Title stringlengths 9 246 | Content stringlengths 3 62.9k |
|---|---|
"එළවළු සහ මාළු මිල දෙගුණයකින් ඉහළට" | "එළවළු සහ මාළු මිල ගණන් ඊයේ (12 දා) වෙළෙඳ පොළේ සාමාන්‍ය මිල ගණන්වලට වඩා දෙගුණයකින් ඉහළ ගොස් තිබිණි. ඒ අනුව බෝංචි කිලෝවක් රුපියල් 315 ක්ද, අර්තාපල් කිලෝවක් රුපියල් 215 ක්ද, වම්බටු කිලෝවක් රුපියල් 265 ක්ද, රතු ලූනු කිලෝවක් රුපියල් 325 ක්ද ලොකු ලූනු කිලෝවක් රුපියල් 295 ක්ද ලෙස මිල ඉහළ ගොස් තිබිණි. පෑලියගොඩ මාළු වෙළෙඳ පොළේ... |
"ශාන්ත බණ්ඩාර රාජ්‍ය ඇමැති ධුරයේ වැඩ භාර ගනී" | "කාබනික පොහොර නිෂ්පාදන ප‍්‍රවර්ධන හා සැපයුම් නියාමන, වී, ධාන්‍ය, කාබනික ආහාර, එළවළු, පලතුරු වගා ප‍්‍රවර්ධන, බීජ නිෂ්පාදන හා උසස් තාක්ෂණික කෘෂිකර්ම රාජ්‍ය ඇමැති ධුරයට පත් කෙරුණු කුරුණෑගල දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්තී‍්‍ර ශාන්ත බණ්ඩාර මහතා ඊයේ (12 දා) පෙරවරුවේ සිය අමාත්‍යාංශයේ වැඩ භාර ගත්තේය. වැඩ භාර ගැනීමේ අවස්ථාවට හි... |
"කාසල්රි ජල මට්ටම ඉහළට" | "කාසල්රි ජලාශයේ ජල පෝෂක ප්‍රදේශ වලට පසුගිය දින කිහිපය තුළ ඇද හැළුැණු අධික වර්ෂාවත් සමග ජලාශයේ ජල මට්ටම අඩි 10 කින් ඉහළ ගොස් ඇති බව එම ජලාශ භාර ඉන්ජිනේරුවරයකු පැවසීය. කාසල්රි ජලාශයේ ජල පෝෂක ප්‍රදේශ වන හැටන් සහ නෝර්වුඩ් යන ප්‍රදේශ වලට ඇද හැළුැණු අධික වර්ෂාවත් සමග ජලාශයේ ජල මට්ටම අඩි 10 කින් ඉහළ ගොස් තිබූ බව එම ජලාශ භාර ඉ... |
"ත්‍රෛනිකායික මහානායක ස්වාමින්වහන්සේලාගේ යෝජනා ගැන ජනපතිගේ අවධානය" | "රටේ ඇතිව තිබෙන වත්මන් අර්බුදය විසඳා ගැනීම සම්බන්ධව ත්‍රෛනිකායික මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේලා ලබාදුන් සාධනීය යෝජනා සම්බන්ධයෙන් අවධානය යොමුකර එකී යෝජනා අනුව කටයුතු කිරීමට ජනපතිවරයා කටයුතු කරමින් සිටින බව ජනපති ලේකම්වරයා ත්‍රෛනිකායික මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේලා වෙත ලිඛිතව දැනුම් දී ඇත. මල්වතු, අස්ගිරි, අමරපුර හා ර... |
"දිවයිනේ ප්‍රථම වරට කඳුකරයට සංචාරක ඇවිදීමේ ප්‍රවේශ මාර්ගයක්" | "යුරෝපා සංගමයේ මුල්‍යමය ආධාර මත සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම සඳහා දිවයිනේ ප්‍රථම කඳුකර සංචාරක ඇවිදීමේ ප්‍රවේශ මාර්ග ඉඳි කිරීමට ඌව පළාත් සංචාරක ප්‍රවර්ධන කාර්යංශය පියවරගෙන ඇතැයි එහි ප්‍රධාන විධායක නිලධාරී සම්පත් නිශ්ශංක මහතා පැවසීය. ඒ සඳහා යුරෝපා සංගමය මඟින් රුපියල් බිලියන 1.3 මුදලක් වැයකෙරේ. සම්පත් නිශ්ශංක මහතා, ඌ... |
"ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනුවෙන් විශ්වාසභංගය සහ දෝෂාභියෝගය අනිවාර්යයෙන්ම ගේනවා" | "ඇන්දුවා ඇති. මේක සංගීත පුටු තරගයක් නොවේ. ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනුවෙන් විශ්වාසභංගය සහ දෝෂාභියෝගය අනිවාර්යයෙන්ම ගේනවා යැයි විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා පැවසීය. විපක්ෂ නායක කාර්යාලයේ දී ඉකුත් (11 වැනිදා) පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බැව් පැවසීය. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා මෙසේද පැවසීය. තරුණ පරපුර පාරට... |
"මුන්ට ශාප වෙනවා!" | "මට්ටක්කුලියේ පුද්ගලයෙක්…. ගෑස් නෑ, කිරි පිටි නෑ, තෙල් නෑ. අපි අහන්නේ ආණ්ඩුවෙන්, මොනවද තියෙන්නේ කියලා. කිරිසප්පයන් වඩාගෙන ජනතාව පෝළිම්වල දුක් විඳිද්දී මෙවැනි අසාධාරණකම් සිදුවීම හෙණ ගහන අපරාධයක්. කොටහේන තෙල් පෝලිමේ දුක් අඳෝනා! ජන පීඩන අරගලය රට තුළ අඩුවක් නැති බව පෙනෙන්නට තිඛෙන කරුණකි. කාරණා එසේ තිබියදී සිංහල සහ දමිළ අල... |
"ඩොලරය 335 ට නගී" | "වාණිජ බැංකු විසින් ප‍්‍රකාශයට පත්කරන දෛනික විනිමය අනුපාත සටහන් අනුව ඊයේ (12 දා) ඇමරිකානු ඩොලරයක විකුණුම් අගය රු. 335 දක්වා තවදුරටත් ඉහළ ගියේය. මේ අතර ශී‍්‍ර ලංකා මහ බැංකුව විසින් ප‍්‍රකාශයට පත්කරන නිල විනිමය අනුපාත අගයන් අනුව ද ඇමරිකානු ඩොලරයක විකුණුම් අගය තවදුරටත් ඉහළ යමින් ඊයේ රු. 329.99 ක් දක්වා ඉහළ ගියේය. ඇමරිකානු... |
"හලාවත සහ අනුරාධපුර රාජපක්‍ෂ පෙළපාලිවලට ජන විරෝධය!" | "පොලිසිය මැදිහත් වී ගැටුම් වළක්වයිජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාට හා ආණ්ඩුවට සහාය පළ කරමින් සංවිධානය කළ පෙළපාලි දෙකකට එල්ලවූ ජනතා විරෝධතා නිසා ඊයේ හලාවත නගරයේ සහ අනුරාධපුර නගරයේ ඇතිවීමට ගිය ගැටුම්කාරී සිද්ධීන් දෙකක් පොලිසිය මැදිහත්වීමෙන් නතර කර දැමීය. මෙම නගර දෙකේ ආණ්ඩුවට සහාය දැක්වු පිරිස හා ඊට විරෝධය පළකරමින් කටයුතු ... |
"අර්බුදයෙන් ගොඩ එන්න ඉවසීමෙන් සහාය දෙන්න සිංහ කොඩිය ඔසවන්න රටක් උරුම කළේ අපියි – අගමැති ජාතිය අමතා කියයි" | "88/89 අඳුරු යුගයට රට යළි ගෙනියන්න එපාරට තුළ මතුව ඇති ගැටලු දවස් දෙක තුනකින් විසඳන්න බැරිවුණත් හැකි ඉක්මනින් රට අර්බුදයට යන ගමන නවත්වන්න කටයුතු කරන බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා විශේෂ ප්රකාශයක් කරමින් ඊයේ (11දා) පැවසීය.එනිසා ඉවසීමෙන් කටයුතු කරන ලෙස ඉල්ලා සිටි අගමැතිවරයා විරෝධතාවලදී තරුණ දූ දරුවන්ගේ අතේ ජාතික කොඩිය ලෙ... |
"ලන්ඩන් සම්මාන උළෙලේදී හොඳම නළුවා සම්මානය ශ්‍රී ලාංකිකයකුට" | "එංගලන්තයේ ලන්ඩන්නුවර පැවැති ඔලිවර් සම්මාන උළෙලේදී හොඳම වේදිකා නළුවාට හිමි සම්මානය ශ්‍රී ලාංකික නළුවකුට හිමිවී ඇත. එම සම්මාන උළෙල සඳහා ඉදිරිපත් කළ Life of Pi නිර්මාණය හොඳම නව නිර්මාණය සඳහා වූ සම්මානය හිමිකරගත් අතර එහි ප්‍රධාන නළුවා ලෙස රඟපෑ හිරාන් අබේසේකරට හොඳම නළුවාට හිමි සම්මානය හිමිවිය. ලන්ඩන්නුවර රෝයල් ඇල්බර්ට් ශාල... |
"ආණ්ඩුවට එරෙහිව ගාලුමුවදොර විරෝධතා ගම්මානයක්" | "ගෝඨා ගෝ ගම නමින් ගම්මානයක් නිර්මාණය කර ගනිමින් ආණ්ඩුවට එරෙහිව විරෝධතා දක්වන පිරිස අඛණ්ඩව තුන්වැනි දිනටත් ඊයේත් (11දා) ගාලුමුවදොරපිටිය ඉදිරිපිට රැඳී සිටියහ.කූඩාරම්, ටෙන්ට් ආදියෙන් සමන්විත මෙම විරෝධතා ගම්මානය තුළ උද්ඝෝෂකයන්ට අවශ්‍ය ජලය, කෑම, බීම, වැසිකිළි පහසුකම් නිදා ගැනීමට මෙට්ට, වෛi ප්‍රථමාධාර ආදී පහසුකම්ද සපයා ඇත. එ... |
"කෑන්වලට තෙල් දීම දින 3කට නවතී" | "මේ වන විට රටේ ඉල්ලුම සපුරාලීමට තරම් ඉන්ධන සංස්ථාව සතුව තිබෙන නිසා පෝලිම් නොගැසී සාමාන්‍ය පරිදි ඉන්ධන මිලදී ගන්නා ලෙස ලංකා ඛනිජ තෙල් සංස්ථා (සිපෙට්කෝ) සභාපති නීතිඥ සුමිත් විජේසිංහ මහතා “දිවයින”ට පැවසීය.ඒ අනුව බූලි, කෑන් හා බෝතල් ආදියට ඉන්ධන ලබාදීම අද (12 දා) සිට දින තුනක කාලයකට සම්පූර්ණයෙන් නතර කරන ලෙස සියලුම ඉන්ධනහල්ව... |
"තැන්පතු පොළිය වැඩි කරන්න මහ බැංකුව බැංකු හා මුල්‍ය ආයතනවලින් ඉල්ලයි" | "බැංකු සහ මූල්‍ය ආයතනවල පොළී අනුපාත ඉහළ නංවන ලෙස මහ බැංකුව ඉල්ලීමක් කරයි.විශේෂයෙන් තැන්පත්කරුවන්ට ප්‍රතිලාභ ලබාදීම සඳහා තැන්පතු පෙලී අනුපාතික ඉහළ නංවන ලෙස මහ බැංකුව මුල්‍ය ආයතනවලට දන්වා සිටී. මහ බැංකුව ඉකුත් සිකුරාදා සිය ප්‍රතිපත්ති පොළී අනුපාතික එකවර සියයට 7කින් වැඩි කළ අතර ඊට අනුරූපව බැංකු හා මූල්‍ය ආයතනවලද පොළී අනුප... |
"ගාල්ල තවලම ඩීසල් පෝලිමේ තවත් මරණයක්" | "ගාල්ල තවලම ඉන්ධන පිරවුම් හලෙන් ඩීසල් ලබාගැනීමට පැමිණ පෝලිමේ රැඳී සිටි දෙදරු පියකු ඊයේ (11දා) උදෑසන මියගොස් ඇති බව හිනිදුම පොලිසිය පවසයි.මෙසේ මියගොස් ඇත්තේ තවලම, හබරකඩ, බදුවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි පබගොඩ පතිරණගේ ප්‍රසන්න තිලක් කුමාර නමැති 43 හැවිරිදි පුද්ගලයෙකි.ඊයේ අලුයම 03.30ට පමණ මියගිය පුද්ගලයා තමාට අයත් ඩිමෝ ලොක්... |
"ව්‍යාපෘතිවලට ගත් ණයවලින් වැඩි කොටසක් ගියේ පාලකයන්ගේ ගිණුම්වලට – අනුර කුමාර දිසානායක" | "ව්‍යාපෘතිවලට ගත් ණයවලින් විශාල මුදලක් ගියේ පාලකයන්ගේ ගිණුම්වලට යැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවසීය.මාතර නගරයේ ප්‍රධාන පාසල්වල ආදි සිසුන් නියෝජනය කරන ‘මාතර අපි’ සංවිධානයේ හමුවකට එක්වෙමින් අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහන් කළේය.එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අනුර කුමාර දිසානායක මහතා මෙසේද ක... |
"ආර්ථිකය විනාශ කර ඩොලර් බිලියන 19 ක් හොරා කෑ අයට රටින් පිටවීමට තහනම් කරන්න – පාලිත රංගෙ බණ්ඩාර" | "මෙරට ආර්ථිකය විනාශ කර ඩොලර් බිලියන 19 ක් හොර කෑ දූෂණ සහ අක්‍රමිකතා චෝදනාවන්ට ලක්වූ දේශපාලකයන්ට රටින් පිටවීම තහනම් කරමින් අධිකරණය හරහා නෛතික පියවර ගත යුතු බව එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් පාලිත රංගෙ බණ්ඩාර මහතා ‘දිවයින’ට ඊයේ (11 දා) ප්‍රකාශ කළේය.දූෂණ චෝදනා ලබා ඇති මෙරට දේශපාලන බලවතුන්ට නීතිය ක්‍රියාත්මක කිරීමට ඉදිරියේදී ... |
"ජනතාවට අවුරුදු කන්න චීනෙන් ඉන්දියාවෙන් ගෙනා හාල් කෝ හාල් කිලෝවක් දැන් 220යි – අසේල සම්පත්" | "ජනතාවට අලුත් අවුරුද්දේ කිරිබතක් පිසගෙන කන්න හාල් නැහැ. මේ ආණ්ඩුව චීනයෙන්, ඉන්දියාවෙන්, මියන්මාරයෙන් ගෙනාවැයි කියන හාල් කෝ. වෙළෙඳපොළේ දැන් හාල් කිලෝවක් රුපියල් 220යි. 250යි. ජනතාවට වෙලා තියෙන්නේ හාමතේ මැරෙන්නයි යැයි මහජන අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති අසේල සම්පත් මහතා “දිවයින”ට ඊයේ (11 දා) පැවැසීය.සතොස සතු ආහ... |
"මිරිහානේ සිද්ධියට ආරක්ෂක කවුන්සිලයේ රැස්වීමක් කැඳවා නැහැ – ආරක්ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න" | "මිරිහාන ප්‍රදේශයේ ඇති වූ ප්‍රචණ්ඩකාරී විරෝධතාවය සම්බන්ධයෙන් ජාතික ආරක්ෂක කවුන්සිලයේ රැස්වීමක් කැඳවා ඇතැයි පළවන මාධ්‍ය වාර්තා අසත්‍ය බව ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න මහතා පවසයි. එසේම එම මාධ්‍ය වාර්තාවල සඳහන් කරුණු අසත්‍ය බව ද ඒ මහතා සඳහන් කරයි. ඒ සම්බන්ධව ආරක්ෂක අමාත්‍යංශය නිකුත් කර ඇති නිවේදනය මෙසේය. ජාතික ආරක්ෂක ... |
"ඩොලරය ඊයේ රු.327ට නගී" | "ශ්‍රී ලංකා මහ බැංකුවේ නිල විනිමය අනුපාත අගයන් අනුව ඊයේ (11 දා) ඇමරිකානු ඩොලරයක විකුණුම් අගය රු.327.49 දක්වා රු.6.00කින් ඉහළ ගියේය.පසුගිය සිකුරාදා වාර්තා වූ ඇමරිකානු ඩොලරයක විකුණුම් අගය රු.321.49ක් විය.එසේම ඊයේ දිනයේදී ඇමරිකානු ඩොලරයක ගැනුම් මිල රු.310.88 සිට රු.316.79 දක්වා ද ඉහළ ගොස් ඇත. මේ අතර බලපත්‍රලාභී වාණිජ බැංක... |
"ඩීසල් අර්බුදය නිසා පෞද්ගලික බස් ධාවනය සියයට 15යි – ගැමුණු කියයි" | "ඩීසල් අර්බුදය හේතුවෙන් පිට පළාත් හා නගරබද පෞද්ගලික බස් ධාවනය සියයට 10ත් – 15ත් අතර ප්‍රමාණයකින් සිදු කිරීමට තම සංගමය තීරණය කොට ඇතැයි පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා ‘දිවයින’ට පැවසීය.ඩීසල් අර්බුදය දිගටම පැවතුනහොත් අවුරුද්දට දුරබැහැර පළාත්වලට යන මගීන්ට දැඩි අපහසුකාරී තත්ත්වයකට මුහුණපෑමට සිදු... |
"පාලන මිල පාවෙයි වෙළෙන්දෝ රිසි ලෙස පාරිභෝගිකයින් සූරාගෙන කති" | "අත්‍යවශ්‍ය පාරිභෝගික ද්‍රව්‍ය ඇතුළු භාණ්ඩ මත මේ මොහොතේ කිසිදු පාලන මිලක් නියම නොකර තිබීම නිසා වෙළෙඳුන් ආහාර ද්‍රව්‍ය ඇතුළු සෑම භාණ්ඩයකම මිල සිතූ සිතූ පරිදි වැඩි කිරීම නිසා ජනතාව දැඩි අසීරුතාවට පත්ව සිටිති.මීට මාස හත අටකට පෙර කැබිනට් මණ්ඩලය මගින් ගත් තීරණයක් මත පාලන මිල ගණන් ඉවත් කරනු ලැබුවේ වෙළෙඳපොළේ භාණ්ඩවල හිඟයක් මත... |
"මාර්තු අග විදෙස් සංචිත සියයට 16.1කින් පහළට – රන් සංචිතත් 70%කින් බසී" | "ඉකුත් මාර්තු මස අගදී ශ්‍රී ලංකාවේ විදේශ සංචිත ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.93ක් දක්වා සියයට 16.1කින් පහත වැටී ඇත.පසුගිය පෙබරවාරි මස අග පැවති විදෙස් සංචිත ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියන 2.31ක් විය.එසේම 2022 මාර්තු මස අගදී පැවැති ඇමෙරිකානු ඩොලර් මිලියන 2026ක් වූ විදේශ මුදල් සංචිත ප්‍රමාණය ඉකුත් මාර්තු මස අගදී ඇමෙර... |
"රටපුරා ජනඝෝෂා – ගාලු මුවදොර ගිගුම් දුන් නිර්පාක්‍ෂිකයන්ගේ විරෝධතාව" | "රජයට හා ජනාධිපතිවරයාට ඉල්ලා අස්වන ලෙස බලකරමින් කොළඹ ගාළු මුවදොර පිටියේ පැවැත්වෙන උද්ඝෝෂණයේ තුන්වන දිනය වූ ඊයේ (11 දා) ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිටට රැස්වූ විරෝධතාකරුවන් සිය විරෝධය පළකරමින් සිටි අයුරු. ඡායාරූප – කමල් බෝගොඩ හා සුජාතා ජයරත්න " |
"වෙන්නප්පුව සහ දංකොටුවේ තෙල් පෝලිම්වල 2ක් මැරී වැටෙති" | "ඉන්ධන ලබා ගැනීම සඳහා පෝලිමේ සිටියදී තවත් පුද්ගලයන් දෙදෙනෙකු ඊයේ (10 දා) සහ පෙරේදා (09 දා) මියගොස් ඇත. මෙසේ මියගොස් ඇත්තේ කොච්චිකඬේ දළුවකොටුව පදිංචි 50 හැවිරිදි පුද්ගලයකු සහ දංකොටුව ගෝනවිල පදිංචි 47 හැවිරිදි අයෙකි.වෙන්නප්පුව පොලිස් වසමට අයත් තඹරවිල ඉන්ධන පිරවුම්හලෙන් ඊයේ (01 දා) උදෑසන 7.00ට පමණ මෝටර් රථයකට ඉන්ධන ලබා ගැ... |
"අර්බූදය සමනය කිරීමට රාජපක්‍ෂලා නැති අන්තර්වාර පාලනයක් සහ 19 අවශ්‍යයි – මෛත‍්‍රීපාල සිරිසේන" | "රටේ පවතින අර්බුදකාරී තත්ත්වය සමනය කර ගැනීම ස`දහා ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් අන්තර්වාර පාලනයක් ඇතිකර 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කර 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය ඇතිකර ජාත්‍යන්තර සහාය දිනාගත යුතු යැයි හිටපු ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා ඊයේ (10දා) පැවැසීය.ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් ඇතිකරන අන්තර්වාර පාලනයට අ... |
"මේ ආණ්ඩුව බලයට ආවේ පාස්කු ප‍්‍රහාරය විකුණලයි – මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ මීගමුවේදී කියති" | "වත්මන් රජය බලයට පත්වූයේ පාස්කු ප‍්‍රහාරය සම්පූර්ණයෙන් විකුණලයි. ජාතිවාදය ආගම්වාදය වපුරල බලය අල්ලගත්තත් ඒ බලය හරියාකාරව පාවිච්චිකරන්න මේ අය දන්නේ නැතැයි මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමන් මීගමුව ග‍්‍රීන්ස්පාක් පිට්ටනියේ ඉකුත් 9 දා පැවැති විරෝධතා රැුළියේදී ජනතාව අමතමින් පැවැසීය.මෙම රැුළිය මීගමුව ජනතා හඬ සහ කතෝලික... |
"විශ්වාසභංගය පරදී ඉම්රාන්ගේ ඉනිම අවසන් – විශ්වාසභංගයකින් පහකළ පළමු පාකිස්තාන අගමැති" | "පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් විශ්වාසභංගයෙන් පරාජය වීමත් සමඟ බලයෙන් පහකර තිබේ.ඊයේ (10දා) අලූයම 01.00 ට පමණ විශ්වාසභංගයේ ප‍්‍රතිඵලය නිකුත් කරනු ලැබූ අතර එහිදී එරට පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් 172 දෙනකුගේ සහාය මෙම යෝජනාවට පළවී තිබිණි.පාකිස්තාන පාර්ලිමේන්තුවේ මුළු මන්ත‍්‍රීන් ගණන 342කි. පසුගිය සතියේ ඉම්රාන් ඛාන්ට එරෙහිව ම... |
"මුදල් ඇමැති මහ බැංකු අධිපති ඇතුළු පිරිසක් IMF සාකච්ඡා සඳහා වොෂින්ටනයට" | "අපේ‍්‍රල් 18 දින පැවැත්වෙන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සාකච්ඡා සඳහා මුදල් ඇමැති අලි සබ්රි මහතා සහ මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ප‍්‍රමුඛ නියෝජිත කණ්ඩායමක් ඇමෙරිකාවේ වොෂින්ටන් නගරය වෙත යෑමට නියමිතය.මේ සඳහා වන තාක්ෂණික මට්ටමේ වන සාකච්ඡුා දැනටමත් ආරම්භ කර ඇති අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් මූල්‍ය පහසුකමක් අ... |
"ඉල්ලා අස්වුණු ඇමැතීන්ගෙන් රජයේ දේපළ වහාම ලබාගන්න – අමාත්‍යාංශ ලේකම්වරුන්ට දන්වයි" | "ඉල්ලා අස්වීම් භාරදී ඇති ඇමැතිවරුන් සියලූම දෙනාට රජය ලබා දී තිබෙන වාහන නිවාස ගෘහ භාණ්ඩ සහ සෙසු සියලූම උපකරණ වහාම රජයේ භාරයට ගන්නා ලෙස මහා භාණ්ඩාගාරය විසින් අමාත්‍යාංශ ලේකම්වරුන්ට නියෝග කර තිබේ. මේ පිළිබඳව චක‍්‍රලේඛයක් දැනටමත් නිකුත් කර තිබේ. මේ වනවිට රජයේ ඇමැතිවරුන් 26 ක් ඉල්ලා අස්වී ඇත. භාණ්ඩාගාර ලේකම් එස්. ආර්. ආටිගල... |
"රාජපක්‍ෂ ආණ්ඩුව ඒකාන්තයෙන්ම ගෙදර යවනවා – සජිත් ගොවි රැළියේදී කියයි" | "ජනතාවට වින කළ, රටට විනාශය රැුගෙන ආ, රාජපක්ෂ පරපුරත්, රාජපක්ෂ ආණ්ඩුවත් ඒකාන්තයෙන්ම ගෙදර යවන බව විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා දෙහිඅත්තකණ්ඩියේදී පැවසීය.එයින් නොනැවතී ඒ අසීමිත විධායක බලතල සහිත ජනාධිපති ධුරය සහමුලින් අහෝසි කරන බව පැවසූ විපක්ෂ නායකවරයා ඒ වෙනුවෙන් ජනතා ආශිර්වාදය ලබා දෙන ලෙසද ඉල්ලා සිටියේය.සමගි ගොවි බලවේග... |
"වැස්සත් සමග ජල විදුලි උත්පාදනයත් වැඩිවෙයි" | "කැලණිතිස්ස ඞීසල් බලාගාර දෙක නතර කරයිවර්ෂාපතනයේ වැඩිවීමත් සමඟ ජල විදුලි නිෂ්පාදනය වැඩිවීම නිසා කැලණිතිස්ස ඞීසල් බලාගාර දෙක නතර කිරීමට පියවර ගත් බව විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප‍්‍රකාශක ඇන්ඩෲ නවමානි මහතා ‘දිවයින’ට පැවසීය.කැලණිතිස්ස ඞීසල් බලාගාර දෙකක් ක‍්‍රියාත්මක කර මෙගවොට් 160ක විදුලි ධාරිතාවක් ජාතික විදුලිබල පද්ධතියට එක් ... |
"මහ බැංකුව උපරිම පොලී අනුපාතික සීමා ඉවත් කරයි" | "ණය කාඞ්පත්, පෙර ගිවිසගෙන ඇති තාවකාලික බැංකු අයිරා සහ උකස් පහසුකම් මත මහ බැංකුව විසින්් පනවා තිබූ උපරිම පොලී අනුපාතික සීමා ඉවත් කිරීමට මහ බැංකුවේ මුදල් මණ්ඩලය තීරණය කර ඇත.මේ අනුව ණය කාඞ්පත් මත පනවා තිබූ සියයට 20ක පෙර ගිවිසගෙන ඇති බැංකු අයිරා මත සියයට 18ක සහ උකස් පහසුකම් මත සියයට 12ක උපරිම පොලී අනුපාත සීමාවන් ඉවත්කර තිබ... |
"සීනි බදු ඉවත් කිරීමෙන් සමාගම විශාල ලාභ ලැබුවත් ජනතාවට කිසිම සහනයක් දී නැහැ" | "රජයට සිදුවූ පාඩුව සමාගම්වලින් වහාම අයකර ගත යුතුයි ජාතික විගණන කාර්යාලය රජය විසින් ඉවත් කරන ලද සීනි බද්ද හේතුවෙන් විශාල ලෙස ලාභ උපයා ගත් පිරමීඞ් විල්මා ප‍්‍රයිවට් ලිමිටඞ් සමාගම එම බදු සහනයේ වාසිය කිසිදු ආකාරයකින් ජනතාවට ලබා දී නැතැයි ජාතික විගණන කාර්යාලය වාර්තා කරයි. සීනි බද්ද අඩු කිරීමෙන් පසු එම සමාගම වෙනදාට වඩා සියය... |
"ආණ්ඩුව ගෙදර යවන්න පෙර ඔවුන් ලවාම ව්‍යවස්ථාව වෙනස් කරගත යුතුයි – හිටපු විගණකාධිපති ගාමිණි විජේසිංහ" | "රටේ ව්‍යවස්ථාදායකය සහ විධායකය රටේ පවතින සාමාන්‍ය නීතිය යටතට ගෙන ආ යුතු බවත් එසේ නොගෙනෙන තෙක් ඉදිරියේදී අපට කිසිදු ජාත්‍යන්තර ආයතනයකින් ණය ලබා නොදෙනු ඇති බවත් හිටපු විගණකාධිපති ගාමිණී විජේසිංහ මහතා පැවසීය. එනිසා රටේ ජනතාවට හෙට දවසේ කුසගින්නේ නොසිටීමට නම් වහාම පවතින ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව වෙනස් කළ යුතු යැයි ද ඒ මහතා ප... |
"වැස්සෙන් 2ක් මරුට" | "‘දිවයිනට බලපෑ අධික වර්ෂාව හේතුවෙන් මරණ දෙකක් ඊයේ (10දා) වාර්තා වී ඇත. ඉංගිරිය හ`දපාන්ගොඩ ඉ`දිකටුහන්දිය සපත්තු පාලම හරහා ගමන් කළ ති‍්‍රරෝද රථයක් සැඩපහරට ගසාගෙන ගොස් එහි ගමන් කළ ත‍්‍රිරෝද රථ රියැදුරු මියගොස් ඇත. මෙසේ මියගොස් ඇත්තේ ඉංගිරිය රඹුක්කන ප‍්‍රදේශයේ පදිංචි ශ‍්‍රීමාල් ප‍්‍රියංකර නමැති 47 හැවිරිදි දෙදරු පියෙකි. නෙ... |
"උද්ගතවී ඇති අර්බුදයට කඩිනම් විසඳුමක් ලබාදිය යුතුයි – හිටපු කථානායක කරු ජයසූරිය" | "දැනට අප රටට උද්ගතවී ඇති දැඩි අර්බුදකාරී තත්ත්වයට වහාම රජය විසින් හැකිතාක් ඉක්මනින් විසඳුමක් ලබාදිය යුතු බව ද එසේ නොමැති වුවහොත් ජනතාවගේ අරගලය තවත් උත්සන්න වීමට ඉඩ ඇති බවද සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ සභාපති හිටපු කථානායක දේශබන්දු කරු ජයසූරිය මහතා පැවැසීය.ඒ මහතා එසේ පැවසුවේ ‘ශ‍්‍රී ලංකාවේ මානව හිමිකම් හා ප‍්... |
"‘ගෝඨා අපිට ඕනෑ’ සටන අපි ඇරඹුවා – සුගත් හේවාපතිරණ" | "‘අපට ඕන ගෝඨා’ කියා ගෝඨාභය රාජපක්‍ෂ ආරක්‍ෂාකර ගැනීම ස`දහා අද සිට කැරලි ගසන බව දේශපේ‍්‍රමී එක්සත් ජාතික පක්‍ෂයේ සභාපති සුගත් හේවාපතිරණ මහතා පැවැසීය. කොළඹදී පැවැති විරෝධතාවකදී ඔහු මේ බව කීවේය. සිංහ කොඩිය මුළු රටේම දිදුලන්නට පටන්ගත්තේ ගෝඨාභයට, මහින්දලට පිංසිද්ධ වෙන්න. එදා යුද්ධයට විරුද්ධව මේ රටට සතුරුකම් කරපු එන්ජී ඕ හමුද... |
"ගාලු මුවදොර ගිගුම් දුන් නිර්පාක්‍ෂිකයන්ගේ විරෝධතාවය" | "මහ වැසි මැදත් නොසැළී…. " |
"හලෝ නොකීවාට කෝපවී මොරටුව උප නගරාධිපති පී එච් අයිගේ කනට ගහලා" | "දුරකථන ඇමැතුම්වලට ප‍්‍රතිචාර නොදැක්වුවැයි කුපිත වී මොරටුව උප නගරාධිපතිවරයා තමාගේ කනට ගැසූ බව මොරටුව මහ නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්‍ෂක යසන්ත රුවන්සිරි මහතා විසින් මොරටුව පොලිසියට පැමිණිලි කර ඇත. ඒ මහතා ප‍්‍රතිකාර සඳහා කළුබෝවිල රෝහලට පෙරේදා (09 දා) ඇතුළත්වී ඇත.නොමිලේ ගලි බවුසරයකින් අසූචි ඉවත් කර ගැනීමේ කටයුත්තක් සඳහා උ... |
"හිටපු කොටින්ට ජපන් මාෆියා කල්ලියක් ආයුධ දෙන්න හදලා" | "ඒ කේ 47 සහ එම් අයි 16 ප‍්‍රහාරක අවි දසදහසක්, සෑම් මිසයිල 20ක්, රොකට් සහ වෙනත් අවි ආයුධ ඇතුළු පතරොම්වට ලක්ෂයක් හිටපු කොටි සාමාජිකයන් පිරිසකට සැපයීමට උත්සාහ කළ ජපන් යකුසා නමැති මාෆියා කල්ලි නායක ටකිෂි එබිසාවා ඇතුළු සිව්දෙනකු ඇමරිකානු අධිකරණය සහ ආරක්‍ෂක බලධාරීන් විසින් නිව්යෝර්ක් නුවරදී අත්අඩංගුවට ගෙන ඇත. මෙම අවි ආයුධ ජා... |
"සටන නවත්වන්න එපා!" | "ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට එරෙහි මහ පාරේ සටන දිගටම ගෙන යන ලෙස උද්ඝෝෂණ දක්වන ජනතාවගෙන් ඉල්ලීමක් කරන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවසීය. ‘‘උද්දච්ඡ ස්වරූපයකින් ක‍්‍රියා කරන පාලකයා සහ ආණ්ඩුවත් පලවා හැරිය යුතුයි’’ යැයි ද හෙතෙම කීවේය. ජනතා උද්ඝෝෂණ වෙනුවෙන් ජවිපෙ ප‍්‍රමුඛ ජාතික ජන බලවේගයේ සහයෝගය, මැද... |
"ඩොලර් මිලියනයක් එකතු කරන්න යොහානි අරමුදලක් හදයි" | "ප‍්‍රකට යොවුන් ගායිකා යොහානි ද සිල්වා විසින් මෙරට ආර්ථික අර්බුදයෙන් පීඩා විඳින ජනතාවට සහනයක් සැලසීම සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියනයක මුදලක් එකතු කිරීම අරඹා ඇත. මේ දිනවල මුම්බායි නුවර සිටින ඇය ‘Go Fund Me’ අරමුදල සඳහා මෙම මුදල් ආධාර ලබාදෙන ලෙස ඉන්දීය රසිකයන්ගෙන් සහ ලොවපුරා සිටින සෙසු රසිකයන්ගෙන් ඉල්ලා ඇත. ඉන්දීය වියොන් රූ... |
"රාජපක්ෂලා ඉන්න ආණ්ඩු හදන්නේනෑ:" | "ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා යටතේ හෝ එම රාජපක්‍ෂ පවුලේ කිසිවකු සිටින කිසිදු ආකාරයේ ආණ්ඩු පිහිටුවීමකට සූදානම් නැතැයි විපක්‍ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා පාර්ලිමේන්තුවේදී ප‍්‍රකාශ කළේය. වත්මන් ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට විශේෂ ක්‍ෂේත‍්‍ර නවයකින් යුතු යෝජනාවලියක් ඉදිරිපත් කරමින් විපක්‍ෂ නායකවරයා මේ බව කීය. විධායක ජනාධිපති... |
"පොලී අනුපාත ඉහළ දමයි" | "ශී‍්‍ර ලංකා මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලය විසින් පොලී අනුපාත 7% කින් ඉහළ දමා ඇත. නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය මෙලෙස ඉහළ දැමීමට පියවර ගෙන තිබේ. ඒ අනුව නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය 13.50% දක්වාත් නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය 14.50% දක්වාත් ඉහළ දමා ඇත. මෙලෙස පොලී අනුපාත ඉහළ දැමුවේ රටේ ආර්... |
"අර්බුදයෙන් මිදෙන්න ප‍්‍රජාතන්ත‍්‍රවාදී ක‍්‍රමයට යන්න: යුරෝපා සංගමයෙන් නිවේදනයක්" | "ශ‍්‍රී ලාංකිකයින්ට අහිතකර බලපෑමක් එල්ලකර ඇති වර්තමාන අර්බුදයෙන් මිදීමට ගත හැකි වර්ධනීය සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ක‍්‍රමවේදය පිළිබඳව අවධානය යොමු කරන ලෙස සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටින බව යුරෝපා සංගමය නිවේදනය කර සිටියි. යුරෝපා සංගම් දූත මණ්ඩලය සිය සමාජික රටවල තානාපති කාර්යාල (ජර්මනිය, ප‍්‍රංශය, ඉතාලිය, නෙදර්ලන්තය, රුමේනි... |
"පාසල් වෑන් වෘත්තිකයෝ 48000 ක් ඩීසල් නැතිව අසරණ වෙති" | "ඞීසල් නොමැතිකමින් පාසල් වෑන් රථ වෘත්තිකයින් හතළිස් අටදහසක් අන්ත අසරණ වී ඇති බවත් පවතින තත්ත්වය හමුවේ ලබන 18 වැනිදා දරුවන් පාසල් කරා ප‍්‍රවාහනය කිරීමේ විශාල ගැටලුවක් මතුව ඇති බවත් අන්තර් දිස්ත‍්‍රික් පාසල් ළමුන් ප‍්‍රවාහන සේවා සංගමයේ සභාපති එන්. එම්. කේ. හරිස්චන්ද්‍ර පද්මසිරි මහතා ‘‘දිවයින’’ට ඊයේ (08 දා) පැවැසීය. මෙම ග... |
"අයිඑම්එෆ් යන තිදෙනාට පාර්ලිමේන්තු බලය දෙමු" | "පාර්ලිමේන්තුවට සම්පූර්ණ මූල්‍ය බලය ඇති නිසා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග හෙට (11දා) පවත්වන සාකච්ඡා සඳහා යන නියෝජිතයන් තිදෙනාට ඊට අවශ්‍ය බලය හා අනුමැතිය පාර්ලිමේන්තුව රැස්වී ලබාදෙමු යැයි හිටපු අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා පෙරේදා (08දා) පාර්ලිමේන්තුවේදී පැවසීය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සාකච්ඡාවලට සහාය පිණිස ලබන 11 වැ... |
"ඔබ සැමට සුබ අලුත් අවුරුද්දක් වේවා!" | "පරණ අවුරුද්ද සඳහා ස්නානය අපේ‍්‍රල් මස 13 වෙනි බදාදා දින කොහොඹපත් යුෂ මිශ‍්‍ර නානු ගා ස්නානය කොට ඉෂ්ට දේවතා අනුස්මරණයෙහි යෙදී වාසය මැනවි. අලුත් අවුරුදු උදාව අපේ‍්‍රල් මස 14 වෙනි බ‍්‍රහස්පතින්දා පූර්ව භාග 08.41 තත්පර 17ට අලුත් අවුරුද්ද උදාවෙයි. පුණ්‍ය කාලය අපේ‍්‍රල් මස 14 වන බ‍්‍රහස්පතින්දා (බ‍්‍රහස්පතින්දාට එළිවන පාන්ද... |
"විශ්වාසභංගය සාර්ථක වුණොත් වහාම දෝෂාභියෝගයක්" | "ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංග යෝජනාව සාර්ථකව ඉදිරිපත් කිරීමට හැකි වුවහොත් වහාම ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාට එරෙහිව දෝෂාභියෝග යෝජනාවක් ද ගෙන ඒමට සමගි ජනබලවේගය කටයුතු කරමින් සිටී. ඒ අනුව ප‍්‍රථමයෙන් ආණ්ඩුවට එරෙහිව මන්තී‍්‍ර අත්සන් ලේඛනයක් ලබා ගනිමින් විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කරීමේ කටයුත්ත ප‍්‍රමුඛව කිරීම පසුගිය සිකුරාදා... |
"සපුගස්කන්ද නැවතී භූමිතෙල් හිඟය ඔඩුදුවයි" | "සපුගස්කන්ද තෙල් පිරිපහදුව සම්පූර්ණයෙන් නවතා දැමීම හේතුවෙන් භූමිතෙල් නිෂ්පාදනයක් නොමැති නිසා රටේ බරපතළ භූමිතෙල් හිඟයක් මතුව ඇත. විශේෂයෙන්ම කොළඹ, වතුකරයේ මෙන්ම උතුරු නැගෙනහිර ප‍්‍රදේශවල ජනතාව භූමිතෙල් මිලදී ගැනීම සඳහා දිගු පෝලිම්වල පැය ගණනක් රස්තියාදු වන බව වාර්තා වේ. මේ වනවිට ඉන්දීය ණය ආධාර මත වරින් වර පෙට‍්‍රල් හා ඞීස... |
"විරෝධතාවට හේතු නොසොයා පාලකයන් බලය බදාගෙන – ආදිවාසී නායකයා කියයි" | "මිනිසුන් පාරට බැස විරෝධය දැක්වීමේ හේතුවට පිළියම් යොදනවා වෙනුවට තවමත් පාලකයන් බලය රැකගැනීමේ උත්සහයක නිරතව සිටින බව පෙනීයන්නේ යැයි ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිලැත්තෝ පවසති. ‘දිවයින’ සමග පැවැති විශේෂ සාකච්ඡාවකදී ඔහු මේ බව පැවසීය. පවතින ගැටලුවලට පිළියම් යෙදීමට පාර්ලිමේන්තුව රැස්වූ ඉකුත් දිනවල දී සිදුවූයේ ද තමන්ගේ නායකයා ආර... |
"වෙළෙන්දෝ ඉහගෙනම කති" | "වෙළෙඳුන් පරිප්පු, හාල්මැස්සෝ, පොල්තෙල්, කිරිපිටි, කුකුළුමස්, බිත්තර, කෑලි මිරිස්, මිරිස් කුඩු, සීනි ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක මිල සියයට දෙසීයකින් ඉහළ දමා පාරිභෝගික ජනතාව පීඩාවට පත් කරන බව මහජන අයිතීන් සුරැකීමේ සංවිධානයේ සභාපති අසේල සම්පත් මහතා ‘දිවයින ඉරිදා සංග‍්‍රහය’ට පැවසීය. වසර දෙකහමාරකදී වත්මන් ආණ්ඩුව කළ... |
"අන්තර්කාලීන ආණ්ඩුවකට ස්වාධීන වූ මන්තී‍්‍රලාගෙන් ජනපතිට කරුණු 11 ක යෝජනාවක්" | "සර්වපාක්‍ෂික අන්තර්කාලීන ආණ්ඩුවක් ස්ථාපිත කිරීමට අදාළව ආණ්ඩු පක්‍ෂයේ ස්වාධීන වූ පාර්ලිමේන්තු කණ්ඩායම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත කරුණු 11 කින් යුත් යෝජනාවලියක් ඉදිරිපත් කර තිබේ. ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය නියෝජනය කරමින් හිටපු ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා ද, පක්‍ෂ 10 එකමුතුව නියෝජනය කරමින් වාසුදේව නානායක්කාර ... |
"මහ බැංකුවට දේශපාලන බලපෑම් බෑ: පොලී අනුපාතය ඉහළ දමයි" | "ඔහොම සල්ලි අච්චු ගහන්න එපා කියා මා එදා කීවා ආණ්ඩුවේ සහ විපක්‍ෂයේ සහාය මට ලැබෙනවා නව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහ බැංකුව දේශපාලන බලපෑම්වලින් තොරව ස්වාධීනව කටයුතු කිරීමට තමා දැඩිව කි‍්‍රයාකරන බව මහ බැංකුවේ නව අධිපති ලෙස පත්වූ ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පැවසීය. ඒ සඳහා රජයේ මූල්‍ය ප‍්‍රතිපත්තිවලින් ද බලය ල... |
"අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය පැවැත්වූ උද්ඝෝෂණය" | "ජනාධිපතිවරයාට සහ රජයට ඉල්ලා අස්වන ලෙසට බලකරමින් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය ඊයේ (08 දා) පැවැත්වූ උද්ඝෝෂණයට පාර්ලිමේන්තු මාර්ගයේදී පොලිසිය කඳුළු ගෑස් සහ ජල ප‍්‍රහාරයක් එල්ල කළ අයුරු. ඡායාරූපය – කමල් බෝගොඩ" |
"ජනාධිපතිට දෝෂාභියෝගයක් ආණ්ඩුවට විශ්වාසභංගයක්.. පළමු අත්සන කිරිඇල්ලගෙන්" | "ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් සහ ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංගයක් ගෙන ඒමට අදාළ මන්ත‍්‍රී අත්සන් ලබා ගැනීම පාර්ලිමේන්තුවේදී ඊයේ (08දා) සිට ආරම්භ කරනු ලැබීය. සමගි ජනබලවේගය ප‍්‍රමුඛව මන්ත‍්‍රීවරුන්ගෙන් අත්සන් ලබාගැනීම ආරම්භ වූ අතර මේ වනවිට ස්වාධීන වී සිටින සහ ආණ්ඩු විරෝධී ආණ්ඩු පක්‍ෂයේ අසුන් ගෙන සිටින මන්ත‍්‍රීවරුන්ගේ ද ... |
"මුදල් ඇමැති මම ම තමයි: ජනාධිපති අවංකයි: අලි සබ්රි කියයි" | "නිලධාරීන් වැරදි උපදෙස් දෙන්න ඇති තමන් මුදල් ඇමැති ධුරයෙහි කටයුතු කරන බව හිටපු ඇමැති ජනාධිපති නීතීඥ අලි සබ්රි මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (08දා) කීය. මුදල් ඇමැතිධුරය භාර ගැනීමට සුදුසු කෙනෙකු සිටී නම් ඒ සඳහා ඉදිරිපත් වීමට තමන් ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කළද කිිසිදු අයෙකු ඒ සඳහා ඉදිරිපත් නොවූ බැවින් තමන් මුදල් ඇමැති ලෙස ක... |
"ඩොලර් එක රෙකෝඩ් තියයි: ඊයේ රු. 321.49 යි" | "මහ බැංකුව නිකුත් කළ නිල විනිමය අනුපාත අගයන් අනුව ඇමෙරිකානු ඩොලරයක විකුණුම් අගය ඊයේ (08) දිනයේ රු. 321.49 දක්වා ඉහළ ගියේය. නිල විනිමය අනුපාත අගයන් අනුව ලංකා ඉතිහාසයේ ඇමෙරිකානු ඩොලරයකට තීරණය වූ වැඩිම අගය මෙයයි. ඇමෙරිකානු ඩොලරයක විකුණුම් අගය පෙරේදා (07) දිනයේ රු. 319.99 ක් විය. මේ අනුව ඊයේ දිනයේ පමණක් ඇමෙරිකානු ඩොලරයේ අග... |
"තමිල්නාඩුව උතුරට කෙළින්ම සහල් – පරිප්පු බෙහෙත් එවයි!" | "තමිල්නාඩු ප‍්‍රාන්ත රජය උතුරු නැගෙනහිර සහ උඩරට ද්‍රවිඩ ජනතාව වෙනුවෙන් සහල්, පරිප්පු සහ ඖෂධ තූත්තුකුඩිය වරාය වෙත ඒවා එම භාණ්ඩ යාපනයේ ඉන්දීය කොන්සල් කාර්යාලය වෙත ලබාදීමට කටයුතු යොදා ඇත. මේ බව ඉන්දීය මාධ්‍ය හෙළි කර ඇත. මේ භාණ්ඩ ශී‍්‍ර ලංකා රජය වෙත සෘජුව ලබාදීම තමිල්නාඩු මහ ඇමැති එම්. කේ. ස්ටාලින් විසින් ප‍්‍රතික්ෂේප කර ත... |
"ගාලුමුවදොර උද්ඝෝෂණය අද: පොලිසිය එස්. ටී. එෆ්. සීරුවෙන්" | "කොළඹ ගාලූමුවදොර පිටියේ අද (09 දා) දින පැවැත්වීමට නියමිතව ඇති බව කියන දැවැන්ත උද්ඝෝෂණයේදී උද්ඝෝෂකයන් කලහකාරී ලෙස හැසිරීමට උත්සාහ කළහොත් ඊට මුහුණදීම සඳහා පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බළකාය සීරුවෙන් තබා ඇත. පොලිස් කැරලි මර්දන ඒකක මෙන්ම බස්නාහිර පළාතේ වෙනත් පොලිස් කොට්ඨාසවලින් විශේෂ පොලිස් කණ්ඩායම් කොළඹට කැඳවා ඇති අතර අව... |
"එක පාරටම රුපියල පා කළ අයට දඬුවම් කළ යුතුයි – රනිල් වික‍්‍රමසිංහ" | "අයි එම් එෆ් එකට ගිහින් රටේ ආර්ථිකය ශක්තිමත් කරනවා – මුදල් ඇමැති අලි සබ්රි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය හා මැදිහත්වීම මත ඉතා ඉක්මනින් ආර්ථිකය යථා තත්ත්වයට පත්කර අත්‍යවශ්‍ය සේවා සැපයීමට කි‍්‍රයාකරන බවත් ඒ සඳහා සියලූ කි‍්‍රයාමාර්ග රජය ගෙන ඇති බවත් රාජ්‍ය ඇමැති ෂෙහාන් සේමසිංහ මහතා ඊයේ (08දා) පාර්ලිමේන්තුවේදී කියා සිටිය... |
"ජනපති කාර්යාලයට අරලියගහ මැඳුරට හා පාර්ලිමේන්තුවට දැඩි රැකවල්" | "ජනපති කාර්යාලය, ජනපති නිවස, අරලියගහ මැඳුර සහ පාර්ලිමේන්තුව ආරක්ෂා කිරීම සඳහා දැඩි ආරක්ෂා වැඩපිළිවෙළක් කි‍්‍රයාත්මක කිරිමට ජාතික ආරක්ෂක මණ්ඩලය තීරණය කර ඇත. පසුගියදා විරෝධතා ඇති වන අවස්ථාවේ මේ ආරක්ෂක ස්ථාන රැක ගැනීමේ නිසි වැඩපිළිවෙළක් කි‍්‍රයාත්මක නොවී තිබූ බව ආරක්ෂක මණ්ඩලයේ සාකච්ඡාවලදී හෙළි වී තිබේ. ජ්‍යෙෂ්ඨ පොලිස් නිල... |
"මා ඉන්නේ මේ මස පමණයි: වරප‍්‍රසාද මුකුත් ගන්නේ නෑ – නියෝජ්‍ය කථානායක රංජිත් සියඹලාපිටිය" | "තමන් නියෝජ්‍ය කථානායක ධුරය හොබවන්නේ මෙම (අපේ‍්‍රල්) මස අවසානය දක්වා පමණක් බවත් තමා ඉල්ලා අස්වීම භාර දුන්නේ අපේ‍්‍රල් මස පස් වෙනිදායින් පසු නියෝජ්‍ය කථානායක ධුරයට හිමි වරප‍්‍රසාද කිසිවක් භාවිතා කිරීමට බලාපොරොත්තු නොවන බවටත් නියෝජ්‍ය කථානායක රංජිත් සියඹලාපිටිය මහතා ඊයේ (08 දා) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්රකාශයක් කරමින් ප... |
"පාස්කු ඉරිදා ප‍්‍රහාරය: ඉබ‍්‍රාහිම්ට ඇප නොලැබෙයි" | "පාස්කු ඉරිදා කොළඹ ෂැංගි‍්‍රලා හෝටලය ඇතුළු සංචාරක හෝටල් දෙකකදී මරාගෙන මැරෙන බෝම්බ පුපුරුවාගත් ස්වයං ඝාතකයන් දෙදෙනකුගේ පියා වන කෝටිපති ව්‍යාපාරික මොහොමඞ් ඉබ‍්‍රාහිම් නමැත්තා ඇතුළු විත්තිකරුවන් තිදෙනකු වෙනුවෙන් කළ ඇප ඉල්ලීම සම්බන්ධයෙන් නියෝගය ලබන 29 වැනිදා නිකුත් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා ඊයේ (08 ... |
"ජිනීවා සමුළුවෙන් රුසියාව යවන යෝජනාව සම්මත වෙයි" | "ජිනීවා මානව හිමිකම් කවුන්සිලයෙන් රුසියාව ඉවත් කිරීමේ යෝජනාව ඡන්ද 93ක් ලබා සම්මත වී ඇත. ශී‍්‍ර ලකාව, ඉන්දියාව, නේපාලය, පකිස්තානය ඇතුළු රටවල 24ක් එම යෝජනාවට ඡන්දය දීමෙන් වැළකී තිබේ. චීනය, සිරියාව, බෙලරුස් සහ සිම්බාබ්බේ ඇතුළු රටවල් 58ක් එම යෝජනාවට එරෙහි විය. මේ අනුව ලබන ජුනි මස පැවැත්වෙන ජිනීවා මානව හිමිකම් සමුළුවට රුසිය... |
"පිට වාහනත් තෙල් ගහන්න සපුගස්කන්දට රිංගයි" | "සපුගස්කන්ද තෙල් පිරිපහදුව පරිශ‍්‍රයේ ආයතනික සේවකයන්ගේ වාහනවලට ඉන්ධන ලබාගැනීමට ස්ථාපිත කර තිබෙන පිරවුම්හලින් පිටස්තර වාහනවලට ඉන්ධන ලබාදීම වැඩිවී ඇතැයි එහි නිලධාරීහු පවසති. ඉහළ නිලධාරීන්ගේ සිට පහළ නිලධාරීන්ගේ හිතමිතුරන්ට අයත් පිටස්තර මෝටර් රථ, ලොරි, බස් සඳහා ද ඉන්ධන ලබා දෙන බවත් ඇතැම් අය මුදල් උපයා ගැනීමේ අරමුණින් මෙය ස... |
"විදෙස් පුරවැසියන්ගේ ගේම් ගැන බුද්ධි අංශ සොයයි" | "විදේශ පුරවැසියන් මෙරට අභ්‍යන්තර කටයුතුවලට සම්බන්ධවීම ගැන ආරක්‍ෂක බුද්ධි සේවා විසින් පරීක්‍ෂණයක් ආරම්භ කර ඇත. රටවල් 3ක ද්විත්ව පුරවැසියන් කීපදෙනෙක පිළිබඳව මේ වනවිට තොරතුරු හෙළිවී තිබේ. අගමන විගමන නීතිරීති යටතේ එවැනි අයට මෙරට දේශපාලන කටයුතුවලටද සම්බන්ධවීම තහනම් වේ. මොවුන් කව්දැයි හඳුනාගෙන ඇත. කීර්ති වර්ණකුලසූරිය" |
"ජිනීවා සමුළුවෙන් රුසියාව යවන යෝජනාව සම්මත වෙයි" | "ජිනීවා මානව හිමිකම් කවුන්සිලයෙන් රුසියාව ඉවත් කිරීමේ යෝජනාව ඡන්ද 93ක් ලබා සම්මත වී ඇත. ශී‍්‍ර ලකාව, ඉන්දියාව, නේපාලය, පකිස්තානය ඇතුළු රටවල 24ක් එම යෝජනාවට ඡන්දය දීමෙන් වැළකී තිබේ. චීනය, සිරියාව, බෙලරුස් සහ සිම්බාබ්බේ ඇතුළු රටවල් 58ක් එම යෝජනාවට එරෙහි විය. මේ අනුව ලබන ජුනි මස පැවැත්වෙන ජිනීවා මානව හිමිකම් සමුළුවට රුසිය... |
"පිට වාහනත් තෙල් ගහන්න සපුගස්කන්දට රිංගයි" | "සපුගස්කන්ද තෙල් පිරිපහදුව පරිශ‍්‍රයේ ආයතනික සේවකයන්ගේ වාහනවලට ඉන්ධන ලබාගැනීමට ස්ථාපිත කර තිබෙන පිරවුම්හලින් පිටස්තර වාහනවලට ඉන්ධන ලබාදීම වැඩිවී ඇතැයි එහි නිලධාරීහු පවසති. ඉහළ නිලධාරීන්ගේ සිට පහළ නිලධාරීන්ගේ හිතමිතුරන්ට අයත් පිටස්තර මෝටර් රථ, ලොරි, බස් සඳහා ද ඉන්ධන ලබා දෙන බවත් ඇතැම් අය මුදල් උපයා ගැනීමේ අරමුණින් මෙය ස... |
"නව කැබිනට් මණ්ඩලය ලබන සතියේ" | "ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා යටතේ නව කැබිනට් මණ්ඩලයක් ලබන සතියේදී පත් කරන බව රාජ්‍ය ඇමැති කාංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (08) කීය. මේ වනවිටත් රාජ්‍ය අමාත්‍යවරුන් ලෙස තමන්ද අදාළ අමාත්‍යාංශවලට ගොස් රාජකාරී කටයුතුවල නිරත වන බවද සඳහන් කළේය. කැබිනට් මණ්ඩලය පසුගියදා ඉල්ලා අස්වූයේ වෙනත් පිරිසකට නව කැබිනට් මණ්ඩලයක්... |
"ජනතාව විත්තිකරුවන් කරන්න එපා එහෙම වුණොත් ප‍්‍රචණ්ඩකාරී වේවි" | "හිටපු ඇමැති ඩලස් සියලූ දේශපාලනඥයන්ගෙන් ඉල්ලයි අද වීදි පුරා ගලා යන ජනතාව පෙළන පීඩනයේ ප‍්‍රකාශනය හමුවේ ජනතාව දෙස විත්තිකරුවන් ලෙස නොව පැමිණිලිකරුවන් ලෙස බලන්නැයි හිටපු ජනමාධ්‍ය ඇමැති ඩලස් අලහප්පෙරුම මහතා සමස්ත දේශපාලනඥයන්ගෙන් ඉල්ලා සිටියි. තවමත් සාමකාමී ලෙස විහිදෙන එම පීඩනයේ ප‍්‍රකාශනය ප‍්‍රචණ්ඩකාරී තත්ත්වයකට පරිවර්තනය ... |
"ජනපති ඊයේ මැති සබයට එයි" | "ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ (07 දා) පෙරවරුවේ පාර්ලිමේන්තු සභාවට පැමිණ තමාට හිමි අටවැනි ආසනයේ සුළු වේලාවක් අසුන්ගෙන සිට පසුව නික්ම ගියේය. ජනාධිපතිවරයා සභාවට පැමිණෙන විට ආණ්ඩු පක්ෂ මන්ත‍්‍රීවරු ජයවේවා යැයි කියමින් සිය මේසවලට තට්ටු කරමින් සතුට පළ කළහ. මන්ත‍්‍රීවරුන් එසේ ශබ්ද නැ`ගීමේදී නිශ්ශබ්ද වන ලෙස දෙවරක් ඉල්ලා සි... |
"ජනාධිපතිතුමා යන්නේ නෑ – ජොන්ස්ටන් කියයි" | "‘‘ජනාධිපතිතුමා ධුරයෙන් ඉල්ලා අස් නොවී විපක්ෂයේ යටි අරමුණ සමග හැප්පෙන්න ලෑස්තියි’’ යැයි ආණ්ඩු පක්ෂයේ ප‍්‍රධාන සංවිධායක මහාමාර්ග ඇමැති ජොන්ස්ටන් ප‍්‍රනාන්දු මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (07දා) පැවසීය. එහිදී ඇමැතිවරයා මෙසේද කීය. ජනාධිපතිතුමා ඉල්ලා අස්වෙන්නේ නැහැ. අපි ඔබතුමාලගේ ඔය යටි අරමුණත් එක්ක හැප්පෙන්න ලෑස්තියි. අපි දන්... |
""ලංවිම පාඩුව කෝටි 14,000 පනී"" | "ලංකා විදුලිබල මණ්ඩලය මේ වනවිට ලබා තිබෙන සමස්ත පාඩුව රුපියල් කෝටි 14,000 ඉක්මවා ගොස් ඇතැයි ගණනය කිරීමේදී හෙළිවී තිබේ. මෙම සමස්ත පාඩුව අතර හිඟ විදුලි බිල්පත් නොගෙවීම නිසා විදුලිබල මණ්ඩලයට ලැබිය යුතු රුපියල් කෝටි 4700 ක් තිබෙන බව ද ජ්‍යෙෂ්ඨ ඉංජිනේරුවරයෙක් පැවසීය. මින් වැඩිම බිල්පත් ප‍්‍රමාණයක් ගෙවීම් පැහැර හැර ඇත්තේ රාජ්... |
"විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කරනවා නම් අපේ සහාය දෙනවා – එරාන් වික‍්‍රමරත්න (සජබ)" | "ප‍්‍රචණ්ඩත්වය වත්මන් අර්බුදයට විසඳුම නොවන බවත්, ආර්ථිකය මත පදනම් වූ විසඳුමක් ලබා දීමට සියලූ පක්ෂ එක්ව කටයුතු කළ යුතු යැයි හිටපු ඇමැති අලි සබි‍්‍ර මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (07 දා) පැවසීය. නියෝජ්‍ය වේත‍්‍රධාරී කුෂාන් ජයරත්න මහතා විසින් සෙංකෝලය තැන්පත් කිරීමෙන් පසුව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ මූලාසනයෙන් යුතුව ප... |
"ජනපති ඉවත් නොවේ නම් මොන යාන්ත‍්‍රණයකින්වත් වැඩක් නෑ – අනුර කුමාර දිසානායක" | "ජනාධිපතිවරයා ධුරයෙන් ඉවත්වීම යන කොන්දේසියට යටත්ව ඕනෑම සාකච්ඡුාවකට සූදානම් බව ජාතික ජනබලවේගය නායක අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (07 දා) පැවසීය. එසේ නොමැතිව වත්මන් පාලකයන් සිදුකරන කිසිදු යෝජනාවක් ජනතාව පිළිගන්නේ නැතැයි ද හෙතෙම සඳහන් කළේය. ආණ්ඩුව යෝජනා කරන කිසිවක් පිළිගැනීමට ජනතාව සූදානම් නැති බැවින් ඔවුන... |
"මැති ඇමැතීන්ගේ වංචා දූෂණ වැසීමෙන් රට අරාජික වුණා" | "මැති ඇමැතිවරුන් වංචා, දූෂණ සිදුකරන බව වසරකටත් පෙර ජනාධිපතිවරයාට සහ අගමැතිවරයාට පෙන්වා දුන්නත් ඊට නිසි පියවරක් නොගත් නිසා රට අරාජික තත්ත්වයට පත්වූවා යැයි පාරිභෝගික අධිකාරියේ හිටපු විධායක අධ්‍යක්ෂ තුෂාන් ගුණවර්ධන මහතා ඊයේ (07 දා) පැවසීය. එවැනි පිරිස් සමග තවදුරටත් ඉදිරි ගමනක් නැති බව ද ඒ මහතා කියා සිටියේය. මැති ඇමැතිවරුන... |
"පැනල ගියේ නෑ මං රට ආවේ රාජකාරි වැඩකට – ඇවන්ගාඩ් සභාපති ස්විට්සර්ලන්තයේ සිට කියයි" | "තමා විදේශ ගතවූයේ රාජකාරි කටයුතු සඳහා බව ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති මහතා දිවයිනට ඊයේ (07 දා) පැවසීය. ස්විට්ස්ර්ලන්තයේ සිට දිවයින ඇමතූ ඒ මහතා තමා රටින් පැනගියේ නැති බවත් එසේ පැන යෑමට තමාට කිසිදු හේතුවක් නැති බවත් සඳහන් කළේය. තමා මේ මොහොතේ ස්විට්සර්ලන්තයේ සිටින්නේ රාජකාරි කටයුත්තක් වෙනුවෙන් බවත් තම රාජකාරි ... |
"අගමැතිත් අස්විය යුතුයි" | "අගමැති මහින්ද රාජපක්‍ෂ ප‍්‍රමුඛ පැවැති ආණ්ඩුව දැන්වත් නිත්‍යනුකූල ලෙස ඉවත් වී අන්තර් කාලීන ආණ්ඩුවකට වහාම යා යුතු බව හිටපු ඇමැති විමල් වීරවංශ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (07දා) පැවසීය. පවතින අර්බුදකාරී තත්ත්වයෙන් ගොඩ ඒමට නම් කළ යුතු ප‍්‍රධානතම කාර්යය වන්නේ එලෙස ඉවත් වීමකින් පසුව සියලූ පක්‍ෂ නියෝජනය වන පරිදි අන්තර් කාලීන ... |
"රෝහල් පණ අදී බෙහෙත් තව සතියකටයි" | "සති ගණනක සිට මෙරට රජයේ රෝහල්වල පවතින බෙහෙත් තොග අඩුවීම හා බෙහෙත් හිඟය තවත් උග‍්‍ර අතට හැරෙමින් මේ විට එම රෝහල් හා සෞඛ්‍ය ආයතනවල පවතින අත්‍යවශ්‍ය ජීවිතාරක්ෂක බෙහෙත් වර්ග හා ශල්‍ය උපකරණ විශාල ප‍්‍රමාණයක තොග අවසන්ව ඇති බව රජයේ ඖෂධවේදීන්ගේ සංගමයේ සභාපති අජිත් තිලකරත්න මහතා පැවසීය. ජලභීතිකා රෝගය වැළැක්වීම සඳහා භාවිත කරන ප... |
"මහ බැංකු නව අධිපති ආචාර්ය නන්දලාල් අද වැඩ භාරගනී" | "ශ‍්‍රී ලංකා මහ බැංකුවේ නව අධිපතිවරයා වශයෙන් පත්ව සිටින ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා අද (08දා) පෙරවරුවේ මහ බැංකු අධිපතිවරයා ලෙස වැඩ භාරගනී. මහ බැංකුවේ 17 වැනි අධිපතිවරයා ලෙස අද වැඩ භාරගන්නා ආචාර්ය වීරසිංහ මහතා ශ‍්‍රී ලංකා මහ බැංකුවේ හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපතිවරයකු වේ. මහ බැංකුවේ නවතම මුදල් ප‍්‍රතිපත්ති විවරණය ද අද ... |
"කබ්රාල්ට රට යෑම තහනම්" | "හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඞ් කබ්රාල් මහතා විදේශ ගතවීම වළක්වමින් කොළඹ අතිරේක මහෙස්ත‍්‍රාත් හර්ෂණ කැකුණාවල මහතා තහනම් නියෝගයක් නිකුත් කළේය. හිටපු ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන් මහතා විසින් ගොනු කරන ලද පෞද්ගලික පැමිණිල්ලක් සලකා බැලූ අතිරේක මහෙස්ත‍්‍රාත්වරයා එම නියෝගය නිකුත් කළේය. එම නියෝගය වහාම ආගමන විගමන පාලකවරයා, ගුවන... |
"භාරකාර ආණ්ඩුවකට යන්න සජිත්ට – අනුරට පස්සේ ජනාධිපති වෙන්න පුළුවන්" | "පාර්ලිමේන්තුවේ සියලූදෙනා මාස 06 ක් අවංකවම එක්ව මේ රට වැටුණු අගාධයෙන් ගොඩ ගනිමු යැයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රි හරින් ප‍්‍රනාන්දු මහතා ඊයේ (6 දා) පාර්ලිමේන්තුවේදී ආන්දෝලනාත්මක ප‍්‍රකාශයක් කරමින් පැවසීය.රටට මෙච්චර ප‍්‍රශ්නයක් වෙලා තියෙද්දීත් පාර්ලිමේන්තුවේ පක්‍ෂවලට එකතුවන්න බැරිනම් අපේ දේශපාලනයෙනුත් වැඩක් නැ... |
"කුරුණෑගල ජනහඬ මැද නැගුණු කඳුළක්" | "කුරුණෑගල පුත්තලම මාර්ගයේදී ඊයේ (06 දා) පැවති විරෝධතාවක් හමුවේ තරුණයන් පිරිසක් තම ජීවිතයේ දුක් ගැහට සම්බන්ධව පොලිස් නිලධාරීන් හමුවේ පැවසූ අවස්ථාවේ එක් පොලිස් නිලධාරියකු සංවේදීවනු දැක ගත හැකිවිය. ඇමැති ජොන්ස්ටන් ප‍්‍රනාන්දු මහතාගේ කාර්යාලයක් ඉදිරිපිට විරෝධතාවේ නිරත වීම සඳහා පෙළපාලිය ඉදිරියට යෑමට නොදී මාර්ග බාධක යොදා පොල... |
"විපක්‍ෂයෙන් මැතිසබයේ ඝෝෂා – දෙවරක් සභාව කල්තබයි" | "පාර්ලිමේන්තුවේ පක්ෂ විපක්ෂ මන්තී‍්‍රවරුන් අතර ඊයේ (06දා) දැඩි ඝෝෂාකාරී තත්ත්වයක් ඇති වූ අතර විපක්ෂයේ විරෝධතා හේතුවෙන් රැුස්වීම් කටයුතු අවස්ථා දෙකකදී අතරමග නවත්වා කථානායකවරයාට අසුනින් ඉවත්ව යෑමට ද සිදු විය.ඊයේ පෙරවරුවේ සමගි ජන බලවේගය මන්තී‍්‍ර නලින් බණ්ඩාර මහතා ආණ්ඩුවට එරෙහිව ආවේගශීලී කථාවක් කිරීම හේතුවෙන් ප‍්‍රථම වරට ... |
"ආණ්ඩුවේ ලොක්කෙක් බවුසර් 12ක ඞීසල් හොර පාරෙන් යවයි" | "ජනාධිපති පෞද්ගලික කාර්ය මණ්ඩලයේ සමීප නිලධාරියකුගේ බලපෑම් හේතුවෙන් පවතින ඞීසල් හිගය නොතකා අඹතලේ ප‍්‍රදේශයේ ඇති ඉන්ධන පිරවුම් හලකට අඛණ්ඩව ඞීසල් සැපයීමට සිදුව තිබීම නිසා මේ වනවිට ඛනිජ තෙල් සංස්ථා සේවකයෝ දැඩි අසීරුතාවට ලක්ව සිටිති.ඛනිජ තෙල් සංස්ථාවේ අධ්‍යක්‍ෂ මණ්ඩලයේ හිටපු අධ්‍යක්‍ෂවරයකුගේ බිරිඳට අයත් ඉන්ධන පිරවුම් හලකට ම... |
"ලෝක ජනගහනයෙන් සියයට 99ක්ම ආශ්වාස කරන්නේ දූෂිත වාතය – WHO අධ්‍යයනයකින් හෙළි වෙයි" | "ලෝක ජනගහනයෙන් සියයට 99ක්ම ආශ්වාස කරනුයේ තම සෞඛ්‍යයට හානිකර දූෂිත වාතය බව ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නිකුත් කරන ලද නවතම අධ්‍යයන වාර්තාවක සඳහන් කර තිබේ.ලොව පුරා රටවල් 117කට අයත් නගර 6000කට අධික සංඛ්‍යාවක් එම නගරවල වායු ගෝලයේ ප‍්‍රමිතිය මැන බැලීමේ කාර්යයේ නිරත වුවද එම නගරවල වෙසෙන ජනතාව තවමත් ආශ්වාස කරනුයේ සෞඛ්‍යයට අහිතකර... |
"ජනතා විරෝධතාවක් අතරට ආයුධ සන්නද්ධව හමුදාව ඒම අනුමත කරන්නේ නෑ" | "ස්වාධීන පරීක්‍ෂණයක් කරන්න – සරත් ෆොන්සේකා පාර්ලිමේන්තුව ආසන්නයේ පැවති ජනතා විරෝධතාවක් අතරට යතුරුපැදි 4ක නැගී ආයුධ සන්නද්ධව හමුදා නිලධාරීන් පැමිණීම තමා අනුමත නොකරන අතර ඒ පිළිබඳව ස්වාධීන පරීක්ෂණයක් පවත්වන ලෙස ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා ඉල්ලා සිටියේය එහිදී මන්තී‍්‍රවරයා මෙසේද සඳහන් කළේය. මේ සිද්ධිය ගැන මමත් කලබල ව... |
"වාහනයට නැග්ගේ පෞද්ගලික ආරක්‍ෂකයෙක් ඔ්නෑ නම් ඉදිරිපත් කරන්නම්" | "සිය පක්ෂයේ තරුණ සහෝදරයන් මෙන්ම යතුරුපැදිකරුවන් යොදවා තම ආරක්ෂාව සලසා ගන්නා බව ජාතික ජන බලවේගය නායක අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. එසේ කරන්නේ පසුගිය කාලයේ විවිධ ඝාතන සිද්ධි සහ පහරදීම් සිදුවන විට ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්ව සිටි පුද්ගලයා මේ වන විට ජනාධිපති ධුරය දරන බැවින් යැයිද හෙතෙම සඳහන් කළේය.තම ජීවි... |
"පාසල් කාලය පැයකින් දික් කරයි" | "අපේ‍්‍රල් අලූත් අවුරුදු නිවාඩුවෙන් පසු එළඹෙන 18 වැනිදායින් ඇරඹෙන නව පාසල් වාරයේ සියලූම පාසල් පැවැත්වෙන වේලාව දිනකට පැයකින් දීර්ඝ කිරීමට අමාත්‍යාංශය තීරණය කර ඇත.දිනකට පැයක් බැගින් අමතර කාලයක් පාසල් පැවැත්වීමේ තීරණය මෙම පාසල් වාරයට පමණක් බලපැවැත්වෙන බව අමාත්‍යාංශය සඳහන් කරයි.රජයේ හා රජයේ අනුමත සියලූම පෞද්ගලික පාසල් හා අ... |
"පේරාදෙණිය සම සෞඛ්‍ය සිසුහු ගේට්ටු කඩාගෙන සෞඛ්‍ය අමාත්‍යාංශයට ඇතුළු වෙති" | "ඉල්ලීම් කීපයක් මුල්කරගෙන විරෝධතාවයක නිරත වූ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සම සෞඛ්‍ය විද්‍යාපීඨයේ සිසුන් පිරිසක් ඊයේ (06 දා) පස්වරුවේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ගේට්ටු ද කඩාගෙන ඇතුළුවීමත් සමඟ එම පරිශ‍්‍රය තුළ උණුසුම් තත්ත්වයක් හටගැනිණි.මෙහිදී සිසුන් හා පොලිසිය අතර ගැටුම්කාරී තත්ත්වයක් ඇතිවිය. මෙහිදී ඇති වූ ගැටුම් හේතුවෙන් සිසුන් ... |
"ශ‍්‍රීලනිප යළි ඇමැතිධූර භාර ගන්නේ නෑ" | "හදිසි නීති ගැසට්ටුව රිවස් කිරීම ජයග‍්‍රහණයක්* 20 අහෝසි කරන ඕනෑම ක‍්‍රියාමාර්ගයකට සහාය දෙනවා* ජනතාව උද්ඝෝෂණය කළාට ජනපති ඉවත් කිරීමට බලයක් නෑශ‍්‍රී. ල. නි. ප ය යළි ඇමතිධුර භාර නොගන්නා බවට ජනාධිපතිවරයා සමග පැවැති සාකච්ඡුාවේදී ශ‍්‍රී. ල. නි. ප යේ ස්ථාවරය ප‍්‍රකාශ කළ බව එම පක්‍ෂයේ උප සභාපති පාර්ලිමේන්තු මන්ත‍්‍රී නිමල් ... |
"බෙහෙත් නැහැ රෝහල් අඩාලයි – සෞඛ්‍ය ක්‍ෂේත‍්‍රය අර්බුදයක සුවසිරිපාය ඉදිරිපිට GMO විරෝධතාවේ" | "ජනතාව ජීවත්කර වීමට සහ ආරක්‍ෂා කිරීම සඳහා සෞඛ්‍ය ප‍්‍රතිපත්තිවලට මූලිකත්වය ලබාදෙන ලෙස රජයට බලකරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඊයේ (6 දා) සෞඛ්‍ය අමාත්‍යාංශය (සුවසිරිපාය) ඉදිරිපිට විරෝධතාවක නිරත විය.හිටපු සෞඛ්‍ය ඇමැතිවරයා සහ වත්මන් සෞඛ්‍ය ඇමැතිවරයා ද අවිධිමත් ලෙස කටයුතු කිරීම නිසා වර්තමානයේදී සෞඛ්‍ය ක්‍ෂේත‍්‍රයම බරපත... |
"ඉදිරියේදී කන්නත් තැතිවේවි – අර්බුදයෙන් ගොඩ එන්න වාදභේද පසෙකලා පොදු වැඩපිළිවෙළක් සකස් කරන්න" | "කථානායක සියලූ මැති ඇමැතීන්ගෙන් ඉල්ලයිඅද පවතින ඉන්ධන, ගෑස්,විදුලි හි`ගයට වඩා දරුණු ආහාර හි`ගයක් ඉදිරියට ඇතිවිය හැකි බවත් එනිසා සියලූ වාදභේද දේශපාලන අරමුණු පසෙකලා රට අර්බුදයෙන් ගොඩගැනීම ස`දහා පොදු වැඩපිළිවෙළක් සකස් කරන ලෙසත් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඊයේ (06දා) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්රකාශයක් කරමින් සදහන් කළේ... |
"ජනපති කිසිසේත්ම ඉල්ලා අස් වෙන්නේ නෑ – ජොන්ස්ටන් ප‍්‍රනාන්දු" | "ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයෙන් කිසිසේත්ම ඉල්ලා අස්වන්නේ නැතැයි ආණ්ඩු පක්ෂ ප‍්‍රධාන සංවිධායක ජොන්ස්ටන් ප‍්‍රනාන්දු මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.රට තුළ පවතින තත්ත්වයට ආණ්ඩුවක් ලෙස මුහුණ දෙන බවද හෙතෙම සඳහන් කළේය. ඒ සම්බන්ධයෙන් හෙතෙම මෙසේද කීය.මේවට මුහුණ දෙන්න පුළුවන් හයිය දේශපාලනඥයො හැටියට ප‍්‍රජාතන්ත‍්‍රවාදී ව්‍යු... |
"ඩොලරය ඊයේ 320 ට යයි" | "වාණිජ බැංකු විසින් ප‍්‍රකාශයට පත් කරන දෛනික විනිමය අනුපාත අගයන් අනුව ඊයේ (06ද) වනවිට ඇමෙරිකානු ඩොලරයක විකුණුම් අගය රු.320 ක් දක්වා ඉහළ ගොස් තිබේ.වාණිජ බැංකුවල ඩොලරයක විකුණුම් අගයන් උපරිම වශයෙන් රු.310 ක පමණ මට්ටමේ පෙරේදා පැවැති අතර මේ අනුව ඊයේ දිනයේදී පමණක් ඇමෙරිකානු ඩොලරයක විකුණුම් අගය රු.10.00 කින් පමණ ඉහළ ගොස් තිබේ... |
"පැන්ඩෝරා පත‍්‍රිකාවලින් හෙළි කළ මුදල් ගෙන්වා ගත්තොත් රටේ ඩොලර් හිගයට විසඳුමක් – සජිත් පේ‍්‍රමදාස" | "රට තුළ පසුගිය සති අන්තයේ හදිසි නීතිය, ඇඳිරි නීතිය පැනවීම සහ සමාජ මාධ්‍ය අවහිර කිරීම් සිදු කළේ කුමන කාරණා මතදැයි විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (06දා) ප‍්‍රශ්න කළේය.එහිදී විපක්ෂ නායකවරයා මෙසේද කීය.‘‘ඊයේ පක්ෂ නායකයන් සාකච්ඡුා කළා. ඒක හොඳයි. හැබැයි අපට උද්ගත වූ කරුණු කිහිපයක් මතු කිරීමට හැකි වූයේ ... |
"තැන තැන රටපුරා උද්ඝෝෂණ – ජනනියමු කලාකරුවෝ පාර්ලිමේන්තු වටරවුමේදී" | "74 වසරක සාපය නිමා කරමු..! ජනතා පාලනයක් ගොඩනගමු..! යන තේමාව යටතේ ජනනියමු කලාකරුවෝ සංවිධානය පාර්ලිමේන්තු වටරවුමේදී පෙරේදා (05 දා* දැවැන්ත උද්ඝෝෂණයක යෙදුනහ. ඡායාරූපය – ජූඞ් ඩෙන්සිල් පතිරාජ" |
"රටපුරා උද්ඝෝෂණ කරද්දී තවමත් තැන තැන පෝලිම් – කැලණිය විශ්වවිද්‍යාලයීය ආචාර්ය සංගමය විරෝධතා" | "කන්ඩ බොන්න විදිහක් නෑ – උන්ට කිසිම ගානක් නෑ වාහනේට ඉන්ධන නෑ – උයන් කන්න ගෑසුත් නෑ " |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.