Title
stringlengths
9
246
Content
stringlengths
3
62.9k
"මද්දුමබණ්ඩාරගෙන් විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමට කෙටුම්පතක්"
"පවතින විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම සඳහා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතක් සමගි ජන බලවේගය මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස පාර්ලිමේන්තුවට ඊයේ (21දා) ඉදිරිපත් කළේය. ස්ථාවර නියෝග යටතේ විපක්ෂ නායකවරයාට පෞද්ගලික මන්ත්‍රී යෝජනා ඉදිරිපත් කිරීමට නොහැකි බැවින් තමන් මෙම යෝජනාව ඉදිරිපත්...
"අයුතු ලෙස දේපළ උපයා තිබේ නම් ඕනෑම උසාවියක අපිට නඩු දාන්න – නාමල් රාජපක්ෂ"
"තමා හෝ තම පවුලේ කිසිවකු අයුතු ලෙස මුදල් උපයා තිබෙනවා නම් ඒ පිළිබඳ ඕනෑම අධිකරණයක නඩු පවරන ලෙස නාමල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (21 දා) පැවසීය. එමෙන්ම තමන් විගණනය සඳහා ද සූදානම් බව වරප්‍රසාද ප්‍රකාශයක් සිදු කරමින් හෙතෙම කියා සිටියේය. නාමල් රාජපක්ෂ මහතා වැඩිදුරටත් මෙසේ ද පැවසීය. පසුගිය දිනවල මේ පාර්ලිමේන්තුවේදී මට...
"පාස්කු ප්‍රහාරය සිහිකර ඉටිපන්දම් දල්වති"
"ගාලුමුවදොර නොනිදන අරගලයට දින 14 යි පාස්කු ප්‍රහාරයට වසර 3 ක් සපිරුණ ඊයේ (21) ගාලුමුවදොර නොනිදන ජන අරගලයට එක්වූවන් ඉටිපන්දම් දල්වමින් මියගිය අය සිහිපත් කළ අයුරු. ගාලු මුවදොර ජන අරගලයට අදට දින 14ක් සම්පූර්ණ වෙයි. ඡායාරූපය -තිළිණ කළුතොටගේ"
"රඹුක්කන පොලිස් වෙඩි තැබීම – දෙපැත්තෙන්ම ගල් ගසද්දී  දිව ගිය සුද්දාට වෙඩි තිබ්බා"
"‘දෙපැත්තෙන්ම ගල් පහරවල් එල්ල වුණා. මම ළඟ සිටි ‘සුද්දා’ට කිව්වා ඈතට දුවලා යන්න කියලා. ඔහු ඈතට දිව යද්දී වෙඩි පහරවලට ඉලක්ක වුණා’ යයි රඹුක්කන ඝාතන සිද්ධිය ඇසින් දුටු අයෙක් කෑගල්ල මහෙස්ත්‍රාත් වාසනා නවරත්න මහත්මිය හමුවේ පැවසීය.රඹුක්කන විරෝධතාවේදී පොලිස් වෙඩි පහරවැදී ජීවිතක්ෂයට පත්වූ චමින්ද ලක්ෂාන් හෙවත් ‘සුද්දා’ නමැත්තාගේ...
"පරණ ගාණට ගත් තෙල් බවුසරය මඟ නතර කර රඹුක්කනට යාම ප්‍රමාද කරලා – වැඩි වාසියක් ගන්න ගිහින් ජීවිතයක් නැති කළා"
"කබීර් හෂීම්පැරැණි මිලට මිලදී ගෙන රඹුක්කනට ගිය ඉන්ධන බවුසරය වරකාපොල නගරයේ නවත්වා තබා ගෙන පසුව වැඩි මිලට විකිණීමට යෑම නිසා වටිනා මිනිස් ජීවිතයක් රටට අහිමි වූ බව කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතා ඊයේ (20 දා) මැතිසබයේදී පැවසීය.ඊට ඇමැති කනක හේරත් සහ එම සමුපකාර ඉන්ධන හල් සභාපති බස්නායක නමැත්තා වගකිව ...
"රඹුක්කන සිද්ධිය ගැන ජනපති කනගාටුව පළ කරයි"
"රඹුක්කන සිද්ධිය සම්බන්ධයෙන් තමා දැඩි කනගාටුව පළ කරන බවත් එම සිද්ධිය සම්බන්ධව පොලිසිය විසින් අපක්ෂපාතී විනිවිද බවින් යුත් පරීක්ෂණයක් සිදුකරනු ලබන බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කරයි. සාමකාමීව විරෝධතා දැක්වීමට පුරවැසියන්ට ඇති අයිතියට බාධාවක් නැති බවත් විරෝධතා දැක්වීමේදී ප්‍රචණ්ඩත...
"ජනපති තවත් නිහඩනම් සංඝ සම්මුතියක් පනවනවා – ත්‍රෛනිකායික මහා සංඝරත්නයෙන් නිවේදනයක්"
"රට තුළ පවත්නා වත්මන් සමාජ, ආර්ථික හා දේශපාලනික අර්බුද විසඳා මහජනතාවට කඩිනමින් සහන සැලසීම සඳහා ක්‍රියාත්මක කළ යුතු යෝජනා මාලාවක් ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කළද ඒ පිළිබඳව සාධනීය අවධානයක් යොමු නොකර ජනතා ගැටලු විසඳීමට පියවර නොගන්නේ නම් සංඝ සම්මුතියක් ප්‍රකාශයට පත්කරන බව ත්‍රෛනිකායික මහා සංඝරත්නය නිවේදනයක් නිකුත් කරමින් සඳහ...
"රඹුක්කනදී මියගිය ලක්‍ෂාන්ට අරගල බිමේදී ආචාරය!"
"පොලිස් වෙඩි ප්‍රහාරයකින් රඹුක්කන නගරයේදී පෙරේදා (19 දා) ඝාතනය වූ චමින්ද ලක්‍ෂාන් තරුණයාගේ ඝාතනය හෙළාදකිමින් කොළඹ ගාලුමුවදොර ජනාධිපති ලේකම් කාර්යාලය අසල අරගලයේ නියුතු පිරිස පෙරේදා (19 දා) සිය ජංගම දුරකථනවල ආලෝක ධාරා දල්වමින් එකාවන්ව නිහඬ විරෝධතාවක යෙදෙමින් ඔහුට ගෞරවය දැක්වූ අයුරු. ඡායාරූප – තිළිණ කඳතොටගේ"
"මූල්‍ය අරමුදලේ සහාය දෙන්න කොන්දේසියක් පීඩාවට පත් ජනතාව ගැන කණස්සල්ල පළ කරයි"
"ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් මූල්‍ය පහසුකමක් ලබාගැනීම සඳහා ශ්‍රී ලංකාවේ ණය තිරසාර මට්ටමකට පත්කර ගතහැකි බවට ප්‍රමාණවත් සහතිකයක් අවශ්‍ය වන බවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසා ඇත.ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා දූත මණ්ඩල ප්‍රධානී මසාහිරෝ නොසාකි මහතා මේ බව රොයිටර් පුවත් සේවයට පවසා ඇත.ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අ...
"වෙඩි තියන මිනී මරණ එක අවම බලයද? – විපක්‍ෂ නායක මැති සබයේදී අසයි"
"මේක ජන ඝාතක ත්‍රස්තවාදී ආණ්ඩුවක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ (20දා) පාර්ලිමේන්තුවේදී පැවසීය.ගරු කථානායකතුමනි, ආරම්භයේදීම ප්‍රසන්න රණතුංග මේ සභාවට ඉදිරිපත් කළ කරුණු අපි සමගි ජන බලවේගය සහ විපක්ෂය හැටියට සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරනවා. එතුමා කළේ සම්පූර්ණයෙන්ම මේ සභාව නොමඟ යැවීමක්.ගරු කථානායකතුමනි,කරදගස්තැන්න...
"පාස්කු ප්‍රහාරයට  අදට තුන් වසරයි"
"පුද්ගලයන් 268 දෙනකු ඝාතනයට ලක් වූ පාස්කු ප්‍රහාරය සිදු වී අදට (21 දා) වසර 3 ක් සම්පූර්ණ වේ.මේ බිහිසුණු ප්‍රහාරය ගැන 630 කට අධික පිරිසක් අත්අඩංගුවට ගත් අතර ඉන් 258 ක් ප්‍රධාන ක්‍රියාකාරීන් ලෙස හඳුනාගෙන චෝදනා ගොනු කර ඇත.ඇමෙරිකානු අධිකරණ දෙපාර්තමේන්තුවද මොහමද් නවුපර්, මොහමද් අන්වර් සහ අහමද් මිල්හාන් නමැති අන්තවාදීන් තිදෙ...
"ශ්‍රී ලංකාවට හදිසි  ආධාර ලබාදීමට ලෝක බැංකුව සූදානම්"
"ශ්‍රී ලංකාව හදිසි ආධාර සැපයීමට සූදානම් බවට ලෝක බැංකුව පවසා ඇත.පෙර නොවූ විරූ ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටින ශ්‍රී ලංකාවේ අවදානමට ලක්විය හැකි ජනතාව ආරක්ෂා කිරීමට ඔවුන් ඉදිරිපත් වන බව ද ලෝක බැංකුව පවසා ඇත.ලෝක බැංකුවේ දකුණු ආසියා නියෝජ්‍ය ප්‍රධානී ගාර්ට්විග් ගාෆර් පවසන්නේ ශ්‍රී ලංකාවේ මුදල් ඇමැති අලි සබ්රි සහ මහ බැංකු අධ...
"පාසල් වෑන් ගාස්තුත්  සියයට 35 කින් නග්ගයි"
"ඉන්ධන මිල වැඩි කිරීම හේතුවෙන් පාසල් වෑන් රථ ගාස්තුව ඊයේ (20දා) මධ්‍යම රාත්‍රියේ සිට සියයට 35 කින් ඉහළ දැමූ බව සමස්ත ලංකා අන්තර් දිස්ත්‍රික් පාසල් ළමුන් ප්‍රවාහන සේවා සංගමයේ සභාපති හරිස්චන්ද්‍ර පද්මසිරි මහතා ‘දිවයින’ට පැවසීය.ඉන්ධන මිල වැඩි කිරීමට විරෝධය පා පෙරේදා (19 දා) සිට පාසල් වෑන් රථ රියැදුරන් ධාවනයෙන් ඉවත් වූ බවත...
"මහජන හඬට කන්දී  දැන්වත් ගෙදර යන්න – සජබ මන්ත්‍රී ඉමිටියාස් බාකීර් මාකාර්"
"රඹුක්කන වැනි සිද්ධි  තවත් ඇති නොකරරඹුක්කන සිදුවූ ජීවිත හානිය අන්තිම ජීවිත හානිය ලෙස සලකා මහජන හඬට අවනත වන ලෙස සමගි ජනබලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉමිටියාස් බාකීර් මාකර් මහතා රජයෙන් ඉල්ලා සිටියේය.රඹුක්කන සිද්ධිය ඉතා කනගාටුදායක සිද්ධියක් බවත් ඩීසල්, පෙට්‍රල්, ගෑස් නැතිව ජීවත් වීමට නොහැකි ආර්ථික තත්ත්වයක සිටින ජනත...
"තරුණ ජනතා පිබිදීම  අප දිරිමත් කළ යුතුයි – කරු ජයසූරිය"
"විධායක ජනපති ක්‍රමය  වහා අහෝසි කර 19 බලගන්වන්න “තරුණ ජනතා පිබිදීම සුළුවෙන් තකන්න එපා. අපි මේ තරුණ ජවය දිරිමත් කළ යුතුයි. බලය ඇත්තන් හා ඔවුන් වටා ඉන්නා සුළු පිරිසක් අසාධාරණ ලෙස රට පාලනය කරන විට රටේ ජාතික සම්පත් කොල්ලකන විට ජනතා නැගිටීම් ඇති වෙනවා. ලොව මහා විප්ලවය ඇති වන්නේත් මෙවන් පරිසරය තුළයි” සාධාරණ සමාජයක් සඳහා වූ ජ...
"රාජපක්‍ෂ පවුලේ අත්වල ගෑවුණු ලේ  කුරහන් සාටකයෙන් වසාගත නොහැකියි – පාඨලී චම්පික රණවක"
"රාජපක්ෂ පවුලේ අත්වල ගෑවුනු ලේ තවදුරටත් කුරහන් සාටකයෙන්, පැරණි රණවිරු ගායනාවලින් හෝ කසාවතට මුවාවී වසා ගැනීමට නොහැකි බවත් එබැවින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ රාජපක්ෂ පවුල ඉල්ලා අස්ව ගෙදර යා යුතු බව හතළිස් තුන් වන සේනාංකයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා ඊයේ (20දා) අවධාරණය කර සඳහන් කළේය.නිරායුධ ජනතා...
"20 ට සහාය දුන්  මු. කො. 3ක්  ආණ්ඩුවෙන් පනිති"
"මුස්ලිම් කොංග්‍රසයේ මන්ත්‍රීවරු තිදෙනෙක් ඊයේ (20දා) සිට ආණ්ඩුවට සහාය දීමෙන් ඉවත් වන බව පාර්ලිමේන්තුවේදී කියා සිටියහ.ෆයිසාල් කාසීම්, ඉෂාක් රහුමාන් සහ එම්. එස්. තවුසික් යන මෙම මන්ත්‍රීවරුන් තිදෙනා ඊයේ සිට ආණ්ඩුවට සහයෝගය ලබාදීමෙන් ඉවත් වන බව ෆයිසාල් කාසීම් මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදී පැවසීය.මුස්ලිම් කොංග්‍රසයේ නියෝජිතය...
"ජනතාවාදී පාලනයක් ඇතිකර ගන්නාතුරු මේ සටන අත්හරින්නේ නැහැ"
"ජවිපෙ නායක අනුර කුමාර දිසානායක රට තුළ පවතින දැවැන්ත ආර්ථික අර්බුදයට වගකිව යුත්තේ රාජපක්ෂ පවුල බවත් එම පවුලට තරුණ තරුණියන්ගේ අනාගතය භාරදිය නොහැකි බවත් ජාතික ජන බලවේගය සහ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා ඊයේ (19 වැනිදා) සඳහන් කළේය. හැත්තෑ හතර වසරක් තට්ටුමාරු ක්‍රමයට රට විනාශ කළ පාලනයන් වෙනුවට ජනතාවාදී...
"ණය ශ්‍රේණිගත කිරීමෙන් ශ්‍රී ලංකාව තවත් පහළට"
"මුඩීස් ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනය විසින් ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීම Caa2 සිට Ca දක්වා තවදුරටත් පහත හෙළා ඇත. ශ්‍රී ලංකාව සිය විදේශීය රාජ්‍ය ණය ගෙවීම අත්හිටුවීමට ගත් තීරණය ද මේ ණය ශ්‍රේණිගත කිරීම පහත හෙළීමට හේතු වී තිබේ. මුඩීස් යනු ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන අතර ඔවුන් ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණ...
"ගෝල්ෆේස් විරෝධතාව මැඬීමට පොලිසිය උසාවි නියෝගයක් ගැනීමට යනවා"
"කොළඹ ගාලුමුවදොර පිටියේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු රජයට එරෙහිව විරෝධතාවේ යෙදී සිටින සාමකාමී ජනතාව මර්දනය කිරීමට කොටුව පොලිසිය අධිකරණයේ මැදිහත්වීම ලබා ගැනීමට වෑයම් දරන බව පෙනීයන බැවින් එම අධිකරණ ක්‍රියාවලිය කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේදී සිදු නොකර කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයේදී සිදු කිරීමට නියෝගයක් කරන...
"පාන්පිටි කිලෝව රු. 40 කින් ඉහළට"
"ප්‍රීමා තිරිඟු පිටි කිලෝවක මිල ඊයේ (19දා) සිට රු. 40 කින් ඉහළ දැමූ බව එම සමාගම විසින් දිවයිනේ සියලුම අලෙවි නියෝජිතයන් වෙත දැනුම් දී ඇත. ඒ අනුව අලෙවි නියෝජිතයන්ට අවශ්‍ය තිරිඟු පිටි තොග ලබා ගැනීමේදී සෑම කිලෝවකටම රු. 40 ක් වැඩි කර සමාගම වෙත මුදල් බැර කරන ලෙස සමාගම විසින් අලෙවි නියෝජිතයන් වෙත දැනුම් දී තිබේ. නව මිල වැඩි ක...
"අද සිට සතියක් රට පුරා හර්තාල්"
"වෘත්තීය සමිති සහ බහුජන සංවිධාන එකමුතුව තීරණය කරයි අද (20 දා) සිට ලබන 28 දා දක්වා සතියක කාලයක් පුරාවට දීපව්‍යාප්ත හර්තාල් ව්‍යාපාරයක් ක්‍රියාත්මක කිරීමට ‘වෘත්තීය සමිති හා බහුජන සංවිධාන එකමුතුව’ තීරණය කර ඇත. ඒ අනුව අද (20 දා) සිට ලබන 28 දා දක්වා දිවයින පුරා සියලු නගර ආවරණය වන පරිදි ජනතාව එක්රැස් කරමින් රජය ගෙනයන ජනතා වි...
""ලංගම, පෞද්ගලික බස් ගාස්තු 35%කින් නගී  අවම ගාස්තුව රු.27යි""
"ඒ අනුව රුපියල් 20ක්ව තිබූ අවම ගාස්තුව රුපියල් 27 දක්වා වැඩි වන බව ද හෙතෙම කීය. බස් ගාස්තු වැඩි කිරීම සම්බන්ධයෙන් බස් හිමියන් සහ අනෙකුත් පාර්ශ්ව සමග ඊයේ (19 දා) දහවල් ප්‍රවාහන අමාත්‍යාංශයේදී පැවැත්වූ සාකච්ඡාවකින් පසු මෙම තීරණයට එළැඹුණු බව ද හෙතෙම කීය. බස් ගාස්තු වැඩිවීම පිළිබඳව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභා...
"බස් ගාස්තුව 35% කින් අවම ගාස්තුව රු. 27යි ත්‍රිරෝද ගාස්තුව රු. 90 කින් පාන් මිල රු. 30 කින් නගී"
"ඉහළ ගිය ඉන්ධන මිලට සාපේක්ෂව ඊයේ (19දා) මධ්‍යම රාත්‍රියේ සිට ලංගම, පෞද්ගලික බස් ගාස්තු සියයට 35කින් ඉහළ දැමූ බව ප්‍රවාහන අමාත්‍ය දිලුම් අමුණුගම මහතා ‘දිවයින’ට පැවසීය. ඒ අනුව රුපියල් 20ක්ව තිබූ අවම ගාස්තුව රුපියල් 27 දක්වා වැඩි වන බව ද හෙතෙම කීය. බස් ගාස්තු වැඩි කිරීම සම්බන්ධයෙන් බස් හිමියන් සහ අනෙකුත් පාර්ශ්ව සමග ඊයේ (...
""බත්, කොත්තු, ප්‍රයිඩ් රයිස් මිල සියයට 20 කින් ඉහළට""
"පාන්පිටි, ගෑස්, ඉන්ධන, මිරිස් කුඩු, තුනපහ මිල ඉහළ යෑම හේතුවෙන් බත් පාර්සලයක, කොත්තු, ප්‍රයිඩ් රයිස් මිල සියයට 20 කින් ඊයේ (19 දා) සිටම ඉහළ දැමූ බව ආපන ශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මහතා ‘දිවයින’ට පැවසීය. ඉන්ධන මිල, පාන්පිටි මිල, ගෑස් මිල ඉහළ දැමීම ආපන ශාලා හිමියන්ට දරාගත නොහැකි බව පැවසූ අසේල සම්පත් මහතා මෙස...
"ස්වාධීන වූ මන්ත්‍රීවරු විපක්ෂයේ අසුන් ගනිති"
"ආණ්ඩුවේ හවුල්කාර පක්‍ෂ 11ක නියෝජිතයෝ සහ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ඊයේ (19දා) පාර්ලිමේන්තුවේ විපක්‍ෂයේ අසුන් ගත්හ. ඒ අනුව විමල් වීරවංශ, උදය ගම්මන්පිල, වාසුදේව නානයක්කාර යන මහත්වරුන් ඇතුළු පිරිසද මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු ශ්‍රීලනිප පිරිසද අනුර ප්‍රියදර්ශන යාපා මහතා ඇතුළු මන්ත්‍රීවරුන් පිරිසද විපක්‍ෂයේ තුන්වැනි පේළියේ...
"රඹුක්කන තවත් රතුපස්වලක් කරයි: පොලිසිය වෙඩි තබයි මරණ එකයි 24 කට තුවාලයි"
"ඉන්ධන ඉල්ලා රඹුක්කන නගරයේදී පැවති උද්ඝෝෂණය විසුරුවා හැරීමට පොලිසිය ඊයේ (19 දා) සවස කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කිරීම නිසා ඇතිවූ උණුසුම්කාරී තත්ත්වය පාලනය කිරීමට පොලිසිය සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයකු මියගොස් ඇත. වෙඩි වැදීමෙන් බරපතළ තුවාල ලැබූ මෙම පුද්ගලයා කෑගල්ල රෝහලට ඇතුළත් කර දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියද...
"ශ්‍රී ලංකාවට සහාය දීමට IMF සහතික වෙයි"
"ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ උපරිම සහයෝගය ලබාදීමට සහ ශ්‍රී ලංකාවට ලබා දෙන එම සහාය ශක්තිමත් කිරීමේ ක්‍රියාවලිය වේගවත් කිරීමට ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහතික වී ඇත. මුදල් ඇමැති අලි සබ්රි මහතා ඇතුළු ශ්‍රී ලංකා නියෝජිත පිරිස ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂ ක්‍රිස්ටලීනා ජොජියාවේ පෙරේදා (18 දා) හමුවී ...
"ඩොලරය ඊයේ තවත් රු. 5 කින් ගණන් උස්සයි"
"ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රකාශයට පත්කරන නිල විනිමය අනුපාත අගයන් අනුව ඊයේ (19 දා) දිනයේ ඇමරිකානු ඩොලරයක අගය තවත් රු. 5.00 කින් ඉහළ ගියේය. මේ අනුව පෙරේදා (18 දා) ඇමරිකානු ඩොලරයක පැවැති රු. 334.99 ක් වූ විකුණුම් අගය ඊයේ රු. 339.99 දක්වා ඉහළ ගියේය. මේ අතර ඇමරිකානු ඩොලරයක ගැනුම් මිල පෙරේදා පැවැති රු. 322.72 සිට ඊයේ රු...
"නොරොච්චෝලෙට ගෙනා ගල්අඟුරු නැව් දෙකට මේ සතියේ මුදල් ගෙවනවා"
"නොරොච්චෝල ගල්අඟුරු බලාගාරය සඳහා ගෙන්වා ඇති ගල්අඟුරු නැව් දෙකේ ගල්අඟුරු තොගය සඳහා මේ සතිය අවසන්වීමට පෙර මුදල් ගෙවීම් සිදුකරන බව ලංකා ගල්අඟුරු බලාගාරයේ සභාපති ජගත් පෙරේරා මහතා ‘දිවයින’ට ඊයේ (19 දා) පැවසීය. එක් නැවකට ඊයේ (19 දා) ගෙවීමට නියමිත මුදලින් සියයට 80 ක් ගෙවූ බවත් අනෙක් නැව සඳහා ලබන සිකුරාදා (22 දා) සියයට 80 ක මු...
"මාස 3 ක් එන්නේ නෑ කියූ චාමර සම්පත් ඊයේ මැතිසබේ"
"ඉංග්‍රීසි භාෂාව සහ තමනට රට හැදීමට බැරි නිසා මාස තුනක් පාර්ලිමේන්තු නොඑන බව කී බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා ඊයේ (19 දා) පාර්ලිමේන්තුවට පැමිණ සිටියේය. සිය පක්‍ෂය වන ශ්‍රීලනිපය ගත් තීරණය පරිදි විපක්‍ෂයේ පසුපෙළක අසුන් ගෙන සිටි චාමර සම්පත් දසනායක මහතා පසුව දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා සමග පිටත්ව යන අය...
"ත්‍රිරෝද රථ ගාස්තුත් නගී: පළමු කිලෝ මීටරයට රු. 90 යි"
"ඉන්ධන මිල ඉහළ යෑම හේතුවෙන් අද (19 දා) සිට ත්‍රිරෝද රථ ගාස්තු ද ඉහළ නංවන බවත්, ඒ අනුව පළමු කිලෝ මීටරය සඳහා රුපියල් 90 ක්ද, දෙවැනි කිලෝ මීටරය සඳහා රුපියල් 70 ක්ද අය කරන බවත් ලංකා ස්වයංරැකියා වෘත්තිකයන්ගේ ජාතික ත්‍රිරෝද රථ සංගමයේ සභාපති මහින්ද කුමාර මහතා “දිවයින” ට ඊයේ (19 දා) පැවසීය. හිතක් පපුවක් නැති ආණ්ඩුවට එරෙහිව දිව...
"දුම්රිය ගාස්තු වෙනසක් නෑ"
"ඉන්ධන මිල ඉහළ ගියත් දුම්රිය ගාස්තු වැඩිවීමක් සිදුකර නැතැයි දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (ධාවන) ගාමිණී සෙනවිරත්න මහතා “දිවයින” ට (ඊයේ (19 දා) පැවසීය. දුම්රිය ධාවනය සාමාන්‍ය පරිදි සිදුකරන බවත් දුම්රිය ගාස්තු සංශෝධනයක් සිදු කරනවාද යන්න ප්‍රවාහන ඇමැතිවරයා විසින් තීරණයක් ගනු ඇති බවත් ඒ මහතා කීය. ඊයේ දුම්රිය ධාවනය සාමාන...
"හිටපු පොලිස් ඇමැති සහරාන්ගේ වාහනයක් පාවිච්චි කරනවා – හරින් ප්‍රනාන්දු"
"පාස්කු ප්‍රහාරය එල්ල කළ ත්‍රස්ත නායක සහරාන් හෂීම් භාවිත කළ දැනට නඩු භාණ්ඩයක් ද වන වාහනයක් හිටපු මහජන ආරක්‍ෂක ඇමැති, රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා විසින් භාවිතා කරනු ලබන බව විපක්‍ෂ මන්ත්‍රී හරින් ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (19 දා) පැවසීය. එහිදී හරින් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා මෙසේද කීය. රංග ශ්‍රී ලාල් කියන ...
"ඩොලර් මිලියන 500 ක ණය පියවීමෙන් ගජ මිතුරන්ගේ ලාභය සියයට තුන්සියය ඉක්ම වූවා"
"ආචාර්ය හර්ෂ ද සිල්වා දැන් අලි සබ්රි මහතා අයි. එම්. එෆ්. ගිහින් තිබෙනවා. ඒ සාකච්ඡාවේදී ශ්‍රී ලන්කන් ආයතනය මෙහෙම ගෙනියන්න බෑ කියලා තියනවා. අලුතින් ගුවන් යානා ගන්න කලින් අවස්ථාවට උචිතව ක්‍රියා කරන්න. දැන් අජිත් නිවාඩ් කබ්රාල් හිටපු මහ බැංකු අධිපති කරපු දේ බලන්න. ඔහු රුපියල නිකම්ම අත ඇරලා දාලා දැන් රුපියල් 200 ට තිබුණු ඩො...
"19 යළි බලාත්මක කිරීම කාලෝචිත විසඳුමක්"
"ආර්ථික, දේශපාලන, සමාජයීය, ස්ථාවරත්වය ඇති කිරීමට ගතහැකි කඩිනම් සහ ප්‍රායෝගික විසඳුමක් ලෙස 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය කාලීන සංශෝධන සහිතව බලාත්මක කිරීම තම විශ්වාසය යැයි අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා ඊයේ (19දා) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසීය. පාර්ලිමේන්තු කටයුතු ආරම්භයේදීම හෙතෙම මෙම ප්‍රකාශය සිදුක...
"‘කපුටා’ සිහින මවා කැබිනට්ටුව මුලාවේ දැම්මා – විමල් වීරවංශ"
"මහ පාර වහගෙන නගර අකර්මන්‍ය වෙලා. මේ තත්ත්වය ගැන හිටපු ඇමැතිවරු දන්නවා. මේ අනතුර අපි පෙන්වා දුන්නා. ද්විත්ව පුරවැසියා කපුටා මහා සිහින මවලා කැබිනට් එක මුලාවේ දැම්මා. ඔහු සියලු දෙනා රැවටුවා. අද ද්විත්ව රටවැසියා, සාටකය දාගත්ත අයට පාරට බහින්න නැති කළා. අපි ඇතුළේ කතා කළත් ඇහුවෙ නැහැ. රටම කතා කළා. අදවත් යථාර්ථයට හිස නමන්න. ම...
"ශාන්ත බණ්ඩාරට විපක්ෂයේ විරෝධය: විනාඩි 10කට සභාව කල් තබයි"
"ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග පාර්ලිමේන්තුවේදී ස්වාධීන වූ වත්මන් රාජ්‍ය ඇමැති ශාන්ත බණ්ඩාර මහතා ප්‍රකාශයක් කිරීමට යෑමේදී විපක්ෂයෙන් විරෝධය එල්ල වීම නිසා පාර්ලිමේන්තු කටයුතු ඊයේ (19 දා) විනාඩි 10කට පමණ කල්තැබීමට කථානායකවරයාට සිදු විය. ශාන්ත බණ්ඩාර මහතා අදහස් දැක්වීමේදී ආණ්ඩුවට සහාය නොදී රට භාර දෙන්නේ කුමාර දිසානායකට හෝ ස...
"ගෝල්ෆේස් විරෝධතාවට 11 වැනි දිනටත් ජන ගඟක්"
"ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට ඉවත් වන ලෙසට බල කරමින් ගාලුමුවදොර ජනාධිපති ලේකම් කාර්යාලය අසල පැවැත්වෙන ‘නිර්පාක්ෂික’ විරෝධතාව ඊයේ (19 දා) 11 වන දිනයටත් විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් පැවැත්විණි. විරෝධතාව ආරම්භ කළදා සිට දහවලට වඩා විශාල ජනකායක් රාත්‍රි කාලයට එම ස්ථානයට එක්වී විරෝධතාවේ නිරත වන අයුරු දක්නට ලැබිණි. විද්වතුන්, කලාක...
"රාජ්‍ය මුදල් හිඟය පියවා ගන්න රජයේ දේපළ බිල්ලට!"
"දැනට ණය බරින් මිරිකී සිටින රජයට ස්වකීය අරමුදල් හිඟය පියවා ගැනීම සඳහා රජය සතු දේපළ යොදාගත හැකි බව ආර්ථික විශේෂඥයෝ පෙන්වා දෙති. ඔවුන් කියන පරිදි රජය ඩොලර් බිලියන 52ක ණය බරකින් පෙළෙන අතර ඩොලර් බිලියන 520ක වත්කම් රජය සතුව ඇත. එය රජය විසින් ගෙවිය යුතු ණය බර මෙන් දස ගුණයකි. මේ සඳහා රජයේ දේපළ රැසක් ප්‍රතිව්‍යුහගත කළ යුතු බව ...
"ඇමැති  17ක් රාජ්‍ය  ඇමැති  24ක් – හිටපු 14කට ඇමැතිකම් අහිමි වෙයි"
"*ජනතා කෝපය සාධාරණයි -ජනපති කියයි * මුළු කැබිනට්ටුවම 21යි* ශ්‍රීලනිපයේ රාඝවන්ටල කාදර්ට හා වාසුගේ පිලේ* ගයාශාන්ට රාජ්‍ය ඇමැති ධුර* 20ට අත ඉස්සූ නසීර්ට ඇමැති ධුරයක්* ගීතාටල ඩයනාට රාජ්‍ය ඇමැති ධුරනව ඇමැතිවරු 17 දෙනෙක් සහ රාජ්‍ය ඇමැතිවරු 24ක් ඊයේ (18 දා) පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන්හග මේ අනු...
"ආණ්ඩුව ගෙදර යන තෙක් අරගලය අත්හරින්නේ නෑ – ගාලුමුවදොර විරෝධතාකරුවෝ කියති"
"ඇමැති මාරුවට එරෙහිව ඊයේ  ගාලුමුවදොර අරගල බිමේදීඅලුත් කැබිනට් මණ්ඩලයක් පත් කිරීමෙන් කිසිම ඵලක් නොවන බවත් රාජපක්‍ෂවරුන් ප්‍රමුඛ වර්තමාන රජය  ගෙදර යන තුරුම සිය අරගලය අත්නොහරින බවත් දින 10 ක් තිස්සේ ගාලුමුවදොර අරගලයට එක්ව සිටින ජනතාව එක හඬින් කියා සිටිති.රටේ සම්පත් සුරාකමින් අහිංසක ජනතාව අන්ත දිළින්දන් බවට පත් කළ වර්තමාන ...
"ඩොලරය රු. 340ට නඟී"
"වාණිජ බැංකු විසින් ප්‍රකාශයට පත්කර ඇති දෛනික විනිමය අනුපාත අගයන් අනුව ඇමෙරිකානු ඩොලරයක විකුණුම් අගය ඊයේ (18) රු.340ක් දක්වා තවදුරටත් ඉහළ  ගියේය.තවත් බැංකු කිහිපයක ඇමෙරිකානු ඩොලරයක විකුණුම් අගයන් රු.340 ට වඩා තරමක් අඩු මට්ටමක තිබිණි.ශ්‍රී ලංකා මහ බැංකුව ඉකුත් මාර්තු 07 වැනිදා රුපියල පා කිරීමට ගත් තීරණය නිසා ඇමෙරිකානු ඩ...
"බැසිල්ට ආටිගලට රට යෑම තහනම් කරන ඉල්ලීම ඉවතට – කබ්රාල්ගේ තහනම දික් කරයි"
"හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ හා මුදල් අමාත්‍යාංශයේ හිටපු ලේකම් එස්. ආර්. ආටිගල යන මහත්වරුන්ට ලබන 2 වැනිදා දක්වා විදේශ ගතවීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරනා ලෙසට හිටපු ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන් මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ මෛත්‍රි ගුණරත්න මහතා කළ ඉල්ලීම කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් හර්ෂණ කැකුණවල මහතා ඊයේ (...
"එක එක්කෙනා කියන විදිහට අපි යන්නේ නෑ"
"කවුරුත් කියන පළියට තනතුරු තානාන්තර අතහැර ඉවත්ව යන්නේ නැතැයි අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා දිවයිනට ඊයේ (08 වැනිදා) කියා සිටියේය.ආණ්ඩුවට එරෙහිව රටපුරා නැඟෙන විරෝධාතා සම්බන්ධයෙන් කළ විමසීමේදී අගමැතිවරයා එසේ කියා සිටියේය.ආණ්ඩුවේ සිටි සමහර ඇමැතිවරුන් පවා අපෙන් වෙන්වී අද අප දෝෂ දර්ශනයට ලක් කරමින් සිටිනවා.මා ඒ පිළිබඳව ලොකු කලක...
"ගෝල්ෆේස් සටනට සහාය දෙන්න මං ආවා – ලන්ඩනයේදී හොඳම නළුවා වූ හිරාන් කියයි"
"ශ්‍රී ලංකාවේ පාලන තන්ත්‍රය වෙනස් කර රටට යහපත් අනාගතයක් උදාකිරීම සඳහා ගාලුමුවදොර නොනවතින අරගලයක යෙදී සිටින තරුණ ප්‍රජාවට ශක්තියක් ලබාදීමේ අරමුණින් තමා දිවයිනට පැමිණි බව 2022 ලෝරන්ස් ඔලිවියර් සම්මාන උළෙලේ හොඳම නළුවා සම්මානය හිමි කරගත් හිරාන් අබේසේකර පැවසීය.පසුගියදා එංගලන්තයේ ලන්ඩන් නුවර රෝයල් ඇල්බර්ට් ශාලාවේ පැවති සම්මා...
"දූෂණ වසා ගන්න ඕනෑ නිසා ජනපති අගමැති තනතුරු අත්හරින්නේ නෑ – එජාප මහ ලේකම් රංගෙ බණ්ඩාර කියයි"
"නව ඇමැති මණ්ඩලයක් පත්කිරීම නිසා රට තුළ පැවති ‘අවුල’ ‘වියවුලක්’ බවට පත්ව ඇතැයි එක්සත් ජාතික පක්‍ෂ මහ ලේකම් පාලිත රංගෙ බණ්ඩාර මහතා ‘දිවයින’ට ඊයේ (18 දා) පැවසීය.සියලු රාජපක්‍ෂවරුන්ට ඉවත්වන ලෙස රට තුළ ජනතා විරෝධය මතුව තිබියදී ජනපතිවරයා සහ අගමැතිවරයා බලය හැර නොයන්නේ සිදුකර ඇති දූෂණ වසා ගැනීම වෙනුවෙන් බවට ද හෙතෙම චෝදනා කළේය...
"අලුත් කැබිනට්ටුව හිසරදයට කොට්ටය මාරු කළා වගෙයි – හිටපු ඇමති දයාසිරි කියයි"
"රාජපක්‍ෂවරුන් ගෙදර යවා අන්තර්කාලීන ආණ්ඩුවක් පත් කිරීමට කටයුතු නොකර නව කැබිනට් මණ්ඩලයක් පත් කිරීම හිසරදයට කොට්ටය මාරුකිරීමක් වැනි ක්‍රියාවක් බව හිටපු ඇමැති දයාසිරි ජයසේකර මහතා දිවයිනට ඊයේ (18 වැනිදා) පැවසීය.රාජපක්‍ෂවරුන්ට ජාත්‍යන්තර වශයෙන් ද විශාල විරෝධයක් තිබෙන බවත් එවැනි විරෝධයක් පැවතීම නිසා රටට ජාත්‍යන්තර වශයෙන් කිස...
"දූෂිත පවුල් පාලනය  පලවා හැරීම මිස විසඳුක් නැහැ – විජිත හේරත්"
"දූෂිත පවුල් පාලනය මුළුමනින්ම පලවා හැරීම මිස කුට්ටම එහාට මෙහාට අනා රටේ ජනතාවගේ දැවෙන ප්‍රශ්න විසඳිය නොහැකි බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම්, ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා ඊයේ (18දා) ‘දිවයින’ ට පැවසීය.නව කැබිනට් මණ්ඩලයක් පත්කිරීම හිසරදයට කොට්ටය මාරු කිරීම වැනි කටයුත්තක් බව කී විජිත හේරත්...
"ගාලු මුවදොර අරගලය මහජන ආරක්‍ෂාවට තර්ජනයක් – කොටුව පොලිසියෙන් උසාවියට වාර්තාවක්"
"දින ගණනාවක් තිස්සේ ගාලු මුවදොර පිටියට රැස්වන දහස් සංඛ්‍යාත ජනතාවක් දිවා රෑ නොබලා ජනාධිපතිවරයා ඇතුළු රජයට එරෙහිව දියත් කර ඇති විරෝධතා ව්‍යාපාරය සාමය බිඳවැටීමකට හා මහජන ආරක්‍ෂාවට තර්ජනයක් විය හැකි යැයි කොටුව පොලිසිය කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයට තොරතුරු වාර්තාවක් ඉදිරිපත් කරමින් පෙන්වා දුන්නේය.දිවයිනේ විවිධ ප්‍රදේශ...
"අලුත් කැබිනට්ටුවේ 17 න් 10ක්ම හිටපු ඇමැතීන්ගේ ලේ ඥාතීන්"
"ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඊයේ (18දා) පත් කරන ලද නව කැබිනට් ඇමැතිවරුන් 17 දෙනාගෙන් 10ක්ම මීට පෙර ඇමැතිවරුන් ලෙස කටයුතු කළ දේශපාලනඥයන්ගේ පුතුන් හෝ සහෝදරයන් ලෙස ඥාති සම්බන්ධයක් තිබීම කැපී පෙනෙන ලක්‍ෂණයක් වේ.ඉන් අමාත්‍යවරුන් 08 දෙනකු දේශපාලනඥයන්ගේ පුතුන් වන අතර එක් අයෙක් සහෝදරයෙක් ද, තවත් අයෙක් ඥාති පුත්‍රයෙක් ද...
"ශ්‍රී ලංකාවේ ඉහළටම දූෂණ ක්‍රියා සිදුවෙලා – ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවෙන් වාර්තාවක්"
"ශ්‍රී ලංකාවේ ඉහළ පාර්ශ්වයන් දක්වා දූෂණ ක්‍රියා සිදුවී ඇතැයි ඇමෙරිකානු රාජ්‍ය දොපර්තමේන්තුව සිය අලුත්ම වාර්තාවෙන් අනාවරණය කර ඇත.එසේම ආරක්‍ෂක අංශ පොලිසිය සහ හමුදාවන්ට එල්ලවී ඇති බරපතළ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් රජය ක්‍රියාකර නැතැයි ද එම වාර්තාවේ තවදුරටත් දක්වා තිබේ.චෝදනා එල්ල වූ හමුදා නිලධාරීන්ගේ නඩුවලින් ...
"කොන්දේසි දෙකක් යටතේ සජබ විශ්වාසභංගයට සහාය දීමට ලෑස්තියි – උදය ගම්මන්පිල"
"සමගි ජන බලවේගය විසින් ආණ්ඩුවට එරෙහිව ඉදිරිපත් කරනු ලබන විශ්වාසභංග යෝජනාවට කොන්දේසි දෙකක් යටතේ සහයෝගය ලබාදීමට සුදානම් බව පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කරයි. විශ්වාසභංග යෝජනාව සඳහා පක්‍ෂව මන්ත්‍රීවරුන් 113ක ගේ සහාය ලැබෙන බවට සහතික කර ගැනීම සහ විශ්වාසභංග යෝජනාවෙන් ආණ්ඩුව පරාජයට පත් කිරීමෙන් අන...
"මහනුවර සිට කොළඹට සජබයෙන් දින 6ක ආණ්ඩු විරෝධී පාගමනක්"
"සමගි ජන බලවේගය ලබන 29දා මහනුවර සිට කොළඹ දක්වා දින 06ක ආණ්ඩු විරෝධී පාගමනක් ක්‍රියාත්මක කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ‘දිවයින’ට පැවසීය. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු සජබ මන්ත්‍රී කණ්ඩායමේ සහභාගිත්වයෙන් පවත්වන එම විශේෂ පාගමන මැයි 01 වැනිදා කොළඹින් අවසන් කරන බවද මන්ත්‍රීවරයා කියා සිටියේ...
"නොනිදන අරගලය වර්ණවත් කළ ආලෝක ධාරා……."
"දේශයේ උන්නතිය උදෙසා නොනනිදන අරගලයක යෙදෙමින් ගාලු මුවදොර රැස්ව සිටින නිර්පාක්‍ෂික තරුණ තරුණියෝ පෙරේදා (17 දා) සිය අරගලයට නවීණ තාක්‍ෂණය යොදා ගනිමින් ඩිජිටල් ප්‍රක්ෂේපණ යන්ත්‍ර මගින් ආලෝක ධාරා ඔස්සේ ජනාධිපති ලේකම් කාර්යාලයේ බිත්ති මත සිය විරෝධතා වැකි ප්‍රදර්ශනය කළහ.විරෝධතා දැන්වීම නව මානයකට රැගෙන ගිය ගාලු මුවදොර අරගල භූම...
"රට පුරා ජන අරගල – ගාලු මුවදොර නොනවතින අරගලයට දින 10යි"
"කොළඹ ජනාධිපති කාර්යාලය ඉදිරිපිට ගාලුමුවදොර පිටියේ ආරම්භ කර ඇති විරෝධතාවට ඊයේ (18) දිනට දින දහයක් සම්පූර්ණ වූ අතර ඊයේ දිනයේත් එම අරගලයට සහාය දැක්වීඹට විශාල පිරිසක් පැමිණ සිටියහ. "
"තරුණ සහාය ලැබෙනවා නම් System Change එකට සූදානම්"
"නව ඇමැතිවරු දිවුරුම් දීමේ උත්සවය අමතමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කියයි●අවංක, පිරිසිදු, කාර්යක්‍ෂම පාලනයකට කැපවන්න  ●ෂඵත්‍ යෑම පමා වුණා  ●පොහොර නොදීමත් වැරැදියි  ●ජනතා කෝපය සාධාරණයි  අතීතයේ කුමන අඩුපාඩු සිදු වී තිබුණ ද, වර්තමාන අභියෝගයන් සහ දුෂ්කරතාවන් කළමනාකරණය කිරීමේ වගකීම තමා පැහැර හරින්නේ නැතැයි ජනාධිපති ගෝඨාභය රාජ...
"ඩොලර් බිලියන 8 ක් උපයා ගැනීමට රජයේ දේපළ බදු දීමට යයි"
"කටුනායක” මත්තල සහ රත්මලාන ගුවන්තොටුපළවල්ද ඒ අතර වටිනා රජයේ දේපළ කිහිපයක් බදු දීමෙන් ඩොලර් බිලියන 8 ක මුදලක් වහාම උපයා ගැනීමට රජය අදහස් කොට ඇතැයි වාර්තා වේ’ මෙසේ බදු දීමට අදහස් කරන දේපළ අතර කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ” මත්තල ගුවන්තොටුපළ සහ රත්මලාන ගුවන්තොටුපළද තිබේ’ මේවා දීර්ඝ කාලීන පදනමක් යටතේ බදු දෙනු ඇත’ කටුනායක ...
"ගාල්ලේ විරෝධයට පොලිස් ප්‍රහාරයක් – නීතිඥ පිරිසක් සමග සාකච්ඡාවෙන් පසු ගාලු අට්ටාලය යළි ඉදිවෙයි"
"පහර දීමට ඊයේ විරෝධය  ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට ඉවත් වන ලෙසට බල කරමින් ගාලුමුවදොර පිටියේ පැවැත්වෙන උද්ඝෝෂණයට සහාය පළකරමින් ගාල්ල බස් නැවතුම්පොළ ඉදිරිපිට ඇරඹූ උද්ඝෝෂණයට ඉදිකර තිබූ අට්ටාලය ඊයේ (17 දා) පෙරවරුවේ පොලිසිය විසින් ගලවා දැමීමත් සමග පොලිසිය සහ උද්ඝෝෂකයන් අතර දැඩි උණුසුම්කාරී තත්ත්වයක් ඇතිවිය’ ගාල්ල බස් නැවතුම්පළ ...
"නව කැබිනෙට්ටුවට සාකච්ඡා – අගමැති මහින්දමයි: තරුණ මුහුණුවලටත් තැනක්"
"ජනපති හිටපු කැබිනට් ඇමැතිවරුන් හමුවෙයි  නව කැබිනට් මණ්ඩලය අද  (18 දා) පෙරවරුවේ ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි’ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පත්වන නව කැබිනට් මණ්ඩලයේ අගමැතිවරයා ලෙස මහින්ද රාජපක්‍ෂ මහතා තවදුරටත් කටයුතු කිරීමටත් තීරණය වී ඇත’ අප්‍රේල් 15 සහ 16 දිනවල ජනාධිපතිවර...
"සීනි බද්ද අඩු කිරීමෙන් සතොසට මිලියන 102 ක හා රජයට මිලියන 16’763 ක ආදායම් අහිමිවෙලා"
"වාසිය ගත් අයගෙන් ආපසු ලබාගන්න’’ – විගණකාධිපති නිර්දේශ කරයිරජය විසින් 2020 වර්ෂයේදී සීනි ආනයනය කිරීමේදී සීනි කිලෝවකට පනවා තිබූ විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ධ රුපියල් 50 සිට ශත 25 දක්වා අඩු කිරීම හේතුවෙන් පෞද්ගලික සමාගමක් විසින් සතොසට රුපියල් මිලියන 102 ක් හා රජයට බදු වශයෙන් රුපියල් මිලියන 16’763 ක් අහිමි කර ඇති බව විගණන වාර්තා...
"IMF‍ සමඟ සාකච්ඡාවට මුදල් ඇමැති ඇතුළු  නියෝජිත පිරිස ඇමරිකාවට"
"ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා පවත්වන මුදල් ඇමැති අලි සබ්රි මහතා ඇතුළු නියෝජිත කණ්ඩායම ඊයේ (17දා) දිවයිනෙන් පිටත්ව ගියහ’මේ නියෝජිත පිරිසට මුදල් ඇමැති අලි සබ්රි” මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ සහ මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන යන මහත්වරුන් ඇතුළු සිව් දෙනකුගෙන් යුත් නිලධාරීහු පිරිසක් ඇතුළත් වෙති’...
"ලංකා ගුරු සංගමයෙන් අනිද්දා ජාතික විරෝධතා දිනයක් – සරසවි ඇදුරෝත් හෙට වර්ජනයේ"
"රට හමුවේ පවතින ගැටලුවලට විසඳුම් ඉල්ලා අනිද්දා (20 දා) ජාතික විරෝධතා දිනයක් ප්‍රකාශයට පත් කරන බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින් මහතා පැවසීය’මේ සඳහා වෘත්තීය සමිති රැසක සහය ලැබෙන බවත් එදින රටපුරා විවිධ ස්ථානවල විරෝධතා පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇති බවත් ඔහු කියා සිටියේය’මේ අතර පවතින අර්බුදවලට විසඳුම් ලබ...
"කොටස් වෙළෙඳ පොළ දින පහකට වසයි"
"කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (18 දා) දින සිට ව්‍යාපාරික දින පහක කාලයක් සඳහා තාවකාලිකව වසා දැමීමට තීරණය කර තිබේ’කොළඹ කොටස් හුවමාරුවේ අධ්‍යක්‍ෂ මණ්ඩලය විසින් රටේ වත්මන් තත්ත්වය සඳහන් කරමින් කොළඹ කොටස් වෙළෙඳ පොළ තාවකාලිකව වසා දමන ලෙස ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිසමෙන් කරනලද ඉල්ලීමක් සලකා බැලීමෙන් පසු කොළඹ කොටස් වෙළෙඳ ...
"සාමකාමී විරෝධතා මැඬීමට  කිසි ලෙස හමුදාව යොදා ගන්නේ නෑ – ආරක්‍ෂක ලේකම්ගෙන් ෆොන්සේකාට ප්‍රතිචාර"
"සාමකාමී විරෝධතාකරුවන් වෙත හමුදා බලය අයුතු ලෙස යොදා ගැනීමේ කිසිදු සූදානමක් නොමැති බව ආරක්‍ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න මහතා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පවසයි’ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා විසින් තම මුහුණු පොතෙහි ආරක්‍ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න හා ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්‍ද්‍ර සිල්...
"මිලානෝවලට බන්දු  පත් කරන්නේ නෑ – විදේශ කටයුතු අමාත්‍යාංශය"
"යෝජනාවක් කළේ නැහැ – කලා සන්ධානයප්‍රවීණ රංගනවේදී බන්දු සමරසිංහ මහතා ඉතාලියේ මිලානෝ හි කොන්සල් ජනරාල්වරයා ලෙස පත් නොකරන බව විදේශ කටයුතු අමාත්‍යාංශය නිකුත් කර ඇති නිවේදනයක දැක්වේ’මේ අතර පොදුජන නිදහස් කලා සංධානය නිකුත් කර ඇති නිවේදනයක සඳහන් වන්නේ එම කොන්සල් ජනරාල් තනතුරට බන්දු සමරසිංහ මහතාගේ නම තම සංධානය මගින් යෝජනා කර ඇත...
"පාසල් පළමු වාරය  අද ඇරැඹෙයි – පැයක් දික් කිරීමේ තීරණය අත්හිටුවයි"
"දිවයින පුරා පිහිටි පාසල්වල නව වසරේ පළමු පාසල් වාරය අදින් (18 දා) ආරම්භ කෙරේ.නව පාසල් වාරය ආරම්භ වීමත් සමග කොවිඩ් වසංගතය නිසා මගහැරී ගිය අධ්‍යයන කටයුතු සිදුකිරීම සඳහා පාසල් ඉගැන්වීම් කාලය පැයකින් දීර්ඝ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය සැලසුම් කර තිබුණි.එහෙත් ඒ සම්බන්ධයෙන් අධ්‍යාපන වෘත්තීය සමිති අධ්‍යාපන ඇමැති දිනේෂ් ගුණවර්ධ...
"රටේ තත්ත්වය ගැන ජනපති සාකච්ඡා"
"වර්තමානයේ පවතින කරුණු කිහිපයක් පිළිබඳව සාකච්ඡා වට කිහිපයක් ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඉකුත් (16 දා) පැවැත්විණි. එහි පළමු සාකච්ඡාවට මුදල් ඇමැති අලි සබි්‍ර, මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ, රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ, ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත්, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග සහ ම...
"ගාලු මුවදොර විරෝධතාව ඊයේ 9 වැනි දිනයටත්"
"විරෝධතා භූමියේදී හිසතෙල් ගෑමේ මංගල්‍යයත් සිදු කෙරේකොටුව ගාලු මුවදොර ජනාධිපති ලේකම් කාර්යාලය අසල පැවැත්වෙන ජන අරගලය ඊයේ (17 වැනිදා) 9 වැනි දිනයටත් ක්‍රියාත්මක විය.කිසිදු පසුබැසීමක් හෝ විඩාවක් නොපෙන්වමින් තරුණ තරුණියන්, කලාකරුවන්, ක්‍රීඩකයන්, විවිධ වෘත්තිකයන් අතිවිශාල පිරිසකගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙම අරගල භූමිය තුළ ...
"ආණ්ඩුවට එරෙහි ජාජබ  තෙදින පා ගමන ඊයේ  කළුතරට ළඟා වෙයි"
"‘ජන පීඩක ආණ්ඩුව පන්නමු’ යන තේමාවෙන් යුතුව ජාතික ජන බලවේගය ඊයේ (17දා) උදේ 9.30 ට පමණ බේරුවල නගරයෙන් ආරම්භ කළ තෙදින පා ගමන ඊයේ (17දා) දහවල් 2.00 ට පමණ කළුතර නගරයට ළඟාවූ අතර දහස් සංඛ්‍යාත ජනතාවක් ඊට එක්වී සිටියහ.ජාතික ජනබලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක, පාර්ලිමේන්තු මන්ත්‍රිනී ආචාර්ය හරිනි අමරසූරිය,...
"පොහොර හා බීජ ආනයනයට ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 700 ක් ඉල්ලයි"
"විදේශ වලින් රසායනික පොහොර සහ බීජ වර්ග ආනයනය කිරීම සඳහා වැය කිරීම පිණිස ඩොලර් මිලියන 700 ක මුදලක් ලෝක බැංකුවෙන් ලබා ගැනීමට රජය තීරණය කර ඇත. ඉහත සඳහන් මුදලින් දැනට ඇරඹෙමින් පවත්නා යල කන්නයත් ඉදිරි අවුරුද්දක ගොවිතැන් කටයුතුත් සඳහා පොහොර ලබා ගැනීමට හැකි බව විශ්වාස කෙරේ. තේ, එළවළු, පලතුරු, බඩඉරිඟු යන ප්‍රධාන බෝග සඳහා ඉහත ස...
"මේක රම්‍ය අරගලයක්‌… ඔබ නොනිදන රාත්‍රියේ අප ද අවදියෙන්…."
"වික්‌ටර් උද්ඝෝෂණ භූමියේදී කියයි රට වෙනුවෙන් රොද බඳිමින් ගාලුමුවදොර නොනිදන ජන අරගලයට එක්ව සිටින විශාල පිරිස සිංහල – හින්දු අවුරුදු උදාව සැමරුවේ ද අරගල භූමියේ සිටය. ජනාධිපති ලේකම් කාර්යාල භූමිය ඉදිරියේ දින 7ක් ඊයේට පිරෙද්දී ඊට පෙර දින අවුරුදු උදාව සමරමින් කිරි ඉතිරවීම සිදුකළ අයුරු සහ කෘතහස්ත ගායනවේදී ආචාර්ය වික්ටර් රත්න...
"ලිට්‍රෝ ගෑස් සභාපති තෙෂාර ඉල්ලා අස්වෙයි"
"ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරි තෙෂාර ජයසිංහ මහතා සිය ධුරයෙන් පසුගිය සිකුරාදා (15 දා) ඉල්ලා අස්විය. ජනාධිතිවරයා වෙත දීර්ඝ ලිපියක් යවමින් ඒ මහතා සිය ඉවත් වීම පිළිබඳව දැනුම් දී තිබේ. 2021 ජූලි 26 වැනිදා තමා භාරගනු ලැබුවේ දූෂණ අක්‍රමිකතාවලින් පිරුණු රාජ්‍ය මුල්‍ය විගණනයක් පවා නොතිබුණු රාජ්‍ය ආයතනයක් ...
"උද්ඝෝෂකයන් මැදට වෙස්ගත්තවුන් යෙදවීමේ වෑයමක් – දුමින්ද නාගමුව"
"ආරක්‍ෂක අංශයේ පිරිසක් උද්ඝෝෂකයන් මෙන් සටන් පාඨ කියමින් පුහුණු කරන්නේ කුමකට දැයි රජය වහාම රටට හෙළිකළ යුතු යැයි පෙරටුගාමී සමාජවාදී පක්‍ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව මහතා පැවසීය. පෙරේදා 15 දා කොළඹ පැවති මාධ්‍ය හමුවකදී වීඩියෝ දර්ශනයක් මාධ්‍ය වෙත පෙන්වමින් ඔහු මේ බව කීවේය. මෙම ආරක්‍ෂක අංශ පිරිස එසේ පුහුණු වෙන්නේ ගෝල්ෆේ...
"අන්තර්වාර ආණ්‌ඩු සිහිනය බොඳවෙයි: බැසිල්ගේ අතේ තාම බිලීපිත්ත"
"අන්තර්පාලන රජයක් පිහිටුවීම පිළිබඳව ආණ්ඩුවෙන් ඉවත්වූ පක්ෂ 11 යෝජනා ක්‍රියාත්මකවීමේ සාකච්ඡා අතරමග නැවතීමත් සමඟ නව කැබිනට් මණ්ඩලයක් පත් කිරීමට ජනාධිපතිවරයා කටයුතු කරමින් සිටින බව දේශපාලන ආරංචි මාර්ග පවසයි. එසේ නව කැබිනට් මණ්ඩලයේ අගමැතිවරයා ලෙස තවදුරටත් අගමැති මහින්ද රාජපක්ෂ මහතා කටයුතු කිරීමටත් හිටපු ඇමැතිවරුන් වන චමල්, ...
"විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් එවන සල්ලි වැයකරන්නේ අත්‍යවශ්‍ය ආනයනවලට පමණයි!"
"විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් මෙරටට එවන විදේශ විනිමය ආහාර, ඉන්ධන සහ ඖෂධ වැනි අත්‍යවශ්‍ය ආනයන සිදුකිරීම සඳහා පමණක් භාවිත කරන බවට ශ්‍රී ලංකා මහ බැංකුව සහතික වී තිබේ. අත්‍යවශ්‍ය ආනයන අවශ්‍යතා සපුරා ගනු පිණිස රටේ විදේශ සංචිත තත්ත්වය ඉහළ නංවා ගැනීම සඳහා කඩිනම් පියවර ගතයුතු බව ද මහ බැංකුව කියයි. මේ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරම...
"නිල ඇඳුමෙන් ආ පොලිස් නිලධාරියෙක් විරෝධතාකරුවන්ගේ පැත්තේ හිටගනියි"
"මගේ රැකියාව නැතිවේවි. ඒ ගැන මට දුකක් නැහැ. රටේ අම්මලා, තාත්තලා, දුවා දරුවො පෝලිම්වල දුක්විඳිනවා. නිල ඇඳුම් දාගෙන අපි කොහොමද මේවා දැක දැක වාවගෙන ඉන්නේ. රට වෙනුවෙන් හඬ නගන ජනතාවට බැටන් පොලු පහරවල් එල්ල කරන්න එපා. ඒ පහර වදින්නේ ඔබේ දරුවන්ට සහ අනාගත දරු පරපුරටයි. පසුගිය බ්‍රහස්පතින්දා (14 දා) ගාලුමුවදොර විරෝධතාවය පැවැත්වෙ...
"උගන්ඩාවට ප්ලේන් ගියේ ගුවන් භාණ්ඩ ඇනවුමකට – ශ්‍රී ලංකන් කියයි"
"ශ්‍රී ලංකන් ගුවන් සේවය 2021 වසරේදී උගන්ඩාවේ එන්ටෙබේ ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත රැගෙන ගිය මුද්‍රිත ද්‍රව්‍ය අඩංගු ගුවන් යානා සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ පළවන වාර්තා ගැන කරුණු පැහැදිලි කිරීමක් ශ්‍රී ලංකන් ගුවන් සමාගම සිදුකර ඇත. එය මෙසේය. 2021 පෙබරවාරි මාසයේදී කොළඹ සිට උගන්ඩාවේ එන්ටෙබේ ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත මුද්...
"ලාෆ් ගෑස් නැතිව පාරිභෝගිකයෝ අමාරුවේ"
"මාස දෙකකට ආසන්න කාලයක් වෙළෙඳපොළට ලාෆ් ගෑස් නිකුත් නොකිරීම නිසා එම පාරිභෝගිකයෝ මහත් අපහසුතාවට පත්ව සිටිති. මෙරට ගෑස් වෙළෙඳපොළෙන් සියයට 25ක හිමිකාරීත්වයක් ලබා සිටින ලාෆ් ගෑස් සමාගම පවසන්නේ තමුනට ගෑස් මිලදී ගැනීමට අවශ්‍ය ණයවර ලිපි නිකුත් කිරීමට බැංකු මගින් ඇමෙරිකානු ඩොලර් ලබා නොදෙන බවය. මේ වනවිට ලාෆ් සමාගම ගෘහස්ථ කිලෝග්‍...
"පිටින් ඩොලර් බිලියන 3 -4 ක් ඕන"
"බාහිර මුලාශ්‍රවලින් ඇමරිකානු ඩොලර් බිලියන 3ත් 4ත් අතර ප්‍රමාණයක් අපේක්ෂා කරන බව මුදල් ඇමැති අලි සබ්රි මහතා පවසයි. මින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් බලාපොරොත්තු වන ප්‍රමාණය කොපමණ ද විමසූ විට එයට පිළිතුරුදෙමින් මුදල් ඇමැතිවරයා කීවේ තවම හරියටම නැහැ, අපි ඔවුන් සමග සාකච්චා කිරීමේ අවසන් අදියරේ සිටින්නේ යනුවෙනි. දැන් ණය ගෙවීම...
"රටේ ආර්ථික ගැටලු ලිහන්න පුළුල් ප්‍රතිපත්ති මාලාවක් ඕනෑ – ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය"
"රටේ ආර්ථික ගැටලුවලට පිළියම් යෙදීම සඳහා පුළුල් ප්‍රතිපත්ති මාලාවක් අත්‍යවශ්‍ය බව ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය පවසයි. මේ පුළුල් ප්‍රතිපත්ති මාලාවට ආර්ථිකයේ සෑම අංශයකම ස්ථාවරත්වය ආරක්ෂා කිරීමට මෙන්ම ආර්ථික ගැටලුවලට පිළියම් යෙදීම සඳහා සමස්ත ආර්ථිකයට බලපෑමක් ඇති කෙරෙන අනෙකුත් ක්‍රියාමාර්ග ද ඇතුළත් විය යුතු බවට ද මහ බ...
"විරෝධතාකරුවන්ගෙන් රජයට කොන්දේසි 5 ක්"
"කොළඹ ගෝල්ෆේස් පිටියේ සිට ආණ්ඩුවට එරෙහිව අඛණ්ඩ උද්ඝෝෂණයේ නිරතව සිටින ‘නිර්පාක්‍ෂික තරුණ පිරිස’ සිය විරෝධතාව අත්හැරීම සඳහා ආණ්ඩුවට ඉල්ලීම් 05ක් ඉදිරිපත් කර ඇත. එම ඉල්ලීම් වනුයේ ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා ඉල්ලා අස්වීම, රාජපක්‍ෂ පුවලේ කිසිවකුට පාර්ලිමේන්තුව තුළ තනතුරු ලබා නොදීම, 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය නැවත බලාත්ම...
"මම පුටුවෙන් යනවා"
"නියෝජ්‍ය කථානායක ධුරයෙහි තමා කටයුතු කරන්නේ එළඹෙන 19 වැනිදා පැවැත්වෙන පාර්ලිමේන්තු සැසිය දක්වා පමණක් බව රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. එදින පැවැත්වෙන පාර්ලිමේන්තු සැසිවාරයේදී තමා ඉල්ලා අස්වන බව ද සඳහන් කරයි. ජනතාව මේ මොහොතේ විඳින අසීමිත දුක සහ පීඩාවන් හමුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පාර්ලිමේන්තුවේ ස්වාධීන වූයේ රජයට දැනෙන...
"බන්දු සමරසිංහ තවම දෙගිඩියාවෙන්"
"ඉතාලියේ මිලානෝනුවර කොන්සල් ජනරාල්වරයා ලෙස ප්‍රවීණ විකට නළු බන්දු සමරසිංහ මහතා පත්කර ඇත. හිටපු කොන්සල් ජනරාල් ප්‍රවීණ ගායිකා නීලා වික්‍රමසිංහ මහත්මියගේ හදිසි අභාවප්‍රාප්ත වීමෙන් හිස් වූ ධුරය සඳහා මෙලෙස බන්දු සමරසිංහ මහතා පත්කිරීමට යෝජනා කර ඇත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කලා සංසදය විසිනි. අදාළ කොන්සල් ජනරාල් ධුරය භාරගැන...
"විශ්වාසභංගයට ස්‌වාධීන මන්ත්‍රීලා 41 ගෙනුත් සජිත් අත්සන් ඉල්ලයි"
"සමගිජන බලවේගය පක්‍ෂය විසින් ආණ්ඩුවට එරෙහිව ඉදිරිපත් කිරීමට නියමිත විශ්වාසභංග යෝජනාව සඳහා මේ වන විට පක්‍ෂයේ මන්ත්‍රීවරු රැසක් අත්සන් තබා ඇතැයි ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා දිවයින ඉරිදා සංග්‍රහයට පැවසීය. මේ වන විට පක්‍ෂ නායක සහ විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාද විශ්වාසභංගයට අත්සන් තබා ඇතැයිද පැවසූ ඒ මහතා මෙම විශ්වාසභංගය සම්...
"පුළුවන් කෙනෙකුට භාරදීලා ජනාධිපති යන්න"
"රට මුහුණපා ඇති අර්බුද හමුවේ තවදුරටත් රට අරාජික තත්ත්වයට පත්වීමට ඉඩ දී බලා නොසිට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව රට පාලනය කළ හැකි පුද්ගලයකුට රට භාරදිය යුතු යැයි එක්සත් ජාතික පක්‍ෂ සභාපති වජිර අබේවර්ධන මහතා පැවසීය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 37(1) සහ 38(1)(ආ)40(1)(අ) වගන්තිවලට අනුව ජනාධිපතිවරයාට ඒ සඳහා ක්‍රියා කළ හැකි බව ද කියා...
"ලිට්‍රෝ ගෑස් සභාපති තෙෂාර ඉල්ලා අස්වෙයි"
"ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරි තෙෂාර ජයසිංහ මහතා සිය ධුරයෙන් පසුගිය සිකුරාදා (15 දා) ඉල්ලා අස්විය. ජනාධිතිවරයා වෙත දීර්ඝ ලිපියක් යවමින් ඒ මහතා සිය ඉවත් වීම පිළිබඳව දැනුම් දී තිබේ. 2021 ජූලි 26 වැනිදා තමා භාරගනු ලැබුවේ දූෂණ අක්‍රමිකතාවලින් පිරුණු රාජ්‍ය මුල්‍ය විගණනයක් පවා නොතිබුණු රාජ්‍ය ආයතනයක් ...
"ශ්‍රීලනිපය 19 දා විපක්ෂයේ වාඩිවෙනවා"
"ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 13 දෙනා අනිද්දා (19 දා) ආරම්භ වන පාර්ලිමේන්තු සැසිවාරයේදී විපක්‍ෂයේ අසුන් ගන්නා බව ශ්‍රීලනිප මහලේකම් දයාසිරි ජයසේකර මහතා ‘දිවයින ඉරිදා සංග්‍රහය’ ට පැවසීය. රජයට එරෙහිව මතු වී තිබෙන විරෝධතා හා ආර්ථික ගැටලුවලට යම් විසඳුමක් කරා යෑමට සියලු පක්‍ෂවල සහභාගිත්වයෙන් අන්තර්වාර...
"ශ්‍රී ලංකාවට හදිසි ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග අවශ්‍යයි ලෝක බැංකුව කියයි"
"ශ්‍රී ලංකාව දරාගත නොහැකි ණය සහ ගෙවුම් ශේෂ අභියෝගවලට මුහුණ දෙමින් සිටින බව ලෝක බැංකුව පවසයි. මූල්‍ය හා බාහිර අසමතුලිතතා හේතුවෙන් ශ්‍රී ලංකාවේ ආර්ථික දැක්ම බෙහෙවින් අවිනිශ්චිත බව ද ලෝක බැංකුව කියයි. ඉහළ මට්ටමේ ණය සහ ණය සේවාවලට විසඳුම් සෙවීම, මූල්‍ය හිඟය අඩු කිරීම, බාහිර ස්ථාවරත්වය යථා තත්ත්වයට පත් කිරීම සහ දිළිඳු හා අවද...
"ඉන්ධන දීම සීමා කරයි"
"යතුරු පැදි, ත්‍රිරෝද රථ සහ මෝටර් රථ සඳහා පෙට්‍රල් සහ ඩීසල් නිකුත් කිරීම සීමා කිරීමට ලංකා ඛනිජ තෙල් සංස්ථාව පසුගිය සිකුරාදා (15දා) තීරණය කළේය. ඒ අනුව යතුරුපැදියකට රුපියල් 1000ක්, ත්‍රිරෝද රථයකට රුපියල් 1500ක්, මෝටර් රථ, වෑන් රථ, ජීප් රථ සඳහා රුපියල් 5000ක් ලෙස ඉන්ධන ලබාදීම මේ අනුව සීමා කෙරේ. බස් රථ, ලොරි රථ, වානිජ කටයු...
"ඔබ සැමට සුබ අලුත් අවුරුද්දක් වේවා!"
"පරණ අවුරුද්ද සඳහා ස්නානය අපේ‍්‍රල් මස 13 වෙනි බදාදා දින කොහොඹපත් යුෂ මිශ‍්‍ර නානු ගා ස්නානය කොට ඉෂ්ට දේවතා අනුස්මරණයෙහි යෙදී වාසය මැනවි. අලුත් අවුරුදු උදාව අපේ‍්‍රල් මස 14 වෙනි බ‍්‍රහස්පතින්දා පූර්ව භාග 08.41 තත්පර 17ට අලුත් අවුරුද්ද උදාවෙයි. පුණ්‍ය කාලය අපේ‍්‍රල් මස 14 වන බ‍්‍රහස්පතින්දා (බ‍්‍රහස්පතින්දාට එළිවන පාන්ද...
"නන්දාමාලනිය අරගල බිමේ යශෝරාවය පතුරවයි!"
"නන්දාමාලනිය සුනිලුන් හා ස්වර්ණා සමග බුද්ධදාස ගලප්පත්ති අරගලබිමට… ‘‘යදමින් බැඳ විලංගු ලා මගේ පුතා රැගෙන යන්න ඉඳිකටු ඇන ඇඟිලි තලා දෙතිස් වධය පමුණුවන්න……… අලූත් ලොවක් ගැන සිතීම දඬුවම් දෙන වරද නම් කුමට එරට අධිකරණය නීතිය සහ විනිසුරන්……… රටේ පවතින අර්බුදකාරී තත්ත්වයට විසඳුම් ඉල්ලා ගාලූමුවදොරදී ඊයේ (12 දා) සිව්වන දිනටත් පැවැ...
"අරගල බිමේ නිහඬ වු ගී හඬ ශිරාස්"
"රට මුහුණදී ඇති අර්බුද සම්බන්ධයෙන් විසඳුම් ඉල්ලා කොටුව ජනාධිපති ලේකම් කාර්යාලය අසල නිර්පාක්‍ෂික විරෝධතාවක නියැළී සිටින පිරිස සමග සිටි ජනහිතකාමී සහෘද පොප් ගායකයකු ඊයේ (12 දා) අලූයම ඇතිවූ හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් මියගොස් ඇත. මෙලෙස මියගොස් ඇත්තේ ශිරාස් යුසුප් නමැති මෙරට ජනප‍්‍රිය පොප් ගායකයෙකි. වේදිකාව තුළ ඔහුව ශිරාස...
"මෙරට අර්බුදය ගැන කොටි  ඩයස්පෝරාව බේගල් වපුරයි"
"ශ‍්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයට මූලික හේතුව උතුරු නැගෙනහිර ජනතාවට ස්වයංපාලනය නොදීම හා උතුරෙන් හමුදාව ඉවත් කර නොගැනීම බව කොටි ඩයස්පෝරාව විදේශ රටවල් වෙත නිවේදනයක් යවමින් දක්වා ඇත. එසේම රටේ මුදල් හමුදාවේ වැටුප් වැඩි කිරීමට සහ හිටපු හමුදා නිලධාරීන්ට විශ‍්‍රාම වැටුප් ලබාදීමට වැයකර ඇතැයිද කොටි ඩයස්පෝරාව කියා සිටියි. රටින් පිට...
"මන්ත‍්‍රීන් බිලීබෑම මේ රාජපක්‍ෂත් පටන් ගත්තා: ජනපති සමග ඉදිරි සාකච්ඡාවලට යන්නේ නෑ"
"වත්මන් ජනාධිපතිවරයා පෙර රාජපක්‍ෂවරුන්ගෙන් වෙනස් යැයි අප කල්පනා කළත් ඔහුද මන්ත‍්‍රීවරුන් බිලිබා ගැනීමේ ක‍්‍රියාදාමයේ යෙදී සිටින බව ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා ‘‘දිවයින’’ට ඊයේ (12 දා) පැවසීය. තම පක්‍ෂයේ කිසිවකු මුදල්වලට, ආණ්ඩුවේ ඇමැති වරදාන, වරප‍්‍රසාදවලට ගිජුව පක්‍ෂයේ සාමූහික තීරණයට පටහැනිව ක...
"ඉන්දීය ණය යටතේ පළමු සහල් තොගය කොළඹ වරායට එයි"
"සිංහල හා ද්‍රවිඩ අලූත් අවුරුද්ද ඉලක්ක කරගනිමින්, ඉන්දියානු ණය යෝජනා ක‍්‍රමය යටතේ මෙරටට ආනයනය කරනු ලබන සහල් මෙටි‍්‍රක් ටොන් 40,000ක තොගයෙන්, ටොන් 11,000ක පළමු සහල් තොගය රැගත් නෞකාව ඊයේ (12දා) පස්වරුවේ කොළඹ වරායට ළඟා විය. ඒ අනුව, මෙම සහල් තොගය ඉන්දියාවේ කාකිනඩා වරායේ සිට දින හතරකට ආසන්න කාල සීමාවක් තුළදී මෙරටට ගෙන ආ අතර...
"සිංගප්පූරු තෙල් නැව ඩොලර් නැතිව දවස් 15ක් වරායේ හිර වෙලා"
"සිංගප්පූරුවේ සිට මෙරටට ඉන්ධන ආනයනය කළ නැවකට ඩොලර් ගෙවීමට නොහැකිවීම නිසා දින 15 ක සිට මෙරට මුහුදු සීමාවේ නැංගුරම්ලා තිබෙන බව තෙල් සංස්ථා උසස් නිලධාරියෙක් පැවසීය. සිංගප්පූරුවේ සිට පසුගිය මාර්තු 28 වැනිදා මෙරටට ළඟා වී තිබෙන මෙම නැව තුළ ඔක්ටේන් 92 වර්ගයේ පෙට‍්‍රල් ටොන් 26,000 ක් සහ ඔක්ටේන් 95 වර්ගයේ පෙට‍්‍රල් මෙටි‍්‍රක් ට...
"නීතිඥවරුත් ගාලුමුවදොර විරෝධතාවේ"
"ජනාධිපතිවරයාට හා රජයට ඉල්ලා අස්වන ලෙසට බලකරමින් සිව්වැනි දිනටත් ගාලූමුවදොර අඛණ්ඩව පැවැත්වෙන ජනතා විරෝධතාවට සහාය දක්වමින් ජනතා ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනුවෙන් වූ ජනතා නීතිඥ එකමුතුව ඒ සඳහා ඊයේ (12 දා) සවස එක්වූ අයුරු. ඡායාරූප – ජූඩ් ඩෙන්සිල් පතිරාජ"
"මහ බැංකුවට විදේශ විනිමය විකිණීමේ අවශ්‍යතාව යළි 25% ට බස්සයි"
"බැංකු විසින් ශී‍්‍ර ලංකා මහ බැංකුවට විදේශ විනිමය විකිණීමේ අවශ්‍යතාව සියයට 50 සිට සියයට 25 දක්වා අඩුකර ඇතැයි ශී‍්‍ර ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය පී. නන්දලාල් වීරසිංහ මහතා පවසයි. පසුගිය මාර්තු 21 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි බැංකු විසින් මහ බැංකුවට විදේශ විනිමය විකිණීමේ අවශ්‍යතාව සියයට 25 සිට සියයට 50 දක්වා වැඩි කරනු ල...
"විදේශ ණය ගෙවීම් නවතයි: අපගේ ණය ගෙවීමේ හැකියාව නැත්තටම නැති වෙලා"
"ශ‍්‍රී ලංකාව විසින් ගෙවීමට තිබෙන සියලූම විදේශ ණය ගෙවීම් තාවකාලිකව අත්හිටුවීමට රජය තීරණය කළ බව මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහත්වරු සහ ශ‍්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහත්වරු ඊයේ (12 දා) ඒකාබද්ධ ප‍්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් පැවසූහ. මේ විදේශ ණය ගෙවීම අත්හිටුවීම ඊයේ (12 දා) ශ‍්‍රී ල...