පාදනය මෙන්ම අලෙවිය ද... |
"පාස්කු ප්‍රහාරයෙන් මියගිය අය සිහිකර වතිකානුවේ හෙට දේව මෙහෙයක්" | "පාස්කු ඉරිදා සිදුකළ ප්‍රහාරයෙන් ජීවිතක්‍ෂයට පත් ශ්‍රී ලාංකික කිතුනුවන් සහ විදේශිකයින් සිහිපත් කිරීමට හෙට (25 දා) සඳුදා වතිකානු නුවර බැසිලිකා දෙව්මැදුරේදී විශේෂ දේවමෙහෙයක් පැවැත්වේ. මෙම දේවමෙහෙයට කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්තුමා සහ පාස්කු ප්‍රහාරයෙන් විපතට පත්වූ පවුල්හි සාමාජිකයන් පිරිසක්ද සහභාගි වෙති. ඒ සඳහා ඔ... |
"උද්ධච්ච තීරණ නිසා සෞඛ්‍ය අර්බුදය කලින්ම ආවා – රවි කුමුදේශ්" | "සෞඛ්‍ය පරිපාලනයේ උද්ධච්ච තීරණ සහ දුර්වල කළමනාකරණය නිසා මේ වසර අවසානයේ ඇති විය යුතුව තිබූ සෞඛ්‍ය අර්බුදයට වසර මුලදීම මුහුණදීමට සිදු වූ බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවි කුමුදේශ් මහතා ප්‍රකාශ කළේය. සෞඛ්‍ය ඇමැති මහාචාර්ය චන්න ජයසුමන මහතා දැන් කියනවා, ඖෂධ තියෙන්නේ තව මාස දෙකකට පමණයි කියලා. නමුත් ඔහු සෞඛ්... |
"ඩොලර් සොයාගෙන ඉක්මණින් රුපියල ස්ථාවර කරගන්නවා" | "ඇමෙරිකානු ඩොලර් බිලියනයත් දෙකත් අතර ප්‍රමාණයක් විදේශ විනිමය වශයෙන් මහ බැංකුවට ලබාගෙන ඉතා ඉක්මනින් රුපියල ස්ථාවර කර ගැනීමට බලාපොරොත්තු වන බව මුදල් ඇමැති අලි සබ්රි මහතා පෙරේදා (22 දා) ඇමෙරිකාවේ වොෂින්ටන් නගරයේ සිට ශ්‍රී ලංකාවේ මාධ්‍ය අමතමින් පැවසීය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා කර ඔවුන්ගෙන් මූල්‍ය පහසුකමක් ලබා ග... |
"ණය ප්‍රතිව්‍යුහගත කරන උපදේශකයන් පත්කර ගැනීම දින 20 ක් ඇතුළත" | "ශ්‍රී ලංකාවේ විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා උපදේශකයන් පත්කර ගැනීම ඉදිරි දින 20 ක පමණ කාලයකදී කළ හැකි වනු ඇතැයි මුදල් ඇමැති අලි ස්බ්රි මහතා පවසයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් මූල්‍ය පහසුකමක් ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකාවේ තිරසාර නොවන විදේශ ණය ප්‍රතිව්‍යුහගත කර ගැනීම අත්‍යවශ්‍ය සාධකයක් වී ඇත. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ස... |
"එන්නත් කාඩ් ගැසට් එක රිවස් කිරීමේ තීරණයක් නෑ" | "අප්‍රේල් 30 වැනිදා සිට ක්‍රියාත්මක වීමට නියමිත පොදු ස්ථානවලට පිවිසීම සඳහා කොවිඩ් එන්නත් මාත්‍රා තුනම ලබා ගැනීම අනිවාර්ය කිරීමට අදාළ ගැසට් නිවේදනය අහෝසි කිරීමට මෙතෙක් තීරණය කර නොමැති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පැවැසීය. රටේ පවතින තත්ත්වය හමුවේ යළි කොවිඩ් පැතිර ගියහොත් අර්බුදකාරී තත්... |
"බෙහෙත් වර්ග 525 ක ශල්‍ය ද්‍රව්‍ය 5376 ක තොග අවසන්" | "කොළඹ වෛද්‍ය සැපයීම් අංශයේ ඖෂධ වර්ග 525ක හා ශල්‍ය ද්‍රව්‍ය 5376ක තොග අවසන් වී ඇතැයි රජයේ ඖෂධවේදීන්ගේ සංගමයේ සභාපති අජිත් පී. තිලකරත්න මහතා දිවයින ඉරිදා සංග්‍රහයට පැවසීය. වෛද්‍ය සැපයීම් අංශයේ ඖෂධ වර්ග 1358ක් තිබිය යුතු වුවත් ඉන් 525ක තොග නොමැති බවත් ඔහු කීවේය. තවද ශල්‍ය ද්‍රව්‍ය වර්ග 855 ක් තිබිය යුතු වුවත් ඉන් 5376ක තො... |
"පොලිසියට විරුද්ධව සාක්ෂි දුන්නොත් එල්ලලා ගහනවා කිව්වා" | "රඹුක්කන වෙඩි තැබීමේ සිද්ධියේදී පොලිසියට විරුද්ධව සාක්ෂි දුන්නොත් තමාට එල්ලා පහර දෙන බවට පොලිස් පරීක්ෂකවරුන් දෙදෙනකු තර්ජනය කළ බවත් ඒ බව ඒ අවස්ථාවේදීම තමා මහෙස්ත්‍රාත්වරිය වෙතට පැමිණිලි කළ බවත් මියගිය අයගේ ළඟම මිතුරකු හා නඩුවේ ප්‍රධාන සාක්ෂිකරුවකු වන පුද්ගලයක් මියගිය අයගේ නිවසට ගිය පාර්ලිමේන්තු මන්ත්‍රී ෆිල්ඩ් මාර්ෂල් ... |
"පාස්කු ප්‍රහාරය දා වගකීම පැහැර හැරීම: පොලිස් ලොක්කෝ 9 ක් දොට්ට" | "පාස්කු ප්‍රහාරය පිළිබඳව සිය වගකීම පැහැර හැර ඇති බවට සනාථ වී ඇති ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් 9 දෙනකු පොලිස් සේවයෙන් ඉවත් කර ඔවුන්ගේ විශ්‍රාම වැටුප් ද නතර කිරීම සඳහා රජය නීතිපතිගේ නිර්දේශ පතා ඇත. මෙම නිලධාරීන් ගැන මෙතෙක් පියවර ගෙන නැතැයි කාදිනල්තුමා ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත දන්වා තිබිණි. මේ අනුව නියෝජ්‍ය පොලිස්පතිවරු... |
"ආණ්ඩුව සජබ සහ 40 කණ්ඩායමෙන් ව්‍යවස්ථා සංශෝධන යෝජනා තුනක් කතානායකට:" | "පවතින දේශපාලන ක්‍රමය වෙනස් විය යුතු බවට ජනතාව තුළින් මතුව ඇති ඉල්ලීම් හමුවේ දේශපාලන පක්ෂ විසින් මේ වන විට ඒ සම්බන්ධව කඩිනම් ප්‍රතිචාර දක්වන්නට පටන්ගෙන ඇත. ඒ අනුව නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන යෝජනා තුනක් මේ වන විට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා වෙත ලැබී ඇත. ආණ්ඩුව, ප්‍රධාන විපක්ෂය වන සමගි ජන බලවේගය සහ ස්වාධීන මන්ත... |
"ව්‍යාපෘති 144 ක් ලංවිම ඇතුළේ පුස්කයි" | "සුනිත්‍ය බලශක්ති අධිකාරිය විසින් 2017 වර්ෂයේ සිට මේ දක්වා සූර්යබල, කුඩා ජලවිදුලි බලාගාර ඇතුළු බලාගාර 144 ක් ඉදිකිරීම සඳහා අයෝජකයන්ගෙන් මුදල් හා අයදුම්පත් ලබාගෙන ලංකා විදුලිබල මණ්ඩලය වෙත අනුමැතිය සඳහා යොමුකොට ඇතත් එම ව්‍යාපෘති සම්බන්ධව මෙතෙක් කිසිදු අනුමැතියක් ලබාදී නැතැයි ජාතික විගණන කාර්යාලය මගින් නිකුත් කර ඇති විගණන... |
"ගුරු විදුහල්පතිවරු හෙට ලෙඩවෙති" | "ඉන්ධන මිල ඉහළ යෑම හමුවේ ගුරු විදුහල්පතිවරුන් සහ සිසුන්ට සාධාරණයක් ඉටුකර දෙන ලෙස ඉල්ලමින් ගුරු විදුහල්පති වෘත්තීය සමිති ඒකාබද්ධ සන්ධානය හෙට (25 දා) අසනීප නිවාඩු වාර්තා කර එක්දින වැඩ වර්ජනයක නිරත වෙයි. ඉන්ධන මිල ඉහළ යෑම නිසා මෙම පිරිස්වලට විශාල අසාධාරණයක් සිදුවන බවත් එම පිරිස්වලට සහන ලබාදිය නොහැකි නම් ඔවුන් පදිංචි ආසන්න... |
"වෙඩි තියන්න නියෝග දුන්නේ එස්එස්පී" | "රඹුක්කන ප්‍රදේශයේ පසුගියදා පැවති විරෝධතාවය අතරතුර ඇති වූ නොසන්සුන්තාවය පාලනය කිරීම සඳහා වෙඩි තැබීමට නියෝග කර ඇත්තේ කෑගල්ල කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බී. කීර්තිරත්න මහතා බව කෑගල්ල මහෙස්ත්‍රාත් අධිකරණයේදී ඊයේ (22 දා) අනාවරණය විය. අදාළ සිදුවීම සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට පොලිස්පතිවරයා විසින් පත් කරන ලද කමිටුව කෑ... |
"සියලු ගෙවීම් කාඩ්පත්වලින් කොන්දොස්තරලා නැති බස් සේවාවකට නියෝගයක් ඉල්ලා උසාවි යනවා – ගැමුණු විජේරත්න" | "පවතින තත්ත්වය යටතේ කොන්දොස්තරවරුන් ඉවත් කර භෞතික මුදල් හුවමාරුවකින් තොරව පෙරගෙවුම් කාඩ්පතක් භාවිතා කර බස් ගාස්තු ගෙවීමේ ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීමට නියෝගයක් ඉල්ලා අධිකරණ ක්‍රියාමාර්ගයකට එළැඹීමට තීරණය කළ බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා ඊයේ (22 දා) මාධ්‍ය හමුවකදී පැවසීය. එම ක්‍රමවේද... |
"කටාර්හි සිරබත් කෑ ශ්‍රී ලාංකිකයන් 20 කට රාමසාන් නිසා සමාව" | "කටාර් රාජ්‍යයේ සේවයේ යෙදී සිටියදී විවිධ නීති විරෝධී ක්‍රියාවලට සම්බන්ධ වී සිර දඬුවම් විඳිමින් සිටි ශ්‍රී ලාංකිකයන් 20 දෙනකුට රාමසාන් මාසය වෙනුවෙන් සමාව ලබාදී ඇත. කටාර් රාජ්‍යයේ එමීර්වරයා වන ෂෙයික් තමීම් බින් හමාඩ් අල් තානි විසින් ශුද්ධවූ රාමසාන් මාසය වෙනුවෙන් රාජකීය ගෞරවයක් වශයෙන් විවිධ රටවල සිරකරුවන් රැසකට සමාව ලබාදී... |
"සිමෙන්ති තවත් රු. 500කින් වැඩි කරලා" | "අලෙවි නියෝජිතයෝ කියති ඉන්ධන මිල ඉහළ යෑම හමුවේ සිමෙන්ති මිල ඉහළ දැමීමට සිමෙන්ති සමාගම් පියවර ගෙන ඇති බව සිමෙන්ති අලෙවි නියෝජිතයෝ කියා සිටිති. කිලෝ 50 සිමෙන්ති මිටියක් මේ දිනවල වෙළෙඳපොළේ රු. 2300 – 2350 මිලකට අලෙවි කෙරෙන අතර, නව සිමෙන්ති මිල රු. 500 – 600කින් වැඩි කිරීමට සිමෙන්ති සමාගම් පියවර ගෙන ඇති බව සිමෙන්ති අලෙවි න... |
"වෛද්‍ය සංගමයත් උද්ඝෝෂණවලට" | "“අවනීතිය රජ කරවූ, ප්‍රතිපත්තියකින් තොර, මර්දනකාරී ආණ්ඩුව ජනතා මතයට හිස නමනු” මැයෙන් ලබන සතියේදී උද්ඝෝෂණ මාලාවක් පැවැත්වීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීරණය කර ඇත. පෙරේදා (21 දා) පැවැති තම සංගමයේ මධ්‍යම කාරක සභාවේදී ඒකමතිකව මෙම තීරණයට එළැඹි බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම්, වෛද්‍ය නවීන් ද සොයිසා මහතා ‘ද... |
"රඹුක්කන සිද්ධියට පොලිස්පති මානව හිමිකම් කොමිසමට අවට සිටි පිරිසගෙන් හූ සංග්‍රහයක්" | "රඹුක්කන නගරයේ ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වය සම්බන්ධයෙන් පොලිස්පතිවරයා ඇතුළු පොලිස් නිලධාරීන් පිරිසක් ඊයේ (22දා) මානව හිමිකම් කොමිසම වෙත කැඳවා තිබිණි. ඒ අනුව පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න මහතා මානව හිමිකම් කොමිසම වෙත පැමිණි අයුරු. රඹුක්කන ප්‍රදේශයේ පැවැති විරෝධතාවයකදී පොලිස් වෙඩි පහරින් පුද්ගලයකු මිය යෑමේ සිද්ධිය සම්බන්ධ... |
"ලක්ෂාන්ගේ දේහයට විපක්‍ෂ නායකගෙන් බුහුමන්" | "රඹුක්කන විරෝධතාවයේදී පොලිස් වෙඩි පහර වැදී මියගිය චමින්ද ලක්ෂාන් මහතාගේ නිවසට ගිය විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සිය අවසන් ගෞරව දැක්වූ අවස්ථාව. පවුලේ අත්‍යවශ්‍ය කටයුතු සඳහා මූල්‍ය පරිත්‍යාගයක් ද සිදු කළ ප්‍රේමදාස මහතා ඔවුන් වෙනුවෙන් සෑම විටෙකම ඉදිරියේදී පෙනී සිටින බව ද කීය. පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතා ද ඊ... |
"කෝප් කමිටුවට එන්න පෙර ඉල්ලා අස්වූ ගො.ද්‍ර.ස. සභාපති යළි කමිටුවට කැඳවයි" | "කෝප් කමිටුවට පැමිණීමට නියමිතව තිබියදී තම ඉල්ලා අස්වීම ප්‍රකාශ කළ සීමාසහිත ලංකා ගොඩනැඟිලි ද්‍රව්‍ය සංස්ථාවේ සභාපතිවරයා නැවත කෝප් කමිටුවට කැඳවා තිබිණි. මෙසේ එම සභාපතිවරයා පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවට කැඳවා තිබුණේ එම කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතාගේ සභාපතීත්වයෙන් පෙරේදා (21 දා) පාර්ලිමේන්තුවේ... |
"ආණ්ඩුවේ ඉදිරි ආර්ථික දැක්ම පිළිබඳ කිසිම විශ්වාසයක් නෑ…. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස" | "මහජනයාගේ යහපත වෙනුවෙන් කවුරුන් ඉදිරිපත් කරන යෝජනා හෝ කෙටුම්පත් ප්‍රසිද්ධියට පත්කර ඉදිරියට ගෙන යෑමට පාර්ලිමේන්තුව මැළිවිය යුතු නැති බව සභානායක ඇමැති දිනේෂ් ගුනවර්ධන මහතා ඊයේ (22දා) පාර්ලිමේන්තුවේදී කියා සිටියේය. නිවැරදි තොරතුරු මාධ්‍ය වෙත ලබාදීමෙන් වැරදි තොරතුරු මාධ්‍ය වෙතින් ජනතාවට හා ජාත්‍යන්තරයට නොයන බව ද හෙතෙම වැඩි... |
"‘21ට’ යමු කියා අගමැතිට කිව්වා – සුමනතිරන් කියයි" | "විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම පමණක් නොව 20 වෙනි සංශෝධනය බල රහිත කොට 19 වෙනි සංශෝධනය ක්‍රියාත්මක කරමින් 21 වැනි සංශෝධනයක් කරා රට ගමන් කළ යුතු බව තමන් අග්‍රාමාත්‍යවරයාට ප්‍රකාශ කළ බව දෙමළ ජාතික සන්ධානයේ යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන් මන්ත්‍රීවරයා ඊයේ (22 දා) මාධ්‍යවේදීන්ට කියා සිටියේය. අ... |
"අගමැති අස්වෙන්න – සර්ව පාක්ෂික ආණ්ඩුවක් හදන්න… ඩලස් ජනපතිට ලියයි" | "අගමැතිවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය ඉල්ලා අස්වී සර්ව පාක්‍ෂික රජයක් ගොඩනගා අභියෝග ජය ගැනීමට පාර්ලිමේන්තුවට අවස්ථාව සලසන මෙන් ඉල්ලමින් හිටපු ඇමැති ඩලස් අලහප්පෙරුම මහතා ජනාධිපතිවරයා වෙත ලිපියක් යවා තිබේ. මේ මොහොතේ වහා සිදුකළ යුත්තේ අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය ඉල්ලා අස් වී ජාතික න්‍යායපත්‍රය පෙරදැරි කරගත් සර්ව ... |
"අස්වෙන්න ඉල්ලුවා ජනාධිපති එපා කිව්වා- නාලක ගොඩහේවා කියයි" | "අන්තර් පාලන ආණ්ඩුවක් පිහිටුවීමට අවශ්‍ය ඉඩ සැලසීම සඳහා තමා ජනමාධ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයා වෙත යොමු කළත් එය ජනාධිපතිවරයා ප්‍රතික්‍ෂේප කර ඇතැයි ජනමාධ්‍ය ඇමැති නාලක ගොඩහේවා මහතා සඳහන් කරයි. ඉකුත් 19 වැනිදා නව කැබිනට් මණ්ඩලයේ ජනමාධ්‍ය ඇමැතිවරයා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් ද... |
"වෛද්‍ය සැපයුම් අංශයේ ඖෂධ 525 ක හා ශල්‍ය ද්‍රව්‍ය 5376 ක තොග අවසන්" | "පෞද්ගලික රෝහල්වල අත්‍යවශ්‍ය ඖෂධ 76 ක හිඟයක් පෞද්ගලික රෝහල්වල ඖෂධ හිඟයක් පවතින බව පෞද්ගලික රෝහල් සහ සාත්තු නිවාස සම්මේලනය, පෞද්ගලික සෞඛ්‍ය සේවා නියාමන මණ්ඩලය වෙත ලිපියක් මගින් දැනුම් දී තිබේ. පෞද්ගලික රෝහල්වල මේ වන විට අත්‍යවශ්‍ය ඖෂධ 76 ක හිඟයක් පවතින බවද ඔවුන් එම ලිපියේ සඳහන් කර ඇත. එසේම වෛi උපකරණ රැසක හිඟයක් පවතින බව... |
"සිපෙට්කෝ ෂෙඩ් 350කට සංස්ථාව තෙල් දුන්නේ නෑ" | "අප්‍රේල් මාසය තුළ ඉන්ධන ලබාදිය යුතුව තිබූ සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හල් 350කට ඉන්ධන ලබාදීමට ලංකා ඛනිජ තෙල් සංස්ථාව කටයුතු කර නැතැයි පෞද්ගලික ඉන්ධන ටැංකි රථ හිමියන්ගේ සංගමයේ සභාපති ශාන්ත ද සිල්වා මහතා මාධ්‍ය හමුවකදී ඊයේ (22 දා) පැවසීය. ජනතාව මාර්ග අවහිර කරමින් පැවැත්වූ විරෝධතා නිසා මේ වනවිට දිවයින පුරා ඉන්ධන බෙදාහැරීමට නොහ... |
"අගමැතිගේ හයියට මන්ත්‍රීලා 88ක් විතරයි – සජිත් කියයි" | "අගමැති මහින්ද රාජපක්ෂ මහතා යටතේ ආණ්ඩුව කරගෙන යෑම සඳහා අනුමැතිය ගත් පෙරේදා පැවැති කණ්ඩායම් රැස්වීම සඳහා පැමිණ ඇත්තේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් 88 දෙනකු පමණක් යැයි විපක්ෂ නායක සජිත් ප්‍රෙමදාස මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (22) සඳහන් කළේය. මේ වන විට ජනාධිපතිවරයාට ඉල්ලා අස්වන ලෙස එක් පිරිසක් සහ අගමැතිවරයාට ඉල්ලා අස්වන ලෙස තවත් ... |
"මේ ඒ වේදනාවයි…" | "පාස්කු ප්‍රහාරයට වසර 3 ක් පිරීම වෙනුවෙන් එම ප්‍රහාරයේ වින්දිතයින්ට සාධාරණය පතා රංගන ශිල්පි ජෙහාන් අප්පුහාමි කටුවාපිටිය දේවස්ථානය අසලින් කුරුසය කර මත තබාගෙන දින තුනක් තිස්සේ පා ගමනින් පැමිණ ඊයේ (22දා) ගාලුමුවදොර අරගල භූමියෙන් සිය පා ගමන අවසන් කළ අයුරු." |
"අගමැතිගේ හයියට මන්ත්‍රීලා 88ක් විතරයි – සජිත් කියයි" | "අගමැති මහින්ද රාජපක්ෂ මහතා යටතේ ආණ්ඩුව කරගෙන යෑම සඳහා අනුමැතිය ගත් පෙරේදා පැවැති කණ්ඩායම් රැස්වීම සඳහා පැමිණ ඇත්තේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් 88 දෙනකු පමණක් යැයි විපක්ෂ නායක සජිත් ප්‍රෙමදාස මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (22) සඳහන් කළේය. මේ වන විට ජනාධිපතිවරයාට ඉල්ලා අස්වන ලෙස එක් පිරිසක් සහ අගමැතිවරයාට ඉල්ලා අස්වන ලෙස තවත් ... |
"රූලට පිටින් සජිත් කතා කරයි.. කථානායක සභාව කල් තියයි" | "පාර්ලිමේන්තු කටයුතු න්‍යාය පත්‍රයට අනුව ක්‍රියාත්මක කිරීමට පෙර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා දිගින් දිගටම අදහස් දැක්වීමට යෑම හේතුවෙන් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඊයේ (21 දා) සභාවේ කටයුතු විනාඩි 10කට නවත්වා අසුනින් නැගිට ගියේය. විපක්ෂ නායකවරයා වත්මන් ආර්ථික සහ දේශපාලන අර්බුදය සම්බන්ධයෙන් අදහස් දක්වමින් එය දීර්... |
"සිවුරට මුවාවී බලයට ආ නායකයන් දැන් මහනායක හිමිවරුන්ගේ හඬටවත් කන්දෙන්නේ නෑ" | "පාහියංගල ආනන්ද සාගර හිමි සිවුර මතින් බලයට පැමිණි වත්මන් දේශපාලන නායකයින් මහානායක ස්වාමීන් වහන්සේලාගේ වචනයට ගරු නොකරමින් තවදුරටත් සිය බලය ආරක්ෂා කර ගැනීමක නිරතව සිටින බව සුරකිමු ශ්‍රී ලංකා සංවිධානයේ සභාපති පාහියංගල ආනන්දසාගර හිමියෝ ප්‍රකාශ කළහ. ජනාධිපතිවරයාට සහ රජයට ඉවත් වන ලෙසට විරෝධය පළ කරමින් ගාලුමුවදොර නොනිදන අරගලය... |
"කවුද අපට මේ විනාශය සිදු කළේ? ජනපති පාස්කු කොමිසමේ කරුණු වසන් කරනවා…" | "මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමා ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ සඳහන් බොහෝ කරුණු යටපත් කරමින් එහි නිර්දේශ සියල්ල ඉටු නොකොට ඒක පාක්ෂික අයුරින් ඇතැම් කරුණු වසන් කරලීම හා සත්‍ය හෙළිදරව් වීම වළක්වාලමින් වත්මන් රට පාලනය කරන පාලකයා කිරීම තරයේ හෙළාදකින බව මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමන් ඊයේ (21 දා) කොළඹ කොච්... |
"උසාවිය භාරයේ තිබූ රඹුක්කන සිද්ධියේ බී වාර්තාව ටිපෙක්ස් ගා මකලා" | "අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් නීතිඥවරු සියයකට අධික පිරිසක් නොමිලේ පෙනී සිටිති රඹුක්කන සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය ඉදිරිපත් කළ ‘බී’ වාර්තාවේ වගන්ති කීපයක් ටිපෙක්ස් යොදා මැකීම සම්බන්ධයෙන් උසස් පොලිස් නිලධාරියෙක් පෙරේදා (20දා) රාත්‍රී කෑගල්ල මහෙස්ත්‍රාත් වාසනා නවරත්න මහත්මිය ඉදිරියේ සමාව අයැද සිටියේය. කෑගල්ල ප්‍රදේශයේදී ප... |
"ගෝඨා ගෝ හෝම් ‘අපේක්‍ෂාවේ සත්‍යක්‍රියාවට’ රනිල් – චන්ද්‍රිකා – හකීම් – චම්පික – මද්දුමබණ්ඩාර – අකිල ඇතුළු පිරිස් එක්වෙති" | "රාජපක්‍ෂ රෙජිමය අවසන් කිරීම, රට තුළ නීතිය සහ ප්‍රජාතන්ත්‍රවාදය සුරක්‍ෂිත කිරීම, ජනතාව විඳින දැවැන්ත පීඩාවන්ට විසඳුම් ලබාදෙන නව රජයක් බිහිකිරීම ඇතුළු තේමා යටතේ ‘ෆ්‍රීඩම් හබ්’ විසින් සංවිධානය කරන ලද අපේක්‍ෂාවේ සත්‍යක්‍රියාව ඊයේ (21) කොළඹ විහාර මහාදේවි උiානයේදී පැවැත්විණි. මීට එජාප නායක රනිල් වික්‍රමසිංහ, හිටපු ජනපතිනි ච... |
"අතරමැදි ආණ්ඩු එපා අගමැති මහින්දමයි: ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම තීරණය කරයි" | "සර්වපාක්ෂික හෝ වෙනත් අතරමැදි ආණ්ඩු වෙනුවට අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩුව ඉදිරියට කර ගෙන යෑමට ඊයේ (21දා) පාර්ලිමේන්තුවේදී රැස්වූ ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම ඒකමතිකව තීරණය කර ඇත. අගමැතිගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩුව තවදුරටත් කරගෙන යායුතු බවට ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී සහන් ප්‍රදීප් මහතා විසින් එම කණ්ඩායම් ... |
"සර්ව පාක්ෂික කැබිනෙට්ටුවක් හදන්න අගමැති පොහොට්ටුවෙන් දාන්න" | "පොහොට්ටුවේ මන්ත්‍රීවරු 9 දෙනෙක් ජනපතිට ලිපියක් ලියති සෑම විරුද්ධ පක්‍ෂයක්ම නියෝජනය වන පරිදි බහුතරය පිළිගන්නා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අගමැතිවරයකු යටතේ සර්ව පාක්‍ෂික කැබිනට් මණ්ඩලයක් පත්කරන්නැයි ආණ්ඩු පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 09 දෙනෙකු ජනාධිපතිවරයා වෙත ලිපියක් මගින් ඉල්ලා ඇත. ආණ්ඩු පක්‍ෂය ලෙස බහුතරය ආරක්‍ෂා වු... |
"කට්ටියම කළු අඳිද්දී ෆොන්සේකා සුදු ඇඳගෙන විධායක ජනපති ක්‍රමය ඉල්ලයි" | "ජනතා උද්ඝෝෂණ පවතින තැන්වල කඩාකප්පල් ක්‍රියා සිදුවීමට ඉඩ නොතබන ලෙසත් එවැන්නක් සිදු වීමට ඉඩදිය නොහැකි බැවින් යම් පාලනයක් අවශ්‍ය බවත් ආණ්ඩු පක්‍ෂ සංවිධායක ඇමැති ප්‍රසන්න රණතුංග මහතා ඊයේ (21දා) පාර්ලිමේන්තුවේදී පැවසීය. නියෝජ්‍ය වේත්‍රධාරී කුෂාන් ජයරත්න මහතා විසින් සෙංකෝලය තැන්පත් කිරීමෙන් පසුව කථානායක මහින්ද යාපා අබේවර්ධන... |
"උගන්ඩාවට ගෙන ගිය බඩු මොනවාද? එරන්දගෙන් අල්ලස් කොමිසමට පැමිණිල්ලක්" | "ශ්‍රී ලන්කන් ගුවන් සේවය මගින් උගන්ඩාවට රැගෙන ගිය දෑ පිළිබඳ සාධාරණ පරීක්‍ෂණයක් පවත්වන ලෙස ඉල්ලමින් සමගි ජනබලවේගයේ හෝමාගම සංවිධායක නීතිඥ එරන්ද වැලිඅංගගේ මහතා විසින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට පැමිණි අවස්ථාව ඡායාරූපයේ දැක්වේ. මෙම අවස්ථාවට නීතිඥ තාරක නානායක්කාර සහ නීතිඥ ඉන්දික ප... |
"ඊයේ පෞද්ගලික බස් දිව්වේ සියයට 30යි" | "විවිධ ප්‍රදේශවල විරෝධතාකරුවන් මාර්ග අවහිර කිරීම හේතුවෙන් පෞද්ගලික බස් රථ සේවකයින්ට සේවයට වාර්තා කිරීමට නොහැකි තත්ත්වයක් ඊයේ (21 දා) ඇති වූ බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා “දිවයින”ට පැවැසීය. මාර්ග අවහිර කරමින් විරෝධතා දැක්වීම සහ ඉන්ධන හිඟය හේතුවෙන් ඊයේ පෞද්ගලික මගී බස් රථ ධාවනය වූයේ... |
"පාරේ විරෝධතා නිසා මැනිං වෙළෙඳපොළට එළවළු ලොරි ඒමත් අඩුවෙලා" | "ඉන්ධන මිල වැඩිවීම හා මාර්ග වසා විරෝධතාවේ යෙදීම හේතුවෙන් එළවළු ලොරි පෑලියගොඩ මැනිං පොදු වෙළෙඳ සංකීර්ණයට ඊයේ (21 දා) පැමිණියේ සියයට 40ක ප්‍රමාණයක් බවත්, පැමිණි බොහෝ එළවළුවල මිල ඉතා අධික බවත් එහි පොදු වෙළෙඳ සමිතියේ නියෝජ්‍ය සභාපති ජී. පී. ප්‍රභාත් සුසන්ත මහතා “දිවයින” ට පැවැසීය. ඉන්ධන මිල ඉහළ යාමත් සමඟ එළවළු ලොරි රථවල ගා... |
"දිගටම වැඩ කළ නොරොච්චෝලේ අක්‍රිය වීමේ අවදානමක්!" | "විදුලි අර්බුදය හමුවේ නොරොච්චෝල ලක්විජය බලාගාරයට එක දිගටම විදුලිය ජනනය කිරීමට සිදුවූ නිසා එහි අත්‍යවශ්‍ය නඩත්තු කටයුතු 15ක් පමණ අතපසු වීමෙන් බලාගාරය කොයි මොහොතක හෝ අක්‍රිය වීමේ අවදානමක් මතුව ඇත. මෙගොවොට් 300 බැගින් වූ යන්ත්‍ර තුනක් මගින්මෙගොවොට් 900ක් පමණ ජාතික විදුලි පද්ධතියට එක් කරන අතර වරින්වර එක් එක් යන්ත්‍ර පද්ධති... |
"ගෝල්ෆේස් අරගලය ඇරඹුණු දා සිට අනතුරට ලක්වූ 20ක් රෝහලේ" | "ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවට විරෝධය පළ කරමින් කොටුව ගාලුමුවදොර පැවැත්වෙන නිර්පාක්ෂික නොනිදන අරගලය ආරම්භවූ පසුගිය 09 වැනිදා සිට ඊයේ (21 වැනිදා) දක්වා ගතවූ දින 13 තුළ විවිධ අනතුරුවලට ලක්වූ පුද්ගලයින් 20 දෙනකු කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයට ඇතුළත්කර ඇතැයි රෝහල් ප්‍රකාශිකාවක් ‘දිවයින’ට පැවසුවාය. තුවාල ලැබූවන් අතරේ කා... |
"ප්‍රභූන් නෑ VIP නැහැ මතුගමින් ආදර්ශයක්" | "මහජන මුදලින් ඉදිකරන ලද මතුගම උමං මාර්ගය ඊයේ (21 දා) පුංචි දරුවකු අතින් විවෘත කරමින් රටටම ආදර්ශයක් දුන්නේය. දේශපාලනඥයන්ගේ සහභාගිත්වයෙන් තොරව මෙය විවෘත කිරීමට පියවර ගෙන තිබිණි." |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.