Title stringlengths 9 246 | Content stringlengths 3 62.9k |
|---|---|
"ඇමරිකානු රජයට ඉම්රාන්ගෙන් චෝදනා" | "ඇමරිකානු රජය තමාව අගමැතිකමින් එළවීමට සැලසුම් කළ බව පාකිස්තාන් අගමැති ඉම්රාන් කාන් ප‍්‍රකාශ කර ඇත.ඉම්රාන් කාන්ගේ එම චෝදනාවට ඇමරිකානු රජය කිසිදු ප‍්‍රකාශයක් කර නැත. කීර්ති වර්ණකුලසූරිය" |
"ආණ්ඩුව 5 ට කැඩෙයි: 2/3 හැලෙයි: පොහොට්ටුවේ 42 ක් ස්වාධීන වෙති!" | "රටේ මේ වන විට ආණ්ඩුවට එරෙහිව ඇතිවී ඇති සමාජ කැළඹිල්ල අනුව ආණ්ඩු පක්‍ෂය පාර්ලිමේන්තුවේදී ඊයේ (5 දා) පාර්ශ්ව පහකට බෙදී වෙන්විය. ඒ මන්තී‍්‍ර අනුර පි‍්‍රයදර්ශන යාපා මහතා සමග මන්තී‍්‍රවරුන් 10 දෙනකු, විමල් වීරවංශ මහතා ඇතුළුව 16 දෙනකු, ශී‍්‍රලනිපය ලෙස මෛති‍්‍රපාල සිරිසේන මහතා ඇතුළු 14 දෙනකු, කම්කරු කොංග‍්‍රසයේ ජීවන් තොණ්ඩමන... |
"සනත් ජයසූරියත් විරෝධතාවට එක්වෙයි" | "රජයට විරෝධය පළ කරමින් කොළඹ නෙළුම්පොකුණ රඟහල ඉදිරිපිට පැවති උද්ඝෝෂණයට සුපිරි ක‍්‍රිකට් ක‍්‍රීඩක සනත් ජයසූරිය මහතා එක්ව සිටි අයුරු." |
"නව මහ බැංකු අධිපති නන්දලාල් පී වීරසිංහ හෙට වැඩ භාරගනියි" | "ශී‍්‍ර ලංකා මහ බැංකුවේ නව අධිපතිවරයා වශයෙන් ආචාර්ය නන්දලාල් පී. වීරසිංහ මහතා හෙට (07 දා) දින වැඩ භාර ගැනීමට නියමිතය. ඒ මහතා ශී‍්‍ර ලංකා මහ බැංකුවේ හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපතිවරයාය. අජිත් නිවාඩ් කබ්රාල් මහතා මහ බැංකු අධිපති ධුරයෙන් ඉවත් වීමෙන් පසු ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතාට මහ බැංකු අධිපති ධුරය භාර ගන්නා ලෙස රජයෙ... |
"පාලකයන්ට රට පනින්න ඉඩ නොදෙනු – ‘ජනතා නීතිඥයෝ’ නීතිපති දෙපාර්තමේන්තුව වටලති" | "වත්මන් රජයේ පාලනය හමුවේ ඇති වී තිබෙන අර්බුදකාරී තත්ත්වය හමුවේ ජනතා පෙළගැස්මට සහය පළ කරමින් ‘ජනතා නීතිඥයෝ’ සංවිධානය ඊයේ (05දා) කොළඹ අලූත්කඬේ උසාවි සංකීර්ණය ඉදිරිපිටදී විරෝධතාවයේ නිරත වීමෙන් අනතුරුව විරෝධතාකරුවෝ නීතිපති දෙපාර්තමේන්තුව වෙත ගමන් කළහ. මෙහිදී ‘නීතිපති මේ අහන්න ජනතාවගේ හඬට සවන් දෙන්න’ යන සටන්පාඨ කියමින් ඔවුන... |
"අලිසබි‍්‍ර වාර්තාවක් තබයි : පැය 24 මුදල් ඇමැති" | "මුදල් ඇමැති ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. රට පුරා මතුවී තිබෙන ජනතා විරෝධතා හමුවේ ඉකුත් 03 වැනිදා (ඉරිදා) ඇමැති මණ්ඩලය ඉවත් වීමෙන් පසුව ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා විසින් පෙරේදා (04 වැනිදා) නැවතත් අලි සබ්රි මහතා මුදල් ඇමැතිවරයා ලෙස පත් කරනු ලැබීය. ඒ සමග තවත් ඇමැතිවරුන් තිදෙනකු පත් කිරීමට ... |
"විරෝධතාව ළඟට ආ හමුදා යතුරුපැදි කණ්ඩායමට පොලිසියෙන් දැඩි විරෝධය" | "පාර්ලිමේන්තු වටරවුම අසල ඊයේ (05 දා) පැවැති විරෝධතාව අතරට යුද හමුදා යතුරුපැදි බළකා සෙබළ පිරිසක් පැමිණීම සම්බන්ධව එම ස්ථානයේ ආරක්ෂාවේ නිරත වූ පොලිස් නිලධාරීන්ගේ දැඩි විරෝධතාවක් මතු විය. එම ස්ථානයේ උද්ඝෝෂණයේ නිරත ජනතාව තවත් ප‍්‍රකෝප නොකර වහාම ඉවත්ව යන ලෙස පොලිසිය එම යුද හමුදා යතුරුපැදි කණ්ඩායමට දැනුම් දුන්නේය. එම යුද හමු... |
"අගමැතිගේ විජේරාම නිවස වටලයි" | "කොළඹ විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය කණ්ඩායමක් ඊයේ (05 දා) සවස කොළඹ 07, විජේරාම මාවතේ පිහිටි අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ නිල නිවස ඉදිරිපිටට පැමිණ රජයට විරෝධය පළ කළ අයුරු." |
"කාදිනල්තුමාත් වීදි බසියි" | "පාගමනක් හා නිහඬ විරෝධතාවක්රටේ පවතින අර්බුදවලට වහා විසඳුම් ලබාදෙන ලෙස ඉල්ලා කොළඹ අගරදගුරු මැදුර මගින් සංවිධානය කරන ලද නිහ`ඩ විරෝධතාවක් සහ පා ගමනක් ඊයේ (05දා) පෙරවරුවේ පැවැත්විණි. කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් තුමාගේ ප‍්‍රධානත්වයෙන් පැවැති මෙම විරෝධතාවට සහභාගී වූවෝ බොරැල්ල මංසන්ධිය දක්වා පාගමනේ යෙදී පසුව අගරදගුරු... |
"ගුරුවරුත් පාරට බසිතිි…!" | "කැලණිය හෙලේන විජයවර්ධන බාලිකා විදුහලේ ආචාර්ය මන්ඩලය හා අනධ්‍යන කාර්ය මණ්ඩලය ඊයේ දහවල් පාසල් කාලයෙන් අනතුරුව ජනධිපතිවරයාට රජයට විරෝධය පාමින් විදුහල ඉදිරිපිට මෙසේ උද්ඝෝෂණයක නිරතවිය." |
"විරෝධතාකරුවෝ රොෂාන් රණසිංහගේ බැඳිවැව නිවසට පහර දෙති" | "විරෝධතාකරුවන්ට කඳුළු ගෑස් හා බැටන් ප‍්‍රහාර ජනාධිපතිවරයාට හා ආණ්ඩුවට ගෙදර යන ලෙස බලකරමින් පොළොන්නරුවේ තරුණ තරුණියන් 2000 ක පමණ පිරිසක් ගෙන ගිය විරෝධතාවත් සමග විරෝධතාකරුවන් රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාගේ පොළොන්නරුව බැඳිවැව පිහිටි නිවසට පහර දී දේපළවලට හානි කිරීම සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයන් 12 දෙනකු අත්අඩංගුවට ගත් ... |
"ෂෙහාන් දුමින්ද චන්න උද්දික සහ එස් එම්ගේ නිවාසවලට ප‍්‍රහාර: ඥානක්කාගේ නිවසටත් ප‍්‍රහාරයක්" | "ජීවන වියදම දරා ගත නොහැකි මට්ටමින් ඉහළ යෑම පාලනය කර ගත නොහැකි ජනාධිපතිවරයාට සහ අමාත්‍ය මණ්ඩලයට ගෙදර යන ලෙස බල කරමින් පිරිසක් පෙරේදා (4දා) රාත‍්‍රී සිට පසුදා (5දා) අලූයම වනතෙක් අනුරාධපුර නගරයේ උද්ඝෝෂණ පෙළපාලියක යමින් අනුරාධපුර නගරයේ පිහිටි ඇමැතිවරු සිවු දෙනකුගේ, පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයකුගේ, අනුරාධපුර නගරාධිපතිවරයාගේ ස... |
"නාමල් රට යනවානම් උසාවියෙන් අවසර ගන්නවා" | "ජනාධිපති නීතීඥ ගාමිණි මාරපන හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්‍ෂ මහතා විදේශ ගතවීමට අපේක්‍ෂා කරන්නේ නම් ඒ සඳහා අධිකරණයෙන් ඉල්ලීමක් කරන බැවින් රුපියල් මිලියන 30ක් අයුතු ලෙස ඉපැයීමට අදාළ නඩුව කෙටි දිනයකින් කැඳවීමට දින නියම කරන ලෙස ඔහු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ ගාමිණි මාරපන මහතා ඊයේ (05දා) කොළඹ මහාධ... |
"කාට හරි බහුතරය ඉන්නවා නම් අරගෙන ආණ්ඩුව කරන්න – බැසිල් කියයි" | "පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්විය හැකි කිසිවකු සිටී නම් ආණ්ඩුව භාරගෙන ඉදිරි කටයුතු කරන්න යැයි හිටපු මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු පරිශ‍්‍රයේ දී ඊයේ (05) පැවසීය. ඒ අනුව කැමැති අයකුට බහුතරය පෙන්වා ආණ්ඩුව භාරගෙන කටයුතු කරන්නැයි පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂවලට ජනාධිපතිවරයා, අගමැතිවරයා මෙන්ම තම පක්ෂයේ මන්ත‍්‍ර... |
"උතුරට පරිප්පු දාන්න තමිල්නාඩු මහ ඇමැති මෝදිගෙන් ඉල්ලීමක් කරයි" | "මෙරට විරෝධතා මැද තමිල්නාඩු මහ ඇමැති එම්. කේ. ස්ටාලින් උතුරට පරිප්පු දැමීම සඳහා අවසර දෙන ලෙස ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගෙන් ඉල්ලා ඇත. උතුරේ ජනතාව ආර්ථික දුෂ්කරතා වලට මුහුණපා ඇති බව දක්වමින් ශී‍්‍ර ලංකා රජයට නොදී උතුරට ආර්ථික ආධාර ලබාදීමට අවස්ථාව සලසන ලෙස ස්ටාලින් තවදුරටත් ඉල්ලා තිබේ. ඊට අමතරව ශී‍්‍ර ලංකාවේ පාලනය යටතේ... |
"හොරකම් කළ කිසිවකුට පැනයෑමට ඉඩ දෙන්නේ නැහැ – උද්ඝෝෂණයට මැදි වූ අනුර කුමාර කියයි" | "මහජනතාවගේ මුදල් මේ රටේ හොරකම් කළ කිසිවකුට පැනයෑමට ඉඩ නොදෙන බව ජනතා විමුක්ති පෙරමුණ නායක, පාර්ලිමේන්තු මන්තී‍්‍ර අනුර කුමාර දිනානායක මහතා පාර්ලිමේන්තුවේ සිට එළියට එන විට උද්ඝෝෂකයන්ට මැදි වූ අවස්්ථාවේදී පොරොන්දුවක් ලබා දුන්නේය. මේ රටේ ජනතාව තරුණයන් ඇතුළු සියලූ දෙනා දුක් විඳින්නෙ ඒ හොරකම් නිසා බවත් ඒ මහතා කියා සිටියේය. ඒ... |
"ආණ්ඩුවේ බහුතරය අද හැලෙයි!" | "ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ආණ්ඩුවට පාර්ලිමේන්තුවේ හිමි තුනෙන් දෙකේ බලය මෙන්ම ආසන 113ක සරල බහුතර බලය ද අද (05දා) දින අහිමිව යෑමට ඉඩ ඇති බව දේශපාලන ආරංචි මාර්ග ඊයේ (4 දා) සඳහන් කළේය. ආණ්ඩුව නියෝජනය කරන මැති ඇමැතිවරුන් විශාල පිරිසක් අද දින පාර්ලිමේන්තුවේ දී විශේෂ ප‍්‍රකාශ කරමින් ආණ්ඩුවට සිය සහයෝගය ලබා නොදෙන බව ප‍්‍රකාශ කර ස්ව... |
"ඇවන්ගාඞ් සභාපති සහ පවුලේ අය රටින් පිටවෙලා" | "ඇවන්ගාඞ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාපති මහතා සහ ඔහුගේ පවුලේ සාමාජිකයින් ඊයේ (4දා) උදෑසන කටුනායක ගුවන් තොටුපළෙන් මාලදිවයින බලා පිටත්ව ගොස් ඇති බවට තොරතුරු වාර්තා වේ. එම අවස්ථාවේ කටුනායක ගුවන් තොටුපළ පරිගණක සහ ආරක්‍ෂක කැමරා පද්ධතිය අවුල් සහගත තත්ත්වයකට පත් ව තිබී ඇති අතර, එම අවස්ථාවේ මෙම පිරිස කටුනායක ගුවන් තොටුපළ පිටත්... |
"ජන බලය වෙන පක්ෂයකට කොල්ලකන්න දෙන්න බෑ – පාර්ලිමේන්තුවෙන් පිට ජනතා ආණ්ඩුවක් සෑදිය යුතුයි" | "– කුමාර් ගුණරත්නම්ආණ්ඩුවට විරුද්ධව ගොඩනැ`ගුණු ජන බලය වෙනත් පක්ෂයකට හෝ කණ්ඩායමකට කොල්ලකෑමට ඉඩ නොදිය යුතු යැයි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ලේකම් කුමාර් ගුණරත්නම් මහතා ඊයේ (4 දා) පැවසීය.පාර්ලිමේන්තුවෙන් පිටත ‘ජනතා ආණ්ඩුවක්’ ගොඩනැ`ගීමට ජනතාව සංවිධානාත්මකව පෙළගැසිය යුතු යැයි ද ඒ මහතා කීවේය.කොළඹදී පැවැති මාධ්‍ය සාකච්ඡුාවකදී ඔ... |
"තංගල්ලේ කාල්ටන් නිවසත් වටලයි" | "කදුළු ගෑස් සහ ජල ප‍්‍රහාරපොලිසියේ 9 දෙනකුට තුවාල15 දෙනෙක් අත්අඩංගුවට අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු රාජපක්ෂවරුන්ගේ තංගල්ල කාල්ටන් නිවස ඉදිරිපිට ඊයේ (04 වැනිදා) දහවල් විශාල ජනතාවකගේ සහභාගිත්වයෙන් පැවැති විරෝධතාවය විසුරුවා හැරීමට පොලිසිය කඳුළු ගෑස් හා ජල ප‍්‍රහාර එල්ල කිරීමත් සමග උණුසුම්කාරී තත්ත්වයක් හටගැනිණි. මෙහිද... |
"රාජ්‍ය බලය යොදා ජනතාව මැඩලීමට උත්සාහ නොගන්න – වහාම සහන දෙන්න – ත්‍රෛනිකායික මහනාහිමිවරු කියති" | "දැනට එල්ලවන මහජන විරෝධයේ සහේතු තත්ත්වය අවබෝධ කර නොගෙන ඉහළ යන ජීවන වියදම අඩුකොට ජනතාවට සහන සැලසීම වෙනුවට රාජ්‍ය බලය යොදා ජනතාව මැඬලීමට ගන්නා උත්සාහය සංඝරත්නය වන අප අනුමත නොකරන්නෙමු යැයි ත්‍රෛනිකායික මහා නාහිමිවරු නිවේදනයක් නිකුත් කරමින් ප‍්‍රකාශ කරති.මාධ්‍යවේදීන්ට සහ මහජනයාට කළ පහරදීම් ද අපි කිසිසේත් අනුමත නොකරන්නෙමු.ර... |
"රාජ්‍ය බලය යොදා ජනතාව මැඩලීමට උත්සාහ නොගන්න – වහාම සහන දෙන්න – ත්‍රෛනිකායික මහනාහිමිවරු කියති" | "දැනට එල්ලවන මහජන විරෝධයේ සහේතු තත්ත්වය අවබෝධ කර නොගෙන ඉහළ යන ජීවන වියදම අඩුකොට ජනතාවට සහන සැලසීම වෙනුවට රාජ්‍ය බලය යොදා ජනතාව මැඬලීමට ගන්නා උත්සාහය සංඝරත්නය වන අප අනුමත නොකරන්නෙමු යැයි ත්‍රෛනිකායික මහා නාහිමිවරු නිවේදනයක් නිකුත් කරමින් ප‍්‍රකාශ කරති.මාධ්‍යවේදීන්ට සහ මහජනයාට කළ පහරදීම් ද අපි කිසිසේත් අනුමත නොකරන්නෙමු.ර... |
"මිරිහානේ බස් ගිනිතැබූ අය අල්ලන්න පරීක්‍ෂණ" | "මිරිහාන පැඟිරිවත්ත පාර ජනාධිපතිවරයාගේ නිවස ආසන්නයේ පසුගිය 31 වැනිදා කලහකාරි ලෙස හැසිරෙමින් පොදු දේපළවලට අලාභ හානි සිදු කර ඒ අසල වූ බස් රථවලට සහ වෙනත් වාහනවලට ගිනිතබා විනාශ කිරීමේ සිද්ධීන්වලට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබේ. එහිදී බස් රථ 2කට ගිනිතැබීම සම්... |
""සිංගප්පූරු ඉන්ධන නැවට ඩොලර් 216,000ක් ප‍්‍රමාද ගාස්තු ගෙවන්න වෙයි"" | "සිංගප්පූරු සමාගමකින් ඇණවුම් කර මේ වන විට ශී‍්‍ර ලංකාවට ඔබ්බෙන් වූ ජාත්‍යන්තර මුහුදේ නවතා තිබෙන ඞීසල් මෙටි‍්‍රක් ටොන් තිස්හත්දහස් පන්සියයක් අඩංගු නෞකාවට ප‍්‍රමාද ගාස්තු ලෙස ඇමරිකානු ඩොලර් දෙලක්‍ෂ දහසය දහසක මුදලක් ගෙවීමට සිදුව ඇතැයි ගණන් බලා තිබේ.හදිසි මිලදීගැනීම් යටතේ මෙම ඉන්ධන නෞකා ඇණවුම් කළත් ඊට ගෙවිය යුතු ඩොලර් මිලි... |
"ආණ්ඩුවේ අය ස්වාධීන වුණොත් මැති සබය විසුරුවයි" | "අධිකරණ අමාත්‍යාංශයේ හිටපු ලේකම් නිහාල් ජයවික‍්‍රමආණ්ඩු පක්‍ෂ මන්තී‍්‍රවරුන් සැලකිය යුතු පිරිසක් පාර්ලිමේන්තුවේදී ස්වාධීනව කටයුතු කිරීමට තීරණය කිරීමෙන් පසු විපක්‍ෂ මන්තී‍්‍රවරුන් පිරිස 113කට වඩා වැඩිවී පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට අදාළ යෝජනාවක් සම්මත කරගතහොත් ජනාධිපතිවරයාට ආණ්ඩුව විසුරුවා හැරීමට සිදුවන බව අධිකරණ අමාත්... |
"ගෝඨාභය එක්ක හවුල් ආණ්ඩු නෑ – විපක්‍ෂ නායක සජිත් පේ‍්‍රමදාස" | "ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ප‍්‍රමුඛ ආණ්ඩුව සමග කිසිදු එක`ගතාවයක් හෝ ආණ්ඩුකරණයකට සමගි ජනබලවේගය කිසි විටෙකත් සූදානම් නැති බව විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා පැවසීය.විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ ඊයේ (04 දා) විපක්ෂ නායක කාර්යාලයේ දී මාධ්‍ය අමතා විශේෂ ප‍්‍රකාශයක් කරමිනි. කළයුත්තේ එක මොහොතක් නෑර ආණ්ඩුව පලවා හැරීම බව කී ව... |
"ශී‍්‍රලනිප 14 දෙනා අද මැතිසබයේ ස්වාධීන වෙති" | "ආණ්ඩු පක්‍ෂයෙන් ඉවත්ව ස්වාධීන කණ්ඩායමක් ලෙස අද (5 දා) සිට පාර්ලිමේන්තුවේ කටයුතු කිරීමට තම පක්‍ෂය තීරණය කර ඇති බව ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා ‘දිවයින’ට පැවසීය.ආණ්ඩුවෙන් ඉවත්වන බවට ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ මන්තී‍්‍රවරුන් 14 දෙනා පෙරේදා (3දා) ලිඛිතව ජනාධිපතිවරයා දැනුවත් කළ බවද මහලේකම්වරයා සඳ... |
"කොටස් වෙළෙඳපොළ විනාඩි දෙකෙන් නවතියි" | "කොළඹ කොටස් වෙළෙඳපොළේ ඊයේ (4දා) දිනයේදී සිදුවූ විශාල පසුබෑම නිසා එහි දෛනික ගනුදෙනු ආරම්භ වී විනාඩි දෙකක් ඇතුළත ගනුදෙනු අත්හිටුවීමට සිදුවිය.මේ අනුව ඊයේ පෙ.ව. 10.30ට ආරම්භ වූ කොටස් වෙළෙඳපොළ දෛනික ගනුදෙනු පෙ.ව. 10.32ට අත්හිටුවන ලදි. එස්.ඇන්ඞ්.පී. ශී‍්‍ර ලංකා 20 දර්ශකය පෙර දිනයට සාපේක්‍ෂව සියයට 5ක අගය ඉක්මවා පහත වැටීම මෙයට... |
"මහ බැංකුවෙන් නන්දලාල්ට ආරාධනා!" | "මහ බැංකු අධිපති ධුරය භාරගන්නා ලෙස හිටපු මහ බැංකු නියෝජ්‍ය අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතාගෙන් ඉල්ලීමක් කර ඇතැයි ‘දිවයින’ට වාර්තා වෙයි.වීරසිංහ මහතා මහ බැංකුවෙන් විශ‍්‍රාම ගැනීමෙන් පසු දැනට ඔස්ටේ‍්‍රලියාවේ පදිංචිවී සිටී. ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතාගෙන් මහ බැංකු අධිපති ධුරය භාරගන්නා ලෙස රජය පැත්තෙන් ඉල්ලීමක් කර තිබු... |
"කලාකරුවොත් පාරට බසිති" | "වත්මන් ආණ්ඩුවට හා ජනාධිපතිවරයාට ගෙදර යන ලෙස බල කරමින් ඊයේ (04දා) දියත උයන ඉදිරිපිට, ජනාධිපති ලේකම් කාර්යාලය සහ ෂැංගීලා හෝටලය ඉදිරිපිටදී කලාකරුවෝ පිරිසක් උද්ඝෝෂණයක නිරත වූහ.රජයෙන් හොරා කෑ මුදල් යළි ලබාදිය යුතු බවත් ඒවා යළි ලබාගැනීම සඳහා අදාළ දේශපාලන නායකයන් රට තුළ රඳවා ගත යුතු බවත් මෙහිදී එම කලාකරුවෝ අවධාරණය කළහ. පවතින... |
"කෑගල්ලේදී අපටත් හූ කිව්වා – හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර" | "පක්‍ෂ පාට නැතුව පාරට බහින්නකෑගල්ල නගරයේ පෙළපාලියක ගමන් ගත් හිටපු පාර්ලිමේන්තු මන්ති‍්‍රනි හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර මහත්මියට කෑගල්ල නගරයේ වෙනම උද්ඝෝෂණයක නිරත වෙමින් සිටි පිරිසක් හූ කියමින් ඇයව පලවා හැරීමට පියවර ගෙන තිබේ.සමගි වනිතා බලවේගයේ ‘මව්වරුන්ගේ අරගලය’ පෙළපාලියේ යමින් සිටියදී හිටපු මන්තී‍්‍රවරිය ඇතුළු පිරිසට හූ කිය... |
"නීතිඥ සංගමයේ පෙත්සම් විභාගයට අගමැති ඇතුළු ඇමැති මණ්ඩලයට නොතීසි" | "හිඟ්‍යකින් තොරව ඉන්ධන ගෑස් කිරිපිටි ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ජනතාවට සැපයීමට පියවර ගන්නා ලෙසට බලධාරීන්ට නියෝගයක් කරන්නැයි ඉල්ලා ශී‍්‍ර ලංකා නීතිඥ සංගමය ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙක විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (04) අවසර ලබාදුන්නේය.එම පෙත්සම් සම්බන්ධයෙන් අධිකරණය හමුවේ පෙනී සිට කරුණු දක්වන ලෙස දන්වන ... |
"හිටපු ඇමැති රමේෂ්ගේ නිවසත් වටලයි" | "හිටපු අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ නිවස ඉදිරිපිට ඊයේ (04 දා) පස්වරුවේ විරෝධතාවක් පැවැත්විණි. ආණ්ඩුවට හා හිටපු ඇමැතිවරයාට විරෝධය පළකරමින් විරෝධතාකරුවන් මෙකී විරෝධතාවයේ නිරත වූහ.‘ජනාධිපතිවරයා වහා ගෙදර යනු’ ආදී සටන් පාඨ කියමින් විරෝධතාකරුවන් හිටපු ඇමැතිවරයාගේ නිවස ඉදිරිපිටදී විරෝධතාවයේ නිරත වූහ. මෙකී විරෝධතාව නිසා ග... |
"අගමැති අස්වෙයි?" | "රටේ ඇතිවී තිබෙන අර්බුදකාරී තත්ත්වය යම්තාක් දුරට සමනය කිරීම සඳහා සර්වපාක්‍ෂික අන්තර්වාර පාලනයක් රටේ ඇති කරන ලෙස ජනාධිපතිවරයා සහ අගමැතිවරයා හමුවී ප‍්‍රකාශ කළ බව ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු ඇමැති විමල් වීරවංශ මහතා පැවසීය.ජනාධිපතිවරයාගේ ආරාධනාවකට අනුව පෙරේදා (2 දා) සවස උදය ගම්මන්පිල, ටිරාන් අලස් සහ තමා ජනාධිපතිවරයා හම... |
"අලුත් ඇමැති මණ්ඩලයක්! – අන්තර්වාර පාලනයකට ජනපතිට යෝජනා කළා – විමල්" | "රටේ ඇතිවී තිබෙන අර්බුදකාරී තත්ත්වය යම්තාක් දුරට සමනය කිරීම සඳහා සර්වපාක්‍ෂික අන්තර්වාර පාලනයක් රටේ ඇති කරන ලෙස ජනාධිපතිවරයා සහ අගමැතිවරයා හමුවී ප‍්‍රකාශ කළ බව ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු ඇමැති විමල් වීරවංශ මහතා පැවසීය.ජනාධිපතිවරයාගේ ආරාධනාවකට අනුව පෙරේදා (2 දා) සවස උදය ගම්මන්පිල, ටිරාන් අලස් සහ තමා ජනාධිපතිවරයා හම... |
"මිරිහානේ ට‍්‍රාන්ස්පෝමරයක් උඩ විරෝධතා දැක්වූ විදුලි කාර්මික ශිල්පියෙක් විදුලිසර වැදි නසී" | "නුගේගොඩ මිරිහාන පැඟිරිවත්ත එදිරිසිංහ පාර ප‍්‍රදේශයේ පිහිටි අඩි 30 ක උසක පිහිටි විදුලි ට‍්‍රාන්ස්පෝමරයක් මත නැඟ විරෝධතාවක නිරතව සිටි තිදරු පියකු ඊයේ (03 වැනිදා) දහවල් 2.00ට පමණ අධිබල විදුලිසර වැදී බිම ඇද වැටී මියගොස් තිබේ.මෙලෙස අවාසනාවන්ත අන්දමින් මියගොස් ඇත්තේ මිරිහාන එදිරිසිංහ පාරේ පදිංචිව සිටි රුවන් ප‍්‍රියදර්ශන වීර... |
"ඇමරිකාවේ හිටපු තානාපති ජාලිය මුදල් විශුද්ධිකරණ චෝදනාවට වරද පිළිගනී දඩුවම් නියම කිරීම ජූලි 20" | "ලක් රජයට අයත් ඇමරිකන් ඩොලර් 332027 ක් වංචා කිරීමට තැත් කිරීම සහ මුදල් විශුද්ධිකරණය සම්බන්ධයෙන් චෝදනා ලැබූ ඇමරිකාවේ හිටපු ශ‍්‍රී ලංකා තානාපතිවරයකු වන ජාලිය වික‍්‍රමසූරිය මහතා ඒ සම්බන්ධයෙන් වරද පිළිගෙන ඇත. ඔහු මෙම වංචාව කිරීමට උත්සහ දරා ඇත්තේ ඇමරිකාවෙන් ශ‍්‍රී ලංකා තානාපති කාර්යාලය සඳහා අලූත් ගොඩනැගිල්ලක් මිලදී ගැනීමට ය... |
"ගොවි ගැටලුවලට විසඳුම් නොලැබුණොත් මැයි 1 දා ඇමැතිකමෙන් යනවා – රාජ්‍ය ඇමැති රොෂාන් රණසිංහ" | "ගොවි ජනතාවට මතුව ඇති ප‍්‍රශ්නවලට කඩිනම් විසඳුම් ලබා ගත නොහැකි නම් තවදුරටත් රජයේ අමාත්‍ය ධුර දැරීමට නොහැකි බැවින් තමා දරන රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් හා ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොලොන්නරුව දිස්ත‍්‍රික් නායකත්වයෙන් ලබන මැයි 1 වැනිදා සිට ඉල්ලා අස්වන බව පළාත් සභා හා පළාත් පාලන කටයුතු රාජ්‍ය ඇමැති රොෂාන් රණසිංහ මහතා ජනාධිපති ... |
"පේරාදෙණිය සිසුන්ට කඳුළු ගෑස් සහ ජල ප‍්‍රහාර" | "ඇඳිරි නීතිය නොතකමින් මහනුවර නගරයට ඇතුළු වීමට උත්සාහ කළ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසක් කඳුළු ගෑස් හා ජල ප‍්‍රහාර එල්ල කර විසුරුවා හැරීමට පොලිස් විශේෂ කාර්ය බළකාය සහ පොලිසිය ඊයේ (03දා) පියවර ගත්තේය. විශ්වවිද්‍යාල සිසු සිසුවියන් දහසක් පමණ ඊයේ පෙරවරුවේ පෙළපාලියකින් මහනුවර නගරය දක්වා ගමන් කිරීමට උත්සාහ කළ අවස්ථාව... |
"එතෙරත් විරෝධතා – මෙල්බන් නුවර සහ තවත් රටවල්වල උද්ඝෝෂණ" | "වර්තමාන රජයට සහ ජනාධිපතිවරයාට එරෙහිව විදෙස් රටවල වෙසෙන ශ‍්‍රී ලාංකිකයන් පැවැත්වූ උද්ඝෝෂණයක් ඊයේ (03 දා) සවස විරෝධතාවයේ යෙදී සිටි අයුරු." |
"අසංවේදීව තීරණ ගැනීමෙන් ජනතා නොසන්සුන්තා උග‍්‍රවෙනවා" | "– මහ නාහිමිවරුන්ගෙන් ඒකාබද්ධ නිවේදනයක්මහජන පීඩාවන් පිළිබඳව අසංවේදීව තීන්දු තීරණ ගැනීම ජනතා නොසන්සුන්තාවන් තවත් උත්සන්නවීමට හේතුවන හෙයින් අර්බුදයේ ස්වභාවය පිළිබඳව අවබෝධයෙන් වටහාගෙන මහජනතාවට පිළිගත හැකි විසඳුම් නිසි යාන්ත‍්‍රණයක් මගින් සමාජ ගතකිරීමට රාජ්‍ය පාලන තන්ත‍්‍රණය ක‍්‍රියා කළ යුතු බව මහ නාහිමිවරුන් ඒකාබද්ධ ප‍්‍ර... |
"භාෂණයේ නිදහස වළ දමන්න බැහැ – ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න" | "රජයට එරෙහිව කුමන්ත‍්‍රණය කිරීම සහ මහජනතාව පෙළඹවීම ආදී චෝදනා නඟමින් කොළඹ උතුර අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගත් සමාජ කි‍්‍රයාකාරිකයකු වන තිසර අනුරුද්ධ බණ්ඩාර නමැති විශ්වවිiාල ශිෂ්‍යයා රුපියල් ලක්‍ෂයක ශරීර ඇපමත මුදාහරින ලෙස අලූත්කඬේ අංක 06 මහෙස්ත‍්‍රාත්වරයා පෙරේදා (2 දා) රාති‍්‍ර නියෝග කළේය.තිසර බණ්ඩාර නමැති විශ්වවිiා... |
"ජාතික ආරක්ෂක මණ්ඩලය කැඳවයි" | "රටේ පවතින තත්ත්වය පිළිබඳව විමර්ශනය කිරීම සඳහා ජාතික ආරක්ෂක මණ්ඩලය කැඳවීමට ආරක්‍ෂක බලධාරීන් තීරණය කර ඇත. ඉහළ පෙළේ ආරංචි මාර්ග පැවසුවේ මිරිහාන ප‍්‍රදේශයේ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය ගැන බුද්ධි අංශ පූර්ණ වාර්තාවක් ආරක්‍ෂක බලධාරීන්ට ඉදිරිපත් කර ඇති බවය. මිරිහානට පැමිණෙන ලෙස මුහුණු පොත මගින් ඇරයුම් කළේ කවුද යන්න ගැන ද ආර... |
"වාරකන්වලට පෙර ගල් අගුරු නාවොත් නොරොච්චෝලෙත් නවතියි" | "මෙම මස අගභාගයේ දී වාරකන් කාලය ඇරැුඹෙන බැවින් ඊට පෙර ගල්අඟුරු ගෙනැවිත් ගොඩබා කර ගැනීමට පියවර නොගතහොත් ලබන ජුලි මාසයෙන් පසු නොරොච්චෝල ගල්අ`ගුරු බලාගාරයත් නතරවනු ඇතැයි ඉංජිනේරුවෝ අනතුරු අ`ගවති. මෙගාවොට් 900 ක් ජාතික විදුලි පද්ධතියට එක් කරන මෙම විදුලි බලාගාරයත් නතර වුවහොත් පවතින විදුලි අර්බුදය දෙගුණ තෙගුණ වී රට අර්බුදයකට ... |
"පුරවැසියන්ට ඇති කෝපය සාධාරණයි – අනුර කුමාර" | "මේ ආණ්ඩුව පත්කර ගත්තේ ජනතාව නම් තමන් පත්කර ගත් ආණ්ඩුව එම ජනතාවට එරෙහිව කටයුතු කරනවා නම් ඊට එරෙහිව නැගී සිටීමේ යුක්තිසහගත අයිතියක් ජනතාවට තිබෙනවා. එම ජනතාව පිළිබඳව වගකීම එම ආණ්ඩුව භාරගන්නේ නැත්නම්, ඊට විරුද්ධව නැගී සිටීමට ජනතාවට යුක්තිසහගත අයිතියක් තිබෙනවා. අපි ඒ අයිතිය ආරක්ෂා කරනවා. ඒ වගේම පක්ෂයක් හැටියට අපි අපේ පැත්ත... |
"ලෙඩ දුම්රිය මැදිරි 40 ක් ගාල්කරන්න තැනක් නැතිව තවත් ලෙඩක්" | "ඉන්දියානු ණය යෝජනා ක‍්‍රමය යටතේ එරටින් ඇණවුම් කර තිබූ දෝෂ සහිත අවසන් දුම්රිය මැදිරි 40ක් ද මෙරටට එවා ඇති අතර ඒවා ගාල්කර තැබීමට ස්ථානයක් නොමැතිව දුම්රිය දෙපාර්තමේන්තුව අපහසුතාවට පත්ව ඇත. ණය යෝජනා ක‍්‍රමය යටතේ දුම්රිය මැදිරි 160ක් ඇණවුම්කර තිබේ. ඉන් 120ක් මීට පෙර ශ‍්‍රී ලංකාවට එවා ඇත. විවිධ දෝෂ හේතුවෙන් දුම්රිය මැදිරි ධ... |
"ඩොලර් නැතිව ළතැවුණ ඉන්ධන නැවෙන් සාම්පල් ගන්න මුහුද පීරලා" | "හදිසි මිලදී ගැනීමක් යටතේ කොළඹ වරායට ගෙන්වාගෙන තිබූ ඞීසල් මෙටි‍්‍රක් ටොන් 37,500 ක් අඩංගු නෞකාවට ඩොලර් මුදාහැරීම පමා කිරීම නිසා එම නෞකාව ආපසු හරවාගෙන ජාත්‍යන්තර මුහුදට ගිය පසු ඩෝරා යාත‍්‍රාවක් යොදවා එම නෞකාවෙන් ඉන්ධන සාම්පල් ගෙනැවිත් රසායනාගාර වෙත යවා තිබේ. මෙම නෞකාව දින හතරක් තිස්සේ වරායේ නැංගුරම්ලා තිබී ඇති අතර නෞකාව... |
"කොවිඩ් එන්නත් රැසක් ජුලිවලදී කල් පනී: ඊට කලින් බූස්ටරය ගන්න" | "මේ වසරේ ජූලි මස අග වනවිට මෙරටට ලැබී ඇති කොවිඞ් මර්දන එන්නතේ මාත‍්‍රා බොහොමයක් කල් ඉකුත්වීමට නියමිතව ඇති නිසා තමන් ලබාගත යුතුව ඇති කුමන හෝ එන්නත් මාත‍්‍රාවක් ලබාගැනීමට නොපමාව ක‍්‍රියා කරන ලෙස සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය, හේමන්ත හේරත් මහතා ජනතාවගෙන් ඉල්ලා සිටී. මේ වනවිට මෙරට ජන ගණනයෙන් සියයට 90ක්... |
"‘පාරට එන්න’ ෆේස්බුක් මිතුරෝ විරෝධතාව අද" | "ඉන්ධන, විදුලිය, ගෑස් අර්බුදය සහ අත්‍යවශ්‍ය භාණ්ඩ මිල ඉහළ යෑම නිසා ජනතාවට මතුව ඇති ගැටලූ සම්බන්ධයෙන් රජයට විරෝධය පළකරමින් ෆේස් බුක් මිතුරන් සහ තවත් ක‍්‍රියාකාරී සංවිධාන කිහිපයක් අද (03 දා) උදේ සහ සවස විරෝධතාවක නිරත වීමට නියමිතය. අපේ‍්‍රල් 3 වැනිදා මුළු රටම පාරට බහිනවා යනුවෙන් ෆේස් බුක් සටහනක් මේ දිනවල සමාජ මාධ්‍ය තුළ ස... |
"මිරිහානේ විරෝධතා දැක්වූවේ පක්ෂවලට ගෑවුණු අය නොවේ – සමාජ ක‍්‍රියාකාරීහු කියති" | "ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිවසට යන මාර්ගය අවහිර කරමින් විරෝධතාවයේ නිරත වූ පිරිස කිසිදු දේශපාලන පක්‍ෂයකට සම්බන්ධ පිරිස් නොවේ යැයි සමාජ ක‍්‍රියාකාරීහු කිහිපදෙනකු දිවයින ඉරිදා සංග‍්‍රහයට අදහස් දක්වමින් පැවසූහ. ජනනතාව ජීවත්විය නොහැකිව අසරණව සිටින බවත්, ඒ සඳහා මැදිහත් වී සහන ලබාදෙන ලෙස විරෝධතා කළ පිරිස් ඉල්ලා සිටියේ ... |
"උෂ්ණත්වය වැඩියි දිනකට ලීටර් 2 – 3 ක් වතුර බොන්න" | "දිවයිනේ පවතින දැඩි උෂ්ණත්වය හා දැඩි අව් රහ්මිය හේතුවෙන් පුද්ගලයකු දිනකට වතුර ලීටර් 2ක් හෝ 3ක් වත් පානය කළ යුතු බව වෛද්‍ය පරියේෂණායතනයේ පෝෂණ විශේෂඥ වෛද්‍ය රේනුකා ජතිස්ස මහත්මිය ‘‘දිවයින’’ට ඊයේ (01දා) පැවසුවාය. එසේම, එළවළු, පලතුරු වැඩි වැඩියෙන් ආහාරයට ගැනීම වඩාත් යෝග්‍ය බවද ඇය සඳහන් කළාය. එමෙන්ම මේ දිනවල පවතින අධික අව්ර... |
"විමර්ශන සීඅයිඩියට" | "ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මිරිහානේ පිහිටි පෞද්ගලික නිවස ඉදිරිපිට කලහකාරී තත්ත්වයක් ඇති කර රාජ්‍ය දේපොළ විනාශ කිරීමේ සිද්ධියට සම්බන්ධ සංවිධානාත්මක පුද්ගලයන් සෙවීමේ විමර්ශනය මුළුමනින්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දී ඇත. පොලිස්පතිවරයාගේ නියෝග මත මෙම සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන කටයුතු අපරාධ පරීක්‍ෂ... |
"මිරිහානේ විරෝධයට 53 ක් අල්ලති" | "නුගේගොඩ මිරිහානේ පිහිටි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පෞද්ගලික නිවස ඉදිරිපිට ඇතිවූ කලබලකාරී සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් කාන්තාවක ඇතුළු පුද්ගලයන් 53 දෙනාගෙන් ඊයේ (01දා) නුගේගොඩ මහෙස්ත‍්‍රාත් අධිකරණයට 27 දෙනෙකු ඉදිරිපත් කර තිබිණි. ඊයේ රාති‍්‍ර පුවත්පත් මුද්‍රණයට යන අවස්ථාව වනතෙක් ඔවුන්ට ඇප දීම සම්බන්ධයෙන් මහෙස්ත... |
"යාපනයේ විරෝධතාවයකදී හිරුණිකා සිද්ධාර්ථන් පැටලෙති" | "ජනතාව පීඩාවට පත් කරමින් රජය කටයුතු කරන්නේ යැයි සඳහන් කරමින් යාපනය නගරයේ ඊයේ (01 දා* සංවිධාන කර තිබූ උද්ඝෝෂණයකට සහභාගි වූ හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍රනි හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර මහත්මිය ඇතුළු පිරිසකට උතුරේ දේශපාලන ක‍්‍රියාකාරිකයකු වන අරුන් සිද්ධාර්ථන් මහතාගේ ආධාරකරුවන් විරෝධය පළ කිරීම හේතුවෙන් දෙපිරිස අතර ගැටුම්කාරී තත්... |
"ශිරාන්ති හැරී එයි… කාල්ටන් අවුරුදු උත්සවය ජනතා විරෝධය මැද හකුලා ගනී" | "නුවරඑළිය නගරයේ පිහිටි කාල්ටන් පෙර පාසලේ අවුරුදු උත්සවයක් සහ නුවරඑළිය මහ නගර සභාව විසින් පවත්වන වසන්ත උදානයේ සමාරම්භක උත්සවය ප‍්‍රදේශවාසීන්ගෙන් මතුවූ විරෝධය මැද ඊයේ (01 වැනිදා* දිනයේ නතර කර දැමීමට සංවිධායක මණ්ඩලය පියවර ගත්හ. අවුරුදු උත්සවය ඊයේ දින එම පෙර පාසලේදී පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබූ අවස්ථාවේ නුවරඑළිය නගරය... |
"රුපියල සවුත්තුයිලු: ඇමරිකා – කැනඩා – බි‍්‍රතාන්‍ය ඩයස්පෝරා ආයෝජනයට බෑ කියයි" | "ශ‍්‍රී ලංකාවේ ආයෝජන ආරම්භ කිරීමට ඇමරිකානු, කැනඩා සහ බි‍්‍රතාන්‍ය ඩයස්පෝරා විසින් ප‍්‍රතික්ෂේප කර ඇත. මේ බව කැනඩා ඩයස්පෝරාවේ ප‍්‍රකාශක ජෙයම්, බි‍්‍රතාන්‍ය ඩයස්පෝරා ප‍්‍රකාශක සීලන් සහ ඇමරිකානු ඩයස්පෝරා ප‍්‍රකාශක කීපන් ප‍්‍රකාශ කර තිබේ. රුපියලේ අගය සියයට පනහකින් අඩුවී ඇති බවත්, එම තත්ත්වය මත ආයෝජනය කිරීමෙන් වැඩක් නැති බව... |
"මොරටුව නගරාධිපතිගේ ගේ ළඟ ගුටි කෙළි 40 දෙනෙක් තුවාල ලබති" | "ජනතාවගේ දැවෙන ප‍්‍රශ්නවලට විසඳුම් ලබාදෙන ලෙස බල කරමින් මොරටුව ඉඳිබැද්ද සහ විල්ලෝරවත්ත ප‍්‍රදේශවල ජනතාව විරෝධතා පාගමනක යෙදුණු අයුරු. ඡායාරූපය – ඉරංග ගුණවර්ධන මොරටුව නගරාධිපති සමන්ලාල් ප‍්‍රනාන්දු මහතාගේ නිවස අසල ඊයේ (01 දා) පස්වරුවේ ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වයකදී පුද්ගලයන් 40 දෙනකු තුවාල ලබා ඇතැයි මොරටුව මූලස්ථාන පොලිස... |
"ආණ්ඩුවේ මර්දනයට එරෙහිව ජනතාවගේ පැත්තේ හිටගන්නවා – විපක්‍ෂ නායක" | "රට දිනෙන් දින ප‍්‍රපාතයටත් අන්ධකාරයටත් ඇද දැමූ ආණ්ඩුවට එරෙහිව ප‍්‍රජාතන්ත‍්‍රවාදය ඉල්ලා මේ රටේ ජනතාව අරගල කරන බවත්, එම අරගලයන්ට එරෙහිව ආණ්ඩුව මර්දනය දිගු කරන සෑම මොහොතකම ඊට එරෙහිව විපක්ෂය ලෙස තමන් ජනතාවගේ පැත්තේ හිටගන්නා බවත් විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා ඊයේ (01 දා) විපක්ෂ නායක කාර්යාලයේ දී පැවසීය. ජනතාව මොහොතින්... |
"රජයේ රෝහල්වල බෙහෙත් ඇත්තේ සති දෙකකට විතරයි" | "රජයේ රෝහල්වල පවතින බෙහෙත් තොග අඩු වීම හා හිඟය හේතුවෙන් දැනට එම රෝහල්වල පවතිනුයේ සති දෙකකට පමණ ප‍්‍රමාණවත් බෙහෙත් තොගයක් පමණකැයි රජයේ ඖෂධවේදීන්ගේ සංගමයේ සභාපති අජිත් තිලකරත්න මහතා ‘දිවයින’ට පැවසීය. ඉදිරි සති දෙකක කාලයේ දී පවතින ඩොලර් අර්බුදය විසඳාගෙන රජයේ රෝහල්වලට අවශ්‍ය බෙහෙත් තොග සපයා ගැනීමට ක‍්‍රියා නොකළහොත් රජයේ රෝ... |
"පොදු දේපළවලට හානි කළේ ආණ්ඩුවේම පිරිස්" | "ජනාධිපති නිවස ඉදිරිපිට පැවැති උද්ඝෝෂණයේ දී පොදු දේපළවලට හානි සිදු කිරීම ආණ්ඩුව විසින් ඇතුළත් කරන ලද කණ්ඩායමක ඉතා සැලසුම් සහගත ක‍්‍රියාවක් බවට සැක මතුවන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා ඊයේ (01 වැනිදා) සඳහන් කළේය. අතදරු අම්මලා, වැඩිහිටි අම්මා, තාත්තා වගේම, දරුවා, බිරිඳ, සැමියා වශයෙන් පවුල්පිටින් උ... |
"ආණ්ඩුවේ ජන පීඩාවට එරෙහිව නැගී සිටීමේ සාධාරණ අයිතියක් ජනතාවට තිබෙනවා – ජවිපෙ නායක අනුර කුමාර" | "මේ ආණ්ඩුව පත්කර ගත්තේ ජනතාව නම් තමන් පත්කර ගත් ආණ්ඩුව එම ජනතාවට එරෙහිව කටයුතු කරනවා නම් ඊට එරෙහිව නැගී සිටීමේ යුක්තිසහගත අයිතියක් ජනතාවට තිබෙනවා. එම ජනතාව පිළිබඳව වගකීම එම ආණ්ඩුව භාරගන්නේ නැත්නම්, ඊට විරුද්ධව නැගී සිටීමට ජනතාවට යුක්තිසහගත අයිතියක් තිබෙනවා. අපි ඒ අයිතිය ආරක්ෂා කරනවා. ඒ වගේම පක්ෂයක් හැටියට අපි අපේ පැත්ත... |
"ආණ්ඩුවට ලැබුණු ජනවරම ඉවරයි – ජානිපෙ නායක විමල් වීරවංශ" | "පොරොන්දු ඉටු නොකළ නිසා හන්දියක් හන්දියක් ගානේ උද්ඝෝෂණ – පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල ආණ්ඩුවට එරෙහිව නැෙඟන විරෝධතා මාධ්‍යවේදීන්ට පහරදී විසඳන්න නොහැකි බවත්, මේවා සිදුකිරීම හරහා දේශපාලනඥයන්ට නිවසට ගොස් විවේක පහසුවෙන්වත් සිටීමට කාලයක් නොමැති වේවි යැයි ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු ඇමැති විමල් වීරවංශ මහතා පැවසී... |
"මහපොළොවේ අරගලයට අන්තවාදී ලේබලය ඇලවීම දැඩිව හෙළා දකිනවා – එජාප මහ ලේකම්" | "රටට අවශ්‍ය ඉන්ධන, ගෑස්, ඖෂධ සහ ආහාර ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය හිඟයකින් තොරව සපයාදෙන ලෙස ඉල්ලමින් ජනපතිවරයාගේ මිරිහාන නිවස ඉදිරිපිට පැවැත්වූ මහපොළොවේ අරගලයට අන්තවාදී ලේබලය ඇලවීමට රජය ගන්නා නිර්ලජ්ජිත උත්සාහයට සහ එම සිද්ධිය වාර්තා කළ මාධ්‍යවේදීන්ට පහරදීම දැඩිව හෙළාදකින බව එක්සත් ජාතික පක්‍ෂ මහ ලේකම්, පාලිත රංගේ බණ්ඩාර ම... |
"පුළුවන් කෙනෙකුට රට භාරදී තොලොංචි වෙලා පලයල්ලා – මනූෂ නානායක්කාර" | "කලහකාරී නොවී ලැබෙන පළමු නිමේෂයේදීම ප‍්‍රජාතන්ත‍්‍රවාදීව වත්මන් ආණ්ඩුව පලවාහැරීමට කටයුතු කළ යුතු යැයි සමගි ජන බලවේගය ගාල්ල දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්තී‍්‍ර මනූෂ නානායක්කාර මහතා පැවසීය. විපක්ෂ නායක කාර්යාලයේදී ඊයේ (01 දා) පැවැති මාධ්‍ය හමුවේදී හෙතෙම මේ බව කී අතර වැඩිදුරටත් මෙසේද කියා සිටියේය. සිවිල් ජනතාව හැමදාම මේ ත... |
"මාධ්‍යවේදීන් 6 දෙනකුටත් පොලිස් ප‍්‍රහාරවලින් තුවාල" | "මාධ්‍ය හැඳුනුම්පත පෙන්වූ විට තව තවත් ගහලා මිරිහානේ ජනාධිපති නිවස ආසන්නයේ පැවැති ජනතා විරෝධය ආවරණය කිරීම සඳහා පෙරේදා (31දා* රාතී‍්‍ර ගොස් සිටි විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍යවේදීන් 6 දෙනෙකුට පොලිසිය හා ආරක්ෂක අංශ පහරදීමෙන් තුවාල ලබා රෝහල් ගතකර තිබේ. මෙලෙස පොලිස් පහරකෑමට ලක් වී ඇත්තේ සිරස නිව්ස් ෆස්ට් මාධ්‍යවේදී අවංක කුමාර... |
"මිඩ්වයිෆ්ලා මාරාන්තික උපවාසය අත්හරිති" | "වසර 30 කටත් අධික සේවා කාලයක් සපුරන ලද පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන්ට විශේෂ ශ්‍රේණිය සඳහා වන උසස් කිරීම අත්හිටුවීමට සෞඛ්‍ය අමාත්‍යාංශය ගෙන තිබූ තීරණයට එරෙහිව පෙරේදා (31 වැනිදා) ආරම්භ කළ මාරාන්තික උපවාසය තාවකාලිකව නතර කර දැමූ බව රජයේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන්ගේ සංගමයේ සභාපතිනි දේවිකා කොඩිතුවක්කු මහත්මිය ‘දිවයින’ට ඊයේ... |
"ඩීසල් නැවක් අද එයි : මැයි 1 දා තෙක් සපුගස්කන්ද වැඩ නෑ!" | "ඉන්දියන් ණය ආධාර යටතේ ඩීසල් මෙටි‍්‍රක් ටොන් හතළිස්දහසක් රැගත් ඩීසල් නැවක් අද (02දා) මෙරටට පැමිණීමට නියමිතය. ඩීසල් මෙටි‍්‍රක් ටොන් තිස්හත්දහස් පන්සියයක් රැගත් නැවක් පසුගිය 22 වැනිදා සිට පැමිණ ඇතත් එම නැවට මුදල් ගෙවීමට ඩොලර් නොමැතිකම නිසා ඊයේ (01 දා) සවස් වනවිටත් කොළඹ වරාය ආසන්නයේ නැංගුරම්ලා තිබිණි. මේ අතර ඉන්දියන් ණය ආ... |
"ජනතාව මිරිහානේ ජනපති නිවස වටලයි" | "අනපේක්‍ෂිත මොහොතක මිරිහානේ ජනපති නිවස හා ඒ අවටට ගලා ආ මහජන ගඟ පාලනය කිරීමට පොලිසිය, යුද හමුදාව සහ විශේෂ කාර්ය බළකායද යෙදවූ නමුත් පත‍්‍රය මුද්‍රණය වන විටත් තත්ත්වය පාලනය වී නොතිබිණි. ගෑස් නැහැ, ඉන්ධන නැහැ, විදුලිය නැහැ, කන්න නැහැ, අපේ ජීවිත මරුවා කරා යනවා. පාලකයෝ මර නින්දේ… තවත් වද නොවී බලයෙන් ඉවත්ව යනු…. අනේ සර් දැන් ... |
"සත්වෝද්‍යානයේ වංචා දූෂණ තුරන් කිරීමට කටයුතු කළවිට පොහොට්ටු වෘත්තීය සමිති සංගම් බලපෑම් කළා" | "අමාත්‍ය මණ්ඩල තීරණයකට අනුව තමන් ධුරයෙන් ඉල්ලා අස්වූ බව ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල් ෂර්මිලා රාජපක්‍ෂ මහත්මිය ‘දිවයින’ ට පැවසුවාය. තමන් අධ්‍යක්‍ෂ ජනරාල් ධුරයෙන් ඉවත් කිරීමට පසුගිය සඳුදා සී. බී. රත්නායක අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාදී ඇති බව ඇය කියා සිටියාය. දෙහිවල ජාති... |
"මරණ දඬුවම නියම වූ පේ‍්‍රමලාල් ඇතුළු 3 ක් ඇපෑලෙන් නිදහස්" | "රත්නපුර මහාධිකරණය විසින් මරණ දණ්ඩනය නියම කොට තිබූ ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ රත්නපුර දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්තී‍්‍ර පේ‍්‍රමලාල් ජයසේකර මහතා ඇතුළු විත්තිකරුවන් තිදෙනා සියලූම අධිචෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීමට අභියාචනාධිකරණ ඊයේ (31 දා) පෙරවරුවේ නියෝග කළේය. රත්නපුර මහාධිකරණය විසින් 2020 ජූලි 31 වැනිදා නියම කොට ත... |
"කැලණිතිස්ස ඩීසල් බලාගාරයත් නවතී: අද පැය 12 ක් විදුලිය කැපේ" | "කැලණිතිස්ස බලාගාර පරිශ‍්‍රයේ පිහිටි මෙගාවොට් 165 කින් යුත් ඞීසල් බලාගාරය ඊයේ (31 දා) රාති‍්‍ර නතරවී තිබීමත් සමග අද (01 දා) දිනයේ පැය 12කට අධික කාලයක් විදුලිය කපාහැරීමට සිදුවන බව විදුලිබල ඉංජිනේරුවෝ කියා සිටිති. ඇතැම් විට එම කාලසීමාවටත් වඩා වැඩි කාලයක් විදුලිය කපාහැරීමේ තත්ත්වයක් මතුවනු ඇති බව ද ඔවූහු සඳහන් කළහ. ඞීසල්,... |
"ෆේස්බුක් මිතුරෝ අපේ‍්‍රල් 3 සවස 3 ට රටම එක්ක පාරට" | "ෆේස්බුක් මිතුරෝ නමැති සංවිධානයක් විසින් ‘‘ලබන 03 වැනිදා (ඉරිදා) හවස 3ට මුළු රටම පාරට බහිනවා’’ යනුවෙන් සමාජ මාධ්‍ය තුළ සටහන් තබා තිබේ. එම සටහනේ මෙසේද සඳහන් වේ. ‘‘දේශපාලනෙන් වැඩක් නෑ. මේ පාලනය ව්‍යවස්ථානුකූලව වෙනස් වෙන්න තව සෑහෙන්න කල් තියෙනවා. ඒ වෙනකන් මේ විදිහට ගියොත් අපිට රටක් ඉතිරි වෙන්නේ නැහැ. වෙන කරන්න දෙයක් නෑ. අ... |
"මාස තුනක් වසා තැබූ කැනියොන් බලාගාරයේ විදුලි උත්පාදනය ඇරැඹේ" | "මාවුස්සාකැලේ ජලාශයේ සිට කැනියොන් ජල විදුලි බලාගාරය දක්වා ජලය රැගෙන යන භූගත උමං මාර්ගයේ නඩත්තු කටයුත්තක් හේතුවෙන් පුරා මාස තුනක් තිස්සේ විදුලි උත්පාදනය නතර කර තිබූ කැනියොන් ජල විදුලි බලාගාරයේ විදුලි උත්පාදන කටයුතු ඊයේ (31 දා) සිට ආරම්භ කළ බව එම විදුලිබලාගාරයේ නිලධාරියෙක් පැවසීය. එම උමං මාර්ගයේ නඩත්තු කටයුත්තක් හේතුවෙන්... |
"මේ ආණ්ඩුවට දැනුම නැති නිසා සජබයෙන් විසඳුම් හැදුවා" | "රට මෙසේ විනාශයට පත් කරන්නට කටයුතු කළ මහා භාණ්ඩාගාරයේ, මුදල් අමාත්‍යාංශයේ හා මහබැංකුවේ නිලධාරීන් නිරුපද්‍රිතව තාමත් ඒ ස්ථානවල වැජඹෙමින් සිටින බැවින් මේ අර්බුදයෙන් ගොඩ එන්නට කුමන විසඳුම් යෝජනා කළ ද ඔවුන්ට ඒවා ක‍්‍රියාත්මක කිරීම සඳහා තේරුම් ගැනීමේ හැකියාව නැති නිසා කළ යුතු එකම දෙය මේ අර්බුදයට වගකිවයුතු සියලූ දෙනා ගෙදර යැ... |
"රට වහන්න – චම්පික කියයි" | "රටේ මතුව ඇති වාතාවරණය සැලකිල්ලට ගෙන වහාම රට වසා දැමීමට ආණ්ඩුව ක‍්‍රියා කළ යුතු යැයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී පාඨලී චම්පික රණවක මහතා ඊයේ (31 වැනිදා) ‘දිවයින’ට අදහස් දක්වමින් කියා සිටියේය. මේ අවස්ථාවේ පවත්වාගෙන යා යුත්තේ අත්‍යවශ්‍ය සේවා පමණක් බවත් හෙතෙම කීවේය. පවතින තත්ත්වය කළමනාකරණය කර ගැනීම සඳහා විදුලිබල... |
"අර්බුදයට චෝදනා කළ යුත්තේ සොබාදහමටයි…. ආණ්ඩුවේ බහුතරය හොල්ලන්න බෑ!" | "රජය සතු බහුතරය නැති කරන ප‍්‍රකාශවල වලංගු භාවයක් නොමැති සේම ආණ්ඩුවේ බහුතරය කිසි ලෙසකින් හෝ සෙලවිය නොහැකි බව පාර්ලිමේන්තුවේ සභානායක, අධ්‍යාපන ඇමැති දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය. ආණ්ඩුවේ ඇමැති ධුර අඩු කිරීම නොව ආණ්ඩුව වඩාත් ඵලදායී ලෙස සක‍්‍රීයව වැඩ කිරීම මේ අවස්ථාවේ කළ යුතු යැයි ද හෙතෙම පැවසුවේය. අගමැති ධුරය භාර ගන්නා ලෙස... |
"ඉන්ධනත් නෑ : විදුලියත් නෑ පොලිසියේ රාජකාරි කරුවලේ" | "පොලිස් ස්ථානවලට ඉන්ධන සැපයීම සීමා කිරීම සහ ඉන්ධන ලබා ගැනීමට නොහැකිවීම හේතුවෙන් බොහෝ පොලිසිවලට ජෙනරේටර් යන්ත‍්‍ර පවා ක‍්‍රියාත්මක කරගත නොහැකිව අඳුරේ රාජකාරි කිරීමට සිදුව තිබේ. අත්‍යාවශ්‍ය සේවා සඳහා ලබාදෙන විශේෂ ඉන්ධන පිරවුම් හල්වල ඉන්ධන තොග අවසන් වීම නිසා රෝහල්, පොලිසිය, ප‍්‍රාදේශීය ලේකම් හා ප‍්‍රාදේශීය සභා කාර්යාල, සම... |
""ඉන්ධන, විදුලිය, ගෑස් අර්බුදයෙන් බහුදින යාත‍්‍රා දහසක් එක තැන ගාල්වෙයි"" | "පවතින විදුලි, ගෑස් සහ ඉන්ධන අර්බුදය හේතුවෙන් මෙතෙක් රජයට හෝ රටට බරක් නොවී අනුනට අතනොපා ගෞරවනීය ජීවිතයක් ගත කළ ධීවරයා අද අනුනට අතපා ජීවත් විය යුතු යාචකයන්ගේ තත්ත්වයට පත්ව ඇතැයි සමස්ත ධීවර කාර්මිකයෝ මැසිවිලි නගති. මෙම අවාසනාවන්ත තත්ත්වය පිළිබඳව කරුණු පැහැදිලි කළ මීගමුව බහුදින ධීවර යාත‍්‍රා සමිතියේ සභාපති සහ සමස්ත ලංකා බ... |
"වැඩි මුදලට ඩොලර් ගත් මුදල් හුවමාරු ආයතනයක ලයිසන් කැන්සල් කරයි" | "විදේශ විනිමය පනතෙහි විධිවිධාන යටතේ ප‍්‍රසන්න මනි එක්ස්චේන්ජ් (පුද්ගලික) සමාගමට නිකුත් කර ඇති බලපත‍්‍රය ඊයේ (31) දින සිට බලපැවැත්වෙන පරිදි තාවකාලිකව අත්හිටුවීමට මහ බැංකුව තීරණය කර ඇත. ඉහළ විනිමය අනුපාත පිරිනමන බවට මහජනතාවගෙන් ලැබුණු පැමිණිලි සැලකිල්ලට ගනිමින්, ශ‍්‍රී ලංකා මහ බැංකුවෙහි විදේශ විනිමය දෙපාර්තමේන්තුව විසින්... |
"රත්තරන් ගිනි ගණන්! හෙට්ටි වීදියේ රත‍්‍රං අලෙවිය නවතී කැරට් 24 පවුම ලක්‍ෂ 2 ත් පනී" | "පිටකොටුව හෙට්ටි වීදිය ආශ‍්‍රිතව ඇතැම් රන් වෙළෙඳුන් අලෙවිය තාවකාලිකව නවතා දමා ඇතැයි වාර්තා වේ. රන් ආභරණ නිෂ්පාදනය සඳහා රන් හිඟ වීම හේතුවෙන් රත‍්‍රං බාර්, බිස්කට් හා කාසි ලෙස ලෙස රත‍්‍රං අලෙවිය මෙසේ තාවකාලිකව නතර වී ඇත. මේ වන විට මෙරට රන් වෙළෙදපොළ තුළ කැරට් 24 රන් පවුමක මිල රු.2,08 ,000ක් දක්වා ඉහළ ගොස් ඇත. එම මුදලට සාප... |
"රට අගාධයට දැමූ මහ බැංකුවේ මුදල් මණ්ඩලය සම්පූර්ණයෙන් ඉවත් කළ යුතුයි – ආචාර්ය හර්ෂ ද සිල්වා" | "රට වර්තමාන අගාධයට ඇද දැමීමට ශ‍්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය ද වගකිව යුතු බැවින් මුදල් මණ්ඩලය සම්පූර්ණයෙන් ඉවත් කළ යුතු යැයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසයි. මහ බැංකුවේ මුදල් මණ්ඩලය සම්පූර්ණයෙන් අලූතින් පත්කරන තුරු මෙම විශ්වාසය යළි ගොඩනැගිය නොහැකි බව ද මුදල් මණ්ඩලය පසුගිය කාලයේ ගත් සියලූ තීරණ... |
"කොටස් වෙළෙඳපොළ ගනුදෙනු පැය දෙකකට සීමා කරයි" | "කොළඹ කොටස් වෙළෙඳපොළ, දෛනික ගනුදෙනු කාලසීමාව පැය 2 කට පමණක් සීමා කිරීමට කොටස් වෙළෙඳපොළ තීරණය කර තිබේ. මේ අනුව ඊයේ (31) පෙරවරු 10.30 සිට පස්වරු 12.30 දක්වා පමණක් දෛනික ගනුදෙනු සඳහා කොටස් වෙළෙඳපොළ විවෘතව තිබුණු අතර අද (01) දිනයේ ද එසේ දෛනික ගනුදෙනු කාලසීමාව පැය 2කට සීමා කර ඇත. දිවයින පුරා මේ වන විට බල පැවැත්වෙන විදුලි කප... |
"නැව් මුදාගත්තත් ඉරිදා තෙක් ඩීසල් නෑ" | "වරායේ ඩීසල් නෞකා නිදහස් කරගත්ත ද ලබන ඉරිදා (03 වැනිදා) තෙක් ඞීසල් නොමැති වනු ඇතැයි තෙල් සංස්ථා උසස් නිලධාරියෙක් ‘දිවයින’ට පැවසීය. ඊයේ (31වැනිදා) වනවිට රට පුරාම ඉන්ධන හල්වල ඩීසල් අවසන්ව තිබිණි. නෞකා නිදහස් කර ගත්තත් ඒවා මුතුරාජවෙල හෝ කොළොන්නාවේ ගබඩාවලට යවා පැය කිහිපයක් ටැංකිවල තබා බවුසර් මගින් රටපුරා බෙදාහැරීමට දින දෙක... |
"උසස්වීම් අත්හිටුවූවැයි පවුල් සෞඛ්‍ය සේවිකාවෝ මාරාන්තික උපවාසයක" | "රජයේ පවුල් සෞඛ්‍ය සේවා සංගමයට අයත් පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් දහසකට අධික සංඛ්‍යාවක් ඊයේ (31 දා) සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිටදී දැවැන්ත විරෝධතාවක් පැවැත්වූ අතර, ඉන්පසු ඔවුහු අමාත්‍යාංශය ඉදිරිපිට අඛණ්ඩ මාරාන්තික උපවාසයක් ආරම්භ කළහ.වසර 30කටත් අධික කාලයක් සේවාව සම්පූර්ණ කරන ලද පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් විශේෂ ශ්‍රේ... |
"හිටපු ඇමැති අතාවුද සෙනෙවිරත්න අභාවප‍්‍රාප්ත වේ" | "හිටපු අමාත්‍යවරයකු වන ආතාවුද සෙනෙවිරත්න මහතා ඊයේ (31දා) අලූයම කොළඹ පෞද්ගලික රෝහලකදී අභාවප‍්‍රාප්ත විය. පස්දරු පියකු වූ අතාවුද සෙනෙවිරත්න මහතා මිය යනවිට 90 වන වියේ පසු විය. හෙතෙම ලංකා සම සමාජ පක්ෂය නියෝජනය කරමින් සමගි පෙරමුණු ආණ්ඩුව යටතේ 1970 වසරේ රුවන්වැල්ල ආසනයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්විය. පසුව සබරගමුව පළාත් සභාවේ ... |
"ඉන්දීය සම්භාවයක් ඇති කඳුකර දමිළ ජනතාවට පූර්ණ පුරවැසි භාවය ලබාදීමට මැදිහත් වෙන්න – ඉන්දීය විදේශ ඇමැතිට මනෝ ගනේෂන් කියයි" | "ශී‍්‍ර ලාංකික ජාතික තලයේ පූර්ණ පුරවැසියන් වීම සඳහා ඉන්දීය සම්භවයක් ඇති කඳුකර දමිළ ජනතාවට අවස්ථාව ලබාදීමට මැදිහත්ව කි‍්‍රයාකරන ලෙස තමා ඉන්දීය විදේශ අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටි බව දමිළ ප‍්‍රගතිශීලී සන්ධානයේ නායක, පාර්ලිමේන්තු මන්තී‍්‍ර මනෝ ගනේෂන් මහතා ප‍්‍රකාශ කළේය.ඉන්දීය විදේශ ඇමැති ආචාර්ය එස්. ජෙයිශංකර් මහතා සමග පෙරේදා... |
"රටම අඳුරේ – අද පැය 13ක් විදුලිය කැපේ" | "උද්ගතවී ඇති තත්ත්වය තවදුරටත් පැවතියහොත් ඉදිරි දිනවලදී පැය 15 ක දෛනික විදුලි කප්පාදුවක් කිරීමට සිදුවනු ඇතැයි විදුලි ඉංජිනේරුවන්ගේ සංගමයේ සභාපති අනිල් රංජිත් මහතා ඊයේ (30 දා) අනතුරු ඇඟවීය.ඊයේ සිට දෛනික විදුලි කප්පාදුව පැය 10 දක්වා දීර්ඝ කිරීමට මහජන උපයෝගිතා කොමිසම අනුමැතිය ලබාදි තිබිණි.මෙම විදුලි කප්පාදුව වසර 26 ට පසු ර... |
"එන්න එපා – නාමල්ට විරෝධය" | "බණ්ඩාරවෙල මහ නගර සභාවට අයත් අලූතින් ඉදිකරන ලද නලින් ප‍්‍රියන්ත සූරියගේ ක‍්‍රීඩාංගණය තරුණ කටයුතු සහ ක‍්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්‍ෂ මහතා අතින් විවෘතකිරීමට නියමිතව තිබූ ඊයේ (30 දා) බණ්ඩාරවෙල ප‍්‍රදේශයේ ජනතාව ඞීසල් ලබාදෙන ලෙස ඉල්ලමින් ප‍්‍රධාන මාර්ග දෙකක් අවහිර කරමින් විරෝධතාවක නිරත වූහ. දින ගණනාවක සිට ඉන්ධන හල් අසල පෝලි... |
"ඉන්ධන නැත… රැකවල් ඇත!" | "රට තුළ පවතින ඉන්ධන අර්බුදය හේතුවෙන් ජනතාව දැඩි දුෂ්කරතාවයට පත්ව සිටියදී බොරැුල්ල ප‍්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලක ඊයේ (30 දා* විශේෂ කාර්ය බළකායේ ආරක්‍ෂාව යොදවා ඞීසල් නොමැති බව සඳහන් කරමින් පුවරු ප‍්‍රදර්ශනයට තබා තිබූ අයුරු ඡුායාරූපයේ දැක්වේ. ඡායාරූපය – තුෂාර අතපත්තු" |
"උසස්වීම් පිළිබඳ පොලිසියේ පෙත්සම් මැයි 27 යළි කැඳවයි" | "තමන්ට නීත්‍යනුකූලව හිමිවිය යුතු උසස්වීම් නියමිත කාලය තුළ ලබාදීමට පියවර නොගැනීම හා එකී උසස්වීම් ලබාදීමේදී සිදුව ඇති දෝෂ සහගත තත්ත්වයන් වහාම නිවැරදි කිරීමට පොලිස්පතිවරයා ප‍්‍රමුඛ බලධාරීන්ට නියෝගයක් කරන්නැයි ඉල්ලා පොලිස් නිලධාරීන් විශාල පිරිසක් ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් ලබන මැයි 27 වැනිදා යළි කැඳවීමට ශ්‍රේෂ්... |
"බැසිල් – කබ්රාල් ඉවත් වනු ….! – මහ බැංකුව ඉදිරිපිට උද්ඝෝෂණ" | "ශී‍්‍ර ලංකා ආර්ථිකය අගාධයකට ගෙන ගිය මුදල් ඇමැතිවරයාට හා ශී‍්‍ර ලංකා මහා බැංකුවේ අධිපතිවරයාට වහාම ඉල්ලා අස්වන ලෙසට බලකරමින් සුරකිමු ශී‍්‍ර ලංකා සංවිධානය ඇතුළු ජාතික සංවිධාන ගණනාවක් ඊයේ (30 දා) දහවල් කොළඹ ශී‍්‍ර ලංකා මහ බැංකු මූලස්ථානය ඉදිරිපිටදී උද්ඝෝෂණයක් පැවැත්වූහ. සුරකිමු ශී‍්‍ර ලංකා සභාපති පාහියන්ගල ආනන්ද සාගර හිමි... |
"ඖෂධ උපකරණ අඩු වුණත් ජාතික රෝහලේ රසායනාගාර පරීක්‍ෂණ නතර කර නෑ – නි. අධ්‍යක්‍ෂ වෛද්‍ය චන්දන ගජනායක" | "කොළඹ ජාතික රෝහලේ රසායනාගාර කටයුතු සඳහා ඖෂධ සහ උපකරණ සැපයීමේ අඩුවක් තිබුණ ද දිනපතා කෙරෙන පරීක්‍ෂණ නවතා නොමැති බව රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ වෛද්‍ය චන්දන ගජනායක මහතා ‘දිවයින’ට ඊයේ (30 දා) පැවසීය.ජාතික රෝහලේදී දිනපතා සිදුකරෙන රසායනාගාර පරීක්‍ෂණවල යම් අඩුවක් තිබුණද වෘත්තිය සමිති පවසන අයුරින් එම කටයුතු සම්පූර්ණයෙන් නවතා දමා ... |
"කෝපායිහිදී පොලිසියට පහර දුන් පිරිස අල්ලන්න පරීක්‍ෂණ ඇරැඹෙයි" | "යාපනයේ කෝපායි යෝගපුරම් ප‍්‍රදේශයේ දී පොලිස් නිලධාරීන් දෙදෙනකුගේ රාජකාරියට බාධා කර එම නිලධාරීන්ට පහර දුන් පුද්ගලයින් පිරිසක් අත්අඩංගුවට ගැනීමට යාපනය පොලිසිය හා කෝපායි පොලිසිය එක්ව විශේෂ පරීක්ෂණයක් 30 වැනිදා ආරම්භ කර තිබේ.මෙම පොලිස් නිලධාරීන් දෙදෙනා වරෙන්තුකරුවකු සෙවීමට ගොස් ඔහු අත්අඩංගුවට ගැනීමට සූදානම් වූ අවස්ථාවේදී ව... |
"ආණ්ඩුව වෙනුවෙන් තැරැව්කරුවෙක් වෙන්න එපා – ඩයස්පෝරාව සුමන්තිරන්ට අනතුරු අඟවයි" | "ශී‍්‍ර ලංකා රජය වෙනුවෙන් තැරැව්කරුවකු ලෙස කි‍්‍රයා නොකරන ලෙස කොටිඩයස්පෝරාව ද්‍රවිඩ සන්ධාන මන්තී‍්‍ර එම්. කේ. සුමන්තිරන් මහතාට අනතුරු අඟවා ඇත. ලන්ඩන් නුවර සිට ප‍්‍රකාශයට පත් කෙරෙන කොටි වෙබ් අඩවියක් මගින් එම අනතුරු ඇඟවීම කර තිබේ.විදේශගත ද්‍රවිඩ ජනතාව වෙනුවෙන් ශී‍්‍ර ලංකා රජය සමග සාකච්ඡා කිරීමට ඔහුට කිසිදු බලයක් පවරා නැත... |
"රාජ්‍ය ආයතනවලට ගත් වාහනවල කුලිය 80% කින් වැඩි කරන්න – වාහන හිමිකරුවෝ ඉල්ලති" | "ති‍්‍රවිධ හමුදාව ඇතුළු රජයේ ආයතන සඳහා ලබාගෙන ඇති වාහනවලට ගෙවන කුලී මුදල සියයට 80 කින් වැඩිකරන ලෙසත් එසේ නොකරන්නේ නම් මැයි 01 වැනිදා සිට එම වාහන හිමිකරුවන් වෙත මුදාහරින ලෙස වාහන කුලී ගෙවීම් හිමිකරුවන්ගේ සංගමය ඉල්ලා සිටී.රජයේ විවිධ ආයතන සඳහා කුලී පදනම මත බර වාහන හා සැහැල්ලූ වාහන 5,800 කට අධික ප‍්‍රමාණයක් මේ වනවිට ලබාගෙන... |
"රාජ්‍ය ඇමැති චන්න බෙහෙත් ගන්න ලෝක බැංකුවේ සහාය ඉල්ලයි" | "රට තුළ පවතින විදේශ විනිමය අර්බුදය හමුවේ ශ‍්‍රී ලාංකිකයන්ට අවශ්‍ය ඖෂධ අඛණ්ඩව ලබා ගැනීම සඳහා ලෝක බැංකුවේ සහාය ලබා දෙන ලෙස ඖෂධ නිෂ්පාදනය, සැපයීම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා ඊයේ (30දා) ලෝක බැංකුවේ දකුණු ආසියානු කලාපය පිළිබඳ අධ්‍යක්ෂ ලිනේ ෂර්බන් බෙන්ස් මහත්මිය ඇතුළු විශේෂ නියෝජිත කණ්ඩායමක් සිය අමාත්... |
"ආතර් සී. ක්ලාක් ආයතනයේ දෙවන නැනෝ චන්ද්‍රිකාව කක්ෂ ගත කෙරේ" | "නවීන තාක්ෂණ පිළිබඳ ආතර් සී. ක්ලාක් ආයතනය, ජපානයේ කියුෂු (Kyushu) තාක්ෂණ ආයතනය කලාපීය රටවල් සමග ඇති කර ගත් සම්බන්ධතා මත එම ආයතනය මගින් ක‍්‍රියාත්මක නැනෝ චන්ද්‍රිකා නිර්මාණ ව්‍යාපෘතියට ඇතුළත් වීමට ශ‍්‍රී ලංකාවට අවස්ථාව උදා වූ අතර එය චන්ද්‍රිකා තාක්ෂණය මෙතෙක් ලබා නොතිබූ ශ‍්‍රී ලංකාව වැනි රටවල්වලට පිරිනැමුණු සුවිශේෂී අවස්... |
"සමුළුවට ආ බංග්ලාදේශ ඇමැතිගෙන් ශී‍්‍ර ලංකාව ණයක් ඉල්ලයි" | "ශී‍්‍ර ලංකා රජය බංග්ලාදේශයෙන් තවත් ඩොලර් මිලියන 250 ක විනිමය හුවමාරුවක් ඉල්ලා තිබේ.ඉකුත් අගෝස්තු මාසයේදී ශී‍්‍ර ලංකාව බංග්ලාදේශයෙන් ඩොලර් මිලියන 250 ක විනිමය හුවමාරුවක් සිදුකර ඇත.කොළඹදී පැවැත්වෙන බිම්ස්ටෙක් සමුළුවට සහභාගි වීමට පැමිණ සිටින බංග්ලාදේශ විදේශ ඇමැති ආචාර්ය ඒ. කේ. අබ්දුල් මොමෙන් මහතා විසින් ශී‍්‍ර ලංකාව නැවත... |
"යුද අපරාධ චෝදනා එල්ල වූ හමුදාවේ 14කගේ නම් ප‍්‍රකාශ කෙරේ" | "නිසි පරීක්ෂණයකින් තොරව යුද අපරාධ චෝදනා එල්ල වූ මේජර් ජෙනරාල්වරුන් 14කගේ නම් ජිනීවා මානව හිමිකම් කවුන්සිලය විසින් ප‍්‍රකාශයට පත් කර ඇත. මේ හමුදා ප‍්‍රධානීන් වෙනුවෙන් මානව හිමිකම් කවුන්සිලයේ ඉහළ නිලධාරිනියක් වූ යස්මින් සුකා වෙන වෙනම විමර්ශන වාර්තා ගොනු කර තිබේ. මෙයට අමතරව ත‍්‍රස්ත මර්දන ඒකකයේ නිලධාරීන් 58ක් වධකයන් ලෙස න... |
"සිපෙට්කෝ IOC යෙන් ඞීසල් මෙටි‍්‍රක් ටොන් 6000 ක් මිලදී ගනී" | "අත්‍යවශ්‍ය සේවාවන් පවත්වාගෙන යෑම සඳහා ඛනිජ තෙල් සංස්ථාව මුදල් ගෙවා ඉන්දියන් ඔයිල් සමාගමෙන් ඞීසල් මෙටි‍්‍රක් ටොන් 6000ක් ලබා ගැනීමට කටයුතු කර තිබේ.එම ඉන්ධන තොග ප‍්‍රවාහන, ආරක්‍ෂක, රෝහල් ඇතුළු අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යෑම සඳහා ලබාදීමට ඛනිජ තෙල් සංස්ථාව කටයුතු කරන බව බලශක්ති ඇමැති ගාමිණී ලොකුගේ මහතා පැවසීය.අත්‍යවශ්‍ය සේ... |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.